Tag: featured

  • විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම අදියර තුනකින් – UGC

    විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම අදියර තුනකින් – UGC

    ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම අදියර තුනක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (12) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

  • My Health ශ්‍රී ලංකා: Covid-19 මැඩලීමට නව App එකක්

    My Health ශ්‍රී ලංකා: Covid-19 මැඩලීමට නව App එකක්

    Covid 19  මාරාන්තික වෛරස්  ව්‍යාප්තිය පිළිබඳව විශ්වාසනීය ලෙස තොරතුරු දැනුම් දීමට,  එහා සම්බන්ධ තොරතුරු ලබාදීමට  හා ප්‍රතිචාර දැක්වීමට නව  ජංගම  යෙදුමක් (App) My Health ශ්‍රී ලංකාව  නමින් හදුන්වාදී ඇත.    

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA)  එක්ව මෙම  යෙදුම   දියත් කරන ලදී. 

    ගෝලීය වසංගතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමත්   ආසාදිත පුරවැසියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමග .  ශක්තිමත් ජංගම යෙදුමක  අවශ්‍ය තාව  පිළිබදව  ජනාධිපති  ගෝඨාභය    රාජපක්ෂ ගේ ද  අවදානය යොමුවිය. 

    ඒ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා  සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ෙමෙම යෙදුම හදුන්වාදුන් අතර ඒ සදහා පෞද්ගලික ආයතන  හා විවිධ පුග්ලයන් විශාල දායකත්වයක් දක්වනලදී.

    වෛරස ආසදිතයන් පිලිබදව වෛද්‍ය බලධාරීන් විසින් බෙදාගන්නා ලද දත්ත මෙම යෙදුම     තුලින්  අදාළ අංශ වෙත ලබාදීම, බෙදාහැරීම සහ අවශ්‍ය ප්‍රතිචාර ලබාදීම සිදුකෙරේ.

    google play, Huawei  Appstore store  සහ  apple app store,  මගින් බාගතකරගත්   මෙම යෙදුම හා  සම්බන්ධ වන පුරවැසියන්ට ඔවුන්ගේ ස්ථානය සටහන් කිරීමට නියම කරනු ලැබේ.

    මෙම යෙදුමේ ප්‍රධාන ලක්ෂණය නම් වෛරසය වැළඳී ඇති පුද්ගලයෙකු අනාවරණය වූ විට එම තොරතුරු සියලු පරිශීලකයින් සමඟ බෙදා ගැනීමයි. ඒ අතරම,   ආසාදිත පුද්ගලයාගේ ගමන් මාර්ගය ඔබේ සිටින ස්ථාන  හා සමගාමිව  සිතියම් ගත කරන අතර එමඟින් යෙදුමේ පරිශීලකයා වෛරසයට ගොදුරු වූ අවාසනාවන්ත අවස්ථාවකදී, ගබඩා කර ඇති ස්ථාන පිළිබද  ඉතිහාස තොරතුරු අදාළ අංශ  සමඟ හෙළි කළ හැකිය.

    එමෙන්ම  පසුගිය දින 14 තුළ   පටිගත කරන ලද සියලුම  ආරක්ෂිතව තබා ඇති අතර ජංගම යෙදුම් පරිශීලකයාගේ අවසරයකින් තොරව කිසිදු බාහිර පද්ධතියකට එම තොරතුරු  සම්ප්රේෂණය නොකෙරේ.

    මෙය සිදු කරනුයේ ඔබගේ දත්ත සුරක්ෂිතව තබා ගැනීම සහතික කිරීම  ත්  සමගිනි. එමෙන්ම ඔබ ආසාදිත පුද්ගලයෙකු සමීපව ඇසුරු  කර ඇත්නම්, ඔබට ජාතික රෝග නිරීක්ෂණ පද්ධතිය සමඟ ස්වයංක්‍රියව   ලියාපදිංචි වීමට අවස්ථාව   උදාවේ.

    කොරෝන ආසදිතයන්   හදුනාගැනීම, ව්‍යාප්තිය  පාලනය කිරීම   ආසදිතයන්ගෙන්  අනෙකුත් යට ආරක්ෂා විමටත් මෙමගින් හැකියාව ලැබේ.

  • ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ සුප්‍රසිද්ධ ඉරියව්ව ‘බෙනා’ කොපි කරයි

    ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ සුප්‍රසිද්ධ ඉරියව්ව ‘බෙනා’ කොපි කරයි

    ‘ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්‘ අපේ කාලයේ තවත් පුරාවෘත්තයක්. ඒ අසාමාන්‍ය පෙනුමට ආදරය නොකළ කාන්තාවන් හෝ ඉරිසියා නොකළ පිරිමියෙක් මේ ලෝකයේ නැහැ.

    ඒත් මේ කතාව ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් ගැන නෙමෙයි. ඔහුගේ පුතා ගැන. අපි කතාවටත් කියනවානේ ‘අප්පා කළ දේ නොකළොත් ඌ නොට්ටිගේ පුතා‘ කියලා. ඒ නිසාමදෝ ෂ්වාස්නෙගර්ගේ පුතා ජෝශප් බේනා තම පියාගේ අඩිපාරේ යන්න පටන් අරං තියෙනවා. නිකම්ම නිකං නෙමෙයි ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ ප්‍රසිද්ධ ඉරියව්ව ප්‍රතිනිර්මාණය කරමින්.

    ‘ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් මෙන් කිසිවෙකුට නම්‍යශීලී විය නොහැක – ඔහුගේ පුතා හැර‘ මෙහෙම ලියන්නේ සී.එන්.එන්.වාර්තාකාරිනී ඇලා එලසාර්,  Alaa Elassar.

    දැන් කතාවට එමු, බෙන පසුගිය  බදාදා ඉන්ස්ටග්‍රෑම් සටහනක් සහ ඡායාරූප කිහිපයක් ප්‍රකාශයට පත් කළා. මොහොතකින් මුළු ලෝකයේම අවධානය ඒ වෙත යොමු වුණා.

    බෙනා තම පියාගේ සුප්‍රසිද්ධ ශරීර ගොඩනැගීමේ ඉරියව්ව ප්‍රතිනිර්මාණය කළ බව දැක්වෙන ඡායාරූප කිහිපයක් සහ සටහනක් තමයි ඉන්ස්ටග්‍රෑම් සටහනේ තිබුණේ.

    “යම් ඉරියව්වක් පුහුණු වීමට සුදුසුම කාලය!” 22 හැවිරිදි බේනා ලියා තිබුණා.

    පසුගිය අපේ‍්‍රල් මාසයේදී “ටර්මිනේටර්” ෂ්වාස්නෙගර් සිය පුතා සමඟ බෙනාගේ විද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයේදී ඡායාරූපයක් පළ කළේය.

    “සුභ පැතුම් ජෝසප්! පෙපර්ඩීන් හි වසර හතරක් වෙහෙස මහන්සි වී වැඩ කළ අද ඔබේ ජයග්‍රාහී දිනයයි! ඔබ සැමරුම සියල්ලම උපයාගෙන ඇති අතර මම ඔබ ගැන ආඩම්බර වෙමි. මම ඔබට ආදරෙයි!” ෂ්වාස්නෙගර්  ට්වීට් කළේය.

    ක්‍රියාදාම චිත්‍රපට තරුව 2003 සිට 2011 දක්වා කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය.

  • අදත් ඇමෙරිකාව භීතියෙන් සිහිපත් කරන 4/13 ඇපලෝ 13 මෙහෙයුම

    අදත් ඇමෙරිකාව භීතියෙන් සිහිපත් කරන 4/13 ඇපලෝ 13 මෙහෙයුම

    අපි කවුරුත් දන්නා පරිදි සද තරණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ඇමෙරිකාවට. ඇපලෝ 11 යානයෙන් සද තරණය කළ නිල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් සද මත පා තැබුවා. ඊට පස්සේ ඇපලෝ 12ත් සාර්ථක ගමනක නිරත වුණා.

    ඒත් අවාසනාවේ ලකුණ වන 13 නම් සද තරණයට යහපතක් උදා කළේ නැහැ. මේ ඒ කතාව සහ ඊට සම්බන්ධ දුර්ලභ ඡායාරූප…

    ගගනගාමීන් වන ජිම් ලුවෙල්, ෆ්‍රෙඩ් හයිස් සහ ජැක් ස්විගර්ට්  Jim Lovell, Fred Haise and Jack Swigert 1970 අප්‍රියෙල් 11 වන දින Saturn Vරොකට්ටුවට ගොඩ වූහ. ඔවුන් සඳ මතට යාමට නියමිත ඇපලෝ 13 මෙහෙයුමේ කාර්ය මණ්ඩලය විය.

    ලුවෙල් ඇපලෝ 13 හි අණදෙන නිලධාරියා ලෙසත්, හසිස් lunar lander (සද මතට ගොඩබසින යානයේ) නියමුවා ලෙසත් සේවය කළේය. ආරම්භයේදී සද ගමනට නම්කර සිටි ගගනගාමි තෝමස් කේ මැටිංලි ජර්මානු සරම්ප රෝගයට ගොදුරු වූ නිසා අන්තිම මොහොතේ ජෝන් ස්විගර්ට් ආදේශක නියමුවා ලෙස නම් විය. (ලුවෙල් සහ හයිස් සඳ මත ඇවිදින පස්වන සහ හයවන මිනිසුන් දෙදෙනා වනු ඇත)

    නමුත් අප්‍රේල් 13 වන දින ව්‍යසනය සිදුවිය.

    ගගනගාමීන් හඳට ළං වෙමින් සිටින විට කිසියම් හඩක් සමග යානයේ වෙව්ලීමක් සිදුවිය. සේවා මොඩියුලයේ ඇති ඔක්සිජන් ටැංකි දෙකෙන් එකක් කැඩී ගොස් ඇත. තත්පර කිහිපයකින්, හූස්ටන්හි පාලක මධ්‍යස්ථානයේ පරිගණකවල ඔක්සිජන් ටැංකිය සඳහා පීඩන කියවීම් ශුන්‍යයට ඇද වැටුණි. යානය සද පෙනි පෙනී මහත් ව්‍යවසනයට ලක්ව ඇත. ගගන ගාමීන්ගේ ජීවිත අනතුරේය. එය මානව ඉතිහාසයේ පළමු මහත් ව්‍යසනකාරී සිදුවීම වීමට නියමිතය.

    එතැන් සිට මෙහෙයුම තවදුරටත් සඳ මතට ගොඩ බැසීමට නොව යානය නැවත පෘථිවියට ගෙන්වා ගැනීමයි. පිපිරීම සිදුවන විට යානය පෘථිවියේ සිට කිලෝමීටර් 322,000 ක් (සැතපුම් 200,000) දුරින් වූ නිසා මෙහෙමයුම අති දුෂ්කර හා අවදානම් සහගත විය.

    හුස්ටන් පාලක මධ්‍යස්ථානයේ මෙහෙයුම් නිලධාරීහූ නොසිතූ අර්බුදයකට මුහුණ දුන්හ. ඔවුහු ගගනවාමීන්ග නිරුපද්‍රිතව ගළවා ගැනීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීම සඳහා තරඟ කළහ. 

    ඔඩිසි module Odyssey නම් විධාන මොඩියුලය වසා දැමීමට ඔවුහු වහාම නියෝග කළහ. ගගනගාමීන් චන්ද්‍ර මොඩියුලය වන ඇක්වාරියස් Aquarius වෙත දැන් ජීව බෝට්ටුවක් lifeboat තබා ඇත.

    ඇක්වාරියස් ගගනගාමීන් දෙදෙනෙකුට දින දෙකක් භාවිත කළ හැකි පරිදි නිර්මාණය කර ඇත. එහෙත් දැන් කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනාම මොඩියුලය තුළ දින හතරක් ගත කළ යුතුය. එය කළ නොහැකි දෙයකි. නමුත් කළ හැකි අන් යමක් නැත. කාබන් ඩයොක්සයිඩ් ඔවුන් තිදෙනාම මරා දමන බව නිසැකය.

    මේ අතර අක්‍රිය වූ විධාන මොඩියුලයේ ඇති වාතය පිරිසිදු කරන කැනිස්ටර් චන්ද්‍ර මොඩියුලයට ගැලපෙන සේ පරිවර්තනය කරන්නේ කෙසේදැයි සොයා ගැනීමට ඉංජිනේරුවන් පොර බැදූහ.

    නමුත් චන්ද්‍ර මොඩියුලයේ සීතල නිසා ගගනගාමීන්ට නිදා ගැනීමට නොහැකි විය. ඝනීභවනය බිත්ති සහ ජනෙල් ආවරණය කළ අතර උෂ්ණත්වය කැටි කිරීමට ආසන්න විය.මේ අතර විජලනය හා උණ වැළදීම නිසා හයිස්ට දින හයක දුෂ්කර කාලය තුළ මුත්‍රා ආසාදනයක් වැළඳී ඇත.

    අප්‍රේල් 17 වන දින ගගනගාමීන් ඔවුන්ගේ විධාන මොඩියුලය බල ගැන්වීමට සමත් වූ අතර අභ්‍යවකාශ යානය වායුගෝලයට පැමිණියේය. ගගනගාමීන් නැවත එඩිතර ලෙස පිවිසීම නිසා සන්නිවේදනය දුර්වල වූ නමුත් අවසානයේදී පැසිෆික් සාගරයට ඉහළින් පැරෂුට් තුනක් දර්ශනය විය.

    මේ අති බිහිසුණු සිදුවීම දෙස මුළු ලෝකයම බලා සිටියදී ගගනගාමීන් තිදෙනාම ආරක්ෂිතව නැවත පෘථිවියට පැමිණියහ.

    ඇපලෝ 13 කමාන්ඩර් ලුවෙල් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අභ්‍යවකාශ යානය හඳට යන අවාසනාවන්ත ගමනේදී පුපුරා යාමට පෙර.  [AP ඡායාරූපය]
    ඇපලෝ 13 කමාන්ඩර් ලුවෙල් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී – අභ්‍යවකාශ යානය හඳට යන අවාසනාවන්ත ගමනට පෙර
    ඇපලෝ 13 අභ්‍යවකාශ යානය රැගත් සැටර්න් රොකට්ටුව 1970 අප්‍රියෙල් 11 වන දින කේප් කෙනඩි හි දියත් කිරීමේ යානයෙන් ඉවතට විසිවිය. [AP ඡායාරූපය]
    ඇපලෝ 13 අභ්‍යවකාශ යානය රැගත් සැටර්න් රොකට්ටුව 1970 අප්‍රියෙල් 11 වන දින කේප් කෙනඩි හි දියත් කිරීමේ යානයෙන් ඉවතට විසිවිය. AP ඡායාරූපය
    වමේ ගගනගාමී තෝමස් ස්ටැෆර්ඩ් සහ පියාසැරි කාර්ය මණ්ඩල මෙහෙයුම් අධ්‍යක්ෂ ඩොනල්ඩ් ස්ලේටන්, විශාල සුරුට්ටු හා අත්පොළසන් දීම 1970 අප්‍රියෙල් 17 වන දින හූස්ටන්හිදී ඇපලෝ 13 සාර්ථක ලෙස බිඳ වැටුණි.  [AP ඡායාරූපය]
    (වමේ) ගගනගාමී තෝමස් ස්ටැෆර්ඩ් සහ පියාසැරි කාර්ය මණ්ඩල මෙහෙයුම් අධ්‍යක්ෂ ඩොනල්ඩ් ස්ලේටන්, (විශාල සුරුට්ටු පානය කරමින් අත්පොළසන් දෙන්නේ) ගගනගාමීන් නිරිපද්‍රිතව පෘථිවියට පැමිණෙන අයුරු නරඹමින් – 1970 අප්‍රියෙල් 17 වන දින හූස්ටන්හිදී
    වේලාව ප.ව. 1.00 ඊඑස්ටී වන අතර, 1970 අප්‍රියෙල් 17 වන දින නිව් යෝර්ක් නගරයේ ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් ස්ටේෂන් හි රූපවාහිනී තිරය දෙස සියලු දෙනාම අවධානය යොමු කර ඇති අතර පැසිෆික් සාගරයේ ඇපලෝ 13 ගගනගාමීන් ආරක්ෂිතව ගොඩබසිනු ඇතැයි බලා සිටිති.  [ජේ ස්පෙන්සර් ජෝන්ස් / ඒපී ඡායාරූපය]
    අප්‍රේල් 17 වන දින  පස්වරු 01.00යි – නිව්යෝර්ක් නුවර Grand Central Station හි විශාල රූපවාහිනී තිරයක් ඉදිපිට රැස්ව සිටින ජනතාව ගගනගාමීන් පැසිපික් සාගරයට පතිත වන අයුරු නරඹමින්
    ජේම්ස් ලුවෙල් III ඔහුගේ පියා ඇපලෝ 13 විධාන කැප්සියුලයෙන් පිටතට නගින ආකාරය දෙස බලා සිනාසෙයි.  [පෝල් ෂේන් / ඒපී ඡායාරූපය]
    ජේම්ස් ලුවෙල් IIIJames Lovell III  ඔහුගේ පියා ඇපලෝ 13 විධාන කැප්සියුලයෙන් පිටතට නගින ආකාරය දෙස බලා සිනාසෙයි. 
    ප්‍රමුඛ ප්‍රතිසාධන නෞකාව වන යූඑස්එස් අයිවෝ ජීමා, ගගනගාමීන් වන ජේම්ස් ලුවෙල්, ස්කොටිං සහ ජෝන් ස්විගර්ට්, දකුණු පැසිෆික් සාගරයේ ආරක්ෂිත කඩාවැටීමකට ගෙන ගිය ඇපලෝ 13 විධාන මොඩියුලය පරීක්ෂා කරයි.  [AP ඡායාරූපය]
    ගගනගාමීන් වන ජේම්ස් ලුවෙල්, ස්කොටිං සහ ජෝන් ස්විගර්ට් ඇපලෝ 13 විධාන මොඩියුලය පරීක්ෂා කරයි. AP ඡායාරූපය
    ඇපලෝ 13 කමාන්ඩර් ජේම්ස් ඒ ලුවෙල් ජේ. ආර්. 1970 අප්‍රියෙල් 21 වන දින හූස්ටන් හි මෑන්ඩ් අභ්‍යවකාශ යානා මධ්‍යස්ථානයේ දී ගගනගාමීන්ගේ රූපවාහිනී ප්‍රවෘත්ති සාකච්ඡාව විවෘත කරයි: “මම මිථ්‍යා විශ්වාසයක් නොවේ” යනුවෙන් අංක 13 සහ කරදරය සඳහන් කරමින් එය ගුවන් ගමනට මුහුණ දුන්නා.  ලුවෙල් සමඟ අනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයින් වන අතර, අණ මොඩියුල නියමුවා ජෝන් එල් ස්විගර්ට් සහ කේන්ද්‍රයේ ෆ්‍රෙඩ් ඩබ් හේස්, චන්ද්‍ර මොඩියුල නියමු.  [AP ඡායාරූපය]
    ඇපලෝ 13 කමාන්ඩර් ජේම්ස් ඒ ලුවෙල් ජූනියර් James A Lovell Jr, (ව‍මේ) 1970 අප්‍රියෙල් 21 වන දින හූස්ටන් හි මෑන්ඩ් අභ්‍යවකාශ යානා මධ්‍යස්ථානයේ දී ගගනගාමීන්ගේ රූපවාහිනී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ලුවෙල් සමඟ අනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයින් වන ජෝන් එල් ස්විගර්ට් සහ ෆ්‍රෙඩ් ඩබ් හයිස්. ‘මම මිත්‍යාව විශ්වාස කරන්නෙක් නොවේ. ඒ නිසා ඒ අනපේක්ෂිත සිදුවීමට විශ්වාසයෙන් මුහුණ දුන්නා“ යැයි ලුවෙල් මෙහිදී පැවසුවේය.

    ඉහළම ඡායාරූපය – 1970 මාර්තු 26 වන දින ෆ්ලොරිඩාවේ කේප් කෙනඩි හිදී ඇපලෝ 13 අභ්‍යවකාශ යානයේ ගණන් කිරීමේ නිරූපණයක් අවසන් කිරීමෙන් පසු ඇපලෝ 13 කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දියත් කිරීමේ ස්ථානයෙන් පිටව යන අයුරු. ගගනගාමීන්ගේ නායකත්වය දරන්නේ ෆ්‍රෙඩ් ඩබ්ලිව්. හයිස් (ඉදිරියෙන්) වන අතර අණදෙන නියමුවා ජේම්ස් ඒ ලවෙල් (මැද) සහ (පිටුපසින්) තෝමස් කේ මැටිංලි ය. 

    අල් ජසීරා වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • ඖෂධ අලෙවිය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ නියෝගයක්

    ඖෂධ අලෙවිය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ නියෝගයක්

    ඖෂධ හල් හිමියන් විසින් පාරිභෝගිකයින් වෙත ඖෂධ නිකුත් කිරීමේදී දැඩිව අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් අද (11) දින විශේෂ නිවේදනයක් නිකුත් කළා.

    එහි සදහන් වන්නේ වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් මත පමණක් ලබාදිය යුතු ඖෂධ කිසිදු ඖෂධ වට්ටෝරුවක් සහිතව ජනතාවට ලබාදීම නොකළ යුතු බවයි. එවැන්නක් සිදුවන්නේ නම් එය ඖෂධ නියාමන අධිකාරි පනත අනුව දඩුවම් ලැබිය හැකි වරදක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැඩිව අවධාරණය කරනවා.

    ම මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.

  • කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙන්න ස්වයංක්‍රීය දෑත් පිරිසිදුකරණයක් හදුන්වා දෙයි

    කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙන්න ස්වයංක්‍රීය දෑත් පිරිසිදුකරණයක් හදුන්වා දෙයි

    ශ්‍රී ලාංකික ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් නව නිර්මාණයක් ලෙස රාජ්‍ය පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් මෙන්ම පැමිණෙන පාරිභෝගිකයින්ගේ ආරක්‍ෂාව සදහා මෙම ක්‍කැ්බ ඡකමි  ස්වයංක්‍රිය දෑත් පිරිසිදුකරණය හදුන්වා දෙන්නෙමු.

    මෙම ක්‍කැ්බ ඡකමි  ස්වයංක්‍රිය දෑත් පිරිසිදුකරණය ඹ්නෑම ආයතනයක පිවිසුමේ තැබිය හැකි අතර විෂබීජ නාෂක දියරයන් භාවිතා වන බැවින් ජලය අපතේ යාමක්ද සිදු නොවේ.
    මෙම යන්ත්‍රයේ පහත සදහන් ගුණාංගයන්ගෙන් සමන්විත වීම ඔබගේ සේවා ස්ථානයට කාලීන අවශ්‍යතාවයකි’

    ස්වයංක්‍රිය දෑත් පිරිසිදුකරණයෙන් ලබා ගත හැකි වාසි

    01 කොරෝනා හේවත් ක්‍දඩසා – 19 වෛරසය ඔබගේ කාර්්‍යාලයට පැමිණීම වළක්වා ගැනීමට හැකි වීම.

    02 ජලය භාවිතා නොවන හෙයින් මෙම යන්ත්‍රය සදහා ජල සැපයුමක් ලබා දීමට වැයවන අමතර වියදමක් හා ශ්‍රමයක් ඉතිරි වීම.

    03 මෙම යන්ත්‍රය පසු කරන ඹ්නෑම අයෙකුට ක්‍කැ්ර ඡකමි ස්ව්‍යංක්‍රිය යන්ත්‍රය විසින් දෑත් පිරිසිදු කරගන්නා මෙන් භාෂා තුනෙන්ම ආමන්ත්‍රණය කිරීම.

    04 එමෙන්ම දෑත් සෝදන සෑම අයෙකුටම ඔබ ආයතනයේ සමාජමය පණිවිඩයක් මෙම යන්ත්‍රය විසින් ලබා දීමේ හැකියාව ඇත.

    05 මෙය ක්‍රියාකරවීම සදහා වෙනම සේවකයෙකු අවශ්‍ය නොවීම.

     06 ඉතා අඩු විදුලි බලයක් මේ සදහා වැය වීම.

    07  මෙම යන්ත්‍රය ඹ්නෑම ආයතනයක පිවිසුමේ තැබිය හැක.

    08   මෙම ව්‍යසනයෙන් පසුවද මෙම යන්ත්‍රය භාවිතයට ගත හැක.

    09  නඩත්තුව සදහා යන වියදම අවම වීම.

    10  විශිෂ්ඨ නිමාව සහ ආකර්ෂණිය පෙනුමකින් යුක්ත වීම.

    11. ආගමික ස්ථාන/ රාජ්‍ය ආයතන/ පෞද්ගලික ආයතන/ ක්‍රිඩාංගන/ වෙළද සංකීර්ණ/    නිවාස සංකීර්ණ හා චිත්‍රපට ශාලා යන සෑම ස්ථානයකම ඇතුල් වන ස්ථාන තුළ තැබිය හැක.

    12. පරිසරය අපිරිසිදු නොවීම.

    නව නිර්මාණකරු අරුණ සමරවික්‍රම – 0772 975 485
    Chandana
    (PNM)
    0717 258 665 – 0755 908 449 – facebook -nimalchandana

  • දෙවැනි පාසල් වාරයේ ආරම්භය  මැයි 11ට කල් යයි

    දෙවැනි පාසල් වාරයේ ආරම්භය මැයි 11ට කල් යයි

    දෙවැනි පාසල් වාරය ලබන මැයි 11, සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් මස 20, සඳුදා ඇරඹීමට නියමිතව තිබිණ.

    කොරෝනා වෛරසය පැතිරයාමත් සමග එය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙලෙස නැවත පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කරන ලදී.

    පාසල් නොපැවැත්වෙන කාලය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවනට සිය අධ්‍යාපනය කරගෙන යාම සඳහා දුරස්ථ පහසුකම් හැකි උපරිමයෙන් සැලසීමට රජය සැලසුම් කර ඇත.

    විශ්වවිද්‍යාල ආරම්භ කරන දිනය වත්මන් තත්ත්වය සමාලෝචනය කොට විශ්වවිද්‍යාල බලධාරීන්ගේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ එකඟත්වය අනුව තීරණය කරන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

  • 2020 සාපෙළ සිසුන්‍ට ගාස්තු රහිත විශේෂ දුරකථන සේවාවක්

    2020 සාපෙළ සිසුන්‍ට ගාස්තු රහිත විශේෂ දුරකථන සේවාවක්

    2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි දුරකථන සන්නිවේදන ආයතන රැසක් හා තැපැල් හා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සහයෝගයෙන් මෙම පියවර ගෙන තිබේ. 

    දෙමාපියන්ට තමන් සතු ඕනෑම දුරකථන ජාලයකින් 1377 අංකයට ඇමතුමක් ලබා දීමෙන් දරුවන් වෙත මෙම අවස්ථාව සලසා දිය හැකිය.  

    මේ සඳහා දුරකථන ගාස්තු කිසිවක් අය නොකෙරෙන අතර, සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් අදාල විමසීම් සිදු කළ හැකිය.

    එක් එක් විෂයයන්  සම්බන්ධ පළපුරුදු ගුරුවරුන් මේ සඳහා සම්බන්ධ කරගනු ලබන අතර, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, මව්බස සිංහල හා මව්බස දෙමළ යන විෂයන් සම්බන්ධව මතුවන ඕනෑම ගැටළුවකට මේ යටතේ පිළිතුරු ලබා දීමට කටයුතු යොදා ඇත. 

  • Curfew Update: 16 වැනිදා දක්වා මුළු රටටම ඇඳිරි නීතිය

    Curfew Update: 16 වැනිදා දක්වා මුළු රටටම ඇඳිරි නීතිය

    කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

    සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16  බ්‍රහස්පතින්දා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ. මේ දිස්ත්‍රික්කවල උදේ 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 6.00 ට ලිහිල් කොට සවස 4.00ට යළි පනවන බව කළින් නිවේදනය කළද, දැන් එය වෙනස් කර ඇත.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු  ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙනි. එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී

    භාණ්ඩ මිලදී ගැනීම් ඉතාමත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින ලෙසත් අවධාරණය කෙරේ. අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයනට පමණක් සීමා කරන මෙන් රජය තවදුරටත් ඉල්ලා සිටී.

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

    කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ සහ ධීවර කර්මාන්තයේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

    අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

    අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

    කවර හෝ දිස්ත්‍රික්කයක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.  කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

  • මුහුණු පොතෙහි පළ වූ පුවත අසත්‍යයි –  සෞඛ්‍ය ලේකම්

    මුහුණු පොතෙහි පළ වූ පුවත අසත්‍යයි – සෞඛ්‍ය ලේකම්

    “තව දින දෙකකින් කොරෝනා රෝගීන් වාර්තා නොවනු ඇත. හේතුව ඇවැසි swabstick නොමැතිවීමයි යනුවෙන් මුහුණු පොතෙහි පළ කර ඇති පුවත සම්පූර්ණ සාවද්‍ය පුවතක්  බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය අවධාරණය කරයි.

    COVID-19 වෛරසය පාලනය හා මැඩපැවැත්විම සදහා අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමිය ගෙනයන වැඩපිළිවෙල අකර්මණ්‍ය කිරීමේ චේතනාවෙන් පාලිත රාජපක්ෂ නැමැති පුද්ගලයෙකු විසින් එම අසත්‍ය පුවත මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය කොට ඇති බව සෞඛ්‍ය ලේකම්තුමිය පෙන්වා දෙයි.

    මේ වනවිට රජය සහ සෞඛ්‍ය අංශ විසින් COVID-19  වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා ගනු ලැබූ තීන්දූ තීරණ සහ වැඩපිළිවෙල ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පැසසුමට ලක්ව ඇති අවස්ථාවක තව තවත් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කරමින් වෛරසය මැඩපැවැත්වීම සදහා වන PCR පරීක්ෂණ දාරිතාවය ද ඉහළ නංවා ශක්තිමත් කරමින්, කටයුතු කරන මෙවැනි අවස්ථාක මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කිරීම කිසිසේත් අනුමත නොකරන බව ද සෞඛ්‍ය ලේකම් තුමිය අවධාරණය කරයි.

    අදාල සාවද්‍ය පුවත මුහුණු පොත ඔස්සේ පළ කිරීම පිළිබදව නීතිමය ක්‍රීයාමාර්ග ගැනීම සදහා අදාල අංශ දැනුවත් කර ඇති බව ද සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් දන්වයි.

  • විදේශ මුදල් ලංකාවට ගෙනාවොත් ලැබෙන වාසි සහ සහන මෙන්න

    විදේශ මුදල් ලංකාවට ගෙනාවොත් ලැබෙන වාසි සහ සහන මෙන්න

    රට තුළ සහ රටින් බැහැර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයනට ස්වකීය විදේශ මුදල් ඉපැයීම්, ඉතිරි කිරීම් සහ ආයෝජන ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා නව බැංකු ගිණුමක් දැන් හඳුන්වාදී තිබේ. එය විශේෂ තැන්පතු ගිණුම ලෙස නම් කර ඇත. නව ගිණුම කාලීන හෙවත් ස්ථාවර තැන්පතු විශේෂයකි.

    රට තුළ සහ රටින් බැහැර වෙසෙන ශ්‍රී ලාංකිකයනට මෙන්ම ද්විත්ව පුරවැසියනට, සෙසු රාජ්‍යයන්හි වෙසෙන ශ්‍රී ලංකා සම්භවයක් සහිත පුද්ගලයනට, ශ්‍රී ලංකාවෙන් බැහැර අන්‍ය ජාතිකයනට ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාපිත හෝ ලියාපදිංචි අරමුදල්, ව්‍යාපාරික ආයතන සහ සම්ගම්වලට සහ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන අන් ඕනෑම කෙනකුට තමන් තෝරාගන්නා බැංකුවක විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමට පිළිවන.

    මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය විසින් අප්‍රේල් 08 වැනිදා රජයේ අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කර ඇති නිවේදනයෙහි නව තැන්පතුවට අදාළ රෙගුලාසි ඇතුළත් කොට තිබේ. ශ්‍රී ලංකාවෙන් බැහැර විදේශ මුදල් තැන්පතු හෝ ආයෝජන පවත්වාගෙන යන සමස්ත ශ්‍රී ලාංකික ව්‍යාපාර ප්‍රජාවට, සමාගම් හිමිකරුවනට මෙන්ම ශ්‍රී ලංකාවේ සුබසිද්ධිය පතන සියලුදෙනාට සිය බැංකුවලට උපදෙස් දීමෙන් තමන් සතු අරමුදල් ශ්‍රී ලංකාවට ප්‍රේශණය කළ හැකි බව එහි සඳහන් වේ.

    නව ගිණුමෙහි තැන්පත් කළ හැකි මුදල් ප්‍රමාණයට අවම සීමාවක් නැත. තැන්පතුවක අවම කාලය මාස 06කි. සාමාන්‍ය විදේශ මුදල් තැන්පතුවකට ගෙවන පොලියට වැඩි පොලී අනුපාතයක් තැන්පතුව කල්පිරීමේදී ගෙවනු ලැබේ. ඒ අනුව මාස 06ක විශේෂ තැන්පතු ගිණුමකට 1% ක සහ මාස 12 තැන්පතුවකට 2% ක වැඩිපුර පොලියක් හිමි වේ. තැන්පතුව කල්පිරුණු විට එහි ඇති මුදල් බාධාවකින් තොරව වෙනත් මුදලකට පරිවර්තනය කිරීමටත්, ශ්‍රි ලංකාවෙන් බැහැර ගෙන යාමටත් අවසර ඇත.

    සියලු තැන්පතු බදුවලින් සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ.  තැන්පතුවලට බැංකු රහස්‍ය විධිවිධාන යටතේ ආරක්ෂාව ඇත. ගිණුම් හිමියනට ලැබෙන වැඩිදුර ප්‍රතිලාභ සහ ඊට අදාළ නෛතික ප්‍රතිපාදන 2020 අය වැය ලේඛනයෙන් හඳුන්වාදෙනු ලැබේ.

    ඇමරිකානු ඩොලර්, යූරෝ, ස්ටර්ලින් පවුම්, ඕස්ට්‍රේලියානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ස්වීඩන් ක්‍රෝනර්, ස්විට්සර්ලන්ත ෆ්‍රැන්ක්, කැනඩා ඩොලර්, හොංකොං ඩොලර්, ජපාන යෙන්, ඩෙන්මාර්ක් ක්‍රෝනර්, නෝවේජියානු ක්‍රෝනර්, චීන රෙන්මින්බි සහ නවසීලන්ත ඩොලර් විශේෂ ගිණුමට භාරගන්නා මුදල් වර්ග වෙයි.

    විශේෂ තැන්පතු ගිණුම් පිළිබද වැඩිදුර විස්තර ජනාධිපති කාර්යාලයේ, මුදල් අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හෝ ශ්‍රීලංකාවේ විදේශ දූත කාර්යාලවල වෙබ් අඩවි ඔස්සේ ලබා ගැනීමට පිළිවන. COVID 19 නිවාරණ සහ සමාජ සංරක්ෂණ ප්‍රවේශයට  පිටිවහලක් වනු පිණිස මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නැයි ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන සියලු ශ්‍රී ලාංකිකයනට ආරාධනා කෙරේ.

  • ජල හා විදුලි හදිසි බිද වැටීම් දැනුම් දෙන්න දුරකථන අංක නිකුත් කරයි

    ජල හා විදුලි හදිසි බිද වැටීම් දැනුම් දෙන්න දුරකථන අංක නිකුත් කරයි

    බස්නාහිර පළාතෙන් ආරම්භ කල විශේෂ ඇදිරි නීති කාලය තුල සිදුවන  විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර  විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාව අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද ක්‍රියාවට නංවා ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේයි.

    බස්නාහිර පළාතෙන් ආරම්භ කල විශේෂ ඇදිරි නීති කාලය තුල සිදුවන  විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර  විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාව අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද ක්‍රියාවට නැගේ.

    ශ්‍රී ලංකා පොලිසිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය,  ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම), ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකො) හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,ඒකාබද්ධව මෙම සේවාව ක්‍රියාවට නගයි.  දැනටමත් ක්‍රියාත්මක විදුලි සේවා බිදවැටුම් හා ජල සේවා බිදවැටුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාව හරහා පාරිභෝගික පරිශ්‍ර තුල පිහිටි අභ්‍යන්තර විදුලි හා ජල සේවා පද්ධතිවල වල දෝෂ අලුත්වැඩියා කර ගැනීම සදහා පාරිභෝගිකයින්ට එම ගැටළු ඉදිරිපත් කිරීමට මේ යටතේ පහසුකම් සළසා ඇත. 

    එම ගැටළුව මත පදනම්ව අභ්‍යන්තර දෝෂ නඩත්තුව සදහා ප්‍රෙද්ශයේ විදුලිකාර්මිකයෙකුගේ හෝ ජල නල කාර්මිකයෙකුගේ සහාය ලබාගැනීමට අදාල පාරිභෝගිකයාට පහසුකම් සලසනු ලැබේ. ඒ සදහා දිස්ත්‍රික්කයේ පදිංචි  වෘත්තීය විදුලිකාර්මිකයින්ගේ, ජලනල කාර්මිකයින්ගේ හා අනෙකුත් අත්‍යවශ්‍ය නඩත්තු ශිල්පීන්ගේ තොරතුරු ගොනුවක් ද පවත්වාගෙන යයි. එම වෘත්තිකයින් පිළිබද තොරතුරු අදාල පොලිස් ස්ථාන හා ප්‍රා දේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමට ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

    ලියාපදිංචි විදුලිකාර්මිකයින් හා ජලනල කාර්මිකයින්  විසින් අනුමත සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් හා ඇදිරි නීති කාලය තුල අනුගමනය කල යුතු මාර්ගෝපදේශ වලට අනුකූලව මෙම සේවාව සලසනු ඇත. ඇදිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කොළඹ, ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්ක සදහා මෙම විශේෂ සේවාව හදුන්වා දුනි.  අද සිට මෙම අත්‍යවශ්‍ය නඩත්තු සදහා කාර්මික සහාය ලබාදීමේ සේවා ව දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක  වල විදුලි හා ජල පාරිභෝගිකයින්ගේ අත්‍යවශ්‍ය නඩත්තු සහ අලුත්වැඩියා සදහා මෙම විශේෂ තාක්ෂණික සේවාව ව්‍යාප්ත කෙරේ.

    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් පැවරුණ පසු අදාල විදුලිකාර්මිකයා/විදුලි උපකරණ හා වායු සමීකරණ නඩත්තු ශිල්පියා හෝ ජලනල කාර්මික ශිල්පියා අදාල පොලිස් ස්ථානයෙන් තාවකාලික ඇදිරි නීති බලපත්‍රයක් ලබාගත යුතු වේ. මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයතු වලදී අදාල ශිල්පීන් අනුගමනය කල යුතු මාර්ගෝපදේශ මාලාවක්ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත

    ඒ අනුව තම පරිශ්‍රය තුල සිදුවන හදිසි බිදවැටීම් හා දෝෂ සම්බන්ධයෙන් විදුලි හා ජල පාරිභෝගිකයින්ට පහත අංක ඔස්සේ අමතා සේවාව ලබාගත හැකිය.

    ජලනල කාර්මිකයෙකුගේ සේවාව සදහා    1939 (ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය)

    විදුලිකාර්මිකයෙකුගේ සේවාව සදහා         1987 (ලංකා විදුලි බල මණ්ඩලයේ පාරිභෝගිකයින් සදහා)

    ලෙකො විදුලි පාරිභෝගිකයින් විදුලිකාර්මිකයෙකුගේ සේවාව සදහා             1910 අමතන්න

    එසේ නැතහොත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අංක 0764271030 අමතන්න

    වැඩිදුර තොරතුරු සදහා  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ-ආයතනික සන්නිවේදන, ජයනාත් හේරත් මහතා 0772943193 අමතන්න

  • විදුලි – ජලනළ හා වායුසමීකරණ නඩත්තු ශිල්පීන්ටත් මාර්ගෝපදේශ

    විදුලි – ජලනළ හා වායුසමීකරණ නඩත්තු ශිල්පීන්ටත් මාර්ගෝපදේශ

    කොරෝනා වසංගත තත්ත්වය යටතේ පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු පැවරෙන විදුලිකාර්මිකයින්/ජලනළ කාර්මිකයින් හා ගෘහ විදුලි උපකරණ හා වායුසමීකරණ නඩත්තු ශිල්පීන් සදහා වු මාර්ගෝපදේශ. 11ක් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (11) මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. මෙම අත්‍යවශ්‍ය සේවාවේ අරමුණ නිවැසියන්ට අඛණ්ඩ විදුලි හා ජල සැපයුමක් සහතික කිරීම බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කරන්නේ.

    මෙම මාර්ගෝපදේශ පහත පළ වෙනවා.

    1.         ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය (1939), ලංකා විදුලි බල මණ්ඩලය (1987), ලංකා විදුලි පුද්ගලික සමාගම (1910) හෝ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (0764271030) දුරකතන වලට ඉදිරිපත් කෙරෙන විදුලි හෝ ජල පාරිභෝගිකයෙකුගේ ඉල්ලීමක් මත ඔබ සදහා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් පැවරෙනු ඇත.

    2.         අදාල විදුලි හෝ ජල පාරිභෝගිකයාගේ පරිශ්‍රයට ආසන්නතාවය මත තාක්ෂණික ශිල්පියා තෝරාගැනීමට සෑම විටම ඉහත ආයතන පියවර ගනු ඇත

    3.         ඔබට අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් පැවරුණ පසු ආසන්නතම පොලිස් ස්ථානයෙන් අවශ්‍ය ඇදිරි නීති බලපත්‍රය ඉල්ලුම් කල හැකි ය.

    4.         ඔබට ආසන්න පොලිස් ස්ථානයේ හා ස්ථානාධිපති වරයාගේ දුරකතන අංක www.police.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි ය.

    5.         ඔබ විසින් සෑම නඩත්තු කටයුත්තකදීම අදාල ඇදිරි නීති බලපත්‍රයේ කොන්දේසී වලට අනුකූලව කටයුතු කළ යුතු වේ.

    6.         සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති කොරෝනා වසංගතයට අදාල සෞඛ්‍යමය නිර්දේශ ද අනිවාර්යෙන් අනුගමනය කල යුතු වේ.

    7.         සේවාව ලබාදුන් පසු ඔබ විසින් සාධාරණ ගාස්තුවක් පාරිභෝගිකයාගෙන් අයකල හැකිය. ගාස්තු සම්බන්ධයෙන් කලින් එකග වන ලෙසද දන්වා සිටිනු ලැබේ.

    8.         ඔබ විසින් අයකරන ගාස්තුව සදහා ලදුපතක් නිකුත් කල යුතු ය.

    9.         අදාල තාක්ෂණික ශිල්පීන්ගේ තොරතුරු ගොනුවක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පවත්වාගෙන යනු ලබන අතර අවශ්‍යතාවය අනුව යාවත්කාලීන කෙරෙන එම තොරතුරු ගොනු අදාල ආයතන වෙත හා මහජනතාව වෙත නිකුත් කෙරේ.

    10.       මෙම කොන්දේසි ද අවශ්‍යතාවය අනුව සංශෝධනය කරනු ලැබිය හැකි අතර එවැනි සංශෝධන පිළිබද ඔබ වෙත දන්වා එවනු ලැබේ

    11.       වැඩිදුර විස්තර සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල ෆේස්බුක් පිටුව (facebook/pucsl) වෙත පිවිසෙන්න

    වැඩිදුර තොරතුරු සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල ෆේස් බුක් පිටුවට පිවිසෙන්න Facebook/pucsl

  • ලෝකයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් ?

    ලෝකයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් ?

    පර්යේෂකයන් අනාවැකි පළ කළේ සිකුරාදා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව උපරිම මට්ටමට පැමිණ පසුව ක්‍රමයෙන් පහත වැටෙනු ඇති අතර එය මැයි පළමු වැනිදා වන විට දිනකට පුද්ගලයින් 970 ක් දක්වා පහත වැටෙනු ඇති බවයි.

    මැන්හැටන් හි වෛද්‍ය සේවකයින්ගේ මහජනතාවගේ පැසසුමට ලක්විය

    එක් දිනක් තුළ කොරෝනා මරණ 2,000 කට වඩා වාර්තා කළ ලොව පළමු රට බවට ඊයේ එක්සත් ජනපදය පත් වුණා. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛන වලට අනුව පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,108 ක් මිය ගිය අතර මේ වන විට තහවුරු වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා තිබෙනවා.

    ලොව පුරා වැඩිම කොරොන වෛරස් මරණ ඇති රට ලෙස එක්සත් ජනපදයට ඉතා ඉක්මනින් ඉතාලිය අභිබවා යා හැකි බවයි මේ අනුව විශේෂඥයින් අනතුරු අගවන්නේ.

    නමුත් ධවල මන්දිරයේ කොවිඩ් -19 කාර්ය සාධක බලකායේ විශේෂඥයන් පවසන්නේ පුපුරා යාම එක්සත් ජනපදය පුරා සමතලා වීමට පටන් ගෙන ඇති බවයි.

    වෛද්‍ය ඩෙබොරා බර්ක්ස් පැවසුවේ පුපුරා යාම ස්ථාවර වන බවට හොඳ සලකුණු ඇති බවයි. නමුත් ඇය අනතුරු ඇඟවූයේ “ඒවා දිරිගන්වන තරමට අපි උපරිමයට පැමිණ නැත” යනුවෙනුයි.

    මරණ 100,000 ක් පිළිබඳ මුලික අනාවැකි වලට වඩා අඩු මරණ සංඛ්‍යාවක් එක්සත් ජනපදය තුළින් වාර්තා වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පැවසුවා.

    වෙනත් වර්ධනයන්

    • දකුණු අර්ධගෝලයේ කොරෝනා වෛරස් මරණ 1000ක් ඉක්මවා ගිය පළමු රට බවට බ්‍රසීලය පත්ව තිබෙනවා.
    • කොරෝනා වෛරස් අගුලු දැමීමේ පියවර කල්තියා ඉවත් කිරීමෙන් ආසාදනය ‘මාරාන්තික පුනර්ජීවනයක් ඇති විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු අගවා තිබෙනවා.
    • වසර ගණනාවක සිවිල් යුද්ධයෙන් සෞඛ්‍ය පද්ධති විනාශ වී ඇති යේමන්යේ පළමු කොරෝනා වෛරස් රෝගියා වී තිබෙනවා.

    හරියටම එක්සත් ජනපදයේ නවතම සංඛ්‍යා මොනවාද?

    ජෝන්ස් හොප්කින්ස් සරසවියේ වාර්තාවලට නුව එක්සත් ජනපදයේ ඊයේ (10) දිනය අවසන් වන විට අවම වශයෙන් කොරෝනා ආසාදිතයින් 18,683ක් මිය ගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව 500,399ක් බව වාර්තා වෙනවා.

    මරණ වලින් අඩක් පමණ වාර්තා වී ඇත්තේ නිව්යෝර්ක් ප්‍රදේශයේ යි.

    ඉතාලියේ මරණ 18,849 ක් වාර්තා වී ඇති අතර ගෝලීය වශයෙන් 100,000 කට අධික පිරිසක් වෛරසය හේතුවෙන් මියගොස් තිබෙනවා.

    පර්යේෂකයන් අනාවැකි පළ කළේ සිකුරාදා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව උපරිම මට්ටමට පැමිණ පසුව ක්‍රමයෙන් පහත වැටෙනු ඇති අතර එය මැයි පළමු වැනිදා වන විට දිනකට පුද්ගලයින් 970 ක් දක්වා පහත වැටෙනු ඇති බවයි.

    නගරයක් ඉහළට

    නාඩා තව්ෆික්, බීබීසී ප්‍රවෘත්ති, නිව් යෝර්ක් – විශ්ලේෂණය

    කොරෝනා වෛරසය ජීවිතය පිළිබඳ සෑම දෙයක්ම වෙනස් කර ඇති අතර දැන් එය මරණයේ චාරිත්‍ර වාරිත්‍ර ද වෙනස් කර තිබෙනවා.

    වායු සමනය කළ කන්ටේනර් ට්‍රේලර් නිව් යෝර්ක් නගරයේ තාවකාලික මෘත ශරීරාගාර ලෙස භාවිතා කරන අයුරු.

    නිව් යෝර්ක් වැසියන් භයානක දර්ශනවලින් කම්පනයට පත් වී ඇත: ගිලන්රථ නිරන්තරයෙන් පාළු වීදි දිගේ ධාවනය වේ. මිය ගිය පුද්ගලයින්ගේ දේහයන් රෝහල්වලින් පිටත වායුසමනය කළ කන්ටේනර් තුළ තබා ඇති අතර ඒවා සමූහ වශයෙන් භූමිදානය කිරීම සදහා හාර්ට්ස් දූපතේ විශාල අගල් හාරා ඇත.

    දුරස්ථ සුසාන භූමිය වෙත බෝට්ටුවකින් පමණක් ප්‍රවේශ විය හැකි අතර එය සොහොන් ගල් නොමැති සමූහ සොහොන්, හුදෙක් හිමිකම් නොකියන සිරුරු නිසා ඓතිහාසිකව ශෝකයෙන් සලකනු ලැබේ.

    අවමංගල්‍ය අධ්‍යක්ෂවරු විවෘතව කතා කරන්නේ මරණ සංඛ්‍යාව ඔවුන් බිය වී ඇති ආකාරය ගැන ය. මෙම සතියේ වාර්තාගත මරණ සංඛ්‍යාවට පෙර පවා, සමහර පවුල්වලට තම ආදරණීයයන් භූමදානය කිරීමට හා ආදාහනය කිරීමට සතියක් හෝ ඊට වැඩි කාලයක් බලා සිටීමට සිදුවිය.

    පුපුරා යාම ඉක්මනින් සමතලා වීමට පටන් ගන්නේ ඇයි?

    ඩ්‍රෝන් දර්ශන මගින් ගන්නා ලද නිව්යෝක්හි සමූහ සුසාන භුමියක්

    එක්සත් ජනපදයේ බෝවන රෝග ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුසි සදහන් කරන්නේ එක්සත් ජනපදය තුළ ආසාදිතයින්සි සංඛ්‍යාව හා මරණ “සමතලා කිරීම හා පහළට පැමිණීම ආරම්භ කර ඇති” බවයි.

    “වැදගත් දියුණුවක්” තිබියදීත්, සමාජ දුරස්ථභාවය වැනි අවම සීමා කිරීමේ උත්සාහයන් තවමත් පසුපසට නොගත යුතු බව ඔහු පැවසුවා.

    ආචාර්ය බර්ක්ස් සඳහන් කළේ නිව් යෝර්ක්, නිව් ජර්සි සහ චිකාගෝ වැනි දැඩි පීඩාවට පත් කලාපවල වැඩිවීමේ වේගය ස්ථාවර වන බවයි.

    එක්සත් ජනපදයේ මරණ අනුපාතය “අපගේ ජනගහනය සමග ඔබ ඒවා නිවැරදි කරන විට අනෙක් බොහෝ රටවලට වඩා සැලකිය යුතු ලෙස අඩු” බව ඇය පැවසුවාය.

    එහෙත් ඇය අවධාරණය කළේ ජාතිය තවමත් පුපුරා යාමේ උච්චතම අවස්ථාව දැක නොමැති බවයි. 

    “අපි ඊයේ කළ දේ දිගටම කරගෙන යා යුතුයි. මොකද ඉහළම මරණ අනුපාතය සමග තමයි පහළ බැසීම ආරම්භ වන්නේ“

    සිකුරාදා නිව්යෝර්ක් ආණ්ඩුකාරවරයා පැවසුවේ නවතම දත්ත මගින් පෙන්නුම් කළේ රජය සාර්ථකව “වක්‍රය සමතලා” කරන බවයි.

    “එය දුෂ්කර වුවත්, අපි එය සමඟ රැඳී සිටිය යුතුයි” කී ආණ්ඩුකාර ඇන්ඩෙෘෘ කියෝමෝ කියා සිටියේ, සමාජ දුරස්ථ පියවර ලිහිල් කිරීමට තවමත් කල් ඇති බවයි.

    කොවිඩ් -19 හි අසමාන ලෙස බලපෑමට ලක්ව ඇති ඇමරිකාවේ සුළුතර ප්‍රජාවන්ට මෙම අන්තරාය ඉහළම බව පෙනේ.

    එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍ය ජෙනරාල් වෛද්‍ය ජෙරොම් ඇඩම්ස් පැවසුවේ එක්සත් ජනපදයේ ජීවත් වන සුදු ජාතිකයින් නොවන ජාතීන්ට සාමාන්‍යයෙන් ඇදුම, අධි රුධිර පීඩනය හා දියවැඩියාව වැනි නිදන්ගත සෞඛ්‍ය තත්වයන් ඇති බැවින් මෙම ප්‍රවණතාව “භයානක නමුත් පුදුමයට කරුණක්” නොවන බවයි.

    “ඇත්ත වශයෙන්ම, මාරාන්තික ඇදුම රෝගයක් ඇති වේය යන බියෙන් මම වසර 40 ක් තිස්සේ මගේ සාක්කුවෙ ඉන්හේලරයක් රැගෙන යමි,” අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් ඇති වෛද්‍ය ඇඩම්ස් තවදුරටත් පැවසීය.

    ශල්‍ය වෛද්‍ය ජෙනරාල් විසින් තම ඉන්හේලරය මාධ්‍ය පෙන්වූයේ වර්ණවත් පුද්ගලයින්ට කොරෝන බලපෑම පිළිබඳව සාකච්ඡා කරමින් සිටියදීය

    ඊයේ (10) ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ට්‍රම්ප් කියා සිටියේ නිව් යෝර්ක් හි හාර්ට් දූපතේ සමූහ මිනී වළක මිනී පෙට්ටිවල ඩ්‍රෝන් රූප තමා දුටු බවයි.

    එහි බලධාරීන් පවසන්නේ වසර 150 කට වැඩි කාලයක් තිස්සේ ඥාතීන් නොමැති පුද්ගලයින් භූමදාන කිරීම සඳහා භාවිතා කළ දූපත තුළ දැන් සිරුරු සාමාන්‍ය මට්ටමට වඩා පස් ගුණයකින් වළලමින් සිටින බවයි.

    කොරෝනා වෛරසයෙන් දිවි ගලවා ගත් සහ රුධිරයේ ප්‍රතිදේහ ඇති ඇමරිකානුවන් සඳහා ප්‍රතිශක්තීකරණ සහතික ලබා ගත යුතුද යන්න පිළිබඳව නිලධාරීන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව වෛද්‍ය ෆවුසි සීඑන්එන් වෙත පැවසීය.

    මෙම සහතිකවලට “යම් යම් තත්වයන් යටතේ යම්කිසි කුසලතාවයක් තිබිය හැකිය”, ප්‍රතිදේහ පරීක්ෂණ ලබන සතියේ ලබා ගත හැකි බව ඔහු පැවසීය.

    උප ජනාධිපති පෙන්ස් පාස්කු උත්සවය සඳහා නිවසේ රැඳී සිටින ලෙස ජනතාවට පවසයි

    මේ අතර, වොෂිංටනයේ නීති සම්පාදකයින් වසංගතයේ ඉදිරි පෙළේ කම්කරුවන්ට සෘජු ගෙවීම් ලබා දීම සඳහා “කොවිඩ් -19 වීරයන්ගේ අරමුදලක්” ගැන සලකා බලයි.

    ඩිමොක්‍රටික් ප්‍රමුඛ යෝජනාවෙන් කම්කරුවන්ට දැනටමත් ඔවුන්ගේ සේවායෝජකයින්ගෙන් ලැබෙන වැටුපට වඩා ඩොලර් 1-3 ක අනුපාතයක් ඉල්ලා සිටී. ගෙවීම ඩොලර් 25,000 කට සීමා වේ. මෙම මුදල් හෙදියන්, වෛද්‍යවරුන්, සිල්ලර වෙළඳසැල් ලිපිකරුවන්, සංක්‍රමණ සේවකයින් සහ අත්‍යවශ්‍ය යැයි සැලකෙන වෙනත් සේවකයින් වෙත ද යොමු වේ.

    බී.බී.සී ඇසුරින් සම්පාදිත ලිපියකි – සැකසුම – තුෂාධවි

  • කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 197ට නගී – ජාඇළ සුදුවැල්ලෙන් කොරෝනා ආසාදිතයින් 06ක්

    කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 197ට නගී – ජාඇළ සුදුවැල්ලෙන් කොරෝනා ආසාදිතයින් 06ක්

    මෙරටින් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (10) රාති‍්‍රයේ 197 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා නිවේදනය කළා. ඒ ඊයේ රාත‍්‍රියේ නව ආසාදිතයින් 07 දෙනකු හදුනා ගැනීම සමගයි.

    ඊයේ රාත‍්‍රියේ තහවුරු කරගත් කොවිච් 19 ආසාදිතයින් 07 දෙනාගෙන් 05 දෙනකු ජා-ඇළ සුදුවැල්ල ප‍්‍රදේශයේ පුද්ගලයින් වන අතර ඔවුන්ව පසුගිය දා නාවික හමුදාව විිසින් අත්අඩංගුවට ගෙන ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයින් 28 දෙනාගෙන් පස් දෙනකු බවයි ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා සදහන් කළේ්ය.

    මෙහිදී අබේරත්න මහතා වැඩි දුරටත් සදහන් කළේ මෙම කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ බිරියකට ද කොරෝනා ආසාදනය වී ඇති බවට ලක්ෂණ පළ කළ බැවින් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි. එහිදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණ වලින් පසු ඇයටද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සදහන් කළා.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාඇළ පොලිස් ස්ථානාධිපතිවරයා සදහන් කළේ පසුගිය දා අත්අඩංගුවට ගත් සුදුවැල්ල ප‍්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනා මත්ද්‍රව්‍ය වලට ඇබිබැහිවූවන් බවත් මොවුන් තැනින් තැන සැරිසරා ඇති බවත්ය.

    ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී අතර ඉන් 4 දෙනෙකු කාන්තාවන් බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා සදහන් කළේ්ය.

  • Covid-19 Today Update: – ලංකාවේ අද දින ආසාදිතයින් නෑ – ලෝකයෙන් 85,568ක්

    Covid-19 Today Update: – ලංකාවේ අද දින ආසාදිතයින් නෑ – ලෝකයෙන් 85,568ක්

    එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය ගණන් බලා තිබේ. 

    රටවල් කිහිපයක ප්‍රගතියේ සලකුණු තිබියදීත්, වසංගතය ආර්ථිකය කෙරෙහි දිගින් දිගටම හානි කරයි. 

    ගෝලීය වශයෙන් අද (10) දින කොවිඩ්-19 ආසාදිතයින් 85,568 දෙනකු වාර්තා වෙද්දී ශ‍්‍රී ලංකාවෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවිය පස්වරු 18.04ට කළ යාවත්කාලීන කිරීම්වල සදහන් වෙනවා.

    ඒ අනුව ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 190ක ස්ථාවර තත්ත්වයේ පවතිනවා. සුවය ලබා පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 54 දෙනකු වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 224ක් බවයි වාර්තා වන්නේ.

    ගෝලීය තත්ත්වය

    අද දිනය තුළ (පස්වරු 18.00ට සිදුකළ යාවත්කාලීන කිරීම් අනුව) ගෝලීය වශයෙන් තහවුරු කළ ආසාදිතයින් සංඛ්‍යාව 1,605,712ක් වන අතර අද දිනය තුළ හදුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 85,568ක් වන අතර මරණ සංඛ්‍යාව 95,766ක් වන අතර සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 356,986ක් බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරන්නේ.

    ඉතාලිය – රෝගීන් 143,626 ක්, මරණ 18,279 ක්

    එක්සත් ජනපදය – රෝගීන් 467,184 ක්, මරණ 16,736 ක් 
    ස්පාඤ්ඤය – රෝගීන් 157,022 ක් , මරණ 15,843  ක්
    ජර්මනිය – රෝගීන් 119,401 ක්, මරණ 2,607 ක්
    ප්‍රංශය – රෝගීන් 118,790 ක්, මරණ 12,228 ක් 
    චීනය –  රෝගීන් 82,940 ක් ,  මරණ 3,340 ක් 

    මැකාවු හි රෝගීන් 44 ක් සහ හොංකොං හි මරණ 765 ක් – මරණ හතරක් ඇතුළත් වේ.

    ඉරානය – රෝගීන් 68,192 ක්, මරණ 4,232 ක් 
    එක්සත් රාජධානිය – රෝගීන් 65 , 872 , මරණ 7,993
    රුසියාව – නඩු 11,917 ක්, මරණ 94 ක්
    දකුණු කොරියාව – රෝගීන් 10,450 ක්, මරණ 208 ක්

    ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,204 ක්, මරණ 54 ක්

    ඉන්දියාවේ රෝගීන් 6,725 ක්, මරණ 229 ක්

    ජපානය – රෝගීන් 5,530 ක්, මරණ 99 ක්

    සෞදි අරාබිය – රෝගීන් 3,651 ක්, මරණ 47 ක්

    එක්සත් අරාබි එමීර් – රෝගීන් 2,990 ක්, මරණ 14 ක්

    කටාර් – රෝගීන් 2,512 ක්, මරණ 6 ක්

    සිංගප්පූරුව – රෝගීන් 1,910 ක්, මරණ 6 ක්

    කුවේට් – රෝගීන් 993, 1 මරණය

    බහරේනය – රෝගීන් 913 ක්, මරණ 6 ක්

    දත්ත සටහන – අල් ජසීරා ඇසුරිණි