Tag: featured

  • COVID-19 සයිබර් තර්ජනවල ක්‍රියාකාරීත්වයේ ඉහළ යාමක්

    COVID-19 සයිබර් තර්ජනවල ක්‍රියාකාරීත්වයේ ඉහළ යාමක්

    COVID-19 වයිරස තත්වය යොදාගනිමින් සිදුවන සයිබර් ප්‍රහාර ඉහල යාමක් මේ දිනවල පෙන්නුම් කරනු ලබන අතර සයිබර් ආරක්ෂණ ආයතයක් විසින් හතලිස් දහසකට අධික COVID-19 සයිබර් තර්ජන හදුනාගැනීමට සමත්වී තිබෙනවා.

    සයිබර් ප්‍රහාර සිදුකිරීමට නිර්මාණය කර තිබෙන මෙම වෙබ් අඩවි වලට පිවිසෙන පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත, මුරපද සොරාගැනීමට සහ අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය කිරීමට සයිබර් ප්‍රහාරකයන් විසින් කටයුතු කරනු ලබයි. 

    ශ්‍රී ලංකාවෙහිද මෙවැනිම ආකාරයේ සයිබර් තර්ජන වල ඉහල යාමක් දැකගත හැකි අතර සමාජයේ දැඩි ඉල්ලුමක් පවතින මුහුණු ආවරණ, Sanitizer වැනි භාණ්ඩ නොමිලේ ලබාදෙනවා යැයි පවසා පෞද්ගලික දත්ත රැස් කිරීමේ වෙබ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ලැබී ඇත.

    තවද “free COVID-19 testing” නම් ඊමේල් පණිවිඩයක් මුවාවෙන් Trickbot වැනි අනිෂ්ට මෘදුකාංග පරිශීලකයාගේ පරිගනයකයට ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක්ද මේ දිනවල ක්‍රියාත්මක වන අතර මෙවැනි ආකාරයේ පණිවිඩයක් ඔබට ලැබුනුහොත් එය විවෘත කිරීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දෙමු. 

  • Covid-19 චීනයෙන් ගෙන්වූ පරීක්ෂණ කට්ටල භාවිතය ඉන්දියාව නතර කරයි

    Covid-19 චීනයෙන් ගෙන්වූ පරීක්ෂණ කට්ටල භාවිතය ඉන්දියාව නතර කරයි

    කොරෝනාවෛරසයට එරෙහිව ප්‍රතිදේහ පවතීදැයි හඳුනා ගැනීම සඳහා චීනයෙන් ගෙන්වා ඇති පරීක්ෂණ කට්ටල භාවිත කිරීම නතර කරන ලෙස ඉන්දියාවේ ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ සංවිධානය එරට බලධාරීන්ට දැනුම් දී ඇත.

    එම සංවිධානය මෙම පියවර ගෙන ඇත්තේ චීන පරීක්ෂණ කට්ටල දෝෂ සහිත බවට ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් ය.

    ඉන්දියාව පුරා කොරෝනාවෛරස් පරීක්ෂණ ශීඝ්‍රයෙන් සිදු කිරීම සඳහා පරීක්ෂණ කට්ටල මිලියනයකට ආසන්න තොගයක් චීනයෙන් ආනයනය කර ඇත.

    එම පරීක්ෂණ කට්ටල හරියාකාරව ක්‍රියා නොකරන බවට ඉන්දීය ප්‍රාන්ත කිහිපයකින් ම පැමිණිලි ලැබී තිබේ.

    මෙම පරීක්ෂණ කට්ටල පිළිබඳව තවත් රටවල් කිහිපයකින් ම පැමිණිලි ඉදිරිපත් වූ නමුත් එම පරීක්ෂණ කට්ටලවල ප්‍රමිතිය පිළිබඳව නැගෙන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි.

    ඉන්දියාවේ සිදුවන්නේ කුමක්ද?

    යටත් පිරිසෙයින් ඉන්දීය ප්‍රාන්ත තුනක් මෙම පරීක්ෂණ කට්ටල පිළිබඳව සිය අසතුට ප්‍රකාශ කර තිබේ.

    ඉන්දියාවේ උතුරු කලාපයේ පිහිටි රාජස්තාන් ප්‍රාන්තය මෙම කට්ටල භාවිත කිරීම සපුරා ප්‍රතික්ෂේප කර ඇත.

    එම ප්‍රාන්තයේ බලධාරීන් පවසන්නේ මෙම පරීක්ෂණ කට්ටලවල නිරවද්‍යභාවය 5%කට පමණක් සීමා වී පැවතුණු බවය.

    කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ රෝගීන් ද මෙම කට්ටල යොදා ගනිමින් පරීක්ෂා කළ බවත් එහිදී ඔවුනට කොරෝනාවෛරසය ආසාදනය වී නොමැති බවට ප්‍රතිඵල ලැබුණු බවත් ඔවුහු තවදුරටත් පැවසුහ.

    මෙම හේතුව නිසා, චීනයෙන් ගෙන්වා ඇති පරීක්ෂණ කට්ටල හොඳින් පරීක්ෂා කර බලන තුරු ඒවා භාවිත කිරීම දින දෙකකට නවතා දමන ලෙස දැනුම් දීමට ඉන්දීය වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (ICMR) පෙළඹී තිබේ.

    කෙසේ නමුත්, කොරෝනාවෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා මූලික සහ ප්‍රධාන ක්‍රමවේදය ලෙස මෙවැනි ඉක්මනින් ප්‍රතිඵල ලබා දෙන පරීක්ෂණ කට්ටල භාවිතා කිරීම පිළිබඳව තමන් කල්තියා අනතුරු ඇඟවීම් කර තිබුණු බව ද එම කවුන්සිලය පැවසීය.

    මෙම පරීක්ෂණ කට්ටල ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?

    මෙහි පවතින්නේ ඉතා සරල ක්‍රමවේදයකි. මෙම පරීක්ෂණය පදනම් වී ඇත්තේ කොරෝනාවෛරසයට එරෙහිව සිරුර තුළ තැනුණු ප්‍රතිදේහ, රුධිර සාම්පලයක පවතීදැයි හඳුනා ගැනීම මතය.

    කාන්තාවක් ගැබ් ගෙන ඇත්දැයි නිශ්චය කිරීම සඳහා භාවිත කෙරෙන “ඔව්/නැත” (“yes/no”) යන ප්‍රතිඵලය සඳහන් කෙරෙන සරල පරීක්ෂාවකට මෙය බොහෝ දුරට සමානය.

    මෙම පරීක්ෂාවෙන් අදහස් වන්නේ අදාළ පුද්ගලයාට නව කොරෝනාවෛරසය ආසාදනය වී ඊට එරෙහිව සිය සිරුර තුළ ප්‍රතිශක්තිය වාර්ධනය වී ඇත්දැයි හඳුනා ගැනීමය.

    මෙම පරීක්ෂණ කට්ටලය නිසා ලෝකය නැවත යතා තත්වයට පත් කර ගැනීමට හැකිවනු ඇතැයි බොහෝ රටවල් අපේක්ෂා කළහ.

    එහෙයින්, මෙවැනි පරීක්ෂණ කට්ටල තම රට තුළ නිෂ්පාදනය කිරීමට උත්සාහ කරන අතරතුර චීනයෙන් ඒවා විශාල ප්‍රමාණයක් ඇනවුම් කිරීමට ලොව පුරා රටවල් බොහොමයක් පියවර ගත්තේය.

    කෙසේ නමුත් ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයකම මේ වනවිට එම පරීක්ෂණ කට්ටල පිළිබඳව ප්‍රශ්න මතුවී තිබේ.

    අනෙක් රටවල් මුහුණ දුන් ප්‍රශ්න මොනවාද?

    ඇමරිකා එක්සත් ජනපදයේ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබුණේ “සැක සහිත ප්‍රමිතියකින්” යුත් පරීක්ෂණ කට්ටල ඇමරිකානු වෙළඳපොළ වෙත ගලා විත් ඇති බවය.

    එම පරීක්ෂණ කට්ටල භාවිත කරමින්, අදාල ප්‍රතිදේහ නොමැති පුද්ගලයන් මත කෙරුණු පරීක්ෂණ වලදී පවා ඔවුන් සතුව ප්‍රතිදේහය පවතින බවට ප්‍රතිඵල ලැබී ඇති බව එම පුවත්පත වාර්තා කර තිබුණි.

    මෙම පරීක්ෂන කට්ටල සතු සංවේදීතාවය පහල මට්ටමක පවතින බව එක්සත් රාජධානියේ විද්‍යාඥයෝ පැවසුහ.

    බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් මාධ්‍යයට ප්‍රකාශ කළේ එම කට්ටල “එතරම් හොඳ මට්ටමක නොමැති” බවය.

    මේ අනුව පෙනී යන්නේ, සංකීර්ණ සහ වැඩි කාලයක් ගතවන නමුදු දැනට පවතින එකම විශ්වාසනීය ක්‍රමය වන්නේ රසායනාගාර පරීක්ෂාව බවය.

    Full text by bbc sandesaya

  • PCR පරීක්ෂණ සදහා පෞද්ගලික රෝහල්වල සහාය ගන්නවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

    PCR පරීක්ෂණ සදහා පෞද්ගලික රෝහල්වල සහාය ගන්නවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

    COVID-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවිමත් සමග ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

    ඒ අනුව මෙම PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට පෞද්ගලික රෝහල්වල තිබෙන පහසුකම් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ වනවිට දිනකට, රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින්, නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින් සහ පරීක්ෂණ වලට භාජනය කළ යුතු සමාජයේ පුද්ගලයින් 800 කගේ පමණ සම්පල රජයේ සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂාවට ලක්කරනු ලබන අතර, මෙම පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන්ගේ මතය වී ඇත. ඒ තුලින් ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් හදුනා ගත හැකි බව ද සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.

    PCR පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික රෝහල්වල සහාය ලබාගැනීම සදහා විශේෂ සාකච්ඡාවක් රාජගිරියේ පිහිටි COVID-19 පැතිරීම වැළෑක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (23) පෙරවරුවේ සෞඛ්‍ය හා දේශීය දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

    මෙම අවස්ථාවට පෞද්ගලික රෝහල් වන ආසිරි, නවලෝක, ඩර්ඩන්ස්, ලංකා යන රෝහල් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වුහ. මෙහිදී ඔවුන් විසින් පැවැසුවේ දිනකට එක් රෝහලකින් සාම්පල් 100 ක් පරීක්ෂා කොට වාර්තා ලබාදීමට හැකි බවයි. ඒ අනුව දිනකට 1000 වැඩි PCR පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කළ හැකි වන අතර, එම රෝහල් සමග පුළුල්ව සාකච්ඡා කොට කොවිඩ් 19 වෛරස පරීක්ෂණ කටයුතු සදහා සහාය ලබාගැනීමට සෞඛ්‍ය අමත්‍යාංශය කටයුතු කරනු ඇත.

    මෙම අවස්ථාවට යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු සෞඛ්‍ය බලධාරින් හා පෞද්ගලික රෝහල් නියෝජනය කරමින් සෞඛ්‍ය බලධාරින් එක්ව සිටියහ.

  • කැබිනට් තීන්දු සියල්ල මෙන්න…

    කැබිනට් තීන්දු සියල්ල මෙන්න…

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගත් කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද (23) සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත් වුණා. එහිදී අමාත්‍යවරයා විසින් දැනුම් දුන් කැබිනට් තීරණවල සාරාංශයක පහත පළ වෙනවා.

    PMD NEWSEdit

  • වැලිසර නාවික හමුදා කදවුරේ 30කට කොරෝනා – අද දිනය තුළ ආසාදිතයින් 38ක්

    වැලිසර නාවික හමුදා කදවුරේ 30කට කොරෝනා – අද දිනය තුළ ආසාදිතයින් 38ක්

    වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතුව සිටි තවත් නාවික හමුදා සෙබළුන් 29 දෙනකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම පුවත යුද්ධ හමුදාපතිවරයා විසින් ද තහවුරු කළ බවයි ජාතික මාධ්‍ය විසින් වාර්තා කළේ.‍

    මෙසේ එකවර නාවික සෙබළුන් 29 දෙනකුට කොවිඩ්-19 ආසාදනය වී ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට නිවාඩු ලබා, පසුගිය 17 වැනිදා පොලොන්නරුවේ සුභූති පුර පිහිටි තම නිවසට ගිය නාවික සෙබළාගෙන් බවයි වාර්තා වන්නේ. මෙම තත්ත්වය මත වැලිසර නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම හුදෙකළා කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්වාස කටයුතු මූලාශ්‍ර සදහන් කරන්නේ ජාඇළ සුදුවැල්ලේ කොවිච්-19 ආසාදිතයින් වැටලීමට ගිය කණ්ඩායමට මෙම නාවික හමුදා සෙබළුන් අයත්වන බවයි.

    මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවියේ ප.ව 21.04ට සිදුකළ යාවත් කාලීන කිරීම් අනුව අද (23) දිනයේ ප.ව 21.04 වන විට කොවිඩ්-19 ආසාදිතයින් 38 දෙනකු වාර්තා වීම සමග මුළු ආසාදිතයින් සංඛ්‍යාව 368 දක්වා වර්ධනය වී තිබෙනවා.

  • සජිත් කල්ලියේ අන්තිම තුරුම්පුවත් ඉවරයි – පාර්ලිමේන්තුව කැදවන්න කරු කැමති නෑ

    සජිත් කල්ලියේ අන්තිම තුරුම්පුවත් ඉවරයි – පාර්ලිමේන්තුව කැදවන්න කරු කැමති නෑ

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) පෙරවරුවේ එහි සභාපති හා හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර්. සම්බන්ධන් මහතා, මහින්ද සමරසිංහ මහතා, බිමල් රත්නායක මහතා සහ තලතා අතුකෝරළ මහත්මියද ඊට සහභාගී වූහ.

    ඔවුනට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා හා නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතාද ඊට එක්ව සිටියහ.

    සාකච්චාව ආරම්භයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෝ සියළුම ස්වාධීන කොමිෂන් සභා වල ප්‍රගතිය සමාලෝචනයට ලක් කළහ. ස්වාධීන කොමිෂන් සභා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එවා තිබූ කාර්ය සාධන වාර්තා මෙහිදී අවධානයට ලක් විය.

    ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත එවා තිබූ ලිපි 02ක් ද මෙහිදී අවධානයට ලක් විය.

     මැතිවරණ කාලසීමාවේදී පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදුකරන පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සහ පත්වීම් ලබාදිම් පොලිස් කොමිෂන් සභාව විසින් මැතිවරණ කොමිසමේ එකඟත්වය ඇතිව සිදුකළ යුතු බව එක් ලිපියක සඳහන් විය.

    මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කිහිපදෙනෙක් මේ වන විට සිදු කර ඇති පොලිස් ස්ථාන මාරුකිරීම් පිළිබඳව කරුණු මතු කළහ.ඒ අනුව මේ පිළිබඳ පොලිස් කොමිෂන් සභාවේ අවධානය යොමු කරවීමට මෙහිදී තීරණය කරන ලදී.

    එමෙන්ම හානිපූර්ණය සම්බන්ධව වන කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එම කාර්යාලයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට හැකි වන ලෙස එම පුරප්පාඩු මීළඟ රැස්වීමේදී සම්පූර්ණ කිරීමටද මෙහිදී තීරණය විය.

    ඉන්පසුව කෝවිඩ් 19 වසංගතය මෙරට පවතින තත්ත්වය හා එය වැලැක්වීමට රජය ගෙන ඇති පියවර මෙන්ම ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අනුගමනය කරමින් තිබෙන පියවර ද ගරු මහින්ද රාජපක්ෂ මහතා විසින් දීර්ඝව පැහැදිලි කරන ලදී.

    කෝවිඩ් 19 වසංගතය හමුවේ මැදපෙරදිග රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටළු සොයාබලා එම ගැටළු නිරාකරණය කිරීමට පියවර ගනිමින් සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය. එමෙන්ම විදේශ රටවල අධ්‍යාපනය සඳහා ගොස් සිටින සිසුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට ගනු ලබන පියවර ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    මේ අතර කෝවිඩ් 19 වසංගතය සමඟ රට තුළ ඇති වී තිබෙන ජාතික ව්‍යසනය විසඳීමට පටු දේශපාලන වාසි නොතකා සියළු දේශපාලන පක්ෂ භේදයකින් තොරව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී කරු ජයසූරිය මහතා අවධාරණය කළේය.

    එමෙන්ම මෙම ව්‍යසනයට මුහුණ දීමේදී විධායකය පසුගිය පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේද අදහස් ලබා ගනිමින් කටයුතු කිරීම සුදුසු වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කිහිපදෙනෙක්ම අදහස් දක්වමින් කියා සිටිය හ.

    පාර්ලිමේන්තුව නැවත කැඳවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය තුළ පවතින කතාබහ පිළිබඳව අදහස් දැක්වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුව තමන් විසින් කැඳවා තවත් අර්බුදයක් ඇති කිරීමේ අදහසක් නොමැති බව සඳහන් කළේය.

    මෙවැනි ව්‍යවස්ථාමය ගැටළුවකදී අර්ථ නිරූපණයක් ලබා දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් ලබා දෙන තීන්දුවකදී ඒ අනුව කටයුතු කිරීමට තමන් බැඳී සිටින බවත් ජයසූරිය මහතා පැවසුවේය.

  • ඇදිරි නීතිය නැතත් නිරෝධාන නීති  දැඩිව ආරක්ෂා කරනවා

    ඇදිරි නීතිය නැතත් නිරෝධාන නීති දැඩිව ආරක්ෂා කරනවා

    සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් පොලීස්පති වරයා වෙත පවරා ඇති බලතල මත ඇදිරි නීතිය නොමැති අවස්ථාවන් වලදී  නිරෝධායන රීතිවලට අනුව සෞඛ්‍ය උපදෙස් කඩකරනු ලබන අයවළුන්ට එරෙහිව පොලිස් නිලධාරීන් විසින් නිතීමය කටයුතු සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (23) කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි. මේ සදහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද සහභාගී වුණා.

    මේවන විට විවිධ ප්‍රදේශයන්හී ඇදිරි නීතිය ඉවත්වී ඇති අතර, සමහර ප්‍රදේශයන්ශී තවදුරටත් ඇදිරි නීතීය ක්‍රියාත්මක වනු ඇත. එසේම, මේ කාලවකවානුව තුළ ජනතාවගෙන් ඉටුවිය යුතු යුතුකම සහ වගකීම නියම ආකාරයෙන් සිදු කිරිමට කටයුතු කළ යුතුය.

    ඒ වගේම පොදු ප්‍රවාහන සේවය සපයනු ලබන ලංකා ගමනා ගමන මණ්ඩලය හා අනෙකුත් පුද්ගලික ප්‍රවාහනය පහසුකම් සපයන්නන්‍ගෙන් ඉල්ලා සිටිනුයේ 50% නොවැඩි මගීන් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන ලෙසත් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් මත පමණක් ක්‍රියා කර සමාජ දුරථභාවය තබාගන්නා ලෙස දන්වා සිටිනු ලැබේ.

    ඒවගේම විශේෂයෙන්ම කාර්යාලවල රාජකාරීන් සිදු කිරිමේදී නියම කරනු ලැබූ සේවක සංඛ්‍යාව මගින් පමණක් සහ ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් මත රාජකාරීන් කරගෙන යන ලෙස ආයතන ප්‍රධානින් වගබලා ගත යුතුය.

    දහවල් කාලය තුළ ඇදිරි නීතිය ඉවත් කරන ලද ප්‍රදේශවල සහ ඇදිරි නීතීය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සහ සුවිශේෂි කරුණක් හැර දිස්ත්‍රික් මායිම් හරහා ගමන් කිරිම තහනම් වන අතර, ඒ සඳහා පොලිස් මාර්ග බාදක 944 ක් පමණ හා දිස්ත්‍රික් මායිම් සඳහා මාර්ග බාදක 262 ක් යොදවා ඇත.

    එසේම සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් පොලීස්පති වරයා වෙත පවරා ඇති බලතල මත ඇදිරි නීතිය නොමැති අවස්ථාවන් වලදී  නිරෝධායන රීතිවලට අනුව සෞඛ්‍ය උපදෙස් කඩකරනු ලබන අයවළුන්ට එරෙහිව පොලිස් නිලධාරීන් විසින් නිතීමය කටයුතු සිදු කරනු ලබයි.

    ඇදිරි නීතිය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා පුද්ගලයින් 36115 ක් ද, වාහන 10000 ක් ද, අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කරනු ලබයි.

  • කොළඹට පැමිණෙන පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වයට හදිසි පරීක්ෂාවට

    කොළඹට පැමිණෙන පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වයට හදිසි පරීක්ෂාවට

    ඊයේ (22) දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මගින් ඔවුන්ගේ යතුරුපැදි 20 ක් පමණ යොදාගනිමින් කොළඹ නගරය අවට අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය හදිසි පරික්‍ෂාවකට ලක් කරන අතර, එහිදි ඔවුන් යම් නිරීක්‍ෂණයකට ලක්වුහොත් ඉදිරිපියවරයන් සඳහා  සෞඛ්‍ය අංශ වෙත යොමු කරනු ලබන බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (23) කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි. මේ සදහා නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වුණා.

    ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේද ප්‍රකාශ කළා.

    අද (23) දින ඉන්දියාවේ සිට UL-1146 දරණ මගී ගුවන් යානයෙන් අධ්‍යාපනය හැදැරීමට ගොස් සිටි සිසුන් 101 දෙනෙකු මෙරටට පැමිණි අතර, ඔවුන් සියළු දෙනා යුද්ධ හමුදාව වෙතින් පාලනය කරනු ලබන පූනානී නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකරන ලදී.

    එසේම, ඉදිරි දිනයන්වලදී ශ්‍රී ලංකා රාජය විසින් මෙවැනි පුද්ගල කණ්ඩායම් විදෙස් රටවල සිට මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති අතර, එහිදි ප්‍රථමයෙන් දකුණු ආසියානු (SAARC) කාළාපයට ප්‍රමුඛත්වයක් ලබාදෙනු ඇත.

    යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානී නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකළ පුද්ගලයින් 16 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (23) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී. ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 26 ක් තුළ 2744 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

    අද (23) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් 4366 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. ඊයේ දිනයේදී PCR පරික්‍ෂණවලින් පසු කොවිඩ් 19 ආසාදිතයන් වශයෙන් 20 දෙනෙකු හදුනාගනු ලැබුවා. ඉන් 13 දෙනෙකු බේරුවල ප්‍රදේශයෙන් සොයාගන්නා ලදී.

    එසේම තවත් 5 දෙනෙකු කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් හදුනාගන්නා ලදී. ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත සුදු වැල්ලෙන් රැගෙන ගිය තවත් එක් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී බව තවුරු වූ  අතර, අවසන් වශයෙන් වැලිසර නාවික හමුදා කඳවුරට අයත් නිවාඩු මත සිටි නාවික හමුදා සෙබලකුට කොවිඩ් 19 අසාධනය වී අතැයි තහවුරු වීය.

    වැලිසර නාවික හමුදා කඳවුරට අයත් නිවාඩු මත සිටි නාවික හමුදා සෙබලකුට කොවිඩ් 19 අසාධනය වී අතැයි තහවුරු වීමෙන් පසු ඔහු සමීපව ඇසුරු කළ ඥාතීන් සහ හිත මිතුරන් අයත් පොලොන්නරුව ප්‍රදේශයේ ලංකාපුර ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමසේවා වසම් 12 ක් මේ වන විට හුදකළා කර නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇත.

    එසේම, දැනට එම සෙබලා සේවය කළ නාවික හමුදා කඳවුර නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති අතර, අද (23) දින එම කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වූ සෙබලා සමීපව ඇසුරු කළ සෙබළුන් PCR පරීක්‍ෂණයට භාජනය කර ඇත.

    ඊයේ (22) දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මගින් ඔවුන්ගේ යතුරුපැදි 20 ක් පමණ යොදාගනිමින් කොළඹ නගරය අවට අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය හදිසි පරික්‍ෂාවකට ලක් කරන අතර, එහිදි ඔවුන් යම් නිරීක්‍ෂණයකට ලක්වුහොත් ඉදිරිපියවරයන් සඳහා  සෞඛ්‍ය අංශ වෙත යොමු කරනු ලබයි.

  • දෙරණේ චතුර අල්විස් ‘කෙසෙල් ගහට කොටා හොට පටලවා ගනී’ – GMOA මාධ්‍ය නිවේදනය මෙන්න

    දෙරණේ චතුර අල්විස් ‘කෙසෙල් ගහට කොටා හොට පටලවා ගනී’ – GMOA මාධ්‍ය නිවේදනය මෙන්න

    දෙරණ නාළිකාවේ මාධ්‍යෙව්දී චතුර අල්විස් විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපකීර්තියට පත් කිරීමට ගන්නා උත්හාසය හෙළා දකිමින් එම සංගමය විසින් දෙරණ නාළිකාවේ විධායක අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

    එහි සදහන් වන්නේ පසුගිය කාලය තුළ දිගින් දිගටම චතුර අල්විස් විසින් තම සංගමය අපකීර්තියට පත්වන ආකාරයේ විවිධ ප්‍රකාශ කරනු ලැබූ බවයි. විශේෂයෙන් පසුගිය 21 වැනි දින පෙ.ව 6.30ට විකාශනය වන ‘දෙරණ අරුණ‘ වැඩසටහනේදී ඔහු කළ ප්‍රකාශයක් නිසා සිය සංගමයට බලවත් අපකීර්තියක් සිදු වූ බවයි එම මාධ්‍ය නිවේදනය වැඩි දුරටත් සදහන් කරන්නේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දෙරණ විධායක අධ්‍යක්ෂවරයා වෙත යොමු කළ ලිපිය ජනමාධ්‍ය වෙත ද යොමු කර තිබූ අතර එම ලිපිය සම්පූර්ණයෙන්ම මෙසේයි.

  • ‘පුංචි ගෙවත්තටම ගැළපෙන’ නව අඹ විශේෂයක් සොයන ඔබට ‘කොඩිමා’

    ‘පුංචි ගෙවත්තටම ගැළපෙන’ නව අඹ විශේෂයක් සොයන ඔබට ‘කොඩිමා’

    මීට වසර 15 කට පමණ පෙරදී එනම් 2005 වසරේදී ඇරඹුණු අධ්‍යයනයක ප‍්‍රතිඵල ලෙස බිහිවූ අඹ ප‍්‍රභේදයක තොරතුරු, ප‍්‍රභේද නිර්දේශ කිරීමේ කමිටු රැුස්වීම වෙත පසුගියදා ඉදිරිපත් කරන්නට යෙදුනි.

    ස්වාභාවිකවම සිදුවෙන පර පරාගනය හේතුවෙන් ඇටයකින් බිහිවෙන හැම අඹ පැළයක්ම දෙමාපිය ගති ලක්ෂණ වල මිශ‍්‍රණයක් දරන නිසා, නව මාදිලියක් සේ සැලකීමේ වරදක් නැත. මේ ආකාරයට මිනිසාගේ අනුදැනුමෙන් තොරව නව මාදිලි බිහිවීම, පර පරාගනය සිදුවෙන ශාක ලෝකය තුළ නොනැවතීම සිදුවේ. යාපනය දිස්ත‍්‍රික්කය තුළ අඹගස් 47900 කට වඩා තිබෙන බව වාර්තා වී ඇතත්, මේවාහි ගතිලක්ෂණ පිළිබඳ තොරතුරු වාර්තා ගතකර ඇත්තේ ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

    එකිනෙකට සමාන රූපීය ලක්ෂණ වලින් යුත් අමුතුම ආකාරයේ අඹ ශාක දෙකක් අහම්බෙන් සොයාගනු ලැබුවේ ආකර්ශණීය ලක්ෂණ වලින් හෙබි අඹ ගස් සොයා 2005 දී ඇරඹි ගවේෂණය තුළදීය. බැලූ බැල්මටම මේ ශාක දෙකෙහි ඇති කැපී පෙනෙන වෙනස වූයේ එහි පත‍්‍ර කිරුළ එතරම් උසකට වැඩෙන්නේ නැති නිසාම, පෙන්වූ වැතිරුණ ස්වභාවයයි. පර්යේෂකයින් Creeping Mango ඵ්බටද වශයෙන් මේ ශාක දෙක හැඳින්වුයේ එබැවිනි. ද්‍රවිඩ බසින් එය ”කොඩිමා” වන්නේය.

    ආකර්ශනීය ලක්ෂණ දරමින් බීජ පැළ ලෙස බිහිවෙන මෙවැනි අඹ මාදිලි, බද්ධ කිරීම වැනි වර්ධක ප‍්‍රචාරණ ක‍්‍රමවේදයන් හරහා ප‍්‍රචාරණය කිරීමට දැනට වසර 300 කටත් ඈත ඉතිහාසයක් තිබේ. ඒ අනුව මෙවන් හුදකලා අඹ ශාකයක් හෝ දෙකක් හඳුනාගැනීම වුවත්, බෝගයේ අභිවෘද්ධිය සලකා බලන විට වැදගත් සිදුවීමක්ම වන්නේය.

    ‘තිරුනෙල්වෙලි කහ ‘ Thirunelvely yellow යනුවෙන් නම්කර ඇති මේ ප‍්‍රභේදය වසර පුරාම ඵල දරණ බව පවසන්නේ, බෝගය හඳුන්වාදෙන ආචාර්ය එස්. ජේ. අරසකේසරී මහතාය.

    ”මේ ප‍්‍රභේදය වියලි කලාපයට හොඳට ගැලපෙනවා. විශේෂ සුවඳක් සහිත මේ ගෙඩි වල තන්තු අන්තර්ගතය බොහොම ස්වල්පයයි. බඳුන්ගත කිරීම වැනි කර්මාන්ත සඳහා එය සුදුසුකමක්. මදය හොඳටම කහපාටයි, පැණි රසයි, මධ්‍යම ප‍්‍රමාණයේ ගෙඩි නිසා පරිහරණයත් පහසුයි”

    ශාකය සාමාන්‍යය උස ලෙස වාර්තා වී ඇත්තේ 5-6 අතර අගයකි. පළමු අස්වැන්න ගන්නා අවස්ථාව වනවිට ශාකයේ උස මීටර් දෙකකට වඩා නැත. ගෙඩි ආවරණය කිරීම වැනි ක‍්‍රියාකාරකම් වලදී කෙටි උස ලක්ෂණය මනා පහසුවක් සලසාදෙයි. තිරුනෙල්වේලි කෘෂිකර්ම පර්යේෂණ ස්ථානයේදී 2018 ඔක්තෝබරයේ සිට 2019 සැප්තැම්බරය දක්වා වූ වසරක කාලයක් තිස්සේ ලබාදුන් සාමාන්‍ය අස්වැන්න අනුව විලාඞ් සහ කර්තකොලොම්බන් වැනි පැරණි ජනප‍්‍රිය ප‍්‍රභේදයන්ට වඩා නව මාදිලිය ඉදිරියෙන් සිටිනා බවද පැහැදිලිය.

    කර්තකොලොම්බන් විලාඞ් එම කාල පරාසය තුළදී ගෙඩි 11 ක් සහ 204 ක් ලබා දෙන විට ”තිරුනෙල්වෙලි කහ” ප‍්‍රභේදය ලබාදී ඇති ගෙඩි සංඛ්‍යාව 176 කි. විලාඞ් ගෙඩි වල බර කිලෝග‍්‍රෑම් 45.1 ක් වන අතර තිරුනෙල්වෙලි යෙලෝ හි එම අගය කිලෝග‍්‍රෑම් 45.933 වීමෙන් පැහැදිලිවෙන්නේ ගෙඩියක සාමාන්‍ය බර, විලාඞ් වලට වඩා වැඩිවෙන බවයි.

    විලාඞ් වල මෙන්ම වැඩි අස්වැන්නක් වාර්තා වී ඇත්තේ ද ඔක්තෝබර් නොවැම්බර් වැනි කාලසීමාවේදී වන නිසා පැහැදිලිවන්නේ වියළි දේශගුණික තත්වය යටතේ නව ප‍්‍රභේදය වැඩිපුර ඵල දරණ බවකි. කෙසේවෙතත් අන් ප‍්‍රභේදයන්ට සාපේක්ෂව වසර පුරා ඵලදැරීමේ විභවයක් මෙම නව ප‍්‍රභේදයට ඇති බව අධ්‍යයන වාර්තා මගින් සනාථ වී තිබේ.

    ගෙවත්තක ඇති සීමිත ඉඩකඩ හමුවේ උසින් අඩු හා වසර පුරාම ඵල දරණ අඹ ප‍්‍රභේදයක් සොයමින් සිටිනා අයට තිරුනෙල්වෙලි යෙලෝ නොහොත් ”කොඩිමා” හොද ආරංචියක් රැුගෙනවිත් ඇතිබව පැහැදිලිය.

    පිටපත : සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව
    තාක්‍ෂණික කරුණු : එස්. ජේ. අරසකේසරී, අතිරේක අධ්‍යක්‍ෂ (පර්යේෂණ) ප‍්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, කිලිනොච්චිය

  • බොලිවුඩ් චිත්‍රපටවල ‘වඩාත් කැපී පෙනුණ’ සුපිරි විලාසිතා 20ක්

    බොලිවුඩ් චිත්‍රපටවල ‘වඩාත් කැපී පෙනුණ’ සුපිරි විලාසිතා 20ක්

    විලාසිතා සහ චිත්‍රපට අතර තිබෙන්නේ දැඩි බැදීමක්. නැතහොත් විලාසිතා සහ චිත්‍රපට අත්වැල් බැද ගන්නවා hand-in-hand.  එකක් අනෙකා නොමැතිව ක්‍රියා කළ නොහැකියි. එය කාලානුරූපී, සංගීතමය හෝ ක්‍රියාදාම චිත්‍රපටයක් වේවා පොදු තත්ත්වයක්.

    මේ තත්ත්වය තුළ සිනමාකරුවන් වගේම නළු නිළියන්, විශේෂයෙන් සුපිරි නිළියන් සිය විලාසිතා ගැන දැඩි අවධානයක් යොමු කරන අතර ඒ සදහා විශිෂ්ඨ නිර්මාණකරුවන් වෙත යොමු වෙනවා. බොලිවුඩයේ නම් ඒ ‘සුපිරි විලාසිතාකරුවන්‘ වෙතයි.

    ඉතිං… මේ ආකාරයේ සුපිරි හා නවීන අපූරු විලාසිතා ලෝකයක් අපි පසුගිය කාලය පුරාම බොලිවුඩයේ දැක්කා. උදාහරණයක් ලෙස කලකට පෙර සමස්ත ඉන්දියාවේම අපකීර්තියට ලක් වූ ෂර්මිලා තාගෝර්ගේ කුඩා බිකිනි විලාසිතාව Sharmila Tagore’s tiny bikini in An Evening in Paris(පහත දැක්වෙන ඡායාරූපය) හෝ දීපිකා පදුකෝන්ගේ සදවන් රන්වන් පෙනුම  monotone golden look as Mastani ලෙස වේවා අපිට නානාප්‍රකාරයේ විලාසිතා දැක ගැනීමට ලැබෙනවා. මේ විලාසිතා අතරින් ඇතැම් විලාසිතා මොහොතකින් මුළු ඉන්දියාවම, ඇතැම් විට ලෝකයම උන්මාදයක් මෙන් වැළද ගන්නා අතර ඇතැම් ඒවා පිළිකුලෙන් බැහැර කෙරුණා.

    මේ මතකයන් ද සිහිපත් කරමින් අපි තීරණය කළා අපේ මතකයේ නොමියෙන මදක් පැරණි බොලිවුඩ් චිත්‍රපටවල අමතක නොවන විලාසිතා 20ක් ඔබ වෙත යළි ගෙන ඒමට. මේ ඒවා

    පැරීසියේ සන්ධ්‍යාවකදී – ෂර්මිලා තාගෝර්ගේ නිල් බිකිනි විලාසිතාව – Sharmila Tagore’s blue bikini in An Evening in Paris

    බැලූ බැල්මට පෙනේ

    බොම්බේ – ඩිම්පල් කපාඩියාගේ pokla dot co-ord විලාසිතාව – Bobby

    බැලූ බැල්මට පෙනේ

    හාරේ ක්‍රිෂ්ණා හරේ රාම් – සීනත් අමන්ගේ හිපි පෙනුම  Zeenat Aman’s hippie look from Hare Krishna Hare Ram

    බැලූ බැල්මට පෙනේ

    බ්‍රහ්මචාරී – මුම්ටාස්ගේ තැඹිලි පැහැති ඩ්‍රැපේ සාරි විලාසිතාව Mumtaz’s orange drape from Brahmachari

    බැලූ බැල්මට පෙනේ

    මිස්ටර් ඉන්දියා – ශ්‍රීදේවිගේ නිල් සාරිය –  Sridevi’s iconic blue saree from Mr. India

    බැලූ බැල්මට පෙනේ

    මොහ්රා – රවීනා ටැන්ඩන්ගේ මෝරි බ්ලවුස් සහ සාරිය Raveena Tandon’s frill blouse and saree from Mohra

    බැලූ බැල්මට පෙනේ

    රංගීලා – ෂර්මිලා මතොන්ඩ්කාර්  Urmila Matondkar’s matching co-ords from Rangeela

    බැලූ බැල්මට පෙනේ

    හම් අප්කේ හේන් කෞන් – මධුරි ඩික්සිත් – Madhuri Dixit’s minimal green lehenga from Hum Apke Hain Kaun

    බැලූ බැල්මට පෙනේ

    කුච් කුච් හෝටා හායි – කාජල්- Kajol’s Bandhani dupatta and white suit from Kuch Kuch Hota Hai

    බැලූ බැල්මට පෙනේ

    කබී කුෂි කබි ගම් – කරීනා කපූර් ඛාන් – Kareena Kapoor Khan’s pastel sharara from Kabhie Khushi Kabhi Gham

    බැලූ බැල්මට පෙනේ

    මේන් හෝ නා – සුෂ්මිතා සෙන් Sushmita Sen’s chiffon sarees from Main Ho Na

    බැලූ බැල්මට පෙනේ

     Bunty Aur babli – රාණි මුකර්ජි – Rani Mukerji’s long shirt and patiala cco-ords

    බැලූ බැල්මට පෙනේ

    ජබ් වී මෙට් – කරීනා කපූර් ඛාන් -Kareena Kapoor Khan’s white shirt, black corset and red skirt look from Jab We Met

    බැලූ බැල්මට පෙනේ

    අයිෂා– සෝෂම් කපූර්  Sonam Kapoor’s version of Cher’s Cluless look in Aisha

    බැලූ බැල්මට පෙනේ

    දොස්තනා – ප්‍රියංකා චොප්රාගේ රන්වන සාරිය Priyanka Chopra’s golden saree from Dostana

    බැලූ බැල්මට පෙනේ

     2 States– ආලියා භාර්ගේ වර්ණවත් සාරි, අවම ස්වර්ණාභරණ. Alia bharr’s colourful sarees, minimal jewellery and gajra look

    බැලූ බැල්මට පෙනේ

    යෙ ජවානි හායි දීවානි – දීපිකා පදුකෝන් Deepika Padukone’s electric blue saree from Yeh Jawaani Hai Deewani

    බැලූ බැල්මට පෙනේ

     Piku – දීපිකා පදුකෝන්ගේ සරල ඇඳුම – Deepika Padukone’s simpel suit, bindi and scarf look from Piku

    බැලූ බැල්මට පෙනේ

    Ae Dil Hai Mushkil– අනුෂ්කා ෂර්මාගේ කුර්ති සහ ජීන්ස් Anushka Sharma’s kurti and jeans with statement earrings from Ae Dil Hai Mushkil

    බැලූ බැල්මට පෙනේ

    බජිරාඕ මස්තානි – දීපිකා පදුකෝන්ගේ ඒකාකාරී රන්වන් පෙනුම Deepika Padukone’s monotone golden look from Bajirao Mastani

    බැලූ බැල්මට පෙනේ

    Filmfare ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • බොලිවුඩ් සුපිරි තරුවල ‘පළමු වැටුප’ ඔබ දැන සිටියාද ?

    බොලිවුඩ් සුපිරි තරුවල ‘පළමු වැටුප’ ඔබ දැන සිටියාද ?

    බින්දුවෙන් පටන් ගන්න‘ කියලා කතාවක් තියෙන බව ඔබ අහලා ඇති. ඒ කියන්නේ බින්දුවෙන් බින්දුව එකතු වෙලා තමයි කුඩා දිය පාරක් හැදෙන්නේ. ඊට පස්සේ ඇළක්… ඇළවල් රැසක් එක්වෙලා ගගක්. එහෙම තමයි කතාව.

    මේ කතාව අපි හැමෝටම අදාළයි. ඒත් අපි බොහෝ දෙනකුට ගගක් තියා ඇළක්වත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒත් ඒක එහෙමයි කියලා අපි කවුරුත් ජීවිතය අතහරින්න සූදානම් නැහැ.

    මේ කතාව ඒ වගේ බින්දුවෙන් පටන්ගෙන අද ලෝක පූජිත පුද්ගලයින් බවට පත්ව සිටින කිහිප දෙනකුගේ. ඔවුන් සිනමා තරු. එහෙම නැතිනම් නළු නිළියන්. හැබැයි ලංකාවේ නම් නෙමෙයි. ඉන්දියාවේ. ලෝකයේ දැවැන්තම සිනමා කර්මාන්තයට හිමිකම් කියන ‘බොලිඩුයේ සුපිරි තරු.

    අපි කතා කරන්න යන්නේ මේ බොලිවුඩ් සුපිරි තරු මුලින්ම ලබාගත් වැටුප ගැන. ඔබටත් මුළුන්ම හිමි වූ වැටුප ගැන මතක තිබේ නම් එදා සහ අද ගැන කල්පනා කරමින් මේ කතාව කියවන්න.

    ඉතිං… ඇත්තම කතාව නම් ලෝකේ තියෙන හොදම රැකියාව සිනමා තරුවක් වීම බවයි. ඊට හේතු ඔබටත් මටත් පැහැදිලියි. වැටුපට අමතරව තවත් කොපමණ දේවල් ලැබෙනවාද ?  දැවැන්ත ජනප්‍රියත්වයට සමගාමීව, සුඛෝපභෝගී ජීවිතයක්ද භුක්ති විඳින්න ලැබෙනවා. බලය හිමි වෙනවා. 

    ඒ කොහොම වුණත් ඔවුන් මහෝෂධ වාගේ රිදී හැන්ද අතින් අරන් ඉපදුණේ නැහැ. දැවැන්ත මාධ්‍ය අවරණය ලබමින් පැමිණියේ නැහැ. ඔවුන් සියලුම දෙනා මුලින්ම සදහන් කළ ආකාරයට ‘බින්දුවේ‘ සිට ආරම්භ කළ අයයි. ඔවුන් බොහෝ දෙනෙක් දුෂ්කර මාවතකට ගොස් ඉණිමඟට නැඟී අද සිටින තැනට පැමිණි අයයි. 

    ඉතින්, අපි තීරණය කළා ඔබේ ප්‍රියතම තරු කිහිපයක් සහ ඒවා චිත්‍රපටවල නිෂ්පාදනය කිරීමට පෙර ඔවුන් උපයා ගත් මුදල ගැන කතා කරන්න.

    සුපිරි තරුව අමිතාබ් බච්චන්

    අමිතාබ් බච්චන් බොහෝ විට ඉන්දියානු සිනමා ඉතිහාසයේ විශාලතම සුපිරි තරුව විය හැකියි. කෙසේ වෙතත්, මුම්බා බොලිවුඩ් පුරය වෙත පැමිණීමට පෙර ඔහු කොල්කටා හි නැව් සමාගමක සේවය කළ අතර එහිදී තම ආරම්භක වැටුප රුපියල් 500ක් බවයි අමිතාබ් කියන්නේ.

    බොලිවුඩයේ රජු හෙවත් ෂාරුක් ඛාන්

    බොලිවුඩයේ රජු – ෂාරුක් ඛාන්ට සෑම බොලිවුඩ් රසිකයෙකුගේම හදවතේ විශේෂ ස්ථානයක් හිමි වෙනවා. නමුත්, ඔබ දැන සිටියාද අපේ ආදරණීය රජුගේ පළමු වැටුප රු. 500ක්ලු. ෂාරුක්ට තමා බොහෝ ප්‍රිය කළ ටජ්මහල නැරඹීමට අවශ්‍ය බැවින් එම වැටුප අග්‍රා සංචාරයක් සඳහා යොදා ගත්තාලු

    අමීර් ඛාන්

    බොලිවුඩයේ පළමු වැටුප්

    අමීර් ඛාන් බොලිවුඩයේ තවත් සුපිරි තරුවක්. අති සාර්ථක චිත්‍රපට රැසක ඔහු රගපා තිබෙනවා. අමීර්ගේ බොලිවුඩ් ආගමනය සිදුවන්නේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙසයි. ඔහුට මුලින්ම වැටුප ලෙස ගෙවා තිබෙන්නේ රුපියල් 1000ක්.

    ලෝක රූ රැජිණ – ප්‍රියංකා චොප්රා

    බොලිවුඩයේ පළමු වැටුප්

    ප්‍රියංකාගේ මව සහ පියා දෙදෙනාම වෛද්‍යවරුන්. දෙමව්පියන්ට දාව උපත ලැබුවද ප්‍රියංකා චොප්රා කිසි විටෙකත් වෛද්‍ය විද්‍යාව කෙරෙහි උනන්දුවක් දැක්වූයේ නැහැ. ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමෙන් පසු ප්‍රියංකාට හිමිවුණ මුල්ම පැවරුමෙන් ඇයට රුපියල් 5000ක් හිමිවී තිබෙනවා. ඒ මුදලට ඇය කළේ කුමක්ද දන්නවාද ? සාමාන්‍ය ඉන්දියානු දරුවෙකු මෙන් ඇය සියළුම මුදල් තම මවට ලබා දුන්නේ එය ආරක්ෂිතව තබා ගැනීම සඳහා යි. කෙතරම් මිහිරිද!

    අක්ෂේ කුමාර්

    බොලිවුඩයේ පළමු වැටුප්

    වර්තමානයේ අක්ෂේ කුමාර් බොලිවුඩයේ වාණිජමය වශයෙන් වඩාත්ම සාර්ථක තාරකාවක් බවට තර්කයක් නැහැ. ඔහු  සාමාන්‍යයෙන් සෑම වසරකම චිත්‍රපට තුනක හෝ හතරක රගපාන අතර ඒවා සියල්ලම ප්‍රේක්ෂකයින් සිනමාහල් වෙත ඇද ගැනීමට සමත් වෙනවා. කෙසේ වෙතත් බොලිවුඩයට පැමිණීමට පෙර අක්ෂේ බැංකොක්හි ආපන ශාලාවක වේටර්වරයකු හා සූපවේදියෙකු ලෙස සේවය කළ අතර මුල්ම වැටුප ලෙස උපයා ගත්තේ රුපියල් 1500 ක් පමණක් බවයි කියන්නේ.

    Filmfare.com ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • කොරෝනා වෛරසයට එරෙහි එන්නත අපට ලැබෙන්නේ කවදා ද?

    කොරෝනා වෛරසයට එරෙහි එන්නත අපට ලැබෙන්නේ කවදා ද?

    කොරෝනාවෛරසය ලොව පුරා පැතිර යමින් පවතී. නමුත් ඉන් ඇති වන කොවිඩ්-19 රෝගයෙන් මිනිස් සිරුර ආරක්ෂා කර ගැනීම සඳහා තවමත් එන්නතක් බිහි වී නැත.

    මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා වෛද්‍ය පර්යේෂකයෝ මහත් සේ වෙහෙසෙමින් සිටිති.

    කොරෝනාවෛරස් එන්නතක් වැදගත් වන්නේ ඇයි?

    මෙම වෛරසය ඉතා ලෙහෙසියෙන් පැතිරේ. ලෝක ජනගහනයෙන් බහුතරයකට මෙය තවමත් අවදානම් සහගතය.

    මෙම වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මිනිසුන්ගේ ප්‍රතිශක්තියට යම් පුහුණුවක් ලබා දීම එන්නතකින් සිදු කළ හැකිය. එමගින් රෝගී තත්ත්වයකට පත් නොවී සිටීමේ හැකියාව ලැබේ.

    එමන්ම, රටවල් වසා දැමීම සඳහා පනවා ඇති නීති වඩා සුරක්ෂිතව ක්‍රමයෙන් ලිහිල් කිරීමටත් සමාජ දූරස්ථභාවය ක්‍රමයෙන් සැහැල්ලු කිරීමටත් හැකි වනු ඇත.

    ලබා ඇති ප්‍රගතිය කෙසේද?

    පෙර නොවූ විරූ වේගයකින් පර්යේෂණ සිදු වෙමින් පවතී.

    ලොව පුරා කණ්ඩායම් 80ක් පමණ එන්නතක් පිළිබඳව පර්යේෂණ දියත් කර ඇති අතර ඉන් සමහරක් මේ වන විට සායනික අත්හදාබැලීම් ආරම්භ කර තිබේ.

    • මිනිස් සිරුර මත කෙරෙන ප්‍රථම අත්හදා බැලීම ඇමරිකා එක්සත් ජනපදයේ සියැටල්හි විද්‍යාඥයන් විසින් නිවේදනය කරනු ලැබීය. මෙම එන්නතේ ඇති සුරක්ෂිතභාවය සහ කාර්යක්ෂමතාව පරීක්ෂාවට ලක් කිරීම සඳහා සතුන්ගේ සිරුර මත සිදු කෙරෙන මූලික පරීක්ෂණ මෙහිදී සිදු නොකිරීමට තීරණය කිරීම අසාමාන්‍ය තත්වයකි.
    • ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ සමාගම් දෙකක් වන Sanofi සහ GSK එන්නතක් නිපදවීම සඳහා ඒකාබද්ධ වී සිටිති.
    • කොරෝනාවෛරසයට එරෙහිව පාවිච්චි කළ හැකි යැයි සැලකෙන එන්නතක් අත්හදා බැලීම සඳහා ඔස්ට්‍ර්ලියානු විද්‍යාඥයන් විසින් මුගටි වර්ගයකට එන්නත් කර තිබේ. සම්පුර්ණයෙන් ම පූර්ව – සායනික පරීක්ෂණ ක්‍රියාවලියට භාජනය කෙරෙන, කොරෝනාවෛරසයට එරෙහි පළමු එන්නත මෙය ලෙස වාර්තා වේ. එය අප්‍රේල් මාසයේ අග භාගය වන විට මිනිස් සිරුර මත අත්හදා බැලීමේ ක්‍රියාදාමය ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
    • ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් ගේ ඉලක්කය වී ඇත්තේ ලබන සැප්තැම්බරය වන විට ඔවුන්ගේ එන්නතේ මාත්‍රා මිලියනයක් නිෂ්පාදනය කිරීමය. එම එන්නත ද මේ වන විට මිනිස් සිරුර මත සිදු කෙරෙන සායනික අත්හදා බැලීම් සිදු කෙරෙමින් පවතී.

    කෙසේ නමුත්, මෙම කිසිදු එන්නතක් කෙතරම් ඵලදායී වේදැයි තවමත් කිසිවෙක් නොදනිති.

    Vaccine

    අපට කොරෝනාවෛරස් එන්නතක් ලැබෙන්නේ කවදාද?

    එන්නතක් නිපදවීම සඳහා සාමාන්‍යයෙන් වසර කිහිපයක් ගතවේ. ඇතැම් විට එය දශක කිහිපයක් විය හැකිය.

    ඒ සා විශාල කාර්ය කන්දරාවක් මාස කිහිපයකින් නිම කිරීම සඳහා පර්යෝෂකයෝ දිවා රෑ වෙහෙසෙති.

    2021 වසරේ මැද භාගය වන විට කොරෝනවෛරසය මැඬලීමේ එන්නතක් එළි දකිනු ඇති බවට බොහෝ විශේෂඥයෝ සිතති. එනම්, නව කොරෝනාවෛරසය හඳුනාගෙන මාස 12ක් හෝ 18ක් අවෑමෙනි.

    එය නවීන විද්‍යාවේ මහා හපන්කමක් වනු ඇත. නමුත් එය සාර්ථක වන බවට කිසිදු සහතිකයක් නොමැත.

    මේ වන විට මිනිස් සිරුර තුළ සංසරණය වන කොරෝනාවෛරස් වර්ග හතරක් පවතී. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ ඇති කරවන එම කොරෝනාවෛරස කිසිවකට මේ දක්වා එන්නතක් බිහිකර නැත.

    තවදුරටත් කළ යුතුව පවතින්නේ කුමක්ද?

    පර්යේෂණ කණ්ඩායම් බොහොමයක් එන්නත් නිර්මාණය කර ඇතත් ඊට අදාළව තවත් බොහෝ දේ කළ යුතුව පවතී.

    • මෙම එන්නත් මිනිසාට සුරක්ෂිත බව අත්හදා බැලීම්වලින් තහවුරු විය යුතුව පවතී. දැනට පවතින රෝගයට වඩා බරපතළ වෙනත් ප්‍රශ්න ඇතිකරවන්නේ නම් ඉන් පලක් නොවනු ඇත.
    • මිනිසුන් රෝගී වීමෙන් වලක්වා ගැනීම සඳහා මෙම එන්නත් මගින් ප්‍රතිශක්තියට පෙළඹවීමක් සිදු කරනු ඇති බවට සායනික අත්හදා බ්ලීම්වලින් ඔප්පු විය යුතුය.
    • එවැනි එන්නතක මාත්‍රා බිලියන ගණනක් නිෂ්පාදනය කිරීම සඳහා මහා පරිමානයේ සැලැස්මක් දියත් කළ යුතුය.
    • එය මිනිසාට එන්නත් කිරීමට පෙර ඖෂධ නියාමකවරුන්ගේ අවසරය ලැබිය යුතුය.
    • එය ලෝක ජනගහනයෙන් අති බහුතරයකට එන්නත් කිරීම සඳහා පවතින යෝධ අභියෝගය ජය ගත යුතුය.

    බොහෝ රටවල් වසාදැමීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මෙම ක්‍රියාවලියේ වේගය අඩු විය හැකිය.

    ආසාදිතයන්ගේ ප්‍රමාණය අඩුවන තරමට මෙම එන්නත සත්‍යවශයෙන් ම ක්‍රියා කරන්නේදැයි දැන ගැනීම සඳහා ගතවන කාලය වැඩිය.

    මිනිස් සිරුරට එන්නත ඇතුළු කිරීමෙන් අනතුරුව එම වෛරසය ආසාදනය වීමට සැලැස්වීම මගින් එහි ඵලදායී බව ඉක්මනින් තහවුරු කර ගත හැකිය. නමුත් එම ක්‍රමය ඉතා භයානක බව පෙනී ගොස් ඇත්තේ කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර ක්‍රමයක් තවමත් සොයාගෙන නැති බැවිනි.

    මිනිසුන් කොපමණ ප්‍රමාණයක් එන්නත් කළ යුතුද?

    මෙම එන්නත කෙතරම් ඵලදායී ද යන්න පිළිබඳව අදහසක් නොමැතිව එය නිශ්චය කිරීම අපහසුය.

    නමුත් ජනගහනයෙන් 60% හෝ 70%ක් එන්නත් කළ හොත් මෙම වෛරසය පහසුවෙන් ව්‍යාප්තවීම වළක්වා ගත හැකි බවට විශ්වාස කෙරේ.

    ලෝක ජනගහනය හා සසඳන කල එය මිනිසුන් බිලියන ගණනකි. එය ද ඵලදායී වන්නේ එම එන්නත හොඳින් ම ක්‍රියා කරන්නේ නම් පමණි.

    එන්නතක් නිර්මාණය කරන්නේ කෙසේද?

    එන්නතක් මගින් සිදු කෙරෙන්නේ හානිකර නොවන මට්ටමේ වෛරසයක් හෝ බැක්ටීරියාවක් (ඇතැම් විට එහි කොටසක් පමණක්) ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇතුළු කිරීමය.

    එවිට ශරීරයට ආක්‍රමණිකයෙකු පැමිණ සිටින බවට හඳුනාගෙන සිරුරේ ආරක්‍ෂක පද්ධතිය ඊට එරෙහිව සටන් වැදී එය පරාජය කරන ආකාරය වටහා ගනී.

    පසු කලෙක ඇත්තට ම එම වෛරසය හෝ බැක්ටීරියාව ශරීරගත වුවහොත් ඊට එරෙහිව කළ යුතු දේ පිළිබඳව සිරුරට වැටහීමක් ඇත.

    දශක ගණනාවක් තිස්සේ එන්නත් සඳහා භාවිත කළ ක්‍රමවේදය නම් අදාළ වෛරසයම යොදා ගැනීමය.

    සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා (ජර්මානු සරම්ප) රෝග සඳහා නිපදවා ඇති එන්නත්වලට යොදා ගෙන ඇත්තේ දුර්වල කරන ලද වෛරස ය. එවිට සම්පුර්ණ ආසාදිත තත්වයක් ඇති නොවේ.

    නව කොරෝනාවෛරසයට එරහිව තැනෙන එන්නත් සඳහා යොදා ගෙන ඇත්තේ නවතම සහ මෙතෙක් අත්හදා නොබැලුණු ක්‍රමවේදයන් ය.

    Sars-CoV-2 නමින් හැඳින්වෙන නව කොරෝනාවෛරසයේ ජාන කේතය මේ වනවිට හඳුනාගෙන ඇති බැවින් විද්‍යාඥයන්ට එහි පිටපතක් ගොඩනැගිය හැකිය. නව එන්නත් නිර්මාණය කෙරෙන්නේ එය යොදා ගනිමිනි.

    මෙම ජාන කේතයේ කොටසක් පමණක්, චිම්පන්සින්ට ආසාදනය වන හානිකර නොවන වෛරසයකට ඇතුළු කිරීමට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ කටයුතු කළහ.

    නව කොරෝනාවෛරසයට සමාන පෙනුමක් ඇති ආරක්‍ෂිත වෛරසයක් තමන් නිර්මාණය කළ බවත් මිනිස් ප්‍රතිශක්තිය ඊට ප්‍රතිචාර දක්වනු ඇති බවටත් එම විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.

    අනෙකුත් පර්යේෂණ කණ්ඩායම් යොදා ගෙන ඇත්තේ එම ජාන කේතයේ DNA හෝ RNA කොටස් වන අතර එම එන්නත් ශරීරගත කිරීමෙන් පසු ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඊට එරෙහිව සටන් කලයුතු ආකාරය වටහා ගනු ඇති බවට විශ්වාස කෙරේ.

    මෙම එන්නතින් සෑම වයස් කාණ්ඩයක් ම ආරක්ෂා වේද?

    බොහෝ විට මෙය වයස්ගත පුද්ගලයන් මත එතරම් සාර්ථක නොවිය හැක. මෙය එන්නතේ වරදක් නොවේ. සාමාන්‍යයෙන් වයස්ගත පුද්ගලයන් සතු ප්‍රතිශක්තිය එන්නත් සඳහා හොඳින් ප්‍රතිචාර නොදක්වයි.

    මෙහි අනර්ථකාරී අතුරුඵල වේද?

    සෑම ඖෂධයක ම අතුරුඵල පවතී. බහුලව භාවිත කෙරෙන වේදනා නාශකයක පවා තත්ත්වය එසේමය.

    කෙසේ නමුත් නව කොරෝනාවෛරසය වෙනුවෙන් නිපදවෙන එන්නතක පැවතිය හැකි අතුරුඵල පිළිබඳව නිගමනයකට එළඹිය හැක්කේ ඒ පිළිබඳව කෙරුණු සායනික පරීක්ෂණවලින් අනතුරුව ය.

    මේ පිළිබඳව ඖෂධ නියාමකයන් දැඩි අවධානයකින් පසුවනු ඇත.

    එන්නත මුලින්ම ලැබෙන්නේ කාටද?

    එන්නතක් නිෂ්පාදනය කළහොත් එහි මුල් අවධිය තුළ සැපයුම සීමා සහිත වනු ඇත. එම නිසා පළමු තොග භාවිතය පිළිබඳව ප්‍රමුඛතාවය තීරණය කළ යුතුව පවතී.

    කෝවිඩ් – 19 රෝගීන් සමඟ සමීපව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින් ම සිටිනු ඇත.

    නව කොරෝනාවෛරසයේ බලපෑම මාරාන්තික වී ඇත්තේ වයස්ගත පුද්ගලයන්ටය. මෙම එන්නත එම වයස් කාණ්ඩයට සාර්ථකව ප්රතිචාර දක්වන්නේ නම් ඔවුන්ට ද ප්‍රමුඛතාවය හිමි වනු ඇත.

    කෙසේ නමුත්, වයස්ගත පුද්ගලයන් සමඟ වාසය කරන්නන් හෝ ඔවුන් රැකබලා ගන්නා උදවියට මෙම එන්නත ලබා දීම වඩා යහපත් විය හැක.

    මෙම ලිපිය බී.බී.සී සන්දේශය වෙබ් අඩවියේ අප්‍රේල් 20 වැනි දින පළ වූ ලිපියකි. කාලීනභාවය හා ජාතික වැදගක්ම සලකා සම්පූර්ණයෙන්ම උපුටා ගෙන පළ කරන ලදි – ප්‍රධාන සංස්කාරක

  • අලි කොටි නරි හවුල ඡන්දේ එපා කියන්නේ ජනමතයට බය නිසා – ඇමැති ප්‍රසන්න

    අලි කොටි නරි හවුල ඡන්දේ එපා කියන්නේ ජනමතයට බය නිසා – ඇමැති ප්‍රසන්න

    කොක්කෙන් හෝ කෙක්කෙන් මහ මැතිවරණය කල් දමා පැරණි පාර්ලිමේන්තුව රැස්කර ගැනීමට අලි, කොටි, නරි හවුල මේ කුමණ්ත්‍රණය කරන්නේ ජනාධිපතිවරයා ගෙන යන ජනතාවාදී වැඩපිළිවෙල කඩා කප්පල් කිරීමට යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ හොර පාරෙන් බලය ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ බවයි.

    මෙලෙස මැතිවරණ මග හරින්නේ ජනතාවට මුහුණ දීය නොහැකි අය බවත් එවැනි අයට හිමිවන්නේ දේශපාලන කුණු බක්කිය මිස අන් කිසිවක් නොවන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ හා රාජ්‍ය නොවන සංවිධාන කීපයක් මහ මැතිවරණය කල් දමන ලෙසටත් පැරණි පාර්ලිමේන්තුව නැවත කැදවන ලෙසටත් කරනු ලබන ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

    “ අද එජාපය, ජවිපෙ හා දෙමළ ජාතික සන්ධානය කොක්කෙන් හෝ කෙක්කෙන් මහ මැතිවරණය කල් දමාගෙන පැරණි පාර්ලිමේන්තුව කැදවාගෙන නැවත බලය ලබා ගැනීමේ කූට කුමන්ත්‍රණයක නිරතව සිටිනවා. වසංගතය පැතිර යාම වැලක්වීම සදහා කැදවා ඇති මහ මැතිවරණය කල් දමා පැරණි පාර්ලිමේන්තුව කැදවා ගත යුතු බවයි ඔවුන් කියන්නේ. මේ කොරෝනා පාලනය කිරීමට තීන්දු තීරණ ගැනීමට අද පරණ පාර්ලිමේන්තුවක් කැදවිය යුතු නෑ.

    මේ  වන විට ලෝකයේ ප්‍රබල රටවල් වලට වඩා ලංකාවේ හොදින් මේ කොරෝනා වසංගතය පාලනය කරන්න අපිට හැකියාව  ලැබී තිබෙනවා. පැරණි පාර්ලිමේන්තුව රැස්වුනා කියලා මෙහි වෙනසක් වෙන්නේ නෑ. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. පසුගිය ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කරපු දියාරූ පිළිවෙල අපිට අමතක නෑ.

    එදා බුද්ධි අංශ සියලුම තොරතුරු දීලා තියෙද්දී ඒ ගැන නොසලකා හැරලා ජනතාව මරා දමන්න උඩගෙඩි දුන්නු අය අද කොරෝනා  පිට දාලා මැතිවරණය කල් දාලා අර රටට කිසිම පලක් නැති වුන පැරණි පාර්ලිමේන්තුව නැවත රැස් කරන්න හදනවා. සුමන්දිරම් වගේ අය තමයි මෙහි පෙරමුණේ ඉන්නේ.

    මේ රටේ ජනතාව එදා තිබුන ඒ පාදඩ යහපාලන ආණ්ඩුව ප්‍රතික්ෂේප කලා අවස්ථා දෙකකදී. එකක් පාලාත් පාලන මැතිවරණය. අනික ජනාධිපතිවරණය. රටේ ජනතාව ඉල්ලුවේ අලුත් පාර්ලිමේන්තුවක්. අලුත් ආණ්ඩුවක් මේ රට අරාජිත කරපු මේ රට විනාශ කරපු ආණ්ඩුවක සාමාජිකයන් නැවත පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා  මේ කෑමොර දෙන්නේ ඇයි. මොනවද මේ අය කරන්න හදන්නේ. මේ අය වැඩ කරන්නේ පිටරට පදයට. ඒ අයට ඕන කරන විදියට රට රූකඩ රාජ්‍යයක් බවට පත් කරන්න අවශ්‍ය නීති රීති  ගේන්න මේ අය හැදුවා. JVP එක රාජපක්ෂලාට බනින එක හැර මොනවද කලේ. මේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ UNP එකට. ඒ අයට පුළුවන් පාර්ලිමේන්තුවේ යෝජනා ගෙනල්ලා සම්මත කරලා ගෝඨාභය ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙලට බාධා කරන්න.

    අනෙක් කරුණ තමයි මේ පසුගිය පාර්ලිමේන්තුවේ එජාපයේ හුගක් අලුත් මන්ත්‍රීරුන් හිටියා. ඒ අයට හිමි විශ්‍රාම වැටුප් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් එක්ක අහෝසි උනා. දැන් නැවත ඒක ගන්නෙඑකත් මේ කුමන්ත්‍රණයේ යටි අරමුණක්. මොකද මේ අය හුගකට අයේ පාර්ලිමේන්තුවේ පස් පාගන්න ලැබෙන්නේ නෑ කියලා මේ අය දන්නවා. මේ මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස, දීමනා ටික ගන්නයි මේ එජාපය, ජවිපේ හා ටීන්ඒ හවුල උත්සහා කරන්නේ.

    මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතුමා බලයට පත් වෙලා මාස 04 ගත වෙලා. එතුමාගේ රට ගොඩනගන වැඩ පිළිවෙල නිවැරදිව ක්‍රියාත්මක කරන්න එවකට පැවති ආණ්ඩුව ඉඩ නොදුන් නිසයි ජනතාවට අලුත් ආණුඩුවක් පිහිටුවා ගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයක් කැදවූයේ. අනපේක්ෂිත වසංගතය හමුවේ මේ දේශද්‍රෝහි තුන් හවුල් නඩය හදන්නේ බොරදියේ මාලු බාලා සිය අරමුණ ඉටු කරගන්නයි.

    ගෝඨාභය මහත්තයාට වැඩ කරන්න බැරි කරලා ඔහු බිත්තියට හේත්තු කරන්නයි විපක්ෂය උත්සාහ කරන්නේ. අපි මැතිවරණයකට යනවනම් යන්නේ රටේ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලයි. දකුණු කොරියාවේ කොරෝනා වසංගතය දරුණු තත්ත්වයක තිබුණා. නමුත් මැතිවරණය තිබ්බා. අපටත් ඒ විදියට මැතිවරණය තියන්න පුළුවන්. ජනතාවට එපා වුණ දේශද්‍රෝහින් පලවා හැරලා ජනතාවට අවශ්‍ය අය පත් කරන්න ජනතාවට ඉඩ ලබා දීය යුතුයි. ඊට එරෙහි වෙන්නේ, මැතිවරණය කල් දමා පැරණි පාර්ලිමේන්තුව කැදවා ගන්නට උත්සහා කරන්නේ ජනතාව ඉදිරියට යා නොහැකි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන අමනයින්. මේ අයට හිමිවන්නේ දේශපාලන කුණු බක්කි මිස අන් කිසිවක් නොවේ. ”

  • ‘ග්‍රාම සභා’ හරහා ගම ශක්තිමත් කර ඒකාබද්ධ කරන්නේ මෙහෙමයි

    ‘ග්‍රාම සභා’ හරහා ගම ශක්තිමත් කර ඒකාබද්ධ කරන්නේ මෙහෙමයි

    ධම්ම දිසානායක

    ගම ඒකාබද්ධ ලෙස සංවිධානය කිරීමේ අවශ්‍යතාව කොවිඩ් 19 විසින් යළිත් අවධාරණය කල කරුණකි. මා ‘යළිත්’ යැයි සඳහන් කළේ ගම සංවිධානය කිරීමේ කටයුත්ත පිළිබඳව සමකාලීන නිරීක්ෂණ සහ, මැදිහත්වීම් පිළිබඳව අත්දැකීම් අප රට සතුවත් අප සතුවත් පවතින හෙයිනි.

    පශ්චාත් කොවිඩ්19 හෝ පශ්චාද් කොරෝනා ලංකාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය යන්න මගේ තද බල හැගීමක් ය, යෝජනාවක් ය. මේ කොරෝනා සමයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, භාණ්ඩ හා සේවා බෙදාහැරීම වගේම සැලසිය යුතුම අයට සුබසාධනය සැපයීම සහ දීමනා ලබාදීමේ දී මුහුණ දෙමින් සිටින අර්බුදය වනාහි ගමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් ව්‍යුහයක් නැතිකමේ  ප්‍රති විපාක ය.

    ගම නිසි ලෙස සංවිධානය නොකර අර්බුදවලට ආපදාවලට වසංගතවලට මුහුණ දිය නො හැකිය, රට ගොඩ නැගිය නො හැකි ම ය. හැත්තෑ වේ සමගි පෙරමුණු ආණ්ඩුවත් දෙදහස් දහයේ මෙ පිළිබඳව ගත් උත්සාහය එහි දී ඉතා වැදගත් ය. හැත්තෑ වේ අප කුඩා වුන් ය. නමුත් දෙදහස් දහයේ මේ ලියුම්කරු, එකී ගම සංවිධානය කිරීමේ කටයුත්තේ වගකීම් සහගත නිලධාරියෙකි.

    දෙදහස් පහේ ‘මහින්ද චින්තනය’ තුලත් දෙදහස් දහයේ ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ තුළත් ගම සංවිධානය කිරීම පිළිබඳව ඉදිරිපත් වූ සංකල්පය සවිස්තරාත්මක ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් බවට පත් කිරීමේ නිල වගකීම පැවරුණේ මා ඇතුළු කණ්ඩායමකට ය. ඒ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ජනසභා අධ්‍යක්‍ෂ ජනරාල් නිලය මා භාරගත්තේ ආභරණයක් ලෙස නොව ඒ තුලින් සමාජ-ජාතික වගකීමක් ඉටු කිරීමේ හැකියාව තිබේ ය යන හැගීමෙනි. ඒ සඳහා ඉඩකඩ සැලසූ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට මා අදත් ස්තුතිවන්ත වෙමි.

    ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකකම සංකල්පීයව සඳහන් වී තිබු ‘ජනසභා’ අදහස ප්‍රයෝගික වැඩපිළිවෙලක් සහ ක්‍රියාකාරකමක් බවට පත් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවිණි. විවිධ සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නිලධාරීන් මේ කටයුත්තේ දී දැක් වූ සහය අති විශාලය.

    හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දොළහේ ම එකකින් ග්‍රාම වසම් පහ බැගින් නිලධාරීන් සහ නියෝජිතයින් විසින් තෝරා දුන් පසු අපේ වැඩ සටහන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළෙමු. ඒ අනුව වසම් හැටක ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණි. ක්‍රියාත්මක කරන අතරතුර ලැබූ අත්දැකීම් සහ ජනයාගේ සිතුම් පැතුම් තේරුම් ගත් අපි ‘ජන සභා’ යන නම වෙනුවට ග්‍රාම වසමේ සභාව ‘ග්‍රාම සභාව’ ලෙස නම් කළෙමු. පසු කලෙක කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයේ තිබෙන සියලුම වසම්වල මෙම නියමු ‘ග්‍රාම සභා’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළෙමු.

    මෙවර ලිපිය තුළ ඒ ග්‍රාම සභා පිළිබඳව විධිමත් පැහැදිලි කිරීමක් සිදු කරන්නේ පශ්චාද් කොරෝනා ලංකාව ශක්තිමත්, විධිමත්, ජන කේන්ද්‍රීය සහ සොබාදම් කේන්ද්‍රීය ස්වදේශික රාජ්‍යයක් බවට පත් කිරීමට අවශ්‍ය නම් ගම විධිමත් ව සංවිධානය කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තක් වන නිසාය. එසේම ඒ කටයුත්තේ දී මෙ සැලසුම කෙරෙහි දේශපාලන, පරිපාලන සහ සමාජ අවධානය යොමු කිරීම අත් උදව්වක් වන නිසාය. මෙතැන් සිට අප අත්දුටු ග්‍රාම සභා ක්‍රමයේ ස්වරුපය ආකෘතිය සහ අන්තර්ගතය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමි.

    ග්‍රාම සභාවක් යනු ග්‍රාම (නිලධාරී ) වසම තුළ සිටින ආගමික නායකයින්, වසම භාර රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ජනතා නියෝජිතයින්, පුරවැසියන්, වසමේ ක්‍රියාත්මක සිවිල් සමාජ සංවිධාන සහ ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් සංවිධානය සහ සංවර්ධනය උදෙසා වූ ඒකාබද්ධ ග්‍රාම ආණ්ඩුකරණයේ සම්බන්ධීකරණ ව්‍යුහය ය.    

    එහි අරමුණු කීපයකි. එනම් අරමුණු පහළොවකි.

    1.ජාතික සංවර්ධනයේ පදනම් ඒකකය ලෙස ගම සංවිධානය කිරීම, 2.ග්‍රාමීය සංවර්ධනය සහ ආණ්ඩුකරණය සමස්ථවාදී සහ ඒකාබද්ධවාදී ප්‍රවේශයක් මත සිදුකිරීම, 3. ජාතික පිරිවැය අඩුකිරීම සඳහා ගමේ කාර්යයන් ප්‍රතිව්‍යුහගත කිරීම, 4. ජාතික නිෂ්පාදනය සහ ජාතික ආදායම ප්‍රසාරණය සඳහා ගම යොදා ගැනීම, 5. ගමට අදාළ පරිපාලන, දේශපාලන, සිවිල් සමාජ, ප්‍රජා මුලික, ආයතන හා සංස්කෘතික සංවිධාන සමඟ එකාබද්ධව සම්බන්ධීකරණයකින් යුතුව සංවර්ධන සහ ආණ්ඩුකරන සැලසුම් සැකසීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම, 6. ග්‍රාමීය ජනයා බලගැන්වීම, 7. නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිකරණයට අදාළව ‘ජන ව්‍යවසායකත්වයක්’ හඳුන්වා දී ස්ථාපිත කොට පහසුකම් සලසා එය දිරි ගැන්වීම, 8.ගමේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා මත ම යටිතළ පහසුකම් සැලසීම සහ ඒවා ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම, 9. ස්වයං-පැවැත්මක් සහිත සම්මුතිකාමී ග්‍රාමීය ප්‍රජාවක් බිහි කිරීම, 10. අන්තර් ප්‍රජා-සමාජ සමඟිය ගොඩනැගීම, 11. ජාතික ඒකාබද්ධතාවේ මුල් ඒකකය ලෙස ගම ගොඩනැගීම, 12. ගැටුම් අවම කරමින් ජනසම්මුතිවාදී භාවිත සහ පුරුදු ගම තුල ගොඩනැගීම, 13. ගම තුළ දේශපාලන සංහිදියාවකට පසුබිම සැලසීම, ඒ සියල්ලට අදාළ වන 14. ගමේ අදායම් සහ මානවීය දිළිඳුකම පිටු දැකීම, සහ 15. ඒ සියල්ල සඳහා වසමේ සියලු නිලධාරීන්, සංවිධාන සහ ජනයා ඒකාබද්ධ කරගෙන වසමේ මානව-භෞතික දත්ත බැංකුවක් සැකසීම යනු ඒ ග්‍රාම සභා අරමුණු ය.

    ග්‍රාම සභාවේ කාර්යභාරය පස් වැදෑරුම් ය.

    එනම් සංවර්ධන, සංවිධාන සහ ආණ්ඩුකරණ කටයුතු සඳහා 1. සැලසුම්කරණය, 2. සම්බන්ධීකරණය, 3. අධීක්ෂණය, 4. විමර්ශනය, සහ 5. විගණනය යනුවෙන් ඒ කාර්යභාරය පස් වැදෑරුම් ය. එසේම ග්‍රාම සභාවේ කාර්යභාරය ඉටු කිරීමේ මුලෝපා නව වැදෑරුම් ය. එනම් 1.මුණගැසීම, 2.සාකච්ඡා කිරීම, 3.එකඟතා ගොඩනැගීම, 4.සැලසුම්කරණය, 5.තීන්දු තීරණ ගැනීම, 6.සම්බන්ධීකරණය, 7.විමර්ශනය, 8.අගයනය, සහ 9.විගණනය යනු ඒ මූලෝපායන් ය.

    ග්‍රාම සභා පද්ධතිය ප්‍රජා, වසම්, සහ ප්‍රාදේශීය යනුවෙන් මට්ටම් තුනකි. එනම් ප්‍රජා මට්ටමේ දී ප්‍රජා සංවිධාන යනාදී ප්‍රජා සභා ද, වසම් මට්ටමේ දී ග්‍රාම සභාව ද ප්‍රාදේශීය මට්ටමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ආණ්ඩුව (පළාත් පාලන ආයතනය) සමඟ වූ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව යනුවෙනි.

     ග්‍රාම සභාවේ සංයුතිය කෙරෙහි මී ලඟට අපගේ අවධානය යොමු කරමු. පුරවැසියන්, ප්‍රජා සභා නියෝජිතයින්, ආගමික නායකයින්, පහසුකාරකයින් ( වසමට ඍජුවම අදාළ නිලධාරීන්), වසමට අදාළ ක්ෂේත්‍ර නිලධාරීන්, දේශපාලන නියෝජිතයින් යන අයගෙන් ග්‍රාම සභාව සමන්විත වේ. මෙහි වැදගත්ම කරුණ වන්නේ වසමේ ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරිනිය, කෘෂිකර්ම  පර්ය්ෂණ නිෂ්පාදන සහකාර, සංවර්ධන නිලධාරී සහ ප්‍රජා පොලිස් නිලධාරී යන වසමට ඍජුවම සම්බන්ධ නිලධාරීන් හය දෙනෙකු ග්‍රාම සභාව තුල වසමට අදාළව ඒකාබද්ධව සහ සම්බන්ධීකරණයකින් යුක්තව ක්‍රියාත්මක වීමය. එසේම පනහකට ආසන්න ක්ෂේත්‍ර නිලධාරීන් ග්‍රාම සභාව සමඟ එකාබද්ධව කටයුතු කිරීමය. හිතන්න, වසමකට ඍජුව සහ වක්‍රව අදාළ නිලධාරීන් ගණන පනහකට වැඩිය.

    ග්‍රාම සභාව විධායක සභාවකින් සහ උපදේශක සභාවකින් යුක්තය.

    එසේම ග්‍රාම සභාවේ කමිටු පහක් වේ. 1.පරිපාලන සහ සහජීවන කමිටුව, 2.ජීවනෝපාය සහ යටිතළ පහසුකම් සංවර්ධන කමිටුව, 3. පරිසර, සෞඛ්‍ය සහ සනීපාරක්ෂක කමිටුව, 4. පර්යේෂණ, ග්‍රාමීය තොරතුරු සහ සම්බන්ධීකරණ කමිටුව සහ 5. විගණන කමිටුව යනු ඒ කමිටු පහ ය. නමුත් ගමේ ජනයාගේ අවශ්‍යතා සහ කැමැත්ත අනුව මෙ කමිටු ගණන සහ ඒවායේ අන්තර්ගතය වෙනස් කරගැනීමට පුළුවන.

    ග්‍රාම සභාව තුල ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිතයාගේ කාර්යභාරය ගැන ඉතා කෙටියෙන් අවධානය යොමු කරමු. ප්‍රාදේශීය ආණ්ඩුව (පළාත් පාලන ආයතනය) සහ ග්‍රාම සභාව අතර සම්බන්ධීකරණය, අදාළ ප්‍රාදේශීය ආණ්ඩුවේ කටයුතු පිළිබඳව ග්‍රාම සභාවට වගවීම, ග්‍රාම සභා කටයුතු පිලිබඳ උපදේශනය සහ ඉහල දේශපාලන අධිකාරියට ග්‍රාම සභාවේ ඉල්ලීම් යොමු කිරීම යනු ග්‍රාම සභාවේ ප්‍රාදේශීය ආණ්ඩු නියෝජිතයාගේ කාර්යභාරය යි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය වන්නේ ග්‍රාම සභා පවත්වාගෙන යාමේ කටයුත්තට අදාළ සම්බන්ධීකරණය සහ නිලධාරීන් යොමු කිරීමය. එසේම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකත්වය එක් ග්‍රාම සභාවකින් එක් අයෙකුට ලබා දිය යුතුය. එහිදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව යනු ග්‍රාම සභාවලට අදාළ ප්‍රාදේශීය වගවීම් කමිටුව ද වේ. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ රැස්වීම්වල න්‍යාය පත්‍රයේ එක් අයිතමයක් විය යුත්තේ ග්‍රාම සභා කටයුතු යන්නය.

    මේ ඉහතින් සඳහන් කළේ ලංකාවේ වසම් හැත්තෑ හතරක 2012-2015 අතර කාලයේ නියමු ව්‍යාපෘතියක් ලෙස සාර්ථක අත්දැකීම් ලැබූ ග්‍රාම සභා ක්‍රමය පිළිබඳව ඉතාම කෙටි සාරාංශයකි.  නැවතුන තැනින් පටන් ගමු කියා විසුක දස්සන පෙන්නන අය හිතිය යුත්තේ සමහර නැවතුන තැන් නැවත පටන් ගත යුතු නැති බවය. එහෙත් සමහර නවත්තපු තැන් කෙරෙහි නැවත අවධානය යොමු කළ යුතුමය. ග්‍රාම සභා එවැන්නකි. එය ස්වදේශික පෝෂිත රාජ්‍යයක් ගොඩ නැගීමේ අත්තිවාරමය. පටන්ගත යුත්තේ එතනින් ය. පශ්චාද් කොරෝනා ලංකාව වනාහි පූර්ව කොරෝනා ලංකාවෙන් ජයගත නොහැකි රටක් බව කවුරුත් තේරුම් ගත යුතුය යන්න මේ කිවි දා මගේ දැක්මය.

    ධම්ම දිසානායක

  • ලෝකය පුරා Covid-19 ආසාදිතයින් 2,603,147ක් සහ මරණ 180,784ක්

    ලෝකය පුරා Covid-19 ආසාදිතයින් 2,603,147ක් සහ මරණ 180,784ක්

    අද දිනය (22) වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 2,603,147ක් සහ මරණ 180,784ක් වාර්තා වූ බව ජෝන්ස් හොල්කිනිස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානය කියයි.

    එහි සදහන් වන්නේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 830,789ක් සහ මරණ 45,318ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ බවයි. එක්සත් ජනපදයේ මරණවලින් 14,887ක් නිව්යෝර්ක් වලින් වාර්තා වීම විශේෂත්වයකි.

    ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 208,389ක් සහ මරණ 21,717ක් ද, ඉතාලියෙන් ආසාදිතයින් 187,327ක් සහ මරණ 25,085ක් ද, ප්‍රංශයෙන් ආසාදිතයින් 159,315ක් සහ මරණ 20,796ක් ද ජර්මනියෙන් ආසාදිතයින් 149,044 ක් සහ මරණ 5127ක් ද වාර්තා වී ඇත.

    මහා බ්‍රිතාන්‍යෙයන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 134,635 වන අතර මරණ සංඛ්‍යාව 18,100කි. ඉන්දියාවෙන් ආසාදිතයින් 20,471 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 652කි.