Tag: featured

  • Update – Covid-19: අදත් ආසාදිතයින් 20ක් හමුවෙයි – මුළු ආසාදිතයින් 330 දක්වා ඉහළට

    Update – Covid-19: අදත් ආසාදිතයින් 20ක් හමුවෙයි – මුළු ආසාදිතයින් 330 දක්වා ඉහළට

    අද රාත්‍රී 11.45 ට පමණ කොවිඩ්-19 ආසාදිත රෝගීන් 7 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිය වෙබ් අඩවියේ ප.ව 11.04ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම අනුව සදහන් කරයි. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20 ක් වන අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 330ක් බව ද  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    ශ්‍රී ලංකාවෙන් අද (22) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 13 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ප.ව 20.04ට සිදු කළ යාවත් කාලීන කිරීම්වල සදහන් වේ. ඒ අනුව අද දිනය වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 323 දෙනකු වාර්තා වී ඇති අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 148 දෙනෙකි. ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 211ක් වන අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 105 දෙනෙකි.

    මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අද දින ප.ව 17.10ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වූයේ අද දිනය තුළ වාර්තා වූ කොවිච්-19 ආසාදිතයින් 11 දෙනෙක් මඩකළපුව නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක් වෙමින් සිටි බේරුවල පදිංචිකරුවන් පිරිසක් බවයි. අනෙක් පුද්ගලයා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

  • පාර්ලිමේන්තුවේ ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

    පාර්ලිමේන්තුවේ ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අට වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට (අප්‍රේල් 23) දින කථානායක නිළ නිවසේදී රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් අද (22) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් මෙම රැස්වීමට  සහභාගී වීම  නියමිත බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

  • රට ලිහිල් කළත් සමාජ දුරස්ථභාවය අඛණ්ඩව සිදුවිය යුතුයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    රට ලිහිල් කළත් සමාජ දුරස්ථභාවය අඛණ්ඩව සිදුවිය යුතුයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    ‘දැන් මෙම රට එක්තරා ප්‍රමාණයකට ලිහිල් කරලා තිබෙන අවස්ථාවක විශේෂයෙන්ම කියන්න ඕනේ  යම් යම් සීමාවන් තිබෙනවා. ජනතාව පහුගිය කාළය තුළ ඉගෙන ගත් දේ ඒ වගේම හොඳ පුරුදු යහගුණයන් දිගටම රැගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. මේ රෝගය සම්පූර්ණයෙන් නැතිවෙලා නැහැ. මේ සඳහා යම් කාළයක් ගතවෙයී. මෙහිදි මෙම රෝගය වැඩීවීම වැළැක්වීම සඳහා මෙම උපදෙස් එහෙමත් නැතිනම් පිළිවෙත් අනුගමය කිරිම අත්‍යවශ්‍ය වෙනවා“ යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සදහන් කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (22) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මේ මාධ්‍ය හමුව සදහා සෞඛ්‍ය අමාත්‍යවරිය සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද සහභාගී වී සිටීයහ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේද පැවසුවේය.

    අද දින කොවිඩ් 19 රෝගීන් 12 දෙනෙකු හමුවී තිබෙනවා. මෙම පුද්ගලයන්ගෙන් 11 දෙනෙකු පූනානී බ්‍රැරැන්ඩෙක්ස් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි උදවිය. මෙම පුද්ගලයන් බේරුවල ප්‍රදේශයේ උදවිය ඒ වගේම තවත් රෝගියෙකු පෙලොන්නරුව රෝහලෙන් හමුවී තිබෙනවා.

    විශේෂයෙන්ම කොළඹ නගර සීමාවේ ඇතැම් ස්ථාන වලදී මෙම රෝගීන් හමුවීමත් සමග ඊයේ දිනයේ කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමග සාකච්ඡාවක් පවත්වා ඒ අනුව මේ කොළඹ පවතින වතු වශයෙන් හැදින්වෙන සියළුම ස්ථාන වල අහඹුලෙස PCR පරීක්‍ෂණ සඳහා සාම්පල් ලබාගැනීමට තීරණය කරා.

    ඒ වගේම කොළඹ නගර සභාවේ රාජකාරීන් සඳහා විවිධ ස්ථානවලට වලට වාර්ථා කරනවා සැලකිය යුතු පිරිසක් ඒ අය එම වාර්ථා කරන ස්ථානයවලදී PCR පරික්‍ෂණ සිදු කිරිමට තීරණය කරා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය අංශය වෙත ලබාදීමට තීරණය කර කරනු ලැබුවා.

    ඒ වගේම අද දින විශේෂයෙන් පිළියන්දල රෝගියා හමුවීමෙන් පසු ඇතිවූ තත්ත්වයන් ඔස්සේ පැළියගොඩ මාළු වෙළඳපොලෙහී 530 ක් පමණ සාම්පල් අරන් තියනවා. මෙම සාම්පල් ප්‍රමාණය එක් ස්ථානයකින් පැයකිහිපයක් තුළ ගනු ලැබු වාර්ථාගත ප්‍රමාණයක්.

    ඒ වගේම ඊයේ දිනයේ පන්නිපිටි ප්‍රදේශයේ පෞද්ගලික ආරෝග්‍ය සාලාවකින් සාම්පල් 62 ක් ගනු ලැබුවා. එම සාම්පල් 62 කම කොවිඩ් 19 වෛරස් ආසාදිතයන් නොවන බවට දැනට වාර්ථාවී තිබෙනවා.

    ඒ වගේම බණ්ඩාරනායකපුර සහ අනෙකුත් වතු වශයෙන් හදුන්වන රෝගින් හමුවුණ සහ හමු නොවුනු එම ප්‍රදේශවලත් අද දින PCR පරික්‍ෂණ සඳහා සාම්පල් ලබාගැනීම සිදු කරලා තියනවා.

    ඒ වගේම දැනට මේ එම පූනානී මධ්‍යස්ථාන ඇතුළු එම මධ්‍යස්ථාන වලින් හමුවූ රෝගීන් කාන්තන්කුඩි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබූවා.මේ තමයි අපේ නවතම මධ්‍යස්ථානය කොවිඩ් රෝගීන් සඳහා දැන් එහි 30 කට අධික රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ගනිමින් සිටිනවා.

    දැන් මෙම රට එක්තරා ප්‍රමාණයකට ලිහිල් කරලා තිබෙන අවස්ථාවක විශේෂයෙන්ම කියන්න ඕනේ  යම් යම් සීමාවන් තිබෙනවා. ජනතාව පහුගිය කාළය තුළ ඉගෙන ගත් දේ ඒ වගේම හොඳ පුරුදු යහගුණයන් දිගටම රැගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. මේ රෝගය සම්පූර්ණයෙන් නැතිවෙලා නැහැ. මේ සඳහා යම් කාළයක් ගතවෙයී. මෙහිදි මෙම රෝගය වැඩීවීම වැළැක්වීම සඳහා මෙම උපදෙස් එහෙමත් නැතිනම් පිළිවෙත් අනුගමය කිරිම අත්‍යවශ්‍ය වෙනවා.

    එහිදි ප්‍රවාහනයේදී අනෙකුත් රැකියා කරන ස්ථාන වලදී ඒ වගේම පාරතොටෙදී වෙළද ස්ථානයන්හීදී මේ හැම අවස්ථාවකම සමාජයේ දුරස්ථභාවය පිරිසිදු භාවය අත්සබන් දමා සේදීම ඇතුළු සියළු කාරනා ඉටුකිරිම වැදගත් වෙනවා. ඒවගේම මේවන විට තීරනය කර තිබෙනවා. උදාහරනයක් හැටියට ත්‍රීරෝද රථයක දෙදෙනෙකුට තමයි ගමන් කල හැකි වන්නේ ඊට වැඩී පිරිසකට ත්‍රි රෝද රථයක ගමන් කිරිමට හැකියාවක් නැහැ.

    ඒ වගේම බාබර් (SALOON) සාප්පු තවදුරටත් වසාදැමීමට තීරනය කරලා තියනවා. රෝහල් අසල බොහෝ විට තියන කුඩා වෙළද කුටි කැම ආහාර වැනී ඒ සාමාන්‍ය සමීපාරක්‍ෂක තත්ත්වයේ හීන එම සියළුම ස්ථාන තවදුරටත් වසාතැබීමට තීරණය කරලා තියනවා. මේ වගේම මේ සීමාවන් තුළ ආපනශාලා විවෘත කර ඒ වෙතින් නිම කරන ලද ආහාර එම ස්ථානයෙන් රැගෙන ගොස් පරිභෝජනයට ගැනීමට.

  • හමුදාවට ලැබුණු එළවළු කිලෝ 150,000ක් රතු දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභීන්ට

    හමුදාවට ලැබුණු එළවළු කිලෝ 150,000ක් රතු දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභීන්ට

    දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට ඔවුන්ගේ එළවළු තොගවලින් කිලෝ ලක්‍ෂ එක හමාරක ප්‍රමාණයක් ලබාදුන්නා. එය ඊයේ සහ අද දිනයන්හිදී කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි අඩු ආදායම්ලාභී පවුල් අතරේ බෙදා දීමට යුධ හමුදාව විසින් ක්‍රියාකරනු ලැබුවා යැයි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

    යුද්ධ හමුදාපතිවරයා මේ බව සදහන් කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (22) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මේ මාධ්‍ය හමුව සදහා සෞඛ්‍ය අමාත්‍යවරිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී වී සිටීයහ.

    ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේද පැවසුවේය

    ඊයේ දින ශ්‍රී ලංකාවට රැගෙන ආ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ත්‍රිවිධ හමුදාවේ අයවළුන් ඔවුන් පාකිස්ථානයේ සිට රැගෙන එනු ලැබූ බව සන්ධ්‍යාවේදී. ඔවුන් 106 දෙනා ඊයේ සවස් භාගයේදීම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරනු ලැබුවා.

    ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුධ හමුදා අයවළුන් යුධ හමුදාව යටතේත්, නාවික හමුදා අයවළුන් නාවික හමුදාව යටතේත්, අනිකුත් ශිෂ්‍යාවන් යුධ හමුදාව යටතේත් නිරෝධායනය ලක්කරලා තිබෙනවා.

    මේ අනුව යුධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 26 ක් යටතේ තවදුරටත් 2690 දෙදෙනෙකු නිරෝධායනය වෙමින් පවතිනවා.

    ඊට අමතරව 4348 දෙනෙකු නිරෝධායන කටයුතු නිමවී තම නිවෙස් බලා ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී අපි කොට්ටාව ප්‍රදේශයේදී පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් සීල් කරනු ලැබුවා. එහි PCR පරීක්ෂණත් අපි කරනු ලැබුවා. ඒ PCR පරීක්ෂණ අනුව කිසිවෙකු ආසාධනයට ලක්නොවූ බවට තහවුරු වෙලා තියෙනවා.

    ඊට අමතරව පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙක් එතුමාගේ පවුලේ අයවළුන් 23 දෙනෙකු අපි වැලිසර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබෙනවා.

    ඊයේ දිනයේ නිරෝධායන සඳහා රැගෙන ගිය අයවළුන්ගෙන් යාපනය, කිළිනොච්චිය, පලාලි සහ ඉරණමඩු ප්‍රදේශයන් හි ඔවුන් තවදුරටත් නිරෝධායනට ලක්කරලා තියෙනවා.

    දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට ඔවුන්ගේ එළවළු තොගවලින් කිලෝ ලක්‍ෂ එක හමාරක ප්‍රමාණයක් ලබාදුන්නා. එය ඊයේ සහ අද දිනයන්හිදී කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි අඩු ආදායම්ලාභී පවුල් අතරේ බෙදා දීමට යුධ හමුදාව විසින් ක්‍රියාකරනු ලැබුවා.

  • පවුල් ලක්ෂ 19කට රුපියල් 5000ක දීමනාව ගෙවලා

    පවුල් ලක්ෂ 19කට රුපියල් 5000ක දීමනාව ගෙවලා

    කොව්ඩ් 19 රෝගය නිසා තමන්ගේ එදිනෙදා ජීවිකාව කර ගැනීමට නොහැකිවූ තවත් පවුල් 19 ලක්ෂයක්ට 20, 21, 22 යන තුන් දින පුරාවටම රුපියල් පන්දහසේ සහනාධාරය ලබාදෙනු ලැබූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (22) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මේ මාධ්‍ය හමුව සදහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී වී සිටීයහ.

    සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

    විශේෂයෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාම කෙටි කාලයක් තුළ විශාල සහන ලබාදීපු කාලසීමාව මේ කාලසීමාවයි. සමෘද්ධි ව්‍යාපාරය හරහා පවුල් ලක්ෂ 25 කට රුපියල් පන්දහස බැගින් ලබා දීම සිදුකරනු ලැබුවා.

    ඊට පස්සේ කොව්ඩ් 19 රෝගය නිසා තමන්ගේ එදිනෙදා ජීවිකාව කර ගැනීමට නොහැකිවූ තවත් පවුල් 19 ලක්ෂයක්ට 20, 21, 22 යන තුන් දින පුරාවටම ඒ රුපියල් පන්දහසේ සහනාධාරය ලබාදෙනු ලැබුවා. මන් හිතන්නේ මෙය මුළු ගමම එකතුවෙලා ගමේ ඉන්න රාජ්‍ය නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව ඒ වගේම සියළු දේශපාලන පක්ෂ වල පලාත් පාලන නියෝජිතයින්ට ඒ සඳහා සම්බන්ධවීමට අවස්ථාවක් ලබාදීලා කටයුතු කරපු සියළුම මහජන සම්බන්ධතාවය අනුව තෝරාගත්ත ක්‍රියාවලියක් මෙම ක්‍රියාවලිය.

    එමනිසා ලංකාවේ සුවිසල්ම සහනාධාර මහජනතාවට ලබාදීම මෙම වකවානුවේදී සිදුවෙනවා. ඒ සඳහා සහයෝය ලබාදුන්න සියළුම රාජ්‍ය නිළධාරීන්ට තමන්ගේ අවධානම නොතකා ගෙයක් ගෙයක් ගානේ ගොස් ඒ සහනාධාරය ලබාදුන්නු සියළුම රාජ්‍ය නිලධාරීන්ට අපි මේ අස්ථාවේදී ස්තූතිවන්ත වෙනවා.

    ඒ වගේම ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක ගණනාවකම ළිහිල් කරනු ලැබුවා, අපිට දකින්නට ලැබෙනවා මේ කොරෝනා උවදුර එසේත් නැත්නම් කොවිඩ්  19 රෝගය ලංකාවේ පහව ගියාවගේ තමයි සමහර තැන්වල ඇඳිරි නීතිය ළිහිල් කළ තැන්වල ආදරණීය ජනතාව හැසිරෙන්නේ. සමහර අවස්ථාවල අපි දකිනවා ත්‍රීවිල්වල තුන් හතරදෙනා යනවා. සමහර අවස්ථාවල දකිනවා සමාජ දුරස්ථභාවය පවත්වාගන්නේ නැතිව පොරකනවා. අපි ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ ඇඳිරි නීතිය ලිහිල්කළේ රටේ ජනතාව වෙනුවෙන් රට වෙනුවේ ගන්නට තිබෙන ක්‍රියාමාර්ග නිසයි.

    නමුත් මේ උවදුර පහව ගිහින් නැහැ. ඒ නිසා ඔබ වෙනුවෙන් ඔබේ දරුවන් වෙනුවෙන් මේ රට වෙනුවවෙන් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදිමින් මේ රෝගය ලංකාවෙන් පහව යන තෙක් ඇඳිරි නීතිය ලිහිල් කරපු ප්‍රදේශවල  කටයුතු කරන්න කියලා ඒ ආදරණීය ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.

  • පන්ජාබි සරසවියේ සිරිවී සිටි 102ක් හෙට දිවයිනට – ඇමති ප්‍රසන්න

    පන්ජාබි සරසවියේ සිරිවී සිටි 102ක් හෙට දිවයිනට – ඇමති ප්‍රසන්න

    කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට  ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 හෙට  (23) සවස දිවයිනට පැමිණීමට නියමිතය.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එම පිරිසද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි.

    විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ පළමු කණ්ඩායම පෙරේදා (21) සවස දිවයිනට පැමිණියහ. ඒ අනුව පාකිස්ථානයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදෑරූ හා පුහුණු කටයුතු සදහා පාකිස්ථානයට ගිය 113 දෙනෙකු දිවයිනට පැමිණියහ.

    ඉන්දියාවේ පන්ජාබි ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල වල සිටින ළමුන් 102 දිවයිනට ගෙන්වා ගැනීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගෙමේ UL 146 ගුවන් යානය යොදවා තිබේ. මීට අමතරව අප්‍රියෙල් 24 වන දින UL 194  ගුවන් යානය කොයිම්බතුර් සිට ශ්‍රී ලාංකිකයන් 117 දෙනෙක් ද UL 1425 කත්මන්ඩු සිට තවත් ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙක්ද දිවයිනට ගෙන ඒමට කටයුතු යොදා තිබේ.

    විදේශ කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධිකරනයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට රැගෙන ඒමේදී ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පැමිණෙන සියලු දෙනා ඉතා ආරක්ෂිතව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බවද ඇමතිවරයා කියයි.

  • දිවයින පුරා නිදහස් වෙළෙද කලාපවල කර්මාන්තශාලා 217ක 30,269ක් වැඩ

    දිවයින පුරා නිදහස් වෙළෙද කලාපවල කර්මාන්තශාලා 217ක 30,269ක් වැඩ

    දිවයින පුරා නිදහස් වෙළද කළාපවල කර්මාන්ත ශාලා 217ක සේවක සේවිකාවන් 30269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ රජයේ නිර්දේශ මත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම කර්මාන්ත ශාලා වල සේවා කටයුතු නැවත ආරම්භ කල බවයි.

    ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් සිය සේවා කටයුතු ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින කර්මාන්ත ශාලා වලට ඒ සදහා අවසර ලබා දීමට රජය පසුගියදා තීරණය කලේය. ඒ අනුව මේ වන විට මෙම කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    සමස්ත සේවක සංඛ්‍යාවෙන් 20%ක පිරිසක් යොදවා ගනිමින් හා කොරෝනා වසංගතය පාලනය කිරීමට අදාල සියලු සෞඛ්‍ය උපදෙස් අනුව මෙම කර්මාන්ත ශාලා සිය නිශ්පාදන කටයුතු ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි.

    ඒ අනුව කටුනායක  නිදහස් වෙළද කළාපයේ කර්මාන්ත ශාලා 48ක නිෂ්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. සේවක සේවිකාවන් 3971 එහි සේවය කරන අතර ආයෝජන මණ්ඩල සේවකයන් 60 දෙනෙකු සේවය කරති. බියගම නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලා 35ක කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

    සේවක සේවිකාවන් 6938 ක් මෙහි සේවය කරන අතර ආයෝජන මණ්ඩල සේවක සේවිකාවන් 61 දෙනෙකු සේවය කරති. සීතාවක පුර කර්මාන්ත පුරයේ ආයතන 18 ක සේවක සේවිකාවන් 1489 ක් සේවක කරති. එහි සේවය කරන ආයෝජන මණ්ඩල සේවකයන් සංඛ්‍යාව 33කි. කොග්ගල කර්මාන්ත පුරයේ  කර්මාන්ත ශාලා 19 ක සේවක සේවිකාවන් 4092 ක් සේවය කරන අතර හොරණ කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 17 ක කටයුතු ආරම්භවී තිබේ. සේවක සේවිකාවන් 865 දෙනෙකු එහි සේවය කරති. වගවත්ත කර්මාන්ත උද්‍යානයේ කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලා 04 ක සේවක සේවිකාවන් 342 සේවය කරති.

    වතුපිටිවල කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 10ක් හා මාවතගම කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 04ක් දැනටමත් සිය සේවා කටයුතු ආරම්භ කර තිබේ. පොල්ගහවෙල වෙළද කළාපයේ කර්මාන්ත ශාලා 05ක් දැනට සේවා කටයුතු  ආරම්භ කර ඇත. මල්වතුහිරිපිටිය නිදහස් වෙළද කළාපයේ කර්මාන්ත ශාලා 06ක් වැඩ ආරම්භ කර ඇති අතර මිරිස්සවල වෙළද කලාපයේ කර්මාන්ත ශාලා 03ක වැඩ කටයුතු ආරම්භ කර ඇත. නුවර කර්මාන්ත උද්‍යානයේ කර්මාන්ත ශාලා 20ක සේවක සේවිකාවන් 2689 දෙනෙකු සේවය කරනු ලබයි. මීට අමතරව උතුරු හා නැගනහිර පළාතේ කර්මාන්ත ශාලා 12ක සේවා කටයුතු ආරම්භ කරතිබේ.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරනු ලබන්නේ මෙම සෑම කර්මාන්ත ශාලාවක්ම දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ පරීක්ෂාවට ලක්කරන බවයි. එහිදී සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ දැයි දැඩි ලෙස පරීක්ෂා කෙරේ. ඊට අමතරව ආයෝජන මණ්ඩලවල මෙම කර්මාන්ත ශාලා නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කන්නේ දැයි දැඩි අවධානයෙන් පසුවන බවත් විශේෂ පරීක්ෂාවන්ට ලක්කරන බවත් ඇමතිවරයා කියා සීටි.

  • ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්

    ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්

    ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව බලකාය ස්ථාපනය කර තිබේ.

    ලොව පුරා ව්‍යාප්ත කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත ආර්ථික හා  සමාජයීය අභියෝග සහ ඉඩ ප්‍රස්ථා කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ වගකීම කාර්ය සාධක බලකායට පැවරේ.

     “සෞභ්‍යාග්‍යයේ දැක්ම”  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත දර්ශනය පදනම් කර ගනිමින් නව ප්‍රවේශයක් ඔස්සේ මෙරටට අනන්‍ය වූ ආර්ථික රාමුවක් සකස් කිරීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අදාළ ආයතනවලට අවශ්‍ය මගපෙන්වාදීම  කාර්ය සාධක බලකායට පැවරී ඇති ප්‍රමුඛ වගකීමකි.

    දේශීය කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් දිරි ගන්වන ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ස්ථාපනය කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම තවත් කාර්යයක් වේ.

    ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට සෞඛ්‍ය හා අධ්‍යාපන කාර්ය සාධක බලකායන්ගේ ක්‍රියාකාරිත්වය ද සැලකිල්ලට ගෙන සියලුම ආයතන සම්බන්ධීකරණය කරමින් නිෂ්පාදන බෙදාහැරීමට අවශ්‍ය පියවර ගැනීම ද ඊට පවරා තිබේ.

    කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ අමාත්‍යාංශයක්, රජයේ දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය සංස්ථාවක් හෝ වෙනත් එබඳු ආයතනයක් කාර්ය සාධක බලකාය විසින් පවරනු ලබන රාජකාරී හා වගකීම් ඉටුකිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ සියලු අවස්ථා ජනාධිපතිතුමා වෙත වාර්තා කරන ලෙස බලකායට විධාන කර ඇත.

    2020 ජනවාරි 24 හා 2020 මාර්තු 24 දිනැති දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා වූ කාර්ය සාධක බලකාය සහ 2020 මාර්තු 23 දිනැති කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී වැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇති දිස්ත්‍රික්කවල සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සේවාවන් විධිමත් ලෙස කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරීමට අදාළ විධිවිධානයන් මේ සමග අවලංගු කෙරේ.

    ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය වෙත පැවරී ඇති කාර්යභාරය සහ වගකීම් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

    ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා කාර්ය සාධක බලකායේ සභාපතිත්වය හොබවයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා සහ ඩී.එස්. ජයවීර මහත්වරු සම ලේකම්වරු වෙති. 

    කාර්ය සාධක බලකායේ සාමාජිකයන්ගේ සම්පූර්ණ නාම ලේඛනය මෙසේය,

  • කොබ්බෑවල මේධංකර හිමියෝ කොරෝනා මර්ධනයේදී ජනපති මෙහෙවර අගය කරති

    කොබ්බෑවල මේධංකර හිමියෝ කොරෝනා මර්ධනයේදී ජනපති මෙහෙවර අගය කරති

    බොහෝ බලවත් රටවල නායකයන් කොරෝනා වසංගතව අවස්ථාවේදී සිය ජනතාව අතරමං කළද මෙරට ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටත් ජනතාවත් රැක ගැනීම සදහා කරනු ලබන මෙහෙවර ප්‍රශංසනීය බව දොඹවල ශ්‍රී සද්ධර්මගුප්ත පිරිවෙන් විහාරාධිකාරී බස්නාහිර පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක, ශාස්ත්‍රපති පණ්ඩිත අති පූජ්‍ය කොබ්බෑවල මේධංකර හිමියන් පවසති.

    උන්වහන්සේ  මේ බව සදහන් කළේ දිවංගත රෙජී රණතුංග මැතිතුමාගේ 84වන ජන්ම දින සැමරුම වෙනුවෙන් අද (22) උඩුගම්පල පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩ සටහනකට එක්වෙමිණි. සියලු සෞඛ්‍ය අංශ උපදෙස් වලට අනුව මෙම වැඩ සටහන සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම සංවිධානය කර තිබිණි.

    මෙහිදී අනුශාසනාව කළ කොබ්බෑවල මේධංකර හිමිහියන් වැඩි දුරටත් මේසේද පැවසූහ.

    “ දිවංගත රෙජී රණතුංග මැතිතුමා ඉතාම ජනතාවාදී නායකයෙක්. එතුමා දුර දක්නා නුවනකින් කටයුතු කල කෙනෙක්. එතුමාගේ දර්ශණය වුනේ ජනතා සේවයම පමණයි. ඒ නිසයි රෙජී රණතුංග මැතිතුමාට ගම්පහ මිනිස්සු තාමත් ආදරය කරන්නේ.

    අද අපි මුහුණ දෙමින් සිටින්නේ බරපතල වසංගතයකට. පාස්කු ප්‍රහාරය එල්ල වුන වෙලාවෙත් ඒ හිටපු අය කිව්වා ඒකත් ගෝලීය ප්‍රශ්ණයක් කියලා. ඒත් ඒ වෙලාවේ ඒ ප්‍රහාරය එල්ල වුනේ අපේ රටට විතරයි. හැබැයි අද අපි මුහුණ දෙමින් සිටින්නේ ගෝලීය වසංගතයකට.

    බුදු හාමුදුරුවන්ගේ කාලේ මේ වගේ වසංගත තිබුනා ඕපපත්තිකාබාධා කියාලා. මේවගේ රෝග හැදෙන හේතු 10ක් බුදුන් වහනසේ දේශනා කරලා තියෙනවා.  ඕපපත්තිකාබාධා හැදෙන්නේ මිනිස්සුන්ගේ නොසැලකිල්ලෙන්. මේ වගේ වසංගත රෝගවලට බුදුන්ගේ කාලේ අභිවාතකරෝග කියලත් කිව්වා. අභිවාතක රෝග කියන්නේ ස්පර්ශයෙන්, වාතයෙන් බෝවන රෝග . මේ භායනක වසංගතය හැදුනාම ඒකට බේත් තිබුනේ නෑ. අන්තිමේදී රජවරු කලේ මේ වසංගත රෝග හැදුන අය ගල් ගහල එලවපු එකයි. නැත්නම් වෙනම කුටි වලට දාලා මැරෙන්න හරිපු එකයි. දැන් ඇමරිකාවේ, එංගලන්තේ නායකයෝ ඒ රටවල ජනතාව අතහැරලා දාලා  තිනෙවා වගේ. රටේ නායකයෙකුගේ වගකීමක් තමයි ඕනෑම අර්බුධයකදී, වසංගතයකදී ඒ රටේ ජනතාව රැක බලාගන්න එක. ඒ අතින් ශ්‍රී ලංකාවේ අපි වාසනාවන්තයි. මේ කොරෝනා වසංගතයෙන් පීඩා විදින අපි පව් කරලා තිබුනත් අපිව රැකගන්න පුලුවන් නායකයෙක් හිටපු එක අපි කරපු ලොකු පිනක්.

    මේ කොරෝනා වසංගතයෙන් අපේ රට, ජනතාව මුදාගන්න ජනාධිපතිතුමා, අගමැතිතුමා කැබිනට් මණ්ඩලය කරන කැපවීම ප්‍රශංසනීයයි. මේ ජනාධිපතිතුමා අගමැතිතුමා නොඉන්න අපට අත්වන ඉරණම හිතාගන්න බෑ. කවදහරි දවසක කොරෝනා වසංගතය වෙලාවේ මේ රට, ජනතාව ආරක්ෂා කරගන්න ජනාධිපතිතුමා කල කාර්යය භාරය ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා, ඒක ඒකාන්තයි.”

  • Covid-19: පාරිභෝගිකයින් සුරකින්න ‘ජංගම වෙළෙදුන්ට’ නීති රැසක්

    Covid-19: පාරිභෝගිකයින් සුරකින්න ‘ජංගම වෙළෙදුන්ට’ නීති රැසක්

    ජංගම වෙළෙදුන් සිය ‍වෙළෙද කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොකිරීම හේතුවෙන් කොවිඩ් 19 වෛරසය සාමාන්‍ය ජනතාව වෙත ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි පොලිස් මූලස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන මාර්ගගත ක්‍රමය යටතේ නිවසින් නිවසට ගොස් මාළු, එළවළු, පලතුරු හා බේකරි නිෂ්පාදන ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා අවසර ලබාදී ඇති සියලුම වෙළෙඳුන් සහ ආයතන තම ජංගම වෙළෙඳාම් කටයුතු සිදු කිරීමේදී පහත සඳහන් උපදෙස් අනුගමනය කළ යුතු බව පොලිස් මූලස්ථානය සිය නිවේදනය මගින් දන්වා සිටී.

    සියලුම ජංගම වෙළදුන් විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම

    පිරිසිදු ඇඳුමින් සැරසී සිටීම,

    පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවහන් පැළඳීම,

    වෙළෙඳාම් කටයුතු සිදු කරන අවස්ථාවේ මුඛ ආවරණ සහ අත් ආවරණ පැළඳීම,

    විෂබීජානුහරණ දියර භාවිත කිරීම,

    බේකරි නිෂ්පාදන, පිසූ ආහාර ආදිය අලෙවි කරන්නේ නම් ඒවා අතින් ඇල්ලීම නොකර පාරිභෝගිකයින් වෙත ලබාදීම සඳහා අවශ්‍ය උපකරණ භාවිත කිරීම,

    ආහාර සහ භාණ්ඩ අලෙවි කිරීමේදී කඩදාසි හෝ වෙනත් ආවරණ තුළට දමා අලෙවි කිරීම

    වෙළෙදුන් විසින් නොකළ යුතු දේ

    මුදල් ස්පර්ෂ කිරීමෙන් පසු එම අතින්ම ආහාර ද්‍රව්‍ය, භාණ්ඩ හෝ ආවරණ ස්පර්ශ කිරීමෙන් වැළකීම,

    ආහාර මිලදී ගැනීම සඳහා පැමිණෙන මහජනතාවට ආහාර ඇල්ලීමට ඉඩ නොදීම,

    මහජනතාව ආහාර හා භාණ්ඩ අලෙවි කරන වාහන අසළ රැඳී සීටීමේදී මීටරයක පරතරය පවත්වාගෙන යාම, ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළෙඳුන් අනුගමනය කළ යුතු බවයි පොලිස් මූලස්ථනය අවධාරණය කරන්නේ.

    මාර්ගගත ක්‍රමය යටතේ ජංගම වෙළෙඳාමේ යෙදීම සඳහා නිසි අවසරයක් ලබාගෙන ඇති පුද්ගලයින් ඉහත උපදෙස් අනුගමනය කිරීම අනිවාර්යය වන අතර අද සිට ඉහත උපදෙස් පරිදි කටයුතු නොකරන වෙළෙඳුන්ගේ ඇඳිරි නීති බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බව ද පොලිස් මූලස්ථානය සිය නිවේදනය මගින් අවධාරණය කරයි.

  • ඡන්ද කල්දැමීම ලංකාවට ‘අලුත් දෙයක්’ නොවේ

    ඡන්ද කල්දැමීම ලංකාවට ‘අලුත් දෙයක්’ නොවේ

    පාර්ලිමේන්තු මැතිවරණය ගැන පැවැත්විය නොහැකි නිසා විස්සෝපයට පත් වි සිටින පිරිසකි.  ඔවුන් බහුතරයක් දේශපාලනඥයින් හා ඔවුන්ගේ හිතවතුන් ය.  අපේ රටේ මැතිවරණ වර්ග හතරක් කල් දමා හෝ අතහැර දමා ඇත.

    අධිකරණය ද, ඡන්ද ගැසට් බල රහිත කොට ඇත.  විසිරුවා හැරපු පාර්ලිමේන්තුව නැවතත් රැස්වී, ඡන්ද ගැන කථා කර ඇත. බහුතරයක් අවස්ථාවල දී, පාර්ලිමේන්තුව ද ඡන්ද ගැසට් අවලංගු කර ඇත.  ජනාධිපතිනි කුමාරතුංග මහත්මිය ජනමත විචාරණ ගැසට් පත්‍රය ඉවත් කර ගත්තේය.   

    අද පවත්නා කෙරෝනා අර්බුදයක කුමක් වුවත්, ඊයේ ගැසට් නිවේදනයත් සමග රටේ ව්‍යවස්ථා අර්බුදයක් උද්ගතව ඇත.  ලබන අප්‍රේල් 30 දින සිට රටේ මුල්‍ය පාලනය පිළිබද අර්බුදය ආරම්භ වන්නේය.  

    ජූනි 2 දින සිට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීමේ අර්බුදයක් මතු වන්නේය.  ප්‍රශ්නය ඇත්තේ, මේ ගැටළුව විසදන්නට ශ්‍රේෂ්ඨාධිකරණය වසා දමා ඇත. නීතිපති දෙපාර්තමේන්තුව ද වසා දමා ය.   එලදායී සංවාදයක් සදහා අතීතය දැන ගැනීම වැදගත්ය.

    විධායකය, ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය විසින් විසින් කාලයෙන් කාලයට විසදා ඇති ලංකාවේ ඡන්ද අවලංගු කිරීමේ  කෙටි ඉතිහාසය මෙසේය.

    1.       1987 කැදවූ පළාත් පාලන ඡන්දය, එවකට පැවති භීෂණය නිසා පැවැත්වීමට නොහැකි විය.  1991 දී නැවත ඡන්දය පවත්වන්නට අවශ්‍ය වූ විට අලුතෙන් නාම යෝජනා කැදවීම සදහා 1990 අංක 24 දරණ පනත ගෙන ඒමට සිදු විය.  2011 වෙරළබඩපත්තු හා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා ඡන්දය තිබුණේ නැත.  2018 අලුත් පළාත් පාලන ඡන්දය පවත්වන තුරුවත් එහි ඡන්දය තියා ගත නොහැකි විය.  2017 අංක 16 පළාත් පාලන සංශෝධන පනතින් නාම යෝජනා ඉවත් කර එම ඡන්දය අහෝසි කරනු ලැබීය.

    2.      2000 දී ආණ්ඩුබලය ලබාගත් චන්ද්‍රිකා කුමාරතුංග රජය පැකේජය නමින් ප්‍රකට දේශපාලන බලය බෙදීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.  එය පාර්ලිමේන්තුවේ පරාජය වලක්වා ගැනීමට 2001 අගොස්තු 21 (2001.07.10 දිනැති අංක 1192/16 දරන ගැසට් පත්‍රය) මගින් ජනමත විචාරයණයක් කැදවූයේ ‘‘ජාතික වැදගත්කමක් හා අවශ්‍යතාවයක් ඇති කරුණක් වශ‌‌යෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යවේද?” යන ප්‍රශ්නයට ය.  ආණ්ඩුවට ඉදිරිපත් වූ විශ්වාස භංගය නිසා 2001 ඔක්තෝබර් 18 වන දිනට ඡන්දය පවත්වන දිනය  (2001.08.07 දිනැති අංක 1196/18 දරන ගැසට් පත්‍රය)
     කල් තබන ලදි.  එම ගැසට් පත්‍රය 2001.09.02 දිනැති අංක 1199/30 දරන ගැසට් පත්‍රයෙන් අවලංගු කරන ලදින් චන්ද්‍රිකා ජනාධිතිතුමිය කැදවූ ජනමත විචාරණය අහෝසි වූවේය.

    3.      ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 නොවැම්බර් 09 දින අංක 2096/70 දරන අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් නොවැම්බර් 19 සිට 26 දක්වා නාම යෝජනා බාර ගැනීමටත්  2019 ජනවාරි 9 දින පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමත් නිවේදනය කළේය.  අධිකරණ ක්‍රියාවලියකින් පසුව පාර්ලිමේන්තු විසිරුවා හැරීම නිත්‍යානුකූල නොවන බව තීරණය වූ බැවින් ඡන්දය අහෝසි විය.  පසුගිය දා  ගෝඨාභය රාජපක්ෂ මහතා වසර 4  ½ ක් පිරුණු පසුව විසිරුවා හරිනු ලැබූවේ එම පාර්ලිමේන්තුවයි.

    4.      පළාත් සභා ඡන්දය අවලංගු කර නොව තියෙන දවසක් හිතාගන්නට හෝ නොහැකිවන ලෙස ‘අතුරුදහන් කොට ඇත.  සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත නොවීම, ඡන්දය තියන්නට සියලුම දේශපාලන පක්ෂවලට තිබූ අකමැත්ත නිසා පළාත් සභා ඡන්දය ‘අතුරුදන් කළේ‘  යහපාලන පාර්ලිමේන්තුවය.   

    5.      ලංකාවේ කල් දමාන්නට හෝ අවලංගු කරන්නට බැරි වූ එකම ඡන්දය  ජනාධිපතිවරණය යි.  එයට ද, 1989 දී උත්සාහයක් නොතිබුණා නොවේ.

    ඡන්දය අවලංගු වුණා හෝ කල් ගියා හෝ ගැසට් අවලංගු කලා හෝ ලෝකය නැවතුනේ නැත.   මම පුද්ගලිකව පලාත් පාලන, පළාත් සභා ඡන්ද පැවැත්වීම සදහා තනිව සටන් කළ අවස්ථා නැතිවා නොවේ.  

    දැන්, කාලය අවසන්විමට මාස 6 තිබිය දී විසිරුවා හරිනු ලැබූ පාර්ලිමේන්තු රටේ ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කර ඇත්තේ කොරෝනා වෛරය නිසාය.  රජයට, මැතිවරණ කොමිසමට, විපක්ෂයට  විකල්ප නැද්ද? යන ප්‍රශ්නය වෙනම කථා කළ යුත්තකි.  හැබෑ උවමනාවක් ඇති නම් ජූනි 2 ට පෙර ප්‍රශ්නය විසදා ගත හැකි මාර්ග ගණනාවකි.

    රජිත් කීර්ති තෙන්නකෝන් – දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර

  • ෂාරුක් ඛාන් සිය ඉදිරි චිත්‍රපට පිළිබදව ‘විශේෂ හෙළිදරව්වක්’ කරයි

    ෂාරුක් ඛාන් සිය ඉදිරි චිත්‍රපට පිළිබදව ‘විශේෂ හෙළිදරව්වක්’ කරයි

    කිං ඛාන් නැතිනම් ෂාරුක් ඛාන් ඉන්දියාවේ පමණක් නොවෙයි ලෝකයේම සිහින තරුවක්. අපේ ලංකාවෙත් ෂාරුක්ට ආදරය නොකරන කෙනෙක් නැහැ. ඒ නිසා බොලිවුඩයේ වගේම අපිත් කැමතියි ෂාරුක්ගේ අනාගත සැලසුම්, චිත්‍රපට ගැන දැන ගන්න.

    ඉතිං, අපි ෂාරුක්ව අවසන් වරට රිදී තිරයේදී දුටුවේ ආන්නද එල් රායිගේ ‘සීරෝ Aanand L Rai’s Zero චිත්‍රපයෙන්. ඊට පස්සේ ෂාරුක්ගේ අලුත් චිත්‍රපටයක් අපි දැක්කේ නැහැ. මේ නිසා බොලිවුඩ් රසිකයින් ඉන්නේ මහත් කම්පාවෙන්. පිපාසයෙන්.

    මේ අතර ෂාරුක් තම සුපිරි නිවසට වී තිරරචනා අධ්‍යයනය කරමින්, කියවමින් බිරිද සහ දරුවන් සමග කාලය ගත කරනවා.

    ඒත් දැන් ප්‍රශ්නයක් ඇවිත්. ඉන්දියාව අගුළු දැමීම නිසා හැම දෙයක්ම නැවතිලා. චිත්‍රපට ශාලා හිස්වෙලා. දර්ශන තල වල් වැදිලා. ඒත් බොලිවුඩ් රසිකයින්ට ඒවා වැදගත් නැහැ. ඔවුන් අන්තර්ජාලය පීරමින්, යූ ටියුබ් බලමින් මේ නිහඩ කාලය ගත කරනවා. ඒ අතර බොලිවුඩයේ වෙන්නේ කුමක්ද කියලා ඇස ගසාගෙන ඉන්නවා.

    ෂාරුක් ඛාන් සිය ඉදිරි ව්‍යාපෘති පිළිබඳ නිහ ile තාවය බිඳ දමයි

    මේ අතර පසුගිය දා, හරියට කිව්වොත් පසුගිය 20 වැනිදා ෂාරුක් සිය රසිකයන් සමඟ ට්විටර් වෙබ් අඩවියේ #AskSRK සැසියක් පැවැත්වූවා.

    මේ සමග බලාපොරොත්තු විය යුතු ලෙසම ඔහුගෙන්රසිකයෝ සරල, ඒත් තීරණාත්මක ප්‍රශ්නයක් ඇසුවා.

    ‘ඔබේ ඉදිරි සැලසුම් මොනවාද ? ඔබ රංගනයෙන් දායක වන ඉදිරි සිනමා පට මොනවාද ?‘

    ෂාරුක්ට ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම අසීරු වුණේ නැහැ.

    “ඔබ වෙහෙසට පත් නොවන්න. මම චිත්‍රපට කිහිපයක් කරන බව පැහැදිලියි … ඒවා නිපදවන බව පැහැදිලියි. තවද ඔබ සැවොම දැන ගනු ඇති බව පැහැදිලියි ” ෂාරුක් කිව්වා.

    ෂාරුක් ඛාන් සත්කාරක AskSRK


    මේ අතර බොලිවුඩ් ගොසිප් රචකයින් අතර පැතිර යන කතාවක් වන්නේ ‘රාජ් කුමාර් හිරානිගේ චිත්‍රපයකට ෂාරුක් සම්බන්ධ වන බවයි. ඒත් ඒ ගැන නිල තහවුරු කිරීමක් මේ දක්වා සිදුව නැහැ.

    මේ අතර බොලිවුඩ් ආරංචි මාර්ග කියන්නේ ෂාරුක් තවත් අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු මුණ ගැසී ඇති බවයි.

    මේ අතර ෂාරුක්ගෙන් රසිකයෙක් තවත් ප්‍රශ්නයක් ඇසුවා.

    ‘ඔබ හොලිවුඩ් අධ්‍යක්ෂවරුන් වන මාටින් ස්කොර්සෙස් සහ ක්‍රිස්ටෝපර් නොලන් සමඟ වැඩ කිරීමට කැමති ද?“

    ෂාරුක් ඉතාමත් ප්‍රීතියෙන් ඊට පිළිතුරු දුන්නා.

    “වාව් දෙදෙනාම නියමයි, මම ඔවුන්ව මුණගැසුණා … නමුත් රාජු අප්නා සා ලග්තා හයි … නහී?” හොඳයි, එහි ඉඟියක් තිබිය හැකියි!

    ෂාරුක් ඛාන් එස්.ආර්.කේ.

    Filmfare.com ඇසුරින් සකස් කළේ – තුෂාධවි

  • සුපිරි බොලිවුඩ් නිළි ‘අනුෂ්කා ෂර්මාගේ’ සුපිරි විසිතුරු ආභරණ නිරූපණ 10ක්

    සුපිරි බොලිවුඩ් නිළි ‘අනුෂ්කා ෂර්මාගේ’ සුපිරි විසිතුරු ආභරණ නිරූපණ 10ක්

    අතේ, කනේ, කරේ පමණක් නොවෙයි නාසයෙත්, හැකි නම් නාභියේත් ආභරණ පළදින්න කාන්තාවන් කැමතියි. ඒත් ඔවුන් නිරන්තරයෙන් සිතන දෙයක් තමයි ‘මම විතරක් මොකටද?‘ ඒ කියන්නේ ඔවුන් කැමතියි තවත් කවුරු හරි අනුකරණය කරන්න.

    ඒත් ඒක නිකංම බැහැ. කීර්තිමත් චරිත, ජනප්‍රිය පුද්ගලයින් අනුකරණය තමයි ලෝකය පුරාම සිද්ධ වෙන්නේ. ඒ නිසා විසිතුරු ආභරණවලින් සැරසී කැපී පෙනීමට කැමති ඔබට පහසුවෙන් අනුවරණය කළ හැකි කීර්තිමත් චරිතයක් ගැන තමයි මේ හැදින්වීම සහ හෙළි කිරීම.

    අනුෂ්කා ෂර්මා ජනප්‍රිය බොලිවුඩ් සුරූපිනියක්. ඉන්දිය ක්‍රිකට් නායක චිරාත් කෝලිගේ ආදරණීය බිරිය වන්නේ ඇය. ඒ වගේම ඇය බොලිවුඩ් නිරූපණය ක්ෂේත්‍රය වර්ණවත් කරන විලාසිතා තරුවක්. ඒ නිසාම ඇයව අනුගමනය කිරීමට ඉන්දියාව පමණක් නොව ලෝකයේ බොහෝ කාන්තාවන් කැමතියි.

    බොලිවුඩ් මාධ්‍ය කියන ආකාරයට අනුෂ්කාගේ පෞද්ගලික ශෛලිය ඉතා සරල හා සංකීර්ණ නොවන එකක්. නමුත් ඇය තමා යන එන සෑම උත්සවයකදීම, හමුවකදීම තමන්ගේ පෙනුම හා පෞරුෂත්වය මනාව විදහා පෑමට සමත් වෙනවා. හැමෝගේම අවධානය හා ආකර්ෂණය දිනා ගන්නවා. 

    අනුෂ්කා අවුල්සහගත පෙනුමකට ආදරය කරන අතරම, ඇගේ පෙනුම සම්පූර්ණ කරන ආභරණ ගැන වඩාත් වැඩි උනන්දුවක් දක්වනවා. එය සංකීර්ණ රටා ඇති මාල හෝ බර කරාබු වේවා ඇය ඒ සියල්ල තම ඇදුම සහ අවස්ථාව සමග මනාව ගළපා ගන්නවා. ඒ හරහා තව තවත් සුරූපී හා කැපී පෙනෙන අයෙක් බවට පත් වෙනවා.

    ඉතිං, පහත තිබෙන්නේ අනුෂ්කා විවිධාකාර ආභරණවලින් සැරසී සිටින අලුත්ම අලුත් ඡායාරූප 10ක්. බලන්න ඔබට ඇය අනුකරණය කරන්න හැකිද කියා…

    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා
    අනුෂ්කා ෂර්මා

    Filmfare ඇසුරින් සටහන් කළේ – තුෂාධවි

  • ඔබේ ගෙවත්තට කදිමට ගැළපෙන ‘ගන්නොරුව පේර’

    ඔබේ ගෙවත්තට කදිමට ගැළපෙන ‘ගන්නොරුව පේර’

    රටපුරා ගෙවතු දස ලක්ෂයක් වගා කරන ‘සෞභාග්‍ය ගෙවත්ත ‘ වැඩසටහන සමග රට පුරාම ගෙවතු වගාව ජනප්‍රිය වෙමින් තිබෙනවා. ඒ අතර එළවළු වර්ග , පළා වර්ග වගේම පලතුරු වගාවටත් ජනතාව දැඩි උනන්දුවක් දක්වනවා. එසේ ගෙවතේ පලතුරු ගසක් හෝ දෙකක් හරි සිටුවීමට කැමති ඔබට ආකර්ශනීය ගති ලක්ෂණ ඇති පේර විශේෂයක් වන ”ගන්නොරුව පේර” ගැන සිතා බැලිය හැකියි. මේ ගන්නොරුව පේර ගැන කතාව

    ලතින් ඇමරිකාවේ දකුණුදිග මෙක්සිකෝව ආශ‍්‍රිතව සම්භවය ලබුවායැයි විශ්වාස කරන පේර, අතීතයේදී ගෙවතු බෝගයක් මෙරට වගාකළද, මේ වනවිට වාණිජ වගාවන් මට්ටමට එනතෙක් වැඩිදියුණු වී තිබේ.

    ලොව පුරා පැතිරුණු වගා වපසරිය හා නිෂ්පාදනය අනුව ගත්කල මෙය අඹ, කෙසෙල් හා පැඟිරි බෝග වලට පසුව පෙළගැසෙන සිව්වෙනි පලතුරු බෝගය සේද හැඳින්විය හැකිවේ.

    පසුගිය වකවානුව තුළදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් විවෘත පරාගන පේර ප‍්‍රභේද හතරක් ද, දෙමුහුම් ප‍්‍රභේද හතරක් ද නිර්දේශ කර නිදහස් කිරීමට කටයුතු කළද ඒවා වගාකරුවන් අතර එතරම් ජනප‍්‍රියතාවයකට පත් නොවුනි. දෙමුහුම් ප‍්‍රභේද යම් තරමකට වගාකරුවන් අතරට ගියත්, නෙමටෝඩාවන්ගේ හානියට තදින්ම පාත‍්‍රවීම ඒවාහි පවතින ප‍්‍රධාන දුර්වලකමක් විය.

    ස්වාපරාගන බෝගයක් ලෙස වාර්තා වී තිබුණද 20% ක පමණ ප‍්‍රමාණයක් දක්වා පර පරාගනය වීම හේතුවෙන් ගොවි ක්ෂේත‍්‍රයන්හි තිබෙනා බීජ පැලවී සෑදුනු පේර ශාක අතර යම් විවිධත්වයක් හඳුනාගත හැකිවේ.

    මෙම විවිධත්වය අද වනවිට බොහෝ වාණිජ වගා තුළ බැලූ බැල්මටම දකිනන්නට ඇත. මේ අතර තිබිය හැකි වැඩි අස්වැන්නක් දෙන, රෝග හා පළිබෝධකයින්ට ප‍්‍රතිරෝධීතාවයක් පෙන්වන සහ ආකර්ශනීය ඵල දරණ ප‍්‍රභේදයන් සොයායාමේ ගවේෂණයන් 2008 වසරේ සිට අරඹනු ලැබුවේ ගන්නෝරුවේ උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයයි.

    කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පලතුරු උයන් ඇසුරෙන් කළ අධ්‍යයනයකදී හඳුනාගත් ආකර්ශනීය ගති ලක්ෂණ ඇති පේර විශේෂයක් ”ගන්නොරුව පේර” යන නමින් පසුගියදා ජාතික මට්ටමෙන් නිර්දේශ කරන්නට යෙදුනේ මෙහි අවසන් ප‍්‍රතිඵලයක් වශයෙන්ය.

    ග‍්‍රෑම් 420 ක පමණ සාමාන්‍ය බරකින් යුත් මෙම පේර ගෙඩියක් වටකුරු හැඩැති වන අතර, ළපටි අවධියේදී මඳ වශයෙන් දාර බේරුණු ස්වභාවයක් පෙන්වයි. පරිණත වෙත්ම එම ලක්ෂණය හඳුනා ගැනීමට ඇතැම්විට අපහසු වියහැකි වුවත් ඒ ස්වභාවය එලෙසම පවතින අවස්ථා ද තිබේ.

    ”ගොවි ක්ෂේත‍්‍ර වල තිබෙන කැපී පෙනෙන ගති ලක්ෂණ සහිත පේර මාදිලි එකතුකරගෙන යනවිට හමුවූ ගෙඩියක බීජ වලින් තමයි මේ වර්ගය තෝරා ගත්තේ”

    ඒ ආකාරයට ආරම්භක තොරතුරු ගෙනහැර පෑවේ හොරණ, පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමණී එදිරිමාන්න මහත්මියයි. ගන්නෝරුවේ සේවය කරන සමයේදී මූලික කටයුතු එලෙස ආරම්භ කර ඇත්තේ ඇය විසින්ය. මධ්‍යම ප‍්‍රමාණයේ කිරුළක් සහිතව වැවෙන නව පේර ප‍්‍රභේදය, ඉහළ අස්වැන්න විභවයක්ද දරනා බව පෙනේ.

    බොහෝදුරට ස්ථායී දරු පරපුරක් තමයි බීජ පැළ හරහාත් ලැබුනේ. ගෙඩියේ පොඩි පොඩි විචල්‍යතාවයන් නොතිබුනාම නෙවෙයි. ඒත් අස්වැන්න නම් වෙනස් උනේ නෑ. ගෙඩිවල හැඩය, ප‍්‍රමාණය, රස එහෙමත් බොහෝ දුරට මව් ලක්ෂණම දැරුවා”

    පේර ගෙඩියේ මාංසල බව වැඩිය. බීජ සහිත කලාපය එතරම් ගනකමට නොපිහිටා වැඩි ඉඩක් වෙන්කරදී ඇත්තේ මාංසල ඵලාවරණයටයි. බීජ කලාපයේ වුවද කැපී පෙනෙන ලක්ෂණයක් සේ හඳුනා ගත හැක්කේ සාමාන්‍ය පේර ගෙඩිවල පිහිටන ආකාරයේ දෘඩ බීජ නොපිහිටා, මෘදු බීජ ගොමුවක් අන්තර්ගත වීමයි.

    මේ නිසා අනුභව කිරීමේදී මාංසල කලාපය හා බීජ කලාපය අතර ලොකු වෙනසක් දැනෙන්නේ නැත. ඵල පැණි රසෙන් වැඩි බව දැනෙන්නේ සීනි අන්තර්ගතය අනෙක් පේර මාදිලි වලට වඩා ඉහළ අගයක පවතින බැවිනි. අස්වැන්න ද වැඩිය. වසර තුනක් පමණ වයස්ගත වෙන ශාකයකින් වරකට ගෙඩි 40-50 අතර සංඛ්‍යාවක් ලබාගත හැකි වන අතර වසරක් තුළ තුන් වතාවක් මෙවන් අස්වැන්නක් ලැබේ.

    මහජනතාව වෙත ලබාදීම සඳහා බද්ධ පැළ 400 ක පමණ ප‍්‍රමාණයක් දැනට ගන්නෝරුවේ සුදානම් කර අවසන්ය. කෙසේවෙතත් බද්ධ පැළ නොමැතිව, බීජ හරහා ප‍්‍රචාරණය සිදුකළ හැකිද යන්නත් ආචාර්ය ශිරෝමණී විසින් පරීක්ෂා කර ඇත.

    ”බොහෝදුරට ස්ථායී දරු පරපුරක් තමයි බීජ පැළ හරහාත් ලැබුනේ. ගෙඩියේ පොඩි පොඩි විචල්‍යතාවයන් නොතිබුනාම නෙවෙයි. ඒත් අස්වැන්න නම් වෙනස් උනේ නෑ. ගෙඩිවල හැඩය, ප‍්‍රමාණය, රස එහෙමත් බොහෝ දුරට මව් ලක්ෂණම දැරුවා”

    නෙමටෝඩාවන් නිසා සිදුවන හානිය පේර වගාකරුවන් අතර සුලභ අත්දැකීමකි. මේ සඳහා විටින්විට විවිධ නිර්දේශයන් ද ඉදිරිපත් කෙරේ.

    ”ගන්නොරුව පේර” සේ නම් කිරීමට යෝජිත මෙම නව මාදිලිය නෙමටෝඩාවන්ගෙන් බේරා ගැනීමේ ක‍්‍රමවේදයක් වශයෙන් ආචාර්ය ශිරෝමණී යෝජනා කරන්නේ නෙමටෝඩාවන්ට ප‍්‍රතිරෝධී ග‍්‍රාහකයක් භාවිතා කරමින් ”ගන්නොරුව පේර” ප‍්‍රචාරණය කිරීමටයි.

    ඡුසාසමප ගණයටම අයත් වුවත් පේර නොවන ශාකයක ග‍්‍රාහක යොදාගෙන කරන ලද ප‍්‍රචාරණ උත්සාහයන් සාර්ථක වී තිබේ. දැනට එම වර්ගයේ ග‍්‍රාහක පැළ විශාල වශයෙන් නිපදවා අවසන් බැවින් ද, ගන්නොරුවේ පලතුරු උද්‍යානය තුළ අනුජයන් ඇති පමණ සපයාදීමට ප‍්‍රමාණවත් ”ගන්නොරුව පේර” මව්ශාක සැළකිය යුතු ගණනක් ස්ථාපනය කොට ඇති බැවින්ද, නුදුරු දිනයකදී වගාකරුවන්ගේ ඉල්ලූමට සරිලන ප‍්‍රමාණයකින් බද්ධ පැළ නිපදවා බෙදාහැරීම අපහසු ඉලක්කයක් වන්නේ නැත.

    පිටපත : සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව
    තාක්‍ෂණික කරුණු: ආචාර්ය ශීරෝමණී එදිරිමාන්න – අධ්‍යක්‍ෂ, පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය. හොරණ

  • Covid-19 Today Update: ලංකාවේ ආසාදිතයින් 310යි – ලෝකයේ මරණ 171,810ක්

    Covid-19 Today Update: ලංකාවේ ආසාදිතයින් 310යි – ලෝකයේ මරණ 171,810ක්

    අද දින (21) පස්වරු 17.40 වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 06 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    අද දින වාර්තා වූ රෝගීන්ගෙන් 05 දෙනකු කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධානයට ලක් වෙමින් සිටි පුද්ගලයින් අතරින් ද එක් අයෙකු රත්නපුර ප්‍රදේශයෙන් ද වාර්තා වී ඇති අතර ඔහු කොරෝනා ආසාදිතයෙක් ළගින් ඇසුරු කළ පුද්ගලයෙකු බවයි අනිල් ජාසිංහ මහතා සදහන් කළේ.

    මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් පුද්ගලයින් 310 දෙනකු වාර්තා වී ඇති බව ද අනිල් ජාසිංහ මහතා වැඩි දුරටත් සදහන් කරයි.

    ගෝලීය තත්ත්වය

    අද දින වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 2,501,156 දෙනකු සහ මරණ 171,810ක් වාර්තා වී ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම වාර්තාවල සදහන් වේ.

    එහි දැක්වෙන ආකාරයට වැඩිම මරණ සංඛ්‍යාව වන ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 788,920ක් ද ඇමෙරිකාවෙන් වාර්තා වී ඇත. ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 204,178ක් ද, ඉතාලියෙන් ආසාදිතයින් 181,228ක් ද, ප්‍රංශයෙන් ආසාදිතයින් 156,495ක් ද, ජර්මනියෙන් ආසාදිතයින් 147,593ක් ද, එක්සත් රාජධානියෙන් ආසාදිතයින් 125,856ක් ද වාර්තා වී ඇති අතර තුර්කියෙන් 90,980ක්, ඉරානයෙන් 84,83ක්, රුසියාවෙන් 52,763ක් සහ ඉන්දියාවෙන් ආසාදිතයින් 18,985ක් වාර්තා වී ඇති බවයි ජෝන්ස් හොප්කින්ස් වාර්තාවල දැක්වෙන්නේ.

    මරණ සංඛ්‍යාව

    ‍කොරෝනා ආසාදනයේ ඉතාලියේ පුද්ගලයින් 24,114ක්, ස්පාඤ්ඤ‍ 21,282ක්  ප්‍රංශයේ 20,265ක් සඑ එක්සත් රාජධානියේ 16,509ක්, මිය ගොස් ඇති අතර නිව්යෝර්ක් නගරයේ පමණක් මියගිය සංඛ්‍යාව 14,604ක් බවයි ජෝන්ස් හොප්කින්ස් වාර්තාව කියන්නේ. ඊට අමතරව බෙල්ජියමේ මරණ 5998ක්, ඉරානයේ 5297ක්,ජර්මනියේ මරණ 4869ක් වාර්තා වී තිබෙනවා.

  • ‘ත්‍රිපෝෂ’ පවුල් සෞඛ්‍ය  සේවා නිලධාරිනිය මගින් නිවසටම

    ‘ත්‍රිපෝෂ’ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මගින් නිවසටම

    ගර්භනී මව්වරුන්ට හා කුඩා ළමුන්ට ලබාදෙන ත්‍රිපෝෂ පවුල් සෞඛ්‍ය  සේවා නිලධාරිනිය මගින් නිවසටම ලබාදීමට සහ සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රතිශක්තීකරණ සායන පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක්.

    COVID – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමයකරමින් සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට වැදගත් වූ තීන්දු තීරණ රැසක් සෞඛ්‍යසහ දේශීය වෛද්‍ය ‌සේවා අමාත්‍යාංශය විසින් ගෙන ඇති බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‌සේවා අමාත්‍යාංශයේ ලේකම් ඡේ.එම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය සදහන් කරයි.

    ඒ අනුව ගර්භනී මව්වරුන් හා කුඩා ළමුන් හට ලබාදෙන ත්‍රීපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් අදාල නිවසටම ගොස් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. කුඩා ළමුන්ගේ  බර කිරීමකින් තොරව පසුගිය මස සටහන් වූ බර ප්‍රමාණයට අනුව ත්‍රීපෝෂ නිකුත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සමගම ගර්භනී මාතාවන්ට ලබාදිය යුතු විටමින් වර්ග ද බෙදා දෙනු ඇත.

    එමෙන්ම පවත්නා කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය සති 04 තුල ප්‍රතිශක්තීකරණ සායන පැවැත්වීමට සුදුසු තත්ත්වයක් නොතිබුන හෙයින් දැනට එම ප්‍රතිශක්තීකරණ සායන වසංගත තත්ත්වයන් තුල දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියා මාර්ග අනුගමනය කරමින් එනම් විශේෂයෙන්ම දුරස්ථ බව රැකගෙන, හැකි තරම් නිවසට සමීපයෙන් විශේෂ සායන මධ්‍යස්ථාන පවත්වා, සියළු දෙනාට එකවර නොපැමිණ, නිශ්චිත වේලාවක් ලබා දී, ඒ අනුව ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට කටයුතු ද පිළියෙළ කර ඇත. මේ සදහා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට අමතර වාහනයක් ද, අමතර වෛද්‍ය නිලධාරියෙකු ද ලබාදීමට කටයුතු කර ඇති බව ද තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීයගෙන් වැඩි විස්තර ඔබට ලබාගත හැකි බව ද සෞඛ්‍ය ලේකම් තුමිය සදහන් කරයි.