Tag: featured

  • Covid-19 වෛරසය මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේ දී ගත් තීන්දු

    Covid-19 වෛරසය මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේ දී ගත් තීන්දු

    කොවිඩ් 19  වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත   ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (18) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී රැස්විය.

    මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරන අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ. 

    රට තුල පවතින කොවිඩ් තත්ත්වය මත බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන, කූලී නිවාස, පාසල්, ආයෝජන ප්‍රවර්ධන කළාප (BOI) සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු සිදු කරනවා ද යන්න නිරීක්ෂණයට ලක් කිරීම සෞඛ්‍ය අංශය සතු වගකීමක් බැවින් සෞඛ්‍ය නිලධාරීයෙකු මගින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක වනවා ද යන්න අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක්විය විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දෙන ලදි.

    එමෙන්ම කොවිඩ් ප්‍රතිකාර ඇදන් සංඛ්‍යාව වැඩි කිරීම, හදිසි ප්‍රතිකාර සේවාවේ ඇදන් වැඩි කිරීමට කටයුතු කිරීම, රසායනාගාරවල සිදු කරනු ලබන PCR පරික්ෂණ නිවැරදිතාවය උපරිම පරික්ෂාවට ලක් කිරීමට කටයුතු කිරිම, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ට කොවිඩ් හදිසි ප්‍රතිකාර සේවා පිළිබද පුහුණුවක් ලබාදීම යන කරුණු පිළිබදව ද අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදි.

    සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද පූර්ණ අවධානය යොමු කරමින් ඔවුන්ගේ ප්‍රවාහන, නවාතැන්, ඇතුලු යටිතල පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.   

    මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමිය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, සිසිර ජයකොඩි මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

  • රටේ ජනතාවට සෞභාග්‍යය උදාකරදීමට අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට මම පසුබට වෙන්නේ නැහැ

    රටේ ජනතාවට සෞභාග්‍යය උදාකරදීමට අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට මම පසුබට වෙන්නේ නැහැ

    ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) දින රාත්‍රී 8.30ට සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාළිකා ඔස්සේ ජාතිය අමතා කරන ලද විශේෂ ප්‍රකාශය.

    ආයුබෝවන්,

    මීට වසරකට පෙර මේ රටේ 69 ලක්ෂයකට අධික ඡන්ද දායකයන් ඔබේ නව ජනාධිපතිවරයා ලෙස මාව පත්කරගත්තා. මට එදා ඡන්දය ලබා දුන්නේ බහුතරයක් සිංහල ජනතාව බව රහසක් නොවේ. ඔවුන් ඒකරාශී වුනේ බෙදුම්වාදයට, අන්තවාදයට, ත්‍රස්ථවාදයට සහාය දෙන විවිධ දේශීය මෙන්ම විදේශීය බලවේගයන් හා මතවාදයන් හමුවේ, සිංහල ජාතිය, අපේ ආගම, ජාතික සම්පත් හා පාරම්පරික උරුමයන් විනාශ වීමේ තර්ජනයකට ලක්වෙමින් පවතින බවට සාධාරණ බියක් ඔවුන් තුල තිබුණ නිසයි.

    ජනතාව මගෙන් කල ප්‍රධානතම ඉල්ලීම ‘ රට බේරාදෙන්න ‘ යන්නයි. ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර අප මේ කෙටි කාලය තුල ගෙන  තිබෙනවා.  තවදුරටත්  ජනතාව මේ ගැන බිය සැක තබාගත යුතු නැහැ.

    මගේ ධුර කාලය තුල ජාති ආගම් භේදයකින් තොරව, සියලු පුරවැසියන්ට සාධාරණත්වය ඉටුවන, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන, පාලන තන්ත්‍රයක් රට තුල  ඇති කරන අතර, මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත්, එදා රුවන්වැලි සෑ පුදබිමේදී ප්‍රතිඥාවට අනුව මම සෑම විටම ක්‍රියා කොට තිබෙනවා.

    සෑම මසක ත්‍රෛයි නිකායික ප්‍රධාන පෙලේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශන සභාවක් හමුවී රාජ්‍ය පාලනය පිලිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබා ගන්නා වැඩපිලිවෙලකුත් මම අනුගමනය කරනවා. 

    මා ජනාධිපතිවරයා වශයෙන් පත්වන්නට පෙර ආගමික අන්තවාදීන්ගේ ත්‍රස්ථවාදී ක්‍රියා නිසා මේ රටේ ජීවිත ගණනාවක් විනාශ වී තිබුනා, පාතාලය බලගතු වී රටපුරා ඝාතන රැල්ලක් ආරම්භ වී තිබුනා, ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ගණුදෙනු කරුවන්ගේ තිප්පොලක් බවට පත් වී තිබුනා, බුද්ධි අංශ හා ආරක්ෂක අංශ දුර්වල වීම නිසා  රට අනාරක්ෂිත වන තත්වයක් ඇති වෙමින් තිබුනා. පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ඓතිහාසික පුදබිම් පවා අන්තවාදීන් විසින් ආක්‍රමණය කොට තිබුනා.

    මා බලයට පත් වූ පසු රටේ ආරක්ෂක අංශවලට සුදුසු නිලධාරීන් පත්කොට ඔවුන්ගේ වගකීම් නොපිරිහෙලා ඉටුකරන්නට බලය ලබා දුන්නා. කඩාවැටී තිබූ බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කොට ඒවා යලි පනගන්වන්නට කටයුතු කලා.

    ඒ අනුව  මොනම ආකාරයේ හෝ අන්තවාදයකට යලි හිස එසවීමට ඇති ඉඩකඩ අපි පාලනය කොට තිබෙනවා. මත් උවදුර පාලනය කිරීම සඳහා ඉතාමත්ම විධිමත් හා සක්‍රීය වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබෙනවා. අතීතයේ කලාක් මෙන් සිර ගෙවල් ඇතුලත සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නට, පාතාලය මෙහෙයවන්නට මින් මතු ඉඩක් නැහැ.

    තව දුරටත් මේ රටේ ජනතාව පාතාල කල්ලි වලට, කප්පම් කරුවන්ට, ජාවාරම් කරුවන්ට බියෙන් ජීවත් වන්නට අවශ්‍ය නැහැ. ඉදිරියේදී අපි මේ වැඩපිලිවෙල තවත් ශක්තිමත් කරන්නට කටයුතු කරනවා.

    පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරිමටත්, අපේ බෞද්ධ හා ජාතික උරුමයන් රැකගැනීමටත් මම මේ වන විට විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.

    මේ වන තුරු අප සියලු දේ කලේ මේ රටේ බහුතර ජනතාව විසින් ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදීත් අනුමත කරන ලද, ජනතාව විසින්ම ජනතාව උදෙසා සකස් කර ඇති ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති මාලාවට අනුවයි.

    රණ විරුවන් පාවාදෙන, ජාතික සම්පත් විකුණන, කෙටි කාලීන වාසි වෙනුවෙන් ඕනෑම ගිවිසුමක් පිලිගන්නට සූදානම්, විදේශ බලවේගවලට රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට ඉඩදෙන යුගය දැන් අවසන් වී තිබෙනවා. සියලු රටවල් සමග මිත්‍රශීලී සම්බන්ධතා පවත්වන්නට සූදානම්, කිසිදු රටකට ගැති නොවන, බලවත් ජාතීන් අතර ගැටුම්වලට පාර්ශවකරුවෙක් නොවන, අභිමානවත්, ස්වෛරී රටක් ලෙස අපි යලිත් අපේ ස්ථාවරය ලොවට පෙන්වා තිබෙනවා. කලාපීය බලවතුන්ගෙන් මෙන්ම ගෝලීය බලවතුන්ගෙන් අද අපට නිසි ගෞරවය ලැබෙන්නෙ ඒ නිසයි.

    ඉතාමත්ම කෙටි කාලයක් තුල මේ රටේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතියේ ආකල්පමය වෙනස් කම් රැසක් කරන්නට අපිට පුලුවන් වී තිබෙනවා. අපි එය පටන් ගත්තේ ජනාධිපතිවරණයෙන්මයි. එදා අපි ප්ලාස්ටික් පොලිතීන් හා පෝස්ටර් වලින් තොර, අපහාස උපහාස හා මඩ ගැසීම වලින් තොර, ප්‍රතිපත්ති මත පදනම් වූ, ආදර්ශමත් ඡන්ද ව්‍යාපාරයක් රටට හඳුන්වාදුන්නා. ඉන් පසු පැවැත්වුන පාර්ලිමේන්තු මැතිවරණයත් මෑත ඉතිහාසයේ ආදර්ශමත්ම මැතිවරණ ව්‍යාපාරයක් ලෙස නම් කරන්නට පුලුවන්. බහුතරයක් අපේක්ෂකයන් පෝස්ටර්, බැනර්, කට්අවුට් ප්‍රදර්ශනයෙන් වැලකී සිටියා, මැතිවරණ නීති කඩකිරීම් ඉතා අවම මට්ටමක පැවතුනා.  හිංසන ක්‍රියා, ප්‍රචණ්ඩත්වය හෝ මැතිවරණ දූෂණ ගැන අසන්නටවත් තිබුනේ නැහැ.

    මේ වෙනසත් සමග ජනතාවත් තරාතිරම නොතකා හිටපු දේශපාලනඥයින් බොහෝ දෙනෙකුට පාර්ලිමේන්තු වරම් අහිමි කරන්නට කටයුතු කොට තිබෙනවා. කලකට පෙර 225 ම එපා කියන මතවාදයේ සිටි ජනතාවගේ ගෞරවය යලි දිනා ගැනීමේ අවස්ථාව ඒ නිසා නව පාර්ලිමේන්තුවට පත් වී සිටින මහජන නියෝජිතයන්ට ලැබී තිබෙනවා.

    බලයට පත් වීමෙන් පසුවත් මා කටයුතු කලේ ජනාධිපති තනතුර වරප්‍රසාදයක් නොව වගකීමක් පමණකි යන ප්‍රතිපත්තියේ සිටයි. ඒ අනුව අනවශ්‍ය වියදම්, නාස්තිය, හා පුහු ආටෝපය මුළුමනින්ම පිටු දකින්නට මම කටයුතු කොට තිබෙනවා. 

    ගතවූ කාලය තුල අපි කිසිදු ආකාරයකින් අධිකරණයට හෝ පොලීසියට බලපෑම් කලේ නැහැ. පත්වීම්, උසස්වීම් සියල්ල සිදුවුනේ දේශපාලන බලපෑම් වලින් තොරව සුදුසුකම් මතයි.

    දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය සඳහා නීතිය අවභාවිතා කිරීමේ ක්‍රමවේදය අපි මුලුමනින්ම ප්‍රතික්ෂේප කලා. නීතියේ ආධිපත්‍යය සැබවින්ම සුරකින හැටි අපි වචනයෙන් නොව ආදර්ශයෙන් පෙන්වූවා.

    රජයේ උසස් තනතුරු සඳහා සුදුස්සන් තෝරාගැනීමට අපි වෘත්තිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කලා. මෙවැනි ප්‍රතිපත්තියක් මීට පෙර කිසිම රජයකින් ක්‍රියාත්මක කොට තිබුනේ නැහැ. තවදුරටත් දේශපාලන බල පුලුවන්කාරකම් මත නුසුදුසු පුද්ගලයන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස පත්වන්නට තිබුන ඉඩකඩ ඉන් ඇහිරුනා.

    මා ජනාධිපතිවරයා වශයෙන් පත්වන විට මේ රටේ ආර්ථික වර්ධන වේගය පසුගිය වසර 5 ක පාලන කාලය තුල විශාල කඩා වැටීමකට ලක් වී 2.1% වැනි ඉතා දුර්වල මට්ටමක තිබුනා.

    2014 වන විට 4.3% ක් දක්වා අඩු වී තිබුන රැකියා වියුක්තිය 2019 වන විට 4.8% දක්වා යලි ඉහල ගොස් තිබුනා.

    ඩොලරයට සාපේක්ෂව රුපියල සීඝ්‍රයෙන් කඩාවැටීම නිසා මුල්‍ය ඒකකය අස්ථාවර වී ආර්ථිකය විශාල අවිනිශ්චිත භාවයකට මුහුණ දී  තිබුනා.

    සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙමින් තිබුනා. විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් වාර්ෂිකව එන ආදායම අඩු වෙමින් තිබුනා.

    රටේ ණය බර අතිශයින් ඉහල ගොස් තිබුණා. ජනතාව මත රජය විසින් විශාල බදු බරක් පටවා තිබුනා. ඉහල පොලී අනුපාතයන් නිසා දේශීය ව්‍යාපාරිකයන් විශාල අසීරුතාවන්ට මුහුණ දී සිටියා. මේ තත්වය පාලනය කරන්නට අපි කඩිනම් පියවර රාශියක් ගත්තා.

    බදු බර අඩු කොට ජනතාවට සහන දුන්නා. විශේෂයෙන්ම වැටුප්මත උපයන විට ගෙවිය යුතු ඍජු බදු අඩු කලා මෙන්ම පොලී මත පැවති රඳවාගැනීමේ බදු ඉවත්කලා. දේශීය ව්‍යවසායකයා අරමුණු කරගනිමින් බදු සහන රැසක් ලබාදීමට කටයුතු කලා. බදු ක්‍රම සරල කලා. දේශීය නිශ්පාදන වලට අහිතකර තරඟකාරී  ආනයනයන් සීමා කලා.

    පොලී අනුපාතයන් විශාල වශයෙන් අඩු කිරීම හරහා ණය මුදල් අවශ්‍ය ජනතාවට හා ව්‍යාපාරිකයන්ට සහන ලබා දුන්නා. වසර  කිහිපයක් පුරා අඛන්ඩව කඩා වැටෙමින් තිබුන විදේශ විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්නට කටයුතු කලා

    සීඝ්‍රයෙන් ඉහල යමින් තිබුන විදේශ ණය ගැනීම් පාලනය කලා. ඒ වගේම අපේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානියක් වන්නට ඉඩ නොදී ගෙවන්නට නියමිතව තිබු සියලුම විදේශ ණය වාරික අපි ගෙවා දැමුවා.

    පසුගිය රජය විසින් දේශීය සැපයුම්කරුවන්ට නොගෙවා තිබූ  හිඟ මුදල් විශාල ප්‍රමානයක් ගෙවන්නට අපි කටයුතු කලා. පොහොර සඳහා රුපියල් බිලියන 24 කුත්, ඖෂධ සඳහා බිලියන 32 කුත්, ඉදිකිරීම් කටයුතු සඳහා බිලියන 119 කුත්, වැඩිහිටි සහනාධාර බිලියන 20 කුත්, විවිධ අමාත්‍යාංශ සඳහා සේවා සැපයීම් කල අයට බිලියන 47 කුත් ගෙවා දැමුවා.

    මේ ආකාරයට සමාජයට මුදල්  නිදහස් කිරීම, අඩපණවී තිබුන රටේ ආර්ථික ක්‍රියාවලිය යලි සක්‍රීය කිරීමට උපකාර වුනා.

    අපේ රටේ ග්‍රාමීය ජනතාවගෙන් බහුතරයක් සම්බන්ධව සිටින කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය යලි නගා සිටුවන්නට කෙටි කලක් තුල අපි විශාල වැඩ කොටසක් කලා.

    වී මිලදී ගැනීම සඳහා සහතික මිල රුපියල් 32 සිට රුපියල් 50 දක්වා වැඩිකලා.පොහොර සහනාධාරය නොමිලේ දුන්නා.දේශීය කෘෂි නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ගම්මිරිස් වැනි භෝග ප්‍රති අපනයන තහනම් කල අතර සමහර කෘෂි නිෂ්පාදන ආනයන කිරීම සම්පූර්ණයෙන් නතරකලා. වී, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග, අල, ළුණු නිෂ්පාදනය දිරිමත් වන ලෙස ආනයන බදු කලමණාකරනය කලා. එතනෝල් පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කලා.

    රට පුරා පුරන් කුඹුරු යලි අස්වද්දන, තරුණ පරපුර වගාවට ආකර්ෂණය වන, ජනතාව ගෙවතු වගාවලට යොමුවන ආකාරයේ    නව ප්‍රබෝධයක් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුල ඇතිකරන්නට අපට පුලුවන් වුනා.

    කුමන දුෂ්කරතා මැද්දේ වුනත් අපේ අපනයනයන් කඩා වැටෙන්නට අපි ඉඩ දුන්නේ නැහැ. මේ වන විට අපේ සමස්ථ අපනයන ආදායම මීට පෙර වසරවලට වඩා ඉහල මට්ටමක තිබෙනවා.

    අපේ ආර්ථික ප්‍රතිපත්තිය තුල  ග්‍රාමීය ජනතාවගේ දිළිදු බවට විසඳුම් සෙවීම ප්‍රමුඛතාවක් වෙනවා. ඒ අනුව කඩිනමින්  අවධානය යොමුවිය යුතු ක්ෂේත්‍ර කිහිපයක් අපි හඳුනාගත්තා.

    අපේ රටේ අතිශයින්ම දුප්පත් පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහනක් දියත් කලා. මේ සෑම රැකියා අවස්ථාවක් හරහාම අතිශයින් දිලිඳු පවුලක අනාගතය ශක්තිමත් කිරීම සඳහා අඩිතාලමක් වැටෙනවා. ඒ අනුව මේ වන විට සුදුසුතම පුද්ගලයන් සොයා රැකියා 35,000 ක් ලබා දී අවසන්. ඉතුරු අයටත් ඉතා කෙටිකලක් තුල රැකියා ලබාදෙනවා.

    රටේ ධනය වැයකොට අධ්‍යාපනය ලබාදුන් උපාධිධාරීන් විශාල පිරිසක් කාලාන්තරයක් පුරා රැකියා නැතුව සිටිනවා නම් එය අධ්‍යාපන ක්‍රමයේ වරදක්. විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඒ වරද ඉදිරියේදී නිවැරදි කරනෙ අතරම, මෙතෙක් රැකියා නැතිව සිටි උපාධිධාරීන් 60 දහසකට රැකියා ලබා දෙන්නටත්, රටට ඵලදායි සේවයක් කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය කරන පුහුණුව ලබා දෙන්නටත් අපි කටයුතු කලා.

    ග්‍රාමීය ජනතාව තුල දිළිදුකම පිටු දැකීමේ තවත් පියවරක් ලෙස සින්නක්කර ඉඩම් අහිමි පවුල් 20,000 කට අක්කරය බැගින් ඉඩම් ලබා දීමට ක්‍රියාකරමින් තිබෙනවා.

    සෑම පවුලකටම පානීය ජලය ලබා දීමේ අපේ සැලැස්ම යටතේ දිවයින පුරා 429,000 කට ජල සැපයුම් ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු අවසන්වී තිබෙනවා.

    මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ මේ වන විටත් කිලෝමීටර් 10,000  ව්‍යාපෘති 3 ක් ආරම්භ වී තිබෙනවා.

    පාලම් 10,000 ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ පාලම් 5000 ක පමණ වැඩ අවසන් අදියරට පැමිණ තිබෙනවා.

    නාගරික අඩු ආදායම්ලාභීන් හා මධ්‍යම පංතිකයන් වෙනුවෙන් මේ වසර තුල පමණක් නිවාස 20,000 කට වැඩි ප්‍රමාණයක වැඩ ආරම්භ වී තිබෙනවා.

    එක ගමකට එක නිවසක් වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය නිවාස 14,000 ක් ඉදි කෙරෙමින් පවතිනවා

    වතු නිවාස 4000 ක් ඉදි කිරීමේ වැඩ ආරම්භ කොට තිබෙනවා

    රට පුරා පාසැල් 1000 ක් ජාතික මට්ටමට වැඩිදියුණු කරනු ලබනවා.

    විශ්වවිද්‍යාලවලට ඇතුලත් කරගන්නා සිසුන් ප්‍රමාණය දැනටමත් 10,000 කින් ඉහල නංවා තිබෙනවා. නිදහසින් පසු එක් වසරක් තුල සරසවි වරම් ලබන සිසුන් ප්‍රමාණය මෙතරම් ඉහල ගිය අන් වසරක් නැහැ. ඉදිරියටත් මේ ආකාරයටම වසරක් පාසා විශ්ව විද්‍යාලවල ධාරිතාව වැඩි කරන්නට සැලසුම් කොට තිබෙනවා.

    අපි මේ සියල්ල කලේ සාමාන්‍ය තත්වයන් යටතේ නොවේ. අභියෝග රැසක් මැද්දේයි. ජනාධිපති ධුරයේ වැඩ බාරගත් දා සිට පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු මට වැඩ කරන්නට වුනේ සුළුතර ආණ්ඩුවක් සමගයි.  පාර්ලිමේන්තුව තුල බහුතරය තිබුනේ විපක්ෂය සතුව නිසා කිසිදු පනතක් හෝ අයවැයක් සම්මත කර ගැනීමට හැකියාව තිබුනේ නැහැ.

    කොවිඩ් වසංගතය ලෝකය පුරා පැතිරෙන්නට පටන් ගත්තේ ජනාධිපතිවරණය අවසන් වී මාසයක් ගත වන්නට පෙරයි. 2020 ජනවාරි මාසයේ චීනයේ වූහාන් නගරය වසා දැමූ විට ඉතා කඩිනමින් තීරණයක් ගෙන එහි සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු ආරක්ෂිතව ලංකාවට ගෙන්වා ගෙන ක්‍රමවත්ව නිරෝධායනය කොට නිවෙස් වලට යැව්වේ ලෝකයේ අනික් රටවලටත් ආදර්ශයක් දෙමිනුයි.

    ලංකාව තුල පළමු කොවිඩ් රෝගියා ලෙස වාර්ථා වන විටත් අප විසින් ඉදිරියේ ඇතිවිය හැකි කොවිඩ් රැල්ලක් පාලනය කරන්නට කාර්ය සාධක බලකායක් පිහිටුවා සැලසුම් සකස් කිරීම ආරම්භ කොට තිබුනා. ඒ නිසා අපට ඉතා ඉක්මනින් කොරෝනා පලමු රැල්ල පාලනය කරන්නට පුලුවන් වුනා. කොරෝනා පාලනය කිරිමේදී ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා අගය කරනු ලැබුවා. කෙසේ වෙතත් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා මාස දෙකක් පමණ කාලයක් රට සම්පූර්ණයෙන්ම වසා තබන්නට සිදු වූ බවත් මෙහිදී අපි අමතක නොකල යුතුයි.

    මේ කාලය තුල ජන ජීවිතයට වූ ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා රජය ක්‍රියා කලා. අත්‍යවශ්‍ය ආහාර ජනතාවට ලබා ගැනීම සඳහා ක්‍රමවේදයන් සකස් කලා. ආදායම අහිමි වූ පවුල් ලක්ෂ 59 ක් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව දෙවරක්ම ලබා දුන්නා. අසීරු කාලය තුල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකම මිල අඩුකිරීම සඳහා බදු සහන ලබා දුන්නා.

    කොරෝනා ආසාධිතයන් හඳුනාගැනීම, ආශ්‍රිතයන් නිරෝධායන‍යට ලක් කිරීම, PCR පරීක්ෂණ හා සුබසාධන කටයුතු සඳහා මේ වන විට රජය රුපියල් මිලියන 70,000 කට වඩා වියදම් කොට තිබෙනවා.

    මා බලයට පත් වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේයි. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුනේ ඉන් මාස 9 කට පසු මේ වසරේ අගෝස්තු මාසයේයි. මේ කාලය තුල මා ක්‍රියාකල ආකාරය  ඉතා ඉහලින්ම ජනතාව අනුමත කල නිසා තමයි ඔවුන් අපට පාර්ලිමේන්තු මැතිවරණයේදි  2/3 ක බලයක් ලබා දුන්නේ.

    මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවෙයි.

    අද ලෝකය පුරා කොවිඩ් දෙවන රැල්ලක් පැතිර යනවා. මෙයට බල පා තිබෙන්නේ වඩා වේගයෙන් බෝවෙන කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක් බව හඳුනාගෙන තිබෙනවා. එය ලෝකයේ සෑම රටකටම අළුත් අභියෝගයක් වුනත් මෙවර අපට කලින් වතාවේ ලද අත්දැකීම් ප්‍රයෝජනයට ගත හැකියි.  පරීක්ෂණ ධාරිතාව වැඩිකිරීම, ආසාධිතයන් මෙන්ම ආශ්‍රිතයන් කඩිනමින් හඳුනා ගැනීම, නිවැරදි නිරෝධායන ක්‍රම භාවිතය, අවදානම් සහගත ප්‍රදේශ පමණක් වෙන් කොට අන් ප්‍රදේශ වල සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම වැනි කරුණු වලදී  මේ අත්දැකීම් විශේෂයෙන්ම උපකාර වෙනවා.

    කලින් වතාවේ මෙන්ම මෙවරත් අපි ක්‍රියාකරන්නේ සැලැස්මක් ඇතුවයි. රෝගය පැතිරීම සාර්ථකව පාලනය කරනවාට අමතරව  රෝගය වැලඳුන බවට හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුකල අයගෙන් මරණ සංඛ්‍යාව 0.05 % කට වඩා අඩු අගයක පවත්වාගැනීමට අපේ සෞඛ්‍ය අංශ සමත් වෙලා තිබෙනවා.

     ඒ නිසා අපි සියලුදෙනාම සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපදිමින් වගකීමෙන් ක්‍රියාකලහොත් පලමු කොරෝනා රැල්ලට සාර්ථකව මුහුන දුන්නාක් මෙන් ඉදිරි කාලයේදී මේ අළුත් තත්වයත් අපට පාලනය කර ගන්නට පුලුවන්.

    රටේ සංවර්ධනයට ඍජුවම දායක විය හැකි ක්ෂේත්‍ර රැසක්  හඳුනාගෙන ඒවාට වග කියන රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමටත්, ඔවුන් වෙත අදාල විෂයයන් සහ කාර්යයන් පවරාදීමටත් කටයුතු කර තිබෙනවා. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය  ප්‍රතිපාදන තම අමාත්‍යාංශයන්ට  ඍජුව ලබාදීමට කටයුතු කර තිබෙන නිසාත් මුල්‍ය වගකීම තමන් සතුව තිබෙන නිසාත් සියලූම රාජ්‍ය ඇමතිවරුන්ට බාධාවකින් තොරව තම වගකීම් ඉටුකල හැකියි.

    අමාත්‍යාංශ වෙන්කිරීමේ දී රටේ බහුතර ජනතාවකට බලපාන කෘෂි, වැවිලි, ධීවර කර්මාන්ත මෙන්ම පාරම්පරික කර්මාන්ත හා ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් යොමු කලා.

    “සතුටින් ජීවත් වන පවුලක්” යන සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වන අරමුණු ඉටුකරගැනීමේදී විවිධ සමාජ මට්ටම් වල ජීවත් වන ජන කොටස්වල නිවාස අවශ්‍යතාවන් ගැන විශේෂ අවධානයක් යොමු කළා. මේ සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශ 3 ක් පිහිටුවා තිබෙනවා. 

    ජනතාවගේ ජීවන මට්ටම ඉහල නැංවීම අරමුණු කොට නාගරික මෙන්ම ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයටත්  විශේෂ  අවධානයක් යොමු කොට තිබෙනවා.

    විශාල විදේශ විනිමයක් වැයකොට ඖෂධ ආනයනය කරනවා වෙනුවට බොහෝ ඖෂධ වර්ග මෙරට තුලම නිෂ්පාදනය අපි ආරම්භ කොට තිබෙනවා.  ඖෂධ ආනයනය තුළ සිදුවන අතිමහත්  දූෂණ ක්‍රියා තුරන් කිරීමට අපි කටයුතු කරනවා. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කලේ ඒ සඳහායි.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ආකාරයට ඵලදායී පුරවැසියන් බිහි කිරීම සඳහා අධ්‍යාපනය හා නිපුණතා සංවර්ධනය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අධ්‍යාපනය හා නිපුණතා සංවර්ධනයට අදාල සියලුම රාජ්‍ය ආයතන අද අපි එක් අමාත්‍යාංශයක් යටතට ගෙනැවිත් තිබෙනවා.

    නූතන ලෝකයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් හා කාර්ය සාධක බලකායන් දෙකක් අපි පිහිටුවා තිබෙනවා.

    දේශීය වෛද්‍ය විද්‍යාව නගා සිටුවීමේ පියවරක් ලෙස ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට කටයුතු කර අවසන්.

    උසස් අධ්‍යාපන ආයතන නොමැති දිස්ත්‍රික්ක 10 ක් තෝරාගෙන ඒවායේ නගරාශ්‍රිත විශ්වවිද්‍යාල පද්ධතියක් “CITY UNIVERSITIES” ගොඩනැගීමට සැලසුම් සකස් වෙමින් පවතිනවා.

    දැනට හෙදියන්ට ලබා දෙන ඩිප්ලෝමා සහතිකය වෙනුවට උපාධියක් දක්වා ඉගන ගන්නට අවස්ථාව සැලසෙන පරිදි සියලුම හෙද පුහුණු පාසැල් එක් විශ්වවිද්‍යාලයක් යටතට ගන්නට සැලසුම් සූදානම් කොට අවසන්. මේ හරහා විදේශ රැකියා වෙළඳපොල සඳහා අපේ හෙදියන්ටත් දොරටු විවෘත වෙනවා ඇති.

    අපේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීමටත් ක්‍රීඩා ආර්ථිකයකට මග පෑදීමටත් ජාතික ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමටත් රටේ ප්‍රදේශ කිහිපයකම එහි පීඨ පිහිටුවීමටත් කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

    ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන සෑම දරුවෙකුටම ඉංග්‍රීසි භාෂාව, පරිගණක තොරතුරු තාක්ෂණය  අනිවාර්ය විෂයන් ලෙස ඉගැන්වීමටත් ඒ සඳහා අන්තර්ජාතිකව පිලිගන්නා සහතිකයක් ලබාදීමටත් අපි කටයුතු කරනවා.

    මා පොරොන්දු වූ ආකාරයට උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයකට අවස්ථාව ලබාගැනීම සඳහා, විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවාට අමතරව විවෘත විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කිරීමටත්, දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමටත් අවශ්‍ය කටයුතු ආරම්භ කොට තිබෙනවා. ලබන වසරේ විවෘත විශ්වවිද්‍යාල වලට තාක්ෂණික උපාධි සඳහා අළුතින් සිසුන් 10,000 බඳවා ගන්නටත් ඔවුන්ට පලමු වසරේ සිටම රැකියා කරන ගමන් අධ්‍යාපනය ලබාදීමටත් අපි සැලසුම් කොට තිබෙනවා.

    විෂය මාලාවන් ප්‍රතිසංස්කරණය හරහා සියලුම උපාධි සමාජයට හා ආර්ථිකයට ඍජුව දායකත්වය ලබාදිය හැකි විෂයන් බවට තහවුරු කරන ලෙස අපි විශ්වවිද්‍යාල පද්ධතියට උපදෙස් ලබා දී තිබෙනවා. මෙහිදී තාක්ෂණික අධ්‍යාපනයට හා නවෝත්පාදන දිරි ගැන්වීමට විශේෂ අවධානයක් යොමුවෙනවා.

    ජනතාවට සැබැවින්ම සේවය කිරීමට නම් නිරන්තරයෙන්ම ජනතාවට සවන් දීම අවශ්‍ය වෙනවා. මේ නිසා ඉඩ ලැබුන හැම අවස්ථාවකම මම ජනතාව  අතරට යනවා. පසුගිය කාලයේ ලංකාවේ ප්‍රදේශ ගණනාවක අතිශයින් දුෂ්කර ගම්මානවල පවා සංචාරය කරමින් මම ජනතාවගේ ගැටලු වලට සවන් දුන්නා.

    මේ අනුව සෑම දිස්ත්‍රික්කයකටම පොදු වූ ගැටලු මෙන්ම ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ගැටලු ගැන හොඳ අවබෝධයක් ලබා ගෙන ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු, තීරණ ගැනීමට මට අවස්ථාව ලැබුනා. මම උපදෙස් දී තිබෙන්නේ  ජනතා බලාපොරොත්තු සපුරමින් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන්ටත් නිරන්තරයෙන් ජනතාව අතරට ගොස් , ඔවුන්ගේ සැබෑ ගැටලු වටහාගෙන ඒවාට විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙසයි.

    රටක ප්‍රගමනය සඳහා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා නීති පොතට මුවාවී තම වගකීම් ඉටුකිරීම පැහැරහරින්නේ නැතුව ජනතාවගේ සාධාරණ අවශ්‍යතාවන් කඩිනමින් ඉටුකරදෙන ලෙස මම සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මා විටින් විට රාජ්‍ය දෙපාර්තමේන්තු හා ආයතන වලට යන්නේ මෙය නිසියාකාරව සිදුවනවාද යන්න සොයාබැලීමටයි. ඉදිරියටත් මා මෙය දිගටම කරන්නට බලාපොරොත්තු වෙනවා. අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම රජයේ ඉහල නිලධාරීන්ද නිරන්තරයෙන්ම තම තමන්ගේ ආයතනවල කටයුතු සිදුවන ආකාරය අධික්ෂණය කල යුතුයි.

    රාජ්‍ය පාලනය තුල නාස්තිය හා දූෂණය පිටුදකින බවට අපි ජනතාවට පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන තුල නාස්තිය සහ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගත යුතු අතර මේවාට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා.

    ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා ඇති වී තිබූ ව්‍යාකූල තත්වය 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉවත් කර ගැනීමට අපිට හැකිවුනත් විවාදාත්මක අංශ කිහිපයක් තවමත් ඉතුරුව තිබෙනවා. මේ නිසා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමටත් ඒ සඳහා මහජන අදහස් ලබාගැනීමටත්  අපි මේ වන විටත් කමිටුවක් පත්කොට තිබෙනවා.

    ජනතාව, මට හා අපේ රජයට විශාල බලයක් ලබා  දුන්නේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය වෙනස් කොට රට සෞභාග්‍ය කරා ගෙනයාමටයි. ඒ බලාපොරොත්තු ඉටුකිරීමට මමත් මගේ රජයත් කැප වී සිටිනවා.

    මගේ බලාපොරොත්තුව වන්නේ හිතවත්කම් වලට වඩා දක්ෂතාවයට සලකන, පුද්ගලික අවශ්‍යතාවන්ට වඩා පොදු අවශ්‍යතාවන්ට තැන දෙන, ණය වලට වඩා ආයෝජන දිරි ගන්වන, කතාවට වඩා ක්‍රියාවට ගරු කරන,  පුහු ආටෝපයට වඩා සැබෑ ජනතා සේවය අගයන රාජ්‍ය පාලනයක් ඇතිකිරීමයි. දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද මේ සඳහා වගකීමෙන් කටයුතු කල යුතුයි.

    ලංකාව පමණක් නොව මුලු මහත් ලෝකයම ඉතිහාසයේ ඉතා  වැදගත් සංධිස්ථානයකට පැමිණ තිබෙනවා. අභියෝග රාශියක් අපි ඉදිරියේ තිබෙනවා. ඒ අභියෝග ජයගෙන, නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් තුල කටයුතු කරමින්, සැලසුම්ගත ආකාරයට රට ඉදිරියට ගෙනයාමේදී  රටට ආදරය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සහාය අපිට අවශ්‍ය වෙනවා. 

    අපේ රටට මහා උවදුරක්ව පැවති එල් ටී ටී ඊ ත්‍රස්තවාදය අපට පරාජය කරන්නට පුලුවන් වුනේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසයි. එදා අපේ රටේ බහුතරයක් එක් අරමුණක් වෙනුවෙන් කැපවුනා. කණ්ඩායම් හැඟීමෙන්, විනය ගරුකව අභියෝගයන්ට මුහුණ දුන්නා. අවසන් කල නොහැකියැයි බොහෝ දෙනෙකු කී යුද්ධය අපට ජයගන්නට පුලුවන් වුනා නම් අනාගතයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝගත් ජයගන්නට පුලුවන් විය යුතුයි. නමුත් ඒ සඳහා අප සියලු දෙනාටම පොදු වගකීමක් තිබෙන බව අප තේරුම් ගත යුතුයි. රටේ නිෂ්පාදනය ඉහල නැංවීමට,  සේවාවන් කාර්යක්ෂම කිරීමට, දූෂණය පිටුදැකීමට, නාස්තිය අඩු කිරීමට සක්‍රීයව දායක වීම මේ අවස්ථාවේදී දේශපාලනඥයින් හා නිලධාරීන්ගේ පමණක් නොව ජනතාවගේද යුතුකම වෙනවා.

    මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක්. මම පුහු තර්ජන ගර්ජන වලට බිය වන කෙනෙක් නොවේ. ප්‍රශ්න  වලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ.

    හුදෙක් ඡන්ද අපේක්ෂාවෙන් පමණක් යමෙක් සතුටු කරන්නට මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය පොරොන්දු වූ පරිදි මේ රටේ ජනතාවට සෞභාග්‍යය උදාකරදීමටයි. ඒ අරමුණ ඉටුකරගැනීම සඳහා හෘද සාක්ෂියට එකඟව, අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට මම පසුබට වෙන්නේ නැහැ.

    මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. ඵලදායී පුරවැසියෙකු ලෙස, සාමූහික හැඟීමෙන්, විනය ගරුකව කටයුතු කරමින්, ඔබේත් මගේත් මව් බිම සෞභාග්‍යය කරා ගෙනයාමට දායක වන ලෙස මා ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිනවා. 

    ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • ජනපති ගෝඨාභයට අවුරුද්දයි! වැඩ වලින් සුපිරි වැඩ්ඩා කවුද? (වීඩියෝ)

    ජනපති ගෝඨාභයට අවුරුද්දයි! වැඩ වලින් සුපිරි වැඩ්ඩා කවුද? (වීඩියෝ)

    වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්ව වසරක් (2019-2020) ගත වන අද(18) දවසේ එතුමා සහ මින් පෙර ජනාධිපතිධුරය දරූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ (2015-2016) පළමු වසරක ධුර කාලය තුළ රටට සහ ජනතාවට සිදු වූ සේවාවන් සඳහා වෙනස් කම් සම්බන්ධයෙන් සිදුකළ සංසන්දනාත්මක විශ්ලේෂණයකි.

  • ළමා ලෝකයේ සතුට ගැන සුපිරි සොයා ගැනීම් රැසක්

    ළමා ලෝකයේ සතුට ගැන සුපිරි සොයා ගැනීම් රැසක්

    අපගෙන් බහුතරයකට අපගේ ළමා කාලය අපගේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාල පරිච්ඡේදයකි. එම යුගයේදී අපට වගකීම් නොමැති අතර අපට කිරීමට අවශ්‍ය දේ කිරීමට දවසේ වැඩි කාලයක් තිබුණේය. 

    අප වැඩිහිටියන් වූ විට අපගේ ජීවිතවලට බොහෝ විට එවැනි නිදහසක් නොමැති බව අපට ඉක්මනින් වැටහෙන අතර අප බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ ‘අපට නැවත දරුවන් වීමට හැකි නම් කොතරම් හොදද‘ කියාය.

     නමුත් සැබෑ ළමා සතුට යනු කුමක්ද? අපි මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයන්නෙමු.

    සහෝදර සහෝදරියන් සහ මිතුරන් සිටීම

    Children and Young Adults

    පවුලේ එකම දරුවාට වඩා තවත් සහෝදර සහෝදරියන් සිටින විට එම දරුවන් සාමාන්‍යයෙන් සතුටින් සිටින බව පර්යේෂණවලින් පෙනී යයි. මෙයට හේතුව ඔවුන්ගේ දෙමව්පියන් රැකියාවෙහි කාර්යබහුල වන විට හෝ ගෙදර දොරේ වැඩ කරන විට ඔවුන් සමඟ සම්බන්ධ වීමට සමීප කෙනෙකු සිටීමයි.

    තවද, වැඩිහිටියෙකුට වඩා තම සහෝදරයා හෝ සහෝදරිය සමඟ දරුවෙකුට වඩා හොඳින් සම්බන්ධ විය හැකිය. සියලුම සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේම ආරවුල් තිබේ. නමුත් එය ස්වාභාවික තත්ත්වයකි. සාමාන්‍යයෙන් ඔවුන් වයස්ගත වන විට ඔවුන් සතුව ඇති කුඩා එකඟ නොවීම් ගණන විශාල ලෙස අඩු වේ. එපමණක් නොව, දරුවන්ට හොඳ සමාජ ජීවිතයක් ගත කිරීමට සහෝදර – සහෝදරියන්ගේ ඇසුර ඉතා වැදගත් ය.

    ඔවුන්ගේ වයස් කාණ්ඩයේ සිටින අසල්වැසි ළමයින් සමඟ පිටත සෙල්ලම් කිරීමට ඔවුන්ට ඉඩ දීම හොඳය. ඊට අමතරව, ඔබට ඔවුන්ව වෙනත් ළමුන් හමුවීමට හා අන්තර් ක්‍රියා කිරීමට හැකි ක්‍රීඩා හා යෞවන සමාජ වෙත රැගෙන යා හැකිය.

    ළමයින්ට ඔවුන්ගේ වයස හා සම්බන්ධ නොවන වෙනත් පුද්ගලයින් සමඟ අන්තර් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ. මන්ද එය ඔවුන්ගේ සමාජ කුසලතා ගොඩනඟා ගැනීමට උපකාරී වන අතර ඔවුන්ට ජීවිත කාලය පුරාම මිතුරන් ඇති කර ගැනීමේ හැකියාව ද විවෘත කරයි.

         යම් දෙයකට දක්ෂ වීම

    ළමයින් ද යම් දෙයකට දක්ෂ වූ විට ඉතා සතුටට පත්වේ. මෙය ටෙනිස් වැනි ක්‍රීඩාවකට දක්ෂ වීම, මූලික කෑම පිසීමට හැකි වීම සහ පාසැලේ විශිෂ්ටත්වය වැනි විවිධ දේ විය හැකිය.

    මෙම අංගයෙන් වැඩි හරියක් දෙමව්පියන්ගෙන් හෝ භාරකරුගෙන් උරුම වන හෙයින් ළමයින් එවැනි කුසලතා තමන් විසින්ම වර්ධනය කර නොගනී. එනිසා දෙමව්පියන් විසින් ඔවුන්ට ඒවා ඉගැන්විය යුතුය. නැතහොත් තම දරුවන්ට ඉගැන්වීම සඳහා වෙනත් පුද්ගලයින්ට භාරදිය යුතුය. (ක්‍රීඩා, සංගීතය වැනි)

    යම් දෙයකට දක්ෂ වූ විට ළමයින් සතුටට පත්වීමට හේතුව අන් අය ඉදිරියේ පෙන්විය හැකි වීම නොව, යම් දෙයක් වටා ආශාවක් ගොඩනඟා ගැනීමට එය ඔවුන්ට උපකාර වන බැවිනි. ඔවුන් මෙම ආශාව වඩාත් හොඳින් භුක්ති විඳීමට හැකි වනු ඇත. මන්ද ඔවුන් එය හොඳ වනු ඇත. එබැවින් ඔවුන්ට එය කිරීමට පහසු වනු ඇත.

    සෞඛ්‍ය සම්පන්න වීම

    යහපත් සෞඛ්‍ය සම්පන්නව සිටීම ළමා කාලය තුළ සැබෑ සතුටක් ලබා දෙයි. කෙසේ වෙතත්, ඔබේ දරුවා ජානමය රෝගයකින් පීඩා විඳින්නේ නැතත්, ඔවුන් තවමත් සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවක් වර්ධනය කිරීමේ අවදානමට ලක්ව ඇත.

    නිදසුනක් වශයෙන්, ඔවුන් අධික ලෙස සීනි පරිභෝජනය කරන්නේ නම් ඔවුන් තරබාරු වීමට හෝ දියවැඩියාව වැළඳීමට ඉඩ ඇත. එක්සත් ජනපදයේ ඇස්තමේන්තු කර ඇති පරිදි ළමුන් හා නව යොවුන් වියේ දරුවන්ගෙන් 18.5% ක් තරබාරු අය වෙති.

    තරබාරුකම හේතුවෙන් අධික රුධිර පීඩනය හා සන්ධි වේදනාව වැනි සෞඛ්‍ය අතුරු ආබාධ ඇති වන අතර එය ළමයින්ට සහ නව යොවුන් දරුවන්ට වඩා විශාල බලපෑමක් ඇති කරයි. මෙය ඔවුන් වැඩෙන හා වැඩෙන ජීවිතයේ කාල පරිච්ඡේදයයි. තවද, දරුවෙකු තරබාරු නම් ඔවුන්ගේ ශරීර බර පිළිබඳව ස්වයං විඥානයක් ඇති කර අනාරක්ෂිත බවට පත්වන අතර එමඟින් ඔවුන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් අයහපත් ඇත.

         කුඩා දේවල් භුක්ති විඳීම

    සැබෑ ළමා සතුට යනු කුමක්ද යන ප්‍රශ්නයේ ප්‍රධාන අංගයක් වන්නේ ජීවිතයේ කුඩා දේවල්ය. වැඩිහිටියන්ට වඩා දරුවන් ජීවිතයේ කුඩා දේ භුක්ති විඳිති. මසකට වරක් සිනමා ශාලාවලට යාම, හෝ ඔවුන්ගේ ප්‍රියතම ක්ෂණික ආහාර හෝ අවන්හල වෙත යාම මෙන්ම ළමා උද්‍යානයේ හෝ ක්‍රීඩාපිටියේ නිදහසේ ගත කිරීම වැනි සරල දේවල් ඒ අතර වේ.

    එය තරමක් සරල වන අතර එය නිවැරදිව පැවසීමට විශාල මුදලක් හෝ කිසිදු මුදලක් වැය කිරීමට අවශ්‍ය නැත. ‘යමක් කොතරම් මිල අධිකද‘ යන්න දරුවන් ගණන් ගන්නේ නැත, ඔවුන් තම ආදරණීයයන් සමඟ කාලය ගත කිරීම හා විනෝද වීම සතුටට කරුණකි.

    ඔවුන්ට විනෝද වීම ද පහසු බව ජීවිතයේ සත්‍යයකි. නිදසුනක් වශයෙන්, ඔවුන්ගේ දෙමව්පියන් සමඟ පාපන්දු ක්‍රීඩාවේ යෙදීමෙන් නොව පන්දුවකට පයින් ගැසීමෙන් පවා ඔවුන්ට විනෝදයක් ලැබෙනු ඇත. ක්‍රියාකාරකම කෙතරම් සරල වුවත්, දරුවා තම ජීවිත කාලය පුරාම ආදරයෙන් රැකබලා ගන්නා විස්මිත මතකයන් නිර්මාණය කරයි.

         දරුවන්ට අවදානම් ගැනීමට ඉඩ දීම

    ළමයින් ඉගෙනීමෙන් ඉගෙන ගනී. – Children learn from doing. එබැවින් ඔබේ දරුවන් කෙරෙහි අධික ආරක්ෂාවක් නොතිබීම ඉතා වැදගත් වේ. ඔබ ඔවුන්ට උදව්වක් කරනවා යැයි ඔබ සිතුවත් එය එසේ නොවේ. ඔබ ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ සංවර්ධනය මන්දගාමී කිරීම නිසා නරක තීරණ ගැනීමට ඔවුන් වඩාත් කැමති වනු ඇත.

    එමනිසා, ඔබේ දරුවන්ට වැරදි කිරීමට ඉඩ දීම හොඳය, නිදසුනක් වශයෙන්, අධීක්ෂණයකින් තොරව ඔබේ දරුවන්ට පිටත සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් වේගයෙන් බයිසිකලය පැදීම වැනි නොමේරූ දේවල් කිරීමෙන් දම් පාට තැලීම් කිහිපයක් ඇති වේ. නමුත් අවසානයේදී ඔවුන් ඔවුන්ගේ වැරදි වලින් ඉගෙන ගනු ඇති අතර ඊළඟ වතාවේදී එය අනිවාර්යයෙන්ම නොකරනු ඇත.

    යමෙකුගේ ළමා කාලය තුළ සිදුවී ඇති යහපත් දේ පමණක් නොව අමිහිරි දේද ඔවුන් තුළ නොමැකෙන මතකයන් ඇති කරයි. සෑම වැඩිහිටියෙකුටම ඔවුන් අද දක්වා සිනාසෙන තමන් විසින් කළ නරක දෙයක් ගැන විහිළු කතාවක් තිබේ.

         ජයග්‍රහණ සදහා ප්‍රසංශා කරන්න

    දෙමව්පියන්, භාරකරුවන් සහ වැඩිහිටි පවුලේ සාමාජිකයින් දරුවන්ගේ ජයග්‍රහණ සහ ඔවුන් කර ඇති ධනාත්මක දේ ගැන ප්‍රශංසා කිරීම ඉතා වැදගත් වේ.

    ඔවුන් කළ දේ හොඳ දෙයක් බව දරුවාට පෙන්වීම හැරුණු විට එය දරුවන් සතුටට පත් කරන අතර ඔවුන් ගෞරවයට පාත්‍ර වන බවත් දැනගනී. ළමයින් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් හෝ වෙනත් අයගෙන් ‘ආදර්ශවත් චරිතයක් ලෙස අගය කිරීමක්‘ බලාපොරොත්තු වේ.

    විශාල මුදලක් වැය කිරීමට අවශ්‍ය නොවන හොඳ සම්මානයක් ඔබ සොයා ගත යුතුය. නමුත් එය දරුවාට සැබවින්ම අවශ්‍ය දෙයක් විය යුතුය. නිදසුනක් වශයෙන්, එය ඔවුන්ගේ ප්‍රියතම කේක් සාප්පුවෙන් මිලදී ගත් කේක් එකක් විය හැකිය. එය දරුවා මත රඳා පවතී.

    මෙය ඉතා හොඳ ක්‍රියාකාරකමක් වන අතර එය ඔබේ දරුවාට සතුට ගෙන එනු ඇත. නමුත් එමඟින් ඔවුන් වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමටත් වඩා හොඳින් හැසිරීමටත් හැකි වනු ඇත.

         ඔවුන්ට ආදරය කරන මිනිසුන්

    ඉතින් සැබෑ ළමා සතුට යනු කුමක්ද? එය ඇත්තෙන්ම ඉතා සරල ය, දරුවෙකුට අවශ්‍ය සෑම සෙල්ලම් බඩුවක්ම ලැබුණත්, ඔවුන්ට ඕනෑම තැනක සංචාරය කළ හැකි වුවත් ඇතැම් විට එය දරුවෙකුට සැබෑ සතුටක් ගෙන නොදෙනු ඇත. අවසානයේ ඔවුන් කෙටි කාලීනව පමණක් සතුටු වනු ඇත. කෙසේ වෙතත් ළමයින් සැබවින්ම සොයන දෙය ‘යමෙකුට ආදරය කිරීම‘ ය.

    දෙමව්පියන් වශයෙන් ඔබට ඔබේ දරුවන්ට ආහාර පිසීම, ඔවුන්ට හොඳ ජීවන තත්ත්වයක් ඇති බවට වග බලා ගැනීම වැනි බොහෝ ආකාරවලින් ආදරය පෙන්විය හැකිය. නිදසුනක් වශයෙන් ඔවුන් ජීවත්ව සිටින නිවස පිරිසිදුව තබා ගැනීම සහ ඔවුන්ට ආරක්ෂිත හා සාමකාමී වාතාවරණයක් යටතේ තබා ගැනීම දැක්විය හැකිය.

     මෙය ඉතා පහසු බව පෙනේ, නමුත් සියලු දෙමව්පියන් එකඟ වන පරිදි ‘එය පැවසීම වඩා පහසුය‘ කෙසේ වෙතත් වැදගත් වන්නේ ඔබ ඔබේ උපරිමය උත්සාහ කිරීමයි!

    සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ආතතියට පත් නොවී සතුටින් නිවසේ සිට සතුටින් රාජකාරී කරමුද ?

    ආතතියට පත් නොවී සතුටින් නිවසේ සිට සතුටින් රාජකාරී කරමුද ?

    කොවිඩ් වසංගතය සමග රටවල් අගුළු දැමූ විට හෝ ඇදිරි නීතිය පැනවූ විට ලැබුණ අලුත්ම නියෝගයක් වුණේ ‘නිවසේ සිට රාජකාරී කරන්න‘. මේක කාටත් අලුත් අත්දැකීමක් වගේම අභියෝගයක් වුණා. ඉතිං මොකද වුණේ නිවස කාර්යාලය බවට පත් වුණා. සමහරු මුළුතැන්ගෙයි මේසවල වාඩිවී හෝ සෝෆා මත ලැප්ටොප් පරිගණකයක් සමඟ රාජකාරී ආරම්භ කළා.

    කොවිඩ් වෛරසයට එරෙහිව එන්නතක් ඉක්මනින් පැමිණියත්, බොහෝ අය කිසි විටෙකත් පූර්ණ කාලීනව කාර්යාලයට නොයනු ඇති බවයි විශේෂඥයින්ගේ අදහස වන්නේ.

    මේ අතර කොරෝනා වසංගත මිනිසුන්ගේ මානසික සෞඛ්‍යට බරපතළ බලපෑමක් කරලා තිබෙන බව මානසික රෝග විශේෂඥයින් කියනවා. උදාහරණයක් විදිහට කොරෝනා වසංගතය එක්සත් රාජධානියේ මානසික සෞඛ්‍යයට බලපා ඇති ආකාරය පිළිබඳ මුල් සංඥා යහපත් නොවන බව කියනවා.

    එක්සත් රාජධානියේ ජනතාව අතර මානසික අවපීඩනය ඉහළ ගොස් ඇති අතර අතර බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය – Royal Institute of British Architects  විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයකදී හෙළි වී තිබෙන්නේ ‘නිවසේ සිට රාජකාරී කටයුතු කිරීමට සිදුවීම මගින් ඔවුන් වඩාත් ආතතියට පත්ව ඇති බවයි.

    අප කොතරම් මානසික ආතතියට පත් වුණත් රජය, සේවා යෝජකයා අපට නිවසේ සිට රාජකාරී කරන ලෙස නියෝග කරන විට කුමක් කරන්න ද ? මේක බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටලුවක්.

    ඇත්තටම සතුටින් නිවසේ සිට රාජකාරී කිරීමට අප කුමක් කළ යුතු ද ? මේ ඊට අවශ්‍ය විශේෂඥ උපදෙස්.

    ආලෝකයට ඉඩ දෙන්න

    ආලෝකයට ඉඩ හැරීමේ නිදර්ශනය

    “පෞරුෂත්වය අනුව මිනිසුන් බොහෝ වෙනස් වේ – People vary quite a lot in terms of personality type” යැයි උපදේශක මනෝචිකිත්සක වෛද්‍ය ටී.බී.එස්. බාලමුරලි පවසයි. “නමුත් මඟ පෙන්වන ආකාරය ඉතා පැහැදිලිය. හිරු එළිය (නැවුම් වාතය හා සොබාදහමට ප්‍රවේශ වීම) ඔබේ මානසික සෞඛ්‍යයට මූලික වශයෙන් යහපත් ය.”

    සූර්යාලෝකය සෙරොටොනින් හෝමෝනය (hormone serotonin) මුදා හැරීමට මොළය උනන්දු කරවයි. එය මිනිසුන්ට සන්සුන්ව හා අවධානයෙන් සිටීමට උපකාර කරයි, ඔවුන්ගේ මනෝභාවය වැඩි කරයි සහ කාංසාව අඩු කරයි.

    ගෘහ නිර්මාණ ශිල්පී බෙන් චැනන් පවසන්නේ “දිවා ආලෝකයේ ප්‍රතිලාභ අති විශාල” බවයි.

    “හිරු එළිය ආරම්භක කොටස වන්නේ එය අවකාශයක් ගැන අපට හැඟෙන ආකාරයට හා නින්ද නියාමනය කිරීමට විශාල බලපෑමක් ඇති කරන බැවිනි. කොවිඩ් සමඟ ගනුදෙනු කිරීම සෑම කෙනෙකුටම වෙහෙසකර වී ඇත. එබැවින් එය දැන් වැදගත් වේ.”

    බෙන් පවසන්නේ “මිනිසුන් සිතනවාට වඩා බොහෝ විට ආලෝකය පාලනය කළ හැකි” බවයි.

    ඔහු මෙසේ කියයි, ‘‘ඔබට හැකි නම්, ඔබේ මේසය ජනේලයක් අසල තබන්න. ඇතුළත සහ පිටත තිර රෙදි සම්පූර්ණයෙන්ම ඇදගෙන කවුළු පිරිසිදු කළ හැකි බවට වග බලා ගන්න. ජනේල මත ඇති අපිරිසිදුකම නිසා ඒවා හරහා ගමන් කරන හිරු එළිය සැලකිය යුතු ලෙස අඩු විය හැකිය‘‘

    ‘‘එසේම, කාමරය වටා ආලෝකය විහිදුවාලීමට දර්පණ භාවිතා කරන්න, ආලෝකය පරාවර්තනය කිරීම සඳහා කාමරයට සුදු හෝ සැහැල්ලු වර්ණයක තීන්ත ආලේප කරන්න. ඔබට හැකි නම් උඩු මහලේ කාමරයක් තෝරන්න. ඉහළ සිවිලිමක් සහිත කාමර මෙන් ඒවා සැම විටම පාහේ වැඩි හිරු එළියක් අල්ලා ගනී.

    ශබ්දය වසා දමන්න

    ශබ්දය වසා දැමීමේ නිදර්ශනය

    නොටින්හැම් විශ්ව විද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය රෙබෙකා ඩිවි පවසන්නේ ඔබේ මොළයේ විවිධ කොටස් නිරන්තරයෙන් විවිධ ශබ්ද සහ ශබ්දවල වෙනස්කම් හඳුනා ගැනීමට උත්සාහ කරන බවයි. “එය වැඩ කිරීමට උත්සාහ කිරීමෙන් විශාල අවධානයක් යොමු කළ හැකිය,” ඇය පවසයි.

    “තියුණු ශබ්ද යනු පහත් මට්ටමේ බබල් එකකට වඩා ගැටලුවකි.” ඔබේ මොළයේ සමහර කොටස් වෙනස්කම් සඳහා පරිලෝකනය කරන විට: “ඔබ අවධානය වෙනතකට යොමු විය හැක්කේ ශබ්දය නතර වූ විට පමණි.”

    නිව්කාසල් විශ්ව විද්‍යාලයේ සෙසු ස්නායු විද්‍යාඥ මහාචාර්ය ඇඩ්‍රියන් රීස් මෙසේ පැහැදිලි කරයි: “ශබ්දය ඔබේ මතකයට හා අවධානයට බලපෑම් කරයි.”

    ආතති සහගත ශබ්දයක් (stressful sound) මගින් ආමිග්ඩලා (amygdala) නම් මොළයේ ප්‍රදේශය වෙත ආපදා සංඥා යැවීමට පොළඹවයි. මොළයේ තවත් ප්‍රදේශයක් වන හයිපොතලමස් hypothalamus විසින් ඒවා තෝරා ගනු ලැබේ. එමඟින් අධිවෘක්ක ග්‍රන්ථි මගින් ඇඩ්‍රිනලින් (adrenaline) රුධිරයට පොම්ප කිරීමට පෙළඹේ. ඔබේ රුධිර පීඩනය ඉහළ යයි.

    මහාචාර්ය රීස් පවසන්නේ “ශබ්දය ඔබට අර්ථවත් වන්නේ කුමක් ද යන්න ගැන ය. නිදසුනක් වශයෙන්, ඔබේම දරුවා අඩන විට එකම පරිමාවේ රථවාහන ශබ්දයට වඩා නොසලකා හැරීම දුෂ්කර වනු ඇත.

    සමහරුන්ට Earplugs විසඳුමක් විය හැකි නමුත් ඔබට තවදුරටත් ඉදිරියට යාමට අවශ්‍ය නම්, මෘදු ගෘහ භාණ්ඩ, ඝන බුමුතුරුණු සහ ශබ්දය උරා ගැනීමට වඩා බර තිර රෙදි වෙත යොමුවිය හැකිය. ඒවා ඔබට නිස්කලංක පරිසරයක් හිමිකර දෙයි.

    කැළඹිලිවලින් දුරස් වන්න

    පරිහානිය පිළිබඳ නිදර්ශනය

    ආතති හෝමෝනයක් වන ‘කෝටිසෝල්‘ (cortisol) මට්ටම ඉහළ නැංවීමට කැළඹිලි වලට හැකි බව අධ්‍යයනවලින් සොයාගෙන ඇත. එයට හේතුව වියවුල්සහගත මොළයට පරස්පර විරෝධී උත්තේජක ලබා දෙන නිසා උදව් කළ නොහැකි සංඥා පෙරීමට වඩා වෙහෙස මහන්සි වී වැඩ කිරීමයි.

    කෝටිසෝල් සාමාන්‍ය මට්ටම්දී පරිපූර්ණ සෞඛ්‍ය සම්පන්න වන නමුත් කාලානුරූපව ඉහළ මට්ටමේ කෝටිසෝල් කාංසාව, මානසික අවපීඩනය, හිසරදය සහ නින්දට බාධා කිරීම සමඟ සම්බන්ධ වේ.

    “ඔබේ අවශ්‍යතාවය ගැන ඔබ සිතා බැලිය යුතුයි”, ආචාර්ය රැට්ක්ලිෆ් පවසයි. විවේකීව සිටින නිවසක යම් තරමක කැළඹීමක් ඇතිවීම ගැටළුවක් නොවිය හැකිය, එය දැන් සේවා ස්ථානයක් නම්, “ඔබ වෙනත් අවශ්‍යතා තත්වයක සිටී, ඔබ අවධානය වෙනතකට යොමු කළ යුතුය”.

    ඒ නිසා නිසි පැහැදිලි කිරීමක් කරන්න, සංවිධානාත්මක වන්න.

    ක්‍රියාශීලී වන්න

    ව්යායාම පිළිබඳ නිදර්ශනය

    ඔබ රැකියාවට නොයන්නේ නම්, ඔබ බස් නැවතුම්පොළට හෝ දුම්රිය ස්ථානයට නොයනු ඇත, නැතහොත් රැස්වීම් සඳහා දිගු කොරිඩෝව හරහා ඉහළට හා පහළට නොයනු ඇත.

    ඔබගේ ක්‍රමික ගමන දැන් නිදන කාමරයේ සිට විසිත්ත කාමරයට හෝ මුළුතැන්ගෙයි මේසයට නම්, මානසික මෙන්ම ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමට උපකාර වන ශාරීරික ක්‍රියාකාරකම් ඔබට මග හැරෙනු ඇත.

    ව්‍යායාම යනු ස්වාභාවික කාංසාවට එරෙහි ප්‍රතිකාරයක් පමණක් නොව, මානසික ආතතිය දුරු කිරීම, ශාරීරික හා මානසික ශක්තිය ඉහළ නැංවීම සහ එන්ඩොර්ෆින් මුදා හැරීම තුළින් යහපැවැත්ම වැඩි දියුණු කිරීමට හේතු වන්නක් බව බහුවිධ අධ්‍යයනවලින් සොයාගෙන ඇත.

    “ව්‍යායාම නොමැතිකම සැබෑ බලපෑමක් ඇති කළ හැකිය” යැයි වෛද්‍ය රැට්ක්ලිෆ් පවසයි. “මිනිසුන් ව්‍යායාම අතපසු කරන්නේ නම්, ඔවුන්ගේ දිනය ව්‍යුහගත වී ඇති ආකාරය ගැන සිතා බැලිය යුතුය‘‘

    බ්‍රිතාන්‍ය මනෝවිද්‍යාත්මක සංගමයේ සාමාජික මහාචාර්ය ගේල් කිංමන් පවසන්නේ “නිසි ව්‍යායාම නොලැබීම මේ වසංගත සමයේ පොදු ගැටලුවක්. ව්‍යායාම නොමැති විට මානසික ආතතිය පමණක් නොවන තවත් ගැටලු රැසක් ඇති වෙනවා. මේ තත්ත්වය නිවසේ සිට රාජකාරී කරන සමයේදී වළක්වා ගත හැකියි. ඒ සදහා කාලය කළමනාකරණය කරගත යුතුයි‘

    ස්වභාවික පරිසරය හා එක්වන්න

    පැලෑටි භාවිතා කිරීමේ නිදර්ශනය

    ස්වාභාවික ලෝකය සමඟ සම්බන්ධ වීමේ මානසික ප්‍රතිලාභ රැසකි. එමගින් රුධිර පීඩනය, කාංසාව, ආතතිය පාලනය වන අතර ඔබගේ අවධානය, මතකය සහ නින්ද වැඩි දියුණු කරයි. ඔබේ නිවසේ වැඩ අවකාශයට ශාක හා වෙනත් ස්වාභාවික වස්තූන් සහ රූප එක් කිරීම මගින් සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය.

    ආචාර්ය රැට්ක්ලිෆ් “අවධානය ප්‍රතිෂ්ඨාපනය” පිළිබඳ න්‍යාය පැහැදිලි කරයි.

    “ස්වාභාවික වස්තූන් දෙස බැලීමෙන් ඔබේ මොළයට විවේකයක් ලබා දිය හැකිය. අපි සොබාදහම විනෝදාස්වාදය හා විවේකය සමඟ සම්බන්ධ කර ගනිමු. එමඟින් අපගේ මනෝභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.”

    සමාජ සම්බන්ධතා පැවැත්වීම කළ හැකි වන්නේ online පමණක් නොවේ

    සමාජ සම්බන්ධතා පිළිබඳ නිදර්ශනය

    වෛද්‍ය බාලමුරලි පවසන්නේ නිවසේ වැඩ කිරීම ගැන නොසතුටට පත්වන අය කාර්යාලයට යාමෙන් ඔවුන් අතපසු කර ඇති දේ ගැන දැඩි ලෙස සිතා බැලිය යුතු අතර ඔවුන්ට අහිමි වූ ඕනෑම දෙයකට වන්දි ගෙවීමට උත්සාහ කළ යුතු බවයි.

    ලැයිස්තුවේ ඉහළින්ම, බොහෝ පුද්ගලයින් සඳහා, සමාජ සම්බන්ධතා වේ. අප බලාපොරොත්තු වනවාට වඩා අපගෙන් බහුතරයක් (සමහර විට 80 හෝ 90% ක්) අපගේ සමාජ සම්බන්ධතාවයෙන් වැඩ කිරීමෙන් වලක්වනු ඇතැයි ඔහු පවසයි.

    එය කාර්යාලයේ සගයන් සමඟ හෝ දිවා ආහාර පෝලිමේ, සෝපානයේ හෝ පඩි පෙළේ වේවා, එය විශාල පිරිසකට වැදගත් වේ.

    “අගුලු දැමීම පැමිණි විට – ඒ සියල්ල හදිසියේම අතුරුදහන් විය,” ආචාර්ය බාලමුරලි පවසයි. 

    “එය ඔබ කෙබඳු පෞරුෂයක්ද යන්න මත රඳා පවතී, නමුත් බොහෝ අය වෙනත් ආකාරවලින් වඩාත් සැබෑ සමාජ සම්බන්ධතා ලබා ගත යුතුය. එබැවින් දිවා ආහාර වේලෙහි සහ සවස් වරුවේ පිටතට යන්න’ මිතුරන්, පවුලේ අය සහ අසල්වාසීන් සමඟ සම්බන්ධ වන්න‘‘

    අන් අය හමුවීම පැහැදිලිවම අගුලු දැමීමේදී වඩා දුෂ්කර ය, නමුත් ඔහු යෝජනා කරන්නේ ව්‍යායාම කිරීමට හෝ ඇවිදීමට යාම මගින් වෙනත් පුද්ගලයෙකු හමුවීමට හැකි බවය.

    “මිනිසුන් සමාජ සත්ත්වයින්” යැයි ඔහු තවදුරටත් පවසයි.

    ‘ඔවුන් කුමන තත්ත්වයක් යටතේදී හෝ හුදකලාව සිටීමට නොහැකියි. ඒ නිසා වඩාත් ආරක්ෂාකාරී සහ ඵලදායී ක්‍රම මගින් සමාජ සම්බන්ධතා අඛණ්ඩවත් සජීවී ආකාරයෙනුත් පවත්වා ගෙන යා හැකියි‘

    ප්‍රිනා ෂාගේ නිදර්ශන විසින් බී.බී.සී වෙබ් අඩවියට සම්පාදිත ලිපියකි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ‘ලෝකයේ සුපිරිම’ Boy Bands මෙන්න !

    ‘ලෝකයේ සුපිරිම’ Boy Bands මෙන්න !

    ඔබ කුමන ආකාරයේ සංගීතයකට සවන් දුන්නත්, පිරිමි සංගීත කණ්ඩායම්වල (Boy Bands)  වැදගත්කම ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඔවුන් විශාල ප්‍රේක්ෂක රැලි නිර්මාණය කරන අතර ඔවුන්ට ලොව පුරා මිලියන ගණනක් රසිකයන් සිටී. පරම්පරා ගණනාවක් හැඩගැස්වීමේ බලය ඔවුන්ට ඇති අතර විලාසිතා ලෝකයේ සුපිරි තරු බවට පත් වන්නේ නිසැකවම ඔවුන්ය. එනිසා ඔවුන් ගැන වැඩි වැඩියෙන් දැන ගැනීම කිසිසේත් පාඩුවක් නොවේ.

    ඒත් ලෝකය පුරා පිරිමි සංගීත කණ්ඩායම් ලක්ෂ ගණනක් ඇත. ඒ නිසා ඔවුන්ගෙන් ‘සුපිරිම කණ්ඩායම් තෝරා ගැනීම‘ සැබවින්ම අභියෝගාත්මකය. අසීරුය. එහෙත් එය කළ නොහැක්කක් ද නොවේ. ලෝකයේ සුපිරිම පිරිමි සංගීත කණ්ඩායම් 08 ගැනයි.

    BTS 

    ඔවුන්ගේ සාර්ථකත්වය ගැන කිසිවෙකුට අනාවැකි කිව නොහැක. අපි ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය පිරිමි සංගීත කණ්ඩායම් වලට පුරුදු වී සිටිමු. නමුත් බීටීඑස් කොරියාවෙන් පැමිණ ලෝකය අත්පත් කර ගත්තේය. ඔවුන් ලොව පුරා විශාලතම ක්‍රීඩාංගණ එකම හිස් ගොඩක් බවට පත්කරති. භාෂා බාධකය? කවදාවත් එය ප්‍රශ්නයක් වී නැත. ඔවුන්ගේ සරල පෙනුම, නිරන්තරයෙන් වෙනස් වන ප්‍රතිරූපය, ඔවුන්ගේ දෝෂ රහිත ගායනය, ඔවුන්ගේ සිත් සසල කරන නර්තන විද්‍යාව – මේ සියල්ලම එකට වැඩ කරයි. 

    BTS |  හොඳම පිරිමි ළමුන් 8 දෙනා |  සෙස්ට්‍රඩාර්

    One Direction

    X-factor වෙතින් එළියට ආ එක් හොඳ දෙයක් තිබේ නම් – එය මෙම සංගීත කණ්ඩායම නිර්මාණය කිරීමකි. ඔවුන් නව යොවුන් වියේ පසු වන පිරිමි ළමයින් පස්දෙනෙකු ලෙස ආරම්භ වූ අතර, ඔවුන්ගේ හඩ අමතක නොවන පෞරුෂයකින් යුක්ත විය. ඔවුන්ගේ ඒකාබද්ධ චමත්කාරය ලෝකය අතට ගත් අතර ඔවුන්ගේ රසිකයන්ගේ හදවත් දිනා ගත්තේය. One Direction යනු නූතන යුගයේ වඩාත්ම ජනප්‍රිය පිරිමි සංගීත කණ්ඩායම වන අතර, (ඔවුන් බිඳී ගිය දිනය දක්වා)  මේ වන විට ඔවුහු ස්වාධීනව සංගීත කටයුතුවල නිරත වෙති. අප කවුරුත් දන්නා පරිදි හැරී ස්ටයිල්ස් Harry Styles තවමත් පොකුරේ හොඳම වාදකයාය. 

    එක් දිශාවක් |  හොඳම පිරිමි ළමුන් 8 දෙනා |  සෙස්ට්‍රඩාර්

    NSYNC

    මේ අය 90 දශකය සංගීතයට ඉතා විනෝදජනක කාලයක් බවට පත් කළහ. හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් (Hollywood Walk Of Fame) හි ඔවුන්ට තරුවක් ලැබීම පුදුමයක් නොවේ, ඔවුන් 90 දශකයේ හැඩය ගත්හ. ජස්ටින් ටිම්බර්ක් සහ ඔහුගේ ඒකල වෘත්තිය මැණික් අප සතුව තිබීම ගැන එන්එස්වයිඑන්සී වෙත ස්තූතිය පළ කළ යුතුය. ඔහු පිරිමි ළමයින්ගේ සංගීත කණ්ඩායමේ සිට බොහෝ දුර පැමිණ ඇත.

    NSYNC |  හොඳම පිරිමි ළමුන් 8 දෙනා |  සෙස්ට්‍රඩාර්

    Take That

    එහි අපි ගණන් කිරීමට වඩා වැඩි ගීත ගණනක් ප්‍රස්ථාරවල ඇත. ඔවුන්ගේ ගීත ස්වර්ගය මෙන් ආකර්ශනීය විය, ඔවුන්ගේ රංගනයන් ඇදහිය නොහැකි තරම් විනෝදජනක විය, ආශ්චර්යමත් ලෙස ඒවා තවමත් අවට ඇත. රොබී විලියම්ස් (Robbie Williams) වෘත්තිය ආරම්භ කළ කණ්ඩායම එයයි. අප තවමත් සිතන්නේ ඔහු බ්‍රිතාන්‍යයේ පොප් රජු (British King of Pop) ලෙසයි. 

    ඒක ගන්න |  හොඳම පිරිමි ළමුන් 8 දෙනා |  සෙස්ට්‍රඩාර්

    Backstreet Boys

    ඔවුන් 90 දශකයේ චමත්කාරය වූ අතර ඔවුන් අදටත් එය එසේමය. නමුත් Backstreet Boys පුරාවෘත්තයක් බව ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකිය. “Everybody” හෝ “I Want It That Way” වැනි බැක්ස්ට්රීට් පිරිමි ළමයින් නොමැතිව 90 දශකයේ තේමාත්මක රාත්‍රියක් ඔබට සිතාගත හැකිද?  ඔවුන් තවමත් ක්‍රියාශීලීව සංගීත ක්ෂේත්‍ර යේ කටයුතු කරමින් සිටින අතර ඔබට ඔවුන් දැකීමට අවශ්‍ය නම් ඔබ ලාස් වේගාස් යා යුතුය.

    බැක්ස්ට්රීට් පිරිමි ළමයින් |  හොඳම පිරිමි ළමුන් 8 දෙනා |  සෙස්ට්‍රඩාර්

    Westlife

    Westlife 2000 දශකයේ විශාලතම පිරිමි සංගීත කණ්ඩායම විය. ඔවුන්ගේ සංගීත ඇල්බම් මිලියන 50 කට වඩා අලෙවි කර ඇති අතර ඔවුන්ට ප්‍රස්ථාරවල අංක 14 ක් ඇත. ඒවා අත්‍යවශ්‍යයෙන්ම පිරිමි ළමයින්ගේ රන් සම්මතයයි.

    බටහිර ජීවිතය |  හොඳම පිරිමි ළමුන් 8 දෙනා |  සෙස්ට්‍රඩාර්

    The Jackson 5

    The Jackson 5 නොමැතිව අපට මයිකල් ජැක්සන් කෙනෙක් සිටීද? අපි එය සැක නොකරමු. ළමයින් පස් දෙනෙකුගෙන් යුත් පවුලකට මෙතරම් දක්ෂ හා 60 සහ 70 දශකවල එතරම් ප්‍රසිද්ධ විය හැකි යැයි කවුරුන් සිතුවාද? 

    ජැක්සන් 5 |  හොඳම පිරිමි ළමුන් 8 දෙනා |  සෙස්ට්‍රඩාර්

    The Monkees

    The Monkees බොහෝ විට original boy band ලෙස හැඳින්වෙන්නේ ඒවා නිෂ්පාදකයින් විසින් නිර්මාණය කරන ලද පළමු සංගීත කණ්ඩායම වන බැවිනි. ඔවුන් ද මොන්කීස් නම් ප්‍රසංගයේ රඟපෑමට තෝරාගත් නළුවන් / සංගීතඥයන් පමණි. ඔවුන් තමන්ගේම ගීත ලිව්වේ නැත. එහෙත් ඔවුන් 60 දශකයේ සංගීත ඇල්බම් මිලියන දස දහස් ගණනක් විකුණමින් ලොව පුරා ජනප්‍රිය විය. ඔවුන්ගේ ජනප්‍රියතම ගීතය “I’m a Believer” සහ තවත් බොහෝ ගීත අදටත් ජනප්‍රියයි. 

    මොන්කීස් |  හොඳම පිරිමි ළමුන් 8 දෙනා |  සෙස්ට්‍රඩාර්

    zestradar ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • 2021 අයවැය: ගෝඨා – මහින්ද ආණ්ඩුවට ‘ජීවිතවලට වඩා’ පාරවල් ලොකු වුණේ ඇයි ?

    2021 අයවැය: ගෝඨා – මහින්ද ආණ්ඩුවට ‘ජීවිතවලට වඩා’ පාරවල් ලොකු වුණේ ඇයි ?

    2021 ඇයවැය ලේඛනයෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය සදහා වෙන්කර ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අංශ තුළ බලවත් විරෝධයක් වර්ධනය වෙමින් තිබේ. ඊට හේතුව වී ඇත්තේ මුළු රටේම සෞඛ්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ල කරන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් 2021 අයවැය මගින් වෙන් කළ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම සහ 2019ට සාපේක්ෂව එය දැවැන්ත ලෙස පහළ යාමයි.

    ‘අපි දැඩි බලාපොරොත්තුවක් ඇතිව සිටියා මේ වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් සැලකිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදුවෙයි කියලා. මොකද මේ වසංගතය සහ එහි පසු බලපෑම අනිවාර්යයෙන් 2021 වසරට ගලායාමක් සිදුවෙනවා. ඒත් අපේ අපේක්ෂා සුන්කරමින් 2021 වියදම් වෙන් කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කර ඇත්තේ දශම කිහිපයකින් ඉහළ නැංවූ වියදමක් පමණයි. මේක 2019 ට සාපේක්ෂව ගත්විට විශාල පහළ යාමක්‘

    අප කළ විමසීමකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ ප්‍රවීණයෙක් සදහන් කළා.

    ‘සෞඛ්‍ය සේවාව වෙනුවෙන් 2021ට වෙන්කර තිබෙන්‍ෙ රුපියල් බිලියන 159.57ක්. එය 2020 වසරේ දී රුපියල් බිලියන 159.48ක් වුණා. ඒ කියන්නේ 2021දී සෞඛ්‍ය සේවාවට වෙන් කළ ප්‍රතිපාදනවල ඉහළ යාමක් සිදුවන්නේ රුපියල් බිලියන 0.9කින් නැතහොත් රුපියල් කෝටි 90කින්. නමුත් 2019 දී සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 187ක් වෙන් කර තිබුණා‘

    ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

    මෙහිදී ඔහු සදහන් කළේ ගෝලීය වශයෙන් සෑම රටක්ම, කොවිඩ් වසංගතයෙන් බැටකමින් සිටියදී පවා සෞඛ්‍ය අංශය වෙනුවෙන් කරන රාජ්‍ය ප්‍රතිපාදන විශාල වශයෙන් ඉහළ නංවා ඇති බවයි.

    ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ඉතාම පැහැදිලියි. ආණ්ඩුව කොවිඩ් දෙවැනි රැල්ලේ වගකීම ජනතාව පිට පටවා තමන් නිර්දෝෂී වෙන්න හදනවා. ඒත් ඔවුන් මේ සියලු ගැටලු තිබියදී මහා මාර්ග සංවර්ධනය වෙනුවෙන් ලබන වසරට රුපියල් බිලියන 330ක් වෙන් කරනවා. ඒ කියන්නේ සෞඛ්‍ය සේවාවට වඩා 200%ක් පමණ පාරවල්වලට වෙන් කරනවා ! මේව සිිහි බුද්ධියක් ඇති පාලකයින්ට කළ හැකි දෙයක් ද

    ‘2020දී මහා මාර්ග සංවර්ධනය වෙනුවෙන් 2020 වසරේ දී රුපියල් බිලියන 244.8 වෙන්කර තිබුණා. ඒ කොළඹ – නුවර අධිවේගී මාර්ගයත් තිබුණ නිසා. ඒත් 2019දී දී මහා මාර්ග සංවර්ධනය වෙනුවෙන් වෙන්කර තිබුණේ රුපියල් බිලියන 176 ක් පමණයි‘

    ‘පඅ කියන්නේ පාරවල්වල යන්න මිනිස්සු ඉතුරු වෙන්න ඕනෑ. ඒ නිසා සෞඛ්‍යය ප්‍රමුඛතාව දෙන්න. සෞඛ්‍ය අංශයේ දියුණුව මගින් දේශපාලන ප්‍රතිරූපය ඔසවා ගන්න, කොමිස් කුට්ටි ලබා ගන්න, තමන්ගේ මිතුරන්ට වාසි දෙන්න බැරි බව ඇත්ත. ඒත් ජනතාවට ඒක ඉතාම වැදගත්. ඒක ඔවුන්ගේ ජීවිතය හා සම්බන්ධ ප්‍රශ්නයක්‘ ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

  • PCR කළොත් ‘සති 02ක නිරෝධායනය’ අනිවාර්යයි

    PCR කළොත් ‘සති 02ක නිරෝධායනය’ අනිවාර්යයි

    PCR පරීක්‍ෂණයට මුහුණ දුන් අය කෝවිඩ් -19 ආසාදිතයන් ලෙස තහවුරු නොවූවද ඔවුන් සති දෙකක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.

    මෙම නව තීන්දුව ගැනීමට හේතු වශයෙන් ඔහු දක්වා සිටියේ කොවිඩ් -19 රෝගීන්ගේ පළමු හා සමීප සම්බන්ධතා මත පී.සී.ආර් පරීක්ෂණ පවත්වන බවත් පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය වූවන්ට වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින බවයි.

    “අපි කොවිඩ් -19 රෝගීන්ගේ පළමු හා සමීප සම්බන්ධතා පැවැත්වූවන් සහ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් සඳහා පී.සී.ආර් පරීක්ෂණ පවත්වනවා. ඒත්  පී.සී.ආර් පරීක්ෂණයකට යටත් වීමෙන් අදහස් වන්නේ ඔහු හෝ ඇය වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පවතින බවයි. එනිසා පී.සී.ආර් පරීක්ෂණවලට භාජනය වන අය, පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල සෘණවූවත් සති දෙකක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම අනිවාර්ය වෙනවා. ඔවුන්ගේ දින 14 ක නිරෝධායන කාලයෙන් පසුව තවත් පී.සී.ආර් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. පී.සී.ආර් පරීක්ෂණයකට ලක්වී එය සෘණ අගයක් ගත් පමණින් යමෙකු නිරෝගී බවක් අදහස් වෙන්නේ නෑ. යමෙකුට රෝග ලක්ෂණ පහළ වී නොතිබුණත්  ඔවුන් සංචරණය සීමා කළ යුතුයි. එසේ නොවුවහොත් රෝගය පැතිරීම පාලනය කිරීම දුෂ්කර වේවි“ යයිද වෛද්‍ය සමරවීර මහතා වැඩි දුරටත් සදහන් කළේය.

  • LPL ගැන බන්දුල වර්ණපුර කියන සුපිරි කතාව

    LPL ගැන බන්දුල වර්ණපුර කියන සුපිරි කතාව

    එදා මෙදා තුර ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ චරිත ගණනාවකි. ඒ අතරින් බන්දුල වර්ණපුරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන ලද පළමු නායකයා ලෙසින් කටයුතු කිරීම පමණක් නොව එක්දින තරගවලදී පළමු ජයග්‍රහණය අත්කර දුන් කණ්ඩායමේ නායකයා ලෙසින්ද බන්දුල වර්ණපුර මහතා ඉතිහාසගතවීමට වාසනාවන්ත වී තිබේ.

    ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් උදා කර දුන් 1982 වසරේ පෙබරවාරි 17 වැනිදා සිට 21 වැනිදා දක්වා එංගලන්තයට එරෙහිව පී. සරා ඕවල් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගයට නායකත්වය ලබා දුන් වර්ණපුර මහතා මේ වන විටත් විශ්‍රාම සුවයෙන් පසු වුවද ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනයට ඔහුගේ සේවය අවශ්‍ය සෑම අවස්ථාවකදීම ඒ සඳහා නොපැකිළිවම ඉදිරිපත් වන්නේය. ක්‍රීඩාවෙන් සමුගැන්මෙන් පසු ජාතික කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙසද කටයුතු කරන ඒ මහතා, පසු කළෙක මෙරට ක්‍රිකට් පරිපාලනයේ පමණක් නොව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේද පරිපාලකයෙකු ලෙසින් සේවය කිරීම ඊට උදාහරණ සපයන්නේය.

    ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය බන්දුල වර්ණපුර මහතා සොයා ගියේ ටෙස්ට් වරම් හිමිවීමෙන් වසර 40 කට ආසන්න කාලයක් ගතවී තිබෙන මේ මොහොතේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දියුණුවීමට අත්‍යවශ්‍යම අංගයක් බවට පත්ව තිබෙන ‘ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය’ පිළිබඳව මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙසින් තමන් දරන මතය පිළිබඳව තොරතුරු දැන ගැනීමටය.

    “ඇත්තටම මේ තරගාවලිය සංවිධානය කිරීම ක්‍රීඩකයින්ට විතරක් නොවෙයි. මේ දිනවල සෞඛ්‍ය ගැටළු සහ වෙනත් ප්‍රශ්නවලට මුහුණ දී සිටින ක්‍රීඩාවට ආදරය දක්වනු ලබන අපේ ජනතාවටත් විශාල වශයෙන් කායික මෙන්ම මානසික සුවයක් අත්කර ගැනීමට මේ තරගාවලිය තුළින් හැකි වෙනවා. ඒ අනුව මේ වගේ තරගාවලියක් පැවැත්වීම සම්බන්ධව ක්‍රිකට් ආයතයනයට ප්‍රශංසාව හිමිවිය යුතුයි” යැයි සඳහන් කර සිටියේය.

    “ක්‍රීඩකයින් වුණත් දිගටම ක්‍රීඩාවේ යෙදිලා හිටියේ නැත්නම් ඔවුන්ගේ දක්ෂතා අඩු වෙනවා. ඒ නිසා ඔවුන් අඩුම ගාණේ ව්‍යායාම්වල හෝ නිරත විය යුතුයි. මේ වගේ වෛරසයක් රට තුළ ආසාධනය වීම නිසා ක්‍රීඩකයින්ට තරගවලට සහභාගිවීමේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක් ඇත්තටම මෙවැනි තරගාවලියක් පැවැත්වීම තුළින් ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතා ගැන සැලකිය යුතු මට්ටමේ තක්සේරුවක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා” යි වර්ණපුර මහතා පවසයි.

    දකුණතින් පන්දුවට පහර දෙන වර්ණපුර මහතා, ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවා වීමට සමත්වීම පමණක් නොව ආරම්භක පන්දු යවන්නකු ලෙසින්ද කටයුතු කිරීමට වාසනාවන්ත වූවේය. මංගල තරගයට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් 11 දෙනා අතර මංගල පන්දුවාරය අසන්ත ද මෙල් මහතා ක්‍රියාත්මක කරද්දී අනෙක් අන්තයෙන් ආරම්භක පන්දු යවන්නා ලෙසින් ද කටයුතු කරන ලද්දේ වර්ණපුර මහතා වීම විශේෂත්වයකි.

    “මේ වගේ තරගාවලියක් පැවැත්වීමේදී දේශීය තරගවලදී සිය දක්ෂතා හිර කරගෙන ඉන්න ක්‍රීඩකයින්ට තම දක්ෂතාවයන් පෙන්වීමට පමණක් නොවෙයි ජාත්‍යන්තර කරා යෑමට හොඳ අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ ක්‍රිකට් ගහන හැම ක්‍රීඩකයෙක්ටම ජාත්‍යන්තර තරග හෝ විදේශයන්හි පැවැත්වෙන තරග වලට ක්‍රීඩා කිරීමේ අවස්ථාවන් ලැබෙන්නේ හරි අඩුවෙන් කියලා. අන්න ඒ වගේ ක්‍රීඩකයින්ට එතෙරින් එන දක්ෂ ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමේදී ඔවුන් තරගයකට හැඩ ගැහෙන විදිය, ක්‍රීඩා කිරීමේදී භාවිතා කරනු ලබන විවිධ උපක්‍රම වගේ දේවල් පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා”.

    “ඒ වගේම ක්‍රීඩකයින්ට ක්‍රීඩා කටයුතු මෙන්ම ජීවත් වෙන්න සල්ලි උවමනා කරනවා. මොකද ඔවුන් වෙන රැකියාවක් කරන්නේ නැති නිසා. අපේ කාලෙ නම් අපි ක්‍රීඩා කළේ රැකියාවක් කරන ගමන්. නමුත් අද තත්ත්වය වෙනස්. අද ක්‍රීඩකයින් කරන්නේ ක්‍රීඩාවම විතරයි. එක්කෝ ලංකාවේ. නැත්නම් පිට රටක. ඉතිං මේ වගේ තරගාවලියක් සංවිධානය කිරීමේදී ක්‍රීඩකයින්ගේ මූල්‍ය ගැටළුවලටත් මේ වගේ තරගාවලියක් පැවැත්වීමේදී විසඳුමක් ලැබෙනව” යැයි වර්ණපුර මහතා පවසයි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ටෙස්ට් තරග 4 කට සහ එක්දින තරග 12 කට ක්‍රීඩා කර ඇති වර්ණපුර මහතාගේ මංගල ඉනිම ලකුණු 02 කට සීමා වුවත් දෙවැනි ඉනිමේදී ලකුණු 38 ක් වාර්තා කිරීමට සමත්වූවේය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්ව තිබේ. 1975 සහ 1979 යන වසරවල එංගලන්තයේ පැවැති පළමු ලෝක කුසලාන 2 සඳහා සහභාගිවුණු කණ්ඩායමේ සාමාජිකයකු ලෙසින් කටයුතු කළ වර්ණපුර මහතා කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන ලද මංගල තරගයේදී හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 08 ක් ලබා ගන්නේය. ඒ මහතා විසින් එල්ල කරන ලද පළමු හතරේ පහර මෙරට එක්දින ක්‍රිකට් කරළියේ පිතිකරුවකු එල්ල කරන ලද පළමු හතරේ පහර ලෙසින් ඉතිහාස ගත වී තිබේ.

    “මූල්‍යමය අතින් බැලුවහම වාසි වෙයිද පාඩු වෙයිද කියලා කියන්න අමාරුයි. ඒක තරගාවලිය ගහලම බලන්න ඕන. මේ තරගාවලියේදී ප්‍රවේශ පත්‍ර වලින් ආදායමයක් එන්නෙත් නෑ. කොහොම වුණත් තරගාවලියක් සාර්ථක කර ගන්න අනුග්‍රාහක ආයතන ඉදිරියට එන්න ඕන..

    “ඒ වගේමයි ප්‍රේක්ෂකයින්. අපි දැක්කා අයි. පී. එල්. තරගාවලිය නරඹන්න අපේ ක්‍රීඩා ලෝලීන් දැඩි උනන්දුවක් දැක්වුවා. ඉතිං අපේ රටේ ඒ වගේ තරගාවලියක් පැවැත්වෙද්දී අයි. පී. එල්. නැරුඹුවාටත් වඩා උනන්දුවක් දක්වාවි කියලා මම විශ්වාස කරනවා” යැයි වර්ණපුර මහතා LPL තරගාවලිය සම්බන්ධව අවසන් වශයෙන් අදහස් දක්වා සිටියේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි

  • ගෝඨා – මහින්ද රජයේ මංගල අයවැයෙන් ‘රාජ්‍ය සේවකයින්ට හුළං’ පමණයි

    ගෝඨා – මහින්ද රජයේ මංගල අයවැයෙන් ‘රාජ්‍ය සේවකයින්ට හුළං’ පමණයි

    මෙරට ලක්ෂ 13කට ආසන්න රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීම ඇතුළු සහන හිමිවන්නේ වාර්ෂික අයවැය මගින් පමණයි. ඒ නිසා රාජ්‍ය සේවකයින් සේම සාමාන්‍ය ජනතාවත් අයවැය මගින් රාජ්‍ය සේවකයින්ට හිමිවන සහන ගැන උනන්දුවක් දක්වනවා.

    අද (17) අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2021 අයවැය ලේඛන මගින් රාජ්‍ය සේවකයින් සහන කිහිපයක් සහ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් යෝජනා කර තිබෙනවා.

    ඒවා සියල්ල පහත පළ වෙනවා.

    රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ 

    1977 ට පෙර අපේ රටේ මෙන්ම දියුණුවන රටවල් සියල්ලම පාහේ අනුගමනය කළ වැසුණ ආර්ථික හා දැඩි පාලන හා නියාමන ප්‍රතිපත්තිවලින්  බොහෝ රටවල් විවෘත ආර්ථික හා වෙළදපළ මත රඳාපවතින ප්‍රතිපත්තිවලට නැඹුරු වී තිබුණත්  පසුගිය වසර කීපය තුළ එම ගෝලීය ආර්ථික රාමුව තුළ ශක්තිමත් ජාතික නිෂ්පාදන ආර්ථිකයක්  ගොඩනඟා ගත හැකි ප්‍රතිසංස්කරණවලට ප්‍රවේශ වී තිබෙනවා.

    වාණිජමය කටයුතු සඳහා පෞද්ගලික අංශය රාජ්‍ය අංශයට වඩා ඉදිරියෙන් සිටියත්රාජ්‍ය අංශයේ ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම එයට විකල්පයක් ලෙස අප තෝරා ගන්නේ නැහැ. අපගේ ප්‍රතිපත්තිය වී ඇත්තේ පෞද්ගලික ව්‍යාපාර කළමනාකරණ නිදහස රාජ්‍ය ව්‍යාපාර වලට ලබාදීරාජ්‍ය අංශයේ මැදිහත්වීම තුළ වෙළදපළ තරඟකාරීත්වය මෙන්ම පාරිභෝගික හා සේවාලාභීන්ගේ සුභසාධනය වැඩි කිරීමයි. එබැවින්විවිධ ක්ෂේත්‍රවල ඇති රාජ්‍ය ව්‍යාපාරවල වාණිජමය නිදහස තහවුරු කිරීමට අවශ්‍ය රාජ්‍ය කළමනාකරණ ස්වාධීනත්වය ලබාදීමට නීති රාමුවක් ඉදිරිපත් කිරීමට යෝජනා කරනවා.

    විවිධ නීති රාමු යටතේ ඇතැම් රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල වලට එකම සේවා ස්ථානයක සිය මුළු සේවා කාලයම ගත කිරිමට සිදු වී තිබෙනවා. වෘත්තීමය හා තාක්ෂණික වශයෙන් ඔවුන්ගෙන් ලබා ගත හැකි දායකත්වය මෙන්ම සේවක සුරක්ෂිතභාවය හා සුභසාධනයද මේ නිසා  සීමා වී තිබෙනවා. එබැවින්සංවෘත රාජ්‍ය සේවා (close service) ආයතනවල සේවකයින්ට පවත්නා සේවා කොන්දේසි තුළ සේවා අවශ්‍යතාවයන් අනුව වෙනත් ආයතනවලට අනුයුක්ත  කළ හැකි නීති රාමුවක් හඳුන්වා දීමට මුදල් පනත සංශෝධනය කිරීමට මා යෝජනා කරනවා.

    මෙමගින් දැනට වැසුන සේවා ආයතනවලට කොටු වී ඇති සේවකයින්ට තමාට වෘත්තීමය උනන්දුවක් ඇති වෙනත් රාජ්‍ය ආයතනයක හෝ තම ගම් ප්‍රදේශවලට ආසන්න ආයතනයක රැකියාව කිරීමේ අවස්ථාවන් ඇති කිරීමට අපේක්ෂා කරනවා. මෙමගින් සේවක තෘප්තිය සහතික කිරීමට හැකි වන අතර එවන් සේවකයන් කාර්යක්ෂම ලෙස සේවාවේ යොදා ගැනීමටද හැකි වෙනවා.

    එකිනෙකට සම්බන්ධ වූ කාර්යයන් සඳහා වෙන වෙනම  ආයතන පවත්වා ගැනීම නිසා එම ක්ෂේත්‍රවල සංවර්ධන කටයුතුවලට විශාල බාධාවක් මෙන්ම අධික වියදමක් දැරීමටද සිදුවී තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය සඳහා පවත්නා ආයතන 5 සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ලෙසත්පොල් කර්මාන්තය සඳහා ඇති ආයතන 4 පොල් වගා හා ආශ්‍රීත කර්මාන්ත සංවර්ධන අධිකාරිය වශයෙනුත් ඒකාබද්ධ ආයතනික ව්‍යූහයක් ඇති කිරීමට අපේක්ෂා කරනවා. පර්යේෂණ සඳහා වැයවෙන සම්පත් උපරිම ඵළදායිතාවයකින් යුතුව කළමනාකරණය කිරීම සඳහා ජාතික පර්යේෂණ සභාවේ අනුබද්ධිත ආයතන ලෙස පර්යේෂණ ආයතන ක්‍රියාත්මක කිරීමටද අවශ්‍ය වී තිබෙනවා.   පොහොර ආනයනය හා බෙදාහැරීම සඳහා පවත්නා ආයතන ඒකාබද්ධ කිරීමටද යෝජනා කරනවා.  

    රාජ්‍ය සේවකයින් සඳහා සහන

    රාජ්‍ය සේවකයින්ගේ විදුලි බිල්පත් වියදම් අඩු කිරීම සඳහා  සූර්යබල විදුලි පහසුකම් ලබාදීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

    රාජ්‍ය සේවකයින්ගේ පත්වීම් හා ස්ථානමාරු ලබා දීමේදි තම ගම් ප්‍රදේශ අදාළ දිස්ත්‍රික්කයන් තුළට යොමු කිරීමටද යෝජනා කරනවා.

    මාණ්ඩලික නොවන ශ්‍රේණිවල කාර්යාල රාජ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට හා  විදේශ රැකියාවන්හි නිරත වීමට අපේක්ෂිත සේවකයින්ට වසර 2ක නිවාඩු ලබාදීමටද යෝජනා කරනවා.

    රාජ්‍ය සේවකයින් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා  අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපල ණය සඳහා උපරිම පොලී අනුපාතය සියයට 7 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.

  • 2021 අයවැය: සම්පූර්ණ කතාව

    2021 අයවැය: සම්පූර්ණ කතාව

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස අද (17) දින 2021 වර්ෂයට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම අයවැය කතාව සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

    අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති රාමුව තුළ 2021 – 2023 මැදිකාලීන ආර්ථික පුනර්ජීවන හා දිළිදුකම පිටුදැකීමේ කඩිනම් වැඩසටහන ශක්තිමත් කරන 2021 අයවැය කතාව මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටකින්.

    ගරු කථානායකතුමනි,

    අප රට කවර ආර්ථික මට්ටමක සිටියත්කවර අභියෝගයන්ට මුහුණ දී තිබුණත් පිළිගත යුතු එක් මූලික යතාර්ථයක් වන්නේ කාර්මීකරණයෙන් ඉදිරියට පැමිණි ලෝක ආර්ථිකයමේ වන විට තාක්ෂණික ආර්ථිකයට පිවිස ඇති බවයි. අප මෙය දැකිය යුත්තේ කෘෂිකර්මයකර්මාන්ත හා සේවා අංශ සංවර්ධනය සඳහා සම්ප්‍රදායික උපාය මාර්ගවලින් ඔබ්බට ගොස් තාක්ෂණික වශයෙන් මෙම ක්ෂේත්‍ර ඒකාබද්ධ නිෂ්පාදන හා සැපයුම් ක්‍රියාවලියට යොමු කිරිමට ප්‍රමුඛත්වය දිය යුතු අවස්ථාවක් ලෙසයි. අපේ රටේ ආර්ථික සංවර්ධනයේදී අප කළ යුත්තේ  ජෛව විවිධත්වයෙන් පොහොසත්සංස්කෘතිමය වශයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති ජාතික උරුම දායාදයන්ගෙන් පෝෂණය වූ  සුවිශේෂිත අනන්‍යතාවක් ඇති පරිසර සංවේදීතිරසාර සංවර්ධනයට කැප වූ රටක් හා ජාතියක් ලෙස ඉස්මතු කිරීමයි. සතාසිව්පාවුන්ගංගාඇළ දොළ හා ස්වභාව සෞන්දර්යෙන් පෝෂණය වුඅපේ දිවයින එයටත් වඩා කිහිප ගුණයකින් විශාල වූ සාගර සම්පතකටද උරුමකම් කියන රටක් ලෙසජාතික නිෂ්පාදන ක්‍රියාවලියේ සාපේක්ෂ වාසි (Comparative Advantage) මතු කළ යුතුයි.

    ගරු කථානායකතුමනි,

    භූ දේශපාලනික වශයෙන්ද අප රටේ වැදගත්කම සෑම රටකටම දැනෙන යුගයකට අප ප්‍රවේශ වී සිටිනවා. අපේ අසල්වැසි ඉන්දියාව ඉදිරි දශක කිහිපය තුළ ලෝකයේ ප්‍රබල ආර්ථිකයක්.   ඊට අමතරව චීනය ඇතුළු ආසියා රටවල් කිහිපයක්ද ලෝක ආර්ථිකයේ ප්‍රබල ආර්ථිකයන් 5 අතරට පිවිසෙන බව මගේ විශ්වාසයයි.

    ඉහළ ආදායම් වර්ධනයක් ඇති අප අවට ආසියා වෙළඳපළ ලෝක ජනගහනයෙන් සියයට 60ක් පමණ වෙසෙන නැගී එන ආර්ථික කලාපයක්. සම්ප්‍රදායික බටහිර දියුණු ආර්ථිකයන්ට මෙන්ම නැගී එන ප්‍රබල ආර්ථිකයන්ගේද කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස රටේ ස්වෛරීත්වය රැකගනිමින් උපරීම ප්‍රයෝජනය ගැනීමට දිගුකාලීන උපාය මාර්ගික දැක්මක් තිබිය යුතුයි. අප රටේ දේශීය ආර්ථික ඉඩ ප්‍රස්ථා පුළුල්වන පරිදි කොළඹ හා හම්බන්තොට වරායන් හා ගුවන් තොටුපොළවල් මෙම වාණිජ ක්‍රියාවලියේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් වශයෙන් දියුණු කළ යුත්තේ  එවැනි ජාතික දැක්මක් තුළයි.

    ගරු කතානායකතුමනි,

    අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතමින් කළ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක තුළින්ම අවධාරණය කළ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ “සෞභාග්‍යයේ දැක්ම” තුළින් මේ රටේ ජනතාව අපේක්ෂා කළ සැමට ප්‍රතිලාභ ලැබෙන අපේම ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමයි. ආදායම් හා පළාත් විෂමතාවයන් මෙන්ම නාගරික හා ග්‍රාමීය අසමානතාවයන්ද අවම වන සංවර්ධනයකට යොමු කිරීම එහි අන්තර්ගත හරයයි. අපගේ සමාජ සංවර්ධන වැඩපිළිවෙලේ මූලික අරමුණ වී ඇත්තේ කොවිඩ්-19 ඇතුළු වසංගත රෝග වලින් මෙන්ම  මේ වන විට ඉහළ මට්ටමක ඇති බෝ නොවන රෝග වලින්ද ජනතාව මුදා ගැනෙන පරිදි නිදහස් සෞඛ්‍ය සේවය ජනතාවට තව දුරටත් ඵලදායි වන ලෙස පුළුල් කිරීමයි. සෑම දරුවකුටම ඵලදායි පුරවැසියෙක් ලෙස සිය කුසලතාවන් සහ නිපුණතාවන් මතු කරගත හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම‍ට අප වෙහෙසිය යුත්තේමානව සම්පත් ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම දැනුමේ ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන නිසයි.

    ක්‍රීඩා හිතකාමී ජනසමාජයක් තුළින් බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කරමින් සෞඛ්‍ය සම්පන්න ළමා හා තරුණ පරපුරක් බිහිකිරීම හා සමාජආර්ථිකදේශපාලනික හා සංස්කෘතික පෙර දැක්මකට තාරුණ්‍යයේ ක්‍රියාකාරී දායකත්වය ලබාගත යුතුයි. ඒ  සඳහා අධ්‍යාපන හා ක්‍රීඩාමානව සම්පත් සංවර්ධනයට බද්ධ කළ යුතුයි. රටේ සිටිනා දක්ෂ දරුවන් පිරිස විශ්ව විද්‍යාල දක්වා සාර්ථක ගමන් මගක ගොස් අවසානයේ විරැකියාව උරුම කරගන්නේ නම් එම අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන  ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට ප්‍රමුඛත්වය දිය යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මෙම කාර්යයට යොමුකර තිබෙනවා.

    අප සමාජයේ ජීවත්වන අවදානමකට ලක්වූ (vulnerable) පුද්ගලයින්වැඩිහිටියන්විවිධ හැකියාවන් ඇති පුද්ගලයන් හා අඩු ආදායම්ලාභීන්ගේ සමාජ සුභසාධනය සහ සමාජ ආරක්ෂණය (social security) අප රාජ්‍ය ප්‍රතිපත්තියේ මූලික වගකීමක් කරගෙන තිබෙනවා. ඒ සඳහා සෞඛ්‍යඅධ්‍යාපනයක්‍රීඩා හා සමාජ සුභසාධනය මානව සම්පත් සංවර්ධනයේ එකිනෙකට වෙන් කළ නොහැකි බව “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තිය තුළින් පැහැදිලි කර තිබෙනවා. 

    ජනතා අවශ්‍යතාවන් ඉටු කිරීමේදී නවීන සන්නිවේදනය හා තාක්ෂණය අද ප්‍රධාන යටිතල පහසුකම් අවශ්‍යතාවක්. පානීය ජලයවාරිමාර්ගවිදුලියමාර්ගබැංකු හා මුදල් මේ සඳහා අවශ්‍ය පරිපූරක පහසුකම් වෙනවා. දුෂ්කර ජීවිත ගෙවන ගොවීන්ධීවරයින්පාරම්පරික කර්මාන්තවල යෙදෙන්නන්ස්වයං  රැකියාවල යෙදෙන්නන්යැපුම් ආර්ථිකයට කොටුවී ඇති අඩු ආදායම්ලාභීන් හා විවිධ දුෂ්කරතා නිසා නිශ්චිත ආදායම් නොමැති ජිවනෝපාය අවදානම් තුළ මුදල්තාක්ෂණය හා වෙළදපළ සොයාගත නොහැකි කුඩා ව්‍යාපාරිකයන් තුළ ඇත්තේ සැඟවුණ නිෂ්පාදන ධාරිතාවක්. ඔවුන් නිෂ්පාදනයේ ප්‍රබල කොටස්කරුවන් කර ගනිමින්දිළිඳු බවින් තොර ආර්ථික සංවර්ධනයකට ප්‍රවේශ විය යුත්තේ  එම සැඟවුණ ධාරිතාව තුළ පුළුල් නිෂ්පාදන හැකියාවක් ඇති නිසයි.

    ගරු කතානායකතුමනි,

    හුදෙක් ආනයනය මත රඳාපවතින වෙළඳ ආර්ථිකයක් වෙනුවට ගොවි නිෂ්පාදන හා කෘෂිකාර්මිකරණයක් (Agro Industrialization) මුල්කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ජනතා අපේක්ෂාව බව “ගම සමඟ පිළිසඳරක්”  ජනතා සංවාදයෙන් අප තේරුම් ගෙන තිබෙනවා. “සෞභාග්‍යයේ දැක්ම” යනු ස්වභාවික පරිසර සංවේදීවඑය පෝෂණය කරමින් සංවර්ධන කටයුතු පවත්වා ගැනීම බව මෙම උත්තරීතර සභාවේදී අතිගරු ජනාධිපතිතුමා අවධාරණය කළා.

    රජයේ කාර්යභාරය ඉටු කිරීමේදීසංකීර්ණ වූ පරිපාලන හා නියාමන ක්‍රම වෙනුවට බිම් මට්ටමේ කටයුතු වලට මුල්තැන දෙන ජනතා කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් අවශ්‍ය වී තිබෙන බවද ජනතා සංවාද වලින් අප හඳුනාගෙන තිබෙනවා.

    පසුගිය රජය මෙන් රාජ්‍ය සේවය හෙළා නොදැක, එහි හැකියාවන් අවතක්සේරු නොකර, විනිවිදභාවයෙන් යුතුව අවම පිරිවැයකින් හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක විය හැකි රාජ්‍ය සේවයක් නිර්මාණය කළ යුතු වෙනවා. සත්භාවයෙන් රාජ්‍ය සේවය කරන නිළධාරින් දේශපාලන පලිගැනීම් වලට ලක් කිරීම අප හෙළා දැකිය යුතුයි. වසර ගණනාවක් ගතවන නඩු හබ, අකාර්යක්ෂමව හා යල්පැන ගිය  නීති පද්ධතීන් හා ආයතනික ව්‍යූහයක අවශ්‍යතාවයද ජනතා හඩ වී තිබෙනවා.  එබැවින් පවත්නා නීති හා ආයතනික ව්‍යූහය ප්‍රතිසංස්කරණය කරමින් ජනතාව මෙන්ම ව්‍යාපාරිකයින් දිරිගන්වන පරිසරයක් නිර්මාණය කිරීමටද අප මුල්තැන දිය යුතුයි.  

    ගරු කතානායකතුමනි,

    රජයේ සාර්ව ආර්ථික ගමන්මග (Macro-Economic Road Map)

    සෞභාග්‍යයේ දැක්ම” සාර්ව ආර්ථික වැඩපිළිවෙළට අනුව සමාජයේ සියළු පාර්ශව වලට ප්‍රතිලාභ ලැබෙන සියයට 6ක් ඉක්මවන මැදිකාලීන ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම අපගේ ඉලක්කය වෙනවා.

    මිල ස්ථාවරත්වය ඇති කර ගනිමින්සියයට 5ක පමණ වාර්ෂික උද්ධමන වේගයක් පවත්වා ගනිමින්ජීවන වියදම් පාලනයට මුල් තැනක් දිය යුතු වෙනවා. ස්ථාවර පොලී හා විදේශ විනිමය අනුපාතබදු ප්‍රතිපත්තියබැංකු හා මූල්‍ය පහසුකම් හා ආයතනික ක්‍රියාකාරීත්වයභාණ්ඩ හා සේවා සැපයුම දිරි ගැන්විය යුතුයි.  ජනතාවගේ ආර්ථික නිදහස තහවුරු කරමින් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට රජය පහසුකම් සපයන ව්‍යූහාත්මක වෙනසක් වෙළඳපළ ආර්ථික රාමුව තුළ ඇති කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන උපාය මාර්ග වෙනවා.

    රජයේ ආදායම හා වියදම අතර ඇති සියයට 9ක පමණ  පරතරය සියයට 4ක මට්ටමකට වාර්ෂිකව අඩුකර ගැනීම අපගේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අරමුණු අතර ප්‍රධාන සන්ධිස්ථානයක්. ජාතික ආදායමෙන් සියයට 90ක් වන රාජ්‍ය ණය සියයට 70කට අඩු කර ගැනීමත්විදේශ ණය  සංයුතිය තුළ ඇති වී ඇති අවදානම් අඩු කර ගැනීමත්එම සන්ධිස්ථානයට ලඟාවීම සඳහා අවශ්‍ය වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය හා ගනුදෙණු සඳහා ප්‍රමාණවත් පරිදි මුදල් හා ණය පහසුකම් ජනතාවට ගලා යන පරිදි බැංකු හා මූල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. මුදල් හා ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව මුල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නව දැක්මකින් බැලිය යුතු යැයි අප විශ්වාස කරනවා.

    දේශීය නිෂ්පාදනවලටවටිනාකමක් එක් කරනු ලබන අපනයන විවිධාංගිකරණය තුළින් විදේශ ඉපයුම් වැඩි කිරීම අවශ්‍යයි.  ආනයන මත වන දැඩි රඳාපැවැත්ම අවම කර ගනිමින් විදේශ වෙළදාමේ හිඟය අඩු කරගත හැකි පරිදි වෙළද හා නිෂ්පාදන ක්‍රියාවලිය හසුරුවා ගත යුතුයි. සංචාරකවිදේශ රැකියාවරාය හා ගුවන් සේවා ඉපයීම්වල ආදායම් වැඩිකර ගැනීමවෙළඳ හිඟය අඩු කිරීමට සමගාමීව සිදු කළ යුත්තේ අපගේ විදේශ සම්පත් වැඩි කර ගැනීමට භාණ්ඩ නිෂ්පාදනය මෙන්ම සේවා සැපයුමද ඉහළ මට්ටමක පැවතිය යුතු නිසයි. පුළුල් ග්‍රාමීය සංවර්ධනයක් තුළින් දුප්පත්කම පිටුදැකීම ඉලක්ක කරගත් රැකියා උත්පාදනය හා ජීවනෝපාය මාර්ග වැඩිකිරීම මෙන්ම සෞඛ්‍යයඅධ්‍යාපනය හා සමාජ සුභසාධනය පුළුල් කිරීමේ සංවර්ධන ප්‍රවේශයකට අප පිවිසිය යුත්තේ මෙම සාර්ව ආර්ථික දැක්ම තුළයි. 

    විදේශ ණය මුදල් උපයෝජනය

    ශ්‍රී ලංකාව විදේශ ණය අරමුදල් මගින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් ප්‍රමාණය සීඝ්‍ර ලෙස වැඩි වී තිබෙනවා. එහෙත්ණය මුදල් යටතේ ඩොලර් මිලියන 6,000කට වඩා වැඩි මුදල් වටිනාකමක් ඇති ව්‍යාපෘති සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරන්නේ නැහැ. ව්‍යාපෘති සැලසුම් කිරීමශක්‍යතා අධ්‍යනයන්ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම් හා අධීක්ෂණ කටයුතු වලදී දැකිය හැකි ප්‍රධාන දුර්වලතා වී ඇත්තේ එම වැඩසටහන් දේශීය අවශ්‍යතා වලින් දුරස්ථවීමත්වැඩසටහන් වියදම් වැඩිවීමත්ක්‍රියාත්මක කිරීම සඳහා ගතවන කාලය වැඩි නිසාඅඩු ප්‍රතිලාභ ඇතිවීමත්ය. එම නිසා  විදේශ ණය ප්‍රමාණය මෙන්ම ණය සේවා ඉහළයාමත් දක්නට ලැබෙනවා. එම වියදම් නිසා වඩා ඵලදායි අඩු පිරිවැයකින් කළ හැකි ව්‍යාපෘති සඳහා මුදල් හිඟවීම තුළ භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතුවලට අහිතකර බලපෑම් ඇතිවන බවද නිරීක්ෂණය වී තිබෙනවා.

    ගරු කතානායකතුමනි,

    මෙම ණය අරමුදල් “සෞභාග්‍යයේ දැක්ම” ආර්ථික හා සමාජ සංවර්ධන වැඩපිළිවෙළ තුළ හඳුනාගෙන ඇති සුවිශේෂීතා මුල් තැන දෙමින් යලි සකස්කර ගැනීමට අප සැලසුම් කර  තිබෙනවා. ඒ සඳහා සංවර්ධන ණය මුදල් සපයන ආයතන දක්වා ඇති සහය අප අගය කරනවා. පවත්නා ණය යෝජනා ක්‍රම තුළමප්‍රමුඛත්වය ගෙන ඇතිකොවිඩ් රෝග නිවාරණ කටයුතු,  පානීය ජල සැපයීමග්‍රාමීය මාර්ග සංවර්ධනයග්‍රාමීය සෞඛ්‍ය සේවා පුළුල් කිරීමදරුවන් හා මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය දියුණු කිරීමවෘත්තීය අධ්‍යාපනයට සිසුන් ආකර්ශණය කිරීමට අප මුල්තැන දී තිබෙනවා. එමෙන්මසම්ප්‍රදායික කර්මාන්තවලට නව අගයක් ලබාදීමතරුණ තරුණියන්ට නව ව්‍යාපාර සඳහා ආරම්භක ප්‍රාග්ධනය සැපයීම හා ගොවිපළ සංවර්ධනයට තාක්ෂණය හඳුන්වාදීම සඳහා මුදල් වෙන් කර ගැනීමට හැකි වී තිබෙනවා.  පුනර්ජනනීය බලශක්ති ධාරිතාව වැඩි කිරීමමූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපළ ප්‍රතිසංස්කරණය ආදී ප්‍රමුඛතාවන්ට මුදල් වෙන් කර ගැනීමටත් අප කටයුතු කර තිබෙනවා.

    මේ අනුව ලෝක බැංකුවආසියානු සංවර්ධන බැංකුව හා JICA  ආයතනය සමඟ පමණක් වාර්ෂිකව මෙම කටයුතු සඳහා වියදම් කිරීමට සැලසුම් කර ඇති විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1,400ක් පමණ වෙනවා. මෙයට අමතරවද්විපාර්ශ්වික සංවර්ධන පරිපූරක ණය මුදල් ඩොලර් මිලියන 400ක් පමණ ලබා ගැනීමටද අපේක්ෂා කරනවා. මෙම ව්‍යාපෘතින් සඳහා  ආනයන අවශ්‍යතා ඉතා අඩු බැවින් විදේශ විනිමය කළමනාකරණයටද මෙම වැඩපිළිවෙළ ධනාත්මක බලපෑමක් ඇති කරනවා. විදේශ ණයතාක්ෂණ උපකරණ හා විශේෂිත අවශ්‍යතාවන් හැර ප්‍රතිපාදන වලින් සියයට 65ක් පමණ දේශීය වියදම් සඳහා යොදා ගැනීමට අප කටයුතු කරනවා.

    ණය මුදල් යටතේ ඇති විවිධ ව්‍යාපෘති කාර්යාල හා විදේශ උපදේශක වියදම් සීමා කරඅදාළ ආයතනවල වැඩසටහන් ලෙස ක්‍රියාත්මක කිරීමෙන් වියදම් අඩු කිරීමටත්මනා සම්බන්ධිකරණයක් ඇති කිරීමත් අපේක්ෂා කරනවා. ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍රවල (Development Clusters) ප්‍රතිපත්ති හා උපාය මාර්ග පදනම් කරගෙන විදේශ ආයතන වලින් (Policy Based Borrowings) ණය ලබා ගැනීමට ප්‍රමුඛත්වය දෙනු ලබනවා. දේශීය අරමුදල් හැකිතාක් දුරට ජාතික යටිතල පහසුකම් පද්ධතියටග්‍රාමීය ආර්ථිකය විවෘත කළ හැකි පරිදි යොදා ගැනීමද මෙම ආයෝජන මූල්‍යකරණයේ උපාය මාර්ගයක් වෙනවා.

    බදු ප්‍රතිපත්තිය

    සෞභාග්‍යයේ දැක්ම” මගින් ප්‍රකාශිත වූ පරිදි බදු ගෙවන්නන්ගේ පහසුව මෙන්ම බදු පරිපාලනය කාර්යක්ෂම කිරීම සඳහා ඉතා සරල බදු ක්‍රමයක් රජය විසින් 2020 ජනවාරි මස ක්‍රියාත්මක කළා. එම බදු ක්‍රමය ඉදිරි වසර 5 තුළ නොවෙනස්ව පවත්වා ගැනීමව්‍යාපාරික කටයුතු දියුණු කරමින් ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීමට අවශ්‍ය එක් ප්‍රධාන සාධකයක්. බැංකුමූල්‍ය හා රක්ෂණ ක්ෂේත්‍ර හැරභාණ්ඩ ආනයනය හා නිෂ්පාදන හා සේවා සැපයීම සඳහා ව්‍යාපාර පිරිවැටුම මසකට රුපියල් මිලියන 25ට වැඩි ව්‍යාපාර වලට අදාළ සියයට 8ක වැට් බද්ද නොවෙනස්ව පවත්වා ගෙන යෑමට යෝජනා කරනවා. දැනට විවිධ ආයතන හා නීතිමය විධිවිධාන යටතේ ක්‍රියාත්මක වන මත්පැන්සිගරට්දුරකථන සේවාසූදු (Gaming), මෝටර් රථ වැනිමුළු බදු ආදායමෙන් සියයට 50කට වැඩි බදු ආදායම් දායකත්වයක් දෙන භාණ්ඩ හා සේවා බදු වඩා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා එක බදු ක්‍රමයක්, online තාක්ෂණය ඔස්සේ කළමනාකරණය කිරීමට සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් (Special Goods and Service Tax) හඳුන්වා දීමට යෝජනා කරනවා. සුරාබදු ආඥා පනත වැනි විශේෂ පනත්නීති විරෝධි මත්පැන් හා දුම්වැටි වෙළදාම වලක්වා ගැනීමේ නියාමනය ශක්තිමත් කිරීමට හැකි වන පරිදි යොදා ගැනීමෙන් ආදායම් මාර්ග ශක්තිමත් කිරීම මෙම ප්‍රතිසංස්කරණයේ තවත් අරමුණක්.

    2020 ජනවාරි මස 01 වන දින සිට සරල බදු ක්‍රමයක් හා online බදු පරිපාලනය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බැවින් එතෙක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ ආර්ථික සේවා ගාස්තුජාතිය ගොඩනැගීමේ බද්ද වැනි බදු වලට අදාල හිඟ බදුගෙවන්නන්ගේ මූල්‍යමය හැකියාව පදනම් කරගත් අවසන් හා පූර්ණ (Full and Final Settlement) විසඳුමක් වශයෙන් සහන බදු ගෙවීමකට යටත්ව අදාළ ලිපි ගොනු වසා දැමීමට යෝජනා කෙරේ.

    එමෙන්ම 2021.04.01 දින සිට සියළු සමාගම් ව්‍යාපාර බදු e-filing ක්‍රමයට යටත් කිරීම අනිවාර්ය කිරීමදබදු හා සෑම ගනුදෙනුවකටම අදාළව  බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) යොදා ගැනීමට හැකිවන පරිදි බදු නීතිය සංශෝධනය කරනු ලබනවා. බැංකු හා මූල්‍ය ආයතනවල බදු ගනනය කිරීමේදී අඩමාන ණය හා අපේක්ෂිත ණය පාඩු සඳහා කරනු ලබන ප්‍රතිපාදන වලදී වඩාත් විනිවිදභාවයෙන් කළමනාකරණය කිරීම සඳහා දේශීය ආදායම් පනත යටතේ අවශ්‍ය උපදෙස් නිකුත් කිරීමටද යෝජනා කරනවා. එමෙන්ම දේශීය ආදායම් පනත යටතේ බදු පරිපාලන තීන්දුඅභියාචනයට යටත් වන කාල සීමාවක් තුළ ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අවශ්‍ය නීති ප්‍රතිපාදන ශක්තිමත් කිරීමට යෝජනා කරනවා. බදු අභියාචනා කඩිනමින් විසඳීම සඳහා විශේෂ බදු අභියාචනා උසාවියක් ඇති කිරීමටද යෝජනා කරනවා.

    ගරු කතානායකතුමනි,

    පුද්ගල ආදායම් බද්ද ක්‍රියාත්මක වන්නේ වැටුප්පොලීකුලීලාභාංශ හෝ වෙනත් ආදායම් ප්‍රභවයන්ගෙන් මසකට රුපියල් 250,000කට වැඩි ආදායම් ලබන්නන් සඳහා පමණයි. උපයන විට බදු ගෙවීම්පොලී මත රඳවා ගැනීම් බදු අහෝසි කර තිබෙනවා.

    මසකට රුපියල් 250,000 වැඩි ආදායම් ප්‍රභවයන් ඇති වැටුප්පොලී වැනි ආදායම් ලබන්නන්ට මාසිකව අදාළ බදු මුදල ගෙවීමට අවශ්‍ය නම් සිය සේවා ස්ථාන වලට හෝ බැංකුවලට ඒ පිළිබඳ උපදෙස් දීමට හා වසර අවසානයේ සමස්ථ ආදායම් ප්‍රකාශයක් මගින් සිය බදු වගකීම් තුලනය කරගැනීමට සරල ක්‍රමයක්  හඳුන්වා දෙනු ලබනවා.

    ඉදිරි වසර 5 තුළ  කෘෂිකර්මසත්ව හා ධීවර කටයුතු වලින් ලැබෙන පෞද්ගලික හා ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා. තොරතුරු තාක්ෂණය හා ආශ්‍රිත දේශීය හා විදේශීය ඉපයීම් මෙන්මනේවාසිකව හෝ විදේශගතව උපයනු ලබන විදේශ ආදායම් ද ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා.

    රජයේ බදු ආදායමෙන් සියයට 80ක් රැස් කරන්නේ ඉහළ ආදායම් හා මහා පරිමාණ ව්‍යාපාරබැංකු හා මූල්‍ය ආයතන වලිනුයි. 2013/2014 වර්ෂවල මා විසින් හඳුන්වා දුන් Revenue Adminstration Management Information System සක්‍රීය කිරීමට අවශ්‍ය තාක්ෂණික හා නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. එකී බදු ගෙවන්නන් ඉලක්ක කරගෙන බදු කළමනාකරණය කිරීම සඳහා පිහිටුවා  ඇති විවිධ අංශ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ ඍජු වගකීම යටතේ පරිපාලනය කිරීම සඳහා එක් අංශයක් යටතට (Large Tax Payer Unit) පත් කිරීමට කටයුතු කර තිබෙනවා. බදු ගෙවන්නන්ගේ ස්වයං අනුකූලතාවය වර්ධනය කිරීම හා බදු විගණනය ශක්තිමත් කිරීමද බදු ආදායම වැඩි කර ගැනීමට අවශ්‍ය බැවින්දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට යෝජනා කරනවා. පෞද්ගලික අංශයේ බදු උපදේශකයන් හා විගණනකරුවන් බදු ගෙවන්නන් නියෝජනය කිරීමේදි සහ සහතික නිකුත් කිරීමේදී,  වැරදි බදු වාර්තා සකස් කිරීම හෝ අනුබල දීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකා එැවැනි බදු උපදේශක සේවා පවත්වා ගෙන යෑම අවලංගු කළ හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට යෝජනා කරනවා.

    ඉතිරි කිරීම් හා ආයෝජන

    ජනතාවගේ ආදායම් මාර්ග උත්පාදනයට ඇති  ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීමට සමගාමීව සෑම දෙනාම ආවරණය වන ජාතික ඉතිරිකිරීම් වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කිරීම‍ට අප පෙරමුණ ගන්නවා. සමෘද්ධිලාභීන්ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් හිමිකම් සඳහා වාර්ෂිකව රුපියල් බිලියන.50කට අධික මුදලක් අයවැය මගින් සලසනු ලැබුවදඔවුන්ගේ විශේෂ අවශ්‍යතාවයන් හා සැදෑසමය සඳහා ප්‍රමාණවත් ආදායමක් ලැබෙන ඉතිරිකිරීම් ක්‍රමයක් සකස් වී නැහැ. එබැවින් සමෘද්ධි බැංකුව විසින් සෑම සමෘද්ධිලාභියෙකු සඳහාම සමෘද්ධි ජීවිත ඉතුරුකිරීම්  (Samurdhi Life Savings Account) ගිණුම් විවෘත කිරීමටත්සමෘද්ධි ජීවන ආධාර එම ගිණුම්වලට තැන්පත් කිරීමටත් යෝජනා කරනවා. එම ගිණුම්වල  ස්ථාවර ඉතුරුකිරීම් ශේෂයන්ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පතු මෙන්ම භාණ්ඩාගාර ඇපකර මගින් තහවුරු කර සමෘද්ධිලාභීන්ගේ ඉතුරුකිරීම් වැඩිකිරීමට පියවර ගන්නවා. එම ඉතුරුකිරීම් සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන සුරක්ෂිත කර ඇති අයුරින්ම සහතික කිරීම සඳහා  භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමට ප්‍රතිපාදන සලසනවා. එම ආයෝජන සඳහා ලැබෙන පොලී ආදායම සියළු බදු වලින් නිදහස් කිරීමටද යෝජනා කරනවා. දැනට රාජ්‍ය බැංකුවල සමෘද්ධි බැංකුව විසින් තැන්පත් කර ඇති මුදල් වලින් සියයට 90ක ප්‍රමාණයක් සමෘද්ධිලාභීන්ගේ නේවාසික ආර්ථික හා ව්‍යාපාර දියුණු කිරීම සඳහා සියයට 7ක වාර්ෂික පොලියට ණය සැපයීමේ “නව සමෘද්ධි ව්‍යවසාය සංවර්ධන ණය යෝජනා ක්‍රමයක්” ක්‍රියාත්මක කරනවා.

    සුභසාධන සමිති හා ආයතනවල පොලී ආදායම සඳහා පසුගිය රජය පැනවූ බදු එම ආයතනවල ඉතුරුකිරීම් දිරිගැන්වීම සඳහා  නිදහස් කිරීමට යෝජනා කරනවා.

    පුද්ගල ඉතිරිකිරීම් දිරිගැන්වීම සඳහා වෛද්‍ය රක්ෂණභාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරනිවාස ණයලැයිස්තුගත සමාගම් කොටස්වල මසකට රු. 100,000 දක්වා කරනු ලබන පෞද්ගලික ආයෝජන ආදායම් බදු ගනනයේදී අඩු කළ හැකි ගෙවීම් ලෙස (qualifying paymets) සැලකීමට යෝජනා කරනවා.

    ශ්‍රී ලංකාවේ නේවාසිකව සේවය කරන විදේශිකයන් ශ්‍රී ලංකාව තුළ උපයන විදේශ විනිමය හෝ විදේශවල ඇති සිය ඉපයීම් හෝ ශ්‍රී ලංකාවෙන් පිට බැංකු ණය වලින් සුපිරි මහල් නිවාස මිලදී ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසීමට යෝජනා කරනවා.

    සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියාමනය යටතේ දේපල ආයෝජන භාරය ( Sri Lanka Real Estate Investment Trust) මගින් නිත්‍ය නිවාස වෙළදපළ ආයෝජන දිරිගැන්වීම සඳහා එම ආයතනවල ප්‍රාග්ධන ලාභ හා  ලාභාංශ ආදායම් බදු වලින් නිදහස් කිරීමට සහ මුද්දර බද්ද සියයට 0.75 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.

    දේශීය සමාගම් කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කිරීම දිරි ගැන්වීම සඳහා 2021.12.31 දිනට පෙර ලැයිස්තු ගත කරනු ලබන සමාගම්වලට සියයට 50ක ආදායම් බදු සහනයක් ලබාදීමටත්ඉන්පසු වසර 3ක් සඳහා අදාළ සමාගම් බද්ද සියයට 14ක් ලෙස පවත්වා ගැනීමටත් යෝජනා කරනවා.

    ප්‍රාග්ධන ලැබීම් බද්ද සරලකර දේපල විකිණුම් මිල හෝ දේපලවල  තක්සේරු කරුගේ වටිනාකම යන දෙකෙන් වැඩි වටිනාකම සඳහා බදු අයකිරීමට යෝජනා කරනවා. විදේශීය සමාගම්වල ලාභාංශසිය ව්‍යාපාර පුළුල් කිරීමමුදල් හෝ කොටස් වෙළඳපලේ ආයෝජනය කිරීම හෝ ශ්‍රී ලංකා ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කරන්නේ නම් ඔවුන්ගේ  ලාභාංශ වලට අදාල බද්ද සඳහා වසර 3ක බදු විරාමයක් ලබාදීමට යෝජනා කරනවා.

    ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු විසින් ඩොලර් මිලියන 100ක අවමයකට යටත්ව ශ්‍රී ලංකා ස්වෛරීත්ව බැඳුම්කර මිලදි ගන්නා විට එම ආයෝජන සඳහා අවධානම් බර තැබූ ප්‍රතිපාදන (Risk weighted Provisioning)  වෙන් කිරීමට අදාළ ශ්‍රී ලංකා මහ බැංකු රෙගුලාසි වසර 3ක කාලයක් සඳහා අත්හිටුවීමට හා එම ආයෝජනවල ප්‍රාග්ධන ලාභ හා පොලීආදායම් බදු වලින් නිදහස් කිරීමටද යෝජනා කරනවා.

    අපනයන කර්මාන්තපශු සම්පත්හා කිරි ආශ්‍රිත නිෂ්පාදන  (Dairy), රෙදිපිළි (Fabric), සංචාරකකෘෂි නිපැයුම්සැකසුම් කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර සඳහා ආර්ථිකයේ ව්‍යූහාත්මක වෙනසක් ඇති වන පරිදි සිදු කරන ඩොලර් මිලියන 10ට වැඩි ආයෝජන සඳහා උපායමාර්ගීක ආයෝජන නීති (Strategic Investment Law) යටතේ වසර 10ක උපරිමයකට යටත්ව බදු සහන සලසනවා. 

    කොළඹ හා හම්බන්තොට වරායන් කේන්ද්‍රකොට ගෙන ජාත්‍යන්තර වෙළදාමේ භාණ්ඩ තොග හුවමාරු මධ්‍යස්ථාන (Commodity Trading Hub) වශයෙන් බන්ධිත ගුදම් (Bonded Warehouse)   පහසුකම් සඳහා ආයෝජන දිරිගැන්වීමට එවැනි අක්වෙරළ (Offshore) ව්‍යාපාර ආශ්‍රිත ගුදම් පහසුකම්   සඳහා කුලී බදු සහන දීමටද යෝජනා කරනවා. 

    ජාතික ආරක්ෂාව

    ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවල රණවිරුවන්ගේ වෘත්තීමය කුසලතා වැඩිදියුණු කිරීම හා නවීන තාක්ෂණ පහසුකම් ලබාදීම සඳහා මැදිකාලීන සැලැස්මක් සකස්කර තිබෙනවා. අප රටේ පවත්නා සම්පත් සීමාවන් මෙන්ම ප්‍රමුඛතා හඳුනාගැනීම තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව ශක්තිමත් කිරීමට මුල්තැන දී තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම හා අපේ රට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ගණුදෙණුකරුවන්ගේ තිප්පොලක් වීමේ තර්ජනය මුලිනුපුටා දැමීය යුතුයි. භාණ්ඩ smuggle කිරීම පාලනය කිරීමධීවර සම්පත් හා ධීවර ප්‍රජාවට අවශ්‍ය ආරක්ෂණ පහසුකම් ලබාදීමටත්ඉන්දියානු සාගරයේ නාවික පහසුකම් සඳහා සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහාත්එම ආයෝජනය දායක කර ගැනීමට රජය අපේක්ෂා කරනවා.  එමෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාව හා ගුවන් හමුදාව ආපදා කළමනාකරණය ඇතුළු බහුවිධ කාර්යයන්හිදි සිදුකරනු ලබන කාර්යභාරයන් සඳහා අවශ්‍ය කෙටිකාලීන යන්ත්‍රෝපකරණ හා යටිතල පහසුකම් ගැනද අවදානය යොමු කර තිබෙනවා. එම මැදිකාලීන හා දිගුකාලීන සැලසුම් රාමුව තුළ අවශ්‍ය මූලික අවශ්‍යතා සඳහා රුපියල් මිලියන 20,000ක අතිරේක ප්‍රතිපාදන ත්‍රිවිධ හමුදාවට වෙන් කිරීමට යෝජනා කරනවා.

    ත්‍රිවිධ හමුදාවපොලීසිය හා සිවිල් ආරක්ෂක බලකා සේවාවල විශ්‍රාමිකඅබාධිත රණවිරුවන්මියගිය රණවිරුවන් හා එම පවුල්වල යැපෙන්නන් සඳහා රණවිරු සේවා අධිකාරිය දියත් කර ඇති අබාධිත රණවිරුවන්ට සහයක උපකරන ලබාදීමනිවාස ණයඅධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන වැඩසටහන් හා ව්‍යවසාය සංවර්ධන හා වෛද්‍යාධාර ලබාදීම සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කිරීමද යෝජනා කරනවා.  

    මහජන ආරක්ෂාව

    මහජන ආරක්ෂාව තහවුරු වන පරිදි පොලිස් සේවය ශක්තිමත් කිරීමට රජය විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. සියළු පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පරිසරය තහවුරු කළ යුතුයි. මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමරථවාහන හා මාර්ග නීති ක්‍රමවත් ලෙස නියාමනය කිරීමසංචාරක පොලිස් සේවා තර කිරීම මෙන්ම මංකොල්ලකෑම්අපරාධ වැලැක්වීම සඳහා විශේෂ පුහුණු කිරීම් හා අවශ්‍ය පහසුකම් ලබාදීමටත් සැලසුම් කර තිබෙනවා. එමෙන්ම පොලිස් මුර  සංචාරක කටයුතු පුළුල්  කරමින් ප්‍රජා ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් රථ යෙදීමටද යෝජනා කරනවා. මහජන ආරක්ෂාවට හඳුනාගත් විවිධ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 2,500ක අතිරේක ප්‍රතිපාදන ලබාදීමට යෝජනා කරනවා.

    තාක්ෂණික යටිතල පහසුකම්

    රාජ්‍ය යාන්ත්‍රණයහා වෙළඳපළ ක්ෂේත්‍රයන්හි ක්‍රියාවලිය සරල කරමින් කාර්යක්ෂම හා ජනතා කේන්ද්‍රීය සේවා සැපයීම හා දැනුම් හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. දේශාන්තර විද්‍යුත් වාණිජ්‍යය සහ ජාත්‍යන්තර විද්‍යුත් ගෙවීම් ක්‍රම ස්ථාපනය කිරීම හා රට පුරා විහිදුනු අධිවේගි දත්ත හුවමාරු පද්ධතියක් හා ආශ්‍රිත ජංගම ජාල පද්ධතිය ස්ථාපනය කිරීම ඉන් ප්‍රධාන ආයෝජන මාර්ගයක් වෙනවා. දත්ත ආරක්ෂාවසයිබර් ආරක්ෂාවබුද්ධිමය දේපල අයිතිය සඳහා නව නීති හා ආයතනික ව්‍යූහය සකස් කිරීමට මුල්තැන දෙනු ලබනවා.

    තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයන දායකත්වය හා ජාතික ආර්ථිකයේ දැණුම හා වෘත්තීය සේවා දායකත්වය පුළුල් වන අයුරින් ව්‍යවසාය සංවර්ධනයට දායක වීම මෙන්මතාක්ෂණික යටිතල පහසුකම් හා ආශ්‍රිත සේවාවන් පුළුල් කිරීම මගින් තාක්ෂණික ව්‍යවසාය ආර්ථිකයක් සඳහා පරිවර්තනය කිරීම මෙහි අපේක්ෂිත අරමුණයි. එබැවින් තාක්ෂණ ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 8,000ක විශේෂ ප්‍රතිපාදනයක් වෙන් කිරීමටද යෝජනා කරනවා.

    ගමට සන්නිවේදනය (Connect Sri Lanka)

    තාක්ෂණය තුළින් සියළු පාර්ශව සම්බන්ධ කරගත් ඩිජිටල් ශ්‍රී ලංකාවක් “Technology- based society and digitally inclusive Sri Lanka” ඇති කිරීම රජයේ දැක්මයි. සියයට සියයක් 4G/ fiber Broadband ආවරණයක් ලබාදිමේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ “ගමට සන්නිවේදනය” වැඩසටහන සමස්ත රටම ආවරණය කෙරෙන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා ටෙලිකොම් සංවර්ධන අරමුදල රුපියල් මිලියන15ක ආයෝජනයක් 2021 – 2022 කාලය තුළ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

    මෙම වැඩසටහන මගින් Mobile හා fixed broadband services සඳහා පුළුල් ආවරණයක් ලබාදෙනවා. දිවයින පුරා විසිර ඇති සියළුම ග්‍රාම නිළධාරි කොට්ඨාශ ආවරණය වන පරිදි broadband සබඳතා ලබාදීම සඳහා දුරකථන සැපයුම්කරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සමඟ සන්නිවේදන කුළුණු සහ fiber installations ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

    මෙම සන්නිවේදන කුළුණුඅවශ්‍ය උපාංග හා තාක්ෂණික සේවා සඳහා දේශීය නිෂ්පාදන හා ශ්‍රමය යොදා ගැනීමට ප්‍රමුඛත්වය දී තිබෙනවා. එම සන්නිවේදන ජාලය පරිසර බලපෑම් අවම වන පරිදි සකස් කරනු ඇත. මෙම වැඩසටහන යටතේ සන්නිවේදන කුළුණු ඉදිකිරීම සඳහා හඳුනාගත් රජයේ ඉඩම් විදුලි සංදේශන නියාමන කොමිෂමට පවරණු ලබනවා. එමෙන්ම පවත්නා සම්පත් උපරිම ලෙස යොදා ගැනීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂම හා ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධව කටයුතු කරනු ඇති. 01.01.2021 සිට වසර 5ක බදු සහන කාලයක් එම ඉදිකිරීම් සඳහා දේශීය කර්මාන්තකරුවන්ට ලබාදීමට යෝජනා කරනවා. දුරකථන සංවර්ධන ගාස්තු වලින් සියයට 50ක් මෙම ආයෝජනය සඳහා වෙන් කිරීමට මා යෝජනා කරනවා.

    තාක්ෂණ උද්‍යාණ (Techno Parks)

    තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයන හා විදේශ ආදායම් ඉපයිය හැකි  දායකත්වය වැඩිකර ගැනීම හා  ජාතික ආර්ථිකයේ දැනුම හා වෘත්තීය සේවා පුළුල්වන අයුරින් තාක්ෂණික ව්‍යවසාය ආර්ථිකයක් ඉදිරි වසර 2 තුළ ඇති කිරීමට යෝජනා කරනවා. තාක්ෂණ ව්‍යපාර හා ව්‍යවසායකත්වය කේන්ද්‍ර කරගත් ආයෝජන හා ආශ්‍රිත සේවා කර්මාන්ත සඳහා කෙරෙන මෙම පරිවර්තනය තුළින් තරුණ තරුණියන්ට ඉහළ ආදායම් ඉපිදවිය හැකි රැකියා නිර්මාණය කිරීම අපේක්ෂා කරනවා. ඒ සඳහා පූර්ණ යටිතල පහසුකම් සහිත කඩිනම් ව්‍යාපාර ආරම්භ කළ හැකි (plug and play) තාක්ෂණ උද්‍යාණ 5ක් ගාල්ලකුරුණෑගලඅනුරාධපුරයමහනුවර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ඇති කිරීමට යෝජනා කරනවා. මෙම තාක්ෂණික උද්‍යාන අධිවේගී මාර්ග පද්ධතියට හා අනෙකුත් යටිතළ පහසුකම් වලට සම්බන්ධ වන අයුරින් පරිසර හිතකාමී නව නගර වශයෙන් දියුණු කිරීමට රුපියල් මිලියන 10,000ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

    මාතර දෙනියාය ප්‍රදේශයේ වරායනාවිකගුවන්තාක්ෂණඉංජිනේරු විෂයන් කේන්ද්‍රකරගත් නවීන විශ්ව විද්‍යාලයක් 2023ට පෙර ආරම්භ කිරීමටද අතිගරු ජනාධිපතිතුමා මූලිකත්වය ගෙන තිබෙනවා.

    සෞඛ්‍ය සේවා ආයෝජනය (Investment in Public Health)

    පොදු ජනතාවගේ සෞඛ්‍ය සඳහා කෙරෙන ආයෝජනය කවරදාටත් වඩා ප්‍රමුඛත්වයක් ගෙන තිබෙනවා. COVID වසංගත උවදුර මර්ධනය කරමින් ජන ජීවිත පවත්වාගෙන යාම නොවැලැක්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health organization) මෙන්ම බොහෝ රටවල් විසින් පුරෝකථනය කර තිබෙනවා.

    මේ වන විට ලෝකයේ කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 500 හා මරණ සංඛ්‍යාව ලක්ෂ 10ක් ඉක්මවා තිබෙනවා. බොහෝ රටවල දෙවන තුන්වන අදියරටද එම වසංගතය පැමිණ තිබෙනවා. එමෙන්මමුල් අවස්ථාවට වඩා රෝගය ඉක්මනින් පැතිරයමේ අවධානම් ලක්ෂණද මතු වී තිබෙනවා.

    මෙම යතාර්ථය තුළදිවයින පුරා විහිදි ඇති සෞඛ්‍ය සේවා ස්ථානමාතෘ හා ළමා සායනඩිස්පැන්සරි හා වැඩිහිටි සේවා මධ්‍යස්ථාන රසායනාගාර සේවාපර්යේෂණ ආයතන හා රෝහල් මෙන්ම සේවා මධ්‍යස්ථාන ආශ්‍රිත කාර්යමණ්ඩල පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 18,000ක අතිරේක ප්‍රතිපාදන සැපයීමට යෝජනා කරනවා.

    කොවිඩ් ඇතුළු වසංගත රෝග නිරෝධානයේදීතාවකාලිකව අහිමි වන ජීවනෝපාය අවස්ථාවන්ට රැකවරණයක් වන පරිදි නව රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමටද යෝජනා කරනවා.

    සේවක සංඛ්‍යාව 50 ඉක්මවන ව්‍යාපාර හා කර්මාන්තශාලා ඉලක්ක කරගෙනඑවන් ව්‍යාපාරික ආයතනවල පිරිවැටුමෙන් සියයට 0.25ක රක්ෂණ දායක මුදලක් අය කිරීමටද යෝජනා කරනවා. සේවක සංඛ්‍යාව 5ක් ඉක්මවන සිල්ලර හා තොග වෙළඳසැල් මෙන්ම හෝටල් සඳහාද මෙම රක්ෂණ ක්‍රමය යොදා ගැනීමට අපේක්ෂා කරනවා. සියළුම රාජ්‍ය සේවා වෙනුවෙන් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමගාමීව කොවිඩ් රක්ෂණ යෝජනා ක්‍රමයක්ද රජයේ දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

    ඖෂධ නිෂ්පාදනය

    අප රටේ නිදහස් සෞඛ්‍ය සේවය සඳහා ඖෂධ ආනයනයට පමණක් ඩොලර් මිලියන 550ක් පමණ මුදලක් වාර්ෂිකව වැය වෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීම සඳහා බැංකු හා මූල්‍ය පහසුකම් භාණ්ඩාගාර ඇපකර මත ලබාදීමට යෝජනා කරනවා. එමෙන්මදේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජකයින් සඳහා නවීන ආයෝජන කලාපයක් උපායමාර්ගික ආයෝජන පනත යටතේ ආරම්භ කිරීමටද යෝජනා කරනවා.

    ලදරු හා ගැබිනි මව්වරුන්ගේ පෝෂණ සංවර්ධනය

    අප රටේ ළදරුවන් හා ගැබිනි මව්වරුන්ට පරිපූරක පෝෂණ ආහාරයක් ලෙස ලබාදෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා බඩඉරිඟුසෝයාමුං වැනි ධාන්‍ය වර්ග යොදාගනු ලැබූවත් එම ධාන්‍ය නිෂ්පාදනය ප්‍රමාණවත් ලෙස නොලැබීම නිසා ත්‍රිපෝෂ බෙදාහැරීම කෙරෙන්නේ අවශ්‍ය ළදරුවන් හා මව්වරුන්ගෙන් අඩකටත් අඩු ප්‍රමාණයකටයි. එබැවින් මෙම අමුද්‍රව්‍ය ගොවීන්ගෙන් මිලදි ගැනීම හා ගබඩාකර තබාගැනීමත්ත්‍රිපෝෂ නිෂ්පාදනය වැඩිකිරීමටත් රුපියල් මිලියන 1,500ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනු ලබනවා. මාස් කන්නයේ ධාන්‍ය අස්වැන්න නෙලීමත් සමඟ ආරම්භ කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළත් සමඟ ලදරුවන් හා ගැබිනි මව්වරුන් සඳහා අඛණ්ඩව නියමිත ත්‍රිපෝෂ ආහාර නොකඩවා ලබාදීම මාර්තු මාසයේ සිට ආරම්භ කරනවා.

    දුරස්ථ අධ්‍යාපන

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ මූලික අදියර ලෙස ඉගෙනුම් ක්‍රමවේද විධිමත් ලෙස පාසැල් පද්ධතිය තුළ ස්ථාපිත කිරීම හා පාසැල්වලට අන්තර්ජාල පහසුකම් ලබාදීම පුළුල් කිරීම අවශ්‍ය වී තිබෙනවා. විෂයානුබද්ධ ඉගෙනුම් ලබාදීම සඳහා e-තක්සලාව ඉගෙනුම් පද්ධතිය යාවත්කාලීන කිරීම හා පලාත් තොරතුරු තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථාන ශක්තිමත් කිරීමද එයට සමගාමීව ක්‍රියාත්මක විය යුතුයි. ග්‍රාමීය හා බොහෝ ජාතික නොවන පාසල්වල පවතින ගුරුවරුන්ගේ හිඟය හේතුවෙන්  දරුවන්ට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා අවම කිරීමට සහ කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ පාසැල් අධ්‍යාපනය අඛණ්ඩව ලබාදීම සඳහා දුෂ්කර පාසැල්වලට  රූපවාහිනී යන්ත්‍ර මගින් ගුරු ගෙදර අධ්‍යාපන නාලිකාව සියළු සිසුන් සඳහා විවෘත කිරීම කඩිනම් කිරීමටද සැලසුම් කර තිබෙනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් විෂය නිර්දේශ නවීන අවශ්‍යතා අනුව පුළුල් කිරීමගුරු අධ්‍යාපන පුහුණු කටයුතුවිභාග ක්‍රමවේදයන් හා සියළු අධ්‍යාපන ආයතන ජාතික ප්‍රතිපත්තියක් තුළ නියාමනය කිරීමද සැලසුම් කර තිබෙනවා. 

    වෘත්තීය අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා 

    විශ්ව විද්‍යාල අවස්ථා පුළුල් කිරීමට සමගාමීව තරුණ තරුණියන් අකර්ෂණය වන පරිදි හා තාක්ෂණ විද්‍යාල නවීකරණය “One TVET” සංකල්පය යටතේ විධිමත් නියාමනයක් තුළ උසස් තාක්ෂණවේදී උපාධි ආයතන වශයෙන් තාක්ෂණ සහ කාර්මික විශ්ව විද්‍යාල විද්‍යා ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමට රජය ප්‍රමුඛතාවය දී තිබෙනවා.  එමෙන්ම වෘත්තීය අධ්‍යාපනය හා ව්‍යවසායකත්වය සම්බන්ධ කරමින් තොරතුරු තාක්ෂණයඉංග්‍රිසි හා අනෙකුත් භාෂාකාර්මික හා තාක්ෂණික දැනුම සහිත සිසුන් බිහිකිරීමද මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි. දැනට රජයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා වර්ෂයකට බඳවා ගනු ලබන ලක්ෂයක (100,000) පමණ ශිෂ්‍ය සංඛ්‍යාව ලක්ෂ දෙක (200,000) දක්වා වැඩිකිරීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීමතාක්ෂණික උපකරණ ලබාගැනීමගොඩනැගිලි නඩත්තු හා නවීකරණය කිරීම කඩිනමින් කළ යුතු වෙනවා. වෘත්තීය අධ්‍යාපන ආයතනවල ආචාර්යවරුන්ගේ හා  ආයතන කාර්ය මණ්ඩලවල වෘත්තීමය කාර්යසාධනය පදනම් කරගෙන දෙනු ලබන දීමනා ලබාදීමටත්වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය පදනම් කරගෙන මසකට රු.4,000ක ශිෂ්‍යාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත්රුපියල් මිලියන 3,000ක අමතර ප්‍රතිපාදනයක් ලබාදීමට යෝජනා කරනවා.

    හෙද හා සාත්තු සේවා වෘත්තීය අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා හෙද විදුහලඋපාධි ප්‍රදානය කරන අධ්‍යාපන ආයතනයක් බවට උසස් කිරීමට යෝජනා කරනවා.

    වෘත්තීය අධ්‍යාපනයට යොමුවන තරුණ තරුණියන්ට සිය වෘත්තීය නිපුණතා අධ්‍යයන කටයුතු සාර්ථක ලෙස නිමකිරීමෙන් පසු සිය නිපුණතා තුළින් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ආරම්භක ව්‍යාපාර අරමුදලක් (Start up Capital) වශයෙන් රු. 500,000ක ණය මුදලක් සියයට 4ක වාර්ෂික පොලියක් යටතේ ලබා දීමට යෝජනා කරනවා. එම ණය පොලී හා ණය වාරික ගෙවීමට වසරක සහන කාලයක් (grace period) දෙනු ලබන අතර ණය මුදල ගෙවා දැමීම සඳහා වසර 4ක කාලයක් ලබා දීමටද යෝජනා කරනවා. මේ අනුවරු. 12,000ක පමණ අඩු පොලී සහිත වාරික ගෙවීමේ අවස්ථාව එම ව්‍යවසායකයින්ට හිමිවෙනවා. එම මුදල නිසි ලෙස අනුමත  ව්‍යාපාරය සඳහා යොදවන බව සහතික කිරීම,

    පසු විපරම්කිරීම හා ව්‍යාප්ත සේවා සැපයීම සඳහා සියයට 0.25ක commitment fee එකක් වාර්ෂිකව අයකිරීමට යෝජනා කරනවා. මෙම ව්‍යාපාර වසර 5ක කාලයක් සඳහා ආදායම් බදු වලින් නිදහස් කිරීමටද යෝජනා කරනවා. බැංකු හා මූල්‍ය ආයතන විසින් සපයනු ලබන එවැනි ආරම්භක ප්‍රාග්ධනය (Start up Capital) පොලී පිරිවැය (Cost of Funds) බදු ආදායම ගනනය කිරීමේදි අඩු කළ හැකි වියදම් ලෙස සැලකීමට යෝජනා කරනවා.

    One TVET සංකල්පය යටතේ ප්‍රමිතිගත කෙරෙන පෞද්ගලික අංශයේ වෘත්තීය අධ්‍යාපන ආයතනවල දායකත්වය වර්ෂයකට සිසුන් 50,000 දක්වා වැඩිකිරීම දිරි ගැන්වීම සඳහා දැනට සිටින සිසුන් සංඛ්‍යාව දෙගුණ කරනු ලබන ආයතනවල ආදායම් සඳහා වසර 5ක බදු විරාමයක් ලබාදීමටද යෝජනා කරනවා. එමෙන්ම සංචාරකසෞඛ්‍යඉදිකිරීම්කෘෂි හා සත්ව ගොවිපොල පාලන වැනි ක්ෂේත්‍රවල සුවිශේෂ වෘත්තීය කුසලතා සහිත තරුණ තරුණියන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් විදේශ රැකියා සඳහා යොමු කිරීමටද යෝජනා කරනවා.

    විශ්ව විද්‍යාල පහසුකම් පුළුල් කිරීම

    ජාතික විශ්ව විද්‍යාලවල වෛද්‍යඉංජිනේරුතාක්ෂණනීතිවාණිජ හා ව්‍යාපාර කළමනාකරණ ආදී විෂයන් සඳහා ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. එයට සමගාමීවරැකියා අවස්ථා සිඝ්‍ර ලෙස ඉල්ලුම් කෙරෙන සුවිශේෂිත වූ විෂය ක්ෂේත්‍රයන් ඉලක්ක කරගෙන නේවාසික නොවන නගර විශ්ව විද්‍යාල (City Universities) දිස්ත්‍රික්කයකට එක බැගින් පිහිටුවීමට යෝජනා කරනවා. මෙහි ආරම්භයක් ලෙස කළුතරඅම්පාරපුත්තලමනුවරඑළිය දිස්ත්‍රික්කවල දැනට පවත්නා වෘත්තීය අධ්‍යාපන හෝ වෙනත් රාජ්‍ය ආයතන සතු ගොඩනැගිලි හා යටිතල පහසුකම් ඉදිකිරිමට යෝජනා කරනවා. මේ සඳහා විශේෂ ප්‍රතිපාදන රුපියල් මිලියන 1,000ක් වෙන් කිරීමට යොජනා කරනවා.

    ක්‍රීඩා

    ග්‍රාමීය මෙන්ම ජාතික මට්ටමේ පාසැල් සිසුන් හා තරුණ තරුණියන්ගේ සහභාගීත්වය පුළුල් කිරීම මගින් සමාජ විරෝධි ක්‍රියාවන්ගෙන් ඔවුන් වලක්වාගෙන අධ්‍යාපන කටයුතු වලට අමතරව මූලික බාහිර ක්‍රියාකාරකම් ලෙස ක්‍රීඩා සංවර්ධනය ජාතික ආයෝජනයක් ලෙස රජය සලකනවා.

    ක්‍රීඩා පාසැල් මෙන්ම සංස්කෘතික මධ්‍යස්ථාන හා බද්ධ වූ තරුණ ප්‍රජා මධ්‍යස්ථාන මගින් තරැණයන්ගේ ආකර්ශණය ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කිරීම සඳහා කෘතිම ධාවන පථ සහිත ක්‍රීඩා පාසැල් 10ක් දියුණු කරනවා. 2032 ඔලිම්පික් ක්‍රීඩා සඳහා ක්‍රීඩා සංකීර්ණයක් නිර්මාණය කිරීමත්ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා කාන්තා සහභාගීත්වය පුළුල් කිරීමත්, 2025 වන විට

    ඩොලර් මිලියන 1,000ක ක්‍රීඩා ආර්ථිකයක් නිර්මාණය කිරීමේ 2021-2024 මැදිකාලීන ආයෝජනයේ ආරම්භක ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 2,000ක අතිරේක ප්‍රතිපාදනයක් වෙන්කිරීමට යෝජනා කරනවා. කුරුණෑගලයාපනයටොරින්ටන්බෝගම්බර හා දියගම ක්‍රීඩාංගනවල කෘතිම ධාවනපථ ඉදිකිරීමත්ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා සඳහා තොරතුරු තාක්ෂණය හා නවීන තාක්ෂණික පහසුකම් සහිත නවීන ක්‍රීඩා නගරයක් සූරියවැව ප්‍රදේශයේ ඉදිකිරීමද මෙම වැඩපිළිවෙළට ඇතුලත් වෙනවා.

    නාගරික ඇවිදින මංතීරු හා පොදු පහසුකම් (walking tracks and connected common facilities)

    දිවයින පුරා විසිර ඇති මහා නගර සභා සහ නගර සභා බල ප්‍රදේශවල නාගරික ඇවිදින මංතිරු හා ආශ්‍රිත ප්‍රජා පහසුකම් පරිසර හිතකාමී සහ ඒ ඒ ප්‍රදේශවල ජෛව විවිධත්වය මතු කරමින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ප්‍රජා අවශ්‍යතා මෙන්ම සෞඛ්‍ය සම්පන්න බාහිර විවේකි පරිසරයක් නාගරික ජනතාවගේ මූලික අවශ්‍යතාවක් බැවින් එම පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 2,000ක් වෙන් කිරීමටද යෝජනා කරනවා.

    සංචාරක කර්මාන්තය

    පාස්කු ප්‍රහාරයෙන් කඩා වැටුණ සංචාරක ව්‍යාපාර යලි හිස එසවීමටත් පෙර කොවිඩ් ලෝක වසංගත තත්ත්වය තුළ පසුබෑමකට ලක් වී තිබෙනවා. ප්‍රසංශණීය ලෙස විවිධාංගීකරණය වී ඇති අපේ රටේ සංචාරක කර්මාන්තය හා සංචාරකයින්ගේ සිත්ගන්නා ස්ථාන මෙම අවස්ථාවේ ආරක්ෂා කරගනිමින් සාමාන්‍ය තත්ත්වය තුළ දියුණු කිරීමට අප ක්‍රමවේදයන් සකස්කළ යුතු වෙනවා. ඒ සඳහා කාලයක් ගත වුවත්සංචාරක කර්මාන්තය ඩොලර් බිලියන 10 ඉක්මවන ක්ෂේත්‍රයක් ලෙස දියුනු කිරීමේ ඉඩ ප්‍රස්ථා බොහෝයි.

    අපේ රට වැසියන් විදේශ සංචාර සඳහා වැයකළ   ඩොලර් මිලියන 1,500කට ආසන්න විදේශ විනිමයන් දේශීය සංචාරක කටයුතුත් සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන යටතේ දියුනු කිරීම මගින් සංචාරක කර්මාන්තය කෙටි කාලයකින් තරමක් දුරට දියුණු කළ හැකියි. එබැවින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමූල්‍ය පහසුකම් යටතේ දෙනු ලැබූ ණය පහසුකම් යටතේ දෙනු ලබන සහන හා ණය අයකිරීම් 2021 සැප්තැම්බර් 30 දක්වා දිර්ඝ කිරීමට යෝජනා කරනවා. ඒ සඳහා සියයට 50ක භාණ්ඩාගාර ඇපකර අදාළ බැංකුවලට ලබාදීමටද යෝජනා කරනවා. සංචාරක ව්‍යාපාරික කටයුුතුවල පලාත් පාලන ආයතන විසින් අයකරනබදු හා ගාස්තු සරල කර උපරිමයකට යටත් කිරීමට අවශ්‍ය සංශෝධන කිරීමටද යෝජනා කරනවා. 

    පුරාවිද්‍යා හා සංස්කෘතික උරුමයන්

    පුරාවිද්‍ය  උරුමයන් හා සංස්කෘතිමය උරුමයන් විහිදීම් සංරක්ෂණය සඳහා අදාළ ආයතන හා ජනාධිපති කාර්යසාධන බලකාය ඒකාබද්ධ පුරාවිද්‍යා උරුම කළමනාකරණයට අවශ්‍ය ශක්තිමත් නීතිමය රාමුවක් සකස් කිරීමට ප්‍රමුඛත්වය දී තිබෙනවා. පුරාවිද්‍යා හා සංස්කෘතික මධ්‍යස්ථාන පුනුරුත්තාපන කටයුතු සඳහා අයවැය විසින් සලසා තිබෙන ප්‍රතිපාදන වලට අමතරව දුෂ්කර ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් වැඩිදියුනු කිරීම සඳහා රුපියල් මිලියන 50ක අතිරේක ප්‍රතිපාදන සලසනවා.

    විදේශ රැකියා

    අප රටේ ලක්ෂ 15ක්  පමණ විදේශ රැකියා වල නිරත වෙනවා. මේ අයගෙන් බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභි කාන්තාවන්. 2010 සිට 2014 කාලය තුළ පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් විදේශ රැකියාවලට යැවීමට අප කටයුතු කළේ ග්‍රාමීය ප්‍රදේවල අඩු ආදායම්ලාභී පවුල්වලට ඉහළ ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේදයක් වශයෙනුයි. එ්නිසා ඩොලර් බිලියන 4ක්ව පැවති ඔවුන්ගේ ඉපයීම් ඩොලර් බිලියන 7ක් දක්වා වැඩිකර ගැනීමට හැකිවුණා. 2015 සිට 2019 දක්වා විදේශ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් යැවීමට සාපේක්ෂිතව එම රැකියා වලින් ලබන ආදායම ඩොලර් බිලියන 6.5ට අඩු වුණා.

    ගරු කතානායකතුමනි,

    මෙම තත්ත්වය වෙනස් කර නිපුණතා වැඩිපුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා වලට යොමු කිරීමටත්විදේශ රැකියා වෙළඳපළ විවිධාංගිකරණය කිරීමටත්වෘත්තීය අධ්‍යාපන ආයතනවිදේශ රැකියා කාර්යාංශය හ විදේශ රැකියා ආයතන ඒකාබද්ධ වැඩසටහනකට යොමු කරනවා. විදේශ රැකියාවල නිරතවන්නන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට 2013දී මා කළ යෝජනාවද ක්‍රියාත්මක කරනවා. විදේශ රැකියාවල නිරතවන්නන් ශ්‍රී ලංකාවේ බැංකු වලට එවනු ලබන විදේශ විනිමය මුදල් සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා ඩොලරයකට රුපියල් 2 බැගින් ගෙවීමටද යෝජනා කරනවා.

    කොවිඩ් වසංගතයට මුහුණ දී ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වු රටවල්  126 රැකියාවල නිරත වූ 45,000ක් මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා. රටේ පවත්නා සෞඛ්‍ය පහසුකම්වලට අනුකූලව පැමිණීමට අපේක්ෂිත පිරිස්වලට  පහසුකම් සපයනවා. 

    කෘෂිකර්මය

    එළඹ ඇති 2020 – 2021 මාස් කන්නයට ස්වභාවධර්මය ආශිර්වාද කිරීමක් ලෙස දිවයින පුරා මෝසම් වැසි ලැබෙමින් පවතිනවා. මාස් කන්නය නමින් අපගේ කෘෂි සංස්කෘතිය හඳුන්වන්නේ සෑම බිම් අගලක්ම වගා කරන ප්‍රධාන නිෂ්පාදන කාලසීමාවයි. “බත බුලතින් සරු රටක්” ලෙස  අපේ මුතුන් මිත්තන් මේ දිවයින හැඳින්වූයේ ආහාර සුරක්ෂිතතාවයටයි. ස්වභාව ධර්මය අපට කාරුණික වන විටඅප රටේ ආර්ථික වර්ධනය සමාන්‍යයෙන් සියයට 5 ඉක්මවනවා. මේ ආශිර්වාදය සහල්බඩඉරිඟුඑළවළුපළතුරුමිල ඉහළ දැමීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ ගොවි නිපැයුම්වලට අමතරව විදුලිබලයවාරිමාර්ග පද්ධතියපානීය ජල සැපයුමවනජීවි හා වන සම්පත අපගේ ජාතික නිෂ්පාදනයට දායකවනවා. එම නිසා මෙය උද්ධමනය පාලනය කිරීමේ ආශිර්වාදයක්ද වෙනවා. අපට ලැබෙන සෑම ජල බිංදුවකටම අප වටිනාකමක් එකතු කළ යුත්තේ ඒ ස්වභාවික ආශිර්වාදය වෙනුවෙනුයි.

    සහල්බඩඉරිඟුකුරහන්තලඋඳු ආදී ධාන්‍ය වර්ග සඳහා සහතික මිල ක්‍රමය මගින් එම ගොවීන් දිරිමත් කිරීමට අප සහතික වෙනවා. එළවළුපළතුරුපොල් ඇතුළු වගා නිෂ්පාදනවලටත් මෙය ආශිර්වාදයක්. එබැවින් සෑම දිස්ත්‍රික්කයකටමදිස්ත්‍රික් ලේකම්වරුන් හා පොහොර ලේකම් කාර්යාලය පොහොර සැපයුම සහතික කිරීමට වගබලා ගත යුතු වෙනවා. ඒ සඳහා වී පොහොර නොමිලේ ලබාදීමටත් අනෙකුත් වගාවන් සඳහා කිලෝ 50ක් රු.1,500ක සහන මිලකටත් ලබාදීම සහතික කරනවා. මෙයට සමගාමීව කාබනික පොහොර භාවිතය වැඩි කරමින් උසස් ගුණයෙන් යුත් මිශ්‍ර පොහොර භාවිතය දිරි ගන්වන කාබනික භෝග වගා කලාප සංවර්ධනය කරනවා.

    වී වගා කළ හැකි කුඹුරු හා ගොඩ ඉඩම් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන තිබෙනවා. වගා කළ හැකි සෑම බිමක්ම කවර හෝ වගාවකට යොමු කිරීම ජාතික ප්‍රමුඛතාවක්. සියළුම කුඹුරු හා ඉඩම් හිමියන් එළඹ ඇති මාස් කන්නයේ කඩිනම් වගාවන් සඳහා යොමුවන ලෙස මා ඉල්ලා සිටිනවා.

    වගා නොකරන පුරන්කුඹුරුනොසලකා හැර ඇති කෘෂිකාර්මික ඉඩම් ඵලදායී  කෘෂිකාර්මික කටයුතුවලට යොමු කිරීමට දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පැවරෙන පරදි 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධණ පනත සංශෝධනය කිරීමට  යෝජනා කරනවා.

    කෘෂි නිෂ්පාදන අතිරික්තයක් ඇතිකර එම භාණ්ඩවල තොග පවත්වා ගැනීමට වී අලෙවි මණ්ඩලයට අමතරව දිස්ත්‍රික් ලේකම්වරුන්සමූපකාර හා ගොවි සමිති ඒ සඳහා දිරිගන්වනවා. දේශීයව නිපදවිය හැකි සියළු කෘෂි නිෂ්පාදන ආනයනය සීමා කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය නොකඩවා පවත්වා ගැනීමටද යෝජනා කරනවා.

    බී ළූනුරතු ළූණුඅර්තාපල්අමු හා වියලි මිරිස් නිෂ්පාදනය දිරිගැන්වීමට සහතික මිල ක්‍රමයට අමතරව බීජපොහොර ලබාදීමව්‍යාප්ත සේවාවන් පුළුල් කිරීමට අයවැය මගින් ප්‍රතිපාදන සකසා දී තිබෙනවා.

    එළවළු හා පළතුරු කල්තබා ගතහැකි ශීතාගාර ලබාගැනීමට තීරුබදු පහසුකම් හා ණය පහසුකම් පුළුල් කිරීමටද අවශ්‍ය ප්‍රතිපාදන සගසා තිබෙනවා.

    කහඉඟුරු ආනයනය මුළුමනින්ම තහනම් කර ඇති අතර මෙම භෝග නිෂ්පාදන ඉහල නංවා ගැනීමට පොල් හා රබර් වතුවල අතිරේක භෝග වශයෙන් වගා කිරීමට වගා ආධාර ක්‍රමයක්ද යෝජනා කරනවා.

    දේශීය කිරි කර්මාන්තය

    කිරිපිටි ආනයනය සඳහා ඩොලර් මිලියන 300කට අධික වාර්ෂිකව වැයවන විදේශ විනිමය වියදම (රුපියල් බිලියන. 55ක් පමණ) අඩු කර ගැනීමත්දියර කිරි සඳහා වැඩිවන ඉල්ලුම දේශීයව සපයා ගැනීම සඳහාත්රජයේ ප්‍රතිපත්තිවල මුල්තැනක් දී තිබෙනවා. පිටරටට ගලා යන මෙම විශාල විදේශ විනිමය දේශීය කිරි ගොවින් හා නිෂ්පාදකයින්ට ලබාදීම තුළින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ  පුළුල් සංවර්ධනයක් මෙන්ම ග්‍රාමීය ගොවීන් අතර විකල්ප ආදායම් මාර්ග ඇති කිරීමටත් එය දායක වෙනවා.

    විවිධ පරිමාණයෙන් ක්‍රියාත්මක වන කිරි ගොවිපොලවල්වල දෛනිකව එක් ගවයෙකුගෙන් ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් 4.5ක සිට 22.4ක් ලෙස විශාල වෙනසක් වාර්තා වෙනවා. ආනයනය කළ කිරි ගවයින්ගේ ජීව හැකියාව අනුව ලීටර 20ට වඩා ඉහළ නිෂ්පාදනයක් කළ හැකි බව විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. තණබිම් හා තණබිම් ලෙස වගා කළ හැකි ඉඩම්වල හිඟකමත්උෂ්ණත්වය හා ජලකළමනාකරණ ගැටළු මෙන්ම පෝෂණයෙන් යුත් සත්ව ආහාර හිඟකමත්නවීන තාක්ෂණ ක්‍රමවේදයන් ගොවිපොළවල නොමැතිකමත්ගවයින් ගැබ් නොගැනීම ආදී ගැටළුත්කිරි නිෂ්පාදනයේ දියුණුවට ඇති සීමාවන් වී තිබෙනවා.

    එබැවින්ජාතික පශු සම්පත් මණ්ඩලයේ රිදීගම හා බෝපත්තලාව ගොවිපොළවල් ගව අභිජනන මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීම සඳහා කිරි ගවයින් ආනයනය කිරීමඑම ගවයින් සඳහා සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පෝෂ්‍ය තෘණබඩඉරිඟුසෝගම් ආදී භෝගයන්  සත්ව ගොවිපොළවල් තුළ වගා කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

    සත්ව අභිජනන කටයුතු හා ව්‍යාප්ත සේවා පුළුල් කිරීම මගින් කුඩා හා මධ්‍යම පරිමාණ කිරි ගොවිපොළවල් සංවර්ධනය කිරීමට රජයේ දායකත්වය වැඩි කිරීමටද යෝජනා කරනවා. කුඩා හා මධ්‍යම පරිමාණ කිරි ගොවිපොළවලට අවශ්‍ය කිරි ගවයින් මිලදි ගැනීමපරිසර හිතකාමී ගව මඩු සකස් කර ගැනීම හා උපකරණ මිලදී ගැනීමට සියයට 7.5ක වාර්ෂික පොලිය යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටද  යෝජනා කරනවා.

    දේශීය කිරි ගොවීන්ගෙන් දියර කිරි නවීන තාක්ෂණය යටතේ  එක් රැස් කිරීම,  කිරි ආශ්‍රිත නිෂ්පාදන වැඩි කිරීම හා දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීම සඳහා කරනු ලබන ප්‍රාග්ධන ආයෝජන අවුරුදු 2ක් තුළ ක්ෂය කිරීමට (Depriciation)  යෝජනා කරනවා. කිරිපිටි ආනයනය වෙනුවට කිරිපිටි අපනයන සැකසුම් කිරීම සඳහා එම සමාගම් විසින් කරන ඩොලර් මිලියන 25ට වඩා වැඩි ආයෝජන සඳහා වසර 5ක කාලයකට උපායමාර්ගික ආයෝජන බදු යටතේ සහන ලබාදීමටද යෝජනා කරනවා.

    ධීවර ආර්ථිකය

    ග්‍රාමීය ආදායම් මාර්ග හා පෝෂණ ආහාර සුලභ කිරීම සඳහා  වසරකට පැටව් මිලියන 50ක් වැව් හා ජලාශවලට නිකුත් කරමින් මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය මෙ.ටො.250,000ක් දක්වා වැඩි කිරීමට රුපියල් මිලියන 150ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා.

    අපනයන වෙළදපළේ ආකර්ශණීයම මත්ස්‍ය වර්ග හා පැලෑටි (Aquatic Plants)  අපනයනය වැඩිකර ගැනීම සඳහා පවත්නා පරිපාලන ක්‍රමවේදයන් සරල කිරීම, tissue culture ක්‍රමයට පැලෑටි  දියුණු කිරීමමත්ස්‍ය ආහාර සුලභ කිරීම සහ ගුවන්තොටුපොළ පහසුකම් හා ගුවන් පහසුකම් වැඩි කිරීමට යෝජනා කරනවා. ඉස්සන්කකුළුවන්කාප්තිලාපියාමොදා වැනි මත්ස්‍ය නිෂ්පාදනය සඳහා මඩකලපුවයාපනයපුත්තලමමන්නාරම දිස්ත්‍රික්කවල තෝරා ගත් ස්ථානවල පරිසර ප්‍රමිතීන්ට අනුකූලවූ යටිතල පහසුකම් ඇතුලත් මත්ස්‍ය ගොවිපොල කලාප සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කරනවා.

    කරවලඋම්බලකඩ හා ටින්මාළු නිෂ්පාදනය සඳහා  ලංකාව තුළ නොමැති මත්ස්‍ය වර්ග ආනයනය කිරීමේ ක්‍රමවේදය සරල කරමින් දේශීය නිෂ්පාදන පුළුල් කිරීම සඳහා ආනයනයේදී අයකරනු ලබන බද්ද ඉහළ මට්ටමක පවත්වා ගනු ලබනවා. පාරිභෝගිකයින්ට හා ධීවර ප්‍රජාවට හිතකර පරිදි ධීවර සංස්ථාව ලාභදායී ව්‍යාපාරයක් ලෙස පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම සඳහා රුපියල් මිලියන.500ක අතිරේක ප්‍රතිපාදන ලබාදීමට යෝජනා කරනවා.

    යුරෝපා ප්‍රමිතියට කුඩාවැල්ලබේරුවලදෙවිනුවර හා ගාල්ල හරිත ධීවර වරාය පහසුකම් ඇතිකිරීමපේදුරුතුඩුවඔලුවිල්ගන්දර ධීවර වරාය සංවර්ධනයකප්පරතොටදොඩන්දූවහික්කඩුව වරාය හා නැංගුරම් පොළවල්  සංවර්ධනයනවීන බෝට්ටු හා ගැඹුරු මුහුදේ මත්ස්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට දැනට සලසා ඇති ප්‍රතිපාදන 2021-2023 මැදි කාලය තුළ තවදුරටත් වැඩි කිරීමටද යෝජනා කරනවා.

    වැවිලි කර්මාන්තය

    තේ වගාව සඳහා නව තාක්ෂණික ක්‍රම හා කාළගුණික බලපෑම් අවම කිරීමත්කාබනික පොහොර  භාවිතය ප්‍රචලිත කිරීම කෙරෙහිත් අප විශේෂ අවධානය යොමු කර තිබෙනවා. කුඩා රබර් වතු වල ආදායම් මාර්ග විවිධාංගීකරණය කිරීම හා ස්වභාවික රබර් ආශ්‍රිත කර්මාන්ත මගින් එම ක්ෂේත්‍රයේ ලාභදායිත්වය වැඩිකර ගත හැකි වෙනවා. පොල් ඉඩම්වල ඵළදායීතාවය වැඩි කිරීම සඳහා එම ඉඩම්වල අගල් හා ජල සංරක්ෂණ ක්‍රමවේදයන්බිංදු ජලසම්පාදන ක්‍රමවේදයන් මෙන්ම පොහොර යෙදා ගැනීමටත්පුරන් කුඹුරුවල පොල් හා තැඹිලි වගාවට යොදා ගැනීමත් ප්‍රමුඛතා ලෙස හඳුනාගෙන තිබෙනවා.  දේශීය කිතුල් හා තල් කර්මාන්ත විවිධාංගිකරණය කිරීම මගින් එම නිෂ්පාදන අපනයන වෙළඳපළ කරා දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා.

    කන්තලේබදුල්ලමොනරාගල ප්‍රදේශවල උක් වගාකරුවන්ට ඉහළ ආදායමක් ලබාදිය හැකි පරිදි උක්වගාව වැඩිදියුනු කිරීමට  සැලසුම් කර තිබෙනවා. ලංකා සීනි සමාගමේ නිෂ්පාදන ධාරිතාව මෙ.ටො. 70,000කින් ඉහළ නැංවීමටදසීනි  නිෂ්පාදන කර්මාන්තශාලා නවීකරණයටදඑතනෝල් හා ආශ්‍රිත නිෂ්පාදන වැඩි කිරීම සඳහා ස්කාගාර නවීකරණය කිරීමටද සැලසුම් කර තිබෙනවා.

    ලංකා සත්‍ය කුරුදු (Ceylon True Cinnamon) අපනයන වගා හා සැකසුම් කලාප පිහිටුවීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති වැඩසටහන් පුළුල් කිරීම සඳහාද ප්‍රතිපාදන සලසා තිබෙනවා.

    තේපොල්රබර්කුරුඳු ප්‍රධාන වැවිලි ආර්ථිකය පුනර්ජීවණය කිරීමත් වැවිලි ක්ෂේත්‍රයේ විවිධාංගිකරණ කරන වැඩපිළිවෙළට ඇතුලත් කර තිබෙනවා.  

    ප්‍රාදේශීය ගොවීන්ද සම්බන්ධ කර ශ්‍රී ලංකා කජු සංස්ථාව යටතේ අක්කර 6,500ක කජු වගාකිරීමටත්එම වගාවන්ගේ මුල් අවධියේ උඳුමුංමිරිස් ආදී භෝග වගා කිරීමටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සැලසුම් කර ති‍බෙනවා. මන්නාරම හා පුත්තලම දිස්ත්‍රික්කයේ කුඩා ඉඩම් හිමියන් කජු වගාවට සම්බන්ධ කරගැනීමට ශ්‍රී ලංකා කජු සංස්ථාව අවශ්‍ය පැලෑටි හා ව්‍යාප්ත සේවා සපයනු ලබනවා.

    ගම්මිරිස්කරාබුනැටිඑනසාල්කෝපි ආදී වැවිලි භෝගවල දේශිය වටිනාකම වැඩිවන කාර්මික අපනයන කටයුතු සඳහා ආයෝජනය කරන ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ඉඩම් හා නවීන තාක්ෂණික උපකරණ ආනයනය සඳහා තීරුබදු සහන හා මූල්‍ය පහසුකම් ලබාදීමටත් යෝජනා කරනවා. වැවිලි ක්ෂේත්‍රයේ මෙම සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2,000ක අතිරේක ප්‍රතිපාදන සැලසීමට යෝජනා කරනවා. 

    මහා පරිමාණ වැවිලි සමාගම් ප්‍රතිසංස්කරණය

    1992 වැවිලි සමාගම් පෞද්ගලීකරණය කළ තැන් සිට වසර 30කට ආසන්න කාලයක් විශාල පරිමාණයේ වතු කළමනාකරණය පෞද්ගලික අංශයට පැවරී තිබෙනවා. සමස්ත තේ නිෂ්පාදනය වැඩි වී තිබෙන්නේ කුඩා තේ වතු නිෂ්පාදනවලින් වන අතර මහ පරිමාණ වතුවල දායකත්වය සියයට 25කට පමණ අඩු වී තිබෙනවා. එම වතු බොහෝමයක් වගා විවිධාංගීකරණය වී නැහැ. ඉහළ වටිනාකමක් ඇති ශ්‍රී ලංකා සන්නාම ඇතුළුව තේ අපනයන කර්මාන්තයක් වශයෙන් දියුණු කර ඇත්තේද සමාගම් කිහිපයක් පමණි. බොහෝ සමාගම් වතුවල වගා නොකරන ඉඩම්ද දැකිය හැකියි. රෝහල්පාසැල්නිවාසමාර්ගවිදුලියජලය ආදී මූලික පහසුකම් සපයන්නේද රජය විසිනුයි.

    රජයට ගෙවීමට ඇති බදු කුලී නොගෙවා ඇති සමාගම්ද මේ අතර තිබෙනවා. එසේමසමාගම් වතු වල කම්කරුවන් සඳහා ලැබෙන්නේද ඉතා අඩු දෛනික වැටුපක්.

    මේ තත්ත්වය යටතේ වඩා සාර්ථක ලෙස ක්‍රියාත්මක වී ඇති වතු සමාගම් දිරිගැන්වීමටත්සෑහීමකට පත්විය නොහැකි වතු සමාගම්වල පෞද්ගලීකරණ ගිවිසුම් නැවත සමාලෝචනය කර වාණිජමය වශයෙන් දියුණු කළ හැකි විකල්ප ආයෝජන වැඩිදියුනු කර ගැනීමටත් පියවර ගැනීමට සිදුවෙනවා.  එමෙන්මවතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1,000 දක්වා වැඩි කිරීමටද යෝජනා කරනවා. මෙම වැටුප ගෙවීමට නොහැකි වතු සමාගම්වල කළමනාකාරීත්ව ගිවිසුම් වෙනස් කර සාර්ථක ව්‍යාපාර සැලසුම් සහිත සමාගම් සඳහා ඉඩ ප්‍රස්ථා සැලසෙන නීති රාමුවක් ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මා අදහස් කරනවා.

    මහා මාර්ග

    අධිවේගී මාර්ග පද්ධතිය පුළුල් කිරීම යටතේ 2024 වන විට මධ්‍යම අධිවේගී මාර්ගය කෙරවලපිටිය හා මීරිගම කොටස මෙන්මකුරුණෑගල හා දඹුල්ල කොටසත්පොතුහැර හා  මහනුවර කොටසත්නිමකිරීමට සැලසුම් කර තිබෙනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ ප්‍රථම අදියර ලෙස ඉංගිරිය  කහතුඩුව කොටස නිම කර ජාතික අධිවේගී මාර්ග පද්ධතියට සම්බන්ධ කෙරෙනවා.  වරාය පිවිසුම් මාර්ගය මෙන්ම කැළණි පාලම සිට අතුරුගිරිය මාර්ගයද කඩිනමින් ඉදිකිරීමටත් ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරට පත්වී තිබෙනවා. ජාතික අධිවේගී මාර්ග පද්ධතිය හා එය ආශ්‍රිත වත්කම් වෙනම රාජ්‍ය ආයතනයක් යටතේ පවත්වා ගනිමින් අධිවේග මාර්ග නඩත්තුව හා සංවර්ධන කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා.

    මෙරීන් ඩ්‍රයිව් මාර්ගය මොරටුව දක්වා දිර්ඝ කිරීමටත් පියවර ගෙන තිබෙනවා. කොළඹ හා තදාසන්න මාර්ග බාධා ඉවත් කර අතුරු මාර්ග හා පාලම් සංවර්ධනයට අවශ්‍ය රාජ්‍ය ආයෝජන ප්‍රතිපාදනද වෙන් කර තිබෙනවා. අයවැය ඇස්තමේන්තුවලින් හඳුනාගෙන ඇතිදිස්ත්‍රික් 25ම අවරණය වන 3 අවුරුදු මාර්ග සංවර්ධන වැඩසටහනට අදාළ මාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමටද යෝජනා කරනවා.

    අධිවේගී මාර්ග පද්ධතියට සමගාමීව හා එයට අනුපූරක මාර්ග පද්ධතියක් ලෙස කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල දුම්රිය මාර්ග පද්ධතිය පුළුල් කිරීමටත්කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල දක්වා වැඩි දියුණු කිරීමටත් යෝජනා කරනවා. දුම්රිය මාර්ග සංවර්ධනයේදී දුම්රිය දෙපාර්තමේන්තුව හා දේශීය ඉංජිනේරුවන්ගේ ඍජු දායකත්වය තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

    විදුලිබලය

    පසුගිය වසර 5ක කාලය තුළ එකඳු විදුලි බලාගාරයක් විදුලි ජනන පද්ධතියට එකතු නොකිරීම තුළ 2021/2022 අඛණ්ඩ විදුලි සැපයීමේ අවධානම් මතු වී තිබෙනවා. එම අර්බුදකාරී තත්ත්වය වලක්වා ගැනීම සඳහා ලක්විජය විදුලි බලාගාරයට අතිරේක මෙගා වොට් 300ක ගල් අගුරු බලාගාරයක් හා මෙගා වොට් 600ක ස්වභාවික වායු විදුලි බලාගාර 2ක් කඩිනමින් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙනවා. කෙරවලපිටිය විදුලි බලාගාර ස්වභාවික විදුලි බලාගාර බවට පරිවර්තනය කිරීම මෙන්ම පෞද්ගලික ස්වභාවික විදුලි බලාගාර යෝජනා මගින් අතිරේක ස්වභාවික විදුලි බලාගාර ඉදිකිරිමටද සැලසුම් කර තිබෙනවා. දැනට ඇති ඩීසල් විදුලි බලාග‍ාර අවුරුදු 20ක් ඉක්මවා ඇති බැවින් ඒවා සඳහා ගෙවනු ලබන රුපියල් බිලියන 15ක අධික වියදම් අඩු කිරීමට අදාළ ගිවිසුම් සංශෝධනය කිරිමටද යෝජනා කරනවා.  මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත හා විදුලිබල මණ්ඩල පනත කඩිනම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉවහල් වන පරිදි සංශෝධනය කිරීමටද යෝජනා කරනවා. 2023 වනවිට විදුලිය සඳහා ව්‍යාපාරිකයන් හා විදුලි පාරිභෝගිකයන් දරණ අධික පිරිවැය අඩුකර කලාපයේ තරඟකාරී විදුලි සැපයුමක් ඇති කරමින් ව්‍යාපාර ආර්ථිකය දියුණු කිරීම අපගේ ඉලක්කයයි.

    පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය

    2030 වන විට මෙරට බලශක්තියෙන් අවම වශයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම “සෞභාග්‍යයේ දැක්ම” හි ඉලක්කයක් වී තිබෙනවා. විදුලිබල ජනනය සඳහා ආනයනය කරනු ලබන ඉන්ධන සඳහා වාර්ෂිකව වැය කරන විදේශ විනිමය ඉතිරිවීම නිසා පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය ප්‍රධාන ආනයන ආදේශ කර්මාන්තයක්ද වෙනවා.

    දැනටමත් මෙගා වොට් 300ක සූර්යබලය විදුලි පද්ධතියට එක්කර ඇති අතර    2021 – 2023 කාලය තුළ දේශීය ආයෝජන හරහා මෙගා වොට් 1,000ක ධාරිතාවයක් එක් කිරීම අපේක්ෂා කරනවා.

    රජයේ දායක මුදල් වලට පරිපූරකව ආසියානු සංවර්ධන බැංකුව හා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අඩු ආදායම්ලාභී නිවසකට කිලෝ වොට් 5 බැගින් නිවාස ලක්ෂයකට (100,000) සූර්ය ජනන පද්ධති ලබාදීම තුළින් මෙගා වොට් 500ක පමණ ධාරිතාවක් ඇති කිරීමට යෝජනා කරනවා. මේ සඳහා සියයට 4ක පොලී යටතේ ණය මුදල් සැපයීමටද යෝජනා කරනවා. එමගින් ඔවුන්ගේ විදුලි බිල්පත් වියදම් ඉතිරි වන අතර නිවසේ සිටම විදුලිය ජාතික පද්ධතියට ලබා දීමෙන් අතිරේක ආදායමක් ලබා ගැනීමටද  හැකි වෙනවා. ආගමික ස්ථානරාජ්‍ය ආයතනරෝහල්පාසැල් හා  ආරක්ෂක සේවා මධ්‍යස්ථානවල පියසි මත සූර්ය විදුලි ජනනය සඳහා ආයෝජනය කිරීමටද යෝජනා කරනවා. “ගමට බලාගාරයක් – ගමට ව්‍යවසායකයෙක්” තේමාව යටතේ ග්‍රාමීය මට්ටමින් තෝරාගත් ව්‍යවසායකයින්ගේ ආයෝජන මගින් විදුලිය බෙදාහැරීමේ පද්ධතියට අයත් ට්‍රාන්ස්ෆෝමර් 10,000කට සූර්ය ජනන බලාගාරවලට සම්බන්ධ කිරීමට යෝජනා කරනවා.

    තාක්ෂණය හා උපකරණ පමණක් ආනයනය කර වගා ලිඳක් සහිත සුළු හා මධ්‍යම පරිමාණයේ වාණිජමය කෘෂි ගොවිපොළවල් සඳහා බිංදු ජල සම්පාදනය ඇතුළු නව තාක්ෂණ ක්‍රමයන් යොදා නිෂ්පාදනය වැඩි කිරීම සඳහා එවැනි ව්‍යවසායකයින් 10,000ක් සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප සඳහා රු.150,000 බැගින් ප්‍රාග්ධන ණය ආධාර ලබාදීමට යෝජනා කරනවා. උස්සාන වාරිමාර්ග හා Ro Plant පානීය ජල ව්‍යාපෘති සඳහා සූර්ය බලය ලබාදීමෙන් එම ව්‍යාපෘතිවල විදුලි වියදම අඩු කිරීමටද යෝජනා කරනවා. දැනට විදුලිය නොමැති ගම්වලට සූර්යබලාගාර හෝ ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රම මගින් විදුලිය ලබාදී 2021 අවසන් වන විට සැමට විදුලි ඉලක්කය ඉටු කිරීමටද රුපියල් මිලියන 750ක් වෙන් කිරීමටද යෝජනා කරනවා.

    ආයෝජන මණ්ඩලයේ දිරි ගැන්වීම් මගින් මෙගා වොට් 100ට වැඩි off shore සුළං  හා පාවෙන සුර්ය බලාගාර සඳහා පෞද්ගලික ආයෝජන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම මගින් පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙගා වොට් 1,000 දක්වා වැඩි කිරීමටද යෝජනා කරනවා. සියළුම පුනර්ජනනීය බලශක්ති ආයෝජන සඳහා වසර 7ක බදු විරාමයක්ද ලබාදීමට යෝජනා කරනවා.

    වාරිමාර්ග

    උමා ඔය බහුවිධ වාරිමාර්ග යෝජනා ක්‍රමය ආශ්‍රිත ජලාශ හා ජලවිදුලි බලාගාර කඩිනමින් නිම කිරීමටත්මොරගහකන්ද කළු ගඟ ආශ්‍රිත වාරිමාර්ග පද්ධතිය පුළුල්කරහුරුළුවැව යෝජනා ක්‍රමය ඇතුළු  උතුරුමැද හා වයඹ පලාත්වල වාරි පහසුකම් වැඩිදියුණු කිරීමටත්ගිංනිලවලා හා මල්වතු ඔය ඇතුළු ප්‍රධාන ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමටත්, 2021-2023 මැදිකාලීන අයවැය ඇස්තමේන්තුවල ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

    මාස් කන්නයේ අස්වැන්න නෙලා ගැනීමත් සමඟ දිස්ත්‍රික් 11ක කුඩා හා මධ්‍යම පරිමානයේ වැව් ප්‍රතිසංස්කරණ මගින් කෘෂිකාර්මික ප්‍රදේශවල ජල සංංචිතය වැඩි කිරීමටත් 2021 යල් කන්නය සඳහා ගොවීන් සුදානම් කිරීමත් කඩිනම් කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා.

    සැමට ජලය ජාතික සැලැස්ම 2021-2024

    මේ රටේ සියළු දෙනාට පිරිසිදු පානීය ජලය සැපයීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකනවා. දැනට නල මාර්ගයෙන් පානීය ජලය ලබාදෙනු ලබන්නේ ජනගහනයෙන් සියයට 54ක පමණකටය. එම නිසා 2021-2024 කාලය තුළ සමස්ත රටේම පානීය ජලය ලබාදීම ඉලක්ක කරගෙන ප්‍රජා ජල ව්‍යාපෘති දහසක් නිෂ්පාදන ධාරිතාව උපරිම කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති 171ක මෙන්මනව ජල යෝජනා ක්‍රම හා කඩිනම් කර ඇති ව්‍යාපෘති සඳහා රුපියල් ට්‍රිලියනයක (රුපියල් බිලියන. 1,000ක්) ආයෝජනය සැලසුම් කර තිබෙනවා.

    දේශීය ඉංජිනේරුවන්සියළුම ජාතික මට්ටමේ මෙන්ම පහලම ග්‍රාමීය කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහනේ දේශීය අගය වැඩි කර ගැනීමටත් සැලසුම් කර තිබෙනවා.

    මෙම සමස්ත ක්‍රියාවලිය තුළින් දැනට නිපදවන ජල ප්‍රමාණය දවසකට ඝන මීටර් මිලියන 2.1ක සිටඝණ මීටර මිලියන 4.4 ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. ලංකාව පුරා ජලනල කිලෝමීටර් 40,000 ක් එලීම තුළින් අලුතින් පවුල් ලක්ෂ 35කට  ජලය ලබාදීමට සැලසුම් කර තිබෙනවා. මේ අනුවප්‍රජා ජල ව්‍යාපෘති 263ක් දදැනට නිපදවන ජලය උපරිම ලෙස භාවිතා කිරීම සඳහා ව්‍යාපෘති 171 සහ අළුත් ව්‍යාපෘති 40 ආරම්භ කිරීම සඳහා 2021 වර්ෂයට වෙන් කර ඇති රුපියල් බිලියන 125ට අමතරව බැංකු මූල්‍ය පහසුකම් මගින් රුපියල් බිලියන 75ක් ලබාදීමට භාණ්ඩාගාර ඇපකර නිකුත් කිරීමටද යෝජනා කරනවා.

    විදේශ වෙළදාම හා ජාතික නිෂ්පාදන ආර්ථිකය

    ගරු කතානායකතුමනි,

    1977ට පෙර වසර 20ක් පමණ පැවති වැසුණ ආර්ථිකයේත්ඉන්පසු ක්‍රියාත්මක වූ විවෘත ආර්ථිකයේත් සීමාවන් පිළිබඳ අපට පුළුල් අත්දැකීම් තිබෙනවා. බොහෝ රටවල් බහුපාර්ශවිකවද්විපාර්ශවිකව හා ඒක පාර්ශවිකව මෙම අත්දැකීම් තුළින් දේශීය නිෂ්පාදන පුළුල් කෙරෙන ප්‍රතිසංස්කරණ වලට ප්‍රවේශ වී තිබෙනවා. ලොවපුරා පැතිර ඇති කොවිඩ් වසංගත තත්ත්වය තුළ පෞද්ගලික අංශයේ සීමාවන්ද මතු වී පෙරටත් වඩා වැඩි අවධානයකින් පෞද්ගලික හා රාජ්‍ය අංශවල කාර්යභාරයන් පෙළගැස්වීමත් අද බොහෝ රටවල සිදුවෙනවා.

    පසුගිය කාලය තුළ අපේ රට අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම් (Free Trade Agreements) වලින් අපේ රටට ලැබී ඇති ප්‍රතිලාභ ගැන අපට සෑහිමකට පත් විය නොහැකියි. මෙම ගිවිසුම් නිසා නිෂ්පාදන ක්ෂේත්‍ර රාශීයක් පසුබෑමට ලක්වී තිබෙන අතර නිෂ්පාදකයින් ව්‍යාපාරිකයන්වීම වෙනුවට ආනයනකරුවන් බවට පරිවර්තනය වීමක් සිදු වී තිබෙනවා.

    රට මුහුණ පා ඇති  වෙළඳ හිඟයන්ටද  මේ ගිවිසුම් නිසා විසදුම් ලැබී නැහැ. ආසියාවේ ප්‍රධාන ආර්ථිකයන් වන ඉන්දියාවචීනය හා ජපානය සමඟ පවත්නා වෙළඳාම තුළ පමණක් අප ඩොලර් මිලියන 9,000ට ආසන්න වෙළඳ හිඟයකට මුහුණ දී තිබෙනවා. මේ හා සමාන වෙළඳපළක් අප රටේ නිපදවන තේඇඟළුම්රබර්භාණ්ඩකුරුඳුගම්මිරිස්මැණික්විදුලි කාර්මික නිෂ්පාදන සඳහා මෙම ප්‍රධාන ආර්ථීකයන් 3 තුළින් ලබා ගැනීමට අප කටයුතු කළ යුතු වෙනවා. විදේශ හා වෙළඳ අමාත්‍යාංශවල මූලික වගකීම හා කාර්යභාරය මෙය බව අප විශ්වාස කරනවා. 

    දියුණු රටවල ඇති උසස් තාක්ෂණය හා උපකරණ මෙන්ම අපේ රටේ නිෂ්පාදනයන්ට ඉහළ වටිනාකම් දිය හැකි අපනයන සංවර්ධනය සඳහා රටතුළ නිපදවා ගත නොහැකි සුවිශේෂිත අමුද්‍රව්‍ය හා අන්තර් භාණ්ඩ ආනයනය කිරීමට අපගේ වෙළඳ ප්‍රතිපත්තිය සකස් විය යුතුයි. අප රටට ආවේනික තේකුරුඳුගම්මිරිස් වැනි කෘෂි නිෂ්පාදනයන්,  පාරම්පරික විසිතුරු හා පරිභෝගික භාණ්ඩත්වසවිසෙන් තොර එළවළුධාන්‍යපළතුරු වැනි අපනයනයන් සඳහා විශේෂ වෙළඳපළ පුළුල් කරගත හැකි ද්විපාර්ශ්වික භාණ්ඩ වෙළඳ ගිවිසුම් සකස් කර ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලය හා විදේශ අමාත්‍යාංශය පෙරමුණ ගත යුතු වෙනවා. ඒ සඳහා අපේ නව විදේශ තානාපතිවරු යෙදවීමට කටයුතු කර තිබෙනවා. බැංකුමුල්‍ය හා විවිධ වෘත්තීමය අංශ ඇතුළත් සේවා අංශය විවෘත කිරීමට අපට හැකියාවක් නැහැ. එබැවින් නිදහස් වෙළඳ ගිවිසුම් සකස් කර ගත යුත්තේ කාර්මික සංවර්ධනයක් ඇතිවන පරිදිත්,  අපනයන ආදායම වැඩි කිරීමටත්රට තුළ නිෂ්පාදනය කළ හැකි ආනයන ආදේශන නිපදවීම මගින් විදේශ විනිමය ඉතිරිකර ගැනීමටත් හැකි වන පරිදි තුළනාත්මක වෙළඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරමිනුයි. 

    ගරු කතානායකතුමනි,

    නිෂ්පාදන ආර්ථිකය ඉහත කී අරමුණු ඉටුවන අයුරින් සකස් කර ගැනීම සඳහා පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කෙරේ.

    1.දේශීයව නිපදවිය නොහැකි කෘෂිද්‍රව්‍ය හැර අනෙකුත් කෘෂි භාණ්ඩ ආනයනය සීමා කිරීම (Negative List).

    2. දේශීය නිෂ්පාදන සැපයුම හා ඉල්ලුම තුළණය කිරීමට අදාළ තෝරාගත් කෘෂි නිෂ්පාදන සඳහා විශේෂ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරීම.

    3.ආනයන හා අපනයන සඳහා දේශීය නිෂ්පාදනවලට අවශ්‍ය ආරක්ෂණය සඳහා CESS බදු ක්‍රියාත්මක කිරීම.

    4.භාණ්ඩ අපනයන හා දේශීය කර්මාන්තවල එකතු කළ අගය වැඩි නිෂ්පාදනයන්ට යොමුවීම දිරිගැන්වීම සඳහා දේශීයව ලබාගත නොහැකි අමුද්‍රව්‍යනවීන තාක්ෂණික යන්ත්‍ර හා උපකරණ හා ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය සඳහා තිරුබදු ඉවත් කිරීම.

    5.ඉහත සඳහන් භාණ්ඩ ගනයන්ට අයත් නොවන සමස්ථ ආනයන භාණ්ඩ සියයට 0, 10 සහ 15 වශයෙන් තිරුබදු කාණ්ඩ 3ක් යටතේ වර්ගීකරණය කිරීම.

    6.යම්කිසි භාණ්ඩයක් ආනයනයේදී VAT බද්දෙන් නිදහස් කර ඇත්නම් එම භාණ්ඩයේ දේශීය නිෂ්පාදනයටද එය අදාළ කිරීම.

    7.ආනයන අපනයන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා  එක් සේවා මධ්‍යස්ථානයක ඉටු කිරීම සඳහා විවිධ නියාමන ආයතනවලින් ඉටුකරන සේවා ආනයන අපනයන දෙපාර්තමේන්තුව මගින් ඉටුකිරීම සඳහා අදාළ දෙපාර්තමේන්තු වල නිළධාරින් ආනයන අපනයන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීම. 

    8.බතික් හා විලාසිතා ජාතික කර්මාන්තයක් ලෙස දියුණු කිරිම සඳහා බතික් නිෂ්පාදන ආනයනය දේශීය සංකේත අංක යටතේ තහනම් කිරීම.

    9.දේශීය හා විදේශීය ඇඟළුම් නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් කිරීම සඳහාවැඩි වටිනාකමින් යුත් ඇගළුම් හා සම්භාණ්ඩ නිෂ්පාදනයන්විදේශිකයන්ගේ හා සංචාරකයන්ගේ වෙළඳපළක් ලෙස දේශීය ඇගළුම් කර්මාන්තය දියුණු කිරීම සඳහා එම කර්මාන්තයට අවශ්‍ය ආනයන ලිහිල් කිරීම හා නව තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.

    10.රත්නපුර ජාත්‍යන්තර මැණික් කර්මාන්ත නගරය සංවර්ධනය හා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වැඩි දියුණු කිරීම.

    11.දේශීය වෙළඳපළ අවශ්‍යතා සඳහා ආනයනය මත රඳා පවතින බහුජාතික සමාගම් සිය නිෂ්පාදන අපනයන වෙළඳපළ කරා දිරිගැන්වීම සඳහා 2021ට පෙර එසේ අපනයනය කරනු ලබන ප්‍රමාණය සියයට 30කටත්, 2023ට පෙර සියයට 50 දක්වාත් වැඩි කරන්නේ නම් ඔවුන්ගේ ලාභාංශ සඳහා අය කරන බද්ද පිළිවෙළින් සියයට 25න්  හා සියයට 50න්  අඩු කිරීමට යෝජනා කරනවා.

    12.එම සමාගම් ආනයනය කරනු ලබන ප්‍රමාණයේ විදේශ විනිමය ප්‍රමාණයක් විදේශ මුලාශ්‍ර වලින් ලබාගෙන දේශීය බැංකුවල සංචිත පවත්වා ගැනීම දිරිගැන්වීම සඳහා එම තැන්පතුවල පොලී ආදායම බදු වලින් නිදහස් කිරීමටද යෝජනා කරනවා.

    13.ඛණිජ වැලිපොස්ෆේට්පොහොරමිනිරන් ආදී සැගවුණ කර්මාන්ත ඉහළ වටිනාකමින් යුත් අපනයන කර්මාන්ත ලෙස දියුණු කිරීම සඳහා නැනෝ තාක්ෂණ ආයතනයට සම්බන්ධවන දේශීය ව්‍යාපාරිකයන්ගේ වියදම පර්යේෂණ හා සංවර්ධන වියදම් ලෙස බදු වලින් අඩු කිරීමට යෝජනා කරනවා. මෙම නිෂ්පාදනවල ශ්‍රී ලංකා අනන්‍යතාවය ලියාපදිංචි කිරීම ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 2,000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. 

    14.කොසුඉදල්පාපිසි ඇතුළු ගෘහ අවශ්‍යතා මෙන්ම පොල් ආශ්‍රිත කර්මාන්තකෘෂිකාර්මික හා පාරිභෝගික අවශ්‍යතා ඇතුළු රබර් නිෂ්පාදනගොඩනැගිලි ද්‍රව්‍යකාර්යාල හා ගෘහභාණ්ඩ,  ප්‍රධාන කර්මාන්ත ලෙස ආයෝජන දිරිගැන්විම් ලබාදීමටද යෝජනා කරනවා.  

    15.ධීවරසංචාරක හා නාවික ක්ෂේත්‍රයේ පුළුල් වෙමින් පවතින ඉල්ලුමත්දේශීය නිෂ්පාදකයනගේ උසස් නිෂ්පාදන හැකියාවත්  නිසා වැඩිදියුනු කළ හැකි බෝට්ටු හා නැව් නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා වෙන් වූ නැව් තටාකාංගනඅමුද්‍රව්‍ය ලබාගැනීමේ පහසුකම්දිගුකාලීන ණය පහසුකම් ලබාදීමටත්දේශීය බෝට්ටු හා නැව් නිෂ්පාදන සඳහා වසර 7ක බදු විරාමයයක් ලබාදීමටත් යෝජනා කරනවා.   

    විදේශ ආර්ථික සබඳතා

    විදේශ අමාත්‍යාංශය හා අප රටේ විදේශ දූත මණ්ඩල සම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලින් ඔබ්බට ගොස් අප රටේ විදේශ රැකියාවල නිරතවන්නන්ව්‍යාපාරවල නිරතවන ව්‍යාපාර ප්‍රජාවහා විවිධ අවශ්‍යතාවන්ට විදේශ ගතවන අපේ ජනතාව‍ගේ අභිලාෂයන් ඉටු වන පරිදි ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය පියවරයන් රාශියක් කෙරෙහි රජයේ අවධානය යොමු කර තිබෙනවා. විවිධ ආයතනවලින් විදේශ රටවලදී කළයුතු සේවාවන් සඳහා යොදා ඇති කාර්යමණ්ඩලවිදේශ දූත මණ්ඩල ප්‍රධානීන්ගේ ඍජු පාලනයට හා සම්බන්ධීකරණයට ලක් කිරීම ඉන් ප්‍රධාන තැනක් ගනු ලබනවා. ලෝක ආර්ථික රටාවේ සිදුවන විවිධ වෙනස්කම් තුළ අපේ රටේ අපනයනසංචාරකවිදේශ රැකියා හා ආයෝජන සඳහා ඇති ඉඩ ප්‍රස්ථා පූර්ණ වශයෙන් උකහා ගත හැකි පරිදි ආර්ථීක හා වෙළද සබඳතා (Economic Diplomacy) කෙරෙහි විදේශ දූත මණ්ඩල පුළුල් දායකත්වයක් දැරීම අවශ්‍ය වෙනවා.

    විවිධ අවස්ථාවල ඇති කරගෙන ඇති ද්විපාර්ශ්වික ගිවිසුම් සමාලෝචනයට ලක්කර කාලීන ප්‍රවණතාවන්දේශීය ආර්ථිකයට මෙන්ම රටේ ජාතික ආරක්ෂාව හා ස්වාධීනත්වය තහවුරු වන පරිදි රජයේ මිත්‍රශීලි හා නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම විදේශ දූත මණ්ඩලවල ප්‍රධාන වගකීමක් වශයෙන් කාර්යසාධන ඇගයීමකට ලක් කිරීමටද අදහස් කරනවා. නැඟි එන ආසියා පැසිපික්අප්‍රිකානුමැදපෙරදිග හා බටහිර රටවල වෙළඳපළ අවස්ථාවන් වලින් ප්‍රයෝජන ගැනීමටඑම රටවල අප රටේ ව්‍යාපාරිකයන් මුහුණ දෙන බාධාවන් (Trade Barriers)  ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 750ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමටද යෝජනා කරනවා.

    රාජ්‍ය ව්‍යාපාර නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවීම

    ර‍ාජ්‍ය ව්‍යාපාර නඩත්තුව සඳහා භාණ්ඩාගාරය විසින් විශාල මුදලක් වාර්ෂිකව වැය කරනු ලැබුවත් බොහෝ ව්‍යාපාර ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට දක්වන දායකත්වය පිළිබඳ සෑහිමකට පත්විය නොහැකියි. 2019 වර්ෂයේ මහා භාණ්ඩාගාරය මේ ආයතන වෙනුවෙන් වැය කර ඇති පුනරාවර්ථන වියදම රුපියල් බිලියන 42කට අධික වන අතර ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 20 ඉක්මවා තිබෙනවා. මීට අමතරව බොහෝ ආයතන රාජ්‍ය බැංකු වලින් හා භාණ්ඩාගාර ඇපකර මතද යැපෙන ප්‍රවණතාවය වැඩි වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවය වැනි ජාතික උපායමාර්ගික වශයෙන් වැදගත් වන ව්‍යවසායන් හැර බොහෝ ව්‍යාපාර රාජ්‍ය බැංකු හා භාණ්ඩාගාර ඇප මත යැපීම අවම කර ජනතාවට බරක් නොවන ජාතික ව්‍යාපාර වීම අවශ්‍යයි. රාජ්‍ය ආයෝජන ප්‍රමාණය රුපියල් ට්‍රිලියන එකක් නැත්නම් රුපියල් බිලියන 1,000ක් වන විට රාජ්‍ය අංශයේ ඉදිකිරීම් හා සේවා අංශවලටඉන් කොටසක් හෝ ව්‍යාපෘති කිරීමට යෙදවීමෙන් පුනරාවර්ථන හා ප්‍රාග්ධන පැවරීම් අඩුකර ගත හැකියි.

    භාණ්ඩාගාර ප්‍රතිපාදන වෙනුවට අවම වශයෙන් එම මුදල් මෙන් දෙගුණයකට වැඩි රජයේ විවිධ සංවර්ධන වැඩසටහන් එම ආයතන මගින් ක්‍රියාත්මක කිරීම යෝජනා කරනවා. උදාහරණ වශයෙන් කොලොන්නාව රජයේ වැඩපළගොඩනැගිලි දෙපාර්තමේන්තුවරාජ්‍ය ඉංජිනේරු සංස්ථාවරාජ්‍ය ඉදිකිරීම් සංස්ථාවමධ්‍යම ඉංජිනේරු කාර්යාංශයදුම්රිය ඉංජිනේරු කාර්යාංශයඉඩම් ගොඩකිරීමේ සංස්ථාව වැනි ඉදිකිරීම් අංශයේ ර‍ාජ්‍ය ආයතනවලට රජයේ විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකියි. එබැවින් 2021 වර්ෂය සඳහා ඇති වර්තන හා ප්‍රාග්ධන වියදම් වෙනුවට රාජ්‍ය ආයෝජන වැඩසටහනේ ඇති ව්‍යාපෘති එම ආයතන මගින් ක්‍රියාත්මක කරමින් ආදායම් උපදවන ආයතන බවට පත් කිරීමට යෝජනා කරනවා. උප කොන්ත්‍රාත් පෞද්ගලික අංශයට දීමේ අතරමැදි කාර්යය මගින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවතක්සේරු කිරීමෙන් රාජ්‍ය ආයතන වැලකි සිටීමටද පියවර ගනු ලබනවා. 

    වාහන කර්මාන්තය

    පසුගිය පස්වසර තුළ ඩොලර් මිලියන 5,318ක් පමණ විදේශ විනිමය යොදා ආනයනය කළ වාහන වල වටිනාකම එම කාලය තුළ අප ලබාගත් ණය ප්‍රමාණයෙන් සියයට 21ක් තරම් විශාල ප්‍රමාණයක්. දේශීය වෙළදපළ මේ සා විශාල වූවත්,  අඩුම වශයෙන්  අපනයනය සඳහා වාහන නවීකරණය හෝ වාහන එකලස් කිරීමේ කර්මාන්තයක්වත් දියුණු කර නැහැ. ර‍ට තුළ මේ වන විට පවත්නා වාහන තොගය අලුත්වැඩියා කළ හැකි රජයේ වාහන හා ගිලන් රථ ප්‍රමාණයද අති විශාලයි. මෙම වාහන අලුත්වැඩියා කිරීමට මෙන්ම වාහන එකලස් කිරීම් ඇතුළු මෝටර් රථ කර්මාන්තයේ ව්‍යාපාරිකයින් දිරිගැන්වීමට නව නිෂ්පාදන සඳහා අවශ්‍ය අමතර කොටස් සඳහා පනවා ඇති ආනයන බදු අඩු කිරීමට යෝජනා කරනවා. රජයේ අයතනවල වාහන අලුත්වැඩියා කිරීමට ආයෝජනය කරන ව්‍යාපාරිකයින් සඳහා එම ව්‍යාපාර වලට බදු සහන සැලසීමටද යෝජනා කරනවා. එසේම දුම්රිය මැදිරි නිෂ්පාදනය දේශීය කර්මාන්තයක් වශයෙන් සංවර්ධනය කිරීමටද යෝජනා කරනවා. 

    ඉදිකිරීම් කර්මාන්තය

    ජාතික ආර්ථිකයේ සියයට 10කට වඩා වැඩි දායකත්වයක්ව පැවති ඉදිකිරීම් කර්මාන්තය යළි නගා සිටුවීමඉදිකිරීම් හා ආශ්‍රීත කර්මාන්ත,   වෘත්තීමය සේවානව රැකියාජීවනෝපාය මාර්ග සංවර්ධනය සඳහා බෙහෙවින් දායක වෙනවා. ඉදිකිරීම කර්මාන්තය සඳහා ඇති විවිධ ආයතනික බලපත්‍ර ලබාගැනීමේ ක්‍රම සරල කර එම කර්මාන්තය වටා ඇති සැපයුම් ජාලය කාර්යක්ෂම කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

    2020-2024 කාලය තුළ නිවාසමාර්ගවාරිමාර්ගජල සම්පාදනය ආදී  ව්‍යාපෘතින් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය තක්සේරුවක් ජනාධිපති කාර්යසාධන බලකාය විසින් සකස් කර තිබෙනවා. ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය ගල්වැලිපස් ආදී අමුද්‍රව්‍යයන් පරිසර හානි සිදු නොවන පරිද්දෙන් තෝරාගත් ස්ථාන වලින් ලබා ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබනවා. හඳුනාගත් කැනීම් මධ්‍යස්ථාන සියල්ල මාර්ග සංවර්ධන අධිකාරියට පවරනු ලබන අතර එමගින් එම ද්‍රව්‍ය අතරමැදීන්ගෙන් තොර මිල ගනන් වලට ඉදිකිරීම් ක්ෂේත්‍රයට ලබාදීමට කටයුතු කරනවා. එම කැණීම් ස්ථාන පරිසර හිතකාමීව දියුනු කිරීමටද මාර්ග සංවර්ධන අධිකාරියට පැවරෙනවා. විශාල පරිමාණයේ නිවාස ව්‍යාපෘති හා අධිවේගී මාර්ග සඳහා දේශීයව සපයා ගත නොහැකි සිමෙන්තිප්‍රිමික්ස්වානේ කම්බිබිටුමන් වැනි අමුද්‍රව්‍ය ආනයන බදු නොමැතිව තොග වශයෙන් ලබාගැනීමට සැලසුම් කර ඇත්තේ එමගින් සුළු හා මධ්‍යම පරිමාණ ඉදිකිරීම් කර්මාන්තයට සැපයුම් හිඟයක් ඇති නොවන පරිදි හා තරඟකාරී මිල ගනන් පවත්වා ගැනීම සඳහායි.

    ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් ලබා ගැනීමට  වෘත්තීය අධ්‍යාපන ආයතන කඩිනම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

    විදේශ රටවල නුපුහුණු ශ්‍රමය මත ඉදිකිරීම් කර්මාන්තය තවදුරටත් පවත්වා ගත නොහැකි බැවින් බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය ශ්‍රමිකයින් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එබැවින්රජය විසින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සමස්ත පිරිවැය අඩුකිරීම සඳහා සැපයුම් ජාලය සැලසුම් කර තිබෙනවා.

    රාජ්‍ය අංශයේ ව්‍යාපෘති වලට සම්බන්ධ වනසේ ඉදිකිරීම්කරුවන්ගේ ගෙවීම් අඛණ්ඩව සිදු කිරීම සඳහා සහතික කරන ලද බිල්පත්වල වටිනාකමින් සියයට 90ක් බැංකු වලින් ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම්ද (Certiifed bills disconting)  යෝජනා කරනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය නව තාක්ෂණ හා යන්ත්‍රෝපකරණ ආනයන බදු සියල්ලන්ගෙන් නිදහස් කිරීමට යෝජනා කරනවා. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා කල්බදු කුලී අයකර  ගැනීමට කල්බදු ඇප ක්‍රමයක් (Treasury guarantee for leasing companies) ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අපතේ යන අමුද්‍රව්‍යයන් ප්‍රතිචක්‍රීකරණය කරමින් නැවත යොදා ගැනීමේ ආයෝජන දිරිගැන්වීම සඳහා තෝරාගත් ප්‍රතිචක්‍රීකරණ වැඩබිම් සඳහා ආයෝජකයන්ට වසර 10ක පුර්ණ බදු විරාමයක් යෝජනා කරනවා.

    නාගරික නිවාස (Urban Townships)

    ඉදිරි වසර 5-10 කාලය තුළ නැගී එන කොළඹ වරාය නගර කලාපය හා කොළඹ හා තදාසන්න ප්‍රදේශ මෙන්ම දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව සිදුවන සංවර්ධනයට අවශ්‍ය ශ්‍රම බලකායට අවශ්‍ය නිවාස සංකීර්ණ හා ආශ්‍රිත සමාජීය පහසුකම් පුළුල් කිරීම අපගේ සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රමුඛතාවක්. එම ජාතික ආයෝජන වැඩපිළිවෙල මගින් පෞද්ගලික අංශයේ විවිධ කර්මාන්තසේවා සැපයුම් හා වන ඝනත්වය මෙන්ම කැළි කසල කළමනාකරණය කිරීමේ ආයෝජන අවස්ථාවන් පුළුල් කිරීම සඳහා කරනු ලබන සාමුහික ආයෝජනයක්. මෙම වැඩපිළිවෙළ යටතේ අඩු හා මැදි ආදායම්ලාභීන් සඳහා නිවාස 50,000ක අංග සම්පූර්ණ නිවාස සංකීර්ණ ඉදිකිරිමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් ආරම්භ කර තිබෙනවා. එම නිවාස ලබාගැනීම සඳහා වසර 25ක ආපසු ගෙවීමේ කාලයක් තුළ සියයට 6.25ක වාර්ෂික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා.

    මුල්‍ය සමාගම් ප්‍රතිසංස්කරණ

    ගරු කතානායකතුමනි,

    එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් (ETIFL) සමාගම සම්බන්ධයෙන් සිදු වුයේ යැයි කියන අක්‍රමිකතා පරීක්ෂා කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව එම සමාගම හා අනුබද්ධිත සමාගම්වල ක්‍රියාකාරීත්වයට එරෙහිව නීතිමය පියවර කඩිනමින් ගැනීමට නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. 

    ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මගින් කාලාන්තරයක් තිස්සේ සමස්ත මූල්‍ය සමාගම් ක්ෂේත්‍රය මෙන්ම වක්‍රාකාරයෙන් මූල්‍යබැංකු හා සමස්ථ ආර්ථික ක්‍රියාවලියම අවධානමට ලක් කරන හා මහජනතාවට මූල්‍ය ක්ෂේත්‍රය කෙරෙහි ඇති විශ්වාසනීත්වය බිදවැටෙන අක්‍රමිකතා නතර කිරීමේ දැඩි අවශ්‍යතාවය පෙන්වා දී තිබෙනවා.

    එබැවින්මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කර මූල්‍ය සමාගම් නියාමනය සඳහා ශක්තිමත් ආයතනික ව්‍යූහයක් සකස් කිරීමට නිර්දේශ කර තිබෙනවා. එම කොමිෂම විසින් මහා බ්‍රිතානයේ හා ඉන්දියවේ එම ක්ෂේත්‍ර නියාමන නීති රාමුව පිලිබඳ පුළුල් අධ්‍යනයක් ඉදිරිපත් කර තිබෙනවා. එබැවින්එවැනි නීතිමය රාමුවක් සකස් කිරීමට විශේෂඥ කමිටුවක් පත්කරඅදාල කෙටුම්පත් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට මා අදහස් කරනවා. 

    මුල්‍ය සමාගම් ක්ෂේත්‍රයේ දැනට වාණිජමය වශයෙන් ක්‍රියාත්මක වන මුල්‍ය සමාගම් ශක්තිමත් වන අයුරින් පවත්නා ආයතන ඒකාබද්ධ කර ගැනීම අවශ්‍ය වී තිබෙනවා. 2014 වර්ෂයේදි අයවැය විසින් එවකට මුල්‍ය සමාගම් 21ක් මුල්‍ය  සමාගම් 10ක් තුළ ඒකාබද්ධ වීමක් සිදුකිරීම නිසා මුල්‍ය ක්‍රමය ස්ථාවර කිරීමට අපට හැකිවුණා. කෙසේ වුවදපසුගිය වසර 5 තුළ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක නොකිරීමත්ආර්ථිකමය වශයෙන් ඇතිවුණ පසුගාමීත්වයත් තුළ ETI වැනි මුල්‍ය සමාගම් රාශියක් වසා දැමීමට සිදු වී තිබෙනවා. ඒවා ගොඩනැගීමට අතිරේක ප්‍රාග්ධනය හෝ වෙනත් අ‍ායතනවලට පැවරීම මගින් ඇතිවන මූල්‍ය පීඩනය අධික වී ඇති නිසා ඒවාට වගකිවයුත්තන්ට නීතිමය පියවර ගත යුතු වෙනවා. රජයේ එකම අරමුණ අසරණ වූ තැන්පත්කරුවන්ගෙන් බහුතරයකට සරණවීමයි. මේ අනුව මහජන බැංකුවශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් අරමුදලේ ප්‍රතිමූල්‍ය තුළ මෙම තැන්පත්කරුවන්ට පහසුකම් සලසනවා.

    අප රටේ ඇති මුල්‍ය සමාගම් 58න් රුපියල් බිලියන.20ට වඩා වත්කම් ඇත්තේ සමාගම් 20කට පමණයි. මෙම මුදල් සමාගම් 20 ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන සමාගම විසින් පවත්වාගෙන යනු ලබන මහ බැංකුව විසින් අවලංගු කර නොමැතිඅනුබද්ධිත මුදල් සමාගම් ප්‍රධාන සමාගම සමඟ ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා. එමෙන්මවාණිජමය බැංකු ශක්තිමත් කිරීම සඳහා එම බැංකු විසින් පවත්වාගෙන යනු ලබන මුල්‍ය සමාගම් එම බැංකු හා ඒකාබද්ධ කිරීමටද යෝජනා කරනවා. මෙම බැංකු හා මුල්‍ය සමාගම් ශක්තිමත් කිරීම දිරිගැන්වීමක් වශයෙන්අත්පත් කරගැනීමේදි කරනු ලබන ආයෝජන වියදම් බදු වලින් අඩුකර ගැනීමේ වියදම් ලෙස සැලකීමටද යෝජනා කරනවා. මුල්‍ය ක්ෂේත්‍රයේ විවිධත්වය පුළුල් කිරීම සඳහා වාණිජ බැංකු වලට ආයෝජන බැංකු කටයුතු කිරීමට පවත්නා බැංකු නීති සංශෝධනය කර පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමටත් යෝජනා කරනවා. 

    නිවාස හා ආයෝජන බැංකුවනිවාස සංවර්ධන දේපල සමාගම හා ප්‍රාදේශීය සංවර්ධන බැංකු ඒකාබද්ධ කර විශේෂ ජාතික සංවර්ධන බැංකු සංස්ථාවක් ඇතිකිරීමට යෝජනා කරනවා (National Development Banking Corportion).  

    අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ

    “Justice delayed is justice denied” යන කියමන නීතියේ පොදු පිළිගැනීමක් (Legal Maxim). එහි  සරල අදහස වන්නේ නීති පද්ධතියේ ප්‍රමාදයන් හේතුවෙන්නීති රැකවරණය අහිමි වීමයි.  නීතියේ ප්‍රමාදයන්ව්‍යාපාරික කටයුතුවල‍ට  අවිනිශ්චිතභාවයක් ඇති කරන අතර ආයෝජන පරිසරයට අහිතකර බලපෑම්දසමාන්‍ය ජන ජීවිතයට බලපාන නොයෙක් දූෂණ හා අක්‍රමිකතාවන් ඇති කිරීමටද හේතු වෙනවා. ඊට අමතරව අධිකරණ පද්ධතියට ඇති විශ්වසනීත්වය කෙරෙහිද අහිතකර බලපෑම් ඇති කරනවා. සිර ගෙවල්වල සිටින අති බහුතරයක් ‍දෙනා ඒව‍ායේ බොහෝ විට කල්ගත කරන්නේ නීතියේ ප්‍රමාදයන් නිසා බව පෙනී යනවා.

    තවදනඩුහබ අවසන් වීමට ඉතා දිර්ඝ කාලයක් ගතවීම හේතුවෙන්  රැකියා හා ආදායම් මාර්ග අහිමිවීමඅසමගිකම් හා අපරාධ වැඩිවීම යනාදි අනිසි විපාකද ඇතිවෙනවා.  එහෙයින්නීතිගරුක සමාජ ආර්ථික ක්‍රමයක් සකස් කර ගැනීම සඳහා එවැනි නීති ප්‍රමාදයන් වලක්වා ගැනීමට සමස්ථ නීති ක්ෂේත්‍රයේ කැපවීම අවශය වී තිබෙනවා.

    මෑතදී සම්මත වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙයට පිලියමක් ලෙස උපරිමාධිකරණයේ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව වැඩිකිරීමට කටයුතු කරනු ලැබූ අතරඅතපසු වී ඇති නීති ප්‍රතිසංස්කරණ සඳහා ගනු ලැබූ මෙම ප්‍රධාන පියවරේ  කොටස්කරුවන් ලෙස එයට පක්ෂව ඡන්දය දුන් මෙම උත්තරීතර සභාවේ ගරු මන්ත්‍රීවරුන් ආඩම්බර විය හැක්කේ තමන්ගේ ඡන්දය මහජන යහපත වෙනුවෙන් ප්‍රකාශ කිරීම නිසයි.  මෙසේ උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව වැඩි  කරනු ලැබුවේ 1978ට පසුවයි. එනම් වසර 42කට පසුවයි.

    මෙම වැඩි කිරීමත් සමඟශ්‍රේෂ්ඨාධිකරණයේ වසර ගනනක් ගොඩගැසී ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට බලපාන විවිධ නඩු හා අභියාචනයන් කඩිනමින් නිම කිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා. මෙයට අමතරව අනෙකුත් අධිකරණවල විනිශ්චයකාරවරුන් හා කාර්ය මණ්ඩල ප්‍රමාණය තවදුරටත් අවශ්‍ය පරිදි වැඩි කිරීමටත්එම නඩු කඩිනමින් විසදීමට අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කිරීමටත්වසර 3ක කඩිනම් වැඩපිළිවෙළ සඳහා රුපියල් මිලියන 20,000ක ප්‍රතිපාදන වෙන් කිරීමට මා යෝජනා කරනවා.

    පසුගිය රජය විසින් දේශපාලන පලිගැනීම් සඳහා විශේෂ ඉහළ උසාවි පිහිටුවීමට ගත් පටු දේශපාලන ප්‍රතිසංස්කරණ මෙන් නොව,  උසාවි අලුත්වැඩියා කිරීමපුළුල් කිරීමනවීන පහසුකම් හා උපකරණ සැපයීම යනාදිය  කඩිනමින් කිරීමට රජය පියවර ගනු ලබනවා. උපරිමාධිකරණය පුළුල් කිරීම  නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් ලබාදීම අවශ්‍ය වන අතරඑය මෙම වර්ෂය තුළම අරම්භ කිරීමටද මා යෝජනා කරනවා. විශේෂඥ උපදේශක කණ්ඩායම් 10ක දායකත්වයෙන් රටේ පවත්නා වාණිජ නීතියසිවිල් නීතිය හා අපරාධ නීතියට අදාළ පනත් 60ක් පමණ සංශෝධනය කිරීමට අවශ්‍ය කෙටුම්පත් 2021 මුල් මාස 3 තුළ මෙම උත්තරීතර සභාවට ඉදිරිපත් කිරීමට අදහස් කරනවා.

    තවද, 2007 සම්මත වූ සමාගම් පනතටකාලීන අවශ්‍යතාවයන්ට අනුකූලව සිදු කළ යුතු සංශෝධනයන් ජනවාරි මස තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ 

    1977 ට පෙර අපේ රටේ මෙන්ම දියුණුවන රටවල් සියල්ලම පාහේ අනුගමනය කළ වැසුණ ආර්ථික හා දැඩි පාලන හා නියාමන ප්‍රතිපත්තිවලින්  බොහෝ රටවල් විවෘත ආර්ථික හා වෙළදපළ මත රඳාපවතින ප්‍රතිපත්තිවලට නැඹුරු වී තිබුණත්  පසුගිය වසර කීපය තුළ එම ගෝලීය ආර්ථික රාමුව තුළ ශක්තිමත් ජාතික නිෂ්පාදන ආර්ථිකයක්  ගොඩනඟා ගත හැකි ප්‍රතිසංස්කරණවලට ප්‍රවේශ වී තිබෙනවා.

    වාණිජමය කටයුතු සඳහා පෞද්ගලික අංශය රාජ්‍ය අංශයට වඩා ඉදිරියෙන් සිටියත්රාජ්‍ය අංශයේ ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම එයට විකල්පයක් ලෙස අප තෝරා ගන්නේ නැහැ. අපගේ ප්‍රතිපත්තිය වී ඇත්තේ පෞද්ගලික ව්‍යාපාර කළමනාකරණ නිදහස රාජ්‍ය ව්‍යාපාර වලට ලබාදීරාජ්‍ය අංශයේ මැදිහත්වීම තුළ වෙළදපළ තරඟකාරීත්වය මෙන්ම පාරිභෝගික හා සේවාලාභීන්ගේ සුභසාධනය වැඩි කිරීමයි. එබැවින්විවිධ ක්ෂේත්‍රවල ඇති රාජ්‍ය ව්‍යාපාරවල වාණිජමය නිදහස තහවුරු කිරීමට අවශ්‍ය රාජ්‍ය කළමනාකරණ ස්වාධීනත්වය ලබාදීමට නීති රාමුවක් ඉදිරිපත් කිරීමට යෝජනා කරනවා.

    විවිධ නීති රාමු යටතේ ඇතැම් රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල වලට එකම සේවා ස්ථානයක සිය මුළු සේවා කාලයම ගත කිරිමට සිදු වී තිබෙනවා. වෘත්තීමය හා තාක්ෂණික වශයෙන් ඔවුන්ගෙන් ලබා ගත හැකි දායකත්වය මෙන්ම සේවක සුරක්ෂිතභාවය හා සුභසාධනයද මේ නිසා  සීමා වී තිබෙනවා. එබැවින්සංවෘත රාජ්‍ය සේවා (close service) ආයතනවල සේවකයින්ට පවත්නා සේවා කොන්දේසි තුළ සේවා අවශ්‍යතාවයන් අනුව වෙනත් ආයතනවලට අනුයුක්ත  කළ හැකි නීති රාමුවක් හඳුන්වා දීමට මුදල් පනත සංශෝධනය කිරීමට මා යෝජනා කරනවා.

    මෙමගින් දැනට වැසුන සේවා ආයතනවලට කොටු වී ඇති සේවකයින්ට තමාට වෘත්තීමය උනන්දුවක් ඇති වෙනත් රාජ්‍ය ආයතනයක හෝ තම ගම් ප්‍රදේශවලට ආසන්න ආයතනයක රැකියාව කිරීමේ අවස්ථාවන් ඇති කිරීමට අපේක්ෂා කරනවා. මෙමගින් සේවක තෘප්තිය සහතික කිරීමට හැකි වන අතර එවන් සේවකයන් කාර්යක්ෂම ලෙස සේවාවේ යොදා ගැනීමටද හැකි වෙනවා.

    එකිනෙකට සම්බන්ධ වූ කාර්යයන් සඳහා වෙන වෙනම  ආයතන පවත්වා ගැනීම නිසා එම ක්ෂේත්‍රවල සංවර්ධන කටයුතුවලට විශාල බාධාවක් මෙන්ම අධික වියදමක් දැරීමටද සිදුවී තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය සඳහා පවත්නා ආයතන 5 සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ලෙසත්පොල් කර්මාන්තය සඳහා ඇති ආයතන 4 පොල් වගා හා ආශ්‍රීත කර්මාන්ත සංවර්ධන අධිකාරිය වශයෙනුත් ඒකාබද්ධ ආයතනික ව්‍යූහයක් ඇති කිරීමට අපේක්ෂා කරනවා. පර්යේෂණ සඳහා වැයවෙන සම්පත් උපරිම ඵළදායිතාවයකින් යුතුව කළමනාකරණය කිරීම සඳහා ජාතික පර්යේෂණ සභාවේ අනුබද්ධිත ආයතන ලෙස පර්යේෂණ ආයතන ක්‍රියාත්මක කිරීමටද අවශ්‍ය වී තිබෙනවා.   පොහොර ආනයනය හා බෙදාහැරීම සඳහා පවත්නා ආයතන ඒකාබද්ධ කිරීමටද යෝජනා කරනවා.  

    රාජ්‍ය සේවකයින් සඳහා සහන

    රාජ්‍ය සේවකයින්ගේ විදුලි බිල්පත් වියදම් අඩු කිරීම සඳහා  සූර්යබල විදුලි පහසුකම් ලබාදීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

    රාජ්‍ය සේවකයින්ගේ පත්වීම් හා ස්ථානමාරු ලබා දීමේදි තම ගම් ප්‍රදේශ අදාළ දිස්ත්‍රික්කයන් තුළට යොමු කිරීමටද යෝජනා කරනවා.

    මාණ්ඩලික නොවන ශ්‍රේණිවල කාර්යාල රාජ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට හා  විදේශ රැකියාවන්හි නිරත වීමට අපේක්ෂිත සේවකයින්ට වසර 2ක නිවාඩු ලබාදීමටද යෝජනා කරනවා.

    රාජ්‍ය සේවකයින් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා  අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපල ණය සඳහා උපරිම පොලී අනුපාතය සියයට 7 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.

    සුළු හා මධ්‍යම පරිමාණ අපනයනය දිරිගැන්වීමේ වැඩපිළිවෙළ (TIEP Scheme)

    සෘජු හා වක්‍ර අපනයනකරුවන්ගේ අපනයන නිෂ්පාදන සඳහා රට තුළින් ලබාගත නොහැකි අමුද්‍රව්‍යඅමතර කොටස්සැකසුම් හා ඇසුරුම් ද්‍රව්‍ය (Processing and Packing Materials), ලේබල්ස්ටිකර්ස්, catalogues and barouches ආදිය සඳහා ආනයනය කිරීමේ  තාවකාලික පහසුකම් ලබාදීදේශීය යෙදවුම් වලට ඉහළ අගයක් එකතු කිරීම තුළින් ප්‍රමිතියෙන් උසස් භාණ්ඩ අපනයනය කිරීමට TIEP යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා. අපනයන සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා රේගුව විසින් සුළු හා මධ්‍යම පරිමාණ අපනයනකරුවන් සඳහා පිහිටුවන විශේෂ අපනයන පහසුකම් මධ්‍යස්ථානය (Export facilitation Center) මගින් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන අතර ආනයන අපනයන  ප්‍රකාශ ඇතුළු සියළු ලියකියවිලි මෙම ඒකකයේ අධීක්ෂණය යටතේ සිදු කරනවා.

    අපනයනකරුවන්ගේ අපනයන ලැබීම් සහතික කිරීම මගින් මූල්‍ය පහසුකම් ලබාගැනීම කඩිනම් කිරීම සඳහා අපනයන ආදායමෙන් සියයට 1ක රක්ෂණ වාරිකයක් සහිත රක්ෂණ ක්‍රමයක් අපනයන ණය රක්ෂණ සංස්ථාව මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

    පරිසරය

    එක්වරක් භාවිතාකර ඉවතලන (single use) පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වලින් පරිසරයට සිදුවන හානී අවම කළ යුතුයි. වීදුරු හා පරිසර හිතකාමී සෞඛ්‍යාරක්ෂිත අමුද්‍රව්‍ය හා දිරාපත්වන අමුද්‍රව්‍ය භාවිතය වැඩි කිරීම සඳහා ප්ලාස්ටික් නිෂ්පාදනය ප්‍රතිචක්‍රීකරණය අනිවාර්ය විය යුතුයි. පොලිතීන් හා ප්ලාස්ටික් කළමනාකරණය පරිසර සංවේදීව ඉටුකිරීම සඳහා ඉවතලද පොලීතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමට එක්වරක් භාවිතකර ඉවතලන (single use) පොලීතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන 2021.01.01 දින සිට තහනම් කිරීමටයෝජනා කරනවා.

    සුරකිමු ගංගා ජාතික පාරිසරික වැඩසටහන” 

    සුරකිමු ගංගා ජාතික පාරිසරික සංරක්ෂණය රට තුළ පවතින ස්වභාවික ගංගා ද්‍රෝණි 103ක ඇති ජල සම්පතවාරිමාර්ගපානිය ජලයවිදුලිබල ජනනයසංචාරක කර්මාන්ත වැනි කාර්ය සඳහා යොදා ගනු ලබනවා. රටෙහි මුළු ජනගහනයෙන් සියයට 30කට වැඩි ප්‍රමාණයක් ගංගා ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයන් ආශ්‍රිතව ජීවත් වෙනවා.

    අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම නාගරීකරණය හා කාර්මිකරණයත් නිසා රටෙහි ගංගා පද්ධතිය දූෂණය වෙමින් පවතිනවා. පොලීතින්ප්ලාස්ටික්මලඅපද්‍රව්‍ය බැහැර කිරීම්කෘෂි රසායන ද්‍රව්‍ය මෙන්ම පාංශු ඛාදනය හේතුවෙන් ගංගා ජලයට අපද්‍රව්‍ය මුසුවීම පාරසරික තර්ජනයක් වී තිබෙනවා. එබැවින්අවිධිමත් අපද්‍රව්‍ය බැහැර කිරීම් වැලැක්විමේ සහ නියමිත සංරක්ෂණ කොන්දේසින්ට අනුගත වූ විධිමත් ක්‍රමවේදයක් තුළ වැලි ගොඩදැමීම නියාමනය කිරීම සඳහා රුපියල් මිලියන 200ක අතිරේක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා කෙරේ.

    වන සංරක්ෂණය

    අක්කර 15,000ක කැලෑ වගාකිරීමේ වැඩසටහනට සමගාමීව මග දෙපසපාසැල්රජයේ හා පෞද්ගලික කාර්යාල භූමි හා තෝරා ගත් නාගරික ඉඩම්වල විවිධ පරිමාණයෙන් වන ඝනත්වය වැඩි කිරීම කඩිනම් කිරීමට යෝජනා කරනවා. නීති විරෝධි කැලෑ හෙලි කිරීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරීක්ෂණ තර කිරීමටත්දැනට හඳුනාගෙන ඇති විනාශයට ලක් වූ කැලෑ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ඇතුව නැවත වනාන්තර බවට පත් කිරීමටත් යෝජනා කරනවා. 2021-2023 තුන් අවුරුදු කාලසීමාව තුළ කඩිනම් වන වගා වැඩසටහන් දියත් කිරීම සඳහා මේ සඳහා රුපියල් මිලියන 3,500ක් වෙන් කිරීමටද යෝජනා කරනවා. 

    ස්වයං රැකියා දායක විශ්‍රාම වැටුප් ක්‍රමය

    රජයේ සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රියාත්මක වූවත් ඇතැම් රාජ්‍ය සංස්ථා  මෙන්ම පෞද්ගලික අංශය සඳහා ක්‍රියාත්මන වන්නේ සේවක අර්ථසාධක අරමුදලේ වරප්‍රසාද පමණයි.

    මේ අතර කෘෂිකර්මධීවරකුඩා ව්‍යාපාරස්වයං රැකියා වැනි නිෂ්පාදන අංශවල හා සේවාවන්වල නියැලෙන්නන් මෙන්ම ඇඟළුම්සංචාරකවැවිලිවිදේශ රැකියාවල නිරතව විදේශ විනිමය උපයන අති බහුතරයකට විශ්‍රාම වැටුපක් හෝ සේවක අර්ථසාධක අරමුදල් ක්‍රමයක් ක්‍රියාත්මක නොවීම තුළ එම ජනතාවගේ සැදෑ සමය සඳහා ස්ථීර ආදායම් මාර්ග සීමා වී තිබෙනවා. එබැවින් ඔවුන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට 2012 දී මා යෝජනා කළා. එ් අනුවපොදු යහපත සඳහා වයස අවුරුදු 65 පසු විශ්‍රාම වැටුපකට හිමිකම ලබන දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කරනවා.

    අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස

    අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස කාන්තාවන් හා පිරිමින් වශයෙන් වෙන් කිරීම සාධාරණ නෑ. රාජ්‍ය අංශයේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60ක් වන අතර පෞද්ගලික අංශය අවුරුදු 55ට සීමා කර තිබෙනවා. කාන්තාවන් සඳහා අඩු වයසක්ද ක්‍රියාත්මක වෙනවා එසේ වුවත් කාත්තාවන්ගේ ජීවිත අපෙක්ෂාව අවුරුදු 76.6 වන අතර පිරිමින්ගේ ජීවිත අපේක්ෂාව අවුරුදු 72ක් වෙනවා. එබැවින් පවත්නා ඉහළ ජීවිත අපේක්ෂා පාදක කරගෙන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ  කාන්තා හා පිරිමින් සඳහා  විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම‍ට යෝජනා කරනවා. සේවක අර්ථසාධක අරමුදල් පනත හඳුන්වා දෙන අවධියේ අපේ රටේ පිරිමින්ගේ ජීවිත අපේක්ෂාව අවුරුදු 58.8ක් හා කාන්තාවන්ගේ 57.5ක් පමණ අඩු වයසක් බව පෙන්වා දීමටද කැමතියි. 

    සමෘද්ධි කාන්තා වෙළඳජාලය

    සමෘද්ධි පවුල්වලින් තෝරාගත් තරුණ කාන්තා ව්‍යවසායකයින් 25,000ක් ඉලක්ක කර ගනිමින් වෙළදපළ ජාලය ප්‍රමාණවත් ල‍ෙස ව්‍යාප්ත කොට ඇති සෑම ග්‍රාමසේවක කොට්ඨාශයකටම වෙළඳසැලක් පිහිටුවීමට යෝජනා කරනවා‍. මෙම රාජ්‍ය අනුග්‍රහය හා බැංකු ණය පහසුකම් ලැබෙන වෙළඳසැල් ජාලය තුළ දේශීය නිෂ්පාදන අලෙවියට ප්‍රමුඛත්වය දෙනු ලබනවා. මෙම වෙළඳසැල් පිහිටුවීම‍ට විවිධ අයුරින් දායකවන දේශීය ව්‍යවසායකයින්ට ඒ සඳහා කරනු ලබන වියදම් බදු ආදායමෙන් අඩු කිරීමට ප්‍රතිපාදන සලසනවා.

    රජයේ දායකත්වය වෙනුවෙන්  රුපියල් මිලියන 1,000ක අතිරේක ප්‍රතිපාදන ලබදීමටත්සමෘද්ධි බැංකුව හා අනෙකුත් රාජ්‍ය බැංකු විසින් ණය පහසුකම් ලබාදීමටත්භාණ්ඩාගාර ඇපකර හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත් යෝජනා කරනවා. සමූපකාර වෙළඳ ජාලය ශක්තිමත් කිරීම සඳහා සමූපකාර සංවර්ධන අරමුදලේ දායකත්වය ලබදීමටද යෝජනා කරනවා. සතොස හා ආහාර කොමසාරිස්වරයා සතු ගබඩා උපයෝගී කරගනිමින් තොග වෙළදාම හා බද්ධවී  ලංකා සතොස සුපිරි වෙළඳ ජාලය නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල පුළුල් කිරීමටද යෝජනා කරනවා.

    ගමට පිලිසරණක්

    සෞභාග්‍යයේ දැක්ම” සැලසුම් කිරීමේදි මෙන්ම රජය පිහිටුවිමෙන් පසුවද අතිගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් කෙරුණ “ගම සමග පිලිසදරක්” ජනතා සංවාදය අතරතුර මේ රටේ පොදු ජනතාව සහනාධාර හෝ නොමිලේ කිසිවක් රජයෙන් ඉල්ලා සිටියේ නැහැ. ඔවුන් එක හඩින් ඉල්ලා සිටියේ සිය දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ගමේ පාසැල ඉංග්‍රිසිවිද්‍යාතාක්ෂණක්‍රීඩාගුරුවරුලබාදන ලෙසයි. සිය මූලික අවශ්‍යතා සඳහා ගමේ රෝහල් සකස්කර දෙන ලෙස ඉල්ලා සිටියා. පාසැල් ක්‍රීඩාපිටිසනීපාරක්ෂක පහසුකම් සකස් කර දෙන ලෙස දරුවන් හඩ නැගුවා. සිය දෛනික කටයුතු කර ගැනීමට මූලික වශයෙන් අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු පාරක් ගමට ලබා දෙන ලෙසයි. පානීය ජලය ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. ස්වශක්තියෙන් සිය ජීවනෝපායන් වැඩිදියුණු කර ගැනීමට වැව් අමුණුඇළ වේලි සකස් කර දෙන ලෙස ඉල්ලා සිටියා. වන සතුන්ගෙන් තම දූ දරුවන්දේපල ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටියා. මෙම යටිතල පහසුකම් මෙන්ම විදුලියසන්නිවේදන හා තාක්ෂණ පහසුකම් ගමට ගෙන එන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා. වෙළඳපළ සඳහා සිය නිෂ්පාදන ඍජුව ලබාදීමටත්සිය ආර්ථීක සමාජ කටයුතු සඳහා මුදල් පහසුවෙන් ලබා ගතහැකි ක්‍රමවේදයන් ඔවුන් ඉල්ලා සිටියා. මෙම අයවැයෙන්  “ගම සමඟ පිලිසදරින්” ගමට පිලිසරණක්  වීමට මා පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරනවා.

    1.“සැමට ජලය” රජයේ තුන් අවුරුදු ඉලක්කය ඉටුකර ගැනීම සඳහා 2021 වර්ෂය තුළ 200,000කට ආසන්න නිවාස ප්‍රමාණයකට නලජල සැපයුම් ලබාදීමට සමගාමීව ප්‍රජා පානීය ජල ව්‍යාපෘතිජලාශ හා ජල මුලාශ්‍ර දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 5,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා. 

    2.සෑම ගමක්ම ආවරණය වන පරිදි මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමිටර 50,000ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 20,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා.

    3.දුෂ්කර ගම්මාන 12,000ක් අවට පරිසරය හා සම්බන්ධ කිරීම ඉලක්ක කර ගනිමින් කුඩා වාහන වලට ප්‍රවේශ විය හැකි ග්‍රාමිය පාලම් 10,000ක් ඉදිකිරීමේ වැඩසටහන කඩිනම් කිරීම  සඳහා  රුපියල් මිලියන 7,000ක් වෙන් කරනවා.

    4.ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් ව්‍යාප්ත කරනු ලබන ජාතික පාසැල් 1,000 වැඩසටහනට සමගාමීව අවට ඇති ග්‍රාමීය පාසැල්වල මූලික පහසුකම් වැඩි දිියුණු කිරීම හා අවශ්‍ය ගුරුවරු අනුයුක්ත කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන රුපියල් මිලියන 3,000 වෙන් කරනවා. 

    5.ග්‍රාමීය රෝහල්ඩිස්පෙන්සරිමාතෘ සායන වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 5,000ක් වෙන් කරනවා.

    6.ග්‍රාමීය පාසැල් ක්‍රීඩාපිටිග්‍රාමීය ක්‍රීඩා සංවිධානපාසැල් සිසුන් ක්‍රීඩා වලට යොමු කිරීමප්‍රාදේශීය ක්‍රීඩා සංවර්ධනයවොලිබෝල් ක්‍රීඩාව හා කාන්තා ක්‍රීඩා සහභාගීත්වය පුළුල් කිරීමට අදාළ සංවර්ධන කටයුතු කිරීම සඳහා රුපියල් මිලියන 3,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා. 

    7.සමෟද්ධිලාභී පවුල් ලක්ෂ දෙකක් කේන්ද්‍ර කරගත් අංගසම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථිකයන් හා ආශ්‍රිත ගම්මාන බලසම්පන්න කිරීම සඳහා රුපියල් මිලියන 10,000ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා. 

    8.සම්ප්‍රදායික කර්මාන්ත ආශ්‍රිත ගම්මානවලට සුවිශේෂිත වු භාණ්ඩ නිෂ්පාදනය පුළුල් කරමින් වෙළඳපළ ආකර්ශණය කිරීම සඳහා රුපියල් මිලියන 2,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා.

    9.අලි මිනිස් ගැටුම් නිසා ඇතිවන ජීවිත හා දේපල හානි වලක්වා ගනිමින් ජනාවාස අරක්ෂා කර ගැනීම ඇතුළු ආරක්ෂන වැඩපිළිවෙළවල් ග්‍රාමිය ප්‍රජා දායකත්වයද ඇතිව බල ගැන්වීම සඳහා අලිවැට හා අගල් සකස් කිරීමවනජීවි භූමිවල  වැව් ගංගා හා ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 3,000ක් වෙන් කරනවා. 

    10.සංක්‍රමණික රටාවට බාධා නොවන පරිදි අභයභූමි හා වන අලීන්ගෙ සංක්‍රමණික මාර්ග හා ප්‍රදේශ සුරක්ෂිත කිරීමද එයට ඇතුලත් වෙනවා.

    11.වනසතුන්ගෙන් අනාරක්ෂිත ගම්මානවල ධාන්‍ය සුරක්ෂිත ලෙස තබා ගැනීමට ග්‍රාමීය ගොවි හා ප්‍රජා සමිතිවලට බහාලුම් Container ලබා දෙනවා.

    12.ඉවතලන කැලිකසල වනජීවී ප්‍රදේශ ආශ්‍රිත ප්‍රදේශවල දැමීම නිසා වනඅලින් ගම්වලට ආකර්ශණයවීම වලක්වාගැනීම සඳහා ප්‍රාදේශීය සභාවල කැලි කසල කළමනාකරණ සඳහා රුපියල් මිලියන 3,000ක ප්‍රතිපාදන සපයනවා.

    13.ග්‍රාමීය පලාත්වල කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන සඳහා ණය සහතික කිරීමේ යෝජනා ක්‍රමය.

    14.ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රමාණවත් ආදායම් මාර්ග නොමැති ප්‍රාදේශීය සභා වල මාර්ග නඩත්තු කිරීමසතිපොළ හා පොදු ස්ථාන පවිත්‍රව තබා ගැනීමඅපද්‍රව්‍ය බැහැර කිරීම හා සනීපාරක්ෂක ප්‍රජා පහසුකම් පවත්වා ගැනීම ආදී කටයුතු සඳහා රුපියල් මිලියන 3,000ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

    කොළඹ වරාය නගර ආර්ථික කලාපය (Colombo Port City Special Economic Zone)

    කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය ආකර්ශණීය ව්‍යාපාර මධ්‍යස්ථානයක් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුවෙමින් පවතිනවා. ප්‍රථම මූල්‍ය හා වාණිජ මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ මූලික කටයුතු මේ වන විට  ආරම්භ කර තිබෙනවා. කොළඹ වරාය නගරයේ ප්‍රාථමික අදියරේ සංචාරකවිදේශ හා වාණිජමය කටයුතු 2021 වසර තුළ අරම්භ වීමට නියමිත වී තිබෙනවා. මෙම විශේෂ ආර්ථික කලාපය තුළ වාණිජ සේවා ප්‍රවර්ධනයට සහ ආයෝජනයට හිතවාදී නව නීති රාමුවක් අයවැය විවාදයෙන් පසු ජනවාරි මස තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මා අපේක්ෂා කරනවා.

    මෙම ආර්ථික කලාපයේ ශ්‍රී ලාංකිකයන් සඳහා පුළුල් රැකියා අවස්ථාවන් මෙන්ම ඔවුන්ට විදේශ මුදල්වලින් වැටුප් ගෙවීමටත් ප්‍රතිපාදන සලසා තිබෙනවා. ව්‍යාපාරික හා ආයෝජන හිතවාදී නීති රාමුවත්යෝජිත උසස් යටිතල පහසුකමුත් හේතුවෙන්ආයෝජකයන් හා ව්‍යාපාර ප්‍රජාව අතර ආසියාවේ ප්‍රමුඛ හා ආකර්ශණිය තේරීමක් බවට කොළඹ වරාය නගරය පත් වෙනවා ඇතැයි අප විශ්වාස කරනවා.  අපේ රටේ ආයෝජන ප්‍රවර්ධනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන අතර ක්‍රමෝපාය ආයෝජන නීතිය යටතේ අවශ්‍ය බදු හා සුවිශේෂිත වූ භාණ්ඩ වෙළදාමබැංකු හා විනිමය  ගණුදෙණු සඳහා සහන ලබාදීමටද අපේක්ෂා කරනවා. 

    සමාප්තිය

    ගරු කතානායකතුමනි,

    මෙම අයවැය කඩා වැටුණ ආර්ථීකයක් ඔසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැයක්. එය “සෞභාග්‍යයේ දැක්ම” යතාර්ථයක් කරමින් සාර්ව ආර්ථික දැක්මක් තුළ  සියළු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සකස්කළ අයවැයක්. ගෝලීය ආර්ථිකයක්  තුළ තරඟකාරී දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා අපේ ව්‍යාපාරික ප්‍රජාවට හිමිකරන ලද විශේෂ ආයෝජන අවස්ථා  රාශියක් විවෘත කරන අයවැයක්. දේශීය ආර්ථිකය තරඟකාරී ලෙස ගෝලීය ආර්ථිකයට පිවිසීම සඳහා ඉදිරි වසර 3 තුළ අපේ රටේ සෑම තරාතිරමක නිෂ්පාදකයින් මේ සඳහා කැපවිය යුතුයි.රාජ්‍ය සේවය එයට දිරි ගැන්විය යුතුයි.

    බදු හෝ විනිමය පාලන නීති වලින් මිදීම සඳහා දේශීයව හෝ විදේශීයව සඟවා තබාගෙන ඇති මුදල් රටේ අභිවෘද්ධියට යොදන ලෙස එම ව්‍යාපාරිකයින්ගෙන්ද මම ඉල්ලා සිටිනවා. මෙම අයවැයෙන් සලසා ඇති ඕනෑම ආයෝජනයක් සඳහා එසේ මුදල් යොදවන ව්‍යාපාරිකයන්ට පිලිගත් දිවුරුම් ප්‍රකාශයක් සහිතව සියයට 1ක බදු ගෙවීමකට යටත්ව බදු සමාවක් ලබාදීමට නීති ප්‍රතිපාදන යෙදීමටද බලාපොරොත්තු වෙනවා.  

    2021 සඳහා  ඇස්තමේන්තු ගත රජයේ ආදායම රුපියල් බිලියන 1961ක් වෙනවා. රජයේ මුළු වියදම රුපියල් බිලියන. 3,525ක් වන බැවින් ආදායම් වියදම් පරතරය රුපියල් බිලියන. 1,564ක් වෙනවා. 2014දී ජාතික ආදායමෙන් සියයට 32.3ක්ව පැවති පෞද්ගලික ආයෝජන 2019 දි සියයට 27.6 දක්වා අඩු වී තිබීමත්ඇණහිට තිබූ රටේ සංවර්ධන වේගය යලි ආරම්භ කිරීමට රජය ශක්තිමත් ආරම්භයක් දිය යුතු නිසාත් 2021දී ජාතික ආදායමෙන් සියයට 9කට තරමක් අඩු අයවැය හිඟයක් පවත්වා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

    දේශීය හා විදේශීය ගෙවීම් වලදී කල් පිරුණ ණය දිගුකාලීන ණය වශයෙන් නැවත නිකුත් කිරීමට ඇති අවස්ථාවන් පුළුල් වී ඇති නිසා මෙම අයවැය පරතරය කළමනාකරණය කර ගත හැකි බව මගේ විශ්වාසයයි. ඉතා පහළ මට්ටමක පවතින ආර්ථික ධාරිතා උපයෝජනය වැඩිකර ගැනීම මෙම අයවැය මගින් ඉදිරිපත් කර ඇති ග්‍රාමීය මෙන්ම නාගරීකත්සම්ප්‍රදායික මෙන්ම තාක්ෂණික වශයෙනුත්ක්ෂුද්‍ර මූල්‍ය මෙන්ම ප්‍රාග්ධන වෙළඳපළ වශයෙනුත් එකිනෙක ගැලපෙන සංවර්ධන යෝජනා මගින්  හැකි වෙනවා. 2021 අපේක්ෂිත ආර්ථික වර්ධනය සියයට 5.5ක් වන අතර එය සියයට 6 ඉක්මවන වර්ධන වේගයකට යොමු කිරීමත් සමඟ රාජ්‍ය ආදායම් වර්ධනය දැනට පවත්නා සියයට 9.7 සිට සියයට 14.1 දක්වා ඉහළ නංවා ගැනීම සිදු කිරීම අපගේ අයවැය පරතරය අඩු කිරීමේ මැදි කාලීන දැක්ම බව අවධාරණය කරනවා. 2025 වන විට අයවැය හිඟය සියයට 4කට ඉලක්ක කර ඇත්තේ ආර්ථික ප්‍රසාරණය තුළින් පුළුල් කරන බදු ආදායම වර්ධනත්රාජ්‍ය වියදම් හා රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණය සඳහා වැඩි විශ්වාසයක් තබා ඇති නිසාත්ය. ආර්ථික පුනර්ජීවනය සමඟින් දිළිඳුකම පිටුදැකීමේ සංවර්ධන අයවැයට ඔබ සියළු දෙනාගේ ආශිර්වාදය මා ඉල්ලා සිටිනවා. 

    ඔබ සැමට තෙරුවන් සරණයි!

  • ඔබට අපූරු අත්දැකීමක් විය හැකි සුපිරි විලාසිතා එකතුවක්

    ඔබට අපූරු අත්දැකීමක් විය හැකි සුපිරි විලාසිතා එකතුවක්

    කොවිඩ් වසංගතය නිසා විලාසිතා / රූපලාවන්‍ය ගැන තිබෙන උනන්දුවක බොහෝ දුරට අඩු වෙලා කියලා තමයි අපි හිතන්නේ. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. අගුළු දැමීම, සමාජ දුරස්ථභාවය නිසා රූපලාවන්‍යාගාර වසා දැමීම හෝ සීමා කිරීම, උත්සව අවස්ථා සීමාවීම, ආදායම අඩු වීම වගේම මුහුණු ආවරණය නිසා ඇතිවන තත්ත්වය නිසා බොහෝ දුරට ලංකාවේ වගේම ගෝලීය වශයෙනුත් මේ වන විට රූපලාවන්‍ය කටයුතු වගේම විලාසිතා බොහෝ දුරට සීමා වෙලා තිබෙනවා.

    ඒත් මේ වන විට ‘විකල්ප විලාසිතා නැතහෝ රූපලාවන්‍ය ප්‍රවණතා ගෝලීය වශයෙන් සිදුවෙනවා. සම්ප්‍රදායික රටක් ලෙස ලංකාවේ මේ තත්ත්වය අතිෂය දුර්ලභ වුණත් බටහිර රටවල, අග්නිදිග ආසියානු සහ ලතින් ඇමෙරිකාවේ මේක දැන් ‘රැල්ලක්‘ බවට පත්වෙලා තිබෙනවා.

    මේ රූපලාවන්‍ය / විලාසිතා රැල්ලේ අති අපූර්වත්වය වන්නේ සිංහල භාෂාවෙන් කීවොත් ‘විකාරරූපී බවක්‘ මේ විලාසිතාවල තිබීමයි. ඇතමෙකුට මේ විලාසිතා / රූපලාවන්‍ය ‘නීරස‘ වුණත් සමරුන්ට නම් මේවා බලලා ‘බඩ පැලෙනතුරු හිනාවෙන්න පුළුවන්‘ ඒ මේ ගැන උනන්දුවක් දක්වන අය නම් කියන්නේ මේවා ‘නිර්මාණාත්මක / කලාත්මක ඒකා බවයි.

    ඉතිං අපි මෙවර තීරණය කළා මේ විකාරරූපී විලාසිතා එකතුවක් ඔබට තිළිණ කරන්න.

    ඉන්ස්ටග්‍රෑම් හි මේ නීරස #ootd පෙනුමේ නිමක් නැති ඡායාරූප දැක ගැනීමට ඔබ කැමති නම් – @ tala.notes හොඳ ගිණුමක්. එය සෑම ආකාරයකම කලාත්මක ඡායාරූප වල ලේඛනාගාරයක් වන අතර එය ඔබට ආස්වාදයක් ලබා දෙන බවට සැකයක් නැහැ.

    1. ‘කොන්ත නෝනගේ කොණ්ඩේ බදින්නේ කොන්තනෝනට ඕනෑ හැටියට‘ කියලා අපි අතර කතාවක් තියෙනවා. මේ ඒකට කදිම උදාහරණයක්. මෙය පැරීසියේ කොණ්ඩා මෝස්තර ශිල්පියෙකු වන කැරොලයින් ෂ්මිට්ගේ නිර්මාණාත්මක කොණ්ඩා මෝස්තරයක්

    # 1 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    2. ඔබගේ මීළඟ වේශ නිරූපණය මෙන්ටෝස් විසින් දේවානුභාවයෙන් කරනු ඇතැයි ඔබ කිසි විටෙකත් බලාපොරොත්තු වෙන එකක් නැහැ. නමුත් ඔබ මෙය දුටු පසු, ඔබටත් උත්සාහ කිරීමට අවශ්‍යය, නේද?

    # 2 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    3. ඔබ මගෙන් ඇසුවොත් සිකුරාදා රාත්‍රීය ගත කිරීම සදහා මා කළ යුතු වේශ නිරූපණය කුමක්ද කියලා ? මා ඔබට මේ වාගේ වේෂ නිරූපණයක් යෝජනා කරනවා.  එය ඇසට හසුකර ගැනීම, අවධානය දිනා ගැනීමට කදිම වේෂ නිරූපණයක්. බය වෙන්න එපා මේක සම්පූර්ණ කිරීමට ගත වූයේ පැය කිහිපයක් පමණයි.

    # 3 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    4. කෙස් කළඹ කියන්නේ හරිම අපූරු දෙයක්. එයට නිමක් නැති අපූරු දේවල් කළ හැකියි. ඔබ කවදා හෝ ඔබේ කොණ්ඩ විලාසිතාවට කැරට් භාවිතා කිරීමට තීරණය කර තිබේනවාද ? නැති නම් දැන් මොකද හිතන්නේ. මෙපමණ ස්වභාවික කොණ්ඩ මෝස්තරයක් ඔබ කවදාවත් දැක තිබෙනවාද ?

    # 4 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    5. ඇතැම් විලාසිතා සරල – සුන්දර සහ පහසු වන විට ඇතැම් ඒවා සංකීර්ණ මිල අධික ඒවා විය හැකියි. ඒ සියල්ලටම වඩා ඇතැම් විලාසිතා කිරීමට ඔබ සැලකිය යුතු ධෛර්යයක් ද තිබිය යුතුයි. මේ ඒකට කදිම නිදසුනක්. මොකද කියන්නේ මේ විලාසිතාව කර ඔබේ පෙම්වතා විස්මයට පත් කිරීමට ඔබ සූදානම් ද ?

    # 5 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    6.යළිත් කෙස් කළඹ ! මෙවැනි සුන්දර සහ වර්ණවත් අපූරු කොණ්ඩා විලාසිතාවකින් ඔබේ හිස සරසා ගැනීමට ඔබ කැමති ද?

    # 6 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    7. මුහුණු ආවරණයක් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වනු ඇතැයි අපි කිසිදා සිතා තිබුණා ද ? නැහැ. එසේ නම් හෙට ලෝකය ගැන අපට කීමට කිසිවක් නැහැ. ඒ නිසා ඊළග වෛරසයට දැන්ම සූදානම් වෙමුද ? මේ ඒකටම ගැළපෙන විලාසිතාවක්.

    # 7 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    8. හිස ඩිස්කෝ බෝලයක් බවට පත්කර ගන්න ඔබ කැමැති නැති බව නම් සහතිකයි. ඒත් මේ විලාසිතාව බලන කොට ඒ අදහස වෙනස් වෙන්න බැරිකමකුත් නැහැ.

    # 8 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    9. මේ වගේ පෙනුමක් ඇති විට සියලු දෙනාම ඔබ දෙස බලා සිටිනු ඇති බවට කිසිම සැකයක් නැහැ.  

    # 9 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    10. ඔවුන් පවසන්නේ ඔබ සෑම විටම මුහුණු ආවරණයක් පැළඳිය යුතු බවයි, නමුත් කිසිවෙකු එය කලා කෘතියක් බවට පත් කිරීමෙන් ඔබව වළක්වන්නේ නැහැ. මේ විලාසිතාව අනුගමනය කරන්න. ඒත් බලාගෙන කොරෝනා වෛරසය සමග සෙල්ලම් නම් බැහැ. ඒකට නියමිත ප්‍රමිතිය සහ සෞඛ්‍යාරක්ෂාව අත්‍යවශ්‍යයි

    # 10 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    11. ඔබ මනස යොමු කළහොත් වඩාත් ලෞකික දේවල් පවා කලාවක් බවට පත් කරගත හැකියි. 

    # 11 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    12. දත් කියන්නේ සුන්දරත්යේ තවත් අපූරු අවස්ථාවක්. ඒ සුන්දරත්වය තවත් වර්ධනය කරගන්න මේ වාගේ විලාසිතාවකට ගියොත් කොහොමද ?

    # 12 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    13. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම ඇත්තෙන්ම අසීරුයි. ඒ නිසා මුහුණු ආවරණය, සමාජ දුරස්ථභාවය අත්‍යවශ්‍යයි. ඉතිං මේ වාගේ විලාසිතාවකට මාරු වුණොත් කොහොමද ?

    # 13 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    14. හිස් වැසුම් පැළදීම ලංකාවේ නම් විරලයි. ඒත් ලෝකයේ එහෙම නැහැ. මේ වාගේ හිස් වැස්මක් පැළදගෙන ගමනක් ගියොත් කොහොමද ?

    # 14 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    15. පිටසක්වල තරුණියෝ මොනවගේද කියලා දවසක් වගේ මිතුරියක් ඇසුවා. එදා ඇයට පිළිගත හැකි උත්තරයක් දුන්නේ නැහැ. ඒත් දැන් ඔන්න ඒ උත්තරය දෙනවා.

    # 15 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    Zestradar ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • අදත් කොවිඩ්-19 මරණ 03ක් – මුළු මරණ ගණන 61 දක්වා ඉහළට

    අදත් කොවිඩ්-19 මරණ 03ක් – මුළු මරණ ගණන 61 දක්වා ඉහළට

    අද දින (16) කොවිඩ්-19 ආසදනය වූ පුද්ගලයින් -03 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප.ව 21.15ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක සහ 75 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනකු සහ 84 වැනි වියේ පසු වූ කාන්තාවකි.

    මෙම මරණ තුනත් සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගිය බවයි අදාළ ප්‍රවෘත්ති නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

  • වැඩිහිටියන් රැකගන්න නම් කොළඹ වසා දමන්න – පුරපතිනිය ඉල්ලයි

    වැඩිහිටියන් රැකගන්න නම් කොළඹ වසා දමන්න – පුරපතිනිය ඉල්ලයි

    ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න කියලා කොච්චර කිව්වත් පැල්පත්වාසීන්ට එහෙම කරන්න අවකාශයක් නෑ. එහෙම කරන්න නම් මේ අවස්ථාවේ රජය විසින් දැඩි පාලනයකට යටත් කරමින් කටයුතු කළ යුතුයි. දින 14ක් දින 21ක් අතර කාලයක් ලොක්ඩවුන් කිරීමක් කරලා මේක පාලනය කළේ නැත්නම් භයානක තත්ත්වයක් ඇති වෙයි‘

    මෙහෙම කියන්නේ කොළඹ පුරපතිනිය, රෝසි සේනානායක මහත්මිය.

    ඇය මේ බව ප්‍රකාශ කළේ අද (16) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීයි.

    එහිදී වැඩි දුරටත් තම අදහස් පළ කරමින් පුරපතිනිය කියා සිටියේ කොළඹ මහ නගර සභා සීමාව තුළ ජීවත් වන වැඩිහිටි ජනගහනය ඉහළ බවත් කොවිඩ් වසංගතයෙන් ඔවුන් බේරා ගැනීමේ හැකියාවක් තිබේද යන්න අද ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්ය.

    කොවිඩ් සමග ජීවත්වෙනවා යනු කොවිඩ් දෙවන රැල්ල සමග ජීවත් වීම නොවන බවත් කොවිඩ් සමග ජීවත්වෙන්න නම් දෙවැනි රැල්ල අනිවාර්යෙන් පාලනය කළ යුතු බවත් මෙහිදී රෝසි සේනානායක මහත්මිය අවධාරණය කළා.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රෝසි සේනානායක මහත්මිය,

    ” අපි දැඩි සංචරණ සීමා දාලා නගරය දැඩි පාලනයකට යටත් කරලා කිසිකෙනෙකුට නගරයට ඇතුළු නොවන විදිහටත් කිසිකෙනෙකුට හුදකලා කරපු තැන්වලින් එළියට බහින්න බැරිවෙන විදිහට දැඩි පාලනයක් යටතේ මේක පාලනය කරේ නැත්නම් ලොකු ව්‍යවසනයකට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා. ඊයේ මට්ටක්කුලිය ප්‍රදේශයේ සමහර තැන්වල නිරෝධායනයට ලක්කරපු පවුල්වල අය නිවෙසින් බැහැරව රැකියා ස්ථානවලට යනවා කියන එක අපිට හඳුනගන්න ලැබුණා. මරණ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ‘

  • 2021 අයවැය හෙට පාර්ලිමේන්තුවට

    2021 අයවැය හෙට පාර්ලිමේන්තුවට

    2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය වන මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

    2021 විසර්ජන කෙටුම්පත පසුගිය ඔක්තොබර් 06 වැනිදා ගැසට් පත්‍රයේ පල කිරීමෙන් පසු එය ඔක්තොබර් 20 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයා විසින් 2021 විසර්ජන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම (අයවැය කථාව) ඉදිරිපත් කිරීම සඳහා හෙට (17) පස්වරු 1.40ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කර සිටී.

    ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ප්‍රකාශය සිදු කරනු ඇත. එය මෙරට 75 වැනි අයවැය වාර්තාව ලෙස සැලකේ.

    2021 මුදල් වර්ෂයට අදාලව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

    අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ. ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා  පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවත්වේ.

    ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වේ. දෙසැම්බර් 10 වැනි දින පස්වරු 5.00ට ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

    අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන හෙට (17) දිනයේ සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

    හෙට දිනයේ විදේශ තානාපතිවරු සහ මුදල් අමාත්‍යංශයේ අවසර ලත් නිලධාරීන්ට පමණක් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආරාධනා කර ඇති අතර අයවැය ප්‍රකාශය පැවැත්වෙන කාලසීමාව තුළ කථානායක ගැලරියේ සෞඛ්‍ය ආරක්ෂිත විධි විධානයන්ට යටත්ව ආසන පනවා ඇත. මහජන ගැලරිය සහ මාධ්‍ය ගැලරිය තවදුරටත් වසා තැබෙනු ඇත.

    අයවැය ප්‍රකාශය සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය මෙවර පැවැත්වෙන නමුත් එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වනු ඇත.

  • අද දින Covid-19 ආසාදිත මරණ 05ක් – මුළු මරණ ගණන 58ක්

    අද දින Covid-19 ආසාදිත මරණ 05ක් – මුළු මරණ ගණන 58ක්

    අද (15) දින කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 18.10ට නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදනය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 58 දක්වා ඉහළ යන බවයි අදාළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ.

    මේ අතර අද දින 18.05ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වුණේ අද දින මේ දක්වා (ප.ව 18.05) නව ආසාදිතයින් 544 දෙනකු වාර්තා වූ බවයි. වාර්තා වූ සියලම ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් බවයි අදාළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.