Tag: featured

  • විදේස්ගතව සිට පැමිණෙන්නන්ට හෝටලයේ නිරෝධානයයට දිනයක රු. 7500ක් ඉල්ලයි

    විදේස්ගතව සිට පැමිණෙන්නන්ට හෝටලයේ නිරෝධානයයට දිනයක රු. 7500ක් ඉල්ලයි

    විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝදානය සඳහා යොමු කරනු ලබන සංචාරක හෝටල් සඳහා දිනකය රුපියල් 7500ක මුදලක් ගෙවීමට සිදුවන බව වාර්තා වේ.

    කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් විසින් ලබා දිය යුතු තොරතුරු ඇතුළත් පිරවුම් පත්‍රයේ විමසා ඇති තොරතුරු අතර “රජය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන හෝ හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක් අනුගමනය කිරීමට ඔබ කැමතිද? [එක් හෝටලයකින් දිනකට පුද්ගලයෙකුට රුපියල් 7500 බැගින් – මීගමුවේ (ජෙට්විං බ්ලූ) සහ වස්කඩුවේ (සිට්‍රස්)]” යනුවෙනි.

    මීට පෙර මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් සඳහන් කර තිබුනේ මෙම හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාම සඳහා රජයට පරිත්‍යාග කිරීමට එහි හිමිකාරිත්වය කටයුතු කර ඇති බව ය. එහෙත් පසුව සමාජ මාධ්‍ය හා ප්‍රවෘත්ති වෙබ් අඩවි වාර්තා කර තිබුනේ සිට්‍රස් හෝටලයේ හිමිකරුවා වන දිල්ත් ජයවීර නැමැත්තා විසින් යළිත් එම තමන් වෙත ඉල්ලා රජයට ලිපියක් යොමු කර තිබූ බවයි.

    කෙසේ වෙතත් මේ වනවිට වාර්තා වන කරුණු අනුව අනාවරණය වන්නේ එම හොටල්වල යම් විදේශගත ශ්‍රී ලාංකිකයෙකු නිරෝධායනය වන්නේනම් ඔහු අවම දින 14 සඳහා කෑමබීම සහිතව රුපියල් එක් ලක්ෂ පන් දහසක් (රු. 105,000) ගෙවිය යුතු බවය.

    එමෙන්ම ඔවුන්ට මෙරටට පැමිණීම සඳහා ගුවන් ටිකට් පත් සඳහා අවශ්‍ය මුදල්ද තමන් විසින්ම ගෙවිය යුතු වේ.

    එමෙන්ම විදේස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමේදී ඔවුන් ගෙන්වීම පිළිබඳව ප්‍රමුඛතාවය ලබා දෙනු ලබන්නේ උක්ත හෝටල්වල නිරෝදායනයට කැමි පුද්ගලයන්ට වීමද විශේෂත්වයකි.

    ජනතාව දැනුවත් කළ යුතු සුවිශේෂ පුවතක් හෙයින් lankatruth.com වෙතින් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • Salon සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට උපදෙස්

    Salon සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට උපදෙස්

    COVID-19 හේතුවෙන් රජය විසින් තාවකාලිකව වසාදැමීමට පියවර ගත් රූපලාවන්‍යාගාර නැවත විවෘත කිරිමට අදාලව සහ රූපලාවන්‍යාගාර ක්ෂේත්‍රයට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරිමට නියමිත නිති පද්ධතිය ඇතුලත් මාර්ගෝපදේශණය සදහා ප්‍රායෝගික ගැටලු හදුනා ගනිමින් නව කරුණු එ‍කතු කිරිමත් අරමුණු කොටගෙන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහභාගාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (04) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් උපදෙස් දෙමින් කියා සිටියේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාලව නීති සම්පාදනය වෙනත් කිසිදු ආයතනයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ම පමණක් සිදු කරන බවයි. එමෙන්ම දෛනිකව සේවා සැපයීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් ලබා දෙනු ලැබු කොණ්ඩා කැපීම ඇතුලු අත්‍යාවශ්‍යම සේවාවන් පමණක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.  

    නිසි ඉඩ ප්‍රමාණයන් තබාගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙනු ලබන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අකුරටම අනුගමනය කරමින් සේවා සැපයීමට කටයුතු කරන ලෙස ද දන්වා සිටින ලදි. එමෙන්ම ඉදිරියේ දී රුපලාවන්‍යාගාර සේවා ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අදාලව පිළිපැදිය යුතු උපදෙස් ඇතුලත් මාර්ගෝපදේශණයක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කොට ඇති බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා එම කටයුතු නිරීක්ෂණය කිරීමට ද කටයුතු කරන බව ද දන්වන ලදි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සමග අද දින සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඔවුන්ගේ ඉල්ලීම වුයේ රූපලාවන්‍යාගාර ආරම්භ කිරිම සදහා රජයේ සහයෝගය ලබාදෙන ලෙසයි. එම සියළු ඉල්ලීම් පිළිබද අවධානය යොමු කොට රූපලාවන්‍යාගාර විවෘත කිරිමට අවස්ථාව ලබාදුන්නා. රජය සහ සෞඛ්‍ය අංශ විශාල කැප කිරීමක් සිදු කර ලෝකයේ මෙම රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් තිබුනත් ලංකාව තුල මේ රෝග තත්ත්වය පාලනය කර ගත හැකි තත්ත්වයකට පත්ව ඇති බව ඔවුන් ද පෙන්වා දුන්නා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ ඉල්ලීමට අනුව මෙම අවසරය ලබාදුන්නත් මේ අවස්ථාවේ රට ගැන හිතලා ඉතා වගකීමකින් සේවා සපයන ලෙස අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය තබා ගනිමින්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය සදහා ඔබ ආයතනයට පැමිණෙන පුද්ගලයින්ට අවස්ථාව සළසා දෙමින් එම සේවාවන් ලබාදීමට කටයුතු කරන්න.”

    මෙම සාකච්ඡාවට එක් වූ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින් පෙන්වා දෙන ලද්දේ COVID-19 හේතුවෙන් රූපලාවන්‍යාගාර වැසීමට රජය තීරණය කළ ද බොහෝ රූපලාවන්‍ය කටයුතු පෞද්ගලිකව සිදු කිරිමට ඇතැම් පිරිස් කටයුතු කරන බවයි.  එය ඉතාම භයානක තත්ත්වයක් බව ද පෙන්වා දෙන ලදි. විශේෂයෙන් වතු ආශ්‍රිත ප්‍රදේශවල කොණ්ඩා කැපීමේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා සිදු කරන බව ද පෙන්වා දෙන ලදි.

    දැනට A,B,C යන රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ වර්ගීකරණයට අනුව ක්ෂේත්‍රය තුලින් ලක්ෂ 02 කට පමණ ආසන්න පිරිසක් යැපෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් සිය සේවාවන් සැපයීමට කටයුතු කිරිමට තමන් කටයුතු කරන බවත්, ඔවුන්ගේ අදහස් ලබාගැනිම සදහා සාකච්ඡාවක් ලබාදීම පිළිබද සිය ස්තූතිය සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත පුද කරන බවත්  පැවැසීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එල්.ටී ගම්ලත් මහතා,  පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒ්කකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා, කේෂ හා රූපලාවන්‍ය පිළිබද ශ්‍රී ලංකා ආයතනයේ සභාපති නයනා කරුණාරත්න මහත්මිය, එහි සාමාජික රමනී ප්‍රනාන්දු මහත්මිය, ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පීන් වන රම්සි රහමන් මහතා, යොහාන් පිරිස් මහතා, සංජීව කුමාරප්පෙරුම මහතා, කමල් හෙට්ටිආරච්චි මහතා ගෝලීය අරමුදලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ පුබුදු ද සොයිසා මහත්මිය (සම්බන්ධීකරණය) ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

  • විදේශයන්හි සිටින ලේඛනගත නොවූ ශ්‍රමිකයන් වෙත ‘තාවකාලික ගමන් බලපත්‍ර’

    විදේශයන්හි සිටින ලේඛනගත නොවූ ශ්‍රමිකයන් වෙත ‘තාවකාලික ගමන් බලපත්‍ර’

    විදේශයන්හි සිටින ලේඛනගත නොකළ ශ්‍රමිකයන් වෙත නිසි සත්‍යාපන ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ.

    විදේශ සබඳතා අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම එකගතාව පළ විය. සංක්‍රමණික ශ්‍රමිකයන් නැවත සියරට පැමිණවීම සඳහා වන කාල රාමුවක් පිළිබඳව රජය තීරණය කළ පසුව ඔවුන් සියරට පැමිණවීමට පහසුකම් සැලසීමට මේ අනුව අපේක්ෂා කෙරේ.

    ඊයේ (4) දින විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් අදාළ ආයතන සමඟ පවත්වන ලද රැස්වීමක දී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණ.

    ආපසු මෙරටට පැමිණීම සඳහා ‘ශ්‍රී ලංකාව අමතන්න’ ද්වාරය හරහා සංක්‍රමණික ශ්‍රමිකයන් දක්වා ඇති උනන්දුව සහ කුවේටය සහ ජෝර්දානය විසින් දැනට ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාව ද මෙහි දී සමාලෝචනය කරන ලදී.

    විශේෂයෙන් මාලදිවයිනේ සිටින සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන අවදානම සහ ඊට පිළියම් යෙදිය හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණ. වඩාත්ම පීඩාවට පත් ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාවන්ට වියළි සලාක ලබා දීම සඳහා විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන ද ඇගැයීමට ලක් කරන ලදී.

    අදාළ විදේශ රජයන් සමඟ දැනට පවත්වා ඇති සාකච්ඡා පිළිබඳව සහ විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම, දැනට සිදුකෙරෙමින් පවතින නිරෝධායන ක්‍රියාවලියට අනුකූලව සිදුවිය යුතු බවට සහතික වෙමින් අදාළ රාජ්‍යයන් වෙත ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා දරන උත්සාහයන් පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා රැස්ව සිටි පිරිස වෙත කරුණු පැහැදිලි කළේය.

    විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (සංවර්ධන) සුජීව තිසේරා මහේමිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් සරත් රූපසිරි මහතා, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී විය.

    විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකි.

  • කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් ඇරඹීමට සාකච්ඡා

    කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් ඇරඹීමට සාකච්ඡා

    සෙඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසුව සෙඛ්‍ය අංශ නිර්දේශ අනුකුලව ජාත්‍යන්තර ගුවන් නීතිරීති වලට අදාලව මෙම කටයුතු ආරම්භ කිරීමට අපෙක්ෂා කරන බවයි.  

    මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේදි පැවැත්විණි සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය යටතේ පවතින ආයතන ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    කොරෝනා වසංගතයෙන් පසු සංචාරක හා ගුවන්සේවා කටයුතු යලි නංවාදීමට අදාල යෝජනා හා සැලසුම් ආයතන මට්ටමින් වෙන් වෙන්ව සාකච්ඡා කෙරුණු අතර සංචාරක හා ගුවන්සේවා  ක්ෂේත්‍රවලට අදාලව එකාබද්ධ සැසුමක් සැකසීම පිලිබදව ද මෙහිදි මෙහිදි දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ.

    කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය යලි නගා සටුවීම සදහා වන සැලසුම් පිලිබදව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි පැහැදිලි කලාය. ඇය පෙන්වා දුන්නේ දීර්ඝ කාලීන හා කෙටිකාලීන සැලසුම් දැනටමත් හදුනාගෙන ඇති බවයි.  සංචාරක හෝටල් නැවත ඇරබීමේදි ඒ සදහා අනුගමණ කළ යුතු වැඩපිලිවෙල සෙඛ්‍ය අංශ සමග එක්ව දැනටමත් සකස්කර ඇතැයි සභාපතිවරිය මෙහිදි කියා සිටියාය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වාදුන්නේ සංචාරක  ක්ෂේත්‍රෙයේ නිරත අයට කඩිනම් සහන සැලසීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි.  ඊට අදාල යෝජනා කඩිනමින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇමතිවරයා මෙහිදි කියා සිටියේය.

    ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා කටුනායක ගුවන්තොටුප මෙහෙයුම නැවත ආරම්භ කිරීමේදි අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙල ඇමතිවරයාට ඉදිරිපත් කලේය. ගුවන් මගීන් ශ්‍රී ලංකාවට පැමිණීමේදි කොවිඩ් 19 පරීක්ෂාව සිදු කර තිබීම අනිවාර්ය බවත් ශ්‍රී ලංකාවෙන් පිටවීමේදී ද ඒ හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලෝක සෙඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇති බවත් ඔහු කිවේය.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දුන්නේ ඒ අනුව කටයුතු කරන ලෙසයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරණ මහතාද මෙහිදි කියා සිටියේ ලෝක සෙඛ්‍ය සංවිධානයේ හා ජාත්‍යන්තර ගුවන් ගමන් නිර්නායක අනුව ශ්‍රී ලංකාන් ගුවන් සමාගමද සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සුදානම් බවයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් නිර්ණායකයන්ට අදාල ආයතන සමග සම්බන්ධීකරණය කිරීමට ගුවන්සේවා අධිකාරියට පැවරිනි.

    රජයේ උපදෙස් අනුව සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයට අයත් ආයතන 11 වෙනිදා සිට නැවත ආරම්භ කිරීම පිලිබදව ද මෙහිදි ඇමතිවරයාගේ අවධානයට යොමු විය.  ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හා ගුවන් සේවා ආයතන ප්‍රධානීන්ට මෙහිදි වැඩිදුරටත් උපදෙස් දුන්නේ සිය ආයතන කටයුතුවලදී සෙඛ්‍ය අංශ උපදෙස් නිසිආකාරයෙන් ක්‍රියාත්මක වන්නේදැයි අධික්ෂණය කළ යුතු බවයි.     

    ඡායාරුපය – කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමෙන් පසු කටයුනායක ගුවන්තොටුපලේ මෙහයෙයුම් නැවත ක්‍රියාත්මක කිරීම් පිළිබද එම සමාගම විසින් සකස් කළ යෝජනාවලිය කටයුනායක ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අමාත්‍යංශ ලේකම් එම්.එස්. මොහොමඩ් මහත්මියට ලබා දුන් අයුරු ඇමති ප්‍රසන්න රණතුංග මහතාද ඡායාරුපයේ වේ.

  • Black & White: ජන දුක විකුණන වෙල්ලස්සේ Local Reporterට නීතිය වලංගු නැද්ද?

    Black & White: ජන දුක විකුණන වෙල්ලස්සේ Local Reporterට නීතිය වලංගු නැද්ද?

    කතාව ඇරඹෙන්නේ දෙරණ රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන සංඛ අමරජිත් ආලවට්ටම් දමා පැවසූ යාං හෑල්ලකට පසු පෙන්වූ මොනරාගල බුත්තල වැසියෙකු කන්නට බොන්නට යමක් නැතිව, දරුවන්ට පොවන්නට කිරිපිටිද නැතිව කුරුම්බා කපා පොවන අන්දම පෙන්වන දසුනකිනි.

    දෙරණ පෙන්වූ මේ ජනකරුමය යාං හෑල්ලක් පමණක් වන්නේ නිලධාරීන්ටද දෝෂාරෝපණය කරන දර්ශන රැගත් එය තමන්ගේ යූටියුබ් චැනලය ඔස්සේද පෙන්වන ප්‍රාදේශීය මාධ්‍යවේදියා තමන් විසින්ම තිර පිටපත ලියූවක් දෙරණට යවා ඇති බව හෙළිකරමින් බුත්තල ප්‍රාදේශීය ලේකම්වරයා රාජකාරි මට්ටමේ ලිපියක් ලිවීම නිසාය. ( මෙම සම්පූර්ණ ලිපිය පහත පළ වේ)

    එහෙත්, දෙරණ ඒ ලිපියට නිසි ගුවන්කාලයක් වෙන්කර ප්‍රචාරයක් නොදෙන අතර එවැනි ලිපියක් නිකුත්ව ඇති වග ජනතාව දැනගන්නේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ෆේස්බුක් පිටුව නිසා ය.

    බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ආර්.එස් තිලකරත්න මහතාගේ අත්සනින් දෙරණ හිමිකරු දිලිත් ජයවීර අමතා  නිකුත් වූ ලිපිය හෙළිකරන්නේ බුත්තල පැලවත්ත වසමේ පදිංචි යූ.ඩී. සිරිසේන නමැති වාණිජ මට්ටමෙන් ගඩොල් කපා විකුණන සමෘද්ධි ආධාර හිමි සහ කොවිඩ් සමයේ රජය පිරිනැමූ රුපියල් 5000 දීමනාවද ලද පුරවැසියා සම්බන්ධයෙන් වැල්ලවාය ප්‍රාදේශීය වාර්තාකාර යූ.එස්.පී බණ්ඩාර නමැත්තා එවා ඇති වාර්තාව සාවද්‍ය බවයි.

    ප්‍රාදේශීය ලේකම් තිලකරත්න මහතා පවසන්නේ, බණ්ඩාර නමැති වාර්තාකරුවා විවිධ පාර්ශවවලින් මුදල් ලබා ගැනීමේ අභිප්‍රායයෙන් ගොතන ලද සිද්ධියකට අනුව, තමන්ට දරුවන් සඳහා කිරිපිටි ගන්නට මුදල් නොමැති බැවින් කුරුම්බා පොවා ජීවත් කරවන බව යූ.ඩී. සිරිසේන පවසන බවයි. පසුගිය කාලය පුරාම සිරිසේනගේ පවුලට රජය සපයා ඇති සහන පිළිබඳ විස්තරද එම ලිපියේ දැක්වෙයි.

    දෙරණ සිද්ධිය ප්‍රචාරය කිරීමෙන් අනතුරුව යූ.ඩී සිරිසේනගේ නිවසට ගිය නිලධාරීන්ට ඔහු පවසා ඇත්තේ “තමා මළ පොතේ අකුරක් නොදන්නා අතර මේ වාර්තාකාර මහතා නිවසට පැමිණ ඔහු පවසන අන්දමට කටයුතු කරන්නේ නම්” විවිධ ප්‍රතිලාභ ලබා දෙන බව පැවසූ බවයි.

    බුත්තල ප්‍රාදේශීය ලේකම් තිලකරත්න මහතා අප වෙත මේ සිදුවීම සම්බන්ධයෙන් පවසා සිටියේ “මේක ජාවාරමක් මොනරාගල දුප්පත් මිනිස්සු රවටලා, විදේශවල ඉන්න ලාංකිකයොත් රවටලා තමන්ගෙ ගිණුම්වලට මුදල් ගෙන්වා ගන්න අය ඉන්නවා. එක්කෙනෙක් ඔය බණ්ඩාර. අපි ගියා සිරිසේනලා ගෙදර. යද්දි කිසි හිඟයක් නැතිව කෑම බීම තිබ්බා. එයා වැඩකරලා තියෙන්නෙ මාධ්‍යවේදියාගෙ පිටපතට. වාණිජ වශයෙන් ගඩොල් ව්‍යාපාරය කරන, සමෘද්ධියත් තියෙන, යතුරුපැදියක්, ත්‍රිරෝද රථයක් තියෙන කෙනෙක්. ගේ හදලා නැහැ. ඒ නිසා 2020 දිරිය පියස වැඩසටහනට ඇතුළු කරලා තියෙනවා. මනුස්සයා කියනවා තමන්ට පොල් ගහේ නගින්න බැහැ. ලොකු ළමයා කඩල තිබ්බ කුරුම්බ මාධ්‍ය මහත්තයම අතට දීලා පොඩි දෙන්නට කපලා දෙන්න කිව්වා කියලා”

    දෙරණ  ප්‍රාදේශීය මාධ්‍යවේදී  බණ්ඩාරගේ මේ නාටකයේ ඒ ඇත්ත කතාව බුත්තල රාජ්‍ය නිලධාරීන් සමාජ මාධ්‍යවල වීඩියෝ සහිතව පළ කළ විට මාධ්‍යවේදියා නැවත වරක් එහි ගොස් ඇත. එවර ඔහු සිරිසේන ලවා කියවා ගන්නේ, රාජ්‍ය නිලධාරීන් පැමිණි විට බියට තමන් මොනවා හෝ පැවසූ බවයි. පුදුම වන්නට දෙයක් නැත ඒ සිරිසේනලාගේ හැටිය. මේ සියලු ආටක නාටක බණ්ඩාරගේ ෆේස්බුක් පිටුවේ සහ වෙල්ලස්ස ටී.වී. නමැති යූ ටියුබ් චැනලයේද, බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ෆේස්බුක් පිටුවේද දැකගත හැකිය.

    ප්‍රාදේශීය මාධ්‍යවේදියා සහ බණ්ඩාරලා

    එවක වැල්ලවායේ ගරු කටයුතු මාධ්‍යවේදීහු සිටියහ. දඹේගොඩ ජිනදාස වැනි පැරැණියන් ජීවමාන උදාහරණ ය. පසුව මාධ්‍ය කලාව අරක්ගත්තේ තමන් කරන ඕනෑම නිහීන කාර්යයක් “ජනතාවගේ තොරතුරු අයිතිය වෙනුවෙන් යැයි” කියා ගැලවිය හැකි යැයි සිතන තක්කඩින් පිරිසකි.

    සැබෑ මාධ්‍ය කලාව රැඳී ඇති පුවත්පත්වලට ලිපියක්, විශේෂාංගයක් ලියා ගන්නට නොහැකි කැමරාවක් අල්ලන්නට දත් පමණින් මාධ්‍යවේදීන් බවට රූපාන්තරණය විය හැකි ඔවුන්ට මෙරට රූපවාහිනී නාළිකාවලින්ද කදිම ඉල්ලුමක් නිර්මාණය විය.

    වැල්ලවායේ යූ.එස්.පී බණ්ඩාරද  එම ඉල්ලුමට සැපයුම දෙන්නට තරම් දක්ෂ කෛරාටිකයෙකි. ඔහු සිරස, හිරු, දෙරණ ආදී සියලු නාළිකාවලට වාර්තා සපයමින් අසීරුවෙන් ජීවිකාව සරි කරගත්තෙකි. පසුකලෙක දේශපාලන හිතවත්කම් ඇතිකරගන්නා හෙතෙම වැල්ලවාය බස්නැවතුම අසළ වෙළඳ සංකීර්ණයේ ඉඩක් වෙන්කරගෙන කාර්යාලයක් අටවා ගන්නා අතර යූ ටියුබ් ආශිර්වාදයක් කර ගනිමින් “වෙල්ලස්ස සුපර් ස්ටාර්” නම් තරඟයක් ආරම්භ කළේය.

    එසමයෙහි මොනරාගල හා ඌවේ ජනයාද රූපවාහිනී නාළිකාවල තරු තෝරන තරඟවලින් ඇස් ගිනි කණ වැටී සිටි හෙයින් බණ්ඩාරගේ සුපර් ස්ටාර් වෙන්නට හෝ සිතා දරුවන් ඊට එවූහ. බණ්ඩාර ජයග්‍රාහකයන්ට දෙන්නට යතුරුපැදියක් වැනි තෑග්ගක් සොයා ගන්නට සමත් වූ අතර තමන්ද සිය බිරිඳ හා දරුවන්ද තරු අතර රඳවන්නට අපූරු උපක්‍රමයක් සොයා ගත්තේය.

    එනම් මේ තරඟයේදීද දිනන්නට නම් SMS වැඩිපුර ලැබිය යුතු වූ අතර ඒවා එවිය හැක්කේ බණ්ඩාරට SMS එකකට රුපියල් 10 බැගින් ගෙවා මිලට ගන්නා කූපන් ඇත්නම් පමණි. බණ්ඩාර වෙල්ලස්සේ බිහිකළ සියලු තරු ඇතැම් ඒවා ඔහුට වෙනත් ප්‍රයෝජනද ලබා දීමෙන් පසු නිවී ගිය අතර ඔහුගේ ලෝකයට පමණක් නිවෙස ඉදිවී, වාහනයක් ගන්නට හැකි වී  තරු පායා ආවේය. ඒ හම්බ කළ ලක්ෂ ගණනක කූපන් සල්ලිවලිනි.

    මොනරාගල ලංකාවේ දරිද්‍රතා දර්ශකයේ අංක එකේ දිස්ත්‍රික්කයයි. ක්ෂුදු මූල්‍ය මරඋගුලට පවා මේ ජනයා සිරව සිටින්නේ ඉසිලිය නොහෙන ආර්ථික පීඩනය හා නූගත්කම නිසායි. සානුකම්පිතව බැලිය යුතු විශේෂයෙන්ම සමාජ වගකීම විශ්වාස කරන මාධ්‍යවේදීන්ගේ අවධානයට යොමුවිය යුතු මේ තත්ත්වය ජාවාරමක් බවට පත්කරගත හැකි බව බණ්ඩාර සිය තුන්කල් දක්නා නුවණින් දුටුවේය. එහි ප්‍රථිඵලයක් ලෙස ඔහුගේ මීළඟ ගොදුර බවට පත් වුණේ මොන්ටිසෝරි ටීචර්ලා සහ අහිංසක මල් කැකුළුවල දෙමව්පියන් ය. මොන්ටිසෝරි ගුරුවරියන් පුහුණු කරන වැඩසටහන් සහ ඒවායේ වාර්ෂික උත්සවද, සිය යූ ටියුබ් චැනලය වූ ඊනියා වෙල්ලස්ස ටී.වී උපයෝගී කරගනිමින් පැවැත් වූ ඔහු එහිලා කළ මුදල් ඉපයීමෙන් එහා ගිය කටයුතු ජුගුප්සාජනක බැවින් සහ ඇතැම් වනිතාවන්ට වන අයහපත සළකා හෙළි කළ නොහැක.

    පොලිසියට පෙරුම්කායම් බැදීම

    වැල්ලවායේ බණ්ඩාර මන්ත්‍රී

    ජඩකම් කිරීම උදෙසා විලිබිය සිඳගත් බොහෝ පුද්ගලයන් අවසානයේ එළඹෙන්නේ දේශපාලනයටයි. බණ්ඩාරද දේශපාලනයට පිවිසීමට සිතා ප්‍රධාන පක්ෂ දෙකෙන් නාමයෝජනා අපේක්ෂා කළත් නොලැබුණු නිසා ස්වාධීන කණ්ඩායමක් අටවා ගෙන කොට්ඨාශයක් නොදින්නත් සමස්ත ඡන්ද ප්‍රමාණය අනුව වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීකමකට පත් විය. ඒ කණ්ඩායමේ මුල් පෙළ ඡන්ද ලබා ගැනීමෙන් නොව තමන් නායතයා බව කියා සහ මාධ්‍ය හයිය පෙන්වා අනෙක් අපේක්ෂකයන් රැවටීමෙනි. තමන්ගේ වැල්ලවාය ප්‍රාදේශීය වාර්තාකරුවා ක්‍රියාකාරී දේශපාලනඥයෙකු වීම සහ දේශපාලන හබයක් නිසා ප්‍රාදේශීය සභාවේ සභාපති හරමානිස්ගෙන් සැසි සභාවේදී ගුටි කෑම දෙරණට හෝ ඔහු වාර්තා සපයන නාළිකාවලට පුවතක් වූයේ නැත.

    මීළඟට මාධ්‍යවේදී, මන්ත්‍රී බණ්ඩාරගේ කූට අක්ෂියට හසුවන්නේ බුදුන් සහ ශ්‍රද්ධාවෙන් අන්ධ වූ බෞද්ධයින් ය. ඔවුන් රැවටීමට ඔහු නිර්මාණය කළ සැළැස්මට අනුව පසුව මුදල් දෙනවා යැයි සඳහන් කරමින් නමුත් මුලු මුදල කිසිදිනෙක නොදෙන චේතනාව ඇතිව වැල්ලවාය රන්දෙණියේ බුදු පිළිම නිෂ්පාදකයෙකු ගෙන් අඩි දෙකහමාරක් පමණ උස පිළිම සියයක් (100) මිලට ගැනීම මුල්ම කාර්යය විය.

    අනතුරුව ඔහු වාහන දෙක තුනක් සරසා පිරිත් කියමින් පිළිම එම වාහනවල වඩම්මා ගෙන දිස්ත්‍රික්කය පුරා කරක් ගැසුවේය. එම රථවාහන පෙළ සමග ගිය ඔහු කළ බුදු ගුණ වැනීමෙන් අන්ධ වූ උපාසක ජනයා පිදූ පඬුරු මුට්ටි කාසි සියල්ල බණ්ඩාරගේ පතුළ නොපෙනෙන සාක්කුවට බැර විය. ඊටත් වඩා පුදුම උපදවන කරුණ නම් පිළිම නිෂ්පාදකයා වෙත ගොස් රුපියල් 2000කට පමණ ඕනෑම අයෙකුට මිළට ගත හැකි මෙම පිළිමවල විශේෂත්වයක් ඇති බැවින් බර පැන් අරවා කැමති තැනකට පූජා කරන්නැයි ඔහු කළ ඉල්ලීමෙන් මුසපත් වූ බෞද්ධයෝ ඒවා එකක් රුපියල් 7500 ගණනේ බරපැන් අරවා බණ්ඩාරට මුදල් පූජා කිරීමයි. මේ කදිම උදාහරණවලින් පෙනෙන්නේ වැල්ලවායේ යූ. එස්.පී බණ්ඩාර තමන් සේවය සළසන මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ගේ නියම කපාපු පලුවක් බවයි.

    ආබාධිත අසරණ එමෙන්ම නිවෙස් නොමැති පවුලක්  සොයා ගැනීමයි. එහි යන බණ්ඩාර සිය ගෝල නඩයද සමග නැතිබැරිකම ඡායාරූප ගතකර, වීඩියෝකර ෆේස්බුක් සහ යූ ටියුබ් දමන්නේ “එන්න අපි අපේ අයට උදව් කරමු” යන උදාන වාක්‍යයද සමගයි. එය දකින විදෙස්ගත ලාංකික ප්‍රජාව සහ මෙරට සිටින ආධාර කරන්නන් මුදල් එවීමට විමසන අතර බණ්ඩාර සිය ගිණුම් අංකයට මුදල් බැර කර ගනියි

    අප පෙර කී, බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ආරවුලකට ඔහු පැටලෙන්නේ ජන දුක නිවීමට යැයි කියා තවත් මගඩියක් කරමින් සිටින අතරේ ය. සිය ෆේස්බුක් පිටුව හා වෙල්ලස්ස ටී.වී නම් යූටියුබ් චැනලය භාවිතා කරමින් කරන එම මගඩිය දැන් මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ සහ හසලක වැනි ප්‍රදේශවලටත් ව්‍යාප්ත වී ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ගේ නොදැනුවත්කම නිසාය.

    මෙහිදී ඔහු මුලින්ම සිදුකරන්නේ, ආබාධිත අසරණ එමෙන්ම නිවෙස් නොමැති පවුලක්  සොයා ගැනීමයි. එහි යන බණ්ඩාර සිය ගෝල නඩයද සමග නැතිබැරිකම ඡායාරූප ගතකර, වීඩියෝකර ෆේස්බුක් සහ යූ ටියුබ් දමන්නේ “එන්න අපි අපේ අයට උදව් කරමු” යන උදාන වාක්‍යයද සමගයි. එය දකින විදෙස්ගත ලාංකික ප්‍රජාව සහ මෙරට සිටින ආධාර කරන්නන් මුදල් එවීමට විමසන අතර බණ්ඩාර සිය ගිණුම් අංකයට මුදල් බැර කර ගනියි.

    මුල් පියවර, එම මුදලින් බඩු මුට්ටු ටිකක් රැගෙන අදාල අසරණ ජනයා වෙත ගොස් ඒවා පිරිනමමින් ආධාර දායකයාට ඔවුන් හා වට්ස්ඇප් හෝ වෙනත් තාක්ෂණයක් ඔස්සේ කතා කිරීමට සැළැස්වීමයි. එසේ කරන්නේ දෙපාර්ශවයේම  විශ්වාසය දිනා ගැනීමටයි. ඉන්පසු නිවෙස තැනීම හෝ අදාල කටයුත්ත පිළිබඳ නිරන්තර යාවත්කාලීන කිරීම් සමාජ මාධ්‍යවල පළවන අතර ගිණුමට මුදල් බැර වේ. අවසන නිවෙසක් තැනුවද ඊට වැයකළ මුදල මෙන් දෙතුන් ගුණයක් බණ්ඩාරගේ සාක්කුවට බැරවෙන්නේ මෙවැන්නක් විගණනයට යටත් නොවන නිසාය.

    පොලීසියට පෙරුම්කායම් බැඳීම මැයි 01 ඔහුගේ ෆේස්බුක් පිටුව
    කාගේ හෝ වැඩකින් නම හදාගන්නට දඟලන විලිලැජ්ජා නැති ප්‍රාදේශීය පොලිස් ලොක්කෝ අභිරුචියෙන් ඒවාට සහභාගී වන අතර පසුගියදා බණ්ඩාර මැදගම, බිබිල හා මහියංගණය පොලිස් කොට්ඨාශවල නිලධාරීන්ගේ බාහුවල පෙරුම්කායම් ගැටගසා පොටෝද ගෙන ෆේස්බුක් දැම්මේය. මේවා දකින අහිංසක ජනයා බණ්ඩාර මහත්තයා මහ කෙරුමෙක් ලෙස කල්පනා කරන අතර ඔහුගේ අකටයුතුකම් රටට කියන්නේ හොඳටම බැට කෑ පසුය.

    ඇරත් මේවා පිළිබඳ ප්‍රශ්න කරන්නට ජනයා බිය ය. ඒ බණ්ඩාර සහ මොනරාගල ගෙවල් හදන මාධ්‍යවේදීන් ඒවා විවෘත කරන්නට හා වෙනත් වැඩවලට ආරාධනා කරන්නේ පොලීසියට නිසා ය. කාගේ හෝ වැඩකින් නම හදාගන්නට දඟලන විලිලැජ්ජා නැති ප්‍රාදේශීය පොලිස් ලොක්කෝ අභිරුචියෙන් ඒවාට සහභාගී වන අතර පසුගියදා බණ්ඩාර මැදගම, බිබිල හා මහියංගණය පොලිස් කොට්ඨාශවල නිලධාරීන්ගේ බාහුවල පෙරුම්කායම් ගැටගසා පොටෝද ගෙන ෆේස්බුක් දැම්මේය. මේවා දකින අහිංසක ජනයා බණ්ඩාර මහත්තයා මහ කෙරුමෙක් ලෙස කල්පනා කරන අතර ඔහුගේ අකටයුතුකම් රටට කියන්නේ හොඳටම බැට කෑ පසුය.

    එවැනි එක් දරුවෙකුට ඉගෙනීමට ලැප්ටොප් එකක් වුවමනා යැයි කී බණ්ඩාර එය ප්‍රචාරය කිරීමෙන් පසු ලද ලැප්ටොප් පරිගණකය තමන්ම කොල්ල කෑවේය. දරුවා තවම එය ලැබෙනතුරු බලා සිටී.

    බණ්ඩාරගේ නොපනත්කමක් ගැන තව සාක්ෂියකි මේ.

    “මගේ නම දිලී කුමාරිද සිල්වා. මගේ මහත්තයා නාදික එයා කරන්නේ මේසන් වැඩ. අපිට ඉන්නවා ආබාධිත නිවුන් දරුවො. කකුල් ඇදයි. පපුවෙ හිල් තියෙනවා. එක දරුවෙකුට පේන්නෙ නැහැ. අනික් දරුවට කන් ඇහෙන්නේ නැහැ. බණ්ඩාර මහත්තයා වැල්ලවාය නුගයාය  අපේ ගෙදරට ඇවිත් පොටෝ ගහගෙන ගිණුම් අංක ඉල්ලගෙන අපේ දුක වීඩියෝ කරගෙන ගියා. ටික දවසකින් රට ඉන්න කෙනෙක් සල්ලි එවලා කියලා රුපියල් 8000ක් අරගෙන ඇවිත් ඒක අපිට දීලා එවපු කෙනා කියලා කා එක්කද කතා කරන්න දුන්නා. ඒ වගේ කතා කරන්න අපි දන්නෙ නැහැ. අපිට ලොකු පෝන් නැහැ. ඉතිං අපි බැලුවම අපේ ගිණුමට නම් සල්ලි දාලා නැහැ. බණ්ඩාර මහත්තයාගෙ ගිණුමට වැටෙනව ඇති සල්ලි. වරින්වර ඇවිත් ගේ මොනවහරි ටිකක් හදලා අර වගේම පොටෝ ගහගෙන යනවා. ගෙවල් ගාව මල්ලි කෙනෙක් කිව්වා බණ්ඩාර මහත්තයා අපිට දෙන්න කියලා සුමේධ හාඩ්වෙයාර් එකෙන් ඇස්බැස්ටෝස් පහළවක් අරගෙන බිලත් එක්ක අපි ගැනත් කියලා ෆේස්බුක් දාලා තිබ්බා කියලා. හැබැයි ඒවා අපිට දුන්නෙ නැහැ. අපිට කියලා ගන්න සිමෙන්ති අපේ ගෙදර බාන්නෙ නැතිව එයාලා ගෙදර බාලා ඒ ගේ හදාගත්ත. ගිය සිංහල අවුරුද්දට පිටරට ඉන්න අය කවුද ලව්වා කොළඹින් අරන් එව්ව රෙදි කියලා රෙදි වගයක් ගෙනත් දුන්නා. ඒක අස්සෙ බැරිවීමකින් තිබ්බ බිලක්. ඒ බිලේ තිබ්බෙ බබාලගෙ ඇඳුම්. හැබැයි අපිට ඒ ඔක්කොම දුන්නෙ නැහැ. ඒවා එයා ගෙදර ගෙනියන්න ඇති. අපේ මහත්තයා මේසන් වැඩකරන නිසා එයාගෙ ගෙදර වැඩ කරවගත්ත. පස්සෙ අපිට ගන්න තිබ්බ පඩි සල්ලි 19,000 ඉල්ලුවම “මං උදව් කරන්නෙ මටත් යමක් ගන්න එහෙම නැත්තං මගෙන් උදව් නැහැ කියලා තරහ වුණා” ඉතිං ඒකෙන් අපේ ගේ හදාගන්න බැරිවෙලා අපි තෙමි තෙමී ඉන්නවා. එයාගෙ ගෙදර වැඩ ඉවර කරගත්තා. වැල්ලවාය ටවුමෙ හෝටලයකුත් ඇරගත්තා. අහළපහල මිනිස්සු කිව්වා උඹලගෙ දුක පොඩි එකෙකුට කිව්වත් ෆේස්බුක් දායි ඇයි ඔය හොරාට අහුවුණේ කියලා. අපි කරදරේ වැටිලා පිදුරු ගහෙත් එල්ලෙන්න බලා ඉන්න මිනිස්සු හින්දයි එහෙම වුණේ.”

    මේ එවැනි තවත් සාක්ෂියකි.

    “මම පී. ඒ ජගත් කුමාරසිරි. බුත්තල පැල්වත්තෙ ඉන්නෙ. මං වඩුවෙක් හැබැයි අත්දෙකේම ඇඟිලි දෙකතුනක් අඩුයි. දුවයි, පුතාලා දෙන්නයි මායි ඉන්නෙ කුලී ගේක. බණ්ඩාර මහත්තයා අපේ ගෙදර ඇවිල්ලා කෑම වගයක් දීලා පොටෝ ගහලා වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දැම්මා. ඊටපස්සෙ බුත්තල සතොස ගාවදි හම්බවෙලා  කුවේට් ඉන්න නෝනා කෙනෙකුට කතා කරලා මට දෙන්න රුපියල් 20,000ක් දම්ම ගත්ත. ඒ සල්ලි මට දෙන්නෙ නැතිව 1800ක ෆෝන් එකක් අරන් දුන්නා. මං වඩුවෙක් නිසා එයා හදන ගෙවල්වලට කියලා මගෙන් වැඩ ගත්තා සල්ලි දුන්නෙ නැහැ. පස්සෙ මට අර නෝනා දීපු සල්ලියි වැඩවල සල්ලියි 54,000ක්ගන්න තිබිලා ඉල්ලලා කරදර කළාම ඔෆිස් එකට එන්න කිව්වා. මං ගියාම කැමරා ඔන් කරලා මාත් එක්ක කතා කරන ගමන් එතැන වැඩකරන ගෑණු ළමයෙක් මගේ ඇඟට තල්ලු කරලා වීඩියෝ කරලා මං එයාව දූෂණය කරන්න ගියා කියලා පොලීසියට කතා කරා. මාව පොලීසි ගෙනිච්චම මං ඇහුවා මේකද යුක්තිය හොරා එළියේ මං ඇතුළේ කියලා. මං පොලිස් ලොක්කටත් බැන්නා. කූඩුවේ තිබ්බ දවස් එකහමාරම මං කෑවෙ බිව්වෙ නැහැ. අන්තිමේදී පාරෙ කෝලහාල කළා කියලයි මාව උසාවි දැම්මෙ.”

    මේ දිනවල තමන්ගේ නාළිකාවට ජනසෙත හැදීම ගැන වාර්තා එවන වැල්ලවායේ බණ්ඩාර මන්ත්‍රී ගැන දිලිත් ජයවීර නොදන්නවා වන්නට ඇත. ඒ නිසා දිලිත්ට සහ දෙරණට ඔහු ගැන කියා දීම අපගේ යුතුකමය. ජනදුක නිවා ජනසෙත සැදීමට වුවමනා බණ්ඩාර ජනසෙත පෙරමුණට එක්ව සිටී. පවත්වන්නට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ජනසෙත පෙරමුණ මොනරාගල දිසා කණ්ඩායම් නායකයා වැල්ලවායේ නුගේයාය පදිංචි ප්‍රේමතිලක බණ්ඩාර හෙවත් අප කතානායකයා ය

    සීලරතනගේ ජනසෙත පෙරමුණ හා බණ්ඩාර මන්ත්‍රී

    මේ දිනවල තමන්ගේ නාළිකාවට ජනසෙත හැදීම ගැන වාර්තා එවන වැල්ලවායේ බණ්ඩාර මන්ත්‍රී ගැන දිලිත් ජයවීර නොදන්නවා වන්නට ඇත. ඒ නිසා දිලිත්ට සහ දෙරණට ඔහු ගැන කියා දීම අපගේ යුතුකමය. ජනදුක නිවා ජනසෙත සැදීමට වුවමනා බණ්ඩාර ජනසෙත පෙරමුණට එක්ව සිටී. පවත්වන්නට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ජනසෙත පෙරමුණ මොනරාගල දිසා කණ්ඩායම් නායකයා වැල්ලවායේ නුගේයාය පදිංචි ප්‍රේමතිලක බණ්ඩාර හෙවත් අප කතානායකයා ය. ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 721274896 V ය.

    තවත්  බිහිසුණු  ඇත්තක් නම් මොනරාගල තේරීම් භාර නිලධාරි, සහකාර මැතිවරණ කොමසාරිස් හා සෙසු දේශපාලන පක්ෂද, නිරීක්ෂණ සංවිධානද බණ්ඩාර හමුවේ නිදිවැදී සිටීමයි. මැතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබියදී බඩු බෙදීමේ තහනම් කටයුත්ත යහමින් සිදුකරන ඔහු ලැජ්ජා බය නැතිව ඒ පින්තූර ෆේස්බුක් දමයි.

    මින් පැන නඟින තවත් ගැටලුවක් වේ. තෙමේම මාධ්‍ය වාර්තා පළ කරමින් හා පුරාජේරු දොඩමින් දිස්ත්‍රික්කය පුරා සැරිසරන්නේ මැතිවරණ අපේක්ෂකයෙකි. ඔහු ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස සළකා වැටුප් ගෙවන දෙරණ හා සෙසු මාධ්‍ය මුදල් අය නොකර මැතිවරණ ප්‍රචාරයද ලබා දේ.

    තවත්  බිහිසුණු  ඇත්තක් නම් මොනරාගල තේරීම් භාර නිලධාරි, සහකාර මැතිවරණ කොමසාරිස් හා සෙසු දේශපාලන පක්ෂද, නිරීක්ෂණ සංවිධානද බණ්ඩාර හමුවේ නිදිවැදී සිටීමයි. මැතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබියදී බඩු බෙදීමේ තහනම් කටයුත්ත යහමින් සිදුකරන ඔහු ලැජ්ජා බය නැතිව ඒ පින්තූර ෆේස්බුක් දමයි.

    තවත් යමක් පෙන්වා දිය යුතුය. රාජ්‍ය නොවන සංවිධානයක් මොනරාගලට වැඩක් කරන්නට ආවේනම් කිතිකැවෙන නිලධාරීන් බණ්ඩාර හමුවේ නිහඬ වීමයි ඒ. තමන්ගේ දිස්ත්‍රික්කයේ ජනයා වෙනුවෙන් ගෙවල් හදනවා යැයි පවසා  ගසාකන්නට ඕනෑම පුද්ගලයෙකුට ඉඩ දී බලධාරීන් නිහඬ වන්නේ ඇයි?

    මේ ජාවාරම ක්‍රියාත්මක කරන උදවිය ඉන්නේත් මොනරාගල පමණි. ඔවුන් විදෙස්ගත ශ්‍රමිකයන් හා මෙරට පරිත්‍යාගශීලීන්ගෙන් එකතු කරන මුදල්වලට කුමක් වන්නේදැයි සොයා බැලීමට හෝ විගණනයට යටත් කිරීමට බලධාරීන් උත්සුක නොවන්නේ නීතියේ අඩුවක් නිසාද? තමන්ගේ වසමේ ජනයා ගසා කන හැටි සොයා බැලීමේ වගකීම ග්‍රාම නිලධාරිගේ සිට දිසාපති දක්වා නැතිද? ඇත්තටම මේක බණ්ඩාරලාටම ගිය රටද?

    නයන ආලෝකබණ්ඩාර

    මෙම ලිපිය කරුණු සහිතව ලියන ලද ගවේෂණාත්මක ලිපියකි. මහජන යහපත සළකා කරන හෙළිදරව් කිරීමක් බැවින් යූ.එස්.පී බණ්ඩාරගේ කරුණු දැක්වීම මේ අවස්ථාවේ පළ කර නොමැත්තේ අප ඉදිරිපත් කරන කරුණු තහවුරු කරගෙනද ඇති නිසාය. කෙසේවෙතත්, ඔහුටද පිළිතුරු දීමට අයිතියක් ඇති අතර අප වෙත විද්‍යුත් තැපෑලෙන් ලියන පිළිතුරු පළ කරමු. මේ කාරණයට අදාලව අප සොයාගත් තවත් කරුණු තිබේ.

    සංස්කාරක (ලේඛකයා වෙනුවෙනි.)

    ඔහු ගැන සමාජ මාධ්‍ය ප්‍රතිචාර

    බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රතිචාරය

  • Covid-19 Update: ශ්‍රී ලංකාවෙන් 09 වැනි මරණයත් වාර්තා වෙයි

    Covid-19 Update: ශ්‍රී ලංකාවෙන් 09 වැනි මරණයත් වාර්තා වෙයි

    ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත 09 වැනි මරණ අද දින (5) දහවල් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.

    මියගොස් ඇත්තේ අයි.ඩී.එස්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 52 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය කොළඹ 15 හි පදිංචිකාරියක බවයි එම වාර්තාවේ සදහන් වන්නේ.

    මේ අතර ශ්‍රී ලංකාවේ කොව්ඩි-19 ආසාදිතයින් සංඛ්‍යාව 755 දක්වා වර්ධනය වී ඇති අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (5) දින ප.ව 14.05ට සිදුකළ නව යාවත්කාලීන කිරීම් අනුව නව ආසාදිතයින් 04 දෙනකු වාර්තා වී තිබෙනවා.

  • COVID 19 ප්‍රතිවිපාක ජය ගැනීමට පූර්ණ සහාය දෙනවා – ජනපති නොබැඳි සමුළුව අමතමින් කියයි

    COVID 19 ප්‍රතිවිපාක ජය ගැනීමට පූර්ණ සහාය දෙනවා – ජනපති නොබැඳි සමුළුව අමතමින් කියයි

    COVID 19 වසංගතයේ දීර්ඝකාලීන සමාජ, ආර්ථික ප්‍රතිවිපාක ජය ගැනීමට ගන්නා බහුපාර්ශවීය ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) නොබැඳි ව්‍යාපාරයේ “NAM” සබඳතා සමූහයේ මාර්ගගත වීඩියේ සම්මන්ත්‍රණය අමතමින් අවධාරණය කළේය.

    COVID 19 වෛරසය සමග සටනේදී සාමූහික ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට නොබැඳි ජාතීන්ගේ මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණය  (online Summit) සංවිධාන කර තිබිණි. 2019 – 2022 කාලපරිච්ඡේදය සඳහා නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සභාපතිධූරය හොබවන අසර්බයිජාන් ජනරජයේ ජනාධිපති ඊලම් අලියෙව් (Ilam Aliyev) මහතා සමුළුවේ මුලසුන හෙබවීය.

    ජනාධිපතිවරු 19 දෙනෙක්, ෙඋප ජනාධිපතිවරයෙක්, අගමැතිවරු 06 දෙනෙක්, නියෝජ්‍ය අගමැතිවරයෙක් සහ විදේශ අමාත්‍යවරු 08 දෙනෙක් ඇතුළු රටවල් 40ක නියෝජිතයෝ සමුළුව ඇමතූහ. “COVID 19 ට එරෙහිව එක්සත්ව” (United Against COVID)  යන්න සමුළුවේ තේමාව විය.

    එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 74 වන සැසිවාරයේ සභාපති ටිජ්ජානි මහමුද් බණ්ඩේ  (Tijjani Muhammad-Bande)  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් (Tedros Adhanom Ghebreyesus)  යන මහත්වරුද අන්තර්ජාල NAM සමුළුවට සහභාගී වූහ.

    ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.9 ට 17 වන දේශකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීය.

    COVID 19  වසංගතය පරාජය කිරීමට එකිනෙකා සතු අත්දැකීම් සහ හැකියාවන් මෙන්ම උගත් පාඩම් බෙදාගැනීමට  සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක් සඳහා නොබැඳි සමුළුව වැදගත් වේදිකාවක් බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය. වසංගතය මර්දනයට ඉදිරි පෙරමුණේ සේවය කරන සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවක පිරිස් දක්වන කැපවීම සහ පරිත්‍යාගශීලි ගුණය පිළිබඳව ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ කර සිටියේය.

    COVID 19  වසංගතය පාලනය කිරීමටත්, ක්‍රමයෙන් තුරන් කිරීමටත් ශ්‍රී ලංකාව සමත්වී ඇත. PCR පරීක්ෂණවලින් රෝගීන් බවට සනාථ වී ඇත්තේ 3%  කි. මරණ අනුපාතය 0.97% ක් වේ. ආරක්ෂක හමුදා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, රෝගීන් හඳුනාගැනීමට  රාජ්‍ය බුද්ධි අංශ යෙදවීම,  පොලිසීය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු ආසාධිතයන් ඇසුරු කළ අය හඳුනාගැනීමට යෙදවීම පාලනයට බෙහෙවින් ඉවහල් වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    වසංගතය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් පෙර නොවූ විරූ පරිමාණයේ ආර්ථික හා ණය අර්බුදයකට ගොදුරු වී ඇති බව කනස්සලයෙන් යුතුව සදහන් කරන බව ජනාධිපතිතුමා පැවසීය.  අවදානමට මුහුණ පා ඇති රටවලට ණය සහන සහ වඩා පුළුල් මූල්‍ය ප්‍රතිපාදන සපයන ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතන සහ ආධාර සපයන රටවල් වෙත ගෝලීය ආයාචනයක් කළයුතු බවත් ඊට ශ්‍රී ලංකාව ද එක්වන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    COVID 19  වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ එය පාලනය කිරීමේදී අත්කරගත් ජයග්‍රහණ සාමාජික ජාතීන් සමග බෙදා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සමුළුව අමතමින් පැවසීය.

  • Covid-19: ලංකාවෙන් 08 වන මරණයත් වාර්තා වෙයි

    Covid-19: ලංකාවෙන් 08 වන මරණයත් වාර්තා වෙයි

    කොවිඩ්-19 ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මිය ගිය 8 වන පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිදිරි කාන්තාවකි. ඇය කුරුණෑගල පොල්පිතිගම පදිංචිකාරියකි.

  • පන්දහසේ දීමනාව මැයි මාසයේත් නිවෙසටම

    පන්දහසේ දීමනාව මැයි මාසයේත් නිවෙසටම

    කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව දෙවන වටයේ ගෙවීම් මැයි 11 වැනිදා ආරම්භ කර 2020 මැයි 15 වැනි දින අවසන් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (4) නිකුත් මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවති සාකච්ඡාවේදී මෙම දීමනාව ගෙවීමට තීරණය කළ බවයි එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එම මාධ්‍ය නිවේදනය මෙසේයි.

  • ගැබිණි හා  ළමුන්ගේ  ප්‍රතිශක්තිකරණ සායනවලට පැමිණීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස්

    ගැබිණි හා ළමුන්ගේ ප්‍රතිශක්තිකරණ සායනවලට පැමිණීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස්

    ගැබිණි මවුවරුන්ගේ සායන හා වයස අවුරුදු  (05) පහට අඩු දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ සායන ඇරඹීමෙන් පසුව ඒවාට සහභාගී වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇත.

    සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් නිවැරදිව පිළිපදිමින් කොවිඩ්  -19 (කොරෝනා) මර්දන සටනට ප්‍රශංසනීය දායකත්වයක් සමාජයේ බහුතරයක් දෙනා ලබාදුන් බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ සභාපති නයනි විජේවික්‍රම මෙනෙවිය පවසයි.

    රෝගය ව්‍යාප්ත වීම සාර්ථකව පාලනය කර ගැනීමට හැකිවී ඇතත් යළි දිවයිනේ කුමන හෝ ප්‍රදේශයකින් ආසාදිතයෙකු වාර්තාවීමේ අවදානම පහව ගොස් නැත. එබැවින් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

    මේ අතර මාතෘ සායන සහ  වයස අවුරුදු පහට අඩු දරුවන් වෙනුවෙන් පවත්වන සායන දිවයිනේ බොහෝ ප්‍රදේශවල කෙමෙන් සිය සේවා ලබාදීම සිදුකරමින් පවතී. තවමත් ආරම්භ නොවු සායන ඉදිරි දෙසතිය තුළ සිය සේවා ලබාදීම අරඹනු ඇතැයි අපේක්ෂා කෙරේ. වයස අවුරුදු පහට අඩු දරුවන් සහ ගැබිණි කාන්තාවන් කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම සදහා විශේෂයෙන්ම ඉතා සැලකිලිමත් විය යුතුය.

    එබැවින් මාතෘ හා ළමා  ප්‍රතිශක්තිකරණ සායන ආරම්භ වීමත් සමගම ඒවායේ සේවා ලබාගැනීමට පැමිණීමේදී අනුගමනය කල යුතු සෞඛ්‍යාරක්ෂිත පියවර කිහිපයක් පිළිබදවද ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. හැකි සෑම විටකම ගැබිණි කාන්තාව පමණක් එම අදාළ  සායනය  සදහා පැමිණිය යුතුය.

    ඇයගේ සහායට අන් අය කැඳවා ගැනීම නොකළ යුතුය. වයස අවුරුදු පහට අඩු දරුවන් සදහා ප්‍රතිශක්තිකරණ  සායන සඳහා  දරුවා සමග පැමිණිය  යුත්තේ මව හෝ බාරකරු පමණි. කිසිම විටෙක සායනයට  භාරකරු ලෙස වයස්ගත පුද්ගලයින් හෝ රෝගී පුද්ගලයින්  සහභාගීවීම නොකළ යුතුය. ඔවුන් කොවිඩ් -19 රෝගය සදහා අධි අවදානම් කාණ්ඩයක් ලෙස සැලකේ.

    උණ, කැස්ස, උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ තිබේ නම් කිසිම අවස්ථාවක සායන සදහා පැමිණීම නොකළ යුතුය. ඔවුන් 1390 හෝ 1999 දුරකතන අංක අමතා උපදෙස් ලබා ගැනීම සහ අවශ්‍ය අවස්ථාවල 1990 අංකය අමතා ඔවුන්ගේ සහායෙන් රෝහල් ගතවීම කල යුතුය.

    කලට වේලාවට සායනයට පැමිණීම, තදබදයක් ඇති නොකර එකිනෙකා අතර මීටරයක පරතරය සහිතව සාවධානව තම වාරය එලඹෙන තුරු සිටීමද වැදගත්ය.

    සායන ගොඩනෑගිලි තුල නිකරුණේ කාලය ගත කිරීම නොකල යුතුය.කුඩා දරුවන්ද ඇතුළුව සායන සදහා සහභාගීවන සියලුම දෙනා මුඛ ආවරණ  පැලඳීම අත්‍යවශ්‍ය වෙයි.සායන ගොඩනැගිල්ලට ඇතුලුවන විට එහි  පිහිටුවා තිබෙන අත සෝදන ස්ථානයේදී සබන්  යොදා නිසි පදි තත්පර විස්සක්වත් කාලය ගෙන දෑත් සේදීම කල යුතුය. එම නිසි ක්‍රමවේදය පිලිබද අවබෝධයක් නොමැති අය දැනුවත් කිරීමද සායන කාර්‍ය මණ්ඩලය විසින් සිදු කරනු ඇත. සමහර සායන වල දෑත් පිරිසිදු කර ගැනීමට විෂබීජ නාශක දියරද සපයනු ඇත.

    සායන ක්‍රියාත්මක වන සෑම දිනකම එදිනෙදා මතුවන විශේෂිත තත්වයන්ට  අනුව ලබාදෙන උපදෙස් සහ පොදු සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් කොවිඩ් -19 ව්‍යාප්තිය අවම කරගැනීම කල  යුතුය. එසේ සිය ජාතික යුතුකම ඉටු කරමින් සෞඛ්‍ය සේවා ලබා දීමේ වැඩපිලිවෙලට සහාය වෙමින් කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනයට  දායක වන මෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ සභාපති නයනි විජේවික්‍රම මෙනෙවිය සමස්ත සේවාලාභීන්ගෙන් ඉල්ලා සිටී.

  • Covid Center Press: කොවිඩ් සම්ප්‍රේෂණය වීම ඉතාම අවම මට්ටමක – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්

    Covid Center Press: කොවිඩ් සම්ප්‍රේෂණය වීම ඉතාම අවම මට්ටමක – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්

    කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (4) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දැක්වූ අදහස්වල සම්පූර්ණ කතාව

    කොවිඩ් රෝගීන් වාර්තාවීම අවම තත්ත්වයට පත්ව තිබෙනවා –  සෞඛ්‍යඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි

    අද (04) දිනය වන විට රෝහල්ගත කර ඇති රෝගීන් සංඛ්‍යාව 528 ක් ලෙස සඳහන් වේ. එසේම වෛරස් රෝගය සුව වූ රෝගීන් ප්‍රමාණය 187 දෙනෙකු වේ. ඒ වගේම මෙම රෝහල්ගත කර සිටින 528 දෙනාගෙන් 326 දෙනෙක්ම ගෞරවනීය නාවික හමුදා සාමාජිකයන් හෝ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් වේ.

    එසේම, ඊයේ (03) දිනයේ වාර්ථා වූ රෝගීන් 13 දෙනා සලකා බැලිමේදී එයින් 11 දෙනෙකු නාවික හමුදාවේ සාමාජිකයන් වන අතර, අනෙක් දෙදෙනා ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් වේ. පසුගිය දින කිහිපය තුළ රෝගින් වාර්ථා වීම වැඩි අගයක් වූවත් අද දිනය වන විට එය අවම මට්ටමකට පැමිණ ඇත. විශේෂයෙන් මේවන විට ගෞරවනීය නාවික හමුදාවේ සාමාජිකයන් හැරුණු කොට වෙනත් අයවළුන් හට වෛරසය ආසාදනය වී නොමැති බැව් වාර්ථා වනු ඇත.     

    අනිකුත් රටවල මෙන් වෛරසය පැතිරයාමට නොදී පාලනය කරගැනීමට හැකිවී ඇත්තේ ගරු ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය අංශවල දැඩි සුපරික්‍ෂාකාරි කැපකිරිම මගින් නිරෝධායනයට ලක් කිරිමෙනි. ඒනිසා ලංකාවේ අප සියළුදෙනාම වගකීමකින් සහ දැඩි පරිශ්‍රමයකින් ක්‍රියාකිරිමෙන් මෙම වෛරසය පාලනය කරගැනීමට හැකිවනු ඇත. ඉදිරියේදීත් ඇදිරි නීතිය ඉවත් කරන කාලසීමාව තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් වගකීමෙන් කටයුතු කර වෛරසය සමාජගතවීම වලක්වා ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

    වැලිසර නාවික සෙබළු ඇසුරු කළ 1031ක් නිරෝධානයට –  ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

    අද (04) දින අළුයම ලන්ඩන් (London) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් 208 දෙනෙකුගෙන් යුත් සිසුන් කණ්ඩායමක් දිවයිනට පැමිණෙන ලදී.

    එසේ පැමිණි ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරන ලදී.

    එසේම, ලන්ඩන් (London) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් සිසුන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළුව පුද්ගලයින් කණ්ඩායමක් හෙට (05) දින අළුයම දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

    එසේ පැමිණෙන ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට මේවන විට සියළු කටයුතු සූදානම් කර ඇත.

    ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වන මාදුරුඔය වෙතින් බේරුවල ප්‍රදේශයෙන් නිරෝධායනය සඳහා පැමිණි පුද්ගලයින් 119 දෙනෙකු හා නිපුන බූස්ස වෙතින් 10 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 129 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (04) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී.

    අද (4) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 5052 දෙදෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස්  ඇත.

    මේවන විට නාවික හමුදාවේ වෛරසය ආසාදිත වූ වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඔවුන් සමීපව ඇසුරු කරනු ලැබු පුද්ගලයින් 1031 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

    ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 35 ක් තුළ පුද්ගලයින් 4522 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

    අද (04) දිනය වන විට නාවික හමුදාව තුළ කොවිඩ්-19 වෛරසය මුළු ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 296 ලෙස වාර්ථාවනු ඇත. එයින් වැලිසර නාවික හමුදා කදවුර තුළ බහුතරයක් ද කදවුරෙන් පිටත නිවාඩු මත සිට ආසාදිත වූ රණවිරුවන් අවම  සංඛ්‍යාවක් වේ.

    මේවන විට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සහ සෞඛ්‍ය අංශ සාමාජිකයන් 223 දෙනෙකුන් සඳහා නිරෝධායන ක්‍රියාවලිය සඳහා සමාජසත්කාරයක් වශයෙන් සියළු සහසුකම් සහිතව වයික්කාල ඩොල්ෆින් හෝටලය නොමිලේ ලබාදී ඇත. එබැවින් ඩොල්ෆින් හෝටලය වෙත විශේෂ ස්තූතියක් පුදකරනු ලබයි.

    කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව ඉතාම අවම මට්ටමක –  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්

    අද (04) දින මේ දක්වා දිවයින තුළ කොවිඩ්-19 ආසාදිතයින් වාර්ථාවී නොමැත. ඒ වගේම ඊයේ (03) දිනය තුළ PCR පරික්‍ෂණ 1636 ක් සිදු කර අති අතර, එයින් 13 දෙනෙකු ආසාදියන් වශයෙන් හදුනාගෙන ඇත. එය ඉතා අඩු ප්‍රතිශතයක් ලෙස සැලකිය හැක.

    වැලිසර නාවික හමුදා කදවුරේ තවදුරටත් PCR පරීක‍්‍ෂණ සිදු කරනු ලබයි. එම නාවික සෙබළුන් බහුතරයක් කදවුරු තුළින් ආසාදිත අයවළුන් බැවින් වෙනත් බාහිර අයවළුන් හට වෛරසය සම්ප්‍රේශණය වීමේ සම්භාවිතාව ඉතාම අවම මට්ටමක පවතී. එසේම එම නාවික භටයින් නිවාඩු ලබා ගිය ප්‍රදේශයන්හී PCR පරීක්‍ෂණ සිදු කරනු ලබයි. එ‍සේම කොළඹ නගරයේ සහ රෝහල් තුළ ද ඉලක්ක ගත කණ්ඩායම්හී PCR පරීක්‍ෂණ සිදු කරනු ලබයි.

    හැදුනුම්පත් අංක ක්‍රමය රැකියා සදහා දෛනිකව පැමිණෙන අයට අදාළ නෑ-  නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ

    නිරෝධායන ඇදිරි නීතියතවදුරටත් ක්‍රියාත්මක වේ. ඒවගේම ඇදිරි නීතිය ලිහිල් කරන ලද ප්‍රදේශවල අද (04) සහ හෙට (05) යන දෙදින තුළ රාත්‍රි 08.00 සිට අළුයම 05.00 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක වේ. ඒ වගේම පුත්තලම සහ බස්නාහිර පාළාතේ ඇදිරි නීතිය (11) වෙනිදා දක්වා ක්‍රියාත්මක වේ. තවදුරටත්, (06) වන දින රාත්‍රියේ සිට (11) වනදා අළුයම 05.00 දක්වා මුළු දිවයිනටම ඇදිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත. එම කාලසීමා තුළ නීරෝධායන ප්‍රතිපත්ති හා රීතීන් අනුව සහ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සියළුම පුද්ගලයන් ක්‍රියාකළ යුතුවේ.       

    ඇදිරි නීතිය ආරම්භකළ දින සිට මේ දක්වා පුද්ගලයින් 46,400 ක් පමණ හා වාහන 12,000 කට ආසන්න ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇත. ගෙවි ගිය පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 1200 ක් පමණ සහ වාහන 314 ක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

    මීට පෙර හදුන්වාදෙන ලද හැදුනුම්පත් අංක ක්‍රමය මෙම මස (11) වෙනිදායින් පසුව ඇදිරි නීතිය පවතින ප්‍රදේශයන්හී ක්‍රියාත්මක වන අතර, එය රැකියා සඳහා දෛනිකව පැමිණෙන පුද්ගලයින්ට වලංගු නොවනු ඇත. මෙය හුදෙක්ම රැකියාවක් නොකර විශේෂ අවශ්‍යතාවයක් නොවන පුද්ගලයින් සඳහා වන බැවින් සමාජ දුරස්ථභාවය ලබාගැනිමේ අරමුණින් සිදු කරන අතර, ආහාර හෝ ඖෂධ ලගම වෙළඳ සැලෙන් මිළදීගැනීමට ක්‍රියාකළ යුතු සේම ඉතාම අත්‍යවශ්‍ය කාරනයක් හැරුණු කොට නිවසින් බැහැරව ගමන් නොකරන මෙන් ඉල්ලා සිටිමී. එසේ උපදෙස් පිළිනොපදින අයවළුන් හට නිරෝධායන රීතීන් යටතේ පොලිසිය විසින් ක්‍රියාකරනු ලබයි.

    අන්තර්ජාල දත්තවලට අනුව කොරෝනා ව්‍යාප්ත වූ රටවල් ශ්‍රේණිගත කිරිම් වලදී විශේෂයෙන් ඇමරිකාව අංක 1 ලෙසටත් ශ්‍රි ලංකාව අංක 160 වන ස්ථානය ලෙස සඳහන් ව ඇත. මෙයින් පැහැදිලි වනුයේ ත්‍රිවිධ හමුදාව පොලිසිය, සෞඛ්‍ය අංශ සහ රජයේ බලධාරීන්ගේ කැපකිරිම මත මෙම ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස හැදින්වීමට හැක. එසේම ලෝකයේ ප්‍රබල රාජයන් තුල මරණ අනුපාතය 3% වූවත් එය ලංකාවේ 1% වශයෙන් වූ අවම මට්ටමක පවත්වාගැනීම, සෞඛ්‍ය අංශ ලැබු සුවිශේෂි ජයග්‍රහණයක් වේ. එම තත්ත්වය අප ලබාදුන් උපදෙස් ජනතාව විසින් පිළිපදිමින් සෞඛ්‍ය පුරුදු කෙරෙහි අනුගතවීමක් ලෙස හදුන්වාදිය හැක

  • ඇඳිරි නීතිය තිබියදී ‘ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම’ සිදු වන්නේ මෙහෙමයි !

    ඇඳිරි නීතිය තිබියදී ‘ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම’ සිදු වන්නේ මෙහෙමයි !

    ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදු වන්නේ කෙසේ ද ? මැයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (4) දින මාධ්‍ය නිවේදනයක් මගින් වැඩි දුර කරුණු පැහැදිලි කිරීමක් කළා. කරුණු 05ක් යටතේ පෙළ ගස්වා ඇති එහි සදහන් වන්නේ ඇඳිරි නීතිය ලිහිල් කළද මෙම උපදෙස් පිළිපදිමින් ජනයා අනවශ්‍ය ලෙස ඒකරාශී වීමෙන් වැළකී සිටිනු ඇතැයි රජය අපේක්ෂා කරන බවයි.

    ඇඳිරි නීතිය තිබියදී, ආර්ථික සහ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදුවන අතර වෛරස ව්‍යාප්තිය වළක්වා ගනු පිණිස  ජනයා ඒකරාශීවීම පාලනය කිරීම මේ විධිවිධාන වල ප්‍රධාන අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ.

    උක්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කලින් නිවේදනවල ඇතුළත් කොන්දේසි නෙවෙනස්ව පවතින බව ද එහි සදහන්.

    එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේයි,

  • The Economist පුවත ‘ස්වාමියාගේ හඩට අනුව ලිවීම – දිනමිණ හා අනිද්දා

    The Economist පුවත ‘ස්වාමියාගේ හඩට අනුව ලිවීම – දිනමිණ හා අනිද්දා

    COVID-19 හි බලපෑමට ලක්ව නැගී එන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාවත් – දිනමිණ

    COVID-19 වසංගතය හේතුවෙන් බලපෑමට  පත්ව ඇති නැගී එන ආර්ථිකයන්ගෙන් එකක් ලෙස ජාත්‍යන්තර සඟරාව වන ‘ද ඉකොනොමිස්ට්‘ ශ්‍රී ලංකාව නම් කර තිබේ. ඉහළ රාජ්‍ය ණය සහ විදේශ ණය සහ අඩු විදේශ සංචිත හේතුවෙන් ආර්ථික විශේෂඥයන් විසින් සන්සන්දනය කර ලද නැගී එන ආර්ථිකයන් 66 අතුරින් ශ්‍රී ලංකාව 61 වන ස්ථානයට පත්ව ඇත. 

    දකුණු ආසියාවේ දරුණුතම බලපෑමට ලක්වූ ආර්ථිකය ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත වී තිබේ. අඩු විදේශ ණය සහ ඉහළ විදේශ සංචිත ඇති අසල්වැසි ඉන්දියාව 18 වන ස්ථානයත්, බංග්ලාදේශය 8 වන ස්ථානයත්, ඉහළ ණය ඇති පාකිස්තානය 43 වන ස්ථානයත් ලබා ඇත. 

    ඉකොනොමිස්ට් ශ්‍රේණිගත කිරීම මඟින් අනතුරුදායක විය හැකි ප්‍රභවයන් හතරක් හරහා ආර්ථිකයන් 66 ක් පරීක්ෂා කර ඇතැයි සදහන් වේ.  

    එනම් රාජ්‍ය ණය, විදේශ ණය (රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයෙන්ම) සහ ණය ගැනීමේ පිරිවැය (රජයේ ඩොලර් බැඳුම්කරවල ඵලදාව අනුව හැකි සෑම තැනකම) ඇතුළත් වේ. එය මේ වසරේ ඔවුන්ගේ විදේශ ගෙවීම් (ඔවුන්ගේ ජංගම ගිණුම් හිඟය සහ ඔවුන්ගේ විදේශ ණය ගෙවීම්) ගණනය කරන අතර මෙය ඔවුන්ගේ විදේශ විනිමය සංචිත සමඟ සසඳයි. මෙම එක් එක් දර්ශකයේ රටක ශ්‍රේණිගත කිරීම එහි සමස්ත තත්වය තීරණය කිරීම සඳහා සාමාන්‍යය වේ. – දිනමිණ වෙබ් පුවත්පතේ 2020 මැයි 04 දා

    ඉහත සදහන් වාර්තාව අනුව පාඨකයින්ට පෙනී යන්නේ කොවිඩ්-19 බලපෑමට ලක්ව ඇති ‘නැගී එන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාවත් සිටින බවයි. රාජ්‍ය මාධ්‍ය පුවත්පතක් වන දිනමිණ මෙම පුවත තෝරාගෙන පළ කරන්නේ මේ වාර්තාවට අදාළ ප්‍රස්තාර සටහන පවා උපුටා දැක්වීමකින් තොරවයි.

    මේ පුවත උඩින් පල්ලෙන් (ලංකාවේ අති බහුතර කියවන්නේ ශීර්ෂපාඨය පමණයි) කියවන විට ලංකාවේ ආර්ථිකය ගැන පාඨකයින්ට ඇති වන්නේ ‘ධනාත්මක හැගීමක්. එය ‘COVID-19 හි බලපෑමට ලක්ව නැගී එන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාවත්‘ යන ශීර්ෂපාඨය මගින් වඩාත් තහවුරු වෙනවා.

    ඒත් ඇත්තම කතාව මොකක්ද ? අපි මේ පුවත මුලින්ම වාර්තා කළ රාජ්‍ය විරෝධී ස්ථාවරයක සිටින ‘අනිද්දා පුවත්පත උපුටා දැක්වීම සූදානම්.

    ශ‍්‍රී ලංකාව දුර්වලම ආර්ථිකයක් ඇති රටක් ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව – අනිද්දා

    කොවිඞ්-19 වසංගත තත්වයට මුහුණදුන් නැගී එන ආර්ථිකයක් ඇති රටවල් 66ක ආර්ථිකය පිළිබඳව ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව පළ කර ඇති වාර්තාවක එම රටවල් අතරින් දුර්වලම ආර්ථිකයක් ඇති රටක් ලෙස ශ‍්‍රී ලංකාව හඳුන්වා ඇත.

    මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජේපී මෝර්ගන් ආයතනය, එම රටවල මහබැංකු වාර්තා, ලෝක බැංකු වාර්තා, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන ඇතුළු මූලාශ‍්‍ර සලකා බලා ඇත.

    දළ දේශීය නිෂ්පාදිතය, ණය ඇතුළු සාධක ගණනාවක් සැලකිල්ලට ගනිමින් එම වාර්තාව සකස් කර ඇත.

    ක්ෂේත‍්‍ර හතරක් අනුව එම රටවල ආර්ථිකය ශ්‍රේණිගත කිරීමට ලක් කර ඇති අතර, ශ‍්‍රී ලංකාව එම ක්ෂේත‍්‍ර හතරෙන්ම දුර්වල රටක් ලෙස හඳුන්වා දී ඇත. එනම්, Public debt, Foreign debt, Cost of borrowing සහ Reserve cover යනුවෙනි. ඒ අනුව රටවල් 66 අතරින් 61 වැනි ස්ථානය ශ‍්‍රී ලංකාවට ලබාදී තිබේ. එම රටවල් ලැයිස්තුවෙහි ශ‍්‍රී ලංකාවට පසුපසින් සිටින්නේ රටවල් පහක් පමණි. ඇන්ගෝලාව, බහරේන්, සැම්බියා, ලෙබනන් සහ වෙනිසුවේලා යන රටවල් ශ‍්‍රී ලංකාවට පසුපසින් සිටී.

    2020 මැයි 02 වැනිදා අනිද්දා පුවත්පතට ‘අනුරංග ජයසිංහ‘ විසින් සම්පාදිත මේ වාර්තාවට අදාළ ප්‍රස්තාර සටහනත් ඇතුළත් කරලා තිබෙනවා.

    අනිද්දා වාර්තාව කියවන විට පාඨකයින්ට ඇතිවන්නේ ඍණාත්මක හැගීමක් බව පැහැදිලියි. ඒ කොවිඩ් වසංගතයේ බලපෑමට ලක්ව ඇති නැගී එන ආර්ථිකයින් 66ක් අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ 61වැනි ස්ථානයේ. ඉහත ප්‍රස්තාර සටහන අනුව ලංකාවට පහළින් සිටින්නේ ඇන්ගෝලාව, බහරේන්, සැම්බියා, ලෙබනන් සහ වෙනිසියුලාව පමණයි.

    ශ්‍රී ලංකාවට පහළින් සිටින රටවල් ගැන අලුතින් ලියන්න තරම් දෙයක් නෑ. ඇන්ගෝලාව කියන්නේ දීර්ඝ කාලීන සිවිල් යුද්ධයකින් විනාශයට පත් වූ උතුරු අප්‍රිකානු රටක්. සැම්බියාවත් ඊට නොදෙවෙනි අප්‍රිකානු රටක්. බහරෙන් සහ යෙමනය කියන්නේ මැදපෙර දිග කලාපයේ රටවල් දෙකක්. යෙමනය දීර්ඝ කාලීන සිවිල් යුද්ධයකින් තවමත් බැට කනවා. වෙනිසියුලාව කියන්නේ හියුගෝ චාවේස් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා මදුරෝ විසින් විනාශ කළ ලොව සශ්‍රීකම රටක්. අද ඒක අසමත් රාජ්‍යයක්.

    ඉතිං ලංකාවට වඩා පහළින් සිටින්නේ මේ අසමත් රාජ්‍ය පහ පමණයි.

    මේ ආකාරයේ ප්‍රවෘත්ති තමන්ට අවශ්‍ය ආකාරයට ව්‍යාජ ලෙස අර්ථකථනය කිරීම ලංකාවේ සුලභ තත්ත්වයක්. එමගින් පාලකයාට තාවකාලික වාසියක්, ප්‍රීතියක් ඇති වුණත් ඇත්ත තත්ත්වය ඊට වඩා වෙනස්.

    අපි මේ ව්‍යාජ අර්ථ කථන කොවිඩ් සම්බන්ධයෙන් පමණක් නොවෙයි තවත් බොහෝ දේ ගැන දකිනවා. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා ලෝක වෙළෙදපොළේ දැවැන්ත ලෙස පහළ ගිය ඉන්ධන සහනය ජනතාවට දෙන්න රුපියල් 65ට අඩු කළ පරිප්පු සහ රුපියල් 100ට අඩු කළ සැමන් කතාව දැක්විය හැකියි. මිල අඩු කළ දාට පසු උදේවත් ඒ මිලට පරිප්පු – සැමන් ගත්ත කෙනෙක් ලංකාවේ හිටියේ නැහැ.

    සහල් මිල පාලනයත් ඊට දෙවැනි නැහැ. මේ වගේ තවත් කතා තියෙනවා. ලංකාවේ ආනයනික බෝග 16ක් වවන්න යන කොට ලොකු ලූනු වගාකරුවා ඇත්තටම මුහුණ දෙන තත්ත්වය අපි ඊයේ වාර්තා කළා.

    මේ තත්ත්වය සමග අපට මතක් වෙන්නේ අධිපතිවාදය දැඩිව ප්‍රතික්ෂේප කළ මහා දාර්ශනික බ්‍රර්ටන්ඩ් රසල්ගේ කියමනක්.

    ‘නිවැරදි තොරතුරු නොලබන ජාතිය අද හෝ පමා වී හෝ කාගේ හෝ වහළුන් බවට පත්වනු ඇත‘

    විමසුම් සටහන – ආචාර්ය ඉන්ද්‍රිත් හේවාවිතාරණ

  • රිෂී කපූර්ගේ අවමගංල්‍ය උත්සවයට පැමිණි බොලිවුඩ් සුපිරි තරු මෙන්න…

    රිෂී කපූර්ගේ අවමගංල්‍ය උත්සවයට පැමිණි බොලිවුඩ් සුපිරි තරු මෙන්න…

    ප්‍රවීණ රංගන ශිල්පී රිෂි කපූර්ගේ අභාවයෙන් සමස්ත භාරතයම කම්පනයට පත් වුණත් රට අගුළුලා තිබෙන නිසා අවමංගල්‍ය උත්සවය සහභාගී වුණේ පවුලේ සමීපතමයින් සහ බොලිවුඩයේ ප්‍රකට චරිත කිහිපයක් පමණයි. ඔවුන් ද මුහුණු ආවරණ සහ අත් අවරණ පැළද සිටි අතර කතාබහ ද බොහෝ දුරට සීමා වී තිබුණා.


    රිෂීගේ අවසන් කටයුතු සිදුකරන ස්ථානයේදී දැක ඇති කිහිප දෙනා අතර කරීනා කපූර් ඛාන්, සයිෆ් අලි ඛාන්, ආලියා භට්, අර්මාන් ජයින්, ආදර් ජේන්, අභිෂේක් බච්චන් ද සිටියා. මේ ඒ ඡායාරූප අතරින් සුවිශේෂ කිහිපයක්.

    සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ඛාන්
    සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ඛාන්
    සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ඛාන්
    සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ඛාන්
    ආලියා භට්
    ආලියා භට්
    ආලියා භට්
    ආලියා භට්
    අභිෂේක් බච්චන්
    අර්මාන් ජයින්
    අනිස්සා මල්හෝත්‍රා – අර්මාන් ජයින්
    අනිස්සා මල්හෝත්‍රා, අර්මාන් ජේන්
    අර්මාන් ජයින්
    ආලියා භට්

    Text and pic by Filmfare – by Thushadhavi

  • කොරෝනා උණුසුම මැද බලගැන්වුණු ‘බෝග 16 විප්ලවයට’ ඔබත් එක් විය යුතු මෙනිසයි!

    කොරෝනා උණුසුම මැද බලගැන්වුණු ‘බෝග 16 විප්ලවයට’ ඔබත් එක් විය යුතු මෙනිසයි!

    රටේ ජනතාවට ප්‍රමාණවත් තරම පමණක් නොව, අපනයනය කරන්නට වුවත් සෑහෙන්න ඇතැම් බෝග ප්‍රභේද වවන්නට සුදුසු පසක් හා දේශගුණයක් අප සතුව පවතී. ඒ ගැන නොසලකා හරිමින්, ලාභයට ගන්නට තිබේනම්, පිටරටින් ගෙන්වාගෙන කෑම වඩා සුදුසු වන්නේය යන මතවාදය, ඉඳහිට හෝ කිසියම් තාවකාලික කාලපරාසයකට සමාජයේ ගැවසුණු නිසා, බෝග නිෂ්පාදනයට අප සතුව තිබූ උනන්දුව විටින් විට පත්වූයේ ඇල්මැරුණු ස්වභාවයකටය.

    රටට බත සපයන ගොවියා හැඳින්වුයේ ‘අසරණ ගොවියා’ නමින්ය. සියලු කරදර ඔහුටය. කුඹුරක් අස්වද්දන්නට ඔහු දරන වෙහෙසට අගයක් දෙන්නට ගෝලීයකරණය කරපින්නා ගත් සමාජයට උනන්දුවක් නොතිබුණි. බිම් සැකසීම සඳහා වතුර මුරය ගන්නා තැන සිට බිත්තර වී, පොහොර ආදී සියලු අවශ්‍යතා වෙනුවෙන් ඔහු හමුවේ ඇත්තේ අවිනිශ්චිතතාවයයි. අවසානයට නොවිඳිනා දුක් කරදර වලට මැදිවී අස්වැන්න ලද පසුවද, සාධාරණ මිලකට එය විකුනාගැනීමට හැකිවේද යන්න පවා  ඔහුට ගැටලුවකි.

    අවුරුද්ද කන්නට වී තිබෙනවානම් පැරණි සමාජයේදී එය ගෞරවනීය පිළිගැනීමකට හේතු වූ කාරනාවක් විය. විවාහයක් තීන්දු කරගැනීමේදී පවා ගොඩින් සහ මඩින් ලැබෙනා බිම් කට්ටියේ වපසරිය ඒ අනුව ලොකු කර්තවයක් ඉටු කලබව අතීත තතු දන්නෝ පවසති.

    එවන් ඉතිහාසයකට හිමිකම් කී ලාංකික සමාජය මෑත ඉතිහාසය තුලදී ගොවිකම හැරදා වෙනතකට ඇදී ගියේ, රටට සමාජයට දරාගත හැකි වේගයෙන් නම් නොවේ. මෙම වේගයට තිරිංගලමින් ආපසු හැරෙන් යන විධානය කර ඇත්තේ ඇසටවත් නොපෙනෙනා ක්‍ෂුද්‍ර ප්‍රාණියෙකු විසිනි. එය අපට පමණක් නොව මුළු ලෝකයටම ඇසෙන්නට කෑගසා, වියරුවෙන් කල විධානයකි. සියල්ලෝම එයට අවනත වනවා සේ පෙනේ.

    සෑම සමාජ ස්ථරයකින්ම අද පෙනෙන්නට තිබෙනා වගා කිරීමේ උද්‍යෝගය හමුවේ අනාවරණය වන්නේ අප සැවොම හඹාගොස් ඇත්තේ ගෝලීයකරණය නමැති මිරිඟුවක් පසුපස බවය. මාලිගා තනා ඇත්තේ රළ පහර වදින මුහුදු වැල්ලේ බවය. වසංගත ව්‍යසනයක් හමුවේ ආහාර හිඟයකට මුහුණදෙනු ඇතැයි බියවී තක්කු මුක්කු වී සිටින ජනතාවක් ආහාර සුරක්‍ෂිතතාවය නමැති පදයක අර්ථය සොයමින්, අහුමුලු හැමතැනම වගා කරන්නට ඇට හා පැල සොයමින් සිටී.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දේශීය ආහාර නිෂ්පාදනය දිරිගන්වනු වස් ‘සෞභාග්‍යා‘ ගෙවතු වගාකිරීමේ ක්‍රියාන්විතය දියත්කරනු ලැබුවේ කෝවිඩ් වසංගතය මෙහි පැමිණෙන්නටත් පෙර සිටය. ගෙවතු දශලක්ෂයක ඉලක්කයක් අරගෙන එය සැලසුම් කරන්නට ඇත්තේ අවසානයේ වැයකළ ශ්‍රමය හා වියදමට සාධාරණ ප්‍රතිලාභයක් ලබා කටයුතු අවසන් කිරීමේ බලාපොරොත්තුවෙනි.

    ඕනෑම ව්‍යාපෘතියක් සැලසුම් කරන්නේත්, අවසන් කරන්නේත් ඒ ආකාරයෙනි. එහෙත් දශ ලක්ෂයේ සැලසුමට නිපදවා බෙදාහැරි රෝපණ ද්‍රව්‍ය උණු උණුවේම අවසන් වූ අතර ඔවුහු මේ වනවිට තවත් දශ ලක්ෂයක ඉලක්කයක් ගෙන, ඒ තුලද අඩක් පමණ දුර ගෙවා දමමින් සිටී.

    ජනතාව වෙතින් පිරිනැමෙන මේ හදිසි උනන්දුව තවත් දිරිමත්කිරීම උදෙසා රාජ්‍ය අංශය වෙතින් ගොවිතැනට ලබාදෙන ආකර්ශනීය සුරක්ෂිතතාවයක්ද මේ වනවිට ඉදිරිපත් කර අවසානය. ඒ ගෙවතු වගාව සඳහා නාමික සුළු මුදලකට ලබාදෙන බීජ පැකට්ටුව මෙන් සරල ඒකකයක් නොව, මහත් පිරිවැයක් යොදා බලගන්වනු ලබන වගා පැකේජයකි.

    බෝග 16 කට දිරිගැන්වීම් !

    මෙයට අනුව දැනට ආරම්භවී ඇති යල වගා කන්නය වෙනුවෙන්, මෙරට වගා කළහැකි අතිරේක බෝග 16 ක සංඛ්‍යාවක් වැවීම දිරිමත් කරනු ලැබේ. වියලිමිරිස්, ලොකුලූණු, රතුලූණු, සුදුලූණු, අර්තාපල්, බඩඉරිඟු, සෝයාබෝංචි, කුරක්කන්, කොල්ලු, මුංඇට,කවුපි, උඳු, තල, රටකජු, ඉඟුරු හා කහ යනු මෙම බෝග ලැයිස්තුවයි.

    මේ සියල්ල දේශීයව වැවිය හැකි බෝග වන අතර මෙම සෑම බෝගයකින්ම සැලකිය යුතු ප්‍රතිශතයක් අප මේ වනවිට ආනයනය කරමින් සිටින්නෙමු. වියලි මිරිස් වැනි නිෂ්පාදනයක් ගතහොත්, ශ්‍රී ලංකාව කලෙකදී ඉන් ස්වයංපෝෂිත තත්වය පවා අත්කරගෙන තිබුණේය. එහෙත් අද දවසේ 90% කටත් එහා ප්‍රමාණයකින් මෙය ආනයනය කරනු ලබයි.

    උග්‍ර විෂ සහිත කෘෂිරසායන ද්‍රව්‍යයන් පවා ඉන්දියාවේදී කිසිදු තහනමකින් තොරව භාවිතා කරන අතර, දේශීය ගොවියාගේ නිපැයුම්වල වසවිස අන්තර්ගතයට ඉව අල්ලන ඇතැමුන්, දුප්පතාගේ පොල් සම්බෝලයට පවා එකතුවෙන ඉන්දියානු මිරිස් කරලේ ඇති දෑ ගැන සැලකිලිමත් නොවීම අවාසනාවකි.

    කෘෂිකර්ම නිලධාරීන් විසින් වගා උපදෙස් ලබාදීමේදී නිතරම කතාකරන ‘නිර්දේශිත ප්‍රභේද’ යන පද දෙක වර්තමාන වගා ප්‍රවර්ධන වැඩසටහන තුලදී, අවස්ථාවේ හැටියට මොහොතකට පසෙකින් තබා තිබේ. මේ නිසා උදාවී ඇති තත්වය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නේ බෝගයක් වශයෙන් යමක් ප්‍රවර්ධනය කර, දේශීය නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමටයි.

    මේ හරහා වර්තමානයේ පවතින අතිරේක බෝගයන්හි වගා වපසරිය 100% කින් ඉහළ නැංවීමට දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තුවයි. යම්කිසි බෝගයක ප්‍රභේදයකට සීමා නොවී සිටීමට තවත් හේතුවක් වන්නේ නිෂ්පාදනය කඩිනමින් ඉහල නංවාගැනීම සඳහා ගොවීන් සතුව ඇති සියලු බීජ මේ මොහොතේ පසට යට කරවීමටත්, පෙර සිට පැවත එන ගොවීන්ගේ පිළිගැනීමක් ලැබෙන යම් ප්‍රභේදයක් වේ නම් එය වැඩිපුර බෝකර ගැනීමටත්ය.

    තැන තැන සැඟවුනු දේශීය බෝග ප්‍රභේද රැසක අස්වැන්න මේ හරහා වෙළඳපොළට එනු ඇත. නිරායාසයෙන්ම පාරිභෝගිකයින් විසින් ඒවාහි ගුණාගුණ විමසනු ඇත. වඩාත් ආකර්ශනීය ප්‍රභේදයන්හි අනාගත පැවැත්ම ඒ හරහා සුරක්ෂිත වනු ඇත. 

    කුඩා වගාවකට බීජ නොමිලේ !

    අක්කර කාලක් හෝ ඉන් ඔබ්බට අක්කර භාගයක් දක්වා ඉහත සඳහන් බෝග තනි වගාවක් වශයෙන් වගා කරන්නේ නම් රජය මගින් සම්පුර්ණ බීජ වියදම දරාගැනීමට මේ වනවිට තීරණය කර තිබේ.

    අක්කර කාලකට අඩුවෙන් වවන්නේ නම් එවන් සහනයක් ගොවියාට ලැබෙන්නේ නැත. බීජ අවශ්‍යතාවය වගාකරු විසින්ම සපුරා ගත යුතු අතර, ඒවා කුමන තැනකින් කුමන මිලකට ගත්තාද, කුමන ප්‍රභේදයක බීජද, හයිබ්‍රිඩ් ද නැතිද වැනි ප්‍රශ්නත් අදාළ වන්නේ නැත. බීජ සඳහා ගෙවූ මුදල සඳහා බිල්පතක්වත් අවශ්‍ය නොවේ. එකම අවශ්‍යතාවය වන්නේ අදාළ වපසරිය තුල වගාව පිහිටුවා පෙන්වීම පමණි.

    බීජ සඳහා ගෙවන මුදල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් යථා කාලයේදී තීරණය කරනු ලබන අතර, එය ප්‍රභේදය මත පදනම් නොවන බෝගය මත පදනම් වූ මුදලකි. යම් වගාවක වපසරිය අක්කර භාගය ඉක්මවා යමින් අක්කර පහක් දක්වා යන්නේ නම්, පළමු අක්කර භාගය සඳහා වන සම්පුර්ණ බීජ වියදමත්, අක්කර හතර හමාරක් සඳහා වන බීජ වියදමෙන් 50% කුත් රජය විසින් දරනු ලැබේ.

    කුමන වපසරියක් වෙනුවෙන් වුවද බීජ වියදම ලැබෙන්නේ අදාළ බෝගයේ තනි වගාවන් පිහිටන්නේ නම් පමණක් බවද මතක තබාගතයුතු කරුණකි. බීජ වෙනුවෙන් ගොවීනට ලබා දෙන්නට බලාපොරොත්තුවෙන මෙම සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 2700 ක පමණ මුදලක් දරන්නට රජයට සිදුවෙනවා ඇත.

    අක්කර පහක් තුළ බෝග කීපයක් වවන්න බැරිද?

    බීජ සහනාධාරය ලබමින්ම එවන් වගාවක් කරන්නටද ප්‍රතිපාදන සලසා දී තිබේ. උදාහරණයක් වශයෙන් අක්කර තුනක භූමියක අක්කර කාල බැගින් නිර්දේශිත බෝග අතුරින් බෝග 12 ක් වැවිය හැකිය.

    ඒ සෑම අක්කර කාලකම තනි වගා වශයෙන් බෝග පිහිටුවා ඇත්නම් බෝග වර්ග 12 සඳහාම වූ බීජ වියදම සම්පුර්ණයෙන්ම රජය මගින් දරනු ඇත. යම් වගාකරුවෙක් විසින් බඩඉරිඟු අක්කර 4 ක් ද, කවුපි අක්කර කාලක්ද, රටකජු අක්කර 6 ක්ද වවා ඇතියයි සිතමු. ඔහුගේ බීජ සහනාධාරය වන්නේ බඩඉරිඟු සඳහා නම් අක්කර භාගයකට 100% ක් සහ අක්කර තුන හමාරකට 50% ක් වශයෙන්ය.

    මීට අමතරව කවුපි අක්කර කාල සඳහා වැයවූ සම්පුර්ණ බීජ වියදම ඔහුට ලැබේ. රටකජු අක්කර භාගයක් සඳහා සම්පුර්ණ බීජ වියදමත්, අක්කර හතර හමාරක් දක්වා බීජ වියදමෙන් 50% ක කොටසකුත් ඔහුට ලැබෙන අතර ඉතිරි රටකජු අක්කරය සඳහා වැයකළ බීජ වියදම ලැබෙන්නේ නැත.

    වගාව කවදා ඇරඹිය යුතුද?

    මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ 2020 යල වගා කන්නය වෙනුවෙනි. දැනටමත් යල කන්නය ඇරඹි තිබේ. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශ වල ප්‍රමාදවී මහ කන්නය අවසන් වූ අවස්ථා තිබෙන නිසා ප්‍රමාදවී ඇරඹෙන යල කන්නයන් සඳහාද බීජ සඳහා වන මුදල් ප්‍රතිපූර්නය කරගැනීමේ අවස්ථාව තිබේ.

    වගාව ඇරඹුණු වහාම පළාතේ කෘෂිකර්ම උපදේශකවරයා හමුවී ඔහු භාරයේ ඇති ලේඛනයෙහි තම වගාවේ විස්තර ඇතුලත් කල යුතුවේ. මහවැලි බල ප්‍රදේශවල නම් මෙම තොරතුරු භාරගන්නේ ඒකක කලමානාකරු විසිනි. ඔවුන් විසින් වගාව පරීක්ෂාකර බලා භාවිතා කර ඇති බීජ පිලිබඳ තක්සේරු කරනු ලැබේ. මුදල් ලබාදෙන්නේ එම තක්සේරුවට අනුවය.

    මෙම බෝග වලට රක්ෂනාවරණයකුත් ලැබෙනවා

    බඩඉරිඟු, අර්තාපල්, ලොකුලූණු, සෝයාබෝංචි, හා මිරිස් වැනි බෝග සඳහා ගොවි රක්ෂණ මණ්ඩලය මගින් වසර ගණනාවකට පෙර සිටම රක්ෂනාවරණයක් ලබාදීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරනු ලබන අතර,. ඉතිරි බෝග 11 ද, මේ යටතට ගනිමින් යම් කොන්දේසි මත රක්ෂණය ලබාදීමට ඔවුහු මේ වනවිටත් සැලසුම් සම්පාදනය කරමින් සිටී.

    මේ නිසා ස්වාභාවික ආපදාවකදී හෝ වන සතුන්ගෙන් සිදුවන හානියකදී හෝ ගොවියා ආරක්ෂා කිරීමටද රජය කටයතු කරමින් සිටින බව පැහැදිලිය. ඒ ගැන විස්තර ඉදිරියේදී දැනගැනීමට හැකිවේවි. මේ මොහොතේ ගොවියා කල යුත්තේ කන්නය පමා නොකොට, තමාගේ යල ගොවිතැන ආරම්භ කිරීමයි.

    නිෂ්පාදනය වැඩිවෙනකොට අස්වැන්නට ලැබෙන මිල පහළ යයිද?

    මිල උච්ඡාවචනය යනු ලාංකික ගොවියා හැමදාමත් මුහුණදෙන ගැටලුවකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් බෝග පුරෝකථන වාර්තා සාදමින් අද වගා කරන බෝගයේ අස්වැන්නට අනාගතයේදී ලැබෙන මිල පිළිබඳව අනාවැකි ගොවි ජනතාවගේ ජංගම දුරකතනයටම යැවූවද, ගතානුගතික ගති සිරිතට අනුගත වෙමින්, මිල වැඩි බෝගයම වගාකිරීමට ඇති පුරුද්ද අතහැරීමට තවමත් බොහෝ දෙනෙක් අසමත් වී සිටී.

    මේ නිසා සිදුවන්නේ රටට අනවශ්‍ය අස්වැන්නක් එකවිට ලැබීමෙන් මිල පහළ යාමයි. මෙම වැඩසටහන යටතේ සලකාබැලෙන බෝග සියල්ලම යම් ප්‍රමාණයකින් ආනයනය කෙරෙන බෝගයන්ය. එසේම ඒවා ඇතැම් ආනයනය කෙරෙන ආහාර බෝගවලට ආදේශක බෝගයන් ලෙස භාවිතාකල හැකි ඒවාය.

    උදාහරණයක් වශයෙන් මෙරට සෑදිය නොහැකි රතු පරිප්පු වෙනුවට භාවිතා කල හැකි ආදේශක බෝග වශයෙන් කවුපි හා මුංඇට මෙන්ම කොල්ලු ද මෙහි අන්තර්ගත වේ. ඉදිරියේදී විදේශ වෙළඳපොළෙහි ආහාර හිඟවීම හෝ ආනයනය සඳහා අප සතුව ඇති පමණට විදේශ විනිමය නොමැතිවීම හෝ වැනි තත්වයක් හමුවේ, දේශීය ආදේශක ආහාර සුලභව ඇත්නම් ජනතාවට සිදුවන්නේ ඒ වෙත යොමුවීමටයි. වෙනත් විකල්පයක් ඔවුනට නැත. ඒ නිසා පෙරදී සිදුවූවාක් මෙන් ආනයනික ආහාර හා තරඟයට යා නොහැකිව මිල පහළ යනවා වැනි සිද්ධියක් අනාගතයේදී සිදු නොවේවියයි සිතීම සාධාරණය.

    යම් ලෙසකින් නිෂ්පාදනයන්ට ගැලපෙන මිලක් නොලැබෙන්නේ නම් රජය මගින් සහතික මිලක් යටතේ අස්වැන්න මිලදී ගැනීමේ වැඩසටහනක්ද දැන් සිටම ඉදිරිපත් කර තිබීම තව දුරටත් ගොවියා දිරිමත් කිරීමකි. මේ අනුව බෝග සඳහා යෝජිත රජයේ සහතික මිල රුපියල් වලින්   කිලෝග්‍රෑමයක් සඳහා මෙසේය.

    වියලි මිරිස් 650, ලොකුලූණු 100, රතුලූණු 110, අර්තාපල් 100, බඩඉරිඟු 50, සෝයාබෝංචි 125, කුරක්කන් 175, කොල්ලු 300, මුංඇට 200, කවුපි 220, උඳු 220, තල 200, රටකජු 220, ඉඟුරු 125, අමුකහ 80, සුදුලූණු 350

    සහතික මිලක් ගෙවා ගොවීන් සතු සියලු අස්වැන්න මිලදී ගැනීම හරහා, ආනයනය සීමා කරමින් හා තමා සතු ආදේශක බෝග තොග වෙළඳපොළට නිදහස් කරමින්, සාධාරණ මිලකට ආහාර සැපයීමේ මෙහෙයුමට සක්‍රියව දායක වීම රාජ්‍ය අංශයේ බලාපොරොත්තුවයි. මේ නිසා වසවිස අන්තර්ගතය ගැන දෙගිඩියාවකින් තොරව අනුභව කල හැකි ආහාරයක් ජනතාවට ලැබෙනු ඇත. දේශීය ආහාර භෝග වලට වැඩි ඉල්ලුමක් නිර්මාණය වෙමින් නිෂ්පාදකයාගේ අතමිටද සරුවෙනු ඇත.

    මෙරට වී නිෂ්පාදනය අද වනවිට ඉතා යහපත් මට්ටමකට පැමිණ තිබේ. දේශීය කෘෂි විද්‍යාඥයින් දශක කීපයක් තිස්සේ කල අභිජනන පර්යේෂණයන් හේතුවෙන්, කෝටි දෙක හමාරකට ආසන්නව සිටින රටේ ජනතාවට තුන්වේලම වුවත් බත් කන්නට ප්‍රමාණවත් අස්වැන්නක් වර්තමාන වගා වපසරිය තුළින් ලබාදීමට සමත් වී ප්‍රභේද මේ වනවිට නිපදවා තිබේ.

    40 දශකයේදී මෙරට සිටියේ ලක්ෂ 65ක පමණ ජනගහනයකි. එදා නිපදවූ සහල් ප්‍රමාණය ප්‍රමාණවත් වූයේ මින් තුනෙන් එකකගේ පමණ කුස පිරවීමටයි. ඉතිරි තුනෙන් දෙකම කෑවේ රට හාල්ය. එයද සීමා සහිතව ජනතාවට ලැබුනේ උප්පැන්න සහතිකයටත් වඩා ඕනෑකමින් ආරක්‍ෂා සහිතව ළඟ තබාගෙන සිටි ‘හාල්පොත’ නමැති කූපන් කාඩ්පතක් හරහාය.

    අතිරේක බෝගයන්හි දේශීය නිෂ්පාදනයද ඉහළ දමන්නේ නැතිව පවත්වා ගතහොත් එදා සහල්වලට තිබූ තත්වය මුංඇට, කවුපි, මිරිස්, කහ, උඳු වැනි බෝග වලටද ඉදිරියේ උදාවීම වැළක්විය නොහැකිවේ. මන්දයත් පවත්නා අර්බුදකාරී තත්වය හමුවේ, ලෝක නිෂ්පාදනයද ඉදිරියේදී පහත වැටෙනා බැවිනි. මුදල් තිබුණත් ගෙන්වා ගන්නට දෙයක් ඒ රටවලත් ඉතිරි නොවනු ඇත. තිබෙන සොච්චම් ප්‍රමාණයත් ඔවුන්ගේම පාරිභෝජනයටම යෙදවෙනවා ඇත.

    එදා පැවති සහල් අර්බුදයට වඩා මෙය භයානක තත්වයක් වන්නේ, කෝවිඩ් සාධකය ගෝලීය එකක් නිසාය. අන් රටවල ජනතාව නැගිටිනවා සේම අපද නැගිටිය යුත්තේ අපගේ ස්වශක්තින්මය. අත්වාරුව සපයන්න ලඟපාත කවුරුවත් නැත. එදා සහල් ගැන අද ලියූ ආකාරයේ ඊට අනුරූප සටහනක්, තව දශක කීපයකින් අතිරේක බෝග වෙනුවෙන්ද ලියන්නට, අනාගත ලියුම්කරුවෙකුට මග විවර කරදීමේ වගකීම ඇත්තේද වර්තමාන ගොවි ජනතාව වන ඔබටය. ඒ නිසා රජයේ දිරිගැන්වීම උපරිම වශයෙන් මේ මොහොතේ ප්‍රයෝජනයට ගනිමු.

  • පාස්කු ප්‍රහාරය සහ දේශපාලන කුමන්ත්‍රණ මැද ගෙවුණ ‘2019 ආර්ථිකය’ ගැන සමාලෝචනයක්

    පාස්කු ප්‍රහාරය සහ දේශපාලන කුමන්ත්‍රණ මැද ගෙවුණ ‘2019 ආර්ථිකය’ ගැන සමාලෝචනයක්

    2019 වර්ෂයට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පසුගිය මස 28 වැනිදා මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාර දුන්නා.

    කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා මෙවර මහ බැංකු වාර්ෂික වාර්තාව ගැන ලැබුණේ අල්ප ප්‍රතිචාරයක් පමණයි. ඒ වගේම මේ වාර්තාව මගින් කියවෙන්නේ පසුගිය යහපාලන ආණ්ඩුවේ ආර්ථික කටයුතු නිසා රාජ්‍ය මාධ්‍ය හා රජයට හිතවත් මාධ්‍යත් මේ ගැන වැඩි අවධානයක් යොමු නොකළා විය හැකියි.

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලැබූ දළ දේශීය නිෂ්පාදනයේ තාවකාලික ඇස්තමේන්තුවලට අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය 2018 වසරේදී වාර්තා කළ 3.3% ක වර්ධනයට සාපේක්ෂව 2019 දී 2.3%ක අඩු වර්ධනයක් වාර්තා කර තිබෙන බවයි මහ බැංකු වාර්ෂික වාර්තාව 2019 සදහන් කරන්නේ. මෙහිදී මහ බැංකුව ප්‍රකාශ කරන්නේ ආර්ථිකයේ සියලුම අංශ වර්ධනය වූ නමුත් එහි අඩු වර්ධනයක් පෙන්නුම් කළ බවයි.

    නිෂ්පාදනය

    2019 වර්ෂයේ දළ ජාතික නිෂ්පාදිතයේ ව්‍යුහාත්මක වර්ධනයන් දෙස අවධානය යොමු කරන විට සේවා අංශය ආර්ථිකයේ ගාමක බලවේගය බවට තව දුරටත් සිය ස්ථාවරත්වය රැක ගෙන තිබෙන බව පැහැදිලිව පෙනී යනවා. එය දළ ජාතික නිෂ්පාදිතයට 57.4%ක දායකත්වයක් ලබා දෙන විට කර්මාන්ත අංශයේ දායකත්වය 26.4%ක් ලෙස තිබෙනවා. මෙවර අලුත් ආයිතමයක් ලෙස එක්කර ඇති බදු සහනාධාර 9.2%ක් වන විට රටේ වැඩිම අවධානයක් යොමු වන හා වැඩිම රාජ්‍ය ප්‍රාග්ධනයක් යොදවන කෘෂිකාර්මික අංශය දළ ජාතික නිෂ්පාදිතයට දක්වන දායකත්වය 07% දක්වා තව දුරටත් පහත වැටී තිබෙනවා. (කෘෂිකාර්මික අංශය මේ ආකාරයෙන් කැපී පෙනෙන ලෙස අවම දායකත්වයක් ලබා දුන්නත් ඇතැම් පිරිස් දිගින් දිගටම කියා සිටින්නේ ලංකාව කෘෂිකාර්මික රටක් බවයි. එහෙත් මේ තුළ අඩංගු ධීවර, වැවිලි කර්මාන්ත හා සුළු අපනයන බෝග ඉවත් කළ විට වැඩිම රාජ්‍ය අවධානයක් යොමු වන වී වගාව හා එළවළු වගාවෙන් ලබා දෙන්නේ ඉතාම අවම දායකත්වයක්)

    ආර්ථිකයේ 2.3%ක් පමණ වන ‘අවම‘ වර්ධනයට දායකත්වය ලබා දුන් අංශවල වර්ධනයන් විමසන විට එහි වැඩිම කොටසක් නියෝජනය කරන්නේ කර්මාන්ත අංශයයි. 2.7%ක වර්ධනයක් සදහා ප්‍රධාන වශයෙන් නිෂ්පාදන හා ඉදිකිරීම් අංශවල වර්ධනය හේතු වී තිබෙනවා.

    ජාතික නිෂ්පාදිතයේ වර්ධනයට බදු සහනාධාරය මගින් වීම විශේෂත්වයක්. එය 2.6ක වර්ධන දායකත්වයක් ලබාදී තිබීම විශේෂත්වයක්.

    2.3%ක වර්ධන දායකත්වය ලබා දුන් සේවා අංශයේ වර්ධනයට තොග හා සිල්ලර වෙළෙදාම ප්‍රධාන වශයෙන් දායක වී තිබෙනවා.

    කෘෂිකාර්මික අංශය ආර්ථික වර්ධනයට දායක වී තිබෙන්නේ 0.6%ක් වැනි ඉතාම අවම අගයකින්. ඒ අවම වර්ධනය සදහා ද වැඩි දායකත්වයක් ලබා දී ඇත්තේ තෙල් සහිත පලතුරු බෝග වගාව බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ.

    නිරීක්ෂණයන්

    2018 දී 6.5%ක වර්ධනයක් වාර්තා කළ කෘෂිකාර්මික අංශය 2019 දී 0.6%ක වර්ධනයක් වාර්තා කිරීමට2019 වසරේ පැවති දැඩි අහිතකර කාලගුණ තත්වයන් ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා. එම අහිතකර කාලගුණ තත්ත්වය කෘෂිකර්මාන්තයට බලපෑ අතර තේ, රබර්, කරදිය ධීවර් කර්මාන්තය, කරදිය ජලජ ජීවි වගා උප අංශය, වන වගාව, වනාන්තර හා දැව ආශ්‍රිත නිෂ්පාදනවල සැළකිය යුතු අඩුවක් වාර්තා කිිරීමට හේතු වුණා.

    තෙල් නිපදවීම සඳහා යොදාගත හැකි පළතුරු භෝග වගාව, එළවලු වගාව, පළතුරු වගාව සහ කිරි, බිත්තර, මස් හා වෙනත් නිෂ්පාදන කෘෂිකාර්මික අංශයේ අගය එකතු කිරීම වැඩි කිරීම සඳහා හේතු වී තිබෙනවා.

    2019 වසරේදී වී නිෂ්පාදනය මෙ.ටොන් මිලියන 4.6ක් දක්වා එනම් සහල් මෙ.ටොන් මිලියන 2.9කට සමාන ප්‍රමාණයකට ඉහළ ගිය අතර එය දළ වශයෙන් මාස 14ක සහල් ඉල්ලුම සැපයීමට ප්‍රමාණවත් වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

    2019 දී තේ වගා කටයුතුවල 1.3%ක සහ රබර් වගා කටයුතුවල 9.3%ක සෘණ වර්ධනයක් පෙන්වනවා. රබර් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 74.8දක්වා අඩු වී ඇති අතර එය වාර්තාගත අවම රබර් නිෂ්පාදනය වේ.

    2019 වසරේදී කර්මාන්ත අංශය පෙර වසරේදී වාර්තා කළ 1.2%ක වර්ධනයට සාපේක්ෂව 2.7%ක වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. රෙදිපිළි, නිමි ඇඳුම්, සම් හා සම් ආශ්රිත නිෂ්පාදන, ඉදිකිරීම් සහ පතල් කර්මාන්තවල පිබිදීම මෙම වර්ධනයට හේතු වුණා.

    2018 වසරට සාපේක්ෂව 2019 දී ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම 18%කින් අඩු වී තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරක අංශය ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 7ක් ඉක්ම යන විට මුළුමනින්ම පාහේ නැවත යථා තත්වයට පත්වූ බව මහ බැංකු වාර්තාව සදහන් කරනවා.

    රජයේ මුළු ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2018 වසරේ පැවති 13.4% සිට 2019 වසරේදී 12.6% දක්වා අඩුවී තිබෙනවා.

    ආර්ථිකයේ යටිතල පහසුකම්

    ආර්ථිකයේ යටිතල පහසුකම්වල 2019 වර්ෂයේ තත්ත්වය ඉහත ප්‍රස්ථාරය මගින් පැහැදිලි වෙනවා.

    එහිදී පැහැදිලි වන්නේ 2019 වර්ෂයේ අප්‍රේල් 21 වැනි දින සිදු වූ පාස්කු ප්‍රහාරය සමස්ත ප්‍රවාහන පද්ධතියට සැලකිය යුතු බලපෑමක් එල්ල කළ බවයි.

    එකට පැවති රජය විසින් සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි කිරීම නිසා 2018 දී රුපියල් බිලියන 39.2ක්ව පැවැති සමෘද්ධි සහනාධාර වියදම 2019 දී රුපියල් බිලියන 44්‍7 දක්වා වර්ධනය වී ඇති අතර 2018දී මිලියන 1.4ක් වූ සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2019දී මිලියන 1.9 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    සෞඛ්‍ය හා අධ්‍යාපනය සදහා වන රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පිළිවෙළින් 1.6%ක් සහ 1.9%ක් වූ බවයි මහ බැංකු වාර්ෂික වාර්තාව 2019 සදහන් කරන්නේ.

    මේ අතර බොහෝ දෙනකුගේ අවධානය ලක් නොවුණ වැදගත් කරුණක් ද මහ බැංකු වාර්ෂික වාර්තාව තුළ සදහන් වෙනවා. ඒ 2018 වර්ෂයේදී 92.6%ක්ව පැවැති සාක්ෂරතාව 2019 දී 92.5% දක්වා පහත වැටීමයි. මේ තත්ත්වය තුළළ (2018දී) ලංකාවේ පුරුෂ සාක්ෂරතාව 93.4ක් වන විට කාන්තා සාක්ෂරතාව 91.6%ක්ව පවතිනවා.

    ඒක පුද්ගල ද.දෙ.නි පහළ යයි

    2019 වර්ෂයේ පාස්කු ප්‍රහාරයේ බලපෑම ඇතුළු කරුණු හේතුවෙන් නිර්මාණය වූ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2019දී සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 2018 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් 4079ක් වූ එ.පු.ද.දෙ.නි 2019දී 3852 දක්වා පහත ගොස් තිබෙනවා.

    අපනයන – ආනයන

    පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපනයන සංවර්ධනය වෙනුවෙන් බොහෝ පියවර ගනු ලැබූ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා අපනයන ආදායමට ඍජු බලපෑම් එල්ල වී නැති බව පැහැදිලිව පෙනී යනවා. 2018 දී ඩොලර් මිලියන 11,890ක් වූ අපනයන ආදායම ඩොලර් 11,940ක් දක්වා ‘සුළු ‘වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

    ආනයන සම්බන්ධයෙන් ගත් විට 2018දී එක්සත් ජනපද ඩොලර් මිලියන 22,233 ක් වූ ආනයන විදයම 2019 දී එක්සත් ජනපද ඩොලර් මිලියන 19,237ක් දක්වා අඩු වී තිබෙනවා. එම තත්ත්වය තුළ වෙළෙද පරතරය 2018 දී -11.7 සිට 2019දී -9.5 දක්වා සැලකිය යුතු ලෙස අඩුවී ඇති අතර විදේශ නිල සංචිත (ආනයනික මාස වශයෙන්) 2018දී මාස 3.7 සිට 2019දී මාස 4.6 දක්වා වර්ධනය වී තිබෙනවා.

    “කෝවිඩ්-19 සහ ශ්‍රී ලංකාව: අභියෝග, ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම”

    ශ්‍රී ලංකා මහ බැංකුව 2019 වාර්ෂික වාර්තාව සකස් කිරීමේදී “කෝවිඩ්-19 සහ ශ්‍රී ලංකාව: අභියෝග, ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම” යන සිරස්තලය යටතේ මෙවර විශේෂ සටහනක් ඇතුළත් කර තිබෙනවා.

    එමගින් පෙන්වා දී තිබෙන්නේ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව මේවන විට අනුගමනය කළ මුල් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස යම් සාර්ථකත්වයක් ලබා සිටින අතර, එම ක්‍රියාමාර්ගයන් තුළින් දේශීය ආර්ථික කටයුතුවලට වන පසුබෑම සහ ගෝලීය ආර්ථිකයේ මන්දගාමී වීම තුළින් ඇතිවිය හැකි බලපෑම නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සැළකිය යුතු බලපෑමක් එල්ල වන බව යි.

    සේවා නියුක්තවන්නන්ගෙන් 60%ක් රැකියා කිරීම සහ ශ්‍රී ලංකාවේ දෛනික වැටුප් උපයන්නන් මිලියන 1.9ක් සිටින බවට ඇස්තමේන්තු කර ඇති බැවින් විශාල පුද්ගල සංඛ්‍යාවක් COVID-19 තත්වය හමුවේ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව ද එහි සදහන්.

    ජනගහනයේ අනෙකුත් අවධානමට ලක්විය හැකි කොටස් වන වැඩිහිටියන් සහ දරිද්‍රතා සීමාවට ඉහලින් හා ඊට ආසන්නයේ ජීවත්වන විශාල පිරිසක් මෙම තත්වයෙන් අධික ලෙස බලපෑමට ලක්විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා.

    චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන හවුල්කරුවන් ද සැළකිය යුතු පසුබෑමකට ලක් වන බවත් එබැවින් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට සෘජු බලපෑම් එල්ල වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    සැකසුම – තුෂාධවි