Tag: featured

  • ලංකාවට නීතියක් එපාද ?

    ලංකාවට නීතියක් එපාද ?

    අද සජිත් ප්‍රේමදාසලා මහින්දට ණය ය. රනිල්ට එරෙහිව පිටකෝට්ටේ පාර බ්ලොක් කිරිමට යුඇන්පි කාරයන් ආ දවසේ පිට කෝට්ටේ පාරට තාර දැමීමට පාර වසා රනිල් බේරුවේ මහින්ද විසිනි. ඒ උදව්වට රාජපක්‍ෂලාගේ සියථ දූෂණ රනිල් වික්‍රමසිංහ විසින් යටපත් කළේය. විරවංශ බේරුවේත් රනිල්මය. අර්ජුන් මහේන්ද්‍රන් රට පටවා නිතියෙන් බේරුවේද රනිල්මය. මේවා අවකල් ක්‍රියා වෙති. ඔවුන් බලය එකිනෙකාගේ වාසියට හුවමාරු කර ගනිමින් සිටිති.

    නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි


    රාජපක්‍ෂලා නිරාවරණය වෙමින් පවතී. රාජපක්‍ෂවරු  රාජ්‍ය පාලනය සඳහා තුනෙන් දෙක ලබා ගැනීමට කඩිමුඩියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියාහ. රාජපක්‍ෂලා රාජ්‍ය සේවක පුහුණුව ආරම්භ නො කර ඡන්දයක් දිනන්න බැරි තැනට  පත්ව ඇත. එය  බෙහෙවින් ඛේදජනකය.  පුහුණුව නතර කළ පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිවරණ කොමිෂන් සභාවට ටිකක් සැරෙන් කතා කළේ ය.

    ඊටත් වඩා සැර කතාවක් හෙතෙම  නිදහස් දවසේ ජාතිය අමතමින් කිය. එහි අර්ථය රටේ ජනතා අවශ්‍යතා ඉටු කිරිමේදී රාජ්‍ය සේවය ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය බාධාවක් නොකළ යුතු බවය. එසේම ශ්‍රී ලංකා නීතිඥ සංගමය අමතා පසුගිය පෙබරවාරි 14 වෙනිදා මීගමුවේදි සංවර්ධනය සඳහා විධායකය ගනු ලබන ප්‍රයත්නවලදි අධිකරණය බාධා නොකළ යුතු ය යන  බරපතල පණිවිඩය නිකුත් කළේය.  

    මැතිවරණ කොමිෂම පාලකයන්ගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසීය. ඔය වැඬේ ඉවර කර පාර්ලිමේන්තුව විසුරුවා නො හැරියේ ඇයි? එයින් කියැවෙන්නේ  අතපය හයියෙන් සහ ඔළුවෙන් කළ හැකි දේ පටලවා නො ගත යුතු බවය. හෝ වෙනම තේරුම් ගත යුතු බව ය. රටේ නීතියක් පවත්නා බව සහ ඊට ඉහළින් කිසිවෙකුට යා නොහැකි බව ගෝඨාභය රාජපක්‍ෂ නො දන්නවා නොවේ. වීරකැටිය සොහොනට වැය කළ රාජ්‍ය මුදල් පරීක්‍ෂණ ආරම්භ කළ වහාම ආපසු ගෙවන ලද්දේ ඒ නිසාය.  එය විනයකි. වරද තේරුම් ගැනිමකි.  පරම්පරා නාමය රාජපක්‍ෂ වුණාට මහින්ද කළ දේ ගෝඨාභයගෙන් මේ රටේ මිනිස්සු අපේක්‍ෂා නො කරති. එසේම කරන්නත් බැරිය. රටේ ජනාධිපති මහින්ද නො වන බව රටම දනිති. ගෝඨාභය රාජපක්‍ෂත් ඒ ටික දැනටම යම් ප්‍රමාණයකට තේරුම් ගත යුතුවේ. නීතිය අතට ගත් මහින්දට වැරදුණේ ඒ ටික නො දැන සිටි නිසාය. පාලකයන් ලෙස රාජපක්‍ෂලාගේ කැරැට්ටුව යහපත් නැත. රනිල් වික්‍රමසිංහට පින් සිද්ධ වෙන්න එකදු රාජපක්‍ෂ කෙනෙකු හෝ හිරේ විලංගුවේ නො වැටුණේ නැත. ඒත් නඩු කෝටියකි. මේ කතා කරන්නේ දේශපාලනය නොවේ.

    තෝමස් හොබ්ස්ට අනුව ලෝකයේ ආණ්ඩු ක්‍රම තුනකි. ඒ රාජාණ්ඩු රදළ ආණ්ඩු සහ ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩු යනුවෙනි. හොබ්ස් මේ න්‍යායන් දක්වා සිය ලෙවියානන් කෘතියෙන් වඩාත් යහපත් යයි වර්ණනා කළේ රාජාණ්ඩු ක්‍රමයයි. හොබ්ස් අගය කළ රාජාණ්ඩු ක්‍රමයේ ලාංකේය අත්දැකීම කුමක්ද? ශ්‍රී වික්‍රම රාජසිංහ කුදලා එංගලන්තයේ රජුට භාරදී,  රටේ අයිතිවාසිකම් ගිවිසුමකකින් තහවුරු කර ගැනීමට රටේ ජනතාවට සිදුවිය.  විනිසුරුවන් එළවා, විවේචකයන් මරා පවත්වා ගෙන ගිය මහින්ද රාජපක්‍ෂගේ රදළ ආණ්ඩුව 2015දී ජනතාව විසින් පළවා හැරියාහ.  අද රටේ ඇත්තේ ව්‍යවස්ථාදායකය, අධීකරණය විධායකය වෙන්ව පවත්නා ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩු ක්‍රමයකි. කුඹුරක් වපුරා අස්වැන්න ගෙට ගැනීමේ  ක්‍රියාවලිය ගොවියාට භාරය.  එහෙත් මීයාටත් වවුලාටත් ගැඩවිලාටත් පැවරුණ  කුඹුරේ කිසිදු රාජකාරියක් ගොවියා පවරා නොගත යුතු බව තුන් සිංහලයම දනිති.

    පසුගිය නොවැම්බර් මැතිවරණය ප්‍රතිපලය සාධාරණ මෙන්ම නිදහස් නිවහල් එකකි. හේතුව රටේ මැතිවරණ නීතිය හරියටම ක්‍රියාත්මක වීමය. ඒ ගෞරවය එළඹෙන මහ මැතිවරණය ප්‍රතිපලයට  නො ලැබෙන බවට කරුණු පෙළ ගැසෙනු පෙනේ. බත් දන්සැල් විවෘත වේද? සිල් රෙදි බෙදයිද? ජනාධිපති මැතිවරණය දිනුවේ රටේ නිතියක් පැවති නිසාය. ඒ නෛතික රාමුව තුළ මහ මැතිවරණය ජයගත යුතුව ඇත. රටේ නිතිය එයයි.

    2010දී මහින්දට තුනෙන් දෙක නො ලැබිණ. අල්ලස්දී රනිල්ගේ ගෝලයන් බාගෙන තුනෙන් දෙක හදා ගත්හ. 18 වෙනි සංශෝධනය හරහා  රාජපක්‍ෂවරු ස්වාධීන කොමිෂන් සභා අහෝසි කළහ. 19 වෙනි සංශෝධනය හරහා යළි ස්වාධින කොමිෂන් සභා නැවත ස්ථාපිත විය. ඒ කොමිෂන් සභා ක්‍රියාත්මක රටේ ඡන්ද නීතියට  අත තැබීමට 2015 බැංකු කඩා අසුවූ  රනිල්ලාට නොහැකි විය. ඒ හපන්කම 2020 කර පෙන්විිමට 2015ට පෙර බැංකු කැඩූ රාජපක්‍ෂලා සැලසුම් කරමින් සිටිති.

    17 වෙනි සංශෝධනයේ ගෙළ මිරිකිමට පෙර  මහින්ද රාජපක්‍ෂ කීවේ වීරකැටියේ පොලිසියේ ඕඅයිසි මාරු කිරීමට මට බැරි නම් ඒ නිතියෙන් පලක් නැති බවය. ශිරානි බණ්ඩාරනායක සිද්ධියේදි කීවේ අපේ මිනිහෙක් නම් මම ශේප් කරලා දානවා කියාය. නීතිය යනු පාලකයා කැමති දේ කිරිමට නොහැකි කමය. පාලකයාට නීතිය යටත් විය යුතුද? අකුරැස්සේ සාරුව සුනිල්ලා හිච්චි කෙල්ලන් විනාස කර පාටි දැමුවේ මහින්ද රාජපක්‍ෂගේ ඕඅයිසී මාරු කරන ක්‍රමය යටතේය. එය නැවත මේ රටේ ඇති නොවිය යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ තේරුම් ගත යුතුව ඇත. නිදහස් දින ප්‍රකාශ කළ පරිදි  ජන වරමක් ලැබි ඇති බව සැබෑය. ජන වරම යනු ගම් දනව් විනාස කරන ලැව් ගින්නක් නොවේ. ජනාධිපති පත් වුණේ රටේ නීතියට අනුවය.  

    නීතියට අනුව පත්වූ ජනාධීපති රටේ නිතියට යටත් ය. හෙතෙම  රටේ නිතිරිති ගණන් ගත යුතු නැතැයි කෙහේවත් ලියා නැත.  ගෝඨාභයගේ ලොකු අයියා මාව විදුලි පුටුවට ගෙනියන්න හදනවෝ කියා කෑ ගැසුවා මතකද? ඒ රටේ නීතිය කඩා සෙල්ලම් පෙන්නූ මහින්ද ලෝක නීතියක් පවත්නා බව පිළිගත් හෙයිනි. ප්‍රංශ ජනතාව කැරළි ගසා රජු සහ පවුල මරා දැමීය. හිට්ලර් සිය පවුලට වස කවා වෙඩි තබා දිවි නසා ගත්තේය. ඉතිහාසය යනු නැවත නැවත නොවෙනස්ව සිද්ධවන ක්‍රියාදාමයකි. ව්‍යවහාර වසර පනහක් යනු ඉතිහාසයේ සමහර විට එක දවසකි. ඒ අර්ථයෙන් විධායක ජනාධිපතිගේ සිව් අවුරුදු කාලය ඉතිහාසය අනුව නම් තත්පර ගණනකි.

    යම් නීතියකින් බැරි නම්…….? එහි අර්ථය කුමක්ද? අර්ථය කුමක් වුනත් සිරිසේන වැනි කඩ මාල්ලක් වනවා, ජනතාව මහින්ද ගෙදර ඇරියේ ඒ අවකල් ක්‍රියා නිසාය. නීතියක් ඇති නිසාය. නැවත එතැනට තල්ලු වෙන්නේ මහින්ද නොවේ. ගෝඨාභය රාජපක්‍ෂ ය. ගෝඨා ඊට කැමතිද? වියත් මග ඊට කැමතිද? එළිය ඊට කැමතිද? සිංහල බෞද්ධයන් ඊට කැමතිද? මල්වත්ත අස්ගිරිය  ඊට කැමතිද? කාදිනල් මැල්කම් රන්ජිත් ඊට කැමතිද? මේ කී සියලු පාර්ශ්ව නොවැම්බරයේ පොහොට්ටුවට කතිරය ගසා බලය දුන්නේ ගෝඨාභය රාජපක්‍ෂටය.

    ස්වාධීන කොමිෂන් සභා හරහා කොණ්ඬේ දිග ගැහැනු  ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළ නොහැකි විය. විධායක ජනාධිපත සිරිසේනට අගමැති මාරු කිරිමට තබා පොලිස් කාරයෙකු මාරු කිරිමට ඉඩ නො ලැබිණ. එය නරකද? මේ අවස්ථාවේ ඉල්ලා සිටින තුනෙන් දෙක ගැනද යමක් කිව යුතුවේ. පාර්ලිමේන්තුව ඒකමතිකව බල ගැන්වූ 17 වෙනි සංශෝධනය අහෝසි කොට  18 සංශෝධනය පාස් කර ගත්තේ  කුලියට ගත් එජාප මන්ත්‍රී කට්ටන් ලවාය. 19 වෙනි සංශෝධනයට තුනෙන් දෙක ගෙනාවේ පාර්ලිමේන්තුවේ එකෙක් පමණක් විරුද්ධ වූ අති බහුතරයක් විසිනි. ඒ ටික නැවත සිද්ධ වෙනවාට රටේ ජනතාව කැමති නැත.

    මහින්ද චින්තනය යනු බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම මෙන් ඉතිහාසය ඉරා විසි කළ කොළ කිහිපයකි. යහ පාලනයත් වචන හරඹයක් පමණක් බව රනිල් වික්‍රමසිංහ තහවුරු කළේය. රනිල් වික්‍රමසිංහලා සජිත්ලා පරදවා ගොඨාභය රාජපක්‍ෂ පත් කළේ යහ පාලනය අහවර කිරිමට නොවේ.   දේශපාලනඥයන්ගේ අව කල්ක්‍රිය නතර කිරිමටය. අවකල් ක්‍රියා යනු කුමක්ද? දුලාංජලී ප්‍රේමදාස  අත පැවති හොර සල්ලි කොළ සිද්ධියෙන් ඇය බේරුණේ මහින්දගේ අවකල් ක්‍රියා හෙවත් නීතිය යටපත් කිරිම  නිසාය.

    අද සජිත් ප්‍රේමදාසලා මහින්දට ණය ය. රනිල්ට එරෙහිව පිටකෝට්ටේ පාර බ්ලොක් කිරිමට යුඇන්පි කාරයන් ආ දවසේ පිට කෝට්ටේ පාරට තාර දැමීමට පාර වසා රනිල් බේරුවේ මහින්ද විසිනි. ඒ උදව්වට රාජපක්‍ෂලාගේ සියථ දූෂණ රනිල් වික්‍රමසිංහ විසින් යටපත් කළේය. විරවංශ බේරුවේත් රනිල්මය. අර්ජුන් මහේන්ද්‍රන් රට පටවා නිතියෙන් බේරුවේද රනිල්මය. මේවා අවකල් ක්‍රියා වෙති. ඔවුන් බලය එකිනෙකාගේ වාසියට හුවමාරු කර ගනිමින් සිටිති.

    ගෝඨාභය දිනූ දවසේම 19 වෙනස් කිරිමට එජාපය කැමති බව ලක්‍ෂමන් කිරිඇල්ල කීවේ ඒ නිසාය. එහි තේරුම් සජිත් ආවත් රනිල් ආවත් 19ට එරෙඑිව තුනෙන් දෙක දෙන බවය. ඒ නිසා එන මහ මැතිවරණයේදී එජාපයේ ලක්‍ෂ ගණනක් ජනතා විමුක්ති පෙරමුණට කතිර ගසනවාය. ජවිපෙය ආසන 10ක් ලැබුණත් ඔවුන් ආසන සියක හයියෙන් විරුද්ධ වෙනවාය. ඒ රටට නිතිය යහ පාලනය උවමනා නිසාය.  රනිල් සජිත් සමග ආසන සියක් දිනුවත් ඒ සියලු දෙනාම රාජපක්‍ෂලාට අත ඔසවනවාය. රනිල් ආවත් සජිත් ආවත් දෙන්නාම මැදමුලනට හීලෑ අපතයන් බව රහසක් නොවේ. පෝලිං ගස්වා හිර කාරයන් මැරූ කාලය නැවත අවශ්‍ය නැත

    නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි
  • Hot Plate: මහ ඡන්දේ ගැන මැකො තීන්දුවක් ගත යුතු බව රනිල් කියයි

    Hot Plate: මහ ඡන්දේ ගැන මැකො තීන්දුවක් ගත යුතු බව රනිල් කියයි

    සටහන – ගජබා නාගහවත්ත

    මිනිස්සු කළබල වෙලා. ඒ අස්සේ ඡන්ද තියන්න ගියොත් මිනිස්සු දේශපාලකයන්ට දොස් කියාවි. ඡන්ද කල් යන එකේ වැඩිම අවාසිය ආණ්ඩුවටයි එ.ජා.ප යට අභියෝග කරන අනිත් කණ්ඩායමටයි. ඡන්ද පත්‍රිකා ලක්ෂ 150 ක ජනතාව අල්ලනවා. ඒවා ගණන් කරන නිලධාරින් අල්ලනවා. ග්ලවුස් දාලා මේවා කරන්න බෑ. මැතිවරණ කොමිසමටයි තීන්දුව ගන්න තියෙන්නේ.” නායකයා කීවේය

    මහා මැතිවරණයේ නාම යෝජනා කැදවීමේ අවසන් දිනය අත ලගටම පැමිණ තිබුණ ද මාස තුනක් තිස්සේ පැවැති එ.ජා.ප සීතල අරගලය තවමත් නිම නැත. දෙපාර්ශවයේ කඹ ඇදිලි හා සාකච්ඡා තවමත් පවතී.

    “අපි එකතු වෙලා යන්න තමයි හදන්නේ. සමහරු කඹ අදිනවා”. එ.ජා.ප නායකයා බ්‍රහස්පතින්දා සිය නිවසට පැමිණි අයට කීවේ එවැන්නකි.

    “එකතු වෙන්න තියෙන බාධාව මොකක්ද? මාස ගාණක් කතා කරලා කෙරුවේ මොනවාද?” චම්පිකා ප්‍රේමදාස ඇසුවේ නායකයාගෙනි.

    “එ.ජා.ප ලකුණ අලියායි. දශක ගාණක් මහ මැතිවරණයට ඉදිරිපත් වෙච්ච ලකුණට පයින් ගහලා ලකුණකින් යන්න මන්ත්‍රීවරු වගේම පාක්ෂිකයොත් කැමති නෑ. අලියාගෙන් යමුයි කියන්නේ ඒකයි.” නායකයා පිළිතුරු දුන්නේය.

    “එකට ගියත් බෙදිලා ගියත් දැන් නොමිනේෂන් සුදානම් වෙන්න ඕනා නේද?” දයා ගමගේ ඇසුවේය.

    “ඔව් නාමයෝජනා හදාගෙන යනවා. එහේ ගිය සමහරු යළි හිතන්න පටන් අරන් කියලාත් පේනවා. අන්තිම දිනය දක්වා අපේ නාම යෝජනා විවෘතයි. රට පිළිගත් කණ්ඩායමක් අපි ඉදිරිපත් කරනවා.” එ.ජා.ප නායකයා කීවේය.

    “මන්ත්‍රීවරු වැඩි පිරිසක් සජිත් පිලට හිටියට පහළ කොටස්වලින් බහුතරයක් ඔවුන් එක්ක නෑ. එ.ජා.ප නායකත්ව අරගලය වසර 10 ක් පක්ෂයට අවාසි ගෙනාවා. නායකයා ඡන්දය ඉල්ලලා පැරදුනාම එයාට ඉවත් වෙන්න කියනවා. වෙන කෙනෙක් ඡන්දය ඉල්ලලා පැරදුනාමත් නායකයාට යන්න කියනවා. මේක පුදුම වැඩක්නේ.” වජිර අබේවර්ධන කීවේ එවැන්නකි.

    “මම දක්ෂයන්ට පක්ෂයේ අනාගතය හදලා දීලා යන්න හිතාගෙන ඉන්න කෙනෙක්. දේශපාලනයේ දිගටම ඉන්න හිතන අය පක්ෂයට අවංක වෙලා දක්ෂ ටීම් එකක් හදා ගන්න ඕනේ. පක්ෂය බෙදුනොත් ඊට අනුබල දෙන සියළු දෙනාට එහි වගකීම බාරගන්න වෙනවා.” එ.ජා.ප නායකයා කීවේ එවැන්නකි.

    “කොරෝනා ලංකාවටත් අභියෝග කරනවා. පිටරට ඉදලා එන අපේ කට්ටියගෙන් රුපියල් 7500 ගානේ එකතු කරන බංකොලොත් ආණ්ඩුවක් මේක. සල්ලි එකතු කරන්නේ එයාලට කට්ටලස් පැටිස් කන්න කියලා කෙහෙළිය කියනවා.” චම්පිකා ප්‍රේමදාස කීවේ සිනා මැදය.

    “කොරෝනා පැතිරුනොත් මහ ඡන්දයට මොකද වෙන්නේ. වසංගත මැද ඡන්ද පවත්වන්න පුළුවන්ද?” නවීන් දිසානායක ඇසු ප්‍රශ්නයට කාගේත් අවධානය යොමු විය.

    “මිනිස්සු කළබල වෙලා. ඒ අස්සේ ඡන්ද තියන්න ගියොත් මිනිස්සු දේශපාලකයන්ට දොස් කියාවි. ඡන්ද කල් යන එකේ වැඩිම අවාසිය ආණ්ඩුවටයි එ.ජා.ප යට අභියෝග කරන අනිත් කණ්ඩායමටයි. ඡන්ද පත්‍රිකා ලක්ෂ 150 ක ජනතාව අල්ලනවා. ඒවා ගණන් කරන නිලධාරින් අල්ලනවා. ග්ලවුස් දාලා මේවා කරන්න බෑ. මැතිවරණ කොමිසමටයි තීන්දුව ගන්න තියෙන්නේ.” නායකයා කීවේය.

    “පළාවෙනි වතාවට අපේ කොටස් වෙළෙද පොල වහලා. මේ රටේ ආයෝජනකයෝ රු. කෝටි 800 රටෙන් ගෙනිහිල්ලා. සංචාරක ව්‍යාපාරය අඩපණයි. මේ ආණ්ඩුව එල්ලෙන්න හිටපු චීනයත් අනාථ නිසා විශාල ආර්ථික අහේනියක් අත ලගයි. අපි ඉවත් වෙනකොට ඩොලර් 74 ට තිබුණු තෙල් බැරලය දැන් 30 ට බැහැලා. ඒකේ වාසියවත් ජනතාවට නොදෙන තරමට මේ ආණ්ඩුව බංකොලොත් අඩියක ඉන්නේ.” නවීන් දිසානායක කීවේය.

    “බදාදා නුවර පැවැති විවාහ උත්සවයකට පැමිණි එ.ජා.ප නායකයා කෙලින්ම ගොස් වාඩි වූවේ මෑතකදී සජිත් පිලට එක්වූ ලක්ෂ්මන් කිරිඇල්ලට සමීප අසුනේය.

    “මේ පාර බිග් මැච් යනවාද?” කිරිඇල්ල ඇසුවේය.

    “කොරෝනා නිසා පරිස්සම් වෙන්න වෙනවා. බිග් මැච් ගැන වෙනම හිතන්න ඹ්නේ.” නායකයා කීවේය.

    “සන්ධානයට එ.ජා.ප යත් එකතු වෙලා මේ මල් වට්ටියට අත ගහන්න නැත්නම් රටේ පැරණිම පක්ෂයට හානි වෙන්න බැරි නෑ.” ලක්ෂ්මන් කිරිඇල්ල නායකයාගෙන් ඉල්ලුවේය.

    “අද හවස මලික් හම්බ වෙනවා. එකතු වෙලා යන්න තමයි අපිටත් ඕනේ”. නායකයා පිළිතුරු දුන්නේය.

    තවත් විවාහ උත්සවයකදි මෑතකදී සජිත් පිලට එකතු වූ දකුණු ආසියාවේ විශාලතම බුදු පිළිමය මතුගම දී ඉදිකළ එ.ජා.ප පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන හමුවිය.

    “කළුතර තත්ත්වය කොහොමද? ඔයා ඉතින් හොද ව්‍යවසායකයෙක් නිසා ඡන්දය කරන්න සල්ලිවල ප්‍රශ්නෙකුත් නැහැනේ.” කිරිඇල්ල කීවේ සිනාසෙමිනි.

    “ඔබතුමා සභානායක ලෙස අපේ ආණ්ඩුවට කළ සේවය විශිෂ්ටයි. පක්ෂය හා නායකයා වෙනුවෙන් කැප වුනත් හිටපු ජනාධිපතිගෙන් කැපිලි ආපු වෙලාවේ ඔබතුමා බලාගන්න කෙනෙක් හිටියේ නැතිවිම ගැන මටත් පුදුමයි. නුවර අධිවේගේ හදන්නත් අපේ ආණ්ඩුවෙන් ඔබතුමාට ලැබුණු සහාය මදි බව ජනතා මතයයි” ජගත් විතාන කීවේ එවැන්නකි.

  • Hot Plate: බැසිල්ගෙන් ප්‍රසන්න ගැන හෙළිදරව්වක්

    Hot Plate: බැසිල්ගෙන් ප්‍රසන්න ගැන හෙළිදරව්වක්

    සටහන – ගජබා නාගහවත්ත

    අපෝ මෙයාගෙන් තමයි බේරිල්ලක් තිබ්බෙම නැත්තේ තනිවම ඉල්ලමු කියලා. අපි තීන්දුව ගන්නත් ඉස්සර මෙයා තීන්දුව අරගෙන මිනිස්සුන්ට කියලත් ඉවරයි. අන්තිමට අපිට ගන්න වෙන්නේ මෙයාට ඕනේ තීන්දුව” බැසිල් කීවේ සිනාසෙමිනි.

    මාධ්‍යවේදී ධනුෂ්ක ගොඩකුඹුර විසින් රචනා කරන ලද “ප්‍රසන්න – පොදුජන අරගලයේ නොකී කතාව ග්‍රන්ථය ‍පසුගිය බදාදා එළිදැක්වුණේ බැසිල්ගේ ප්‍රධානත්වයෙනි. 2015-2019 කාල පරිච්ඡේදය තුළ විපක්ෂයේ සිටිමින් මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සඳහා ප්‍රසන්න රණතුංග දැක් වූ දායකත්වය ඇසුරෙන් සකස් කර ඇති මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල මිනුවන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර්හි දි පැවැත්විණි.

    මෙම උළෙල පැවැත්වීමට අදහස් කර තිබුණේ අගමැති මහින්දගේ ප්‍රධානත්වයෙනි. එහෙත් එදින  විශේෂ සාකච්ඡා කිහිපයක් නිසා මහින්දට උත්සවයට සහභාගී වන්නට නොහැකි බව කලින් දැනුම් දී තිබුණේය. අගමැති මහින්ද සහ දිස්ත්‍රික් නායකයන් නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීමේ උත්සවයේ දී ප්‍රසන්නට මහින්ද මුණගැසුණේය. මහින්ද ප්‍රසන්නගේ වැඩේ ගැන එහිදී මතක් කළේය.

    “ප්‍රසන්නගේ වැඩෙත් අද නේද? බලන්නකෝ ප්‍රසන්න නාමයෝජනා ගැන සාකච්ඡා වගයක් නිසා අද හවස් වරුවම කොළඹ ඉන්න‍ වෙලානේ” මහින්ද පැවසීය.

    “මම දන්නවා සර්. පොතේ වැඩේට නාවට කමක් නැහැ සර් කොළඹ ඉඳලා ඔය වැඩ ටික කරගන්නකෝ” ප්‍රසන්න කීවේය.

    “ඒ වුණාට ප්‍රසන්නගේ වැඩකට මම නොගිහින් ඉඳලම නැහැ. මම තාමත් කල්පනා කරනවා මොකද කරන්නේ කියලා” මහින්ද පැවසීය.

    “ආයෙත් ඒ ගැන කල්පනා කරන්න දෙයක් නැහැ සර්. ඔබතුමා වැඩ ටික කරගන්න. බැසිල් මහත්තයා ආවම ඇති මගේ වැඩේට” ප්‍රසන්න යළි කීවේය.

    “බැසිල් නම් කොහොමත් එයි. ප්‍රසන්නගේ වැඩක් කිව්වම අපි කාටත් මගහරින්න බැහැ. ප්‍රසන්නත් අපේ සටනේ පෙරමුණේ රාළ කෙනෙක්නේ” මහින්ද සිනාසෙමින් පැවසසීය.

    බැසිල් කීවේ තමන් යම්කිසි තීන්දුවක් ගැනීමට පෙර ප්‍රසන්නගේ ඉරියව් දෙස විමසිල්ලෙන් බන බවය. ජනතාව සමග සිටින ප්‍රායෝගික නායකයකු වශයෙන් ප්‍රසන්න නිතරම නිවැරැදි තීන්දු ගන්නා බව පැවසූ බැසිල් තමා තීන්දුවක් ගැනීමට පෙර ප්‍රසන්න දෙස බලනුයේ ඒ නිසා බවත් පැවසීය. තනිව තරග කිරීමේ තීන්දුව මෙන්ම පොහොට්ටුවෙන් තරග කිරීමේ තීන්දුත් ප්‍රසන්නගේ ඉරියව් මත තීරණය වූ ඒවා බවත් බැසිල් පැවසීය

    පොදු ජන අරගලයේ නොකී කතාව අතර අපූරු දේශපාලන කතා

    එදින සවස පහට ප්‍රසන්න – පොදු ජන අරගලයේ නොකී කතාව එළිදැක්වීමේ උළෙල ආරම්භ කෙරිණි. බැසිල් සමඟ උදය සහ වාසු ද මෙම උත්සවයට එක්ව සිටියහ. උළෙලේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසිනි. උන්වහන්සේ සිය දේශනයේ දී කීවේ රට පාලනයට උගතුන් අවශ්‍ය යැයි නියමයක් නැති බවය. දේශපාලනයේ දී අවශ්‍ය මූලික සුදුසුකම උගත්කම නොව රටට ඇති ආදරය බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

    බැසිල් කීවේ තමන් යම්කිසි තීන්දුවක් ගැනීමට පෙර ප්‍රසන්නගේ ඉරියව් දෙස විමසිල්ලෙන් බන බවය. ජනතාව සමග සිටින ප්‍රායෝගික නායකයකු වශයෙන් ප්‍රසන්න නිතරම නිවැරැදි තීන්දු ගන්නා බව පැවසූ බැසිල් තමා තීන්දුවක් ගැනීමට පෙර ප්‍රසන්න දෙස බලනුයේ ඒ නිසා බවත් පැවසීය. තනිව තරග කිරීමේ තීන්දුව මෙන්ම පොහොට්ටුවෙන් තරග කිරීමේ තීන්දුත් ප්‍රසන්නගේ ඉරියව් මත තීරණය වූ ඒවා බවත් බැසිල් පැවසීය.

    තමා පළමු වතාවට පළාත් සභාවට තේරී පත් වූ විට සෑම මන්ත්‍රීවරයකුම තමා දෙස බැලුවේ ගෙට ඇතුළු වී ගේ විනාශ කිරීමට ආ රකුසකු දෙස බලන ආකාරයෙන් බව ගම්මන්පිල මෙහිදී කීවේය. ඊට හේතු වී තිබුණේ තමා දැඩිව පළාත් සභා ක්‍රමයට විරෝධය පළ කළ නිසා යැයි කී ගම්මන්පිල ඒ සියල්ල නොසලකා මන්ත්‍රීවරුන් සමඟ මුහු වීමට අවස්ථාව උදා කර දුන්නේ ප්‍රසන්න බවත් කීවේය. එසේම සියලු මන්ත්‍රීවරුන් කී පරිද්දෙන් තමා උඩුගම්පොළ උපාධිය සමත් වූ බවත් ගම්මන්පිල කීවේ සිනාසෙමිනි‍

    රස කතාවලින් හෙබි උත්සව සභාවේ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවේ දී මුල්ම පිටපත ධනුෂ්ක ගොඩකුඹුර විසින් ප්‍රසන්න පිළිගැන්වීමටත් අනතුරුව ප්‍රසන්න අනෙක් පිටපත් මැති ඇමැතිවරුන්ට පිළිගැන්වීමටත් නියමිතව තිබුණේය. එහෙත් පළමු පිටපත ධනුෂ්කගේ අතින් ගත් ප්‍රසන්න අනෙක් ආරාධිතයන්ට පිටපත් පිළිගැන්වීමේ කටයුත්තත් ධනුෂ්කටම පැවරුවේය.

    කෝ තාම මටත් බලන්න බැරි වුණානේ. අද ගිහින් තමයි බලන්න ඕනේ. අපේ කාර්ය මණ්ඩලයේ අය මේ පොත රත්තරන් වගේ පරිස්සම් කළා පොත එළිදක්වනකම්. අඩු ගාණේ මටවත් බලන්න දුන්නේ නැහැ” ප්‍රසන්න

    මටවත් මගේ පොත බලන්න දුන්නෑ – ප්‍රසන්න

    උත්සවය අවසන් වීමෙන් අනතුරුව බැසිල් ඇතුළු පිරිස සමඟ ප්‍රසන්න රාත්‍රි ආහාරය ගැනීමට ගියේ අසළ තිබුණු හෝටලයකටය. එහිදී විපක්ෂයේ සිටි වසර පහේ දී මුහුණපෑ රස කතා රාශියක්ම මැති ඇමැතිවරුන්ගෙන් කියැවිණි. බැසිල් කීවේ තනිව තරග කරමු, පොහොට්ටුව විතරයි කියමින් ප්‍රසන්න දිවා රෑ තම්නට වද දුන් හැටිය.

    “අපෝ මෙයාගෙන් තමයි බේරිල්ලක් තිබ්බෙම නැත්තේ තනිවම ඉල්ලමු කියලා. අපි තීන්දුව ගන්නත් ඉස්සර මෙයා තීන්දුව අරගෙන මිනිස්සුන්ට කියලත් ඉවරයි. අන්තිමට අපිට ගන්න වෙන්නේ මෙයාට ඕනේ තීන්දුව” බැසිල් කීවේ සිනාසෙමිනි.

    “ඒ කතා ටිකත් මේ පොතේ ඇති නේද? ඩුලිප් ඇසුවේය.

    “කෝ තාම මටත් බලන්න බැරි වුණානේ. අද ගිහින් තමයි බලන්න ඕනේ. අපේ කාර්ය මණ්ඩලයේ අය මේ පොත රත්තරන් වගේ පරිස්සම් කළා පොත එළිදක්වනකම්. අඩු ගාණේ මටවත් බලන්න දුන්නේ නැහැ” ප්‍රසන්න කීවේ සිනාසෙමිනි.

  • පක්ෂ දේශපාලනයේ නව ප්‍රවණතා – පළමු කොටස

    පක්ෂ දේශපාලනයේ නව ප්‍රවණතා – පළමු කොටස

    සටහන – සුමිත් චාමින්ද

    දැන් අප යළිත් ළඟාවෙමින් ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ තරඟයේ අවධියක් වෙතය. ඉදිරි සති කිහිපයේ දේශපාලන න්‍යාය පත්‍රය සකසනු ඇත්තේ දේශපාලන පක්ෂවල නේකාකාර ප්‍රචාරක ව්‍යාපෘතීන් විසිනි.

    ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනයට දැන් සැලකිය යුතු අඛණ්ඩ ඉතිහාසයක් තිබේ. අදටත් දේශපාලන පක්ෂ මෙරට දේශපාලනයේ කේන්ද්‍රීය භූමිකාවක් රඟ දක්වන්නට සමත්ය. පශ්චාත් යටත් විජිත ආසියාතික රටක් ලෙස ප්‍රජාතාන්ත්‍රික දේශපාලන පක්ෂ නිර්මාණය වීම, ඒවා පරිණාමයට ලක් වීම සහ වෙනස්වීම සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකාව ඉතාම කැපී පෙනෙන නිදර්ශකයක් ලෙස සැලකිය හැකිය. 

    ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන පක්ෂ සැබවින්ම පක්ෂ ලෙස හැඳින්විය හැකිද යන කාරණයට අදාළව දේශපාලන විද්‍යාඥයින් අතර පවතින්නේ නොකඟතාවක් නොහොත් විවාදයක් බව සැබවි. නමුත්, මේ පක්ෂ සැබෑ පක්ෂ නොවේ නම් සැබෑ පක්ෂ සැබවින්ම පවතින්නේ කොහේද? මේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස එක්කෝ යමෙකුට යුරෝපාකරයේ හෝ වෙනත් කොතැනක හෝ පවතින ඊනියා පරමාදර්ශී පක්ෂ මොඩලයක් උපකල්පනය කරන්නට සිදුවේ; නොඑසේනම්, පක්ෂ පිළිබඳ මනෝමූලික නොහොත් ප්ලේටෝනික පරම ආකෘතියක් උපකල්පනය කරන්නට සිදුවේ.

    එම උපකල්පන දෙකම අතිශයින් ප්‍රශ්නකාරීය. එබැවින් මගේ ප්‍රවේශය වන්නේ පක්ෂ යනු කතිකාමය ගොඩ නැංවීමක් ලෙස සැලකිය යුතුය යන්නයි. සරලව, සමාජ කතිකාව තුළ මෙරට පවතින පක්ෂ ‘පක්ෂ’ ලෙස පිළිගනු ලැබීම ඒවා පක්ෂ ලෙස සැලකීම සඳහා ප්‍රමාණවත්ය.

    ඒ අරුතින් මෙරට සංවිධානාත්මක බහුජන දේශපාලන පක්ෂ පවතිනවා පමණක් නොවේ; මෙරටටම ආවේණික ද්වි-පක්ෂ, ද්වි-සන්ධාන නැතහොත් බහු-පක්ෂ දේශපාලන සම්ප්‍රදායන්ද ගොඩ නැගී විකාශනය වී ඇත. එබැවින් තරුණ දේශපාලන විද්‍යාඥයින් විසින් කළ යුතුව ඇත්තේ මෙරට දේශපාලන පක්ෂ නොපවතීය යන පහසු නිගමනයට පැමිණීම නොව ලාංකීය පක්ෂ දේශපාලනයට අදාළ සුවිශේෂකත්වයන්ද, එහි නව්‍ය ප්‍රවණතාද සංකල්පගත කරන්නට ප්‍රයත්න දැරීමය      

    මේ කෙටි ලිපියේ අරමුණ ලාංකීය පක්ෂ දේශපාලනය තුළ සිදුවෙමින් පවතින සමකාලීන පරිවර්තන කිහිපයක් වටහාගැනීම සඳහා ප්‍රයෝජනවත් විය හැකි සංකල්පීය කටු සටහනක් ඉදිරිපත් කිරීමය.  

    දේශපාලන පක්ෂ පිළිබඳ ග්‍රාම්ස්චියානු ප්‍රවේශය අනුව පක්ෂ පවතින්නේ ඓන්ද්‍රීය පැවැත්මක් ලෙසය. වෙනත් ආකාරයකින් කිව හොත්, ඒවා නොවෙනස්ව පවතින්නේ නැත. ඒවාට ඇත්තේ සමාජයීය පැවැත්මක් බැවින් සමාජ වෙනස්කම් සමග ඒවා පරිණාමයට, විකාශනයට, වෙනස්වීම්වලට ලක් වේ

    පක්ෂ ඓන්ද්‍රීය ශරීර ලෙස 

    දේශපාලන පක්ෂ පිළිබඳ ග්‍රාම්ස්චියානු ප්‍රවේශය අනුව පක්ෂ පවතින්නේ ඓන්ද්‍රීය පැවැත්මක් ලෙසය. වෙනත් ආකාරයකින් කිව හොත්, ඒවා නොවෙනස්ව පවතින්නේ නැත. ඒවාට ඇත්තේ සමාජයීය පැවැත්මක් බැවින් සමාජ වෙනස්කම් සමග ඒවා පරිණාමයට, විකාශනයට, වෙනස්වීම්වලට ලක් වේ. නමුත්, ඇතැම්විට පක්ෂ තුළ පවතින ඝනීභූත ආයතනික ව්‍යුහයන් හේතු කොටගෙන ඒවාට හැමවිටම සමාජයීය වෙනස්කම්වලට සුඛනම්‍ය ලෙස හැඩ ගැසීමට සමත් වන්නේ නැත. වත්මනෙහි එක්සත් ජාතික පක්ෂය මුහුණ දී සිටින තත්ත්වය ඒ සඳහා කදිම නිදසුනකි.

    ග්‍රාම්ස්චි දේශපාලන පක්ෂ ස්වකීය ඓතිහාසික ජීවිතයේදී මුහුණ දෙන පරිවර්තන ගැන ඔහුගේ කාලයේ ඉතාලියට සහ යුරෝපයට අදාළව පරීක්ෂා කොට ඇත. අපට එම විග්‍රහය එලෙසින්ම අදාළ නොවූවත් එයින් යම් ආලෝකයක් ලබා ගත හැකිය. ඔහු දේශපාලන අර්බුදයක් නොහොත් ඓන්ද්‍රීය අර්බුදයක් තුළ පක්ෂවල සිදුවන පරිවර්තන සලකා බලන ආකාරය මෙහිදී ඉතාම වැදගත්ය. 

    ග්‍රාම්ස්චිට අනුව ඓන්ද්‍රීය අර්බුදයක් යනු යම් යම් සමාජ පංතීන් නොහොත් කණ්ඩායම් තමන් එතෙක් සාම්ප්‍රදායිකව පිළිගත් පක්ෂවලින් කැඩී වෙන්වීමේ තත්ත්වයක් තුළ පැන නගින්නකි. ඔවුන් සාම්ප්‍රදායිකව පිළිගත් නායකත්වයන් එලෙසම පිළිගැනීමට තවදුරටත් සූදානම් නැත. මෙවන් අර්බුදයේ මොහොතක් තුළදී පක්ෂ විවිධ ආකාරයෙන් එයට ප්‍රතිචාර දක්වයි. පක්ෂවල නායකත්ව ශ්‍රේණීන් වෙනස් කර ගැනීම, පක්ෂ අභ්‍යන්තරයේ කෙරෙන ව්‍යුහාත්මක වෙනස්කම්, නව වැඩ පිළිවෙලවල් ඉදිරිපත් කිරීම සහ මින් පෙර නොවූ විරූ ආකාරයේ සංධාන ඇති කර ගැනීම යනාදිය මෙහිදී අපේක්ෂා කළ හැකිය. නමුත්, කලින්ද පැවසූ ලෙස පක්ෂ ව්‍යුහයන්හි ඇති ඝනීභූත ස්වරූප හේතු කොටගෙන යම් පක්ෂයක් මෙසේ වෙනස්කම්වලට ලක් වන්නට අසමත් වන්නේ නම් එම පක්ෂය පරිහානියට පත් වනු ඇත. 

    මෙහිදී පැහැදිලි කළ යුතු තවත් කාරණයක් ඇත. එනම්, පක්ෂ අර්බුද ඓතිහාසිකව වටහා ගන්නවා යනු අප සෑම විටම ඓතිහාසික අඛණ්ඩත්වයන් සොයා යනු ලබනවාය යන්න නොවේ. මිචෙල් ෆූකෝ අවධාරණය කළ පරිදි ඓතිහාසික ක්‍රියාදාමයේ ඛණ්ඩනයන්, හිඩැස්, පරතරයන් සහ කැඩී බිඳී යාම් දෙස අවධානය යොමු කිරීම දේශපාලන පරිවර්තනයන් වටහා ගැනීමේදී ඉතාම වැදගත් වේ. 

    පක්ෂ අර්බුද ඓතිහාසිකව විමසා බැලීම 

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ සෑම දේශපාලන පක්ෂයක් තුළම පාහේ වත්මනෙහි පවතින අර්බුද පළමුව අප ඓතිහාසික පර්යාලෝකයක් තුළ ස්ථානගත කොට විමසා බැලිය යුතුය යන්න මගේ යෝජනාවයි. මන්ද යත්, මෙම අර්බුද එක්තරා ඓතිහාසික ගැටළුවක් සමග සම්බන්ධ බැව් නිරීක්ෂණය කළ හැකි බැවිනි.

    එම ගැටළුව නම් මා මින් පෙර කිහිප වරක්ම පැහැදිළි කොට ඇති ලාංකීය ධනේශ්වර හෙජමොනියේ අසාර්ථකත්වය පිළිබඳ ගැටළුවයි. එයින් අදහස් වන්නේ මෙරට පශ්චාත් යටත් විජිත ධනේශ්වරය පොදු සමාජය මත තම නායකත්වය ස්ථාපිත කර ගන්නට ඓතිහාසිකව අසමත් වීමයි. එම අසමත්භාවයට විසඳුමක් ලෙස ආගමික සහ ජනවාර්ගික ජාතිකවාදය වෙත හැරෙන්නට ඔවුනට සිදු විය. නමුත්, එහි ප්‍රතිපලය වූයේ මෙරට පක්ෂ ක්‍රමය ආගමික සහ ජනවාර්ගික පසමිතුරුතා අනුව හැඩ ගැසීමයි. ඒ අනුව, 1930 දශකයේ සිට 1950 දශකයේ මැද භාගය දක්වා මෙරට දේශපාලන ජීවිතයේ ප්‍රමුඛ පසමිතුරුතාව වූ වම දකුණ යන බෙදීම වෙනුවට ආගමික සහ ජනවාර්ගික බෙදීම් ප්‍රමුඛත්වයට පැමිණියේය. මෙය ලාංකීය දේශපාලන ක්‍රමය අස්ථාවරත්වයට පත් කරන ව්‍යුහාත්මක සාධකයකි. 

    වත්මන් ආණ්ඩුව ආර්ථික සංවර්ධනය සඳහා දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය යැයි නිතරම පාහේ පැවසුවද, මෙරට දේශපාලන අස්ථාවරත්වයේ ව්‍යුහාත්මක සාධකයක් වන ජාතික ප්‍රශ්නය නොතකා හරී. ජේ.ආර්. ජයවර්ධන පවා ධනවාදී සංවර්ධනය සඳහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ගොඩ නැගීමට අසමත් විය. ඒ ඔහු ලී කුවාන් යූ ගෙන් ඉගෙන ගැනීමට අසමත් වූ වැදගත් පාඩමක් විය හැකිය. 

    මෙහිදී පැහැදිලි කළ යුතු තවත් කාරණයක් ඇත. එනම්, පක්ෂ අර්බුද ඓතිහාසිකව වටහා ගන්නවා යනු අප සෑම විටම ඓතිහාසික අඛණ්ඩත්වයන් සොයා යනු ලබනවාය යන්න නොවේ. මිචෙල් ෆූකෝ අවධාරණය කළ පරිදි ඓතිහාසික ක්‍රියාදාමයේ ඛණ්ඩනයන්, හිඩැස්, පරතරයන් සහ කැඩී බිඳී යාම් දෙස අවධානය යොමු කිරීම දේශපාලන පරිවර්තනයන් වටහා ගැනීමේදී ඉතාම වැදගත් වේ.        

    මගේ නිරීක්ෂණය වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ යන ධනේශ්වර නායකයින් දෙදෙනා ඉහත ගැටළුව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රවේශය ජයවර්ධනගේ ප්‍රවේශයෙන් වෙනස් බවය. ජයවර්ධන සහ වික්‍රමසිංහ අතර ඛණ්ඩනයක් තිබේ. ඔවුන් පොදුවේ ගෝලීය නව-ලිබරල් සංස්ථාපිතයේ නියෝජිතයන් වූහ.

    ධනවාදය සහ දේශපාලන ස්ථාවරත්වය

    විශේෂයෙන්ම 1977 වසරේ ජයවර්ධන ව්‍යාපෘතිය මගින් සලකුණු වන්නේ එවන් වැදගත් ඓතිහාසික ඛණ්ඩනයකි. එහිදී ඔහු ධනවාදී සංවර්ධනය පිළිබඳ ව්‍යාපෘතියක් ඉදිරිපත් කළද යළිත් වරක් මා ඉහත තේරුම් කළ හෙජමොනික ගැටළුවට මුහුණ දුන්නේය. එනම්, ඔහුගේ ආර්ථික වැඩ පිළිවෙලට ජන සමාජය තුළ කැමැත්ත ගොඩ නැංවීමේ බුද්ධිමය සහ සදාචාරාත්මක නායකත්වයක් නොමැති වීමයි; ඒ සඳහා අවශ්‍ය ඓන්ද්‍රීය බුද්ධිමය ස්ථරයක් නිර්මාණය කර ගැනීමට අසමත් වීමයි.

    ග්‍රාම්ස්චියානු අරුතින් පක්ෂයම සමෝධානික බුද්ධිමතෙකු (integral intellectual) බවට පත් කිරීමටද ඔහු අසමත් විය. එයට විසඳුමක් ලෙස ජනවාර්ගික ජාතිකවාදය සහ යුදවාදය වැළඳ ගැනීමත්, මර්දනීය රාජ්‍ය යාන්ත්‍රණ යොදා ගැනීමත් ඔහුගේ තෝරා ගැනීම් විය. නමුත්, අප දැන් දන්නා පරිදි මෙම තෝරා ගැනීමේ ප්‍රතිපලය වී ඇත්තේ දේශපාලන ක්‍රමය මුළුමනින්ම අස්ථාවරත්වයට පත් වීමයි.

    මගේ නිරීක්ෂණය වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ යන ධනේශ්වර නායකයින් දෙදෙනා ඉහත ගැටළුව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රවේශය ජයවර්ධනගේ ප්‍රවේශයෙන් වෙනස් බවය. ජයවර්ධන සහ වික්‍රමසිංහ අතර ඛණ්ඩනයක් තිබේ. ඔවුන් පොදුවේ ගෝලීය නව-ලිබරල් සංස්ථාපිතයේ නියෝජිතයන් වූහ. නමුත්, ඇතැම්විට, ජයවර්ධනගේ අසමත්භාවය හේතු කොටගෙන ඔහුගේ අනුප්‍රාප්තිකයා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වෙනස් මගක් ගත්තේය.

    ධනවාදී සංවර්ධනයත් ජාතික ගැටළුව දේශපාලනිකව විසඳීමත් අතිනත ගෙන යා යුතුය යන ලිබරල් සාම ප්‍රවේශය වික්‍රමසිංහ සේම කුමාරතුංගද පිළිගත්තේය. ඒ සඳහා තෘෂ්නි යුද්ධයෙන් පසුකාලීන ලෝක පර්යාය තුළ එක්සත් ජනපද, ඉන්දීය සහ යුරෝපා ධනවාදී බලවතුන්ගෙන් සේම ගෝලීය මූල්‍ය ආයතනවලින් එල්ල වූ තෙරපුමද නිසැකවම බලපෑවේය. නමුත්, තම ආර්ථික වැඩ පිළිවෙලට සේම ජාතික ප්‍රශ්නය පිළිබඳ ප්‍රවේශයටද මහජනයා අතර සුජාතභාවයක් ලබා ගැනීමේ දෘෂ්ටිවාදී නායකත්වයක් සැපයීමට චන්ද්‍රිකා කුමාරතුංග සේම රනිල් වික්‍රමසිංහද මුළුමනින්ම අසමත්ව තිබේ. රාජපක්ෂ ව්‍යාපෘතිය දක්ෂිණාංශික ජනතාවාදී ව්‍යාපෘතියක් ලෙස පෙරට පැමිණෙන්නේ මෙම සංධර්භය තුළය. (එය ගෝලීය වශයෙන් ගත් කල, නව-ලිබරල් හෙජමොනිය අර්බුදයට ලක් වෙමින් පැවතුනු සහ චීනය ඇතුළු නැගෙනහිර ආසියාතික ධනවාදයේ නැගීම සිදුවෙමින් පැවති කාල වකවානුවක් බවද සැලකිය යුතුය). 

    අප සමකාලීන ලාංකීය පක්ෂ අර්බුද වටහා ගැනීමේදී සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, පක්ෂ සැදී ඇත්තේ විවිධ නායකත්ව ශ්‍රේණීන්ගේ හවුලක් ලෙසින් බවයි. එහෙයින්, පක්ෂ තුළමත් එකිනෙකට පරස්පර අභිලාෂ සහ බල ව්‍යාපෘතීන් පවතී. පක්ෂ සමජාතීය නැත.

    ව්‍යුහාත්මක විග්‍රහයක් 

    අප සමකාලීන ලාංකීය පක්ෂ අර්බුද වටහා ගැනීමේදී සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, පක්ෂ සැදී ඇත්තේ විවිධ නායකත්ව ශ්‍රේණීන්ගේ හවුලක් ලෙසින් බවයි. එහෙයින්, පක්ෂ තුළමත් එකිනෙකට පරස්පර අභිලාෂ සහ බල ව්‍යාපෘතීන් පවතී. පක්ෂ සමජාතීය නැත. වත්මන් පාලක පක්ෂය නිදසුනක් ලෙස ගනිමු. ඒ තුළ නායකත්ව ශ්‍රේණීන් කිහිපයක් ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරන බව පෙනෙන්නේ සිංහල නව ධනේශ්වර ව්‍යාපාරික, කළමනාකරණ සහ වෘත්තීයවේදී කණ්ඩායම්වල අභිලාෂයන්ය. එම පංති ස්ථරය ආර්ථිකමය වශයෙන් බලවත් වුවද, තමන්ට ප්‍රමාණවත් දේශපාලන නියෝජනයක් ලැබී නොමැත්තේ යැයි කල්පනා කරන බව පෙනේ. ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කෙරෙන ධනවාදී සංවර්ධනය පිළිබඳ දැක්මට පොදු ජන සමාජයෙහි සුජාතභාවයක් ලබා දෙන ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ කාර්ය භාරය භාර ගත් පිරිසක්ද ඇත. (මෙය ජේ.ආර් ජයවර්ධනට නොතිබුණු වරප්‍රසාදයකි). 

    නමුත්, ඔහුගේ ව්‍යාපෘතියට දැන් අභ්‍යන්තර බාධාවක් මුණ ගැසී තිබේ. ඒ, මහින්ද රාජපක්ෂගේ ජනතාවාදී නායකත්වයෙන්ද, බැසිල් රාජපක්ෂගේ අනුග්‍රාහකවාදී දේශපාලන ජාලයෙන්ද සැදුම් ලත් පොහොට්ටු පක්ෂයයි. එම පක්ෂය සමන්විතව ඇත්තේම දේශපාලන අනුග්‍රහය පදනම් කොටගත් ආර්ථික කටයුතු මගින් ධනය උපයන දේශපාලන-ව්‍යාපාරික පැලැන්තියකිනි.

    ජනාධිපති විසින් ඉදිරිපත් කෙරෙන යහපාලන ප්‍රතිසංස්කරණ සඳහා පොහොට්ටු පක්ෂයේ දේශපාලක-ව්‍යාපාරික කණ්ඩායම් වෙතින් එල්ල වන්නේ බාධාවකි. එහෙයින්, ඔවුන් අතර ඇති ගැටුම අතිසරලව සහෝදරයන් අතර ගැටුමක් ලෙස අර්ථකථනය කිරීම සාවද්‍යය. ඒ වෙනුවට එය සිංහල නව ධනේශ්වරයේ ස්ථර දෙකක් අතර මෝදු වෙමින් පවත්නා අභිලාෂයන් අතර ගැටුමක් ලෙස වටහාගත යුතුය යන්න මගේ යෝජනාවයි.

    හුදෙක් මුහුණු මාරුවකින් එජාප අර්බුදය විසඳිය හැකි යැයි සජිත් ප්‍රේමදාස වටා ගොණුවෙමින් සිටින කණ්ඩායම කල්පනා කරන්නේ නම් එය බරපතල මුලාවකි. ගෝඨාභය රාජපක්ෂ ව්‍යාපෘතිය කොපි කිරීම හෝ තරඟකාරී ආගමික ජාතිකවාදයක් වෙත හැරීම යනු ස්වකීය දේශපාලන බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමක් පමණි

    නව-ලිබරල් සංස්ථාපිතයේ බිඳ වැටීම 

    අවසන් වශයෙන්, වත්මන් එජාප අර්බුදය වටහා ගැනීමේදී විශේෂයෙන්ම සමකාලීන ගෝලීය දේශපාලනයේ ප්‍රවණතා සැලකිල්ලට ගැනීම වැදගත්ය. මන්ද යත්, එජාපයේ වික්‍රමසිංහ නායකත්වය පැහැදිලිවම ගෝලීය නව-ලිබරල් සංස්ථාපිතය සමග සම්බන්ධ නිසාත් ඔහුගේ ආර්ථික දැක්ම ඒ අනුව හැඩ ගැසී පැවතීම නිසාත්ය.

    මා කලින් පැහැදිලි කළ සුවිශේෂී ලාංකීය ඓතිහාසික සාධක හේතු කොටගෙන වික්‍රමසිංහට ඔහුගේ ආර්ථික දැක්මට සමාජයීය සුජාතභාවයක් ගොඩ නගා ගත නොහැකි වී තිබේ. ඊට අමතරව, කොහොමටත් 2008 වසරෙන් පසුව ලොව පුරාම උදාවෙමින් ඇත්තේ නව-ලිබරල් සංස්ථාපිතයේ පරාජයේ කාල වකවානුවකි. එය වටහා ගන්නට දුර ඈත යුරෝපය හෝ එක්සත් ජනපදය දෙස බැලිය යුතු නැත. අපගේ අසල්වැසි ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ ප්‍රභූ නායකත්වයට සිදු වූ දෙය දෙස බැලීම පවා ප්‍රමාණවත්ය. කෙසේ වුවත්, එජාපයේ අර්බුදය හුදෙක් කිසියම් නායකයෙකුගේ අර්බුදයක් ලෙස අර්ථකථනය කිරීම අතිශයින්ම සරලමතිකය. සැබෑ අර්බුදයේ මූල හේතූන් පවතින්නේ දේශපාලන ආර්ථිකය තුළය. 

    එහෙයින් හුදෙක් මුහුණු මාරුවකින් එජාප අර්බුදය විසඳිය හැකි යැයි සජිත් ප්‍රේමදාස වටා ගොණුවෙමින් සිටින කණ්ඩායම කල්පනා කරන්නේ නම් එය බරපතල මුලාවකි. ගෝඨාභය රාජපක්ෂ ව්‍යාපෘතිය කොපි කිරීම හෝ තරඟකාරී ආගමික ජාතිකවාදයක් වෙත හැරීම යනු ස්වකීය දේශපාලන බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමක් පමණි. රාජපක්ෂ ව්‍යාපෘතිය විසින් නියෝජනය කෙරෙන දක්ෂිණාංශික ජාතිකවාදය පැමිණෙන්නේ නව-ලිබරල් හෙජමොනියේ අර්බුදයට දක්වන ධනවාදී ප්‍රතිචාරයක් ලෙසය. එනම්, ආර්ථික ආරක්ෂණවාදය සමග මුසු වූ අධිකාරීවාදී ධනවාදය වෙත හැරීමයි. ඊනියා ආසියාතික වටිනාකම් සහිත ධනවාදය යනු එයයි. අද ලොව පුරා මෙවන් දක්ෂිණාංශික ජනතාවාදී ව්‍යාපාරවලට විකල්ප ලෙස ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ වාමාංශික ජනතාවාදී සහ ප්‍රජාතාන්ත්‍රික ව්‍යාපාරයන්ය. 

    පැහැදිලිවම රාජපක්ෂ ව්‍යාපෘතිය විසින් අනතුරට ලක් කෙරෙන්නට ඉඩ ඇත්තේ සුළුතර ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික ප්‍රජාවන්ය; ආර්ථිකමය සහ සමාජයීය නිර්ධනයන්ය. එසේම, නිදහස, බහු-විධත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන දේශපාලන ඇගයුම්ය. අනාගත ඓන්ද්‍රීය දේශපාලන නායකත්වය බවට පත් විය හැක්කේ මෙසේ රාජපක්ෂ ව්‍යාපෘතිය විසින් බැහැර කෙරෙන සමාජ කණ්ඩායම්, අනන්‍යතා, අභිලාෂයන් සහ වටිනාකම් යනාදිය විකල්ප ව්‍යාපෘතියක් වටා සංවිධානය කර ගන්නට සමත් වන බලවේගයකට පමණි.     

                   සුමිත් චාමින්ද                  

  • යුරෝපය කොරෝනා වසංගතයේ නව කේන්ද්‍රය බවට පත්වෙයි

    යුරෝපය කොරෝනා වසංගතයේ නව කේන්ද්‍රය බවට පත්වෙයි

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ චීනය නොව යුරෝපය දැන් ලෝකයේ කොරෝනා වයිරස් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවයි. අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ජිනීවාහි වාර්තාකරුවන්ට පැවසුවේ “චීනයේ වසංගතයේ උච්චතම අවස්ථාවේ වාර්තා වූවාට වඩා සෑම දිනකම වැඩි සංඛ්‍යාවක් දිනපතා වාර්තා වන” බවයි.

    යුරෝපය දැන් ගෝලීය කොරෝනා වසංගතයේ “කේන්ද්‍රස්ථානය” බවට පත්ව ඇති බවත්, එය චීනයේ වසංගත ව්‍යාප්තිය උච්චතම අවස්ථාවේ දී සිදු වූවාට වඩා දෛනික සිද්ධීන් වාර්තා කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

    චාල්ස් කුමරු ජෝර්දානයේ සයිප්‍රසයේ බොස්නියාවට යන ගමන අවලංගු කරයි.
    බ්‍රිතාන්‍ය රජය විසින් උපදෙස් ලබා දීමෙන් පසු චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිඳ කැමිලා බොස්නියාව, සයිප්‍රසය සහ ජෝර්දානය යන සංචාරය අවලංගු කර ඇති බව රාජකීය යුවළගේ ප්‍රකාශකයෙක් සිකුරාදා පැවසීය.
    දෙවන එලිසබෙත් රැජිනගේ වැඩිමහල් පුත් සහ උරුමක්කාරයා ලබන බදාදා සිට සංචාරය කිරීමට නියමිතව තිබූ නමුත් ඔහුගේ කාර්යාලය පැවසුවේ “කොරෝනා වෛරස් වසංගතය සමඟ දිග හැරෙන තත්වය හේතුවෙන්” සංචාරය අත්හිටුවා ඇති බවයි.

    සිකුරාදා (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පෙන්වා දුන්නේ චීනය හැරුණු විට ලෝකයේ සෙසු රටවලට වඩා යුරෝපා මහාද්වීපයෙන් COVID-19 ආසාදන හා මරණ වාර්තා වී ඇති බවයි.

    වසංගතයේ ගෝලීය මරණ සංඛ්‍යාව 5,000 කට ආසන්න වී ඇති අතර ගෝලීය රෝගීන් සංඛ්‍යාව 132,000 ඉක්මවා ඇති බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පවසයි. වෛරසයට ගොදුරු වූ 68,000 ක් පමණ සුවය ලබා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කළේ  ඉතාලිය නිරෝධායනය දැඩි කිරීමත් එක්සත් ජනපදය යුරෝපයට ගුවන් ගමන් තහනම් කිරීමත් නිසා ය.

    මේ අතර, වෛරසය අප්‍රිකානු මහාද්වීපයේ අවම වශයෙන් රටවල් 18 ක් දක්වා පැතිරී ඇති අතර කෙන්යාව, ඉතියෝපියාව, සුඩානය සහ ගිනියාව යන රටවල් සිය පළමු රෝගීන් සිකුරාදා තහවුරු කර තිබේ.

    පැරීසියේ ලුවර් කෞතුකාගාරය වසා ඇත
    ප්‍රංශ අගනුවර වන පැරීසියේ ලුවර් කෞතුකාගාරය පැවසුවේ කොරෝනා වයිරසය නිසා එය “වැඩිදුර දැනුම් දෙන තුරු” වසා දමන බවයි. පසුගිය වසරේ මිලියන 9.6 ක් නරඹන්නන් සිටි කෞතුකාගාරය වසා දැමීම සිකුරාදා GMT 17:00 සිට ක්‍රියාත්මක වේ. වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා 100 කට අධික පිරිසකගේ සියලු රැස්වීම් ප්‍රංශ රජය විසින් තහනම් කිරීමෙන් පසුව මෙය සිදුවිය.

    ඉතාලිය නව මරණ 250 ක් සමඟ එක්දින වාර්තාවක් තැබීය

    නිල දත්ත වලට අනුව ඉතාලියේ නව කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 1266ක් බව වාර්තා වී තිබේ. ඒ අනුව පසුගිය පැය 24 තුළ මරණ 250 ක් වාර්තා වූ අතර සමස්ත ආසාදන 17,660 කි. බ්‍රහස්පතින්දා සවස සිට මේ දක්වා 2,547 ක වැඩිවීමක් දක්නට ලැබේ.

    ස්පාඤ්ඤය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම 

    කොරෝනා වෛරසයට වඩා හොඳින් සටන් කිරීම සඳහා ස්පාඤ්ඤය ඉදිරි දින 15 තුළ හදිසි තත්වයකට පත්වනු ඇතැයි අගමැති පේද්‍රෝ සැන්චෙස් පැවසීය. ආසාදන 4,200 කට වඩා වැඩි වීමෙන් 120 ක් මියගොස් තිබේ.

    “දින 15 ක් පුරා රට පුරා සෝදිසියෙන් සිටින රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා හෙට කැබිනට් රැස්වීමක් පැවැත්වෙනු ඇත,” සැන්චෙස් පැවසීය.

    “අවාසනාවට, ඉදිරි සතිය තුළ ආසාදන 10,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඇතිවිය හැකි බව අපට බැහැර කළ නොහැකිය.”

    හදිසි අවස්ථා වලදී තාවකාලිකව වාසය කරන කර්මාන්තශාලා හෝ පෞද්ගලික නිවාස හැර වෙනත් ඕනෑම පරිශ්‍රයක් ඇතුළුව පුළුල් පරාසයක ක්‍රියාමාර්ග ගැනීමට රජයට බලය ලබා දෙනු ඇත.

     ඉරානයේ ආරක්ෂක හමුදා නගර වීදි හිස් කිරීමට යයි 

    නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඉදිරි පැය 24 තුළ ඉරානයේ ආරක්ෂක හමුදා සිය නගරවල වීදි හිස් කරන බව රාජ්‍ය පුවත් ඒආර්එන්ඒ සිකුරාදා වාර්තා කළේය. චීනයෙන් පිටත වසංගතයෙන් වැඩිපුරම පීඩාවට පත්ව ඇත්තේ ඉරානය වන අතර, මරණ සංඛ්‍යාව 514 ක් වන අතර, ආසාදිතයින් 11,364 ක් හඳුනාගෙන ඇත.

    ගිනි නිවන භටයෙක් ඉරානයේ ටෙහෙරානයේ ටබියාට් පාලමේ පදික මාර්‍ගයේ විෂබීජ නාශක ඉසිමින්

     ප්‍රංශය 100 කට වැඩි පිරිසකගේ රැස්වීම් තහනම් කිරීම

    කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා ප්‍රංශ භූමියේ ප්‍රසිද්ධ ස්ථානයක 100 කට අධික පිරිසකගේ රැස්වීම් තහනම් කිරීමට ප්‍රංශ රජය පියවර ගෙන ඇති බව අගමැති එඩ්වඩ් පිලිප් ටීඑෆ් 1 රූපවාහිනියට පැවසීය. “අපි 100 දෙනෙකු එක්රැස් කිරීම සඳහා මෙම සීමාව ඉක්මවා යන්නෙමු,” ඔහු TF1 වෙත පැවසීය.

    උතුරු කොරියාව හමුදාව ‘දින 30 ක් වසා දමා තිබුණි’

    උතුරු කොරියාව සිය හමුදා බලකාය දින 30 ක් පමණ වසා දමා තිබූ අතර එක් අවස්ථාවකදී ඔවුන් දින 24 ක් ගුවන් යානයක් පියාසර නොකළ අතර කොරොන වයිරස් පිළිබඳ කිසිදු සිද්ධියක් තහවුරු වී නොමැති බව දකුණු කොරියාවේ එක්සත් ජනපද හමුදා ප්‍රධානියා පැවසීය.

    “ඔවුන්ගේ ත්‍රිවිධ හමුදාව මූලික වශයෙන් දින 30 ක් පමණ අගුලු දමා ඇති අතර මෑතකදී ඔවුන් නැවත පුහුණුවීම් ආරම්භ කර තිබේ” යැයි ජෙනරාල් රොබට් ඒබ්‍රම්ස් පෙන්ටගනයේ වාර්තාකරුවන්ට පැවසීය. රට තුළ වෛරසය ව්‍යාප්ත වී ඇති බවට තමා තරයේ විශ්වාස කරන බව පැවසීය. උතුරු කොරියාව කිසිදු කොරෝනා වෛරස් රෝගයක් තහවුරු කර නොමැති අතර දේශසීමා පරීක්ෂාවන් වේගවත් කර නිරෝධායන පියවර ගෙන තිබේ.

    කෙන්යානු හෙදියන් නයිරෝබි හි එම්බගති රෝහලේ ආරක්ෂිත ආම්පන්න සමග

    වාර්තාව සහ ඡායාරූප අල් ජසීරා ඇසුරිණි

  • කොරෝනා භීතිය ලොව වටා හිස් ප්‍රේක්ෂකාගාර බිහි කළ හැටි

    කොරෝනා භීතිය ලොව වටා හිස් ප්‍රේක්ෂකාගාර බිහි කළ හැටි

    කොරෝනා වයිරස් වසංගතය ගෝලීය ක්‍රීඩා දින දර්ශනය ඉරා දමා ඇති අතර පිරිමි ටෙනිස් තරගාවලි සති හයක් කල් දමා ඇත. ඉහළම යුරෝපීය පාපන්දු ලීග අත්හිටුවා ඇති අතර එක්සත් ජනපදයේ ජාතික හොකී ලීගය (  National Hockey League (NHL)  ) අත්හිටුවා ඇති අතර Major League Baseball’s (MLB) ආරම්භක දිනය කල් දමා ඇති අතර  විවෘත ඕස්ට්රේලියානු ග්රෝන් ප්‍රී තරග අවලංගු කර ඇත.

    පාපන්දු ක්‍රීඩාවේදී, දේශීය ලීග, චැම්පියන්ස් ලීග් සහ 2020 යුරෝපීය ශූරතාවලිය යන සියල්ලම අඩපණ විය. ප්‍රංශය, ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය සියලු තරඟ අත්හිටවූ නවතම රටවල් බවට පත්විය.

    ස්පාඤ්ඤ දැවැන්තයින් වන රියල් මැඩ්රිඩ් බ්‍රහස්පතින්දා සමාජයේ පැසිපන්දු කණ්ඩායමේ සාමාජිකයෙකු කොරෝනා ධනාත්මක පරීක්‍ෂණයක් පැවැත්වීමෙන් පසුව ඔවුන්ගේ සංචිතය නිරෝධායනය කර ඇති අතර ලබන සතියේ මැන්චෙස්ටර් සිටි හිදී ඔවුන්ගේ චැම්පියන්ස් ලීග් අවසන් 16 තරගය කල් දමා තිබේ.

    Italy’s Serie A මේ වන විටත් අවම වශයෙන් අපේ‍්‍රල් 3 වනදා දක්වා කල් දමා ඇති අතර සෙරී ඒ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන සාම්පෝරියා හි මනෝලෝ ගබ්බියාඩිනි සහ ජුවෙ හි ඩැනියෙල් රුගානි කොරෝනා ධනාත්මක පරීක්‍ෂණයක් සිදු කර තිබේ.

    ජාත්‍යන්තර ක්‍රීඩකයින් දුසිම් ගණනක් සහභාගී වෙමින් පවතින ඉහළ පෙළේ පාකිස්තාන සුපර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය හිස් ක්‍රීඩාංගණ ඉදිරිපිටදී ක්‍රීඩා කරන බව නිවේදනය කර තිබේ.  [අසිෆ් හසන් / ඒඑෆ්පී]
    ජාත්‍යන්තර ක්‍රීඩකයින් දුසිම් ගණනක් සහභාගී වෙමින් සිටින පාකිස්තාන සුපර් ලීග් විස්සයි 20 Pakistan Super League T20 ක්‍රිකට් තරඟාවලිය හිස් ක්‍රීඩාංගණ ඉදිරිපිටදී ක්‍රීඩා කරන බව නිවේදනය කර තිබේ. 
    මෙල්බර්න් හි පැවති ඕස්ට්‍රේලියානු ෆෝමියුලා වන් ග්‍රෑන්ඩ් ප්‍රීක් අවලංගු කිරීමෙන් පසු කම්කරුවන් වළවල්වල ගොඩගැසී සිටිති.  පැතිරී ඇති කිරීටක වෛරසය මධ්‍යයේ එය අත්හිටුවීමට සංවිධායකයින් බලපෑම් කිරීමෙන් පසු පළමු නිල පුහුණුව ආරම්භ කිරීමට පැය දෙකකට පෙර මෙම කන්නයේ පළමු එෆ් 1 ග්‍රෑන්ඩ් ප්‍රීක් අවලංගු කරන ලදි.  [මයිකල් හරහා මයිකල් ඩොජ් / ඒඒපී රූපය]
    මෙල්බර්න් හි පැවති ඕස්ට්‍රේලියානු ෆෝමියුලා වන් ග්‍රෑන්ඩ් ප්‍රීක් Australian Formula One Grand Prix in Melbourne අවලංගු කිරීමෙන් පසු … කොරෝනා වෛරසය මධ්‍යයේ එය අත්හිටුවීමට සංවිධායකයින් බලපෑම් කිරීමෙන් පසු පළමු නිල පුහුණුව ආරම්භ කිරීමට පැය දෙකකට පෙර මෙම ඍතුවේ පළමු එෆ් 1 ග්‍රෑන්ඩ් ප්‍රීක් අවලංගු කරන ලදි. 
    ඔලිම්පියාකොස්ගේ යූසෙෆ් එල්-අරාබි සමරන්නේ කරීස්කාකිස් ක්‍රීඩාංගනයේදී වොල්වර්හැම්ප්ටන් වොන්ඩරර්ස්ට එරෙහිව යුරෝපා ලීග් තරඟයේදී හිස් ක්‍රීඩාංගනයක ක්‍රීඩා කළ යුරෝපා ලීග් තරඟයේදී සිය ආරම්භක ගෝලය වාර්තා කිරීමෙන් පසුවය.  [තනාසිස් ස්ටාව්රාකිස් / ඒපී ඡායාරූපය]
    ඔලිම්පියාකොස්ගේ යූසෙෆ් එල්-අරාබි සමරන්නේ කරීස්කාකිස් ක්‍රීඩාංගනයේදී වොල්වර්හැම්ප්ටන් වොන්ඩරර්ස්ට එරෙහිව යුරෝපා ලීග් තරඟයේදී හිස් ක්‍රීඩාංගනයක ක්‍රීඩා කළ යුරෝපා ලීග් තරඟයේදී සිය ආරම්භක ගෝලය වාර්තා කිරීමෙන් පසුවය. 
    පේරෝ හි අලියාන්සා ලීමා සහ ආර්ජන්ටිනාවේ රේසිං ක්ලබ් විසින් කොපෝ ලිබර්ටඩෝර්ස් පාපන්දු තරඟයක් බුවනෝස් අයර්ස් හි හිස් ජනාධිපති පෙරොන් ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරයි.  [ගුස්ටාවෝ ගැරෙලෝ / ඒපී ඡායාරූපය]
    පේරෝ හි අලියාන්සා ලීමා සහ ආර්ජන්ටිනාවේ රේසිං ෙක්‍රීඩා සමාජ විසින් කොපෝ ලිබර්ටඩෝර්ස් පාපන්දු තරඟයක් බුවනෝස් අයර්ස් හි ජනාධිපති පෙරොන් ක්‍රීඩාංගණයේ හිස් ප්‍රේක්ෂකාතාගාර මැද පැවැත්වෙන අයුරු.
    ඇල්බකර්කි සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ එන්.සී.ඒ.ඒ ගෘහස්ථ ශූරතාවලියට පෙර ධාවන පථයේ අත් සනීපාරක්ෂකය දක්නට ලැබෙන අතර ඒවා කිරීටක වෛරසය නිසා අවලංගු කරන ලදි.  [කිර්බි ලී / යූඑස්ඒ ටුඩේ ස්පෝර්ට්ස් රොයිටර් හරහා]
    ඇල්බකර්කි සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ Albuquerque Convention Center, එන්.සී.ඒ.ඒ ගෘහස්ථ ශූරතාවලියට පෙර ධාවන පථයේ අත් සනීපාරක්ෂකය
    හැමන්ඩ් ක්‍රීඩාංගනය කෙන් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ ෆෝට් මයර්ස් හි හිස් ක්‍රීඩාංගනයක් දෙස බලා සිටී.  මේජර් ලීග් බේස්බෝල් කිරීටක වෛරසය පැතිරීම හේතුවෙන් එහි ඉතිරි වසන්ත පුහුණු ක්‍රීඩා කාලසටහන අත්හිටුවා ඇත.  එම්එල්බී සිය නිත්‍ය වාරය ආරම්භ කිරීම අවම වශයෙන් සති දෙකකින් ප්‍රමාද කරයි.  [එලිස් අමෙන්ඩෝලා / ඒපී ඡායාරූපය]
    කෙන් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ ෆෝට් මයර්ස් හි හිස් ක්‍රීඩාංගනයක් දෙස බලා සිටී. මේජර් ලීග් බේස්බෝල් තරගාවලිය කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් එහි වසන්ත පුහුණු ක්‍රීඩා කාලසටහන අත්හිටුවා ඇත. එම්එල්බී සිය නිත්‍ය වාරය ආරම්භ කිරීම අවම වශයෙන් සති දෙකකින් ප්‍රමාද කරයි.
    ජපාන රජයේ ඉහළ නිලධාරීන් කියා සිටියේ වසංගතය හේතුවෙන් ටෝකියෝව වසරක් ප්‍රමාද කිරීම ගැන සලකා බැලිය යුතු බවයි.  [ජා සී හොං / ඒපී ඡායාරූපය]
    කොරෝනා වසංගතය හේතුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරක් ප්‍රමාද වීම ගැන ටෝකියෝව සලකා බැලිය යුතු බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසුව ජපාන රජයේ ඉහළ නිලධාරීන් කියා සිටියේ නියමිත වේලාවට ‘ආරක්ෂිත හා සුරක්ෂිත’ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට තමන් අධිෂ්ඨා න කරගෙන සිටින බවයි. 
    කොරෝනා වයිරසයේ අවිනිශ්චිතතාවය හේතුවෙන් සිය සමය අත්හිටුවා ඇති බව එන්එච්එල් නිවේදනය කළේය.  [පැට්‍රික් ස්මිත් / ගෙටි ඉමේජස් / ඒඑෆ්පී]
    කොරෝනා වයිරසයේ අවිනිශ්චිතතාවය හේතුවෙන් සිය තරගාවලි අත්හිටුවා ඇති බව NHL නිවේදනය කළේය.
    චෙසපීක් බලශක්ති ක්‍රීඩාංගණයේ ඔලිම්පික් උළෙලට පෙර ඔක්ලහෝමා සිටි තන්ඩර් සහ t ටා ජෑස් අතර එන්බීඒ සවිකිරීම අවලංගු කළ බවට නිවේදනය කිරීමෙන් පසුව රසිකයන් පිටව යයි.  [රොන්ටර්ස් හරහා ඇලොන්සෝ ඇඩම්ස් / යූඑස්ඒ ටුඩේ ක්‍රීඩා]
    Chesapeake Energy Arena ක්‍රීඩාංගණයේ ඔලිම්පික් උළෙලට පෙර Oklahoma City Thunder සහ Utah Jazz අතර තරග අවලංගු කළ බවට නිවේදනය කිරීමෙන් පසුව රසිකයන් පිටව යන අයුරු

    Text and pictures by al jazeera – BY – Thushadhavi

  • ඩොනල්ට්‍ඩ් ට්‍රම්ප්ට සහ බ්‍රසීල ජනපතිට කොරෝනා ?

    ඩොනල්ට්‍ඩ් ට්‍රම්ප්ට සහ බ්‍රසීල ජනපතිට කොරෝනා ?

    තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පැතිර යන කටකතා සාවද්‍ය බව බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ Jair Bolsonaro  (13) අද සිය ෆේස්බුක් පිටුවේ පළ වූ සටහන් කළා. ඔහු සදහන් කළේ තමා පරීක්ෂාවට ලක් වූ බවත් එහි ප්‍රතිඵල ඍණාත්මක බවයි.

    ජනපතිවරයා මේ බව සදහන් කළේ තම රටේ ජනපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට පුවත්පත් කිහිපයක් විසින් වාර්තා කිරීමෙන් පසුවය.

    බොල්සොනාරෝගේ පුත් එඩ්වාඩෝ ද ෆොක්ස් නිව්ස් Fox News  වෙත පැවසුවේ “පරීක්ෂණය ඍණාත්මක” බවයි.

    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස් Mike Pence යන දෙදෙනා මුණගැසුණු ෆ්ලොරිඩාවේ සංචාරයකින් පසු බ්‍රහස්පතින්දා ඔහුගේ සන්නිවේදන ලේකම් ෆේබියෝ වජ්ගාර්ටන්ට Fabio Wajngarten කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමෙන් පසුව බොල්සොනාරෝ පරීක්ෂාවට ලක් කර තිබේ. ට්‍රම්ප් සහ පෙන්ස් පරීක්ෂාවට ලක් කරන්නේද යන්න පිළිබඳව වජ්ගාර්ටන්ගේ රෝග විනිශ්චය පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා විය.

    COVID-19 සඳහා ට්‍රම්ප් හෝ පෙන්ස් පරීක්ෂාවට ලක් නොකළ බව ධවල මන්දිරය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ඔවුන් රෝග ලක්ෂණ නොපෙන්වන නිසාත් බ්‍රසීලියානු සහායකයා සමඟ සීමිත සම්බන්ධතා පැවැත්වූ නිසා බවයි.

    ට්‍රම්ප් කියා සිටියේ බ්‍රසීලියානු සහායකයා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බවට වාර්තා වීමත් සමඟ තමා ඒ ගැන තැකීමක් නොකරන බවයි. බොල්සොනාරෝ බ්‍රහස්පතින්දා සමාජ මාධ්‍යවල සංසරණය වූ ඡායාරූපවල මුහුණු ආවරණයක් පැළඳ සිටියේය.

    ට්‍රම්ප් මෙන් බ්‍රසීල ජනාධිපතිවරයාට වෛරසයේ තර්ජනය අවතක්සේරු කළ බවට චෝදනා එල්ල වී තිබේ. මේ මස මුලදී බොල්සනාරෝ පැවසුවේ මූල්‍ය වෙලඳපොලවල ඇති වූ නොසන්සුන්තාව “මනංකල්පිතයේ” ප්‍රතිඵ ලයක් බවත් එය අර්බුදයක් නියෝජනය නොකරන බවත්ය. 

    කොරෝනා වයිරසය මේ වන විට ගෝලීය වශයෙන් පුද්ගලයින් 132,000 ක් ආසාදනය වී ඇති අතර ලොව පුරා 4,900 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 

    රෝගීන් 68,000 ක් පමණ සුවය ලබා ඇති බව වෛරසය පිළිබඳ සොයා බලන ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.

    අල් ජසීරා මාධ්‍ය වාර්තාවක් ඇසුරිණි

  • එංගලන්තය ආපසු ගෙදර යයි

    එංගලන්තය ආපසු ගෙදර යයි

    කොවිඩ් – 19 හෙවත් කොරෝනා වසංගතය ගෝලීය වශයෙන් නරක අතට හැරීමත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ලබන 19 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැති කල් දැමීමට දෙරටේ ක්‍රිකට් ආයතන බලධාරීහු අද (13 දා) තීරණය කර තිබේ. ඒ අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හෙට (14 දා) නැවතත් එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.

    අදාළ තීරණය ගනු ලබන අවස්ථාව වන විට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගාවලියට පෙර වූ සිව්දින පුහුණු තරගයට කොළඹ පී. සරා ඕවල් පිටියේදී සහභාගිවෙමින් සිටියේය. කෙසේ වෙතත් තරගයේ දෙවැනි දිනයවූ අද දිනයේදී තේ පානයෙන් මින්ත්තු 40 ක පමණ කාලයකින් පසු තරග තීරක මංගල ජයසේන මහතා ඇතුළු තරග බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු තරගය තරගය නවතා සිය ක්‍රීඩකයින්ව ක්‍රීඩා ගාරය වෙත ගෙන්වා ගැනීමට එංගලන්ත කළමනාකාරීත්වය පියවර ගනු ලැබීය.

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් අවධානම එතරම් නොමැති වුවද එංගලන්තය තුළ මේ වන විට එය ශීග්‍රයෙන් පැතිර යන්නක් බවට පත්ව තිබේ. ඒ අනුව සිය ක්‍රීඩකයින් මෙන්ම පුහුණු කාර්යය මණ්ඩලය මේ ව්‍යවසනකාරී තත්ත්වය තුළ තම පවුල්වල උදවිය සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය බව එංගලන්ත ක්‍රිකට් ආයතනයට දන්වන ලදු තරගාවලිය කල් දමා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන්ගෙන් විමසා තිබේ.

    කෙසේ වෙතත් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර සිටින එංගලන්ත ක්‍රිකට් ආයතනය, මෙම ගැටළුකාරී තත්ත්වය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලබා දෙන ලද සහයෝගයට ස්තූතිය පළ කර සිටීමද විශේෂත්වයකි. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙපිළටම විවේකී කාල වකවානුවකදී පැවැත්වීමට පොරොන්දු ප්‍රකාරව නැවැත්වීමට එංගලන්ත මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන එකඟත්වයකට පැමිණ සිටිති.

  • ලංකාවට පැමිණෙන චීන ජාතිකයින් නිරෝධානය නොකරන හේතු මෙන්න

    ලංකාවට පැමිණෙන චීන ජාතිකයින් නිරෝධානය නොකරන හේතු මෙන්න

    ඇතැමුන් චෝදනා කළත් මෙරටට පැමිණෙන චීන ජාතිකයින් ශ්‍රී ලංකා රජය මැදිහත් වී නිරෝධායනය නොකරන්නේ චීන රජයේ මැදිහත්වීමෙන් ඔවුන් මෙරටදී දින 14 ක් නිරෝධායනය කෙරෙන නිසා යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

    අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජාසිංහ මහතා කියා සිටියේ මේ වන විට චීනයෙන් මෙරටට පැමිණෙන්නේ රැකියා කරන පිරිස්ම පමණක් බවත් ඔවුන්ව එලෙස චීන රජයේ මැදිහත්වීමෙන් මෙරටදී දින 14ක් නිරෝධායනය කෙරෙන අතර මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මගින්ද ඔවුන් සම්බන්ධයෙන් පසුවිපරම් කෙරෙන බවයි.

    චීනයේ සිට පැමිණෙන්නන් නිරෝධායනය නොකරන්නේ ඇයිද යන්න ගැන සමාජයේ කතිකාවතක් මතුවී ඇතැයි කී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ වන විට චීනයේ කොරෝනා පැතිර යන ප්‍රාන්තයන්හි සිට කිසිම පුද්ගලයෙක් විදේශයන්ට නොයන බව ද සඳහන් කළේය.

    මේ වන විට චීනය රෝගය පාලනය කරගනිමින් තිබෙන අතර එහි රෝගය පවතින හුබෙයි ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශයන්හි ජනතාවට තවමත් ඉන් පිටවීම තහනම් කර තිබෙන බවද අනිල් ජාසිංහ මහතා කීවේය.

    විදෙස් රටවල සිට පැමිණි 4,794 දෙනෙක් සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අංශ පසුවිපරම් කරන බව කී අනිල් ජාසිංහ මහතා ඉන් 3,035 දෙනෙක් ශ්‍රී ලාංකිකයින් වන අතර 1,153 දෙනෙක් චීන ජාතිකයින් බව ද වැඩි දුරටත් සදහන් කළේය.

  • මුඛ ආවරණ පැළැදීමට වඩා වැදගත් සෞඛ්‍ය පුරුදු මෙන්න – සෞ.ප්‍ර.කා

    මුඛ ආවරණ පැළැදීමට වඩා වැදගත් සෞඛ්‍ය පුරුදු මෙන්න – සෞ.ප්‍ර.කා

    කොවිඞ් 19 රෝගයෙන් ආරක්‍ෂාවීම සඳහා ජනතාව අනුගමනය කළ යුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් දැනුවත් කිරීමක් කර තිබෙනවා. කොරෝනා යනු වයිරස ආසාදනයක් වන අතර එය රෝගියකුගේ කෙළ බිඳිති මගින් තවත් අයෙකුට බෝවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියන්නේ. එයින් ආරක්‍ෂාවීම සඳහා පහත පියවර අනුගමනය කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙනවා.

    * කහින විට හෝ කිවිසුම් යන විට අන් අයගෙන් ඉවතට හැරීම.

    * නාසය හෝ මුඛය ටිෂූ කඩදාසියකින් හෝ නැවූ වැළමිටේ ඇතුළු පැත්තෙන් ආවරණය   කරගැනීම.

    * භාවිත කළ ටිෂූ කඩදාසි වැසිය හැකි කසළ බඳුනකට දැමීම.

    * තැන තැන කෙළ නොගැසීම.

    * සබන් යොදා නිතර දෑත් සේදීම.

    * ජනතාව එක් රැස්වන ස්ථානයන්ට නොයා සිටීම.

    * එවන් ස්ථානවලදී කිට්ටු වී කතාබස් කිරීමෙන් වැළකීම හා කතාබහ කරන අවස්ථාවල මීටර 1ත් 2ත් අතර දුරකින් සිටීම.

    * නිකරුණේ බිත්ති, අත්වැටවල් ආදී මතුපිටවල් ඇල්ලීමෙන් වැළකීම.

    * සංචාරවලින් වැළකී සිටීම.

    * ඇස්, කට, නාසය හා මුඛය ඇල්ලීමෙන් වැළකීම.

    * සිප වැළඳගැනීමෙන් හා අතට අත දී ආචාර කිරීමෙන් වැළකීම.

    * උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුතා පවතින්නේ නම් හැකිතාක් ජනතාව ගැවසෙන ස්ථානවලින් ඉවත් වී සිටීම.

    * එවන් අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබාගැනීම හා දින 14ක් ඇතුළත කළ විදෙස් සංචාර වේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම.

  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලු විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම් දීමක්

    අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලු විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම් දීමක්

    විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කිරිම, තැපැල් ඡන්ද සහ මැතිවරණ රාජකාරි සදහා අයදුම් කිරීම වෙනුවෙන් පාසල් තුළ අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනිමට විදුහල්පතිවරුන් වහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කරයි.

    2019/2020 අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020-03-26 දිනට යෙදී තිබේ. මේ නිසා ඊට පෙර පාසල් අයදුම්කරුවන් තම අයදුම්පත් පාසලේ විදුහල්පතිවරයා ලවා සහතික කරවාගත යුතුව පවතියි.

    එහෙත් පළමු පාසල් වාර නිවාඩුව මේ වනවිට ආරම්භ වී තිබීම හේතුවෙන් මෙම කාර්යය සිදුකරගැනීමේ දී සිසුන්ට වන අපහසුතා වැළැක්වීම පිණිස අදාළ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනයට පෙර එම අයදුම්පත් සහතික කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු විදුහල්පතිවරුන් වෙත දන්වා සිටියි.

    එමෙන්ම, ඉදිරියේ දී එළඹෙන මැතිවරණ රාජකාරී කටයුතු සදහා සහභාගී වන සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන් වෙත ඊට අදාළ අයදුම්පත් සම්පූර්ණ කිරීමටත්, තැපැල් ඡන්ද අයදුම් කිරීම සදහා පාසල තුළ අවශ්‍ය පසුබිම සලසා දීමටත් අවශ්‍ය විධිවිධාන යොදන ලෙස  අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා සිටියි.   

  • කොරෝනා ආසාදිතයින් ගණන 05ට නගී

    කොරෝනා ආසාදිතයින් ගණන 05ට නගී

    කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවනවා.

    මෙසේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් වන්නේෙ ජර්මනියේ සංචාරය කර පැමිණි 44 හැවිරිදි පුද්ගලයෙකු ( ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබයි) සහ ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිි පුද්ගලයින් දෙදෙනෙක් බවයි ජාසිංහ මහතා කියා සිටියේ.

    මෙම ආසාදිතයින්ගෙන් ඉතාලියේ සිට පැමිණි 37 හැවිරිදි පුද්ගලයා මේ වන පොලොන්නරුව මහ රෝහලේ ද අනෙක් පුද්ගලයා කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ජාසිංහ මහතා කියා සිටියේ.

    නව ආසාදිතයින් තිදෙනා ද සමග ශ්‍රී ලංකාව තුළ හදුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන පහක් දක්වා ඉහළ යනවා.

  • IPL අප්‍රේල් 25 දක්වා කල් දමයි

    IPL අප්‍රේල් 25 දක්වා කල් දමයි

    ඉන්දියාව තුළ කොරෝනා ආසාදනය උග‍්‍ර තත්ත්වයට පත්වීමත් සමග මාර්තු 29 ආරම්භ වීමට නියමිතව තිබූ   Indian  Premiere League (IPL) තරඟාවලිය අප්‍රේල් 15 දින දක්වා කල් දැමීමට තීරණය කළ බව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

  • යුරෝපා රටවල් 08කට ගුවන් සේවා තහනමක්

    යුරෝපා රටවල් 08කට ගුවන් සේවා තහනමක්

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙම මස 15 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට යුරෝපා රටවල් 08කට ගුවන් සේවා තහනමක් පැනවීමට ශ‍්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළා. ධර්මදාස මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම තීරණයට එළඹී බවයි.

    ඒ අනුව ප්‍රංශය, ස්පාඤ්ඤය,ජර්මනිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාවේ සිට ශ්‍රී ලංකාවට සිදුකරන ගුවන් ගමන් තහනම් කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ.

    ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කර සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම තීරණයට එළඹී බවයිග

    ධර්මදාස මහතා කියා සිටියේ මේ වනවිටත් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල් සඳහා මෙම තහනම පනවා ඇති අතර එම තහනම හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි.

    ඒ අනුව ලබන 15 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසුව එම රටවල්වල සිට කිසිදු පුද්ගලයෙකුට මෙරටට ඇතුළු වීමට ඉඩ ලබානොදෙන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

  • කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මර්දනයට ජනපති – අගමැති නියමයෙන් තීරණ රැසක්

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මර්දනයට ජනපති – අගමැති නියමයෙන් තීරණ රැසක්

    යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට නවතී / යුරෝපයෙන් එන ශ්‍රී ලාංකිකයන්ටත් දින 14 ක නිරෝධායනයක් / මහජන ප්‍රවාහන සේවා වීෂ බීජ හරණයට පියවර / වෛරසය පාලනයට චීනය ගත් ක්‍රියා මාර්ග පිළිබඳ අධ්‍යයනයක් / කෙරෝනා මර්දන කාර්ය සාධක බලකායට ස්ථිර නිවහනක් / මහජන ඒකරාශිවීම් අවම කිරීමට උපදෙස් / සේවා සහ අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිතයට අවධානය …

    කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ. රජය ජනවාරියේ සිට  අනුගමනය කළ  ක්‍රියාමාර්ග රෝගය රට තුළට පැමිණීම වළක්වා ගැනීමට ඉවහල් විය. වෛරසය පැතිරගිය රටවල් සලකන විට රෝග මර්දනය සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටී. එම ප්‍රගතිය තවදුරටත් වර්ධනය කරමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට සියලු පියවර උපරිමයෙන් ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්හ.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අද (13) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ උපදෙස් දෙනු ලැබීය.

    වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය පැහැදිළි කළ ජනාධිපතිතුමා යුරෝපා රටවල් රැසක වෛරසය සීග්‍රයෙන් පැතිරයමින් පවතින බව කීය. ප්‍රංශය, ඉතාලිය ඇතුළු යුරෝපීය රාජ්‍යයන් කිහිපයක බෙහෙවින් බරපතල තත්ත්වයක් පවතී.  ඒ පිළිබඳව කොරෝනා මර්දන බලකායේ අවධානය යොමු කළ ජනාධිපතිතුමා යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම දෙසතියකට අත්හිටුවන්නැයි නියම කළේය.

    යුරෝපා රටවල සිට එන ශ්‍රී ලාංකිකයන් ද දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට තීරණය කෙරිණ.

    අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් දෙදෙනා ඇසුරු කළ  පිරිස් හඳුනා ගැනීමට කළ පරීක්ෂණවල ප්‍රගතිය සහ ඔවුන් නිරෝධායනයට ගෙන ඇති පියවර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. ඔවුන් ආ ගිය තැන් හා ඇසුරු කළ අය ගැන ද අඛණ්ඩව විමර්ශන කොට ඔවුන් නිරෝධායනයට යොමු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට ජනයා විශාල වශයෙන් රැස්වන අවස්ථා සහ උත්සව හැකි උපරිමයෙන් සීමා කිරීමට තීරණය විය.

    කාර්ය සාධක බලකාය ස්ථිර කාර්යාලයක ස්ථාපනය කොට  තොරතුරු රැස් කරමින් තීරණ ගන්නැයි ජනාධිපතිතුමා නියම කළේය.  රෝග නීර්ණය සඳහා කෙරෙන පරීක්ෂණ වේගවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය ඇතිව පර්යේෂණ උපකරණ සපයා ගැනීමට ද පියවර ගත් බව ජනාධිපතිතුමා පැවසීය.

    ශ්‍රී ලංකාව රෝගය පැතිරයාම වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට සහාය වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වූ බව ද එතුමා කීය.

  • රටට ප්‍රමාණවත් තරම් ඉන්ධන තිබෙන බව රජය කියයි

    රටට ප්‍රමාණවත් තරම් ඉන්ධන තිබෙන බව රජය කියයි

    රටතුළ  ඉන්ධන හිගයක්  පවතින බවට  පැතිර යන කටකතාවල කිසිඳු සත්‍යතාවක් නැති බවත්  ප්‍රමාණවත් පරිදි ඉන්ධන ඇති බවත්  රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුව අද දින (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි.


    ඉන්ධන හිගයක් ඇති වේයැයි අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන බවත් සාමාන්‍ය පරිදි  ලංකාව පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු  ලංකා ඛනිජතෙල්  සංස්ථාව මගින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි.