Tag: featured

  • ශ්‍රී ලංකාවේ වාර්තාගත ‘පළමු සජීවී නිවුන් අලි පැටවුන්’ මෙන්න !

    ශ්‍රී ලංකාවේ වාර්තාගත ‘පළමු සජීවී නිවුන් අලි පැටවුන්’ මෙන්න !

    ශ්‍රී ලංකාවේ වාර්තාගත පළමු සජීවී නිවුන් අලි පැටවුන් දෙදෙනා මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී මේ දිනවල දක්නට ලැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම පැටවුන්ගේ වයස සති 3-4ත් අතර වන බවට අනුමාන කෙරේ.

    වනජීවී නිලධාරීන් සහ පර්යේෂකයෙකු වන ආචාර්ය සුමිත් පිලපිටිය මෙම නිවුන් අලි පැටවුන් ගැන වාර්තා කර ඇත.

    එකම කෙනරකගෙන් කිරි උරා බොන, එම කෙනර ඇසුරේම සිටින මෙම පැටවුන් දෙදෙනාගේ නිවුන් බව මූලික පරීක්ෂණවලදී නිරීක්ෂණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ජාන පරීක්ෂණයක්ද සිදු කිරීමට නියමිතය.

    2018 වසරේදී මාදුරුඔය අශ්‍රිතව නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු හමු වුවද එම සතුන් උපතේදී මියගොස් තිබිණි.

  • සියවසක් ඉදිරියෙන් සිටින නූතන යුගයේ මිනිසා..

    සියවසක් ඉදිරියෙන් සිටින නූතන යුගයේ මිනිසා..

    කොවිඩ්-19 වසංගය විසින් ලෝකය වෙනස් කර ඇතිවා පමණක් නොව අලුතින් සිතීමට ද පොළඹවා තිබේ. තව දුරටත් පරණ මාර්ගයේ ගමන් කළ නොහැකි බව ‘පශ්චාත් කොරෝනා සමය“ අපට කියා දෙන පාඩමයි.

    පශ්චාත් කොරෝනා සමය හුදු සාම්ප්‍රදායික දැනුමින් යල්පැනගිය චින්තයෙන් ජය ගත නොහැකිය. ඒ සදහා ‘අනාගතය දකින‘ තුන්කල් දැක්මක් තිබිය යුතුය. කළමනාකරණය, පරිපාලනය මෙන්ම අනාගතය දැක්මක් සහිත තීන්දු ගැනීමට හැකියාව තිබිය යුතුය.

    සරල අර්ථයෙන් දැක්වුවහොත් පශ්චාත් කොරෝනා යුගය යන ‘නූතන මිනිසුන් විසින් පමණක් නායකත්වය දිය යුතු යුගයකි.

    දේශපාලනයේ පමණක් නොව කළමනාකරණ ක්ෂේත්‍රයේ ද තිලංග සුමතිපාල යනු ‘සන්නම් නායමකි‘ – ‘සියවසක් ඉදිරියෙන් සිටින නූතන දැක්මක් සහිත කළමනාකරුවෙකි. පරිපාලකයෙකි.

    ඒ තිලංග තරම් නවෝත්පදනය, අනාගතය දැකීම සහ මනා කළමනාකරණය යන විෂයන්හි දක්ෂතා දැක්වූ දේශපාලනඥයෙකු මෑත කාලීන දේශපාලන හා ව්‍යාපාරික ලෝකයේ නොමැත.

    ලංකාවේ යල්පැන ගිය, පාඨකයින් ඉවත් වෙමින් සිටි, රූපවාහිනිය විසින් අභියෝග කරමින් සිටි පුවත්පත් කලාවට තිලංග නව මානයක් හදුන්වා දුන්නේය. ඒ සුමති පුවත්පත් සමාගම යටතේ ‘ඉරිදා ලක්බිම‘ පුවත්පත බිහිකිරීම සමගිනි.

    පවුලේ පවුත්පතක් ලෙස ලක්බිම ඉරිදා සංග්‍රහය විසින් ප්‍රථම වරට හදුන්වා දුන් ‘රිද්ම‘ අතිරේකය තවත් මොහොතකින් සියලු පුවත්පත් විසින් කොපි කළ අතර කඩා වැටෙමින් පැවැති පුවත්පත් කර්මාන්තයට ජීවිය දුන්නේ එදා තිලංග විසින් නව ආරක් සහිතව නිර්මාණය කළ ඉරිදා ලක්බිම පුවත්පත් ආකෘතියයි.

    ශ්‍රී ලංකාවේ සන්නිවේදනයේ ප්‍රමුඛ ආයතනය වූ ටෙලිකොම් ආයතනය තිලංගගේ නායකත්වය යටතේ ලංකාවේ ප්‍රමුඛම සන්නිවේදන ආයතනය බවට පත් වුණා පමණක් නොව ජපානයට අලෙවි කිරීමට ගිය මොබිටෙල් ආයතනය‘ ටෙලිකොම් සමාගම යටතේම කළමනාකරණයට ලක් කිරීමට එදා ටෙලිකොම් සභාපතිවරයා ලෙස තිලංග ගත් ඒ ඓතිහාසික තීන්දුව අද ටෙලිකොම් – මොබිටෙල් ජාතික සම්පත් බවට පත්ව තිබීමෙන් පැහැදිලි වේ.

    එදා තිලංග ටෙලිකොමි – මොබිටෙල් ආයතන තුළ නූතන කළමනාකරණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් දැවැන්ත කළමනාකරණ හා තාක්ෂණ විප්ලවයක් නොකළා නම් අද ලංකාවේ සන්න්වේදන පද්ධතියටම විදේශිකයින් අතට පත්ව අවසන්ය.

    ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රීඩා පරිපාලනය තිලංගගේ ජානගත දෙයකි. නාලන්දයෙන් බිහි වූ ක්‍රිකට් තරුවක් වන තිලංග ක්‍රීඩකයෙක් වශයෙන් මෙන්ම ක්‍රිකට් පරිපාලකයෙක් වශයෙන් ද අසාමාන්‍ය හා අනාගතවාදී කුසලතා දැක්වීමට සමත් විය. විශේෂයෙන් දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය තිලංගගේ කාර්යක්ෂම කළමනාකරණය, වේගය සහ තුන්කල් දැක්ම මනාව ප්‍රකට කරන තැනකි.

    ශ්‍රී ලාංකීය ටෙලි කලාවට ශක්තියක්, අභිමානයක් එක් කළ ‘සුමති ටෙලි සම්මාන උළෙල‘ තිලංගගේ තුන් කල් දැක්ම පමණක් නොව කළමනාකරණ හැකියාව, සංවිධාන ශක්තිය මනාව පැහැදිලි කරන කැඩපතකි.

    පශ්චාත් කොරෝනා අභියෝග

    කොරෝනා වසංගතය විසින් නිර්මාණය කර ඇති ආර්ථික, දේශපාලන, සමාජයීය හා ජාත්‍යන්තර අභියෝග ජයග්‍රහණය කළ හැකි වන්නේ අනාගතවාදී දැක්මක් සහිත, ප්‍රායෝගික නූතනවාදී මිනිසෙකුට පමණකි.

    පශ්චාත් කොරෝනා යුගයේ ජනමාධ්‍ය, අලෙවිකරණය, මහජන සම්බන්ධතාව පමණක් නොව, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය ආදි සියලු ක්ෂේත්‍ර ‘ඩිජිටල්කරණය‘ වී ඇති අතර දේශපාලනය පවා ඩිජිටල්කරණය වී ඇත.

    ඩිජිටල්කරණය විසින් මෙහෙයවනු ලබන, ප්‍රමුඛත්වය ගනු ලබන ලෝකයකට නායකත්වය ලබාදීමට තිලංග තරම් ප්‍රාමාණිකයෙක් ලංකාවේ දේශපාලන කරළිය තුළ ඇතැයි සිතිය නොහැකිය. ලක්බිම, ටෙලිකොම්- මොබිටෙල්, ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ධුරය දරමින් ඉටුකළ අතිවිශිෂ්ඨ අනාගතවාදී දැක්ම හා කළමනාකරණ හැකියාව, නූතනකරණය විසින් තිලංග තම දැක්ම හා හැකියාව මනාව පැහැදිලි කර ඇත.

    එනිසා මෙම මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින තිලංග සම්බන්ධයෙන් ‘තීන්දුවක්‘ ගැනීම පුරවැසියන්ට ඉතාම පහසුය. ඒ තිලංග නම් නූතනවාදී මිනිසා විසින් මීට බොහෝ කලකට පෙර වත්මන් අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය මනාව ප්‍රකට කර ඇති නිසාය.

    අතීතයට සහ වර්තමානයට ජයග්‍රහණ රාශියක් උරුමකරදුන් තිලංග ලෝකයක් දණ ගැස්සව වූ වසංගතයක් ඉදිරියේ පශ්චාත් කොරෝනා අභියෝගයෙන් ශ්‍රී ලංකාව යළි ඔසවා තබන්නට අනාගතය වෙනුවෙන් ඔහු දකින, ඔහු ඉදිරිපත් කරන “මාස්ක් වාදය” හැකි වෙත්දැයි අපි බලා සිටිමු.


  • A/L වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට නියමිත සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්

    A/L වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට නියමිත සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්

    උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020 ජූලි මස 20 තෙක් දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 

    මේ සඳහා අදාළ අයදුම්පත් සහ වෘත්තීය විෂයධාරාව ක්‍රියාත්මක වන පාසල් ලේඛනය  www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය. 

    වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ “සැමට අධ්‍යාපන ශාඛාවේ“ දුරකථන අංක 0112 787136 මඟින් විමසීම් කළ හැකිය. 

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑම සිසු දරුවෙකුට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර, වෘත්තීය විෂය ධාරාව යටතේ හඳුන්වා දී ඇති වෘත්තීය විෂයයන් 26ක් අතුරින්, තමා වඩාත් ප්‍රියකරන වෘත්තීය විෂය ක්ෂේත්‍රයක් තෝරාගැනීමට ද සිසු දරුවන්ට මේ යටතේ හැකියාව ලැබේ. 

    දිවයින පුරා සෑම අධ්‍යාපන කළාපයක් ම නියෝජනය වන අයුරින් පාසල් 311ක මේ වනවිටත් උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වන අතර මේ වසරේ සිට සෑම අධ්‍යාපන කොට්ඨාසයක් ම නියෝජනය වන අයුරින් තවත් පාසල් 112ක වෘත්තීය විෂය ධාරාව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.  

    මෙම වෘත්තීය විෂයධාරාව හදාරන සිසුන් වෙත තමන් තෝරාගන්නා වෘත්තීය විෂය ක්ෂේත්‍රය සම්බන්ධව පාසල තුළ න්‍යායික පුහුණුවක් ද වෘත්තීය ආයතනයක් හා සම්බන්ධ වෙමින් රැකියාගත පුහුණුවක් ද අධ්‍යයන කාලසීමාව තුළ ලබා දෙනු ලැබේ.  

    ජාතික වෘත්තීය පුහුණු නිපුනතා 4 වැනි මට්ටම (NVQ Level 4) සහතිකය ද, උසස් පෙළ සමත් බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන ප්‍රවීණතා සහතිකය ද වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන සෑම සිසුවෙකුට ම හිමිවේ.  

    එමෙන් ම වෘත්තීය පුහුණුවට යොමුවන කාලසීමාව තුළ සිසුන්ගේ දෛනික පැමිණිම අනුව දිනකට රුපියල් 500ක් බැගින් වන දීමනාවක් ද හිමිවේ.

  • රාජ්‍ය ආයතන තුළ ‘මැතිවරණ ප්‍රචාරණයේ’ යෙදුණොත් වැඩ වරදී

    රාජ්‍ය ආයතන තුළ ‘මැතිවරණ ප්‍රචාරණයේ’ යෙදුණොත් වැඩ වරදී

    රජයේ ආයතන හෝ කාර්යාල තුළ ඡන්ද ආයාචනා කිරීම හෝ අත් පත්‍රිකා බෙදීම ඇතුළු කටයුතු සම්පූර්ණයෙන් තහනම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

  • ජවිපෙන් තැපැල් ඡන්දදායකයින්ට විශේෂ පණිවුඩයක් !

    ජවිපෙන් තැපැල් ඡන්දදායකයින්ට විශේෂ පණිවුඩයක් !

    ජාතික ජන බලවේගය විසින් කැදවූ විශේෂ මාධ්‍ය හමුවක් අද (7) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. එහිදී රාජ්‍ය සේවක වැටුප් ගැන සහ ජීවන වියදම ඉහළ යාම ගැන සාකච්ඡාවට ලක් වුණා. මෙම මාධ්‍ය හමුවේ සම්පූර්ණම කතාව පහත පළ වෙනවා.

    ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයින් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න

    ලාල් කාන්ත – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති

    අගෝස්තු 05වැනිදා ඡන්දය තිබ්බට ඊට කලින් ඡන්දය දෙන ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ තමයි රාජ්‍ය සේවකයෝ. ඒ තැපැල් ඡන්දය දෙන රාජ්‍ය අංශයේ සේවකයන්ට පණිවුඩයක් දෙන්න එක්ක තමයි ජාතික ජන බලවේගය හැටියට අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ. 

    අවසාන වරට රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් සිද්ධ වුණේ 2016 ජනවාරිවල. අපි ඊට කලින් සිට රු. 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලලා අරගලයක් කළා. එතැනදී අපේ සටන් පාඨ වුණේ, ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක්, දීමනා සියල්ල මූලික වැටුපට එකතු කිරීමත් යන්නයි. එදා අපි කළ අරගලයේ බලපෑම නිසා රාජපක්‍ෂ ආණ්ඩුවට සිද්ධ වුණා 2015 ජනාධිපතිවරණයට කලින් රු. 3,000ක් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන්න.  ඊළඟට බලයට ආ එජාප ආණ්ඩුවට අර 10,000 ඉතිරිය කොටස් වශයෙන් දෙන්න සිද්ධ වුණා. මේවා අපේ අරගලයේ බලපෑම මත සිදුවූ දේවල්. එදා සිට මේ දක්වා කිසිදු වැටුප් වැඩිවීමක් වෙලා නැහැ. මේක බරපතළ ප්‍රශ්නයක්.

    ගෝඨාභයලාගේ භාරකාර ආණ්ඩුව අත්‍යවශ්‍ය බඩු 26කට දැන් බදු ගහලා. මේ බදු නිසා ජීවන වියදම වැඩිවෙනවා. ඒක තදින්ම බලපාන්නේ මේ රටේ ස්ථාවර වැටුපක් ගන්න වැඩ කරන ජනතාවට. ජීවන වියදම වැඩිවීමට සරිලන ලෙස කිසි දිනක ඔවුන්ට වැටුප් වැඩිවීමක් සිදුවී නැහැ. 

    2018දී වැඩ කරන ජනතාව දියත් කළ වැටුප් සටන්වල ප්‍රතිඵලයක් ලෙස රනුක්ගේ කමිටුව පත්කළා. ඒ කමිටුව 2020 ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කළා. කැබිනට් එක එය  අනුමත කළා. භාණ්ඩාගාරයත් එය අනුමත කළා. ගෝඨාභයලා බලයට ආපු ගමන් එය අත්හිටෙව්වා. මේක රාජ්‍ය සේවකයාට බරපතළ ලෙස බලපාන දෙයක්. ඒනිසා අපි දැන් වැඩ කරන පංතියට කියනවා, මේ කප්පාදුවට එරෙහිව අරගල භූමියට ඒම අත්‍යවශ්‍යයි කියලා.  ඒ වගේම මේ ආණ්ඩුව කොරෝනා පිට දාලා හෙද විදුහල් ශිෂ්‍යයන්ට එතෙක් ලබාදුන් දීමනාව අත්හිටෙව්වා. දැන් මාස තුනක් තිස්සේ එය ලැබෙන්නේ නැහැ. 

    විදුලි බිල කලින් කිව්වා පෙබරවාරි බිල මාර්තුවලට ගෙවන්න කියලා. ඡන්දය වරින් වර කල් ගිය නිසා මෙය අවුල් වෙලා දැන් පාරිභෝගිකයාට දරාගන්න බැරි තරමේ විදුලි බිලක් එන්න පටන් අරන්. විදුලි බිල් ගෙවන කාර්යාලවල හැමදාම ජනතාව පෝලිම්වල  පොරකකා රණ්ඩු කරනවා, ඒව නිවැරදි කර ගන්න. මේ විදිහට මේ ආණ්ඩුව හැම තැනම නිර්මාණය කරලා තියෙන්නේ අවුල්ම තමයි. කිව්වේ නම් ගෝඨාභයගේ වැඩ නීට්, වැඬේ හරියට කරයි, රට ටොප් එකට නග්ගල ගනියි කියලා. දැන් පේනව නේ ගෝඨාභයලාගේ ‘ටොප්’ වැඩවල තරම.

    2020 සිට විශ්‍රාමිකයන්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප් වැඩිවීමත් මේ ආණ්ඩුව අත්හිටුවලා. මේ සියලු කප්පාදු අස්සේ 2/3ක බලයකුත් ඉල්ලනවා. වැඩ කරන ජනතාවට වීදි බැහැලා අරගල කරන්න තරම් සෞඛ්‍යාරක්‍ෂිත තත්වයක් තවම රටේ නැහැ. ඒ නිසා වැඩ කරන ජනතාව තම ඡන්දය හරහා මෙවර සටනක් දිය යුතුයි. ඡන්දය ඒ සඳහා යොදාගත යුතුයි. ඊට අවශ්‍ය මැදිහත්වීම හැකි උපරිමයෙන් කරන්න කියන ඉල්ලීම අපි කරන ගමන් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයෝ හැකි තරම් පාර්ලිමේන්තුවට යවා වැඩ කරන ජනතා සටන තව තවත් ශක්තිමත් කරන ලෙස මෙම ඡන්දයේදී අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

    අර්බුදයෙන් ගොඩ ඒමට නම් කම්කරුවන් නව මාවතක් තෝරා ගත යුතුමයි

    මහින්ද  රත්නායක – ලංකා කම්කරු සම්මේලනය

    කොරෝනා වසංගතය අස්සේ කම්කරු අමාත්‍යාංශය වෘත්තීය සමිති සාකච්ඡාවක් කැඳෙව්වා. ඒකේදී අවධාරණය කළේ කම්කරුවන්ට වැටුප් ගෙවන්න තියෙන අසීරුතාවය. ඊට පස්සේ ඒකට උත්තර හොයන්න කාර්ය සාධක බලකායක් හැදුවා. සමිති හතරක් පමණයි ඒකට තෝරා ගත්තේ. එතැනදී කම්කරුවන්ට විශේෂයෙන් පෞද්ගලික අංශයේ කම්කරුවන්ට මූලික වැටුපෙන් 50%ක් ගෙවන්න තීන්දු කළා. ඒකට අපේ සංගමයත් අන්තර් සමාගම් සේවක සංගමයත් ලංකා බැංකු සේවක සංගමයත් විරුද්ධ වුණා. අනෙක් සමිති කැමති වුණා. දැන් මාස හතරක් තිස්සේ ඒ කම්කරුවන්ට ගෙවන්නේ පඩි බාගයයි. කාර්යසාධක බලකායත් දැන් අක්‍රීයයි. ඒ කම්කරුවෝ දැන් ඉන්නේ දැඩි අසීරුතාවයේ.

    කම්කරුවන්ගේ වැටුප් කපන්න නීතියක් නැහැ. එහෙම කරන්න බැහැ. ඇත්තටම ගත්තාම කොරෝනා වසංගතය වෙනුවෙන් කම්කරුවන්ගේ පැත්තෙන් කැපකිරීම කරලා හමාරයි.
    පෞද්ගලික අංශය තමයි විශාල සේවක සංඛ්‍යාවක් ඉන්නේ. රටක වැඩ කරන ජනතාවගේ ආර්ථික තත්වය  උසස් නොකර ඒ සඳහා ක්‍රියාමාර්ග නොගෙන වැටිච්ච ආර්ථිකයක් ගොඩගන්න බැහැ. 

    අර කාර්යසාධක බලකාය හැදුවේ 98%ක් පමණ පෞද්ගලික අංශයේ සේවකයෝ නියෝජනය කරන සමිති රාශියක් අත්හැරලා ආණ්ඩුවට කරදරයක් නොකරන සමිති හතරක් එකතු කරගෙන. ඒක අපිට ප්‍රශ්නයක්. 

    දැන් සේවකයෝ අයින් කරන්න ක්‍රියාමාර්ග අරගෙන. දැන් ඔවුන්ට පඩියත් නැහැ, රැකියාවත් නැහැ. වෙන රටවල නම් මේ කාලයේ ඒ රටවල ආණ්ඩු මැදිහත් වෙලා සේවක වැටුප් ගෙවනවා. ආයතනය යථා තත්වයට පත්වූ පසු නැවත ගෙවීමේ කොන්දේසිය යටතේ. ඒ මුදල් ගෙවිය යුත්තේ ආයතනය විසිනුයි.

    බැංකුවලට ගිහිල්ලා තග දැම්ම පලියට ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නැහැ. ජාවාරම්කාරයෝ වටකරගෙන ජාතික ආර්ථිකය ගොඩගන්න බැහැ. මේ වන විට මැද පෙරදිග සේවය කළ අපේ රටේ සේවකයන් ලක්‍ෂ 5කය රැකියා අහිමි වෙලා. වෙළඳ කලාපයේ ලක්‍ෂ 3කට රැකියා අහිමි වෙලා. සියල්ල පවතින්නේ ගරා වැටෙන තත්වයක. මෙයින් ගොඩ ඒමට නම් කම්කරුවන් නව මාවතක් තෝරා ගත යුතුමයි. ඒ සඳහා තියෙන එකම මාවත මාලිමාව යටතේ තරඟ වදින ජාතික ජන බලවේගය බව අපි දැඩිව ප්‍රකාශ කර සිටිනවා. 

    වෙළඳ කලාප සේවිකාවන් ඡන්දය දීමේදී නිවැරදි තීන්දුවක් ගත යුතුයි

    චමිලා තුෂාරි – ඩා බිඳු සාමූහිකය සංවිධානය, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂිකා

    තේ කර්මාන්තයේ, නිදහස් වෙළඳ කලාපයේ, මැද පෙරදිග මේ හැම තැනම ආර්ථිකයේ වැඩි කොටසකට දායකත්වය දෙන්නේ කාන්තාවෝ. මාර්තු 20වැනිදා වනකම් මේ රටේ පෞද්ගලික අංශය සේවකයන්ගෙත් බලෙන් වැඩ ගත්තා. කොරෝනා වසංගතය අස්සෙම. ඒ නිසා ඔවුන්ට ගමට යන්න බැරි වුණා. අපි මැදිහත් වෙලා තමයි ඔවුන්ට යන්න සැලැසුවේ.

    නිදහස් වෙළඳ කලාපවල කම්කරු කාන්තාවන් ඇතුළු සේවකයින් දැන් බුරුතු පිටින් දොට්ට දානවා. නිදහස් වෙළඳ කලාපවල සේවකයින් ඡන්දය දාන්න නම් ගමට යන්න ඕනෑ. ඒ සඳහා පාලකයෝ විවිධ කොන්දේසි දානවා. නැවත වැඩට එන්න ප්‍රමාද වුණොත් වැටුප් කපනවා. ඒ වගේම මෑන් පවර් සේවකයන්ට දැන් මාස හතරක් තිස්සේ වැටුප් නැහැ. අඩුම තරමේ ඔවුන්ට රජයෙන් ලබාදුන් රු. 5,000වත් දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. 

    කලාප සේවක සේවිකාවන්ට බරපතළ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා. ඔය කියන සමාජ දුරස්ථභාවයෙන් ඔවුන්ට වැඩ කරන්න වාතාවරණයක් නැහැ. එකම පයිප්පයේ එකම ළිඳෙන් වෙළඳ කලාප සේවක සේවිකාවන් බුරුතු පිටින් නානවා. කලාප සේවිකාවන් අතර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයද වැඩි වෙලා. මේවා කළමනාකරණය කරන්න මේ ආණ්ඩුවටත් කිසිම වැඩපිළිවෙළක් නැහැ. ඒනිසා මේ මැතිවරණයේදී ඔවුන් ඡන්දය දිය යුත්තේ කාටද කියලා නිවැරදි තීන්දුවක් ගත යුතුයි.

    වැඩ කරන ජනතාව මේ ආණ්ඩුවට තවත් ඡන්දය දිය යුතුද?

    මහින්ද ජයසිංහ – ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂක

    මේ ආණ්ඩුව කොරෝනා එන්නත් කලින් විශ්‍රාමික සේවකයන්ගේ විශ්‍රාම වැටුප් වැඩිවීම නතර කළා. බලය ගන්න ඉස්සෙල්ලා කිව්වේ සෞභාග්‍යයේ දැක්ම හරහා විශ්‍රමිකයන්ට සම්භාවනීය පැවැත්මක් තහවුරු කරනවා කියලා. ඒ වෙනුවට දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවල පොලිය 15% සිට 8% දක්වා පහළ දමලා. බන්දුල ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවකදී ඒක පිළිගත්තා. මේකෙන් විශ්‍රාමිකයෝ විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියලා සහ එය නිවැරදි කරනවා කියලත් ඔහු කිවුවා. නමුත් එදාම මහින්ද රාජපක්‍ෂ අගමැති කියනවා එහෙම පොලී පහල දැමීමක් කරලා නැහැ, ඒක මාධ්‍ය විසින් පතුරුවන බොරුවක් කියලා. ඇත්ත තත්වය අපි හොයලා බැලුවා. ඇත්තටම පොලිය කපලා.

    මාර්තු 01වැනිදා සිට වතු කම්කරුවන්ට රු. 1,000ක දෛනික වැටුපක් දෙවා කියලා මේ ආණ්ඩුව කිව්වා. ඡන්දෙට කලින් ගෝඨාභය මහත්තයා දුන්න පොරොන්දුවක් ඒක. දැන් ඒක දෙනවද? 
    රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු මේ සියලු ක්‍ෂෙත්‍රවල වැඩ කරන ජනයා දැන් ඉන්නේ විශාල අර්බුදයක. දැන් පාසැල් විවෘත කරගෙන යනවා. ඒකට කිසිම විධිමත් සැලැස්මක් නැහැ. සෞඛ්‍ය නිර්දේශ පැත්තකට දාලා. මේ ආණ්ඩුවත් අධ්‍යාපන බලධාරීනුත් මොනවද මේ කරන්නේ කියලා ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් විශාල ප්‍රශ්නයක්.

    මේ ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් කොරෝනා පිට දාලා බලෙන් කැපුවා. නැගෙනහිර, සබරගමු ගුරුවරුන්ගේ වැටුප් බලෙන් කැපුවා. අපේ මැදිහත්වීම නිසා ඉතිරි ප්‍රදේශවල ඒක නවත්ත ගත්තා. අපි මේ රටේ රාජ්‍ය සේවකයන් ඇතුළු වැඩ කරන ජනතාවගෙන් අහනවා, මේ ආණ්ඩුවට තවත් ඡන්දය දියු යුතුද කියලා.

    ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකත්වය හරහා ප්‍රබල වෘත්තීය සමිති නායකයින්, කම්කරු සංගම් නායකයින් විශාල පිරිසක් මෙවර තරඟ වදිනවා. අපි මේ රටේ ජනතාවට එකක් පැහැදිලි කරනවා. එනම් ඔබේ සටන පාර්ලිමේන්තුවේ කිසිදු පාවා නොදීමකින් කිරීමට නම් ජාතික ජන  බලවේගයේ නියෝජිතයෝ හැකි තාක් පාර්ලිමේන්තුවට යවන්න කියලා.

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

    ප්‍රශ්නය:- දැනට තිබෙන ජීවන වියදමට සාපේක්‍ෂව කොපමණ ප්‍රමාණයකින් වැටුප් වැඩිවිය යුතුද?

    රු. 3,000- 24,000 දක්වා වැටුප් වැඩිවිය යුතු බව රනුක්ගේ කමිටුවේ නිර්දේශයයි.

    ප්‍රශ්නය:- ආර්ථිකය මෙච්චර වැටිලා තියෙද්දී ඔය විදිහට වැටුප් වැඩිකළ හැකිද?
    ආණ්ඩුව පාර්ලිමේන්තුවේ මැති ඇමතියන්ගේ වැටුප්, දීමනා සහ අනෙකුත් වරප්‍රසාද දිගින් දිගටම වැඩි කර ගන්නවා නම් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ නොහැක්කේ ඇයි? අනෙකුත් සේවක වැටුප් වැඩිකළ නොහැක්කේ ඇයි? 

    මද්‍රසා පාසල් ගැන රතන හිමිගේ මැදිහත්වීම ගැන ?

    මේ මැතිවරණයේදීත් ආණ්ඩුවට ජාතිවාදය නැතිව බැරිවෙලා තිබෙනවා. රාජපක්‍ෂලාට ඒක නැති පවතින්න බැහැ. කරුණා හරහා තමයි මෙවර ඒක මතු කරන්නේ. දකුණේ පොහොට්ටුවේ කට්ටිය කියනවා කොටි මරපු නිසා ඒ ගොල්ලන්ට ඡන්දය දෙන්න කියලා. කරුණා කියනවා, හමුදාව මරපු නිසා දෙමළ ජනතාවගේ ඡන්දය දෙන්න කියලා. එහෙම කියපු කරුණාම ආපහු කියනවා, අපි නැවත සැරයක් මහින්දලා සමග එකතු වෙනවා කියලා. 

    මද්‍රසා පාසැල් ගැන රතන හාමුදුරුවෝ කාලෙක ඉඳලා කතා කරනවා. නමුත් හාමුදුරුවන්ට හරි රාජපක්‍ෂලට හරි වෙන කාට හරි ඕන ඕන විදිහට මේ රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන්න බැහැ. මේ සියල්ල කරන්නේ ජනතාව ගොනාට අන්දලා ඡන්දය ගැනීම සඳහායි. 

    ආණ්ඩුව මේ ඡන්දෙදී මන්ත්‍රීවරු 125ක් දිනා ගන්නවා කියලා කියනවා එහෙම පුළුවන්ද?

    යුද්ධය ඉවර වුණේ 2009. 2010 මැතිවරණය තිබ්බා. ඒ වනවිට රාජපක්‍ෂලා උපරිමයෙන් ජනප්‍රිය වෙලයි හිටියේ. ඒත් 2/3ක ප්‍රතිශයක් ඔවුන්ට ලැබුණේ නැහැ. මේ ගෙවුණු මාස අටෙන් රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුවේ අසමත්කම ගත්තම ඔය සූත්තර කොච්චර දැම්මත් 2/3ක ගන්න බැහැ. ඕවා ජනතාවගේ මොරාල් එක හදන්න කියන චූන් කතා. ජනතාවට මොනම හරි දෙයක් ලැබුණා නම් ලැබුණේ පාලකයන්ගේ පාර්ලිමේන්තු බලය දුර්වල වූ මොහොතවල්වල. මෙම මැතිවරණයේදී ජනතාවට වාසි වන බල තුලනයක් හැදීම සඳහා ඡන්දය දීම තමයි ඔවුන්ගේ වගකීම වන්නේ.

  • මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීමේ කුමන්ත්‍රණයක්

    මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීමේ කුමන්ත්‍රණයක්

    පසුගිය රජයට පක්ෂපාතී ලංවිම ඉහළ නිළධාරින් පිරිසක් ඉතා සුක්ෂම ව මේ සදහා උපක්‍රමශීලිව කටයුතු කරමින් සිටි.

    කොවිඩ් 19 වසංගතයට පෙර, ඉදිරියේ දී ඇතිවිය හැකි හදිසි විදුලි අර්බුදයකට විසදුමක් ලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙගා වොට් 200 ක් සදහා ටෙන්ඩර් පත් කැදවා තිබුණි.

    අවුරුදු 17 ක් වැඩිමිලට විදුලිය ලබා දුන් සමාගමක් අභිබවා ඩුබායි සහ චීන සමාගම් දෙකක් විසින්  එම ටෙන්ඩරය දිනා ගන්නා ලදී. මින් වැඩි ප්‍රමාණයක් ඉතා අඩු මිල ගණන් ඉදිරිපත් කළ චීන සමාගම සතු විය.

    පසුගිය වසර ගණනාවක් තිස්සේ හදිසි විදුලිය සැපයීමේ යෙදී සිටි ඇග්‍රිකෝ (AGGREEKO)  සමාගමට වඩා ඉහත චීන සමාගමෙන් විදුලිය ලබා ගැනිමෙන් ලංවිමට අවුරුද්දක් තුළ රුපියල් බිලියන 5.1 කට අධික ලාභයක් ලැබිය හැකිව තිබුණි.

    කැබිනට් මණ්ඩලය අනුමත ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටිය අනුව ටෙන්ඩර් කරන ලද එම ටෙන්ඩරය ලබා නොදී කල් මරමින් සිටින්නේ ඇයි ද යන්න ඉතා සැකයට භාජනය වන කරුණකි.

    අප වෙත වාර්තා වන පරිදි පැවති පසුගිය රජයට සම්බන්ධ ලංවිම ඉහළ නිළධාරීන් මැතිවරණයට පෙර රට පුරා විදුලි කප්පාදුවකට හොර රහසේ සුදානම් වන බව ප්‍රත්‍යක්ෂ වී ඇත. ඔවුන් අරමුණ වී ඇත්තේ ඇග්‍රිකෝ (AGGREEKO)  සමාගමට නැවත අවස්ථාවක් ලබා දීම සදහා නැවතත් ටෙන්ඩර් පත් කැඳවීමක් සිදු කිරීමටය.

  • සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ

    සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ

    සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ. ඒ සදහා මහ බැංකුවට අදාළ උපදෙස් ලබා දී ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    පවත්නා කල්බදු ගිවිසුම සලකා බැලීමෙන් තොරව හා සහන කාලය තුළ නොගෙවෙන ලද මුදල් සදහා ගාස්තු රහිත ව මෙම සහනය සැලසීමට රජය තීරණය කර තිබේ. කැබිනට් මණ්ඩල අනුමැතිය ද මේ සදහා හිමි ව ඇත. ඊට අමතරව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ව්‍යාපාරික ස්ථානවල ජල හා විදුලි බිල්පත් ගෙවීම සදහා ද සහන සලසා ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ අනුව 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තු 31 දක්වා වු විදුලි හා ජල බිල්පත් සැප්තැම්බර් මාසයේ සිට සමාන වාරික 12කින් ගෙවීමට ඉඩකඩ සලසා තිබේ. ඒ පිළිබද ව රජය දැනටමත් විදුලිබල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය දැනුවත් කර තිබේ.

    මේ අතර සංචාරක මගපෙන්වන්නට හා රියදුරන්ට සහන සැලසීමේ වැඩ සටහන සදහා මේ වන විට අයදුම්පත 2500 පමණ ලැබි ඇත. කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක මාර්ගෝපදේශකයන්ට රු 20,000ක මුදලකුත් රියදුරන්ට රු.15,000 ක මුදලකුත් ලබා දීමට නියමිතය. ඉදිරි සතිය වන විට ඒම ගෙවීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂිතය.

    මේ අතර යුරෝපා සංගමය  කොවිඩ් 19 හේතුවෙන් බිද වැටුණු සංචාරක කර්මාන්තය නංවාලීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක ප්‍රදානයක් ලබා දීමට නියමිතය. ඒ සදහා අදාළ යෝජනා මේ වන විටත් යුරෝපා සංගමය වෙත ඉදිරිපත් කර තිබෙන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

  • ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොළී අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නෑ

    ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොළී අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නෑ

    ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලි අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත් මෙතෙක් පැවැති පොලි අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් මුදල් අමාත්‍යාංශය අද (07) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එහි වැඩි දුරටත් සදහන් වන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතය සංශෝධනය කර ඇති බවටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු සහනය ඉවත් කර ඇති බවටත් ඇතැම් මාධ්‍ය මගින් කර ඇති ප්‍රකාශ අසත්‍ය හා පදනම් විරහිත බවයි.

    එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    තම ජීවිතයේ තරුණ ජවය රටේ සංවර්ධනය වෙනුවෙන් කැපකළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් 2014 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන “ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා වූ විශේෂ පොලී අනුපාත” වැඩසටහන යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාත ප්‍රතිලාභයේ කිසිඳු සංශෝධනයක් සිදුකර නොමැති බවත්, එම වැඩසටහන මෙතෙක් ක්‍රියාත්මක කළ ආකාරයටම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරනු ලබයි.

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතය සංශෝධනය කර ඇති බවටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු සහනය ඉවත් කර ඇති බවටත් ඇතැම් මාධ්‍ය මගින් කර ඇති ප්‍රකාශ අසත්‍ය හා පදනම් විරහිත වේ. රජය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැත. නව රජය පත්වීමත් සමඟ 2020.01.01 දින සිට බැංකු පොලිය මත අයකළ රඳවා ගැනීමේ බද්ද (Withholding Tax) අහෝසි කරන ලද අතර, මාසික පොලී ආදායම රු. 250,000.00 ක් එනම් වසරකට රු. 3,000,000 ක් දක්වා බද්දෙන් නිදහස් කර ඇත.

    මෙවැනි අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ මගින් නොසන්සුන්තාවයට පත්නොවන ලෙස ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය දැනුම්දෙනු ලැබේ.

  • මහින්දගේ සුරතලාගේ පොරටෝක් නිසා අනාථවුන ගාල්ලේ පොහොට්ටුවෝ

    මහින්දගේ සුරතලාගේ පොරටෝක් නිසා අනාථවුන ගාල්ලේ පොහොට්ටුවෝ

    මහ ඇමතිකම ගන්න මහින්දගේ පස්සෙන් ගිය ගාල්ලේ දුරකතන ඩයල් එක මෙවර මහ මැතිවරණයේ තැන තැන ලබාදෙන පොරටෝක් හේතුවෙන් ගාල්ලේ පොහොට්ටු අපේකෂකයින් ගණනාවක් කලකිරීමට පත්ව ඇති බව අනාවරණය වෙයි.

    මහින්ද මහත්තයා තමන්ට වැඩිය ගයන්තට ලෙංගතු බව පවසා ඇති මොවුන් ගෝඨාභය ජනාධිපතිතුමාගේ රට ගොඩනගන වැඩ පිලිවෙලට මෙවැනි දෙපිටකාට්ටුවන්ගෙන් වැඩක් නොමැති බව අවධාරණය කරයි.

    එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිකම් දැරැවත් ගාල්ලට කිසි වැඩක් කර නැති අවම තරමේ කක්කුස්සියක්වත් තනා නැති මොහු අද මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ කිලී මහරාජාගේ අල්ලේ නැටවෙන පුතාණෝගේ පක්ෂයෙනි. 2001 – 2004 කාලසීමාවේ එජාප රජයට කොරියාවෙන් ලැබුනු තරැණයින් සඳහා වන රැකියා අවස්ථාහී ගාල්ලට ලැබුණු සියලුම රැකියාවන් කොළඹ ජාවාරම්කාර සමාගමක් සමග එක්ව මුදලට විකුණා තම මඩිය තරකර ගත් අයෙකි. එක රැකියාවක් ලබාදීම සදහා රැපියල් ලක්ෂ දහයක පමණ මුදලක් ලබාගෙන ඇති බවට වාර්තාවේ. මුදල් ලබාදුන්නද රැකියාවට යාමට නොහැකිව අතරමංවුන තරැණ තරැණියන් ගණනාවක් අදටත් බෙන්තර ඇල්පිටිය අසරණව සිටින්නේ මොහුට ඇති ජඩ දේශපාලන හයියට බියවීම නිසාය.

    රැකියා ජාවාරමට අමතරව මොහු විසින් කරගෙන යන තවත් ජාවාරමක් වන්නේ ළමුන් පාසැල්වලට ඇතුලු කිරීමයි. කොළඹ රාජකීය විදුහල සදහා එක් ළමයෙකු නීති විරෝධී ලෙස ඇතුලත් කර ගැනීමට මොහු රැපියල් ලක්ෂ 20ක් දක්වා මුදල් ලබාගන්නා බවටද වාර්තාවේ. මොහුට එරෙහිව රාජකීය විදුහල් ආදිසිසු සංගමය කිහිප අවස්ථාවකම කීර්තිමත් රාජකීය ආදි සිසුවකුවු එජාප නායක රනිල් වික්ර්මසිංහ මහතාටද පැමිණිලි කර ඇත. නායකතුමා ඒ හැම අවස්ථාවකදීම මොහුව කැදවා ඉගෙන ගත්ත පාසැලට අවනම්බු නොකරන්නැයි අවවාද කර ඇත.

    මොහුගේ හදිසි පක්ෂ මාරැවට හේතුව වන්නේද පක්ෂ නායකත්වය මේ චෝදනා සම්බන්ධව පක්ෂය තුල විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට ගත් තීරණය බවද දැනගන්නට ඇත. ගාලු දිසාවේ පොහොට්ටුවේ නායකයින් ජනපති ගොඨාභයට ශක්තියක් වන්නට කොතෙක් මහන්සි වුවත් මහින්ද සලකන්නේ මොහුට වීමද ඔවුනගේ කලකිරීමට හේතුවී ඇත. මෙයට ආසන්නම හේතුව ලෙස ඔවුන් අවධාරණය කරන්නේ විජේරාම පිහිටි මන්තරී නිල නිවාසය විශේෂ කැබිනට් ප්‍රතිකාවක් දමා මහින්ද විසින් මොහුට අත්පත්කරදීමට කටයුතු කිරීමයි.

    මෙවැනි තත්වයක් යටතේ මොහු දේශපාලනයෙන් ඉවත් කලයුතු බව ගාල්ල පොහොට්ටු අපේක්ෂකයින්ගේ අරමුණවී ඇති අතර මොහුගේ හා අගමැති මහින්දගේ සබඳතා ගැන ජනපති ගෝඨාව දැනුවත් කිරීමටද ගාල්ල තරැණ අපේකෂකයින් කටයුතු කරමින් සිටී. තම කාර්යාලයේ කාමරයට ඉදිරියෙන්ද ඇගිලි සලකුණ මැෂින් හයිකර ගනිමින් මොහුකල කාන්තා ඇසුරන් පිලිබදවද තොරතුරැ ඉදිරියේදී අප සාක්ෂි සහිතව අනාවරණය කරන්නට බලාපොරොත්තු වන්නෙමු. ගාල්ලට කිසිදු කරැණාවක් නොදැක්වු මේ තිලකයිගේ සුදු පිරැවට එදාට අනිවාර්යෙන් ලිහී යනු ඇත.

  • ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයින් 700,000ක් – දකුණේ ප්‍රාන්තවල අවධානම ඉහළට

    ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයින් 700,000ක් – දකුණේ ප්‍රාන්තවල අවධානම ඉහළට

    ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් අද (06) දින නිකුත් කළ නවතම වාර්තාවලට අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 11,495,412ක් සහ මරණ 535,185ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 200,000ක් ඉක්මවා ගිය රාජ්‍ය ගණන 15කි.

    ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම වාර්තාවලට අනුව (06) පසුගිය පැය 24 තුළ ඉන්දියාව විසින් කොවිඩ් -19 රෝගීන් 24,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 697,413ක් දක්වාත් මරණ සංඛ්‍යාව 19,693 දක්වාත් වර්ධනය වී ඇත.

    මේ වන විට ලෝකයේ තුන්වන විශාලතම රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර ඇමෙරිකා එක්සත් ජනපදය ආසාදිතයින් 2,897,613ක් සහ මරණ 130,007ක්, බ්‍රසීලය ආසාදිතයින් 1,603,055ක් සහ මරණ 64,867ක් වාර්තා කර ඇත.

    සිවුවන ස්ථානයට පත්ව ඇති රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 686,777 ක් වන අතර මරණ සංඛ්‍යාව 10,271කි.

    තවත් දකුණු ඇමෙරිකානු රාජ්‍ය්‍යක් වන පේරු දේශය ආසාදිතයින් 302,718  ක් සහ මරණ 10,272 ක් වාර්තා කරමින් පස්වන ස්ථානයට පැමිණ ඇති අතර, පේරු රාජ්‍යයට ආසන්න රාජ්‍යවක් වන චිලී රාජ්‍යය ආසාදිතයින් 298,557ක් සහ මරණ 6,384ක් වාර්තා කර ඇත.

    පාකිස්ථානයෙන් ආසාදිතයින් 231,818 ක් සහ සෞදි අරාබියෙන් ආසාදිතයින් 213,716 ක් වාර්තා වී ඇති අතර බංග්ලාදේශයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 165,618කි.

    ඉන්දියාවේ වේගයෙන් ඉහළ යන අවදානම

    ඉන්දියාවේ නවතම සංඛ්‍යාව ඉහළ යෑමට හේතු වී ඇත්තේ තෙලන්ගානා, තමිල්නාඩු සහ කර්ණාටක ඇතුළු දකුණු ප්‍රාන්තවල ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමයි.

    ඉන්දියාව මාසයකට පෙර සාප්පු මධ්‍යස්ථාන, පූජනීය ස්ථාන සහ කාර්යාල නැවත විවෘත කළේය.

    පසුගිය දින තුන තුළ, ඉන්දියාවේ ආසාදිතයින් සංඛ්‍යාව භයානක අනුපාතයකින් ඉහළ ගොස් ඇති අතර දිනකට ආසාදන 20,000 කට වැඩි ප්‍රමාණයක් එක් කරයි.

    දකුණු ඉන්දීය ප්‍රාන්ත මීට පෙර ආසාදන වළක්වා ගැනීමට සමත් විය.

    දකුණේ කර්ණාටක, තෙලන්ගානා, අන්ද්‍රා ප්‍රදේශ් සහ තමිල්නාඩු යන ප්‍රාන්තවල ආසාදිතයින් සංඛ්‍යාව ජාතික වර්ධනය වේගයට වඩා වැඩි වේගයකින් වර්ධනය වන බැවින් මෙය වෙනස් වන බව ඉන්දිය මාධ්‍ය වාර්තාවල සදහන් වෙයි.

    කොරෝනා වසංගතය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඉන්දියාව මාර්තු මාසයේදී දැඩි අගුලු දැමීය. සිද්ධීන් දිගින් දිගටම ඉහළ යමින් තිබියදීත්, ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා එය ජුනි මාසයේදී අදියරවලින් එය ලිහිල් කිරීමට පටන් ගත්තේය.

    නමුත් විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ අඩු මාරාන්තික අනුපාතය (ගෝලීය සාමාන්‍ය 4.7% හා සසඳන විට 2.4%) විභව රිදී රේඛාවක් ලෙස ය.

    දිල්ලි, මුම්බායි සහ බැංගලෝර් වැනි නගරවල විවිධ රෝහල් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ බවට වාර්තා පළ වූ අතර එය පුරවැසියන් අතර කෝපය වර්ධනය කිරීමට හේතු වී තිබේ. මේ තත්ත්වය තුළ මරණ අනුපාතය ද වේගයෙන් ඉහළ ගොස් තිබේ.

    සංඛ්‍යාත්මක වැඩිවීම අර්ධ වශයෙන් වැඩි වූ පරීක්ෂණවල පිළිබිඹුවක් ද වේ – රට පුරා නගර සහ ප්‍රාන්ත මෑත සතිවල දී පරීක්ෂණ වේගවත් කර ඇත.

    දිනපතා සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව 250,000 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

    විවිධ ප්‍රාන්ත සහ නගරවල පරීක්ෂණ පහසුකම් වැඩි වී ඇති අතර දිල්ලිය මෑතකදී ප්‍රතිදේහජනක පරීක්ෂණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.

    ඉන්දියාවේ සමහර කොරෝනා වයිරස් රෝගීන් රෝහල්වලින් ඉවතට හරවනු ලැබේ

    එහෙත් නවතම සංඛ්‍යා ද ඉන්දියාවේ අගුලු දැමීමෙන් ඉවත් වීමට පටන් ගත් පසු යථා තත්ත්වයට පත්වීමේ ප්‍රතිඵලයකි. එය අර්ධ වශයෙන් එළිමහනේ ක්‍රියාකාරකම්වල පිළිබිඹුවක් වන අතර අවන්හල් විවෘත වන අතර සේවකයින් නැවත කාර්යාලයට පැමිණේ.

    වැඩිවන ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාව වේගයෙන් එහි උපරිමයට ළඟා විය හැකි බවට ඇඟවීමක් විය හැකිය. මීට පෙර බොහෝ විශේෂඥයන් පවසා සිටියේ ජූලි හා අගෝස්තු අතර මෝසම් වැසි ආරම්භ වන විට එය පහර දෙනු ඇති බවයි.

    බී.බී.සී වාර්තා ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • සහල් හිඟයක් ඇතිකරන්න ඉඩ දෙන්න එපා  – පොළොන්නරුව ගොවීහු ජනපතිගෙන් ඉල්ලති

    සහල් හිඟයක් ඇතිකරන්න ඉඩ දෙන්න එපා – පොළොන්නරුව ගොවීහු ජනපතිගෙන් ඉල්ලති

    සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව ගොවීහු ජනාධිපතිගෙන් ඉල්ලා සිටිති. පසුගිය කන්නවලදි ඉහළ අස්වැන්නක් ලැබිණ. එහෙත් සහල් හිඟයක් මවා පෑමට දරණ උත්සාහයට ඉඩ දිය යුතු නැතැයි ගොවීහු පවසති.

    පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වඳින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ඊයේ (05) පෙරවරුවේ පොළොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ගොවීහු මේ ඉල්ලීම කළහ.

    විනාශ වෙමින් පැවති සහල් ගබඩා රජය පත්වීමෙන් පසු ප්‍රතිසංස්කරණයට සහ වී මිලදී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ බව ජනාධිපතිවරයා ගොවීන් සමග කියා සිටියේය. ඉදිරියේ දී වී ගොවියාද රැක ගනිමින් ගැටළුවක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමට රජය සැලසුම් කර ඇති බව රාජපක්ෂ මහතා පැවසීය.

    මහ බැංකු බැදුම්කර වංචාවට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙස ද පොළොන්නරුව ප්‍රදේශවාසීහු ජනාධිපතිගෙන් ඉල්ලා සිටියහ. රැකියා ප්‍රශ්න මෙන්ම වන අලි තර්ජනය ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජනතාව මුහුණපා ඇති ගැටළුවකි. ඊට විසඳුම් දීමට පියවර ගන්නා ලෙස ද ප්‍රදේශවාසීහු ජනාධිපතිගෙන් ඉල්ලා සිටියහ.

    පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් සහ අපේක්ෂක ජගත් සමරවික්‍රම මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    පොදුජන පෙරමුණේ අපේක්ෂක ජයසිංහ බණ්ඩා මහතා මහියංගනය, පොළොන්නරුව මාර්ගයේ කලුකැලේ ප්‍රදේශයේ  සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිවරයා සහභාගී විය.

    මනම්පිටිය ප්‍රතිභා ශාලාවේ පැවති ජන හමුවට එක් වූ ජනාධිපතිතුමාට ප්‍රදේශයේ මහා සංඝරත්නය යෝජනාවලියක් භාර දුන්හ. ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කරමින් සෙත් පිරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණ. ප්‍රතිභා ශාලාව ඉදිරිපිටට රැස්ව සිටී ගුරුවරු පිරිසක්  ජනාධිපතිවරයා හමු වූ අතර ඔවුහු ද යෝජනාවලියක් භාර දුන්හ. හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා කදුරුවෙල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට ජනාධිපතිවරයා සහභාගී විය. ප්‍රදේශයේ ඇති වැව් පිළිසකර කර දෙන ලෙස රැස්ව සිටී ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. බිත්තර වී සහ පොහොර ගැටළුව පිළිබඳව ද ඔව්හු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළහ.

    ගල්වල හන්දිය, තඹාල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට එක්ව සිටී ජනතාව සමග ද ජනාධිපතිවරයා කතා බහක නිරත විය.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංවිධාන කළ ජනහමුවක් පොළොන්නරුව දීප උයන ඉදිරිපිට ඊයේ (5) දහවල් පැවැත්විණ. එම අවස්ථාවට ද එක් වූ ජනාධිපතිවරයා රැස්ව සීටී ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වෙමින් තොරතුරු විමසා සිටියේය.

  • ධාන්‍ය වැඩිපුර වගා කිරීමට උනන්දු වන්න – ජනාධිපති ගොවි ජනතාවගෙන් ඉල්ලයි

    ධාන්‍ය වැඩිපුර වගා කිරීමට උනන්දු වන්න – ජනාධිපති ගොවි ජනතාවගෙන් ඉල්ලයි

    රජය ධාන්‍ය ආනයනය නතර කර ඇති හෙයින්, ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්ථාව  ගොවී ජනතාවට දැන් උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    එබැවින් බඩඉරිගු, උඳු, මුං, කවුපී, කුරක්කන් වැඩිපුර වගා කිරීමට උනන්දු වන්නැයි ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මහමැතිවරණයට තරඟ වැදී සිටින  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපතිතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ  පසුගිය දා කළ චාරිකාවේ දී මේ බව සඳහන් කළේය.

    හිටපු රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා කහටගස්දිගිලිය ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපතිවරයා ප්‍රදේශවාසීන් සමග කතා බහක නිරත විය.  නිසි කලට පොහොර සහ ජලය ලැබෙන්නේ නම් බාධාවකින් තොරව වගාවේ නිරත විය හැකි බව ගොවීහු ජනාධිපතිතුමා සමග කීහ. කාබනික පොහොර භාවිතයට වැඩි වශයෙන් යොමුවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    එස්.සී. මුතුකුමාරණ මහතා හොරොව්පොතාන පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා  වැඩබලන විදුහල්පතිවරු මුහුණ පා ඇති ගැටළු විසඳීමට පියවර ගන්නැයි නිලධාරීන්ට දැනුම් දුන්නේය. ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයා විදුහල්පතිවරුන්ගෙන් විමසීය.

    හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා කැබිතිගොල්ලෑව, නාගරික උද්‍යානය අසළ සංවිධාන කර තිබූ ජන හමුවකට ද ජනාධිපතිතුමා එක් විය. කොන්ත්‍රාත් ක්‍රමයේ ඇති ගැටලු හේතුවෙන් සංවර්ධන ක්‍රියාදාමය ප්‍රමාදවී ඇතැයි ගම්වාසීහු පැවසූහ. කෝමාරිකා, වී සහ බඩ ඉරිඟු වගාව තම ප්‍රදේශය තුළ සාර්ථකව සිදුවන බව ද ඔවුහු සඳහන් කළහ.  වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති පියවර සහ ගොවි ජනතාව මුහුණ පා සිටින ගබඩා පහසුකම් පිළිබඳ ගැටලුව කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

    අලි මිනිස් ගැටුම සහ ගොවි ණය සම්බන්ධයෙන් මැදවච්චිය ප්‍රදේශයේ ජනතාව මුහුණ පා සිටින ගැටලු ජනාධිපතිතුමා වෙත යොමු කළහ. එච්. නන්දසේන මහතා මැදවච්චිය සේනානායක ළමා උද්‍යානය අසළ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මේ බව පෙන්වා දුන්හ. අලි තර්ජනය හේතුවෙන් වගාවන්ට වන හානිය ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    සරත් කුමාරසිරි මහතා අනුරාධපුර බස්නාහිර, තොලුවිල, පුරාවිද්‍යා රක්ෂිතය අසළ සහ මහාචාර්ය චන්න ජයසුමන මහතා නැගෙනහිර අනුරාධපුර බැංකු හන්දිය අසළ සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිවරයා සහභාගී විය.

    උද්දික ප්‍රේමරත්න මහතා අනුරාධපුර කඩ පනහ අසළ සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කූඹිච්චන්කුලම වැව අසළ සංවිධාන කර තිබූ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිවරයා රටේ කෘෂි ආර්ථිකය නගා සිටුවීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව දක්වන සහාය ඉතා ප්‍රශංසනීය බව පැවසීය.

    අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහත්වරු ද මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

  • සෞඛ්‍යාරක්ෂිත පාර්ලිමේන්තුවක් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා

    සෞඛ්‍යාරක්ෂිත පාර්ලිමේන්තුවක් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා

    මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් සැසිවාර පැවැත්වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කර උපදෙස් ලබා දීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් පිරිසක් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.

    පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බැවින් අභිනව පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීම සදහා මෙම හමුව පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන ප්‍රථම දිනයේදී  නව කථානායකවරයා තෝරාපත්කර ගැනීම සහ නව මන්ත්‍රීවරුන් දිවුරුම්දීම සදහා සියලුම මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ සිටීම අත්‍යාවශ්‍ය වන බවයි. අනතුරුව ඉදිරි රැස්වීම් පැවැත්විය යුතු ආකාරය මන්ත්‍රීවරුන්ට තීරණය කළ හැකි බවද මහලේකම්වරයා පැවසීය.

    එබැවින් පළමු පාර්ලිමේන්තු රැස්වීමේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු බැවින් ඒ සදහා සෞඛ්‍ය බලධාරීන්ගෙන් නිසි උපදෙස් ලබා ගැනීම ඉතා අත්‍යාවශ්‍ය බවද දසනායක මහතා මෙහිදී පැවසීය.

    මේවන විට සමාජ දුරස්ථභාවය, දෑත් පවිත්‍ර කිරීම,ශරීර උෂ්ණත්වය මැන බැලීම  ඇතුළු සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සියලු කටයුතු සිදු කරන බවත් කාර්ය මණ්ඩල දැනුවත් කිරීම් ඇතුළු රැස්වීම් සියල්ලක්ම පාහේ ඔන්ලයින් ක්‍රමයට පවත්වන බවත් ඒ මහතා පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ මේවන විට ශ්‍රී ලංකාවේ  කොවිඩ් වෛරසය ඉතා හොදින් පාලනය වී තිබුණද විදේශ රටවල සිට මෙරටට පැමිණෙන තැනැත්තන්ගෙන් වෛරසය රටතුළට පැමිණ ව්‍යප්තවීමේ අවධානම පහව ගොස් නොමැති බැවින් ඉදිරියටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු බවයි.

    මේ අනුව ඉදිරි දිනකදී නියෝජ්‍ය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් ඇතුළු කණ්ඩායමක් පැමිණ පාර්ලිමේන්තුවේ සභාගර්භය ,කාරක සභා ශාලා, ආපන ශාලා ඇතුළු අනෙකුත් ස්ථාන නිරීක්ෂණයෙන් පසු  අදාළ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ලබා දීමට අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

    කොවිඩ් 19 තත්ත්වය පාලනයට අදාල මාර්ගෝපදේශ සහිත පොත් කට්ටල පාර්ලි‍මේන්තුව වෙත ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

  • ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට පියවර

    ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට පියවර

    2020 අගෝස්තු මස 05 වැනි දින පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පස්වරු 05.00 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණය කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අද (06) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වෙනවා.

  • කාන්තාවන්ට නිතර නිතර ඇතිවන ‘ලිංගික ගැටලු 13කට’ විද්‍යාත්මක හේතු

    කාන්තාවන්ට නිතර නිතර ඇතිවන ‘ලිංගික ගැටලු 13කට’ විද්‍යාත්මක හේතු

    කාන්තාවන්ට නිතර නිතර ඇතිවන ලිංගිකාශ්‍රිත ප්‍රශ්න 13කට විද්‍යාත්මක හේතු පහත දැක්වෙනවා.

    1. ප්‍රශ්නය – යෝනි මාර්ගයෙන් ශ්‍රාවයන් පිටවීම සෑම විටම රෝග ලක්ෂණයක්ද ?

    පිළිතුර – නැත. කාන්තාවන්ගේ ඔසප් චක්රය තුළ දී සිදුවන හෝර්මෝන වල වෙනස්කම් අනුව ඇතිවන ස්වාභාවික යෝනි ස්‍රාවයන් ඇත. මෙය ගදක් සුවදක් හෝ වර්ණයක් නොමැති, කැසීමක් ඇති නොකරන ස්‍රාවයකි. මෙම තරල ප්‍රමාණය ආර්තව චක්‍රය අනුව වෙනස් වේ. නමුත් මෙය රෝගී තත්ත්වයක් නොවේ. මෙහිදි සනීපාරක්ෂාව ඉතා වැදගත්වේ. යෝනි  ස්‍රාවය සිරුරේ බර අඩුවීමට කිසිම විටෙක හේතු නොවේ. එසේ වුවද යම් අවස්ථාවක යෝනි ස්‍රාවයන් දුගද හමන සුළු, යම් වර්ණයකින් යුක්ත හෝ රුධිරය මිශ්‍ර වේනම් එය වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයකි.

    2. ප්‍රශ්නය – යෝනි මාර්ගයෙන් ශ්‍රාවයන් පිටවීම සෑම විටම රෝග ලක්ෂණයක්ද ?

    පිළිතුර ඔව්. පැප් පරික්ෂණය මගින් ගැබ් ගෙලේ සෛල පිළිකාවක් බවට හැරීම ආරම්භ වන විටම ඒ බව හදුනා ගත හැකිය. එය මෙම තත්ත්වය පිළිකාවක් බවට හැරීම වැළැක්වීමට අවශ්‍ය පෙර සුදානම් වීමට ඔබේ වෛද්‍යවරයාට පහසු කරයි.

    3. ප්‍රශ්නය – ස්ථුලතාවය මදසරුභාවය ඇති කිරීමට හේතුවෙක් වේද ?

    පිළිතුර ඔව්. ස්ථුලතාවය හා මදසරුභාවය අතර සම්බන්ධතාවයක් ඇත.

    4. ප්‍රශ්නය – ඔසප්වීම් දෙකක් අතරතුරේදී ඇතිවන බඩරිදීම ඇතිවන්නේ ඇයි ?

    පිළිතුර සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයේ 14වන දිනයේ දී ඇතිවන ඩිම්බ පිටවීම මෙයට හේතුවේ.

    5. ප්‍රශ්නය – වැඩිවිය පත්වීම (පළමු ඔසප්වීම) සාමාන්‍ය වයසට වඩා පසුව හෝ කලින් සිදුවීමට හේතුව කුමක්ද ?

    පිළිතුර – මෙය බොහෝවිට ජාන මගින් තීරණය වන තත්ත්වයකි. එසේම වැඩිවිය පත්වන වයස සදහා ශරීරයේ ඇති ලිංගික හෝර්මෝන ද ක්‍රියාකාරිවීම ක්‍රියාකාරී වීම බලපායි. එනම් විවිධ හේතුන් නිසා මෙම හෝර්මෝන නිපදවීම පමා වුවහොත් වැඩිවිය පත්වීම ද පමාවේ. සාමාන්‍යෙයන් වැඩිවිය පත්වීම වයස අවුරුදු 11-13 අතර කාලයේදී සිදුවේ. නමුත් එය වයස 17ට වඩා පමාවේ නම් වෛද්යවරයෙකු හමුවිය යුතුවේ.

    6. ප්‍රශ්නය – කුඩා ප්‍රමාණයේ පියයුරු වර්ධනය කර ගැනීමට ක්‍රමයක් තිබේද ?

    පිළිතුර – පියයුරුවල ප්‍රමාණය උපතේ දීම තිරණය වන්නකි. පියයුරුවල ප්‍රමාණය වැඩි කිරීමට සමත් ඖෂධ හෝ ක්රීම් වර්ග නොමැත. අවශ්‍යනම් ප්ලාස්ටික් සැත්කමක් මගින් පියයුරුවල ප්‍රමාණය වෙනස් කරගත හැක. එසේම පියයුරු වල ප්‍රමාණය විවාහ ජිවිතය හෝ මවිකිරි දීම කෙරෙහි බලපෑමක් ඇති නොකරයි.

    7. ප්‍රශ්නය – වැඩිවිය පැමිණීමෙන් පසු ඊළග ඔසප්වීම මාස ගණනාවක් පමා විය හැකිය. මෙයට හේතුව කුමක්ද ?

    පිළිතුර වැඩිවිය පත්වීමෙන් පසු ඩිම්බ පිටවීම හා ඩිම්බ කෝෂයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි ක්‍රමවත්ව සිදුවීම ඇරඹීමට යම් කාලයක් ගත විය හැක.

    8. ප්‍රශ්නය – අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇතිවීමට හේතුව කුමක්ද ?

    පිළිතුර ඔස්ප්වීම ඇතිවන්නේ ශරීරයේ හෝර්මෝන වෙනස්වීම් නිසාය. මෙය තරුණ කාලයේ බොහෝ දෙනෙකුට පොදු තත්ත්වයකි.

    • මානසික ආතතිය
    • දිගු කාලීනව පවතින රෝගාබාධ
    • කාලගුණික වෙනස්වීම්
    • හොර්මෝන මට්ටමේ වෙනස්කම් (ලිංගික හෝර්මෝන, තයිරොයිඩ් හොර්මෝන)
    • සිරුරේ බරෙහි සිදුවන ක්ෂණික වෙනස්වීම් (බර අඩුවීම හෝ වැඩිවීම)

    9. ප්‍රශ්නය – ඔසප්වීම ඇති වූ පළමු දිනයේදී ස්නානය කිරීම උචිත ද?

    පිළිතුර මෙම දිනයේ දී ස්නානය කිරීම අහිතකර බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැත. විශේෂයෙන් ම මේ දිනවල ද තම සනීපාරක්ෂාව පිළිබදව සැලකිලිමත්වීම ඉතා වැදගත්ය.

    10. ප්‍රශ්නය – ඔසප්වීම ඇති දිනවල ලිංගික සම්බන්ධතා පැවැත්වීම උචිතද ?

    පිළිතුර ඔබට එයින් අපහසුතාවයක් නොදැනේ නම් හෝ ඒ පිළිබද යම් අකැමැත්තක් නොමැති නම් එහි වරදක් නැත.

    11. ඔසප්වීම ඇති දිනවල අන්නාසි, බීට්රූට් වැනි ආහාර ගැනීම අහිතකරද ?

    පිළිතුර එවැනි ආහාර සීමා කිරීම් කිසිවක් අවශ්‍ය නොවේ.

    12. ප්‍රශ්නය – ඔසප්වීම් දිනවලදී බහුලව ඇතිවන බඩරිදීම හා කොන්දේ වේදනාවට කළ හැක්කේ කුමක්ද ?

    පිළිතුර මෙය කිසිසේත් බිය විය යුතු තත්ත්වයක් නොවේ. උණුසුම් දිය බදුනක් යටිබඩ ප්‍රදේශයේ තබාගෙන සිටීම හෝ පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් භාවිත කිරීම සහනය ගෙන දෙයි.

    13. ලිගේන්ද්‍රියන් ආශ්‍රිතව සමේ ලප ඇතිවීමට හේතු මොනවාද ?

    පිළිතුර මේ ප්‍රදේශයේ රෝම අධිකව තිබීම හෝ අධික ලෙස දහඩිය දැමීම බැක්ටීරියා ආසාදන ඇතිවීම පහසු කරවයි. එය සමේ ලප බිබිලි ආදිය ඇති කරයි. මේ නිසා පෞද්ගලික සනීපාරක්ෂාව හා කපු රෙද්දෙන් මැසූ යට ඇදුම් භාවිතය මෙවැනි තත්ත්ව වලින් මිදීමට ඔබට උපකාරි වෙයි.

    happy Life ඇසුරිණි

  • සුනඛයන් මගින් ‘Covid-19 රෝගීන් සොයන’ පරීක්ෂණයක්

    සුනඛයන් මගින් ‘Covid-19 රෝගීන් සොයන’ පරීක්ෂණයක්

    පරීක්ෂණය සඳහා සහභාගි කර ගනිමින් සිටින්නේ නෝර්මන්, ඩිග්බි, ස්ටෝර්ම්, ස්ටාර්, ජැස්පර් සහ අෂර් යනුවෙන් නම් තබනු ලැබ සිටින සුනඛයන් හයදෙනෙකි.

    සුනඛයන්ට කොරෝනාවෛරසය හඳුනාගත හැකි ද යන්න සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයක් “ඉතා සාර්ථක ලෙස” පෙරට යමින් ඇතැයි එය මෙහෙයවනු ලබන බ්‍රිතාන්‍ය ශුභසාධක සංවිධානයක් පවසයි.

    බ්‍රිතාන්‍යයේ මිල්ටන් කීන්ස් නගරයේ ‘වෛද්‍යමය පරීක්ෂණ සඳහා සුනඛයන් යොදාගැනීම’ යන තේරුම දෙන ‘Medical Detection Dogs’ නම් සංවිධානය විසින් එකී කාර්යය සඳහා සුනඛයන් හයදෙනෙකු පුහුණු කරනු ලබමින් සිටී.

    එම ශුභසාධක සංවිධානයේ සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී වෛද්‍ය ක්ලෙයාර් ගෙස්ට් (Claire Guest) පවසන්නේ, සුනඛ ඉව මගින් වෛරසය හඳුනාගැනීමේ හැකියාවක් පැවතීමේ ළකුණු එම සුනඛයන් කණ්ඩායම දැනටමත් ප්‍රදර්ශනය කරන බවය.

    වෛද්‍ය ක්ලෙයාර් ගෙස්ට් විසින් මැලේරියාව, පිළිකා සහ පාකින්සන් රෝගය හඳුනාගැනීම සඳහාද සුනඛයන් පුරුදු පුහුණු කරනු ලැබ ඇත.

    “අපේ උත්සාහය ඉතාම හොඳින් පෙරට යමින් පවතිනවා. ඇත්තෙන්ම ශුභවාදී ලකුණු දකින්න ලැබෙනවා,” වෛද්‍යවරිය පවසන්නීය.

    “දැන් අපි කරමින් සිටින්නේ මේ වගේ පරීක්ෂණයක්. අපි ටෙනිස් බෝලයක් අරගෙන එහි සිහින් නූල්පටවල් කපනවා. ඊ ලඟට එම නූල්පට කඩදාසි කැබැල්ලක තියල එය හංගනවා. අපේ සුනඛයන් එය සොයා ගැනීමට සමත්වුණා. මේ සුනඛයන්ට සිතාගන්න බැරි තරමේ හැකියාවක් තියෙනව,” වෛද්‍ය ක්ලෙයාර් ගෙස්ට් සිය පරීක්ෂණයේ එක අදියරක් පැහැදිලි කළාය.

    පරීක්ෂණය සඳහා සහභාගි කර ගනිමින් සිටින්නේ නෝර්මන්, ඩිග්බි, ස්ටෝර්ම්, ස්ටාර්, ජැස්පර් සහ අෂර් යනුවෙන් නම් තබනු ලැබ සිටින සුනඛයන් හයදෙනෙකි.

    ලන්ඩන් නගරයේ ජාතික සෞඛ්‍යය සේවයේ (NHS) කාර්ය මණ්ඩල විසින් භාවිත කරනු ලැබ විෂබීජහරණය කරන ලද පාවහන් හා මේස් (socks) කකුල් ආවරණය කරන දිග මේස් (stockings) සහ මුඛ ආවරණ(masks) ආදියේ වෛරසය ඉව ඇල්ලීමට එම සුනඛයන් පුරුදු පුහුණු කෙරෙනු ඇත.

    Medical Detection Dog

    ලබන සතියෙහි එවැනි සාම්පල් 3,200ක් උපයෝගී කර ගැනීමට හැකිවනු ඇතැයි විශේෂඥ කණ්ඩායම බලාපොරොත්තු වෙති. එම සාම්පලවල වෛරසය අන්තර්ගත වේද? නැද්ද? යන්න විද්‍යාඥයන් විසින් පිරික්සනු ලබනු ඇත. අනතුරුව, වෛරසය ඇතුළත් සහ ඇතුළත් නොවන සාම්පල හඳුනාගැනීමේ කාර්යය සඳහා සුනඛයන් යොදවන අතර ඔවුන් සිය පුහුණුකරුවන්ට එම දෙවර්ගය අතර වෙනස ප්‍රදර්ශනය කරන්නේ දැයි විමර්ශනය කෙරේ..

    තමා විසින් බේරාගන්නා ලද සුනඛයා වන ‘අෂර්’ පුහුණුවේ දී ‘පුදුමාකාර’ දක්ෂතා ප්‍රදර්ශනය කළ බව වෛද්‍ය ක්ලෙයාර් පවසයි. නිවසේ ළමුන් සහ වෙනත් සුරතල් සතුන් සමඟ මිත්‍රශීලී ගුණාංග සහිත විශ්වසනීය සුරතලකු වන ‘කොකර් ස්පනියල් ‘ සුනඛ කුලයට අයත් ‘අෂර්’ තමා ළඟට ගැනීමට පෙර හත් වතාවක් නිවසින් පළාගොස් ඇතැයි වෛද්‍යවරිය සඳහන් කළාය.

    “මැලේරියාව සහ පාකින්සන් රෝගය හඳුනාගන්නේ කොහොමද? කියල ‘අෂර්’ දැනටමත් දන්නවා. ඒ නිසා කොරෝනාවෛරසය හඳුනා ගැනීමටත් ‘අෂර්’ ගැලපේවි. ‘අෂර්’ කිසිම වැරද්දකින් තොරව පුහුණුවේ දී ගඳ සුවඳ තේරුම්ගත්තා,” වෛද්‍යවරිය පැවසුවාය.

    “අෂර්’ ඉතාම හොඳින් ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේමයි – ‘ස්ටෝර්ම්’. පුදුමාකාර ලෙස ක්‍රියාත්මකයි. ස්ටෝර්ම්’ හරිම උනන්දුයි. පැවරෙන වැඩවලින් සතුටුවෙනවා.”

    sniffer dog

    එම සුනඛයන්ගේ පළමු පුහුණු සැසිය සති අටක කාලයකි. එම කාලය ඇතුළත සාර්ථක කුසලතා ප්‍රදර්ශනය කරන සුනඛ කණ්ඩායම රෝගීන් සහභාගි කර ගනිමින් සිදුකෙරෙන දෙවන අදියරේ පුහුණුවට යොමු කෙරේ.

    මේ ව්‍යාපෘතිය පුළුල් මට්ටමකට ගෙනෙනු ඇතැයි බලාපොරොත්තු වෙන අතර, පුහුණු සුනඛයන්ට ගුවන් තොටුපොළ වැනි ස්ථානයන්හි දී එක පැයකට මිනිසුන් 250 ක් පමණ පරීක්ෂා කිරීමට හැකිවනු ඇත. එපමණක් නොව, එම සුනඛයන් කොරෝනාවෛරස් පරීක්ෂණ මධ්‍යස්ථාන සඳහාද යෙදවිය හැකිය..

    අදාළ ව්‍යාපෘතිය සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අරමුදලින් £500,000 ලැබේ, විද්‍යාඥයන් සහභාගි කරනු ලබන්නේ ‘ඩර්හැම්’ (Durham) සරසවිය සහ ‘සනීපාරක්ෂාව සහ ඝර්ම කලාපීය වෛද්‍ය විද්‍යාව’ සඳහා වන ලන්ඩන් විද්‍යායතනය විසිනි.

    වෛද්‍ය ක්ලෙයාර් ගෙස්ට් පිළිකා රෝගීන් හඳුනා ගැනීම සඳහා සුනඛයන් පුහුණු කිරීම ආරම්භ කර තිබෙන්නේ 2002 වසරේදීය. 2008 වසරේ ඇය ‘Medical Detection Dogs’ සංවිධානය ආරම්භ කළාය.

    එයින් වසරකට පසු ඇය සතුව සිටි දැඩි ඉවක් සහිත සුනඛ විශේෂයක් වන ‘ලැබ්‍රඩෝ’ (Labrador) වර්ගයට අයත් ‘ඩේසි’ මුත්‍රාශ සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා හඳුනා ගැනීමට පුහුණු කරනු ලැබිණි. ‘ඩේසි’ සිය පුහුණුව ආරම්භ කර තිබෙන්නේ ඇයගේම ස්වාමි දුව වූ වෛද්‍ය ක්ලේයාර්ගේ පපුව පෙදෙස පහුරුගාමිනි.

    තමා පියයුරු පිළිකාවට ගොදුරුව ඇති බව වෛද්‍ය ක්ලෙයාර් අනාවරණය කරගෙන තිබෙන්නේ ‘ඩේසි’ගේ එම හැසිරීමෙනි. ‘ඩේසි’ ගේ එම හැසිරීම නොවන්නට ඒවනවිට දරුණු ලෙස පැතිර තිබුණ පියයුරු පිළිකාව හඳුනා ගැනීම ඉතා අසීරුවීමට ඉඩකඩ තිබිණි.

    “මේ සුනඛයන් කොතරම් දක්ෂද? කියල මම මගේ අත්දැකීමෙන් ම දන්නවා. ඔවුන් ශ්‍රේෂ්ඨයි. වැඩට සූදානම්. අපි ඉතාම ශුභවාදීව ඉන්නවා. කොරෝනාවෛරසය පරාජය කිරීමේ අරගලයට උදව්වෙන්න අපට පුළුවන්!

    Text copied by bbc sandesaya