Tag: featured

  • ගංවතුර අවධානමක් ඇති ගංගා ද්‍රෝණි සහ අවධානම් සියලුම ප්‍රදේශ මෙන්න!

    ගංවතුර අවධානමක් ඇති ගංගා ද්‍රෝණි සහ අවධානම් සියලුම ප්‍රදේශ මෙන්න!

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල බස්නාහිර, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.150ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති බවත් එම නිවේදනයේ සදහන් කරුනු සළකා බලා ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවදානම් තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    එහි නිල වෙබ් අඩවියේ අද (16) නවතම යාවත්කාලීන කිරීම් අනුව ගංවතුර තර්ජන පිළිබද වැඩි දුරටත් මෙසේ ද සදහන් වේ.

    ගල්ගමුව, නවගත්තේගම, ආනමඩුව, කරුවලගස්වැව, වනාතවිල්ලුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මී ඔය ගංගාධාරයට අයත් පහත් බිම් ජලයෙන් යටවිය හැකි බවත්, මහව නිකවැරටිය, වාරියපොළ, කොබෙයිගනේ, රස්නායකපුර, බිංගිරිය, පල්ලම, ආරච්චිකට්ටුව සහ හලාවත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල දැදුරු ඔය ගංගාධාරයට අයත් පහත් බිම් ප්‍රදේශ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවත් නිවේදනය කර ඇත.

    එසේම අත්තනගලු ඔය ගංගා ධාරයේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, ගම්පහ, ජාඇල, මහර, කටාන, මිනුවන්ගොඩ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශ වලට ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සදහන් වේ.

    ගංවතුර තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ

    කැළණි ගංගා ද්‍රෝණිය සළකා බලනවිට රැවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, කොලොන්නාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංගා ද්‍රෝණියේ පිහිටි පහත් බිම ජලයෙන් යටවිය හැකි බවත් පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, ඇළපාත, කිරිඇල්ල, අබේගම, ඇහැළියගොඩ, ඉංගිරිය, හොරණ, කළවාන, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, කලුතර, මදුරාවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම් ප්‍රදේශ ගංවතුර ඇති විය හැකි බව මෙම නිවේදනයේ සදහාන් කර ඇත.
    මීට අමතරව බෙන්තර ගග ආශ්‍රිතව වලල්ලාවිට, බෙන්තර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශ ගංග ආශ්‍රිතව නෙලුව, තවලම, නාගොඩ, ඇල්පිටිය, නියාගම, බද්දේගම, වැලිපිටිය, දිවිතුර, බොපේ, පෝද්දල සහ ගාල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංගාධාර පහත් බිමි ප්‍රදේශ සහ නිලවලා ගංගා ද්‍රෝණියට අදාලව කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ,කඹුරුපිටිය, තිහගොඩ සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් පහත් බිම් ප්‍රදේශ සහ කිරම ඔය වලස්මුල්ල,බෙලිඅත්ත, තංගල්ල, උරුබොකු ඔය යන ගංගා ධාරවල ගංවතුර තත්යක් ඇතිවිය හැකි බව මෙම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.
    ගංවතුර අවදානම් නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති තද වැසි පිළිබදව අවවාධාත්මක නිවේදනය අනුව සකස් කර ඇති බවත් එම නිවේදනය තුළ සදහන් කර ඇති යම් ආකාරයකින් එවැනි වර්ෂාව මෙම ගංගා ධාර ප්‍රදේශයට ලැබේ නම් ඇතිවිය හැකි ගංවතුර අවදානමට පෙරසුදානම් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.
    විශේෂයෙන්ම පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී,

    විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා ඔබ ජීවත්වන නිවස ගංවතුර අවධානයට ලක්වන තෙක් නොසිට සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යාම ඉතා වැදගත් වේ. එසේම පාසැල් සිසුන්ගේ පොත් පත් ලිපි ද්‍රව්‍ය ගංවරතුරෙන් සුරක්ෂිත කර ගැනීමට කටයුතු කිරීමත් පවතින තත්වය හමුවේ ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

  • දිස්ත්‍රිත්ක 08ක් නායයාම් අවදානමක – නායයාම් අවදානම් කලාප මෙන්න…

    දිස්ත්‍රිත්ක 08ක් නායයාම් අවදානමක – නායයාම් අවදානම් කලාප මෙන්න…

    ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ අද (16) දින නවතම යාවත්කාලීන කිරීම්වල මේ බව සදහන්.

    එහි වැඩි දුරටත් මෙසේද සදහන් වෙනවා.

    පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, ඇලපාත, නිවිතිගල, කලවාන සහ කිරිඇල්ල කුරුණැගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප වල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂත ස්තාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

    එසේම පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවු ප්‍රදේශවල ජනතාව නායයාම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම් වැනි ආපදා සිදුවිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු අගවා ඇත.

    නායයාම් අවධානම් කලාප

    ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල, අක්මීමන, ඇල්පිටිය, නියාගම, නාගොඩ, තවලම සහ නෙලුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප, මාතලේ දිස්ත්‍රික්කයේ තවලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නායයාම් අවධානම් කලාප, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට,අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල, වලල්ලාවිට, හොරණ, ඉංගිරිය සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප කොළඔ දිස්ත්‍රික්කයේ සීතාවකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නායයාම් අවධානම් කලාප කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නායයාම් අවධානම් කලාප සහ මහනුවර දිස්ත්‍රික්කයේ ගගඉහළ කෝරළේ සහ තුම්පනේ යන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප වල ජීවත් වන ජනතාව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු අගවා ඇත.

    විශේෂයෙන්ම නායයාම් අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඒ පිළිබදව සැළකිලිමත් විය යුතුය. පොළවේ ඇතිවන ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වාටවල්, හා දුරකථන කුලුණු ආදිය, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්ති මත ඇතිවන පිපිිරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම, එක්වර ජල උල්පත්මතුවීම හෝ පෙරපැවති උල්පත් බොරවීම අවහිරවීම හෝ නැතිවීම වැනි නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

    පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී,

    විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා ඔබ ජීවත්වන නිවස ගංවතුර අවධානයට ලක්වන තෙක් නොසිට සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යාම ඉතා වැදගත් වේ. එසේම පාසැල් සිසුන්ගේ පොත් පත් ලිපි ද්‍රව්‍ය ගංවරතුරෙන් සුරක්ෂිත කර ගැනීමට කටයුතු කිරීමත් පවතින තත්වය හමුවේ ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

  • බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් ! ශ්‍රී ලංකාවට තද වැසි සමග ගංවතුර තර්ජන

    බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් ! ශ්‍රී ලංකාවට තද වැසි සමග ගංවතුර තර්ජන

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (16) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකිය.

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය අද දිනයේදීම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුලදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනයවෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

    එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තව දුරටත් බලාපොරොත්තුවේ. ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැක.

    දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.

    දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වලට 150mm ඉක්මවූ තද වැසිද ඇති විය හැක.

    සෙසු පළාත් වල විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත් වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    මුහුදු ප්‍රදේශ ආශ්‍රිත කාලගුණ අනාවැකිය

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය අද දිනයේදීම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුලදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.ධීවර හා නාවුක කටයුතු වල යෙදෙන්නන් මේ සම්බන්දයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ   අවධානයෙන් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
    වැසි තත්ත්වය:
    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම්සහිතවැසි ඇති වේ.පොතුවිල් සිට ත්‍රිකුණාමලය හරහා මුලතිව් දක්වාවනමුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල තද වැසිද ඇතිවිය හැක.
    සුළඟ:
    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත සිට බස්නාහිරදක්වා වන දිශා වලින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (40-45) පමණ වේ. කොළඹ   සිට ගාල්ලසහ හම්බන්තොට හරහාපොතුවිල් දක්වා වනමුහුදු ප්‍රදේශවල සුළගේ වේගයවිටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි විය හැක.
    මුහුදේ ස්වභාවය:
    දිවයින වටා වන මුහුදු ප්‍රදේශතරමක් රළුවිය හැකි අතර කොළඹ   සිට ගාල්ලසහ හම්බන්තොට හරහා   පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විටරළු සිට ඉතා රළුවේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව   ඉතා රළු විය හැක.ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
  • මධුරි ඩික්සිත්ගේ 53 වැනි උපන් දිනය දා එළියට ආ ‘පුද්ගලික ඡායාරූප’ එකතුව මෙන්න

    මධුරි ඩික්සිත්ගේ 53 වැනි උපන් දිනය දා එළියට ආ ‘පුද්ගලික ඡායාරූප’ එකතුව මෙන්න

    සුපිරි බොලිවුඩ් නිළියක වූ මධුරි ඩික්සිත්ගේ 53 වැනි උපන් දිනය ඊයේ (15) දිනට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ප්‍රකට ෆිල්ම් ෆෙයර් වෙබ් අඩවිය මධුරි සිය පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් සමග ගත් දුර්ලභ ඡායාරූප එකතුවක් පළ කර තිබුණා.

    මේ ෆිල්ම් ෆෙයාර් මධුරි ගැන තබා තිබූ සටහන.

    ඇය සුපිරි තරුවක්, නර්තන ශිල්පිනියක්, බොලිවුඩයේ ප්‍රමුඛ වීරවරියකි. ඇය බී-ටවුන්හි සිසිල් අම්මා (coolest mom in B-town) ද වේ. මධුරි ඩික්සිත් 1999 දී වෛද්‍ය ශ්‍රීරාම් නෙනේ (Dr. Shriram Nene) සමඟ විවාහ වූයේ දකුණු කැලිෆෝනියාවේ ඇගේ සහෝදරයාගේ නිවසේ පැවති සාම්ප්‍රදායික උත්සවයකදීය. 

    ඇය 2003 දී පළමු පුත්‍රයා වන අරින් සහ 2005 දී දෙවන පුත්‍රයා වූ රයන් බිහි කළාය. ඇය 2011 දී කොලරාඩෝ සිට මුම්බායි වෙත යළි සංක්‍රමණය වූ අතර දැන් මධුරි දිවි ගෙවන්නේ මුම්බායිහිය.

    මධුරි නිරන්තරයෙන් රියැලිටි ටීවී වැඩසටහන් සහ චිත්‍රපට රූගත කිරීම්වල නිරත වුවද ඇයගේ පෞද්ගලික හා වෘත්තීය අවකාශයේ පරිපූර්ණ සමබරතාවයක් පවත්වා ගෙන යයි.  නොකරන සෑම අවස්ථාවකදීම ඇය තම දරුවන් සමඟ ප්‍රීතිමත් කාලයක් ගත කිරීමට පුරුදුව සිටින අතර වැඩිමහල් පුතා සමඟ කතක් පුහුණුවීම හෝ පවුලේ අය සමඟ නිවාඩු ගත කිරීම ඒ අතර සිදුවේ.

    ඇය අද සිය දිවි මගේ 53 වන වියට පා තබන අතර වෙන කවරදාටත් වඩා සුන්දර පෙනුමක් අද ඇය තුළින් දැකගත හැකිය.

    ඉතිං 80-90 දශකවල මධුරිට පෙම්බැදි ඔබට ඒ ආදරණීය නිළියකගේ අතිෂය දුර්ලභ ඡායාරූප රුසක් දැක බලා ගැනීමට දැන් හැකිය.

    මධුරි සිය සැමියා සමග
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්

    Filmfare.com ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • රුපියල ශක්තිමත් වෙයි – අද ඩොලරයට රු. 189.99යි

    රුපියල ශක්තිමත් වෙයි – අද ඩොලරයට රු. 189.99යි

    ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (15) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 184.89ක් ලෙස සහ විකුණුම් මිල 189.99ක් ලෙසත් සටහන් වූ අතර එය මාස එකහමාරකට පසු රුපියල ශක්තිමත් වූ අවස්ථාව වශයෙන් සැලකේ.

    ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 190 සීමාවෙන් මෙපිටට පැමිණියේ මාර්තු 20 වැනිදායින් පසුව වන අතර කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් අප්‍රේල් 8 වැනිදා 200 සීමාව ද ඉක්මවා ගියේ ය.

    ජනවාරි පළමු  වැනිදා සිට මැයි 6 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල  3.9 % කින් අවප්‍රමාණය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවල සදහන් වන්නේ.

  • පුරවැසියන්ට වඩා හිමි වළසුන් –  වීසා වුවමනා නැති වුණත් උපදින්න නම් නරකම රට

    පුරවැසියන්ට වඩා හිමි වළසුන් – වීසා වුවමනා නැති වුණත් උපදින්න නම් නරකම රට

    නෝර්වේ හි වීසා රහිත මෙම දූපත් සමූහය ලොව පුරා උතුරු දෙසින් ජනාවාස වන අතර එහි අගනුවර වන ලෝන්ජියර්බයින් රටවල් 50 කට වැඩි ගණනක ජනතාව වාසය කරයි.

    හිමවලින් පිරි කඳු මුදුන් යනු නෝර්වීජියානු ස්වල්පාර්ඩ් Svalbard දූපත් සමූහයට පැමිණෙන විට අමුත්තන්ට ගුවන් යානා කවුළුවලින් හඳුනාගත හැකි පළමු දෙයයි. එනම්, ඔවුන් වසරේ දීප්තිමත් කාලය තුළ පැමිණියහොත්, එනම් ජූලි මස 24 වැනි දින මධ්‍යම රාත්‍රියේ හිරු දැකගත හැකිය. එහෙත්  වර්ෂයේ අනෙක් කාලයේදී මෙම නගරය අන්ධකාරයේ ගිලී යන අතර ඔබට ‘උතුරු එළි Northern Lights  පහසුවෙන් දැකබලා ගත හැකිය.

    ආක්ටික් සාගරයේ මැද පිහිටි නෝර්වේ ප්‍රධාන භූමියේ සිට කි.මී. 800ක් දුරින් ස්වල්පාර්ඩ් දූපත් පිහිටා ඇත. ලෝකයේ උතුරු දෙසින් පිහිටි විශ්ව විද්‍යාලය, පල්ලිය සහ බීර කර්මාන්ත ශාලාවට එය හිමිකම් කියයි.

    අනෙක් අතට, එනම් වැදගත්ම දෙය නම් එය ඕනෑම කෙනෙකුට ජීවත් විය හැකි ලෝකයේ ස්ථාන කිහිපයෙන් එකකි. ඇත්ත වශයෙන්ම, ස්වෝල්බාර්ඩ් අගනුවර වන ලොන්යියර්බයින් හි වෙසෙන 2,400 කට ආසන්න පදිංචිකරුවන්ගෙන් තුනෙන් එකක් පමණ සංක්‍රමණිකයන් වන අතර ඔවුහු ලෝකයේ නන් දෙසින්, විවිධ රටවල් 50 කට වැඩි සංඛ්‍යාවකින් සංක්‍රමණය වූවෝ වෙති. ඔවුන් මේ ආකාරයෙන් මෙම නගරයට සංක්‍රමණය වීමට හේතුව නම් ඕනෑම රටක පුරවැසියකුට රැකියාවක් සහ ජීවත් වීමට ස්ථානයක් ඇති තාක් දුරට වීසා බලපත්‍රයක් නොමැතිව ස්වෝල්බාර්ඩ් හි පදිංචි වීමට ඇති හැකියාවයි.

    1596 දී චීනය වෙත ඊසානදිග මාර්ගය සොයා ගැනීමට උත්සාහ කරන අතරතුර ලේඛනගත සංචාරයක් සඳහා ලන්දේසි ගවේෂකයන් ප්‍රථම වරට ක්‍රි.ව 1200 දී පමණ මෙම දූපත් ගවේෂණය කළ බව විශ්වාස කෙරේ.

    ඊළඟ ශතවර්ෂ වලදී ඩෙන්මාර්කයෙන් සහ එංගලන්තයෙන් වොල්රස් සහ තල්මසුන් දඩයම්කරුවන් සංක්‍රමණය වූ අතර පසුව ප්‍රංශය, නෝර්වේ, ස්වීඩනය සහ රුසියානු ජාතිකයින් ද සංක්‍රමණය විය.

    1906 දී ඇමරිකානු ව්‍යාපාරික ජෝන් මුන්රෝ ලොන්යියර් විසින් මෙම දූපත් සමූහයේ පළමු ගල් අඟුරු ආකරය පිහිටුවන ලද අතර එය 20 වන සියවසේ වැඩි කාලයක් තුළ ස්වෝල්බාර්ඩ්හි එකම කර්මාන්තය ලෙස පැවතුනි. මේ දිනවල ස්වෝල්බාර්ඩ් හි ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ සංචාරක හා පාරිසරික හා පාරිසරික පර්යේෂණ යි.

    පළමුවන ලෝක සංග්‍රාමයෙන් පසුව, ස්වෝල්බාර්ඩ් සම්බන්ධයෙන් නෝර්වේ ස්වෛරීභාවය සහතික කරන ගිවිසුමක් රටවල් නවයක් විසින් අත්සන් කරන ලද අතර 1920 වන තෙක් මෙම දූපත් පාලනයෙන් තොර විය. අද රටවල් 46 ක් මෙම ගිවිසුමේ කොටස්කරුවන් වේ. 

    මෙම ගිවිසුම මගින් භූමිය මිලිටරි අරමුණු සඳහා භාවිතා කළ නොහැකි අතර දූපත් වල ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම සඳහා නෝර්වේ වගකිව යුතුය. කෙසේ වෙතත්, ගිවිසුමේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ නෝර්වීජියානු සහ නෝර්වීජියානු නොවන අයට සැලකීම අතර වෙනසක් නොතිබිය යුතු අද්විතීය වගන්තියයි.

    Longyearbyen යනු බොහෝ අය ස්වෝල්බාර්ඩ් වෙත යන විට පදිංචි වන ස්ථානයයි. දූපත් වල ඇත්තේ කිලෝමීටර 40 ක මාර්ග පද්ධතියක් පමණක් වන අතර විවිධ ජනාවාස අතර මාර්ග නොමැත. ඒවා වෙත ප්‍රවේශ විය හැක්කේ ගිම්හානයේදී බෝට්ටුවකින් හෝ ශීත ඍතුවේ හිම යානා මගින් පමණි. 

    නගර සීමාවෙන් පිටවන ඕනෑම කෙනෙකුට හිම වලසෙකු හමු වීම සාමාන්‍යෙයන් හෙයින් ඔවුන් සාමාන්‍යයෙන් රයිෆලයක් රැගෙන යයි. ඇත්ත වශයෙන්ම, මෙම දූපත් සමූහයේ දළ වශයෙන් හිම වලසුන් 3,000ක් ජීවත් වන අතර හිම වළසුන් ගණන එහි මිනිසුන් 2,926 ට වඩා වැඩිය.  

    ඕනෑම කෙනෙකුට ජීවත්වීමට විවෘත වුව ද, ස්වල්බාර්ඩ් යනු උපත ලැබීමට සුදුසුම ස්ථානයක් නම් නොවේ. එහි ගර්භනී කාන්තාවන් සඳහා රෝහල් නොමැති අතර යමෙකු මිය ගියහොත් පළාත් පාලන ආයතනයට මෘත දේහය නෝර්වේ ප්‍රධාන භූමියට ගෙනයාමට හෝ නැව්ගත කිරීමට සිදුවේ. 

    1950 දශකයේ සිට දූපත් වල මළ සිරුරු භූමදාන කිරීමට ඉඩ නොදෙනුයේ දූපත් වසර පුරාම ඝන හිම තට්ටුවකින් වැසී ඇති නිසාය. මෙහි තර්කය වන්නේ මෙම ඝන හිම තට්ටුව මළ සිරුරු ආරක්ෂා කරනවා පමණක් නොව, සමහර විට මළ සිරුරු ගැඹුරට වළලනු නොලැබුවහොත් ඒවා පිටතට තල්ලු කරනු ලැබීමයි.

    ස්වෝල්බාර්ඩ්හි අවුරුද්ද පුරා අඩු උෂ්ණත්වයක් පවතින අතර ගිම්හානයේදී සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7 ක් පමණ වේ.

    ලෝකයේ බීජ පසුම්බිය (Global Seed Vault) වන්නේ ද මෙම දූපත් සමූහයයි. ලෝන්ජියර්බයින් Longyearbyen හි ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 3 ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයක Global Seed Vault ස්ථාපනය කර තිබේ. 2008 වසරේ සිට එහි ලොව පුරා බීජ 980,000 කට වඩා ගබඩා කර ඇත.

    එහෙත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙම ස්ථානය වෙත ද ඍජුව බලපෑම් එල්ල කර ඇත. උෂ්ණත්වය ඉහළ යන විට, සුරක්ෂිතාගාරය පවා සම්පූර්ණයෙන්ම ආරක්ෂිත නොවනු ඇති බව සනාථ කරමින් 2017 දී එහි පිවිසුම් උමග ජලයෙන් යට වූයේ ඝන හිම තට්ටුවෙන් කොටසක් දියවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. 

    ලෝන්ජියර්බයින් වැසි ජලය මනසේ තබාගෙන නිර්මාණය කර නොමැති අතර මඩ හා හිම කුණාටු මෑතකදී තර්ජනයක් වී තිබේ. 1971 සිට ස්වෝල්බාර්ඩ් හි සාමාන්‍ය උෂ්ණත්වය 4C කින් ඉහළ ගොස් ඇති අතර එය සෙසු කලාපවලට වඩා පස් ගුණයකින් වේගවත් වේ. ඔබ මතක තබා ගත යුතු වැදගත්ම දේ වන්නේ ලෝන්ජියර්බයින් ලෝකයේ වේගයෙන්ම උණුසුම් වන ස්ථාන බවයි.

    බී.බී.සී වාර්තාවක් අසුරින් සකස් කළේ – තුෂාධවි

  • තද වැසි සමග ගංවතුර සහ නාය යාමේ අවදානමක්- ධීවරයින්ට අනතුරු ඇගයීම් !

    තද වැසි සමග ගංවතුර සහ නාය යාමේ අවදානමක්- ධීවරයින්ට අනතුරු ඇගයීම් !

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2020 මැයි මස 15 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ   සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයතවදුරටත් පවතී. එම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින්   තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතී. එහි බලපෑම හේතුවෙන් අද දින සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ. ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.

    හෙට දිනයේදී:

    දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු පළාත් වල විශේෂයෙන් ඌවසහනැගෙනහිර පළාත් වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකි

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ  සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයතවදුරටත් පවතී. එම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින්තවදුරටත් වර්ධනය වීමේ හැකියාව ඇත. ධීවර හා නාවුක කටයුතු වල යෙදෙන්නන් මේ සම්බන්දයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
    වැසි තත්ත්වය:
    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම්සහිතවැසි ඇති වේ.පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වාවනමුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල තද වැසිද ඇතිවිය හැක.
    සුළඟ:
    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිතදෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (40-45) පමණ වේ. කොළඹ   සිට ගාල්ලසහ හම්බන්තොට හරහාපොතුවිල් දක්වා වනමුහුදු ප්‍රදේශවල සුළගේ වේගයවිටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි විය හැක.
    මුහුදේ ස්වභාවය:
    දිවයින වටා වන මුහුදු ප්‍රදේශතරමක් රළුවිය හැකි අතර කොළඹ සිට ගාල්ලසහ හම්බන්තොට හරහා   පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විටරළු සිට ඉතා රළුවේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

    බටහිර බෑවුමේ ගංවතුර අවධානමක්

    දිවයිනේ පළාත් කිහිපයකට ඇද හැළුණු තද වැසි හේතුවෙන් ගංගා 10ක් ආශ‍්‍රිතව ගං වතුර අවදානමක් මතු වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැලණි, කළු, නිල්වලා, ගිං, බෙන්තර යන ගංගා සහ මී, අත්තනගලූ, දැදුරු, කිරම, ඌරු බොකු ආදී ඔයවල්වල ජල මට්ටම ඉහළයමින් පවතින අතර ඒ ආශ‍්‍රිත පහත්බිම්වල ජනතාව නිරන්තර අවදානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.

    ප්‍රදේශ රැසක නාය අවදානම්

    පවතින තද වැසි හේතුවෙන් ගාල්ල සහ මාතලේ දිස්ත‍්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    ගාල්ල දිස්ත‍්‍රික්කයේ බද්දේගම, ගාල්ල, කඩවත් සතර, අක්මීමන, ඇල්පිටිය, නියාගම සහ බෝපේ පෝද්දල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි සහ මාතලේ දිස්ත‍්‍රික්කයේ උකුවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම අවදානම මතුව තිබෙන බව එම ආයතනය පවසන්නේ.

    ඉහත සදහන් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි කදු හා බෑවුම් ආශ‍්‍රිතව ජීවත්වන්නන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බවත්, රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානයන්හි පදිංචි ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යා යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩි දුරටත් සදහන් කරයි.

  • ආණ්ඩුවේ ජනතාවට වසංකරන ‘ආර්ථිකයේ ඇත්ත කතාව’ විජිත හේරත් හෙළි කරයි

    ආණ්ඩුවේ ජනතාවට වසංකරන ‘ආර්ථිකයේ ඇත්ත කතාව’ විජිත හේරත් හෙළි කරයි

    ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවක් අද (15) දින බත්තරමුල්ල, පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. ඒ සදහා ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සහභාගී වුණා. එම මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා විසින් දැක්වූ සියලුම අදහස් පාඨක ඔබට නිවැරදි – සමබර – නිරවුල් – විශ්වාසනීය පුවත් දැන ගැනීම සදහා සංස්කරණයකින් තොරව මෙහි පළ වෙනවා.

    මාර්තු මාසයේ 02වැනිදා විසුරුවා හැරි පාර්ලිමේන්තුව මාස 3ක් ඇතුළත නැවත කැඳවිය යුතුයි. අභිනව පාර්ලිමේන්තුව මැයි 14වැනිදා කැඳවිය යුතු බවට ජනාධිපතිවරයා ගැසට් කළා. නමුත් ඊයේ (14) පාර්ලිමේන්තුව කැඳවූයේ නැහැ. ගැසට් නිවේදනය අවලංගු කරලත් නැහැ. නැවත කැඳවන දිනය සඳහන් කර අලූත් ගැසට් නිවේදනයක් නිකුත් කළෙත් නැහැ. සැලැස්මක් නැති ආණ්ඩුවක්.

    කොරෝනා වසංගතයට කලින් ඉඳලාම ආර්ථිකයේ බරපතල ගැටලූ මතුවෙමින් තිබුණා. ලෝක වෙළඳපොළේ තෙල් මිල සීග‍්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව කවුරුත් දන්නවා. ලෝක වෙළඳපොළේ තෙල් බැරල් එකක් ඩොලර් 133 සිට සීග‍්‍රයෙන් පහත බැහැලා. වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ඇතුලූ ප‍්‍රබල අමාත්‍යවරු එදා පාපැදියෙන් පාර්ලිමේන්තුවට ඇවිත් තෙල් මිල අඩු කරන්න පැවැති ආණ්ඩුවට බලකළා. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විපක්‍ෂයේ සිටියදී රු. කෝටි 30,000ක අමතර ලාබයක් ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය තුළින් ගන්න පුළුවන් කිව්වා. එම මුදල් විවිධ ආර්ථික කි‍්‍රයාකාරකම්වලට වෙන්කළ හැකි බව පෙන්වා දුන්නා. නමුත් වත්මන් ආණ්ඩුව ලෝක වෙළඳපොළේ කොතරම් තෙල්මිල අඩු වුණත් අවුරුද්දක් යන තුරු මිල අඩු නොකරන බවට ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා.

    රටේ ජනාධිපතිවරයා කොරෝනා වසංගත තත්වය පිළිබඳව ජාතිය අමතලා කිව්ව එකම දේ සැමන් ටින් එක රු. 100ටත් පරිප්පු කිලෝ එක රු. 65ටත් දෙනවා කියලා. තෙල් මිලේ වාසිය සැමන්, පරිප්පුවලින් දෙන බව කිව්වා. සාමාන්‍ය වෙළඳපොළේ ඒ මිලට සැමන්, පරිප්පු තිබුණේ නැහැ. සතොස තිබුණු ටිකත් ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරුන් ඇතුළු දේශපාලනඥයන් තොග පිටින් අරගෙන යටිමඩි ගහපු හැටි හෙළිවුනා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සැමන් ටින් එක ආපහු රු. 230ටත් පරිප්පු කිලෝවක් රු. 170ටත් වැඩිකර තිබෙනවා. සැමන්, පරිප්පු දේශපාලනයට තෙල් මිල යට කළා මිස ඇත්ත ආර්ථික වාසියක් ජනතාවට අත්වුණේ නැහැ. ලෝක වෙළඳපොළේ තෙල් මිල පහුගිය දවස්වල සෘණ අගයන්ට වැටුණා. නමුත් අපේ රටේ තවමත් මිල අඩුකළේ නැහැ. අද විවෘත වෙළඳපොළේ තෙල් මිල 2019 ජනවාරි සිට 2020 ජනවාරි වනවිට සීග‍්‍රයෙන් පහත වැටුණා. අද බොරතෙල් බැරල් එකක් ලෝක වෙළඳපොළේ ඩොලර් 28ක් පමණ වෙනවා. විවෘත වෙළඳපොළේ ඩොලර් 28ක් වුණාට රාජ්‍යයන් අතර විවිධ ගිවිසුම් මගින් ගන්නකොට ඩොලර් 10ට ගන්න පුළුවන්.

    ජනවාරි මාසයේ ඉඳලා මැයි මාසය වෙනකොට විවෘත වෙළඳපොළේ බොරතෙල් බැරල් එකක් 60%කින් මිල අඩුවෙලා. ජනතාවට මේ සහනය වහාම ලබාදිය යුතුයි. අද රු.104 තිබෙන ඞීසල් ලීටරය රු. 42ට දෙන්න පුළුවන්. රු.137ට තියෙන පෙට‍්‍රල් ලීටරයක් රු.55ට දෙන්න පුළුවන්. භූමිතෙල් ලීටරයක් රු.70 ඉඳලා රු.28ට අඩු කරන්න පුළුවන්. මිල සහනය නොදීම නිසා ඉන්දීය අයි. ඕ.සී. සමාගම විශාල ලාභයක් උපයමින් තිබුණා. අපි ඊට විරුද්ධව දැඩිලෙස විවේචනය කිරීමේ ප‍්‍රතිඵලයක් හැටියට බද්දක් අය කරන්න පටන් ගත්තා. ඒ නිසා ආණ්ඩුවට සල්ලි නැහැ කියන්න කිසිම අයිතියක් නැහැ. රු.5,000 දීමනාව ජනතාවට දෙන්න රු. කෝටි 2572ක් වැයකළ බව ආණ්ඩුව කියනවා. ඉන්ධන මිල අඩුවීම නිසා අතිරේකව කොපමණ මුදලක් උපයාගෙන තියෙනවාද කියලා ආණ්ඩුව කියන්නේ නැහැ. මේ වාසියේ තරම රටේ ජනතාවට කියන්න කියලා අපි බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට අභියෝග කරනවා. ඉන්ධන මත බදු හෝ වෙනත් ගාස්තු කිසිවක් අඩු කරලා නැහැ. එදා රු. කෝටි 30,000ක අමතර ආදායමක් උපයන බව කිවු බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේ තොරතුරු ජනතාවට හෙළිකළ යුතුයි.

    පී.බී. ජයසුන්දර මහතා රජයේ සේවකයන්ගේ පඩි කපාගන්න ලියුම් ගහනවා. ඒ අතරේ අගමැතවරයාගේ ආර්ථික උපදේශක කබ‍්‍රාල් මහත්තයා අර්ථසාධක අරමුදලෙන් 20%ක් මුදා හරින්න යෝජනා කරනවා. සල්ලි නැහැ කියන ආණ්ඩුව මධ්‍යම අධිවේගී මාර්ගයට රු. කෝටි 3100ක් වෙන් කරන්න ණය ගන්නවා. මේ කොන්ත‍්‍රාත් ලබාදෙන සමාගම් නියෝජනය කරන රටවල්වලින්ම 6%ට 7%ට වූ ඉහළ පොලියකට මේ ණය ගන්නේ. ඒක ආර්ථිකයේ ප‍්‍රමුඛතාවය නෙවෙයි. කොරෝනා වසංගතය නිසා විශාල පිරිසකට රැුකියාව අහිමිවීමේ අවධානමක් තියෙනවා. ස්වයං රැුකියාවල ඉඳලා මහා පරිමාණ ව්‍යපාර ආයතන පවා වැටිලා ඉන්නේ. සේවකයන් 50%කින් කප්පාදු කරන්න හදන්නේ. මධ්‍යම අධිවේගී මාර්ගයට රු. කෝටි 3100ක් වෙන් කරන ආණ්ඩුව රු.5,000 දෙන්න වෙන්කරලා තියෙන්නේ රු. කෝටි 2572යි.

    පහුගිය සියලූ ආණ්ඩු ගත්ත ණය නිසා අද ජනතාව රු. 650,000ක ඒක පුද්ගල ණය බරකින් පෙළෙනවා. 2019 මහබැංකු වාර්තාවෙන් තව දුරටත් හෙළි වෙන්නේ රු. 80,000ක බදු බරක් සෑම පුරවැසියෙක් මතම පැටවෙලා තිබෙන බවයි. මේ වගේ ආර්ථික බරකින් ජනතාව මිරිකී ඉන්න වෙලාවක ලෝක වෙළඳපොළේ තෙල්මිල අඩුවීමේ වාසිය ජනතාවට දෙන්න කියලා අපි බල කරනවා. නිෂ්පාදකයන්ට ඔවුන්ගේ කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාර නැවත යථා තත්වයට ගන්න නම් ඔවුන්ටත් තෙල් මිල සහනය ලබාදෙන්න ඕනෑ. අපේ රටේ විදුලිය නිෂ්පාදනය සැලකිය යුතු ප‍්‍රමාණයක් ඉන්ධන මත යැපෙන්නේ. කැළණිතිස්ස බලාගාරය වගේම පෞද්ගලික බලාගාරත් ඉන්ධන මත යැපෙන්නේ. ඒ නිසා ඉහළ විදුලි බිලක් නියම වෙලා තියෙනවා. ආර්ථිකය යථා තත්වයට ගන්න නම් නිෂ්පාදනවල පිරිවැය අඩු කරගන්න ඉන්ධන මිල සහයන තුලින් විදුලි බිල අඩු කරන්න ඕනෑ. මේ පහසුකම් සැලසුවොත් අපේ රටේ වැටිච්ච ආර්ථිකය වේගයෙන් ගොඩ ගන්න හැකියාව ලැබෙනවා. ආණ්ඩුව කළ යුත්තේ ඒකයි. ජනතාව තුළ මුදල් සංසරණය වෙන්න, නිෂ්පාදන වැඩි කරන්න දායක වෙන්න තෙල් මිල සහනය ලබාදිය යුතුව තිබෙනවා.

    ඉන්ධන මිල සහනය යට ගහන්න මාතෘකා ගෙනෙමින් තිබෙනවා. ටොම් ඇන්ඞ් ජෙරී රඟපෑම් ඉස්සරහට ගෙනත් තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ අත්අඩංගුවට ගැනීම් ජවනිකා වගේම මේ ආණ්ඩුවත් ඒ ජවනිකා පටන් අරන් තියෙනවා. ගහෙන් වැටුණු මිනිහට ගොණා ඇන්නා වගේ කි‍්‍රයාමාර්ග ගන්නවා වෙනුවට ජනතාවගේ එදිනෙදා ප‍්‍රවාහන වියදම් ඇතුලූ වියදම් අඩු කිරීමට පියවර ගන්නා ලෙස අපි බල කරනවා. භූමිතෙල් සහනය හරහා ධීවරයන්ට විශාල ශක්තියක් දෙන්න පුලූවන්. ඒ තුළින් මීට වඩා ලාභයකට පාරිභෝගිකයාට මාළු මිලදී ගන්න පුළුවන්. ආර්ථිකය තුළ ජනතාවට සහන දීලා, නිෂ්පාදකයන්ට සහන දීලා ඒ හරහා ආර්ථිකය ප‍්‍රසාරණය කරලා ආර්ථිකය යථා තත්වයට පත් කරන්න රජයක් විසින් ගත යුතු ¥රදර්ශී කි‍්‍රයාමාර්ග මේවා. අපේ රටේ වැටිච්ච ආර්ථිකය නැවත ගොඩ ගන්න නිෂ්පාදකයන්ටත් ජනතාවටත් සහනාධාර දෙන්න අවශ්‍ය මැදිහත්වීම් කරන්න කියලා, ඒ වෙනුවෙන් වහාම තීන්දු, තීරණ ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.

    මාධ්‍යවේදීන් එවා තිබූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්
    විදේශගත ශිෂ්‍යයන් ඇතුලූ ශී‍්‍ර ලාංකිකයන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමේ ගැටලූ සම්බන්ධයෙන්

    ලංකාවට නැවත ගෙන්වා ගැනීමේදී ප‍්‍රමුඛතාවය දිය යුතුව තිබෙන්නේ ශිෂ්‍යයන්, දුෂ්කරතාවයට පත්වී සිටින ගැබිනි මව්වරුන් සහ සෞඛ්‍යමය කරුණු මත ප‍්‍රතිකාර ගැනීමට ගිය අයට. තානාපති කාර්යාල නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ලැයිස්තු සකස්කර තිබුණා. සමහර රජයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙක් වගේම දේශපාලඥයින් මැදිහත් වී තමන්ගේ දරුවන්ව, ඥාතීන්, හිතවතුන්ගේ දරුවන්ව ගෙන්වා ගන්න බලපෑමක් කර තිබුණා. ඒ නිසා තානාපති කාර්යාල නිලධාරීන් දැඩි අසීරුතාවයකට පත්වෙලා. මේ අනවශ්‍ය මැදිහත්වීම් නතර කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. ප‍්‍රමුඛතාවය අනුව ලැයිස්තුගත කරලා ලංකාවට ගෙන්වා ගන්න තානාපති කාර්යාලවලට ඉඩ දෙන්න කියලා අපි අවධාරණය කරනවා.

    මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සම්බන්ධ ගැටලූව

    පාර්ලිමේන්තුව සතු මූල්‍යමය බලය මුදල් ලේකම්වරයා පාවිච්චි කරනවා කියන විශාල ආන්දෝලයක් ඇතිවී තිබුණා. ඒ සම්බන්ධයෙන් නිශ්චිත කරුණු හෙළිවී තිබෙනවා. අපේ රටේ ණය ගැනීමේ සීමාව සම්මත කරන්නේ පාර්ලිමේන්තුව. හැබැයි මධ්‍යම අධිවේගී මාර්ගයට අලූතින් ණය ගන්නකොට ඒ සීමාව ඉක්මවා යනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැහැ. මුදල් ලේකම්වරයා මෙවැනි තීන්දුවක් සම්බන්ධයෙන් සෘජුවම වගකීමට ලක් වෙනවා. ඒ වගේම මැතිවරණයක් ප‍්‍රකාශයට පත්කළ තත්වයක් තුළ මුදල් ලේකම්වරයා මාර්තු 06වැනිදා අතුරු සම්මත ගිණුමක් සම්මත වුණා සේ සලකා චක‍්‍රලේඛයක් නිකුත්කර තිබුණා. මේ චක‍්‍රලේඛණය මුළුමනින්ම වැරදියි. මුදල් ලේකම්වරයා සෘජුව වගකිව යුතුයි කියන චෝදනාවක් එල්ල වුණා. මේ නිසා ඔහු හදිසියේ රෝහල්ගත වෙන්න පෙළඹුනාද කියන ප‍්‍රශ්නාර්ථය තිබෙනවා.

    ජාතික රූපවාහිනිය මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාගේ මුණුබුරා සම්බන්ධයෙන් ප‍්‍රචාර කළ වාර්තා වැඩසටහන ගැන

    රජයේ මාධ්‍ය නාලිකා පවුලේ නාලිකා කරගෙන මේ වගේ වාර්තා වැඩටසටහන් ප‍්‍රචාරය කරන තැනට රජයේ මාධ්‍ය වට්ටවා තිබීම ගැන කණගාටුයි. මේවා වෙනස් කළ යුතු දේවල් බව අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. ඒ වගේම ඡුන්දයකදී මේ වැනි වැඩසටහන්වලින් සිදු කරන බලපෑම් පිළිබඳව අපි අධ්‍යයනයක ඉන්නවා.

    මොණරාගල දිස්ති‍්‍රක්කයේ පිටි බෙදාහැරීම සම්බන්ධව

    කොරෝනා වසංගතයක් එක්ක ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් විශාල පිටි තොගයක් චමල් රාජපක්‍ෂ ඇමතිවරයා යටතේ තිබුණු කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබුණා. එතුමාගේ පුතා ශෂේන්ද්‍ර රාජපක්‍ෂ ඡුන්දය ඉල්ලන මොණරාගල දිස්ති‍්‍රක්කය තුළ ප‍්‍රාදේශීය දේශපාලඥයන් මැදිහත් කර ගනිමින් ජනතාවට බෙදා දීමේ වැඩපිළිවෙළක් පටන් ගෙන තිබෙනවා. ශෂේන්ද්‍ර රාජපක්‍ෂ මහත්තයා තමන්ගේ වියදමෙන් බෙදා දෙන පිටි හැටියට කරගෙන යන මේ කි‍්‍රයාවලිය ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.

    එම්.සී.සී. ගිවිසුම ගැන

    බලයට එන්න කලින් මේ ගිවිසුම රටට හතුරු නිසා මුළුමනින්ම කුණු බක්කියට දාන බව කිව්වා. නමුත් බලයට පත්වුණාට පස්සේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විසින්ම මේ ගැන සොයා බැලීම සඳහා වෙනම කමිටුවක් පත්කළා. ඒ කමිටුවෙන් වාර්තාවක් බාර දී තිබෙනවා. විවිධ ඇමතිවරුන්, විවිධ දේවල් තැන් තැන් වලදී කීවා මිස මේ ගිවිසුමට අදාල ක‍්‍රියාවලිය තවම නතර කර නැහැ. ඇමරිකාවත් එක්ක අත්සන් කරන්න ලැහැස්ති වුණු මේ ගිමිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ වත්මන් ස්ථාවරය ජනතාවට හෙලිකළ යුතුයි. ඇමරිකන් තානාපතිවරයා එක්ක සිදුකළ සාකච්ඡුාවලදී මේ ගිවිසුම සම්බන්ධයෙන් ගන්නා ලද තීරණ රටේ ජනතාවට හෙළිදරව් කළ යුතුයි.

  • බස්නාහිර පළාත් වාහන බලපත්‍රවලට ජූලි 31 දක්වා සහන කාලයක්

    බස්නාහිර පළාත් වාහන බලපත්‍රවලට ජූලි 31 දක්වා සහන කාලයක්

    දැනට කල්පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ජූලි 31වැනි දින දක්වා සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් නිවේදනය කරයි. ඒ අනුව 2020 මාර්තු 13 වැනි දින සිට ජූලි 31 දක්වා කාලසීමාව තුළ කල් පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදලක් අය නොකරන බව බස්නාහිර පළාත් ලේකම්වරයා වැඩි දුරටත් අවධාරණය කරයි.

  • මධුරි වගේ වෙන්න කැමැති අයට ‘මධුරිගේ සුපිරි සාරි විලාසිතා’ 20ක්

    මධුරි වගේ වෙන්න කැමැති අයට ‘මධුරිගේ සුපිරි සාරි විලාසිතා’ 20ක්

    ධුරි ඩික්සිත්, යුගයක් ඒකාලෝක කළ කියා නිම කළ නොහැකි සුන්දරත්වයක් ඇති නිළි රැජිණ. බොලිවුඩයේ පමණක් නොව ලංකාවේත් අතිෂය ජනප්‍රියයි. මධුරිගේ ප්‍රේමණීය රංගනය පමණක් නොව ඇයගේ අති සුන්දර විලාසිතා, විශේෂයෙන් සාරි විලාසිතාත් ඉන්දීය කතුන් අතර සේම අපේ ලංකාවේ කතුන් අතරත් අතිෂය ජනප්‍රියයි. බොලිවුුඩ් විචාරකයින් කියන්නේ මධුරි ‘සැබෑ නිල් ඉන්දියානු සුන්දරත්වය (true blue Indian beauty) ඉස්මතු කළ බවයි.

    ඉතිං මධුරි ගැන අප තුළ තිබෙන ඒ අසීමිත ආදරණය නිසාම අප තීරණය කළ මධුරි ගැන පසුගිය ෆිල්ම් ෆෙයාර් සගරාවේ පළ වෙලා තිබුණ නවතම තොරතුරු අපේ පාඨකයින් වෙත ගෙන එන්න. ඒත් මෙහි විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි අපි ඉදිරිපත් කරන්නේ මධුරිගේ සාරි විලාසිතා 20ක් වීම.

    ධක්-ඩක් දැරිය, නැටුම් රැජින, නියම ඩිවා… (Dhak-Dhak girl, dancing queen, the real diva) මධුරි ඩික්සිත්ට ඇගේ නමට මාතෘකා රාශියක් තිබෙනවා. ඇය බොලිවුඩයේ ෙවඩාත්ම කීර්තිමත් රංගන ශිල්පිනියක් වන අතර ඇය සුන්දරත්වය, කරුණාව සහ අලංකාරයේ එකතුවක් ලෙස සැලකෙනවා. 

    මධුරි 1984 දී අබොද් Abodh චිත්‍රපයට සමඟ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර ඉන්දියානු සිනමාව නව පරපුරේ වීරවරියක් ලෙස අවධානයට ලක් වුණා. මේ යුගයේ බොලිවුඩයේ ආධිපත්‍ය දරමින් සිටි සුරූපී නිළි ශ්‍රී දේවි හට  තරඟයක් ලබා දුන් එකම නිළිය ඇය බවයි විචාරකයින් කියන්නේ.

    ඊට පසු ආපසු හැරීමක් සිදු වුණේම නැහැ. 90 දශකය තුළ මධුරි ප්‍රමුඛ නිළිය ලෙස බොලිවුඩය තුළ තම ආධිපත්‍ය පැතිරූ අතර සෑම නව නිළියකටම ඇගේ පසු පසට යාමට සිදු වුණා.

    මේ සමග ඇය ක්‍රමයෙන් බොලිවුඩයේ දක්ෂතම නර්තන ශිල්පිනිය බවට පත්වූ අතර රිදී තිරය මත සහ සැබෑ ජීවිතය තුළ සුපිරි විලාසිතා අනුගමනය කරන නිරූපිකාවක් ලෙස කිරුළු පැළැන්දා.

    දේව්දාස් චිත්‍රපටයෙන් පසු මධුරි රිදී තිරයෙන් වසර පහක කාලයක් ඈත්ව සිටියා. ඊට පසුව 2007 දී ආජා නැච්ල් Aaja Nachle සමඟ ආපසු බොලිවුඩය ආක්‍රමණය කළා. ඊට පසු මාධුරි නැවතත් චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වුණා. ඒ අතර දේද් ඉෂ්කියා Dedh Ishqiya, ගුලාබි කල්ලිය Gulabi Gang සහ කලන්ක් Kalank වැනි චිත්‍රපටවල පෙනී සිටි අතර ඇය තමා තව දුරටත් බොලිවුඩයේ රැජිණ බව ඔප්පු කළා.

    මේ අතර මධුරි සුපුරුදු ලෙස විලාසිතා ලෝකය තුළ ද අඛණ්ඩව ක්‍රියාකාරී වුණා. ප්‍රකට විලාසිතා සන්නාම රැසක නියෝජිතවරියක් බවට පත් වුණා.

    ඔබ දන්නවාද අද (මැයි 15) මධුරිගේ උපන් දිනයයි. ඇය අද දින 53 වැනි වියට පා තබනවා. ඇය වයසින් වියපත් වුණත් ඇය දකින ඕනෑම අයෙක් 80 දශකයේ මධුරිව සිහිපත් වීම වළක්වන්න බැහැ.

    ඉතිං, මධුරිට සුභ උපන්දිනයක් පතන ගමන් අපි ඔබව මධුරි ඩික්සිත්ගේ පින්තූර 20 ක් සමග ඇගේ සුපිරි සාරි විලාසිතා 20ක්ම ඔබ වෙත ගෙන එනවා.

    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ

    Text &pic @ filmfare – by Thushadhavi

  • පාකිස්තාන එක්දින සහ T20 නායකත්වයට බාබර් අසාම්

    පාකිස්තාන එක්දින සහ T20 නායකත්වයට බාබර් අසාම්

    පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ T20 නායකත්වයට පිතිකරු බාබර් අසාම් පත් කළ බවත් 2020/2021 තරඟ කාලසීමාවේදී ඔහුගේ නායකත්වය යටතේ එක් දින කණ්ඩායම තරඟ කරන බවත් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය අද (14) නිවේදනය කළා. පාකිස්ථාන ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය අසාර් අලීට හිමි වී ඇති අතර පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගත් මේ තීන්දුව නිවැරදි බව පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිස්බා උල්හක් සදහන් කළා.

  • Covid-19 World Hot: ගෝලීය මරණ ලක්ෂ තුනට ළංවෙද්දී ඉන්දියාව සහ මැදපෙරදිග අවධානමේ ඉහළටම

    Covid-19 World Hot: ගෝලීය මරණ ලක්ෂ තුනට ළංවෙද්දී ඉන්දියාව සහ මැදපෙරදිග අවධානමේ ඉහළටම

    ගෝලීය වශයෙන් අද දින (14) පෙ.ව 09.32 (ඇමෙරිකාවේ වේලාවෙන්) වන විට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4,387,438ක් සහ මරණ සංඛ්‍යාව 299,333ක් වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි.

    එහි නවතම යාවත්කාලීන කිරීම් අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 1,398,393 ක් සහ මරණ සංඛ්‍යාව 84,575ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ගෝලීය වශයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල්

    252,245 රුසියාව, 234,431 එක්සත් රාජධානිය, 228,691 ස්පාඤ්ඤය, 223,096 ඉතාලිය, 196,158 බ්‍රසීලය, 178,184 ප්‍රංශය, 174,284 ජර්මනිය, 143,114 තුර්කිය, 114,533 ඉරානය, 84,025 චීනය, 81,705 ඉන්දියාව, 76,306 පේරු, 73,653 කැනඩාව, 54,288 බෙල්ජියම, 46,869 සෞදි අරාබිය, 43,680  නෙදර්ලන්තය, 40,186 මෙක්ෂිකෝව, 37,040 චිලී, 35,788 පාකිස්ථානය, 30,486 ඉක්වදොර්, 30,463 ස්විස්ටර්ලන්තය, 28,582 ස්වීඩනය, 28,319 පෘතුගාලය, 28,272 ක්ටාර්, 26,772  බෙලරූස්, 26,098 සිංගප්පූරුව, 23,401 අයර්ලන්තය, 21,084 එක්සත් අරාබි ඒමීර්, 18,863 බංග්ලාදේශ්.

    වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල්

    84,575 එක්සත් ජනපදය, 33,692 එක්සත් රාජධානිය, 31,368 ඉතාලිය, 27,104 ස්පාඤ්ඤය, 27,077  ප්‍රංශය, 13,551 බ්‍රසීලය, 8,903 බෙල්ජියම, 7,868  ජර්මනිය , 6,854  ඉරානය, 5,609 නෙදර්ලන්තය, 5,431 කැනඩා, 4,637 චීනය, 4,220  මෙක්ෂිකෝ, 3,952 තුර්කි, 3,529  ස්වීඩන්, 2,644  ඉන්දියාව 2,334  ඉක්වදෝරය, 2,305  රුසියාව, 2,169 පේරු, 1,872 ස්විස්ටර්ලන්තය, 1,497 අයර්ලන්තය, 1,184 පෘතුගාලය, 1,046 රුමේනියාව, 1,043 ඉන්දුනීසියාව.

  • එන්නතක් සොයා ගත්තත් කොවිඩ් ලෝකෙන් තුරන් වෙන්නෑ – WHO අනතුරු අඟවයි

    එන්නතක් සොයා ගත්තත් කොවිඩ් ලෝකෙන් තුරන් වෙන්නෑ – WHO අනතුරු අඟවයි

    අපේ නිර්දේශය නම් ඕනෑම රටකට පවතින අවදානම තවමත් ඉහළම මට්ටමින් පවතින බව සැලකිය යුතු බවයි – ලෝක සෞඛ්‍ය සංවිධානය

    නව කොරෝනාවෛරසය “කිසිදා තුරන් නොවිය හැකි” බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි. මෙම වෛරසය ලෝකයෙන් තුරන් වන්නේ කවදාදැයි අනාවැකි පළ කිරීමට දරන උත්සාහයට එරෙහිව මෙම අනතුරු ඇඟවීම කරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ, හදිසි අවස්ථා පිළිබඳ අධ්‍යක්‍ෂ, වෛද්‍ය මයික් රයන් විසිනි.

    බදාදා (මැයි 13) පැවති කරුණු පැහැදිලි කිරීමක දී ඔහු තවදුරටත් කියා සිටියේ එන්නතක් සොයා ගැනීමට හැකියාවක් ලැබුනත් වෛරසය පාලනය කිරීම සඳහා “අති විශාල පරිශ්‍රමයක්” දැරීමට සිදුවනු ඇති බවය.

    මේ වන විට නව කොරෝනාවෛරසය ආසාදනය වීම නිසා ලොව පුරා 300,000කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර මිලියන 4.3කට අධික පිරිසකට ආසාදනය වූ බවට තහවුරු වී තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මොනවාද?

    “මේ ගැන කතා කිරීම ඉතා වැදගත්. මේ වෛරසය අප අතර දිගටම පවතින තවත් වෛරසයක් බවට පත් විය හැකියි. එය කිසිදා ලොවින් තුරන් නොවන වෛරසයක් වෙන්නත් පුළුවන්.” ජිනීවා නුවර පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයක් අමතමින් වෛද්‍ය මයික් රයන් පැවසීය.

    “HIV තුරන් වෙලා ගිහින් නැහැ. නමුත් ඒ වෛරසයට මුහුණ දීම සඳහා අපි හැඩ ගැහුණා.”

    “මෙම වෛරසය අතුරුදහන් වන්නේ කවදාද යන්න පිළිබඳව” කිසිවෙකුට අනාවැකි පළ කළ හැකිවෙතැයි තමා විශ්වාස නොකරන බව ද හෙතෙම පැවසීය.

    මෙම වෛරසය ලෝකයෙන් තුරන් වන්නේ කවදා ද?
    මෙම වෛරසය ලෝකයෙන් තුරන් වන්නේ කවදා ද?

    එන්නත් සොයා ගෙන තිබියදීත්…

    මේ වන විට නව කොරෝනාවෛරසයට එරෙහිව එන්නත් 100කට අධික ප්‍රමාණයක් සංවර්ධනය වෙමින් පවතී.

    නමුත් එන්නත් සොයා ගෙන තිබියදීත් සදහටම තුරන් කිරීමට නොහැකි වූ සරම්ප වැනි රෝග තවමත් ඇති බව වෛද්‍ය රයන් සිහිපත් කළේය.

    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය Tedros Adhanom Ghebreyesus අවධාරණය කර සිටියේ පරිශ්‍රමයක් දැරීම තුළින් මෙම වෛරසය පාලනය කර ගත හැකි බවය.

    “ඉදිරි ගමන් මග තියෙන්නේ අපේ අතේ. එය හැම දෙනාගේම කාර්යභාරයක්. මේ වසංගතය නතර කිරීම සඳහා හැම දෙනාගේම සහයෝගය තිබිය යුතුයි,” ඔහු පැවසීය.

    වසංගතයෙන් මිදීමට කාලයක්

    මෙම මාධ්‍ය සම්මන්ත්‍රණය අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ මාරියා වැන් කර්කොෆ් ප්‍රකාශ කළේ මෙම වසංගතයෙන් මිදීමට කාලයක් ගතවනු ඇති බවට තේරුම් ගනිමින් ඒ සඳහා අපගේ මනස සකසා ගත යුතු බවය.

    ඔවුන් මෙම කරුණු ඉදිරිපත් කළේ ඇතැම් රටවල් සිය ලොක්ඩවුන් නීති ලිහිල් කරමින් සහ තම ආර්ථිකය නැවත විවෘත කළ යුත්තේ කවදාද හා කෙසේද යන්න පිළිබඳව රාජ්‍ය නායකයන් සැලකිලිමත් වෙමින් සිටින අතරතුරය.

    එන්නත් සොයා ගෙන තිබියදීත් සදහටම තුරන් කිරීමට නොහැකි වූ සරම්ප වැනි රෝග තවමත් ඇත
    එන්නත් සොයා ගෙන තිබියදීත් සදහටම තුරන් කිරීමට නොහැකි වූ සරම්ප වැනි රෝග තවමත් ඇත

    දෙවැනි වසංගත රැල්ලක්

    කෙසේ නමුත් ලොක්ඩවුන් නීති ලිහිල් කිරීමේදී දෙවැනි වසංගත රැල්ලක් ඇති නොවන බවට සහතිකයක් දිය හැකි ක්‍රමවේදයක් නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අනතුරු ඇඟවීය.

    “විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ මේ තත්වයෙන් මිදීමට බොහෝ රටවල් කැමති වේවි. නමුත් අපේ නිර්දේශය නම් ඕනෑම රටකට පවතින අවදානම තවමත් ඉහළම මට්ටමින් පවතින බව සැලකිය යුතු බවයි” ඔහු ප්‍රකාශ කළේය.

    මේ අතරතුර වෛද්‍ය මයික් රයන් ප්‍රකාශ කළේ “ලොක්ඩවුන් කිරීම හැම අතින්ම සාර්ථකයි කියන සහ ඒ නීති ඉවත් කිරීමෙන් සියල්ල ඉතා හොඳින් සිදුවේවි කියන අපූරු සිතුවිලි අසන්නට ලැබෙනවා. ඒ ක්‍රම දෙක තුළ ම අනතුර ගැබ්වෙලා තියෙනවා,” යනුවෙනි.

    විශාදය සහ මානසික රෝග

    මෙම වසංගත තත්වය හේතුවෙන් විශාදය සහ මානසික රෝග වැඩි වශයෙන් වාර්තාවන බවත් එය ප්‍රධාන වශයෙන් මානසික සෞඛ්‍යය සේවා සඳහා නිසි පහසුකම් නොමැති රටවලට බලපානු ඇති බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීය.

    එම නිසා මෙම වසංගතය මැඬලීම සඳහා සමස්ථ ක්‍රියාමාර්ග අතරට මානසික සෞඛ්‍ය සේවාවන් ද එක්කරන ලෙස එම සංවිධානය සියලු රටවල ආණ්ඩුවලින් ඉල්ලීමක් කළේය.

    කොරෝනා වෛරස් වසංගතය ලෝක මට්ටමින් මහජන මානසික ආතතියකට හේතු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පවසයි.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරනු පැහැදිලි කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ‘කොරෝනා වෛරසයට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රධාන කාර්යභාරයේ කොටසක් වශයෙන් මහජන මානසික සෞඛ්‍යය සඳහා ආධාර වෙන් කරන ලෙස ලෝකයේ රටවලින් ඉල්ලීමක් කළේය.

    ඒ පිළිබඳව බීබීසිය විසින් පළ කරනු ලැබ ඇති වීඩියෝ පටයකට අදහස් දක්වන පිරිසක් ඔවුන් ‘ලොක්ඩවුන් ‘ කාල සීමාවේ පසුවෙන තත්වය විස්තර කර තිබිණ.

    රාමදාන් සමයේ තමන්ට වෙනදාට වඩා වෙනත් ආකාරයකට ආගමික කටයුතුවල නිරතවීමට සිදු වූ බව ඔවුන් අතර වූ එක් කාන්තාවක් පවසන අතර, පවතින වාතාවරණය යටතේ, තමන්ට මානසික සායන සඳහා යොමුවීමට සිදුවූයේ අන්තර්ජාලය හෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ බවත් එහිදී සඳහන් විය.

    මෙම වාර්තාව අද (14) දින බී.බී.සී සන්දේශය වෙබ් අඩවියේ පළ වූවකි. කාලීනභාවය සලකා එය සම්පූර්ණයෙන්ම උපුටා ගෙන මෙහි පළ කරන ලදි – ප්‍රධාන සංස්කාරක

  • රාජ්‍ය ආයතන අතර නඩුහබ එපා – ජනපති

    රාජ්‍ය ආයතන අතර නඩුහබ එපා – ජනපති

    රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

    අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වැවිලි සහ කර්මාන්ත අංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    වැවිලි හා කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව දීර්ඝ කාලයක් පැවති ගැටළු නිරාකරණය සඳහා සාකච්ඡාව කැඳවා තිබිණි.

    රජයේ සහ අනුබද්ධ ආයතනවල පවතින ගැටළු නීති මාර්ගයට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. රාජ්‍ය දැව සංස්ථාව සහ රාජ්‍ය වැවිලි සමාගම අතර දීර්ඝ කාලයක් පැවති නීතිමය ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

    “රටට ආවේණික නොවන සහ පරිසර සංරක්ෂණයට අදාළ නොවන වන වගා ඉවත් කොට රටට ගැලපෙන වගා හඳුන්වාදීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට රාජ්‍ය ආයතන පවත්වා ගත යුතුය. ඒ සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේදී දීර්ඝ කාලයක් ගත යුතු නැත. ඒ ඒ ආයතන අතර අවබෝධයෙන් හා රාජ්‍ය ප්‍රතිපත්ති හඳුනාගෙන කටයුතු කිරීමෙන් බොහෝ ගැටළු විසඳා ගත හැකිය. රජය  නිවැරදි ප්‍රතිපත්තිමය තීරණයක් ගත් විට සියලුම රාජ්‍ය ආයතන එම ප්‍රතිපත්ති අනුව වැඩ කළ යුතුය. හරි දේ කිරීමට කිසිවිටෙක බාධාවක් තිබිය නොහැක. නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරකි. රාජ්‍ය නිලධාරියාගේ වගකීම ප්‍රශ්න විසඳීම මිස පැහැර හැරීම නොවන බව” ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    වසර ගණනාවක් තිස්සේ එතනෝල් ආනයනය නිසා රටේ ආර්ථිකයට විශාල හානියක් වූ බැවින් එය නතර කිරීමට පියවර ගත් බව පෙන්වා දුන් ජනාධිපති රාජපක්ෂ මහතා පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ බලපෑම්වලට යටත් වී එම තීරණය වෙනස් නොකරන බව ද කීය.

    අනුබද්ධ ආයතන අතර පවතින ගැටළු නිසි පරිදි සාකච්ඡාවට නොගැනීමෙන් නඩු මගට යෑමට රජයේ ආයතනවලට සිදුව ඇති බවද මෙහිදී හෙළි විය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නඩු 800ක් පමණ ගොනු කර ඇති අතර ඉන් 300 ක් පමණ වැවිලි සමාගම් සමග බවද හෙළි විය. අමාත්‍ය රෙමේෂ් පතිරණ මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ

  • කොවිඩ් ආසාදිතයින් 925වෙද්දී ජනතාවට යුද්ධ හමුදාපතිගෙන් ආයාචනයක්

    කොවිඩ් ආසාදිතයින් 925වෙද්දී ජනතාවට යුද්ධ හමුදාපතිගෙන් ආයාචනයක්

    අද (14) දින ප.ව. 17.05 වන විට ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 925 දක්වා වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි.

    එහි දැක්වෙන්නේ අද දින ප.ව. 17.05 වන විට වාර්තා වී ඇත්තේ 01 ආසාදිතයෙක් බවයි. ඒ අනුව මේ වන විට 462 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර විමර්ශන යටතේ 108 දෙනකු සිටීයි. 445 දෙනකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

    ඉදිරි සති 2ක තීරණාත්මකයි – හමුදාපති 

    මේ අතර ඉදිරි සති  දෙක තුළ  ඉතාමත් තීරණාත්මක බැවින් මහජනයා  සෞඛ්‍ය  උපදෙස් අනුව කටයුතු කළහොත්  කෝවිඞ් වසංගතය ශි‍්‍ර ලංකාවේන්   සදහටම තුරන් කළ හැකි බව හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

    රටේ  තීරණයාත්මක ඉදිරි සති දෙක සම්බන්ධයෙන් මාධ්‍ය  විමසුමකට පිළිතුරු දෙමින් හමුදාපතිවරයා මේ බව සදහන් කළේය.

    මේ වන විට කොවිඩ්-19  ආසාදිතයන් වාර්තා වන්නේ  විවෘත සමාජයෙන් නොව නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයන්ගෙන්  පමණක් බවත් ජනාධිපති ප‍්‍රමුඛ රජය, සෞඛ්‍ය අංශ ඇතුළු සියලූ දෙනා  කැපවීමෙන්  කටයුතු කළේ විවෘත සමාජයෙන් නොව  නිරෝධාන මධ්‍යස්ථාන වලින් පමණක්   රෝගී හමුවීමට  සදහා   බලා ගැනීමට  බවත් එම තත්ත්වයට දැන් රට පත්ව ඇති බව ද යුද්ධ හමුදාපතිවරයා සදහන් කළේය.

    මේ තත්ත්වය තුළ ඉදිරි සති දෙක ඉතාමත් තීරණාත්මක බැවින්  සමස්ත   ජනතාව   ඉතාමත් වගකීමෙන්  කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද යුද්ධ හමුදාපතිවරයා සදහන් කළේය.

    ජනතාව වෙනුවෙන් පනවා තිබු  සීමා ක‍්‍රමයක් ක‍්‍රමයෙන්  ලිහිල්  කරමින්   තිබෙන අවස්ථාවක  මහජනයා  හා වගකීමෙන් කටයුතු කළ යුතු බවත්  මහජනයා සෞඛ්‍ය  උපදෙස් කි‍්‍රයාත්මක නොකළහොත්  මෙතෙක් කාලයක් මහත්  කැපවීමෙන්  ලබාදුන් ජයග‍්‍රහනය ගිලිහී යන බවද හමුදාපතිවරයා වැඩිදුරත් සදහන් කළේය.

  • බැංකු ප්‍රධානීන්ට ‘තිත්ත ඉල්ලීමක් ජනපති කරයි’

    බැංකු ප්‍රධානීන්ට ‘තිත්ත ඉල්ලීමක් ජනපති කරයි’

    COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටී.

    “කොරෝනා වෛරසය අපේ පාලනය යටතේ තබා ගැනීමට රජයට හැකි වුණා. දැන් තිබෙන ලොකුම අභියෝගය කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීම. ඇඟළුම් කර්මාන්තය යථා තත්වයට පත්වන්නට තව බොහෝ කාලයක් යාවි. සංචාරක ව්‍යාපාරයේත් සිදුව ඇත්තේ බරපතළ පසුබැස්මක්. අහිමි වූ ආදායම සහ රැකියා සංඛ්‍යාව ඉතා විශාලයි. පැරණි ආනයන ක්‍රමය තවදුරටත් ගෙන යන්න බැහැ. අප නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු විය යුතුයි. ඒ සඳහා සක්‍රීය ලෙස දායකවීමට බැංකු ක්ෂේත්‍රයට පිළිවන්” යැයි ජනපතිවරයා සඳහන් කරයි.

    පශ්චාත් කොරෝනා සමයේ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය උදෙසා සම්පාදිත වැඩසටහනට බැංකු ක්ෂේත්‍රය හවුල් කර ගැනීම සහ එහිදී බැංකු ක්ෂේත්‍රයට මතුව ඇති ගැටළු සාකච්ඡා කිරීම පිණිස අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය. මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ප්‍රමුඛ නියෝජ්‍ය අධිපතිවරු, රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ බැංකු සභාපතිවරු සහ ප්‍රධාන විධායක නිලධාරීහූ ඊට එක්ව සිටියහ. 

    කොරෝනා උවදුර ජය ගැනීම සඳහා සෞඛ්‍ය අංශය ඇතුළු පාලන තන්ත්‍රයේ සෑම පාර්ශ්වයක්ම මහත් කැපවීමෙන් වැඩකළ බව කී ජනාධිපතිවරයා බැංකු ක්ෂේත්‍රයෙන්ද එවැනිම දායකත්වයක් අපේක්ෂා කරන බව පැවසීය.

    දැන් ප්‍රමුඛතම අවශ්‍යතාව නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ඒ සඳහා ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර රැසක් පවතී. තේ වගාව ඇතුළු වැවිලි කර්මාන්තය, කුඩා සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදන, නිවාස සහ වෙනත් ඉදිකිරීම් කෘෂිකර්මය ආශ්‍රිත නිෂ්පාදන වටිනාකම එකතු කළ කුරුඳු, ගම්මිරිස් වැනි බෝග වර්ග ඉන් කිහිපයකි. මේ ක්ෂේත්‍රවල ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා පහසු කොන්දේසි යටතේ ණය සපයන්නැයි ජනාධිපතිවරයා බැංකු ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

    “වාහන සහ ප්ලාස්ටික භාණ්ඩ ආදිය ආනයනය සඳහා ණය දී පහසුවෙන් ලාභ උපයා ගැනීමේ රටාව තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ. වැඩිපුර ණය සම්පාදනය කළ යුත්තේ අලුතින් හඳුනාගත් ප්‍රමුඛතා සඳහා. එසේ නැතිව ජනතාවටත්, ව්‍යාපාරිකයන්ටත් පැවැත්මක් නැහැ. ගොවීන් වැඩි පොළියට වෙළෙඳුන්ගෙන් ණය ගත් විට ඔවුන් වෙළෙඳුන්ගේ ග්‍රහණයට සහ සූරාකෑමට ලක් වෙනවා. එය හැම අතින්ම හානිකරයි. මහ ව්‍යාපාරිකයින්ට සේම සුළු ව්‍යාපාරිකයන්ට සහ ගොවීන්ටත් බැංකු උදව් කළයුතුයි. ”. යනුවෙන් සඳහන් කළ ජනාධිපතිවරයා ණය දුන් පසු ඉන් ප්‍රයෝජන ගන්නා ආකාරය නිරතුරුව විමර්ශනය කළයුතු බව පෙන්වා දුන්නේය.

    අතීතයේ දී බැංකුවලින් ණය ගෙන නොගෙවා පැහැර හැර ඇති වැඩිදෙනා දුප්පතුන් නොව ධනවතුන් යැයි ජනපතිවරයා කීය. මධ්‍යම පාන්තිකයන් උදෙසා නිවාස ඉදිකොට සහන මිලට ඒවා බෙදාදීමට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ප්‍රතිඥා දුන් බව සිහිපත් කළ ජනාධිපතිවරයා එවැනි අවස්ථාවල මධ්‍යම පාන්තිකයනට අඩු පොළියට ණය දීමේ වැදගත්කම අවධාරණය කළේය.

    සාකච්ඡාවට සහභාගී වූ බැංකු නියෝජිතයෝ ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය පළ කළහ. ඔවුන් බැංකු ක්ෂේත්‍රය මුහුණපාන ගැටලු කිහිපයක් ඉදිරිපත් කළ අතර, මහ බැංකුව සමග සාකච්ඡා කොට ඒවා නිරාකරණය කර ගැනීමට එකඟත්වය පළ විය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ  ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ.