Tag: featured

  • රතු දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවල DMT සේවා 27දා සිට

    රතු දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවල DMT සේවා 27දා සිට

    Covid-19 වසංගතය පවතින කාලසීමාව තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාවන් ලබාදීම පිළිබදව මහජනතාව වෙත උපදෙස් කිහිපයක් එම දෙපාර්තමේන්තුව විසින් අද (25) මාධ්‍ය වෙත නිකුත් කළා. මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ. අලහකෝන් මහතාගේ අත්සනින් නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේයි.

  • අත්‍යවශ්‍ය කටයුතුවලට බැහැරට යාම ජා.හැ. අවසාන අංකය අනුවයි

    අත්‍යවශ්‍ය කටයුතුවලට බැහැරට යාම ජා.හැ. අවසාන අංකය අනුවයි

    අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් පමණක් බව ඇදිරි නීතිය දීර්ඝ කරමින් ජනපති මාධ්‍ය ඒකකය විසින් අද (25) සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

    එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමිනි.

    ඒ අනුව සඳුදා දවස්වල බැහැරයාමට ඉඩ ලැබෙන්නේ අංක 1 හෝ 2 ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස ඇති අයට පමණි.

    සතියේ ඉතිරි දවස්වල නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන්නේ මෙසේය.

    අඟහරුවාදා      :           හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
    බදාදා              
    :           හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
    බ්‍රහස්පතින්දා   
    :           හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
    සිකුරාදා          
    :           හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය

    කාර්යාල විවෘත කොට පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත්, වෙළෙඳ සැල්වලත් කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුය. විෂබීජ හරණය, මුඛ ආවරණ පැළඳීම සහ විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම ඊට අයත්ය. කවරකු හෝ ඉහත සඳහන් නියමයන් කඩ කරන්නේදැයි පොලීසිය සහ ආරක්ෂක හමුදා දැඩි සෝදිසියෙන් සිටිනු ඇත.

    දිස්ත්‍රික්ක අතර ගමනාගමනය, රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇත. පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පංති, සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම්දෙන තුරු වසා තැබිය යුතුය.

    ඇඳිරි නීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කයක යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි දවස පුරා ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇත. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වේ.

    සියලු ආකාර උත්සව, වන්දනා, විනෝද චාරිකා, සැණකෙළි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇත. ජනයා ඒකරාශීවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව ද අත්හිටුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට ජන ජීවිතය පවත්වාගෙන යනු පිණිස අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීමට රජය හඳුන්වාදුන් ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සලසා තිබේ.

    කොරෝනා උවදුරෙන් ජනතාව මුදාගෙන ඔවුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහ අභිවෘද්ධිය සැලසීමට නම් වසංගතය මුළුමනින්ම පාලනය කළයුතුය. අඩාල වූ ආර්ථික ජීවිතය ඊට සමගාමීව යළි පණ ගැන්වීම අවශ්‍යයෙන්ම කළයුතුව තිබේ. මේ අරමුණු සපුරාගත හැක්කේ වෛරසය පාලනයට ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නම් පමණි.

    වසංගතයේ බියකරුබව තේරුම්ගෙන සෑමවිටම නිවෙස්වල රැඳී සිටීමත්, නිර්දේශිත සෞඛ්‍ය පිළිවෙත් 100% පිළිපැදීමත් ජනතාවට දිය හැකි සහයෝගය බව රජය කියා සිටී.

    තමාගේත්, දූ දරුවන්ගේත්, ජාතියේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසා සිටින්නැයි රජය ජනතාවට අවධාරණය කරයි. සමාජයේ යහපතට බාධාවන අයුරින් හැසිරෙන කවරකුට වුවද පවතින නීති යටතේ උපරිම දඩුවම් පමුණුවනු ලැබේ.

  • රතු දිස්ත්‍රික්කවල ‘ඇඳිරි නීතිය’ මැයි 04 දක්වා දීර්ඝ කරයි

    රතු දිස්ත්‍රික්කවල ‘ඇඳිරි නීතිය’ මැයි 04 දක්වා දීර්ඝ කරයි

    ඇඳිරි නීතිය පවතින අතර ජන ජීවිතය යථා තත්ත්වයට
    පත් කිරීමට විධිවිධාන

    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ. ඉන් පසු මැයි 01, සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ඇඳිරි නීතිය තිබුණ ද මැයි 04වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කරනු ලැබේ.

     දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සේම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර, සේවා ස්ථාන, එළවළු, මාලු සහ සිල්ලර වෙළෙඳසැල් පවත්වාගෙන යාමට අවසර ඇත.

    පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ. රාජ්‍ය, පෞද්ගලික  දෙඅංශයේ ආයතන ප්‍රධානීන් මැයි 04 සිට සිය කාර්යාල සහ සේවා ස්ථානවල ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතු ද යන්න ලබන සතිය තුළ සැලසුම් කළයුතුය.

    දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 1/3ක් පමණි. යම් ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යාවශ්‍ය එකක් වුව ද ඒ සඳහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමණක් කැඳවීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය.

    සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන නිලධාරීන්ට නිවසේ සිට වැඩකරන ලෙස නියම කෙරේ‍. එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළයුත්තේ කුමන සේවකයන් ද, නිවසේ සිට වැඩකළයුත්තේ කුමන සේවකයන් ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට පිළිවන. යම් දවසක, කාර්ය මණ්ඩලයෙන් සේවයට කැඳවන 1/3ක පිරිස වෙනුවට ඊළග දවසේ වෙනත් පිරිසක් තෝරා ගැනීමට ආයතන ප්‍රධානීන්ට නිදහස තිබේ.

    වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල රැස්වීම නතර කළයුතුව තිබේ.

    ගමනා ගමන මණ්ඩල බස් රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා යන එන අයට පමණක් සීමා කෙරේ. අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර සෙසු ජනයා නිවෙස්වල රැඳී සිටිය යුතුය.

    කවරකු හෝ නිවසෙන් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පා ගමනින් ගොස් ළගා විය හැකි ආසන්නතම වෙළෙඳ සැල පමණක් තෝරාගත යුතුය.

    අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමිනි.

    ඒ අනුව සඳුදා දවස්වල බැහැරයාමට ඉඩ ලැබෙන්නේ අංක 1 හෝ 2 ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස ඇති අයට පමණි.

    සතියේ ඉතිරි දවස්වල නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන්නේ මෙසේය.

    අඟහරුවාදා      :           හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
    බදාදා              
    :           හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
    බ්‍රහස්පතින්දා   
    :           හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
    සිකුරාදා          
    :           හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය

    කාර්යාල විවෘත කොට පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත්, වෙළෙඳ සැල්වලත් කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුය. විෂබීජ හරණය, මුඛ ආවරණ පැළඳීම සහ විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම ඊට අයත්ය. කවරකු හෝ ඉහත සඳහන් නියමයන් කඩ කරන්නේදැයි පොලීසිය සහ ආරක්ෂක හමුදා දැඩි සෝදිසියෙන් සිටිනු ඇත.

    දිස්ත්‍රික්ක අතර ගමනාගමනය, රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇත. පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පංති, සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම්දෙන තුරු වසා තැබිය යුතුය.

    ඇඳිරි නීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කයක යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි දවස පුරා ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇත. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වේ.

    සියලු ආකාර උත්සව, වන්දනා, විනෝද චාරිකා, සැණකෙළි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇත. ජනයා ඒකරාශීවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව ද අත්හිටුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට ජන ජීවිතය පවත්වාගෙන යනු පිණිස අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීමට රජය හඳුන්වාදුන් ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සලසා තිබේ.

    කොරෝනා උවදුරෙන් ජනතාව මුදාගෙන ඔවුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහ අභිවෘද්ධිය සැලසීමට නම් වසංගතය මුළුමනින්ම පාලනය කළයුතුය. අඩාල වූ ආර්ථික ජීවිතය ඊට සමගාමීව යළි පණ ගැන්වීම අවශ්‍යයෙන්ම කළයුතුව තිබේ. මේ අරමුණු සපුරාගත හැක්කේ වෛරසය පාලනයට ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නම් පමණි.

    වසංගතයේ බියකරුබව තේරුම්ගෙන සෑමවිටම නිවෙස්වල රැඳී සිටීමත්, නිර්දේශිත සෞඛ්‍ය පිළිවෙත් 100% පිළිපැදීමත් ජනතාවට දිය හැකි සහයෝගය බව රජය කියා සිටී.

    තමාගේත්, දූ දරුවන්ගේත්, ජාතියේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසා සිටින්නැයි රජය ජනතාවට අවධාරණය කරයි. සමාජයේ යහපතට බාධාවන අයුරින් හැසිරෙන කවරකුට වුවද පවතින නීති යටතේ උපරිම දඩුවම් පමුණුවනු ලැබේ.

  • පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ලබාදීමට එජාප උප නායක රවී පියවර ගනී

    පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ලබාදීමට එජාප උප නායක රවී පියවර ගනී

    COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය සහ ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික රැකියා අදායම් මාර්ග අහිමි වී, කිසිදු පිළිසරණක් නොලැබ කිසවක් කර කියා ගත නොහැකිව අන්ත අසරණව සිටින ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එම ජනයාගේ නිවාසවලටම බෙදා හැරීමේ විශේෂ ජාල ගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා පියවර ගෙන තිබේ.

    මේ විශේෂ ජාල ගත වැඩ පිළිවෙළ යටතේ සහල් සහ එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාරපාන බෙදා දීමට රවී කරුණානායක මහතා විශේෂයෙන් තෝරා ගෙන සිටින්නේ, ඇඳිරි නීතිය සහ සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය හේතුවෙන් දැඩි ආර්ථික පීඩාවකට සහ මානසික කඩා වැටීමකට බරපතළ ලෙස ලක් වී සිටින කුලීකරුවන්, අනියම් සේවකයින්, කොන්ත්‍රාත් කරුවන් ආදී පිරිස් වෙතයි ඇඳිරි නීතිය සහ සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය අවසන් වන තුරු සිය පෞද්ගලික ධනය වියදම් කරමින් සතියකට ප්‍රමාණවත් වන අයුරින් මේ ජනයා සඳහා සතිපතා මෙම අත්‍යවශ්‍ය ආහාරපාන බෙදා දීමට රවී කරුණානායක මහතා කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා වරකට රුපියල් ලක්ෂ 50ක් වැය කෙරෙන බව වාර්තා වේ.

    තුන් වේල කා බී කුස ගිනි නිවා ගෙන වසංගතයෙන් ආරක්ෂා වී ජීවිතය රැක ගැනීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදා දීමේ මෙම  අසරණ සරණ සමාජ සත්කාරක වැඩ සටහනේ විශේෂත්වයි. ජනතාව අතර බෙදා හැරීම සඳහා ගෙන්වා තිබෙන සහල් සහ එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ පාර්ලිමේන්තු මාර්ගයේ “රජමල් වත්තේ” පිහිටි රවී කරුණානායක මහතාගේ පුද්ගලික නිවසේ ගබඩා කර තිබෙන අතර එම ස්ථානයේ සිට වාහන මගින් අදාළ ජනයා වෙත ආහාර ද්‍රව්‍ය බෙදා හැරේ.  

  • ශ්‍රී ලංකාවේ පැතිර යන ‘නව කොරෝනා වෛරසය’ ගැන සිදු කළ අලුත්ම සොයාගැනීම

    ශ්‍රී ලංකාවේ පැතිර යන ‘නව කොරෝනා වෛරසය’ ගැන සිදු කළ අලුත්ම සොයාගැනීම

    COVID-19 රෝගය නිසා දිනෙන් දින ලොවට අහිමි වන ජීවිත බේරා ගැනීම සඳහා එන්නතක් හෝ වෙනත් සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගන්නා තුරු ලොව පුරා ජීවත්වන මිලියන සංඛ්‍යත පිරිසක් දෑස් දල්වා බලා සිටිති.

    ඒ සඳහා සාර්ථක පිළියමක් සොයා ගැනීමට ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ නව නිර්මාණකරුවන් ද නොයෙකුත් අත්හදා බැලීම් සිදු කරමින් සිටිති.

    එහි සතුටුදායක ප්‍රතිඵලයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අසන්නට ලැබිණි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම

    COVID-19 රෝගයේ, A කාණ්ඩයට අයත් වෛරසය ශ්‍රී ලංකාවේ පැතිර යන බවට මේ වන විට සිදු කළ මූලික පරීක්ෂණවලදී හඳුනා ගැනීමට හැකිවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ බීබීසී සිංහල සේවයට පැවසුවාය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ

    ශ්‍රී ලංකාවේ පැතිරෙන වෛරසය ‘A’ කාණ්ඩයට අයත් වේ

    COVID-19 ලෙස නම් කළ රෝගය ඇති කරන නව කොරෝනා වෛරසය SARS-CoV2 ලෙස හඳුන්වනු ලැබේ.

    එම වෛරසයේ A,B හා C ලෙස හඳුන්වන මූලික ආකාර තුනක් විද්‍යාඥයින් හඳුනාගෙන තිබේ.

    ඉන් මේ වන විට ශ්‍රී ලංකාවේ හඳුනාගත් වෛරසයේ A කාණ්ඩයට අයත් ප්‍රභේදය ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාවෙන් වැඩි වශයෙන් වාර්තා වන අතර චීනයේ වුහාන් ප්‍රදේශයෙන් වැඩි වශයෙන් වාර්තා වන්නේ COVID-19 රෝගය ඇති කරන වෛරසයේ B කාණ්ඩයේ ප්‍රභේදය බව ද මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කළාය.

    නව කොරෝනා වෛරසයේ C කාණ්ඩය වැඩි වශයෙන් යුරෝපයෙන් වාර්තා වෙමින් තිබේ.

    ‘ඉතිහාසගත පරීක්ෂණයක්’

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අයත් ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය තුළ පිහිටි රසායනාගාරයේදී COVID-19 රෝගීන් හඳුනා ගැනීමට අදාළ PCR පරීක්ෂණ නීලිකා මලවිගේ මහාචාර්යවරියගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල සිදු කරනු ලැබේ.

    එම පරීක්ෂණ සඳහා ලැබුණු COVID-19 රෝගය වැළඳුණු අයගේ ජෛව සාම්පලවලින් වෙන්කර ගත් වෛරසයේ RNA (Ribo Nucleic Acid) දත්ත සැකැස්ම විශ්ලේෂණය කිරීමේදී මෙම තත්ත්වය හඳුනාගැනීමට හැකි වී තිබේ.

    ”මේ පර්යේෂණය මගින් තමයි ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේදී වෛරසයක whole genomic sequencing (වෛරසයේ ජාන සැකැස්ම) හොයාගත්තේ. ශ්‍රී ලංකාවේදී වෛරස වලට අදාළ පරීක්ෂණ සිදු කිරීමේදී මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය වුණේ වෛරසයේ ප්‍රවේණිගත ලක්ෂණ සහිත RNA (Ribo Nucleic Acid) වෙන්කරගෙන වැඩිදුර පර්යේෂණ සඳහා වෙනත් රටක රසායනාගාරයකට යැවීමයි. COVID-19 වෛරසයේ ප්‍රභේදය අනුව සංකූලතා වෙනස් වන බවට මතයක් තියෙනවා. අපි ලංකාවේ පැතිරෙන වෛරසය නිවැරදිව හඳුනාගැනීම රටක් විදියට මේ සඳහා මුහුණ දෙන්න ඉතා ම වැදගත්,” යනුවෙන් මහාචාර්යවරිය විස්තර කළා ය.

    මීට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදු කරන බව ද ඇය පැවසීය.

    COVID-19 රෝගයෙන් පුද්ගලයන් මිය යාමේ සිද්ධි ඇමරිකාව හා යුරෝපයෙන් වැඩි වශයෙන් වාර්තා වේ. තායිලන්තය, මැලේසියාව, සිංගප්පුරුව සැලකූ විට මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන අතර එම ප්‍රදේශවල පැතිර පවතින වෛරසයේ ස්වභාවය ඊට හේතු විය හැකි බවට විද්‍යාඥයින් අනුමාන කරයි.

    “මේක අලුත් වෛරසයක් නිසා විකෘති සිදුවේගන යනවා. සිංගප්පූරුවේ එන්නතක් හැදුවොත් ඒක ලංකාවටත් හරියනව ද කියල බලන්න ලංකාවේ වෛරස කාණ්ඩවල තියෙන වෙනස්කම්, අනිත් රටවල තියෙන වෙනස්කම් බලන්න ඕනා. ඒකට අපි ලංකාවේ මේ වෛරසයේ whole genomic sequencing කියන එක සොයා ගැනීම ඉතා වැදගත්,” යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ කියා සිටියා ය.

    විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග

    COVID-19 පාලනයට විශ්වවිද්‍යාල තුළින් නව නිර්මාණ

    COVID-19 රෝගය පාලනයට අවශ්‍ය නව නිර්මාණ සිදු කිරීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් සහ ආචාර්යවරුන් වෙත මුදල් ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

    එහිදී කොළඹ, පේරාදෙණිය, වයඹ, රුහුණ , ජයවර්ධනපුර සහ මොරටුව යන විශ්වවිද්‍යාලවලින් සාර්ථක යෝජනා ලැබී ඇතැයි වාර්තා වේ.

    කෘත්‍රිම ශ්වසනය ලබා දීමට අවශ්‍ය වෙන්ටිලේටර් යන්ත්‍ර, රෝගියාට අවශ්‍ය බෙහෙත් සහ අනෙකුත් ද්‍රව්‍ය ලබා දිය හැකි රොබෝ යන්ත්‍ර, වඩාත් ආරක්‍ෂිත මුහුණු ආවරණ නිර්මාණය එම යෝජනා අතර වේ.

    ආචාර්යවරයෙකුගේ අධීක්ෂණය මත, උප කුලපතිවරයා හරහා සරසවි සිසුන්ට නව නිර්මාණ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන් අතර සාර්ථක නිර්මාණ කිහිපයක් දැනටමත් නිපදවා අවසන් බව විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග බීබීසී සිංහල සේවයට පැවසුවේය.

    ”හදවත නවතින්න යන කෙනෙකුට පපුවට අවශ්‍ය තෙරපුම දෙන්න කොළඹ වෛද්‍ය පීඨයේ දරුවෙක් යන්ත්‍රයක් නිෂ්පාදනය කළා. ඒවා මිලියන ගාණක් වෙළෙඳ පොළේ. නමුත් ඒ දරුවා රුපියල් පනස් දාහකින් වගේ වියදම පිරිමහලා තිබුණා. දැන් ඒවා නිෂ්පාදනය කරනවා. මුලින් ම කොළඹ ජාතික රෝහලටත් කළුබෝවිල රෝහලට සහ කරාපිටිය රෝහලට දෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විෂබීජ නාශක ගුණය සහිත තීන්ත වර්ගයක් හදලා තියෙනවා. ඒ තීන්ත ගෑවහම ඒ වාට්ටුව විෂබීජවලින් ආරක්ෂා වෙනවා. මේ වගේ හොඳ නිර්මාණ රැසක් තියෙනවා,” යනුවෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේය.

    මෙම සම්පූර්ණ ලිපියම පසුගිය 24 වැනි දින බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ පළ වූවකි. ජනතාව වෙත නිවැරදි විද්‍යාත්මක තොරතුරු සන්නිවේදනය කිරීමේ වගකීම හා වගවීම මත ලිපිය සම්පූර්ණයෙන්ම උපුටා ගෙන මෙම වෙබ් අඩවියේ ද පළ කරන ලදි – ප්‍රධාන සංස්කාරක

  • Political Hot Plate: බැසිල් ප්‍රසන්නට ඔපරේෂන් එකක් භාර දෙයි

    Political Hot Plate: බැසිල් ප්‍රසන්නට ඔපරේෂන් එකක් භාර දෙයි

    සටහන – ගජබා නාගහවත්ත

    ජනාධිපති ගෝඨාභය සහ අගමැති මහින්ද රජපක්ෂ මහතා පසුගිය සතියේ කොරෝනා වසංගත පාලනය කිරීම සදහා පත් කල  ජනාධිපති කාර්යය සාධක බලකායට විශේෂ වගකීමක් පැවරුවේය. ඒ විදේශ රටවල සිරවී සිටන ශ්‍රී ලාංකියන් නැවත දිවයිනට ගෙන්වා ගැනීමය. ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානි බැසිල් මේ වගකීම පැවරුවේ තවත් විශේෂ දෙදෙනෙකුටය. ඒ දිනේෂ් හා ප්‍රසන්න රණතුංග ඇමතිවරුන්ටය.

    “ විදේශ කටයුතු අමාත්‍යංශ කට්ටියව සම්බන්ධිකරණය කරලා දෙයි. හෙල්ත් එකයි , ආමි එකයි එක්ක එකතුවෙලා මේ එන අයව නිරෝධායනයට යවනකම් ඔපරේෂන් එක ප්‍රසන්න බලන්න ” බැසිල් ප්‍රසන්නට කිවේය.

    ඒ අනුව ප්‍රසන්න දිනේෂ් සමග එක්ව විදේශයන්හි සිට මෙරට  පැමිණෙන පිරිස දිවයිනට ගෙන්වා ගැනීමට වැඩ පිළිවෙළක් සැකසුවේය. හිතන තරම් වැඩේ පහසු නැති බව දැනේනේ විදේශයන්හි සිටින විශාල පිරිසක් සිය මව් රටට පැමණීමට ඉල්ලීම් කරන නිසාය. මේ ගැන ප්‍රසන්න, ජනාධිපති ගෝඨාභය හා අගමැති මහින්ද දැනුවත් කලේය. ඔහු දෙදෙනාම කීවේ එකම කථාවකි.

    “ ප්‍රසන්න මේ පිටරටවල ඉන්නේ අපේම මිනිස්සු. ආණ්ඩුවක් විදියට මේ රටේ ඉන්න අය වගේම පිටරටවල ඉන්න අපේ රටේ අය ගැනත් අපිට වගකීමක් තියෙනවා. මේ වෙලාවේ මේ අය ගෙන්නන එක ගැන සමහරු විවිධ කථා කියයි. ඒත් අපි අපේ වැඩේ කරමු.” ඔවුන් කීවේ එලෙසය.

    ඒ අනුව දිනේෂ් රට වල සිටින සියලුම තානාපති කාර්යාල දැනුවත් කර ඔවුන් හරහා ඒ ඒ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබද තොරතුරු රැස් කළේය. ප්‍රසන්න ගුවන්තොටුපොල හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ සමග එක්ව මෙහෙයුම දියත් කලේය.

    සදුදා උදෑසනම ප්‍රසන්න ගුවන්තොටුපොලට ගියේ පසු දින පාකිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයක් පිරිසක් දිවයිනට පැමිණීමේ ක්‍රියාවලිය සංවිධානය වන ආකාරය නීරික්ෂනය කරන්නටය. හමුදාවේ හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයද එහි සිටියහ. ප්‍රසන්න මෙහිදී බලධාරීන්ට උපදෙස් දුන්නේ හැකි ඉක්මනින් මේ පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කල යුතු බවයි.

    ප්‍රසන්න කටුනායක ගුවන් තොටුපොලේ සිටියදී ජනාධිපති ගෝඨාභය ප්‍රසන්නට දුරකථන ඇමතුමක් දුන්නේය.

    “ ප්‍රසන්න මොකද තත්ත්වය? ” ජනපති ඇසුවේය.

    “ වැඩ ටිකනම් හොදට කෙරෙනවා සර්. අපි ඔක්කොම වැඩ ටික ලෑස්ති කරලයි තියෙන්නේ.” ප්‍රසන්න කීවේය.

    ගෝඨාභය දුරකථනය විසන්ධි වන විටම ප්‍රසන්නට තවත් දුරකථන ඇමතුමක් ආවේය. එහා කෙළවරේ සිටියේ අගමැති මහින්ද . ඔහු ඇසුවේ විදේශ ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන ඒමේ වැඩ පිළවෙලේ ප්‍රගතිය ගැනය. අගමැතිවරයාට උත්තර දුන් ප්‍රසන්න දුරකථනය විසන්ධි කර ලග සිටි සිය හිතවෙතකුට කීවේ “මෙහෙම රටේ දේවල් ගැන හොයල බලන නායකයෙක් අපිට ලැබුනේ රටේ වාසනාවට ” කියාය.

    අගහරුවාදා සවස පාකිස්ථානයේ සිරවී සිටි 113 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් යානයකින් දිවයිනට පැමිණියහ. ඉන් පසුව පසුගිය සතිය පුරාම ඒ අනුව විදේශගතව සිටි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 400කට අධික පිරිසක් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගැනිනි. ඉදිරි සතිය තුල විදේශ ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙල පුලුල් ලෙස ක්‍රියාත්මක කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය හා ගුවන් සේවා අමාත්‍යශංය කටයුතු යොදා තිබේ.

    කැබිනට් මණ්ඩල පසුගිය බදාදා (22) රැස්වුනේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. රජයේ කාර්යාල සදහා බදවා ගත් උපාධිධාරීන්ට පසුගිය මස රුපියල් 20000ක දීමනාව ගෙවා නොමැති බව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කලේ ඇමති ප්‍රසන්න රණතුංගය.

    “ අපි බදවා ගත්ත උපාධිධාරීන්ගේ පත්වීම් මැතිවරණ කොමසාරිස් අත්හිටෙව්වා. නමුත් අපි කව්වා ඔවුන්ගේ රුපියල් 20000 දීමනාව ගෙවනවා කියලා. තවමත් ඒ දීමනාව ලබා දීලා නෑ ” ප්‍රසන්න කීවේය.

    “ අපි ඒක ගෙවන්න කව්වනේ. ” ජනාධිපති ගෝඨාභය කීවේය.

    “ ඔව් සර් අපි කිව්වාට ඒක වෙලා නෑ. ”  ප්‍රසන්න නැවත කීවේය.

    ජනාධිපතිවරයා රාජ්‍ය පරිපාලන ඇමති ජනකට උපදෙස් දුන්නේ වහාම ඒ ගැන කටයුතු කරන ලෙසය.

    මේ අතර පසුගිය සදුදා මැතිවරණ කොමසාරිස්වරයා  මැතිවරණයට දින නියම කලේය. එහෙත් විපක්ෂය කියන්නේ මැතිවරණ කොමසාරිස්වරයා නියම කර ඇති දිනය ව්‍යවස්ථා විරෝධී බවය. ඒ නිසා පැරණි පාර්ලිමේන්තුව රැස් කල යුතු යැයි ඔව්හු කියා සිටිති. මේ ගැන කථා බහක් පසුගිය බදාදා පොහොට්ටුවේ සභාපති මාහාචාර්යය ජී.එල් පීරිස්ගේ නිවසේදී ඇතිවිය. ජී.එල් මෙහිදී කිවේ විපක්ෂයේ ඉල්ලීම පදනම් රහිත බවය.

    “ විපක්ෂය ඔය කියන විදියට පරණ පාර්ලිමේන්තුව නැවත කැදවන්න කිසිම අත්‍යවශ්‍යතාවයක් නෑ. ” ජී.එල් කීවේය.

    “ විපක්ෂය ඔය මැතිවරණය කල් දාලා පාර්ලිමේන්තුව කැදවන්න කියන්නේ වෙන මොකටවත් නෙමෙයි. නැතිවුන වරප්‍රසාද ටික ගන්න. ” ප්‍රසන්න කීවේය.

    “ ඒක ඇත්ත. මේ හාදයන්ට ආයේ මෙලෝ සම්මජ්ජාතියෙන් පාර්ලිමේන්තු එන්න හම්බෙන්නේ නෑ කියලා මේ ගොල්ල දන්නවා. ඒකයි ඔය විශ්‍රාම වැටුපයි, දීමනා ටිකයි, නිල නිවාසයයි ගන්න තමයි ඔය හදන්නේ.” රෝහිත කීවේය.

    “ කැදවන්නම වටින පාර්ලිමේන්තුව. පාස්කු ප්‍රහාරයට, මහ බැංකු මංකොල්ලයට මොකුත් කරන්න බැරි උනා. ඒගොල්ලෝ අයේ රැස්වෙලා කොරෝනා පාලනය කරන්න මොනවා කරන්නද? ඔය හදන්නේ පරණ පාර්ලිමේන්තුව රැස් කරලා ජනාධිපතිතුමා කරන වැඩ ටික නවත්ත ගන්න. ” ප්‍රසන්න කීවේය.

  • Political Hot Plate: කොරෝනා සහ මහ ඡන්දේ ගැන එජාපයේ කතා මැද කතා

    Political Hot Plate: කොරෝනා සහ මහ ඡන්දේ ගැන එජාපයේ කතා මැද කතා

    සටහන – ගජබා නාගහවත්ත

    කොරෝනා වසංගතය හේතුවෙන් ජන ජිවිතය අඩාලව පැවැතියද පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැදවා තිබිම හේතුවෙන් දේපාලනය නම් කාර්ය බහුලව පැවතින. කොරෝනා මර්ධනයට මෙන්ම මැතිවරණයට ද මහන්සිවිමට තිබීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ දුරකතනයට නිවනක් නොවීය.

    මහමැතිවරණය කල් දැමිය යුතු බවට විපක්ෂය මෙන්ම සෞඛ්‍ය අංශ ද යෝජනා කර තිබූ අවදියක මැතිවරණය ජුනි 20 දාට නියම කිරිමට මැතිවරණ කොමිසම තීරණය කළ අතර ඒ වෙනුවෙන් පක්ෂ ලේකම්වරුන්ගේ හමුවක්ද කැදවා තිබිනි.

    එම කාරනා කටයුතු එසේ සිදුවෙද්දි මැතිවරණ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායකයාගේ නිවසට පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ නිතර ආ ගියහ.

    ඉකුත් බදාදා ද පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනෙක් කොළඹ කොල්ලුපිටියේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ නිවසට පැමිණියේ පවතින දේශපාලන තත්ත්වය පිළිබදව හා මැතිවරණ කටයුතු පිළිබදව සාකච්ඡා කිරිමටය.

    “මැතිවරණ කොමිසම මහ මැතිවරණයට දින නියම කළා. මෙහෙම කොහොමද ඡන්දය තියන්නේ. තාම රෝගීන් හමුවෙනවා. ආණ්ඩුවට ඕනේ කොහොම හරි ඡන්දය තියන්න.” මුලින්ම හඩ අවදි කළේ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායකය.

    “ඔව් ඡන්දය තියන්න නම් මුලින්ම කරන්න ඕනේ ලංකාවේ කොපමණ රෝගීන් පිරිසක් සමාජයේ සිටිනවාද කියලා සොයා ගන්න එකයි. ඡන්දයට යනවා නම් දිනකට ලංකාවේ ජනතාව 3000 ත් 5000 ත් අතර පිරිසක් PCR පරික්ෂාවට ලක් කරන්න ඕනේ. එහෙම නැතුව ඡන්දයකට යනවා නම් ඒක ලොකු අවධානමක්.” නායකයා විස්තර කළේය.

    “සෞඛ්‍ය ඇමතිනිය කියන්නේ රෝගීන් එන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලින් කියලායි. එම නිසා තත්ත්වය පාලනය කර ඇති බව ඇය ප්‍රකාශ කරනවා.” අවදානම් නොවන ප්‍රදේශවල ඇදිරි නිතිය අයින් කරන්නෙත් ඒක නිසා බවයි ඇය කියන්නේ.” කේ.කේ පියදාස කියා සිටියේය.

    “ඔව්… නමුත් මේ වෙන කොට නිරෝධායන මධ්‍යස්ථානවලට පිටිනුත් රෝගීන් හමුවෙනවා. පිලියන්දල, බොරලැස්ගමුව ප්‍රදේශවලින් හමුවූවේ  සමාජයෙන් පැමිනි රෝගීන්. ඒ නිසා මේක හරියටම ශුද්ධයි කියලා දැන ගන්න නම් අපිට ජනතාවගෙන් බහුතරයක් පරික්ෂා කරන්න වෙනවා. එහෙම නැතිව තීරණයක් ගන්න එක හොද තත්ත්වයක් නොවෙයි.” නයකයා පැහැදිලි කළේය.

    “අපිට දැන් කැම්පේන් එක කරන්නේ කොහොමද කියලා දෙපාරක් හිතන්න වෙලා තියෙන්නේ. පොස්ටර් ගහන්න විදියක් නැහැ. ගෙයින් ගෙට යන්න බැහැ. පක්ෂය මැතිවරණ ව්‍යාපාරය කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද?” චම්පිකා ප්‍රේමදාස නයකයාගෙන් විමසා සිටියේය.

    “සෑම පක්ෂයකටම මෙය පොදු කාරණයක්. ලොකු රැස්විම් තියන්න හම්බ වෙන්නේ නැහැ. මැතිවරණ කොමිසමත් මාර්ගෝපදේශ ලබා දෙයි. අපිට මාධ්‍ය මගින් තමයි ප්‍රචාරණ කටයුතු කරන්න වෙන්නේ. ඒකට සාමාජ මාධ්‍ය වගේම විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍යත් උපයෝගි කරගන්න වේවි. ඇදිරි නීතිය ඉවත් කළත් ලොක්ඩවුන් වැඩපිළිවෙල දිගටම තියෙන්න ඕනේ. එතකොට හදිසියේ රෝගියෙක් හමුවුනොත් අවශ්‍ය පියවර ඒ පොලිස් බලප්‍රදේශය තුළදී ගන්න පුළුවන්. ලොක්ඩවුන් වැඩපිළිවෙල ඉවත් කලොත් කටයුතු කරන්න වෙන්නේ හදිසි නීතිය යටතේයි. එය මෙවැනි ව්‍යසනයකට යොදා ගන්න බැහැ. ඒ නිසා අපි අලුත් විදියකට හිතන අලුත් වැඩපිළිවෙලක් යටතේ ජනතාව ලගට අපේ වැඩපිළිවෙල ගෙන යන්න වෙනවා.” නායකයා දීර්ඝ ලෙස කළ විස්තරය පැමින සිටි සියල්ලෝම එක මතින් පිළිගත්හ.

    “භිෂණය කාලයෙත් ඡන්ද තියන එක නැවැත්තුවේ නැහැ කියලා තමයි ආණ්ඩුව කියන්නේ.” චම්පිකා ප්‍රේමදාස යළි කිවේය.

    “එදා පැවැති තත්ත්වය වෙනත්. භිෂණ කාලයේ ජනාධිපති ප්‍රේමදාස ගමක ගෙවල් 20 ක් 30 ක් තෝරගෙන අවශ්‍ය පණිවිඩය දුන්නා. රැස්විමට මිනිස්සු නාවත් ඔවුන්ට ගෙවල්වල ඉදලා රැස්විම අහන්න පුළුවන් විදියට ශබ්ද විකාශන යන්ත්‍ර දැම්මා. කොහොම හරි ගමට පණිවිඩය ගියා. එතනදි එක්සත් ජාතික පක්ෂය හා අලියා කියන නම තමයි ප්‍රචාරය කළේ. ඒ නිසා මනාප අංක වෙනුවට පක්ෂයත් අලියා ලකුණත් අපි ජනතාව අතර ගෙන ගියා. නමුත් අද තිබෙන තත්ත්වය වෙනස්. මේක වෛරසයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය මුලින්ම මේකට මැදිහත්විම ප්‍රමාණවත් නැහැ. දැනටත් ඔවුන් මේ ඡන්දය තියන්න උත්සාහ කරන්නේ විශේෂඥ උපදෙස් පිළිපදින්නේ නැතුවයි.” වජිර අබේවර්ධන පැහැදිලි කළේය.

    “පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් හමුවුනා. එහිදි යම් යම් මත ගැටුම් ඇති වුනා කියලාත් ප්‍රකාශ වුනා. මොකක්ද එතන වුනේ.” කේ.කේ පියදාස විමසා සිටියේ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ගෙනි.

    “මම එතනදි ඇහුවා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අරගෙනද ඡන්දය තියෙන දින වකවානු ගැන තීරණයක් ගත්තේ කියලා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වේ ඔවුන්ගෙන් ඇහුවා නමුත් ඔවුන් නිශ්චිතව පිළිතුරක් දුන්නේ නැහැ කියලායි. කොරෝනා තත්ත්වය යහපත් නොවුනොත් නැවත මැතිවරණය කල් දමන්න පුළුවන් කියලා සභාපතිවරයා අපට කිව්වා. මහලේකම්වරයා පිළිතුරු දුන්නේය.

    “සජිත් ප්‍රේමදාස ඇමතිතුමායි මැතිවරණ කොමිසමේ සභාපතිතුමායි බහින් බස් වුනා කියලාත් සමාජ මාධ්‍යවල පළ වෙලා තියෙනවා. ඒකයි මම ඇහුවේ.” කේ.කේ පියදාස ගේ පැනයට මහලේකම්වරයා සිනා සුනා මිස කිසිවක් කියන්නට ගියේ නැත.

    කතාව වෙනතකට පෙරළු චම්පිකා ප්‍රේමදාස ” දැන් ජුනි 02 දායින් පසු අලුත් ව්‍යවස්ථා අර්බුදයක් එනවා නේද. දැන් මේකට මොකද කරන්නේ?” යැයි විමසා සිටියේය.

    “ඔව් එතන අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 70 වගන්තිය හා එහි අනු වගන්ති ප්‍රකාරව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 03 ක් ඇතුළත පාර්ලමේන්තුව යළි රැස්විය යුතුයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැන් දින නියම කරලා තියෙන්නේ පාර්ලිමේන්තුව යළි රැස්විය යුතු කාලයටත් පසුවයි. එම නිසා ජුනි 02 දායින් පසුව ජනාධිපතිවරයාගේ පාර්ලමේන්තුව විසුරුවිමේ නියෝගය නිෂ්ප්‍රභා වෙනවා. එවිට නැවත පැරණි පාර්ලිමේන්තුවට බලය එනවා.” නීති නිලධාරියෙකුගේ පැහැදිලි කිරිම පක්ෂ නායකයා ද හිස සලා අනුමත කළේ මද සිනහවක් ද මුවට නගාගෙනය.

    “අපට පක්ෂ ඡන්ද ව්‍යාපාරය දැන්ම ඉදලාම පටන් ගන්න වේවි.” නවින් දිසානායක යළිත් අලුත් පැනයක් යොමු කළේය.

    “නායකතුමා කිව්වා වගේ අලුත් ක්‍රමයකට අපි මැතිවරණය පවත්වමු. මැයි මස 04 දා වෙනකොට මනාප අංක දෙන්න පුළුවන් කියලා මැතිවරණ කොමිසම කිව්වා. ඉන් පස්සේ තමයි අපේක්ෂකයන්ට ඡන්ද ව්‍යාපාරය පටන් ගන්න වෙන්නේ. කොහොමවුනත් කොරෝනා පරික්ෂාවන් වැඩි කිරිම කාට කාටත් හොදයි” පක්ෂ මහලේකම්වරයා කීවේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය මෙතනදි සාර්ථක නැහැ. ඇමතිතුමිය එතන දේශපාලනය කරන්න යන නිසා නිලධාරින්ට වැඩ කරන්න අමාරු බව තමයි කියන්නේ. මේ තත්ත්වය මේ වෛරසය පාලනය සියළු දෙනා කරන මැදිහත්විමට හොද තත්ත්වයක් නොවෙයි. නමුත් නිලධාරින් ඒ කටයුතු සැලකිල්ලට නොගෙන වසංගතය මර්ධනය කරන්න කරන මැදිහත්විම ඉතාම අගනා දෙයක්. අපිත් ඔවුන්ට නිතර ශක්තියක් විය යුතුයි. වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා කී දේ සැවොම අනුමත කළේය.

  • අද රාත්‍රී 08.00 සිට සදුදා පෙ.ව 05.00 දක්වා මුළු රටටම පොලිස් ඇඳිරි නීතිය

    අද රාත්‍රී 08.00 සිට සදුදා පෙ.ව 05.00 දක්වා මුළු රටටම පොලිස් ඇඳිරි නීතිය

    අද (24) රාත්‍රි 8 සිට 27 වන සඳුදා අලුයම 5.00 දක්වා දිවයින පුරා බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි.

  • Covid-19: තත්ත්වය බරපතළයි : ‘වහා විසඳුමක් ගැන’ කතා කරමු

    Covid-19: තත්ත්වය බරපතළයි : ‘වහා විසඳුමක් ගැන’ කතා කරමු

    කුසල් පෙරේරා

    ඊයේ සවස් වනවිට කෝවිඞ්-19 වයිරසයෙන් ආසාදිත වූ සංඛ්‍යාව 368 ක් වූ අතර, පැය 24 ක් ඇතුළත අද පස්වරුව වනවිට එම සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගියේය. එයට හේතු වූයේ වැලිසර නාවික හමුදා කඳවුරද ආසාදනයට නතු වීමය. 

    වැලිසර නාවික හමුදා කඳවුරෙහි සෙබළුන් ඇතුලු 4,000 ක පිරිසක් අනිවාර්ය නිරෝධායනයට අද පස්වරුවේ යොමු කර ඇත. 4,000 ක් යනු අපගේ වැනි මිලියන 15 ක පමණ වැඩිහිටි ජනගහනයක් ඉන්නා රටකට ඔරොත්තු දිය හැකි සංඛ්‍යාවක් නොවේ. ආසාදනයට ගොදුරු වන්නට ඉඩ ඇතැයි සිතිය හැකි ඔවුන්ගේ පවුලේ සමීපතමයින්ද ගත් විට සමස්ථ සංඛ්‍යාව දළ වශයෙන් මිලියන 1.5 ට වැඩිය.

    මේ ආසාදනයට ඉඩ හැදී ඇත්තේ නාවික හමුදාවේ සෙබළුන්ගේම වරදින් නොවන බව කිව යුතුය. එය කෝවිඞ්-19 වැනි ගෝලීය වසංගතයක් පාලනය කිරීමට යොදා නොගත යුතු එවැනි කාර්යක් සඳහා කිසිදු ආකාරයක දැනුමක් අවබෝධයක් නොමැති හමුදා කාණ්ඩ යොදා ගැනීමෙන් සමාජයටම ගෙවන්නට සිදුවන බරපතල වන්දියකි. මේ ගෝලීය වසංගතය අප යොදා ගත යුතුව තිබුණේ මා මාසයකට පමණ ඉහතින් මාර්තු 28 වන දින “ඬේලි මිර” පුවත් පතට ලියූ ලිපියෙන් හා පසුව “රාවය” මගින් ඉදිරිපත් කළ කාර්යක්ෂම හා පුහුණු ප්‍රාදේශීය ප්‍රජා සෞඛ්‍ය සේවා ජාල අනාගතයටද වැඩදායක වනසේ තහවුරුකර ගැනීමටය.

    එවැනි වැඩපිළිවෙලක් ආණ්ඩුවට පමණක් නොව, විපක්ෂයේ ලොක්කන්ටත් නොවින. දැනටත් ඔවුන්ට කිසිදු වැදගත් යෝජනාවන් නොමැත. ඔවුන් දැන් හතර අත දුවන්නේ කෙසේ හෝ පැරණි පාර්ලිමේන්තුවේ දොර ඇර ගන්නට ය. එය කිසිදු ප්‍රයෝජනයක් නොමැති හා අවදානම් සහගත පියවරක් යැයි මෙවර “රාවය” පුවත් පතට “පරණ 225 න් කොරෝනාවට උත්තර සෙවීම අවදානම්” යැයි මා ලියූ ලිපියෙන් හේතු දක්වා ඇත. මේ එම ලිපියෙන් උපුටා ගත් කොටස් කිහිපයකි. මෙයින් මා ඔබ හමුවේ තබන්නේ මේ මොහොතේ අප මුහුණ දී සිටින කෝවිඞ්-19 වසංගතය හා ආර්ථිකය බිඳ වැටීමේ ප්‍රධාන අර්බූද දෙක විසඳා ගැනීම වෙනුවෙන් සමාජ සම්මුතියක් සමගින් පිහිටුවා ගත හැකි ජාතික පාලන ව්‍යුහයක් පිළිබඳ මගේ යෝජනාව ය.

    මෙය මෙහි සාරාංශගත කෙරෙන්නේ අප මතුකර ගත යුතු අත්‍යාවශ්‍ය සංවාදයක් වෙනුවෙනි. 

    කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා යැයි පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට තර්ක කරනවුන් ළඟ පාර්ලිමේන්තු සංවාදයකට තැබිය හැකි විසඳුම් ඇත්තේ නැත. එවැන්නක් ගැන කිසිදු අදහසක්ද ඔවුන්ට නැත. එවගේම මේ කැඳවීම සතු බරපතල අවදානමක්ද ඇත. කොරෝනා වසංගතය පැතිර යන ආකාරයට මේ අවුරුද්ද ඇතුළත මැතිවරණයක් පැවැත්වීමට හැකිවේද යන්නට කිසිවකුට සහතික දිය නොහැක. ජුනි 20 වන දිනට නියම කෙරුණු මැතිවරණය යළි කල් දැමීමට සිදුවිය හැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපති අනතුරු අඟවා ඇත්තේද එනිසාය. එවැනි අවදානමක් හමුවේ පරණ පාර්ලිමේන්තුව කැඳවූ පසු එය අගෝස්තු මාසයෙන් පසුවටද රැගෙන යාමේ ඉඩ ඇත. එය සාධාරණය කරන්නටද මේ පිරිස් නැවත කොරෝනා වසංගතයම ඉදිරිපත් කරනු ඇත.

    එවැනි පසුබිමක පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ තවත් අවදානමක් ඇත. මේ කුණු වුන දේශපාලන සංස්කෘතියෙහි ඉදිරි මැතිවරණයකින් බලාපොරොත්තු වූ තුනෙන් දෙකේ බලය කෙසේ වෙතත් දැනට තමන්ට අවශ්‍ය අයුරු මුදල් අනුමත කර ගැනීම වැනි කාරණා වෙනුවෙන් බහුතර බලය හදා ගැනීමේ වාණිජ ගනුදෙනු පාර්ලිමේන්තු සංකීර්ණයෙහි සිදු නොවනු ඇතැයි කසිවකුට සහතික විය නොහැක. එතැනින් පසු ඇතැම් විට තුනෙන් දෙකේ බලයද එහිම මිලට ගත හැකි වනු ඇත.

    එනිසා අප කතා කළ යුත්තේ විසුරුවා හැරි පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ ව්‍යවස්ථා ප්‍රතිපාදන ගැන නොවේ. එය මේ සමාජයට මේ මොහොතේ අදාල නැත. අදාල වන්නේ කොරෝනා වසංගතය අපට ඔරොත්තු දෙන මට්ටමින් පාලනය කර ගැනීමට විසඳුම් ගෙන එන්නේ කෙසේද යන්නය. පවතින නීති පුස්තක සතු වගන්ති එයට අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ සමාජ සම්මුතියක් පමණි.

    ඒ පිළිබඳ ඉතාම වලංගු අත්දැකීම ජනාධිපති නීතිඥ සුමන්තිරන්ම අපට ඊයේ පෙරේදා ලබා දුන්නේය. ඇඳිරි නීතිය උල්ලංඝණය කළේ යැයි පොලීසිය විසින් රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගංගොඩවිල උසාවියේ සුමන්තිරන්ගේ කරුණු දැක්වීම වූයේ ඇඳිරි නීතිය පැනවීම නිත්‍යානුකූලව කෙරුණක් නොවන නිසා උල්ලංඝණය කිරීමට නිත්‍යානුකූල ඇඳිරි නීතියක් නොමැති වූ බවය. මාධ්‍යයට ඔහු කියන්නට උත්සාහ කෙරුවේ අධිකරණය ඔහුගේ කරුණු දැක්වීම් පිළිගත් හෙයින් රන්ජන් රාමනායකට ඇප ලැබුණු බවය. මෙය ප්‍රෝඩාකාරී කරුණු දැක්වීමකි. ඇඳරි නීතිය එළෙසින් නීති විරෝධී යැයි අධිකරණය පිළිගත්තේ නම්, රන්ජන් රාමනායක නිදහස් නොකර ඔහුට ඇප ලබා දුනනේ මන්දැයි සුමන්තිරන් කියන්නේ නැත. සැබෑව නම්, ඇඳිරි නීතිය පැනවීමේ ක්‍රියාවලියෙහි දෝස අධිකරණය පිළිගනු ලැබූවත් ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය මේ මොහොතේ නීති විරෝධි යැයි තීන්දු නොකළ බවය. ඇඳිරි නීතිය නීති විරෝධි යැයි අධිකරණය තීන්දු කෙරුවේ නම්, මේ රට බරපතල අර්බූදයකට හසු වන්නේය. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසියට අයිතියක් නොලැබෙන්නේය. ඒ අනුව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති 35,000 ට වැඩි පිරිස වහා නිදහස් කළ යුතු වන්නේය. කඩ සාප්පු, කාර්යාල විවෘත කිරීමට සිදු වන්නේය. කොරෝනා වසංගතය මැඩලීම සහමුලින් අත හරින්නට සිදුවන්නේය.           

    සමාජ වගකීමක් ඇතිව අධිකරණ තීන්දුව දෙනු ලැබූයේ මේ මොහොතේ සමාජයේ ආරක්ෂාව සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවත්වා ගැනීමේ සමාජ අවශ්‍යතාව මතය. එය ගෙන ආවේ කෙසේද යන්න ඊට අදාල නොවුනි. ඇඳිරි නීතිය පැනවූ ආකාරය නීතියට පටහැනි වූවත් “පවතින තත්ත්වය තුල කරුණාකර ඇඳිරි නීතිය පිළිපදින්න” යැයි සුමන්තිරන්ටද මාධ්‍ය අමතා කියන්නට සිදු වූයේ එබැවිනි. ඉන් උගෙන ගත යුතු පාඩම වන්නේ පවතින තත්ත්වයට අනුව සමාජයේ ආරක්ෂාව හා යහ පැවැත්ම වෙනුවෙන් නීති ක්‍රියාත්මක කරනවා මිස, විශෙෂයෙන් අර්බූද හමුවේ නීති පුස්තක වල වගන්ති ලෙස ඒවාට අර්ථකතන සැපයීමේ වැදගත්කමක් නොමැති බව ය.

    ඒ සිද්ධාන්තයට අනුව, දැන් අවශ්‍ය වන්නේ සමාජ සම්මුතියක් සමගවන තාවකාලික ජාතික පාලක මණ්ඩලයක් පිහිටුවා ගැනීම මිස අතහැරි පාර්ලිමේන්තුව නැවත කැඳවීම නොවේ. ඒ වෙනුවෙන් මගේ යෝජනාව වන්නේ විසුරුවා හැරි පාර්ලිමේන්තුවේ අඩු බලයක් තිබූ දේශපාලන නියෝජනයට අයත් තාවකාලික ආණ්ඩුවක් පවත්වා ගැනීම වෙනුවට, ඒ පාර්ලිමේන්තුවේ නියෝජනය වූ සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන්නාවූ සැබෑ ජාතික පාලක මණ්ඩලයක් ස්ථාපිත කිරීමය. එම ජාතික පාලක මණ්ඩලයේ සභික සංඛ්‍යාව, ඒ පක්ෂ සතු වූ මන්ත්‍රී සංඛ්‍යාවට අනුපාතව තීන්දු කළ හැකිය. මුළු සංඛ්‍යාව විශාල නොවන්නට 07 දෙනෙකුට එක සභිකයෙකු ලෙස ජාතික පාලක මණ්ඩලය පත්කර ගත හැකිය. එසේ වුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 95 දෙනා වෙනුවෙන් 14 ක්ද, එ.ජා.පය දේශපාලන වශයෙන් බෙදී ඇති බව පිළිගනිමින් ඔවුන්ගේ මන්ත්‍රීවරුන් 107 දෙනා වෙනුවෙන් සජිත් පිළට 10 ක් හා රනිල් පිළට 05 ක්ද, ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනා වෙනුවෙන් 03 ක්ද, ජ.වි.පෙ 06 දෙනා වෙනුවෙන් 01 ක් අයෙකුද, ඊ.පී.ඩී.පි තනි මන්ත්‍රීද ඇතුළුව සභිකයින් 34 කු ගෙන් ජාතික පාලක මණ්ඩලය ස්ථාපිත කළ හැකිය. එය සාමාන්‍ය ඇමති මණ්ඩලයක ප්‍රමාණය වැනි ය. එහි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ නියෝජනය ඔවුන්ගේ 10 දෙනා අතර බෙදා ගැනීම ඔවුන්ගේ එකඟත්වය අනුව සිදුවිය යුත්තකි. එවගේම සජිත් පිළෙහි හා රනිල් පිළෙහිද නියෝජනය ඔවුන් විසින් තීන්දු කළ යුතුය. ස්ථාවර කොන්දේසිය වනුයේ එළෙසින් නම් කරන නියෝජිතයින් පාලක මණ්ඩලයේ ස්ථිර සභිකයින් විය යුතු බවය. 

    මෙම ජාතික පාලක මණ්ඩලයේ ලේකම් කාර්යාලය ලෙස කැබිනට් ඇමති මණ්ඩල කාර්යාලය ක්‍රියා කළ යුතු අතර, අමාත්‍ය මණ්ඩලයේ ලේකම් එහි ලේකම් විය යුතුය. ඔහු විසින් පළමුවම ජාතික පාලක මණ්ඩල සභික ලැයිස්තුව වහා ප්‍රසිද්ධියට පත් කළ යුතුය. එය සති පතා රැස්විය යුතු අතර, රැස්වීම් වාර්තාව හා තීන්දු සවිස්තරව ප්‍රසිද්ධ කිරීමේ පූර්ණ වගකීම එහි ලේකම් ලෙස ඔහුට පැවරෙන්නකි.

    ජාතික පාලක මණ්ඩලයේ වගකීම වනුයේ දෙවන රැස්වීම වනවිට කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමේ හා සමාජ ක්‍රියාකාරිත්වය නැවත ක්‍රමානුකූලව තහවුරු කළ හැකි ඔවුන්ගේ වැඩපිළිවෙල සමාජය හමුවේ තැබීමය. එය ක්‍රියාත්මක කිරීමෙහිදී අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ අය වැයක්ද ඒ සමග ඉදිරිපත් කිරීමය. මේ වනවිට ලැබී ඇති විදේශ ආධාර යොදා ගන්නේ කෙසේද යන්නත් සති 04 ක් ඇතුළත රටට කිව යුතුය. කෙටියෙන් කියන්නේ නම්, ඔවුන් ගන්නා සියලු තීන්දු සහ මුදල් වැය කිරීම් ඒ සැණින් ප්‍රසිද්ධියට පත් කළ යුතුය.

    විසුරුවා හැරි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට දැඩි අකමැත්තක් ප්‍රකාශ කරන ජනාධිපතිට ජාතික සම්මුතියක් සමගින් කෝවිඞ්-19 වසංගත කාලය පාලනය කර ගැනීමට අවශ්‍ය නම්, එළෙසින්ම ඒ වෙනුවෙන් එඩිතර තීන්දුවක් ගැනීමට සූදානම් නම්, මේ යෝජනාව ඔහුට බාරගත හැකිය.

    රාවය – 2020 අප්‍රේල් 24 වන දින

  • වාර්තාගත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවීම සමග සමස්ත ආසාදිතයින් ගණන 417ට නගී

    වාර්තාගත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවීම සමග සමස්ත ආසාදිතයින් ගණන 417ට නගී

    Covid-19 ආසාදිතයින් 49 දෙනකු අද (24) දින හදුනා ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 417 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ප.ව 22:04ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වේ.

    එහි සදහන් වන ආකාරයට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 300 දෙනකු වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 183 දෙනෙක් වේ. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 109ක් වන අතර මරණ සංඛ්‍යාව 07කි.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (24) දින ප.ව 19.15ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වන්නේ අද දින හදුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් අතරින් 11 දෙනකු කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ නිරෝධායනයට ලක් කළ පුද්ගලයින් අතරින් ද 30 දෙනකු වැලිසර නාවික හමුදා කදවුරේ නාවිකයින් අතරින් ද 05 දෙනකු වැලිසිර නාවික හමුදා කදවුරේ නිවාඩු ගොස් සිටි නාවිකයින් අතරින් ද වාර්තා වූ බවයි. එම නාවික නිලධාරීන් පදිංචි ප්‍රදේශ වන්නේ රත්නපුර හිදිල්ල කන්ද, පොල්ගහවෙල උඩපොළ, කරුණෑගල කීනියාපොළ, ගිරාදුරුකෝට්ටේ පහළ රත්කිද, දඹුල්ල අතබෝධිවැවයි. තවත් ආසාදිතයෙකු මරදානේ පදිංචිකාරියක වන අතර ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

  • රාජ්‍ය අංශයේ කොරෝනා හඳුනාගැනීමේ RT-PCR පරීක්ෂණ ධාරිතාවය අවභාවිතා වන බවට චෝදනා

    රාජ්‍ය අංශයේ කොරෝනා හඳුනාගැනීමේ RT-PCR පරීක්ෂණ ධාරිතාවය අවභාවිතා වන බවට චෝදනා

    කොරෝනා හඳුනා ගැනීමේ RT-PCR පරීක්ෂණය සිදු කිරීමේදී ඒ සඳහා  සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති හැකියාවන් පූර්ණ වශයෙන් භාවිතා නොකර සිටීම සඳහා විවිධ උපක්‍රම යොදවන බව නිරීක්ෂණය වී අතැයි රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ විශේෂ ලිපියක සදහන් වේ.

    ජනපති ලේකම්, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු ආදාළ නිලධාරීන් වෙත යොමු කළ එම නිවේදනය මාධ්‍ය වෙත ද නිකුත් කර ඇත.

    කොවිඩ්-19 වසංගතය හමුවේ මෙරට ජනතාව විසින් දැනගත යුතු විශේෂ හෙළි කිරීම් කිහිපයක් සහිත එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ 01

    රාජ්‍ය අංශයේ කොරෝනා හඳුනාගැනීමේ RT-PCR පරීක්ෂණ ධාරිතාවය අවභාවිතා කිරීම.

    කොරෝනා හඳුනා ගැනීමේ RT-PCR පරීක්ෂණය සිදු කිරීමේදී ඒ සඳහා  සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති හැකියාවන් පූර්ණ වශයෙන් භාවිතා නොකර සිටීම සඳහා විවිධ උපක්‍රම යොදවන බව නිරීක්ෂණය වේ. ඒ අනූව,

    1.       කොරෝනා වසංගතයෙහි මුල් අදියරෙහිදී ආශ්‍රිතයන්ගේ RT-PCR පරීක්ෂණ සිදු නොකිරීම.

    2.       වෛරසවේදී රසායනාගාර දිවයින පුරා ස්ථාපිතව තිබියදී වෛද්‍ය පර්යේෂණ ආයතනය පමණක් ඒ සඳහා භාවිතා කිරීමට උත්සහ දැරීම.

    3.       ජාතික බෝවන රෝග විද්‍යාතනයෙහි කොරෝනා හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු සිදු කිරීම අධෛර්යමත් කිරීම.

    4.       සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව RT-PCR පරීක්ෂණය සිදු කිරීමේ යන්ත්‍ර වල හිඟයක් පවතින බව ඇඟවීමට උත්සහ දැරීම.

    5.       වෙනම රසායනාගාරයක් ස්ථාපිතව තිබියදී පවා ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි RT-PCR පරීක්ෂණ සිදු නොකිරීම .

    6.       ජාතික රෝහලට අමතරව පහසුකම් සහිතව කොළඹ අවට ඇති අනෙකුත් සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර කොරෝනා හඳුනාගැනීමේ පරීක්ෂණ සිදු කිරීම සඳහා යොමු නොකිරීම වැනි කරුණු කෙරෙහි විමර්ෂණාත්මකව කරුණු සොයා බැලීමේදී ඉහත තත්ත්වය තහවුරු කර ගත හැකිය.

    ඊට අමතර වශයෙන් දිගින් දිගටම අප විසින් සිදු කරන ලද ඉල්ලීම් ගණනාවකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කොරෝනා හඳුනා ගැනීමේ RT-PCR පරීක්ෂණය ඉතා කාර්යක්ෂමව සිදු කළ හැකි රසායනාගාර 8ක් දිවයින පුරා ක්‍රියාත්මකව වන අතර, පසුගිය සති දෙකක කාලය තුල එම රසායනාගාරයන්හි සිදු කරන ලද පරීක්ෂණ ප්‍රමාණය පිළිබඳ දත්ත සැළකිල්ලට ගැනීමේදී

    1.       එකී රසායනාගාර කිසිවක් මෙතෙක් තම උපරිම ධාරිතාවට අදාලව RT-PCR පරීක්ෂණ සිදු කර නොමැති වීම

    2.       ආශ්‍රිතයන්ගේ පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර තිබියදීත් සමහරක් රසායනාගාර වෙත කිසිඳු නිදර්ශකයක් නොලැබුනු දිනයන්ද පැවතීම

    3.       දෛනිකව සමස්ථ රසායනාගාර සියල්ලේම සිදු කරන ලද පරීක්ෂණ වල උපරිමය 765ක්, අවමය 217ක් හා සාමාන්‍ය 440ක් ලෙස පැවතීම බරපතල ගැටළුවකි.

    තවද, කිසියම් හෝ කරුණක් මත වර්තමානයේ ලැබෙන නිදර්ශක ප්‍රමාණය මත,

    1.       වෛද්‍ය පර්යේෂණ ආයතනයේ PCR යන්ත්‍ර 7ක් පමණ පවතින නමුත් සාමාන්‍ය වශයෙන් භාවිතයට ගැනීමට අවශ්‍ය වන්නේ වන්නේ එක් යන්ත්‍රයක් හෝ දෙකක් පමණක් වීම

    2.       ශ්‍රී ලංකා ජාතික රෝහල තුල මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා ඉල්ලීම් ගණනාවක් සිදු කර ඇති නමුත් ඊට අවස්ථාව ලබා දී නොදීම

    3.       කොළඹ ජාතික රුධිර මධ්‍යස්ථානය තුල නවීනතම වර්ගයේ RT-PCR යන්ත්‍ර දෙකක් හා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය තුල පවතින RT-PCR යන්ත්‍රයක් මේ වන තුරුත් කොරෝනා හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා භාවිතා නොකිරීම.

    4.       මහරගම අපේක්ෂා රෝහලෙහි මේ වන විට සිදු කර ඇති සම්පූර්ණ කොරෝනා හඳුනා ගැනීමේ ප්‍රමාණය 40ක් වැනි ඉතා අවම ප්‍රමාණයක පැවතීම සැක උපදවන සුළුය.

    තවද, කොළඹ දිස්ත්‍රික්කය තුල කොරෝනා හඳුනාගැනීම සඳහා පහසුකම් සැපයිය හැකි සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රසායනාගාර 5 ක් (වෛද්‍ය පර්යේෂණ ආයතනය, මහරගම අපේක්ෂා රෝහල, ශ්‍රී ලංකා ජාතික රෝහල, ජාතික රුධිර මධ්‍යස්ථානය, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය) තිබියදී, ඊටත් අමතර වශයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අදාලව කොළඹ හා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාල වල පර්යේෂණ රසායනාගාර දෙකක් මෙම පරීක්ෂණ කටයුතු සිදු කරමින් පැවතියදී, උක්ත සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර සියල්ල සඳහා දැනට ලැබෙන නිදර්ශක ප්‍රමාණය ඉතා අවම මට්ටමක පැවතියදී කොරෝනා රේග හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පොද්ගලික රසායනාගාර 4ක් වෙත නිදර්ශක යොමු කිරීමට උත්සහ දැරීම බරපතල තත්ත්වයකි.

    උක්ත කරුණු සියල්ලම විමර්ෂණය කිරීමේදී කොරෝනා හඳුනා ගැනීමේ වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම කිසියම් අදිසි හස්තයන්ගේ උවමනාවන්ට නතු වෙමින් තිබෙන බව තහවුරු වන අතරම ප්‍රමාණවත් පරීදි නිදර්ශක නොමැති වීම හේතුවෙන් රජයේ රසායනාගාර වල පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාව අපතේ හරිමින් තිබියදී හා ශ්‍රී ලංකාව ලෝකයේ අවම පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කරන ලද රටවල් අතරට ශ්‍රේණිගත වීමත් එම තත්ත්වය වලක්වා ගැනීම සඳහා සිදු කරනු ලබන සියළු යෝජනාවන් සහ ඉල්ලීම් සෑම අවස්ථාවකදීම කිසියම් අපගමනයකට ලක් වීමත් අතර බරපතල අක්‍රමිකතාවයක පෙර නිමිති නිරීක්ෂණය වේ.

    මේ පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතර පෞද්ගලික අංශය වෙත නිදර්ශක යොමු කිරීමට පෙර අවම වශයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ උපරිම ධාරිතාවය සම්පූර්ණ කිරීම සඳහාත් ශ්‍රී ලංකා ජාතික රෝහල ඇතුළු කොළඹ අවට උක්ත ආයතනයන්හි එම පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා කටයුතු කරන ලෙසත්,‍් රසායනාගාර පිරීක්ෂණ සිදු කිරීම වේගවත් කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි

    ස්තුතිය

    මෙයට, විශ්වාසී     රවී කුමුදේශ් – සභාපති රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය                                                                                                                                                                                        

    පිටපත්: ජනාධිපති ලේකම්තුමාගරු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමියලේකම්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමානියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (විමර්ශන)
  • ශ්‍රී ලංකාවේ අපනයන නැවත ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් සැලසුම්

    ශ්‍රී ලංකාවේ අපනයන නැවත ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් සැලසුම්

    COVID-19 අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන වෙළඳපොළ තත්ත්වයන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයන නැවත ස්ථානගත කිරීමට එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල අපේක්ෂා කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙයි.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලු රාශියක් අවම කිරීම සඳහා වූ වෑයමක විදේශ අමාත්‍යාංශය නිරතව සිටිය ද, COVID-19 අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඉස්මතුවී තිබෙන වෙළඳපොළ තත්ත්වයන් පිළිබඳ සන්දර්භය හමුවේ, ශ්‍රී ලංකාවේ අපනයන නැවත ස්ථානගත කිරීම සඳහා ද ඊට සමාන්තරව උත්සාහ දරනු ලබන බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙය සාර්ථක වුවහොත්, පශ්චාත් COVID-19 ලෝකය තුළ ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් දාමයේ එක් පියවරක් ඉදිරියෙන් සිටිනු ඇතැයි ද ඔහු පැවසීය.

    මෙම සතිය මුල දී ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිණී සේවයේ ‘එතෙර මෙතෙර’ වැඩසටහනේ පෙනී සිටිමින් විදේශ ලේකම්වරයා මෙම අදහස් ඉදිරිපත් කළේය. මෙම බලපෑමට ලක් වූ කාලසීමාවේ දී ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ කොන්සියුලර් ජනරාල් කාර්යාල 67 ක ජාලය දරන ප්‍රයත්න පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මෙම අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශය විසින් මෙහෙයවනු ලබන සාම්ප්‍රදායික ‘ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන’ මෙම වෙනස් වී ඇති තත්වයන්ට මුහුණ දීම සඳහා වෙනස් කොට ඇති බවයි.

    මෙම ගෝලීය වසංගත කාලසීමාව තුළ දී රටේ ආර්ථිකය පවත්වාගෙන යාම සහ එයින් පසුව ඇතිවන ආර්ථික පසුබෑම අවම කිරීම සඳහා වූ රජයේ ආර්ථික සැලැස්මට සහාය වීම පිණිස විදේශ සබඳතා අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ එක්ව ශ්‍රී ලංකා නිෂ්පාදන නව වෙළඳපලවල් වෙත ප්‍රවේශ කරවීම පිළිබඳව අඛණ්ඩව ගවේෂණය කරමින් සිටින බව මෙහි දී සඳහන් විය. 

    COVID-19 ගෝලීය වසංගතයේ පසුබිම තුළ, වෙනස් වෙමින් පවතින ලෝක වෙළඳපොළ තත්ත්වයන් පිළිබඳව මෙන්ම, ඔවුන්ගේ අක්තගන්වා සිටින රටවල පවත්නා ක්‍රියා පටිපාටි, අවශ්‍යතා සහ සීමාවන් පිළිබඳව විදේශ දූත මණ්ඩල විසින් සිදුකරන සතිපතා යාවත්කාලීන කිරීම් මගින් දැනුවත් වෙමින්, තේ, කුළුබඩු, පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE), රබර් අත්වැසුම්, මුහුණු ආවරණ, නැවත භාවිතා කළ හැකි මුහුණු ආවරණ, ශල්‍ය මුහුණු ආවරණ, ශල්‍ය  හිස්වැසුම්, ශල්‍ය ඇඳුම්, සනීපාරක්ෂක අත්පිසින කඩදාසි, සැකසූ ආහාර, පලතුරු සහ එළවළු සහ මුහුදු ආහාර සම්බන්ධයෙන් රටවල් දහයක ආනයනකරුවන් සමඟ ශ්‍රී ලංකා අපනයනකරුවන් සම්බන්ධ කිරීමට මෙම වැඩපිළිවෙල මඟින් මෙතෙක් පහසුකම් සලසා තිබේ.

    මේ වන විට වෙළඳපොළ යාවත්කාලීන කිරීම් 56 ක් ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ගොනු කර ඇති බවත්, එම තොරතුරු වෙත අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය වන  https://www.edb.gov.lk/marketalerts හරහා පිවිසිය හැකි බවත්, ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී. එම්. අම්සා මහතා මෙහි දී සඳහන් කළේය.

    මේ දක්වා ලැබී ඇති වෙළඳපල යාවත්කාලීන කිරීම්වල සාරාංශයෙන් හෙළි වූයේ, පසුගිය දෙසතිය තුළ ක්‍රියාත්මක වූ කාල සීමාව තුළ තුර්කියට මෙට්‍රික් ටොන් 336 ක්, ඊජිප්තුවට මෙට්‍රික් ටොන් 100 ක් සහ ලිබියාවට මෙට්‍රික් ටොන් 25 ක් ද ඇතුළුව ශ්‍රී ලංකා තේ සඳහා රටවල් 21 කින්, මුහුණු ආවරණ සඳහා රටවල් 25 කින්, ආරක්ෂිත ඇඳුම් සඳහා රටවල් 15 කින්, පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) සඳහා රටවල් 13 කින් සහ රබර් අත්වැසුම් සඳහා රටවල් 15 කින් ඉල්ලුම් ලැබී ඇති බවයි. ආහාර ද්‍රව්‍ය සහ එළවළු සඳහා ද රටවල් 13 කින් ඉල්ලීම් ලැබී තිබේ.

    මැදපෙරදිග හා තුර්කියේ විවිධ ස්ථානවලට තේ තොග මෙන්ම තවත් නිෂ්පාදන කිහිපයක් යැවීම සම්බන්ධයෙන් අපනයන ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මෙම අමාත්‍යාංශය ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ කටයුතු කරයි. අපනයනකරුවන් මුහුණ දෙන දුෂ්කරතා හඳුනා ගනිමින්, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ අදාළ ලියකියවිලි නිෂ්කාශනය කිරීම පහසු කිරීම සඳහා, සැලකිය යුතු අපනයන ස්ථානවල රේගු සහ වෙනත් අදාළ ආයතන සමඟ එම ඉල්ලීම් පිළිබඳව මෙම අමාත්‍යාංශය විසින් විධිමත් ලෙස කටයුතු කරනු ලැබේ. අපනයන ලියකියවිලි සත්‍යාපනය කිරීම සඳහා සුදුසු පියවර ගනිමින්, කොළඹ පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල කිහිපයක් ද මෙම ප්‍රයත්නයට සහයෝගය ලබා දී ඇත.

    මීට අමතරව, වර්තමාන COVID-19 ගෝලීය වසංගතය සහ රටේ බොහෝ ප්‍රදේශවල පවතින ඇඳිරි නීතිය තිබියදීත්, ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට තීරණය කොට ඇති විදේශීය සංචාරකයින් 12,000 කට වැඩි පිරිසකට අවශ්‍ය පහසුකම් සලසමින් මෙම අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ද සහාය වෙමින් සිටියි. ආපසු සිය රටවල් බලා යාම සඳහා වාණිජ හා වරලත් ගුවන් ගමන් අඛණ්ඩව පැවතිය ද, මෙහි රැඳී සිටින බටහිර රටවල සංචාරකයින් 4000 කට අධික සංඛ්‍යාවක් මෙයට ඇතුළත් වේ. මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින් සඳහා වන වීසා බලපත්‍ර 2020 මැයි 12 වැනි දින දක්වා ස්වයංක්‍රීයව දීර්ඝ කරන ලදී.

  • Covid-19 පරීක්ෂණ වැඩපිළිවෙළ ගැන GMOA දැඩි කණස්සල්ල

    Covid-19 පරීක්ෂණ වැඩපිළිවෙළ ගැන GMOA දැඩි කණස්සල්ල

    Covid-19 පරීක්ෂණ පහසුකම් පුළුල් කිරීමේ වර්තමානය තත්ත්වය පිළිබද තම ස්ථාවරය පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ද (24) සිය ස්ථාවරය පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි ප්‍රථමයෙන්ම ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 යනු අවිනිශ්චිතභාවය හා බැදුණු රෝගයක් බව තම සංවිධානය විසින් පෙන්වා දුන් බවයි.

    එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ බහුතරයක් වූ රෝගීන් හදුනාගෙන ඔවුන් සමාජයෙන් ඉවත් කිරීමට ඇති එකම ක්‍රමවේදය පරීක්ෂණ පහසුකම් වැඩි දියුණු කිරීම බවයි. ඒ සදහා වන පරීක්ෂණ වැඩපිළිවෙළ වහාම රටට හෙළි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    මෙරට කොවිඩ් -19 වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබදව සමාජයේ දැඩි අවධානය යොමු යොමු විය යුතු එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වෙනවා.

  • ඉරිදා මව්බිම – CEYLON TODAY කරු ගැන බොරු කියයි

    ඉරිදා මව්බිම – CEYLON TODAY කරු ගැන බොරු කියයි

    අද දින (24) නිකුත් වූ ඉරිදා මව්බිම සහ එහි සන්ඩේ සිලෝන් ඉංග්‍රීසි පුවත්පතේ ‘ව්‍යවස්ථාදායක සභාවේදී මහින්දගෙන් කරුට මල්ටි බැරල් ප්‍රහාරයක්” යන සිරස්තලය යටතේ 2020.04.26 වන ඉරිදා දිනට නිකුත් වන  ජාතික පුවත්පතක සහ එම පුවත්පතෙහිම ඉංග්‍රීසි මුද්‍රණයෙහි  karuj comes under fire යන සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බව කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

    ව්‍යවස්ථාදායක සභාවේදී මහින්දගෙන් කරුට මල්ටි බැරල් ප්‍රහාරයක්” යන සිරස්තලය යටතේ 2020.04.26 වන ඉරිදා දිනට නිකුත් වන  ජාතික පුවත්පතක සහ එම පුවත්පතෙහිම ඉංග්‍රීසි මුද්‍රණයෙහි  karuj comes under fire යන සිරස්තලය යටතේද දක්වා ඇති තොරතුරු පිළිබඳව කරුණු පැහැදිලි කීරිමයි.

    උක්ත සිරස්තල දෙක තුළින් සහ ඒවායේ අන්තර්ගතයෙන් හුවාදැක්වීමට උත්සාහ කර ඇත්තේ 2020 අප්‍රේල් 23 වන දින පැවැත්වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා  රැස්වීමේදී කිසියම් මතභේදාත්මක තත්වයක් උද්ගත වු බවයි. නමුත් එම රැස්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කිසිදු සාමාජිකයෙක් විසින් එහි වෙනත් සාමාජිකයෙකු වෙත චෝදනා කිරිමක් හෝ කිසියම් දෝෂ දර්ශනයට ලක් කිරිමක් සිදු නොවු බවත්, රටේ පවතින තත්වය පිළිබඳව හැඟීමකින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ උත්තරීතර බව පිළිබද අවබෝධයකින් යුතුව ඉතා වගකීමෙන් සාකච්ඡාවේ යෙදුණු බවත්, අවධාරණය කරමු.

    උක්ත පුවතෙහි සඳහන් වන ආකාරයට හිටපු රාජ්‍ය ආමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් හිටපු කථානායකවරයා වෙත තියුණු වාග් ප්‍රහාරයක් (මල්ටි බැරල් ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී ඇත.) එල්ල කළ බවට ඇති සඳහනද මුළුමනින්ම සාවද්‍යය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කැඳවීමේ ලිපියෙහි “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති හා හිටපු කථානායක” යන යෙදුම වෙනුවට “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති හා කථානායක” යනුවෙන් මුද්‍රණය වී තිබිම අතපසුවීමක් බව සියලුදෙනා විසින්ම පොදුවේ පිළිගත් අතර මේ මොහොතේ කාර්යාලයන්හි දෛනික ක්‍රියාවලිය සුපුරුදු නිලධාරීන් අතින් සිදු නොවන වාතාවරණය තුළ ආරාධනා ලිපිය සකස් කිරිමේදී එය නිලධාරියෙකු අතින් සිදු වු අතපසුවීමක් බවද සලකන ලදී.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාකච්ඡාවට ගැණුනු අතිශයින් වැදගත් කාලීන මාතෘකා ගණනාවක් තිබියදී  මෙවන් කරුණක් උලුප්පා දක්වමින් ඒ වටා ගොතන ලද අසත්‍ය පුවතක් නිර්මාණය කර ප්‍රධාන සිරස්තලය යටතේ පළ කිරිම පිළිබඳව අප අතිශයින් කණගාටු වන්නෙමු.

    කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා පැය 72ක් ගතවීමටත් පෙරාතුව සිය කාර්යාල, නිල නිවාස, නිල  වාහන ඇතුළු සියලු දේ නැවත  භාර දී සාමාන්‍ය පුරවැසියෙකු ලෙස තම නිවස බලා පිටත්ව ගිය හිටපු කථානායක කරු ජයසුරිය මහතාට තවදුරටත් “කථානායක” යන පදවි නාමය භාවිතා කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද පෙන්වා දෙමු.

    ස්තුතියි – කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය – වෙනුවෙන් චමින්ද ගමගේ

    (මෙහි ඉරිදා මව්බිම හා සන්ඩේ සිලෝන් යන නම සදහන් කරන ලද්දේ සංස්කාරකවරයා විසිනි. මාධ්‍ය නිවේදනයේ අදාළ පුවත්පත්වල නම සදහන් නොවීය. නමුත් අප පාඨකයින් ඇත්ත තත්ත්වය දැනගත යුතුය)

  • ගම්පහ දරුවන්ට අවශ්‍ය එන්නත් ලබා දීම සදහා ක්‍රමවත් වැඩපිළවෙළක් ඕනෑ – ඇමැති ප්‍රසන්න

    ගම්පහ දරුවන්ට අවශ්‍ය එන්නත් ලබා දීම සදහා ක්‍රමවත් වැඩපිළවෙළක් ඕනෑ – ඇමැති ප්‍රසන්න

    ඇදිරි නීතිය නිසා නියමිත එන්නත් ලබා ගැනීමට නොහැකිව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩා දරුවන්ට අවශ්‍ය එන්නත් ලබා දීම සදහා ක්‍රමවත් වැඩ පිළවෙලක් සකසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ සෞඛ්‍ය බළධාරීන්ට උපදෙස් දෙයි. මේ සදහා  ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල සහාය ලබා ගන්නා ලෙසද ඇමතිවරයා මෙහිදී අදාල අංශ වෙත උපදෙස් ලබා  දුන්නේය.

    අද (24) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 නිවාරණය සදහා අත්‍යශ්‍ය සේවා සැපයීමේ කමිටුවේදී මෙම තීරණයට එළඹිණ.

    සෞඛ්‍ය අංශ මෙහිදී පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් ඉහළ සෞඛ්‍ය බළධාරීන්ගෙන් මේ සදහා අවශ්‍ය උපදෙස් ලබා ගතයුතු බවය. අදාල උපදෙස් ලබා ගෙන අවශ්‍ය ක්‍රමවේදය ඉදිරිපත් කරන්නැයි ඇමතිවරයා මෙහිදී ගම්පහ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරියට උපදෙස් දුන්නේය. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්ධන වැඩ සටහනක් කඩිනමින් ආරම්භ කරන ලෙසද ඇමතිවරිය සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දුන්නේය. මේ වන විට ආරම්භවී ඇති වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමක් ඇති බැවින් ඒ පිළිබදව කඩිනම් අවධානය යොමු කල යුතුව ඇතැයිද ඇමතිවරයා මෙහිදී කීවේය.

    මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ රු 5000 දීමනාව ලබා දීමේ ප්‍රගතිය පිළිබදවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. උද්ගතව ඇති ව්‍යවසනාකාරී තත්ත්වය නිසා ආර්ථික වශයෙන් රුපියල් 5000 දීමනාව පවුල් 4,30,447 කට ලබා දී ඇති බවද මෙහිදී හෙලි විය. තවත් අභියාචනා 95,709 කට ගෙවීම ඉදිරි දිනවලදී සිදු කීරමට නියමිතය.

  • උසස් පෙළ හා 5 වසර සිසු ගැටලු ගැන නලින්ද ජයතිස්ස අගමැතිට ලියයි

    උසස් පෙළ හා 5 වසර සිසු ගැටලු ගැන නලින්ද ජයතිස්ස අගමැතිට ලියයි

    CORONA වසංගත තත්වය නිසා දුෂ්කරතාවයට පත්වී තිබෙන උසස් පෙළ හා 5 වසර දරුවන්ගේ ගැටලූ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය පහත දැක්වේ.

    වෛද්‍ය නලින්ද ජයතිස්ස
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,
    464/20, පන්නිපිටිය පාර,
    පැලවත්ත,
    බත්තරමුල්ල

    ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
    අරලියගහ මන්දිරය,
    කොළඹ.

    ගරු අගමැතිතුමනි,

    CORONA වසංගත තත්වය නිසා දුෂ්කරතාවයට පත්වී තිබෙන
    උසස් පෙළ හා 5 වසර දරුවන්ගේ ගැටලූ පිළිබඳවයි

    දැනට  අප රට තුළ ඇති වී තිබෙන CORONA වසංගත තත්වය නිසා මාර්තු මස එකොළොස් වන දා සිට පාසල් වසා දැමීමත්, මාර්තු මස විසි වනදා  සිට රට තුළ ක්‍රියාත්මක වන ඇඳිරි නීති තත්ත්වය නිසාත් මෙම වසරේ අගෝස්තු මස දී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දමට සිසුදරුවන් විශාල ගැටලූවකට මුහුණ දී තිබේ.

    විශේෂයෙන්ම මේ වනවිට පාසල් වසා දමා දින හතලිස් පහකට  අධික කාලයක් ගත වී තිබෙන නිසාත්, පාසල් ආරම්භ කිරීමට දැනට රජය යෝජනා කර තිබෙන මැයි එකොළොස් වැනිදා වුවද, දැනට අලූතෙන් හඳුනා ගැනෙන CORONA රෝගීන් ප්‍රමාණය නිසා ප්‍රායෝගික නොවන බව දැනෙන නිසාද ,මෙම අගෝස්තුවේ මෙම විභාග වලට මුහුණ දීමට සිටින සිසු දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සිදුකර ගැනීමට නොහැකිව  ඇති බව ඔබතුමාට පැහැදිලිව වැටහෙනවා ඇත.

    දැනට අධ්‍යාපන බලධාරීන් විසින් උසස් පෙළ විෂය මට්ටමින් යම් යම් සහන ලබාදිය හැකි බවට ප්‍රකාශකර ඇතත් එම සහන නිශ්චිතව සඳහන් නොකිරීමත්, මේ වන විටත් ක්‍රියාත්මක නොකර තිබීමත්, ඒ ඒ පිළිබඳ ප්‍රශ්නයට සෘජුවම මුහුණ දී සිටින සිසු දරුවන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් පුළුල් කරුණු විමසීමක් සිදු නොකර තිබීමත් නිසා එම සහන වල ප්‍රායෝගික භාවය දැනට වලංගු වන්නේ නැත.

    මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් මුහුණ දී ඇති ගැටලු සැලකුවහොත්,


    1. CORONA වසංගතය නිසා පාසල් වසා තැබීම නිසා උසස් පෙළ විෂය නිර්දේශ අවසන් කර ගැනීමට නොහැකි වීමේ ගැටලූව
    2. බොහෝ සිසු දරුවන් උසස් පෙළ සඳහා උසස් උපකාරක පන්ති යාමට පෙළඹී සිටින බැවින් උපකාරක පන්ති පැවැත්වීමට ඇති නොහැකියාව
    3. මෙවර උසස් පෙළ පළමු වරට හා දෙවන වරට මුහුණ දී සිටින සිටින සිසු දරුවන් සියලූ දෙනාටම ගිය වසරේ අප්‍රේල් මස ඇතිවූ පාස්කු ප්‍රහාරයත්, මේ වසරේ   CORONA වසංගතයත්   නිසා වසර දෙක තුළදී ම විභාගයට ආසන්නම මාස වලදී විශාල ගැටලූවලට මුහුණ දීමට සිදුවූ අය වීමත්,
    4. බස්නාහිර පළාත තුළ නේවාසිකව උසස් පෙළ සඳහා ඉගෙන ගන්නා දරුවන් ජදරදබ් තත්ත්වයට නිවෙස්වලට  යාමේදී අවශ්‍ය සියලූම පොත්පත් රැගෙන නොයාම නිසා මුහුණ ද තිබෙන ගැටලූ.
    5. විෂයමාලාව මාරු කරගෙන එක් වසරක් තුළ  නව විෂය මාලාව සම්පූර්ණ කරගැනීමට උත්සාහ දරන සිසු සිසුවියන්ට සිදුවන විශේෂ දුෂ්කරතාවය.
    6. උසස් පෙළ විභාගයට තව ඇත්තේ මාස තුනක් වැනි කාලයක් නිසා මෙම මාස තුනක කාලයේ දී අත්හැරුණු විෂය මාලාවන් කෙතරම් වේගවත් වැඩපිළිවෙළක් හරහා වුවද සම්පූර්ණ කරගැනීමට ඇති දුෂ්කරතාවය.
    7. අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතු ලබා දීම ප්‍රායෝගිකව බහුතර පිරිසකට සිදු නොවීම.
    ආදී ගැටලූ රාශියක් සඳහන් කළ හැක.
    එමෙන්ම 5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටින දරුවන්ටද දැනට පවතින අවිනිශ්චිතතාවය මත පීඩාකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

    එම නිසා
    1. මෙම සිසුදරුවන් මුහුණදී ඇති ගැටළු පිළිබඳ මහජන අදහස් ( Online Public Hearing ) අන්තර්ජාලය මාර්ගයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා ගැනීම. (කෙටි කලක් තුළදී).
    2. ඉහත මහජන අදහස්ද සැළකිල්ලට ගෙන අගෝස්තුමසදී පැවැත්වීමට ඇති උසස් පෙළ හා පහවසර විභාග පිළිබඳව තීරණය කිරීමට ප්‍රවීණ අධ්‍යාපනඥයන් ගෙන්, පාසල් සහ විශ්වවිද්‍යාල ගුරුවරුන්, සෞඛ්‍ය විශේෂඥයන් ඇතුළු ප්‍රවීණයන්ගෙන්  සමන්විත  කමිටුවක් පත්කරීම.
    3. මෙම තත්වයට ම මුහුණ දී සිටින අනෙකුත් රටවල් යොදාගෙන ඇති වඩා සාර්ථක  සහ අප රටට ප්‍රායෝගික වන ක්රියාමාර්ග පිළිබඳ සොයා බැලීම.
    4. මෙම කමිටුව මගින් ගන්නා තීරණ අවම වශයෙන් මැයි මස තෙවන සතිය ට පෙර වත් ක්‍රියාත්මක කිරීම.

    ස්තුතියි,
    මෙයට,

    වෛද්‍ය නලින්ද ජයතිස්ස
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී