Tag: featured

  • සජිත් ඇතුළු 99කට එජාපයේ දොර වැසේ – සජිත්ගේ සියලු තනතුරුත් අහෝසියි

    සජිත් ඇතුළු 99කට එජාපයේ දොර වැසේ – සජිත්ගේ සියලු තනතුරුත් අහෝසියි

    එජාප නියෝජ්‍ය නායක ධුරය දරමින් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා ලබා දුන් සජිත් ප්‍රේමදාස මහතා එජාපය තුළ දැරූ සියලු තනතුරු සහ ආසන සංවිධායක ධුරය සහ වගකීම් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළා.

    මේ සමග සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව මහ මැතිවරණය සදහා තරග වැදීමට නාමයෝජනා අස්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගනු ඇති බව සදහන්.

    එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය එය අනුමත කළා.

    මීට අමතරව එජාපය නියෝජනය කරන සියලුම පළාත් පාලන මන්ත්‍රිවරුන්ට ඉදිරි මහ මැතිවරණයේදී එජාපය ජයග්‍රහණය කරවීම සදහා වැඩ කටයුතු කරන ලෙස දැනුම් දීමටත්, එම සෑම නියෝජිතයකුගේම නිවෙසේ එජාප කාර්යාලයක් විවෘත කරන ලෙස දැනුම් දීමටත් අද පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කළා.

    මේ අතර එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් සිය නිවෙසේ විවෘත නොකරන පළාත් පාලන මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් මෙහිදී තීන්දු කර තිබෙනවා.

  • සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් ‘ටයර් ඉරන්න’ පුහුණු වෙයි

    සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් ‘ටයර් ඉරන්න’ පුහුණු වෙයි

    සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් සත්‍යමේවා ජයතේ 2 (Satyameva Jayate 2) සඳහා සූදානම් වන බව බොලිවුඩ් වාර්තා කියනවා. මෙම චිත්‍රපටය දින 90 කින් මුම්බායි හි සැබෑ ස්ථානයක රූගත කිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් රූගත කිරීම් ප්‍රමාද වුණා. 

    Satyameva Jayate 2 හි අධ්‍යක්ෂ සහ තිර රචක මිලාප් සැවේරි (Milap Zaveri)  තම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන ජෝන් ඒබ්‍රහම්ගේෙ භූමිකාව ගැන පසුගිය දා සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වා තිබුණා.

    “ Satyameva Jayate 2 ජෝන් සුපිරි වීරයෙකු හා සමාන යි. ඔහු මීට පෙර කවදාවත් නොකළ දේවල් කරයි. නිදසුනක් වශයෙන්, හල්ක් මෙන් ටයරයක් හෝ දොරක් ඉරා දමන්න. ”

    මෙම චිත්‍රපටයේ ජෝන් ත්‍රිත්ව චරිතයක් රඟපානු ඇති බවට සැකයක් තිබෙනවා.

    මීට පෙර සම්මුඛ සාකච්ඡාවකදී ජෝන් පැවසුවේ “මිලාප් තවමත් ඇතැම් චරිත සංවර්ධනය කරමින් සිටිනවා. මා වෙනුවෙන් වෙනත් චරිත ද නිර්මාණය කිරීමටත් ඔහු සූදානම් වෙමින් සිටිනවා. නමුත් එය තවමත් අවසන් තීරණයක් නැති කරුණක්. ඉතින්,Satyameva Jayate 2 හි මා කොපමණ චරිග ගණනක් නිරූපණය කරාවිද යන්න තවම කිව නොහැකයි ”

    ජෝන් ඒබ්‍රහම්

    ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • ‘තෙල් ගැන හරියට දැන ගත්තොත්’ රැවටෙන්නෙත් නෑ- ලෙඩ වෙන්නෙත් නෑ

    ‘තෙල් ගැන හරියට දැන ගත්තොත්’ රැවටෙන්නෙත් නෑ- ලෙඩ වෙන්නෙත් නෑ

    ෆාම් තෙල් ලීටරය…… යි.” යනුවෙන් සඳහන්වූ දැන්වීමක් සිල්ලර කඩයක් ඉදිරිපිට සවිකර තිබෙනවා පසුගිය දිනෙක දකින්නට ලැබුණි. මොනවා කරන්නද යනුවෙන් හිත හදාගෙන නිහඬ වෙන්නට උත්සාහ දැරුවත්, නිතර මා යන මාර්ගය අයිනේ වූ වෙළඳසැලක් නිසා දැන්වීම මගේ නෙත ගැටෙනා වාර ගණනද වැඩිය. පාරිභෝගිකයා වෙනුවෙන් තත්වය පහදා දෙන්නට මගක් නොමැතිවීම හේතුවෙන් ඒ හැම වතාවකදීම සිතට ඇතිවන කනස්සල්ලද මහත් මානසික වදයක් බවට පත්වී තිබේ.

    ‘ෆාම්’ (farm) යනු ගොවිපොළයි. මෙම වචනය යම්කිසි කෘෂි නිෂ්පාදනයක් ඉදිරියෙන් යෙදූවිට එය පාරිභෝගික සිතට වැඩිපුර සමීපවෙන තත්වයක් තිබේ. වඩාත් සෞඛ්‍යාරක්ෂිත බවක්ද දැනෙන්නේය. හොඳට ඉංග්‍රීසිය හසුරවන්නන් පවා ඇතැම් අවස්ථාවල ‘ෆාම් ඔයිල්’ යන යෙදුම භාවිතා කරනවා මා අසා තිබේ. විටෙක මා එය ඇසුවේ රුපවාහිනී නිවේදකයෙකුගෙන්ය.

    ෆාම් farm ඔයිල් සහ පාම් Palm ඔයිල් අතර වෙනස

    මේ කියන්නේ ‘පාම්’ (Palm) ශාක නොහොත් තාල වර්ගයේ ශාකයක් වන ‘ඔයිල් පාම්’ ශාකයෙන් ලබාගන්නා, ‘පාම් ඔයිල්’ ගැනය. තවත් තේරෙන විධියට කියනවානම් කටුපොල් තෙල් ගැනය. එක අකුරක වෙනසින් එයට ලැබුණු සුචරිතභාවය කෙතරම්ද කියනවානම් අද රටේ කී දෙනෙක් වැඩි හොඳට යයි කියා, ෆාම් තෙල් (පාම් තෙල්) අනුභව කරනවා ඇත්ද? ඒ සිල්ලර කඩයේ තත්වයයි.

    පහල මධ්‍යම පන්තිකයා සිට යන්නට පුරුදු වී ඇති සුපිරි වෙළඳසැලේ තත්වය මීටත් වඩා නරකය. එහිදී ඇතැම්විට පාම් තෙල් හඳුන්වන්නේ ‘එළවලු තෙල්’ නොහොත් දිවට වඩාත් හුරු පරිදි වෙජිටබල් ඔයිල් වශයෙනි. ටොක්ක අනින්නට පෙර බොහොම සනීපෙට හිස අතගාන පරිද්දෙන් රාක්ක වල අසුරා ඇති වෙජිටබල් ඔයිල් බෝතල් වල පාට පාට දවටනයන්හි, වයිවාරන එළවලු වර්ගවල පිංතූර පිරිලාය.

    කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස් ආදියෙන් බෝතල් පිරෙන්නට තෙල් හිඳින්නට හැකිදැයි දෙපාරක් නොසිතනා පාරිභෝගික නෝනලා, රාක්ක අතරින් සීරුවට තල්ලු කරන ට්‍රොලියට වෙජිටබල් ඔයිල් බෝතලයක් ඔබාගන්නේ අල්ලපු රාක්කයේ ඇති පොල්තෙල් බෝතල් දෙසට වපර ඇසින් බැල්ම හෙළමිනි. තම ලේ නෑයාට ලැබෙන සත්කාරය ගැන ඉරිසියා නොකරන තරමට පොල්තෙල් බෝතලය නිහතමානී වී ඇති බව නම් ඇය නොදන්නීය.

    මේවා එළවලු තෙල් නොවේ. සරල ‘කටුපොල්‘ තෙල්මය. වගකීමෙන් බේරෙන්නට අවශ්‍ය නිසා ආනයනකරුවන් විසින් බොහොම පුංචි අකුරෙන් එහි ඇත්තේ පාම් තෙල් බව ඉංග්‍රීසියෙන්ම සඳහනක්ද කර තිබේ. පින්තූරවල විචිත්‍රත්වයෙන් කුල්මත්වී ට්‍රොලි පුරවන්නාට ඒවා පෙනෙන්නේ නැත. ගමේ එකා ඇඟට අගුණ පොල්තෙල් බුදිද්දී, අපිනම් ෆ්‍රයි කරන්නේ වෙජිටබල් ඔයිල් වලින් යයි සිහින් ආඩම්බරයක් නාගරිකයාට තිබේ.

    නමුත් නොදන්නාකම නිසාම ඔවුහු කකුල් දෙකෙන්ම වලිගය පාගාගෙන සිටිති. එළවලු තෙල් නමින් හඳුන්වන ආහාරයට ගන්නා තෙල් වර්ග පන්තියක්ද ලොව පුරා භාවිතා කෙරේ. සුරියකාන්ත තෙල්, සෝයා තෙල්, බඩඉරිඟු තෙල් ආදිය මේ අතරින් අප රටෙහිද සුලභය. මීට අමතරව විදෙස් රටවල නම් ඔලිව් තෙල්, කැනෝලා තෙල්, අලිගැටපේර තෙල්, රටකජු තෙල් ආදියද තිබේ. මේ හැම තෙලකම ගුණ අගුණ දෙකම ඇති නිසා නොදැන ගියොත් නම් අතරමගමය.

    “පොල්තෙල් වුණත්, පාම් තෙල් වුණත් ඔය දෙකේම වැඩිපුර තියෙන මේද අම්ල, සංතෘප්ත මේද අම්ල කියලයි වර්ග කරලා තියෙන්නේ.පාම් තෙල් වලනම් පොල් තෙල් වලට වඩා තරමක් අඩුවෙන් තමයි තියෙන්නේ. ඒත් පොල්තෙල් වලනම් 92% ක්ම සංතෘප්ත මේද අම්ල. පාම් තෙල් වලට එළවලු තෙල් කියනවානම් පොල්තෙල් වලටත් එහෙමම කියන්න වෙනවා. සත්ව තෙල් වල තියෙන්නේත් වැඩිපුරම ඒ වර්ගයේ මේද අම්ල. රුධිරයේ ‘නරක කොලෙස්ටරෝල්’ (LDL) කියන වර්ගය වැඩි කරවන්නේ මේවා විසින්. ඒ හරහා හෘදයාබාධ අවදානමද ඉහළ යනවා. නමුත් නියම එළවලු තෙල් ගණයට වැටෙන තෙල් වර්ග වල තියෙන්නේ ‘අසන්තෘප්ත මේද අම්ල’ කියන ඒවා.”

    බැටළු වෙස්ගත් වෘකයෙක් බඳුවූ පාම් තෙල් නමැති ඊනියා වෙජිටබල් ඔයිල් ගැන මූලික හැඳින්වීමක් ලබා දුන්නේ කෘෂි විද්‍යාඥ සෙනරත් ඒකනායක මහතායි. හෙතෙම කලකට ඉහතදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකයේ ප්‍රධානියාද විය.

    කටුපොල් වගාව ගැන  විවේචන

    පාම්තෙල් ලබාදෙන කටුපොල් වගාව ගැන අපටත් විවේචන තිබේ. ඉන්දුනීසියාව මැලේසියාව වැනි රටවල් කටුපොල් වවා රන්කාසි නෙලන්නේ පරිසරය උගසට තබමින් බව නම් සැබෑවකි. කෙසේ නමුත් එරට ජනයා අප තරමට තම මව්බිම වෙනුවෙන් කටුපොල් වගාවට එරෙහිව කෑ ගසන්නේ නම් නැත.

    කටුපොල් වවා පරිසරය වනසාගැනීමට ඔවුන් කටයුතු කල ආකාරයට හොඳම උදාහරණයක් වන්නේ ඔරංඔටං ගේ ඛේදවාචකයයි. මේ සත්වයාගේ නිජබිම වී තිබුනේ සුමාත්‍රා සහ බෝනියෝ දූපත් වලට අයත් වැසි වනාන්තරයි. සොබාදහම සුරකීමේ ජාත්‍යන්තර සංගමය විසින් අද වනවිට බෝනියෝහි ඔරංඔටං, අන්තරායට පත් සත්වයෙක් ලෙස වර්ගකර තිබේ. සුමාත්‍රා හි ඔරංඔටං, අතිශයින්ම අන්තරායට පත්වූ එකෙකි. තව වසර 10-20 ක් අතරතුර ඔරංඔටං කෘතිම සත්තු වත්තකට සීමාවූවෙකු වෙනවා ඇත. මීට හේතුව ඉහත රටවල සීග්‍රව ව්‍යාප්තවෙන කටුපොල් වගාවයි. එම දූපත් වාසීහු ඔරංඔටංගේ නිවස්නය වූ ස්වභාවික වැසි වනාන්තර කපා ගිනි තබා කටුපොල් වගා කරති. වන විනාශයේ වේගය ගැන එක වාර්තාවක සඳහන් කර තිබුණේ පැයකට පාපන්දු පිට්ටනි 300 ක තරම ප්‍රදේශයක වනාන්තරයක් කපා බිම හෙළනා බවයි.

    අපේ රටේ නම් බැලූ බැල්මට ඔරංඔටංලා නැත. ඒ නිසා කටුපොල් වගාවෙන් සිදුවෙන පරිසර විනාශයක් ඇත්නම් එය වෙනම කෝණයකින් අධ්‍යයනය කලයුතු වේ. මෙම ලිපියට එය අදාළ නොවන නිසා වැඩිදුරට ඒ ගැන නොලියමි. ‍

    පොල් තෙල් ගැන ද අගුණ කතා

    අප අනාදිමත් කාලයක සිට පොල්තෙල් අනුභව කරන්නෙමු. එකල කෑමට වෙනත් තෙලක් තිබුණේ ද නැත. හොඳට පොල්කිරි දමා ව්‍යංජනද පිසගත්තෙමු. මෙම අනුභව රටාව මත හදවත් රෝග වැළඳෙන බවක් එකල හඬනගා කීවේද නැත. සෑදෙන පපුවේ කැක්කුමක්, ඇම්මක් හෝ වාත අමාරුවක් සේ සලකන්නටත්, හදිසියේ සිදුවෙන මිය පරලොව යාමක් අදෘශ්‍යමාන බලවේගයකට භාරකරන්නටත් පැරණි ගැමියා පුරුදුවී සිටි නිසා එසේ වූවා විය හැකිය.

    නමුත් පසු කලෙකදී පොල්තෙල් භාවිතයේ අගුණ බව පෙන්වන වාර්තා කරලියට එන්නට පටන් ගැනුනි. මෙය තමාගේ සූරියකාන්ත තෙල් ටික විකුනාගන්නට බලවත් රටවල් විසින් කුමන්ත්‍රණකාරීව පතුරුවා හරින මිත්‍යාවක් යයිද අදහස් ප්‍රකාශ කෙරුනි.

    මීට සම්පාතව ‘කුමන්ත්‍රණය’ පරාද කරනු වස්, විදේශයන්හිම කරන ලද පොල්තෙල් වලට හිතවාදී පර්යේෂණ වාර්තාද ගෙනහැර පෑමටද පොල්තෙල් පාක්‍ෂිකයින් කටයුතු කරනවා දක්නට ලැබුණි. පොල්තෙල් වල සුගුණ සොයන්නට  පිලිපීනය පැත්තේ විද්‍යාගාර වල දොරපියන් දිවා රෑ විවෘතව තැබුණි. මන්දයත් පොල්තෙල් කර්මාන්තය ඔවුන්ගේ ප්‍රධාන විදේශ විනිමය උල්පතක් නිසාය. ඔවුනට පොල්තෙල් රැකගැනීම තම හුස්ම රැකගන්නවාටත් වඩා වටින්නේය.

    Boost memory power by consuming virgin coconut oil | Lifestyle ...

    “පොල්තෙල් හොඳයි කියන විදෙස් පර්යේෂණ වාර්තා අරගෙන පරිස්සමෙන් බැලුවොත් පේනවා ඒ පර්යේෂණ සේරෝම විද්‍යාගාර ඇතුලේ කරලා තියෙන්නේ අපි වෙළඳපොලෙන් ගන්න විධියේ පොල්තෙල් අරගෙන නෙවෙයි. ඔවුන් තමාගේ පර්යේෂණ සඳහාම ඉතා ක්‍රමවත්ව, පිරිසිදු පොල්තෙල් හදලා, ඒවායින් තමයි පර්යේෂණ කරලා තියෙන්නේ. මේවා අදූෂිත නොහොත් පිරිසිදු පොල්තෙල් (virgin coconut oil). එතකොට හොඳ ප්‍රතිපල එන්න පුළුවන්. ඒත් අද සිල්ලර කඩේ තියෙන පොල්තෙල් වල තත්වයට මේ පර්යේෂණ වාර්තා ගලපන්න බෑ. වෙළඳපොලේ තියෙන බාල පොල්තෙල් ඉතා රළු ක්‍රමයට හදපුවා. නිෂ්පාදන ක්‍රමවේදය තුලදී ඒ තෙල් වලට ගොඩක් වෙනස්කම් සිදුවෙනවා. ජනතාව අනුභව කරන්නේ ඒවායි. හානිය වෙන්නේ ඒවායිනුයි. එතැන නිවැරදි නොකර පොල්තෙල් හොඳයි කියන්න බෑ.”

    පොල් තෙල් කටුපොල් තෙල් වගේ නෑනේ

    පොල්තෙල් හා පාම්තෙල් යන දෙකම එක ලඟින් යන තෙල් වර්ග නම්, සුපිරි වෙළඳසැලේ වායුසමන තත්වය යටතේ තිබෙන පොල්තෙල් බෝතල් මිදී, සුදු පැහැයට තිබෙත්දී පාම් තෙල් බෝතල් යස අගේට රන්වන් දියර තත්වයෙන් තිබෙන්නේ කෙසේද යන්නත් අප විසඳාගත යුතුය.  පොල්තෙලේ ලඟ නෑදෑයා වන කටුපොල් ගසේ තෙල් එසේ හැසිරෙන්නේ නැත්තේ ඇයි? ආහාර විද්‍යාඥයා පිළිතුර අසලය.

    “කටුපොල් තෙල් වලට පොඩි වෙනසක් කරනවා. කර්මාන්තයේදී මේ තෙල් ක්‍රමයෙන් ශීත කරන කොට පොල්තෙල් වගේම කොටසක් මිදෙනවා. එතැන තියෙන්නේ වැඩිපුර අගුණ කොටස් තමයි. පෙරීම හරහා ඒ ටික ඉවත් කෙරෙනවා. වෙනත් කර්මාන්ත වලට ඒවා යොදා ගන්නවා. ඉතිරි දියරය කාමර උෂ්ණත්වයේදී මිදෙන්නේ නෑ. දැන් ඒකට වෙන නමකුත් කියනවා. ‘පාම් ඔලීන්’ කියන්නේ මේ ද්‍රව්‍යය. මෙය පාම් තෙල් වලට වඩා මිල වැඩියි. ඒ වගේම ශරීරයට හොඳයි නෙවෙයි, හානිය අඩුයි. මෙරට විකුණන පාම් තෙල් බෝතල් වලත් ඔය නම සඳහන් කරලා තියෙනවනම් ඒවා ඔය කියන නියම එළවලු තෙල් වලට බොහෝ දුරට ගතිගුණ වලින් ළඟයි.”

    හෙතෙම පවසන මෙම ශීතකිරීමේ ක්‍රමවේදය හඳුන්වන්නේ ‘ශිශිරකරණය’ (Winterization) යනුවෙනි. ආරම්භයේදී කැටිගැසුණු තෙල් කොටස් ඉවත්වූ පසු ඉතිරිවන දියර තෙලෙහි වැඩිපුර ඇති මේද අම්ල වන්නේ ඔලෙයික් හා ලිනොලෙයික් අම්ලය වැනි අසන්තෘප්ත මේද අම්ලයන්ය. ඒවා මිදෙන්නේ සෙන්ට්‍රිගේට් අංශක 18-20 අතර උෂ්ණත්වයකදී නිසා අංශක 25 කට පරිසර උෂ්ණත්වය සැකසූ සුපිරි වෙළඳසැල් රාක්කය මතදී වුවත් ඒවා මිදෙන්නේ නැත.

    ඔලෙයික් අම්ලය යනු අගනා එළවලු තෙලක් වන ඔලිව් තෙල් වල බහුලව ඇති සංඝටකයයි. එසේනම් ‘පාම් ඔලීන්’ ලෙස නම්කර ඇති තෙල් බෝතලය, එළවලු තෙල් යයි සිතා මිලදී ගැනීමේදී පාරිභෝගිකයාගේ මුලාවීම, පාම්තෙල් මිලදී ගන්නා තරමට සැර නැත.

    තෙල් පාරිභෝජනය බැහැර කළහැකි දෙයක් නොවේ. එය ආහාරයේ තිබිය යුතු අංගයකි. ඒ මගින් ආහාරයට රසයක්, ප්‍රසන්න සුවඳක් හා හොඳ වයනයක් ලබාදෙයි. ‘කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියාගේ වෙනසක් නැතැ‘යි කිව්වත්, පිසින ක්‍රමය අනුව කොබෙයි මසෙහි ස්වරූපය නම් පැහැදිලිවම වෙනස් වන බව, දන්නෝ දනිති. එවන් විවිධත්වයක් සහිත බාහිර ආටෝපයක් නැතිනම් අනුභවයට රුචියක් උපදින්නේද නැත.

    සූපවේදයේදී වෙනස ගළපා ගත යුතුය

    සංතෘප්ත මේද අම්ල 92.1% ක් සහිතව සත්ව තෙල් වලට සමීපව සිටිනා පොල්තෙල් වලට සාපේක්ෂව කටුපොල්තෙල් වල ඇත්තේ සංතෘප්ත මේද අම්ල 50% ක ප්‍රමාණයකි. නියම එළවලු තෙල් යයි මෙම ලිපියේ අප හඳුන්වාදුන් මෙරට සුලභව භාවිතා කරන තෙල් වර්ග තුනක් වන සූරියකාන්ත, බඩඉරිඟු හා සෝයා තෙල්වල සංතෘප්ත මේද අම්ල ප්‍රතිශතයන් පිලිවෙලින් 11%, 13% හා 15% ක් වේ. එනම් වැඩිපුර තිබෙන්නේ අසන්තෘප්ත මේද අම්ලයන්ය. මෙය පොල්තෙල් වලට මුළුමනින්ම පරස්පර තත්වයකි. එසේනම් අපගේ සූපවේදී ක්‍රියාකාරකම් තුල පොල්තෙල් හා එළවලු තෙල් එකම විධියට හැසිරෙනවා යයි සිතන්නට බැරිය.

    තෙල් පාරිභෝජනය බැහැර කළහැකි දෙයක් නොවේ. එය ආහාරයේ තිබිය යුතු අංගයකි. ඒ මගින් ආහාරයට රසයක්, ප්‍රසන්න සුවඳක් හා හොඳ වයනයක් ලබාදෙයි. ‘කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියාගේ වෙනසක් නැතැ‘යි කිව්වත්, පිසින ක්‍රමය අනුව කොබෙයි මසෙහි ස්වරූපය නම් පැහැදිලිවම වෙනස් වන බව, දන්නෝ දනිති. එවන් විවිධත්වයක් සහිත බාහිර ආටෝපයක් නැතිනම් අනුභවයට රුචියක් උපදින්නේද නැත.

    මීට අමතරව මේදයේ පමණක් දියවෙන විටමින් වර්ග දේහය තුල ඒ මේ අත පරිවහණය කරන්නටත් තෙල් නැතිවම බැරිය. හෝමෝන වැනි ද්‍රව්‍යයන් නිපදවන්නටත් අමුද්‍රව්‍ය සපයන්නේ තෙල් මගින්ය. මෙවැනි අත්‍යවශ්‍ය පෝෂණ පදාර්ථයක් බිහිසුණු කාල බෝම්බයක් තරමට අර්ථ දක්වන සමාජයක් අද බිහිවී ඇත්තේ, තෙල් පාරිභෝජනය ආවාට ගියාට සිදුකිරීමේ හේතුවෙන්ය.

    අප තෙල් පාරිභෝජනය කරන්නේ ගැඹුරු තෙලේ දමා බැදගත් ආහාර හෝ තෙම්පරාදුවක් ලෙස පිළියෙළ කල කෑම සමගය. තෙල් තාච්චිය පෙන දමන්නට උතුරවන විට බාහිර ඔක්සිජන් තෙල් තුලට රිංගන්නට බලයි. තෙල් අසන්තෘප්ත නම් වැඩේ පහසුය. එනම් අසන්තෘප්ත මේද අම්ල බහුල සූරියකාන්ත, බඩඉරිඟු හා සෝයා වල මෙම ඔක්සිකරණය පහසුවෙන් සිදුවේ. එනම් ඒවා උතුරන තෙල් තාච්චිය තුලදී පොල්තෙල් තරමට ශක්තිමත්ව, ස්ථායීව හැසිරෙන්නේ නැත.

    තෙලේ බලේ ගැන නිසි විද්‍යාත්මක දැනුමක්

    “අසන්තෘප්ත තෙල් වලින් ‘මුක්ත ඛණ්ඩක’ කියල අංශු විශේෂයක් මුදා හරිනවා. කල් ගතවෙනකොට මේ වැඩේ ඉබේටම සිදුවෙන දෙයක්. ආලෝක කිරණ, තෙතමනය, උෂ්ණත්වය, ඔක්සිජන් සැපයුම වගේ තත්වයන් මත මෙය පහසුයි. පිටරටින් ගෙනෙන ඔලිව් තෙල් එහෙම කලුපාට බෝතල් වල දාල සීල් කරලා තියෙන්නේ මේ ඔක්සිකරණය නවත්තන්න. අපි තෙල් උණු කරනකොටත් මේ වැඩේම වෙනවා. එතකොට බැදපු ආහාරයත් සමග මුක්ත ඛණ්ඩක ශරීර ගතවෙනවා විතරක් නෙවෙයි, දම්වැල් ප්‍රතික්‍රියාවක් වගේ ආහාරයේ තිබෙන අනෙක් තෙල් සමගත් ප්‍රතික්‍රියා කරමින් මුක්ත ඛණ්ඩක ‘පැටවු ගහනවා’. මෙම අස්ථායී ඛණ්ඩක දේහයෙන් බැහැර කරගත නොහැකි වූ විට, දේහ සෛලවලට යම් ආතතියක් ඇතිකරමින් දේහයේ ක්‍රියාකාරිත්වය අවුල් කරන නිසා ශරීරය ලෙඩ වෙනවා. හදවත් රෝග, පිළිකා, ආඝාතය, ආතරයිටීස් වැනි තත්වයන් මේවාට උදාහරණ. වෛද්‍යවරුන් පවසන්නේ පිටතින් ගන්නා ‘ප්‍රතිඔක්සිකාරක’ (Antioxidants) නම් ද්‍රව්‍ය හරහා ඉහත කී මුක්ත ඛණ්ඩක ඇතිකරන ප්‍රචණ්ඩත්වය සමනය කරන්න පුළුවන් බවයි. හැබැයි ඒ වගේම සාධාරණ නැත්ද අපේ ආහාර පිළියෙළ කිරීමේ රටාව එහා මෙහා කරලා මුක්ත ඛණ්ඩක හැකිතරම් අඩුවෙන විධියට කෑමටික හදා ගත්තොත් ?”

    ගැඹුර තෙලේ බැදීම හා නොගැඹුරු තෙලේ බැදීම

    ගැඹුරු තෙලේ බැදීම

    ආහාර විද්‍යාඥ සෙනරත් ගේ විමසීම හෝ යෝජනාව පැහැදිලිය. පිටරටවල ධනවත් ඇත්තෝ ගැඹුරු තෙලේ යමක් බැද්දත් ඒ තෙල් ටික නැවත භාවිතා කරන්නේ නැත. ඔය කියන විධියට බැදීමෙන් පසු එම තෙලේ මුක්ත ඛණ්ඩක පිරිලාය. නැවත රත් කළහොත් ඔක්සිකරණය තව ටිකක් සිදුවී තවත් මුක්ත ඛණ්ඩක ටිකක් තෙල් ගොඩට මෙන්ම එයින් බදිනා ආහාරයටද එකතු වන්නේය. එම තෙල රත්කරන වාරයක් පාසා මේ ආකාරයට මුක්ත ඛණ්ඩක සාන්ද්‍රණය එහි වැඩි වන්නේය.

    ‘බැදුම් තෙල්’ භාවිතා කිරීමේ අවදානම ඇත්තේ එතැනයි.සූරියකාන්ත, බඩඉරිඟු හා සෝයා තෙල් වැන්නක් ගැඹුරු තෙලේ බැදීමට භාවිතා කරන්නේ නම් මේ අවදානම වැඩිය. මන්දයත් ඒවා අසන්තෘප්ත තෙල් බැවින් පහසුවෙන් ඔක්සිජන් සමග ක්‍රියාකරන බැවිනි. ගැඹුරු තෙලේ බැදුමට එළවලු තෙල් වලට වඩා පාම් තෙල් හොඳය. පොල්තෙල් ඊටත් වඩා සුදුසුය. මන්දයත් එහි 92% ක් ම සංතෘප්ත මේද අම්ල ඇති බැවිනි. එසේනම් අප කොබෙයියා බැදගත යුත්තේ පොල්තෙලෙන් මිස එළවලු තෙලෙන් හෝ පාම් තෙලෙන් නොවේ!

    ගැඹුරු තෙලේ වැඩි වේලාවක් ගිල්ලවාගෙන බදිනා, කැවුම්, කොකිස්, ආස්මි, උඳුවැල් ආදී අපගේ සාම්ප්‍රදායික ආහාර පිසීමේදී අතීතයේ භාවිතා කරනු ලැබුවේ පිරිසිදු පොල්තෙල්ය. අවුරුදු මේසය පිරෙන්නට තෙල් බේරෙන කැවිලි හදන්නට සොබා දහම විසින්ම සංතෘප්ත මේද අම්ල සහිත තෙල් බඳුනක් තෝරා දීම කෙතරම් සුන්දර සිදුවීමක්ද? එහෙත් අද දවසේ වැඩි හොඳට යයි කියාගෙන සුරියකාන්ත හෝ වෙනත් මිල අධික තෙලකින්, ගම අමතක වුණු ටවුන් වැසියෝ කීදෙනෙක් කොකිස් උඳුවැල් බදිනවාදැයි අප දන්නේ නැත. ලඟ එන අවුරුදු කෑමේදීවත් ඔවුන් පොල්තෙල් වලට මාරුවිය යුතුය.

    මග දෙපස වේගයෙන් බිහිවෙන ‘ෂෝට්ඊට්ස්’ කඩ, වඩේ බදින කරත්ත, එකම පාන්පිටි ගුලිය විවිධ හැඩයට නවා මුරුක්කු සැණකෙළි මවන බයිට් වෙළෙන්දෝ ආදී මෙකී නොකී සියල්ලෝම බහුජන ගත සුව පිණිස, වරක් බැදි තෙල් තාච්චිය ඉවතලා අලුත් තෙල් පුරවනවායයි ඔබ සිතන්නේද? පාරේ යන්නවුන්ට පෙනෙන්නට වීදුරු පෙට්ටිවල අසුරාගෙන මේ විකුණන්නේ තෙල් බඳුන හිඳෙන තුරු ඒ තුල කලතමින් බදින ලද අනාරක්ෂිත ආහාරයි.

    පාවිච්චි කළ තෙල් නැවත නැවත භාවිතය

    Weligama, Sri Lanka, 2018-01-16: Asia food stall. Trolley on ...

    තරු පහේ හෝටල් වල නවතින ධනවතුන් උදෙසා සුපිරි ආහාර වර්ග පිළියෙළ කරන හෝටල් මුළුතැන් ගෙවල්හි වරක් භාවිතාකල තෙල් නැවත රත්කරන්නේ නැත. ධනවතාගේ පර්වත  සිරුරට ආහාරයත් සමග යහමින් මුක්ත ඛණ්ඩක ඇතුල්විය හැකි බැවිනි. එහෙත් පසුගිය දිනෙක අසන්නට ලැබුනේ එතැන භාවිතා නොකරන මෙම පාවිච්චි කල තෙල්, මිලට ගැනීමට තවත් පිරිසක් තරු පහේ කුස්සියට පිළිකන්නෙන් රිංගන බවයි. මෙය හෝටල් පාලකයින්වත් නොදන්නා කිචන් ගනුදෙනුවකි. ඔවුන් එය පරිස්සමට පෙරා රොඩුබොඩු ඉවත්කර වෙනත් තෙල් වලට මිශ්‍රකර ගමේ කඩවලට බෙදා හරින අතර ආර්ථික අහේනිය හමුවේ ලාබ තැනක් සොයමින් ඉව අල්ලන ගමේ එකා මුක්ත ඛණ්ඩක පිරුණු මෙම බාල තෙල් ගුදම අසල නවතී. එයින් ටිකක් ගෙදර ගෙනගොස් නිවී හැනහිල්ලේ කරවල කෑල්ලක්ද බැදගනී.

    මග දෙපස වේගයෙන් බිහිවෙන ‘ෂෝට්ඊට්ස්’ කඩ, වඩේ බදින කරත්ත, එකම පාන්පිටි ගුලිය විවිධ හැඩයට නවා මුරුක්කු සැණකෙළි මවන බයිට් වෙළෙන්දෝ ආදී මෙකී නොකී සියල්ලෝම බහුජන ගත සුව පිණිස, වරක් බැදි තෙල් තාච්චිය ඉවතලා අලුත් තෙල් පුරවනවායයි ඔබ සිතන්නේද? පාරේ යන්නවුන්ට පෙනෙන්නට වීදුරු පෙට්ටිවල අසුරාගෙන මේ විකුණන්නේ තෙල් බඳුන හිඳෙන තුරු ඒ තුල කලතමින් බදින ලද අනාරක්ෂිත ආහාරයි.

    අප පෝෂණවේදීන් හෝ වෛද්‍යවරුන් නොවුනත්, දැනට ප්‍රකාශයට පත්ව ඇති විද්‍යාත්මක ලේඛන වලට අනුව සමාජයේ පොදු ජනතාවට වරදින තැන් පෙන්වාදීමේ වගකීම අතහැරිය යුතු නොවේ.

    ගැඹුරු තෙලේ බදිනවානම් වඩා සුදුසු වන්නේ පොල්තෙල්ය. ඒත් එක වරක් පමණි. නැවත භාවිතය නුසුදුසුය. තෙම්පරාදුවක් කරනවානම් තෙල් භාවිතා වන්නේ එක වරක් පමණක් නිසාත්, දිගු වෙලාවක් තෙල් සමග සෙල්ලම් නොකරන නිසාත්, අසන්තෘප්ත මේද අම්ල සහිත එළවලු තෙලක් භාවිතා කිරීමේ වරදක්ද නැත. හදගැස්මට ගැටළුවක් ඇති නොවන පරිද්දෙන් කටගැස්මට සුදුසු තෙල තෝරාගත යුතුයයි අප පවසන්නේ වෙළඳපොලේ ඇති තෙල් වර්ග පෙන්වන මේ පරස්පර හැසිරීම නිසාය.

  • බොලිවුඩ් සුරූපිනී සයියාමි ඛර් රුව රැකගන්නේ මෙහෙමලු !

    බොලිවුඩ් සුරූපිනී සයියාමි ඛර් රුව රැකගන්නේ මෙහෙමලු !

    සයියාමි ඛර් (Saiyami Kher) කියන්නේ නව යොවුන් බොලිවුඩ් සුරූපිනියක්. බොහෝ දෙනෙක් කියන්නේ ඇය තුළ වචනවලට පෙරළිය නොහැකි අමුතු අහිංසක සුන්දරත්වයක් තිබෙන බවයි.

    සයියාමි අපට අවසන් වරට හමු වුණේ රකීෂ් ඔම්ප්‍රකාෂ් මෙහ්රාගේ (Rakeysh Omprakash Mehra ) මිර්ෂියා (Mirzya ) චිත්‍රපටයෙන්. ඇය එහිදී හර්ෂ්වර්ධන් කපූර් සමඟ රගපෑවා. කොහොම වුණත් මිර්ෂියා ආදායම් අතින් සාර්ථක වුණේ නැහැ.  නමුත් ඇගේ අහිංසක සුන්දරත්වය ප්‍රේක්ෂකයන්ගේ සිත් ගත්තා. 

    මේ අතර සයාමි ඇගේ රසිකයින්ට කියන්නේ ලගදීම, ඒ කියන්නේ ජූනි 05 වැනිදා තිරගත වීමට නියමිත Anurag Kashyap ගේ  Chocked චිත්‍රපටයෙන් තමාව දැක ගත හැකි වනු ඇති බවයි.

    මේ අතර සයාමි ෆිල්ම් ෆෙයාර් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඇයගේ පුද්ගලික රූපලාවණ්‍ය රහස් කිහිපයක් හෙළි කළා. අපි ඒවා ඔබ වෙනුවෙන් සටහන් කර ගත්තා.

    සයියාමි ඛර්

    සයාමි ඔබ ඔබේ දෛනික සම රැකවරණය සලසා ගන්නේ කොහොමද ? ඒකට විශේෂ රූපලාවන්‍ය රහස් එහෙම තිබෙනවාද ?

    මගේ දෛනික චර්යාව සරලයි. විසිතුරු කිසිවක් නැහැ. මම Sunscreen භාවිතා කරමින් හිරු එළිය නෑම චාරිත්‍රයක් ලෙස කරනවා. අගුලු දැමීමේදී මම වේශ නිරූපණය කළේම නෑ. නමුත් මම වැඩ කරන විට විස්තීරණ වේශ නිරූපණ (Elaborate make-up) ඉවත් කිරීමේ පුරුද්දක් තිබෙනවා. සෑම විටම සම පිරිසිදුව හා සජලීව තබා ගැනීම අත්‍යවශ්‍ය බව මම දන්නවා. 

    දවස පුරා වතුර ගොඩක් පානය කිරීම, පිරිසිදු ආහාර අනුභව කිරීම, ආතතියට පත් නොවීම ගැන මම දැඩි සැලකිල්ලක් දක්වනවා. මේ සියල්ල මගේ සමට ඍජුව බලපාන බව මම දන්නවා.

    ඒත් අවාසනාවට, මට පාරම්පරික අඳුරු කව (Dark circles) තිබෙනවා. මම රාත්‍රියට ඇස් යට රාත්‍රී ක්‍රීම් (Night cream) අලේප කරනවා.

    ගිම්හානයේදී ඔබේ සම සඳහා ඔබ ලබා දෙන සත්කාරය කුමක්ද ?

    මට එක පුරුද්දක් තිබෙනවා. මම වැඩිපුර ජලය පානය කරමි. එබැවින් සම සජලීයව තිබෙනවා. මම මගේ මුහුණට අයිස් ආලේප කිරීමට කැමතියි.  ගිම්හාන පලතුරුවල (summer fruits) යුෂ / සාරය මගේ මුහුණේ ආලේප කිරීමට මම කැමතියි. එවිට මගේ සමට ගිම්හානයේදී වුවත් මෘදු සිසිල් බවක් දැනෙනවා.

    වේශ නිරූපණය කිරීමේදී ඔබ මතකයේ තබා ගන්නා වැදගත්ම දේ ගැන කියන්න පුළුවන් ද?

    සරලයි සරාගීයි. ඒ නිසා මම වේශ නිරූපණය ගැන විශ්වාස කරන්නේ නැහැ. එය ස්වභාවික හා සරල ලෙස තබා ගන්න උත්සාහ කරනවා.

    සයියාමි ඛර්
    මම මගේ ගමට යන සෑම විටම මම එහි ඇති වැවේ පීනනවා. මම වැවෙන් මඩ මගේ මුහුණ සහ ශරීරය පුරා ආලේප කර ගන්නවා. එසේ කළ විට සමට සිනිඳු, පෝෂ්‍යදායී හා මෘදු බවක් දැනෙනවා.

    ඔබේ දෝෂ රහිත (flawless skin) සමේ රහස කුමක්ද ?

    හොඳයි, එය ලෝකයට අමුතු දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන්. නමුත් මම ඔබට පොරොන්දු වෙනවා එය එසේ නොවෙයි. මම මගේ ගමට යන සෑම විටම මම එහි ඇති වැවේ පීනනවා. මම වැවෙන් මඩ මගේ මුහුණ සහ ශරීරය පුරා ආලේප කර ගන්නවා. එසේ කළ විට සමට සිනිඳු, පෝෂ්‍යදායී හා මෘදු බවක් දැනෙනවා.

    ඔබ වඩාත් විශ්වාසයෙන් භාවිත කරන රූපලාවන්‍ය නිෂ්පාදන ගැනත් යමක් කියන්න කැමතිද ?

    සීටාෆිල් මොයිස්චරයිසර්, සන්ස්ක්‍රීන්, ඇස් යට සැහැල්ලු ක්‍රීම් සහ ක්ලිනික් ලිප් බාම්.(A Cetaphil moisturiser, sunscreen, a light under-eye cream and Clinique lip balm)

    ග්‍රීෂ්ම ඍතුවේදී ඔබ ඔබට සමීපව තබා ගන්නා එක් නිෂ්පාදනයක් ගැන කියන්න කැමතිද ?

    මම සාමාන්‍යයෙන් ස්වභාවික තොල් ආලේපන (Natural lip balm) භාවිත කරනවා.  නමුත් මම කවදා හෝ තොල් වර්ණ කළහොත් එය රතු තොල් ආලේපනයක් පමණක් විය යුතුයි.

    සයියාමි ඛර්


    ඔබ ආඩම්බර වන එක් වේශ නිරූපණයක්?

    මම මගේ Eye-liner කිරීම ගැන ආඩම්බර වෙනවා. ඇත්තෙන්ම එය නම් අපූරුයි

    ඔබ වඩාත් වැදගත් කිසියම් රූපලාවණ්‍ය ඉඟියක් අපේ පාඨකයින්ට ලබා දෙන්න කැමතිද ?

    Sunscreen නොමැතිව කිසි විටෙකත් පිටතට යන්න එපා. ඔබ තරුණ වුවත් හොඳ  Eye cream සඳහා භාවිත කරන්න. එයට මුදල් වැය කරන්න කිසි විටෙක පැකිලෙන්න එපා. ප්‍රමාණවත් තරම් කාලයක් නිදාගෙන ප්‍රමාණවත් තරම් පිරිසිදු ජලය පානය කරන්න. එවිට ඔබට අඩු වියදමකින් සුන්දර සමක් ලබාගත හැකියි. තිබෙන සුන්දර සම වඩාත් සුරක්ෂිත කරගත හැකියි.

    Text by filmfare.in – සැකසුම – තුෂාධවි

  • ලෝකය පුරා ආසාදිතයින් 57,46,086ක් සහ මරණ 357,377ක්

    ලෝකය පුරා ආසාදිතයින් 57,46,086ක් සහ මරණ 357,377ක්

    අද (28) දින ප.ව 10.02 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 57,46,086 දෙනකු සහ මරණ 357,377ක් වාර්තා වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝන වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ.

    එහි දැක්වෙන්නේ එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 17,06,500ක් හා මරණ 100,769ක් බවයි.

    වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කරමින් බ්‍රසීලය ආසාදිතයින් 411,821ක් හා මරණ 25,598ක් වාර්තා කර ඇති අතර රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 379,091ක් දක්වාත් මරණ සංඛ්‍යාව 4142 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

    ආසාදිතයින් සටහනේ 09 වැනි ස්ථානයේ පසුවන (එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය හා ජර්මනිය) ඉන්දියාව ආසාදිතයින් 165,069ක් වාර්තා කර ඇති අතර මරණ සංඛ්‍යාව 4695 දක්වා වර්ධනය වී තිබෙනවා.

    මැදපෙර දිග තත්ත්වය

    ශ්‍රී ලංකිකයින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සේවය කරන මැදපෙරදිග තත්ත්වය විමසීමේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් සෞදි අරාබියෙන් වාර්තා වෙනවා. එය 80,185 ක් හා මරණ 441 ක්. එක්සත් අරාබි එමීර් හි ආසාදිතයින් 32,532ක් සහ මරණ 258ක්, කුවේටයෙන් ආසාදිතයින් 24,112ක් වාර්තා වෙනවා.

  • නාවුක හමුදා සහ කුවෙට් පොකුර දිගටම ක්‍රියාත්මකයි – අදත් ආසාදිතයින් 34ක්

    නාවුක හමුදා සහ කුවෙට් පොකුර දිගටම ක්‍රියාත්මකයි – අදත් ආසාදිතයින් 34ක්

    අද (28) දින ප.ව 19.05 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 34 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ.

    එහි දැක්වෙන්නේ මේ වන විට රෝහල්වල රෝගීන් 748 දෙනකු ප්‍රතිකාර ලබන බවත් 68 දෙනකු විමර්ශනය යටතේ පසුවන බවත්ය.

    මේ වන විට සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 745ක් බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

  • ජාත්‍යන්තර ණය ආයතනවලින් කොන්දේසි විරහිත අය-වැය සහයෝගය ඕනෑ – ජනපති

    ජාත්‍යන්තර ණය ආයතනවලින් කොන්දේසි විරහිත අය-වැය සහයෝගය ඕනෑ – ජනපති

    කැනඩා හා ජැමෙයිකා අග්‍රාමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් සංවිධාන කරන ලද “කොවිඩ් – 19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සදහා මූල්‍යකරණය පිළිබඳ ඉහළපෙළේ වීඩියෝ සම්මන්ත්‍රණය” අමතා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට, 2020 මැයි 28 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව

    මේ හමුව කැඳවීම පිළිබඳව කැනඩාවේ සහ ජැමෙයිකාවේ අගමැතිවරුන්ට සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට මම මගේ ස්තූතිය පිරිනමමි.

    ගෝලීය වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, ආයෝජන හා සේවා නියුක්තිය අඩපණ වී ඇත. වසංගතය හදිසියේම, වරක් තිරසාර වූ ව්‍යාපාර හා ආර්ථිකයන් විනාශ කරමින් අස්ථාවර තත්ත්වයට පත් කර ඇත.

    සැබෑ ආර්ථිකය තවදුරටත් ආදායම් හා රැකිය උත්පාදනය නොකරන හෙයින් රාජ්‍ය මූල්‍ය හිඟය ක්‍රමනුකූලව පහත හෙළමින් සිටි රටවල් පසුබෑමට ලක්ව ඇත. පහත වැටෙන ප්‍රවණතාවක පැවති ණය පරිමාව ඊට අනුරූපව ප්‍රත්‍යවර්තනයකට ලක්ව ඇත.

    අක්‍රීය වත්කම් ඉහළ ගොස් ද්‍රවශීලතා අර්බුදයකට මුහුණදීමට සිදු වීමෙන් බැංකු ක්ෂේත්‍රයට පහර එල්ල වී තිබේ. සමස්ත ඉතුරුම් – ආයෝජන සමීකරණය බිඳ වැටී ඇති අතර සංවර්ධනය සදහා මූල්‍ය සම්පාදනය මුල්‍යකරණය ගෝලීය ආර්ථිකයට අදාල මාතෘකාවක් වන්නේ මේ හේතුවෙනි.

    ශ්‍රී ලංකාව තුල ශ්‍රම ආදායම, අපනයන ආශ්‍රිත ආදායම, සංචාරක ව්‍යාපාරය සහ සම්බන්ධිත සේවා ආශ්‍රිත ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ග අපගේ සැබෑ ආර්ථිකයට බලපෑම් එල්ල කර ඇත. සේවා නියුක්තිය හා ජීවනෝපාය අහිමිවීම විශාලය.

    අපට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා කුමක් වුවද පළමුව ජනතාව යන අපේ ප්‍රතිපත්ති අත්හළ නොහැක්කේ අප වඩාත් අගය කරන එකම වත්කම මානව සංවර්ධනය නිසාය.

    මෙය රජයේ හා ව්‍යාපාරික ආයතනවල  පාලනය ඉක්මවා ගිය අර්බුදයක් වන හෙයින් බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය නිල ණය ප්‍රදානය කරන ආයතන වෙතින් කොන්දේසි විරහිත අය වැය සහයෝගය සහ රාජ්‍ය ණය සඳහා ණය කල් දැමීමේ වන්දි ආකාරයෙන් අන්තර්ජාතික සහයෝගය ලැබි යුතු වන්නේ පෞද්ගලික ණය සහ ලාභාංශ වෙළෙඳ පොළෙහි විශ්වාසය ඉන් තහවුරු වන බැවිනි.

    සංවර්ධනය වෙමින් පවතින රටවලට බහු පාර්ශවීය සහ ද්විපාර්ශවීය රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන්ට බිඳවැටුණු ආර්ථිකය නැවත ගොඩ නැංවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට එවන් අවකාශයක් නිර්මාණය කිරීමේ විශේෂ වගකීමක් ඇති අතර ණය දීමේ සාමාන්‍ය කොන්දේසි මත තරයේ රැඳී නොසිටිය යුතු වන්නේ බොහෝ රටවල් සිය ණය බැඳීම් නොකඩවා ඉටු කර ඇති හෙයින් හා රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන් විසින් සැලකිය යුතු සහනයක් මගින් නව අවකාශ සැලසීමට කාලය පැමිණඇති හෙයිනි.

    අපේ ප්‍රමුඛතා වන කෘෂි හා ආහාර සුරක්ෂිතතාව, පරිසර සංරක්ෂණය, පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර, ඩිජිටල් ආර්ථිකය හා ඩිජිටල් ආණ්ඩුකරණය. ග්‍රාමීය ආර්ථිකය හා දිළිදුකම අඩු කිරීම, ගම්මාන සඳහා වැඩි දියුණු කළ සබඳතා තුලින් ජනතාවට හා ව්‍යාපාරික ප්‍රජාවට වෙළඳපොළ ප්‍රවේශය සහ අපගේ පරිසර ආරක්ෂණ උපායමාර්ග හා අනුකූලව නගර නිර්මාණය පුරා මාස 02කට ආසන්න කාලයක් ආර්ථිකය වසා දැමීම හේතුවෙන් පසුබෑමට ලක්ව ඇත.

    කොවිඩ් – 19 වසංගත අවදානමට ප්‍රජාව ගොදුරු නොවන බව සහතික කරනු සඳහා වන සෞඛ්‍ය නිරෝධායන ප්‍රමිතීන්ට අනුගතවෙමින් මේ සතියේ සිට සීමාවන් ලිහිල් කිරීමට අපි පියවර ගෙන ඇත්තෙමු. කෙසේ වෙතත්, ආර්ථිකයට සැබෑ ලෙස ඇති වූ අලාභය මාස දෙකක කාලයක් වනවා සේම රට සාමාන්‍ය තත්වයට පත්වීමට අපේක්ෂිත කාල සීමාව දීර්ග වනු ඇති බැවින්, එවැනි පහසුකම් සලසන සියලු බාහිර අධාර “සංවර්ධන කේන්ද්‍රීය” විය යුතුය.

    සෑම ප්‍රධාන ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ණය සපයන්නන් විසින් ලබාදෙන නිල ණය සහ මධ්‍යකාලීන හදිසි අයවැය ආධාර ණය පෞද්ගලික ණය වගකීම් සපුරාලීමට අවශ්‍ය සාර්ව ආර්ථික අවකාශය විවෘත කරනවා සේම එය වෙළෙඳ හා ගෙවීම් ක්‍රම ලිහිල් කර පෞද්ගලික අංශයේ ණය හිමියන්ට වර්ධනය නැවත සකසා ආයෝජනයට අවශ්‍ය විශ්වාසය ගොඩනැගීමට අවකාශය සලසයි.

    සංවර්ධන මූල්‍යකරණයේ අවශ්‍යතාව මම මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති අතිගරු ෂි ජින් පිං මැතිතුමා, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ එක්සත් ජනපදයේ  ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මහතා සමග කළ සාකච්ඡාවලදී අවධාරණය කළෙමි.

    කෙසේ වෙතත්, කණගාටුවට කරුණ නම් මධ්‍ය ආදායම් ආර්ථිකයක් සහිත රටවල්, සංවර්ධනය වෙමින් තිබෙන  රටවල් ලෙස පවතින වර්ගීකරනය ඇතුළත උපග්‍රහණය වීම හේතුවෙන් එම රටවල අවශ්‍යතාව මුළුමනින්ම සපුරාගැනීමට ඇති අවකාශය සීමා වී තිබීමයි.

    ලොව ප්‍රධාන පෙළේ ආධාර කණ්ඩායම්වල හා නායකයන්ගේ වගකීම තම තමන් අතර කොන්දේසි පනවා නොගෙන මහා පරිමාණයේ ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික නියෝජිත ආයතනවල කඩිනම් ක්‍රියාමාර්ග වේගවත් කොට සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් ආර්ථිකයන්හි සංවර්ධන හවුල්කරුවන් ලෙස ඉදිරියට යාමයි.

    අධ්‍යාපනය, සෞඛ්‍යය , කාන්තාවන් හා ළමයින් නව අපනයන කර්මාන්ත, ආහාර සුරක්ෂිතතාව හා වඩා යහපත් හා ස්ථාවර ලොවක් වෙනුවෙන් පරිසර සුරැකීම ඇතුළු මානව සංවර්ධන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට රටවල් දිරි ගන්වන අතර හදිසි ආධාර පහසුකම් තුලින් සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් රටවලට සහය වන්නේ කෙසේදැයි මේ කතිකාවත තුළින් එකඟත්වයක් මතු විය යුතුය.

    ගරු මැතිඳුනි,

    “ආරෝග්‍ය පරමා ලාභා හෙවත් යහපත් සෞඛ්‍යය පරම ධනය වේ” යන බුදු වදන සිහිපත් කරමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරමි.

    ස්තූතියි,

  • සජිත් පිළෙන් දියවන්නා යන්න හදන එජාපයේ 102කට වැඩ වරදී !

    සජිත් පිළෙන් දියවන්නා යන්න හදන එජාපයේ 102කට වැඩ වරදී !

    එක්සත් ජාතික  පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලබා ගෙන ඇති සාමාජිකයින් 102 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් (27) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

    “පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳවයි” යන්න මාතෘකාව යටතේ නිකුත් කර ඇති අදාළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේෙ පළාත් පාලන නියෝජිතයින්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු 102 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය මේ අනුව අත්හිටුවන බවයි.

    එම නිවේදන පහත දැක්වෙනවා.

  • Covid-19: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‘නවතම තත්ත්ව වාර්තාව’

    Covid-19: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‘නවතම තත්ත්ව වාර්තාව’

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (27) දින Covid-19 වෛරසයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඇතුළත් නවතම තත්ත්ව වාර්තාව ඉදිරිපත් කළේය.

    කොවිඩ්-19 ගෝලීය වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය පාලනය කිරීම, රෝගීන් කළමනාකරණය කිරීම, නව සාමාන්‍ය තත්ත්වය හා දෙවන රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් වන එම වාර්තාවේ සදහන් වන්නේ මේ වන විට ලංකාව තුළ වැලිසර නාවික හමුදා කදවුර ආශ්‍රිත පොකුර හා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු ඇතිවන පොකුර වශයෙන් ‘කොවිඩ්-19 පොකුරු දෙකක් ඇති බවයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මාධ්‍ය වෙත යොමු කළ එම සම්පූර්ණ වාර්තාව පහත පළ වෙනවා.

  • කොරෝනා නිසා කිසිදු සේවකයෙකුගේ රැකියාව අහිමිවීමට ඉඩ දෙන්නෑ – ඇමැති ප්‍රසන්න

    කොරෝනා නිසා කිසිදු සේවකයෙකුගේ රැකියාව අහිමිවීමට ඉඩ දෙන්නෑ – ඇමැති ප්‍රසන්න

    දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජය සිය අවධානය යොමු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඒ සදහා පියවර ගන්නා බවයි.

    ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කලාප අධ්‍යක්ෂකවරුන් සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (27) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමත් සමග රට යථා තත්ත්වයට පත් කිරීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ රට තුළ පිහිටි කර්මාන්තශාලාවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මෙම රැස්වීම කැදවා තිබිණ. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ දි රැස්වීම පැවැත්විණ.

    දිවයින පුරා පිහිටි නිදහස් වෙළද කලාප තුළ කර්මාන්තශාලා 92% ක් මේ වන විට සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙන බව ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජය මොහොට්ටාල මහතා මෙහි දී කියා සිටියේ ය. නිදහස් වෙළද කලාප 14 ක කර්මාන්තශාලා 286 ක් පිහිටුවා තිබේ.  සේවක සංඛ්‍යාව 142,000 කි.

    පහුගිය අගහරුවාදා (26) වන විට කර්මාන්තශාලා 262 ක් නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබු බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවම සේවක සේවිකාවනක් සංඛ්‍යාවක් සේවයේ යෙදවීමේ පදනම යටතේ  සේවක සේවිකාවන් 91,416 ක් ඒවායේ සේවය කරන බවත් ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂකවරුන් මෙහි දී කියා සිටියහ. එම කර්මානතශාලාවල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැ‘යි නිරන්තරයෙන් පරීක්ෂා කරන බව ද ඔවුහු කියා සිටියහ.

    නිදහස් වෙළද කලාප වල පිහිටුවා ඇති කර්මාන්තශාලා හිමියන්ගේ ප්‍රධාන ඉල්ලීමක් බවට පත්ව ඇත්තේ සිය සම්පූර්ණ නිෂ්පාදන ධාරිතාව ක්‍රියාත්මක කිරීම බව ද වෙළද කලාප අධ්‍යක්ෂකවරු පෙන්වා දුන්හ. දිස්ත්‍රික් අතර ගමනාගමනයට තවදුරටත් පවතින බාධා ඉවත් කර දෙන ලෙස ද කර්මාන්ත හිමියෝ ඉල්ලා සිටින බව ඔවුහු කියා සිටියහ.

    ඇමති ප්‍රසන්න රණුතංග මහතා මෙහිදී කියා සිටියේ කර්මාන්තශාලාවල නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට සේවක සංඛ්‍යාව වැඩි කිරීමට සිදුවන බවයි. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශ ලබා ගත යුතු බව පැවසූ ඇමතිවරයා ඒ පිළිබද ව සෞඛ්‍ය බළධාරීන්ගේ අවධානය යොමු කරවන බව ද කීවේය.

    අවදානම් කලාපය ලෙස හදුනාගෙන තිබු කොළඹ හා ගම්පහ අතර අන්තර් ගමනාගමන බාධා ලබන සතියේ පමණ වන විට ඉවත් කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇතැයි ඔහු සදහන් කළේය. කර්මාන්තශාලා නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමේ දී ඒ ආශ්‍රිතව පවතින බෝඩිං කාමර හා නිවාස පවත්වාගෙන යාමේ දී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් ඇමතිවරයා කර්මාන්තශාලා ආශ්‍රිත බෝඩිං කාමර හා නිවාස සදහා වෙන ම සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුයෙන් නර්මාන්තකරුවන් මුහුණ පා සිටින ඇණවුම් අවලංගු වීම වැනි කරුණු කෙරෙහි ද රජය සිය අවධානය යොමු කර ඇති බවත් ඉදිරියේ දී ඔවුන්ට සහන සැලසීම සදහා රජය අවශ්‍ය පියවර ගන්නා බවත් කී ඇමති ප්‍රසන්න රණතුංග මහතා කිසිදු කර්මාන්තශාලවක් වසා දැමිමටත්, කිසිදු සේවකයෙකුගේ රැකියාව අහිමිවීමටත් ඉඩ නොතැබීම රජයේ ස්ථාවරය බව ද අවධාරණය කළේය. කම්කරු අමාත්‍යාංශයේ මෙවැනි ගැටළු විසදීම සදහා වෙන ම ඒකකයක් පිහිටුවා තිබේ. එම ඒකකයට මෙවැනි ගැටළු ඇත්නම් යොමුකරන ලෙසද ඇමතිවරයා අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් දුන්නේය.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක, අධ්‍යක්ෂක ජෙනරාල් සංජය මොහොට්ටාල යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක් ව සිටියහ.

  • ලංකාවේ කොරෝනා මරණ 10ක් වෙද්දී මාස පහකදී ඩෙංගුවලට 22ක් බිලිවෙලා

    ලංකාවේ කොරෝනා මරණ 10ක් වෙද්දී මාස පහකදී ඩෙංගුවලට 22ක් බිලිවෙලා

    වර්ෂාව පැමිණීමත් සමඟ ඩෙංගු රෝගය වැඩිවීමේ අවදානමක් ඇති බැවින් COVID – 19 සමඟ අනෙකුත් රෝග පාලනය ද නිසියාකාරව කළමනාකරණය කරගත යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    ඒ අනුව COVID – 19 මර්දනය සදහා සියළු දෙනා එක්ව කටයුතු කළා සේම ඩෙංගු රෝගය මැඩලීම සදහා ද සියළු අංශ එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍යතුමීය පවසයි. දැනට සිදු කරනු ලබන ඩෙංගු මදුරු මර්දන වැඩපිළිවෙල සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල පිළිබදව විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික ඩෙංගු මර්දන එකකයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

     2019 වසරේදී ඩෙංගු රෝගීන් 105,049 ක් හමුවූ වී ඇති අතර, මරණ 150 ක් සිදු වී ඇත. 2020 මේ වසරේ මේ දක්වා  ඩෙංගු රෝගීන්  19,474 හමුවී ඇති අතර මරණ 22 ක් සිදු වී ඇති බව බව මෙහිදී අනාවරණය විය.

    ඒ අනූව COVID – 19 වෛරසය මැඩලීම සදහා කටයුතු කළ සේම ඩෙංගු මදුරු මර්දනය සදහා ද සැවොම එක්ව කටයුතු කළ යුතු බවත් “COVID – 19 රෝගයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට දියත් කළ වැඩපිළිවෙල වගේම ඩෙංගු රෝගයෙන් ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම අප සියලු දෙනාගේ වගකීමක් බවද, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු රෝගය මර්දනයට කාර්යසාධක බලකායක් පිහිටුවීමටද කටයුතු කර තිබෙන බවත් අමාත්‍යතුමීය මෙහිදී පවසන ලදී.

    COVID – 19 රෝගය මැඩලීමට පළාත් පාලන ආයතන විසින් විශාල කාර්යභාරයක් ඉටු කල බවත්. ඩෙංගු මර්දන වැඩපිළිවෙලේදී ද එම කාර්යභාරය නිසි අයුරින් ඉටුකරන ලෙසට අමාත්‍යතුමීය පලාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක්  කලේය.

    මේ වන විට ඩෙංගු රෝගය පාලනය සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කොට ඇති අතර ඒ අනුව කඩිනම් වැඩ කටයුතු මාලාවක් දියත් කර ඇති බවත් ඩෙංගු රෝගීන් හට ප්‍රතිකාර කිරීම සදහා ඩෙංගු ප්‍රතිකාර විශේෂ රෝහල් වල පහසුකම් වැඩි කරන ලෙසටත් නව ඩෙංගු ප්‍රතිකාර විශේෂ රෝහල් සකස් කරන ලෙසටත් අමාත්‍යතුමීය නිළධාරීන්ට උපදෙස් දෙන ලදී.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩනයන මහත්ම මහත්මීන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලුනිළධාරීන් පිරිසක් සහභාගි විය.

  • මහින්දානන්දගේ ‘කුවේට් බෝම්බ කතාව’ ගැන JVP විදේශ ඇමැතිට ලියයි

    මහින්දානන්දගේ ‘කුවේට් බෝම්බ කතාව’ ගැන JVP විදේශ ඇමැතිට ලියයි

    මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා විසින් කුවේට් සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිළිබඳව කරන ලද අපහාසාත්මක සහ වගකීම් විරහිත ප්‍රකාශය පිළිබඳව එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳන්නෙත්ති මහතා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. එම සම්පූර්ණ ලිපිය සහ එතෙර අපි සංවිධානයේ කුවේට් ශාඛාව වෙනුවෙන් එහි සභාපති ජූඩ් ලිවේරා මහතා විසින් විදේශ ඇමැතිවරයාට යොමු කළ සම්පූර්ණ ලිපි පහත පළ වෙනවා.

    විදේශ කටයුතු අමාත්‍ය,
    දිනේෂ් ගුණවර්ධන මහතා,
    විදේශ කටයුතු අමාත්‍යාංශය – කොළඹ.

    හිතවත් ඇමතිතුමනි,

    මැයි මස 19 වන දින කුවේට් සිට පැමිණි ලාංකිකයන් පිළිබඳව හිටපු රජ්‍ය ඇමතිවරයෙකු විසින් සිදුකළ සාවද්‍ය ප්‍රකාශය හා මැදපෙරදිග ලාංකිකයන් සම්බන්ධවයි

    කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකාවට මැයි 19වන දින පැමිණි ලාංකිකයන් කුවේට් රාජ්‍ය විසින් තෝරාගත් කොරෝනා රෝගය වැළඳුණු පිරිසක් බවත්, ඔවුන්ගේ පැමිණීම ශ්‍රී ලංකාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සමාන යැයිද හිටපු රාජ්‍ය ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මැයි 25වන දින කරන ලද ප්‍රකාශය පිළිබඳ අපගේ බලවත් කණගාටුව සහ අප්‍රසාදය ප්‍රකාශ කරමු. එහිදී ඔහු විසින් ඉදිරිපත් කළ කරුණු ගණනාවක් පදනම් විරහිත ව්‍යාජ චෝදනා පමණක් බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

    විශේෂයෙන්ම එවන ලද පිරිස කුවේට් රාජ්‍යය තෝරාගත් පිරිසක් බවට වන චෝදනාවත්, මෙම පිරිස වෛද්‍ය පරික්ෂණවලින් තොරව ශ්‍රී ලංකාවට එවන ලදැයි යන චෝදනාවත් සාවද්‍යය. මෙම හාරසිය හැටහයදෙනා වෛද්‍ය පරීක්ෂණවලට ලක්කළ බවත් ඉන් හතරදෙනෙකු පමණක් වෛද්‍ය වාර්තා සලකා බලා රෝහල්ගත කළ බවත් ඉන් එක් අයෙකුට පමණක් කොරෝනා වැළදී ඇති බවත් කුවේට්හි ශ්‍රී ලංකා තානාපතිවරයා Arab Times පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

    කුවේටය ඇතුලු මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන් අතිවිශාල ප්‍රමාණයක් තම මව්රට වන ශ්‍රි ලාංකාවට තමන් ගෙන්වා ගන්නා ලෙස ඉල්ලුම් කර සිටින්නේ මීට මාස දෙකකට පමණ පෙර සිට බව ඔබතුමා හොඳින් දන්නා කරුණකි. නමුත් විදේශගත ශ්‍රි ලාංකිකයන් තම මව්රටට ගෙන්වා ගැනීමට ආණ්ඩුව දිගින් දිගටම දැක්වූ මැළිකම නිසා අද මෙම තත්වය උග්‍රවී ඇති බවත්, එම නිසා අසරණ බවට පත්වී සිටින ශ්‍රි ලාංකිකයන්ටත්, ඔවුන් අප රටට ගෙන්වාගැනීමට සියලු පහසුකම් ලබාදුන් විදේශ රාජ්‍යයන්ටත් අවලාද නැගීම කිසිසේත් පිළිගත නොහැකිය.

    මේ වනවිට මෙම සිද්ධිය පදනම් කරගෙන විවිධ රටවල අසරණභාවට පත්වී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීමද ආණ්ඩුව විසින් නතර කිරීමට උත්සාහ කරමින් තිබේ. එම නිසා එතෙර අපි සංවිධානයේ කුවේට් ශාඛාව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ පැහැදිළි කිරීමක් මේ සමග ඔබට යොමු කරමු. තම රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ඕනෑම ආණ්ඩුවක් ඕනෑම තත්වයකදී බැඳී සිටින බවත්, එම වගකීම අත්හරිමින් අසරණභාවයට පත්වී ඇති එම පුරවැසියන්ට හා ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා විවිධ සහාය ලබාදෙන රාජ්‍යයන්ට ආණ්ඩුවේ නියෝජිතයන් විසින් කරන්නාවූ චෝදනා පිළිබඳ අපගේ බලවත් අප්‍රසාදය මෙයින් පළකරමු. මන්ද යත් ශ්‍රී ලංකාවට පැමිණීමට සිටින පිරිසට වඩා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම රටවල්වල දැනුදු රැකියා කරමින් ජීවත්වන බවත් ඒ ඒ රටේ තත්වය අනුව එම ආණ්ඩු විසින් ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා තත්වය යටතේ විවිධ සහන සහ උපකාර ලබාදෙන බවත් තේරුම් ගැනීම වැදගත්ය. එම නිසා විදේශගතව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් අදාල නිවැරදි නිරෝධායන ක්‍රමවේද යටතේ ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සූදානම් කරන ලෙසත් එතෙර අපි සංවිධානය ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිමු.

    එතෙර අපි සංවිධානයේ කුවේට් ශාඛාව විසින් එවන ලද ලිපිය මේ සමග අමුණා ඇත.

    ස්තූතියි,

    සුනිල් හඳුන්නෙත්ති,
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,
    සභාපති,
    එතෙර අපි සංවිධානය.
    2020-05-28

    ගරු විදේශ කටයුතු ඇමතිතුමනි,

    පසුගිය මැයි 25වන දින විකාශයවූ දෙරණ නාලිකාවේ වැඩසටහනකදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කුවේට් සිට පැමිණි ලාංකිකයන් පිළිබඳව කළ අසත්‍ය ප්‍රකාශය පිළිබඳ මේ වන විටත් ඔබතුමා දැනුවත් යැයි අප සිතමු.

    එහිදී කුවේටයේ සිට පැමිණි සියලුදෙනා කොරෝනා ආසාධිත බෝම්බ ලෙසත් කුවේට් රජයෙන් කොරෝනා රෝගීන් තෝරාගෙන ලංකාවට එවූ බවත් එම අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී. මෙම ප්‍රකාශය බරපතල හා සාවද්‍ය ප්‍රකාශයක් බවත් එමගින් ඇතිවිය හැකි අයහපත් ප්‍රතිපල දැනුවත් කිරීම සඳහාත් මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරමු.

    01. කුවේට් රජය විසින් අප්‍රේල් 1වන දින සිට අප්‍රේල් 30වන දින දක්වා ලාබදුන් පොදු සමා කාලයේදී ඉදිරිපත්වන අයට නොමිලේ ගුවන් ටිකට්පත් හා පිටව යන තෙක් අවශ්‍ය නේවාසික පහසුකම්ද ලබාදෙන බව ප්‍රකාශ කරන ලදී. එයට අනුව වලංගු වීසා බලපත්‍ර නොමැති, එහෙත් ගමන් බලපත්‍ර හිමි ලාංකිකයන් අප්‍රේල් 21වන දින සිට 25වන දින දක්වා කුවේට් රජයේ ෆර්වානියා නගරයේ පාසල් දෙකකදී භාරවූ අතර වීසා නොමැති ගමන් බලපත්‍ර නොමැති ලාංකිකයන්ට මෙම අවස්ථාව අහිමිවූයේ තානාපති කාර්යාලය මගින් එම පිරිසට තාවකාලික ගමන් බලපත්‍ර සකසාදීමට මැදිහත් නොවූ නිසාය. ඒ පිලිබඳ අප තානාපති කාර්යාලයෙන් විමසූවිට ඔවුන් සඳහන් කළේ ලංකා රජයෙන් වීසා නොමැති, ගමන්බලපත්‍ර නොමැති අයට තාවකාලික බලපත්‍ර සකස් කිරීමට අවසරය ලබාදී නොමැති බවය. එමනිසා ලංකාවට පැමිණි ලාංකිකයින් කුවේට් රජයෙන් තෝරාගෙන එවා ඇතැයි හිටපු ඇමතිවරයා කළ ප්‍රකාශය මුලුමනින්ම අසත්‍ය වේ.

    02. එම පිරිස ලංකාව බලා පැමිණි දිනයේ (මැයි 19 වන දින) උදෑසන 5 සිට කුවේට් ගුවන් තොටුපලේදී පිටත්වීමට පැමිණි සියලුම දෙනා අදාල වෛද්‍ය පරික්ෂණවලට ලක්කළ බවත් රෝගී තත්ව පිළිබඳ සැක මතු වූ කිහිපදෙනෙකුට (සිව්දෙනෙක් පමණ) ගුවන්යානයට ඇතුල්වීමට ඉඩ නොදුන් බවත් ඔවුන් රෝහල් වෙත යොමු කළ බවත් දන්වා සිටිමි. එම සථානයේ රැඳීසිටි ශ්‍රී ලංකා තානාපති තුමාගෙන් ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු තහවුරු කරගත හැක. එම නිසා හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදු කළ සාවද්‍ය ප්‍රකාශය සමස්ත මැදරෙදිග ලාංකිකයන්ට කරන ලද අපහාසයක් මෙන්ම ශ්‍රි ලාංකිකයන්ට එම අවස්ථාව ලාබාදුන් කුවේට් රජයටත් කළ අපහාසයක් ලෙස අප දකිමු.

    03. මේ මොහොතේ බරපතල අර්බූද රැසකට මුහුණ දෙමින් සිටින කුවේටයේ රැඳී සිටින 16,000ක් ඉක්මවු වීසා නොමැති පිරිසට නොමිලේ ගුවන් ටිකට්පත් හා අවශ්‍ය පහසුකම්සහිතව ලබාදුන් පොදු සමා කාලය පිළිබඳව කල්වේලා ඇතිව ලාංකා රජයට දැනුම්දී තිබූ අතර, එම පිරිස ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකිරීම හේතුවෙන් එම පිරිසට බරපතල අර්බූද රැසකට මුහුණදීමට සිදුවිය. ලාංකිකයන්ට අදාලව පොදු සමාකාලය අරම්භක දිනය වූ අප්‍රේල් 21වන දින ඔවුන් බාරගන්නා ස්ථාන වෙතට බොහෝදෙනා පැමිණියේ තමන් නේවාසිකව සිටි ස්ථානවලින් ඉවත්වී අනෙකුත් සියලුම කටයුතු අවසන් කර තම මව්රට බලා පිටත්වීමේ අපේක්ෂාවෙන්ය. එහෙත් එදින ගමන් බලපත්‍ර හිමි අය පමණක් බාරගත් අතර ගමන් බලපත්‍ර නොමැති පිරිස බාර නොගෙන ප්‍රතික්ෂේප කිරීම නිසා අවසානයේ එම පිරිසයට යනඑන මං නොමැතිව තවත් අසරණභාවයට විය. මේ වන විටත් එම පිරිස නොයෙකුත් ස්ථානවල ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අතර මේ ගෙවී ගිය මාසයකට වැඩි කාල සීමාව තුළ ඔවුන්ද මෙම කොරෝනා වෛරසයට අසාධානය වීමේ අවධානම වැඩිවී ඇත. අප්‍රේල් 21 වනවිට කුවේටයේ කොරෝනා ආසාධිත ප්‍රමාණය 1995ක් වූ අතර එම අවස්ථාවේදී ලාංකාවේ රජයට විසඳීමට තිබූ මෙම ගැටලුව, ආරම්භයේ සිටම මැදපෙරදිග ලාංකිකයන් ගෙන්වා නොගැනීමේ ආණ්ඩුවේ ස්ථාවරය නිසා කොරෝනා ආසාධිතයින් 16784ක් වාර්තාවූ මැයි 19 වන දින තෙක් පමා කිරීමේ වගකීමද ගත යුත්තේ ශ්‍රී ලංකා රජයයි.

    04. කුවේට් රාජ්‍ය විසින් පොදු සමාකාලයේදී භාරවෙන ඒ ඒ රටවල පුරවැසියන්ගේ වෛද්‍ය පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය වෛද්‍ය කණ්ඩායම් කුfවිටයට ගෙන්වාගෙන ඒ ඒ රටේ වෛද්‍යවරු මගින්ම එම පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල විදේශ අමාත්‍යාංශවලට කුවේට් රජයෙන් දැනුම් දී තිබූ බව අපට දැනගන්නට ලැබී ඇත. එයට අනුව ගුවන්යානයකින් ඉන්දියාවේ සිට වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ රැගෙන පැමිණ එම කටයුතුවලට මැදිහත්වූ අයුරු දැකගන්නට හැකි විය. තවද අනෙකුත් රටවලින් තමන්ගේ පුරවැසියන් බාරගැනීමට අවශ්‍ය කටයුතු සකස් කළ අතර මේ වන විට විධිමත්ව එම කටයුතු සිදුවේ. දැනට කොරෝනා අවධානම වැඩි රටක් වන ඉන්දියාව පවා තමන්ගේ පුරවැසියන් ගෙන්වා ගැනීමට වෛද්‍ය කන්ඩායම් පවා කුවේටයට එවමින් කටයුතු කරද්දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් එවැනි කිසිදු සහයෝගයක් ලබානොදී මෙවැනි චෝදනාවක් එල්ල කිරීම බරපතල වරදක් වේ. මුල සිටම කුවේට් රජය සමග අවශ්‍ය කටයුතු සඳහා සහයෝගයෙන් සැලසුම් සකස් කළේනම් මේ වනවිට බොරු චෝදනා නගමින් තමන් නිවැරදි වීමට උත්සාහ කිරීමට අවශ්‍ය නොවන බවද දන්වමු.

    05. යුරෝපා රටවල් වල සිටි ලාංකිකයන් හා ඔබගේ රජයේ හිතවතුන් ගෙන්වා ගැනීමට විශාල ලෙස මැදිහත්වූ ආණ්ඩුව සමහර ඇමතිවරුන්ගේ දරුවන් එන තෙක් ගුවන් තොටුපල පවා වසා නොදැමූ අයුරු අප දැක්කෙමු. එහෙත් අතිශය පීඩාවට පත් මැදපෙරදිග ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් රජය මැදිහත් නොවීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා මේ වන විට බරපලත අර්බුද රැසක් මතුවී ඇති අතර එහි සමස්ථ වගකීම රජයට පැවරේ.

    මෙවැනි තත්වයන් යටතේ කුවේට් රජය විසින් විශේෂයෙන් තෝරා නොගත් සහ අවසාන දිනයේ පවා පරීක්ෂණවලට ලක්කළ කුවේට් රජය මගින් නොමිලේ සැපයූ ගුවන්යානා මගින් ලංකාවට පැමිණි, ලාංකාවේ ගුවන් තොටුපලේදී පවා නැවත පරීක්ෂාවට ලක්කළ, එම කිසිදු පරීක්ෂණයකදී රෝගීන් බවට හඳුනා නොගත් නිරෝධායන ම්‍යස්ථනවල සිටින ලාංකිකයන්ට කරන මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, මෙම කරුණ මත පදනම්ව මැදපෙරදිග සිටින සියලු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම නවතා දැමීමට කටයුතු කරමින් තිබීම කණගාටුවට කරුණකි. වහාම මෙම අසත්‍ය කරුණ මත පදනම්ව කුවේට් රජයටත්, කුවේටයේ සිටින ලාංකිකයන්ට හා පැමිණි ලාංකිකයන්ට කරන චෝදනා නවතා දමන ලෙසත්, ඉතාමත් ඉක්මනින් මැදිහත්ව මේ අවස්ථාව වන විට බරපතල අර්බූද රැසකට මුහුණ දෙන මැදපෙරදිග සිටින ලාංකිකයන් විධිමත් නිරෝධායන ක්‍රියාවලියකට යටත්ව ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසත් එතෙක් ඒ ඒ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාදනය සඳහා අවශ්‍ය සම්පත් සහ ප්‍රතිපාදන තානාතපති කාර්යාලයට ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමු. ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාදනය සඳහා තානාපති කාර්යාල විසින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට අප සංවිධානයේ සහාය ලබාදීමට ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වන බවද වැඩිදුරටත් සඳහන් කරමු.

    ස්තූතියි,
    ජූඞ් ලිවේරා,
    සභාපති,
    එතෙර අපි සංවිධානයේ කුවේට් ශාඛාව වෙනුවෙන්
    2020-05-28 වන දින කුවේට් සිට.

  • ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අයුරු

    ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අයුරු

    ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන් පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අයුරු පැහැදිලි කරමින් අද (28) ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිතුක් කර ඇත. එය සම්පූර්ණයෙන් මෙසේය.

    මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය. ජූනි 04 බ්‍රහස්පතින්දා සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

    ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රීක්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණි.  කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇත.

  • ෂාරුක් ඛාන්ගේ බඩපිස්සාගේ උපන් දිනය සැමරූ සුවිශේෂ දසුන් මෙන්න !

    ෂාරුක් ඛාන්ගේ බඩපිස්සාගේ උපන් දිනය සැමරූ සුවිශේෂ දසුන් මෙන්න !

    ෂාරුක් ඛාන් බොලිවුඩයේ රජු වන අතර ඔහුට සුළු හෝ අභියෝගයක් කිරීමට ආසන්නයේ හෝ කිසිවෙක් නැහැ. ෂාරුක් මේ තරම් රසිකයින් අතර ජනප්‍රිය වුණේ කොහොමද ? ඒ සදහා ප්‍රමුඛ වුණේ ඔහුගේ ආසාමන්‍ය පෞරූෂය හා රංගනය ද? මෙ ගැන බොලිවුඩ් සිනමා විචාරකයෝ පොදුවේ එකග වෙනවා. ඒත් ඔවුන් ෂාරුක් වෙනුවෙන් තවත් සුවිශේෂ යමක් එකතු කිරීමට කැමතියි.

    ‘ඔහු පරිපූර්ණ මිනිසෙක්. ගෞරවනීය පවුල් ජීවිතයක් ගත කරන ආදර්ශමත් සැමියෙක්. පියෙක්. මේ සියල්ල එක් වූ විට ෂාරුක් කියන්නේ බොලිවුඩයේ රජු තමයි‘ බොලිවුඩ් විචාරක තුෂාධර් කියනවා.

    ෂාරුක් විවාහ වුණේ සිය ළමා කාලයේ පෙම්වතිය වන ගෞරි ඛාන් සමඟයි. එයත් බොලිවුඩ් ප්‍රේම වෘතාන්තයක් තරම් සුන්දර කතාවක්. ඒ විවාහයෙන් ෂාරුක් ආර්යන්, සුහානා සහ අබ්රාම් යන දරුවන් තිදෙනාගේ පියා බවට පත් වුණා.

    පවුලේ බාලයා වන අබ්රාම්ගේ 07 වැනි උපන් දිනය යෙදී තිබුණේ ඊයේ (27). ෂාරුක් තම බඩපිස්සා වෙනුවෙන් උපරිම කාලය ගත කළ බවයි බොලිවුඩ් වාර්තා කියන්නේ. ‍ෙ

    මේ වන විට ෂාරුක්ගේ මුම්බායි නිවසේ සිටින්නේ අබ්රාම් පමණයි. සුහනා සහ ආර්යන් යන දෙදෙනාම විදේශයන්හි අධ්‍යාපනය හදාරමින් සිටින නිසා ඔවුන්ගේ ආදරණීය තාත්තා සමඟ වැඩි කාලයක් ගත කිරීමට නොහැකියි.

    ඉතින් අබ්රාම් තම උපන්දියන සුපිරි තරු තාත්තා සමඟ ගත කළ අයුරු අපි පින්තූරවලින් බලමු.

    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර

    f‍ilmfare ඇසුරින් සකස් කළේ තුෂාධවි

  • Covid-19: ‘ලොක්ඩවුන්’ කිරීම වනිතා රුවට බල පෑ හැටි

    Covid-19: ‘ලොක්ඩවුන්’ කිරීම වනිතා රුවට බල පෑ හැටි

    කොරෝනාවෛරසයත් සමග බලපැවැත්වෙන ‘ලොක්ඩවුන්’ තහංචි කෙසේ නමුත්, අතැඟිලිවල හැඩ කරන ලද නියෙන් යුත්, රසායන මගින් කෘත්‍රිමව පුරවා ඔපමට්ටම් කරන ලද (Fillers) මුහුණුවල ඇසෙහි ඇලවූ කෘත්‍රිම ඇසිපිය මෙන් ම, මනාව නිමවන ලද හැඩට සකස් කරන ලද උදර ප්‍රදේශ සහිත රූ දැක්වෙන පින්තූර සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන්නන් වෙනදා මෙන් අදත් දකිනු ඇත.

    එහෙත් මේ මොහොතේ උද්ගතව පවතින යථාර්ථය නම්, සමාජයේ වැඩි දෙනෙකු විසින් ඉහත කී උවමනා සඳහා පාවිච්චි කරනු ලබන ශාරීරික ව්‍යායාම පහසුකම් සහිත ස්ථාන (gyms) සහ රූපලාවණ්‍යාගාරවල (beauty treatments) දොරටු වසා තිබීමය.

    එහි ප්‍රතිවිපාකයක් වශයෙන් මහජනයාට ඔවුන්ගේ රූපකාය සහමුලින් ම වෙනත් පිළිබිඹුවක් සහිතව තබා ගැනීමට සිදුව ඇත.

    කේටි (Katy) විසි තුන් හැවිරිදි තරුණියකි. ඇය ‘BBC Newsbeat’ ගුවන් විදුලි විශේෂාංගයට අදහස් දක්වමින් මෙසේ සඳහන් කළාය.

    ”මම හැම දා ම මෙන් පාවිච්චි කරනු ලබන නිය අලංකරණය, ‘fillers’ සායනය මගින් මුහුණ මට්ටම් කිරීම සහ ඇස් පිහාටු එක්කිරීම වැනි පුරුදුවලින් තොර වූ කාලයක්.”

    ‘හිතන්න ගොඩාක් කාලය ලැබිලා’

    රූපලාවණ්‍යයට අදාළ ඉහත කී ආකාරයේ ඇතැම් දේ සඳහා තමා යොමුවුණේ කුමක් නිසා ද? යන කාරණය පිළිබඳව සිතා බැලීමට ‘ලොක්ඩවුන්’ තහංචි මැද ඇය යොමු වූ බව කේටි පවසයි.

    ”මේ කාල සීමාව තුළ අපට මේ කරුණු ගැන හිතන්න ගොඩාක් කාලය ලැබී තිබෙනවා,” ඇය පවසන්නීය.

    ”ඇයි, මම මේ දේවල් කරන්නේ? මා සඳහා ම ද? කියල මම හිතනවා – මම අනිත් අය ඉදිරියේ ලස්සනට ඉන්න ඕන කියන හැඟීම. ඒක තමයි- මම රූපය පවත්වා ගැනීමට යොමුවීමේ ඇත්ත හේතුව!”

    කේටි

    ‘කේට්’ සිය වුවනත පවත්වා ගැනීම සඳහා පාවිච්චි කරනු ලබන ‘fillers’ සායනයේ මුහුණු අලුත් වැඩියාව නියමිතව තිබුණේ පසුගිය මාර්තු මාසයටය. එහෙත් ‘ටොම්වර්ත්’ (Tamworth) නගරයේ ජීවත්වෙන ඇයගේ රූපලාවණ්‍ය ශිල්පියා පසුගිය මාසයේ සිය වෘත්තියෙන් විරාමයක් ලැබ සිටියේය. හේතුව කොරෝනාවෛරසය පැතිරීමය.

    නියමිත වේලාවේ අලුත්වැඩියා නොකිරීමේ ප්‍රතිඵලය වුණේ,’filler’ මගින් තනා තිබුණ මුහුණේ ඇතැම් කොටස් දිගට ම හරිහැටි නොපැවතීමය. ප්‍රතිඵලය මුහුණ පිළිවෙළක් නැති හැඩයක් ගැනීම විය.

    ‘fillers’ රූපලාවණ්‍ය ප්‍රතිකාරය මෙන් ම නිය සැකසීම සහ කෘත්‍රිම ඇස් පිහාටු සවි කරනු ලැබීමත් ‘කේටි’ විසින් සිදු කරගනු ලබයි.

    සවි කරන ලද අලංකෘත නියවලින් තොරව මරණයවත් ඇය නොපතයි. එවැනි නියවලින් ඇඟිලි සැරසූ කල්හි සිය සිරුරේ කාන්තා පෙනුම සහ ශෝභාව වඩාත් පිළිබිඹු වන්නේය යන හැඟීම කේටි තුළ ඇත.

    ‘කේටි’ගේ පළමු කාර්යය ඇස් පිහාටු සවිකර ගැනීමට යාමය. ඇය මාස අටකට අධික කාලයක් නොකඩවා ම එය සිදුකර ගනු ලැබ ඇත.

    “දිග ඇස් පිහාටු නැත්නම් මම අවලස්සනයි කියන හැඟීම මා තුළ තියෙනවා,” ඇය පවසන්නීය.

    “අපේ පෙනුම සැබැවින් ම කොහොම ද? කියන කාරණය ගැන සිතා බලන්න මෙය අපට ලැබෙන ‘පුහුණුවකට’ සමීප තත්ත්වයක්.”

    “මම හිතන තරමට ම ඇත්තෙන් ම මේ දේවල් අවශ්‍ය නැති බව තේරුම් ගන්න එම තත්ත්වය මට උදව් වුණා.”

    කේටි තමාට අහිමි වූ රූපලාවණ්‍ය ප්‍රතිකාර කෙරෙන් සිය මනස මුදා ගැනීමට ‘fillers’ ප්‍රතිකාරය ගැන හෝ එසේත් නැත්නම්, රූපලාවණ්‍ය ප්‍රතිකාර ප්‍රදර්ශනය කෙරෙන ‘ඉන්ස්ටර්ග්‍රෑම්’ පිටු අතර සැරිසැරීම නතර කළාය. ඒ වෙනුවට ඇය කළේ තමා තම පිළිබිඹුවට ආදරය කරන අදහස් ඇතුළත් පිටු අතර සැරිසැරීමය.

    පරණ පින්තූර නැරඹීමත් මෙහිදී ඇයට සහනයක් විය.

    “රූපලාවණ්‍ය උපකරණ කිසිවක් මට තිබුණේ නැහැ. කවුරුවත් මගේ වෙනසක් දැක්කෙත් නැහැ” කේටි පවසන්නීය.

    ”මට වෙනත් තෝරා ගැනීමක් තිබුණේ නැහැ. නමුත් ස්ථිරව ම, නිය අලංකරණ සාප්පුවේ පෝලිමේ පළමුවැන්නිය මම වේවි!”

    මගේ ‘ප්‍රතිකාරය’ ක්‍රීඩාගාරයයි

    ‘ලොක්ඩවුන්’ තහංචියට පෙර තමා සතියකට දවස් පහක් ක්‍රීඩාගාරයට (gym) ගිය බව 26 හැවිරිදි ‘උර්සුලා’ පවසයි. ‘ලොක්ඩවුන්’ තහංචිය උර්සුලාගේ දෛනික ජීවිතයේ මහා වෙනසක් සිදු කරනු ලැබීමට හේතු විය.

    උර්සුලා

    “මම පුරුද්දක් හැටියට පවත්වා ගෙන ගිය මගේ ‘ජිම්’ ප්‍රතිකාරය වෙනුවට වෙන මොනවා කරන්න ද යන්න සම්බන්ධයෙන් වෙනත් තෝරා ගැනීමක් නැති වුණා ම, ඒක හරි ම දුෂ්කර තත්ත්වයක්” උර්සුලා ‘BBC Newsbeat’ ගුවන් විදුලි විශේෂාංගයට සඳහන් කළාය.

    කුඩා නිවසක පවුලේ සාමාජිකයන් සමග වාසය කරන හෙයින්, ඇයට සුපුරුදු ශාරීරික අභ්‍යාසයන්හි නිරතවීම දිගට ම පවත්වා ගත නොහැකි විය.

    උර්සුලාගේ මෝස්තරය ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමය. ඇය ‘කාය වර්ධන’ (body-builder) ක්‍රීඩා අංශයෙන් තරග වැදුණු අතර, දැන් එම ක්ෂේත්‍රයේ පුහුණුකාරියක් වීම සඳහා හැදෑරීමෙහි නිරත වන්නීය.

    ක්‍රීඩාගාරයට යාමට නොලැබීම උර්සුලාගේ මානසික සෞඛ්‍යය කෙරෙහි බලපෑමක් සිදුකරනු ලැබ ඇත. ඇයගේ සිත කියන්නේ ‘තමා කූඩුවක සිරකාරියක’ වී ඇති බවකි.

    තමා පත්ව ඇති තත්ත්වය සන්සුන් කර ගැනීම සඳහා ඇය යෝග අභ්‍යාසයන්හි සහ භාවනාවේ නිරත වන්නීය.

    “මම තවමත් සතුටින් ඉන්න බව කියන්න කැමතියි. නමුත් මට ඕනෑවට වඩා මගේ බර ටිකක් වැඩි වෙලා.”

    ‘ලොක්ඩවුන්’ කාලය සිය ක්‍රීඩා පුහුණුකාරියක වීමේ පාඨමාලාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගත කිරීමට වාසනාවකට මෙන් ඇයට අවස්ථාව උදා විය.

    මම මටම ආදරය කිරීමට ඉගෙනීම

    මම ‘ලොක්ඩවුන්’ කාලයේ හුදෙකලාව යොදා ගන්නේ ‘මා ගැන ම අවධානය’ යොමු කිරීමට අවශ්‍ය පුහුණුව සඳහා යයි ජෝ (Jo) පවසන්නීය.

    ජෝ , රූපලාවණ්‍ය වඩන ‘fillers’ ප්‍රතිකාර, ඇස් පිහාටු, සහ කේෂ කලාපය සැකැසීම සඳහා වෙන්කර ගත වේලාවන් අහිමිව අපේක්ෂා සුන්ව ගිය තත්ත්වයක් මැද සිටියත්, පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉතා දැඩි අවධානයකින් පසුවන්නීය.

    “මම අනිකුත් දේ නොව මට ම ආදරය කරන්න ඉගෙන ගත්තා. මට පවතින්න පුළුවන් නම්, වෙනත් අතිරේක දේවල් අහිමි වුණත් මම ඒ ගැන කරදර වෙන්නේ නැහැ,” ජෝ සඳහන් කළාය.

    ජෝ

    අතීතයේ පීඩා විඳින ලද මානසික ගැටලු පාලනය කර ගැනීම ‘ජෝ’ට ප්‍රකෘති තත්ත්වයට පත්වීමට උදව්වක් විය. එබැවින් ඇයට ‘ලොක්ඩවුන්’ කාලය නරකට බල පෑවේ නැත.

    ‘දැන් සිටින වාසනාවන්ත තත්ත්වයට පත්වීම සඳහා අතීත අත්දැකීම් උපයෝගී කර ගැනීමට මම සමත් වුණා,” ඇය පවසන්නීය.

    සායන ක්‍රියාවලියකින් තොරව සිය පෙනුමේ වෙනසක් ඇතිකර ගැනීමේ මාර්ගයක් හැටියට ‘fillers’ ප්‍රතිකාරය ලබා ගැනීමට ඇය මනාප බවත් ‘ජෝ’ පවසයි.

    “වෙනසක් වීමට තවමත් මට අවස්ථාව පැවැත්ම මට සතුටක්.”

    ‘ලොක්ඩවුන්’ කරනු ලැබීම පුද්ගල ස්වයං – පිළිබිඹුවේ විශාල අර්බුදකාරී තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකි බව මනෝ ප්‍රතිකාර විද්‍යාඥ (Psychotherapist) ඩැනියෙල් සෑන්ඩ්ලර් පවසන්නීය.

    ලොක්ඩවුන් කරනු ලැබීම මගින් පුද්ගලයන් ඔවුන් ‘පැළඳ සිටින වෙස්මුහුණු ගලවා ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමක්’ සිදු කරන ලද බවත් ඇය සඳහන් කළාය.

    ශාරීරික පිළිබිඹුව වැනි කරුණු සැලකිල්ලට ගැනීම ”සිතේ පහළ වෙන හැඟීම් වැරදි හෝ අනුමත කළ නොහැකි දෙයක් ලෙස විනිශ්චය කරනු ලැබීමක් නොවිය යුතුය” යන්න මනෝ ප්‍රතිකාර විද්‍යාඥවරියගේ උපදේශය වෙයි.

    “ඔබේ හැඟීම් මොනවා වුණත්, ඒකෙ වරදක් නැහැ. ඒවා අවතක්සේරු නොකිරීමට ප්‍රවේශම් වෙන්න!”

    Text by bbc sandesaya – May 27

  • 2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට

    2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට

    2021 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව අදාළ  අයදුම්පත් ජුලි 15 වැනිදාට ප්‍ර‍ථම ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුයි. 

    සියලුම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2020 ජුනි 30 දිනට වලංගු වන පරිදි වන අතර සියලු ලිපි ලේඛන එදිනට අදාළ ඉදිරිපත් කළ යුතුයි.

    අදාළ අයදුම් පත්‍රය මෙම ලිපියෙන් බාගත කරගත හැකියි.http://www.moe.gov.lk/web/images/News/2020/grade1_admision2020/2020_ad_s.pdf