Tag: featured

  • එංගලන්තය ශ්‍රී ලංකා තරගාවලිය ජය ගනී

    එංගලන්තය ශ්‍රී ලංකා තරගාවලිය ජය ගනී

    සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 190ක ජයක් එංගලන්ත පිල හිමිකර ගත්තේය. තරග 3කන් සමන්විත ටෙස්ට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2- 0 ක් ලෙස තරගාවලිය ජය ගැනිමට එංගලන්තය සමත් විය.

    ජයග්‍රහණය වෙනුවෙන් එල්ල වූ ලකුණු 483ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල තරගයේ සිවුවැනි දිනය නිමාවීමට පෙර සියලු දෙනා ලකුණු 292කට දැවී ගියහ. ඊයේ අයහපත් ආලෝක තත්ත්වය හමුවේ තෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් දැවී ලකුණු 53ක් ලබා සිටි අතර, ‘නයිට් වොච්මන්‘ ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය අද දිනයේ ලකුණු 4ක් ලබා දැවී ගියේය.

    ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න තම 38 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර සිටියදී ස්ටෝන්ගේ පන්දුවකට ලකුණු 55කට දැවීගිය අතර, අනතුරුව එක්වූ චන්දිමාල් හා මැතිව්ස් දෙදෙනා 5වැනි කඩුල්ලට පන්දු 73කදී ලකුණු 59ක සම්බන්ධාවක් ගොඩනඟා තිබියදී මැතිව්ස් ලකුණු 36කට දැවී ගියේය. පන්දු 62කදී හතරේ පහර 11ක් සමඟ ලකුණු 58ක් ලබා තම 28 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ චන්දිමාල්ගේ කඩුල්ල දවා ගැනීම පන්දු යැවූ ඇට්කින්සන්ගේ අපමන ප්‍රීතියට හේතු විය.

    ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට තවත් ලකුණු 8ක් එකතු වෙද්දී මෙම සංචාරයේ ලකුණු අතර සිටි කමිඳු මෙන්ඩිස් දැවී යෑම ශ්‍රී ලංකා පිලට බලවත් පාඩුවක් විය. කමිඳු, ඇට්කින්සන්ගේ වේග පන්දුවට එල්ල කළ පහර දෙවැනි ස්ලිප්හී සිටි ඩකට්ගේ අතටම උඩ පන්දුවක් ලෙස පැමිණි අතර, එවිට ඔහු ලකුණු 4කට සීමාවී ගියේය.

    අනතුරුව 8 වැනි කඩුල්ලට නායක ධනංජය සමඟ මිලාන් රත්නායක එක්වූ අතර, පන්දු 95කදී ලකුණු 73ක් එක් කර ගැනීමට සමත්ව තිබියදී  ධනංජය ලකුණු 50ක් ලබා සිටියදී දැවී ගියේය. පන්දු 71කදී හතරේ 7ක් සමඟ නායකයා රැස්කළ ඉනිම තම ටෙස්ට් දිවියේ 16 වැනි ටෙස්ට් අර්ධ ශතකය විය.

    පළමු ඉනිමේ එංගලන්තයට වඩා ලකුණු 231ක් ශ්‍රී ලංකා පිල පිටුපසින් සිටි අතර, අද (31) තෙවැනි දිනය නිමාවෙද්දී දෙවැනි ඉනිමට එංගලන්ත පිල තවත් ලකුණු 251ක් ලබා ගත්තේය. පළමු ඉනිමට ලකුණු රැස්කල ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 196කට දැවී ගිය අතර, එංගලන්ත පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස්කර ගත්තේය.

    ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙස ප්‍රචලිත ලොඩ්ස් ක්‍රීඩාංගණයේ ඉනිම දෙකේදීම ශතක රැස්කරගත් සිවුවැනි පිතිකරු ලෙස ඉතිහාසයට එක්වූ ජෝ රුට් පළමු ඉනිමේදී ලකුණු 143ක් හා දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 103ක් රැස්කරමින් ක්‍රිකට් වාර්තා පොතට එක් විය. මෙයට පෙර ලෝඩ්ස් පිටියේදී මෙවැනි දස්කමක් දක්වා ඇත්තේ 1939දී කොදෙව් ක්‍රීඩක ජෝජ් හේඩ්ලි ලකුණු 106ක් හා 107ක්, 1990දී එංගලන්තයේ ග්‍රෙහෑම් ගූජ් ලකුණු 333ක් හා 123ක්, 2004දී එංගලන්තයේ මයිකල් වෝන් ලකුණු  103ක් හා 101ක් ලබා ගෙනය.

    ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ටෙස්ට් ලකුණු 12400ක් ලබා ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලැබූ ලොව 6 වැනි පිතිකරු බවට පත්ව සිටින අතර, එම ස්ථානය ගැනීමට ජෝ රූට් තවත් ලකුණු 23ක් ලබාගත යුතු වේ. රූට් 50 වැනි ජාත්‍යන්තර ශතකය ලෝඩ්ස් පිටියේ වාර්තා කළ අතර, එය එක්දින තරගවලදී 16ක් හා ටෙස්ට් තරගවලදී ශතක 34ක් ලෙස වාර්තා පොතේ ලියැවුණි.

    ශ්‍රී ලංකා අංක 7 පිතිකරු කමිඳු මෙන්ඩිස් පළමු ඉනිසේදී පන්දු 120කදී හයේ 3ක් හා හතරේ 8ක් සමඟ ලකුණු 74ක් ලබාගත් අතර, එංගලන්තය වෙනුවෙන් වේගයෙන් ලකුණු අතරට පිවිසි ඇට්කින්සන් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අතර. එය හයේ 4ක් හා හතරේ 14ක් සමඟ පන්දු 115කදී  ලකුණු 118ක් විය.

    කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළ අතර, තරගය පුරා කඩුලු 7ක් බිදහෙලූ ගස් ඇට් කින්සන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

    මූලාශ්‍රය – sri lanka cricket.lk

  • ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් ගැන අධිකරණය දුන් තීන්දුව

    ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් ගැන අධිකරණය දුන් තීන්දුව

    ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා මේ මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අද (02) නියෝග කළේය.

    ඒ ඔවුන් අද (02) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

    සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 29 වැනිදා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන ගත්තේය. ඒ ක්ලබ් වසන්ත ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව මතය.

  • තැපැල් ඡන්දයට වලංගු  හැඳුනුම්පත් මෙන්න

    තැපැල් ඡන්දයට වලංගු හැඳුනුම්පත් මෙන්න

    2024 – ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 29 වැනිදා නිකුත් කරන ලද එම නිල නිවේදනය පහත දැක්වේ.

  • උද්ධමනයට ගැන ‘සුභ පණිවුඩයක්‘ – නිල වාර්තාව මෙන්න !

    උද්ධමනයට ගැන ‘සුභ පණිවුඩයක්‘ – නිල වාර්තාව මෙන්න !

    කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 ජූලි මාසයේ පැවති සියයට 2.4හි සිට 2024 අගෝස්තු මාසයේ දී  සියයට 0.5ක් දක්වා තියුණු ලෙස පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 30 වැනිදා නිකුත් කළ නිවේදනයක සදහන් වේ. 

    එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේ ය,

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය,  2024 ජූලි මාසයේ පැවති සියයට 2.4හි සිට 2024 අගෝස්තු මාසයේ දී  සියයට 0.5ක් දක්වා තියුණු ලෙස පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

  • රාජ්‍ය වත්කම් ඇතුළත් ආයෝජන සමාගමක් ඉදිරියේදී ස්ථාපිත කරනවා

    රාජ්‍ය වත්කම් ඇතුළත් ආයෝජන සමාගමක් ඉදිරියේදී ස්ථාපිත කරනවා

    • රට යළි ගොඩනඟන විට ගත් අසීරු තීරණ ජනතාව ඉවසා නොගත්තා නම් අද මේ රටත් බංග්ලාදේශයක්.
    • අඩු ආදායම් ලාභීන්ට සහන පොලියට නිවාස ණයක්.
    • කඳුකර ජනතාවට වතු ගම්මාන සමඟ ඉඩම් අයිතිය – සණස ව්‍යාපාරයේ වැඩිහිටි විශ්‍රාම රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් ජනපති පවසයි.

    ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේදී ඇති කරන බවත් ඒ සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    එමඟින් වත්කම් උපයන නව ආයෝජන සඳහා යොමුවීමට මෙන්ම විධිමත් විශ්‍රාම සැලසුම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිමට හැකි වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ , සණස ව්‍යාපාරය මගින් ආරම්භ කරන වැඩිහිටි විශ්‍රාම රක්ෂණ ක්‍රමය හදුන්වා දීම වෙනුවෙන් කොළඹ දී අද (02) පෙරවරුවේ පැවැති උත්සවයට එක්වෙමිනි .

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් වැඩිහිටි රක්ෂණ හයක් සංකේතාත්මකව ලබාදීම ද මෙහිදී සිදුවිය.

    ආර්ථිකය කඩා වැටී රට අස්ථාවරව තිබූ මොහොතක තමන් රට භාරගෙන අසීරු තීන්දු තීරණ ගෙන යළි ගොඩනැගූ බව සඳහන් කළ ජනාධිපතිවරයා එදා ජනතාව ඉවසීමෙන් කටයුතු නොකළා නම් අද බංග්ලාදේශයට අත්ව ඇති ඉරණම ශ්‍රී ලංකාවට ද අත්වන බව පෙන්වා දුන්නේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    1977 වසරේ පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ රටේ ආර්ථිකය විවෘත කළා. ඒ අනුව අලුත් ආයතන, අලුත් ව්‍යාපාර ඇති කිරීමට එක් එක් කණ්ඩායම් ඉදිරිපත් වුණා. පී.ඒ.කිරිවන්දෙණිය මහතා සණස ව්‍යාපාරය ආරම්භ කිරීමට එදා කටයුතු කළා. ඒ අනුව මේ වැඩපිළිවෙළ ව්‍යවස්ථානුගත කිරීමට එදා පියවර ගනු ලැබුවා. නිෂ්පාදනය සහ බෙදා හැරීම මේ රටේ සියළු ජනතාව අතරේ බෙදී යා යුතු බවට වන යෝජනාව 1962 වසරේ ඩඩ්ලි සේනානායක සහ ජේ. ආර්. ජයවර්ධන යන මහත්වරුන් ගෙන එනු ලැබුවා. එය අයිතිය බෙදා හැරීමේ යෝජනාව ලෙසද ව්‍යවස්ථාවට ඇතුළත් කළා. ඒ අනුව මෙවැනි සණස ව්‍යාපාර වැනි සංවිධාන දිරිගැන්වීම සිදු කෙරුණා. එමඟින් ශ්‍රී ලාංකේය ආර්ථිකයටත් විශාල දායකත්වයක් ලැබී තිබෙනවා. 21වන ශත වර්ෂයේ දී 20 වන ශත වර්ෂයට වඩා වෙනසක් ඇතිවුණා. කුඩා ව්‍යාපාර බිහි වී ආර්ථිකය පුළුල් වුණා. ත්‍රීරෝද රථ කර්මාන්තය හා සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත කුඩා ව්‍යාපාරය වේගයෙන් ඉදිරියට පැමිණියා. නමුත් 2022 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටුණා . මා රට භාර ගත්තේ එලෙස ආර්ථිකය කඩාවැටී රට අස්ථාවර වූ අවස්ථාවකයි. එදා ජනතාවට ඉවසීමක් තිබුණේ නැතිනම් අද මේ රටේ විශාල අරාජිකත්වයක් නිර්මාණය වෙනවා.

    මිනිස්සු පාරේ ඉඳගෙන රට පාලනය කරන්න ගියා නම් අද බංගලාදේශයට අත්ව තිබෙන ඉරණම ලංකාවටත් අත්වෙනවා. රටේ ආර්ථිකය ගොඩනැඟීමේදී අසීරු ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට සිදුවනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා අවශ්‍ය පියවර ගත්තා. වාහනයක්, නිවසක්, නවීන විදුලි උපකරණයක් මිලදී ගැනීම ජනතාවට සිහිනයක් බවට පත්ව තිබුණා. අප එවැනි අසීරු අවස්ථාවක් පසුකර පැමිණ තිබෙනවා. ආර්ථිකය දැන් යම් ස්ථාවර තත්ත්වයකට පැමිණ තිබෙන නිසා ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාවද වැඩිවී තිබෙනවා. ඒ සමග කුඩා ව්‍යාපාර ආයෝජකයන් ලෙස ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරනවා.

    “අයිතිය“ ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළද ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරිමට සින්නක්කර ඔප්පු ලබාදීමට තීරණය කළා. ඒ අනුව ලක්ෂ විස්සකට සින්නක්කර ඔප්පු ලබා දීම මෙමඟින් සිදු කරනවා. කොළඹ නාගරික මහල් නිවාස ජනතාවට සින්නක්කරව ලබාදීමේ වැඩපිළිවෙළක්ද අප ආරම්භ කළා. කඳුකරයේ ජනතාව වෙනුවෙන් වතුගම්මාන ඇති කරමින් පවුලකට පර්චස් හතක බිම් කොටසක් ලබාදීමටද සැලසුම් කර තිබෙනවා. මේ ක්‍රමවේදය අනුව ජනතාවට “අයිතිය“ පවරාදීම කඩිනමින් සිදුකරමින් පවතිනවා.

    ඒ වගේම අඩු ආදායම්ලාභීන්ට සහන පොලිය මත නිවාස ණය ලබාදීමට අවධානය යොමු කරමින් තිබෙනවා. මෙතෙක් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලේ මුදල් යෙදවූයේ බැඳුම්කර මිලදී ගැනීම සඳහායි. දැන් අප ගෙන යන වැඩපිළිවෙළ අනුව රාජ්‍ය වියදම් අඩු කර තිබෙනවා. රාජ්‍ය ආදායම් වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. ආදායම වැඩූ විට බැඳුම්කර මිලදී ගැනීමට අර්ථසාධක අරමුදලේ මුදල් අවශ්‍ය වන්නේ නැහැ. එම මුදල් ආයෝජනය සඳහා යෙදවීමට සාකච්ඡා කරමින් තිබෙනවා. මේ පිළිබඳව වෘත්තීය සමිති සහ හාම්පුතුන් සමඟද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

    රජයේ වත්කම් වලින් ආයෝජන සමාගමක්, (National Wealth Fund) ඇති කිරීමටද ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. නෝර්වේ, කටාර්, සිංගප්පුරු වැනි රටවල්ද රාජ්‍ය ආදායමෙන් එන ලාභය සුභසාධනය සඳහා යෙදවීමට මෙවැනි සමාගමක් නිර්මාණය කර තිබෙනවා. එමඟින් ජනතාවගේ “අයිතිය“ සුරක්ෂිත කළ හැකියි.
    මේ සණස ව්‍යාපාරය මඟින් ද සිදු කරන්නේ එවැනි සමාජ ආයෝජන වැඩපිළිවෙලක් බව කිව යුතුයි. විවිධ සේවා සමූපකාර සමිතිවෙතින් ද සිදු කරන්නේ මෙවැනි සමාජ ආයෝජන ක්‍රමවේදයක් බව කිව යුතුයි. මේ සඳහා නව නීති ගෙන ඒමට අවශ්‍ය අතර ඩෙන්මාර්කය හා ස්විඩනය යන රටවල තිබෙන නීති දෙස අවධානය යොමු කර එම නීති සකස් කළ යුතුයි. එමඟින් ආයෝජන හෝ විශ්‍රාම සැලසුම් වෙත ද යොමු විය හැකියි.

    නව ඩිජිටල් ආර්ථිකයට පැමිණෙන තරුණ ව්‍යවසායකයින්ට වෙනම සණස ව්‍යාපාරයක් ඇති කළ යුතුයි. කෘෂිකාර්මික අංශය හා ධීවර අංශය නවීකරණය කිරීම මඟින් ඵලදායී ලෙස ආර්ථිකය දියුණු කළ හැකියි. ඒ සියල්ලටම පෙර ගමන් සහකරු වන්නේ සණස ව්‍යාපාරය බව මා කියන්න කැමතියි. සණස ව්‍යාපාරය කියන්නේ වැස්සට තිබෙන කුඩය වගෙයි. හිසට තිබෙන වහල වගෙයි. මෙම ව්‍යාපාරය සඳහා ඉදිරියටත් සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වෙනවා

  • Elon Musk’s Xට බ්‍රසීලයේ දී සිදු වුණේ කුමක්ද ? – සම්පූර්ණ හෙළිදරව්ව

    Elon Musk’s Xට බ්‍රසීලයේ දී සිදු වුණේ කුමක්ද ? – සම්පූර්ණ හෙළිදරව්ව

    බ්‍රසීලයේ විදුලි සංදේශ නියාමකයා (Brazil’s telecommunications regulator) එලොන් මස්ක්ගේ X සමාජ ජාලයට ප්‍රවේශ වීම අත්හිටුවන බව ඊයේ (30) නිවේදනය කළේය. මෙය සිදු වූයේ බ්‍රසීලයේ මාස ගණනාවක් පුරා පැවති ආරවුලකින් සිරවී සිටින විනිසුරුවරයෙකුගේ නියෝගයකට අනුව ය.

    ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන X පසුගිය බ්‍රහස්පතින්දා සවස බ්‍රසීලයේ නීත්‍යානුකූල නියෝජිතයෙකු නම් කිරීම සඳහා උසාවිය විසින් පනවා තිබූ කාල සීමාව මග හැරි අතර, එය මෙම අත්හිටුවීමට හේතු විය.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් / Alexandre de Moraes අසාධාරණ වාරණයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව මස්ක් තර්ක කර ඇති අතර විනිසුරුවරයා සමාජ මාධ්‍යවලට වෛරී ප්‍රකාශන රෙගුලාසි අවශ්‍ය බව අවධාරණය කර ඇත.

    “ඔවුන් බ්‍රසීලයේ සත්‍යයේ අංක 1 මූලාශ්‍රය වසා දමයි,” මස්ක් සිකුරාදා X හි සටහනක පැවසීය.

    වේදිකාව සඳහා ප්‍රචාරණ ආදායම සමඟ මස්ක් අරගල කර ඇති අවස්ථාවක, විනිසුරුවරයාගේ තීන්දුව X හට එහි විශාලතම සහ වඩාත්ම ප්‍රිය කරන වෙළඳපොළක් අහිමි වීමට හේතු විය හැකිය.

    සමහර බ්‍රසීලියානුවන් X වෙත ප්‍රවේශය දැනටමත් අවහිර කර ඇති බව වෙනත් වේදිකාවල පළ කළ ද X සිකුරාදා අගභාගයේදී බ්‍රසීලයට ප්‍රවේශ විය හැකි විය. ප්‍රාදේශීය ප්‍රවෘත්ති ආයතනයක් වන UOL හි වාර්තාවකට අනුව, මධ්‍යම රාත්‍රියේ සිට (සෙනසුරාදා GMT 0300) ප්‍රවේශය අවහිර කිරීමට පටන් ගන්නා බව රටේ ඉහළම විදුලි සංදේශ වාහකයින් තිදෙනෙක් පැවසූහ.

    මෙම ආරවුල මෙම සතියේ බ්‍රසීලයේ චන්ද්‍රිකා අන්තර්ජාල සැපයුම්කරු Starlink හි අදායමට ද ඍජුව ඍණාත්මක බලපෑම් කිරීමට හේතු වී තිබේ. Starlink යනු Musk ප්‍රමුඛ රොකට් සමාගම SpaceX හි ඒකකයකි.

    බ්‍රසීලියානුවන්ට අවශ්‍ය පරිදි ඩොලර් මිලියන 3කට වඩා දඩ මුදල් ගෙවීම මෙන්ම ප්‍රාදේශීය නියෝජිතයකු නම් කිරීම ඇතුළු සියලුම අදාළ අධිකරණ නියෝගවලට අනුකූල වන තෙක් X (කලින් Twitter) බ්‍රසීලයේ අත්හිටුවන ලෙස මොරේස් සිය තීන්දුවේ දී නියෝග කළ අතර අත්හිටුවීමේ නියෝගය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මොරායස් විදුලි සංදේශ නියාමක ඇනටෙල්ට ද නියෝග කළේය.

    ඒජන්සිය කාලසටහනක් සඳහන් නොකරමින් රොයිටර් වෙත පැවසුවේ එය අනුකූලව ඉදිරියට යන බවයි.

    බ්‍රසීලයේ X ඵලදායී ලෙස වසා දැමීම සඳහා, විදුලි සංදේශ සමාගම් ජාලයේ ගමනාගමනය රැගෙන යාම නැවැත්වීමට අවශ්‍ය වනු ඇත, එසේම වෙබ් අඩවියේ පරිශීලකයින් ඔවුන්ගේ ස්ථාන අතථ්‍ය පුද්ගලික ජාල හෝ VPNs සමඟ සඟවා එය මගහැරීම වළක්වයි.

    VPN හරහා X ප්‍රවේශය දිගටම කරගෙන යන අයට දිනකට ඩොලර් 9,000 දක්වා දඩයක් පැනවීමට Moraes නියෝග කළේය.

    ලැප්ඩෝග්ස් සහ ඒකාධිපතියන්?

    වෙනත් බොහෝ රටවල මෙන් නොව, බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ඒකපාර්ශ්වික තීරණ ගැනීමට පුළුල් බලතල භාවිතා කිරීමට හැකි වේ. නමුත් X සම්බන්ධයෙන් ඇති වූ ආරවුලේදී, අගවිනිසුරු රොබර්ටෝ බැරෝසෝ ඇතුළු 11 දෙනෙකුගෙන් යුත් අධිකරණයේ බහුතරයකගේ සහාය මොරායස්ට ලැබී ඇත.

    Musk, X සහ SpaceX හි  කොටස් අයිතිසයෙන් 40% හිමිකර ගැනීමට අමතරව, විදුලි වාහන යෝධ ටෙස්ලා (TSLA.O) හි ප්‍රධාන විධායක නිලධාරියා වේ.

    X පිළිබඳ ආරවුල එහි මූලයන් ඇත්තේ මෙම වසර මුල සිට මොරායස් කළ නියෝගයක් හේතුවෙන් වන අතර එමඟින් විකෘති පුවත් සහ වෛරය පැතිරවීම සම්බන්ධයෙන් විමර්ශනයට සම්බන්ධ ගිණුම් අවහිර කිරීමට වේදිකාවට අවශ්‍ය විය.

    මස්ක් නියෝගය වාරණයක් ලෙස හෙළා දුටුවේය. ඔහු බ්‍රසීලයේ සමාගමේ කාර්යාල වසා දැමීමෙන් ප්‍රතිචාර දැක්වූ නමුත් වේදිකාව තවමත් රට තුළ පවතින බව සහතික කළේය.

    “මෙම කාරණය විසඳන තුරු” ස්ටාර්ලින්ක් බ්‍රසීල වැසියන්ට නොමිලයේ සේවය කරන බව ඔහු පවසා ඇත.

    මෙම තීරණය සම්බන්ධයෙන් විමසූ බ්‍රසීලයේ ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා අවධාරණය කළේ රට තුළ ක්‍රියාත්මක වන සියලුම ව්‍යාපාර ඔවුන්ගේ නීතිමය බැඳීම්වලට අනුකූල විය යුතු බවයි.

    “මිනිසෙකුට විශාල මුදලක් ඇති පමණින් ඔහුට නීතියට අගෞරව කළ හැකි බවක් අදහස් නොවේ”, ජනාධිපතිවරයා සිකුරාදා ප්‍රාදේශීය ගුවන් විදුලියට පැවසීය.

    මස්ක් බ්‍රහස්පතින්දා සටහනක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මොරායස්ගේ “ලැප්ඩෝග්” ලෙස ජනාධිපතිවරයා සමච්චලයට ලක් කළේය, එහි ඔහු විනිසුරුවරයා “ඒකාධිපතියෙකු” ලෙස ද හැඳින්වීය.

    සිකුරාදා පැවති උත්සවයකදී මොරායස් පසුබැසීමේ කිසිදු සලකුණක් නොපෙන්නුවේය.

    “පෞද්ගලිකව හෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන, මූලික මානව හිමිකම් කඩ කරන අය ඊට වගකිව යුතුයි,” ඔහු පැවසීය.

    මූලාශ්‍රය – රොයිටර්

  • නිහඬ ඝාතකයා දොරට තට්ටු කිරීමට පෙර මේක කියවන්න

    නිහඬ ඝාතකයා දොරට තට්ටු කිරීමට පෙර මේක කියවන්න

    ශරීරයේ රුධිර සීනි වැඩි වන විට මිනිසුන් බොහෝ විට නොසලකා හරින බොහෝ රෝග ලක්ෂණ උදෑසන දක්නට ලැබේ. සීනි වැඩිවීමේ මුල් ලක්ෂණ හඳුනා ගන්නේ කෙසේද ? සහ මෙම මාරාන්තික රෝගය පාලනය කරන්නේ කෙසේදැයි දැන ගන්න අවශ්‍ය නම් මෙම ලිපිය දිගටම කියවන්න.

    දියවැඩියාව ‘නිහඬ ඝාතකයෙකු‘ ලෙස හැඳින්වේ. ශරීරයේ සීනි ප්‍රමාණය වැඩි වී ඉන්සියුලින් හිඟ වූ විට දියවැඩියාව වැනි රෝගයක් ඇති වේ. දියවැඩියාව ඉතා භයානක ලෙස සැලකෙන්නේ එය ක්‍රමයෙන් අපගේ ශරීරයේ අනෙකුත් කොටස් ද ගිල ගන්නා බැවිනි. මීට පෙර දියවැඩියාව වැනි රෝගයක් සමහර අයට වයස සමඟ පමණක් ඇති වූ නමුත් දැන් කුඩා දරුවන් පවා එහි ගොදුරු බවට පත්වෙමින් තිබේ.

    වර්තමානයේ ළමුන් සහ තරුණයින් පළමු වර්ගයේ දියවැඩියාවෙන් / type 1 diabetes පීඩා විඳිති. වයස අවුරුදු 40න් පසු මිනිසුන් දෙවන වර්ගයේ දියවැඩියාවට type 2 diabetes ගොදුරු වේ. බොහෝ විට මිනිසුන් දිගු කලක් දියවැඩියාවේ රෝග ලක්ෂණ නොසලකා හරිති. නමුත් මෙය භයානක විය හැකිය.

    දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ මට්ටමක පවතින විට උදෑසන අවදි වූ විට දැනෙන රෝග ලක්ෂණ මොනවාදැයි දැන ගැනීම ඔබට ඉතා වැදගත් වේ.

    දියවැඩියාවට හේතු මොනවාද ?

    ආසාදනයට එරෙහිව ශරීරයේ ආරක්ෂක යාන්ත්‍රණය වන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉන්සියුලින් නිපදවන අග්න්‍යාශයේ බීටා සෛල ඉලක්ක කර මරා දමයි. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවේ. වඩාත්ම ප්‍රචලිත දියවැඩියාව වන දෙවන කාණ්ඩයේ දියවැඩියාව ජාන සහ ජීවන රටා තේරීම් ඇතුළු විචල්‍ය කිහිපයක් මගින් ගෙන එයි.

    දියවැඩියාවේදී රුධිරයේ සීනි වැඩි වන විට රෝග ලක්ෂණ

    වියළි මුඛය සහ පිපාසය – උදෑසන ඔබේ මුඛය වියළි නම් සහ ඔබට දැඩි පිපාසයක් දැනේ නම්, මෙය රුධිරයේ සීනි වැඩි වීමේ ලකුණක් විය හැකිය. සීනි මට්ටම වැඩි නිසා දියවැඩියා රෝගියෙකුගේ උගුර උදෑසන වියළී යයි.

    නොපැහැදිලි පෙනීම – සමහර විට උදෑසන පෙනීම බොඳ වේ. ඔබටත් මෙවැනි හැඟීමක් ඇත්නම්, එය රුධිරයේ සීනි වැඩිවීම නිසාද විය හැකිය. වෛද්‍යවරුන් පවසන පරිදි දියවැඩියාව ඇස්වලට බලපාන අතර කාචය විශාල වීම නිසා පෙනීම බොඳ වේ.

    තෙහෙට්ටුවක් දැනේ – මුළු රාත්‍රිය පුරාම නිදා ගැනීමෙන් පසු ඔබට තෙහෙට්ටුවක් සහ දුර්වල බවක් දැනේ නම්, එක් වරක් ඔබේ රුධිර සීනි පරීක්ෂා කරන්න. ශරීරයේ සීනි මට්ටම ඉහළ යාම තෙහෙට්ටුව සහ ආතතිය වැඩි කරයි.

    මිනිසුන් බොහෝ විට බැරෑරුම් ලෙස නොසලකන දේවල්

    අත් වෙව්ලීම –  බොහෝ විට මිනිසුන්ගේ දෑත් වෙව්ලීමට පටන් ගනී. සීනි මට්ටම 4 mmol ට වඩා අඩු වූ විට, කුසගින්න, අත්වල වෙව්ලීම සහ අධික ලෙස දහඩිය දැමීම වැනි බොහෝ රෝග ලක්ෂණ මතු වේ. ඔබටත් මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවී සීනි මට්ටම පරීක්ෂා කරවා ගන්න.

    (මෙම ලිපිය සාමාන්‍ය තොරතුරු සඳහා වේ. කරුණාකර කිසියම් පිළියමක් අනුගමනය කිරීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් විමසන්න)

     

  • බොලිවුඩයේ රාජකීය තරුව වන සයිෆ් අලි ඛාන් ගැන සුපිරි රහස් 07ක්

    බොලිවුඩයේ රාජකීය තරුව වන සයිෆ් අලි ඛාන් ගැන සුපිරි රහස් 07ක්

    කීර්තිමත් රාජකීය පවුලක උපත ලද සයිෆ් අලි ඛාන් යනු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මන්සූර් අලි ඛාන් කුමාරයාගේ සහ ප්‍රකට නිළි ෂර්මිලා තාගෝර්ගේ පුත්‍රයාය.

    විවිධ රංගන කුසලතා සඳහා ප්‍රසිද්ධියට පත් ඔහු බොලිවුඩයේ අද්විතීය ස්ථානයක් සනිටුහන් කර ඇත. මුල් කාලයේ මුහුණ දුන් විවිධ පසුබෑම් ජය ගනිමින්  ඔහු කීර්තිමත් නළුවෙකු සහ නිෂ්පාදකයෙකු බවට පත්විය.

    එම අරගලයේ සිට සුපිරි බොලිවුඩ් තරුවක් වීම දක්වා ගමන් මග පුරා ඔහුට බොලිවුඩයේ සහ ඉන් ඔබ්බෙහි ආදරණීය සහ ගෞරවනීය ස්ථානයක් ලබා දී ඇත.

    සයිෆ් පසුගිය දා ඔහුගේ තවත් උපන් දිනයක් පසු කළේය. ඔහු ගැන ඔබ බොහෝ විට නොදන්නා කරුණු කිහිපයක් ගැන අපි මෙතැන් සිට සොයා බලමු.

    1. ඔහුගේ සැබෑ නම සයිෆ් නොවේ – සජිඩ් අලි ඛාන් / Sajid Ali Khanනමින් උපත ලද ඔහු බොලිවුඩයට පිවිසීමත් සමඟ ඔහුගේ නම සයිෆ් අලි ඛාන් / Saif Ali Khan ලෙස වෙනස් කළේය.
    2. ඔහු ජාතික සම්මාන ලාභියෙක් Hum Tum (2004) චිත්‍රපටයේ ඔහුගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් සයිෆ් හොඳම නළුවාට හිමි ජාතික චිත්‍රපට සම්මානය දිනා ගත්තේ ඔහුගේ වෘත්තීය ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.
    3. ඔහු විශිෂ්ට සූපවේදියෙක් – තාරකාව විවිධ ආහාර පිසීම් සහ අත්හදා බැලීම් වලට කැමතියි. ඔහු බොහෝ විට සම්මුඛ සාකච්ඡා වලදී සඳහන් කර ඇත්තේ ඉවුම් පිහුම් චිකිත්සක සහ විවේක ගැනීමට හොඳ ක්‍රමයක් සොයා ගන්නා බවයි.
    4. ඔහුට දෙවන සහෝදරියක් සිටී – ඔහුගේ නිළිය සොහොයුරිය වන සෝහා අලි ඛාන් ගැන බොහෝ දෙනෙක් දන්නා අතර, සයිෆ්ට දක්ෂ ස්වර්ණාභරණ නිර්මාණකරුවෙකු වන සබා අලි ඛාන් / Saba Ali Khanනම් තවත් සහෝදරියක් ද සිටී.
    5. ඔහු උද්යෝගිමත් ගිටාර් වාදකයෙකි – සයිෆ් දැඩි සංගීත ලෝලියෙක් වන අතර ගිටාර් වාදනය කරයි. ඔහු සුප්‍රසිද්ධ රොක් සංගීත කණ්ඩායමක් වන Parikrama සමඟ පවා ප්‍රසංග පැවැත්වූ අතර රොක් සංගීතය කෙරෙහි දැඩි ආශාවක් ප්‍රකාශ කර ඇත.
    6. ඔහු චිත්‍රපට නිෂ්පාදකයෙක් ද වේ – Love Aaj Kal සහ Cocktail වැනි ජයග්‍රහණ පිටුපස ඇති නිෂ්පාදන සමාගමක් වන Illuminati Films හි සයිෆ් සම හිමිකරු වේ.
    7. ඔහු අසුනි පිටයාමට දැඩි කැමැත්තක් දක්වයි – ඔහුගේ පියා මෙන් සයිෆ් ද අශ්වයන් පිටයාමට සහ පෝලෝ ක්‍රීඩාව සඳහා දැඩි ඇල්මක් දක්වයි. ඔහු බොහෝ විට පෝලෝ තරඟවලට සහභාගී වන අතර විවේක ක්‍රියාකාරකමක් ලෙස අශ්වයින් පිට යාමට ප්‍රිය කරයි.

    Femina.in ඇසුරිණි

     

     

  • හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ලිංගික විෂමාචාර චෝදනා

    හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ලිංගික විෂමාචාර චෝදනා

    ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ක්‍රීඩිකාවකට බරපතල විෂමාචාරයක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති අතර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණයකට මුහුණ පා සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින අතර, එම ආයතනයම වාර්තා කරන්නේ චර්යාධර්ම සංග්‍රහයක් ඉදිරියේදී පැවැත්වෙනු ඇති බවයි.

    52 හැවිරිදි දුලිප් සමරවීර ඔස්ට්‍රේලියානු A කාන්තා කණ්ඩායම ඉන්දීය A කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේදී පුහුණුකරු තනතුරක් දැරීමට නියමිතව සිටි නමුත් එම චෝදනා අනාවරණය වීමත් සමඟම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් විය.

    ‘ක්‍රිකට් වික්ටෝරියා ක්‍රිකට් ආයතනයට දැනට ක්‍රියාත්මක වන බැවින් ක්‍රිකට් ක්‍රියාදාමයන් පිළිබඳව ප්‍රකාශයක් කිරීමට නොහැකි වී ඇත, අපි නියමිත වේලාවට නඩු කටයුතු පිළිබඳව අදහස් දක්වන්නෙමු,’ ක්‍රිකට් වික්ටෝරියා ප්‍රධානී නික් කමින්ස් හෙරල්ඩ් පැවසීය.

    ක්‍රීඩකයෙකු ලෙස විශ්‍රාම ගැනීමෙන් පසු සමරවීර ඕස්ට්‍රේලියාවට ගිය අතර එහිදී ඔහු දශකයකට වැඩි කාලයක් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළේය.

    ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග පහකට සහ එක්දින තරග හතකට ක්‍රීඩා කළේය.

  • ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙළ මෙන්න – මැකො නිල නිවේදනය

    ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙළ මෙන්න – මැකො නිල නිවේදනය

    ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙළ මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (30) දින නිල වශයෙන් ප්‍රසිද්ධ කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා. 

  • පාලිත රංගේ බණ්ඩාරට මහා වින්නැහියක්

    පාලිත රංගේ බණ්ඩාරට මහා වින්නැහියක්

    එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වේ. ඔහුගෙන් හිස් වන තනතුරට පසුගිය දා සමගි ජන බලවේගයේ සිට එජාපයට එක් වූ තලතා අතුකෝරාළ මහත්මිය පත්වනු ඇතැයි එජාපයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසුවේය.

    එජාප ජ්‍යෙෂ්ඨයෙකු වන රවී කරුණානායක මහතා සහ රංගේ බණ්ඩාර මහතා අතර දීර්ඝ කාලයක් පුරා පැවැති ගැටුමක් මෙම ඉවත් කිරීමට හේතු වූ බව වාර්තා වේ.

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වූ ගාමිණී අතුකෝරාළ මහතාගේ නැගණිය වන තලතා අතුකෝරාළ මහත්මිය එම ධුරයට පත් වුවහොත් එජාපයේ මහ ලේකම් පුටුවට එකම පවුලක දෙදෙනකු පත් වීමක් ලෙස එය සැලකිය හැකි වනු ඇත.

     

  • ජනපතිගේ සුදුසුකම් අභියෝගයට ලක් කළ පෙත්සමට වුණ දේ

    ජනපතිගේ සුදුසුකම් අභියෝගයට ලක් කළ පෙත්සමට වුණ දේ

    වැඩබලන පොලිස්පතිවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමට අපොහොසත් වූ බවට කරන ලද ප්‍රකාශයන් මත පදනම්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති සුදුසුකම් අභියෝගයට ලක් කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (28) ප්‍රතික්ෂේප කළේය.

    ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසන පරිදි රුපියල් 50,000 උසාවි ගාස්තු ගෙවන ලෙස ද පෙත්සම්කරුට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

    මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයාගේ නියෝජිත අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ තර්ක කළේ පෙත්සමේ අසත්‍ය තොරතුරු අඩංගු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 වැනි වගන්තිය උල්ලංඝණය කර ඇති බවත්ය.

  • X ගෝලීය ඇනහිටීම් වලට ලක්වන බව යළි තහවුරු වෙයි

    X ගෝලීය ඇනහිටීම් වලට ලක්වන බව යළි තහවුරු වෙයි

    අද (28) පෙරවරු 9 ට පමණ බොහෝ ට්විටර් සේවාවන් හදිසියේම ක්‍රියා විරහිත වූ අතර, පරිශීලකයින්ට යෙදුම වෙත ප්‍රවේශ වීම දුෂ්කර විය. මෙම ඇනහිටීම ඉන්දියාව ඇතුළු ලොව පුරා බොහෝ රටවල X පරිශීලකයින්ට බලපෑවේය.

    සමාජ ජාල වේදිකාවක් වන X දැනට ගෝලීය සේවා ඇනහිටීමක් අත්විඳිමින් සිටින අතර, පරිශීලකයින් වෙතින් දහස් ගණනින් පැමිණිලි ලැබෙමින් පවතී . මෙම පුළුල් ප්‍රශ්නය තිබියදීත්, සමාගම තවමත් තත්ත්වය පිළිබඳ නිල තොරතුරු කිසිවක් ලබා දී නොමැත. පරිශීලකයන් ඇතුළු විවිධ මූලාශ්‍රවලින් තත්ත්ව වාර්තා එක්රැස් කිරීමෙන් ඇනහිටීම් නිරීක්ෂණය කරන Downdetector 700කට අධික පිරිසක් ඉන්දියාවේ උදේ 9 ට පමණ (IST) ඇණහිටීම් වාර්තා කළ බව පෙන්වා දුන්නේය. අඟහරුවාදා ඇණහිටීමේ උච්චතම අවස්ථාව වන විට එක්සත් ජනපදයේ පරිශීලකයින් X සමාජ මාධ්‍ය වේදිකාව සමඟ ගැටලු 36,500 කට වඩා වාර්තා කර ඇත. මීට අමතරව, ඩවුන්ඩෙටෙක්ටර් විසින් පෙන්වා දී ඇති පරිදි, කැනඩාවේ ඇනහිටීම් පිළිබඳ වාර්තා 3,300 කට අධික සංඛ්‍යාවක් සහ එක්සත් රාජධානියේ සිදුවීම් 1,600 වාර්තා වී ඇත.

    බොහෝ අන්තර්ජාල භාවිතා කරන්නන් X සේවාව අත්හිටුවීම සහ යෙදුමට ප්‍රවේශ වීමට නොහැකි වීම ගැන පැමිණිලි කර ඇත. X ගෝලීය ඇනහිටීමකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අගෝස්තු මාසයේදී, X හි සේවාවන් ටික වේලාවකට දුර්වල විය. පරිශීලකයින්ට යෙදුම මත ඔවුන්ගේ පළ කිරීම් වෙත ප්‍රවේශ වීමට නොහැකි විය. ඇණහිටීම පිළිබඳ පුවත වාර්තා වූ වහාම X පිළිබඳ Memes සමාජ මාධ්‍යවල බෙදා ගැනීමට පටන් ගත්තේය.

    ගෝලීය ඇනහිටීම් අතරතුර, X වෙත ප්‍රවේශ වන පරිශීලකයින්ට “Something Went Wrong” සහ ” Try Reloading” පිළිබඳ අනතුරු ඇඟවීම් ලැබේ. X හි සේවාවන් ටික වේලාවක් ඇණහිට තිබුණද, පසුව යෙදුම සුපුරුදු පරිදි ක්‍රියා කිරීමට පටන් ගත්තේය.

    මේ අතර, අගෝස්තු 13 වෙනිදා, හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලෝන් මස්ක් අතර අතිශයින් අපේක්ෂිත සම්මුඛ සාකච්ඡාව තාක්ෂණික ගැටලු හේතුවෙන් ප්‍රමාද විය. මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණේ මස්ක්ට අයත් X සමාජ මාධ්‍ය වේදිකාවේ ය. එක්සත් ජනපදයේ නැගෙනහිර වේලාවෙන් රාත්‍රී 8 ට (පෙ.ව. 5:30 IST) නියමිත ආරම්භක වේලාවෙන් මිනිත්තු 18 කට පසු X හි පළ කිරීමක මස්ක් සඳහන් කළේ, X වෙත දැවැන්ත DDoS ප්‍රහාරයක් එල්ල වූ බව පෙනෙන බවයි. ඔවුන් වැඩ කරමින් සිටින බව ඔහු ප්‍රේක්ෂකයින්ට සහතික කළේය. ගැටලුව නිරාකරණය කරමින් (නරකම අවස්ථාවක) ඔවුන් සජීවී සවන්දෙන්නන් කුඩා සංඛ්‍යාවක් සමඟ ඉදිරියට ගොස් සංවාදය පසුව පළ කරනු ඇත.

    එලොන් මස්ක් 2022 දී ඩොලර් බිලියන 44 කට X අත්පත් කර ගත් අතර ට්විටර් නැවත නම් කිරීම ඇතුළු සැලකිය යුතු වෙනස්කම් ක්‍රියාත්මක කළේය.

  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ මුත්‍රා රෝග පිළිබඳව දැනුවත් වන්න

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ මුත්‍රා රෝග පිළිබඳව දැනුවත් වන්න

    වයස සමඟ, මිනිසුන් බොහෝ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙයි. එවැනි එක් ගැටලුවක් වන්නේ මුත්‍රා සම්බන්ධ ගැටලු ය. බොහෝ කාන්තාවන් දුර්වල මුත්‍රාශය සමඟ කටයුතු කරන අතර තවත් ගැටලු කිහිපයක් ද තිබේ. එම සෞඛ්‍ය ගැටලු පිළිබඳව අප මෙම ලිපියෙන් සඳහන් කර ඇත.

    සුදු හිසකෙස් සහ සමේ එල්ලා වැටෙන රැලි වැනි වයසට සම්බන්ධ සමහර වෙනස්කම් පැහැදිලිය. නමුත් ගෙවී යන සෑම වසරකම ඔබේ ශරීරය තුළ වෙනත් මාරුවීම් ද සිදු වේ. ඔබේ මුත්‍රාශය සහ මුත්‍රා පද්ධතිය වයසත් සමඟ වෙනස් වේ. නමුත් එය බොහෝ විට සිදුවන්නේ නුසුදුසු ආකාරවලින්ය.

    මුත්‍රාශයේ ගැටලු එදිනෙදා ජීවිතයට බාධා කළ හැකිය. මිනිසුන්ට මුත්‍රාශයේ ගැටලු ඇති විට, ඔවුන් සමාජ ක්‍රියාකාරකම් වලින් වැළකී සිටින අතර නිවසේ හෝ රැකියාවේ කාර්යයන් ඉටු කිරීමට අපහසු වේ.

    මිනිසුන් වයසට යන විට මුත්‍රාශය වෙනස් වේ. මුත්‍රාශයේ පටක දැඩි වී දිගු වීම අඩු විය හැකිය. අඩු නම්‍යශීලී මුත්‍රාශයකට පෙර තරම් මුත්‍රා රඳවා තබා ගත නොහැකි අතර ඔබට නිතරම වැසිකිලියට යාමට සිදුවිය හැකිය. මුත්‍රාශයේ මාංශ පේශී වයසට යාමෙන් මුත්‍රා ගබඩා කිරීමේ හැකියාව අඩු විය හැකිය. එසේම, ඔබ වයසට යන විට ස්වේච්ඡාවෙන් මුත්‍රාශයේ සංකෝචනය නිතර සිදු වන අතර එය වාර ගණන සහ හදිසිතාව ඇති කරයි.

    පශ්චාත් ආර්තවහරණයට පත් කාන්තාවන්ගෙන් දළ වශයෙන් සියයට 10ක් සෑම වසරකම මුත්‍රා ආසාදනවලට ගොදුරු වේ.

    වකුගඩු හා මෞත්‍ර විද්‍යාව පිළිබඳ උපදේශක වෛද්‍ය භවතේජ් එංගන්ති පැවසුවේ මුත්‍රාශයේ බිත්තිය සහ ශ්‍රෝණි තට්ටුවේ මාංශ පේශී දුර්වල විය හැකි නිසා මුත්‍රා පිටවීම හෝ මුත්‍රා ගබඩා කිරීම නිසා මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීමට අපහසු විය හැකි බවයි. මෙය මුත්‍රා රඳවා තබා ගැනීමට හෝ නැවත නැවතත් මුත්‍රා ආසාදන ඇති කිරීමට හේතු විය හැකිය.

    මහලු වියේදී, මළබද්ධය ඉතා සුලභ වේ. බඩවැලේ ගොඩනගා ඇති ඕනෑවට වඩා මළපහ, මුත්‍රාශය මත පීඩනයක් ඇති කළ හැකි අතර එය අවශ්‍ය ආකාරයට ප්‍රසාරණය වීම වළක්වා ගත හැකිය. ධාන්‍ය වර්ග, එළවළු සහ පලතුරු වැනි තන්තු බහුල ආහාර ඕනෑ තරම් ආහාරයට ගැනීම, ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම සහ ශාරීරිකව ක්‍රියාශීලී වීම මෙය වළක්වා ගැනීමට උපකාරී වේ.

    සමහර ඖෂධ මගින් ඔබේ මුත්‍රාශයට මුත්‍රා පිටවීමට ඇති ඉඩකඩ වැඩිය. ඔබට නිදා ගැනීමට හෝ විවේක ගැනීමට හැකි වන පරිදි ඔබේ ස්නායු සන්සුන් කරන ඖෂධ මුත්‍රාශයේ ස්නායු අඳුරු කළ හැකි අතර, ඔබට නාන කාමරයට යාමට ආශාවක් දැනෙන්නේ නැත.

    සමේ ගැටලු

    නිදන්ගත මුත්‍රා පිටකිරීමේ අපහසුතා හේතුවෙන් නිරන්තරයෙන් තෙත් සමෙන් කුෂ්ඨ, සමේ ආසාදන සහ තුවාල ඇති විය හැකිය. ආර්තවහරණයෙන් පසු කාන්තාවන් අඩු එස්ටජන් නිපදවන අතර එය මුත්‍රාශයේ සහ මුත්‍රා මාර්ගයේ ශ්ලේෂ්මල පටලය නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ. මෙම පටක වල පිරිහීම අපහසුතාවයට හේතු විය හැකිය.

    වයසට යාමත් සමඟ ශ්‍රෝණි මාංශ පේශී දුර්වල වීම මුත්‍රාශයේ පිහිටීමෙන් ලිස්සා යාමට හේතු විය හැකි අතර එමඟින් මුත්‍රාශය හිස් කිරීමට අපහසු වේ.

    දියවැඩියා රෝගය බහු ස්ක්ලේරෝසිස්, පාකින්සන් රෝගය, ආඝාතය, මොළයේ ගෙඩියක් හෝ කොඳු ඇට පෙළේ ආබාධයක් වැනි මහළු වයසේදී ස්නායු ආබාධ බහුලව දක්නට ලැබේ. මුත්‍රාශ පාලනයට සම්බන්ධ ස්නායු සංඥාවලට බාධා කළ හැකි අතර, මුත්‍රා පිටකිරීමේ අපහසුතාවයක් ඇති කරයි.

    පිළිකා සඳහා ඔබේ අවදානම වැඩි වේ

    මුත්‍රාශයේ පිළිකා යනු එක්සත් ජනපදයේ හයවන වඩාත් සුලභ පිළිකා වර්ගය වන අතර එය කාන්තාවන්ට වඩා බොහෝ පිරිමින්ට බලපායි. නමුත් සෑම කෙනෙකුගේම අවදානම වයස සමඟ වැඩි වේ.

  • ICC සභාපති පුටුවට පත් වුණේ කවුද ?

    ICC සභාපති පුටුවට පත් වුණේ කවුද ?

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (International Cricket Council – ICC) මීළඟ සභාපතිවරයා ලෙස ජේ ෂා / Jay Shahනිතරගයෙන් තේරී පත්වී වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය. 2019 ඔක්තෝම්බර් මාසයේ සිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගරු ලේකම්වරයා ලෙසත්, 2021 ජනවාරි මාසයේ සිට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇති ෂා, 2024 දෙසැම්බර් 1 වැනිදා මෙම ගෞරවනීය භූමිකාව භාරගනු ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

    වත්මන් සභාපති ග්‍රෙග් බාර්ක්ලේ තුන්වන වාරයක් ඉල්ලා නොසිටීමට තීරණය කිරීමෙන් පසු සභාපතිත්වය සඳහා එකම නාමිකයා වූයේ ෂා ය. ඔහුගේ තේරී පත්වීමෙන් පසු, ෂා ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ප්‍රවේශය සහ ජනප්‍රියත්වය ඉදිරියට ගෙන යාමේ අභිප්‍රාය ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව 2028 ඔලිම්පික් උළෙලට ඇතුළත් කිරීමත් සමඟ එය ක්‍රීඩාවේ වර්ධනය සඳහා ප්‍රධාන අවස්ථාවක් ලෙස ඔහු සලකයි.

    “ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස නම් කිරීම ගැන මම නිහතමානී වෙනවා,” ෂා ප්‍රකාශ කළේය.

    “ක්‍රිකට් තවදුරටත් ගෝලීයකරණය කිරීම සඳහා ICC කණ්ඩායම සහ අපගේ සාමාජික රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට මම කැපවී සිටිනවා. බහුවිධ ආකෘතිවල සහජීවනය සමතුලිත කිරීම, උසස් තාක්ෂණයන් භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම සහ නව ගෝලීය වෙළඳපළ වෙත අපගේ මාර්කියු සිදුවීම් හඳුන්වා දීම වඩ වඩාත් වැදගත් වන තීරණාත්මක සන්ධිස්ථානයක අපි සිටිනවා. ක්‍රිකට් ක්‍රීඩාව අන් කවරදාටත් වඩා ඇතුළත් කර ජනප්‍රිය කිරීම අපගේ අරමුණයි.” ෂා පැවසුවේය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ, “අපි උගත් වටිනා පාඩම් මත ගොඩනඟන අතරම, ලොව පුරා ක්‍රිකට් සඳහා ඇති ආදරය ඉහළ නැංවීම සඳහා අපි නැවුම් චින්තනය සහ නව්‍යකරණයන් වැලඳ ගත යුතුයි. 2028 ඔලිම්පික් උළෙලට අපගේ ක්‍රීඩාව ඇතුළත් කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය සඳහා සැලකිය යුතු අවස්ථාවක් උදා කරන අතර, එය ක්‍රීඩාව පෙර නොවූ විරූ ආකාරයෙන් ඉදිරියට ගෙන යනු ඇතැයි මට විශ්වාසයි.”

     

  • කුඩා දරුවන් සිටින දෙමාපියන්ට විශේෂ නිවේදනයක්

    කුඩා දරුවන් සිටින දෙමාපියන්ට විශේෂ නිවේදනයක්

    ඉහළ යන උෂ්ණත්වය හමුවේ චර්ම රෝග වැඩි වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියයි. ඔහු සඳහන් කළේ රට පුරා උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ළමුන් අතර සමේ ගැටලු බහුලව දක්නට ලැබෙන බවයි.

    ඉහළ උෂ්ණත්වය සමේ තත්ත්වය නරක අතට හැරිය හැකි අතර, විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ විජලනය වීමේ අවදානම ඉහළ බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා එබැවින් අනවශ්‍ය ලෙස හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින ලෙසත්, නිතර නිතර දියර වර්ග පානය කරන ලෙසත් ජනතාවට උපදෙස් දුන්නේය.

    කෘත්‍රිම පාන වර්ග නොබොන ලෙසත්, ස්වභාවික ජලය, ලෙමන් යුෂ සහ පොල් වතුර හෝ තැඹිලි  පානය කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටි වෛද්‍ය දීපාල් විජලනය වළක්වා ගැනීම සඳහා තම දරුවන් දිනකට දෙවරක් ස්නානය කිරීමට වග බලා ගන්නා ලෙස ද දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.