Tag: featured

  • Covid-19 Today Update: ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 847යි – ලෝකය පුරා මරණ 276,007ක්

    Covid-19 Today Update: ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 847යි – ලෝකය පුරා මරණ 276,007ක්

    අද (9) දිනය තුළ අලුතින් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 12 දෙනා සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 847 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (9) දින ප.ව 21.05ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වෙයි.

    එහි වැඩි දුරටත් සදහන් වන්නේ මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 575ක් බවයි. දැනට රෝහල්වල විමර්ශනය යටතේ පුද්ගලයින් 135 දෙනකු සිටින අතර සුවය ලබා පිටවී ගිය පුද්ගලයින් සංඛ්‍යාව 260ක් බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

    මේ අතර අද දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ යුද්ධ හමුදාව සහ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානි (75), කන්දකාඩු (62), විඩත්තපලෙයි (298), අයියකච්චි (80), දියතලාව නිවාඩු නිකේතන (05), නිපුන බූස්ස (12) හා හොටෙල් ඩොල්ෆින් (01) යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 533 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (09) දින තම නිවෙස් වෙත පිටත් කරන ලද බවයි.

    ඒ අනුව, අද (09) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 6299 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4428 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද එම නිවේදනයේ සදහන්.

    නාවික හමුදාව තුළ අද (09) දිනය වන විට කොවිඩ් – 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 409 ක් වන අතර බහුතරයක් කඳවුර තුලින් ආසාධිත වූවන් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    ගෝලීය තත්ත්ව වාර්තාව

    කොවිඩ්-19 ආසාදිතයින් ගැන නිල ගෝලීය තොරතුරු ඉදිරිපත් කරන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වාර්තාවල සදහන් වන ආකාරයට අද දිනය අවසාන වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 3,974,036ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 276,007ක් බවයි එහි සදහන් වන්නේ.

  • ජූනි 20 දා මහ මැතිවරණය එපා – චම්පික – වෙල්ගම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරයි

    ජූනි 20 දා මහ මැතිවරණය එපා – චම්පික – වෙල්ගම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරයි

    පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුන් විසින් අද (09) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

    විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා.

    මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා,  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් මෙන්ම නීතිපතිවරයාද නම් කර තිබෙනවා.

    මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් පෙත්සම්කරුවන් සඳහන්  කර ඇත්තේ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත්  මාර්තු මස දෙවනදා එවක පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණු බවයි.
     
    එහෙත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මස 25 වන දා මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතවූ බැවින් එය ලබන  ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය  කර ඇතැයිද මෙලෙස ජුනි මස 20 වනදා මැතිවරණයකට දින නියම කිරීම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව ද පෙන්වා දෙන පෙත්සම්කරුවන් වැඩි දුරටත් සදහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බවයි.
     
    මෙහිදී සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කරන පෙත්සම්කරුවෝ පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය තවමත් පාලනයකට නතු වී නොමැති හෙයින් මෙම අවස්ථාවේදී මැතිවරණයක් පවත්වනු ලැබූවොත් ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි වනු ඇති බවයි. ඒ හරහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය ඇහිරී යනු ඇතැයි ද එහි වැඩි දුරටත් සදහන් වෙනවා.
     
    මෙහිදී තම මූලික අයිතිවාසිකම් කඩවන ආකාරයට පැහැදිලි කරමින් පෙත්සම්කරුවෝ පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය අවසන් වීමට පෙර  මහ මැතිවරණයක් පැවැත්වීම තුළින් තමා ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතීන් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි.

    ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි මස 20 දා මහ මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මස 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

  • මැයි මස වැටුප ගැන ‘ජනපති ලේකම්තුමාට’ පුරවැසියකුගෙනුත් පෞද්ගලික ආයාචනයක්

    මැයි මස වැටුප ගැන ‘ජනපති ලේකම්තුමාට’ පුරවැසියකුගෙනුත් පෞද්ගලික ආයාචනයක්

    හැකිනම් රාජ්‍ය සේවකයාගේ එක්දිනක වැටුප ඔහුගේ මැයි මස වැටුපට අතිරේක දීමනාවක් ලෙසට එක් කරන්නැයි මව්රට සංවිධානයේ ජාතික සංවිධායක ඉන්දික රණතුංග ඉල්ලා සිටී. ඒ සමාජ ජාලා මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

    ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි කාලය රාජ්‍ය සේවකයාට ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් විය හැකි බැවින් මෙම ඉල්ලීම පෞද්ගලික ආයාචනයක් ලෙසට ජනාධිපති ලේකම්ගෙන් සිදු කරන  බවයි.  

    ”ජනාධිපති ලේකම්තුමා පෞද්ගලික ඉල්ලීමක් කරලා තියෙනවා රාජ්‍ය සේවකයාගෙන් සිය මාසික වැටුප, මාස භාගයක වැටුප හෝ දිනක වැටුප ආණ්ඩුවට පරිත්‍යාග කරන්නෙයි කියලා. මේ අවස්ථාවේදී මම එතුමාගෙන් පෙරළා පුරවැසියෙක් විදියට පෞද්ගලික ඉල්ලීමක් කරනවා හැකිනම් දිනක වැටුපක් මේ මැයි මස රාජ්‍ය සේවකයාගේ වැටුපට අතිරේකව එක් කරන්න කියලා. ඒ රාජ්‍ය සේවකයා මේ වෙලාවේ සිටින අසරණ තත්ත්වය සලකා බලමින්.

    රට 11 වැනිදා කුමන ආකාරයට හෝ විවෘත කළාට පස්සේ මාස දෙක තුනක විදුලි බිල්පත්, ටෙලිෆොන් බිල්පත්, ගෙවල් කුලී, ක්‍රෙඩිට් කාඞ් ගාස්තු ආදි ගෙවීම් රැුසක් ගෙවීමට සිදු වෙනවා. ඇත්තට ම එය රාජ්‍ය සේවකයාට දරාගත නොහැකි මුදලක් විය හැකියි.  අපි දන්නවා බොහෝ විට රාජ්‍ය සේවකයාගේ වැටුප ණය ආදියට සම්පූර්ණයෙන් ම වැය වෙනවා. ඔවුන් එදිනෙදා වියදම් පියවා ගන්නේ බොහෝ විට අතිකාල කරලා. නැතිනම් අතිරේක රැකියාවක් කරලා.

    නමුත් ඒ සියලූ ආදායම් මේ වන විට රාජ්‍ය සේවකයාට අහිමි වී තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී වෙළඳ පොළේ භාණ්ඩ මිල ඉහළ යාමේ ප‍්‍රවණතාවක් ඇති විය හැකියි. විශේෂයෙන්ම ප‍්‍රවාහන පහසුකම්වලට යම් යම් බාධා පැමිණ තිබෙනවා. ගොවිතැන් කිරීමට අපහසු වෙලා තියෙනවා. විවිධ බාධා නිසා ගොවියා ගොවිතැන් කිරීමට මැළිකමකනවා. පිටරටින් භාණ්ඩ ගෙන්වීම අඩු වෙන්න පුළුවන්. මේ හේතුවෙන් වෙළඳපොළේ ඉල්ලූමට සරිලන සැපයුම් ඇති නොවුණ හොත් භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යා හැකියි. එයත් රාජ්‍ය සේවකයින්ට දරා ගත නොහැකි මට්ටමක් වනවා.

    මේ නිසා මම ජනාධිපති ලේකම්ගෙන් පෞද්ගලිකව ආයාචනය කරන්නේ හැකි නම් මේ මැයි මාසයේ රාජ්‍ය සේවකයාගේ වැටුපට දවසක වැටුපක් අතිරේක දීමනාවක් ලෙසට එක්කර ලබා දෙන්න. ඒක රාජ්‍ය සේවකයාට ලොකු උදව්වක්. පිහිටක්…” යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටි.

  • Covid-19: වෛරසමය කාන්තාරයට ඔබව සාදරයෙන් පිළිගනිමු!

    Covid-19: වෛරසමය කාන්තාරයට ඔබව සාදරයෙන් පිළිගනිමු!

    ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් – 05 වන කොටස

    ශිෂෙක් “Pandemic!” කෘතියේ හතරවන පරිච්ජේදයේදී සමකාලීන අර්බුදය විසින් මතු කෙරෙන මූලධාර්මික ප්‍රශ්න කිහිපයක් වෙත තියුණු විචාරාත්මක බැල්මක් හෙලයි. වත්මන් මොහොත කොතරම් අවිනිශ්චිත වූවක්ද යත්, ඉදිරි අනාගතය සර්ව-අසුබවාදී එකක් වීමට සේම යම් අරුතකින් සුබවාදී වීමටද ඉඩ තිබේ.

    කොරෝනා ව්‍යසනයේ දුක් පීඩා මතට සෙසු ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් වෙත මර්දනකාරීත්වය මුදා හරින අන්ත-දක්ෂිණාංශික බලවේගවල තර්ජනයේ සෙවණැල්ලද වැටෙමින් තිබේ. මෑතකදී ඉන්දීය ඉතිහාසඥ රාමචන්ද්‍ර ගුහා පැවසූ පරිදි දාහතර වන සියවසේදී “කළු මරණ” වසංගතයට හේතුව ලෙස ලේබල් කොට යුදෙව් ජනයා සමූල ඝාතනය කළාක් සේ දැන් ඉන්දියාව තුළ මුස්ලිම් ජනයාට එරෙහි ආක්‍රමණික අදහස් ව්‍යාප්ත කෙරෙමින් පවතී.

    කොරෝනා වෛරසය “චීන වෛරසයක්” ලෙස නාමකරණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දක්ෂිණාංශික ජාතිකවාදය විසින් එක්සත් ජනපදයේ වෙසෙන ආසියාතික ජනයා අනතුරෙහි හෙලනු ලබමින් තිබේ. මේ බහු-විධ අසුබවාදී විය හැකියාවන් ගැන සමකාලීන ප්‍රමුඛතම වාමාංශික මහජන බුද්ධිමතා අපට අනතුරු හඟවයි. 

    කොරෝනා වෛරසය “චීන වෛරසයක්” ලෙස නාමකරණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දක්ෂිණාංශික ජාතිකවාදය විසින් එක්සත් ජනපදයේ වෙසෙන ආසියාතික ජනයා අනතුරෙහි හෙලනු ලබමින් තිබේ. මේ බහු-විධ අසුබවාදී විය හැකියාවන් ගැන සමකාලීන ප්‍රමුඛතම වාමාංශික මහජන බුද්ධිමතා අපට අනතුරු හඟවයි. 

    නමුත්, ඒ සමගම ඔහු අපට පෙන්වන්නේ ඇතැම්විට මේ අර්බුදය ගෝලීය ධනවාදයේ පැවැත්ම වෙත එල්ල වූ මාරාන්තික ප්‍රහාරයක්ද විය හැකි බවයි. සරලව කිව හොත්, කොරෝනා අර්බුදයෙන් පෙන්නුම් කරන්නේ ගෝලීය ධනවාදයට තව දුරටත් මේ ආකාරයෙන් ඉදිරියට යා නොහැකි බවය. කුමන හෝ රැඩිකල් පරිවර්තනයක් අවශ්‍ය වේ. (මේ සැබවින්ම කොරෝනා වසංගතය ආරම්භ වීමට පෙර සිටම ශිෂෙක් ඔහුගේ මෑතකාලීන කෘතීන් කිහිපයක් තුළම අවධාරණය කරමින් සිටි කාරණයකි). 

    මෙවර ඔහුගේ මැදිහත්වීමේ ඇති වැදගත් දේශපාලන ගම්‍යතාවක් වන්නේ ඔහු අර්බුදය ඉදිරියේ ඉතාම සංයුක්ත සහ ඒත්තු යන සුළු යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කිරීමයි. එම යෝජනා පදනම් වන්නේ ගෝලීය සහයෝගීතාව සහ සම්බන්ධීකරණය පිළිබඳව ඔහු කලක පටන් ඉදිරිපත් කරමින් තිබූ මූලධර්ම මතය. ගෝලීය පොදු සෞඛ්‍ය සේවයක් පිළිබඳ ඔහුගේ යෝජනාව බර්නි සැන්ඩර්ස් එක්සත් ජනපදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවලියට වඩා ඔබ්බෙන් යන්නකි.

    එසේම ශිෂෙක් අර්බුදයේ නිමේෂය තුළට ඉක්මණින් මැදිහත් වන්නේ ආර්ථික ලිබරල්වාදීන්ගේ දැක්මෙන් මෙම නිමේෂය රාමුගත කිරීමට කිසිදු ඉඩ නොලැබෙන පරිදිය. ඔහු වාමාංශික දැක්මෙන් සමකාලීන අනිශ්චිත මොහොත රාමුගත කරන අතරම දේශපාලන ලිබරල්වාදීන් හටද ඒත්තු යන සුළු ආකාරයෙන් “සීමිත කොමියුනිස්ට්වාදය” පිළිබඳ ඔහුගේ අදහස ඉදිරිපත් කරයි. මෙය ග්‍රාම්ස්චියානු අරුතින් කදිම ප්‍රති-හෙජමොනික මැදිහත්වීමක් යැයි කිව හැකිය.                 

    හතරවන පරිච්ජේදය 
    වෛරසමය කාන්තාරයට ඔබව සාදරයෙන් පිළිගනිමු!

    වත්මන් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය විසින් දෘෂ්ටිවාදී වෛරසයන්ගේ සුවිසල් වසංගතයක්ද බිහි කරනු ලැබ තිබේ. එම වෛරසයන් අපගේ සමාජ තුළ මෙතෙක් නිද්‍රාගතව පැවති ඒවාය. එනම් ව්‍යාජ පුවත්, භීතිකාමය කුමන්ත්‍රණ න්‍යායන්, වර්ගවාදයේ පුපුරා යාම් යනාදියයි. නිරෝධානය සඳහා ඇත්තේ යුක්ති යුක්ත වෛද්‍ය විද්‍යාත්මක අවශ්‍යතාවකි; නමුත්, දැන් එහි දෝංකාරය දේශ සීමා ස්ථාපිත කිරීම සඳහාත් අපගේ අනන්‍යතාවට තර්ජනයක් එල්ල කරන සතුරන් නිරෝධානය කිරීම සඳහාත් ඇති දෘෂ්ටිවාදී වුවමනාකම් තුළද නින්නාද නැංවේ.  

    කෙසේ වුවත්, ඇතැම්විට වඩාත් වැඩදායක වෙනත් දෘෂ්ටිවාදී වෛරසයක්ද ඉදිරියේදී අපට ආසාදනය වෙතැයි අපේක්ෂා කළ හැකිය. එනම් විකල්ප සමාජයක් පිළිබඳව සිතීමේ වෛරසයයි; ජාතික-රාජ්‍යයට ඔබ්බෙන් වූ සමාජයක් පිළිබඳව සිතීමේ වෛරසයයි; ගෝලීය සහයෝගීතාවේ හා අන්තර්-බැඳියාවේ රාමුව තුළ යථාර්ථයක් බවට පත් වන සමාජයක් පිළිබඳව සිතීමේ වෛරසයයි.

    කොරෝනා වෛරසය චීනයේ කොමියුනිස්ට් පාලනය බිඳ වැට්ටවීම දෙසට දිශානත වනු ඇතැයි පැතිරුණු අනුමාන කිරීමක් තිබේ. ඒ හරියට මිහයීල් ගොර්බචොෆ්ම පිළිගත් පරිදි චර්නොබීල් ඛේදවාචකය සෝවියට් කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමට හේතු  සාධක වූවාක් සේමය

    මිහයීල් ගොර්බචොෆ්

    කොරෝනා වෛරසය චීනයේ කොමියුනිස්ට් පාලනය බිඳ වැට්ටවීම දෙසට දිශානත වනු ඇතැයි පැතිරුණු අනුමාන කිරීමක් තිබේ. ඒ හරියට මිහයීල් ගොර්බචොෆ්ම පිළිගත් පරිදි චර්නොබීල් ඛේදවාචකය සෝවියට් කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමට හේතු  සාධක වූවාක් සේමය. නමුත්, මෙහි පරස්පරතාවක්ද තිබේ. කොරෝනා වෛරසය ඇතැම්විට ජනතාව සහ විද්‍යාව පිළිබඳ විශ්වාසය මත පදනම් වූ කොමියුනිස්ට්වාදයක් නැවත සොයා ගන්නටද අපට බල කරනු ඇත. 

    ක්වින්ටින් ටැරන්ටිනෝගේ “Kill Bill දෙවන පිටපත” නම් චිත්‍රපටයේ අවසන් දර්ශනය තුළ මෙවන් ජවනිකාවක් තිබේ. බියට්‍රික්ස් දුෂ්ට කිල් බිල්ව අඩපණ කොට ඔහුට සටන් කලාවේ ඇති මාරාන්තිකම පහර එල්ල කරයි: එය “පංච නිල ඔස්සේ අත්ලෙන් හෘදය පිපිරවීමේ තාක්ෂණය” ලෙස හැඳින්වේ.

    මේ ප්‍රහාරයේදී සිදු වන්නේ ඇඟිලි තුඩුවලින් තම ප්‍රතිමල්ලවයාගේ සිරුරේ නිල පහක් එක විට තෙරපීමය. පහර කෑ තැනැත්තා පියවර පහක් ඉදිරියට ඇවිද ගිය විට ඔහුගේ ශරීරය තුළ හෘදය පිපිරී බිම ඇද වැටේ. මේ ප්‍රහාරය සටන් කලා මිත්‍යාවේදයේ අංගයක් වුවද සැබවින්ම අතින් පයින් සටන් කිරීමේදී එවැන්නක් විය නොහැකිය. කෙසේ වුවද, මෙම චිත්‍රපටය තුළ බියට්‍රික්ස් මේ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව බිල් සංසුන්ව ඇය සමග සමාදාන වී පියවර පහක් ඇවිද ගොස් මරණයට පත් වේ.                 

    මේ ප්‍රහාරයේ චිත්තාකර්ෂණීය දෙය වන්නේ පහර කෑමට ලක් වූ මොහොතත් මරණයේ මොහොතත් අතරමැද කාලයයි. මා සංසුන්ව හිඳගෙන සිටින තාක් කල් මා හට සුහද පිළිසඳරක නිරත විය හැකිය; නමුත්, මා ඇවිදින්නට පටන් ගත් විට මගේ හදවත පුපුරා යන බව ඒ පිළිසඳර පුරාම මා දැනුවත්ය.

    චීන නායකත්වයට සංසුන්ව හිඳගෙන, අවට නිරීක්ෂණය කරමින් නිරෝධානයේ සාමාන්‍ය ක්‍රියාවලිය ගෙන යා හැකිය. නමුත්, ඔවුන් සමාජ පර්යායෙහි ඇති කරන සෑම සැබෑ වෙනසක්ම (නිදසුනක් ලෙස ජනතාව විශ්වාස කිරීමට පටන් ගැනීම) ඔවුනගේ බිඳ වැටීමට හේතු භූත වනු ඇත.      

    කොරෝනා වසංගතය චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ පාලනය බිඳ වැටීමට හේතු වනු ඇතැයි අනුමාන කරන අයවළුන්ගේ අදහසින් හැඟවෙන්නේ එය චීන කොමියුනිස්ට් බලාධිකාරයට “පංච නිල ඔස්සේ අත්ලෙන් හෘදය පිපිරවීමේ තාක්ෂණය” මගින් එල්ල වූ ප්‍රහාරයක් ලෙස ක්‍රියා කරන්නේය යන්න නොවේද? චීන නායකත්වයට සංසුන්ව හිඳගෙන, අවට නිරීක්ෂණය කරමින් නිරෝධානයේ සාමාන්‍ය ක්‍රියාවලිය ගෙන යා හැකිය. නමුත්, ඔවුන් සමාජ පර්යායෙහි ඇති කරන සෑම සැබෑ වෙනසක්ම (නිදසුනක් ලෙස ජනතාව විශ්වාස කිරීමට පටන් ගැනීම) ඔවුනගේ බිඳ වැටීමට හේතු භූත වනු ඇත.      

    ඉන්පසුව ශිෂෙක් පවසන්නේ මේ පිළිබඳව ඔහුගේ මධ්‍යස්ත මතය පවා මීට වඩා ඉතාම රැඩිකල් වූවක් බවයි. එනම්, කොරෝනා වසංගතය වනාහී ගෝලීය ධනවාදී ක්‍රමයටම “පංච නිල ඔස්සේ අත්ලෙන් හෘදය පිපිරවීමේ තාක්ෂණය” ඔස්සේ එල්ල වූ ප්‍රහාරයක් බවයි. එය අප මේ දක්වා පැමිණි ආකාරයට අපට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවට සංඥාවකි; රැඩිකල් වෙනසක් අවශ්‍ය බවට සංඥාවකි.

    වසර ගණනාවකට පෙර ෆ්‍රෙඩ්රික් ජෙම්සන් අවධානය යොමු කළ කාරණයක් ශිෂෙක් මෙහිදී සිහි ගන්වයි. ඇස්ටරොයිඩයක් විසින් මිහි මත ජීවයේ පැවැත්ම තර්ජනයට ලක් කිරීම හෝ වෛරසයක් විසින් මානව වර්ගයා මුළුමනින්ම විනාශ කොට දැමීම වැනි විශ්වීය ව්‍යසනයක් පිළිබඳව කියැවෙන චිත්‍රපට තුළ පවත්නා යුතෝපියානු ශක්‍යතාව ගැන ජෙම්සන් සඳහන් කළේය. එවන් විශ්වීය තර්ජනයක් විසින් ගෝලීය සහයෝගීතාවක් ජනනය කෙරෙනු ඇත. අප එකිනෙකා අතර ඇති මෝඩ වෙනස්කම් නොවැදගත් වී යනු ඇත. අප සියලු දෙනාම විසඳුමක් සෙවීමට එකාවන්ව වැඩ කරනු ඇත. ඉදින්, අප අද දිනයේ අපගේ සැබෑ ජීවිතය තුළ සිටින්නේද එවන් තැනකය.       

    මෙයින් අදහස් වන්නේ පුළුල්ව පැතිරුණු මිනිසුන්ගේ දුක් පීඩාවන් අපගේ අරමුණ කරා යාමට උපකාරී වන තාක් කල් අප පරපීඩාකාමුක ආකාරයෙන් ඒවා ගැන සතුටු විය යුතු බව නොවේ. ඊට ප්‍රතිවිරුද්ධව, අප කළ යුත්තේ අප ජීවත් වන සමාජයේ මූලික පැතිමාන ගැන නැවත සිතා බැලීම සඳහා අපට ව්‍යසනයක්ම අවශ්‍ය වනවා නොවේද යන කණගාටුදායක කාරණය මෙනෙහි කිරීමයි. 

    මෙහිදී ශිෂෙක් ඔහු අදහස් කරන ආකාරයේ ගෝලීය සම්බන්ධීකරණයක් පිළිබඳ නොපැහැදිලි ආකෘතියක් ලෙස හඳුනා ගන්නේ සුපුරුදු නිලබලවාදී දෙඩවිලි වෙනුවට භීතියකින් තොරව නිශ්චිත අනතුරු හැඟවීම් අප හට ලබා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයයි. එවන් සංවිධානවලට වැඩි විධායක බලයක් ලබා දිය යුතු යැයි ඔහු යෝජනා කරයි.

    එක්සත් ජනපද ජනාධිපතිධූර අපේක්ෂක බර්නි සැන්ඩර්ස් එරට සියළු පුරවැසියන්ට සෞඛ්‍ය සේවය ලබා දිය යුතු යැයි පැවසූ විට ඇතැමුන් ඔහුව උපහාසයට ලක් කළ බව සිහිපත් කරන ශිෂෙක් මෙලෙස විමසයි: කොරෝනා වසංගතයේ පාඩම වන්නේ අපට ඊටත් වඩා දෙයක් අවශ්‍ය බව නොවේද? අප කිසියම් ආකාරයක ගෝලීය සෞඛ්‍ය සේවා ජාලයක් ගැන කල්පනා කිරීම ආරම්භ කළ යුතු බව නොවේද?                    

    ඉරාණයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ඉරාජ් හරිර්චි

    ඉරාණයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ඉරාජ් හරිර්චි ජනමාධ්‍ය හමුවක පෙනී සිටිමින් කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම අඩු තක්සේරු කරමින් මහජනයා නිරෝධානය කිරීම අත්‍යවශ්‍ය නොවන බව ප්‍රකාශ කළේය. නමුත්, ඉන් දිනකට පසුව ඔහු තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවත් තමන් හුදෙකලාව සිටින බවත් කෙටි නිවේදනයකින් දැනුම් දුන්නේය (ඔහුගේ රූපවාහිනී පෙනී සිටීම අතරතුරදීත් ඔහු උණ රෝගයේ සහ දුබලතාවයේ ලකුණු ප්‍රකට කළේය). හරිර්චි තම නිවේදනයට මෙසේද එක් කළේය: “මේ වෛරසය ප්‍රජාතාන්ත්‍රිකය. එය දුප්පතුන් සහ පොහොසතුන් අතර වෙනස නොතකයි; රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ සාමාන්‍ය ජනයා අතර වෙනස නොතකයි.”

    මේ කාරණයේදී ඔහු ගැඹුරු ලෙසම නිවැරදි යැයි ශිෂෙක් පවසයි. දැන් අප සියල්ලන්ම සිටින්නේ එකම බෝට්ටුවකය. ඒ අතරම මෙහිදී මග හැර යා නොහැකි සුපිරිතම සරදමක්ද ඇතැයි ඔහු සඳහන් කරයි. එනම්, අප සියලු දෙනාම එකට එක් කොට අප අතර ගෝලීය සහයෝගීතාවක් වර්ධනය කරන්නා වූ දෙයම අපගේ දෛනික ජීවිතය තුළදී අපට නියෝග කරන්නේ එකිනෙකාට සමීප නොවන ලෙසත් ස්වයං-හුදෙකලාවේ සිටින ලෙසත් වීමයි. 

    එසේම අප හමුවේ ඇති එකම තර්ජනය කොරෝනා වෛරසය පමණක් නොවේ. තවත් ව්‍යසනයන් නෙත ගැටෙන මානයේ ඇත. නියඟයන්, ග්‍රීෂ්ම කාලයන්, මාරාන්තික කුණාටු යනාදී ලෙස මේ ලැයිස්තුව තවත් දීර්ඝය. මේ කිසිවකට විසඳුම වන්නේ භීතියට පත් වීම නොවේ. ඒ වෙනුවට කිසියම් ආකාරයක කාර්යක්ෂම ගෝලීය සම්බන්ධීකරණයක් පිහිටුවා ගැනීම සඳහා ඉක්මනින් හා තදබල ලෙස වැඩෙහි නිරත වීමය.

    අප මෙහිදී අත් හළ යුතු පළමු මායාව වන්නේ මෑතකදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ඉන්දීය සංචාරයේදී ප්‍රකාශ කළ දෙයයි. එනම් වසංගතය ඉක්මනින් අඩු වී යනු ඇති අතර අප කළ යුත්තේ එතෙක් බලා සිටීම යැයි ඔහු පැවසීය; ඉන්පසුව ජීවිතය යළි සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇත. චීනය දැනටමත් මේ මොහොත සඳහා සූදානම් වෙමින් සිටී. වසංගතය අවසන් වූ පසුව මෙතෙක් අතපසු වූ වැඩ සම්පූර්ණ කිරීම සඳහා සෙනසුරාදා සහ ඉරිදා දිනවලද වැඩ කළ යුතු යැයි චීන මාධ්‍ය ජනතාවට නිවේදනය කළේය.          

    මේ සුව පහසු බලාපොරොත්තුවට වෙනස්ව අප පිළි ගත යුතු වැදගත් කාරණය වන්නේ තර්ජනය තවත් කාලයක් පවතිනු ඇති බවයි. වත්මන් රැල්ල බැස ගියද එය ඇතැම්විට වඩාත් භයානක ආකාරයකින් යළි මතු වන සෙයකි. කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබුවා යැයි ප්‍රකාශයට පත් කරන ලද ඇතැමුන්ට නැවත එය ආසාදනය වී තිබේය යන කාරණය මේ පිළිබඳව අනතුරු හඟවන සංඥාවකි.   

    ඉහත හේතුව නිසා මේ වෛරසමය වසංගතය අප සෙසු මිනිසුන් සමගත් අප වටා ඇති දේ සමගත්  පවත්වන මූලික අන්තර්-ක්‍රියා කෙරෙහි බලපානු ඇතැයි අපට අපේක්ෂා කළ හැකිය. අපගේම ශරීරය සමග කරන අන්තර්-ක්‍රියාද එයට අයත්ය. මෙය සමග ගණුදෙණු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඇති උපදෙස් අති මහත්ය. 

    “ඇතැම්විට අදෘශ්‍යමානව වුවත් අපවිත්‍ර වී තිබෙන දේ අල්ලන්න එපා; අතන මෙතන අල්ලන්න එපා; පොදු වැසිකිළි මත හිඳ ගන්න එපා; පොදු ස්ථානවල ඇති බංකුවල හිඳ ගන්න එපා; අන් අයව වැළඳ එපා; ඔවුනට අතට අත දෙන්න එපා…සහ විශේෂයෙන්ම ඔබ ඔබේම ශරීරය පාලනය කරන ආකාරය ගැනත් ප්‍රවේසම් වන්න; ඔබේම නිරායාස ඉරියව් ගැන ප්‍රවේසම් වන්න; ඔබේ නාසය අල්ලන්නට හෝ ඇස් පිස දමන්නට එපා; කෙටියෙන් කිවහොත්, ඔබේ ශරීරය සමග ක්‍රීඩා කරන්නට එපා…”                    

    ඉදින්, අපව පාලනය කරන්නට බලාපොරොත්තු වන්නේ රාජ්‍යය හෝ සෙසු ආයතන පමණක් නොවේ. අපව පාලනය කර ගන්නට සහ විනයගත කර ගන්නට අපම ඉගෙන ගත යුතුය. ඇතැම්විට ආරක්‍ෂිත යැයි සලකනු ඇත්තේ සයිබර් යථාර්තය පමණි. එසේම විවෘත අවකාශයේ නිදහසේ ඔබිනොබ යාම ධන කුවේරයන් සතු දූපත්වලට පමණක් සීමා වනු ඇත.

    නමුත්, මෙහිදී පවා, එනම් සයිබර් යථාර්තයේ සහ අන්තර්ජාලයේ තලය තුළ පවා අප සිහි තබා ගත යුතු කාරණයක් නම් පසුගිය දශක කිහිපයේදී “වෛරස” සහ “වෛරසීය” වැනි යෙදුම් බොහෝ විට භාවිත වූයේ අපගේ වෙබ් අවකාශයට ආසාදනය වන ඩිජිටල් වෛරස හැඳින්වීම සඳහා බවය. එම වෛරසවල විනාශකාරී බලය මුදා හරින තෙක් (නිදසුනක් ලෙස ඒවා අපගේ පරිගණක දෘඩාංග තුළ ඇති දත්ත විනාශ කර දමන තෙක්) අපි ඒවා ගැන නොදැන සිටිමු. දැන් අප හමුවේ දෘෂ්‍යමාන වන්නේ වෛරසය යන යෙදුමේ ප්‍රාරම්භක වචනාර්ථය දැවැන්ත ලෙස යළිත් අප කරා පැමිණීමකි. වෛරසීය ආසාදන සැබෑ සහ අතථ්‍ය යන මානයන් දෙක තුළම අත් වැල් පටලාගෙන යයි.          

    අපට නිරීක්ෂණය කළ හැකි තවත් අරුම පුදුම ප්‍රපංචයක් නම් ධනවාදී ප්‍රාණවාදයේ විජයග්‍රාහී පුනරාගමනයයි. මෙයින් අදහස් වන්නේ වෙළඳපල සහ මූල්‍ය ප්‍රාග්ධනය වැනි සමාජ ප්‍රපංචයන් ජීවමාන ඉන්ද්‍රියන් ලෙසින් සැලකීමයි. ඔබ අපගේ ප්‍රධාන මාධ්‍යවල වෙත අවධානය යොමු කළහොත් ඔබට එන හැඟීම මෙබඳුය: අප සැබවින්ම කණගාටු විය යුත්තේ දැනටමත් මිය ගිය හෝ මිය යාමට ඉඩ තිබෙන දහස් ගණනක් මිනිසුන් ගැන නොවේ; ඒ වෙනුවට, “වෙළඳපල කැළඹීමට පත් වෙමින් තිබේය” යන කාරණය ගැනයි.

    කොරෝනා වෛරසය අන් කවර කලෙකවත් නොවූ විරූ ආකාරයෙන් ලෝක වෙළඳපලේ මෘදු ක්‍රියාකාරීත්වයට බාධා කරමින් තිබීම ගැනයි. මේ සියල්ලෙන් පැහැදිලිව සංඥා කෙරෙන්නේ වෙළඳපල යාන්ත්‍රණයන් මත තව දුරටත් රඳා නොපවතින පරිද්දෙන් ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමේ හදිසි අවශ්‍යතාව නොවේද?             

    අප මේ කතා කරන්නේ පැරණි මාදිලියේ කොමියුනිස්ට්වාදයක් ගැන නොවේ. සැබවින්ම, ආර්ථිකය පාලනය කිරීමට සහ නියාමනය කිරීමට හැකියාව ඇති කිසියම් ආකාරයක ගෝලීය සංවිධානයක් පිළිබඳවය; අවශ්‍ය වූ විට එයට ජාතික-රාජ්‍යයන්ගේ පරමාධිපති බලය සීමා කිරීමටද හැකි විය යුතුය. මින් පෙර රටවල්වලට එසේ කිරීමට හැකි වී තිබෙන්නේ යුදමය තත්ත්වයක් තුළදීය; අපද දැන් බරපතල ලෙස ඇතුල් වෙමින් සිටින්නේ වෛද්‍ය විද්‍යාත්මක යුද්ධයක් තුළටය. මේ වසංගතයේ ඇතැම් වාසි සහගත අතුරු පලයන් ගැන සඳහන් කිරීමට අප බිය නොවිය යුතුය.           
    කොරෝනා වසංගතයේ දිගු කල් පවතින සංකේතයක් වන්නේ විශාල නෞකා තුළ සිරවී නිරෝධානය වන මගීන්ය. හුදෙකලා දූපත් වෙතට හෝ නිවාඩු නිකේත වෙතට සංචාරය කිරීම යළිත් වරක් ධනවතුන් සුළුතරයකගේ වරප්‍රසාදයක් බවට සීමා නොකරන්නට (දශක ගණනාවකට පෙර ගුවන් ගමන්වල යෙදිය හැකි වූයේද ඔවුනට පමණි) අප ප්‍රවේසම් විය යුතු වන අතරම, ඉහත කී ආකාරයේ නෞකාවල අශ්ශීලත්වය හොඳ ප්‍රහේළිකාවක් යැයිද මම කියමි.

    කොරෝනා වසංගතයේ දිගු කල් පවතින සංකේතයක් වන්නේ විශාල නෞකා තුළ සිරවී නිරෝධානය වන මගීන්ය.

    විනෝද උයන් දැන් අවතාරමය නගර බවට හැරෙමින් තිබේ. එය කදිමය. මට ඩිස්නිලන්තය තරම් එපා කරවන සුළු සහ මෝඩ ස්ථානයක් ගැන සිතා ගත නොහැකිය. මෝටර් රථ නිෂ්පාදනයට බරපතල හානි සිදුව තිබේ. හොඳයි, මෙය පුද්ගලික යාන වාහන පිළිබඳ අපගේ උමතුවට විකල්ප මොනවාදැයි සිතීමට අපට බල කරනු ඇත. මේ ලැයිස්තුව තවත් දිගුය.          

    මෑතකදී හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බන් මෙලෙස පැවසීය: “ලිබරල්වාදියෙකු යනුවෙන් දෙයක් පවතින්නේ නැත. ලිබරල්වාදියෙකු යනු ඩිප්ලෝමාවක් සහිත කොමියුනිස්ට්වාදියෙකුට වඩා වැඩි යමක් නොවේ.”

    මෙහි ප්‍රතිවිරුද්ධ දේ සත්‍යය විය නොහැකිද? අප අපගේ නිදහස ගැන සැලකිලිමත් වන අයව ලිබරලුන් යයි හඳුන්වන්නේ යැයි සිතමු; එසේම ගෝලීය ධනවාදය අර්බුදයක් කරා ගමන් කරන බැවින් අපට අපගේ නිදහස ආරක්ෂා කර ගත හැක්කේ රැඩිකල් පරිවර්තන ඇති කිරීමෙන් පමණක් බවට දැනුවත් අයව කොමියුනිස්ට්වාදීන් ලෙස හඳුන්වන්නේ යැයි සිතමු.

    එසේ නම්, අද දිනයේ තවමත් අපව කොමියුනිස්ට්වාදීන් ලෙස හඳුන්වා ගනිමින් සිටින අප වනාහී ඩිප්ලෝමාවක් සහිත ලිබරලුන් බව පැවසිය යුතුව ඇත. එනම්, අපගේ ලිබරල් වටිනාකම් තර්ජනයට ලක්ව ඇත්තේ මන්දැයි බරපතලව අධ්‍යයනය කොට ඇත්තා වූද, ඒවා ආරක්ෂා කර ගත හැක්කේ රැඩිකල් පරිවර්තනයකින් පමණක් බව අවබෝධ කර ගෙන ඇත්තා වූද ලිබරලුන්ය. 


    පරිවර්තනය: සුමිත් චාමින්ද  

    පරිවර්තනය: සුමිත් චාමින්ද  

  • ජනපති මදුරෝ පැහැර ගැනීමට ‘ඇමෙරිකානු කුලී හේවායින් ගත් තැත හෙළි වෙයි’

    ජනපති මදුරෝ පැහැර ගැනීමට ‘ඇමෙරිකානු කුලී හේවායින් ගත් තැත හෙළි වෙයි’

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝගේ ආණ්ඩුව පෙරළා දමා ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙන ඒමට කුමන්ත්‍රණය කළ බව පවසන ඇමෙරිකානු වැසියෙකුගේ පාපෝච්චාරණයක් වෙනිසුවෙලා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරිණි.

    එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. එම කණ්ඩායම “කුලී හේවායන්” බවත් ඔවුන්ගේ සන්නද්ධ ආක්‍රමණය ව්‍යවර්ථ කළ බවත් වෙනිසුවෙලා ආණ්ඩුව පවසයි.

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසුවෙලාව ආක්‍රමණය කොට තමා බලයෙන් පහ කිරීමේ ප්‍රයත්නයක නිරත වෙන බවට ජනාධිපති මදුරෝ බොහෝ වරක් චෝදනා කර ඇත.

    මේ අතර මේ සතිය මුලදී ප්‍රකාශයක් කළ ජනාධිපති ට්‍රම්ප්, වෙනිසුවෙලා ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයට ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්බන්ධයක් නැති බව සඳහන් කළේය.

    ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ අදහස් දක්වමින්, වෙනිසුවෙලා ආණ්ඩුවේ අත්අඩංගුවේ පසුවෙන ඇමෙරිකානුවන් ආපසු සියරට පැමිණීම සහතික කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකි ‘සියලු පියවර’ (“every tool”) එක්සත් ජනපද ආණ්ඩුව ගනු ඇතැයි කියා සිටියේය.

    වෙනිසුවෙලා රූපවාහිනී ප්‍රකාශය

    පසුගිය බදාදා (මැයි 06) වීඩියෝ පටයක ‘මිස්ටර් ඩෙන්මන්’ (Mr Denman) ලෙස පෙනී සිටිමින් අදහස් දැක්වූ 34 හැවිරිදි තැනැත්තෙක් ‘කරකාස්’ අගනුවරට පැමිණීමට පෙර තමා මුදල් ලබා ගනිමින් කුලී පදනම මත කොලොම්බියාවේ සිටින වෙනිසුවෙලා ජාතිකයන් පුහුණු කිරීමේ නිරත වූ බවත්, ඔවුන්ගේ ඉලක්කය වුණේ “ජනාධිපති මදුරෝ රටින් ගෙන යාම සඳහා ‘කරකාස්’ ගුවන් තොටුපොළ අල්ලා ගැනීම” බවත් විස්තර කළේය.

    “වෙනිසුවෙලා ජාතිකයන්ට නැවත රටේ පාලනය අල්ලා ගැනීම සඳහා මම උදව් කරමින් සිටියා” ‘ඩෙන්මන්’ (Mr Denman) ප්‍රකාශ කළේය.

    ‘ඩෙන්මන්’ (Mr Denman) ප්‍රකාශ කළ ආකාරයට ඔහු කලින් ”විශේෂ මෙහෙයුම් බළකායක සාමාජිකයෙකු” ලෙස කටයුතු කර ඇත.

    “කුමන්ත්‍රණය සඳහා හතළිස් එක් හැවිරිදි එරාන් බේරි (Airan Berry) නම් පුද්ගලයා හවුල් කර ගනු ලැබ තිබෙන්නේ ජෝඩන් ගෞඩ්රෝ (Jordan Goudreau) විසිනි. ජෝඩන් ෆ්ලොරිඩා මූලස්ථානය කර ගත් ‘Silvercorp’ නම් ඇමෙරිකානු සමාගම මෙහෙයවන ඇමෙරිකානු හිටපු යුද්ධ නායකයෙකි.

    එම කුමන්ත්‍රණ ප්‍රයත්නයට තමා හවුල් බව පිළිගන්නා ජෝඩන් ගෞඩ්රෝ, තම රටට භාර දෙනු ඇතැයි වෙනිසුවෙලා බලධාරීහු පවසති.

    ජනාධිපති මදුරෝ පවසන පරිදි ‘Silvercorp’ ව්‍යාපාරය වෙනිසුවෙලා විපක්ෂ නායක හුවාන් ගුඅයිඩෝ (Juan Guaidó) සමග ගිවිසුමක් අත්සන් කරනු ලැබ ඇත.

    හුවාන් ගුඅයිඩෝ වෙනිසුලාවේ විපක්ෂ නායකයා මෙන් ම, ඇමරිකා එක්සත් ජනපදය සහ බොහෝ යුරෝපා රාජ්‍යයන් විසින් එරට නීත්‍යනුකූල නායකයා හැටියට පිළිගනු ලැබ ඇති දේශපාලනඥයෙකි.

    රඳවා ගෙන ඇති ඇමෙරිකානුවන්

    ‘ඩෙන්මන්’ සහ ‘බෙරී’ හැරුණ විට කුමන්ත්‍රණයට හවුල් වූ වෙනත් පුද්ගලයන් සම්බන්ධයෙන් වැඩිමනත් තොරතුරු දැන ගැනීමට නොමැත.

    ඉහත නම් සඳහන් පුද්ගලයන් දෙදෙනා එක්සත් ජනපද ආරක්ෂක හමුදාවන්හි සාමාජිකයන් බව වෙනිසුවෙලා යුද්ධ හමුදාවේ ඉහළ ම නායකත්වය පවසා ඇත. එහෙත් එම ස්ථාවරය තවමත් තහවුරු කෙරී නැත.

    එකී පුද්ගලයන් දෙදෙනාට අමතරව තවත් එකොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වෙනිසුවෙලා ආණ්ඩුව පවසයි.

    එසේ ම සිදු විණැයි පැවසෙන කුමන්ත්‍රණ ප්‍රයත්නයේදී සන්නද්ධ පුද්ගලයන් අට දෙනෙක් මරා දමන ලද බවත් ‘කරකාස්’ බලධාරීහු පවසති.

    කුමන්ත්‍රණයේ පසුබිම

    වෙනිසුවෙලා විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ සමග පවත්වන ලද අතීත සම්බන්ධකම් පිළිබඳව ජෝඩන් ගෞඩ්රෝ දිගින් දිගට ම අදහස් පළකොට ඇත.

    එහෙත් සඳුදා ප්‍රකාශයක් කළ වෙනිසුවෙලා විපක්ෂ නායකයා කියා සිටියේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘Green Beret’ විශේෂ යුද්ධ සේනාංකයට අයත් විශ්‍රාමික නිලධාරියෙකු වන ජෝඩන් ගෞඩ්රෝ සමග තමා කිසිදු ගනුදෙනුවක් කර නැති බවය.

    තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ, වෙනිසුවෙලාවෙහි මෑතදී ආරම්භ වූ ප්‍රචණ්ඩ ප්‍රහාර රැල්ල කෙරෙන් මහජන අවධානය වෙනත් දිශාවකට හැරවීමට ජනාධිපති මදුරෝ කටයුතු කරන බවට චෝදනා කළේය.

    එහිදී ඔහු පසුගිය සතියේ සිකුරාදා සිදු වූ කීප දෙනෙකුට මරු කැඳවන ලද බන්ධනාගර කැරැල්ල සහ සෙනසුරාදා රාත්‍රියේ ‘කරකාස්’ අගනුවරින් වාර්තා වූ මැරයන්ගේ කල්ලි අතර ගැටුමක් ගැනත් සඳහන් කර තිබිණි.

    ජෝර්ඩන් ගෞඩ්රෝ කාගේ කවුද?

    කැනඩාවේ උපත ලද, එක්සත් ජනපද හමුදාවේ හිටපු යුද නිලධාරියෙකු වන ජෝර්ඩන් ගෞඩ්රෝ ‘Silvercorp’ නම් ඇමෙරිකානු සමාගම මෙහෙයවන අතර ”වීර යුද පදක්කම්” ලාභියෙකි.

    ‘වොෂිංටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කරන පරිදි, ඔහු එක්සත් ජනපද හමුදාවේ වසර පහළොවක් නිරතව සිටි අතර, පළමුව පාබළ හමුදාවේ මෝටාර් විශේෂඥයෙකු විය. පසුව ඔහු විශේෂ කාර්යසාධක බලකායක වෛද්‍ය අංශයෙහි කටයුතු කර ඇත.

    යුද නිලධාරීන් උපුටා දක්වන ‘වොෂිංටන් පෝස්ට්’ පුවත්පත 2006 සහ 2014 වසරවල ඔහු ඉරාකයේ සහ ඇෆ්ඝනිස්ථානයේ නිරත කරනු ලැබ ඇත.

    ජෝර්ඩන් 2018 වසරේ ෆ්ලොරිඩා වහි සිය ‘Silvercorp USA’ පෞද්ගලික සමාගම ආරම්භ කරයි.

    පැහැර ගැනීමට හෝ මුදල් ආදිය බලහත්කාරයෙන් ලබා ගැනීම වැනි අවස්ථාවන්හි දී පිහිටවීම ඇතුළු සේවාවන් කීපයක් ගැන එම සමාගම සම්බන්ධයෙන් පළ කරනු ලැබ ඇති වෙළෙඳ දැන්වීමවල ඇතුළත්ය.

    එපමණක් නොව, ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් ”ජාත්‍යන්තර ආරක්ෂක කණ්ඩායම්වලට” නායකත්වය දීමේ නිරත බවත් ‘Silvercorp USA’ ව්‍යාපාරය පවසයි.

    ‘Silvercorp USA’ සමාගමේ වෙළෙඳ දැන්වීම් මෙහෙයුම පනහකට අධික රටවල ක්‍රියාත්මක කෙරෙයි.

    හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, බහුජාතික සමාගම්වල ආරක්ෂක අංශවල හිටපු ප්‍රධානීන්, විශාල අත්දැකීම් සහිත අවදානම් මෙහෙයුම්වල නිරතව ඇති යුද නිලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ බුද්ධි අංශවල නිලධාරීන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් තමන් සමඟ කටයුතු කරන බවත් එම ව්‍යාපාරය කියා සිටියි.

    එහෙත් එම පුද්ගලයන් කවුරුන් ද? යන්න නමින් සඳහන් කරන්නේ නැත.

    මෙම මෙහෙයුම පිටුපස වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ගයිඩෝ සිටින බව සාබ් 
    කියා සිටියේය 

    වෙනිසුවෙලා අර්බුදය

    වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මදුරෝ ගේ පාලනය අවසන් කිරීමේ “අවසන් අදියර” කරා තමන් පැමිණ ඇති බව විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ 2019 වසරේ අප්‍රියෙල් මාසයේ ප්‍රකාශ කළ අතර, ඊට ප්‍රතිචාරය දැක්වූ එරට බලධාරීහු “කුඩා ප්‍රමාණයේ කුමන්ත්‍රණ ප්‍රයත්නයක් බිඳ හෙලමින් සිටින බවක්” එම අවස්ථාවේත් ප්‍රකාශ කර ඇත.

    නිල ඇඳුම් ලා ගත් පිරිසක් සමග වීඩියෝ දර්ශනයක පෙනී සිටි ගුඅයිඩෝ, තමන්ට හමුදා සහය ඇති බව එම අවස්ථාවේ සඳහන් කළේය.

    2019 ජනවාරියේදී තමන් අන්තර්කාලීන ජනාධිපතිවරයා බව ප්‍රකාශයට පත් කළ ගුඅයිඩෝ, මදුරෝ විසින් බලය “පැහැර ගනු ලැබීම” අවසන් කිරීම සඳහා සහය දෙන ලෙස හමුදාවේ සාමාජිකයින් වැඩි දෙනාගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

    එහෙත් ගුඅයිඩෝ සමග පැවති අර්බුදය අතරතුර යුද හමුදාවේ සහයෝගය ජනාධිපති මදුරෝට ලැබිණි.

    Text by BBC

  • Covid-19 Today Update: ලංකාවේ ආසාදිතයින් 835ක් – ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 4 අභියස

    Covid-19 Today Update: ලංකාවේ ආසාදිතයින් 835ක් – ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 4 අභියස

    Covid-19 ආසාදිතයින් 11 දෙනකු ඊයේ (8) වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (9) දින පෙ.ව 06.05 වන විට 835 දක්වා වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ කොවිඩ්-19 තත්ත්ව වාර්තාවේ සදහන් වෙයි.

    ඒ අනුව දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 586ක් වන අතර නිමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 135කි. 240 දෙනකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 09කි.

    මේ අතර ගෝලීය කොවිඩ්-19 ආසාදිතයින් ගැන නිල වාර්තාව ඉදිරිපත් කරන ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ වාර්තා අනුව ඊයේ දිනය අවසාන වන විට ගෝලීය වශයෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,938,080ක් දක්වා වර්ධනය වී ඇති අතර මරණ සංඛ්‍යාව 274,898කි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 77,180ක් වන අතර ආසාදිතයින් සංඛ්‍යාව 1,283,929කි.

    කොවිඩ්-19 ආසාදිතයින් හා මරණ වැඩි රාජ්‍යයන්

    ස්පාඤ්ඤය – 222,857 – මරණ – 26,299
    ඉතාලිය – 217,185 – මරණ – 30,201
    එක්සත් රාජධානිය – 212,629  – මරණ – 31,316
    රුසියාව – 187,859 – මරණ – 1723
    ප්‍රංශය – 176,202  – මරණ 26,233
    ජර්මනිය – 170,588 – මරණ -7510
    බ්‍රසීලය – 146,894 – මරණ – 10,017
    තුර්කිය – 135,569 – මරණ – 3689
    ඉරානය – 104,691 – මරණ – 6541
    චීනය – 83,976 – මරණ – 4637
    කැනඩාව – 67,674 – මරණ – 4697
    පීරු – 61,847 – මරණ -1714
    ඉන්දියාව – 59,695  – මරණ 1985
    ‍බෙල්ජියම -52,011 – මරණ – 8521
    මේ අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැකියා කරන අරාබි රටවල් රැසක් ද කොවිඩ්-19 අවදානමට ලක්ව සිටිනවා. ඒ අතර
    ‍සෞදි අරාබිය තුළ ආසාදිතයින් 35,432ක් වාර්තා වන කටාර් 20,201ක්, එක්සත් අරාබි එමීර් 16,693ක්, ක්වේටට් 7207ක් බහරේන් 4444ක් ඕමාන් 3112ක්, වශයෙන් ආසාදිතයින් වාර්තා කර තිබෙනවා.
  • Salon යළි විවෘත කිරීමට අදාළ මාර්ගෝපදේශ මෙන්න!

    Salon යළි විවෘත කිරීමට අදාළ මාර්ගෝපදේශ මෙන්න!

    මැයි 11 වැනිදා රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමත් සමඟ කොණ්ඩය කපන ස්ථාන හා රූපලාවන්‍ය මධ්‍යස්ථානවල කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළව නව මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    කොණ්ඩය කැපීම, හිසකෙස් වර්ණ ගැන්වීම, නිය අලංකරණ කටයුතු සහ අත් සහ පාදවල රෝම ඉවත් කිරීමේ කටයුතු සඳහා පමණක් අවසර හිමි වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශවල සදහන් වන්නේ.

    එම මාර්ගෝපදේශවල වැඩි දුරටත් සදහන් වන ආකාරයට අදාළ කොණ්ඩය කපන ස්ථානය හෝ රූපලාවන්‍ය මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට පෙර එහි හිමිකරු හෝ කළමනාකාරිත්වය විසින් ඒ සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු අතර ඒ අනුව එම නිලධාරීවරයා ඊට අදාළ අයදුම්පතක් මධ්‍යස්ථාන හිමිකරුට ලබා දිය යුතුයි.

    එම අයදුම්පත මගින් ලබාගන්නා තොරතුරු අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විසින් රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ පවතින පහසුකම් පරික්ෂා කර ඒ පිළිබඳ නිර්දේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු රූපලාවන්‍ය මධ්‍යස්ථානය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තාවකාලිකව ලියාපදිංචි කර එහි කටයුතු පවත්වගෙන යාමට සහතිකයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව සදහන්.

    මෙම වලංගු ලේඛනගත සහතිකය නොමැති කිසිදු රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට අවසර හිමි නොවන අතර කරණවෑමිවරුන් සහ ඊට අදාළ කටයුතුවල නිරතවල පුද්ගලයින් පාරිභෝගිකයින් සමඟ කටයුතු කිරීමේදී මුඛ ආවරණ හා ඇස් ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

    පාරිභෝගිකයින් සේවා ලබා ගැනීමට පැමිණීමේදී මීටරයක දුර පරතරය පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු අතර පාරිභෝගිකයින් සමඟ මුහුණට මුහුණ සිටින පරිදි කටයුතු කිරීමෙන් වැලකිය යුතුයි.

    වායුසමන යන්ත්‍ර සේවා ස්ථාන තුළ භාවිත නොකරන ලෙසට ද නිර්දේශ කර තිබීම ද විශේෂත්වයක්.

  • එදා වේල කන්න නැති දරුවන්ට ‘අන්තර්ජාලයෙන්’ ශිල්ප දැක්වීම!

    එදා වේල කන්න නැති දරුවන්ට ‘අන්තර්ජාලයෙන්’ ශිල්ප දැක්වීම!

    කොරෝනා කාලයේ වෙළඳපොළ කේන්ද්‍රීය ප්‍රතිපත්ති තීන්දු මගින්, තීරණාත්මකව නොසලකා හරින, මග හරින අලුත්ම කණ්ඩායම සිසුන් ය. ක්‍රය ශක්තිය නැතහොත් මිළ දී ගැනීමේ හැකියාව ‘ඇත්තෝ ඉගෙන ගනිව් නැත්තෝ හුල්ලපියව්, හඬපියව්’ යන ඉහත විධානය නැවත සිහියට ගනිමු.

    ධම්ම දිසානායක

    “ආදරණීය ටීචර් තාත්තගෙ ෆෝන් එකෙ රූප නම් පේන් නෑ රීලෝඩ් නෙවෙයි තුන් වේලටත් කන්න නෑ ටීචර්ගෙ මූණ නො පෙනුනත් තව කමක් නෑ ගෙදර වැඩ අහගන්න ෆෝන් එකෙ සල්ලි නෑ

    මොන තරම් තිබු නමුත් අගහිගත් සිට බාලෙ කිසි දිනෙක මඟ හැරුනෙ නෑ මගෙන් ස්කෝලෙ හුඟ දෙනෙක් ඇඹරෙද්දි නුඹ ගණන් දුන් වේලෙ මම නේද හදන්නෙම නැතිව කිසි සබකෝලෙ?

    යහළුවන් ඔන්ලයින් විත් ඉගෙන ගත්තාට මඟ හැරෙන පාඩමට මං අඬනවා රෑට ස්කෝලෙ ඇරෙන තුරු ආයෙ අපි වගෙ අයට ඉඳ හිටලවත් මාව මතක් වෙනවද ටීච……?”

    මේ සාගරිකා ධර්මබන්ධු ගේ කවියකි. එය උපුටා ගත්තේ මුහුණු පොතෙනි. ‘ආදරණීය ටීචර්’ යනු එ කවියේ මාතෘකාවය. ඉතිරිය පද හතර ගානේ එකතු කොට කියවන්න. ඔබේ දෙ ඇස්වල පිරෙන කදුළුවලට බිම වැටෙන්නට ඉඩ දෙන්න. මේ කවිය විසි වතාවක් පමණ කියෙව්වද ඇසට නැගෙන කඳුළු නම් නවතා ගැනීම අපහසුමය.

    ඒ තරමටම හැගීම්බර නො වුනත් අපේ රටේ ඉස්කෝල ක්‍රමයේ ඇත්ත පින්තුරය මතකයට දනවන තවත් ගීතයක් වන්නේ ප්‍රදීපා ධර්මදාස ගයන “මේන් අපේ ඉස්කෝලේ” ය. එහි පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ ය. එයත් කියවා ගැනීම හෝ ඇසීම අපේ සාකච්ඡාවට උපකාරයකි.

    “මේන් අපේ ඉස්කෝලේ රන් රුවයි රැස් මාලේ රෑන් පිටින් අපි ආවේ පහන් වැටක සිරියාවේ වැස්සට ගඟ ආවත් පන්ති වලට…

    අවුවට ඉර වැටුණත් හිස් මුදුනට වෙඩි පිට වෙඩි ඇහුණත් පැයෙන් පැයට අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට…

    කුඹුරේ වැඩ තිබුණත් යලට මහට එනවා හැමදාමත් පන්ති වලට ඩෙස්ක්පුටු බංකු නැතත් ඉදගන්නට අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට…

    ලස්සන සාරි නැතත් ටීචර්ලට මූණට එළිය ඇවිත් පින් පාටට කැන්දන් යන්න අපිව හෙට ලෝකෙට අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට… ” යනු ඒ ගීතය ය.

    මේ දවස්වල ඒ ඉස්කෝලේ නැත. ඒ වෙනුවට සයිබර් අහසට ඇවිත් ඉන්නේ ඔන්ලයින් ටීචර්ලා ය. ඒ ටීචර්ලා ව බිමට ගන්න හැමෝටම බැරිය. වයි ෆයි, ඩොන්ගල්, කොම්පියුටර්, ලැප්ටොප්, අයිපෑඩ්, නිකම් ෆෝන් නොව ස්මාර්ට් ෆෝන් සහ සිග්නල් නැමති කෙකි තිබුනොත් පමණි ඒ ටීචර්ලා බිමට වඩම්මවා ගත හැක්කේ. ගැටලුව වන්නේ මේ කෝකටත් සල්ලි ඕනෑ වීම ය. ක්‍රය ශක්තිය ඕනෑ වීමය.

    ලංකාවේ ජනසමාජය සමමිතික නැත අසමමිතිකය, සමාන නැත විෂමය. මසක පවුලක නඩත්තුව රුපියල් පන්දහසකින් (5000) පිරිමසා ගැනීමට වෙර දරන පවුල් ඉන්නා රටක, දිනකට රුපියල් හත්දහස් පන්සියයක් (7500) ගෙවා නිරෝධායනය සඳහා තරුපහේ හෝටල්වලට පවා, අකමැත්තෙන් යන අය  දෙස බලන විට ඒ විෂමතාව මනාව වටහා ගත හැක.

    මෙරට ජනගහණය අති ආදායම් ලබන පන්තිය, ඉහළ ආදායම් ලබන පන්තිය, මැදි ආදායම් ලබන පන්තිය, පහළ ආදායම් ලබන පන්තිය, සුළු ආදායම් ලබන පන්තිය සහ කිසිදු ආදායමක් නොලබන පන්තිය යනුවෙන් වර්ග කළ හැකිය. 2016 කුටුම්භ ආදායම් සහ වියදම් සමීක්ෂණයට අනුව මූලික අවශ්‍යතාවත් සපුරා ගත නොහැකි, එනම් එක් පුද්ගලයෙකුට අවශ්‍ය කැලරි ප්‍රමාණය සපයා ගත නොහැකි ආහාර දරිද්‍රතාවය සහ අනෙකුත් මූලික භෞතික අවශ්‍යතා සපුරා ගත නොහැකි අහාර නොවන දරිද්‍රතාව සහිත සම්පුර්ණ දිළිඳු පවුල් ප්‍රමාණය එක්ලක්ෂ හැට නවදාස් තුන්සිය අනූ දෙකකි (1,69,392). පුද්ගල සංඛ්‍යාව අට ලක්ෂ හතළිස් තුන් දහස් නවසිය දහ තුනකි (8,43,913). එනම්  මාසික ඒක පුද්ගල පරිභෝජන වියදම රුපියල් 4,166 කට අඩු පුද්ගලයින්ගේ ගණන 8,43,913 කි.

    මාසිකව රුපියල් 3,923.87 ක් සහනාධාර ලබන සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව 13,84,021 කි. ඒ 2018 වර්ෂයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රගති වාර්තාවට අනුව ය. මේ දිළිඳු   පවුල්වලින් මොන්ටිසෝරි, පාසල් සහ විශ්වවිද්‍යාලවලට යන දරුවන් ට වයි ෆයි, ඩොන්ගල්, කොම්පියුටර්, ලැප්ටොප්, අයිපෑඩ්, ස්මාර්ට් ෆෝන්, සිග්නල් තබා පොතක් පතක් තියාගන්න හරිහමන් ලෑලි තට්ටුවක් වත් නැත

    මාසිකව රුපියල් 3,923.87 ක් සහනාධාර ලබන සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව 13,84,021 කි. ඒ 2018 වර්ෂයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රගති වාර්තාවට අනුව ය. මේ දිළිඳු   පවුල්වලින් මොන්ටිසෝරි, පාසල් සහ විශ්වවිද්‍යාලවලට යන දරුවන් ට වයි ෆයි, ඩොන්ගල්, කොම්පියුටර්, ලැප්ටොප්, අයිපෑඩ්, ස්මාර්ට් ෆෝන්, සිග්නල් තබා පොතක් පතක් තියාගන්න හරිහමන් ලෑලි තට්ටුවක් වත් නැත. එවැනි පසුබිමක ක්‍රියාත්මක ඔන්ලයින් ටීචින් මෙහෙයුම විසින් මා සිහියට නගන්නේ කුඩා කල අපේ අම්මා කියන කතාවකි.

    වියලුව, ඒ කොළඹ දේශපාලනයට පාර්ලිමේන්තුකරුවෙකු හෝ කාරියක ගෙන්වා ගැනීමට  සීමා මායිම් ලකුණු කොට ඇති මගේ දේශපාලන කොට්ඨාශය ය. ආසනය ය. මා ඉපදුන ගම ඒ වියලුවේ කරමැටිය ය. එය දේශපාලන හෝ පරිපාලන කොට්ඨාශයක් හෝ වසමක් හෝ නම් කිරීමට යොදා ගෙන නැති නමක් ය.

    ජනවාරියේ නොකඩවා දින ගණනක් ගමට ඇදහැලෙන ධාරානිපාත වැස්ස දිහා බලා ගෙන, දිළිඳු ගෞරවනීය ගෙවිලියක වූ අපේ අම්මා කියන කියමනක් වේ. “හත් දා හත් දුරුත්තේ වහින්නේ ඇත්තෝ කාපියව් නැත්තෝ මැරියව් කියලනේ පුතේ” යනු ඒ කියමනයි.

    ඔන්ලයින් ටීචින් වෙළෙඳපොල ද ඒ වගේ ය. ක්‍රය ශක්තිය නැතහොත් මිළ දී ගැනීමේ හැකියාව ‘ඇත්තෝ ඉගෙන ගනිව් නැත්තෝ හුල්ලපියව්, හඬපියව්’ යනු එහි විධාන පාඨය ය.  

    මේ විධානය අපට ඇසෙන්නේ වෙන විදියකටය. එනම්, හැමෝටම ඔය පහසුකම් දැන් තියෙනවා, ඒ නිසා මේ ක්‍රමය කොරෝනා කාලේ විතරක් නොව ඊට පසුත් දිගටම පවත්වාගෙන යමව්, යන ආකාරයටය. ඇමරිකා එකසත් ජනපද ආරක්ෂක ලේකම් වරයාව සිට පසුව ලෝක බැංකුවේ අධිපති බවට පත් වූ රොබට් මැක්නමාරා ගේ ප්‍රකාශිත අරමුණ වූයේ ලෝකයේ සෑම තැනකම සිටින ඉතාම දිළිඳු ගොවියා පවා ලෝක වෙළඳපොළට සම්බන්ධ කර ගැනීමය.

    නමුත් එහි අප්‍රකාශිත සැබෑ අරමුණ වූයේ ඒ සෑම දිළිඳු ගොවියෙක් ම විතරක් නොව සියලු ආකාරයේ ම පුද්ගලයින් ගෝලීය වෙළඳපොලේ ඍජු සහ වක්‍ර වහලුන් බවට පත්කර ගැනීමය. එනම් නින්දා සහගත සහ නම්බුකාර වහලුන් බවට පත් කර ගැනීමය. මේ  නම්බුකාර වහලුන් විකිනෙන්නේ ලක්ෂ නොව මිලියන ගණන්වලටය, මහා තනතුරුවලට ය.

    අද බොහෝ රටවල ප්‍රතිපත්ති තීරණ ගනු ලබන්නේ  හෝ ඒවාට තීරණාත්මක බලපෑම් කරන්නේ වෙළඳපොළ පැවැත්මට පසඟ පිහිටුවා දණ නමස්කාර කරන මේ නම්බුකාර වහලුන් ය. ඔවුන්ගේ අවධානය ස්වකීය නම්බුකාර වහලුන් ගැන නැතහොත් ඒ පන්තිය ගැන මිස අවනම්බුකාර නින්දා සහගත යන එන මං නැති වහලුන් ගැන නොවේය.

    නින්දා සහගත වහලුන් ඒ ප්‍රතිපත්ති තීරණ නිසා සදාකාලික පීඩාවෙන් යුත් පීඩිතයින් ම ය. ‘දුවන්නන් වාලේ කෙට එළදෙනකුත් දිව්වා’ යන කියමන මතක් වෙන්නේ අර නම්බුකාර වහලුන්ට ආවඩන අනුවයන මැද හෝ අතරමැද වහලුන් ද සිටින නිසා ය.  

    Photo of teenage boy doing homework at home

    වෙළඳපොළ තර්කනය මත පදනම්ව, බිලියන ගණනක් වූ මේ නින්දා සහගත පීඩිත වහලුන් සිතාමතාම නොසලකා හැරීම සහ මග හැර යෑම මේ වනවිට ලෝක පුරුද්දක් වී ඇත. ලෝකයේ දියුණු නොදියුණු සියලු රටවල් අසරණයින් සහ පීඩිතයින් නොසලකා හැරීම සහ මගහැර යෑම අතින් එක හා සමානය.  වෙළඳාම කේන්ද්‍රීය මේ ප්‍රතිපත්ති තීරණ නිසා ලෝකයේ සෑම රටකම මිලියන ගණනින් පුද්ගලයින්ගේ රැකියා, කොරෝනාවලට පෙරත් කොරෝනා කාලයේත් ඉන් පසුවත් අහිමි වෙන්නේ දැනටමත් ඒ රටවල ඇති මිලියන ගණනින් වූ රැකියා වියුක්ති මට්ටම තුන් හතර ගුණයකින් වැඩි කරමිනි. මේ මා ඉහත කියූ මග හැරීමේ සහ නොසලකා හැරීමේ ප්‍රථිපල ය.

    කොරෝනා කාලයේ වෙළඳපොළ කේන්ද්‍රීය ප්‍රතිපත්ති තීන්දු මගින්, තීරණාත්මකව නොසලකා හරින, මග හරින අලුත්ම කණ්ඩායම සිසුන් ය. ක්‍රය ශක්තිය නැතහොත් මිළ දී ගැනීමේ හැකියාව ‘ඇත්තෝ ඉගෙන ගනිව් නැත්තෝ හුල්ලපියව්, හඬපියව්’ යන ඉහත විධානය නැවත සිහියට ගනිමු.

    1948 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව සෑම අයෙකුටම අධ්‍යාපනය ලැබීමේ උල්ලංඝනය කල නොහැකි අයිතියක් ඇත. මෙම අයිතිය, විශේෂයෙන්ම රාජ්‍යයකට කිසිසේත් මග හැර යා නොහැකිය. මේ විශ්ව ප්‍රකාශණයට ගරු කරන රටවල් තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට  ජනයාගේ මුලික අයිතීන් පිලිබඳ වගන්ති එකතු කිරීම සුලබ කරුණක් විය.

    ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද ඊට ගරුකොට ව්‍යවස්ථාවේ පස්වැනි පරිච්ඡේදය ඒ සඳහා ම වෙන්කොට ඇත. වගන්ති කීපයකින් යුත් ඒ පරිච්ඡේදයේ 27(2) ඌ වගන්තියට අනුව “නූගත්කම සහමුලින්ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවක දී ම සර්ව සාධාරණ හා සමාන ඉඩප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම” ට රජය ඇප කැප වී ඇත්තේ ය.

    එසේම පුරවැසියන්ට දියුණු වීමට සම අවස්ථා සැලසීම, ළමුන් සහ තරුණයින් වෙනස්කම්වලට පාත්‍ර කිරීමෙන් ආරක්ෂා කිරීම සහ ඔවුනගේ ශුභ සිද්ධිය සැලසීම රාජ්‍යයේ වගකීම බව එහි  6 සහ 13 වගන්තිවල සඳහන්ය.   

    ඔන්ලයින් අධ්‍යාපනය ගැන අප සලකා බැලිය යුත්තේ මෙවැනි පසුබිමකය. 2017 මහබැංකු වාර්තාවට අනුව මෙරට ශිෂ්‍ය සංඛ්‍යාව හතළිස්පන්ලක්ෂ හතළිස්එක්දහස් අසුදෙකකි (45,41,082). මේ අයගෙන් කී දෙනෙකුට ඔන්ලයින් ටීචින් වෙළඳපොළ සමඟ සම්බන්ධ වීමේ ක්‍රය ශක්තිය තිබෙනවාද නැත්ද යන්න ඉහත සඳහන් කල සංඛ්‍යාදත්ත තුළින් අපට මනාව පැහැදිළි වන්නකි. නමුත් මේ මොහොතේ ධනේශ්වර අර්බුධයේ අලුමතින් නැගිටින කොරෝනා ධනවාදය ශ්‍රම ශක්තිය නැතිවුන් සහ ක්‍රය ශක්තිය නැතිවුන් මිහිමතින් අතුගා දැමීමේ මෙහෙයුමක නිරතව සිටී.

    මොන්ටිසෝරි දරුවන්ගේ සිට පශ්චාත් උපාධි සිසුන් දක්වා ක්‍රියාත්මක ඔන්ලයින් ටීචින් යනු එකී මෙහෙයුමේ එක් පෙරමුණක් යැයි සිතීම වැරදිද?

    “ආදරණීය ටීචර්” කවියෙන් ප්‍රකාශ වන්නේ ඒ මෙහෙයුමෙන් පීඩාවට අසරණකමට ලක්වී පැත්තකට තල්ලුවී කොන් වී රාජ්‍යය වෙතින් ඈත් වී මියයමින් සිටින පරපුරක හෝ සමාජ තීරුවක විලාපය හෝ සාපය යැයි මට සිතේ. ඒ විලාපයෙන් ඇහෙන්නේ ප්‍රදීපා ධර්මදාස ගයන “මේන් අපේ ඉස්කෝලේ” නොව දුගී දුප්පත් දරුවන්ගෙන් ගිලිහී ඈතට යන ‘ආන් අපේ ඉස්කෝලේ’ යන්නය.

    මේ විලාපය සහ සාපය මැදින් නැගිටින ඔන්ලයින් කොම්පැණි සිහි ගන්වන්නේ 2007 දී නයෝමි ක්ලයින් ඉදිරිපත් කළ “ආපදා ධනවාදය’ පිලිබඳ අදහසය. මතභේදාත්මක හා සැක සහිත වෙළඳපොළ කේන්ද්‍රීය නව-ලිබරල් ධනේශ්වර ප්‍රතිපත්ති පරීක්ෂාවට ලක් කිරීම සහ ස්ථාපිත කිරීම සඳහා ආපදා යොදාගන්නා ආකාරයත් පොදුජන මනස වෙන පැත්තකට යොමුකරවන ආකාරයත් බෙහෙවින්ම උපක්‍රමික ය. ඒ නිසා මේ මොහොත මා නම් කරන්නේ ‘කොරෝනා ධනවාදය’ ලෙසය.

    මුද්‍රණ ශිල්ප ධනවාදය ගැන කියූ බෙනඩික්ට් ඇන්ඩර්සන් අනුව ගොස් නම් කළොත් මේ ‘ඔන්ලයින් ධනවාදය’ ය. ධනවාදය කොරෝනා නිසා මිය යන්නේ නැත. එය කොරෝනා පොහොරට ගෙන නව රුපකායක් නිර්මාණය කර ගනිමින් පෝෂණය වෙයි. ඒ රූපකාය ලිබරල් ප්‍රතිමාන වලලා දමන්නේ ගුණ කථනයක් තබා පෙට්ටියක් වත් නොමැතිව ගැඹුරු හුදකලාවක ය. ආදරණීය ටීචර්, දරුවන්ට ඉස්කෝලය වත් ඉතුරු කරන්න.

    ධම්ම දිසානායක

  • ඔබ යළි මවිබ්මට ඒමට සූදානම් නම් ‘විදේශ ලේකම් කියන කතාවත් අහන්න’

    ඔබ යළි මවිබ්මට ඒමට සූදානම් නම් ‘විදේශ ලේකම් කියන කතාවත් අහන්න’

    විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඊයේ (7) ජාතික රූපවාහිනී සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාව

    ප්‍රශ්නය – විදේශ රටවල අතරමංව සිටින ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් සහ ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට කැමති සිසු සිසුවියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සමඟ රජය මේ දක්වා ඉදිරියට යමින් සිටිනවා. දැන් රජයේ අවධානය විශේෂයෙන්ම මැද පෙරදිග සහ වෙනත් ඕනෑම රටක සිටින සංක්‍රමණික ශ්‍රමිකයන් වෙත යොමුකර තිබෙනවා. ඒ සදහා නව අමාත්‍ය මණ්ඩලයීය පත්‍රිකාවක් ඊයේ දින ඉදිරිපත් කර අනුමත කළා. විදේශ ලේකම්වරයා වශයෙන් ඔබට මෙම සමස්ත ක්‍රියාවලිය ගැන කුමක් කිව හැකිද?

    පිළිතුර – මෙය අවධානය වෙනතකට හැරවීමක් ලෙස මම නොදකිමි. සැමවිටම විදේශ අමාත්‍යාංශයේ මතය වූයේ නැවත පැමිණීමට අවසර දීමෙන් පසුව සියරට පැමිණවීම ආරම්භ කළ විට, එය කළ යුත්තේ උපරිම අවදානම් තත්ත්වය අනුවය යන්නයි. දකුණු ආසියානු සිසු සිසුවියන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස අප නිර්දේශ කළේ ද එම පදනම මත වන අතර, එම පළමුවැන්න අවසන් වූයේ මීට සතියකට පමණ පෙරදීයි. මේ වන විට තවත් ශිෂ්‍ය කණ්ඩායම් කිහිපයක් ද ආපසු රැගෙන පැමිණ ඇති අතර, ඔවුන් අඛණ්ඩව නැවත රැගෙන එනු ඇත.

    විදේශ සබඳතා සහ විදේශ රැකියා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඊයේ දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩලයීය පත්‍රිකාවේ විශේෂත්වය වූයේ, මීට මාසයකට පෙර ඉදිරිපත් කළ අපගේ මුල් අමාත්‍ය මණ්ඩලයීය පත්‍රිකාවේ අප පැවසූ කරුණක් යළි අවධාරණය කිරීමයි. සමහර විදේශීය රටවල සිටින සංක්‍රමණික ශ්‍රමිකයන් යනු දැඩි අර්බුදයකට ලක්ව ඇති කාණ්ඩයක් වන බැවින්, ඕනෑම ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැගෙන ඒමකට සමගාමීව අප  ඔවුන් වෙත ද විශේෂ අවධානය යොමු කළ යුතු වන අතර, ඔවුන් නැවත ගෙන්වා ගැනීම සඳහා ද පහසුකම් සැලසිය  යුතුයි.

    මෙම සන්දර්භය තුළ, විශේෂයෙන්ම, මාලේ දූපතෙහි සිටින 1,200 ත් 1,500 ත් අතර සංඛ්‍යාවක් ඇතුළුව, ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සිටින මාලදිවයින, වඩාත්ම අවදානම් සහගත ස්ථානය ලෙස වර්තමානයේ දී මම දකිමි. තවද, මැදපෙරදිග සෙසු රටවලට පොදුවේ බලපාන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ අවදානමට අමතරව, කුවේට් වැනි ස්ථානවල කුවේට් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද පොදු සමාවක් ද පවතින අතර, මෙම පොදු සමාව අහිමි වුව හොත් ඔවුනට එරටින් පිටතට පැමිණීමටත්, යම් දිනෙක නීත්‍යානුකූලව නැවත එහි යාමටත් අපහසු වනු ඇති බවට විදේශගත ශ්‍රමිකයින් තුළ කනස්සල්ලක් ඇති බව අපි දනිමු.

    මේ අවස්ථාවේ දී කුවේට් රජය, ඔවුන් ගුවන් මඟින් නැවත ශ්‍රී ලංකාවට එවීමට ද ඉදිරිපත් වී තිබේ. ඇත්ත වශයෙන්ම, ඊයේ දිනයේ දී විදේශ ඇමතිවරයාට මේ සඳහා අමාත්‍ය මණ්ඩලයීය අනුමැතිය ලැබී ඇති අතර, අද සවස කුවේට්හි විදේශ අමාත්‍යවරයා සමඟ මේ සම්බන්ධයෙන් නියැලීමට අපේක්ෂා කරන අතර, එසේ ප්‍රදානය කළ පොදු සමාව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් සිදු කළ හැකි ක්‍රියාවලියක් පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

    අපි මෙම ක්‍රියාවලිය ආරම්භ කරන නමුත්, මෙහි පැමිණීමට අපේක්ෂා කරන සියලු පුද්ගලයින් මේ මොහොතේ දී රැගෙන ඒමට අපට නොහැකි වීම පිළිබඳව ද කුවේට් රජය ඉතා සවිඥානිකව සිටී. එබැවින්, අප එය පියවර වශයෙන් සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව රජයන් දෙක අතර සාකච්ඡා පැවැත්විය යුතුයි. තවද, මෙම කොවිඩ් ගෝලීය වසංගතය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බංග්ලාදේශය වැනි ස්ථානවල සේවය කරන දහසකට වැඩි ශ්‍රී ලාංකික විදේශිකයින්ගේ පිරිසක් පිළිබඳ ගැටලුව ද පවතින අතර, ඉන් 300 දෙනෙක් පමණ කාන්තාවන් හා ළමුන් වේ.

    මැදපෙරදිග හා වෙනත් රටවලින් අවදානමට ලක්විය හැකි සංක්‍රමණික ශ්‍රමික කාණ්ඩයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි ද, අපි ඒ හා සමානව අවධානය යොමු කරන්නෙමු. මෙම අමාත්‍ය මණ්ඩලයීය පත්‍රිකාවේ අඩංගු දෙවැනි අංගය වූයේ, හෝටල්වල නිරෝධායනයකට යාම සඳහා මුදල් වැය කළ නොහැකි අය සඳහා දේශීය නිරෝධායන පහසුකම් වෙන් කර ඇති බවට සහතික කිරීමයි.

    තෙවනුව, සංක්‍රමණික ශ්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ වර්තමාන වාසස්ථානවල රඳවා තබා ගැනීම සඳහාත්, උපරිම වශයෙන් අවශ්‍යතා ඇති අයට අඛණ්ඩව සැපයුමක් ලැබෙන බවට සහතික කිරීම සඳහාත්, පසුගිය සති කිහිපය තුළ දී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ද සහය ඇතිව, විදේශ දූතමණ්ඩල විසින් සිදුකරන ලද අඛණ්ඩ රාජ්‍යතාන්ත්‍රික නියෝජනය පිළිබඳව මෙම අමාත්‍ය මණ්ඩලයීය පත්‍රිකාවෙහි සඳහන් කර ඇත. මෙම අවස්ථාවේ දී එය ඉතා වැදගත් යැයි මම සිතමි.

    මන්දයත්, වීසා බලපත්‍රය දීර්ඝ කිරීම, ඉඩම් හිමියෙකු විසින් කුලිය ඉල්ලා සිටීම, ව්‍යාපාරික හවුල්කරුවෙකුට ලැබිය යුතු කිසියම් මුදලක් ආපසු ගෙවන ලෙස ඉල්ලා සිටීම, නවාතැන් සොයන අයෙකුට රැඳී සිටීම සඳහා වෙනත් පවුලකට සම්බන්ධ කිරීම හෝ ආහාර නොමැති අයෙකුට වියළි සලාක සහ සමහර විට අවශ්‍ය අයෙකුට ඖෂධ ලබා දීම වැනි වරින් වර පැන නගින ගැටලු, දූත මණ්ඩලවල මැදිහත්වීමෙන් විසඳා ගත හැකි බැවිනි.

    මැදපෙරදිග පමණක් නොව ලොව පුරා පිහිටි අපගේ දූත මණ්ඩල, විදේශයන්හි සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට වටිනා සහයක් ලබා දෙයි. ස්වභායෙන්ම, අපගේ මූල්‍යමය ශක්තිය සීමිත වන නමුත්, ශ්‍රී ලංකා සංවිධාන මෙන්ම එම රටවල පිහිටි පරාර්ථකාමී සංවිධාන, දේවස්ථාන සහ වෙනත් ආගමික ආයතන සමඟ එක්ව අපි එම අවශ්‍යතාවය සපුරාලීමට උත්සාහ දරන්නෙමු.

    ප්‍රශ්නය – දැන් සංක්‍රමණිකයින් සඳහා ඔබ ලබා දෙන පණිවුඩය කුමක්ද? ඔබ පැවසූ පරිදි ඔවුන්ගේ අවශ්‍යතා විවිධ වන අතර, විවිධ තත්වයන් පවතී. එබැවින් ඔවුන්ගේ තත්වය අනුව, ඔවුන් ශ්‍රී ලංකාවට යාමට ඉල්ලීමට පෙර සිතා බැලිය යුත්තේ කුමන කරුණු පිළිබඳව ද?

    පිළිතුර – ඇත්තෙන්ම, එය සෑම සංක්‍රමණිකයෙකුම තමන් විසින්ම පිළිතුරු දිය යුතු ප්‍රශ්නයකි. සංක්‍රමණිකයෙකු යනු, ශිෂ්‍යයෙකු, ශිෂ්‍යාවක හෝ විදේශයක රැකියාව කරන අයෙකු යන්නයි. කෙටිකාලීන සංචාරවල යෙදී අතරමඟ සිරවී සිටින පුද්ගලයින් 3,000 දෙනෙක් පමණ ද විදේශවල සිටින අතර, ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැත. 

    ඔවුන්ට නැවත නිවසට පැමිණිය යුතු වේ. අපි ඔවුන්ව ද හැකි තාක් දුරට වර්තමානයේ රැගෙන එන කණ්ඩායම්වලට ඇතුළත් කර ගැනීමට උත්සාහ කරන්නෙමු. ඔවුන් නිරෝධායනය සඳහා භාවිතා කරන හෝටල්වලට යාමට කැමති වනු ඇතැයි සිතිය හැකි නමුත්, ඒවා ද දැන් පිරී යමින් පවතී. නමුත් යම් විකල්පයක් ඇති අය සඳහා මාගේ අවවාදය වන්නේ, තමන්ට අදාළවන තත්වයන් පිළිබඳව විෂය මූලික තක්සේරුවක් කිරීමයි.

    විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන සහ එම කාලසීමාව අවසන් නොවූ රටක සිටින අයෙකුට නම්, එම පුද්ගලයා එහා මෙහා යාමට උත්සාහ කළහොත් තම අධ්‍යාපන අවස්ථාව අහිමි විය හැකිය. එමෙන්ම, මැදපෙරදිග හෝ ඕනෑම රටක, කම්කරු හෝ කාර්යාලයක් තුළ හෝ වේවා රැකියාවක නියුතු අයෙකු නම්, මේ ආකාරයෙන් ඔබ ආපසු පැමිණෙන විට, එම රටවල් ද පසුබෑමට ලක්ව ඇති බැවින් කාර්ය මණ්ඩල අඩු කරමින් සිටින අතර, ඔබට එම රැකියාවට ආපසු යාමට නොහැකි විය හැකිය. ශ්‍රී ලංකාවේ තත්වය ද එසේමය. නමුත් ඔබට දැනටමත් රැකියාවක් නොමැති නම්, එහි තාර්කිකත්වය මට දැකිය හැකි නමුත්, ඔබ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විට මෙහි ද රැකියා සොයා ගැනීම පහසු නොවන බව, විදේශයන්හි සිටින පුද්ගලයින් තේරුම් ගැනීම වැදගත් යැයි මම සිතමි.

    එබැවින්, නගර 67 ක පිහිටි අපගේ දූත මණ්ඩල ජාලය හරහා එතෙර සිටින පුද්ගලයින් වෙත අප කරන ආයාචනය වන්නේ, මෙම සාධක පිළිබඳව ඔවුන් විසින් ඉතා ප්‍රවේශමෙන් සලකා බලන ලෙසයි.

    ආපසු පැමිණීමට තරයේ ඉල්ලා සිටින අය සඳහා අපි විෂය මූලික ආකාරයකින් ප්‍රමුඛත්වය ලබා දෙන්නෙමු. මෙය සිදු කරනුයේ, මුහුණු හෝ සම්බන්ධතා දෙස බැලීමෙන් නොව, මේ අවස්ථාවේ දී ඔවුන් නැවත සියරට පැමිණවීම සඳහා ඇති සැබෑ අවශ්‍යතාවය මෙන්ම, ඔවුන් රැගෙන ඒමට හා නිරෝධායනය කිරීමට අපට ඇති හැකියාව පිළිබඳව සලකාබැලීමෙන් අනතුරුව වන අතර, ඔවුන් නිසා මෙරට සිටින අයට අනතුරක් නොවිය යුතු මෙන්ම, ඔවුන් රට තුළට පැමිණෙන අතරතුර දී අනවශ්‍ය ලෙස අනතුරට නිරාවරණය ද නොවිය යුතුය. 

  • එජාප මීලඟ නායකත්වය භාර ගන්න මම සූදානම් – උප නායක රවී කියයි

    එජාප මීලඟ නායකත්වය භාර ගන්න මම සූදානම් – උප නායක රවී කියයි

    විපක්ෂය කියනවා දැන් ආණ්ඩුව ඉන්නේ දරුණු මූල්‍ය අර්බුදයක එළිපත්තේ කියලා. ආර්ථික විශේෂඥයෙක්, වරලත් ගණකාධිකාරීවරයෙක් හා 2017 ආසියානු පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයා විදිහට මේ ගැන ඔබේ ඇත්ත අදහස මොකද්ද?

    මේ වෙලාවේ තියෙන්නේ පරිවාස ආණ්ඩුවක්. මේ ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කරලා ඊළඟ වර්ෂයට මුදල් අනුමත කරගත්තේ නෑ, නමුත් අතුරු සම්මත ගිණුමක් මගින් පහුගිය පාර්ලිමේන්තුවෙන් මේ අප්‍රේල් මාසයේ 30 වැනිදා වන තෙක් මුදල් වෙන් කරලා තියෙනවා. එතකොට ආණ්ඩුවට දුවන්න මුදල් නෑ කියලා කියන අය මේ ප්‍රකාශය කරන්නේ මෙන්න මේ කාරණාව පදනම් කරගෙන. ඇත්ත වශයෙන්ම ඒකේ නීත්‍යනුකූල භාවයක් තියෙනවා. නමුත් මේ වෙලාවේ මේ රට තියෙන්නේ හදිසි ආපදා තත්ත්වයක් උඩ. මෙවැනි වෙලාවක ජනාධිපතිතුමාට තවත් මාස 3ක් ඒ කියන්නෙ දවස් 90ක් ඒකාබද්ධ අරමුදලින් මුදල් වියදම් කිරීමේ හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

    ඔබ එහෙම කිව්වට යහපාලන ආණ්ඩුවේ හිටිය තවත් මුදල් ඇමැතිවරයෙක් වන මංගල සමරවීර මහත්තයා කියනවානේ ජනාධිපතිවරයාට එහෙම කරන්න නීතිමය බලයක් නෑ කියලා?

    ඒ අය ඒ අයගේ අදහස් ඉදිරිපත් කරනවා. නමුත් මම කතා කරන්නේ මේ විෂය දෙස ප්‍රායෝගිකව බලන කෙනෙක් විදිහට. රටේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන මේ වගේ බැරෑරුම් වෙලාවක ඒ ප්‍රශ්නේ තවත් අවුළුවන එක නෙවෙයි කරන්න ඕන. අපි දැන් බලන්න ඕන මේ ගැටලුව විසඳන්න ව්‍යවස්ථාවේ තියෙන විධිවිධාන මොනවද කියලා. අන්න ඒ විධිවිධානවලට අනුව කරන්න පුළුවන් දේ තමයි මම කියන්නේ. එහෙම නැතුව මම මේ වෙලාවේ දේශපාලනේ කරන්නේ නෑ. හැම දේම කරන්න ඉස්සෙල්ලා අපිට රටක් තියෙන්න ඕන. මම කරන්නේ අන්න ඒ රට රැක ගන්න එක.

    ඔබතුමා කතා කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට වඩා ආණ්ඩුවේ ඇමැතිවරයෙක් විදිහට, එස්. බී. දිසානායක හිටපු ඇමැතිවරයා මේ ළඟදී කිව්වා විපක්ෂයේ මේ පුහු ආර්ථික තර්ක ගේන අය අඩුම ගානේ රවි කරුණානායකගෙන්වත් ඇහුවා නම් යමක් ඉගෙන ගනියි කියලා. මොකද එස්. බී.ගෙන් ඔබතුමාටත් දුරකථන ඇමැතැමක් ආවද මේ ළඟදී දවසක?

    අනේ නෑ. මම හිතන දේ තමයි ඇත්ත කියන දේ මොන විදිහකින්වත් වහන්න බෑ. ඇත්ත කොහොම යටපත් කරන්න හැදුවත් ඇත්ත ඉස්මතු වෙනවා. මම ඇත්තටම එස්. බී. ගේ ඒ කතාව අගය කරනවා. මොකද කාලෙකට පස්සේ මං ගැන හොඳ දෙයක් කතා කරලා තියෙනවා. ඇත්තටම 2015 ඉඳන් 2017 වෙනකං මුදල් ඇමැතිවරයා විදිහට මම ගෙන ගිය ප්‍රතිපත්තියට අනුව මේ රටේ ආර්ථිකය ගෙනිච්චා නං අද මේ රට තියෙනවාට වඩා මූල්‍යමය ස්ථාපිත තත්ත්වයක රට තියෙන්න තිබුණා. 2015 දී අපි භාර ගත්තෙ සෘන ආර්ථිකයක් තිබුණු මූල්‍යම වශයෙන් කඩා වැටුණු රටක්. නමුත් මම වැඩ කළේ රජයේ නිලධාරීන්ගෙන් අහගෙන නෙවෙයි. මම වැඩ කළේ විෂය පිළිබඳව මට තිබුණු න්‍යයාත්මක දැනුමෙන් හා ප්‍රායෝගික භාවිතාවෙන්. මම රාජ්‍ය නිලධාරීන්ගේ බුද්ධියෙන් යැපුනේ නෑ, මම රාජ්‍ය නිලධාරීන්ට කළ යුතු දේ ගැන අණදීමේ හැකියාවක් තිබුණු ඇමැතිවරයෙක්.

    ඔබ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ආර්ථික ඔස්තාර් එහෙමත් නැත්නං කෞටිල්‍ය ඔබ කියලාද?

    නෑ මං එහෙමනං කියන්නේ නෑ, නමුත් මං මගේ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගික භාවිතාවේදී රටේ උපරිම විශ්වාසය දිනා ගන්න පුළුවන් විදිහට කටයුතු කරලා තියෙනවා. අන්න ඒ තත්ත්වය ඉවසාගන්න බැරිවෙච්ච ඉරිසියාකාරයෝ මට විවිධ අභූත චෝදනා නගලා මගේ චරිතය ඝාතනය කරන්න කටයුතු කරලා තියෙනවා. නමුත් සත්‍යය ජයග්‍රහණය කරනවා. මම ඇත්තටම අගේ කරනවා ඒ මගේ හැකියාවන් දැකලා ඒක අගේ කරලා කතා කරන ඒ කට්ටියව. අපි හැමෝම එකතු වෙලා රට හදන්න කතා කරනවා මිසක් රට හදන අයට ගහන්න ඕන නෑ කියන එක තමයි මම විශ්වාස කරන්නේ.

    හොඳයි මේ වෙලාවේ ඔබ මේ රටේ මුදල් ඇමැතිවරයා නං හෝ ජනාධිපතිගේ ආර්ථික උපදේශක නම් මොනවගේ තීන්දු තීරණද ඔබ ගන්නේ?

    මේක මහ පුදුමාකාර අවස්ථාවක්. මේ හිටියනං අරකද මේකද කියලා හිතලු මත කටයුතු කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. මේ වෙලාවේ අපි ඉන්නේ ලෝකෙම ආර්ථිකේ කඩන් වැටෙන මොහොතක. දැන් අප කළ යුත්තේ මුලින්ම කොරෝනා වෛරසය නැති කරන්න මුදල් වෙන් කරනවා වගේම දේශීය පදනමක් මත ජාතික ආර්ථිකයක් ගොඩ නගන්න අඩිතාලම දාන එක.‍
    මතක තියාගන්න අපි 2015දී රට භාරගන්නකොට සෞඛ්‍යයට වියදම් කළේ සියයට 1.3ක් වගේ මුදලක්. අපි මුලින්ම කළේ ඒ මුදල සියයට 3ක් දක්වා ඉහළ දාපු එක. අන්න ඒ නිසා තමයි අද මේ අවස්ථාවේදී රටේ සෞඛ්‍යය මේ ආකාරයෙන් සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැනුත් පුළුවන් තරං ඒ සෞඛ්‍යයට අවශ්‍ය මුදුල් වෙන් කරන්න ඕන.
    මේ හැම දෙයක්ම අපි කළ යුත්තේ අපදා කළමනාකාරී වැඩපිළිවෙළක් යටතේ මොකද මේ වෙලාවේ ක්‍රියා කරන්න ඕන විදිහ පොත්වලවත් ව්‍යවස්ථාවේවත් නෑ, මේ වෙලාවේ තියෙන තත්ත්වය අධ්‍යයනය කරමින් ඒකට ප්‍රායෝගික පිළිතුරු හොයන එක තමයි තියෙන්නේ. මේ තත්ත්වය යටතේ ලෝකෙටත් අපිට උදවු කරන්න බෑ. මොකද ඒ ගොල්ලොත් දැන් හිරවෙලා ඉන්නේ. ඒ නිසා දැන් අපි මේකට උත්තර හොයන්න ඕන ජාතියක් විදිහට. නමුත් මේ වෙලාවේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, අසියානු සංවර්ධන බැංකුව ඇවිත් අපිට වට්ටෝරු දේවි. ඒ ගොල්ලන්ගේ කෘතිම වත්කමට කොහොමද වැඩ කරන්න ඕන කියලා. නමුත් මම හිතන්නේ දැන් අපි ඔය හැම දෙයක්ම පැත්තකට දාලා අපේම ආර්ථික ක්‍රමවේදයක් හදන්න පුළුවන් වැඩපිළිවෙළකට යන්න ඕන. අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් හැම දේම මේ රට ඇතුළේ හදන්න ඕන. ඒ ඔස්සේ විදේශ විනිමය රටෙන් පිටතට යන එක වළක්වලා රුපියල ශකිත්මත් කිරීමට පදනම දාන්න ඕන. ඒ වගේම රට තුළ අතිරික්තව නිපදවන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදනය දිරිමත් කරලා හැකිතාක් අපනයනය කරලා විදේශ විනිමය උපයන්න ඕන. අපි දැන් ඉන්නේ මේ හැම දෙයක් ගැනම අලුතින් හිතන්න ඕන මොහොතක. මේ දේවල් කරන එක ලේසි නෑ. නමුත් කරන්න බැරි නෑ.

    ඉතිං ඔය තරං ප්‍රගතිශීලීව හිතන ඔබ ඇයි අගමැතිතුමා කැඳවපු හමුවට ගියේ නැත්තේ?

    අපි යන්න තමයි හිටියේ. නමුත් ගිය පාර්ලිමේන්තුවේ හිටියේ නැති ඊට පෙර පාර්ලිමේන්තුවේ හිටිය අයවත් මේ හමුවට කැඳවීම නිසා ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවට ලක්වීමක් වෙලා තිබුණා. ඉතිං එහෙම තැනකට අපි ගිහිල්ලා මොනවා කතා කරන්නද? තේ කෝප්පයක් බීලා එන්නැයි. අන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදය සමච්චලයට ලක් නොකර එහි ගරුත්වය රකින්න ඕන නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ අපි අන්තිම මොහොතේ යන්නේ නෑ කියලා තීන්දු කළේ.

    හැබැයි මන්ත්‍රීතුමා ඒ තීන්දුවේ සමගි ජනබලවේගය මුල ඉඳලාම හිටියා නේද? එක්සත් ජාතික පක්ෂයට දේවල් තේරෙන්න කල්ගත වෙනවා කියන එකද මේ කියන්නේ?

    ඒ ගොල්ලෝ කලින්ම හොරෙන් ගිහිල්ලා කතා කරලා ඔළුවට ටොක්කක් ඇනගෙන ඇවිල්ලා හිටියේ. අනික අවුරුදු 73ක් පැරණි එක්සත් ජාතික පක්ෂයේ අපි තීන්දු තීරණ ගන්නේ තව කවුරුවත් ගන්න තීන්දු තීරණ දිහා බලලා නෙවෙයි. ඒ නිසා අපි තීන්දු ගන්න බය වෙන්නෙත් නෑ. බයවෙලා තීන්දු ගන්නෙත් නෑ. මෙතැන අපි යන්න හිටියේ. අපි යනවා කියලා ප්‍රසිද්ධියේම කිව්වා. නමුත් ආණ්ඩුව ගිය පාර්ලිමේන්තුවේ හිටියේවත් නැති අයත් ගෙනැල්ලා මේක විහිළුවක් කරගන්නකොට අපි ඒ නාඩගම්වලට සහයෝගය දෙන්න සූදානම් නෑ.

    ආණ්ඩුව එජාපයට ආරාධනා කළොත් ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න එන්න කියලා ඒකට සහයෝගය දෙන්න එජාපය සූදානම්ද?

    ඔබේ ඒ ප්‍රශ්නේ හරියට අත්බෝම්බයක පින් එක ගලවලා අනිත් අය තබ්බීර්වෙලා ඉන්න වෙලාවක උත්තර දෙන්න කිව්වා වගේ එකක්. එක තමයි මේ ඡන්දයක් කට උඩ ඒ වගේ දෙයක් කරන්න අවශ්‍ය නෑ, දෙක තමයි රට හදනවා නං හරියට කරමු. එහෙම නැතිව ඔය ඇමැති වරප්‍රසාද බුක්ති විඳිමින් සැප සම්පත් විඳින එක නෙවෙයි අවශ්‍යතාව. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය සම්පූර්ණයෙන්ම මේ කොරෝනා වෛරසය නැති කරන්න. ඊට පස්සේ කරන දෙයක් නීත්‍යනුකූලව කරන්න. ඒ ඔස්සේ එක්සත් ජාතික පක්ෂයට දෙන්න පුළුවන් සහයෝගයක් මේ දවසකට දෙකකට නෙවෙයි දීර්ඝ කාලීනව දෙනවා මිසක් තාවකාලික තෘප්තියක් ලබන්න සූදානමක් නෑ. රට හදන්න අඩිතාලම දාන්න පුළුවන් නම් ඒකට එක්සත් ජාතික පක්ෂය බය නැතුව ඉදිරිපත් වෙනවා. එතැනදී ඔය එක එක්කෙනා මොනතරම් ඇනුම්පද කිව්වත් ඩීල්කාරයෝ කිව්වත් අපිට ඒවා ප්‍රශ්න නෙවෙයි. මොකද ඇත්ත ඩීල්කාරයෝ කවුද කියලා අපි දන්නවා. පක්ෂ කාර්යාල අරන්, කැබිනට් පත්‍රිකා තුළින් කාර් පාව්ච්චි කරලා සැප විඳින ඇත්ත ඩීල්කාරයෝ තමයි අපිට ඩීල්කාරයෝ කියලා කියන්නේ. ඉතිං ඒ වගේ අයගේ කතා අපට වැඩක් නෑ, රට වෙනුවෙන් කරන්න තියෙන් දේ බය නැතුව කරන්න ඕන.

    ටී. එන්. ඒ. එක අගමැතිත් එක්ක විජේරාම නිවසටත් ගිහින් කතා බහ කරලා තියෙනවා නේද මන්ත්‍රීතුමා?

    මම ප්‍රවෘත්තිවලින් දැක්කා. ඒක හොඳයි. දැන් අපිත් එක්ක ඒ අය වැඩ කරනකොට කොටි කියලා කිව්වා. දැන් මහින්ද රාජපක්ෂත් එක්ක වැඩ කරනකොට ඒ අය පූස් පැටව්ද? මෙන්න මේ වගේ කුහක දේශපාලනයක් කරපු නිසා තමයි නිදහස ලබාගෙන අවුරුදු 73ක් ගෙවිලත් මේ රට හදන්න බැරි වෙලා තියෙන්නේ.

    ඔබ විශ්වාස කරනවාද රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා ගෙනයන්න පුළුවන් නායකයෙක් කියලා?

    මම විශ්වාස කරනවා එතුමා දැනුවත් කමක් තියෙන රටට දෙයක් කරන්න පුළුවන් නායකයෙක් කියලා. නමුත් දුර්වලතා ගණනාවකුත් තියෙනවා. කිසිම කෙනෙක් අංගසම්පූර්ණ නෑනේ, එතකොට ඔහු තුළ තියෙන දුර්වලතා පාව්ච්චි කරලා ඔහු තුළ නැති දුර්වලතාත් නිර්මාණය කරපු අය දැන් මේ පක්ෂය ඇතුළේ නෑ. දැන් එක්සත් ජාතික පක්ෂය සහාය දෙනකන් කොටි ලේබල අලවපු ටී එන් ඒ එකත් නෑ. පාස්කු බෝම්බේ ගැහුව කියන පක්ෂත් නෑ. බෞද්ධ විරෝධි කට්ටියත් නෑ. සිරිකොතට ගල් ගහපු කට්ටියත් නෑ. දැන් එක්සත් ජාතික පක්ෂ සුපිරිසිදුයි. දැන් මම මේවා කියනකොට යම් යම් අයට රිදෙනවා. නමුත් කරන්න දෙයක් නෑ. නායකයාගේ අඩුපාඩු තියෙනවා කියලා නායකත්වයට එන්න කෙටි පාරවල් හොයන්න හොඳ නෑ. ගෙදර අම්මා තත්තගේ අඩුපාඩු තිබුණොත් අම්මා තාත්තා මරනවද? අන්න ඒ වගේ පිරිසක් තමයි අද එළියට බැහැලා තියෙන්නේ. ඉතිං එක්සත් ජාතික පක්ෂය දැන් පැහැදිලි ගමනක් යනවා. අපට විශ්වසයි ඉදිරියේදී ජනතාව අප කියන දේ තේරුම් ගනීවි.

    මම නිවැරැදි නම් 2022-23 වෙනකම්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි එජාපයේ නායකයා. ඊට පස්සේ කවුද එජාපය භාර ගන්නේ?

    ජනතාවගේ විශ්වාසය දිනාගත්ත, පක්ෂයට ආදරය කරන, ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන යන නායකයන්ගේ උරුමය රකින්න පුළුවන්, රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. ආදරෙයෙන් අලියා රකින්න පුළුවන් පුද්ගලයෙක් ඉදිරිපත්වෙන්න ඕන.

    ඒ වෙලාවේදී දැන් පක්ෂයෙන් එළියට ගිය අය අතරත් ඔය ගුණාංග තියෙනවා නං අවස්ථාවක් තියෙනවාද?

    කරුණාකරලා මහගෙදර හොඳ නෑ කියලා අල්ලපු ගෙවල්වල බෝඩිං හදාගෙන මහගෙදරට ගල්හගන කට්ටියට මේකේ උරුමක් නෑ. ඒ අය දැන් ඒ අය හදාගත්ත පක්ෂේ ඇතුළේම ඉන්න. ඒ අය ගියේ වෙන සුරංගනා ලෝකෙකටනේ. මේ ඔක්කොම නරක නං මොකටද ආයිත් එන්නේ. අනිත් එක එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ පිය උරුමෙන් මවු උරුමයෙන් නැත්නම් පරිවේණියෙන් නායකයෝ බිහි කරන තැනක් නෙවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය කියන්නේ දඩාවතේ ඇවිදලා එන උන්ට හාන්සි වෙන්න තියෙන අම්බලමකුත් නෙවෙයි.

    ඒ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළේ රවි කරුණානායකගේත් බලාපොරාත්තුවක් තියෙනවා නේද ඊළඟ නායකයා වෙන්න?

    අද මේ වගේ දේවල් නිසා තමයි අභූත චෝදනා කරලා චරිත ඝාතනය කරලා අපිව නැති කරන්න හදන්නේ. නමුත් දෙවි පිහිටින් අපි රැකිලා ඉදිරියට යනවා. මේ රටේ මින්ස්සුන්ගේ විශ්වාසය දිනාගෙන පක්ෂයක් විදිහට සාමූහිකව වැඩ කරලා රට ඉදිරියට ගෙනයාමේ හැකියාවක් තියෙනවා නං කතා දෙකක් නෑ ඔවු. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගන්න මම සූදානම්.

    -සමන් සමරක්කොඩි-


  • Covid-19: අමෙරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් චීනයට හා ඉරානයට අලුත් චෝදනාවක්

    Covid-19: අමෙරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් චීනයට හා ඉරානයට අලුත් චෝදනාවක්

    කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමට ගන්නා උත්සාහයන් පිළිබඳ වටිනා තොරතුරු සොරකම් කිරීමේ උත්සාහයක් ලෙස රජ්‍ය පිටුබලය ලබන හැකර්වරු (Government-backed hackers) සෞඛ්‍ය සේවා හා පර්යේෂණ ආයතනවලට පහර දෙන බව බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය ඒකාබද්ධ අනතුරු ඇඟවීමක් කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යයේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය සහ එක්සත් ජනපද සයිබර් ආරක්ෂණ හා යටිතල පහසුකම් ආරක්ෂක ඒජන්සිය (Britain’s National Cyber Security Centre (NCSC) and the US Cybersecurity and Infrastructure Security Agency (CISA) කියා සිටියේ හැකර්වරුන් ඉලක්ක කර ඇත්තේ ඖෂධ සමාගම්, පර්යේෂණ ආයතන සහ පළාත් පාලන ආයතන බවයි.

    එන්.සී.එස්.සී. සහ සීඅයිඑස්ඒ ප්‍රහාරයන්ට වගකිව යුත්තේ කුමන රටවල්දැයි කියා නැත. එහෙත් එක් එක්සත් ජනපද නිලධාරියෙකු සහ එක් එක්සත් රාජධානියේ නිලධාරියෙකු පැවසුවේ චීන හා ඉරාන හැකර්වරුන්ගේ ආක්‍රමණශීලී උත්සාහයන්ට මෙන්ම රුසියානු සම්බන්ධිත ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාරයක් ලෙස මෙම අනතුරු ඇඟවීම කළ බවයි.

    අනතුරු ඇඟවීමේ පොදු නොවන තොරතුරු සාකච්ඡා කිරීම සඳහා නිලධාරීන් දෙදෙනා නිර්නාමික කොන්දේසියක් මත කතා කළහ.

    ටෙහෙරානය, බෙයිජිං සහ මොස්කව් යන රටවල් සියල්ලම ආක්‍රමණශීලී සයිබර් මෙහෙයුම් සිදු කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර තමන්ද එවැනි ප්‍රහාරයන්ට ගොදුරු වූ බව පවසති.

  • Covid-19 Update: ලංකාවේ ආසාදිතයින් 771ක්: ලෝකය පුරා මරණ 252,346ක්

    Covid-19 Update: ලංකාවේ ආසාදිතයින් 771ක්: ලෝකය පුරා මරණ 252,346ක්

    ඉන්දියාවෙන් ආසාදිතයින් 46,476ක් සහ මරණ 1571ක් වාර්තා වී ඇති අතර ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ලක්ෂ 03කට අධික පිරිසක් සේවය කරන සෞදි අරාබියෙන් ආසාදිතයින් 30,251ක් වාර්තා වන අතර එහි මරණ සංඛ්‍යාව 200ක්.

    ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (5) දින ප.ව 20.05 වන විට 771 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද දින ප.ව 20.05ට යාවත්කාලීන කරන ලද වාර්තාවල දැක්වෙනවා. එහි සදහන් වන්නේ ඒ වන විට නව ආසාදිතයින් 20 දෙනකු වාර්තා වී සිටි බවයි.

    එම වාර්තාව අනුව රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 540ක් වන අතර දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 145ක්. සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 213ක් වන අතර මරණ සංඛ්‍යාව 09ක් බවට පත්ව තිබෙනවා.

    කොවිඩ්-19 ගෝලීත යාවත්කාලීන කිරීම් කරන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තා අනුව අද දිනය අවසානය වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 3,610,006ක් සහ මරණ 252,346ක් වාර්තා වී තිබෙනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 1,181,885ක් සහ මරණ 69,079ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබෙනවා.

    ඉතාලියෙන් ආසාදිතයින් 211,938ක් සහ මරණ 29,315ක් වාර්තා වී ඇති අතර ගෝලීය වශයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් ඇති දෙවැනි රට බවට මහා බ්‍රිතාන්‍යය පත්ව තිබෙන්නේ අද දිනය අවසාන වන විට සමස්ත මරණ 28,809ක් වාර්තා කරමින්. එහි ආසාදිතයින් සංඛ්‍යාව 191,832 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ඉන්දියාවෙන් ආසාදිතයින් 46,476ක් සහ මරණ 1571ක් වාර්තා වී ඇති අතර ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ලක්ෂ 03කට අධික පිරිසක් සේවය කරන සෞදි අරාබියෙන් ආසාදිතයින් 30,251ක් වාර්තා වන අතර එහි මරණ සංඛ්‍යාව 200ක්.

  • මැයි 11දා සිට රට කරවන හැටි ‘ජනපතිගේ පූර්ණ විමසුමට’

    මැයි 11දා සිට රට කරවන හැටි ‘ජනපතිගේ පූර්ණ විමසුමට’

    කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සඳුදා සිට යථා තත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුළුල් විමසුමට ලක් කරයි.  සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුකූලව රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ සියලු සේවා ඇරඹීමට පියවර ගත යුතු බව ජනපතිවරයා  පවසයි.

    පළාත් ආණ්ඩුකාරවරු සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු සමග අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    ආයතන ක්‍රියාකාරිත්වය පිළිබද සවිස්තරාත්මක සැලසුම් සෞඛ්‍ය අංශවලට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙනු ලැබිණ.

    පොදු ප්‍රවාහන කටයුතු නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා සැපයීමේ දී ඒ ඒ ආයතනවල සුබසාධන සංගම් සමග එක්ව සැලසුම් කිරීමේ හැකියාව ජනපතිවරයා පෙන්වා දුන්නේය.

    ආයතන පවත්වාගෙන යාමේදී සේවක සංඛ්‍යාව තීරණය කිරීම සේවාවන් අඩාල නොවන ආකාරයෙන් සිදු විය යුතුය. ආයතනික ව්‍යුහය අනුව සේවා මුර තීරණය කළහැකිය. සේවයට වාර්තා කිරිමේ වේලාව නියමයක් ලෙස නොගෙන ආයතනික අවශ්‍යතාව මත නිර්ණය කළ යුතුය.

    නිවසේ සිට වැඩ කිරීමේ දී ඇතැම් ආයතන පුළුල් පරාසයක සේවා සපයා ඇත. එය ඉදිරියට ගෙන යමින්     ඊ-මේල් සහ කෙටි පණිවිඩ භාවිතයෙන් තොරතුරු ලබා ගැනීමටත් ඒවාට පිළිතුරු ලබාදීමටත් ඊට නෛතික භාවයක් දෙන ලෙසත් ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. 

    හැඳුනුම්පත්, ගුවන් ගමන් බලපත් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉදිරි කාර්යයන් ද  සාකච්ඡාවට ලක් කෙරිණි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශ මත ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණය කෙරිණ. එහිදී ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ සෞඛ්‍ය ආශ්‍රිත ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ  යුතුය.

    විදුලි, ජල, වාරිමාර්ග, කෘෂිකර්ම. වැව් අමුණු පිළිසකර කිරීම්, ගොඩනැගිලි ඉදිකිරීම් වැනි සංවර්ධන වැඩ සෙසු දිස්ත්‍රික්කවල දැනටමත් පටන් ගෙන ඇත. මැයි 11 දා සිට ජන ජිවිතය යථා තත්ත්වයට පත් කෙරෙන දිස්ත්‍රික්කවල ද සංවර්ධන මෙහෙයුම් ඇරඹිය හැකිය. වැඩබිම් සහ ආයතන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඝෘජු අධීක්ෂණයට ලක් කිරීමට ද තීරණය විය.

    මී උණ සහ ඩෙංගු වැනි රෝග ආශ්‍රිතව ඉදිරියේ දී පැන නැගිය හැකි සෞඛ්‍ය ගැටලු ගැන දැඩි අවධානය යොමු කරන්නැයි ජනාධිපතිවරයා දැනුම් දුන්නේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ

  • ICC -2020 නවතම ශ්‍රේණිගත කිරීම්වලදී ‘ලංකාවට ඇපත් නෑ’

    ICC -2020 නවතම ශ්‍රේණිගත කිරීම්වලදී ‘ලංකාවට ඇපත් නෑ’

    ICC හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ඊයේ (04) ප්‍රකාශයට පත් කළා. ඒ අනුව ටේස්ට් කණ්ඩායම්, එක්දින කණ්ඩායම් සහ විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් වෙනවා. ඒ අතර ක්‍රීකඩකිය්න ශ්‍රේණිගත කර තිබෙනවා.

    පහත ඒ සම්බන්ධ සියලු විස්තර පළ වෙනවා.

    ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්

    ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව පළමු තැන ඔස්ට්‍රේලියාවට හිමිව ඇති අතර දෙවැනි තැන නවසීලන්තයත් තෙවැනි ස්ථානය ඉන්දියාවටත් හිමිව තිබෙනවා. සිව්වැනි තැන එංගලන්තයට හිමිව ඇති අතර ලංකාව පසුවන්නේ පස්වන ස්ථානයේයි.

    එක් දින ශ්‍රේණිගත කිරීම්

    2020 එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රථම ස්ථානයේ ලෝක ශූර එංගලන්තය පසුවන අතර දෙවැනි ස්ථානය ඉන්දියාව ද තෙවැනි ස්ථානය ලෝක අනුශූර නවසීලන්තය විසින් ද දිනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව පසුවන්නේ 08 වැනි ස්ථානයේයි.

    T 20 ශ්‍රේණිගත කිරීම්

    විස්සයි විස්න ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියාවයි. දෙවැනි තැන එංලගන්තය හා තෙවන ස්ථානය ඉන්දියාව ද සිවුවැනි තැන පාකිස්ථානය ද දිනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව පසුවන්නේ 07 වැනි ස්ථානයේයි.

    ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්

    ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්ටීව් ස්මිත් පසුවන අතර දෙවැනි තැන ඉන්දියානු නායක චිරාත් කෝලි විසින් දිනාගෙන තිබෙනවා. කිසිදු ශ්‍රී ලංකික ක්‍රීඩකයෙක් හොදම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතර නොවීම විශේෂත්වයක්.

    හොදම ටෙස්ට් පන්දු යවන්නන් අතර පළමු ස්ථානය දිනා ගැනීමට ද ඔස්ට්‍රේලියානු පන්දුවන්නෙකු වන Pat Cummins සමත් වී තිබෙනවා. දෙවැනි ස්ථානය ද ඔස්ට්‍රේලියානු පන්දු යවන්නකු විසින් දිනාගෙන ඇති අතර හොදම ටෙස්ට් පන්දු යවන්නන් 10 දෙනා අතරට ද මෙවර කිසිම ශ්‍රී ලංකික පන්දු යවන්නෙක් තේරී නැහැ.

    හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ Jason Holder පත්ව ඇති අතර ඒ හොදම තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයින් 10 දෙනා අතර කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් නැහැ.

    එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්

    එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව හොදම එක්දින පිතිකරු ලෙස ඉන්දීය කණ්ඩායමේ චිරාත් කෝලී නම්කර තිබෙනවා. එහි දෙවැනි ස්ථානය ඉන්දීය කණ්ඩායමේම රෝහිත් ෂර්මා විසින් ද තෙවැනි ස්ථානය පාකිස්ථානු කණ්ඩායමේ බබාර් අසාම් විසින් ද දිනාගෙන තිබෙනවා. හොදම එක්දින පිතිකරුවන් 10 දෙනා අතර කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙක් නොවීම විශේෂත්වයක්.

    හොදම එක්දින පන්දු යවන්නා ලෙස නවසීලන්ත කණ්ඩායමේ Trent Boult ද දෙවැනි ස්ථානයට ඉන්දීය කණ්ඩායමේ Jasprit Burmah ද නම්කර ඇති අතර හොදම එක්දින පන්දු යවන්න් 10 දෙනා අතරට ද කිසිම ශ්‍රී ලාංකික පන්දු යවන්නෙක් නම්කර නැහැ.

    හොදම තුන් ඉරියම් එක්දින ක්‍රීඩකයා ලෙස නම්කර ඇත්තේ ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ මොහොමඩ් නාබියි.

    T 20 ක්‍රීකඩ ශ්‍රේණිගත කිරීම්

    විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව හොදම විස්සයි විස්ස පිතිකරු ලෙස පාකිස්ථාන විස්සයි විස්ස කණ්ඩායමේ බබාර් අසාම් ද හොදම විස්සයි විස්ස පන්දු යවන්නා ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ රෂීඩ් ඛාන් ද නම්කර ඇති අතර හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මොහොමඩ් නාබි නම්කර තිබෙනවා.

    සටහන – තුෂාධවි – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි.

  • මංගල – PB ලිපි ගනුදෙනුව උණුසුම් කරමින් යළිත් මංගලගෙන් PBට ‘තද  ලිපියක්’

    මංගල – PB ලිපි ගනුදෙනුව උණුසුම් කරමින් යළිත් මංගලගෙන් PBට ‘තද ලිපියක්’

    2020 අප්‍රේල් 28 වන දින අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද මාගේ ලිපියට එවන ලද  ඔබගේ පිළිතුර සම්බන්ධයෙනි. පසුගිය අප්‍රේල් 28 වන දින ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට යොමු කරන ලද පිළිතුරු ලිපියට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (5) පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

    2020.05.05 ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා                                         ජනාධිපති ලේකම් ජනාධිපති කාර්යාලය කොළඹ 01.

    ලේකම්තුමනි,

    2020 අප්‍රේල් 28 වන දින අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද මාගේ ලිපියට එවන ලද  ඔබගේ පිළිතුර සම්බන්ධයෙනි.

    උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් ඉල්ලමින්  ජනාධිපතිතුමා වෙත පසුගිය 28 වනදා ඉදිරිපත් කරන ලද ලිපියේ වැදගත් කාරණය සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දීම පසෙකලා පරිබාහිර වෙනත් කරුණු කිහිපයක් මතු කරමින් පිළිතුරක් ඉදිරිපත්  කිරීම පිළිබඳව අතිශයින් කණගාටු වෙමි. ජනතාවගෙන් කරුණු වසං කිරීම සඳහාත් ජනතාව නොමඟ යැවීමේ අරමුණින් ද පසු ගිය රජයට මඩ ගසන චේතනාවෙන්  පදනම් විරහිත දේශපාලණික පිළිතුරක් එවීම ඔබ වැනි ජේ‍යිෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු  ට තරම් නොවටිනා බව ප්‍රකාශ කරමි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතියයි. එම නීතිය කඩ නොකර ආරක්ෂා කරන බවට විශේෂයෙන් රටේ පාලකයන් ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දෙනු ලබන්නේ නීතියෙන් තොර රටක් පාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය නොහැකි යන්න උදාර සංකල්පය මතයි. රජයන් බිහි වන්නේ ද එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ය.

    වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය අර්බුදයක් නිර්මාණය වී ඇත.  එනම් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවට ජනාධිපති වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කර ඇති නමුදු එහි සඳහන් දිනවලට පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට බැරිවී ඇත. එමෙන්ම එම ගැසට් නිවේදනයේම සඳහන් පරිදි විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් අවසන් වීමට මත්තෙන්  එනම්,  ජුනි 02, අභිනව පාර්ලිමේන්තුව රැස්කිරීමට ද නොහැකිය.

    යථෝක්ත සංදර්භය තුළ ඔබගේ ලිපියේ සඳහන් ආකාරයට මෙන්ම හා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා විචාරකයන් ද පවසන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමටත්, වැය කිරීමටත් ජනාධිපතිවරයාට බලය ලැබෙනුයේ  අභිනව පාර්ලිමේන්තුව  කැඳවීමට නියමිත දින සිට ඉදිරියට මාස තුනක කාලයක් සඳහා පමණි.

    2019 නොවැම්බර් මස බලයට පත්වු පොදුජන පෙරමුණු රජයට ඔවුන්ගේ නොහැකියාව මත 2020 වසර සඳහා අයවැයක් සම්මත කර ගත නොහැකිවීම මේ සියලු අර්බූදවලට හේතු විය.  2020 අප්‍රේල් 30 දිනෙන් පසුව රාජ්‍ය මුදල් වැය කිරීමට අදාළ වන පාර්ලිමේන්තුව විසින් නිසි ලෙස සම්මත කළ විසර්ජන පනතක් හෝ අතුරු සම්මත ගිණුමක් නොමැති බව සවිස්තරාත්මකව ජනාධිපතිවරයා අමතන ලද මාගේ අප්‍රේල් 28 ලිපියෙන් අවධාරණය කර ඇත්තෙමි.

    ඒ අනුව පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල අභිබවා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට හැකි වනුයේ මැතිවරණයෙන් පසුව ඇරඹෙන අභිනව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු මාස තුනක කාලයක් සඳහා පමණි. එබැවින්,අප්‍රේල් 30 වැනිදා සිට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස් කරන දින දක්වා වන කාලය තුළ රාජ්‍ය වියදම් දැරීමට තිබෙන බලතල ඔප්පු කරන්නැයි ජනාධිපති වරයාට හා රජයට අභියෝග කරමි.

    කෙසේ වෙතත්, ව්‍යවස්ථාවේ 150(4) ප්‍රතිපාදන යටතේ මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළ වියදම් සඳහා ඒකාබද්ධ අරමුදලෙන්  මුදල් නිකුත් කිරීමටත් වැය කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත. එම තත්ත්වය යටතේ හැර යථෝක්ත ව්‍යවස්ථාවේ – එනම් 150(3) – ප්‍රතිපාදන වලින් පරිබාහිරව රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගැනීමට හා වැය කිරීමට ජනාධිපතිවරයාට නිසි බලයක්  පවරන   ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැත.

    ඒ අනුව මා විසින් ජානාධිපති තුමා වෙත එවන ලද  ලිපියෙන් ද අවධාරණය කර ඇත්තේ 2020 අප්‍රේල් 30 වෙනිදා සිට කවදා හෝ යළි පාර්ලිමේන්තුව කැඳවන තෙක් රාජ්‍ය මුදල් වැය කිරීම පිණිස නීත්‍යනුකූල බලයක් ලබා දිය හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බවයි. 2020 ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබුනා වුවද අභිනවපාර්ලිමේන්තුව රැස් වන්නේ කවදාද යන්න නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව ප්‍රකාර රාජ්‍ය මූල්‍ය  පිළිබඳ සම්පුර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන බවද මෙහිදී සඳහන් කරමි.  

    2019 නොවැම්බර් 16 වෙනි දින පැවතී ජනාධිපතිවරණයෙන් පිහිටුවන ලද සුළුතර ආණ්ඩුවට මේ වන විට මාස 5 කට අධික කාලයක් ගතවී ඇතත් විසර්ජන කෙටුම්පතක් හෝ මාස කිහිපයකට බලපාන පරිදි අතුරු සම්මත ගිණුමක් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට අපොහොසත් වී ඇත.

    2015 ජනවාරි මාසයේ බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය ප්‍රමූඛ ආණ්ඩුවද මාස 9ක් පුරාවට පැවතියේ සුළුතර ආණ්ඩුවක් වශයෙන් බවද සිහිපත් කරමි. එසේ වුවත් පක්ෂ විපක්ෂ සැමගේ කැමැත්ත ලබාගත හැකි ආකාරයට 2015 වර්ෂය සඳහා අයවැයක් 2015 ජනවාරි මාසයේදීම ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගෙන සම්මත කර ගැනීමට අපට හැකි විය.

    2019 නොවම්බර් 16 වෙනිදායින් පසුව ඇරඹුන වර්තමාන සුළුතර ආණ්ඩුව විසින් පොදුවේ පාර්ලිමේන්තුවේ බහුතරයට එකඟ විය හැකි අතුරු සම්මත ගිණුමක් හෝ අයවැයක් ඉදිරිපත් කිරීමට දිගින් දිගටම අපොහොසත් වී මැසිවිලි නැගීම, ස්වකිය වගකීම් පැහැර හැරීමක් වෙනවා මෙන්ම කණගාටුදායක තත්වයක් මතු කරන්නකි.

    2020 අප්‍රේල් 30 න් පසුව නීත්‍යනුකූලව ක්‍රියාත්මක කළ හැකි අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් හෝ පාර්ලිමේන්තුව විසින් මේ දක්වා සම්මත කර නොමැත. පසු ගිය රජය මගින් සම්මත කරන ලදුව 2020 අප්‍රේල් 30 වනදායින් අවසන් වූ අතුරු සම්මත ගිණුම ද මෙම රජය විසින් දැනටමත් උල්ලංඝණය කර තිබේ. එම අතුරු සම්මත ගිණුම අනුව ලබාගත හැකි වූ ණය සීමා ව වූයේ රු බිලියන 721 කි. එහෙත් මෙම රජය නීතිවිරෝධී ලෙස, පාර්ලිමේන්තුව විසින්  අනුමත  එම සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇත. එමගින් රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය අර්බූදයකට තල්ලු කර ඇති අතර අනාගතයේ දී පත්වන රජයකට එසේ සීමාව ඉක්මවා ලබාගන්නා ලද ණය වල නීත්‍යනුකූල භාවය සම්බන්ධයෙන් සලකා බැලීමට සිදු වනු ඇත.

    එබැවින්, පත්ව ඇති මේ අවදානම් අවස්ථා සැලකිල්ලට ගෙන  පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල සහාය  ලබා ගෙන 2020.04.30 සිට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු අභිනව පාර්ලිමේන්තුව යළි රැසකරණ තෙක්  රාජ්‍ය සේවාවට වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් අනුමත කරවාගැනීමට වහා පාර්ලිමේන්තුව යළි රැස් කළ යුතු යැයි  අවධාරණය කරමි.

    මෙයට – විශ්වාසී, මංගල සමරවීර හිටපු මුදල් අමාත්‍ය

  • ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 33න් 31ක්ම නාවික හමුදා සෙබළුන්

    ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 33න් 31ක්ම නාවික හමුදා සෙබළුන්

    නාවික හමුදාව තුළ අද (05) දිනය වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 329ක් වන බවත් අද දින පුද්ගලයින් 138 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා පූනානී නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලද බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (5) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    එහෙත් වැඩි දුරටත් අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා මෙසේද සදහන් කළේය.

    එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර (London) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් සිසුන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළුව පුද්ගලයින් 210 කට ආසන්න කණ්ඩායමක් හෙට (06) දින උදෑසන දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

    එසේ පැමිණෙන ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට මේවන විට සියළු කටයුතු සූදානම් කර ඇත.

    යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සහ ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන වැලිසර නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් පුද්ගලයින් 47 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (05) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී.

    අද (5) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 5089 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

    ඊයේ (04) දිනයේ නුවර කොළොම්බිස්ස ප්‍රදේශයෙන් පුද්ගලයෙකු ආසාදනය වීමත් සමගම ඔවුන් සමීපව ඇසුරු කළ පවුල් 18 ක පුද්ගලයින් 67 දෙනකු සහ අද (05) දිනයේ  රාජගිරිය බණඩාරනායකපුර ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයෙකු හමුවීමත් සමග ඔහු සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් 29 දෙනෙකුත් කොළොන්නාව ප්‍රදේශයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු සොයාගැනිමත් සමගම එම ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කරනු ලැබු පුද්ගලයින් 27 දෙනෙකු ද එසේම, මෝදර මහල් නිවාස සංකීර්ණයෙන් වෛරසය ආසාදිත පුද්ගලයෙකු සොයාගැනිමත් සමගම එම ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 138 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා පූනානී නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදී.

    ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4816 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (04) දිනයේ ශ්‍රි ලංකාව තුළ සොයාගත් ආසාදිතයන් 33 දෙනොගෙන් 31 දෙනෙකු ශ්‍රි ලංකා නාවික හමුදාවේ වැලිසර කදවුරේ වීරෝධාර රණවිරුවන් වේ. ඒ අනුව නාවික හමුදාව තුළ අද (05) දිනය වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 329 ක් වේ.

    අද (05) දිනයේ ත්‍රිවිධ හමුදාව පසුගිය මස සිදු කල අයුරින්ම ත්‍රිවිධ හමුදාවේ  සම්බන්ධීකරනයෙන් ශ්‍රි ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 6,45000 කට පමණ පිරිසකට විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා තම නිවසේ සිට බැංකු වෙතට යාමට සහ නැවත තම නිවෙස් වෙත පැමිණීමට ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලදී. 

    ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ වීරෝධාර රණවිරුවෙකු කදවුරකින් තවත් කදවුරකට ගමන් කරමින් සිටියදී දඹුල්ල ප්‍රදේශයේදී ඊයේ (04) දිනයේ මිය යන ලදී. ඔහුට විටින් විට අපස්මාරය නැමති රෝගය වැළදී ඇත. මේවන විට පස්චාත් මරණ පරික්‍ෂණය සිදු වන අතර, එම පරීක්‍ෂණයෙන් පසුව ඉදිරි තොරතුරු ලබාදීමට කටයුතු කරනු ලබයි.