Tag: featured

  • කොරෝනා වෛරසය : පළමු ජීවිතාරක්ෂක ඖෂධය ‘dexamethasone’ ගැන කරුණු 8ක්

    කොරෝනා වෛරසය : පළමු ජීවිතාරක්ෂක ඖෂධය ‘dexamethasone’ ගැන කරුණු 8ක්

    කොරෝනා වෛරසයට ගොදුරු වී බරපතළ ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට උපකාරී වන බවට තහවුරු වූ dexamethasone නැමැති ප්‍රති ප්‍රදාහ ඖෂධය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.

    එක්සත් රාජධානියේ වෛද්‍ය විශේෂඥයින්ගේ සමීක්ෂණවලින් තහවුරු වූයේ මෙම ඖෂධය අඩු මාත්‍රාවකින් ලබාදීම මගින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් සිරුර තුළ වර්ධනය වන බව ය.

    මෙම ඖෂධය කුමක්ද?

    ඩෙක්සමෙතසෝන් (dexamethasone) යනු ස්ටෙරොයිඩ (steroid) ගණයට අයත් ඖෂධයකි.

    ශරීරය තුළ ප්‍රදාහයක් (inflammation) වේ නම් ඊට එරෙහිව සිරුර තුළ වර්ධනය වන ප්‍රති ප්‍රදාහ හෝමෝනයක් ලෙස මෙම ඖෂධය ක්‍රියාකරමින් එම ප්‍රදාහය සමනය කරයි.

    එය ක්‍රියාකාරී වන්නේ කෙසේද?

    කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට උත්සාහ කිරීමේදී ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික වේගයෙන් ක්‍රියාත්මක වන විට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට මෙම ඖෂධය උපකාරී වේ.

    ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික ලෙස ප්‍රතික්‍රියා දැක්වීම මාරාන්තික විය හැකිය.

    මෙම ඖෂධය මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික ලෙස ක්‍රියා කිරීම වළක්වයි.

    නමුත් මෙම ඖෂධය සුදුසු වන්නේ අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව සිටින පුද්ගලයන් සඳහා පමණක් බව සිහි තබා ගත යුතුය.

    බරපතළ නොවන රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් සඳහා මෙම ඖෂධය ලබා දීමෙන් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කිරීම සුදුසු නොවේ. එසේ වුවහොත් වයිරසයට එරෙහිව සටන් කිරීමේ හැකියාව අහිමි වේ.

    මෙය බලසම්පන්න ඖෂධයක් ද?

    ස්වසන ආධාරකයක් ලෙස ventilator යන්ත්‍ර භාවිතා කළ රෝගීන්ට මෙම ඖෂධය ලබා දුන්නේ නම්, එම තත්ත්වයේ සිට මරණයට පත්වූ සෑම තිදෙනෙකුගෙන් ම එක් අයෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැකිව තිබූ බව මෙම පරීක්ෂණය දියත් කළ විද්‍යාඥයෝ පවසති.

    එමෙන්ම ඔක්සිජන් ලබා දෙමින් සිටියදී මරණයට පත්වූ පස්දෙනෙකුගෙන් එක් අයකුගේ ජීවිතය බේරා ගැනීමට හැකිව තිබූ බව ද ඔවුහු පවසති.

    නමුත් ශ්වසනය සඳහා බාහිර ආධාරකයක් නොලබන රෝගීන්ට මෙම ඖෂධය ලබා දීමෙන් සැලකිය යුතු වාසියක් අත් වූ බව තහවුරු වී නැත.

    Dexamethasone

    අත්හදා බැලුවේ කෙසේද?

    ඉහත කී ප්‍රතිඵල නිකුත් වූයේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් මෙහෙයවනු ලැබූ සමීක්ෂණයකින් අනතුරුව ය.

    මෙහිදි අත්හදා බලන ලද්දේ වෙනත් රෝග තත්ත්වයන් සඳහා නිෂ්පාදනය කර ඇති ඖෂධ වර්ග භාවිතා කිරීමෙන් covid 19 රෝගය සුව කළ හැකිද යන්නයි.

    මෙහිදී කොවිඩ් 19 රෝගීන් 2100කට පමණ dexamethasone මිලි ග්‍රෑම් 6 බැගින් දින දහයක් පුරා ලබාද තිබේ.

    මෙම රෝගීන්ගේ ප්‍රගතිය ඉහත කී ඖෂධය ලබා නොදුන් රෝගීන් 4,300ක් සමග සංසන්දනය කර ඇත.

    ඉන් පෙනී ගිය කරුණු අනුව විද්‍යාඥයින් විශ්වාස කරන්නේ කොවිඩ් 19 රෝගීන් සඳහා ලබාදුන් වෙනත් ඖෂධ සමග මෙම ඖෂධය ද ලබා දුන්නේ නම්, සිදු වූ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකියාවක් තිබුණු බවය.

    ගැබිණි මව්වරුන්ට සහ මව් කිරි ලබාදෙන කාන්තාවන්ට හැර අනෙකුත් වැඩිහිටි අසාධ්‍ය රෝගීන් සඳහා මෙම ඖෂධය මේ වන විට බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරු නිර්දේශ කරති.

    මෙම ඖෂධය වෙළඳපොලේ පවතීද?

    dexamethasone යනු අඩු මිලක් සහිත ඖෂධයක් වන අතර වෙළඳ පොළට සැපයීම ද හොඳ මට්ටමක පවතී.

    රෝගීන් ලක්ෂ දෙකකට පමණ ලබාදීමට ප්‍රමාණවත් වන ඖෂධ තොගයක් රටේ පවතින බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.

    1957 දී මුල් වරට නිෂ්පාදනය කෙරුණු මෙම ඖෂධය මේ වන විට ලොව අනෙකුත් රටවලද සුලබව පවතී.

    ගෝලීය ප්‍රතිචාරය කෙසේද?

    බරපතළ නොවන රෝග ලක්ෂණ සහිත රෝගීන් සඳහා ද තවත් ප්‍රතිකාර විධි ක්‍රම අවශ්‍ය බව පවසමින් ඉහත කී සමීක්ෂණයේ ප්‍රතිඵල ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගනු ලැබ ඇත.

    මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට යහපත් ප්‍රවෘත්තියකි.

    Dexamethasone

    උදාහරණයක් ලෙස දක්වතොත් බොහෝ අප්‍රිකානු රටවල ෙම ඖෂධ පෙත්තක් ඩොලර් දෙකකට පමණ මිලදී ගත හැක.

    ඔක්සිජන් ලබා දෙන හෝ ventilator යන්ත්‍ර භාවිතා කරන රෝගීන් සඳහා මෙම ඖෂධය ලබා දෙන ලෙස දැනටමත් දකුණු අප්‍රිකානු රජය උපදෙස් දී ඇත.

    හානිකර අතුරු ඵල තිබේද?

    වෙනත් රෝගී තත්ත්වයන් සඳහා dexamethasone ඖෂධය ලබා දීමේදී ඇතිවිය හැකි සාමාන්‍ය අතුරු ආබාධ අතර සාංකාව, නින්දට යාමේ අපහසුතාව, ස්ථුලභාවය සහ සිරුර තුළ දියර එක්රැස්වීම යන තත්ත්වයන් පවතී.

    ඉතාම කලාතුරකින් ඇතිවිය හැකියි අතුරු ආබාධයන් ලෙස අක්ෂි ආබාධ, පෙනීමේ දුර්වලතා සහ රක්තපාතය සඳහන් කර තිබේ.

    නමුත්ට කොරෝනා වෛරසයට ගොදුරු වූවන් සඳහා ලබා දෙන්නේ ඉතා අඩු මාත්‍රාවක් බැවින් ඉන් ඇතිවිය හැකි හානිකර අතුරු ඵල සීමාසහිතය.

    වෙනත් ප්‍රති ප්‍රදාහ (anti-inflammatory) ඖෂධ වර්ග භාවිතා කළ හැකි ද?

    dexamethasone පිළිබඳව ඉහත කී සමීක්ෂණය සිදු කළ විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානියා වන මහාචාර්ය පීටර් හෝබී කියා සිටියේ covid 19 වැනි, වෛරස් මගින් ඇතිවන ස්වසන ආසාදන සඳහා ස්ටෙරොයිඩ භාවිතා කිරීම විවාදයට තුඩු දී ඇති බව ය.

    සාර්ස් වසංගතය ඇති වූ අවධියේ දී එවැනි ඖෂධ භාවිත කිරීමෙන් ලැබී ඇත්තේ මිශ්‍ර ප්‍රතිඵලය.

    Methylprednisolone වැනි වෙනත් ස්ටෙරොයිඩ වර්ගද කොරෝනා වෛරස ආසාදිතයන් මත අත්හදා බැලෙමින් පවතින අතර මූලික වටයේදී බලාපොරොත්තු තැබිය හැකි ප්‍රතිඵල ලබා දී ඇත.

    Text by – bbc sandesaya

  • ජනපතිගෙන් දේශීය කර්මාන්තකරුවන්ට විශේෂ ඉල්ලීමක්

    ජනපතිගෙන් දේශීය කර්මාන්තකරුවන්ට විශේෂ ඉල්ලීමක්

    දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යාවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයට ගමන් මග සකසා තිබේ. දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගය බව ජනාධිපතිවරයා කියා සිටී.

    කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සහ ක්ෂේත්‍ර රැසක කර්මාන්තකරුවන් සමග අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම, නව කර්මාන්ත බිහි කිරීම හා රටට නව තාක්ෂණය හඳුන්වාදීම වැනි ව්‍යාපාරිකයන් විසින් කළයුතු බොහෝ දේ ඇත. රට තුළ නිෂ්පාදනය කරන සෑම භාණ්ඩයකම හා සපයන සෑම සේවාවකම ගුණාත්මකභාවය ඉහළ මට්ටමකින් පවත්වාගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතවීමට උත්සාහය කළයුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    කර්මාන්තකරුවාගේ සහායට රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු ආයතන පෙළගස්වා තිබේ. තනි අංක පොලී අනුපාතයකට  බැංකු ණය සම්පාදනය අරඹා ඇත. ඉදිරි මාස කිහිපය තුළ මෙරට නිෂ්පාදනය කෙරෙන කොස්ස, ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදන වර්ධනය කරමින්  ප්‍රතිඵල පෙන්වීම කර්මාන්තකරුවාගෙන් තමා අපේක්ෂා කරන බව රාජපක්ෂ මහතා කියා සිටියේය.

    ගොවියාට වගා කිරීමට උපදෙස් දී  කෘෂි බෝග ‍ආනයනය රජයේ ප්‍රතිපත්තිය නොවේ. ඝෘජු ප්‍රතිපත්තියක සිට රජයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බැවින් කර්මාන්තකරුවාට සේම ගොවියාට ද ඉල්ලුම හඳුනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

    මෝටර් රථ නිෂ්පාදන එකලස් කිරීමේ කර්මාන්තකරුවන්, මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයන්ගේ සංගමය, ඇසුරුම් නිෂ්පාදකයින්ගේ සංගමය, විදුලි කේබල් කර්මාන්තකරුවන්, බෝට්ටු නිෂ්පාදකයන්ගේ සංගමය, ලෝහ කර්මාන්තකරුවන්, සම් නිෂ්පාදකයන්ගේ උපදේශක කමිටුව, රබර් ආශ්‍රිත නිෂ්පාදකයන්ගේ සංගමය, විදුලි හා විද්‍යුත් උපකරණ උපදේශක කමිටුව. දැව සහ දැව ආශ්‍රිත කරමාන්තකරුවන්ගේ සංගමය, ඒකාබද්ධ ඇගළුම් සංගම් සංසදය, ඇගළුම් කර්මාන්තකරුවන්, රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය, ඖෂධ නිෂ්පාදන උපදේශක සභාව ඇතුළු ක්ෂේත්‍ර රැසක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

    කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහු ද ඊට සහභාගී වූහ.

  • හමුදාවයි – කොටියි දෙකම පාවිච්චි කරමින් රාජපක්ෂලා ඡන්ද ගරනවා – ටිල්වින් සිල්වා

    හමුදාවයි – කොටියි දෙකම පාවිච්චි කරමින් රාජපක්ෂලා ඡන්ද ගරනවා – ටිල්වින් සිල්වා

    දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද වගඋත්තරකරුවන් ලෙස කැඳවනු ලැබ තිබෙනවා. ඇවන්ට්ගාඞ් පිළිබඳ මහාධිකරණයේ විභාග වන නඩුවේදී නීතිපතිවරයා හා රජයේ නීතීඥයින් පෙනී සිටින්නේ පැමිණිලි පාර්ශ්වය ලෙසයි. එහෙත් මෙම ජනාධිපති කොමිසමේදී ඔවුන් සියලු දෙනා විත්තිකරුවන් බවට පත් වෙනවා.

    ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අද (22) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. එහිදී අවධානය යොමු වුණේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වෙත කැඳවා තිබීම පිළිබඳ ස්ථාවරය පැහැදිලි කිරීම සදහායි. මෙම මාධ්‍ය හමුව සදහා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ද සහභාගී වුණා.

    මෙම මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක මහතා සහ ටිල්වින් සිල්වා මහතා ඉදිරිපත් කළ සම්පූර්ණ කතාව මෙහි පළ වෙනවා.

    ජනාධිපති කොමිසමත් දූෂිතයින් හෙළිදරව් කිරීමේ අරගලයේ කොටසක් ලෙස පාවිච්චි කරනවා

    This image has an empty alt attribute; its file name is anura-kumara-ljka.jpg

    මෙම මාධ්‍ය හමුව කැඳවනු ලැබුවේ දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වෙත කැඳවා තිබීම පිළිබඳ ස්ථාවරය පැහැදිලි කිරීම වෙනුවෙනුයි. හෙට (23) දිනයේ පෙරවරු 11.30ට මට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අපේ පක්ෂයේ කාර්යාලය වෙත දන්වා තිබුණා. එය මා අතට ලැබී තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ මා එහි පෙනී සිටිනවා.

    අපේ රටේ මහජන ධනය විශාල වශයෙන් දූෂිත දේශපාලන කණ්ඩායමක්, ඔවුන්ගෙන් යැපෙන චෞර ව්‍යාපාරික කණ්ඩායමක් හා රාජ්‍ය සේවයේ දූෂිත අතළොස්සක් නිලධාරී කණ්ඩායමක් විසින් සොරකම් කිරීමට කටයුතු කර තිබෙනවා. හිටපු විගණකාධිපතිතු විසින් අපේ රටේ සමස්ත ණය බර ටි්‍රලියන 11ක් වන විට ඉන් ගොඩනැගී ඇති වත්කම් ටි්‍රලියන 1.8ක් පමණක් බව ප්‍රකාශ කළා. එසේනම් පෙනී යන්නේ මිලියන 9.2ක මුදලක් වතුරේ ගසා ගෙන ගොස් ඇති බවයි.

    එහෙත් ඇත්තටම මේ ධනයට මොකද වුණේ. මේ ධනය වතුරේ ගසාගෙන ගොස් නැහැ. මෙම ධනය අප කලින් කී දූෂිත පිරිස අතට පත් වී ඇති බවට අපට තොරතුරු ලැබී තිබෙනවා.

    අප රට ණය වී ලබාගත් ධනය දූෂිත අතළොස්සක් අතට පත්වී තිබෙනවා. අපි මෙම වංචාවට, සොරකමට එරෙහිව අනවරත අරගලයක යෙදී සිටිනවා. ඒ, මේ ධනය අපේ නිවසට ගෙනයාමේ අරමුණින් නෙමෙයි; මේ සොරකම නතර කිරීමේ අරමුණිනුයි. අපේ වසන්ත සමරසිංහ සහෝදරයා, සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා මේ සොරකම්වලට එරෙහිව අපේ පක්ෂය තුළ ප්‍රමුඛ වැඩකොටසක් කළා.

    අපි මෙම සොරකම්වලට එරෙහිව ක්‍රියාත්මක විය හැකි සෑම ආයතනයකටම අදාළ පැමිණිලි කරමින් ක්‍රියාත්මක වුණා. මේ අපරාධ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බරපතළ මූල්‍ය අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තු (එෆ්.සී.අයිඩී.) වැනි ආයතනවලට පැමිණි කිරීමට අප කටයුතු කළා. එම ආයතනවලට පැමිණිලි කිරීමට පමණක් නෙමෙයි, අපරාධවලට එරෙහිව නිතීය ක්‍රියාත්මක කරවා ගැනීමට අපි මැදිහත් වුණා. අපි රනිල්, කිරිඇල්ල, මහින්දානන්ද, මහින්ද රාජපක්ෂට එරෙහිව චෝදනා ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවේ ඔවුන් ඉදිරිපිටදීමයි. 

    එසේම වංචා දූෂණවලට එරෙහි අපේ අරගලය හුදු පාර්ලිමේන්තුවට පමණක් සීමා වුණේ නැහැ. අපි පාර්ලිමේන්තුවෙන් පිටත වංචා දූෂණවලට එරෙහිව උද්ඝෝෂණ, අරගල කළා. දැන් අපට දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට පැමිණෙන ලෙසට කැඳවනු ලැබ තිබෙනවා. අප කැමතියි, එම ජනාධිපති කොමිෂන් සභාවත් වංචාවට, දූෂණයට, නාස්තියට එරෙහි අරගලයේ කොටසක් බවට පත් කරගන්න. 

    තමන්ට අයිති දේපළ මේ රටේ ජනතාව දැනගත යුතුයි. මේ සොරකම් කරනු ලැබ තිබෙන්නේ පාසල් ළමුන්ට වැසිකිළි පහසුකමක්, වතුර පොදක් ලබාගැනීමට තිබෙන ධනයයි. රෝහලට බොහෙත් ගැනීමට තිබෙන ධනයයි. ගොවි ජනතාවට පොහොර ලබාදීමට තිබෙන ධනයයි. රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් වැය කළ යුතු ධනයයි.

    මෙම ධනය කුඩා කණ්ඩායමක් අත සංකේන්ද්‍රණය වී තිබෙනවානම් පොදු අරගලය විය යුතුව තිබෙන්නේ  මෙම වංචනිකයින්ට දඬුවම් ලබාදීම සහ එම සොරාගත් ධනය නැවත රටට අත්පත් කරගැනීමයි.

    2015 ජනවරම තුළ තිබුණු ප්‍රධානම කරුණ වූයේ වංචනිකයින්ට හා දූෂිතයින්ට දඬුවම් ලබාදීමයි. එම මැතිවරණ වේදිකාවේ කතාබහට ලක්වූ ප්‍රධානම කරුණ වූයේ එයයි. නමුත් එම ආණ්ඩුව එම ජනවරමට මුළුමනින්ම පිටුපාමින් යළි දූෂණයේ හා නාස්තියේ පාරටම පැමිණි බව නිදසුන් බොහෝ තිබෙනවා. එම ආණ්ඩුවේ බොහොදෙනා වංචාවේ යෙදෙන්නටත් වංචනිකයින් රකින්නටත් කටයුතු කළා.

    එහෙත් පෙර ආණ්ඩුව කාලයේදීත් මෙම ආණ්ඩු කාලයේත් අප කටයුතු කර තිබෙන්නේ මේ මහජන ධනය සොරාගත් වංචනිකයින් හෙළිදරව් කරගැනීමටයි.  ඒ අරගලයේ අප නිරත වී සිටිනවා. එයින් මඟහැරයාමට හෝ පලායාමට අපි සූදානම් නැහැ. මෙම වගකීම අපත් අත්හැරියහොත් එය කරන්නේ කවුරුන්ද? එය අපේ දෙවුර මත පැටවී තිබෙනවා.

    පෙර ආණ්ඩුව දූෂිතයින්ට හා වංචනිකයින්ට එරෙහිව ගන්නා ලද ක්‍රියාමාර්ග කිසිසේත් ප්‍රමාණවත් නොවන බව සෑම පුරවැසියෙක්ම පිළිගන්නවා. අද සැබැවින්ම අපේ රටට කොමිසමක් අවශ්‍යයි. මහජන විනිශ්චය කොමිෂන් සභාවක් අවශ්‍යයි. පළාත් පාලන ආයතනයේ සිට ඉහළම ආයතනය දක්වා සිදුවී ඇති වංචා හා දූෂණ පිළිබඳ තමන් දන්නා තොරතුරු එම ආයතවලට අදාළ නිලධාරින් හා පොදු ජනතාව විසින් එම සභාවට සාක්ෂි ලෙස ඉදිරිපත් කරාවි. සැබැවින්ම වංචනිකයින් දූෂිතයින් අත මෙතරම් ධනය රැස්වී තිබෙන්නේ කෙසේද යන්නත් ඔවුන් නිදැල්ලේ සිටින්නේ කෙසේද යන්නත් සොයාබැලිය යුතුයි. 

    දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද වගඋත්තරකරුවන් ලෙස කැඳවනු ලැබ තිබෙනවා. ඇවන්ට්ගාඞ් පිළිබඳ මහාධිකරණයේ විභාග වන නඩුවේදී නීතිපතිවරයා හා රජයේ නීතීඥයින් පෙනී සිටින්නේ පැමිණිලි පාර්ශ්වය ලෙසයි. එහෙත් මෙම ජනාධිපති කොමිසමේදී ඔවුන් සියලු දෙනා විත්තිකරුවන් බවට පත් වෙනවා. මොකද එහි පැමිණිලිකරු වන්නේ ඇවන්ගාඞ් ආයතනය වන නිසයි. ජනතාවට මෙහි පවතින තත්වය දැනගැනීමට මෙම කරුණම ප්‍රමාණවත්.

    මේ තත්වය අනුව හෙට දිනයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්න්ත්‍රණ ශාලාවේ පවත්ගෙන යනු ලබන ජනාධිපති කොමිෂන් සභාවට ඉදිරිපත් වී මේ රටේ දූෂණයට වංචාවට එරෙහිව අප විසින් ගෙන යන ලබන අරගලයේම අවස්ථාවක් ලෙස එය පාවිච්චි කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.  

    අපි කියන්න ඕනෑ මේ වගේ පොඩි පොඩි දේවල් කරලා, කොමිසම්වලට කැඳවලා ජවිපෙ හෝ අනුර දිසානායක සහෝදරයා බය කරන්න පුළුවන් කියලා ඒක නම් වැරදි අදහසක්. මොකද අපි දේශපාලනයට ඇවිත් තිබෙන්නේ සටන් කරන්න. අපිට නැතිවෙන්න දෙයක් නැහැ.

    This image has an empty alt attribute; its file name is tilvin-silwa-as.jpg

    කොමිෂන්වලට කැඳවලා ජවිපෙ බය කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවානම් එය වැරදි අදහසක් – ටිල්වින් සිල්වා

    ආණ්ඩුවේ වුවමනාව අපිට ඉතාම පැහැදිළියි. ඒ නිසා අපි අඳුරේ අතපත ගාන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලේ රාජපක්ෂලා කරපු වංචා දූෂණ පිළිබඳව කරුණු විශාල ප්‍රමාණයක් හෙළිදරව් කළා. ඒවා සියල්ල තහවුරු කරන්න පුළුවන් දේවල්. අපි පක්ෂයක් ලෙස හෝ අනුර දිසානායක සහෝදරයා කවදාවත් ඔප්පු කරන්න බැරි දේවල් ඉදිරිපත් කරන්නේ නැහැ. ඇවන්ගාඞ් සිදුවීමත් එහෙමයි. ඇවන්ගාඞ් සිදුවීම ගැන ආණ්ඩුවට හිතේ අමාරුවක් ඇති.

    ගෝටාභය මහත්තයට හිතේ අමාරුවක් ඇති. මොකද තමන්ගේ හිතවතාට හදලා දුන්න ව්‍යාපාරය නැවත නාවික හමුදාව යටතට පත්කරන්න සිදුවුනාට. ඒ ලාභය ඇවන්ගාඞ් සමාගමට නැති වුන හිතේ අමාරුවට වංචා දූෂණ හෙළිදරව් කරපු අය බය කරන්න, ඔවුන්ට රිදවන්න බලාගෙන මේ වගේ දේවල් කරනවා කියලා අපිට හිතෙනවා.

    අපි කියන්න ඕනෑ මේ වගේ පොඩි පොඩි දේවල් කරලා, කොමිසම්වලට කැඳවලා ජවිපෙ හෝ අනුර දිසානායක සහෝදරයා බය කරන්න පුළුවන් කියලා ඒක නම් වැරදි අදහසක්. මොකද අපි දේශපාලනයට ඇවිත් තිබෙන්නේ සටන් කරන්න. අපිට නැතිවෙන්න දෙයක් නැහැ. එයාලට නැතිවෙන්න හොයාගත්ත ධනය තියෙනවා, ජනාධිපතිකම් තියෙනවා, අගමැතිකම් තියෙනවා, විවිධ ව්‍යාපාර තිබෙනවා. නමුත් ජනතාවට යුක්තිය ඉෂ්ඨ කරන්න එක අපේ වගකීමක්. මේ රටට ඇත්තට අපි ආදරෙයි. ජනතාවගේ ධනය කවුරුහරි හොරකම් කරනවානම් අපි ඒ ධනය නැවත ලබාගන්න ඕනෑ. ඒක තමයි පහුගිය කාලේ අපේ පක්ෂය, අනුර දිසානායක සහෝදරයා කළේ. අපි බය කරන්න හදනවානම්, අපිව දුර්මුඛ කරන්න හදනවානම් ඒක කවදාවත් වෙන්නේ නැහැ. හෙටත් අපි මේ වැඬේ කරනවා. 

    අපි මේක භාරගන්නේ පක්ෂයක් හැටියට. අපි මේකට මුහුණ දෙන්නේ පක්ෂයක් ලෙස. අපි වෙන පක්ෂ වගේ නෙවෙයි. අපි අනුර දිසානායක සහෝදරයාට වෙනම ආපු දෙයක් ලෙස නෙවෙයි මේක සලකන්නේ. තනි තනි කෙනා හුදකලා කරලා සෙල්ලං කරන්න හදන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. ඒ වගේම අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා කොමිසමේදී කියන්න තියෙන දේ කියන්න අපිට සාධාරණ කාලයක් ලබාදෙන්න කියලා. අපිට කොමිසමත් එක්ක ගැටලුවක් නැහැ. ඒ අවස්ථාව ලැබෙනවානම් අපි කියපු කරුණු තහවුරු කරලා පෙන්වනවා. අපිව බය කරන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි ආණ්ඩුවට නැවතත් කියනවා.

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අනුර දිසානායක පිළිතුරු ලබාදෙමින්

    ජනාධිපති කොමිසන් වාර්තාවලට මොකද වෙන්නේ…ජනාධිපති විමර්ශන කොමිසන් සභා පත්කරන්නේ ජනපතිට තිබෙන බලතල අනුව. මෛත්‍රීපාල සිරිසේන මහතා බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවක් පත් කළා. එහිදී ආසන්න වශයෙන් වංචාවන් 33ක් පමණ විමර්ශනය කරලා වාර්තාවක් ඉදිරිපත් කළා. ඇවන්ගාඞ් පිළිබඳවත් එහි සඳහන්. ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම ජනාධිපති ලෙස මෛත්‍රීපාල මහත්තයට බලතල තිබුණත් ඔහු ඒක සිදුකළේ නැහැ.

    ඉන්පසු බැඳුම්කර පිළිබඳව ජනාධිපති කොමිසමක් පත්කළා. ඒ අතර මන්ත්‍රීවරු 118ක් ඇලෝසියස්ගෙන් මුදල් ගත් බව ප්‍රකාශ වුනා. මන්ත්‍රීවරු දෙදෙනෙක් එය පිළිගත්තා. ඒ වගේම ජනාධිපති කොමිසන් වාර්තාවේ පිටු 106ක් සඟවලා තියෙනවා කිව්වා. එහි තමයි පෙර කී මන්ත්‍රීවරුන් 118ගේ නම් සඳහන් වෙලා තිබෙනවා කියන්නේ. එනිසා ජනාධිපති කොමිසන් සභාවලින් අවශ්‍ය දේ සිදුවුනේ නැහැ. එනිසා මේ කොමිසන් සභාවලට මුදල් කොයිතරම් නාස්තිකරලා තිබෙනවද කියලා වෙනම හොයන්න ඕනෑ. නමුත් දැන් ගෝටාභය රාජපක්ෂ මහත්තයා තවත් කොමිසමක් පත් කරලා තිබෙනවා. අපි බලමු මේ කොමිසන් සභා වාර්තාවට මොකද වෙන්නේ කියලා. 

    ජනතාවට රු.5000ක් ලබාදීම හෝ රු.20,000ක් ලබාදීම ගැන

    ජනතාවට සහන දීම සඳහා රටකට අතිරේඛ සංචිතයක් තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ රටේ මහජන මුදල් හොරා නොකා තිබුණානම් අපේ රටට එවැනි අතිරේඛ මුදල් සංචිතයක් ඉතිරි කර ගන්න තිබුණා. මේ ආණ්ඩු අවුරුදු 72ක් රට පාලනය කරලා මෙවැනි අර්බුදයකට යොදා ගන්න මුදල් සංචිතයක් රට සතුව නැහැ. අපේ ආර්ථිකය තිබෙන්නේ එදාවේල ටුවර්ස් ආර්ථිකයක්. රට මාස දෙකක් අඩාල වෙනවා කොරෝනා නිසා. නමුත් ජන ජීවිතය බිඳ නොවැටී තබාගන්න ආර්ථික සංචිතයක් නැහැ. 

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පිළිතුරු ලබාදෙමින්


    කරුණා අම්මාන්ගේ ප්‍රකාශය රටේ ජනතාව බරපතල ලෙස ගත යුතුයි. අපේ රටේ වසර තිහක යුද්ධයක් පැවතුනා. එහිදී මිනිස් ඝාතනයන් සිදුවුනා. හමුදාවේ අය එල්ටීටී අය ගොඩක් ඝාතනය වුනා. එය අවසන් වූ සිදුවීමක්. සමාජයට කම්පනයක් තිබෙනවා එම ඝාතන පිළිබඳව. කරුණා අම්මාන් එල්ටීටීයට නායකත්වය දුන් කෙනෙක්.

    පසු කාලයකදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටත් සම්බන්ධ වුනා. මහින්ද රාජපක්ෂ මහත්තයලා ඔහු ශ්‍රීලනිපයේ උප සභාපති කෙනෙක් බවටත් පත් කරගත්තා. ඔවුන් කිව්වේ දැන් කරුණා හොඳ පුරවැසියෙක් කියලා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ. කරුණා දැන් නැගෙනහිර පළාතේ ඡන්දය ඉල්ලනවා ආණ්ඩුවට යන්න බලාගෙන. ඔහු දැන් තමන් කළ ඝාතන වීරත්වයට නගනවා. එහෙම කෙනෙක් මහින්ද රාජපක්ෂලා තමන්ගේ සන්ධානයේ තබාගෙන ඉන්නවා. 

    රාජපක්ෂ කණ්ඩායම මැතිවරණ දිනීම සඳහා ඕනෑම කැත වැඩක්, ඕනෑම දේශපාලන කුපාඩිකමක්, සමාජයට හානිකර ඕනෑම දෙයක් කරනවා. කොටි ඝාතනය කරන්න දායක වුනා කියලා සරත් වීරසේකර කොළඹින් ඡන්දය ඉල්ලනවා. හමුදාව ඝාතනය කරන්න තමන් දායක වුනා කියමින් නැගෙනහිරින් කරුණා ඡන්දය ඉල්ලනවා. ඒ ඡන්ද ඔක්කොම ගන්නේ එකම තැනකට. ඒක කොහොමද යුක්තිසහගත වෙන්නේ.

    රාජපක්ෂ කණ්ඩායම ඉන්නේ අන්ත බලලෝභයක. එනිසා ඔවුක් ජාතිවාදය, ආගම්වාදය අවුස්සනවා. ආගම් සහ ජන කණ්ඩායම් කොටවනවා. දේශපාලන මට්ටමේ දෙබිඩිකමක්. දේශපාලන තක්කඩිකමක්. ඊනියා දේශප්‍රේමීන්ගෙන් සහ ආණ්ඩුවෙන් අපි අහනවා මේ ගැන තමන්ගේ ස්ථාවරය මොකක්ද කියලා. ආණ්ඩුව අනියමින් කරුණා අම්මාන් ආරක්ෂා කරනවා. ජනතාවට අපි කියනවා ආණ්ඩුවේ මේ ප්‍රතිවිරෝධය, තක්කඩිකම තේරුම් ගන්න කියලා.

  • මංගල ‘ෆොන්සේකාගේ රෙදි ගළවා ගුණමකුකමද පෙන්වා දෙයි’

    මංගල ‘ෆොන්සේකාගේ රෙදි ගළවා ගුණමකුකමද පෙන්වා දෙයි’

    සරත් ෆොන්සේකා වැනි යුදපිටියේ සිටිය යතු අය නොදන්නා දේශපාලනයකට පැමිණීම තමන් දේශපාලනයෙන් සමු ගැනීමට එක් හේතුවක් යයි හිටලු ඇමති මංගල සමරවීර මහතා පවසයි.

    මංගල සමරවීර මහතා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීම සමගි ජන බලවේගයට විශාල වාසියක් යයි සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කර ඇත.

    තම සමාජාල ගිණුමේ සටහන් කර ඇති අදාල සම්පූර්ණ සහන මෙසේය.

    හිතවත් සරත්,

    ඔබගේ දේශපාලන පාරාජිකභාවය මගේ නමට බැර කිරීමට දරණ උත්සාහය පිළිබඳ පළමුව කණගාටු වෙමි.

    ඔබගේ දේශපාලන විවේචනය සාධාරණ නම්, ඔබගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 2015 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 5,238 (0.43%)ක් ද මුළු ලංකාවෙන්ම ඡන්ද 28,587 (0.26%) ලබා අන්ත පරාජයට පත් වූයේ ද මාගේ දේශපාලන භාවිතාව නිසා දැයි දැන ගැනීමට කැමැත්තෙමි.

    අනෙක පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබ නායකත්වය ලබාදුන් කැළණිය ආසනයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 16,147කින් පරාජය වූයේ ඔබගේ දේශපාලන පාරිශුද්ධකම නිසා දැයි නොදනිමි.

    වැඩිදුරටත් ඔබගේ දැනගැනීම පිණිස මෙසේ ද සටහන් කරමි.

    මා 1989 සිට මේ දක්වා පැවැති සියලු මැතිවරණ සඳහා තරඟ කර ඇති අතර ඒ සෑම අවස්ථාවක දීම මාගේ ප්‍රතිපත්ති හා මාගේ දේශපාලන විශ්වාසයන් ඍජුව ප්‍රකාශ කරමින්, මා ජයග්‍රහණය කළා පමණක් නොව මා නියෝජනය කළ දේශපාලන පක්ෂය ද ජයග්‍රහණය කරවා ඇත.

    රනිල්ට පින් සිදුවෙන්න පාර්ලිමේන්තුවට ආ හැටි…

    ”අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි.”

    නමුත් 2015 පරාජිත ඔබට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමි වූයේ ද එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය නිසා මන්ත්‍රීධූරයක් පුරප්පාඩු වූ විට එක්සත් ජාතික පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුකම්පාවේ පිහිටෙන් බව මතක් කර දෙමි.

    අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි.

    ඒ වගේම මා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගැනීමට හේතු වූ කරුණු අතර ඔබ වැනි යුධපිටියේ සිටිය යුතු යුද විරුවන් නොදන්නා දේශාපාලනයක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවීම ද එක් කරුණක් බව සිහිපත් කරමි.”

    – මංගල සමරවීර

  • සජිත්ගේ සමගි ජන බලවේගයට ආගමික නායකයින් පේන්න බෑ – ප්‍රසන්න

    සජිත්ගේ සමගි ජන බලවේගයට ආගමික නායකයින් පේන්න බෑ – ප්‍රසන්න

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් රටට කිසිදු සෙතක් අත් නොවූ බවත් යහපාලන ආණ්ඩුව රට විනාශ කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුවා වී බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දියාරු කරමින් සිටින බවට චෝදනා නැගීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව සදහන් කළේ ය.

    මීරිගම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේ අද (22) පැවති රැස්වීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

    මෙහිදි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුවේ දේශපාලන උවමනාව ඉටු කරගන්න. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට වඩා ඒකේ යම් අරමුණක් තිබුණා.  ඒ තමයි රාජපක්ෂ පවුල දේශපාලන වශයෙන් විනාශ කිරීම. මේ කොමිෂන් සභා එකක්වත් ස්වාධීන නෑ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොද නෑ කියලා මුලින් ම විචේඡනය කළේ ඒ ව්‍යවස්ථාය ගේන්න මැදිහත් වුණු මෛත්‍රී ජනාධිපතිවරයාය. මේ අංගවිකල 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා රටට වග කියන ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපි කටයුතු කරනවා.

    හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු මහතා අගරදගුරුතුමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අපි තරයේ හෙළා දකිනවා. හරීන්ම තමයි කිව්වේ පාස්කු ප්‍රහාරය ගැන තමන්ට අනතුරු ඇගෙව්වේ තාත්තා කියලා. ඒ නිසා තමන්ගේ ජීවිතේ බේරුණා කියපු හරීන් අද අදරදගුරුතුමන්ට පහර ගහනවා. සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට මේ රටේ ආගමික නායකයන් පෙන්නන්න බෑ. මුලින් මහා සංඝරත්නය විවේඡනය කළා. දැන් අගරදගුරුතුමාව විවේඡනය කරනවා. ජනතාව 05 වෙනිදාට මේ ප්‍රකාශ වලට උත්තර දේවි.”

  • සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවල ඇරඹේ

    සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවල ඇරඹේ

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක කේෂ්ත්‍ර‍යේ නියුතු වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවල ඇරඹේ. ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව මෙම සහන සැලසීමේ වැඩසටහන සඳහා සංචාරක කේෂ්ත්‍රයේ නියතු වූවන්ට දැන් අයදුම් කළ හැකි බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉදිරිපත් කෙරෙනු කැබිනට් පත්‍රිකාවට අනුව සංචාරක කේෂ්ත්‍රයේ නියුතු පුද්ගලයන් 1,44000 ට මෙමගින් සහන සැලසේ . සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි මාර්ගෝපදේශකයන් සඳහා රුපියල් 20,000 ක දීමනාවක් හා රියදුරන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් ලබා දීම සඳහා එම අධිකාරිය දැනටමත් අයදුම්පත් කැඳවා තිබේ.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය ඔස්සේ අදාල අයදුම්පත් යොමුකල හැකිය . මේ වනවිට වෙබ් අඩවියේ එම අයදුම්පත් පල කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් , ගමනාන්ත කලමනාකාරණ සමාගම්,සංචාරක නියෝජිත ආයතන වෙත ඔවුන්ගේ කාර්යය මණ්ඩල වලට මාස 6ක වැටුප් ගෙවීම සඳහා 4% ක පොලියකට ලංකා බැංකුව මඟින් ණය මුදලක් ලබාදීමේ කටයුතු ද ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියි . මේ සඳහා වන අනුමැතිය කැබිනට් මණ්ඩලය විසින් මහ බැංකුව වෙත දැනටමත් යොමුකර තිබේ . මහ බැංකුව අදාල දැනුම්දීම කල වහාම මෙම ණය මුදල එම ව්‍යාපාර වල නියුතු වූවන්ට ලබා ගත හැකි බවද රණතුංග මහතා කියයි.

    එමෙන්ම අධිකාරියේ ලියාපදිංචි ආයතන වල ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබාදීමත් සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලුම වාහන කල්බදු සඳහා ලබාදී ඇති මාස 06ක සහන කාලය වසරක් දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අදාල අංශ දැනුවත් කිරීමට කැබිනට් මණ්ඩලය පියවර ගෙන ඇති බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියි.

  • නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ‘ඩිජිටල් තාක්ෂණය’ ඔස්සේ පැවැත්වීමට අවධානය

    නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ‘ඩිජිටල් තාක්ෂණය’ ඔස්සේ පැවැත්වීමට අවධානය

    කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාල රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් නව වැනි පාර්ලිමේන්තුවේ  කාරක සභා රැස්වීම්  ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට මේ වන විට සැලසුම් කරමින් තිබේ.

    මේ අනුව ඒ සදහා ඇති හැකියාවන් සහ තාක්ෂණික අඩුලුහුඬුකම් හදුනා ගැනීමේ  පෙරහුරුවක් පාර්ලිමේන්තුවේ කාරක සභා ශාලාවකදී පැවැත්විණ. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරු ඇතුළු ඉහළ නිළධාරීහු පිරිසක් මෙම පෙරහුරුව සදහා එක්ව සිටියහ.

    කාරක සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ සිවිල් ජනතාවට  පාර්ලිමේන්තුවට  පැමිණීමෙන් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට කාරක සභා රැස්වීම්වලට සහභාගිවීමට මෙමගින් අවස්ථාව හිමිවේ.පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනයන්හිදී පවා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට කාරක සභා රැස්වීම්වලට සම්බන්ධ වීමට හැකිවන පරිදි තාක්ෂණික කටයුතු සකස් කිරීමට සැලසුම් කරමින් තිබේ.

    මේ වන විටත් කමිටු රැස්වීම් ශාලා කිහිපයක  සජීවි පටිගත කිරීම් සදහා අවශ්‍ය කැමරා උපකරණ සවිකර ඇති බැවින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කමිටු රැස්වීමට ඇති හැකියාව සාර්ථකව අත්හදා බැලූ   බව    මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මතුවු සුළු අඩුලුහුඩුකම් නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

    තවද පාර්ලිමේන්තුව සතුව මේවන විට කාරක සභා කාමර 8ක් පමණක් ඇති බැවින් පාර්ලිමේන්තු දිනයන්හිදී  ඇතිවන ඉඩකඩ ගැටලුව සදහා  ඇතිවන  තදබදය මෙන්ම කාලය සහ වියදම අවම කරගැනීමට ඇති හැකියාව හේතුවෙන් කොවිඩ් වසංගත කාලයට සීමා නොවී ඉදිරියටත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සුදුසු බව ද මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

    මේ අනුව නව  වැනි පාර්ලිමේන්තුව ආරම්භ වූ විට මේ සම්බන්ධව යෝජනා කිරීමට බලාපොරෝත්තු වන බවද මහලේකම් ධම්මික දසනායක මහතා වැඩිදුරටත් පැවසීය.

  • අපෙන් පළිගන්න ගෙනා 19 වැනි සංශෝධනය අද විහිළුවක් වෙලා – මහින්ද

    අපෙන් පළිගන්න ගෙනා 19 වැනි සංශෝධනය අද විහිළුවක් වෙලා – මහින්ද

    අපි දැක්කා පහුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා එක පක්ෂෙක ඉන්නකොට අගමැතිවරයා අනෙක් පක්ශයේ ඉන්නකොට ඇති වුණු තත්වය. ජනාධිපති කියනදේ අගමැති කරන්නේ නැහැ . අගමැති කියනදේ ජනාධිපතිවරයා කරන්නේ නැහැ. ඒ නිසා ඒ තත්වය නැවත ඇතිකරන්න පුළුවන් කමක් නැහැ

    “අපෙන් පෞද්ගලිකව පළිගැනීම සදහා ගෙන ආ 19  වැනි සංශෝධනය අද විහිලු ව්‍යවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට  මැතිවරණය ඉතා ඉහලින් ජයග්‍රහණය කරවා තුනෙන් දෙකක බලයක් ලබාදීමට ජනතාවට තියෙනවා‘ යැයි අද  (21) දහවල් වාරියපොල දී පැවති ජනහමුවකදී අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

    “අපෙන් පෞද්ගලිකව පළිගැනීම සදහා ගෙන ආ 19  වැනි සංශෝධනය අද විහිළු ව්‍යවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට  මැතිවරණය ඉතා ඉහළින් ජයග්‍රහණය කරවා තුනෙන් දෙකක බලයක් ලබාදීමට ජනතාවට තියෙනවා.

    දැන් මේවා ලියපු ඉදිරිපත් කරපු අයම කියනවා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙ කියලා. අද තමුන්ණාන්සේලා මට වඩා හොදට දේශපාලනය දන්නවා. එදා වගේ නෙමෙයි හැමදෙනෙක්ම ඉතා සංවේදීව හොද අවබෝධයකින් ඉන්නවා.

    තමුන්ණාන්සේලා දන්නවා 2015 දී අපි පැරදුනායින් පස්සේ මේ රටේ ඇතිවූ තත්වය. ඒ අවුරුදු පහ තුළ රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා ගියා. අපි ගෙනාපු සංවර්ධනය ශක්තිමත් ආර්ථිකය කඩා වැටුනා. අපිට ආපහු බාරදුන්නේ කැඩිලා වැටිච්ච ණය වෙච්චි ආර්ථිකයක්. ඒ නිසා මේ තත්වයේ වෙනසක් ඇති කරන්න අපි දැන් සූදානම් වෙලා තියෙනවා. ඒ යුගයේදී ආර්ථිකය කඩාවැටීම නිසා විරැකියාව වැඩිවුණා.

    රටේ හැම අංශයකම දුර්වලතාවයක් පෙන්නුවේ පසුගිය වසර පහ තුළ. පාරවල් ටික, වැව් අමුණු හදන එක විතරක් නෙමෙයි සම්පූර්ණ සංවර්ධනයම නැවතුනා. ඔවුන්ට ඒ සදහා විසදුම් තිබුණේ නැහැ. අඩුම වශයෙන් වන අලි ගැටලුව විසදීමටවත් ඔවුන් කටයුතු කළේ නැහැ. ඒ අලිමිනිස් ගැටුම නැවැත්වීමට පියවර ගන්න ඔවුන්ට ශක්තියක් තිබුණේ නැහැ . මේ තත්වය යටතේ තමයි අපි මේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ.

    ජනාධිපතිවරණය අවසන් වුණත් පාර්ලිමේන්තුවට වසර හතර හමාරක් යනතුරු විසුරුවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි ආණ්ඩුවක් පිහිටෙව්වත් ඉදිරියට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. විපක්ෂයට වැඩියි. අපි මුදල් පනතක් ගේන්න උත්සාහ කල හැම වෙලාවකම විපක්ෂය ඒක පරාජය කරන්න බලනකොට අපිට පසුබහින්න සිදුවුණා.

    අපි දැක්කා පහුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා එක පක්ෂෙක ඉන්නකොට අගමැතිවරයා අනෙක් පක්ශයේ ඉන්නකොට ඇති වුණු තත්වය. ජනාධිපති කියනදේ අගමැති කරන්නේ නැහැ . අගමැති කියනදේ ජනාධිපතිවරයා කරන්නේ නැහැ. ඒ නිසා ඒ තත්වය නැවත ඇතිකරන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපතිවරයාට නිදහසේ වැඩකටයුතු කරගෙන යා හැකි ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ශයේ සහයෝගය දක්වන ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. එහෙම නැත්නම් මේ හේතුවෙන් බැටකන්නේ අවසානයේ ජනතාව. ඒක තමයි ඇත්ත කතාව.

    අපි අද සූදානම් වෙලා තියෙනවා මේ කටයුත්ත කරන්න. අපි දන්නවා මේ ඩී.බී. හේරත් ඇමතිතුමා ප්‍රදේශයේ අගලක් පාසා දන්නවා. අපි හැම අවස්ථාවකදීම අපේක්ෂකයින් තෝරාගත්තේ ආසනය ගැන විතරක් බලලා නෙමෙයි, තමන්ගේ දිස්ත්‍රික්කය පිලිබඳවත් හොද අවබෝධයක් තිබෙන උදවිය. දිස්ත්‍රික්කයේ හා ආසනයේ සංවර්ධන කටයුතු පිලිබඳව අවබෝධයක් තිබෙන අය. ඒ විතරක් නෙමෙයි. රටේ ආර්ථිකය ගැන, ලෝකය ගැන, දියුණු වන රටවල් ගැන අවබෝධයක් තියෙන අය අපි තෝරාගත්තා.

  • විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් දිවයිනට

    විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් දිවයිනට

    විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් අද (21) වන විට දිවයිනට පැමිණ ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    පසුගිය සෙනසුරාදා (20) පමණක් විදෙස්ගත ශ්‍රමිකයන් 410 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණ තිබේ. ගුවන්යානා 5 කින් මෙම 410 දෙනා දිවයිනට පැමිණි බව ඇමතිවරයා සදහන් කරයි.

     මේ වනවිට රටවල් 21කින් විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වාගෙන ඇති අතර ඔවුන් සිදයළුදෙනා නිරෝධායන සඳහා යොමුකර ඇත. ගුවන්තොටුපොල තුළ පී.සී.ආර් පරීක්ෂණ ආරම්භ කිරිමේන් අනතුරුව එලෙස පී.සී.ආර් පරීක්ෂණ වලට ලක් වූ ගුවන් මගීන් පිරිස 2000කට අධිකය.

    අද දිනය තුළ මාලදිවයින සිට ශ්‍රී ලාංකිකයන් 255ක් හා ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකුද දිවයිනට පැමිණි බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජූලි මාසය අවසන් වීමට පෙර  විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය  අපේක්ෂා  කරන බවද කීවේය.

  • මේ පාර යහපාලන නඩය සම්පූර්ණයෙන් ම කුජීත වෙනවා – ඇමති ප්‍රසන්න

    මේ පාර යහපාලන නඩය සම්පූර්ණයෙන් ම කුජීත වෙනවා – ඇමති ප්‍රසන්න

    යහපාලන ආණ්ඩුව ගෙන ආ රටට අහිතකර අණපණත් සියල්ල ඉදිරියේ දී පිහිටුවන නව රජය යටතේ අහෝසි කරන බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන , සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඔහු අවධාරණය කරන්නේ ඒ සදහා තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි.

    තුනෙන් දෙකක බහුතර බලය සහිත ආණ්ඩුවක් පිහිටුව ද එහි විශ්වාසවන්ත පුද්ගලයන් සිටීම අත්‍යවශ්‍යය බව පැවසු ඇමති රණතුංග මහතා ඒ නිසා මෙවර පාර්ලිමේන්තුවට පත් කළ යුත්තේ මහින්ද හැර නොයන විශ්වාසවන්ත පුද්ගලයන් පමණක් බව ද කීවේය. මේ නිසා මහින්ද මහත්තයා දාලා නොයන කොන්ද කෙළින් තියෙන මිනිසුන් පාර්ලිමේන්තුවට එවන්නැ‘යි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සදහන් කළේය.

    අද (21) පැවති මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. රැස්විම නයිවල සිටි සෙන්ටර් ශාලාවේ දී පැවැත්විණ.

    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ඇමතිවරයා මෙසේ ද කීවේය.

    “ මහින්ද රටේ නායකත්වයට පත් කිරීම සදහා එදා අපි ආරම්භ කරපු සටනේ අවසන් මෙහෙයුම තමයි මේ මැතිවරණය. අවුරුදු තුනක්, හතරහමාරක් මම මේ වෙනුවෙන් දුක් වින්දා. මේ රටට ආදරය කරන මිනිසුන් දුක් වින්දා. අපිව හැමදාම FCID  ගෙනිච්චා. අපි වැරදි කරලා නැති නිසා අපි බය වුණේ නෑ. මම හැමදාම හෘද සාක්ෂියට එකගව වැඩ කරපු මිනිහෙක්. අපිට තනතුරු වරප්‍රසාද දෙන්න අඩගැහුවා. ඒත් අපි මහින්ද මහත්තයාව දාලා ගියේ නෑ.

    මහින්ද මහත්තයාව අගමැති කරලා අපි හදන්න හදන්නේ නීතිගරුක රටක්. සැමට එක සමාන රටක්. එක නීතියක්.  ඒකට නායකත්වය දෙන්නේ ගෝඨාභය ජනාධිපතිතුමා සමග මහින්ද අගමැතිතුමා. වසර තිහක යුද්ධය අවසන් කරලා රට ගොඩනගන වැඩ පිළිවෙලක් සකස් කළා. ඒ වැඩ පිළිවෙල 2015 දී අතරමග දී නතර කෙරුණා. ඒ සංවර්ධනය නැවත රට තුළ ඇති කරන්නයි අපි ආණ්ඩුවක් පිහිටුවන්න බලය ඉල්ලන්නේ. සමහරු අහනවා ගෝඨාභය ජනාධිපති වෙලා මාස 08යි. මොනාද කළේ කියලා. ගෝඨාභය මහත්තයා බලයට පත්වෙලා මාස 08 ක් වුණත් පළවෙනි මාස 03 එජාප බහුතර බලයක් සමගයි අපිට ආණ්ඩුව ගෙනියන්න වුණේ. එජාපය කළේ ඒ කාලයේ ආණ්ඩුවේ කකුලෙන් ඇදීමයි. ඊට පස්සේ පහුගිය කාලය කුළ කොරෝනා වසංගතය නිසා රටේ ජනතාව රැක බලාගන්න කාලය ගත වුණා. බැරිවෙලාවත් රනිල් – මෛත්‍රී ජෝඩුව කොරෝනා කාලේ බලයේ හිටියානම් මේ රටේ හැම ගෙදරකටම සුදු කොඩි දාන්න වෙනවා. රටේ මිනී කදු ගොඩ ගැහෙනවා. රට තුල සමූහ මිනීවල වල් හැදෙනවා.

    කොරෝනා වසංගතයෙන් මේ රට මුදා ගත්ත එක තමයි ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙලා රටට කරපු ලොකුම සේවය. ඒක පිළිගන්න බැරි පාට කණ්ණාඩි දාලා බලන උදවියට විතරයි. පාස්කු ප්‍රහාරය ගැන සියලු තොරතුරු දීලා ඒක නවත්ගන්න බැරි වුණ යහපාලනය කොරෝනා එනකොට හිටියා නම් මේ රටට දෙවියන්ගේ ම පිහිට තමයි. ගෝඨාභය මහත්තයාගෙන් රට ඉල්ලන වෙනස කරන්න නම් අපි ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඕනේ. තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් හදන්න ඕනේ.

    පහුගිය යහපාලන ආණ්ඩුව තුනෙන දෙකක බලයක් තියාගෙන කටයුතු කළේ රටට හිතකර අණපණත් ගෙනෙන්න නෙමෙයි ඔවුන් කටයුතු කළේ අන්තවාදී දෙමළ හා මුස්ලිම් නායකයන්ගේ අවශ්‍යතා ඉටු කරන්නයි. ඔවුන්ට අවශ්‍ය පරිදි රටේ නීති සම්පාදනය කරන්නයි. ව්‍යවස්ථා සංශෝධනය ගේන්න හැදුවේ ඒකටයි. යහපාලන ආණ්ඩුවට තිබුණ ලොකුම වුවමනාව තමයි සමලිංගික පණත සම්මත කිරීම. ඒ වගේ ම බෞද්ධ ආගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තිබුණ අවස්ථා අහිමි කරන එක. රටේ ජනතාවගේ වාසනාවට තමයි පහුගිය ජනාධිපතිවරණයේ දී මේ යහපාලන නාඩගම ඉවර වුණේ. දැන් ආපහු වතාවක් මේ නාඩගම රගදක්වන්න ලෑස්ති වෙනවා. මේ පාර මහ මැතිවරණයෙන් මේ යහපාලන නඩය සම්පූර්ණයෙන් ම කුජීත වෙනවා.

    පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ගෙනාපු රට වනසන අණපණත් සියල්ල අගෝස්තු 05 වෙනිදා පත් වන අපේ ආණ්ඩුව විසින් අහෝසි කරනවා. රටටත්, ජනතාවටත් අහිතකර මේ අණපණත් තවදුරටත් පවත්වාගෙන යන්න අපිට අවශ්‍ය නෑ.

     මේ අණපණත් අහෝසි කරන්න අපට තුනෙන් දෙකක බහුතර බලය සහිත ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ ආණ්ඩුවට පත් කළ යුත්තේ මහින්ද අතහැර නොයන මහින්ද වෙනුවෙන් පෙනී සිටින විශ්වාසවන්ත පුද්ගලයන් පමණයි. ඒ නිසා මෙවර මැතිවරණයේ දී මහින්ද හැර නොයන අය පාර්ලිමේන්තුවට පත් කරන්න. මතකනේ මෛත්‍රී කිවුවා උකුසු කථාවක්. මෛත්‍රී උකුස්සා ලෑස්ති වෙන්නේ මොකාට ද කියලා අපි හොද අවධානයෙන් ඉන්නේ.

    උකුස්සන්ට අල්ලගන්න අපි මාලු දෙන්න ලෑස්ති නෑ. මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයාට නැවත උකුසු සෙල්ලම් දාන්න ඉඩ නොදෙන පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම අපේ වගකීම. ඒ වගකීම ඉටු කරන්න අපි සුදානම්. ඒ නිසා පොහොට්ටුව අතහැර නොගිය පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න. වසර හතරක්, පහක් දුක් විදපු අපිට නැවත වළේ වැටෙන්න බෑ”.

    මිනුන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත් යන මහත්වරුන් ද මෙහි දී කථා කළහ.

  • ශ්‍රී ලංකාවට ගුවන් කෞතුකාගාරයක්

    ශ්‍රී ලංකාවට ගුවන් කෞතුකාගාරයක්

    ශ්‍රී ලංකාවේ ගුවන් කෞතුකාගරයක් ඉදිකිරීමට යයි. මෙරට ගුවන් සේවාවේ ඉතිහාසය හා වර්තමානය දැක්වෙන පරිදි මෙම කෞතුකාගාරය කඩිනමින් ඉදි කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවයක නිරත වීමෙන් අනතුරුව එම අධිකාරියේ නිළධාරින් සමග පැවති සාකච්ඡාවක දි ඇමතිවරයා මේ බව අනාවරණය කළේය. රැස්වීම සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී පැවැත්විණ.

    මෙම කෞතුකාගරය ඉදි කිරීමට ස්ථානයක් ද මේ වන විට හදුනාගෙන තිබේ. එය ගුවන් තොටුපළ හා ගුවන් සමාගම සතු අක්කර 80 ක ඉඩමකි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී උපදෙස් දුන්නේ කටුනායක ගුවන් තොටුපළට එල්ල වූ කොටි ප්‍රහාරයේ තොරතුරු ද ඊට ඇතුළත් කරන ලෙසයි.

    අගෝස්තු 01 වෙනි දා කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන්ට විවෘත කිරිමේ දී ජාත්‍යන්තර ගුවන් නීති රිති ක්‍රියාත්මක කරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට සෞඛ්‍ය අංශ  බළධාරීන්ගේත් නිර්දේශ අනුව කටයුතු කරන ලෙසත් උපදෙස් දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මගී ගුවන් යානා ප්‍රමාදය වැළැක්වීමට ද පියවර ගන්නා ලෙස කීවේය.

    දිවයිනට පැමිණෙන සියලුම ගුවන් යානා ඒ සදහා විශේෂිත වු හුදකලා ස්ථානයක නතර කිරීමටත් ගුවන් යානා විෂාබීජානුහරණය කිරීමටත් කටයුතු යොද ඇතැයි මෙහිදී අනාවරණය විය. නියමිත කාල සටහනක් නොමැතිව මෙරටට පැමිණෙන ගුවන් යානා මෙහි පැමිණීමට පෙර ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති කමිටුවක් මගින් නිසි අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ සදහා ගුවන් යානයේ පැමිණෙන ගුවන් මගීන් පිළිබද ව සවිස්තර තොරතුරු ඊට ඇතුළත් කළ යුතු  බව ද මෙහිදී අනාවරණය විය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ ගුවන් තොටුපළින් රටට ඇතුළු වන සෑම අයෙකුම ලංකාවේ ක්‍රියාත්මක කර ඇති නිරෝධායන නීති රීති හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම වලට නතු විය යුතු බවයි.

    සිවිල් ගුවන් සේවා අධිකාරියේ සදහා නව සේවකයන් බදවා ගැනීමේ දී පණවා ඇති නීති සීමා වහා ඉවත් කරන ලෙසද ඇමතිවරයා මෙහි දී උපදෙස් දුන්නේය. ඔහු අවධාරණය කළේ මෙම අධිකාරිය තුළ ඇතැම් තනතුරු සදහා බදවා ගැනීම් වලදී එම ක්ෂේත්‍ර යේ වසර 20 ක පළපුරුද්ද ඉල්ලා සිටින බවයි. අධිකාරියේ ප්‍රධාන නිළධාරියෙකු වසර ගණනාවක් තිස්සේ සේවය දීර්ඝ කරමින් සිටි බව පැවසු ඇමතිවරයා මේ තත්ත්වය වෙනස් කළයුතු බව පෙන්වා දුන්නේය. ඒ නිසා මෙම ක්ෂේත්‍රයට තරුණ තරුණියන්ට ද පිවිසීමට හැකි පරිදි බදවා ගැනීමේ ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ද ඇමතිවරයා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

  • JVP Press : ජනපති – නිශ්ශංක සේනාධිපති – නීතිපති සහ නීතියේ ආධිපත්‍ය

    JVP Press : ජනපති – නිශ්ශංක සේනාධිපති – නීතිපති සහ නීතියේ ආධිපත්‍ය

    කොමිෂන් සභාවකට කළ හැක්කේ ජනාධිපතිතුමාට නිර්දේශයක් ලබාදීමයි. ඒ නිර්දේශය අනුව නිශ්ශංක සේනාධිපතිට තියෙන චෝදනාව අයින් කරගන්න කියලා නීතිපතිවරයාට කියන්න අයිතියක් කොමිසමට තියෙනවාද? එහෙම බලයක් කොමිසමට පැවරුවහොත් අපේ රටේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ මොකක්ද?

    ‘ජාතික ජන බලවේගයේ නීතිඥයෝ‘ මාධ්‍ය හමුව අද (21) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත් වුණා. මෙහිදී ප්‍රධාන අවධානය යොමු වුණේ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා ‘දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා තිබීම සම්බන්ධයෙනුයි‘ එහිදී ජාතික ජනබලවේගයේ නීතියෝ විසින් දැක්වූ සම්පූර්ණ අදහස් සංස්කරණය කිරීමකින් තොරව පළ කිරීමට අපි තීරණය කළා.

    ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ සුනිල් වටගල 

    නීතියේ ආධිපත්‍යයට අදාළ කරුණුවලදී අපි මීට ප්‍රථමත් ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් ලෙස ඊට අදාළ සක්‍රීය දායකත්වය ලබාදී තිබෙනවා. මේ වෙලාවේ මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් පවතින ඇවන්ගාඞ් ගනුදෙනුවට අදාළව සිටින නිශ්ශංක සේනාධිපති දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා තිබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම මූලික අරමුණක්.

    ඒ කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය නෙවෙයි මේ දිග හැරෙමින් තිබෙන දේශපාලන පසුබිම පැහැදිළි කරන්න ඕනෑ. නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොණුකර තිබුණු ඇවන්ගාඞ් අධිපති නිශ්ශංක සේනාධිපති මහත්තයාව දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාවට සාක්‍ෂිකරුවන් ගණනාවක් කැඳවා කටයුතු කරගෙන යනවා. 

    නීතිඥ උපුල් කුමරප්පෙරුම – ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක

    දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ කාර්යභාරය මම මුලින්ම පැහැදිලි කරන්නම්. 2020 ජනවාරි 09වැනි දින අංක 2157/44 ගැසට් පත්‍රය මගින් පත්කරනවා. කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතාත් ඊට අමතරව හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රසිරි ජයතිලක මහත්මයාත් හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රානන්දු මහත්මයත් නම්කර තිබෙනවා.

    ගැසට් පත්‍රය අනුව ජනාධිපතිවරයා පවරා තිබෙන කාර්යභාරය 2015 ජනවාරි මාසයේදී සහ අගෝස්තු මාසයේදී පැවැති ජනාධිපතිවරණයට පෙර හෝ මහ මැතිවරණයට පෙර නිලතල දැරූ නිලධාරීන් රාජ්‍ය සංස්ථාවල සේවකයන් සන්නද්ධ හමුදාවල මෙන්ම පොලිස් සේවයේ සාමාජිකයන් සම්බන්ධයෙන් 2019 නොවැම්බර් මස 16න් අවසන්වූ කාලපරිච්ඡේදය තුළ දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්කර තිබේ යැයි වාර්තා කිරීමය.

    මේ ගැසට් පත්‍රය අනුව අදාල කරුණු සෙවිය යුතු ආයතන වශයෙන් අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම, පොලිස් විශේෂ විමර්ශන ඒකකය, එෆ්.සී.අයි.ඩී. එක සහ පසුව ගැසට් පත්‍රය සංශෝධණය කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් ඇතුළත්කර තිබෙනවා. 
    රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන් එහෙම නැත්නම් පොලීසියේ හෝ හමුදාවල සේවකයන් සම්බන්ධයෙන් කටයුතු කරන බව නිශ්චිතව සඳහන් වෙනවා.

    මේ අයට විරුද්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, එෆ්.සී.අයි.ඩී. එක හෝ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තමන්ට විරුද්ධව පරීක්‍ෂණයක් දේශපාලන පක්‍ෂග්‍රාහීව සිදුකර ඒ නිර්දේශ මත තමන්ට විරුද්ධව චෝදනාවක් අධිකරණයක හෝ වෙනත් ස්ථානයක විභාගවෙමින් තිබෙනවා නම් මේ කොමිසම ඉදිරියේ කරුණු හෙළි කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.

    ඇවන්ගාඞ් ආයතනයේ සභාපතිවරයාගේ පැමිණිල්ලකට අනුව අනුර දිසානායක මහත්මයාටත් කොමිසම හමුවට කැඳවා තිබෙනවා. මේ පැමිණිල්ල සහ අනුර දිසානායක මහත්මයා වගඋත්තරකරුවෙකු ලෙස නම්කර තිබීම මේ ගැසට් පත්‍රයට සාරානුකූලද කියලා අපි සලකා බලන්න ඕනෑ. 

    නීතිඥ හර්ෂණ නානායක්කාර – ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක

    අපි අද මේ මාධ්‍ය හමුව පවත්වන්නේ දේශපාලන අරමුණකට නෙවෙයි. නීතිඥවරුන් වශයෙන් අපේ ස්ථාවරයන් පැහැදිලි කිරීම සඳහා. අනුර දිසානායක මහත්මයා මේ වන විටත් කියා තිබෙනවා, ඉතාමත්ම කැමැත්තෙන් කොමිසම ඉස්සරහට යන බව. කොමිසම මේ අවස්ථාව අනුර දිසානායක මහත්මයට ලබාදීම ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනෑ.

    හැබැයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන මම පැහැදිලි කරන්නම්. අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ අවුරුදු 200ක් පැරණි ආයතනයක්. රජයේ කුමන දෙපාර්තමේන්තුවකට හෝ පුද්ගලයන්ට මේ දක්වා දූෂණ වංචා පිළිබඳව චෝදනා තිබුණත් අපි නීතිඥවරු වශයෙන් ගරු නීතිපතිතුමාට විරුද්ධව කිසිම වචනයක් කියලා නැහැ. ඔවුන් අවුරුදු 200ක සම්ප්‍රදායන් රකින වැදගත් වෘත්තීයවේදීන් පිරිසක්. ඔවුන්ගේ කැපවීම අතිමහත්. මේ කොමිසම පවත්වන්නේ පෙරකී ආයතන හරහා දේශපාලන පළිගැනීම් වුනාද කියලා බැලීමයි.

    නීතිපතිවරයාගේ කාර්යභාරය ස්වාධීනව සාක්‍ෂි සලකා බලනවා. ඒ අනුව සී.අයි.ඩී. එකෙන් පවා එන සමහර ෆයිල් සලකා බලා තවදුරටත් කටයුතු කරන්න එපා කියලා මුදා හරින අවස්ථා රාශියක් තිබෙනවා. යම් ලිපිගොණුවක නඩුවක් පැවරිය හැකි බවට බැලූ බැල්මට සාක්‍ෂි තිබෙනවා නම් ඒ ලිපි ගොනුව එන්නෙත් කිහිප දෙනෙකු සලකා බලලා. අදාල ජ්‍යෙෂ්ඨ නිලධාරියා, ඊට වඩා ඉහළ නිලධාරියෙක් ඒ සාක්‍ෂි අධීක්‍ෂණය කරනවා. මේ ක්‍රියාවලියෙන් සෑහීමකට පත් වෙනවා නම් අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා. 

    නිශ්ශංක සේනාධිපති මහත්මයා කියන්නේ ඇවන්ගාඞ් නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සාක්‍ෂි තුළනාත්මකව සලකා බලා පවරපු අධි චෝදනාවක චූදිතයෙක්. කොමිෂන් සභාවේ ඉන්න සාමාජිකයන් පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. නමුත් නිශ්ශංක සේනාධිපතිට නඩු පවරලා තියෙන්නේ දේශපාලන පලිගැනීමකින් යනවග යම් හෙයකින් කොමිසම තීරණය කළහොත් ඒකෙන් කියවෙන අනික් පැත්ත මොකක්ද?

    ඒ කියන්නේ නීතිපතිවරයාත් මේකට සම්බන්ධද? එතකොට ගරු නීතිපතිතුමා සාක්‍ෂි තිබෙන බවට බොරු කියලාද? එෆ්.සී.අයි.ඩී., සී.අයි.ඩී. ආදී වශයෙන් කවුරු විමර්ශන ලිපිගොණු එව්වත් සාක්‍ෂි නැත්නම් නීතිපතිවරයා නඩු පවරන්නේ නැහැ. නමුත් කොමිෂන් සභාවෙන් අර ආකාරයේ තීන්දුවක් ආවොත් ගතහැකි ක්‍රියාමාර්ගය මොකක්ද?

    කොමිෂන් සභාවකට කළ හැක්කේ ජනාධිපතිතුමාට නිර්දේශයක් ලබාදීමයි. ඒ නිර්දේශය අනුව නිශ්ශංක සේනාධිපතිට තියෙන චෝදනාව අයින් කරගන්න කියලා නීතිපතිවරයාට කියන්න අයිතියක් කොමිසමට තියෙනවාද? එහෙම බලයක් කොමිසමට පැවරුවහොත් අපේ රටේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ මොකක්ද?

    ඉදිරියේදී මතුවන තත්වයන් ගැන අපි සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා. අපි මීට කලින් අත්විඳපු නැති නීති ඉතිහාසයේ, දේශපාලන ඉතිහාසයේ අලුත්ම දේවල් මේ සිද්ධ වෙන්නේ. මෙවැනි කොමිසමක් මගින්ම එක අවස්ථාවකදී අලි සම්බන්ධ නඩු යද්දී ෆයිල් එක කොමිසමට කැඳවලා තිබුණා. මේ අවස්ථාවේදී කොමිසම ඒ ෆයිල් කැඳවලා නඩුව හිර කරන්නේ කොහොමද කියලා ප්‍රශ්න කර තිබුණා. 

    මොනවා හරි දේශපාලන උවමනාවන් මත අපේ නීතියේ ආධිපත්‍යය පසිඳලන ආකාරයට ප්‍රශ්න ඇතිවුණොත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතිවන තත්වය කුමක්ද? ඔවුන් ඉගෙන ගන්න අත්පොත් තබන අය නොවෙයි. අපි සංවේදී සහ සංකීර්ණ නීති ප්‍රශ්න රාශියකට ඉදිරියේදී මුහුණ දිය හැකියි. මේ සම්බන්ධයෙන් අවදියෙන් ඉඳලා ජනතාව දැනුවත් කරනවා. මාධ්‍යවේදීන් මහත්ම මහත්මීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන්න ඒ සම්බන්ධ අවදියෙන් ඉඳලා ජනතාව දැනුවත් කරන්නයි. 

    නීතිඥ ජගත් අබේනායක – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ

    මේ වෙනකොට කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරයෙක් වගඋත්තකරුවෙක් කරලා, සිතාසි නිකුත් කරලා. රජයේ හෝ රජයෙන් පරිභාහිර නීතිඥවරයෙක් වුණත් ඔහුගේ කාර්යභාරය කුමක්ද? අපරාධ නඩුවක් ගත්තොත් ඒ නීතිඥවරයා අපරාධය සිදුවන ස්ථානයේ ඉඥලා නැහැ.

    අදාල වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීමයි නීතිඥවරුන් කරන්නේ. අධිකරණයේ සිදුකරන කාර්යයේදී එක පැත්තකින් නීතිඥවරුන් අධිකරණයට සහාය දෙනවා. පෞද්ගලික නීතිඥයෙක් වුණත් රජයේ නීතිඥයෙක් වුණත් සැලකෙන්නේ අධිකරණ නිලධාරියෙක් විදිහට.

    අධිකරණයට සහාය වන අතර ඔහු නියෝජනය කරන පාර්ශ්වයෙන් ඔහුට ඉදිරිපත් කරලා තියෙන කරුණු ඔහු දන්නා ඉහළම හැකියාවෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම වෘත්තීය වගකීමයි. ඔහුට ඒක පැහැර හරින්න බැහැ. රජයේ අධිනීතිඥවරයෙක්ගේ කාර්යභාරයත් ඒක. යම් නීතිඥවරයෙකුට නඩුවක කරුණු සම්බන්ධයෙන් පුද්ගලික බැඳීම් තිබෙනවා නම් ඒ බව ප්‍රකාශ කරලා ඉවත් වෙනවා.

    රජයේ අධිනීතිඥවරයෙක් කියන්නේ රජයේ සේවකයෙක්. ඔහුට පැවරී තිබෙන රාජකාරියෙන් ඉවත් වෙන්න බැහැ. යම් නීතිවරයෙකුගේ කාර්යභාරය සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ නඩු කියන්නන් චෝදනා කරනවා නම් ඒ නීතිඥයා යටි අරමුණකින් කටයුතු කළ බව මෙවැනි තත්වයක් නවතින්න පුළුවන් කොහෙන්ද? මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ක්‍රමය බිඳ දැමීමේ උත්සාහයක්. ඒ නීතිඥයන්ට ස්වාධීනව තම වෘත්තිය ඉදිරියට කරගෙන යාමේ අවස්ථාව අහිමි කිරීමේ පොටක්. මේ කාරණය අපි හැමෝම සැලකිල්ලට ගන්න ඕනෑ කියලා මම හිතනවා.

    විමර්ශනය කළහැකි පුද්ගලයන් වගේම විමර්ශනය කළ හැකි ආයතන සම්බන්ධයෙනුත් බලතල මේ කොමිෂන් සභාවට තිබෙනවා. මේ ගැසට්පත්‍රයට අනුව නීතිපති දෙපාර්තමේන්තුව ඒ ආයතන අතර නැහැ. රජයේ අධි නීතිඥවරයා වගඋත්තරකරුවෙක් කර සිතාසි යැවීම රටක නීතිය ක්‍රියාත්මකවීමේ ක්‍රමය බැරෑරුම් අර්බුයකට යැවීමක්. ඒක සමස්ත ක්‍රමයේම පිළිබිඹුවක් කියලා මම හිතනවා. 

    නීතිඥ චරිත් ගල්හේන – ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක

    අධිකරණමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තා කිරීමේ මාධ්‍ය සතු වගකීම ගැන ප්‍රශ්න තියෙනවා. යම් පුද්ගලයෙකුට, මාධ්‍යවේදියෙකුට, මාධ්‍ය ආයතනයකට චෝදනාවක් එල්ල කළහොත් ඊට උත්තරදීමේ හැකියාව තිබෙනවා. නමුත් අධිකරණයට චෝදනාවක් එල්ල කළහොත් ඊට උත්තරදීමේ හැකියාවක් විනිශ්චයකාරවරුන්ට නැහැ.

    නීතියේ අන පනත් සහ ක්‍රියාමාර්ග තියෙනවා. සාක්‍ෂි විධිවිධාන, නඩුවක් ඇහීමේ විධිවිධාන තියෙනවා. යම් චෝදනාවක් සම්බන්ධයෙන් දෙපැත්තක් තියෙනවා. අධිකරණය කරන්නේ මේ දෙපැත්ත සම්බන්ධයෙන් සාක්‍ෂි විධිවිධාන අනුව කටයුතු කිරීමයි. විනිශ්චයකාරවරු හැම අවස්ථාවකදීම සාක්‍ෂි විධිවිධාන අනුව කටයුතු කරනවා. පැහැදිලි කිරීම් තියෙනවා. හැබැයි මාධ්‍ය නඩු තීන්දුවක් මිනිස්සු අතරට ගෙනියන්නේ පැහැදිලි කිරීම් එක්ක නෙවෙයි.

    යම් නඩු තීන්දුවක් වැරදි යැයි සිතෙනවා නම් අභියාචනා අවස්ථා දෙකක් ලංකාවේ තියෙනවා. අභියාචනා අවස්ථා තිබීම චූදිතයකුගේ අයිතිවාසිකමක්. ඒක ලෝකයේ සම්මුතියක් වශයෙන් පිළිගත් අයිතියක්. 

    ජනාධිපති සමාව සහ ජනාධිපති කොමිෂන් කියන බලතල දෙකම ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් අවුරුදු 40ක් පමණ තිබෙන විවේචනවලින් දෙකක්. සමාව කියන එක නීති පද්ධතියට අවශ්‍ය දෙයක්. නමුත් ලෝකයේ වෙනත් රටවල්වල සමාව ක්‍රියාත්මක වන කාර්ය පටිපාටියක් තියෙනවා. සිරකරුවන්ගේ හැසිරීම් අධ්‍යයනය කරනවා.

    සමහර දියුණු රටවල නඩු තීන්දුවේදීම අදාල දණ්ඩණය සමාවට යටත්ද නැද්ද යන්නත් සඳහන් වෙනවා. එළියට දාන්න පුලුවන් පුද්ගලයෙක් වැරදිකරුවෙකු වී ඉන්නවා නම් අර අධ්‍යයනය කිරීම් මගින් නිර්දේශ කෙරෙනවා. සමහර චෝදනාවලට සමාවක් ඇත්තේම නැහැ. දඬුවමකින් පුද්ගලයා පීඩාවට පත් කිරීමේ අදහසට වඩා ඔහු නිවැරදිකරුවෙකු කර ගැනීමේ උවමනාව තිබෙනවා. දඬුවමක පුනරුත්ථාපනය කිරීමේ අදහස අන්තර්ගත වෙනවා. 

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

    නීතිඥ ජගත් අබේනායක – ජනාධිපති කොමිෂන් සභාවක් කියන්නෙ අධිකරණ ව්‍යූහයක්. ඒ කොමිෂන් සභාවක් ගැන විශ්වාසයන්, අවිශ්වාසයන් තියෙන්න පුළුවන්. හීනෙන් දැකලා බය වෙන හැම කාරණයක් සම්බන්ධයෙන්ම අධිකරණ ව්‍යූහයකට චෝදනා කරන්න හැකියාවක් නැහැ. මේ ජනාධිපති කොමිෂන් සභාව නීත්‍යානුකූලව පිහිටුවා තිබෙනවා. එහි කටයුතු නිසියාකාරව කෙරෙයි කියන අපේක්‍ෂාව අපිට තියෙනවා. 

    නීතිඥ හර්ෂණ නානායක්කාර – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ පිටු 106ක් නැතිවුණේ නැහැ. පැවතුණු රජය විසින් ඒ පිටු 106 එළියට නිකුත් කළේ නැහැ. මහජනතාවට දැන ගැනීම පිණිස ඒ පිටු 106 නිකුත් කරන්න මේ රජයට සම්පූර්ණ හැකියාව තිබෙනවා. ඒක අධිකරණ ක්‍රියාවලියක් හෝ කිසිදු විනිශ්චයකාරයෙක් කළ දෙයක් නෙවෙයි. නමුත් වර්තමාන දේශපාලන අධිකාරිය වගේම කලින් හිටිය දේශපාලන අධිකාරියේ උවමනාව මත ඒ පිටු 106 එළියට එන්නේ නැහැ. ඒකට කොමිසම වගකියන්න ඕනෑ නැහැ. 

    මමත් ඔබ වගේම කොමිෂන් සභාව විශ්වාස කරනවා. අපි මෙහිදී මතු කරන්නේ මතුවී තිබෙන අලුත් තත්වය. නීතිපතිවරයා විසින් නඩුව පවරන්නේ ප්‍රමාණවත් සාක්‍ෂි තියෙන නිසා. කොමිසම සාධාරණ පිළිතුරක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම මතු කරන්නේ යම් හෙයකින් කොමිසම ඇවන්ගාඞ් සම්බන්ධයෙන් චෝදනාවක් නැහැයි කියලා කිව්වොත් නීතිපතිවරයාගේ ක්‍රියාමාර්ගවලට මොකද වෙන්නෙ කියලා.

    නීතිපතිවරයා නඩු ඉවත්කර ගන්නේ අලුත් තත්වයන් මතුවීම සහ මතුකර තිබෙන සාක්‍ෂියක දුර්වලකමක් නිසා කියලා අපිට නිල වශයෙන් නිගමනයකට එන්න පුළුවන්. අනික් පැත්තෙන් අපි නොදන්නා යම් යම් දේශපාලන අතපෙවීම් තිබුණාද කියලා අපි දන්නේ නැහැ. නීතිඥවරුන් වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වය රැකගන්න කටයුතු කරන්න ඕනෑ බවයි අපි පෙන්වා දෙන්නෙ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරගන්නා නඩු සම්බන්ධයෙන් ජනතාවට යම් සැකයක් මතු වෙනවා නම් දේශපාලන අතපෙවීම් සම්බන්ධයෙන් ඒ අයිතිය මහජනතාවට තිබෙනවා. 

    අධිකරණයේ යම් තීන්දුවක් සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත්  කිරීමේ අයිතියක් තිබෙනවා. නීතිඥවරයෙකු වශයෙන් අපිට කරන්න තියෙන්නේ අධිකරණය ඉදිරියේ දේශපාලනික කාරණයක් නෙවෙයි. ඇවන්ගාඞ් නඩුවේදීත් නිශ්ශංක සේනාධිපති මහත්මයාට නීතිපතිවරයාට විරුද්ධව රිට් ආඥාවක් ගන්න පුළුවන්. ඒ වගේම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. අපිට කරන්න තියෙන ඉල්ලීම මොන ආණ්ඩුව ආවත් අධිකරණයේ කටයුතුවලට අත පොවන්න එපා කියලයි. 

    ඇප පිට ඉන්න නිශ්ශංක සේනාධිපති මහත්මයා මාධ්‍යයට ගෙන්වාගෙන ප්‍රකාශ දෙන්න බාධාවක් නැහැ. ඔහු තවම වැරදිකාරයෙක් වෙලා නැති බව ඇත්ත නමුත් ඔහු සැකකාරයෙක්. ඇප පිට එළියේ ඉන්න පුද්ගලයෙක් මාධ්‍යයට ගෙන්වනවාද නැද්ද කියන සදාචාරය ඒ මාධ්‍යවලට තියෙන්න ඕනෑ.

    අපි ඇත්ත කතා කළොත් ගරු ජනාධිපතිතුමාට විරුද්ධව තියෙන නඩුව අහන්නේ නැත්තේ ඔහුට තියෙන මුක්තිය මත. නැත්නම් ඔහුත් ඇප පිට එළියේ ඉන්න සැකකාරයෙක් තමයි. ලක්‍ෂ 69ක් ඡන්දය දී පත්වී තිබුණත් ඔහුට අදාල නීත්‍යානුකූල තත්වයත් ඒකම තමයි. මේ සදාචාරාත්මක ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන්න ඕනෑ කොහොමද කියලා මාධ්‍ය හා ජනතාව තීරණය කළ යුතු දෙයක්. නිශ්ශංක සේනාධිපතිත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයත් නීතිය ඉදිරියේ තාමත් වැරදිකාරයෝ නොවෙයි ඔවුන් සැකකාරයෝ.

    නීතිඥ උපුල් කුමරප්පෙරුම– ඇවන්ගාඞ් එකට ප්‍රශ්න විසඳාගන්න හොඳම ක්‍රමය ඔය නඩුවට මුහුණ දීලා නිවැරදිකරුවන් වීම. දේශපාලන අගතියක් වෙලා තිබෙනවා නම් මේ කොමිසම නිර්දේශ කරාවි. යම් පුද්ගලයෙක් යමක් කී පමණින්ම එක් නිවැරදි වෙන්නෙත් නැහැ. කොමිසම තියෙන්නේ ඒ ගැන හොයලා බලන්න.

    කොමිසම ඒ රාජකාරිය කිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් නැහැ, කැමැත්තක් තිබෙන්නේ. අනුර දිසාානායක සහෝදරයා ලේඛන සහිතව කොමිසම ඉදිරියේ සාක්‍ෂි දෙන්න බොහොම කැමැත්තෙන්ම ඉන්නේ. නීතිපතිවරයා විසින් ඉවත් කරගත් නඩු ගොඩක් තියෙනවා. චන්දන කත්‍රිආරච්චිට විරුද්ධව තිබූ නාම්පමුණුව මිනීමැරුම් නඩුව ඇතුලු විශාල ප්‍රමාණයක් විවිධ හේතූන් මත ඉවත්කරගෙන තිබෙනවා.

    නීතිපතිවරයා නඩු ඉවත්කරගැනීම සඳහා අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග කර තීන්දුවක් දීම කියන්නේ කාරණා දෙකක්. අධිකරණයක් ඉදිරියට නඩුවක් එන්නේ ක්‍රියාවලියක් තුළින්. මුලින්ම පැමිණිල්ලක් තිබිය යුතුයි. විමර්ශනය කළ යුතුයි. විමර්ශනයේදී සාක්‍ෂි අනාවරණය වෙනවා. සාක්‍ෂි ලේඛණය නීතිපතිවරයාගේ සලකා බැලීම සඳහා යොමුකළ යුතුයි. ඒ සලකා බැලීමට පස්සේ නඩු පැවරිය යුතු බවට නීතිපතිවරයා තීරණය කරනවා නම් නඩු පැවරීමේ හැකියාව තිබෙනවා. 
    ඊට පසු උසාවියේදී පැමිණිල්ල මෙහෙයවන්නේ නීතිපතිවරයා. නඩුව අහන්නේ විනිශ්චයකාරවරයා. නඩුවට සාක්‍ෂිකාරයෝ ඉදිරිපත් කරන්නේ නීතිපතිවරයා. විනිසුරුවරයෙක් ඉස්සරහ ඉදිරිපත් කරන සාක්‍ෂිවල නිරවද්‍යතාවය ඇගයීමෙන් පස්සේ තීරණයක් ලබා දෙනවා.

    මේ ක්‍රියාවලියට මැදිහත්වීමක් කරනවා කියන්නේ දේශපාලන මැදිහත්වීමක්. දේශපාලන මැදිහත්වීමට නතුවන ආයතනය හෝ විනිශ්චයකාරවරයා හෝ ඒ ගැන වගකීම බාරගන්න ඕනෑ. ලංකාවේ අපරාධ නඩුවල වැරදිකරුවෙකු වීමේ සම්භාවිතාව සාමාන්‍යයෙන් 10%ක් විතර. අපරාධ නඩුවක තීන්දු-තීරණ දෙන්නේ ඉතා පරිස්සමෙන්. සැකයේ වාසිය යුක්තියට දෙන්න ඕනෑ. කිසිම සාක්‍ෂියක් නැතිව උසාවියක නඩුවක් පවරා ගෙනයන්න බැහැ. නඩුවක් උසාවියට එනකොට විනිශ්චයකාරවරුන් සෑහීමකට පත්වන සාක්‍ෂි ප්‍රමාණයක් තියෙන්න ඕනෑ. එහෙම නැතිව නඩුපවරලා මේ ආයතන විහිළුවකට ලක් කරන්න පුලුවන්කමක් නැහැ. 

    නීතිඥ හර්ෂණ නානායක්කාර– අධිකරණ තීන්දුවක් ඉවත්කරගන්න බැහැ. ජනාධිපති සමාවක් දෙන්න පුළුවන්. ඒ පුද්ගලයා නිවැරදිකාරයා වුණා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. යම් පුද්ගලයෙක් දඬුවමකින් මුදා හරින බලයක් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී තිබෙනවා. ඒ පුද්ගලයා නිවැරදිකාරයෙක් කියලා එයින් අදහස් වෙන්නේ නැහැ.

    ජනාධිපතිවරයා සමාව දීමකදී වින්දිතයාට නැවත නඩු පවරන්න බැහැ. අධිකරණයෙන් චූදිතයා වැරදිකරුවෙක් කර තිබෙන නිසා. මේ කාරණයේදී යම් යම් අඩුපාඩුකම් තිබෙන බව පිළිගන්න වෙනවා. අධිකරණය හෝ පොලීසිය කියන්නේ අපරාධකරුවෙකු පසුපස හඹාගෙන ගිහිල්ලා දඩයම් කරන ආයතන නෙවෙයි.

    වැරදිකරුවෙකු නිදහස් කිරීමේ බලතල ජනාධිපතිවරයාට තිබුණත් ඒ සඳහා නිර්ණායකයන් ලබාදී නැහැ. ඒක ලොකු අඩුවක්. ජනාධිපති අභිමතයටම යටත් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ 20වැනි ආණ්ඩුක්‍රම කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙන්නේ මේ අගතිය නිසාමයි. ජනාධිපති සමාව තුළ වෙන්නේ නීතිමය අසාධාරණයක් නෙවෙයි. සමාජමය අසාධාරණයක්. ලංකාවේ ජනාධිපති සමාව දීම ගැන ගැටලු රැසක් තිබෙනවා.

  • Hot Plate: ප්‍රසන්නගේ ඉල්ලීමට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

    Hot Plate: ප්‍රසන්නගේ ඉල්ලීමට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

    සටහන – ගජබා නාගහවත්ත

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ පසුගිය සෙනසුරාදා ඇමති ප්‍රසන්න රණතුංගට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණේය.

    ” ප්‍රසන්න හෙට මොකද කරන්නනේ ?  ” බැසිල් ඇසුවේය.

    ” ඇයි සර්, මොකක්ද කරන්න ඕනේ ” ප්‍රසන්න පෙරළා ඇසුවේය.

    ” ප්‍රසන්නට ලොකු වැඩක් නැත්නම් හෙට කුරුණෑගලට ගිහින් එනවද? අපේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ රැස්වීම් වගයක් තියෙනවා. ඒ අය කැමතියි ප්‍රසන්න එනවට “. බැසිල් පැහැදිලි කළේය.

    ” මමත් කැමැත්තෙන් හිටියේ කුරුණෑගල රැස්වීමකට දෙකකට යන්න. මම අනිවාර්යෙන්ම යන්නම් සර්. මට මහින්ද මහත්තයා වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට කතා කරන්න කැමැත්තෙන් හිටියේ. ” ප්‍රසන්න කීවේය.

    ප්‍රසන්නගෙන් ජෝන්ස්ටන්ට දැවැන්ත අභියෝගයක්

    පසුගිය ඉරිදා සවස ඇමති ප්‍රසන්න කුලියාපිටියට ගියේ ඒ අනුවයි. රැස්වීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ද පැමිණ සිටියේය. ප්‍රසන්න සිය කතාවේදී මෙවර මහ මැතිවරණයේදී මහින්ද අතහැර නොයන අයට ඡන්දය දෙන්නැ‘යි කීවේය. මෛත්‍රීට ඡන්දය නොදෙන ලෙස ඉල්ලන්න තමන් පොළොන්නරුවට යාමට සූදානම් බවද ඔහු කීවේය. ප්‍රසන්නගේ කතාවට ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි.

    කථාව අවසන් කළ ප්‍රසන්න නැවත සිය අසුනට පැමිණි විට ජොන්ස්ටන් ප්‍රසන්නගෙන් ඇසුවේ ” ඇත්තටම ඔයා පොළොන්නරු යනවද ? ”  කියාය.

    ” නැතුව මම අනිවාර්යෙන් යනවා. ගිහින් කියනවා මෛත්‍රීට ඡන්දය දෙන්න එපා කියලා. මෛත්‍රී මොකාට ද එන්නේ කියලා මම නම් හොඳ අවධානයෙන් ඉන්නේ. ආපහු උකුසු සෙල්ලම් දාන්න එයාට ඉඩදෙන්න බෑනේ. ” ප්‍රසන්න කීවේ සියලුදෙනා සිනා ගන්වමිනි.

    ” හැබැයි ඇමතිතුමා ගම්පහ මිනිස්සු ඔබතුමා එක්ක නම් තරහයි. ” ප්‍රසන්න ජොනීට කීවේය.

    ”  ඒ මොකද ? ” ප්‍රසන්න ඇසුවේය.

    ” නෑ ඉතිං මේ පාර අගමැති බිහිකරන්න ගම්පහට තිබුණු චාන්ස් එක ඔබතුමා උදුරගත්ත නේ” ප්‍රසන්න කීවේ මහින්ද මෙවර මහමැතිවරණයේදී ගම්පහින් තරඟ කළ යුතු  බවට තිබුණු ඉල්ලීම මතක් කරමිනි .

    ” අපිට අගමැති කෙනෙක් පත් කරගන්න තියෙන චාන්ස් එක මොකට ද වෙන දිස්ත්‍රික්කයට දෙන්න. ” ජොනී සිනාසෙමින් කීවේය .

    ” මහින්ද මහත්තයා කැමති වු‍ණෙත් නෑ කුරුණෑගල දාලා එන්න. මම ගම්පහින් තරඟ කරමු සර් කියලා කිව්වාම මහින්ද මහත්තයා කිව්වා මම පැරදුනු වෙලාවේ අවස්ථාව දුන්න කුරුණෑගල මිනිස්සු දාලා ගම්පහට එන්න බැහැ කියලා ” ප්‍රසන්න කිවේය.

    ” ඕකනේ ඇමතිතුමා රටේ මිනිස්සු මහින්ද මහත්තයාට ආදරේ. ඒ අය කවදාවත් මිනිස්සු අමතක කරන්නේ නෑ. ” ජොන්ස්ටන් කීවේය.

    “ හැබැයි ඇමතිතුමා අපි තමයි මේ පාරත් තීරණාත්මක වැඩි ඡන්ද ටික ගන්නේ. ගියපාර අපි තුන්ලක්ෂ හැටපන්දහසක් ගත්තා. ඒක නොතිබුනානම් ගෝඨාභය සර් 51% ඡන්ද ගන්නෙත් නෑ. මේ පාරත් වැඩිම ඡන්ද ගන්නේ ගම්පහින්. පුළුවන් නම් කුරුණෑගලින් අරන් පෙන්වන්න. ප්‍රසන්න ජොනීට අභියෝග කරමින් කීවේය.

    ” මම දන්නවා ඔයා කිව්වොත් කිව්වා කියලා. අපි බලමුකෝ. ” ජොනී සිනාසෙමින් කීවේය.

    ප්‍රසන්නගේ ඉල්ලීමට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

    කැබිනට් මණ්ඩලය පසුගිය බදාදා රැස්වූයේ ජනපති ගෝඨාභයගේ ප්‍රධානත්වයෙනි. කැබිනට් රැස්වීම අතරතුර ඇමති ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

    “ සර්, යක්කල වික්‍රමාරච්චි ආයුර්වේදය කැළණියේ ෆැකල්ටියක්. ඒක විශ්ව විද්‍යාල තත්ත්වයට උසස් කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඕක පසුගිය යහපාලනය කල් මර මර හිටියේ. ඒක කරන්න පුළුවන් නම් ලොකු දෙයක්”. ප්‍රසන්න කීවේය.

    “අපි ඒ ගැන සාකච්ඡා කරමින් යනවා”. බන්දුල කීවේය.

    “අපේ තාත්තා තමයි වික්‍රමාරච්චි එක පීඨයක් කරන්න ළමයි කරපු ෆයිට් එකට සපෝට් කළේ. මමත් එතන හිටියා. මේක යු.එන්.පි ආණ්ඩුව හැමදාම කල් දැම්මා”. ප්‍රසන්න කීවේය.

    මට මතකයි. මමත් ඕකට සපෝට් කළා”. මහින්ද කීවේය.

    “අපි මේ වැඩේ එහෙනම් ඉක්මණින් කරමු. උසස් අධ්‍යාපන ඇමතිතුමා ඉක්මණින් ඒක කරන්න”. ජනපති ගෝඨාභය බන්දුලට කීවේය.

    ජනපතිගේ මහ බැංකු කතාවට ප්‍රසන්නගෙන් තල්ලුවක්

    කැබිනට් මණ්ඩලයේ අනතුරුව සතුටු සාමිච්චියේ යෙදී සිටි ඇමතිවරුන්ගේ ප්‍රධාන මාතෘකාවක් වුණේ ජනාධිපතිවරයා ඊට පෙර මහ බැංකුවට කළ අනතුරු ඇගවීම ගැනය.

    “ජනාධිපතිතුමා ඒ කරපු කථාව හොදයි. ලීසිං කොම්පැණි, බැංකු පහුගිය කාලයේ ආණ්ඩුව දීපු සහන දුන්නේ නෑ. පුළුවන් තරම් මිනිස්සු රස්තියාදු කළා”. ප්‍රසන්න කීවේය.

    “ඒක ඇත්ත. මටත් හරියට කම්ප්ලේන් ආවා”. රමේෂ් කීවේය.

    “දැන් මිනිස්සුන්ට තේරේනවා මේ අය පිටිපස්සේ හිටියේ කවුද කියලා. මහ බැංකුව මෙච්චරකල් නිදාගෙනයි ඉදලා තියෙන්නේ”. ප්‍රසන්න කීවේය.

    සටහන – ගජබා නාගහවත්ත

  • Hot Plate: එජාපය රටපුරා ෆයිට් කරන අයුරු රනිල් හෙළි කරයි !

    Hot Plate: එජාපය රටපුරා ෆයිට් කරන අයුරු රනිල් හෙළි කරයි !

    සටහන – ගජබා නාගහවත්ත

    එ.ජා.ප ඡන්ද සටන බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම ඇරඹූවේ නායකයා ගේ පන්සල් වන්දනාව සමගිනි. මුස්ලිම් නායකයින් බහුතරයක් සජිත් පිල හා එකතුවීම හේතුවෙන් බොහෝ පන්සල්  හා නාහිමිවරුන් එ.ජා.ප ය සමග අත්වැල් බැද ගැනීමේ දැඩි ප්‍රවණතාවක් පවතී. එ.ජා.ප මැතිවරණ සටන මෙහෙයවීමට සාගල, අස්මිතා අෂිම්, ශමල් සෙනරත් ඇතුළු ඒකකයක් පත් කොට තිබේ. මහ පොලොවේ සැලසුම් සදහා එක් කණ්ඩායමක් ද, ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇතුළු සෙසු කටයුතු සදහා තවත් කණ්ඩායමක් වශයෙන් වර්ග කිරිමක් ද සිදුකොට තිබේ.

    බ්‍රහස්පතින්දා පෙරවරුවේ එ.ජා.ප නායකයාගේ නිවසට පැමිණි පිරිස් සමග කතා බහ කරන විට මහනුවර දිසාවට තරඟ වදින මාධ්‍යවේදි මහේෂ් සේනානායක විමසූවේ “අකිල මහලේකම්තුමා මේ මෙහෙයුමට සම්බන්ධ වෙන්නේ කොහොමද” කියායි.

    රැස්විම් තිබ්බොත් ගෙන්න ගන්න පුළුවන් වන සිය දෙනා යු.එන්.පි අය. එයාලට නෙවෙයි කතා කරන්න ඕනෑ. ඒකයි අලුත් උපක්‍රම පාවිච්චි වෙන්න ඕනේ.” එ.ජා.ප නයකයා කීවේය.

    රටපුරා ෆයිට් කරන හැටි එජාප නායකයා පැහැදිලි කරයි

    “අකිලට කුරුණෑගල වැඩි ආසන ගාණක් දිනාගන්න සටනක් තියෙනවා. මෙතනදි ඔහුගේ වැඩි බර ඒකට දාන්න ඕනේ. ගම්පහ රුවන් විජයවර්ධන, අර්ජුන, කිත්සිරි මංචනායක, වරුණ ලා ලොකු ෆයිට් එකක් දෙනවා. කොළඹ මම රවි, දයා ලා ඇතුළු කණ්ඩායම වෙනමම බැහැලා කරනවා. අනිත් හැම දිස්ත්‍රික්කයකම අපේ කටයුතු ඉතා හොදින් ශක්තිමත්ව කෙරෙනවා.” එ.ජා.ප නායකයා කීවේය.

    “සජිත් මේ පාර රැස්විම් දාහකට යනවා කියලා කියන්නේ. තව දින හතලිස් ගානයි තියෙන්නේ. එහෙම නම් දවසකට රැස්විම් විසි පහකට වඩා යන්න වෙනවා. දවසට පැය 24 යි නේ තියෙන්නේ රැස්විම් කොහොම ද එච්චර කරන්නේ. ජනාධිපතිවරණයේත් අවුල් කර ගත්තේ කට නිසා කියලා රංගේ බණ්ඩාර කිව්ව කතාව ඇත්ත.” රවි කරුණානායක කීවේ උපහාසාත්මකව ය.

    “ජ.වි.පෙ, පොහොට්ටු කැම්පේන් තාම හරියට නෑ. අපට ජනතාවට දෙන්න පණිවිඩයක් තියෙනවා. ඒකට විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. රැස්විම් තිබ්බොත් ගෙන්න ගන්න පුළුවන් වන සිය දෙනා යු.එන්.පි අය. එයාලට නෙවෙයි කතා කරන්න ඕනෑ. ඒකයි අලුත් උපක්‍රම පාවිච්චි වෙන්න ඕනේ.” එ.ජා.ප නයකයා කීවේය.

    “බොහෝ ජනමාධ්‍ය එක පැත්තකටයි දැන් තියෙන්නේ. මැතිවරණ කොමිසමත් එක්ක මේ ගැන කතා කළේ නැද්ද?” මහේෂ් සේනානායක විමසුවේය.

    “ජනමාධ්‍යයේ කාටත් සමබර ඉඩක් ලබාදීමට මැදිහත්විම කොමිසමේ වගකීමයි. අපි ඒක ඉල්ලලා තියෙනවා.” නායකයා පිළිතුරු දුන්නේය.

    89 ය භීෂණ කාලෙත් එ.ජා.ප ය ඡන්ද කලා. ගමේ ඇතැම් දූෂිත අය වෙනුවට අලුත් තරුණ පරම්පරාවක් පත්වෙලා නිසා ඒ අය ගම හොදට බැලන්ස් කරනවා.” නවීන් දිසානායක කිවේය

    “89 ය භීෂණ කාලෙත් එ.ජා.ප ය ඡන්ද කලා. ගමේ ඇතැම් දූෂිත අය වෙනුවට අලුත් තරුණ පරම්පරාවක් පත්වෙලා නිසා ඒ අය ගම හොදට බැලන්ස් කරනවා.” නවීන් දිසානායක කිවේය.

    “කාටත් දැන් තියෙන ප්‍රශ්නය කොවිඩ්  නැතුව ජිවත් විමයි. වැටුප් හා රැකියා නැතුව ජිවත්වීමේ ප්‍රශ්නයයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයත් මතු වෙනවා. අපට මිනිස්සු ළගට යන්න වෙලා තියෙන්නේ ඒ වගේ දුෂ්කර පරිසරයකයි.” දයා ගමගේ ගේ අදහස සියළු දෙනා අනුමත කළහ.

    “කොවිඩ් වලින් ගොඩ ආපු බොහෝ රටවල දෙවෙනි ව්‍යාප්තිය ඇති වෙලා. ලංකාවේත් එහෙම අභියෝගයක් ආවොත් ඒකට මුහුණ දීමත් අපට ලොකු ප්‍රශ්නයක් වෙනවා.” වජිර අබේවර්ධන ගේ අදහසට ද කාගේත් අවධානය යොමුවිය.

    ජනපති මහ බැංකු සහ මහජන බැංකු නිලධාරින් මුදල් ඇමති නොමැතිව කැදවා දැඩි දෝෂාරෝපණයක් සිදු කිරිම ගැන ද එහිදි අවධානය යොමු විය.

    “මාස 8 ක් ආර්ථික පැත්තේ මුකුත් කර ගන්න බැරුව මේ ආණ්ඩුව අසරණ වෙලා ඉන්නේ. විනයක් නැතුව කෝටි 600 ක් බදු සහන ලෙස යාළුවන් ට ලබා දීමත් ආණ්ඩුවේ මූල්‍ය විනය හා කළමනාකරණය නොමැතිවීමත් මේ ගැටළුවට මුලයි. අපේ කාලේ ඩොලර් බිලියන 10 ක සංචිත අපි රදවා ගත්තා. ඒත් දැන් ඒක ඩො. බි. 5 – 6 ට බැහැලා. ඒකෙනුත් ඩො. බිලියනයක් මේ වසරේ ණය සහ පොලී ගෙවන්න වෙනවා. මේ රටේ මිනිස්සුන්ට මහා අභාග්‍යමත් කාලයක් මේ ආණ්ඩුව දිනුවොතින් ඇති වේවි.” එ.ජා.ප නායකයා කළ විග්‍රහය එසේය.

    පාස්කු ප්‍රහාරය ගැන මට හෝ අගමැතිට අදාල අය දැන්නුවේ නැති නිසා අපි දෙන්නටම ඒ ගැන වගකිමක් පවරන්න එපා කියලා හිටපු ජනපති මෛත්‍රි බි.බි.සි එකට කිව්වා.” අකිල විරාජ් කීවේය.

    “පාස්කු ප්‍රහාරය ගැන මට හෝ අගමැතිට අදාල අය දැන්නුවේ නැති නිසා අපි දෙන්නටම ඒ ගැන වගකිමක් පවරන්න එපා කියලා හිටපු ජනපති මෛත්‍රි බි.බි.සි එකට කිව්වා.” අකිල විරාජ් කීවේය.

    “මටවත් මගේ සිකියුරිටි එකටවත් කව්රුවත් දැන්නුවේ නැහැ. හැබැයි හිටපු ජනාධිපතිතුමාට වගේම හිටපු විපක්ෂ නායක මහින්දලට නම් දැන්නුවා කියලා තමයි අදාල කට්ටිය කියන්නේ.” එ.ජා.ප නායකයා එසේ කියා ඉවත බලා ගත්තේය.

    “ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම මොකක්ද කියලා ආණ්ඩුවවත් දන්නේ නැති හැඩයි. ඡන්දෙන් පස්සේ ඇමරිකන් එම්.සි.සි ගිවිසුම් අත්සන් කරනවා කියලා ඇමරිකන් තානාපතිනිය පැහැදිලිවම දැන් කියනවා.” රවි කරුණානායක පැවසීය.

    “ඡන්දය නිසා ආපහු බැදුම්කරෙයි, අර්ජුන් මහේන්ද්‍රනුයි ආණ්ඩුව වලෙන් ගොඩදාගෙන දගලනවා. මෛත්‍රි ජනාධිපතිවත්, මේ ආණ්ඩුවත් බැදුම්කරයට අදාළව නඩු දාන්නේ නැහැ. ඒ ඇයි? පොලිසියේ කටයුතු හමාරයි නිතිපති එකේ දැන් ලියවිලි තියෙන්නේ. ඡන්දය අල්ලලා බොරු මඩ ප්‍රචාර නොදා නඩු දාන්න කියලායි අපි කියන්නේ.” චම්පිකා ප්‍රේමදාස කිවේ සිනා මැදය.

    සමගි ජන බලවේගයේ නායකයෝ පන්සල් වන්දනාවේ

    සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය ද සිය මැතිවරණ සටන ආරම්භ කළේ විහාර රාශියක් වන්දනා මාන කරමිනි. පසුගිය දා ඔහු සහ පාඨලි චම්පික රණවක පන්නිපිටියේ විහාරස්ථානයකට ද පැමිණියහ.

    එහිදි එම ගම්වාසීන් සහ භික්ෂූන් වහන්සේලා ඇතුළු අති විශාල පිරිසකගේ දැඩි ප්‍රතිචාර සජිත් සහ චම්පිකට හිමිවිය.

    “ඡන්දය අගෝස්තු 05 දායි. චම්පික ඇමතිතුමාගේ උපන් දිනය කලින් දිනයේ නේද? ආණ්ඩු හදලා උපන් දිනය සමරන්න උත්සාහ කරන්න.” රොඩ්නි ප්‍රෙෂර් කීවේය.

    සමගි බලවේගයේ කාන්තා සහ තරුණ සම්මේලන පිහිටුවීම ද පසුගිය දා උත්කර්ෂවත් ලෙස සිදුවු අතර සජිත් තම මැතිවරණ කටයුතු ඇරඹුවේ ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්ක වලිනි.

    2001 දි හා 2015 දි අපි එ.ජා.ප යට ආණ්ඩු අරන් දුන්නා. ඒත් ඒවා රැක ගන්න ඒ නායකයන්ට බැරිවුනා. ඒකෙන් අසාධාරණය වුනේ පාක්ෂිකයන්ටයි.

    ඒ අතරේ මහනුවර දිසාවේ දුරකතනයට නායකත්වය දෙන ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු කණ්ඩායමද ඉතා ප්‍රබල මැතිවරණ ව්‍යාපාරයක් දියත් කොට තිබේ.

    “2001 දි හා 2015 දි අපි එ.ජා.ප යට ආණ්ඩු අරන් දුන්නා. ඒත් ඒවා රැක ගන්න ඒ නායකයන්ට බැරිවුනා. ඒකෙන් අසාධාරණය වුනේ පාක්ෂිකයන්ටයි. ඒ වගේම මේ ආණ්ඩුව කියන කොරෝනා සංඛ්‍යා ලේඛන අපට සැකයි. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයත් මේ සැකය මතු කළා. ආණ්ඩුවට මේ ඡන්දයෙන් 113 ගන්න බෑ. අපි සජිත්ගේ නායකත්වයෙන් ආණ්ඩුව හදලා මේ ආණ්ඩුව තම නොහැකියාව නිසා වැනසු ආර්ථිකය විදිමත් කරලා බඩු මිලත් අඩු කරලා ජනතාවට උපරිම සහන දෙනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල ජනතාවට ලබාදෙන පණිවුඩයේ මූලික හරය එය විය.

    දැක්කද හර්ෂණ, අපි කියන කතාව තමයි හැම තැනම කියන්නේ. මෙදා පාර රනිල්ගේ දේශපාලන පරිණතභාවය, කපටිකම් ඒවා සේරම කොළඹදී හේදිලා යනවා‘ ජෝර්ජ් පෙරේරා කීවේය.

    මේ අතර සමගි බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයෝ එකාවන්ව සහයෝගයෙන් කටයුතු කරන ආකාරයක් පැහැදිලිව දැකිය හැකිය. සමගි බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින ජනතාව විසින් ‘ලෙන්ගතු මිනිසා‘ ලෙස හදුන්වන ජනප්‍රිය නායකයෙකු වන යූ. ජෝර්ජ් පෙරේරා මේ අතර ඉදිරියෙන්ම සිටී. ජෝර්ජ් තම බල ප්‍රදේශය මහරදී නිරෝෂා අතුකෝරාළ සමග ද දොම්පේ ආසනයේදී තරුණ නායකයෙකු වන හර්ෂණ රාජකරුණා සමග ද මනා සහයෝගයෙන් කටයුතු කරන අතර ඔවුන් අතර මනාප පොරය වෙනුවට ඇත්තේ අනෝන්‍ය සහයෝගයයි.

    මේ අතර දොම්පේ පැවැති ජනහමුවකදී හර්ෂණ සහ ජෝර්ජ් සුපුරුදු ලෙස වත්මන් දේශපාලන ප්‍රවණතා ගැන කතා කරමින් සිටි විට දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ජෝර්ජ්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.

    ‘සර්, රනිල් මහත්තයයි අපේ නායකයා සජිත් මහත්තයි දෙන්නම තරග කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඉස්සර මේ දෙන්නා හිටියේ දිස්ත්‍රික්ක දෙකක නිසා අපිට ඇත්ත ශක්තිය දැක ගන්න බැරි වුණා. මේ පාර මොකක් වෙයිද ?‘

    හර්ෂණ සහ ජෝර්ජ් එකිනෙකාගේ මුහුණ බලාගෙන මොහොතක් කල්පනා කළ අතර කිසියම් එකගතාවකට පැමිණි අයුරින් ජෝර්ජ් ප්‍රශ්නය යොමු කළ තරුණ මන්ත්‍රීවරයා දෙස බලා සිටියේය.

    ‘හොදයි, මල්ලිම කියන්නකෝ මොකද වෙන්නේ කියලා. මොකද ඔයාලා තමයි බිම් මට්ටමේ ජනමතය හරියට දන්නේ ‘ ජෝර්ජ් කීවේය.

    ‘මොනවා කියන්නද සර්, අපේ සජිත් මහත්තයා එක්ක හැරෙන්න රනිල් මහත්තයට බෑ. මං හිතන්නේ සජිත් මහත්තයා ගන්න මනාපවලින් භාගයක් වත් රනිල් මහත්තයට ගන්න බැහැ. ඇත්ත තත්ත්වේ ඒකයි‘ තරුණ මන්ත්‍රීවරයා කීවේය.

    ‘මල්ලී හිතන විදිහට හේතුව මොක්කද ?‘ ජෝර්ජ් යළි විමසුවේය.

    ‘වෙන මොකවත් නෙමෙයි රනිල් මහත්තයා කියන්නේ ජනතාවට, පාක්ෂිකයින්ට කිසිම සමීප බවක් නැති නායකයෙක්. පොඩි මිනිස්සු ගැන මෙලෝ හසරක් නොදන්න නායකයෙක්. එයාට කළේ එයාගේ පන්තියේ යාළුවන්ටයි තවත් අයටයි විතරයි. පාක්ෂිකයෝ වෙනුවෙන් අබමල් රේණුවක දෙයක් එයා කළේ නැහැ‘ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

    ‘දැක්කද හර්ෂණ, අපි කියන කතාව තමයි හැම තැනම කියන්නේ. මෙදා පාර රනිල්ගේ දේශපාලන පරිණතභාවය, කපටිකම් ඒවා සේරම කොළඹදී හේදිලා යනවා‘ ජෝර්ජ් පෙරේරා කීවේය.

    සටහන ගජබා නාගහවත්ත

  • The Lord of the Rings: ශ්‍රීමත් ඉයන් හෝම් දිවි රගමඩලට සමුදෙයි

    The Lord of the Rings: ශ්‍රීමත් ඉයන් හෝම් දිවි රගමඩලට සමුදෙයි

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් The Lord of the Rings චිත්‍රපටවල බිල්බෝ බග්ගින්ස් (Bilbo Baggins) චරිතය රඟපෑ වේදිකා සහ චිත්‍රපට නළු ශ්‍රීමත් ඉයන් හෝම් (Sir Ian Holm) අද (19) දින මියගිය බව ඔහුගේ ප්‍රකාශකයෙක් තහවුරු කළා.

    ශ්‍රීමත් ඉයන් මිය යන විට 88 වැනි වියේ පසු වූ බවයි ඔහු සදහන් කළේ.

    “පාකින්සන් රෝගය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රීමත් ඉයන් හෝල්ම් අද උදෑසන අභාවප්‍රාප්ත වුණා. ඔහු මිය යන විට ඔහු සමීපයේ පවුලේ ඥාතීන් ද සිටියා. ඔහුගේ මරණය බොහොම සාමකාමී එකක් ” ඔහුගේ නියෝජිතයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

    සර් ඉයන් හෝම්
    සර් ඉයන් වෘත්තීය ජීවිතය ආරම්භ කළේ වේදිකා නළුවෙකු ලෙසය.

    The Madness of King George චිත්‍රපටයේ ආචාර්ය විලිස් ලෙස රඟපෑ හෝම් එහිදී අමතක නොවන රංගනයක් ඉදිරිපත් කළේය.

    ජාතික රගහල ශ්‍රීමත් ඉයන් “අසාමාන්‍ය නළුවෙකු extraordinary actor” ලෙස නම් කළ අතර 1997 දී කිං ලයර් (King Lear) ලෙස රඟපෑමෙන් “අපූරු මතකයන්” නිර්මාණය කළ බව ද පැවසුවේය.

    ශ්‍රීමත් ඉයන් 1965 දී හැරල්ඩ් පින්ටර්ගේ ද හෝම්කමිං (The Homecoming) හි ලෙනීගේ චරිත රගපාමින් චිත්‍රපට කලාවට පිවිසි අතර වසර අටකට පසු චිත්‍රපටයේ ඔහුගේ රංගනය නැවත ප්‍රතිනිර්මාණය කළේය.

    චෙරි ඕකිඩ් හි ජූඩි ඩෙන්ච් සහ ඉයන් හෝම්
    හොල්ම් ජූඩි ඩෙන්ච් සමඟ චෙකොව්ගේ Chekhov’s The Cherry Orchard හි රඟපෑවේය

    කෙසේවෙතත්, 1976 දී ද අයිස්මන් කොමෙට් නිෂ්පාදනය අතරතුරදී ඔහු වේදිකාවට සමු දුන්නේය.

    ඔහු ද ෆිෆ්ට් එලේමන්ට් සහ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වැනි ඉහළ පෙළේ චිත්‍රපටවල විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළ අතර ඉන් ඉහළ කීර්තියක් දිනා ගත්තේය.

    ඔහුට 1981දී Chariots of Fire චිත්‍රපටයේ රග පෑ චරිතය වෙනුවෙන් ‘හොදම සහාය නළුවා‘ට හිමි ඔස්කාර් සම්මානය ලැබුණේය.

    1968 දී The Bofors Gun චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහු බැෆ්ටා (Bafta) සම්මානයක් දිනා ගත්තේය.

    2000 දී ලොස් ඇන්ජලීස් ටයිම්ස් (Los Angeles Times) පුවත්පතට අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය. “මම සිනමා තරුවක් නොවෙයි. එනිසා මිනිසුන් හැම විටම මගෙන් එකම දේ බලාපොරොත්තු වන්නේ නැහැ‘

    නාට්‍ය කලාව සඳහා ඔහු දැක්වූ දායකත්වය වෙනුවෙන් 1998 දී ඔහුට නයිට් පදවියක් ලැබුණි.

    සර් ඉයන් හෝම්, මයිකල් බ්‍රයන්ට් සමඟ කිං ලයර් හි
    ඔහු 1997 දී කිංග් ලර්න් නැෂනල් King Lear at the National හි රඟපෑමට වේදිකාවට පැමිණියේය

    විකට නළුවෙකු වන එඩී ඉසාර්ඩ් ශ්‍රීමත් ඉයන් “අපූරු නළුවෙකු” ලෙස සිහිපත් කරමින්, “ඔහු යනවා දැකීම කණගාටුවට කරුණක් බව කීවේය.

    අධ්‍යක්ෂ එඩ්ගර් රයිට් ශ්‍රීමත් ඉයන්ගේ අභාවය ගැන අදහස් දක්වමින් ඔහු ‘දක්ෂ නළුවෙක්” ලෙස හැඳින්වීය.

    ලීග් ඔෆ් ජෙන්ට්ල්මන්  (League of Gentleman) තරුව රීස් ෂියර්ස්මිත් (Reece Shearsmith) ට්වීට් පණිවුඩයක් නිකුත් කරමින් ‘ඔහු සිය ජීවිත කාලය තුළ ඇදහිය නොහැකි රංගනයක් ඉදිරිපත් කළ බව‘ සදහන් කළේය.

    සුපිරි බොලිවුඩ් නළු රොබට් වෙබ් ශ්‍රීමත් ඉයන්ගේ අභාවය ගැන අදහස් දක්වමින් ‘ඔහු අපූරු නළුවෙක්. ඔහුගේ නික්ම යාම කනගාටුවට කරුණක් ‘බව සදහන් කළේය.

    බී.බී.සී ඇසුරිණි

  • ලංකාව ද ඇතුළුව ලොව පුරා දස දෙසින් ඇසෙන ‘අධිකාරිවාදයේ අසුබවාදී ඇඟවීම්’

    ලංකාව ද ඇතුළුව ලොව පුරා දස දෙසින් ඇසෙන ‘අධිකාරිවාදයේ අසුබවාදී ඇඟවීම්’

    පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සංකේතවත් වූයේ අප බොහෝ විට ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ඇතුල් වන්නට යන නව යුගයේ පෙර මග ලකුණු විය හැකිය. 

    අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ (Antonio Gramsci) සුප්‍රසිද්ධ යෙදුමක් නම් “බුද්ධියේ සර්ව-අසුබවාදය සහ අධිෂ්ඨානයේ සර්ව-සුබවාදය” යන්නයි. ඔහු එසේ පැවසුවේ ෆැසිස්ට්වාදය හිස ඔසවමින් පැවති ඉතාලියානු දේශපාලනයේ අවිනිශ්චිත මොහොත තුළ සක්‍රීය දේශපාලනයෙහි නිරත වන අතරමය.

    Antonio Gramsci

    පවත්නා තත්ත්වය පිළිබඳ සංයුක්ත පැහැදිලි කර ගැනීමකදී අප කොතරම් අකමැති වුවත් දේවල්වල යථා ස්වභාවය අපට පිළිගන්නට සිදු වේය යන්න ඔහුගේ අවධාරණය විය. අපගේ අභිලාෂයන් සහ ප්‍රාර්ථනාවන් අනුව අප පවත්නා තත්ත්වය රෝස පැහැයෙන් පින්තාරු නොකළ යුතුය. අප දේශපාලන විශ්ලේෂණයේ යෙදෙන විට දේවල් රෝස පැහැයෙන් දැකීමේ අපගේ නොතිත් ආශාවට අපගේ බුද්ධිමය දෘඪතරභාවය යටපත් කරන්නට ඉඩ නොදිය යුතුය. 

    ග්‍රාම්ස්චිගේ බුද්ධිමය සර්ව-අසුබවාදය ඔහුගේ යුගයේ අධිපතිව පැවති ගතානුගතික මාක්ස්වාදයෙන් ඔහුව වෙන් කරන ප්‍රවාදයක්ද වේය යන්න මගේ අදහසයි. මන්ද යත්, විශේෂයෙන්ම දෙවන ජාත්‍යන්තරය තුළ ප්‍රචලිතව පැවති මාක්ස්වාදී අදහස්වලින් කියැවුණේ සමාජවාදී සමාජ පරිවර්තනය නම් අත්‍යවශ්‍ය සංසිද්ධිය දෙසට ඉතිහාසය ගමන් කරමින් තිබූ බවය.

    එම විශ්වාසයට පටහැණි වන සියල්ලම (ෆැසිස්ට්වාදයද ඇතුළුව) දක්නා ලද්දේ ඓතිහාසික අහම්බයන් ලෙසටය. නැතහොත්, ඉතිහාසයේ අත්‍යවශ්‍ය වර්ධනයේ තාවකාලික අපගමනයන් ලෙසටය. ඒ අනුව, බුද්ධිය (එනම් මේ කාරණයේදී ගතානුගතික මාක්ස්වාදය) විසින් ප්‍රදානය කරනු ලැබ තිබුණේ සර්ව-සුබවාදී පර්යාලෝකයකි. ග්‍රාම්ස්චි ප්‍රතික්ෂේප කළේ එයයි. 

    ඔහු පිළිගත්තේ “සංයුක්ත තත්ත්වය පිළිබඳ සංයුක්ත විශ්ලේෂණයක්” යන ලෙනින්ගේ ප්‍රවාදයයි. එකල ඉතාලියේ පැවති සංයුක්ත තත්ත්වය කිසිසේත් සුබවාදී එකක් නොවීය. දේවල් සැබවින්ම පෙළ ගැසෙමින් තිබුණේ අසුබවාදී දිශාවකටය. ග්‍රාම්ස්චි පෙන්වා දුන්නේ එසේ සැබවින්ම පැවති අසුබවාදී තත්ත්වයේ අඳුරු වර්ණය සමාජවාදී පරිවර්තනයේ අත්‍යවශ්‍යතාව පිළිබඳ රෝස පැහැති (අවශ්‍ය නම් රත් පැහැති) විශ්වාසයෙන්  වසා නොදැමිය යුතු බවයි.

    ඉතිහාසය අවශ්‍යයෙන්ම ප්‍රගතිය කරා දිශානත වී නොමැත. නමුත්, තවමත් ඉතිහාසය වෙනස් කළ හැකිය. “අධිෂ්ඨානයේ සර්ව-සුබවාදයක්” අවශ්‍ය වන්නේ එනිසාය. අධිෂ්ඨානයේ සුබවාදයකින් තොරව කිසිදු දේශපාලනයක නියැළිය හැකිද? 

    එම අධිකාරීවාදයේ අනතුර පෙර දකින්නට සමත් වූයේ අතලොස්සකි. ඇතැම්හු මේ බිහිවන්නට යන්නේ “මෘදු අධිකාරීවාදයක්” යැයි සිතා සිත සනසා ගනිමින් සිටියහ; එනයින්, දේශපාලන විශ්ලේෂණය යනු බරපතල බුද්ධිමය කටයුත්තක්ය යන්න නොතකා හරිමින් සිටියහ.

    ලාංකීය මේ මොහොත

    ලාංකීය දේශපාලනය තුළ අධිකාරීවාදී ප්‍රවණතා මෙන්ම ව්‍යුහයන්ද කලක පටන්ම පවතින බවට සැකයක් නොමැත. නමුත්, මෙරට යම් තරමකට හෝ ඉතිරිව තිබෙන ප්‍රජාතාන්ත්‍රික නිදහස අන් කවරදාකවත් නොවූ විරූ තරමේ අනතුරකට පත් කෙරෙන ආකාරයෙන් අධිකාරීවාදය දෙසට වූ තියුණු හැරීමක් මෑතකාලීනව සලකුණු විය. ඒ පසුගිය ජනාධිපතිවරණයේදීය.

    එම අධිකාරීවාදයේ අනතුර පෙර දකින්නට සමත් වූයේ අතලොස්සකි. ඇතැම්හු මේ බිහිවන්නට යන්නේ “මෘදු අධිකාරීවාදයක්” යැයි සිතා සිත සනසා ගනිමින් සිටියහ; එනයින්, දේශපාලන විශ්ලේෂණය යනු බරපතල බුද්ධිමය කටයුත්තක්ය යන්න නොතකා හරිමින් සිටියහ.

    අනෙක් අතට, බොහෝ වාම-ලිබරල් බුද්ධිමතුන් 2015 නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතියට සක්‍රීයව සහාය දැක්වීමෙන් තම දෑත් පුළුස්සාගෙන සිටි බැවින් සැබවින්ම අධිකාරීවාදයේ අනතුර මතු වූ 2019 වන විට සිටියේ කණමැදිරි එළියට පවා බියට පත් වෙමිනි.

    යළිත් වරක් තම දේශපාලන තක්සේරු කිරීම් වැරදී ගොස් තමන් රැවටීමට ලක් වනු ඇතැයි සාධාරණ බියක් ඔවුන් තුළ තිබුණා විය යුතුය. නමුත්, 2019 දී මතු වූයේ කිසිසේත්ම 2015 සමග සැසඳිය නොහැකි තරමින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල අනතුරකි. 

    පසුගිය ජනාධිපතිවරණය නිමා වූ සතියේ මා “රාවය” පුවත්පතට ලියූ ලිපිය ආරම්භ කළේ පහත වාක්‍යයෙනි: “අප දැන් සිටින්නේ නව දේශපාලන පොළෝ තලයක් මතය.” එය නව පොළෝ තලයක් වන්නේ හුදෙක් යම් යම් අධිකාරීමය ප්‍රවණතා කලින්ට වඩා ඉස්මත්තට පැමිණීමේ අරුතින්ම නොවේ. ඊට වඩා ගුණාත්මක යැයි කිව හැකි ආකාරයේ පරිවර්තනයක් එයින් ගම්‍ය වූ බැවිනි.

    එනම්, සාමාන්‍යයෙන් “අධිකාරීමය ධනවාදය” නැතහොත් “නැගෙනහිර ආසියාතික ධනවාදය” යනුවෙන් හැඳින්වෙන සංවර්ධන මොඩලය කරා ගමන් කිරීමේ දේශපාලන අධිෂ්ඨානයෙන් මෙහෙයවන ලද කණ්ඩායමක් විසින් දේශපාලන නායකත්වය අත්පත් කර ගනු ලැබීමයි. එසේම එම පරිවර්තනය පිටුපස පැහැදිලිවම නව පංති බල-හවුලක අභිලාෂයන් ප්‍රකාශයට පත් විය. එම බල හවුල සමන්විත වූයේ නව සිංහල ධනේශ්වර කොටස්, මිලිටරි නිළධාරී තන්ත්‍රයේ කොටස්, අන්ත-ජාතිකවාදී දෘෂ්ටිවාදී බලකායන්, කළමනාකරණ සහ වෘත්තීයමය ප්‍රභූ ශ්‍රේණීන් සහ ග්‍රාමීය තලය දක්වා විහිඳුණු පුළුල් අනුග්‍රාහක-සේවාදායක සබඳතා ජාලයන්ගෙනි. සමකාලීන දේශපාලන අධිකාරීවාදය වනාහී මෙම නව පංති බල ව්‍යාපෘතියේ අවශ්‍යතාවකි. මෙය පැහැදිලිවම 2015 පැවති තත්ත්වය හා සැසඳූ කල ගුණාත්මක වෙනසකි.

    තවද ඉහත කී පරිවර්තනය වටහා ගත යුතුව තිබුණේ සමකාලීන ගෝලීය දේශපාලන-ආර්ථිකයේ සහ දේශපාලනයේ සිදුවෙමින් පැවති වෙනස්කම්ද සැලකිල්ලට ගනිමින්ය. (මා පසුගිය ජනාධිපතිවරණයට පෙර ලියූ ලිපි ගණනාවකින් මේ කාරණය පැහැදිලි කොට ඇත). විශේෂයෙන්ම 2016 දී එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වීමෙන් සංකේතවත් වූ අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ නැගීම ඒ අතුරින් ප්‍රමුඛය.

    ට්‍රම්ප්ගෙන් පසුව එක්සත් ජනපදයේ ගෝලීය නායකත්වය බරපතල අර්බුදයකට පත් විය. ඒ අතරම යුරෝපාකරයේ අන්ත-දක්ෂිණාංශයේ නැගීම හමුවේ සමස්ත යුරෝපා සංගම් ව්‍යාපෘතියම අර්බුදයට පත් විය. මේ තත්ත්වයන් යටතේ එක්සත් ජනපද සහ යුරෝපීය හෙජමොනිය තුළ ගොඩ නැගුණු “ලිබරල් ජාත්‍යන්තර පර්යාය” අර්බුදයට පත් විය.

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික සිවිල් සමාජ ව්‍යාපාරවල ශක්තිය කෙරෙහි ලිබරල් ජාත්‍යන්තර පර්යායේ අර්බුදය බරපතල ලෙස බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත. 2019 සංධිස්ථානමය මොහොත 2015 න් වෙනස් වන්නේ හුදෙක් ජාතික දේශපාලනයේ තත්ත්වයන් පමණක් නොව ඉහත කී ගෝලීය දේශපාලන ආර්ථිකමය මෙන්ම දේශපාලනික තත්ත්වයන්ද හේතු කොටගෙනය.

    මේ අනුව, පසුගිය ජනාධිපතිවරණය පවත්වන ලද්දේ කුමන අරුතකින් ගත්තද අධිකාරීවාදී දේශපාලනයක ආධිපත්‍ය තහවුරු වීමට උචිත ව්‍යුහාත්මක කොන්දේසි දේශීයව මෙන්ම ජාත්‍යන්තරිකවද සැකසෙමින් පැවති වාතාවරණයක් තුළය. 

    වසංගතයට මුහුණ දීම සඳහා රට ලොක් ඩවුන් කළ යුතුය යන ඉල්ලීම මතු වූයේ මෙරට ලිබරල් සිවිල් සමාජ කණ්ඩායම් තුළින්මය. එහිදී ලොක් ඩවුන් කිරීමක් කරන්නේ නම් ඒ සමගම ප්‍රජා සහභාගීත්වය සහිත ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක්ද ඉදිරිපත් කළ යුතුය යන යෝජනාව ප්‍රබලව ඉදිරිපත් කරන්නට ඔවුන් අසමත් විය.

    කොරෝනා අර්බුදය 

    යම් දේශපාලන හැරවුමකට උචිත තත්ත්වයන් සැකසීමත් එම හැරවුමට අවශ්‍ය ජවය සැපයෙන ආසන්න සිද්ධියක් නිර්මාණය වීමත් අතර වෙනසක් පවතී. කොරෝනා වෛරස් වසංගතය මගින් සැපිරුණේ ඉහත කී දෙවන අවශ්‍යතාවයි. ඒ සඳහා අනියමින් මෙරට ලිබරල් සමාජ කොටස්ද දායක වී තිබේ.

    වසංගතයට මුහුණ දීම සඳහා රට ලොක් ඩවුන් කළ යුතුය යන ඉල්ලීම මතු වූයේ මෙරට ලිබරල් සිවිල් සමාජ කණ්ඩායම් තුළින්මය. එහිදී ලොක් ඩවුන් කිරීමක් කරන්නේ නම් ඒ සමගම ප්‍රජා සහභාගීත්වය සහිත ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක්ද ඉදිරිපත් කළ යුතුය යන යෝජනාව ප්‍රබලව ඉදිරිපත් කරන්නට ඔවුන් අසමත් විය.

    සැබවින්ම ලොක් ඩවුන් කිරීමෙන් පසුව නොවැලැක්විය හැකි ලෙසම ආර්ථිකමය සහ සමාජමය අර්බුද මාලාවකට මුහුණ දීමට පාලනාධිකාරයට සිදු විය. එම අර්බුදයට පාලකයින් ප්‍රතිචාර දක්වන ලද්දේ තම අනුග්‍රාහක දේශපාලන ජාලයන් ප්‍රවර්ධනය කර ගැනීමේ අවස්ථාවක් බවට එය පරිවර්තනය කර ගැනීමෙනි. ප්‍රජා සහභාගීත්වය සහිතව ක්‍රියාත්මක කෙරෙන සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් වෙනුවට දේශපාලන අනුග්‍රාහක සබඳතා ඔස්සේ සෘජුව ක්‍රියාත්මක කෙරෙන ඉහළ සිට මෙහෙයවෙන වැඩ පිළිවෙලක් ආදේශ විය. 

    ඇඳිරි නීතියේ ආවරණය යටතේ පවතින ලොක් ඩවුන් කිරීමක් සමග පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමද එක් වූ විට විධායක බලයේ ශක්තිය වර්ධනය වීමට අවශ්‍ය ස්වර්ණමය තත්ත්වයක් ගොඩ නැගෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. පවත්නා සංයුක්ත තත්ත්වය තියුණු ලෙස විශ්ලේෂණය කරමින් සිටි මහාචාර්ය ජයදේව උයන්ගොඩ ඒ මොහොතේදී මහා මැතිවරණය කල් නොදැමිය යුතු යැයි පවා කියන්නට පෙළඹුණේ සිදුවෙමින් පැවති පරිවර්තනය මෙරට ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ අනාගතය කෙරෙහි ඇති කළ හැකි නිශේධනීය බලපෑම් ගැන කල්පනා කිරීම නිසා විය යුතුය. ඒ දිනවල මම  “රාවය” පුවත්පතට මෙසේ ලීවෙමි. 

    “පාර්ලිමේන්තුව නොකැඳවා, මැතිවරණය කල් දැමූ වාතාවරණයක් තුළ “ලොක් ඩවුන්” කිරීමක්ද  කළ හොත් එයින් උද්ගත විය හැකි දේශපාලන පල විපාක කවරාකාර වනු ඇත්ද? කොහොමටත් ඊළඟ මැතිවරණය පැවැත්වෙන තුරු පවතින්නේ භාරකාර ආණ්ඩුවකි. මෙම කාල පරිච්ජේදය තුළ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බල තුලනය පවතින්නේ විධායකයට වාසි සහගතවය. හදිසි ආපදා තත්ත්වය තුළ විධායකය තවදුරටත් බලවත් වීම අපේක්ෂා කළ යුතුය. දැනටමත් කොරෝනා වෛරසය සමග කරන සටනේ ප්‍රධාන ඒජන්තයා බවට සන්නද්ධ හමුදාව පත්වී අවසන්ය. මෙම  සිදුවෙමින් පවතින ක්‍රියාවලිය තියුණු ලෙස විශ්ලේෂණය කොටගෙන එකී පුළුල් චිත්‍රය දකින්නට අපට බාධා කරන්නේ කොරෝනාව ආශ්‍රිත භීතිකා කර්මාන්තයයි.” (“රාවය”, 22/03/2020).

    පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සංකේතවත් වූයේ අප බොහෝ විට ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ඇතුල් වන්නට යන නව යුගයේ පෙර මග ලකුණු විය හැකිය. 

    නව යුගයේ පෙර මග ලකුණු

    එහිදී මා අවධාරණය කළේ ලොක් ඩවුන් කිරීමේ ඉල්ලීම සමග සමාජ ආරක්ෂණයේ ඉල්ලීමද මැතිවරණය කල් දැමීමේ ඉල්ලීම සමග පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ ඉල්ලීමද සම්බන්ධ කළ යුතු බවය. තවත් බොහොමයක් දෙනා එසේ කීවද, අප වැන්නන් පවසන දේ කව්රු නම් ගණන් ගනීද? දැන් ඒ සියල්ල අතීතයයි.

    පසුගිය මාස කිහිපය මුළුල්ලේ අප දක්නා ලද්දේ ක්‍රම ක්‍රමයෙන් නිරෝධායන නීතින් සමාජ පාලනයේ මාධ්‍යයක් ලෙස භාවිත වන අයුරුත් වසංගත පාලනය අධිකාරීවාදී පාලනාධිකාරයක් හැඩ ගැස්වීම සඳහා භාවිත වන අයුරුත්ය.

    අප වැනි රටවල දේශපාලන විද්‍යා විශ්ලේෂණයේදී අපගේ තියුණු ඇසට හසු විය යුත්තේ විධිමත් සහ නෛතික ආණ්ඩු බලයක්  තැනෙන අයුරු පමණක් නොව එම විධිමත් ව්‍යුහයන්ට පිටතින් පාලනාධිකාරයක් ගොඩ නැගෙන ආකාරයයි.

    පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සංකේතවත් වූයේ අප බොහෝ විට ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ඇතුල් වන්නට යන නව යුගයේ පෙර මග ලකුණු විය හැකිය. 

    සුමිත් චාමින්ද