Tag: featured

  • ‘MCC ක්‍රීඩා සමාජයේ’ සභාපති ධුරයට ප්‍රථම වරට කාන්තාවක්

    ‘MCC ක්‍රීඩා සමාජයේ’ සභාපති ධුරයට ප්‍රථම වරට කාන්තාවක්

    එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) නව සභාපති ලෙස එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වන ක්ලෙයාර් කොනර් clare connor පත්ව ඇත. වසර 233ක් වන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ පළමු කාන්තා සභාපතිනිය වන්නේ ද ඇයයි.  

    43 හැවිරිදි වියේ පසුවන කොනර් දැනට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ කාන්තා ක්‍රිකට් කළමණාකාර අධ්‍යක්ෂකවරිය ලෙස ද කටයුතු කරන අතර 2021 වසරේ ඔක්තෝබර් 01වනදා සිට ඇය සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය. 

    තම නව තනතුර සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ කොනර් “එම්.සී.සී. හි මීළඟ සභාපති පත්වීමට ලැබීම මහත් ගෞරවයක්. ක්‍රිකට් ක්‍රීඩාව දැනටමත් මගේ ජීවිතය ඉතා ගැඹුරින් පොහොසත් කර ඇත. දැන් එය මට මෙම පුදුමාකාර වරප්‍රසාදය ලබා දෙයි.”යැයි කියා සිටියාය. 

    මේවන විට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ලෙස  හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර කටයුතු කරන අතර සංගක්කාරට දෙවන ධූර කාලය සඳහා මේවන විට ආරාධනා කර ඇති අතර ඔහුගේ සේවය 2021 සැප්තැම්බර් 30 වැනි දා දක්වා ක්‍රියාත්මකය.

  • MCC ගිවිසුම ලංකාවට ඉතා හානිකරයි –  සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව

    MCC ගිවිසුම ලංකාවට ඉතා හානිකරයි – සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව

    සියලු කරුණුවලට සාවධානව සවන් දුන්  ජනාධිපතිවරයා වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

    සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිණ. කමිටු වාර්තාව අනතුරුව ජනතා අවධානයට යොමු කෙරේ.

    විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසුව කමිටු වාර්තාව සම්පාදනය කෙරිණ.

    පසුගිය රජය 2017  සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බව එය භාරදෙමින් කමිටු සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පැවසීය. ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැතැයි ඔහු කීය.

    විශ්ලේෂණ භාර රජයේ කේන්ද්‍රීය ආයතන ගිවිසුම අත්සන් කිරීමට පෙර බහු ක්ෂේත්‍රීය ආවරණයක් කර නැති බව ද සභාපතිවරයා පෙන්වා දෙයි. නීත්‍යානුකූලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ඉඩම් කොමසාරිස්වරයා පැහැදිලි කර ඇත.

    ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි වීමක් බව ද ගුණරුවන් මහතා සඳහන් කළේය.   

    නියෝජිතයන් දෙදෙනෙකුට, ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින්  වෙනස් කිරීමට පිළිවන. එවැනි තීරණයක් පාර්ලිමේන්තු පරමාධිපත්‍යය උල්ළංඝනය කිරීමකි. නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණය වෙත යාමට හෝ නොහැකි පසුබිමක් ඉන් නිර්මාණය වී ඇති බව ද ගුණරුවන් මහතා පෙන්වා දුන්නේය.

    MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්වය කෙරෙහි ද කමිටු සාමාජිකයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ. එම රටවලට අත්වූ ඉරණම ඉතා කණගාටුදායක බව නිරීක්ෂණය වී ඇතැයි ඔව්හු සඳහන් කළහ.

    කිසිදු බාහිර පාර්ශ්වයක මැදිහත්වීමකින් තොරව මධ්‍යස්ථ වාර්තාවක් සම්පාදනය කිරීමට අවස්ථාව දීම ගැන කමිටු සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ජනාධිපතිවරයාට ප්‍රසාදය පළ කළේය. 

    සියලු කරුණුවලට සාවධානව සවන් දුන්  ජනාධිපතිවරයා වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

    2019 දෙසැම්බර් මස 18 වැනි දින කැබිනට් මණ්ඩලය‍ ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුව පත් කෙරිණ.ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ  නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

    කමිටුවේ අතුරු  වාර්තාව පෙබරවාරි 17 වැනි දින ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

  • ලංකාවේ කොවිඩ් ආසාදිතයින් ගණන 2000 පනී – ලෝකය පුරා උණුසුම් තත්ත්වයක්

    ලංකාවේ කොවිඩ් ආසාදිතයින් ගණන 2000 පනී – ලෝකය පුරා උණුසුම් තත්ත්වයක්

    ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2001 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (24) දින ප.ව 20.06ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වේ. ඒ අද දින නව ආසාදිතයින් 10 දෙනකු වාර්තා වීම සමගයි.

    මෙම ආසාදිතයින් ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් බව ද සදහන් වේ.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නවමත වාර්තාවලට අනුව මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 428ක් වන අතර සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංක්‍යාව 1562කි.

    මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩි දුරටත් සදහන් කරන්නේ අප්‍රේල් මස 30 වැනි දිනෙන් පසු සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැති බවයි.

    ගෝලීය තත්ත්වය

    ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා සම්පත් මධ්‍යස්ථානයේ අද දින නවතම යාවත්කාලීන කිරීම්වලට අනුව ගෝලීය වශයෙන් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 9,295,365ක් වන අතර මරණ සංඛ්‍යාව 478,289ක්.

    වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව සුපුරුදු ලෙස ඇමෙරිකාවෙන් වාර්තා වන අතර අද දිනය වන විට එය 2,325,970ක් සහ 121,279ක් ලෙස සටහන් වුණා.

    බ්‍රසීලයේ ද ආසාදිතයින් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් තිබෙන අතර එය 1,106,470ක් සහ 52,645ක් ලෙස සටහන් වෙනවා.

    රුසියාවෙන් ආසාදිතයින් 598,878ක් වාර්තා වුවත් එහි මරණ සංඛ්‍යාව සාපේක්ෂව පහළ අගයක් ගනිමින් 8503ක් ලෙස වාර්තා වුණා.

    ඉන්දියාවේ ද කොවිඩ් ආසාදිතයින් සහ මරණ වේගයෙන් ඉහළ යන අතර අද දිනය වන වටි එහි ආසාදිතයින් සංඛ්‍යාව 440,215ක් දක්වා මරණ සංඛ්‍යාව 14,476 දක්වාත් වර්ධනය වුණා. අප අසල්වැසි පාකිස්ථානයේ සහ බංග්ලාදේශයේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට පිළිවෙළින් 185,034ක් සහ 119,198ක් වන අතර මරණ සංඛ්‍යාව පාකිස්ථානයේ 3755ක් සහ බංග්ලාදේශයේ 1582ක් ලෙස වාර්තා වෙනවා.

    මැදපෙරදිග තත්ත්වය

    මැද පෙරදිග කලාපයේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් වර්ධනය වන බවයි ජෝන්ස් හොප්කින්ස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ අනුව සෞදි අරාබියේ ආසාදිතයින් සංඛ්‍යාව 164,144 ක් වන අතර කටාරයෙන් 89,579 ක් ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 45,683ක් ද, ක්වේටයෙන් 41,033 ක් ද වාර්තා වෙනවා. ඕමානයෙන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 32,394 ක්.

  • 2011 ලෝක කුසලානය පවාදීම ගැන මහින්දානන්ද තොරතුරු හෙළිදරද්දී ‘තිලංග කුල කියයි’

    2011 ලෝක කුසලානය පවාදීම ගැන මහින්දානන්ද තොරතුරු හෙළිදරද්දී ‘තිලංග කුල කියයි’

    ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මාවන් අතපත්තුගේ කාමරයේ රුපියල් මිලියන එක හමාරක් තිබීම නිසා හොරා වෙන කිසිවෙකු නොව මාවන් අතපත්තු බව ද තිලංග සුමතිපාල මහතා මෙහිදී කියා සිටියා.

    දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක්ව ඇති 2011 ලෝක කුලසාන අවසන් මහා තරගය පවා දුන්නේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයේ තවත් පරිච්ඡේදයක් අද (24) නාවලපිටියේදී ලියවුණා. ඒ මහින්දා නන්ද අලුත්ගමගේ මහතා අද දින නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදි කළ හෙළිදරව්වක් සමගයි.

    මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ සදහන් කළා.

    2011 ලෝක කුසලානය පවාදීමට අදාළ සියලු තොරතුරු භාර දුන්නා – මහින්දානන්ද

    ‘2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පවා දිම සම්බන්ධයෙන් මම කළ හෙළිදරව්වට අදාළ පිටු හයකින් සමන්විත පැමිණිල්ලක් අද දින පොලිස් විශේෂ විමර්ෂණ අංශයට භාර දුන්නා. පොලිස් විශේෂ විමර්ෂණ අංශයේ නිලධාරින් පිරිසක් අද දින උදැසන නාවලපිටිය මගේ කාර්යාලයට ඇවිත් මේ පැමිණිල්ල සටහන් කරගෙන ගියා. ඒ වගේම එම පැමිණිල්ලට අදාළ ලියකියවිලි අටක්ද පොලිස් විශේෂ විමර්ෂණ අංශයට මම භාර දුන්නා‘

    ‘ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 අතර තරග පවාදිම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නමද ඇතුලත් වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතාට අන්තර්ජාතික ක්‍රිකට් කම්ටුව විශේෂ ලිපියක් එවා තිබුණා‘

    මෙහිදී මහින්දා නන්ද අලුත්ගමගේ මහතා ජනමාධ්‍ය වෙතින් ඉල්ලා සිටියේ එම තරග පවාදිම සම්බන්ධයෙන් පවතින සැකය සම්බන්ධයෙන් දැනට පොලිස් විශේෂ විමර්ෂණ අංශය මගින් විමර්ෂණයක් ආරම්භ කර ඇති නිසා තවදුරටත් ඒ පිළිබදව කතා නොකරන ලෙසයි.

    මහේල ජයවර්ධනට මුල මතක නැහැ – තිලංග සුමතිපාල

    මේ අතර 2011 ලෝක කුසලානය අවසන් මහා තරගය පවා දුන්නේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ හෙළිදරව්වට ප්‍රතිචාර දක්වමින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වන තිලංග සුමතිපාල මහතා අද (24) ‘හරි‘ අන්තර්ජාල නාළිකාව සමග ප්‍රකාශ කළා. එහිදී තිලංග සුමතිපාල මහතා කියා සිටියේ 2011 ලෝක කුසලානය තරග තරග පාවා දීම සඳහා පස් දෙනෙක් සිටි බව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් නම් කර තිබූ බවයි.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මාවන් අතපත්තුගේ කාමරයේ රුපියල් මිලියන එක හමාරක් තිබීම නිසා හොරා වෙන කිසිවෙකු නොව මාවන් අතපත්තු බව ද තිලංග සුමතිපාල මහතා මෙහිදී කියා සිටියා.

    ‘මම එදා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටියේ නැතිනම් මුරලිදරන් කෙනකු නැහැ. ඒ වගේම තමයි ‘ලක්බිම’ කියා බැට් එකේ අලවාගෙන ක්‍රිකට් පිටියට ආ පුංචි කොල්ලාට (සුමතිපාල මහතා මේ කියන්නේ මහේල ජයවර්ධන ගැන වන අතර ආරම්භක යුගයේදී මහේල ජයවර්ධනට ක්‍රිකට් ක්‍රීඩාව සදහා අනුග්‍රහය දැක්වූයේ ලක්බිම පුවත්පත් ආයතනයයි) දැන් මුල මතක නැහැ‘

    සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • A/L ඇගයීම් පරීක්ෂකවරු තෝරා ගැනීම Online මගින්

    A/L ඇගයීම් පරීක්ෂකවරු තෝරා ගැනීම Online මගින්

    2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරු තෝරා ගැනීමේ අයදුම්පත්‍ර කැඳවීම මාර්ගගත (Online) ක්‍රමයට සිදුකරන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත කරමින් සදහන් කරනවා.

    එම නිවේදනයේ සදහන් වන්නේ ප්‍රධාන පරීක්ෂකවරුන් සහ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන්/ සහකාර පරීක්ෂකවරුන් සඳහා වන අයදුම්පත්‍ර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස මාර්ගගත (Online) ක්‍රමයට සම්පූර්ණ කළ යුතු බවයි. 

    අනතුරුව එම අයදුම්පත්‍රය බාගත කර ලබා ගත් මුද්‍රිත පිටපතේ ඉතිරි කොටස් සම්පූර්ණ කර ආයතන ප්‍රධානියා මඟින් 2020.07.10 දිනට පෙර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඇගයීම් (පාසල් විභාග) ශාඛාව වෙත ලැබීමට සැළැස්විය යුතු බවත් මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 0112785231 අංකය හෝ 1911 ක්ෂණික දුරකථන අංකයට ඇමතිය හැකි බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

  • මහින්ද – ගෝඨා ඇවිලෙන ගින්නට පෙට්ට්‍රල් දමමින් ‘මංගලගෙන් මහින්දට’ විවෘත ලිපියක්

    මහින්ද – ගෝඨා ඇවිලෙන ගින්නට පෙට්ට්‍රල් දමමින් ‘මංගලගෙන් මහින්දට’ විවෘත ලිපියක්

    ජනපතිවරයා සතුව ආර්ථික, දේශපාලන හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අත්දැකීම් ඉතා අල්ප බැවින් ඔහුට ජනාධිපති ධූරය අභියෝගයක් වීම පුදුමයක් නොවන බවද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

    ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන්ට එල්ල කළ චෝදනාවලට කිසිඳු පදනමක් නොමැති බවත්, ඇත්ත වශයෙන්ම, ඔහුගේ රාජකාරියේ ඇති බලපෑම් සහ පීඩාවට මුහුණ දීමට නොහැකි බව ඔහු විසින් ප්‍රදර්ශනය කරමින් සිටීම බවත් හිටපු මුදල් ඇමතිවරයාගේ අදහසවී ඇත.

    හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ බව සඳහන් කරන්නේ වත්මන් අගමැති සහ මුදල් ඇමති ලෙස කටයුතු කරන මහින්ද රාජපක්ෂ වෙත විවෘත ලිපියක් යොමුකරමින් වන අතර පසුගිය මැයි 31 දක්වා  මහ බැංකුව සතුව යම් ස්වාධීනත්වයක් තිබුණේ නම් මේවනවිට එය ද අහිමි වි ඇතැයි ද එහිදී  අවධාරණය කර ඇත.

    හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

    මගේ හිතවත් අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යතුමණී,

    අපේ රටේ වර්තමාන ආර්ථික අර්බුද සම්බන්ධයෙන් මහ බැංකුවට දොස් පවරමින් ඔබේ සහෝදරයා වන ජනාධිපතිවරයා පසුගිය සතියේ ක්‍රියා කළ ආකාරය ගැන දැනගත් මොහොතේ මෙම විවෘත ලිපිය ලිවීමට මා අදහස් කළෙමි.

    මුදල් අමාත්‍යාංශයේ ඔබේ පූර්වගාමියා වශයෙන් මම අද ඔබට ලියන්නේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පමණක් නොව ආර්ථිකයේ සියලු විෂය පථයන්ට වගකිවයුතු මුදල් අමාත්‍යවරයා වෙතටය.

    මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන්, මහ බැංකුව සහ භාණ්ඩාගාරය – පිළිවෙලින් මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති භාර රාජ්‍ය ආයතන දෙක ඔබේ භාරයේ පවතී. ව්‍යවස්ථානුකූලව, ඔබ අපේ රටේ වර්තමාන ආර්ථිකයේ නියමුවාය. කෙසේ වෙතත් ඔබට හිමි බලතල ව්‍යවස්ථාවට යටත් වන අතර ජනරජයේ ආර්ථික මග විධානය හා පාලනයට යටත්ව  පාලනය කිරීමේ බලය ඇත්තේ, ජනධිපති හෝ අග්‍රමාත්‍යවරයාට නොව අමාත්‍ය මණ්ඩලයටය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජනාධිපතිවරයාගෙන් ලැබුණු වාග් ප්‍රහාරය සහ පසුව එය ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍යයට මුදාහරිනු ලැබීම පෙර නොවූ විරූ දෙයකි. 

    අපේ ජනරජයේ දශක හතක දීර්ඝ ඉතිහාසයේ කිසි දිනෙක රජය හෝ විපක්ෂය මහ බැංකුවට මෙවැනි ආකාරයකින් කතා කර නැත. එහිදී ජනාධිපතිවරයාගේ කෝපය මහ බැංකුව සහ එහි නිලධාරීන් ඉතා නින්දිත ලෙස ප්‍රසිද්ධියේ අවමානයට ලක් කළේය. රාජ්‍ය නිලධාරීන්ට මෙතරම් ආවේගශීලීව ප්‍රසිද්ධියේ බැන වැදීම බරපතල හිරිහැර කිරීමේ ක්‍රියාවකට වඩා අඩු දෙයක් නොවේ. එහිදී ජනාධිපතිවරයා විසින් පෙන්වන ලද කුහකත්වය මේ රටේ දරුවන්ට ද අවාසනාවන්ත ආදර්ශයකි.

    වසර ගණනාවක් විවිධ රජයන්හි සේවය කර ඇති ඇමතිවරුන් වශයෙන්ඔබ හා මම ද  දන්නා පරිදි  වැරදි නිලධාරීන් සමහරෙකුට වරින් වර තදින් අවවාද කිරීම් අවශ්‍ය බව දනිමිඔබ සහ මම රජයේ නිලධාරීන්ගෙ වැරදි නිවැරදි කිරීමට කටයුතු කර ඇත්තෙමු.නමුත් සෑම විටම එසේ කරන ලද්දේ ඔහු හෝ ඇය පෞද්ගලිකව කැඳවීම් කිරීමෙන් පසුවය. කෙසේ වෙතත් කොයිතරම් අඩුපාඩු ඇතත් ප්‍රසිද්ධියේ අපිරජයේ නිලධාරීන්ගේ හා ඔවුන් සේවය කරන රාජ්‍ය ආයතනවල ගරුත්වය සහ අභිමානය ආරක්ෂාවන ආකාරයට කටයුතු කර ඇත්තෙමු.  රජයේ නිලධාරීන් ප්‍රසිද්ධියේ අවමානයට ලක් කරමින් ගැලරියේ අප්පුඩිය’ බලාගෙන වැඩ නොකිරීමට අප වගබලා ගන්නා ලදී.

    පසුගිය වසරේ නොවැම්බරය වන තෙක් මුදල් විෂය භාරව සිටි ඔබේ පූර්වගාමියා වශයෙන්, විශේෂයෙන් ඔබේ නිහඬතාවය නිසා, අසාධාරණ ලෙස හා නොදැනුවත්වම ඔවුන් වෙත එල්ල කර ඇති චෝදනාවලට එරෙහිව මහ බැංකුව ආරක්ෂා කිරීම මගේ යුතුකම බව මම විශ්වාස කරමි. ඔබට මේ වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි වුවත් මේ සම්බන්ධයෙන් රටේ මහජනතාව දැනුවත් කිරීම මගේ වගකීමක් යැයි මම සිතමි.

    ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික විපත් මූලික වශයෙන් රාජ්‍ය මූල්‍ය හේතු මත විනා මුදල්මය හේතු මත නොවේ. එබැවින් මෙම අර්බුදය තුළ මුදල්මය  ප්‍රතිපත්තිය සඳහා ඇත්තේ සීමිත කාර්යභාරයක් පමණි. ඔවුන්ගෙන් සමහරක් රාජකාරියෙන් ඔබ්බට ගියා වූවද  මහ බැංකුව ප්‍රධාන උත්තේජක ක්‍රියාකාරකම් ගණනාවක් සිදු කර ඇත. – එය  කෙතරම්ද යත්, මුදල් මණ්ඩලයේ සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් උසාවියකට මුහුණ දීමට පවා විවෘතව සිටියි. මා තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන බැවින් මට මෙම ලේඛන සභාගත කළ නොහැකි වුවත්, ඒ වෙනුවට, මහ බැංකුව විසින් ගනු ලැබූ මෙම පරිපූර්ණ නොවන ක්‍රියාමාර්ග ලැයිස්තුව මහජනතාවගේ දැනගැනීම පිණිස මෙසේ ඉදිරිපත් කරමි.

    MS T12


    ඔහුට පූර්ව අත්දැකීම් තිබුණේ නම් මහ බැංකුව පිළිබඳ පූර්ණ පාලනය ඔබ රජය සතු බව දැන සිටිය යුතුය. කෙසේ වුවද පසුගිය මැයි 31 දක්වා මහ බැංකුව සතුව යම් ස්වාධීනත්වයක් තිබුණේ නම් එය ද අහිමි විය. මුදල් මණ්ඩලයේ සාමාජිකයන් පස් දෙනාගෙන් දෙදෙනෙකුගේ හය වසරක සේවා කාලය සම්පූර්ණ වීමට පෙර ඉල්ලා අස්වන ලෙස දන්වා සිටීමට ඔබේ රජය පෙර නොවූ විරූ හා අශෝභන පියවරක් ගත්තේය. අවාසනාවකට මෙන්, ඔවුන් එකඟ නොවූයේ  නම් ඔවුන් බලා සිටි ප්‍රචාරක ප්‍රහාර එල්ලවීමට ඉඩ තිබූ බැවින් දන්වා සිටි පරිදි ඔවුන් ඉල්ලා අස්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස දැනට සිටින මුදල් මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනා වනුයේ  ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇති අය පමණි. ඇත්ත වශයෙන්ම, බහුතරය (මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම්) ඵලදායී ලෙස සේවය කරන්නේ ජනාධිපතිවරයාගේ සහ මුදල් ඇමතිවරයාගේ සතුට හා කැමැත්ත තිබෙන තාක් පමණි. කෙසේ වෙතත්, මහ බැංකුව දේශපාලනීකරණය ආරම්භ කරනු ලැබුවේ ඔබ විසින් නොව, පාලන තන්ත්‍රයේ සැබෑ ආර්ථික ඔස්තාර් අයකු ලෙස සලකන පුද්ගලයෙකු විසිනි. වරක් ඔබ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු විසින් ‘ආර්ථික ඝාතකයෙකු’ ලෙස හැඳින්වූයේ ද මේ පුද්ගලයාය.ජනාධිපතිවරයාගේ චෝදනාවලට ඇත්ත වශයෙන්ම පදනමක් නැත. ඇත්ත වශයෙන්ම, ඔහුගේ රාජකාරියේ ඇති බලපෑම් සහ පීඩාවට මුහුණ දීමට නොහැකි බවය. ජනපතිවරයා සතුව ආර්ථිකදේශපාලන හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අත්දැකීම් ඉතා අල්ප බැවින් ඔහුටජනාධිපති ධූරය අභියෝගයක් වීම පුදුමයක් නොවේ.

    මහ බැංකුව අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ඔවුන්ට අවශ්‍ය දේ කර ඇත. අර්බුදයේ දරුණුතම අවධියේදී ද්‍රවශීලතා විශාල ප්‍රමාණයක් සැපයීමට සහ ගෙවීම් හා පියවීම් පද්ධතිවල අඛණ්ඩතාව සහතික කිරීමට ඔවුහු ඉක්මන් වූහ. පොලී අනුපාත පහත හෙලීමට සහ ඉදිරි මාස හය සඳහා ව්‍යාපාරවලට හුස්ම ගැනීමේ ඉඩක් ලබා දෙන තාවකාලිකව ණය ආපසු අය කිරීම අත්හිටුවීම් සඳහා ප්‍රථිපත්ති රාමුව ඉතා ඉක්මණින් ප්‍රකාශ කිරීමට ඔවුන් සමත් වී තිබේ. මීට අමතරව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා කාරක ප්‍රාග්ධන ණය 4% ක පොලියට ලබා දීමට ඔවුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රම සක්‍රීය කළේය. ද්‍රවශීලතාවය සහ ප්‍රාග්ධන සීමාවන් ලිහිල් කරමින් බැංකු පද්ධතියට යම් කම්පන ආවරණයක් ලබා දෙන අතරම මෙය සිදු කරන ලදී..

    මහ බැංකුවේ කාර්යභාරය වන්නේ මිල ස්ථායිතාව ළඟා කර ගැනීම සඳහා මුදල් සැපයුම සහ පිරිවැය කළමනාකරණය කිරීමයි. මුදල් පිරිවැය චමත්කාර ලෙස පහත වැටී ඇති අතර, මුදල් සැපයුම සතුටුදායක මට්ටමකට වඩා වැඩි වී ඇති අතර උද්ධමනය පාලනය කර ඇත. වෙනත් වචන වලින් කිවහොත් – මහ බැංකුව සිය කාර්යභාරය ඉටු කර ඇත.

    මෙම සන්දර්භය තුළ මහ බැංකුව වෙත බැන වැදීම හා කෑ ගැසීම හුදෙක් පිළිබිඹු කරන්නේ ආර්ථිකයේ මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් නොමැති බවයි. ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ ආර්ථික පුනර්ජීවනය සඳහා වූ උපායමාර්ගය ප්‍රකාශ කිරීමේ වගකීම භාණ්ඩාගාරයේ සහ රජයේ අනෙකුත් අංශවල කාර්ය භාරයයි

    ජනාධිපතිවරයා තම කෝපයෙන් බැන වැද පසුදා උදෑසන වන විට‘යාන්ත්‍රණයක්’ – මුදල් සහන පැකේජයක්, ඉල්ලා සිටියේය. සියලු දෙනා දන්නා පරිදි, මූලිකවම තිබෙන්නේ රාජ්‍ය මූල්‍ය ගැටලුවයි. රජයට මුදල් වියදම් කිරීමට අවශ්‍යයි, නැතිනම් අන් අය ණයට දීමට හා වියදම් කිරීමට ඇති අවදානම සැලකිල්ලට ගත යුතුය. කෙසේ වෙතත්, උපක්‍රම යනු ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ක්‍රමය නොවේ. තත්වය අධ්‍යයනය කිරීම හා ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා අන්තර් ආයතන ක්‍රියාකාරී කණ්ඩායමක් පත් කළ යුතුව තිබුණි. ඊටත් වඩා මුදල් මණ්ඩලයට  හොඳ දෙදෙනෙකු පත් කර පසුව එකිනෙකාගේ විශ්ලේෂණයේ හිඩැස තෝරා ගැනීමට ඔවුන්ට ඉඩ දීමෙන් හොඳම තීරණය ගත හැකිය. එහි ආර්ථික ප්‍රතිසාධන සැලැස්ම පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි. මගේ ආයාචනය බිහිරි කන් මත වැටී ඇත.

    ජනාධිපතිවරයාගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය තවදුරටත් ලිහිල් කර ඇත – මෙය දැනටමත් වෙළඳපොලේ ප්‍රමාණවත් හා ඇත්ත වශයෙන්ම අතිරික්ත ද්‍රවශීලතාවයක් පවතින විට පද්ධතියට ඊටත් වඩා ද්‍රවශීලතාවයක් සපයයි. ගැටළුව ද්‍රවශීලතාවය නොවේ. ගැටලුව ණය අවදානමයි. COVID නිසා ඉහළ අවදානමක් ඇති ව්‍යාපාරවලට ණය දීමට බැංකුවලට අවශ්‍ය නොවන්නේ එවැනි ණය ආපසු ගෙවීම  පැහැර හැරීම කෙලින්ම තැන්පත්කරුවන්ගේ ඉතුරුම් අහිමිවීමට හේතු විය හැකි බැවිනි. එක් අතකින් සී.බී.එස්.එල්. මූල්‍ය සමාගම් අසාර්ථක වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අතර අනෙක් පැත්තෙන්  අසාර්ථක වීමට හේතු වන අවදානම් සහගත ව්‍යාපාරවලට ණය දීමට වානිජ බැංකු තල්ලු කිරීමෙන් ඒවා ද අසාර්ථක වීමට මං සලසයි.

    මෙම ගැටළුව විසඳීම සඳහා භාණ්ඩාගාරය විසින් COVID සහන සඳහා බැංකු විසින් සපයනු ලබන ණය සඳහා අර්ධ ඇපකරයක් ලබා දිය යුතුය – තැන්පත්කරුවන්ගේ අරමුදල් සඳහා අමතර ආරක්ෂාවක් ඇති බව දැන දැන බැංකුවලට නිදහසේ ණය ලබා දිය හැකි බව සහතික කරයි. කෙසේ වෙතත් එවැනි ඇපකරයක් ලබා දීමට භාණ්ඩාගාරයට අරමුදල් නොමැත. දැඩි බදු කප්පාදුවක් ක්‍රියාත්මක කරමින් පසුගිය දෙසැම්බරයේ දී භාණ්ඩාගාර ආදායමෙන් තුනෙන් එකක් කපා හැරීමට රජය තීරණය කළ විට මෙය පුදුමයක් නොවේ. බදු කප්පාදුව මිල හා ජීවන වියදම අඩු කිරීම කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකළ අතර දැන් භාණ්ඩාගාරයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීමට අරමුදල් සැපයීම පමණක් නොව යන්තමින් වැටුප් ගෙවිය හැක. භාණ්ඩාගාරයට යම් ආදායමක් ඇත්නම් ඔවුන්ට පහත සඳහන් දෑ ක්‍රියාත්මක කළ හැකිව තිබුණි.

    1) ආයතනික බැඳුම්කර මිලදී ගැනීමේ වැඩසටහනක් – එහිදී අවධාරණය කරන ලද ආයතන විසින් භාණ්ඩාගාරය මිලදී ගන්නා දිගුකාලීන ආයතනික බැඳුම්කර නිකුත් කරන අතර ස්ථාවරත්වය නැවත පැමිණි පසු ද්විතීයික වෙළෙඳපොළ තුළ විකිණීමේ අවස්ථාව ඇත.

    2) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල කොටස් ආයෝජනය සඳහා විශේෂ කාර්ය වාහනයක්  SPV- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල කොටස් ආයෝජනය කළ හැකි භාණ්ඩාගාර ආයෝජන සමඟ SPV පිහිටුවිය හැකිය. ප්‍රතිලාභී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සවිබල ගැන්වීමේ මණ්ඩලයේ ලැයිස්තු ගත කළ යුතු බැවින් කොන්දේසි සැකසිය හැකි අතර එමඟින් කොටස් පසුව ආපසු පැවරිය හැකිය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සුදුසුකම් ලැබීම සඳහා රැකියා මට්ටම් රඳවා ගැනීමට සහ / හෝ අපනයන අංශයට පිවිසීමට අවශ්‍ය වේ.

    3) ණය ඇපකර අරමුදල – මෙම ආතතියෙන් පෙළෙන කාලය තුළ අවදානම් බෙදාහදා ගැනීම සහ ආර්ථිකය හරහා ප්‍රාග්ධනය සුමටව ගලා යාම සහතික කිරීම සඳහා පුද්ගලික බැංකු විසින් සපයනු ලබන ණය සඳහා අර්ධ ඇපකරයක්සපයන භාණ්ඩාගාර අරමුදලකි. නැවතත්, ප්‍රතිලාභීන් රැකියා මට්ටම් රඳවා ගැනීමට නියම කළ හැකිය.

    අර්බුදයකට ප්‍රතිචාර දැක්වීම සඳහා රජය සංචිත ගොඩනගා ගත යුතුය. අවාසනාවකට මෙන්, අර්බුදයට පෙර ආදායම් මාර්ග කපා හැරීමෙන් රජය සිය සංචිත සියල්ලම ඉවත දැමූ විට, අර්බුදය ඇති වූ විට එය දුර්වල හා අසරණ වේ. මෙය සිදු වූ විට මහ බැංකුව වෙත දිව ගොස් වැඩි මුදලක් මුද්‍රණය කරන ලෙස ඉල්ලා සිටීමෙන් පලක් නැත. මහ බැංකුව ස්වාධීන වෘත්තීය ආයතනයක් ලෙස මේ දක්වා වගකීමෙන් යුතුව කටයුතු කර ඇත – නමුත් දැන් එය අද්දරට තල්ලු වෙමින් තිබේ. අද සිම්බාබ්වේ, මැයි මාසයේ උද්ධමනය 785% ක් ලෙස වාර්තා කර ඇත – ඉතා ඉක්මනින් එය ශ්‍රී ලංකාව ට ද  විය හැකිය.

    මීට පෙර, මා සහ අනෙක් අය මාස කිහිපයක් තිස්සේ කර ඇති යෝජනා සාරාංශ කිරීමට පෙර, තවත් අනතුරු ඇඟවීමක් වාර්තාවේ තැබිය යුතුය.  ගණනය කළ නොහැකි තරම් සමාගම් සහ පුරවැසියන් ඔවුන්ගේ ණය පැහැර හැරීමට යන්නේ ය. රජය එකී ණය ආපසු ගෙවීම පැහැර හරිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය බැංකු පෙර නොවූ විරූ අගතියකට ලක් කරනු ඇත. තවදුරටත් බැංකුවලට පීඩනය යෙදුවහොත් එය බැංකු අර්බුදයකට තුඩු දිය හැකිය. බැංකු අර්බුද අනෙකුත් අර්බුදයන්ට වඩා දිගු හා වඩා නරක ය – ස්වෛරී ණය පැහැර හැරීම පිළිබඳ භයානක අවස්ථාව ද ඇතුළුව. රජයට ඇප ලබා ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය අවකාශය නොමැති නිසා මෙය වඩාත් කනස්සල්ලට කරුණකි.

    මේ සියල්ල වළක්වා ගත හැකිව තිබුණි. අපගේ වර්තමාන විපත් බොහොමයක් පැන නගින්නේ අපේ විදේශ සබඳතා පෙර නොවූ විරූ ලෙස වේගයෙන් පිරිහීමෙනි. වසර පහක් තිස්සේ අප විසින් නිවැරදි කර තිබූ සබඳතා ඔබේ රජය පවත්වා ගෙන ගියේ නම්, ශ්‍රී ලංකාව අද මෙම දුෂ්කරතාවන්ට මුහුණ නොදෙනු ඇත. ඔබ කාර්යාලයට පැමිණි විට, අප විසින් පිහිටුවා ගත් ආර්ථික සම්බන්ධතාවල සාරාංශයක් මෙහි දැක්වේ.

    ඩොලර් මිලියන 500 ක් වටිනා ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ප්‍රදානය එක්සත් ජනපදයෙන්; ජීඑස්පී + සහ මත්ස්‍ය අපනයන යුරෝපා සංගමයට යථා තත්ත්වයට පත් කිරීම; ඉන්දියානු සහන මූල්‍ය සහ ගුවන්තොටුපල සහ දුම්රිය සඳහා ආයෝජන; හම්බන්තොට දී චීන නිදහස් වෙළඳ කලාපයක් හම්බන්තොට වරායට විදේශ සෘජු ආයෝජන; සිංගප්පූරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක්; ජපානයෙන් එල්.ආර්.ටී. සඳහා පොලී රහිත මුල්‍යකරණය. ලෝකය ලංකාවට උදව් කිරීමට සූදානම් වූ අතර ශ්‍රී ලංකාව සමඟ හවුල් වීමට අවශ්‍ය විය. මාස කිහිපයකින් එම හොඳහිත නැති විය. එල්.ආර්.ටී. දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීම පිළිබඳ ජපන් තානාපති කාර්යාලයේ නවතම පුවත එක් උදාහරණයක් පමණි. ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක උත්තේජනයට වඩා අපේ උත්තේජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% ට වඩා අඩු වන්නේ මේ නිසා ය.

    විපත්තියෙන් වැළකී සිටීමට තවමත් පටු කවුළුවක් තිබේ. ඔබගේ පළමු ධුර කාලය තුළ මම ඔබේ විදේශ ඇමතිව සිටියදීශ්‍රී ලංකාවට එම්.සී.සී. ප්‍රදානය ලැබීම සහතික කිරීම සඳහා මාව වොෂිංටන් ඩී.සී. වෙත යැවීමේ ප්‍රඥාව හා විචක්ෂණභාවය ඔබට තිබුණි. ඔබේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරමින් සිටියේය. අවාසනාවකට මෙන්ඔබේ රජය ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් කුණු කූඩයට දැමූ නිසාඑම ප්‍රදානය අත්හිටුවන ලදි.

    අද එම වරද්දම නොකරන්න. ඔබ විශ්වසනීය ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම්, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ නීතියේ ආධිපත්‍යය සහතික කරන්නේ නම්, ඔබට මෙතෙක් ප්‍රවර්ධනය කර ඇති රුපියල් බිලියන 150 ක අරමුදලට වඩා බොහෝ ගුණයකින් වැඩි COVID ප්‍රතිසාධන අරමුදලක් නිර්මාණය කළ හැකිය.

     ඒ සඳහා මගේ ඇස්තමේන්තුව මෙන්න

    TB

    මෙම පහසුකම් සියල්ල වහා මුදාහැරීමට නොහැකි වනු ඇති වුවද, ජාත්‍යන්තර මූල්ය අරමුදලේ ශීඝ්‍ර මූල්‍යන වැඩසටහන පමණක් සමහර COVID සහන ණය අවදානම ගැනීමට රජයට සැලකිය යුතු ලෙස වැඩි  ඉඩ කඩ ලැබෙනු ඇත. “ශ්‍රී ලංකාව සඳහා නව ගනුදෙනුවක්” යන මාතෘකාවෙන් යුත් මගේ මෑත පුවත්පත් ප්‍රකාශයේ සඳහන් පියවරයන් තිබේ.

    පශ්චාත් මැතිවරණ කාලය දෙස බැලීමෙන් අවසන් නිගමනයකට එළඹීමට  මට ඉඩ දෙන්න. මෙම වසර අග හෝ ඊට පසු ශ්‍රී ලංකාව එකී ණය පැහැර හරිනු ඇතැයි වෙළඳපල අපේක්ෂා කරන බව ඔබේ උපදේශකයින් ඔබට පවසා ඇතැයි  මට විශ්වාසයි. එය අප සැමට පෙර නොවූ විරූ තත්වයක් වනු ඇත. රුපියල අවප්‍රමාණය කිරීමට සිදුවනු ඇත. අපනයන ඇතුළු අපගේ ජාත්‍යන්තර වෙළඳාම විශාල වශයෙන් කඩාකප්පල් වනු ඇත. මීට පෙර ස්වෛරී පැහැර හැරීම් සම්බන්ධයෙන් කටයුතු කළ ජාත්‍යන්තර විශේෂඥයින් සමඟ ඔබ ශක්තිමත් සැලැස්මක් සකස් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

    මෙම ලිපිය ලියා ඇති හරයෙන් යුක්තවම ඔබ මෙය කියවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

    කාරුණිකව, ඔබගේ විශ්වාසී, මංගල සමරවීර

  • විවාහ මංගල්‍ය සඳහා සහභාගී කර ගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය

    විවාහ මංගල්‍ය සඳහා සහභාගී කර ගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය

    විවාහ මංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගී කර ගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය යොමුවෙයි . ඊට අදාල යෝජනාව දැනටමත් කොවිඩ් 19 පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමුකර ඇතැයි කාර්මික අපනයන,  ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාරපාන සපයන්නන්ගේ සංගමය සමඟ ඊයේ (23) පැවැති සාකච්ජාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සාකච්ඡාව බියගම පිහිටි උත්සව ශාලාවක දී  පැවැත්විණ. මේ සඳහා දිවයින පුරා විසිරී සිටින උත්සව ශාලා හිමියෝ 100කට අධික පිරිසක් සහභාගී වුහ.

    කොඩිඩ් 19 වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව හා වෙනත් උත්සව සඳහා සහභාගී කරගත හැකි සංඛ්‍යාව 100 දක්වා සීමා කර තිබූ අතර සංගම් නියෝජිතයන් පෙන්වා දුන්නේ එය ප්‍රමාණවත් නොවන බවයි. විවාහ මංගල උත්සවයකදී උත්සව ශාලා හිමියන්ට දැරීමට සිදුවන පිරිවැයත් සමග බරපතළ පාඩුවක් සිදුවන බවද ඔවුහු පෙන්වා දුන්හ. මෙම තත්ත්වය නිසා ආහාර පාන සපයන්නන්, වීඩියෝ හා කැමරා ශිල්පීන්, අෂ්ඨකවරුන්, මඟුල් බෙරකරුවන් ඇතුළු විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බවද එම සංගම් නියෝජිතයෝ ඇමතිවරයාට පෙන්වා දුන්හ.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ තමන් දැනටමත් මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා සමඟ සාකච්ජා කර ඇති බවයි. ඉතා ඉක්මනින් මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීවේය. ආහාරපාන සපයන්නන් මෙහිදී කියා සිටියේ සිය කර්මාන්තයට රජයේ කිසිදු ආධාරයක් නොලැබෙන බවයි. කොඩිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල අනුව ද තමන්ට එම වරප්‍රසාද හිමි නොවන බව ඔවුහු පෙන්වා දුන්හ. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ සංචාරක සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි අයට මෙම වරප්‍රසාද ලැබෙන බවයි. එලෙස ලියාපදිංචි වී නැත්නම් සංචාරක අධිකාරියේ කඩිනමින් ලියාපදිංචි වන ලෙස ඇමතිවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය. මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ ඒ සඳහා අයදුම් කිරීමේ පහසුකම් සලසා ඇතිබවද ඇමතිවරයා මෙහිදී කීවේය. මෙම අවස්ථාවට සහන් ප්‍රදීප් විතාන මහතාද සහභාගී විය.

  • Covid-19: දෙවෙනි රැල්ලක් යනු කුමක්ද? එවැන්නක් පැමිණිය හැකිද?

    Covid-19: දෙවෙනි රැල්ලක් යනු කුමක්ද? එවැන්නක් පැමිණිය හැකිද?

    රට ලිහිල් කිරීමෙන් පසු සාමාන්‍ය ජනතාවගේ හැරීම් රටාව ගැන සිය කණස්සල්ල පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද (24) සිය බලවත් කණස්සල්ල පළ කර තිබුණා.

    ජනපතිවරයාට පසු සටහන් තබමින් බොහෝ සමාජමාධ්‍ය පරිශීලකයින් පවසා තිබුණේ එය ‘ලංකාව වැනි රටකින් බලාපොරොත්තු විය යුතු දෙයක් බවයි. මේ අතර දකුණු කොරියාව ද පසුගිය දා නිල වශයෙන් කොවිඞ්-19 දෙවන රැල්ලක් ගැන අනතුරු ඇඟවූ අතර මේ වන විට දකුණු කොරියාව කොවිඞ්-19 දෙවන රැල්ලට සූදානම් වෙමින් තිබෙනවා.

    මෙම ලිපිය මගින් ‘කොවිඞ් -19 දෙවන රැල්ලක් යනු කුමක් ද ඇතුළු වැදගත් පැහැදිලි කර ගැනීම් රැුසක් ලබාගත හැකි වෙනවා.

    සාපේක්ෂ වශයෙන් ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් වාර්තා වුවත් රට තුළ කොරෝනාවෛරස් දෙවන රැල්ලක් පවතින බව දකුණු කොරියාවේ සෞඛ්‍ය බලධාරීහු විශ්වාස කරති. කෝවිඩ්-19 මර්දනය කිරීම අතින් දකුණු කොරියාව සාර්ථකත්වයක් අත්කර ගෙන තිබුන ද වසංගතය මාස ගණනක් පවතිනු ඇති බව මේ වන විට විශ්වාස කෙරෙයි.

    ඇතැම් රටවල් මහා පරිමාණයෙන් වසංගතයට මුහුණ දෙමින් සිටින අතරේ දකුණු කොරියාව වැනි වෛරසය පාලනය කළ රටවල් දෙවෙනි රැල්ලක් පිළිබඳ බියෙන් පසුවෙති.

    ශත වර්ෂයකට පෙර පැතිර ගිය ‘ස්පාඤ්ඤ උණෙහි’ දෙවන රැල්ල පළමු අදියරට වඩා භයානක විය.

    එසේ නම් කොරෝනාවෛරසයේ දෙවන රැල්ල අනිවාර්යයක් වනු ඇතිද? එය කෙතරම් භයානක වනු ඇතිද?

    පළමුව දෙවන රැල්ල යනු කුමක්ද?

    එය මුහුදේ රළ හා සමාන යයි සිතන්න. ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් යළි පහළ යයි – එවැනි සෑම චක්‍රයක්ම එක් කොරෝනාවෛරස් “රැල්ලකි”.

    නමුත් ඒ සඳහා විධිමත් අර්ථකතනයක් නොමැත.

    “එය විශේෂිත විද්‍යාත්මක කාරණයක් නොවෙයි. රැල්ලක් අර්ථ දැක්වන ආකාරය අහඹු ස්වභාවයක් ගන්නවා,” යනුවෙන් වෝවික් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මයික් ටිල්ඩෙල්සි බීබීසීය වෙත පැවසීය.

    Waves

    ඕනෑම ආකාරයක ඉහළ යාමක් දෙවන රැල්ලක් ලෙස ඇතැමෙක් විග්‍රහ කරති. නමුත් බොහෝ විට එය උස් පහත් වීම් සහිත පළමු රැල්ලකි. මෙය එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත තුළ සිදු වෙමින් පවතී.

    එක් රැල්ලක් අවසාන වී ඇතැයි කීමට නම් වෛරසය පාලනයකට යටත් කරනු ලැබ තිබීම සහ ආසාදිතයන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබිය යුතුය.

    දෙවන රැල්ලක් ආරම්භ වීම සඳහා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමට නොදී පවත්වා ගත යුතුය. නවසීලන්තයේ කොරෝනාවෛරසය නොමැතිව තිබී දින 24 කට පසු පළමු ආසදිතයා වාර්තා වීම සහ වෛරසය නොමැතිව දින 50 කට පසු බීජිං යළි පැතිර යාමකට මුහුණ දී සිටීම මෙම තත්ත්වයට අයත් නොවේ.

    නමුත් ඉරානය දෙවන රැල්ලකට අවශ්‍ය නිර්ණායක සපුරාලීම ආරම්භ කර ඇති බවට ඇතැම් විද්‍යාඥයෝ තර්ක කරති.

    දෙවන රැල්ලකට හේතු විය හැක්කේ කුමක්ද?

    අසීමාන්තික ලෙස ලොක්ඩවුන් සීමා ඉවත් කිරීම ඊට හේතු වේ.

    ලොක්ඩවුන් සීමා නිසා ලොව පුරා ජන ජීවිතයට විශාල වශයෙන් බාධා එල්ල වී තිබේ. රැකියා නොමැති වීම, ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් එල්ල වීම සහ ළමුන්ට පාසල් යාමට නොහැකි වීම ඊට ඇතුලත්ය. නමුත් එමගින් වෛරසය පාලනයකට යටත් කර ඇත.

    “අවසානයේ ඇති ප්‍රහේලිකාව වන්නේ දෛනික ජීවිතයට එල්ල වන බාධා අවම කර ගනිමින් පාලනයක් පවත්වා ගන්නේ කෙසේද යන්නයි,” යනුවෙන් ලන්ඩනයේ සෞඛ්‍යාරක්ෂාව සහ උෂ්ණ කලාප සම්බන්ධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය ඇඩම් කුචාස්කි පැවසීය.

    Shoppers
    එක්සත් රාජධානියේ ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමත් සමග සාප්පු සවාරියේ යෙදෙන ජනයා

    අපට කෙතරම් දුරක් යා හැකිදැයි යන්න පිළිබඳ කිසිවකුටත් 100% විශ්වාසයක් නොමැත.

    ආසාදනය වී ඇත්දැයි දැන ගැනීමේ පරීක්ෂණ හෝ මුහුණු ආවරණ පැළඳීම වැනි කොරෝනාවෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා අලුතින් ක්‍රමවේද හඳුන්වා දෙන අතරේ පියවරින් පියවර සීමා ලිහිල් කරමින් පවතින්නේ එබැවිනි.

    “එක්සත් රාජධානිය සහ අසල්වැසි රටවල වෛරසය පැතිර යාම පාලනය කළ හැකි තැනින් ඔබ්බට සීමා ලිහිල් කෙරුනොත් ඉතා ඉක්මනින් ඉහළ යාමක් සිදු විය හැකියි,” යනුවෙන් ආචාර්ය කුචාර්ස්කි පැවසීය.

    ඉහත කී තත්ත්වය ජර්මනිය තුළ මේ වන විටත් ආරම්භ වී තිබේ. එරට මස් ගබඩාවක වෛරසය පැතිර යාමත් සමග ආසාදිතයන් 650 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    ආසාදිත පොකුරු ඉතා ඉක්මනින් හඳුනා ගත හැකි නම්, අලුතින් ලොක්ඩවුන් සීමා හඳුනා දෙන්නේ නම් සහ වෛරසය පැතිර යාම නවතා දැමීමට කටයුතු කර ඇත්නම් මෙය විශාල ගැටලුවක් නොවනු ඇත.

    එසේ නොමැති නම් දෙවන රැල්ලකට මග පෑදිය හැක.

    කොරෝනාවෛරසය පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් පුළුල් ලෙස ඇගයීමට ලක් වූ දකුණු කොරියාවට එවැනි පොකුරු ආසාදිතයන් හේතුවෙන් ඇතැම් සීමා යළි පැනවීමට සිදු විය.

    දෙවන රැල්ල, පළමු රැල්ල තරම්ම විය හැකිද?

    එය එසේ වීමට නම් යම් තැනක බරපතල වරදක් සිදුව තිබිය යුතුය.

    වසංගතය ආරම්භයේදී සෑම ආසාදිතයෙකුගෙන්ම වෛරසය ශරීර ගත විය හැකි පුද්ගලයන් සංඛ්‍යාවේ සාමාන්‍යය 3 කි.

    වෛරසය වේගයෙන් පැතිර ගිය බව ඉන් පෙනී යයි. නමුත් මේ වන විට අපගේ හැසිරීම් රටාව වෙනස් වී තිබේ. සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන අතර ඉහත කී අගය (3) යළි එතරම් ඉහළ යා හැකි යයි සිතීම තරමක් අපහසුය.

    “කිසිදු රටක් සියලුම සීමා ඉවත් කර යළි පැවති සාමාන්‍ය තත්ත්වයට යන්නේ නැහැ,” යනුවෙන් ආචාර්ය කුචාර්ස්කි බීබීසීය වෙත පැවසීය.

    “බ්‍රසීලය සහ ඉන්දියාව වැනි වෛරසය පාලනය කිරීමක් නොමැති රටවල පවා එය පැතිර යාමේ සාමාන්‍ය අගය (3) දක්නට නැහැ.”

    ආසාදිතයන්ගේ යළි වර්ධනයක් සිදු වුවහොත් සාපේක්ෂව එහි වේගය අඩු වීමට ඉඩ ඇත.

    කෙසේ වුවත් සෛද්ධාන්තිකව දෙවන රැල්ල, පළමු රැල්ලට වඩා විශාල වීමට ද හැකියාවක් ඇත. තවමත් බොහෝ දෙනෙකු අනතුරුදායක මට්ටමක සිටීම ඊට හේතුවයි.

    “නමුත් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළ ගියහොත් දෙවන රැල්ල මැඩපැවැත්වීම සඳහා ලොක්ඩවුන් සීමා නැවත හඳුන්වා දිය හැකියි. ඒ විකල්පය සෑම විටම අප හමුවේ තිබෙනවා,” යනුවෙන් ආචාර්ය මයික් ටිල්ඩෙල්සි පැවසීය.

    (බීබීසී සෞඛ්‍ය සහ විද්‍යා කටයුතු පිළිබඳ වාර්තාකරු ජේම්ස් ගැලගර් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි)

  • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම්

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම්

    මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට පවතින ගැටලු විසඳා නොදෙන්නේ නම් ලබන 29 වැනිදා සිට කොරෝනා මර්දන රාජකාරීවලින්, මැතිවරණයට අදාළ රාජකාරීවලින් සහ බෝ වන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.

    කොරෝනා වසංගත මර්දනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් බිම් මට්ටමින් ඉටුකරනු ලබන රාජකාරීවල දී මතුව ගැටලු නිරවුල් කර දෙන්නැයි සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතත් තවමත් එම ගැටලු විසඳී නොමැති නිසා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති එම්.ජී.යූ උපුල් රෝහණ මහතාගේ අත්සනින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ සදහන් වේ.

    එම ලිපිය මාධ්‍ය වෙත ද යොමුකර ඇති අතර එය සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වේ

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වේ

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එහි සභාපති හා අටවන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පස්වරු 06 ට කථානායක නිල නිවසේදී පැවැත්වේ.

    එම රැස්වීමට අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සහභාගී වීමට නියමිත බව එහි ලේකම් හා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

     ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පුරප්පාඩුව පවතින සාමාජිකයන් දෙදෙනා සඳහා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවා ඇති නාමයෝජනා මෙහිදී සාකච්ඡාවට ලක් වීමට නියමිතය.

  • පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ 10කට කොරෝනා ආසාදනය වුණත් එංගලන්ත සංචාරය ස්ථිරයි

    පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ 10කට කොරෝනා ආසාදනය වුණත් එංගලන්ත සංචාරය ස්ථිරයි

    කොරෝන වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ නවතම පාකිස්තාන ක්‍රීඩකයින් හත් දෙනා අතර වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් ද විය

    අගෝස්තු මස පැවැත්වීමට නියමිත එංගලන්ත සංචාරය සදහා නම්කර සිටින පාකිස්ථාන සංචිතයේ තවත් ක්‍රීඩකයින් හත්දෙනෙකුට කොරොන වෛරසය ආසාදනය වීම සමග පාකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කොරෝනා ආසාදිත මුළු ක්‍රීඩකයින් ගණන 10 දක්වා ඉහළ ගොස් ඇත.

    පාකිස්ථාන කණ්ඩායම ලබන 28 වැනිදා එංගලන්ත සංචාරය ආරම්භ කිරීමට නියමිතව තිබියදී මුහුණ දී ඇති මෙම තත්ත්වය හමුවේ සංචාරය පමණක් නොව පාකිස්ථාන ක්‍රිකට් පරිපාලනය ද අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත.

    එහෙත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන පාකිස්ථාන ක්‍රිකට් පරිපාලනය පවසන්නේ පාකිස්ථාන කණ්ඩායම ජූනි 28 වැනිදා එංගලන්ත සංචාරය ආරම්භ කිරීම ගැන සැකයක් නැති බවයි.

    පාකිස්ථාන කණ්ඩායමේ එංගලන්ත සංචාරය ගැන කරුණු පැහැදිලි කරමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (Pakistan Cricket Board (PCB) ප්‍රධාන විධායක වසීම් ඛාන් මාධ්‍ය වෙත මෙසේ පැවසීය.

    “එංගලන්ත සංචාරය බොහෝ දුරට සිදුවෙමින් පවතින අතර කාලසටහන අනුව කණ්ඩායම එංගලන්තය බලා පිටත් වේ.”

    ටෙස්ට් තරග 3 කින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත තරගාවලිය අගෝස්තු මාසයේදී ඇරඹීමට නියමිතය.

    මීට පෙර පාකිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනකුට කොවිඩ්-19 ආසාදනය වීම දැනගත් විට ඒ පිළිබද අදහස් දක්වමින් එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ඈෂ්ලි ගයිල්ස් පැවසුවේ, පාකිස්තානය ඉතා ඉක්මණින් පැමිණෙනු ඇතැයි එංගලන්තය බලාපොරොත්තු වන බවයි.

    “මේ මොහොතේ ඒ ගැන ඕනෑවට වඩා කරදර විය යුතු නෑ. ටෙස්ට් තරග මාලාව ආරම්භ වීමට තවත් සැලකිය යුතු කාලයක් තිබෙනවා‘ ඈෂ්ලි පැවසීය.

    මේ අතර පාකිස්ථාන ක්‍රිකට් පරිපාලනය පවසන්නේ හයිඩර් අයිල්, හරිස් රවුෆ් සහ ෂඩාබ් ඛාන්  පසුගිය ඉරිදා ධනාත්ඉමක පරීක්ෂා කිරීමට පෙර කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නැති බවයි.

    ෆකාර් සමන්, ඉම්රාන් ඛාන්, කෂිෆ් භට්ටි, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හස්නේන්, මොහොමඩ් රිස්වාන් සහ වහබ් රියාස් සහ කණ්ඩායම් සම්බාහක (team masseur) මලන්ග් අලි පසුගිය සදුදා (22) කොවිඩ්-19 ආසාදනය වූ බව හදුනා ගත් කණ්ඩායමයි.

    ඔවුන් 11 දෙනාටම “ඔවුන්ගේ නිවෙස්වල දැඩි නිරෝධායනය” නිරීක්ෂණය කරන ලෙස පාකිස්ථාන සෞඛ්‍ය බලධාරීන් නියෝග කර ඇත.

    ඍණාත්මක ලෙස පරීක්‍ෂා කළ ක්‍රීඩකයින් සහ කළමනාකරණ කාර්ය මණ්ඩලය බදාදා රැස්වී බ්‍රහස්පතින්දා වැඩිදුර පරීක්‍ෂණයකට භාජනය වී සැලසුම් කළ පරිදි එක්සත් රාජධානිය බලා පිටත්ව යනු ඇත. ඔවුන් පැමිණ පැය 24 ක් ඇතුළත නැවත පරීක්ෂා කරනු ලැබේ.

    ධනාත්මක බව පරීක්‍ෂා කළ ක්‍රීඩකයින්ට සංචාරය කිරීමට පෙර ඍණාත්මක පරීක්ෂණ දෙකක් ආපසු ලබා දිය යුතුය.

    කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ඇති දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෑත කාලීන ධනාත්මක පරීක්ෂණ මගින් මෙම වෛරසයට ඇති අන්තරාය පැහැදිලිව පිළිබිඹු වේ.

    “ධනාත්මක බව පරීක්‍ෂා කළ ක්‍රීඩකයින් සම්බන්ධයෙන්, ප්‍රතිදේහ පරීක්ෂණ පැවැත්වීම ඇතුළුව අපි ඔවුන්ව දිගටම අධීක්‍ෂණය කර සහාය දෙන්නෙමු. ඔවුන් ඍණාත්මක බව පරීක්‍ෂා කළ වහාම ඔවුන් එංගලන්තයේ සංචිතයට එක්වනු ඇත.”

    අඟහරුවාදා උදෑසන වන විට පාකිස්තානයේ කිරීටක වෛරස් රෝගීන් 185,034 ක් වාර්තා වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස 3,695 ක් මිය ගිය බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.

    බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් තරග තුනකින් ආරම්භ වන එංගලන්ත තරඟ මේ වන විට සවුත්හැම්ප්ටන් සහ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි ජෛව ආරක්ෂිත ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිතව ඇත.

    ජූලි 8 වනදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරගාවලිය සඳහා සූදානම් වීම සඳහා එංගලන්තයේ 30 දෙනෙකුගෙන් යුත් පුහුණු කණ්ඩායම අඟහරුවාදා (23) සදම්ටන් වෙත පැමිණෙනු ඇති බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

    පාකිස්තානය මෙම සංචාරය සඳහා 29 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ අතර ධනාත්මක පරීක්ෂණ වලදී අතිරේක ක්‍රීඩකයින් සිව්දෙනෙකු සූදානම්ව සිටියහ.

    අතිරේක ධනාත්මක පරීක්ෂණ හත පිළිබඳ ප්‍රවෘත්තියට පෙර, එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ගයිල්ස් පැවසුවේ වඩාත් තහවුරු වූ සිද්ධීන් මගින් සංචාරය තවදුරටත් අනතුරේ හෙළනු ඇතැයි තමා නොසිතන බවයි.

    “එම පරීක්ෂණ ගණනාවක් තවමත් ධනාත්මකව පැවතුනද අපි තවමත් සෑහෙන දුරක් සිටිමු,” ඔහු පැවසීය.

    “තරණය කිරීමට බාධක ගණනාවක් තිබේ. අපට ක්‍රිකට් ක්‍රීඩාව සදාකාලිකව නතර කිරීමට හෝ අතපසු කිරීමට නොහැකිය. ජනතාවගේද අපේක්ෂාව වන්නේ සියලු දේ ඉක්මනින් යළි යථා තත්ත්වයට පත්වනු දැකීමයි” එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ඈෂ්ලි වැඩි දුරටත් පැවසුවේය.

    මේ අතර, අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්ත – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය කල් දැමීමට පියවර ගෙන ඇත.

  • ඔසප් දිනවල ලිංගික සම්බන්ධතා පැවැත්වීම: ‘ඔබ නොදැන සිටි රහස්’

    ඔසප් දිනවල ලිංගික සම්බන්ධතා පැවැත්වීම: ‘ඔබ නොදැන සිටි රහස්’

    ඔසප් වීම (Menstrual) සියලුම කාන්තාවන්ට පොදු ස්වභාවික දෙයක් වුවත් ඒහා සම්බන්ධ පුරාතන (ගෝත්‍රික) මිත්‍යාවන් තව දුරටත් මිනිසුන් අතර තිබෙනවා. ඒ අතර සුවිශේෂ මිත්‍යාවක් වන්නේ ‘ඔසප් සමයේදී ලිංගිකව එක්වීම නුසුදුසු බවයි.

    ඒත් විධිමත්ව සිදුකළ පර්යේෂණ මගින් මේ මිත්‍යාව ඇතුළු ඔසප් වීම හා ලිංගික සම්බන්ධතා පිළිබද තවත් මිත්‍යාවන් කිහිපයක් ‘සාවද්‍ය‘ බව තහවුරු කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් ලෝ ප්‍රකට ‘ෆෙමිනා‘ සගරාව මෙසේ කියනවා.

    ‘ ඔසප් පරිච්ඡේදයේ ලිංගිකත්වය පිළිබඳ යම් යම් අපැහැදිලි සහ තහනම් හැඟීමක් තවමත් පැවතුන ඇත්ත තත්ත්වය වන්නේ ඔසප් සමයේ ලිංගික එක්වීම්වලින් කිසිදු හානිකර ප්‍රතිවිපාකයක් නැති බවයි.  ඔබ අවශ්‍ය සනීපාරක්ෂක පියවර ගන්නා තාක් කල් (තුවායකින් ඇඳ ආවරණය කරන්න), එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයකි‘

    මෙහිදී ෆෙමිනා සගරාව ඔසප් සමග තුළ ලිංගිකව හැසිරීම පිළිබඳව නොදැන සිටි කරුණු හතරක් ඉදිරිපත් කරනවා.

    1. උස් වූ ඉන්ද්‍රියයන් සහ සතුට Heightened Orgasms and Pleasure

    period sex

    ඔසප් සමයේ ලිංගිකත්වය අවුල් සහගත විය හැකි නමුත් එය නිසැකවම නිවැරදි ස්නායු උද්දීපනය කරන බව සොයා ගෙන ඇත. ටැබ්රිස් වෛද්‍ය විද්‍යා විශ්ව විද්‍යාලය (Tabriz University of Medical Sciences) විසින් 2019 දී කරන ලද පර්යේෂණයකින් සොයා ගෙන ඇත්තේ (ඔසප් සමය තුළ ලිංගික ක්‍රියාකාරකම් සිදුවන අතරතුර රුධිර ප්‍රවාහය වැඩි වීම නිසා) ඔබේ ලිංගික ප්‍රතිචාර දැඩි උත්තේජනයට තුඩු දිය හැකි බවයි. නැතහොත් ඔබට දැඩි සතුටක් ලබාගත හැකි බවයි.

    2. එය ඔබ සිතනවාට වඩා පොදු ය – It Is More Common Than You Think

    period sex

    ඔසප් පරිච්ඡේදය ලිංගිකත්වය ස්පර්ශ නොකළ ප්‍රදේශයක් යැයි ඔබ විශ්වාස කරන්නේ නම්, මෙම කරුණ දැනගත් විට ඔබ පුදුමයට පත් විය හැකිය. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ යුවළයන්ගෙන් සියයට 30 ක් පමණ තම සහකාරිය ඔසප් වීමේදී ලිංගිකව හැසිරීමට කැමති නැති බවයි. එහි අදහස වන්නේ පිරිමින්ගෙන් 70%ක් ඔසප් සමයේදී තම සහකාරිය සමග ලිංගිකව එක්වීමට කැමැත්තක් දක්වන බවයි. ඊට හේතුව වශයෙන් පරයේෂකයින් දක්වන්නේ ඔසප් සමය තුළ කාන්තාවන්ගේ ලිංගික උද්දීපන අනුපාත ඉහළ යාමයි. එබැවින්, එය විවෘතව කථා නොකෙරෙන නමුත් ඔසප් සමයේ සංසර්ගයේ යෙදීම අසාමාන්‍ය දෙයක් නොවේ.ෙ

    3. ඔබට තවමත් ගැබ් ගත හැකිය-You Still Can Get Pregnant

    period sex

    ‘ඔසප් කාල සීමාව තුළ ලිංගිකව හැසිරීමෙන් ගැබ් ගන්නේ නැත‘ යන ජනප්‍රිය මතයට පටහැනිව, තවමත් ඔබ ගැබ් ගැනීමේ අවස්ථා තිබේ. ඊට හේතුව වන්නේ ලිංගික එක්වීමේදී පිටවන ශුක්‍රාණුව දින හතක් දක්වා ක්‍රියාකාරී තත්ත්වයේ පැවතීමයි. ඒ අනුව ඔසප් චක්‍රය අනුව වේගයෙන් ඩිම්බ මෝචනය කරන කාන්තාවන් මෙම තත්වය තුළ ගැබ්ගෙන ඇති බව වාර්තා වේ. එබැවින් ආරක්ෂිතව ලිංගිකව එක්වීම සැමවිටම ආරක්ෂිතය. හැකි සෑම විටම කොන්ඩම් භාවිතා කරන්න!

    4. ඔසප් රුධිරය හානිකර නොවේ Menstrual Blood Is NOT Harmful

    period sex

    ඔසප් රුධිරය (menstrual blood) ඔබේ ගර්භාෂයේ යෝනි තරල හා එන්ඩොමෙට්‍රියල් පටල (vaginal fluids and endometrial lining) රැගෙන යන අතර එය ශිෂ්ණයට කිසිසේත් හානිකර නොවේ! එබැවින් ඔසප් රුධිරය පිළිබඳ ඔබේ ඍණාත්මක ආකල්ප වෙනස්කර ගන්න. තව දුරටත් දින කිහිපයක් හෝ ඊට වැඩි ගණනක් ලිංගික ඇසුරින් ඈත්ව සිටීමට ඔසප් සමය තාර්කික හේතුවක් නොවේ. ඒත් අවධානයට ගන්න. කොන්ඩමයක් පැළදීම මෙන්ම පිරිසිදුවට සිටීම ඉතාම වැදගත් හා සෞඛ්‍ය ආරක්ෂිත බව.

    2020 ජූනි 20 වැනි දින ෆෙමිනා සගරාවේ පළ වූ ලිපියක් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍යද ? වර්තමාන තත්ත්වය පිළිබද විග‍්‍රහයක්

    ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍යද ? වර්තමාන තත්ත්වය පිළිබද විග‍්‍රහයක්

    එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක් සමග එක්ව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට ව්‍යාපාරිකයින් සහ තවත් පාර්ශ්ව කිහිපයක් විසින් දරණ උත්සාහක් ගැන ‘නිවැරදි‘ තොරතුරු ‘වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය‘ විසින් පසුගිය දා හෙළිකළ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට ද පියවර ගත්තා.

    මේ අතර සමාජය තුළ කිසියම් සංවාදයක් ආරම්භ වී තිබෙනවා. ඒය කිසියම් කාලයක සිට සිදු වුණත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ගැන යළි සංවාදය ආරම්භ වීම සමග ‘ශ්‍රී ලංකාවට තවත් වෛද්‍යවරු අවශ්‍යද ? ‘ සිටින සංඛ්‍යාව ප්‍රමාණවත් ? එසේ නම් අපේ ගමේ රෝහලට වෛද්‍යවරයෙක් නැත්තේ ඇයි ? වැනි ප්‍රශ්න ඇති වී තිබෙනවා.

    සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරයා ජනතාවට ‘දැනෙන‘ කරුණක් වුවත් ඉහත සදහන් ගැටලුවට නිසි පරිදි විසදා ගැනීමට තබා අදාළ ගැටලුව නිවැරදිව හදුනා ගැනීමට පවා ‘අදාළ අංශ‘ සමත් වී ඇති බවක් දැකිය නොහැකියි. මේ නිසා තත්ත්වය තව තවත් සංකීර්ණ වී තිබෙනවා පමණක් නොව ඕනෑම අයෙකුට අසීමිතව කරුණු දැක්වීමේ අවස්ථාවක් ද මේ හරහා නිර්මාණය වී තිබෙනවා.

    ‘වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය‘ ලෙස ‘ශ‍්‍රී ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍යද ? වර්තමාන තත්ත්වය පිළිබද‘ නිවැරදි සහ නිරවුල් විග‍්‍රහයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප තීරණය කළේ මේ නිසයි.

    ශ‍්‍රී ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍යද ? වර්තමාන තත්ත්වය

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ SLMC සංඛ්‍යා ලේඛන අනුව ලියාපදිංචි වී දැනට ක‍්‍රියාකාරී වෛද්‍ය සේවයේ වෛද්‍යවරු සංඛ්‍යාව 27,766 ක් වෙනවා. වර්තමාන ශ්‍රී ලංකාවේ ජනගහනය (2019 ජූලි) මිලියන 22.1 කි. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ ජනගහනය අනුපාතය 1/750 කි. (පුුද්ගලයන් 750ක් සඳහා වෛද්‍යවරයෙකු සිටී) ඒ අනුව සිටිය යුතු වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයෙන් 91‍%ක් දැනට සපුරාගෙන ඇති අතර තව වසර පහක් ඇතුළත එම අගය 100‍්%ක් දක්වා පරිපූර්ණ වනු ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව පැවතිය යුතු වෛද්‍ය ජනගහනය අනුපාතය 1/1000 කි. ඒ අනුව ලෝක සෞඛ්‍යය සංවිධානයේ නිර්දේශ වලටත් වඩා උසස් ප‍්‍රශස්ත තත්ත්වයක් රටක සිටිය යුතු වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව අතින් ශ්‍රී ලංකාව දැනටමත් ළඟා කරගෙන ඇත.

    ලෝකයේ වෛද්‍යවරුන් දැඩි හිඟයක් පවතින රටවල් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම්කර ඇති රටවල් 57ට ද ශ්‍රී ලංකාව අයිති නොවේ.

    ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවට පැතිර යන මතය සත්‍යයද?

    නැත. අද ශ්‍රී ලංකාවේ ඇත්තේ වෛද්‍ය වෛද්‍යවරුන්ගේ සේවා ස්ථාන ව්‍යාප්තිය පිළිබඳ ප‍්‍රශ්නයකි. කොළඹ දිස්ත‍්‍රික්කය තුළ වෛද්‍ය ජනගහනය අනුපාතය 1/400කි. එමෙන්ම නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙහි වෛද්‍ය ජනගහනය අනුපාතය 1/3000කි. විවිධ සමාජයීය ආර්ථික හේතූන් නිසා නාගරික ප‍්‍රදේශ වලට වෛද්‍යවරුන් කේන්ද්‍රගත වීම නිසා දුෂ්කර ප‍්‍රදේශවල රෝගී සත්කාර සේවාවන් උපරිම ලෙස පවත්වා ගැනීමේ බලවත් දුෂ්කරතා පැනනැගී ඇත.

    වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම මෙම තත්තවය විසඳීමට පිළියමක් නොවන අතර එය විසඳිය හැක්කේ මනා මානව සම්පත් කළමනාකාරීත්වයකින් පමණි. වසරකට රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන වෛද්‍ය උපාධිධාරීන්ගේ සංඛ්‍යාව 1500 කි. වසරකට විදේශීය වෛද්‍ය උපාධි ලබා ERPM (Act16) විභාගය සමත්වී වෛද්‍ය සේවයට එක්වන ගණන 500කි. මේ අනුව වසරකට වෛද්‍ය සේවයට එකතු වන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2000කි.

    වෛද්‍ය සේවයට එක්වන වෛද්‍යවරුන්ගේ සේවා ස්ථාන වල ව්‍යාප්තිය – (පසුගිය වසර 10ක් තුළ සංඛ්‍යාලේඛණවලට අනුව)

    සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2019 සැප්තැම්බර් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය අනුව දැනට රජයේ සේවයේ පවතින වෛද්‍ය පුරප්පාඩු 1654 ක් වේ’ මෙම වෛද්‍ය හිඟය පිරවීමට ගතවන කාලය අවම වශයෙන් වසර 2 කි’ දළ දේශීය නිෂ්පාදිතයෙන් සෞඛ්‍ය සඳහා අයවැයෙන් වෙන් කරන ලද මුදල් ප‍්‍රමාණය 3.4‍% කි.

    පසුගිය වසර 5 තුළ එම ප‍්‍රතිශතය වැඩිවීමක් සිදුවී වී නොමැත. රටේ පවතින ආර්ථික අස්ථාවරභාවය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෙනත් වියදම් අධික වීම නිසා ඉදිරි අනාගතයේදී රැකියා අවස්ථා CADRE EXPANSION වැඩිව වීමට ඉඩකඩ සීමිතය.

    රජයේ වෛද්‍ය පීඨ වලින් විදේශීය වෛද්‍ය අධ්‍යාපනයෙන් පසුව රජයේ සේවයට එකතුවන වෛද්‍යවරුන් සඳහා වසරකට ලබාදිය යුතු නව පත්වීම් සංඛ්‍යාව 1100 කි. (වසරකට වෛද්‍ය සේවයට එකතු වන 2000 පමණ වූ වෛද්‍යවරුන්ගෙන් 70‍්‍%පමණ රජයේ සේවයට අන්තර්ග‍්‍රහණය වන අතර රැකියාවේ විරහිත වෛද්‍යවරුන් බිහිවීම වැළැක්වීමට මෙම පියවර ගැනීමට සිදුවී තිබේ)

    රජයේ සේවයෙන් විශ‍්‍රාම ගන්නා වෛද්‍යවරුන් නිසා වාර්ෂිකව ඇතිවන පුරප්පාඩු සංඛ්‍යාව 300 – 350 ත් පමණ විය.

    දැන් වයස 55-60 සම්පූර්ණ කරන්නේ 1988-1992 සීමාවේ වෛද්‍ය විට වලින් පීඨවලින් පිට්වූ වෛද්‍යවරුන්යග එවකට රජයේ සියලූම වෛද්‍ය පීඨ වලින් පිටවූ සංඛ්‍යාව වසරකට 350-400 පමණ විය.

    එහෙත් වර්තමානයේ වෛද්‍යවරුන් විශ‍්‍රාම ගන්නා සංඛ්‍යාවට වඩා විශාල සංඛ්‍යාවක් රජයේ සේවයට එක්වන නිසා තව වසර කිහිපයකින් අතිරික්තයක් ඇති වීම වැළැක්විය නොහැක. ඊට හේතුව ඉදිරි සැලසුමකින් හෝ දැක්මකින් තොරව සහ දේශපාලන අරමුණු මත රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ ආරම්භ කිරීමයි. එමෙන් ම ලාභදායී වෙළඳ ව්‍යාපාරයක් ලෙස නිසි නියාමනය තොරව ශ්‍රී ලාංකික සිසුන් වෛද්‍ය උපාධිය සඳහා විදේශගත වීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වීමයි.

    OLYMPUS DIGITAL CAMERA

    විදේශීය රටවල වෛද්‍ය අධ්‍යාපනය සඳහා යන සංඛ්‍යාව ද ඉතා සීඝ‍්‍රයෙන් වැඩිවීම නිසා මෙම ගැටලුව තවත් සංකීර්ණ වනු ඇත. මේ වන විට වසරකට 800කට ආසන්න සංඛ්‍යාවක් වෛද්‍ය උපාධි සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) සහතිකය (Eligibility Certificate) ලබාගන්නා අතර එසේ නොමැතිව විදේශ ගතවන සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැතිවීම බරපතළ ප‍්‍රශ්නයකි.

    වෛද්‍ය ක්ෂේත‍්‍රයේ මානව සම්පත් අවශ්‍යතාවය පිළිබඳ වසර පහකට වරක් අධ්‍යයනය කර වෛද්‍ය අධ්‍යාපනය සඳහා රටේ අවශ්‍යතාවයට අනුකූලව වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇතුළත් කරගත යුතු සිසුන් සංඛ්‍යාව තීරණය කර ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කරගත් යුතුය. එමෙන්ම සැබෑ තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අද යුගයේ අවශ්‍යතාවයකි.

    අනාගතයේදී සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතිවන මෙම අභියෝගයට මුහුණදීමට නොපමාව නිසි ක‍්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කිරීම වගකීිවයුතු පාර්ශ්වයන්ගෙන් යුතුකම්කි. එසේ නොවුණහොත් නිසි සැලසුමකින් තොරව වෛද්‍ය උපාධිධාරීන් බිහි කිරීම නිසා බරපතළ ප‍්‍රතිවිපාක වලට මුහුණ දී ඇති ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල කනණගාටු කනගාටුදායක තත්ත්වයට අප රට ද තව වසර කිහිපයකින් පත්වනු ඇත.

    මූලාශ‍්‍ර

    1. fi!LH wud;HdxY pl%f,Al ECA/1/93
    2. Ceylon medical journal CMJ 2017;62:No4 223-227 Dileep De Silva
    3. University Admissions UDC 2018-2019
    4. Current Statistics of Medical Doctors SLMC 2017

    වසන්ත අල්විස් – මාධ්‍ය සම්බන්ධීකාරක, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

  • ‍Cafe හිටපු ආණ්ඩුකාර ලොක්කා ‘මැකො එක්ක’ දිගටම පැටලෙයි !

    ‍Cafe හිටපු ආණ්ඩුකාර ලොක්කා ‘මැකො එක්ක’ දිගටම පැටලෙයි !

    මැතිවරණ කොමිසමට (මැ.කො.) “ස්වාධීන” ලේබලය අලවා ඇත්තේ ඔවුන්ට ස්වාධීන යයි සිතෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට නොව, සමස්ත ඡන්ද දායකයන්ගේ සහ අපේක්ෂකයන්ගේ ස්වාධීනත්වයට ගැළපෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මැතිවරණ කොමිෂන් සභාව, තමන් වෙත නොමැති බලයක් ආරෝපණය කර ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ සමාජ ජාල ක්‍රියාකාරකම් පාලනය කිරීමටත්, පලාත් පාලන කොමසාරිස්වරුන් හා සභා ලේකම්වරුන් පාලනය කිරීමටත් කටයුතු කිරීම කනගාටුවට කරුණක් යැයි තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 101 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාව අනුව, පාර්ලිමේන්තුව විසින් නීති සෑදිය යුතු බවට නියමයක් දක්වා ඇති කරුණු 9 කි.  ඒ අනු ව්‍යවස්ථාවේ අවසානයේ ඇති අතුරු විධානයේ මෙසේ දැක්වේ.  “එසේ වුව දඑවැනි යම් නීතියකින් 89 වන සහ 91 වන ව්‍යවස්ථාවල දැක්වෙන නුසුදුසුකම්වලට තවත් නුසුදුසුකම් එකතු නොකළ යුත්තේ ය.”  මැතිවරණ කොමිසණ් සභාව, රාජ්‍ය සේවකයින්ට සමාජ ජාලා තහනම් කරමින්, විනය පරීකෂණ පවත්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින්, පාර්ලිමේන්තුවට තේරී පත්වීම සදහා ‘‘නුසුදුසුකමක් අලුතෙන් නිර්මාණය කිරීමට‘‘ උත්සහ දරයි.   

    *    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ ව්‍යවස්ථාවේ (4) වන අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදය මගින්, රජයට හෝ යම් රාජ්‍ය සංස්ථාවකට හෝ අයත් යම් නිශ්චල හෝ චංචල දේපළක් එවැනි භාවිත කිරීමක් වළක්වාලීමට කොමිෂන් සභාවට බලය ලැබී ඇත. පළාත් පාලන ආයතනයක යම් නිශ්චල දේපළක් හෝ චංචල දේපළක් හෝ සම්බන්ධයෙන් විධාන කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලයක් ලබා දී නැත.

    *    මෙසේ තිබිය දී, පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ පළාත් සභා මැතිවරණයක් පවත්වනු ලබන කාල සීමාව තුළ, පළාත් පාලන ආයතනවල දේපළ භාවිත කිරීම පිළිබඳ ව මැතිවරණ කොමිෂන් සභාව විධාන නිකුත් කිරීමේ හැකියාවක් නැත. තෝරාගත් පලාත් පාලන සභිකයින් පිරිසකට පමණක් රාජ්‍ය දේපල අයථා පරිහරණය, නිවාඩු ලබා ගැනීම වැනි අනීතික සීමාවන් ලිඛිතවම පැනවීමේ අනිටු ප්‍රතිඵලය වන්නේ, එවැනි යමක් කර ඇතැයි යනුවෙන් සඳහන් කරමින් එසේ කරන ලද තැනැත්තා ඡන්දයෙන් තෝරා පත් කර ගැනීමෙන් පසුව ඡන්ද පෙත්සමක් මගින් ඔහු මන්ත්‍රී ධුරයට තෝරා පත් කර ගැනීම ශුන්‍ය හා බලරහිත කරන ආඥාවක් ඉල්ලා යම් තැනැත්තකුට අධිකරණයට යාමට අවස්ථාව සලසා දීමකි. ඒ විධාන අනුව වරදක් කර ඇතැයි යන්න අධිකරණය විසින් තීරණය කිරීමට අවස්ථාව සලසා දීමක් ද මෙයින් අදහස් වේ. එවිට ඒ තැනැත්තාගේ මන්ත්‍රී ධුරය බලරහිත හා ශුන්‍ය කරනු ලබන්නේ ඔහු නුසුදුස්සකු වූ සේ සලකා ගෙන ය.  (උදාහරණයක් ලෙස දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් මහා මැතිවරණයට ඉදිරිපත් ව සිටින අපේක්ෂකයින් අතුරින් සභාපතිවරු තිදෙනෙකුට පමණක් මැ.කො.ස. විසින් ලිඛිත දැන්වීමක් සිදු කිරීම. සෑම දිස්ත්‍රික්කයම ඇත්තේ මෙවැනි තත්වයකි)

    *    මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු මැතිවරණයකට යම් අයකු තෝරා පත් කර ගැනීමට ‘නුසුදුසු කමක් අලුතෙන් නිර්මාණය කිරීමට‘ කටයුතු කර ඇත. මෙරට ලියාපදිංචි කිසිදු දේශපාලන පක්ෂයක්, මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක්, පාර්ලිමේන්තුව සතු බලය ද ඉක්මවමින් මහින්ද දේශප්‍රිය, රත්නජීවන් හූල්, හා අබේසේකර යන සමාජිකයින්ගෙන් සමන්විත මැතිවරණ කොමිෂන් සභාව දරණ උත්සාහයට විරෝධය පළ කර නැත. 

    ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන, දේශන පවත්වන, විරෝධතා පවත්වන සිවිල් සංවිධාන මැ.කො. සමාජ ජාල වාරණයට එරෙහිව නිහඬව සිටීම පුදුම සහගතය. විශේෂයෙන්ම, රාජකාරි උපදෙස් පවා සමාජ ජාල මාධ්‍ය මගින් ලබාදීම පුරුද්දක් කොට ගෙන සිටින මැ.කො. සභාවේ සභාපතිවරයාගේ ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වන්නේය.

    *    මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති 2020. 06. 06 දින නිකුත් කර ඇති අංක 2178/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති විධානවල පළාත් පාලන ආයතනයක යම් සභිකයකු පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයකු වන විට, ඔහුට පමණක් වන සේ විශේෂ නුසුදුසුකමක් ඇතුළත් කර ඇත.  පාර්ලිමේන්තුවට වත් කළ නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිත නියමය ද අබිබවා යමින් පාර්ලිමේන්තුවට වඩා ඉහළ අධිකාරයක් ඇති ව මැතිවරණ කොමිසම කටයුතු කරමින් සිටී. ඉදිරියේ දී මෙය මනාප අංක ප්‍රදර්ශනය වැනි මැතිවරණ ප්‍රචාරයේ සියලු අංග වෙත දිගුවීම නොවැලැක්විය හැකිවනු ඇත.  මෙය සම්පූර්ණයෙන් ම, නීතියේ ආධිපත්‍යය බලහත්කාරයෙන් මැ.කො. තමන් අතට ගැනීමකි. එසේම, පළාත් පාලන ආයතනයක සභිකයකු වීම නිසා වෙනත් අපේක්ෂකයන්ට වෙනස් වූ ආකාරයෙන් සැලකීමක් ද වේ.  එයින් ද, කොටසකට පමණක් (තෝරාගත් අපේක්ෂකයින් පිරිසකට පමණක්) එම නීතිය ක්‍රියාත්මක කිරීම අතිශයින්ම වැරදි පූර්වාදර්ශකයකි. 

    *    මැතිවරණ කොමිෂන් සභාවේ මේ අවනීතික, නිර්ලජ්ජිත ක්‍රියාව හේතුවෙන් පළාත් පාලන ආයතනයක සභිකයකු වශයෙන් සිටිය දී, පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයකු වන තැනැත්තන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.මැතිවරණ කොමිෂන් සභාවට “ස්වාධීන” ලේබලය අලවා ඇත්තේ ඔවුන්ට ස්වාධීන යයි සිතෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට නොව, සමස්ත ඡන්ද දායකයන්ගේ සහ අපේක්ෂකයන්ගේ ස්වාධීනත්වයට ගැළපෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට යැයි ද හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

  • සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ  අධිකාරියේ ලියාපදිංචි හෝටල්වල පමණයි

    සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ අධිකාරියේ ලියාපදිංචි හෝටල්වල පමණයි

    අගෝස්තු 01 වෙනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණකැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙම තීරණයට එළඹි බවයි.

    සංචාරක සංවර්ධන අධිකාරියේ මේ වන විට ලියාපදිංචි වී ඇත්තේ සංචාරක හෝටල් හා නවාතැන් සපයන ස්ථාන 5000 කට ආසන්න සංඛ්‍යාවක් පමණි. මෙලෙස ලියාපදිංචි නොවු සංචාරක හෝටල් හා නවාතැන් සපයන ස්ථාන 20,000ක් පමණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවල සදහන් වේ.

    මේ තත්ත්වය තුළ සංචාරක සංවර්ධන අධිකාරිය මෙතෙක් ලියාපදිංචි වී නොමැති සංචාරක හෝටල් නිවස්න අධිකාරියේ කඩිනමින් ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් උපදෙස් දුන් බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

    අගෝස්තු මස 01 වෙනි දා සිට කණ්ඩායම් වශයෙන් සංචාරකයන් දිවයිනට ගෙන්වීමට නියමිත අතර ඒ සදහා අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇතැයි ද ඇමතිවරයා කියා සිටී.

    දිවයිනට පැමිණෙන සියලු සංචාරකයන් ඔවුන් මෙහි රැදී සිටින කාලය තුළ පි.සී.ආර් පරීක්ෂණ 03 කට ලක්කෙරේ. ඔවුන්ගේ සංචාරය අතරතුර මෙම පි.සී.ආර් පරික්ෂණය සිදු කෙරෙන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මගින් එම සංචාරකයන් නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙන බව ද ඇමතිවරයා කීවේය.

  • Covid-19 World Hot: ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යා 90 ලක්ෂය පනී – මරණ 469,122ක්

    Covid-19 World Hot: ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යා 90 ලක්ෂය පනී – මරණ 469,122ක්

    අද (22) දින වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 9,006,757ක් බවත් මරණ සංඛ්‍යාව 469,122 දක්වා ඉහළ ගිය බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝන වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි.

    මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 2,289,168 ක් සහ මරණ 120,106ක් වාර්තා වන අතර බ්‍රසීලයෙන් ආසාදිතයින් 1,083,341ක් සහ මරණ 50,591ක් වාර්තා වෙයි.

    රුසියාවෙන් ආසාදිතයින් 591,465 ක් සහ මරණ 8,196ක් වාර්තා වන අතර ඉන්දියාවෙන් ආසාදිතයින් 425,282ක් සහ මරණ ක් වාර්තා වෙයි.

    මහා බ්‍රිතාන්‍යෙයන් ආසාදිතයින් 306,761ක් සහ මරණ 42,732ක් වාර්තා වේ.

    අප අසල්වැසි පාකිස්ථානයේ සහ බංග්ලාදේශයේ ද ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව වේගවත් වර්ධනයක් දැකිය හැකිය. ඒ අනුව පාකිස්ථානයෙන් ආසාදිතයින් 181,088 ක් සහ මරණ 3,590 ක් ද බංග්ලාදේශයෙන් ආසාදිතයින් 115,786  ක් සහ මරණ 1,502 ක් ද වාර්තා වේ.

    මේ වන විට පාකිස්ථානය ද කොවිඩ්-19 ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රාජ්‍ය 10 අතරට එක්වීම විශේෂත්වයකි.

    ශී ලාංකික ගෘහ සේවකයින් සහ සේවිකාවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සේවය කරන සෞදි අරාබියෙන් ආසාදිතයින් 161,005 ක් සහ මරණ 1307ක් ද කටාර් රාජ්‍යෙයන් ආසාදිතයින් 88,403ක් (මරණ 99) ද ක්වේටයෙන් ආසාදිතයින් 40,291 ක් (මරණ 330) ද එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයන් ආසාදිතයින් 44,925 ක් ද වාර්තා වේ.

    බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව 50,000 පනිද්දී රටපුරා උද්ඝෝෂණ

    බ්‍රසීලයේ කොරෝනා වෛරස් උවදුරෙන් තදින්ම බලපෑමට ලක් වූවන් අතර ආදිවාසී ප්‍රජාව ද වෙති

    ඇමරිකා එක්සත් ජනපදයට පසු පනස් දහසකට අධික කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාවක් ලියාපදිංචි කළ දෙවන රට බවට බ්‍රසීලය පත්ව තිබේ.

    බ්‍රසීලයෙන් එවැනි තත්වයක් වාර්තා වන්නේ එරට දේශපාලන උණුසුම ඉහළ යමින් පවතින පසුබිමකදී සහ මිලියනයකට අධික වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවක් තහවුරු වී තිබියදීය.

    බ්‍රසීලයේ මරණ සහ ආසාදිතයන් තවදුරටත් ඉහළ යමින් පවතින බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

    ලොව පුරා දිනක් තුළ තහවුරු වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. ඊට වැඩි වශයෙන්ම ඇතුළත් වන්නේ එක්සත් ජනපදයෙන් අලුතින් හඳුනා ගත් රෝගීන්ය.

    බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජයීර් බොල්සොනාරෝ ලොක්ඩවුන් සීමා පැනවීමට විරෝධය දැක්වීම සහ ආර්ථිකය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම විශාල වශයෙන් මතභේදයට තුඩු දී ඇත.

    මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව ඉතා දරුණු ලෙස ඉහළ යාමත් සමග සෞඛ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සිය ධූරයෙන් ඉවත්ව තිබේ. ඔවුන් දෙදෙනාම වෛද්‍යවරුන්ය.

    පළමු වෙනියා ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලද අතර ජනාධිපතිවරයා සමග එකඟ නොවීම නිසා දෙවැන්නා සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

    Demonstrators protest against the Brazilian president in Sao Paulo, Brazil, 21 June 2020
    බ්‍රසීලයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක්

    බ්‍රසීලයේ සහ ලතින් ඇමරිකානු රටවල මරණ කොපමණ ද?

    ගතව ගිය පැය 24 තුළ තවත් මරණ 641 ක් අලුතින් ලියාපදිංචි කර ඇති බව බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යංශය ඉරිදා (ජුනි 21) නිවේදනය කළේය. ඒ අනුව එරට මරණයට පත් මුළු සංඛ්‍යාව 50,617 කි.

    එම කාලය තුළ රෝගීන් 17,000 කට අධික සංඛ්‍යාවක් ද අලුතින් ලියාපදිංචි වී ඇත.

    ඊට වඩා දරුණු තත්ත්වයකට මුහුණ දී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය පමණි. එරට ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2.2 ක් වන අතර 120,000 ක් පමණ මරණයට පත්ව තිබේ.

    Brasil cases

    මෑත කාලයේ බ්‍රසීලයෙන් දිනකට මරණ දහසක් පමණ වාර්තා විය. කෙසේ නමුත් සති අන්තයන්හි මරණ සංඛාවේ අඩුවක් දක්නට ඇත. රට පුරා කොරෝනා වෛරස් පරීක්ෂණවල අඩුවක් පවතින බව විශේෂඥයන් බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබේ. පරීක්ෂණ කෙරෙන ප්‍රමාණය, අවශ්‍ය ප්‍රමාණයට වඩා විසි ගුණයකින් පමණ අඩු බව ඉන් ඇතැමෙක් පවසති. එබැවින් මුළු මරණ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ අගයක් ගනු ඇති බව පෙනෙන්නට තිබේ.

    ඇමේසන් කලාපයට අයත් පාරා සහ සිආරා උතුරු දිග ප්‍රාන්තවලින් මරණ 12,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. නමුත් විශාල වැඩිවීමක් දක්නට ලැබෙන්නේ සාඕ පාවුලෝ සහ රෝයෝ ඩි ජැනෙයිරෝ වෙතිනි. එම නගරවලින් පිළිවෙලින් මරණ 12,500 ක් සහ 8,800 ක් වාර්තා වී තිබේ.

    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පැය 24 ක් තුළ ලොව පුරා ආසාදිතයන් 183,000 ක් අලුතින් වාර්තා වී ඇති බවය. ඉන් 60% අධික ප්‍රමාණයක් උතුරු සහ දකුණු ඇමරිකානු කලාපයට අයත්ය.

    ඇමරිකාව හැරුණු කොට මෙක්සිකෝව, පේරු සහ චිලී යන රටවල් ද දරුණු ලෙස බලපෑමට ලක්ව ඇත. ඉරිදා, ආජන්ටිනාව මරණ 1,000 පසු කළේය.

    ලතින් ඇමරිකානු සහ කැරිබියන් කලාපයෙන් මේ වන විට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව මිලියන දෙකකට අධිකය.