Tag: featured

  • PCR පරීක්ෂණය හා බැඳුණු මිත්‍යා මත සහ අත්දැකීම්

    PCR පරීක්ෂණය හා බැඳුණු මිත්‍යා මත සහ අත්දැකීම්

    PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ.

    කොරෝනාවෛරස පරීක්ෂණ මගින් මිනිසුන්ට හානියක් විය හැකි බවට විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

    අනිසි බියක් ඇති කිරීම හෝ “බියවැද්දීමෙන්” මිනිසුන් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීමට යොමු කිරීම එවැනි ප්‍රකාශවල අරමුණ යැයි එවැන්නක් පළ කළ පුද්ගලයන් කීපදෙනෙකු අප සමග ‘මැසෙන්ජර්’ ඔස්සේ අදහස් හුමාරු කරමින් පැවසූහ.

    නමුත් මේ “බියවැද්දීම්” නිසා PCR පරීක්ෂණය මඟහරින පුද්ගලයන් සිටිය හැකිද?

    “මම PCR ටෙස්ට් එක කරන්න සෑහෙන බය වුණා. ෆේස්බුක් එකේ පෝස්ට් දැකලම තමයි මේ බය ඇති වුණේ. බය නිසාම ටෙස්ට් එක කළාට පස්සේ වමනේ ගියා. ඒ වගේම මගේ ටෙස්ට් එක කරන්න සෑහෙන අමාරු වුණා. අන්තිමට මට සැර කරළා තමයි කූර උගුරටයි, නහයටයි දැම්මේ,” ජා ඇල පදිංචි ඉනුෂි කුරේ සිය අත්දැකීම් විස්තර කරමින් පැවසීය.

    PCR පරීක්ෂණය මොළයට හානි කළ හැකිද?

    කොරෝනාවෛරස පරීක්‍ෂණ සිදුකරන අයුරු දැක්වෙන පින්තූර ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි පුළුල් ලෙස සංසරණය වී ඇත. එමෙන්ම, PCR පරීක්ෂණ මඟින් “මොළයට හානි සිදු විය හැකි යැයි” සමහරු අදහස් පළ කර ඇත.

    PCR test Sri Lanka

    කෙසේනමුත්, නාසයෙන් ඇතුළු කරන පුළුන් රැඳවූ කූර (swab) මොළයට පිවිස එයට හානි සිදු කළ හැකි යැයි යන්න සම්පූර්ණ වරදවා වටහා ගැනීමකි.

    මොළයේ ආරක්ෂිත ස්ථර රාශියක් පිහිටා ඇත. පළමු හා පැහැදිලිම ආවරණය හිස් කබල වන අතර ආරක්ෂිත පටල හා තරලවලින් තවදුරටත් මොළය ආරක්ෂා වී තිබේ.

    මොළයට හානි සිදු කිරීමට නම් නාසයට ඇතුළු කරන කූර පටක ස්ථර කිහිපයක් කඩා අස්ථියක් හරහා හා රුධිර නාල තුළට යා යුතුය.

    “පටක හා අස්ථි බිඳගෙන යන තරමේ බලයක් මේ ටෙස්ට් යොදන්නේ නැහැ. මේවා අනවශ්‍ය බිය ගැන්වීම් සඳහා පතුරවන බොරු මත. මොළයට හානි සිදුවෙලා වැනි සංකූලතා මෙතෙක් අපට අසන්න ලැබිලා නැහැ,” වෛද්‍ය පවිත්‍රා ද සිල්වා පැවසුවාය.

    PCR test Sri Lanka

    “ටෙස්ට් එක කරනකොට උගුරේ, නාසයේ කැසීමක් වගේ දෙයක් දැනෙන එක සාමාන්‍යයයි. සමහරුන්ට පොඩි කැස්සක්, නැත්නම් ඔක්කාරයට එන ගතියක් දැනෙනවා. ඒ කිසිදෙයක් කල් පවතින ලක්ෂණ නෙමෙයි. ටෙස්ට් එකට කිසිසේත්ම බය වෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනේ කොරෝනාවෛරසය නිසා ලෙඩ වීමට,” ඇය තවදුරටත් පැවසීය.

    PCR පරීක්ෂණය සිදු කරනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් නිසි පුහුණුවක් ලැබූ පිරිසක් වන අතර, එයින් හානි සිදුවීමක් ගැන ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ බීබීසී සිංහල සේවයට පැවසීය.

    මොකක් ද මේ PCR පරීක්ෂණය?

    PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ. රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් වෛරසයේ ජානමය ද්‍රව්‍ය විස්තාරණය කිරීම මෙමගින් සිදුවේ. PCR යනු කෙටි නාමය වන අතර, එහි දිගුව වන්නේ Polymerase Chain Reaction යන්නය.

    වෛරසය ඇති දැයි විනිශ්චය කිරීමට ඔබෙන් ලබා ගන්නා සාම්පල විද්‍යාගාර පියවර ගණනාවක් හරහා යා යුතුය.

    පුළුන් රැඳවූ දිග කූරක් (Swab) නාසයෙන් හෝ මුඛයෙන් ඇතුළු කර උගුර සහ නාස් කුහරය කෙළවර ආසන්නයෙන් සෙම පටල ලබා ගැනීමෙන් පසු, එම සාම්පල PCR පරීක්ෂණය සඳහා පැය 48ක් තුළ රසායනාගාර වෙත යොමු කළ යුතුය.

    එම රසායනාගාර අප එදිනෙදා දකින සාමාන්‍ය ඒවා නොවන අතර, විශේෂ දැනුමැති තාක්ෂණවේදීන්, විද්‍යාඥයන් සිටින රසායනාගාරය.

    PCR test Sri Lanka

    කොරෝනාවෛරස පරීක්ෂණයෙන් පසු ඔබට “ඔව්” හෝ “නැත” යනුවෙන් පිළිතුරක් ලැබේ. කෙසේනමුත් ලබා ගත් සාම්පල තුළ වෛරසය කොපමණ ප්‍රමාණයක් ඇත්ද යන්න හෝ ක්‍රියාකාරී ආසාදනයක් වීමට ඇති ඉඩකඩ පිළිබඳ කිසිදු සඳහනක් පරීක්ෂණ ප්‍රතිඵලවල සඳහන් වන්නේ නැත.

    සක්‍රීය ලෙස වෛරස් විශාල ප්‍රමාණයක් ඇති පුද්ගලයෙකුට මෙන්ම දැනටමත් සුව වී ඇති ආසාදනයකින් ඉතිරිව ඇති කොටස් ඇති පුද්ගලයෙකුට ද ‘ධනාත්මක’ ලෙස පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනු ඇත.

    එංගලන්තයේ මහාචාර්ය හෙනගන් පවසන්නේ සාක්ෂි අනුව කොරොනාවෛරසය “සතියකට පමණ පසු ආසාදනය අඩු වන බව පෙනේ,” යනුවෙනි.

    සක්‍රීය වෛරස තිබේදැයි බැලීමට සෑම සාම්පලයක්ම පරීක්‍ෂා කළ නොහැකි වුවද, කඩඉම් ලක්ෂ්‍යය විය යුත්තේ කොතැනදැයි විද්‍යාඥයින්ට සොයාගත හැකි නම් ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵල ලබා ගැනීමේ සම්භාවිතාව අඩු කළ හැකි බව ද මහාචාර්යවරයා පැවසීය.

    මෙමගින් පැරණි ආසාදනයක් මත පදනම්ව ධනාත්මක ප්‍රතිඵලයක් ලබා දීම මෙන්ම පුද්ගලයන් අනවශ්‍ය ලෙස නිරෝධායනයට යොමු කිරීම වළක්වා ගත හැකිය.

    “මගේ දරුවාට කොවිඩ් 19 ලක්ෂණ නිසා අපේ ගෙදර හැමෝම ටෙස්ට් කළා. හැබැයි දරුවා සහ ගෙදර හැමෝම නෙගටිව්, මම විතරක් පොසිටිව් වුණා. මේක හිතා ගන්න බැරි දෙයක්. මම දොස්තරලගෙන් ඇහුවමත් කිව්වේ මේ වගේ දරුණුවට පැතිරෙන වෛරස් එකක දී මේ වගේ දෙයක් අසාමාන්‍යයි කියලා. ඒක නිසා දවස් තුනකට පස්සේ මම ආයෙත් ටෙස්ට් කළා. ඒ ප්‍රතිඵලේ නෙගටිව්,” එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක පැවසූ අතර, ඇය සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැත්ත පළ කළාය.

    මෙය සමාජ මාධ්‍ය ජාලවල පළවන සේ “භයානක” පරීක්ෂණයක් නොවන නමුත් සංකීර්ණ පරීක්ෂණයක් බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය.

    PCR test Sri Lanka
    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ

    “මෙය සිදු කරන කෙනාට භයානක වන්නේ නැහැ. නමුත් පියවර කීපයක් ඔස්සේ සිදුවන සංකීර්ණ පරීක්ෂණයක්. සමාජයෙන් නැගෙන තවත් චෝදනාවක් තමයි PCR පරීක්ෂණයට මේ තරම් කාලයක් ගත වන්නේ ඇයි කියන එක. ඔවුන් අසන්නේ ලේ පරීක්ෂාවක් වගේ ඉක්මණට මෙය සිදු කරන්න බැරි ඇයි කියලා. මේ තත්ත්වයට හේතුව, මේ වන විට සාම්පල් විශාල ප්‍රමාණයක් එන නිසා අපට කාලයක් ගත වෙනවා මේ පරීක්ෂණ සිදු කරන්න. එය ප්‍රමාදයක් නොවෙයි, නමුත් පරීක්ෂණයේ සංකීර්ණ බව එක්ක ගතවන කාලයයි”

    “මෙය සංකීර්ණ ක්‍රියාවලියක් නිසා අපි නිවැරදි වාර්තාවක් දෙන්න ඕනේ. මෙහි දී සිදුවන්නේ යම් කාලයක් ගතවන සම්පූර්ණ ක්‍රියාවලියක්,” ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

    PCR පරීක්ෂණය සම්බන්ධ විවිධ අත්දැකීම්

    රටවල් ගණනාවක් හරහා ගුවන් ගමන් කීපයකින් පසු ශ්‍රී ලංකාවට පැමිණි නිල්මිණී PCR පරීක්ෂණ හතරකට මුහුණ දී ඇති අතර එම අත්දැකීම් බීබීසී සිංහල සේවයට පැවසුවාය,

    “ලංකාවට එන්න ෆ්ලයිට් කීපයක් ගන්න වුණා, රටවල් දෙකක PCR කළා. ලංකාවට ඇවිත් නිරෝධායනයේ ආයෙත් PCR දෙකකට මුහුණ දුන්නා. මට මුලින් අපහසු වුණේ නැහැ. හැබැයි තුන්වෙනි එක කරළා පැය කීපයක් යනකොට නහය, මූණ ඉදිමුණා. දවසක් යනකොට ඒක හොඳ වුණා. කොහොම වුණත් මේකට බය වෙන්න ඕනේ නැහැ. ඊට වඩා ප්‍රශ්න වෙනවා ලෙඩේ හැඳුනොත්,” ඇය පැවසීය.

    PCR test Sri Lanka

    මේ අතර, ගම්පහ පදිංචි ධම්මිකා ලොකුහේවා පැවසුවේ, PCR පරීක්ෂණය කිරීමේ දී හෝ ඉන් පසුව ඇයට කිසිදු අපහසුතාවක් නොදැනුන බවය.

    “මගේ ටෙස්ට් එක නෙගටිව් ආවා. ටෙස්ට් එක කරනකොට කිසිම අමාරුවක් වුණේ නැහැ. උගුරේ, නහයේ පොඩි කැසිල්ලක් ආවා විතරයි. ඒ අය කියන විදිහට හොඳට කට ඇරලා, දිව එළියට දමලා ඉවසීමෙන් හිටියාම හැමෝටම කරදරයක් නැහැ,” ඇය පැවසුවාය.

    PCR පරීක්ෂණය සිදු කරන ආකාරය සහ කොරෝනාවෛරසය පිළිබඳ දිගින් දිගටම වීඩියෝ සහ ඡායාරූප නැරඹීම නිසා ඒ ගැන දැඩි බියකින් පෙළෙන බව කොළඹ පදිංචි සමාධි කුරුවිට බීබීසී සිංහල සේවයට පැවසුවාය.

    “මට වෛරස ලක්ෂණවත් නැහැ. හැබැයි PCR කරනකොට අමාරු වෙන වීඩියෝ, ඡායාරූප දැකලා, විවිධ අය කියන කතා අහලා හොඳටම බයක් දැනෙනවා මේ ගැන. මේවා ඇත්තද බොරුද කියලා හිතා ගන්න අමාරුයි.”

    PCR test Sri Lanka

    Swab එකට හුස්ම ගැනීමෙන් පමණක් පරීක්ෂණය සිදු කළ නොහැකිද?

    “කෝවිඩ් ඇත්තටම ඔබේ හුස්මෙන් බෝ වෙනවා නම්, ඔබට Swab එක මත හුස්ම ගන්න බැරි ඇයි? එය ඔබේ නාසයේ පිටුපසට තල්ලු කළ යුත්තේ ඇයි?” යනුවෙන් ඉන්ස්ටග්‍රෑම් බොහෝ දෙනෙකු අතර බෙදී ගිය ප්‍රකාශයක් දක්නට ලැබිණි.

    ආසාදිත පුද්ගලයෙකුට කැස්ස හෝ කිවිසුම් යන විට වෛරසය පිරී ඇති කුඩා බිඳිති වාතයට එකතු වීමෙන් එය පැතිරී යා හැකිය. නමුත්, රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ද්‍රව්‍ය මෙමගින් එකතු නොවේ.

    “නාසයෙන් හෝ උගුරෙන් සෙම් පටල ගැනීමෙන් වඩාත් නිවැරදි පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනවා,” යැයි වෛද්‍ය පවිත්‍රා ද සිල්වා තවදුරටත් පැවසුවාය.

    PCR test Sri Lanka

    සිහින් කූරකට හුස්ම පිටකිරීමෙන් වෛරස් අංශු හෝ වෛරසය රැගෙන යන සෛල හඳුනාගත නොහැකිය. නමුත්, නාසයට සහ උගුරට Swab ඇතුළු කර ලබා ගන්නා සෙම් පටලවලින් වඩාත් නිවැරදි ප්‍රතිඵලයක් ලැබෙනු ඇත.

    PCR පරීක්ෂණය යොදාගන්නා වෙනත් කාර්යයන්

    කුඩා DNA සාම්පලයක පිටපත් විශාල ප්‍රමාණයක් ගෙන ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා භාවිතා කරන්නේ ද PCR පරීක්ෂණයයි.

    අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දී අපරාධකරුවන් හඳුනාගැනීම සහ වෙනත් කාර්යයන් සඳහා ද මෙම පරීක්ෂණය යොදාගනු ලැබේ.

    ඊට අමතරව පුද්ගලයෙකුගේ දෙමාපියන් හඳුනාගැනීම මෙන්ම විවිධ ආසාදන හඳුනාගැනීමටද මෙම පරීක්ෂණය යොදා ගැනේ.

    සම්පූර්ණ ලිිපිය 2020 නොවැම්බර් 03 වැනි දින බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • 2019 උපෙළ පැරණි – නව විෂය නිර්දේශ ඇති කළ අවුල ලිහාගන්න පියවර

    2019 උපෙළ පැරණි – නව විෂය නිර්දේශ ඇති කළ අවුල ලිහාගන්න පියවර

    වසර 05කට වරක් සිදුවන විෂය නිර්දේශ වෙනස් වීම හේතු කොට ගෙන උසස් පෙළ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය ලෙස කණ්ඩායම් දෙකක් විශ්ව විද්‍යාලවලට තෝරා ගැනීමේදී සිදුවී ඇති ගැටලුව සම්බන්ධයෙන් විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් වාර්තාවක් කැදවා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.ඇල් පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ජනතා විමුක්ති පෙරමුණෙහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්දී  මේ පිළිබදව කරුණු විමසූ අවස්ථාවේදී අමැතිවරයා මේ බව පැවසීය.

    වසර 05කට වරක් විෂය නිර්දේශ වෙනස්වීම හේතුකොට ගෙන මෙවර උසස් පෙළ විභාගයට පළමුවර ලිවීමේ කණ්ඩායම සහ දෙවන වර ලිවීමේ  කණ්ඩායම ලෙස තෝරා ගැනීම සිදුවන බවත් මෙහිදී 2019 වසරේදී පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට බලවත් අසාධාරණයකට මුහුණදීමට සිදුව ඇති බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

    ‘දැන් මේ පිළිබදව අධිකරණයෙත් නඩුවක් විභාග වෙමින් තිබෙනවා. එහිදී කරුණු කිහිපයක් මතුවී තියෙනවා. උදාහරණයක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් දෙවැනි වර ලියන  ළමයි 98ක් හා පළමුවර ලියන  ළමයි 34 ක් වෛද්‍ය විද්‍යාලය සදහා තෝරා ගැනෙනවා. මෙහිදී පළමුවරට උසස් පෙළ විභාගයට පෙනී සිට ඉහළ  සාමාර්ථ ලබාගත් ළමුන් තමන් වෛද්‍ය විද්‍යාලය සදහා තේරෙයි කියන විශ්වාසයෙන් දෙවන වරට උසස් පෙළ විභාගයට අයදුම් කරෙත් නැහැ. වෙනත් පාඨමාලාවන් ඉල්ලුම් කරෙත් නැහැ’’ යැයි දිසානායක මහතා පැවසීය.

    උදාහණයක් ලෙස මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පළමු වර කණ්ඩායමෙන් ජීව විද්‍යා අංශයෙන් 37 වැනි තැනට තේරුනු දරුවා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඉහළින්ම ‍තේරීපත් වුවත් වෛද්‍ය විද්‍යාලයට ප්‍රවේශ විය හැකි යයි සිතා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ‍නොයා ඉන්නවා. දෙවැනි වර විභාගයට අයදුම් කරෙත් නෑ. නමුත් පළමුවර ලියන  ළමයි 34 දෙනෙක් පමණයි වෛද්‍ය විද්‍යාලය සදහා තෝරා ගැනෙන්නේ. ඇතැම් ළමුන් ඉහළ සාමාර්ථ ලබා ගත් නිසා වෛද්‍ය විද්‍යාලය පමණයි අයදුම් කර තිබෙන්නේ. මේ නිසා එම ළමුන් කිසිදු පාඨමාලාවකට සහභාගීවීමට නොහැකිව  දැඩි මානසික පීඩනයට ලක්ව සිටිනවා. මෙහිදී පළමුවර ලිවීමේ කණ්ඩායමට විශාල අසාධාරණයක් සිදු වී ඇති බව පැහැදිළියි. මේ නිසා මේ සදහා මැදිහත්වීමක් අවශ්‍යයි’’යැයි ද ඒ මහතා සදහන් කළේය.

    මෙහිදී අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍ය වරයා පැවසුවේ මේ සම්බන්ධව 2012 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් සහ නිර්දේශ පවතින බවත් මේ අනුව මෙම ගැටලුව සම්බන්ධව කඩිනමින් විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් වාර්තාවක් කැදවන බවයි.

  • මෙරට කොවිඩ් රෝගීන්ගෙන් 60%ක් ගැන සෞඛ්‍ය ඇමති පවිත්‍රාගෙන් හෙළිදරව්වක්

    මෙරට කොවිඩ් රෝගීන්ගෙන් 60%ක් ගැන සෞඛ්‍ය ඇමති පවිත්‍රාගෙන් හෙළිදරව්වක්

    මෙරට කොවිඩ් රෝගින්ගෙන් සියයකට 60කට පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම ගැටලු සහගත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (03) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

    මෙහිදී කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් මෙසේද පැවසුවාය.

    කොවිඩ්   19 වසංගතයට අදාළව පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා පර්යේෂණාගාර 25 ක් මේ වන විට ස්ථාපිත කර තිබේ. දිනකට පීසීආර් පරීක්ෂණ 8000 කට අධික ප්‍රමාණයක් දැන් සිදු කරන බවද ඇය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

    නිරෝධායන පනතට සංශෝධන එක් කිරීමට ප්‍රමාද වූයේ ඒ පිළිබද පුළුල් අධ්‍යයනයක් කිරීමට සිදු වූ හේතුවෙන් බවද ඇය පෙන්වා දුන්නාය. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන තැනැත්තන් අත්අඩංගුවට ගැනීමේ බලය නව සංශෝධන මගින් පොලිස් නිලධාරින්ට හිමි වේ. මෙම රෝගය පාලනය සඳහා ජනතා සහාය උපරිමයෙන් අපේක්ෂා කරන බවද ඇය පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළාය.

    විදෙස් ගතව සිටි ශ්‍රී ලාංකිකයන් 50000 ක් පමණ දිවයිනට රැගෙන ඒමට රජය කටයුතු කර තිබේ. රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම කටයුතු ඉදිරියටත් සිදු කරන බවද අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

    ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 128 ලැබී තිබෙන අතර, එම ණය මුදල 2023 වසර වනතෙක් වියදම් කළ යුතු අතර, ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 35 ක් මේ වන විට සෞඛ්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් වියදම් කර ඇති බවත්, තවත් අමෙරිකානු ඩොලර් මිලියන 22 ක් වියදම් කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

    නිරෝධායන පනත මුළු ලංකාවටම පොදු වන්නක් වන අතර, මෑතකදි නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් පොදු ස්ථාන යන්නෙන් අර්ථ දැක්වෙන්නේ එළිමහන් පොදු ස්ථාන බවද ඇය පැහැදිලි කළාය.

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා මරණ සංඛ්‍යාව සැලකියයුතු මට්ටමකින් පාලනය වී තිබෙන බවත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ  සියලු දෙනා භේද වලින් තොරව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නාය.

    මෙරට කොවිඩ් රෝගින්ගෙන් සියයකට 60 කට පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම ගැටලු සහගත බවද ඇය පැවසුවාය. ගම්පහ දිස්ත්‍රීක්කයේ තත්ත්වය පාලනය කර තිබේ. රට තුළ පවතින මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනමින් හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඇය පෙන්වා දුන්නාය.

  • SLMC පිළිගත් වෛද්‍යවරයෙක් වීමේ අවම සුදුසුකම් මෙන්න !

    SLMC පිළිගත් වෛද්‍යවරයෙක් වීමේ අවම සුදුසුකම් මෙන්න !

    වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග 02 ක් පාර්ලිමේන්තුවේදී අද (03) සම්මත විය. ඉන් එක් නියෝගයක් වූයේ මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරයෙක් බවට පත් වීමට නම් අවම වශයෙන් උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ 02 ක් සහ සාමාන්‍ය සාමාර්ථ 01 ක් මූලික සුදුසුකම් වශයෙන් පැවතිය යුතු බවට වූ නියෝගය පාර්ලිමේන්තුවේදී සම්මත විය.

    ඊට ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා තම විරෝධය පළ කළ අතර, ඔහු යෝජනා කර සිටියේ වසරින් වසර එම සුදුසුකම සංශෝධනයට ලක්වන ලෙස නියෝගය ආඥාපනතට එක් කළ යුතු බවයි. එබැවින් නියෝග 02 සම්මත නොකර උපදේශක කාරක සභාවේදී ඒ පිළිබදව වැඩිදුර සාකච්ජා කර සංශෝධනය කළ යුතු බවට ඔහු යෝජනා කළේය.

    එහෙත් එයට ආණ්ඩු පක්ෂය එකග නොවූ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී එකග වූ පරිදි එම නියෝග සම්මත කළ යුතු බවට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි පෙන්වා දුන්නේය.

    ඉන්පසු දිසානායක මහතාගේ  විරුද්ධත්වය සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාළ නියෝග 02 පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

    අද විවාදයේ පිළිතුරු කථාව කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ මෙම නියෝග 02 සම්මත කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි. ඉන් වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිති සහගත වන බවද ඇය පෙන්වා දුන්නාය.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමු කළ ගැටළුවකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරිය පෙන්වා දුන්නේ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම ක්‍රමවත්ව සිදු වූ බවයි. ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද ඇය පෙන්වා දුන්නාය.

    වෛද්‍ය සභාව මගින් රැසියානු විශ්වවිද්‍යාල 03 කින් ලබාදෙන උපාධි තහනම් කිරීම පිළිබදව කිරිඇල්ල මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරිය පැවසුවේ ඒ සම්බන්ධව කඩිනමින් සොයා බලන බවයි. තාවකාලිකව එම තහනම ඉවත් කිරීමට කටයුතු කළ බවද ඇය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

  • ව්‍යවස්ථාදායක සභාවේ අගමැතිගේ නියෝජිතයා ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පත් කරයි

    ව්‍යවස්ථාදායක සභාවේ අගමැතිගේ නියෝජිතයා ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පත් කරයි

    ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පත්කර තිබේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට ඊයේ (02)  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අනුමැතිය හිමිවී ඇත.

    ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කථානායකවරයා විසින් පත් කර තිබේ.

    20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස්වේ.

    ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළුව අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන නියෝජිතයෙකු, කථානායක විසින් පත්කරන නියෝජිතයෙකු හා විපක්ෂ නායකවරයා විසින් පත් කරන නියෝජිතයෙකුගෙන් සමන්විත වේ.

    2020 මහ මැතිවරණයෙන්, යාපනය දිස්ත්‍රික්කයෙන් තරගකොට පාර්ලිමේන්තුවට තේරී පත් වූ, ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊ.පී.ඩී.පී) නායකයා ලෙස ද කටයුතු කරයි.

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වය දරන, අමාත්‍ය ඩගලස් දේවානන්දා මහතා ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාපතිවරයා මෙන්ම කිලිනොච්චිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතීත්වය ද දරනු ලබයි.

  • ට්‍රම්ප් සහ බිඩෙන්: ‘ජීවිත කතාවේ සුපිරි අවස්ථා’

    ට්‍රම්ප් සහ බිඩෙන්: ‘ජීවිත කතාවේ සුපිරි අවස්ථා’

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය මේ වන විට පැවැත්වෙමින් තිබේ. සටන පවතින්නේ වත්මන් ජනාධිපති, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් (74) සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් (77) අතරය. අභියෝගකරුවන් දෙදෙනාටම දශක හතකට වැඩි පෞද්ගලික හා වෘත්තීය අත්දැකීම් තිබේ. එය ගෝලීය දේශපාලනය තුළ බොහෝ විට දක්නට නොලැබෙන සුවිශේෂ තත්ත්වයකි

    මේ අතර බී.බී.සී සේවය සුවිශේෂ මාධ්‍ය මෙහෙවරක් ඉටු කළේය. ඒ මේ වියපත් අභියෝගකරුවන් දෙදෙනාගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවල දුර්ලභ ඡායාරූප එකතුවක් පළ කිරීමය. එම දුර්ලභ සහ සුවිශේෂ ඡායාරූප එකතුව පහත පළ වේ.

    මුල් කාලය

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුදා පාසල් නිල ඇඳුමකින් සැරසී සිටියේය
    18 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සිය හමුදා පාසල් නිල ඇඳුමින් සැරසී සිටින අතර එය 1964 නිව් යෝර්ක් හමුදා ඇකඩමියේ වාර්ෂික සංග්‍රහයේ New York Military Academy’s 1964 yearbook දැක්වේ

    1946 ජුනි මාසයේදී දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු උපත ලැබූ ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් නිව්යෝර්ක්හි දේපල වෙළඳාම් ව්‍යාපාරයක අධිපති ෆ්‍රෙඩ් ට්‍රම්ප් සහ මේරි ඈන් මැක්ලියෝඩ් ට්‍රම්ප්ගේ  (Fred Trump and Mary Anne MacLeod Trump) සිව්වන දරුවා විය. පවුලේ ධනය තිබියදීත්, ඔහු තම පියාගේ සමාගම තුළ වඩාත්ම පහළ රැකියාවන් කරනු ඇතැයි අපේක්ෂා කළ අතර, ඔහු පාසලේදී වැරදි ලෙස හැසිරීමට පටන් ගැනීමෙන් පසු වයස අවුරුදු 13 දී හමුදා ඇකඩමියකට යවනු ලැබීය.

    ඔහු පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ ෆ්‍රෙඩ් ගුවන් නියමුවෙකු වීමට තීරණය කිරීමෙන් පසුව ට්‍රම්ප් තම පියාගේ පවුලේ ව්‍යාපාර කටයුතුවල නිරත වීමට කැමති විය.

    ජෝ බිඩෙන් 1967 දී, වයස අවුරුදු 25 යි
    ‍1967 දී වයස අවුරුදු 25 ක් වූ ජෝ බිඩෙන්

    ජෝශප් රොබිනෙට් බිඩෙන් Joseph Robinette Biden Jr)1942 දී පෙන්සිල්වේනියාවේ ස්ක‍්‍රැන්ටන් හි උපත ලැබීය. නීතිඥයෙකු වීමට සිහින දකිමින් සිටි තරුණ ජෝගේ ලොකුම අභියෝගය වූයේ නීතිඥ වෘත්තිය අතිෂය වැදගත් ‘කථන හැකියාව ඇතිකර ගැනීමයි. නැතහොත් කථන බාධකයක්ව පැවති කඩුල්ල ජය ගැනීමයි. කැඩපතක් ඉදිරිපිට කථා කිරීමේ ඔහුගේ තාක්‍ෂණය හේතුවෙන් මාස කිහිපයකට පසු ඔහු ජයගත්තේය.

    බිඩෙන් ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයට සහ පසුව සිරකූස් විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාලයට ඇතුළත් විය. පසුව ඔහු සිය පළමු බිරිඳ නීලියා සමඟ විවාහ වී විල්මින්ටන්හි සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේය.

    1970 දශකය

    ඩොනල්ඩ් ට්‍රම්ප් 1976 දී පෙනී සිටියි
    1976 දී ඩොනල්ඩ් ට්‍රම්ප්

    ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගේ සමාගමට බැඳීමට පෙර තම පියාගෙන් ඩොලර් මිලියනයක ණයක් ලබාගෙන දේපළ ව්‍යාපාරයට අවතීර්ණ වූ බව ට්‍රම්ප් පවසයි. එහිදී ඔහු නිව්යෝර්ක් නගරයේ නේවාසික නිවාස, වතු විශාල ප්‍රමාණයක් කළමනාකරණය කිරීමට උදව් කළ අතර අවසානයේ සමාගම පාලනය කළේය. 1971 දී ඔහු එය ට්‍රම්ප් සංවිධානය – Trump Organization.ලෙස නම් කළේය.

    වසර හයකට පසු ඩොනල්ඩ් ට්‍රම්ප් චෙක් ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවක් හා නිරූපිකාවක් වන ඔහුගේ පළමු බිරිඳ ඉවානා සෙල්නිකෝවා සමඟ විවාහ විය. ඔහුගේ පළමු විවාහයේ සිටම ඔහුගේ දරුවන් වන ඩොනල්ඩ් ජේ.ආර්, ඉවාන්කා සහ එරික් – ට්‍රම්ප් සංවිධානය පවත්වාගෙන යාමට උදව් කරයි.

    සෙනෙට් සභික ජෝශප් බිඩෙන් රෝහල් කාමරයක දිවුරුම් දෙයි
    සෙනෙට් සභික ධුරයට පත්වූ ජෝ බිඩෙන් ඔහුගේ මාමණ්ඩිය වන රොබට් හන්ටර් දෙස බලා රෝහලේ දිවුරුම් දෙන අතර ඔහුගේ පුතා රෝහලේ ඇදමත ප්‍රතිකාර ලබමින් සිටී.

    ජෝ බිඩෙන් එක්සත් ජනපද සෙනෙට් සභාවේ අසුන් ගැනීමට උනන්දුවෙන් බලා සිටියේය.  ඒ අතර 1972දී ‍ඛේදවාචකයක් සිදුවිය. ඒ බිරිඳ සහ ළදරු දියණිය නයෝමි රිය අනතුරකින් මියයාමයි. ඔහුගේ පුතුන් වන බියු සහ හන්ටර් බරපතල තුවාල ලැබූහ. බිඩෙන් මහතා ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභිකයෙකු ලෙස සිය කුඩා පුතුන්ගේ රෝහල් කාමරයේ සිට දිවුරුම් දුන්නේය.

    සම්බන්ධක කොටු බැනරය පහළ

    1980 දශකය

    ඩොනල්ඩ් ට්‍රම්ප් සිය හෙලිකොප්ටරයෙන් නිව්යෝක් අහස යටින් ඔහුට පහළින්
    ඩොනල්ඩ් ට්‍රම්ප් 1987 අගෝස්තු මාසයේදී සිය පුද්ගලික හෙලිකොප්ටරයෙන් නිව්යෝර්ක් නගරය හරහා ගමන් කරයි

    1970 දශකයේ අග භාගයේදී ට්‍රම්ප් සිය අභිලාෂයන් වේගවත් කරමින් බෘක්ලින් සහ ක්වීන්ස් වෙතින් තම දේපල අවධානය දිලිසෙන මෑන්හැටන් වෙත මාරු කළේය. සුන්බුන් සහිත හෝටලයක් කඩා එය ග්‍රෑන්ඩ් හයට්  Grand Hyatt බවට පරිවර්තනය කිරීමෙන් පසු ඔහු වඩාත් ජනප්‍රිය ට්‍රම්ප් දේපළක් වන මහල් 68 කින් යුත් ට්‍රම්ප් කුළුණ Trump Towe ඉදි කළේය. එය 1983 දී විවෘත විය.

    ට්‍රම්ප් පෙදෙස, ට්‍රම්ප් වර්ල්ඩ් ටවර්, ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් හෝටලය සහ කුළුණ යන ප්‍රසිද්ධ නම දරන අනෙකුත් දේපල සහ ඔහුගේ ප්‍රබල සන්නාමය මාධ්‍ය උනන්දුව දිනා ගැනීමට පටන් ගත්තේය.

    නමුත් ඔහු ස්පර්ශ කළ සෑම දෙයක්ම රන්වන් පැහැයට හැරුණේ නැත. ට්‍රම්ප්ගේ ව්‍යාපාර බංකොලොත්භාවය ගොනු කිරීමකට හේතු වී තිබේ.

    එක්සත් ජනපද සෙනෙට් සභික ජෝශප් බිඩෙන් ඔහු සමඟ ඔහුගේ බිරිඳ සමඟ මාධ්‍ය හමුවකදී කතා කරයි
    සෙනෙට් සභික බිඩෙන් සිය බිරිඳ ජිල් සමඟ මාධ්‍ය හමුවකදී ජනාධිපති තරඟයෙන් ඉවත් වන බව නිවේදනය කළේය

    වොෂිංටනයේ ගත කළ පළමු වසර 14 තුළ බිඩෙන් මහතා තම බිරිඳ සහ දියණියගේ මරණයෙන් පසු සිය පෞද්ගලික ජීවිතය නැවත ගොඩනඟා ගත්තේය. ඔහු තම පුතුන්ට සාමාන්‍ය ජීවිතයකට සමානත්වයක් ලබා දීමට කැප වූ අතර සෑම දිනකම ඩෙලවෙයාර් හි පිහිටි පවුලේ නිවසේ සිට වොෂිංටන් ඩී.සී. වෙත ගමන් කළේය. ඔහු අවසානයේදී පාසැල් ගුරුවරියක වන ජිල් ජේකොබ්ස් සමඟ නැවත විවාහ විය.

    බිඩෙන් මහතා සෙනෙට් අධිකරණ කමිටුවේ ස්ථාපිත වූ අතර ජාතික ප්‍රතිරූපයක් ගොඩනැගීමට පටන් ගත්තේය. 1987 දී ඔහු එක්සත් ජනපද ජනාධිපති ධුරයට සිය පළමු ගමන ආරම්භ කළ නමුත් එවකට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායක නීල් කින්නොක්ගේ කතාවක් කොපි කිරීමේ චෝදනාව මත ඔහු තරගයෙන් ඉවත් විය.

    1990 දශකය

    ට්‍රම්ප් මිස් ඇමරිකා එක්සත් ජනපදය සහ මිස් යෞවන යෞවනියන් සමඟ
    ට්‍රම්ප් 1999 ජනවාරි මස  Miss USA and Miss Teen USA in New York වෙනුවෙන් මාධ්‍ය හමුවකට සහභාගී විය

    විනෝදාස්වාද ක්‍ෂේත්‍රයට (entertainment sector) පිවිසි ට්‍රම්ප් මහතා 1996 දී Miss Universe, Miss USA, and Miss Teen USA යන තරඟාවලි දියත් කරමින් තවත් ව්‍යාපාරික ක්ෂේත්‍රයක් ආක්‍රමණය කළේය.

    මේ අතර ඔහු පළමු බිරිද ඉවානාගෙන් වෙන්වීමෙන් පසු ඔහු 1993 දී නිළි මාර්ලා මේපල්ස් Marla Maples සමඟ විවාහ විය.

    1999 දී මාර්ලාගෙන් දික්කසාද වීමට ඔහු තීරණය කළ අතර ඒ වන විට ඔවුන්ට ‘ටිෆනි Tiffany – නම් දියණියක් සිටියේය. එම වසරේම ට්‍රම්ප්ගේ පියා මිය ගියේය.

    “මගේ පියා මගේ ආනුභාවයෙන් – My father was my inspiration ට්‍රම්ප් මහතා ඒ අවස්ථාවේ පැවසීය.

    සෙනෙට් සභිකයින් වන ජෝසප් බිඩෙන් සහ ටෙඩ් කෙනඩි ක්ලැරන්ස් තෝමස් තහවුරු කිරීමේ නඩු විභාගයට සහභාගී වෙති
    ලැරන්ස් තෝමස් තහවුරු කිරීමේ නඩු විභාගයේදී සෙනෙට් සභිකයන් වන ජෝ බිඩෙන් සහ ටෙඩ් කෙනඩි

    1991 ඔක්තෝබර් 11 වන දින ඔක්ලහෝමා විශ්ව විද්‍යාලයේ නීති මහාචාර්යවරියක් වන ඇනීටා හිල් (Anita Hill) සෙනෙට් අධිකරණ කමිටුව (Senate Judiciary Committee) ඉදිරියේ සාක්ෂි දුන් බැවින් එක්සත් ජනපද මහජනතාව ඔවුන්ගේ රූපවාහිනිය ඉදිරිපිට සිටගත්තේය. එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන ක්ලැරන්ස් තෝමස්ගේ නාමයෝජනා සම්බන්ධයෙන් කමිටුව විභාගයක් පැවැත්වීය. රේගන් පරිපාලනය වෙනුවෙන් ඔවුන් දෙදෙනාම සේවය කර ඇති අවස්ථා වලදී ඔහු ඇයට ලිංගික හිරිහැර (sexually harassed) කළ බව මිස් හිල් චෝදනා කළේය.

    කමිටුවේ සභාපතිවරයා ලෙස ජෝ බිඩෙන් විසින් නඩු විභාගය මෙහෙයවන ලදී. මිස් හිල්ගේ සාක්ෂි ඔහු විසින් හැසිරවීම බොහෝ කලක සිට විවේචනයට ලක්විය.

    නඩු විභාගය පැවැත්වූයේ සුදු ජාතික පිරිමි මණ්ඩලයක් විසිනි. පෙනෙන විදිහට මිස් හිල් වෙනුවෙන් සාක්ෂි දීමට කැමති කාන්තාවන් කිහිප දෙනෙකු සාක්ෂි දීමට බිඩෙන් මහතා කැඳවූයේ නැත.

    2019 අප්‍රියෙල් මාසයේදී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බිඩෙන් මහතා පැවසුවේ “ඒ ගැන කණගාටු වන” බවයි.එ

    2000 දශකය

    ඩොනල්ඩ් සහ මෙලනියා ට්‍රම්ප්
    1998 දී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප්, එවකට මෙලනියා නෞස්

    2003 දී ට්‍රම්ප් මහතා නව රියැලිටි ටීවී වැඩසටහනක් මෙහෙයවූ අතර ඔහු ව්‍යාපාරිකයෙකු මෙන්ම මාධ්‍යකරුවෙකු ලෙස සිය පෞරුෂත්වය ප්‍රකට කළේය. 

    ඔහු මෙම ප්‍රසංගය වාර 14 ක් සඳහා සත්කාරකත්වය දුන් අතර, මූල්‍ය අනාවරණය කිරීමේ ස්වරූපයෙන් කියා සිටියේ, ප්‍රදර්ශනය අතරතුරදී ජාලය විසින් ඔහුට ඩොලර් මිලියන 213 ක මුදලක් ගෙවා ඇති බවයි.

    මේ අතර, 2005 දී ඔහු යුගෝස්ලාවියානු ජාතික නිරූපිකාවක් වන ඔහුගේ වර්තමාන බිරිඳ මෙලනියා නෞස් සමඟ විවාහ විය. මෙම යුවළට එක් පුතෙකු සිටී. ඒ බැරන් විලියම් ට්‍රම්ප්.

    බරක් ඔබාමා ජෝ බිඩන්ට වේදිකාවට සවන් දෙයි
    ඉලිනොයිස් හි ස්ප්‍රිංෆීල්ඩ් හි පැවති උත්සවයකදී බැරක් ඔබාමා සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස හඳුන්වා දීමෙන් පසු ජෝ බිඩෙන් වේදිකාවට කතා කරයි.

    2008 අගෝස්තු 23 වන දින ජනාධිපති අපේක්ෂක බැරක් ඔබාමා ජෝ බිඩෙන්ව ඔහුගේ උප ජනාධිපතිවරයා ලෙස හඳුන්වා දුන්නේය. එය ජයග්‍රහණයේ පදනම විය. ඔබාමා – බිඩෙන් ධුරකාල දෙක පුරාම අඛණ්ඩව හා ශක්තිමත්ව කටයුතු කළේය. බිඩෙන් නිතරම ඔබාමා ඔහුගේ “සහෝදරයා” ලෙස හැඳින්වීය.

    2010 දශකය

    සමාරම්භක පෙළපාළිය නරඹන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සහ බැරන් ට්‍රම්ප් ය
    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 දී වොෂිංටන් හි සමාරම්භක දිනයේදී ජනාධිපති ආර්යා මෙලනියා සමඟ සිය පුත් බැරන් මාධ්‍ය පෙන්වා දෙයි

    ට්‍රම්ප් මහතා ධවල මන්දිරය සඳහා තරඟයට පිවිසෙන බව නිල වශයෙන් නිවේදනය කළේ 2015 ජුනි මාසයේදී නොවේ. ඔහු ජනාධිපති ධුරය සඳහා සැලසුම් කළ ප්‍රචාරක ව්‍යාපාරය මතභේදයට තුඩු දී ඇත.

    2005 සිට ඔහු කාන්තාවන් පිළිබඳව අසභ්‍ය ප්‍රකාශ කිරීම පිළිබඳ පටිගත කිරීමක් සහ ඔහු ධුරයට නුසුදුසු බවට ඔහුගේම පක්ෂයේ සාමාජිකයන් ඇතුළු ප්‍රකාශයන් එවකට මාධ්‍ය හමුවට ඉදිරිපත් විය.

    එහෙත් ඔහු දිගින් දිගටම තම ආධාරකරුවන්ට කියා සිටියේ තමන් ජනමත විමසුම් ප්‍රතික්ෂේප කරන බවයි. තම ජනාධිපති ධුරය දේශපාලන සංස්ථාපිතයට පහර දෙන බවත් වොෂිංටනයේ “මඩ වගුර” ඉවත් කරන බවත් ඔහු පැවසීය.

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමේ සාර්ථක ව්‍යාපාරයෙන් ඔහු ආශ්වාදයක් ලබා ගත්තේ “Brexit times 10” ඉවත් කරන බව පවසමිනි. සියලු අනාවැකි පාහේ තිබියදීත්, ට්‍රම්ප් මහතා 2016 මැතිවරණයෙන් ජයග්‍රහණය කළේය. ඔහු 45 වන එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස 2017 ජනවාරි 20 වන දින රාජකාරී ආරම්භ කරන ලදී.

    ජනාධිපති බැරැක් ඔබාමා සහ උප ජනාධිපති ජෝ බිඩෙන් එකට සිනාසෙති
    2010 දී ධවල මන්දිරයේ වාර්ෂික ශාන්ත පැට්‍රික් දින පිළිගැනීමේ උත්සවයේදී අයර්ලන්තයේ අගමැති බ්‍රයන් කොවන් කතා කරන විට බැරක් ඔබාමා සහ ජෝ බිඩෙන් ප්‍රතිචාර දක්වයි.

    සිය ජනාධිපති ධුරයේ අවසන් දිනවල පැවති උත්සවයකදී ඔබාමා විසින් බිඩෙන් වෙත ජනාධිපති පදක්කම (Presidential Medal of Freedom) පිරිනැමීය. එය රටේ ඉහළම සිවිල් ගෞරවයයි.

    “ජෝ බිඩෙන් දැන ගැනීම යනු මවාපෑමකින් තොරව ආදරය දැන ගැනීම, ආත්ම ගෞරවයෙන් තොර සේවාවන් දැන ගැනීම සහ ජීවිතය සම්පූර්ණයෙන් ගත කිරීම” යැයි එවකට ජනාධිපතිවරයා පැවසීය.

    2015 දී වයස අවුරුදු 46 දී ඔහුගේ පුත් බියු මොළයේ පිළිකාවක් හේතුවෙන් මිය ගිය අතර එයින් බිඩෙන් දැඩිව කම්පනයට පත් විය. මේ අතර 2016 දී ඔහු ඩෙලවෙයාර් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ලෙස පත්විය.

    2020

    ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 ඔක්තෝබර් 5 වන දින වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ සිට ධවල මන්දිරයට පැමිණි පසු ඔහුගේ වෙස් මුහුණ ඉවත් කරයි
    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔක්තෝබර් 5 වන දින වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ සිට ධවල මන්දිරයට පැමිණීමෙන් පසු මුහුණු ආවරණය ඉවත් කරයි.

    ට්‍රම්ප්ගේ නැවත බලයට පත්වීමේ මෙහෙයුම කොරොන වයිරස් වසංගතයේ පසුබිමට එරෙහිව සිදු කර ඇති අතර, එහිදී ඇමරිකානුවන් 230,000 ක් මියගොස් ඇති අතර ජනාධිපතිවරයාම ආසාදනය වී ඇති බව දැක තිබේ. ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සහ ඔවුන්ගේ පුත් බැරන් ද ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලය ගණනාවක් සමඟ වෛරසය වැළඳී ඇත.

    නොවැම්බර් 3 වන දින මැතිවරණයට පෙර දිනවලදී, ට්‍රම්ප් විසින් ප්‍රාන්තවලින් ඉල්ලා සිටියේ අගුලු දැමීමෙන් වළකින ලෙසයි.

    ජෝ බිඩෙන් මාධ්‍යයට කතා කරයි
    ජෝ බිඩෙන් ඔක්තෝම්බර් 10 වන දින ඩෙලවෙයාර් වෙත ආපසු යාමට පෙර පෙන්සිල්වේනියාවේ ඊරි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත කතා කරයි

    කොරෝන වෛරසය පිළිබඳ ජනාධිපති ප්‍රතිවාදීන් දෙදෙනාගේ බෙදීම් ගැඹුරු වී ඇති අතර, නරක අතට හැරෙන කොරෝනා වයිරස් අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කිරීම එහි වින්දිතයින්ට “අපහාසයක්” බව බිඩෙන් මහතා ප්‍රකාශ කර තිබේ.

    “මම දිනුවද, මෙම වසංගතය අවසන් කිරීම සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත,” ඔහු පැවසීය. “මම මෙය පොරොන්දු වෙමි – අපි පළමු දිනයේ සිට නිවැරදි දේ කරන්නෙමු.”

    ඇමරිකානුවන් මිලියන 90 කට වඩා වැඩි සංඛ්‍යාවක් කලින් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තැපැල් මගින් ඡන්දය ප්‍රකාශ කර ඇත.

    2020 නොවැම්බර් 03 වැනි දින බී.බී.සී වාර්තාවකි. සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • US election 2020 polls: අවසන් ජනමත සමීක්ෂණ ප්‍රතිඵල මෙන්න !

    US election 2020 polls: අවසන් ජනමත සමීක්ෂණ ප්‍රතිඵල මෙන්න !

    ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ තවත් වසර හතරක් රැඳී සිටිනවාද යන්න ඇමරිකාවේ ඡන්දදායකයින් නොවැම්බර් 3 දා (හෙට) තීරණය කරනු ඇත.

    රිපබ්ලිකන් ජනාධිපතිවරයාට අභියෝග කරනු ලබන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බිඩෙන් ය. ඔහු බරක් ඔබාමාගේ උප සභාපති ලෙස වඩාත් ප්‍රචලිත නමුත් 1970 දශකයේ සිට එක්සත් ජනපද දේශපාලනයේ යෙදී සිටී.

    මැතිවරණ දිනය ළඟා වෙත්ම, ජනමත සමීක්ෂණ ආයතන තමන් කැමති කුමන අපේක්ෂකයාදැයි ඡන්ද දායකයින්ගෙන් විමසීමෙන් ජාතියේ මනෝභාවය මැන බැලීමට උත්සාහ කරනු ඇත.

    අපි මෙහි එම ඡන්ද විමසීම් පිළිබඳව අවධානයෙන් සිටිමින් ඔවුන්ට කළ හැකි දේ සකස් කර ගැනීමට උත්සාහ කරන අතර මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න අපට කිව නොහැක.

    බිඩෙන් ප්‍රමුඛ ජාතික ජනාධිපතිවරණය

    සමස්තයක් ලෙස රට පුරා අපේක්ෂකයෙකු කෙතරම් ජනප්‍රියද යන්න පිළිබඳව ජාතික ඡන්ද විමසීම් හොඳ මඟ පෙන්වීමකි, නමුත් ඒවා අනිවාර්යයෙන්ම මැතිවරණයේ ප්‍රතිඵල අනාවැකි කීමට හොඳ ක්‍රමයක් නොවේ.

    නිදසුනක් වශයෙන්, 2016 දී හිලරි ක්ලින්ටන් මැතිවරණයට නායකත්වය දුන් අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා මිලියන තුනකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් දිනා ගත්තාය. නමුත් ඇය පරාජයට පත් වූවාය. එයට හේතුව එක්සත් ජනපදය  මැතිවරණ විද්‍යාල ක්‍රමයක් භාවිතා කරන නිසා වැඩිම ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීම සැමවිටම ජයග්‍රහණයට පදනම් නොවීමයි.

    එම අවවාදය පසෙක තබා, ජෝ බිඩෙන් වසර ආරම්භයේ සිට බොහෝ ජාතික ඡන්ද විමසීම් වලදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටී. ඔහු මෑත මාසවලදී 50% ක් පමණ ඉහළ ගොස් ඇති අතර අවස්ථා 10 කදී පෙරමුණ ගෙන සිටී.

    මෙම මැතිවරණය තීරණය කරන්නේ කුමන ප්‍රාන්තද?

    හිලරි ක්ලින්ටන් මහත්මිය 2016 දී සොයාගත් පරිදි, ඔබ දිනා ගන්නා ඡන්ද සංඛ්‍යාව ඔබ දිනා ගන්නා ස්ථානයට වඩා අඩු වැදගත්කමක් දරයි.

    බොහෝ රාජ්‍යයන් සෑම විටම පාහේ එකම ආකාරයකින් ඡන්දය ප්‍රකාශ කරයි, එයින් අදහස් කරන්නේ යථාර්ථයේ දී අපේක්ෂකයින් දෙදෙනාම ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් ඇති රාජ්‍යයන් අතළොස්සක් පමණක් ඇති බවයි. මැතිවරණය ජයගෙන පරාජයට පත්වන ස්ථාන මේවා වන අතර ඒවා යුද බිමේ රාජ්‍යයන් (battleground states)ලෙස හැඳින්වේ.

    2020 මැතිවරණයෙන් යුධ පිටියේ රාජ්‍යයන් සිටින ස්ථානය පෙන්වන සිතියම.  ටෙක්සාස්හි වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් (38) සිටින අතර නිව් හැම්ප්ෂයර් හි අඩුම ඡන්ද සංඛ්‍යාව (4)

    එක්සත් ජනපදය සිය ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා භාවිතා කරන මැතිවරණ විද්‍යාල ක්‍රමය තුළ, සෑම ප්‍රාන්තයකටම කොන්ග්‍රසය සහ සෙනෙට් සභාවට සාමාජිකයින් කොපමණ සංඛ්‍යාවක් යවනවාද යන්න මත පදනම්ව ඡන්ද ගණනාවක් ලබා දෙනු ලැබේ. මැතිවරණ විද්‍යාලයේ ඡන්ද 538 ක් ලබා ගැනීමට අපේක්ෂිත බැවින් අපේක්ෂකයෙකු ජයග්‍රහණය සඳහා 270 ක් ලබා ගත යුතුය.

    ඉහත සිතියමෙහි දැක්වෙන පරිදි, සමහර යුධ පිටියේ ප්‍රාන්තවලට අනෙක් අයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ඇත. එබැවින් අපේක්ෂකයින් බොහෝ විට ඔවුන් තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වැඩි කාලයක් ගත කරයි.

    යුධ පිටියේ ප්‍රාන්තවල නායකත්වය දෙන්නේ කවුද?

    මේ මොහොතේ, යුධ පිටියේ ප්‍රාන්තවල ඡන්ද විමසීම් ජෝ බිඩෙන්ට වාසිදායක වී ඇති නමුත් ඒවායින් කිහිපයක ආන්තිකයන් තදින් පවතී.

    බිඩෙන් මහතාට මිචිගන්, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් යන නගරවල ප්‍රබල ජයග්‍රහණයක් ඇති බව පෙනේ.

    එහෙත් ට්‍රම්ප් මහතා 2016 දී විශාල ජයග්‍රහණයක් ලබා ගත් සටන් බිමේ රාජ්‍යයන් ගැන නම් මෙවර ඔහුගේ කණ්ඩායම වඩාත් කනස්සල්ලට පත්වනු ඇත. අයෝවා, ඔහියෝ සහ ටෙක්සාස්හි ඔහුගේ ජයග්‍රාහී ආන්තිකය එවකට 8-10% අතර වියෙ. නමුත් එය මේ තුනේම වඩා සමීපව පෙනේ. සමහර දේශපාලන විශ්ලේෂකයින් ඔහුගේ නැවත තේරී පත්වීමේ අවස්ථාව තත්වය තරම් අඩු යැයි තක්සේරු කිරීමට එය එක් හේතුවකි.

    ජනාධිපතිවරයාට තවමත් ඉහළට පැමිණිය හැකි බව ආර්ථික විද්‍යාඥයින් සිතන අතර බිඩෙන් මහතා ට්‍රම්ප් මහතා පරාජය කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව ඔවුන්ගේ අදහසයි.

    ජනාධිපති විවාද ජය ගත්තේ කවුද?

    පළමු ජනාධිපති විවාදය අතරතුර ජෝ බිඩෙන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වන සංයුක්ත රූපයක් - 2020 සැප්තැම්බර් 29

    ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බිඩෙන් සජීවී රූපවාහිනී විවාදයේදී.

    ජනපති ට්‍රම්ප් සහ ජෝ බිඩෙන් අතර පැවැති පළමු රූපවාහිනී විවාද නැරඹූ අයගෙන් 48% ක් කියා සිටියේ බිඩෙන් මහතා ජයග්‍රාහකයා වන බවයි. මේ අතර 41% ක් ට්‍රම්ප් මහතා වෙනුවෙන් සිය ප්‍රසාදය පළ කළහ. එය ට්‍රම්ප් මහතා මේ දක්වා දක්වා ඇති ජාතික ඡන්ද සාමාන්‍යයට සමාන අගයක් වීම විශේෂත්වයකි. මේ සමග බහුතරය වන, 70% කට ආසන්න පිරිසක් කියා සිටියේ විවාදය තමන් තුළ “කෝපයක්” ඇති කළ බවයි.

    අපේක්ෂකයින් දෙදෙනා අතර දෙවැනි විවාදය ඔක්තෝබර් 22 පැවති අතර එහි දී ජනාධිපති ට්‍රම්ප් එහිදී වඩා සංයමයකින් යුක්ත වූ අතර අපේක්ෂකයින් දෙදෙනාගේ ප්‍රතිපත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. එය ට්‍රම්ප් මහතාට තරමක් උපකාරී වන බවක් පෙනෙන්නට තිබුණද, ක්ෂණික ඡන්ද විමසීම් මගින් නරඹන්නන් යෝජනා කළේ බිඩෙන් මහතාගේ ක්‍රියාකාරිත්වය වඩාත් ආකර්ෂණීය බවයි.

    ජනපති ට්‍රම්ප් වඩා හොඳ කාර්ය සාධනයක් ඉදිරිපත් කළද, තරඟයේ සමබරතාවය තනිවම වෙනස් කිරීමට එය ප්‍රමාණවත් නොවනු ඇත.

    කෝවිඩ් -19 ට්‍රම්ප්ගේ ජනප්‍රියභාවයට බලපා තිබේද?

    ඔක්තෝබර් 2 වනදා පාන්දර ජනාධිපති ට්‍රම්ප් තමා කොවිඩ් -19 පරීක්ෂණයේදී ධනාත්මක වූ බව ප්‍රකාශ කළ අතර ඒ සමග ජනාධිපති ආර්යාව කිරීටක වයිරස සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.

    වසංගතය වසර ආරම්භයේ සිට එක්සත් ජනපදයේ ජනමාධ්‍ය සිරස්තලවල ආධිපත්‍යය දැරූ අතර, සැප්තැම්බර් මාසයේ දී දීර්ඝ කාලයක් සේවය කළ විනිසුරු රූත් බේඩර් ගින්ස්බර්ග්ගේ අභාවයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අවධානය යොමු විය.

    එබැවින් ට්‍රම්ප්ගේ ධනාත්මක කොරෝනා වයිරස් පරීක්ෂණයෙන් එක්සත් ජනපදයේ 230,000කට අධික පිරිසකගේ ජීවිත බිලිගත් වසංගතයට ඔහුගේ ප්‍රතිචාරය යළිත් අවධානයට ලක්විය.

    ඉප්සෝස් විසින් කරන ලද ඡන්ද විමසීම් වලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොරොන වයිරස් වසංගතය හැසිරවීම ඇමරිකානුවන්ගෙන් බහුතරයක් අනුමත නොකරන බව පෙන්වන වගුව

    ඒ.බී.සී ප්‍රවෘත්ති සේවය කළ ජනමත සමීක්ෂණයක දත්ත වලට අනුව, ඇමරිකානුවන්ගෙන් 35%ක් පමණක් ජනාධිපතිවරයා කොවිඩ් අර්බුදය හසුරුවා ඇති ආකාරය අනුමත කරයි. එම අගය රිපබ්ලිකානුවන් අතර ඉහළ ගියද එය 76% දක්වා පමණි.

    ඔහුගේ සෞඛ්‍ය තත්වය අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 72% ක් කියා සිටියේ ට්‍රම්ප් මහතා “වෛරසය වැළඳීමේ අවදානම බැරෑරුම් ලෙස නොසලකන” බවයි. එම සංඛ්‍යාවම කියා සිටියේ “ඔහුගේ පෞද්ගලික සෞඛ්‍යය සම්බන්ධයෙන් සුදුසු පූර්වෝපායන්” ගැනීමට අපොහොසත් වූ බවයි.

    ඒ හා සමාන යාහු නිවුස් කළ මත විමසුමකට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩක් පමණ විශ්වාස කළේ ඔහු වැඩි සමාජ දුරස්ථභාවයක් පවත්වා මුහුණු ආවරණයක් පැළඳ සිටියේ නම් රෝගය වැළඳීමෙන් වැළකී සිටිය හැකි බවයි.

    අපට ඡන්දය විශ්වාස කළ හැකිද?

    මීළඟ එක්සත් ජනපද ජනාධිපති වන්නේ කවුරුන්ද යන්න ජනමත සමීක්ෂණ මගින් පුරෝකථනය කළ හැකිද?

    2016 දී එය වැරදියි කියා පවසමින් ජනමත සමීක්ෂණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කිරීම පහසු වන අතර ජනාධිපති ට්‍රම්ප් නිතරම එය හරියටම කරයි. නමුත් එය සම්පූර්ණයෙන්ම සත්‍ය නොවේ.

    බොහෝ ජාතික ඡන්ද විමසීම් වලදී හිලරි ක්ලින්ටන්ට ප්‍රතිශත කිහිපයකින් ඉදිරියෙන් සිටියද එය ඉහළ ප්‍රතිශතයකින් නොවේ. ඇමෙරිකානු ජනපතිවරණයේදී අතිෂය තීරණාත්මක යුද පිටියේ ප්‍රාන්තවල හිලරි ක්ලින්ටන්ට වාසිදායක තත්ත්වයක් තිබුණේ නැත. මෙවර බොහෝ සමීක්ෂණ ප්‍රතිඵල මගින් 2016 වරද නිවැරදි කර ඇත.

    නමුත් මේ වසරේ සාමාන්‍යයට වඩා අවිනිශ්චිතතාවයක් ඇති වී ඇත්තේ කොරෝනා වයිරස් වසංගතය සහ එය ආර්ථිකයට බලපාන ආකාරය කල්තියා පුරෝකථනය කළ නොහැකි නිසාය. එනිසා හෙට (03) ඇමෙරිකානු ඡන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේද කියා කිසියම් කුතුහලයකින් යුතුව නිරීක්ෂණය කළ යුතුය.

    2020 නොවැම්බර් 02 දින බී.බී.සී. වාර්තාවකි. සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ක්ෂණිකව ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක්: Link එක මෙන්න

    ක්ෂණිකව ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක්: Link එක මෙන්න

    නිරෝධායන ඇඳිරිනීතිය තිබෙන අතරතුර අනෙකුත් නිෂ්පාදනය කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්ෂණිකව ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන් බව අද (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.

    සම්පූර්ණ කරන ලද අයඳුම්පත, (secetary@mws.gov.lk) විද්‍යුත් තෑපෑලට යොමුකිරීම මගින් ඇඳිරිනීති බලපත්‍රය පහසුවෙන් ලබා ගත හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කළේ.

    එය මෙහි දක්වා ඇති Link එක හරහා පහසුවෙන් බාගත කරගත හැකියි – ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක්

  • ‘දුම්රිය පාලකවරයාගෙන්’ විශේෂ දැනුම්දීමක්

    ‘දුම්රිය පාලකවරයාගෙන්’ විශේෂ දැනුම්දීමක්

    නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළ කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ කොළඹ කොටුවෙන් පිටවන දුම්රියන් පිළිබඳ ප්‍රධාන දුම්රිය පාලකවරයා විසින් අද (02) විශේෂ නිවේදනයක් නිකුත් කළා.

    ඒ අනුව පහත සඳහන් දුම්රියන් පමණක් කොළඹ කොටුව දක්වා ධාවනය වන අතර කොටුවෙන් පිටත්ව යයි. 

    මෙම දුම්රියවල ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවලට ගමන් කළ හැක්කේ පාසල් ළමුන්, ඔවුන් සමග ගමන් කරන දෙමාපියන්ට හා ගුරුවන්රුන්ට පමණක් බවයි දුම්රිය පාලකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වු‍ණේ.

  • පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ නව තීරණය

    පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ නව තීරණය

    වන විට ක්‍රියාත්මක දෙවැනි වාරයේ පාසල් නිවාඩුව තවත් සති දෙකකින්, එනම් නොවැම්බර් මස 23 වැනි සදුදා දක්වා දීර්ඝ කරන බව ද එදින සිට තෙවැනි පාසල් වාරය ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

  • P.C.R. පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික අංශයේ එකඟතාවය

    P.C.R. පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික අංශයේ එකඟතාවය

    දැනට පවතින තත්ත්වය මත කොවිඩ් – 19 ආසාදිිතයින් ගේ P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල් වල සහය වැඩිකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව පෞද්ගලික රෝහල් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා 2020.11.02 (අද) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය  කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පවත්වන ලදී.

    ඒ අනුව පෞද්ගලික රෝහල් වල තිබෙන පරීක්ෂණාගාර වල සිදු කෙරෙන,

    • P.C.R. පරීක්ෂණ නියාමනය කිරීම
    • P.C.R. පරීක්ෂණ වල ප්‍රමිතිය වැඩි දියුණු කිරීම
    • සිදු කරනු ලබන P.C.R. පරීක්ෂණ වල ධාරිතාවය වැඩි කිරීම

    යන ප්‍රධාන කරුණු පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරිණි.ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමනය යටතේ මෙම P.C.R. පරීක්ෂණ කටයුතු සිදු කිරීමට පෞද්ගලික රෝහල් කළමණකාරිත්වය සිය එකගතාවය පළ කළේය.

    මෙහිදී සෞඛ්‍ය  අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොවිඩ් – 19 මර්දන වැඩපිළිවෙලේදී  P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකරගැනීමට පෞද්ගලික රෝහල් තුළින් ලබාදෙන මෙම සේවාව රජයක් ලෙස ඉතා අගය කරන බවයි. 

  • නිරෝධායන ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ

    නිරෝධායන ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ

    නිරෝධායන ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ සියල්ල පහත පළ වෙනවා.

  • සජිත් ගේ මූලස්ථානය බැසිල් ප්‍රමුඛ ආණ්ඩුව ආක්‍රමණය කරඇති ආකාරය

    සජිත් ගේ මූලස්ථානය බැසිල් ප්‍රමුඛ ආණ්ඩුව ආක්‍රමණය කරඇති ආකාරය

    සමගි ජන බලවේගය සඳහා විධිමත් පක්ෂ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම දිගින් දිගටම ජලනි ප්‍රේමදාසගේ මැදිහත්වීමෙන් වැලකී තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව විධිමත් පක්ෂ යාන්ත්‍රණයක් තුළින් නිසි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ යාන්ත්‍රණයක් තුළ ඔවුන්ගේ සිතුමතේට පක්ෂය මෙහෙයවීමට සහ අවශ්‍ය අවස්ථාවල ඩීල් සඳහා කේවල් කිරීමෙ බලය නොලැබෙන බැවිනි.

    සජිත් ගේ තීරන ගැනීමේ මන්ඩලය වන්නේ ඉමිටියාස්, ( ජලනි – බිරිඳ නිල නොවන පක්ෂ ප්‍රධානී)
    නමුත් ප්‍රධාන තීරක) එරාන්, ලක්ෂ්මන් ෆොන්සේකා (කුඩා කල මිතුරා සහ මුදල් සපයා දෙන්නා, ප්‍රධාන තීරක වරයෙක්) රංජිත් මද්දුම බන්ඩාර. රවි ජයවර්ධන(පුද්ගලික ලේකම්) හා චමින්ද එදිරිවීක්‍රම. යන අයයි.

    ජලනි – ප්‍රධානව හසුරුවන්නේ ටිරාන් අලස් විසිනි. එය තුල විශාල වශයෙන් මුදල් හා සබැඳිකම් ද ඇත.
    ඊට අමතරව ඇයගේ තීන්දු තීරන වලට බලපාන්නාවු ප්‍රධාන පුද්ගලයන් වන්නේ ලක්ෂ්මන් ෆොන්සේකා සහ චමින්ද එදිරිවික්‍රමයි. ( ඊට අමතරව හරින් සහ එරාන්ය)

    ලක්ෂ්මන්ව හසුරුවන්නේ දිලිත් ජයවීර සහ ටිරාන් අලස් විසිනි. දිනපතා ඔවුන් ලක්ෂ්මන් හමුවෙති.

    උදාහරණයක් ලෙස යහපාලන සමය තුළ උග්‍ර සජිත් විරෝධියකු වූ රවී ජයවර්ධනව (රවී යනු මුල් කලීනව ජී.ඇල් පීරිස්ගේ ගෝලයකු වන අතර පොදු පෙරමුණ සමයේ ජී.එල් සමග කටයුතු කල අයෙකි.) ලක්ෂ්මන් හරහා සජිත් ලඟ plant කරන්නේ දිලිත් ජයවීර විසිනි. රවි සහ දිලිත් කොළඹ විශ්ව විද්‍යාලයේ බඩ බැඳගත් මිතුරන්ය.

    චමින්ද එදිරිවික්‍රම – ලොකුබාලගේ ගේ සහ ගාමිනී සෙනරත් ගේ බඩියාය. ඔහු ඔවුන්ගේ ලාෆ් ගෑස් සමාගමේ CEO ය. මෙම තනතුරට පෙර චමින්ද හිටියේ LOLC ලොක්කා සමගය. LOLC ලොක්කා ගාමිනී සෙනරත් ගේ එකඟතාවය මත චමින්ද ලාෆ් සමාගමට ගත්තේ දීර්ඝ කාලීන අරමුනක් සහිතවය. ඒ සජිත් සමග චමින්ද සමග තිබු සම්බන්දයෙන් ප්‍රයෝජනය ගැනීමටය. ගාමිනී සෙනරත් ගේ දකුනු අත ලොකු බාලගේ වු අතර ලොකු බාලගේ ගේ දකුනු අත වුයේ චමින්දයි. මේ සම්බන්දතාවය ඇතිවන්නේ 2011 සිටය. එදා සිට අද දක්වා චමින්ද ලාෆ් සමාගමේ ලොක්කා වන අතර යහපාලන ආන්ඩුවේ සජිත්ගේ ආන්ඩුවේ ඉංජිනේරු සංස්තාවේ උප සභාපතිවරයාය. ජනාධිපතිවරනයේ දි සම්පුර්න මුදල් පාලනය කලේ චමින්දය. මේ මුදල් පාලනය භාරව ක්‍රියාකල නිසාම
    අවසානයේ දී චමින්ද ජලනිගේ අතිජාත විශ්වාසවන්තයා බවට පත්විය.

    රංජිත් මද්දුම බන්ඩාර මේ තාක් දුරට පාලනය කලේ ඩයනා විසිනි. ඩයනා පාලනය කරන්නේ සේනකය. සේනක හසුරුවන්නේ බැසිල්ය.

    හරින් ට ජලනි හසුරුවන්නට බලය ලැබෙන්නේ පරන ප්‍රේමය හේතුවෙනි. හරින් හසුරුවන්නේ මල්ෂාය. මල්ෂා හසුරුවන්නේ බැසිල්ය.

    තීන්දු ගන්නා ඉතුරු දෙන්නා ඉමිටියාස් සහ එරාන්ය.

    එරාන් යනු ඇවන්ජලිකල් ක්‍රිස්තියානි දහම මෙරට ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියේ පුරෝගාමියාගේ පුතාය. අදටත් ඔහු පාස්ටර් වරයෙකි. ඔවුන්ගේ න්‍යාපත්‍රය හසුරුවන්නේ බොර්න් අගේන් ක්‍රිස්තියානි සභාව මගිනි. දේශපාලනිකව විපක්ෂය ඇත්තේ දැඩි අනතුරක වන්නේ මෙලෙසිනි.

    මේ අය විසින් හසුරුවණ සමගි ජන බලවේගයේ අනාගතය කොහෙටද?

    මෙයට අමතරව තිස්ස පිළිබඳවද යමක් සඳහන් කල යුතුය. ඩයනා ආන්ඩුවට ගිය දවසේ තිස්ස, හේෂා සහ චමින්ද විජේසිරි සමග හිටියේ ඩයනාගේ ගෙදර බවට ඩයනා මේ වන විටත් ප්‍රකාශ කර ඇත. ඔවුන් අයවැය සමයේ ආණ්ඩුවට එකතුවනු ඇත.

    විපක්ෂයක් නැත්තටම නැති කිරීමට බැසිල්ගේ කූඨ උපායන් සියල්ලටම සජිත් සහ ජලනි හසුවී ඇත. මේ සියල්ලට හේතුව ජලනි පක්ෂය තමන් අතේ නැටවීමට ඇති කෑදර කමත් මුදල් සදහා ඇති ගිජු කම නිසා ඩීල් වලට ඇති නැඹුරුවත්‍ ය. එය බැසිල් විසින් සිය අන්තේවාසිකයින් සජිත් සහ ජලනිට සමීප කර සිය වාසියට හරවා ගෙන ඇත.

    එජාපය අද නැත. සජබය බැසිල්ගේ රූකඩයක් වී ඇත. විපක්ෂයක් නොමැති රටක ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය කොයිබටද..?

  • කොවිඩ් ව්‍යාප්තිය මර්දනයට ජනපතිගෙන් තීරණ රැසක්

    කොවිඩ් ව්‍යාප්තිය මර්දනයට ජනපතිගෙන් තීරණ රැසක්

    ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසක් ගනී.

    පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම වෙනුවට තම නිවෙස් තුළම නිරෝධායනයට රජය ගත් පියවර සාර්ථික ප්‍රතිඵල ගෙන දෙමින් තිබේ.  මේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලීසීය සහ යුද හමුදාව යන අංශවල අධීක්ෂණයට නිරන්තරයෙන් ලක් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. 

    නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ 10 වන දිනයේ දී කළ යුතුය. ප්‍රතිඵල අනුව ආසාදනයට ලක් නොවූවන් දින 14කට පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට නියම කරයි.

    කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සමග අද (01) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    කොවිඩ් 19 පිළිබඳව අත්දැකීමක් නොතිබූ කලින් අවස්ථාවේ ඉතා හොඳින් ජනතාව ආරක්ෂා කර ගැනීමට රජයට හැකි විය. එහිදී ගත් උපක්‍රම සහ ක්‍රමවේද ඉවහල් කර ගනිමින් වත්මන් තත්ත්වය පාලනයට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    අඛණ්ඩව සහ නිරන්තරයෙන් අහඹු පරීක්ෂණ  කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය. එමෙන්ම ඒවායේ ප්‍රතිඵල කෙටි වේලාවකදී දීමට හැකි උපරිම උත්සාහය ගත යුතු බවද එතුමා අවධාරණය කළේය. පෞද්ගලික රෝහලකින් හෝ රජය මගින් හෝ කවර ආකාරයකින්  PCR පරීක්ෂණය කෙරුණද අදාළ පුද්ගලයා ප්‍රතිඵල එන තෙක් නිරෝධායනයට යොමු කිරීම අනිවාර්ය බවත් පෞද්ගලික රෝහල්වල  සිදු කරන PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අධීක්ෂණයට ලක්විය යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

    කොවිඩ් ආසාදිතයන් හමුවූ පසු ආශ්‍රිතයන් සහ ප්‍රදේශ හුදකලා කරනුයේ පැතිර යාම වැළැක්වීමට ගන්නා කඩිනමි පියවරක් ලෙසිනි. ඉන් ඔබ්බට ගොස් ඇඳිරි නීතිය පැනවීමෙන් රෝග ව්‍යාප්තිය මර්දනය අපේක්ෂා කෙරේ. එබැවින් ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල එය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් දුන්නේය.

    භාණ්ඩ බෙදා හැරීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර සංචරනය අත්හිටුවිමට ද තීරණය කෙරිණ.

    ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදු කළ ආකාරයටම අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින  බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම නිලධාරීන්ට සහ පළාත් පාලන නියෝජිතයන්ට වගකීම් පවරමින් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, මාසික වැඩිහිටි දීමනාව  පෙර පරිදිම නිවසටම ගොස් භාර දෙන බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    නිවෙස්වල නිරෝධායනය වන්නන්ට රුපියල් 10,000ක බඩු මල්ලක් දීමට ද පියවර ගෙන තිබේ.

    රෝග ව්‍යාප්තිය නතර කිරීමෙන් පසුවද ආසාදිතයන් හමුවුවහොත් ඊට හේතු වෙනම විමර්ශණය කරන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය අඛණ්ඩව නොවැම්බර් 09 වැනි සඳුදා පෙ.ව 5.00 තෙක් දීර්ඝ කිරීමට ද තීරණය කෙරිණ. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසම, කුරුණෑගල නගර සභා සීමාවට සහ කුලියාපිටිය පොලිස් වසමට ද ලබන 09 දා තෙක් ඇඳිරි නීතිය පනවනු ලැබිණ.

    මේ කාලසීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ද ජනාධිපතිතුමා විසින් පොලීසියට උපදෙස් දෙනු ලැබිණ.

    ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, වෛද්‍ය සීතා අරඹේපොල, මහාචාර්ය චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ සහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ඩයනා ගමගේ සහ SJB මන්ත්‍රීවරු හත් දෙනාගේ මන්ත්‍රී ධූර අහිමි කළ හැකි ද?

    ඩයනා ගමගේ සහ SJB මන්ත්‍රීවරු හත් දෙනාගේ මන්ත්‍රී ධූර අහිමි කළ හැකි ද?

    පිටු 32 ක සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව සහ 17 දෙනෙකුගෙන් යුතු කෘත්‍යාධිකාරි මණ්ඩලයට, පක්ෂ සමාජිකයින් නෙරපා දැමීමට අවම ශක්තියක් ඇති ලේඛනයකි. කෙහෙළිය, අමුණුගම, අමීර් අලී නඩු තීන්දුවල අවධාරණය කරන විනය ක්‍රියාමාර්ග ගැනීමේ කාර්ය පටිපාටිය හා ක්‍රමවේදය එහි සවිස්තරාත්මක නැත. 

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සහ ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශය කළ සමගි ජන බලවේගය යටතේ සන්ධානගතව තරග කළ සුළුජන පක්ෂවලට අයත් මන්ත්‍රීවරුන් 7 දෙනා සමගි ජන බලවේගයෙන් ඉවත් කළ නොහැකි ද? එයට ‘ඔව්‘ සහ ‘නැත‘ යැයි උත්තර දෙකක් තිබේ.  

    මේ ඒ ගැන ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තේරී පත් වූ පක්ෂයෙන් නෙරපා හැරීමේ නෛතික ප්‍රතිපාදන ගැන පුළුල් විමසුමකි.

    ඉවත් කිරීමේ නෛතික ප්‍රතිපාදනය   

    1978 ව්‍යවස්ථාවේ 99 (13) වගන්තිය අනුව,  ‘‘ඉල්ලා අස්වීමෙන් හෝ  පහ කිරීමෙන් හෝ අන් කවර හේතුවකි නිසා හෝ නතර වූ අවස්ථාවක ………………..‘‘ සිදු කළ යුතු ක්‍රියාමාර්ග දැක්වේ. මන්ත්‍රීවරයෙකු ඉවත් කිරීමේ එකම ප්‍රතිපාදනය මෙය යි.

    99 (13) වගන්තියේ ව්‍යවහාරික නීතිය යුග දෙකකි. එහි පළමු වැන්න, පක්ෂ විනය කඩකල මන්ත්‍රීවරුන් ට අසුන් අහිමි කිරීමට දේශපාලන පක්ෂ සමත් වූ 1992 ට පෙර යුගය යි.

    13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට (පළාත් සභා) විරුද්ධව ඡන්දය දීම නිසා, එජාපය චන්ද්‍රකුමාර විජේගුණවර්ධන (කඹුරුපිටිය) වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන (හක්මන) පක්ෂයෙන් නෙරපනු ලැබීය.   ජේ.ආර්.ජයවර්ධනගේ තීන්දුවට එරෙහිව පැවරූ නඩු වලින් (SC 50/87Spl සහ SC 51/87 Spl) පැරදුණු ඔවුන් ට මන්ත්‍රී ධූර අහිමි විය. 

    1988 මැයි 24 දින සම්මත වූ, 14 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කේවල ඡන්ද කොට්ඨාශ ක්‍රමය වෙනුවට දිස්ත්‍රික් මනාප ඡන්ද ක්‍රමය හදුණ්වා දෙනු ලැබීය.  එහි දී, අපේක්ෂකයෙකුට පමණක් නොව, මුලින් පක්ෂයකට ද ඡන්දය ලබාදීම සිදුවේ. 

    මන්ත්‍රී ධූරය අයිති පක්ෂයට නැතිනම්, මන්ත්‍රීවරයාට ද, මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වයේ නියෝගයට අවනත විය යුතු ද? හෟර්ද සාක්ෂිය අනුව ඡන්දය දීම සඳහා මහජන නියෝජිතයින්ට අවස්ථාවක් නොමැති ද? යන සෛද්ධාන්තික තර්කය මතුවන්නේ 14 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවය. 

    නීතිය, ව්‍යවහාර බුද්ධිය, නායකත්වය හා දෝෂාභියෝගය

    ජනාධිපති ආර්.ප්‍රේමදාස ට විරුද්ධ දෝෂාභියෝගයට අත්සන් කළ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, ජී. ඇම්.ප්‍රේමචන්ද්‍ර අමාත්‍යවරුන් සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රා ගන්කන්ද, ප්‍රේමරත්න ගුණසේකර, සමරවීර වීරවන්නි, වින්සන්ට් පෙරේරා යන මන්ත්‍රීවරුන් 8 දෙනා, 1991.09.06 දින එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණයක් අනුව එජාපයෙන් නෙරපා හරිනු ලැබීය. නෙරපීමට එරෙහිව, දිසා අධිකරණයේ ද,  ශ්‍රේෂ්ඨාධිකරණයේ ද නඩු (Dissanayake v. Kaleel SC (Special) Nos. 4 සිට 11/91 දක්වා) විභාග විය. එම නඩුව, පක්ෂ තහනම් කිරීම පිළිබඳ නෛතික තත්වය පිළිබඳ විශ්ව කෝෂයකි. විනිසුරු ප්‍රනාන්දු, වඩුගොඩපිටිය හා කුලතුංග ගේ තීන්දුව පිටු 248 කි.

    ‘‘පක්ෂ සාමාජිකත්වය නෙරපීම හිතු මනාපයට කළ නොහැකිය.  යුක්තිය තිබිය යුතුයි.  මන්ත්‍රීවරුන්ට තමන්ගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දිය යුතුය.  වරද කුමක් ද කියා චෝදනා පත්‍රයකින්  දැන්විය යුතුය.  උත්තර දීමට, නීතිඥ සහාය ලබා ගැනීමට, පැහැදිලි කිරීමට ඉඩ දිය යුතුය.‘‘ යන්න ගාමිණී නඩුවේ පදනමයි.     

    සමානුපාතික නියෝජනය තුල පක්ෂය  ලැබෙන ඡන්ද සංඛ්‍යාව මත පක්ෂයට ලැබෙන ආසන සංඛ්‍යාව තීරණය වන බැවින්, පක්ෂ සාමාජිකත්වය අහිමි වූ විට මන්ත්‍රී ධූරය අහිමිවිය යුතු බව අනෙක් පස තර්ක වූවේය. 

    නඩුවෙන් ලලිත් – ගාමිණී කණ්ඩායම පරාජය වූවේ එජාපය ‘‘ස්වභාවික යුක්ති නීතිය අනුව කටයුතු කර තිබූ බව‘‘ තහවුරු කරන්නට එජාපය නීතිඥයින්ට හැකි වූ නිසාය.  

    ඇත්තම කථාව නම් එජාප නායකයින්, විනය පරීක්ෂණය සඳහා කැඳවීම් ලිපි ලියාපදිංචි තැපෑලට යොමු කළ බවට ලේඛන තිබූ නමුත්, ඒවා මන්ත්‍රීවරුන්ට ලැබී නොතිබුණි. (තැපෑලේ දී අස්ථාන ගත කරනු ලැබීම එවකට මහ ලේකම් සිරිසේන කුරේ ගේ වික්‍රමයකි)

    ප්‍රේමදාස හමුවේ දණ ගැසු මන්ත්‍රීවරුන්ගේ ඉරණම      

    ආර්.ප්‍රේමදාස ට එරෙහිව දෝෂාභියෝගයක් අත්සන් කර පසුව තම අත්සන ඉවත් කර ගත්, ආරියරත්න ජයතිලක හා එස්.ඒ.මුතුබණ්ඩා ද, පක්ෂයෙන් නෙරපනු ලැබීය. නෙරපීම අභියෝගයට ලක් කර, ශ්‍රේෂ්ඨාධිිකරණයට ඉදිරිපත් වූ (මුතුබණ්ඩා එදිරි  කලීල් SC 2/92 Spl) නඩුවේ  පැමිණිල්ලේ නීතිඥවරු ලලිත් ඇතුළත්මුදලි ඇතුළු කණ්ඩායමකි. ජයතිලක, මුතුබණ්ඩා ගේ පෙත්සම නිශ්ප්‍රභා විය.  අඛණ්ඩව අභියෝග කළෝ ද, අතරමැද දී දණ ගැසූවෝ ද එකම ඉරණම උරුම කර ගත්තෝය.

    විපක්ෂයේ කැරළිකරුවන්ගේ ඉරණම 

    මේ කාලයේ ම (1993), ශ්‍රීලනිපයේ, ජිනදාස නියතපාල, ප්‍රදීප් හපන්ගම, තිලක් කරුණාරත්න, මර්වින් සිල්වා, හේමකුමාර නානායක්කාර ඇතුළු කණ්ඩායම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද, පක්ෂ නායකත්වය නොතකා කටයුතු කළේය. ශ්‍රීලනිපයේ ඔටුන්න හිමි කුමාරයා, අනුර බණ්ඩාරනායක එජාපට එක් වී උසස් අධ්‍යාපන හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ධූරය දැරීය.  ශ්‍රීලනිප මේ මන්ත්‍රීවරු නෙරපා දැමූ අතර,  ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ මන්ත්‍රී ධූර ආරක්ෂා කර දෙනු ලැබීය. 

    ඒ අනුව, මන්ත්‍රීවරුන් නෙරපීම පිළිබඳ නඩු තීන්දු බලයේ සිටින පක්ෂයට වාසි සහගත වන බවට මතයක් රට තුල මතු විය. නමුත්, සත්‍යය නම්   ලලිත් – ගාමිණී කණ්ඩායම නෙරපීම සම්බන්ධයෙන් වන ලේඛන සැකසීමේ දී එජාපයේ මහ ලේකම් බී.සිරිසේන කුරේ සතු වූ විචක්ෂණ බුද්ධිය හා ක්‍රියාත්මක වීමේ හැකියාව හමුවේ ලලිත් ගාමිණී පරාජයට පත් වූ බව ය. 

    1993 ශ්‍රීලනිප නඩුව, බණ්ඩාරගම ශ්‍රීලනිප සංවිධායක හා මන්ත්‍රී තිලක් කරුණාරත්න විසින් සිරිමා බණ්ඩාරනායක විරුද්ධවය. ‘ද අයිලන්ඩ්‘, 1993.01.24 දින ‘ලක්දිව‘, බීබීසී සම්මුඛ සාකච්ඡා මගින් ශ්‍රීලනිප විනය දැඩිව කඩ කළ බව චෝදනාව විය. 1993.05.31 දින තිලක් කරුණාරත්නගේ දිසා අධිකරණයෙන් තහනම් නියෝගයක් ගැනීමේ උත්සාහය සාර්ථක වූවේ නැත. නමුත්, විනය පරීක්ෂණවලට එරෙහිව අතුරු තහනම් නියෝග ගැනීමේ වත්මන් සුලබ ව්‍යවහාරයේ කේන්ද්‍රය තිලක් ලේ නඩුවයි. 

    විනය ක්‍රියාමාර්ග ගැනීමේ දී නිසි ක්‍රමවේදය අනුගමනය නොකිරීම (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මහා සභාව වසර ගණනාවකින් පවත්වා තිබුණේ නැත) මත තිලක් කරුණාරත්න නෙරපා හැරීම නීති විරෝධී බව අධිකරණය තීරණය කළේය. 

    1994 ට පෙර යුගයේ දී ද, ස්වභාවික යුක්ති නීතියේ පියවර අනුගමන කිරිම හෝ නොකිරීම, ශ්‍රේෂ්ඨාධිකරණයට ඒත්තු ගැනීමේ හැකියාව/නොහැකියාව මත මන්ත්‍රීවරුන් ඉවත් කිරීමේ හැකියාව/නොහැකියාව ස්ථාපනය වී ඇත.

    රනිල් වික්‍රමසිංහ යුගය – අසමත් නායකත්වය හා දුර්වල නීතිඥයින්

    1994 නොවැම්බර් මස ඇරඹි ලංකා දේශපාලනයේ රනිල් වික්‍රමසිංහ යුගය ට එරෙහි පළමු එජාප කැරැල්ල 1999 දී මතු විය.  ආචාර්ය විමල් වික්‍රමසිංහ සහ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ ඇතුළු කණ්ඩායමක්, සිරිසේන කුරේ එජාප හිටපු මහ ලේකම්වරයා ගේ ද මැදිහත්වීමෙන් ‘පුරවැසි පෙරමුණ‘ ලෙස වෙනම මැතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කෙරුණි. 

    එම සාකච්ඡා පැවැත්වෙන අතර, එම කණ්ඩායමේ සරත් අමුණුගම, සුසිල් මුණසිංහ, නන්ද මැතිව්, විජේපාල මෙන්ඩිස්, චූල බණ්ඩාර, ස්ටැන්ලි කල්පගේ ඇතුළු 35 ක් දෙනෙකු ‘ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා‘‘ යැයි කියමින් චන්ද්‍රිකා ආණ්ඩුවට එක් විය.

    ‘‘පක්ෂයෙන් එලවීම සඳහා හේතු නොදැක්වීම, චෝදනා පත්‍රයක් නොමැතිවීම‘‘, හේතුවෙන් 1999 නොවැම්බර් මස එජාපය මන්ත්‍රීවරුන් පස් දෙනා පක්ෂයෙන් නෙරපීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය  (SC SPL.(E) NO. 4/99) තීරණය කළේය.  සරත් අමුණුගම සහ තවත් අයට එදිරිව කරු ජයසූරිය නඩුවෙන් පසුව කිසිදු අවස්ථාවක, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂවලින් ඉවත් කිරීම හා එමගින් ඔවුන්ගේ මන්ත්‍රී ධූර ඉවත් කිරීමට දේශපාලන පක්ෂ දැරූ උත්සාහයන් සාර්ථක වී නැත.

    අධිකරණ කටයුතු සඳහා විශාල කාලයක් ගතවීම, තමන්ගේ නඩුවේ විනිසුරු තමන් විය නොහැකිය යන සිද්ධාන්තය මත පක්ෂයේ මහ ලේකම් ට විනය පරීක්ෂණය තියන්න ඇති නොහැකියාව, හා විනය පරීක්ෂණ කමිටුවකින් අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවීම, හේතුවෙන් බොහෝ විට දේශපාලන පක්ෂ සිය සමාජිකයින් නෙරපන්නට කටයුතු කරන්නේ ද නැත.   

    මන්ත්‍රීවරයෙකු නෙරපා හැරීමේ ක්‍රමවේදය

    දේශපාලන පක්ෂයක් සිය සමාජිකයෙකු නෙරපා හැරීම මහ ලේකම් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දිය යුතුයි.  එවිට මැතිවරණ කොමිසම ඒ බව අදාළ මන්ත්‍රීවරයාට ලිඛිතව දැනුම් දෙනු ලැබේ.  මන්ද, පක්ෂ සමාජිකත්වය අහිමිවීම හේතුවෙන් අදාළ මන්ත්‍රීවරයාගේ ධූරය අහිමි වන බැවිනි.  කෙසේ නමුත්, මැතිවරණ කොමිසම දින 21 යන තුරු අදාළ මන්ත්‍රීවරයා නෙරපා හරින්නේ නැත.  නීති ප්‍රකාරව පක්ෂයේ තීරණයට එරෙහිව අදාල පක්ෂ මුලස්ථානය ස්ථාපිත දිසා අධිකරණයේ නියෝගයක් ලබා ගැනීමට සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසීම එහි අරමුණ යි.  යම් මන්ත්‍රීවරයෙකු දින 21 ක් තුල දිසා අධිකරණයේ නඩු පවරන්නේ නැති නම්, මැතිවරණ කොමිසමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට උත්සක නොවන්නේ නම්, එම මන්ත්‍රීවරයා ඉවත් කරනු ලබයි.

    ජනතා විමුක්ති පෙරමුණ – බුලේගොඩ නඩුව

    ජවිපෙ දෙවැනි නැගිටීමෙන් පසුව,  ශ්‍රී ලංකා ප්‍රගතිශිලී පෙරමුණ නමින් මැතිවරණයට ඉදිරිපත් වූ ජවිපෙ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, පක්ෂයේ ලේකම් බුලේගොඩ විසින් නෙරපනු ලැබුවා නොව, පන්නා දමනු ලැබූවේ ‘පක්ෂයේ සාමාජික ගාස්තු නොගෙවීම/ගෙවීම පැහැර හැරීම‘ චෝදනාව යටතේ ය.  ගලප්පත්ති ගේ මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සුදානම් විට ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවනු ලැබූ ගලප්පත්ති ට එදිරි බුලේගොඩ නඩුවේ දී (1997 1 SLR 393) ද, ස්වභාවික යුක්ති මුලධර්මයට අනුව විධිමත් විමර්ශනයක් නොපැවැත්වීම, පෙත්සම්කරු ඇති චෝදනා පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොදීම මත නීති විරෝධී බව තීරණය විය.      

    18 ට සම්මත කිරීමට ‘දෑත් ශක්තිමත් කිරීම‘

    ජනාධිපතිවරයාගේ අතට බලය ගොනු කරන 18 වන ව්‍යවස්ථා සංශෝධනය 2/3 ක බහුතරයක් ලබාදීම සඳහා එජාප මන්ත්‍රීවරු 7 දෙනෙකු මහින්ද රාජපක්ෂ රජයට ඡන්දය දුන්නේය.  බදුල්ලේ ලක්ෂමන් සෙනෙවිරත්න, පොළොන්නරුව අර්ල් ගුණසකර, ගාල්ල මනූෂ නානායක්කාර, ගම්පහ උපෙක්ෂා ස්වරණමාලී, කුරුණෑගල නිමල් විජේසිංහ, මහනුවර අබ්දුල් කාදර් එම මන්ත්‍රීවරුන් ය. එජාප ය මෙම මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සමාජිකත්වය තහනම් කරනු ලැබූ නමුත්,  මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට හැකි වූයේ නැත. (18 ට විරුද්ධව එදා රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ඡන්දය දුන්නේ ද නැත)

    එක්සත් ජාතික පෙරමුණ නම් නාමික පක්ෂය (සැබෑ නම එක්සත් ජාතික පක්ෂය) යටතේ තරඟ කළ රවුෆ් හකීම් ඇතුළු ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීවරු 8 ක් ද 18 සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේය. ඔවුන් කිසිවෙකුට විරුද්ධව එදා එජාපය විනය වපියවර ගත්තේ නැත. 

    ද්‍රවිඩ ජාතික සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී පී.එච්.පියසේන ද 18 ට පක්ෂව ඡන්දය දුන්නේය.  2010 නොවැ. 28 දින ‘ඉලංගේ තමිල් අරසු කච්චි‘ පක්ෂය විනය විරෝධී කටයුතු හේතුවෙන් ඔහු ඉවත් කළේය.  පියසේන තමන් පක්ෂයෙන් නෙරපීමට විරුද්ධව යාපනය දිසා අධිකරණයේ (DC Jaffna case No. 38/2010 (Misc), නඩු පැවරා, තහනම් නියෝගයක් ගැනීමට අසාර්ථක උත්සහයක් ගත්තේය.

    තමන් පක්ෂයෙන් ඉවත් කිරීමට විරුද්ධව, පියසේන ශ්‍රේෂ්ඨාධිකරණයට  SC Application Special [Expulsion] No. 03/2010) පෙත්සම ඉදිරිපත් කළ අතර, 2011 පෙබරවාරි 8 දින ද්‍රවිඩ ජාතක සන්ධානය විසින් පියසේන ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම නිතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

    මුස්ලිම් කොන්ග්‍රස් හා ද්‍රවිඩ ජාතික සන්ධාන අත්දැකීම, සන්ධානගත පක්ෂයක මන්ත්‍රීවරයෙකු විධිමත් විනය පරීක්ෂණයකට ලක් කිරීම පහසු නොවන බව ය.   

    කරු ජයසූරිය එල්ටීටීඊ ට එරෙහිව දෑත් ශක්තිමත් කිරීම  

    2007 වසරේ දී එජාපයෙන් තරඟ කර මහජන මන්ත්‍රීවරුන් බවට පත් වූ කරු ජයසූරිය, මහාචාර්ය ජී.එල්.පීරිස්, මිලින්ද මොරගොඩ, ඇතුළු 17 දෙනෙකු මහින්ද රාජපක්ෂ රජයට එක් විය.  එජාපය හා සන්ධානගත වී පාර්ලිමේන්තුවට තේරී පත් වූ රවුෆ් හකීම්, ඇතුළු මුස්ලිම් කොන්ග්‍රසයේ කණ්ඩායම අමාත්‍ය ධූර ලබාගත්තේය.  2008 දෙසැ. 8 දින කරු ජයසූරිය නැවත එජාපයට එක් වූවේ නියෝජ්‍ය නායකයා ලෙසි නි.  මේ පිරිසෙන් කිසිවෙකුත් පක්ෂයෙන් හෝ සන්ධානයෙන් ඉවත් කිරීමට එජාපයට අවශ්‍ය වූවේ ද, හැකි වූවේ ද නැත.

    හකීම් – රිෂාඩ් යුද්ධය

    ස්වභාවික යුක්ති නීතිය, මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ තහනමට බලපාන ආකාර පිළිබඳ හොඳම උදාහරණය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ අමීර් අලි, රිෂාඩ් බදුර්දීන් හා නජිම් ඒ මජීඩ් 2005 අප්‍රේල් 4 දින පක්ෂයෙන් නෙරපීම යි. ඉහත මන්ත්‍රීවරුන්, මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් විවේචනය කරමින් පක්ෂය වෙත ලිපියක් යැවීය.  එම ලිපියේ විවේචණය නොඉවසූ හකීම් එයට පෙරළා උත්තර දුන්නේ ‘‘ඔබ වැරදියි. උතුරු නැගෙනහිර මුස්ලිම්වරුන්, ඔබ විසින් සිදු කළ ක්‍රියාවට සමාව දෙන්නේ නැත.  පක්ෂය ඉදිරියේ දී සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත්තේය,  (“Finally I woud  like to remind that the Muslims of the north east will not pardon you for the treacherous act committed and the Party to o will take appropriate action against you in due course .”)  යැයි කියමිනි. 

    පක්ෂය රිෂාඩ් ඇතුළු කණ්ඩායම නෙරපීමට විරුද්ධ ශිරානි බණ්ඩාරනායක ලියූ නඩු තීන්දුවේ දැක්වෙන්නේ විනය පරීක්ෂණයක් පැවැත්වීමටත් පෙර ‘‘ඔබ වැරදියි.  මුස්ලිම් සමාජය පවා සමාව දෙන්නේ නෑ‘‘ යැයි පැවසීම තුලින්  ‘‘නෙරපීමට පෙර ඔබ අදාළ මන්ත්‍රීවරුන් වැරදිකරුවන් බවට පූර්ව නිගමනයකට පැමිණ තිබූ බව යි.  02/2005, 03/2005, 04/2005 ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තුන එකට විභාග කොට අලී, රිෂාඩ්, මජීඩ් ගේ පක්ෂ තහනම නීත්‍යානුකුල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සරත් එන් සිල්වා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල 2005 ජූලි 1 දින තීන්දු කරනු ලැබීය.

    මුස්ලිම් කොන්ග්‍රසයේ විනය කාර්ය පටිපාටියට අනුව, පක්ෂ සාමාජිකයෙකු ඉවත් කිරීමේ බලය ඇත්තේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලයට පමණී.  එසේ තිබිය දී, පක්ෂ නායකයා වරද පිළිබද පූර්ව නිගමනයකින් කටයුතු කළ බව එම නඩුවේ ප්‍රමුඛ තර්කය වූවේය.    

    පසුගිය දා, කදුරට ජනතා පෙරමුණ සාමාජික, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරමින් සමගි ජන බලවේගය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ අරවින්ද කුමාර් මන්ත්‍රීවරයා ද 20 සංශෝධනයට පක්ෂව පසුගිය දා ඡන්දය ලබා දුන්නේය.  පසු දින,  //“20 ට පක්ෂව ඡන්දය දුන් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රී අරවින්දකුමාර් පක්ෂයෙන් නෙරපීමට තීරණය කෙරුණා – දප්‍රස නායක මනෝ ගනේසන්//  යැයි සන්ධානයේ නායක මනෝ ගනේෂන් ෆේස් බුක් හා වෙනත් සමාජ මාධ්‍ය මගින් නිවේදනයක් නිකුත් කළේය.   යම් හෙයකින් අරවින්ද කුමාර් ඉවත් කිරීමට සමගි ජනබලවේගය උත්සාහයක් දරන්නේ නම්, මනෝ ගනේෂන් ගේ ප්‍රකාශය උසාවියේ දී අරුත් ගැන්වෙන ආකාරය අතිශයින්ම වැදගත් වනු ඇත්තේය. මන්ද, විනය පරීක්ෂණයක් හෝ නොපවත්වා ‘මන්ත්‍රීවරයෙකු නෙරපීමට තීරණය කිරීම ස්වභාවික යුක්ති නීතියෙන් කිසි ලෙසකින් හෝ යුක්ති සහගත නොවන බවට‘ තර්ක කළ හැකි බැවිනි.

    මම මෙයින් අවධාරණය කරනු ලබන්නේ ‘ස්වභාවික යුක්ති නීතිය‘ ට අදාල තර්කනයේ දී දේශපාලන පක්ෂ නායකයින් තමන් ගැටුම් ඇතිකර ගන්නා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කියන කරන දේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයක දී තීරණාත්මක වු බව ය!

    සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය බිහිවීම හා අමිර් අලී නඩුව

    මුස්ලිම් කොන්ග්‍රසය හා විරසකවීමෙන් පසුව ඒ වන විටත් නීතිඥ හමිඩ් විසින් දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කර තිබූ   දේශපාලනය ලෝකයේ ‘අනාගත රිෂාඩ් ගේ පක්ෂය‘ යැයි ඒ වන විටත් හදුන්වා දෙමින් තිබූ  ‘‘සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සම්මේලනය සංවිධානය කෙරුණි.  එහි මහ ලේකම්වරයා වූයේ වයි.එල්.එස්.හමීඩ් ය.  පුත්තලමේ පැවති සම්මේලනයට රිෂාඩ් බදුර්දීන්, අමීර් අලී ඇතුළු ඒ වන විටත් මුස්ලිම් කොන්ග්‍රසයෙන් කටයුතු සඳහා සම්බන්ධකර නෙගෙන සිටි පිරිසට ආරාධනා කර තිබුණි.  නමුත්, ඒ වන විට ඔවුන් පක්ෂයේ මුදල් ගෙවා සමාජිකත්වය ගත්තෝ නොවීය.  පක්ෂ සම්මේලනයේ දී රිෂාඩ් බදුර්දීන් පක්ෂ නායකයා ලෙස ද, අමීර් අලී පක්ෂයේ සභාපති ලෙස ද නම් යෝජනා විය. 

    මුස්ලිම් කොන්ග්‍රසයේ සාමාජිකත්වය දරමින් සිටින අතරම, වෙනත් දේශපාලන පක්ෂයක් පිහිටුවීම පිළිබඳ රවුෆ් හකීම් ඒ වන විටත් පක්ෂය සමග විරසකව සිටි මේ මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසනු ලැබීය.  අමීර් අලී, රිෂාඩ්  උසාවිය ගියේය.   පක්ෂයේ මහ ලේකම් ප්‍රකට නීතිඥ හමීඩ් එයට අපුරු උත්තරයක් දුන්නේය. එහි අර්ථය  ‘‘රිෂාඩ්, අමීර් අලී ට පක්ෂයේ තනතුරු යෝජනා කෙරුණා.  ඔවුන්ට පක්ෂ සාමාජික අයදුම්පත් බාරදුන්නා.  ඔවුන්ට තනතුරු ලැබෙන්නේ පක්ෂ සාමාජිකත්වය ගත්තේ නම් පමණයි.  නමුත්, ඔවුන් පක්ෂ සාමජිකත්වය ලබා ගැනීම ප්‍රතිකේෂප කළ බැවින් ඔවුන්ට තනතුරු ලබාදීම හෝ බාර ගැනීමක් සිදු නොවූ බව‘‘ ය.  උසාවිය හමීඩ් ගේ දිවුරුම් ප්‍රකාශය පිළිගනු ලැබූවෙන්, එවර ද, හකීම් ට විරුද්ධ මුස්ලිම් සමාජයේ ප්‍රභලම අභියෝගය බවට පත් වූ රිෂාඩ් බදුර්දීන් පක්ෂයෙන්  නෙරපීමට/එළවා දැමීමට/මන්ත්‍රී ධූර අහෝසි කිරීමට මුස්ලිම් කොන්ග්‍රස් නායකයාට හැකිවූවේ නැත. 

    20 ට සහාය දුන් කණ්ඩායම හා අමීර් අලී නඩුවේ සිද්ධි ගලායාම අතර සමානකම් බොහෝ වේ.  නාමික සන්ධානයක් මගින් තරඟ කර ජයගත් මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගත හැක්කේ නාම යෝජනා බාරදුන් පක්ෂයට ද? නැතිනම් හවුල්කාර පක්ෂයට ද? එසේ නම්, කුමන පක්ෂයක/සන්ධානයක විනය කාර්ය පටිපාටිය නෙරපීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ද? යන්න එහි ප්‍රමුඛ හා වැදගත්ම සාධකය යි.

    මාගේ පුද්ගලික අදහස නම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය හා කදුරට ජනතා පෙරමුණ/ද්‍රවිඩ ප්‍රගතිශීලි පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ඇරඹීමට හෝ සමගි ජනබලවේයට අදාල හවුල්කාර පක්ෂ ඉඩ නොදෙනු ඇති බව යි.

    කෙහෙළිය, බෝගොල්ලාගම, මහින්ද සමරසිංහ එජාපයෙන් නෙරපීම

    එජාපයට කිසිදු සාමාජිකයෙකු පක්ෂයෙන් එළවිය නොහැකි, මන්ත්‍රීවරයෙකුට විරුද්ධව උසාවියේ දී ශක්තිමත් තර්කයක් නැගීමට නීතිඥවරුන් නොමැති යුගයක් එලැඹුණා.  එයට හේතු වූයේ, එජාපයේ සිටි දක්ෂතම නීතිඥවරුන් රනිල් වික්‍රමසිංහ ගෙන් ඉවත්වීම යැයි කීම අතිශෝක්තියක් නොවේ.  එජාප ව්‍යවස්ථාවේ 3.3  (ආ)  හා 3.4 (ඇ) වගන්ති අනුව, පළාත් සභා සහ පලාත් පාලන ආයතනවල සභිකයින් හෝ ඉවත් කර ගැනීමට නොහැකි විය. 2011 – 2014 එජාප නායකත්ව කැරැල්ල සමයේ මේ වගන්ති පුද්ගලිකව මටත්, ශිරාල් ලක්තිලක, මෛත්‍රි ගුණරත්න, ගුණරත්න වන්නිනායක වැනි සජිත් ප්‍රේමදාස/කරු ජයසූරිය කණ්ඩායමට හිතවත් එදා කටයුතු කළ නීතිඥයින්ට කට පාඩම් ය. පළාත් පාලන මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමේ ලිපි සඳහා එවූ ලිපි සඳහා ප්‍රති උත්තර බදින්නට හෝ එදා එජාපයට හැකි වූවේ නැත.

    බෝගොල්ලාගම නඩුවේ දී, එජාප ව්‍යවස්ථාවේ 3.4 වගන්තිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  99 (13) අ වගන්තිය අතර ඇති පරස්පරය ගැන විනිසුරු ජයසිංහ ලියූ තීන්දුව සුවිශේෂි වේ.  නිසි විනය පරීක්ෂණයකින් තොරව එජාපයෙන් නෙරපා ඇති බව තීරණය කළ නිහාල් ජයසිංහ, නිමල් දිසානායක, රාජා ප්‍රනාන්දු විනිසුරුවරුන් බොගොල්ලාගම ගේ පක්ෂ සාමජිකත්වය රැකදුන්නේය. 

    එජාපය අදටත්, ව්‍යවස්ථාවේ 3.4 වගන්තිය සංශෝධනය කොට විනය කාර්ය පටිපාටිය යාවත්කාලීන කර නැත.

    එජාපයේ නීතිඥයින් එදා අධිකරණයට කීවේ බෝගොල්ලාගම මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක් වී ඇමතිධූර ලබා ඇති බැවින් ‘විනය පරීක්ෂණයක් නොපැවැත්විය යුතු බව‘ කියමිනි. එජාපයට එකම සාමාජිකයෙකු හෝ නෙරපා හැරීමට නොහැකිවීම පිළිබඳ පුදුම විය යුතු නැත.

    2012 ඔක්තෝබර් 18 දින කොළඹ හයිඩ් පිටියේ දී රැස්වීමක් පවත්වමින් කරු ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස හෝ 2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා කර ගැනීමේ රැස්වීමේ වෙිදිකාවට ගොඩ වූ අශෝක අබේසිංහ, පාලිත තෙවරප්පෙරුම, පාලිත රංගේ බණ්ඩාර ඇතුළු එජාප මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම විහිළුවක් ලෙස සලකා කටයුතු කරන්නට හැකිවූවේ ඒ නිසාමය.

    කෙහෙළිය නඩුව

    2000, 2001, 2004 මැතිවරණවල දී මහනුවරින් වැඩිම මනාප ලැබූ කෙහෙලිය රඹුක්වැල්ල 2005 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක් වුයේ ආසන බලමණ්ඩලයේ දී පාක්ෂිකයින්ගේ නාටකයකට ද මුහුණ දෙමිනි.  අගවිනිසුරු සරත් එන් සිල්වා කෙහෙළිය නඩුවේ (S.C. (EXPULSION) NO. 1/2006)  තීන්දුව ලියුවේ 1978 අංක 2 දරණ අධිකරණ පනත 41 (2) වගන්තිය උපුටමිනි. 

    විනය ක්‍රියාමාර්ග නිසි ලෙස සම්පූර්ණ නොවන්නේ නම්, මන්ත්‍රීවරයෙකු ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම, පක්ෂයෙන් නෙරපීම කළ නොහැක්කක් බවට පොදු මතයක් ස්ථාපනය වූවේ කෙහෙළිය ගේ තීන්දුවත් සමඟ ය.  මහින්ද සමරසිංහ ගේ නඩුවේ තීන්දුව ද, කෙහෙළිය, බෝගල්ලාගම තීන්දුවලට වෙනස් වූයේ නැත. 

    ද්‍රවිඩ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් 2018 ඔක්තෝබර් මස අගමැති මහින්ද රාජපක්ෂ දින 52 ආණ්ඩුවට එක්විය.  ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට ද, ද්‍රවිඩ ජාතික සන්ධානයට හැකි වූයේ නැත.

    2007 පෙබරවාරි මස මංගල සමරවීර හා ශ්‍රීපති සුරිආරච්චි ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ ගේ නායකත්වය හා ගැටෙමින් අමාත්‍ය ධූර අහිමි කර ගනු ලැබීය. මන්ත්‍රීවරුන් විපක්ෂය සමඟ සමීප සබඳතා පවත්වමින් කටයුතු කළ නමුත් පක්ෂය ඔවුන් නෙරපා දැමීමට සැබෑ උත්සාහයක් දරනු නොලැබීය.

    විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් 2008 දී ජනතා විමුක්ති පෙරමුණින් ඉවත් කිරීමට පක්ෂය තීරණය කල නමුත්, ඔවුන්ගේ ද මන්ත්‍රී ධූර අහිමි කිරීමට හැකි වූවේ නැත. ජාතික නිදහස් පෙරමුණ ලෙස විමල් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම ඉන් පසුව ක්‍රියාත්මක විය.

    ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට උත්සහ දරන අවස්ථාවන් හි දී, දිසා අධිකරණ මගින් තහනම් නියෝග ලබා ගැනීම සුලබ සිදුවීමකි.  මොහාන් ලාල් ග්‍රේරෝ එසේ සාර්ථකව තහනම් නියෝග ලබා සිය මන්ත්‍රී ධූරය ආරක්ෂා කර ගත්තේ ය.

    පසුවදන

    ආසන 149 ක් ඇති සෞභාගයේ ආණ්ඩුවට 2/3 ගන්නට, 150 වැන්නා කර ගන්නේ නසීර් අහමඩ් බව මම 2020 අගෝස්තු 25 දින පාර්ලිමේන්තුව මුල්වරට රැස්වීමටත් පෙර ම රටටම කීවෙමි. (සටහන අමුණා ඇත)  එය නවතා ගන්නට සමගි ජනබලවේගයට හැකි නොවීය. 

    නසීර් අහමඩ් සහ හාරිස් මන්ත්‍රීවරුන් මුස්ලිම් මන්ත්‍රීවරුන් එකිනෙක තම ගොඩට එක් කර ගනිද්දී, ඒ ගැන 20 පරාජය කිරීමට ආශා කළ නොසන්සුන් වූහ.  ඔක්. 2 දින 20 ට පක්ෂව ඡන්දය දිය හැකි මුස්ලිම් මන්ත්‍රීවරුන් ගේ  අනුමාන ලැයිස්තුව හෙළි කරන ලැබූවේ කදුරට ජනතා පෙරමුණ ද මුස්ලිම් පක්ෂ අනුව කටයුතු කරද් දී ය. 

    මම රටකට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව විශ්වාස කරමි.  ඒ නිසා විපක්ෂයේ සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය, උතුරේ අනෙකුත් පක්ෂ 2 හි මන්ත්‍රීවරුන් ආණ්ඩුවට නොයා රැකගත හැකි ද යන්න පිළිබඳ සවිඥානිකවීමට උත්සහ කරමි.

    ඩයනා සහ මන්ත්‍රී කණ්ඩායම ඉවත් කළ හැකි ද? යන ප්‍රශ්නයට ලැබෙන උත්තරය ‘ඔව්‘ හා ‘නෑ‘ අතර විචල්‍ය වන්නේ සාධක 4 ක් මතය.  

    1.      සමගි ජන බලවේගය පක්ෂයේ ව්‍යවස්ථාවේ පවතින දුබලතාව/ප්‍රබලතාව

    2.      ඩයනා ගමගේ සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට සජබ ට ඇති සංස්කෘතික හැකියාව/නොහැකියාව

    3.      මුස්ලිම් කොන්ග්‍රසය/සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය (රිෂාඩ්) හා කඳුරට ජනතා පෙරමුණ/ද්‍රවිඩ ප්‍රගතිශිලි සන්ධානයට ඇති උවමනාව/අවශ්‍යතාවය

    4.      අනාගතයේ පක්ෂ මාරු කිරීම වැලැක්වීමට සජබ ට ඇති උවමනාව/වෘත්තීය භාවය යන කරුණු කරුණු හතර මත ය.

    සමගි ජන බලවේගය පක්ෂයේ ව්‍යවස්ථාවේ පවතින දුබලතාව/ප්‍රබලතාව

    පිටු 32 ක සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව සහ 17 දෙනෙකුගෙන් යුතු කෘත්‍යාධිකාරි මණ්ඩලයට, පක්ෂ සමාජිකයින් නෙරපා දැමීමට අවම ශක්තියක් ඇති ලේඛනයකි. කෙහෙළිය, අමුණුගම, අමීර් අලී නඩු තීන්දුවල අවධාරණය කරන විනය ක්‍රියාමාර්ග ගැනීමේ කාර්ය පටිපාටිය හා ක්‍රමවේදය එහි සවිස්තරාත්මක නැත. 

    විනය පියවර ගැනීමට සජබ ට ඇති සංස්කෘතික හැකියාව/නොහැකියාව

    ඩයනා ගමගේ තමන්ට විරුද්ධව කථා කරන පිරිසට තර්ජන හා කිචෝක් කරමින් සිටී.  පක්ෂ නායකයින්, මන්ත්‍රීවරුන් ගැන ජනමාධ්‍ය යේ අදහස් දක්වයි.  නායකත්වය දැනුවත්ව 20 ට ඡන්දය දුන් බව අවඟයි.  තවදුරටත් පක්ෂ නියෝජ්‍ය ලේකම් තනතුරේ සිටින බව ද, සේනක සිල්වා උප සභාපති බව ද පවසයි.  ආණ්ඩුවට එක්වීමට සුදානමින් සිටි තවත් පිරිස් පිළිබඳ ඉඟි කරන අතරම, තමන්ට ඔවුන් මෙහෙයවිය හැකි බව දක්වයි. මේ ශක්තිය මන්ත්‍රී කණ්ඩායමට ලැබෙන්නේ කොතැනින්ද? යන්න ප්‍රශ්ණාර්ථයකි.   

    සන්ධානගත (මුස්ලිම්) පක්ෂ සාමාජිකයින් ඉවත් කිරීම එම පක්ෂවල කැමැත්ත ද? අවශ්‍යතාවයද?

    අමීර් අලි නඩුවේ දී සිදු වූ ලෙසම, එජාපයට තමා සමඟ සන්ධානගතවී ඇති මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පියවරගත හැක්කේ ද? සැබෑ ලෙසම ඔවුහු 20 ට පක්ෂව ඡන්දය දුන්නේ රිෂාඩ් හා හකීම් ගේ අනුදැනුම මත ද යන්න ප්‍රශ්ණාර්ථයකි.  පක්ෂ නායකත්වයට ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට උවමනාවක් ඇති ද? යන්න මෙන්ම එමගින් ඇති විය හැකි ප්‍රතිඑල ගැන ද? යන්න පිළිබඳ දේශපාලනික ඇඟයීමක් අවශ්‍ය ය.

    සන්ධානගත පක්ෂ සාමාජිකයින් ඉවත් කිරීම දුෂ්කර බව අමිර් අලි නඩු තීන්දුව අපට පසක් කරයි.

    අනාගතයේ පක්ෂ මාරු කිරීම වැලැක්වීමට සජබ ට ඇති උවමනාව, විශේඥතාව සහ වෘත්තීය භාවය

    තම මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කරනවා දකින්නට විපක්ෂයේ කිසිදු පක්ෂයක නායකයින්ට අවශ්‍යතාවයක් තිබිය නොහැකිය.  නමුත්, එය වැලැක්වීමට නම් විශේඥතාව හා වෘත්තීය භාවය අවශ්‍ය ය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ව්‍යවස්ථාව මගින් පක්ෂයේ ලේකම්ට කළ නොහැක්කක් නොමැති තරම් ය.  ඒ තරමටම, එජාප ව්‍යවස්ථාවේ 3.4 වගන්තියට සාමාජිකයින් රදවා ගැනීමට කළ හැක්කක් ද නොමැති බව ඒ තරම්ම සත්‍යයකි.

    මන්ත්‍රීවරුන් රඳවා ගැනීමට නම් ඒ විශේෂඥතාව සොයා ගත යුතු අතර, වෘත්තීය භාවය ස්ථාපනය කර ගත යුතුව ඇත.

    අනාගතය

    සමගි ජනබලවේගය ‘නිල දේශපාලන පක්ෂයක්‘ ලෙස පිළිගැනීම අධිකරණය මගින් තහවුරු කොට ඇත. එය වෙනස් කළ හැකි තත්වයක් නොවේ. සජබ ට මන්ත්‍රීවරු 54 කි. එයින් 14 ක් සන්ධානගත පක්ෂ නියෝජිතයින් ය.  සෘජුව සජබ නියෝජනය කරන ඉතිරිය 40 කි.  2011 මහා මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ගේ එජාපය ආසන 60 ක් ලැබූ අතර, එයින් 16 දෙනෙකු ආණ්ඩුවට එක් වූවේය. 

    පක්ෂ තීන්දුවලට විරුද්ධව කටයුතු කරන පුද්ගලයින් ඉවත් කළ නොහැකි ය යන්න මිත්‍යාවකි. නමුත්, එය සිදු කිරීමට නම්, මා පෙර කී ලෙසම ‘‘විශේෂඥතාව සොයා ගත යුතු අතර, වෘත්තීය භාවය ස්ථාපනය කර ගත යුතු‘‘ ව ඇත.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • බස්නාහිර ඇඳිරිනීතිය දීර්ඝ කරද්දී තවත් පොලිස් වසම් 03ක් එක්වෙයි

    බස්නාහිර ඇඳිරිනීතිය දීර්ඝ කරද්දී තවත් පොලිස් වසම් 03ක් එක්වෙයි

    බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 වන දින අලුයම 05.00 දක්වා දීර්ඝ කිරීමට රජය විසින් පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද (01) පස්වරු 04.00ට රූපවාහිනි මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළේය.

    මෙහිදී යුද්ධ හමුදාපතිවරයා සදහන් කළේ මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වීම නිසා මෙම තීරණය ගත් බවයි.

    බස්නාහිර පළාතට අමතරව කොවිඩ්-19 ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන තවත් ප්‍රදේශ කිහිපයකට ද නොවැම්බර් 09 වැනි දින පෙ.ව 05.00 දක්වා අලුතින් ඇඳිරිනීතිය පැනවෙන බව මෙහිදී යුද හමුදාපතිවරයා නිවේදනය කළේය.

    ඒ අනුව ඇඳිරිනීතිය පැනවෙන ස්ථාන වන්නේ, ඇහැලියගොඩ පොලිස් වසම, කුරුණෑගල නගර සභා සීමාව සහ කුලියාපිටිය පොලිස් වසමයි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේ අඩු ආදායම්ලාභී පවුල්වලට රුපියල් 5000ක දීමනාවක් සහ නිරෝධානයට ලක්කර ඇති පවුල්වලට රුපියල් 10,000ක ආහාර මල්ලක් මේ සමග ලබාදීමට පියවර ගන්නා බවයි.