Tag: featured

  • පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරම් 46ක් සදහා උපදෙස් මාලාවක් හදුන්වා දෙයි

    පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරම් 46ක් සදහා උපදෙස් මාලාවක් හදුන්වා දෙයි

    Covid-19 ව්‍යාප්තිය වළක්වමින් ඉදිරියේදී පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකළ යුතු ආකාරය පිළිබද උපදෙස් මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළා.

    පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරම් 46ක් සදහා වෙන වෙනම උපදෙස් මාලාවක් මෙහිදී නිකුත් කර තිබීම විශේෂත්වයක්. 

    එම උපදෙස් මාලාව http://www.health.gov.lk වෙබ් අඩවිය මගින් බාගත කරගත හැකියි. 

    පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරම් 46 වන්නේ,

    කුලී රථ, ත්‍රීරෝද රථ, බයිසිකල් පැදීම, සම්මන්ත්‍රණ වැඩමුළු, උපකාරක පන්ති, ප්‍රසිද්ධ රැස්වීම්, පුද්ගලික සෞඛ්‍ය සායන සහ ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් උපදෙස් එහි අන්තර්ගත වෙයි. තවද ඡායාරූප ශිල්පීන්, වීඩියෝ කරන ශිල්පීන්, මත්පැන් හා දුම්කොළ අලෙවි කරන ස්ථාන හා ළමා දිවා සුරකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල්ද ඒ අතර වේ. එමෙන්ම වැඩිහිටි රැකවරණ නිවාස, බන්ධනාගාර, හෝටල් පිළිගැනීමේ ශාලාවල පවත්වන මංගල උත්සව, අවමංගල්‍ය කටයුතු, ආගමික ස්ථාන, පවුලේ අය සහ මිතුරන් බැලීමට යාම අනෙක් ක්ෂේත්‍ර වන අතර පිහිනුම් තටාක සහ වෙරළ භාවිතය, ගෘහස්ථ ක්‍රීඩාංගන, ක්‍රීඩා පුහුණුවීම්, ශරීර සුවතා මධ්‍යස්ථාන, බැංකු, කාර්යාල, ගරාජය, සාප්පු, සුපිරි වෙළදසල්, සිල්ලරබඩු සහ අවන්හල්

  • ජනතාවට බත් පතත් අහිමිකරමින් සහල් මාෆියාව යළි ජයගනී

    ජනතාවට බත් පතත් අහිමිකරමින් සහල් මාෆියාව යළි ජයගනී

    සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 90.00ක් ලෙස පැවති නාඩු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 96.00ක් සහ සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 98.00ක් දක්වා ඉහළ දමා ඇති අතරකීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125.00ක් ලෙස දක්වා ඇත.

    මේ මිල ඉහළ දැමීම ගැන අදහස් දක්වන පාරිභෝගිකයින් සදහන් කරන්නේ වී ගොවීන්ට නොමිලේ පොහොර ඇතුළු සියලු සහනාධාර ලබාදී තිබියදීත් මේ ආකාරයෙන් සහල් මිල ඉහළ යාම අදාළ සහනාධාර ජනතාවට බරක් වීමට මග පාදා ඇති බවයි.

    ‘ආණ්ඩුව සහල් මාෆියාවක් ගැන කතා කරනවා. ඒත් අවසානයේ ඉටු වෙලා තියෙන්නේ මාෆියාවේ අරමුණුයි. අපිට තේරෙන්නේ නැහැ මේ වෙන්නේ මොකක්ද කියලා. රටට ඇති වෙන්න සහල් තියෙනවාලු. සහල් මාෆියාවක් තියෙනවාලු. රටේ බහුතරය ගොවියොලු. එතකොට මේ වගේ වෙන්නේ කොහොමද ?‘ සහල්වලට උපරිම සිල්ලර මිලක් යළි නියම කිරීමට ගැන අදහස් දක්වමින් කඩවත ප්‍රියාල් සුරියප්පෙරුම මහතා අප සමග පැවසීය.

    ‘මේ රටේ වාර්ෂිකව පොහොර සහනාධාරය ඇතුළු විවිධාකාර ක්‍රමවලින් වී වගාවට දැවැන්ත මුදලක් වැය කරනවා. වැව් හදනවා. මහා ජලාශ හදනවා. ඒත් මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාර බව කියන බත් ටික කන්න දැරිය හැකි මිලකට හාල් ටික දෙන්න මේ ගොවියන්ට නොහැකි වෙලා තියෙනවා. එතකොට පොහොර සහනාධාරය වාගේ කිසිම දේකින් පළක් නැති බව තමයි අපිට නම් තේරෙන්නේ. උදාහරණයක් විදිහට පසුගිය කාලේ රුපියල් කෝටි 25,000ක් වැය කරලා මොරගහකන්ද – කළුගග හැදුවා. වැව් දහසක් හැදුවා කිව්වා. ඒත් ඒ කිසිම දේකින් රටේ ජනතාවට දැරිය හැකි මිලකට හාල් ටික දෙන්න බැරි වෙලා තිබෙනවා. ඇත්ත කතාව තමයි තිරිගු පිටි ආනයනය නතර කළොත් හාල් කිලෝ එක රුපියල් 500ට යනවා කියන එක‘

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ප්‍රවීන ආර්ථික හා දේශපාලන විශ්ලේෂක ආචාර්ට ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා සදහන් කළා.

    ‘ලංකාව කෘෂිකාර්මික රටක් කියලා කියන කතාව මේ වාගේ වැඩ හරහා දැඩි අභියෝගයකට ලක් වෙනවා. තමන්ගේ ජනතාවගේ ප්‍රධාන ආහාර මේ වාගේ ඉහළ ම මිලකට අලෙවි වන රටවල් ලෝකයේ තියෙන්නේ අල්පයක් පමණයි. අනික් කාරණය තමයි මේ මේ රටේ වගා කරනවා කියන වී වලට මොකද වෙන්නේ. අක්කර දස ලක්ෂයකට අධික කුඹුරු වලින් කපා ගන්න වී වලින් කොපමණ ප්‍රතිශතයක් වෙළෙද පොළට එනවාද ? කොපමණ ප්‍රතිශතයක් අදාළ වී වගාකරුගේ ගෘහ පාරිභෝජනයට පමණක් ගන්නවාද යන්න පිළිබද විධිමත් විමසුමක් සිදුවිය යුතුයි. මොකද අපිට නිරීක්ෂණය වන ආකාරයට තමන්ගේ ගෘහ අවශ්‍යතාවට පමණක් කුඹුරු වගා කරන පුද්ගලයාත් පොහොර සහනාධාරයට හිමිකම් කියනවා‘ ආචාර්ය ඉන්ද්‍රජිත් වැඩි දුරටත් සදහන් කළා.

  • නාවික හමුදා පොකුර පැටවු ගසන හැඩ – අදත් නව ආසාදිතයින් 13ක්

    නාවික හමුදා පොකුර පැටවු ගසන හැඩ – අදත් නව ආසාදිතයින් 13ක්

    අද (27) දින පස්වරු 21.05 වන විට කොවිඩ්-19 ආසාදිතයින් 134දෙනකු වාර්තා වී ඇති බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1453ක් දක්වා ඉහළ ගිය ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ දැක්වේ.

    එහි දැක්වෙන්වේ මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 711ක් වන අතර දැනට රෝහල්වල අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයින් ගණන 75ක් බවයි.

    අද දිනය වන විට සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 732ක් බවත් මරණ සංඛ්‍යාව 10ක් බවත් එහි වැඩි දුරටත් දැක්වේ.

    මේ අතර අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සදහන් වුණේ යාපනය නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක් වෙමින් සිටි නාවික සෙබළුන් 52 දදෛනකු කොවිඩ්-19 ආසාදිතයින් වශයෙන් හදුනා ගත් බවයි.

  • ෂෙහාන් මධුශංකට සියළු ආකාරයේ ක්‍රිකට් තහනම්

    ෂෙහාන් මධුශංකට සියළු ආකාරයේ ක්‍රිකට් තහනම්

    නීති විරෝධී අයුරින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටිමින් පොලිස් අත්අඩංගුවට පත් වුණු ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුශංකව වහාම ක්‍රියාත්මක වන පරිදි සියළු ආකාරයේ ක්‍රිකට් තරගවලින් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව (26 දා) තීරණය කරනු ලැබීය.

    අදාළ තහනම පැනවීමත් සමඟ ෂෙහාන්ට ජාත්‍යන්තර තරගයකට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන කිසිදු තරගාවලියකට හෝ ක්‍රිකට් හා සම්බන්ධ කුමන අන්දමේ හෝ කටයුත්තකට සහභාගිවීමේ අවස්ථාව අහිමිවනු ඇත.

    මේ වන විටත් රිමාන්ඩ් භාරයේ පසුවන ෂෙහාන් මධුශංක තවත් පුද්ගලයකු සමඟ ඉකුත් සෙනසුරාදා දින කුලාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූයේ හෙරොයින් මිලිග්‍රෑම් 2.7 ක් ළඟා තබාගෙන සිටියදීය. ඒ අනුව ඔහුව ලබන ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා පියවර ගනු ලැබුවේ.

    මෙම තත්ත්වය මත ඔහුට එරෙහිව පූර්ණ විනය පරීක්ෂනයක් පැවැත්වීමට තීරණය කර තිබෙන අතර එම පරීක්ෂණය අවසන් වන තුරුම අත්හිටුවීමේ තීරණය බලපැවැත්වෙනු ඇත.

    විසිපස් හැවිරිදි වියේ පසුවන ෂෙහාන් මධුශංක ඉකුත් 2018 වසරේදී බංග්ලාදේශයට එරෙහිව එක්දින වරම් දිනා ගත් අතර මංගල තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත්වූවේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර තරග 2 කට සහභාගිවී ඇති හෙතෙම කඩුලු 2 ක් දවා ගැනීමට සමත්ව සිටියි.

    ෂෙහාන් මධුශංකද සමඟ එක්දින තරග ඉතිහාසයේ මංගල තරගයකදී කඩුලු ත්‍රිත්ව ලබා ගත් ක්‍රීඩකයින් ලොව පසුවන්නේ සිව් දෙනෙකු පමණි. ඉන් දෙදෙනකුම ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් වන අතර අනෙක් ක්‍රීඩකයා වන්නේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වේ.

  • කොරෝනා පාලනයට රජයට ලබාදෙන සෞඛ්‍ය උපකරණ සියලු බදුවලින් නිදහස්

    කොරෝනා පාලනයට රජයට ලබාදෙන සෞඛ්‍ය උපකරණ සියලු බදුවලින් නිදහස්

    කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සදහා රජයට ලබාදෙන සෞඛ්‍ය උපකරණ හා උපාංග සියලු බදු වලින් නිදහස් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළව ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

    ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය  කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන වෙත ලබා දිමට හෝ ප්‍රදානය කිරීමට ගෙන්වනු ලබන සෞඛ්‍ය උපකරණ හා උපාංග සියලුම බදු වලින් නිදහස් කෙරේ. ඒ අනුව එම උපකරණ හා උපාංග ගෙන්වීමේ දී රේගු බදු හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද , සෙස් හා වැට් බදු ඇතුළු සියලු බදු වලින් නිදහස් වන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

    මෙම බදු සහන මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා හිමි වන බව බවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමගතව ඇති කර්මාන්තකරුවන්ට ද මෙම සහනය සැලසෙන බවයි. මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් ද කැබිනට් මණ්ඩලයේ දී අනුමත වී තිබේ. අදාළ කැබිනට් පත්‍රිකාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතායි. එම කැබිනට් පත්‍රිකාවට අනුව සැකසුණු ගැසට් නිවේදනයට තමන් පසුගිය සතියේ අත්සන් තැබු බව ද ඇමතිවරයා කියා සිටී.

  • පවුල් 10,000ක් නාය අවදානමේ – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

    පවුල් 10,000ක් නාය අවදානමේ – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

    කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

    පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හදුනාගනෙ ඇති නායයාම් අධි අවධානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාව ඇතිවිම හැකි නාය යාම් අවධානම පිළිබදව සැළකිලිමත් විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය

    ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, ගම්පහ, කලුතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මහනුවර සහ නුවරඑලිය, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වල පවුල් 10,000 ක් නාය යාම් අධි අවදානම් කළාප වල ජීවත් වන බව ඒ මහතා පැවසීය.

    විශේෂයෙන් නායයාම් බැවුම් කඩාවැටීම්, ගල්පෙරලීම්, පස්කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලාබැසීම් අවදානම කළාප වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නම්කර ඇති ප්‍රදේශ වල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ඉදිකිරීම් හෝ වෙනත් සංවර්ධන කටයුතු සදහා පස් කන්ඩි කපා ඇති පිරිස ඒ පිළිබද අවධානය යොමු කරන ලෙසත් තමා ජීවත් වන නිවස ආශ්‍රිතව ජල බැස යාමට සැලැස්වීම ඉතා වැදගත් පවත් පෙන්වා දෙන ලදී.

    එසේම නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හෝ අදාල අංශ ඒ පිළිබදව දැනුම් දෙන ලෙසත් ඒ මහතා තවදුරටත් පැවසීය

  • ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විශේෂ දැනුම්දීමක්

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විශේෂ දැනුම්දීමක්

    කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

    කෝවිඩ් ව්‍යසන අවදානම් තත්වය තිබිය දී ආපදාවක දී ආරක්ෂිත ස්ථානය කරා යාම වෙනුවට ඥාති හෝ හිතමිතුරන්ගේ නිවාස වෙත යාමට කටයුතු කරන ලෙසත් ඒ අයට ද ආපදාවට ලක්වීම නිසා ලබා දෙන වියලි සලාක වැනි සහනාධාර ලබා දීමට කටයුතු කරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේ දී පැවසීය.

    කොවිඩ් කෝවිඩ් ව්‍යසන අවදානම් සැළකිල්ලට ගනිමින් නිරිත දිග මෝසම් වර්ෂාව නිමා ආපදාවට ලක්විය හැති දිස්ත්‍රික්කවල ආරක්ෂිත මධ්‍යස්ථාන හදුනාගෙන ඇති බවත්, සෑම දිස්ත්‍රික්කයකම නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යා හැකි ස්ථානයක් ද හදුනාගෙන ඇති බවත් මේ අවස්ථාවේ දී පෙන්වා දෙන ලදී. එසේම ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සෙවීම් හා මුදවා ගැනීම් කණ්ඩායම් ස්ථාන ගත කිරීම සදහා අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත් සියලු දිස්ත්‍රික්කවල මේ වන විට මෝසම් වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි ආපදා අවධානම කළමනාකරණය කර ගැනීම සදහා කටයුත කළ යුතු ආකාරය සම්බන්ධව දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කටිමු රැස්කර අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ඇති බවත් පෙන්වා දෙන ලදී.

    ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, ආපදා කළමානරකණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ආර් පී සමරක්කොඩි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

  • ගිගුරුම් සහිත තද වැසි – ධීවර කටයුතු ප්‍රවේශමෙන්

    ගිගුරුම් සහිත තද වැසි – ධීවර කටයුතු ප්‍රවේශමෙන්

    2020 මැයි මස 28 දින සඳහා කාලගුණ අනාවැකිය – 2020 මැයි මස 27 දින මධ්‍යහන 12.00 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලදි.

    ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තු වේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සමහර ස්ථානවලමි.මී.150 ට වැඩි වර්ෂාපතනයන් ද ඇති විය හැක.

    නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා  කාලගුණ අනාවැකි

    වැසි තත්ත්වය:
    ගාල්ල සිට හම්බන්තොට   හරහා මඩකලපුව  දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලවිටින් විට වැසි හෝ ගිගුරුම්සහිතවැසි ඇතිවන අතර සමහර ස්ථානවල තද වැසි ඇතිවිය හැක.පුත්තලම සිට කොළඹ   හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
    සුළඟ:
    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිතදෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වාත් සහ ගාල්ලසිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වාත් වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. (50-55) දක්වා වැඩි වියහැක.
    මුහුදේ ස්වභාවය:
    ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වාත් පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වාත් වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
    මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වනමුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි අතර මුහුදු රළ මීටර්.2.0 – 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
    ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
  • ඇමති ආරුමුගන් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

    ඇමති ආරුමුගන් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

    ලංකා කම්කරු කොංග්‍රසයයේ නායක, ප්‍රජා බල සවිගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා අද (26) දින රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය. හෘදයාබාධයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මිය ගිය බව රෝහල් ප්‍රකාශයෙක් පැවසුවා.

  • එතෙර ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට නව ක්‍රමයක් සැකසේ

    එතෙර ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට නව ක්‍රමයක් සැකසේ

    කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සැකසේ.

    හෙට පැවැත්වෙන සාකච්ඡාවකදී නව වැඩපිළිවෙළ තීරණය කරනු ලැබේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ජූනි මස ගුවන් ගමන් ඒ අනුව සැලසුම් කෙරේ.

    වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය නිසා පීඩාවට පත් එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් සිය රට  ගෙන්වා ගැනීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමයෙන් පසුගිය ජනවාරී මාසයේ දී ආරම්භ කෙරිණ.

    චීනයේ වුහාන් නගරයේ විසූ සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයෝ 33 දෙනෙක් පෙබරවාරි 01 වැනිදා දිවයිනට පැමිණියහ. නිරෝධායනයෙන් පසු ඔව්හු නිවෙස් බලා ගියහ. වන්දනාවේ ගොස් ඉන්දියාවේ නගර කිහිපයක කොටු වී සිටි ශ්‍රී ලාංකිකයෝ 839 දෙනෙක් මාර්තු 19 වැනිදා සිය රට ළඟා වූහ.

    ඉකුත් මැයි 25 වැනිදා වන විට රටවල් 20ක සිට මෙසේ ගෙන්වා ගත් පිරිස 5485 දෙනෙකි. ඔවුන්ගෙන් 4826 දෙනෙක්ම විදේශ සබඳතා අමාත්‍යාංශය හා විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල එක්ව හඳුනාගත් අය වූහ. PCR පරීක්ෂණවලින් පසු ඔවුන් අතරින් කොරෝනා ආසාදිතයන් ලෙස නිගමනය වූයේ 05 නෙකු නැතහොත් 0.01% ක් පමණි.

    එසේ වුවද පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිට පැමිණි 197 දෙනාගෙන් 22ක් ආසාදිතයන් බව නිගමනය කෙරිණ. කුවේට් සිට පැමිණි 462 දෙනාගෙන් දැනට 150ක් PCR පරීක්ෂණයට ලක් කර ඇති අතර 96 දෙනෙක්ම කොරෝනා රෝගීන් ලෙස හඳුනාගනු ලැබූහ. තවත් 300කට වැඩි පිරිසක් පරීක්ෂණයට භාජන කළයුතුව තිබේ.

    කුවේට්හි සිට සිය රට ආ සියලු දෙනාම පාහේ විවිධ හේතු නිසා එරට රැඳවුම් ස්ථානවල හෝ පිටුවහල් කිරීමේ කඳවුරුවල සිටි අය වෙති. ආසාදිතයන් ලෙස හඳුනාගත් අයට ප්‍රතිකාර කිරීමද අවශ්‍යතාවකි. මේ පසුබිම මත එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට තීරණය විය. ගෙන්වා නොගතහොත් ඔවුනට අත්වන ඉරණම මානුෂීය දෘෂ්ටියකින් බලා ඔවුන් ගෙන්වා ගැනීම ඉදිරියටත් සිදු කිරීමට රජය තීරණය කර ඇත.

    නව ක්‍රමවේදය සකස් කිරීම පිණිස හෙට පැවැත්වෙන සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති කාර්යාලයේ විදේශ සබඳතා අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ, විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන මහත්ම මහත්මීහූ සහභාගී වෙති.

  • අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ  විවෘත කිරීමේ යෝජනාවක්

    අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කිරීමේ යෝජනාවක්

    රට යථා තත්වයට පත්වෙමින් තිබීම නිසා අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව ජනාධිපතිතුමාට යෝජනා කරයි.

    අප්‍රේල් මස 30 වැනිදා සිට අද (26) දක්වා කොවිඩ් ආසාදිතයෙකු සමාජයෙන් හමු නොවීම රට ලැබූ ජයග්‍රහණයක් බව කමිටු සාමාජිකයෝ පෙන්වා දෙති.

    බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ( 26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් විය.

    සංචාරකයන් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කල් ඇතිව සැලසුම් කිරීමෙන් සෙසු රටවල් අභිබවා ඉදිරියෙන් සිටීමේ හැකියාව පවතී. ප්‍රමුඛතා හඳුනා ගෙන සංචාරක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් විමසමින් ඉදිරි පියවර ගත යුතු බව ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    පළමු අදියර යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් අභ්‍යන්තර පරිහරණය සඳහා (In house Dining) විවෘත කිරීමට තීරණය කෙරිණ. එහි ප්‍රගතිය අනුව ලියාපදිංචි නොකළ ආයතන සඳහා ද හමුදාවේ සහාය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් ආපනශාලා විවෘත කිරීමට පියවර ගැනේ. සංචාරකයන් බහුල ප්‍රදේශවලට ප්‍රමුඛත්වය දෙමින් විදේශ භාෂා ප්‍රගුණ කළ විශේෂ පුහුණුවලත් පිරිසකගෙන් සමන්විත සංචාරක පොලීසි පිහිටුවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    “සංචාරකයන් ආකර්ශණය කර ගැනීමේ දී ඔවුන්ගේ රුචිකත්වය අධ්‍යයනය කරන්න. ඇතැමෙක් වෙරළබඩ විවේකයට කැමතියි. තවත් අය කැමති පුරාවස්තු හා වනජීවින් නරඹන්න. සමහරෙක් උනන්දු වන්නේ තේ වතු බලන්න. ඒ අනුවයි සංචාරක ප්‍රවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ ජනාධිපතිතුමා කීය.

    සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත් මහත්මීහූ සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • Covid-19 Today Update: නව ආසාදිතයින් 135න් – මුළු ආසාදිතයින් ගණන 1317යි

    Covid-19 Today Update: නව ආසාදිතයින් 135න් – මුළු ආසාදිතයින් ගණන 1317යි

    ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (26) දින වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ අද ප.ව 22.05ට සිදුකළ යාවත්කාලීන කිරීම් අනුව ඒ වන විට වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 135ක් වෙනවා. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1317ක්.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 595ක් වන අතර දැනට රෝහල්වල අධීක්ෂණය යටතේ සිටි පුද්ගපයින් සංඛ්‍යාව 76ක්. සුවය ලැබූ සංඛ්‍යාව 712ක් වන අතර මරණ සංඛ්‍යාව 10ක් බවයි සදහන් වන්නේ.

    මේ අතර අද දින සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළේ පසුගිය මැයි 01 වැනිදා සිට පොදු සමාජයෙන් කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු වාර්තා නොවූ බවයි.

  • ගෙවතු වගාව ගැන බ්‍රිතාන්‍යයෙන් නව අර්ථකථනයක් – ‘මගේ ගෙවත්ත මට පමණක් නොවෙයි’

    ගෙවතු වගාව ගැන බ්‍රිතාන්‍යයෙන් නව අර්ථකථනයක් – ‘මගේ ගෙවත්ත මට පමණක් නොවෙයි’

    කොවිඩ් -19 වසංගතය මධ්‍යයේ, ගෙවතු වගාවට ද මීට සමාන ආයාචනයක් ඇත: එය අපේ නිවසේ පුද්ගලික ආහාර සුරක්ෂිතතාවයට තිරසාර විසඳුමක් ලබා දෙනවා පමණක් නොව, අපගේ අසල්වැසියන් ද රැකබලා ගැනීමට ඉඩ සලසයි. අවිනිශ්චිතතාවයේ හා ව්‍යාකූලත්වයේ දී, සලාද කොළ බීජයක් සිටුවීමෙන් පවා බලාපොරොත්තුවේ සමානත්වයක් ලබා දිය හැකිය.

    කොවිඩ්-19 වසංගතය ගෝලීය වශයෙන් සහ පුද්ගලිකව කොතරම් දැවැන්ත විනාශයක් ඇති කළත් ඒ තුළින් නිර්මාණය කළ ධනාත්මක දේ ගැනත් දැන් දැන් ලෝකය පුරා කතා වෙනවා. ඒ අතර කෘෂිකර්මාන්තය, විශේෂයෙන් ‘තමන් විසින්ම වවා ගෙන ආහාරයට ගැනීම, එහෙම නැතිනම් ලංකාවේ අපි කියන ‘ගෙවත්ත‘ට ඉහළ වටිනාකමක් මේ වන විට හිමිවෙලා තිබෙනවා.

    බී.බී.සීය ඇතුළු බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය මේ තත්ත්වය වාර්තා කරන්නේ ‘විලාසිතාවක්‘ විදිහටයි. අපි කතා කරන ලංකාවේ ගෙවත්තේ ‘ගෝලීය‘ ප්‍රවණතාව ගැන බී.බී.සී ලෝක සේවය විසින් මැයි 25 (අද) දින ප්‍රකාශයට පත් කළ අලුත්ම අලුත් වාර්තාවක් මේ අතර අපට හමු වුණා. මේ ගෙවත්තට පෙම්බදින ඔබ තුළ උත්තේජනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් එම ලිපියේ සිංහල පරිවර්තනයක්.

    එක්සත් රාජධානියේ අගුලු දැමීම ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ මාර්තු අග ය. ඒ සමගම, මම බීජ පැළ තැටියක් සහ ‘Cut ‘n’ Come Again‘ පළා කොළ පැකට් දෙකක් ඇණවුම් කළෙමි: arugula, rucola, පෙරදිග අබ, පැක් චෝයි සහ බෝර්කෝල් ඒ අතර විය. 

    මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, අගුලු දැමීම තවමත් ඉවත් කර නැත, නමුත් මගේ සලාද කොළ වගාව සාර්ථක වී ඇත. ගෝලීය වශයෙන් කෝවිඩ් -19 වසංගතය ගැඹුරු අවිනිශ්චිතතාවයේ හා එකතැන පල්වීමේ කාලපරිච්ඡේදයක් දක්වා ඇත. නමුත් මගේ එළවළු වගාව තුළ දිනපතා සිදුවන මේ පූරු ප්‍රාතිහාර්යයන් දැකීම සැනසිලිදායකය. එසේ සිතන්නේ මා පමණක් නොවේ‘‘

    කෝවිඩ් -19 වසංගතයේ එක් ප්‍රති result ලයක් වන්නේ බීජ අලෙවිය ඉහළ යාමයි. මන්දයත් මිනිසුන් ආහාර නිෂ්පාදනය තමන් අතට ගෙන ඇති හෙයිනි (ණය: ණය: ලැරිසාල් / ගෙටි රූප)
    කෝවිඩ් -19 වසංගතයේ එක් ප්‍රතිඵලයක් වන්නේ බීජ අලෙවිය ඉහළ යාමයි. මන්දයත් මිනිසුන් ආහාර නිෂ්පාදනය තමන් අතට ගෙන ඇති හෙයිනි

    වසංගතයේ මුල් සතිවල ගෝලීය සැපයුම් දාමය අවුල් ජාලයකට ඇද දැමූ අතර තොග ගබඩා කිරීමේ රැල්ලක් ඇති විය. එක්සත් ජනපදයේ වුවත් අපි දුටු විකල්ප කිරි විකුණුම්, ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙදසැල්වල රාක්ක හිස්වීම, ඉතාලියේ ප්‍රධාන ආහාරය වන පැස්ටා හිගවීම, බ්‍රිතාන්‍යයේ බිත්තර හිගය නාගරික ජනතාව අපේක්ෂාභංගත්වයට පත් කළේය.

    ටයිම් සඟරාවට අනුව බොහෝ රටවල් නැවුම් එළවළු සහ කොළ වර්ග (සලාද) හිගයක් ගැන බිය පළ වී තිබේ. මේ අනුව ඕනෑම අර්බුදයකදී මෙන්, (බීජ අලෙවිය ඉහළ යාමෙන් ඉස්මතු වන පරිදි) කාරණා තම අතට ගැනීමට ජනතාව ඉක්මන් වී ඇත.

    බ්‍රිතාන්‍ය ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය (UK’s Office for National Statistics (ONS) විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම වාර්තාවලට අනුව බ්‍රිතාන්‍ය අගුළු දැමීමෙන් පසු බ්‍රිතාන්‍යෙය් ගෘහ ඒකකවලින් 42%ක් ගෙවතු වගාව ආරම්භ කර ඇති අතර මිලියන තුනක් රාජකීය උද්‍යාන සමාජය වෙබ් අඩවියට (Royal Horticultural Society website) පැමිණ විවිධ බෝග වගා පිළිබඳ උපදෙස් සඳහා සොයා ඇත.

    මේ සමග බ්‍රිතාන්‍ය ජනතාව තම ගෙවත්ත තුළ පස් පෙරළමින්, බැල්කනිවල පැළ සිටුවමින්, ජනෙල් මත රැදවිය හැකි වගා පෙට්ටි භාවිත කරමින් ආහාර බෝග වගාව ආරම්භ කර ඇත.

    ‘ හැකි ඉක්මනින් ඔබේ ආහාර ඔබ විසින් වගා කර ගන්න‘ යන මෙම අදහස මීට පෙර සාර්ථකව ක්‍රියාත්මක වූ ‘ජයග්‍රාහී ගෙවතු වගාව Victory gardening ‘ හා සැසඳීමට හේතු වී තිබේ. 

    අත්ලාන්තික් සාගරයේ දෙපස පිහිටි උතුරු ඇමරිකාවේ සිට මහා බ්‍රිතාන්‍යය දක්වාත්, ඕස්ට්‍රේලියාවේ තවත් දුර බැහැර ප්‍රදේශවලත් ‘මුළුතැන්ගෙයි උද්‍යාන Kitchen gardens‘  පළමුවන ලෝක සංග්‍රාමයේ හා දෙවන ලෝක සංග්‍රාමයේ දී ජනප්‍රිය විය. 

    ඊට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩු විසින් යුද ප්‍රයත්නයන්ට සහ රට පෝෂණය කිරීමට පුරවැසියන්ගෙන් සහයෝගය ඉල්ලා සිටින දේශීය ව්‍යාපාර සම්බන්ධීකරණය කරන ලදී. ඒ සමග ‘පස සමග වැඩ කිරීම (වගා කිරීම) දේශප්‍රේමී යුතුකමක් බවට පත්විය.

    පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයේදී මිත්‍ර රටවල සාර්ථකත්වයට “ජයග්‍රාහී උද්‍යාන” ණයගැතිය. (ණය: ණය: CSMimages / ගෙටි රූප)

    පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයේදී මිත්‍ර රටවල සාර්ථකත්වයට “ජයග්‍රාහී උද්‍යාන victory gardens” ණයගැතිය.

    එක්සත් රාජධානියේ, වඩාත් පුළුල් ලෙස සිහිපත් කරනු ලබන්නේ 1939 දී බ්‍රිතාන්‍ය කෘෂිකර්ම අමාත්‍යංශය විසින් දියත් කරන ලද “විජයග්‍රහණය සඳහා වූ ඩිග් Dig for Victory ” ව්‍යාපාරයයි. එය කෙතරම් සාර්ථකද යත්, වසර තුනක් තුළ උද්‍යාන මිලියන 1.7 දක්වා වර්ධනය වූ අතර එළවළු නිෂ්පාදන සහිත පෞද්ගලික උද්‍යාන අංක මිලියන පහක් බිහිවිය.

    එම කාලය තුළම උද්‍යාන විද්‍යාත්මක සඟරාවක් ‘ඉංග්‍රීසි ජාතිකයන් සාප්පු හිමියන්ගේ ජාතියක් English were a nation of shopkeepers‘ යන නැපෝලියන්ගේ ප්‍රකාශය අර්ථ නිරූපණය කළේය. 

    ගෙවතු වගාව පිළිබඳ අපගේ ඇල්ම ජාතික විනෝදය ඉක්මවා යයි. එය මුල් බැස ඇත්තේ බ්‍රිතාන්‍ය මනෝභාවයේ ය. බ්‍රිතාන්‍යයන් සඳහා, අපේම නිෂ්පාදන වැඩීම මගින් ප්‍රදේශවාසීන් එකට එකතු කිරීමේ අමතර වටිනාකමක් ඇත‘ එය වැඩි දුරටත් ලිවීය.

    වික්ටරි උද්‍යාන යනු ආහාර සඳහා එළවළු වැවීම ම පමණක් නොවේ. පලතුරු සහ එළවළු වගා කිරීම මගින් ජනතාව තුළ චිත්ත ධෛර්යය ඉහළ නැංවීය. වඩා හොඳ යහපැවැත්මෙන් යුත් ප්‍රජාවන් සඳහා සහ නිවසේ සිරවී සිටින අයට කොතරම් කුඩා වුවත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකි බව එමගින් පැහැදිලි කර දුන්නේය. 

    වික්ටරි උද්‍යානවල උරුමය අපට අදත් දැනෙන්නට ඇත්තේ මේ නිසා විය හැකිය. එය පුනර්ජීවනය කිරීමට අවශ්‍ය ප්‍රජා හැඟීම පිළිබඳ හැඟීමකි. ජයග්‍රාහී උද්‍යානයක් වචනානුසාරයෙන් පවසන්නේ අප මේ තුළ සිටින බවයි.

    බ්‍රිතාන්‍යයේ වාර්ෂික “යෝධ එළවළු” තරඟ ඉතා ජනප්‍රියයි - සහ ඉහළ තරඟකාරිත්වයක් ඇත (ණය: ණය: ඔලි ස්කාර්ෆ් / ගෙටි ඉමේජස්)
    බ්‍රිතාන්‍යයේ වාර්ෂික “යෝධ එළවළු” තරඟ ඉතා ජනප්‍රිය අතර එය ඉතා තරඟකාරීය

    තම වගාවෙන් ලබා ගන්නා අස්වැන්න නිවසේ පාරිභෝජනයට ගැනීමට අමතරව ඔවුන් තම ඵලදාව අසල්වැසියන් සමඟ නිරන්තරයෙන් බෙදා ගනී. මේ පිළිබදව ඇති සංඛ්‍යා ලේඛන පවසන්නේ ගෙවතු වගාව ආරම්භ කර ඇති 42%ක් වන පිරිසෙන් 10%ක් තම ඵලදාව අසල්වැසියන් සමග බෙදා ගත් බවයි.

    අගුලු දැමීම ආරම්භ වී සති තුනකට පසු අසල්වැසියන් ගෙවතු වගා කිරීම නිසා නිර්මාණය වී ඇති අරුමය මම මුලින්ම දුටුවෙමි.

    මා දන්නා අසල්වැසි කාන්තාවක් මගේ නිවසේ දොරට තට්ටු කළේය. මම පිළිතුරු දුන් විට, ඇය ගේට්ටුව පිටුපසින් “ඇල්පයින් ස්ට්‍රෝබෙරි” කියා කෑගැසුවාය. 

    සතියකට පසු, ගම්මිරිස් බීජ පැල තුනක් දර්ශනය විය. (තවත් තෑග්ගක්).

    ඇයට තෑග්ගක් ලෙස මම මගේ කිකිළිය දැමූ අලුත්ම බිත්තර ඇයට ලබා දුන්නා. ඇය විස්මයට පත් වූ අතර එදින සිට ඇය සහ ඇගේ සැමියා ද මේ තෑගි හුවමාරුවට එක් වුණා.

    මෙවැනි සුහදත්වයක් වර්ධනය කර ගැනීමට අපට අගුළු දැමීම සිදුවන තෙක් බලා සිටීමට සිදු වුණේ ඇයි ?

    ඔවුන්ගේ ගේට්ටුවෙන් පිටත ඔවුන් තමන්ට අවශ්‍ය නොවන නිෂ්පාදනවල අතිරිත්තය එල්ලා තබයි. කැමැති කෙනෙකුට ඒවා රැගෙන යා හැකිය.

    “කවුරුහරි ඔබේ ගෙවත්තේ යමකට කැමති නම්, ඔබට ඔවුන් වෙනුවෙන් කැපීමක් කළ හැකියි” මගේ අසල්වැසි ජෝන් පැවසීය. 

    “එයින් ඔබට කිසිවක් වැය නොවේ.”

    තක්කාලි යනු අඩු ඉඩ ප්‍රමාණයක් ඇති ගෙවතු වගාකරුවන් සඳහා ජනප්‍රිය තේරීමක් වන අතර ඒවා අනුවර්තනය කළ හැකි සහ වැඩීමට පහසුය (ණය: ණය: වයිරාගා / ගෙටි රූප)
    තක්කාලි ඉතා අඩු ඉඩක වගා කළ හැකි නිසා ගෙවතු වගාකරුවන් සඳහා ජනප්‍රිය තේරීමකි

    ගෙවතු වගාව ප්‍රවර්ධනය සදහා බ්‍රිතාන්‍ය රජය සහ ලාබ නොලබන සංවිධාන විසින් ද අනුබල දෙන අතර නොමිලේ බීජ ලබාදීම ද සිදුවේ. ලාභ නොලබන බීජ නිෂ්පාදකයෙකු ඩයෑන් හෝල්නස් පැවසුවේ තමා ගෙවතු හිමියන්ගේ ඉල්ලීම් මහත් සතුටින් ඉටුකළ බවයි.

     “අපි 150 දෙනෙකුට පමණ බීජ යැව්වා. ආහාර මිල ඉහළ යන බව සියලු දෙනා දන්නා බවත්, නැවුම් නිෂ්පාදනවල මිල ගණන ඉතා ඉහළ මට්ටමක පවතින බවත් මම දන්නවා. ඒ නිසා ජනතාව වගා කිරීමට කැමතියි. අපි ලාභය ගැන නොතකා ඒවාට සහාය දැක්විය යුතුයි. මේ බීජවලින් ලාබ උපයන අවස්ථාවක් නොවෙයි” ඩයෑන් පැවසුවාය.

    ගෙවතු වගාකරුවන් වැඩිපුරම ඉල්ලූ බීජ වූයේ තක්කාලිය. ඒවා පහසුවෙන් අනුවර්තනය කළ හැකි අතර වර්ධනය වීමට ද පහසුය. 

    “මම හිතන්නේ ඒවා ඉතා කුඩා අවකාශයට, බැල්කනියට පවා ගැලපෙන එක් බෝගයක්” යැයි ඇය පැවසුවාය.

    නිරෝධායනයට ප්‍රතිචාරයක් ලෙස නිර්මාණය කරන ලද Bridport Grow Your Own ෆේස්බුක් කණ්ඩායම බිස්ට්‍රල් නගරය හරිතකරණය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. 1930 ගණන්වල ඩිග් ෆෝ වික්ටරි පත්‍රිකා වර්ධනය වන තොරතුරු විකාශනය කළා සේම, සබැඳි කණ්ඩායම් නව වගාකරුවන්ට උපකාර කරයි.

    එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයට අනුව, බ්‍රිතාන්‍යයන්ගෙන් 42% ක්ම ගෙවතු වගාව සඳහා අගුලු දමා ඇත (ණය: ණය: බ්ලොක්ෆොටෝ / ගෙටි රූප)

    එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයට අනුව, අගුළු දැමීම සමග බ්‍රිතාන්‍යයන්ගෙන් 42% ක්ම ගෙවතු වගාව සඳහා කටයුතු කර ඇත

    “නගරයක් වශයෙන්, මම හිතන්නේ අපි සියල්ලෝම එහි සිටිමු,” පරිසරවේදී සහ අධ්‍යාපනඥ Kim Squirrel මට පැවසීය. 

    “මිනිසුන් තම උද්‍යානවල වගාකර ඇති අතර එවැනි උද්‍යාන නැති අය තමන්ට හැකි ආකාරයේ විවිධ ආකාරයෙන් වගා කර තිබෙනවා. දැන් ඒවා වැඩෙමින් තිබෙනවා” කිම් පැවසුවාය. 

    ඇය අසල්වැසි රේචල් මිල්සන් ද ඇතුළුව අසල්වැසි කාන්තාවන් සමග ගෙවතු වගාවේ නිරත වෙයි. දෙදෙනාම ඔවුන්ගේ පූර්ණ අවධානය යොමු කර ඇත්තේ සාර්ථක වගාවක් ලබා ගැනිම සඳහා ය. කිම්ගේ පොටෑජර් උද්‍යානයේ බෝංචි සමඟ එළවළු හා කොළ වර්ග රැසක් ඇත. එස්පලියර් ඇපල් ගස් ගිම්හානයේදී පල දරනු ඇති බව ඇය පවසයි.

    මිල්සන්ගේ උද්‍යානය ද ඒ හා සමානවම සිත් ඇදගන්නා සුළු ය: බීට්රූට්, ළූණු සහ ලීක්ස් වැනි භෝග විශාල වශයෙන් වගා කර ඇති අතර තවත් කොටසක.  ඇස්පරගස් වැනි බහු වාර්ෂික එළවළු වල අත්හදා බැලීමකි.

    “ මගේ අරමුණ මුදල් ඉපයීම හෝ මගේ පවුලට අවශ්‍ය දේ වගා කිරීම පමණක් නොවෙයි. මගේ ඇසල් වැසියන් සදහා ද වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම මගේ අපේක්ෂාවයි‘ මිල්සන් පැවසුවාය.

    ඔබට අවශ්‍ය ආහාර ඔබ විසින්ම වගාකර ගැනීම විනෝදයක් පමණක් නොව “සැබෑ, වැදගත් කාර්යයක්” බව ඇය කියයි. එයට වැඩි පිළිගැනීමක් ලැබෙනු ඇතැයි ඇය ප්‍රාර්ථනා කරයි. 

    මිල්සන් දැඩි ලෙස විශ්වාස කරන්නේ තම වගාව මගින් තමාට පෞද්ගලික ප්‍රතිලාභ ඇති අතර ප්‍රජා යහපැවැත්මටද එය ඉවහල් වන බවයි. ආහාර අසමානතාවය සෑම විටම ඉහළ මට්ටමක පවතින බව සිතන ඇය දේශීය ආහාර බැංකුවකට පරිත්‍යාග කිරීමේ මනසින් අතිරේක එළවළු භෝග ද සැලසුම් සහගතව වගා කර තිබේ.

    රේචල් මිල්සන් බ්‍රිඩ්පෝර්ට් අද්දර තවත් නිවාස 10 ක් සමඟ පුද්ගලික වෙන් කිරීමක් බෙදා ගනී (ණය: ණය: ලිලී කොල්ෆොක්ස්)
    රේචල් මිල්සන් මහත්මිය තම වගා බිම තුළ

    ගෙවතු වගාව විනෝදයක් වන්නේ ඔබ මහන්සි වී ලබා ගත් අස්වැන්න අසල්වැසියන් සම මිතුරන් සමග බෙදාගත් විටයි. ඒත් වඩා වැදගත් වන්නේ ඵලදාවෙන් කොටසක් නොව වගා කිරීම සදහා පැළයක් ලබාදීම බව මිල්සන් මහත්මිය පවසයි.

    ‘එය තමයි සුදුසුම දේ. එවිට ඔබේ ශ්‍රමය ප්‍රජාව පුරාම පැතිර යනවා. හරියට නියමිත පරිදි කළ වගාවක් වාගේ ‘

    මාර්තු 23 වන දින එක්සත් රාජධානිය අගුලු දමා යන විට බෘෘනෝ වයිට් Bruno White සොමර්සෙට් හි ඩිචීට් වෙත ගොස් තිබුණි. තම නව අසල්වැසියන්ට තමා හඳුන්වා දී අන්‍යෝන්‍ය ආධාර කණ්ඩායමක් පිහිටුවන ලෙස ඔහු ලිවීය. 

    ඉතා ඉක්මනින් ඔහුට යහපත් ප්‍රතිචාර ලැබුණු අතර එක් මහත්මයෙක් ඔහුගේ (වයිට්ගේ) දොරකඩ පැලෑටි එකතුවක් තබා ගොස් තිබුණි. තවත් ස්වල්ප කාලයකට පසු තවත් ස්තුතිවන්ත අසල්වැසියෙක් ඔහුට ජෛව විද්‍යාත්මක බීජ (Biodynamic seeds) පැකට් තෑගි කළේය.

    වයිට් එතැන් සිට තම වත්ත වගා කළ අතර ඔහු තම අසල්වැසියන් කොතරම් කාරුණිකද යන්න ගැන පුදුමයට පත් වේ. 

    “අපට දැන් පොදු පදනමක් තිබේ. වසංගතය වටා ඇති බිය හැර වෙනත් දෙයක් ද එය විසින් අපට ලබාදී තිබේ” ඔහු පැවසීය.

    නව ප්‍රවණතාවක් වන්නේ ගෙවතු හිමියන් තම අසල්වැසියන් සමඟ නිෂ්පාදන බෙදා ගැනීමයි (ණය: ණය: ලිලී කොල්ෆොක්ස්)
    නව ප්‍රවණතාවක් වන්නේ ගෙවතු හිමියන් තම අසල්වැසියන් සමඟ නිෂ්පාදන බෙදා ගැනීමයි

    කොවිඩ් -19 වසංගතයේ මුල් දිනවල භීතියෙන් පිරී තිබුණද එය අපට අපේ අසල්වැසියන් ගැන මතකය අලුත් කර තිබේ. ඔවුන්ගේ මුහුණු හා හඩ වඩාත් පැහැදිලි කර දී තිබේ. මෙවැනි පහසු සහ විවේකී අවස්ථාවක් කොවිඩ් නොතිබුණා නම් යළි කිසිදා උදා නොවන බව සියලු දෙනාගේ හැගීම වී තිබේ.

    ‘එය අපේ ගමන මොහොතකට නතර කරලා හුස්ම ගන්න අවස්ථාවක් ලබා දුන්නා. තමා ගැන, තම පවුල ගැන, අසල්වැසියන් ගැන පමණක් නොවෙයි ලෝකය ගැනම කල්පනා කරන්න තරම් ප්‍රමාණවත් නිස්කලංක කාලයක් ලබා දුන්නා. වැඩ …වැඩ… ගමන් බිමන්… සාද… උත්සව… සාකච්ඡා නෑ… අනපේක්ෂිත මොහොතක විශ්‍රාම දිවිය ආරම්භ වුණා වාගේ ‘‘ ජොන් පැවසුවේය.

    පළමු වන හා දෙවන ලෝක යුධ සමයේ ක්‍රියාත්මක වූ ජයග්‍රාහී උද්‍යාන ව්‍යාපාරය victory garden movement ප්‍රජාවන් ශක්තිමත් කිරීමට උපකාරී වූවා පමණක් නොව, යුද බිමට නොගිය සිවිල් වැසියන්ට ඉදිරි පෙළේ සටන් කරන සොල්දාදුවන්ට ධෛර්යක් ලබාදීමට ද, මහා යුද්ධය සදහා වෙනත් ආකාරයකින් දායක වීමට අවස්ථාවක් ලබා දුන්නේය. 

    කොවිඩ් -19 වසංගතය මධ්‍යයේ, ගෙවතු වගාවට vegetable garden ද මීට සමාන ආයාචනයක් ඇත: එය අපේ නිවසේ පුද්ගලික ආහාර සුරක්ෂිතතාවයට තිරසාර විසඳුමක් ලබා දෙනවා පමණක් නොව, අපගේ අසල්වැසියන් ද රැකබලා ගැනීමට ඉඩ සලසයි. අවිනිශ්චිතතාවයේ හා ව්‍යාකූලත්වයේ දී, සලාද කොළ බීජයක් සිටුවීමෙන් පවා බලාපොරොත්තුවේ සමානත්වයක් ලබා දිය හැකිය.

    2020 මැයි 25 වැනි දින බී.බී.සී වාර්තාවක් ඇසුරින් කළ සම්පූර්ණ පරිවර්තනයකි – සැකසුම – තුෂාධවි

  • Bollywood Hot Gossip:  අර්ජුන් කපූර් ගැන ‘ප්‍රීති සිංග්’ කරන උණුසුම් හෙළිදරව්ව !

    Bollywood Hot Gossip: අර්ජුන් කපූර් ගැන ‘ප්‍රීති සිංග්’ කරන උණුසුම් හෙළිදරව්ව !

    කූල් ප්‍රීත් සිං (Rakul Preet Singh) බොලිඩුවය ආක්‍රමණය කළ දකුණු ඉන්දිය නිළියක්. ඇය බොලිවුඩ් සිනමාවට පිවිසියේ යාරියන් (2014) Yaariyan චිත්‍රපටයෙන්. අපි ඇයව අවසන් වරට දැක්කේ මාර්ජවාන් සහ ඩි ද ප්යාර් දේ (Marjaavaan and De De Pyaar De) චිත්‍රපටවලින්.

    දකුණු ඉන්දිය සිනමාවෙන් ඇය බොහෝ දේ උපයා ගත්තා. ඒ නිසා ඇය කියන්නේ තමා තව බොහෝ දුර යා යුතු බවයි. ඒ කියන්නේ බොලිවුඩයට. බොලිවුඩය තුළද ඇය තම වාසනාව උරගා බැලීමට සූදානම් වෙයි. ඒ අනුව දැන් ප්‍රීත් හින්දි සිනමාව ගැන උනන්දු වෙනවා.

    මේ සියලු කාරණා ගැන ඇය සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාව මෙන්න.

    ඩි ද ප්යාර් දේ හි (De De Pyaar De) ඔබේ රංගනය බොහෝ දෙනෙක් අගය කළා. හොඳ චරිත ලබා ගැනීමේදී නිළියන්ට මෙය හොඳ කාලයක් යැයි ඔබ සිතනවාද?

    ඔව්, සිනමාව විකාශනය වෙමින් පවතිනවා. ගැහැණු ළමයින් හොඳින් කටයුතු කරනවා. ටාප්සි පන්නු (Taapsee Pannu), භූමි පද්නෙකර් (Bhumi Pednekar) යන නවක නිළියන් සියලු දෙනා හොදයින් කටයුතු කරනවා. ඔබ ටබු මැම් සහ කරීනා මැම් දුටුවහොත්… ඔවුන් කරන්නේ එවැනි පුදුමාකාර වැඩක්. ඔබ තරුණ නියළියන් දෙස බැලුවහොත්, කයාරා අද්වානි, ක්‍රිති සනොන්, ආලියා භට් යන අය හොඳින් කටයුතු කරනවා. සෑම චිත්‍රපටයකම නිළියකට යමක් තිබෙනවා. ඇය තවදුරටත් ගීත සහ නර්තනය සඳහා පමණක් භාවිත වන බෝනික්කෙන් නෙමෙයි.

    සිනමාව වෙනස් වෙමින් පවතිනවා. දැන් සාමාන්‍ය චිත්‍රපටයක් මුදල් උපයන්නේ නැහැ. මම හිතන්නේ එය සිදු වූයේ ඩිජිටල් නිසායි. ඩිජිටල් වේදිකාවල බොහෝ අන්තර්ගතයන් තිබෙනවා. ඔබ ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් ලබා නොදුනහොත් ඔවුන් එය නැරඹීමට යන්නේ නැහැ. නව සංකල්ප චිත්‍රපට එළිදක්වන නිසා එය ඉතා හොඳයි.

    සමාජයේ වෙනසක් සඳහා ඔබ වැනි නිළියන්ට වගකීමක් තිබෙනවා කියලා හිතනවාද ?

    මම එසේ හිතන්නේ නැහැ. මම පවසන දෙයින් මිනිසුන්ට බලපෑම් ඇති වෙනවා. සමාජ මාධ්‍යවල මා පසුපස මිලියන සංඛ්‍යාත ජනතාවක් සිටිනවා. මා වගකීම් විරහිත යමක් පැවසුවහොත්, ඇත්ත වශයෙන්ම මා ඔවුන්ට වැරදි ආකාරයකින් බලපෑම් කළා වෙනවා. මම ප්‍රසිද්ධ චරිතයක් වන විට, මිනිසුන් මා දෙස බලා සිටින බව මා දන්නවා. අප කැමති වුවත් නැතත්, අප පවසන දෙයට අප වගකිව යුතුයි. එබැවින් සැබෑ පින්තූරයක් ලබා දීම අපගේ කාර්යයක් කියලා මම හිතනවා.

     
    මෑතකදී ඔබ එන්.ටී.ආර් චරිතාපදානය වන කතනායකඩු (2018) (NTR biopic Kathanayakudu) චිත්‍රපටයේ ශ්‍රීදේවි ලෙස රඟපෑවා. ඒ  අත්දැකීම කෙසේද?

    එය විශිෂ්ට අත්දැකීමක් වුණා. ඇය සමඟ මගේ නම සඳහන් කිරීම පවා මට ආඩම්බරයට කරුණක්. ඇය අපට සිටි හොඳම නිළියයි. තිරය ​​මත මිනිත්තු කිහිපයක් ඇයව ප්‍රතිනිර්මාණය කිරීම පුදුම සහගතයි. මම ඇයව පෞද්ගලිකව දැන සිටියේ නැහැ. සම්මාන උළෙලකදී වරක් මට ඇයව මුණගැසුණා. අපි ‘හෙලෝ “ කිව්වා පමණයි.

    ඔබ ඇයට සමාන බව ඔබට කවදා හෝ පවසා තිබෙනවාද ?

    Kathanayakudu තිරගත වූ විට බොහෝ දෙනෙක් එසේ කිව්වා. සමහරු ඊට පෙර පවා එවැනි අදහස් දක්වා තිබුණා. නමුත් මම විශ්වාස කරන්නේ නැහැ මම ශ්‍රී දේවි වගේ කියලා. ඇය නියමයි. කවදා හෝ සාදා ඇත්නම් ඇයගේ චරිතාපදානය කිරීමට මම කැමතියි.

    දකුණු ඉන්දියාවේ සිනමාව ඔබට උගන්වා ඇත්තේ කුමක්ද?

    දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය විනයගරුක හා තාක්‍ෂණිකව ශක්තිමත් එකක්. ඒවායේ අන්තර්ගතය අසාමාන්‍යයි. ඒවා පර්යේෂණාත්මක යි. තෙළිඟු සිනමා කර්මාන්තයට මා ණයගැතියි. ඔවුන් රකූල් නිළියන්, තරුවක් බවට පත් කළා. මම තෙළිඟු භාෂාව චතුර ලෙස කථා කරන්නේ මට පාන් සහ බටර් ලබා දී ඇති භාෂාවෙන් කතා කිරීමට මට හැකි විය යුතු යැයි මා විශ්වාස කරන නිසයි.

    නියම රකූල් මොන වගේද?

    මම ශක්තිමත් කෙනෙක්.

    ඔබ අර්ජුන් කපූර් සමඟ පළමු වරට වැඩ කරනවා. ඔහු සම-තරුවක් ලෙස සිටින්නේ කෙසේද?

    ඔහු සමඟ වැඩ කිරීම විනෝදයක්. ඔහු මිහිරි හා විනෝදකාමී මිනිහෙක්. ඔහු ජීවයෙන් පිරුණ කෙනෙක්. නිතරම විහිළු කරනවා. ඔහු සෙට් එකේ හැමෝම සතුටින් තියනවා. නමුත් ඔහු පවසන්නේ ඔහුට බැරෑරුම් විය හැකි බවයි. අර්ජුන් හොඳ ගතිගුණ ඇති අතිශයින් සංවේදී අයෙක්.

    මැයි 22 වැනිදා ‘ෆිල්ම් ෆෙයාර්‘ හි පළ වූ ලිපියකි – සැකසුම – තුෂාධවි

  • ආහාර පුරුදු සහ මුඛ සෞඛ්‍ය අතර අන්තර් සම්බන්ධය ගැන සුවිශේෂ හෙළිදරව්වක් !

    ආහාර පුරුදු සහ මුඛ සෞඛ්‍ය අතර අන්තර් සම්බන්ධය ගැන සුවිශේෂ හෙළිදරව්වක් !

    විදුරුමස් රෝගය, හෘද රෝග, දියවැඩියාව හා සමහර විට ඇල්සයිමර් සමග  සම්බන්ධ කරන මෑත කාලීන පර්යේෂණ මගින් අපට බොහෝ දේ වටහා ගත හැකිය. නමුත් ඔබේ දත් සහ විදුරුමස් රැකබලා ගැනීම කොතරම් වැදගත්ද ? එය කළ හැකි හොඳම ක්‍රමය කුමක්ද? යන්න ගැන ඔබ නිවැරදිව දැනුවත් විය යුතුය. මන්ද බොහෝ දේ ඔබ පහසුවෙන් නොතකා හරින විදුරුමස් හා සම්බන්ධව පවතින බව දැන් තහවුරු වී ඇති බැවිණි.

    මහා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ වාර්ත වලට අනුව එක්සත් රාජධානියේ වැඩිහිටියන් බහුතරයකට විදුරුමස් රෝග යම් තරමකට හෝ ඇති අතර බොහෝ මිනිසුන් අවම වශයෙන් එක් වරක්වත් එය එය අත්විඳිති. එය සිදුවන්නේ දත් මත බැක්ටීරියා පදිංචිවීම මගිනි. මේවායින් සමහරක් හානිකර නොවන නමුත් සමහරක් පෝර්ෆිරොමොනාස් ඉඟුරු (Porphyromonas gingivalis) වැනි විදුරුමස් වලට හානි කර දැවිල්ල ඇති කරයි.

    අපගේ ආහාර පුරුදු මගින් අපගේ දන්ත සෞඛ්‍යයට වෙනසක් කළ හැකිද යන්න සහ අපේ මුඛය නිරෝගීව තබා ගැනීමට අපට කළ හැක්කේ කුමක්දැයි අපි විශේෂඥයින්ගෙන් විමසමු.

    අත්‍යවශ්‍ය දෛනික සත්කාර

    ඔබේ මූලික මුඛ සෞඛ්‍යාරක්ෂාව නිවැරදිව ලබා ගැනීම යහපත් දන්ත සෞඛ්‍යයක් සඳහා වන පළමු පියවරයි. දිනකට දෙවරක් දත් මැදීම නිර්දේශ කරන බව අපි කවුරුත් දනිමු. නමුත් අතර මැදි කාලය ගැන කුමක් කිව හැකිද? වඩාත් සුදුසු කෑමට පෙර හෝ පසු දත් මදින්නද?

    “සමහරු කෑමට පෙර දත් මදින්න කැමතියි. සමහරු උදේ ආහාරයෙන් පසුව දත් මදින්න කැමතයි. නමුත් ඔබ උදේ ආහාරයෙන් පසු දත් මදින්නේ නම්, විනාඩි 30ක් රැඳී සිටින්නැයි අපි ඔබට කියන්න කැමතියි. මන්ද ඔබ ආම්ලික හෝ සීනි සහිත යමක් අනුභව කළහොත් ඔබේ දත් මත එනමලය මෘදු වනු ඇති අතර දත් මැදීමට පෙර එය නැවත ඛනිජකරණයට ලක් කිරීමට ඉඩ දිය යුතුයි‘‘ දන්ත වෛද්‍ය විශේෂඥ සකීනා සෙයිඩ් Sakina Syed කියයි.

    “අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔබේ දෛනික අවසාන කාර්යය ලෙස රාත්‍රිය‍ේ දත් මදින්න කියායි. රාත්‍රියේදී ඔබේ මුඛයේ ඇති අන්තිම දෙය දන්තාලේප විය යුතයි‘

    සීනි අධික ආහාර දත් සඳහා නරක බව කවුරුත් දන්නා කරුණකි. නමුත් ගැටළු ඇති කළ හැකි වෙනත් ආහාර මොනවාද? ඔබේ දන්ත සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා ඇතැම් විටමින් හා ඛනිජ ලවණ සහිත ආහාර අනුභව කළ යුතුද?

    “වැදගත්ම විටමින් වන්නේ දත් සඳහා විටමින් D සහ විදුරුමස් සෞඛ්‍යයට විටමින් C යි. වැදගත් ඛනිජ වන්නේ කැල්සියම් සහ පොස්පරස්” යනුවෙන් බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍ය සංගමයේ British Dental Association (BDA) ප්‍රකාශක ඇනා ග්‍රූම් (Anna Groom) පැහැදිලි කරයි.

    විටමින් සී කොලජන් සංස්ලේෂණයට සම්බන්ධ වන අතර එම නිසා නිරෝගී පටක පවත්වා ගනී. සුව කිරීම සඳහා එය වැදගත් වන අතර විදුරුමස් වල ලේ ගැලීම සමඟ දැඩි ඌනතාවය සම්බන්ධ වේ.

    අස්ථි හා දත් සෞඛ්‍යයට අවශ්‍ය කැල්සියම් රඳවා ගැනීමට ශරීරයට හැකි වන පරිදි විටමින් ඩී අත්‍යවශ්‍ය වේ. පොස්පරස් දත් සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා කැල්සියම් සමඟ එක්ව ක්‍රියා කරයි”

    විටමින් සී ඌනතාවය දුර්ලභ ය. නමුත් ඔබ ඔබේ ආහාර වේලෙන් ප්‍රමාණවත් නොවේ නම් ඔබේ ප්‍රමාණය වැඩි කිරීම පහසුය. තක්කාලි, ගම්මිරිස්, බ්රොකොලි සහ අර්තාපල් පවා විටමින් සී අඩංගු අමු ද්‍රව්‍ය කිහිපයකි.

    ආහාර වලින් විටමින් ඩී ලබා ගැනීම අපහසය. එය තෙල් සහිත මාළු, බිත්තර, මස් සහ ශක්තිමත් ආහාරවල තිබියදීත්, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය උපදෙස් දෙන්නේ එය හිරු එළියෙන් ලබා ගැනීමට පියවර ගන්නා ලෙසයි.

    හොඳ කැල්සියම් ප්‍රභවයන් අතර කිරි, කිරි ආහාර, බ්රොකොලි සහ පළා වර්ග, දොඩම්, ටෝෆු සහ ද පරළු පාන් ද ඇතුළත් වේ.

    මස්, බිත්තර, ධාන්‍ය වර්ග, කිරි, සම්පූර්ණ ධන්‍ය වර්ග සහ වියළි පලතුරු වල පොස්ෆොරස් අඩංගු වේ.

    පසුගිය අපේ‍්‍රල් මාසයේදී සිදු කළ සාමාන්‍ය අධ්‍යයනකින් හෙළි වූයේ විටමින් සී වලට වඩා පෝෂ්‍ය පදාර්ථ විදුරුමස් සෞඛ්‍යයට බලපාන බවයි. 

    සති අටක අහඹු ලෙස පාලනය කරන ලද අධ්‍යයනය මගින් පුද්ගලයින් 30 දෙනෙකු කණ්ඩායම් දෙකකට බෙදා ඇත. 

    සත්ව ප්‍රෝටීන සහ සැකසූ කාබෝහයිඩ්‍රේට් අඩු කිරීම සහ ඔමේගා -3 මේද අම්ල, විටමින් සී, විටමින් ඩී, ප්‍රතිඔක්සිකාරක, ශාක නයිට්‍රේට් සහ තන්තු වැඩි කිරීම පර්යේෂණාත්මක කණ්ඩායම විසින් අනුගමනය කරන ලදී. 

    පාලක කණ්ඩායමට සාපේක්ෂව විදුරුමස් දැවිල්ල හා ලේ ගැලීම සැලකිය යුතු ලෙස අඩුවීම මෙම කණ්ඩායම පෙන්නුම් කරයි. එය කුඩා අධ්‍යයනයක් වන අතර නිශ්චිත නිගමනවලට එළඹීමට පෙර තවත් පර්යේෂණ කළ යුතුය.

    “ පළා වර්ග, ඇට වර්ග සහ වෙනත් එළවළු ඇතුළු සමබර ආහාර වේලක් සඳහා අපි උපදෙස් දෙමු” යැයි සයිඩ් පවසයි.

    පැණිරස කළ රසවත් බීම සහ පිරිපහදු කළ සීනි අධික ආහාර වලට අමතරව පහත සදහන් දෑ දත් වලට හානි කිරීම සඳහා නරකම (හා සමහර විට පුදුම සහගත) වැරදිකරුවන් වේ:

    • උණු වතුර මිශ්‍රකළ ලෙමන් – දත් එනමල් ඛාදනය කරයි.
    • වියළි පලතුරු – දත් වලට ඇලී ඇති අතර ඉවත් කිරීමට අපහසු වේ.
    • Crisps – දත් වලට ඇලී සිටී.
    • සමහර පළතුරු සහ සීනි අධික තේ – සීනි අධික විය හැකිය.
    • කාබනීකෘත ජලය – කාබනික වායුව මගින් ජලය වඩාත් ආම්ලික කරයි, එබැවින් එය ආහාර වේල සඳහා ඉතිරි කළ යුතුය.
    • Fruity snack bars – දත් වලට ඇලී සිටී.
    • පැසුණු ආහාර – සාමාන්‍යයෙන් ආම්ලික වන අතර එමගින් දත් එනමලය ඛාදනය වේ.

    ඔබ ආහාර වේලාවට අමතරව ඉහත සඳහන් කිසිවක් අනුභව කරන්නේ නම් හෝ පානය කරන්නේ නම් ඊට පසුව ජලය සමග මෙයට පිළියමක් යෙදීය යුතුය.

    සීනි රහිත චුයින්ගම් හැපීමෙන් හෝ (අපගේ ප්‍රියතම ඉඟිය our favourite tip) කුඩා චීස් කැබැල්ලක් අනුභව කිරීමෙන් උදාසීන බලපෑමක් ඇති කරයි.

    කෙටි කෑමවල අනතුර

    ඔබ සීනි සහිත ආහාරයක් හෝ පිෂ්ඨය ආහාර අනුභව කරන සෑම අවස්ථාවකම ඔබේ මුඛයේ PH මට්ටම පහත වැටෙන අතර බැක්ටීරියා සීනි වලින් පෝෂණය වී අම්ලය මුදා හරිනු ඇත. එබැවින් ඔබ සෑම පැය භාගයකට වරක් ආහාරයට ගන්නේ නම්, ඔබේ දත් ආම්ලික පරිසරයෙන් විවේකයක් ලබා නොගන්නා අතර එය දත් දිරායාමට හේතු වේ.

    බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍ය සංගමයේ විද්‍යාත්මක උපදේශක මහාචාර්ය ඩේමියන් වොල්ම්ස්ලි (Professor Damien Walmsley) පවසන්නේ “ඔබ නිරන්තරයෙන් කෙටි ආහාර අනුභව කරන්නේ නම් ඔබේ දත්වල ඉක්මනින් කුහර ඇති වේ‘‘

    අවාසනාවකට මෙන්, මෙම ආහාරවල පලතුරු ද ඇතුළත් වේ. “ඔබ දවස පුරා ස්වාභාවික සීනි අධික පලතුරු ආහාරයට ගන්නවා නම්, එය තවමත් ඔබේ දිරාපත්වීමේ අවදානම වැඩි කරයි” යැයි සෞඛ්‍යාරක්ෂක සයිඩ් පවසයි.

    දිනකට ආහාර වේල් දෙකකට හෝ තුනකට සීමා කිරීම සහ ආහාර වේල සඳහා සීනි හෝ ආම්ලික ආහාර සහ බීම නොගෙන සිටීමට හැකි නම් එය දන්ත සෞඛ්‍යය සදහා වඩාත් සුදුසුය.

    “ආහාර ගන්නා වේලාවේදී, ආහාර හපන විට ක්ෂාරීය වන ලවණ නිෂ්පාදනය වැඩි වන අතර සීනි හෝ ආම්ලික ආහාර හා බීම තනුක කිරීමට බෆරයක් ලෙස ක්‍රියා කරනවා. ආහාර වේලෙහි ලවණ නිෂ්පාදනය උත්තේජනය කිරීමෙන් හානිකර අම්ල හා ආහාර අංශු දත් වලින් ඈත් වෙනවා. එසේම ඒවා අම්ලය උදාසීන කිරීමට උපකාරී වන අතර ඒවා දිරාපත්වීමෙන් ආරක්ෂා වෙනවා”වෝල්ම්ස්ලි පවසයි.

    ඔබේ දත් රැකබලා ගන්නේ කෙසේද

    “දන්ත දෘෂ්ටි කෝණයෙන් බලන විට බැක්ටීරියා පරිසරය දන්ත සෞඛ්‍යයට බලපාන ප්‍රධාන කරුණු වේ. ආහාර වේලෙහි වෙනසක් කිරීම මෙහිදි වැදගත් වේ. දත් මැදීම සහ අන්තර් දන්ත පිරිසිදු කිරීම (such as flossing) එකට එකතු විය යුතුය. එබැවින් ඔබ මේ දෙකම කරන බවට සහතික වන්න. මෙය එම බැක්ටීරියා වෙනස් කිරීමට උපකාරී වනු ඇත, ” සයිඩ් වැඩි දුරටත් සදහන් කරයි.

    මෙම ලිපිය බී.බී.සී හි පසුගිය මැයි 24 වැනි දින පළ වූ ලිපියකි – සකස් කළේ තුෂාධවි

  • රනිල්ගෙන් ආණ්ඩුවට අවවාදයක් සමග අනතුරු ඇගයීමක්

    රනිල්ගෙන් ආණ්ඩුවට අවවාදයක් සමග අනතුරු ඇගයීමක්

    ණය ගෙවීමට බැරි වී බංකොලොත් තුළ ඊළඟ රටවල් පහ 5 අතරට ශ්‍රී ලංකාව අයත් විය හැකි බව ලෝක මූල්‍ය දර්ශක පුරෝකථනය කර ඇති බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

    රටේ ආර්ථික තත්ත්වය පිළිබදව සැබෑ තොරතුරු ජනතාවට හෙළිදරව් කරන ලෙසත්, එසේ නොකොට නිහඩව සිටීමෙන් රට වැටී ඇති අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ නොඑන බවත්  හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා.

    හිටපු අගමැතිවරයා නිකුත් කළ සම්පූර්ණ ප්‍රකාශය පහත පළවෙනවා.