Tag: featured

  • ආණ්ඩුව ජල බිල්පත්, විදුලි බිල්පත් දෙගුණ කරලා ජනතාව මත බර පටවලා –  මනුෂ

    ආණ්ඩුව ජල බිල්පත්, විදුලි බිල්පත් දෙගුණ කරලා ජනතාව මත බර පටවලා – මනුෂ

    ආණ්ඩුවේ අසාර්ථකභාවය වසා ගැනීමට විපක්ෂයේ දේශපාලඥයින් දඩුවම් කරන බවත්, රාජපක්ෂ කදවුරේ අයෙක්ට ඇප ලැබුණ විට එක් ආකාරයකටත්, විපක්ෂයේ අයෙක්ට ඇප ලැබුණ විට තවත් ආකාරයකටත් කටයුතු කරන බවත්  ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ අපේක්ෂක මනුෂ නානායක්කාර පැවුසවේය.

    සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේදී පැවති අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය.

    රාජිත‌ සේනාරත්නට ලබාදී තිබූ ඇප අවලංගු කිරීම සදහා ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරමින් ඔහු නැවත වරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඇප ලබාදුන් විට, ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවට අදාලව ඇප ලබාදුන් විට නීතිපති දෙපාර්තමේන්තුව ඒ සදහා ප්‍රතිශෝධන අයදුම්පත් ඉදිරිපත් කළාද? උදයංග වීරතුංග මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප ලබාගත් විට විමර්ශණ අවසන් නොමැති බව කියමින් ඔහුගේ ඇප ලබාදීමට විරුද්ධව ප්‍රතිශේධන අයදුම්පත් ඉදිරිපත් නොකළේ ඇයි? මේ සියල්ලම සිදුවන්නේ දේශපාලන අවශ්‍යතාවය මත, කොරෝනා අතරේ දේශපාලන දඩයමක් සිදුකරනවා.

    මේ වන විට මංගල සමරවීර හිටපු ඇමැතිවරයාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සදහා කැදවා තිබෙනවා. කොරෝනා වසංගතය වසන්තයක් කරගෙන මැතිවරණයක් කරන්න ආණ්ඩුව උත්සාහ ගත්තා. කොරෝනා වසංගතය, වසංගතයක් කරගැනීමට ජනතාව ආණ්ඩුවට ඉඩ ලබා නොදෙන විට, ආණ්ඩුව අසාර්ථක වන විට විපක්ෂය මර්දනය කරමින් බලය ලබාගැනීමේ නින්දිත වැඩපිළිවෙක් තමයි ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ.  ඇප ලැබුණේ රාජපක්ෂ කදවුරේ සිටින අයෙක්ට නම් නීතිය එක ආකාරයටත්, විරුද්ධ පාර්ශවයේ අයෙක් නම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ වෙනස් විදියකටයි.

    රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයාට විරුද්ධව කළුතර දිස්ත්‍රික්කයේ ඇමැතිවරයෙක් මාධ්‍යයට ඇවිත් කතා කරනවා. රාජිත සේනාරත්න රෝහල් ගත වේවි කියලා ඔහු කියලා තිබුණා. ඒත් රාජිත සේනාරත්න අධිකරණයට ගොස් භාර වුනා. අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට එන්න කියලා කිව්වම නයා කෑවා කියලා රෝහල් ගත වුන අය තමයි මේ වගේ ප්‍රකාශ කරන්නේ. මෑත කාලයේදී නඩු එනවිට ලෙඩ වෙනවා, බෙහෙත් ගන්න සිංගප්පූරු යනවා, රෝහල් ගත වෙනවා. මිග් ගනුදෙනුව, සොහොන් හදපු නඩුව එන විට තමන් වැරදි යැයි දැනගෙන නඩු කල් දමාගත්තා. ඒ සදහා පසුගිය රජයෙනුත් යම් යම් සහායන් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. නඩුවලින් වැරදිකාරයින් විය යුතු අය, සිර ගෙවල්වල සිටිය යුතු අය ජනාධිපති පුටුවට එන්න පුලුවන් වුනේ මේ නිසා තමයි.

    මැතිවරණයට ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක අමාත්‍යාංශ හතකට ලේකම්වරු පත් කර තිබෙනවා. ඒක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්.  පසුගියදා පත් කළ අමාත්‍යාංශ ලේකම්වරු හත් දෙනාගෙන් දෙදෙනෙක්ම හමුදා සාමාජිකයින්. සක්‍රීය හමුදා සේවයේ සිටින අයෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරයට පත් කර  තිබෙන්නේ ඇයි? මැතිවරණය පැවැත්වීමට හැකිද, නැද්ද යන්න තීරණය කිරීමට සෞඛ්‍ය අංශයේ නිර්දේශය අවශයයි. තමන්ට අවශ්‍ය නිර්දේශ ලබාගැනීමට තමයි සක්‍රීය හමුදා සේවයේ සිටින අයෙක් මේ තනතුරට පත් කර තිබෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පත් කරන්න තිබුණානේ. ඔහු වැනි දක්ෂ නිලධාරීන් පත් නොකර අමාත්‍යාංශ මිලටරීකරණය කරන්නේ ඇයි කියලා අපි ප්‍රශ්ණ කරනවා.

    කොරෝනා වසංගතය එක්ක ආණ්ඩුව ගමේ දේශපාලඥයින්ට අවශ්‍ය ආකාරයට රුපියල් පන්දාහක දීමනාවක් ලබාදුන්නා. දෙවැනි වටයේ ලබාදීමටත් දැන් සූදානමින් ඉන්නේ. මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඉතිරි රුපියල් පන්දාහ ලබාදීමට කටයුතු කිරීමට තමයි සූදානමින් සිටින්නේ. මැතිවරණ කොමිසම තවත් මාසයකින් විතර මැතිවරණය කල් දැම්මොත් ජනතාවට තවත් රුපියල් පන්දහසක් ලබාගැනීමට හැකියි. ආණ්ඩුව මේ රුපියල් පන්දහස ලබාදෙන්නේ දේශපාලන අල්ලසක් විදියටයි. දේශපාලන අල්ලසක් ලෙස නොව ජනතාවගේ අවශ්‍යතාවය අනුව මාසයකට පවුලකට රුපියල් විසිදහක මුදලක් ලබාදෙන්න කියලා බල කරනවා.

    මේ වසංගත තත්වය නිසා පීඩාවට පත්වූ ජනතාවට සහනයක් ලෙස ජල බිල්පත් හා විදුලි බිල්පත් ආණ්ඩුව විසින් දරාගන්න කියලා සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළා. මේ ඉල්ලීම කරන විට ජනතාවට ජල බිල්පතයි, විදුලි බිල්පතයි දෙගුණ කරලා තමයි දැන් ලැබී තිබෙන්නේ. මේකට විරෝධයක් ආවාම වැරදිලා විදුලි බිල්පත දෙගුණ වෙලා ඇවිත් කියලා ඇමැතිවරයා කියලා තිබුණි. මේවා හරියට දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා වගේ දෙයක්.

    රැකියා අහිමිවූවන්ට සහන ලබාදෙන්න කියලා අපි ඉල්ලීම් කළා. මේ ඉල්ලීම කරන විට කැබිනට් ප්‍රකාශකයා කියන්නේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුපෙන් භාගයක් ගෙවීමට අවසර ලබාදුන් බවයි. මේක සමාගම්වලට කිසිදු සොයා බැලීමකින් තොරව තමන්ගේ සේවකයින්ගේ වැටුප අඩ වැටුපක් බවට පත් කිරීමට තමයි අවසර ලබාදී තිබෙන්නේ. එක පැත්තකින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප දෙන්න කියලා ජනාධිපති ලේකම්වරයා ඉල්ලීම් කරන විට පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුපෙන් අඩක් කපා ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

    රාජ්‍ය  සේවකයින්ගේ වැටුප පරිත්‍යාග කරන්න කියලා ඉල්ලුවේ ඉල්ලීමක් විදියට කියලා කිව්වට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක චක්‍රලේඛයක් ඉදිරිපත් කරමින් වැටුප් කපා හැරීමට ඉල්ලීම් කර තිබෙනවා. රාජ්‍ය ආයතන ගණනාවක වැටුප් කප්පාදු කිරීම් සිදුවෙනාව. මේ වන විට ඌව පළාතේ සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කපා හැරලා තිබෙනවා. සේවකයින්ගේ කැමැත්තකින් තොරව මේ වැටුප් කපාහැරීමට විරෝධය එල්ලවී තිබෙනවා.

    මේ වන විටත් සංචාරක ක්ෂේත්‍රයේ කඩා වැටීමට නිසි විසදුමක් ලබාදී නෑ. ඒ වගේම ව්‍යාපාරිකයින්ට තමන්ගේ ව්‍යාපාර නගාසිටුවාගැනීම සදහා ආණ්ඩුවෙන් කිසිම සහනයක් ලබාදී නැහැ. මුලින්ම ආණ්ඩුව පුරාජේරුවකට පුද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට මාස හයක ණය විරාමයක්, සියයට හතරක ණය මුදලක් ලබාදෙනවා කියලා කිව්වා. මොන ආයතනයද, මොන බැංකුවද මේ සියයට හතරේ ණය ලබාදී තිබෙන්නේ කියලා අපි ප්‍රශ්ණ කරනවා. මේ ණය ලබාගැනීම සදහා වත්කම් ඉදිරිපත් කිරීමට සිදුව තිබෙනවා. මේ නිසා ව්‍යාපාරිකයින්ට සහන ලබාදීමේ වැඩපිළිවෙත් අසාර්ථක වෙලා තිබෙනවා.

    පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් භාගයක් කපන ආණ්ඩුව, රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඉල්ලන ආණ්ඩුව කිසිදු හිරිකිතයකින් තොරව කොමිස් ලබාගැනීමට අධිවේගී මාර්ග ඉදිරිකීමට බිලියන තිස් දෙකක මුදලක් ණය ලබාගැනීමට සූදානම් වෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ණය සීමාව ඉක්මවා මුදල් ලබාගැනීමට උත්සාහ ගන්නවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව ජනාධිපතිවරයාට මුදල් වියදම් කිරීමට නොහැකි අවස්ථාවක ව්‍යවස්ථා විරෝධි ආකාරයට මුදල් වියදම් කිරීමට කටයුතු කරන නිසා තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම ගැන කතා කරන්නේ. මේ විදියට මුදල් වියදම් කළොත් දේශපාලඥයින් තමන්ගේ පුරවැසිභාවය තිබෙන වෙන රටවල්වලට යාවි. ඒවට අමාත්‍යාංශ ලේකම්වරුන්ට තමයි වගකීමට සිදුවන්නේ. මේ නිසා තමයි රැජ්‍ය නිලධාරීන් බිය වී තිබෙන්නේ.

    කොරෝනා වංසගතය නැවත වරක් හිස එසවිමට පුලුවන් මේ නිසා ඉක්මනින් ඡන්දය පැවැත්විය යුතු යැයි කියනවා. ඡන්ද පත්‍රිකා තැටියක දාලා රත් කරලා ඡන්දය තියන්න පුලුවන් කියලා විමල් වීරවංශ අමැතිවරයා කියාල තිබෙනවා. ජනතාවට මොනවා වුනත් කමක් නෑ, කොහොම හරි ඡන්දය තියන්න ඔ්න කියලා හිතන ඇමැතිවරු තමයි මේ ඉන්නේ. මේ වෙලාවේ ජනතාව, ජනතා විරෝධී ආණ්ඩුව ගැන තීරණයක් ගැනීමට බලාගෙන ඉන්නේ

    මේ වෙලාවේ ගමේ ගොවියා කබලෙන් ලිපට වැටිලා. ගොවියාගේ නිශ්පාදන අලෙවි කරගැනීමට නොහැකිවී තිබෙනා පමණක් නොවෙයි, වී ගොවියාට බරපතල පොහොර හිගයකට මුහුණදීමට සිදුව තිබෙනවා. මේවාට විසදුම් ලබාදීමට ආණ්ඩුව කිසිම පියවරක් ගෙන නෑ.

    රට විවෘත කළාට ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නෑ. ආණ්ඩුවත් එක්ක වියතුන් ඉන්නවා කිව්වානේ. මේ වියතුන් එකතු කරගෙන ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන්, රටේ ආර්ථිකය නැවත ගොඩනැංවීම සදහා අවශ්‍ය කටයුතු කරන්න කියලා අපි ආණ්ඩුවට බල කර සිටිනවා. 

  • බ්‍රසීලයෙන් – ඉරානයෙන් නව තානාපතිවරු – ඉන්දීය නව මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ

    බ්‍රසීලයෙන් – ඉරානයෙන් නව තානාපතිවරු – ඉන්දීය නව මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ

    ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් අද (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

    වීඩියෝ සම්මන්ත්‍රණයක් මගින් සිදු කළ අක්තපත්‍ර ප්‍රදානය ඓතිහාසික අවස්ථාවකි. අන්තර්ජාල තාක්ෂණය භාවිතයෙන් මෙවන් ගම්භීර උත්සවයක් ශ්‍රී ලංකාවේ පැවති පළමු අවස්ථාව මෙයයි.

    COVID- 19 වසංගතය හමුවේ උද්ගතව ඇති අර්බුදය නිමවන තෙක් අක්තපත්‍ර ප්‍රදාන උළෙල කල් දමනවා වෙනුවට කලින් සූදානම් කළ පරිදි පවත්වන ලෙස රාජපක්ෂ මැතිතුමා විසින් උපදෙස් දී තිබිණි.

    මෙය දැනට උද්ගතව ඇති ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව අනුගත වී ඇති නව ක්‍රමවේදවලින් එකකි. එහි ප්‍රතිඵලයක් ලෙස ලෙස වෛරසය පැතිරීම සාර්ථකව පාලනය කරන අතරතුර සමාජයීය හා ආර්ථික වශයෙන් මෙන්ම දැන් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ද ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.

    අද පැවති කෙටි උත්සවයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් කැමරාව ඉදිරියේ  සිය අක්තපත්‍ර ජනාධිපතිතුමාට භාරදුන් අතර පසුව ජනාධිපතිතුමා විසින් ඔවුන් පිළිගනු ලැබීය.

    අද  අක්කපත්‍ර භාරදුන් රාජ්‍යතාන්ත්‍රිකයන් වන්නේ

    1. Mr. Sergio Luiz Canaes – Ambassador- designate of the Federative Republic of Brazil based in Colombo –   සර්ජියෝ ලියිස් කනේස් මහතා – ශ්‍රී ලංකාවේ බ්‍රසීල සන්ධීය ජනරජයේ තානාපති

    2. Mr. Hashem Ashjazadeh –  Ambassador- designate of the Islamic Republic of Iran based in Colombo – හෂෙමි අෂ්ජාසාදේ මහතා – ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති

    3. Mr. Gopal Baglay –  High Commissioner- designate of the Republic of India based in Colombo –  ගෝපාල් භාග්ලේ මහතා -ශ්‍රී ලංකාවේ ඉන්දියානු ජනරජයේ මහකොමසාරිස්

    අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආර්යසිංහ සහ විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • කොළඹ – ගම්පහ ඇඳිරි නීතිය දිගටම – ඉරිදා මුළු රටටම ඇඳිරි නීතිය

    කොළඹ – ගම්පහ ඇඳිරි නීතිය දිගටම – ඉරිදා මුළු රටටම ඇඳිරි නීතිය

    ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනයක් අද (14) දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇත. එහි සදහන් වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බවත් සෙසු දිස්ත්‍රීක්කවල ලබන 16, සෙනසුරාදා තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි.

    එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

    මැයි 17, ඉරිදා මුළු දවසම දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

    කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය  මැයි 18, සඳුදා අලුයම 5.00 ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණි.

    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී ජන ජිවිතය සහ ආර්ථික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙළ ලබන 16 සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කොට මැයි 18 සඳුදා සිට නැවත ඉදිරියට ගෙන යනු ලැබේ.

    කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.

  • “OTP Hack” නමින් සමාජයේ පැතිරෙන දුර්මත පිලිබදව විමසිලිමත් වන්න

    “OTP Hack” නමින් සමාජයේ පැතිරෙන දුර්මත පිලිබදව විමසිලිමත් වන්න

    දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 factor authentication සක්‍රිය කොට තිබෙනා සමාජ මාධ්‍ය ගිණුම් වලට පිවිසීමේදී පිවිසෙන්නාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට භාවිතා කරනු ලබන OTP නොහොත් එක් වරක් පමණක් භාවිතා කළහැකි මුරපද තෙවන පාර්ශවීය SMS සේවා සපයන සමාගමක් හරහා පැමිණීමේදී ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් වෙනත් පාර්ශවයකට නතුවීමකට හැකිය යන්නෙන් මේ දිනවල සමාජයේ දුර්මත පැතිරෙමින් පවතී.

    යම් පාර්ශවයකට OTP අංකයක් ලැබීමෙන් පමණක් ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට පිවිසීමට නොහැකි අතර ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට පිවිසීමට නම් එම පාර්ශවයට ඔබගේ සමාජ මාධ්‍ය පරිශීලක නාමය, මුරපදය හෝ ඔබ සමාජ මාධ්‍ය ගිණුම් වලට යොදා ඇති ජංගම දුරකථන අංකය සතුවිය යුතුය. 

    මෙලෙස සමාජයේ පැතිරයන දුර්මත කෙරෙහි විමසිල්ලෙන් පසුවන ලෙසත් දෙවන සාධක සත්‍යාපනය සදහා යම් පුද්ගලයෙකු SMS පණිවිඩ හරහා එක් වරක් පමණක් භාවිතා කළහැකි මුරපද ඔබගේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීම ආරක්‍ෂිත නොවේ යැයි සිතන්නේ නම් එම පුද්ගලයාට google authenticator , microsoft authenticator වැනි ජංගම දුරකථන යෙදුම් හරහා OTP අංක ලබාගැනීමක් සිදුකළහැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම්දෙමු.

  • මුහුදු මහා විහාරයට හිමිව තිබූ අක්කර 42ක පුරාවස්තුවලට දැන් වග කියන්නේ කවුද ?

    මුහුදු මහා විහාරයට හිමිව තිබූ අක්කර 42ක පුරාවස්තුවලට දැන් වග කියන්නේ කවුද ?

    අක්කර 72 ක් ගැසට් කර තිබූ මුහුදු මහා විහාර භූමිය වර්තමානයේ අක්කර 30ක් ලෙස ගැසට් වූ පසු ඉතිරි අක්කර 42 තුළ ඇති පුරාවස්තු වලට සිදු වන්නේ කුමක්දැයි ‘හෙළ බොදු සවිය සංවිධානය පුරාවිද්‍යා බලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි.

    එහි සභාපති බුදුගල ජිනවංශ හිමි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේද සදහන් කරයි.

    අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටි මුහුදු මහා විහාරය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරයකි. ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වන සෙනරත් පරණවිතාන මහතා  මුහුදු මහා විහාරය පුරාවිද්‍ය සාක්ෂි සමග අක්කර 72 ක් 1951-01-26 වන දින අංක 10205 දරණ ගැසට් පත්‍රය මගින් මූලික පිඹුරු අංක 6392 යටතේ අංක 01 ඉඩම් කැබැල්ලට අයත් වන ලෙස මුහුදු මහා විහාරය පුරාවිද්‍යා භූමියක් බවට ගැසට් කර ඇත.

    ඉන්පසුවද 1965-05-28 දින අක්කර 30 ක් පමණ මුහුදු මහා විහාරයට වෙන් කර ගැසට් කර ඇත. පසුව කලින් කල  විහාරයට අයත් බිම් කොටස් මුස්ලිම් ජනතාව විසින් අල්ලා ගැනීමෙන් පසු මෙම ඓතිහාසික භුමියෙන්  දැනට ඉතිරි වී ඇත්තේ අක්කර 08-10 ත් අතර භූමි ප්‍රමාණයකි. මෙවැනි තත්වයක් තුල වත්මන් ආණ්ඩුවද 2020 මැයි මස 14 දින මෙම බිම් ප්‍රමාණය අක්කර 30ක් ලෙස ලෙස ගැසට් කිරීමට තීරණය කර ඇත. මුළු අක්කර 72 ක් වූ බිම් ප්‍රමාණයෙන් අක්කර 30ක් ගැසට් කළ පසු ඉතිරි වන අක්කර 40ක පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති  පිලිම/නටබුන් මංකොල්ල කෑමට උත්සාහ කිරීමක්ද යන්න සමස්ථ රටවැසියාට මතුවන ගැටළුවකි.

    පුරාවිද්‍යා කොමසාරිස්‌තුමනි, මුහුදු මහා විහාර භූමියේ අයිතිය තහවුරු කරන 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරුපත පිළිබඳ ඔබ දැනුවත් යැයි අප විශ්වාස කරමු. එසේ නොමැති නම් ඒ පිළිබඳ ඔබ දැනුවත් වන ලෙස  අප ඉල්ලා සිටිමු.  ඒ අනුව විහාරභූමියට අයත් ප්‍රදේශය සංරක්‌ෂණය නව නීති අවශ්‍ය නොවන බව පැහැදිලිය. ඔබ ඒ පිළිබදව වත්මන් ඇමැතිතුමන් දැනුවත් කරනු ඇතැයි අප සිතමු. අප අවධාරණයෙන් පවසා සිටිනුයේ මෙම ඓතිහාසික භූමියට නීතියෙන් උරුම කර දී ඇති අයිතිය පමණක්‌ බෞද්ධයන්ට ලබාදෙන ලෙස පමණකි. මුහුදු මහා විහාරයේ උරුමය රැක ගැනීම වෙනුවෙන් අපි නිරතුරුව අවධියෙන් සිටින බව දන්වා සිටිමු.

  • විදුලි බිල්පත් ගෙවීමට සහන හිමිවන්නේ මෙහෙමයි !

    විදුලි බිල්පත් ගෙවීමට සහන හිමිවන්නේ මෙහෙමයි !

    විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සදහා නියමිත සහන කාලය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගෙන ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (14) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම නිවේදනයේ දැක්වෙන්නේ දැනටමත් ප්‍රමාද වී ඇති මාස සදහා නිකුත් කෙරෙන බිල්පත් සදහා කඩිනමින් ගෙවීම් කිරීමෙන් විදුලි පාරිභෝගිකයින්ට ලංවිම හා ලෙකො ආයතනයේ මුල්‍ය තත්ත්වය යහපත් ලෙස පවත්වාගැනීමට සහාය විය හැකි බවයි.

     ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ.

    මේ සම්බන්ධයෙන් සකස් කල උපමාන ලංකා විදුලිබල මණ්ඩලයට (ලංවිම) හා ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකො) විසින් ක්‍රියාවට නගනු ඇත.  බිල්පත් නිකුත් කිරීම ප්‍රමාද වුවද සහන මිලට ලැබෙන විදුලි ඒකක ප්‍රමාණය (ආනුපාතික ක්‍රමයට අනුව) විදුලි පාරිභෝගිකයාට හිමිවන ආකාරයටම බිල්පත් ගණනය කිරීමට හා බිල්පත් ගෙවීම සදහා සාධාරණ කාල සීමාවක් ලබාදීමට අදාල වන පටිපාටි ලංකා විදුලිබල මණ්ඩලයේ හා ලංකා විදුලි පුද්ගලික සමාගමේ යෝජනා මෙන්ම ඇතැම් පාරිභෝගිකයින්ගේ පැමිණිලි ද සැළකිල්ලට ගෙන සකස් කරන ලදී.  

    එසේම නිරෝධායන ඇදිරි නීති කාලය තුලදී විදුලි බිල්පත් ආදායම් නොලබිමින් වුවද ලංවිම හා ලෙකො යන ආයතන විදුලි පාරිභෝගිකයාට අඛණ්ඩව විදුලි සැපයුම ලබා දී ඇත. ඉදිරියේදී අඛණ්ඩව ගුණාත්මක විදුලි සේවාවක් ලබාදීම සදහා මෙම ආයතන වල මුල්‍ය තත්වය යථා තත්වයට පත් කල යුතු වේ. දැනටමත් ප්‍රමාද වී ඇති මාස සදහා නිකුත් කෙරෙන බිල්පත් සදහා කඩිනමින් ගෙවීම් කිරීමෙන් විදුලි පාරිභෝගිකයින්ට ලංවිම හා ලෙකො ආයතනයේ මුල්‍ය තත්වය යහපත් ලෙස පවත්වාගැනීමට සහාය විය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

    ඇදිරි නීති කාලය තුළ නියමිත බිල්පත් සකස්කිරීමේදී පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි බිල්පත් ගණනය සදහා පහත සදහන් නිර්දේශ ක්‍රියාත්මක වේ.

    1. නිරෝධායන ඇදිරි නීතිය ආරම්භවීමෙන් පසුව හා අවසාන මනු කියවීමෙන් පසුව නිකුත් කෙරෙන සියළුම බිල්පත් පෙර පරිදිම මාසික පදනම මත හා සහන විදුලිගාස්තු හිමිකම (ආනුපාතික ක්‍රමය  පදනම්) ද තහවුරු කරමින් ඒ ඒ මාසය සදහා වෙන් වෙන් බිල්පත් වශයෙන් නිකුත් කෙරේ..

    2. එසේ නිකුත් කරනු ලබන වෙන් වෙන් බිල්පත් ගෙවීම සදහා පාරිභෝගිකයාට ලබාදෙන සහන කාලය ලංවිම සහ ලෙකො විසින් ප්‍රසිද්ධියට පත්කර සියලු විදුලි පාරිභෝගිකයින් වෙත දන්වනු ලැබේ. ඒ අනුව අදාල සහන කාලය හා කොන්දේසි ප්‍රකාශයට පත් කරන තුරු මෙම බිල්පත් නොගෙවීම සම්බන්ධයෙන් විදුලිය විසන්ධි කිරීම් සිදු නොකෙරෙනු ඇත.

    3. අවසාන මනු කියවීම හා ඉදිරි මනු කියවීම අතර කාලය මාසයක් හෝ ඊට වැඩි කාලයක් විය හැකි ය. ඒ අනුව එම කාලය තුල සමස්ත පරිභෝජනය (විදුලි ඒකක ප්‍රමාණය) සමාන කාල පරිච්ඡේද සදහා සමාන ඒකක ගණනක් බෙදීයන පරිදි (ආනුපාතික ක්‍රමය හෙවත් සහන විදුලි ගාස්තු හිමිකම තහවුරු කරමින්) බිල්පත් සකස් කෙරේ.  එවිට මාස කීපයක් තුල විදුලි පාරිභෝගිකයා විසින් පරිභෝජනය කල සමස්ත විදුලි ඒකක ප්‍රමාණය ඉතා ආසන්න වශයෙන් ඒ ඒ මාසය සදහා වෙන්කර සාධාරණ පරිදි බිල්පත සකස් කල හැකි වේ.  මේ අතර ඇතැම් පාරිභෝගිකයින්ට මේ වන විටත් මනු කියවීමකින් තොරව ඇස්තමේන්තු ගත බිල්පත් ලැබී තිබිය හැකිය. මෙම ඇස්තමේන්තුගත බිල්පතේ සදහන් විදුලි ඒකක ප්‍රමාණය හා මනු කියවීමෙන් පසුව නිකුත් කරන බිල්පතේ ඒකක ප්‍රමාණය අතර වෙනසක් වෙතොත් එම වෙනස ඊළග බිල්පත් කියවීමෙන් පසුව  සංශෝධනය කෙරේ. එවැනි සංශෝධන ඇත්නම් පමණක් ඉදිරි බිල්පත් වලට ඇතුළත් කර එවැනි සංශෝධන පිළිබද පාරිභෝගිකයා වෙත දැන්වනු ලැබේ.

    4. නිකුත් කර ඇති බිල්පත් හෝ ඉදිරියේදී නිකුත් කරනු ලබන බිල්පත් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වී ඇති අවස්ථාවලදී එම විදුලි සම්බන්ධතා විසන්ධි නොකෙරේ. ලංවිම හා ලෙකො විසින් එවැනි පාරිභෝගික පැමිණිලි කඩිනමින් විසදනු ලැබේ.. සිය  විදුලි බිල්පත් පැමිණිලි සම්බන්ධයෙන් ලැබෙන විසදුම් පිළිබද එකග නොවන අවස්ථාවලදී පාරිභෝගිකයාට සිය ගැටළුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතද යොමු කල හැකි වේ.    

    සහන විදුලි ඒකක හිමිකම තහවුරු කෙරෙන ආනුපාතික ක්‍රමය පිළිබද උදාහරණය

    මාස දෙකක කාලයක් සදහා විදුලි පාරිභෝජනය ඒකක 120 වන්නේ නම් මුල් ඒකක 60 රුපියල් 2.50 බැගින් ද දෙවැනි ඒකක 60 රුපියල් 4.85 බැගින් ද ගණනය කෙරෙනු ඇත. එවිට එක් එක් මාසය සදහා ස්ථාවර ගාස්තුව රුපියල් 60 බැගින් රුපියල් 120ක් වේ. මෙම උදාහරණයට අනුව මාස 2කට පසුව බිල්පත් කියවන හෙයින් පාරිභෝගිකයාට ඒ මාස දෙක සදහා වෙන් වෙන් වශයෙන් බිල්පත් 2ක් නිකුත් කරනු ලැබේ.  ඒ අනුව පලමු මාසය සදහා ගාස්තුව රුපියල් 280.50 ක් වන අතර ඊළග මාසය සදහා ගාස්තු රුපියල් 280.50ක්  වශයෙන් සදහන් බිල්පත් 2ක් ලැබේ. ඊට අමතරව මෙම බිල්පත් ගෙවීම සදහා ලබාදෙන සහන කාලයද පාරිභෝගිකයාට දන්වනු ලැබේ. මසකට ඒකක 60ක සාමාන්‍ය භාවිතයක් ඇති විදුලි පාරිභෝගිකයෙකුට එකවර මාස 2ක බිල්පත් නිකුත් කිරීමේදී ගාස්තු සකස් කෙරෙනුයේ පහත සදහන් ආකාරයට වේ.

  • කටුනායක ගුවන්තොටුපොළ මෙහෙයුම් කඩිනමින් ඇරඹීමට සුදානම්

    කටුනායක ගුවන්තොටුපොළ මෙහෙයුම් කඩිනමින් ඇරඹීමට සුදානම්

    සෞඛ්‍ය නිර්දේශ හා ජාත්‍යන්තර ගුවන්සේවා බලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සියළු මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමෙන් පසු නැවත මෙහෙයුම් ආරම්භ කිරීමේදි කටුනායක ගුවන් තොටුපලේ ක්‍රියාත්මක කළ යුතු වැඩ පිලිවෙල මේ වන විටත් සකස් කර අවසන් බවයි. සෞඛ්‍ය අංශ හා අනෙකුත් අංශ වල එකගතාවය පළ වූ වහාම ගුවන්තොටුපල සියළු මෙහෙයුම් කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කිරීමට රජය සුදානම් බවද ඔහු පෙන්වා දෙයි.

    කටුනායක ගුවන් තොටුපලේ අළුතින් ඉදිකෙරුණු පිටවීමේ මහජන පර්යන්තය සහ කටුනායක ගුවන්තොටුපලට නව ප්‍රවේශ මාර්ගය ඇමතිවරයා අතින් අද විවෘත කිරීමට නියමිතව තිබුණි. මැතිවරණ නීතිය නිසා ඇමතිවරයා ඊට සහභාගී වුයේ නැත. ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඇමතිවරයා උපදෙස් දුන්නේ තමන් නොමැතිව අදාල විවෘත කිරීම සිදු කරන ලෙසයි. එම විවෘත කිරීම අවසන් වූ පසු කටුනායක ගුවන්තොටුපලට පැමිණි ඇමතිවරයා විවෘත කෙරුණ සංවර්ධන ව්‍යාපෘතීන් දෙක නිරීක්ෂනය කලේය. එහි සිදුවිය යුතු ක්‍රියාකාරකම් පිලිබදවද අදාල නිලධාරීන්ට ඇමතිවරයා උපදෙස් දුන්නේය. කටුනායක ගුවන්තොටුපල පුළුල් කිරීමේ රජයේ වැඩපිලිවෙල යටතේ නව පිටවීමේ පර්යන්තය ඉදිකිරීමට වැය කෙරුණ මුදල රුපියල් මිලියන 238 කි. ගුවන්තොටුපල නව ප්‍රවේශ මාර්ගය ඉදි කිරීමට වැය වූ මුදල රුපියල් මිලියන 200 කි.  

    කටුනායක ගුවන්තොටුපලේ වාර්ෂික මගී මෙහෙයුම් සංඛ්‍යාව මිලියන 06 කි. එහෙත් මේ වන විට එය වාර්ෂිකව මගී මෙහෙයුම් මිලියන 12 ක් දක්වා ඉහල ගොස් තිබේ. මේ නිසා ගුවන්තොටුපල මගී තදබදයක් පවතින අතර ඒ සදහා කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාද විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග මහතාටද උපදෙස් දී තිබුණි 2017 දි ආරම්භ කෙරුණ මෙම මගී පර්යන්තයේ ඉදිකිරීම් අඩාල වී තිබු අතර වත්මන් රජය පත් වීමෙන් පසු ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත් වීමෙන් එහි ඉදිකිරීම් නැවත ආරම්භ විය. මෙම මගී පර්යන්තය ගුවන් මගීන්ට එලිමහන් උද්‍යාන පහසුකම් නව සාප්පු සංකීර්ණයක් ගුවන් සමාගම් වලට කාර්යාල පහසුකම් වලින්ද සමන්විතය.

    අද අළුතින් විවෘත කෙරුණු කටුනායක නව ප්‍රවේශ මාර්ගය මීටර් 600 ක් පළල ධාවන පථ 4 කින් සමන්විතය ව්‍යාපෘතියේ දෙවන අදියරට මේ වන විට ක්‍රියාත්මකයි. ඒ සදහා වැය කෙරුණ මුදල රුපියල් මිලියන 300 කට ආසන්න වේ. එහි ඉදිකිරීම් මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ දී අවසන් වීමට නියමිතය.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැමිණ සිටි මාධ්‍ය වේදීන් හට අදහස් දක්වමින් මෙහිදි පෙන්වා දුන්නේ කටුනායක ගුවන් තොටුපලේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමේදි ජාත්‍යන්තර හා දේශීය සෞඛ්‍ය අංශ ගුවන්සේවා ආයතන මගින් ලබා දී ඇති සියළු මාර්ගෝපදේශ අනුගමනය කරන බවයි. ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසුව පැමිණෙන සියළු මගීන් විෂබිජානුහරණයට ලක් කෙරේ. ඒ සදහා ආරක්ෂක අංශ මගින් විෂබිජානුහරණ කුටි ගුවන්තොටුපල පරිශ්‍රයේ මේ වන විටත් ඉදිකර ඇත. පැමිණීමේ හා පිටවීමේ පර්යන්තයතුල කොවිඩ් 19 පරික්ෂණ පැවැත්වීමටත් ගුවන්තොටුපල තුල ඒ සදහා රසායනාගාරයක් පිහිටුවීමත් පිලිබදවද යෝජනා ඉදිරිපත් වී ඇත. පැමිණෙන මගීන්ගේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට ද විශේෂ වැඩපිලිවෙලක් ගුවන්තොටුපල තුල ක්‍රියාත්මක කිරීමට අපේ ක්ෂා කරන බවද ඇමතිවරයා සදහන් කලේය.

    රට තුලට කොවිඩ් 19 වසංගතය ඇතුළු වීමට නොහැකි වන ලෙස සියළු සෞඛ්‍ය විධිවිධාන කටයුතු ගුවන්තොටුපල තුල යොදන ලෙස අදාල අංශ වෙත උපදෙස් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජය සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ දැඩි අධීක්ෂණයකින් කටයුතු කරන බවත් පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා නැවත රට තුල කොරෝනා වසංගතය ව්‍යාප්තිය වැලැක්වීම සදහා ගතුයුතු, ගතහැකි සෑම පියවරක්ම ආණ්ඩුව විසින් ගනු ලබන බවද අවධාරණය කළේය.

    නියමිත පරිදි විවෘත කිරීමේ උත්සවවලට සහභාගී වුයේ මන්දැයි මධ්‍ය වේදී හූ ඇමතිවරයාගේ විමසා සිටියේය. ඔහු කියා සිටියේ මැතිවරණ නීතියට ගරු කරමින් නියමිත පරිදි උත්සවයට සහභාගී නොවූ බවයි. විෂය භාර ඇමතිවරයා වෙත. තමන්ට ඊට සහභාගී වීමට හැකිව තිබුනද නීතිගරුක පුරවැසියෙකු ලෙස සිය හෘද සාක්ෂියට එකගව ඊට සහභාගී නොවූ බවද ඇමතිවරයා කිවේය.

  • බ්‍රිතාන්‍ය දරුවන්ගේ දේදුණු සිතුවම් – ස්තූතියි NHS සුව විරුවනි !

    බ්‍රිතාන්‍ය දරුවන්ගේ දේදුණු සිතුවම් – ස්තූතියි NHS සුව විරුවනි !

    එක්සත් රාජධානිය අගුළු දැමීම ආරම්භ කරන විට, ඡායාරූප ශිල්පී ටොම් ස්කිප් Tom Skipp රැකවරණ නිවාසයක ජීවත් වන ඔහුගේ මව බැලීමට නියමිතව තිබුණි. ඒ එදින ‘මවගේ දිනය Mother’s Day‘ යෙදී තිබූ නිසයි.

    එහෙත් රට අගුළු දැමීම නිසා ඔහුට පැය හතරක් පමණ වූ මව ජීවත් වන රැකවරණ නිවාසයට යාමට නොහැකි වුණා.

    එම ඉරිදා සංචාරය කරනවා වෙනුවට, ඔහු බ්‍රිස්ටල් හා ඒ අවට හටගත් දේදුණු රැසක් ඡායාරූප ගත කළා.

    “ඊළඟ සතියේ, රැකවරණ නිවාසවල තත්වය පිළිබඳ ප්‍රවෘත්ති අසතුටුදායක වුණා” ස්කිප් පවසයි.

    දේදුන්න එතරම්ම බලාපොරොත්තු සහගත හා ධනාත්මක දෙයක් වෙනුවෙන් පෙනී සිටී.

    “ මගේ මව වසර 40ක් ජාතික සෞඛ්‍ය සේවයේ සේවය කළා. ඒ නිසා ජාතික සෞඛ්‍ය සේවයේ සහයෝගය මගේ අම්මාට අහිමි නොවනු ඇතැයි මම විශ්වාස කළා‘‘

    “ හදිසියේ දහස් ගණනින් පායා තිබූ දේදුණුවල නිර්මාතෘවරුන් හඳුනාගෙන ඔවුන්ට ගෞරවය දැක්වීමටත්, ඔවුන් මට ලබා දුන් බලාපොරොත්තුව වැඩි පිරිසකට පතුරුවා හැරීමටත් මට අවශ්‍ය වුණා.

    “මම ඡායාරූප ගනිමින් සිටිද්දී බොහෝ ළමයින් මට කිව්වා ඔවුන් එදින ලෙගෝ හදනවා කියලා, හරියටම මම මගේ අම්මා සමඟ කළ දේ.”

    ස්කිප් සිය මව වන කේට් වෙනුවෙන් කැප කර ඇති කදිම ඡායාරූප කිහිපයක් මෙන්න.

    ඉන්ඩි සහ දේදුන්නක්
    “මේ ඉන්ඩි, ඔහු මේ දේදුන්න නිර්මාණය කළේ ඉණිමගක ආධාරයෙන්. ඔහු තම මව සමඟ කාලය ගත කිරීම ගැන සතුටින් ඉන්නේ. තම නිවසේ රතු ගඩොල් මත සිතුවම් කළ විශාල දේදුන්න ගැන ඔහු සතුටින් ඉන්නේ.
    මිලිස්, සොෆී සහ මැඩී
    “මිලී, සොෆියා සහ මැඩී ඔවුන්ගේ නිවසේ ගඩොල් දේදුන්නක් සේ වර්ණ ගන්වා තිබෙනවා. දැරියන් තිදෙනා නිවසින් එළියට නාවත් මේ දේදුන්න පාට කළේ නම් එළියට ඇවිත් බව පැහැදිලියි.
    කවුළුව අසල
    “අපට කටයුතු කිරීමට කොරෝන වෛරසය තිබුණත්, දේදුන්නක් සමඟ අපගේ මුහුණේ සිනහවක් තබා ගත හැකියි.”
    ගේබ් කවුළුව අසල
    මේ ගේබ්. ඔහු මෙසේ ලියා තිබුණා “සැමවිටම සතුටු වන්න.Gabe wrote: “Be happy always.””
    එලා සහ ඇලික්ස් කවුළුව අසල
    “එලා සහ ඇලික්ස් තාත්තාගේ උපන්දිනය සැමරීමට සහ එන්එච්එස් වෙත ස්තූති කිරීමට ඔවුන්ගේ කවුළුව භාවිතා කර ඇත. මගේ දෙවන සංචාරයේදී ඇලික්ස් දේදුන්න අත්වැසුම්, ජම්පර්, කකුල් සහ අව් කණ්ණාඩි පැළඳ සිටියේය.”
    කවුළුව අසල හියු
    “හියු විසින් ලෙගෝ අභ්‍යවකාශ නැවක් සාදා ඇති අතර, ඔහු රඳවාගෙන සිටින නිසා අපට අභ්‍යවකාශයට යාමට හැකි විය. එය මට මතක් කර දුන්නේ මම ලෙගෝව මගේ අම්මා සමඟ සෑදීමට පුරුදුව සිටි බවයි. “
    ඉස්ලා සහ ඉවාන් කවුළුව අසල
    සෑම විටම නිවසේ සිටීම පිළිබඳ හොඳම දේ කුමක්දැයි ඇසූ විට ඉස්ලා (දකුණේ) පැවසුවේ “මගේ පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කරන්න … නමුත් මට මගේ මිතුරන් මග හැරී ඇත.”
    කවුළුව අසල ෆ්රෑන්ක්
    ෆ්‍රෑන්ක්, ඔහුගේ බලාපොරොත්තුවේ පණිවිඩය සමඟ.
    ජනේලය අසල ෆ්‍රීඩා
    ITV හි රේන්බෝ වැඩසටහනේ ජෝර්ජ් මෙසේ පවසයි: ෆ්‍රීඩා හරියටම එය කරන ආකාරයට “ගෙදර සිටින්න”Stay home.
    කවුළුව අසල ෂැන්ඩර්
    සැන්ඩර් මෙසේ ලිවීය: “අපි ඔබට ආදරෙයි, BS3″”We love you, BS3”
    කවුළුව අසල ෆින්
    ස්කිප් මෙසේ පවසයි: “තමා විසින් නිර්මාණය කරන ලද කවුළුව තුළ යමෙකුට ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය බව ෆින්ට දැනගත් විට, ඔහු අතිශයින් සතුටට පත් විය. ඔහු සුපිරි වීරයෙකු ලෙස සැරසී සිටියහොත් එය හරිදැයි ඔහු ඇසීය. මකුළු මිනිසා.”
    එරින් සහ අයිවි
    ස්කිප් පවසයි: “අයිවි සහ එරින් – ඔවුන්ගේ දේදුන්න සෑදීමට ඔවුන්ට දින දෙකක් ගතවිය. ඔවුන්ට, පාසැල් යාම සැබෑ පාසලට වඩා හොඳය – නමුත් ඔවුන්ට ඔවුන්ගේ මිතුරන් මග හැරේ.”
    ටෝබි සහ ලාරා කවුළුව අසල
    ස්කිප් පවසයි: “ටෝබි සහ ලාරා තවමත් පාසැල් යන්නේ, ඔවුන්ගේ මව වෛද්‍යවරියක් වන නිසාය. පාසැල් දිනෙන් පසු මා ඔවුන්ව මුණගැසුණු විට, ඔවුන් දවස පුරා ‘ක්‍රීඩා’ කර ඇති නිසා ඔවුන් වෙහෙසට පත්ව සිටියහ. ඔවුන් ජනේලයට නැග්ගා – එන්එච්එස් හි වැඩ කරන ඔවුන්ගේ අම්මා ගැන ඔවුන් කනස්සල්ලට පත්ව සිටිති.
    කවුළුව අසල තියෝ
    ස්කිප් පවසයි: “තියෝ පාසැලේදී දේදුන්නක් සාදා දිලිසෙන කඩදාසි ලාච්චුවක තිබී සොයා ගත්තේය. අද ඔහු ලෙගෝ පොලිස් නෞකාවක් සාදන්නේ කෑලි 3,000 ක් ඇත. ඔහු වරක් 1,000 ක් දක්වා ගණන් කළේය – ඔහු උදේ ආහාර වේලෙන් ආරම්භ කළ අතර එය ගත විය ඔහු දිවා ආහාරය තෙක්.
    රෙමී සහ එටියන් කවුළුව අසල
    “රෙනී පාට සෝනික් හෙජ්ජෝග් සහ නකල්ස් වල එටියන් වර්ණයෙන් යුක්තය. ඔවුන් දැනට ජීවත්වන දේ පටිගත කිරීම සඳහා ‘ලොක්ඩවුන් ජර්නලයක්’ නිර්මාණය කරයි – තවද ඔවුන් මෙම ඡායාරූප ද එහි තැබිය හැකිය.”
    ලෝටන් සහ ටෙඩි කවුළුව අසල
    ලෝටන් සහ ටෙඩි ඔවුන්ගේ දේදුන්න සමඟ කවුළුව අසල.
    ඉන්දියානා කවුළුව අසල
    “ඉන්දියානා සිටගෙන සිටින්නේ කපිතාන් සාමාන්‍යයෙන් වාඩි වී සිටින තැනයි – ඔහුට යන්නට සිදුවී ඇත. ඡායාරූප ශිල්පියා සූදානම් විය යුතු බව ඉන්දියානා මට ඉගැන්නුවා, මන්ද ඇය – ඇගේ දෑත් ජනේලයට වැදුණු වහාම.”
    ආති සහ බ්‍රැන්වන්
    “ආති තම දේදුන්න ජනේලයට දැමීමට පෙර කැබලි දෙකකින් සාදා ගත්තේය, බ්‍රැන්වන්ගේ දේදුන්න කුඩා වූ අතර එය කොතැනක හෝ ලාච්චුවක තිබිය හැකිය. ආති මගේ කැමරාවට ඇලුම් කළ අතර එය කොපමණ විශාලනය වේදැයි දැන ගැනීමට අවශ්‍ය විය. මම එය ඔහුට විස්තර කළ නමුත් තවත් වේලාවක ඔහුට පෙන්වීමට මට නැවත පැමිණිය යුතු යැයි කීවෙමි.
    කවුළුව අසල හෝපී
    හොපී ලෙගෝව ඔහුගේ කවුළුව තුළ සාදයි.
    ඇලිස් කවුළුව අසල
    “ඇලිස්ට ඇගේ දේදුන්න සෑදීමට ගත වූයේ මිනිත්තු 10 ක් පමණි. අප ඉතා පරිස්සම් විය යුතු අතර එකිනෙකාගෙන් ඈත්ව සිටිය යුතු වූයේ ඇගේ පවුලේ කෙනෙකු වෛද්‍යවරයකු වන අතර ස්වයං හුදෙකලා වූ නිසාය.”
    නිවසක එන්එච්එස් බිතුසිතුවමක්
    “ඇත්ත වශයෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ පුද්ගලයින් හමුවීම පුදුම සහගතය. ප්‍රතිචාරය මා බලාපොරොත්තු වූවාට වඩා විශාල වී ඇත. මම දැන් සියලු අසල්වැසියන් සමඟ මිත්‍ර වෙමි.”

    සියලුම ඡායාරූප අනුග්‍රහය ටොම් ස්කිප් – බී.බී.සී ඇසුරිණි

  • Covid-19: මහාද්වීප හතරක හෙදියන් හතර දෙනෙක් ‘තම අත්දැකීම්’ හෙළි කරයි

    Covid-19: මහාද්වීප හතරක හෙදියන් හතර දෙනෙක් ‘තම අත්දැකීම්’ හෙළි කරයි

    ලොව පුරා මිලියන 4 කට කොවිඩ්රෝ-19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, කොරෝනා‍ෙ වසංගය හමුවේ හෙදියන් විසින් කරන කාර්යයන් ලොව පුරා ඇගයීමටත් ප්‍රශංසාවටත් ලක්ව ඇත.

    ඊයේ (12) දිනට යෙදී තිබූ ජාත්‍යන්තර හෙද දිනය (International Nurses Day – නූතන හෙද සේවයේ නිර්මාතෘ ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ Florence Nightingale, the founder of modern nursing උපන් දිනය වන මැයි 12 වන දින හෙද දිනය සමරනු ලැබේ) සැමරීම සඳහා, බීබීසී විවිධ මහද්වීප හතරක සේවය කරන හෙදියන්ට කතා කරමින්, කොවිඩ් -19 ට එරෙහි සටනේදී ඔවුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව විස්තර විමසා සිටියේය.

    ලෙනියා

    ‘අම්මා මට කිව්වා මා වගේ පුතෙක් ලැබීම ගැන ඇයට කෘතඥ වෙනවා කියලා’

    “කොවිඩ් -19 ට එරෙහි සටනට මා සම්බන්ධ වීම මුලදී මගේ පවුලේ අයට පහසු වුණේ නැහැ. නමුත් මගේ ආරක්‍ෂිත ආම්පන්නවල පින්තූර දුටු විට ඔවුන් තේරුම් ගත්තා මා ප්‍රමාණවත් තරම් ආරක්‍ෂා වී ඇති බව” Mzwakhe Mohlaloganye පවසයි.

    Mzwakhe Mohlaloganye

    37 හැවිරිදි දෙදරු පියෙකු වන එම්ස්වාකේ වසර පහක් හෙදියක් ලෙස සේවය කර ඇති අතර මාස දෙකක සිට ජොහැන්නස්බර්ග්හි ජංගම කොවිඩ් -19 කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔවුන් දකුණු අප්‍රිකාව තුළ කොවිඩ් “වක්‍රය සමතලා කිරීම” සදහා සුවිශේෂී කාර්යයක් කර ඇති අතර බොහෝ අය පවසන්නේ ප්‍රජා පරීක්ෂාව සහ දැනුවත්භාවය එහි විශාල කොටසක් ඉටුකළ බවයි.

    වයස අවුරුදු 59 ට වැඩි අයට සහ නිදන්ගත වෛද්‍ය තත්වයන් ඇති අයට ප්‍රමුඛතාවය දෙමින් මෙම කණ්ඩායම ප්‍රාදේශීය ප්‍රජාවේ පුද්ගලයින් පරීක්‍ෂා කර පරීක්ෂා කරයි.

    Mzwakhe විසින් තම භූමිකාව විපාකදායක ලෙස සොයාගෙන ඇති අතර, එය රෝගය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාවක් ලෙසත් ඔහු සලකයි. එය ඔහුගේ රෝගීන්ගේ විවිධ තත්වයන් සමඟ සම්බන්ධ වන්නේ කෙසේද යන්නත් ඔහු දැක තිබේ. කෙසේ වෙතත්, ඔහුගේ පවුලේ අය මුලින් ඔහුගේ නව කාර්යභාරය ගැන පසුබට වූ අතර ඔහුගේ සුභසාධනය ගැන සැලකිලිමත් වූහ.

    Mzwakhe Mohlaloganye රෝගියෙකු පරීක්ෂා කිරීම

    “අම්මා මට කිව්වා මා වැනි පුතෙකු ලැබීම ගැන ඇයට කෘතඥ වන බව‘‘

    පෙරටුගාමීව තම කණ්ඩායම දැරූ උත්සාහය සහ හෙදියක් ලෙස ඔහු කළ සේවය ගැන මෙනෙහි කරන එම්ස්වාකේට හැඟෙන්නේ තමා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි. එය දැනුවත් කිරීම සඳහා පමණක් නොව ප්‍රජාවන් බේරා ගැනීමට ද උපකාරී වේ.

    “මම මගේ රටේ ජීවිතාරක්ෂකයෙකු ලෙස හැඟෙන නිසා මම සුපිරි වීරයෙකු ලෙස දැනෙනවා‘‘

    වෙන කවරදාකටත් වඩා ජනතාව හෙදියන් අගය කරන බව ඔහුට හැඟේ.

    “ලොව පුරා සිටින හෙදියන් වෙ මා දෙන පණිවිඩය නම්, අත් නොහරින්න. වෛරසය පාලනය කිරීමට ඔබට හැකි සෑම දෙයක්ම කළ යුතුයි. කිසි විටෙකත් එය අසාර්ථක යැයි හැඟෙන්නේ නැහැ.”

    ලෙනියා

    ‘මෙය ඡායාරූපයකට වඩා ලොකු කතාවක්’

    එය කොවිඩ් වසංගතයට එරෙහිව ඉතාලිය ගෙන යන සටනේ සංකේතය බවට පත් විය. වෙහෙසට පත්ව සිටින හෙදියක් මුහුණු ආවරණය ද සමග පරිගණකය මත නින්දට වැටුණි.  ඉතාලිය අතිෂය දරුණු ලෙස කොවිඩ් වසංගතයට ගොදුරු වී ඇත. එලේනා පැග්ලියරිනිගේ  Elena Pagliarini මෙම ඡායාරූපය එහි විනාශයේ තරම ලොවට කියා පෑවේය.

    වාට්ටුවේ එලේනා පග්ලියරිනි

    “එය එබඳු නාටකාකාර තත්වයක්” යැයි එලේනා බීබීසීයට පැවසුවාය.

    “සමහර රෝගීන් මා ඉදිරිපිට මිය යමින් සිටිනවා. අපි මුළු රාත්‍රියේම වැඩ කළා. උදේ 6 ට මම නැවතිලා මේසය මත ටිකක් විවේක ගන්නා අතරේ වෛද්‍යවරයෙක් මෙම ඡායාරූපය අරගෙන තිබෙනවා”

    ඇය පවසන්නේ මාධ්‍යවේදීන් සහ ඇය නොදන්නා පුද්ගලයින් තමා සම්බන්ධ කර ගන්නා තුරු ඡායාරූපයේ ඇති වැදගත්කම තමා නොදැන සිටි බවයි.

    “පින්තූරය එය ගත් මොහොතට වඩා විශාල වී ඇති බව මට වැටහුණා. එය චලනය වනවා පමණක් නොව නොසන්සුන් ද වුණා”

    මාර්තු මැද භාගය වන විට, උතුරු ඉතාලියේ කොවිඩ් වසංගතය අති බිහිසුණු වී සෑම දිනකම සිය ගණනක් මිය යමින් සිටියදී, එලේනා ද කොවිඩ් ආසාදනය වී, සුවඳ සහ රසය පිළිබඳ හැඟීම නැති කර ගත්තාය. ඉතාලිය පුපුරා යාමේ උච්චතම අවස්ථාව කරා ළඟා වන විට ඇය දින 23 ක් නිවසේ නැවතී අප්‍රේල් 2 වන දින නැවත සේවයට පැමිණියාය.

    එලේනා පග්ලියරිනි

    එතැන් සිට, ආසාදන විශාල ලෙස පහත වැටී ඇති අතර දැඩි සත්කාර සේවා කළමණාකරනය කළ හැකි මට්ටමකට පැමිණ ඇත. කොවිඩ් වසංගතයෙන් දැඩිව බැට කෑ ඉතාලිය එහි අගුළු දැමීම ලිහිල් කිරීමට පටන් ගෙන තිබේ. 

    “අපි දැන් දෙවන අදියරෙහි සිටිමු” එලේනා පවසන්නේය.

    “අප වෙත තවමත් ආසාදිතයින් පැමිණෙමින් පවතින නමුත් රෝග ලක්ෂණ සැහැල්ලු යි: උගුරේ අමාරුව, විජලනය, දැඩි හිසරද ඔවුන් තුළ දැකිය හැකියි. නමුත් එය හදිසි තත්වයක් නොවේ.”

    කොවිඩ් වසංගතයට එරෙහි දුෂ්කර සටනේදී ඉතාලියේ අවම වශයෙන් සෞඛ්‍ය සේවකයින් 160 ක් මියගොස් තිබේ. රටේ වෛද්‍යවරුන් ( සෑම තැනකම මෙන්) මෙම සටනේ වීරයන් ලෙස සැලකේ.

    “මම මගේ වැඩ ගැන ආඩම්බර වෙමි”, එලේනා පවසයි. “එම ඡායාරූපය මා පමණක් පෙන්වන නමුත් එය සියලුම හෙදියන් සහ වෛද්‍යවරුන් නියෝජනය කළ යුතුයි”

    ලෙනියා

    ‘ඔවුන් 70 ට වැඩි අයයි’

    එක්සත් ජනපදයේ සේවය කරන හෙදියක් වන ගේබ්‍රියෙලා සෙරානෝට Gabriela Serrano සිය පළමු කොවිඩ් -19 රෝගියා රෝහලෙන් පිටව ගිය අයුරු දුටු දවසේ සොඳුරු මතකයන් ඇත.

    “මම ඇයව රෝහලෙන් පිටතට ගෙන යන විට ඇය බොහෝ සතුටට පත් වුණා. ඇය පැවසුවේ,” හිරු බැබළීම සහ නැවුම් වාතය ආශ්වාස කිරීම දැකීම සතුටක් බවයි “

    ආරක්ෂිත උපකරණ සහිත ගේබ්‍රියෙලා සෙරානෝ

    ගේබ්‍රියෙලා අවුරුදු හතක් තිස්සේ හෙදියක් ලෙස සේවය කරයි. වසංගතය අතරතුර ඇය සැන් ෆ්රැන්සිස්කෝ නගරයට නුදුරින් පිහිටි රෝහලක සේවය කළාය.

    “මම රැකබලා ගනිමින් සිටි කොවිඩ් -19 රෝගීන් දෙදෙනාට තවත් රෝග තත්ත්වයන් කිහිපයක් ද තිබුණා. ඔවුන් දෙදෙනාම 70 වැනි විය පසු කළ අය. එහෙත් ඔවුන් දිවි ගලවා ගැනීමට සමත් වුණා. එය මගේ බලාපොරොත්තු අලුත් කළා”

    31 හැවිරිදි ගේබ්‍රියෙලා පසුගිය මාස දෙක තුළ කොරොන නොවන මරණ තුනක් දැක තිබේ. ඇය මිය යන කාන්තාවක් රැකබලා ගත් ආකාරය විස්තර කළාය.

    “ඇය පළමු දිනයේ මඳක් ප්‍රතිචාර දැක්වූ නමුත් කතා කළේ නැහැ. මා සමඟ නැවත කතා කිරීමට ඇයට නොහැකි වුවද මම ඇයට කරන සෑම දෙයක්ම පැහැදිලි කළා”

    ගේබ්‍රියෙලා සෙරානෝ

    ඊළඟ දවසේ රෝගියා ඇස් ඇරියේවත් නැත.

    රෝගියාගේ අවසාන පැයවලදී ඥාතීන් බැලීමට රෝහල අවසර දී ඇත. අවාසනාවකට මෙන් ඇයට සමීප පවුලක් නොසිටි අතර ඇගේ හොඳම මිතුරා රෝහලෙන් ඈත්ව සිටීමට තීරණය කළේය.

    “මම ඇය සමඟ වාඩි වී, ඇගේ අත අල්ලාගෙන ඇයට පැවසුවා එය හොඳින් සිදුවන බව. ඇය සමඟ යමෙකු සිටින බව මම ඇයට පැහැදිලි කළා” ගේබ්‍රියෙලා පවසයි.

    “ඒ අවස්ථාවේදී ඇයට මට ඇහුම්කන් දිය හැකිදැයි මම දන්නේ නැහැ. නමුත් එය ඇය වෙනුවෙන් මට කළ හැකි හොඳම දේ තමයි”

    ඇය සංචාරක හෙදියක් වන අතර ඔවුන් කෙටි කාලීන කොන්ත්‍රාත්තු මත සේවය කරන අය ලෙස හැඳින්වේ. වෛරසය වැළඳෙනු ඇතැයි මිනිසුන් බිය වන අතර බොහෝ දෙනා හදිසි නොවන ප්‍රතිකාර සඳහා රෝහල්වලින් ඈත්ව සිටින බැවින් සාමාන්‍ය රෝගීන් ඇතුළත් කිරීම් අඩු වී ඇත. එබැවින් ඇය සේවය කරමින් සිටි රෝහල ඇගේ රැකියාව නතර කිරීමට තීරණය කළේය.

    “මාසයක් ඇතුළත රැකියාවක් ලබා ගැනීම ගැන මම ඉතා සුබවාදීව සිටිනවා. මට ලබා ගත හැකි දේ මම ගන්නවා‘‘

    ලෙනියා

    ‘තනි ආසාදිත පුද්ගලයෙකුට මුළු ජනතාවටම තර්ජනයක් විය හැකියි’

    “මාර්තු 24 වන දින අපගේ පළමු කෝවිඩ් -19 ධනාත්මක රෝගියා අපට හමු වුණා. වහාම මම මගේ රෝහලේ ගෝත්‍රික රෝගීන් දෙදෙනෙකු ගැන සිතුවා” යනුවෙන් ශාන්ති තෙරේසා ලක්‍ර Shanti Teresa lakra පැවසුවාය.

    ඉන්දියාවේ අන්දමන් හා නිකොබාර් දූපත් වල ජීවත් වන සුළු ගෝත්‍රික කණ්ඩායම් වෙත සෞඛ්‍ය සේවා සැපයීම සඳහා ශාන්ති නමක් දිනාගෙන ඇති අතර ඉන්දියාවේ හෙදියන් සඳහා ඉහළම වෘත්තීය පිළිගැනීම වන ෆ්ලෝරන්ස් නයිටිංගේල් සම්මානයෙන් ද ඇය පිදුම් ලබා ඇත. (The Florence Nightingale award, the highest professional recognition for nurses in India)

    ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිටගෙන සිටින ශාන්ති තෙරේසා ලක්‍ර
    ගෝත්‍රිකයන් සමඟ ශාන්ති කළ සේවය හොඳින් හඳුනාගෙන තිබේ

    ඇය නියුමෝනියාවෙන් පීඩා විඳි ජරාවා ගෝත්‍රයට Jarawa tribe අයත් පස් හැවිරිදි පිරිමි ළමයෙකු මෙන්ම ෂොම්පන් ගෝත්‍රයේ Shompen trib කාන්තාවක් ද රැකබලා ගනිමින් සිටියාය.

    ජරාවාස් ජනයා බාහිර ලෝකය සමඟ සම්බන්ධතා පැවැත්වූයේ 1997 දී පමණි. නිරුවත් දඩයම්කරුවන් වන ඔවුන් ජීවත් වන්නේ පෝර්ට් බ්ලෙයාර් සිට කි.මී. 80 (මීටර 50) ක් පමණ දුරින් පිහිටි වන රක්ෂිතයක ය.

    පිරිමි ළමයා රෝහලෙන් පිටත් කර සතියකට පසු ඇය ඔහුව පරීක්ෂා කිරීම සඳහා වනාන්තර ප්‍රදේශයට ගියාය.

    “ඔහු සම්පූර්ණ සුවය ලබා සිටියා. මට ඔවුන්ගේ භාෂාව ටිකක් කතා කළ හැකි බැවින්, වනාන්තරයේ ඈත ගොස් ජීවත් වන ලෙස මම ඔවුන්ට කියා සිටියා‘‘

    දියුණු සමාජයෙන් බොහෝ දුරස් වූ හුදකලාව වසර දහස් ගණනක් තිස්සේ මෙම ආදිවාසී කණ්ඩායම් සඳහා පලිහක් ලෙස සේවය කළ නමුත් පසුගිය ශතවර්ෂය තුළ පුළුල් වන ජනාවාස ඔවුන්ගේ ජනගහනය විනාශ කර දමා ඇත. ශාන්ති පවසන්නේ දැනට ජරාවා ගෝත්‍රයේ සාමාජිකයින් 450ක් පමණ සිටින බවයි.

    “ඔවුන්ගේ ප්‍රතිශක්තිය අඩුයි. තනි ආසාදිත පුද්ගලයෙකුට මුළු ජනතාවටම තර්ජනයක් විය හැකියි”

    ලෙනියා

    වාර්තා කිරීම ස්වාමිනාදන් නටරාජන්, මාක් ලෝවන් සහ ක්‍රිස්ටියන් පාකින්සන් විසිනි – බී.බී.සී. වාර්තාවක් ඇසුරිණ් සකස් කළේ – තුෂාධවි

  • වෘත්තීයභාවය කියන්නේ ජානවලින් පැමිණිය යුතු දෙයක් – දිමුත් කරුණාරත්න

    වෘත්තීයභාවය කියන්නේ ජානවලින් පැමිණිය යුතු දෙයක් – දිමුත් කරුණාරත්න

    ලොව පුරා පැතිරෙමින් තිබෙන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාස 2 කට ආසන්න කාලයක් පුහුණුවීම්වල නිරත වීමේ හැකියාව නොමැති වුවත් යළිත් සිය සුපුරුදු දක්ෂතාවයන් වලට අවතීර්ණවීමේ හැකියාව වෘත්තීය ක්‍රීඩකයින්ට තිබිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

    ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සමඟ සිදුකරන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ටෙස්ට් සහ එක්දින දෙඅංශයේ නායකයා එවැනි තත්ත්වයකට මුහුණදීම වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයකුට ජානගතව තිබිය යුතු බවද සඳහන් කර සිටියේය.

    “ක්‍රීඩාවේ නියැළෙද්දී ක්‍රීඩකයකුට හොඳ කාල වලදී වගේම නරක කාලවලදීත් කණ්ඩායමේ රැඳී සිටීමේ හැකියාව තිබිය යුතුයි. නමුත් කොවිඩ් 19 වැනි වසංගත වලදී ආකාර ගණනාවකින් ක්‍රීඩාව වෙනස් කරනවා කියන තැනයි මම ඉන්නේ. නමුත් ක්‍රීඩාවෙන් ඉහළට පැමිණීමේදී වෘත්තීයභාවය කියන්නේ ඔහුගේ ජානවලින් පැමිණිය යුතු දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේදි” යැයි කරුණාරත්න පවසයි.

    රෝගී වසංගතය පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය විවෘත වන දිනයක් තවමත් නිශ්චිතව සඳහන් කළ නොහැකි වුවත් එළැඹෙන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල බලධාරීහු බලාපොරොත්තුවෙන් පසුවෙති. කෙසේ වෙතත් ඉදිරි ක්‍රිකට් කාල සටහන සඳහා සූදානම් වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඇතුළු කළමනාකාරීත්වයද පුහුණුවීම් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කර සිටිති.

    නියැළෙන කාර්යයෙහි සිය උපරිමය ලබා දීමට උත්සාහ දරන්නකු ලෙස පුහුණුකරු මිකී ආතර් ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන පුහුණුකරුවෙකි. එහෙත් අදාළ සාකච්ඡාවේදී මිකී ආතර් පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා නායකයා මිකී ආතර් යනු එතරම්ම කලබලයක් නැති පුද්ගලයෙක් බව සඳහන් කර සිටියි. “ඔව්. මිකී කියන්නේ එතරම් කලබලයක් නැති පුද්ගලයෙක්”යැයි පවසන දිමුත්, “ඔහු ඔහුටම ආවේණික ක්‍රමයකට කණ්ඩායමකට වඩාත්ම අවශ්‍ය වන විශ්වාසය ක්‍රීඩකයින් තුළ ගොඩනැංවීමට සමත්වෙලා තියෙන කෙනෙක්. ඒ වගේම ඔහුගේ ජාත්‍යන්තර මට්ටමේ සැලසුම් සහ ක්‍රීඩකයින්ට සිදුකිරීමට නියමිත භූමිකාව කුමක්ද යන්න පිළිබඳව ඔහු නිතරම අවධානය යොමු කරන කෙනෙකි. කණ්ඩායමේ ක්‍රීඩකයින් වුණත් ක්‍රීඩා කරද්දී ඉතා උද්යෝගයකින් කටයුතු කරනවා”යි සඳහන් කර සිටියි.

    “ඇත්තටම මේ දේවල් නිසා නායකයකු වශයෙන් මගේ කාර්යයන් සියල්ල පහසු කරනවා. කොදෙව්වන්ට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ අපි ලද ජයග්‍රහණය ඊට හොඳම උදාහරණයක්”යිද දිමුත් අවධාරණය කරයි. 

    දිනේෂ් චන්දිමාල්ගෙන් පසු ශ්‍රී ලංකාවේ 17 වැනි ටෙස්ට් නායකයා බවට පත් වුණු දිමුත් නායකත්වය දරන ලද පළමු තරගාවලියේදීම දකුණු අප්‍රිකාව ඔවුන්ගේ නිජබිමේදී 2-0 ක් ලෙස පරාජය කිරීමට සමත්විය. මෙම තරගාවලි ජය සටහන් වූයේ ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකානුවන්ව ඔවුන්ගේ මව්බිමේදී පරාජය කරන ලද පළමු අවස්ථාව ලෙසිනි. මෙය දිමුත්ගේ ක්‍රිකට් දිවියේ තවත් එක් සංදිස්ඨානයක් වූ බව මෙම සාකච්ඡාවේදී සඳහන් කර සිටියේය.

    “ඇත්තටම කාටද අමතක වෙන්නේ තමන් ටෙස්ට් වරම් දිනා ගත්ත දවස සහ පළවැනි ශතකය ලබා ගත් දිනය. ඒ වගේම තමයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය පරාජය කරලා ලබපු ජයග්‍රහණය. ඒ වගේම මගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාව ඔවුන්ගේ රටේදීම පරාජයට පත් කිරීමට හැකි වීම මගේ ක්‍රිකට් දිවියේ ස්වර්ණමය අවස්ථාවක් විදියටයි මම සලකන්නේ”යි දිමුත් පවසයි. 

    නායකයකු ලෙස ඇති සැලසුම් පිළිබඳව අදහස් දැක්වීමේදී, “ශ්‍රේණිගත කිරීම්. ඇත්තටම නායකයකු විදියටත් ක්‍රීඩකයකු විදියටත් මගේ තියෙන එකම වචනය. මම හිතන්නේ ශ්‍රී ලංකාව සියළුම අංශයේ ශ්‍රේණිගත කිරීම්වලදී පළමු සිව්දෙනා අතරට පැමිණිය යුතුයි කියලා. ඒ වගේම ක්‍රීඩකයෙක් තමන්ගේ දවස හොඳින් ක්‍රීඩා කරනවා නම් ලෝක කුසලානය දිනන්න පුලුවන් කියන විශ්වාසය මට තියෙනවා”යි පවසයි.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ශ්‍රේණිගත කිරීම්වලට අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ටෙස්ට් පිල එම පස්වැනි ස්ථානයේත්, එක්දින අංශයේ 8 වැනි ස්ථානයේත් පසුවෙති. ලසිත් මාලිංග විසින් නායකත්වය දරනු ලබන විස්සයි-20 තරග අංශයේ ශ්‍රී ලංකාව 7වැනි ස්ථානයේ රැඳී සිටින්නේය.

    නවසීලන්තයට එරෙහිව 2012 වසරේදී ටෙස්ට් වරම් දිනා ගන්නා දිමුත් 2015 වසර වන විට ටෙස්ට් පිලේ ස්ථාවර ආරම්භක පිතිකරුවාගේ ස්ථානය තම නම වෙනුවෙන් වෙන්කර ගන්නේය. සිය මංගල ඉනිමේදී ලකුණු නොලබා දැවී ගියද දෙවැනි ඉනිමේදී ලකුණු 60 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිල කඩුලු 10 ක ජයග්‍රහණයක් කරා රැගෙන යෑමට දායකත්වය ලබා දෙන්නේය.

    පළමු ඉනිමට වඩා පන්දුවට පහර දීමට අසීරු යැයි සැලකෙන දෙවැනි ඉනිමේදී පිතිකරුවකු ලෙස වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට දිමුත් සමත්වීම ඔහු තුළ ඇති දක්ෂාතාවයේ විශේෂත්වය වේ. මෙය ඔහුට කණ්ඩායම තුළ ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීම සඳහා වූ ප්‍රධානම මං පෙත් විවර කරන සිදුවීමක් බවට පත්විය. මෙම දක්ෂතාවය හේතුවෙන් බහුතරයක් විස්තර විචාරකයින් දිමුත්ව හඳුන්වනු ලබන්නේ දෙවැනි ඉනිමේ විශේෂඥ පිතිකරුවා ලෙසිනි. හිටපු නායක ටී. එම්. ඩිල්ෂාන්ගෙන් පසු එක් වසරක වැඩිම ශතක සංඛ්‍යාවක් ලද ශ්‍රී ලංකා පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත්වන්නේ 2017 වසරේදී ශතක 3 ක් වාර්තා කර ගනිමිනි. ඔහුට ඉදිරියෙන් සිටින ඩිල්ෂාන් එක් වසරකදී ශතක 4 ක් ලබාගැනීමට සමත්ව සිටියි. 

  • වාහන ආදායම් බලපත් නිකුත්කිරීම තාවකාලිකව නතර කරයි

    වාහන ආදායම් බලපත් නිකුත්කිරීම තාවකාලිකව නතර කරයි

    වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීමේ පද්ධතියේ යාවත්කාලින කටයුත්තක් හේතුවෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල  හා පළාත් ප්‍රධාන කාර්යාල මගින් සිදුකෙරෙන ආදායම් බලපත්‍ නිකුත් කිරිම් කටයුතු තාවකාලිකව නතර කර ඇත.

    ලබන සදුදා තෙක් එය සිදු නොකෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි . කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් කාර්යාල කටයුතු සිදුනොවීමෙන් ඉදිරිපත්වූ ඉල්ලීම් විශාල ප්‍රමාණයක්  එකතුවී තිබීම මීට හේතුවී තිබේ. ලබන සදුදා සිට බලපත්‍ර නිකුත්කිරීම නැවත සිදුකෙරෙන බව සදහන් වේ.  

  • ෂාරුක් ඛාන් සමඟ පෙම්වතියගේ චරිතය රගපෑ සියලුම බොලිවුඩ් නිළියන් මෙන්න !

    ෂාරුක් ඛාන් සමඟ පෙම්වතියගේ චරිතය රගපෑ සියලුම බොලිවුඩ් නිළියන් මෙන්න !

    ‘ෂාරුක් ඛාන්’ Shah Rukh Khan එහෙම නැති නම් ‘කිං ඛාන්’ බොලිවුඩයේ සුපිරිම තරුවයි. ඔහුට අභියෝග කළ හැකි තවත් අයෙක් වත්මන් බොලිවුඩයේ නැහැ. ඒ නිසාම ෂාරුක් සමග පෙම්වතියගේ, ප‍්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්න බොලිවුඩ් සුරූපිනියන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්.

    ඇත්තම කිව්වොත් ෂාරුක් සමග රගපාන්න ඔවුන් අතර ඇත්තේ තරගයක්. ඒක ඔවුන්ගේ සිහිනයක්. ඒත් ඒ සිහිනය සැබෑ වී තිබෙන්නේ බොලිවුඩ් නිළියන්ගෙන් කිහිප දෙනකුට පමණයි.

    ඔවුන් අතර ප්‍රීති සින්ටා සිට දීපිකා පදුකෝන් ඇතුළු තවත් සුරූපිනියන් ගැන ඔබ දැන ගන්න කැමැති ද ? එසේ නම් එන්න මේ ලිපිය කියවන්න…

    බාසිගර් හි ශිල්පා ෂෙට්ටි Shilpa Shetty in Baazigar (1993)

    ෂාරුක් ඛාන්

    කබි හාන් කබි නා හි සුචිත්‍රා ක්‍රිෂ්ණමූර්ති Suchitra Krishnamoorthy in Kabhi Haan Kabhi Na (1994)

    ෂාරුක් ඛාන්

    පර්ඩෙස්හි මහීමා චෞද්රි Mahima Choudhary in Pardes (1997)

    ෂාරුක් ඛාන්

    ප්‍රීති සින්ටා ඩිල් සේ Preity Zinta in Dil Se (1998)

    ෂාරුක් ඛාන්

    අශෝක හි රිෂිටා භට් Hrishitaa Bhatt in Asoka (2001)

    ෂාරුක් ඛාන්

    ගයාත්‍රි ජෝෂි Gayatri Joshi in Swedes (2004)

    ෂාරුක් ඛාන්

    ඕම් ශාන්ති ඕම්හි දීපිකා පදුකෝන් Deepika Padukone in Om Shanti Om (2007)

    ෂාරුක් ඛාන්

    අනුෂ්කා ෂර්මා රබ් නෙ බනා ඩි ජෝඩි Anushka Sharma in Rab Ne Bana Di Jodi (2008)

    ෂාරුක් ඛාන්

    මහීරා ඛාන් රයිස් හි Mahira Khan in Raees (2017)

    ෂාරුක් ඛාන්

    Text by filmfare.com – by – Thushadhavi

  • සුදුවෑන් නඩුව: රජිත යළි කොටු කිරීමේ සූදානමක්

    සුදුවෑන් නඩුව: රජිත යළි කොටු කිරීමේ සූදානමක්

    පසුගිය ජනාධිපතිවරණ සමයේ කුප්‍රකට ‘සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව’’ සම්බන්ධයෙන් ඇප ලබා සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහෛ්ස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) නියෝග කළාය.

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න  අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න  මෙනෙවිය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළ අතර ඊට පසුවයි මෙසේ රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වුණේ. 

    මෙම සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ මහාධිකරණයේ තීන්දුව අධිකරණයට දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

    කොළඹ මහාධිකරණය මගින් අද (13) පෙරවරුවේ ලබාදුන් ප‍්‍රතිශෝධන ඇයැදුම්පත‍්‍ර නියෝගයකට අනුව පසුගිය ජනාධිපතිවරණ කාලසීමාවේ සුදුවෑන් රියදුරන් සම්බන්ධ  මාධ්‍ය හමුවට  අදාළ සිදුවීමේ තෙවන  සැකකාර වන හිටපු අමාත්‍ය  රාජිත සේනාරත්නගේ ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

  • සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ආයතන හා පුද්ගලයින් 8100කට සහන

    සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ආයතන හා පුද්ගලයින් 8100කට සහන

    සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා පුද්ගලයන්ගේ ලියා පදිංචිය අලුත් කිරීමේ ගාස්තුව වසරක කාලයක් සදහා අය නොකිරීමට තීරණය කෙරේ. ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි සංචාරක සංවර්ධන අධිකාරිය මෙම තීරණයට එළඹ තිබේ.

    ඒ අනුව දැනටමත් අදාල ගාස්තුව ගෙවා ඇති අය හා ආයතන ලබන වසරේ දි එම ගාස්තුවෙන් නිදහස් කෙරෙන අතර තවමත් මේ වසර සදහා අදාල ලියාපදිචිය අලුත් කර නොමැති පුද්ගලයින් හා ආයතන වලට ගාස්තු ගෙවීමකින් තොරව ලියාපදිංචිය අලුත් කර ගැනීමට හැකිය. අදාල අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් ඉදිරිපත් කර තිබේ.

    සංචාරක ක්ශේත්‍රයේ නවාතැන් පහසුකම් ලබා දෙන ආයතන 2700 ක් පමණ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති අතර සංචාරක මග පෙන්වන්නන්ගේ ඇතුළු සංචාරක ක්ශේත්‍රයේ විවිධ සේවා සපයන පුද්ගලයින් 5400 ක් පමණ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිචි වී ඇත.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ශේත්‍රයේ නියුතුවුවන්ට සහන සැලසීමේ කෙටි කාලීන වැඩ පිලිවෙලේ එක් පියවරක් ලෙස මෙම තීරණයට එලැඹි බවයි.

    මේ අතර කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය නැංවිම සදහා වන යෝජනා ඉදිරිපත් කර ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනීය ඊට සම්බන්ධ සංවිධාන 34 කට ලිඛිතව දැනුම් දී තිබේ. එමෙන්ම පළාත් සභාවල සංචාරක අමාත්‍යංශය හා සංචාරක ක්ශේත්‍රය සම්බන්ධ අධ්‍යාපන කටයුතු සිදු කරන විශ්ව විද්‍යාලය අංශ ප්‍රධානීන්ගෙන්ද මීට අදාල යෝජනා ඉල්ලා තිබේ.

    මෙම යෝජනා සැලකිල්ලට ගෙන ක්ශේත්‍රයට ලබාදිය යුතු කඩිනම් සහන සහ ඉදිරි සැලසුම් ඇතුලත් යෝජනාවලියක් හා ක්‍රියාකාරී සැලැස්මක් කැබිනට් මණ්ඩලයට ලබන සතිය වන විට ඉදිරිපත් කිරීමට මේ වන විට ඇමතිවරයා තීරණය කර ඇත.    

  • කොළඹ සිරවී සිටි වතු ජනතාව නුවරඑළිය තුළ ම නිරෝධායනයට

    කොළඹ සිරවී සිටි වතු ජනතාව නුවරඑළිය තුළ ම නිරෝධායනයට

    කොවිඩ්-19 පාලනය සදහා සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් ජනතාව පිළිපදිනවා ද යන්න ග්‍රාමීය කමිටු හරහා අධීක්ෂණය කිරීමට ග්‍රාමීය කමිටුවලට ශක්තිය ලබාදිය යුතු බවත් කොළඹ ආශ්‍රීතව සිර වී සිටි වතු ජනතාව නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ම නිසි ක්‍රමවේදයකට නිරෝධායනයට ලක් කිරීම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළාය.

    COVID19 හේතුවෙන් කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිර වී සිටි වතුකරයේ ජනතාව නිරෝධායනය කර තම නිවෙස් කරා යෑවීම පිළිබදව ගත යුතු ක්‍රියාමාර්ග සහ ගත යුතු තීන්දු තීරණ පිළිබද සාකච්ඡා කිරීම සදහා ඊයේ දින (12) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රජා සවිබලගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් නුවරඑළිය දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

    මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර් පුෂ්ප කුමාර මහතා ඇතුලු නිලධාරීන් පෙන්වා දෙන ලද්දේ COVID-19 වෛරසය ආරම්භයේ සිට ම දිස්ත්‍රික්කය තුල වෛරසය මැඩපැවැත්වීම සදහා සියළු ක්‍රියාමාර්ග ගත් බවය.

    රට විවෘත කිීරීමෙන් පසුවද  නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ  හා නුවරඑලියට  පැමිණෙන ජනතාවගේ සෞඛය ආරක්ෂණය සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවද අවධානය යොමු කර ඇති අතර, කොළඹ නගර සභා බල ප්‍රදේශය තුල සිටින පිරිස් නුවරඑලිය දිස්ත්‍රික්කයට එවීමේ දී නිරෝධායන කටයුතු සදහා යොදාගත හැකි ස්ථාන දැනටමත් හදුනාගෙන තිබෙන බවත් 600-700 ක් පමණ එම ස්ථාන තුල නිරෝධායනය කිරීමට සැළසුම් කර ඇති බවය.

    COVID-19 වෛරසය ව්‍යාප්තියේ ආරම්භයේ සිටම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම පිළිබදවද, වසංගත රෝග තත්ත්වයක් රටේ තිබෙන අවස්ථාවක පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමා ඇතුලු පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය සභා ඇතුලු සියළු සෞඛ්‍ය අංශ සහ  ත්‍රිවිධ හමුදාවේ පිරිස් දක්වන ලද දායකත්වයට ගෞරවය හා ස්තූතිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී පුද කරන ලදි. තවද සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් මෙහිදී පෙන්වා දෙන ලද්දේ ප්‍රාදේශීය මට්ටමින් සහ ග්‍රාමීය මට්ටමින් කමිටු පිහිටුවීම මගින් ද ඉදිරියට වෛරසයෙන් ආරක්ෂා වීම සදහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගත යුතු බවයි. ප්‍රජා පොලීසිය ද මේ සදහා සම්බන්ධ කර ගැනීම පිළිබදවත් වෛරසය මැඩපැවැත්වීම සදහා නිසි සෞඛ්‍ය උපදෙස් එක් එක් අංශ පිළිපදිනවා ද යන්න සොයා බැලිය යුතු බවත්ය.

    එහිදී ග්‍රාමීය කමිටු වෙත එහි අධීක්ෂණ කටයුතු සදහා බලය ලබාදිය යුතු බව ද පෙන්වා දෙන ලදි. කොළඹ නගර සභා බල ප්‍රදේශය තුල වතු ජනතාව 1553 වන බවත් එම පිරිස් නුවරඑළිය  දිස්ත්‍රික්කයට එවීමේ දී නිරෝධායනය කොට යොමු කිරීමේ ඇති හැකියාව පිළිබදව ද අවධානය යොමු කරමින් තොරතුරු ලේඛණයකට අනුව එක් එක් කාණ්ඩ යටතේ දිස්ත්‍රික්කය තුලම එම පිරිස් නිරෝධායනය කිරීම ද සුදුසු ක්‍රියා පිළිවෙතක් බවද  පෙන්වා දෙන ලදි.

    නිරෝධායනයට ලක්කරන අතරතුර දින 10 කින් PCR පරීක්ෂණ සිදු කිරීමත් එහිදී PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය උපකරණ ධාරිතාවය ඉහළ නැංවීමට  ද කටයුතු කළ හැකි බව ද සදහන් කරන ලදි. තෙල්දෙනිය රෝහලේ කොව්ඩි 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කර ඇති බැවින් එහි සේවාවන් ඉහළ නැංවීමටත්, අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉහළ නැංවීමට කටයුතු කරන බව ද අමාත්‍යතුමිය පැවැසීය.

    යම්හෙයකින් ඉදිරියේදී වෛරසයේ ව්‍යාප්තියක් ඇති වුවහොත් මෙන්ම රෝග ලක්ෂන නොපෙන්වන පිරිස් හදුනාගතහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සදහා දිස්ත්‍රික්කය තුල ස්ථාන 03 ක් හදුනාගෙන තිබෙන බවට නිලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී දැනුවත් කළ අතර, පුද්ගලික ආරක්ෂිත ඇදුම් හිඟයකින් තොරව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බැවින් අවශ්‍ය ප්‍රමාණයන් පිළීබද දැනුවත් කිරීම තුළින් බාධාවකින් තොරව අවශ්‍ය ප්‍රමාණයන් ලබා හැකි බවද අමාත්‍යතුමීය පෙන්වා දෙන ලදි.

    එමෙන්ම මී උණ රෝගීන් සදහා ලබාදෙනු ලබන ඖෂධයේ කිසිදු හිඟයක් නොමැති බැවින් අවශ්‍ය ඖෂධ ප්‍රමාණය ඉදිරිපත් කළ විගස ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරිය පැවැසීය. කොරෝනා වෛරසයට සමගාමීව ඩෙංගු රෝගය පිළිබදව ඉහළ අවධානයක් යොමු කර රෝගය පාලනය සදහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

    ‍මෙම අවස්ථාව සදහා ප්‍රජා සවිබලගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර් පුෂ්පකුමාර මහතා, හිටපු අමාත්‍ය සී.බී රත්නායක මහතා, ප්‍රජා සවිබලගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් ආර් ගමගේ මහතා, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති තුමා, සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු ඇතුලු පිරිසක් සහභාගි විය.

  • හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවයි

    හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවයි

    ගැනීම සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව නතර කිරීම හා හදිසි හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී. වී. ගුණතිලක මහතා අද (13) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.

    එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ සෑම වසරකම මෙන්ම මෙම වසරේ ද මාර්තු මස 31 වන දිනට පෙර අ.පො.ස. (සා/පෙළ) විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ගේ ඉල්ලුම්පත් යොමු කරන ලෙස දැනුම් දී තිබුණ ද, මෙතෙක් එම ඉල්ලුම්පත් යොමු කර නොමැති සියලුම පාසල් එම ඉල්ලුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, පළාත් කාර්යාලයට හෝ ප්‍රධාන කාර්යාලයට කඩිනමින් යොමු කළ යුතු බවයි.

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    රටේ පවතින  කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 16 වන දා සිට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවන ලදී. මෙතෙක් එම වසංගත තත්ත්වයේ අවදානම සම්පූර්ණයෙන්ම අවසන්ව නොමැති බැවින්, මහජනතාව විශාල වශයෙන් එක්රැස් වන හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් අත්හිටුවීමට තීරණය කර ඇත.

    එහෙ‍ත් විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ කටයුතු, රියදුරු බලපත් ලබා ගැනීම, විදෙස් ගමන් බලපත් ලබා ගැනීම යනාදී අත්‍යවශ්‍යය කටයුතු හේතුවෙන් ජාතික හැඳුනුම්පත කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය සේවාලාභීන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

    ඒ අනුව, එම ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතාවය ග්‍රාම නිලධාරී මඟින් තහවුරු කර, ඔවුන්ගේ ඉල්ලුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට යොමු කළ යුතුය. එලෙස යොමු කරන ඉල්ලුම්පත් එම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතියට ඇතුළත් කරන අතර ඊට අදාළ හැඳුනුම්පත් කඩිනමින් සකස් කර ලියාපදිංචි තැපෑලෙන් අදාළ ඉල්ලුම්කරුවන් වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇත.

    තවද, මාර්තු 16 ට පෙර එක්දින සේවය යටතේ හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් සූදානම් කර ගත් සියලුම ඉල්ලුම්කරුවන් ද  තම ඉල්ලුම්පත් තවදුරටත් තමා භාරයේ තබා ගෙන නොසිට, ප්‍රාදේශිය ලේකම්  කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් අංශයට එම ඉල්ලුම්පත් යොමු කළ යුතුය.

    මීට අමතරව සාමාන්‍ය සේවය යටතේ යොමු කරන ඉල්ලුම්පත්‍ ග්‍රාම නිලධාරී මඟින් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ හැකි අතර, ඊට අදාළ ජාතික හැඳුනුම්පත් ද අවම කාලයක් තුළ කඩිනමින් නිකුත්  කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත.

    එමෙන්ම සෑම වසරකම මෙන්ම මෙම වසරේ ද මාර්තු මස 31 වන දිනට පෙර අ.පො.ස. (සා/පෙළ) විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ගේ ඉල්ලුම්පත් යොමු කරන ලෙස දැනුම් දී තිබුණ ද, මෙතෙක් එම ඉල්ලුම්පත් යොමු කර නොමැති සියලුම පාසල් එම ඉල්ලුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, පළාත් කාර්යාලයට හෝ ප්‍රධාන කාර්යාලයට කඩිනමින් යොමු කළ යුතුය.