Tag: featured

  • Clean Sri Lanka:: සෑම පුරවැසියෙකුම තමන්ට පැවරී තිබෙන වගකීමට වග විය යුතුයි

    Clean Sri Lanka:: සෑම පුරවැසියෙකුම තමන්ට පැවරී තිබෙන වගකීමට වග විය යුතුයි

    • “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණයි
    • සෑම පුරවැසියෙකුම තමන්ට පැවරී තිබෙන වගකීමට වග විය යුතුයි
    • අපේ රජයේ සම්පත්දායකයින් විශාල ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. අපේ රටට එහෙම දේශපාලනයක් අවශ්‍යයි

    “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය .

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (01) පැවති උත්සවයට එක් වෙමිනි .

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

    අපි විශ්වාස කරනවා 2024 අවසන් වෙලා 2025 වසරට මේ පය තබන මොහොතේ ඒ කියන්නේ නව වසරක ආරම්භය අලුත් අවුරුද්දක උදාව. නමුත් දශක ගණනාවක් අප රටේ මෙවැනි වසරවල් උදා වූවාට අපි හොඳ දේ වෙනුවෙන් අලුත් වෙන්න සමත් වුණාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. ගත වුණ වසරක් වසරක් පාසා අපි යහපත් දේ වෙනුවෙන් අලුත් වෙමින් ඉදිරියට ගියාද?, එහෙම නැත්තං අයහපත් දේ වෙනුවෙන් අලුත් වෙමින් අපි අතීතයටම ගියාද? කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. ඒ නිසා අපිට ස්ථිර අධිෂ්ඨානයක් තිබෙනවා මෙම උදා වූ අලුත් වසරත් සමඟ අපේ රට නව අලුත් පරිවර්තනයකට ලක් කිරීමට. ඒ අභියෝගය සහ වගකීම අප සතුව තිබෙනවා.

    එය ඉටුකිරීම සඳහා මාත් මාගේ අමාත්‍ය මණ්ඩලයත් නියෝජ්‍ය අමාත්‍යවරුනුත් ඇතුළු මුළු දේශපාලන අධිකාරයම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා කැප වී සිටිනවා.

    අපේ රටට මේ වසර උදාවෙන්නේ නව දේශපාලන සංස්කෘතියක ආරම්භයත් එක්ක. අපි මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වන පදනම සකස් කරමින් තිබෙනවා. දේශපාලන සංස්කෘතිය, නාස්තිය, පවුල්වාදය බලය අසීමිත ලෙස ජනතාවට එරෙහිව උපයෝගී කර ගැනීම, ජනතාවට උඩින් ඉන්න දේශපාලකයෙක් නිර්මාණය වී තිබීම මේ සියල්ල අහෝසි කර ජනතාවගේ වුවමනාවන් පෙරදැරි කර ගත් ඒ වුවමනාවන් එක්ක පෙළ ගැසුණු නව දේශපාලන සංස්කෘතියක් අපි ආරම්භ කොට තිබෙනවා, මේ නව වසරේ අභියෝග ජයග්‍රහණය කිරීම වෙනුවෙන්. ඒ වගේම අපේ ආර්ථිකය, අපි දන්නවා පසුගිය වසර කිහිපයක් ඉතාමත් බංකොලොත් අඩියකට අපේ ආර්ථිකය කඩා වැටී තිබුණා. ආර්ථිකයේ මතුපිට තලයේ යම් ස්ථාවර භාවයක් අපි නිර්මාණය කොට තිබෙනවා. පසුගිය වසරේ අවසාන භාගයේදී නිල වශයෙන් අපිට බංකොලොත්භාවයෙන් මිදීමට හැකියාව ලැබුණා. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු නිලධාරීන් දේශපාලන අධිකාරිය විශාල වෙහෙසක් විශාල කාර්යයක් ඉටු කරනු ලැබුවා. මා හිතනවා ආර්ථිකයේ මතුපිට තලයේ යම් ස්ථාවරභාවයක් අපි නිර්මාණය කොට තිබෙනවා. හැබැයි මේ වසරේ එය ප්‍රමාණවත් නැහැ.

    අපේ ආර්ථික දේහයේ ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය වන ආර්ථික න්‍යාය පත්‍රය මේ නව වසරේ අපි ක්‍රියාත්මක කරන්නට සූදානම්. ඒ වගේම අපේ රට විවිධ අවස්ථාවල විවිධ පන්නයේ ආරක්ෂක තර්ජනයන්ට මුහුණ දීපු රටක්. එහෙත් අපිට ඉතාමත් සතුටින් සහ ස්ථාවරව කියන්න පුළුවන් අපේ රටේ ආරක්ෂාව ඉතාම හොඳින් තහවුරු කරන්න අපි සමත් වී තිබෙනවා. විශේෂයෙන්ම ඔබට මතක ඇති පසුගිය අවුරුද්දේ ආරුගම්බේ කේන්ද්‍ර කරගෙන ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. අපේ පොලිසිය, අපේ බුද්ධි සේවාවන්, අපේ ත්‍රිවිධ හමුදාව ඉතාමත් සක්‍රීය වැඩ කොටසක් සිදු කර රටේ ආරක්ෂාව පිළිබඳව ස්ථාවරය විශ්වාසය තහවුරු කරන්න සමත් වී තිබෙනවා. ඒ වගේම අපි ක්‍රමානුකූලව නීතියේ විධානයේ ආධිපත්‍යය යළි අපේ රට තුළ ස්ථාපිත කිරීම සඳහා අපි ශක්තිමත්ව වැඩ ආරම්භ කරලා තිබෙනවා.

    අපේ රටේ දීර්ඝ කාලයක් නීතියේ ආධිපත්‍යය නොසලකා හරින කාරණයක් බවට පත්වෙලා තිබුණා. විශේෂයෙන්ම අපරාධකරුවන් නීතියේ උඩින් ඉන්නවා. දූෂිතයන් නීතියට වඩා උඩින් ඉන්නවා. දේශපාලන අධිකාරීන් තමන්ට අවශ්‍ය හිතු හිතු පරිදි නීතිය උල්ලංඝනය කරනවා, ව්‍යවස්ථාව කඩනවා. අපේ රටේ හිටපු ජනාධිපතිවරුන් අවස්ථා ගණනාවකදී ව්‍යවස්ථාවේ නීති කඩා ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ලබා දී තිබෙනවා. රටේ ඉහළම පුරවැසියා ව්‍යවස්ථාව කඩන රාජ්‍යයක නීතියේ විධානයේ ආධිපත්‍යය ගැන කවර කතාද? කියා මම ඔබගෙන් අසනවා. ඒ නිසා අපි මේ නීතියේ විධානයේ ආධිපත්‍යය යළිත් සහ තහවුරු කිරීම සඳහා විශාල වෙහෙසක් දරමින් ඉන්නවා. ඒ වගේම අපි දන්නවා අපේ රටේ රාජ්‍ය දේහයත් දේශපාලන දේහයත් මුළු සමාජයත් පුරා විශාල වශයෙන් අල්ලස, දූෂණය, වංචාව හා නාස්තිය පැතිරී තිබෙනවා. එය අපේ රටේ මුළු රාජ්‍යය පුරාම පිළිකාවක් වගේ පැතිරිලා තිබෙනවා. අපට විශාල වෙහෙසක් දැරිය යුතුව තිබෙනවා මේ දූෂණය හා වංචාව නතර කරන්න. මා හිතනවා එහිදී අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් තිබෙනවා.

    මා හිතනවා නීතිපති දෙපාර්තමේන්තුව ඒ සඳහා තමන්ට පැවරී තිබෙන කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම සඳහා අවශ්‍ය වන සහාය ලබා දෙයි කියලා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අධිකරණ පද්ධතියට යළි අපේ රට දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍යයක් බවට පත් කිරීමේ ප්‍රධානම නියමු කාර්යභාරයක් තිබෙනවා.

    ඔවුන් මේ සඳහා කැපවී කටයුතු කරනු ඇතැ’යි කියන විශ්වාසය අපට තිබෙනවා. මොකද දේශපාලන අධිකාරිය වන අපි ආදර්ශයෙනුත් ක්‍රියාවෙනුත් මේ දූෂණය නතර කරන්නත්, වංචාව නතර කරන්නත් අපි ආදර්ශය සපයනවා. හැබැයි දේශපාලන අධිකාරියේ ආදර්ශය සහ මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ, ඊට අදාළ වන රාජ්‍ය ආයතනයන් තමන්ට පැවරී තිබෙන වගකීම් නිසි පරිදි තේරුම් අරගෙන ඒ වෙනස්වීම සඳහා දායකත්වය සහාය ලබා දුන්නේ නැත්නම්. ඒ නිසා මා ඒ අදාළ ආයතනයන්ගෙන් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා අපිට ඒ අවශ්‍ය වන සහාය අවශ්‍යයි. මොකද ඕනෑම ශක්තිමත් ගොඩනැගිල්ලක් ගොඩනඟන්න, ඕනෑම ශක්තිමත් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ඉතාමත් ශක්තිමත් පදනමක් අවශ්‍යයි අත්තිවාරමක් අවශ්‍යයි. අපේ ජාතිය අපේ රට අත්තිවාරම අහිමි වූ රටක්. පදනම් අහිමි වූ රටක්.

    ඒ නිසා අපේ මූලික ප්‍රවේශය අපි සැලකිය යුතු ප්‍රමාණයෙන් සාර්ථකව නිමා කරමින් තිබෙනවා මේ රට යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අවශ්‍ය වන අත්තිවාරම, පදනම අපි සකස් කරලා තිබෙනවා. දේශපාලන අධිකාරිය රාජ්‍ය යාන්ත්‍රණය නීතියේ විධානයේ ආධිපත්‍යය ඒ වගේම ව්‍යවස්ථාවට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම, ඒ වගේම වංචාව දූෂණය අල්ලස පිටුදැකීම, මේ අත්තිවාරම අපිට අවශ්‍යයි මේ රට ඉදිරියට ගෙනයන්න. අපි ඉතාමත් වේගයෙන් සැලසුම් සහගතව මේ අත්තිවාරම ගොඩනඟාගෙන යනවා. අපේ පුරවැසියන්ට ඒ ගොඩනැඟී තිබෙන අත්තිවාරම මත ගොඩනැඟෙන මහා ආර්ථිකයේ ප්‍රතිලාභ ගලා යා යුතුයි. ඒ නිසා අපි අපේ රාජ්‍යය, අපේ ආණ්ඩුව, අපි ප්‍රධාන ව්‍යාපෘති තුනක්, ප්‍රධාන අරමුණු තුනක් කේන්ද්‍ර කර ගෙන මෙහෙය වනවා. ඒ ප්‍රධාන එක අරමුණක් තමයි අපේ රටත් අපේ රටේ පුරවැසියන්වත් මුදවා ගැනීම.

    ගමේ ජනතාව දක්වා ආර්ථිකයේ ප්‍රතිලාභ ගලා ගෙන යාමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සකස් කිරීම, ආර්ථිකය ඉතා කුඩා කණ්ඩායමක් මත සංකේන්ද්‍රණය වී තිබීම සමාජයකට කවදාවත් ස්ථාවරත්වයක් ගෙනත් දෙන්නේ නැහැ. ආර්ථිකය කුඩා කණ්ඩායමක් මත ඒකරාශී වී තිබීම රටකත් ජනතාවගේත් අස්ථාවරත්වය නිර්මාණය කරනවා. ඒ නිසා ආර්ථිකයේ ස්ථාවරත්වය නිර්මාණය කරන්න නම් එහි ග්‍රාමීය ජනතාව දක්වා ආර්ථිකය ප්‍රතිලාභ ගලා ගෙන යා යුතුයි. ඒ නිසා අපි එළඹෙන අයවැය ලේඛනයෙන් අපේ රටේ දුප්පත්භාවය තුරන් කිරීම ඉලක්ක කරගත් දිශාවකට මෙහෙය වන ආර්ථික වැඩපිළිවෙළක ආරම්භය බවට පත්කරන්න අපි සූදානම්. අපේ දෙවැනි ඉලක්කය අපි මේ රට ඩිජිටල් කරන එකට භාජනය කළ යුතුයි. කාර්යක්ෂමතාව, නාස්තිය අවම කිරීම වංචා දූෂණ අවම කිරීම පුරවැසියන්ට ඉතාමත් පහසුවෙන් රාජ්‍ය හා තමන් අතර තියෙන බැඳීම සක්‍රීයව ඉටු කර ගැනීම සඳහා ඩිජිටල් කරණයක් අවශ්‍ය වන පදනමක් අපි නිර්මාණය කරනවා. ඊළඟ අපේ ප්‍රධාන වැඩ කටයුත්ත තමයි Clean Sri Lanka ව්‍යාපෘතිය. මෙය සාමාන්‍යයෙන් පරිසර පද්ධතිය පිරිසුදු කිරීම පිළිබඳව පමණක් නොවෙයි. මෙය සමස්ත ගරා වැටුණු, දිරාපත් වුණු මේ සමාජ දේහය මේ අසරණභාවයට පත් වුණු අපේ මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සෑම අංශයක් විසින්ම සිදු කරනු ලබන පිරිසිදුභාවයක් ඇති කිරීම තමයි අපේ අපේක්ෂාව.

    මා ඔබට කරුණු කීපයක් පෙන්නුම් කරන්නම් ඒ මොන තරම් වැදගත් ක්ෂේත්‍රයක්ද කියා ඔබ තේරුම් ගනීවි. විශේෂයෙන්ම අපේ රටේ ඉතාමත් අලංකාරයෙන් යුතු පරිසර පද්ධතියක් තිබෙනවා. අපේ රටේ ඉතා වැදගත් පිහිටීමක් අපට තිබෙනවා. ඕනෑම විදේශිකයෙක් අපි හමුවුණාම ඔවුන් කියන්නේ ලස්සන ශ්‍රී ලංකාවක් ඔබට තිබෙනවා කියලයි. එහෙත් මේ ශ්‍රී ලංකාව තුළ අද මොකක්ද සිදු වී තිබෙන්නේ? මේ යහපත් පරිසර පද්ධතියක් තිබෙන රට ඇතුළේ 2023 වසරේ අලි මිනිස් ගැටුමින් මිනිසුන් එකසිය අසූ එකක් මරා දමා තිබෙනවා. ඒ වගේම 2023 වසරේ මිනිසුන් විසින් අලි 484ක් ඝාතනය කොට තිබෙනවා. හොඳ සෞන්දර්යාත්මක අලංකාරයෙන් යුතු පරිසර පද්ධතියක්

    තිබුණත් වසරකට අලි 484 ක් මිය යන රටක් අපිට තියෙන්නේ. අලි විසින් මිනිස්සු ඝාතනය කොට තිබෙනවා 182ක්. ඒ වගේම ගංවතුර නාය යෑම්වලින් විශාල ප්‍රමාණයක් අවතැන් වෙනවා ජීවිත හානි වෙනවා, ආර්ථිකය විශාල සෝදාපාළුවකට ලක්වෙනවා. ඒ නිසා අපි යළි මේ පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම Clean Sri Lanka වැඩසටහනෙන් එක් ප්‍රධානම වැඩ කොටසක් ලෙස අප සලකන්නට ඕනේ.

    අපේ රටට, අපේ රටේ පුරවැසියන්ට අවශ්‍යයි නව වටිනාකම්. නව හර පද්ධතියක් අවශ්‍යයි. අපි ඉතාමත් වැරදි දේ වටිනාකම් ලෙස තේරුම් අරන් තිබෙනවා. ඉතාමත් වැරදි දේ සමාජයේ මූලික හර පද්ධති ලෙස තේරුම් අරන් තිබෙනවා. අද අපිට අවශ්‍යයි මේ සමාජයට අලුත් වටිනාකම් පද්ධතියක් නිර්මාණය කිරීම. කොතනින්ද පටන් ගන්නේ? පළමු කොටම තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව වටිනාකමක් අවශ්‍යයි. මා හිතනවා අපේ රටේ බොහෝ පුරවැසියන්ට තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව වටිනාකමක් නැහැ කියලා. ඇයි මම එහෙම කියන්නේ? ගිය වසරේ පන්සිය අනූපහක් මිය ගොස් තිබෙනවා. එක්කෝ මුහුදේ එක්කෝ ජලාශවල එක්කො ළිඳක එක්කෝ පොකුණක. මිනිසුන් පන්සිය අනූපහක් ජලයේ ගිලීම නිසා මියගොස් තිබෙනවා ඒ කියන්නේ මොකක්ද? වාහන අනතුරුවලින් ගිය වසරේ 2321ක් මියගොස් තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් දවසකට හත් දෙනෙක් වාහන අනතුරු නිසා මිය යන රටක් නිර්මාණය වී තිබෙනවා.

    ඒ කියන්නේ මොකක්ද? තමන්ගේ ජීවිතය පිළිබඳ වටිනාකම් පිළිබඳ අදහසක් නැති සමාජයක්, අනෙකාගේ ජීවිතය පිළිබඳ සහ කම්පනයක් නැති සමාජයක්, අනෙකා ගැන කල්පනා කරන්නේ නැති සමාජයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා මේ සමාජය යළි සුවපත් කළ යුතුයි. මේ සමාජයට නව හර පද්ධතියක් නව වටිනාකම් පද්ධතියක් එකතු කළ යුතුයි. අපේ Clean Sri Lanka වැඩසටහන යටතේ මේ සමාජයට නව හර පද්ධතියක්, නව වටිනාකම් පද්ධතියක් අපි එකතු කරනවා. වාහන අනතුරු අවම කළ යුතුයි. ඒ සඳහා මා පළමු කොටම නීතිය කෙරෙහි නෙමෙයි විශ්වාසය තබන්නේ. පුරවැසියන් කෙරෙහියි. පුරවැසියන්ගේ දායකත්වය මැදිහත්වීම ඒ සඳහා අවශ්‍යයි ඔවුන් එසේ නොකරන්නේ නම් අපි නීතිය ක්‍රියාත්මක කරන්න ලෑස්තියි. අපි ඉතාමත් හොඳ
    සුනම්‍ය ලෙස, මේ හැරවුම ගන්න අපි සූදානම්. හැබැයි සුනම්‍ය ලෙස නම්‍යතාවෙන් මේ හැරවුම ගන්න කවර හෝ කෙනෙක් බාධා කරනවා නම් දෘඪ ලෙස දැඩි ලෙස මේ හැරවුම ගන්න අපි සූදානම්, මේ සමාජය යළි සුවපත් කිරීම සඳහා. ඒ වගේම අපේ රටේ පුරවැසියන්ට තමන් වෙළඳපොළෙන් මිල දී ගන්නා ආහාරවේලක් පිළිබඳ විශ්වාසයක් තියෙනවද? ඒ නිසා අපේ රටේ පුරවැසියන්ට වස-විසවලින් තොර ආහාර වේලක් ලබා දීමේ වගකීම රාජ්‍යයක් ලෙස අපිට තිබෙනවා.

    ඒ වගකීම ඉටුකිරීම මේ Clean Sri Lanka වැඩසටහනෙහි ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම සමාජයක් විසින් අපේ පුරවැසියන්, අපේ රටේ ආබාධිත ප්‍රජාවන් බලා ගත යුතුයි. එය සමාජයේ යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක්. අපිට ඔවුන් වැඩිහිටිභාවයට පත් වූ හේතුව මත සමාජයෙන් කොන් කිරීමට භාජනය කළ හැකිද? ඔවුන් ආබාධිත වූ නිසා ඔවුන් සමාජය සම-පංගුකරුවෙක් වෙනවා වෙනුවට සමාජයෙන් පිටමං කරන කෙනෙක් බවට පත් කළ හැකිද? එහෙම සමාජයක් කවදාවත් යහපත් සමාජයක් බවට පත් වෙන්නේ නැහැ. තමන්ගේ ආසන්නයේ ඉන්න ආබාධිත ප්‍රජාව, තමන්ගේ ආසන්නයේ ඉන්න වැඩිහිටියන් තමන්ගේ ආසන්නයේ ඉන්න කාන්තාව, තරුණිය, ඇය පිළිබඳව සහකම්පනයක් නැත්නම්, මේ ප්‍රජාවම පිළිබඳ ආදරයක් ළෙන්ගතුකමක් රැක බලා ගැනීමක් පිළිබඳව අවධානයක් නැත්තං ඒ සමාජය යහපත් සමාජයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ සමාජය සැලකිය යුතු ප්‍රමාණයකින් අනෙකා ගැන නොහිතන කුරිරු හිත් ඇති සමාජයක්. ඒ නිසා අපි

    සමාජයේ අලුත් ආකල්ප පද්ධතියක් නිර්මාණය කළ යුතුයි. ඒ වගේමයි පොදු දේපළ ආරක්ෂා කිරීම. අපේ රටේ දීර්ඝ කාලයක් පොදු දේපළ පිළිබඳ පුරවැසියන්ගේ ඉතාමත් යහපත් ආකල්පයක් තිබුණා. හැබැයි අද සිදු වී තිබෙන දේ තමයි තමන්ගේ පෞද්ගලික දේපළක් ආරක්ෂා කරන ලෙස සමාජය සතු ජාතික වත්කම් ජාතික දේපළ ආරක්ෂා කරන්නේ නැහැ.

    තමන්ගේ දේපළක තියෙන වටිනාකම පිළිබඳ හැඟීමකින් පොදු දේපළ පිළිබඳව කටයුතු කරන්නේ නැහැ. රාජ්‍යයක් නිර්මාණය කරන්න නම් එහි ජාතික වත්කම් පිළිබඳ හැම කෙනාටම හැඟීමක් අවශ්‍යයි. එය ආරක්ෂා කිරීම පිළිබඳව එය තමන්ට පමණක් නොවෙයි. මේ සියල්ල අයිති මේ වෙලාවේ ජීවත් වන අපේ පරම්පරාවට විතරද? අපේ පරම්පරාවට මේ සියල්ල විනාශ කොට මිය යා හැකිද? මේ පරම්පරාවේ වගකීම තමයි අනාගත පරම්පරාව වෙනුවෙන් මේවා ආරක්ෂා කොට තිබීම.ඒ නිසා ඒ වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඇතුලේ අපි ක්‍රියාත්මක වෙන්න සූදානම්. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය හා දේශපාලන අධිකාරිය ඉතාමත් වේගවත් කාර්යක්ෂමතාවකට ගෙන යා යුතුයි. හැම පුරවැසියාම තමන්ට පැවරී තිබෙන වගකීමට වග විය යුතුයි. වගකීම පැහැර හරින්නේ නම්, තමන්ගේ වගකීමේ බර දේහය කඩා වැටෙනවා. ඒ නිසා මේ දේහය ශක්තිමත් වී තිබෙන්නේ, මේ දේහය ගොඩනැඟී තිබෙන්නේ විවිධ රාජ්‍ය දේශපාලන පෞද්ගලික අංශය යන ව්‍යුහයන් මත තමයි මේ දේහය ගොඩනැඟී තිබෙන්නේ. ඒ දේහයේ ඉන්න සාමාජිකයින් තමන්ට පැවරී තිබෙන වගකීම ඉටු කරන්නේ නැත්නම් ඒ වගකීම අත්හරිනවා නම් ඒ වගකීම නොසලකා හරිනවා නම් එය දේහයටම විශාල හානිකර තත්ත්වයක් නිර්මාණය කරනවා.

    ඒ නිසා අපි, විශේෂයෙන්ම රාජ්‍ය සේවයෙන් අපි ඉල්ලා සිටිනවා, ඔබ ඔබගේ වගකීමට වග වෙන්න සූදානම් වෙන්න. ඒ සඳහා ආදර්ශයන් ඕනෑ තරම් අද ඉදිරිපත් වී තිබෙනවා. අද අපේ ආණ්ඩුවෙන් ලංකාවේ ආර්ථිකමය වශයෙන් සහ ආරක්ෂාව පැත්තෙන් ගත්තහම ඉතාමත් වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් මෙහෙය වන ආයතන තිබෙනවා. ඒ ආයතනවල විශාල ප්‍රමාණයක් එහි සභාපතිවරුන් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. එයා ලංකා එකේ සභාපතිවරයා ඒ වගේම ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා, ඒ වගේම ෆෝට් සිටි ආයතනයේ සභාපතිවරයා, ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා, ගෑස් සමාගමේ සභාපතිවරයා මේ ආදී විශාල ප්‍රමාණයක් ඉතාමත් වෘත්තීමය හැකියාවන් තිබෙන දක්ෂතාවයන් තිබෙන පිරිස් අද අපේ ආයතනවල ස්වේච්ඡාවෙන් වැඩ කරන තැනට ඇවිල්ල තියෙනව. ඒ වගේම පෞද්ගලිකව ගත්තොත් මාගේ උපදේශකවරු තුන්දෙනෙක් පත් කොට තිබෙනවා. ඒ උපදේශකවරු තිදෙනාම රජයෙන් රුපියලකවත් වැටුපක් නොගෙන වැඩ කරනවා. ඩිජිටල්කරණය පිළිබඳව අත්දැකීම් තිබෙන ලංකාවෙන් බිහිවුණු ශ්‍රේෂ්ඨතම විද්වතා ඔහු, ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. විද්‍යා හා පර්යේෂණ පිළිබඳව ඇමරිකන් විශ්වවිද්‍යාලයක වැඩ කරල, ඒ ක්ෂේත්‍රය පිළිබඳව පර්යේෂණ ගණනාවක් කරලා තිබෙනවා. ස්වේච්ඡාවෙන් වැඩ කරනවා.

    ආර්ථිකය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ගණනාවක් එක් රැස් කර තිබෙන ඔහු ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. අපේ රටට අවශ්‍යයි එහෙම දේශපාලකයන්. මේ රට ගොඩනැගීමට එවැනි නැවුම් අත්දැකීම් සහිත පරිවර්තනයක් අවශ්‍යයි. ඒ අත්දැකීම්, ඒ අලුත් අත්දැකීම් කිසිවෙකුට තමන්ගේ කාලයෙන් පැයක් මුදලක් ලබා ගන්නේ නැතුව වැඩ නොකරන තත්ත්වයක් මතු වී තිබෙනවා. හැබැයි තමන්ගේ දැනුම, තමන්ගේ කාලය, තමන්ගේ ශ්‍රමය, තමන්ගේ ඉහළ රැකියාවන් අත්හැරලා ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පටන් අරන් තියෙනවා.

    ඉතාමත් හොඳ ආදර්ශයක් අපේ රටට ගෙනත් දී තිබෙනවා. ඒ නිසා මා ඔබට කියන්නේ අපිට නැගිටින්න අවස්ථාව ලැබී තිබෙනවා. මා කිසිසේත්ම එය අවසාන අවස්ථාව කියන්නේ නැහැ. මිනිසුන්ට අවසාන අවස්ථා කියලා අවස්ථා නැහැ. මිනිසුන්ට අවස්ථා තිබෙනවා. අපි හිතනවා අද ජාතියක් හැටියට රටක් හැටියට නැගිටින්න අපිට අවස්ථාව තිබෙනවා. මා මේ රටේ

    පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාව අත්හරිනවද?, මේ අවස්ථාව දැඩිව ග්‍රහණය කොටගෙන අපේ රටත් අපේ ජාතියත් යළි නඟා සිටුවීම සඳහා තමන්ගේ කාර්යභාරය ඉටු කිරීම සඳහා සූදානම්ද? කියන ප්‍රශ්නය තමයි මා ඔබගෙන් අහන්නේ. මෙය හුදු රාජ්‍යක ආණ්ඩුවක විතරක් වගකීමක්ද? මෙය හුදු දේශපාලන න්‍යාය පත්‍රයක්ද? නැහැ. මෙය සාමූහික ප්‍රයත්නයක්. ලෝකයේ විවිධ රාජ්‍යයන් විවිධ අවස්ථාවන්වලදී අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා. මා හිතන්නේ නැහැ ලෝකෙ කිසිම හෝ රාජ්‍යයක් අපට හොයාගන්න හමු වේවි කියලා ආරම්භයේ සිටම මෙතෙක් දක්වා අභියෝග නැතුව ගමන් කරන. ලෝකයේ සෑම රාජයකටම එක් එක් අවස්ථාවල අභියෝගයන් එල්ල වී තිබෙනවා. එම රටේ දේශපාලන අධිකාරිය රාජ්‍ය යාන්ත්‍රණය පොදු පුරවැසියන් සාමූහිකව නැගිටලා ඒ අභියෝගයන් ජයග්‍රහණය කොට තිබෙනවා. ඒ නිසා අපි දිගු ඉතිහාසයකට යන්න ඕනේ නැහැ.

    පසුගිය විසි වන සියවස විතරක් අපි කල්පනා කළොත් මේ ආසියාවේ පිහිටි රාජ්‍යයන් විශාල ප්‍රමාණයක් මේ සාමූහිකත්වය පණිවිඩය මත නැගිටලා තිබෙනවා. හැබැයි අපි මොකක්ද කර තිබෙන්නේ? ඇනකොටා ගැනීම එකිනෙකා අතර අවිශ්වාසය නිර්මාණය කර ගැනීම ජාතිවාදී ආගම්වාදී ඉතාමත් කැත පන්නයේ දේශපාලන සූදුවකට අපේ පොදු සමාජය යටපත් කිරීම , එකිනෙකා අතර අවිශ්වාසය ක්‍රෝධය වෛරය වර්ධනය කරන පාලනයන් තිබිලා තිබෙනවා. කවදාවත් ජනතාව එකට නැගිටින්න සූදානම් නැත්නම් මේ අභියෝගයෙන් අපිට ගොඩ එන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට අවස්ථාව ඇවිල්ල තියෙනව. අපිට එකට නැගිටින්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. සියලු බෙදීම් අපි අවසන් කරන්න සූදානම් වෙලා තියෙනවා. අපි එකම ශ්‍රී ලංකාවේ ඉපදුණ මිනිසුන් හැටියට මේ රට ගොඩනැඟීම සඳහා එක්සත්ව එක්සිත්ව එකතු කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා විශේෂයෙන්ම මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථක කරගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණයි. නැතුව මෙය ආණ්ඩුවක් විසින්, ආණ්ඩුවක් පනවන නීති විසින්, ආණ්ඩු විසින් පත්කරන නිලධාරීන් විසින් විතරක් මෙය සම්පූර්ණ කළ හැකි වන්නේ නැහැ.

    රජයේ යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒ සඳහා මේ වන විටත් දහ අට දෙනකුගෙන් යුත් දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරලා තියෙනවා. මම ඔබට කියන්න කැමතියි හැමදෙනාම ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. ඒ වගේම අපි මේ සඳහාම ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයක් ගොඩනඟන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ජනතාව ඒකරාශී කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා සභා ගොඩනැගීමට අපේක්ෂා කරනවා ගම දක්වාම.

    මෙහි අවසානය කවදාද? මේ ව්‍යාපෘතිය අවසන් වන ව්‍යාපෘතියක් නොවෙයි. එය නැවත නැවත අලුත් වන, නැවත නැවත ලෝකයේ ඇති වන අලුත් තත්ත්වයන්ට අනුරූප වන පරිදි රාජ්‍යය ප්‍රතිස්ථාපනය කරන සමාජයක නගා සිටු වන වැඩසටහනක්. මේක අවුරුද්දක දෙකක ව්‍යාපෘතියක් නෙවෙයි. ව්‍යාපෘතියක් නම් මේක එක තැනක නතර වෙන ලෝකෙකට ඒකාබද්ධ කරන්න පුළුවන්.

    ලෝකය වේගයෙන් වෙනස් වෙමින් තිබෙනවා, ලෝකය විශාල ජයග්‍රහණ අත්පත් කර ගනිමින් තිබෙනවා. සමාජමය ආකල්පයන්, නව වටිනාකම් නව හර පද්ධතීන් නිරන්තරයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. අන්න ඒ හැම දෙයක්ම උකහා ගත්තු නව ශ්‍රී ලාංකේය ජාතියක් මේ රටේ ගොඩනඟනවා. අන්න ඒ වෙනුවෙන් මේ දරන ප්‍රයත්නයට විශේෂයෙන්ම අපි වෙනම අරමුදලක් පිහිටුවනවා. ඒ අරමුදල සඳහා මේ රටේ පුරවැසියන්ට දායකත්වය සපයන්න පුළුවන්. අපි මුදල්

    අමාත්‍යංශයෙන් අධීක්ෂණ මණ්ඩලයක් පත් කොට තිබෙනවා. ඒ නිසා මේ කාර්යය අපි සාමූහික ප්‍රයත්නය දරා ජයග්‍රහණය කළ යුතු කාර්යයක් එය වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියා ආරාධනා කරමින් මේ සියල්ල අපට ඉතා යහපත්ව ඉටු කරන්න පුළුවන් මේ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවි.

    “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සඳහා පරිත්‍යාගශීලින් විසින් අරමුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.

    මහා සංඝරත්නය, ආගමික පූජකතුමන්, මැති ඇමතිවරු, තානාපතිවරු, ක්‍රීඩකයෝ සහ විවිධ ක්ෂේත්‍ර නියෝජිතයෝද, රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • iPhone SE 4 ‘මිල දියත් කිරීමට පෙර’ ලීක් වෙලා

    iPhone SE 4 ‘මිල දියත් කිරීමට පෙර’ ලීක් වෙලා

    Apple සමාගම විසින් iPhone SE 4 ජංගම දුරකථනය ලබන වසරේ (2025) මුල් භාගයේදී එළිදැක්වීමට නියමිතයි. මෙම දැරිය හැකි iPhone හි මිල එය දියත් කිරීමට පෙර දැනටමත් අනාවරණය වී ඇති අතර එය iPhone ලෝලීන් පුදුමයට පත්කර ඇත.

    iPhone SE 4 සඳහා බලා සිටීම ඉක්මනින් අවසන් වනු ඇත. එය 2025 මුල් භාගයේදී දියත් කිරීමට බලාපොරොත්තු වේ. Apple වෙතින් මෙම අයවැය-හිතකාමී උපාංගය 2025 මුල් භාගයේදී එළිදැක්වීමට නියමිත බවට කටකතා ඇත. වසර තුනකට පෙර, Apple විසින් 2022 දී iPhone SE 3 හඳුන්වා දුන් අතර, මෑත කාන්දුවීම් මෙම නව මාදිලියෙන් අපේක්ෂා කළ යුතු දේ පිළිබඳව හෙළිකර ඇත. සැලකිය යුතු ලෙස, iPhone SE 4 එහි සියලුම පූර්වගාමීන්ට වඩා ඉහළ මිලක් සමඟ පැමිණේ යැයි අපේක්ෂා කෙරේ.

    අපේක්ෂිත විශේෂාංග

    iPhone SE 4 නව A18 Bionic චිප්සෙට් මගින් ධාවනය වන iPhone 16 හි ඇති ඒවාට සමාන උසස් AI විශේෂාංග ඇතුළත් කිරීමට ඉඩ ඇත. මෙම උත්ශ්‍රේණි කිරීම අපේක්ෂිත මිල වැඩිවීමට හේතු විය හැකිය. උපාංගය iPhone 14 ට සමාන මෝස්තරයක් සමඟින් අඟල් 6.1 OLED සංදර්ශකයක් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වේ. මීට අමතරව, ප්‍රථම වතාවට, එය පිටුපස ද්විත්ව කැමරා සැකසුමකින් සමන්විත විය හැකිය, මන්ද පෙර සියලුම SE මාදිලියේ තනි කැමරාවක් තිබුණි.

    මිල හෙළි කරයි

    දකුණු කොරියානු බ්ලොග්කරුවෙකු විසින් iPhone SE 4 සඳහා අපේක්ෂිත මිල ගණන් හෙළිදරව් කර ඇති බව වාර්තා වේ. Naver අනුව, මෙම දැරිය හැකි මාදිලිය KRW 800,000 ට මිල කළ හැකි අතර එය ශ්‍රී ලංකා රුපියල් 170,000ක් පමණ වේ. එක්සත් ජනපදයේ, 2022 දී නිකුත් කරන ලද iPhone SE 3 සඳහා USD 429 හා සසඳන විට, ඇස්තමේන්තුගත දියත් කිරීමේ මිල USD 449 සහ USD 549 අතර පරාසයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    වෙළඳපළ විශ්ලේෂකයින් යෝජනා කරන්නේ ඉදිරි iPhone SE 4 සඳහා මිල වැඩි කිරීම සංරචක පිරිවැය වැඩිවීම නිසා විය හැකි බවයි. මීට අමතරව, මෙම ආකෘතිය 5G සම්බන්ධතාවයට සහය වීමට ඉඩ ඇති අතර 48MP පසුපස කැමරාවකින් සමන්විත වේ. අනෙකුත් අපේක්ෂිත එකතු කිරීම් වලට eSIM සහාය, LPDDR5X RAM, සහ USB Type-C port ඇතුළත් වේ.

    තවත් ප්‍රවෘත්තියකට අනුව, Apple විසින් යුරෝපීය රටවල් කිහිපයක iPhone මාදිලි තුනක් විකිණීම තහනම් කරන බව නිවේදනය කර ඇත. මෙම තීරණයෙන් බලපෑමට ලක්වූ මාදිලි වන්නේ iPhone 14, iPhone 14 Plus සහ iPhone SE (3 වන පරම්පරාව) ය. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම උපාංග විවිධ යුරෝපීය රටවල Apple හි අන්තර්ජාල වෙළඳසැලෙන් ඉවත් කර ඇත

  • පෙණ සහිත මුත්‍රා හෙළි කරන ‘සෞඛ්‍ය අවදානම්’ මොනවාද ?

    පෙණ සහිත මුත්‍රා හෙළි කරන ‘සෞඛ්‍ය අවදානම්’ මොනවාද ?

    මුත්‍රා වල වර්ණය වෙනස් වීම, මුත්‍රා කිරීමේදී දැවෙන සංවේදනය සහ මුත්‍රා කරන විට පෙණ දැමීම බොහෝ රෝග වල සංඥා ලක්ෂණයක් වන අතර එය නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවේ.

    මුත්‍රා වල පෙණ දැමීම සමහර විට සාමාන්‍ය දෙයක් විය හැකි නමුත් එය නිතර සිදු වුවහොත් එය සෞඛ්‍ය ගැටලුවක ලකුණක් විය හැකිය.

    මුත්‍රා වල වර්ණය වෙනස් වීම, මුත්‍රා වල දැවෙන සංවේදනයන් සහ මුත්‍රා කරන විට පෙණ දැමීම බොහෝ රෝග වල සංඥා ලක්ෂණයක් වන අතර එය නොසලකා හැරිය යුතු නොවන බව විශේෂඥ වෛද්‍ය මතයයි. ඔබට මෙවැනි දෙයක් සිදුවුවහොත් වහාම වෛද්‍යවරයා හමුවන්න. මෙය ඔබේ සෞඛ්‍යයට සම්බන්ධ ගැටලු වල ලකුණක් විය හැකිය.

    විශේෂඥ වෛද්‍යවරිය වන වෛද්‍ය සුනීතා රාජ්පාල්, මුත්‍රා පෙණ ඇතිවීමට හේතු මොනවාද සහ එවැනි අවස්ථාවක ඔබ කළ යුතු පරීක්ෂණ මොනවාද යන්න පැහැදිලි කරයි.

    මෙම ගැටලු මුත්‍ර වල පෙණ පිටුපස ඇති විය හැකිය

    • ප්‍රෝටීන් අධික ලෙස බැහැර කිරීම: වකුගඩු ආශ්‍රිත ගැටලු නිසා මුත්‍රාවල ප්‍රෝටීන් මතුවී පෙණ සහිත මුත්‍රා ඇති විය හැකිය.
    • වකුගඩු ආබාධ: වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකරන්නේ නම්, මුත්‍රාවල පෙණ ඇති විය හැකිය. ඇත්ත වශයෙන්ම, වකුගඩු ආශ්‍රිත ගැටලු ද මුත්‍රාවල පෙණ ඇතිවීමට ප්‍රධාන හේතුවක් විය හැකිය.
    • දියවැඩියා රෝගය: දියවැඩියා රෝගීන්ගේ මුත්‍රාවල අධික සීනි නිසා පෙණ දමන්න පුළුවන. ශරීරයේ රුධිර සීනි මට්ටම වැඩි වූ විට, මුත්‍රා තුළ පෙණ සෑදිය හැකිය.
    • මුත්‍රා ආසාදන (UTI) හෝ පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රශ්නය ද මුත්‍රා පෙණ ඇතිවීමට හේතු විය හැකිය.

    මුත්‍රා වල පෙණ ඇත්නම් කළ යුතු පරීක්ෂණ මොනවාද?

    මුත්‍රා සාමාන්‍ය පරීක්ෂණය: මෙය මුත්‍රා වල ප්රෝටීන්, ග්ලූකෝස් සහ අනෙකුත් මූලද්‍රව්‍ය පරීක්ෂා කිරීම අවශ්‍ය වේ.

    • රුධිර පරීක්‍ෂණය (වකුගඩු ක්‍රියාකාරී පරීක්‍ෂණය): වකුගඩුවේ ක්‍රියාකාරීත්වය දැන ගැනීමට මෙම පරීක්‍ෂණය කර ගන්න.
    • මයික්‍රොඇල්බියුමින් පරීක්ෂණය: මුත්‍රාවල ඇති ප්‍රෝටීන් ප්‍රමාණය පරීක්ෂා කරයි.
    • අල්ට්රා සවුන්ඩ් (වකුගඩු සහ පුරස්ථි පරීක්ෂණය): වකුගඩු සහ මුත්‍රා මාර්ගයේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා.

    වෛද්‍යවරයෙකු සම්බන්ධ කර ගත යුත්තේ කවදාද ?

    මුත්‍රාවල නිතර පෙණ එනවා නම්. මුත්‍රා වල වර්ණය තද කහ, රතු හෝ අසාමාන්‍ය වර්ණයක් නම්, මුත්‍රා කිරීමේදී පිළිස්සීමක්, වේදනාවක් හෝ කිසියම් අපහසුතාවයක් ඇති වන අතර ශරීරයේ ඉදිමීම් ඇති වේ. මෙවැනි තත්ත්වයකදී වහාම පිළිගත් වෛද්‍යවරයෙක් හමුවන්න.

    ෆෙමිනා ඇසුරිනි

  • ජනාධිපති බන්ධනාගාර නිලධාරීන්ට දුන් ‘සුපිරි උපදේශය‘

    ජනාධිපති බන්ධනාගාර නිලධාරීන්ට දුන් ‘සුපිරි උපදේශය‘

    න්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේ අද (30) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

    මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් නිම කරන ලෙස මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මාර්ගගත ක්‍රමය අනුගමනය කිරීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.

    මාර්ගගත ක්‍රමයට නඩු කටයුතු සිදු කිරීමේ දී මතු වන දුෂ්කරතා හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කරන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

    බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිකතා සඳහා නිලධාරීන්ගේද සම්බන්ධයක් ඇති බවට මතු වන චෝදනා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඊට සම්බන්ධ නිලධාරීන්ට ආයතනයේ විනය ක්‍රියා මාර්ගවලට එහා ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

    රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන පුරප්පාඩු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

    මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ අයේෂා ජිනසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ගිනිකෙළි හා දියේ ගිලීම් ආශ්‍රිත අනතුරු වල ඉහළ වර්ධනයක් – ළමුන් ගැන දැඩි අවධානය ඕනෑ

    ගිනිකෙළි හා දියේ ගිලීම් ආශ්‍රිත අනතුරු වල ඉහළ වර්ධනයක් – ළමුන් ගැන දැඩි අවධානය ඕනෑ

    ගිනිකෙළි ආශ්‍රිත තුවාලවල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වීම හේතුවෙන් විශේෂයෙන් රතිඤ්ඤා හැසිරවීමේ දී තම දරුවන් සමඟ වඩාත් ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩි දුරටත් මහජනතාවගෙන් ඉල්ලා බීමත්ව රිය පැදවීමෙන් වැළකී සිටීමට දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

    මෙම උත්සව සමයේ මෝටර් රථ අනතුරු, ගෘහස්ථ අනතුරු සහ මත්පැන් ආශ්‍රිත අනතුරුවල වේගවත් ඉහළ යාමක් වාර්තා වන බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් සියලු දෙනා දැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කළේය.

    තවද, සිදුවිය හැකි අනපේක්ෂිත අනතුරු වළක්වා ගැනීම සඳහා ගංගා සහ මුහුද වැනි අනතුරුදායක ප්‍රදේශවල ළමුන් පිහිනීම වැළැක්වීමේ වැදගත්කම ද වෛද්‍ය පෙරේරා අවධාරණය කළේය.

  • ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන්න

    ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන්න

    ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    “Clean Sri Lanka” වැඩපිළිවෙළ යථාවක් කිරීම මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ කටයුතු ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලයේ අද (30) පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

    ආසියාවේ ඉතාමත්ම වටිනා සහ හරිත දූපත ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

    පාරිසරික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳවත්, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී විධිමත් හා අවිධිමත් අංශයන්හි සියලුම පාර්ශ්වකරුවන් එක් කර ගැනීමටත් අවධානය යොමු විය.

    බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි යන මහත්වරුන්ද,සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම්, වනජිවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටී.එම්.ජේ. නිලාන් කුරේ යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

  • කුණු බේරෙන සැමන් ගැසට් එක!

    කුණු බේරෙන සැමන් ගැසට් එක!

    ආණ්ඩු ඇති තරම් ගැසට් ගසා ඇති නමුත්, සැමන් ගැසට් එක අමුතුම මාදිලියේ එකකි !

    ලංකාවේ විශාල ආයෝජනයක් සහිත නිෂ්පාදන කර්මාන්තශාලා 16 ක, ලින්නා, සැමන්, කෙළවල්ලා, ටූනා, බෝල්ලූ වැනි මාළු වර්ග ටින් කෙරේ. මාළු නිෂ්පාදනය විකුණා ගත නොහැකි මට්ටමට ඉහළ යන වසරේ මාස 3 කට ධීවරයාට මිලක් ලැබෙන්නේ ද, රටට විදේශය විනිමය ඉතිරිවන්නේ ද, මිනිසුන්ට රැකියා ලැබෙන්නේ ද, මේ ටින් මාළු කර්මාන්තය නිසාය.

    මුලික වශයෙන් චීන, චිලී, තායිලන්ත සහ තවත් රටවල් 9 කින් සැමන් (ටින් මාළු) ලංකාවට ආනයනය කරේ. මේ අතර තත්වයෙන් ඉතා උසස් වර්ග (ඉරාන) ද, කිසිදු ප්‍රමිතියක් නොමැති වර්ග  (තායිලන්ත) ද වේ. ටින් මාළු බද්ද වසරේ කාර්තුවෙන් කාර්තුවට වෙනස් කර,

    1. උසස් තත්වයේ ටින් මාලු පමණක් ආනයන කිරීම

    2. දේශීය කර්මාන්ත රැක ගැනීම

    3. සැමන් බෝල්ලු/ලින්නා අස්වැන්න ටින් කර කල් තබා ගැනීම

    4. රට මැදට සහ කල් තබා ගැනීමේ දුෂ්කරතා ඇති පුද්ගලයින්ට මාළු පෝෂණය සැපයේ.

    ටින් මාළු මිල තීරණය කිරීමේ වෙළඳපොල සාධක 13 කි.  ජාතික වශයෙන් ව්‍යාපාර ආරක්ෂා කිරීම, උපරිම මාළු අස්වැන්න නෙලා ගැනීම, තත්ව පාලනය, පාරිභෝගික අවශ්‍යතා සැපයීම යන වගකීම් ධීවර දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශය, ප්‍රමිති ආයතනය, වෙළඳ අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන 9 ක වගකීමකි.

    2024 ඔක්තෝබර් වන විට මෙරට ටින් මාලු නිෂ්පාදනය ජාතික අවශ්‍යතාවයෙන් 95% කි. සංචාරක හෝටල්, විශේෂීත ආහාර සඳහා සුපිරි ටින් මාළු හැර ආනයනික අවශ්‍යතාව සොච්චමකි. ඉහළම සෙස් බද්දකට යටත් කර දේශීය අවශ්‍යතාව, දේශීයව සපයා ගැනීම පසුගිය වසර 8ක්ම මෙරට නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියයි.

    මම ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරන විට හාල්, මිරිස්, ලූණු, ටින් මාළු වැනි මේ පිළිබඳ අවසන් තාක්ෂණික තීරණය ගනු ලැබූවේ ‘ආහාර ප්‍රතිපත්ති කමිටු’ නිර්දේශය මත ‘කැබිනට් මණ්ඩලයයි.  දැනට දැනගන්නට ඇති ආකරය සැමන් ගැසට් එක ධීවර හා වෙළඳ අමාත්‍යාංශ වැඩකි.

    ආණ්ඩුවේ සැමන් ගැසට් එක

    ආණ්ඩුවේ ටින් මාළු ගැසට් එක නිකුත් කරනවිට ටින් එකක් රු. 350 ක මිලකට අලෙවි වන වර්ග ද විය. ආනයනික තත්වයෙන් බාල (රේගුව හරහා හොරන් පන්නන ලද ප්‍රමිතියෙන් තොර ටින් ද) පවතින්නට ඇත. කිලෝවට රු. 200 ක සෙස් බද්දක් ගෙවා ගෙනෙන විදේශ සැමන් ටින් එකක් රු. 380 ට පාරිභෝගිකයාට යන්නට නම් තොග මිල රු. 330 ක් විය යුතුය. නිෂ්පාදනයේ තත්වය එයින් හිතාගත හැකිය.

    ලංකාවේ සහ විදේශයන් හි නිෂ්පාදනය කරන මාළු ටින් වර්ග (ශුද්ධ බර සහ දියර රහිත බර අනුව) 30 කට වැඩි ය. මාළු වර්ග 16 ක් යැයි මම අසා ඇත.  (වැරදි නම් නිවැරදි කරන්න). දැන් එයින් තෝරාගත් වර්ග 4  කට පාලන මිලක් නියම කර ඇත. වර්ග 30 කින් 4 කට පාලන මිලක් දමා පාරිභෝගික සෙත සලසන්නේ කෙසේ ද?

    ටින් මාළු ගැසට් එකේ දූෂිත අරමුණක් නිශ්චිතවම ඇත.  

    ලින්නා ට වඩා ටූනා මිල වැඩි බව කඩේ ගිහින් සිහි බුද්ධියෙන් මාළු ගන්නා ඔ්නෑම අයෙකු දනී. ගැසට්ටුවේ ලින්නා ටින් එක රු. 560 වන විට ටූනා රු. 380 කි.  ලංකාවේ නිෂ්පාදනය කරන්නේ ලින්නා සහ සැමන් බෝල්ලු ය.  චීනය, තායිලන්තය ඇතුළු රටවලින් කුණු සැමන් එන්නේම ටූනා ලේබලය යටතේ ය. මේ ගැසට් එක ක්‍රියාත්මක වන්නේ නම්, පිටින් ගේන කුණු ටූනා ටින් (රු. 200 ක සෙස් බද්දක් ද ගෙවා) රු. 380 කට විකුණන විට, ලංකාවේ හදන ප්‍රමිතියක් සහිත ලින්නා/බෝල්ලු ටින් මාළු (18% ක වැට් බද්දකට ද යටත්ය)  රු. 560 ට නිල වශයෙන් මිල වැඩි වන්නේය.

    ලංකාවේ තත්වයෙන් ඉහළම ටින් කළ මාළු වර්ගය (අපනයනය කරන) කෙළවල්ලා විශේෂයක් වන (ටූනා) ය. එහි නිෂ්පාදන විදයම රු. 460 කි. එය දැන් රු. 380 ට සිල්ලර විකිණිය යුතුය.  කර්මාන්ත ශාලාවෙන් රු. 300 ය (රු. 160 ක පාඩුවටක) දිය යුතුය.  මේ ගානට දෙන්න නම් අලගොඩුවාගෙන් සැමන් හැදිය යුතුය.

    චීන/තායිලන්න කුණු සැමන් මිලට වඩා, ගැසට් මගින් දේශීය සැමන් මිල වැඩි කළ විට දේශීය කර්මාන්තය වැනසී යන්නේය. මේ ගැසට් එක ක්‍රීයාත්මක වන්නේ නම් ලංකාවේ ටින් මාළු කර්මාන්තය මාස තුනෙන් විනාශ වන්නේය. සති තුනක් තිබුණොත් පිටකොටුවේ ටින් මාළු ආනයනකරුවන් අවුරුද්දකට අවශ්‍ය ටින් මාළු රටට ගෙන්වන්නේය (ආනයන සෙස් බදු වැඩි නොකරන බවට වන උපකල්පනයට යටත්ය). 

    මේ ගැසට් එක ප්‍රායෝගික ද?

    පිටත අසුරුමේ පමණක් බර සඳහන් වන ආකාරයට ටින් මාළු (ශුද්ධ බර හා දියර රහිත බර අනුව) වර්ග 30 ක් හෝ එයට වැඩිය. ගැසට් එක වලංගු වන්නේ ශුද්ධ බර ග්රූම් 425 සහ දියර රහිත බර ග්‍රෑම් 280 අදාල වර්ග 3 ගනිමු. දියර රහිත බර ග්‍රෑම් 275 හෝ 285 වන විට මේ මිල පාලන ගැසට් එක බලාත්මක නැත. සේම ග්‍රෑම් 155/105 ඛාණ්ඩයට ද, දියර රහිත බර 105 නොව ග්‍රෑම් 5 ක් අඩු හෝ වැඩි කළ විට මේ ගැසට් එක බලපාන්නේ නැත.  මේ ගැසට් එකෙන් රිංගා ලංකාවේ ටින් මාළු සමාගම් සියල්ලටම ද, ආනයනික සැමන් අලෙවිකරුවන් සියල්ලටම ද සිය නිෂ්පාදන දැන් කැමති මිලකට අලෙවි කිරීමේ නිත්‍යානුකුල භාවය ලැබී ඇත.

    දත්ත සහ ඇත්ත

    ටින් මාළු ආනයනයට වසරකට යූරෝ මිලියන 80 ක් ලංකාව වැය කරයි. 2024 දී සෙස් බද්ද රු. 300 ට ද, 2025 දී බද්ද රු. 450 ට ද වැඩි කිරීමට සැලසුම් කර ඇත. එවිට රටට පැමිණෙන්නේ සංචාරක කර්මාන්තයට අත්‍යවශ්‍ය උසස්ම තත්වයේ ටින් මාළු පමණී.  රටේ අවශ්‍යතාවය රට තුල දැනටමත් නිෂ්පාදනය වේ. මේ බව ධීවර අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරය වෙත ලිඛිතව මේ වන විටත් දැනුම් දී ඇත.

    ආහාර සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ වසර දෙකකට ආසන්න කාලයේ අත්දැකීම හැර, ටින් මාළු කර්මාන්තය හා සැපයුම් ජාලය ගැන විශේෂඥ දැනුමක් නැත. නමුත්, මෙවැනි ගැසට්ටුවක සැඟවුණු න්‍යාය පත්‍රය අවබෝධ කර ගැනීමට පහත ප්‍රශ්න ඇසුරේ හැකියාව ඇත.

    • ටින් මාළු මිල කාටවත් හාල්, පොල්, පොත් ලැයිස්තුව, ඉන්ධන, වෑන් ගාස්තුව මෙන් දැවෙන හෝ දැනෙන ප්‍රශ්නයක් නොවේ. ටින් මාළු මිල වෙළඳපොල සාධකයන්නට පිටින් බලහත්කාරයෙන් වෙනස් කිරීමට අවශ්‍ය කාටද?
    • ගැසට් පත්‍රයේ නිර්ණායක (උදා ශුද්ධ ග්‍රෑම් බර, දියර රහිත බර) ම පවතින කුණු සැමන් තොගයක් විකුණාගත නොහැකිව පවත්න්නේ ද?
    • අමාරුවෙන් පවත්වාගෙන යන, ලංකාවේ ලින්නා/බෝල්ලු වාරයේ දී අතිරික්ත නිෂ්පාදනයට මිලක් ගෙවන, ධීවරයා රකින ටින් මාළු කර්මාන්ත ශාලා 16 විනාශ කිරීමට අවශ්‍ය ද?  
    • ලංකා ටූනා ටින් මාළු නිෂ්පාදනය වියදමට වඩා අඩුවෙන්, ටින් මාළු විකුණන්නට අවශ්‍ය ඇයි? ටූනා ටින් මාලු නිෂ්පාදනය නැවැත්වීම (තායිලන්ත?) කාගේ අවශ්‍යතාවයද?  
    • ලේබල් මුද්‍රණ ශිල්පීන්හිස් කෑන් නිෂ්පාදකයන්ලුණු සැපයුම්කරුවන්පෙට්ටි ඇසුරුම්කරුවන් අලෙවිකරුවන් ලෙස සැපයුම් ජාලයට විනාශවීමේ ඇස්තමේන්තු ගත විනාශය කොපමණද?
    • අස්වැන්න වැඩි කාලයේ අතිරික්තයට සිදුවන්නේ කුමක්ද? මිල පහත වැටුණු පසුව රැකියා අහිමි වන ධීවරයින්ට කන්න – අදින්නට දෙන්න භාණ්ඩාගාරයට කොපමණ වැය වන්නේ ද?   
    • (කාංචන තෙල් තියරියට අනුව) ඇත්තටම කාගේ හෝ සාක්කුවකට කුට්ටියක් යනවාද?

    ධීවර ප්‍රජාවේ සංකේතීය කුල නියෝජනය සහිත අග්‍රාමාත්‍යතුමිය, ධීවර ඇමති මෙයට පිළිතුරු දිය යුතුය.

    2023 උත්සව සමය ඉලක්ක කර සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා දෙගුණයක් (ප්‍රමිතියෙන් අඩු) ටින් මාළු රටට ගෙන්වා අධික ලාභයක් ලැබීමට දැරූ උත්සාහය වැලැක්විණි.  (2023 දී රු. බිලියන 6 ක ටින් මාළු රටට ආනයනය කර ඇත.) 2024 ජනවාරි සැමන් ආනයනය තහනම් කළේ ධීවරයා රැක ගැනීමටය.  

    බද්ද වැඩි කරනු මිස අඩු නොකළ යුතු යැයි යන මතය එදා ජයගත්තේය. අද බද්ද එසේමය. එක්කෝ සෙස් බද්ද රු. 450 කර ධීවරයා හා සැපයුම් ජාල රැකියා ලක්ෂ 6 ක් පමණ රැකගත යුතුය. නැතිනම්, 2024 ජනවාරි මෙන් ටින් මාළු ආනයනය තහනම් කළ යුතුය.  

    කුණු සැමන් මිල රු. 350 සිට 380 ට වැඩි කර ඇත.  දේශීය ලින්නා රු. 560 ට උස්සා ඇත. මෙහි වාසිය මාළු අල්ලන දකුණේ කරාව ජනයාට නොවේ. උතුරේ කව්රවයින්ට ද නොවේ. නැගෙනහිර මුසල්මානුවන්ට ද නොවේ. පාරිභෝගිකයාට ද නොවේ. පිටකොටුවේ ආනයන බිස්නස් එක දුවන පිරිසටය.

    මාළු මිල ගැසට් ගසා පාලනය කළ නොහැකිය. ධීවරයා, ධීවර ව්‍යාපාරිකයින් ප්‍රමුඛ සැපයුම් ජාලය රැකිය යුතුය. අල, ළුණු බදු ගසා ගොවියා රකිනා සේ ප්‍රායෝගික වැඩකින් ධීවරයා ද, ටින් මාළු කර්මාන්තය ද රැකිය යුතුය.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • ටින් මාළු සඳහා නව උපරිම සිල්ලර මිලක්

    ටින් මාළු සඳහා නව උපරිම සිල්ලර මිලක්

    ඊයේ (28) සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂිත ටින් මාළු වර්ග සඳහා නව උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

    පනතේ 20(5) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම නියෝගය, දේශීය නිෂ්පාදකයින්, ඇසුරුම්කරුවන්, බෙදාහරින්නන් සහ වෙළඳුන්ට නියමිත මිලට වඩා වැඩි මිලකට ටින් මාළු විකිණීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් කරයි.

    ටින් මාළු වර්ග සහ ඒවායේ උපරිම සිල්ලර මිල (MRP) පහත පරිදි වේ.

    Tuna (Katsuwonus pelamis, Auxis rochei, Euthinnus affinis, Auxis thazard)

    • 425g (ශුද්ධ බර) / 280g (Drained Weight)): ටින් එකකට රුපියල් 380යි
    • 155g (ශුද්ධ බර) / 105g (Drained Weight)): ටින් එකකට රුපියල් 180යි

    මැකරල් (Scomber scombrus, Scomber japonicus, Scomber australasicus)

    • 425g (ශුද්ධ බර) / 280g (Drained Weight)): ටින් එකකට රුපියල් 420යි

    ජැක් මැකරල් (ලින්නා – Decapterus russelli)

    • 425g (ශුද්ධ බර) / 280g (Drained Weight)): ටින් එකකට රුපියල් 560යි

    Drained Weight – දියර ඉවතට ගිය පසු කෑන් එකක ඇති ඝන ද්‍රව්‍යවල බර

  • අලි – මිනිස් ගැටුම සහ ආණ්ඩුව සැනසීමට ඉහළ නිලධාරීන් ගන්නා ‘සුපිරි ගොබ්බ තීන්දු’

    අලි – මිනිස් ගැටුම සහ ආණ්ඩුව සැනසීමට ඉහළ නිලධාරීන් ගන්නා ‘සුපිරි ගොබ්බ තීන්දු’

    අලි මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා අලි ඇතුන් අල්ලා ගැනීම හෝ එළවා දැමීම සිදු කරන ප්‍රදේශවල අසාමාන්‍ය ක්‍රියාකාරකම් වාර්තා වන බව සත්ව ජනගහන මානුෂීය කළමනාකරණය පිළිබඳ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ (Association of Veterinarians for Humane Management of Animal Population) උපදේශක වෛද්‍ය චමිත් නානායක්කාර පැවසීය.

    පිටව යාම ප්‍රතික්ෂේප කරන අලි ඇතුන් රැසක් ඔයාමඩුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ (NLDB) ගොවිපළේ සිරවී සිටින බව ඔහු හෙළි කළේය.

    “මෙම ප්‍රදේශයේ සිරවී සිටින අලින්ගේ පහර දීමකට ලක් එළදෙනක් මැරිලා තියෙනවා. අලි එළවා දැමීම ප්‍රායෝගික නැහැ, අලි මිනිස් ගැටුමට විසඳුම ඒක නෙවෙයි. අලි නැවත ඒ පැත්තට එනවා. එළවා දැමූ පසු පවා ඔවුන්ගේ වාසස්ථාන එයයි. විල්පත්තු ජාතික වනෝද්‍යානයට අලි ඇතුන් එළවා දැමූ පසු එහි තිබෙන ආහාර මෙතරම් විශාල රංචුවකට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා මේ අලි මැරෙන්න පුළුවන්. අලි එළවා දමන්නට රතිඤ්ඤා දැල්වීම අලින්ට හානි කරයි. අලි ඇතුන් ශබ්දයෙන් බිහිරි විය හැකි අතර සමහරුන්ට අන්ධභාවයට හෝ තුවාල වීමට පවා පුළුවන්.

    “ රතිඤ්ඤා භාවිතය නිසා රංචුවේ සිටින අලි ඇතුන් ආබාධිත තත්ත්වයට පත්වී දුක් විඳිය හැකියි. අලුත උපන් පැටවුන් බියෙන් පලා යන විට මිය යා හැකියි. රතිඤ්ඤා පත්තු කරමින් අලි ඇතුන් ජාතික වනෝද්‍යානවලට එළවා දැමීමට කිහිප වතාවක්ම උත්සාහ කළත් එය සාර්ථක වී නැහැ. විල්පත්තු ජාතික වනෝද්‍යානයට අලි පළවා හැරීමට පසුගියදා ගත් තීරණය උතුරුමැද පළාතේ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රජය සනසාලීම සඳහා මෙතෙක් ගත් නොසැලකිලිමත්ම  තීරණයයි.

    “අලි-මිනිස් ගැටුම පටන් ගත්තේ මේ ආණ්ඩුව යටතේ නෙවෙයි. පොල් හිඟය සහ වඳුරු සහ රිලා ගහනය වැඩිවීම මේ පාලනය යටතේ පමණක් අත්විඳින ලද්දක් නොවෙයි. ඒ නිසා ආණ්ඩුවට ආවේගශීලී තීරණ ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ජාතික ප්‍රතිපත්තියකට අනුව අදාළ තීරණ ගත යුතුයි” ආචාර්ය නානායක්කාර මහතා වැඩි දුරටත් පැවසීය.

    “පළමුව සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ලේකම් කාර්යාලයක් පිහිටුවිය යුතුයි. මෙම ලේකම් කාර්යාලය හරහා පශු වෛද්‍යවරුන්, පරිසරවේදීන්, සත්ත්ව විද්‍යාඥයන් ඇතුළු අදාළ සියලුම සත්ව සුබසාධන සංවිධාන සමඟ සාකච්ඡා කර ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි. ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීමෙන් පසු මිනිස් සත්ව ගැටුමට විසඳුම් ස්වභාවිකවම මතු වෙවි. වගා විනාශයට පිළියම් යොදන ලෙස කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත ගොවීන්ට යෝජනා කර ඇති බැවින් හදිසියේ හෝ සතුන් මැරීමට අවශ්‍ය නැහැ.

    “තත්වය කළමනාකරණය කිරීමට මාර්ග සිතියමක් සකස් කළ යුතුයි. මේ හරහා රජයට ප්‍රතිපත්තියට අනුව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ජනතාවට උපදෙස් දිය හැකියි. ගැටුම ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට රජය වගකිවයුතු ක්‍රියාමාර්ග ගත යුතුයි,” සත්ව ජනගහන මානුෂීය කළමනාකරණය පිළිබඳ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ උපදේශක වෛද්‍ය චමිත් නානායක්කාර වැඩි දුරටත් පැවසීය

  • Samsung Galaxy S25 Slim: අද්විතීය කැමරා සැලසුමක් සහිත සිහින්ම ස්මාර්ට් ජංගම දුරකථනය

    Samsung Galaxy S25 Slim: අද්විතීය කැමරා සැලසුමක් සහිත සිහින්ම ස්මාර්ට් ජංගම දුරකථනය

    Galaxy S25 ශ්‍රේණිය ඉදිරි මාසවලදී දියත් කිරීමට සූදානම් වීමත් සමඟ, S25 Slim එහි සැලසුම් සහ ක්‍රියාකාරීත්වයේ සංයෝජනය සඳහා සැලකිය යුතු ප්‍රබෝධයක් ජනනය කර ඇත.

    Samsung සිය Galaxy S25 ශ්‍රේණිය ලබන වසරේ මුල් භාගයේ දියත් කිරීමට සූදානම් වන අතර නව මාදිලිය වන Galaxy S25 Slim අවධානය සොරකම් කිරීමට සූදානම් වේ. මෙම සිහින් සහ සංයුක්ත ප්‍රමුඛතම දුරකථනය පෙරළිකාර ALoP (All Lens on Prism) කැමරා තාක්‍ෂණය සමඟින් ආරම්භ වන අතර එය Samsung හි සිහින්ම ස්මාර්ට් ජංගම දුරකථනය බවට පත් කරයි.

    ALoP තාක්ෂණය: කැමරා bump අඩු කිරීම

    Galaxy S25 Slim හි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ එහි නව්‍ය ALoP ටෙලිෆොටෝ කැමරා තාක්ෂණයයි  /ALoP telephoto camera technology. සාම්ප්‍රදායික නැමුණු කැමරා සැකසුම් මෙන් නොව, ALoP කැමරා මොඩියුලයේ දිග 22% කින් අඩු කරයි, කැමරාවේ ගැටිත්ත සැලකිය යුතු ලෙස අවම කරයි. මෙය කැමරාවේ ක්‍රියාකාරීත්වයට හානියක් නොවන පරිදි සිනිඳු නිර්මාණයක් සහතික කරයි. සැම්සුන් හි අර්ධ සන්නායක අංශය විසින් පසුගිය මාසයේදී හඳුන්වා දුන් ALoP මගින් ප්‍රිස්ම පරාවර්තනය අංශක 40ක් දක්වා ඇලවීමට ඉඩ සලසයි, එහි සංයුක්ත ව්‍යුහය තවදුරටත් වැඩි දියුණු කරයි.

    ආකර්ෂණීය පිරිවිතර සමග සිහින් නිර්මාණය / Slim design with impressive specs

    Galaxy S25 Slim මිලිමීටර් 7 ක ඝනකමක් ඇති බවට කටකතා පැතිර යන අතර එය වෙළඳපොළේ ඇති සිහින්ම ස්මාර්ට්ෆෝන් වලින් එකකි. එහි සංයුක්ත ප්‍රමාණය තිබියදීත්, දුරකථනය බලවත් ත්‍රිත්ව කැමරා සැකසුමකින් සමන්විත වනු ඇත:

    • 200MP ප්‍රධාන කැමරාව / 200MP main camera
    • 50MP අතිශය පුළුල් කැමරාවක් / 50MP ultra-wide camera

    ALoP තාක්ෂණයෙන් බල ගැන්වෙන ටෙලිෆොටෝ කැමරාව / Telephoto camera powered by ALoP technology

    සිත්ගන්නා කරුණ නම්, ටෙලිෆොටෝ කැමරාව Galaxy S25 Slim සඳහා පමණක් වන අතර සම්මත Galaxy S25 හෝ Galaxy S25+ මාදිලිවල නොතිබෙනු ඇත.

    Galaxy S25 පෙළට සංයුක්ත එකතු කිරීම / Compact addition to the Galaxy S25 lineup

    Galaxy S25 Slim සැම්සුන් හි 2025 පෙළගැස්මෙහි ප්‍රමුඛතම Galaxy S25, Galaxy S25+ සහ Galaxy S25 Ultra සමඟ එක්වනු ඇත. නමට අනුව, Slim ප්‍රභේදය නිර්මාණය කර ඇත්තේ නවීනතම අංගයන් සමඟ සැහැල්ලු, හැඩකාර විකල්පයක් පිරිනැමීමට වන අතර, එය නිර්මාණශීලී පරිශීලකයින් සඳහා ආකර්ශනීය තේරීමක් කරයි.

    කාලරාමුව සහ අපේක්ෂාවන් දියත් කරන්න / Launch timeline and expectations

    එහි විචිත්‍රවත් නිර්මාණය සහ නව්‍ය කැමරා තාක්‍ෂණය සමඟින්, Galaxy S25 Slim ස්මාර්ට්ෆෝන් සෞන්දර්යය සඳහා නව ප්‍රමිතීන් සැකසීමට පොරොන්දු වේ. දියත් කිරීම 2025 මුල් භාගයේදී බලාපොරොත්තු වන අතර Samsung රසිකයන් මෙම අනාගත උපාංගය පිළිබඳ වැඩි විස්තර සඳහා උනන්දුවෙන් බලා සිටී.

  • රිළවු වඳ කරන වැඩපිළිවෙළත් ‘රිවස්’ වෙලා ලු !

    රිළවු වඳ කරන වැඩපිළිවෙළත් ‘රිවස්’ වෙලා ලු !

    රජය විසින් සැලසුම් කරන ලද ගම්වැදී වගාවන්ට අලාභ හානි කරන රිළවුන් අල්ලා ව්‍යන්ධිකරණය කිරීමේ වැඩපිළිවෙළ අඩාල වී ඇතැයි  බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගමගෙදර දිසානායක පැවසුවේ ය.

    ගිරිතලේ වන්ධ්‍යාකරණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරුන්ගේ හිඟය, ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් පහසුකම් නොමැතිකම ඊට හේතු වී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

    ඔහු මේ බව කියා සිටියේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

    ‘ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පහසුකම් නොමැතිකම හේතුවෙන් ව්‍යාපෘතිය අතරමග නතර වී තිබෙනවා’ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

    මාතලේ කෘෂි බෝග සංරක්‍ෂක සංගමයේ සභාපති ඩී.එම්.බී.දවුඩසේකර මහතා පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය දිගුකාලීන ඵලදායි ව්‍යාපෘතියක් බවත් එය විධිමත් කර ගැටලුව විසඳීමට කටයුතු කළ යුතු බවත්ය.

    මේ අතර ප්‍රමුඛ පෙළේ පරිසරවේදියෙකු වන නයනක රන්වැල්ල කියා සිටියේ වඳුරන් ව්‍යන්ධකරණය කිරීමෙන් උවදුර අඩුවීමට හෝ නැවැත්වීමට නොහැකි බවත් එය තවත් ගැටලු ඇති කළ හැකි බවත්ය.

    “වඳුරෙකු වේවා රිළවෙකු වේවා, පිරිමි සතෙකු වේවා ගැහැණු සතෙකු වේවා වන්ධ්‍යාකරණය කිරීමෙන් ඔවුන්ගේ ආයු කාලය තවත් දීර්ඝ වෙනවා. වඳුරෙකුගේ ආයු කාලය අවුරුදු දහයක් නම්, වඳභාවයට පත් කිරීමෙන් සත්වයා තවත් වසර දහයක් ජීවත් වෙනවා. ඔවුන් ආහාර සොයා යාවි. ඔවුන් වැඩි කලක් ජීවත් වුවහොත් තවත් බෝග විනාශ කරාවි. එබැවින් ඔවුන් දැනටමත් නිර්මාණය කර ඇති උවදුර වන්ධ්‍යාකරණයෙන් විසඳේවිද ?’ ඒ වගේම වඳුරු විශේෂ කිහිපයක් ව්‍යන්ධකරණය කිරීමෙන් ඔවුන් වඳ වී යාම ස්ථිරයි. මේ තත්ත්වය තුළ මිනිසුන්ට කළ හැකි හොඳම දෙය නම් ඉතිරි වූ ආහාර නිසි ලෙස බැහැර කිරීමයි. මිනිසුන් තම ඉතුරු ආහාර එළිමහනට විසිකරන නිසා වඳුරන් ආහාර සොයා ගම්වලට පැමිණීමට පුරුදු වී සිටිනවා. ඉතිරිවන ආහාර ඵලදායී ලෙස බැහැර කිරීමෙන් ඔවුන් ගම්වලට පැමිණීම සාධාරණ ප්‍රමාණයකට වළක්වා ගත හැකියි” නයනක රන්වැල්ල වැඩි දුරටත් පැවසීය.

  • ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා

    ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා

    ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 % ක් පමණ වැය වන බවය.

    එසේම නෝට්ටු මගීන් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු රැසක් ඇතිවන බව ඔහු පෙන්වා දෙයි. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ , ඒ අනුව රාජ්‍ය ආයතනවලට සිදු කරන සියලු ගෙවීම් ඩිජිටල්කරණයට සැලසුම් කර ඇති බවය.

    GOVPAY(ගවුපේ) යෙදවුම හරහා ඒ සඳහා පහසුකම් සලසා ඇති අතර ඊට රාජ්‍ය ආයතන 16 ක් මේ වනවිට සම්බන්ධ වී ඇති බව ඔහු ප්‍රකාශ කලේය.

    ජනවාරි මාසයේදී අනෙකුත් රාජ්‍ය ආයතනද එම යෙදවුම හා සම්බන්ධ කිරීමට නියමිතය. ඒ අනුව රජයට කරන සියලු ගෙවීම් ඩිජිටල්කරණය කෙරෙනු ඇත. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ තුළින් කාර්යක්ෂමතාව ඉහළ නැංවෙන බවය.

    මීට අමතරව මිනිස් ශ්‍රමය අවම වීම, අක්‍රමිකතා හා දූෂණ ක්‍රියා තුරන්ව යාම මෙන්ම ජනතාවට වඩාත් පහසු සේවාවක් සලසා ගැනීමටද ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයෙන් හැකියාව ලැබෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේය.

  • නව රජය යටතේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය ඉදිරියට

    නව රජය යටතේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය ඉදිරියට

    ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන්

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන රැසක්

    අඩු ආදායම්ලාභීන් සුරක්ෂිතයි

    ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.

    එහිදී නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශය මෙසේය.

    ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය නිවේදනය

    01. ආර්ථික ස්ථාවරත්වය
    පසුගිය පාලකයන් විසින් නිර්මාණය කරන ලද අගාධයෙන් රට ගොඩගැනීම සඳහා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරලීම මූලික තැනක් ගනී. රජය බලයට පත්වන අවස්ථාවේදී, අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් විසින්ම ඒකපාර්ශ්විකව බාහිර ණය සේවා 2022 අප්‍රේල් මාසයේදී අත්හිටුවන ලද අතර, වසර 4ක කාලයක් තුළ වාරික 8ක් ලෙස ලැබීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 3ක පමණ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට ඇතුළත් වී ණය තිරසර විශ්ලේෂණයට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සිදු වූ ප්‍රමාද වීම සහ එහි වූ සංකීර්ණ ස්වභාවය නිසා රටට අමතර වියදම් දැරීමට සිදු වූ අතර ජනතාව මත අමතර බරක්ද පැටවිණි. කෙසේ වෙතත්, සමාජ, දේශපාලන හා ආර්ථික ඉදිරි දැක්මකට අනුව පවතින වාතාවරණයේ වාසි සහ අවාසි යන දෙකම සලකා බලා, රජය, රටේ ජනතාවගේ යහපත සඳහා වන විකල්ප සමඟ ඉදිරියට ගමන් කරමින් සිටී.

    ඒ අනුව, වැඩසටහන් පරාමිතීන් හා රාජ්‍ය ආදායම් ක්‍රමවේදයන්ට අනුකූලව, සුදුසු මැදිහත්වීමකින් සහ කාලෝචිත පහසුකම් සැලසීමකින් 2024 නොවැම්බර් 26 වන දින තුන්වන සමාලෝචනයේදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීමට රජයට හැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල

    අනුමැතියට පෙරාතුව, EFF හි මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා රජය, අවශ්‍ය පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටී.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීම
    ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දේශීය හා බාහිර ප්‍රතිව්‍යුහගත කිරීමකින් සමන්විත වේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම 2023 ජූලි මාසයේදී සාර්ථකව නිම කරන ලදී. බාහිර ප්‍රතිව්‍යුහගත කිරීමේදී විවිධ පදනම් සහ තර්කන මත බහුපාර්ශ්වික ණය හිමියන් බැහැර කරන අතර ඉතිරිය නිල ද්විපාර්ශ්වික ණය සහ පුද්ගලික ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) හිමියන්ගෙන් සමන්විත වේ.

    ද්විපාර්ශ්වික ණය
    රටවල් 17ක් නියෝජනය කරමින් ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය විසින් සම සභාපතිත්වය දරනු ලබන නිල ණය හිමි කමිටුව (OCC), චීනයේ එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, අනෙකුත් නිල ණය හිමියන් (කුවේටය, සෞදි අරාබිය, ඉරානය සහ පකිස්ථානය) සහ අනෙකුත් වාණිජ ණය හිමියන් සමඟ එක්ව ද්විපාර්ශ්වික ණය සම්බන්ධයෙන් කටයුතු කරයි.
    නිල ණය හිමි කමිටුව විසින් 2024 ජූනි මාසයේදී අදාළ නියමයන් සහ කොන්දේසි වලට එකඟ වූ අතර, ප්‍රතිකාරවල සංසන්දනාත්මක බව (CoT) සහතික කරමින්, 2023 ඔක්තෝම්බර් මාසය වන විටත් එකඟ වූ රාමුව තුළ චයිනා එක්සිම් බැංකුව සමඟ අදාළ ණය ප්‍රතිව්‍යුහගත කර තිබිණි. දළ වශයෙන් ඩොලර් මිලියන 300 ක් සහ ප්‍රතිව්‍යුහගත කිරීමට යටත්ව මුළු විදේශ ණය වලින් 1% ක් පමණ නියෝජනය කරන නිල ණය දෙන්නන් (කුවේටය, සෞදි අරාබිය, ඉරානය සහ පකිස්ථානය) හැර අනෙකුත් සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් එකඟ වූ රාමුව තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දැනටමත් එකඟතාව ලබා දී ඇත.

    ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන්
    බොහෝ ප්‍රමාද වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා, එකඟවීම්, එකඟ නොවීම්, යෝජනාවල වෙනස් වීම, ණය තිරසර විශ්ලේෂණය (DSA) සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුකූලව ගැළපීම ආදිය සමඟ සාකච්ඡා අදියරයන් කිහිපයක් පසු කර, අවසානයේ ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එනම්, 2024 සැප්තැම්බර් 19 වන දින ප්‍රතිපත්තිමය පදනම මත (AIP) එකඟතාව ලැබිණ. පසුගිය සමයේ ගෙවිය යුතුව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක පොළිය ද ඇතුළත්ව ඇමෙරිකානු ඩොලර් බිලියන 14.2 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර Ad Hoc Group (AHG) සහ Local banking

    consortium විසින් නියෝජනය කෙරේ. කාලෝචිත ලෙස ක්‍රියාවන්ට ප්‍රමුඛත්වය ලබා දීම සහ පහසුකම් සැලසීම තුළින් නව රජය ආර්ථික ස්ථාවරත්වය කරා රට යොමු කිරීමට දැඩි දේශපාලන කැපවීමක් පෙන්නුම්
    කර ඇත. මූල්‍ය ස්ථායීතාවය සඳහා වන මෙම ප්‍රයත්නයන් ශ්‍රේණිගත කිරීමේ ආයතන ඇතුළු තෙවන පාර්ශවයන් විසින් ස්වාධීනව පිළිගෙන ඇති අතර, ශ්‍රේණිගත කිරීම් සටහන් කිහිපයකින් ඉහළ නංවා ඇත. මෙය කළ හැකි වූයේ නිවැරදි ප්‍රමුඛතාවය සහ ආර්ථික ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම
    හේතුවෙනි. එබැවින් රජය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන ගිය අතර ආර්ථිකය ස්ථාවර කිරීමේ තීරනාත්මක පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා පවතින බැඳුම්කර හුවමාරු කිරීම සඳහා නව බැඳුම්කර නිකුත් කිරීම 2024 දෙසැම්බර් 20 වන දින සාර්ථකව නිම කිරීමට පහසුකම් සලසා ඇත. මෙය සමෘද්ධිමත් ජාතියකට සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට තුඩු දෙන වර්ධන හා සංවර්ධන මාවතක් කරා රට ගමන් කිරීමේ කොටසකි.
    කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීම සහ පහසුකම් සැලසීම මඟින්, නව රජය රට ආර්ථික ස්ථායිතාව කරා ගෙන යාමට දැඩි දේශපාලන කැපවීමක් පෙන්නුම් කර තිබේ. මූල්‍ය ස්ථායීතාව සඳහා වන මෙම ප්‍රයත්නය, ශ්‍රේණිගත කිරීමේ ආයතන ඇතුළු ස්වාධීන තුන්වන පාර්ශ්වයන්ගේ ප්‍රශංසාවට ලක් වී ඇති අතර, ඒ අනුව ශ්‍රේණිගත කිරීම් තුළ පියවර කිහිපයකින් උසස් කර තිබේ. මෙම සාර්ථකත්වය උදෙසා නිවැරදි ලෙස ප්‍රමුඛතාවයන් පිහිටුවීම සහ ආර්ථික ස්ථායීකරණය සඳහා ගත් කාර්යක්ෂම පියවර මූලිකව හේතු වී ඇත. ඒ අනුව, රජය තම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒ සඳහා පහසුකම් සලසමින් ආර්ථික ස්ථායිකරණය පිළිබඳ තීරණාත්මක පියවරක් ලෙස පවතින බැඳුම්කර හුවමාරු කිරීම සඳහා නව බැඳුම්කර නිකුත් කිරීම 2024 දෙසැම්බර් 20 වන දින සාර්ථකව නිම කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇත. මෙය ශ්‍රී ලාංකේය ජනතාවට “පොහොසත් රටක – ලස්සන ජීවිතයක්” උරුම කරදීම යථාර්ථයක් කර ගැනීම සඳහා රට සමෘද්ධිමත් හා සංවර්ධන මාවතක් කරා ගමන් කරවීමේ කාර්යභාරයෙහි එක් පියවරකි.
    ________________________________________
    2. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පහසුකම් සැලසීම

    2.අ.1. පරාටේ නීති සහනය දීර්ඝ කිරීම
    හුදෙක් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දිනය කල් දැමීම වෙනුවට, මෙම දිගුකාලීන ගැටලුව සඳහා පිළිගත හැකි විසඳුම් සොයා ගැනීම සහතික කිරීම සඳහා රජය පාර්ශ්වකරුවන්ගේ කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත් වීය. එහි ප්‍රතිඵලයක් ලෙස, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.

    2.ආ.2. සහන පැකේජය

    ව්‍යාපාර සඳහා සහන ලැබෙන්නේ කාලය දීර්ඝ කිරීමෙන් පමණක් නොවේ. මහ බැංකුවේ දත්ත අනුව, රුපියල් මිලියන 25ට අඩු ණය ප්‍රාග්ධනයක් ඇති ණය ගැනුම්කරුවන්ගෙන් 99% කට, තම ණය මුදල් බැංකු
    සමඟ නැවත සාකච්ඡා කර, ගෙවීම් සැලැස්මකට එකඟ වීමට මාස 12ක සහන කාලයක් ලබා දී තිබේ.රුපියල් මිලියන 25 සහ 50 අතර ණය ගැණුම්කරුවන් සඳහාද මාස 9ක දිගුවක් ලබා දී ඇති අතර, අනෙකුත් ණය ගැණුම්කරුවන් සඳහා මාස 6ක දිගුවක් ලබා දී ඇත.
    රජය විසින් යෝජනා කරන ලද සහ මහ බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සහන පැකේජය, අඩු පොලී අනුපාත, ආපසු ගෙවීම් කාලයෙහි දිගුව, ණය ශ්‍රේණිගත කිරීම් ලිහිල් කිරීම සහ තක්සේරු ආරවුල් විසඳීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් සැපයීම වැනි වැදගත් පියවර කිහිපයකින්ද සමන්විතය. ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සක්‍රීය දායකත්වය සහතික කිරීම මෙම සහන ක්‍රියාමාර්ගයන්හි ප්‍රධාන අරමුණ වේ.

    2.ආ. පාසල් ළමුන් සඳහා පාසල් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා සහාය
    2.ආ.1. අස්වැසුම පවුල්වල ළමයි
    සමාජය තුළ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල දෙමාපියන් වෙත දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැටවී ඇති බර ලිහිල් කිරීමට ඉදිරි පාසල් වාරය සඳහා අත්‍යවශ්‍ය පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් එක් දරුවෙකුට රුපියල් 6,000 බැගින් වෙන් කර තිබේ. අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට මෙම ප්‍රතිලාභය ඉක්මනින්ම ලබා දීම ආරම්භ කෙරේ.

    2.ආ.2. අස්වැසුම නොලැබෙන පවුල්වල දරුවන්
    දැනට අස්වැසුම නොලබන නමුත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින පවුල්වල දරුවන් සඳහාද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම ප්‍රතිලාභය ලබා දෙනු ලැබේ. මෙම ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර, ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන, මේ දීමනාව ලැබිය යුතු සියලුම දරුවන් හට එම සහනය සැලසීම සහතික කරමින් ඔවුන්ට මේ ප්‍රතිලාභය ලබා දීමේ වැඩපිළිවෙළ දින කිහිපයක් ඇතුළත ආරම්භ කිරීමට නියමිතය.

  • රූපවාහිනියට මොකද වෙන්නේ ? : ටෙලිනාට්‍ය, දුෂණය, ළබැඳියාවන් අතර පිළිගැටුම

    රූපවාහිනියට මොකද වෙන්නේ ? : ටෙලිනාට්‍ය, දුෂණය, ළබැඳියාවන් අතර පිළිගැටුම

    රූපවාහිනියට මොකද වෙන්නේ ? සෙනේෂ් දිසානායක බණ්ඩාරට මොකද වුණේ ? මේ දවස්වල වැඩියෙන්ම කතා කරන ප්‍රශ්නයකි. දේශපාලනය පැත්තකින් තබා, රූපවාහිනියේ සිදු වූ දේ ගැන ව්‍යවසායක දෘෂ්ඨියෙන් ද දුෂණය හා ළබැඳියාවන් අතර පිළිගැටුම ලෙසින් ද බැලීම වැදගත්ය.  

    රූපවාහිනියේ මාසික ආදායම රු. මිලියන 130 ක් පමණ ය.  එයින් මිලියන 70 ක් (50%ක්) ලැබෙන්නේ සංවර්ධන ලොතරැයියෙනි. එය, රාජ්‍යය විසින් මූල්‍ය නීති කඩන්නේ නැතිව සිදු කරන අරමුදල් සම්පාදන, ඩීල් එකකි.  ජාතික රූපවාහිනිය, දෙමළ නේත්‍රා සහ ඉංග්‍රීසි චැනල් අයි නාලිකා දුවන්නේ මේ සල්ලි වලිනි.

    රූපවාහිනිය 2019 සිට දිගටම රජයේ බදු මුදල් වංචා කළේය. වෙළඳ දැන්වීම් ආදායමේ 18% ක වැට් බද්ද, 2.5% ක සමාජ ආරක්ෂණ බද්ධ (20.5% ක්) එකතු  කර ගෙන ඇතත් එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා නොදී පඩි ගෙවන්නට වියදම් කළේය.

    2022 අග වන විට රූපවාහිනිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රු. බිලියන 1.5 ක් ගෙවිය යුතුව තිබුණි. රනිල් ගේ පාලනය යටතේ, 2022 දී රජයේ ආයතන සඳහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබාදීමට නවතා දමනු ලැබීය. (පුද්ගලික හා රාජ්‍ය ආයතන වල  හිඟ බදු මුදල් අය කර ගැනීමට දැඩි පියවර ගත්තේය.  මහා භාණ්ඩාගාරය දේශීය ආදායම් දෙපාර්තමේන්තුට රූපවාහිනියේ බැංකු ගිණුම් අතිහිටුවා බදු අය කර ගැනීමට නියෝග කළේය)

    රූපවාහිනිය මුහුණ දී තිබුණේ  ‘ජාතික නාලිකාව නිසා වසා දැමීමටත් බැරි, අරමුදල් නොමැති නිසා පවත්වාගෙන යාමටත් බැරි තත්වයකය.  ඒකාබද්ධ අරමුදල් මගින් වැටුප් ලැබූ ලක්ෂ 14 වන රාජ්‍ය නිලධාරින් අතර කෙනෙකු ලෙස මගේ නිරීක්ෂණය තනි වාක්‍යයකි.

    ‘ආදායම් (බදු) ප්‍රශ්නය කලමනාකරණය කර ගත හැකි, ළබැඳියාවන් නැති, රූපවාහිනියේ අභ්‍යන්තරයට සමීප සබඳතා නැති, ඉහළ කලමනාකරණ හැකියාවක් තියෙන නිලධාරියෙකු රූපවාහිනිය මෙහෙයවිය යුතුයි’.  එය අදටත් එලෙසම වලංගු යැයි මම විශ්වාස කරමි.

    ගෝඨාභය – රනිල් ගේ සර්වපාක්ෂික ආණ්ඩුවේ සභාපති අසංග ජයසූරිය 2002-2004 රූපවාහිනියේ හිටපු අලෙවි ප්‍රධානියා සහ පසුව නෙත් එෆ්.එම්. ප්‍රධාන විධායක නිලධාරියා ය.  අරගලය සමයේ ධානිෂ් අලි සිද්ධියෙන් පසුව ඔහු ඉවත් විය.

    රනිල් අගමැතිවීමෙන් පසුව (2022 ජූලි) ඇමති බන්දුල රූපවාහිනී සභාපති ලෙස පත් කළේ හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු, අමාත්‍යාංශ ලේකම්වරයෙකු ද වූ ඩබ්ලිව්. බී. ගනේගල ය.  ස්වාධීන රූපවාහිනියට දැම්මේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන ය. ගනේගල රූපවාහිනිය කළමනාකරණය කර ගත නොහැකිව ගෙදර ගියේය. නමුත්, සුදර්ශන අයි.ටී.එන්. එක මිනිස්සු බලන නාලිකාවක් පමණක් නොව, 2016 සිට අඛණ්ඩව පාඩු ලබමින් සිටි තැන සිට 2024 ජනවාරි – සැප්තෑම්බර් දක්වා මෙහෙයුම් ලාභයක් ලබන තැනට පත් කළේය. එකම අභියෝගයක් සභාපතිවරුන් දෙදෙනෙකු ජයගත්තේ එලෙසය.

    ජ්‍යෙෂ්ඨම පරිපාලන නිලධාරි ගනේගල ට කලමනාකරණය කර ගත නොහැකි වු තැනට, විදුලි සංදේශ ඉංජිනේරු ආචාර්ය ප්‍රසාද් සමරසිංහ පත් වන්නේය.  ඔහු ලංකා බෙල් ආයතනයේ හිටපු ප්‍රධාන විධායකයාය. රූපවාහිනිය සතු චැනල් අයි නාලිකාව ඊඒපී මාධ්‍ය පාලයට අයත් SBS නාලිකාවට බදු දී මසකට මිලියන 30 ක් සොයා ගැනීමට ඔහු සමත්විය. රූපාවාහිනියේ ආර්ථික අර්බුදය සමනය විය. නමුත්, විරෝධතා හේතුවෙන් එම ගිවිසුම මාස හයකින් අවසන් කිරීමට සිදු විය. ප්‍රසාද් ඉල්ලා අස්විය.

    ස්වෙච්ඡා විශ්‍රාම ක්‍රමයක් සකස් කර සේවකයින්ට විශ්‍රාම දී වියදම් පාලනයට රජය කටයුතු කළේය. මුදල් ගලායාම පහසු විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ රූපවාහිනි සභාපති වූවේ ඉන් පසුවය. සුදන්තට දේශීය ආදායම් ගැටළුව කලමනාකරණය කර ගත හැකි විය. බදු මුදල් සාවද්‍ය පරිහරණයක් වූවේ ද නැත. සරළවම, ප්‍රසාද් – සුදන්ත දෙදෙනා මුල්‍ය අර්බුදය කලමනාකරණය කළහ. මුහුදු මට්ටමින් පහල නෙදර්ලන්තයේ බැම්මකින් රට තුලට, මුහුදු වතුර කාන්දුවනු දුටු නිර්භීත කොළු ගැටයෙකු මුහුදේ ජල පහර වලකන්නට බැම්මේ සිදුර තම ඇඟිල්ලෙන් වැසූ ලෙස, ඔවුන් දෙදෙනා මුදල් කාන්දුව වලක්වා ආයතනය රැකගත්තෝය.  (Hans Brinker නැතිනම්, The Boy who held back the Sea බලන්න)

    රූපවාහිනිය විදුලිබල බණ්ඩලයට හා ජල සම්පාදන මණ්ඩලයට ද, මෙලෙසම අති විශාල හිඟ මුදලක් ගෙවීමට ඇත. අවස්ථා කිහිපයක දී ම විදුලිය හා ජලය විසන්ධි විය. බදු මුදල් සාවද්‍ය පරිහරණය නොකරනවා නම්, විදුලිය – ජල බිල, කොළඹ නගර සභා ගාස්තුව ගෙවනවා නම් රූපවාහිනිය කලමනාකරණය කළ හැකිය. (නැත්තම් බැරිය!)

    ආචාර්ය සෙනේෂ් ට දින 90 ක්, එය කළ හැකි වූයේ දැයි මම දන්නේ නැත!  ඔහු එය කළ බව තම සටහනේ දක්වයි. ඒවා කියන ඒවා ඇත්ත දැයි සොයා බැලීම වටී.

    අයහපත් මුදල් තත්වය නිසා, නිෂ්පාදකවරුන්ට මුදල් ගෙවා ගත නොහැකි වීම නිසා දීර්ඝ කාලයක් රූපාවාහිනියට ටෙලි නාට්‍ය ලැබුණේ නැත. නාලිකාව පිරිහී තිබුණි. සෙනේෂ්, අලුතෙන් ටෙලි නාට්‍ය මිලදී ගත්තේය. පැය භාගයක එක කොටසකට ගෙවන මුදල රු. ලක්ෂ 2.5 ක් ලෙස ඇස්තමේන්තු කළ හොත් සතියක වියදම රු ලක්ෂ 12.5 කි. මාසයකට ලක්ෂ 50 ක් හෙවත් මිලියන 5 කි. සෙනේෂ් පාලනය යටතේ කෝරළගේ සමන් ගේ ‘අමුතු දොස්තර’ සහ චමිල් පතිරණ ගේ ‘සිටුවර පුවත’ යන ‘හොඳ’ නාට්‍ය දෙකක් දිනපතා ප්‍රදර්ශනයට යෙදවීය. ඒ දෙක සඳහා මාසික වියදම රුපියල් මිලියන 10  හෙවත් කෝටියකි. රූපවාහිනියට අලුතෙන් දැන්වීම් ආවේ නැත.  වත්මන් පාලනය යටතේ මූල්‍ය අර්බුදය නැවත ඇරඹෙන්නේ මෙතැනිනි.

    ටෙලිනිස’ මුදල් බවට හැරෙන සිවිල් බලය

    ‘ටෙලි නාට්‍ය නිෂ්පාදකයින්ගේ සංගමය’ (ටෙලිනිස) 2019 දී මහින්ද රාජපක්ෂ කඳවුරට උපකාර කළේය. කෘතගුණ සැලකීමක් ලෙස ප්‍රවීන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ ස්වාධීන රූපාවාහිනියේ සභාපති විය. 2024 ‘ටෙලිනිස’ මාලිමාවේ සරණ ගිය අතර, සෙනේෂ් කියන ආකාරයට විජිත, නලින්ද, බිමල් ගේ ඒකාබද්ධ ඉල්ලීමෙන් නව ආණ්ඩුවේ පළමු පත්වීමක් ලෙස ‘ටෙලිනිස’ ලේකම් සෙනේෂ්, සභාපති පුටුවට ආවේය.

    දෙවනුව, ‘ටෙලිනිස’ තමන් කැමති සභාපතිවරු පත් කර ගෙන නාට්‍ය විකුණා ගැනීම දිගු කලක් සිදු කළ ජාවාරමකි.  සෙනේෂ් ගේ ටෙලි නාට්‍ය මිලදී ගැනීම, ‘ළබැදියාවන් අතර පිළිගැටුමක් (Conflict of interest)’ බවට පත්වන්නේය.  තම සංගමයේ හිතවත් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගේ නාට්‍යය මිලදී ගැනීම ගැන සෙනේෂ් රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයට දන්වා සිටිය යුතුව තිබුණි. නමුත් එවැන්නක් සිදු කර නැත.

    අලුත් ටෙලි නාට්‍ය මිලදී ගැනීම අධ්‍යක්ෂ ජෙනරාල් විසින් සකස් කළ පත්‍රිකාවක් මගින්,  අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතු ‘ප්‍රසම්පාදන ක්‍රියාවලියට’ යටත් ය. පසුගිය දා සංශෝධනය වූ පනතට අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇමති පත් කරනු ලබන්නේ සමාජිකයින් දෙදෙනෙකි. අධ්‍යාපන අමාත්‍යාංශය, චිත්‍රපට සංස්ථා සභාපති, භාණ්ඩාගාරය අතුළු ආයතනවලින් සමාජිකයින් පත් වෙති. ඔවුන්ට මේ ගැන කියන්නට ඇත්තේ කුමක් ද යන්න විමසනු වටී.  ‘ටෙලිනිස’ දෙක නාට්‍ය කිසි ලෙසකින් හෝ ප්‍රමාණවත් ආදායම් ඉපදවිය නොහැකි වේළාවක ප්‍රදර්ශනයට අනුමැතිය ලැබුණේ කෙසේ ද? එමගින් මේ වන විට රූපවාහිනියට සිදුව ඇති පාඩුව කොපමණ දැයි කෙටි විමර්ශනයකින් කරුණු සොයා ගත හැකිය.

    ‘ටෙලිනිස’ ලේකම් සෙනේෂ්, තම සංවිධානයේ ‘සභාපති’ සහ හිතවතා නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යයට අනුමැතිය දෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල සිටියා ද? අනෙකුත් අධ්‍යක්ෂවරුන් මේ ‘මිලදී ගැනීමට’ අනුමැතිය දුන්නා දැයි ‘හොරු අල්ලන්නට ආ ආණ්ඩුව විසින්ම’ අවශ්‍ය නම් ‘දුෂණය’ පිළිබඳ පරීක්ෂණ කිරීමට ස්ථාපනය කර ඇති අල්ලස් කොමිසම හරහා ද සොයා බැලිය හැකිය.

    මිතුවරුණි, ප්‍රශ්නගත ‘සිටුවර පුවත’ ටෙලිනාට්‍යය, ‘ටෙලිනිස’ සභාපති චන්දන ලියනගුණවර්ධන නිෂ්පාදනයකි.  ‘ටෙලිනිස’ලේකම් සෙනේෂ් මිල දී ගෙන ඇත්තේ, තම සභාපතිවරයාගේ ටෙලි නාට්‍යයයි!  දුෂණය යනු ආයතනය පාඩු කර තමාට ලාබයක් කර ගැනීම ය.  දුෂණය යනු තමාට නැතත් ආයතනයට පාඩුවක් කිරිමය.  දුෂණය යනු, තමාට හා ආයතනයනට ලාභයක් නැතත් වෙනත් තම හිතවත් පාර්ශවයකට ලාභයක් කිරීමය.

    තෙවනුව,  සීයාගේ ආණ්ඩුව විසින් සම්මත් කර ගත් ‘දුෂණ විරෝධී පනත’ට අනුව ‘ළබැදියාවන් අතර පිළිගැටුම’ යනු දුෂණය (corruption) කි.   සෙනේෂ් ට තනතුර අහිමි කළේ මේ ලැබැඳියාවන් අතර ගැටුම ද, දුෂණ චෝදනාව ද, ඒ දෙකම ද යන්න පැහැදිලි නැත. කෙසේ නමුත්, වංචාව දුෂණය වැලැක්වීමේ පියවරක් ලෙස ඇමති නලින්ද ජයතිස්ස හෝ රජයේ වෙනත් කණ්ඩායමක් සෙනේෂ් ක්‍රියා කර ඇති නම් එහි ගෞරවය ජාජබ ආණ්ඩුවට හිමි විය යුතුමය. විජිත හේරත්, නලින්ද ජයතිස්ස හා බිමල් රත්නායක අමත්‍යවරුන්ගේ නම් ද, පත්වීම සම්බන්ධයෙන් සෙනේෂ් විසින්ම සටහනක් තබමින් පටලවා ඇත. එබැවින්, මෙය අනිවාර්ය වූ අවශ්‍යතාවයකි.  අලුත් තනතුරකට පෙර, තම නම පිරිසිදු කර ගැනීම සෙනේෂ් ගේ වගකීමකි.

    ආචාර්ය සෙනේෂ් රූපවාහිනි සභාපති ධුරය භාර ගත්තේ විශ්ව විද්‍යාලයේ තමා දරණ තනතුරෙන් නිවාඩු ලබා ගෙන ද? යන ප්‍රශ්නය තවම කවුරුත් අසන්නේ නැත. එමෙන්ම එම කාලය තුළ ඔහුට වැටුප් ගෙවන ලද්දේ ජ’පුර සරසවියෙන් ද, නැත්නම් රූපවාහිනියෙන් දැයි කවුරුත් කියන්නේ ද නැත.

    2015 දී වත්මන් සබරගමුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්. සුනිල්  ශාන්ත රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් පදවියට පත් කරන ලදී. එවකට තමා සේවය කළ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයෙන්, ඔහු රූපවාහිනියට පැමිණියේ සප්ත වාර්ෂික නිවාඩු ලබා ගෙනය. වසර දෙකකට පසු තම නිවාඩු අවසන්ව නැවත විශ්ව විද්‍යාලයට ගියේය. ඒ කාලය තුළ ඔහුට හිමි වැටුප ගෙවන ලද්දේ සබරගමුව විශ්ව විද්‍යාලයෙනි.  සුනිල් ශාන්ත තනතුරට පත් වන විට රු. මිලියන 283 ක් වූ බැංකු අයිරාව වසර දෙකක් තුල රු. මිලියන 53 ක ස්ථිර තැම්පතුවක් බවට පත් කළේය. ගෙවිය යුතු සියළුම බදු මුදල් ගෙවා තිබුණි. ඔහු අවම වශයෙන් තමන්ට හිමි ‘බෝනස් මුදල’ වත් ගත්තේ නැත. වැටුප් ගැනීම හෝ නොගැනීම පුද්ගල තීරණයකි. වඩා වැදගත් වන්නේ ආයතනයට කුමක් සිදුවේ ද යන්නය.

    සෙනේෂ් දක්ෂ නිර්මාණකරුවෙක්, අධ්‍යක්ෂවරයෙක් බව අවිවාදිතය. රූපවාහිනිය හොදින් දන්නා, හැමෝටම මචං කියන,  අධ්‍යාපන බුද්ධියෙන් ද ඉහළය.  නමුත්,  රූපවාහිනියට අවශ්‍ය ‘අලෙවිකරණ හැකියාව, ව්‍යාපාර කලමනාකරණ ඥානය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා ණයකරුවන් කලමනාකරණය කර ගත හැකි සභාපතිවරයෙකි.  නැතිව, නිර්මාණකරුවෙකු හෝ නමට ඉදිරියෙන් ආචාර්ය, මහාචාර්ය පට්ටමක් නොවේ. පාඩු ලබන සෑම රාජ්‍ය ආයතනයකටම පොදු තත්වය එයයි.  ගුවන්විදුලිය, චිත්‍රපට සංස්ථාව, සැලසිනේ, ස්වාධීන රූපවාහිනිය වැනි සෑම ආයතනයකට මෙය පොදු තත්වයකි.

    භාණ්ඩාගාරයෙන් මුදල් නොදී, නාලිකව පවත්වාගෙන යාමට එදා රනිල් – බන්දුල ට තිබූ අභියෝගය අද අනුර – නලින්ද ජයතිස්ස යුගලයට ඇත. එය ‘ළබැඳියාවන් අතර පිළිගැටුමකින් තොරව පවත්වා ගැනීම අතිශයින්ම වැදගත් ය. නලින්ද ජයතිස්ස මේ කර ඇත්තේ එය නම් අතිඅනර්ඝය!

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • SMEs Guide SL: ආහාර නිෂ්පාදන හා අලෙවි ව්‍යාපාර උදෙසා සුරක්ෂිතතා කළමනාකරණය: ඔබ මේ කරුණු දැන සිටියා ද ?

    SMEs Guide SL: ආහාර නිෂ්පාදන හා අලෙවි ව්‍යාපාර උදෙසා සුරක්ෂිතතා කළමනාකරණය: ඔබ මේ කරුණු දැන සිටියා ද ?

    ඔබේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීම උදෙසා  තීරණයක් ගැනීම සහ ඔබේම නිෂ්පාදන වට්ටෝරු සැලසුම් කිරීම සිත්ගන්නා සුළු වනු ඇත. එසේ වුවත් එම ව්‍යාපාරය නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට ඔබ සපුරාගත යුතු අවශ්‍යතා පිළිබදව පූර්ව අවබෝධයක් ලබා තිබීම ඔබට වඩාත් වාසිදායක වේ. විශේෂයෙන්ම ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවක සිට අවන්හලක්  දක්වා වූ ඒ හා සම්බන්ධ ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර නීත්‍යානුකූලව අනුගමනය කළ යුතු පියවර කිහිපයකි.

    ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් ඇරඹීමට සුදුසු ස්ථානයක් මෙන්ම අනෙකුත් පොදු යටිතල පහසුකම් තිබුණද ඔබ ගත යුතු පළමු පියවර වන්නේ ඒ උදෙසා ඔබේ පළාත් පාලන ආයතනය වෙතින් නිසි ව්‍යාපාරික බලපත්‍රයක් ලබා ගැනීමයි. මක්නිසාදයත් මෙරට තුළ යම්කිසි පරිශ්‍රයක විකිණීම සඳහා හෝ විකිණීමට ඉදිරිපත්කිරීම උදෙසා හෝ යම් ආහාරයක් නිෂ්පාදනය කරන, සකස් කරන, පරිරක්ෂණය කරන, ඇසුරුම් කරන හා  ගබඩා කරන සැම ස්ථානයක් ම  ලියාපදිංචි කිරීම 1980 අංක 26 දරණ ‘ආහාර පනත‘ යටතේ අනිවාර්යකර ඇති හෙයිනි. එම රෙගුලාසි සැලසුම්කර ඇත්තේ ආහාර මගින් ඇතිවිය හැකි රෝගාබාධ වලින් පාරිබෝගිකයා ආරක්ෂා කිරීම උදෙසා වන අතර එවැනි නිෂ්පාදන ව්‍යාපාර නිසි ක්‍රමවේදයන් යටතේ පවත්වාගෙන යාමට මාර්ගෝපදේශයක්  වශයෙනි. ඔබේ ව්‍යාපාරය හා එය පිහිටි ස්ථානය අනුව මෙම බලපත්‍ර  ලබා ගැනීමට සපුරාගත යුතු අවශ්‍යතා වෙනස්විය හැකිය. එහෙත් ඔබ අනුගමනය කළයුතු සරල රීතිය වන්නේ ඒ පිළිබඳව නිසි බලධාරීන් වෙත දැනුම්දීම හා ඒ උදෙසා අනුමැතිය ලබා ගැනීමයි.

    ඒ අනුව මෙරට තුළ ආරම්භකර පවත්වා ගෙන යන හෝටල හෝ රිසෝට්, කේටරින් ආයතන, ආපනශාලා හා බොජුන්හල්, අයිස්ක්‍රීම්, රසකැවිලි, යෝගට්, මුදවාපු කිරි, අතුරුපස නිෂ්පාදනය කරන ගෘහ කර්මාන්ත, තේ, කෝපි හා ක්ෂණික පාන වර්ග, අයිස්ක්‍රීම් ආදිය සපයන කඩ, බේකරි, කැන්ටින්, සුපිරි වෙළදසැල්, ආහාර ගබඩා හා අයිස් නිෂ්පාදන පරිශ්‍ර යන සෑම ව්‍යාපාරයක් සඳහා ම එකී පනත යටතේ වූ රෙගුලාසි බලාත්මක වේ. තනි පුද්ගල ව්‍යාපාර මෙන්ම හවුල් ව්‍යාපාරයක් වුව ද එහි ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම උදෙසා පළාත් ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා වෙතින් ඉල්ලුම් කළ යුතුවේ.

    මෙය අදාළ  ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉටුකරගත හැකිය. එසේම ඊට අදාළ වූ නිසි බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරියා වෙත ඔබගේ ව්‍යාපාරයට අදාළ සියලු ම තොරතුරු ලිඛිතව සැපයීමට කටයුතු කළ යුතු වේ. ඒ අනුව ඔබේ ව්‍යාපාර වර්ගීකරණය, නිෂ්පාදනය කරන්නේ කුමන වර්ගයේ ආහාර ද, අමුද්‍රව්‍ය ලැබෙන්නේ කවුරුන්ගෙන් ද, නිෂ්පාදනය කරන හෝ සකසන ආහාර ද්‍රව්‍ය පූර්ව වශයෙන් ඇසුරුම්ක ර තිබේ ද ? නැද්ද ? යන්න සහ කාර්ය මණ්ඩලය පිළිබඳව බොහෝ තොරතුරු ඔබට සැපයීමට සිදුවනු ඇත.

    අනතුරුව ඔබේ ආයතන පරිශ්‍රය හා ව්‍යාපාරය උදෙසා අදාළ බලපත්‍රය ලබා ගැනීමට සහ ලියාපදිංචිය සඳහා පළාත් පාලන ආයතනය වෙතින් ඉල්ලුම් කිරීමට අවශ්‍යවේ. මෙම සේවාවන් ලබා ගැනිමට ඔබට ගාස්තු ගෙවීමට සිදුවන අතර වසරකට වරක් ඔබේ බලපත්‍රය අලුත් කිරීමටද අවශ්‍ය වේ. සත්‍ය වශයෙන්ම ඔබ ආහාර සම්බන්ධ වූ කුමන ආකාරයේ පරිශ්‍රයක් ඉදිකිරීමට හෝ ආරම්භ කිරීමට පෙර මෙන්ම දැනට ඇති ගොඩනැඟිල්ලක පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදුකළ යුතු නම් අදාළ පළාත් පාලන ආයතනයේ අවසරය ලබා ගැනීම ඔබගේ වගකීම හා යුතුකම වේ.

    ඒ අනුව ඔබගේ ආයතනයේ සේවය සදහා යොදවා ගැනීමට යෝජිත කාර්ය මණ්ඩලය සඳහා නිසි පුහුණුවක් ලබා තිබීම ද වැදගත් වේ. මේ උදෙසා අවශ්‍ය මූලික පුහුණුව ලබාදීම තුළින් ආහාර සුරක්‍ෂිතතාව සහ ආහාර හැසිරවීම පිළිබඳව සේවකයිනට අවබෝධයක් ලබාදිය හැකිය. සමහර ව්‍යාපාර මෙම අවශ්‍යතාවය සපුරාලීම සඳහා ජාතික වශයෙන් පිළිගත් වෘත්තීමය පාඨමාලාවක් හැදෑරීමට තම කාර්ය මණ්ඩලය යොමු කරවයි. කෙසේ වුව ද සමස්ත කාර්ය මණ්ඩලයට ලබා දෙන පුහුණුව ආහාර  කර්මාන්ත අංශයටම විශේෂිත විය යුතුය. එසේම කාර්ය මණ්ඩලය උදෙසා ආහාර සුරක්ෂිතතා අධීක්ෂකවරයෙකු බඳවාගැනීම ද යෝග්‍ය වේ. මෙම අධීක්ෂකවරයාහට නිසි වෘත්තීය පුහුණුවක් සහ සහතිකයක් ලබාතිබීම ඔහුට හෝ ඇයට මෙම තනතුරේ වැඩ කිරීමට එය මනා පිටුවහලක් වනු ඇත.  එසේ නැතහොත් ඔබේ වර්තමාන සේවකයෙකු එකී තනතුර උදෙසා පුහුණුකර සේවයට යොමුකරගත හැකි වේ. එසේ නොමැති නම් ඔබේ මනාපය අනුව බාහිර පුද්ගයෙකු සේවයට කැඳවා ගත හැකිය. එසේ වුව ද එම තනතුරේ නිරත කරවන පුද්ගලයාගේ සේවය ලබා ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු කිහිපයකි. එනම් තම ව්‍යාපාරයට ඇති වගකීම් ඔහුට හෝ ඇයට තේරුම් ගත හැකිවීම ඉතා අත්‍යවශ්‍යවේ. එමෙන් ම ආහාර නිෂ්පාදනයන්හි සුරක්ෂිතතාව සහ පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳ අනෙකුත් සේවකයන් අධීක්ෂණය කිරීමට කැමැත්තක් හා හැකියාවක් තිබිය යුතුය. එසේම ආයතනිකව පැනනඟින නොගැළපීම් හෝ නොසැලකිලිමත්කම පිළිබඳ ගැටලු විසඳීමට එම තැනැත්තා හට හැකියාවක් තිබේ ද යන්න යි. මෙමඟින් අදහස් වන්නේ මෙකී වගකීම් විශ්වාස කළ හැකි යැයි හැඟෙන කෙනෙකුගේ අතෙහි තැබිය යුතු බ වයි.

    කෙසේ වුව ද කාර්ය මණ්ඩලයේ ආහාර සුරක්ෂිතතා අධීක්ෂකවරයෙකු නොමැතිව ඔබේ ව්‍යාපාරය පවත්වාගෙන යා හැකිය. නමුත් ආයතනික කාර්යභාරය හා සේවක ධාරිතාවය මත එකී තනතුරු එකකට වඩා තිබීම ඵලදායීවනු ඇත. ඒ අනුව ඔබේ ව්‍යාපාරයේ එදිනෙදා කටයුතුවල දී සියලුම ආහාර නිෂ්පාදන උදෙසා සුරක්ෂිතතා කේත අනුගමනය කරන බව සහතික කිරීමට මෙම අධීක්ෂකවරුන්ගේ වගකීම වේ. නමුත් ආහාර සුරක්ෂිතතා වගකීම සියල්ලම ඔවුන් වෙත පැවරෙන්නේ නැති බව මතක තබා ගන්න. මෙය ඔබේ ව්‍යාපාර පරිශ්‍රය තුළ වැඩ කරන ආකාරය මෙන්ම ආහාර හසුරුවන ආකාරය අනුව රඳා පවතී. උපද්‍රව විශ්ලේෂණය සහ අති අවදානම් ස්ථාන පාලනය කිරීමේ Hazard Analysis and Critical Control Points මූලධර්ම මත පදනම් වූ ආහාර සුරක්ෂිතතා වැඩසටහන  මේ උදෙසා ඔබගේ ආයතනය තුළ ඔවුන් මගින් ප්‍රවර්ධනය කරගත හැකිය. ඒ සඳහා උපයෝගීකර ගන්නා ලේඛන නිරන්තරයෙන් යාවත්කාලීන කළ යුතු අතර එකී ලේඛන ව්‍යාපාර පරිශ්‍රයේම තබා ගත යුතුය. මක්නිසාදයත් ඔබගේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ඕනෑම වේලාවක විගණනය කළ හැකි විය යුතු බැවිනි. මේ සියල්ල ක්‍රියාත්මක කළ පසු  සුරක්ෂිතතා අධීක්ෂකවරුන්හට නිතිපතා ආහාර නිෂ්පාදන පරීක්‍ෂා කිරීමට හා ව්‍යාපාර කටයුතු යාවත්කාලීන කිරීමට හැකියාව ලැබෙනු ඇත. මෙවැනි වාතාවරණයක් යටතේ පාරිසරික සෞඛ්‍ය නිලධාරීන්ගේ අහඹු විගණනයකට වුවද ඕනෑම අවස්ථාවක ඔබගේ ව්‍යාපාරය සූදානම් බව පැහැදිලි වේ.

    එසේ වුව ද ව්‍යාපාරයක ආහාර සුරක්ෂිතතා කළමනාකරණ ක්‍රියා පටිපාටි සංවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම පිළිබඳ වගකීම එහි හිමිකරු වශයෙන් ඔබ සතුවේ. එය සිදුකිරීම සඳහා ඔබහට ආහාර සුරක්‍ෂිතතාව සහ සනීපාරක්ෂාව පිළිබඳ වූ පුහුණුවක් තිබිය යුතුය. ඒ උදෙසා ස්වයං අධ්‍යයනය හෝ අදාළ පෙර අත්දැකීම් මත ඉගෙන ගත හැක්කේ වැඩ කරන අතරතුර දී ලබන පුහුණුව මත වේ. කෙසේ වුව ද ආහාර ස්වස්ථතාව සහ අසාත්මිකතා ඇතුළු පූර්ව ආරක්ෂණ ක්‍රම පිළිබඳ පුහුණුව ලබා ගැනීමට සුදුසු ආයතනයක් වෙත යාම වඩාත් යෝග්‍ය වේ. එමෙන් ම ඔබ හෝ ඔබේ කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඕනෑ ම පුහුණුවක් පිළිබඳ වාර්තාවක් තබා ගැනීම හොඳ අදහසකි. බලයලත් නිලධාරීන් ඔබේ පරිශ්‍රයට පැමිණෙන විට මෙය පෙන්වීමට ඔබට හැකි වේ.

    එමෙන්ම ආහාර නිෂ්පාදන පිළිගන්වන හෝ අලෙවි කරන ස්ථානයක පාරිභෝගිකයින්හට ආහාර ආරක්ෂිතව පරිභෝජනය කිරීමට හැකි වන පරිදි එකී පරිශ්‍රය තුළ හා එය අවට හොඳ ස්වස්ථතාවක් පවත්වාගැනීම ද අත්‍යවශ්‍ය වේ. එය පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට ද මහඟු පිටුවහල් වන අතර ආහාර මත රෝගකාරක වෛරස හා බැක්ටීරියා  ගොඩනැගීම වැළැක්වීමට ද උපකාරී වේ. ඔබ ආහාර අලෙවි කිරීමේ කටයුතු වල නිරතවන්නේ නම් ආරම්භයේ සිට ම මේ බව සහතික කිරීමට උපකාරී වන ක්‍රම හඳුන්වා දිය යුතු ය. හොඳ ස්වස්ථතාවක් සඳහා මතක තබා ගත යුතු ප්‍රධාන කරුණු ලෙස ආහාර නිෂ්පාදනයේදී එකතුවිය හැකි හානිකර බැක්ටීරියා, රසායනික ද්‍රව්‍ය හා වෙනත් අපද්‍රව්‍යයන්ගෙන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ. ඒ උදෙසා ආහාර ආරක්ෂිතව ගබඩා කිරීමට කබඩ්, රාක්ක, බහාලුම් හා ශීතකරණයක් ඔබට අවශ්‍ය කෙරේ. එසේම ඔබ ආහාර ප්‍රවාහනය කරන්නේ නම් ඔබේ පරිශ්‍රයේ සිට වෙනත් ස්ථානයකට රැගෙනයාමේ දී හෝ ඔබේ පරිශ්‍රයට රැගන ඒමේ දී ඒවා අපවිත්‍රවීම වළකා ගත යුතු වේ.

    එමෙන්ම කුඩා හෝ විශාල ප්‍රමාණයේ ආයතනයක වුවද පරිභෝජජනයට සැකසූ කෑම හා බීම හසුරුවන්නන් ඔවුන්ගේ දෑත් භාවිතයන් හා කතාබහෙන්  පාරිභෝගිකයාගේ පෞද්ගලික ස්වස්ථතාවට හානියක් කිරීමේ අවදානම අවම කරන බවට සහතික විය යුතු ය. කෑම හා බීම ආරක්ෂිතව පිළිගැන්වීමට වග බලාගන්න. ආහාර පිළිගන්වන විට දී ඔබ එය පූර්ව පරීක්ෂාවකට ලක්කර බැලිය යුතුය. එය පැවතිය යුත්තේ සිසිල් ආකාරයෙන් ද, එහි ඇසුරුම්වලට හානි සිදුව තිබේ ද යන්න හා එහි ආයු කාලය කොපමණ දැයි සැක හැර දැන ගන්න. නිෂ්පාදකයා වෙතින් ඔබ ඇණවුම් කළ ආහාර හා  ලබා දුන් ආහාර ආරක්ෂිත නොමැතිව හසුරුවා ඇති බව හෝ ගුණාත්මක බවින් අඩු යැයි ඔබ සිතන්නේ නම්, එය අලෙවි නො කර වහාම ඔබේ සැපයුම්කරු අමතන්න. කිසියම් ආහාරයක සුරක්ෂිතතාව පිළිබඳ ගැටලුවක දී ඒවා වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමට සහ නැවත කැඳවීමට හැකි බව වටහා ගන්න. කෙසේ වුව ද ආහාරපාන අලෙවි කරන ඔබගේ ව්‍යාපාරය නීතියට අනුකූල වන්නේ ද යන්න හා අලෙවි කරන ආහාර නිෂ්පාදනය කරන්නේ සෞඛ්‍යාරක්ෂිතව ද යන්න පරීක්ෂා කිරීම සඳහා බලයලත් නිලධාරීන්හ ට ඔබගේ පරිශ්‍රය පරීක්ෂා කිරීමට බලය ඇති බව වටහා ගන්න. ඔවුන් පරීක්‍ෂා කරන දිනයේ දක්නට ලැබෙන දේ මත පදනම්ව  ඔබට අංකිත හෝ අක්ෂර මගින් දක්වන ස්වස්ථතා ඇගයීමක් ලබා දිය හැකිය. ලබා දෙන වර්ගීකරණ සහතිකය ප්‍රදර්ශනය කිරීමෙන් ඔබගේ ආයතනය ස්වස්ථතා ප්‍රමිතීන් කෙතරම් හොඳින් ක්‍රියාත්මක කරන්නේ ද යන්න ගනුදෙනුකරුවන් හට දැන්වීමට හැකි වේ.

    එසේ ම උපද්‍රව විශ්ලේෂණය සහ අති අවදානම් ස්ථාන පාලනය කිරීමේ(HACCP) මූලධර්ම මත පදනම්ව ඔබෙගේ ආයතනයේ ආහාර සුරක්ෂිතතා කළමනාකරණ  ක්‍රියා පටිපාටි සකස් කරගත හැකිය. එය විභව ආහාර උපද්‍රව හඳුනා ගැනීමට සහ එම උපද්‍රව ඉවත් කිරීමට හෝ පිළිගත හැකි මට්ටමකට අඩු කිරීමට වග බලා ගැනීම සඳහා හඳුන්වාදී ඇති ජාත්‍යයන්තරව පිළිගත් ක්‍රමවේදයකි. තව ද ආහාර නිෂ්පාදන ඇසුරුම්කරණය සහ ලේබල් කිරීම පිළිබඳ අදාළ නියමයන් මගින් ලේබලයක් මත සදහන් කළ යුතු  දේ දක්වන ආකාරය සඳහන්කර තිබේ. මෙමඟින් නියාමනය කරනු ලබන්නේ දැනුවත්වී තෝරා ගැනීම සඳහා ආහාර පිළිබඳ නිවැරදි තොරතුරු පාරිභෝගිකයින් වෙත ප්‍රවේශ කිරීමේ ක්‍රමවේදය යි. ඒ අනුව පරිභෝජනයට සැකසූ නිෂ්පාදනයන්හි ඊට අදාළ අසාත්මිකතා තොරතුරු ප්‍රමාණවත් ලෙස සඳහන් කළ යුතුය. එමෙන්ම ආහාර සඳහා අනුමත කර ඇත්නම් පමණක් ආකලන ද්‍රව්‍යය භාවිතා කළ හැකිය. මෙම ක්‍රියාපටිපාටීන් සෞඛ්‍යාරක්ෂිතව ආහාර නිෂ්පාදනය කිරීමට සහ විකිණීමට මහෝපකාරීවනු ඇත. ඒ අනුව ඔබේ නිෂ්පාදන වලට අදාළ ලේඛන සහ වාර්තා යාවත්කාලීන කර තබා ගන්න. එසේම ඒ පිළිබඳව නිරන්තරයෙන් සමාලෝචනය කරන්න. මෙම ස්වස්ථතා පිළිවෙත් අනුගමනය කිරීමෙන් ඔබට නීතිමය අවශ්‍යතාවයන්ට අනුකූල විය හැකිය. වැඩි විස්තර සඳහා ඔබේ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් හමුවී සාකච්ඡා කරන්න.

    ඔබට ආහාර හෝ ආහාර ද්‍රව්‍ය සපයන සියලුම සැපයුම්කරුවන් පිළිබඳව මෙන්ම ඔබ විසින් ආහාර සපයන හෝ ආහාර අමුද්‍රව්‍ය ඔබවෙ ත සපයන ව්‍යාපාර පිළිබඳව  වාර්තා තබාගත යුතුය. සැපයුම්කරුගේ නම සහ ලිපිනය ඔබ සපයන ව්‍යාපාරයේ නම සහ ලිපිනය, නිෂ්පාදන වර්ගය සහ ප්‍රමාණය, ගනුදෙනු කළ දිනයන් සහ බෙදා හැරීමේ දිනයන්, කණ්ඩායම් අංකය, ඉන්වොයිසි අංක පිළිබද තොරතුරු එම වාර්තාවලට ඇතුළත් විය යුතුවේ. මෙම සියලුම වාර්තා යාවත්කාලීනව තබා ගත යුතු අතර අවශ්‍යතාවයක දී පරීක්ෂණ සඳහා ඒවා ඉදිරිපත් කිරීමට සිදුවිය හැකිය. ආහාර උදෙසා වූ ස්වස්ථතා නීති බලාත්මක කිරීමේ වගකීම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත සතුය. හමුවීමක් නොකර ඕනෑම සාධාරණ වේලාවක ඔබේ පරිශ්‍රයට ඇතුළු වී පරීක්ෂා කිරීමට බලයලත් නිලධාරීන්ට අයිතිය තිබේ. එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි සැක කෙරෙන ආහාරපාන අල්ලා ගැනීම, අලෙවිය තහනම් කිරීම හෝ විනාශ කිරීම වැනි ක්‍රියාමාර්ග ඔවුනට ගත හැකි වේ. ඒ අනුව ආහාර නිෂ්පාදන අරඹයා වන සිද්ධියක් යනු ආහාර නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය පිළිබඳ සැබෑ හෝ සැක සහිත තර්ජන ගැන සැලකිලිමත්වීම තුළින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා ගන්නා වූ මැදිහත්වීමක් බව පෙන්වා දිය හැකිය.

    ඔබ සපයා ඇති ආහාර නිෂ්පාදන සෞඛ්‍යයට අහිතකර, මිනිසුන්ට කෑමට නුසුදුසු හෝ නීතිමය අවශ්‍යතා සපුරාලන්නේ නැති බව ඔබ දැන හෝ සැක කළ විටක දී ඔබ එම තොග විකිණීමෙන් ඉවත් කර ගත යුතු වේ. නිෂ්පාදිතය දැනටමත් පාරිභෝගිකයින් වෙත ළඟා වී ඇත්නම් ඒවා නැවත කැඳවිය හැකිය. භාණ්ඩය ආපසු ලබාදීමට හෝ බැහැර කිරීමට පාරිභෝගිකයින්ට දැනුම් දිය යුතු වේ. ඔබේ නිෂ්පාදන ඉවත් කර ගැනීමට හෝ නැවත කැඳවීමට අවශ්‍ය නම් ඔබ වහා ම ඔබේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත ඒ බව පැවසිය යුතුය.

    ඔබේ ව්‍යාපාරය සඳහා ඔබ තෝරා ගන්නා පරිශ්‍රය අදාළ රෙගුලාසිවලට අනුකූලව අවශ්‍ය අවස්ථාවන්හි දී හොඳින් අලුත්වැඩියා කරමින් නඩත්තු කළ යුතුය. නිෂ්පාදනය කරනු ලබන පරිශ්‍රයට, ගබඩා තුළට හෝ අලෙවිහලට ප්‍රමාණවත් වාතාශ්‍රයක්, ආලෝකයක් සහ ජලාපවාහන ක්‍රමයක් තිබිය යුතුය. ආහාර පිළියෙළ කරන ප්‍රදේශ හෝ සැකසුම් කාමර හොඳ තත්ත්වයෙන් පවත්වා ගෙනයාම උදෙසා පහසුවෙන් පිරිසිදු කිරීමට හා විෂබීජ නාශක යෙදීමට හැකිවන පරිදි නිරිමිත කළ යුතු වේ. එකී පරිශ්‍රයන්ට පහසුවෙන් ප්‍රවේශවිමට හා බැහැරයාමට හැකි ලෙසින් දොරවල් ස්ථාපිත කළ යුතුවේ. ඒවා පිටතින් විවෘත කරන්නේ නම් පහසුවෙන් ඉවත් කළ හැකි කෘමි ප්‍රතිරෝධී තිරවලින් නිර්මිත කළ යුතුය. ආලෝකය සපයන ජනෙල් හදිසි ආපදා අවස්ථාවන්හිදී පහසුවෙන් විවෘත කිරීමට හැකි ආකාරයෙන් පැවතිය යුතුය.

    ආහාර හසුරුවන ප්‍රදේශවල මතුපිට හා භාවිතාකරන උපකරණයන්හි මතුපිට විෂබීජ නාශක යොදා පිරිසිදු කිරීමට පහසුවිම ඉතා වැදගත්වේ. එමෙන්ම පරිශ්‍රයට අදාළ අතිරේක උපකරණ හා විෂබීජ නාශක ගබඩා කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සතුවීම ඉතා වැදගත්බව පැවසිය හැකිය. එසේම කාර්ය මණ්ඩලය සඳහා අත් සේදීමේ පහසුකම් මෙන්ම වැසිකිළි භාවිතයන් පසුව උණුසුම් හෝ සිසිල් ජලයෙන් දෑත් සෝදා පිරිසිදු කරගැනීමට හා සෞඛ්‍යාරක්ෂිතව වියළීම සඳහා අවශ්‍ය දෑ සැපයීම ඉතා අත්‍යවශ්‍ය වේ. එසේම අවශ්‍ය විටෙක කාර්ය මණ්ඩලයට ඇඳුම් මාරු කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සැපයිය යුතුය.

    ආහාර සැකසීමේ ස්ථානයේ ආහාර අමුද්‍රව්‍ය සහ පිරිසිදු කිරීමේ උපකරණ සේදීම උදෙසා පහසුකම් වශයෙන් වෙන වෙනම බේසම් ලබාදිය යුතුය. සේවක මණ්ඩලය ස්පර්ශ කරන උපකරණ හා සියලු අයිතම සවිකෘත උපකරණ විය යුතුය. මෙම උපකරණ අවශ්‍ය අවස්ථාවන්හිදී අලුත්වැඩියාකර පිළිවෙළකට හොඳ තත්වයේ තබා ගන්න. භාවිතයට පෙර හා පසුව පිරිසිදුකර දිනපතා විෂබීජහරණය කරන්න. පිරිසිදු කිරීමේ දී සෑම බේසමකටම ප්‍රමාණවත් උණුසුම් හා සිසිල් පිරිසිදු ජලය සැපයිය යුතු අතර කාර්ය මණ්ඩලය වෙත සපයන පානීය ජලය ගුණාත්මක බවින් අනූනවිය යුතුය. නිෂ්පාදන ධාරිතාවට යෝග්‍ය පරිදි ආහාර ගබඩා කිරීමට මෙන්ම නිෂ්පාදනයේදී ඉවත්වන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සකසා ගැනීමට ක්‍රියාකරන්න.

    එසේම පළිබෝධකයන් ඇතිවීම හා ආකර්ෂණය වීම වළක්වා ගැනීම සඳහා ආහාරමය අපද්‍රව්‍ය සහ වෙනත් කුණු හැකි ඉක්මනින් එකී පරිශ්‍ර වලින් ඉවත් කළ යුතුය. මක්නිසාදයත් ආහාර නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රීතව පළිබෝධ පාලනය ඉතා අත්‍යවශ්‍ය දෙයක් වන හෙයිනි. ව්‍යාපාරය සඳහා සේවකයින් පස් දෙනෙකු හෝ වැඩි ගණනක් සිටී නම් ඔබ විසින් විධිවිධාන විස්තර කරන ලිඛිත සෞඛ්‍ය සහ ආරක්ෂණ ප්‍රතිපත්තියක් සකසා ගැනීම ඉතා වැදගත්වේ. ඒ අනුව ආහාර නිෂ්පාදන පරිශ්‍ර ආශ්‍රීතව ගැවසෙන  මීයන්, කෘමීන්, කැරපොත්තන්, කුරුමිණියන්, කුහුඹුවන් සහ මැස්සන් හා කුරුල්ලන් පළවාහැරීම හෝ විනාශකිරීම සදහා කටයුතු යෙදිය හැක. එසේ නොකළහොත් එම සතුන්ගේ මාර්ගයෙන් අමුද්‍රව්‍ය වලට හා නිමි ආහාර නිෂ්පාදන වෙත විවිධාකාර විෂබීජ එක්කාසුවීමට හා රෝගකාරක ව්‍යාප්තවීමට හැකියාව තිබේ.

    එමෙන්ම ඔබට වෙනත් වගකීම් තිබිය හැකිය. උදාහරණ ලෙස බදු හා ව්‍යාපාර සැලසුම් මූල්‍යයක් ලිවීම, රක්ෂණ කටයුතු ඉටුකර ගැනීම, අන්තර්ජාලය ඔස්සේ ආහාර නිෂ්පාදන විකිණීම සහ අපනයනය කිරීම, ආහාර නිෂ්පාදන සදහා වූ අමුද්‍රව්‍ය ආනයනය කිරීම, ව්‍යාපාරික තොරතුරු ගබඩා කිරීම හෝ භාවිතා කිරීම, ගනුදෙනුකරුවන් සහ සේවක මණ්ඩලය පිළිබඳ තොරතුරු මේ සඳහා අදාළවේ. මෙම තොරතුරු ලේඛණගත කිරීම අනාගත ව්‍යාපාරික කටයුතු සදහා පිටුවහලක්වනු ඇත. එසේ වුවත් ඔබේ කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව උදෙසා ව්‍යාපාරික පරිශ්‍රය පිළිබඳ ගිනි අවදානම් තක්සේරුවක් කළයුතු අතර ගිනි ආරක්ෂණ උපකරණ හා ඊට අදාළ පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන්න. ඔබට තිබිය යුතු පූර්ව රක්ෂණාවරණය පරිශ්‍රයේ ගිනි අවදානම් තක්සේරු කිරීමේ ප්‍රතිඵල මත රඳා පවතී. විශේෂයෙන්ම ඔබේ පරිශ්‍රයේ මුහුණුවර වෙනස්කරවීමට අදහස් කරන්නේ නම් ඔබ වැඩ ආරම්භ කිරීමට පෙර ගිනි ආරක්ෂණ උපදෙස් ලබා ගැනීම හොඳ අදහසකි. ඒ සඳහා ආසන්නතම ප්‍රාදේශීය ගිනි නිවීමේ ඒකකයක් වෙතින් උපදෙස් ලබා ගත හැකි වේ.

    මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය / HARTI විසින්  DevPro Guarantee Limited හි මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් අතර ධාරිතාව ගොඩනැගීම සහ ජාලකරණය හරහා ව්‍යාපාරික අවස්ථා සහ කර්මාන්ත සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම’ නම් වැඩසටහන මඟින් ‘ ලබා දෙන ලද ලිපියකි.

    සැකසුම – එම්. එම්.පාලිත මහින්ද මුණසිංහ

     

  • 2024 නොවැම්බර් මාසයේ දී අපනයන කාර්ය සාධනය

    2024 නොවැම්බර් මාසයේ දී අපනයන කාර්ය සාධනය

    වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 දී එම කාලයට සාපේක්ෂව 0.04% ක වර්ධනයක් පිළිබිඹු කරයි.

    ශ්‍රි ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන 943.1 ක් වූ අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6% ක පහත වැටීමකි.

    රබර් ආශ්‍රිත නිෂ්පාදන, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික සංරචක, ආහාර සහ බීම වර්ග සහ මුහුදු ආහාර අපනයනයෙන් ලැබෙන ආදායම අඩුවීම මෙම අඩුවීමට මූලික වශයෙන් හේතු වී ඇත.

    කෙසේ වෙතත්, 2024 නොවැම්බර් මාසය සඳහා සේවා අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 326.23 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2023 අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂව 20.89% ක වර්ධනයක් පිළිබිඹු කරයි.

    රූපය 1: මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2021- නොවැම්බර් 2024

    (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

    වගුව 1: අංශය අනුව අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම(ඇ.ඩො.මි.)

    භාණ්ඩ සහ සේවා අපනයනය ජනනො 2023 ජනනො 2024 වර්ධනය (23-24) නොවැ  2023 නොවැ 2024 වර්ධනය (23-24)
    ඇඟලුම් සහ රෙදිපිළි 4,425.74 4,604.16 4.03 395.05 397.19 0.54
    තේ 1,198.77 1,304.26 8.80 112.82 118.15 4.72
    රබර්  ආශ්‍රිත නිෂ්පාදන 850.61 920.81 8.25 78.74 77.20 -1.96
    පොල් ආශ්‍රිත නිෂ්පාදන 652.70 782.32 19.86 62.06 70.18 13.08
    දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ 370.28 271.02 -26.81 27.78 19.72 -29.01
    ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක 451.68 382.39 -15.34 37.39 35.08 -6.18
    කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන 366.37 414.67 13.18 30.99 41.27 33.17
    සැකසූ ආහාර පාන වර්ග 398.74 436.56 9.48 39.57 36.29 -8.29
    මුහුදු ආහාර 238.43 212.78 -10.76 25.20 16.46 -34.68
    විසිතුරු මසුන් 24.35 22.48 -7.68 2.44 1.79 -26.64
    එළවළු 26.63 26.73 0.38 2.32 2.58 11.21
    පළතුරු 39.84 37.92 -4.82 3.60 3.44 -4.44
    වෙනත් අපනයන බෝග 88.26 59.54 -32.54 4.44 5.58 25.68
    මල් සහ ශාක පත්‍ර 13.72 12.42 -9.48 1.41 0.88 -37.59
    බෝට්ටු නිෂ්පාදන 77.75 40.66 -47.70 10.22 0.30 -97.06
    ඛනිජ තෙල් නිෂ්පාදන 358.55 381.71 6.46 33.06 27.18 -17.79
    වෙනත් 1,326.58 1,701.47 28.26 131.91 89.81 -31.92
    මුළු වෙළඳ භාණ්ඩ අපනයනය 10,909.00 11,611.90 6.44 999.00 943.10 -5.60
    තොරතුරු තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය 1,120.93 1,325.79 18.28      102.43 141.39 38.04
    ඉදිකිරීම් 325.40 201.63 -38.04        26.90        19.23 -28.52
    මූල්‍යමය සේවා 56.06 46.37 -17.30          6.46          3.27 -49.46
    ප්‍රවාහන සහ කාර්යෝපාය සේවා 1,453.35 1,600.27 10.11      134.07      162.34 21.09
    සම්පූර්ණ සේවා අපනයන 2,955.74 3,174.06 7.39 269.86 326.23 20.89
    මුළු අපනයන 13,864.74 14,785.96 6.64 1,268.86 1,269.33 0.04

    (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

    වගුව 2: ඉහළම අපනයන ගමනාන්ත 15 හි වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

    රට ජනනො 2023 ජනනො 2024 වර්ධනය (23-24) නොවැ  2023 නොවැ 2024 වර්ධනය (23-24)
    1 එක්සත් ජනපදය 2,504.82 2,659.95 6.19 223.26 227.17 1.75
    2 එක්සත් රාජධානිය 773.83 834.27 7.81 64.74 68.60 5.96
    3 ඉන්දියාව 776.00 796.88 2.69 55.17 70.31 27.44
    4 ඉතාලිය 632.04 550.82 -12.85 60.55 45.61 -24.67
    5 ජර්මනිය 529.80 568.29 7.27 45.52 41.46 -8.92
    6 එක්සත් අරාබි එමීර් රාජ්‍යය 329.14 300.48 -8.71 27.46 19.98 -27.24
    7 නෙදර්ලන්තය 306.46 354.05 15.53 35.53 37.57 5.74
    8 ප්‍රංශය 285.45 242.49 -15.05 18.46 19.58 6.07
    9 කැනඩාව 268.96 296.18 10.12 19.21 25.94 35.03
    10 චීනය 238.05 228.52 -4.00 38.04 21.66 -43.06
    11 ඕස්ට්‍රේලියාව 207.77 223.87 7.75 19.96 21.63 8.37
    12 බෙල්ජියම 205.24 216.99 5.73 18.35 20.40 11.17
    13 තුර්කිය 183.04 126.75 -30.75 15.37 11.53 -24.98
    14 ජපානය 174.18 162.82 -6.52 15.10 15.45 2.32
    15 ස්විට්සර්ලන්තය 173.52 153.10 -11.77 14.95 12.77 -14.58
    වෙනත් වෙළඳපොළ 3,320.70 3,896.44 17.34 327.33 283.44 -13.41
    එකතුව 10,909.00 11,611.90 6.44 999.00 943.10 -5.60

    (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

    වගුව 3: කලාපය අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

    කලාපය ජනනො 2023 ජනනො 2024 වර්ධනය (23-24) Nov  2023 නොවැ 2024 වර්ධනය (23-24)
    එක්සත් ජනපදය 2,504.82 2,659.95 6.19 223.26 227.17 1.75
    යුරෝපා සංගමය (EU) එක්සත් රාජධානිය හැර 2,485.88 2,497.38 0.46 228.31 213.41 -6.53
    දකුණු ආසියාව 1,113.27 1,221.88 9.76 83.54 96.35 15.33
    අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) 922.48 878.16 -4.80 71.43 70.14 -1.81
    පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 298.81 292.90 -1.98 26.72 30.67 14.78
    අප්‍රිකානු රටවල් 304.77 318.21 4.41 28.57 28.75 0.63
    මැද පෙරදිග රටවල් (සයිප්‍රසය සහ ඊජිප්තුව හැර) 221.63 263.16 18.74 18.32 25.14 37.23
    වෙනත් 3,057.34 3,480.26 13.83 318.85 251.47 -21.13
    මුළු වෙළඳ භාණ්ඩ අපනයනය 10,909.00 11,611.90 6.44 999.00 943.10 -5.60

    (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

    ප්‍ර‍තිපත්ති සහ උපායමාර්ගික සැලසුම් අංශය, ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයළ 23.12.2024