Tag: featured

  • කොරෝනා වසංගතය නිසා ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන’ කල් යයි

    කොරෝනා වසංගතය නිසා ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන’ කල් යයි

    ක්‍රීඩකයින්ගේ දක්ෂතා එක ලෙසින් පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම ඔක්තෝම්බර් මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන’ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය වර්තමාන කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව තිබේ. 

    කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියේ සෑම කණ්ඩායමක් සඳහාම ජාතික සංචිතයේ සිට පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ඇතුළත්ව සිටියහ. දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සම දසුන් ශානක විසින් නායකත්වය ලබාදීමට නියමිතව තිබූ මෙම කණ්ඩායම් සියල්ල ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුක්ත වේ. 

    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ සංකල්පයක් අනුව මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර එහිදී පළමු වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර එහිදී ඉදිරියෙන් සිටින කණ්ඩායම් 2 අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට නියමිතව තිබුණි. තරගාවලි ව්‍යුහයේ ඇති තවත් විශේෂත්වයක් බවට පත්වූයේ තෙවැනි ස්ථානය තේරීම සඳහාද තරගයක් පැවැත්වීමට සැලසුම් කර තිබීමය. 

    මෙම තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳව අදහස් දක්වා සිටි උප සභාපති ජයන්ත ධර්මදාස මහතා, “කොවිඩ් 19 වසංගතයත්සමඟ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින්ට තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවක නියැළීමේ අවශ්‍යතාවය තදින්ම දැනිලා තිබුණා. ඒ පිළිබඳව වූ අවශ්‍යතාවය වැටහී යෑම නිසා තමයි අපි මේ වගේ තරගකාරීත්වයකින් යුතු තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කළේ. නමුත් වර්තමාන තත්ත්වයත් එක්ක යළිත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය වන තෙක් මෙම තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළා” යනුවෙන් සඳහන් කර සිටියේය.  

    කුසල් මෙන්ඩිස් පිලනිරෝෂන් දික්වැල්ල පිලදසුන් ශානක පිලදිමුත් කරුණාරත්න පිල
    ඕෂධ ප්‍රනාන්දුධනුෂ්ක ගුණතිලකළහිරු තිරිමාන්නදිමුත් කරුණාරත්න (නායක)
    මිනෝද් භානුකනිරෝෂන් දික්වැල්ල (නායක)ළහිරු උදාරඅවිශ්ක ප්‍රනාන්දු
    කුසල් මෙන්ඩිස් (නායක)දිනේෂ් චන්දිමාල්කුසල් පෙරේරාඇන්ජලෝ මැතිව්ස්
    භානුක රාජපක්ෂධනංජය ද සිල්වා රොෂේන් සිල්වාකමිඳු මෙන්ඩිස් 
    අශාන් ප්‍රියන්ජන්සංතුෂ් ගුණතිලකඇන්ජලෝ පෙරේරාසධීර සමරවික්‍රම
    අශේන් බණ්ඩාරඅසේල ගුණරත්නදසුන් ශානක (නායක)අකිල ධනංජය
    තිසර පෙරේරාසුරංග ලක්මාල්වනිඳු හසරංගලසිත් අබේරත්න
    ඩිල්රුවන් පෙරේරාදුවිඳු තිලකරත්නදුෂ්මන්ත චමීරළහිරු කුමාර
    ලක්ෂාන් සඳකැන්විශ්ව ප්‍රනාන්දුලසිත් ඇඹුල්දෙණියනුවන් ප්‍රදීප්
    කසුන් රජිතජෙෆ්රි වැන්ඩර්සිඅසිත ප්‍රනාන්දුමොහොමඩ් ශිරස්
    බිනුර ප්‍රනාන්දුළහිරු මධුශංකරමේෂ් මෙන්ඩිස්ප්‍රභාත් ජයසූරිය
    චතුරංග ද සිල්වාදුශාන් විමුක්තිකවිෂ්ක අංජුලසඳුන් වීරක්කොඩි
    ඩිල්ශාන් මදුශංකලසිත් කෲස්පුල්ලේචාමික කරුණාරත්නකවිඳු නදීශාන්
    සචිඳු කොළඹගේඅමිල අපෝන්සුනිපුන් ධනංජය අෂේන් ඩැනියල්
    ග්‍රාන්ට් ෆ්ලවර්-පුහුණුකරුෂේන් මැක්ඩමට්-පුහුණුකරුරුමේෂ් රත්නායක-පුහුණුකරුචමින්ද වාස් (පුහුණුකරු)
    රුවින් පීරිස්-ස. පුහුණුකරුමනෝජ් අබේවික්‍රම-ස. පුහුණුකරුසජීව වීරකෝන්-ස. පුහුණුකරුමලින්ද වර්ණපුර-ස.පුහුණුකරු
  • 5 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් සියලු පොදු සේවා පහසුකම් සූදානම්

    5 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් සියලු පොදු සේවා පහසුකම් සූදානම්

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ගේ ආරක්ෂාව සදහා සියලු පහසුකම් සපයා ඇති බවත් අදාළ විභාගය දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල නියමිත පරිදි පැවැත්වීමට රජය විධි විධාන යොදා ඇති බවත් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවා.

    අද පෙරවරුවේ (10) මාළඹේ ශ්‍රී රාහුල බාලිකා මහ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ.

    සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව විභාග මධ්‍යස්ථාන සකස් කර ඇත්දැයි යන්න මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

    මේ අතර හෙට (11) දින ධාවනය වන දුම්රියවල ශිෂ්‍යත්ව විභායට සහභාගී වන දරුවන් සදහා පමණක් දුම්රිය මැදිරි දෙකක් වෙන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. එහි වැඩි දුරටත් සදහන් වුණේ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගී වන සිසුන්ගේ ගමන් පහසුව සඳහා සෞඛ්‍යාරක්ෂිත දුම්රිය මැදිරි වෙන් කර දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන තිබෙන බවයි.

    විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කියා සිටින්නේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සදහා සිසුසැරිය බස් රථ දිවයින පුරාම ධාවනය කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සියලු කටයුතු සංවිධානය කර ඇති බවයි.

    හෙට දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය හා සම්බන්ධ ආරක්ෂක කටයුතු ගැන නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සමග මවට හා පියාට ගමන් කළ හැකි බවයි.

    විභාගය අවසන් වූ විට එකිනෙකා රැස්වී කටයුතු නොකරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් ද කළා.

  • ශිෂ්‍යත්ව විභාගය: පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්

    ශිෂ්‍යත්ව විභාගය: පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්

    හෙට (11) දින පැවැත්වෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශන, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් නිකුත් කර තිබෙනවා.

    මෙම විශේෂ නිවේදනය මගින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.

    ‘තම දරුවන්ගේ විභාග මධ්‍යස්ථානය නිසි ලෙස හදුනාගෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් අදාළ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දෙමාපියන් කටයුතු කළ යුතුයි.

    දරුවා සමග දෙමාපියන්ට හෝ භාරකරුවෙකුට ගමන් කළ හැකියි. මෙහිදී මා විශේෂයෙන් ඉල්ලා සිටින්නේ විභාගය අවසන් වූ වහාම අදාළ ස්ථානවලින් ඉවත්ව නිවෙස්වලට යාමට පියවර ගන්නා ලෙසයි. තැන තැන රැස්ව කතාකරමින් නොසිටින ලෙස මා ඔවුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා‘

  • උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සියල්ල සූදානම්

    උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සියල්ල සූදානම්

    රට තුළ දැනට පවත්නා කොවිඩ් ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වශයෙන් සැලකිලිමත් වෙමින්, අවදානම හැකි උපරිමයෙන් අවම වන අයුරින් විභාගය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

    මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සියලු සෞඛ්‍ය බලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රවාහන බලධාරීන් ඇතුළු සියලු සමාජ කණ්ඩායම් ලබාදෙන සහයෝගය ද අධ්‍යාපන ලේකම්වරයා මෙහි දී අගය කළේය.

    අ.පො.ස. උසස් පෙළ සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සම්බන්ධයෙන් විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන ආකාරය සහ සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයෙන ආකාරයත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව විභාගය පැවැත්වීමට කටයුතු යොදන ආකාරයත් පැහැදිලි කිරීම සඳහා (09) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී මේ අදහස් පළ කෙරිණි.

    මෙම විශේෂ මාධ්‍ය හමුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ බී ජී සෙනෙවිරත්න, විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන) හේමන්ත ප්‍රේමතිලක, අතිරේක ලේකම් (පාසල් කටයුතු)  එම්. එල්. ඩී ධර්මසේන, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

      එක් විභාග මධ්‍යස්ථානයක සිසුන් 160ක් වන පරිදි පැවැත්වීමට නියමිත මෙවර විභාග සඳහා කොවිඩ් හේතුවෙන් දැනට නිරෝධායන ඇඳිරිනීතිය බලපවත්නා ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළත විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට ද කටයුතු යොදා තිබේ. ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවල දී විභාගය සඳහා පෙනී සිටීමට නියමිත ව සිටි සිසුන් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අදාළ පොලිස් බලප්‍රදේශය තුළ පිහිටි විශේෂ විභාග මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බව මෙහි දී විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා  පැවසීය.  

    ඒ අනුව, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සඳහා  මෙන්ම උසස් පෙළ විභාගය සඳහා ඒ අයුරින් පිහිටුවා ඇති විශේෂ විභාග මධ්‍යස්ථාන සම්බන්ධ තොරතුරු මේ සමඟ යොමු කර ඇත.

    සිසුන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන විශේෂ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහි දී අදහස් පළ කළ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.බී.ජී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ, නිරෝධායන ඇඳිරිනීතිය බලපවත්නා ප්‍රදේශ තුළ සිටින සිසුන්ට අදාළ විභාග මධ්‍යස්ථාන වෙත ගමන්කිරීම සඳහා පහසු වන අයුරින් සිසුන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන් හෝ භාරකරුවන්ට පමණක් අවසර ලැබෙන පරිදි විශේෂ දුම්රිය මැදිරි සහිත දුම්රිය දෙකක් කොළඹ සහ පොල්ගහවෙල අතර ධාවනය කිරීමට කටයුතු යොදන බවයි. එමෙන්ම අදාළ පොලිස් බල ප්‍රදේශ තුළ දරුවන් සහ දරුවන්ගේ දෙමව්පියන් ප්‍රවාහනයට පමණක් සීමාකරමින් විශේෂ බස්රථ පහසුකම් සැලසීමට ද කටයුතු යොදා ඇත.

    සියලු විභාග මධ්‍යස්ථාන තුළ මේ වනවිටත් විශබීජහරණ කටයුතු සිදුකර ඇති අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුගතව මුඛ ආවරණ පැළඳ විභාග ශාලා පරිශ්‍රයන් වෙත පැමිණීමට දෙමව්පියන්, සිසුන් සහ සියලු කාර්ය මණ්ඩල දැනුවත් කර ඇත.

    රට තුළ දැනට පවත්නා කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්වය  හමුවේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව අනතුරේ නොදමා ඔවුන්ට යහපත් මානසික තත්වයකින් විභාගයට මුහුණදීමට හැකි උපරිම ඉඩප්‍රස්ථා සැලසීම සමාජ වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද මෙහි දී අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.​​​​

  • 20 ගැන ‘ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය’ කතානායකට

    20 ගැන ‘ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය’ කතානායකට

    ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය අද (10) දින තම කාර්යාලයට ලැබුණ බව කථනායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේය.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කරමින් කතානායකවරයා පැවසුවේ ලබන සඳුදා තමා කර්යාලයට ගිය පසු එය විවෘත කර බලා ඔක්තෝබර් 20වනදා නැවත පාර්ලිමේන්තුව රැස් වු පසු එම නිගමනය පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි.

  • කායික සහ මානසික විඩාවෙන් මිදීමට ඔබට පහසුම විද්‍යාත්මක ක්‍රමයක්

    කායික සහ මානසික විඩාවෙන් මිදීමට ඔබට පහසුම විද්‍යාත්මක ක්‍රමයක්

    කායික සහ මානසික විඩාවෙන්” ගැලවී සිටීම සඳහා ඔබට, ඔබගේ ජීවිතයේ සුළු වෙනස්කම් කළ හැකිය

    ඔබ කැළඹිල්ලෙන් ද? විඩාවෙන් ද? ආතතියෙන් ද? නැතිනම් කඩා වැටීමක ද? අතීතයේ කිසිදාක අපහසුවක් නොමැතිව කළ යම් කාර්යයක්, රාජකාරියක් දැන් දරා ගැනීමට අපහසු කටයුත්තක් සේ දැනෙයිද? ගෙදරදොරේ “වැඩ කන්දක්”, “කොච්චර කළත් කෙළවරක් නැහැ” වැනි හැඟීම් හමුවේ එදිනෙදා වැඩවල නිමක් නොපෙනේ ද?

    එසේ නම් “කායික සහ මානසික විඩාවක්” (Emotional burnout) දෙසට ගමන් කරනවා විය හැක.

    නමුත් ඒ ගැන බිය විය යුතු නැත. යළි සුපුරුදු ජීවිතයට පිවිසීම සඳහා අවශ්‍ය වටිනා ඉඟි කිහිපයක් නිවේදිකාවක සහ වෛද්‍යවරියක වන රාධා මොද්ගිල් සතුය. “කායික සහ මානසික විඩාව” හඳුනා ගැනීමට අවශ්‍ය උපදෙස් ද ඊට ඇතුළත් වේ. එබැවින් යළි හිටි හැටියේ දරා ගත නොහැකි පීඩාවක් ඇති වීමට පෙර ඔබට ඒ පිළිබඳ කල්තියා දැන ගැනීමට හැකි වනු ඇත.

    “කායික සහ මානසික විඩාව” යනු කුමක්ද?

    Broadcaster and doctor, Radha Modgil
    නිවේදිකාවක සහ වෛද්‍යවරියක වන රාධා මොද්ගිල්

    “කායික සහ මානසික විඩාව” යන යෙදුම පළමු වරට භාවිත වී ඇත්තේ හර්බට් ෆ්‍රෲඩ්න්බර්ගර් විසින් 1974 වසරේ පළ කරන ලද පර්යේෂණ පත්‍රිකාවකය.

    යමෙකුගේ වෘත්තීය ජීවිතය සමග “තමාගේ හැකියාවන් ඔප්පු කිරීමට බල කිරීමක්” ඇතුළුව අදියර ගණනාවක් හේතුවෙන් ඇති වන තත්ත්වය ඔහු විසින් “කායික සහ මානසික විඩාව” ලෙස හඳුන්වනු ලැබ ඇත.

    වෛද්‍ය රාධා මොද්ගිල් පවසන පරිදි වර්තමානයේ කායික සහ මානසික විඩාව ලෙස අප සිතන්නේ “අධික සහ දිගින් දිගටම පවතින ආතතියයි” (Stress). ඒ හමුවේ අපට “ජීවිත අභියෝගවලට මුහුණ දිය නොහැකි හැඟීමක්” දැනෙන බව ඇය පෙන්වා දෙයි.

    හර්බට් ෆ්‍රෲඩ්න්බර්ගර්ගේ විග්‍රහයෙන් ඔබ්බට යන වෛද්‍ය මොද්ගිල්ගේ විශ්වාසය වී ඇත්තේ, වෘත්තීය ජීවිතය පමණක් නොව අපගේ ජීවිතවල තවත් බොහෝ පැති මෙවැනි ආතතීන් සඳහා හේතු වන බවය.

    එය දැනෙන ආකාරය

    Empty battery on a phone
    “කායික සහ මානසික විඩාව” බැස ගිය දුරකතන බටරියකට සමානය – තව දුර යාමට කිසිඳු ශක්තියක් නොමැති ආකාරයේ හැඟීමකි

    වෛද්‍ය මොද්ගිල් විසින් “කායික සහ මානසික විඩාව”, අපගේ ජංගම දුරකතනයක “බැටරිය බැස යාම” හා සසඳනු ලබයි.

    “තවදුරටත් ඉදිරියට යා නොහැකි ලෙස ටැංකියේ තෙල් නොමැතිව, ජීවිතයෙන් හෙම්බත් වී ඇති බවක් දැනෙන්න පුළුවන්,” යනුවෙන් ඇය විස්තර කරයි.

    ඇතැම්විට, ඔබ සේවා ස්ථානය තුළ දැඩි ආතතියක් සහිත සහ අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ දිය හැකි ආකාරයේ පුද්ගලයෙකු වුවත් මේ මොහොතේ දුෂ්කර අඩියක සිටිනවා විය හැක.

    එය, ඔබ සතු “මානසික බකට්ටුවක” ඇති තෙල් සිඳී යමින් පවතින බවට සංඥාවක් විය හැකි බව වෛද්‍ය මොද්ගිල් පවසයි.

    “ඒ ගැන මෙහෙම හිතන්න. ඔබට ඔබේ රැකියාවට බකට්ටුවකුත්, ගෙදර වැඩවලට තව බකට්ටුවකුත් තිබෙනවා. මේ එක බකට්ටුවක තෙල් ඉවර වෙමින් ගියත්, අනෙක් බකට්ටුවට හොඳින් තෙල් තිබෙනවා නම් බොහෝ විට ඔබට ඒ තත්ත්වයට මුහුණ දෙන්න හැකි වේවි.”

    “නමුත් මේ බකට්ටු දෙකම හිඳී යමින් ඇති නම්, ඔබට තවත් තෙල් ඉතිරි වී නැති නම්, අන්න එතනදී ගැටලු මතු වෙන්න පුළුවන්,”

    ඊට හේතු වන්නේ කුමක්ද?

    When your emotional reserves are low you can struggle to manage if say you have problems in your home life and work
    එකම විටකදී සේවා ස්ථානයේ සහ නිවසේ තත්ත්වය අයහපත් නම් “කායික සහ මානසික විඩාවකට” හේතු විය හැකි බව වෛද්‍ය මොද්ගිල් පෙන්වා දෙයි

    “ඔබේ ෆෝන් එකේ බැටරිය වගේම, අපේ මේ මානසික බැටරිය ගැනත් සැලකිලිමත් විය යුතුයි” යනුවෙන් ඇය අවධාරණය කරයි. “මම මේක යළි ‘චාර්ජ්’ කරන්නේ කොහොමද: ඒ ප්‍රශ්නය ඔබ ඔබෙන්ම ඇසිය යුතුයි,”

    “ජීවිතයේ සුවිසල් වෙනසක් හෝ සිදුවීමක්”, “කායික සහ මානසික විඩාවකට” ආධාර විය හැකි බව වෛද්‍ය මොද්ගිල් පෙන්වා දෙයි.

    ආර්ථික අපහසුකම් සම්බන්ධයෙන් ඇති වන බිය සහ මානව සබඳතා සම්බන්ධයෙන් පවතින ගැටලු ඇය ඊට උදාහරණ වශයෙන් ඉදිරිපත් කරයි.

    පදිංචිය වෙනස් වීම, රැකියාව අහිමි වීම හෝ විභාග වැනි පීඩනයක් සහිත ආතතීන් ද ඊට ඇතුළත් ය.

    එසේ නම් “කායික සහ මානසික විඩාවන්ට” තිත තබා අපට දැරිය නොහැකි මට්ටමකට නොගොස්, ඉන් මිදී සිටින්නේ කෙසේද?

    “කායික සහ මානසික විඩාවෙන්” මිදී සිටීමට උපදෙස්…

    Meeting friends, exercise and activities like singing can prevent emotional burnout
    යෙහෙළියන් මුණ ගැසීම, ව්‍යායාමවල යෙදීම සහ සතුටක් ගෙන දෙන ක්‍රියාකාරකම්වල යෙදීමෙන් අපට සහනයක් ගෙන දිය හැක

    වෛද්‍ය මොද්ගිල් පවසන පරිදි:

    • තමා, තමාටම සානුකම්පිත ඇහුම්කන් දෙන්නෙකු වන්න.
    • බාධාවකින් තොරව හොඳින් සිදුවෙන දේ පිළිබඳ අවධානය යොමු කරන්න.
    • තමාට සතුටක් ගෙනෙන මිතුරු මිතුරියන් සමග දොඩමළු වන්න.
    • දිනපතා ව්‍යායාමවල යෙදෙන්න.
    • තමාට සතුටක් ගෙන දෙන කාර්යයන්වල යෙදෙන්න, ඒවාට ප්‍රමුඛත්වයක් ලබා දෙන්න.
    • ඔබ කැමතිම සංගීතයන්ට ඇහුම්කන් දෙන්න.
    • අවශ්‍ය තරමට නින්දක් ලබා ගන්න.
    • යළි සැකසිය නොහැකි මට්ටමට යන තෙක් ප්‍රමාද නොකරන්න. ඉහත කී කරණු දිනපතා පුරුදු පුහුණු කරන්න.

    සිය ඉඟි සහ උපදෙස් “කායික සහ මානසික විඩාවන්ගෙන්” ගැලවී සිටීමට උපකාරී වනු ඇති බවට වෛද්‍ය රාධා මොද්ගිල් බලාපොරොත්තු පළ කරයි.

    ජංගම දුරකථන බැටරිවලට මෙන් අපගේ “මානසික බටරිවලට” ද දිනපතා ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ නම් සමස්තයක් වශයෙන් අපගේ මානසික සෞඛ්‍ය සහ යහ පැවැත්මේ වර්ධනයක් දැකිය හැකි වනු ඇති බව ඇය විශ්වාස කරයි.

    text copied by – bbc sandesaya

  • රිදීතිරයේ ‘අමිහිරිම හාදු’ 09 ගැන ඔබ දැන සිටියාද ?

    රිදීතිරයේ ‘අමිහිරිම හාදු’ 09 ගැන ඔබ දැන සිටියාද ?

    චිත්‍රපටයක්‘ කියන්නේ යථාර්ථයෙන් ඔබ්බට ගිය දෙයක්. ඒවා යථාර්ථයක් නම් කවුරුත් සිනමා ශාලාවට යන්නේ නැහැ. මේ යථාර්ථයෙන් ඔබ්බට ගිය ගමන නිසා තමයි සිනමාව අදත් ලෝකයේ සුපිරිම විනෝදාස්වාද මධ්‍ය බවට පත්ව තිබෙන්නේ.

    ඒනිසා සිනමාව තුළ සිදුවන දේවල් ඒ ආකාරයෙන් භූමිය මත සිදුවිය යුතු නැහැ. ඊට හොදම උදාහරණයක් තමයි චිත්‍රපටවල සිටින පෙම්වතුන් සහ දුෂ්ඨයින්. ඔවුන් සැබෑ ලෝකයේ එසේ නැහැ. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් නරඹන්න කැමැති, ඒත් නළු – නිළියන්ට නම් ‘ටිකක් අසීරු‘ අවස්ථාවක් වන සිප ගැනීමේ දර්ශන.

    අපි මේ කියන්න යන්නේ ඒ ගැන. සිනමා පටයේ බොහෝ සුන්දර… ආදරණීය… උණුසුම් සිපගැනීමක් කරන යුවළ ඇත්තටම ඒ දර්ශනයට ‘තෘප්තියෙන්‘ සහභාගී වුණා ද ? නැතිනම් ඒවා ‘හුදු මවා පෑමක්‘ පමණක් ද ?

    අපි දැන් කියන්න යන්නේ අන්න ඒ ගැන. චිත්‍රපටයේ බොහෝම ආදරණීය… උණුසුම් හාදු පිටුපස තිබුණ ඇත්ත ගැන.

    1. එමා වොට්සන් සහ රූපට් ග්‍රින්ට් Emma Watson and Rupert Grint

    එය ඔවුන් දෙදෙනාට වැරැද්දක් ලෙස දැනුනි. තිරරචනයට අනුව හර්මියෝන් සහ රොන් ආදරයෙන් බැඳී ඇති අතර ඔවුන් දෙදෙනා අතර හුවමාරු වන ඒ ප්‍රේමනීය හාදුව අතිෂයින්ම ස්වාභාවිකය. ඒත් ප්‍රශ්නය එය නොවේ. එමා සහ රූපට් අතර සැබෑ ලෝකයේදී ඇති සම්බන්ධතාවයයි. සැබෑ ජීවිතයේ දී, එමා සහ රූපට් එකට හැදී වැඩුණු අතර ඔවුන්ගේ සම්බන්ධතාවය යුවළකට වඩා සහෝදරයෙකුගේ සහ සහෝදරියකගේ සම්බන්ධතාවයට වඩා සමාන ය. ඒ නිසා ඒ ප්‍රේමනීය සිපගැනීමෙන් ඔවුන්ට ඇත්තෙන්ම අමුතු හැඟීමක් දැනුණා විය හැකිය.

    2. ඇලිසන් හැනිගන් සහ ජේසන් සේගල්Alyson Hannigan and Jason Segel

    ලොකුම ප්‍රශ්නය වූයේ ජේසන් සීගල්ගේ දුම් පානය පුරුද්දයි. අළු බඳුනක් මෙන් සුවඳැති කෙනෙකු සිප ගැනීම ඇලිසන් සැබවින්ම පිළිකුල් කළ නිසා ඇය සෑම හාදුවකටම දඩයක් හඳුන්වා දුන්නාය. හාදුවක් සඳහා ඩොලර් 10 ක් පමණි. නමුත් ඔවුන් සෑම කථාංගයකම පාහේ සිප ගනිමින් බහුවිධ ක්‍රියා සිදු කරන බව සලකන විට ජේසන්ට දිනකට ඩොලර් 200 ක් පමණ අහිමි විය හැකිය. මෙය අති විශාල දඩයකි. එනිසාම අවසානයේදී ඔහු දුම්පානය නතර කළ අතර එතැන් සිට සියල්ල හොඳින් විය. 

    3. කේට් වින්ස්ලට් සහ ලෙනාඩෝ ඩිකැප්‍රියෝ Kate Winslet and Leonardo Dicaprio

    “ටයිටැනික්” හි සිප ගැනීම මුලදී අමුතු දෙයක් වූ නමුත් එය හොඳින් සිදුවිය. මෙම ගැටළුව බොහෝ කලකට පසු ඔවුන් “Revolutionary Road” නමින් චිත්‍රපටයකට රංගනයෙන් දායක වූ අතර කේට්ගේ සැමියා එහි අධ්‍යක්ෂකවරයා ද විය. සැමියා ඉදිරියේ සිදු කිරීමට නියමිත වූ සිප ගැනීමේ දර්ශන වින්ස්ලට්ට ඉතා අපහසු විය. තවත් කරුණක් වූයේ ලියෝ සහ කේට් ඒ වන විට හොඳ මිතුරන් වීමය. තම ස්වාමිපුරුෂයා ඉදිරිපිට හොඳ මිතුරෙකු සිප ගැනීම ඇත්තෙන්ම අමුතු දෙයක්.

    4. මැට් ඩේමන් සහ ඇන්ජලිනා ජොලිMatt Damon and Angelina Jolie

    දෙදෙනා  The Good Shepherd” චිත්‍රපටයේ තිරයේ හාදුවක් බෙදා ගත් අතර ඩේමන් එයට තරයේම වෛර කළේය. ඔහු සහ ජොලී වසර ගණනාවක් තිස්සේ මිතුරන් වූ නිසා එය අමුතු දෙයක් විය. ඒ වන විට ජොලි ඔහුගේ හොඳ මිතුරෙකු වූ බ්‍රැඩ් පිට් සමඟ විවාහ වී සිටි බව සඳහන් නොකිරීම නිසා නව අසහනයක් ඇති විය. 

    5. හෙලේනා බොන්හැම් කාටර් සහ වුඩි ඇලන්– Helena Bonham Carter and Woody Allen

    වුඩි ඇලන් සමඟ “මයිටි ඇප්‍රොඩයිට්- Mighty Aphrodite” චිත්‍රපටයේ හෙලේනා බොන්හැම් කාටර් රඟපෑ අතර එහි සිප ගැනීමේ දර්ශන බියකරු සිහිනයක් විය. වුඩි ඔහුගේ ඉල්ලීම් වලදී ඉතා සුවිශේෂී වූ බවත්, ඒ වන විටත් එය සිප ගැනීමේ දර්ශනයක් පවා වෙහෙසකර බවත්, එය යථාර්ථවාදී පෙනුමක් ලබා දීමට උත්සාහ කළ නොහැකි බවත් ඇය පැවසුවාය. එය වඩාත් අපහසු කරවන තවත් දෙයක් නම් ඇලන් සිපගැනීමට කිසිසේත්ම ප්‍රතිචාර නොදක්වන නිසා බිත්තියක් සිප ගැනීමක් හා සමාන වීමය.

    6. ටෝබේ මැගුවර් සහ කර්ස්ටන් ඩන්ස්ට්Tobey Maguire and Kirsten Dunst

    එම උඩු යටිකුරු මකුළු හාදුව කිසිසේත් විනෝදයක් නොවීය. ටොබේ හෙළි කර ඇත්තේ ඔහු උඩු යටිකුරු කර ඇති නිසාත්, ඔහුගේ නාසයට ජලය (වැසි) වැගිරෙන නිසාත්, ඔහුගේ මුහුණෙන් අඩක් පෙරළී ඇති වෙස් මුහුණ වායු සැපයුම කපා හැරීම නිසාත් එය භයානක බවය. එම පෙනුම සරාගී ලෙස කිරීම පහසු කාර්යයක් නොවීය. ටෝබේ පැවසුවේ ‘එය හාදුවකට වඩා කටින් කට තැබීමක් බවත් කර්ස්ටන්ට එය භුක්ති විඳීමට හැකියාවක් නොමැති බවත්‘ය.

    7. එරික් ස්ටෝන්ස්ට්රීට් සහ ජෙසී ටයිලර් ෆර්ගියුසන්Eric Stonestreet and Jesse Tyler Ferguson

    එරික් ස්ටෝන්ස්ට්රීට්ට මුලදී ජෙසී ටයිලර් ෆර්ගියුසන් සිප ගැනීමේ ගැටළු ඇති විය. චිත්‍රපටියක ඔහුට කිහිප වතාවක් සිප ගැනීමට සිදුවුවහොත් එය එක දෙයකි. නමුත් එය බොහෝ කොටස් සහිත රූපවාහිනී වැඩසටහනකි. නමුත් අවසානයේදී, එය රැකියාවක් පමණක් බවත්, තමා නිරූපණය කරන චරිතය සමලිංගික බවත්, ඔවුන් අතර ඉතා ප්‍රීතිමත් සම්බන්ධතාවයක් ඇති බවත්, එය කිසිසේත් ලොකු දෙයක් නොවන බවත් අවසානයේදී එරික් සිතා ගත්තේය. ඉන් පසු ඔහුට ගැටලුවක් හෝ අපහසුතාවක් ඇති නොවුණේය.

    8. හීත් ලෙජර් සහ ජේක් ගිලෙන්හාල්Heath Ledger and Jake Gyllenhaal

    බ්රේක්බැක් මවුන්ටන්ස් Brokeback Mountains යනු විශිෂ්ට චිත්‍රපටයකි. නමුත් සමීප දර්ශන නළුවන් දෙදෙනාම දැඩි අපහසුතාවට පත් කරන්නක් විය. ඔවුන්ගේ චරිත, ඔවුන්ගේ හැඟීම් හා ලිංගිකත්වය සමඟ ගැළපෙන බැවින් එය අපහසුතාවයට පත්විය. නමුත් නළු නිළියන්ටම එම රංගනය ප්‍රතිනිර්මාණය කිරීම දුෂ්කර විය. එකල හීත් ලෙජර්ගේ පෙම්වතිය ද චිත්‍රපටයේ සිටි බව සඳහන් කල යුතු අතර එය වඩාත් අවුල් සහගත වීමට ඇය ද හේතුවක් විය.

    9. රේචල් මැක් ඇඩම්ස් සහ රයන් ගෝස්ලිංRachel McAdams and Ryan Gosling

    “නෝට්බුක්” චිත්‍රපටය රූගත කරන විට ඔවුන් එකිනෙකාට වෛර කළහ. සිපගැනීමේ දර්ශන චිත්‍රපටයට වධ හිංසා පමුණුවා ඇති අතර, එකම කාමරයේ සිටීමට පවා ඔවුන්ට අවශ්‍ය නොවීය. නමුත් සිත්ගන්නා කරුණ නම් චිත්‍රපටය නිමවීමෙන් පසුව දෙදෙනා සැබවින්ම ටික කලක් පෙම්වතුන් වීමය. 

    සැකසුම -තුෂාධවි

  • ලිංගික තෘප්තියේ නවමං කියන ‘ස්වයං ලිහිසි කිරීමේ කොන්ඩම්’ ගැන දැන ගනිමුද ?

    ලිංගික තෘප්තියේ නවමං කියන ‘ස්වයං ලිහිසි කිරීමේ කොන්ඩම්’ ගැන දැන ගනිමුද ?

    ‘ස්වයං-ලිහිසි කරන රබර් කිරි කොන්ඩම් – Self-lubricating condom සෑදීම සඳහා ක්‍රමයක් සොයාගෙන ඇති බව පර්යේෂණ කණ්ඩායමක් පවසයි.

    ‘සංසර්ග ක්‍රියාවලිය පුරාම පැවතිය යුතු විශේෂ කල් පවතින ආලේපනයකට ස්තූතිවන්ත වන බව. බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ සහාය ඇතිව පර්යේෂණවල නිරත වූ මෙම පර්යේෂකයින් කණ්ඩායම පවසයි.

    ඔවුන් බලාපොරොත්තු වන්නේ තම සොයා ගැනීම මගින් කොන්ඩම් භාවිතය වඩාත් ආකර්ෂණීය කරවන අතර එමඟින් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (ලිංගාශ්‍රිත රෝග) මෙන්ම අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වනු ඇති බවයි.

    ප්‍රමාණවත් ලිහිසිකරණයකින් තොරව ලිංගිකව හැසිරීම වේදනාකාරී විය හැකි අතර කොන්ඩම් පුපුරා යාම හෝ ලිස්සා යා හැකිය.

    නිවැරදිව භාවිතා කරන විට, කොන්ඩම් ඉතා ඵලදායී උපත් පාලන ක්‍රමයක් වන නමුත් බොහෝ දෙනකු කොන්ඩම් භාවිතයට කැමති නැත.

    කොන්ඩම් භාවිතා කිරීම පහසු කිරීම සඳහා ඒවා බොහෝ විට දැනටමත් ලිහිසි කර ඇති නමුත් සමහර විට මෙය සුවපහසුව සඳහා ප්‍රමාණවත් නොවන බවට මැසිවිලි ඇත.

    පර්යේෂකයන් පවසන්නේ ‘ස්වයං-ලිහිසි කරන කොන්ඩම් ශරීර තරලය සමඟ සම්බන්ධ වූ වහාම සැබවින්ම ලිස්සන සුළු වන අතර එය වඩාත් ප්‍රබෝධජනක බවයි‘.

    ‘එය සංසර්ගය තුළ සිදුවන තෙරපීම් 1,000කට පමණ ඔරොත්තු දෙනවා. සැබිවින්ම එය විස්මයක්‘

    පර්යේෂකයන්ට අනුව, සංසර්ගය සාමාන්‍යයෙන් එම කාලයෙන් අඩක් පවතින නමුත් සමහර විට ඒවා දීර්ඝ කාලයක් සිදු වෙනවා.

    සංසන්දනය සඳහා පරීක්ෂා කළ විට, ජලය මත පදනම් වූ දියර ලිහිසි තෙල් සමඟ ආලේප කර ඇති සාමාන්‍ය කොන්ඩම් මුලින් වඩා ලිස්සන සුළු වූ නමුත් තෙරපුම 6ක් පමණ වූ පසු එය අඩු වෙනවා.

    පර්යේෂණයේ පියවරක් ලෙස සාමාන්‍ය කොන්ඩම් සහ පර්යේෂකයින් විසින් සොයා ගත් නව කොන්ඩම් යන වර්ග දෙකම භාවිත කර ශ්‍රේණිගත කරන ලෙස ස්වේච්ඡා සේවකයන් 33 දෙනකුට ලබාදී තිබෙනවා.

    ස්ත්‍රීන් හා පුරුෂයින් 33 දෙනාගෙන් බොහෝ දෙනෙක් ස්වයං-ලිහිසි කිරීම වඩා ඉහළින් ඇගයීමට ලක් කළ බවයි පර්යේෂකයින් කියන්නේ.

    බොස්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂක මහාචාර්ය මාක් ග්‍රින්ස්ටාෆ් පැවසුවේ ‘ එය වියළී යන විට මඳක් සිහින් බවක් දැනෙනවා. නමුත් ජලය හෝ ස්වාභාවික තරල තිබියදී එය සැබවින්ම සිනිඳුයි. එය ක්‍රියාත්මක කිරීමට ඔබට අවශ්‍ය වන්නේ තරල ස්වල්පයක් පමණයි.”

    පර්යේෂකයන් පවසන්නේ ‘සැබෑ ජීවිත සැකසුම් තුළ ස්වයං-ලිහිසි කරන කොන්ඩම් වෙනත් වෙළඳ නාමවල කොන්ඩම් වලට සාපේක්ෂව කොතරම් හොඳින් ක්‍රියා කරනවාද යන්න සංසන්දනය කිරීමට තවත් පරීක්ෂණ අවශ්‍ය බවයි‘

    මහාචාර්ය ග්‍රින්ස්ටාෆ් පවසන්නේ සායනික අත්හදා බැලීම් ලබන වසරේ මුලදී ආරම්භ කළ හැකි බවයි.

    නියාමන අනුමැතියට යටත්ව විශ්වවිද්‍යාලයෙන් බාහිර සමාගමක් වාණිජ වෙළඳපොළ සඳහා නිෂ්පාදනයක් සංවර්ධනය කිරීමට සැලසුම් කරමින් සිටී.

    පහසුව

    බෙල්ෆාස්ට් හි ක්වීන්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිකොලා අර්වින් සෞඛ්‍යාරක්‍ෂක ද්‍රව්‍ය හා තාක්‍ෂණය පිළිබඳ විශේෂඥවරියකි. සංසර්ගය අතරතුර කොන්ඩම් භාවිතයේ සුවපහසුව වැඩි දියුණු කිරීම සඳහා මුත්‍රා කැතීටර්වල සමාන “හයිඩ්‍රොෆිලික් – “hydrophilic ආලේපන භාවිතා කර ඇති බව ඇය පැවසුවාය.

    “මෙම ආලේපිත කැතීටර්, පොදුවේ ගත් කල, වෙනස් නොකළ ආලේපිත සහ ජෙල්-ලිහිසි කරන ලද උපාංගවලට වඩා වැඩි පරිශීලක පිළිගැනීමක් සමඟ සම්බන්ධ වෙනවා. මෙම පරිශීලක මනාපය ප්‍රධාන වශයෙන් ඇතුළත් වන්නේ ඇතුළු කිරීම මත ඇති වන අපහසුතා මට්ටම අඩු කිරීම සහ හැසිරවීමේ පහසුව සහ පහසුව සදහායි‘

    “අලුතින් සංවර්ධනය කරන ලද හයිඩ්‍රොෆිලික් ආලේපිත කොන්ඩම් වලට සමාන ප්‍රතිලාභ ලබා ගත හැකි යැයි අපේක්ෂා කළ හැකි නමුත් අපට තවත් අත්හදා බැලීම් අවශ්‍යයි‘ ඇය පැවසුවාය.

    මේ අතර, ඕස්ට්‍රේලියාවේ වොලොංගොං විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ රබර් කිරි හෝ රබර් වලට වඩා දැඩි  හයිඩ්‍රොජල් වලින් ස්වයං ලිහිසි කරන කොන්ඩම් නිපදවීමට කටයුතු කරමින් සිටිති .

    පොදු කොන්ඩම්වල දුර්වලතා

    • සමහර  hand creams ඇතුළු තෙල් මත පදනම් වූ නිෂ්පාදන රබර් කිරි කොන්ඩම් වලට හානි කළ හැකි බැවින් ඒවා වළක්වා ගැනීම වැදගත්ය. ඒ වෙනුවට සිලිකොන් හෝ ජලය මත පදනම් වූ ලිහිසි තෙල් භාවිතා කරන්න
    • කොන්ඩම් නැවත භාවිතා නොකරන්න
    • කොන්ඩම් පහසුවෙන් හානි විය හැකි බැවින් ඔබ ඒවා ගබඩා කරන්නේ කෙසේදැයි සැලකිලිමත් වන්න, විශේෂයෙන් ඒවා පසුම්බියක, සාක්කුවක හෝ බෑගයක තබා තිබේ නම් ඒවාට පහසුවෙන් හානි සිදුවිය හැකිය.
    • කල් ඉකුත් වීමේ දිනය පරීක්ෂා කරන්න
    • ඔබ කොන්ඩම් එකක් දැමූ විට, එහි මුදුනතට එක්වන වාතය ඉවත් කිරීම සඳහා එහි අග මිරිකා ගැනීම වැදගත්ය. ඔබ එසේ නොකළහොත්, කොන්ඩම් කැඩීමට ඉඩ ඇත

    ලිංගික සෞඛ්‍ය පුණ්‍යායතනයක් වන එෆ්පීඒ හි බෙකි බර්බිජ් මෙසේ පැවසුවාය, “කොන්ඩම් භාවිතය දිරිගැන්වීම සඳහා නව සොයාගැනීම් අපි සාදරයෙන් පිළිගන්නවා. ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලින් ආරක්ෂා වීමට උපකාරී වන එකම උපත් පාලන ක්‍රමය කොන්ඩම් පමණයි. එබැවින් ඒවා භාවිතා කිරීම පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් සහ පහසුවක් දැනීම වැදගත්.

    “කොන්ඩම් ලිහිසි කිරීමෙන් ලිංගිකත්වය වඩාත් සුවපහසු හා විනෝදජනක විය හැකි අතර එමඟින් ජලය මත පදනම් වූ ලිහිසි තෙල් මෙන්ම විවිධ ප්‍රමාණ, හැඩතල සහ කොන්ඩම් වල වයනය අත්හදා බැලීමට අපි ඔවුන්ව දිරිමත් කරන්නෙමු‘

    බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීත්ෂණ වෙළෙන්එගොඩ

  • ලෝකයේ ප්‍රථම ජීවමාන ප්‍රමාණයේ ‘ගොඩ්සිලා’ බිහිවෙයි !

    ලෝකයේ ප්‍රථම ජීවමාන ප්‍රමාණයේ ‘ගොඩ්සිලා’ බිහිවෙයි !

    ජපන් තේමා උද්‍යානයක් (theme park) විසින් ලොව ප්‍රථම ස්ථිර “ජීවමාණ ප්‍රමාණයේ” ගොඩ්සිලා ප්‍රතිමාවක් ස්ථාපනය කර තිබෙනවා. කෝබේ නගරයට ඔබ්බෙන් වූ අවාජි දූපතේ ස්ථාපනය කර ඇති මීටර් 23 (අඩි 75) ක් උසැති මෙම ගොඩ්සිලාගේ කටට ඇතුළු වීමට අමුත්තන්ට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.

    මෙම ප්‍රතිමාව ස්ථාපිත කිරීම සමග නරඹන්නන් විශාල වශයෙන් පැමිණෙන බවයි එහි ප්‍රකාශකයෙක් මාධ්‍ය සමග කියා සිටියේ.

    ආරම්භක ගොඩ්සිලා චිත්‍රපටයේ නිරූපිත ගොඩ්සිලාගේ උස මීටර් 50 ක් වූ නමුත් පසුගිය වසරේ ප්‍රදර්ශනය වූ ‘ගොඩ්සිලා: කිං ඔෆ් ද මොන්ස්ටර්ස් Godzilla: King of the Monsters. චිත්‍රපටයේ මීටර් 120ක් වුණා.

    තායිවානයේ එක් ස්වයං-විස්තර කළ රසිකයෙක් චිත්‍රපටයේ වෙනස්වන ගොඩ්සිලාගේ ප්‍රමාණය ලේඛනගත කළ බව නිවුස් වීක් සගරාවේ සදහන් වුණා.

    අවාජි දූපතේ ස්ථාපිත ආදර්ශනය චිත්‍රපට අනුවාදයන්ට වඩා කුඩා වන අතර, එය වෙනත් තිරයෙන් බැහැර වූ ගොඩ්සිලා නිදර්ශකවලට වඩා විශාලය. සංසන්දනය කිරීමේදී ටෝකියෝ හි ටෝහෝ ගොඩනැගිල්ලේ සුප්‍රසිද්ධ ගොඩ්සිලා හිස උස මීටර් 12 ක් පමණ වේ.

    “අප දන්නා පරිදි, මෙතෙක් ඉදිකර ඇති එකම ජීවමාන ප්‍රමාණයේ ගොඩ්සිලා ප්‍රතිමාව මෙයයි” යැයි නයිජෙන් නො මෝරි පාර්ක් හි ප්‍රකාශකයෙක් පැවසීය.

    “විදේශයන්හි සිටින ගොඩ්සිලා රසිකයන් මෙහි පැමිණ සිනමා තිර හරහා පමණක් දන්නා රාක්ෂයාගේ දැවැන්තකම අගය කරනු දැකීමට අපි කැමතියි.”

    සෙනසුරාදා (10) මහජනයාට විවෘත වන මෙම නව ආකර්ෂණය නිරූපණය කරන්නේ පුළුල් මුඛයක් සහ කරකැවෙන දත් ​​සහිත ගොරවන ගොඩ්සිලා ය.

    මෘගයාගේ සිරුරෙන් අඩක් භූගතව තැන්පත් කර ඇති බවක් පෙනේ.

    ගෝරිල්ලා සහ තල්මසෙකු අතර එකතුවක් යැයි සිතන ගොඩ්සිලා, එය මුලින්ම තිරයට පැමිණි දා සිට ‘ජනප්‍රිය සංස්කෘතික‘ නිරූපකයක් බවට පත්වී ඇති අතර, චිත්‍රපට 30 කට අධික සංඛ්‍යාවක්, අන්තර්ජාල ක්‍රීඩා සහ සෙල්ලම් බඩුවලින් දැවැන්ත නිරූපණයක් ලබා ගෙන ඇත.

    චිත්‍රපට පුරාවෘත්තය

    ගොජිරා – ජපානයේ “ගෝරිල්ලා” සහ “කුජිරා” (තල්මසුන්) චිත්‍රපටය ඉෂිරෝ හොන්ඩා විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර 1954 නොවැම්බරයේදී ටෝහෝ ස්ටුඩියෝ විසින් නිකුත් කරන ලදී.

    ජපන් ජාතිකයින් රූපවාහිනී යන්ත්‍ර බහුලව නැරඹීමට යුගයේ සිනමාවට නැගුණ මෙම චිත්‍රපටය මිලියන 9.6 ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් විසින් නරඹා ඇත.

    චිත්‍රපටයේ ගෝලීය රසික සංඛ්‍යාව වර්ධනය වෙත්ම ජපානයේ පශ්චාත් යුධ සමාජයේ රූපකයක් ලෙසත්, න්‍යෂ්ටික අවි පිළිබඳ එහි කනස්සල්ලටත් එය හේතු විය.

    මනංකල්පිත ග්‍රන්ථ (fantasy) කතුවරයකු වන ස්ටීවන් ඩී සුලිවන් ගොඩ්සිලා චරිතය සහ චිත්‍රපට විස්තර කර ඇත්තේ “දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපන් අත්දැකීම් පිළිබිඹු කිරීමක්” ලෙස ය.

    ඒවායින් පිළිබිඹු වන්නේ “සිතාගත නොහැකි තරම් විනාශයක්, සහ ‘අපි මෙය කෙසේ හෝ අප වෙත ගෙන ආවා’ යන තේරුමක් නැති අර්ථයක් බව ඔහු වැඩි දුරටත් පැවසුවා.

    බී.බී.සී ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • වී වගාවට ශාපයක් වූ ‘ගොක්මැස්සා අලුත් වෙලා’ යළිත් ගොයමට ගොඩබැහැලා

    වී වගාවට ශාපයක් වූ ‘ගොක්මැස්සා අලුත් වෙලා’ යළිත් ගොයමට ගොඩබැහැලා

    එංගලන්තයේ සිට පැමිණි සත්ත්ව විද්‍යාඥයෙක් වූ ජේම්ස් වුඩ් මේසන් කල්කටාවේ පිහිටි ඉන්දීය කෞතුගාරයේ අධ්‍යක්‍ෂවරයාව සිටියදී, සත්ත්ව සාම්පල එකතු කිරීමේ සහ හඳුනා ගැනීමේ ආශාව හා බැඳුනු තම පුරුද්දට අනුව, බිහාර් ප්‍රාන්තයේ කෙත්යායක් හරහා එක්තරා හිමිදිරියක සක්මන් කරමින් සිටියේය.

    නිශාචර බව උපතින්ම උරුමව තිබුණත්, හිතුවක්කාරකමට හෝ ආපසු නිවසට යාමට ප්‍රමාද වීම නිසා හෝ, ගොයම් කොළ මත ගාටමින් සිටි කලින් දැක පුරුදු නැති, මදුරුවෙක් තරමේ වූ කෘමියෙක් හදිසියෙන්ම මෙම කීට විද්‍යාඥයාගේ නෙත ගැටුණි.

    ඒ වනවිටත් හඳුනා නොගත් රෝගයකින් එම පළාතේ ගොයම පීඩා විඳිමින් සිටි නිසා ජේම්ස් වුඩ් ගේ සිත වඩාත් ඕනෑකමින් මෙම අහඹු සත්වයා කෙරෙහි යොමුවිය. ඒ 1890 වසරයි. ඔහු විසින් සෙසිඩෝමියා ඔරයිසේ (Cecidomyia oryzea) වශයෙන් කෘමියාට නමකුත් තබා ඇමරිකන් නැචුරලිස්ට් නමැති සඟරාවට ඒ ගැන ලිපියක්ද ලියූවත් වැඩි දෙනෙකුගේ අවධානයට එය හසුවූ බවක් නම් නොපෙනුණි.

    උත්සන්න වූ වකුගඩු ආබාධය හේතුවෙන් තව දුරටත් සේවයේ යෙදිය නොහැකිව ඉන් වසර තුනකට පසු, එනම් 1893 අප්‍රේල් 5 වෙනිදා දිනෙක ආපසු ගෙදර යාමට හෙතෙම නැව් නැග්ගද, ඉන් මාසයකට පසුව මැයි මස 6 වෙනිදා ඔහුගේ අවසන් සුසුම මුහුදු සුළඟටම මුසු වූයේ හිරු නොබසින අධිරාජ්‍යයට නැවත පා තැබීමද අවහිර කරමින්ය. එපමණක් නොව ඔහු හඳුන්වාදුන් අමුත්තා ගැනද ඉන්දියාවට අමතක වී ගියේය.

    නැවතත් ඉන්දියාවට ඇහැකණ ඇරුනේ1901 දී පෙරකී කෘමි හානිය මයිසූර් ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමගය. 1934 දී ඉන්දීය කීට විද්‍යාඥයෙකු වූ එම්. එස්. මානි විසින් මෙම කෘමියා නිල වශයෙන් ලෝකයට හඳුන්වා දෙනවිට  1922  දී පළවූ වාර්තා වලට අනුව උතුරු වියට්නාමයටත් ඌ පැතිරී හමාරය.

    ආරම්භයේදී ජේම්ස් වුඩ් විසින් කෘමියාට තැබූ නම වෙනස් කිරීමට කිසිවෙකුට අවශ්‍ය නොවුන අතර 1936 දී ඉන්දුනීසියාවටත්, 1941 දී චීනයටත්, 1947 වනවිට සුඩානයටත් කෘමියා සංක්‍රමණය වෙමින් ගොයම පාලුකිරීම අරඹා තිබේ. අවසානයේදී ලී සහ චියු නමැති චීන විද්වත් දෙපලක් විසින් 1951 දී සත්වයාගේ ජීවන චක්‍රය පවා අනාවරණය කරගත් අතර දැනට භාවිතා වන විද්‍යාත්මක නාමය වන්නේ ඔර්සියෝලා ඔරයිසේ (Orseolia oryzea) යන්නයි.

    අපට  තේරෙන විධියට මෙතැන් සිට මේ කරදරකාරයා ‘ගොක් මැස්සා‘ ලෙස හඳුන්වමු. මැස්සා බිත්තර දමන්නේ ලපටි ගොයමේ පත්‍රවල යටි පැත්තේය. දින දෙක තුනකින් බිත්තර පුපුරා එන කීටයින් පහලට රූටා ගොස් පත්‍ර පාදය සිදුරු කරගෙන කඳ තුලට ඇතුල්වී එහි වර්ධන අග්‍රය වෙතට ගොස් ඒ මත පෝෂණයේ යෙදේ. ඒ අතර තම පිලා අවධියේ වාසය සඳහා පත්‍ර කොටස් වලින්ම ‘ගඩු’ නමින් හඳුන්වන සෛල ගොනුවක්ද සාදා ගනී. වර්ධන අග්‍රය විනාශ කර ඇති නිසා මෙම රිකිල්ලෙන් දැන් ඉතින් කරලක් හෝ සරු පත්‍රයක් ඇති නොවෙන අතර ලපටි සුහුඹුලා පිටව යන්නේ රිදී පැහැයට පිටතට දික්වූ ගඩුව හරහාය.  

    ඉන්දියාවට ආවානම් ගොක් මැස්සා මෙහාටත් නෑවිත් ඉන්නේ නැත. හැත්තෑව දශකයේදී අපේ වී වගාව ගැන විද්‍යාත්මකව කරුණු විමසන්නන්ට වැඩි වශයෙන්ම තෙත් කලාපයේ කුඹුරු ඉඩම් වලින් මේ ආගන්තුක රෝගය ගැන ඉව වැටී තිබුණි.

    බැලූ බැල්මටම කෘමි හානියක් සේ නොපෙනුනත්, නාඹර ගොයමේ තැනින් තැන කරල් පූදින්නේ නැතිව ඒ වෙනුවට රිදී පැහැ ගොබයක් පිටතට පැමිණීම මෙම රෝග තත්වය විය. රන්වන් කරලින් බරවූ සරුසාර ගොයමක් වෙනුවෙන් නිතර දෙවේලේ සමාජය අවදි කරවන අපට රිදියෙන් කල ගොබයක් ගැනත් ලියන්නට සිදුවීම දෛවයේ සරදමක් දැයි සිතෙන තරම්ය.

    එහෙත් රන් කරල් වෙනුවට පැමිණි රිදී ගොබය වී ඇටයක්වත් රැගෙනවිත් තිබුනේ නැත. තව තවත් අලුතින් රිකිලි දමමින් අපගේ කුසගිනි නිවීම කෙසේ වෙතත්, තම පණනලවත් රැක ගන්නට ගොයම් පඳුර උත්සාහ දැරුවද ඒවායින් එලියට ආවේද ලූණු කොළ බඳු සිලින්ඩරාකාර රිදී ගොබ පමණකි. ‘රිදී ගොබ පීදීම’ වශයෙන් රෝගයක් කුඹුරේ ලියාපදිංචි විය.

    රිකිල්ලෙන් කරලක් හටගන්නේ නැති නිසා ‘රිකිලි’ දහයක් තිබෙන ගොයම් පඳුරක රිකිලි පහකින් කරල් වෙනුවට රිදී ගොබ හටගත්තේ නම්, එදාට අස්වැන්න 50% කින් පහල බසිනවා යන්න සරල අංක ගණිත දැනුමකි. විසිතුරු රිදී ගොබ සංදර්ශනය කියා පෑ එම ගණිත සූත්‍රය හමුවේ රටේ සමස්ත වී නිෂ්පාදනයට සිදුවෙන බලපෑම තේරුම් ගත් ගොවි ජනතාවගේත්, වී පර්යේෂකයින්ගේත් ඉහ මොළ රත්වූයේ බොහොම ඉක්මනටය.

    වෙනත් විෂයයන් හදාරා වෘත්තීය නිපුනත්වයක් ලබාසිටි රූපලාවන්‍ය ශිල්පීන්, නීතිඥයින්, වෛද්‍යවරුන්, සංගීතඥයින් වැනි අය, රටේ වාසනාවට රිදී ගොබයට උත්තර බඳින්නට එදා ඉස්සරහට ආවේ නැත. බැඳගත්ත බෙරය ගහන්නට කෘෂිකර්මය දන්නවුන්ටම ඉඩදී ඔවුහු තමාගේ වැඩක් බලාගත්හ. වෘත්තීය ආචාරධර්ම අකුරටම ක්‍රියාත්මක විය.

    ලෝකයේ කුමන හෝ අහුමුල්ලක සිදුකෙරෙන අනාවරණයක් ඇඟිලි තුඩේ සරල මෙහෙයුමකින් හිස් කබල තුලට ඔබාගැනීමේ හැකියාවක් පවා  අද මෙන් නොතිබුණු යුගයකදී, කාගෙන්වත් බාධාවක් නොමැතිව පිටියට පිවිසි වී පර්යේෂකයින් හොඳ ඉනිමක් ක්‍රීඩාකර රිදී ගොබයට හේතුව පැහැදිලි කරදෙන ලදී.

    ගොයම් ගස තුල සැඟවී හිඳිමින් රිදී පැහැ ගොබයක් පිටතට එවනුයේ ‘ගොක් මැස්සා’ නමින් හැඳින්වෙන මදුරුවෙක් වැනි කුඩා සතෙකු විසින් බව පැහැදිලි කල විද්වත්තු, දිවා රෑ වෙහෙසී වැඩකර රිදී ගොබ ඇති නොවන අන්දමේ වී ප්‍රභේද කීපයක් 1979 වසර වනවිට නිපදවා, ගොවීන් වෙතටද පමුණුවා රිදී ගොබ ප්‍රශ්නය අහවර කළහ.

    “කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉන්දියාවෙන් ගෙන්වා ගත්ත ගොක් මැස්සාට ඔරොත්තු දෙන වී වර්ග. ඒවා ලංකාවේ තත්වයට ගැලපෙනවාද කියල හොයල බැලුවේ ගන්නොරුවේදී. අපි හිටියේ බතලගොඩ. අන්තිමට ඕබී 677 සහ ඕබී 678 කියල වර්ග දෙකක් අපිට තෝරලා දුන්න ප්‍රතිරෝධී වර්ග කියල. ඒවායේ අස්වැන්න නම් අඩුයි, හැබැයි 100% ක්ම ගොක් මැස්සාට ඔරොත්තු දෙනවා. අපිට කරන්න උනේ ඒ මාදිලිවල තිබෙන අදාළ ජාන අපේ වැඩි දියුණුකළ වී වර්ග වලට ඈඳා ගන්න එකයි. අපි පාවිච්චි කෙරුවේ ඕබී 678 කියන ප්‍රභේදය””

    කර්තවයට උරදුන් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ සහල් අභිජනන විද්‍යාඥ ආචාර්ය එම්. පී. ධනපාල මහතා එසේ සඳහන් කර සිටී. ඉන්දියාවෙන් ලැබුණු ඔරොත්තුදෙන ප්‍රභේදයන්ට එම ගතිගුණය හිමිවූයේ වී පැලයේ දේහ සෛල තුල වූ යම්කිසි විශේෂිත ජානයක් හෝ කීපයක් නිසාය. එම ජාන මගින් නිපදවන කිසියම් සංයෝගයක් ගොක් මැස්සාට විෂ සහිත වන බැවින් එවැනි ගොයමක් තුල මැස්සා නඩත්තු වන්නේ නැත.

    බතලගොඩ විද්වත් නඩයට එකල ගන්නෝරුවේ පිහිටි මධ්‍යම කෘෂිකර්ම පර්යේෂනායතනයෙන් උපදෙස් ලැබුනේ ඉන්දීය මාදිලිය දැරූ මෙම ජානය හෝ කීපය ගලවා අපගේ මාදිලි වලට සවි කරන්නටයි. වැඩේට වසර හත අටක් ගිය බවද සැබෑවකි. වී අභිජනනය දවසෙන් දෙකෙන් කරන්නට බැරිය. වාසනාවට පර්යේෂකයින්ට කකුල් මාට්ටු දමමින්, වැඩේ දෙල් කරන බකපන්ඩිතලාත්, ඇස්දෙක බැඳගෙන අලියාගේ තැනතැන ඇඟපත අතගාමින් උගේ හැඩරුව කියන අංජනම්කාරයිනුත් එදා සිටියේ නැත. හිටියා නම් ධනපාලලා තවමත් ජාන අමුනන්නට දඟලනවාය.   

    වැඩේ කෙරෙනා තුරු ගොවීන්ගේ සහනයට උපදෙස් දෙනු ලැබුවේ ගසට උරාගෙන ඇතුලත සිටිනා සතුන් මරන්නට තරම් ප්‍රබල වන කාබොෆියුරාන් වැනි ‘කැට කෘමිනාශකයක්’  කුඹුරට යොදන්නටයි. මන්දයත් සතුරා සිටින්නේ සැඟවීගෙනය. ප්‍රමාණයෙන් කුඩා බව නිසා හදිස්සියට පෙනෙන්නේත් නැත.

    කෙසේ වෙතත් අද වනවිට මෙවැනි ප්‍රබල කෘමිනාෂකයන් කෘෂි නිලධාරීන් විසින්ම මෙරට භාවිතය තහනම් කර තිබේ. සමහරුන් කියනා පරිදි මෙරට සිටිනා කෘෂි නිලධාරී ඇතැමෙක් පළිබෝධනාශක මාෆියාවෙන් වරදාන ලබාගන්නවුන් වෙති. ඒ නිසා ඔවුන් නටන්නේ කොම්පැනිය ගසනා බෙර පදයට අනුවය.

    එසේ නටනා අතරතුර රටට ජනතාවට හානි පමුණුවන පළිබෝධනාශක වර්ග රාශියක භාවිතය මෙරට තුල තහනම් කිරීමට ඔවුන් විසින්ම පියවර ගැනීම මට නම් අමුතුම වර්ගයේ අපබ්‍රංශයකි. එක්කෝ ඔවුන් වරදාන සන්තෝසම් ගන්නේ නැත. නැත්නම් තහනම් කිරීම බොරුවකි. මේ දෙක එකිනෙකට පරස්පරය. අතයට ගනුදෙනුව පිටතට නොපෙනෙන නිසා ඒ ගැන සහතික දෙන්නට බැරි වුවත්, තහනම නම් එළිපිටම පෙනෙන්නට තිබේ. එසේනම් ගනුදෙනුවත් නොලැබුණා වියහැකි නිසා අවසානයේ නිගමනය කරන්නට සිදුවන්නේ, එසේ පවසන අයගේ පරිපථයන්හි බරපතල වයර් පටලැවිල්ලක් සිදුවී ඇති බව පමණය.

    රිදී ගොබ පීදීමේ රෝගයෙන් තාවකාලික සහනයක් ලැබීමට කෘමිනාශක හරහා ගොවියා සමත්වෙත්දී, කෘෂි විද්වතුන් විසින් තකහනියෙන් නිපදවන ලද ගොක් මැස්සාට ඔරොත්තු දෙන Bg 400-1, Bg 380, Bg 276-5 වැනි ප්‍රතිරෝධී වී ප්‍රභේද එදා කෙතරම් ජනප්‍රසාදයට පත්වූවාද කියනවානම් වසර දෙක තුනක් යනවිට ලාංකික වගා වපසරියෙන් 30% ක පමණ ප්‍රමාණයක් පුරවාලන්නට මෙම ප්‍රභේදයන් සමත්වී තිබේ.

    එහෙත් සොබාදහම අපට පමණක් පක්ෂපාතී වන්නේ නැත. මැස්සාට පෝෂණය විය නොහැකි ගොයමක් නිපදවන්නට සොබාදහම විසින් විද්වතුන්ට ආශීර්වාද කරනවාසේම, ඊට එරෙහි ජීව දර්ශ ප්‍රසූත කරන්නට ගොක් මැස්සාවද දිරිගන්වා තිබේ. විද්වතුන්ගේ උත්සාහයන් සරදමට ලක්කරමින්, ප්‍රතිරෝධී ප්‍රභේද වලටත් ගොක් මැස්සා පැමිණියේ ස්වභාවික විකෘති හරහා නව ජීව දර්ශ බිහිකර ගනිමින්ය.

    ජ්‍යෙෂ්ඨ කීට විද්‍යාඥ ආචාර්ය ලයනල් නුගලියද්ද එකල වූ සිදුවීම ගැන මතකය අවදිකරනු ලැබුවේ මෙලෙසිනි.

    “1983 වනවිට මාතලේ දිස්ත්‍රික්කයේ ගුරුවෙල ප්‍රදේශයෙන් නැවතත් ගොක් මැස්සාගේ හානිය මතුඋනා. ගොවීන් වගා කල බව අපිට කීවේ Bg 400-1 යන වී ප්‍රභේදය. අපේ කණ්ඩායමක් වහාම ඒ ස්ථානයට ගියා. අපි උපකල්පන දෙකක් කෙරුවා. එක්කෝ මේ 400-1 කියන ප්‍රභේදය නෙවෙයි. අනෙක් උපකල්පනය තමයි අපේ ප්‍රතිරෝධී ප්‍රභේද හා සටනට ගොක් මැස්සා තම පරපුර සූදානම් කරගෙන අවසන් කියන එක. දෙවැනි උපකල්පනය තමා නිවැරදි බවට සනාථ උනේ. ගොක් මැස්සා ජය අරගෙන”

    වසරක් ගතවෙත්ම ගොක් මැසි ආක්‍රමණය රටපුරාම ව්‍යාප්ත වූ බැවින් රසායන මර්දනයකට පවා යාමට සිදුවූ බව හෙතෙම පවසයි. වී වගා විද්වතුන්ට නැවතත් සිදුවූයේ ප්‍රතිරෝධී වී ප්‍රභේද බිහිකිරීමේ අභිජනන වැඩසටහන් ආරම්භ කරන්නටය. 1991 වසර වනවිට නැවතත් අවදානමෙන් මඳක් මිදෙන්නට ඔවුනට හැකිවී තිබේ. දිගින් දිගටම නවාතැන් අහිමිවීමේ තත්වය මත ගොක් මැස්සාගේ ‘දල’ බිඳී ඇති බවත්, තවදුරටත් ආර්ථික හානියක් කරන්නට ඌ සමතෙක් නොවනු ඇති බවටත් සිතමින් අප පසුගිය කාලය ගෙවා දැමුවෙමු.

    එහෙත් ඉදිරියේදී මේ තත්වය වෙනස්වන බවට ඉඟි පලකරමින් පසුගිය 2019/20 මහ කන්නයේදී මහනුවර අන්තර් පලාත් බල ප්‍රදේශයේ හසලක සමහර ස්ථාන වලිනුත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ආදී සමහර ප්‍රදේශ වලිනුත් දරුණුලෙස ගොක්මැස්සාගේ හානිය වාර්තා වූ බව පවසන්නේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ සුසන්ති චන්ද්‍රසේන මහත්මියයි.

    “ඒ ක්ෂේත්‍රවල වගාකරලා තිබුනේ Bg 352, Bg 366, Bg 374 සහBg 403 වැනි වී ප්‍රභේද. හැම එකටම දරුණුලෙස හානිවෙලා තිබුන. මේ වී ප්‍රභේද වගාව සදහා මුලින්ම නිදහස්වන අවස්ථාවේදී ගොක්මැස්සා සදහා මධ්‍යස්ථ ප්‍රතිරෝධීතාවයක් තිබුනත් තත්වය මේ වනවිට බිඳීගොස් තිබෙනවා විය හැකියි. ඒ කියන්නේ ගොක් මැස්සාගේ තවත් ජීව දර්ශයක්/හානිකර මාදිලියක් බිහිවී තිබීම වෙන්න පුළුවන්.එය සනාථ කිරීම සදහා පර්යේෂණ කෙරුවත් අපිට අවශ්‍ය තොරතුරු නියමාකාරයෙන් ලැබුනේ නෑ.  රටේ පැවති කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ඊළඟ කන්නය වන 2020 යල කන්නයේදී එම පර්යේෂණ ඉදිරියට ක්‍රියාත්මක කරන්නත් බැරිඋනා.”

    ඉදිරියට එන්නට ඇත්තේ යලිත් මහ කන්නයකි. දිවයිනේ ප්‍රධාන වී නිෂ්පාදන කාල පාරාසය වන්නේ එයයි. කොවිඩ් වසංගතයත් සමග ගැටී, අගුල් වැටී සිටියදී කාගෙ කාගේත් වැඩි අවධානය යොමුවී තිබුනේ කුඹුරු කොටන්නට නොව යහමින් ගෙවතු වවන්නටය.

    මේ අතර වාරයේ දින තුන හතරක ජීවිත කාලයක් තිබෙන ගොක් මැස්සාගේ පරම්පරා කීයක් බිහිවන්නට ඇත්ද? මිනිසා විසින් නිපදවා ඇති ප්‍රතිරෝධී ගොයම් මාදිලි සමග ජීවිතය ගෙවන්නට කුමන ආකාරයකට එයා අනුවර්තනය වන්නට ඇත්ද? රටේ වෙනත් ප්‍රදේශයන් කරා ව්‍යාප්තවී ගොස් ලබන කන්නයේ පූදින  ගොයමත් සමග මඟුල් කන්නෙමියි සිතා විකල්ප ධාරක වල් පඳුරු අතර මේ වනවිටත් සැඟවී සිටිනවා ඇත්ද? දෙවියන් පමණක් අද දවසේ දන්නා මේ තොරතුරු වල සාරාංශය ගොවියාට දැනගන්නට ලැබෙන්නේ එළඹෙන මහ කන්නයේ ගොයම පූදින සමය වනවිටයි.

    නිදහස් කරන සෑම ගොයම් ප්‍රභේදයක්ම අඩුතරමින් ගොක් මැස්සාට මධ්‍යස්ථ ප්‍රතිරෝධීතාවයක්වත් පෙන්වන්නේදැයි සැක හැර දැනගෙන නිකුත් කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිරිත වුවත්, පළිබෝධකයාගේ මෙම ආක්‍රමණික උපක්‍රමය නිසා, අද වනවිට ඒවාහි ප්‍රතිරෝධීතාවය එහා මෙහා වී හෙට අනිද්දා තැන තැන කුඹුරු වල රිදී ගොබ මතුවීම අහම්බයක් නොවී සිරිතක් වීමට හොඳටම ඉඩ තිබේ.

    මහ කන්නය ආරම්භයේදීම මේ සඳහා පිළියම් යෙදිය යුතු වන්නේ රිදී ගොබ පීදුන ගොයමකින් කරල් ඉල්ලා සිටීම පලක් නැති බැවිනි. කොරෝනාවට බෙහෙත් නැතුවා සේම ගොයම් ගස තුල සැඟව සිටිනා පුංචි කෘමියා මැරිය හැකි විෂ පළිබෝධනාශකද මේ වනවිට අපට නැත. ජාන වෙනස් කරගෙන යලි ඉපදුන මැස්සාට ඔරොත්තුදෙන නව ප්‍රභේද බිහිකිරීමටත් වසර ගණන් කල්ගතවේ.

    මහ කන්නය ආරම්භයේදීම මේ සඳහා පිළියම් යෙදිය යුතු වන්නේ රිදී ගොබ පීදුන ගොයමකින් කරල් ඉල්ලා සිටීම පලක් නැති බැවිනි.

    මහ කන්නය ආරම්භයේදීම මේ සඳහා පිළියම් යෙදිය යුතු වන්නේ රිදී ගොබ පීදුන ගොයමකින් කරල් ඉල්ලා සිටීම පලක් නැති බැවිනි. කොරෝනාවට බෙහෙත් නැතුවා සේම ගොයම් ගස තුල සැඟව සිටිනා පුංචි කෘමියා මැරිය හැකි විෂ පළිබෝධනාශකද මේ වනවිට අපට නැත. ජාන වෙනස් කරගෙන යලි ඉපදුන මැස්සාට ඔරොත්තුදෙන නව ප්‍රභේද බිහිකිරීමටත් වසර ගණන් කල්ගතවේ. එසේනම් අප ඉදිරියෙන් ඇත්තේ අවදානමකි. ගබඩා තුල සඟවාගත් වී තොග ගැන මෙතෙක් කතාකල අයට මේ හමුවේ අනාගතයේ කතාකරන්නට වන්නේ ගබඩා පුරවන්නට වී තොග නැතිව හුළං පිරෙන ගබඩා ගැන විය හැකිය.

    කන්නය ආරම්භයේදී ගොවියා අනුගමනය කලයුතු පිළිවෙත් පැකේජයක් මේ වන විටත් බතලගොඩ නිලධාරීන් විසින් එලි දක්වා තිබේ. ඒ ගැන තාක්ෂණික විස්තර කියවීමට බහුතර සතිඅන්ත පාඨකයින් කැමති නොවනු ඇත. අවශ්‍ය තරම් උපදෙස්, තොරතුරු පත්‍රිකා මගින් ගොවීන් හා මුසුවෙන කෘෂි නිලධාරීන් වෙත දැනටමත් යවා ඇති බැව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. කුඹුරු කරන්නන් හෝ කරවන්නන් දැන් කලයුත්තේ පළාතේ කෘෂි නිලදරුවන් හමුවී ගොක් මැස්සා හා සටන මෙහෙයවන අයුරු දැන කියා ගැනීමය. දෙපාර්තමේන්තුවටත් වසර අටකින් පමණ නව නිලධාරීන් බඳවාගෙන නොමැති බැවින් අලුතින් ගොයම් ප්‍රභේද නිපදවීම වැනි කටයුතුවලටද අපහසුතා ඇතිබවට පසුගිය දිනවලදී පුවත් පළවුණි.

    වර්ජන තර්ජනයක් ඇතිවිටදී විශ්‍රාමික රියදුරන් සේවයට ගෙන අවදානම නොසලකා කෝච්චි දුවවන්නට ඉදිරිපත් වෙන බලධාරීන්, විශ්‍රාමික විද්වතුන්වත් කුලියට ගෙන ගොයමේ අවදානම ගැන අවධානය යොමු කරනවානම් ගොක් මැස්සා වැන්නවුන් ඔයතරම් උඩපනින එකක් නැත.

    එලය යොදාගෙන වහලේ ගැහුවත්, අරටු ලී දඬුත් හරි හරියට ඒ හා මිශ්‍රව නොතිබුනොත් නම්, වහල කඩා වැටෙනා බව ඔවුනට අවබෝධ විය යුතුය. අලුතින් බඳවා ගන්නා පොඩි එකෙකුට උනත් යමක් කමක් අසා දැනගන්නට අහල පහලින් දන්නා කියන කෙනෙක් සිටීමේ වැදගත්කම එයයි. එහෙත් වගකිව යුත්තන් ඉස්තාලය වසන්නට කල්පනා කරන්නේ අස්සයා පැනගිය පසු නොව, ඉස්තාල දොරත් වේයන් කෑ පසු වීමය අපට තිබෙනා ගැටලුව වන්නේ……..

    සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම පර්යේෂණ හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නෝරුව, පේරාදෙණිය.    

  • සුරාබදු කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්

    සුරාබදු කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්

    Covid -19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස විදේශ මත්පැන් තැබෑරුම්, කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා, හෝටල පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, බියර් සහ වයින් ස්ථානීය පාරිභෝජනය සඳහා අලෙවිකෙරෙන ස්ථාන ඔක්තෝබර් 31 වැනිදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතා නිවේදනය කරයි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවියෙහි දැක්වෙන “මහජන ක්‍රියාකාරකම් සඳහා වු සංශෝධිත කාල රාමුව – 2020 ඔක්තොම්බර් 04 සිට 2020 ඔක්තොම්බර් 31”  මැයෙන් යුතු වු නිවේදනය හා සමගාමීව මෙම තීරණය ගෙන ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතා සිය නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරන්නේ.

  • අත්‍යවශ්‍ය කරුණකට හැර රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමෙන් වළකින්න

    අත්‍යවශ්‍ය කරුණකට හැර රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමෙන් වළකින්න

    අත්‍යවශ්‍ය කරුණකට හැර රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

    රිජ්වේ ආර්යා ළමා රෝහලට  ප්‍රතිකාර සදහා පැමිණි දරුවෙකුට සහ තවත් නේවාසික දරුවෙකුගේ පියෙකුට වෛරසය වැළදී ඇති බව එම රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කරයි. 

    මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණි දරුවෙකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබේ. එසේම තම දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් නුවර ප්‍රදේශයේ සිට පැමිණ කොළොන්නාව ප්‍රදේශයේ නැවතී සිටින පියෙකුට ද වයිරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසයි.

    කෙසේ වෙතත් එම රෝගී දරුවාට සහ මවට රෝගය වැළදී නැති බව තහවුරු වී ඇත. රෝගය වැළදී ඇති දරුවා අයිඩීඑච් රෝහලට යොමු කර තිබේ. මෙහිදී රෝහල් කාර්යමණ්ඩලය නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ බැවින් ඔවුන්ට අවදානමක් නොමැති වුවද මෙම තත්ත්වය මත අත්‍යවශ්‍ය කරුණකට හැර රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

  • ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 100ක් අලුත් නැටුමක් නැටීමට සැරසෙයි

    ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 100ක් අලුත් නැටුමක් නැටීමට සැරසෙයි

    පාස්කු දිනයට අනුබල දීම මත සැකපිට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේදී අද දින (09) බාර දෙන ලදී.

    2019 අප්‍රේල් මස 21 වන දින සිදුවූ පාස්කු දින ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට අනුබල දීමට සැකපිට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් පසුගිය අප්‍රේල් මස 14 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි අනාවරණය වී තිබියදීත් සැප්තැම්බර් මස 30 වන දින උසාවියට ඉදිරිපත් නොකර කිසිඳු නීතිමය අවසරයකින් තොරව රියාජ් බදියුදීන් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කොට ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ මෙම අත්තනෝමතික ක්‍රියාව පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා ත්‍රස්තවාදයට අනුබල දුන් රියාජ් බදියුදීන් යන අයව නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 දෙනෙකුට අධික කණ්ඩායමක්  ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

  • 2020 ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ලියන සිසුන්ට ‘වැදගත් නිල නිවේදන’ දෙකක්

    2020 ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ලියන සිසුන්ට ‘වැදගත් නිල නිවේදන’ දෙකක්

    2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වන තෙක් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත්‍රය සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස http://www.slexams.com/ ඔස්සේ බාගත හැකි බව නිවේදනයක් නිතුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

    උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ, කොවිඩ් 19 වෛරසයේ ව්‍යප්තිය හේතුවෙන් විභාග මාධ්‍යස්ථානයන් හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ වී විභාග මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ විශබීජහරණ කටයුතු හා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ඒ ඒ විභාග මධ්‍යස්ථානවලට විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති හෝ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකු අතිරේක ශාලාධිපති (ස්ථානභාර) ලෙස පත් කර ඇති බවයි.

    2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ඔක්තොබර් මස 12 වන දින සිට 2020 නොවැම්බර් මස 06 වන දා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2684ක දී පැවැත්වීමට සියලු කයුතු සූදානම් කර ඇති බවත් ඒ සඳහා අයදුම්කරුවන් 362,824 දෙනෙකු අයදුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පහ ශ්‍රේණිය ශිෂත්වය සහ අ.පො.ස උසස් පෙළ සිසුන්ට විභාග ප්‍රවේශපත්‍රය ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කිරීමට අවසර ලබා දී තිබෙන බවයි.

  • ‘ළමා මානසික අපයෝජනය’ දෙමාපියන්ගේ අයිතියක් ද ?

    ‘ළමා මානසික අපයෝජනය’ දෙමාපියන්ගේ අයිතියක් ද ?

    ඔයා කරපු ඔක්කොම දඟ වැඩ මම තාත්තා ආවා ම කියන්නම්. තාත්තා ඔයාට හොඳ දඬුවමක් දෙයි,” යන වැකිය, දඟ දරුවන් මෙල්ල කිරීම සඳහා මව්වරුන් නිරන්තරයෙන් භාවිත කරන උපක්‍රමයක් බව රහසක් නොවේ.

    එහෙත්, එම සරල වැකියෙන් ඔබේ දරුවා අපයෝජනයට ලක් වන බව ඔබ දන්නවා ද?

    එය සිදුවන්නේ මෙසේය.

    ඉහත දැක්වූ සරල තර්ජනාත්මක වැකිය හේතුවෙන් සිය පියාට බියක් දක්වන කුඩා දරුවන් පියා එනතුරු පසු වන්නේ, දැඩි මානසික පීඩනයක් හිත තුළ සිර කරගෙන බව ළමා මනෝ චිකිත්සකයෝ පෙන්වා දෙති.

    පියා නිවසට පැමිණි පසු තමන්ට පහර දෙයි ද? එසේ නැතහොත් කුමන දඬුවමක් දෙයි ද? යනුවෙන් සිතීමෙන් එම කුඩා දරුවාගේ මනස පැය ගණනක් ව්‍යාකූලව පැවතිය හැකි බව ළමා මනෝ චිකිත්සකයින්ගේ අදහසයි.

    ළමා මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය එන්. කුමානායක බීබීසී සිංහල සේවයට පැවසුවේ, මෙවැනි සිද්ධි නිරන්තරයෙන් සිදුවීම නිසා දරුවාගේ හිත තුළ ඇති වන කාංසාව වැනි හැඟීම් නිසා වැඩිහිටි වියේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් ඇති විය හැකි බවය.

    ළමා අපයෝජනය යනු කුමක් ද?

    ළමා අපයෝජනය පිළිබඳව කතා කිරීමේදී බොහෝ දෙනෙකු තුළ පවතින අදහසක් වන්නේ, ළමුන්ට එරෙහිව සිදු වන ලිංගික අපයෝජනයන්ය.

    එහෙත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ප්‍රධාන ක්‍රම 4ක් ඔස්සේ ළමා අපයෝජනය සිදු වන බවය.

    • ශාරීරික අපයෝජනය
    • මානසික අපයෝජනය
    • ලිංගික අපයෝජනය
    • නොසලකා හැරීම

    මේ සියලු අපයෝජනයන් දරුවාගේ පවුල තුළදී ම සිදු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 වසරට අදාළව කරන ලද සමීක්ෂණයකට අනුව ලෝකයේ ම දරුවන් අතරින් ඉහත කී ක්‍රම යටතේ අපයෝජනයට ලක්වූ දරුවන් ප්‍රතිශතයක් ලෙස පහත දැක්වේ.

    • ශාරීරික අපයෝජනය – 23%
    • මානසික අපයෝජනය – 36%
    • ලිංගික අපයෝජනය – 18%
    • නොසලකා හැරීම – 16%

    ඉහත දත්ත විශ්ලේෂණයේදී පැහැදිලිව පෙනී යන්නේ, ලෝකයේ සමස්ත දරුවන්ගෙන් 75%ක ප්‍රතිශතයක් ශාරීරික, මානසික සහ නොසලකා හැරීම් යන ක්‍රම ඔස්සේ අපයෝජනයට ලක් වන බවය.

    එසේ නම්, ලිංගික අපයෝජනය තරමට ම සෙසු අපයෝජන නිසා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි.

    ශාරීරික අපයෝජනය

    ශාරීරික අපයෝජනය යනු දරුවන් ශාරීරික හිංසනය මගින් පීඩාවට ලක් කිරීමය. පහර දීම, දණ ගැස්සවීම, අව්වේ සිටවා තැබීම, දඬුවමක් ලෙස ආහාර නොදීම ආදී ක්‍රියා ශාරීරික අපයෝජන ලෙස හැඳින්වේ.

    වෛද්‍ය තුෂ් වික්‍රමනායක
    ඡායාරූප ශීර්ෂ වැකිය,වෛද්‍ය තුෂ් වික්‍රමනායක

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, සෑම වැඩිහිටියන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු ම ළමා කාලයේදී ශාරීරික අපයෝජනයට ලක්ව තිබේ.

    ළමා කාලයේදී ශාරීරික වශයෙන් තමන් විඳි හිංසනය ඔහු වැඩිහිටියෙකු වූ පසු සිය දරුවන් හමුවේ මුදා හැරීමට බොහෝ වැඩිහිටියන් ක්‍රියා කරන බව ‘ළමා හිංසනයට තිත’ නමැති සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක බීබීසී සිංහල සේවයට පැවසීය.

    “ළමුන්ට එරෙහිව කෲරත්වය මුලින් ම සිදු වෙන්නේ දරුවාගේ ආදරණීයයන් අතින් මයි. දෙමාපියන් තමන්ගේ ක්ෂණික කෝපය දරුවන් මත මුදා හැරීම නිසා දරුවන් ශාරීරික හිංසනයට ලක්වෙනවා,” වෛද්‍ය තුෂ් වික්‍රමනායක පෙන්වා දුන්නාය.

    2018 වසරේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වූ ළමා හිංසන සම්බන්ධ පැමිණිලි 9512න් 2413ක් ළමුන්ට එරෙහි කෲරත්වය සම්බන්ධයෙනි.

    “කෙතරම් සියුම් වුණත්, දරුවෙකුට යහපතක් වෙයි කියලා හිතලාවත් ශාරීරික දඬුවම් කිරීම ළමා අයිතීන් උල්ලංඝණය කිරීමක්. දඬුවම් වශයෙන් හෝ කෲරත්වය නිසා හෝ දරුවන්ට ශාරීරිකව හිංසා කිරීම නතර කළ යුතුයි,” වෛද්‍ය තුෂ් වික්‍රමනායක පැවසීය.

    ඊට අමතරව අයහපත් ස්පර්ශය ද ශාරීරික අපයෝජනය යටතට වැටේ. ඒ සම්බන්ධයෙන් වැඩිහිටියන් දැනුවත් කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ දැන්වීම් ද සකස් කර තිබේ.

    මානසික අපයෝජනය

    මානසික අපයෝජනය

    “දෙමාපියන් අතින් නොදැනුවත්ව ම ගොඩක් වෙලාවට දරුවන් මානසික අපයෝජනයට ලක් වෙනවා. ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි,” ‘ළමා හිංසනයට තිත’ සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක පැවසීය.

    මෙම ලිපිය ආරම්භයෙහි සඳහන් කළ, “ඔයා කරපු ඔක්කොම දඟ වැඩ මම තාත්තා ආවා ම කියන්නම්. තාත්තා ඔයාට හොඳ දඬුවමක් දෙයි,” යන වැකිය මගින් සිදු වනුයේ මානසික අපයෝජනයකි.

    ළමා මානසික අපයෝජනය

    ඊට අමතරව දරුවන් මානසිකව අපයෝජනයට ලක් විය හැකි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

    • “ඔයා නම් හරි ම නරක ළමයෙක්” – මෙසේ කීමෙන් දරුවා තුළ තමන් කෙරෙහි පවතින ආත්ම විශ්වාසය බිඳ වැටේ. ඒ මගින් එම දරුවාගේ මනසට ඇතුළු වන්නේ ඍණාත්මක සිතිවිලිය.
    • “බලන්න අයියා කොච්චර හොඳ ද? ඇයි ඔයාට ඒ වගේ වෙන්න බැරි?” – මෙවැනි සන්සන්දනය කිරීම් නිසා දරුවන් තුළ තමන්ගේ ම සහෝදර සහෝදරියන් කෙරෙහි ඊර්ෂ්‍යාවක් හට ගනී.
    • “යාළුවා හොඳට ලකුණු ගත්තා නම් ඇයි ඔයාට බැරි?” – මෙමගින් ද මිතුරන් කෙරෙහි ඊර්ෂ්‍යාවක්, ද්වේෂයක් හට ගැනීමේ අවදානමක් පවතී.
    • “ඔයාට බෑ ඕක කරන්න. ඔයා අයින් වෙන්න” – මෙවැනි ප්‍රකාශ මගින් දරුවාගේ උත්සහවන්ත බව බිඳ වැටේ. ඔහු තමන් පිළිබඳ අවිනිශ්චිතතාවක් ඇති කර ගනී.
    • “කරදර නොකර පාඩුවේ ඉන්න දෙන්න” – මෙසේ කීමෙන් දරුවාගේ මනසට හුදෙකලාභාවයක් ඇති වේ. දරුවාට දෙමාපියන් හැර වෙනත් කිසිවෙකු නොමැත. එහෙයින් දරුවා සමග කාලය ගත නොකිරීම ද අපයෝජනයකි.

    ඉහත උදාහරණ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට පැහැදිලි කිරීමක් කළේ, ළමා මනෝ වෛද්‍ය විශේෂඥ එන්. කුමානායකය.

    මීට අමතරව, දරුවන්ගේ විවිධ ආබාධ සරදමට ලක් කිරීමෙන්, පටබැඳි නම්වලින් ඇමතීමෙන් ද මානසික අපයෝජනය සිදු වන බව ඔහු පැවසීය.

    ළමා මනෝ වෛද්‍ය විශේෂඥ එන්. කුමානායක
    ඡායාරූප ශීර්ෂ වැකිය,ළමා මනෝ වෛද්‍ය විශේෂඥ එන්. කුමානායක

    වෛද්‍ය එන්. කුමානායක පෙන්වා දුන්නේ, දෙමාපියන් සහ ගුරුවරුන් අතින් සිදු වන මානසික අපයෝජනයන් නිසා පසු කාලීනව එම දරුවන් පහත දැක්වෙන සංකූලතාවලට ලක් විය හැකි බවය.

    • හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වීම (අධික කෝපය)
    • බොරු කීම, සොරකම් කිරීම, වංචාවන්ට පුරුදු වීම
    • දෙමාපියන්ට එරෙහි වීම (අධ්‍යාපන කටයුතුවල නිරත වීම ප්‍රතික්ෂේප කිරීම)
    • කළකිරීමකින් සහ කනස්සල්ලෙන් ජීවත් වීම

    නොසලකා හැරීම

    ළමුන්ට එරෙහිව සිදු වන අපයෝජන අතර වැඩිහිටියන් නොදැනුවත්ව සිදු වන තවත් අපයෝජනයකි, නොසලකා හැරීම.

    එය වැඩිහිටියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව නිරන්තරයෙන් සිදු වන බව ‘ළමා හිංසනයට තිත’ සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක පෙන්වා දුන්නාය.

    නොසලකා හැරීම නමැති අපයෝජනය සිදු විය හැකි අවස්ථා:

    • දරුවන්ට ඇහුම්කන් නොදීම
    • දරුවන් පෝෂණය නොකිරීම
    • දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා හැරීම
    • දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොදීම
    • අනතුරුවලින් ආරක්ෂා කර ගැනීම පිළිබඳව සැලකිලිමත් නොවීම
    • දරුවන්ට අවශ්‍ය රැකවරණය නොදීම
    • දරුවන් සමග යහපත් සබඳතාවක් නොපැවැත්වීම

    ඉහත කී කරුණු නොසලකා හැරීම්වලින් සිදු විය හැකි ළමා අපයෝජනය යටතට අයත් වන බව වෛද්‍ය තුෂ් වික්‍රමනායක පෙන්වා දුන්නාය.

    ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පතේ දැක්වෙන පරිදි,

    “ළමයින් සඳහා ආරක්ෂාව, පෝෂණය හා රැකවරණය සලසන මූලික සමාජ ආයතනය ලෙස පවුල්වල භූමිකාව රජය විසින් හඳුනාගෙන ඇත. පරිණාමය වන සමාජ සන්දර්භයක් තුළ පවුල්වල විවිධ ආකාර සහ සිය ළමයින්ගේ ආරක්ෂාවට උචිත පරිදි උපකාර කිරීම හා පෝෂණය කිරීම උදෙසා එක් එක් පවුලක වෙන් වශයෙන් වූ විශේෂිත ශක්තීන් හා දුර්වලතා රජය විසිනු හඳුනාගනු ඇත. තමන්ගේ පවුල් තුළින් ළමයින්ට අවදානම් ඇති වන අවස්ථාවලදී ළමයින්ට, වඩා තර්ජනයක් ඇති කළ හැකි වැඩිහිටියන් පවුලෙන් ඉවත් කිරීමට වැඩි වැදගත්කමක් ලැබේ.”

    මේ අනුව, දරුවන්ගේ යහ පැවැත්මට පවුල තුළින් ඉටු විය යුතු වගකීම සුළුපටු නොවන බව ළමා මනෝ චිකිත්සකයෝ අවධාරණය කරති.

    “ගොඩක් දෙමව්පියෝ දන්නේ නැහැ තමන්ගේ වචනවලින්, ක්‍රියාවෙන් තමන්ගේ ම දරුවන් අපයෝජනය ලක් වෙන බව. ළමා අපයෝජනය කියන්නේ ලිංගික අපයෝජනය විතරක් නෙවේ. ලිංගික අපයෝජන බොහෝ විට සිද්ධ වෙන්නේ, පවුලෙන් පිට පුද්ගලයින්ගෙන්. ඒත්, ශාරීරික, මානසික සහ නොසලකා හැරීම් කියන අපයෝජන බොහෝවිට පවුලෙන් හෝ පාසලෙන් සිද්ධ වෙන්නේ. බොහෝ විට දෙමාපියන්, ගුරුවරුන් අතින් නොදැනුවත්ව ම දරුවන් අපයෝජනයට ලක් වෙනවා. ඒ නිසා ඒ ගැන දෙමාපියන් වගේ ම ගුරුවරුන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි,” වෛද්‍ය එන්. කුමානායක අවධාරණය කළේය.

    bbc sandesaya

  • චීන නියෝජිතයින්ට අගමැතිගෙන් විශේෂ ඉල්ලීමක්

    චීන නියෝජිතයින්ට අගමැතිගෙන් විශේෂ ඉල්ලීමක්

    හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිස අද (09) දින අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ.

    ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

    කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකා  – චීන සහයෝගිතාවය තවත් ශක්තිමත් කිරීම උදෙසා මෙම හමුව පැවැත්විණි.

    හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මහතා ඇතුළු දූත පිරිස, පිළිගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

    “යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා නැවත වතාවක් ශ්‍රී ලංකාවට පිළිගැනීමට ලැබීම ගැන ඉතා සතුටුයි. මම හිතනවා ඔබ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඉතා හොඳ සාකච්ඡාවකට එක්වන්නට ඇති කියා. අප සෑම විටම දෙරට අතර සමීප සහයෝගීතාවය ඉදිරියට පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වනවා”  යැයි අග්‍රාමාත්‍යරයා පෙන්වා දුන්නේය.

    අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය,

    ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම සංචාරය තුළින් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා යළි තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට හා චීනයට හැකිවීම ගැන මම සතුටු වෙනවා.කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට නොමසුරුව සහයෝගය දැක්වීම පිළිබඳව චීන රජයට මම කෘතඥතාව පළ කරනවා.

    කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා පරිත්‍යාග කරන ලද ආරක්ෂක උපකරණ සහ වෛද්‍ය සැපයුම්වලට චීන රජයට ස්තූතිවන්ත විය යුතුයි.කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව රට තුළ ඇති වූ ආර්ථික බලපෑමෙන් ගොඩ ඒමට බොහෝ දේ කළ යුතුයි.

    අපේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා කටයුතු කිරීමේදී  ආයෝජකයින් අතර විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට චීන රජය අතර පවත්නා අපගේ දිගුකාලීන මිත්‍රත්වය භාවිතා කිරීමට හැකි වනු ඇතැයි මා  බලාපොරොත්තු වෙනවා.

    කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව, රජය ලොව පුරා ආයෝජන පිළිගැනීමට උනන්දුවක් දක්වන බවත් එහිදී ප්‍රමුඛතාවය වන්නේ කොළඹ වරාය නගරය බවත් අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන කිරීමට චීන සමාගම් දිරිමත් කිරීමට චීන රජයට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව කී අග්‍රාමාත්‍යතුමා,  එය අපනයන ආදායමක් ඇති කිරීමට මෙන්ම ශ්‍රී ලාංකිකයින්ට, විශේෂයෙන් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා නිර්මාණය කිරීමට උපකාරී වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

    මේ තත්ත්වය හමුවේ, සංචාරක ක්ෂේත්‍රයට ගෝලීය වශයෙන් දැඩි ලෙස බලපෑම් ඇති වී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැගීමට සහ ලොව පුරා සංචාරකයින් සඳහා ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් සැපයීමට ශ්‍රී ලංකාව උනන්දු වන බවද පැවසීය.

    මෙම ගෝලීය වසංගතය අවසන් කිරීමේ සටන සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සබඳතා වර්ධනය කිරීම ඇතුළු වසංගතයෙන් මතු වන පොදු අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා සාමූහික විසඳුම් සෙවීමට චීන රජය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

    මෙහිදී හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික  යැංග් ජියේචී (Yang Jiechi) මහතා ද අදහස් පළ කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කරන බව පැවසූ යැංග් ජියේචී (Yang Jiechi) මහතා මහජන චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතිනුයේ ඵෙතිහාසික දැඩි මිත්‍රත්වයක් බව පෙන්වා දුන්නේය.

    දෙරට අතර එම මිත්‍රත්වයේ බැඳීම මේ දක්වා යාවත්කාලීන වෙමින් පවතින  බව සඳහන් කළ යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා කොවිඩ් -19 වසංගත තත්ත්වය පරාජය කිරීම වෙනුවෙන් රටවල් දෙකම එකට අත්වැල් බැද කටයුතු කරමින් සිටින බව සිහිපත් කළේය.

    චීනය කොවිඩ්-19 පරාජය කිරීම වෙනුවෙන් අවශ්‍ය සහය ලෝක සෞඛ්‍ය සංවිධානයට නොමදව ලබා දෙන බවත්, ශ්‍රී ලංකාව කොවිඩ්-19 තත්ත්වය ඉතා විශිෂ්ට අයුරින් පාලනය කර ඇති බවත් යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා පැවසීය.

    දෙරට අතර ආර්ථික සහයෝගීතාවයේදී ලැබූ ජයග්‍රහණ චීනයට මෙන්ම ශ්‍රී ලංකාවටද ඇති බව පෙන්වා දුන් යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා සෑම විටම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චීන සමාගම්වලට අවශ්‍ය දිරිමත් කිරීම චීන රජය විසින්  ඇති කර තිබෙන බවට විශ්වාසය පළ කළේය.

    යැංග් ජියේචී (Yang Jiechi) මහතා මෙසේ ද පැවසීය.

    කොළඹ වරාය නගරය ඇතුළු අනෙකුත් ව්‍යාපෘතිවලට අදාළව සංවර්ධන ක්‍රියාදාමයට අපගේ දායකත්වය ශ්‍රී ලංකාවට දැනටමත් හිමිව තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය දෙරට අතර සබඳතාවට ඉතා වැදගත්. කොවිඩ්-19 තත්ත්වය පාලනය වු වහාම එම සබඳතා නැවත අඛණ්ඩව පවතිනු ඇතැයි අප විශ්වාස කරනවා. චීනය ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදන ආනයනය කිරීම ඉහළ දමා තිබෙනවා.

    අපගේ මෙම සංචාරය ඔස්සේ දෙරට අතර සබඳතාව තවත් පුළුල් වනු ඇතැයි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා හා චීන ජනාධිපති ෂී ජිං පිං මැතිතුමා එක්ව ද්විපාර්ශවීය සබඳතා තවත් වර්ධනය කිරීම ඔස්සේ ආර්ථික සහයෝගීතාව මත දෙරටේම සංවර්ධන කටයුතු තවත් පුළුල් වනු ඇතැයි මා විශ්වාස කරනවා. යැයි යැංග් ජියේචී මැතිතුමා පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන දිනේෂ් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය ජී.එල්. පීරිස්, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල, චීනයේ ශ්‍රී ලංකා තානාපති  ආචාර්ය පාලිත කොහොන මහත්ම මහත්මීන් ඇතුළු චීන දූත පිරිස එක්ව සිටියහ.