Tag: featured

  • අදත් නව ආසාදිතයින් 09ක් – ලංකාවේ Covid-19 ආසාදිතයින් 175ක්

    අදත් නව ආසාදිතයින් 09ක් – ලංකාවේ Covid-19 ආසාදිතයින් 175ක්

    ශ‍්‍රී ලංකාවෙන් අද (5) දින පස්වරු 8.00 වන විට වාර්තා වී තිබූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 175 දෙනකු බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. එය වැඩි දුරටත් සදහන් කරන්නේ අද දින තුළ නව ආසාදිතයින් 09 දෙනකු වාර්තා වී ඇති බවයි.

    මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ප‍්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 137ක් බව ද දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 259ක් බව ද සදහන් කරන සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පුද්ගලයින් 33 දෙනකු සුවය ලබා පිටව ගිය බව ද සදහන් කරනවා.

    ශ‍්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 05ක් බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය වැඩි දුරටත් සදහන් කරන්නේ.

    ගෝලීය තත්ත්වය

    සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව අද දින (5) වන විට ගෝලීය වශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1,201,476ක් වන අතර අද දිනය තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 84,811ක්. මේ වන විට කොවිඩ් 19 ආසාදනය මගින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 64,691ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 246,467ක් බවයි වාර්තා වන්නේ.

    අද දින (5) නිකුත් කළ අල් ජසීරා වාර්තාවක් අනුව ගෝලීය වශයෙන් ඉහළම ආසාදිතයින් සංඛ්‍යාවක් හා මරණ සංඛ්‍යාවක් වාර්තා කරන රටවල් පහත දැක්වෙනවා.

    එක්සත් ජනපදය – රෝගීන් 312,249 ක්, මරණ 8,503 ක් 
    ස්පාඥ්ඤය – 130,759 ක් ,  මරණ 12,418 ක්
    ඉතාලිය – රෝගීන් 124,632 ක්, මරණ 15,362 ක්
    ජර්මනිය – රෝගීන් 96,108 ක්, මරණ 1,446 ක්
    ප්‍රංශය – රෝගීන් 90,853 ක්, මරණ 7,574 ක් 
    චීනය –   රෝගීන්  82,602 ක්,  මරණ 3,333 ක් 
    මැකාවු හි රෝගීන් 41 ක් සහ හොංකොං හි මරණ 765 ක් – මරණ හතරක් ඇතුළත් වේ.
    ඉරානය – රෝගීන් 58,226 ක්, මරණ 3,603 ක් 
    එක්සත් රාජධානිය –   රෝගීන් 42,480 ක් ,  මරණ 4,320 ක්
    තුර්කිය – රෝගීන් 23,934 ක්, මරණ 501 ක්
    ස්විට්සර්ලන්තය –   රෝගීන් 21,100 ක්, මරණ 680 ක්
    බෙල්ජියම – රෝගීන් 19,691 ක්, මරණ 1,447 ක්
    නෙදර්ලන්තය – රෝගීන් 17,953 ක්, මරණ 1,771 ක්
  • තැපෑලෙනුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙනත් දෙයි – දුරකථන අංක මෙන්න

    තැපෑලෙනුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙනත් දෙයි – දුරකථන අංක මෙන්න

    කොරෝන වසංගතය හමුවේ ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට සහනයක් ලබාදීමේ අරමුණින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ලබාදීමේ කඩිනම් සේවාවක් ආරම්භ ඇති බවත් එවැනි අවශ්‍යතාවක් ඇති පුද්ගලයින් පහත සදහන් දුරකථන අංකවලට අමතා අදාළ සේවය ලබා ගත හැකි බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (5) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය. එම මාධ්‍ය නිවේදනය මෙසේය.

  • වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ගෙවීම 06 වැනි දා

    වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ගෙවීම 06 වැනි දා

    කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කණ්ඩායම් තුනක් වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනා අප්‍රේල් මස 06 වැනි දින එනම් සඳුදා දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීමට කටයුතු කරන බව රජය අවධාරණය කරයි.

    එහිදී දැනට ආබාධිත දීමනාව ලබන සහ පොරොත්තු ලේඛණ වල සිටින පුද්ගලයින් සියලුම දෙනා සදහා හෙට දිනයේ (06) රුපියල් 5,000 බැගින් ආබාධිත දීමනාව නිවසටම ගොස් ගෙවීමට නියමිතය.

    එලෙසම දැනට දීමනාව ලබන සියලුම වකුගඩු රෝගීන් සදහා සහ පොරොත්තු ලේඛණවල සිටින සියළුම වකුගඩු රෝගීන් සදහා ද හෙට දිනයේ රුපියල් 5000 ක දීමනාව නිවසටම ගොස් ලබාදීමට රජය සියලු කටයුතු සුදානම් කොට ඇත.

    එලෙසම දැනට අප්‍රේල් මාසය සදහා රුපියල් 2000 ක වැඩිහිටි දීමනාව ගෙවා ඇති සියළුම වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සදහා තවත් රුපියල් 3000 ක අමතර මුදලක් හෙට (06) දිනයේ ලබාදීමට නියමිතය. ඒ අනුව එම අය සදහා ද රුපියල් 5000 ක සම්පූර්ණ දීමනාවක් අප්‍රේල් මාසය සදහා ලැබේ.

    තවද පොරොත්තු ලේඛණවල සිටින සියලුම වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සදහා ද වැඩිහිටි දීමනාව වන රුපියල් 5000 ක මුදල හෙට දිනයේ ගෙවනු ලැබේ.

    ඉහත සදහන් සියලු දීමනා හෙට (06) දිනය තුල දී ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් මගින් ප්‍රතිලාභීන්ගේ නිවසටම ගොස් ගෙවීමට රජය කටයුතු කරනු ඇත.

    එමෙන්ම, සමෘද්ධි දීමනාව ඇතුළු අනෙකුත් දීමනා ගෙවීමේ වැඩපිළිවෙල අප්‍රේල් මස 07 වන අඟහරුවාදා දින සිට ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව රජය තවදුරටත් අවධාරණය කරයි.

  • කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ මාධ්‍ය හමුව – සම්පූර්ණ කතාව

    කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ මාධ්‍ය හමුව – සම්පූර්ණ කතාව

    කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් දෛනිකව පවත්වනු ලබන ප‍්‍රවෘත්ති සාකච්ඡුාව අද (5) දිනයේද එම මධ්‍යස්ථානයේදී පැවැත් වුණා. මේ සදහා සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ ප‍්‍රධානී යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහභාගී වුණා.

    මෙහිදී ඔවුන් දැක්වූ සියලු ‘නිල ප‍්‍රකාශ’ පහත පළ වෙනවා.

  • 49වන අප්‍රේල් විරු සමරුව: පාලක පංතියේ නොහැකියාව ගියේ ජනතාව පිටින් – ටිල්වින් සිල්වා

    49වන අප්‍රේල් විරු සමරුව: පාලක පංතියේ නොහැකියාව ගියේ ජනතාව පිටින් – ටිල්වින් සිල්වා

    වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1971 විරුවන් දිවිපුදා ආරම්භ කළ අරගලය දේශපාලනය මර්දනයෙන් පවා පරාජය කළ නොහැකිව අදත් අපට මග පෙන්වන පහන් ටැඹවල් බවට පත්වී තිබෙනවා. ඔවුන් හැම විටම අපේ හදවත් තුළ ජීවත්වෙමින් වත්මන් දේශපාලනයට ධෛර්යය, ශක්තිය ආදර්ශ ලබාදෙනවා.

    රට තුල පවතින විශේෂ තත්වය නිසා ජනතා විමුක්ති පෙරමුණේ 49වැනි අප්‍රේල් විරු සමරුව මෙවර ෆේස්බුක් මගින් සජීවි විකාශයක් ලෙස සිදුකරන ලදී. මේ අවස්ථාවට ජවිපෙ නායක අනුර දිසානායක සහ ටිල්වින් සිල්වා සහභාගි වූ අතර සමරු දේශනය සිදුකරන ලද්දේ පක්ෂ ලේකම්වරයා විසිනි. රටපුරා සිටින සහ විදෙස්ගතව සිටින ජවිපෙ සාමාජිකයින් ෆේස්බුක් ඔස්සේ මෙම අවස්ථාවට සජීවීව සම්බන්ධ විය.

    අපි අද අන්තර්ජාලය ඔස්සේ සජීවීව එකතුවෙලා ඉන්නේ මීට අවුරුදු 49කට පෙර අද වගේ දවසක අයුක්තියට, අසාධාරණයට එරෙහිව නව සමාජ ක්‍රමයක් වෙනුවෙන් සටන් කොට දිවිදුන් පරපුරක ආදරණීය සහෝදර සහෝදරියන් සැමරීම සඳහායි.

    අපි කුමණ පක්‍ෂයක හිටියත් අපේ පක්‍ෂයේ ආරම්භක පරපුරේ දිවිදුන් සහෝදර සහෝදරියන් අනුස්මරණය කිරීම, ඔවුන්ගේ අත්දැකීම් එකතුකර ගැනීම හා ඔවුන් මඟපෙන්වූ නව සමාජයක් නිර්මාණය කිරීමේ කාර්ය සඳහා ධෛර්ය එකතුකර ගැනීම වෙනුවෙන් අප්‍රේල් විරුවන් අනුස්මරණය කරලා තියෙනවා. වනගතව සිටියදී, සිරගතව සිටියදී පවා සිදුකළ අනුස්මරණය හැකි අවස්ථාවලදී විශාල පිරිසක් එකතු කරගෙන සිදුකළා.

    මෙවර කොවිඞ් 19 වසංගත තත්වය නිසා අප්‍රේල් විරු සමරුව විශාල පිරිස් එකතු කරගනිමින් ප්‍රසිද්ධ ස්ථානයක සිදුකරන්න බැරිවී තිබෙනවා. ඒ නිසා අන්තර් ජාලය ඔස්සේ සහෝදර සහෝදරියන් සම්බන්ධ කර ගනිමින් කෙටි සැමරුමක් සිදුකරනවා. 

    1971 අරගලයේදී දිවි පිදූවන් සැමරීමට හේතු ගණනාවක් තිබෙනවා. මේ අරගලයේදී අපේ සහෝදරුවන් දිවි පිදූවේ ඉතාම පවිත්‍ර පොදු අරමුණක් වෙනුවෙන්. ඔවුන් සටන් කළේ ජාතිවාදය, ආගමික අන්තවාදයක් වෙනුවෙන් නෙවෙයි. වෙනත් ප්‍රතිගාමී අරමුණක් වෙනුවෙන් නෙවෙයි. මානව වර්ගයාට විමුක්තිය ලබාදීමේ, මිනිස්සුන්ට මිනිස්සු වශයෙන් ජීවත්වෙන්න පුළුවන් සාධාරණ සමාජයක් වෙනුවෙන් තමන්ගේ දේශපාලන අයිතිය වෙනුවෙන් ඔවුන් සටන් කළා. පවතින අයුක්තිසහගත ධනවාදී ක්‍රමය වෙනස් කරලා සමාජවාදී සමාජයක් නිර්මාණය කරන්න, නිර්ධන පංතියට දේශපාලනය කිරීමේ අයිතිය වෙනුවෙන් සටන් කොට ඔවුන් දිවි පිදුවා. ඒ නිසාම ඔවුන් හැමදාමත් අපේ පරමාදර්ශයන් බවට පත්වී ඉන්නවා. 

    අපේ පක්‍ෂයේ ආරම්භක පරපුරේ සහෝදර සහෝදරියන් 1971 අරගලයේදී දිවිපුදා දැන් සියවස් බාගයකට ආසන්න වී තිබෙනවා. ගෙවීගිය අවුරුදු 49 දෙස බැලීමේදී ඉතිහාසය විසින් ඔවුන්ගේ අරගලය සාධාරණ බව යළි යළිත් ඔප්පු කරමින් ඉන්නවා. ඔවුන් සමාජවාදය වෙනුවෙන් දිවිපුදා වසර 50කට ආසන්න කාලයක් ගෙත වෙන මොහොතේ ධනවාදයට අපේ රටේ කිසිම ප්‍රශ්නයක් විසඳන්න බැරිවූ බව ඔප්පුකරමින් ඉන්නවා.

    ලෝකයේ කිසිම ප්‍රශ්නයක් විසඳන්න බැරි බව ඔප්පුකරමින් තිබෙනවා. ලෝක පරිමාණයෙනුත් ධනවාදය අර්බුදයට ගිහිල්ලා. ලෝකයේ උපදින දරුවන්ට අත්‍යාවශ්‍ය මූලික පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය ලබාදෙන්න බැරිවෙලා. තරුණවියට පත්වුණාට පස්සේ රැකියා ලබාදෙන්න බැරිවෙලා. තනි වචනයෙන් ගත්තොත් මිනිසෙකුට ජීවත්වෙන්න පුළුවන් විදිහේ පරිසරයක් නිර්මාණය කරන්න ධනවාදයට බැරිවෙලා. අසාධාරණය, අයුක්තිය, ලෙඩරෝග, සාගත යුද්ධ මිනිස් ඝාතන, ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් මිනිසා එකිනෙකාට එරෙහිව අවි ඔසවාගැනීම් තමයි ධනවාදය ලබාදී තිබෙන්නේ.

    වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1971 විරුවන් දිවිපුදා ආරම්භ කළ අරගලය දේශපාලනය මර්දනයෙන් පවා පරාජය කළ නොහැකිව අදත් අපට මග පෙන්වන පහන් ටැඹවල් බවට පත්වී තිබෙනවා. ඔවුන් හැම විටම අපේ හදවත් තුළ ජීවත්වෙමින් වත්මන් දේශපාලනයට ධෛර්යය, ශක්තිය ආදර්ශ ලබාදෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට ලබාදෙන දේශපාලන ආදර්ශයේ උල්පත බවට පත්වී තිබෙන්නේ 71 දිවිපිදූ සහෝදර සහෝදරියන්. 

    ධනවාදය අසාර්ථක බවත් සමාජවාදය සාර්ථකත්වයන් ලෝකයට පෙන්වා දෙන බවත් ඔප්පු වෙමින් තිබෙනවා.

    මුළු ධනපති, අධිරාජ්‍යවාදී ලෝකයම කොරෝනා වසංගත තත්වය හමුවේ අසරණ වෙලා. මෙයින් තහවුරු කරමින් තිබෙන්නේ ධනවාදයට හෝ අධිරාජ්‍යවාදයට රෝගයක් සමඟ පවා හැපෙන්න පුළුවන්කමක් නැහැ කියලා. මිනිසා යනු සාමූහිකව ජීවත් විය යුතු පිරිසක්. ඔවුන් වෙන්කර හුදකලා කරන්නේ ධනපති ක්‍රමයයි. අධිරාජ්‍යවාදය අසමත්වීමේ ප්‍රමාණය ප්‍රදර්ශනය කරමින් අද වෙනකොට කොරෝනා ඉදිරියේ තව දුරටත් මිනිසුන් හුදකලා කරමින් තිබෙනවා.

    අධිරාජ්‍යවාදයේ මුදුන් මල්කඩ වන ඇමරිකා එක්සත් ජනපදය අද ඉතාම කණගාටුදායක තත්වයකට පත්වෙලා. පසුගිය සියවසකට ආසන්න කාලයක් තිස්සේ ඇමරිකාව නිර්මාණය කළ සමාජය රෝගයක් ඉදිරියේ අසරණ වෙලා. විද්‍යාවේ, තාක්‍ෂණයේ මහා දියුණුවක් එක්සත් ජනපදය අත්පත් කරගත්තත් ඒ ජයග්‍රහණ භාවිතා කළේ මිනිස්සු ජීවත් කරවන්න නෙවෙයි මිනිස්සුන්ව යටපත් කරවන්නයි; මිනිස්සුන්ව ඝාතනය කරන්නයි. මුළු ලෝකයක් ආක්‍රමණය කළහැකි මට්ටමේ අවි ආයුධ තැනුවා. අධිවේගී ප්‍රහාරක යානා නිර්මාණය කළා. නමුත් අපි මේ කතා කරන මොහොත වනවිට තුන්ලක්ෂ එකළොස්දාහකට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. 

    එක්සත් ජනපදය ලෝකයේ වේගයෙන්ම රෝගය ව්‍යාපත්වන රට බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම ඉතාලිය, ස්පාඤ්ඤය වගේ යුරෝපීය රටවල වැඩිම මිනිස්සුන් පිරිසක් මේ රෝගයෙන් මිය යනවා. ඒකෙන් පැහැදිළි වෙන්නේ ධනවාදයට මේ වසංගතය පාලනය කරන්න නොහැකිවී තිබෙන බවයි.

    එක්සත් ජනපදය හිතාගෙන හිටියේ මේ ලෝකයේ ඔවුන්ට කරන්න බැරි කිසිවක් නැහැ කියලා. ඔවුන් පහුගිය කාලය පුරාම නිර්මාණය කළේ මිනිසුන් සුවපත් කරන දේවල් නෙවෙයි, මිනිසුන් ඝාතනය කරන අවි ආයුධ. මිනිසුන් ඝාතනය කරන අවි ආයුධ දියුණු කරගත්තා මිස අසනීපයකින් මිනිසුන් සුවපත් කරන සෞඛ්‍ය සේවයක් ඔවුන් දියුණු කරගත්තේ නැහැ. අද එහි ප්‍රතිවිපාක ඔවුන් බුක්ති විඳිනවා. රෝගී වන අයට ප්‍රතිකාර ගන්න තියෙන්නේ සෞඛ්‍ය රක්‍ෂණයක්. රක්‍ෂණයේ මුදල් අවසන් වුණාම ප්‍රතිකාර නතර වෙනවා. රටේ සුපිරි ධනපතීන් කල් ඇතිව රෝහල් කාමර වෙන්කරගෙන. සාමාන්‍ය ජනතාවට යන්න තැනක් නැහැ. ඒ විතරක් නෙවෙයි ව්‍යසනය වෙලාවෙත් මනුෂ්‍යත්වය නැති හැසිරීමකුත් ප්‍රදර්ශනය කරනවා. එනිසා සමාජවාදයේ වටිනාකම සහ අවශ්‍යතාවය මේ රෝගයෙන් පවා ඔප්පුවී තිබෙනවා. 1971 අරගලයේ දිවි පිදූ සහෝදර සහෝදරියන්ගේ අරමුණු අපට මේ මොහොතේ වටින්නේ ඒ නිසයි. අද අත්දකිමින් තිබෙන්නේ නව සමාජය ගොඩනගන්න අසමත්වීමේ පීඩාවයි.

    ලෝකය පුරා ව්‍යාප්තවන වසංගතය කිසියම් ප්‍රමාණයකින් හෝ පාලනය කරගැනීමේ හැකියාව අත්පත් කරගෙන තිබෙන්නේ සමාජවාදී රටවල්. සමාජවාදී රටවල ජයග්‍රහණ ගැන කතා නොකර හිටපු අයට පවා දැන් කතාකරන්න සිදුවෙලා. චීනය ඉතා ඉක්මනින් මේ තත්වය පාලනය කරන්න සමත් වෙනවා. චීනය ඉක්මවා සැතපුම් දහස් ගණන් ඈත රටවලට රෝගය පැතිරී යද්දීත් තමන්ගේ රටේ සමහර ප්‍රාන්ත බේරාගන්න හැකි වුණා. චීනයේ සමාජවාදය පිළිබඳව ගැටළු, විවේචන තිබෙන බව අපි දන්නවා. එරට සියලු දේ අනුමත කරන්න නොහැකි නමුත් චීන සමාජවාදය සහ ජනතාව වයිරසය පාලනය කරගැනීමේදී දැක්වූ සමත්කම අවතක්සේරු කරන්න බැහැ. කොමියුනිස්ට් පක්‍ෂයේ සමාජවාදී මධ්‍යගත යාන්ත්‍රණය, ජනතාවගේ විනය සහ කැපවීම නිසා මෙවැනි තත්වයක් සමග සටන්කිරීමේ හැකියාව තිබෙන බව ඔප්පුකළා. 

    සමාජවාදී කියුබාවත් මේ බව ඔප්පුකර තිබෙනවා. ඇමරිකාව කියුබාව යටත් කරගන්න හමුදා මෙහෙයවද්දී කියුබාව ඖෂධ නිෂ්පාදනය කළා. ලෝකයේ මිනිස්සුන් ජීවත් කරවන්න වෛද්‍යවරුන් බිහිකළා. ඇමරිකාවත් කියුබාවත් දෙස බැලුවාම සමාජවාදය සහ ධනවාදය ගැන වෙනස දකින්න පුළුවන්.

    මේ වෙලාවේ රුසියාව තුළ පවා රෝගය පාලනය කරගැනීමේ සමත්කම තිබෙන්නේ වත්මන් රුසියාවේ හැකියාව නිසා නෙවෙයි. කාලයක් පැවතුණු සෝවියට් සමාජවාදී හැකියාවන් නිසයි. ආත්මාර්ථකාමයෙන් පිරිච්ච, විනයක් නැති සියල්ල මුදල් මත තීරණය කරන ධනවාදයට මෙවැනි තත්වයන් පරාජය කරන්න බැහැ කියන බව ඔප්පු කරමින් තිබෙනවා.

    අපි කරන අරගලයේ වැදගත්ම තියෙන්නේ, අපි කරන කාර්යභාරය වඩාත් ධෛර්යයෙන් කරන්න පොළඹවන්නේ මේ උදාහරණවලින්. තමන් විශ්වාසය කරන සත්‍යය වෙන්නේ ඕනෑම කැප කිරීමක් කරන්න පුළුවන් බව අපට කියා දුන්නේ 71 අරගල කළ අපේ සහෝදරවරුන්, සහෝදරියන්. ඒ නිසා ඔවුන්ට හිස නමා ආචාර කරන්න ඕනෑ. 

    දුෂ්කරතාවයට පත් ජනතාව පෙන්වා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ආයතන නොසලකා කටයුතු කරනවා

    කොරෝනා වසංගතය සමග අපේ රටේ තත්වය මග ඇරලා දේශපාලනය කරන්න පුලුවන්කමක් නැහැ. අපේ රටේ ජනතාව විශාල බියකින් සහ දුෂ්කරතාවයකින් ඉන්නේ. දවස් ගණානවක් තිස්සේ ඇඳිරිනීති තත්වයක් තුළ අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග, ආහාර ලබාගත නොහැකිව විශාල දුෂ්කරතාවයකට මුහුණදීලා. මෙතරම් කැපකිරීමක් කරන්න ජනතාවට සිද්ධ වුණේ ඇයි? අපේ රටේ පාලක පංතියේ තිබුණු දැක්මේ අඩුපාඩුව නිසයි.

    මේ වගේ විපතකදී අපි හැමෝම එකතු වෙලා කොරෝනා පරද්දමු කියන එකයි කාගෙත් ප්‍රාර්ථනාව. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණට කරන්න පුළුවන් හැම දේම අපි කරමින් ඉන්නවා. ඉදිරියටත් එහෙමයි.

    ඒ අතර පාලක පංතිය ගත් ක්‍රියාමාර්ගවල දුබලතා අමතක කළ යුතු නැහැ. අපේ රට දූපතක් නිසා මේ රෝග වාහයකයන් රටට ඇතුල් විය හැකිව තිබුණේ ගුවන්තොටුපොළ සහ වරායවලින්. නමුත් වර්තමාන පාලක කණ්ඩායම් රෝගය පාලනය කිරීම ගැන කල්පනා කරනවා වෙනුවට බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීම ගැන කල්පනා කරමින් මැතිවරණය ඉදිරියට ගෙනාවා. පාර්ලිමේන්තුවට අගෝස්තු දක්වා කල් තියෙද්දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ගුවන් තොටුපොළ පාලනය නොකිරීම නිසා විදේශගතවී සිට පැමිණි ඇතැම් පිරිස් රෝග නිරෝධායනයකින් තොරවම රට තුළට ආවා.

    රෝගය අපේ රටටත් පැතිරෙමින් තිබෙන වෙලාවක වර්තමාන ජනාධිපතිරයා සාක් නායකයින් සමග අන්තර්ජාලය ඔස්සේ සිදුකළ සාකච්ඡාවේදී පවා අවධාරණය කළේ මැතිවරණය පවත්වන බවයි. සෞඛ්‍ය ඇමතිවරිය කිව්වෙත් ඒකයි. රෝගය පැත්තකට දාලා ඉක්මනින් ඡන්දය දිනාගන්නයි කල්පනා කරමින් හිටියේ. 

    ඡන්ද වෙනුවට රෝගය පාලනය කීරීම ගැන පාලකයන් හිතුවා නම් ජනතාව මේ තරම් පීඩාවකට පත් නොකර කටයුතු කරන්න තිබුණා. රෝගය පැතිරෙමින් තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැරපු ගැසට් පත්‍රය අවලංගු කිරීමේ හැකියාව ජනාධිපතිට තිබුණා. නමුත් ඡන්දය පැවැත්වීම කල්දාන තීන්දුව ගත්තේ මැතිරවණ කොමිසමේ සභාපතිවරයයි.

    ජනාධිපතිවරයා කොරෝනා සම්බන්ධයෙන් පැහැදිලි කරන්න ජාතිය අමතා කළ කතාවේදී කිව්වෙත් මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් හදාගන්න බලය දෙන්න කියලා. ජනතාව ගැන නොසිතා බලය ගැන පමණක් සිතමින් කටයුතු කරනවා. ජාතිවාදය ආගම්වාදය පැත්තක තියලා ප්‍රජාවක් ලෙස එකට කටයුතු කරනවා වෙනුවට තමන් අතේ බලය තියාගෙන දේශපාලන මෙහෙයවීම් කරන බව පැහැදිලියි. මේ වෙලාවේ ව්‍යවස්ථා අර්බුදයකුත් මතුවෙමින් තිබෙනවා. ලබන ජූනි මාසයේ දෙවැනිදා වෙනකොට පාර්ලිමේන්තුව රැස්කර ගැනීමේ ව්‍යවස්ථාමය අවශ්‍යතාවය තිබෙනවා. 

    දුෂ්කරතාවලට පත්වී ඉන්න ජනතාවට සහන සලසන කාර්යය පවා තමන්ගේ දේශපාලන පක්‍ෂයේ ප්‍රාදේශීය නායකයෝ හරහා කරගෙන යන මැතිවරණ ව්‍යාපාරයක් ඉදිරියට ගෙනල්ලා. මහජනතාවගේ මුදලින් කරන කටයුතු පවා යොදාගන්නේ රෝගය පාලනය කිරීමට වඩා බල ලෝභය වෙනුවෙන්. කොරා්නා වසංගතය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග නිසා පීඩාවට පත්වන ජනතාව පාවිච්චි කරලා ක්‍රමානුකූලව ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුව පැත්තක තියලා ඒකාධිපති පාලනයක් ගෙනයාමේ කැමැත්තක් තිබෙන බව පැහැදිලි වෙනවා.

    මේ පාර්ලිමේන්තුව අපේ එකක් නෙවෙයි. අද පාර්ලිමේන්තුව මගහැරලා යන්නේ වමේ ව්‍යාපාර නෙවෙයි ඔවුන්ම හදා ගත්තු නීති-රීති ව්‍යවස්ථා රකින්න අසමත්වූ ධනපති පාලකයන්මයි. ධනවාදී අර්බදය සහ බලලෝභය නිසා ඔවුන්ගේ පාරලිමේන්තුව කැඳවන්න අකමැතියි. අද අපේ රටේ පාර්ලිමේන්තු පමණක් නොව අගමැතිවරයා පවා අක්‍රීයයි. ජනාධිපතිවරයාත් ඔහු වටා සිටින කිහිප දෙනෙකුගේ කල්ලියක් පාලනය ගෙනයන බව පැහැදිලිවී තිබෙනවා. 

    කොරෝනා වසංගතය පැරද්දීමෙන් පසු අපි ඉදිරියේ තිබෙන්නේ ඒකාධිපති පාලකයෙක් බිහිකර ගැනීමේ තත්වයක් නම් අප කළ යුත්තේ කොරෝනා වසංගතය පැරැද්දීමට දරන කැප කිරීමම ඒකාධිපතිත්වය පැරදවීමට යෙදවීමයි. අපි ඒ වෙනුවෙන් මැදිහත්වීමට සූදානම්. අපේ රට කොරෝනා ව්‍යසනයෙන් මුදාගන්නා අතරම නිර්මාණය වෙමින් තිබෙන ජනතාවට අහිතකර දේශාපලන තත්වයන් හඳුනාගැනීමත් එය පරාජයට පත්කිරීමේ ක්‍රියාමාර්ගත් අනුගමනය කිරීමත් අපි කාගේත් වගකීමක්.

    ගං වතුරක්, නායයාමක් ස්වභාවික ආපදාවක් වගේ නොවන වෛරස් වසංගතයක් හමුවේ අපිට මැදිහත්වීමේ සීමාවක් තිබෙනවා. ඒ සීමාව තේරුම් ගනිමින් ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්න ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන සේවා කණ්ඩායම මැදිහත්වී තිබෙනවා. ආණ්ඩුවේ සහන කටයුතු රූපවාහිනී සංවාද, මාධ්‍ය නිවේදනවලට විතරක් සීමාවී තිබෙන වෙලාවක බිම්මට්ටමට ගිහිල්ලා ජනතාවටත් රාජ්‍ය ආයතනවලටත් ලබාදිය හැකි කුඩා හෝ සහනයක් ලබාදීමට අපි මැදිහත්වෙමින් තිබෙනවා. ඒ සංස්කෘතිය වමේ සංස්කෘතියයි. ඒක ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම තියෙන සංස්කෘතියක්. ජනතාව වෙනුවෙන් කැප කිරීම් කළ යුතුයි කියන ආදර්ශය අපිට දුන්නේ 71 පරපුරේ පුරෝගාමීන්. 

    ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් තොරව සමස්ත මානව සමාජය වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕනෑ කියන ආදර්ශය අදටත් ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාවට නගමින් ඉන්නවා. ඒක සරල කාරණයක් නොවෙයි. දුෂ්කරතා තියෙනවා. සීමාකම් තියෙනවා. නමුත් ඒ හැම දේටම වඩා අවලාද අපහාස සහ බාධාකිරීම් මැද්දේ අපි උපරිමයෙන් කැපවී ඉන්නවා. එහෙම සංස්කෘතියක්, පුරුද්දක් නැති කොරෝනා පැරදවීමට කිසිම දෙයක් නොකරන පිරිසකට මේක දරා ගන්න බැහැ. ඒ නිසා සහන කටයුතු කරමින් ඉන්න ජනතා විමුක්ති පෙරමුණට සහ අපේ සහන කණ්ඩායම්වලට අවලාද නගමින් ඉන්නවා.

    වමේ ව්‍යාපාරයකට මේක අලුත් දෙයක් නෙවෙයි. 71දීත් මේ වැඬේ කළා. සතුරන්ගේ අවලාද සියල්ල මැද ජනතාව වෙනුවෙන් සේවය කරන්න ධෛර්යය අපිට තිබෙනවා. ජනතාව වෙනුවෙන් මේ මොහොතේදී කරන කාර්යයන් දශයකින්වත් අඩු කොකරන බව අපි අපේ සතුරන්ට අවධාරණයෙන් කියනවා. ජනතා විමුක්ති පෙරමුණ හැටියට මේ සමාජය වෙනුවෙන් කිරීමට තිබෙන වගකීම් සහ යුතුකම් කොටස ඕනෑම තත්වයක් යටතේ ඉටුකරන බවට අපි සහතික වෙනවා. අපි අද විශේෂ තත්වයක් තුළ පවා සමරන 71 සහෝදර සහෝදරියන්ගේ ආදර්ශය අපට වැදගත් වෙන්නේ මේ නිසයි. 

    අපි කාගේත් ප්‍රාර්ථනාව, මූලිකම අරමුණ විය යුත්තේ මේ වසංගතයෙන් රට මුදාගැනීමයි. රෝගය පරාජයට පත්කිරීමයි. ඒ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපි කරන සහන කටයුතු වගේම මේක අත්දැකීමක් කරගෙන අලුත් සමාජයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. පාලක පංතිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාමාර්ග සසඳා බලා තේරුම් ගත යුතුව තිබෙනවා. කොරෝනා පරද්දන ධෛර්යයෙන්ම ධනවාදය පැරදවීමේ අරගලයත් 1971 අපේ්්‍රල් විරුවන්ගෙන් ලබාගැනීමයි ඔවුන් වෙනුවෙන් කළ හැකි ඉහළම සැමරුමයි.

    තම තමන් ආරක්‍ෂා වෙමින් අසල් වැසියන් වෙනුවෙන් මැදිහත්වීමත් මනුෂ්‍යත්වය වෙනුවෙන් කැපවීමත් කරන ලෙස අපි ඉල්ලනවා. මනුෂ්‍යත්වය නැති ධනවාදය වෙනුවට මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයකුත්, ජාතිභේද, ආගම්භේද නැති සමාජයකුත් 71 විරුවන් බලාපොරොත්තු වුණා. රෝගී තත්වය මැද්දෙත් ජාතිවාදය වපුරන, ආගම්වාදය වපුරන කුණුවෙච්ච සමාජ ක්‍රමය වෙනුවට කවුරුත් මිනිසුන්ට මිනිසුන් වශයෙන් සලකන විනයගරුක සමාජයක් අපි ගොඩනැගිය යුතුව තිබෙනවා. මේවා කරන්න ධනවාදයටත් ධනවාදී නායකයන්ටත් බැහැ. මීට අවශ්‍ය විනය, කැපවීම සමාජවාදී රටවල් තුළ තිබෙනවා. ඒ නිසා අපි සාධාරණ යුක්තිගරුක මනුෂ්‍යත්වය පිරිච්ච මිනිසුන් බිහි කරන සමාජවාදී සමාජයක් වෙනුවෙන් අපි අරගල කළ යුතුව තිබෙනවා. 

    මේ වසංගතයෙන් රට මුදවා ගත්පසු ආර්ථික අර්බුදයක් ඇතිවීමේ අනතුර තිබෙනවා. නිෂ්පාදන කඩාවැටීම, රැකියා අහිමිවීම වගේ සමාජ අර්බුද මතුවීමේ අනතුරක් තිබෙනවා. මේ හැමදේකටම උත්තර තිබෙන්නේ සමාජවාදී සමාජයක් තුළ. ඒ සමාජවාදී සමාජයක් ගොඩනගා ගැනීම සඳහා උපරිම ආකාරයෙන් කැප වෙමු කියන ඉල්ලීම අපි කරනවා. මනුෂ්‍යත්වය ගොඩනැගීම වෙනුවෙන් අසීමිත කැප කරීමක් කළ 71 අරගලයේදී දිවිපිදූ අපේ ආදරණීය සහෝදරයෙකු ලියූ කවියකින් අපි ඔබෙන් සමු ගන්නවා. 

    පරවී ගියත් පිබිදුනු රතු මල් සියලූ
    නැවතත් පිපෙනු ඇත දස දහසින් කැකුළු
    නිදහස පතා ඔබ හෙළු දහදිය කඳුළු
    හරි බව කියනු ඇත මතු හදවත් සියලූ

  • සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ආර්ථික පීඩාවට පත් අයටත් රු.5000ක දීමනාව ගෙවයි

    සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ආර්ථික පීඩාවට පත් අයටත් රු.5000ක දීමනාව ගෙවයි

    කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය නිසා ආර්ථික අපහසුතාවයට පත්ව සිටින අයට ලබා දෙන රු 5000 දීමනාව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින අයටද ලබා දීමට රජය තීරණය කල බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග  මහතා පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් මත ජනාධිපති කාර්යය සාධක බලකාය මෙම තීරණයට එළඹී බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

    ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ නිරත මේ වන විට රට තුල පවතින තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අයට ප්‍රදේශයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී , ග්‍රාම නිළධාරීගෙන් සමන්විත කමිටුව වෙත අදාල ඉල්ලීම ඉදිරිපත් කල හැකිය. මෙම රුපියල් 5000 දීමනාව ලබා දීම සම්බන්ධයෙන් අදාල පුද්ගලයන් තෝරාගැනීම සිදු කෙරෙන්නේ එම කමිටුව මගිනි. අදාල කමිටුවට මේ සම්බන්ධ නිර්නායක රජය විසින් පැහැදිලිව දැනුම් දී ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

    මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිදවැටී තිබේ. මේ නිසා සෘජුවම සංචාරක ක්ෂේත්‍රයේ රැකියා වල නිරතව සිටි විශාල පිරිසක් ආර්ථික අපහසුතාවයන්ට ලක්ව තිබේ. වක්‍රව සංචාරක ක්ෂේත්‍රයේ යැපෙන විශාල පිරිසක්ද ඒ අතර වේ. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

    මීට අමතරව ත්‍රීරෝද රථ රියදුරන්, පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්, ප්‍රාදේශිය මාධවේදීන් වැනි අයට ඇදිරි නීතිය නිසා සිය ජීවිකාව කර ගත නොහැකි සියළු පාර්ශව වලට මෙම දීමනාව ලබා දීමට රජය තීරණය කර ඇති බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටී.

  • පාරිභෝගිකයින් ගසාකන වෙළෙදුන්ට එරෙහිව කඩිනම් පියවර ගන්න – ප්‍රසන්න

    පාරිභෝගිකයින් ගසාකන වෙළෙදුන්ට එරෙහිව කඩිනම් පියවර ගන්න – ප්‍රසන්න

    ඇදිරි නීතිය අතරතුර වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙලදුන්ගේ ඇදිරි නීති බල පත්‍ර අහෝසි කිරීමට යයි. එවැනි වෙළදුන්ට එරෙහිව වහා නීතිමය පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය (04) පොලිසීයට හා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් වරුන්ට උපදෙස් දුන්නේය.

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය සදහා පනවා ඇති ඇදිරි නීතිය අතරතුර ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සදහා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණ.

    අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිය සදහා ලබාදී ඇති ඇදිරි නීති බලපත්‍ර උපයෝගී කර ගනිමින් රජයේ උපරිම මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළදුන් පිළිබදව තොරතුරු රැසක් වාර්තවා වී ඇතැයි මෙහිදී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවයි. මේ නිසා මෙවැනි වෙළදුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයිද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අත්‍යවශ්‍ය සේවා බල පත්‍රලාභීන් රජයේ උපදෙස් අනුව නියමිත මිලට හා නියමිත ප්‍රමිතියට අනුව භාණ්ඩ අලෙවි කරන්නේ දැයි පරීක්ෂා කරන ලෙසද ඇමතිවරයා  ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

    ඇදිරි නීතිය පවතින කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩ සටහන 80% ක් පමණ සාර්ථක බවත් ඒ සදහා ප්‍රාදේශිය ලේකම්වරු, පළාත් පාලන නියෝජිතයන්, ග්‍රාම නිළධාරීන්, සමෘද්ධි නිළධාරීන් ඇතුළු සියළු ක්ෂේත්‍ර වල නිළධාරීන්ට සිය ප්‍රසාදය පල කරන බවත් පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි සති දෙක තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින කිසිවෙකු ඉන් පිටතට නොයැවීමටත් දිස්ත්‍රික්කයෙන් පිටත සිටින කිසිවෙකු දිස්ත්‍රික්කය තුලට පැමිණීම  සීමා කිරීමටත් රජය තීරණය කර ඇති බවද කීවේය. සමූපකාරය මගින් ප්‍රාදේශිය ලේකම්වරු හරහා බල පත්‍ර ලබා දී ඇති වෙළදුන්ට අවශ්‍ය තරම් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

    ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිහිටි, ආබාධ සහිත ආර්ථික අපහසුතා ඇති පුද්ගලයන් වෙත රුපියල් 5000ක දීමනාවක් ලබා දීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කීවේ සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්, බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්, ප්‍රාදේශිය මාධ්‍ය වේදීන්, වැනි, පවතින තත්ත්වය තුළ ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව ඇති සියලුම දෙනාට මෙම දීමනාව ලබා දිය යුතු බවයි. එමෙන්ම පිට පලාත්වලින් පැමිණ මේ වන විට සිය ගම් බිම් වලට යාමට නොහැකිව කිසියම් අයෙකු ඇත්නම් ඔවුන්ටද මෙම දීමනාව ලබා දිය යුතු බව ඇමතිවරයා කීවේය. ඒ අනුව මේ සියළුම දෙනා වෙත රුපියල් 5000 දීමනාව ලබා දීමටද මෙහිදී තීරණය කෙරිණ. මෙහිදී අනාවරණය වූයේ මෙම දීමනාව ලබා දීම සදහා රුපියල් මිලියන 300 ක මුදලක් දැනටමත් ඒ සදහා වෙන් කර ඇති බවයි. එම මුදල් අදාල ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත මුදා හැර ඇති බවද දිස්ත්‍රික් සුනිල් ජයලත් මහතා මෙහිදී කියා සිටියේය.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව කොවිඩ් 19 වසංගතයෙන් මෙන්ම පානීය ජල ගැටලුවලටද මුහුණ දෙමින් සිටින බවයි. දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන මගින් දිස්ත්‍රික්කයේ පානීය ජල ප්‍රශ්ණයට මුහුණපා ඇති ජනතාවට අවශ්‍ය ජලය ලබා දීමේ වැඩ සටහනක් කඩිනමින් ආරම්භ කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.

  • කොරෝනා සහ ආණ්ඩුවේ වැඩ ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    කොරෝනා සහ ආණ්ඩුවේ වැඩ ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (5) දින සමාජජාල මාධ්‍ය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.

  • ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට විශේෂ නිවේදනයක්

    ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට විශේෂ නිවේදනයක්

    මේ දිනවල කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව හා ශ්වසන අපහසුතා පවතින්නේ නම් එක්වරම රොහල් වෙත නොයන ලෙසත් වහාම 1390 ක්ෂණික දුරකථන අංකය අමතා අවශ්‍ය භාෂා මාධ්‍යයකින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද (5) මාධ්‍ය නිවේදනයක් මගින් ජනතාවට දැනුම් දුන්නා.

    එම නිවේදනය මෙසේයි,

  • රාජ්‍ය – පුද්. නිවසේ සිට සේවය කිරීම තවත් සතියකින් දීර්ඝ කරයි

    රාජ්‍ය – පුද්. නිවසේ සිට සේවය කිරීම තවත් සතියකින් දීර්ඝ කරයි

    අප්‍රේල් 06 සඳුදා සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

    කළින් සතියද නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස නම් කර තිබිණ.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

    සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට (අප්‍රේල් 06) උදේ 6.00ට ලිහිල් කෙරෙන අතර, එදිනම  දහවල් 2.00 සිට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවලට  පැනවෙන ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධව පසුව දැනුම් දෙනු ලැබේ.

    අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

    අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

    කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල  හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.  කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

  • කොරෝනා මර්ධනයේ සාර්ථකම අත්දැකීම් හිමි කාටද ?

    කොරෝනා මර්ධනයේ සාර්ථකම අත්දැකීම් හිමි කාටද ?

    කොරෝනා වසංගතය හමුවේ තායිවානයේ සාර්ථක අත්දැකීම් ලෝකයට අහිමි වන්නේ ඇයි ?

    පසුගිය ජනවාරි 25 වැනිදා වන විට මධ්‍යම චීනයෙන් වේගයෙන් පැතිරෙන කොරෝනා වෛරස් අවදානම පිළිබඳව ලෝකය අවදි වෙමින් සිටියදී, චීනය හැර තවත් රටවල් දෙකක් තම භූමිය තුළ නව ආසාදන හතරක් වාර්තා කළේය. ඒ ඕස්ට්‍රේලියාව සහ තායිවානයයි.

    භූමියේ අසාමාන්‍ය වෙනස නොතකා හරින්නේ නම් ඔස්ට්‍රේලියාව සහ තායිවානය අතර සමාන ජනගහනයක්, එනම් මිලියන 24 ක් පමණ ජනගහනයක් සිටින අතර රටවල් දෙකම දූපත් වේ. ඒ අනුව රාජ්‍ය දෙකටම තම දේශසීමා දැඩි පාලනයකට යටත් කිරීමට පහසු අවකාශයක් සලසයි.

    මේ දෙරටම චීනය සමඟ ප්‍රධාන වෙළඳ හා ප්‍රවාහන සම්බන්ධතා පවත්වයි. 

    කෙසේ වෙතත්, එම දිනයේ සිට, එනම් ජනවාරි 25 වැනිදා සිට සති දහයක් ගතවන විට, ඕස්ට්‍රේලියාවේ ආසාදිතයින් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර තායිවානයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයින්  400කට අඩු සංඛ්‍යාවකි.

    ප්‍රශ්නය වන්නේ ඕස්ට්‍රේලියාව කළ වැරැද්ද කුමක් ද යන්න නොවේ. රටවල්ව 29ක ඕස්ට්‍රේලියාවට වඩා වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කර ඇත.

    නමුත් තායිවානය ලෝකයේ වෙනත් ප්‍රදේශවල නොමැති තරම තම රට තුළ කොරෝනා වෛරසය පාලනය කර ඇත්තේ කෙසේද ?

    අසීරුවෙන් උගත් පාඩම්

    2003 දී දරුණු ශ්වසන සින්ඩ්‍රෝමය / සාර්ස් (SARS) පුපුරා යාමේදී, තායිවානය හොංකොං සහ දකුණු චීනය සමඟ දරුණුතම හානියට පත් ප්‍රදේශ අතර විය. චීනයේ ගිනිකොන දෙසින් කිලෝමීටර් 180 ක් (සැතපුම් 110 ක්) ඈතින් පිහිටි තායිවානයේ 150,000 කට වැඩි පිරිසක් නිරෝධායනය කරන ලද අතර පුද්ගලයින් 181 ක් මිය ගියහ.

    වර්තමාන කොරෝන අර්බුදය සාපේක්ෂව SARS සමග සමපාත වන අතර, එය ආසියාවේ බොහෝ ප්‍රදේශ හරහා කම්පන තරංග යැවූ අතර අනාගත වසංගතයන්ට මිනිසුන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද යන්න පිළිබඳව දිගු සෙවනැල්ලක් තැබීය. 

    කලාපයේ බොහෝ ප්‍රදේශ කොරෝන වෛරසයට වේගයෙන් ප්‍රතිචාර දැක්වීමට අසමත් විය. අද ගෝලීය තත්ත්වය හා සසදා බලන්නේ නම් ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට වඩා රජයේ හා සමාජීය මට්ටමින් දේශසීමා පාලනයන් කෙරේ උනන්දු නොවීය. එනම් දේශසීමා වසා දැමීමට කිසිදු උනන්දුවක් ගත්තේ නැත. එපමණක් නොව ආසාදනය පහසුවෙන් පාලනය කළ හැකි මුහුණු ආවරණ පැළදීම ඉක්මන් පුරුද්දක් බවට පත් කිරීමට වඩා ඒවා පැළදීම අනතුරුදායක ලෙස සැලකීමට නැඹුරු විය.

    තායිවානයේ සෞඛ්‍ය පද්ධතිය

    තායිවානයේ ගෝලීය මට්ටමේ සෞඛ්‍ය සේවා පද්ධතියක් ඇත. චන්ද්‍ර අලුත් අවුරුද්දට සමගාමීව වුහාන් වෙතින් කොරෝන වෛරසය පිළිබඳ ආරංචි මතුවීමත් සමඟම, තායිවානයේ ජාතික සෞඛ්‍ය අණ මධ්‍යස්ථානයේ Taiwan’s National Health Command Center (NHCC) නිලධාරීන් (SARS වලින් පසුව පිහිටුවන ලද ) විය හැකි තර්ජනයට ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් පියවර ගත්තේය.

    “තායිවානය මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා පසුගිය සති පහ තුළ අවම වශයෙන් ක්‍රියාකාරී ආයිතම 124ක ලැයිස්තුවක් කඩිනමින් සකස් කර ක්‍රියාත්මක කර තිබේ ” යැයි තායිවානයේ වෛද්‍යවරයකු සහ ස්ටැන්ෆර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග පිළිබඳ මහාචාර්යවරයකු වන ජේසන් වැන්ග් පවසයි.

    “ප්‍රතිපත්ති සහ ක්‍රියා මායිම් පාලනයෙන් ඔබ්බට යන්නේ එය ප්‍රමාණවත් නොවන බව ඔවුන් හඳුනාගත් බැවිනි.”ජේසන් වැන්ග් පවසයි.

    මෙය සිදු වූයේ වෙනත් රටවල් තවමත් ක්‍රියාමාර්ග ගත යුතුද යන්න පිළිබඳව විවාද කරමින් සිටියදීය. ජනවාරි මාසයේ දී කරන ලද අධ්‍යයනයකදී ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය Johns Hopkins University කියා සිටියේ තායිවානය චීනයේ ප්‍රධාන භූමියෙන් පිටත වඩාත් අවදානම් සහිත ප්‍රදේශවලින් එකක් බවයි. (එහි සමීපත්වය, සබඳතා සහ ප්‍රවාහන සම්බන්ධතා හේතුවෙන්)

    එම මුල් තීරණාත්මක පියවරයන් අතර, චීනයේ බොහෝ ප්‍රදේශවලින් සිදුවන සංචාරක ඇතුළු ගමනා ගමන කටයුතු තහනම් කිරීම, දිවයිනේ වරායවල නැව් නැවැත්වීමට සීමා පැනවීම සහ නිවාස නිරෝධායන නියෝග උල්ලංඝනය කරන ඕනෑම කෙනෙකුට දැඩි දඩුවම් ලබා දීම යන තීරණය ද විය.

    මීට අමතරව, තායිවානයේ නිලධාරීන් දේශීය සැපයුම සහතික කිරීම සඳහා ගෘහස්ථ මුහුණු ආවරණ නිෂ්පාදනය වේගවත් කිරීමටත්, කොරෝනා වෛරසය සඳහා දිවයින පුරා පරීක්ෂණ සිදු කිරීමටත් ( කලින් විස්තර නොකළ නියුමෝනියාව වැළඳී ඇති පුද්ගලයින් නැවත පරීක්ෂා කිරීම ඇතුළුව) වෛරසය පිළිබඳ වැරදි තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් නව දඩුවම් ප්‍රකාශයට පත් කිරීමටත් කටයුතු කළේය.

    “ලොව පුරා කොවිඩ් -19 අඛණ්ඩව ව්‍යාප්ත වීම සැලකිල්ලට ගෙන, තායිවානයේ ඉක්මණින් ක්‍රියාත්මක කරන ලද ක්‍රියාකාරී අයිතමයන් අවබෝධ කර ගැනීම සහ මහා පරිමාණ වසංගතයක් වැලැක්වීමේදී මෙම ක්‍රියාවන්ගේ ඵලදායීතාවය අනෙකුත් රටවලට උපදේශාත්මක විය හැකිය,” වැන්ග් සහ ඔහුගේ සම කතුවරුන් සදහන් කළේය.

    “තායිවානයේ රජය 2003 SARS අත්දැකීම් වලින් ඉගෙන ගෙන ඊළඟ අර්බුදය සඳහා වේගවත් ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහජන සෞඛ්‍ය ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කළේය. මනා පුහුණුව ලත් සහ පළපුරුදු නිලධාරීන්ගේ කණ්ඩායම් මෙම අර්බුදය හඳුනා ගැනීමට ඉක්මන් වූ අතර නැගී එන පුපුරා යෑමට හදිසි කළමනාකරණ ව්‍යුහයන් ක්‍රියාත්මක කළහ. “

    විශේෂයෙන් තායිවානයේ වේගවත් හා විනිවිද පෙනෙන ප්‍රතිචාරය (වෛද්‍ය නිලධාරීන් මේ පිළිබඳව දිනපතා කරුණු දක්වමින්) ප්‍රජාතන්ත්‍රවාදයට තවමත් වසංගත රෝග පාලනය කළ හැකි ආකාරය පිළිබඳ උදාහරණයක් ලෙස දැක්විය හැකිය. නමුත් සමහරු කියා සිටියේ චීනය වැනි අත්තනෝමතික රජයකට පමණක් මෙවැනි වේගයෙන් පැතිරෙන වසංගතයක් පාලනය කිරීමට හැකියාව ඇති බවයි. ඵලදායී විය හැකි බවයි.

    චීනයේ සහ තවත් බොහෝ රටවල ක්ෂණික සහ පහසු ප්‍රතිචාරය දැඩි අගුලු දැමීම් ද තායිවානය මග හැරියේය. දේශීය සැපයුම සහතික කිරීම සඳහා මුහුණු ආවරණ අපනයනය කිරීම සති කිහිපයකට පසු තහනම් කර ඇති තායිවානය දැන් එක්සත් ජනපදය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ තවත් යුරෝපීය රටවල් නවයකට (තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කුඩා ජාතීන් ද ඇතුළුව) මුහුණු ආවරණ මිලියන 10ක් පරිත්‍යාග කරන බව රජය පසුගිය බදදා ප්‍රකාශ කළේය.

    蔡英文 Tsai Ing-wen@iingwen

    Today I announced three major areas where #Taiwan will contribute to the global fight against #COVID19:

    : Donating 10 million face masks to countries in need.
    : Increasing production of quinine.
    : Sharing our use of technology to trace & investigate outbreaks.

    වසංගත දේශපාලනය

    කොරෝන වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා තායිවානයේ සාපේක්ෂ සාර්ථකත්වය බොහෝ දුරට යුරෝපයේ හා එක්සත් ජනපදයේ නරක අතට හැරෙමින් පවතින අර්බුදයෙන් යටපත් වී ඇති අතර, යම් පාඩම් ඉගෙන ගත යුතු නම්, මොහොත ගෙවී ගොස් ඇත.

    එය සත්‍යයක් විය හැකි නමුත්, බටහිර රටවල් ජනවාරි සහ පෙබරවාරි මාසවල තායිවානයේ නායකත්වය අනුගමනය නොකළේ මන්දැයි තවමත් පැහැදිලි නැත. 

    බොහෝ නිරීක්ෂකයින් පෙන්වා දී ඇති එක් සාධකයක් වන්නේ තායිවානය අනෙක් සෑම රජයක් මෙන් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයෙකු නොවන බවයි.

    තායිවානය චීනය විසින් තම භූමියේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, බීජිනය තායිවානය බොහෝ ජාත්‍යන්තර සංවිධානවලට සහභාගී වීම වලක්වනුයේ “එක් චීනයක්” මූලධර්මයට අනුකූල වන පරිදි නොවේ නම් (චීනය ප්‍රධාන භූමියෙන් වෙන්වීම පැහැදිලි කරන – ඔලිම්පික් උළලේදි සිදුවන පරිදි ‘චීන තායිපේ‘ ලෙස හැදින්වීම) තායිවානය යනු චීනයේම කොටසක් යන මූලධර්මයේ සිටයි.

    තායිවානයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂක තත්ත්වය 2016 වන තෙක් පැවතුනි. කෙසේ වෙතත්, එය වෙනස් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ ජනාධිපති සයි ඉන්ග්-වෙන්න් තේරී පත්වීමත් සමඟ ය. ඔහු බීජිනය අනුගමනය කරමින් තායිපේට දැඩි ලෙස බලපෑම් එල්ල කළේය. ඒ අනුව 2016 දී තායිවානයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය අත්හැරීමට සිදුවිය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය තර්ක කරන්නේ සාමාජික රටවල රැස්වීම්වලින් තායිවානය බැහැර කිරීම සෞඛ්‍ය තොරතුරු හා මග පෙන්වීම එදිනෙදා බෙදාහදා ගැනීමට බලපාන්නේ නැති බවත් තායිවාන් විශේෂඥයින් සහ සෞඛ්‍ය සේවකයින් තවමත් සංවිධානය හරහා ජාත්‍යන්තර සගයන් සමඟ කටයුතු කරන බවත්ය. 

    කෙසේ වෙතත්, තායිවානයේ නිලධාරීන් ඇතුළු බොහෝ නිරීක්ෂකයින් කියා සිටියේ එය සාර්ස් වසංගතය හා වර්තමාන අර්බුදය යන දෙකෙහිම ඍණාත්මක බලපෑමක් ඇති කර ඇති බවයි .

    චීනයේ, තායිවානයේ සහ ඕස්ට්‍රේලියාවේ ලෝවි ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ විශේෂඥ නටාෂා කස්සම් කියා සිටියේ, කොරෝන වෛරස් වසංගතයේ මුල් අවධියේදී තායිවානයේ දත්ත ලබා ගැනීම සදහා සෞඛ්‍ය සංවිධානය බිජිනය මත යැපීම (ලෝක සෞඛ්‍ය සංවිධානයට තායිවානය සමග සෘජු හා කාලෝචිත නාලිකා නොමැතිකම) “තායිවානයේ සිද්ධීන් සාවද්‍ය ලෙස වාර්තා කිරීමට හේතු වූ” බවයි.

    “තායිවාන බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත සහ ආධාර ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳව පැමිණිලි කර තිබේ. එම තොරතුරු නොමැතිකම නිසා තායිවානයට තනිවම ගොස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම සහ පුළුල් ජාත්‍යන්තර සම්මුතියෙන් ස්වාධීනව තීරණ ගැනීමට බල කෙරෙන්නට ඇත. කෙසේ වෙතත්, මෑත සතිවලදී තායිවානයේ නිලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඔවුන් බැහැර කිරීම ගෝලීය ප්‍රතිචාරය සඳහා දිවයිනේ පූර්ණ දායකත්වය ලබා දීම වළක්වන බවට නැවත නැවතත් පැමිණිලි කර ඇත.”

    ‘අපට ලෝකයට උදව් කිරීමට අවශ්‍යයි. අපගේ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරුන්, අපෙගේ ශ්‍රේෂ්ඨ පර්යේෂකයින්, අපගේ ශ්‍රේෂ්ඨ හෙදියන් පිටත් කර යැවීමට සහ අපගේ දැනුම හා අත්දැකීම් අවශ්‍ය රටවල් සමඟ බෙදා ගැනීමට අපට අවශ්‍යයි” උප ජනාධිපතිනී චෙන් චියන්-ජෙන් Chen Chien-jen පසුගිය සතියේ තායිපේහි ඇමරිකානු වාණිජ මණ්ඩලයට American Chamber of Commerce in Taipei පැවසීය . “අපට අවශ්‍ය වන්නේ හොඳ ගෝලීය පුරවැසියෙකු වී අපගේ දායකත්වය ලබා දීමටයි. නමුත් දැන් අපට එය කළ නොහැකිය.” ඇය කණස්සලු ස්වරයෙන් පැවසීය.

    外交部 Ministry of Foreign Affairs, ROC (Taiwan) @MOFA_Taiwan

    Wow, can’t even utter “Taiwan” in the WHO? You should set politics aside in dealing with a pandemic. FYI @WHO, 450+ news reports from 40+ countries so far positively covered #Taiwan’s handling of #COVID19. These reports do not mistake us as part of China & #TaiwanCanHelp. JW https://twitter.com/HKWORLDCITY/status/1243865641448169474 …Hong Kong World City @HKWORLDCITYWOW Bruce Aylward/@WHO did an interview with HK’s @rthk_news & when asked about #Taiwan he pretended not to hear the question. The journalist asks again & he hangs up!

    She calls back & he said “Well, we’ve already talked about China.”

     තායිවානයේ ඉල්ලීම් හා චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරයා Bruce Aylward  පසුගිය සතියේ හොංකොං රාජ්‍ය ගුවන් විදුලිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ, “ලෝක සෞඛ්‍ය සංවිධානයේ තායිවාන සාමාජිකත්වය පිළිබඳ ප්‍රශ්නය පවතින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල්වලට මිස ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩලයට නොවන” බවයි.

    පසුගිය සිකුරාදා මාධ්‍යවේදීන් අමතමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චුනින්ග් Chinese Foreign Ministry spokeswoman Hua Chunying පැවසුවේ “ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයින් ස්වෛරී රාජ්‍යයන් විය යුතු බව, සියලු පාර්ශ්වයන් පැහැදිලිව වටහාගෙන ඇති බවයි.

    “තායිවානය අදාළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිදුවීම්වලට සහභාගී වීම සහ මෙම වසංගතය ඇතුළුව මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා පිළිබඳ තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැත” යනුවෙන් ඇය කියා සිටියේ දිවයිනේම රජයට පටහැනිව ය. 

    “වසංගතයේ මුවාවෙන් දේශපාලන උපාමාරු දැමීමේ ඔවුන්ගේ උත්සාහය (එක්සත් ජනපදය හා තායිවානය) නතර කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු‘ ඇය වැඩි දුරටත් පැවසුවාය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු සීඑන්එන් වෙත පැවසුවේ “ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය තීරණය කිරීම සඳහා රටවල්වල වරම සමඟ සමහර අය ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්‍ෂණික ගෝලීය මහජන සෞඛ්‍ය වරම ව්‍යාකූල කරමින් සිටින” බවයි.”

    සෑම වසරකම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ තායිවාන බලධාරීන් සහ විශේෂඥයන් ඉතා හොඳින් ස්ථාපිත විධිවිධාන අනුව අත්‍යවශ්‍ය මහජන සෞඛ්‍ය හා විද්‍යාත්මක කරුණු පිළිබඳව මැදිහත් වේ. වර්තමාන කොවිඩ් -19 වසංගතය තුළ නිරන්තර අන්තර්ක්‍රියාකාරිත්වයන් ද පවතී” යනුවෙන් ඔවුන් ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි. 

    “ජනගහනයට සාපේක්ෂව තායිවානයේ ආසාදිතයින් ප්‍රමාණය අඩුයි. අපි දිගටම වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය තායිවානයේ සෞඛ්‍ය බලධාරීන් ඇතුළු සෑම ප්‍රදේශයකින්ම පාඩම් ඉගෙන ගන්නවා.” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

    සී.එන්.එන්. විසින් 2020 / 4/05 වැනි දින ප්‍රකාශයට පත් කළ වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • නිවැරදිව ගෙවතු වගාවක් සකස් කර ගන්නේ කෙසේද ? මූලික සිද්ධාන්ත – 01

    නිවැරදිව ගෙවතු වගාවක් සකස් කර ගන්නේ කෙසේද ? මූලික සිද්ධාන්ත – 01

    කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය නිසා ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් වශයෙන් රජය විසින් ගෙවතු වගා 10,000,000ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් ‘සෞභාග්‍යා ගෙවත්ත‘ නමින් පසුගිය දා ආරම්භ කළා. ජාතියක් වශයෙන් කාලීන මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් ගෙවතු වගාව සම්බන්ධයෙන් ඔබව නිවැරදිව හා විද්‍යානුකූලව දැනුවත් කිරීම වෙනුවෙන් අඛණ්ඩව ලිපි පෙළක් සම්පාදනය කිරීමට අප තීරණය කළා. මේ එහි පළමු කොටසයි.

    ‘ගෙවත්ත’ කියන්නෙ අප දැනටමත් ජීවත්වන වටාපිටාවටයි. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අමුතුවෙන්ම සැලසුම් කරන්න කියන කරුණ ප්‍රයෝගික නැහැ. අපි හැමෝගෙම ගෙවත්ත එක වගේ නැහැනෙ. ඉඩකඩ, හිරුඑළිය, ජලය, යෙදවිය හැකි කාලය, මුදල් හා අනෙකුත් සම්පත් ලැබිලා තියෙන්නේ විවිධ ප්‍රමාණ වලින්, විවිධ ආකාරයට.

    • අප ජීවත්වන පරිසරය (ග්‍රාමීයව ද නාගරිකවද)
    • සමාජ වටාපිටාව (පවුලේ සාමාජික සංඛ්‍යාව, රැකියාවල ජීවන තත්ත්වය)
    • දේශගුණය හා පවතින බෝග රටාව යන කරුණු අනුව මේ වෙනස ප්‍රධාන වශයෙන් දැකිය හැකියි.

    එබැවින් දර්ශී ගෙවත්තක් සැලසුම් කිරීමට නිශ්චිත උපදෙස් ලබාදෙන්න බැහැ. ඒත් හොඳ ගෙවත්තක්, නිර්මාණය කිරීමට අවශ්‍ය ඉඟි (පොදු සංකල්ප)ලබාදෙන්න පුළුවන්. ඉඟි, සංකල්ප තමන්ගේ ගෙවත්තට ගැළපෙන ලෙස යොදා ගැනීමයි කළ යුත්තේ.

    හොඳ ගෙවත්තක් නිර්මාණය කිරීමට අවශ්‍ය ඉඟි / සංකල්ප

    01 හැමදාම එකම විදිහෙ දේවල් කෑමට ගන්න අපි කවුරුත් කැමති නැහැනෙ.

    • ඒ නිසා පළමුවැන්න තමයි අවුරුද්ද පුරාම විවිධත්වයකින් යුතු ආහාර ගත හැකිවන විදිහට විවිධ බෝග වර්ගවගා කිරීම සහ සතුන් ඇති කිරීම.

    02 ඉඩමේ පිහිටීම, පස්වල ස්වභාවය, ජල සුලභතාවය, හිරුඑළිය යන කරුණු සැළකිල්ලට ගෙන බෝග වගා කරන්න.

    03 එක් බෝගයක අස්වැන්න නෙලා අවසන් වනවාත් සමඟම තවත් බෝගයක් පිහිටුවන පරිදි වගාවන් සැළසුම් කරගන්න.

    04 ජූනි – ජූලි සහ නොවැම්බර් – දෙසැම්බර් කාලවලදී එළවළු මිල ඉහළ යනවා.

    • එවැනිකාලවලට තමන්ගේ ගෙවත්තෙන් අස්වැන්න ලබාගත හැකිවන ලෙස වගා සැළසුම් කරගන්න.
    • පවුලේ අවශ්‍යතා සඳහා එක් බෝගයකින් පැළ කිහිපයක් පමණක් නඩත්තු කිරීම ප්‍රමාණවත්.

    05 ආහාරයට ගත හැකි බෝග දැනටමත් ඔබ ගෙවත්තේ වගා කර ඇති නිසා පළමුව ඒවාට සාත්තු කර ඒවායේ අස්වැන්න වැඩි කරගන්න කටයුතු කරන්න. ඒ සඳහා,

    • විශාල ගස්වල අනවශ්‍ය අතු කප්පාදු කරන්න.
    • බෝග වලට පොහොර යොදන්න.
    • වල් පැළෑටි පාලනය කරන්න.
    • රෝග හා පළිබෝධ හානි අඩු කර ගැනීමට කටයුතු කරන්න.

    06 ඉවුම් – පිහුම් කටයුතු සඳහා නිතර අවශ්‍යවන කරපිංචා, රම්පේ, මිරිස්, පළා වර්ග, කතුරුමුරුංගා වැනි බෝග වලින් ගෙවතු වගාව ආරම්භ කිරීමට/ වැඩි දියුණු කිරීමට සැළසුම් කරන්න .

    07 පසුව හැකියාව අනුව වගාව ටිකෙන් ටික පුළුල් කරන්න.

    08 ගෙවත්තේ එක අංගයක් විදියට සත්ත්ව පාලනය සිදුකරනවා නම් සතුන් සහ ශාක අතර ලොකු සම්බන්ධයක් ඇති කරන්න පුළුවන්.

    • සතුන්ට අවශ්‍ය ආහාර ගෙවත්තෙන් ලබාදෙන්න හැකිවෙනවා වගේම සතුන්ගේ මළද්‍රව්‍ය එකතු කිරීමෙන් ගෙවත්ත සරු කරගන්න පුළුවන්.
    • ඔබට තිබෙන ඉඩකඩ, වැයකළ හැකි කාලය, ශ්‍රමය, මුදල් හා දැනුම අනුව සතුන්ඇති කරන්න.

    09 ගෙවත්තට ලැබෙන හිරුඑළියෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන ලෙස ගෙවත්ත සැළසුම් කරන්න.

    • බොහොමයක් එළවළු බෝග සඳහා ( කරල් හාගෙඩි හටගන්නා බෝග) පැය 6 ක කාලයක් හොඳින් හිරුඑළිය ලැබිය යුතු බව සළකන්න.
    • සෙවන සහිත තැන් සඳහා සෙවනට ඔරොත්තු දෙන බෝග වර්ග තෝරන්න.
    • ( කිරිඅල, ගොටුකොළ, ඉඟුරු)

    10 ගෙවතු වගාව අපේ ප්‍රධාන ආදායම් මාර්ගය නොවේ විවිධ රැකියාවල වෙනත් ආර්ථීක හා

    සමාජීය කටයුතුවල යෙදී සිටින අතරේ තමයි ගෙවතු වගාවට නැඹුරු වෙන්නෙ.

    ඒ නිසා,

    • පවුලේ කාලය, ශ්‍රමය හා ධනය මනා කළමනාකරණයකින් පවුලේම සමාජයීය හා ආර්ථීක කාර්යයන්හා නොගැටෙන ලෙස, බාධා නොවන ලෙස ගෙවත්ත සැලසුම් විය යුතුයි.
    • කුඩාවට පටන්ගෙන ක්‍රමයෙන් ව්‍යාප්ත කිරීමට සැළසුම් කරන්න.
    • මුළු ගෙවත්තම එකවර සංවර්ධනය කිරීමට යෑමෙන් බිම් සැකසීම, පැළ සිටුවීම, වල් මර්දනය, වතුර දැමීම යනාදි නොයෙක් වගා කටයුතු සියල්ල එකවිට සිදුකළ යුතුවීම තුළින් වගාව කරදරයක් බවට පත්වීම වළක්වාගන්න.
    • ගෙවතු වගාවකින් වැඩි නිෂ්පාදනයක් බලාපොරොත්තු විය යුත්තේ සරල හා අවම තාක්ෂණ යෙදවුම්මතයි.
    • නඩත්තු කටයුතු අඩු, පහසුවෙන් වගා කළ හැකි බෝග පළමුවෙන් තෝරා ගන්න.
    • (දඹල,දේශීය මිරිස්, අවර හා වෙනත් බෝග, වට්ටක්කා, නිවිති, මිටි ඇඹරැල්ලා)

    එවැනි බෝග වල රෝපණ ද්‍රව්‍ය බොහෝ විට අදාල වටාපිටාවෙන්ම සොයාගත හැකියි.

    11 විශේෂයෙන්ම ඉඩකඩ සීමිත අවස්ථාවලදී සිරස් ඉඩ උපරිමව භාවිතයට ගතහැකි ක්‍රම හඳුනාගන්න. (වගා කුළුණු, එල්ලෙන වගා බඳුන්, බඳුන්වල වගාව, ජල රෝපිත වගා ක්‍රම)

    අපේ ගෙවතු වල වර්තමාන තත්ත්වය

    අපට දකින්න ලැබෙන බොහෝමයක් ගෙවතු වල සම්පත් උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගෙන වගා කර නැහැ

    – තනි ශාක වියනක් විතරයි තියෙන්නේ. ඒ නිසා ඉඩකඩත්, හිරුඑළියත් උපරිම විදියට ප‍්‍රයෝජනයට අරගෙන නැහැ.

    – වගා කරලා තියෙන බෝග වල විවිධත්වය අඩුයි. ඒ කියන්නේ බෝග වර්ග කිහිපයක් විතරයි.දකින්න ලැබෙන්නේබෝග වර්ග හිටවලා තියෙන්නේ ඒවාට සුදුසුම තැන්වලත් නෙවෙයි.

    බෝග අතර තියෙන්න ඕන පරතරය ගැනත් සැළකිලිමත් වෙලා නැහැ

    වගා කර ඇත්තේ උචිත නොවන බෝගයන් වැඩි පැළ ගහණයත් දුර්වල කප්පාදුවත් නිසා ඵලදාව අඩුයි.හොඳින් නඩත්තු නොකරන නිසා බෝග ඉස්මතුව වල් බිහි වෙලා දුර්වල භූමි පරිහරණය නිසා පස නිසරු වෙලා

    ඔබත් ඔබේ ගෙවත්ත වැඩි දියුණු කරන්න සැළසුම් කරනවා නම් වැදගත් කරුණු කිහිපයක් ගැන සළකා බැලිය යුතුයි.

    මුලින්ම තමන්ගේ ගෙවත්තේ දැනට පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහ දැනට පවතින බෝග, ඇතිකරන සතුන් ඒ සඳහා යොදන පාලන තත්ත්ව හා එම බෝගවලත් සතුන්ගේත් නිෂ්පාදන තත්ත්ව දැනගන්න.

    ඉඩමේ කෘෂිකාර්මික විභවය (හැකියාව) තීරණය කරන්න. එය තීරණය කිරීමේදී ඉඩමේ පිහිටීම හා අඩංගු නිෂ්පාදන සංඝටක වල පිහිටීම දළ සිතියමක ලකුණු කරන්න.

    ඉඩමේ පවතින තත්ත්වය හා කාර්යයන් අවබෝධ කරගන්න මේ දළ සිතියම අපට උදව් වෙනවා. සිතියමේ පහත සඳහන් දේවල් ලකුණු කරන්න ඔබට පුළුවන්. පවතින තත්ත්ව සඳහන් කිරීමත් ඉතා වැදගත්

    අ. ඉඩමේ පිහිටීම, ප‍්‍රමාණය, පවතින ඉඩකඩ, ගොඩනැගිලි හා ඒවායේ ප‍්‍රමාණය, පසේ ලක්‍ෂණ හා සරුබව, වගාවට යොදාගෙන ඇති භූමි ප‍්‍රතිශතය, බෑවුම් තත්ත්වය, ජල සම්පත හා හිරුඑළිය විවිධ අවස්ථාවල වැටෙන අකාරය

    ආ. අඩංගු ජෛව විවිධත්වය :- මෙහිදී ඔබගේ ගෙවත්තේ දැනට ඇති ගස් වර්ග (එළවළු, පලතුරු, මල්, දැව) සතුන් (ගව, කුකුළු, එළු) ආදිය මොනවාද යන්නත් ඒවායේ ප‍්‍රමාණයනුත් සටහන් කරගන්න

    ඇ.බෝග පිළිබඳ තොරතුරු

    මෙහිදී බෝග වල දැනට පවතින පාලන තත්ත්වය පිළිබඳ පහත සඳහන් දේ පිළිබඳව සටහන් කරගන්න.

    – බෝග වල පාලන තත්ත්වය

    – පැළ ගහණය

    – පස සහ ජලය ප‍්‍රයෝජනයට ගෙන ඇති ආකාරය

    – කාබනික පොහොර නිපදවීම

    – කප්පාදු කිරීම (කප්පාදු කර ඇත්ද, කප්පාදු කරන කාලාන්තරය)

    ඈ. සතුන් පිළිබඳ තොරතුරු

    – පාලන තත්ත්වය

    – ලබාදෙන ආහාර වර්ග, ප‍්‍රමාණය

    – සතුන් ඇතිකරන මඩුවල / කොටුවල ස්වභාවය

    – අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය

    – සතුන්ගේ සෞඛ්‍ය හා සනීපාරක්‍ෂාව

    ඉ. බෝග හා සත්ත්ව ඒකකවල නිෂ්පාදන තත්ත්ව

    – බෝග වලින් ලබාගන්නා අස්වනු ප‍්‍රමාණ

    – සතුන්ගෙන් ලබාගන්නා නිෂ්පාදන (කිරි, බිත්තර) ප‍්‍රමාණය

    මෙසේ ඔබ සටහන් කරගත්ත තොරතුරු වලට අනුව ඔබේ ගෙවත්තේ ඵලදායිතාවය නැංවීම සම්බන්ධයෙන් ඇති ප‍්‍රධාන ගැටළු එහෙමත් නැත්නම් ගෙවත්තෙන් උපරිම ප‍්‍රයෝජන ලැබීමට බාධා කරන කරුණු හඳුනාගන්න ඕන.

    ඊළඟට අවශ්‍යතාවය අනුව එම ගැටළුවලට ප‍්‍රමුඛත්‍වය ලැබෙන විදියට පෙළගස්වන්න

    ඉදිරියේදී ඔබ ගෙවත්තෙන් ලබාගන්න බලාපොරොත්තු වන දේවල් පහත පරිදි වෙන්න පුළුවන්

    – පවුලේ එදිනෙදා පෝෂණ අවශ්‍යතාවයන් සැපයීම- අමතර ආදායම් ඉපැයීම

    ගෙවත්තේ නිපදවන දේවල්වල විවිධත්‍වයක් ඇති කිරීම- අවුරුද්ද පුරාම ආහාර ලබාගත හැකි බවට (ආහාර සුරක්‍ෂිතභාවය) පත් කිරීම-

    ඵලදාව අඩු ගස්වැල් වල ඵලදාව වැඩි කිරීම- ගෙවත්තේ නිපදවන දේවල්වල විවිධත්‍වයක් ඇති කිරීම- අවුරුද්ද පුරාම ආහාර ලබාගත හැකි බවට (ආහාර සුරක්‍ෂිතභාවයට)පත් කිරීම- ඵලදාව අඩු ගස්වැල් වල ඵලදාව වැඩි කිරීම- විසිතුරු පැළ, වතු බෝග සහ අපනයන බෝග වල තවාන් ඇති කිරීම- හානිකර කෘමි සතුන් (පළිබෝධ) සහ වල් පැළෑටි මර්දනය කිරීම- භූමිය උපරිම ප‍්‍රයෝජන ලැබෙන විදියට යොදා ගැනීම- නෙත් සිත් පිනවන විදියට වටාපිටාව සකස් කිරීම (භූමි අලංකරණය)මේ අරමුණු ඉටුකර ගන්න බාධාවන ගැටළු විසඳා ගැනීමට කල්පනාකාරීව ගෙවත්ත සැලසුම් කරන්න ඕන.

    විශේෂයෙන්ම පහත සඳහන් කරුණු ගැන සැළකිලිමත්වීම වැදගත් වෙනවා

    – ප‍්‍රදේශයේ දේශගුණික හා පාංශු තත්ත්ව- ඉඩමේ කෘෂිකාර්මික විභවය (හැකියාව)හා නිදහසේ ලැබෙන සම්පත්(හිරුඑළිය, වර්ෂාව)- වැය කළ හැකි පවුලේ ශ‍්‍රමය, කාලය, මුදලමේ කරුණුු අනුව ඔබේ ගෙවත්ත සැළසුම් කර සංවර්ධනය කරන්න යොදාගන්න තාක්ෂණික උපක‍්‍රම වෙනස් විය යුතු වෙනවා.මේවා ඉතාම සරල වෙන්නත් පුළුවන්. අධි තාක්‍ෂණයන් වෙන්නත් පුළුවන්

    ඇතුළත් විය යුතු මූලික අංග

    • හැමෝගේම ගෙවත්ත එක වගේ නැහැනෙ. ආර්ථීක, සමාජීය හා භෞතික පරිසරයට අනුව ගෙවත්තේ ස්වභාවය වෙනස් වෙනවා.
    • ගැමි පරිසරයක ජීවත් වෙනවා නම් බොහෝවිට ප්‍රමාණයෙන් වැඩි ඉඩකඩක් හිමිවෙනවා.
    • අර්ධනාගරික හෝ නාගරික ප්‍රදේශවල බොහෝවිට ලැබෙන්නෙ සීමිත ඉඩකඩක්.
    • අපේ වටාපිටාවත්, ස්වභාවිකව ලැබෙන සම්පත් වගේම අපට ලැබෙන කාලයත් ඒ අනුව වෙනස් වෙනවා.
    • ගෙවතු එකිනෙකට වෙනස් වුවත් හැමෝගෙම ගෙවතුවල හඳුනාගත හැකි ප්‍රධාන පරිසර තුනක් තියෙනවා.
    1. සමාජීය වටාපිටාව
    2. උපයෝගිතා වටාපිටාව
    3. නිෂ්පාදන වටාපිටාව
    • ගෙවත්ත කුඩා වන්නට කුඩා වන්නට මෙම පරිසර තුන අතිපිහිතව තිබෙන්නට පුළුවන්.
    • නාගරික ගෙවත්තක (සමහරවිට කොන්ක්‍රීට් බැල්කනිය වන්නට පුළුවන්) පවතින කුඩා ඉඩකඩේ මේ පරිසර තුනම එකට ක්‍රියාකරනවා.
    • බැල්කනියේ පෝච්චිවල වගාව නිෂ්පාදන පරිසරයට අයිතියි.
    • රෙදිවැලක අව්වේ රෙදි වේලීම අයත් වන්නේ උපයෝගිතා පරිසරයට.
    • පවුලේ උදවිය බැල්කනියේ පුටු කිහිපයක් තබා විවේකීව කාලය ගතකිරීම සමාජයීය පරිසරයයි.
    • ගමේ ගෙවත්තේ වුවත් දරමඩුව අයත් වන්නේ උපයෝගිතා පරිසරයට. එහෙත් එහි වහලයේ තිබෙන ලබු, පුහුල් වැල් නිෂ්පාදන පරිසරයට අයත් එකක්.
    • ගෙවත්තකඅඩංගු වන විවිධ අත්‍යවශ්‍ය අංග හෝ උපාංග පැතිරිලා තිබෙන්නේ මේ පරිසරවලයි .(සමාජයීය, උපයෝගිතා, නිෂ්පාදන පරිසරයන්)
    • ඉඩම විශාලවන්නට විශාලවන්නට මෙම පරිසර තුන හොඳින් හඳුනාගන්නට හැකි වුවත් බොහෝවිට කුඩා ගෙවත්තකදී එකිනෙක අතිපිහිතවයි තියෙන්නේ.
    • මේ කරුණු අනුව ගෙවත්තක තියෙන්න පුළුවන් අංගත් එහි සංකලනයත් අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕන.
    • මේ දක්වලා තියන අංග සියල්ලම හෝ එයින් සමහරක් හෝ ගෙවත්තක දකින්න ලැබෙනවා.

    ගෙවත්තක තිබිය හැකි අංග

    සමාජීය පරිසරය – නිවස, මිදුල

    උපයෝගිතා පරිසරය – ළිඳ,ජල සැපයුම, දරමඩුව, වැට/ තාප්පය, වළං මැස්ස, පොල් උල, කුණු රොඩු දමන වළවල්වැ, වැසිකිළිය

    1. මී මැසි පාලනය
    2. සත්ත්ව පාලනය – ගව, එළු, කුකුල්, තාරා, හාවුන්, මත්ස්‍ය වගාව
    3. ජීව වායු ඒකකය

    නිෂ්පාදන පරිසරය

    1. බෝග
      1. මල් – අලංකාරයට සහ අලෙවියට
      2. එළවළු – බෝංචි, වැටකොළු, පතෝල, කරවිල, වට්ටක්කා, මෑකරල්
      3. පළා – කතුරුමුරුංගා, ගොටුකොළ, මුකුණුවැන්න, කන්කුන්, තම්පලා, සාරණ, තෙබු, කොහිල, පෙනෙල, නිවිති
      4. අල – බතල, කිරිඅල, දෙහිඅල, ඉන්නල, කිඩාරං, අර්තාපල්
      5. පලතුරු – කෙසෙල්, පැපොල්, අඹ, අලිපේර, රඹුටන්, අන්නාසි, අනෝදා, වැල් දොඩම්, නාරං, දෙහි
      6. කුළුබඩු – කරපිංචා, රම්පේ, සේර, එනසාල්, ගම්මිරිස්
      7. දැව – කොස්, බුරුත, තේක්ක, මැහෝගනී, නඳුන්, ග්ලිරිසීඩියා
      8. ඖෂධ – කෝමාරිකා, පොල්පලා, කුප්පමේනියා, හාතාවාරිය

    අලුතෙන්ම ගෙවත්තක් නිර්මාණය කරනවා නම් ඉහත සඳහන් කළ අංග නියමිත සැලැස්මක් ඇතිව ගෙවත්තට ඇතුලු කරන්න පුළුවන්

    • එහෙත් අපගේ බොහොමයක් ගෙවතු දැනටමත් පවතින ඒවායි
    • ඒ නිසා අප කළයුත්තේ ගෙවත්තට එක්කර ගත හැකි අංග රාශිය අතුරින් අප සතු සම්පත්, ඉඩකඩ, ශ්‍රමය, කාලය, වැයකල හැකි මුදල, ගෙවත්තක් පිහිටුවීමේ අරමුණු අනුව වැදගත් වන අංග හඳුනාගෙන ඒවා ඇතුළත් කරගැනීමෙන් සාර්ථක ගෙවතු වගාවක් පවත්වාගෙන යාමයි

    ගෙවත්තකට වැදගත් වන මූලික අංග කිහිපයක්


    එළවළු, පලතුරු, අලබෝග, රනිල බෝග සහ පළාවර්ග වැනි විවිධ ආහාර බෝග

    ඖෂධ හා කුළුබඩු බෝග

    කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ඒකකය

    පැළ තවානක්

    මීට අමතරව ඉඩකඩ හා සම්පත් අනුව මී මැසි ජනාවාසයක්, සත්ත්ව පාලන ඒකකයක්, ජීව වායු ඒකකයක් වැනි අංග එකතු කර ගැනීම වැදගත්.

    උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය – ගන්නොරුව ඇසුරිණි

  • අදත් කොරෝන ආසාදිතයින් 03ක්: ලෝකයේ මරණ 59,226ක්

    අදත් කොරෝන ආසාදිතයින් 03ක්: ලෝකයේ මරණ 59,226ක්

    ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (4) දින සවස් භාගය වන විට 162ක් ලෙස වාර්තා වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ නිල වාර්තාවල සදහන් වෙයි.

    අද දිනයේදී කොවිඩ් – 19 ආසාදිතයින් තිදෙනකු වාර්තා වූ බව බවයි එහි සදහන් වන්නේ.

    මේ දක්වා ශ‍්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණ 05ක් වාර්තා වි ඇති බවත් දැනට රෝහල්වල විමර්ශනයට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 273 දෙනෙක් බවත් එහි සදහන් වෙයි. රෝහල්වල ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 130ක් බවත් සුවය ලැබූ 27 දෙනකු පිටව ගොස් ඇති බවත් එහි සදහන් වේ.

    සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වෙඩ් අවඩියේ සදහන් වන පරිදි ගෝලීය වශයෙන් තහවුරු කරන ලද කොරෝන ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 1,118,601ක් වන අතර අද දින වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 82,929 දෙනෙකි. මරණයට පත් ආසාදිතයින් සංඛ්‍යාව 59,226ක් වන අතර සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 229,278කි.

  • කොරෝනා ආධාර දේශපාලන ප්‍රචාරණයට යොදා ගන්න එපා – මැකො

    කොරෝනා ආධාර දේශපාලන ප්‍රචාරණයට යොදා ගන්න එපා – මැකො

    නව කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනයාට ආධාර ලබාදෙන ඇතැම් දේශපාලනඥයින් එම ආධාර දීම් ඡායාරූප ගතකරමින් ජනමාධ්‍ය හා සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම යෝග්‍ය නොවන බවද එලෙස කටයුතු නොකරන ලෙසද ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කරයි.

    කොරෝනා ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී තම දේශපාලන ප්‍රචාරයන් ලබාගැනීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව සඳහන් කරමින් අද (4) දින නිවේදනයක් නිකුත් කරමින් දේශප‍්‍රිය මහතා මෙම ඉල්ලීම කළේය.

    එම නිවේදනය මගින් මහින්ද දේශප‍්‍රිය මහතා ඉල්ලා සිටින්නේ නව කොරෝනා වසංගතය පරාජය කිරීමට සටන් කරන මොහොතක එවැනි ලාභ ප්‍රචාරණ කටයුතු නොකර මෙම අවස්ථාවේදී වාද භේදවලින් තොරව ක්‍රියාකරන ලෙසයි.

  • Covid-19 පාලනයට GMOA නව යෝජනා 08ක් ඉදිරිපත් කරයි

    Covid-19 පාලනයට GMOA නව යෝජනා 08ක් ඉදිරිපත් කරයි

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ COVID-19 පැතිරීම අවම කිරීම සඳහා 80% ක සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන බවයි.

    Covid -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය අට වැදෑරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ COVID-19 පැතිරීම අවම කිරීම සඳහා 80% ක සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන බවයි.

    ඒ අනුව ,

    1. තම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ඇති නිවෙස්වලින් ජන සංචරණය අවශ්‍ය නොවන නිවෙස් හඳුනා ගැනීම හා එම නිවැසියන් සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කරනවා දැයි සොයා බැලීම.

    2. ආහාර නිෂ්පාදනය කරන පිරිස් හඳුනා ගැනීම

    3. නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රවාහනය

    4. නිෂ්පාදන මිලදී ගැනීම

    5. සලාක වශයෙන් ද්‍රව්‍ය සකස් කිරීම

    6. නිවෙස්වලට බඩුබාහිරාදිය බෙදාදීම

    7. අඩුපාඩු පිළිබඳ පැමිණිලි කිරීමේ ක්‍රමවේදයක්

    8. අනපේක්ෂිත සිද්ධි වාර්තාකරණය හා කලමනාකරණය සඳහා ක්‍රමවේද සකස් කිරීම යන ශිර්ෂ යටතේ එම සංගමය මෙම යෝජනාවලිය ඉදිරිපත් කර තිබේ.

    එමෙන්ම මෙය ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් සකස් විය යුතුය යන්න රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ නිර්දේශයයි.

  • Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ මාධ්‍ය හමුව – Full Story

    Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ මාධ්‍ය හමුව – Full Story

    කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ තොරතුරු
    දැනුම් දීමේ මාධ්‍ය හමුව අද (4) එම මධ්‍යස්ථානයේ දී පැවැත් වුණා. මේ සදහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ යන මහත්වරුන් සහභාගී වුණා.

    එහිදී ජනතාව දැනුවත් කිරීම සදහා හෙළි කළ සියලු ‘නිල තොරතුරු’ පහත සදහන් වෙනවා.