Tag: featured

  • කොරෝනා වෛරසයට ස්වේච්ඡාවෙන් නිරාවරණය වීමට කැමැති පුද්ගලයන් සොයයි

    කොරෝනා වෛරසයට ස්වේච්ඡාවෙන් නිරාවරණය වීමට කැමැති පුද්ගලයන් සොයයි

    එන්නත් ලබා ගැනීමෙන් පසු ස්වේච්ඡාවෙන් කොරොනාවෛරසයට නිරාවරණය වීමට කැමැති පුද්ගලයන් ඉදිරිපත් වන ලෙස නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයන් ද ඇතුළු පර්යේෂකයින් පිරිසක් ඉල්ලා සිටිති. අදාළ එන්නත වෛරසයට එරෙහිව ආරක්ෂාව දෙන්නේ ද යන්න විමසා බැලීම එහි අරමුණ වී තිබේ.

    එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතන ප්‍රධානියා වෙත විවෘත ලිපියක් යවමින් ඔවුන් කියා සිටියේ මෙම “අභියෝගාත්මක අත්හදා බැලීම්” මගින් එන්නතක් නිපදවීම වේගවත් කළ හැකි බවය.

    එවැනි අධ්‍යයනයන් “කළ හැකි සහ තොරතුරු සහිත විය යුතු” බව ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් ක්‍රියාත්මක කරන කෝවිඩ් -19 එන්නත් පරීක්ෂණ වැඩසටහනේ අධ්‍යක්ෂකවරයා පැවසීය.

    ලොව පුරා කොරෝනාවෛරස එන්නත් සායනික අත්හදා බැලීම් 23 ක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

    ඒ අතරින් යම් එන්නතක් සාර්ථක වී ඇත්දැයි අපට දැනගත හැකි එකම ක්‍රමය නම්, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන්ට එය ලබා දීමෙන් පසු ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී කොරෝනාවෛරසයට නිරාවරණය වී ආසාදනය නොවන්නේ නම් පමණි.

    බොහෝ අධ්‍යයන සිදු වන්නේ වෛරසය ආසාදන වීමේ අනුපාතය පහත වැටෙමින් තිබෙන රටවල බැවින්, මෙම අත්හදාබැලීම් ලබන වසර දක්වා කල් යා හැකිය.

    කෙසේනමුත්, ‘1 Day Sooner’ නම් සංවිධානය පවසන්නේ මෙය කල් දැමීම නොකළ යුතු බවය.

    මෙම සංවිධානය රටවල් 140කින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 30,000 කට අධික සංඛ්‍යාවක්ගෙන් සමන්විත වන අතර ඔවුන් අභියෝගාත්මක අධ්‍යයනවලට සහභාගී වීමට සූදානම් බව පවසති.

    ‘ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන සෞඛ්‍ය සම්පන්න, තරුණ පුද්ගලයන් ‘

    නොබෙල් ත්‍යාගලාභීන් 15 දෙනෙකු ඇතුළු ප්‍රමුඛ පෙළේ පුද්ගලයින් සියයකට වැඩි පිරිසකගේ සහාය මෙම අභියෝගාත්මක අධ්‍යයන සිදුකිරීම සඳහා ලැබී ඇත.

    සෞඛ්‍ය සම්පන්න තරුණ ස්වේච්ඡා පිරිසට එන්නත ලබා දීමෙන් පසු කොරෝනාවෛරසය ලබා දීම මෙම ක්‍රියාවලියට ඇතුළත් බව ඔවුහු පවසති.

    ඔවුන්ගේ තර්කය වන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන්ගේ සෞඛ්‍යයට ඇති අවදානම අඩු නමුත් සමාජයට ඇති විය හැකි ප්‍රතිලාභ අතිමහත් බවය.

    “අභියෝගාත්මක අත්හදා බැලීම් මඟින් එන්නත් නිපදවීමේ ක්‍රියාවලිය ආරක්ෂිතව හා ඵලදායී ලෙස වේගවත් කළ හැකි නම්, ඒවා භාවිත කිරීමට පක්ෂව ප්‍රබල උපකල්පනයක් ගොඩ නැගෙනවා. නමුත් මෙය ජය ගැනීම සඳහා ඉතා බලවත් ආචාරධාර්මික සාධාරණීකරණයක් අවශ්‍ය වෙනවා,” යැයි අදාළ ලිපියේ සඳහන් වේ.

    අභියෝගාත්මක අත්හදා බැලීම් සඳහා සහාය පළ කරමින් ඉදිරිපත් කළ ලිපියට, දැනටමත් කොරෝනාවෛරසට එරෙහි ප්‍රමුඛතම මූලාකෘති එන්නතක් නිපදවා ඇති ඔක්ස්ෆර්ඩ් සරසවියට අනුබද්ධිත ‘ජෙනර්’ ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒඩ්‍රියන් හිල් ද අත්සන් තබා ඇත.

    මිනිසුන් මත ක්‍රියාත්මක කරන අභියෝගාත්මක අධ්‍යයන “ඉදිරි මාසවලදී” සිදුවිය හැකි බව ඔහු පැවසීය.

    ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ෆ්‍රැන්සිස් කොලින්ස් පවසා ඇත්තේ කෝවිඩ් -19 අභියෝගාත්මක අත්හදා බැලීම් “සාකච්ඡා සඳහා මිස සැලැස්මක් නිර්මාණය ආරම්භ කිරීම සඳහා වූ මේසය මත නොවන” බවය.

    මෙය සදාචාර විරෝධී නොවේද?

    මේ පිළිබඳ දෙවිදියකට තර්ක කළ හැකිය. තවමත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කළ හැකි ප්‍රතිකාරයක් නොමැති හෙයින්, අත්හදා බැලීම් සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වන පුද්ගලයන් කොරොනාවෛරස අවදානමට හිතාමතාම නිරාවරණය කිරීම වැරදි යැයි කියා ඔබට පැවසිය හැකිය. සරලව කිවහොත්, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සමහර පුද්ගලයන් බරපතල ලෙස රෝගාතුර වීම හෝ මරණයට පත්විය හැකිය.

    නමුත් මෙම වැඩපිළිවෙලේ ඉදිරියට යාමට පක්ෂ අයගේ තර්කය වන්නේ මෙහි අවදානම අවම බවය. කෝවිඩ් -19 වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර ඇති පුද්ගලයින් දස දෙනෙකුගෙන් නවදෙනෙකුට ම පෙර සෞඛ්‍ය ගැටලු තිබෙන අතර, මිය ගිය පිරිසෙන් අති බහුතරය වැඩිහිටියන්ය. අභියෝගාත්මක අධ්‍යයනය අවුරුදු 20 ගණන්වල වයස් ඛාණ්ඩයේ තරුණ තරුණියන්ට සීමා කළහොත් මෙහි අවදානම අවම වනු ඇත.

    ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයන් මියයාමේ ප්‍රවණතාව වකුගඩු පරිත්‍යාගයක දී හෝ දරු ප්‍රසූතියේ දී සිදු විය හැකි මරණවලට වඩා අවම බව 1 Day Sooner සංවිධානය පවසයි.

    කොරොනාවෛරසයට එරෙහිව ඵලදායී එන්නතක් මගින් සිය දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීම සඳහා අදාළ පර්යේෂණ වේගවත් කිරීම වෙනුවෙන් අභියෝගාත්මක අධ්‍යයන ක්‍රියාත්මක නොකිරීම සදාචාර විරෝධී යැයි එම සංවිධානය පවසයි.

    මීට පෙර සිදු කර තිබේද?

    අභියෝගාත්මක අධ්‍යයනවලට දිගු ඉතිහාසයක් ඇත.

    කිරි ගවයන් ආශ්‍රිත වූවන් හෝ කිරි දොවන්නියන් ගවයන්ට වැළඳෙන ගෝමසූරිකා රෝගයට (ගවපැපොල් රෝගය) නිරාවරණය වීමෙන් පසු වසූරියෙන් ආරක්ෂා වන බව 18 වන ශතවර්ෂයේ අගභාගයේදී එඩ්වඩ් ජෙනර් හඳුනාගත්තේය.

    ඔහු අට හැවිරිදි පිරිමි දරුවෙකුට ගෝමසූරිකා වෛරසය එන්නත් කළ අතර පසුව දරුවා වසූරිය රෝගයට නිරාවරණය කළේය. ඔහුට වසූරිය ආසාදනය වූයේ නැත.

    කොලරාව, මැලේරියාව, උණ සන්නිපාතය සහ ඩෙංගු උණ සඳහා එන්නත් අත්හදා බැලීමට අභියෝගාත්මක අධ්‍යයන භාවිත කර ඇත. නමුත් ඒ සෑම අවස්ථාවකම, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් රෝගාතුර වුවහොත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සූදානමින් තිබිණි.

    text by bbc sandesaya

  • නුවරඑළියේ දූෂිත ‘රාජපක්ෂ හිතවාදී ප‍්‍රභූ පවුල් පාලනය’ අවසන් කරනවා – නීතිඥ හිරණ්‍ය හේරත්

    නුවරඑළියේ දූෂිත ‘රාජපක්ෂ හිතවාදී ප‍්‍රභූ පවුල් පාලනය’ අවසන් කරනවා – නීතිඥ හිරණ්‍ය හේරත්

    නුවරඑළිය කියන්නේ පුංචි එංගලන්තය වුණාට, සංචාරක ආකර්ෂණය දිනාගත් ප‍්‍රදේශයක් වුණාට ඔබලා දන්නවා ඔබලා මුහුණ දෙන සමාජ-ආර්ථික ගැටලූවල නිමක් නැහැ. ඒක අපේ වතුකරයේ මිත‍්‍රයින් වගේම ගම්මානවල ජීවත්වන, නගරයේ ජීවත් වන සියලූ දෙනාම පොදුවේ මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයක්.

    නුවරඑළියට වැටෙන වැස්ස මහවැලි ගග දිගේ පහළට ගලා ගෙන යනවා වාගේ නුවරඑළියේ සම්පත්වලින් ඵල ප‍්‍රයෝජන ගන්නේ නුවරඑළියේ ජනතාව නෙමෙයි. තේ වගාවේ ආදායමෙන් වතු කම්කරුවන්ට සෙතක් නැතිවා සේම, ගොවියන් ඇතුළු සියළු ජනයාට මෙම ආදායමෙන් කොටසක් නොලැබීමෙන් අද අපගේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙවර මහා මැතිවරණය ඉදිරිපත්ව ඇති සමගි ජනබලවේගයේ නීතිඥ හිරණ්‍ය හේරත් මහත්මිය වලපනේ පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජන රැළියකදි පැවසුවාය.

    මෙම රැළියේදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ,

    අද අපිට, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ජනතාවට සුවිශේෂ දවසක්. ලබන අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය ලබන නියත ජයග‍්‍රහණය විජයග්‍රහණයක් බවට පත්කරන ජයග‍්‍රාහී රැලිය තමයි මේ පැවැත්වෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවට පැමිණ සිටින ඔබ සියලූ දෙනා ඒ විජයග‍්‍රහණයේ හිමිකරුවන් පමණක් නොව සාක්ෂිකාරකයින් බවට ද පත් වෙනවා. මොකද නුවරඑළියෙන් හැමදාම ලැබූ වාර්තාගත ඡන්ද ප‍්‍රමාණය තමයි මෙවරත් සමගි ජන බලවේගයේ ජයග‍්‍රහණය විජයග‍්‍රහණය කරන්නේ.

    අපේ නායකතුමා, ගරු සජිත් පේ‍්‍රමදාස මැතිතුමා අද අපේ බලකොටුව නුවරඑළියට පැමිණීම අප සැමටම අභිමානයක් වගේම ශක්තියක්. ඒ වගේම මම එය සලකන්නේ මා ලද පුද්ගලික ජයග‍්‍රහණයක්, වටිනාකමක් විදියටයි. ඊට හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර වැදගත්ම කරුණ වන්නේ මගේ ආදරණීය මෑණියන්, ගරු රේණුකා හේරත් මැතිනිය, අපේ නායකතුමාගේ, සජිත් පේ‍්‍රමදාස මැතිතුමාගේ පියාණන් වූ රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ රජයේ සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් කටයුතු කළා. එතුමන් ඒ ගැන මියයන මොහොත දක්වාම කතා කළා. ඒ වගේම එතුමිය තවත් වැදගත් දෙයක් ගැන නිතර නිතර කණස්සල්ලෙන් කතා කළා. ඒ තමයි පේ‍්‍රමදාස මැතිතුමාට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ නොදී කකුලෙන් ඇද්ද ප‍්‍රබලයින් ගැන. අවසානයේ එතුමාට දෝෂාභියෝගයක් ගෙනත් පක්ෂය විනාශ කළ ප‍්‍රබලයින් ගැන.

    මා මෙහිදී, සමගි ජන බලවේගය බිහි වූ හැටි, එහි කාර්යභාරය, ජාතික වගකීම ගැන කියන්න යන්නේ නැහැ. එය ඔබලා සැමදෙනාම හොදාකාරවම දන්නවා. ඒත් මම එක් වැදගත් කරුණක් ගැන කියන්න අවසර ඉල්ලා සිටිනවා.

    ඔබලා හොඳින්ම දන්නවා නුවරඑළියට හැමදාම කැබිනට් ඇමැතිකම් කිහිපයක් හිමි වුණා. ලංකා කම්කරු කොන්ග‍්‍රස ආණ්ඩුවට එක් වූ විට ප‍්‍රබලතම කැබිනට් ඇමැතිකම් හිමි වුණා. ඒ වගේම නුවරඑළියේ පවුල් පාලනයේ කේන්ද්‍රස්ථානයක් වන දිසානායක පවුලත් හැමදාම කැබිනට් ඇමැතිකම් දැරුවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නොතිබුණත්, පක්ෂය කඩාගෙන ගිහින්, පාක්ෂිකයින් පවා දෙමින් ඇමැතිකම් ලබාගත්ත නුවරඑළියේ ප‍්‍රබලයෝ හිටියා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට නුවරඑළියට ලියලා දීලා වගෙයි තිබුණේ.

    ඒත් ඔබ හොඳින් දන්නවා මේ කිසිම ඇමැතිකමකින් නුවරඑළිය පොදුජනතාවට ලැබුණ සෙතක් නැහැ. ඒවා ප‍්‍රභූ පවුල්වල පුත්තුන්ට, ඥාතී මිත‍්‍රාදීන්ට සැප ගන්න, කම්සැප ගන්න, ධන නිධාන වෙලා තිබුණේ. මේ අමාත්‍යාංශ හරහා එක රැකියාවක් නුවරඑළියේ තරුණ – තරුණියන්ට ලැබුණේ නැහැ. එම රැකියාවල් වෙනත් දිස්ත්‍රික්ක වල අයටත්, මුදල් වලට විකුණු බවට හා ලිංගික අල්ලස් වලට ලබාදී ඇති බව ආරංචි ලැබෙමින් පවතිනවා.

    නුවරඑළිය කියන්නේ පුංචි එංගලන්තය වුණාට, සංචාරක ආකර්ෂණය දිනාගත් ප‍්‍රදේශයක් වුණාට ඔබලා දන්නවා ඔබලා මුහුණ දෙන සමාජ-ආර්ථික ගැටලූවල නිමක් නැහැ. ඒක අපේ වතුකරයේ මිත‍්‍රයින් වගේම ගම්මානවල ජීවත්වන, නගරයේ ජීවත් වන සියලූ දෙනාම පොදුවේ මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයක්.

    නුවරඑළියට වැටෙන වැස්ස මහවැලි ගග දිගේ පහළට ගලා ගෙන යනවා වාගේ නුවරඑළියේ සම්පත්වලින් ඵල ප‍්‍රයෝජන ගන්නේ නුවරඑළියේ ජනතාව නෙමෙයි. ලංකාවේ වැඩියෙන්ම එළවළු වගා කරන්නේ නුවරඑළියේ ගොවීන් වුණාට ඒවායේ මිල තීරණය කරන්නේ, ලාභය ගන්නේ ඔවුන් නෙමෙයි. ඔවුන්ට වගාවට අවශ්‍ය භූමියේ සිට, බීජ ටික දක්වා ගැටලූ තිබෙනවා. අස්වැන්නට නිසි මිලක් නැතිකම, මූල්‍ය ගැටලූ තිබෙනවා. ඒ වගේම අස්වැන්න ගබඩා කිරීමට නියමිත තැනක් නැතිවීම වගේ ගැටලූ තිබෙනවා. ඔවුන් දැඩි සූරා කෑමකට ලක්ව සිටිනවා. නුවරඑළියේ එළවළු ගොවීන්ගේ දැඩි සූරාකෑමකට ලක්ව සිටිනවා.

    මේ තත්ත්වය දැන්වත් වෙනස් විය යුතුයි. දේශගුණ විපර්යාසවල බලපෑම නිසා නුවරඑළියේ වර්ෂාපතනය අඩුවෙලා තිබෙනවා. උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. මේවා ඍජුවම එළවළු වගාවට, වැවිලි කර්මාන්තයට, මල් වගාවට බලපානවා. ඒ නිසා මේ දේශගුණ විපර්යාසවලට මුහුණදීමට නම් නවීන කෘෂිකාර්මික දැනුමින් අපේ ගොවිජනතාව ශක්තිමත් කළ යුතුයි. ඔවුන්ට ඒ දැනුම සමග ඒවා ලබා ගැනීමට අවශ්‍ය මූල පහසුකම් ද සලසා දිය යුතුයි. මේ අභියෝගය ජය ගැනීමේ හැකියාව මට තිබෙනවා. අපේ නායකතුමාට තිබෙනවා. සමගි ජන බලවේගයට තිබෙනවා.

    ඒ වගේම තමයි නුවරඑළියේ අති බහුතරය වන වතුකරයේ අපේ සහහෝදර සහෝදරියන් මුහුණ දෙන ගැටලූවල නිමක් නැහැ. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නුවරඑළියේ හාමුලාට සින්න වුණාට සින්නදොරේලාට ලැබුණ සහනයක් නැහැ. සිද්ධ වුණේ ඔවුන් තව තවත් දුප්පත්වීම, අසරණ වීම පමණයි.

    ඔවුන්ගේ තරුණ පරම්පරාවේ ඉඩම් ගැටලූ, රැකියා ගැටලූවට වහාම විසඳුම් සෙවිය යුතුයි. වතුකරයේ තරුණ – තරුණියන් රජයේ රැකියාවක් ලබාගැනීම සිහිනයක් බවට පත්ව තිබෙනවා. ඔවුන්ට වතුකරයේම, නුවරඑළියේම අභිමානවත් පුරවැසියන් වශයෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා රැකියා අවස්ථා වගේම, ව්‍යාපාරික අවස්ථා, වෘත්තීය අවස්ථා පුළුල් කළ යුතුයි.

    නුවරඑළියේ කාන්තාවන් ගැන අපි වඩාත් අවධානය යොමුකළ යුතුයි. ඔවුන් සියවස් ගණනාවක් තිස්සේ දැඩි සූරාකෑමට ලක් වෙමින් තිබෙනවා. ඔවුන්ට දෙපයින් නැගී සිටමට අවශ්‍ය ශක්තිය ලබාදිය යුතුයි. සූරාකෑම නතර කළ යුතුයි.

    ඔබලා හොඳින්ම දන්නවා වතුරයේ කාන්තා හිංසනය, ළමා අපයෝජන ඉහළටම ගිහින්. ඒකට හේතුව දුප්පත්කම සහ මත්වතුර භාවිතයයි. වතුකරයේ ලොකුම ශාපය බවට මත්ද්‍රව්‍ය හා මත්වතුර බවට පත්ව තිබෙනවා. අපි ඒවා තුරන් කර අපේ කාන්තාවන්ගේ, ළමුන්ගේ ජීවිත සුරක්ෂිත කළ යුතුයි. මත් රකුසාගෙන් වතුකරය මුදාගත යුතුයි. එය කළ හැකි වන්නේ ශක්තිමත් දැක්මක් ඇති පාලනයකට පමණයි.

    ලංකාවේ කාන්තාවන් අති බහුතරයක් මුහුණ දී සිටින මහා ව්‍යසනයක් වන ක්ෂුද්‍ර මූල්‍ය මාෆියාව අද වතුකරයේ, නුවරඑළියේ කාන්තාව බිළිගනිමින් සිටිනවා. දුප්පත්මක, ආර්ථික අවස්ථා අහිමි වීම නිසා තමයි අපේ කාන්තාවන්, කුඩා ව්‍යාපාරිකයින් මේ උඟුලට වැටිලා තිබෙන්නේ. ඒ නිසා කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම තුළින් මේ ගැටලූවට විසඳුම් සොයන්න අපි බලාපොරොත්තු වෙනවා.

    මෙහිදී තවත් වැදගත් කරුණක් ගැන කතා කළ යුතුයි. අපේ කාන්තාවන්, ළමුන් දැවැන්ත සෞඛ්‍ය ගැටලූවලට මුහුණ දෙමින් සිටිනවා. ඊට ප‍්‍රධාන හේතුව ඔවුන්ගේ දුප්පත්කම සහ ආර්ථික අවස්ථා අහිමි වීමයි. ඒ වගේම පසුගිය කාලය පුරාම නුවරඑළියේ සෞඛ්‍ය සේවා පහසුකම් දියුණු වෙලා නැහැ. අද ලංකාවේ ජනගහනයට සාපේක්ෂව අඩුම වෛද්‍යවරුන් සංඛ්‍යාවක් සිටින්නේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙයි. ලංකාවේ ඒ අනුපාතය 1:750ක් වෙන කොට නුවරඑළියේ අනුපාතය 1:3000ක් පමණ වෙනවා. ඔබට ඒකෙන්ම හිතා ගන්න පුළුවන් නුවරඑළියේ සෞඛ්‍ය ගැටලූවල තත්ත්වය.

    අධ්‍යාපන අතින් බැලූවත් තත්ත්වයේ වෙනසක් නැහැ. නුවරඑළියේ ප‍්‍රමාණවත් තරම් ගුරුවරුන් නැහැ. පාසල්වල පහසුකම් නැහැ.

    මේකට ප‍්‍රධානතම හේතුව රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයින් නුවරඑළියට ඒමට අකමැති වීමයි. ඒකට හේතුව ඔවුන්ට අවශ්‍ය පහසුකම්, නිල නිවාස ආදිය නැකිතමයි. ඒ නිසා ඔවුන් නුවරඑළිය සලකන්නේ දුෂ්කර ප‍්‍රදේශයක් විදිහටයි.

    අපේ සැලසුම වන්නේ වසරකට වරක් සැප ගන්න එන රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයින් වැඩකරන්න එන තැනක් බවට නුවරඑළිය පත් කිරීමයි. ඒ සඳහා අවශ්‍ය සියලූ සැලසුම් අප සතුව තිබෙනවා. අපි නුවරඑළිය සැප ගන්න තැනක් වගේම – වැඩ කරන තැනක් බවටත් පත් කරනවා.

    ගරු නායකතුමනි, මගේ කතාව අවසන් කිරීමට පෙර අනාවැකියක් කිරීමට මම ඔබතුමාගෙන් අවසර ඉල්ලා සිටිනවා. ඒ අනාවැකිය තමයි සමගි ජන බලවේගය මේ මහා මැතිවරණයෙන් ලබන ජයග‍්‍රහණය විජයග‍්‍රහණයක් බවට පත් කරන්නේ මේ නුවරඑළියේ ජනතාවයි.

    ඒ වගේම අපි මෙම මහ මැතිවරණයෙන් පසුව නුවරඑළියේ දූෂිත රාජපක්ෂ හිතවාදී ප‍්‍රභූ පවුල් පාලනය අවසන් කරනවා. ඔබතුමා රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරන විට අපි නුවරඑළියේ ප‍්‍රභූ පවුල් පාලනය අවසන් කර ඔබතුමාගේ නායකත්වය යටතේ පොදුජන යුගයක් බිහි කරනවා.

    අවසන් වශයෙන් මා මෙතැනට පැමිණි, නොපැමිණි සියලූම අයගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. අපි ඔබ ප‍්‍රාර්ථනා කළ නායකයා අපගේ අනාගතය භාර ගෙන තිබෙනවා. අපි සමග දූෂිතයෝ නැහැ, ඝාතකයෝ, ප‍්‍රජා පීඩකයෝ නැහැ. ඒ නිසා නොබියව අප සමග එක්වන්න. අගෝස්තු 05 වැනිදාට ඡන්දපොළට යන්න. දුරකථනය ඉදිරියේ ඔබේ වටිනා ඡන්දය ප‍්‍රකාශ කරන්න. සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන නව පොදුජන යුගයේ හවුල්කාරයින්, සාක්ෂිකාරයින් වන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා.

  • ජනපතිගෙන් අම්පාරේ ගොවි සහ පොදුජන ගැටලුවලට කඩිනම් විසදුම්

    ජනපතිගෙන් අම්පාරේ ගොවි සහ පොදුජන ගැටලුවලට කඩිනම් විසදුම්

    පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) අම්පාර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී.

    චාරිකාව අරඹමින් පදියතලාවට පැමිණි ජනාධිපතිතුමාගෙන් ප්‍රදේශවාසීන් කළ ඉල්ලීම අනුව පදියතලාව නගර මධ්‍යයේ මාර්ගය මංතීරු 04ක් ලෙස පුළුල් කරන්නැයි ජනාධිපතිවරයා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

    කිරමාන, සේරංකඩ සහ මරංගල ගම්මානවල ජල හිඟයට විසඳුම් පිණිස අඹකැන්ඔය ව්‍යාපෘතියෙන් ජලය සැපයීමට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිවරයා දුන් නියෝගයට පිළිතුරු දෙමින් ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසීය.

    සේනා දළඹුවාගෙන් වගාවන්ට වූ හානි සඳහා වන්දි ගෙවීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට  උපදෙස් දුන්නේය.

    මහවැලි ඉඩම් සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කළ ගැටළු විසඳීමට කමිටුවක් පත් කිරීමට ද තීරණය කෙරිණ. ප්‍රදේශයේ වැව් සහ සුළු වාර්මාර්ග ප්‍රතිසංස්කරණයට සහ වන අලි ගම්වැදීමේ ගැටළුවට  විසඳුම් දීම පිළිබඳව ද සාකච්ඡා විය.

    රැකියා විරහිතභාවය ගැන ජනතාව ඉදිරිපත් කළ අදහස්වලට පිළිතුරු දුන් ජනාධිපතිවරයා සෞභග්‍යයේ දැක්ම  ප්‍රකාශනයේ සඳහන් පරිදි මැතිවරණයෙන් පසු රැකියා ලක්ෂයක් ලබාදීමට සැලසුම් කර ඇතැයි පැවසීය. පුහුණු ශ්‍රමය වර්ධනය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා රැස්ව සිටී පිරිසට පැහැදිළි කළේය.

    දෙහි සහ ධාන්‍ය වගා ඇතුළු සිය අස්වැන්න අළෙවි කිරීමට ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලෙස කළ ඉල්ලීමට ද ජනාධිපතිගේ ප්‍රතිචාරය පළ විය.

    ග්‍රාමීය ප්‍රදේශවල තාක්ෂණික පාඨමාලා නොතිබීම නිසා තරුණ පිරිස මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා දැනුවත් කෙරිණ. ඊට විසඳුම් සැලසුම් කරන්නැයි ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    පාසල් නැවත ආරම්භ කරන ලෙස රැස්ව සිටි සිසුන් කළ ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කරන බව ජනාධිපතිවරයා කීය.

    වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට එක් විය.

    කීර්ති ශ්‍රී වීරසිංහ මහතා මහඔය, 69 හංදියේ සංවිධාන කළ ජන හමුවට පැමිණි ජනාධිපතිවරයා රැස්ව සිටී ගම්වාසීන් සමග සුහද කථා බහක නිරත විය.

    පාරම්පරිකව සහ රක්ෂිත ආශ්‍රිතව වගාව සඳහා භාවිත බලපත්‍ර නැති ඉඩම්වලට බලපත්‍ර නිකුත් කරන බව ජනාධිපතිවරයා ඔවුන් සමග පැවසීය. ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින පානීය ජල ගැටළුව ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණ.

    මහඔය සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට පැමිණි ජනාධිපතිවරයාට මහා සංඝරත්නය ආශිර්වාද  කළහ. කොවිඩ් වෛරසය පාලනය කරමින් ජනතාව ආරක්ෂා කිරීමට ජනාධිපතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ උන්වහන්සේ අගය කළහ.

    කීර්ති ශ්‍රී වීරසිංහ මහතා සංවිධාන කළ හමුවට ආදිවාසී පිරිසක් ද සහභාගි වී සිටියහ.

    විමලවීර දිසානායක මහතා උහන, ප්‍රාදේශීය සභාව ඉදිරිපිට සංවිධාන කර තිබු ජන හමුවට ද රාජපක්ෂ මැතිතුමා සහභාගී විය.

    ප්‍රදේශයේ පුරන්ව ඇති අක්කර 300කට අධික වගාබිම් නැවත අස්වැද්දිමට ජලය සැපයීමටත්, වන ජීවි දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇති ඉඩම් ජනතාවට පැවරීමටත් සැලසුම්කර ඇතැයි ජනාධිපතිතුමා රැස්ව සිටී පිරිස සමග පැවසීය. ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්කරන  පානීය සහ වගා ජල ගැටළුව අදාළ ආයතන සමග සාකච්ඡා කර කඩිනමින් විසඳීම රජයේ ප්‍රමුඛතාවක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    වී අස්වැන්න සහතික මිලට මිස අළෙවි නොකරන්නැයි ජනාධිපතිතුමා ගොවීන්ට උපදෙස් දුන්නේය.

    ප්‍රදේශ ගණනාවක පෙර පාසල් ගුරුවරු මුහුණ පා සිටින ගැටළු විසඳීමට දැනටමත් උපදෙස් දී ඇතැයි හිටපු රාජ්‍ය ඇමතිණි ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය නාමල්ඔය, සල්ගස් හංදිය සතිපොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    ප්‍රදේශයේ රැකියා විරහිත කාන්තාවනට  ස්වයං රැකියා වෙත යොමුවීමට ක්‍රමයක් සලසා දෙන ලෙස ද රැස්ව සිටී පිරිස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    අම්පාර, නාමල්ඔය වැව ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ජනතාව පෙන්වා දුන්හ. 

    විමලවීර දිසානායක මහතා අම්පාර නගර සභා හරිත උද්‍යානයේ සහ ඩබ්.ඩී. වීරසිංහ මහතා හිඟුරාන සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිතුමා සහභාගී විය.

    සේනා දළඹුවාගෙන් වගාවන්ට වූ හානි සඳහා වන්දි දීමටත්, අනවසරයෙන් එතනෝල් ආනයනයට තිත තැබීමටත් පියවර ගන්නා බව  ජනාධිපතිතුමා රැස්ව සිටී පිරිස සමග පැවසීය.

    හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව යළි ඇරඹීම පිළිබඳව ජනතාව  ජනාධිපතිතුමා වෙත ප්‍රසාදය පුද කළහ.

  • සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළේ නැතිනම් ඡන්දය තියන්න බෑ – මැකො

    සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළේ නැතිනම් ඡන්දය තියන්න බෑ – මැකො

    සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකළහොත් ඡන්දය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බ්‍රහස්පතින්දා (ජූලි 16) යළි අවධාරණය කළේය.

    ඔහු පෙන්වා දෙන්නේ රටේ ජනතාව නීතියක් නොමැතිව රීති අනුගමනය නොකරන බවය.

    තැපැල් ඡන්දය පැවැත්වීමේදී ලද අත්දැකීමක් උදාහරණයක් ලෙස ගනිමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙලෙස කියා සිටියේය.

    ”වයඹ පළාතේ දිස්ත්‍රික්කයක කෘෂිකර්මයට සම්බන්ධ කාර්යාලයක නිලධාරීන් සහකාර තේරීම්භාර නිලධාරියාගේ උපදෙස් පවා නොතකා එකට පොරකමින් ඡන්දය දීමට පැමිණියා. නිලධාරිවත් බැරිනම් අපිට පාලනය කර ගන්න සාමාන්‍ය ජනතාව කොයි විදියට පැමිණෙයිද ? ඒක වළක්වන්න, පාලනය කර ගන්න මේ නීතිය අවශ්‍යයි. මේ ගැසට් පත්‍රය නොමැතිවීම අපේ කටයුතුවලට බරපතල බාධාවක්.” යනුවෙන් ඔහු පැවසුවේය.

    අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි ලෙස නීතිමය වටිනාකමක් ලබා දී නොමැති නිසා තමන් දැඩි අපහසුතාවකට පත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද ජූලි 15 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කළහ.

    අගෝස්තු 05 වැනිදා ඡන්දය විමසීම වෙනුවෙන් උපරිම උත්සාහය ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එම කොමිෂන් සභාව ජූලි 21 යළි රැස්වීමට නියමිත අතර එදිනට රටේ පවතින තත්ත්වය සමාලෝචනය කිරීමට අපේක්ෂා කෙරේ.

    මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි බ්‍රහස්පතින්දා (ජුලි 16) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළාය.

    PMD

    අසත්‍ය තොරතුරු ගැන සොයන්න CID නිලධාරීන් 26ක්.

    කන්දකාඩු හා සේනපුර යන පුනරුත්ථාපන මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගෙන ‘අලුත් පොකුරක්’ නිර්මාණය වීම සම්බන්ධයෙන් නොයෙකුත් වාර්තා සමාජ මාධ්‍ය තුළ පළවේ. ඒ පිළිබඳව ජනතාව භීතියට පත් කරන, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන අය පිළිබඳ සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 26 දෙනෙක් යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ බීබීසී සිංහල සේවයට කියා සිටියේය. එම නිලධාරීන් කණ්ඩායම් තුනකට වෙන්ව ක්‍රියාත්මක වෙති.

    මහනුවර සිදුවීමක් සම්බන්ධයෙන් පුවත්පතක අසත්‍ය වාර්තාවක් පළ කිරීම, රෝගීන් හඳුනාගත් ප්‍රදේශ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි සිතියමක් පළ කිරීම සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට රැදවියන් බැලීමට පැමිණි අයගේ නම් ප්‍රසිද්ධ කිරීම යන සිදුවීම් තුන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇත.

    ”යම් අසත්‍ය ආරංචියක් පතුරලා ජනතාව අතර අසන්තෝෂය ඇති කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ වරදක්. අවුරුදු දෙකක කාලයක් බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයකට යටත් කරන්න පුළුවන්. ඒ වගේම පොලිස් ආඥා පනතේ 98 වගන්තිය යටතේ මාස හයක සිර දඬුවම් දෙන්න පුළුවන්. ඒ වගේම නිරෝධායන නීති යටතේත් අපි කටයුතු කරනවා” යනුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

    කන්දකාඩු අලුත් පොකුරත් සමග සියලු රෝගීන් වාර්තා වී ඇති පොකුරු ගණන 32කි.

    ජූලි 16 වැනිදා පෙරවරු 10.00 වන විට ශ්‍රී ලංකාව තුළ තහවුරු කළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2674කි. ඉන් 656 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

    මෙම සම්පූර්ණ ලිපිය බී.බී.සී සන්දේශය වෙතින් උපුටා ගන්නා ලද්දකි – ප්‍රධාන සංස්කාරක

  • Covid-19 මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවෙන් නව තීරණ රැසක්

    Covid-19 මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවෙන් නව තීරණ රැසක්

    කොරෝනා (කොවිඩ් 19)  වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත   ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීමේ අරමුණින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (16) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධනත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්විය.

    මෙම විශේෂ  කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය වේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් මර්දනය හා මැඩපැවැත්වීම උදෙසා ලබාදී ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහ මාර්ගෝපදේශ බිම් මට්ටමින් ක්‍රියාත්මක නොවීම පිළිබද මෙහිදී සාකච්ඡාවට ගැනුන අතර, ඒ අනුව පහත සදහන් කටයුතු ඉටු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජිීව මුණසිංහ මහතා වෙත උපදෙස් ලබාදෙන ලදි.

    • මහජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද, මාර්ගෝපදේශණ, නිර්දේශ හා නිර්ණායක අනුගමනය කරනවා ද යන්න නිරික්ෂණයට ඒකකයක් ස්ථාපිත කර, ඒ පිළිබද පසුවිපරම් කිරීම.
    • ප්‍රවාහන, ඖෂධශාලා, වෙළෙද සංකීර්ණ, රෝහල් සහ රැකියා ස්ථානවල මුලිකවම අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් නිසි පරිදි සිදුවෙනවා යන්න සොයාබලා සවිබලගැන්විමට කටයුතු කිරීම.
    • සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වන පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශ බලාත්මක කරමින් ඒ තුලින් මහජනතාවට වෛරසයේ අවධානම ගැන දැනුවත් කිරීමට හා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීමට ඒත්තුගැන්වීමට කටයුතු කිරිම.
    • ආශ්‍රිතයින් හඹා ගොස් පරීක්ෂා කිරීමේ කටයුතු ශක්තිමත් කිරීම.

    එමෙන්ම PCR පරික්ෂණවල වත්මන් තත්ත්වය පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට ගැනුන අතර ඒ අනුව පහත දත්ත ඉදිරිපත් කරන ලදි. මෙම වසරේ පෙබරවාරි මස 18 දින සිට ජුලි මස 15 දින වන විට මුළු දිවයිනම ආවරණය වන පරිදි PCR පරික්ෂණ 131. 527 ක් සිදු කොට ඇත. වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කොට තිබෙන්නේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය (MRI) වන අතර එම ප්‍රමාණය 36,101 කි.

    රට පුරා PCR පරික්ෂණ සිදු කරනු ලබන රසායනාගාර 22 ක් වන අතර, දිනකට සිදු කරනු ලබන PCR පරික්ෂණ සංඛ්‍යාව 2500 දක්වා වැඩි වී ඇත. අප්‍රේල් මස සිට මේ දක්වා ප්‍රජාව තුලින් PCR පරික්ෂණ සාම්පල 27,915 ක් ලබාගෙන ඇති අතර, එම සාම්පල අතුරින් 392 ක් වෛරසය ආසාදිතයින් බවට ප්‍රත්‍යක්ෂ කොටගෙන ඇත.

    මෙම අවස්ථාවට විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා,, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන, අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම්, සබරගමුව පලාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා යන මහත්ම මහත්මීන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගි විය

  • Covid-19 Today Hot: කන්දකාඩු පොකුරෙන් ආසාදිතයින් 08ක්

    Covid-19 Today Hot: කන්දකාඩු පොකුරෙන් ආසාදිතයින් 08ක්

    2020.07.16 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය

    “අද දින මේ දක්වා කොවිඩ් 19 ලෙස 8 දෙනෙක් වාර්තා වී තිබෙනවා මෙම කන්දකාඩු පොකුරු සම්බන්ධව.  මෙම 8 දෙනාම කන්දකාඩු සේවය කරන නිලධාරීන්ගේ ළඟම ඥාතීන්. පිට අය නොවෙයි සිය පවුල්වලම අය.  ඒ අනුව මෙම කන්දකාඩු පොකුර 542ක් වශයෙන් වාර්තා වනවා රෝගීන්.

    අද දිනත් රාජාංගන ප්‍රදේශයෙත් වෙනත් ප්‍රදේශවලත් PCR පරීක්ෂණ සාම්පල් ගැනීම සිදු කළා. ඒ වගේම මේ 8 හරුනු කොට අනෙකුත් PCR පරීක්ෂණ  ප්‍රතිඵල  කොවිඩ් 19 රෝගීන් නොවන බව සටහන් වී තිබෙනවා. ඒ අනුව නව PCR පරීක්ෂණ වැඩපිළිවෙලට අනුව මෙම පොකුරට සම්බන්ධව ඇතැම් ප්‍රදේශවල නිලධරීන්ගේ පවුල්වල රෝගීන් ආශ්‍රිතව තවත් දින 10 කින් නැවතත් PCR පරීක්ෂණ එක් ස්ථානයකින් 40 ක් පමණ සංඛ්‍යාවක් ගෙන ඉදිරියට සිදු කිරීමට නියමිතයි. “

  • SSC සභාපතීත්වය මහේලට

    SSC සභාපතීත්වය මහේලට

    SSC කී‍්‍රඩා සමාජයේ (Singhalese Sports Club) හෙවත් ‘සිංහල ක්‍රිකට් සමාජයේ‘ ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පත් කර කිරීමට එම කී‍්‍රඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී පියවර ගෙන තිබෙනවා. ශ‍්‍රී  ලංකාවෙන් බිහිවූ දක්ෂ කි‍්‍රකට් නායකයෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන මීට පෙර SSC කී‍්‍රඩා සමාජයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

  • ලොව දරු උපත්වල ‘විශාල පහළ යාමක්’

    ලොව දරු උපත්වල ‘විශාල පහළ යාමක්’

    ගෝලීය මට්ටමින් දරු උපත් පහළ යාම සම්බන්ධයෙන් ලෝකයේ නිසි සූදානමක් නොවීම නිසා විශාල වශයෙන් සාමාජයීය බලපෑම් ඇති කිරීමට ඉඩ තිබෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

    සාඵල්‍යතා වේග (Fertility rates) පහළ යාම නිසා මේ සියවස අගදී සෑම රටකම පාහේ ජනගහනය සංකෝචනය වීමට ඉඩ ඇත.

    2100 වන විට ස්පාඤ්ඤය සහ ජපානය ඇතුළු රටවල් 23 ක ජනගහනය අඩකින් අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.

    රටවල උපත්වලට වඩා අවුරුදු 80 කරා ළඟා වන සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වනු ඇත.

    සිදු වෙමින් පවතින්නේ කුමක්ද?

    එහි ප්‍රතිඵලයක් වශයෙන්, මේ සියවස අවසානයේ ලොව ජනගහනය බිලියන 8.8 (කෝටි 880) දක්වා පහළ යනු ඇති බවත් ඊට පෙර වසර 2064 පමණ වන විට එම අගය එහි උපරිමයට එනම් බිලියන 9.7 ට (කෝටි 970) ළඟා වනු ඇති බවත් පර්යේෂකයෝ අපේක්ෂා කරති.

    Baby and granddad
    අඩු වයසේ සිට වැඩිහිටියන් අධික සමාජයක් කරා

    “මේක බැරෑරුම් දෙයක්. ලෝකයේ වැඩි කොටසක් ස්වභාවික ජනගහන පහළ යාමක් දෙසට ගමන් කරමින් සිටිනවා,” පර්යේෂකයෙකු වන මහාචාර්ය ක්‍රිස්ටෝපර් මුරේ බීබීසී වෙත පැවසීය.

    “මම හිතන්නේ මේ ගැන සිතීම සහ මෙය කෙතරම් බැරෑරුම් ද යන්න හඳුනා ගැනීම අතිශය අමාරු දෙයක්. එය සුවිශේෂී තත්ත්වයක්. අප සමාජයන් ප්‍රතිසංවිධානය කළ යුතු වෙනවා.”

    සාඵල්‍යතා වේගය එනම් එක් කාන්තාවක් බිහි කරන දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය, පහළ යමින් පවතී. එම අගය දල වශයෙන් 2.1 ට අඩු අගයක් ගන්නේ නම් ජනගහනය සංඛ්‍යාත්මක වශයෙන් පහළ යාම ආරම්භ වේ.

    1950 දශකයේ කාන්තාවන් සිය ජීවිත කාලය තුළ බිහි කළ දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය 4.7 ක් විය.

    වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික සහ අගැයීම් පිළිබඳ ආයතනයේ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි 2017 වසරේදී ගෝලීය සාඵල්‍යතා වේගය 2.4 දක්වා, එනම් අඩකින් අඩු වී ඇත. ඒ සම්බන්ධයෙන් ඔවුන් කළ අධ්‍යයනය මගින් ප්‍රක්ෂේපනය කර ඇත්තේ වසර 2100 වන විට ගෝලීය සාඵල්‍යතා වේගය 1.7 ට පහළ අගයක් ගනු ඇති බවය.

    සාඵල්‍යතා වේග පහළ යමින් ඇත්තේ ඇයි?

    සාඵල්‍යතා වේග

    සරුබව හෝ දරුඵල පිළිබඳ කතා කිරීමේ දී සාමාන්‍යයෙන් මතු වෙන කාරණා සහ සාඵල්‍යතා වේග පහළ යාම අතර සම්බන්ධයක් නොමැත.

    ඒ වෙනුවට ඊට හේතු වී ඇත්තේ කාන්තාවන් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට සහ රැකියා වෙත යොමු වීම මෙන්ම පහසුවෙන් උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ හැකියාවයි. එබැවින් දරුවන් අඩු සංඛ්‍යාවක් බිහි කිරීමට කාන්තාවන් නැඹුරු වේ.

    සාඵල්‍යතා වේග පහළ යාම විධි ගණනාවකින් සාර්ථක කතාවකි.

    වැඩිම බලපෑමකට ලක් වන රටවල් මොනවාද?

    2017 වසරේදී මිලියන 128 (කෝටි 12.8) ක උපරිමයකට ළඟා වූ ජපානයේ ජනගහනය මේ සියවස අගදී මිලියන 53 කටත් (කෝටි 5.3) අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.

    ඒ හා සමානව ඉතාලියේ ජනගහනය ද එම කාල රාමුව තුළදී මිලියන 61 (කෝටි 6.1) සිට මිලියන 28 (කෝටි 2.8) දක්වා විශාල වශයෙන් පහළ යනු ඇති බව ඇස්තමේන්තු කෙරේ.

    Decision to increase Hungarian population
    සාඵල්‍යතා වේගය යනු එක් කාන්තාවක් බිහි කරන දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යයයි

    ඉහත සඳහන් රටවල් 23 අතර සිටින ජපානය සහ ඉතාලියට අමතරව ඊට ඇතුළත් ස්පාඤ්ඤය, පෘතුගාලය, තායිලන්තය සහ දකුණු කොරියාව යන රටවල ද ජනගහන අඩකටත් අඩු ප්‍රමාණයකින් පහළ යතැයි අපේක්ෂා කෙරේ.

    දැනට ලොව වැඩිම සංඛ්‍යාවක් වෙසෙන චීනයේ ජනගහනය වසර හතරක් ඇතුළත එහි උපරිමයට එනම් බිලියන 1.4 ට (කෝටි 140) ළඟා වනු ඇති අතර වසර 2100 වන විට එම සංඛ්‍යාව අඩකින් පමණ, එනම් මිලියන 732 (කෝටි 73.2) දක්වා පහළ යනු ඇතැයි ගණනය කර තිබේ. චීනය වෙනුවට ඉන්දියාව වැඩිම ජනගහනයක් සහිත රට බවට පත් වනු ඇත.

    එක්සත් රාජධානිය වසර 2063 පමණ වන විට ජනගහනයේ උපරිමයට, එනම් මිලියන 75 ට (කෝටි 7.5) ළඟා වනු ඇති අතර වසර 2100 වන විට එම අගය මිලියන 71 (කෝටි 7.1) දක්වා පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    කෙසේ නමුත් රටවල් 195 කින් 183 කම සාඵල්‍යතා වේග අඩකින් අඩු වීම සත්‍ය වශයෙන්ම ගෝලීය ගැටළුවක් වනු ඇත.

    මෙය ගැටලුවක් වන්නේ ඇයි?

    GETTY IMAGES

    ඉහත කී තත්ත්වය නිසා පරිසරයට හොඳක් වනු ඇතැයි ඔබට සිතිය හැක. ජනගහනය අඩු වන විට කාබන් විමෝචනය මෙන්ම ගොවිබිම් සඳහා කැලෑ එළිපෙහෙළි කිරීම ද අවම වීමට ඉඩ ඇත.

    “උඩු යටිකුරු වූ වයස් ඛාණ්ඩවල ව්‍යුහය (තරුණ වයසේ අයට වඩා වයස්ගත පුද්ගලයන් වැඩි වීම) සහ උඩු යටිකුරු වූ වයස් ඛාණ්ඩවල ව්‍යුහය නිසා ඇතිවන නොදන්නා අයහපත් ප්‍රතිවිපාක හැර ඉහත කී කාරණය ඇත්තක් විය හැකියි,” යනුවෙන් මහාචාර්ය මුරේ පවසයි.

    අධ්‍යයනයෙන් ප්‍රක්ෂේපිත කරුණු:

    • 2017 වසරේදී මිලියන 681 ක්ව (කෝටි 68.1) තිබූ අවුරුදු 5 ට අඩු පුද්ගලයන් සංඛ්‍යාව වසර 2100 වන විට මිලියන 401 (කෝටි 40.1) දක්වා පහළ යනු ඇත.
    • 2017 වසරේදී මිලියන 141 ක් වූ (කෝටි 14.1) අවුරුදු 80 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව වසර 2100 වන විට මිලියන 866 (කෝටි 86.6) දක්වා ඉහළ යනු ඇත.

    “එය දැවැන්ත සමාජයීය වෙනසක් ඇති කරාවි. මෙය මා කනස්සල්ලට පත් කරන්නක්, මොකද මට අවුරුදු අටක දියණියක් ඉන්නවා. ලෝකය මොන වගේ වේවිදැයි මම කල්පනා කරනවා,” මහාචාර්ය මුරේ වැඩිදුරටත් සඳහන් කරයි.

    විශාල වශයෙන් වැඩිහිටියන් වෙසෙන ලෝකයක බදු ගෙවනු ලබන්නේ කවුරුන් විසින්ද? වැඩිහිටියන් රැක බලා ගන්නේ කවුරුන්ද? ඒ වන විට මිනිසුන්ට විශ්‍රාම යා හැකි වෙයිද?

    “අපට මෘදු ප්‍රවේශයක් අවශ්‍ය කරනවා,” මහාචාර්ය මුරේ පවසයි.

    මේ සඳහා විසඳුම් තිබේද?

    සිය ජනගහන ඉහළ දමා ගැනීමට සහ පහත යන සාඵල්‍යතා වේගයන්ට හිලව්වක් වශයෙන් එක්සත් රාජධානිය ඇතුළු රටවල් සංක්‍රමණිකයන් යොදා ගනිති.

    කෙසේ නමුත් ලොව සෑම රටකම පාහේ ජනගහනය පහළ යන විට සංක්‍රමණ තවදුරටත් ඒ සඳහා විසඳුමක් නොවනු ඇත.

    “ජනගහනය ප්‍රමාණවත් නොවීමත් සමග දේශ සීමා විවෘත කිරීම හෝ නොකිරීම කියන තේරීමේ සිට සංක්‍රමණිකයන් වෙනුවෙන් සෘජු තරගයක් ලබා දීම දක්වා අපිට යන්න වේවි,” මහාචාර්ය මුරේ පෙන්වා දෙයි.

    දරුවෙකු ලැබීමෙන් පසු මව්වරුන්ට සහ පියවරුන්ට දෙනු ලබන නිවාඩු වැඩි කිරීම, ළමුන් සඳහා නොමිලේ සේවා සැපයීම, මූල්‍ය දිරිදීමනා සහ වැඩිපුර සේවක අයිතීන් ලබා දීම වැනි ප්‍රතිපත්ති ඇතැම් රටවල් විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. නමුත් මේ සඳහා පැහැදිලි පිළිතුරක් නොමැත.

    ස්වීඩනය සිය සාඵල්‍යතා වේගය 1.7 සිට 1.9 දක්වා ගෙන ගොස් ඇතත් ඒ සඳහා සැලකිය යුතු උත්සහයක් දැරූ සෙසු රටවලට එය අභියෝගයක් වී ඇත. සිංගප්පූරුවේ සාඵල්‍යතා වේගය තවමත් 1.3 ක පමණ අගයක් ගනී.

    “මම දැක තිබෙනවා මිනිස්සු හිනා වෙලා නිකන් ඉන්නවා. මෙය ඇත්තක්‌ විය හැකි බව ඔවුන් සිතන්නේ නැහැ. වැඩියෙන් දරුවන් හදනවා කියා කාන්තාවන් තීන්දුවකට ඒවි යයි ඔවුන් සිතනවා,” මහාචාර්ය මුරේ කියා සිටී.

    “විසඳුමක් සොයා ගන්න බැරි වුනොත් ක්‍රමයෙන් මිනිස්සු නැතිව යාවි. නමුත් ඒක වෙන්න තව ශතවර්ෂ ගණනක් තිබෙනවා.”

    කාන්තා අධ්‍යාපනය සහ උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ පහසුකම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ආපස්සට හැරවීමට එරෙහිව පර්යේෂකයෝ අනතුරු අඟවති.

    බොහෝ රටවල ජනගහනය පහළ යාමට ප්‍රතිචාර දැක්වීම සඳහා වන ප්‍රතිපත්ති යටපත් වීමට ඉඩ ඇතත් කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍ය හෝ කාන්තා අයිතීන් ඉහළ දැමීමේ උත්සාහය ඊට කැප නොකළ යුතු බව මහාචාර්ය ස්ටෙයින් එමිල් වොල්සෙට් පෙන්වා දෙයි.

    අප්‍රිකාවේ තවත්ත්වය කුමක් වෙයිද?

    වසර 2100 වන විට බිලියන තුන (කෝටි 300) ඉක්මවා උප සහරා අප්‍රිකානු කලාපයේ ජනගහනය තුන් ගුණයකින් ඉහළ යතැයි අපේක්ෂා කෙරේ.

    ඉහත කී අධ්‍යයන වාර්තාවට අනුව නයිජීරියාව ලොව වැඩිම ජනගහනයක් සහිත රටවල් අතර දෙවන ස්ථානයට පත් වනු ඇත. එහිදී එරට ජනගහනය මිලියන 791 කට (කෝටි 79.1) ළඟා වනු ඇත.

    “මේ තත්ත්වය තුළ රටවල් බොහොමයක අප්‍රිකානු සම්භවයක් සහිත මිනිස්ස්සු විශාල වශයෙන් සිටීවි,” මහාචාර්ය මුරේ පවසයි.

    විශාල වශයෙන් අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයන් රටවල් බොහෝ සංඛ්‍යාවක දැක ගත හැකි වුවහොත් ජාතිවාදය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් හඳුනා ගෙන ඇති අභියෝග තවදුරටත් බරපතල වනු ඇති බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.

    සාඵල්‍යතා වේගය 2.1 ට සීමා කර ඇත්තේ ඇයි?

    සෑම දෙමව්පියෙකුටම දරුවන් දෙදෙනා බැගින් ජනගහනය එකම අගයක පවතින සේ එම අගය 2.0 විය යුතු යයි ඔබ සිතිය හැක.

    නමුත් හොඳම සෞඛ්‍ය සේවාවක් තිබුන ද සියලුම දරුවන් වැඩිහිටි අවධිය වන තෙක් ජීවත් නොවේ. එමෙන්ම පෙරට වඩා බිලිඳුන් පිරිමි ළමුන් වීමට ඇති නැඹුරුව වැඩිය. ඒ අනුව සංවර්ධිත රටවල සාඵල්‍යතා වේගය 2.1 ට සීමා කර ඇත.

    ළමා මරණ වැඩි රටවලට ද ඉහළ සාඵල්‍යතා වේගයක් අවශ්‍ය කෙරේ.

    විශේෂඥ මතය කුමක්ද?

    “මේ පුරෝකථන අඩකින් නිවැරදි වුවත්, සෑම රටකටම සංක්‍රමණ කියන්නේ විකල්පයක් නොව, අත්‍යවශ්‍ය දෙයක් වේවි,” යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් හි මහාචාර්ය ඉබ්‍රහිම් අබුබකර් පෙන්වා දෙයි.

    “සාර්ථක වෙන්න නම් ගෝලීය දේශපාලනය පිළිබඳ අප යළි මූලික යළි සිතා බැලීමක් කළ යුතු වෙනවා.”

    “මනුෂ්‍යත්වය දියුණු වෙනවද නැතිනම් නැතිව යනවද යන්න කෙරෙහි වැඩ කල හැකි වයසේ ජනගහන විකාශය අතිශය වැදගත් වනු ඇත.”

    Text by bbc sandesaya

  • පරිසරයට හානි නොකළ ජනපතිවරණ ව්‍යාපාරය අගයා ජනපතිට සහතිකයක්

    පරිසරයට හානි නොකළ ජනපතිවරණ ව්‍යාපාරය අගයා ජනපතිට සහතිකයක්

    ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගිත්වය සහිත ප්‍රථම “කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය” සඳහා ප්‍රදානය කෙරෙන “කාබන් ශූන්‍යකරණ” සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිරිනැමේ.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාශයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදන කමිටු නියෝජිතයෝ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත සහතිකය පිළිගැන්වූහ.

    රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය පරිසර හානිය සහ හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය අගයක තබාගත් බව සහතික කර ඇත්තේ හරිතාගාර වායු කළමනාකරණය පිළිබඳ සහතික නිකුත් කිරීම සඳහා බලය හිමි Sustainable Future Group නම් පරිසර පර්ෂදය විසිනි. මේ කණ්ඩායම හරිතාගාර වායු විමෝචන ක්ෂේත්‍රයේ අන්තර්ජාතික පිළිගැනීමක් සහිත ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ අනුමැතිය ලැබූවකි.

    සම්ප්‍රදායික මැතිවරණ ක්‍රියාවලියෙන් බැහැරව පරිසර දූෂණයෙන් තොරව ජනාධිපතිවරණ ප්‍රචාරණය සැලසුම් කිරීම රාජපක්ෂ මැතිතුමාගේ චින්තනය හා අධිෂ්ඨානය විය. දිවයිනම ආවරණය කළ 150කට අධික ජන රැලි පොලිතීන්, පෝස්ටර්, බැනර්, කටවුට් ආදියෙන් තොරව පැවැත්වීමට ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ මහතා තීරණය කළේය.

    ජනහමුවලට එන වාහනවලින් සහ ජනතාවගෙන් පරිසරයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය අන්තර්ජාතික ක්‍රමවේදයකට ගණනය කෙරිණ. එලෙස මුදාහැරෙන කාබන් ස්කන්ධය  අවශෝෂණය කර ගැනීමට ශාක 21,000ක් රෝපණය කළ යුතු බව නිගමනය කරනු ලැබීය.  ඒ අනුව “රටේ පැළවන නිදහසේ හුස්ම” රුක් රෝපණ ව්‍යාපෘතිය සෑම ජන රැළියක්ම අවරණය වන පරිදි ක්‍රියාවට නැංවිණ.

    ව්‍යාපෘතිය යටතේ පැළ 26,000ක් රෝපණය කොට, මේ දක්වා රැක ගැනීමෙන් කාබන් අවශෝෂනය වී හානිය ශූන්‍ය කර ඇතැයි “ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය” තක්සේරු කර තිබේ. අදාළ කාලසීමාවේ දී වූ පරිසර හානිය හා කාබන් අවශෝෂනය පදනම් කොට ගෙන පරිසර හානිය ශූන්‍ය බව පූර්ණ වශයෙන් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රතීතන ආයතන කියා සිටී.

    “තිරසර පරිසර ප්‍රතිපත්තියක් යනු පරිසර සංරක්ෂණය පමණක් නොව සමබර වූ සමාජ, ආර්ථික පුරුදු ක්‍රියාවට නැංවීමය” යන්න ජනාධිපතිතුමා “සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබේ.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාශනයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදක කමිටුව නියෝජනය කරමින් මහාචාර්ය සරත් කොටගම, ආචාර්ය සම්පත් වාහල, දර්ශනී ලහඳපුර, රෝෂිනී රාජපක්ෂ, චමින්ද මහනායක, අනුෂ්ක කුමාරසිංහ, සමන්ත ගුණසේකර සහ අර්ජුන පෙරේරා යන මහත්ම මහත්මීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • ශ්‍රී ලාංකීය ට්විටර් ගිණුම්වල ආරක්ෂාව සදහා අවධානය යොමු කරන්න

    ශ්‍රී ලාංකීය ට්විටර් ගිණුම්වල ආරක්ෂාව සදහා අවධානය යොමු කරන්න

    ඊයේ (15) දිනයේ දී ට්විටර් පරිශීලකයන් බොහොමයකගේ ගිණුම් සයිබර් ප්‍රහාරයට ලක්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම එක්සත් රාජධානියේ පිහිටි ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය (NCSC) මගින්ද වාර්තාකොට තිබිණි. මූලික වශයෙන් ඇමරිකාව පදනම් කරගෙන සිටින ප්‍රකට පුද්ගලයන්ගේ ට්විටර් ගිණුම් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇත. 

    මෙවැනි සයිබර් ප්‍රහාර ශ්‍රී ලාංකික ට්විටර් පරිශීලකයන් ඉලක්ක කරගෙන වුවද සිදුවිය හැකි බැවින් ශ්‍රී ලාංකික ට්විටර් පරිශීලකයන් ශක්තිමත් මුරපද භාවිතයට යොමුවීම හා දෙවන සාධක දෙකක සත්‍යාපනය නොහොත් two-factor authentication (2FA) තම ට්විටර් ගිණුම් වල සක්‍රීය කිරීම සිදුකලයුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් ශ්‍රී ලාංකික ට්විටර් පරිශීලකයන් වෙත දැනුම් දෙමු.

    ට්විටර් හෝ වෙනත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල මුදල් හෝ සංවේදී පෞද්ගලික තොරතුරු සඳහා වන ඉල්ලීම් වලින් අතිශයින්ම ප්‍රවේශම් වීමට වගබලාගන්නා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිමු. තවද ශ්‍රී ලංකාවෙහි සිටින මාධ්‍යවේදීන්, ක්‍රීඩකයින්, කලාකරුවන් ඇතුළු සමාජයේ කැපී පෙනෙන පුද්ගලයින් තම සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් දැක්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් අවධාරණය කරමු.

  • 2020 මනාප සටනේ විමල්, රනිල්, සජිත්, සියඹලාපිටිය, තුසිතා, සන්දිත්, ප්‍රසන්න, රන්ජා, අර්ජුන පෙරමුණේ..

    2020 මනාප සටනේ විමල්, රනිල්, සජිත්, සියඹලාපිටිය, තුසිතා, සන්දිත්, ප්‍රසන්න, රන්ජා, අර්ජුන පෙරමුණේ..

    2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තව ඇත්තේ දින 20කටත් වඩා අඩු කාලයකි. මේ වන විට තැපැල් ඡන්ද ප්‍රකාශ වෙමින් පවතින අතර අන්තර්ජාල සහ සමාජජාල මාධ්‍ය ඔස්සේද මහ මැතිවරණයෙන් ජයගන්නා සහ මේ වන විට පෙරමුණේ සිටින අපේක්ෂකයින් සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා සිදුකෙරෙමින් පවතී.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විමල් වීරවංශ, සමගි ජන බලවේගය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පෙරමුණේ සිටිති.

    එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රසන්න රණතුංග, සමගි බලවේගය නියෝජනය කරන රන්ජන් රාමනායක සහ එක්සත් ජාතික පක්ෂය නියෝජන කරන අර්ජුන රණතුංග යන මහත්වරුන් මනාප සටනේ පෙරමුණේ සිටිති.

    එම සමීක්ෂණ වාර්තාවන්ට අනුව මෙවර කෑගල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ සටන ඉතා තියුණු මුහුණුවරක් ගෙන ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ සටන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කනක හේරත් මහතා, තාරක බාලසූරිය මහතා හා රංජිත් සියඹලාපිටිය මහතා අතර දෝලනය වෙමින් පවතින අතර රංජිත් සියඹලාපිටිය මහතා ඉන් ඉදිරියෙන් සිටී.

    සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින එකම කාන්තා අපේක්ෂිකාව මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පෙරමුණට පැමිණ ඇති අතර, කබීර් හෂීම්, සුජිත් පෙරේරා හා ලලිත් දිසානායක යන මහත්වරුන් අතර දෙවෙන තුන්වෙන ස්ථාන දෝලනය වෙමින් පවතී.

    එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන හිටපු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා එම පක්ෂයෙන් පෙරමුණ ගෙන සිටී.


  • හිඟ විදුලි බිල්පත් ගෙවීමට මාස දෙකක සහන කාලයක්

    හිඟ විදුලි බිල්පත් ගෙවීමට මාස දෙකක සහන කාලයක්

    මාර්තු, අප්‍රේල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ බිල්පතට හෝ ඉන් පසුව ලද අවම බිල්පතට අනුව ගෙවීමට ජනතාවට අවස්ථාව ලබා දීමට රජය තීරණය කර තිබේ.

    එමෙන්ම එම බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක් ද හිමිවේ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ බිල්පත් ගෙවීම සඳහා ලබා දෙන සහන කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇති බවය.

    කොරෝනා තත්ත්වය හමුවේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලය තුළ විදුලි පරිභෝජනය ඉහළ ගොස් තිබිණි.

    ඒ කාලය සඳහා බිල් සැකසීමේ ක්‍රමවේදය නිවැරදි නොවන බවට ද විවිධ පාර්ශව වෙතින් චෝදනා එල්ල විය.

    2020 මාර්තු, අප්‍රේල් සහ මාර්තු මාසවල විදුලි බිල්පත්වල සඳහන් මිල ගණන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ එල්ලවූ චෝදනා හා විවේචන සැළකිල්ලට ගෙන, ජනතාවට සහන ලබා දීම සඳහා රජය මෙම තීරණය ගත් බව විදුලිබල හා බලශක්ති සහ මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේය.

    ජනතාවට මෙම සහනය ලබා දීම සඳහා රජය විසින් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 3000ක් ලබා දීමට ද එකඟ වී ඇත.

    මාර්තු, අප්‍රේල් සහ මාර්තු මාසවල බිල්පත් මේ වන විට ගෙවා ඇතිනම් ඊට අදාළ මුදල් ලබා ගැනීම හෝ ඉදිරි බිල්පත් වලින් එම මුදල් පුර්ණය කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේය.

    සහන දෙන්න කමිටුවක්

    විදුලි බිල්පත් ගැටලු සහ රටේ පවතින තත්ත්වයන් සැළකිල්ලට ගෙන ජනතාවට සහනයක් ලබා දීම සම්බන්ධයෙන් මීට පෙර පැවති කැබිනට් රැස්වීමේදී සකච්ඡා වී තිබිණි.

    ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජූලි 08 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය..

    ”ඒ කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ හා අදහස් දෙන්න කිවුවා. ඒක මේ සතියේ කැබිනට් එකට යන්න තිබුණා” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

  • Covid-19 2nd Wave: සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන්’ විශේෂ ප්‍රකාශයක්

    Covid-19 2nd Wave: සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන්’ විශේෂ ප්‍රකාශයක්

    2020.07.15 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (2020.07.15) සිදු කරනු ලැබූ ප්‍රකාශය පහත පරිදි වේ.

    අද දින මේ දක්වා සිදුකරන ලද PCR පරීක්ෂණ වලට අනුව කන්දකාඩු පොකුර ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වී නැහැ. එක් රෝගියෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් ආසාදිතයෙක් ලෙස සටහන් වෙනවා. ඒ වගේම මේ වනවිට නිරෝධායනයට ලක්වන අය අතර කුරුණෑගල 73 දෙනෙක් සහ නිකවැව 73 දෙනෙක් වශයෙන් මධ්‍යස්ථාන දෙකක නිරෝධායානයට ලක්වෙනවා. මොවුන් කොළඹ පැවති පුනරුත්ථාපන යම්කිසි රැස්වීමකට පැමිණ එහිදී ආසාදිතයෙක් සමග සම්බන්ධ වීම නිසා තමයි නිරෝධායනයට ලක්කර තිබෙන්නේ. ඒ වගේම කුණ්ඩසාලේ රෝගීන් දෙදෙනා ආශ්‍රිතව 150 ක් පමණ ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඒ වගේම එම කුණ්ඩසාලේ රෝගියාට සම්බන්ධ පවුල් කිහිපයක් කෑගල්ලේත් නිරෝධායනයට ලක් වෙමින් පවතිනවා.

    ඒ වගේම මාතර අපරැක්ක ප්‍රදේශයේ 100 ක පමණ සංඛ්‍යාවක් නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා. දැන් මේ ආකාරයට තමයි මේ විවිධ ප්‍රදේශ වල නිරෝධායනයට ලක්වෙමින් පවතින්නේ. ඒ වගේම අපට විශේෂයෙන් කියන්න පුළුවන් ඊයේ සහ පෙරේදා දිනවල රාජාංගනය ප්‍රදේශයේ ගනුලැබූ PCR  සාම්පල  395 ට අනුව එම 395 කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබෙනවා. ඒ වගේම රාගම පෞද්ගලික රෝහල සම්බන්ධව සිද්ධියට මුහුණ පෑ අය සම්බන්ධව ගනුලැබූ සියලුම PCR පරීක්ෂණ මගින් ඒ අයත් ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබෙනවා.

    ඒ වගේම අද දිනත් කුණ්ඩසාලෙන් 101 ක් ඒ වගේම, කොටුගොඩ පල්ලිය ආශ්‍රිතව 74 දෙනෙක් ඒ වගේම තන්තිරිමලේ රන්ටැඹේ අර දෙමාපියන් ඒ අයගෙන් 266 ක පමණ ප්‍රමාණයක් සහ පොලොන්නරුව රෝහලට පැමිණෙන අයගෙන් සාම්පලයක් ලෙස 200 ක පමණ ප්‍රමාණයක් සහ රාජාංගනයෙන් 150 ක් පමණ ප්‍රමාණයක් ඇතුලුව දිවයිනේ විවිධ ප්‍රදේශවල PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන තිබෙනවා. ජාඇල, කොටුගොඩ පල්ලිය තත්ත්වය ගත්තත් එහිදී ආසාදිතයකු පැමිණීම නිසා තමයි මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ. නමුත් දැන් එය සාමාන්‍ය තත්ත්වයට පැමිණිලා. දැන් එම පල්ලියට සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට අවසර ලබාදී තිබෙනවා.

    මෙහිදී, විශේෂයෙන්ම අපගේ අවධානය යොමු වී තිබෙනවා මේ රටේ අතිවිශාල ආයතන සංඛ්‍යාවක් තිබෙනවා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ. ඒ විශ්ව විද්‍යාල වෙන්න පුළුවන්, නේවාසිකාගාර වෙන්න පුළුවන්. දැනටත් ඉදිරියටත් ඉතාම වැදගත් දෙයක් තමයි මේ වැඩිවශයෙන් ඉන්න ස්ථානවල ඒ වගේම

    කාර්යාලවල ඒ ආයතන ප්‍රධානීන් යම්කිසි ආකාරයකට වගවීමකට ලක්වීම, එම ආයතන වල සිටින පුද්ගලයින් සම්බන්ධයෙන්. ඔවුන්ට උණ තිබෙනවද ශ්වසන රෝග තිබෙනවාද ආදී වශයෙන් සොයාබැලීම. ඒ වගේම එසේ රෝගී තත්ත්වයන් තිබෙනවා ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීම. යම්කිසි ආකාරයකින් එවැනි තත්වයක් තිබෙනවා නම් සේවයට වාර්තා නොකර සිටීම. ඒ වගේම සේවා ස්ථානවල එක් එක් ඒකක ගත්විට එම ඒකක හැකිතාක් දුරට වෙන් වෙන් වශයෙන් පවත්වා ගැනීම. වෙන් වෙන් ඒකක වල අය හමුනොවී වෙන්වෙන් වශයෙන් පැමිණ පිටවීමට අවස්ථාව සැලසීම ආදිය පවත්වා ගත යුතු වෙනවා.

    මෙය ඇත්තෙන්ම හුදෙක් මෙම අවස්ථාව ගැන පමණක් සිතා නෙමෙයි ඉදිරියටත් පවත්වා ගත යුතු තත්වයක්. මොකද අපි දන්නවා මේ වනවිට ජනතාවගේ ගමන් බිමන් හැසිරීම් රටා යම් ප්‍රමාණයකට වෙනස් වෙලා තිබෙනවා. මෙම තත්වයන් නැවත හොඳ අතට හරවා ගැනීම විශේෂයෙන්ම ආයතනවල පවත්වා ගැනීම ආයතන ප්‍රධානීන් අංශ ප්‍රධානීන් සතු වගකීමක් බව කීමට අවශ්‍යයි. එහිදී, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමත් ඒ අනුව ඔවුන් වගවීම යම්කිසි ලෙසකට සහතිකවීම වැදගත් වෙනවා. 

  • ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් අනතුරේ – ITSSL

    ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් අනතුරේ – ITSSL

    සයිබර් ප්‍රහාරකයෙකුට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක පවතින සංවේදී තොරතුරු ලබා ගැනීමට, එම දුරකථනයෙහි අනිෂ්ට කේත ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසන ආරක්‍ෂිත දෝෂ කිහිපයක් හදුනාගැනීමට ගූගල්‍ සමාගමට හැකිවී ඇත.

    මෙම ආරක්‍ෂිත දෝෂ කිහිපය සදහා ගූගල් සමාගම විසින් පසුගිය ජූලි 5වන දින ආරක්‍ෂිත යාවත්කාලීන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අනුවාද 8.0,8.1,9,10 සදහා නිකුත් කර ඇත. එම ආරක්ෂක යාවත්කාලීනය ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන පරිශීලකයන්ට දැනුම් දෙමු.

  • මුළු රටේම සිදුකර ඇත්තේ Covid-19  PCR  පරීක්ෂණ 28,496ක් පමණයි !

    මුළු රටේම සිදුකර ඇත්තේ Covid-19 PCR පරීක්ෂණ 28,496ක් පමණයි !

    කොවිඩ්-19 ආසාදිතයින් සම්බන්ධ නොවන, සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන මුළු දිවයිනම ආවරණය වන පරිදි විවිධ අවස්ථාවලදී 2020.06.25 වැනි දිනට දළ වශයෙන් PCR පරීක්ෂණ 28,496ක් සිදුකර ඇති බව වෛද්‍ය පබා පළිහවඩන – නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විසින් හෙළිකර ඇත.

    නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මේ තොරතුරු හෙළිකර ඇත්තේ, මහජන අයිතීන් සුරැකීමේ පදනමේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා විසින් 2020.05 .26 වැනි දින තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කරන ලද ඉල්ලීමකට පිළිතුරු වශයෙනි.

  • දිස්ත‍්‍රික්ක 16කින් ආසාදිතයින් හමුවේ – 3000ක් ස්වයං නිරෝධානයේ

    දිස්ත‍්‍රික්ක 16කින් ආසාදිතයින් හමුවේ – 3000ක් ස්වයං නිරෝධානයේ

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇසුරින් කොවිච්-19 ආසනයට ලක් වූ රෝගීන් මේ වන විට දිස්ත‍්‍රික්ක 16කින් වාර්තා වී ඇති බවත් මේ ආසාදිතයින් ඇසුරු කළ 3000කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බවත් ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.

    ඔහු සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවලට අමතරව නිවාසවල ද ස්වයං නිරෝධායනයට ලක්වන පිරිසක් සිටින බවයි.

    මේ අනුව කොළඹ, ගම්පහ, කලූතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, පොළොන්නරුව, රත්නපුරය, කෑගල්ල, මහනුවර, මාතලේ, කුරුණෑගල, පුත්තලම, මොනරාගල සහ යාපනයෙන් ආසාදිතයින් වාර්තා වූ බවයි ගමගේ මහතා කියා සිටියේ.

    මේ තත්තවය තුළ සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීමට වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතු බව කී රෝහණ ගමගේ මහතා, මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම සහ නිතර සබන් හෝ විෂබීජ නාශයක් යොදා දෑත් පිරිසිදු කිරීම කරන මෙන්් ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.