Tag: featured

  • නිවට විපක්ෂය සමග ජනතාවාදී ව්‍යවස්ථාවක් සම්පාදනය කළ හැකිද ?

    නිවට විපක්ෂය සමග ජනතාවාදී ව්‍යවස්ථාවක් සම්පාදනය කළ හැකිද ?

    පසුගිය සතිය වනවිට “20 එපා” කියූ සමහරුන්ද ඔක්තෝම්බර 22 වන දින ගොම්මන් වේලාව පසු වූ විට 20 ට ඡන්දය දුන්හ. 20 ට විරුද්ධවීමේ එකම කොන්දේසිය “ද්විත්ව පුරවැසි අයිතිය” කරගත් අය රෙදි නැතිව යන තැනට පත් වූයේ එම වගන්තිය සඳහා වෙනම ඡන්දය විමසූ විට එයට 20 ට වැඩිය එක ඡන්දයක් ලැබුණු නිසාම නොවේ. ඊට විරුද්ධ වූ අයත් ඒ වෙනුවෙන් අත එසවූ නිසාය.

    සමගි ජන බලවේගයේ පිරිසක්ද ඊට එකතු වීමෙන් රාජපක්ෂලාගේ ගණන් හැදීම අන්තිම ඉලක්කමටම නිවැරදි විය. එනිසා 20 ට ඡන්දය දුන් සමගි ජන බලවේගයේ සාමාජික පක්ෂ ඔවුන්ගේ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවීමට තීරණය කළහ. එහෙත් සමගි ජන බලවේගයේ දේශපාලන නායකත්වයට තම දේශපාලන නිවටකමෙහි නිරුවත වසා ගැනීමට තරම් එය ලොකු රෙදිකඩක් නොවේ.

    සමගි ජන බලවේගයේ නායකත්වය ගණන් නොගෙන 20 ට අත එසවූ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් අස් කළත් නොකළත් 20 කතාව දැන් අවසන් ය. දැන් ඇත්තේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදීමේ කතාවය. 20 වන සංශෝධනයේ දෙවන වර කියවීමේ දිනයේදී විශේෂ ගැසට් නිවේදනයක් මගින් අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් මහජන යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය ආණ්ඩුව ආරම්භ කළේය. ඒ අනුව ජනතාවට තේමා 11 ක් යටතේ තම අදහස් ඉදිරි දින කිහිපයේදී ඉදිරිපත් කළ හැකිය. වෙනත් අදහස්ද ඉදිරිපත් කිරීමට ඉඩ ඇත.

    විපක්ෂයේ සිංහල, දෙමළ හා මුස්ලිම් කිසිදු පක්ෂයකට සහ මානව හිමිකම් හා සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වලටත් පුද්ගලයින්ටත් රාජපක්ෂලාගේ මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මග හැර යා නොහැක. එයට ඉතා පැහැදිලි හා විවෘතව ප්‍රතිචාර දැක්වීමට ඔවුන්ට සිදුවන්නේය. එය එක්කෝ මුළුමනින් ප්‍රතික්ෂේපකර වර්ජනය කළ හැක. එයත් ප්‍රතිචාරයකි. එවගේම, විපක්ෂයේ සංවිධාන වලට තමන්ගේ යෝජනා ආණ්ඩුවේ කෙටුම්පත කමිටුවට ඉදිරිපත් කළ හැක. ඒ සීමාවන් තුල විපක්ෂය කවර තීන්දුවක් ගත්තද රාජපක්ෂලාට ඔවුන් තීන්දු කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කර සම්මතකර ගැනීමේ බාධාවක් නැත. එනිසා විපක්ෂයේ මැදිහත්වීම කෙවැන්නක් විය යුතු ද යන්න අතිශයෙන් වැදගත් වන්නකි. එය කෙතරම් ජනතාවාදී වන්නේද යන්න එහි වැදගත්කම තීන්දු කරනු ඇත.

    විපක්ෂය මූලික වශයෙන් පිළිගත යුත්තේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය ජනතාවගේ වගකීමක් සහ ජනතා සහභාගිත්වයෙන් සිදුවිය යුත්තක් යැයි වන පොදු පිළිගැනුමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සෝල්බරි ව්‍යවස්ථාව හෝ 1972 පළමු හා 1978 දෙවන ජනරජ ව්‍යවස්ථා සම්පාදනය කළ පිළිවෙත කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදී නොවේ යැයි විපක්ෂය පිළිගත යුතුව ඇත. ආණ්ඩු බලය අත ඇති හෝ ඊට හවුල්වන අයට ජනතාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමට තනි අයිතියක් ඇතැයි නූතන ලෝකයෙහි පිළිගනු නොලැබේ. වත්මන් ලෝකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී ජනතාවගේ සෘජු මැදිහත්වීම ප්‍රධානම සාධකය ලෙස සැළකේ. ඒ සම්බන්ධ අත්දැකීම් ගණනාවක්ද දැන් විද්වත් සංවාදයන්ට හා අධ්‍යනයන්ට ලක්ව ඇත.

    නැගෙනහිර ටිමෝරයේ නිදහස සමග එහි නිදහස වෙනුවෙන් මැදිහත්වූ විමුක්ති සන්ධානය 1998 වන විට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භකර තිබිණ. 2002 දී සම්මත කෙරුණු එය ජනතා සහභාගිත්වය ඇතිව කෙටුම්පත් කෙරුණක් යැයි ඒ ගැන කෙරෙන අධ්‍යයන ඇත. එවගේම 2000 – 2005 කාලයේ කෙන්යාවේ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීය කිරීමේ ක්‍රියාවලිය තුල සම්පාදනය කෙරුණු ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ද එවැනි අධ්‍යයන කෙරෙන්නේය. එහෙත් වඩාත්ම ජනප්‍රිය අත්දැකීම වන්නේ සුදු වර්ණවාදී දකුණු අප්‍රිකානු රාජ්‍ය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රාජ්‍යයක් වෙනුවෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීමේ 1990 සාකච්ඡා සමග ආරම්භ කෙරුණු සමස්ථ ක්‍රියාවලිය පිළිබඳව කෙරෙන සංවාද හා අධ්‍යයනයන්ය.

    දකුණු අප්‍රිකානු අත්දැකීම දේශපාලන වශයෙන් අපට වැදගත්වන කාරණාව වන්නේ ඔවුන් 1990 දී පිහිටුවා ගත් ව්‍යවස්ථා සභාවෙහි සාමාජිකයෙකු වූ විනිසුරු ඇල්බි සච්ස් වරෙක කියූ කතාවෙහිය. “…… මෙය ඉතා පටු, අධිකාරවාදී හා වර්ණවාදී රටක්. මේ දකුණු අප්‍රිකාව එහි ඉන්නා මිනිසුන් සමගම, ඒ තියෙන භූමියෙහිම, ඒ තියෙන සම්පත් සමගින්ම, ඒ ගොඩනැගිලිද සමගින්, මානව හිමිකම් සුරකින ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පෙරළන්නට සිදුවුනා. එය විවිධ වෙනස්කම් සහිත පසුබිම් සමගින් වූ ජනතාවන් එකිනෙකාට ගරු කරන්නාවූ රටක් බවට පත් කළ යුතු වුනා. සියල්ලන්ට ආත්ම ගරුත්වයක් ඇතිව ජීවත් වෙන්න පුළුවන් සමාජ සාමයක් ඇති රටක් බවට පත් කළ යුතු වුනා. එය පොඩි පහේ අභියෝගයක් වුනේ නැහැ.” ඔහු ඇමෙරිකානු විශ්ව විද්‍යාලයකදී කියා තිබිණ.

    ඒ වෙනුවෙන් 1990 දී අගමැති ඩි ක්ලර්ක්ගේ ජාතික පක්ෂය සමග නෙල්සන් මැන්ඩලාගේ නායකත්වයෙන් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය ආරම්භ කළ සංකච්ඡා වසර 02 ක් අවසානයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ තීන්දුව සමගින් අලුත් අනාගතයකට පාර කැපීය. එහිදී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අඩංගු විය යුතු මූලික ප්‍රතිපත්ති පිළිබඳවද ඔවුහු එකගතාවකට පැමිණියහ. ඊළගට මුහුණ දුන් ගැටළුව වූයේ එහි කෙටුම්පත හැදීමේ ක්‍රියාවලිය පිළිබඳ ගැටළුවය. එය ඔවුන් විසඳා ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නම්, එය සම්පාදනය කෙරෙන ක්‍රියාවලියද ප්‍රජාතන්ත්‍රවදී විය යුතු යැයි පිළිගැනීමෙනි. එබැවින් උපරිම ජනතා සහභාගිත්වයක් ලබා ගැනීම වෙනුවෙන් ඔවුහු කැප වූහ. විවිධ අවස්ථාවන්හි මතු වුන සන්නද්ධ ගැටුම්, කඩාකප්පල්කාරි ක්‍රියා හමුවේ ඔවුහු නොසැළෙන දේශපාලන අධිශ්ඨානයකින් ජනතා සහභාගිත්වය මත තැබූ විශ්වාසය මත දැඩිව සිටියහ.

    එවැනි ඉතා පුළුල් ජන සහභාගිත්වයක් වෙනුවෙන් ව්‍යවස්ථා කෙටුම්පත දකුණු අප්‍රිකාවේ භාවිත වන භාෂා 11 කින් ඔවුහු පළ කළහ. වෘත්තීය සමිති, කාන්තා හා තරුණ සංගම්, වෙනත් ප්‍රජා සංවිධාන වැනි සමාජ ගොනුවීම් ප්‍රාදේශීය වශයෙන් සංවාද සඳහා කැඳවනු ලැබ ඇත. සාක්ෂරතාව අඩු රටක් හැටියට ඔවුන් ව්‍යවස්ථා කෙටුම්පත ගැන සාකච්ඡා සඳහා විශාල වශයෙන් ගුවන් විදුලිය යොදා ගෙන ඇත. සංවාද මණ්ඩප වැඩි වශයෙන් ගුවන් විදුලි වැඩ සටහන් ලෙස සංවිධානය කරනු ලැබ ඇත. එවැනි ඉතා පුළුල් ජන සහභාගිත්වයක් සමගින් ඔවුහු 1996 දෙසැම්බර 10 වන දින ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ නෙල්සන් මැන්ඩෙලා අත්සන් තැබූ සමූහාණ්ඩු ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්නට වසර 02 ක කාලයක් ගත කළහ.

    අද මෙන් අලුත් තාක්ෂණික මෙවලම් නොමැති යුගයේ ජනතාව සංවිධානය කරමින් දකුණු අප්‍රිකානු නායකයින් කළ ව්‍යවස්ථා සම්පාදනයට අලුත්ම පූර්වාදර්ශය සැපයූවේ මෙක්සිකෝ නගරවාසීන්ය. ඔවුන් මිලියන 10 ක් පදිංචි තම නගරය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ අත්දැකීම, මේ කොරෝනා වසංගතය මැද්දේ ව්‍යවස්ථා සම්පාදනය වෙනුවෙන් අපට පහසුවෙන් යොදා ගත හැකි දියුණු ආකෘතියකි. මෙක්සිකෝ නගරය වොෂිංටන් ඩී.සී වැනි මධ්‍යම ආණ්ඩුවෙන් යම් ස්වාධීනත්වයක් ඇතිව ස්ථාපිත කිරීමට මෙක්සිකෝ නගරාධිපති 2016 දී තීන්දු කිරීමත් සමග, ඒ වෙනුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ඔවුන්ට අවශ්‍ය විය.

    මෙක්සිකෝ නගරයේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඇමෙරිකානු මාධ්‍ය හඳුන්වනු ලැබූයේ “ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය” හා “ජනතා ගොනුකිරීම්” ලෙසය. මෙක්සිකෝ නගරාධිපති මිගුඑල් ආන්ජෙල් මන්සෙරා එය විස්තරකර තිබූයේ “ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිගාමී, සියල්ලන්ට විවෘත, සිවිල් හා බහුත්වවාදී ක්‍රියාවලියක් වන” බවය. එය 2016 මාර්තු මාසයේ සිට සැප්තැම්බර වන තෙක් ජනතාවට විවෘත වූ ක්‍රියාවලියක් විය.

    ඔවුන්ගේ ව්‍යවස්ථා සම්පාදනය වෙනුවෙන් ජනතාව සහභාගි කරගැනීමට ඔවුන් අන්තර්ජාලයේ විවෘත පෙත්සම් අත්සන් කිරීමේ විද්‍යුත් වේදිකාවක් වන “චේන්ජ් ඩොට් ඕආර්ජී” (change.org) සමග හවුල් විය. ඒ සඳහා අන්තර්ජාල පහසුකම් නොමැති අය සඳහා ඔවුහු නගරයේ අන්තර්ජාල මධ්‍යස්ථාන 300 ක් ජනතාවට සහායවීම වෙනුවෙන් සහායකයින්ද ඇතිව ස්ථාපිත කළහ. ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුව පත් කෙරුණේ දේශපාලනඥයින්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් පමණක් නොව, ආබාදිත ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙකුද සමගින්ය. එයට යෝජනා ඉදිරිපත් කිරීමේදී එම යෝජනා සඳහා සිය අනුමැතිය ඇතැයි නගරයේ නිත්‍ය පදිංචිකරුවන් 5,000 ක් අත්සන් තැබූ යෝජනා, ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදී සළකා බලනු ලබන කෙටුම්පත් ලෙස පිළිගැණුනි. එවැනි අත්සන් 10,000 ක් ඇති යෝජනා වෙනුවෙන් කෙටුම්පත් කිරීමේ කමිටුව හමුවේ කරුණු දැක්වීමට අවස්ථාවත් ලැබිණ. අත්සන් 50,000 ක් ඇති යෝජනා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ “පාදක යෝජනා” ලෙස පිළිගැණුනි.

    කෙටුම්පත් කිරීමේ කමිටුවට සති පතා අත්සන් 5,000 ක් හෝ ඊට වැඩි අත්සන් සහිත යෝජනා සාරාංශකර ලබා දෙනු ලැබිණ. ඒවාද නොපමාව සති පතා ප්‍රසිද්ධ කරනු ලැබිණ. එනිසා සමස්ථ ක්‍රියාවලිය ජනතාව හමුවේ විවෘත සංවාදයට තැබුණකි. අවසන් වශයෙන් ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබූයේ සාමාජිකයින් 100 කින් යුත් ව්‍යවස්ථා සම්පාදන සභාවකටය. එහි සාමාජිකයින් 60 දෙනෙකු ජනතා ඡන්දයෙන්  තෝරා පත් කරනු ලැබූවන් විය. 2017 පෙබරවාරි 05 වන දින නව මෙක්සිකෝ නගරයේ ව්‍යවස්ථාව සම්මත කරනු ලැබිණ.

    කොරෝනා වසංගතය මේ වනවිට අපේ සමාජ ක්‍රියාකාරිත්වය සීමාකර ඇති විටෙක, ආණ්ඩුව ඔවුන්ගේ නව ව්‍යවස්ථාව සඳහා අදහස් ඉදිරිපත් කරන්නට යැයි කෙරෙන ඇරයුම විපක්ෂයේ සියලු පක්ෂ හා සංවිධාන බාරගත යුත්තේ ආණ්ඩුවේ ඉල්ලීමට යටත්ව නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය වෙනුවෙන් ජනතා සහභාගිත්වයක් ගොනු කර ගැනීම වෙනුවෙනි. විපක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට එනිසා හවුල් විය යුත්තේ ආණ්ඩුවේ දින නියමයන් හා කොන්දේසි පිළිගනිමින් නොවේ. සමස්ථ විපක්ෂයේ පක්ෂ, දකුණේ විපක්ෂ හා සංවිධාන සහ උතුරු-නැගෙනහිර දේශපාලන පක්ෂ හා සංවිධාන පුළුල් ජනතා සහභාගිත්වයක් සමගින් ආණ්ඩුවේ ආරාධනාවට ප්‍රතිචාර දැක්විය යුතුව ඇත්තේ තමන්ගේ කොන්දේසි යටතේය. වෘත්තිකයින්ගේ සංවිධාන, වෘත්තීය සමිති, ගොවි හා ධීවර සංවිධාන, කලා හා සංස්කෘතික සංවිධාන, තරුණ හා කාන්තා සංවිධාන, ව්‍යාපාරික සමාජ සමගින් පුළුල් ජනතා ව්‍යාපාරයක් සමග සමාජය විසින් හදා ගන්නා කොන්දේසි සමගින්ය. එළෙස කෙටුම්පත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් මෙපිට, 20 න් පසු මේ ආණ්ඩුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියට මුහුණ දිය නොහැකි බව විපක්ෂයත් මානව හිමිකම් හා සමාජ ක්‍රියාකාරීන් තේරුම්ගත යුතුය.

    බරපතලම ප්‍රශ්නය එවැනි ජනතාවාදී දේශපාලන තීන්දුවක් ගැනීමට මේ විපක්ෂ සංවිධානව වලට හයියක් කැප වීමක් හා අධිශ්ඨානයක් තිබේද යන්නය. ආණ්ඩුවට ඇති වාසියත් එවැනි බරපතල වගකීමක් වෙනුවෙන් තීන්දු ගැනීමට සූදානමක් නොපෙන්වන විපක්ෂයේ නිවටකමය.

    කුසල් පෙරේරා

  • Covid-19: 70 හැවිරිදි පුද්ගලයෙක් මරුට – මරණ ගණන 16 දක්වා ඉහළට

    Covid-19: 70 හැවිරිදි පුද්ගලයෙක් මරුට – මරණ ගණන 16 දක්වා ඉහළට

    අද (25) අළුයම කාලයේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය රෝගියා කොවිඩ්-19 ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 22.25ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

    මෙය කොවිඩ්-19 ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 16 වැනි මරණය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ සදහන් වන්නේ.

    මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    අදාළ පුද්ගලයා පසුගිය 23 වැනිදා රුධිරයට විෂබීජ ඇතුළුවීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර මරණයට පත්ව ඇත්තේ එම සංකූලතා හේතුවෙන් බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.

  • නව කොරෝනා ආසාදිතයින් 348ක් සමග මුළු ගණන 4313 දක්වා ඉහළට

    නව කොරෝනා ආසාදිතයින් 348ක් සමග මුළු ගණන 4313 දක්වා ඉහළට

    අද (25) පස්වරු 21.30 වන විට දිවුලපිටිය සහ පෑලියගොඩ මාළු වෙළෙදපොළේ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 348 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු 21.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වේ. ඒ අනුව මෙම පොකුරු දෙකෙන් මේ වන විට ආසාදිතයින් 4313ක් වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

  • දුමින්ද සිල්වාට ජනපති සමාව ?

    දුමින්ද සිල්වාට ජනපති සමාව ?

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙත්සමකට අත්සන් තබා ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් එම පෙත්සම ජනාධිපතිවරයාට යොමුකර තිබෙන බවත් අද (25) ‘සන්ඩේ ටයිම්ස්‘ පුවත්පතේ වාර්තාවක සදහන් වේ.

    පසුගිය දා පැවැති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පැමිණි සියලු‍ දෙනා දුමින්ද සිල්වා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් ඉදිරිපත් වූ පෙත්සමට අස්සන් තබා ඇති බොහෝ දුරට ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවනු ඇතැයි පැවැසේ.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතා සහ තවත් සිවුදෙනෙක් වරදකරුවෝ වූහ. ඒ අනුව ඔවුන්ට මහාධිකරණයෙන් මරණ දඬුවම නියම විය.

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට ලක්වූයේ 2011 වසරේ පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණය අතරවාරයේදීය.

    ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියම කෙරුණු අතර අදාළ නඩු තීන්දුව බෙදුණු තීන්දුවක් විය. විනිසුරුවරුන් වන පද්මිණි රණවක මහත්මිය සහ චරිත් මොරායස් මහතා සැකකරුවන් පස්දෙනා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් ඔවුන් පස්දෙනාට මරණ දඬුවම්නියම කළහ. කෙසේ නමුත් ශිරාන් ගුණරත්න මහතා සැකකරුවන් පස්දෙනා සියලු‍ චෝදනාවලින් නිදහස් කළේය.

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පියාය.

    දහනවවැනි වියේ පසු වූ ඉවෝන් ජොන්සන් තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමාව දුන්නේය.

  • දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

    දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

    ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිවයින පුරා පිහිටි පොලිස් බල ප්‍රදේශ 64 ට මේවන විට නිරෝධායනය ඇඳිරිනීතිය පැනවීමත් සමග මගී ජනතාව අඩුවීම හේතුවෙන් තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් නැවත දැනුම් දෙනතුරු අවලංගුකිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තු දැනුම් දෙනවා.

    ඒ අනුව, පුත්තලම මාර්ගයේ කොළඹ කොටුව සිට හලාවත දක්වා උදෑසන 9.35ට, දහවල් 2.35ට, සහ සවස 6.5ට ධාවනයවීමට නියමිව තිබූ දුම්රියත්, පුත්තගම මාර්ගයේම කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා සවස 4.40ට , සවස 5.20ට, සවස 5.40ට, සවස 6.45ට සහ කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා සවස 5.50ට ධාවනයවීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර අවලංගු කර තිබෙනවා.

    මුහුදුබඩ මාර්ගයේ මරදාන සිට අලුත්ගම දක්වා දහවල් 11.10ට, දහවල් 2.05ට, සවස 4.45ට, සවස 6.25ට, සවස 7.45ට සහ මරදාන සිට පානදුර දක්වා දහවල් 3.20ට ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර ද අවලංගුකර ඇති අතර, කැලණිවැලි මාර්ගයේ සවස 4.25ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනයවීමට නියමිතව තිබූ දුම්රියත් සවස 6.30ට කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ධාවනයවීමට නියමිතව දුම්රිය ගමන්වාරයන් ද අවලංගු කර තිබෙනවා.

    මේ අතර, කොළඹ කොටුව දුම්රිය ස්ථානය පිහිටි ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවා ඇති බැවින් ගාල්ල දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හැර කොළඹ කොටුවෙන් ආරම්භ වන සෙසු සියලු රාත්‍රී තැපැල් දුම්රිය ගමන්වාර අවලංගුකර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

  • පියයුරු පිළිකා ගැන ප්‍රකට ‘මිත්‍යාවන් 10ක්’

    පියයුරු පිළිකා ගැන ප්‍රකට ‘මිත්‍යාවන් 10ක්’

    පියයුරු පිළිකා යනු කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාවක් වන අතර කාන්තාවන් අට දෙනෙකුගෙන් එක් අයෙකු තම ජීවිතයේ යම් අවස්ථාවක දී පියයුරු පිළිකා වැළඳීමේ හැකියාව ඇත. වයස අවුරුදු 30 සහ 40 අතර කාන්තාවන් අතර පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව වැඩිය. 

    කෙසේ වෙතත්, කාන්තාවන් කිහිප දෙනෙකු පියයුරු පිළිකා පිළිබඳ මිථ්‍යාවන් නිසා අවශ්‍ය ප්‍රතිකාර ලබා නොගන්නා අතර පූර්වාරක්ෂාවන් අනුගමනය කරති. පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වන ඔක්තෝබර්, අපි මෙම මිථ්‍යාවන් කරුණු සමඟ ප්‍රතිස්ථාපනය කර අවශ්‍ය ජීවන රටාවේ වෙනස්කම් ගෙන එන කාලයක් බවට පත්වෙමු.

    මිථ්‍යාවන්

    1 වන මිථ්‍යාව: පියයුරු පිළිකා ඇතිවිය හැක්කේ වැඩිහිටි කාන්තාවන් තුළ පමණි: වයෝවෘද්ධ කාන්තාවකගේ පියයුරු ගැටිත්ත පිළිකාවක් බවට පත්වීමේ සම්භාවිතාව වැඩි වුවද, ඕනෑම වයසක කාන්තාවකට පියයුරු පිළිකා ඇතිවීමේ අවධානමක් ඇත. එනිසා තම පියයුරෙහි ගැටිත්තක් හෝ යම් වෙනසක් දකින තරුණ ගැහැණු ළමයෙක් පවා විශේෂඥ වෛද්‍යවරයකු හමුවී පරීක්ෂාවකට ලක්කර ගත යුතුය.

    2 වන මිථ්‍යාව: ගර්භණී සමයේදී සහ මව්කිරි දීමේදී පියයුරු පිළිකා ඇතිවිය නොහැකිය

    පියයුරු පිළිකා

    සත්‍යය: බොහෝ කාන්තාවන් ගර්භණී සමයේදී හෝ මව්කිරි දෙන විට සියුම් පියයුරු රෝග ලක්ෂණ නොසලකා හැරීමට පෙළඹේ. මෙය බොහෝ විට අනතුරුදායක බව ඔප්පු වන අතර රෝග විනිශ්චය ප්‍රමාද විය හැකිය. මව්කිරි දීම සහ මුල් ගැබ් ගැනීම කාන්තාවකගේ ජීවිත අවදානම අඩු කළද, මෙම අවස්ථා වලදීද පිළිකා ඇතිවිය හැකිය.

    3 වන මිථ්‍යාව: තද, යට ඇඳුම් හෝ කළු බ්‍රා ඇඳීම පියයුරු පිළිකා ඇතිවීමට හේතු විය හැකිය: 
    මෙය බොහෝ විට එක් කාන්තාවකගේ සිට තවත් කාන්තාවකට සම්ප්‍රේෂණය වන පියයුරු පිළිකා පිළිබඳ වඩාත් පොදු ව්‍යාජ සුළු කාරණයක් විය හැකිය. ඔබ යට ඇඳුම් තෝරා ගැනීම ඔබේ සුවපහසුව සඳහා ඉතා වැදගත් වන නමුත් පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම සමඟ එයට කිසිදු සම්බන්ධයක් නැත.

    4 වන මිථ්‍යාව: සුවද විලවුන් භාවිතය පියයුරු පිළිකා ඇති කරයි : පැරබීන් අඩංගු සුවද විලවුන් භාවිතය පිළිකා කාරක විය හැකි බවට යෝජනා වී ඇතත්, පියයුරු පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති ඩියෝඩ්‍රන්ට් සහ විෂබීජ නාශක භාවිතය සම්බන්ධ නිශ්චිත විද්‍යාත්මක සාක්ෂි නොමැත.

    5 වන මිථ්‍යාව: ශාරීරික කම්පනය පියයුරු පිළිකා ඇතිවීමට හේතු විය හැක: බොහෝ විට පියයුරු ගැටිත්ත ශාරීරික තුවාලයකට හේතු වේ. බොහෝ විට, තුවාලය පියයුරු ගැටිත්තට වඩා පියයුරු ගැටිත්තක් ඔබේ අවධානයට යොමු කරයි. ශාරීරික කම්පනය මගින් රක්තපාතයක් ඇතිවිය හැකි නමුත් කිසි විටෙකත් පියයුරු පිළිකාවක් ඇති නොවේ.

    මිථ්‍යාව 6: කිරි සහ සීනි අධික ආහාරයට ගැනීම පියයුරු පිළිකාවට හේතු වේ

    කිරි සහ සීනි පරිභෝජනය

    සත්‍යය: හෝමෝන අන්තර්ගතය නිසා කිරි පියයුරු පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ විය හැකි බව ඇතැම් අධ්‍යයනවලින් හෙළි වී තිබේ. කෙසේ වෙතත්, සීනි හෝ කිරි පරිභෝජනය බිංදුවට අඩු කිරීම වෛද්‍යවරු නිර්දේශ නොකරයි. ‘මධ්‍යස්ථභාවය‘ යනු නිරෝගීභාවයේ යතුර බව වටහා ගැනීම වැදගත්ය. බර වැඩිවීමට හේතු විය හැකි ඕනෑම අසමතුලිත ආහාර වේලක් ප්‍රධාන වශයෙන් ඔබ වයස්ගත වන විට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරයි.

    මිථ්‍යාව 7: පියයුරු වල ඇති වන වේදනාව පියයුරු පිළිකා රෝග ලක්ෂණයකි: කාන්තාවන් බොහෝ විට පියයුරු වල ගැටිත්තක් හෝ තනපුඩු ශ්‍රාවය නොසලකා හරින බව දැකිය හැකිය. අපට අපහසුතාවයක් නොදක්වන දෙයක් නොසලකා හැරීම මිනිස් ස්වභාවය විය හැකි නමුත් පිළිකා ගැටිති බොහෝ දුරට වේදනා රහිත බව දැන ගැනීම ඉතා වැදගත් වේ.

    8 වන මිථ්‍යාව: ඔබට පවුල් ඉතිහාසයක් නොමැති නම්, ඔබ පියයුරු පිළිකා වලින් ආරක්ෂා වේ.
    සත්‍යය –  මෙය යම් ප්‍රමාණයකින් සත්‍යයකි. පියයුරු පිළිකා වලින් 5-10% ක් පමණක් පාරම්පරික හෝ පවුල් ඉතිහාසය මත තීරණය වේ. එහෙත් අලුතෙන් හඳුනාගත් බොහෝ රෝගීන් පියයුරු, ඩිම්බකෝෂ හෝ වෙනත් පිළිකා පිළිබඳ කිසිදු පවුල් ඉතිහාසයක් වාර්තා නොකරයි.

    9 වන මිථ්‍යාව: මැමෝග්‍රෑම් පියයුරු පිළිකා වළක්වයි

    මැමෝග්‍රෑම් පියයුරු පිළිකා වළක්වයි

    සත්‍යය: මැමෝග්‍රෑම් යනු මූලික වශයෙන් පියයුරු පටක වල එක්ස් කිරණ වේ. මුල් අවධියේදී පියයුරු පිළිකා හඳුනා ගැනීම ප්‍රයෝජනවත් වන අතර බොහෝ විට වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවන් සඳහා නිර්දේශ කරනු ලැබේ. කෙසේ වෙතත්, එය පිළිකා වළක්වන අතර ඇත්ත වශයෙන්ම තරුණ කාන්තාවන්ගේ ඇතැම් පිළිකා මග හැරිය හැකිය.

    මිථ්‍යාව 10: පිරිමින්ට පියයුරු පිළිකා නැත –
    සත්‍යය: අවසාන වශයෙන් පුරුෂයින්ට ද පියයුරු පිළිකා වැළදිය හැකිය. පිරිමින් තුළ පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව බෙහෙවින් අඩු වුවද, පියයුරු පිළිකා පිරිමින්ට ද ඇති බව දන්නා අතර ඔවුන්ගේ පපුවේ ගැටිත්තක් හෝ තුවාලයක් ඇතිවිය හැකිය. මෙවැනි අවස්ථාව වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් වැදගත්ය.

    Femina ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ලිපි හා පාර්සල් බෙදාහැරීම ‘අත්හිටුවන ප්‍රදේශ ගැන’ තැපැල්පති දැනුම් දෙයි

    ලිපි හා පාර්සල් බෙදාහැරීම ‘අත්හිටුවන ප්‍රදේශ ගැන’ තැපැල්පති දැනුම් දෙයි

    තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

  • ගම්පහ දිස්ත්‍රික්කයේ ‘නිරෝධාන ඇදිරිනීතිය’ අඛණ්ඩව ක්‍රියාත්මකයි

    ගම්පහ දිස්ත්‍රික්කයේ ‘නිරෝධාන ඇදිරිනීතිය’ අඛණ්ඩව ක්‍රියාත්මකයි

    ගම්පහ දිස්තත්‍රික්කයට මේ වන විට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද (25) දින ප.ව13.25ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වේ.

    එහි දැක්වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා හෙට, එනම් 26 වැනි දින පෙ.ව-8.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිකරන වෙළෙද සැල් සහ ඖෂධ ශාලා විවෘත කර තැබෙන බවයි.

  • මාළු ආහාරයට ගැනීමෙන් කොරෝනා බෝවෙනවාද ?

    මාළු ආහාරයට ගැනීමෙන් කොරෝනා බෝවෙනවාද ?

    පෑලියගොඩ මත්සත්‍ය වෙළෙදපොළ ඇතුළු මත්ස්‍ය වෙළෙදපොළ කිහිපයක කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සමග මත්ස්‍ය පාරිභෝජනය සම්බන්ධයෙන් ජනතාව අතර දුර්මත පැතිර යන බවත් එම කටකතාවලට නොරැවටෙන ලෙසත් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

  • අගමැති ආරක්ෂක අංශයට අනුබද්ධිත ‘බාහිර ඒකකයක’ නිලධාරියෙකුට කොරෝනා

    අගමැති ආරක්ෂක අංශයට අනුබද්ධිත ‘බාහිර ඒකකයක’ නිලධාරියෙකුට කොරෝනා

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් කරුණු පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (25) දින නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය මෙසේයි.

    අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරලියගහ මන්දිරය හෝ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරනු ලබන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවට සහතික කරමි.

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිරය යන පුවතේ කිසිඳු සත්‍යතාවයක් නොමැති අතර කොවිඩ් ආසාධිත ආරක්ෂක අංශ නිලධාරියෙකු හමු වී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකිනි.

    ගරු අග්‍රාමාත්‍යතුමා සහභාගීවන, බාහිර උත්සවවල පූර්ව ආරක්ෂක කටයුතු පිළිබඳ සූදානම් කිරීම්වලට අදාළව පමණක් සම්බන්ධවන එම නිලධාරීවරයා ඔක්තෝම්බර් මස 17දින සිට සේවයට වාර්තා කර නොමැත.

  • ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

    ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

    ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා 2020 ඔක්තෝබර් 27 හා 28 දිනවලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලීමට නියමිතය.

    මෙම සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා ශ්‍රී ලංකා නායකයින් සමඟ සහ විදේශ අමාත්‍යවරයා සමඟ නිලවශයෙන් සාකච්ඡා පවත්වනු ඇත.

    දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇත.

    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා වෙයි.

    විදේශ අමාත්‍යාංශය

    කොළඹ

  • ගම්පහට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ‘ඉවත් කිරීමේ තීරණයක් නෑ’ –  යුද හමුදාපති

    ගම්පහට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ‘ඉවත් කිරීමේ තීරණයක් නෑ’ – යුද හමුදාපති

    ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (26) දවස තුළ ඉවත් කිරීමට කිසිසේත් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පළ කළේ අද (25) උදෑසන දෙරණ අරුණ වැඩසටහනට එක්වෙමිනි.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේ,

    ‘ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසාදීමට පියවර ගැනීමට නියමිතයි. ඒ වගේම දින තුනකට වඩා අඛණ්ඩව නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවලටත් හෙට දිනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දෙනවා‘

  • කොළඹ තවත් පැත්තක් ලොක් ඩවුන්!

    කොළඹ තවත් පැත්තක් ලොක් ඩවුන්!

    කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් වසම් පහක් සඳහා නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇත.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

    වෙරලබඩ පොලිසිය, ඩෑම් වීදිය, ආදුරුප්පුවීදිය, මාළිගාවත්ත, කෙසෙල්වත්ත යන පොලිස් වසම් සදහා එසේ ඇඳ නීතිය පනවනු ලැබ ඇත.

    කොරෝනා පැතිරීව වැලැක්වීම සදහා පනවන ලද මෙම ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක‍්‍රියාත්මකයි.

  • රට ඉතාම භයානක තැනක; දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්න – GMOA

    රට ඉතාම භයානක තැනක; දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්න – GMOA

    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින් ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

    මෙම දිස්ත්‍රික්කවලින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති නිසා ඒවායේ මායිම් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මනින්ම තීරණයක් ගත යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

    එම තීන්දුව ගැනීම තවදුරටත් කල් නොදමන ලෙස ද එසේ කල්දැමුවහොත් පෑලියගොඩ ආකාරයේ පොකුරු රටපුරා වාර්තා වීමේ අවදානමක් ඇති බවද ඔහු දැඩිව අවධාරණය කළේය.

    අද වන විට කොරෝනා වෛරස ව්‍යාප්තිය ගැන පූර්ව අනාවැකි කිව නොහැකි තත්වයට පත්ව ඇති බවත් සඳහන් කරන වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට සමාජය තුළින් රෝගීන් වාර්තා වෙමින් ඇති බවයි.

    නමුත් තවම වෛරසයේ නියම අවදානම අවබෝධ වී නැතැයිද ඔහු කියා සිටියේය

    වෛරසය සමාජ ව්‍යාප්තියක් ආරම්භ වූ සැණින් ද සියල්ල උඩුයටිකුරු වෙන බවත් මරන ගණන වේගයෙන් ඉහළ යනු ඇති බවත් ඔහු පැවසීය.

    සමාජ ව්‍යාප්තියකදී රෝහල් පද්ධතිය ඇඳන් සහ ඉඩකඩ පිරී යනු ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලය විඩාවට පත් වී ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය අඩපන වන බවත් අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

    එනිසා යම් කිසි මොහොතක සමාජ ව්‍යාප්තියකට ප්‍රවේශ වූවොත් රට ඉතාම භයානක තැනකට යනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

    කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

  • ටෙස්ට් ලෝක ශූරතාවය: අවසන් මහා තරගය පැවැත්වීමට ICC සැලසුම්

    ටෙස්ට් ලෝක ශූරතාවය: අවසන් මහා තරගය පැවැත්වීමට ICC සැලසුම්

    ලබන 2021 වසරේ ජුනි මසදී පැවැත්වීමට නියමිතව තිබෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය එලෙසම පැවැත්වීම කෙරෙහි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ. එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මුහුණ දී සිටින බරපතලම ගැටළුව බවට පත්ව ඇත්තේ කෙරෝනා වසංගතයේ බලපෑමත් සමඟ පැවැත්වීමට නොහැකි වුණු තරගාවලි සම්බන්ධව ගත හැකි විකල්පයන් කුමක්ද යන්නය.

    කෙසේ වෙතත් අවලංගු වුණු තරගාවලිවලට අදාළව ඒ ඒ කණ්ඩායම් සඳහා සම ලකුණු ප්‍රදානය කිරීමට මේ වන විට යෝජනා වී ඇතත් ඒ පිළිබඳව වූ අවසන් තීරණය ඉදිරි නොවැම්බර් මසදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ක්‍රිකට් මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිතය. මෙහිදී ඉකුත් මාර්තු මස වන විට කණ්ඩායම් ලබා සිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවන් මත පදනම්ව ක්‍රමවේදයක් නිර්මාණය කරමින් ලකුණු ලබා දීම මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලි අවසන් වූ පසු අවසන් මහ තරගයට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීමය.

    ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරිය පියවරයන් සම්බන්ධව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සිටින්නේ කුමන මතයකද යන්න පිළිබඳව සියළුම රටවල් දැනුවත් කිරීම අයි.සී.සී. යේ අරමුණ වන අතර එය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මීළඟට ආරම්භ වීමට නියමිතව ඇති නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් තරගාවලියට පෙර එම දැනුවත් කිරීම සිදු කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ.

    කොරෝනා වෛරසය හේතුවෙන් අවලංගු කර දැමුණු තරගාවලි පැවැත්වීම කෙරෙහි බහුතරයක් රටවල් උත්සාහ ගනිමින් සිටින නමුත්, ජාත්‍යන්තර තරගාවලියන්හි කාල සටහන් දෙස බැලීමේදී අවසන් මහ තරගයට පෙර එම තරගාවලි පැවැත්වීම ප්‍රායෝගිකව අසීරු කටයුත්තකි. එමෙන්ම ඇතැම් කණ්ඩායම් එකිනෙකට වෙනස් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමද ව්‍යාකූලත්වයක් නිර්මාණය කරවන්නකි.

    මේ සියල්ල පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඉහතින් කී පරිදි අවලංගු වුණු තරගාවලි සියල්ලටම නිසි නීති මාලාවකට යටත්ව සෑම තරගයක්ම ජය පැරදුමෙන් තොරව අවසන් වුණු තරගාවලි ලෙස සලකමින් එක් එක් කණ්ඩායමට ප්‍රසාද ලකුණු පිරිනැමීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබේ.

    තරගාවලියේ මූලික සැලසුම අනුව ටෙස්ට් තරගාවලියක් සඳහා ලකුණු 120 ක් පිරිනැමෙන අතර ජය පැරදුමෙන් තොර තරගාවලියක් වුවහොත් කණ්ඩායමකට ප්‍රසාද ලකුණු 40 ක් හිමිවනු ඇත. මෙය තරගාවලියේ පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව වෙනස් වුවද ලැබෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව නොවෙනස්ව පවතී.  

    ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව නවසීලන්තය සහ පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි 2 කට සහභාගිවී සිටින අතර ප්‍රසාද ලකුණු 80 ක් හිමිකරගෙන සිටියි. අදාළ ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාවට තවත් ටෙස්ට් තරගාවලි 4 කට සහභාගිවීමට නියමිතව තිබේ. මෙම වසර මුලදී එංගලන්තය සමඟ තරග 2 කින් සමන්විතද, දකුණු අප්‍රිකාව සමඟ තරග 2 කින් සමන්විතවද සහ බංග්ලාදේශය සමඟ තරග 3 කින් සමන්විත තරගාවලියකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එම තරගාවලි 3ම කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය.

    කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු 80 ක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ඉන්දියාව ප්‍රසාද ලකුණු 360 ක් ලබා එහි පෙරමුණේ පසුවන්නේය.

    2020 ඔක්තෝම්බර් මස තෙක් යාවත්කාලීන වී තිබෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන මෙසේය.

    ස්ථානයරටප්‍රසාද ලකුණු
    1ඉන්දියාව360
    2ඔස්ට්‍රේලියාව296
    3එංගලන්තය292
    4නවසීලන්තය180
    5පාකිස්තානය166
    6ශ්‍රී ලංකාව80
    7බ.ඉ.කොදෙව්40
    8දකුණු අප්‍රිකාව24
    9බංග්ලාදේශය00

    Text by – sri lanka cricket

  • ධීවර වරායන් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ

    ධීවර වරායන් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ

    දැනට පවතින කොවිඩ් – 19 උවදුර හේතුවෙන් ගැටලුවකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කර්මාන්තයක් වන ධීවර කර්මාන්තය බිඳ නොවැටී පවත්වාගෙන යාමට අවශ්‍ය ධීවර වරායන් සඳහා විශේෂිත වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සැකසීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරීන්ට උප‍ෙදස් දෙන ලදී.

    ධීවර කාර්මිකයින්ට හා පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් යුතුව සෞඛ්‍ය අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (24) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවේදී දිවයින පුරා ධීවර වරායන් 20 ක් තිබෙන බව හෙළිවිය. මේ වන විට ඉන් පෑලියගොඩ තොග මතස්‍ය වෙළඳ සැළ සමග ඍජුව සබඳතා පැවැත්වූ ගාල්ල, බේරුවල සහ වාලච්චේන යන ධීවර වරායන් වසා දමා ඇත.

    ඉන් බේරුවල ධීවර වරාය තුළ මතස්‍යයින් ගොඩබෑමට බහුදින යාත්‍රා 32 ක් සහ ගාල්ල ධීවර වරාය තුළ බහුදින යාත්‍රා 21 ක් තිබෙන අතර මෙම යාත්‍රා තුළ මාළු කිලෝ 350,000 ක් (තුන් ලක්ෂ පණස්දහසක්) තිබෙන බව ධීවර අමාත්‍යංශ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරියට පවසන ලදී. එබැවින් බහුදින යාත්‍රා තුළ තිබෙන මෙම මාළු තොග පාරිභෝගිකයා අතට බෙදාහැරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීමට සැලසුමක් කඩිනමින් සකස් කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය විය.ඒ අනුව අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය බලධාරීන් විසින් සකසා අද දින ධීවර අමාත්‍යාංශය හරහා ධීවර වරායන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන ලෙසට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහ මහතාට උපදෙස් දෙන ලදී. මෙම සාකච්ඡාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.අයි.රත්නායක මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය.