Tag: featured

  • ගුවන් හමුදාව අද රෑට අහසින් කිසිවක් ඉසින්නේ නෑ – ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක

    ගුවන් හමුදාව අද රෑට අහසින් කිසිවක් ඉසින්නේ නෑ – ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක

    “ගුවන් හමුදාව කොරෝනා මැඩලීමට අද රාත්‍රි 11.30 ට යම් ද්‍රවණයක් ඉහල අහසේ සිට මුදා හරින බවට” වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා වේගයෙන් පැතිරී යන පුවත අසත්‍යක් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාෂකවරයා දැනුම්දී ඇත.

    COVID-19 වයිරසය සම්බන්ධයෙන් හා වර්තමාන රටෙහි පවතින තත්වය සම්බන්ධයෙන් විශාල වශයෙන් අසත්‍ය තොරතරු සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා හුවමාරු වීමේ ප්‍රවනතාවයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවී තිබේ. විශේෂයෙන්ම වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා වැඩි වශයෙන් අසත්‍ය තොරතුරු හුවමාරු වීමක් දක්නට ලැබේ. මුලාශ්‍ර නොමැති පුවත් හා තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සියලුම ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටිමු. සෑම විටම තහවරු කරගත් තොරතරු පමණක් හුවමාරු කරගැනීමට කටයුතු කරන ලෙස සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් අප වැඩිදුරටත් ඉල්ලා සිටිමු.

  • කොරෝනා පාලනයට බස්නාහිර මහජන හැසිරීම් දැඩි බාධාවක් වෙලා

    කොරෝනා පාලනයට බස්නාහිර මහජන හැසිරීම් දැඩි බාධාවක් වෙලා

    කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ.

    එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කරන ලෙස තොග වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් දී ඇත. සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළෙඳ සමාගම් මේ කාර්යයට හවුල් කර ගැනේ.

    අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉටුකරනු පිණිස බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇත. අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ වෙනත් නිලධාරීහූ බලකායේ සෙසු සාමාජිකයෝ වෙති.

    මින් ඉදිරියට අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

    ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ,  ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම හෙට (25) සිට ක්‍රියාත්මක වෙයි. ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගි කරගන්නා සියලු ඩිලිවරි වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර ඇත.

  • ඉතාලියේ ආසාදිතයන්ට උවටැන් කරන හෙද නිලධාරියෙකු කැමරාවෙන් කියන කතාව

    ඉතාලියේ ආසාදිතයන්ට උවටැන් කරන හෙද නිලධාරියෙකු කැමරාවෙන් කියන කතාව

    ‘කාටත් අපි වීරයන් වෙලා. ඒත් මම වීරයෙක් කියල මට දැනෙන්නේ නැහැ.”

    පාඔලෝ මිරැන්ඩා කොරෝනාවෛරසයෙන් බැට කන ඉතාලියේ ක්‍රිමොනා නගරයේ ඇති එක ම රෝහලේ දැඩි සත්කාර ඒකකයක නිරත හෙද නිලධාරියෙකි.

    ක්‍රිමොනා, මේ වන විට කොරෝනාවෛරස උපද්‍රවයේ ස්ථානයක් වන ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයේ පිහිටි කුඩා නගරයකි. එම නගරයේ පමණක් දහස් ගණනක් ජනතාව වෛරසයට ගොදුරු වූ අතර දැනට වාර්තා වූ මරණ සංඛ්‍යාව සිය ගණනකි.

    සිය සෙසු සගයන් මෙන් ම පාඔලෝ ද පසුගිය මාසයක කාලය පුරා නිමක් නොමැති පැය දොළහක සේවා මුරයක නිරත වෙමින් සිටී.

    ”අපි වෘත්තීය හෙද නිලධාරීන්. නමුත් අපට වෙහෙසයි. දැන් මේ මොහොත වෙනකොට අපි අසීරු තැනකට ඇවිත් වගේ දැනෙනවා. අපි ඔක්කොම ඉන්නේ බියෙන්.”

    A nurse stares at a screen at a desk

    පවුලෝ කැමරා ලෝලියෙකි. ඡායාරූප ගැනීමෙන් ඔහු ආස්වාදයක් ලබයි. තමා සේවය කරන දැඩි සත්කාර ඒකකය අභ්‍යන්තරයේ අද පවතින නීරස වාතාවරණය සිය කැමරාවේ සටහන් කිරීමට පාඔලෝ තීරණය කළේය.

    ”මෙතැන සිදු වෙමින් පවතින දේවල් මට කිසිදාක අමතක කරන්න බැහැ. මේක ඉතිහාසයට එක්වේවි. මට මේ පින්තූර වචනවලට වැඩිය ප්‍රබලයි.”

    සිය පින්තූර මගින් තම කාර්යමණ්ඩල සගයන්ගේ ශක්තිය පෙන්නුම් කිරීම පාඔලෝ ගේ අභිලාෂය විය. එපමණක් නොව, ඔවුන් පසුවන අනතුරුදායක තත්ත්වයද ඊට ඇතුළත් වේ.

    ”එක දවසක් අපිත් එක්ක වැඩ කරන හෙදියක් රෝහල් කොරිඩෝරයේ පුදුම සහගත උද්වේගයකින් උඩ පනිමින් කෑ ගසන්නට පටන් ගත්තා.”

    A hospital worker puts on a protective visor

    එම හෙදිය කොරෝනා ආසාදන පරීක්ෂණයකට යොමුව සිටි අතර, ඇයට වෛරසය ආසාදනය වී නොමැත යන්න සායන පරීක්ෂණ ප්‍රතිඵලය විය.

    ”එම හෙදිය සාමාන්‍යයෙන් ශාන්ත තැනැත්තියක්. එහෙත් බියපත්ව සිටි හෙදිය තමාට වෛරසය ආසාදනය වී නැති බව දැ න ගැනීමෙන් ලැබූ සහනය ප්‍රදර්ශනය කළේ ඒ ආකාරයෙන්. ඇයත් මනුෂ්‍යයෙක්.”

    මෙය පාඔලෝ ඇතුළු ඔහුගේ කණ්ඩායමට දරාගැනීම දුෂ්කර අසීරු කාල පරිච්ඡේදයකි. එහෙත් ඔවුහු සිය සේවය සඳහා බැඳී සිටිති. එකිනෙකාට පිහිට වෙති.

    ”සමහර වෙලාවට අපෙන් ඇතැමෙක් දුර්වල වෙනවා. බලාපොරොත්තු සුන් වූ හැඟීමක් අපට දැනෙනවා මොකද?අපි බලාගන්න රෝගීන් සුව අතට හැරෙන්නේ නැතිකොට අපි අසරණයි කියල හිතෙනවා.”

    One hospital staff member consoles another in a corridor

    එවැනි තත්ත්වයක් උද්ගතවූ අවස්ථාවන්හි පාඔලෝ ගේ හෙද කාර්ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් කරන්නේ වහාම ඉදිරිපත්වීමය. බලාපොරොත්තු බිඳ වැටුණු තැනැත්තා හෝ තැනැත්තිය අස්වසාලීමට ඔවුහු යත්න දරති.

    ”එවැනි අවස්ථාවල අපි විහිළුවක් කරනවා. ඔවුන් හිනා ගස්සනවා. එහෙම නොකළොත් චිත්ත අධිෂ්ඨානය නැතිවෙනවා.”

    කොරෝනාවෛරසය කඩා වැදුණු පළමු සති හතර ඇතුළත පමණක් ඉතාලියේ තුන්දහසකට ආසන්න මරණ වාර්තා විය.

    තහවුරු කරන ලද රෝගීන්ගේ සංඛ්‍යාව 35,000 ඉක්මවා යද්දී, විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ වැඩිවශයෙන් බලපෑමට ලක්වූ නගර ඇතුළු ඉතාලිය පුරා වෛද්‍යවරු හා හෙද නිලධාරීහු තත්ත්වය පාලනය කරගැනීමට අරගලයක නිරතව සිටිති.

    හෙද නිලධාරියෙකු ලෙස ගතකළ සිය වසර නවයක කාලය තුළදී මිනිසුන් බොහෝ දෙනෙක් මිය යනු පාඔලෝ දිටීය. එය ඔහුට සාමාන්‍ය දෙයකි.

    එහෙත්, මෙම ගෝලීය වසංගතය හමුවේ ඔහුගේ සිත වඩා සසල කළේ බොහෝ දෙනා හුදෙකලාව මියෙනු දැකීමය.

    Hospital staff put on protective clothing

    “දැඩි සත්කාර ඒකකවල මිනිසුන් මරණය වැළඳ ගන්නා අවස්ථාවල සාමාන්‍යයෙන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ඔවුන් ළඟ ඉන්නවා. මරණයට පත්වෙන කෙනාට එයින් ගෞරවයක් ලැබෙනවා. ඔවුන්ගේ උදව්වට අපිත් ඉන්නවා. ඒක අපේ කාර්යභාරයේ කොටසක්.”

    රෝහල්වල සාමාන්‍ය සම්ප්‍රදාය වෙන්නේ මරණාසන්න රෝගීන්ගේ පවුලේ සාමාජිකයින්ට හා සමීප මිත්‍රයන්ට ඇඳ වටේ රැස්වීමට අවසර දීම ය.

    එහෙත් වෛරසය බෝවීම වැලක්වීම සඳහා පසුගිය මාසය තුළදී ඒ තත්ත්වය තහනම් කළේය. අඩුතරමින් රෝගියාගේ පවුලේ සාමාජිකයින්ට හෝ රෝහලට ඒමට නොහැකි විය.

    “අපි ප්‍රතිකාර කරන්නේ වෛරසය ආසාදනය වෙලා සහමුලින්ම වෙන් කරල ඉන්න රෝගීන්ට.”

    ”මිනිසෙකු අසරණව හුදෙකලාව මියයාම අප්‍රසන්න දෙයක් – එවැන්නක් කිසිවෙකුට සිදු වෙන්න එපා.”

    Two nurses talk in a hospital corridor

    කොරෝනා රෝගීන්ගෙන් පිරුණ රෝහලක්

    ක්‍රිමොනා නගරයේ රෝහල කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කරන ආයතනයක් බවට පරිවර්තනය කරනු ලැබ ඇත. සියලු ශල්‍යකර්ම ඇතුළු සෙසු සායනික කටයුතු අත්හිටුවා ඇති අතර, දැන් එහි ප්‍රතිකාර ලබන්නේ කොරෝනා වෛරසය ආසාදිතයන් පමණි.

    ආසාදිතයන් රෝහලට ගෙනෙමින් ඇති නමුත් දැඩි සත්කාර ඒකකයේ ඇඳන් පිරී ගොස් ඇත.

    “අපි අපට හැකි හැම ඉඩකඩකම ඇඳන් පිළියෙළ කරනවා. රෝහලේ ඉඩ කඩ තියෙන හැම තැනකම. දැන් රෝහල රෝගීන්ගෙන් පිරිලා.”

    ඔවුහු රෝහලේ ප්‍රධාන පිවිසුමෙන් පිටත තාවකාලික ක්‍ෂේත්‍ර රෝහලක් ඉදි කිරීමට පියවර ගත්හ. එහි ඉලක්කය වූයේ දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා අලුතින් ඇඳන් හැටක් තැබීමය. ඒත් එය ද ප්‍රමාණවත් වී නැත.

    Two nurses talk in a hospital corridor

    අපේක්ෂාවක ආලෝකයක්

    පවතින දුෂ්කර පරිසරය ජය ගැනීමට පාඔලෝ ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?

    හෙද – හෙදියන් වෙනුවෙන් ඉතාලිය පුරා ප්‍රදර්ශනය කෙරුණු ආදරය ඔවුන්ගේ කාර්යභාරය ඉහළ මට්ටමින් පවත්වා ගෙන යාමට ශක්තිය සපයන බව පාඔලෝ පවසයි.

    බොහෝ දෙනා හෙද හෙදියන් උත්කර්ෂයට නංවන ලද්දේ විරුවන් ලෙසිනි.

    ක්‍රිමොනා රෝහලේ කාර්ය මණ්ඩලය වෙත තෑගිබෝග ගලා එන්නට විය.

    Two hospital members of staff embrace

    ”අපි වැඩට එන හැම දවසකම අපට යම්කිසි අලුත් දෙයක් ලැබුණා”

    ”පිසා,රසකැවිලි, කේක්, බීමවර්ග….. තවත් දවසක ‘espresso’ කෝපි පැකට් දහස් ගණනක්… ඒවගේම,සුභ පැතුම් පත් එවමින් අපේ චිත්ත ධෛර්යය ශක්තිමත් කළා.”

    එම ත්‍යාග පාඔලෝට එක්තරා සහනයක් විය. එහෙත් ඔහුට කිසිවිටක රෝහල අත්හැර දැමීමට නොහැකි විය.

    A member of hospital staff relaxes on a chair

    “මගේ සේවා මුරය අවසන් කරලා ගෙදර ආවාම මම කම්පාවට පත්වුණා. මම රාත්‍රී නින්දට වැටුනාම කීපවතාවක් ඇහැ ඇරුනා. මගේ වෘත්තීය සගයන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය ඒකයි.”

    මෙහි වැදගත්ම කාරණය පාඔලෝ ඔහුගේ කාර්යභාරය පෙරට ගෙන යාමට අවශ්‍ය ශක්තිය පවත්වා ගැනීමය.

    එහෙත් මෙය පවතින දුෂ්කර තත්ත්වයේ ආරම්භය පමණි. පවුලෝට ගතවෙන හැම දිනම වෙහෙසකාරීය.

    ”මට උමඟ කෙලවර තවමත් ආලෝකයක් දකින්න නැහැ. මට කියන්න බැහැ- මොනවා වේවිද කියල. මේක ඉවරයක් වෙන්න කියල පතන්න විතරයි මට පුළුවන්.”

    Members of staff at the hospital make heart signs to the camera

    මෙම සම්පූර්ණ ලිපිය සහ ඡායාරූප බී.බී.සී සන්දේශය සිංහල වෙබ්අඩවියෙන් (2020 මාර්තු 24) උපුටා ගන්නා ලදි. කාලීන හා ජාතික අවශ්‍යතාව සලකා පළ කරන ලද විශේෂ ලිපියකි – ප්‍රධාන සංස්කාරක

  • ඔලිම්පික් උළෙල කල් දැමීම ගැන මතභේද

    ඔලිම්පික් උළෙල කල් දැමීම ගැන මතභේද

    2020 ඔලිම්පික් උළෙල අවලංගු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව බ්‍රිතාන්‍ය කියයි

    2020 ඔලිම්පික් උළෙලේ සංවිධායකයින් එය “අවලංගු කිරීම පිළිබඳව සොයා බැලිය යුතුය” යනුවෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශකයා සඳුදා පැවසීය. 

    “ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඊට සම්බන්ධ සියලු දෙනාටම පැහැදිලි බවක් ලබා දීම සඳහා නිශ්චිත තීරණයක් ගැනීමට අපට අවශ්‍යයි,” එම ප්‍රකාශකයා දේශපාලන වාර්තාකරුවන්ට පැවසීය.

    ඔලිම්පික් උළෙලේ අපේක්ෂකයින් දැන් මුහුණ දී සිටින “සැලකිය යුතු අවිනිශ්චිතතාව” පිළිබඳව ප්‍රකාශකයා කනස්සල්ල පළ කළ අතර, “ඔවුන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව, ක්‍රීඩා ලෝලීන්ගේ සහ නිලධාරීන්ගේ ක්‍රීඩා උළෙලවල්වල වැඩ කිරීම හේතුවෙන් අතිශයින්ම වැදගත් විය යුතුය.”යැයි පැවසීය.

    ඔලිම්පික් කල් දැමීම සලකා බැලිය යුතු බව ජපානයේ ඔලිම්පික් ප්‍රධානියා පවසයි

    ජපාන ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා කියා සිටියේ කොරෝන වෛරස් වසංගතය අඛණ්ඩව පවතින බැවින් තම රටේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල කල් දැමීම වෙනත් විකල්ප අතර සලකා බැලිය යුතු බවයි.

    සඳුදා මාධ්‍යවේදීන් අමතමින් යසුහිරෝ යමෂිටා මෙසේ පැවසීය: “ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහ ආරක්ෂාව පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් බලන කල, අපට උදව් කිරීමට නොහැකි නමුත් කල් දැමීම ඇතුළු කරුණු සලකා බැලීමට නොහැකි වේදිකාවකට අප පැමිණිය යුතුය […] මම නැවත වරක් කියන්න කැමතියි ජූලි මාසයේ ඔලිම්පික් නොපැවැත්වීමට තීරණය කර නැත. ”

    ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඊයේ නිවේදනය කළේ ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සති හතරක කාල සීමාවක් ලබා දී ඇති බවයි.

    කෙසේවෙතත්, වැඩි කාලයක් ප්‍රමාද වීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බරක් වනු ඇති බවට යමෂිතා අනතුරු ඇඟවූයේ නැවත ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට ඇති හැකියාව නිසාය.

    “මම හිතන්නේ අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔලිම්පික් ගම්මානය ගැන සිතන විට කල් දැමීමේ කාලය වැඩි නොවිය යුතුයි‘

    ඔහුගේ අදහස් දැක්වීම සිදුවන්නේ  කැනඩාව සහ ඔස්ට්‍රේලියාවේ ජාතික ඔලිම්පික් කමිටු කොරෝනා වෛරස අවදානම නිසා මේ වසරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ටෝකියෝවට නොයවන බව පැවසීමෙන් පසුවය. ඔලිම්පික් උළෙලේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපාන ඔලිම්පික් කමිටුව ලබන සිකුරාදා ටෝකියෝ නුවර මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

  • මුඛ ආවරණ පැළදීමේ ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්

    මුඛ ආවරණ පැළදීමේ ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්

    කොරෝනා වෛරයෙන් ආරක්ෂා වීම පිණිස මුඛ ආවරණ පැළදීම පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ (23) ‘කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේදී විශේෂ ප‍්‍රකාශයක් කළා. එහිදී අනිල් ජාසිංහ මහතා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ තවමත් කොවිඩ් 19 රෝගය සමාජීය වශයෙන් පැතිරීමක් නොමැති බවත් ඒ අනුව මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

    එහිදී ජාසිංහ මහතා මෙසේද ප‍්‍රකාශ කළා ‘මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නෑ. තවමත් ලංකාවේ සමාජීය වශයෙන් පැතිරීමක් නෑ. නමුත් එය පැළදීමේ අවශ්‍ය අවස්ථාවක් තිබෙනවා නම් අපි ප්‍රකාශ කරනවා. මුඛ පළදනා භාවිතය වැඩිවීම තුළ කළ යුතු අවශ්‍ය දේ අමතක කරනවා. අවශ්‍ය විට මුඛ පළදනා නැති වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී මුඛ පළදනා අවශ්‍ය නෑ. නමුත් අපිට යම් කිසි පුද්ගලයෙක් මුඛ පළදනවානම් එසේ නොකළ යුතුයි කියලා අපි කියන්නේ නෑ. අපි ඒක රෙකමදාරු කරන්නේ නෑ’

    මේ සම්බන්ධයෙන් අනිල් ජාසිංහ මහතාගේ සම්පූර්ණ ප‍්‍රකාශය ඇතුළත්ව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

  • Covid 19 – මරණ 16,505ක් සහ රෝගීන් 378,601ක්: වැඩිම මරණ ඉතාලියෙන්

    Covid 19 – මරණ 16,505ක් සහ රෝගීන් 378,601ක්: වැඩිම මරණ ඉතාලියෙන්

    ඇමෙරිකාවේ ජොන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් ගෝලීය වශයෙන් වාර්තා වන කොවිඩ් 19 රෝගීන් හා මරණයට පත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් පවත්වාගෙන යන අතර ඒ සදහා ලෝකයේ සියලුම මාධ්‍යයන් මෙම දත්ත පදනම් කර ගනිමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කරයි.

    එම වාර්තාවට අනුව ඊයේ (23* දිනය අවසන් වන විට ගෝලීය වශයෙන් කොවිඩ් 19 අසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 378, 601 ක් වූ අතර තව දුරටත් එහි ඉහළම ස්ථානය චීනය වේ. ඒ නව කොරෝනා ආසාදිතයින් 81,498ක් වාර්තා කරමිනි. දෙවැනි ස්ථානයේ පසුවන ඉතාලියේ 63,927ක්, ඇමෙරිකාව 43901ක්, ස්පාඤ්ඤය 35136ක්, ජර්මනිය 29056ක්, ඉරානය 23049ක්, ප්‍රංශය 20123ක්, දකුණු කොරියාව 8961ක්, ස්විට්සර්ලන්තය 8795ක්, එංගලන්තය 6726ක් වාර්තා කර ඇත.

    කොරෝනා වෛරස ආසාදනයෙන් ගෝලීය වශයෙන් (23දා අවසන් වන විට* සමස්ත මරණ 16,505ක් වාර්තා වී ඇති අතර එහි ඉහළින්ම සිිටින්නේ ඉතාලියයි. එහි සමස්ත මරණ සංඛ්‍යාව 6077ක් වන අතර චීනය 3153ක්, ස්පාඤ්ඤය 2311ක්, ඉරානය 1812ක්, ප්‍රංශය 860ක්, එංගලන්තය 335ක්, නෙදර්ලන්තය 213ක්, ජර්මනිය 123ක් සහ ස්විට්සර්ලන්තය 111ක් වශයෙන් ගෝලීය වශයෙන් ඉදිරියෙන්ම සිටිනවා.

    ජොන්ස් හෝප්කින්ස් වාර්තාවන අනුව කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන් 100,982ක් ගෝලීය වශයෙන් වාර්තා වන අතර චීනය හුබෙයි 59882ක් ඉරානය 8376ක්, ඉතාලිය 7432ක්, ස්පාඤ්ඤය 3355ක්, දකුණු කොරියාව 3166ක් සහ ප්‍රංශය 2200ක් වශයෙන් සුවය ලබා තිබෙනවා.

    වුහාන් නගරයෙන් දින හයකට පසුව කොවිඩ් 19 ආසාදිතයෙක්

    නව කොරෝන වසංගතයේ ආරම්භක ස්ථානය වන වුහාන් නගරයෙන් දින හයකට පසුව කොවිඩ් 19 ආසාදිතයෙක් හමුවූ බව හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිෂම උපුටා දක්වමින් චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.

    හුබෙයි පළාතෙන් වාර්තා වූ එකම කොවිඩ් ආසාදිතයා මොහු බවත් හුබෙයි පළාතෙන් නව මරණ හතක් වාර්තා වූ අතර ඒ සියල්ලම වුහාන් නුවරින් වාර්තා වූ බව චීන මාධ්‍ය වාර්තාවල සදහන්.

    සඳුදා දිනයේදී සුවය ලැබීමෙන් පසු රෝගීන් 444 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් 4200 දෙනාගෙන් 1203 දෙනෙකු තවමත් බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා කියන්නේ.

    හුබෙයි පළාතෙන් කොරෝනා 19 තහවුරු වූ රෝගින් සංඛ්‍යාව 67,801 ක් වන අතර එයින් 50,006 ක්ම වූහාන් නුවරින් වාර්තා වුණා.

    මියන්මාරයෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වෙයි

    අග්නිදිග ආසියානු රාජ්‍යයක් වන මියන්මරයෙන් පළමු වරට නව කොරෝන වෛරස් රොගීන් දෙදෙනකු වාර්තා වී තිබෙන අතර ඔවුන් දෙදෙනාම මෑතකදී එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට සංචාරය කළ මියන්මාර ජාතිකයන් දෙදෙනෙක් බවයි මියන්මාර මාධ්‍ය වාර්තා කියන්නේ.

    මිලියන 50 ජනගහණයක් සහිත මියන්මාරය පසුගිය සතියේ තම දේශ සීමා වසා දැමූ අතර එළඹෙන බෞද්ධ අලුත් අවුරුද්ද ඇතුළු මහජන රැස්වීම් තහනම් කිරීමට පියවර ගත්තා.

    කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් සිටියදී මේ මස මුලදී විශේෂ ප‍්‍රකාශයක් කළ මියන්මාර රජයේ ප්‍රකාශක සැව් හ්ටේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ‘මියන්මාර පුරවැසියන්ගේ ජීවන රටාව සහ ආහාර රටාව’ වෛරසයෙන් රට ආරක්ෂා කර ඇති බවයි.

  • Covid 19 – World Hot News Review: ඔක්ස්ෆර්ඩ්  – චීන විද්‍යාඥයින්ගේ පර්යේෂණ සාර්ථකයි

    Covid 19 – World Hot News Review: ඔක්ස්ෆර්ඩ් – චීන විද්‍යාඥයින්ගේ පර්යේෂණ සාර්ථකයි

    ගෝලීය තත්ත්වය ගැන දැනගත යුතු දේ කෙටියෙන්

    • නිව්යෝර්ක් නගරාධිපතිවරයා පැවසුවේ රෝහල්වලට මේ සතියේ පමණක් අවශ්‍ය තරම් සැපයුම් ඇති බවයි.
    • එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල්වරයා අනතුරු අගවමින් කියා සිටියේ සතියේ කොරෝනා වසංගතය නරක අතට හැරෙනු ඇති බවයි.
    • ගෝලීය කොටස් වෙළෙදපොළ අද කඩා වැටුණේය.
    • එක්සත් ජනපද සෙනෙට් සභිකයින් දැවැන්ත උත්තේජක පැකේජයක් පිළිබදව දිගටම සාකච්ඡා කරමින් සිටී.
    • ඉන්දියාව පුරා මිලියන 750 කට අධික ජනතාවක් අගුලු දමා ඇත.
    මාර්තු 23 වන සඳුදා – මිලාන්හි සැන් රෆායෙල් රෝහල අසල දැඩි සත්කාර ඒකකයක් පිහිටුවා ඇති ක්‍රීඩා මධ්‍යස්ථානයකින් පිටත ගිලන් රථයකින් වෛද්‍ය සේවකයින් බලා සිටියි. 

    කොරොන වයිරස් වසංගතයෙන් ඉතාලි වෛද්‍යවරුන් 23 දෙනෙකු මියගොස් තිබේ

    කොරෝනා වයිරස් වසංගතය ආරම්භ වූ දා සිට ඉතාලියේ දී මියගිය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සම්මේලනය පවසයි.

    අවාසනාවකට මෙන්, කොවිඩ් -19 වසංගතය අතරතුර මිය යන වෛද්‍යවරුන්ගේ කනගාටුදායක ලැයිස්තුව වැඩි වෙමින් පවතී. ආසාදිත සෞඛ්‍ය සේවකයින්ගේ නිල දත්ත සෑම දිනකම සවස ඉස්ටිටුටෝ සුපීරියර් ඩි සනිටා විසින් නිකුත් කරන අතර බොහෝ වෛද්‍යවරු හදිසියේම මිය යති. මරණයට හේතුව වෛරසයට සෘජුවම නිරාවරණය වීම නොවුවත් …“  ඉතාලි වෛද්‍ය සම්මේලනය  සිය වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

    මියගිය වෛද්‍යවරුන් 23 දෙනාගෙන් 19 දෙනෙකු පමණ ලොම්බාර්ඩි කලාපයේ සේවය කළ අතර එය කොරොන වයිරසයෙන් වඩාත් පීඩාවට පත් කලාපය විය. අනෙක් සිව්දෙනා නේපල්ස් (දකුණු ඉතාලිය), එමිලියා රොමග්නා (උතුරු ඉතාලිය) සහ මාර්චේ (මධ්‍යම ඉතාලිය) හි සේවය කළහ. පසුගිය ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද ආයතනයේ නවතම වාර්තාවට අනුව සෞඛ්‍ය සේවකයින් 4,824 ක් පමණ කොරොන වයිරස් ආසාදනය වී ඇත.

    ඩොලර් 25ක කොරෝනා වයිරස් පරීක්ෂණය

    ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයින් COVID-19 සඳහා මිනිත්තු 30 ක පරීක්ෂණයක් සකස් කර ඇති අතර එය ඕනෑම තැනක කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා ඩොලර් 25 ක් පමණ වැය වේ.

    චීනයේ හවුල්කාර වෛද්‍යවරුන් සමඟ කටයුතු කරන පර්යේෂකයින් කණ්ඩායමක් සති 8 ක පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඒ සදහා රසායනික ද්‍රව්‍ය හා එන්සයිම මිශ්‍රණයක් භාවිතා කරන අතර වෛරසය ඉදිරියේ රෝස සිට කහ පැහැයට හැරේ. පරීක්ෂණයට එහි වේගය දෙකටම විශාල වාසියක් ඇත, නමුත් රසායනික ද්‍රව්‍ය පැය භාගයක් සඳහා 65 ° C (හෝ 150 ° F)  පමණක් තබා ගත යුතු අතර, එය ඕනෑම රෝහලකදී හෝ අවසානයේදී නිවසේදී පවා පහසුවෙන් කළ හැකිය. බාධක ඇති වුවද, ඉදිරි දිනවලදී පරීක්ෂණයට සායනික පරීක්ෂණ සම්පූර්ණ කිරීමට හැකි වනු ඇත.

    “අපට කළ යුතු දේ 3 ක් තිබෙනවා” යැයි කණ්ඩායමට නායකත්වය දුන් මහාචාර්ය ෂෙන්ෆැන්ග් කුයි Professor Zhengfang Cui පැවසීය. 

    “පළමුවැන්න සායනික අත්හදා බැලීම් ලබා ගැනීමයි. අපි ඒවා ඔක්ස්ෆර්ඩ් සරසවියේ රෝහලෙන් ආරම්භ කළෙමු. දෙවන කාරණය නියාමන අනුමැතියයි regulatory approval, එය සිදු කරනු ලබන පරීක්ෂණ ගණන මත පදනම් වේ. තුන්වැන්න නම් කර්මාන්ත හවුල්කරුවන් මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවට නැංවීමයි. ඒ සඳහා අපට පිරිසිදු කාමර සහ නිෂ්පාදන පහසුකම් අවශ්‍යයි. එවිට අපට සති 4ක් ඇතුළත පර්යේෂණ අවසන් කර නිෂ්පාදන බිහිකර ගත හැකිය” යනුවෙන් ෂෙන්ෆැන්ග් මහතා පැවසීය.

    එක්සත් ජනපදයේ දැන් අවම වශයෙන් කොරෝනවෛරස් රෝගීන් 34,000ක්

    එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය පද්ධති හරහා හඳුනාගෙන පරීක්ෂාවට ලක් කරන ලද කොරෝන වයිරස් රෝගීන් 34,407ක් පමණ සිටිය හැකි බවත් ඉන්  පුද්ගලයින් 414 දෙනෙකු මියගොස් ඇති බවත් සී.එන්.එන්. පුවත් සේවය කියයි.

    ඉන්දියාව සම්පූර්ණ අගුලු දැමීම බිලියන 1.3 ක ජනගහනයකට බලපායි

    කොරෝනා වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඉන්දියාවේ ප්‍රාන්ත 28 න් 19 ක් සහ යුනියන් බලප්‍රදේශ නවයක් මුළුමනින්ම වසා දැමීමට පියවර ගෙන තිබේ.

    ප්‍රාන්ත හයක් සහ යූනියන් බලප්‍රදේශයක් පූර්ණ අගුලු දමා ඇත්තේ ඇතැම් දිස්ත්‍රික්කවල පමණක් වන අතර, සමාජ දුරස්ථභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාන්ත / ස්වයං පාලන කලාප තුනක් අර්ධ වශයෙන් සීමාවන් පනවා ඇති බව එරට කනිෂ්ඨ සෞඛ්‍ය ලේකම් ලැව් අගර්වාල් සඳුදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    සම්පුර්ණයෙන්ම අගුළු දමා ඇති ප්‍රාන්තවල, අත්‍යවශ්‍ය සේවාවන් පමණක් ක්‍රියාත්මක වනු ඇති අතර සියලුම වෙළඳසැල්, වාණිජ ආයතන, කර්මාන්තශාලා, වැඩමුළු, කාර්යාල, වෙළඳපල සහ පූජනීය ස්ථාන වසා දමා අන්තර් රාජ්‍ය බස් හා මෙට්‍රෝ අත්හිටුවා ඇත. මෙම කාලය තුළ ඉදිකිරීම් කටයුතු ද නතර කර ඇත.

    අන්ද්‍රා ප්‍රදේශ්, අරුණාචාල් ප්‍රදේශ්, බිහාර්, චන්දිගාර්, චට්ටිස්ගාර්, දිල්ලි, ජම්මු සහ කාශ්මීරය, ලඩාක්, ගෝවා, හිමාචල් ප්‍රදේශ්, ජාර්කන්ඩ්, මහාරාෂ්ට්‍ර, නාගලන්ඩ්, පන්ජාබ්, රාජස්ථාන් ත්‍රිපුර, උත්තරාකන්ඩ් සහ බටහිර බෙංගාලය අගුළු දමා ඇති ප්‍රාන්ත වේ.

    බිලියන 1.3 ක් වන ඉන්දියාවේ විශාලතම නගර වන, අගනුවර නවදිල්ලිය, මුම්බායි හි මූල්‍ය කේන්ද්‍රය, බැංගලෝර් සහ හයිද්‍රාබාද්හි තාක්ෂණික නගර මෙන්ම පූනේ සහ කොල්කටා ද අගුළු දමා තිබේ.

    දිල්ලියේ සහ මුම්බායි හි පිළිවෙලින් පුද්ගලයින් පස් දෙනෙකු සහ හතර දෙනෙකු රැස්වීම තහනම් කර ඇති අතර එය චෝදනා කළ හැකි වරදකි.

    ඉන්දියාවේ ඇගුළු දැමීම මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වේ.

    2020 ඔලිම්පික් උළෙල අවලංගු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව බ්‍රිතාන්‍ය කියයි

    2020 ඔලිම්පික් උළෙලේ සංවිධායකයින් එය “අවලංගු කිරීම පිළිබඳව සොයා බැලිය යුතුය” යනුවෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශකයා සඳුදා පැවසීය. 

    “ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඊට සම්බන්ධ සියලු දෙනාටම පැහැදිලි බවක් ලබා දීම සඳහා නිශ්චිත තීරණයක් ගැනීමට අපට අවශ්‍යයි,” එම ප්‍රකාශකයා දේශපාලන වාර්තාකරුවන්ට පැවසීය.

    ඔලිම්පික් උළෙලේ අපේක්ෂකයින් දැන් මුහුණ දී සිටින “සැලකිය යුතු අවිනිශ්චිතතාව” පිළිබඳව ප්‍රකාශකයා කනස්සල්ල පළ කළ අතර, “ඔවුන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව, ක්‍රීඩා ලෝලීන්ගේ සහ නිලධාරීන්ගේ ක්‍රීඩා උළෙලවල්වල වැඩ කිරීම හේතුවෙන් අතිශයින්ම වැදගත් විය යුතුය.”යැයි පැවසීය.

    ඔලිම්පික් කල් දැමීම සලකා බැලිය යුතු බව ජපානයේ ඔලිම්පික් ප්‍රධානියා පවසයි

    ජපාන ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා කියා සිටියේ කොරෝන වෛරස් වසංගතය අඛණ්ඩව පවතින බැවින් තම රටේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල කල් දැමීම වෙනත් විකල්ප අතර සලකා බැලිය යුතු බවයි.

    සඳුදා මාධ්‍යවේදීන් අමතමින් යසුහිරෝ යමෂිටා මෙසේ පැවසීය: “ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහ ආරක්ෂාව පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් බලන කල, අපට උදව් කිරීමට නොහැකි නමුත් කල් දැමීම ඇතුළු කරුණු සලකා බැලීමට නොහැකි වේදිකාවකට අප පැමිණිය යුතුය […] මම නැවත වරක් කියන්න කැමතියි ජූලි මාසයේ ඔලිම්පික් නොපැවැත්වීමට තීරණය කර නැත. ”

    ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඊයේ නිවේදනය කළේ ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සති හතරක කාල සීමාවක් ලබා දී ඇති බවයි.

    කෙසේවෙතත්, වැඩි කාලයක් ප්‍රමාද වීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බරක් වනු ඇති බවට යමෂිතා අනතුරු ඇඟවූයේ නැවත ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට ඇති හැකියාව නිසාය.

    “මම හිතන්නේ අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔලිම්පික් ගම්මානය ගැන සිතන විට කල් දැමීමේ කාලය වැඩි නොවිය යුතුයි‘

    ඔහුගේ අදහස් දැක්වීම සිදුවන්නේ  කැනඩාව සහ ඔස්ට්‍රේලියාවේ ජාතික ඔලිම්පික් කමිටු කොරෝනා වෛරස අවදානම නිසා මේ වසරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ටෝකියෝවට නොයවන බව පැවසීමෙන් පසුවය. ඔලිම්පික් උළෙලේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපාන ඔලිම්පික් කමිටුව ලබන සිකුරාදා ටෝකියෝ නුවර මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

    ඉරාන උත්තරීතර නායක කාර්යාලයේ නිල වෙබ් අඩවිය විසින් නිකුත් කරන ලද මෙම පින්තූරයේ, මාර්තු 22 වන ඉරිදා රාජ්‍ය රූපවාහිනියෙන් ජාතිය ඇමතීමට පෙර උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වාඩි වී සිටින අයුරු

    එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඉරානයේ උත්තරීතර නායකයාට චෝදනා කරයි

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි කොරෝන වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා නිසි පරිදි කටයුතු නොකරන බව චෝදනා කරමින් ඇමෙරිකානු ලේකම් මයික් පොම්පියෝ අද ප්‍රකාශයක් නිකුත් කළේය.

    පොම්පියෝගේ ප්‍රකාශයෙන් කියැවුණේ ඉරානයේ “ගොතන ලද ප්‍රවාද නිසා ඉරාන ජනතාව සහ ලොව පුරා සිටින අය “වැඩි අවදානමක්” ඇති කරන බවයි. 

    පසුගිය ඉරිදා ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි එක්සත් ජනපදය කොරෝන වෛරසය නිර්මාණය කළ බවට චෝදනා කළ අතර වෛරසයට ප්‍රතිකාරයක් ලබා දීමෙන් ඉරාන ජනතාව එක්සත් ජනපදය කෙරෙහි විශ්වාසය තබන්නේ මන්දැයි ප්‍රශ්න කළේය. ඔහු යෝජනා කළේ එක්සත් ජනපදය ඉරාන ජනතාවට තවදුරටත් විරුද්ධ වීමට කොරෝනා වයිරසය නිර්මාණය කළ බවයි.  

    පොම්පියෝ පැවසුවේ ඉරානය තීරණාත්මක ක්‍රියාමාර්ගයක් නොගත් බවත්, කොරෝනා වෛරසයෙන් සිදුවන මරණ හා මරණ සංඛ්‍යාව පිළිබඳව විනිවිද නොපෙනෙන බවත්ය. 

    “ඉරාන තන්ත්‍රය තමන්ගේ සෞඛ්‍ය නිලධාරීන්ගේ පුන පුනා අනතුරු ඇඟවීම් නොතකා හැරියේය. අවම වශයෙන් දින නවයක්වත් කොරෝන වෛරසයෙන් සිදු වූ පළමු මරණය ප්‍රතික්ෂේප කළේය. අවාසනාවකට මෙන් පාලන තන්ත්‍රය පිළිගන්නා ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි සිද්ධීන් හා මරණ සංඛ්‍යාව පිළිබඳව ඉරාන පාලන තන්ත්‍රය ඉරාන ජනතාවට සහ ලෝකයට දිගින් දිගටම බොරු කියයි.

    වසංගතය සමඟ කටයුතු කිරීම සඳහා ඉරානය එක්සත් ජනපදයේ සහාය ප්‍රතික්ෂේප කළ බව පොම්පියෝ පැවසීය. “කමේනි මෙම යෝජනාව ප්‍රතික්ෂේප කළේ ඔහු කුමන්ත්‍රණ න්‍යායන් සැකසීමට වෙහෙස මහන්සි වී වැඩ කරන නිසාත් ඉරාන ජනතාව කෙරෙහි දෘෂ්ටිවාදයට ප්‍රමුඛත්වය දෙන නිසාත්” යැයි පොම්පියෝ පැවසීය.

    ඉරානයේ තත්වය පවතින්නේ කොතැනද: නව කොරොන වයිරස් ආසාදිතයින් 1,411ක් රට විසින් තහවුරු කර ඇති අතර, එම රෝගීන් සංඛ්‍යාව 23,049 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කියුනුෂ් ජහන්පූර් සඳුදා රාජ්‍ය රූපවාහිනියෙන් පැවසීය. කොරොන වයිරස් ආශ්‍රිත මරණ 127 ක් රට තුළ සිදුවී ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 1,812 කි.

    මගේ දූවරුන්ට එංගලන්තයට වඩා මෙහි ආරක්ෂිතයි’ කියා ඉතාලියේ නරකම ප්‍රදේශයේ නගරාධිපති පවසයි

    ඉතාලියේ බර්ගමෝ නගරාධිපති ජෝජියෝ ගෝරි

    කොරෝන වෛරසයෙන් දරුණුතම හානියට පත් ඉතාලියේ බර්ගමෝ නගරාධිපති ජෝජියෝ ගෝරි තම දියණියන් එංගලන්තයේ සිට ඉතාලියේ නිවසට ගෙන එන්නේ ඔවුන් ඉතාලියේ ආරක්ෂිත යැයි සිතන නිසා යැයි පසුගිය සඳුදා බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති නාලිකාවකට පැවසීය.

    ‘මට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් එංගලන්තයේ ඉගෙනුම ලබන අතර බ්‍රිතාන්‍ය රජය මෙම ගැටලුව ගැන සිතන්නේ කුමක්දැයි දුටු විට මම ඔවුන්ව නැවත ගෙන ඒමට තීරණය කළා. මන්ද අප වසංගතයේ කේන්ද්‍රයේ සිටියත් එංගලන්තයට වඩා ඔවුන් මෙහි වඩා ආරක්ෂිත යැයි සිතනවා. (බ්‍රිතාන්‍ය) රජය පුරවැසියන් ආරක්ෂා කිරීමට නියමිත වේලාවට තීරණය නොකළේ මන්දැයි මට තේරෙන්නේ නැත “බර්ගමෝ නගරාධිපති ජෝජියෝ ගෝරි ස්කයි නිව්ස් වෙත පැවසීය. 

    මිලාන් වලට උතුරින් පිහිටි බර්ගමෝ, ඉතාලියේ කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ පළාත වන අතර, රෝගීන් 6216 ක් වාර්තා වී ඇති බව ඉතාලි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

    Surgeon General Jerome Adams ශල්‍ය වෛද්‍ය ජෙනරාල් ජෙරොම් ඇඩම්ස් මාර්තු 19 වන බ්‍රහස්පතින්දා ධවල මන්දිරයේදී කොරෝනා වයිරස් කාර්ය සාධක බලකාය සමඟ මාධ්‍ය හමුවකදී 

    “මේ සතියේ එය නරක අතට හැරෙනු ඇත” එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල්

    එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල් වෛද්‍ය ජෙරොම් ඇඩම්ස් Surgeon General Jerome Adams අද (23) උදෑසන එන්බීසී නාලිකාව අමතමින් ජාතියට “දැඩි” පණිවිඩයක් ලබා දුන්නේය.  

    “මට ඇමරිකාව තේරුම් ගැනීමට අවශ්‍යයි – මේ සතියේ එය නරක අතට හැරෙනු ඇත,” ඇඩම්ස් පැවසුවේ, සමහර අය සමාජ දුරස්ථභාවය නිසි ලෙස භාවිතා කර නොමැති බවයි.

    “පැතිරීම සිදුවන්නේ එලෙසයි. එබැවින් අපට සැබවින්ම සෑම කෙනෙකුටම නිවසේ රැඳී සිටීමට අවශ්‍යයි,” ඇඩම්ස් පැවසීය. “නිවැරදි දේ කරන බොහෝ දෙනෙක් සිටින බව මම සිතමි. නමුත් අවාසනාවකට මෙන් බොහෝ දෙනෙකුට මෙය සිදුවන්නේ නැතැයි සිතන බව මම සිතමි.”

    අවම වශයෙන් ප්‍රාන්ත හතකට රෝගීන් 1,000 ක් හෝ ඊට වැඩි ගණනක් ඇත:

    1. නිව් යෝර්ක්: රෝගීන් 16,887 ක්, මරණ 114 ක්
    2. වොෂිංටන්: රෝගීන් 2,025 ක්, මරණ 95 ක්
    3. නිව් ජර්සි: රෝගීන් 1,914 ක්, මරණ 20 ක්
    4. කැලිෆෝනියා: රෝගීන් 1,488 ක්, මරණ 32 ක්
    5. ඉලිනොයිස්: 1,049, නඩු, මරණ 9 ක්
    6. මිචිගන්: රෝගීන් 1,035 ක්, මරණ 8 ක්
    7. ෆ්ලොරිඩා: රෝගීන් 1,001 ක්, මරණ 2 ක්

    පුටින්ට මොස්කව්හි රැඳී සිටීමේ නියෝග අදාළ නොවේ

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මාර්තු 20 වන දින රුසියාවේ මොස්කව්හි ක්‍රෙම්ලින්හි ආරක්ෂක මණ්ඩල රැස්වීමක මුලසුන හොබවයි.

    වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්ට හෝ නිදන්ගත රෝග ඇති අයට නිවසේ රැඳී සිටින ලෙස මොස්කව් බලධාරීන් විසින් දෙන ලද නියෝගය 67 වැනි වියේ පසුවන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අදාළ නොවන බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳුදා පැවසීය.

    ජනපතිවරයා තවමත් වැඩ කරමින් සිටී, ඔබට එය පෙනේ, ”පෙස්කොව් සම්මන්ත්‍රණ ඇමතුමකදී වාර්තාකරුවන්ට පැවසීය.

    “ඇත්ත වශයෙන්ම, කිසිවෙකු කිසිදු දැවැන්ත මහජන උත්සවයක් පවත්වන්නේ නැත. අපි ඒවා දැන් සලකා බලන්නේ නැත. නමුත් වැඩ කටයුතු වැඩකි. විශේෂයෙන් ජනාධිපතිවරයාගේ කාර්යය ව්‍යතිරේකයකි.”ඔහු වැඩි දුරටත් පැවසීය.

    ජපානයේ නිකේ 225 දර්ශකය පෙන්වන විද්‍යුත් කොටස් පුවරුවක් පදිකයෙකු පසු කරයි.

    ලොව පුරා නගර වැසී යාමත් සමඟ ගෝලීය කොටස් වෙළෙදපොළ කඩා වැටේ

    ලොව පුරා ආණ්ඩු තම නගර වසා දමා ඇති අතර එක්සත් ජනපදය දැවැන්ත උත්තේජක පැකේජය පිළිබද වාද විවාද කිරීම නිසා එක්සත් ජනපදයේ ඇතුළු ලොව පුරා කොටස් වෙළෙදපොළ අද දින කඩා වැටුණේය.

    ඩව් ෆියුචර්ස් එක් අවස්ථාවකදී ලකුණු 900 කට වඩා පහත වැටුණු අතර එය 5% ක පහත වැටීමකට ලක් විය. එමඟින් අනාගතය තවදුරටත් පහත වැටීම වලක්වනු ලැබීය. ඔවුන් අවසන් වරට ලකුණු 800 ක් හෙවත් 4% කින් පහත වැටුණි.

    එස් ඇන්ඩ් පී 500 සහ නැස්ඩැක් ෆියුචර්ස් ද 5% තරම් පහත වැටුණු අතර අවසන් වරට පිළිවෙලින් 3.8% සහ 3.1% කින් පහත වැටුණි.

    ආසියාවේ සහ යුරෝපයේ කොටස් වඩාත් කැපී පෙනෙන ලෙස පහත වැටුණි. ඕස්ට්‍රේලියාවේ සහ දකුණු කොරියාවේ වෙළඳපල 5% කට වඩා පහත වැටී ඇත. හොංකොං හි හැන්ග් සෙන්ග් දර්ශකය 4.9% කින් පහත වැටුණු අතර චීනයේ ෂැංහයි සංයුක්තය 3.1% කින් පහත වැටුණි.

    ලන්ඩනයේ එෆ්ටීඑස්ඊ 100 මුල් වෙළඳාමේ දී 4.4% කින් පහත වැටුණි. ජර්මනියේ ඩැක්ස් සහ ප්‍රංශයේ සීඒසී 40 ද 4% කින් අඩු විය.

    ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් කරන ලද වාර්තාවකට අනුව අවම වශයෙන් පුද්ගලයින් 341,000 ක් කොරෝනා වයිරස් රෝගයට ගොදුරු වී ඇති අතර 14,700 කට වැඩි පිරිසක් මියගොස් ඇත – තවදුරටත් ගමන් තහනම් කිරීම්, වසා දැමීම් සහ ව්‍යාපාර සඳහා බාධා කිරීම්.

    ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඉන්දියාව යන රටවල වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා නව ක්‍රියාමාර්ග පනවා ඇති අතර එක්සත් රාජධානිය සලකා බලන්නේ සිකුරාදා දින අවන්හල් සහ ආපනශාලා වසා දමන ලෙසට පැවසීමෙන් පසුව වැඩිදුර ක්‍රියාමාර්ග අවශ්‍යද යන්නයි.

    ස්පාඤ්ඤය අපේක්ෂා කරන්නේ බදාදා වන විට පුපුරා යාම උපරිම වනු ඇති බවයි

    රටේ කොවිඩ් -19 වසංගතයේ “උච්චතම අවස්ථාව” බදාදා වන විට සිදුවනු ඇතැයි ස්පාඤ්ඤ බලධාරීන් අපේක්ෂා කරයි.

    මැඩ්රිඩ් හි ප්‍රාදේශීය රජයේ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරි එන්රික් රූයිස් එස්කුඩෙරෝ පසුගිය සදුදා පැවසුවේ මේ සතිය අවසන් වන විට රටේ රෝගීන් සංඛ්‍යාව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.”අපි විශ්වාස කරනවා මේ සතියේ අපි සුප්‍රසිද්ධ ‘උච්චතම ස්ථානයට’ පැමිණෙනු ඇත – එහිදී අපට නව අවස්ථා පෙනේ, නමුත් පෙර දිනට වඩා අඩුය,” ඔහු පැවසීය.

    මෙම ඇස්තමේන්තුව පදනම් වී ඇත්තේ වෛරසයේ උපරිම පුර්ව ලියාපදිංචි තක්සේරු කාලය (දින 14) සහ රට පුරා හුදකලා කිරීමේ පියවර සහ පාසල් වසා දැමීම් අතර සහසම්බන්ධය මත බව එස්කුඩෙරෝ පැහැදිලි කළේය.

    සෞඛ්‍ය සේවකයින් ධනාත්මක බව පරීක්‍ෂා කරයි: මැඩ්රිඩ් හි සෞඛ්‍ය සේවකයින් 600 ක් කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ අතර තවත් 1,400 ක් ආසාදිත රෝගීන් සමඟ ඍජු සම්බන්ධ වූ සහ නිවෙස් හුදකලා වීමේ වැළැක්වීමේ නිරතව සිටිති.

    ආසාදිත හෙද නිවාස: ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි සියලුම සාත්තු නිවාසවලින් 20% ක් පමණ කොවිඩ් -19 රෝගීන් ලියාපදිංචි කර ඇති බව මැඩ්රිඩ්හි ප්‍රාදේශීය ආණ්ඩුවේ උප සභාපති ඉග්නේෂියෝ ඇගුවාඩෝ සඳුදා ගුවන් විදුලියට පැවසීය.

    “ගැටලුව වන්නේ එහි වෙසෙන ජනතාව ඉතා අවදානමට ලක්ව සිටීමයි: අපේ වැඩිහිටියන්. වෛරසය එහි පැමිණි විට එය විනාශකාරී ය,” ඔහු පැවසීය.

    ජර්මනියේ කොරෝනා වයිරස් රෝගීන් අඛණ්ඩව ඉහළ යයි

    කොරොන වයිරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල සූදානම් වන විට ස්වේච්ඡා සේවකයෝ මාර්තු 21 වන දින ජර්මනියේ ලයර්හි පිහිටි ශාන්ත මරියන් රෝහලට ඇඳන් ප්‍රවාහනය කරති

    ජර්මනිය සඳුදා මරණ 86 ක් සහ නව කොරොන වයිරස් රෝගීන් 22,672 ක් වාර්තා කර තිබේ. රෝග පාලනය හා වැළැක්වීමේ ජාතික ඒජන්සිය වන රොබට් කොච් ආයතනයේ සභාපති ලොතර් වයිලර් පැවසුවේ මියගිය අයගේ සාමාන්‍ය වයස අවුරුදු 82 ක් බවයි. මියගිය අයගෙන් 57% ක් පිරිමින් වන අතර 43% ක් කාන්තාවන් ය.

    ජර්මනියේ ආසාදන දිගින් දිගටම ඉහළ යත්ම, සමාජ දුරස්ථභාවය පුරුදු කරන ලෙස වයිලර් යළිත් වරක් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

    “කරුණාකර අවම වශයෙන් මීටර් 1.5 ත් 2 ත් අතර දුරක් තබා ගන්න, කරුණාකර සනීපාරක්ෂක නීති රීති පිළිපදින්න, අත් සෝදා වැලමිටට කිවිසුම් යන්න,” වීලර් පැවසීය.

    “ජර්මනියේ අනෙකුත් රටවල් හා සසඳන විට අපට විශාල පරීක්ෂණ ධාරිතාවක් ඇත,” ඔහු පැවසීය. “අපගේ පරීක්ෂණ ධාරිතාව සෑම විටම වැඩි වෙමින් පවතී. පරීක්ෂණ එහි ඇත, නමුත් අපට ඉලක්කයක් සමඟ පරීක්ෂා කළ යුතුය.”

    දකුණු කොරියාව පසුගිය මාසයේ වාර්තා වූ දින සිට අවම දෛනික ආසාදන සංඛ්‍යාවක් වාර්තා කරයි

    මාර්තු 17 වන දින සෝල් හි යැංජි රෝහලෙන් පිටතදී කොරොන වයිරස් පරීක්ෂාවට ලක් කිරීමට මිනිසුන් බලා සිටී. 

    දකුණු කොරියාව ඉරිදා සිට තවත් කොරොන වයිරස් රෝගීන් 64 ක් වාර්තා කර ඇති අතර එය ජාතික සංඛ්‍යාව 8,961 ක් දක්වා ඉහළ නංවා ඇති බව කොරියාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන සඳුදා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    පෙබරවාරි 29 වන දින දෛනිකව වාර්තා වූ සිද්ධීන් 909 ක් වූ පසු අඩුම දෛනික සංඛ්‍යාව එයයි.

    ජාතික මරණ සංඛ්‍යාව 111 ක් වන අතර ඉරිදා මරණ 7 ක් එකතු වී තිබේ.

    නව ආසාදන 64 අතුරින් 24 ක් ඩේගු, 14 ක් ජියොන්ගි පළාතෙන් සහ 13 ක් ගුවන්තොටුපල පරීක්ෂාවෙන් තහවුරු වී ඇති බව ප්‍රවෘත්ති නිවේදනයේ දැක්වේ.

    2020 මාර්තු 23 වන දින සී.එන්.එන්. පුවත් වාර්තාවක් අසුරිණි – සකස් කළේ තුෂාධවි.

  • හෙට පක්ෂ නායක රැස්වීමක්

    හෙට පක්ෂ නායක රැස්වීමක්

    හෙට (24) පෙරවරුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙන අතර අරලිය ගහ මන්දිරයේදී මෙම රැස්වීම පැවැත්වේ. මේ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

  • ජනපති ජනතාවට ලබා දුන් සුපිරි සහන 16 මෙන්න

    ජනපති ජනතාවට ලබා දුන් සුපිරි සහන 16 මෙන්න

    කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. සියලු සහන අද (මාර්තු 23 දා) සිට ක්‍රියාත්මකයි.

    මේ සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම බැංකු, මූල්‍ය ආයතන හා කල්බදු ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර තිබේ.

    ප්‍රදානය කර ඇති සහන මෙසේය,

    1. ආදායම් හා වැට් බදු, රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු රුපියල් 15,000 ට අඩු ජල, විදුලි බිල්පත්, වරිපනම් බදු, බැංකු චෙක්පත් වලංගු කාලසීමා, රුපියල් 50,000 ට අඩු මාසික ණයපත් (Credit Card) ගෙවීම් 2020 අප්‍රේල් මස 30 වන දින දක්වා දීර්ඝ කර ඇත.
    2. ත්‍රිරෝද රථ හිමියන්ගෙන් ලීසිං ණය වාරික අය කරගැනීම මාස 06 කට අත්හිටුවීම.
    3. රජයේ සේවකයින්ගේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික අයකිරීම් 2020 මැයි මස 30 වන දින දක්වා අත්හිටුවා තිබේ.
    4. බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති රුපියල් ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අයකරගැනීම මාස 03 කට අත්හිටුවා ඇත.
    5. රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන්ගේ, මාර්තු මස අභ්‍යාසලාභී දීමනාව වන රුපියල් 20,000 ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කෙරේ.
    6. කොරෝනා වෛරසය මර්දනයේ නිරත සෞඛ්‍ය, පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු රජයේ සේවකයින් සඳහා වන අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ දෙගුණයකින් වැඩි කෙරේ.
    7. සංචාරක, ඇගළුම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා  මාස 06 ක ණය සහන කාලයක් (DEBT MORATORIUM) ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකා මහ බැංකුව එම මුදල් ප්‍රතිමූල්‍ය කිරීම.
    8. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ඒකාබද්ධව භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් වල මුදල් ආයෝජනය කිරීමේදී, එමගින් මුදල් වෙළඳපොළ 7% ක පොළී අනුපාතය යටතේ ස්ථාවර කිරීම.
    9. මාසික ණය මුදල රුපියල් 50,000 දක්වා වන දේශීය ගණුදෙනු සඳහා භාවිත ණයපත් (Credit Card) සඳහා ණය පොළී අනුපාතය 15% ක උපරිමයකට යටත් කිරීම හා අවම මාසික අයකිරීම 50% කින් අඩුකිරීම.
    10. ඇඳිරි නීතිය නැති අවස්ථාවල සියලුම බැංකු ශාඛා ගණුදෙනුකරුවන්ට උපරිම සේවාවක් සැලසෙන පරිදි විවෘතව තැබීම
    11. ශ්‍රී ලංකා වරාය, රේගුව හා සෙසු නියාමන ආයතන අත්‍යාවශ්‍ය ආහාර, පොහොර, ඖෂධ සහ ඉන්ධන අඛණ්ඩව අදාළ පුද්ගලයින්ට නිකුත් කළ යුතුය.
    12. සමෘද්ධිලාභීන් හා සමෘද්ධි කාඩ්පත් හිමියන් සඳහා රුපියල් 10,000 ක පොළී රහිත අත්තිකාරම් මුදලක් සියලුම සමෘද්ධි බැංකු සංගම් මගින් ලබාදීම.
    13. ලංකා සතොස හා සමූපකාර වෙළෙඳසැල් වැට් බදු හා වෙනත් ප්‍රාදේශීය බදු හා ගාස්තු වලින් නිදහස් කිරීම.
    14. අඩු ආදායම්ලාභීන් සඳහා පෝෂණ ආහාර ද්‍රව්‍ය නිකුත් කිරීම වෙනුවෙන් සමෘද්ධි අධිකාරිය සමෘද්ධි හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා හිමිකම් සහතික පත් වහාම නිකුත් කළ යුතුය. එම පවුල්වලට වැඩිහිටියන්ට හා අඩු ආදායම්ලාභීන්ට  සහල්, පරිප්පු, ලූණු  ආහාර හිමිකම් සහතික පත් (Food Card) මඟින් සතිපතා ලබා දිය යුතුය.
    15. COVID – 19 වෛරසය පැතිර යාම වැළැක්වීමට හා අදාළ සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ කටයුතුවලට සහන සැලසීමට ජනාධිපති අරමුදලේ විශේෂ ගිණුමක් ලංකා බැංකුවේ විවෘත කර ඇත. ඒ සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100 ක් තැන්පත් කර තිබේ. සියලු දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ට ඊට දායක වීම සඳහා බදු හා විදේශ විනිමය පාලන සීමා ඉවත් කර ඇත.
    16. SAARC රටවල කොරෝනා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් ඇ. ඩො. මිලියන 05 ක් වෙන්කිරීම.

    මේ තීරණ වහාම ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා අදාළ නිලධාරීන්ට නියම කරයි.

  • ජනපතිගේ ‘COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ඔබත් දායක වන්න

    ජනපතිගේ ‘COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ඔබත් දායක වන්න

    කොරෝනා හෙවත් COVID-19  වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ හා සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ අරමුදලක් ස්ථාපනය කරයි.

    එය “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල” (COVID -19 Health Care and Social  Security Fund) ලෙස නම් කර ඇත.

    ජනාධිපතිගේ නියමයෙන් ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක්  ප්‍රදානය කර තිබේ.

    ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ වෙනම විශේෂ ගිණුමක්  මේ සඳහා ආරම්භ කර ඇත.

    ගිණුම් අංකය 85737373 වේ.

    දේශීය, විදේශීය පරිත්‍යාගශීලීනට සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට මුදලින් දායකවීමට පිළිවන. නිත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

    “සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ අරමුදල” කළමනාකරණය  පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සිදු කරනු ඇත. අමාත්‍යංශ ලේකම්වරු, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විගණන විශේෂඥයන් සහ බැංකු ප්‍රධානීහූ කළමනාකරණ මණ්ඩලයට පත් කරනු ලැබෙති.

    ජාතිය මුහුණ පා සිටින වත්මන් අභියෝගය හමුවේ මානුෂවාදී හැඟීමෙන් සහ සහෝදරත්වයෙන් එකට එක්ව ක්‍රියා කරන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටී.  

    දේශීය, විදේශීය සමාගම්වලට ද අරමුදලට දායක වීමෙන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණය දිරි ගැන්වීමට හවුල් විය හැකි මානුෂීය මෙහෙවරකින් සමස්ථ ප්‍රජාව දෙස බැලීමට ලැබූණු විශේෂ අවස්ථාවක් ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විශ්වාස කරයි.

    විදේශ රාජ්‍යයන්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශීය හා විදේශීය සමාගම් මෙහි පුරෝගාමීත්වය ගනු අතැයි අපේක්ෂා කෙරේ.

    2004 සුනාමි ව්‍යසනයේ දී මෙන්ම 2009 මානුෂික මෙහෙයුම් අවසානයේ දී අපේ රටේ සමස්ථ ජනතාව නැගී සිටියේ මෙවැනිම අයුරින් බව ඔහු ප්‍රකාශ කරයි.

  • රජයේ සේවකයින් රාජකාරී සඳහා දුරකථනයෙන් සම්බන්ධවීමට සූදානම්ව සිටිය යුතු බව රජය කියයි

    රජයේ සේවකයින් රාජකාරී සඳහා දුරකථනයෙන් සම්බන්ධවීමට සූදානම්ව සිටිය යුතු බව රජය කියයි

    COVID 19 හෙවත් කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්තවීම පාලනය කරන අතර රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය නොවී පවත්වාගෙන යාමට අනුගමනය කළ යුතු උපදෙස් සමූහයක් රජය විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නිකුත් කර තිබේ.

    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, දිසාපතිවරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන්, සාමාන්‍යාධිකාරීවරුන් සහ රාජ්‍ය සේවකයන් වෙත අද නිකුත් කළ චක්‍ර ලේඛයක් මගින් උපදෙස් මාලාව දැනුම් දී ඇත.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය පරිදි මාර්තු මස 19  දින නිකුත් කරන ලද උපදෙස් මාලාව අනුව මාර්තු මස 23  සිට 27  දක්වා රාජ්‍ය සේවකයන්ට සිය  නිවෙස්වල සිට දුරස්ථ සේවා සැපයීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරිණ.  දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානීන් දුරකථන හා කෙටි පණිවුඩ (SMS ) මගින් කළයුතු රාජකාරී සඳහා උපදෙස් දෙනු ඇත.  මේ කාලය රජයේ නිවාඩු නොවන අතර නිවසේ සිට රාජකාරිය සඳහා දුරකථනයෙන් සම්බන්ධවීමට සූදානම්ව සිටිය යුතුය.

    නිවසේ සිට රාජකාරී කිරීමෙන් ස්වයංව නිරෝධායනය වන අතර දුම්රිය, බස් රථ හා  නැවතුම් පොළවල අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළකී. එය සියලුදෙනාගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීමට  ඉවහල් වෙයි. අත්‍යාවශ්‍ය සේවාවන් ද, විදුලිය, දුරකථන, ඉන්ධන, බැංකු කටයුතු, භාණ්ඩ ප්‍රවාහනය හා බෙදාහැරීම අඛණ්ඩව හා විධිමත්ව කිරීමට  මෙය උපකාරි වනු ඇත. කොරෝනා වෛරසය මර්දන හා නිවාරණ කටයුතුවල නිරත සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලවලට, පොලීසීයට සහ ආරක්ෂක සේවාවන්ට අත්‍යාවශ්‍ය සේවාවන්වල නිරත කාර්ය මණ්ඩල සහ මාධ්‍යවේදීන්ට සිය කාර්යය ඉටුකර ගැනීමට ද ඉන් පහසුවක් සැලසේ.

    ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ඉන්ධන පිරිවුම්හල්වල, මත්පැන් අළෙවි හල්වල, කඩ සාප්පුවල, හා භෝජනාගාරවල ගැවසීමෙන් හා විනෝද චාරිකාවල යෙදීමෙන් වළකින ලෙස ද රජය ඉල්ලා සිටී.

    රටට, අවශ්‍ය තරම් ආහාර, ජලය හා ඉන්ධන ඇති අතර, ඒවා බෙදා හැරීමට පියවර ගෙන තිබේ. අවශ්‍යතාවට වැඩියෙන් භාණ්ඩ රැස් කිරීමෙන් වැළකීම සියලුදෙනාගේ වගකීමක් බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ‍

    රජයේ සියලුම නිලධාරීන්ගේ මාසික වැටුප මාර්තු 23 දින ගෙවීමට උපදෙස් දෙනු ලැබිණ. නිවසේ සිටින  කාලය තුළ නිවස හා අවට පරිසරය පිරිසිදු කිරීමට මෙන්ම අත්‍යාවශ්‍ය බෝග වගාවන්ට අවස්ථාවක් කර ගන්නා ලෙසත්, දරුවන් හා වැඩිහිටියන් ගැන විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසත් අවශ්‍ය දේ මිලදී ගැනීමට තනිව වෙළෙඳපොළට යන ලෙසත්, වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් රජය ඉල්ලා සිටී.

    රූපවාහිනී හා ගුවන් විදුලි සේවා විකාශය කරන ආගමික, අධ්‍යාපන, චිත්‍රපට, නාට්‍ය, ප්‍රවෘත්ති හා වෙනත් වැඩසටහන් නිවසේ සිට නැරඹීමට මේ කාලය යොදාගන්නා ලෙසත් රජය සියලු නිලධාරීන්ගෙන් ඉල්ලයි.

  • වැඩිහිටි හා රෝගාධාර දීමනා ග‍්‍රාම නිලධාරීන් මගින් ගෙවීමට පියවර

    වැඩිහිටි හා රෝගාධාර දීමනා ග‍්‍රාම නිලධාරීන් මගින් ගෙවීමට පියවර

    2020 වසරේ මාර්තු මාසයට අදාළ වැඩිහිටි සහ රෝගාධාර දීමනා ගෙවීම අදාළ ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයා හරහා මගින් ගෙවීමට පියවර ගෙන ඇති බවත් අදාළ ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධරීවරයා සම්බන්ධ කර ගනිමින් අදාළ දීමනා ලබා ගැනීමට පියවර ගන්නා ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් අදාළ දීමනාලාභීන්ට දැනුම් දෙයි.

    අද (23) දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ එම නිවේදනය මෙසේය.

  • ගම්පහ සමෘද්ධි ප්‍රතිලාභීන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ හා එළවළු මල්ලක් නිවසටම

    ගම්පහ සමෘද්ධි ප්‍රතිලාභීන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ හා එළවළු මල්ලක් නිවසටම

    ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ සහනාධාරයෙන් අඩුකිරීමේ පදනම මත අත්‍යවශ්‍ය භාණ්ඩ හා එළවළු මල්ලක් ලබා දීමට තීරණය කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මකයි.

    ඇදිරි නීතය පවතින කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම සම්බන්ධයෙන් අද (23) මිනුවන්ගොඩ විවිධ සේවා සමූපාකාර සමිතියේදී පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා ඊට අදාල උපදෙස් ල‍බා දුන්නේය.

    සමෘද්ධි නිළධාරීන් හරහා ප්‍රතිලාභීන්ගේ නිවෙස් වලටම යවන මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ  වල වටිනාකම රු 1000 කි. එළවළු මල්ල රු 500ක වටිනාකමකින් යුක්තය. මෙම භාණ්ඩ ලබා දෙන සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අප්‍රේල් මස සහණාධාරයෙන් අදාල මුදල අය කර ගැනීමට  සාකච්ඡාවේදී තීරණය කෙරිණි.

    ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම මැතිවරණ බල ප්‍රදේශ ආවරණ වන පරිදි ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මකයි. රු 500 සහ රු 1000 බැගින් වූ භාණ්ඩ මළු ජනතාවට සිය නිවෙස් අසලට පැමිණෙන ජංගම රථවලින් මිලදී ගත හැකිය. රු 500 එළවළු මල්ලක්ද මිලදී ගැනීමට මෙමගින් පහසුකම් සලසා තිබේ.

    මිනුවන්ගොඩ නගරයේ පිහිටි සතිපොළ භූමියේදී මෙම භාණ්ඩ බෙදා හැරීම අද (23) සිදු කෙරිනි. ඇමති ප්‍රසන්න රණතුංග මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය. ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන බල ප්‍රදේශ 19ක  වැඩ සටහන ක්‍රියාත්මක කරන අතර ප්‍රාදේශිය ලේකම්වරු වැඩ සටහන අධීක්ෂණය කරනු ලබති. ග්‍රාම නිළධාරීන්වරුන්ට සහ සමෘද්ධි නිළධාරීන්ට සිය හැදුනුම්පත් ඇදිරි නීති අවසර පත්‍රයක් ලෙස භාවිතා කිරීමට හැකියාව තිබේ.

    වැලිසර පිහිටි ස.තො.ස ගබඩාවෙන් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ සමූපකාර සමිති සදහා අත්‍යවශ්‍ය භාණ්ඩ තොග  බෙදා දීම දැන් සිදු කෙරේ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද උදෑසන එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. ඇමතිවරයා එහිදි කියා සිටියේ කොරෝනා වසංගතය පාලන කිරීම සදහා ආණ්ඩුව හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.

    මේ මොහොතේ ජනතාවගේ යුතුකම වන්නේ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිපදිමින් රජයට සහය පල කිරීම බව ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඇදිරි නිතිය ඉවත් කළ විට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සදහා ජනතාව එක් රැස්වීම වැළක්වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද ඔහු සදහන් කළේය.

    මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම නගර වීදි විෂභීජානු හරණය කිරීමේ වැඩ සටහනක්ද මේ වන විට ආරම්භ කර තිබේ. 

  • Curfew Update: සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්

    Curfew Update: සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්

    කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කෙරේ.

    මේ දිස්ත්‍රික්කවල හෙට (24) දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වේ.

    මේ දිස්ත්‍රික්කවල 27 දහවල් 12.00ට  ඇඳිරි නීතිය යළි පනවනු ලැබේ.

    සෙසු දිස්ත්‍රික්කවල අද (23) දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වේ. එය 26 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලැබේ.

    දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙයි.

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර ඇත.

    සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබේ.

    කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බව රජය දැනුම් දෙයි.

  • Book of Revelation සහ End of Days තරගෙට කොරෝනා භීතිය වපුරයි

    Book of Revelation සහ End of Days තරගෙට කොරෝනා භීතිය වපුරයි

    2008 ග්‍රීෂ්ම ඍතුවේදී, වයස අවුරුදු 5 දී තමාට පූර්ව අනතුරු ඇඟවීම් ලැබීමට පටන් ගත් බව කියා සිටි වැඩිහිටි මානසික රෝගියෙක් අශෝභන අනාවැකි ඇතුළත් පොතක් ප්‍රකාශයට පත් කළේය.

    “2020 දී පමණ නියුමෝනියාව වැනි දරුණු රෝගයක් ලොව පුරා පැතිරෙනු ඇත. පෙනහළුවලට පහර දී දන්නා සියලු ප්‍රතිකාරවලට ප්‍රතිරෝධයක් දක්වනු ඇත. අසනීපයට වඩා බොහෝ සෙයින් අවුල් සහගත වන්නේ එය පැමිණි විගසම හදිසියේම අතුරුදහන් වීම, වසර දහයකට පසුව නැවත පහර දීම සහ පසුව සම්පූර්ණයෙන්ම අතුරුදහන් වීමයි.”

    මෙම අනාවැකිය මහජන මතකයෙන් මැකී ගිය අතර පොතේ කතුවරිය වන සිල්වියා බ්‍රවුන් Sylvia Browne 2013 දී මිය ගියාය. නමුත් කොරෝනා වයිරස් වසංගතය බ්‍රවුන්ගේ ” දවසේ අවසානය: අනාවැකි සහ අනාවැකි ලෝක අවසානය – End of Days: Predictions and Prophecies About the End of the World. ” යන කෘතියට නව අවධානයක් යොමු කර තිබේ. එය ඇමේසන් හි ප්‍රබන්ධ නොවන ලැයිස්තුවේ අංක 02 දක්වා ඉහළට පැමිණ ඇති අතර (වැඩියෙන්ම අලෙවි වන ප්‍රබන්ධ නොවන කෘති අතර දෙවන ස්ථානය)  පිටපත් දැන් ඩොලර් සිය ගණනකට විකුණනු ලැබේ.

    කොවිඩ් -19 පැතිරීමෙන් ආරක්ෂා වීමට ජනතාවට උපකාර කිරීම සඳහා රජය සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් සියලු ආකාරයේ මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. ප්‍රවීණයන්ට නැවැත්වීමට, පාලනය කිරීමට නොහැකි යැයි පෙනෙන තවත් බෝවන රෝගයක් තිබේ. ඒ කොරෝන වයිරසය End of Days ලකුණක් බවට අනතුරු අඟවන අනාගතවක්තෘවරුන්ගේ වසංගතය)

    සුපිරි වෙළඳසැල් රාක්ක සමඟ භීතියට පත් පුද්ගලයින්ගේ මනස හිස් කිරීමට හේතු වන වසංගත පිළිබඳ යමක් තිබේ. බ්‍රවුන්ගේ අනාවැකිය වැනි අසංඛ්‍යාත / සීමාවන් නැති විනාශකාරී අනතුරු ඇගයීම් අන්තර්ජාලය පුරා පැතිරෙමින් පවතින අතර, දේශපාලන මනෝ විකාරයේ සිට “එක්සත් ජාතීන් විසින් පාලනය කරනු ලබන ලෝක ලෝකයක්” පිළිබඳ මිත්‍යාෙව් සිට ඕස්ට්‍රේලියානු ලැව්ගිනි සහ අප්‍රිකාවේ පළඟැටියන් රංචු වැනි සෑම දෙයක්ම සමඟ කොරෝන වෛරස් භීතිය මුසු කරයි.

    මෙම විනාශකාරී දිනයට ‘අනාගතවක්තෘවරුන්’ යොමු කරන්නේ කුමක් ද?

    End of Days පොතේ සාවද්‍ය කියවීම් බොහෝමයක් ඇතුළත් ය. බොහෝ විට මෙම වසංගත අනාගතවක්තෘවරුන් ඔවුන්ගේ අනාවැකි අවසන් කරන්නේ “ඔබට බයිබලයක් නොමැති නම්, එකක් මිලට ගන්න!”

    නමුත් ජීවත්වීම සඳහා සමහර අය තුවක්කු සහ උණ්ඩ තොග ගබඩා කර තිබීම පුදුමයක් නොවේ. ආගම සහ අනාවැකි අධ්‍යයනය කරන සමහරු පවසන්නේ මෙම සමාජ මාධ්‍ය, අනාගතවක්තෘවරුන් සහ මනෝවිද්‍යාඥයින් ස්වයං බලහත්කාරයෙන් නිරෝධායනයක් ගත යුතු කාලය මෙය බවයි. විනාශ කරන්නන් මිනිසුන්ගේ අධ්‍යාත්මික හා මානසික සෞඛ්‍යයට හානි කරන බව ඔවුහු පවසති.

    ඔවුන් ද කියා සිටින්නේ ආගමේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයන් පවා උපකල්පනය කිරීමට එඩිතර නොවූ බවයි. ඉන්දියානාහි නොට්‍රේ ඩේම් විශ්ව විද්‍යාලයේ කතෝලික දේවධර්මාචාර්යවරයකු වන උල්රිච් ලෙහ්නර්, කොවිඩ් -19 යන්නෙන් අදහස් කරන්නේ ලෝකයේ අවසානය ළං වී ඇති බවට අනතුරු අඟවන විට, සමාජ මාධ්‍ය දේශකයෙකු මෙම ප්‍රතිචාරය නැවත ට්වීට් කිරීමට පෙළඹේ: “මතෙව් 24:36. ” ලෝකයේ අවසානය ගැන යේසුස් පැවසූ කොටස එයයි.

    කිරීටක වෛරසය පැතිරීමත් සමඟ සමහර අය ආහාර ගබඩා කර ඇත.
    කොරෝන වෛරසය පැතිරීමත් සමඟ සමහර අය ආහාර ගබඩා කර ඇත.

    “නමුත් ඒ දවස හෝ පැයේදී කිසිවෙකු දන්නේ නැත, ස්වර්ගයේ සිටින දේවදූතයන්වත් පුත්‍රයාවත් පියාණන් වහන්සේවත් නොවේ.”

    “ඔබ වේලාව දන්නේ නැහැ” කියා යේසුස්ම පැවසුවා. නමුත් සමහර ස්වයං අනාගතවක්තෘවරුන් දෙවියන් වහන්සේගේ සිංහාසනය වටා සිටින දේවදූතයන්ට වඩා වැඩි යමක් දන්නා බව පෙනේෙ” කියා ලෙහ්නර් පවසයි. සමහර විනාශකාරී අනාගතවක්තෘවරුන් වෙනත් පාපයකින් පෙලඹවිය හැකි බව ලෙහ්නර් පවසයි: උඩඟුකම.

    “සමහර විට මහා භීතිකාවක් ඇති කරන මේ අය තුළ යම් ආඩම්බරයක් ද ඇත, මට විශේෂ අවබෝධයක් ඇත ”යන ආත්ම විශ්වාසයෙන් යුත් ආත්ම විශ්වාසයක් ඇත,”

    “දෙවියන් හොඳ නැත: පොප් සංස්කෘතික දේවධර්මය ප්‍රතික්ෂේප කිරීම සහ සොයා ගැනීම දෙවියන් වහන්සේ ජීවත්වීම වටී. ” “එය යක්ෂයා නොවේ නම්, කුමක්දැයි මම නොදනිමි.”

    නමුත් කොවිඩ් -19 බයිබලානුකුල ශුද්ධ ලියවිලි පද සමඟ සම්බන්ධ කළ එක් මිනිසෙක් පවසන්නේ ඔහු බිය පැතිරවීමට උත්සාහ නොකළ බවයි. ගිනිකොනදිග ටෙක්සාස්හි පල්ලියක තරුණ අධ්‍යක්ෂකවරියක් වන එලිෂා ජෝන්ස් Elisha Jones ෆේස්බුක් සටහනක බයිබලය මෙසේ උපුටා දක්වයි. 

    ‘දෙවියන් වහන්සේ සලමොන්ට පැවසුවේ “වැස්සක් නැති පිණිස මම අහස වසා දැමූ විට හෝ පළඟැටියන් දේශය කාදැමීමට හෝ මගේ ජනතාව අතර වසංගතයක් යැවීමට අණ කළ විට … මම දේශය සුව කරමි” “මිනිසුන්” හැරී ගියහොත් ඔවුන්ගේ දුෂ්ට මාර්ගවලින්‘‘

    උමං දුම්රිය ගනුදෙනුකරුවෙක් මාර්තු 19 වන බ්‍රහස්පතින්දා නිව් යෝර්ක් නගරයේ පොල්ලක රඳවාගෙන සිටියදී අත ආරක්ෂා කර ගැනීම සඳහා පටකයක් භාවිතා කරයි.
    උමං දුම්රිය මගියෙක් මාර්තු 19 වන බ්‍රහස්පතින්දා නිව් යෝර්ක් නගරයේ දුම්රිය පොළකදී තම අත ආරක්ෂා කර ගැනීම සදහා ලේන්සුවක් භාවිත කරන අයුරු.

    “ඕස්ට්‍රේලියානු ලැව්ගිනි – වර්ෂාව වළක්වාලනු ලැබීය. අප්‍රිකාව – පළඟැටියන් වසංගතය, ලෝක වසංගතය – කොවිඩ් -19” යනුවෙන් එහි සඳහන් කර ඇත.

    ජෝන්ස් සීඑන්එන් වෙත පැවසුවේ “යේසුස් මේ දේවල් සිදුවනු ඇතැයි” කියා මිනිසුන්ට අනතුරු ඇඟවීමට උත්සාහ කරන බවත්, පෘථිවිය “යේසුස්ගේ දෙවන පැමිණීමට පෙර වේදනා විඳින” බවත්ය.

    කොවිඩ් -19 සහ වෙනත් ලෝක සිදුවීම් ගැන ජෝන්ස් පවසන්නේ “එය සිදුවනු ඇතැයි දෙවියන් පැවසූ දෙයක ඍජු සංඥාවක් විය හැකි බව“යි.

    නරක විනාශකාරී අනාවැකි පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇත

    චේතනාව කුමක් වුවත්, ඩූම්ස්ඩේ අනාවැකි   Doomsday predictions සදහා හොද වාර්තාවක් නොමැත .Y2K මතකද? මෑත “මායා එළිදරව්ව” ගැන කුමක් කිව හැකිද? සමහර අය 2012 දෙසැම්බර් 21 වන දින මායා ලෝන්ග් කවුන්ට් දින දර්ශනයේ Maya Long Count calendar අවසානය පෙන්වා දුන්නේ එය ලෝකයේ අවසානය ද අදහස් කරන බවයි. යෝධ උදම් රළ ගැනත් පෘථිවිය වෙනත් ග්‍රහලෝකයක් සමඟ ගැටෙන බවටත් ඔවුහු අනතුරු ඇඟවූහ. දිවි ගලවා ගැනීමේ කට්ටල අලෙවිය ඉහළ ගිය අතර චීනයේ මිනිසෙකු නූතන නෝවාගේ නැවක් තැනූ  බවට වාර්තා විය. එහෙත් එවැනි නරක අනාවැකි නූතන සංසිද්ධියක් නොවේ.

    සමහර ඩූම්ස්ඩේයර්වරු භූගත බංකර් සාදති.  ඇට්ලස් සර්විල් බන්කර්ස් හි ප්‍රධාන විධායක නිලධාරී රොන් හබාර්ඩ්, විඛාදනයට ලක්වූ පයිප්ප බෝම්බ නවාතැනකට වාතය අතින් පොම්ප කරන ආකාරය නිරූපණය කරයි.
    සමහර ඩූම්ස්ඩේයර්වරු භූගත බංකර් සාදති. ඇට්ලස් සර්විල් බන්කර්ස් හි ප්‍රධාන විධායක නිලධාරී රොන් හබාර්ඩ්, භුගත උමං නවාතැනකට වාතය අතින් පොම්ප කරන ආකාරය නිරූපණය කරයි.

    ඉතිහාසඥයින් පවසන්නේ 17 වන සියවසේ යුරෝපයේ බොහෝ කිතුනුවන් අනාවැකි පළ කළේ 1666 දී ලෝකය අවසන් වනු ඇති බවයි. මන්ද “666” යන සංඛ්‍යා බයිබලයේ එළිදරව් පොතේ සඳහන් මෘගයාගේ සලකුණ නියෝජනය කරන බැවිනි. එම වසරේ දින හතරක් පුරා පැවති මහා ලන්ඩන් ගින්න  Great London Fire බොහෝ දෙනෙක් එය දුටුවේ අනාවැකියේ ඉටුවීමක් ලෙස ය.

    සිල්වියා බ්‍රවුන්, ඇය ජීවත්ව සිටියදී ඇගේ අනාවැකි වල නිරවද්‍යතාවය පිළිබඳව නිරන්තරයෙන් විවේචනයට ලක්වූවාය. වින්දිතයන්ගේ පවුල්වල දුක් වේදනා වැඩි කළ අපරාධ පිළිබඳව ඇය වැරදි ප්‍රකාශ කළ බවට බොහෝ වාර්තා තිබේ. වයස අවුරුදු 88 දී ඇය මිය යනු ඇතැයි ඇය පුරෝකථනය කළ නමුත් ඇය 77 දී මිය ගියාය.

    2020 දී අද්භූත ශ්වසන රෝගයක් පිළිබඳ බ්‍රවුන්ගේ වඩාත් ප්‍රසිද්ධ අනාවැකිය පවා විවේචනාත්මක ආලෝකයකින් වෙනස් ලෙස පෙනේ.

    කරුණු පරික්ෂා කරන වෙබ් අඩවිය වන ස්නෝප්ස් Snopes, the fact-checking website , බ්‍රවුන්ගේ අනාවැකිය විමසා බැලීමේදී, “සිදුවිය හැකි සිදුවීම් පිළිබඳ පැහැදිලි ප්‍රකාශයන් අනාවැකි නොකියයි” යනුවෙන් පැවසීය. එය ඇගේ අනාවැකිය සත්‍ය හෝ අසත්‍ය නොවන නමුත් සත්‍යයේ සහ අසත්‍යයේ සැලකිය යුතු අංග අඩංගු “මිශ්‍රණයක්” ලෙස ඇගයීමට ලක් කළේය.

    “SARS පුපුරා යාමෙන් පසුව පොත ලියා ඇති බව සලකන විට බ්‍රවුන්ගේ ‘අනාවැකිය’ වාසනාවන්ත අනුමාන කිරීමක් දැයි පැහැදිලි නැත,” ස්නෝප්ස් පැවසීය.

    බොහෝ දෙනෙක් එළිදරව්ව පිළිබඳ මිථ්‍යාවන් පුනරුච්චාරණය කරති

    නරක අනාවැකි සඳහා වඩාත්ම වැරදියට වටහාගෙන ඇති මූලාශ්‍රය සඳහා ත්‍යාගයක් තිබුනේ නම්, එය එළිදරව් පොත Book of Revelation හිමිවෙයි. එය බයිබලයේ අවසාන හරස්කඩ විය හැකිය. වෙනත් කිසිම පොතක නිරූපණ සහ භාෂාව ජනප්‍රිය සංස්කෘතියට විනිවිද ගොස් නැත. බයිබලය කවදාවත් කියවා නැති අය පවා එහි යොමු දැක්වීම් හුරුපුරුදු ය: Book of Revelation හි අසරුවන් සිව්දෙනා, රතු මකරා, 666 සහ වසංගත භාජන හත‘ Book of Revelation එවැනි බෝවන නිරූපණයන්ගෙන් පිරී ඇත.

    එහි පෙළ අධ්‍යයනය කළ එක් දේවධර්මාචාර්යවරයෙක් එය “බහුමාධ්‍ය” පොතක් ලෙස හඳුන්වන අතර ජනප්‍රිය රූප බෝවන රෝගයක් මෙන් ක්‍රියාත්මක වේ.

    2020 මාර්තු 19 වන බ්‍රහස්පතින්දා ලන්ඩනයේ සුපිරි වෙළඳසැලක හිස් රාක්ක.
    2020 මාර්තු 19 වන බ්‍රහස්පතින්දා ලන්ඩනයේ සුපිරි වෙළඳසැලක හිස් රාක්ක.

    “ඒවා විශාල පාඨයෙන් බිඳී අපගේ සංස්කෘතියේ කුඩා වෛරස් මෙන් සංසරණය වන අතර ඒවා වෙනත් දේවලට සම්බන්ධ වේ. Book of Revelation උපුටා දක්වන බොහෝ දෙනෙකුට අර්ථය සහ සංකේතවාදය වැරදිය.

    “Book of Revelation ගැන කථා කරන කිසිම කෙනෙක් පාහේ වාඩි වී එය කියවා නැත” කියා ඔහු පවසයි. නිදසුනක් වශයෙන්, බොහෝ අය විශ්වාස කරන්නේ “ඔසවා ගැනීම Rapture” (යේසුස් වහන්සේ යුගය අවසානයේ නැවත පැමිණෙන බවත්, මියගිය හා ජීවත්ව සිටින සියලුම කිතුනුවන් ඔහුව මුණගැසීමට නැඟිටින බවත්) එළිදරව් පොතේ ඇති බවයි. එය සත්‍ය නොවන බව බීල් පවසයි.

    Book of Revelation හි ඔසවා ගැනීම ගැන පැහැදිලි සඳහනක් නැත. 1 කොරින්ති 15:52 වැනි ශුද්ධ ලියවිලි පදවල මෙම සංකල්පය ගැන සඳහනක් ඇත, “… මක්නිසාද හොරණෑව පිඹිනු ඇත, මළවුන්ව විනාශ කළ නොහැකි ලෙස උත්ථාන කරනු ඇත, අපව වෙනස් කරනු ලැබේ.”නමුත් බීල් පවසන්නේ ඔසවා ගැනීමේ න්‍යාය සැබවින්ම ආරම්භ වූයේ 19 වන සියවසේ ජෝන් නෙල්සන් ඩාර්බි නම් දේවධර්මාචාර්යවරයකුගේ කෘතියකින් බවයි.

    පොලිස් නිලධාරියෙකු 2020 මාර්තු 16 වන දින පිලිපීනයේ මැනිලා හි මුරපොලක දී මගීන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරයි.
    පොලිස් නිලධාරියෙකු 2020 මාර්තු 16 වන දින පිලිපීනයේ මැනිලා හි මුරපොලක දී මගීන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරයි.

    අන්ත ක්‍රිස්තුස් ගැන කුමක් කිව හැකිද? එය එළිදරව් පොතේ නොවේද? නෑ, බීල් පවසයි. අළුත් ගිවිසුමේ යොහන්ගේ පළමු පොතේ ලේඛකයා යේසුස් වහන්සේ මෙසියස් බව ප්‍රතික්ෂේප කරන සාමාන්‍ය “අන්ත ක්‍රිස්තුස්” ගැන අනතුරු අඟවයි. නමුත් චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය වන “ඔමේන්” වැනි චරිතයක් සාතන්ගේ කපටි පුතෙකු වන අතර ඔහුගේ සිරුරේ 666 අංකය ඇත. 666 ගැන කුමක් කිව හැකිද – එය එළිදරව් පොතේ නොවේද? ඔව්, නමුත් එය සාතන්ට යොමු නොවේ. ඒ වෙනුවට, දේවධර්මවාදීන් පවසන්නේ පළමු කිතුනුවන්ට නපුරේ තවත් අවතාරයක් මෙම සංඛ්‍යාවෙන් සඳහන් වන බවයි: රෝමානු අධිරාජ්‍යයා වූ නීරෝ‘‘

    ටෙක්සාස් පල්ලියේ තරුණ අධ්‍යක්ෂ ජෝන්ස් එළිදරව් 15: 1-3 උපුටා දක්වමින් “වසංගත හතක් ඇති දේවදූතයන් හත්දෙනෙකු” ගැන අනතුරු අඟවයි.

    “මම හිතන්නේ නැහැ ඒ වගේ දේවල් පළ කිරීම භීතිය පැතිරවීම කියලා” ජෝන්ස් පවසයි. 

    “මගේ විශ්වාසය නම් දෙවියන් වහන්සේ ළඟදීම පැමිණෙනු ඇති බවත්, ලියා ඇති දේවල් සිදුවනු ඇති බවත්, ටිකක් බය හිතෙන දේවල් ඇති බවත් ය. නමුත් එය සිදුවනු ඇතැයි දෙවියන් වහන්සේ පැවසූ දෙය නැවත තහවුරු කරයි.”

    විනාශකාරී දින දර්ශන යෙදීම හානිකර විය හැක්කේ ඇයි?

    “අවසාන කාලය end-times ” බයිබලානුකුල ඡේදවලට යොමු කිරීම ඇත්ත වශයෙන්ම කුරිරු හා අත්තනෝමතික යැයි පෙනෙන සිදුවීම් වලට අර්ථයක් ලබා දීමෙන් සමහර අයගේ ඇදහිල්ල ශක්තිමත් කරයි. නමුත් COVID-19 හා සම්බන්ධ එළිදරව්වේ භයානක නිරූපණයන් ඉල්ලා සිටින අයට ශුද්ධ ලියවිලි පාඨය වැරදියට තේරුම් ගැනීමට වඩා වැඩි යමක් කළ හැකිය. ඒවා අන් අයගේ මානසික සෞඛ්‍යයට හානි කළ හැකි බව බීල් පවසයි.

    “එළිමහනේ කියවමින් සිටි එක් සිසුවියක් දිය ඇල්ල අසල සිටි අතර ඇය නින්දට වැටී ගිගුරුම් සහිත කුණාටුවක් මධ්‍යයේ අවදි වූවාය. ඇය පොතේ සිටින බවක් දැනෙන නිසා ඇයට නිරපේක්ෂ භීතියක් ඇති විය” යනුවෙන් ඔහියෝහි කේස් වෙස්ටර්න් රිසර්ව් විශ්ව විද්‍යාලයේ ආගමික මහාචාර්ය බීල් පවසයි.

    ‘බයිබලය පවසන ඩූම්ස්ඩේ අනාවැකි තවත් අනතුරකට තුඩු දිය හැකියි‘ (කිසිවක් නොකර) බීල් පවසයි. කෝවිඩ් -19 වැනි දෙයක් ගැන භීතියෙන් පෙළෙන පුද්ගලයින් දේශගුණික විපර්යාස වැනි මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වන වෙනත් නිදන්ගත කරුණු නොසලකා හැරිය හැකි බව ඔහු විශ්වාස කරයි.

    2020 මාර්තු 14 වන දින කැලිෆෝනියාවේ නොවාටෝ හි කොස්ට්කෝ සාප්පුවකට ඇතුළු වීමට සිය ගණනක් ජනයා පෙළ ගැසී සිටිති.
    2020 මාර්තු 14 වන දින කැලිෆෝනියාවේ නොවාටෝ හි කොස්ට්කෝ සාප්පුවකට ඇතුළු වීමට සිය ගණනක් ජනයා පෙළ ගැසී සිටිති.

    “එය අක්‍රියතාවයට කැඳවීමකට තුඩු දිය හැකිය,” එළිදරව්ව පිළිබඳ වැරදි අර්ථකථන ගැන බීල් පවසයි. 

    “එනම්, මේ සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්ම නිසා යැයි මිනිසුන් පවසනු ඇත. එය යහපත් වීමට පෙර එය නරක අතට හැරෙනු ඇත. එබැවින් එය දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා අපට ඒ ගැන කළ හැකි කිසිවක් නැත.වසංගතයක් ඇති වූ විට එළිදරව් කිරීම සඳහා මිනිසුන් එය වළක්වන්නේ නැත. 

    ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඩූම්ස්ඩේ අනාගතවක්තෘවරුන් සඳහා “අවසාන කාල වසංගත” පැතිරීම සහ විකාර කාලගුණික රටාවන් ගැන අනතුරු අඟවයි. එක් විශාරදයෙක් ක්‍රිස්තියානි පෝස්ට් පුවත්පත සදහා මෑතකදී සම්පාදිත ලිපියක කොරෝන වෛරසය ගැන අනාවැකි පළ කළේ දැයි ප්‍රශ්න කරමින්, “අවසාන කම්පනය මෙයට වඩා තීව්‍ර වනු ඇතැයි” සදහන් කළේය.

    බොහෝ බයිබල් විශාරදයන් පවසන්නේ එළිදරව් පොත ඇත්ත වශයෙන්ම ලෝකයේ අවසානය ගැන එකක් නොවන බවයි. ඒ වෙනුවට, එය එහි කතුවරයා වූ භක්තිමත් යුදෙව්වෙකු හා කලින් යේසුස්ගේ අනුගාමිකයෙකුගේ ලෝකයේ අවසානය ගැන එහි සදහන් වන බවයි. 

    වත්මන් බයිබල් විචාරකයින්ට අනුව ක්‍රි.ව. 70 දී රෝම අධිරාජ්‍යයා ජෙරුසලමට කඩා වැදී යුදෙව් කැරැල්ලක් මැඩපැවැත්වීමෙන් පසු එහි මහා දේවාලය ගිනිබත් කළේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඔහු ( එළිදරව්ව පොතේ කර්තෘවරයා) පරිශ්‍රමයක් දැරීය. ජෙරුසලමේ දේවමාළිගාව විනාශ කිරීම කලින් යේසුස්ගේ සමහර අනුගාමිකයන්ට තේරුම්ගත නොහැකි විය. නව යුගය ආරම්භ කිරීමට පෙර යේසුස් “බලයෙන්” පැමිණ රෝමය යටත් කර ගනු ඇතැයි ඔවුහු අපේක්ෂා කළහ. නමුත් රෝමය ඒ වෙනුවට යේසුස්ගේ මව්බිම යටත් කරගෙන තිබුණි.

    2020 මාර්තු 5 වන දින චීනයේ බීජිං හි පිහිටි දේශීය නේවාසික පරිශ්‍රයක පොදු ප්‍රදේශ විෂබීජහරණය කිරීම සඳහා ස්වේච්ඡා සේවකයෙක් ආරක්ෂිත ඇඳුමක් ඇඳ සිටී.
    2020 මාර්තු 5 වන දින චීනයේ බීජිං හි පිහිටි දේශීය නේවාසික පරිශ්‍රයක පොදු ප්‍රදේශ විෂබීජහරණය කරන ස්වේච්ඡා සේවකයෙක්

    දෙවියන් වහන්සේ හා යුක්තිය අවසානයේදී ජය ගන්නා බව මුල් කිතුනුවන්ට මතක් කර දුන් කතුවරයාගේ මාර්ගය Book of Revelation බව නොට්‍රේ ඩේම් දේවධර්මාචාර්ය ලෙහ්නර් පවසයි.

    “එළිදරව් පොත අනාවැකි පිළිබඳ පොතක් නොව සැනසිලිදායක පොතක්” යැයි ලෙහ්නර් පවසයි.

    ‘සැනසිල්ල යනු මිනිසුන් මේ මොහොතේ සමාජ මාධ්‍යවල පැතිරවිය යුතු දෙයයි‘ (විනාශකාරී අනාවැකි නොවේ) ඔහු පවසයි. 

    මෑත දිනවල ඔහු සිය ආත්මය ඔසවා තැබූ සුන්දර යාඥා සහ සමාජ මාධ්‍යවල හාස්‍යජනක පණිවිඩ පවා දැක ඇති බවත්, හුදෙකලා විය හැකි අය වෙත ළඟා වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලෙහ්නර් පවසයි.

    ‘එසේ කිරීම විනාශය පිළිබඳ අනාවැකි බෙදාගැනීම තරම් සිත්ගන්නාසුළු නොවනු ඇත. නමුත් ඔබ ඔබේ අභ්‍යන්තර නොස්ට්‍රාඩමස් සමඟ සම්බන්ධ වීමට තීරණය කිරීමට පෙර, විනාශකාරී අනාවැකියකට වඩා කාරුණික වචනයක් බෙදා ගන්න. අවසානයේදී ඔබට හොඳක් දැනෙනු ඇත. එසේම ඉදිරි දිනවලදී අපට ලබා ගත හැකි සියලු උපකාර අවශ්‍ය වන අපගෙන් බොහෝ දෙනෙකුට අවශ්‍ය වනු ඇත‘ නොට්‍රේ ඩේම් දේවධර්මාචාර්ය ලෙහ්නර් පවසයි.

    By, CNN – Updated March 22, 2020 – සැකසුම – තුෂාධවි

  • කොරෝනා වසංගතය මැද්දේ ඡන්ද ගරන ‘ඊනියා දේශප්‍රේමියෝ

    කොරෝනා වසංගතය මැද්දේ ඡන්ද ගරන ‘ඊනියා දේශප්‍රේමියෝ

    කොරෝනා වෛරසය ගැන පසුගිය දෙසැම්බරයේත් ලෝකය දැන සිටියහ. රාජපක්‍ෂ පාලකයන් ජනවාරියේ කටුනායක නිරෝධායන ඒකකය සකි‍්‍රය කොට, ජාතික කි‍්‍රයාකාරි කමිටුවක් පත් කළහ.  ජනවාරි 27 දා හඳුනා ගත් පළමු චීන ජාතික කොරෝනා රෝගියා  හමු විය. ඇය පෙබරවාරි මස 19 වෙනි දින සුවය ලබා  රටින් පිටව යෑම මහා උත්සවයක් විය.  ඒ සමග දිලිත් ජයවිර, ඉරාජ් වීරරත්න  ලංකාවේ සංචාරයට  එන්නැයි ලෝකයට ඇරයුම් කළහ.

    කොරෝනා වසංගතය මෙසේ ව්‍යාප්ත වන්නේ නිසි කළමනාකාරිත්වයක්   නො කළ හෙයිනි.
    වසර 70කට පමණ පෙර ඈත දුෂ්කර ගමක රජයේ කුඩා පාසලකි. එකී  පාසල හදිසියේම වසා දරුවන් නිවෙස්වලට යැවීමට සිදුවිය.  මුළු  පාසලම පැවතියේ  එකම ගොඩනැගිල්ලක ය. ඒ නිසා පාසලේ  සීනුව එක් වරක් හඬවා රැස්වීම්  අවස්ථාවකට පාසල පත් කෙරෙයි.  එක් වරක් හැඬවූ සීනු නාදයෙන් පාසල් දරුවන් සහ ගුරුවරුන් නිහඬ විය. ලොකු ස්කෝලේ මහත්තයා  උස් හඩින් කතා කළේ ය.

    ‘‘මේ ළමයි හැකි තරම් ඉක්මනින්  ගෙවල් වලට යන්න  ඕනැ. නැවත දැනුම් දෙන තෙක් ස්කෝලේ උගන්වන්නේ නැහැ. ඊට පෙර පන්තිවල බංකු පුටු අස් කළ යුතුයි. ’’

    නිමේෂයකින් පාසලේ එක් දරුවෙක් සිය දකුණත ඉහළට ඔසවා නැගිට්ටේය. ඒ තමන්ට කතා කිරිමට අවකාශයක් ඉල්ලා සිටින සාමාන්‍ය සම්ප‍්‍රදාය විය.

    ‘‘ඇයි මොකද……? ලොකු මහත්තයා වේවැල දිගු කර අර දරුවාගෙන් නො ඉවසිල්ලෙන් ඇසීය.

    ‘‘ලොකු මහත්තයා අපේ වාර විභාගේ……..

    ‘කෙහෙම්මල් වාර විභාගේ ඉක්මනට ගෙවල් වලට යනවලා…..

    ලොකු ස්කෝලේ මහත්තයා ඒ උත්තරය දුන්නේ තරමක නුරුස්නා ගතියකිනි. ඒ ලොකු ස්කෝලේ මහත්තයා  ජීවතුන් අතර සිටියි නම්,  සිය වසක් ආයු වළඳන ඒ උත්තම පුරුෂයාට ආයුබෝවන් කියනු  කැමැත්තෙමි.  

    අර වාර විභාගය සිහිපත් කළ  දරුවාගේ වයසේ පුරවැසියන් තවමත් ජීවත් වෙති. ඉහත කී පාසල් සිද්ධිය වසර 70කට පෙර කතාවකි.  හෙවත් ලංකාවට නිදහස ලැබිලා වසර 2කි. අද  අප කෙරෝනා අවදානම හමුවේ හැසිරෙන්නේ අර දරුවා මෙන් පාසල් වාර විභාග (හෝ මැතිවරණ) මානසිකත්වයෙනි.

    වර්තමාන ලංකාවේ පාලකයා ඒ ලොකු ස්කෝලේ මහත්තයා වී නම්,  2020 මාර්තු දෙවෙනිදා ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැත. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ උපදෙස් පරිදි,  රටම ආපදා අවදානමක කොටු කර ගුවන් තොට වසනවාය. සෞඛ්‍ය ඇමතිවරිය අපේ ජයග‍්‍රහණය සහතික හෙයින් මැතිවරණය කල් තැබීමේ අවශ්‍යතාවයක් නැත යයි කියන්නේ නැත.

    ජනාධිපති වරයා පරිප්පු සැමන් මිල අඩු කරමින් ජනතාවගේ කොරෝනා බිය දුරු කිරීමට හිතන්නේ නැත.  තුට්ටු දෙකේ වාසියට කෑදරව, රටේ   මිනිස්සු පරිප්පු සැමන් ගැනීමට පාරට බසින්නේ් නැත.  

    ඒ ඇමතිවරිය අර පාසල් දරුවාගේ මානසික මට්ටමේය. ජනාධිපති වරයා පරිප්පු සැමන් මිල අඩු කරමින් ජනතාවගේ කොරෝනා බිය දුරු කිරීමට හිතන්නේ නැත.  තුට්ටු දෙකේ වාසියට කෑදරව, රටේ   මිනිස්සු පරිප්පු සැමන් ගැනීමට පාරට බසින්නේ් නැත.  පාස්කු ප‍්‍රහාරයට කෝපව මුස්ලිම් ගම් වලට ගහන්නේ නැත. ජාතිය අමතමින්තම සහෝදරයා අගමැති කළ යුතු බව කියන්නේ නැත. මේ රටේ කොරෝනා ව්‍යසනය බඩු අඩුවට දෙන ඡන්ද සැණකෙළියක් කළේ ලොකු ස්කෝලේ මහත්තයා වැන්නෙකු රටේ පාලකයා නොවූ නිසා ය.

    1962 රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයේදී මෙන්ම, 71 කැරැල්ලේදී රටේ සියළු දෙනා වගකීමෙන් හැසිරිණ.  පාස්කු ප‍්‍රහාරයෙන් දින කිහිපයක් ගෙවුණ තැන තමා ජනාධිපති අපේක්‍ෂකයා බවට ගෝඨාභය ප‍්‍රකාශ කළ තැන් සිට වි පක්‍ෂය මැතිවරණ මානසිකත්වයෙන් හැසිරිණ. අවදානම අබිබවා ම්ලේච්ඡ දේශපාලනය ඉස්මතු විය. ආපදාව යනු  බරපතල හතුරෙකි.  ඒ හතුරා නිවැරදිව හඳුනා ගනු මිස, පක්‍ෂ දේශපාලනයේ පින්සලෙන් රැවුල් ඇඳ, කන්නාඩි පළඳවා,  පාට කර හැඩ බැලියු යුතු චිත‍්‍රයක්  නොවේ. පාස්කු ප‍්‍රහාරය විකුණා කා රටක් රවටා බලය ඇල්ලූ අඳ බාලයන්ට කොරෝනා වසංගතයේ  දිග පළල හඳුනා ගත නොහැකි විය.

    කොරෝනා වෛරසය ගැන පසුගිය දෙසැම්බරයේත් ලෝකය දැන සිටියහ. රාජපක්‍ෂ පාලකයන් ජනවාරියේ කටුනායක නිරෝධායන ඒකකය සකි‍්‍රය කොට, ජාතික කි‍්‍රයාකාරි කමිටුවක් පත් කළහ.  ජනවාරි 27 දා හඳුනා ගත් පළමු චීන ජාතික කොරෝනා රෝගියා  හමු විය. ඇය පෙබරවාරි මස 19 වෙනි දින සුවය ලබා  රටින් පිටව යෑම මහා උත්සවයක් විය.  ඒ සමග දිලිත් ජයවිර, ඉරාජ් වීරරත්න  ලංකාවේ සංචාරයට  එන්නැයි ලෝකයට ඇරයුම් කළහ.

    දිනෙන් දින ව්‍යාප්තවන වෛරසයක් හමුවේ කිබුහුමක් තරමට ගණන් ගත්තේ නැත.  බලයට ඉව අල්ලමින් විපක්‍ෂයේ සිටි රාජපක්‍ෂලා පාස්කු ප‍්‍රහාරය  සැණකෙළියක් ලෙස සැලකීය. එදා  මාධ්‍ය හැසිරීම ඊට නිදසුණකි. වාචාල හරින් ප‍්‍රනාන්දු තම පියා කී නිසාවෙන් පල්ලි නො ගිය බවට කළ පකිස් බූරු කතාව සහ පවිත‍්‍රාගේ අපි දිනන කතාව එකම ජාතියේ තප්පු ලෑමකි. එහෙත් රාජපක්‍ෂ වාදි  මාධ්‍ය ගද්‍රභයන්  හරින්ගේ වගකීම් විරහිත  කතාව උඩ දමා සෙල්ලම් කළාට පවිත‍්‍රලාගේ සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලෙලාගේ මෙන්ම සැමන් පරිප්පු  කතා  ගැන කතා කළේම නැත.

    රෝයල් තෝමියන් මැච් එක නතර කිරිමට ජනධිපතිට ඉඩ නොදුන් එකා ගැන ඇසුවේ  නැත. ඒ නිසා, බාප්පා බයකර රෝයල් තෝමියන් මැච් එකට ඉඩ දුන්නේ ගල්කිස්ස තෝමියන් පොරක් වූ නාමල් පුතා බවට රට්ටු අනුමාන කළහ. රෝ්යල් මැච් එක නතර කිරිමට අයියාගේ පුත්තු ඉඩ නො දුන්නා කී  බාප්පා ආනන්ද නාලන්ද මැච් එක බැලීමට යාමේ බරපතලකම මාධ්‍ය රටට හෙළි කළේ නැත. ජාතික ආපදා දේශපාලනයෙන් යට ගැස්වීමට   තවත් උදාහරණ අවශ්‍යද?

    පවිත‍්‍රා වන්නිආරච්චි සුසිල් පේ‍්‍රමජයන්ත් ලක්‍ෂමන් යාපා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප‍්‍රනාන්දු පුල්ලේ ආදිහූ කළ ප‍්‍රකාශ මුහුණු පොතේ මිස, ප‍්‍රමුඛ මාධ්‍ය  ඉස්මතු  කළේ නැත. පාස්කු ඛේදවාචකය උඩ දමා සෙල්ලම් කළ උදවිය කොරෝනා අවදානමේදී ගොලූ බේත් බී බලා සිටිති. අවදානම අතර, නගරයේ  සයිකල් රේස් සංවිධානය කළ  දඹුල්ල නගරාධිපති  අත් අඩංගුවේය. රෝයල් තෝමියන්, ආනන්ද නාලන්ද මැච්   ඕර්ගනයිස් කළ එවුන් තවමත් නිදැල්ලේ ය.

    පවිත‍්‍රා වන්නිආරච්චි සුසිල් පේ‍්‍රමජයන්ත් ලක්‍ෂමන් යාපා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප‍්‍රනාන්දු පුල්ලේ ආදිහූ කළ ප‍්‍රකාශ මුහුණු පොතේ මිස, ප‍්‍රමුඛ මාධ්‍ය  ඉස්මතු  කළේ නැත. පාස්කු ඛේදවාචකය උඩ දමා සෙල්ලම් කළ උදවිය කොරෝනා අවදානමේදී ගොලූ බේත් බී බලා සිටිති. අවදානම අතර, නගරයේ  සයිකල් රේස් සංවිධානය කළ  දඹුල්ල නගරාධිපති  අත් අඩංගුවේය. රෝයල් තෝමියන්, ආනන්ද නාලන්ද මැච්   ඕර්ගනයිස් කළ එවුන් තවමත් නිදැල්ලේ ය.

    තෙල් අඩු කළේ නැත. රටේ විනය පවත්වා ගෙන යන්නේ නැත.  බක් පුන් පොහෝය තෙක් පවත්නා සිරිපාද වන්දනාව නතර නො කිරීමත් එල්ලා වෙඩි තැබිය යුතු වරදකි. තුනෙන් දෙක ඉල්ලන අයියලා අපදාවක  අටපහ තේරුම් ගැනීමට අසමත් ය.  ජනවාරි 27 දා පළමු කොරෝනා රෝගි කාන්තාව හමුවූ දින ගුවන් තොට වැසුවා නම් මේ විනාසය සිදුවන්නේ නැත.

    පාස්කු  ප‍්‍රහාරය සමග මම ඡුන්දෙට එනවා කී ජනාධිපති වරයා අයියා අගමැති කරන්න කීමෙන් ආපදා හඳුනා ගැනීමේ මැදමුලන  න්‍යාය අප තේරුම්ගත යුතුවේ. පාස්කු  ප‍්‍රහාරයට  සමගාමීව මුස්ලිම් ගම් වලට පහර දීම සංවිධානය කළෝ පොහොට්ටුව වේදිකාවේ සිටියාහ. අද රට පත්ව ඇති ව්‍යසනය ගැන හාන්කවිසියක් නැති රනිල් සජිත් කා කොටා ගන්නේ ඒ නිසාය. යූඇන්පී කාරයන් බහුතරය මාලිමාවට ඡන්දය දෙන්න හිත හදා ගෙන ඇත්තේද ඒ නිසාය.

    1965-70 නුවරඑළිය මන්තී‍්‍ර ඩොනල්ඞ් රණවිර(එජාප) ගේ  ආදායම් බදු ගැටළුට අවශ්‍ය පියවර ගැනීමට අදාල අංශවලට  අගමැති ඩඞ්ලි සේනානායක දුන්නේ එක් සතියක  කාලයකි. ඒ සමග ඩොනල්ඞ් රණවීර කැඳවා ඊළග මැතිවරණයේදී එජාප නාම යෝජනා නො ලැබෙන බව දැන්වීය.

    1958 මහ ගංවතුරට ගලා ආ  ජල කඳ නිසා ගිරිතලේ වැව කැඩෙන්න ආසන්නව තිබිණ. අමාත්‍ය සී.පි.ද සිල්වා වැව කපා වතුර බැස්සවීමට දුන්  උපදෙස කි‍්‍රයාත්මක නොවී ය. ඒ වැව කැපීමේ ප‍්‍රතිපලය තක්සේරු කළ නො හැකි නිසාය.  අවසානයේ අමාත්‍ය සී.පී. ද සිල්වා මින්නේරි දේවාලයට  බාරයක් වී බුල්ඩෝසරයක්  පණ ගන්වා තෙමේව  වැව් බැම්ම කපා වැවත්, ප‍්‍රදේශයත් ආරක්‍ෂා කළේය. එදා ඒ හරහා යම් විනාශයක් සිදුවුණා නම් සී.පි.ද සිල්වාගේ දේශපාලනය අවසන් වීමට ඉඩ තිබිණ.

    නායකයන් කියන්නේ කෑදරයන් නොවේ. බිය ගුල්ලන් නොවේ. වගකීම තේරුම් ගත් යෝධ මිනිසුන්ටය. අර ගමේ ස්කෝලේ ලොකු මහත්තයා වාගේය.

    නායකයන් කියන්නේ කෑදරයන් නොවේ. බිය ගුල්ලන් නොවේ. වගකීම තේරුම් ගත් යෝධ මිනිසුන්ටය. අර ගමේ ස්කෝලේ ලොකු මහත්තයා වාගේය.

    කොරෝනා ව්‍යසනය කළමනාකරණය නො කළ වර්තමාන පාලකයන් තම දේශපාලන සටන් පාඨ කරගත් මද්‍රසා පාසල් තහනම් නො කිරීමෙන්, මුසල්මානු බුර්කා නො කිරීමෙන්, බැංකු හොරු ගාල් නො කිරීමෙන්, දොස්තර සාපි අමතක කිරිමෙන් භික්‍ෂු දේශපාලනය අවසන් කිරීමෙන් කුණු බැනුම් අසති. ඒ ඇයි? මිනිසුන් රවටා බලය ගන්නා කිසිවෙකුට මහ පොළොව සමාව නොදෙන  නිසාය. සාප කරන නිසාය. 56 ජාතීන් අතර වෛරය පැතිරවූ බණ්ඩාරනායක විනාස වුණේ ඒ නිසා ය. බොහෝ දුර ඇවිද යා නො හැකිය.  

    යහ පාලනය භාරගත් රනිල් සජිත්ලා කිසිවෙකු රාජපක්‍ෂලාට අත තිබ්බේ නැත. 2019 රට භාරගත් රාජපක්‍ෂලා රනිල් සජිත්ලාට අත තියන්නේද නැත. කොරෝනා පැතිරුණත් බිග් මැච් නතර නො කරති. ඒ අමන දේශපාලනය නිසාය.

    අර ස්කෝලේ ලොකු මහත්තයාට විභාගයට වඩා දරුවන්ගේ ආරක්‍ෂාව වැදගත් විය.  ඔහු කල්පනා කළේ විභාග ලියන්නත් දරුවන් ආරක්‍ෂා විය යුතු බවය. චමල් රාජපක්‍ෂ කීවේ මිනිසුන් තම ආරක්‍ෂාව සලසා ගෙන ඡන්දය දාන්න ආ යුතු බවය. චමල් රාජපක්‍ෂට අනුව කුරුණෑගල හත් කෝරළේ  මිනිස්සු මහින්ද රාජපක්‍ෂ පත් කළ යුතුවේ. මහනුවරින් මහින්දානන්ද පත් කළ යුතුවේ. දෙ කෝටියක් ජීවත්වන රට කොරෝනාව ළග මරණාසන්නව සිටිත්. ඒ මිනිස්සු 225ක් පත්  කිරීමට අවදානම අමතක කළ යුතුවේ.  19 ව්‍යවස්ථා සංශෝධනයට පින් සිද්ධ වෙන්න ඡන්ද කල් දැමීම නිසා ජනතාව යම් තරමකට සුරක්‍ෂිතව සිටි.

    රොයල් තෝමියන් මැච් එකේදී මැදමුලන රාජපක්‍ෂලාත් හෙණ්ඩියගල සිද්ධියේදී සඳ ලංකාවේ සුබසිංහලාත් කල්පනා කළ ආකාරය රටේ යහපත පිණිස තෝරා බේරා ගත යුතුවේ.  

    සඳලංකාවේ සුප‍්‍රකට ටී.බී.සුබසිංහගේ  දූ වරුන් දෙදෙනා ගියේ හෙණ්ඩියගල ගමේ පාසලටය. එක් දවසක පිස්සු බල්ලෙක් පාසල් වත්තට පැන දගලන්නට විය. දරුවන්  බියෙන් කෑ ගැසූහ. ගුරුවරු පළමුව කළේ සුබසිංහ දියණියන් දෙදෙනා ගුරු නිවාසයේ සුරක්‍ෂිතව තැබීමය. මේ කතාව  ඇසූ සුබසිංහලා තිගැස්සිණ. ඒ තම දරුවන් රැකීමට යද්දී තවත් පාසල්  දරුවෙකුට පිස්සු බල්ලා හැපුවා නම් …. කියා  කල්පනා වූ හෙයිනි. රොයල් තෝමියන් මැච් එකේදී මැදමුලන රාජපක්‍ෂලාත් හෙණ්ඩියගල සිද්ධියේදී සඳ ලංකාවේ සුබසිංහලාත් කල්පනා කළ ආකාරය රටේ යහපත පිණිස තෝරා බේරා ගත යුතුවේ.  

    පෙබරවාරි 1 දින චීනයේ වුහාන් නගරයේ සිටි විරවංශගේ දූදරුවන් ඇතුළු ශී‍්‍ර ලාංකික සිසුන් සහ පවුල්වල 33 දෙනෙකු ලංකාවට ගෙන්වා දියතලාවේ නිරෝධානයක කඳවුරේ රැඳවීය. රටට විදේශීය විනිමය ගෙනෙන නොවැම්බර් 16දා පොහොට්ටුවට කතිරය ගැසීමට ස්වේච්ඡාවෙන් ලංකාවට ආ විදේශීය ශ‍්‍රමිකයන්ට ලංකාවට ගෙන්වා ඔවුන් ආරක්‍ෂා කිරීමට කි‍්‍රයා කළේ නැත.

    එහෙත් සංචාරකයන් පරීක්‍ෂාවෙන් තොරව ලංකාවට පැමිණී අතර, මාර්තු 2 තෙක් ගුවන් තොටුපල වසා දැමුවේ නැත. පළමු ශී‍්‍ර ලාංකික රෝගියා සංචාරක මග පෙන්වන්නෙකු වුණේ විදේශීය සංචාරකයන්ට දොර හැර දුන් නිසාය. අන්තිමේ  ඉතාලිය ගිනි ගනිද්දී විදේශීය ශ‍්‍රමික ලාංකික ජනතාව සිය ගණන් ලංකාවට පැමිණ තැන තැන සැගවුණාහ. අද ඔවුන් හොරුන් තක්කඩියන් මට්ටමට වැටී ඇත. අද රටේ මිනිස්සු එකී විදේශීය ශ‍්‍රමික ලාංකිකයන්ගේ හැසිරීම හෙළා දකිති. ඔවුන් ජාති ද්‍රෝහින් ලෙස සලකති.

    වඩාත් බරපතල ඔවුන්ගේ හැසිරිමද? රෝයල් තෝමියන් ආනන්ද නාලන්ද මැච් සංසිද්ධීන්ද?ගුවන් තොටුපල විවෘතව තැබීමද? තවමත් සිරිපාදේ යන්ට අවසර දි තිබීමද?

    ‘‘කෙහෙම්මල් වාර විභාගේ ඉක්මනට ගෙවල් වලට යනවලා…..ලොකු ස්කෝලේ මහත්තයාට අනුව යමින් අඹගස්්වැවවේ රාහුල  නායක හාමුදුරුවෝ් රන්ගිරි දඹුලූ විහාරය වසා දැමූ හ. සිරිපාදේ නායක හාමුදුරුවෝ සිරිපාදය වන්දවති. මාර්තු 12 වෙනිදා රෝගින් දෙදෙනෙකි. මාර්තු 23 වෙනිදාට ලංකාවේ  කොරෝනා රෝගීන් 80 ඉක්මවා යමින් පවතී. ඉහත කී භික්‍ෂුන් දෙදෙනාගේ කි‍්‍රයා හරහා කොරෝ්නා වසංගතය පාලනය කිරීමට රටේ පාලකයන් අසමත් බවට තවත් සාක්‍ෂි උවමනාද?

    නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.