Tag: featured

  • මාඕ බිහිකළ චීනය රතු තොප්පි ධනපතීන් විසින් ගොඩනගයි !

    මාඕ බිහිකළ චීනය රතු තොප්පි ධනපතීන් විසින් ගොඩනගයි !

    පුද්ගලික  දේපළ ක්‍රමය තුරන් කිරීම මගින් සමානාත්මතා සමාජයක් ගොඩ නැගිය හැක යන දෘෂ්ටිවාදය , ‘කොමියුනිස්ට්වාදය’ යැයි සරළව හැඳින් විය හැක. කොමියුනිස්ට්වාදයේ විශ්වාසයන් වඩාත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ වන්නේ කාල් මාක්ස් ගෙනි.

    කොමියුනිස්ට්වාදය් මත ක්‍රියා කරමින් සාර්ථක කොමියුනිස්ට් විප්ලවයක් සිදු කර රාජ්‍ය බලයක් පිහිට වූ ලොව පළමු පුද්ගලයා වූයේ රුසියාවේ වැලැඩ්මීර් ලෙනින් ය.

    චීනය තුළ කොමියුනිස්ට්වාදී විප්ලවයේ නායකයා වූයේ මාඕ සේතූං ය. මාඕ ගේ විප්ලවයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් වූයේ 1949 ඔක්තෝම්බර් 01 වැනිදා ය. ලෙනින් රුසියාව තුළ සෝවියට් සංගමය පිහිටෙව්වා සේම , මාඕ සේතූං චීනය තුළ පිහිටවූයේ චීන සමූහ ආණ්ඩුවය.

    සෝවියට් සංගමය තුළ ලෙනින් විසින් පිහිටුවන ලද පාලන තන්ත්‍රයට සමාන පාලනයක් මාඕ සේතූං ද ගොඩ නැඟීය. සියලු දේශපාලන බලය සංකේන්ද්‍රණය කළේ චීන කොමියුනිස්ට් පක්ෂය ඇතුළත ය.

    චීනයේ ව්‍යවස්ථාදායකය වන ජාතික මහජන සම්මේලනයේ ආසන සඳහා අපේක්ෂකයන් ලෙස නම් කරනු ලබන පුද්ගලයන් කවුරුන්ද යන්න තීරණය කරනු ලැබුවේ පක්ෂය විසින් ය. අපේක්ෂකයන් ලෙස නිළධාරීන් ද තෝරා ගනු ලැබිණ. කම්කරුවන්, ගොවීන් සහ කුඩා ව්‍යාපාරිකයන් ගේ නාමයෙන් ” ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වයක් ”  ලෙස මාඕ තම පාලනය ගෙන ගියේය.

    බොහෝ චීන ජාතිකයන් ගොවීන් වූවා සේම , ඔවුන් ධනවත් ඉඩම් හිමියන් ලඟ වැඩ කළ දුප්පතුන් විය. මාඕ ඉඩම් ජනසතු කළ අතර, ඊට එරෙහි වූ ඉඩම් හිමියන් දහස් ගණනක් ඝාතනය කළේය.

    සෝවියට් සංගමය තුළ ලෙනින් විසින් පිහිටුවන ලද පාලන තන්ත්‍රයට සමාන පාලනයක් මාඕ සේතූං ද ගොඩ නැඟීය. සියලු දේශපාලන බලය සංකේන්ද්‍රණය කළේ චීන කොමියුනිස්ට් පක්ෂය ඇතුළත ය.

    1950 දශකයේ ඇති කළ සාමුහික ගොවිපළවල් තුළ වැඩ කළ ගොවීන්ට සිදුවූයේ තමන් වෙනුවෙන් වැඩ කිරීමට වඩා සාමූහිකය වෙනුවෙන් වෙහෙසීමටය. මේ නිසා ගොවීන් තුළ එතරම් උනන්දුවක් නොවීය. මේ ක්‍රමය යටතේ ගොවිපල නිෂ්පාදන පහත වැටිණ.

    නගර වල පිහිටි කර්මාන්තශාලා සහ වෙනත් ව්‍යාපාර  ද රාජ්‍ය අයිතියට පත්විය. නිෂ්පාදන ඉලක්ක , වැටුප් සහ නිෂ්පාදන භාණ්ඩ වල මිළ නියම කරනු ලැබුවේ රජය විසින් ය.රජය කම්කරුවාට රැකියාවක් ලබා දෙන අතර, සෞඛ්‍ය සේවා ප්‍රතිලාභ ද ලබා දුන්නේ ය. චීන කම්කරුවන් මෙම ක්‍රමය හැඳින්වූයේ ” යකඩ සහල් බඳුන ” ලෙසය.

    කම්කරුවෝ ද ගොවියන් මෙන්ම රැකියා ක්‍රමය සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොදැක්වීය. එහි ප්‍රතිඵලය වූයේ ද කාර්මික නිෂ්පාදනය පහත වැටීමය.

    1950 අග භාගය වන විට චීනයේ ග්‍රාමීය ප්‍රදේශවල  පැවැති නිදහස් වෙළඳ පොලවල් ද තහනම් කරන ලද අතර, පුද්ගලික ව්‍යවසායන් ඉතිරිව පැවතියේ ස්වල්පයක් පමණය.

    පූර්ණ මාක්ස්වාදී ක්‍රමයක් කරා ආර්ථිකයේ ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත් නොවූ මාඕ , ” මහා ඉදිරි පිම්ම ” නමින් වූ ප්‍රවේශයකට ප්‍රවිෂ්ට විය. මේ යටතේ ” කොමියුනිස්ට් ” නමින් හැඳින් වූ විශාල සාමූහික ගොවිපොලවල් ඇති කළේය. නගරවල සිටි තරුණයන්ව රජය විසින් මෙම ගොවිපලවල් වෙත යැවීය. 

    කොමියුනිස්ට්වාදීන් ගොවිපලවල් පමණක් නොව කර්මාන්තශාලා, වෙළඳ ජාල, බැංකු, පාසල් සහ සිවිල් ජනයාගෙන් සමන්විත හමුදාවන් පවා ක්‍රියාත්මක කළහ. කෙසේ නමුත් බෝග හා කාර්මික නිෂ්පාදන පහත වැටුණු අතර, සාගතයක් හේතුවෙන් මිලියන ගණනක් මිය ගියේ ය.

    වසර දෙකකට පසුව මාඕ සේතූං කියා සිටියේ , බොහෝ දෙනෙකු කොමියුනිස්ට් විප්ලවය පාවා දෙමින් චීනය ධනවාදයේ මාවතට ඇද දමමින් සිටින බවය.

    මේ අනුව මාඕ චීනයේ සංස්කෘතික විප්ලවයක් දියත් කරනු ලැබුවේය. පරමාදර්ශී කොමියුනිස්ට් සමාජය නිර්මාණය කිරීමට සහාය නොදෙන ඕනෑම කෙනෙකුට ප්‍රහාර එල්ල කිරීම මෙහි අරමුණ විය. කොමියුනිස්ට් විප්ලවයේ පාරිශුද්ධ භාවය බලත්මක කිරීම සඳහා මාඕ විසින් ‘රතු ආරක්ෂකයින්’ ලෙස හැඳින් වෙන මිලියන සංඛ්‍යාත තරුණ තරුණියන් සමාජයට මුදා හැරියේ ය. 
    මෙම තරුණ තරුණියන් මාඕ ගේ කියමන් ඇතුලත් කුඩා රතු පොත් පිංචක් ද අතැතිව ” ධනවාදී නැඹුරුවක් ” ඇති බවට සැක සිතූ සියලු දෙනාවම ප්‍රසිද්ධියේ හෙළා දුටහ.

    මාඕ 1976 දී මිය ගිය අතර, සංස්කෘතික විප්ලවය අවසන් විය. චීනය යළිත් ආර්ථික අර්බුදයකට ඇද වැටිණ. බොහෝ චීන ජාතිකයන්ට කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි තිබූ විශ්වාසය නැති විය.

    මාඕ ගේ මරණයත් සමඟ චීන කොමියුනිස්ට් පක්ෂය තුළ බල අරගලයක් පැන නැගිණ. ප්‍රතිසංස්කරණවාදීන්ට අවශ්‍ය වූයේ පක්ෂය වෙනස් කිරීමටය. දැඩි මත ධාරීන් උත්සාහ කළේ මඕ ගේ මාවත වූ කොමියුනිස්ට්වාදය දිගේ ඉදිරියට යෑමටය.

    මාඕ මිය යෑමට පෙර පවා ඇතැම් ප්‍රදේශවල ගොවීන් සමුහික ගොවිතැන අත්හැර, ග්‍රාමීය නිදහස් වෙළඳ පොලවල අලෙවිය සඳහා තනිව ආහාර නිෂ්පාදනය කරමින් සිටියහ.  චීනය පුරා බොහෝ දෙනෙක් , බයිසිකල් අලුත්වැඩියා කරන්නන්, සපත්තු සාදන්නන් සහ වෙනත් පුද්ගලික ව්‍යවසායකයින් බවට පත්වී සිටියහ. මුදල් හිමි පුද්ගලයන්, ව්‍යාපාරයක් ලෙස තම මුදල් යොදවමින් මෙම අංකුර ධනපතියන්ට ණය ලබා දුන්හ. 

    මේ කිසිදු ක්‍රියාකාරකමක් නීත්‍යානූකූල නොවීය. නමුත් රජයේ ප්‍රාදේශීය නිළධාරීන් විසින් නීති කඩකරන්නන්ව නොසලකා හැරියේ ය. අල්ලස් ලබා ගැනීමටත්, ප්‍රාදේශීය හා රජයේ රෙගුලාසි මෙන්ම නීති නැමීමට හා කැඩීමටත් රජයේ නිළධාරීන් පෙළඹුණු අතර, පුද්ගලික ව්‍යාපාර ,රජයේ ව්‍යාපාර ලෙසට පෙනෙන පරිදි ලියාපදිංචි කිරීමට ද ඔවුන් ක්‍රියා කළහ. මේ අනුව ” රතු තොප්පියක් ” පැළඳ ගත් ධනපතියන් බිහිවන්නට විය.

    බිම් මට්ටමේ පැවති මෙම ධනවාදයේ සාර්ථකත්වය, කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීමට සමත් විය. ආර්ථික වර්ධනය උත්තේජනය කිරීම සඳහා ධනවාදී ක්‍රමවේදයක් අනුගමනය කිරීමට උනන්දුවක් දක්වන ප්‍රතිසංස්කරණ මනසක් ඇති නායකයන් පොළඹවා ගැනීමටත් ” රතු තොප්පි ” ධනපතියන්ට අවශ්‍ය විය.

    ඩෙන් ෂියාඔපිං ය. 1978 දී ඩෙන් ෂියාඕපිං කොමියුනිස්ට්වාදීන් බිඳ දැමූ අතර, ගොවි බිම් බදු දීමට පවුල් වලට අවසර ලබා දුන්නේ ය.

    මෙවැනි වූ ආර්ථික ප්‍රතිසංස්කරණයකට නායකත්වය දීමට ඉදිරිපත් වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකු වූ ඩෙන් ෂියාඔපිං ය. 1978 දී ඩෙන් ෂියාඕපිං කොමියුනිස්ට්වාදීන් බිඳ දැමූ අතර, ගොවි බිම් බදු දීමට පවුල් වලට අවසර ලබා දුන්නේ ය.

    නිශ්චිත ප්‍රමාණයක් ස්ථාවර මිළකට රජයට විකිණීමෙන් පසුව, ඉතිරි සියල්ල ඕනෑම මිළකට නිදහස් වෙළඳ පොලේ විකුණා ගැනීමට ඩෙන් ෂියාඕපිං, ගොවි පවුල් වලට අවසර දුන්නේය.
    මෙම ප්‍රතිසංස්කරණ යටතේ පුද්ගලයන්, හවුල්කරුවන් සහ කොටස් හිමියන් සතු පුද්ගලික ව්‍යවසායන් නීතිගත කෙරුණු අතර, කොටස් වෙළඳපලවල් විවෘත විය. 

    රජය විසින් මිළ සහ වැටුප් නියම කිරීමේ ක්‍රමවේදය වෙනස් වූ අතර, එය නිදහස් වෙළඳපලේ පවතින ඉල්ලුම හා සැපයුම අනුව සිදුවන්නට ඉඩ හැරියේය. මේ සියළු ප්‍රතිසංස්කරණ හේතුවෙන් 1980 දශකයේ මැද භාගය වන විට චීනයේ පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යන කොමියුනිස්ට් පක්ෂ නිළධාරීන්ද ද බිහි විය. 

    ඒ අවදිය වන විට ” රතු තොප්පි ” ධනපතියන් මිලියන ගණනක් බිහි වී සිටියහ. චීන කොමියුනිස්ට්වාදය බිඳ දමා චීනය තුළ ” රතු තොප්පි ධනපතියන් ”  බිහි කිරීමට පුරෝගාමී වූ ඩෙන් ෂියාඕපිං 1920 දී ප්‍රංශය තුළ රැඩිකල් මාක්ස්වාදියෙකු ලෙස ගත කළ ජීවිතයේ තොරතුරුත්, ඔහු හඳුන්වා දුන් චීන ආර්ථික ප්‍රතිසංස්කරණය අද ස්ථානගතවී ඇති ආස්ථානයත් කුමක් ද යන්න මතුවට විමසමු.

    සුනිල් ගාමිණී

  • අඟහරුවාදා සිට ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණයි

    අඟහරුවාදා සිට ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණයි

    මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බවත් මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (23) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ හෙට, 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි.

  • පොඩි එකාටත් – ලෙඩා දුකාටත් බදු ගැසූ සම්පූර්ණ බදු ලැයිස්තුව මෙන්න !

    පොඩි එකාටත් – ලෙඩා දුකාටත් බදු ගැසූ සම්පූර්ණ බදු ලැයිස්තුව මෙන්න !

    මේ හරහා සාමාන්‍ය ජනතාවට දැවැන්ත ජීවන වියදම ඉහළ යාමකට මුහුණ දීමට සිදු වෙනවා. විශේෂයෙන් අති බහුතරයක් ජනතාවට තමන්ගේ ජීවන මාර්ග, අතිරේක ආදායම් අහිමි වීම තුළ සිදුවන්නේ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වාගේ තත්ත්වයක්.

    රජය විසින් අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ සදහා කිලෝ ග්‍රැමයකට රුපියල් 05.00 සිට 800.00 දක්වා වන පුළුල් පරාසයක විදිදෙන සේ නව බදු පැනවීමක් සිදුකර තිබෙනවා. පසුගිය 21 වැනි දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුත් මෙම නව බදු පැනවීම් පිළිබද නියෝගය නිකුත් කර ඇති අතර එහි සදහන් වන්නේ මැයි මස 22 වැනිදා සිට මාස 06ක කාලයක් සදහා මෙම නව බදු පැනවීම් වලංගු වන බවයි. ඒ අනුව ඊයේ (22) රාත්‍රියේ සිට නව බදු ක්‍රියාත්මක වන බව සදහන්.

    මේ නව බදු පැනවීම ගැන අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ආර්ථික හා දේශපාලන විශ්ලේෂක ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා සදහන් කළේ මේ බදු පැනවීම මගින් ඉතාම පැහැදිලි ලෙස සීනි, අර්තාපල්, රතුළුෑණු, පරිප්පු, ෆාම් තෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක දැවැන්ත මිල ඉහළ යාමක් සිදුවනු ඇති බවයි. විශේෂයෙන් ජනපතිවරයා ජාතිය අමතා අඩු කළ රතු පරිප්පු සහ සැමන් සදහා ද යළි බදු පැනවීම හාස්‍ය ජනක බවයි ඔහු සදහන් කළේ.

    ‘මේ හරහා ඇත්තටම ලෝක වෙළදපොළේ බොරතෙල් මිල දැවැන්ත ලෙස පහළ යාමේ වාසිය ජනතාවගෙන් සොරා ගෙන තිබෙනවා. අනෙක් අතට මේ භාණ්ඩ බදු පනවා ඇති බොහෝ භාණ්ඩ ප්‍රමාණවත් තරම් ලංකාව තුළ නිෂ්පාදනය වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස යෝගට් ගන්න. යෝගට් කිලෝ ග්‍රෑමයකට රුපියල් 800ක විශේෂ බද්දක් පනවා තිබෙනවා. ඒ කාණ්ඩය යටතේම ‘අනෙකුත්‘ කියලා සදහන් වන භාණ්ඩ සදහා ද රුපියල් 800ක බදු පැනවීමක් සිදු වෙනවා. යෝගට් කියන්නේ දරුවන්ගේ පෝෂණය සදහා අත්‍යවශ්‍ය ආහාරයක්. වෛද්‍යවරුන් දිගින් දිගටම මේ ගැන අවධාරණය කරනවා. අද සිට ළමයෙක්ට යෝගට් එකක් කන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. මොකද ලංකාව තුළ දේශීය වශයෙන් යෝගට් නිෂ්පාදනය සිදුවන්නේ නැහැ. එවිට දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යාම අනිවාර්ය කාරණයක්‘

    මෙහිදී අල, රතුළුෑණු සහ සුදුලලුණු සදහා කිලෝවකට රුපියල් 50.00ක බදු ගැසීම ගැන සදහන් කරමින් ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ කියා සිටියේ ලංකාව තුළ පාරිභෝජනයට අවශ්‍ය තරම් අල සහ රතුළුෑණු නිෂ්පාදනයක් සිදු නොවන නිසා අනිවාර්යයෙන් බදුවලට වඩා වැඩි මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවයි.

    ‘ආණ්ඩුවට උපදෙස් දෙන ඊනියා උපදේශකයෝ පසුගිය දා මෙරට නිෂ්පාදනය කළ හැකි කෘෂිකාර්මික භාණ්ඩ 16ක් ආනයනය තහනම් කිරීම ගැන කතා කළා. එහි ප්‍රතිඵලයක් තමයි මේ. ඒත් මේ රටේ මිලියන 20කට කන්න දෙන්න පුළුවන් තරමට දේශීය වශයෙන් අල සහ රතුළුෑණු නිෂ්පාදනයක් සිදුවන්නෙම නැහැ. ඇත්ත සංඛ්‍යා ලේඛන ගෙන බැලුවොත් පහසුවෙන් තත්ත්වය අවබෝධකර ගත හැකියි. අනෙක් අතට අල කියන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආහාර වේල තුළ තිබෙන සුලභ භාණ්ඩයක්. අල ටිකක්, පරිප්පු ටිකක්, සෝයා ටිකක් වගේ දේවල් තමයි මේ සාමාන්‍ය ජනතාව බහුලව පාරිභෝජනය කරන්නේ. දැන් ඉතිං කොවිඩ් වසංගතය නිසා ආර්ථික ශක්තිය දුර්වල වෙලා සිටින ජනතාවට තවත් වටයකින් ජීවන වියදම ඉහළ යාමකට මුහුණදීමට සිදු වෙනවා‘

    මෙහිදී ආනයනික පලතුරු සදහා වන දැවැන්ත බදු ඉහළ යාම පිළිබදව අදහස් පළ කළ ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා කියා සිටියේ මෙය ද විකෘති තත්ත්වයක් බවයි.

    ‘ඇපල් සදහා කිලෝවකට රුපියල් 100ක්, දොඩම් සදහා කිලෝවකට රුපියල් 125ක්, ලෙමන් සදහා කිලෝවකට රුපියල් 350ක්, මිදි සදහා රුපියල් 200ක් ආදි වශයෙන් බදු පැනවීමක් සිදු වෙනවා. කාට හරි තර්ක කරන්න පුළුවන් දේශීය වශයෙන් නිෂ්පාදනය වන පලතුරු ප්‍රවර්ධනයට මේ බදු උපකාර වෙනවා කියලා. ඒත් අඹ, කෙසෙල්, ගස්ලබු වල දේශීය මිල ගණන් පවා ජනතාවට දරා ගන්න අමාරුයි. මේ්වායින් අතරමැදියා තමයි විශාල ලාභයක් ගන්නේ දේශීය වශයෙන් වගා කරන පේර කිලෝවක් පවා රුපියල් 250ක් විතර වෙනවා. වාරයට පමණක් මිලදී ගත හැකි උගුරැස්ස වාගේ පලතුරු ග්‍රෑම් 100ක් පවා රුපියල් 200ක් විතර වෙනවා. අනෙක් අතට ඇපල්, මිදි, දොඩම් කියන්නේ විශේෂයෙන් කුඩා ළමුන්ට සහ රෝගීන්ට දෙන ආහාර මේ සිදුවන්නේ යෝගට් අහිමි කළා වාගේ දරුවන්ට මේ පලතුරු අහිමි කිරීම‘

    රට ඉදිවලට රුපියල් 100ක බදු පැනවීමක් ගැන අදහස් දක්වමින් ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ සදහන් කළේ රාමසාන් උපවාස සමයේ ඉස්ලාම් භක්තිකයින්ට අත්‍යවශ්‍ය ආහාර වර්ගයක් වන රටඉදි මත සිදුකළ නව බදු පැනවීම කනගාටුදායක බවයි.

    ‘සමස්තයක් විදහට මිරිස් කුඩු ටිකේ සිට පරිප්පු ටික දක්වා මේ හරහා අති දැවැන්ත මිල ඉහළ යාමක් සිදුවෙනවා. මොකද අපි ගණනය නොකළට මිරිස්, තෙල් වර්ග, කරවල, විශේෂයෙන් හාල්මැස්සන්, (කුඩා ළමුන්ට අත්‍යවශ්‍ය පෝෂණය සහිත) එක්ක සමස්ත පැකේජය ගත් විට නිවස සාමාන්‍ය මාසික වියදමින් සැලකිය යුතු ප්‍රතිශයක් මේ භාණ්ඩ හරහා නියෝජනය කරනවා. ඒ නිසා මම පැහැදිලිව සදහන් කරන්නේ මේ හරහා සාමාන්‍ය ජනතාවට දැවැන්ත ජීවන වියදම ඉහළ යාමකට මුහුණ දීමට සිදු වෙනවා. විශේෂයෙන් අති බහුතරයක් ජනතාවට තමන්ගේ ජීවන මාර්ග, අතිරේක ආදායම් අහිමි වීම තුළ සිදුවන්නේ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වාගේ තත්ත්වයක්.

    නව ආනයනික බදු පනවා ඇති සම්පුර්ණ භාණ්ඩ පිලිබඳ සවිස්තරාත්මක ලැයිස්තුව පහතින් දැක්වේ.

    atyawasya 740px
    1
    2
    3
    4
    සටහන – නිර්පාක්ෂික බැද්දේවිතාන

    P

  • කොළඹ – ගම්පහ ඇඳිරි නීතිය දිගටම – 24-25 මුළු රටටම ඇඳිරි නීතිය

    කොළඹ – ගම්පහ ඇඳිරි නීතිය දිගටම – 24-25 මුළු රටටම ඇඳිරි නීතිය

    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බවත් මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අද (22) පෙ.ව 10.15ට නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

    එම නිවේදනයේ මෙසේද සදහන් වේ.

    කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රීක්කවල හෙට 23, සෙනසුරාදා රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26, අඟහරුවාදා උදේ 5.00 ට ලිහිල් කෙරේ. මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙයි.

    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ හෙටත් ක්‍රියාත්මක අතර මැයි, 26 අඟහරුවාදා සිට පෙර පරිදි ඉදිරියට ගෙන යනු ලැබේ.

    කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඇඳිරි නීතියට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.

  • 2021ක ටෝකියෝ ඔලිම්පික් උළෙලත් අවලංගු කිරීමේ අවදානමක් !

    2021ක ටෝකියෝ ඔලිම්පික් උළෙලත් අවලංගු කිරීමේ අවදානමක් !

    කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය දා 2021 වසර දක්වා කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙල එම වසරේ ද පැවැත්විය නොහැකි නම් අත්හැර දැමීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා පවසා තිබේ.

    මෙමවසරේ ජූලි මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021 දක්වා කල් දැමීමට ජපන් රජය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කිරීම ලෝකයේම දැඩි අවධානය දිනාගත් සිදුවීමක් බවට පත්විය.

    මේ අතර ජපාන අගමැති ෂින්සෝ අබේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ වෛරසයේ ව්‍යාප්තිය අඛණ්ඩව සිදුවන්නේ නම් 2021 දී Multi-sports event පැවැත්විය නොහැකි බවයි. ජපන් අගමැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අයිඕසී සභාපති තෝමස් බැච් Thomas Bach කියා සිටියේ ජපන් අගමැතිවරයාගේ ස්ථාවරය තමා තේරුම් ගත් බවයි.

    “ඉතා අවංකව, මට මේ පිළිබඳව යම් අවබෝධයක් තිබෙනවා. මන්දයත් ඔබට සංවිධාන කමිටුවක 3,000 ක් හෝ 5,000ක් අඛණ්ඩව සේවයේ යෙදවිය නොහැකි බව මට වටහා ගත හැකියි” බැච් බීබීසීයට පැවසීය.

    “ලබන වසරේදීත් ඔලිම්පික් නිසා ලොව පුරා සියලුම ප්‍රධාන සම්මේලනවල ක්‍රීඩා කාලසටහන වෙනස් කිරීමට ඔබට නොහැකියි. ඒ වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද දීර්ඝ කාලයක් අවිනිශ්චිත තත්වයක සිටිය නොහැකයි.”

    තවදුරටත් ප්‍රමාද වුවහොත් බී සැලැස්මක් නොමැති බව අබේ පැහැදිලි කර ඇති බව බැච් පැවසීය.

    ඔලිම්පික් උළෙල පැවැත්වීම ප්‍රමාද වීම නිසා ජපානයට ඩොලර් බිලියන 6 ක ආදායමක් අහිමි වනු ඇතැයි ගණන් බලා තිබේ

    ඔලිම්පික් උළෙල පැවැත්වීම ප්‍රමාද වීම නිසා ජපානයට ඩොලර් බිලියන 6 ක ආදායමක් අහිමි වනු ඇතැයි ගණන් බලා ඇත.

    මේ අතර ඔලිම්පික් උළෙල කල් දැමීම ජාත්‍යන්තර ක්‍රීඩා දින දර්ශනය ද අවුල් ජාලයකට ඇද දැමූ අතර  බොහෝ සංවිධානවලට ඔලිම්පික් උළෙල සඳහා ඔවුන්ගේ ලෝක ශූරතා කල් දැමීමට සිදුවිය.

    ‘ලබන වසරේදී ඔලිම්පික් උළෙල සංවිධානය කිරීමේදී ඩොලර් මිලියන 800 ක් දක්වා පිරිවැයක් දැරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අපේක්ෂා කරන බව‘ බැච් පවසයි. 

    අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, 2022 බීජිංහි ශීතඍතු ඔලිම්පික් උළෙල සහ පැරීසියේ 2024 ගිම්හාන ක්‍රීඩා සඳහා වැඩි කාලයක් ගතවනු ඇත.

    පසුගිය මාසයේ ටෝකියෝ ක්‍රීඩා ප්‍රධානී යොෂිරෝ මෝරි විසින් ද බැච්ගේ ප්‍රකාශයම ප්‍රතිරාවය කළ අතර ඔහු කියා සිටියේ තවත් ප්‍රමාදයක් සිදුවුවහොත් එය අවලංගු කළ යුතු බවයි.

    කොරෝනා වයිරසය ජපානයේ පුද්ගලයින් 17,100 කට වඩා ආසාදනය වී ඇති අතර එයින් 797 දෙනෙකු මියගොස් තිබේ.

    දෙවන ලෝක යුද්ධය හේතුවෙන් 1944 දී අවසන් වරට ඔලිම්පික් උළෙල අවලංගු කරන ලද නමුත් වසර 124 ක නූතන ඔලිම්පික් ඉතිහාසයේ මීට පෙර ප්‍රමාද වී නොමැත.

    අල් ජෂීරා වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • රු.5000 දීමනාව කැපීම ගැන ඇමැති බන්දුල බොරු කියයි – මැකො හෙළි කරන ඇත්ත මෙන්න !

    රු.5000 දීමනාව කැපීම ගැන ඇමැති බන්දුල බොරු කියයි – මැකො හෙළි කරන ඇත්ත මෙන්න !

    ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ජනතාවට ජුනි මාසය සඳහා රුපියල් පන්දහසේ දීමනාව ලබා නොදෙන මෙන් රජයට දැනුම් දීමක් නොකළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවයට කියා සිටි බව එහි වාර්තාවක දැක්වේ.

    ආර් ඩී විමලාවතී

    සමෘධිය අහිමිවීම හේතුවෙන් රුපියල් 5000 සහනාධාරයත් අහිමි වූ කාන්තාවක් – BBC SANDESAYA

    බී.බී.සි. සන්දේශය සමග අදහස් දක්වමින් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පවසා ඇත්තේ ජුනි මාසය සඳහා එම ගෙවීම සිදු කිරීමට අවශ්‍යදැයි සළකා බලන ලෙස සහ අවශ්‍ය නම් දේශපාලන මැදිහත් වීමකින් තොරව අදාළ කටයුතු සිදු කරන්නැයි අදාළ ලිපියෙන් පෙන්වාදුන් බවයි.

    ජුනි මාසය සඳහා ද රුපියල් පන්දාහ බෙදීමේ යෝජනාවට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරී පිරිසකට පසුගියදා ලිපියක් යොමුකළ බව ද දේශප්‍රිය මහතා සදහන් කර ඇත.

    ‘දේශපාලනඥයන් එපා’

    “එදිනෙදා ආදායම් අහිමි වෙච්ච අයට නේ 5000 දුන්නේ. දැන් රට සාමාන්‍ය තත්වයට පත්වෙලා නම්, සමහර අයට රැකියා කරන්න පුළුවන් තත්වයට පත් වෙලානම් ඒක දෙන්න ඕනද නැද්ද කියන එක සළකා බලන්න අපි කියලා තියෙන්නේ,” මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

    “දෙන්න කියලා අපෙන් ඇහුවෙත් නෑ. අපි දෙන්න එපා කියලත් නෑ. අපිට පැමිණිළි ලැබුණේ දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගෙන්. ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ වල ලේකම්වරුත් ඒ රැස්වීමේ හිටියා. ඔවුන්ටත් ඕන නම් ඒ වෙලාවේ උත්තර දෙන්න තිබුණා. අපි වැදගත්ම කරුණක් කියලා තියෙනවා මේ වැඩසටහනට ප්‍රාදේශීය හෝ ග්‍රාමීය දේශපාලනඥයන් සහභාගි කර ගැනීමෙන් වළකින්න කියලා.’

    ‘බොර දියේ මාළු බානවා’

    මේ පිළිබඳව මැයි 21 වැනිදා කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන ද අදහස් පළ කළේය.

    ඔහු සඳහන් කළේ ආණ්ඩුවට විරුද්ධව බොරදියේ මාළු බාන පිරිස් මහජනයා දුකට පත්ව ඇති මෙවන් මොහොතක මෙලෙස පැමිණිළි ඉදිරිපත් කරන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බවය.

    “ජාති, කුල, ආගම භේදයෙන් තොරව ජනතාවට සද්භාවයෙන් මේ මුදල් දෙන්නේ. කාටහරි අසාධාරණයක් වෙලා නම් අභියාචනා ඉදිරිපත් කරන්න කියල යම් ගැටලුවක් තිබුණානම් අපි ඒවත් නිවරදි කළා. ඊයේ කැබිනට් එකේදී කතා කළේ අපි මොනතරම් සත්භාවයෙන් ක්‍රියා කළත් මේ දේශපාලන ව්‍යාපාරයක් කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා මැතිවරණ කොමිසමේ නියෝග වලට අපි ගරු කරමින් ජුනි මාසේ 5000 දෙන්න බැරි තත්වයක් උද්ගත වෙලා” යනුවෙන් බන්දුල ගුණවර්ධන පවසන ලදී.

    COVID-19 රෝගී තත්වය නිසා ආදායම් අහිමිවූවන්ට, සමෘද්ධිලාභීන්ට, ආබාධ සහිතවූවන්ට සහ රෝගී තත්වවලින් පෙළෙන අයට රුපියල් 5000 බැගින් අප්‍රියල් මාසයේදී ලබා දීම සඳහා දළ වශයෙන් රුපියල් කෝටි 2500-3000ත් අතර මුදලක් වැය කළ බව රජය පවසයි.

    මැයි මාසයේ එම දීමනාව 51,44046 දෙනෙකුට හිමිවන බවත්, ඒ සඳහා රුපියල් කෝටි 2572ක් වැයවන බවටත් රජය ත්කසේරු කර තිබේ.

    ‘ග්‍රාමසේවක හරහා බෙදන්න’

    මෙම රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමේදී ප්‍රාදේශීය දේශපාලනඥයන් මැදිහත් වන බවට පසුගිය කාලයේ චෝදනා එල්ලවූ අතර ඒ ගැන මැතිවරණ කොමිෂන් සභාවට ද පැමිණිළි ලැබී තිබුණි.

    මේ පිළිබඳව මැයි 20 වැනිදා විකාශය වූ රුපවාහිනී සංවාදයකදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙති පළ කළේ මෙවැනි අදහසකි.

    “දැන් මතයක් හදන්න යන්නේ JVP එක, විපක්ෂය කෑ ගහලා ජුනි මාසේ පන්දාහ දෙන්න එපා කිවුවා කියලානේ. මැතිවරණ කොමසාරිස්තුමා කියන්නේ මේක බෙදන්න එපා කියලා නෙමෙයි,” සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

    “මැතිවරණ කාලේ දේශපාලනය නොකර රාජ්‍ය යාන්ත්‍රණය භාවිත කරලා බෙදන්න. ග්‍රාමසේවක හරහා ඕක බෙදන්න පුළුවන්නේ. මේක නොබෙද ඉන්න තර්කයක් හදාගන්නවනම් මැතිවරණ කොමසාරිස්තුමාගේ ලිපිය පාවිචිචි කරන්න පුළුවන්. හැබැයි බෙදන්න ඕන නම් එතුමා කියන දේම යොදාගන්න පුළුවන්.”

    මේ සම්බන්ධයෙන් අප කළ ක්ෂේත්‍ර විමසා බැලීම්වලදී දැඩිව පැහැදිලි වූයේ ආණ්ඩුවට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස් රුපියල් 5000 දීමනාව ලබාදීමේදී ඍජුව සම්බන්ධ වන බවයි. ඒ අතර එම මුදල සැබවින්ම ජීවන මාර්ග අහිමි වූ පුද්ගලයින්ට වඩා ඉතා ඉහළ ආදායම් ලබන ව්‍යාපාරිකයින් ඇතුළු පාර්ශ්ව විසින් ද ලබා ගෙන ඇති බවයි.

    ‘මටත් රුපියල් 5000 දීමනාව ලැබුණා. ආණ්ඩුවෙන් නිකං දෙන දේ නිසා මමත් ගත්තා. මම ඒ සල්ලිවලින් කළේ එළවළු පැළ ගන්න එක. එහෙම නැතිව ගෙදරට කන්න ගන්න තරම් අහේනියක් අපට තිබුණේ නැහැ‘ මෙම අප සමග අදහස් දක්වමින් රූපලාන්‍ය මධ්‍යස්ථානයක හිමිකාරියක් ප්‍රකාශ කළාය.

    ‘මගෙයි මහත්තයාගෙයි දෙන්නගෙම බිස්නස් නැති වුණා. ඒත් අපි ඒක දරා ගත්තා‘ ඇය වැඩි දුරටත් පවසුවාය.

    බී.බී.සී සන්දේශය සහ ක්ෂේත්‍ර වාර්තා ඇසුරිණි

  • Covid-19 Global Review:  මරණ 329,816ක් – බ්‍රසීලය ආසාදිතයින් ලක්ෂ 03ට ළං වෙයි

    Covid-19 Global Review: මරණ 329,816ක් – බ්‍රසීලය ආසාදිතයින් ලක්ෂ 03ට ළං වෙයි

    අද (21) දින පස්වරු 10.38 (ඇමෙරිකා එක්සත් ජනපදයේ වේලාවෙන්) සිදුකළ නවතම යාවත්කාලීන කිරීම් අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 5,047,377ක් සහ මරණ 329,816ක් වර්තා වී ඇතැයි ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි.

    එහි දැක්වෙන ආකාරයට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය පිළිවෙළින් 1,562,714  ක් හා 93,863ක් වේ.

    වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර 317,554 Russia, 291,579 Brazil, 252,234 United Kingdom, 233,037 Spain, 228,006 Italy, 181,700 France, 178,748 Germany, 153,548 Turkey, 129,341 Iran, 115,572 India, 104,020 Peru

    වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර 36,124 United Kingdom, 32,486  Italy, 28,135 France, 27,940 Spain, 18,859 Brazil

  • නව ආසාදිතයින් 19ක් හමුවෙයි – සමස්ත සංඛ්‍යාව 1047ට නගී

    නව ආසාදිතයින් 19ක් හමුවෙයි – සමස්ත සංඛ්‍යාව 1047ට නගී

    අද (21) දින ප.ව 22.05 වන විට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1047ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිල වෙබ් අඩවියේ සදහන් වේ.

    එහි දැක්වෙන්නේ මේ වන විට රෝහල් තුළ රෝගීන් 434 දෙනකු ප්‍රතිකාර ලබන අතර 139 දෙනකු විමර්ශනය යටතේ සිටින බවයි.

    සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 604ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වේ.

    මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ අද දිනය තුළ ගෝලීය වශයෙන් වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති බවයි. එය 9743ක් වන අතර රුසියාවෙන් 8849ක් සහ බ්‍රසීලයෙන් ආසාදිතයින් 2676ක් සහ එක්සත් රාජධානියෙන් ආසාදිතයින් 2615ක් වාර්තා වී ඇත.

  • කොටි ත්‍රස්තවාදය කිරි පොවා යළි පෝෂණය කළේ යහපාලන ආණ්ඩුවයි – ඇමති ප්‍රසන්න

    කොටි ත්‍රස්තවාදය කිරි පොවා යළි පෝෂණය කළේ යහපාලන ආණ්ඩුවයි – ඇමති ප්‍රසන්න

    පරාජය ක‍ල කොටි ත්‍රස්තවාදය කිරි පොවා යලි පෝ‍ෂණය කලේ පසුගිය යහපාලන ආණ්ඩුව බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්‍ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අව‍ධාරණය කලේ 2009 දි රණවිරුවන් දිවි පුදා රටට ලබා දුන් යුධ ජයග්‍රහණය රනිල් මෛත්‍රි යහ පාලන ආණ්ඩුව විසින් ආපස්සට හැරවීමට කටයුතු කරමින් සිටින බවයි.

    දිවයින පුරා සෑම මැතිවරණ බල ප්‍රදේශයකම පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ‘‘‍‍‍‍ගම දැනුවත් කරමු – යලිත් අපි නැගිටිමු” වැඩසටහන් මාලාව පිලිබද ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයින් දැනුවත් කිරීම සදහා පැවති රැස්වීමකදි ඇමතිවරයා මේ බව සදහන් කලේය. රැස්වීම මිනුවන්ගොඩ උඩුගම්පල ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ කාර්යාලයේදි ඊයේ (20) ඒ සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු සහ පලාත් පාලන ප්‍රධානිහු සහභාගී වුහ. රැස්වීමට පැමිණි සියළු නියෝජිතයින් විෂභීජානු හරණ කුටියක් හරහා රැස්වීම් ශාලාවට ඇතුලත්කර ගැනීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. මුහුණු ආවරණ පැලද සිටිම අනිවාර්ය වූ අතර මීටරය දුර ආරක්ෂා වන පරිදි රැස්වීමට ආසන පනවා තිබුණි.

    ගම දැනවත් කරමු – යලිත් අපි නැගිටිමු රැස්වීම් මාලාව හරහා දිවයිනේ සියළුම පලාත් පාලන මන්ත්‍රීවරු කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රජය ගත් ක්‍රියාමාර්ග හා ජනතාවට සහන සැලසීමට ගත් පියවර සම්බන්‍ධයෙන් දැනුවත් කිරීමට නියමිතයි. විශේෂ දේශකයින්ගේ සහභාගීත්වයෙන් ලබන සතිඅන්තයේ එම රැස්වීම් මාලාව පැවැත්වෙන අතර එම රැස්වීම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීම අනිවාර්ය කර තිබේ. උඩුගම්පලදි ඊයේ (20) පැවැත්වුනේ එම රැස්වීම් මාලාව පිලිබද දිස්ත්‍රික් නියෝජිතයින් දැනුවත් කිරීමේ පලමු වැඩසටහනයි.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.

    ‘‘එදා වසර 30 පැවති යුද්ධය අවසන් කිරීමට රාජපක්ෂ සොහොයුරන් සමත් වුනා වගේම අද අපේ රටට බලපෑ කොරෝනා ව්‍යාප්තිය නතර කිරීමටත් මහින්ද  ගෝඨාභය සුසංයෝගයට හැකියාව ලැබී තිබෙනවා. ම්ලේච්ඡ කොටි ත්‍රස්ථවාදය පරාජය කරලා ඉතිහාස ගත වුනා වගේම ඔවුන් කොරෝනා වසංගතය පරාජය කරලා ඉතිහාස ගත වෙනවා. සෞඛ්‍ය අංශ කියන්නේ මේ වෙනකොට රටේ ජනතාව අතර කොරෝනා වසංගතය පැතිරීම පාලන කර තිබෙන බවයි. සෞඛ්‍ය අංශ වගේම ආරක්ෂක අංශ කැපවීම මෙහිදි ඉතා ප්‍රශංසනීයයි. කොරෝනා පාලන කරන අතරතුර සාමාන්‍ය ජනතාව බලාගත්ත මේ වගේ ආණ්ඩුවක් ලෝකේ වෙන කොහෙවත් නැහැ.

    ඇදිරිනීතිය පනවලා කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන අතරතුර ජනතාවට අවශ්‍ය ආහාර පාන ගෙවල් ලගටම යවන්න අපි කටයුතු කළා ඒ වගේම ආර්ථික පිඩාවට පත්වෙච්ඡ  ජනතාවට රුපියල් 5000 ක දිමනාවක් ලබා දීමට කටයුතු කලා. පහුගිය මාසයේ අපි මේ 5000 දිමනාව අපි පවුල් ලක්ෂ 74 කට ගෙව්වා. මේ වාසෙත් අපි ඒක ගෙවනවා. ලබන මාසෙත් අපි ඒක ගෙවන්න කටයුතු කරමිනුයි හිටියේ. නමුත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පවසමින් කිඹුල් කදුලු හෙලන විපක්ෂය ඒ ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබෙනවා. ඔවුන් කියලා තියෙන්නේ මේ රුපියල් 5000 හේ දීමනාව දෙන එක නවත්තන්න කියලයි. ජනතාවට සහන සලසනකොට ඒකට විරුද්ධ වන ලෝකේ එකම විපක්ෂයේ ඉන්නේ අපේ රටේ. මේ අය කියන්නේ නම් ජනතාවට පණ වුනත් දෙන්න ලැස්තියි කියලයි. හැබැයි. 5000 දෙන්න එපා කියලා මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කරනාවා. විපක්ෂය සිදු කරන්නේ දවල් මිගෙල් රෑ දැනියෙල් ප්‍රතිපත්තියයි.

    මහ මැතිවරණය කියන්නේ රටේ ප්‍රජාත්‍රන්තවාදි අයිතියක් හැබැයි එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් මහ මැතිවරණය කියන්නේ නයාට අදුකොල වගේ ඔවුන් හදන්නේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි මහා මැතිවරණය කල් දාලා පරණ පාර්ලිමේන්තුව නැවත රැස්කර ගන්නයි. ඒකට තමයි.  ඔය උසාවි බඩගැවේ. ජනතාව ජිවත් විමේ අයිතිය වගේම ජනතාවගේ ජන්ද අයිතියත් උදුරාගන්නැයි විපක්ෂය මේ කටයුතු කරන්නේ.

    රනිල් මෛත්‍රි යහ පාලන ආණ්ඩුව කාලේ අපේ රටේ ජාතික ආරක්ෂාව තුට්ටුවට දැම්මා. උතුරු නැගෙනහිර කොටි පිල්ලි ශක්තිමත් කළා. ඒවට විරුද්ධ වුන අයව හිරේ දැම්මා. අවුරුදු 30 ක් පැවති මේලේච්ඡ කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න තමන්ගේ ඇස් ඉස් මස් ලේ පරිත්‍යාග කරපු රණවිරුවන් හිරේ දැම්මා. ලංකාවේ විතරක් නෙවෙයි. ජාත්‍යන්තරයෙත් කොටි ත්‍රස්තවාදය යලිත් හිස ඔසවන්න පටන් ගත්තේ මේ යහ පාලන ආණ්ඩුව කාලේ. යහ පාලන ආණ්ඩුවට ඹ්නැ වුනේ කොටි අවශ්‍යතාව මතින් හරි නැවත බලයේ ඉන්නයි. 2015 දි බොරු කියලා ගත්ත බලය රැකගන්නයි. මේ රටේ අනාගත දරු පරපුරේ වාසනාවට තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වුනේ මහින්ද රාජපක්ෂ මහතා නැවත මේ රටේ අගමැති වුනේ පරණ සෙල්ලං දාන්න කොටි ඩයස් පෝරාවට අපේ ආණ්ඩුව ඉඩ තියන්නේ නැහැ. එවගේම ජනාධිපති තුමා පැහැදිලිව කිව්වා රණවිරුවන් දං ගේඩියට දක්කන්න හදන ජාත්‍යන්තර N.G.O නඩවලටත් ඕනැ හැටියට ඉඩ නොදෙන බව. ඒ නිසා අද රටේ ජාතික ආරක්ෂාව නැවත සුරක්ෂිත වී තිබෙනවා. රණවිරුවන් දිවි පුදා ලබා දුන් විජයග්‍රහාණයට අද නිසි වටිනාකම ලැබිලා. දේශිය හා ජාත්‍යන්තර වශයෙන් මේ රට ඉහලට ඔසවා තබන්න වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. රටට ආදරය කරන සියළු දෙනාගේම වගකීම වන්නේ ඒ සදහා සහය පල කිරීමයි.     

  • චීන ණය උගුලට හසු වූ රටවල ‘ඉරණම’ කුමක් විය හැකිද ?

    චීන ණය උගුලට හසු වූ රටවල ‘ඉරණම’ කුමක් විය හැකිද ?

    එක්සත් ජාතික පක්ෂය යනු උපන් ගෙයිම ධනපති පංතිය නියෝජනය කළ පක්ෂයකි. එක්සත් ජාතික පක්ෂය හැදූ ආණ්ඩු , හැමදාමත් ඔවුන්ගේ ආර්ථික මූලෝපාය ලෙස තෝරා ගත්තේ , ධනපති පංතියට වැඩි වාසි අත්වෙන ධනවාදී ආර්ථික ක්‍රමයයි.
    ලෝකය තුළ ධනවාදයට විරුද්ධව කොමියුනිස්ට්වාදය පැතිරෙන විට , ඒ ආස්වාදයෙන් පිබිදුණු ලංකාවේ මධ්‍යම පංතියේ පිරිස් වල දරුවන්, විදෙස්ගත ඉගෙනුම නිමා කොට පැමිණියේ කොමියුනිස්ට්වාදය ලංකාව තුළ ක්‍රියාත්මක කිරිරීමේ අදිටන ඇතුවය.
    එක්සත් ජාතික පක්ෂයටත් පෙර ලංකාව තුළ සමසමජ පක්ෂය බිහිවන්නේ ඒ අනුවය.
    සමසමාජ පක්ෂය බිහිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පකෂය ද දේශපාලන භූමියට ප්‍රවිෂ්ට වූවද, ඔවුන් සියල්ල පරයා එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් ලෙස මතුවන්නට හැකි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණි.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරමින් ඊට නායකත්වය ලබා දුන්නේ , එක්සත් ජාතික පක්ෂයේම නායකයෙකුව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායකය.
    බැලූ බැල්මට ධනවාදයට එරෙහිව වාමාංශික මුහුණුවරකින් යුක්ත වූ ශ්‍රී ල. නි. ප. ය, මැද මාවතක ගමනකට ප්‍රවිෂ්ට විය.
    සිරිමාවෝ බණ්ඩාරණායක පාලන සමයේ මුල් අවදිය ඊට මනා නිදසුන් සපයමින්, පුද්ගලික අංශය සතුව තිබූ බොහෝ ව්‍යාපාර ජනසතු කිරීමේ වැඩපිලිවෙළක් දියත් කළ අතර, කොමියුනිස්ට්වාදය බලයට ගෙන ඒමට කැප වූ සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සිරිමාවෝගේ ආණ්ඩුවේ කොටස්කරුවෝ විය.
    ඒ අනුව ධනපති පංතියේ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ ගර්භාෂයෙන් බිහි වූ ශ්‍රී ල. නි. ප. ය , වාමවාදී පකෂයක් බවට ලක් පොළොව තුළ බෞතීස්ම විය.
    1977 දී බලයට පත් එ. ජා. ප. යේ නායක ජේ. ආර්. ජයවර්ධන, ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය ඉතා සෘජු හා දැඩි ලෙස ලංකාව තුළ ක්‍රියාවට නැංවූ අතර, ඔහු ඊට ජාත්‍යන්තර සහාය ලබා ගත්තේ ඇමරිකාව ප්‍රමුඛ බටහිරෙන් ය. එනිසාම ඔහුව හැඳින් වූයේ යැංකි ඩිකී කියා ය.
    1994 චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග බලයට පැමිණෙන තුරු රට පාලනය කළ යූ. ඇන්. පී. යේ ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියට විකල්පයක් චන්ද්‍රිකාට නො තිබිණ. ඒ අනුව ඇයගේ ආර්ථික පාඨය වූයේ ” විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ” යන්නය.
    ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් , ඔවුන්ගේ කොන්දේසි වලට යටත්ව ණය ලබා ගැනීමේ එ. ජා. ප. ප්‍රතිපත්තියට වෙනස්  විකල්පයක් චන්ද්‍රිකා මැතිණියට නොතිබිණ. 
    එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස යුගයේ සිදු වූ,  රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණා දැමීම, රාජ්‍ය ඉඩම් දේශපාලකයන් විසින් කුණු කොල්ලයට ලබා ගැනීම ඇතුළුව සියලු දූෂණ , චන්ද්‍රිකා පාලන සමයේදී ද නතර නොවීය.
    ජේ. ආර්. ගෙන් පටන් ගෙන ප්‍රේමදාස පසු කර ගෙන චන්ද්‍රිකා දක්වා විහිදුණු පාලන කාල පරාසය තුළ , සම්ප්‍රදායික ධනපති පංතිය යටපත් කරමින්, කොල්ලකාරී  සහ ජාවාරම්කාරී  නව ධනපති පංතියක් රට තුළ බිහි විය.
    එවකට පැවති සිවිල් යුද්ධය මේ කොල්ලකාරී ධනපති පංතියට මෙන්ම, ඇතැම් දේශපාලකයන්ට හා ඇතැම් රාජ්‍ය නිළධාරීන්ට ඉසුරින් පිරි නිධානයක් විය.
    මේ සියල්ල අතරේ ජාත්‍යන්තර සබඳකම් හා ණය ගණු දෙනු සිදු කෙරුනේ ඇමරිකාව ප්‍රමුඛ බරටහිර රාජ්‍යයන් සමඟය.
    චන්ද්‍රිකාගේ බලය මහින්ද රාජපක්ෂට මාරු විය. තිස් අවුරුදු යුද්ධයේ අවසාන කොටසේ , අවසානය සනිටුහන් කරන්නට ඒ පාලනයට හැකි විය.  එයින් පිබිදුණු  දකුණේ ජනතාව උද්දාමයට පත් වූවද, එම ජයග්‍රහනය රටේ සැබෑ ආර්ථික  හා සමාජ සංවර්ධනයකට යොදා ගැනීමට නායකයන්ට වැඩ පිළිවෙලක් නොවීය.
    යුද්ධයේ දී සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳවත්, යුද්ධයෙන් පසුව සිදු වූ අති විශාල මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳවත් ජාත්‍යන්තර ප්‍රජාව තුළින් දැඩි විරෝධයක් මතු විය. විවිධ සම්බාධක පැනවීම් හමුවේ රාජපක්ෂ පාලනය යම් ආර්ථික අසීරුතාවයන්ට පත්විය.
    රටේ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය මූලාශ්‍ර ලෙස සැලකූ ,ලෝක බැංකුව ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ණය ලබා දීමේ දී සලකා බලන නිර්ණායකයන් වන, මානව හිමිකම්, කම්කරු නීති, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වැනි කරුණු හමුවේ රාජපක්ෂ ආණ්ඩුවට බොහෝ බාධා පැමිණියේය.
    අතීත එ. ජා. ප. ආණ්ඩු වලටත් වඩා දරුණු අන්දමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු මෙන්ම, මානව හිමිකම් කඩ කිරීම් සිදු කරන රාජ්‍ය පාලනයක් බවට රාජපක්ෂ පාලනය පත්විය.
    ඒ අනුව බණ්ඩාරණායකලාගේ මැද මාවතේ පක්ෂය, ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන පක්ෂයක් බවට පත්වීමේන් නො නැනවතී සීමිත ධනපති ප්‍රජාතන්ත්‍රවාදයවත් ලබා නොදෙන ජුන්ටාවක් බවට පත්වීමේ ලක්ෂණ මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ සිදු විය.
    ලෝක බැංකුව ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බටහිර මූල්‍ය මූලාශ්‍ර වෙනුවට, චීනයෙන් ණය ලබා ගැනීමට රාජපක්ෂ පාලනය ක්‍රියා කරන්නට විය. 
    අධිවේගී මාර්ග සංවර්ධනය, හම්බන්තොට වරාය, සූරිය වැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, නෙලුම් පොකුණ ආදී කී නොකී බොහෝ ව්‍යාපෘති හතු පිපෙන්නා සේ එක විටම මතු වූයේ මේ චීන ණය ව්‍යාපෘතියට අනුවය.
    බටහිර රටවල් සහ මූල්‍ය මූලාශ්‍ර , ණය ලබා දීමේ දී සොයා බලන නිර්ණායක කිසිවක්, එනම් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, කම්කරු නීති ආදී කිසිවක් චීන ණය ලබා ගැනීමේ දී අදාල වන්නේ නැත.
    අනෙක් අතට, බැලූ බැල්මට චීනය , ධනපති ඇමරිකාව මෙන් නොව කොමියුනිස්ට් ය. ඇමරිකාවට අභියෝග කරන තරමේ ලෝක බලවතෙක් ය. 
    ඒ නිසා ලෝක බැංකුවෙන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය හිඟා කනවාට වඩා චීනයෙන් ණය ලබා ගෙන රට සංවර්ධනය කරන එක කොච්චර හොඳ දැයි රාජපක්ෂවාදීන් විතරක් නොව පොදු ජනතාව ද සිතනවාට සැකයක් නැත.
    බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව, ප්‍රසිද්ධ වේදිකා වල බැණ අඬ ගසන දේශප්‍රේමී දේශපාලකයන්ගේ සැබෑ අධිරාජ‍ය ගැති භාවය සොයා ගැනීමට පොදු ජනතාවට අපහසුය. 
    ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ද්‍රෝහියෙක් සහ යකෙක් බවත්, චීන ජනාධිපති ෂී ජින්පිං වීරයෙක් සහ ශාන්තුවරයෙක් බවත්, ජනතාව ඉදිරියේ පෙන්වා දීමට දේශපාලකයන්ට හැකිය.
    නව කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වූ චීනය, එය තම රටට පමණක් සීමා කිරීමට කටයුතු නො කොට , මුළු ලොව පුරා විහිදුණු වසංගතයක් බවට පත් කිරීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් ලොවටම වන්දි ගෙවිය යුතු බව ඉතා පැහැදිලිය.
    මිලියන ගණනක් මිනිසුන් මරා දමමින්, ලෝක ආර්ථිකය අනපේක්ෂිත ලෙස බිඳ දමමින් සිදු කළ මෙම ක්‍රියාවට එරෙහිව , ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මෙන්ම, වෙනත් කලාපයන්ට අයත් රටවල් ද චීනයට එරෙහිව දැඩි ප්‍රතිචාර දක්වමින් සිටීම සාධාරණය.
    වෛරස් වසංගත සිද්ධියෙන් පසු , චීනයේ සැබෑ මුහුණුවර පිළිබඳව සොයා බලන්නටත්, චීන ඉතිහාසයේ සහ වර්තමානයේ ආර්ථික හා දේශපාලන හැඩතල සොයා බලන්නටත්, බොහෝ පිරිස් නැවතත් උනන්දුවක් දක්වමින් සිටිති.
    සැබැවින්ම චීනය කොමියුනිස්ට්වාදී රටක් ද? ධනවාදී රටක් ද? චීනය අත් විඳ ඇති ඇදහිය නොහැකි ආර්ථික වර්ධනයට හේතුව කුමක් ද? චීන ණය වැඩසටහනින් ණය ලාභී රටවලට සිදුවෙමින් ඇත්තේ කුමක් ද? 
    මේ කාරණා පිළිබඳව යම් හෝ දැනුවත් භාවයක් ශ්‍රී ලාංකික පුරවැසියා තුළ ද තිබිය යුතුය. ඊට හේතුව 2005 සිට 2014 අග දක්වා ශ්‍රී ලංකාව චීන ණය විශාල ප්‍රමාණයක් ලබා ගෙන තිබීමය.
    අනෙක් අතට චීන ණය ලබා ගැනීමට පාලකයන් දැක්වූ උනන්දුව පිටුපස තිබූ , බටහිර අධිරාජ්‍යවාදයට එරෙහි දේශප්‍රෙමීන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට ද  එමඟින් හැකිවනු ඇත.
    චීනයේ මාඕ සේතූං ගේ සිට වත්මන් පාලකයා දක්වා පැමිණි ගමනේ සුවිශේෂී වූ සංධිස්ථාන හඳුනා ගැනීමෙන් තොරව චීනයේ සිදු වී ඇති සමාජ , දේශපාලන හා ආර්ථික විපර්‍යාසය තේරුම් ගැනීමට නොහැක.
    චීනයේ වත්මන් ආර්ථික සංවර්ධනයේ මූලාරම්භකයා ලෙස සැලකෙන , ප්‍රංශයේ අධ්‍යාපනය ලැබූ ඩෙං ෂියාඕපින් පිළිබඳවත්, චීනයේ ගෝලීය යටිතල පහසුකම් හා සම්බන්ධතා වැඩසටහන මගින් ලබා දෙන චීන ණය ක්‍රමය පිළිබඳවත්, එම ණය ක්‍රමයට ගොදුරු වූ රටවල් 68 තුළ මතුව ඇති ගැටළු පිළිබඳවත් විමසා බැලීම වැදගත්ය. 
    එහෙත් එ්වා මෙහි සඳහන් කළ හොත් මේ සටහන දීර්ඝ වනු අැත. එහෙයින් එ්වාද රැගෙන  වෙනත් සටහන් කිහිපයකින් නැවත හමුවීමට බලාපොරොත්තු වෙමි.

    සුනිල් ගාමිණී

  • මොන යුද්ධය ජය ගත්තත් පලක් නැහැ ආර්ථික යුද්ධය ජයගන්න බැරිනම් – රවී කරුණානායක

    මොන යුද්ධය ජය ගත්තත් පලක් නැහැ ආර්ථික යුද්ධය ජයගන්න බැරිනම් – රවී කරුණානායක

    මේ වනවිට රටේ බොහෝමයක් සත්‍ය විකෘති කරලා තමයි වැඩකටයුතු සිදුකරන්නේ. මේ වනවිට ජනතාවට පොහොර ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. අපි 2015 බලයට පත්වූ අප ඒ වස්ථාවේ ජනතාවට හොහොර සහන ලබා දුන්නා. අද වනවිට මේ ආණ්ඩුව තුළින් ජනතාවට මුදල් වියදම් කරලාවත් පොහොර ලබාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා. ජනතාවට ලබා දෙන්න තිබුණ පොහොර කෝ කියලා මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි.

    ඒ වගේම ගෑස් මිල. 2015 දී අපි ගෑස් මිල අඩු කලා. අද වෙනවිට ගෑස් මිල විශාල වශයෙන් අඩු කරන්න පුලුවන්. ඇයි එය  නොකරන්නේ. මිල අඩු වෙනවා කියන්නේ රජයේ ආදයම වැඩි වෙනවා කියන එකද. ඒ වගෙම තමයි තෙල් මිල.  ලෝක තෙල් මිල අඩුවෙද්දි අපේ රටේ මිල වැඩි කරනවා.

    අඩු ගානේ මේ වැඩිවන මිලේ ආදායම රජයට ලැබෙනවානම් කමක්නැහැ. නමුත් අයිඕසී එක මගින් වැඩි කරන තෙල් මිලේ වාසිය යන්නේ කොහෙටද.කොරෝනා තුළ හැම දේම යටපත් කරන්න හදන්නෙපා යැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා රජයට අවධාරණය කරයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (20) රාජගිරියේ දී මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණානායක මහතා,

    අපි වවමු රට නගමු කියලා කිව්වට වැඩක් නැහැ. ගොවීන්ගේ ඵලදාව මිලදී ගෙන, ඔවුන්ට සහන සලසන්න ක්‍රියාකළ යුතුයි. අද වෙනවිට ගොවීන් විශාල ලෙස අසරණ වෙලා සිටිනවා.

    අද ඔවුන්ගේ ඵලදාව කුණුකොල්ලයට ගිහින්. මිලක් නියම කරගන්න නොහැකිව ඔවුන් හඩා වැටෙනවා. මෙහෙම තත්ත්වයක් යටතේ අපි වවමු රට නගමු කියලා තේරුමක් නැහැ.

    කොරෝනාව පරාජය කිරීම අත්‍යාවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් සෞඛය අංශ වලට, පොලීසියට, ත්‍රිවිධ හමුදාවට මෙන්ම විශේෂයේන ජනතාවට හිස නමා ආචාර කළ යුතුයි, දින 62 ක් ඉතාමත් අපහසුවෙන් ඇදිරි නීතිය තුළින් ගම්න කරලා මේ තත්ත්වය පරාජය කිරීමට සහයෝගය ලබාදීම පිළිබදව.ඒ එක්කම මොන යුද්ධය ජය ගත්තත් පලක් නැහැ, ආර්ථික යුද්ධය ජයගන්න බැරිනම් කියන එක අමතක කරන්නෙපා.  ඒ නිසා ජාතික ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. නැතිනම් අපේ රටට නැගිටින්න බැරි තත්ත්වයක් උදාවේවි.

    රටේ මෙවැනි අර්බුධකාරි තත්ත්වයක් පවතින අවස්ථාවක, ඒ වෙනුවෙන්  රෝහල් ඉදිකරන්න හැකියාව තියෙද්දි, කෝටි ගණනක් වියම් කරලා ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්න හදන එක නිවැරදි ක්‍රියාවක්ද. බන්ධුල ගුණවර්ධන මහතා නිරන්රයෙන්ම රටේ ආන්දෝලාත්මක ප්‍රකාශ කරන කෙනෙක්. එතුමා තමයි මෙම ක්‍රීඩාංගනය පිළිබදවත් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන මනා දැනුමක් ඇති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරනවා, ලංකාව තුල ක්‍රිකට්ක්‍රීඩාව වෙනුවෙන් දැනට අවශ්‍ය ප්‍රමණයටත් වඩා පහසුකම් තිබෙන බව. එහෙමනම් මේ වගේඅර්බුධකාරී වාතාවරණයක් රටේ පවතින අවස්ථාවක, රෝහල් 35 ක් වැනි ප්‍රමාණයක් ඉදිකරන්න හැකියාව ඇති මුදල් ප්‍රමාණයක් යොදවලා, ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකරන එක විහිළුවක් නෙමෙයිද. අඩුගානේ පෙරපාසල් ඉදිකළා නම් හොද නැද්ද. මේක ප්‍රාග්ධන වියදමක්. ඒක ජනතාවට දෙන්න කියලා අපි කියන්නේ නැහැ. මේ අවස්ථාවේ වඩාත්ම උපයෝගීතාවක් සහිත දෙයකට නේද මේක වියදම් කරන්න ඕන.

    පැවැත්විමට නියමිත මැතිවරණය සම්බන්ධයෙන් කරුණු දැක්වූ රවී කරුණානායක මහතා,

    ඡන්ද කොමසාරිස් සහ ඡන්ද කොමිසම අද වෙනවිට අපි කියූ දෙය පිළිගෙන තිබීම සම්බනධයෙන් මම ඉතාමත් සතුටට පත් වෙනවා. අපි බොරුවට නිශ්ප්‍රභා කරන්න අවශ්‍ය වුනේ නහැ. රටේ පවතින තත්ත්වය හමුවේ රටට අවශ්‍ය වුනේ ඡන්දයක් නොවෙයි. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ නිර්දේශ කිරීමෙන් පසුව ජනතාව සාමාන්‍ය ජන ජීවිතයකට පත්වීමෙන් අනතුරුව ඡන්දයක් තියන එක සුදුසුයි කියලයි අපි කිව්වේ. ඒ තතත්ත්වය තමයි ප්‍රායෝගික වන්නේ යැයි පැවසීය.

    එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දුන් කරුණානායක මහතා,

    එක්සත් ජාතික පක්ෂය තුලින් යම්යම් හේතුන් මත පක්ෂයෙන් එළියට ගිහින්, පක්ෂය කඩාවට්ටන්න දගලන පිරිස් වැඩකරන්නේ ළදරු පාසැල්වත් නොගිය ආකාරයට. පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණය තමයි නිවැරදි තීරණය. ඒ තීරණ විකෘති කරලා, වැරදි අවබෝධයක් ඇති කරලා ඇතැම් පිරිස් ජනතාව නොමග අරින්න උත්සහ කරනවා. ආගමක් වගේ පක්ෂය අදහස, සුරකින ආදරය කරන ජනතාවට මේ පක්ෂය ආරක්ෂා කරදීමට අපි බැදී සිටිනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජනතාව තුළින් ගමන් කරන පක්ෂයක්. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන කොටයි.

    අන්නඒ වගේ අද වනවිට ජනතාව අපේ ප්කෂයේ ක්‍රියාකලාපය දැකලා, පක්ෂය වටා එක්රැස් වෙමින් සිටිනවා. මේකයි සැබෑ තත්ත්වය. ජනතාවට ඔබින පරිදි හැඩගැහිලා, විශාල ජනතා මනාපයක් ලබාගන්නා පක්ෂයක් බවට අපි එක්සත් ජාතික පක්ෂය පත් කරනවා. පක්ෂයේ මහ ගෙදරින් පිටමං වෙලා සිහින දකින අයට වඩා යමක් අපට පක්ෂය වෙනුවෙන් කරන්න හැකිවෙලා තිබෙනවා. අපි කවදාවත් ත්‍රිවිධ හමුදවට පොලීසියට අකටයුත්තක් කරලා නැහැ . අන්න  ඒ නිසා තමයි අපි පළමුව ත්‍රවිධ හමුදාවට 35% ක වැටුප් වර්ධනයක් ඇති කළේ. ඒ වගේම පොලීසියට වසර ගනනාවක් නොලැබුණ වැටුප් සහ විශ්‍රාම වැටුප් ලබාදීමට කටයුතු කළේ. මම පක්ෂයේ නායකතුමා, පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන කණ්ඩායම් ස්වරූපයෙන් ක්‍රීඩාකරන කෙනෙක්. එහෙම නැතිව බෝල යවන්නා, පන්දුවට පහර දෙන්නා, කඩුලු රකින්නා කියන හැම අවස්ථාවකම ක්‍රීඩා කරන්නෙක් නෙමෙයි. කණ්ඩායම් ස්වරූපයෙන් ක්‍රීඩා කරලා ජයග්‍රහණය ගැන එක තමයි අපේ තිබෙන සුවිශේෂීභාවය. අපට ශෝට් කට් නැහැ. බෞද්ධාගමට විරුද්ධ ප්‍රකාශ කරන අය, අන්තවාදි ආගම් පිලිබද කතා කරන අය, පාස්තු බෝම්බ ගැන මත පලකරන අය, සිරිකොතට  ගල් ගැහුව අය අද අපි ලග නැහැ. ඒ අය අද වනවිට ඒ අයට අදාල ස්ථාන වල සිටින්නේ. ඒ ආකාරයේ අද පක්ෂය තුල නොමැති පිරිස් පිළිබදව එක්සත් ජාතික පක්ෂයට අදාළ කරලා පලක් නැහැ යැයි පැවසීය.

  • ලංකාව ඇතුළු දුප්පත් රටවල මිලියන 60ක ජනතාවක් අමු හිගන්නෝ බවට !

    ලංකාව ඇතුළු දුප්පත් රටවල මිලියන 60ක ජනතාවක් අමු හිගන්නෝ බවට !

    ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින මෙම වාතාවරණය තුළ ශ්‍රී ලංකාව විසින් තවත් මාස කිහිපයකින් ගෙවීමට ඇති ඩොලර් බිලියන 4.5ක ණය වාරික සම්බන්ධයෙන් සංකීර්ණ තත්ත්වයක් උද්ගත විය හැකි බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි

    කොරෝනා ගෝලීය වසංගතය හමුවේ දැඩි සේ පීඩා විදින දිළිදු රටවලට ලබා දී ඇති ණය වෙනුවෙන් සහන ලබා දීම සඳහා වාණිජ බැංකු තවමත් කල් මරමින් සිටීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වී සිටීම ගැන තමා දැඩිව කණස්සල්ලට පත්ව සිටින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් David Malpass කියයි.

    කොරෝනා ගෝලීය වසංගතය හමුවේ වර්ධනය වෙමින් පවතින ගෝලීය ආර්ථික අර්බුදය සහ ඒ හරහා නිර්මාණය වෙමින් පවතින සංකීර්ණතා ගැන මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් ලෝක බැංකු සභාපතිවරයා පසුගිය දා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී ඔහු සදහන් කළේ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන 60ක ජනතාවක් ‘අන්ත දිළිදුභාවයට පත්වනු ඇති බවයි. දිළිදුකම ජය ගැනීම සදහා පසුගිය කාලය තුළ අනුගමනය කළ සියලු ක්‍රියාමාර්ග මේ අනුව බිද වැටෙනු ඇති බව ද ඔහු සදහන් කළේය.

    “ජීවනෝපායන් මිලියන ගණනක් විනාශ වෙලා. ලොව පුරා සෞඛ්‍ය සේවා අධික පීඩනයකට ලක් වෙලා. අපේ ඇස්තමේන්තුව මිනිසුන් මිලියන 60ක් දක්වා ප්‍රමාණයක් අන්ත දිළිඳුභාවයට තල්ලු විය හැකි බවයි. එමගින් පසුගිය තුන් වසර තුළ දිළිඳු බව තුරන් කිරීම වෙනුවෙන් ලැබූ ප්‍රගතිය සම්පූර්ණයෙන් ම මැකී යනවා ‘ඔහු සිය කණස්සල්ල පළ කරමින් කියා සිටියේය.

    ලෝක බැංකුව විසින් අන්ත දිළිඳුභාවය ලෙස අර්ථදක්වන්නේ පුද්ගලයෙකුට දිනකට ඩොලර් 1.90ට වඩා අඩු ආදායමකින් ජීවත් වීමට සිදු වීමය.

    මේ අතර ගෝලීය ආර්ථික අවපාතයක් ගැන සිය අදහස පළ කරමින් ලෝක බැංකුවේ සභාපතිවරයා කියා සිටියේ ගෝලීය අර්ථීක වර්ධනය මෙම වසර තුළදී 5%කින් හැකිලෙනු ඇති බවට ලෝක බැංකුව අපේක්ෂා කරන බවයි.

    මෙහිදී කොවිඩු-19 වසංගතයෙන් බැටකන දිළිදු රටවලට තමන් විසින් ලබාදීමට සැලසුම්කර ඇති සහන ගැන ද ඔහු කරුණු අනාවරණය කළේය.

    දිළිදු රටවල් මුහුණ පා සිටින තත්ත්වය සහ එයට ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර ඇති විසදුම් ගැන පැහැදිලි කරමින් ලෝක බැංකු සභාපතිවරයා කියා සිටියේ, දිළිඳු රටවලට ලබා දී ඇති ණය වෙනුවෙන් සහන ලබා දීම සඳහා වාණිජ බැංකු තවමත් කල් මරමින් සිටීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වී සිටින බවයි.

    ‘කොරෝනාවෛරසය හේතුවෙන් මතු වී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දිළිඳු රටවලට සහය වීමට ඩොලර් බිලියන 160ක මුදලක් ලෝක බැංකුව වෙන් කර තිබෛනවා.මෙය ආධාර දීමනා වශයෙන් සහ අඩු පොලී ණය වශයෙන් එම රටවලට ලබා දීමට නියමිතයි. ලෝක ජනගහනයෙන් 70%කට නිවහන වී ඇති රටවල් 100ක් සඳහා හදිසි මූල්‍ය ආධාර දැනටමත් ලබා දී තිබෙනවා. ඒත් ලෝක බැංකුව සැලකිය යුතු සම්පත් ලබා දෙමින් සිටියත් එය ප්‍රමාණවත් වන්නේ නැහැ.” ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අවධාරණය කළේය.

    මෙහිදී දිළිදු රටවල් මුහුණ පා සිටින තත්ත්වය සහ එයට ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර ඇති විසදුම් ගැන පැහැදිලි කරමින් ලෝක බැංකු සභාපතිවරයා කියා සිටියේ, දිළිඳු රටවලට ලබා දී ඇති ණය වෙනුවෙන් සහන ලබා දීම සඳහා වාණිජ බැංකු තවමත් කල් මරමින් සිටීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වී සිටින බවයි.

    “ඒ සඳහා පවතින මන්දගාමී ස්වභාවය ගැන මට යම්කිසි කනස්සල්ලක් තියෙනවා. වාණිජ මට්ටමින් ණය ලබා දෙන්නන් ඉතාමත්ම දුප්පත් රටවලින් පවා තවමත් මුදල් අය කර ගන්නවා. ඒ සඳහා ඉක්මන් පියවර ගත යුතුව තිබෙනවා.”

    G20 කණ්ඩායමට අයත් රටවලින් ලබා ගෙන ඇති ණය වෙනුවෙන් දුප්පත් රටවල් ආපසු ගෙවමින් පවතින වාරික මෙම වසර අවසානය වනතුරු නොගෙවා සිටීම සඳහා ඉල්ලුම් කළ හැකි යෝජනා ක්‍රමයක් දියත් කිරීමට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ව කටයුතු කළ බව ද මැල්පාස් කියා සිිටියේය.

    ‘ජීවනෝපායන් මිලියන ගණනක් විනාශ වෙලා. ලොව පුරා සෞඛ්‍ය සේවා අධික පීඩනයකට ලක් වෙලා. මෙයට කඩිනම් විසදුමක් අවශ්‍යයි” ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළේය.

    මේ අතර JP Morgan බැංකුවේ ප්‍රධාන විධායක ජෙමී ඩීමන් කියා සිටියේ මීට වඩා සාධාරණ වූ සමාජයක් ගොඩනැගීමේ අවශ්‍යතාව සිහිපත් කරවීම සඳහා ලැබුණු “ඇස් අරවන ඇමතුමක්” ලෙස මෙම කොරෝනාවෛරස් වසංගතය භාරගත යුතු බවයි.

    “මිනිසුන් වැඩි ප්‍රමාණයකට අවස්ථා සැපයෙන ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා මෙම අර්බුදය අප යොදා ගනු ඇතැයි මම දැඩි ලෙස බලාපොරොත්තු තබාගෙන සිටිනවා; විශේෂයෙන් ම අතිශය දීර්ඝ කාලයක් තිස්සේ අතහැර දමා සිටි මිනිසුන් වෙනුවෙන්.” ජෙමී ඩීමන් මෙම සටහන ලියා තිබුණේ ලෝක බැංකුවේ කොටස්කරුවන්ගේ වාර්ෂික හමුව අඟහරුවාදා (මැයි 19)පැවැත්වීමට නියමිතව තිබියදී වීම විශේෂත්වයකි.

    ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින මෙම වාතාවරණය තුළ ශ්‍රී ලංකාව විසින් තවත් මාස කිහිපයකින් ගෙවීමට ඇති ඩොලර් බිලියන 4.5ක ණය වාරික සම්බන්ධයෙන් සංකීර්ණ තත්ත්වයක් උද්ගත විය හැකි බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි.

    අපනයන සංවර්ධනය ගැන හදපු සැලසුම් (සුළු අපනයන බෝග) දේශපාලනඥයින්ව ඔසවා තබන සිහින සාප්පු වුණා මිස ඒවා මේ භූමිය තුළ ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් වුණත් අපිට පැහැදිලිව පෙනී යන්නේ කතා සාප්පු කරන බව පමණයි‘

    නිලධාරීන්ගේ කතා සාප්පු වහලා භූමිය මත වැඩ කළ යුතුයි

    ‘අපි ණය අරගෙන කළේ කිසිදු ආර්ථික ඵලදායීතාවක් නැති ව්‍යාපෘති හා සැලසුම් ක්‍රියාත්මක කිරීම. දේශපාලනඥයින් තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම ජාතික ධනය සහ විදේශ ණය යොදා ගෙන තිබෙනවා. විශේෂයෙන් පසුගිය දශකය තුළ මෙරට ක්‍රියාත්මක කළ කිසිදු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකින් අපේක්ෂිත ප්‍රතිලාභ ලැබිලා නැහැ. විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතා ගැන නොසලකා දියත් කළ මොරගහකන්ද – කලුගග වැනි ව්‍යාපෘතිවලිනුත් නිවාස වැඩපිළිවෙළ තුළිනුත් කිසිදු ආර්ථික වටිනාකමක් ලැබී නැහැ. අපනයන සංවර්ධනය ගැන හදපු සැලසුම් (සුළු අපනයන බෝග) දේශපාලනඥයින්ව ඔසවා තබන සිහින සාප්පු වුණා මිස ඒවා මේ භූමිය තුළ ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් වුණත් අපිට පැහැදිලිව පෙනී යන්නේ කතා සාප්පු කරන බව පමණයි‘ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන හා ආර්ථික විශ්ලේෂක ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා සදහන් කළේය.

    බී.බී.සී වාර්තාවක් සහ පසුබිම් වාර්තා මත සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ඉන්දියාවේ බටහිර බෙංගාලය විනාශයි !

    ඉන්දියාවේ බටහිර බෙංගාලය විනාශයි !

    ඇම්ෆාන් සුළි කුණාටුවෙන් නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නගරය බලවත් විනාශයක් සිදු වුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඊයේ (20) දිනයේ දී සුළි කුණාටුව නැගෙනහිර ඉන්දියාවට සහ බංග්ලාදේශයට කඩා වැටුණු අතර සුළි කුණාටුවෙන් සහ අධික වර්ෂාවෙන් සහ වෙරළබඩ ප්‍රදේශවල අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    කොල්කටා හි මිලියන 14 ක ජනතාවගෙන් බොහෝ දෙනෙක් විදුලිය නොමැති අතර සන්නිවේදනය කඩාකප්පල් වී ඇති බවයි මාධ්‍ය වාර්තා කියන්නේ.

    බටහිර බෙංගාල මහ ඇමති මමාටා බැනර්ජි කියා සිටියේ මෙම විනාශය කොවිඩ් -19 ට වඩා විශාල ව්‍යසනයක් බවයි.

    කොල්කටා යනු බටහිර බෙංගාල ප්‍රාන්තයේ අගනුවර වන අතර එහි කොවිඩ්-19 ආසාදිතයින් 3,103 ක් තහවුරු වී තිබෙනවා.

    “නගරයේ ප්‍රදේශ බොහොමයක් විනාශ වී ගිහින්. මම අද යුද්ධයට සමාන තත්වයක් දැක්කා” යැයි බැනර්ජි මහත්මිය සඳහන් කළාය.

    කුණාටුව හේතුවෙන් බටහිර බෙංගාලයේ පුද්ගලයින් 10-12 ක් මිය ගොස් ඇති බව ඇය පැවසුවාය. දකුණු හා උතුරු දිස්ත්‍රික්ක තුන වන පර්ගනා සහ නැගෙනහිර මිඩ්නාපූර් යන දිස්ත්‍රික්ක තුනට වඩාත්ම පීඩාවට පත්ව ඇත.

    සිතියම

    කොල්කටා හි වෙසෙන බීබීසී බෙංගාලි සේවයේ වාර්තාකාරිනී අමිතාබා භට්ටසාලි පැවසුවේ නගරයේ සහ එහි අසල්වැසි දිස්ත්‍රික්ක බොහොමයකට පැය 17ක් පුරා විදුලිය නොමැති බවත් සුළි කුණාටුවේ දැඩි ප්‍රහාරයට ලක් වූ සමහර ප්‍රදේශවල ජංගම දුරකථන ජාල ද අක්‍රිය වී ඇති බව ඇය වැඩි දුරටත් සදහන් කරයි.

    “දෙවියන්ට ස්තූතියි, අපි ආරක්ෂිතයි,” තවත් නිවැසියෙක් ටයිල් කළ වහලවල් පුපුරවා හරින ආකාරය පිළිබඳ දර්ශන බෙදාහදා ගනිමින් පැවසුවේය.

    බස්රථ ගාලක් මත ගස් කඩා වැටීමෙන් සිදුව ඇති විනාශය

    ප්‍රාදේශීය පුවත් ජාලයන් විසින් උදුරා වැටුණු ගස්, විනාශ වූ වාහන සහ නිසා වල දර්ශන පෙන්වන ලදී.

    කුණාටුව ආරම්භ වීමෙන් පසු ෆේස්බුක් හි කාජල් බාසු මෙසේ ලිවීය.

    නගරයේ උස් ගොඩනැගිල්ලක 12 වන මහලේ ජීවත් වන කාජල් බාසු මහතා මුහුණු පොත හරහා කියා සිටියේ තම ගොඩනැගිල්ල භූමිකම්පාවක් අනුකරණය කරමින් දෙපැත්තට තල්ලු වී ඇති බවයි.

    කුණාටුව ඇති වන විට බොහෝ දෙනා නිවාසවල සිටියහ. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නගරය අගුලු දමා ඇති අතර නිලධාරීන් ද දින ගණනාවක් සුළි සුළඟට සූදානම් වෙමින් සිටියහ.

    “මහා විනාශයක් සිදුවන ආකාරය අපි ඇස්වලින්ම දැක්වා. හිතා ගන්න බැහැ ඒවැනි විනාශයක් සිදුවිය හැකියි කියලා. මේ විනාශය සැබැහින් දැක්ක අපේ ළමයින් කෑගැසුවා” යැයි පදිංචිකරුවෙකු වන ෂමික් බෑග් බීබීසීයට පැවසුවාය.

    “සියලු දොරවල් සහ ජනෙල් තදින් වසා තිබියදීත්, පිටතින් හමා එන සුළඟේ පීඩනය යටතේ මගේ නිවස කෙඳිරිගාන්න පටන් ගත්තා. මිනිත්තු 45 ක් ඇතුළත පිටත වීදි ජලයෙන් යටවුණා.

    ටෙලිග්‍රාෆ් පුවත්පත පැවසුවේ කල්කටාවේ ජලයෙන් යට වූ මාර්ග “බදාදා රාත්‍රියේ අඳුරු හා ලිස්සන උරගයක් මෙන් දිස් වූ නිසා හමායන සුළං දිගින් දිගටම නගරයේ පාළු වූ ඇම්ෆාන් විනාශ වූ කොරිඩෝවෙහි හොල්මන් කරයි”.

    මේ අතර බලධාරීන් සදහන් කරන්නේ කොරෝනා වෛරස් සීමා කිරීම් හදිසි සහ සහන කටයුතුවලට බාධා පමුණුවන බවයි.

    කොවිඩ් -19 සහ සමාජ-දුරස්ථ ක්‍රියාමාර්ග නිසා බලධාරීන්ට විශාල වශයෙන් ජනතාව ඉවත් කිරීම වඩාත් දුෂ්කර වී ඇති අතර, සම්පූර්ණ ධාරිතාවයට නවාතැන් භාවිතා කළ නොහැකිය.

    මෙම කුණාටුව 1999 සිට බෙංගාල බොක්කෙහි ඇති වූ පළමු සුපිරි සුළි කුණාටුවයි. එහි ශක්තිය මේ වන විට දුර්වල වී ඇතත් එය තවමත් දරුණු සුළි සුළඟක් ලෙස වර්ගීකරණය කර ඇත.

    බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • අයිශ්වර්යා රායිගේ සාරාගී බව ලොවට කියා පෑ සුපිරිම සුපිරි විලාසිතා 32ක් මෙන්න

    අයිශ්වර්යා රායිගේ සාරාගී බව ලොවට කියා පෑ සුපිරිම සුපිරි විලාසිතා 32ක් මෙන්න

    අයිශ්චර්යා‘ ඇය නම අනුව ම ලොව ලස්සනම කාන්තාව ලෙස සැලකෙන අතර 1994 දී ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳින දා සිට අයිශ්වර්යා රායි බච්චන් කිසිදු පසුබෑමකට මුහුණ දී නැහැ. ඇය එදා අත්කර ගත් කීර්තිය අදත් නොනැසී පවත්වා ගෙන යන අතර බොලිවුඩයේ බලවත්ම පුද්ගලයාගේ ලේලිය (අමිතාබ් බචන්ගේ) ලෙසත්, බොලිවුඩයේ කඩවයම්ම නළුවකුගේ (අභිෂේක් බච්චන්) බිරිද ලෙසත් තවත් බලවත් හා කීර්තිමත් වී සිටිනවා.

    ආයිශ්චර්යා සතු මේ ජනප්‍රියභාවය හා බලය නිසාම ඇය නිරන්තරයෙන් ජාත්‍යන්තර තලයේ කතාබහට ලක් වෙනවා. ඡායාරූපවලට හසුවෙනවා. එයින් ඇයගේ කීර්තිය හා සුන්දරත්වය තව තවත් ඔපවත් වෙනවා.

    මේ අතර ආයිශ්චර්යා ලොව ජනප්‍රියම හා වැදගත් සිනමා උළෙලක් වශයෙන් සැලකෙ ‘කෑන්ස් ‘ සිනමා උළෙලට ද අඛණ්ඩව සහභාගී වුණා. වාර්තාවලට අනුව සහභාගී වූ අයිශ්වර්යා 2002 දී කෑන්ස් රතු කාපට්‌ මතින් සිය ගමන ආරම්භ කළේ දේවදස්‌ ගෝලීය වේදිකාවක තිරගත වූ අවස්ථාවේදීයි. 

    ඇය එදා සුන්දර දීප්තිමත් කහ සාරියකින් සැරසී සිටි අතර මුළු ලෝකයම මේ සුරූපිනිය දෙස බලාසිටියා. ඉන්පසු ඇය සෑම වසරකම කෑන්ස් සිනමා උළෙලට සහභාගී වුණා.

    කෑන්ස් සිනමා උළෙලට සහභාගී වූ සෑම වසරකම ඇය අලුත් විලාසිතාවක් අත්හදා බැලූ අතර ලොව පුරා සිටින විලාසිතා ශිල්පීන් විස්මයටත් කුතුහලයටත් පත් කළා.

    වසර කිහිපයක් තනියවම කෑන්ස් රතු පළස මතින් ගමන් කළ ඇය ඊට පසුව ඉන්දියාවේ බලවත්ම පුද්ගලයාගේ පුතා සමග කෑන්ස් රතු පලස මතින් ගමන් කළා. ඒ සෑම අවස්ථාවකදීම ඇය සුන්දර – අසමසම විලාසිතාවකින් සැරසී සිටියා.

    කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වසරේ කෑන්ස් සිනමා උළෙල අවලංගු වූ බැවින්, 2002 සිට 2019 දක්වා අයිශ්වර්යා රායි කෑන්ස් සිනමා උළෙලට සහභාගීවීමේදී හැඩ වූ විලාසිතා 34ක් අපි ඔබට ඉදිරිපත් කරනවා.

    බලන්න, ඔබගේ සිත්ගත් සුරූපිනියගේ විලාසිතා ඔබටත් අනුගමනය කළ හැකිද කියා…

    අයිශ්වර්යා රායි බච්චන්

    ෂාරුක් ඛාන්, අයිශ්වර්යා රායි බච්චන්, සංජේ ලීලා බන්සාලි

    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්

    අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි බච්චන්

    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්

    අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි බච්චන්

    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්

    ඡායාරූප සහ වාර්තාව ෆිල්ම් ෆෙයාර් (මැයි 19 -2020) ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • Covid-19 World Review: රුසියාව සහ බ්‍රසීලය පාලනයෙන් තොරවෙයි !

    Covid-19 World Review: රුසියාව සහ බ්‍රසීලය පාලනයෙන් තොරවෙයි !

    අද (20) දින පස්වරු 09.22ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම් අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4,931,057ක් සහ මරණ සංඛ්‍යාව 324,240ක් වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩියේ සදහන් වෙනවා. ඒ අනුව අද දිනය තුළ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 94,728ක් සහ මරණ 5027ක් වාර්තා වී තිබෙනවා.

    ගෝලීය වශයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 8764ක් රුසියාවෙන් වාර්තා වී ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් 5424ක් සහ බ්‍රසීලයෙන් 3202ක් වාර්තා වී තිබෙනවා.

    අද දින වැඩිම මරණ සංඛ්‍යාව වූ 314ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති අතර රුසියාවෙන් මරණ 138ක් සහ බ්‍රසීලයෙන් මරණ 135ක් වාර්තා වී තිබෙනවා.

    ආසාදිතයින් 100,000ට වඩා වාර්තා වන රටවල්

    මේ වන විට 100,000කට වඩා කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වන රටවල් ලෙස 1,532,212 US, 308,705 Russia, 271,885 Brazil, 250,141 United Kingdom, 232,555 Spain, 226,699 Italy, 180,934 France, 178,150 Germany, 151,615 Turkey, 126,949 Iran, 107,819 India වාර්තා වෙනවා.

    මරණ 1000ට වඩා වැඩියෙන් වාර්තාවන රටවල්

    වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර, 92,128  US, 35,422 United Kingdom, 32,169 Italy, 28,025  France, 27,888  Spain, 17,983  Brazil, 9,150  Belgium, 8,136 Germany, 7,183  Iran, 6,029  Canada, 5,767  Netherlands, 5,666 Mexico, 4,638 China, 4,199  Turkey, 3,831 Sweden, 3,317 India, 2,972 , Russia, 2,914  Peru, 2,839 Ecuador, 1,892  Switzerland, 1,561  Ireland, 1,263 Portugal, 1,242 Indonesia, 1,144 Romania

  • කොරෝනාවලින් ආරක්ෂා වෙන්න ‘දිනකට හය වරක්වත්’ හොදින් දෑත් සෝදන්න !

    කොරෝනාවලින් ආරක්ෂා වෙන්න ‘දිනකට හය වරක්වත්’ හොදින් දෑත් සෝදන්න !

    දිනකට අවම වශයෙන් හය වතාවක් හෝ උරිම වශයෙන් 10 වතාවක් අත් සේදීමෙන් කොරෝනා වැනි ආසාදන ඇතිවීමේ අවදානම අඩු කරගත හැකි බව එක්සත් රාජධානියේ පර්යේෂකයන්ගේ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

    පර්යේෂකයින් වත්මන් කොවිඩ්-19 වෛරසය සහ 2006-09 සිට වාර්තා වූ වෛරස් පිළිබඳ දත්ත ව්‍යුහාත්මක සසදා බැලීමකින් පසුව මෙම නිගමනයට පැමිණ ඇත.

    Coronaviruses යනු සෙම්ප්‍රතිශ්‍යාව වැනි මෘදු රෝගාබාධ ඇති කරන වෛරස් කාණ්ඩයක් / පවුලක් වශයෙන් සැලකෙන අතර පර්යේෂකයින් හදුනා ගෙන ඇති පරිදි කොවිඩ්-19 ඇතුළු වෛරස්සියල්ලන්ම සබන් හා වතුරෙන් මරා දැමිය හැකිය.

    මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ සහභාගී වූවන් 1,663 දෙනා දිනකට අවම වශයෙන් හය වතාවක්වත් අත් සෝදා ගන්නේ නම් ආසාදනය වීමේ අවදානම අඩු බවයි. කෙසේවෙතත්, දිනකට 10 වතාවකට වඩා අත් සේදීම ආසාදන අවදානම තවදුරටත් අඩු කරන බවක් නොපෙනුණි.

    ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් හි අධ්‍යයන කතුවරයා වන ආචාර්ය සාරා බීල්  Dr Sarah Beale මෙසේ පැවසුවාය:

    “ඔබ රෝග ලක්ෂණ පෙන්නුම් කළත් නැතත් සෑම විටම සනීපාරක්ෂාව පිළිබදව දැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෙය ඔබව ආරක්ෂා කර ගැනීමට සහ ඔබ නොදැනුවත්වම ඔබ වටා සිටින අයට වෛරසය පැතිරීම වැළැක්වීමට උපකාරී වේ.”

    එංගලන්තයේ මහජන සෞඛ්‍ය නිලධාරියෙක් පැවසුවේ “අවම වශයෙන් තත්පර 20 ක්වත් නිතිපතා අත් සේදීම කොරෝනා වෛරසය පැතිරීම නැවැත්විය හැකි හොඳම ක්‍රමයයි. විශේෂයෙන් ඔබ නාසය, කිවිසුම් යාම හෝ කැස්ස, මෙන්ම ආහාර ගැනීමට හෝ පිසීමට පෙර තත්ත්පර 20ක් පමණ හොදින් අත් සෝදා ගත යුතයි. එසේම, ඔබ පොදු ස්ථානවල ගැවසීමෙන් පසුව හෝ පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් පසු හොදින් දෑත් සේදීමට පුරුදු වීම හොද සෞඛ්‍ය පුරුද්දක්”

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි