Tag: featured

  • ජපන් යෙන් ඉහළට රුපියල පහළට – ජපන් වාහන මිල අහස උසට

    ජපන් යෙන් ඉහළට රුපියල පහළට – ජපන් වාහන මිල අහස උසට

    ජපානයෙන් මුදල් ඒකකයේ මිල ඉහළ යාමත් සමඟ එරටින් ආනයනය කරන වාහන වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජිත් පීරිස් පවසනවා.

    ඒ අනුව වැගන් ආර් රථයක මිල රුපියල් 170,000 කින්, පැසෝ රථයක මිල 160,000 කින්, විට්ස් මෝටර් රථයක මිල 240,000 කින්, ඇක්සියෝ මෝටර් රථයක මිල 375,000 කින් සහ වෙසල්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හතරකින් ඉහළ යා හැකි බවයි ඔහු සදහන් කළේ.

  • සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා අත්හිටුවන්න නියෝග

    සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා අත්හිටුවන්න නියෝග

    පන්ති කාමරයෙන් එපිට සිදු කරන බාහිර ක්‍රියාකාරකම් සීමා කරන්නැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දුන් බවත් ඔවුන් විසින් අදාළ නියෝග විදුහල්පතිවරුන් වෙත දැනුම් දෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චිත්‍රානන්ද සඳහන් කළා.

    එමෙන්ම පාසැල් අධ්‍යාපන චාරිකා සහ ක්ෂේත්‍ර චාරිකා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව ද ඒ මහතා කියා සිටියා.

    මේ අතර විදේශ රටවල සිට දිවයිනට පැමිණෙන ළමුන් හා දෙමාපියන් දින 14ක කාලයක් නිරෝධයන ක්‍රියාවලියට යොමු කරන ලෙසට ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබෙන බවයි චිත‍්‍රාන්නද මහතා සදහන් කළේ.

  • ශ්‍රී ලංකාවේ කොරෝනා පැතිරීම වළක්වා ගන්නේ කෙසේ ද?

    ශ්‍රී ලංකාවේ කොරෝනා පැතිරීම වළක්වා ගන්නේ කෙසේ ද?

    කොරෝනාවෛරසය ශ්‍රී ලංකාව තුළ ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවී ඇති අතර ඔහු මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    52 හැවිරිදි එම පුද්ගලයා ඉතාලි ජාතික සංචාරකයින්ට මග පෙන්වන්නෙකු ලෙස සේවය කර ඇති අතර ඔහුගේ අනන්‍යතාව හෝ පදිංචි ප්‍රදේශය හෙළි කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    කෙසේ වෙතත්, ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු බව පමණක් අමාත්‍යංශය සදහන් කළේය.

    මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඔහු සංචාරය කළ ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

    “ජාතික ගැටලුවක්”

    කොරෝනාවෛරසය මේ වන විට “ජාතික ගැටලුවක්” බවට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ බදාදා (මාර්තු 11) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

    “ජාතික ගැටලුවක් මේක. සියලු දෙනා ජාතිය ගැන හිතල වැඩ කරන්න ඕන. මේ තත්ත්වය අවස්ථා හතරක් අනුව සලකා බලනවා. විෂබීජය රටට ඇතුළු වීම, එය පැතිරීම වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ විශාල වශයෙන් රෝගය පැතිරුණොත් ඊට මුහුණ දීම යන අවස්ථා හතරෙන් දැන් දෙවන අවස්ථාවේ අපි ඉන්නේ. වෛරසය පැතිරීම වැළැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා.”

    යම් හෙයකින් කොරෝනාවෛරසය පැතිර යාම ඉතාලියේ මෙන් වේගවත්ව සිදුවුවහොත් “ඉතා අමාරු තත්ත්වයක් නිර්මාණය වනු ඇති,” බව වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

    කොරෝනාවෛරසය: "රෝග ලක්ෂණ මතුවෙන්න දින 24ක් දක්වා ගත විය හැකියි"

    “නිරෝධායන කටයුතුවලට සහය දෙන්න”

    මේ අතර, කොරෝනාවෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා නිරෝධායන ක්‍රියාවලිය අත්‍යවශ්‍ය අංගයක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

    “රෝගය පැතිර යන රටවල සිට පැමිණෙන සියලු දෙනා නිරෝධායනයට සම්බන්ධ විය යුතුමයි. නිරෝධායන ක්‍රියාවලියේ ප්‍රශ්න තියෙනවා නම් ඒවාට සාධාරණ විසදුම් ලබා දෙන්න පුළුවන්. හැබැයි සමහර අය නිරෝධායනය වීම ප්‍රතික්ෂේප කරල තියෙනවා. නිරෝධායනය කරන්නේ ඔවුන්ගේ ම යහපතටයි.”

    "කොරෝනාවෛරසය දැන් ජාතික ගැටලුවක්"

    “එක්සත් රාජධානියේ සෞඛ්‍ය ඇමතිවරියටත් වෛරසය ආසාදනය වෙලා තියෙනවා. අපි දැක්කා සෞඛ්‍ය සේවය අතින් ඉතා දියුණු රටවල මේ වෛරසය පැතිර යාමෙන් පස්සේ සිදුවුණ දේවල්. දියුණු රටවල එහෙම නම් අපේ රටේ පැතිරුණොත් මොන කතා ද?,” සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

    නිරෝධායනය රටේ යහපතට පමණක් නෙවෙයි”

    කොරෝනාවෛරසය සම්බන්ධයෙන් නිරෝධායන ක්‍රියාවලියට සහභාගි වීමෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් ද ආරක්ෂා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    “නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධවීම යහපත් වෙන්නේ රටේ ජනතාවට විතරක් නෙවෙයි. නිරෝධායනය නොවී ශරීරය තුළ වෛරසය තබාගෙන යමෙක් සිය නිවස වෙත ගියොත් පවුලේ සාමාජිකයින්ට එය ශරීරගත වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ආරක්ෂා කර ගන්න නම් ඔවුන් අනිවාර්යයෙන් ම නිරෝධායනයට සම්බන්ධ විය යුතුයි.”

    කොරෝනාවෛරසයේ රෝග ලක්ෂණ

    නිරෝධායන ක්‍රියාවලිය

    මේ වන විට චීනය, ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවල සිට පැමිණෙන මගීන් නිරෝධායනය සදහා යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබේ.

    ඒ අනුව එම මගීන් විෂබීජහරණයකට ලක් කර නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන ගොස් දින 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනේ.

    එහිදී දිනකට දෙවරක් බැගින් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂා කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ, නිරෝධායන ක්‍රියාවලිය යුද්ධ හමුදාව සහ යුද්ධ හමුදා වෛද්‍යවරුන් යටතේ සිදු කෙරෙන බවය.

    “සංචාර පාලනය කරන්න”

    එක් රෝගියෙකු හමුවුව ද, සාමාන්‍ය ජන ජීවිතය අඩාළ කිරීමට රජය කටයුතු නොකරන බව කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසීය..

    වෛරසය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් පැවතියහොත් මහජන ඒකරාශී වීම් නතර කිරීමට සිදු වනු ඇතැයි ද පැවසිණි.

    මේ අතර, වෛද්‍ය අනිල් ජාසිංහ ඉල්ලා සිටියේ, විදෙස් සංචාර සහ වන්දනා සංචාර ආදියෙහි නිරත නොවී සිටීම වඩා වැදගත් බවය.

    BY BBC SANDESAYA

  • කොරෝනා වෛරසය ලෝක වසංගතයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

    කොරෝනා වෛරසය ලෝක වසංගතයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

    කොරෝනාවෛරසය පැතිරයාම ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රොස් අධනොම් ඝේබ්‍රෙයෙසුස් කියා සිටියේ පසුගිය සති දෙක ඇතුළත චීනයෙන් පිටත කොරෝනාවෛරස ආසාදිතයින් සංඛ්‍යාව 13 ගුණයකින් ඉහළ ගොස් ඇති බවය.

    වෛරසය පැතිරයාම පාලනය කිරීම පිණිස “ක්‍රියාත්මක නොවීමේ අනතුරුදායක මට්ටම්” ගැන සිය “බරපතල අවධානය” පළ වී ඇති බව ඔහු කියා සිටියේය.

    ලෝක ව්‍යාප්ත වසංගතයක් යනු ලොව පුරා රටවල් ගණනාවක එකම අවස්ථාවේ පැතිරයන රෝගයකි.

    “හදිසි සහ දැඩි පියවර” අනුගමනය කරමින් වෛරසය පැතිරයාම පාලනය කිරීමට පියවර ගන්නා මෙන් ඔහු සියලු රටවල ආණ්ඩුවලින් ඉල්ලා සිටියේය.

    “මේ වෛරසය පාලනය කළ හැකි බව රටවල් කිහිපයක්ම පෙන්නුම් කරලා තියෙනවා,” ඔහු පැවසීය.

    “විශාල ප්‍රජා කණ්ඩායම් අතර පැතිරයාම සම්බන්ධයෙන් කටයුතු කරන බොහෝ රටවල් මේ මොහොතේ මුහුණදෙන අභියෝගය ඔවුන් මෙතෙක් කළ දේම කළ හැකිද යන්න නොවේ; ඔවුන් ඒ දේ කරාවිද යන්නයි.’

    “සෞඛ්‍ය ආරක්ෂාව, ජනජීවිතයට එල්ලවන බලපෑම අවම කිරීම සහ මනුෂ්‍ය ජීවිතයට ගරු කිරීම අතර සමතුලිතභාවයක් සොයාගැනීමට” ආණ්ඩුවලට සිදුවන බව ද ඔහු පැවසීය.

  • 65 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ සුපිරි රැගුම් – වැයුම්

    65 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ සුපිරි රැගුම් – වැයුම්

    65 වන ඇමසන් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල පසුගිය දා ඇසෑම් හි ගුවහාටි හිදී පැවැත්විණි. ෆිල්ම් ෆෙයාර් සම්මාන ප්‍රථම වරට මුම්බායි නගරයෙන් පිටත පැවැත්වීම මෙවර විශේෂත්වයයි. මේ සදහා බොලිවුඩ් සුපිරි තරු පිරිවරයා නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන්, ගායික – ගායිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා.

    ඒ අතර සිටි ස්වල්ප දෙනෙක් කළු ආර්යාව / ඇමසන් ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනා ගත්තාදැයි දැන ගැනීමට මහත් උනන්දුවක් දැක්වූ අතර අනෙක් අය ඒ සියල්ල දැක බලා ගැනීමට මහත් උද්යෝගයකින් සිටියහ. 


    මෙම අවස්ථාවට මධුරි ඩික්සිත්, රන්වීර් සිං, අක්ෂේ කුමාර්, කාර්තික් ආර්යන්, විකී කෞෂාල්, කරන් ජොහාර්, භූමි පද්නෙකර්, ආලියා භට්, වරුන් ධවාන් ඇතුළු සුපිරි තරු පැමිණ සිටි අතර ඡායාරූප ශිල්පීහූ ඔවුන් අතරින් සුවිශේෂ අවස්ථා හනි හනික උණුසුම්ව ඡායාරූපයට නැගුවේය. ඒ උදාර රාත්‍රිය පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා අපි ඇතුළත පින්තූර කිහිපයක් පෙළගස්වා ඇත්තෙමු, එය පහතින් බලන්න …

    රන්වීර් සිං
    සිද්ධාන්ත් චතුර්වේදි, රන්වීර් සිං, ආලියා භට්
    රන්වීර් සිං, ආලියා භට්
    රන්වීර් සිං, ආලියා භට්
    රන්වීර් සිං, ආලියා භට්
    ආලියා භට්, වරුන් ධවාන්
    ආලියා භට්
    ආලියා භට්
    රන්වීර් සිං
    රන්වීර් සිං, මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    කරන් ජොහාර්, විකී කෞෂාල්
    විකී කෞෂාල්, අක්ෂේ කුමාර්, කරන් ජොහාර්
    විකී කෞෂාල්, අක්ෂේ කුමාර්, කරන් ජොහාර්
    විකී කෞෂාල්, අක්ෂේ කුමාර්
    විකී කෞෂාල්, අක්ෂේ කුමාර්, කරන් ජොහාර්
    කරන් ජොහාර්
    විකී කෞෂාල්, අක්ෂේ කුමාර්, කරන් ජොහාර්
    නෙනේ ගෝවින්ද, විකී කෞෂාල්
    විකී කෞෂාල්
    විකී කෞෂාල්
    වරුන් ධවාන්
    වරුන් ධවාන්
    අක්ෂේ කුමාර්
    අක්ෂේ කුමාර්
    අනන්යා පාණ්ඩේ
    අනන්යා පාණ්ඩේ
    ආයුෂ්මන් කුරාණ
    ආයුෂ්මන් කුරාණ
    ආයුෂ්මන් කුරාණ
    එ ආයුෂ්මන් කුරාණ
    ආයුෂ්මන් කුරාණ
    ආයුෂ්මන් කුරාණ
    කාර්තික් ආර්යන්
    කාර්තික් ආර්යන්

    Pictures by Filmfare.com – Text by Thushadhavi

  • Covid 19 ව්‍යාප්තිය වැළැක්වීමට සහය වන්නැයි රජයෙන් ඉල්ලීමක්

    Covid 19 ව්‍යාප්තිය වැළැක්වීමට සහය වන්නැයි රජයෙන් ඉල්ලීමක්

    කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් 19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම කර සිටී.

    එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස දැක්වේ. මේ වන විට ලෝකය පුරා රටවල් රැසක් වෛරසය ව්‍යාප්ත වෙමින් පවතියි. එය පාලනයට  රටවල් විධිවිධාන රැසක් ගෙන තිබේ. කොරෝනා වෛරසය මෙරට දී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10) පස්වරුවේ හඳුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    52 හැවිරිදි මොහු සංචාරක මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ අයෙක්. ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට ඔහු සේවාව සපයා තිබේ. රෝගියා නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇතැයි, ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම ද ආරම්භ කර තිබේ. 

    රට තුළ කොරෝනා වෛරසය වැළැක්වීමට රජය විධිමත් සැලැස්මක් සහිතව පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ සඳහා ඊයේ (10) සිට දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ආරම්භ කෙරිණ. එහෙයින් විදේශගතව පැමිණෙන අයගේ සහ ජනතාවගේ පූර්ණ සහය ගෙනයන වැඩපිළිවෙළට ලබාදෙන්නැයි රජය ඉල්ලා සිටියි.

  • මෙරට ප්‍රථම කොරෝනා ආසාදිතයා සංචාරක මග පෙන්වන්නෙක්

    මෙරට ප්‍රථම කොරෝනා ආසාදිතයා සංචාරක මග පෙන්වන්නෙක්

    නව කොරෝනා වෛරසය ආසාධිත ප්‍රථම ශ්‍රී ලාංකිකයා කොළඹ ජාතික උණ රෝහලෙන් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සඳහන් කරයි.

    52  හැවිරිදි  මෙම පුද්ගලයා  සංචාරක මග පෙන්වන්නකු ලෙස ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට  සේවා සපයා ඇති බවත් ඔහුට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බව ඊයේ (10)  තහවුරු කරගත් බවත් ආසාධිතයා සහ ඔහුගේ සංචාරක කණ්ඩායම ගමන් ගත්  ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා ගැනීම මේ වන විට අරඹා තිබෙන බවත් ජාසිංහ මහතා සදහන් කළේය.

  • කොරෝනා නිසා Peter Rabbit 2 ප්‍රදර්ශනය මාස 05කින් පස්සට යයි

    කොරෝනා නිසා Peter Rabbit 2 ප්‍රදර්ශනය මාස 05කින් පස්සට යයි

    කොරෝනා වෛරසය පැතිරීම මධ්‍යයේ ප්‍රදර්ශනය කිරීම කල් දැමීමට පියවර ගත් නවතම ප්‍රධාන චිත්‍රපටය බවට Peter Rabbit 2 පත්විය.

    Peter Rabbit 2 හි ප්‍රධාන හඩ කැවීම් ශිල්පීන් වන්නේ ජේම්ස් කෝර්ඩන් සහ මාර්ගොට් රොබීය. James Corden and Margot Robbie. මාර්තු 27 වන දින එක්සත් රාජධානියේ සිනමා ශාලාවලදීත්, සතියකට පසුව එක්සත් ජනපදය තුළත් චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණි.

    නමුත් රසිකයන් සිනමා ශාලාවලට පැමිණේද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවයකින් යුතුව, එය දැන් අගෝස්තු 7 දක්වා කල් දමා ඇත. නව ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වන නෝ ටයිම් ටු ඩයි New James Bond film No Time To Die  අප්‍රේල් සිට නොවැම්බර් දක්වා ප්‍රමාද වී සතියකට පසුව මෙම තීරණය ගෙන තිබේ.

    2018 දී එළිදැක්වූ පළමු Peter Rabbit චිත්‍රපටය ලොව පුරා බොක්ස් ඔෆිස් හි ඩොලර් මිලියන 350 කට වැඩි ආදායමක් උපයා ඇති අතර ඉන් තුනෙන් දෙකක්ම උතුරු ඇමරිකාවෙන් පිටතින් උපයා ගෙන ඇත.

    වෛරසය පිළිබඳ භීතිය එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ ටිකට්පත් ලැබීමට තවමත් විශාල බලපෑමක් කර නැත, නමුත් ජනවාරි සිට චීනයේ සිනමාහල් 70,000 ක් වසා දමා ඇති අතර ඉතාලියේ සියලුම සිනමාහල් සති අන්තයේ දොරවල් වසා දමන ලෙසට නියෝග කරන ලදී.

    වෛරසය පැතිරීම නැවැත්වීමේ උත්සාහයක් ලෙස ප්‍රංශයේ සමහර ප්‍රදේශවල සිනමාහල් ද වසා දමා ඇත.

    පාස්කු සති අන්තයේ ආරම්භය වන තවත් පවුල් චිත්‍රපටයක් වන ට්‍රොල්ස් වර්ල්ඩ් ටුවර් Trolls World Tour සතියකින් අප්‍රේල් 10 දක්වා කල් දමා ඇත.

    බී.බී.සී

  • ලෝකෙටම හිටියේ තිදෙනයි – දුර්ලභ සුදු ජිරාෆ් මව සහ පැටියා ඝාතනය කරලා

    ලෝකෙටම හිටියේ තිදෙනයි – දුර්ලභ සුදු ජිරාෆ් මව සහ පැටියා ඝාතනය කරලා

    ඊසානදිග කෙන්යාවේ දඩයම්කරුවන් විසින් අතිශය දුර්ලභ සුදු ජිරාෆ් දෙදෙනෙකු මරා දමා ඇති බව සංරක්ෂණවේදීන් පවසයි. ඊසානදිග කෙන්යාවේ ගරිසා ප්‍රාන්තයේ ගමක දී වනාරක්ෂකයින් විසින් ගැහැණු සහ ඇගේ පැටවාගේ මළකඳන් සොයාගෙන ඇත.

    මේ සමග ලෝකයේ ඉතිරිම ඇත්තේ තවත් එක් සුදු ජිරාෆයෙකු පමණ් යැයි විශ්වාස කෙරේ.

    ඔවුන්ගේ මෙම සුදු පෙනුමට හේතු වන්නේ දුර්ලභ තත්වයක් වන ලියුසිම් නිසා සමේ සෛල වලට වර්ණක නොමැති වීමයි. සුදු ජිරාෆ්වරුන්ගේ ඡායාරූප 2017 දී ඡායාරූප ගත කිරීමෙන් පසු ලොව පුරා පැතිර ගියේය.

    ඉෂාක්බිනි හිරෝලා ප්‍රජා සංරක්ෂණාගාරයේ කළමනාකරු මොහොමඩ් අහමඩ්නූර් පැවසුවේ ඝාතනයට ලක්වූ ජිරාෆ් දෙදෙනා අවසන් වරට හඳුනාගෙන ඇත්තේ මීට මාස තුනකට පෙර බවයි.

    “සමස්තයක් වශයෙන් ඉජාරා සහ කෙන්යාවේ ප්‍රජාවට මෙය ඉතා කනගාටුදායක දිනයකි. සුදු ජිරාෆ්ගේ භාරකරුවන් වන ලෝකයේ එකම ප්‍රජාව අපයි” යනුවෙන් අහමඩ්නූර් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    “ඔවුන් ඝාතනය කිරීම දුර්ලභ හා අද්විතීය විශේෂයන් සංරක්ෂණය කිරීම සඳහා ප්‍රජාව විසින් ගනු ලැබූ දැවැන්ත පියවරයන්ට පහරක් වන අතර සංරක්ෂණ කටයුතු සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටී.”

    දඩයම්කරුවන් තවමත් හඳුනාගෙන නොමැති අතර ඔවුන්ගේ චේතනාව තවමත් පැහැදිලි නැත.

    නැගෙනහිර අප්‍රිකානු ප්‍රාන්තයේ ප්‍රධාන සංරක්ෂණ ආයතනය වන කෙන්යාවේ වනජීවී සංගමය කියා සිටියේ මෙම ඝාතන පිළිබඳව විමර්ශනය කරන බවයි.

    ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    ලුසිවාදය යනු කුමක්ද?

    • සමහර සමේ සෛල වල වර්ණක වර්ණ ගැන්වීම ලියුසිසම් විසින් වළක්වයි
    • මෙලනින් කිසිසේත් නිපදවන්නේ නැති ඇල්බිනිවාදයට එය වෙනස් ය
    • ලියුසිසම් සහිත සතුන්ගේ මෘදු පටක වල අඳුරු වර්ණකයක් තිබිය හැක
    • ජිරාෆ්වරුන්ගේ අඳුරු ඇස් රඳවා තබා ගන්නා අතර ඇල්බිනිස්වාදය ඇති සතුන්ට රෝස පැහැති ඇස් ඇත
    • කුරුල්ලන්, සිංහයන්, මාළු, මොනරුන්, පෙන්ගුවින්, රාජාලීන්, හිපපෝ, මූස් සහ සර්පයන් යන සියල්ලන්ම ලුසිවාදයේ ගති ලක්ෂණ පෙන්නුම් කර ඇත
    ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    කෙන්යාවේ සංරක්ෂණාගාර විශාල වශයෙන් අනාරක්ෂිත ප්‍රදේශයක පවතී. සංරක්ෂණාගාරය තුළ ගම්මානද පිහිටා තිබීම මීට හේතුවයි.

    කේනායානු වාර්තා අනුව සුදු ජිරාෆයන් ප්‍රථම වරට දැක ඇත්තේ 2015 ජනවාරි මස ටැන්සානියාවේදී වන අතර ටැන්සානියාවේ දැකීමෙන් මාස දෙකකට පමණ පසු 2016 මාර්තු මාසයේදී කෙන්යාවේදී ඔවුන්ව දැක ඇති බව සංරක්ෂණාගාරය සිය වෙබ් අඩවියේ සඳහන් කරයි.

    ජිරාෆ් ජනගහනයෙන් 40% ක් පමණ පසුගිය වසර 30 තුළ අතුරුදහන් වී ඇති අතර මස් හා සම සඳහා දඩයම් කිරීම අඛණ්ඩව සිදුවන බව අප්‍රිකානු වනජීවී පදනම  පවසයි.

    සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (අයි.යූ.සී.එන්) අනුව, ජිරාෆ ගහණය 1985 දී 155,000 සිට 2015 දී 97,000 දක්වා පහළ බැස ඇත.

    සී.එන්.එන්. වාර්තාවක් අසුරිණි.

  • සුපිරි Model of the Week – LuLu

    සුපිරි Model of the Week – LuLu

    මේ සතියේ සුපිරි ගොසිප් තුළින් සුපිරි Model of the Week – LuLu

  • එංගලන්තයට එරෙහි ටෙස්ට් පිලේ වෙනස්කමක්

    එංගලන්තයට එරෙහි ටෙස්ට් පිලේ වෙනස්කමක්

    එංගලන්තයට එරෙහිව ලබන 18 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් කුසල් පෙරේරාව කැඳවීමට තේරීම් කමිටුව පියවරගෙන තිබේ.

    ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද කණ්ඩායමට ඉකුත්දා බටහිර ඉන්දී කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නමද ඇතුළත්ව තිබුණද එම තාරගාවලියේ අවසන් තරගය අතරතුර ආබාධයකට ගොදුරුවීම නිසා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමිව තිබේ.

    කෙසේ වෙතත් සිම්බාබ්වේට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමට ඇතුළත්ව සිටි වමත් පිතිකරු ළහිරු තිරිමාන්නට එංගලන්තයට එරෙහි තරගාවලිය අහිමිව තිබේ.  

    එම වෙනස්කම් කීපය හැරුණු කොට අනෙක් සියලුම ක්‍රීඩකයින් සිම්බාබ්වේට එරෙහිව පැවැති තරග සංචාරයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයෝ වෙති.

    බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලිය අතරතුර විවාහ දිවියට එළැඹි කුසල් පෙරේරා මධුසමය පසෙකලා පළමු විස්සයි-20 තරගවට ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් රුස් කරගැනීමට සමත්වූවේය.

    සිම්බාබ්වේට එරෙහිව පැවැති තරගාවලිය සඳහා කුසල්ව ඇතුළත් නොවූ හෙයින් ඔහු සුදු පන්දුව භාවිතයෙන් සිදුකෙරෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වැඩි අවධානයක් යොමු කරමින් සිය පුහුණුවීම් සිදු කරනු ලැබීය.

    කෙසේ වෙතත් වනිඳුගෙන් හිස්වන ස්ථානය සඳහා ලබන 15 වැනිදා එංගලන්තයට එරෙහිව ඇරඹෙන සිව්දින පුහුණු තරගයේදී දක්ෂතා දක්වන ක්‍රීඩකයකුට අවස්ථාව පවතිනු ඇත.

    ඇතුළට – කුසල් පෙරේරා, වනිඳු හසරංග.

    ඉවතට – ළහිරු තිරිමාන්න

    ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න, ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල්පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විෂ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, කසුන් රජිත, වනිඳු හසරංග.  (පළමු ටෙස්ට් තරගයට පෙර ආදේශක ක්‍රීඩකයකු නම් කිරීමට නියමිතය)

  • කොරෝනා භීතිය සමග හුදකලා වුණ ඉතාලිය කැමරා ඇසින්

    කොරෝනා භීතිය සමග හුදකලා වුණ ඉතාලිය කැමරා ඇසින්

    කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය සමග ඉතාලිය සම්පූර්ණයෙන්ම අවදානම් කලාපයක්/ රතු කලාපයක් බවට පත් කිරීමට ඉතාලි රජය අද (10) පියවර ගත්තා. මේ අනුව විශේෂ අවසරයකින් තොරව ඉතාලියෙන් පිටවීම සහ ඇතුළු වීම තහනම් කර ඇති අතර මෙම සීමා කිරීම් වලට අදාළ නීති කඩ කීරීම තෙමසක සිරදඩුවම් ලබා දිය හැකි වරදක් බවට ද ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මිලියන 60ක ජනතාවක් ඉතාලිය තුළ නිරෝධායනට ලක් කිරීමට නියමිතයි.

    මෙම ක්‍රියාමාර්ග අතරට මුළු රටටම සංචාරක සීමා කිරීම් සහ මහජන රැස්වීම් තහනම් කිරීම ඇතුළත් බවයි වාර්තා වන්නේ. අද (10) අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ ජනතාවට නිවසේ රැඳී සිටිමින් අත්‍යවශ්‍ය ගමන් සඳහා අවසර ලබා ගන්නා ලෙස නියෝග කළේය. වඩාත් අවදානම් සහිත පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර සැලසුම් කර ඇති බව ඔහු පැවසීය. “වැඩි කාලයක් නැත” ඔහු රූපවාහිනී දේශනයකදී පැවසීය.

    ඉතාලියේ කොරෝනා වයිරස් මරණ සංඛ්‍යාව සඳුදා (10) 366 සිට 463 දක්වා ඉහළ ගොස් ඇති අතර රෝගීන් 9,172 ක් වාර්තා වී තිබේ. එය චීනයට පසු දරුණුතම බලපෑමට ලක්වූ රටයි. ඉතාලි කලාප 20 තුළම වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

    මේ තත්ත්වය තුළ ඉතාලි ජන ජීවිතය කැමරා කාචවල මෙසේ සටහන් වුණා.

    කාන්තාවක් ආහාර සාප්පුවක සේවය කිරීමට බලා සිටී
    ෙරෝමයේ ට්‍රැස්ටිවර් ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලකට පැමිණි කාන්තාවක්. කහ රේඛා මගින් ගනුදෙනුකරුවන් එකිනෙකා අතර තබා ගත යුතු දුර සලකුණු කරයි
    මුහුණු ආවරණයක් පැළඳ සිටින නිවාස නොමැති පුද්ගලයෙකු විසින් කාන්තාවක් ගමන් කරයි
    මිලාන්හි ප්‍රධාන මහා වීදියක් වන කෝර්සෝ බුවනෝස් අයර්ස් හි කාන්තාවක් නිවාස නොමැති අයෙකු අසලින් ඇවිද යන අයුරු
    තුවක්කු ඇති සොල්දාදුවන් රෝමයේ වීථියක් හරහා ගමන් කරයි
    සොල්දාදුවන් රෝමයේ ට්‍රැස්ටිවර් දිස්ත්‍රික්කයේ අවන්හලක් පසුකර මුර සංචාරයේ යෙදෙන අයුරු
    මිනිසෙක් මිලාන්හි ඩුඕමෝ චතුරශ්‍රයේ ඇවිදියි
    මිලාන්හි ඩුඕමෝ චතුරශ්‍රය මිනිස් වාසයෙන් තොරව වී ඇති අයුරු
    මුහුණු ආවරණයක් පැළඳ සිටින කාන්තාවක් සොල්දාදුවෙකුට කතා කරයි
    ඉතාලි සොල්දාදුවෙක් මිලාන්හි මිලානෝ සෙන්ට්‍රල් දුම්රිය ස්ථානයේ මගී කාන්තාවක් පරීක්ෂා කරමින්
    මුහුණු ආවරණයක් පැළඳ සිටියදී මිනිසෙකු කැරකැවීමක් හරහා ගමන් කරයි
    ෆියට් ක්‍රයිස්ලර් ඔටෝමොබයිල්ස් (එෆ්සීඒ) සේවකයෙකු ටියුරින්හි මිරාෆියෝරි කම්හලෙන් පිටව යයි
    බල්ලෙක් හිස් මේස රාශියක් ඇති අවන්හලක් පසුකර යයි
    රෝමයේ ට්‍රැස්ටිවර් ප්‍රදේශයේ හිස් අවන්හලක් ඉදිරිපිට බල්ලෙක් ගමන් කරයි
    මාළු වෙළඳපොළක් අසල මුහුණු ආවරණයක් පැළඳ සිටින මිනිසෙක්
    කැටනියාවේමාළු වෙළඳපොළක්
    රෝමයේ ස්පා Spanish ් Ste පියවර
    රෝමයේ දර්ශනයක්
    මුහුණු ආවරණයක් පැළඳ සිටින කාන්තාවක් මෙට්‍රෝ දුම්රිය ස්ථානයක් පසුකර යන අතර පිරිමියෙක් පිටුපස බිත්තියක් මත හිඳගෙන සිටී
    කාන්තාවක් රෝමයේ මෙට්‍රෝ දුම්රිය ස්ථානයක් පසුකර යන අයුරු
    වේටර්වරයෙක් 'මීටර් 1' යනුවෙන් ලකුණක් සහිත කෝපි කෝප්පයක් සේවය කරයි
    රෝමයේ කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් අතර තබා ගත යුතු අවම දුර දක්වමින් වේටර්වරයෙක් ‘මීටර 1’ යනුවෙන් ලකුණක් සහිත කෝපි කෝප්පයක් සපයයි.
    පොලිස් නිලධාරීන් තිදෙනෙක් මුහුණු ආවරණ පැළඳ පේළියක සිටගෙන සිටිති
    කැටනියාවේ ඩුඕමෝ චතුරශ්‍රයේ ආරක්ෂක නිලධාරීන් රදවා සිටින අයුරු
    මුහුණු ආවරණයක් පැළඳ සිටින වේටර්වරයෙක් පාළු අවන්හලකින් පිටත සිටගෙන සිටියි
    කැටනියාවේ ටීට්‍රෝ මැසිමෝ චතුරශ්‍රය
    වෙළඳසැලකින් පිටත ලකුණක් අනෙක් පුද්ගලයන්ගෙන් මීටරයක දුරක් තබා ගැනීමට ගනුදෙනුකරුවන්ට උපදෙස් දෙයි
    මිලාන්හි වෙළඳසැලකින් පිටතදී අනෙක් පුද්ගලයින්ගෙන් මීටරයක දුරක් තබා ගැනීමට පාරිභෝගිකයින්ට උපදෙස් දෙන දැන්වීම් පුවරුවක්
    මිනිසෙක් පුරාණ ගල් කුළුණු පසුකර බයිසිකලයක් පදවයි
    රෝමයේ මධ්‍යයේ පිහිටි පියසා ඩි පියෙට්‍රා චතුරශ්‍රය
    ඉතාලි ප්‍රාන්ත පොලිස් නිලධාරීන් මිනිසා සමඟ කතා කරයි
    ඉතාලි ප්‍රාන්ත පොලිස් නිලධාරීන් මිලාන්හි මිලානෝ සෙන්ට්‍රල් දුම්රිය ස්ථානයෙන් පිටත්ව යන මගියෙකු පරීක්ෂා කරන අයුරු
    කාන්තාවක් ඇගේ ජංගම දුරකථනය පිටුපස මුහුණේ විශාල වෙළඳ දැන්වීම් පෝස්ටරයක් ​​සමඟ පරීක්ෂා කරයි
    මිලාන්හි මිලානෝ සෙන්ට්‍රල් දුම්රිය ස්ථානයේදී කාන්තාවක් සිය ජංගම දුරකථනය පරීක්ෂා කරයි
    රෝමයේ ෆාමසියක සේවය කරමින් සිටියදී ලියන වෛද්‍යවරයෙක්
    රෝමයේ ෆාමසියක වෛද්‍යවරයෙක්
    සාප්පු ට්‍රොලියක් ඇති මිනිසෙක් ආහාර සමඟ ඉහළින් ගොඩ ගසා ඇත
    අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් රැගෙන යන රෝම වැසියෙක්.
    මගීන් කිහිප දෙනෙක් භූගත දුම්රිය මැදිරියක වාඩි වී සිටිති
    මගීන් මිලාන් මෙට්‍රෝ දුම්රිය පොළේ සිටින අයුරු
    ඇඳුම් හා සනීපාරක්ෂක උපකරණවල මිනිසෙක් වීථියක වැඩ කරයි
    සනීපාරක්ෂක සේවකයෙකු පදෝවාහි වීථියක් විෂබීජහරණය කරයි

    .Pictures by bbc.com

  • කොරෝනා අසියානු කතුන්ට කරන බලපෑම මෙන්න…

    කොරෝනා අසියානු කතුන්ට කරන බලපෑම මෙන්න…

    චීනය තුළ කොරෝනාවෛරසය පැතිරීමට පටන්ගත් තැන සිට ආසියාව පුරා දස දහස් ගණනක් ආසාදිත වී හෝ මරණයට පත්වී ඇති අතර ලොව පුරා එය ව්‍යාප්තවෙමින් පවතී. වෛරසයට එරෙහි සෞඛ්‍යමය සටන මෙන්ම සාමාජයීය බලපෑම සුවිශේෂී තැනක් ගන්නා අතර ආසියාව පුරා කාන්තාවෝ විෂම ආකාරයෙන් බලපෑමට ලක්ව සිටිති.

    “අර්බුද සැමවිටම ස්ත්‍රී පුරුෂ අසමානතාව අවුස්සනවා,” යැයි එක්සත් ජාතීන්ගේ ‘ආසියා ශාන්තිකර කලාපීය එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ’ (UN Women Asia and Pacific) ආයතනයේ මානුෂීය හා ආපදා අවදානම් පිළිබඳ උපදේශිකා මාරියා හොල්ට්ස්බර්ග් පැවසීය.

    කොරෝනාවෛරසය පැතිරීමේ බලපෑම ආසියානු කාන්තාවන්ට එල්ල වන ආකාර පහක් මෙසේ දැක්විය හැකිය.

    1. පාසල් වැසීම

    “දැනට සති තුනකට වැඩි කාලයක් මම දරුවන් එක්ක ගෙදරට වෙලා ඉන්නවා,” යැයි ජනමාධ්‍යවේදිනියක මෙන්ම දෙදරු මවක වන සුන්ග් සෝ-යන්ග් පැවසුවාය.

    ඇය දිවි ගෙවන්නේ දකුණු කොරියාවේ ය. නව වසර සඳහා පාසල් විවෘත කිරීම අමතර සති දෙකකින් කල් දමා ඇති බව එරට නිවේදනය කර තිබිණි. ඒ අනුව මාර්තු 23 වනදා තෙක් දරුවෝ පාසල් නොයති.

    asdfaf

    යුනෙස්කෝ හි නවතම දත්ත අනුව මාර්තු 4 වනදා වනවිට දකුණු කොරියාව, චීනය හා ජපානයේ පූර්ව ප්‍රාථමික සිට ඉහළ ද්වීතියික ශ්‍රේණි දක්වා වූ මිලියන 253ක ශිෂ්‍ය පිරිසක් පාසල් නොගියහ.

    මෙම තත්ත්වය සුන්ග් වැනි මව්වරුන් හට විශේෂයෙන් ම දුෂ්කර තත්ත්වයක් උදා කර ඇති අතර බොහෝ නැගෙනහිර ආසියානු කලාපීය රටවල මවුවරු සිය ගෘහය තුළ විෂමාකාරයේ පීඩනයකට උර දෙති. ඇය පවසන්නේ මෙම තත්ත්වය ඇයට “පීඩාකාරී” වී ඇති බවකි.

    “ඇත්තෙන්ම කිව්වොත්, මට කාර්යාලයට යන්න ඕනෑ. ගෙදර දී මට අවධානය යොමු කරගන්න බැහැ.” යැයි කියා සිටින සුන්ග් “නමුත් මගේ සැමියා තමයි වැඩි ආදායමක් ලබන්නේ. ඒ නිසා කොහෙත්ම ඔහුට නවතින්න කියන්න බැහැ.” යැයි පවසන්නීය.

    ඇය, 11 හැවිරිදි දියණිය හා 5 හැවිරිදි පුතු සුන්ග් සමග ක්‍රීඩා කරමින් හා චිත්‍රපට නරඹමින් දවසේ කාලය ගත කරන්නීය. ඇය සිය වැඩ කටයුතුවල යෙදීම සඳහා කාලය සොයාගන්නේ දරුවන් නින්දට වැටුණු පසුවය.

    දස්දස්ඩ්

    දකුණු කොරියාව තුළ සේවයේ යෙදීමේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සම්බන්ධයෙන් ඇති දුර්වල වාර්තාව ඇයගේ තත්ත්වයෙන් විද්‍යමාන වේ. 2020 දී ආර්ථිකය තුළ කාන්තාවගේ සහභාගිත්වයට අදාළව ලෝක ආර්ථික සමුළුව විසින් රටවල් 155ක් අතුරින් දකුණු කොරියාව ශ්‍රේණිගත කරනු ලැබුවේ 127 වෙනි ස්ථානයට ය.

    පාසල් වැසීම හේතුවෙන් දරුවන් රැකබලා ගැනීමට සිදුවීම නිසා සේවයට වාර්තා කළ නොහැකි කාන්තාවන්ගේ වැටුප් කපා හැරීමට ඇතැම් සමාගම් පියවර ගෙන ඇතැයි සුන්ග් ට අසන්නට ලැබිණි.

    “බොහොමයක් සමාගම් නොකීවත්, ඔවුන් වැඩකරන මව්වරුන් දකින්නේ කරදරයක් හැටියටයි. ඔවුන් තරගකාරී ජීව ගුණයෙන් අඩු යැයි ඔවුන් හිතනවා. ඔබට දරුවන් නැත්නම් වැඩි වශයෙන් කාර්යාලයට එන්න ඔබට පුළුවන්.” ඇය පවසන්නීය.

    පාසල් වැසීම නිසා සිය දරුවන් රැකබලාගැනීමට සේවකයින් වැටුප් සහිත නිවාඩු ලබන්නේ නම් එවැනි එක් අයෙකු වෙනුවෙන් දිනකට ඩොලර් 80 දක්වා වූ මුදලක් ව්‍යාපාරවලට ගෙවන බව ජපාන ආණ්ඩුවමේ සතියේ නිවේදනය කළේය.

    දෙමාපියන්ට සහයක් ලෙස දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා පාසල් කාලයෙන් අනතුරුව පවත්වනු ලබන විවිධ සමාජ පාසල් වැසීමේ ප්‍රතිපත්තියෙන් වෙන් කෙරුණද පාසල් වැසීමෙන් අපේක්ෂිත ඵලදායීතාව ද ප්‍රශ්න කෙරේ.

    “වෛරසය සම්පූර්ණයෙන් පැතිරීම නැවත්වීමට පාසල් වැසීමෙන් සහයක් ලැබෙන්නේ නැහැ. එයින් සිදුවෙන්නේ රැකියාවේ නිරත මවුවරුන්ගේ පීඩනය තව වැඩි කිරීමයි.” කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන නට්සුකෝ ෆුජිමාකි ටකෙයුචි පවසයි.

    “විශේෂයෙන්ම මගේ ව්‍යාපාරයට මෙය අභියෝගයක්. ආර්ථික හානිය වෙනුවෙන් විශාල සමාගම් ලබන ආකාරයේ උදව්වක් මට ලැබෙන්නේ නැහැ.”

    2. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය

    චීනය තුළ මිලියන ගණනක පිරිසක් නිවෙස් තුළට වී හිඳීම නිසා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිදුවීම් ඉහළ යන බව මානව හිමිකම් පිළිබඳ හඬ නගන ක්‍රියාකාරීහු පවසති.

    වෛරසයේ කේන්ද්‍රය වූ වුහාන් නගරයට 2019 නොවැම්බරයේදී පැමිණි ක්‍රියාකාරිනියක වන ගුඕ ජින්ග් පවසන්නේ, නිරෝධායනයට ලක්වූ එම නගරයේ සිටින තරුණ පිරිස වෙතින් තමන්ට ලැබුණු තොරතුරුවලට අනුව ඔවුන් සිය දෙමාපියන් අතර අතර ඇතිවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට සාක්ෂි දරන බවය.

    asdfasdf

    තමන්ගේ දුර ඥාතියෙකු ඇයගේ කළින් ස්වාමිපුරුෂයාගේ පහරදීමට ලක්ව උපකාර පැතූ බව හෙනාන් පළාතට මායිම්ව ජීවත් වන ෂියාඕ ලී නම් ක්‍රියාකාරිනිය බීබීසී සමග පැවසුවාය.

    “ඇයට තමන්ගේ ගමින් පිටව යන්න අවසර ලබාගත නොහැකි බව අපට මුලින් දැනගන්න ලැබුණා” යැයි ලී කියා සිටියාය.

    “පසුව ඒ ගැන තවදුරටත් උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේදී ගමට ඇතුළුවෙන්නත් පිටවෙන්නත් පොලිසියෙන් අවසරයක් ලැබුණා. ඒ නිසා එහි ගොස් ඇය සහ දරුවන් හමුවෙන්න මගේ සහෝදරයාට අවස්ථාව ලැබුණා.”

    ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ මෙවැනි සිදුවීම් සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වීමත් සමග එදෙස සැලකීමකින් තොරව හුදෙක් බලා නොඉඳ ප්‍රතික්‍රියා දක්වන්නැයි ඉල්ලමින් ඇතැම් කාන්තාවන් පෝස්ටර් නිර්මාණය කර තිබේ. #AntiDomesticViolenceDuringEpidemic (වසංගතය අතරේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිවීම) නම්වූ හෑෂ්ටැගය චීනයේ සයිනා වෙයිබෝ (Sina Weibo) සමාජ ජාලය තුළ සාකච්ඡාවට ලක්ව ඇත.

    බෙයිජිං අගනුවර මූලික කොටගත් ලාභ නොලබන කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ආයතනයක් වන වෙයිපිං හි අධ්‍යක්ෂිකා ෆෙන්ග් යුආන් පසුගිය සතියේ පැවසුවේ, නිරෝධායනයට පෙර පැවති තත්ත්වය තුළ වින්දිතයින්ගෙන් ලද විමසීම්වලට වඩා තුන්ගුණයක ප්‍රමාණයක් දැන් ලැබෙමින් පවතින බවකි.

    “ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය බරපතල ලෙස නොසැලකීමේ තත්ත්වයට වසංගතය හේතුවක් ලෙස ඉදිරිපත් නොකිරීමට පොලිසිය වගබලාගත යුතුයි.” ඇය පැවසුවාය.

    වෛරසයෙන් හටගෙන ඇති තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා දරන ප්‍රයත්නය උත්සන්න කෙරෙමින් තිබියදී ඒ සඳහා සම්පත් හැරවීම සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ ආයතනය සිය අවධානය යොමු කර තිබේ.

    “නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාව හෝ ස්ත්‍රී පුරුෂ බව මත සිදුවන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වූ සේවා වැනි කාන්තාවන් යැපෙන වැදගත් සේවාවලින් වෙනතක සම්පත් හැරවීම ගැන අප විශේෂයෙන්ම සැලකිලිමත්වනවා.” යැයි මාරියා හොල්ට්ස්බර්ග් පැවසුවාය.

    3. ඉදිරිපෙළ සත්කාර සේවකයින්

    ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෞඛ්‍ය හා සමාජීය අංශවල සේවකයින්ගෙන් 70% ක් සමන්විත වන්නේ කාන්තාවන්ගෙනි.

    හෙදියන් වශයෙන් ඉදිරිපෙළ සේවයේ නිරත කාන්තාවන්ගේ “ශාන්තුවරභාවය” සහ “රණකාමී වැනි” ස්වභාවය අගයමින් එවැනි කතා චීන මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කෙරෙමින් පවතී.

    adsfadfa

    කොරෝනාවෛරසය පැතිරීමට එරෙහිව සහයෝගය දීම සඳහා පිටත්වයාමට පෙර වෛද්‍ය සේවිකාවන් පිරිසක් සිය හිස මුඩු කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මෙම මාසයේදී අන්තර්ජාලය ඔස්සේ පළවූ අතර එය බෙහෙවින් ජනප්‍රිය විය. මෑතදී ගබ්සාවකට ලක්වූ වෛද්‍ය සේවිකාවක යළි සේවයට යාම පිළිබඳ පුවතට විශාල විරෝධයක් එල්ල වූයේ එය ප්‍රචාරණයක් සහ අනතුරුදායී පූර්වාදර්ශයක් බව පවසමිනි.

    සිය පැය 10 ක සේවා මුරය තුළදී ආහාර ගැනීමට, විවේක ගැනීමට හෝ වැසිකිලි භාවිත කිරීමට රෝහල් කාර්ය මණ්ඩලයට ඉඩ නොදුන් බව පැවසූ හෙදියක සමග බීබීසී පසුගිය මාසයේදී කතා කළේය.

    එය සෑම රෝහල් කාර්ය මණ්ඩලයකට අදාළ වන අතරේ වෙනස් කොට සැළකීමේ තවත් ස්ථරයකට කාන්තාවන් උර දී ඇති බව ජිඈන්ග් ජින්ජින්ග් පවසන්නීය.

    ඇය එක්ව සිටි කොරෝනාවෛරස සොයුරි සහය (Coronavirus Sister Support) නම් වූ වැඩපිළිවෙලින් උත්සහ දැරුවේ වසංගතයේ කේන්ද්‍රය වන හුබෙයි පළාතේ ඉදිරිපෙළ සේවිකාවන් වෙත කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන සැපයීමය. කාන්තාවන්ගේ ඔසප් සඳහා වූ අවශ්‍යතා නොසළකා හැර ඇති බව ඇය කියා සිටියාය.

    සිය වෙයිබෝ පිටුවේ සටහනක් තැබූ ඇය: “පෙබරවාරි 28 වනදා වන විට, ඔසප් කලිසම් 481,377ක්, ඉවතලිය හැකි කලිසම් 303,939ක් හා සනීපාරක්ෂක තුවා 86,400ක් පරිත්‍යාග කළා,” යැයි සඳහන් කළාය.

    ජියැන්ග් ජින්ජින්ග් පෙන්වා දෙන්නේ දස දහස් ගණනක වෛද්‍ය සේවිකාවන් සඳහා නිවැරදි ඔසප් නිෂ්පාදන සැපයීම ගැන බොහෝ දෙනා කල්පනාවට ගෙන නැති බවය.

    මෙම ස්වෙච්ඡා සේවකයින්ගේ ව්‍යාපෘතිය චීනයේ සමාජ මාධ්‍ය බොහොමයක් ඔස්සේ ඇගයීමට ලක්වීමෙන් අනතුරුව තමන් වෛද්‍ය සේවිකාවන් වෙත ඔසප් නිෂ්පාදන සපයන බව රාජ්‍ය ආයතනයක් වන චීන කාන්තා සංවර්ධන පදනම පවසා තිබිණි.

    coronavirus_what should do

    4. සංක්‍රමණික ගෘහ සහයකයින්

    400,000 ක් පමණ වූ ඇස්තමේන්තුගත කාන්තා ගෘහ කාර්ය මණ්ඩලයක් හොංකොං හි සේවයේ නිරතව සිටිති. ඉන් බොහෝමය පැමිණ ඇත්තේ පිලිපීනය හා ඉන්දුනීසියාව යන රටවලිනි. ඔවුන් දැඩිලෙස වික්ෂිප්තභාවයට පත්ව සිටිනුයේ හුදෙක් රැකියාවල අස්ථිර ස්වභාවය නිසාම නොව, මුව ආවරණ හා දෑත් පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය වැනි ආරක්ෂක ද්‍රව්‍ය සොයා ගැනීම දුෂ්කර වීම ද හේතුවෙනි.

    asdfasfa

    “තැතිගැන්මත් සමග විශාල ලෙස මුව ආවරණ මිලදී ගන්න නිසා ඒවායේ මිල සංක්‍රමණික සේවකයින්ට තව දුරටත් දරන්න බැරි තරම් ඉහළ ගිහින්.” යැයි හොංකොං හි සංක්‍රමණික සේවකයින් වෙනුවෙන් ඇති පුණ්‍යායතනයක සාමාන්‍යාධිකාරි සින්තියා අබ්දොන්-තෙලෙස් කියා සිටියාය.

    “හැම සංක්‍රමණික සේවකයෙකුටම තමන්ගේ සේවා යෝජකයාගෙන් මුව ආවරණ ලැබෙන්නේ නැහැ. ඒවා අපටම මිලදී ගන්න සිදුවෙන අතර මිල ඉතා ඉහලයි. සේවායෝජකයාගෙන් මුව ආවරණ ලබන සමහරු සතියක් පුරා එකම ආවරණය පළඳිනවා.” හොංකොං හි සිටින සංක්‍රමණික සේවිකාවක වන එකා සෙප්ටි සුසන්ති බීබීසී ඉන්දුනීසියානු සේවයට පැවසුවාය.

    සේවායෝජකයින්ගෙන් මුව ආවරණ නොලබන සංක්‍රමණික සේවකයින් හට බෙදා දීම සඳහා තම ආයතනය මුව ආවරණ එක්රැස් කරන බව අබෝදොන්-තෙලෙස් කීවාය.

    “ඉන්දුනීසියානු කොන්සල් කාර්යාලය නොමිලේ මුව ආවරණ බෙදනවා. ඒත් එය ප්‍රමාණවත් නැහැ. මුව ආවරණ තුනක් ලබාගැනීමට පැය තුනක් පෝලිමේ ඉන්න වුණා. සතියකට අඩු තරමින් මුව ආවරණ හයක් අවශ්‍යයි.” හොංකොං හි සංක්‍රමණික සේවක සංගමයේ සභාපතිනි ශ්‍රින්ග් ශ්‍රීන්ගටින් සඳහන් කළාය.

    හොංකොං ආණ්ඩුවේ උපදෙස් එහි සිටින විදේශීය ගෘහ සේවකයින්ගේ කණස්සල්ලට ද හේතුවී තිබේ. සතියකට ලැබෙන දිනක නිවාඩුව නිවෙස් තුළට වී ගතකරන්නැයි ආණ්ඩුව ඔවුන්ගෙන් ඉල්ලා තිබෙන්නේ ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම මෙන්ම වසංගතයට ගොදුරුවීමේ අවදානම අඩුකිරීමේ අරමුණිනි.

    මෙය, සිය පවුල්වලින් දුරස්ව දිවිගෙවන කාන්තාවන්ගේ වටිනා සමාජයීය කාලය ඉවත් කිරීමක් වන අතර ඔවුන් ශ්‍රම සුරාකෑමේ අවදානමට ද ලක් කරයි.

    asfasfa

    “බැහැර යාමට නොහැකි නිසා සංක්‍රමණික සේවකයින් සිය නිවාඩු දිනයේ ද තවදුරටත් සේවයේ යෙදෙනවා.” ශ්‍රීන්ගටින් පවසයි.

    “ඔවුන් සිය සේවායෝජකයින්ට ආහාර පිසින්නේ, දරුවන් බලාගන්නේ හෝ සේවායෝජකයින්ගේ දෙමාපියන් ද රැකබලාගන්නේ කිසිදු ගෙවීමක් නොලබාමයි. නිවාඩුවක් අවශ්‍යයි කියන අය රැකියාවෙන් නෙරපන බවට තර්ජනයට ලක්වෙලා.”

    මෙහි බලපෑමට ලක්වන්නේ එම කාන්තාවන් පමණක් නොවේ; ඔවුන් පිලිපීනය හා ඉන්දුනීසියාවට යවන මුදලින් තවත් මිලියන ගණනක පිරිසක් යැපෙති.

    විදෙස්ගත පිලිපීන සේවකයින්ගේ මුදල් ප්‍රේරණය 2019 වසරේදී වාර්තාගත ඩොලර් බිලියන 33.5ක් විය.

    5. දිගු කාලීන ආර්ථික බලපෑම

    වසංගත තත්ත්වය මත, 2009 සිට තමන් අත්දුටු අඩු ම අනුපාත මට්ටමක වර්ධනයක් ගෝලීය ආර්ථිකයේ අපේක්ෂා කළ හැකිදැයි යන්න සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥයින් මෙන්ම ආණ්ඩු ද සාකච්ඡා කරමින් සිටිති.

    asdfasdfadsf

    “සමස්තයක් ලෙස කාන්තාවන් මෙන්ම පිරිමින්ටද එක සේ අදාළ බොහෝ අංශවලට බලපාන සංචාරක, නිෂ්පාදන හා පාරිභෝගික කටයුතුවලට කොරෝනාවෛරසයෙන් විශාල බලපෑමක් එල්ල වෙලා.” ලන්ඩන් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක වන ක්‍රිස්ටිනා මාග්ස් සඳහන් කළාය.

    “පරිභෝජනය අඩාල වීම විශේෂයෙන් ම බලපා තිබෙන්නේ අඩු ආදායම්ලාභී කාන්තාවන්ට. ඒ, බොහෝ විට ඔවුන් සත්කාරක, සිල්ලර හෝ වෙනත් සේවා අංශවල සේවය කරන බැවිනුයි.”

    චීනය තුළ, “බොහෝ සංක්‍රමණික කාන්තාවන්ට රැකියා කොන්ත්‍රාත්තු නැහැ. කොරෝනාවෛරසය වැළඳුනොත් ඔවුන්ට කිසිදු ආදායමක් අහිමියි. ඔවුන් වැඩ කරන්නේ නැත්නම්, ඔවුන්ට ගෙවීමක් නැහැ.” ඇය පවසන්නීය.

    “සමාජ ආරක්ෂණයක් නැති තත්ත්වය තුළ, රැකියාවට ගොස් ඇතැම්විට රෝගී වීම හෝ වෙනත් ආකාරවල නවාතැන් සඳහා ගෙවීම යන අකරතැබ්බයට ඔවුන් මුහුණ දෙනවා. ඊට විකල්පය වෙන්නේ තමන් ඉතුරු කරගෙන ඇති සුළු හෝ මුදලින් යැපෙමින් නිවසට වී සිටීමට සිදුවීමයි. මෙයින් ඔවුන්ට ඉතා අසීරු තත්ත්වයක් ඇතිකරනවා.”

    asfasdf

    මේ අතර චීනයෙන් ලැබෙන අමුද්‍රව්‍ය මත යැපෙන අග්නිදිග ආසියාවේ ඇතැම් ඇඟලුම් කම්හල් වැසී යන තත්ත්වයට පත්ව තිබේ.

    මියන්මාර ආණ්ඩුව පවසන පරිදි පසුගිය ජනවාරියේ සිට මේ දක්වා කම්හල් 10 ට වැඩි ප්‍රමාණයක් වැසී ගොස් ඇත. නමුත් එරට කම්කරු අමාත්‍යාංශය පවසන්නේ ඒ සියල්ල කොරෝනාවෛරසය හා සම්බන්ධයක් නැති බවකි.

    බීබීසී බුරුම සේවයට කතා කළ මා චිට් සූ පැවසුවේ සිය පවුල තමන්ගේ වැටුපෙන් යැපුනද දැන් ඇඟලුම් කම්හල වැසී ඇති හෙයින් රැකියා නැති බවය.

    “මට වන්දියෙන් වැඩක් නැහැ. මට කම්හලේ රැකියාවයි අවශ්‍ය කරන්නේ.” ඇය පවසන්නීය.

    ‘එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ’ ආයතනයට අනුව දෛනික වැටුප් ලබන්නන්, සුළු ව්‍යාපාර හිමියන් හා අවිධිමත් අංශවල රැකියාවේ නිරත අය ද ඇතුළු කාන්තාවන් විශාල ලෙස බලපෑමට ලක්වන කරුණු කිහිපයකි.

    “දිගු හා මධ්‍ය කාලීන ප්‍රතිපූරණ වැඩපිළිවෙලවලදී කාන්තාවන් හා පිරිමින්ට වෙන්වූ අවශ්‍යතා කෙරෙහිද අවධානය යොමු කළ යුතුයි.” යනුවෙන් ආසියා ශාන්තිකර කලාපීය එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ ආයතනයේ කලාපීය අධ්‍යක්ෂ මොහොමඩ් නසිරි සඳහන් කළේය.

    “වසංගතයට එරෙහි සටනේදී කාන්තාවන් ඉටුකරන්නේ අත්හළ නොහැකි භූමිකාවක්. ඒ, සෞඛ්‍ය සත්කාර සේවකයින්, විද්‍යාඥයින් හා පර්යේෂකයින්, සමාජ ක්‍රියාකාරීන්, ප්‍රජා සාම ප්‍රවර්ධකයින් හා සත්කාරකයින් වශයෙන්.”

    “කාන්තාවන්ගේ හඬට ඇහුම්කන් දීම හා පිළිගැනීම සහතික කිරීම අවශ්‍යයි.” ඔහු කියා සිටී.

    Full text copied by BBC Sandesaya

  • ඖෂධ ජාවාරම ගැන GMOA කිඹුල් කදුළු හෙළයි

    ඖෂධ ජාවාරම ගැන GMOA කිඹුල් කදුළු හෙළයි

    හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න යටතේ ආරම්භ වූ ඖෂධ ජාවාරම වර්තමාන ආණ්ඩුවට නවතා දැමීමට තවමත් නොහැකි වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

    ඖෂධ හිඟයක් තිබෙන බවට වර්තමාන ආණ්ඩුවට පෙන්වා දුන් පසු එය පිළිගැනීමට ආණ්ඩුව කටයුතු කළත් ඖෂධ හිඟයට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවද අද (10) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අලුත්ගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    පසුගිය ආණ්ඩු සමයේදී ඖෂධ හිඟයක් තිබෙන බවට පෙන්වා දුන්නත් එදා ආණ්ඩුව එය පිළි නොගත් බවත් මේ නිසා ප්‍රශ්නය උත්තරයක් නොලැබුණු බවද සදහන් කළ අලුත්ගේ මහතා මේ නිසා ඖෂධ ගැටළුව විසඳීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කර ඒ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙන බවද සදහන් කළේය.

  • සජිත් ප්‍රේමදාස යු.එන් පියත් ඉවර කළා –  නිශාන්ත මුතුහෙට්ටිගම

    සජිත් ප්‍රේමදාස යු.එන් පියත් ඉවර කළා – නිශාන්ත මුතුහෙට්ටිගම

    ‘සජිත් ප්‍රේමදාස මහතා  අපට කිසිදු අභියෝගයක් නෙවෙයි. යු.එන්.පිය පසුගිය මැතිවරණයේ දි ගත්තේ ඡන්ද  55 ලක්ෂයයි. පරතරය  14 ලක්ෂයක්  වෙනවා. අලියා වෙනම යනවා. සජිත් සමගි ජන බලවේගයෙන් වෙනම තරග කරනවා.  ද්‍රවිඩ සන්ධාන දෙකට තුනකට කැඩිලා.

    ඉදිරි මහ මැතිවරණයේ පාර්ලිමේන්තුව තුළ  අඩුම  මන්ත්‍රිධුර සංඛ්‍යාවක් හිමිකරගන්නා සන්ධානයේ නායකයා බවට සජිත් ප්‍රේමදාස පත් වෙනවා. සජිත් ප්‍රේමදාස යු.එන් පියත් ඉවර කළා. හංසයාත් ඉවරයි.  සජිතුත් කපෝතියි. ශ්‍රි ලංකා පොදුජන සන්ධානයේ ජයග්‍රහණය ස්ථිරයි’

    ගාල්ල දිස්ත්‍රික්ක එ.ජ.නි. සන්ධානයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි  නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද (10) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසිය.

  • කොළඹ කොටස් වෙළෙදපොළ වාර්තාගත ලෙස බිද වැටෙයි

    කොළඹ කොටස් වෙළෙදපොළ වාර්තාගත ලෙස බිද වැටෙයි

    වසර අටකට පසු සිදු වූ ඉහළම පසුබෑම වාර්තා කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) 4.14 % කින් පහළ ගියේය. ඊයේ (9) දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,343.15ක් ලෙස සටහන් වූ අතර අද වෙළෙඳපොළ අවසන් වූයේ ඒකක 5,121.91ක් ලෙස ය. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 221.24කින් පහත වැටුණි.

    ඊට අමතර විඑස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා මිල දර්ශකය ද 4.75% කින් එනම් ඒකක 117.86කින් කඩා වැටුණි. කලින් දිනයේ ගනුදෙනු අවසන් වෙද්දි  එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 2,479.61ක් ලෙස දැක්වුණු අතර අද දිනය අවසන් වෙද්දි එය ඒකක 2,361.75ක් සටහන් විය.

    අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරීමත් සමඟ එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා මිල දර්ශකය 5% කින් පහළ ගිය ඒ හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවීය. කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු 5% කින් පහළ සෑම විටම එලෙස එය ස්වයංක්‍රීයව අක්‍රීය වේ.

    කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා කොටස් වෙළෙඳපොළ කඩාවැටීමකට ලක්ව තිබෙන අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද සෘජුව හා වක්‍රාකාරව අහිතකර බලපෑම් එල්ල වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේදී ප්‍රකාශ කළේය.