Tag: featured

  • දින 3ක විශේෂ නිවාඩුවක් – බැංකු හා අත්‍යවශ්‍ය රාජ්‍ය ආයතන වැඩ

    දින 3ක විශේෂ නිවාඩුවක් – බැංකු හා අත්‍යවශ්‍ය රාජ්‍ය ආයතන වැඩ

    අද (17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

    හෙට සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බවත් මෙම නිවාඩු තුන ප්‍රසිද්ධ නිවාඩු (public holidays) ලෙස නොසැලිය යුතු බවද රජය නිවේදනය කරයි.

    සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බල පැවැත්වෙනු ඇති.

    පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබාදෙන මෙන් රජයේ ඉල්ලා සිටියි. කොවිඩ් නයින්ටීන් වෛරසයේ  ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමුකරමින් තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ සලකා බැලීමට නියමිතයි.

  • කොරෝනා වෛරසය: මොකක් ද මේ? රෝග ලක්ෂණ මොනවා ද? වළක්වා ගන්නේ කෙසේ ද?

    කොරෝනා වෛරසය: මොකක් ද මේ? රෝග ලක්ෂණ මොනවා ද? වළක්වා ගන්නේ කෙසේ ද?

    කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකාවේදී තහවුරු වූ පුද්ගලයින් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉරිදා (මාර්තු 15) පස්වරුවේ තහවුරු කෙරුණු ආසාදිතයින් 7 දෙනා ම පිරිමි පුද්ගලයින් වූ අතර ඔවුන් සියලු දෙනා ඉතාලියේ සිට පැමිණි අය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා තහවුරු කළේය.

    කුමක් ද මේ වෛරසය?

    කොරෝනාවෛරස (CoV) යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරස් ‘පවුලකි’.

    නමුත් මේ වන විට පැතිරී යන නව කොරෝනාවෛරසය (nCoV) මින් පෙර පුද්ගලයන්ට ආසාදනය වූ බව හඳුනාගෙන නොතිබිණි.

    කොරෝනාවෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ. සවිස්තරාත්මක පරීක්ෂණවලින් හෙළි වූයේ මින් පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනාවෛරසය (SARS-CoV) උරුලෑවන්ගෙන් ද මර්ස් කොරෝනාවෛරසය (MERS-CoV) ඔටුවන්ගෙන් ද මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවය. මෙතෙක් මිනිසුන්ට ආසාදනය වී නොමැති කොරෝනාවෛරස කිහිපයක් සතුන් අතර සංසරණය වන බව හඳුනාගෙන තිබේ.

    මෙවැනි වෛරසයක් ආසාදනය වූ පුද්ගලයෙකුට ශ්වසන රෝග, උණ, කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය. වඩාත් දරුණු අවස්ථාවලදී, නියුමෝනියාව, දරුණු නිදන්ගත ශ්වසන රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම සහ මරණය පවා සිදු විය හැකිය.

    නව කොරෝනාවෛරස රෝගයේ ලක්ෂණ මොනවා ද?

    කොවිඩ් 19 ලෙස නම් කර ඇති නව කොරෝනාවෛරසය මගින් ඇති වනුයේ, ශ්වසන රෝගී තත්ත්වයකි. එය උණ රෝගී තත්ත්වයකින් ආරම්භ වන අතර පසුව වියළි කැස්සක් ඇති වේ. සතියකට පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන අතර ඇතැම් රෝගීන්ට රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.

    Coronavirus Sri Lanka

    මෙම රෝග ලක්ෂණ ඇති පමණින් ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි නිශ්චිතව කිව නොහැක. මේ රෝග ලක්ෂණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් සාමාන්‍ය වෛරස් ආසාදනය වීමෙන් ඇති වන රෝග ලක්ෂණවලට සමානය.

    වඩාත් දරුණු තත්ත්වයකට හැරුණු විට, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියාව, සාර්ස්, අවයව ක්‍රියා විරහිත වීම සහ මරණය පවා සිදු විය හැක.

    එය බෝ වන්නේ කෙසේද?

    පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට කොරෝනාවෛරසය බෝවනුයේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත. කෙසේවෙතත්, මීට සමාන වෛරස් බෝවීම සිදු වන්නේ, කැස්ස, කිවිසුම් වැනි අවස්ථාවලදී නිකුත් වන ඛේටයහෝ සෙම් මගිනි.

    එමෙන් ම, ආසාදිත පුද්ගලයෙකුගෙන් පිටවන ඛේටය හෝ සෙම් බිඳිති යම් මතුපිටක තැවරී තිබිය හැකි අතර, එහි ඇති වෛරසය දින ගණනාවක් ක්‍රියාකාරීව පවතින බව විශේෂඥයෝ පවසති.

    රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට කොපමණ කලක් ගතවේද?

    වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා දින 14ක කාලයක් ගත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, ඇතැම් පර්යේෂකයින් පවසන්නේ, රෝග ලක්ෂණ මතු වීම සඳහා දින 24ක් දක්වා කාලයක් ගත වන බවය.

    Coronavirus Sri Lanka

    වෛරසය බෝ වීම වළක්වා ගන්නේ කෙසේ ද?

    • නිතර ම දෙඅත් සබන් ගා හොඳින් සෝදා ගත යුතු අතර, මෙය පොදු ස්ථානයක ගැවසීමෙන් පසු අනිවාර්යයෙන් සිදු කළ යුතුය.
    • දෙඅත් පිරිසිදු කර ගැනීමට වෙනත් ආදේශක ද්‍රාවණයක් (hand gel) වුව ද භාවිත කළ හැකිය.
    • කැස්ස සහ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියකින් ආවරණය කර ගත යුතුය.
    • භාවිතයෙන් පසු ටිෂූ කඩදාසිය ක්‍රමානුකූලව ඉවත දැමිය යුතුය.
    • ටිෂූ කඩදාසි නොමැති අවස්ථාවක වැළමිට නවා අතේ උඩ කොටසෙන් මුහුණ ආවරණය කර කැස්ස හෝ කිවිසුම් යැවීම සිදු කළ යුතුය.
    • නොසේදූ අත්වලින් මුහුණ ස්පර්ශ නොකළ යුතුය.
    • ආසාදිතයින් සමීපයට යාමෙන් වැළකී සිටිය යුතු අතර, පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැලකී සිටිය යුතුය.
    • මස් සහ බිත්තර හොඳින් පිස ආහාරයට ගැනීම සිදු කළ යුතුය.
    • වන සතුන්ගෙන් මෙන් ම ගොවිපොළවල සේවය කරන්නේ නම් රෝගී සත්ත්වයන්ගෙන් ඈත් වී සිටිය යුතුය.
    • මියගිය සතුන් පරිභෝජනයට නොගත යුතුය.
    Coronavirus Sri Lanka
    දෙඅත් පිරිසිදු කර ගැනීමට වෙනත් ආදේශක ද්‍රාවණයක් (hand gel) වුව ද භාවිත කළ හැකිය

    කොරෝනාවෛරසය සහ සාමාන්‍ය උණ අතර වෙනස කුමක් ද?

    කොරොනාවෛරසය සහ සාමාන්‍ය උණ අතර බොහෝ සමාන රෝග ලක්ෂණ තිබීම හේතුවෙන් නිසි වෛද්‍ය පරීක්ෂණයකින් තොරව රෝග විනිශ්චය අපහසු වේ.

    කොරෝනාවෛරසයේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උණ සහ කැස්සය. සාමාන්‍ය උණ රෝගවලට බොහෝ විට සෙම්ගෙඩි වැනි වෙනත් රෝග ලක්ෂණ ඇති වන නමුත්, කොරෝනාවෛරසය ආසාදනය වූවන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනේ.

    රෝග ලක්ෂණ පහළ වූ විට කළ යුත්තේ කුමක් ද?

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ, අදාළ රෝග ලක්ෂණ ඇත්නම් වහා රෝහලක් කරා ගොස් ප්‍රතිකාර ගත යුතු බවය.

    මේ අතර, වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළේ නම් ඔබ ස්වයං හුදෙකලා වීම සුදුසු බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය (PHE)පවසයි. ඉන් ඔබ තුළින් වෙනත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීම වැළකේ.

    Coronavirus Sri Lanka

    ස්වයං හුදකලා වීම යනු කුමක් ද?

    කොරෝනාවෛරස ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තා වූ රටවල සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයන් සිය නිවස තුළ ස්වයං හුදෙකලා වීම සඳහා යොමු කරමින් සිටියි.

    • නිවස තුළ හොඳින් වාතාශ්‍රය තිබෙන කාමරයක හෝ යම් කොටසක රැඳී සිටිය යුතුය.
    • නිවසේ අන් පුද්ගලයන්ගෙන් ඈත් වී සිටිය යුතුය.
    • නිවසින් පිටත ක්‍රියාකාරකම් සීමා කළ යුතුය.
    • පොදු ස්ථානවලට යාමෙන් සම්පූර්ණයෙන් වළකින්න.
    • පොදු ප්‍රවාහනය හෝ කුලී රථ භාවිත කිරීමෙන් සම්පූර්ණයෙන් වළකින්න.
    • ආහාර සහ ඔබට අවශ්‍ය දේ අදාළ කාමරය අසල තබා යන ලෙස ඥාතීන් හෝ මිතුරන්ට උපදෙස් ලබා දිය යුතුය.
    • හැකි නම්, ඔබ වෙන ම නාන කාමරයක් භාවිතා කළ යුතු වන අතර, එසේ නැත්නම් අන් සියලු දෙනා නාන කාමරය භාවිත කිරීමෙන් පසු ඔබ එහි යා යුතුය.
    • නිවසට අමුත්තන් පැමිණීම සම්පූර්ණයෙන් වැළැක්විය යුතුය.
    • අවශ්‍ය ඕනෑම මොහොතක වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

    වැඩි අවදානමක් ඇත්තේ කාහට ද?

    රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින්නේ, වයස්ගත පුද්ගලයින් සහ ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝගවලින් පෙළෙන්නන්ටය.

    චීනයෙන් පළමුවෙන් වාර්තා වූ ආසාදිතයන් 44,000 ට වඩා වැඩි සංඛ්‍යාවක් ඇසුරෙන් කළ විශ්ලේෂණයෙන් හෙළි වූයේ, මරණ අනුපාතය මැදිවියේ අයට සාපේක්ෂව වැඩිහිටියන් තුළ දස ගුණයකින් වැඩි බවය.

    අධි රුධිර පීඩනය, පෙනහලු දුර්වලතා සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට මෙම වෛරසයේ බලපෑමෙන් එම රෝගී තත්ත්වය උත්සන්න වීමට ඉඩ ඇත.

    ගර්භණී කාන්තාවන්ට වෛරසයෙන් බලපෑමක් තිබේද?

    ගර්භණී කාන්තාවන් දැඩි අවදානමක සිටින කණ්ඩායමක් බවට තවමත් සාක්ෂි නොමැත. අන් අය සේ ම ඔවුන් ද ආසාදනය වීම වළක්වා ගැනීමට පියවර ගත යුතුය.

    Coronavirus Sri Lanka
    මරණ අනුපාතය මැදිවියේ අයට සාපේක්ෂව වැඩිහිටියන් තුළ වැඩි බව සංඛ්‍යාලේඛන පෙන්වා දේ

    දරුවන්ට ඇති අවදානම කුමක්ද?

    චීනයේ දත්තවලට අනුව, පොදුවේ ගත් කල දරුවන්ට කොරෝනාවෛරසයේ බලපෑම සාපේක්ෂව අවම මට්ටමක ඇති බව පෙනේ.

    මෙයට හේතුව ආසාදනය ශරීරයෙන් බැහැර කිරීමේ හැකියාව හෝ රෝග ලක්ෂණ මතු නොවීම හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කිරීමය.

    කෙසේවෙතත්, ඇදුම වැනි පෙනහලු ආබාධ ඇති දරුවන්ට මෙම වෛරසයෙන් බලපෑම් එල්ල වීමේ ඉඩකඩ ඇති නිසා වඩාත් සැලකිලිමත් විය යුතුය.

    බොහෝ දරුවන්ට එය තවත් ආකාරයක ශ්වසන ආසාදනයක් ලෙස පෙන්නුම් කර ඇති නමුත් අනතුරු ඇඟවීමේ මට්ටමට ළඟා වී නොමැත.

    කෙසේවෙතත්, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු පාසල් අප්‍රේල් 20 වෙනිදා දක්වා වසා තැබීමට ආණ්ඩුව ක්‍රියා කර තිබේ.

    එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) දත්ත අනුව ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මැදපෙරදිග, උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාවේ රටවල් 61ක පාසල් හා විශ්ව විද්යාල වසා දැමීම් ප්‍රකාශයට පත්කර හෝ ක්‍රියාත්මක කර තිබේ.

    ලොව පුරා ළමුන් හා යෞවනයන් මිලියන 400කට පමණ බලපෑම් එල්ල කරමින් රටවල් ගණනාවක් ඔවුන්ගේ රට පුරා පාසල් වසා දැමීමට ක්‍රියා කර ඇත. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම හෝ අවම කිරීම සඳහා තවත් රටවල් අදාළ ප්‍රදේශවල පමණක් පාසල් වසා දැමීම ක්‍රියාත්මක කර ඇත.

    Coronavirus Sri Lanka
    ශ්‍රී ලංකාවේ සියලු පාසල් අප්‍රේල් 20 වන දා දක්වා වසා තැබීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කර තිබේ

    දුම් පානය කරන්නන්ට වැඩි අවදානමක් තිබේද?

    බ්‍රිතාන්‍යයේ මහජන සෞඛ්‍ය පුණ්‍යායතනයක ප්‍රධාන විධායක නිලධාරිනී ඩෙබ්රා ආර්නොට් ඉදිරිපත් කර ඇති උපදෙස් අනුව අධික ලෙස දුම් පානය කරන අය එය අවම කර හෝ සම්පූර්ණයෙන් ම නවතා දමා අවදානම අවම කර ගැනීමට උත්සහ කළ යුතුය.

    “දුම් පානය කරන්නන්ට ශ්වසන ආසාදන ඇති වීමේ ඉඩකඩ වැඩිය. දුම් පානය නොකරන අයට වඩා නියුමෝනියාව වැළඳීමේ අවදානම දෙගුණයක් වෙනවා,” ඇය පැවසුවාය.

    වෙනත් රෝගවලට වෛද්‍යවරුන් ලබා දුන් ඖෂධ දිගටම ලබා ගත යුතුද?

    වෛද්‍ය උපදෙස් ලබා ගන්නා තෙක් ඔබට ඇති වෙනත් රෝගවලට නියම කර තිබෙන ඖෂධ නියමිත පරිදි ලබා ගැනීම වැදගත්ය.

    කොරෝනාවෛරසය කෙතරම් දරුණු ද?

    ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට කොරෝනාවෛරසය ගෝලීය වසංගත රෝගයක් ලෙස නම් කර තිබේ.

    Coronavirus Sri Lanka
    ඉතාලිය සම්පූර්ණයෙන් වසා දැමීමත් සමග නිවෙස්වල සිටින පිරිස් සඳලුතලවල සිට ගී ගයන අයුරු දක්නට ලැබිණි

    ලෝක සෞඛ්‍ය සංවිධානය සතු දත්ත අනුව සෑම ආසාදිතයින් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකුට ම ඇති වන්නේ, සුළු රෝග ලක්ෂණය. ඒ අනුව:

    • 80% සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
    • 14% බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
    • 6% දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

    වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වන්නන්ගේ ප්‍රතිශතය 1% හෝ 2%ක් වැනි අවම මට්ටමක පැවතිය ද එම සංඛ්‍යා අවිනිශ්චිතය.

    දහස් ගණනක් රෝගීන් මේ වන විට ප්‍රතිකාර ලබන අතර තවත් බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. එහෙයින් මරණ අනුපාතය මීට වඩා ඉහළ අගයක් ගත හැකිය.

    එමෙන් ම, සුළු රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් සංඛ්‍යාව ද නිශ්චිත නොවන හෙයින් මරණ අනුපාතය පහළ යාමට ද ඉඩ තිබේ.

    කොරෝනාවෛරසයේ බලපෑම එල්ල වී ඇති රටවල් මොනවා ද?

    චීනයෙන් ආරම්භ වූ කොරෝනාවෛරසය ලොව පුරා වේගයෙන් පැතිරී යන අතර, මේ වන විට රටවල් 123කට වැඩි ගණනක පුද්ගලයන් 140,000කට වැඩි පිරිසකට ආසාදනය වී තිබේ. මේ වන විට පුද්ගලයන් 5,500කට අධික පිරිසක් මිය ගොස් තිබේ.

    Coronavirus Sri Lanka

    මින් බහුතරයක් චීනයෙන් වාර්තා වන නමුත් මේ වන විට ඉන් පිටත රටවල වෛරසය දැන් රට තුළට වඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. චීනයෙන් පිටත වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ ඉතාලියෙනි.

    කොරෝනාවෛරසය බෝවන රෝගයක් ලෙස ලෝකයේ බොහෝ ප්‍රදේශවල එකවර පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් සම්ප්‍රේෂණය වීම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශ පත් කිරීමට හේතු වීතිබේ.

    ශ්‍රී ලංකා රජය මේ වන විට ගෙන ඇති පියවර මොනවාද?

    Coronavirus Sri Lanka

    විශාල ජනතාවක් එකතුවෙන ස්ථාන සහ අවස්ථා සඳහා පොලිස් අවසරය නොලැබෙන අතර, අත්‍යවශ්‍ය ම හේතූන් පවතී නම් ඒ සඳහා පොලිස් බලපත්‍රයක් ලබා ගත යුතු බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සෙනෙසුරාදා (මාර්තු 14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළාය.

    එමෙන් ම, විශාල ලෙස ජනතාව ගැවසෙන ස්ථානවලට නොගොස් ස්වයං නිරෝධායන ක්‍රමයක් අනුගමනය කිරීම සුදුසු බව අමාත්‍යවරිය තවදුරටත් පැවසීය.

    • යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට නවතා දමා තිබේ.
    • යුරෝපයෙන් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් දින 14ක් නිරෝධායනය සඳහා යොමු කරනු ලබයි.
    • මහජන ප්‍රවාහන සේවා වීෂබීජහරණයට පියවර.
    • වෛරසය පාලනයට චීනය ගත් ක්‍රියා මාර්ග පිළිබඳ අධ්‍යයනයක.
    • කොරෝනාවෛරස මර්දන කාර්ය සාධක බලකායට ස්ථිර නිවහනක් ලබා දී තිබේ.
    • මහජන ඒකරාශිවීම් අවම කිරීමට උපදෙස්.
    • සේවා සහ අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිතයට අවධානය යොමු කර තිබේ.
    • මුඛ ආවරණ ඕනෑම තැනකින් මිලදී ගැනීමට හැකිවන අයුරින් බෙදා හැරීම විධිමත් කර පාලන මිලක් යටතේ මිලදී ගැනීම සඳහා පහසුකම් සැලසීමට රජය උපදෙස් ලබා දී ඇත.
    • දැනට තහවුරු වී ඇති කොරෝනාවෛරස ආසාදිතයන් ගැවසුණු ස්ථාන සහ ඇසුරු කළ අය ගැන අඛණ්ඩව විමර්ශන කොට ඔවුන් නිරෝධායනයට යොමු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
    • මෙම තත්ත්වය සැලකිය යුතු මට්ටමකට පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත.
    • සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සියලු උද්‍යාන සති දෙකක කාලයක් වසා දැමේ.
    Coronavirus Sri Lanka
    ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලිය ද අවලංගු කිරීමට පියවර ගෙන තිබේ

    සංචාරය සීමා කර තිබෙන්නේ කුමන රටවල්ද?

    ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර සියලු ගුවන් ගමන් නතර කිරීමට රජය පියවර ගෙන ඇත.

    මේ අතර, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ඔස්ට්රියාව යන රටවලින් සංචාරකයින් පැමිණීම මාර්තු 15 වන දා සිට සති දෙකකට තහනම් කිරීමට ද ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

    මේ අතර, එක්සත් රාජධානිය, නෝර්වේ සහ බෙල්ජියම යන රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් යානා මාර්තු 16 වන දා සිට සති දෙකක කාලයක් සදහා අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේය.

    ගුවන්තොටුපොළෙන් ගොඩ බැසීමෙන් පසු ලබා දෙන වීසා (on arrival visa) නතර කිරීමට ද ශ්‍රී ලංකාව පියවර ගෙනේ තිබේ.

    එක්සත් ජනපදය යුරෝපීය රටවල් 26කට සංචාරක සීමා පනවා ඇති අතර, පසුගිය දින 14 තුළ යුරෝපයේ දේශසීමා රහිත කලාපයේ සංචාරය කළ පුද්ගලයෙකු නම් (එක්සත් ජනපද පුරවැසියන් හැර) එරට තුළට ඇතුළු වීම තාවකාලිකව තහනම් කරඇත.

    රාජ්‍ය තාන්ත්‍රිකයින්, නිල රාජකාරි හෝ රැකියා වැනි සංචාරවලට හැර මෙම සිකුරාදා (මාර්තු 13) සිට මාසයක් දක්වා සියලුම විදේශිකයින් සඳහා වීසා බලපත්ර අත්හිටුවන බව ඉන්දියාව පැවසීය.

    කුවේටය විදේශීකයන් සඳහා වීසා නිකුත් කිරීම නවතා දමා ඇත.

    Coronavirus Sri Lanka
    කටුනායක ගුවන්තොටුපොළ

    ලොව පුරා විවිධ රටවල් වෛරසයෙන් වඩාත් බලපෑමට ලක්වූ චීනය, ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණෙන සංචාරකයින් සීමා කර ඇත.

    ඉතාලිය සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර, රට තුළ සංචාරය කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතුය.

    චීනය තුළ වෛරසය පැතිරීම ආරම්භ වූ විට, රට පුරා සංචාරය කිරීම සීමා කරමින් සියලු දෙනාට නිවෙස්වල රැඳී සිටින ලෙස එරට බලධාරියෝ පැවසූහ.

    ඉරාන බලධාරීන් ද පුද්ගලයන් නගර අතර ගමන් කිරීම සීමා කිරීමට ක්‍රියා කර ඇති නමුත්, එරට වැඩි ම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ශුද්ධ වූ ‘කොම්’ නගරය වසා දැමීමට පියවර ගෙන නොමැත.

    කෙසේවෙතත්, තාවකාලික කාල සීමාවකට හැර සංචාරක සීමාවන් පැනවීම නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් ලබා දී ඇත.

    ගුවන්තොටුපොළවලදී පරීක්ෂාවට ලක් වේ

    සමහර රටවල් සංචාරකයන් ඇතුළුවීම තහනම් නොකර ගුවන්තොටුපොළවල සහ වෙනත් ප්‍රවාහන මධ්‍යස්ථාන වෙත පැමිණෙන මගීන් පරීක්ෂා කිරීම සිදු කිරීමට පියවර ගෙන තිබේ.

    Coronavirus Sri Lanka

    අදාළ පුද්ගලයන් මෑතකදී සිදු කළ සංචාර, ඔවුන්ගේ සෞඛ්‍ය සහ ශරීර උෂ්ණත්ව පරීක්ෂා කර ඒ පිළිබඳ ප්‍රශ්න කිරීම මෙම ක්‍රියාවලියට ඇතුළත් වේ.

    කෙසේවෙතත්, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් පසු රෝග ලක්ෂණ මතු වන්න දින කීපයක් ගත විය හැකි බැවින් මෙය කෙතරම් ඵලදායී ක්‍රියාවලියක් ද යන්න පිළිබඳ සැකයක් පවතී.

    එන්නතක් සොයා ගෙනද?

    මෙම වෛරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා තවමත් එන්නතක් සොයාගෙන නැත.

    නමුත්, පර්යේෂකයන් මේ වන විට එන්නත් නිපදවා ඒවා සතුන්ට ලබා දී පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇත. එය සාර්ථක වුවහොත් මෙම වසර අග භාගයේදී මිනිසුන්ට අත්හදා බැලීම් සිදුකරනු ලැබේ.

    මෙම වසරේ නත්තල සැමරීමට පෙර එන්නතක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත් වුවද, එය මහා පරිමාණයෙන් නිපදවීමේ හැකියාව තවමත් අභියෝගයකි.

    එයින් සෑම වයස් කාණ්ඩයකම මිනිසුන් ආරක්ෂා කළ හැකිද?

    එය බොහෝ දුරට වයස්ගත පුද්ගලයින්ට වැඩි දුර සාර්ථක නොවනු ඇත. වයස්ගත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිශක්තිකරණයට ප්‍රතිචාර නොදැක්වීම එයට ප්‍රධානතම හේතුව වේ.

    Coronavirus Sri Lanka
    ‘තවමත් එන්නතක් සොයාගෙන නැත’

    පැරසිටමෝල් ඇතුළු සියලු ඖෂධ අතුරු ආබාධ ඇති කරයි. නමුත් සායනික අත්හදා බැලීම්වලින් තොර පරීක්ෂණාත්මක මට්ටමේ තිබෙන එන්නතක අතුරු ආබාධ මොනවාදැයි තවමත් කිව නොහැකිය.

    එන්නතක් සූදානම් වන තුරු කොරෝනාවෛරස ආසාදනය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

    එන්නත් මගින් ආසාදන වැළැක්විය හැකි නමුත් මේ මොහොතේ අනුගමනය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ සනීපාරක්ෂාවයි.

    කොරෝනාවෛරස ආසාදිතයන්ට විවිධ ප්‍රතිවෛරස ඖෂධ අත්හදා බලන නමුත් මේ කිසිවක් සාර්ථක වේදැයි නිශ්චිතව පැවසිය නොහැක.

    කාලීන අවශ්‍යතාව සලකා බී.බී.සී සන්දේශය අන්තර්ජාල අඩවියේ පළ වූ මෙම ලිපිය සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදි – සංස්කාරක

  • කොරෝනා ආසාදිතයින් ගණන 28ට නගී

    කොරෝනා ආසාදිතයින් ගණන 28ට නගී

    ශ‍්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් තහවරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනය කරයි.

    ආසාදිතයින් සියලු දෙනා පිරිමින් වන අතර එක් පුද්ගලයෙක් පොළොන්නරුව රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර අද (16) හදුනා ගත් අනෙක් ආසාදිතයින් සිවු දෙනා නිරෝධාන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බවත්, අනෙක් පුද්ගලයා කේරළයේ සිට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් බවත් ජාසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

    මේ අනුව අද (16) දිනය වන විට හදුනා ගෙන ඇති ශ‍්‍රී ලාංකික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාසිංහ මහතා පැවසුවේ.

  • මහජන ගැවසීම අඩු කිරීමේ අරමුණින් රාජ්‍ය සේවා සීමා කෙරේ

    මහජන ගැවසීම අඩු කිරීමේ අරමුණින් රාජ්‍ය සේවා සීමා කෙරේ

    බැංකු ගනුදෙණු, වෙළෙඳ සහ වාණිජ කටයුතු සාමාන්‍ය පරිදි

    කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට මහජන ගැවසීම් සහ ඒකරාශීවීම් අඩු කිරීමට තවදුරටත් රජයේ අවධානය යොමු වේ.

    හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ හා බන්ධනාගාර කටයුතු සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන තිබේ.

    අද (16) රැස් වූ අධිකරණ සේවා කොමිසන් සභාව මාර්තු 17 සිට 20 දක්වා දිනවල සිදුකිරීමට නියමිත අධිකරණ කටයුතු පිළිබඳව චක්‍රලේඛයක් විනිසුරුවරුන් වෙත යොමු කර ඇත. වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචනාධිකරණ සහ දිස්ත්‍රික් අධිකරණවල කැඳවීමට නියමිතව තිබූ නඩු සියල්ල විවෘත අධිකරණයේ කැඳවීමක් සිදු නොකෙරේ. එම නඩු කැඳවීම් අප්‍රේල් මස මුල් සතියේ දී අධිකරණ පරිශ්‍රයට පැමිණ දැන ගැනීමේ හැකියාව මහජනතාවට ඇත. අත්‍යාවශ්‍ය සහ හදිසි ප්‍රමුඛතාවයකින් ගත යුතු නඩු පමණක් ඒ ඒ විනිසුරුවරුන්ගේ අභිමතය පරිදි කැඳවන ලෙස චක්‍රලේඛය මගින් වැඩිදුරටත් උපදෙස් දී ඇත. මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල ද මෙය ක්‍රියාත්මක බව අධිකරණ සේවා කොමිසන් සභාව දැනුම් දෙයි.

    බන්ධනාගාර ආශ්‍රිතව මහජන ගැවසීම් ද මේ යටතේ සීමා කෙරේ.

    බැංකු ගනුදෙණු, වෙළෙඳ සහ වාණිජ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සියලු පහසුකම් සපයා තිබේ.

    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ මෙහෙයුම් රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ, අංක 1090 දරණ ස්ථානයේ සිට සිදු කෙරේ. 

    දෛනික ජන ජිවිතය අඩාල නොවන පරිදි සියලු කටයුතු පවත්වාගෙන යාමට රජය හැකි උපරිම උත්සාහයක නිරත වේ. උද්ගතව ඇති තත්ත්වය නිවැරදි ආකාරයෙන් තේරුම්ගෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට ජනතා සහාය රජය අපේක්ෂා කරයි.

  • මහ රැජිණගේ රාජකීය වල්ලභයා ‘පිල්ප් කුමරුගේ ඔබ නොදුටු ඡායාරූප 45ක්

    මහ රැජිණගේ රාජකීය වල්ලභයා ‘පිල්ප් කුමරුගේ ඔබ නොදුටු ඡායාරූප 45ක්

    මහා බ්‍රිතාන්‍යෙය් රාජකීයන් ගැන අපි නොදන්නා දෙයක් නැති තරම්. එලිසබෙත් මහ රැජිණ, චාල්ස් කුමරු, ඩයනා කුමරිය, විලියම් සහ හැරී කුමාරවරු වගේම රාජකීය පවුලට අලුතින් එකතු වූ කේට් කුමරිය හා මේගන් ගැනත් අපි දන්නවා. ඒත් අපි ‘පිලිප්‘ කුමාරයා, මහ රැජිණගේ සැමියා ගැන දන්නේ බොහෝම ටිකයි.

    ඒත් පිලිප් – එලිසබෙත් ආදර අන්දරය මේ ලෝකයේ එතෙක් මෙතෙක් කාලයක් තුළ පැවැති සුවිශේෂ ආදර අන්දරයක් බව කීප දෙනයි. මේ අසිරිමත් බැදීම පිලිප් කුමරු සහ එලිසබෙත් කුමරිය අතිනත ගත් 1947 නොවැම්බර් මාසයේ සිට මෙ දක්වා, දශක 07කට අධික කාලයක් නොබිදී තිබෙනවා.

    රජ පවුලේ මොන තරම් ගැටුම් තිබුණත් එලිසබෙත් – පිලිප් ආදරයට එය කිසිම බාධාවක් නොවුණ බවයි විචාරකයෝ කියන්නේ.

    ඉතිං, මේ අසිරිමත් රාජකීයා ගැන ඔබ නොදත් බොහෝ දේ ඔහුගේ බිළිදු වියේ සිට 2019 දෙසැම්බර් මස දක්වා දීර්ඝ ජීවිත කතාව කියන පහත සදහන් ඡායාරූප 45 මගින් වටහා ගත හැකියි.

    පිලිප් කුමරු ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ රාජකීය පවුල්වල උපත ලැබීය. ඔහුගේ මාමා වන පළමුවන කොන්ස්ටන්ටයින් රජු King Constantine  බලයෙන් පහ කිරීමෙන් පසු ඔහුගේ පවුල 1922 දී ග්‍රීසිය හැර දමා පැරීසියේ පදිංචි විය.

    පිලිප් කුමරු 1935 ජූලි මාසයේදී ස්කොට්ලන්තයේ පාසැල් යන අතරතුර “මැක්බත්” නිෂ්පාදනය සඳහා සැරසී සිටී

    පිලිප් කුමරු දරුවන් පස් දෙනෙකුගෙන් බාලයා සහ එකම පුතා ය. 1930 දී ඔහුගේ දෙමව්පියන් වෙන්වීමෙන් පසු ඔහුව එංගලන්තයට යවා ඔහුගේ මවගේ ආච්චි සහ මාමා විසින් ඇති දැඩි කරන ලදී.

    පිලිප් කුමරු 1947 ජූලි මාසයේදී සිය පෙම්වතිය වන එලිසබෙත් කුමරිය සමඟ. ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙකු හා සාමාන්‍ය පුද්ගලයකු බවට පත්විය. ඔහුගේ මවගේ මංගල නාමයේ ඉංග්‍රීසි පරිවර්තනයක් වන මවුන්ට්බැටන් Mountbatten යන වාසගම භාවිතා කළේය. ඔහු බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ නිලධාරියෙකු වූ අතර දෙවන ලෝක යුද්ධයේදී සටන් කළේය.

    පිලිප් කුමරු සහ එලිසබෙත් කුමරිය 1947 නොවැම්බර් මාසයේදී විවාහ විය.

    පිලිප් කුමරු 1949 ජූලි මාසයේ ක්‍රිකට් තරඟයකට ක්‍රීඩා කරයි.

    පිලිප් සහ එලිසබෙත් 1951 අගෝස්තු මාසයේදී තම දරුවන් වන චාල්ස් කුමරු සහ ඈන් කුමරිය සමග

    පිලිප් කුමරු සහ එලිසබෙත් කුමරිය 1951 ඔක්තෝබර් මාසයේ ඔටාවා හි රංගනයක නිරත වෙමින්

    1952 පෙබරවාරි 6 වන දින ඇගේ පියා හයවන ජෝර්ජ් රජු මිය යන විට පිලිප් කුමරු සහ එලිසබෙත් කුමරිය පොදුරාජ්‍ය මණ්ඩලීය සංචාරයක යෙදී සිටියහ. සංචාරය නිමවා පැමිණි ඇය මහා බ්‍රිතාන්‍යෙය් රැජිණ ලෙස අභිෂේක ලැබුවාය.

    දෙවන එලිසබෙත් රැජිණ සහ පිලිප් කුමරු 1953 ජුනි මාසයේදී ඔහුගේ බිරිඳගේ රාජාභිෂේකයෙන් පසුව බකිංහැම් මාලිගයේ බැල්කනියේ සිට ජනතාවට ආචාර කරන අයුරු.

    පිලිප් කුමරු 1962 අගෝස්තු මාසයේ යාත්‍රාවක් පදමින්

    1964 මාර්තු මාසයේදී සංගීත කණ්ඩායමට පිරිනමන කාල් ඇලන් සම්මානය Carl Alan Award සම්බන්ධයෙන් බීට්ල්ස් සටන් වදින විට පිලිප් කුමරු සිනාසෙයි.

    1964 ජුනි මාසයේ පැවති පෙළපාලියකදී රැජින සහ පිලිප් කුමරු, පුතුන් වන ඇන්ඩෘෘ සහ එඩ්වඩ් කුමරු සමඟ බකිංහැම් මාලිගයේ බැල්කනියේ

    රාජකීය යුවළ 1965 ජුනි මාසයේ පැවති උත්සවයකින් පසු නැවත බකිංහැම් මාලිගයට පැමිණෙන අයුරු

    රැජින සහ පිලිප් කුමරු 1966 අප්‍රේල් මාසයේදී වෙස්ට්මිනිස්ටර් ඇබේ සිට පිටත්ව යන අයුරු

    පිලිප් කුමරු 1967 අගෝස්තු මාසයේදී බයිසිකල් පෝලෝ තරඟයකදී bicycle polo match

    1969 දී “රාජකීය පවුල Royal Family” ” නම් වාර්තා චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර පිලිප් කුමරු සිතුවමක් අදිමින්

    පිලිප් කුමරු සහ ඔහුගේ දියණිය ඈන් කුමරිය 1972 අගෝස්තු මාසයේදී බැල්මොරල් කාසල් වතුයායේ බාබකියු සූදානම් කරමින්

    1976 අප්‍රේල් මාසයේ පැවති රාජකීය වින්ඩ්සර් අශ්ව සංදර්ශනයට  Royal Windsor Horse Show රැජින සහ පිලිප් කුමරු සහභාගී වී.

    1980 දී World Carriage Driving Championships ශූරතාවලියට සහභාගී වී.

    ෆිලිප් කුමරු 1993 දී ස්කොට්ලන්තයේදී බිලී බාමින්

    පිලිප් කුමරු 1994 දී සැන්ඩ්‍රින්හැම් වතුයායේ දඩයමේ යෙදී සිටින අයුරු

    ෆිලිප් කුමරු 1998 දී ලන්ඩන් කොටස් වෙළඳපොලේ සංචාරය කළේය.

    දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා සමග – 2000 නොවැම්බර්

    2005 මැයි මාසයේ රාජකීය වින්ඩ්සර් අශ්ව ප්‍රදර්ශනයේදී කුඩා යතුරුපැදියක් පදවාගෙන යන අයුරු

    එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරු 2011 දී ලන්ඩනයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය දින සැමරුමකට සහභාගී වී.

    රැජින සහ පිලිප් කුමරු 2011 ජුනි මාසයේ වාර්ෂික ට්‍රොපිං වර්ණ උත්සවයට The annual Trooping the Colour ceremony සහභාගී වී.

    පිලිප් කුමරු 2012 මැයි මාසයේදී සිය බිරිඳගේ දියමන්ති ජුබිලි චාරිකාව අතරතුර ෂර්බෝන් ඇබේ හිදී දරුවන් සමග

    මහ රැජිණ විසින් තම වල්ලභයා වන පිලිප් කුමරුට 2013 ජුනි මාසයේදී බකිංහැම් මාලිගයේ දී නවසීලන්තයේ ඉහළම ගෞරවය වන ඕඩර් ඔෆ් නවසීලන්තය Order of New Zealand පිරිනමයි

    පිලිප් කුමරු 2014 පෙබරවාරි මාසයේ ග්‍රෙනේඩියර් ගාඩ්ස් හි 1 වන බලඇණිය the 1st Battalion of the Grenadier Guards සමග

    රාජකීය යුවළ 2014 ජුනි මාසයේදී රාජකීය ඇස්කොට් අශ්ව රේස් Royal Ascot horse races වෙත පැමිණ

    පිලිප් කුමරු 2014 ජුනි මාසයේදී උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි හිල්ස්බෝරෝ කාසල් හි දී ආගන්තුක පොත අත්සන් කළේය.

    පිලිප් කුමරු 2015 ජූලි මාසයේදී ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හි සහායක ගුවන් හමුදා බල ගණයකට ගිය විට සිනාසෙමින්

    2015 ඔක්තෝම්බර් මාසයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලාන අවසන් මහා තරඟයට පිලිප් කුමරු සහ ඔහුගේ මුනුපුරා හැරී කුමරු සහභාගී වී සිටි අයුරු

    රැජින සහ පිලිප් කුමරු 2016 ජුනි මාසයේදී ඇගේ 90 වන උපන්දිනය සැමරීමේ උත්සවයේදී අමුත්තන් වෙත ආචාර කරමින්.

    පිලිප් කුමරු 2017 අප්‍රේල් මාසයේදී එංගලන්තයේ ඩන්ස්ටේබල් හි අලියෙකුට කෙසෙල් ගෙඩියක් කවමින්

    පිලිප් කුමරු 2017 මැයි මාසයේදී ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය නැරඹීමට ගිය අවස්ථාවේ පාසල් දරුවන් සමඟ කතා කළේය. ඔහු ස්ථානයේ නව වෝනර් නැවතුම විවෘත කළේය.

    පිලිප් කුමරු සිය අවසන් ප්‍රසිද්ධ නිල සහභාගීත්වය වන්නේ 2017 අගෝස්තු මාසයේදී විශ්‍රාම යාමට පෙර බකිංහැම් මාලිගයේ රාජකීය මැරීන් භටයින්ගේ පෙළපාළියකට සහභාගී වීමයි. රාජකීය මැරීන් භටයින්ගේ චාරිත්‍රානුකූල නායකයා වූ කපිතාන් ජෙනරාල්වරයා ලෙස පිලිප්ගේ කුමරුගේ වසර 64 ක සේවයේ අවසානය සනිටුහන් විය.

    රැල්ෆ් හේමන්ස් විසින් පින්තාරු කරන ලද මෙම ආලේඛ්‍ය චිත්‍රය පිලිප් කුමරු වින්ඩ්සර් කාසල් ග්‍රෑන්ඩ් කොරිඩෝවේ පෙන්වයි. එය 2017 දෙසැම්බර් මාසයේදී එළිදක්වන ලදී.

    පිලිප් කුමරු 2018 මැයි මාසයේ සිය මුනුබුරා වන හැරී කුමරු සහ මේගන් මාක්ල්ගේ විවාහ මංගල්‍යයට සහභාගී වූ අයුරු.

    පිලිප් කුමරු 2018 මැයි මාසයේ හැරී සහ මේගන් විවාහයෙන් පසු විවාහ සාදයට පෙනී සිටී.

    එලිසබෙත් රැජින සහ පිලිප් කුමරු 2018 ජුනි මාසයේදී එංගලන්තයේ එග්හැම් හි පැවති පෝලෝ තරඟයකට සහභාගී වී සිිටි අයුරු.

    පිලිප් කුමරු 2018 ඔක්තෝම්බර් මාසයේදී ඔහුගේ මිණිබිරියක වන ඉයුජින් කුමරියගේ විවාහ මංගල්‍යයට සහභාගී වී.

    පිලිප් කුමරු 2019 මැයි මාසයේ දී දිවා භෝජන සංග්‍රහයකට පෙර ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ සමඟ කතාබහක යෙදෙමින්.

    පිලිප් කුමරු 2019 දෙසැම්බර් 24 වන දින ලන්ඩනයේ කිං එඩ්වඩ් VII රෝහලෙන් පිටව යන අයුරු.

    ඡායාරූප සහ වාර්තාව – සී.එන්.එන්. – සැකසුම = තුෂාධවි

  • Covid 19 : අද දින සියලුම නිල පුවත් මෙතනින් දැන ගන්න

    Covid 19 : අද දින සියලුම නිල පුවත් මෙතනින් දැන ගන්න

    උසස්පෙළ – ශිෂ්‍යත්ව අයැදුම්පත් කැඳවීම මාර්තු 31 තෙක් කල් යයි

    මේ වසරේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීමේ අවසාන දිනය මාර්තු 31 දින දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙතෙක් විභාගයට අයැදුම් කිරීමට නොහැකි වූ අපේක්ෂකයන් වේ නම් ඔවුන් අන්තර්ජාලයෙන් පමණක් අයදුම් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතු වේ නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය අමතා තොරතුරු ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව කියන්නේ.

    ශ්‍රී ලාංකික මග පෙන්වන්නාගේ පුත්‍රයා රෝහලෙන් පිටව යයි

    කොරෝනා රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික මග පෙන්වන්නාගේ පුත්‍රයා අංගොඩ අයි.ඩී.එච් රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. එම දරුවා ඉකුත් 13 වැනිදා අංගොඩ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇත්තේ උගුරේ ඇති වූ වේදනාවක් සහ හිසරදය හේතුවෙන් බව එම ප්‍රකාශකයා කීය.

    රජයේ සේවකයින්ට ලබා දුන් නිවාඩුව දීර්ඝ කරන්නේ නෑ

    අද (16) රජ්‍ය සේවකයින්ට ලබා දුන් නිවාඩුව දීර්ඝ කිරීමේ සූදානමක් නැතැයි සමකැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අද (16) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් රජයේ ආයතන හා පොදු ස්ථානවල විෂබීජ හරණය කිරීම හේතුවෙන් රජය විසින් අද දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවයි ගුණවර්ධන මහතා කියා සිටියේ.

    උසාවි වසා දැමීමට නීතිඥ සංගමයෙන් යෝජනාවක්

    කොරෝන වෛරස් අවදානම හේතුවෙන් දිවයිනේ සියලුම උසාවි හෙට (17) සිට මෙම මස සිකුරාදා (20) දක්වා වසා දැමිමට යෝජනා කරන බව  ශ්‍රී ලංකා නිතිඥ සංගමය නිවේදනයක් නිකත් කරමින් ප්‍රකාශ කරයි. අගවිනිසුරුතුමා සහ අධිකරණ සේවා කොමිසම සමඟ සාකච්ඡා කර මේ  පිළිබඳව අවසාන තීරණයකට එළැඹෙන බවද නිතිඥ සංගමය වැඩිදුරටත් කියා සිටී.

    අධ්‍යාපන අමාත්‍යාංශ මහජන දින හමුව තාවකාලිකව නතර කෙරේ

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින්  අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සෑම බදාදා දිනකම අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පවත්වනු ලබන මහජන හමුව මෙම මස 18වන බදාදා නොපැවැත්වෙන බව දන්වා සිටින අතර නැවත පවත්වන දිනය පසුව දැනුම් දෙනු ලැබෙන  බව අධ්‍යාපන අමාත්‍යාංශය  නිවේදනයක් නිකුත් කරමින් දක්වා තිබේ.

    අවුරුද්දට ඇඳුම් ගන්න යන්න එපා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී ඇඳුම් මිලදී ගැනීමේ කටයුතුවලින් හැකිතාක් ඈත්වී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජනතාවගෙන් ඉල්ලා සිටියා.

    මේ සදහා හේතු පැහැදිලි කරමින් අනිල් ජාසිංහ මහතා කියා සිිටියේ කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානමක් පවතින නිසා මෙම ඉල්ලීම කරන බවයි.

    ඇඳුම් අලෙවි කරන ස්ථානයන්හි ඇති ඇඳුම් විවිධ පුද්ගලයින්  විසින් ඇල්ලීම මෙන්ම ඇඳ බලා තබායාම ආදිය සිදුවන බැවින් අවුරුද්දට පෙර කරන ඇඳුම් මිලදී ගැනීම මෙවර මග හැරීම සුදුසු බව ද එමෙන්ම ගමන් බිමන් යාම හා ජනතාව ගැවසෙන තැන්වලට යාමෙන් හැකිතාක් ඈත්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීවේය.

    දින නියම වූ නඩු විවෘත අධිකරණයේ කැඳවන්නේ නැහැ – අධිකරණ සේවා කොමිසම

    ඉදිරි තෙදින තුළ දිවයිනේ සියලු අධිකරණවලදී, දින නියම වූ නඩු විවෘත අධිකරණයේ කැඳවීමක් නොකරන බවත්  ඒ අනුව හෙට (17) සිට ලබන 20 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, දිසා අධිකරණ සහ ⁣මහේස්ත්‍රාත් අධිකරණවල නඩු වෙනත් දිනයන් හි කැඳවන බවත් අධිකරණ සේවා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියයි. එම නඩු අප්‍රේල් මුල් සතියේ කැඳවීමට තීරණය කළ බවයි අධිකරණ සේවා කොමිසම වැඩි දුරටත් සදහන් කළේ.

    22 වැනි ආසාධිතයාත් වාර්තා වෙයි

    ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 22 වැනි කොරෝන ආසාධිතයා වාර්තා වී ඇති බවත් 73 හැවිරිදි මෙම පුද්ලයා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    අනුරාධපුර පූජා නගරයේ ආගමික උත්සව තාවකාලිකව නතර කිරිමට යයි

    විවිධ ආගමික සංවිධාන මගින්  සතිඅන්තයේ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව සිදු කරනු ලබන ආගමික උත්සව තාවකාලිකව නතර කිරීම සඳහා අටමස්ථානාධිපති නාහිමිපාණන් ඇතුළු නායක හිමිවරුන්ගේ දැනුවත්  කිරීමට බලාපොරොත්තු වන බව අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම්. වන්නිනායක මහතා  මහතා පැවසීය.

    අනුරාධපුර දිස්ත්‍රික්කයට නව කොරෝනා වෛරසය ඇතුළු වුවහොත්  එය මර්දනය කිරීමට ගත හැකි පියවර සම්බන්ධයෙන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (16) පැවති  සාකච්ඡාවකදී මහ දිසාපතිවරයා මේ  බව පැවසීය.

    කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පැතිරූ දෙදෙනෙක් අත්අඩංගුවට

    කොරෝන වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් තවත් 40 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා අද (16) පැවති ප්‍රවෘති සාකච්ජාවකදී පැවසීය.

    ඌව වෙල්ලස්ස සරසවියේ නවක සිසුන් බඳවා ගැනීම කල් යයි

    ලබන 23 වැනිදා සිදු කිරීමට නියමිතව තිබූ වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නවක සිසුන් බදවා ගැනීම නැවත දැනුම් දෙන තුරු කල්දැමූ බව ඌව-වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි . 2018 වසරේ අපොස උසස් පෙළ විභාගය සමත් වූ සිසුන් මෙසේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට බදවා ගැනීමට නියමිත යැයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    ග්‍රහලෝකාගාරය දින නියමයක් නොමැතිව වසා දමයි

    ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (17) දින සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බවත් එය විවෘත කරන දිනය සම්බන්ධව පසුව දැනුම් දෙන බවත් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර​​යේ අධ්‍යක්ෂ කේ. අරුණ ප්‍රභා මහත්මිය ප්‍රකාශ කළාය.

    හැඳුනුම්පත් එක්දින සේවාව තවකාලිකව අත්හිටුවයි

    කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම සදහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව හෙට දින (17) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

    දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල රෝහලට

    දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (16) අසාධ්‍ය තත්වයෙන් බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලිසිය පැවසීය.

    ඉතාලියේ සිට පැමිණ දියතලාව පැරණි ලටෙක් ඉංජිනේරු  වැඩබිමෙහි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි වයස අවුරුදු 17 ක පිරිමි අයෙකු හා වයස අවුරුදු 61 ක කාන්තාවක් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියදී උණ රෝගයට ලක්වීම හේතුවෙන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බවයි දියතලාව පොලිසිය වැඩි දුරටත් සදහන් කළේ.

  • කොරෝනා කළ අවුල සහ අවුල් කළ අය ගැන ජවිපෙ නායකයාගෙන් හෙළිදරව්වක්

    කොරෝනා කළ අවුල සහ අවුල් කළ අය ගැන ජවිපෙ නායකයාගෙන් හෙළිදරව්වක්

    අද දින (මාර්තු 16 ) බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති ජාතික ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුවේ සම්පූර්ණ කතාව

    ඇතැම් දේශපාලන ව්‍යාපාරවලට තමන් විසින් අත්පත් කරගත් මාධ්‍ය ආයතන හරහා ප‍්‍රචාරණය ගෙනයාමේ හැකියාව තිබුණත් එම දේශපාලන ව්‍යාපාරවල පහළ මට්ටමේ අපේක්‍ෂකයින්ට පවා තමන් පිළිබඳව, තමන්ගේ මනාප අංකය පිළිබඳව ජනතාවට පණිවුඩ ගෙනයාමේ දුෂ්කරතාවයක් ඇතිවෙනවා. මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට තිබෙන මාසයකට ආසන්න කාලයෙන් දින නියමයක් නොමැතිව ප‍්‍රචාරක කටයුතු දින ගණනාවකට නවතා දමන්න සිදුවෙනවා.

    මේ පාර්ලිමේන්තුව සැප්තැම්බර් මස 02වැනිදා දක්වා වලංගුව තිබුණා. එසේ තිබියදී මාර්තු 02වැනිදා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබුණු බලය උපයෝගී කොටගෙන විසුරුවා හැරියා. අපේ‍්‍රල් 25වැනිදා මැතිවරණ දිනය ප‍්‍රකාශයට පත්කොට තිබුණා. නාමයෝජනා බාර ගැනීම අවසන් වෙන්නේ මාර්තු 19වැනිදායි. ජාතික ජන බලවේගය මෙම මැතිවරණයේදී සෑම දිස්ති‍්‍රක්කයකටම තරග කරන්න තීරණය කර තිබෙනවා.

    අනෙකුත් දේශපාලන පක්‍ෂ අතර නම පිළිබඳ, ලකුණ පිිළිබඳව, කටුසු, උකුසු අ`ඩදබරයන් ප‍්‍රකාශයට පත්වෙන අතර ජාතික ජන බලවේගය ලෙස අපි සියලූම දිස්ති‍්‍රක්කයන් සඳහා නාමයෝජනා අත්සන් කොට අවසන්. නාමයෝජනා බාරදීමෙන් පසුව අපි අපේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් ලෙස දියත් කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

    අපේ‍්‍රල් මාසයේ 25වැනිදා පැවැත්වෙන මැතිවරණයේදී විශේෂ ජයග‍්‍රහණයක් අත්පත් කර ගැනීමට උතුරු-නැගෙනහිර ඇතුළු සියළු පලාත්වල ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයකට අවශ්‍ය මූලික සැලසුම් දියත් කරලා ඇතැම් කි‍්‍රයාමාර්ග ගනිමින් තිබුණා. සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ජන හමු විශාල ප‍්‍රමාණයක්, ආසන මට්ටමේ රැුස්වීම් විශාල ප‍්‍රමාණයක්, සෑම දිස්ති‍්‍රක්කයකම ප‍්‍රධාන නගර කේන්ද්‍ර කරගත් මහජන රැුලි සූදානම් කර තිබුණා. අපි නාමයෝජනා බාරදුන් වහාම ප‍්‍රචාරක වැඩසටහන් දියත් කිරීමට සියලූ සැලසුම් සකස්කර තිබුණා.

    කොරෝනා වෛරසය පැතිරෙන තත්වය තුළ එම මැතිවරණ ප‍්‍රචාරක කටයුතු දියත් කර ගැනීටම අපහසු තත්වයක් ඇතිවෙලා තිබෙනවා. වගකිව යුතු දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි විසින් තීරණයක් ගනු ලැබුවා, ප‍්‍රධාන රැස්වීම්, ජනහමු ඇතුළු ජනතාව ඒකරාශී වන සියලූ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට අවතීරණය නොවී සිටීමට. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ විශේෂඥයින්, වසංගත රෝග විශේෂඥයින්, ලෝක සෞඛ්‍ය සංවිධානය ආදී මහජන සෞඛ්‍ය පිළිබඳව වගකියන සියලූ ආයතන දැනුවත් කොට තිබෙනවා, ලංකාව තුළ ඉදිරි සති දෙක ඉතාමත් තීරණාත්මකයි කියලා. මේ නිසා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු තාවකාලිකව නවත්වා මෙම වසංගත රෝග තත්වය පැතිරීම වළක්වා ගැනීමට සහාය ලබාදීමට අප තීරණය කළා.

    දැන් පැන නගින ප‍්‍රශ්නය තමයි මැතිවරණයට සිදුවන්නේ කුමක්ද යන්න. මැතිවරණ ව්‍යාපාරයක ප‍්‍රධාන කාර්යය වන්නේ ඒ ඒ පක්‍ෂ ජනතාව මුණගැසෙමින් ජනතාවට තමන්ගේ දේශපාලන පණිවුඩය ගෙනයාම. ඒ නිසා තමයි මැතිවරණ ප‍්‍රචාරණ කාලයක් ලබාදී තිබෙන්නේ. මෙම මැතිවරණයේදී නම් මාර්තු 19 සිට අපේ‍්‍රල් 22 දක්වා දේශපාලන පක්‍ෂවල ප‍්‍රචාරක කටයුතු කිරීමට කාලය ලබාදී තිබෙනවා. මැතිවරණයේදී ජනතාව තමන්ට ඡුන්දය ලබාදිය යුත්තේ ඇයිද යන්න තම දේශපාලන පක්‍ෂය ප‍්‍රතිපත්ති කුමක්ද යන්නත් යන දේශපාලන පණිඩුවය ජනතාව වෙත ගෙයාම තමයි මෙහි අරමුණ වෙලා තිබෙන්නේ.

    නමුත් මේ මොහොතේ මහජනයා ගැවසෙන සියලූ කටයුතු සීමා කර තිබෙන තත්වයක් තුළ දේශපාලන පක්‍ෂයක් ලෙස අපි විශාල අභියෝගයකට මුහුණ දෙනවා මෙම පණිවුඩය ජනතාව අතරට ගෙනියන්නේ කොහොමද කියලා. ඇතැම් දේශපාලන ව්‍යාපාරවලට තමන් විසින් අත්පත් කරගත් මාධ්‍ය ආයතන හරහා ප‍්‍රචාරණය ගෙනයාමේ හැකියාව තිබුණත් එම දේශපාලන ව්‍යාපාරවල පහළ මට්ටමේ අපේක්‍ෂකයින්ට පවා තමන් පිළිබඳව, තමන්ගේ මනාප අංකය පිළිබඳව ජනතාවට පණිවුඩ ගෙනයාමේ දුෂ්කරතාවයක් ඇතිවෙනවා. මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට තිබෙන මාසයකට ආසන්න කාලයෙන් දින නියමයක් නොමැතිව ප‍්‍රචාරක කටයුතු දින ගණනාවකට නවතා දමන්න සිදුවෙනවා. අපේ දේශපාලන පණිවිඩය ජනතාව අතරට ගෙයාමේ බාධාවක් ඇතිවෙනවා.

    දෙවැනි ගැටලූව වන්නේ එම තත්වය නොසලකා එවැනි දේශපාලන ප‍්‍රචාරක කටයුතුවලට යම් ව්‍යාපාරයක් එළඹෙනවා නම් මෙම කොරෝනා වෛරස තත්වය ව්‍යාප්ත වීමට එය බලපානවා. ජනතාව රැස්වීම්වලට එකතුවීම, කැන්වසින් කටයුතුවලට එක්වීම, ගෙන් ගෙට යාම මගින් මෙම වසංගත තත්වය වර්ධනය වීමට හේතුසාධක වෙනවා. තුන්වැනි කාරණය වන්නේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ විශේෂඥයින් පවසන පරිදි ඉදිරි සතිදෙක ලංකාවට තීරණාත්මක කාල වකවානුවක් වීමයි.

    යම් රටක පුද්ගලයින් කිහිප දෙනෙකුට මෙම රෝගය වැළඳුණු පසුව එය ව්‍යාප්ත වීමේ කාලය සති දෙකක් ඇතුළත වන බව ලෝකයේ අනෙක් රටවල දත්ත අනුව තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම උණ රෝගය කොපමණ ප‍්‍රමාණයකින් වර්ධනය වේවිද, කොතරම් පුද්ගලයින් ප‍්‍රමාණයකට වැළඳෙයිද කියලා අවසන් නිගමනයකට එළඹෙන්න අසමත් වෙලා තිබෙනවා. එය පුරෝකථනය කළ නොහැකි තත්වයක්.

    එම නිසා මෙවැනි තත්වයන් නිර්මාණයවී තිබියදී මැතිවරණ කොමිසමට වගකීමක් තිබෙනවා මෙම මැතිවරණය පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය රටට ප‍්‍රකාශයට පත්කරන්න. මැතිවරණයක් සර්ව සාධාරණ වන්නේ සෑම දේශපාලන ව්‍යාපාරයකටම තමන්ගේම මතය ජනතාව වෙත ගෙනයාම සඳහා කිසිදු බාධාවක් නොමැති වීමයි. බොහෝ විට පසුගිය කාලය පුරාවටම මැතිවරණ කොමිසම විවිධ නීති පනවමින් යෝජනාවන් ඉදිරිපත් කරමින් දේශපාලන ව්‍යාපාර දැනුවත් කරමින් සිදුකළේ සෑම දේශපාලන ව්‍යාපාරයකටම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උත්සාහ කිරීමයි.

    නමුත් මෙම වසංගත තත්වය විසින් විශාල අසමතුළිතතාවයක් ඇතිකොට තිබෙනවා. ධනය, බලය සහ මාධ්‍ය හිමිකරුවන්ට සුවිශේෂී මැතිවරණ ව්‍යාපාරයක් ගෙනයාමේ හැකියාවත් අනෙකුත් දේශපාලන ව්‍යාපාරවලට තමන්ගේ ග‍්‍රාමීය සාමාජිකයින් හරහා මැතිවරණ ව්‍යාපාරයක් ගෙනයාමට සිදුවීමේ අසමතුළිත තත්වක් ඇතිවෙනවා. ඒ නිසා මැතිවරණ කොමිසම මෙම මැතිවරණය සම්බන්ධයෙන් වහාම තීරණයක් ප‍්‍රකාශයට පත්කළ යුතුව තිබෙනවා. මොකද, ඉතාම කෙටි ප‍්‍රචාරක කාල සීමාවක් ලැබී තිබෙන නිසා දේශපාලන පක්‍ෂවලට වැඩ සැලසුම් කරගත යුතු වෙනවා. ඒ නිසා අපි මැතිරණ කොමිසම හමුවීමටත් තීරණය කොට තිබෙනවා.

    මෙම කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා සුවිශේෂී වූ පිහිටීමක් අපේ රටේ තිබෙනවා. අපට තිබෙන්නේ එක් ප‍්‍රධාන ජාත්‍යන්තර වරායක්, ප‍්‍රධාන නොවන තවත් වරායක් සහ එක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් පමණයි. එවිට කොරෝනා වෛසරය වැළඳුණු පුද්ගලයන් අපේ රටට පැමිණීමේ ප‍්‍රධාන දොරටු දෙකයි තිබෙන්නේ. එනම් ගුවන්තොටුපොළ සහ වරාය හරහායි. ඒ වගේම මෙම වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමගම ඇතැම් රටවල් තමන්ගේ ගුවන් වාර විශාල ප‍්‍රමාණයකින් අඩු කළා. ඒ වගේම සංචාරකයින් විශාල ප‍්‍රමාණයක් සංචාරයේ යෙදීම අඩු කොට තිබෙනවා. ඒ නිසා ඉතාම අඩු ප‍්‍රතිශතයක් තමයි පහුගිය කාලයේ අපේ ගුවන්තොටුපොළෙන් රටට ඇතුල් වුණේ. එවැනි තත්වයක් තිබියදී පවා ආණ්ඩුව අසමත් වී තිබෙනවා විධිමත් යාන්ත‍්‍රණයක් සකස් කොට මෙම කොරෝනා වෛරසය රටට තුළට ඇතුල්වීම වළක්වා ගන්න.

    පළමු රෝගියා ලෙස චීන කාන්තාව හඳුනා ගත් පසුව ආණ්ඩුව විවිධ තාක්‍ෂණික කරුණු, උපකරණ ගැන විවිධ කතා කිව්වා. විවිධ පරීක්‍ෂණයන් සිදුකරන බව කිව්වා. නමුත් අවසානයේදී පෙන්නුම් කොට තිබෙනවා, ඒ සියල්ල අසමත්ව ලංකාව තුළට වෛරසය ඇතුළු වී තිබෙනවා කියා. දැන් එම සිදුවීම්වලට චෝදනා කරමින් විවේචනය කරමින් ඉන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග රැුසක් තිබෙනවා. මෙම අවස්ථාව ජාතික ව්‍යසන තත්වයක් සේ සලකා සියලූ දෙනාම සාමූහිකව වසංගතය පැතිරීම වැළැක්වීමට කටයුතු කළ යුතුව තිබෙනවා. වැළැක්විය නොහැකි ලෙසම එහි ප‍්‍රථම කාර්යයක් රජයට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන යාන්ත‍්‍රණය තිබෙන්නේ රජය සතුවයි. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා ඔබට මහජනයා පිළිබඳව පැවරී තිබෙන වගකීම නිසි පරිදි ඉටු කිරීමට රාජ්‍ය යාන්ත‍්‍රණය නිසි පරිදි මෙහෙයවන්න කියලා.

    එදිනෙදා මතුවන තත්වයන්ට එදිනෙදා තීන්දු- තීරණ ගන්නවා වෙනුවට මෙම අනතුරුකාරී තත්වය පිළිබඳව පූර්ව නිගමනයකට පිවිස මෙම වසංගතය වළක්වා ගැනීමට ගත යුතු සියලූ පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවට යෝජනා කරනවා. ඒ වගේම මෙහි ප‍්‍රධාන වගකීමක් පැවරෙනවා මහජනතාවට. මෙම රෝගයෙ වාහකයා මිනිස් සිරුරයි. එම නිසා අනවශ්‍ය ගමන් බිමන්, අනවශ්‍ය ඒකරාශීවීම් වළක්වා ගන්නා අතර තමන්ට යම් රෝගී ලක්‍ෂණයක් ඇතිවුවහොත් හැකි ඉක්මනින් සෞඛ්‍ය අංශ වෙත යොමුවීමේ වගකීමක් මහජනතාවට තිබෙනවා. රජයට පමණක් තනිවම කළ හැකි දෙයක් නොවෙයි. මහජනතාව මෙම වසංගතයෙන් බේරීමට කොයි තරම් මානසික සූදානමක් තිබේද, කොයි තරම් කැපවීමක් කිරීමට සූදානම්ද යන්න මත මෙය වැළැක්වීම තීරණය වෙනවා. ඒ වගේම දේශපාලන ව්‍යාපාර, සිවිල් සංවිධාන තමන්ට තිබෙන යාන්ත‍්‍රණයන් උපයෝගී කරගෙන මෙම තත්වය වැළැක්වීම සඳහා කි‍්‍රයාමාර්ග ගත යුතු බව අපි විශ්වාස කරනවා. ජාතික ජන බලවේගය දේශපාලන ව්‍යාපාරයක් ලෙස මෙම කාර්යයේදී උපරිම සහාය ලබාදීමට සූදානමින් ඉන්නවා.

    අපේ රටේ විශාල ජන කොටසක් ජීවත් වෙන්නේ එදිනෙදා හම්බ කර ගන්නා මුදලකින්. එවැනි ජනතාවකට එම වසංගත තත්වය නිසා ආදායම් අහිමි වී තිබෙනවා. ඔවුන් ආර්ථික වශයෙන් බරපතළ ප‍්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වා නැහැ.

    නීතිඥ ලාල් විජේනායක – එක්සත් වාමංශික පෙරමුණ

    අපේ රටේ සියලූ දෙනා කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා මැදිහත් විය යුතු බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවෙයි. අපි අපේ පක්‍ෂ සංවිධානවල සියලූ සහෝදරවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් නිලධාරී මහත්වරුන්ට උපරිම සහාය ලබාදෙන්න කියලා. නමුත් මේ මැතිවරණ සමයක් නිසාම ජනතාව ඒ සම්බන්ධයෙන්ද වැදගත් තීරණයක් ගත යුතුව තිබෙනවා. ඒ වගේම ජනතාවට මැතිවරණයේදී එම වැදගත් තීරණය ගැනීමට සුදුසු පරිසරය ගොඩනැගිය යුතුයි.

    මානසිකව ජනතාව මැතිවරණයට සූදානම් විය යුතුයි. පක්‍ෂවල මතයන් පිළිබඳව සැලකිල්ලට ලක් කරමින් සමාජයේ කථිකාවක් නිර්මාණය කොට ඊළඟ අවුරුදු පහේ තමන්ගේ පාලනය පිළිබඳව තීරණයක් ගත යුතුව තිබෙනවා. එවැනි තීරණයක් ගැනීමට සුදුසු පරිසරය නැත්නම් මානසික තත්වයක් නැත්නම් එවැනි අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමෙන් ලැබෙන්නේ විකෘති මැතිවරණ ප‍්‍රතිඵලයක් මෙන්ම විකෘති පාලනයක්. ඒ නිසා එම කරුණ සලකා බැලීම මැතිවරණ කොමිසම විසින් සිදුකළ යුතු වෙනවා. මේ වනවිට රට තුළ තිබෙන භයානක උවදුරු තත්වයක් තුළ ජනතාවට ඊළඟ අවුරුදු පහේ තමන්ගේ පාලකයා කවුද යන්න තීරණය කරන්නැයි කීම ඉතාම අසාධාරණ කරුණක්.

    ඒ වගේම අපිට පේන්නේ නැහැ මේ ආණ්ඩුව රටේ මේ වනවිට ඇතිවී තිබෙන ආර්ථික තත්වය පිළිබඳව සැලකිල්ලක් දක්වනවා කියලා. අපේ රටේ විශාල ජන කොටසක් ජීවත් වෙන්නේ එදිනෙදා හම්බ කර ගන්නා මුදලකින්. එවැනි ජනතාවකට එම වසංගත තත්වය නිසා ආදායම් අහිමි වී තිබෙනවා. ඔවුන් ආර්ථික වශයෙන් බරපතළ ප‍්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වා නැහැ. විශේෂයෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල 50% කින් පමණ පහළ වැටී තිබෙන තත්වයක් තුළ ආණ්ඩුවට ලැබෙන විශාල ලාභයෙන් ජනතාවට සහනයක් ලබාදීමේ ක‍්‍රමවේදයක් ඇති කළ යුතුව තිබෙනවා.

    පාර්ලිමේන්තුවේ බලය නැති නිසා වැඩ කරගන්න බැහැ කියන කාරණය අසත්‍යයක් බව ඔප්පු කොට තිබෙනවා. ඒ නිසා මූලිකවම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය වැරදි බව ආරම්භයේම පෙන්වා දුන් බව ජාතික ජන බලවේගය ලෙස කියන්න පුළුවන්. නමුත් ඒ වැරැද්ද දැන් සිදුකර ඉවරයි.

    සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර – ජන නියමු කලාකරුවෝ

    මේ වෙලාවේ ඡුන්දයක් පැවැත්වීම කෙරෙහි අපි අවධානය යොමු කරන විට ආණ්ඩුවේ අය චෝදනා කරන්නේ මැතිවරණයට බය නිසා මැතිවරණය කල් දාන්න හදන බවයි. මෙම මැතිවරණය ප‍්‍රකාශයට පත්කිරීම සමඟම අපි පසුගිය 06වැනිදා මාධ්‍ය හමුවක් පවත්වලා අපි මෙම ප‍්‍රශ්නය මතුකළා. සැප්තැම්බර් දක්වා පවත්වාගෙන යන්න පුළුවන් පාර්ලිමේන්තුවක් තිබියදී, ලෝකයේ කොරා්නා වෛරස තත්වය පැතිරෙමින් තිබියදී හදිසියේ පාර්ලිමේන්තුව විසිරුවාහැරීම සුදුසු තීරණයක් නොව බව අපි ප‍්‍රකාශ කළා.

    සැප්තැම්බර් මාසය දක්වා මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් තිබුනේ නැහැ. ආණ්ඩුව කරන වැඩවලට කවුරුවත් බාධා කළේ නැහැ. අද ඒක ඔප්පු වෙමින් තිබෙනවා. ආණ්ඩුව මේ වනවිට විවිධ තීන්දු තීරණ ප‍්‍රකාශයට පත්කොට තිබෙනවා. මෙම තීරණ පිළිබඳව විරුද්ධත්වයක් මතුවෙලා නැහැ වගේම ආණ්ඩුවට බලය අඩුයි කියලා පේන්නේ නැහැ.

    පාර්ලිමේන්තුවේ බලය නැති නිසා වැඩ කරගන්න බැහැ කියන කාරණය අසත්‍යයක් බව ඔප්පු කොට තිබෙනවා. ඒ නිසා මූලිකවම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය වැරදි බව ආරම්භයේම පෙන්වා දුන් බව ජාතික ජන බලවේගය ලෙස කියන්න පුළුවන්. නමුත් ඒ වැරැද්ද දැන් සිදුකර ඉවරයි. මේ වෙනකොට ජනතාවගේ පැත්තෙන් විශාල දුෂ්කරතාවයකට මුහුණදී තිබෙන මොහොතක මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාරවණයක් තිබෙනවාද යන්න මැතිවරණ කොමිසම තීරණය කළ යුතු වෙනවා. ලෝකයේ සෑම රටක්ම මෙවැනි මොහොතක තමන්ගේ ජාතික සැලසුම් වෙනස් කරමින් ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කිරීමට විශේෂ අවධානයක් යොමු කරනවා.

    අපේ රටේ මැතිවරණයක් කරන්නේ වෙනත් රටවල සිදු කරනවා වගේ නෙවෙයි. ප‍්‍රචාරක රැස්වීම්, පති‍්‍රකා බෙදීම්, ගෙයින් ගෙට යෑම් වැනි ක‍්‍රියාමාර්ග ඔස්සේ තමයි අපි මැතිවරණය කරන්නේ. එවැනි ප‍්‍රචාරක යාන්ත‍්‍රණ නතරවන තත්වයක් යටතේ අපේ මැතිවරණ යාන්ත‍්‍රණය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. ජනතාවට තමන්ගේ නිවැරදි තීන්දුව ගැනීමට අවස්ථාව අහිමි වෙනවා. ජනතාවට තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සීමා වෙනවා. මෙම තත්වය ආණ්ඩුවේත් මැතිවරණ කොමිසමේත් අවධානයට ලක්කරනවා.

    අපි මැතිවරණයට සූදානම්. නමුත් අපි කල්පනා කරන්නේ මැතිවරණය පිළිබඳව නෙවෙයි. ජනතාව මුහුණදී තිබෙන අර්බුදකාරී තත්වය යටතේ ඔවුන් මැතිවරණයකට තල්ලූකිරීම සුදුසු නැහැ. ඒ වගේම අපි මාධ්‍ය ආයතනවලින් විශේෂ ඉල්ලීමක් කරනවා. ජාතික ජන බලවේගය ලෙස අපිට මැතිවරණයේදී ජනතාවට පණිවිඩය ගනෙ යෑමට ඇත්තේ මාධ්‍යයි. එනිසා මාධ්‍ය ආචාරධර්ම ආරක්‍ෂා කරමින් ඔබගේ හෘදසාක්‍ෂියට අනුව සාධාරණ ප‍්‍රචාරයක් මැතිවරණ ව්‍යාපාරය තුළදී ජාතික ජන බලවේගයටත් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලන්න කැමතියි.

    මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට අනුර දිසානායක පිළිතුරු ලබාදෙමින්

    අපි යෝජනා කරන්නේ රට තුළ ඇතිවී තිබෙන තත්වයට අනුව මැතිවරණ කොමිසම තීරණයක් ගත යුතු බවයි. අපි අවසන් නිගමනයක් දෙනවා නොවෙයි. මොකද මේ වනවිට බොහෝ දෙනාට ඡුන්දය තියයිද නැද්ද කියලා සැකයක් ඇතිවී තිබෙනවා. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන ව්‍යාපාරවලත් මහජනතාව තුළත් තිබෙන මැතිවරණය පිළිබඳ අවිනිශ්චිතභාවයව දුරුකිිරීමට තමන්ගේ තීරණය රටට ප‍්‍රකාශයට පත්කළ යුතුයි.

    මේ වනවිට ඇතැම් රූපවාහිනී ආයතනවල වෙළඳ දැන්වීම්වලට ඉතා අධික මිල ගණන් නිකුත් කොට තිබෙනවා. සමහර නාළිකාවල ප‍්‍රවෘත්ති විකාශය අතරතුර තත්පර 15 දැන්වීමක් එක් වරක් ප‍්‍රචාරය සඳහා රුපියල් ලක්‍ෂ හත හමාරක පමණ මිලක් සඳහන් කොට තිබෙනවා. එවැනි වියදමක් දරන්න ජාතික ජන බලවේගයට කිසිදු හැකියාවක් නැහැ. එවැනි තත්වයක් තුළ මාධ්‍ය වාර්තාකරණය ඉතාම සාධාරණ එකක් කළ යුතු බව අපි මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා. සමාජ ජාලා ගත්තත් එහි හැසිරීම තීරණය වෙන්නේ වැය කිරීමට හැකි මුදල මතයි. එනිසා අපි වැනි වාමාංශික දේශපාලන ව්‍යාපාරවලට ප‍්‍රචාරණයේ ප‍්‍රධානතම මෙවලම වන්නේ ගෙන් ගෙට ගොස් ජනතාව සමඟ කරන සංවාදයයි. දැන් මැතිවරණය සඳහා අපිට තිබෙන මූලික මෙවලම තමයි ඇහිරිලා තිබෙන්නේ.

    මැතිවරණය කල් දැමීම පිළිබඳව කතා කරන්නේ මැතිවරණයට තිබෙන බිය නිසා කියලා අපිට එල්ල වන චෝදනාව ගැන මාධ්‍යවේදීන් ලෙස ඔබ මොකද හිතන්නේ? මිනිස් ජීවිතද වටිනාකම තිබෙන්නේ, බලයද? සාක් රාජ්‍ය නායක හමුවේදී සෑම රාජ්‍ය නායකයෙක්ම ගෝලීය වශයෙන් මෙම වසංගතය මැඩපැවැත්වීම සඳහා තමන්ගේ දායකත්වය ප‍්‍රකාශ කරනකොට අපේ රාජ්‍ය නායකයා මොනවා වුණත් අපි ඡුන්දය පවත්වනවා කියලා ප‍්‍රකාශ කරනවා. ඔබට තේරුම් ගන්න පුළුවන් අපේ රටේ නායකයින් මේ ප‍්‍රශ්නය තේරුම් ගන්නේ කොහොමද කියලා. ජාතික ජන බලවේගය එකට තබන්නේ බලය නොව ජනතාවයි. අපි නියෝජනය කරන්නේ ජනතාව. ජනතාව අමතක කරමින් තමන්ගේ පටු බල උවමානව වෙනුවෙන් කටයුතු කිරීමට අපිට උවමනාවක් නැහැ.

    සාමාන්‍යයෙන් මේ වනවිට පෙට‍්‍රල් සහ ඞීසල් ලීටරයකින් ආණ්ඩුව රු.30ක පමණ අමතර ලාභයක් ලබනවා. අයි. ඕ.සී.ය දිනකට පෙට‍්‍රල් ලීටර් මිලියන 2කට ආසන්න ප‍්‍රමාණයක් අලෙවි කරනවා. එවිට ඔවුන්ගේ දෛනික අතිරේක ලාභය මිලියන 06ක් පමණ වෙනවා. මාසයකදී එම ලාභය ලක්‍ෂ 18,000ක්. අඩුම තරමේ ආණ්ඩුවට තිබුණා, බද්දක් මගින් එය ආණ්ඩුවට අයකර ගන්න. මාසයක් තිස්සේ මේ අතිරේක ලාභය අයි. ඕ.සී. සමාගම ඩොලර්වලින් ඉන්දියාවට රැුගෙන ගොස් තිබෙනවා.

    තෙල් මිල අඩුකොට එම සහනය ජනතාවට ලබා ගැනීම හෝ බද්දක් නියම කර අමතර ලාභය ආණ්ඩුවට ලබාගැනීම කියන කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගෙන අයි. ඕ.සී. සමාගමට මෙම අමතර ලාභය ලබාගැනීමට ආණ්ඩුව ඉඩ ලබාදුන්නේ ඇයි? මේ ලාභය අයි. ඕ.සී. සමාගම පමණක්නොව තීන්දු තීරණගත් අය අතර බෙදී ගිය බවත් අපි සැක කරනවා. දැන් ආණ්ඩුව කියනවා තෙල් මිල සහනය පරිප්පුවලට ලබාදෙනවා කියලා. අපි ආණ්ඩුවට යෝජනා කරනවා මීට පසුව තෙල් මිල වැඩිවන විට පරිප්පු මිල වැඩි කරන්න කියලා.

    ආණ්ඩුවට සැලසුමක් තිබිය යුතුයි තෙල් මිලෙන් ලැබෙන අමතර සහනය ජනතාවට ලබා දෙන්නේ කොහොමද කියලා. දැන් ආණ්ඩුව කරන්නේ ජනතාවට විහිලූ සැපයීමයි. මෙයින් පෙන්නුම් කරන්නේ මේ ආණ්ඩුව සමාජය පිළිබඳව, ආර්ථිකය පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව කටයුතු කරන බවයි. තවමත් අපිට පැහැදිලි නැහැ පරිප්පුවල මිල අඩු කරන්නේ කුමණ ආකාරයෙන්ද කියලා. කළ හැකිව තිබෙන්නේ පරිප්පුවලට ආණ්ඩුව විසින් අය කරන බද්ද අඩු කිරීමයි. ඒ වගේම අද ජනතාව ගෙවන තෙල් මිල පෙර පැවති ආණ්ඩුව මිල සූත‍්‍රයෙන් ඉහළ දැමූ මිලයි. සුත‍්‍රයෙන් මිල ඉහළ දමා මිල සූත‍්‍රය අනුව තෙල් මිල අඩුවීම වැළැක්වීම අසාධාරණයි. ජනතාවට අයිතියක් තිබෙනවා ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවන විට මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල සහනය ලබාගැනීමට.

  • අත්‍යාවශ්‍ය සේවා සදහා පමණක් ජාතික අක්ෂි රෝහලට එන්න – අධ්‍යක්ෂවරිය

    අත්‍යාවශ්‍ය සේවා සදහා පමණක් ජාතික අක්ෂි රෝහලට එන්න – අධ්‍යක්ෂවරිය

    කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අවධානම හේතුවෙන් හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර හා  අත්‍යාවශ්‍ය සේවාවන් ලබාගැනීම සදහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය වෛද්‍ය ඩබ්.එල්.එල්.යු.සී. කුමාරතිලක මහත්මිය  ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලට එක් දිනකට ප්‍රතිකාර හා සේවාවන් ලබාගැනීම සදහා පුද්ගලයින් 3000 ක් පමණ පැමිණෙන බවත්, මෙවන් ඉතා විශාල සේවාලාභීන් පිරිසක් එක් ස්ථානයකට ඒකරාශි වීම තුල කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බව ජාතික අක්ෂි රෝහලේ  අධ්‍යක්ෂතුමිය පෙන්වා දෙයි.

    රට තුල මෙම වෛරසය ව්‍යාප්තිය වැළෑක්වීම උදෙසා ජනතාව විශාල වශයෙන් රැස්වන අවස්ථා හැකි උපරිමයෙන් සීමා කිරීමට රජය තීරණය කර ඇති බැවින්‍‍‍ හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර හා අත්‍යාවශ්‍ය සේවාවන් ලබාගැනීම සදහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණීම ඉතා සුදුසු බවත්, අක්ෂි රෝග සදහා ප්‍රතිකාර ලබාගැනීමට තමාට ආසන්නතම රජයේ රෝහලක අක්ෂි සායනය වෙත යොමු වන ලෙසත් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය වෛද්‍ය ඩබ්.එල්.එල්.යු.සී. කුමාරතිලක මහත්මිය වැඩිදුරටත්  ජනතාවගෙන් ඉල්ලා සිටියි.

  • තම ප්‍රජනන පද්ධතිය ගැන කාන්තාවන්ට ඇතිවන සුලභ ගැටලු 05කට විද්‍යාත්මක පිළිතුරු

    තම ප්‍රජනන පද්ධතිය ගැන කාන්තාවන්ට ඇතිවන සුලභ ගැටලු 05කට විද්‍යාත්මක පිළිතුරු

    ලකාවේ පමණක් නොවෙයි ලෝකය පුරාම විධිමත් හා විද්‍යාත්මක ලිංගික අධ්‍යාපනයක් නොලැබීම නිසා අගතියට හා විවිධ පීඩාවන්ට පත්වන කාන්තාවන් ප්‍රමාණය නිමක් නැහැ. ඒ සමග මිත්‍යා සහ පදනම් විරහිත තොරතුරු නිසා ද ඇතිවන්නේ මහත් විනාශයක්. පහත පළ වන්නේ කාන්තාවන්ට තම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ නිතර ඇතිවන ගැටලු 05ක් සහ එයට විද්‍යාත්මක පැහැදිලි කිරීමක්.

    1. යෝනි මාර්ගයෙන් ශ්‍රවයන් පිටවීම සෑම විටම රෝගයක් ද ?

    නැත. කාන්තාවන්ගේ ඔසප් චක්රය තුළ දී සිදුවන හෝර්මෝන වල වෙනස්කම් අනුව ඇතිවන ස්වාභාවික යෝනි ස්‍රාවයන් ඇත. මෙය ගදක් සුවදක් හෝ වර්ණයක් නොමැති, කැසීමක් ඇති නොකරන ස්‍රාවයකි. මෙම තරල ප්‍රමාණය ආර්තව චක්‍රය අනුව වෙනස් වේ. නමුත් මෙය රෝගී තත්ත්වයක් නොවේ. මෙහිදි සනීපාරක්ෂාව ඉතා වැදගත්වේ. යෝනි  ස්‍රාවය සිරුරේ බර අඩුවීමට කිසිම විටෙක හේතු නොවේ. එසේ වුවද යම් අවස්ථාවක යෝනි ස්‍රාවයන් දුගද හමන සුළු, යම් වර්ණයකින් යුක්ත හෝ රුධිරය මිශ්‍ර වේනම් එය වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයකි.

    2. යෝනි මාර්ගයෙන් ශ්‍රවයන් පිටවීම සෑම විටම රෝගයක් ද ?

    ඔව්. පැප් පරික්ෂණය මගින් ගැබ් ගෙලේ සෛල පිළිකාවක් බවට හැරීම ආරම්භ වන විටම ඒ බව හදුනා ගත හැකිය. එය මෙම තත්ත්වය පිළිකාවක් බවට හැරීම වැළැක්වීමට අවශ්‍ය පෙර සුදානම් වීමට ඔබේ වෛද්‍යවරයාට පහසු කරයි.

    3. ස්ථුලතාවය මදසරුභාවය ඇති කිරීමට හේතුවක් වේද ?

    ඔව්. ස්ථුලතාවය හා මදසරුභාවය අතර සම්බන්ධතාවයක් ඇත.

    4. කුඩා ප්‍රමාණයේ පියයුරු වර්ධනය කරගැනීමට ක්‍රමයක් තිබේද ?

    පියයුරුවල ප්‍රමාණය උපතේ දීම තිරණය වන්නකි. පියයුරුවල ප්‍රමාණය වැඩි කිරීමට සමත් ඖෂධ හෝ ක්රීම් වර්ග නොමැත. අවශ්‍යනම් ප්ලාස්ටික් සැත්කමක් මගින් පියයුරුවල ප්‍රමාණය වෙනස් කරගත හැක. එසේම පියයුරු වල ප්‍රමාණය විවාහ ජිවිතය හෝ මවිකිරි දීම කෙරෙහි බලපෑමක් ඇති නොකරයි.

    5. ලිංගේන්ද්‍රියන් ආශ්‍රිතව සමේ ලප ඇතිවීමට හේතු මොනවාද ?  

    මේ ප්‍රදේශයේ රෝම අධිකව තිබීම හෝ අධික ලෙස දහඩිය දැමීම බැක්ටීරියා ආසාදන ඇතිවීම පහසු කරවයි. එය සමේ ලප බිබිලි ආදිය ඇති කරයි. මේ නිසා පෞද්ගලික සනීපාරක්ෂාව හා කපු රෙද්දෙන් මැසූ යට ඇදුම් භාවිතය මෙවැනි තත්ත්ව වලින් මිදීමට ඔබට උපකාරි වෙයි.

    Text copied by Happy Life

  • කොරෝනා වැනසූ මෙරට ව්‍යාපාරය කඩිනමින් යළි නංවන බවට සහතිකයක්

    කොරෝනා වැනසූ මෙරට ව්‍යාපාරය කඩිනමින් යළි නංවන බවට සහතිකයක්

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නංවාලීම සදහා කඩිනමින් පියවර ගන්නා බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඔහු පෙන්වා දෙන්නේ රටතුළ පවතින තත්ත්වය සමනය වු වහා ම මීට අදාළ පියවර ගන්නා බවයි.

    මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකය පුරා සංචාරක කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක් ව තිබේ. ශ්‍රී ලංකාවට ද මේ තත්ත්වය බලපා ඇත. මේ නිසා සංචාරක කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ තමන්ට සහන සලසන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

    පහුගිය අප්‍රේල් 21 වෙනිදා මෙරට සිදු වු පාස්කු ප්‍රහාරය හේතුවෙන් ද මෙරට සංචාරක කර්මාන්තය බිද වැටුණු බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ව සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සදහා විශේෂ පියවර රැසක් ගෙන තිබු බව ද සදහන් කරයි. සුළු හා මධ්‍ය පරිමාණ හෝටල් ව්‍යාපාරිකයන්, සංචාරක මාර්ගෝපදේශ රියදුරන්ට කැබිනට් මණ්ඩල සමග සාකච්ඡා කර විවිධ සහන ලබා දීමට පියවර ගැණින. සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට සහන කාලයක් ලබා දීම, ලීසිං පහසුකම් යටතේ ලබා ගත් සංචාරක බස් රථ වලට අදාළ ලීසිං පහසුකම් ගෙවීමට සහන කාලයක් ලබා දීම එලෙස ගත් පියවර කීපයකි.

    වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව මෙරටට සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වෙමින් පැවති අතර කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් නැවතත් සංචාරක කර්මාන්තය කඩා වැටුණු බවත් සංචාරකයන්ගේ පැමිණීම සීමා වී ඇති බවත් රණතුංග මහතා කීවේය. කොරෝනා වසංගතය පාලනය වීමත් සමග සංචාරක කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව පැවසූ ප්‍රසන්න රණතුංග මහතා එහිදී ක්ෂේත්‍ර යේ නිරතව සිටින අයට සහන ලබා දීම සදහා කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරන බව ද කීවේය.

  • ශ්‍රී ලංකාවේ කොරෝනා පැතිරුනොත් ඒ වරද කාගේද? – සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය

    ශ්‍රී ලංකාවේ කොරෝනා පැතිරුනොත් ඒ වරද කාගේද? – සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය

    රවී කුමුදේශ් – සභාපති – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය

    කොරෝනා පැතිරුනොත් ඒ වරද කාගේද?

    රෝග නිරෝධායන ක්‍රියාවලියේදී මෙම රෝගය පාලනය කිරීම සඳහා යෙදිය යුතු අවධානය පිළිබඳ ඉතා වැදගත් සාක්ෂියක් සපයන අතර එය වනාහි ඉතාලියේ සිට පැමිණි ශ්‍රමිකයන්ගේ තරාතිරම, අධ්‍යාපනය හෝ හැසිරීම මත පටවමින් වගකීමෙන් බැහැර වීමට සෞඛ්‍ය අංශයට නොහැකිය

    ඉතාලිය වේගයෙන්ම කොරෝනා ව්‍යාප්තිය සිදුවන රට බවට පත්ව ඇත

    ඉතාලියේ සිට පැමිණි විදේශ ශ්‍රමිකයන් නිරෝධායනය වන අවස්ථාවේ පසුවන ශ්‍රී ලංකාව, කොරෝනා රෝගයෙහි නව පරිච්ඡේදයක් සඳහා පරිවර්තනය වෙමින් පවතින බවට සළකුණු පහළ වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළ ප්‍රකාශ හරහාත් සමාජ ජාලා හා අනෙකුත් මාධ්‍ය හරහාත් ඉතාලියේ සිට පැමිණි ශ්‍රමිකයන්ගේ වරදින් එම රෝගය රට පුරා ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවට හැඟවෙන ක්‍රියාකාරීත්වයක් මේ දින වල අපට නිරීක්ෂණය කළ හැකිව තිබේ.

    දැනට කොරෝනා රෝගීන් 18 දෙනෙකු වෛද්‍ය පර්යේෂණ මඟින් තහවුරු කර ඇති අතර ඉන් අතිමහත් බහුතරය ඉතාලියේ නිෂ්පාදන වේ. ඒ අනූව රෝග නිරෝධායන ක්‍රියාවලියේදී මෙම රෝගය පාලනය කිරීම සඳහා යෙදිය යුතු අවධානය පිළිබඳ ඉතා වැදගත් සාක්ෂියක් සපයන අතර එය වනාහි ඉතාලියේ සිට පැමිණි ශ්‍රමිකයන්ගේ තරාතිරම, අධ්‍යාපනය හෝ හැසිරීම මත පටවමින් වගකීමෙන් බැහැර වීමට සෞඛ්‍ය අංශයට නොහැකිය.

    රෝග ලක්ෂණ නොමැති බෝවන සමය

    කොරෝනා රෝගය අසාදනය වී දින 14ක කාලයක් යනතුරු සාධනීය රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටීමේ ඉඩකඩක් පවතින අතර නවතම පර්යේෂණ දත්ත වලට අනූව එය දින 20 හෝ ඊට වැඩි ප්‍රමාණයක් වීමටද හැකි බව සඳහන් වේ. නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා වෛරසය ශරීරයතුල ගුණනය වෙමින් තිබෙන බීජෞෂණ (Incubation) කාලය තුලදී රෝගය බොවීම හා ප්‍රචාරණය වීම සිදුවේ.

    කෙසේ නමුත් දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය තුල නිරෝධායනය වන පුද්ගලයන්ගේ සහ වෙනත් ඕනෑම පුද්ගලයෙකුගේ රෝගී තත්ත්වය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ මඟින් තහවුරු කිරීම සිදු වන්නේ පැහැදිලි රෝග ලක්ෂණ මතුවීමෙන් පසුවය. නිරෝධායන කාර්යයට සහ අනෙකුත් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා වෛද්‍ය රසායනාගාර සේවාව නිසි පරිදි භාවිත කිරීමට නොහැකි වීම හෝ නොකිරීම මීට අදාලව ප්‍රධාන හේතුවක්  වන බැවින් ඒ පිළිබඳව රජයේ හා සෞඛ්‍ය අංශ වල අවධානය වඩා විධිමත් ලෙස යොමුවිය යුතුය.

    කොරෝනා රෝගය ඇති වීමත් සමඟම වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඇතැම් නිළධාරීන් එම ආයතනය තුල කොරෝනා හඳුනා ගැනීමේ පරීක්ෂණය සිදු කිරීමේ ඒකාධිකාරයක් නිර්මාණය කිරීමට උත්සහ දැරීම හේතුවෙන් දිවයින පුරා එම පරීක්ෂණය සිදු කිරීමට තිබූ මූලික අවස්ථාවන් අතපසු වීමකට ලක්විය.

    කොරෝනා රෝග පරීක්ෂණ ඒකාධිකාරය

    කොරෝනා රෝගය ඇති වීමත් සමඟම වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඇතැම් නිළධාරීන් එම ආයතනය තුල කොරෝනා හඳුනා ගැනීමේ පරීක්ෂණය සිදු කිරීමේ ඒකාධිකාරයක් නිර්මාණය කිරීමට උත්සහ දැරීම හේතුවෙන් දිවයින පුරා එම පරීක්ෂණය සිදු කිරීමට තිබූ මූලික අවස්ථාවන් අතපසු වීමකට ලක්විය. අද වන විටද සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වෛද්‍ය රසායනාගාර පද්ධතිය තුල මෙම පරීක්ෂණය සිදු කරනුයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වන අතර එයද සාමාන්‍ය පැය 8ක සේවා කාලයකට සීමාවී ඇත. නමුත් දිවයිනේ සියළු කොරෝනා හඳුනාගැනීමේ පරීක්ෂාවේ වගකීම එම පැය 8ක කාලය තුල විසඳීමට එම ආයතනයට සිදු වන අතර ඒ සඳහා ගත හැකිව තිබූ උපායමාර්ගික තීරණ නොසලකා හැරීම හේතුවෙන් තෝරාගත් පුද්ගලයින්ගේ පරීක්ෂණ පමණක් සිදු කිරීමට ක්‍රමවේදය බවට පරිවර්තනය වී ඇත.

    දැනට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කර ඇති නමුත් පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියක ලබා ගැනීම මේ වන විටත් විධිමත් අයුරින් සිදු නොවේ. ඒ අනූව නිරෝධායනය සඳහා හෝ අනෙකුත් අවශ්‍යතා සඳහා වෛද්‍ය රසායනාගාර සේවාව කාර්යක්ෂමව භාවිතා කිරීමේ අවශ්‍යතාවය රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය අතහැර දැමීමට හේතුවක් විය හැකි වුවද ඒ පිළිබඳව නිවැරදි තොරතුරු හෝ උපදෙස් ලබා නොගැනීමේ පිළිවෙතක සෞඛ්‍ය අමාත්‍යාංශය දිඟින් දිඟටම නිරතව සිටින බවක් පෙනෙන්නට ඇත.

    ශ්‍රී ලංකාව තුල කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා බලයලත් එකම නියෝජිතයා වෛද්‍ය පර්යේෂණ ආයතනය බව අඟවමින් සිටියද රට තුල හඳුනා ගැනෙන පළමු කොරෝනා රෝගියා සෞඛ්‍ය අමාතයාංශයෙන් පිටත රසායනාගාරයකදී හඳුනාගෙන තිබීම මඟින් මෙම ක්‍රියාවලියේ පවතින ගැටළුකාරී තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිය. එම රෝගියා ප්‍රතිකාර ගනු ලැබුයේ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙහි වන අතර එම රෝහලට අයත් රොගීන්ගේ කොරෝනා හඳුනා ගැනීමේ පරීක්ෂණ අනිවාර්යයෙන් යොමු කළ හැකි වන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛදරසවේද රසායනාගාර වෙතය. නමුත් අදාල රෝගියාගේ නිදර්ශක එම රසායනාගාරය වෙත යොමු නොකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත වෙනත් රසායනාගාරයක් වෙත යොමු කිරීමට හේතුව සහ එම තීන්දුව ගනු ලැබූ ආකාරය පිළිබඳව මෙතෙක් කිසිඳු පැහැදිලි කිරීමක් සිදුවී නොමැති නමුත් ඒ පිළිබඳව ජාතික බෝවන රෝග විද්‍යායතනය හා වෛද්‍ය පර්යේෂණ ආයතනය අතර කිසියම් විසඳා ගත යුතු ගැටළුවක් පවතින බව තහවුරු වේ. එසේම අදාල වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ වල ප්‍රතිඵලයන්ගේ නිරවද්‍යතාවය පිළිබඳ වගකීම සහ ඊට අදාල න්‍යතික වපසරිය පිළිබඳවද ගැටළු රැසක් මෙමඟින් ඇති විය හැක.

    ජාතික බෝවන රෝග විද්‍යාතනයෙහි පරීක්ෂණ වගකීම

    ජාතික බෝවන රෝග ආයතනය යනු කොරෝනා පමණක් නොව ඉන් පෙර ව්‍යාප්ත වූ මෙන්ම අනාගතයේ ව්‍යාප්ත විය හැකි බෝවන රෝග සියල්ල සඳහා වගකිව යුතු ආයතනයයි. අවාසනාවකට එම ආයතනයේ රෝගීන්ගේ වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සඳහා වන නිදර්ශක යොමු කල යුතු වන්නේ කිනම් රසායනාගාරයක් වෙතද යන්න පිළිබඳව වාද විවාද ඇති කරගන්නා තත්ත්වයකට පත් කරමින් සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය එම රෝහල තුල එම රෝගීන්ගේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා සුදුසු රසායනාගාරයක් නිර්මාණය කිරීම දිගින් දිගටම අතපසු කොට ඇත. මින් පෙර වසංගත තත්ත්වයන් ලෙස ව්‍යාප්ත වූ සාර්ස් ඉබෝලා වැනි රෝග අවස්ථාවලදීද ඊට ගැළපෙන ජෛව අරක්ෂණ තත්ත්ව සහිත රසායනාගාරයක් නිර්මාණය කිරීම සඳහා වූ විවිධ ඉල්ලීම් වලට අදාලව ප්‍රතිපාදන පවා වෙන් කර තිබියදී සෑම වසංගතයකදීම මෙන්ම කොරෝනා රෝගයේදීත් මුල සිට පටන් ගැනීමට සිදු වීම බරපතල තත්ත්වයකි.

    රසායනාගාර සේවාවේ, නව්‍ය භාවිතය

    මෙකී තත්ත්වයන් සැළකිල්ලට ගෙන දැනට භාවිතා වන සාම්ප්‍රදායික වෛද්‍ය රසායානාගර ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට යමින් නව රසායනාගාර ක්‍රමවේදයන් භාවිතා කොට උපරිම වශයෙන් දින 7ක කාලයකදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමටත් රෝග ලක්ෂණ මතුවීමට පෙර අවධානම් කලාප වල සරන ලද පුද්ගලයන් සෘජු වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වලට ලක් කරමින් සිථිරසාර ලෙස රෝගීන් වෙන් කර ගැනීමත් සඳහා ජාත්‍යන්තර වශයෙන් භාවිතා වන නව්‍ය ක්‍රමවේදයන් කඩිනමින් ස්ථාපිත කිරීම රජයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමකි. එසේම අනුමාන සහ ගමන් ඉතිහාසය මත පමණක් පදනම් වෙමින් රොගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියේදී තවදුරටත් කළ නොහැකි බැවින් රෝගය හඳුනා ගැනීමට මෙන්ම හඳුනාගත් රෝගීන් ජීවිත තර්ජනයකින් තොරව ආරක්ෂා කර ගැනීමට දිවයින පුරා අවරණය වන පරිදි 24පැය රසායනාගාර සේවාවක් සූදානම්ව තබන ලෙසත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ ගොඩනැංවීම් බාධාවකින් තොරව ලබා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.

    රෝගීන් කළමණාකරණයට අදාල සාමාන්‍ය රසායනාගාර පරීක්ෂණ

    කොරෝනා රෝගීන් කළමණාකරනය කිරීම හා ඇතුලත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිවයින් පුරා රෝහල් 20ක් නම් කොට ඇති අතර කොරෝනා රෝගී තත්ත්වයක් පිළිබඳ සැක සහිත සියළු පුද්ගලයන් අදාල රෝහල් වෙත ඇතුලත් වීම අනිවාර්යය වේ. ඉදිරි දින කිහිපය තුල රෝගීන් සංඛ්‍යාවෙහි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බැවින් අදාල සියළු රෝහල්හි පහසුකම් පූර්ව අධීක්ෂණය යටතේ ගොඩනැංවීම සිදු නොවන්නේ නම් එකී රෝහල් වලින් සමහරක් රෝගය බෝ කරන මධ්‍යස්ථානයක් බවටද පත්වීමේ අවධානමක් පවතී. අදාල රෝහල්හි සාමාන්‍ය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සිදුකරන රසායනාගාර සඳහා කොරෝනා වැනි අතිශය බෝවන සුළු නිදර්ශක පරීක්ෂා කිරීම සඳහා අත්‍යාවශ්‍ය උපකරණ හා යටිතල පහසුකම් මීට සති ගණනාවකට පෙර සිට ඉල්ලුම් කර තිබුනද හදිසි අවශ්‍යතාවය මතු වන තුරු ඒ සඳහා සමහර රෝහල් අධ්‍යක්ෂවරුන් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතී. එසේම සමහර රෝහල් වල විශේෂඥ වෛද්‍යවරුන් මෙම හදිසි ව්‍යසන තත්වයේදී පවා තමන්ට හිතෛෂී සමාගමේ යන්ත්‍රය ලබා දෙන තුරු කල් මරමින් සිටින බවක් පෙනෙන්නට ඇත.

    වර්තමාන සෞඛ්‍ය ලේකම්වරිය සමඟ මෙකී ගැටළු සාකච්ඡා කිරීම සඳහා ඇති අවස්ථාවන් විරල වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ ක්‍රියාවලිය පුද්ගලයන් කීපදෙනෙකුගේ කැමැත්ත අනූව සිදුවන බවක් අපට හැඟි යනු ඇත

    ග්‍රහණයට ලක්වූ සෞඛ්‍ය ලේකම් තනතුර

    කොරෝනා රෝගය ලෝක වසංගතයක් බවට පත්වූ ආරම්භක මොහොතේ ඒ පිළිබඳ විධිමත් යෝජනාවලි ගණනාවක් යොමුවූ අතර එකී සියළු යෝජනා සෞඛ්‍ය ලේකම් වරියගේ ලිපි ගොනු අතර තවදුරටත් සිරවී ඇති බව අප වෙත වාර්තා වේ. වර්තමාන සෞඛ්‍ය ලේකම්වරිය සමඟ මෙකී ගැටළු සාකච්ඡා කිරීම සඳහා ඇති අවස්ථාවන් විරල වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ ක්‍රියාවලිය පුද්ගලයන් කීපදෙනෙකුගේ කැමැත්ත අනූව සිදුවන බවක් අපට හැඟි යනු ඇත. නව සෞඛ්‍ය ලේකම්වරිය විසින් එකක් දෙකක් හැරුණුකොට බහුතර වෘත්තීය සමිති සමඟ හෝ සෞඛ්‍ය සේවාව තුල සෘජු වෘත්තීය කාර්යයන්හි නියැලෙන වෘත්තිකයන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා ක්‍රමවේදයක්ද සකසා නොමැති බැවින් කොරෝනා රෝගීන් සමඟ සෘජු ගණුදෙනු කරන බොහෝ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයන්ට පැන නැගී ඇති ගැටළු, ඔවුන්ගේ අවශ්‍යතා සහ ආරක්ෂාව දිනෙන් දිනම උග්‍ර අතට පත් වෙමින් පවතී. ජාතික වගකීමකදී ඒ සඳහා උරදී කටයුතු කිරීමේ මනා පරිචයක් සහ හික්මීමක් සෞඛ්‍ය වෘත්තිකයන් සතු වන බැවින් මූලික අවශ්‍යතා පවා නොසළකා තමුන්ගේ සේවාව ලබා දෙනු ලැබුවද සමහර තීරණාත්මක නොසළකා හැරීම් හේතුවෙන් රෝහල් කාර්යය මණ්ඩලය අතර මෙම රෝගය ප්‍රචාරය වීමේ අවධානමක්ද පවතින බව පෙන්වා දිය යුතුය.

    කොරෝනා රෝගීන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛව ජනාධිපතිවරයා විසින් ජාතික කමිටුවක් පත්කොට තිබේ. එලෙස කමිටුවක් පත් කිරීමේ මූලික අරමුණ මෙම ජාතික ව්‍යසනයේදී සාමුහික තීන්දු ගැනීම සඳහා ඇති ඉඩකඩ වැඩිදියුණු කිරීම විය හැකිය. කෙසේ නමුත් එම සංකල්පය සෞඛ්‍ය අමාත්‍යාංශය තුලදී ඊට පරස්පරව ක්‍රියාත්මක වන බවක් නිරීක්ෂණය වේ.

    ජනාධිපතිවරයාගේ ජාතික කමිටුව

    කොරෝනා රෝගීන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛව ජනාධිපතිවරයා විසින් ජාතික කමිටුවක් පත්කොට තිබේ. එලෙස කමිටුවක් පත් කිරීමේ මූලික අරමුණ මෙම ජාතික ව්‍යසනයේදී සාමුහික තීන්දු ගැනීම සඳහා ඇති ඉඩකඩ වැඩිදියුණු කිරීම විය හැකිය. කෙසේ නමුත් එම සංකල්පය සෞඛ්‍ය අමාත්‍යාංශය තුලදී ඊට පරස්පරව ක්‍රියාත්මක වන බවක් නිරීක්ෂණය වේ. එම කමිටුවේ ඇතැම් සාමාජිකයන් සහ සෞඛ්‍ය අමාත්‍යාශයේ සමහර නිළධාරීන් වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අවශ්‍යතාවයන් සහ යෝජනා නොසලකා හැරීම සඳහා එම කමිටුව භාවිත කරමින් සිටින අතර අවම වශයෙන් එමඟින් ගනු ලබන තීන්දු වෛද්‍ය නොවන අනෙකුත් සේවාවන් වෙත විධිමත් පරිදි දැනුම් දීමට පවා ක්‍රමවේදයක් සැකසී නොමැත. එනිසාම රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුල සෞඛ්‍ය සේවාවන්ට අදාලව වර්ධනය වෙමින් පවතින ගැටළු ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට හා රජයට නිවැරදි ලෙස වාර්තා නොවන තත්ත්වයක් පවතී. ඒ අනූව හෙද නිළධාරීන්, වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ නිළධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැනි වෘත්තිකයන් හට මූලික අවශ්‍යතාවයන් පවා සපයා ගත නොහැකි තත්ත්වයන් සමහර සෞඛ්‍ය ආයතන වලදී බරපතල නොසළකා හැරීමකට ලක්ව තිබීම මෙම රෝගය අනාගතයේදී අනවශ්‍ය ලෙස ප්‍රචාරණය වීමටද හේතුවක් විය හැක.

    මෙලෙස මතුවන සාමාන්‍ය ගැටළුකාරී තත්ත්වයන්ගේ සිට ඒ ඒ වෘත්තීන්ට අදාල ප්‍රතිපත්ති ගොඩනැංවීමේ ක්‍රියාවලිය දක්වා වූ යෝජනාවලි පවා ප්‍රසිද්ධා මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කිරීම හෝ විවේචනය කිරීම සුදුසු නොවන බව ඇතමෙක් විශ්වාස කරන්නට පුළුවන. එසේම පසුගිය රජය සමයේ සිදු නොකරන ලද සමහර විවේචනයන් මේ මොහොතේ ඉදිරිපත් කිරීම දේශපාලනික ගැටළුවක් ලෙස ඇතමෙකු විසින් හුවා දක්වන්නටද පිළිවන.

    නමුත් ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකළයුතු යැයි හැඟෙන ඇතැම් කරුණු පවා එවන් තත්ත්වයකට පරිවර්තනය කරන්නට අපට සිදුවී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ඒ සඳහා ඇති ඉඩකඩ ඇහිරී ඇති නිසාය. එසේ නොමැති නම් අහුරා දමා ඇති නිසාය. ඒ හැරුනු කොට මෙකී සියළු විවේචනයන්ගේත්, යෝජනාවන්ගේත් අවංක හරය වන්නේ මතුවී ඇති ජාතික ව්‍යසනයට මුහුණ දීම සඳහා සියළු සෞඛ්‍ය සේවාවන් මෙන්ම අසහනයට සහ අගතියට ලක්ව ඇති සියළු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සහ කාර්යය මණ්ඩලවල සහයෝගය පූර්ණ වශයෙන් රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමය. ඒ සඳහා ඒ ඒ සෞඛ්‍ය සේවාවන්ගේ අනන්‍යතාවයට හා ස්වාධීනත්වයට ගෞරවයක් සහිත වටපිටාවක් සැකසීම රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමකි.

    රවී කුමුදේශ්- සභාපති – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය

  • රටවල් 14ක් සදහා ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් ඉටුකරන කන්සියුලර් සේවා සීමා කිරීම

    රටවල් 14ක් සදහා ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් ඉටුකරන කන්සියුලර් සේවා සීමා කිරීම

    එක්සත් රාජධානිය, බෙල්ජියම සහ නෝර්වේහි ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් ඉටුකරන කන්සියුලර් (ප්‍රදූත) සේවා සීමා කිරීම

    කෙරෝනා වෛරසය (COVID-19) සම්ප්‍රේෂණය වීම සීමා කිරීම සහ අලුතින් නම් කරන ලද රටවලට පනවා ඇති සංචාරක සීමාවන් ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම සහතික කිරීම සඳහා, විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් මාර්තු 15 වන දින මධ්‍යම රාත්‍රි පැය 2359 සිට බ්‍රසල්ස්, ලන්ඩන් සහ ඔස්ලෝහි දූත මණ්ඩල මඟින් සපයන කොන්සියුලර් (ප්‍රදූත) සේවා නියාමනය කිරීමට අවශ්‍ය පියවර ආරම්භ කර ඇත.

    රජය විසින් තවත් ගමනාන්ත තුනක් එක් කරමින් නම් කරන ලද රටවල් ලැයිස්තුව යාවත්කාලීන කර ඇති අතර, ගමනාරම්භක ස්ථානය තර්ජනයක් විය හැකි සහ ප්‍රවේශය සීමා කිරීම කල්පනාකාරී විය හැකි බවට සලකන සියලු අභ්‍යන්තර සංචාර සීමා කිරීමට දරන උත්සාහයන්ට නිසි සහයෝගය ලබා දීම, මෙම තීරණයට හේතු පාදක වී තිබේ.

    ඒ අනුව, 2020 මාර්තු 16 වන දින සිට, ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ඉටු කරනු ලබන කොන්සියුලර් සේවාවන්, හදිසි සංචාරක ලේඛන නිකුත් කිරීම, මරණ ලියාපදිංචිකිරීම සම්බන්ධ සහතික නිකුත් කිරීම සහ වෙනත් අවශ්‍ය යැයි සැලකෙන හදිසි සේවාවන් සඳහා සීමා කෙරේ. අදාළ දූත මණ්ඩල විසින් එක් එක් සිද්ධිය මත පදනම්ව මෙම සේවා සැපයීමට කටයුතු කරනු ඇති අතර, ශ්‍රී ලාංකිකයන් හෝ විදේශිකයන් දූත මණ්ඩල කාර්යාල පරිශ්‍රයන්හි අනවශ්‍ය ලෙස එක්රැස් වීම වැලැක්වීම සඳහා දූත මණ්ඩල කාර්යාල සමඟ සම්බන්ධීකරණය වෙමින් සේවා ලබා ගැනීම සඳහා පූර්ව අයදුම් කිරීමක් මඟින් වේලාව වෙන් කර ගැනීම අනිවාර්ය වේ.

    විදේශීය ශ්‍රී ලංකා දූත මණ්ඩල කොන්සියුලර් (ප්‍රදූත) සේවා සැපයීම සීමා කිරීම සඳහා වන පියවර

    කොරෝනා වෛරසය (COVID-19)  ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ වර්තමාන තත්වයන් සැලකිල්ලට ගනිමින් සහ විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අතර වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා, මාර්තු 16 වනදා සිට නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා දූත මණ්ඩල කිහිපයක කොන්සියුලර් (ප්‍රදූත) සේවා සැපයීම සීමා කිරීමට විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    මෙම රටවල් අතරට ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව ඇතුළත් වේ.

    සම්බන්ධිත රටවල අදාළ බලධාරීන් විසින් ගනු ලබන සංචාරක තහනම් කිරීමේ සහ ප්‍රවේශය සීමා කිරීමේ පියවරයන්හි දැඩි සීමාකාරී ක්‍රියා පටිපාටි සැලකිල්ලට ගනිමින් සහ මෙම රටවලින් ආරම්භ වන සියලුම සංචාරයන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී පනවා ඇති සංචාරක තහනමද  සැලකිල්ලට ගනිමින්, මෙම තීරණය ගෙන ඇත.

    ඒ අනුව, 2020 මාර්තු 16 වන දින සිට ඉදිරියට, නැවත දැනුම් දීමක් සිදු කරන තුරු, තාවකාලික / හදිසි සංචාරක ලේඛන නිකුත් කිරීම, ශ්‍රී ලාංකිකයන්ගේ මරණවලට අදාළ ලේඛන නිකුත් කිරීම හා සහතික කිරීම සහ එක් එක් සිද්ධිය මත පදනම්ව අවශ්‍ය යැයි හැඟෙන වෙනත් හදිසි කොන්සියුලර් (ප්‍රදූත) සේවය  සැපයීම සඳහා පමණක් අදාළ වන පරිදි, සිය සේවාවන් සැපයීම සීමා කිරීමට මෙම දූත මණ්ඩල විසින් කටයුතු කර ඇත. දූත මණ්ඩලවලින් සේවාවන් ලබා ගැනීම සඳහා වන පූර්ව වෙන් කර ගැනීම් මත පදනම්ව මෙම කටයුතු සිදු කරනු ඇත.

    සේවාවන් ලබා ගැනීම සඳහා කලින් වෙන් කර ගැනීම් ස්ථිර කර ගැනීමට සහ සීමිත කොන්සියුලර් (ප්‍රදූත) සේවා සහ අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා, ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් සේවා අපේක්ෂිතයින් වෙත හදිසි ඇමතුම් අංක ලබා දී ඇත.

  • කොරෝනා ජය ගන්න සාක් රාජ්‍ය නායකයින් ගත් තීන්දු මොනවාද ?

    කොරෝනා ජය ගන්න සාක් රාජ්‍ය නායකයින් ගත් තීන්දු මොනවාද ?

    කොරෝනා ව්‍යාප්ත වෙමින් ඇති රටවලට සහාය වනු පිණිස කලාපීය වැඩසටහනක් සකස් කළයුතුයි – ශ්‍රී ලංකා ජනපති

    කලාපීය වශයෙන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් – ඉන්දීය අගමැති

    සාක් රටවලට පොදු රාමුවක හිඳිමින් ප්‍රශ්නය ජය ගත හැකියි – ඇෆ්ගනිස්ථාන ජනාධිපති

    සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා ආර්ථිකය කඩා වැටිලා – මාලදිවයින ජනාධිපති

    අභියෝගය ජය ගන්එන කව ක්‍රියා කළ යුතුයි – බංග්ලාදේශ් අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා

    අප සතු තාක්ෂණික දැනුම මෙන්ම සම්පත් දායකත්වය ද කෙරෝනා මර්දනයට ලබාදීමට සූදානම් – නේපාල අගමැති

    එක්ව සතුරා පරාජය කිරීමට ක්‍රියා කළ යුතුයි – භූතාන අග්‍රාමාත්‍ය ලොටේයි ෂෙරින්ග්

    එක් රටකට මේ වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කළ නොහැකියි – පාකිස්ථාන සෞඛ්‍ය ඇමති

    කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති රටවලට සහාය වනු පිණිස කලාපීය වැඩසටහනක් සකස් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (සාක්) රාජ්‍ය නායකයන්ට යෝජනා කරයි.

    උද්ගතව ඇති තත්ත්වය ගැන වැඩිදුර සාකච්ඡා කිරීමට සාක් අමාත්‍ය මට්ටමේ හමුවක් සංවිධානය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා කලාපීය නායකයන්ට පෙන්වා දෙයි.

    අද (15) පස්වරුවේ දකුණු ආසියානු කලාපීය රාජ්‍ය නායකයන් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයකට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ යෝජනා ඉදිරිපත් කළේය.

    “Covid -19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි සාක් නායක සටන  – ලෝකයට පූර්වාදර්ශයක්” (SAARC Leaders on Combating COVID- 19, Settling an Example to the World) යන්න තේමා කර ගනිමින් සංවාදය පැවැත්විණ. වීඩියෝ සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ අදහසකි.

    කලාපීය නායකත්වයේ අදහස්, අත්දැකීම් සහ තමන් මුහුණදුන් අභියෝග පිළිබඳව තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබීමෙන් කොරෝනා වසංගතයෙන් ජය ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

    කලාපීය යාන්ත්‍රණයක් නිර්මාණය කොට කඩා වැටීමට ලක්ව ඇති ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ද ගොඩනැගීමට කටයුතු කළයුතුව ඇතැයි ද එතුමා වැඩිදුරටත් කියා සිටියේය. තම රජය විධිමත්ව තත්ත්වය පාලනය කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගෙන ඇති බවත්, මහ මැතිවරණය පෙර සැලසුම් කළ පරිදි අප්‍රෙල් 25 වනදා පැවැත්වෙන බවත් ජනාධිපතිතුමා පැවසීය.

    සමාජයීය පාලනයක් මගින් වෛරසය පැතිරයාම නතර කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග රාජ්‍ය නායකයන්ට පැහැදිළි කළ ජනාධිපතිතුමා මෙරටට පැමිණෙන සෑම සංචාරයෙකුටම ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් දී ඇතැයි සඳහන් කළේය.

    මේ වන විට මුළු ලෝකයම භයානක අවදානමකට පත්ව ඇතැයි සමුළුව සංවිධාන කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සඳහන් කළේය. කලාපීය වශයෙන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    කලාපීය වශයෙන් කොරෝනා වසංගතයට මුහුණදීමට අරමුදලක් පිහිටුවීමේ වැදගත්කම පෙන්වා දුන් මෝදි මැතිතුමා එය ආරම්භ කරමින් ඩොලර් මිලියන 10ක පරිත්‍යාගයක් කරන බව පැවසීය.

    සාර්ක් සාමාජික රටවලට වෛරසය මර්දනයට අවශ්‍ය සියලු පහසුකම් හා සේවා සැලසීමට ඉන්දියාව සූදානමින් සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    සාක් රටවලට පොදු රාමුවක හිඳිමින් ප්‍රශ්නය ජය ගත හැකි බව ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රොෆ් ඝානි මැතිතුමා සංවාදයට එක් වෙමින් පැවසීය.

    භූ ගෝලීය පිහිටීම අනුව තම රටට වාසිදායක තත්ත්වයක් තිබුණද, සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා මේ වන විටත් දැඩි ආර්ථික කඩා වැටීමකට තම රට මුහුණ දී ඇතැයි මාලදිවයින ජනාධිපති ඊබ්‍රාහිම් මෙහොමඩ් සොලී මැතිතුමා පැවසීය.

    වසංගත තත්ත්වයෙන් මිදීමට තම රටේ පූර්ණ සහාය ලබාදෙන බව සදහන් කළ බංග්ලාදේශ් අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිණිය එක්ව ක්‍රියා කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නාය.

    නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලි මැතිතුමා තම රට සතු තාක්ෂණික දැනුම මෙන්ම සම්පත් දායකත්වය ද කෙරෝනා වෛරසය මර්දනය පිණිස ලබාදීමට සූදානම් බව සඳහන් කළේය.

    අප හමුවේ ඇති සතුරා අපගේ දෑසට නොපෙනන අතර එයට දේශ සීමාවක් නැති හෙයින් එක්ව සතුරා පරාජය කිරීමට ක්‍රියා කළ යුතු බව භූතාන අග්‍රාමාත්‍ය ලොටේයි ෂෙරින්ග් මැතිතුමා කියා සිටියේය.

    එක් රටකට මේ වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කළ නොහැකි බව පාකිස්ථාන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය සෆර් මෙන්සා මහතා සඳහන් කළේය.

    කොරෝනා වෛරසය පාලනය කරමින් එය ජය ගැනීමට විටින් විට මෙලෙස අදහස් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සංවාදය අවසානයේ පෙන්වා දුන්නේය.

  • කොරෝන වෛරසය ආසාදනය සහ එහි බලපෑම ගැන නිවැරදිව දැනුවත් වෙමු

    කොරෝන වෛරසය ආසාදනය සහ එහි බලපෑම ගැන නිවැරදිව දැනුවත් වෙමු

    කොරෝන වයිරස මේ වන විට ශ්‍රී ලංකාව ද ඇතුළුව 120 කට වැඩි ගණනකට ව්‍යාප්ත වී ඇති අතර 5000 කට වඩා මිය ගොස් තිබේ. ඒ අතර චීනය, ඉතාලිය, ඉරානය සහ ස්පාඤ්ඤය ඉදිරියෙන් සිටින අතර දකුණු කොරියාවේ ද මරණ රැසක් වාර්තා වී තිබේ.

    මේ තත්ත්වය තුළ කොරෝනා ආසාදනය ‘වසංගතයක්“ ලෙස නම් තිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇති අතර ලෝකයේ රටවල් රැසක් සංචාරක තහනම, ගුවන් ගමන් හා මගී නොෟකා පැමිණීම තහනම් කිරීම, ජාත්‍යන්තර තරග තහනම් කිරීම ඇතුළු පියවර ගෙන ඇති අතර ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් රැසක් පාසල් වසා දමා තිබේ.

    මේ සමග කොරෝනා වෛරසයෙන් බේරී සිටීම සම්බන්ධයෙන් මිත්‍යා, ව්‍යාජ ඖෂධ ඇතුළු බොහෝ දේ පිළිබදව විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස තොරතුරු හුවමාරු වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රජයේ නිල ආයතන, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ විද්‍යාත්මක ක්‍රමවේද මිස මිත්‍යා හෝ පදනමක් නැති ප්‍රතිකාර වෙත යොමු නොවිය යුතු බවයි.

    මේ තත්ත්වය තුල ලෝකයේ ප්‍රමුඛ මාධ්‍ය ආයතනයක් වන බී.බී.සී ආයතනය විසින් සකස් කළ වඩාත් විද්‍යාත්මක පදනමක් සහිත ලිපියක් අප විසින් පහත පළ කරන අතර අප යළිත් අවධාරණය කරන්නේ පදනමක් නැති අවිද්‍යාත්මක ප්‍රවේශයන් වෙත යොමු නොවන ලෙසයි.

    ඉතින්, රෝගය කුමක්ද සහ එය පැතිරෙන්නේ කෙසේද? අපි විද්‍යාත්මක නිවැරදිව දැන ගනිමු.

    මා ආරක්ෂා වන්නේ කෙසේද?

    හොඳම දේ නිතිපතා හොදින් අත් සේදීමයි. එය සබන් ගා කළ යුතුය. වඩාත් හොද ප්‍රතිඵල ලැබෙන්නේ සබන් ගා පිරිසිදු ජලයෙන් අත් සේදු විටය.

    ආසාදිත පුද්ගලයෙකු කුඩා කෙළ බිඳිති (වෛරසයෙන් පිරී ඇති ) කැස්ස විට කොරෝනා වයිරස් පැතිරෙයි. ඔබට මේවා ආශ්වාස විය හැකිය, නැතහොත් ඔබ ඒවා තැවරී ඇති අතින් ඇස්, මුඛය හෝ නාසය ස්පර්ශ කළ හොත් ඔබට කොරෝනා ආසාදනය විය හැකිය.

    එමනිසා, කැස්ස සහ පටක වලට කිවිසුම් යාම, සේදූ දෑතින් ඔබේ මුහුණ ස්පර්ශ නොකිරීම සහ ආසාදිත පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී සිටීම පැතිරීම සීමා කිරීම සඳහා වැදගත් වේ.

    මෙහිදී ඔබට වැදගත්බ කරුණක් සිහිපත් කළ යුතුය. ඒ ඔබ ඡායාරූප මගින් සුලභව දකින මුඛ ආවරණය මගින් ඵලදායී ආරක්ෂාවක් නොලැබෙන වෛද්‍ය විශේඥෙයෝ පවසති.

    වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මා කරන්නේ කුමක්ද?

    NHS උපදෙස්

    කොරෝනා වයිරස් රෝග ලක්ෂණ මොනවාද?

    කොරෝනා වයිරසය පෙනහළු ආසාදනය කරයි. රෝග ලක්ෂණ ආරම්භ වන්නේ උණෙන් පසුව වියළි කැස්සකින් වන අතර එමගින් හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැක. මෙහිදී කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සාමාන්‍යෙයන් දින පහක් තුළ සිදුවන බව කීවත් ඊට බොහෝ කලකට පසුව සමහර අය රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකිය. පුර්ව තක්සේරු කාලය දින 14 ක් දක්වා පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. නමුත් සමහර පර්යේෂකයන් පවසන්නේ එය දින 24 ක් පමණ විය හැකි බවයි.

    කොරෝනා මූලික රෝග ලක්ෂණ

    කොරෝනා වයිරස් ප්‍රධාන රෝග ලක්ෂණ: අධික උෂ්ණත්වය, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා

    රෝග ලක්ෂණ ඇති විට මිනිසුන් වඩාත් ආසාදනය වනු ඇත, නමුත් සමහරු අසනීප වීමට පෙර පවා වෛරසය පැතිරවිය හැකි බව විශ්වාස කෙරේ. මුල් රෝග ලක්ෂණ සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ ඇතුළු අනෙකුත් ශීත දෝෂ සමඟ පහසුවෙන් ව්‍යාකූල විය හැකිය.‍ෙ

    කොරෝනා වයිරසය කෙතරම් මාරාන්තිකද?

    රෝගයෙන් මිය යන අනුපාතය අඩු බව පෙනේ (1% ත් 2% ත් අතර). නමුත් සංඛ්‍යා විශ්වාස කළ නොහැකි ය. දහස් ගණනකට ප්‍රතිකාර කරනු ලබන නමුත් මරණයට පත්විය හැකිය. එබැවින් මරණ අනුපාතය වැඩි විය හැකිය. මෘදු අවස්ථා රාශියක් වාර්තා නොවන්නේ නම් එය අඩු විය හැකිය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෝගීන් 56,000කගේ දත්ත පරීක්ෂා කිරීමෙන් පෙනී යන්නේ:

    • 6% ක් බරපතල ලෙස රෝගාතුර වේ – පෙනහළු අසමත්වීම, සෙප්ටික් කම්පනය, අවයව අසමත්වීම සහ මරණ අවදානම
    • 14% ක් දරුණු රෝග ලක්ෂණ ඇති කරයි – හුස්ම ගැනීමේ අපහසුතාව සහ හුස්ම හිරවීම
    • 80% ක් මෘදු රෝග ලක්ෂණ ඇති කරයි – උණ සහ කැස්ස සහ සමහරුන්ට නියුමෝනියාව තිබිය හැක
    නඩු වල ත්රිකෝණාකාර ප්රස්ථාරය, මරණයේ සිට මෘදු අවස්ථා දක්වා

    වැඩිහිටි පුද්ගලයින් සහ කල් පවතින රෝග තත්වයන් ඇති අය (ඇදුම, දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය වැනි) දරුණු ලෙස රෝගාතුර වීමට වැඩි ඉඩක් ඇත. චීනයේ දත්ත වලින් පෙනී යන්නේ පිරිමින් කාන්තාවන්ට වඩා වෛරසයෙන් මිය යාමේ අවදානම තරමක් වැඩි බවයි.

    ප්‍රතිකාරය රඳා පවතින්නේ රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වෛරසයෙන් මිදීමට හැකි වන තෙක් හුස්ම ගැනීමේ ආධාරය ඇතුළුව ශරීරය දිගටම පවත්වා ගෙන යාම මත ය. එන්නතක් නිපදවීමේ කටයුතු සිදු වෙමින් පවතී.

    මට කොරෝනා වෛරස් ඇතැයි සිතන්නේ නම් මා කුමක් කළ යුතුද?

    නව අඛණ්ඩ කැස්සක් හෝ 37.8C ට වඩා ඉහළ උෂ්ණත්වයක් වැනි මෘදු රෝග ලක්ෂණ ඇති රෝගීන් අවම වශයෙන් දින හතක්වත් නිවසේදී ස්වයං හුදකලා විය යුතුය.

    ඔබ ආසාදනය වී ඇති කෙනෙකු සමඟ සම්බන්ධ වී ඇත්නම් ඔබට ස්වයං හුදකලා වීමට කියනු ලැබේ. එසේ කිරීමට අවශ්‍ය පුද්ගලයින් අනෙක් පුද්ගලයින් සමග සමීප සම්බන්ධතා පැවැත්වීම වළක්වා ගැනීම සදහා ‘සාමාන්‍ය බුද්ධිය“ ඇති පියවර ගත යුතුය.

    පරීක්ෂාවට ලක් වන්නේ කවුද සහ එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

    බලපෑමට ලක් වූ ප්‍රදේශයකට ගොස් හෝ වෛරසය වැළඳී ඇති අයෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ, රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයින් පරීක්ෂා කරනු ලැබේ.

    උණ වැනි රෝග ලක්ෂණ ඇති සියලුම රෝහල් රෝගීන් ද පරීක්ෂා කරනු ලැබේ.

    ඔබ පරීක්‍ෂා කළ යුතු නම් කුමක් සිදුවේද යන්න පෙන්වන ග්‍රැෆික්.  එන්එච්එස් 111 මගින් පරීක්‍ෂා කළ යුතු සුදුසු ස්ථානය ඔබට කියනු ලැබේ. ඔබට රෝහලකට යන ලෙස පැවසුවහොත් ඔබ කොරොන වයිරස් හුදකලා පොඩ් වෙත සං follow ා අනුගමනය කළ යුතුය.  පෝඩ් එක ඇතුළේ එන්එච්එස් 111 අමතන්න. ආරක්ෂිත ඇඳුම් ඇඳ සිටින හෙදියක් පෙනී සිටිනු ඇත.  පරීක්ෂා කිරීම සඳහා ගෙන ඇති ස්පුබ්.  නිවසේදී හෝ වෙනත් තැනක ස්වයං හුදෙකලා වීම.  ඔබට ඩ්‍රයිව්-හරහා පහසුකමකට යාමට සිදුවුවහොත්, ඔබේ මෝටර් රථයෙන් ඉවත් නොවී ඔබව පරීක්ෂා කරනු ලැබේ.  නැතහොත් එන්එච්එස් කාර්ය මණ්ඩලය ඔබේ නිවසට පැමිණිය හැකිය

    එය කෙතරම් වේගයෙන් ව්‍යාප්ත වේද?

    ලොව පුරා දිනකට නව ආසාදන සිය ගණනක් වාර්තා වේ. කෙසේ වෙතත්, සෞඛ්‍ය ආයතන බොහෝ අවස්ථා පිළිබඳව නොදැන සිටිය හැකි යැයි විශ්වාස කෙරේ. චීනයේ ආරම්භ කිරීමෙන් පසු දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය වැනි රටවල කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

    මාර්තු 12 වන දින චීනයෙන් පිටතදී තහවුරු වූ සිද්ධීන් පෙන්වන වගුව

    බී.බී.සී වාර්තාවක් අසුරිණි – සැකසුම – තුෂාධවි

  • ඉතාලියේ සිට පැමිණි තවත් 7කට කොරෝනා: මුළු ගණන 18 නගී

    ඉතාලියේ සිට පැමිණි තවත් 7කට කොරෝනා: මුළු ගණන 18 නගී

    කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කියයි.

    ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයට යොමු කළ පිරිමින් වන අතර මෙම රෝගීන් සියලු දෙනාම මේ වන විට පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ජාසිංහ මහතා වැඩි දුරටත් සදහන් කළේ.

  • මහ මැතිවරණයේ වෙනසක් නෑ – ජනපති

    මහ මැතිවරණයේ වෙනසක් නෑ – ජනපති

    සාර්ක් කලාපීය රටවල සෙසු නායකයින් අද (15) සවස වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී කොරෝනා වෛරස වසංගතයට එරෙහිව සටන් කිරීමට ඒකාබද්ධ උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා සාකච්ඡුා කළහ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම සාකච්ඡාව අමතා සිය අදහස් දැක්වූ අතර එහිදී ජනපතිවරයා කියා සිටියේ මහ මැතිවරණය පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන බවයි.

    වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝන වෛරස වසංගත තත්ත්වය හමුවේ මහ මැතිවරණය කල් දැමිය යුතු බවට ඇතැම් පාර්ශ්ව යම් යම් අදහස් දක්වමින් සිටිති. මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් සිය ජනහමු ද මේ වන විට අවංගු කර ඇත.