Tag: featured

  • බිස්නස් එක ලොස්ට් වෙන්නේ නැතිව ප්‍රොෆිට් පිට ඇඩ්වටයිස් කරන්න සුපිරිම තැනක්..!

    බිස්නස් එක ලොස්ට් වෙන්නේ නැතිව ප්‍රොෆිට් පිට ඇඩ්වටයිස් කරන්න සුපිරිම තැනක්..!

    දිනෙන් දින යාවත්කාලීන වන ව්‍යාපාරික ලෝකයේ ඔබ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදකයෙකු වුවත්, සේවා සපයන්නෙකු වුවත්, භාණ්ඩ අලෙවිකරන්නෙකු වුවත් එහි වර්ධනය වෙමින් පවතින තරඟකාරීත්වය සුළුපටු නොවේ.

    එම තරඟකාරීත්වය භාණ්ඩ කාණ්ඩයට වැටෙන ගොවියාගේ නිෂ්පාදනයේ සිට ගුවන්යානා නිෂ්පාදකයා දක්වාත්, සේවා සැපයීම් කාණ්ඩයට අයත්වන කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වාත් පවතී. මේ හේතුවෙන් ඔබ කුමන ක්ෂේත්‍රයක, කවර ආකාර භාණ්ඩ හා සේවා නිෂ්පාදකයෙකු වුවද ඔබට ඔබේ භාණ්ඩය හෝ සේවාව අලෙවි කරණය සඳහා අවශ්‍ය ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය සිදුකළ යුතු වේ.

    සාම්ප්‍රදායික අන්තර්ජාල ප්‍රචාරණ සහ අලෙවිකරණ ක්‍රමවේදය අතික්‍රමණය කරමින්

    එම ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය සඳහා සන්නිවේදනය අත්‍යාවශ්‍ය සාධකයක් වන අතර විද්‍යුත්, මුද්‍රිත සහ අන්තර්ජාල මාධ්‍ය වැඩි දායකත්වයක් සපයයි. එයිනුත් අද වන විට භාණ්ඩ හා සේවා ප්‍රචාරණයත්, ප්‍රවර්ධනයත් යොදාගන්නා මාධ්‍ය ලෙස අන්තර්ජාල මාධ්‍ය අන් සියලු මාධ්‍යයන් අභිබවමින් ඉතා සීඝ්‍රයෙන් ඉදිරියට පැමිණෙමින් තිබේ.

    ඊට ප්‍රධාන හේතු කිහිපයක් ඇති අතර ඉන් ප්‍රධාන වන්නේ අන්තර්ජාල මාධ්‍ය මේ වනවිට ජනතාව අතටම සමීපවන අද්වීතිය වේගයත්, ඉතා අඩුම පිරිවැයකින් සහ කාලයකින් ඉලක්කගත පාරිභෝගික පිරිසක් වෙත ප්‍රචාරණය කිරීමේ ඇති සුවිශේෂී හැකියාවයි. මේ නිසාම අද වන විට දේශීයව සහ විදේශීයව භාණ්ඩ හා සේවා ප්‍රචාරණය සහ අලෙවිකරණය සඳහාම නිර්මාණය වුණු වෙබ් අඩවි රාශියක් ඇත.

    වෙනත් රටවල නිර්මාණය වුණු මෙම භාණ්ඩ හා සේවා අලෙවිකරණ වෙබ් අඩවිවලට විවිධ වෙනස්කම් දක්නට ලැබුණද, අප රටේ සියයට අනූනවයක් වෙබ් අඩවිවල දක්නට ලැබෙන්නේ එකම සාම්ප්‍රදායික ප්‍රචාරණ සහ අලෙවිකරණ ක්‍රමවේදයයි.  

    එහෙත් එම සාම්ප්‍රදායික අන්තර්ජාල ප්‍රචාරණ සහ අලෙවිකරණ ක්‍රමවේදය අතීක්‍රමණය කරමින් විකුණුම්කරුවාටත්, ගැනුම්කරුවාටත් ප්‍රතිලාභ ලැබෙන අලුත්ම ක්‍රමවේදයක් ප්‍රථමවරට හඳුන්වා දීමට ශ්‍රී ලාංකීය වෙළඳ දැන්වීම් සහ ප්‍රචාරණ සමාගමක් සමත්ව සිටී. ඒ ICAN Holdings සමාගම යටතේ ඇති ICAN Advertising සමාගමට අයත් Bannercuts වෙළඳ සන්නාමය යටතේ වන bannercuts.com වෙබ් අඩඩිය හරහායි. මෙම සමාගම වසර 05ක් වැනි කෙටි කාලයක් තුළ දීපව්‍යාප්ත පාරිභෝගිකයින් 95,000කට වැඩි පිරිසකගේ විශ්වාසය දිනාගැනීමට සමත්ව ඇති සමාගමකි.

    සුවිශේෂී වරප්‍රසාද සහ ප්‍රතිලාභ රැසක්

    මෙහිදී භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවිකරණ දැන්වීම් ප්‍රචාරකයාට තමා වැය කරන මුදල කිසිඳු ලෙසකින්වත් අපතේ නොයන පරිදි සුවිශේෂී වරප්‍රසාද සහ ප්‍රතිලාභ රැසක් හිමිවන අතර ඔහුගේ රැචිකත්වය මත වෙනත් දැන්වීම් සහ ප්‍රවර්ධන තොරතුරු නැරඹීමත්, ඒවා පිළිබඳව දැනුවත් වීම තුළිනුත් සැලකිය යුතු ප්‍රමාණයක අතිරේක  මුදල් ප්‍රමාණයක් ඉපයීමේ අවස්ථා හිමිවේ. මෙය ඔබට ඔබේ දැන්වීම නිකරුනේ මුදාහරිනවා වෙනුවට ඉලක්කගත පිරිසකට (ස්ත්‍රී/පුරුෂ භාවය, වයස් සීමාව, ප්‍රදේශය..ආදී දේ) තෝරා බේරා ප්‍රචාරණය කිරීමේ හැකියාවත් මේ තුළ පවතී. ඔබ ස්වයං රැකියාව නියුතු ව්‍යසායකයෙකු නම් ඔබට ඔබේ නිෂ්පාදනය සහ සේවාවන් ප්‍රචාරණය තුළින් වැඩි අලෙවිකයකුත්, අතිරේක ආදායමකුත් උපයාගැනීමේ අවස්ථාව ඉතා පහසුවෙන් හිමිවේ.

    ඔබට ඔබේ ප්‍රචාරණ සහ ප්‍රවර්ධන අවශ්‍යතාවය මත ජාත්‍යන්තරව පිළිගත් PTC-Pay-to-click (එක ක්ලික් එකට ගෙවීම) ක්‍රමවේදය යටතේ අවශ්‍ය දැන්වීම් ප්‍රචාරණ සැලසුමක් සිමාසහිත වලංගු කාලයක් සඳහා මිලදී ගත හැකි වන අතර ඊට අදාළව ඔබේ අලෙවිකරණ හෝ ප්‍රවර්ධනය කරන භාණ්ඩ හෝ සේවාවේ ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු නිදහසේ සිදුකිරීමේ අවස්ථාව හිමිවේ.

    අප පෙර සඳහන් කළ පරිදි මෙහි ඇති වඩාත් වැදගත් සහ වෙන අන්කවර සමාගමකින්වත් මෙතෙක් නොලැබුණු සුවිශේෂීම වාසිය වන්නේ ඔබට ඔබේ භාණ්ඩය හෝ සේවාව අදාළ කාලයේදී අවශ්‍ය පරිදි විකුණා ගත නොහැකි වුවද ඔබ ප්‍රචාරණය සඳහා වැය කළ මුදලට වඩා වැඩි මුදලක් වෙනත් ප්‍රචාරණ සහ ප්‍රවර්ධන දැන්වීම් නැරඹීමෙන් සහ ඒවාට දායක වීමෙන් ඔබට උපයාගත හැකි වීමයි.

    මේ සඳහා ICAN Advertising සමාගමේ Bannercuts වෙළඳ සන්නාමය යටතේ ප්‍රචාරණ සහ ප්‍රවර්ධන සැලසුම් කිහිපයක් හඳුන්වා දී ඇත. පහත දැක්වෙන්නේ එම සැලසුම් වන අතර ඒවායින් ඔබ කැමති සැලසුමක් මිලදී ගෙන ඔබට විකිණීමත්, ඉපයීමත් යන සිදුකළ හැක.

    විශේෂ දැනුමක් අවශ්‍ය නැහැ

    එසේම එක් පුද්ගලයෙකුට හෝ ව්‍යාපාරිකයෙකුට කාණ්ඩ තුනක් යටතේ ඇති සැලසුම් ඔවුන්ගේ අවශ්‍යතාවය මත කැමති ප්‍රමාණයක් මිලදී ගැනීමේ හැකියාවද පවතී. එම සැලසුමට අදාළව ඔවුන් ප්‍රචාරණය හෝ ප්‍රවර්ධනය කරන දැන්වීමට හිමිවන Pay-to-clicks(PTC) ප්‍රමාණයක් ඇති අතර දැන්වීම් නැරඹීමේදී සහ ප්‍රවර්ධන කටයුතු වලට දායක වීමේදී ඊට හිමිවන Pay-per-clicks(PPC) ප්‍රමාණයක්ද එකී සැලසුම් වලට වෙන වෙනම අදාළව පවතී. මේ  නිසාම අන්තර්ජාල වෙළඳ ප්‍රචාරණය සම්බන්ධයෙන් විශේෂ දැනුමක් නොමැති කෙනෙකුට වුවද ඉතාම පහසුවෙන් වෙළඳ දැන්වීමක් පළකොට තම භාණ්ඩ හා සේවා අලෙවි කර ගැනීමටත් අමතරව සැලකිය යුතු තරම් ආදායමක් ලබාගැනීමේ අවස්ථාවත් උදාවේ.

    Win-Win සංකල්පමය ක්‍රමවේදය

    ඔබ ව්‍යාපාරිකයෙකු හෝ සේවා සපයන්නෙකු නොවූවද ඔබ අමතර ආදායමක් ඉපයීමට මඟක් සොයන්නෙකු හෝ උනන්දුවක් දක්වන අයෙකු වේ නම් ඔබට මෙම සමාගම ඉහත සැලසුම් හරහා මඟ පාදයි. ඒ ඔබ මිලදී ගන්නා ප්‍රචාරණ සැලසුමට අදාළ ඉඩ සහ ක්ලික්ස් (PTC) ප්‍රමාණය භාණ්ඩයක් හෝ සේවාවක් විකුණා ගැනීමට අවශ්‍ය ඔබේ මිතුරෙකුට හෝ වෙනත් ව්‍යපාරිකයෙකුට යම් මුදලකට විකිණීමේ අවස්ථාව ලබාදීම තුලිනි. එම නිසා Win-Win සංකල්පමය ක්‍රමවේදයට අනුව මෙම එක් සැලසුමක් තුළින් ඔබට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ අවස්ථා එකක් නොව රාශියක් bannercuts.com තුළින් විවරව පවතී.

    ඔබ අන්තර්ජාලයේ නිකරුනේ ගෙවා දමන ඔබේ කාලය, මුදල් සහ දත්ත වෙනුවෙන් අමතර ආදායමක් සහ වැඩි ප්‍රතිලාභයක් ලබාගැනීමට උනන්දු අයෙකු නම් ඔබට මේ පිළිබඳ වැඩි විස්තර පහත සඳහන් දුරකථන මාර්ග ඔස්සේ ලබාගත හැක.

    මඳුසංඛ – 0773911916

  • පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සියල්ල සූදානම්

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සියල්ල සූදානම්

    වත්මන් පාර්ලිමේන්තු විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බව වාර්තා වෙනවා. එ් අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත අතර මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස අපේ‍්‍රල් 25 වැනිදා නම් කර තිබෙනවා.

  • සජිත් පිලේ කිහිප දෙනෙක් මහ මැතිවරණයේදී සජිත්ට පොලු තියන හැඩ

    සජිත් පිලේ කිහිප දෙනෙක් මහ මැතිවරණයේදී සජිත්ට පොලු තියන හැඩ

    එක්සත් ජාතික පක්ෂය අතහැර සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමඟ එක්වීමට එජාප සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් පිරිසක් අකමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි. ඔවුන් කිහිප දෙනෙකු තම ආසනවල පලාත් පාලන මන්ත‍්‍රිවරුන් වෙත මේ වන විටත් දැනුම් දි ඇත්තේ පක්‍ෂය දෙකඩ වන්නේ නම් මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට අපේක්ෂා කරන බවයි.

    පාරම්පරික එක්සත් ජාතික පක්ෂ ඡන්ද අහිමිවීම සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව ගුණාංග තහවුරු වී නොතිබීම හේතුවෙන් ඔහුට විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට හැකියාවක් ඇතැයි විශ්වාස කල නොහැකි බවද ඔවුනගේ අදහසයි.

    සජිත් ප්‍රේමදාස මහතාට සමීප පාර්ශවය කටයුතු කළ කොළඹ, මහනුවර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මේ බව තම දේශපාලන ආධාරකරුවන් වෙත දන්වා ඇත.

  • පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දෙවන අතුරු වාර්තාව  ජනපති අතට

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපති අතට

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබීය.

    පළමු අතුරු වාර්තාව දෙසැම්බර් 20වනදා ජනාධිපති වෙත පිළිගැන්විණ.

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් 22 වනදා කමිටුව පත් කරනු ලැබීය.

    කමිටුවේ අවසන් වාර්තාව ඉදිරි පරීක්ෂණවලින් අනතුරුව සම්පාදනය කෙරේ.

    කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා,  සෙසු සාමාජිකයන් වන අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් වන නිහාල් සුනිල් රාජපක්ෂ සහ ඒ.එල්. බන්දුල කුමාර අතපත්තු, අධිකරණ අමාත්‍යාංශයේ හිටපු  ලේකම් ඩබ්.එම්.එම්.ආර්. අධිකාරි, කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.පී.බී. හේරත් යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • කොරෝනා චීනයේ වායුගෝලයට නම් ‘සුබදායක වෙලා’ – NASA

    කොරෝනා චීනයේ වායුගෝලයට නම් ‘සුබදායක වෙලා’ – NASA

    මහජන චීනය සැලකෙන්නේ ලෝකයේ වායු දුෂණය ඉහළම අගයක් ගන්නා රාජ්‍යයක් විදිහට. ඒත් කොරෝනා වෛරසයේ අධි ව්‍යාප්තිය සමග ‘ඇතැම්විට’ ධනාත්මක යැයි සිතිය හැකි සිදුවීමකුත් චීනයේ වායු දූෂණය සම්බන්ධයෙන් දැන් වාර්තා වෙනවා.

    නාසා ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය  NASA and the European Space Agency විසින් නිකුත් කරන ලද චන්ද්‍රිකා ඡායාරූපවලින් හෙළි වන්නේ කොරෝනා වසංගතයෙන් පසු චීනයේ වායු දූෂණය අඩු වී ඇති බවයි.

    කොරෝනා වසංගතය හේතුවෙන් චීනයේ බොහෝ කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති අතර වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රවාහනය සීමා කර තිබෙනවා.

    ජනවාරි 1 සිට 20 දක්වා පින්තූර චීනයට වඩා වැඩි නයිට්‍රජන් ඩයොක්සයිඩ් Nitrogen dioxide ප්‍රමාණයක් පෙන්නුම් කරන නමුත් පෙබරවාරි 10 සිට 25 දක්වා වායුවේ අංශු මාත්‍රයක් නොපෙනේ. නයිට්‍රජන් ඩයොක්සයිඩ් යනු මෝටර් වාහන, විදුලි බලාගාර සහ කාර්මික පහසුකම් මගින් විමෝචනය වන කහ-දුඹුරු වායුවකි. එය කැස්ස, ඇදුම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි ශ්වසන ආබාධ ඇති කළ හැකියි.

    වුහාන් පිළිබඳ පින්තූර මගින් දූෂක සංඛ්‍යා පහත වැටෙන නමුත් නැවත ඉහළ යන බවක් නොපෙනෙන බවයි නාසා වාර්තාව කියන්නේ.

    නාසා විද්‍යාඥයින් පවසන්නේ පුපුරා යාම ආරම්භ වූ වුහාන් හරහා මෙම වැටීම මුලින් ම දැකගත හැකි වූ බවයි.

    ‘විශේෂිත සිදුවීමක් සඳහා මෙතරම් පුළුල් ප්‍රදේශයක් පුරා මෙතරම් නාටකාකාර ලෙස පහත වැටීමක් මා දුටු පළමු අවස්ථාව මෙයයි’ යනුවෙන් නාසා හි ගොඩාඩ් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ වායු ගුණාත්මක පර්යේෂක ෆී ලියු  Fei Liu, an air quality researcher at NASA’s Goddard Space Flight Center ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.

    සැමරුම් සඳහා බොහෝ ව්‍යාපාර වැසෙන බැවින් පරිසර දූෂණය චන්ද‍්‍ර අලුත් අවුරුද්ද දක්වා පහත වැටෙනු ඇත. කෙසේ වෙතත්, පර්යේෂකයන් විශ්වාස කරන්නේ මෙම අඩුවීම හුදෙක් නිවාඩු හෝ කාලගුණය ආශ්‍රිත බලපෑමකට වඩා වැඩි බවයි.

    ‘පසුගිය වසරවලට වඩා මෙම වසරේදී අඩු කිරීමේ අනුපාතය වඩා වැදගත් වන අතර එය දිගු කාලයක් පැවතුණා’ ලියු පැවසුවා.

  • මිලාන් විලාසිතා දැක්මට වඩා ‘Sweet Street Styles’ 10ක්

    මිලාන් විලාසිතා දැක්මට වඩා ‘Sweet Street Styles’ 10ක්

    කොරෝනා වෛරසය’ නිසා ප‍්‍රංශය, ඉතාලිය ඇතුළු විලාසිතා ලෝකයේ බොහෝ නගරවල විලාසිතා දැක්මවල් රැුසක් කල් දමා හෝ සීමිත පේ‍්‍රක්ෂක සහභාගීත්වය ඇතිව සිදු වුණා. මේ අතර පසුගිය දා ලෝ ප‍්‍රකට ‘ෆෙමිනා’ සගරාව ‘වීදි විලාසිතා’ පිළිබදව විශේෂ ඡුායාරූප එකතුවක් පළ කරලා තිබුණා. මේ ඒවා.

    Milan Fashion Week

    Courtesy: Jaime Ridge

    Milan Fashion Week

    Courtesy: Violet Grace

    Milan Fashion Week

    Courtesy: Sandy Olivieraෙ

    Milan Fashion Week

    Courtesy: Caroline Vazzana

    Milan Fashion Week

    Courtesy: Paola Cossentino

    Milan Fashion Week

    Courtesy: Jessica Wang

    Milan Fashion Week

    Courtesy: Jessica Wang

    Milan Fashion Week

    Courtesy: Yoyo Cao

    Milan Fashion Week

    Courtesy: Nima Benati

    Milan Fashion Week

    Courtesy: Jenifer Nelly

    Picx by Femina – Text Thushaldhavi

  • පිටකොටුව තොග වෙළෙදපොළේ ‘ලොකු ලුණු හිගය උග‍්‍ර අතට’

    පිටකොටුව තොග වෙළෙදපොළේ ‘ලොකු ලුණු හිගය උග‍්‍ර අතට’

    මාර්තු මස වන විට මෙරට ලොකු ලූනු මිල ගණන් පහළ වැටෙනු ඇතැයි විශ්වාස කළ ද මේ වන විට පිටකොටුවේ තොග වෙළඳපොළේ විශාල වශයෙන් ලොකු ලූනූ හිඟයක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පැවසුවා.

    ඔහු සදහන් කළේ ඉන්දියාව ලොකු ලූනු අපනයනට එරෙහිව පනවා ඇති තහනම මේ මස මුලදී ඉවත් කරනු ඇතැයි යන විශ්වාසය ආනයනකරුවන් තුළ තිබූ බවයි.

    ඉන්දියාව ලොකු ලූනූ අපනයනය තහනම ඉවත් කරාවි යන විශ්වාසය මත පිටකොටුව තොග වෙළඳුන් හා ආනයනකරුවන් තුර්කිය නෙදර්ලන්තය ඇතුළු රටවලින් ලොකු ලූනූ ආනයනය නොකළ බව පැවසූ හේමක මහතා මෙරට ආනයනකරුවන් කීප දෙනෙකු ඉන්දියාවෙන් ලොකු ලූනූ මෙට්‍රික් ටොන් 2000ක් පමණ ඇණවුම් කර ඇතත් එම ලූනූ කන්ටේනර් ඉන්දියාවේ වරායේ රඳවා ඇති බවද සදහන් කළා.

    ඉන්දියාව සහ පාකිස්ථානය ලොකු ලූනූ අපනයනය තහනම මෙතෙක් ඉවත් නොකිරීමත් හේතුවෙන් පිටකොටුව ආනයනකරුවන් දැඩි දුෂ්කරතාවලට මෙන්ම අපහසුතාවකට පත්ව ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළා.

  • කරාපිටියේ විශේෂඥ වෛද්‍ය රංජුකගෙන් තවත් සුවිශේෂි ‘වකුගඩු සැත්කමක්‘

    කරාපිටියේ විශේෂඥ වෛද්‍ය රංජුකගෙන් තවත් සුවිශේෂි ‘වකුගඩු සැත්කමක්‘

    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් සුවිශේෂ සැත්කමක් කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ගවල සදහන්.

    වකුගඩු බද්ධ කිරිමේ සුවිශේෂී සැත්කමක් සිදුකොට ජිවිතයත් මරණයත් අතර සටනන නිරතවි සිටි  යුධ හමුදාවේ  විශ්‍රාමික කර්නල්වරයකුගේ  ජිවිතය බේරාදිමටයි ඔවුන් සමත්ව තිබෙන්නේ.

    විශ්‍රාමික කර්නල්වරයාට වකගඩු දායිකාවකගෙන් ලැබුණු  දකුණු වකුගඩුව පැය දෙකක කාලයක් තුළ දි බද්ධ කිරිමේ සැත්කම ඉතා සාර්කථව සිදුකළත්  සැත්කමෙන් පසුව ඇතිවු සංකූලතාවයක් හේතුවෙන් වකුගඩුවේ ශිරාව මැදින් පුපුරායාමට ලක්ව රුධිරය වහනය විමට පටන්ගෙන තිබෙනවා. වහාම ක්‍රියාත්මක වු විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම  රෝගියාගේ  රුධිරය වහනයවිම නතරකිරිමට පියවර ගත්තා.

    පසුව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින්  බද්ධ කරනු ලැබු වකුගඩුව  ධමනියෙන් හා ශිරාවෙන්  වෙන් කිරිමට කටයුතු කළා. ඉන්පසු රෝගියාගේ පාදයේ ශිරාවක් ගෙන එය දෙකට පළා වකුගඩුවේ ශිරාවට  බද්ධකොට නැවත වතාවක් වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් සිදුකළා. මෙවැනි තත්වයන් දක්නට ලැබිම ඉතාම කලාතුරකින් සිදුවන්නක් බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතාගේ අදහසයි. 

    යළි ශිරාව බද්ධ කිරිම නිසා  රෝගියාගේ වකුගඩුව යළි ක්‍රියාත්මක තත්වයට පත්ව ඇති අතර ඔහුට යළි ජීවත්වීමට වාසනාව ලැබුණා.

     විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ ඒකකය තුල මෙවැනි සත්කැම් 140ක් පඹන සිදුකොට අති නමුත් ඔහු මෙවැනි අත්දැකිමට මුහුණ දි ඇත්තේ පළමු වතාවට බවයි සදහන් කළේ.

  • රැකියා විරහිත උපාධිධාරීන්ගේ අයදුම්පත්වලින් 40%ක් ප‍්‍රතික්ෂේප වෙලා

    රැකියා විරහිත උපාධිධාරීන්ගේ අයදුම්පත්වලින් 40%ක් ප‍්‍රතික්ෂේප වෙලා

    රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ රැකියා රජයේ රැකියා ලබාදීමට සුදුසුකම් ලබා ඇත්තේ 42,000ක පමණ පිරිසක් බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අද (2) නිකුත් කළ නිවේදනයක සදහන්වේ.

    එහි වැඩි දුරටත් සදහන් වන්නේ ලැබී තිබූ රැකියා ඇයැදුම්පත් 70,000කට අධික සංඛ්‍යාව අතරින් 56,000ක් නියමිත ආකෘතියට අනුව නිවැරදිව සම්පූර්ණ කර තිබූ බවත් ඒවා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඇතුළු ආයතන කිහිපයක පරීක්ෂණයට යොමු කරන ලද බවයි.

    ඒ අනුව උපාධිය හෝ ඩිප්ලෝමා සහතිකය හෝ සහිතව මූලික සුදුසුකම් සපුරා ඇතත් දැනුම් දුන් මූලික නිර්නායක සපුරා නොතිබූ ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වීමෙන් පසු පත්වීම් සදහා සුදුසුකම් ලබා ඇත්තේ 42,000ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වේ.

    එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,

    රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ තිබේ.

    රැකියා අපේක්ෂිතයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 දිනට පෙර සම්පූර්ණ කර තිබිය යුතු විය.

    රැකියා ඇයැදුම්පත් 70,000කට අධික සංඛ්‍යාවක් එවා තිබිණ. ඉන් 56,000ක් නියමිත ආකෘතියට අනුව නිවැරදිව සම්පූර්ණ කර තිබිණ. ඒවා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඇතුළු ආයතන කිහිපයක පරීක්ෂණයට යොමු කරන ලදී. උපාධිය හෝ ඩිප්ලෝමා සහතිකය හෝ සහිතව මූලික සුදුසුකම් සපුරා ඇතත් දැනුම් දුන් මූලික නිර්නායක සපුරා නොතිබූ ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වීමෙන් පසු පත්වීම් සදහා සුදුසුකම් ලබා ඇත්තේ 42,000කි.

    ඔවුන්ගේ පත්වීම් ලිපි සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් ලැබීමට සළස්වා තිබේ. අද සවස්වන විට සුදුසුකම් ලැබූ සියලු අපේක්ෂකයන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන් කිරීමට නියමිතය. සියලු පත්වීම් ලිපිවලට අදාළ බෙදාහැරීමේ කුවිතාන්සිය තැපැල් දෙපාර්තමේන්තුව මගින් ගෙන්වා ගැනීමට ද සැලසුම් කර ඇත.

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්වීම් බලධරයා වේ. පත්වීම ලැබී දින 03ක් ඇතුළත තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම්වරයාට වාර්තා කළ යුතුය. ලිපිය ලැබී දින 07ක් ඇතුළත පුහුණුව සඳහා වාර්තා නොකළොත් පත්විම අවලංගු වේ.

    වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000ක දීමනාවක් හිමි වෙයි. පුහුණු කාලයෙන් පසු විශ්‍රාම වැටුප් සහිතව රජයේ ස්ථීර සේවයේ පිහිටුවනු ලැබේ. දිස්ත්‍රික් පදනමින් පත්වීම් කෙරෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 05ක් සේවය කිරීම අනිවාර්ය වේ.

  • 2020 මාස දෙකට සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30ක්

    2020 මාස දෙකට සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30ක්

    මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30 ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එමගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමෙරිකානු ඩොලර් මිලියන 122 ක සෘජු විදේශ ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂිතයි.

    වත්මන් රජය පත්වීමෙන් පසු ව රුපියල් මිලියන 66,250 අපේක්ෂිත සංචාරක ආයෝජනයන් සහිත නව ව්‍යාපෘති කීපයක් සදහා අයදුම්පත් ඉදිරිපත් ව තිබේ. එය දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 370 කි. කාමර 550 ක් හා විලා 400 ක් මේ යටතේ ඉදිකිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘති සදහා අදාළ අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ද රණතුංග මහතා කියයි.

    මීට අමතරව සංචාරක ක්ෂේත්‍රයට අදාළ තවත් නව ආයෝජන 02 ක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතී. ආයෝජන මණ්ඩලය රුපියල්  මිලියන 4,140 ක ආයෝජනයක් ඉන් අපේක්ෂා කරයි.

    දේශීය හා විදේශීය ආයෝජන ආකර්ශනය කර ගැනීමේ ප්‍රමුඛ අංශයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. ඒ නිසා සංචාරක ක්ෂේත්‍ර යේ ආයෝජන වලට රජය වැඩි අවධානයක් යොමු කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

  • රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අද සවස අවසන්

    රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අද සවස අවසන්

    රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ තිබේ.

    රැකියා අපේක්ෂිතයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 දිනට පෙර සම්පූර්ණ කර තිබිය යුතු විය.

    රැකියා ඇයැදුම්පත් 70,000කට අධික සංඛ්‍යාවක් එවා තිබිණ. ඉන් 56,000ක් නියමිත ආකෘතියට අනුව නිවැරදිව සම්පූර්ණ කර තිබිණ. ඒවා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඇතුළු ආයතන කිහිපයක පරීක්ෂණයට යොමු කරන ලදී. උපාධිය හෝ ඩිප්ලෝමා සහතිකය හෝ සහිතව මූලික සුදුසුකම් සපුරා ඇතත් දැනුම් දුන් මූලික නිර්නායක සපුරා නොතිබූ ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වීමෙන් පසු පත්වීම් සදහා සුදුසුකම් ලබා ඇත්තේ 42,000කි.

    ඔවුන්ගේ පත්වීම් ලිපි සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් ලැබීමට සළස්වා තිබේ. අද සවස්වන විට සුදුසුකම් ලැබූ සියලු අපේක්ෂකයන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන් කිරීමට නියමිතය. සියලු පත්වීම් ලිපිවලට අදාළ බෙදාහැරීමේ කුවිතාන්සිය තැපැල් දෙපාර්තමේන්තුව මගින් ගෙන්වා ගැනීමට ද සැලසුම් කර ඇත.

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්වීම් බලධරයා වේ. පත්වීම ලැබී දින 03ක් ඇතුළත තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම්වරයාට වාර්තා කළ යුතුය. ලිපිය ලැබී දින 07ක් ඇතුළත පුහුණුව සඳහා වාර්තා නොකළොත් පත්විම අවලංගු වේ.

    වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000ක දීමනාවක් හිමි වෙයි. පුහුණු කාලයෙන් පසු විශ්‍රාම වැටුප් සහිතව රජයේ ස්ථීර සේවයේ පිහිටුවනු ලැබේ. දිස්ත්‍රික් පදනමින් පත්වීම් කෙරෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 05ක් සේවය කිරීම අනිවාර්ය වේ.

  • චණ්ඩි උතුරු කොරියාවේ ‘බංකලොත්කම’ Ryugyong Hotel

    චණ්ඩි උතුරු කොරියාවේ ‘බංකලොත්කම’ Ryugyong Hotel

    උතුරු කොරියාව ගැන ඔබ බොහෝ දේ ආසා තිබෙනවා. බැලස්ටික් මිසයිල, න්‍යෂ්ටික අවි ගැන කතා, ඇමෙරිකාවට කරන නිමක් නැති තර්ජන ඒ අතර තිබෙනවා. ඒත් උතුරු කොරියාව ‘ලෝකෙට පරකාසේ ’ පෙන්වීමට ගොස් නින්දාවට පත් වූ අවස්ථා බොහෝ තිබෙනවා. මේ ඒ ගැන පුදුම හිතෙන කතාව.

    1987 දී උතුරු කොරියාවේ අගනුවර වන ප්යොංයැං Pyongyang හි නව හෝටලයක් ඉදිකිරීම සදහා සැලසුම් දියත් වුණේය. සැලසුම අනුව එය පිරමිඩ හැඩැති, සුපිරි උසක් ලෙස සැලකිය හැකි උස අඩි 1000 ඉක්මවිය යුතු අතර අවම වශයෙන් කාමර 3,000 ක් හෝ පරිදර්ශන දර්ශන සහිත කැරකෙන අවන්හල් පහක් සහිත අති දැවැන්ත හෝටල් සංකීර්ණයකි.

    “විලෝ වල අගනුවර capital of willows යන අර්ථය ඇති ප්යොංයැං හි ඓතිහාසික මොනිකරයෙකුගේ නමින් නම් කර ඇති රියුජොං හෝටලය The Ryugyong Hotel  වසර දෙකකට පසුව විවෘත කිරීමට නියමිතව තිබුණි. නමුත් එය කිසි විටෙකත් සිදු නොවීය.

    1992 දී මෙම ව්‍යුහය සැලසුම් සහගත උසකට ළඟා වූ අතර, එය තවත් වසර 16 ක් ජනේල රහිතව හා හිස්ව පැවතුණි. එහි නිරුවත් කොන්ක්‍රීට් නිරාවරණය විය. එම කාලය තුළ අවට ඇති සෑම දෙයක්ම වාමන කරන මෙම ගොඩනැගිල්ල “හෝටල් ඔෆ් ඩූම් Hotel of Doom යන අන්වර්ථ නාමය ලැබුවේය.  

    එතැන් සිට හෝටලය ලෝහ හා වීදුරු වලින් ආවරණය කර ඇති අතර පසුව එය LED ​​ලාම්පු වලින් සවිකර ඇති අතර එය වර්ණවත් රාත්‍රී කාලයේ දර්ශනයක් බවට පත් කර ඇත. ඉදිකිරීම් කටයුතු බොහෝ වාරයක් ආරම්භ කර ඇති අතර එය කවදා හෝ අමුත්තන්ට විවෘත වේද යන්න පිළිබඳ නිරන්තර සමපේක්ෂනයන්ට මග පාදයි. අදටත් වසා ඇති රියුග්යොන්ග් හෝටලය Ryugyong Hotel ලොව  භාවිතා කොකරන උසම ගොඩනැගිල්ලයි.

    2018 දී Ryugyong හෝටලය.

    සීතල යුද්ධ ඉත්තෙක්

    රුයුග්යොන්ග් හෝටලය එක්සත් ජනපදයේ සහාය ලබන දකුණු කොරියාව සහ සෝවියට් පිටුබලය ලත් උතුර අතර සීතල යුද්ධ එදිරිවාදිකමේ ප්‍රතිඵලයකි. ඉදිකිරීම් ආරම්භ කිරීමට වසරකට පෙර, දකුණු කොරියානු සමාගමක් විසින් එවකට ලොව උසම හෝටලය වන සිංගප්පූරුවේ වෙස්ටින් ස්ටැම්ෆර්ඩ් The Westin Stamford ඉදිකර තිබේ. 

    දකුණේ අගනුවර වන සියෝල් 1988 ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වීමට සූදානම් වෙමින් සිටියදී රට ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් කරා සංක්‍රමණය විය.දකුණේ ජයග්‍රහණ සඳහා උතුරු කොරියාවේ දේශපාලන ප්‍රතිචාරයේ කොටසක් ලෙස පියොංයැං 1989 දී ඔලිම්පික් උළෙලේ සමාජවාදී අනුවාදයක් වන තරුණ හා ශිෂ්‍යයන්ගේ ලෝක උළෙල World Festival of Youth and Students සංවිධානය  කළේය. 

    ලෝක වාර්තාව දකුණෙන් ඈත් කරමින් මෙම උත්සවය සඳහා නියමිත වේලාවට දැවැන්ත හෝටලයක් ඉදිකිරීමට රට සැලසුම් කළේය. නමුත් ඉංජිනේරු ගැටලු හේතුවෙන් එය උත්සවය සඳහා නියමිත වේලාවට අවසන් නොවීය. නව ක්‍රීඩාංගනයක් ඉදිකිරීම, ප්යොංයැං ගුවන් තොටුපල පුළුල් කිරීම සහ නව මාර්ග සකස් කිරීම සඳහා රජය මේ වන විටත් බිලියන ගණනක් වත් කර තිබුණි. සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීම නිසා අත්‍යවශ්‍ය ආධාර හා ආයෝජන අහිමි විය. උතුරු කොරියාව ආර්ථික අර්බුදයකට බැඳී සිටියේය. බාහිර ව්‍යුහය නිම කර තිබුණද 1992 දී ඉදිකිරීම් නවතා දමා ගොඩනැගිල්ලේ මුදුනේ දොඹකරයක් අතහැර දමා ඇත.

    2008 දී රියුග්යොන්ග් හෝටලය

    කොන්ක්‍රීට් ව්‍යුහයක්

    මෙම ගොඩනැගිල්ල පියාපත් තුනකින් සමන්විත වන අතර, ඒවා අංශක 75 ක කෝණයකින් බෑවුමකින් යුක්ත වන අතර ඉහළම මහල් 15 ආවරණය වන පරිදි කේතුවක් බවට පරිවර්තනය වේ. ඒවා අවන්හල් සහ නිරීක්ෂණ තට්ටු සඳහා අදහස් කෙරේ. පිරමීඩීය හැඩය සෞන්දර්යයට වඩා වැඩි ය – එයට හේතුව රුගුයොං, අහස උසට අහස උසට වැඩෙන වානේවලට වඩා ශක්තිමත් කොන්ක්‍රීට් වලින් සාදා ඇති බැවිනි.

    සිංගප්පූරුවේ වෙසෙන ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන කැල්වින් චුවා Calvin Chua, ප්යොංයැංහි නාගරීකරණය පිළිබඳව පුළුල් ලෙස පර්යේෂණ කළ දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ “මෙය මේ ආකාරයට ඉදිකර ඇති බවයි. “ඔවුන් සතුව උසස් ඉදිකිරීම් ද්‍රව්‍ය නොතිබුණි, එබැවින් එය මුළුමනින්ම කොන්ක්‍රීට් වලින් නිමවා ඇත. ඔබට සිහින් කුළුණක් ඒ ආකාරයෙන් සාක්ෂාත් කරගත නොහැක. ඔබට විශාල පදනමක් තිබිය යුතුය.

    “කොරියානු යුද්ධයේ අවසානයෙන් පසු උතුරු කොරියාවේ ඉදිකිරීම් ඉතිහාසය දෙස බැලුවහොත්, බොහෝ ගොඩනැගිලි කොන්ක්‍රීට් වලින් නිමවා ඇත: එය ඔවුන් හුරුපුරුදු ද්‍රව්‍යය වන අතර සෝවියට් හෝ කොමියුනිස්ට් රාජ්‍යයන් අතර තාක්‍ෂණික හුවමාරුව තනිකරම කොන්ක්‍රීට් වටා. පදනම් වේ.

    සමාජවාදී කාන්තා සංගමයේ ප්‍රචාරක කණ්ඩායමක සාමාජිකයින් 2019 දී රියුග්යොං හෝටලය ඉදිරිපිට නර්තනයක් ඉදිරිපත් කරති

    දේශීය ගෘහ නිර්මාණ ශිල්පීන් සමඟ උතුරු කොරියාවේ සේවය කර ඇති චුවාට අනුව, රියුග්යොන්ග් නිර්මාණය කර ඇත්තේ පිරමීඩයක් නොව කන්දක් සේය. මන්දයත් රටේ සංකේතවාදයට The country’s symbolism කඳු වැදගත් කාර්යභාරයක් ඉටු කරන බැවිනි. 

    වත්මන් පාලක කිම් ජොන් උන්ගේ මියගිය පියා වන කිම් ජොන් ඉල්ගේ නිල චරිතාපදානයේ සඳහන් වන්නේ ඔහු උතුරු කොරියාවේ ජාතික ලාංඡනයෙහි නිරූපණය කර ඇති කොරියානු අර්ධද්වීපයේ උසම කන්ද වන පෙක්ටු කන්දෙහි  Mount Paektu, රහසිගත හමුදා කඳවුරක උපත ලැබූ බවයි. (බොහෝ ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ කිම් ජොන් ඉල් ඇත්ත වශයෙන්ම රුසියාවේ උපත ලැබූ බවයි)

    “එය ඉතා සුවිශේෂී ගොඩනැඟිල්ලක්. නමුත් ප්යොංයැං හි සමස්ත නගරට සාපේක්ෂව එය පිහිටා ඇත්තේ කොතැනද යන්න සලකා බැලීම වැදගත් යැයි මම සිතමි.” “එය එක්තරා ආකාරයක තරබාරුකමක් හා සමානයි. රෝමයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ ඇති තරබාරුකම ගැන ඔබ සිතන්නේ නම්, එය නගරයට සංකේතාත්මක භාවයට අමතරව [ආලෝකයක්] සපයයි. රියුග්යොන්ග් සමාන ය, නමුත් එය වඩාත් සංකේතාත්මකව අර්ථ දක්වා ඇත.”

    දෙවන ආරම්භය

    2008 දී, වසර 16 ක විරාමයකින් පසුව, උතුරු කොරියාවේ 3G ජාලය ගොඩනැගීම සඳහා ගිවිසුම්ගත වූ ඊජිප්තු සමාගම් සමූහයක් වන ඔරස්කොම් සමඟ ගනුදෙනුවක කොටසක් ලෙස, අනපේක්ෂිත ලෙස ඉදිකිරීම් නැවත ආරම්භ විය. දශක දෙකක් තිස්සේ ගොඩනැගිල්ල මත සිටගෙන තිබූ මලකඩ සහිත පැරණි දොඹකරය අවසානයේ ඉවත් කරන ලදි.

    ඊජිප්තු ඉංජිනේරුවන්ගේ සහය ඇතිව කම්කරුවන් ඩොලර් මිලියන 180 ක වියදමින් කොන්ක්‍රීට් ව්‍යුහයට වීදුරු සහ ලෝහ පැනල් සවි කළ අතර එය මුළුමනින්ම ඔප දමා ගොඩනැගිල්ලට ඔප දැමූ සිනිඳු පෙනුමක් ලබා දුන්නේය. 

    2011 දී නිම කරන ලද මෙම ව්‍යාපෘතිය හෝටලය විවෘත කිරීම පිළිබඳ සමපේක්ෂණයන්ට හේතු විය. 2012 අග භාගයේ දී, ජර්මානු සුඛෝපභෝගී Kempinski සමාගම Ryugyong අර්ධ වශයෙන් 2013 මැද දී තම කළමනාකරණය යටතේ විවෘත කළ බව නිවේදනය කළ කළේය.

    කොන්ක්‍රීට් කවචයේ ආවරණ. 

    දුර්වල ඉදිකිරීම් ශිල්පීය ක්‍රම සහ ද්‍රව්‍ය හේතුවෙන් ගොඩනැගිල්ල ව්‍යුහාත්මකව නිරවුල් නොවන බවට දිගු කලක් තිස්සේ පැතිර යන කටකතා නැවත වරක් ශක්තිය ලබා ගත්තේය. 2014 දී ප්යොංයැං හි මහල් 23 කින් යුත් මහල් නිවාසයක් කඩා වැටුණේ  ඉදිකිරීම් නිසි පරිදි සිදු නොවූ නිසා බව උතුරු කොරියානු ප්‍රාන්ත මාධ්‍ය වාර්තා කරයි.

    “පිටත සිට විනිශ්චය කිරීම, ගොඩනැගිල්ල ව්‍යුහාත්මකව පෙනේ, අභ්‍යන්තරය වෙනස් කතාවක් විය හැකි නමුත්,” චුවා පැවසීය. 

    “මම හිතන්නේ සැබෑ ගැටළුව එය සවිකිරීමේ පහසුව විය හැකි නිසා එය කොන්ක්‍රීට් වලින් නිමවා ඇති අතර 1980 දශකයේ පිරිවිතරයන්ට අනුව මුලින්ම නිර්මාණය කරන ලද අවශ්‍ය සේවා සහ වාතාශ්‍රය පද්ධති නැවත සකස් කිරීමට බොහෝ කාලයක් ගතවනු ඇත. වානේ ව්‍යුහයක් සහිතව එය වඩාත් පහසු වනු ඇත.

    2012 සිට හෝටලයේ අභ්‍යන්තරයේ ඡායාරූප වලින් හෙළි වූයේ ඇතුළත ඉතා සුළු වැඩ ප්‍රමාණයක් සිදු කර ඇති බවයි. මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ උතුරු කොරියාවේ සංචාර පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති බීජිංහි පිහිටි කොරියෝ සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී සයිමන් කොකරෙල් සහ රියුජොං හෝටලය තුළ සිටි විදේශිකයන් අතළොස්සෙන් එක් අයෙකි.

    2012 දී රියුග්යොන්ග් හෝටලයේ ලොබිය

    “එය මට උපන්දින තෑග්ගක් ලෙස කොරියානු සම්බන්ධතාවයක් හරහා සකස් කර ඇත,” ඔහු දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. 

    “පළමුවෙන්ම, වෙබ් අඩවියේ අධ්‍යක්ෂකගේ ඉදිරිපත් කිරීමක් අප සතුව තිබී ඇත. මීට බොහෝ කලකට පෙර වීඩියෝ පටයක් සාදන ලදී. ඉන්පසු ඔවුන් අපව ලොබි ප්‍රදේශයට ගෙන ගිය අතර එහිදී නිරාවරණය වූ සිමෙන්ති විශාල ප්‍රමාණයක් තිබී ඇත. ඉන්පසු අපි (ඉදිරියට) එක් වැඩ සෝපානයක් ඉහළට, එය 99 වන මහල විය, මම විශ්වාස කරමි.

    “එහි යාමට බොහෝ කාලයක් ගත විය, මන්ද එය සේවා සෝපානයක් මිස බොත්තම් නූල් සහිත නවීන සෝපානයක් නොවේ. සෝපාන ක්‍රියාකරුවෙකු සිටියේ කොතැනින් නතර විය යුතුද යන්න තීරණය කළ බැවිනි. ඉහළින් අප අවට බැලූ විට පින්තූර කිහිපයක් ගත්තා නැවත ලොබියට බැස ගියේය. එහි බාහිර පෙනුම පරිවර්තනය වී තිබුණද, රුයුග්යොන්ග් තවමත් විවෘතව නොතිබුණි.

    දීප්තිමත් අනාගතයක්?

    2018 දී Ryugyong නැවත පණ ගැන්වීය, එහි මුහුණතෙහි LED සවි කර ඇති අතර, එම ගොඩනැගිල්ල Pyonyang හි විශාලතම ආලෝක සංදර්ශනය බවට පත් කරන ලදී. (එසේම ප්‍රචාරක යන්ත්‍රයකි) මිනිත්තු හතරක වැඩසටහනකින් උතුරු කොරියාවේ ඉතිහාසය සහ විවිධ දේශපාලන සටන් පාඨ පෙන්වන අතර ඉහළින් ඇති කේතුව විශාල උතුරු කොරියානු ධජයක් ප්‍රක්ෂේපණය කරයි.

    “ඔබ එය දුටු පළමු වතාවට එය සැබවින්ම කැපී පෙනේ. විශේෂයෙන් වසර ගණනාවකට පසු එහි අන්ධකාරයේ වාඩි වී සිටියි” යනුවෙන් සීඑන්එන් වාර්තාකරුවෙකු වන විල් රිප්ලි පියොංයැං වෙත බහුවිධ චාරිකා කර ඇති ඊමේල් පණිවුඩයක සඳහන් කරයි. 

    “නගරයේ ප්‍රධාන සිදුවීම් ඇති සෑම අවස්ථාවකම ඔවුන් එය ක්‍රියාත්මක කරන බව මම දනිමි. නමුත් එය සැමවිටම නොවේ‘‘

    2018 දී ආලෝක සංදර්ශනය. 

    මෑත වසරවලදී, හෝටලය අවට භූමියේ පුළුල් වැඩකටයුතු සිදු කර ඇති අතර, එය මෑතකදී විවෘත කරන ලද අතර, ඕනෑම කෙනෙකුට ඉදිරිපස දොරටුව දක්වාම ඇවිදින්නට හැකි විය (නමුත් ඇතුළට නොයන්න). 2018 ජුනි මාසයේදී, ගොඩනැගිල්ලට ලකුණක් එකතු කරන ලද අතර, කොරියානු සහ ඉංග්‍රීසි භාෂාවෙන් “ද රියුග්යොන්ග් හෝටලය The Ryugyong Hotel ” සරලව කියවිය.

    ප්‍රශ්නය තවමත් පවතී: එය කවදා හෝ විවෘත වේද? “කීමට ඉතා අපහසුය. මන්දයත් ගොඩනැගිල්ල වීදුරුවලින් ආවරණය කර ඇති බැවින් ඔබට ඇතුළත නොපෙනේ” යනුවෙන් කොකරල් පැවසීය. 

    “කිසියම් දෙයක් සිදුවෙමින් පවතින බවට සැකයක් නැත. එය ඉතා විශාල ගොඩනැගිල්ලකි. එය විවෘත කිරීමට පෙර එහි යම් කොටසක් විවෘත වනු ඇතැයි සිතිය නොහැකිය. එය මගේ ගොඩනැගිල්ල නම්, මම ඉහළ සහ පහළ දෙසට අවධානය යොමු කරමි.

    2017 දී නිම කරන ලද සෝල් හි Lotte World Tower අඩි 800 කට ආසන්න (මීටර් 240) ඉක්මවා ගියේය

    “රුයුග්යොන්ග් හෝටලය තවදුරටත් කොරියානු අර්ධද්වීපයේ උසම ගොඩනැගිල්ල නොවේ: 2017 දී නිම කරන ලද සෝල් හි Lotte World Tower අඩි 800 කට ආසන්න (මීටර් 240) ඉක්මවා ගියේය. එය තවමත් උතුරු කොරියාවේ  උසම ස්ථානයයි. මෑතකදී පියොංයැං හි ඉහළ නේවාසික කුලුනු වල වර්ධන වේගයක් දක්නට ලැබුණ ද උග්යොං වලට වඩා අඩි 197 (මීටර 60) ක් අඩුය.

    වසර ගණනාවක් තිස්සේ, ලැජ්ජාව වළක්වා ගැනීම සඳහා, උතුරු කොරියානු රජය ප්යොංයැං හි නිල පින්තූරවලින් ගොඩනැගිල්ල විදුලි බුබුළක් කර ඇත . නමුත් LED ආලෝකකරණය ස්ථාපනය කිරීමෙන් එහි අනාගතය සඳහා සැලසුමක් ඇති බවට සංඥා කළ හැකිය.

    “මම හිතන්නේ උතුරු කොරියානු රජය අනිවාර්යයෙන්ම ඒ සමඟ යමක් කිරීමට කැමති වනු ඇත,” රිප්ලි පැවසීය. 

    “වසර ගණනාවක් තිස්සේ, එය ඇස් පෙනීමේ අපහසුතාවයක් විය. (විශේෂයෙන් වීදුරු පිටත ස්ථාපනය කිරීමට පෙර) ඔවුන් එය නිම කරන්නේ නම් මම සිතමි. කිම් ජොන් උන් පරීක්ෂණයක් කර එය රාජ්‍ය මාධ්‍ය පුරා පැතිරී ඇති අතර, එය වඩාත් පුළුල් ලෙස නගරයේ ආඩම්බර කේන්ද්‍රස්ථාන. පිළිගැනෙනු ඇත.

    “පුද්ගලිකව, මම සිතන්නේ ඔවුන් අභ්‍යන්තරය සමඟ කරන දේ දැක බලා ඉහළට යන ආකාරය සිත් ඇදගන්නා සුළු වනු ඇති බවයි. මට විශ්වාසයි අදහස් අසාමාන්‍යයි.”

    Text by CNN – by – Thushadhavi

  • මහ මැතිවරණයට මැතිවරණ කොමිසම සූදානම්

    මහ මැතිවරණයට මැතිවරණ කොමිසම සූදානම්

    වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ විධායක බලය ඊයේ (01) මධ්‍යම රාත‍්‍රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවීම සමග අද (02) මධ්‍ය රාත‍්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සහ මහ මැතිවරණය සදහා දින නියම කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දේශපාලන අංශ විශ්වාසය පළ කරනවා.

    පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයට දින නියම කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමඟ නාම යෝජනා සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කිරීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටින බව එහි ජ්‍යේෂ්ඨ ප‍්‍රකාශකයෙන් සදහන් කළා.

    තැපැල් ඡන්ද කැදවීම්, තැපැල ඡන්ද දින නියම කිරීම්, ඇප මුදල් තැන්පත් කිරීම්, ප්‍රචාරක කටයුතු අවසන් කිරීම ආදී බොහෝ කටයුතු සම්බන්ධයෙන් ගැසට් නිවේදන නිකුත් කිරීමට නියමිත බවත් එම ගැසට් නිවේදන මේ වන විට රජයේ මුද්‍රණාලයට යොමු කිරීමට සූදානම් බවත් ඔහු සදහන් කළා.

  • පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රියේ

    පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රියේ

    වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයාට ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට හිමි වුණා. ඒ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුවයි. පාර්ලිමේන්තුව තේරී පත්වී වසර 4 ½ ක කාලසීමාවකින් පසුව එය විසුරුවා හැරීමේ බලය 19 වැනි සංශෝධනය අනුව ජනපතිට හිමිවෙනවා.

    වසර 2015 අගෝස්තු 16 වැනිදා පැවති මහා මැතිවරණයෙන් ජයගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුව එම වසරේ සැප්තැම්බර් 1 වැනිදා පළමුවරට රැස් වුණා. එදින සිට වසර 4 ½ ක ගත වූ පසු එය විසුරුවා හැරීමේ බලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) උප වගන්තිය යටතේ විධායක ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙනවා.

    වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට කටයුතු සූදානම් කැර ඇතැයි තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (01) මාතර දී සඳහන් කළා. 

  • වසර 5කට පසු මැතිව්ස්ගේ පන්දුව ක්‍රියාත්මක වෙයි

    වසර 5කට පසු මැතිව්ස්ගේ පන්දුව ක්‍රියාත්මක වෙයි

    වසර 5 කට පසු එක්දින තරගයකදී පන්දුවාර 10 ම ක්‍රියාත්මක කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 06 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01 දා) හැකියාව ලැබිණ. ඒ අනුව 2015 පරිදිම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය.

    තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය පරාජයට පත්ව සිට මෙම තරගයට අවතීර්ණ වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ගෞරවාන්විතව තරගාවලිය අවසන් කර ගැනීමට නම් මෙම තරගයේ ජය අත්‍යවශ්‍ය විය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව සමඟ කරට කර සටනක් දීමට කොදෙව් පිල සමත් වුවත්, ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දු යැවීම හමුවේ ඒ සියල්ල දෙවැනි තැනට වැටිණ.

    ලකුණු 308 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී අවසන් පන්දු 28 දී ලකුණු 55 ක් ලබා ගැනීමේ අභියෝගය පවතිද්දී පිටියට පිවිසි ෆේබියන් ඇලන් හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 15 කදී ලකුණු 37 ක් රැස් කිරීමට සමත්වීම නිසා ජයග්‍රහණය අවසන් පන්දුවාරය තෙක්ම දෙපිළට දෝලනය විය. මැතිව්ස් විසින් යවන ලද අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 13 ක් ලබා ගත යුතු වූ අතර පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කළ ෆේබියන් පරතරය ලකුණු 9 කට අඩු කළේය. එහෙත් ඊළඟ පන්දුවේදී එතෙක් ශ්‍රී ලංකාවට හිසරදයක් වූ  ෆේබියන් දැවී ගියේ ඩීප් මිඩි විකට්හි පන්දු රැකී කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීම නිසාය.

    පන්දු යැවීමේදී පාදයේ හට ගනු ලබන ආබාධයක් හේතුවෙන් ගෙවී ගිය වසර කීපයේදීම පන්දු යැවීමෙන් වැළකී සිටි මැතිව්ස් 2015 වසරේදී පාකිස්තානයට එරෙහිව පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පන්දුවාර 10 ක් යොමු කිරීමෙන් පසු යළිත් පන්දුවාර 10 ක් යවන ලද්දේ අද තරගයේදීය. එහිදී සිය පන්දු යැවීම ලකුණු 59 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් කරගත් දකුණත් මඳ වේග පන්දු යවන්නා ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍ය පිතිකරුවන් වූ නිකොලොස් පූරාන් (50), කිරන් පොලාර්ඩ් (49), ජේසන් හෝල්ඩර් (08), සහ ෆේබියන් ඇලන් ගේ කඩුලු දවා ගත්තේය. නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වීමෙන්ද ලක්ෂාන් සඳකැන් දැඩි ප්‍රහාරයකට ලක්වීම මත පන්දු යැවීමට පැමිණි මැතිව්ස් දක්වන ලද දක්ෂාතව හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය.

    ඉනිම ඇරැඹි ෂායි හෝප් සහ සුනිල් අම්බ්‍රිස් සාර්ථක ආරම්භයක් කොදෙව් දෙමින් සිටියදී නොසිතූ පරිදි ගුග්ලි පන්දුවකින් අම්බ්‍රිස්ව අතරමං කළ වනිඳු හසරංග එම සම්බන්ධතාව ලකුණු 111 කදී නවතාළීය. උදාන විසින් ෂායි හෝප් ව දවා ගැනීමෙන් පසු සිය කඩුලු දඩයම ඇරඹූ මැතිව්ස් ප්‍රථම කඩුල්ල වශයෙන් නිකොලොස් පූරාන්ව පිටියෙන් ඉවත් කළේය.

    කිරන් පොලාර්ඩ්ගේ පාදයේ වැදී ගිය පන්දුවකට ලකුණක් කරා පැති මාරු කර ගැනීමේදී ඩැරන් බ්‍රාවෝ දුවද්දී දැවී යෑමකට හසු වුවද ශ්‍රී ලංකාවට අවශ්‍ය වූයේ පොලාර්ඩ්ගේ දැවී යෑම විය. එබැවින් පාදයේ වැදුණු පන්දුව තෙවැනි විනිසුරු වෙත යොමු කරන ලෙස ශ්‍රී ලංකා පිල ඉල්ලීම් කළ අවස්ථාවේදී පොලාර්ඩ්ගේ ඉවසීම ඉක්මවා ගිය අයුරක් දක්නට ලැබුණි. මෙම තත්ත්වය මත මඳ වේලාවක් හතරේ සීමාව තුළ රැඳී සිටීමට බ්‍රාවෝට සිදු වුවත් තීරණයේ වෙනසක් නොවිණ.

    පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සත්කාරක ශ්‍රී ලංකා පිතිකරුවෝ පිට පිටම දෙවැනි වතාවටත් ලකුණු 300 කට එහා ඉලක්කයක් කොදෙව් පිලට ලබා දුන්හ. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ඉසුරු උදානව අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට දවා ගැනීමට ජේසන් හෝල්ඩර් සමත්වද්දී ලකුණු 307 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.

    ආරම්භයේ සිට අවසානය දක්වාම වගකීම කුමක්ද යන්න නිසියාකාරව වටහා ගනිමින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් මැද පෙළ ශක්තිමත් කළ ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරා ලකුණු 300 කට එහා ඉලක්කයකට මූලික පදනම එක් කළහ. කණ්ඩායම් ඇතුළත් පිතිකරුවන් 11 දෙනාගෙන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවාලමින් ලකුණු රැස් කළ අතර ඉන් 6 දෙනෙකුම ලකුණු 25 සීමාව ඉක්මවාලූහ. ඒ අතරින් කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා අර්ධ ශතක වාර්තා කළහ.

    පන්දු 47 කදී ලකුණු 51 ක් රැස් කරමින් සිය 5 වැනි අර්ධ ශතකය රැස් කරගත් ධනංජයත් පන්දු 31 කදී වටිනා ලකුණු 38 කින් ඉනිම පෝෂණය කළ තිසර පෙරේරා හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක් එක් කළහ. මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයත් වනිඳු හසරංගගේ වේගවත් පිතිහරඹයත් නිසා අවසන් පන්දුවාර 10 ඇතුළත ලකුණු 88 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ.

    ශ්‍රී ලංකා ඉනිම අවසන්වීමට පන්දු 21 කට පෙර පන්දුවට පහර දීමට පැමිණි වනිඳු හසරංග ජේසන් හෝල්ඩර් විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේ පළමු පන්දු 2 ට 6 සහ 4 පහර බැගින් එල්ල කරමින් පන්දු 09 කදී ලකුණු 16 ක් රැස් කළේය. වනිඳු විසින් එල්ල කරන ලද එම හයේ පහර ඉනිමේ එල්ල වුණු වර්ණවත්ම පහර බවට අවිවාදිතය. පිට ඉන්නට ඈතින් ඇදී ආ පන්දුවේ මාවත වඩා එහාට ගොස් එල්ල කරන ලද එම පහර ස්කෙවයාර් ලෙග් කළාපයට ඉහළින් ඇදී ගියේ ලකුණු පුවරුවේ ලකුණු 300 සීමාවද සටහන් කරමිනි.

    කාසියේ වාසියත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි අවිෂ්ක ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 10 ඇතුළත ලකුණු 60 ක් එක් කරමින් සාර්ථක ආරම්භයක් එක් කළහ. පළමු පන්දු වාරය යැවූ ෂෙල්ඩන් කොට්‍රල් පළමු පන්දුවාරය නිලකුණු පන්දු වාරයක් බවට පත් කිරීමට සමත් වුවත් වැඩි කලබලයක් නොපෙන්වූ ආරම්භක පිතිකරුවෝ දුර්වල පන්දු එන තෙක් ඉවසිලිවන්ත වූහ. දුර්වල පන්දු ලද සැනින් පහර පිට පහර එල්ල කළ දකුණත් වමත් පිතිකරු සුසංයෝගය පළමු පන්දුවාර 10 අවසන් වන විට හතරේ පහර 9 කින් ශ්‍රී ලංකා ඉනිම සරසාලූහ. ඉන් පහර 5 ක් අවිෂ්කගේ පිත්තෙන් වාර්තාවූ ඒවාය.

    මුලු ලකුණු සංඛ්‍යාව 88 ක්ව තිබියදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරය වෙත යැවීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුවත් පිටියට එක් වූ කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා යුගල ඉනිමේ මැද පන්දුවාර වල වගකීම භාර ගත්හ. ඔවුන් පන්දුවට පහර දෙද්දී කොදෙව් පන්දු යවන්නන් ඉතා හොඳන් පන්දු යැවූ බැවින් ලකුණු රැස් කිරීම තරමක් මන්ද ගාමී විය. එහෙත් ඉතා පරෙස්සමින් ලකුණු පන්දුවට පහර දුන් කුසල්ලා යුගලය තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක් එක් කළහ.

    පන්දුවට පහර දීමට පැමිණ ලකුණු 07 ක් ලබා සිටියදී අකුණු සැරක වේගයෙන් යුතුව කුසල් පෙරේරා එල්ල කරන ලද පහර උඩ පන්දුවක් ලෙසින් ෂෝට් එක්ස්ට්‍රා කවර් කළාපයේ සිටි රොස්ටන් චේස් අතින් ගිලිහී යෑමේ වාසියෙන් සිය ඉනිම ලකුණු 44 ක් බවට පරිවර්තනය කරගත්තේය. දෙවැනි තරගයේදී ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් අද තරගයේද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූවේය. පන්දු 48 කින් සමන්විත වූ කුසල් හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් වර්ණවත් විණ.

    Text by sl cricket

  • ශ‍්‍රී ලංකාව 3:0ක් ලෙස එක්දින තරගාවලිය ජයගනී

    ශ‍්‍රී ලංකාව 3:0ක් ලෙස එක්දින තරගාවලිය ජයගනී

    සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ සත්කාර ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර අද (01) මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ‘තියුණු’ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය ශ‍්‍රී ලංකාව විසින් 3:0ක් ලෙස ජයග‍්‍රහණය කළා. එය සම්පූර්ණ තරගාවලි ජයග‍්‍රහණයක් වෙනවා.

    කාසියේ වාසිය දිනාගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ශ‍්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ දී සියලු දෙනාම දැවී ලකුණු 307ක් වාර්තා කළා. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළදී සියලු දෙනාම දැවී රැස්කර ගත හැකි වුණේ ලකුණු 301ක් පමණයි. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 06ක තියුණු ජයග‍්‍රහණයක් හිමි වුණා.

    ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම

    කාසියේ වාසියත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි අවිෂ්ක ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 10 ඇතුළත ලකුණු 60 ක් එක් කරමින් සාර්ථක ආරම්භයක් එක් කළහ. පළමු පන්දු වාරය යැවූ ෂෙල්ඩන් කොට්‍රල් පළමු පන්දුවාරය නිලකුණු පන්දු වාරයක් බවට පත් කිරීමට සමත් වුවත් වැඩි කලබලයක් නොපෙන්වූ ආරම්භක පිතිකරුවෝ දුර්වල පන්දු එන තෙක් ඉවසිලිවන්ත වූහ. දුර්වල පන්දු ලද සැනින් පහර පිට පහර එල්ල කළ දකුණත් වමත් පිතිකරු සුසංයෝගය පළමු පන්දුවාර 10 අවසන් වන විට හතරේ පහර 9 කින් ශ්‍රී ලංකා ඉනිම සරසාලූහ. ඉන් පහර 5 ක් අවිෂ්කගේ පිත්තෙන් වාර්තාවූ ඒවාය.

    මුලු ලකුණු සංඛ්‍යාව 88 ක්ව තිබියදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරය වෙත යැවීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුවත් පිටියට එක් වූ කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා යුගල ඉනිමේ මැද පන්දුවාර වල වගකීම භාර ගත්හ. ඔවුන් පන්දුවට පහර දෙද්දී කොදෙව් පන්දු යවන්නන් ඉතා හොඳන් පන්දු යැවූ බැවින් ලකුණු රැස් කිරීම තරමක් මන්ද ගාමී විය. එහෙත් ඉතා පරෙස්සමින් ලකුණු පන්දුවට පහර දුන් කුසල්ලා යුගලය තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක් එක් කළහ.

    පන්දුවට පහර දීමට පැමිණ ලකුණු 07 ක් ලබා සිටියදී අකුණු සැරක වේගයෙන් යුතුව කුසල් පෙරේරා එල්ල කරන ලද පහර උඩ පන්දුවක් ලෙසින් ෂෝට් එක්ස්ට්‍රා කවර් කළාපයේ සිටි රොස්ටන් චේස් අතින් ගිලිහී යෑමේ වාසියෙන් සිය ඉනිම ලකුණු 44 ක් බවට පරිවර්තනය කරගත්තේය. දෙවැනි තරගයේදී ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් අද තරගයේද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූවේය. පන්දු 48 කින් සමන්විත වූ කුසල් හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් වර්ණවත් විණ.

    පන්දු 47 කදී ලකුණු 51 ක් රැස් කරමින් සිය 5 වැනි අර්ධ ශතකය රැස් කරගත් ධනංජයත් පන්දු 31 කදී වටිනා ලකුණු 38 කින් ඉනිම පෝෂණය කළ තිසර පෙරේරා හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක් එක් කළහ. මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයත් වනිඳු හසරංගගේ වේගවත් පිතිහරඹයත් නිසා අවසන් පන්දුවාර 10 ඇතුළත ලකුණු 88 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියැව ලැබිණ.

    ශ්‍රී ලංකා ඉනිම අවසන්වීමට පන්දු 21 කට පෙර පන්දුවට පහර දීමට පැමිණි වනිඳු හසරංග ජේසන් හෝල්ඩර් විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේ පළමු පන්දු 2 ට 6 සහ 4 පහර බැගින් එල්ල කරමින් පන්දු 09 කදී ලකුණු 16 ක් රැස් කළේය. වනිඳු විසින් එල්ල කරන ලද එම හයේ පහර ඉනිමේ එල්ල වුණු වර්ණවත්ම පහර බවට අවිවාදිතය. පිට ඉන්නට ඈතින් ඇදී ආ පන්දුවේ මාවත වඩා එහාට ගොස් එල්ල කරන ලද එම පහර ස්කෙවයාර් ලෙග් කළාපයට ඉහළින් ඇදී ගියේ ලකුණු පුවරුවේ ලකුණු 300 සීමාවද සටහන් කරමිනි.

    බටහිර ඉන්දිය කොදෙව් ඉනිම – 301/9

    Text by Thushadhavi