Tag: featured

  • ජනපති ප්‍රමුඛ නව ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ මෙන්න !

    ජනපති ප්‍රමුඛ නව ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ මෙන්න !

    මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

    මේ අතර අද පත්කෙරුණු කැබිනට් අමාත්‍ය ධූර පහත පරිදි වෙයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

    01 ආරක්ෂක
    02 මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක
    03 බලශක්ති
    04 කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්

    අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය 

    05 අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු
    06 අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ
    07 කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා
    08 වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
    09 සෞඛ්‍ය

    විජිත හේරත් මහතා

    10 බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය
    11 ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
    12 මහජන ආරක්ෂක
    13 විදේශ කටයුතු
    14 පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
    15 ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම්

    පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, හිටපු පාර්ලිමේන්තු
    මන්ත්‍රීවරුන් වන  සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ යන මහත්වරුන්ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එච්.එස්. තුයියකොන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

  • නව ලේකම්වරුන් පත් කෙරේ: නම් ලැයිස්තුව මෙන්න !

    නව ලේකම්වරුන් පත් කෙරේ: නම් ලැයිස්තුව මෙන්න !

    අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරුන් මෙලෙස පත්කර ඇති බවය. එම නාමලේඛනය පහත පරිදි වේ,

    01 ජී. පී. සපුතන්ත්‍රි මහතා –  අග්‍රාමාත්‍ය ලේකම්
    02 ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම්
    03 කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා  –  ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
    04 කේ.එම්.එම්. සිරිවර්ධන මහතා –  මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය
    05 අරුණි විජේවර්ධන මහත්මිය – විදේශ කටයුතු අමාත්‍යාංශය
    06 – ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මිය – අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය
    07 – කේ. මහේසන් මහතා – කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
    08 එම්.එම්. නයිමුදීන් මහතා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
    09 ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා – ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය
    10 පාලිත ගුණරත්න මහීපාල මහතා –  සෞඛ්‍ය අමාත්‍යාංශය
    11 ඩබ්ලිව්.පී.පී. යසරත්න මහතා – අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය
    12 බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා  – පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
    13 එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා – කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය
    14 එච්.එස්.එස්. තුයියකොන්තා මහතා – ආරක්ෂක අමාත්‍යාංශය
    15 ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා  – මහජන ආරක්ෂක අමාත්‍යාංශය
    16 රංජිත් ආරියරත්න මහතා – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකබද්ධතා, සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
    17 – මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතා  – බලශක්ති අමාත්‍යාංශය

  • ශානි සහ රවී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන නීතිපති කළ ප්‍රකාශය

    ශානි සහ රවී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන නීතිපති කළ ප්‍රකාශය

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව නීතිපතිවරයා අද ( 20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

    ඒ, හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් කරන ලද විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදීයි.

    අදාළ පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඇති බවයි.

    විමර්ශන තවමත් මූලික අදියරේ පවතින බවත් පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීමට මේ මොහොතේ තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

    කෙසේ වෙතත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තරම් ප්‍රමාණවත් සාක්ෂි මතුවුවහොත් එවැනි තීන්දුවක් අධිකරණයට දන්වා මෝසමක් ගොනු කරන බවද ඔහු සඳහන් කළේය.

  • ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන නිසා වසන්ත මුදලිගේ ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලාලු

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන නිසා වසන්ත මුදලිගේ ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලාලු

    රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ට කිසිදු ගිවිසුමකට එළැඹීම වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජන අරගල සන්ධානයේ ජාතික විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ මහතා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

    ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණයවල පොලී අනුපාතය මුලින් 5%ත් 7%ත් අතර පැවති බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ රජය මෙය 8.2% දක්වා වැඩි කර පසුව 7.4% දක්වා අඩු කර ඇති බවත් පෙත්සම්කරු කියා සිටී.

    මේ හේතුවෙන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 16.4 සිට ඩොලර් බිලියන 19.1 දක්වා ඉහළ ගොස් ඇති බවත්, මේ හේතුවෙන් ශ්‍රී ලාංකික ජනතාව මත විශාල ආර්ථික බරක් පැටවී ඇති බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.

    ඒ අනුව අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා ජනතාවගේ මූලික මානව හිමිකම් කඩවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා තිබේ.

    මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ වසන්ත මුදලිගේ මෙසේ පැවසීය, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම මත රජය යෝජනා කරන ආර්ථික විසඳුම් වත්මන් ආර්ථික අර්බුදයට කිසිවිටෙකත් ස්ථිරසාර විසඳුම් වන බව අපි විශ්වාස කරන්නේ නැහැ. බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පිටවීමේ ව්‍යාපාරයට අපි අඛණ්ඩව සහාය සහ නායකත්වය ලබා දෙනවා”

  • පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා සාර්ථකයි

    පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා සාර්ථකයි

    • රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වූ නිල පිළිගැනීම නුදුරේදීම හිමි වෙනවා.
    • සියලුදෙනාගේ සහාය ඇතිව රට ගොඩනඟන ආර්ථික සැලසුම් ක්‍රියාවට නංවනවා -ජනපති.

    පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා ද අවසන් කරමින් රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අදාළ සියලු සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙන බවත්, රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වන නිල පිළිගැනීම නුදුරේදීම හිමිවීමත් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වේගවත් සැලැස්ම ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ‍තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ (COYLE) විධායක මණ්ඩලය සමඟ අද (20) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.

    අපනයන ආර්ථිකයක් කරා රට කඩිනමින් යොමු කිරීම තම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා ඊට අවශ්‍ය උපාය මාර්ගික වැඩපිළිවෙළ මේ වන විට සකස් කර තිබෙන බවත් කෘෂි නවීකරණ වැඩපිළිවෙළ එහි ප්‍රමුඛ අංගයක් බවත් සඳහන් කළේය.

    රටවල් 20කට අධික ජාලයක් සමඟ සම්බන්ධ G20 සංවිධානයෙහි තරුණ ව්‍යවසායක සන්ධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට මේ වන විට තමන්ට හැකි වී ඇති බව මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළ තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලය ඔවුන් විසින් ක්‍රියාත්මක කර ඇති විවිධ ව්‍යවසායක සංවර්ධන ව්‍යාපෘති සඳහා KPMG සහ PMI වැනි සංවිධාන සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් පැවසීය.

    එසේම ආරම්භක අදියරේ පවතින සමාගම් සහ ව්‍යාපාර සඳහා ලබා ගැනීමට අපහසු ආධාර හා පහසුකම් කඩිනමින් ලබාදීමේ වැඩසටහනක් චෙන්නායිහි ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සමඟ එක්ව දියත් කිරීමට කටයුතු කර ඇති බවත් පෙන්වා දුන්නේය.

    ඇමෙරිකා එක්සත් ජනපදය, ඩුබායි සහ ඕස්ට්‍රේලියාව යන රටවල සිටින සිය මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහාය ඇතිව එම රටවල වෙළඳ මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර පුළුල් කර ගැනීමට සහ දේශීය නිෂ්පාදන ගෝලීය වෙළඳපොළට ගෙන යාමට හැකි වැඩපිළිවෙලක්ද තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර ඇති බව ඔවුහු ජනාධිපතිවරයා වෙත පෙන්වා දුන්හ.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය:

    අප රටේ පැවැත්ම සඳහා, ජාත්‍යන්තර වෙළඳාම පුළුල් කිරීම සහ අපනයන වැඩි කිරීම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. මෙම ආර්ථික පරිවර්තනයට සහාය දැක්වීම සඳහා අප නව ආයතන පිහිටුවනවා. එය ඉදිරියට යාමට ඇති එකම මාර්ගයයි.

    අප පුද්ගලික බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා අවසන් කළා. ඒ නිසා ඊළඟ තීරණාත්මක පියවර වන්නේ අපගේ බංකොලොත් භාවය නිල වශයෙන් ඉවත් කර ගැනීමයි. ඉන් පසුව රට ඉදිරියට ගෙන යන පුළුල් වැඩපිළිවෙළ අප ආරම්භ කරනවා.

    අප අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් කරා ගමන් කරන විට, සියලු ක්‍රමවේදයන් සහ උපාය මාර්ග ප්‍රතිසංස්කරණය කළ යුතුයි. එම වැඩකොටස අප මේ වන විට හඳුනාගෙන තිබෙනවා. කෘෂි නවීකරණය, සුහුරු කෘෂිකර්මාන්තය හඳුන්වාදීම සහ සේවා, කෘෂිකර්මාන්තය සහ නිෂ්පාදනය ඇතුළු විවිධ අංශ විවෘත කිරීම පිළිබඳ අප සොයා බලමින් සිටිනවා. තනි පද්ධතියක් (single-window system) හඳුන්වාදීම මගින් මෙම මෙහෙයුම් විධිමත් කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

    පසුගිය කාලය පුරා අප ප්‍රමුඛතාව ලබාදී තිබුණේ බංකොලොත් භාවයෙන් ඉවත් වීම සඳහායි. දැන් ඒ පිළිබඳ සාකච්ඡා සිදු කර අවසන් වී තිබෙනවා. ඉදිරි මාසයක හෝ ඊට වැඩි කාලයක් ඇතුළත ඒ පිළිබඳ නිල පිළිගැනීම හිමිවෙනවා. ඒ සමඟින්, ඩොලර් බිලියන 10 – 15 ත් අතර ප්‍රමාණයකට ඇස්තමේන්තුගත කර ඇති ණය ගෙවීම් සඳහා සහන ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. අද පස්වරුව වන විට ඒ පිළිබඳ විධිමත් ප්‍රකාශයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟින් නිවැරදි සංඛ්‍යා දත්ත පැහැදිලිව දැකගත හැකිවනු ඇතියි. ඉන් පසුව අප රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ ඇරඹිය යුතුයි.

    ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්.එස්. සමරතුංග, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ තීක්ෂණ අබේවර්ධන යන මහත්වරුන් සහ තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ (COYLE) විධායක මණ්ඩල සාමාජිකයින් ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • 2023 AL සමත් සිසුන්ට වැදගත්ම පුවතක්

    2023 AL සමත් සිසුන්ට වැදගත්ම පුවතක්

    2023  උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා ඇතුළත් කර ගන්නා කඩඉම් ලකුණු අද (20)   පස්වරුවේ නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. අද(20)  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    2023 වසරේ උසස් පෙළ විභාග ප්‍රතිඵල  මැයි 31 වන දා නිකුත් කළ අතර ඊට අනුකූලව මෙම කඩඉම් ලකුණු නිකුත් කර ඇත.එම කඩඉම් ලකුණු  අද පස්වරු 6.00 සිට www.ugc.as.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • ඔබ රෑට පිපිඤ්ඤා කනවාද? එය ඔබේ සෞඛ්‍යයට කරන බලපෑම දැන ගන්න

    ඔබ රෑට පිපිඤ්ඤා කනවාද? එය ඔබේ සෞඛ්‍යයට කරන බලපෑම දැන ගන්න

    පිපිඤ්ඤා ආමාශයට සහ ශරීරයට හිතකර ලෙස සැලකේ. බර අඩුකරගැනීමේ සිට සම පැහැපත් කිරීම දක්වා පිපිඤ්ඤා වල ප්‍රයෝජන රැසක් ඇත. කෙසේ වෙතත්, රාත්‍රියේදී පිපිඤ්ඤා ආහාරයට ගැනීම තහනම්ය. රාත්‍රියේදී පිපිඤ්ඤා ආහාරයට නොගත යුත්තේ මන්දැයි සහ පිපිඤ්ඤා ආහාරයට ගැනීමට සුදුසු කාලය කුමක්දැයි දැන් දැන ගන්න.

    පිපිඤ්ඤා සලාද සෞඛ්‍ය සඳහා ඉතා ප්‍රයෝජනවත් ලෙස සැලකේ. පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් ශරීරයට ඛනිජ සහ විටමින් ලබා දේ. පිපිඤ්ඤා ආහාරයට ගැනීමේ බොහෝ වාසි ඇත. කෙසේ වෙතත්, පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් සම්පූර්ණ ප්‍රතිලාභය ලැබෙන්නේ නියම වේලාවට එය ආහාරයට ගත්විට පමණි. රාත්‍රියේදී පිපිඤ්ඤා ආහාරයට ගැනීම තහනම්ය. දිවා කාලයේදී පිපිඤ්ඤා දියමන්තියක් තරම් වටිනා බවත් රාත්‍රියේදී එහි වටිනාකම දුරු ඇටයකට සමාන බවත් පැවසේ. ඒ අතරම, රාත්‍රියේදී පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් ආමාශ ආබාධ ඇති විය හැකිය.

    රාත්‍රියට පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් ඇතිවන අවාසි මොනවාද සහ පිපිඤ්ඤා ආහාරයට ගැනීමට සුදුසු කාලය කුමක්දැයි දැන ගනිමු.

    ලුණු සහිත ආහාරවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය නම්, ඔබ දිවා කාලයේදී ලුණු සහිත ආහාර අනුභව කළ යුතුය. එබැවින් දිවා ආහාරයට පිපිඤ්ඤා ඇතුළත් කළ යුතුය. සලාද කෑමට සුදුසුම ක්‍රමය නම් කෑමට පෙර  ආහාරයට ගැනීමයි. පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් බර අඩු කර ගැනීමට උපකාරී වන අතර ශරීරයට ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ඛනිජ ලවණ බහුලව ලැබේ.

    රාත්‍රියේදී පිපිඤ්ඤා අනුභව නොකළ යුත්තේ ඇයි?

    රාත්‍රියේදී පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතුය. එයට හේතුව පිපිඤ්ඤා දිරවීමට කාලය ගතවන අතර රාත්‍රියේදී එය ආහාරයට ගැනීමෙන් ආමාශයේ බර වැඩිවිය හැකිය. ප්‍රමාද වූ ආහාර දිරවීම නිසා නින්දට බාධා ඇති විය හැකිය. සමහර විට රාත්‍රියේදී පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් ආමාශයේ වායුව සහ ආම්ලිකතාවය ඇති වේ. සමහර අයට ආහාර දිරවීමේ දුර්වලතා ද ඇත. විශේෂයෙන්ම ආහාර දිරවීමේ දුර්වලතා ඇති අය රාත්‍රියට පිපිඤ්ඤා ආහාරයට නොගත යුතුය.

    පිපිඤ්ඤා ආහාරයට ගැනීමට සුදුසු කාලය කුමක්ද?

    උදේ පාන්දරින්ම පිපිඤ්ඤා ආහාරයට ගැනීම වඩාත් සුදුසු යැයි සැලකේ. පිපිඤ්ඤා ආහාරයට ගැනීමට හොඳම කාලය මෙයයි. ඔබට අවශ්‍ය නම්, උදේ ආහාරයෙන් පසු සහ කෑමට පෙර පිපිඤ්ඤා ආහාරයට ගත හැකිය. මේ ආකාරයට පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් ඔබේ බඩ පිරෙන අතර අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකී සිටීමට ඔබට හැකි වේ. පිපිඤ්ඤා ආහාර දිරවීමට බොහෝ කාලයක් ගත වන නිසා ආහාර වේලකට පැය භාගයකට පෙර ආහාරයට ගත යුතුය.

    දිවා කාලයේදී පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි

    පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් ශරීරයට ප්‍රතිලාභ රැසක් ලැබේ. පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් පරිවෘත්තීය වේගවත් වන අතර ආමාශය පහසුවෙන් පුරවයි. පිපිඤ්ඤා වල සියයට 95ක් දක්වා ජලය අඩංගු වන අතර එමඟින් ශරීරය සජලනය කරයි.

    බර අඩු කර ගැනීම සඳහා පිපිඤ්ඤා ද ඵලදායී සලාදයකි. පිපිඤ්ඤා වල විටමින් සී, බීටා කැරොටින් සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එය ප්‍රතිශක්තිය ශක්තිමත් කරයි. ලුණු සහිත ආහාරවල කැල්සියම් ද අඩංගු වන අතර එමඟින් අස්ථි ශක්තිමත් වේ.

    (මෙම ලිපිය සාමාන්‍ය තොරතුරු සඳහා වේ, කරුණාකර කිසියම් පිළියමක් අනුගමනය කිරීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් විමසන්න)

  • නවසීලන්තය ප්‍රබල ස්ථානයක

    නවසීලන්තය ප්‍රබල ස්ථානයක

    සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල සනත් ජයසූරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරයේ දෙවැනි දිනය (19) නිමා වන විට සංචාරක නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබා සිටියේය.

    ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉණිමට සියලු දෙනාම දැවී ලකුණු 305ක් රැස් කළේය.

    නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටොම් ලේතම් (ලකුණු 70) සහ කේන් විලියම්සන් (ලකුණු 55) අර්ධ ශතක වාර්තා කළ අතර ඩැරිල් මිචල් නොදැවී ලකුණු 41 ලබා සිටී.

  • ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹේ

    ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹේ

    2023 වසර අවසන් වන විට පැවති මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අද (19) ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිණි.

    ජාත්‍යන්තර ආයෝජකයින් නියෝජනය කරන බැඳුම්කර හිමියන්ගේ තාවකාලික කණ්ඩායම (Ad Hoc Group of Bondholders – AHGB) සහ දේශීය මූල්‍ය ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකාවේ දේශීය සමූහය (Local Consortium of Sri Lanka – LCSL) සමඟ සිදු කළ සාකච්ඡා හරහා මෙම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ එකඟතාව ඇති කරගෙන තිබේ. මෙරට ස්වෛරීත්ව බැඳුම්කරවලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම කණ්ඩායම් දෙක සතු වේ.

    මෙම එකඟතා යටතේ, 11% ක වට්ටම් අනුපාතයක් මත පදනම්ව 40.3% ක වර්තමාන අගයක (Net Present Value) සඳහා සහනයක් ලබාදීමට බැඳුම්කර හිමියන් එකඟ වී ඇත.

    මෙම එකඟතා මගින් 2024 ජූලි මස ස්ථාපිත කරන ලද ඒකාබද්ධ ක්‍රියාකාරී රාමුවට වඩා ශ්‍රී ලංකාවට විශාල ණය සහනයක් හිමි වන අතර, නව කොන්දේසි වල දක්වා ඇති පරිදි පොලී ගෙවීම්වල ද අමතර අඩු කිරීමක් සිදු වේ.

    ශ්‍රී ලංකාව දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.3 ක පමණ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ප්‍රධාන මූල්‍ය කොන්දේසි පිළිබඳව චීන සංවර්ධන බැංකුව (CDB) සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට ද එළැඹී තිබේ.

    චීනයේ එක්සිම් බැංකුව, ශ්‍රී ලංකාවේ නිල ණයහිමියන්ගේ කමිටුව (OCC), චීන සංවර්ධන බැංකුව (CDB) සහ බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගත් ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන් කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 17 කට අධික ණය සේවා සහනයක් හිමිව ඇත. මීට චීනයේ එක්සිම් බැංකුව වෙතින් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4ක්, නිල ණය හිමියන්ගේ කමිටුව වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක්, චීන සංවර්ධන බැංකුව (CDB) වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් සහ බැඳුම්කර හිමියන්ගෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 9.5ක් ඇතුළත් වේ.

    මෙම ක්‍රියාවලිය පුරාවට ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමියන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නිල ණය හිමියන්ගේ කමිටුවේ ලේකම් කාර්යාලය (OCC Secretariat) විසින් ලබාදුන් අඛණ්ඩ සහ ඵලදායී සහයෝගය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය සහ ප්‍රශංසාව පළ කළේය.

    අදාළ නිල නිවේදනය පහත සැබැඳියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

    https://links.sgx.com/FileOpen/Sri%20Lanka%20-%20Announcement%20of%20Agreement%20in%20Principle%20-%2019_09_2024.ashx?App=Announcement&FileID=819175

  • ජාතික ආරක්ෂක කවුන්සිලය ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

    ජාතික ආරක්ෂක කවුන්සිලය ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

    ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. එළැඹෙන 2024 ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

    මැතිවරණ දිනයේ දී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ජන්ද මධ්‍යස්ථාන හා ජන්ද ගණන් කරන ස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

    එසේම පශ්චාත් මැතිවරණ සමයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ දෛනික ජීවිත අඩාල නොවන පරිදි පවත්වාගෙන යාමට හැකි පසුබිම සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

  • ඡන්දය ප්‍රකාශ කරන්න අනන්‍යතාව තහවුරු කළ හැකි ලියවිලි මෙන්න

    ඡන්දය ප්‍රකාශ කරන්න අනන්‍යතාව තහවුරු කළ හැකි ලියවිලි මෙන්න

    ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අවධාරණය කළේය.

    අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සභාපතිවරයා, “ඡන්ද විමසීම සඳහා වලංගු වෙනවා ජාතික හැඳුනුම්පත, පැරණි හෝ නව හැඳුනුම්පත දෙකම වලංගුයි. ඒ වගේම වලංගු විදේශ ගමන්බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පැරණි හෝ ඊ හැඳුනුම්පත දෙකම වලංගුයි. ඒ වගේම අපැහැදිලි හැඳුනුම් පත්, නව ජාතික හැඳුනුම්පතක් ඉල්ලුම් කිරීමේදී නිකුත්කරන ලද කුවිතාන්සිය ආදී ඡායාරූපය සහිත හෝ රහිත වෙනත් කිසිදු ලියවිල්ලක් ඡන්දපොළේදී පිළිගන්නේ නැහැ.”

  • ඡන්දේ දාන්න රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

    ඡන්දේ දාන්න රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

    ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි. අද (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මේ බව අවධාරණය කළේය.

    ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 4ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

    ඒ සේම පෞද්ගලික අංශයේ සේවකයින්ටත් පහත පරිදි ඒ ඒ දුර ප්‍රමාණය අනුව නිවාඩු ලබාදීම අවශ්‍යය වේ. එම නිවාඩු ලබාදීම පහත පරිදි සිදුවිය යුතුය.

    • කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක නිවාඩුවක්
    • කිලෝමීටර් 40ත් – 100ත් අතර දුරක නම් දිනක නිවාඩුවක්
    • කිලෝමීටර් 100ත් – 150ත් අතර දුරක නම් දින එකහමාරක නිවාඩුවක්
    • කිලෝමීටර් 150ට වැඩි දුරක නම් දින දෙකක නිවාඩුවක්

    එහෙත් තමන්ගේ සේවා ස්ථානය බොහෝදුර බැහැර ස්ථානගත වී ඇති සමහර ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට දින තුනක් ගතවෙනවා නම්, ඒ සඳහා ගතවන දින තුනක නිවාඩුව ද ලබාදීමට ආයතන කටයුතු කළ යුතු බව ද මැතිවරණ කොම්සමේ සභාපතිවරයා සඳහන් කළේය.

    රාජ්‍ය හා පුද්ගලික විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩලවල හා ශිෂ්‍යයින්ගෙන් හා ඇඟලුම් කර්මාන්තශාලා ඇතුළු සියලුම පෞද්ගලික සේවා ස්ථානවල සේවකයින්ට ඉහත පරිදි ඡන්දයට නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස සියලු ආයතනවලින් මැතිවරණ කොම්සමේ සභාපතිවරයා වැඩිදුරටත් ඉල්ලීමක් සිදුකළේය.

  • ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය හොරාට පිටකළ තිදෙනකුට වැඩ වරදී

    ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය හොරාට පිටකළ තිදෙනකුට වැඩ වරදී

    අනුරාධපුර රත්මලේ තිස්ස මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයක් පිටවීම සම්බන්ධයෙන් එහි විභාග මධ්‍යස්ථානයේ රාජකාරි කළ පරීක්ෂකවරයා ඇතුළු තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට නියමිත බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතා පවසයි.

    සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයකින් පසුව මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.

    පසුගිය ඉරිදා (15) පැවති 5 ශ්‍රේණිය විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය කාන්දු වීම සම්බන්ධයෙන් දෙමාපියන් 100 කට ආසන්න පිරිසක් අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබුණි. එම විභාගය නැවත පවත්වන ලෙස දෙමාපියන් තම පොලිස් පැමිණිලිවලින් ඉල්ලා තිබුණි.

    විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ඡායාරූප සහකාර පරීක්ෂකවරයා විසින් විභාගය ආරම්භ වීමට පෙර පෞද්ගලික පන්ති භාර ගුරුවරුන් සමඟ සමාජ මාධ්‍ය කණ්ඩායමක් අතර බෙදාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ අනුව එම විභාග මධ්‍යස්ථානයේ සේවය කළ පරීක්ෂකවරයා, සහකාර පරීක්ෂකවරයා සහ එක් ගුරුවරයෙකුගේ සේවය කඩිනමින් අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.

    ඊට අමතරව බෙදාගත් ප්‍රශ්න පත්‍රය ලැබුණු බව කියන අනුරාධපුර සහ නොච්චියාගම ප්‍රදේශවලින් ගුරුවරුන් දස දෙනකු ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් කොළඹට කැඳවා තිබිණි.

  • Cricket Australia දුලිප් සමරවීරට අමතක නොව පාඩමක් උගන්වයි

    Cricket Australia දුලිප් සමරවීරට අමතක නොව පාඩමක් උගන්වයි

    ක්‍රිකට් ඕස්ට්‍රේලියානු (Cricket Australia –CA) ආයතනයේ ආචාරධර්ම පද්ධතිය බරපතෙළ ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පනවා තිබේ.

    සමරවීරට CA හෝ WBBL හෝ BBL කණ්ඩායම් ඇතුළුව ප්‍රාන්ත හෝ ප්‍රදේශීය සංගමයක් තුළ කිසිදු තනතුරක් දැරීම මේ අනුව තහනම් කර ඇත.

    ක්‍රිකට් වික්ටෝරියා (Cricket Victoria – CV) ආයතනයේ සේවයේ නියුතුව සිටියදී සමරවීර “නුසුදුසු හැසිරීම්” වල නිරත වූ බව CA හි හැසිරීම් කොමිසම විසින් සොයා ගන්නා ලදී.

    “CA සහ CV සියළුම ක්‍රීඩකයින් සහ සේවකයින් සඳහා ආරක්ෂිත පරිසරයක් සැපයීමට කැපවී සිටින අතර වැරදි ලෙස සැලකීමට ලක්වූවන්ගේ සුභසාධනය ඉතා වැදගත් වේ” යනුවෙන් CA ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

    CV ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, රාජ්‍ය කාන්තා වැඩසටහන සමඟ කටයුතු කළ සමරවීර තහනම් කිරීමට CA ගත් තීරණයට තම ආයතනය “දැඩි ලෙස” සහාය දෙන බවයි.

    CV ප්‍රධාන විධායක Nick Cummins පැවසුවේ, මෙම හැසිරීම මුළුමනින්ම හෙළා දකින බවයි.

    “මෙම නඩුවේ වින්දිතයා කතා කිරීමේදී ඇදහිය නොහැකි තරම් ධෛර්යයක් පෙන්නුම් කර තිබෙනවා. ඇයට පිටියේදී සහ ඉන් පිටතදී ඇයගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපගේ අඛණ්ඩ සහයෝගය දිගටම ලැබෙනු ඇත.” නික් කමින්ස් පැවසුවේය.

    ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “සංවිධානාත්මක දෘෂ්ටිකෝණයකින්, ක්‍රිකට් වික්ටෝරියා හි සෑම දෙනාගේම ආරක්ෂාව සහ යහපැවැත්ම ඉතා වැදගත්. එම ස්ථාවරය හෝ අපගේ ජනතාව සම්මුතියට පත් කරන කිසිදු හැසිරීමක් අපි නොඉවසන අතර අපගේ කතා කිරීමේ සංස්කෘතියට සැමවිටම සහාය දෙනවා”

    සමරවීර වික්ටෝරියානු කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මැයි මාසයේදී පත් කරන ලද නමුත් එම මාසය අවසානයේදී එම තනතුරේ කටයුතු ආරම්භ කිරීමට පෙර ඉල්ලා අස්විය.

    ඔහු මීට පෙර වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

    ඔහු 1993 සහ 1995 අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ හතකට ක්‍රීඩා කර ඇති අතර ඔහුගේ ක්‍රීඩා දිවිය තුළ එක්දින තරඟ පහකට පෙනී සිටියේය.

    මූලාශ්‍රය – ABC

  • Dead Butt Syndrome: දිගු වේලාවක් වා වී සිටියොත් ඇතිවන ‘බියකරු රෝගය‘

    Dead Butt Syndrome: දිගු වේලාවක් වා වී සිටියොත් ඇතිවන ‘බියකරු රෝගය‘

    දවස පුරාම වාඩි වී සිටීමෙන් ඔබට Dead Butt Syndrome  නම් රෝගී තත්ත්වය ඇති විය හැකි අතර එමගින් මාංශ පේශි දුර්වල වී ක්‍රියා විරහිත වේ. Gluteal Amnesia සඳහා හේතු, රෝග ලක්ෂණ සහ වැළැක්වීමේ උපදෙස් ඉගෙන ගන්න.

    අද නවීන ලෝකයේ අපගෙන් බොහෝ දෙනෙක් වැඩ කරන විට, රූපවාහිනිය ඉදිරිපිට හෝ ගමන් බිමන් යන විට පැය ගණනක් වාඩි වී සිටිති. කෙසේ වෙතත් දිගු වේලාවක් වාඩි වී සිටීම Dead Butt Syndrome (DBS) හෝ Gluteal Amnesia ලෙස හැඳින්වෙන තත්වයක් ඇතුළුව, ඔබේ ශරීරයට පුදුම සහගත අතුරු ආබාධ ඇති කළ හැකිය.

    මෙම තත්ත්වය ඔබේ ග්ලූටියල් මාංශ පේශිවලට (ඔබේ තට්ටම්වල ඇති මාංශ පේශිවලට) බලපාන අතර ශාරීරික අපහසුතාවයන් සහ ඉරියව් ගැටලු ඇති විය හැකිය. මෙම පොදු ගැටලුව වළක්වා ගැනීමට හේතු, රෝග ලක්ෂණ සහ ක්‍රම  දැන් සොයා බලමු.

    Dead Butt Syndrome (DBS) යනු කුමක්ද?

    Dead Butt Syndrome නොහොත් Gluteal Amnesia යනු දිගු වේලාවක් වාඩි වී සිටීම හෝ චලනය නොවීම හේතුවෙන් ග්ලූටීයල් මාංශ පේශි දුර්වල වීම හෝ අක්‍රිය වීම හේතුවෙන් ඇති වන රෝගී තත්ත්වයකි. මෙම මාංශ පේශී ඔබේ උකුල් සහ ශ්‍රෝණිය ස්ථාවර කිරීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. නිසි ඉරියව්ව සහ චලනය සඳහා ඒවා සහාය වේ. ඔබ දිගු වේලාවක් වාඩි වී සිටින විට ඒවායේ ක්‍රියාකාරිත්වය දුර්වල විය හැකි අතර එය ශරීරයේ අසමතුලිතතාවයට මග පාදයි.

     

    Dead Butt Syndrome ඇතිවීමට හේතු

    DBS හි මූලික හේතුව වන්නේ වාඩි වී සිටින ජීවන රටාවයි, දිගු වේලාවක් වාඩි වී සිටීම ග්ලූටේ මාංශ පේශි දුර්වල වීමට හේතු වේ. අනෙකුත් දායක සාධක ද එයට ඇතුළත් වේ.

    දුර්වල ඉරියව්: නරක හෝ දුර්වල ඉරියව්වෙන් වාඩි වී සිටීමෙන් පහළ පිටුපස සහ උකුල් වෙහෙසට පත් වන අතර, ග්ලූටස් තවදුරටත් විසන්ධි කරයි.

    ව්‍යායාම නොමැතිකම: ග්ලූටස් ඉලක්ක කරන ව්‍යායාම සිදු නොකිරීම කාලයත් සමඟ මාංශ පේශි ක්ෂය වීමට හේතු විය හැකිය.

    මාංශ පේශි භාවිතයේ අසමතුලිතතාවය: ක්‍රියාකාරකම් වලදී ඔබේ ග්ලූටස් වෙනුවට උකුල් නැමීම් සහ යටි පිටුපස මාංශ පේශි මත වැඩිපුර විශ්වාසය තැබීම අසමතුලිතතාවයක් ඇති කළ හැකිය.

    Dead Butt Syndrome හි රෝග ලක්ෂණ

    • DBS හි රෝග ලක්ෂණ වෙනස් විය හැකි නමුත් පොදු සංඥා ඇතුළත් වේ.
    • වේදනාව හෝ අසහනය: මාංශ පේශි ක්‍රියාකාරීත්වයේ අසමතුලිතතාවය හේතුවෙන් ඔබට පහළ පිටුපස, උකුල් හෝ දණහිසේ වේදනාව අත්විඳිය හැකිය.
    • උකුල් වල තද ගතිය: දිගු වේලාවක් වාඩි වී සිටීම උකුලේ නැමීම් තද කරයි, සංචලනය සීමා කරන අතර අපහසුතාව වැඩි කරයි.
    • හිරිවැටීම හෝ වේදනාව: දුර්වල රුධිර ප්‍රවාහය හේතුවෙන් තට්ටම් හිරිවැටීම හෝ වේදනාව දැනිය හැකිය.
    • Glutes හි දුර්වලතාවය: ග්ලූටේ ශක්තිය මත රඳා පවතින squats හෝ lunges වැනි අභ්‍යාස සිදුකිරීමේ දුෂ්කරතාවය ප්‍රධාන දර්ශකයකි.

    Gluteal Amnesia වැළැක්වීමේ මාර්ග

    ශුභාරංචිය නම් Dead Butt Syndrome ඔබේ ග්ලූට්ස් ක්‍රියාකාරීව තබා ගැනීම සඳහා ජීවන රටාවේ වෙනස්කම් කිහිපයක් සහ ව්‍යායාම මගින් වළක්වා ගත හැකි බවයි.

    නිතිපතා විවේක ගන්න: දිගු වේලාවක් වාඩි වී සිටීමෙන් වළකින්න. සිටගෙන සිටීමට, කකුල් දිගු කිරීමට හෝ ඇවිදීම කරන්න. සෑම විනාඩි 30කට වරක් විවේක ගැනීමෙන් රුධිර සංසරණය වැඩි දියුණු කිරීම සිදුවන අතර මාංශ පේශි අක්‍රිය වීම වළක්වයි.

    Glute-Activating අභ්‍යාස සිදු කරන්න: ඔබේ glutes විශේෂයෙන් ඉලක්ක කරන ව්‍යායාම ඇතුළත් කරන්න. එනම්, Glute bridges, clamshells, squats and lunges, your hip flexors දික් කරන්න. නිසි ඉරියව්වක් පවත්වා ගන්න, ස්ථාවර මේසයක් භාවිතා කරන්න.

    නිසි ඉරියව් පවත්වා ගන්න: වාඩි වී සිටින විට ඔබේ හරය සහ ග්ලූටේට් සම්බන්ධ කර ගැනීම සඳහා ඔබේ පිටුපස කෙළින්ම සහ ඔබේ පාද බිම සමතලා කර ගනිමින් කෙළින් වාඩි වීම කෙරෙහි අවධානය යොමු කරන්න.

    ස්ථාවර මේසයක් භාවිතා කරන්න: හැකි නම්, වාඩි වී සිටීම සහ සිටගෙන සිටීම අතර විකල්ප කිරීමට ඉඩ සලසන ස්ථාවර මේසයක් භාවිතා කිරීම ගැන සලකා බලන්න.

    Dead Butt Syndrome  හාස්‍යජනක ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් එය ඔබගේ ඉරියව්ව, සංචලනය සහ සමස්ත යහපැවැත්මට බලපෑ හැකි බරපතල තත්ත්වයකි. ඔබේ දෛනික චර්යාවේ මෙම සරල වෙනස්කම් සිදු කිරීමෙන් ඔබට Dead Butt Syndrome  වළක්වා ගත හැකි අතර ඔබේ ශරීරය සමබරව තබා ගත හැකිය. සෞඛ්‍ය සම්පන්න, ක්‍රියාශීලී ග්ලූට්ස් පවත්වා ගැනීම සඳහා චලනයට ප්‍රමුඛත්වය දෙන අතර දිගු වෙලාවක් වාඩි වීම වළක්වා ගන්න.

    (මෙම ලිපිය සාමාන්‍ය තොරතුරු සඳහා වේ. ඕනෑම පිළියමක් සඳහා කරුණාකර වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් විමසන්න.)

  • AI-ජනනය කරන ලද රූප වැරදි තොරතුරු වලට Google කළ දේ මෙන්න !

    AI-ජනනය කරන ලද රූප වැරදි තොරතුරු වලට Google කළ දේ මෙන්න !

    කෘත්‍රිම බුද්ධිය (AI) විසින් ජනනය කරන ලද රූප වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට Google නව මෙවලම් එළිදක්වා ඇති බව වාර්තා වෙයි.

    Google මෑතකදී නව මෙවලම එළිදක්වා ඇති අතර එමඟින් පරිශීලකයින්ට ජනක කෘතිම බුද්ධිය භාවිතයෙන් රූපයක් ජනනය කළේද යන්න තීරණය කිරීමට ඉඩ සලසයි. සමාගම පෙබරවාරි මාසයේ සිට නව තාක්ෂණික ප්‍රමිතියක් සංවර්ධනය කිරීම සඳහා ක්‍රියා කරමින් අන්තර්ගත ප්‍රභවය සහ සත්‍යතාව සඳහා වූ සන්ධානයේ (Coalition for Content Provenance and Authenticity – C2PA) ක්‍රියාකාරී සාමාජිකයෙකු වී ඇත. මීට අමතරව, AI-උත්පාදනය කරන ලද අන්තර්ගතයට දිය සලකුණු කිරීමට (watermark) මෙවලම් නිර්මාණය කිරීමට Google අභ්‍යන්තරව කටයුතු කරමින් සිටින අතර දැන් මෙම මෙවලම් එහි මෙවලම් භාවිතයෙන් සාදන ලද පින්තූරවලට ඒකාබද්ධ කරයි.

    ඩිජිටල් ලෙස නිර්මාණය කරන ලද සහ වැඩි දියුණු කරන ලද රූප සැබෑ ඒවායින් වෙන්කර හඳුනාගත නොහැකි වන බැවින්, AI-ජනනය කරන ලද රූපවල පැතිරීම සැලකිය යුතු අවදානමක් මතු කරයි. මෙය ඩීප්ෆේක් වල ව්‍යාප්තිය ඉහළ යාමට හේතු වී ඇති අතර, සාවද්‍ය තොරතුරු සදාකාලික කිරීම සඳහා යථාර්ථවාදී AI-ජනනය කරන ලද රූප සැබෑ ලෙස ඉදිරිපත් කෙරේ.

    බ්ලොග සටහනක් තුල, Google විසින් Content Credentials ලෙස හඳුන්වන තාක්ෂණික ප්‍රමිතියේ වඩාත් ආරක්ෂිත අනුවාදයක් (2.1) සංවර්ධනය කිරීම සඳහා සභාගයේ අනෙකුත් සාමාජිකයින් සමග සහයෝගයෙන් කටයුතු කරන බව නිවේදනය කළේය. මෙම යාවත්කාලීන ප්‍රමිතිය සැලසුම් කර ඇත්තේ විවිධ ආකාරයේ විකෘති කිරීම් වලට එරෙහිව වඩාත් ඔරොත්තු දෙන ලෙස වන අතර දැඩි තාක්ෂණික අවශ්‍යතා ඇත. එය දැන් Google මෙවලම් හරහා ප්‍රවේශ විය හැකි පින්තූර සඳහා යොදනු ඇත.

    Google ප්‍රකාශ කළේ Google Images, Lens, සහ Circle to search හි ප්‍රදර්ශනය වන පින්තූරවලට අන්තර්ගත අක්තපත්‍ර ඇතුළත් කරන බවයි. මෙයින් අදහස් කරන්නේ පරිශීලකයින්ට ” About this image” කොටසේ C2PA පාර-දත්ත පරීක්ෂා කිරීමෙන් AI මෙවලම් භාවිතයෙන් රූපයක් නිර්මාණය කර හෝ සංස්කරණය කර ඇත්ද යන්න සත්‍යාපනය කළ හැකි බවයි.

    තවද, Google C2PA පාර-දත්ත එහි වෙළඳ ප්‍රචාරණ පද්ධතිවලට ඒකාබද්ධ කිරීමට සැලසුම් කරයි. මෙම දත්ත අනාගතයේදී සමාගමේ ප්‍රධාන ප්‍රතිපත්ති සහ බලාත්මක කිරීමේ උපාය මාර්ග දැනුම් දෙනු ඇත. මීට අමතරව, වීඩියෝවක් කැමරාවක් භාවිතයෙන් ග්‍රහණය කර ගත්තේද නැතහොත් ඩිජිටල් ලෙස නිර්මාණය කර තිබේද යන්න හඳුනා ගැනීමට උපකාර කිරීම සඳහා YouTube හි නරඹන්නන්ට C2PA තොරතුරු සන්නිවේදනය කිරීමේ ක්‍රම Google ගවේෂණය කරයි.

    සැලකිය යුතු කරුණක් නම්, Google විසින් SynthID ලෙස හඳුන්වන AI-ජනනය කරන ලද අන්තර්ගත සඳහා අභ්‍යන්තර ජල සලකුණු කිරීමේ තාක්ෂණයක් (watermarking technology) සංවර්ධනය කර ඇත. Google DeepMind විසින් වැඩි දියුණු කරන ලද, මෙම පද්ධතිය පියවි ඇසට නොපෙනෙන නමුත් විශේෂිත මෙවලම් භාවිතයෙන් හෙළි කළ හැකි ආකාරයෙන් රූපයක පික්සල තුළ තොරතුරු ඇතුළත් කරයි.