Tag: featured

  • ඉන්දීය විලාසිතා සතිය වර්ණවත් කළ සුපිරි විලාසිතා

    ඉන්දීය විලාසිතා සතිය වර්ණවත් කළ සුපිරි විලාසිතා

    ලෝකයේ ජනප්‍රිය සහ ප්‍රමුඛ විලාසිතා ප්‍රදර්ශනයක් වන ‘ඉන්දීය විලාසිතා සතිය‘ පසුගිය දා මුම්බායි හිදී පැවැත් වුණා. ඒ සදහා ලෝකයේ ප්‍රකට සන්නම්නාම රැසක් සහ සුපිරි විලාසිතා නිර්මාණ ශිල්පීන් සහ නිරූපිකාවන් සහභාගී වුණා.

    වැඩි වශයෙන් ඉන්දීය විලාසිතා ප්‍රදර්ශනය කිරීමක් සිදු වූ හෙයින් ඉන්දීය විලාසිතා සතියේ ප්‍රදර්ශන වූ නිර්මාණ ලංකාවේ ඔබට ද ගැළපෙන නිසා, ඔබගේ සිත දිනාගත හැකි නිසා ඔබ වෙත ගෙන ඒමට අපි තීරණය කළා. බලන්න මේ විලාසිතා ඔබට අනුකරණය කළ හැකිද කියා…

    The femina ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • විදේශ දිනේෂ්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    විදේශ දිනේෂ්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    බෙදුම්වාදි කුමන්ත්‍රණය දේශීයව පරාජය කළ ශ්‍රී ලංකා හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වී ඇති බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන සඳහන් කෙළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් සංවිධානය කර තිබූ උත්සවයකට නවීන තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා එසේ සඳහන් කෙළේය.

    එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය සංවිධානය කර තිබූ චාම් උත්සවයට සහභාගි වූ අමාත්‍යවරයා එහිදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ ධජය එසවීමටද සහභාගි විය. මෙම සංවත්සරය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළ අමාත්‍යවරයා මෙසේද සඳහන් කෙළේය.

    එක්සත් ජාතීන්ගේ සංවාධානයේ 75 වැනි සංවත්සරය සහ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 65 වැනි සංවත්සරය සැමරීමේ ඓතිහාසික අවස්ථාවේ දී ඔබ ඇමතීමට ලැබීම සතුටට කරුණකි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය හැත්තෑපස් වැනි වසරට එළැඹීම මඟින් පෙන්නුම් කරන්නේ මෙම සංවිධානයේ පමණක් නොව, සියලුම රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාවයට හා ඒවායෙහි භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම සහ ඔවුන්ගේ අභ්‍යන්තරික කටයුතුවලට ඇඟිලි නොගැසීම යන මූලික මූලධර්ම මත පදනම් වූ බහුපාර්ශ්විකභාවය පිළිබඳ සංකල්පයේ ද චිරස්ථිතියයි. සාමාජික රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර වර්ධනය කොට ගෙන ඇති හවුල්කාරිත්වයන්, මෙම මූලධර්ම මත පදනම් වූ කල විශිෂ්ඨ අන්දමින් ඉදිරියට ගමන් කරයි. 

    අපි මෙම වැදගත් සන්ධිස්ථානය සමරන අවස්ථාවේ දී, කොවිඩ්-19 වසංගතය පිලිබඳ පෙර නොවූ විරූ අභියෝගයට ලෝකය මුහුණ දී සිටී. මෙම වෛරසය දේශ සීමාවන් ඉක්මවා යන අතර, වසංගතයේ විවිධ බලපෑම්වලට ඔරොත්තු දීම හෝ ඒ සඳහා විසඳුම් සෙවීම කිසිදු සාමාජික රටකට තනිව කළ නොහැකිය. මෙම වසංගතයට විසඳුම් සෙවීම සඳහා බහුපාර්ශ්වික ක්‍රියාමාර්ගවලට ධෛර්යය දීම සහ ගෝලීය සහයෝගීතාව බලමුලු ගැන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම වසංගතයේ බහුවිධ අභියෝගයන්ට මුහුණ දීම සඳහා වන ගෝලීය ප්‍රතිචාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබෙන දායකත්වය ශ්‍රී ලංකාව අගය කරයි.

    මේ වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සාමාජිකත්වයෙහි 65 වැනි සංවත්සරය සමරන අතරම, එහි සාම සාධක මෙහෙයුම්වල සිට විශේෂිත ආයතන දක්වා එක්සත් ජාතීන්ගේ කටයුතු සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකාව සතුටු වෙයි. ශ්‍රී ලාංකිකයන් මෙම සංවිධානය තුළ විවිධ භූමිකාවන්හි විශිෂ්ඨ ලෙස සේවය කර ඇත.

    ඓතිහාසික වශයෙන්, එක්සත් ජාතීන්ගේ වැදගත් කතිකාවන් බොහොමයක් සමඟ ශ්‍රී ලංකාව සමීපව සම්බන්ධ වී ඇත. ශ්‍රී ලංකාව 1960 දී ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සාමාජිකයෙකු ලෙස සේවය කළ අතර, 1976 දී මහා මණ්ඩලයේ සභාපතිත්වය දැරීය.

    නොබැඳි ව්‍යාපාරයේ (NAM) ආරම්භක සාමාජිකයෙකු ලෙස සහ 77 කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස, විශේෂයෙන් ගෝලීය දකුණේ අවශ්‍යතා නියෝජනය කරමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බහුපාර්ශ්වික සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ශ්‍රී ලංකාව විසින් ලබා දුන් සුවිශේෂී දායකත්වයන්ගෙන් සමහරක් අතරට:

    – වසර 30 කට වැඩි කාලයක් තිස්සේ සාගර සඳහා නීති රීති පදනම් කරගත් පටිපාටියක් සඳහා පදනම සපයන ලද මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) පිළිබඳ සාකච්ඡා මෙහෙයවීම,

    – බෞද්ධ දින දර්ශනයේ වඩාත්ම පූජනීය දිනය වන වෙසක් උත්සවය එක්සත් ජාතීන් විසින් පිළිපදිනු ලබන දිනයක් ලෙස ඒකමතිකව ප්‍රකාශයට පත් කළ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවට මුල පිරීම;

    – නිරායුධකරණ කටයුතු පිළිබඳ උප මහලේකම්වරයා සහ සහ වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ මහලේකම්වරයා වැනි ඉහළ මට්ටමේ වෘත්තිකයන් හරහා සංවිධානයට සේවය කිරීම

    යනාදිය අයත් වේ. 

    ගෝලීය සාමය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් අපගේ කැපවීම විදහා දක්වමින්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝ, කෝට් දි අයිවෝර්, හයිටි, ලෙබනනය, ලයිබීරියාව, මාලි, දකුණු සුඩානය, ටිමෝර් සහ බටහිර සහරා යන රටවල සේවය කිරීම තුළින් 1960 දශකයේ සිටම එක්සත් ජාතීන්ගේ සාම සාධක ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාව දායක වී තිබේ. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදය දේශීය වශයෙන් අවසන් කිරීම තුළින් බහුවිධ කුසලතා අත්කර ගෙන සිටින ශ්‍රී ලංකාවේ හමුදා රටට මහත් අභිමානයක් ගෙන දී ඇති අතර, එක්සත් ජාතීන් සමඟ ජාත්‍යන්තර පිළිගැනීමට ද ලක්ව ඇත. අප කතා කරන අන්දමට, ශ්‍රී ලාංකික සාම සාධක භටයන් ලෝකයේ වඩාත්ම තීව්‍රතාවයෙන් යුත් ගැටුම් කලාප සමහරක සේවයෙහි යෙදී සිටී. සාම සාධක හමුදාවන් සපයන රටක් ලෙස, වඩාත් සුරක්‍ෂිත හා සාමකාමී ලෝකයක් සඳහා අපගේ දායකත්වය වැඩි දියුණු කිරීමට අපි අපේක්ෂා කරන්නෙමු.

    මෙම සැමරුම් උත්සවයේ තේමාව වන “අපගේ අනාගතය එක්ව හැඩගස්වා ගැනීම” අනාගතය කේන්ද්‍රකොට ගත්තක් වන අතර, අප අපේක්ෂා කරන අනාගතය සඳහා සාමූහිකව ක්‍රියාකාරී වීමේ වැදගත්කම යළි අවධාරණය කරයි. මෙම සන්දර්භය තුළ තාරුණ්‍යයේ කාර්යභාරය සහ ඔවුන් අනාගතය දකින ආකාරය ඉතා වැදගත් වන බැවින්, එක්සත් ජාතීන්ගේ 75 සංවාදවල කේන්ද්‍රස්ථානය ලෙස තාරුණ්‍යය හඳුනාගෙන තිබේ. සේවා නියුක්තිය, යෝග්‍ය රැකියා සහ ව්‍යවසායකත්වය සඳහා අවශ්‍ය නිපුණතා සමඟ අනාගතයට මුහුණ දීම පිණිස තරුණ තරුණියන් සන්නද්ධ කිරීමේ උපායමාර්ගික වැදගත්කම සමරමින්, 2014 ජූලි 15 වැනි දින ලෝක තරුණ නිපුණතා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව නායකත්වය ගැනීම මෙහි දී මට සිහිපත් වේ. මෙම දිනය වාර්ෂිකව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සමරනු ලබන අතර, ශ්‍රී ලංකාව සහ පෘතුගාලය, යුනෙස්කෝ සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ තානාපති කාර්යාලය සමඟ එක්ව මෙහි සම සත්කාරකත්වය දරයි.

    තිරසාර සංවර්ධනය පිළිබඳ 2030 න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව විසින් අනුමත කොට ඇති අතර ඒ සඳහා ඇප කැපවී සිටී. ජනතාව කේන්ද්‍ර කොටගත් ජාතික ප්‍රතිපත්තියක් රජය  විසින් හඳුන්වා දී ඇති අතර, කෘෂිපාදක නිෂ්පාදන ආර්ථිකයක් තුළින් දරිද්‍රතාවය පිටුදැකීම අපගේ ප්‍රධාන ඉලක්කයක්ව පවතී.

    මෙම ජාතික අවශ්‍යතා සහ ප්‍රමුඛතා මෙන්ම, වඩාත්ම වැදගත් අන්තර්-පරම්පරා අභියෝගයව පවතින, අපගේ පරිසරය ආරක්ෂා කිරීම සහ දේශගුණික විපර්යාස හා ජෛව විවිධත්ව හානිය සමඟ සටන් කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කරමින්, තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය සහ සහය අපි අගය කරමු.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 75 වැනි සංවත්සර සැමරුමේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඉහළ පෙළේ රැස්වීම අමතමින් සඳහන් කළ පරිදි, අප අපේක්ෂා කරන අනාගතය සහතික කිරීම සඳහා මෙම උදාර ආයතනය ශක්තිමත් කිරීමේ ප්‍රයත්න වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අප නැවතත් ඇප කැප වනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

    සම්භාවනීය අමුත්තනි, 

    ඔවුන්ගේ කැපවී කටයුතු කිරීම වෙනුවෙන්, පොදුවේ එක්සත් ජාතීන්ගේ පවුලට සහ විශේෂයෙන්ම, කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ කාර්යය මණ්ඩලය වෙත අපගේ ප්‍රශංසාව පළ කිරීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගනිමි.

  • ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 15 දක්වා ඉහළට

    ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 15 දක්වා ඉහළට

    ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 15 වන කොවිඩ්-19 ආසාදිත මරණය අද (24) අලුයම කුලියාපිටිය රෝහලෙන් වාර්තා වුණා. මෙසේ මියගියේ කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකුයි. ඔහු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත් වුණ බවයි කුලියාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේ.

    එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකු බවත්, ඊට ප්‍රතිකාර සඳහා පසුගිය 14 වනදා රෝහලට ඇතුළත් කළ බවත් පසුව 16 වන දින ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කරමින් සිටි බවත් වේරවත්ත මහතා වැඩි දුරටත් සදහන් කළා.

  • Covid-19 ආසාදිතයින් 865 දක්වා ඉහළට

    Covid-19 ආසාදිතයින් 865 දක්වා ඉහළට

    අද (23) සවස තවත් කොවිඩ්-19 ආසාදිතයින් 256 දෙනකු හදුනාගත් බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා. මෙම ආසාදිතයින් අතරින් 39 දෙනකු පෑලියගොඩ මාළු කඩේ කොරෝනා පොකුරෙන් ද ඉතිරි පිරිස ඔවුන්ගේ හා මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් බව යුද්ධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කළේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද දින සවස 6්‍.04 නිකුත් කළ වාර්තාවට අනුව අද දින හදුනා ගෙන තිබූ ආසාදිතයින් 609 සමග අද දිනයේ මේ වන විට හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 865 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

  • දවස් 23 ක් පුරා විහිදෙන LPL තරග කාල සටහන මෙන්න !

    දවස් 23 ක් පුරා විහිදෙන LPL තරග කාල සටහන මෙන්න !

    දෙස් විදෙස් ක්‍රීඩකයින්ගෙන් සමන්විතව පළමු වරට පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2020’ ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනි දින ප.ව. 3 ට පැවැත්වීමට නියමිත සමාරම්භක උත්සවයින් පසු ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරනු ලබන කලම්බෝ කිංග්ස් සහ ලසිත් මාලිංග නායකත්වය දරනු ලබන ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම් අතර තරගයෙන් ආරම්භ වේ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය. ප.ව. 7.30 ට ආරම්භවනු ඇත.

    නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා වූ පුරා දින 23 ක කාලයක් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදියර 2 ක් යටතේ පැවැත්වේ. එහි පළමු අදියර තරග 11 ක් ආවරණය වන පරිදි හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද අවසන් පූර්ව තරග 2 සහ අවසන් මහ තරගය ඇතුළත් දෙවැනි අදියරය පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

    කොවිඩ් -19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සියළුම කණ්ඩායම් ‘ජෛව ආරක්ෂිත බුබුලකට’ (Bio-secure bubble) යොමු කෙරෙන අතර එය හම්බන්තොට පැවැත්වෙන තරගවලින් පසු මහනුවර ගමන් කරනු ඇත. ඒ සඳහා දින හතරක විවේකයක් කණ්ඩායම් වලට හිමිව තිබේ.

    ලීග් ක්‍රමයට පැවැත්වෙන පළමු වටය යටතේ සෑම එක් කණ්ඩායමක්  තවත් කණ්ඩායමක් තරග 2 කට බැගින් සමස්ථ තරග 8 කට සහභාගිවනු ලබන අතර එහිදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 4 දෙසැම්බර් මස 10 සහ 11 වැනි දිනයන්හි පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත. අවසන් මහ තරගය දෙසැම්බර් 13 වැනිදා පැවැත්වෙන අතර එම තරගයට අතිරේක දිනයක්ද නම් කිරීමට තරග සංවිධායකයින් පියවර ගෙන තිබීම විශේෂත්වයක් වේ.

    කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී කලම්බෝ කිංග්ස් පිල ඇන්ජලෝ මැතිව්ස් විසින්ද, කැන්ඩි ටස්කර්ස් පිල කුසල් පෙරේරා විසින්ද, දඹුල්ල හෝක්ස් පිල දසුන් ශානක විසින්ද, ගෝල් ග්ලැඩියේටර් ලසිත් මාලිංග විසින්ද ජැෆ්නා ස්ටැලියන්ස් තිසර පෙරේරා විසින්ද මෙහෙයවනු ලබති.

    Text copied by – sri lanka cricket

  • වත්මන් Covid තත්ත්වය ගැන සෞඛ්‍ය අංශවලින් බරපතළ අනතුරු ඇඟයීමක්

    වත්මන් Covid තත්ත්වය ගැන සෞඛ්‍ය අංශවලින් බරපතළ අනතුරු ඇඟයීමක්

    රට තුළ මේ වනවිට පවතින වර්ධනය වෙමින් පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි මට්ටමක නොවන නමුත් වත්මන් තත්ත්වයේදී සමාජය වඩාත් අවධානයෙන් ක්‍රියාකළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ පරිශ්‍රයේ අද (23) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

    මෙහිදී වත්මන් තත්ත්වය පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේද සදහන් කළේය

    “මේ වනවිට රට තුළ නිර්මාණය වෙමින් පවතින තත්ත්වය කිසිසේත් සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි තත්ත්වයක් නොවෙයි. ඒත් මේ මොහොතේ සමාජයටත් සුවිශාල වගකීමක් මෙන්ම වගවීමක් ද තිබෙනවා. අපි අවධාරණය කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් හොඳටෝම ඇති මේක උඩුයටිකුරු කරලා අයහපත් තත්ත්වයකට මුළු රටම හරවන්න. ඒ නිසා සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදීම කාගෙත් වගකීමක් “ 

    මෙහිදී අදහස් දැක්වූ පාරිසරික සහ වෘත්තිය සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය සදහන් කළේ ෙසෑම කර්මාන්ත ශාලාවක් සඳහාම කොවිඩ් වැළැක්වීම, සේවක සෞඛ්‍ය ආරක්ෂාකර ගැනීම සඳහා නිලධාරියෙකු වෙනම පත්කරන ලෙස කර්මාන්ත කළමනාකාරීත්වයට පාරිසරික සහ වෘත්තිය සෞඛ්‍ය අංශය නිර්දේශ කරලා තිබෙන බවයි.

    අදාළ නිලධාරියාගේ නම, දුරකථන අංක ඇතුළු අනෙකුත් විස්තර කර්මාන්ත ශාලාව පිහිටා ඇති ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හරහා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. යම් රෝග ලක්ෂණ පෙන්නුම්කරන සේවක සේවිකාවක් සිටි නම් ඔවුන්ගේ විස්තර ලේඛනගත කරලා දෛනිකව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත යැවිය යුතුයි,” 

  • අද දින සවස 06.05 වන විට නව කොරෝනා ආසාදිතයින් 609ක්

    අද දින සවස 06.05 වන විට නව කොරෝනා ආසාදිතයින් 609ක්

    අද (23) දින පස්වරු 18.05 වන විට කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ.

    එහි සදහන් ආකාරයට නව ආසාදිතයින් හමුවී ඇති ස්ථාන වන්නේ,

    පෑලියගොඩ මස්ස්‍ය වෙළෙඳ සංකීර්ණය –  496 යි.

    නිරෝධායන මධ්‍යස්ථාන – 48 යි.

    බේරුවල ධීවර වරාය – 20 යි.

    ගාල්ල ධීවර වරාය – 5යි.

    ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්  – 40යි.

    ඒ අනුව, මිනුවන්ගොඩ කොවිඩ් -19 පොකුරෙන් අද (23) දිනයේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3426 දක්වා ඉහළ ගොස් තිබේ.    

    ඒ සමගින් මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන 6896 දක්වා වැඩි විය.  

    ඉන් 3238 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබන අතර 3644 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

  • 20ට පක්ෂ වෙලා SJB ඩයනා ගමගේ ‘කාන්තාවන්ට පස්ස පැත්ත’ පෙන්නුවා

    20ට පක්ෂ වෙලා SJB ඩයනා ගමගේ ‘කාන්තාවන්ට පස්ස පැත්ත’ පෙන්නුවා

    මේ මන්ත්‍රීවරිය අපි පත් කළේ කාන්තා නියෝජනයක් හැටියට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට කළ නිග්‍රහයක් ලෙස දකින්නේ. අපි නීතිඥයින් සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්නවා – රංජිත් මද්දුමබණ්ඩාර

    නාමික ජනාධිපතිවරයෙක් මොකටද? ඕන පඹයෙක් ඉන්දවන්න පුළුවන්නේ නමක් දීලා. මම මේක කළේ රට ගැන හිතලා. මට ගෝඨාභය ජනාධිපතිවරයාව හොඳටම විශ්වාසයි. මට විශ්වාසයක් තියෙනවා එතුමා රට හදයි කියලා.“

    ඊයේ (22) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කළ මද්දුමබණ්ඩාර මහතා,

    ඒකාධිපතිවාදී ආරම්භයක් වගේම, ඒ වගේම වත්මන් ආණ්ඩුවේ අවසානයේ ආරම්භයත් සටහන් කළා. මේ රට ඒකාධිපතිවාදයට විරුද්ධයි. පවුලක් රජකරන්න, ඒ වගේම ඇමෙරිකන් පුරවැසියෙක් ගේන්න සම්මත කරපු පනතක් විදියට අපි මේක දකිනවා. ස්වාමින් වහන්සේලා මේ ව්‍යවස්ථා සංශෝධනය එපා කියන කොට බෞද්ධ ආණ්ඩුව කළේ, මුස්ලිම් අය අරන් ස්වාමීන් වහන්සේලාගේ වචනයට විරුද්ධ වුණා. හකීම් මන්ත්‍රීතුමත් රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රිතුමත් අපිත් එක්ක හිටියා. අනෙක් අය අනිත් පැත්තට ඡන්දය දුන්නා.

    මම හිතන්නේ මේ රටේ සුළු ජාතීන් එපා කියලා සිංහල බෞද්ධ ආණ්ඩුවක් පිහිටවපු අය ස්වාමීන් වහන්සේලා එපා කියද්දි 20 වන ව්‍යවස්ථා සංශෝධනය සුළු ජාතීන් එකතු කරගෙන ආණ්ඩුව මේක සම්මත කර ගත්තා. අනිවාර්යයෙන්ම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරියක් මේකට පක්ෂව ඡන්දය දීලා තියෙනවා. ඒක අපේ පක්ෂයේ තීන්දුවට විරුද්ධයි. ඒ වගේම මේ රටේ, 28 ලක්ෂයක් සමගි ජන බලවේගයට ඡන්දය දුන්න පාක්ෂිකයින්ට කරපු අවමානයක්. මේ මන්ත්‍රීවරිය අපි පත් කළේ කාන්තා නියෝජනයක් හැටියට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට කළ නිග්‍රහයක් ලෙස දකින්නේ. අපි නීතිඥයින් සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්නවා.“

    තමන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද ප්‍රකාශ කිරීමට හේතු පැහැදිලි කළ ඩයනා ගමගේ මහත්මිය,

    “ජනාධිපතිවරණ තියන්නේ මොකට ද? ජනාධිපතිවරයෙක් ගේන්න. රටේ ජනාධිපතිවරණයක් ගේන්නේ මොකට ද? එතුමාව ජනාධිපති කරලා අපි එතුමාගේ අත් දෙක බැදලා ගඟට විසික් කරලා තියෙනවා නම් අපි පීනන්න කියලා හරි ද? එතුමා ගිලෙනකල් අපි බලන් ඉන්නවා. ඊට පස්සේ අපි කියනවා ඔබ තුමා ගිලෙනවා කියලා. මොකද්ද මේකෙ විහිළුව. ජනාධිපතිවරයෙක් හැටියට රටක බලයක් තියෙන්න ඕනේ වැඩක් කරන්න. නැත්නම් නාමික ජනාධිපතිවරයෙක් මොකටද? ඕන පඹයෙක් ඉන්දවන්න පුළුවන්නේ නමක් දීලා. මම මේක කළේ රට ගැන හිතලා. මට ගෝඨාභය ජනාධිපතිවරයාව හොඳටම විශ්වාසයි. මට විශ්වාසයක් තියෙනවා එතුමා රට හදයි කියලා.“

    තොරතුරු මූලාශ්‍රය – අද දෙරණ

  • ඊයේ කොවිඩ් ආසාදිතයින් 309ක් – යුද්ධ හමුදාපතිගෙන් හෙළිදරව්වක් !

    ඊයේ කොවිඩ් ආසාදිතයින් 309ක් – යුද්ධ හමුදාපතිගෙන් හෙළිදරව්වක් !

    ඊයේ (22) දිනයේදී නව ආසාදිතයින් 309 දෙනකු වාර්තා වුවත් රටට ම නීරෝධාන ඇදිරි නීතිය පැනවීමේ කිසිදු අදහස් රජයට නැති බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළා.

    අද උදෑසන දෙරණ රූපවාහිනී නාලිකාවේ ‘දෙරණ අරුණ‘ වැඩසටහනට එක්වෙමිනුයි යුද්ධ හමුදාපතිවරයා මේ බව සදහන් කළේ.

    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර සහ පෑළියගොඩ මළුකඩේ කොවිඩ් පොකුර ද ඇතුළුව ඊයේ (22) දිනයේ දී අවස්ථා දෙකක දී නව ආසාදිතයින් 309 දෙනකු වාර්තා වූ බව ද ප්‍රකාශ කළා.

    ඒ අනුව ඊයේ දිනයේ අවසන් වරට ආසාදිතයින් 259 දෙනෙකු හඳුනා ගැණුනු අතර ඉන් 182 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැල ආශ්‍රිතව සිදුකළ පීසීආර් පරීක්ෂණවලදී හඳුනාගත් ආසාදිතයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

    මීට අමතරව ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 75 දෙනෙකු සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින දෙදෙනෙකු ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් බවත් ඒ අනුව දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිත කොවිඩ් පොකුරින් හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 2,816ක් වන බව යුද්ධ හමුදාපතිවරයා සදහන් කළා.

    අද (23) උදෑසන “දෙරණ අරුණ “සමග එකතු වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ පිළිබඳව හෙළිකළා.

    “ඊයේ දවසේ කොවිඩ් 19 ආසාදිතයින් 309 දෙනෙක් වාර්තා වුණා. ඒ වාර්තා වුණ අයගෙන් විශේෂයෙන්ම සැළකිල්ලට ගත යුතු වන්නේ පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයෙන් 188 දෙනෙක් වාර්තා වීමයි. ඒ සමග නිරෝධායන මධ්‍යස්ථානවලින් 24 දෙනෙක්. කොළඹින් 31 දෙනෙක්. ගම්පහ මේ වන විටත් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබන ප්‍රදේශවලින් 40 දෙනෙක්. සැළකිය යුතු ප්‍රමාණයක් ලෙස 14 දෙනෙක් වාර්තාවෙනවා කුලියාපිටිය ප්‍රදේශයෙන්. ඊට අමතරව පිටස්තරයින් ගාල්ලෙන් 9 දෙනෙක් සහ අනුරාධපුරයෙන් දෙදෙනෙක් හැටියත් වාර්තා වෙනවා. ඒ අතර බේරුවල ප්‍රදේශයෙනුත් කිහිපදෙනෙක් වාර්තා වී තිබෙනවා.“

  • USA Election 2020 : TikTok තීරණාත්මක මෙහෙයුමක !

    USA Election 2020 : TikTok තීරණාත්මක මෙහෙයුමක !

    ඇමෙරිකානු ෆෙඩරල් වාණිජ කොමිසම විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති රෙගුලාසි අනුව හාස්‍යෝත්පාදක නිර්මාණකරුවන් සිය නිර්මාණවලට දායකකර ගනු ලබන්නන්ට ගෙවීම් කරන ලද බව නිරන්තරයෙන් ම හඳුන්වා දී ඇති ‘කැප්ෂනයක්’ (caption) මගින් අනාවරණය කළ යුතුව ඇත

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිර්මාණය කොට ‘ටික්ටොක්’ (TikTok) මෘදුකාංගය (app) මගින් පළකරණු ලැබ තිබුණ වීඩියෝපට ගණනාවක් ඉන් ඉවත්කරනු ලැබ ඇත. එම පියවර ගනු ලැබ තිබෙන්නේ එම වීඩියෝපට නිර්මාතෘවරුන් විසින් වාණිජ සමාගමක් විසින් තමන්ට මුදල් ගෙවන ලද බව අනාවරණය නොකොට ඒවා පළකර ඇති බව BBC ගවේෂණයක් මගින් පෙන්වාදීමෙන් අනතුරුවය.

    ‘Cardi B’ නම් ඇමෙරිකානු ගායිකාවගේ (rapper) ගැයුමක් සහිත ‘WAP’ ගීතයට ඇයගෙන් පණිවුඩයක් ලෙස මුසුකරන ලද “ඡන්දය පාවිච්චිකරන ලෙස” කියාසිටින ප්‍රකාශයක් මගින් මහජනයා ඡන්දය සඳහා ලියාපදිංචිවීමට යොමුකෙරෙන හාස්‍යය සහ උපහාසය ඇතුළත් අන්තර්ජාල වීඩියෝ නිර්මාණ වෙනුවෙන් ‘Bigtent Creative’ සමාගම මුදල් යොදවා තිබේ.

    එසේ පතුරුවා හරිනු ලැබෙමින් ඇති ඇතැම් වීඩියෝ නිර්මාණ කිසිවකුට පක්ෂපාතී හෝ එරෙහිභාවයක් ප්‍රදර්ශනය නොකරයි.

    එහෙත් ඒ අතරම ඇතැම් නිර්මාණවලින් ජනාධිපති ට්‍රම්ප් “ගෙදර යැවීම සඳහා ඡන්දය ප්‍රකාශ කරන” ලෙස ඉල්ලීමක් කරයි. එම නිර්මාණ වෙනුවෙන් ඔවුන්ට මුදල් ගෙවන ලද බවක් ඒවා නිර්මාණය කරන ලද පුද්ගලයන් විසින් අනාවරණය කරන්නේ නැත.

    ‘ටික්ටොක්’ මෘදුකාංගයේ අයිතිකරුවන් විසින් දේශපාලන ප්‍රචාරක දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා එය යොදාගනු ලැබීම තහනම් කරනු ලැබ ඇති අතර, මුදල් ගෙවා පළකරන දැන්වීම් ගැන හෙළිදරව්කරන ලෙස ඉල්ලීමක් කර ඇත. එහෙත් මුදල් ගෙවන ලද බව සඟවමින් පළකරනු ලැබ ඇති නිර්මාණ පිළිබඳව BBC කණ්ඩායම ටික්ටොක් මෘදුකාංග හිමිකරුවන් දැනුවත්කරනු ලැබීමෙන් පසු ඇතැම් නිර්මාණ ඉවත්කිරීමට ඔවුන් පියවර ගෙන ඇත. කෙසේවුවද, ඒ වනවිට එම ප්‍රචාරාත්මක නිර්මාණ ලක්ෂ සංඛ්‍යාත ‘ටික්ටොක්’ ගිණුම් හිමියන් විසින් නරඹනු ලැබ තිබුණි.

    ඇමෙරිකානු ෆෙඩරල් වාණිජ කොමිසම විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති රෙගුලාසි අනුව හාස්‍යෝත්පාදක නිර්මාණකරුවන් සිය නිර්මාණවලට දායකකර ගනු ලබන්නන්ට ගෙවීම් කරන ලද බව නිරන්තරයෙන්ම හඳුන්වා දී ඇති ‘කැප්ෂනයක්’ (caption) මගින් අනාවරණය කළ යුතුව ඇත.

    “මුදල් ගෙවන ලද හාස්‍යෝත්පාදක නිර්මාණවලට සම්බන්ධකර ගනු ලබන සමාජ මාධ්‍යජාලයේ ආකර්ෂණයක් සහිත බලපෑම් කළ හැකි පුද්ගලයන්ට එම රෙගුලාසි බල පැවැත්වෙනවා. සමාජ මාධ්‍යජාලයෙහි බලපෑම් සහගත පුද්ගලයන් සහ ඔවුන් යොදාගනු ලබන වෙළෙඳුන් ඇමෙරිකානු ෆෙඩරල් වාණිජ කොමිසම (FTC) විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති කොන්දේසි අනුව කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු තබනවා,” ටික්ටොක් සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.

    “ග්‍රාහකයන් ආකර්ෂණය කරගැනීමේ චේතනාවෙන් සමාජ මාධ්‍ය ජාලයේ පළකෙරෙන නිර්මාණවලට දායක වූවන්ට කරන ලද ගෙවීම් අනාවරණය කර නැත්නම් අපි එවැනි නිර්මාණ ඉවත්කිරීමට පියවර ගන්නවා. අපි ඒ ගැන අවධානයෙන් ඉන්නවා.”

    ඇමෙරිකානු ජනාධිපතිවරණයට සති දෙකක පමණ කාලයක් තිබියදී තරුණ ඡන්දදායකයන් සඳහා ඇති තරඟය දරුණු මුහුණුවරක් ගෙන ඇත. පළමුවරට ඡන්දය දීමට නියමිත එම තරුණ ඡන්දදායක ප්‍රජාව ලියාපදිංචිය සඳහා යොමුකරනු ලැබීමේ ප්‍රයත්නය තියුණු මුහුණුවරක් ගනිමින් පවතී.

    තමන් නරඹන ඇතැම් හාස්‍යෝත්පාදක නිර්මාණවල පෙනී සිටින ආකර්ශනීය චරිතවලට ගෙවීම් සිදුකරමින් ඔවුන් ඒවාට සහභාගි කරගෙන ඇති බවක් හෝ ඒ පිටුපස දේශපාලන අභිලාෂයක් ක්‍රියාත්මකවෙන බවක් දශ ලක්ෂ සංඛ්‍යාත තරුණ ‘ටික්ටොක්’ ග්‍රාහකයෝ නොදනිති.

    ඉලක්කය නවක ඡන්දදායකයන්

    ඉතා කුඩා ආරම්භයක් සහිත ‘Bigtent Creative’ සමාගම පණ ලබමින් විශාල ව්‍යාපාරයක් බවට පත්වුණේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය දිනාගැනීමට එක්සත් ජනපද සෙනේට් සභික එලිසබත් වොරන් (Elizabeth Warren) පෙරට පැමිණි මොහොතේ ඇය වෙනුවෙන් හාස්‍යෝත්පාදක නිර්මාණ සකස්කිරීමට අතගැසීමත් සමඟය. ඒ සමඟ එය කුඩා ව්‍යාපාරයක සිට මහා වාණිජ ව්‍යාපාරයක් බවට පත්විය. එම ව්‍යාපාරයේ ඊලඟ පියවර වී තිබෙන්නේ නොවැම්බර් ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ආකර්ෂණීය චරිත ඇතුළත්කොට නිර්මාණකරණයේ නිරතවීමය.

    ‘Bigtent Creative’ සමාගම පවසන හැටියට ඔවුන්ට ඩිමොක්‍රටික් පක්ෂයට සම්බන්ධ විවිධ සංවිධාන රැසකින් සහ ‘VoteSimple’, ‘PushBlack’ සහ ‘ProgressPop’ වැනි දේශපාලන පක්ෂයකට කෙලින්ම සම්බන්ධයක් නැති සංවිධානවලින් මුදල් සපයනු ලැබෙයි.

    ඇමෙරිකානු ෆෙඩරල් මැතිවරණ කොමිසමේ නීති රෙගුලාසි අනුව ඡන්දය සඳහා මුදල්ගෙවා කරන ප්‍රචාරණය දේශපාලන ක්‍රියා ගණයට ඇතුළත් කරනු ලැබ නැත. එබැවින් ඒවා අනාවරණය කිරීමේ උවමනාවක් නැතත් දේශපාලන පක්ෂයකට අයත් නොවන දැන්වීම්වලට ඒවා අදාළ වෙයි.

    ‘Bigtent Creative’ ව්‍යාපාරයේ තර්කය වන්නේ තමන් විසින් මුදල් ගෙවනු ලැබ ඇති නිර්මාණ දේශපාලන ප්‍රචාරක දැන්වීම් ගණයට ඇතුළත් නොවන බවටය. එහෙත් තමන් මුදල් ගෙවනු ලැබ ඇති ඇතැම් නිර්මාණකරුවන් ඩොනල්ඩ් ට්‍රම්ප් එරෙහි නිර්මාණවලට දායක වී ඇති බවත් ‘Bigtent Creative’ ව්‍යාපාරය පිළිගනියි. එවැනි දේශපාලනමය දැන්වීම් පළකරනු ලැබීම කෙරෙහි ටික්ටොක් මෘදුකාංග හිමියන්ගේ අවධානය යොමුව ඇත.

    Rapper Cardi B performing
    Cardi Bගේ WAP ගීතය “ඡන්දය සඳහා ලියාපදිංචි වෙන” ලෙස ඉල්ලීමක් ද ඇතුළත් කරමින් යළි සකස්කරනු ලැබ ඇත

    “දැන්වීම්කරණයට අදාළ නිර්වචනය සමඟ අපේ කාර්යභාරය අනුරූපවෙන්නේ නැහැ. අපට සම්බන්ධවෙන නිර්මාණකරුවන් ඩිජිටල් සංවිධායකයන් විධියට ඔවුන්ගේම නිර්මාණයක් සකස් කරනවා. ආදායමක් බලාපොරොත්තු නොවී කටයුතු කරන සංවිධායකයන් සහ මුදල් ගෙවනු ලබන ප්‍රචාරකයන් කටයුතු කරන ආකාරයට සමානව ඔවුන් දේශපාලන පක්ෂග්‍රාහී නොවන මට්ටමින් උපදෙස් දීමක් සිදුකරනවා,” Bigtent Creative ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී, ය්සියාඩ් ෆෙරේරාස් (Ysiad Ferreiras) පවසයි.

    එහෙත් පළකරනු ලැබ ඇති වීඩියෝ ප්‍රචාරක පටවල දේශපාලන පක්ෂග්‍රාහීභාවය හෝ අපක්ෂපාතීභාවය නිතරම මෙන් අපැහැදිලිය. එහෙත් එම වීඩියෝපටවල කතෘත්වය ප්‍රදර්ශනය කිරීම තම උවමනාව වන හෙයින් ‘#ad’ සටහන එහි ඇතුළත් කරනු ලැබීම අතින් සිය හවුල්කරුවන් අධෛර්යය කරන බව Bigtent Creative සමාගම බීබීසියට ප්‍රකාශ කර ඇත.

    වීඩියෝ පටවලින් දැක්වෙන්නේ මොනවාද?

    අදාළ වීඩියෝ පට නරඹන විට ඒවායේ පෙනීසිටින්නන්ට ගෙවීම් සිදුකරන ලද බවක් හෝ එවැනි කිසිදු සමාගමක් සමඟ සම්බන්ධ බවට දැනීමක් ඇති නොවෙයි.

    ඒවායේ පෙනීසිටින්නේ ඉතා ජනප්‍රිය නිර්මානකරුවන්ය. ඔවුහු රඟති. නැත්නම් ප්‍රහසනාත්මක ලෙස ආත්ම භාෂණයේ නිරතවෙති. ඒවා එම ජනප්‍රිය තරුවල වෙනත් ගැයුම් හෝ රඟදැක්වීම්වලට බෙහෙවින් සමාන වූ ඒවා වෙයි.

    ‘Bigtent Creative’ සමාගමේ එක් වීඩියෝ නිර්මාණ මාලාවක් දේශපාලන පක්ෂග්‍රාහීභාවයෙන් තොරව ඡන්දදායකයන් ලියාපදිංචි කරවීමේ සම්බන්ධතාවක් නංවාලීමට අන්‍යෝන්‍ය ලෙස ක්‍රියාත්මක වෙන ප්‍රධාන දහරාවේ ටික්ටොක් ගිණුම් ගණනාවකට සහයෝගය දී ඇත. එහෙත් “vote chain” නම් එම සම්බන්ධතා ජාලයේ ඇතැම් ග්‍රාහකයන් පහත දැක්වෙන ආකාරයේ “ට්‍රම්ප් විරෝධී පණිවුඩ” ඊට එක්කරනු ලැබ ඇත.

    ට්‍රම්ප් ටික්ටොක් නැවත තහනම් කිරීමට උත්සාහ දරයිකරුණාකර ඔහුට එරෙහිව ඔබගේ ඡන්දය පාවිච්චි කරන්න

    Screenshots from a TikTok 'voter chain'
    Voter chains’ සංවිධානය ට්‍රම්ප් විරෝධී වීඩියෝපට ප්‍රචාරය කරමින් ඇත

    Vote chain නම් එම සංවිධානය තවමත් ක්‍රියාත්මක මට්ටමෙහි පවතී. එහෙත් බීබීසිය විසින් ”ටික්ටොක්’ සංවිධායකයන්ට පෙන්වාදෙනු ලැබීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් උපහාසයට ලක්කෙරෙන “angry Cheeto”,“orange Brussel sprout” වැනි නිර්මාණ මගින් සමාජමය මාර්ගෝපදේශන උල්ලංඝනය කෙරෙන හෙයින් ඒවා ඉවත්කරනු ලැබ ඇත.

    බීබීසිය විසින් එකී ‘ටික්ටොක්’ නිර්මාණ කීපයක් පෙන්වාදුන් පසු ‘Bigtent Creative’ සමාගමේ සාමාජිකයෙක් අදහස් දක්වමින් කියාසිටියේ, එම වීඩියෝපට දේශපාලන පක්ෂමය නොවන මුදල් ආයෝජනයන් වන අතරම ට්‍රම්ප් විරෝධී ප්‍රකාශන ඊට ඇතුළත් නොවිය යුතු බවය.

    ‘Bigtent’ සමාගම විසින් අමුදල් ගෙවන ලද යටත් පිරිසෙන් එක් නිර්මාණකරුවෙක් බීබීසියට අදහස් දක්වමින්, එම වීඩියෝපටය වෙනුවෙන් තමන්ට මුදල් ගෙවන ලද බව සමාගම විසින් අනාවරණය කළ යුතුවීද? යන්න සම්බන්ධයෙන් තමන්ට සංඥාවක් වත් නොවූ බව සඳහන් කළේය.

    තමන් මේවනවිට ඡන්දදායකයන් 25,000 ක් ලියාපදිංචි කරවීමට උදව් වී ඇති බව ‘Bigtent’ සමාගම පවසයි. ඔවුන්ගෙන් අඩක්ම ‘ටික්ටොක්’ ගිනුම් හිමියෝ වෙති. එම කාර්යය අතින් තමන් සෙසු සමජමාධ්‍ය ප්‍රචාරක අංශවලට වඩා ඉදිරියෙන් සිටින බවත් ‘Bigtent’ සමාගම කියා සිටියි.

    දේශපාලන දැන්වීම් තහනම් නමුත් ‘ටික්ටොක්’ සමජමාධ්‍ය වේදිකාවේ දේශපාලනමය නිර්මාණ විශාල වශයෙන් දක්නට ඇත.

    දේශපාලනය කෙරෙහි මුදලේ බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමුකරන පර්යේෂණ කණ්ඩායමක් වන ‘Center of Responsive Politics’ නම් සංවිධානයේ අනා මැසග්ලියා (Anna Massoglia) අදහස් දක්වමින්, ඩිජිටල් දැන්වීම් ප්‍රචාරයේ රෙගුලාසි අමතක කරනු ලැබීම සමාජමාධ්‍ය ජාලයට ව්‍යාප්ත වී ඇති ආකාරය එමගින් ඉස්මතු කෙරෙන බව කියා සිටියාය.

    “වංචනික මට්ටමින් මෙය කොතෙක් දුරට සිදුවෙනවාද? කියල අපි දන්නේ නැහැ,” ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය.

    “ටික්ටොක් මෘදුකාංගය යොදා ගනිමින් දේශපාලන දැන්වීම් ප්‍රචාරයේ යෙදීම අතින් බලපැවැත්වෙන පුළුල් තහනමට අදාළ එක ප්‍රශ්නයක් වන්නේ මුදල් ගෙවනලද හවුල්කාරිත්වය හසුකර ගැනීම පහසු නොවීම. ඒවගේම එවැනි ක්‍රියා නිරීක්ෂණ ජාලය මගහැරලා සිදු කෙරෙනවා වෙන්න පුළුවන්.”

    සාම්ප්‍රදායික දැන්වීම් ප්‍රචාරණය සමඟ බලනවිට අන්තර්ජාල දැන්වීම් අනාවරණය කර ගැනීම දුරවබෝධ වෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් මැතිවරණ කොමිසම අවසන්වරට රෙගුලාසි කෙටුම්පත්කරන ලද්දේ 2006 වසරේය. ඒ වනවිට එක්සත් ජනපදයේ අද ‘ටික්ටොක්’ පාවිච්චි කරන්නන්ගෙන් වැඩිදෙනකු මෙන්ම බොහෝ නිර්මාණකරුවන් ද ඉපදිලාවත් නැත.

    Text copied by – bbc sandesaya

  • LPL ක්‍රීඩකයින් තේරුවෙ මෙහෙමයි !

    LPL ක්‍රීඩකයින් තේරුවෙ මෙහෙමයි !

    ලබන නොවැම්බර් මසදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබඳව බොහෝ දෙනා වැඩි අවධානයක් යොමු කර තිබේ. කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී එක් සංචිතයකට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් කර ගැනීමට ඒ ඒ කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව උදා වුණු අතර නම් කරන ලද සංචිතයෙන් සිව් දෙනෙකු අතිරේක ක්‍රීඩකයින් ලෙසින් එක් කර ගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව සලසා දී තිබිණ.

    එහිදී ප්‍රධාන වශයෙන් කණ්ඩායමකට ඇතුළත් ක්‍රීඩකයින් 16 දෙනා, දේශීය ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකුගෙන් සමන්විත විය යුතුය. විදේශීය ක්‍රීඩකයින් සිව් දෙනෙකුට පමණක් එකවර තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන මෙම තරගාවලියේදී ක්‍රීඩකයින් තෝරා ගැනීම විශේෂිත වූ පටිපාටියකට අනුව සිදු කෙරිණ.

    එහිදී මූලික වශයෙන් සෑම කණ්ඩායමකටම දේශීය සන්නාමික (Icon Player) හෙවත්රී දේශීය සුවිශේෂී ක්‍රීඩකයකු බැගින් නම් කොට කණ්ඩායම් වල නායකත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. එම පත් කිරීම හැරුණු කොට අනෙක් ක්‍රීඩකයින් 19 දෙනාම තෝරා ගැනීමේ පූර්ණ අයිතිය ඒ ඒ කණ්ඩායම්වල හිමිකාරීත්වය සතු විය. කෙසේ වෙතත් එම ක්‍රීඩකයින් සංඛ්‍යාව බෙදී යා යුතු ආකාරය පිළිබඳව වූ පාටිපාටියට අනුව මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදුවිය.

    ඒ අනුව සුවිශේෂී ක්‍රීඩකයා හැරුණු විට සමස්ථ සංචිතය තෝරා ගැනීම ප්‍රධාන කොටස් 7 කට බෙදා තිබූ අතර ඒ අතර ප්‍රධානම දෙස්/විදෙස් හෙවත් Marquee Overseas/Local ක්‍රීඩකයෙක්, ප්‍රධානම විදෙස් හෙවත් Marquee Overseas ක්‍රීඩකයෙක්, විදේශ ඉහළ (Gold Overseas) ක්‍රීඩකයින් 2 ක්, දේශීය ඉහළ (Gold Local) ක්‍රීඩකයින් 4 ක්, විදේශ ක්ලැසික් (Classic Overseas) ක්‍රීඩකයින් 2 ක්, දේශීය ක්ලැසික් (Classic Local) ක්‍රීඩකයින් 3 ක්, නැගී එන දේශීය (Emerging Local) ක්‍රීඩකයින් 2 ක් සහ අතිරේක දේශීය (Supplementary Local) ක්‍රීඩකයින් 4 ක් වශයෙන් සමන්විත වේ.

    මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික සහ දේශීය තරගාවලියන්හිදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් 258 දෙනෙකු කාණ්ඩ 4 ක් යටතේ ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රීඩක තෝරා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබුණි. එහිදී විදේශ ඉහළ (Gold Local) යටතේ ක්‍රීඩකයින් 21 ක්, දේශීය ක්ලැසික් (Classic Local) යටතේ ක්‍රීඩකයින් 36 ක්, නැගී එන දේශීය (Emerging Local) යටතේ ක්‍රීඩකයින් 109 ක් සහ අතිරේක දේශීය(Supplementary Local)  යටතේ ක්‍රීඩකයින් 92 දෙදෙනකු ඉදිරිපත් කොට තිබුණි.

  • පෑලියගොඩ මාළුකඩේ පොකුර පුපුරයි

    පෑලියගොඩ මාළුකඩේ පොකුර පුපුරයි

    අද දින (22) තවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු. 22.20ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි.

    ඉන් 182ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවකයින් වන බවත් දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවත් ඉතිරි 75 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවද අදාළ නිවේදනයේ සදහන් වෙයි.

  • 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවවේදී 156/65ක් ලෙස අති බහුතර ඡන්දයෙන් සම්මත වුණා.

    පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි වුණා. මේ අනුව 3/2ක බලයට වඩා වැඩි ඡන්ද 06ක් යෝජනාවට පක්ෂව හිමිවී තිබෙනවා.

    මන්ත්‍රීවරුන් 221 දෙනක් ඡන්ද විමසීමට සහභාගී වුණා.

    පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ඇතුළු සමගි ජනබලවේගයට සහය පළ කරන දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

    හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බවයි වාර්තා වන්නේ.

  • ශ්‍රී ලංකාවේ 14වන කොරෝනා මරණය වාර්තා වෙයි

    ශ්‍රී ලංකාවේ 14වන කොරෝනා මරණය වාර්තා වෙයි

    ශ්‍රී ලංකාවේ 14වන කොවිඩ් මරණය අද වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ. 

  • Covid-19: සමාජ පැතිරීමක් ලෙස සැලකිය යුතු වන්නේ ඇයි?

    Covid-19: සමාජ පැතිරීමක් ලෙස සැලකිය යුතු වන්නේ ඇයි?

    කොවිඩ් සමාජ පැතිරීමක් නොවන බව පුන පුනා කීමෙන්, රෝගය පාලනයට අනර්ථයක් සිදුවෙනවා සේම, ජනතාව පොකුර වෙත අවධානය යොමු කරමින්, තම තමන්ගේ සාමාන්‍ය අනුමාන මත ලිහිල් ආරක්ෂිත ප්‍රතිපත්තියකට යෑම තුල තත්වය අතිශය භයානක වීමේ ඉහල සම්භාවිතාවයක් පවතී.

    මේ වන විට රටතුල කොවිඩ් සමාජ පැතිරීමක් නොවේ යැයි සනාථ කිරීම සදහා අවශ්‍ය ප්‍රජා වෛද්‍ය විද්‍යාත්මක කරුණු සම්පූර්ණ වී නොමැත. සෞඛ්‍ය භාවිතාවන්ට පරිභාහිර බුද්ධි අංශ සහ හමුදාමය උපක්‍රම භාවිත කරමින් පවතින පොකුරු වලට සම්බන්ධතාවයක් තව දුරටත් ගොඩනංවමින් සිටින බැවින් මෙය සමාජ පැතිරීමක් යැයි එකහෙලා ප්‍රකාශ කිරීමේ ගැටළුවක්ද පවතී.

    කෙසේ නමුත්, ශ්‍රී ලංකාව තුල කොවිඩ් සදහා ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමට අවසර ලබා දී නොමැති බැවින්, ස්වභාවිකව සුවපත් වූ, ආසාධිතයින්ගේ දත්ත ලබා ගැනීමේ හැකියාවක්ද නොමැත. බුද්ධි අංශ වලට පවා රෝගීන් හඹා යා හැකිව තිබෙන්නේ PCR පරීක්ෂණ මගින් ලබා දෙන්න දත්ත අනූව පමණක් වන බැවින්, රෝගය පැතිරීමේ මාර්ගය සොයා යෑමේ බුද්ධි අංශ ක්‍රමවේදය තුල වුවද දත්ත නොමැති රෝගීන් මහ හැරීම සහ ඔවුන් සමාජය තුල අහඹු ලෙස ව්‍යාප්තව සිටීමද සිදු විය හැක.

    එමෙන්ම, කොවිඩ් පාලනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලීක පැරාමිතින්ට අනුව කොවිඩ් වසංගතය සදහා මහජනතාව සහ රටවල් සූදානම් කර තැබීමේදී, අපි “වඩාත්ම භායානක අනුමානයට” සූදානම් විය යුතුය. ඒ අනූව කොවිඩ් සමාජ පැතිරීමක් නොවන බව පුන පුනා කීමෙන්, රෝගය පාලනයට අනර්ථයක් සිදුවෙනවා සේම, ජනතාව පොකුර වෙත අවධානය යොමු කරමින්, තම තමන්ගේ සාමාන්‍ය අනුමාන මත ලිහිල් ආරක්ෂිත ප්‍රතිපත්තියකට යෑම තුල තත්වය අතිශය භයානක වීමේ ඉහල සම්භාවිතාවයක් පවතී.

    විශේෂයෙන්ම සාමාන්‍ය මහ ජනතාවට තීරණ ගනු ලබන්නේ බුද්ධි අංශ තොරතුරු හෝ උපක්‍රම මත පදනම්ව නොවන බැවින් මෙය “සමාජ පැතිරීමක්” ලෙස සලකා කටයුතු කිරීම විද්‍යාත්මකවත්, ප්‍රායෝගිකවත් අනුගමනය කල යුතු වඩා සුදුසු ක්‍රියා මාර්ගයයි. එමනිසා පොකුරු වලට හෝ ගම්පහට පමණක් අවධානය යොමු නොකර, තමන් අවට සිටින ඕනෑම කෙනෙකුගෙන් රෝගය බෝවිය හැකි බව සලකා ආරක්ෂා වන ලෙස අප මහ ජනතාවගෙන් ඉල්ලා සිටි අතරම  ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

    සමාජ ව්‍යාප්තිය නිවැරදිව හඳුනා ගැනීම සඳහා සහ අසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදු කළ යුතු නිවැරදි ආකාරයත් එහි ප්‍රතිදේශ පරීක්ෂණයේ වැදගත්කමත් පිළිබඳව පහත දක්වා ඇති කෝවිඩ්19 රෝග හඳුනාගැනීමේ රසායනාගාර පරීක්ෂණ ගැලීම් සටහන මඟින් පැහැදිලි කරනු ලැබේ.

    image.png

    රූප සටහන 1: කෝවිඩ්19 රෝග හඳුනාගැනීමේ රසායනාගාර පරීක්ෂණ ගැලීම් සටහන

    කොවිඩ්19 අසාදිතයන්ගෙන් 80% ක පමණ ප්‍රමාණයක් රෝග ලක්ෂණ නොමැති හෝ සුළු රෝග ලක්ෂණ සහිතව ස්වාභාවිකව සුවපත් විය හැකි අසාදිතයන් බව සැළකෙන බැවින් PCR පරීක්ෂණ මඟින් එලෙස සුවපත් වූ රෝගීන් හඳුනා ගැනීමට නොහැකිය. එනයින් සමාජයේ අහඹු ලෙස සිටිය හැකි රෝගීන් උක්ත සටහනේ පරිදි ප්‍රතිදේහ පරීක්ෂණයන්ට ලක් නොකිරීම හේතුවෙන් සමාජය තුල හඳුනා නොගත් රෝගීන් සුළකිය යුතු ප්‍රමාණයක් අප නොදැනුවත්මය මඟ හැරී තිබිය හැක.

    මෙම දත්ත බුද්ධි අංශ විසින්ද අදාල කර නොගන්නා බැවින් ඔබ අවට ඕනෑම තැනක, ඕනෑම අවස්ථාවක රෝගය බෝ කිරීමේ හැකියාව සහිත රෝග ලක්ෂණ නොමැති පුද්ගලයන් සිටිය හැකි බව උපකල්පනය කරමින් කටයුතු කිරීම මෙම රෝගය පැතීරීම වලක්වා ගැනීමට අත්‍යාවශ්‍යය. එනම් රෝගය සමාජගත නොවූ බවට සනාථ කිරීම සඳහා දත්ත එක්රැස් කිරීමට වඩා රෝගය සමාජගත වූවා යැයි සළකමින් ඊට සූදානම් වීම සහ රට සූදානම් කිරීම වඩා ප්‍රායෝගිකය. එය වනාහි ලෝක සෞඛ්‍ය අංශ විසින් අවධාරණය කරනු ලබන වඩාත් භයානක අනුමානය සඳහා කටයුතු කිරීමේ ක්‍රමවේදයයි.

    රවී කුමුදේශ් – සභාපති – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

  • ජනමතයට නිගරු කරමින් ‘ද්විත්ව පුරවැසියන්ට’ රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු !

    ජනමතයට නිගරු කරමින් ‘ද්විත්ව පුරවැසියන්ට’ රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු !

    වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන්ටද ශ්‍රී ලංකාවේ පාලනයට එක්වීමට හැකිවන ආකාරයට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය දරණ උත්සාහය පිලිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය බලවත් විරෝධය පල කරන්නෙමු.

    රටේ ඉදිරි ආරක්ෂාව හා යහපැවැත්ම පිළිබද අපේක්ෂාවන් ඇති කිසිවෙකුට හෝ එවැනි යෝජනාවකට කිසිසේත්ම එකඟවිය නොහැක. මෙය හැදින්විය හැක්කේ තෝරාගත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් රටේ උත්තරීතර නීතිය වෙනස් කිරීමට ගන්නා ලැජ්ජා සහගත උත්සාහයක් ලෙසටය. එය මිලියන 21 පමණ වූ මේ රටේ ජනතාවගේ ආත්ම අභිමානයට සිදු කරන බලවත් නිග්‍රහයක් මෙන්ම බුද්ධියට කරුණු ලබන අපහාසයක්ද වන්නේය.

    අප මේ බව අවධාරණය කරන්නේ ද්විත්ව පුරවැසිභාවය පිළිබද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් වගන්තිය කිසිදු ලෙසකින් හෝ වෙනස් නොවන බවට අධිකරණ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම සිදුකර ඇති ප්‍රකාශය සැලකිල්ට ගනිමිනි.

    20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අනුවද ඒ පිළිබදව රජයේ ස්ථාවරය සේ සැලකිය හැකි අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුවද වෙනත් රටක පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට එක්වීමට අවස්ථාවක් නිර්මාණය කිරීම වනාහි තම දේශය වෙනුවෙන් සිය ජීවිත පූජා කරන ලද දේශමාමක වීරෝදාර ලාංකීය විරුවන්ට කරන්නාවූ බරපතලම නිග්‍රහයකි. අතිගෞරවණීය වාරියපොල ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේ වැනි මේ රටේ දෑහිතකාමී මාහාසංඝරත්නයට සිදුකරන්නාවූ බලවත් අවමානයකි.

    මේ රටේ සුජාත සැබෑ පුරවැසියන්ට පමණක් හිමිවිය යුතුවූ විශේෂ වූ වරප්‍රසාදයක් විදේශීය රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන් වෙත ලබාදීමේ ඇති අමනෝඥ තීරණයේ ඇති බිහිසුණු බව තේරුම් ගැනීම සදහා අප රටේ පුරවැසියෙක් වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීම සදහා දෙනු ලබන දිවුරුමේ ඇති බරපතලකම අවබෝධ කරගත යුතුය. උදාහණයක් ලෙස ගන්නේ නම් එවැන්නෙක් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගැනීමේදී දෙවියන් වහන්සේගේ නාමය පෙරදැරිව කරුණු ලබන දිවුරුම මෙසේය.

    මා මින් පෙර වැසියෙකු හෝ පුරවැසියෙකු ලෙස ජීවත් වූ කිසිදු විදේශීය කුමාරයෙකුට, රාජ්‍යත්වයකට, රාජ්‍යයකට හෝ ස්වාධිපත්‍යයකට මා දැක්වූ සියලු පක්ෂපාතීත්වය සහ අනුරාගය පූර්ණ ලෙස අත්හැරීමට සහ ප්‍රතික්ෂේප කිරීමටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සියලු දේශීය සහ විදේශීය සතුරන්ට එරෙහිව ඇමෙරිකාවේ ව්‍යවස්ථාව සහ නීතිය සුරැකීමටත් ඊට අනුකූලවීටත් නීතියෙන් අවශ්‍ය වු විට එක්සත් ජනපදය වෙනුවෙන් අවි දැරීමටත් ඇමෙරිකාවේ සන්නද්ධ හමුදාවන්ට සේවය ලබාදීමටත් ජාතික වශයෙන් වැදගත් කාර්යයන් හි යෙදීමටත් මා මෙසේ නිදහස්ව, කිසිදු මානුෂික සංරෝධනයකින් හෝ මග හැරීමේ චේතනාවකින් තොරව දිවුරා පොරොන්දු වන බැවින්, දෙවියනි මාහට උදව් කරනු මැනව  

    එමගින් පැහැදිලිවම පෙනී යන්නේ ඇමෙරිකාවේ පුරවැසිභාවයද හිමි ද්විත්ව පුරවැසියෙකු යම් හෙයකින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වුවහොත් ඔහුට ඇමෙරිකාවේ අවශ්‍යතාවයන්ට අනුව ශ්‍රී ලංකාවට එරෙහිව අවි එසවීමට පවා සිදුවන බවය. එවැනි අවස්ථාවකදී එවැනි පුද්ගලයෙකුට එසේ ක්‍රියාකාරීවීමට හැකිවන ආකාරයට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවස්ථාවද ලබාදෙමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව කෙටුම්පත් කර ඇති බවද අවධාරණයෙන් සදහන් කළ යුතුය. ඒ අප රටේ බලාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තිය මගින් ඇතිකර ඇති විශේෂ බැදීමක්ද ඉවත් කිරීමට කටයුතු කිරීම මඟිනි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද ආරක්ෂා කරන බවටද රටේ රාජ්‍ය නායකයා තවදුරටත් බැදී නොසිටින ආකාරයට 20 වන සංශෝධන කෙටුම්පතෙහි 5 (3) වගන්තියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය ඉවත් කිරීම මගිනි.

    ඒ අනුව ආණ්ඩුවේ මෙම උත්සාහය අපගේ මාතෘභූමිය විදේශයන් වෙත පාවාදීම සඳහා ඉතා සැලසුම්ගතව හා සූක්ෂම ලෙස සිදුකරන පාපකාරී කුමන්ත්‍රණයක් ලෙසටද සැලකිය හැකිය.

    අතිශයෙන් භයානක වු මෙම තත්වය පිළිබදව ජාතියේ මුර දේවතාවන් වන අතිගෞරවණීය මහා සංඝරත්නයේද  අනෙකුත් පූජක ප්‍රසාදීන් වහන්සේලාගේද ජාතිමාමක සියලු පුරවැසියන්ගේද අවධානය යොමු වේවායි ප්‍රාර්ථනා කරමු.

    එමෙන්ම 20 වන සංශෝධනය සම්මත කරගන්නේ නම් අවම වශයෙන් රටට අතිශයින්ම අහිතකර වගන්ති හෝ ඉවත් කරගනිමින් එම කාර්යය සිදුකරන ලෙස අප සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින අතර මේ මොහොතේ අප ආණ්ඩුවෙන් ඉතා බලවත් ලෙස ඉල්ලා සිටින්නේ 20 වන සංශෝධනය ඉවත් කරගනිමින් ජනතාවට පොරොන්දු වූ පරිදි රටට ගැලපෙන හා රටේ ස්වාධීනත්වය ආරක්ෂා වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට අවශ්‍ය කටයතු සලසන ලෙසය.  

    ­කරු ජයසූරිය – සභාපති, සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය