Tag: featured

  • සඳට යන්න කැමතිද? ගගනගාමීන් ඕනෑ

    සඳට යන්න කැමතිද? ගගනගාමීන් ඕනෑ

    අභ්‍යවකාශයට යාම ලොව පුරා ලොකු කුඩා බොහෝ දෙනා දකින සිහිනයකි. අඩසිය වසකට ආසන්න කාලයක් සඳ මත මිනිසාගේ පා සටහන් නොතැබුනද එය වෙනස් කිරීමට නාසා ආයතනය අපේක්ෂා කරයි. එහි සැලසුම වී තිබෙන්නේ 2024 වනවිට පළමු කාන්තාව මෙන්ම මීළඟ පුරුෂයා ද චන්ද්‍ර පෘෂ්ඨය වෙත ගොඩබෑමය.

    ඒ අනුව සිය ඉදිරි මෙහෙයුම් සඳහා එක්විය හැකි අපේක්ෂකයින් තෝරා ගැනීම කෙරෙහි නාසා හෙවත් එක්සත් ජනපදයේ ජාතික ගගන හා අභ්‍යවකාශ ඒජන්සිය අවධානය යොමු කර ඇත.

    මාර්තු 2 වෙනිදා සිට 31 වෙනිදා තෙක් අයදුම්පත් භාර ගන්නා අතර, ගගනගාමියකු වීම සඳහා අවශ්‍ය කෙරෙන්නේ මොනවාද?

    ජාතිකත්වය වැදගත්

    ගගනගාමීන් ලෙස පුහුණු කිරීම සඳහා නාසා ආයතනය විසින් 1960 ගණන්වල සිට අපේක්ෂකයින් 350 දෙනෙකු තෝරාගනු ලැබූ අතර මේ වනවිට ක්‍රියාකාරී ගගනගාමී සංචිතය තුළ 48 දෙනෙක් සිටිති.

    නාසා යනු එක්සත් ජනපද ෆෙඩරල් ඒජන්සියක් වන බැවින් ඊට එක්වීම සඳහා අවශ්‍ය කෙරෙන පළමු සුදුසුකම වන්නේ ඇමෙරිකානු පුරවැසිභාවය වේ. ද්විත්ව පුරවැසියන් හට ද අයදුම් කළ හැකිය

    NASA@NASA

    Need some space? We’ve got the job for you!

    We’re accepting applications March 2-31 for the next class of #Artemis Generation astronauts. Find out if you have what it takes to #BeAnAstronaut: https://go.nasa.gov/2ShuPCA 

    Embedded video

    මේ නියමය සෑම දෙනාම බැහැර කිරීමට හේතුවක් නොවීය. අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍ය ගගනගාමියකු වූ පියර්ස් සෙලර්ස්, ගගනගාමියකු වීමේ සිහිනය වෙනුවෙන් එක්සත් රාජධානියේ පුරවැසිකම හැරදමා එක්සත් ජනපද පුරවැසිභාවය ලද්දෙකි. පසුව ඔහු අභ්‍යවකාශ ෂටල මෙහෙයුම් තුනකට ද එක්විණි.

    විද්‍යාව සම්බන්ධ පසුබිම තවත් මූලික අවශ්‍යතාවකි. බඳවාගැනෙන නවකයින් ඉංජිනේරු, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, පරිගණක විද්‍යාව හෝ ගණිත යනාදිය ඇතුළත්ව විද්‍යාව හෝ ගණිත අංශයේ විද්‍යාපති උපාධියකට හිමිකම් කිව යුතුය.

    සුදුසුකම් ලත් වෛද්‍යවරුන් හෝ ජාතික වශයෙන් පිළිගනු ලබන පරීක්ෂණ නියමු වැඩසටහනක් සම්පුර්ණ කරන ලද පුද්ගලයින්ට ද මේ සඳහා අයදුම් කළ හැකිය.

    අධ්‍යාපනය පමණක් සෑහෙන්නේ නැත. අදාළ ක්ෂේත්‍රය තුළ දෙවසරක වෘත්තීය පළපුරුද්ද හෝ ජෙට් ගුවන් යානා ප්‍රධාන නියමුවකු ලෙස අවම තරමින් පැය 1,000 ක පියාසර කාලයක් ද සහිත විය යුතුවේ.

    ඊට පසු?

    ඔන්ලයින් අයදුම්පත සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ඉන් ඉදිරියට යන අපේක්ෂකයින් පිවිසෙන ඊළඟ අදියර වන්නේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණය සමත්වීමය.

    ඉන් සමත්වන්නන් ගගනගාමී අපේක්ෂකයකු බවට පත්වන අතර එහි අරුත වන්නේ තවත් වසර දෙකක කාලයක් පුහුණු හා ඇගයීම්වලට ලක් වීම වේ.

    එම කාලය තුළදී හමුදාමය ආකාරයේ ජලයේ දිවි රැක ගැනීම, තාක්ෂණික නිපුණතා, රොබෝ පුහුණුව මෙන්ම රුසියානු භාෂා පුහුණුවට අදාළ පාඨමාලා හැදෑරිය යුතුය.

    එම කාලය තුළදී සාර්ථකව පුහුණුව සම්පුර්ණ නොකරන අය වුව නාසා ආයතනයේ වෙනත් තනතුරු සඳහා තෝරා ගැනෙනු ඇති බව එම ආයතනය පවසයි.

    අයදුම් කළ නොහැකිවන්නේ නම්?

    නාසා ආයතනයේ සේවය කිරීමට ඔබ සුදුසුකම් නොලබන්නේ නම් වුවත් අභ්‍යවකාශ සංචාරයේ යෙදීමේ වෙනත් අවස්ථා ද ඇත.

    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කල් ගෙවූ ගගනගාමීන් 239 දෙනෙකුගෙන් 151 ම ඇමරිකානු පුරවැසියන් වූ අතර, ලොව නන්දෙසින් ආ පිරිසක් ද එහි සංචාරය කර තිබේ.

    නාසාහි පුහුණුවට කාලය වෙන් කිරීමට නොහැකි නම් හා මුදල් පිළිබඳ ගැටලුවක් නැති අයෙකුට, මෙම වසර අගදී අභ්‍යවකාශයට සංචාරකයින් ගෙන යෑම සඳහා ක්‍රියා කරන පළමු පුද්ගලික සමාගම බවට පත්වන වර්ජින් ගැලැක්ටික් ආයතනයද වේ.

    by bbc

  • බ්‍රිතාන්‍යය: “ඉස්ලාමීය නීත්‍යනුකූල නැහැ” අභියාචනාධිකරණය තීන්දු කරයි

    බ්‍රිතාන්‍යය: “ඉස්ලාමීය නීත්‍යනුකූල නැහැ” අභියාචනාධිකරණය තීන්දු කරයි

    ඉස්ලාමීය උත්සවයක් පවත්වා විවාහ වූ යුවළකට නීත්‍යනුකූලව දික්කසාද විය හැකි බවට මින් වසර දෙකකට පෙර බ්‍රිතාන්‍ය අධිකරණයක් ලබා දුන් තීන්දුවක් අවලංගු කරමින් ඉහළ අධිකරණයකින් තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

    නඩුව ගොනු කළ යුවළ පැවැත් වූ ඉස්ලාමීය “නිකා” උත්සවය ඉංග්‍රීසි විවාහ නීතියට අයත් බව මහාධිකරණය 2018 දී තීන්දු කළේය.

    නමුත් අභියාචනාධිකරණය දැන් පවසන්නේ, එය “පිළිගත නොහැකි” නීත්‍යනුකූල නොවන උත්සවයක් බවය.

    ඔවුන්ගේ අභිප්‍රාය සිවිල් උත්සවයක් පැවැත්වීම හෙයින්, ඉස්ලාමීය විවාහය එක්සත් රාජධානිය තුළ නීත්‍යනුකූල නොවන බව ඔවුන් දැන සිටිය යුතු යැයි විනිසුරුවරු පැවසූහ.

    මුල් අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපති ක්‍රියා කළේය.

    දරුවන් හතර දෙනෙකු සිටින නස්රීන් අක්තර් සහ මොහොමඩ් ෂබාස් ඛාන්ගේ දික්කසාද නඩුව මෙම තීරණයට පදනම් වී තිබේ .

    මෙම යුවළ 1998 දී බටහිර ලන්ඩනයේ පිහිටි අවන්හලකදී ඉමාම්වරයෙකු සහ අමුත්තන් 150ක සහභාගීත්වයෙන් ඉස්ලාමීය විවාහ උත්සවයක් පවත්වා ඇති නමුත් සිවිල් උත්සවයක් පවත්වා නොමැත. නමුත්, එය එසේ නොවන බව නස්රීන් අක්තර් නැවත නැවතත් පවසන්නීය.

    ඔවුන් 2016 දී වෙන් වූ අතර, මොහොමඩ් ෂබාස් ඛාන් මීට වසර දෙකකට පෙර තම බිරිඳ ඉදිරිපත් කළ දික්කසාද පෙත්සම අවහිර කිරීමට උත්සාහ කළේ ඔවුන් නීත්‍යනුකූලව විවාහ වී නොමැති බව පවසමිනි.

    ‘ෂරියා නීතිය පමණයි’

    දික්කසාද ඉල්ලුම් පත්‍රය මෙන් ම ඉස්ලාමීය ඇදහිල්ලට අනුව සිදු කළ විවාහය ද වලංගු වන අතර, එක්සත් රාජධානියේ නීතියට අනුව විවාහ වූ අනෙක් අයට මෙන් තමන්ට ද නෛතික රැකවරණය හිමි විය යුතු යැයි නස්රීන් අක්තර් තර්ක කළාය.

    ඇයගේ දික්කසාද නඩුව මහාධිකරණ පවුල් නඩු අංශයේ විභාග කර අවසන් වූ පසු 2018 අග භාගයේදී ලිඛිත තීන්දුවක් ප්‍රකාශ කර තිබිණි.

    Muslim Marriages UK
    අදාළ පාර්ශවයන් ඉංග්‍රීසි නීතියේ විධිවිධාන යටතේ විවාහය සිදු කර නැහැ”

    බ්‍රිතාන්‍ය විවාහ ගිවිසුමක අපේක්ෂාවන් හා සමාන දිවුරුම්වලින් ඔවුන් විවාහ වී ඇති අතර, ලෝකය ඉදිරියේ සැමියා සහ භාර්යාව ලෙස පෙනී සිටීමත් නිසා නස්රීන් අක්තර්ගේ තර්කය නිවැරදි යැයි විනිසුරුවරයා එහිදී තීන්දු කළේය.

    මෙම විවාහය සිදු වූයේ “ෂරියා නීතිය යටතේ පමණක්” යැයි මොහොමඩ් ෂබාස් ඛාන් තර්ක කළද, එය 1973 විවාහ පනතට අයත් විවාහයක් යැයි විනිසුරුවරයා පැවසීය.

    ඒ අනුව, නස්රීන් අක්තර්ට විවාහය අහෝසි කිරීමේ නියෝගයක් ලබා ගත හැකි යැයි පැවසිණි.

    නමුත්, අභියාචනාධිකරණය පසුගිය සතියේදී අදාළ තීන්දුව ආපසු හැරවූ අතර ඉංග්‍රීසි විවාහ නීතිය යටතේ මෙම විවාහය “අවලංගු” යැයි ප්‍රකාශ කළේය.

    විවාහ මංගල්‍ය සඳහා විශේෂයෙන් ලියාපදිංචි කර ඇති ගොඩනැගිල්ලක නොපැවැත්වීම, සහතිකයක් නිකුත් කර නොතිබීම සහ රෙජිස්ට්‍රාර්වරයෙකු නොසිටීම යන හේතු මත එම මංගල්‍යය “සුදුසුකම් සපුරා නැති උත්සවයක්” යැයි අධිකරණය පැහැදිලි කළේය.

    “අදාළ පාර්ශවයන් ඉංග්‍රීසි නීතියේ විධිවිධාන යටතේ විවාහය සිදු කර නැහැ” යැයි අභියාචනාධිකරණ විනිසුරුවරු පැවසූහ.

    “සිවිල් අධිකරණ පද්ධතිය ඔවුන්ට වසා දැමීම නිසා, මුස්ලිම් සහ අනෙක් කාන්තාවන් දැනටත් දැඩි පීඩාවට පත් කරන ෂරියා ‘උසාවිවල’ පෙනී සිටින්න මේ තීන්දුව හරහා බල කිරීමක් සිදු වෙනවා,” ලාභ නොලබන සංවිධානයක් වන ‘සවුත්හෝල් බ්ලැක් සිස්ටර්ස්’හි අධ්‍යක්ෂ ප්‍රග්නා පටෙල් පැවසීය.

    මුස්ලිම් යුවළ සිය ඉස්ලාමීය විවාහ උත්සවයට අමතරව නීත්‍යනුකූලව විවාහ වීමට අවශ්‍ය බව 2017 දී ෂරියා නීතිය පිළිබඳ බ්‍රිතාන්‍ය රජය සිදුකළ සමාලෝචනයකදී පැවසීය.

    by bbc.com

  • ඉන්දියාවේ හමුදා නිලධාරිනියන්ට අධිකරණයෙන් සුවිශේෂී තීන්දුවක්

    ඉන්දියාවේ හමුදා නිලධාරිනියන්ට අධිකරණයෙන් සුවිශේෂී තීන්දුවක්

    ඉන්දීය හමුදාවේ අණදෙන නිල දැරීම සඳහා ඉඩකඩ සැලසෙන පරිදි ඔවුනට ස්ථිර අධිකාරී තත්වය ලැබීමට සුදුසුකම් දෙමින් එරට ඉහළම අධිකරණය තීන්දුවක් දී ඇත.

    එම තීන්දුවට අනුව උසස්වීම්, නිල දැරීම්, ප්‍රතිලාභ හා විශ්‍රාම වැටුප් ලැබීමේදී ඔවුන් පිරිමි නිලධාරීන් හා සම තැනට පත්වේ.

    මේ කරුණ සම්බන්ධයෙන් දිල්ලි මහාධිකරණය දී තිබූ තීන්දුව වෙනස් කිරීම සඳහා ඉන්දීය ආණ්ඩුව කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

    හමුදාව තුළ සමානාත්මතාව ගොඩනැගීම කරා යන ගමනේ “දැවැන්ත පිම්මක්” ලෙස මෙම අධිකරණ තීන්දුව ඇගයීමට ලක්වේ.

    මේ තත්ත්වය ළඟාකර ගැනීම සඳහා සේවයේ සිටින මෙන්ම විශ්‍රාම ගිය බොහෝ දෙනා ක්‍රියා කළහ. දැනට ඉන්දීය හමුදාව තුළ කාන්තාවන් බඳවා ගැනෙන්නේ කෙටි කාලීන සේවා අධිකාරිය යටතේ වන අතර නිලධාරියෙකුට සමස්ත සේවා කාලය සම්පුර්ණ කිරීම සඳහා වන ස්ථිර අධිකාරියට සුදුසුකම් නොලබයි.

    ඒ අනුව මූලික වශයෙන් කාන්තාවන්ගේ සේවා කාලය වසර පහක් වන නමුත් එය දිගු කර ගැනීමේ අවස්ථා ද වේ. කෙසේවෙතත්, පිරිමි නිලධාරීන් ලබන වරප්‍රසාද එලෙසින්ම ඔවුන්ට හිමි නැත.

    එය වෙනස් වන්නේ හමුදාවේ නීති හා අධ්‍යාපනික අංශවල පමණි. එම අංශවල නිලධාරිනියෝ 2008 වසරේ සිට ස්ථිර අධිකාරි සඳහා සුදුසුකම් ලබති.

    කාත්නාවන්ට ස්ථිර අධිකාරී හිමිකර දීමට පසුගිය වසරේදී ඉන්දීය ආණ්ඩුව එකඟ වුවත් වයසින් වැඩි නිලධාරිනියන්ගේ කායික සීමාකම් හේතු ලෙස දක්වමින් වසර 14ට අඩු සේවා කාලයක් ඇති නිලධාරිනියන්ට පමණක් එය අදාළ වන බව කියා සිටියේය.

    “කායික සීමා හා සමාජ ධර්මතා පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවේ තර්ක නිලධාරිනියන්ට ඇති අවස්ථා නැති කිරීම සඳහා වන අතර එය කළඹන සුලු හා පිළිගත නොහැකි තත්ත්වයක්” යැයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ඩී වයි චන්ද්‍රචුද් පැවසීය.

    ‘පැහැදිලි නොසළකා හැරීමක්’

    අණදෙන නිලයන්ට කාන්තාවන් පත්කිරීමට එරෙහිව ද ආණ්ඩුව තර්ක ඉදිරිපත් කළේය.

    “නිලතලවල සංයුතිය පවතින්නේ පිරිමින්ගෙන්. ඒ වගේම වැඩිවශයෙන් ග්‍රාමීය පසුබිමකින් ඒම මෙන්ම පවතින සමාජ ධර්මතා අනුව කාන්තාවන් සිය අණ දෙන නිලධාරීන් ලෙස පිළිගැනීමට භට පිරිස්වල මානසික තත්ත්වය තවම පුරුදු පුහුණු වී නැහැ.” යැයි ආණ්ඩුව පැවසීය.

    නමුත් එම තර්කය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ “සමානාත්මතාවට ඇති අයිතිය සහේතුකත්වයට ඇති අයිතියක්” යැයි පවසමිනි.

    නිලධාරිනියන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිවේදිනි අයිශ්වර්යා භාටි පැවසුවේ මෙය සුවිශේෂ තීන්තුවක් බවය.

    “හමුදාව තුළ ඉතා පැහැදිලි නොසළකා හැරීමක් තිබුණා. එක් නිලධාරිනියක් වසර 26ක් පුරා සේවය කර තිබුණත් ඇයට පිරිමින්ට හිමි වරප්‍රසාද ලැබී තිබුණේ නැහැ. දැන් ඒ වැරැද්ද නිවැරදි කර තිබෙනවා” යැයි ඇය බීබීසී සමග පැවසුවාය.

    අධිකරණ තීන්දුව “ඓතිහාසික” බව බීබීසී සමග අදහස් පළකළ ලුතිනන් කර්නල් පූනම් කියා සිටියාය.

    “ඉන්දීය ව්‍යවස්ථාව පදනම් වී තිබෙන්නේ සමානාත්මතාව මත. කාන්තාවන්ට ඇති අවස්ථා අහිමි කිරීම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවේ ලක්ෂණවල ජීවගුණයට එරෙහිව යාමක්. දැන් පිරිමින්ට හා කාන්තාවන්ට සමාන මාර්ගෝපදේශ සැකසීමට හමුදාවට සිටුදුවෙනවා.” යැයි ද ඇය සඳහන් කළාය.

    by bbc sandesaya

  • අපනයන සංවර්ධන මණ්ඩලය පාරිභෝගිකයින් සඳහා උපකාරක කවුළුවක් පිහිටුවයි

    අපනයන සංවර්ධන මණ්ඩලය පාරිභෝගිකයින් සඳහා උපකාරක කවුළුවක් පිහිටුවයි

    ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය  අපනයනකරුවන්ට, ව්‍යවසායකයින්ට සහ මහජනතාවට රජයේ වැඩකරන දිනවල කඩිනම් තොරතුරු ලබා ගැනීම සදහා පාරිභෝගික උපකාරක කවුළුවක් ස්ථාපිත කර ඇත.

    අපනයන සංවර්ධන මණ්ඩලය මෙම පියවර ගෙන ඇත්තේ අපනයන සේවාවන්හි කාර්යක්ෂමතාව සහ එලදායීතාවය උපරිම කිරීම සහ වෙනත් අදාළ ආයතන පිළිබඳ අවශ්‍ය මග පෙන්වීම් ලබා දීම සදහායි.

    මේ යටතේ අපනයන ක්ෂේත්‍ර‍යන්ට අදාල ඕනෑම පාරිභෝගික කටයුත්තක් සඳහා පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා සහය ඉල්ලා සිටීමට මහජනයාට 0112300710 අංකයෙන් හෝ helpdesk@edb.gov.lk විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ විය හැකිය.

  • රු. බිලියන 367ක මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ යෝජනාව රජයේ මුදල් කාරක සභාවට

    රු. බිලියන 367ක මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ යෝජනාව රජයේ මුදල් කාරක සභාවට

    රුපියල් බිලියන 367කට ආසන්න මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට සදහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළයෝජනාව අද (18) පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් කාරක සභාව විසින් සළකා බලනු ඇත.

    එම කාරක සභාව විසින් එය අනුමත කිරීමෙන් පසු එම යෝජනාව ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදය සදහා ඉදිරිපත් කරනු ඇත.අදාළ විවාදය පෙරවරු 9.30 සිට දහවල් 12.30 දක්වා පැවැත්වේ.

    මෙයට අමතරව ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන කෙටුම්පත ,ආර්ථික සේවා ගාස්තු සංශෝධන කෙටුම්පත සහ වරය හා ගුවන්තොටපළ බදු සංශෝධන කෙටුම්පත සහ පනත් කෙටුම්පත් 03ක්ද හෙට පැවැත්වෙන රැස්වීමේදී සාකච්ඡාවට ගැනෙනු ඇත.එම කෙටුම්පත් ද කාරක සභාවේ අනුමැතියෙන් පසු ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

    මේ අතර මහ බැංකු බැදුම්කර පිළිබද වෝහාරික විගණන වාර්තාට අදාළ මහ බැංකුව ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණද කාරක සභාවේ සාකච්ඡාවට ලක්වේ.

  • සයින්දමරුදු: සමාජ මාධ්‍ය අඩවිවල වෛරී ප්‍රකාශනවල ඉහළ යාමක්

    සයින්දමරුදු: සමාජ මාධ්‍ය අඩවිවල වෛරී ප්‍රකාශනවල ඉහළ යාමක්

    සයින්දමරුදු ප්‍රදේශයට නගර සභාවක් ලබා දීම පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පරිශීලකයන් විශාල වශයෙන් ජාතීන් අතර අසමගිය ඇතිකරවන සහ ජනාධිපතිවරයාට ඇතුළු වෙනත් ආගමික නායකයින්ට අපහාසවන ආකාරයේ වෛරී ප්‍රකාශන හුවමාරු කරගැනීමේ ප්‍රවනතාවයක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ITSSL නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත.

    මේ දිනවල විශේෂයෙන්ම ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පලවන අන්තර්ගතයන් පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ මෙන් විශේෂ පිරික්සීමකට ලක් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලා වහාම ක්‍රියාත්මක වන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ෆේස්බුක් සමාගමේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරනා නියෝජිතවරයාගෙන් ඉල්ලා සිටිමු.

    තවද මෙවැනි වෛරී ප්‍රකාශන හා අන්තර්ගතයන් සමාජ මාධ්‍ය අඩවි වල හුවමාරු කරගැනීමට යාමෙන් වලකින ලෙස අප සංගමය ශ්‍රී  ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දැනුම් දෙමු.

  • විදේශ ආයෝජන කඩිනමින් ආරම්භ කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් – ඇමති ප‍්‍රසන්න

    විදේශ ආයෝජන කඩිනමින් ආරම්භ කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් – ඇමති ප‍්‍රසන්න

    මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ප්‍රමාදයකින් තොරව එම ආයෝජන කටයුතු ආරම්භ කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඉදිරි වසර 05 තුළ මෙරටට වැඩි වශයෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාවයි.

    ජනාධිපතිවරයාගේ රට නගන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම ඉලක්කය සපුරා ගැනීම සදහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සදහන් කරයි.

    ඒ අනුව ආයෝජන අනුමැතිය වේගවත් කිරිමේ ක්‍රියාවලිය සදහා විශේෂ කමිටු දෙකක් ක්‍රියාත්මකයි. ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති පරික්ෂණ කමිටුව හා ඉඩම් වෙන් කිරීමේ කමිටුව එම කමිටු දෙකයි. ව්‍යාපෘති නිරීක්ෂණ කමිටුව මගින් සියලුම ආයෝජන අයදුම්පත් වලට ඊට සම්බන්ධ මණ්ඩලයේ ක්‍රියාකාරී දෙපාර්තුමේන්තු සමග එක් ව කඩිනම් අනුමැතිය ලබා දීමට කටයුතු යොදා ඇත. ඉඩම් වෙන් කිරීමේ කමිටුව මගින් තාක්ෂණික හා මුල්‍ය නිර්ණායකයන්ට අනුකූලව ආයෝජන මණ්ඩල ඉඩම් ඇගයීමකට ලක් කර ඉඩම් නිසි ලෙස පවරා දීම සිදු කරනු ලබයි.

    මීට අමතරව මාර්ගගත (Online) ආයෝජන පහසුකම් සැපයීමේ ක්‍රියාවලියද වේගවත් කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. කිසියම් ආයෝජනයක් සදහා අවසර ලබා ගැනීමේ දී ආයතන ගණනාවකින් අනුමත කිරීම හා බලපත්‍ර ලබා ගැනීමට ආයෝජකයන්ට සිදු වේ. එලෙස අනුමත කිරීම් හා බලපත්‍ර ලබාගැනීමට සිදුවන ආයතන සංඛ්‍යාව 24 කි. මෙම ආයතන අතර පවතින සම්බන්ධිකරණයේ අඩුපාඩු හේතුවෙන් ආයෝජන අනුමත කිරීමේ දී සැලකිය යුතු කාලයක් ගතවන බව තමන්ට නිරීක්ෂණය වුයේ යැයි ඇමතිවරයා කියා සිටී.

    මෙම තත්ත්වය වැලැක්වීම සදහා තනි කවුළු ආයෝජන පහසු කිරීමේ කාර්ය සාධන බලකායක් පිහිටුවා තිබේ. ඒ අනුව එම බලකාය මගින් අතථ්‍ය වෙබ් වේදිකාවක් (Virtual Web Portal) මගින් නියමිත කාල සීමාවක් තුළ අදාළ ආයතන වල අනුමත කිරීමේ ක්‍රියාවලිය ඉටු කිරීම සිදු කර ගැනීමට මැදිහත් වන බව ද ඇමතිවරයා කියයි.

    මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ආනයන අපනයන පහසුකම් වැඩි දියුණු කිරිම සදහා ද පියවර ගෙන තිබේ. එමෙන් ම ආයෝජකයන් සහ විදේශිය කාර්යය මණ්ඩල සදහා වීසා නිර්දේශ කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සදහා වීසා බලපත්‍ර අයදුම් කිරිමට ආයෝජන මණ්ඩලයේ මාර්ගගත (Online) වීසා ක්‍රමය ද ක්‍රියාත්මකයි.

    මීට අමතරව ආයෝජන ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීම සදහා “ඉදිරිපස කාර්යාලය (Front Office Desk)”පිහිටුවා ඇත. මෙරට ආයෝජනයට අපේක්ෂා කරන ආයෝජකයන්ගේ යෝජනා භාර ගැනීම, මෙම කාර්යාලය විසින් සිදු කරනු ලබන අතර ඊට අදාළ ආයෝජන මණ්ඩල පිරි සැකසීමේ කටයුතු පසුපස කාර්යාල විසින් සිදු කරනු ලැබේ. මෙරටට පැමිණෙන සියලු ආයෝජන සම්බන්ධයෙන් ස්වාධින හා විනිවිදභාවයෙන් යුතු ඇගයීමක් සිදු කිරීමේ අරමුණින් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

  • අපනයන සැකසුම් කලාපවල යටිතල පහසුකම් සංවර්ධනයට රු. මිලියන 2288ක්

    අපනයන සැකසුම් කලාපවල යටිතල පහසුකම් සංවර්ධනයට රු. මිලියන 2288ක්

    අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 2,287.677 ක මුදලක් වෙන් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ආයෝජන මණ්ඩලය විසින් මෙම මුදල වෙන් කර තිබේ.

    දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 628.264 ක් ද පසුගිය වසරේ අනුමත වූ ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 400.551 ක් හා නව ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 1,258.862 ක් මෙලෙස වෙන් කෙරේ.

    දිවයින පුරා ක්‍රියාත්මක අපනයන සැකසුම් කලාප සංඛ්‍යාව 15 කි. කටුනායක, බියගම, කොග්ගල, නුවර, මීරිගම, මල්වත්ත, සීතාවක, මිරිජ්ජවිල, වතුපිටිවල, හොරණ, පොල්ගහවෙල, මාවතගම, වගවත්ත, වගවත්ත 2 හා බිංගිරිය එම අපනයන සැකසුම් කලාපයි. මෙම අපනයන සැකසුම් කලාප වල කර්මාන්තශාලා 273 ක් පිහිටා ඇති අතර 137,478 ක් සේවය කරයි.

    මේ වසරේ දී ආයෝජන මණ්ඩල ප්‍රාග්ධන අයවැයෙන් යෝජනා කර ඇති ප්‍රධාන ව්‍යාපෘතියක් වන්නේ සීතාවක ආයෝජන කලාපයේ පොදු අප ජල පවිත්‍රාගාරය සංවර්ධනය කිරීමයි. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 564කි. ඊට අමතරව හොරණ අපනයන සැකසුම් කලාපයේ දී සංවර්ධන ව්‍යාපෘති රැසක් සදහා ප්‍රතිපාදන වෙන් කර තිබේ. අපජල පවිත්‍රාගාරය බලශක්ති ඉතිරිකිරීමේ ආලෝකකරණ පද්ධති භාවිතා කරමින් ආලෝක පද්ධති නවීකරණය, ඉඩම් සංවර්ධනය හා මාර්ග ආශ්‍රිත වැටවල් ප්‍රතිසංස්කරණය, ජල සැපයුම් වැනි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ඊට ඇතුළත්ය. හොරණ අපනයන සැකසුම් කලාපයේ සංවර්ධන ව්‍යාපෘති සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 250කි.

    මීට අමතරව කටුනායක, බියගම, අත්තනගල්ල, මල්වත්ත, වතුපිටිවල, මීරිගම වැනි අපනයන සැකසුම් කලාප වලද මාර්ග සංවර්ධනය, විථී ලාම්පු සවි කිරීම, පානීය ජල පහසුකම් වැඩි දියුණු කිරීම වැනි කටයුතු ක්‍රියාත්මක කරන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

  • සිරිසේන සහ ශ‍්‍රීලනිපය ‘හකුලා ගනී’

    සිරිසේන සහ ශ‍්‍රීලනිපය ‘හකුලා ගනී’

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව තරග කිරීම ‌සඳහා ‘ශ්‍රී ලංකා නිදහස් ‌පොදුජන සන්ධානය’ පිහිටුවීමට අයදුම්පතක් ඊයේ (17) මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළා.

    ඔහු සඳහන් කළේ නව සන්ධානයේ / පක්ෂයේ ලකුණ ලෙස ‘පොහොට්ටුවම’ යොදා ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වූ බවයි. ‌පොදු ලකුණක් යටතේ මහමැතිවරණයට තරග කළ යුතු බව කී ශ්‍රීලනිපය තම ස්ථාවරය වෙනස් කරගෙන ‌පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට එකගතාව පළ ‌කිරීම ඔවුන් ගත් වැදගත් තීන්දුවක් බව ද ඔහු සඳහන් කළා.

    නව සන්ධානයේ සමනායකත්වය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවී ඇති බවත් එහි සභාපති පදවිය හිටපු ජනාධිපති සිරිසේන මහතාට ලබා දුන් බවත් පැවසූ ශ‍්‍රීලපොපෙ ප‍්‍රකාශකයා නව සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන ‌දෙදෙනා අතරේ ‌‌බෙදී යායුතු බවට මුලින් දැරූ ස්ථාවරයෙන් ඔවුන් ඉවත් වීම සාධනීය තත්ත්වයක් බව ද කියා සිටියා.

    නව සන්ධානයේ මහ ලේකම් ලෙස බැසිල් රාජපක්ෂ මහතාත්, උප ලේකම් ධුරය උදය ගම්මන්පිල මහතාත්, එහි නියෝජ්‍ය සභාපති ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත් පත්ව ඇති අතර නියෝජ්‍ය ලේකම් ධුරය අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ද සන්ධානයේ ජාතික සංවිධායකවරුන් ලෙස අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හා අමාත්‍ය විමල් වීරවංශ මහතා ද පත්කර තිබෙනවා.

    පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස තිස්ස විතාරණ, අමාත්‍ය වාසුදේව නානායක්කාර හා ඩිව්ග ගුණසේකර ද පත්කර තිබෙනවා.

  • බත් හදන – බත් කන සියලු දෙනාම දැනගත යුතු කතාවක්

    බත් හදන – බත් කන සියලු දෙනාම දැනගත යුතු කතාවක්

    දියවැඩියාවට වංගු ගසා කුස සනහන බත් කටක්ආසනික් වලට බියෙන් හෝ බත් අඩුකිරීම හොඳයි

    පසුගිය සතියකදී තම්බාපු හාල් හා කැකුළු හාල් ගැන සංසන්දනාත්මක ලිපියක් පළකිරීමෙන් පසුවද පෙර පුරුද්දට විද්‍යුත් ලිපිනයේ ‘ලැබීම්’ ගොනුව විවෘත කල මට දෑස් අදහා ගැනීමට පවා අපහසු විය. ලියුම් මල්ලේ බර, පරිගණක යතුරු පුවරුවට එබෙන ඇඟිලි තුඩු හරහා කාන්දුවී ශරීරයට උරාගෙන, කර මතටද පැටවුනා සේ දැනෙන්නට විය. ඒ තරමට එය බරින් වැඩිය.

    එදා ලිපියේ සඳහන් කල තම්බපු හාලේ ඇති ‘දෘඩ පිෂ්ඨය’ ගැන බොහෝ දෙනෙක් තව තවත් තොරතුරු විමසා තිබුණි. බහුතරය දියවැඩියාව ගැන උනන්දු වන්නන්ය. බත් මුට්ටියෙන් ගසා කෑමේ අන්දරයේ සිට සහල් ගැන ලියා හෙම්බත්ව සිටි මා මේ යටතේ ලියන අන්තිම ලිපිය යයි සිතා එම ලිපිය ලියූවේ, ලිපිය තුලම ඒ ගැනද සඳහන් කරමින් වුවත් දැන් ඉතින් නැවතත් මේ මාතෘකාව යටතේම අන්තිම ලිපිය යයි සිතා කඩිමුඩියේම තව එකක් ලියන්නට හිත හදාගත යුතුව තිබේ. සැලසුම් කරගත් වෙනත් මාතෘකා පස්සට ඇද දමන්නටද සිදුවී තිබේ.

    වැඩ නිමවා ගෙදර ඇවිත් හාල් හුන්ඩුවක් රයිස් කුකරයට දමා තම්බාගෙන, මස් මාළු බිත්තර නැතිනම් කරවල කෑල්ලක්වත් සමග අනාගත් එළවළුවක් මිශ්‍ර බත් කටක් මුව තුලට ඔබාගන්නට විවේකයක් නොමැති කාර්යබහුල ජනතාවක්, ජංගම වෑන් එකේ විකුණන සම්බෝල මැදිකල ඉඳිආප්ප මුලට ග්‍රොසරි බෑග් එක කඩා කිරි හොද්ද හලාගෙන වලඳනා අතරතුර, තැම්බූ හාලේ හා කැකුළු හාලේ ගුණදොස් විමසීමට ඉදිරිපත්වීම ගැන නම් මට ඇත්තේ ආඩම්බරයකි. තෝරමාළු තිබියදී මඩකරි කන්නා සේ මෙවන් දෑ කෙරුවත් ඒ සියල්ලෝම තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ඇතැම්විට උවමනාවටත් වඩා යටිහිතෙන් සැලකිලිමත් වෙන බවද, ඒ විමසීම් හරහා පැහැදිලිවම පෙනෙන්නට තිබුණි.

    කෙසේ වෙතත් ජනතාවට යහපත් සෞඛ්‍යය පුරුදු ගැන දේශනා කරන්නටවත්, දියවැඩියාවට බෙහෙත් නියම කරන්නටවත්, ලාවට කෘෂිකර්මය ඉගෙනගෙන ඇති අපට අයිතියක් නැත. ඒ සඳහා පෝෂණවේදීන්, වෛද්‍යවරුන් වැනි කණ්ඩායම් සිටී. එහෙත් අප දන්නා දේ නොකියා සිටිය යුතු වන්නේද නැත.

    ඇතැමෙක් අසන්නේ දියවැඩියාවට වඩා හොඳ කැකුළු හාල්ද තම්බපු හාල්ද යනුවෙනි. තවත් අයෙක් බාස්මතී ගැනද අසති. පසේ තිබෙන ආසනික් හාල් වලට ඇතුළුවී බත්කන මිනිසුන්ට වින කටින එක ගැන දැන් කතා නැත්තේ මොකදැයි, කල්ගතවූ කුණු ගොඩක්ද තවත් ලිපියකින් අවුස්සා තිබිණ. මේ සියල්ලට උත්තර බඳින්නට මා හට විශේෂඥ දැනුමක් නම් නැත.

    අපේ රටේ සමහර ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන් හා පූජ්‍ය පක්ෂයේ අය කෘෂිකර්මය දන්නා තරමට ‘අනේ අපිනම් දන්නේ නැතැයි’ බොහොමයක් කෘෂි විද්‍යාඥයින් වේදනාව හිර කරගෙන හිත හදාගෙන ඉන්නා විලසින්, මාද පුරුදුවී ඇත්තේ පරිස්සමෙන් පසු පාදයේ ක්‍රීඩා කිරීමටයි. ඉඳ හිටලා සික්සරයක් ගසන්නේ අතේ පයේ හිරි යන්නට මිස කවුරුන් සමග හෝ ඇති ආරෝවක් පිරිමහන්නට නොවේ.

    රූප පෙට්ටියේත්, පත්තර පිටුවලත් පිරවෙන බොහොමයක් කෘෂිකර්ම තොරතුරු ලියවෙන්නේ කෘෂි විද්වතුන් අතින් නොවන බව කාලයක් තිස්සේ අවබෝධවීම නිසා එලෙස හිත හදා ගන්නට ඇතැම් කෘෂි විද්වතුන්  නැඹුරු වූවා වියහැකිය. ලියන්න කියන්න අත කට හයිය අයට, දන්නා නොදන්නා හැමදේම සිතැඟි පරිදි වමාරන්නට දොරගුළු හැරදීමේ වරදේ වැඩිහරියක් මා නම් පටවන්නේ කෘෂිකර්මයෙන් ඩබල් ට්‍රිබල් ඩිග්රි ගසා ඇති මෙම කණ්ඩායමටයි.

    හොම්බේ තණකොළ ගහක් වැදුනත් පෙන පෙරාගෙන කටුව ඇතුලට රිංගන ගොලුබෙලි පුරුද්ද අත්හරිනා තාක්කල් ගොවිතැන ගැන වැරදි මත ජනගත වීම වැළක්විය නොහැකිය. පොඩි එවුන් නැති ගෙදර නාකි දනගාන එක ගැන ඒ නිසා වැරද්දක් කියන්නටද බැරිය. ඒ අනුව පටන් ගැනීමේදීම කියන්නට ඇත්තේ මෙම ලිපිය මගින් ඉදිරිපත් කෙරෙන්නේ කෘෂිකර්මය හා බැඳී පවතින ආහාර තාක්ෂනය හා පෝෂණය සම්බන්ධ කරුණු මිස දියවැඩියාවට බෙහෙත්වත්, ඔවුන්ගේ කෑම වට්ටෝරුවත් නොවන බවය.

    මෙම තොරතුරු වලින් යම් ආභාෂයක් ලබමින් දියවැඩියාවට අදාළ උපදෙස් රෝගීනට නිකුත්කිරීම වෛද්‍යවරුන්ගේ කාර්යභාරයක් වන අතර, අප දුන් නිලාකූර පත්තුකර, එහි එළියෙන් සිත සනහාගෙන, දොස්තර ගෙදර රබන් ගහන්නට යාම රෝගියාගේ වගකීමක්ද වන්නේය.     

    වී තම්බා සහල් නිපදවීමේ ප්‍රධාන පියවරයන් තුන වන වී පෙඟවීම, තැම්බීම හා කෙටීම යන කාර්යාවලිය හරහා යන විට සහල් කිලෝවක් නිපදවීමට යන මුලික වියදම වැඩිවෙනවා සේම, සහලේ රසායනික හා ගුණාත්මක ගතිගුණද සැලකිය යුතු තරමින් වෙනස්වේ. මේ වෙනස්වීම් වලට සමහරු කැමතිය, තවත් අය අකමැතිය. මේ හේතුව නිසාම ලෝක වී නිෂ්පාදනයෙන් 50% ක් පමණ මේ වනවිට තම්බා කොටන තත්වයට පත්වී තිබෙන අතර ඉතිරිය කැකුලෙන් පාරිභෝජනය කරනු ලබයි.

    වී තැම්බීමේදී ඇතුලත අන්තර්ගත පිෂ්ටය හොඳටම ‘බෙරි’ වී නැවත වියලෙන නිසා සහල් ඇටයට අතිරේක සවියක් ලැබෙන අතර, වී කෙටීමේදී සුලභව සිදුවෙන සහල් කැබලිවීම මේ නිසා අවම වන්නේය. ඒ නිසා කැකුලට කොටනවාට වඩා 3% – 4% කින් සහල් අස්වැන්න වී තම්බා කොටන විට වැඩිය. අපතේ යාම අඩුය. තම්බන උෂ්ණත්වය හමුවේ වී ඇටය තුල තිබූ එන්සයිම යනාදිය විනාශවී ගොස්, ගොයම් පැලයක් සාදන කලලයද මැරී සම්පූර්ණයෙන්ම සෑදෙන්නේ අජීවී ව්‍යුහයකි.

    මේ නිසා දිලීර වර්ධනයක් නොහොත් ‘පුස්කෑම’ ක් වී ඇටය තුල සිදුවෙමින් තිබුනානම් එයද අවසන්වේ. වී පොතු එකිනෙක ඈත්වීම නිසා දැන් ඉතින් වී කොටා සහල් කිරීමද පහසුය. මෙලෙස ලැබෙන තැම්බූ සහල් වල ඇටවල තිබෙන දැඩි බව නිසාම පහසුවෙන් ගුල්ලෝ නොගසයි. වී පොතුවල ඇති යම් කොටස් සහල් ඇටයට උරාගන්නා නිසා දැන් එය තරමක් අවපැහැ ගැන්වීද තිබේ. දිනපතා ඛනිජ අවශ්‍යතාවය පැත්තෙන් බලනකල මෙය ඉතා ප්‍රයෝජනවත්ය.

    කැකුළු සහලෙන් බතක් පිසිනවාට වඩා මඳක් වැඩි කාලයක් ගත්තද, බත ‘බෙරි’ නොවීම සහ එකට නොඇලීම අනුභව කරන්නාට වාසියකි. බෙරි වූ බතකින් රුධිරයට ග්ලූකෝස් නිදහස්වීම පහසුවෙන් සිදුවේ. රුධිරයේ සීනි පාලනය කරන්නට අවශ්‍ය තරමට ඉන්සියුලින් නම් හෝමෝනය නිපදවාගන්නට බැරි දියවැඩියා රෝගීන්ට හෝ එය සෑදීමට ආසන්න තත්වයේ සිටින පුද්ගලයින්ට මේ නිසා කැකුළු හාලේ බතට වඩා තම්බපු හාල් බත් වඩාත් සුදුසුය.

    රුධිරයට සීනි නිදහස් කිරීමේ වේගය ‘ග්ලයිසෙමික් අගය’ වශයෙන් අප පසුගිය ලිපියකින්ද හඳුන්වා දුන්නෙමු. ස්වාභාවිකවම තම්බපු හාලේ ඇති දැඩි බව නිසාම එහි ග්ලයිසෙමික් අගය අඩුය. සහල් මාදිලිය අනුවද ග්ලයිසෙමික් අගය එහා මෙහා වෙයි. බාස්මතී සහල්වලත් ග්ලයිසෙමික් අගය අඩුය.

    ලංකාවේ වෙළඳසැල්වල කිලෝ ගණනට කිරා සිල්ලරට විකුණන සහල් බාස්මතී නොවන බවද, ඒවාහි ග්ලයිසෙමික් අගය ඉහල බවද, දියවැඩියාවට ඒවා යෝග්‍ය නොවන බවද, මෙතැන් සිටවත් අප තේරුම් ගත යුතුවේ. නියම බාස්මතී කිලෝව ලංකාවේ මුදලින් රුපියල් තුන් හාරසීයක් පමණ වේවි. ඒවා දිග ඇට වන අතර පිසීමේදී මහත් නොවී දිගින් පමණක් වැඩිවේ. දිග වැඩිවෙන නිසාම පිසින ලද බත් ඇට මඳක් වක්‍රවීමක් පෙන්වයි.

    දියවැඩියාවට බාස්මතී හොඳයි කියා සිතමින්, හොර බාස්මතී පාරිභෝජනය කර ලෙඩේ වැඩිකරගැනීම නම් නොදන්නාකම මෙන්ම නොසැලකිල්ලත් එකට අමුණා ලබාගන්නා වූ ප්‍රතිපලයන්ය. තම්බපු හාලෙන් සැනහීම ඊට වඩා දහසක් වටින්නේය.

    බත් කන බොහොමයක් දෙනා එය කෑමට කැමති උණු උණුවේ අත කට පිච්චෙද්දීය. හිඟමනේ යන තැනැත්තාට දෙන්නේ පරණ බත්ය. ඒවා සීතලය. හිඟන්නාට මොන උණු බත්දැයි අසන්නේ මේ නිසාය.

    මේ හා බැඳුනු පුවතක් විදෙස් වාර්තාවකින් මා හට කියවන්නට ලැබුණි. සුදු සහලේ කැකුළු බතක් උයා එය සෙන්ටිග්‍රේඩ් අංශක 4 ක උෂ්ණත්වයකට පැය 24 ක් තිස්සේ තබා, එනම් සාමාන්‍ය ශීතකරණයක දිනක් තැබීමෙන් අනතුරුව නැවත රත්කර නිරෝගී මිනිසුන් 15 දෙනෙකුට කෑමට දී තිබේ. ඔවුන්ගේ රුධිරයට නිකුත්කෙරෙන ග්ලූකෝස් මැන බැලුවිට පෙනෙන්නේ, එවේලේම පිසින ලද එම වර්ගයේම බත් කෑ අයට වඩා රුධිරගත ග්ලූකෝස් මේ 15 දෙනාගේ අඩු බවයි.

    තැම්බූ සහලේ බතක් නොවුවත්, වරක් රත්කර සිසිල් වූ නිසා මේ සහලේද දෘඩ පිෂ්ඨය සෑදී ඇති බවකි මින් පෙනෙන්නේ. දියවැඩියා අවදානම් කලාපයේ ජීවත්වෙන කැකුළු බත් ලෝලීන්ට නම් මෙය අගේ ඇති ආරංචියකි. හිඟන්නාට මින්පසු උණුබත් ලැබෙනු ඇත. ගෙදර එක්කෙනා බඩගිනි දැනෙන විට ශීතකරණය අසලය.

    විදෙස් රටවල නම් සීතල බතෙන්ම සාදන කෑම වට්ටෝරු පවා තිබේ. ඔවුන් ඒවා අනුභව කරමින් නොදැනුවත්වම මේ වාසිය කලෙක සිට ලබා ගන්නටද ඇත. උණු බතටම පෙම් බඳිමින් එය පසුපසම ගියත්, අපගේ අතීත ආහාර පුරුදු තුලද මෙවැනි දෑ තිබුණි. පැරණි සිරිතකට අනුව අප ‘දියබත්’ කෑමෙන්ද ලැබුවේ මෙම වාසියම නොවේයැයි කාට කිව හැකිද? එකල ගමේ ගෙවල්වල ශීතකරණ තිබුනේ නැත.

    බත්මුට්ටියේ ඉතිරියට වතුර පුරවා තබා, පසුදා එය නැවත රත්කර පතරාසය සඳහා යොදාගත් අතර, පිසූ බත් නැවත සිසිල්වීමෙදී බිහිවෙන දෘඩ පිෂ්ටයේ ආශ්වාදය ගැමියා ලැබුවේ මෙහි අලගිය මුලගිය තැන ගැන විද්‍යාත්මක අවබෝධයක් ඇතුව නොවේ. කුසපුරා තුන් වේලම බත් වලඳමින් ඔහු ආරක්ෂාවී ඇත්තේ කය වෙහෙසා වැඩකිරීමට අමතරව, නොදැනුවත්වම හෝ ජීවිතයට ලංකරගෙන සිටි මෙවැනි ආහාර පුරුදු හරහාය.

    පිසූ බත්, හොඳින් වැසිය හැකි භාජයක දමා ශීතකරණයේ තබන මෙන් මා කියවූ වාර්තාවේ තවදුරටත් උපදෙස් දී තිබුණි. බාහිරයෙන් පැමිණෙන බැක්ටීරියා වැනි ක්ෂුද්‍රජීවීන්ට බත්පත දූෂණය කිරීමට ඉඩ නොදීමයි එහි බලාපොරොත්තුව.

    වී තම්බා වේලන විට සහලේ පිෂ්ඨ කොටසක් බත් මුට්ටිය ඉදෙන්නට පෙරදීම ‘දෘඩ පිෂ්ඨය’ බවට පත්වී තිබේ. ඒ නිසා ජීර්ණය හෙමිහිට සිදුවෙන අතර රුධිරයට සීනි නිදහස් වීමද ඊට සම්පාතව සෙමෙන් සිදුවේ. කැකුළු සහලේ බත් පිස, පසුව සිසිල් කිරීමේදීද මේ ආකාරයටම දෘඩ පිෂ්ඨය සෑදෙන බව පෙන්වීමට මේ කුඩා සමීක්ෂණය හොඳ අත්වැලක් සපයයි.

    ප්‍රී බයොටික් (Prebiotic) සේ ඇතැම් විස්තරවල හඳුන්වන්නේද කුඩා බඩවැල තුලදී ජීර්ණයට ප්‍රතිරෝධීව ක්‍රියාකර, එහෙත් මහ බඩවැල තුල ඇති බැක්ටීරියාවන් හමුවේ බිඳ වැටෙන, මෙම දෘඩ පිෂ්ඨය හා ආහාරමය තන්තු කොටස්ය. අහවල් දේ තෝරාගන්න යයි අප නිර්දේශයක් නොදුන්නත්, දියවැඩියාවෙන් බේරෙන්නට හෝ බෙහෙත් නොබී දියවැඩියාව පාලනය කරගෙන ජීවත් වීම සඳහා තම බත්පත සරසා ගන්නට යොදාගත යුත්තේ කැකුළුද, තම්බපුවාද, සීතලටද, රස්නෙටද බාස්මතී නම් ඔරිජිනල්ද ඩුප්ලිකේට්ද කියා දැන් ඉතින් පාඨක ඔබටම තීරණය කල හැකිවේවි.

    ලොව පවතින විෂ සහිත මූලද්‍රව්‍ය අතුරින් ආසනික් වලට ඇත්තේ ඉහල ස්ථානයකි. මෙය අංශු මාත්‍ර මූලද්‍රව්‍යයක් සේ හැඳින්වෙන්නේ එය ස්වභාවිකව ඉතා සුලු වශයෙන් පරිසරයේ පවතින නිසාය. ඉතිහාසය පුරාම මේ මූලද්‍රව්‍යය පරිසරයේ ක්‍රියාත්මක වන ‘ආහාර දාමය’ ඔස්සේ ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරමින් දාමයේ අන්තිම පුරුක් ලෙස ක්‍රියාකරන මිනිසා ඇතුළු තවත් සතුන් කීපදෙනෙකුගේ සිරුරු තුලටද ඇතුළුවී තිබේ.

    වර්තමානයේ සිදුවන පරිසර දූෂණය හමුවේ මේ තත්වය දැන් තරමක් කනගාටුදායක මට්ටමකට පිවිසෙමින් සිටිනා බවට  විද්වත් මත පළවේ. පසුගිය කාලයේ ලෝකයේ සැලකිය යුතු පිරිසකගේ ප්‍රධාන ආහාරය සාදන සහල් තුලද ආසනික් යම් තරමින් අන්තර්ගත වෙන බවට කතා පැතිරී ගියේය. පරිසරයේ ආකාර දෙකකට ආසනික් පවතින්නේය. අකාබනික ආසනික් වඩාත් හානිදායක වන අතර එය පසෙහි පවතී. ශාක සහ සත්ව දේහ තුලඇත්තේ  කාබනික ආසනික්ය.

    අපිරිසිදු බොන ජලයෙන් අකාබනික ආසනික් මිනිසා තුලට පිවිසෙන අතර, මාළුන්, ඉස්සන් බෙල්ලන් වැනි සාගර වාසීන්ගේ දේහතුලද ආසනික් අන්තර්ගත වෙන නිසා ඔවුන් අනුභව කිරීමෙන්ද මේ දායාදය අපට  ලැබේ. නමුත් ඒ කාබනික ස්වරුපයෙන්ය. එනම් විෂ අඩු තත්වයෙන්ය. අකාබණික ආසනික් ඇතුල් වියහැකි තුන්වෙනි ආකාරය වන්නේ සහල් හරහා බව විද්වතුන් අනාවරණය කරගෙන තිබේ. මන්දයත් ගොයම් ශාකය අන් බෝග ශාක වලට වඩා පසේ තිබෙන ආසනික් අවශෝෂණය කරගෙන ගබඩා කරගැනීමට වැඩි නැඹුරුවක් තිබීමයි.

    කන බත්පතට අමතරව බොන වතුර උගුරටත් ආසනික් එකත්වීමේ අවදානමක් තිබේ. පසේ ඉතා සුළු වශයෙන් ස්වභාවිකව තිබුනත් ඇතැම්  පළිබෝධනාශක හා වල්නාශක, දැව ආරක්ෂණ සංයෝග, පොස්ෆේට් පොහොර හා කාබනික අපද්‍රව්‍ය ඉවක් බවක් නැතිව පරිසරයට මුදාහැරීම නිසා පසේ ආසනික් ප්‍රතිශතය ස්වභාවිකව පවතින සීමා පසුකර යයි. මේවා පහසුවෙන් පස තුලින් පහලට රූටා ගොස් භූ ජලයට එකතුවේ. දැන් ළිං ජලයට පිවිසීම ඉතාම පහසුය. බංගලාදේශය වැනි රටවල් මෙම ප්‍රශ්නය හමුවේ දැඩිලෙස පීඩාවට පත්වූ රටවල් අතර සිටී. මීටඅඩ සියවසකට පමණ උඩදී ආසනික් සංයෝග වල් නාශකයක් ලෙස පවා අප භාවිතා කල බැවින් ස්වභාවිකව පවතින ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් ආසනික් සංයෝග පසෙහි හමුවන්නේනම් අප පුදුම විය යුතු නැත. එහෙත් දැන් කලක් ගතවී ඇති නිසා තත්වය යථා තත්වයට පැමිණ තිබෙනවාද විය හැකිය.  

    අපේ කුඹුරටයි බත් පතටයි මේ තත්වය බලපාන්නේ කෙසේදැයි මා විමසුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාගෙනි.

    ලංකාවේ පසේ ආසනික්  තිබිය හැකි බව 1972 වගේ ඈත කාලෙකදී තමයි මුලින්ම ප්‍රකාශ උනේ. ඊට පසුව පේරාදෙණියේ සරසවියේ විද්‍යා පීඨයෙන් මේ ගැන සමීක්ෂණයක් පවා කෙරුවා ලංකාවේ තිබෙන බැර ලෝහ සහ ආසනික් වගේ ලෝහාලෝහ ගැන. මමත් පුද්ගලිකවම මෙවැනි ගවේෂණයන්ට මැදිහත්වෙලා තියෙනවා. පසේ ආසනික් තියෙනවා කියන කතාව ඇත්ත. මේක ස්වාභාවිකවම තිබෙන මූලද්‍රව්‍යයක්නේ. හැබැයි ලංකාව පුරාම සුළු වෙනස්වීමක් සහිතව තිබෙනවා මිස, පලාතෙන් පලාතට ලොකු එහාමෙහා වීම් නෑ.

    පොලොව මතුපිට පසේ තිබෙන මූලද්‍රව්‍ය අතරින් 20 වෙනියට තියෙන්නේ ආසනික්. 2006  දී ඉන්දීය විද්‍යාඥයෙක් ලෝකයේ පාංශු ආසනික් තිබෙන කලාප වල සිතියමක් පවා හදල තියෙනවා. ඒකෙත් ලංකාව තියෙනවා. ඉතින් කුඹුරු පසේත් ආසනික් තිබුනොත් වී ශාකයත් එය උරාගනීවී. ඒකෙන් කියන්නේ නෑ එය සහල් ඇටය තුලම ගබඩා කරනවා කියලා. මොකද පුෂ්පය කියන්නේ ශාකයේ ප්‍රජනක අවයවය, ඕනෑම ජීවියෙක් තමාගේ ඊළඟ පරපුර බිහිකරන ඒකකය හදන්නේ ඉතා ආරක්ෂාකාරීව

     මහාචාර්යවරයා නොකියා විමසන්නේ එවන් වැදගත් අවයවයක් වෙතට ආසනික් වැනි ද්‍රව්‍යයක් සමූහගත කිරීමට තරම් සොබාදහම අකාරුණික වේවිද කියා වියහැකිය. කෙසේ වෙතත් පිළිගතහැකි පර්යේෂණ පත්‍රිකා ගණනාවක්ම සහල් වල අන්තර්ගත විය හැකි ආසනික් ගැන සඳහන් කර තිබේ.

    ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවා  සහල් කිලෝග්‍රෑමයක තිබීම අනුමත කළහැකි උපරිම ආසනික් සීමාව වශයෙන් මයික්‍රෝග්‍රෑම් 200 ක අගයක් තීරණය කර ඇත. ලෝකයේ මිනිසුන් බත් කන තරම අනුව නම් තිබෙන ආසනික් ප්‍රශ්නයක් නොවේ. ඔවුන් එය සඳහන් කරන්නේ සතියකට දෙතුන් වරක් බත් කන අයට ඔය කියන ආසනික් ඉතා පහසුවෙන් බහිශ්‍රාවය කර පිටකර හැකි බවයි.

    එහෙත් අප සතියකට නොව දිනකට දෙතුන් වරක් බත් කන්නෝ වෙමු. අතීත ගැමියාත්, තුන්වේල බත් කෑවා නේදැයි අසන්නට ඉක්මන් නොවන්න. ඔවුන් ගව් ගණන් පයින් ගිය, ට්‍රැක්ටර් නැතිව උදලු තලයෙන් පස පෙරලූ, සුනාමි හෝ භූතයා නැතිව දෙකට නැමී ගොයම් කැපූ ගැමියන් බවද අමතක නොකරන්න.

    බත් කෑම අධෛර්යමත් කර පාන්පිටි කැවීමට උනන්දු වෙන කුමන්ත්‍රණයක කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නට දත කට මදිනවා යයි පවසන්නටද හදිස්සි නොවන්න. අතීතයේ මෙන් නොව පරිසරය වනසා විවිධ රසායන ද්‍රව්‍යයන් දැන් පසට හෙලා ඇත. ඒ අතර තුර කුසීත ඔත් ජීවිතයකට මිනිසා පුරුදුවී ඇත. රසකාරක හා රස උත්තේජක වල ආනුභාවයෙන් බුදින බත්පතෙහි විශාලත්වයද එදාට වඩා වැඩිවී ඇත.

    දැකලාවත් නැති ලෝකල් යක්ෂයින්ට බියවී, කහනූල් දමාගෙන, හවස හයෙන් පසු තනිපංගලමේ එලියට පහලියට නොයමින් පරිස්සම් වෙනවා සේ, යන්තමින් දැක ඇති ආසනික් යකාටත් තරමකටවත් බියවී, බත් පතෙහි බර අඩුකර ගන්නට සමාජය අදිටන් කරගන්නේ නම්, ආසනික් මාකට් කරන අතරතුරදී, ඔබ රැකෙන්නේ දියවැඩියාවෙන්ය.

    සනත් එම්. බණ්ඩාර

    ​Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

  • මෛත‍්‍රීපාල සිරිසේනට විජේපාල හෙට්ටිආරච්චිගෙන් ‘අභියෝගයක්’

    මෛත‍්‍රීපාල සිරිසේනට විජේපාල හෙට්ටිආරච්චිගෙන් ‘අභියෝගයක්’

    මෛත්‍රීපාල සිරිසේනට කොන්දක් ඇත්නම් තනිව මහ මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු බව  ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි.

    අද (16)  මන්ත්‍රීවරයාගේ ගාල්ලේ පිහිටි නිවසේ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසිණ.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

    ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය  එක්වි අපි ජාතික ආණ්ඩුවක් හැදුවා. නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක්  බිහිකරන්න අපි එදා  උත්සාහ ගනු ලැබුවද  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා නිල්පාක්ෂිකවෙලා ශ්‍රිලනිප යේ  සභාපතිකම ගත්තා. ශ්‍රිලනිපය  දියකරහරින්නත් මෛත්‍රිපාල ජනාධිපතිතුමා කටයුතු කළා. එහි අවසානය තමයි මේ. අද පොහොට්ටුවට අවශ්‍ය විදියට තමයි ශ්‍රිලනිප  මැති ඇමතිවරුන් පිළිබද තින්දු තිරණ ගන්නේ. 

    අපේක්ෂකත්වය දෙනවාද, දිස්ත්‍රික්කවලට දෙන අපේක්ෂක සංඛ්‍යාව තින්දු කරන්නේ පොහොට්ටුවේ නායකයින්. මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට ලැජ්ජ නැහැ. ශ්‍රි.ල.නි පක්ෂයේ සභාපතිකම අරගෙන සියයට 15කට වඩා  ඡන්දය තියෙනවා නම්  අඩුගානේ එක දිස්ත්‍රික්කයකින් එක් මන්ත්‍රිධුරයක් හරි ගන්න. කොන්දක් තියෙනවානම් තනියෙන් ඉල්ලන්න පුළුවන්කමක් තිබිය යුතු වෙනවා.

    එදා ශ්‍රිලනිපය  කඩාගෙන ගිහින් පොහොට්ටුව නිර්මාණය  කරලා  මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට අපහාස කළ මිනිසුන් සමග  ලැජ්ජා නැතිව මෛත්‍රිපාල මහත්තයා කියනවා තුනෙන් දෙකේ බලයක් දෙන්න කියලා. පුන පුනා ප්‍රකාශ කරන්න තරම් එතුමා බොළඳ වෙලා තියෙනවා. ශ්‍රි.ල.නි පක්ෂය පොරකයට තියලා මහින්ද රාජපක්ෂ මහතාට තුනෙන් දෙකේ බලයක් දෙන්න මෛත්‍රිපාල මහත්තයා එකතුවෙනවා කියන්නේ ශ්‍රි.ල.නි.පක්ෂය අකාමකා දමන්නට කරපු සෙබ්බඩ විජ්ජාවක්. බලය  උරගාල බලන්න තනියම එන්න තිබුණෙ අද පොහොට්ටුවේ  නැට්ටේ එල්ලිලා අසරණ තත්ත්වයට පත්වෙලා.

    එජාපය අර්බුදය ගැන අමාරුව තිබුණේ ආණ්ඩුවට. මතවාද ගැටුමක් තමයි තිබුණේ. අපේ සන්ධානයේ ලකුණ ගැනත් ආණ්ඩුවට ලොකු අමාරුවක් තියෙනවා. නමුත් ලෙඩා කලබලවුණාට දොස්තර  කලබල වෙන්නේ නැහැ. ඒ වගේ අපි කලබල වෙන්නේ නැහැ. දැන් සන්ධානය නිර්මාණය කිරිමේ සියලු කටයුතු අවසන් කරලා ඉවරයි. ලකුණ ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පුළුවන් නම් අපි අලියාගෙන් එනවා නැතිනම් අපි හංසයාගෙන් එනවා එහෙම  නැතිනම් වෙනම ලකුණක් ගන්නවා පසුගිය දිනවල  ආණ්ඩුවේ අයට නින්ද  ගියේ නැහැ. කවදාද එජාපය කැඩෙන්නේ කියා.

    පුළුල් සන්ධානයක් හැටියට සන්ධානයේ නායකත්වය සභාපතිත්වය, අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලැබිලා තියෙනවා. ඒ නිසා මොන ලකුණෙන් තරග කළත් එක අලියාද හංසයාද, එහෙම නැතිනම් වෙනත් ලකුණක්ද මොන ලකුණෙන් ආවත් මෙ රටේ ජනතාවගේ හදවතේ තියෙන්නේ සජිත් ප්‍රමුඛ සන්ධානය තරග කරන්නේ මොන ලකුණෙන්ද  රටේ ජනතාව ඒ ලකුණු ජයග්‍රහණය කරවිමට කැමතියි. අගමැතිවරයා බවට පත්කිරිමට මේ රටේ ජනතාව සැදි පැහැදි සිටිනවා”. 

  • ගෝඨාගේ ආර්ථිකය ගැන ‘රවී ගෙන් ප‍්‍රබල හෙළිදරව්වක්’

    ගෝඨාගේ ආර්ථිකය ගැන ‘රවී ගෙන් ප‍්‍රබල හෙළිදරව්වක්’

    අද විදුලිය නිපදවිම ඉතාම අවදානම් තත්ත්වයක තිබෙන්නේ. අපි ආණ්ඩුවෙන් විපක්ෂයට යන අවස්ථාවේ මම විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර දැනුවත් කළා, විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි තත්ත්වය ඉතාමත් උග්‍රයි කියලා. නමුත් ඒ දේට ඇහුම්කන් නොදී, නිසි සැලසුම් සකස් නොකර, නැවතත් හදිසි විදුලිය මිලදී ගැනීමක් තමයි කරන්න යන්නේ. මේක ඉතාමත් භයානක තතත්වයක්.

    රටේ වර්තමාන තතත්වය පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙම අදහස් පළකළේය. මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

    මම විදුලිබල අමාත්‍යතුමාට කිව්වා මේවාට රැවටෙන්නෙපා කියලා. නමුත් තවමත් එහි ප්‍රථිපලයක් දකින්න නැහැ. මාස දෙකක් තුනක් ඇතුළත නව ජනන සැලැස්මක් ඇති නොකළහොත්, වසර ගණනාවක්ම අපේ අහිංසක ජනතාවට තමයි එහි පාපය ගෙවන්න වෙන්නේ. 

    මට පේන විදියට විදුලි ක්ෂේත්‍රය පමණක් නොවේ සමස්ත රටේ ආර්ථිකයම දැන් භයානක වාතාවරණයක් ඔස්සේ තමයි ගමන් කරන්නේ. ආණ්ඩුව ද , විපක්ෂය ද කියලා ‍නොසිතා, නිවැරදි දේට ඇහුම්කන් දීලා කටයුතු කරනවානම්, මේ භයානක තත්ත්වයෙන් ගැලවෙන්න පුළුවන් වේවි. රටක් හැටියට ආර්ථික යුද්ධය දිනූවොත් තමයි අනිත් සෑම දෙයින්ම ජය ගන්න හැකි වන්නේ” යැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අවධාරණය කරයි.

    “මේ වනවිට අප රටේ ආර්ථිකය සහ ජන ජීවිතය අඩාලවෙලා. ලෝක තෙල් මිල අඩුවෙලා තිබෙනවා. නමුත් එහි වාසිය අදටවත් අපේ රටේ ජනතාවට ලබාදිලා නැහැ. ඒ කියන්නේ බඩු මිල අඩුවීමේ ප්‍රථිලාභය මේ වනවිටත් ජනතාවට ලබාදෙන්න නව රජයට හැකිවෙලා නැහැ.

    අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා ජනතාවට ලබාදිය හැකි සහන ලබා දෙන්න කියලයි. 

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මොනව කිව්වත්, ලෝක බැංකුව මොනවා කිව්වත්, අපේ අහිංසක ජනතාවට සහන සලසන්න රජයක් හැටියට අපි දැනගන්න ඕන. ජනතාව වෙනුවෙන් සටන් කළයුතු යුගයක් දැන් එළඹිලා තිබෙන්නේ. මේවා ඡන්ද කාලෙට පමණක් කියන දේවල් නොවෙයි, ඡන්දයකින් පසුවත් කිවයුතු, ඒ වගේම ක්‍රියාවට නැංවියයුතු දේවල් කියලා මම කියන්න කැමතියි”.

  • සංචාරක කාර්ය සාධන බලකායේ වාර්තාව කඩිනමින් ලබා දෙන්නැ‘යි ඇමැති ප‍්‍රසන්ගෙන් උපදෙස්

    සංචාරක කාර්ය සාධන බලකායේ වාර්තාව කඩිනමින් ලබා දෙන්නැ‘යි ඇමැති ප‍්‍රසන්ගෙන් උපදෙස්

    සංචාරක ප්‍රවර්ධනය සදහා ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට පත් කළ කාර්ය සාධන බලකායේ වාර්තාව තමන්ට කඩිනමින් ලබා දෙන්න ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හා ගුවන් සේවා අමත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දෙයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සංචාරක අමාත්‍යංශ නිළධාරින් අතර පසුගිය දා පැවති සාකච්ඡාවෙන් පසු මෙම කාර්යසාධන බලකාය පිහිටුවනු ලැබීය. බලකායේ ප්‍රධානියා වන්නේ සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.මොහොමඩ් මහත්මියයි. සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය, සිවිල් ගුවන් සේවා අධිකාරිය යන ආයතන ඊට ඇතුළත් වේ. මම කාර්ය සාධන බලකාය පත් කෙරුණේ වසර 2025 වනවිට සංචාරකයන් ලක්ෂ 70 ක් මෙරටට ගෙන්වා ගැනීම හා ඩොලර් බ්ලියන 10 ක ආදායමක් මෙරට ජාතික ආර්ථිකයට එකතු කිරීම සදහා වන සැලසුම් සැකසීමට හා ක්‍රියාත්මක කිරීම සදහායි.

    මෙම කාර්ය සාධන බලකාය සිය ක්‍රියාකාරී සැලැස්ම සැකසීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ඇමතිවරයා දැනටමත් අදාළ අංශ වෙත දැනුම් දී තිබේ. ඒ අනුව මෙම ක්‍රියාකාරී සැලැස්මට ඒ ඒ ආයතන මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන්, උපාය මාර්ග අභියෝග හා අභියෝග ජය ගැනීමට අදාළ යෝජනා ඇතුළත් කරන ලෙස උපදෙස් දී ඇත. සංචාරකයන් පැමිණීම වර්ධනය කර ගැනීම සදහා විදේශයන් හි සිටින තානාපතිවරුන්, මහකොමසාරිසවරුන්ගේ සහාය ලබා ගැනීම සදහා වි‍ශේෂ වැඩ පිළිවෙලක් යෝජනා කරන ලෙසද අදාළ ආයතන වලට දැනුම් දී තිබේ.

    එමෙන් ම මෙම ක්‍රියාකාරී සැලැස්ම සැකසීමේ දී සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වනජීවි, පුරා විද්‍යා, මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි ආයතන සම්බන්ධ කරගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කර ඇත. සංචාරක හෝටල්, ලැගුම්හල් වල ප්‍රමිතිය ඉහළ නැංවීම, සංචාරකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සදහා සංචාරක පොලීසියේ කාර්යයභාර්ය සවි බල ගැන්වීම, කල්පිටිය, කුච්චවේලී, මිරිස්ස, පාසිකුඩා වැනි වැඩි සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථාන ආශ්‍රිතව යටිතල පහසුකම් වර්ධනය කිරීමට අදාළ සැලසුම් ඉදිරිපත් කරනු ලබන ක්‍රියාකාරි සැලැස්මට ඇතුළත් විය යුතු බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කාර්ය සාධන බලකායට උපදෙස් දී තිබේ

  • ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට ඉන්දියාවෙන් රු. මිලියන 250ක්

    ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට ඉන්දියාවෙන් රු. මිලියන 250ක්

    උතුරේ අංකුර හා නව ව්‍යාවසායකයින් සවිබල ගැන්වීම සදහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට ඉන්දියානු රජය රුපියල් මිලියන 250 ක ප්‍රදානයක් ලබා දෙයි. මෙම මධ්‍යස්ථානය යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානය ඉන්කියුබේටර්/ඇක්සලරේටර් /සමූහ වැඩ අවකාශ සදහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක්  ලෙස පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩල එකගතාව පළව තිබේ. මෙමගින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ, ව්‍යාපාර හා දැනුම පාදක කර ගත් ක්‍රියාවලි කළමණාකරණය, විදුලි හා ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදන, කෘෂි තාක්ෂණය, ආහාර තාක්ෂණය, ජෛව තාක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි නියුතු අංකුර හා නව ව්‍යවසායකයන් සදහා සේවා සැපයීමට අපේක්ෂිතය.

    එමෙන් ම අපනයන වෙළදපොලේ වැඩි අවධානය යොමු වු තොරතුරු තාක්ෂණ මෘදුකාංග සංවර්ධනය, ව්‍යාපාර හා දැනුම පාදක කර ගත් ක්‍රියාවලි කළමණාකරණය වැනි තොරතුරු තාක්ෂණය සදහා යොදා ගනු ලබන ක්ෂේත්‍රයන් හි දැනුම පාදක කර ගත් සේවා ආයතන (Knowledge Service Entities)  සදහා කාර්යාල පහසුකම් සැපයීමට ද අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

    මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානයේ වැඩ ඒකක(Work Stations) 400 ක් ස්ථාපනය කිරීමට නියමිතය. දැනට උතුරේ අංකුර හා නව ව්‍යවසායකයන් සම්බන්ධ කර ගනිමින් ඉන්කියුබේටර්/ ඇක්සලරේටර්/ සමුහ වැඩ අවකාශ ක්‍රියාත්මක කරනුයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් 05 දෙනෙකු පමණි. නව මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමත් සමගම අපේක්ෂිත ප්‍රතිලාභ කඩිනමින් උතුරේ ජනතාවට ලබා දීමට හැකි වනු ඇතැයි ඇමතිවරයා පෙන්වා දෙයි.

  • දැන් ඉතිං UNP එක මොන සෙල්ලම් දැම්මත් වැඩක් නෑ – ඇමති ප‍්‍රසන්න රණතුංග

    දැන් ඉතිං UNP එක මොන සෙල්ලම් දැම්මත් වැඩක් නෑ – ඇමති ප‍්‍රසන්න රණතුංග

    වත්මන් ආණ්ඩුව මේ කරගසා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ  පව් වලට බවත් කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා පොහොට්ටුවේ ආණ්ඩුවක් බිහිකරගෙන ජනතා ප්‍රශ්න විසදීමට සුදානම් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් සහිත වත්මන් ආණ්ඩුව වෙනුවට තුනෙන් දෙකක බහුතර බලයක් සහිත නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් රට නැවත ගොඩ ගැනීමට හැකි වන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කුවේට් ප්‍රධාන ශාඛාව විසින් කුවේට් සල්මියා අල් තජාන්  උත්සව ශාලාවේ දී පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙරට නිදහස් දිනය සැමරුම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    ” අපි පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපුවාම මේ රටේ ජනතාව ලොකු වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ වෙනස අපි ටික ටික කරගෙන ගියත් ඒ වෙනස වේගවත් කිරීමට හැකියාවක් නැත්තේ අපි මේ ඇදගෙන යන්නේ 2015 පත් වූ පාර්ලිමේන්තුවම නිසයි.මේ ආණ්ඩුව බහුතරය සහිත ආණ්ඩුවක් නෙමේ. සුළුතර ආණ්ඩුවක්. මේ සුළුතර ආණ්ඩුවට සිද්ධවෙලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවේ පව් වලට කරගහන්නයි. පහුගිය දෙසතිය තුළ විතර කොලඹ උද්ඝෝෂණ 60 ක් තිබුණ කියලා පොලීසිය කියලා තිබුණා. මේ උද්ඝෝෂණකරුවන්ගේ උද්ඝෝෂණ වලට හේතුව පහුගිය යහපාලන ආණ්ඩුවේ අවිධිමත් ක්‍රියා කලාපයයි. ඇතැම් අමාත්‍යාංශවල බදවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් රැකියා වලට බදවා ගෙන. තවත් සමහර ඒවායේ වැටුප් විෂමතා. මේ අය දැන් ආණ්ඩුවෙන් සාධාරණය බලාපොරොත්තු වෙනවා. ඒකයි මම කිව්වේ අපිට කර ගහන්න වෙලා තියෙන්නේ පහුගිය ආණ්ඩුවේ පව් වලට කියලා.

    අපිට පුළුවන් විදිහට අපි මේ ජනතා ඉල්ලීම් ඉටු කරන්න කටයුතු කරගෙන යනවා. ඒත් ඇතැම් අණ පණත් අපිට ඒකට බාධාවක්. ඒ බාධා ඉවත් කරගන්න අපිට පාර්ලිමේන්තුවේ බහුතර බලය නැහැ. අපි මේ පාර්ලිමේන්තුව ඉක්මණින්ම විසුරුවා හැරලා පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවාගෙන මේ ජනතා ප්‍රශ්න වලට ස්ථිර සාර විසදුම් ලබා දෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසයි ගෝඨාභය මහත්තයා ජනාධිපති වු වහා ම පාර්ලිමේන්තුව විසුරුවා අරින්න බැරි වුණේ. නමුත් මාර්තු 01 වෙනි දා මධ්‍යම රාත්‍රියෙන් පස්සේ පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ බලය ජනාධිපතිතුමාට ලැබෙනවා. දැන් ඉතිං UNP එක මොන සෙල්ලම් දැම්මත් වැඩක් නෑ. මොකද දැන් ඔවුන්ට අප සමග මහ මැතිවරණයට තරග කරන්නම වෙනවා. ඔවුන් ව්‍යවස්ථාවට මුවා වෙලා මේ  පාර්ලිමේන්තුව රැකගෙන හිටියා. මාර්තු 01 වෙනිදාට ඒක ඉවරයි. සජිත්ටයි, රනිල්ටයි දෙන්නටම සිද්ධ වෙනවා එදාට එළිපිට නටන්න.

    එක්සත් ජාතික පක්ෂය අද ලකුණක් හොයාගන්න බැරි තරම්  බංකොළොත් වෙලා ඉවරයි. පක්ෂයේ අර්බුධ නිසා අද ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉන්නේ කළ කිරිලා. අලියාගෙන් ආවත්, හංසයාගෙන් ආවත් ඒ දෙකම නැතුව හදවතින් ආවත් එක්සත් ජාතික පක්ෂයේ පරාජය ස්ථිරයි. මේ පාර තමයි එක්සත් ජාතික පක්ෂය මතක හිටින පාඩමක් ඉගෙන ගන්නේ. අපේ අපේක්ෂාව මේ පාර මහින්ද මහත්තයාව ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයකින් දිනවන්නයි. අපේ රටේ ජනතාව ඒකට ලෑස්තියි.

    පසුගිය ජනාධිපතිවරණයේ දී විදේශ ගත ශ්‍රමිකයෝ නිවාඩු දාලා ගෙදර ආවා ගෝඨාභය මහත්තයට ඡන්දය දෙන්න. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි තමන්ගේ මව්රටට තියෙන ආදරය නිසා. තමන්ගේ මව්රට රැකගන්න තියෙන උවමනාව නිසා. මෙවරත් අපි ඔබේ සහාය අපේක්ෂා කරනවා. එදා වගේ අපි හැමෝම එකතු වෙලා මාතෘභූමිය රැක ගනිමු”.

  • සහකරුට පහර දුන් ‘Love Island තරුව’ Caroline Flack සියදිවි නසා ගනී

    සහකරුට පහර දුන් ‘Love Island තරුව’ Caroline Flack සියදිවි නසා ගනී

    බටහිර ලෝකයේ ජනප‍්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන ‘ලව් අයිලන්ඩ්’ Love Island හි හිටපු ඉදිරිපත් කරන්නිය වූ ‘කැරොලයින් ෆ්ලැක්’ host Caroline Flack  ඇගේ ලන්ඩන් මහල් නිවාසයේ දී මියගොස් ඇති බව ඇගේ පවුලේ අය තහවුරු කර තිබෙනවා.

    පවුලේ නීතිඥවරියක් පැවසුවේ ඇය සිය දිවි නසා ගත් බවයි.

    ‘කැරොලයින් ෆ්ලැක්’ පසුගිය දෙසැම්බර් මාසයේදී තම සහකරුට පහර දුන් බවට චෝදනා ලැබ සිටින අතර අදාළ නඩුව ලබන මාසයේ විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.

    අයිටීවී හි ලව් අයිලන්ඩ් ඉදිරිපත් කිරීමට මෙන්ම ඇය එක්ස් ෆැක්ටර් හි  X Factor සත්කාරකත්වය දැරූ අතර 2014 දී Strictly Come Dancing දිනා ගත්තාය.

    පවුලේ අය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ‘අපේ කැරොලයින් පෙබරවාරි 15 ​​වන දින අභාවප්‍රාප්ත වූ බව අපට තහවුරු කළ හැකිය. මෙම දුෂ්කර අවස්ථාවේදී පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස අපි ජනමාධ්‍යවලින් ඉල්ලා සිටිමු. අල ඉල්ලා සිටින්නේ අප හා සම්බන්ධ වීමට හෝ ඡායාරූප ගැනීමට කිසිදු උත්සාහයක් නොගන්නා ලෙසයි’

    ෆ්ලැක් අවසන් වරට බ්‍රහස්පතින්දා සිය ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින්ට පින්තූර එකතුවක් පළ කළේය

    සෙනසුරාදා රාත්‍රියේ ලව් අයිලන්ඩ් කථාංගය විකාශය නොවන බව තහවුරු කරමින් අයිටීවී ප්‍රකාශකයෙක් පැවසුවේ ‘ලව් අයිලන්ඩ් සහ අයිටීවී හි සිටින සෑම කෙනෙක්ම මෙම අතිශය කනගාටුදායක පුවත ගැන කම්පනයට හා කණගාටුවට පත්ව සිටිති. කැරොලයින් ලව් අයිලන්ඩ් කණ්ඩායමේ බොහෝ ආදරණීය සාමාජිකාවක් වූ අතර අපගේ අවංක සිතුවිලි සහ ශෝකය ඇගේ පවුලේ අය සහ මිතුරන් සමඟ වේ.

    ෆ්ලැක් අත්අඩංගුවට ගැනීමෙන් පසු ලව් අයිලන්ඩ් ඉදිරිපත් කිරීම භාරගත් ලෝරා විට්මෝර් Laura Whitmore මේ දෙදෙනාගේ පින්තූරයක් ට්විටර් වෙබ් අඩවියේ පළ කර මෙසේ ලිවීය.‘මම වචන සොයා ගැනීමට උත්සාහ කරමි. නමුත් මට බැහැ’

    I’m trying to find the words but I can’t.”Skip Twitter post by @thewhitmore

    Laura Whitmore@thewhitmore

    💔

    I’m trying to find the words but I can’t


    ලව් අයිලන්ඩ් බ්‍රිතාන්‍ය රූපවාහිනියේ විශාලතම ප්‍රසංගයක් බවට පත්කිරීමේ ගෞරවය ඇයට හිමිවන අතර 2018 දී හොඳම රියැලිටි වැඩසටහන සඳහා .බැෆ්ටා සම්මානය. Bafta for best reality show in 2018. දිනාගත් විට සම්මානය ලබා ගත් තැනැත්තියද ඇයයි.

    ෆ්ලැක් 2014 දී ස්ට්‍රික්ට්ලි Strictly Come Dancing දිනා ගත්තේය

    එම වසරේම ෆ්ලැක් චිකාගෝ හි රොක්සි හාර්ට් ලෙස වෙස්ට් එන්ඩ්  West End stage debut as Roxie Hart in Chicago වේදිකාවට පිවිසි අතර කීර්තිමත් අනුවාදයේ පෙනී සිටියාය.

    ඇය මියයන විට ඇය වෙනුවට විට්මෝර් විසින් ලව් අයිලන්ඩ් හි සීත ඍතු මාලාව winter series of Love Island. සඳහා ආදේශ කර තිබුණි.

    දෙසැම්බර් මාසයේදී පොලිසිය ඇගේ නිවසට කැඳවීමෙන් පසු ඇගේ පෙම්වතාට පහනකින් පහර දුන් බවට ෆ්ලැක්ට චෝදනා එල්ල විය. එම මස අගදී ඇය අධිකරණය හමුවේ වරදකරු නොවන බව පිළිගත් අතර ඇය බර්ටන් සම්බන්ධ කර නොගත් කොන්දේසිය මත ඇප මත මුදා හැරියාය.

    මෙම ඇප කොන්දේසි ඉවත් කර ගැනීම සඳහා ඇයගේ සොලිසිටර් solicitor අයදුම්පතක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ඔවුන් යුවළක් ලෙස රැඳී සිටින බවත් නත්තල් කාලය එකට ගත කිරීමට අවශ්‍ය බවත්ය.

    නිවේදනයක් නිකුත් කරමින් ඇගේ කළමනාකරණ සමාගම නඩු පැවරීමේ සේවාව විවේචනයට ලක් කළේ ඇයගේ ‘නඩු විභාගය’ යනුවෙන් හැඳින්වූ දේ ඉදිරියට ගෙනයාම නිසාය.

    මනි ටැලන්ට් මැනේජ්මන්ට් හි ෆ්‍රැන්සිස් රිඩ්ලි Francis Ridley, of Money Talent Management, මෙසේ පැවසීය.

    ‘මෑත මාසවලදී කැරොලයින් දැඩි පීඩනයකට ලක්ව සිටියේ අඛණ්ඩ නඩුවක් සහ නඩු විභාගයක් නිසා හොඳින් වාර්තා වී ඇති බැවිනි. නඩු පැවරීමේ සේවය මෙය අනුගමනය කළේ කැරොලයින් කෙතරම් අවදානමට ලක්විය හැකිද යන්න පමණක් නොව, චූදිත තැනැත්තා පැමිණිල්ලට සහාය නොදක්වන බවත්, සිදුවීම් පිළිබඳ සීපීඑස් අනුවාදය පිළිබඳව විවාද කර ඇති බවත්ය.

    ඊට ප්‍රතිචාර දක්වමින් සීපීඑස් කියා සිටියේ කැරොලයින් ෆ්ලැක්ගේ පවුලේ අයට සහ මිතුරන්ට එහි ගැඹුරු අනුකම්පාව ලැබෙන බවයි.

    ‘ඛේදජනක තත්වයන් සැලකිල්ලට ගෙනල මෙම අවස්ථාවෙහිදී මෙම නඩුවේ විශේෂතා පිළිබඳව අපි කිසිවක් ප්‍රකාශ නොකරන්නෙමු’ යනුවෙන් ප්‍රකාශකයෙක් පැවසීය.

    තරු උපහාර දක්වයි

    Davina McCall 

    ලව් අයිලන්ඩ් තරුව, වෙස් නෙල්සන් Wes Nelson ෆ්ලැක්ව ‘නිරපේක්ෂ දියමන්තියක්’ an absolute diamond ලෙස හැඳින්වූ අතර ‘මට මෙතෙක් හමු වූ උණුසුම්ම විනෝදජනක පුද්ගලයන්ගෙන් කෙනෙකු’ මිය යාම ගැන තමා කම්පාවට පත්වූ බව පැවසීය.

    ලව් අයිලන්ඩ් 2017 ජයග්‍රාහකයා වන ඇම්බර් ඩේවිස් Amber Davies, ට්වීට් කළේ ‘මගේ හදවත ඇත්තෙන්ම බිඳී ඇති My heart is actually broken.” බවයි.

    රූපවාහිනී නිවේදිකාවක් වන ඩවිනා මැකාල් Davina McCall  මෙසේ ලිවීය. ‘මම කුමක් කියන්නදැයි නොදනිමි. නමුත් මගේ හදවත ඇගේ මිතුරන් හා පවුලේ අය වෙතට යයි. මම අද රාත්‍රියේ සමාජ මාධ්‍යවල තරමක් නිහඬව සිටිමි’

    මෙම මෝනිං ඉදිරිපත් කරන්නා පිලිප් ස්කොෆීල්ඩ් ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබමින් මෙසේ ලිවීය: “ඔබ දුප්පත් සොඳුරිය, මගේ හදවත #BeKind බිඳ දමයි”.

    රූපවාහිනී නිවේදිකාවක් වන ජොනතන් රොස් පැවසුවේ ඔහු මෑතකදී ෆ්ලැක් සමඟ සම්බන්ධ වී ඇති බවත් “ඇය මීට වඩා හොඳ වේ යැයි බලාපොරොත්තු වූ බවත්” ය.

    “ඇය දක්ෂ, දක්ෂ හා සමාන ය. ඇය මග හැරෙනු ඇත. එය භයානක ය,” ඔහු ට්වීට් කළේය.

    Jonathan Ross@wossy

    I am very sad to hear that Caroline Flack is dead. I had been in touch with her recently and had hoped she was doing better. She was talented and smart and likeable and she will he missed. It’s awful.20.5K12:16 AM – Feb 16, 2020Twitter Ads info and privacy631 people are talking about thisවාර්තාව

    ඇන්ට් ඇන්ඩ් ඩෙක් ප්‍රවෘත්ති විස්තර කළේ “එතරම් ඛේදනීය” ලෙසයි.

    antanddec@antanddec

    We are both devastated to hear the news about Caroline Flack. It is beyond sad. Beyond words. So tragic. Our thoughts and prayers are with her family. Rest In Peace Caroline

    Text by bbc.com

    Google+