Tag: featured

  • ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් අද (21) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

    අද අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
    1. ඩයනා මෙකැවෙසියන් මහත්මිය (Diana Mickeviciene) – තානාපති – ලිතුවේනියා ජනරජය
    2. ට්‍රින් තී ටැම් මහත්මිය (Trinh Thi Tam) – තානාපති – වියට්නාම් සමාජවාදී ජනරජය
    3. මාලර් තන් ටයික් මහත්මිය (Marlar Than Htaik) – තානාපති – මියන්මාරය
    4. පර්සි පැස්ටන් චන්දා මහතා (Percy Patson Chanda) – මහකොමසාරිස් – සිම්බාබ්වේ
    5. අන්දාලිබ් එලායස් මහතා (Andalib Elias) – මහකොමසාරිස් – බංග්ලාදේශය

    අක්ත පත්‍ර භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ සුහද කතා බහක ද නිරත විය.

    විදේශ කටයුතු සහ අධිකරණ බන්ධනාගර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් සිටියහ.

  • 2024 පළමු මාස 06 තුළ ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්

    2024 පළමු මාස 06 තුළ ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්

    මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක ( 09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. එසේම පසුගිය මාස හයක කාලයක තුළ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජන සඳහා ගිවිසුම් ගත වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙසේද පැවසීය,

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජන කලාප පහළොවක් සඳහා පහසුකම් සපයන අතර එම ආයෝජන කලාපවල සමාගම් 1575ක් මේ වනවිට මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබනවා. ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් මේ තුළ රැකියා සිදු කරනවා. වත්මන් රජයේ නව ආයෝජන වැඩසටහන යටතේ නව ආයෝජන කලාප හතක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. මාන්කුළම්, පරන්තන්, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය, ඉරණවිල, හම්බන්තොට හා බිංගිරිය යන ප්‍රදේශ ආශ්‍රීතව මෙම නව ආයෝජන කලාප ඇති කිරීමට ද සැලසුම් කිරීමට නියමිතයි. මේ වසරේ ආයෝජන ගිවිසුම් සඳහා අමෙරිකානු ඩොලර් බිලියන එකක ගිවිසුම් අපේක්ෂා කර තිබුණා. නමුත් පසුගිය මාස හයක කාලය තුළ ආයෝජන ගිවිසුම් අත්සන් කර අමෙරිකානු ඩොලර් මිලියන 800ක ආදායමක් මේ වන විටත් ලබා ගැනීමට හැකිවී තිබෙනවා. එහිදී ආයෝජන ව්‍යාපෘති තිස්පහකට සාකච්ඡා අවසන් කර ගිවිසුම් අත්සන් තබා තිබෙනවා.

    කන්කසන්තුරය ආයෝජන කලාපය කැනේඩියානු සහ ශ්‍රී ලංකා ආයෝජන කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ වගේම තමයි ආර්ථික පරිවර්තන නීතිය වෙනුවෙන් සංශෝධන ලබාදීම සඳහා ඉදිරි මාස තුනක කාලයක් ලබාදී තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් වැඩි කිරීම සඳහා “අපනයන ප්‍රවර්ධන” ව්‍යාපෘති 27ක් මේ වන විටත් පවත්වා තිබෙනවා . “One Village One Product” ව්‍යාපෘතියද ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟින් ග්‍රාම සේවා වසම් 14,000ක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා .ඒ වගේම ” ඊ කොමර්ස් ” ඔන්ලයින් වේදිකාව සකස් කර අපනයන ආදායම වර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා . මේ වසරේ පළමු මාස 06 තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 09ක් දක්වා ලබා ගැනීමට අපට හැකිවී තිබෙනවා.

    තවද වරාය නගරයේ ඉඩම් කොටස් 118න් ඉඩම් කොටස් 46ක් චීන කොන්ත්‍රාත් සමාගමට ලබා දී තිබෙනවා . එයින් ඉඩම් කොටස් 06ක් නැවත මෙරට සමාගම් වෙත ලබා දී තිබෙනවා .මෙම වරාය නගරයේ ව්‍යාපාර ආරම්භ කිරීමට දැනට ආයතන 21කට අනුමැතිය ලබා දී තිබෙන බවද සඳහන් කළ යුතුයි. ඉදිරියේදී තවත් ආයෝජන ගෙන ඒමට කටයුතු කරනවා.

    ඒ වගේම පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව දියුණු කිරීමට ද සැලසුම් කර තිබෙනවා . මේ සියලු ආයෝජන හාරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකියාව තිබෙනවා.

    අමාත්‍යාංශ ලේකම් එම්. නයුබ්ඩීම්, ආයෝජන මණ්ඩලයේ සභාපති එම්.කේ.ඩී. ලෝරන්ස්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති කිංස්ලි බර්නාඩ්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙවාන් වික්‍රමසූරිය යන මහත්වරු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • වඳුරු උණ වසංගතය සඳහා ශ්‍රී ලංකාව සූදානම් ද ? සෞඛ්‍ය ඇමැති කළ හෙළිදරව්ව

    වඳුරු උණ වසංගතය සඳහා ශ්‍රී ලංකාව සූදානම් ද ? සෞඛ්‍ය ඇමැති කළ හෙළිදරව්ව

    ශ්‍රී ලංකාව වඳුරු උණ වසංගතය සඳහා වඩා හොඳින් සූදානම්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනතාවට පීඩාවක් ඇති නොවන පරිදි අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

    “සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත සූදානම පෙර වසරවලට වඩා දැන් හොඳ මට්ටමක පවතිනවා. ජනතාව පීඩාවට පත් නොවන බව සහතික කිරීමට ඔවුන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා” ඔහු පැවසීය.

  • සජිත්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් තලතා ගත් තීන්දුව

    සජිත්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් තලතා ගත් තීන්දුව

    සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (21) නිවේදනය කළාය.

    පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව කියා සිටියාය.

    සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ඇය කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය පිහිටුවීමට ගත් තීරණයට තමන් විරුද්ධ බවයි. සජිත් ප්‍රේමදාස දේශපාලන සියදිවි නසාගෙන ඇතැයි ඇය කීවාය.

    එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හිටපු මහ ලේකම්වරයෙකු වූ, අභාවප්‍රාප්ත ගාමිණී අතුකෝරළ මහතාගේ සොහොයුරිය වන තලතා අතුකෝරළ ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2004 වසරේදීය. ඇය 2010, 2015, සහ 2020 මහ මැතිවරණ වලදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් නැවත තේරී පත්වූවාය. 2020 මහ මැතිවරණයේදී ඇය රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 45,105ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවේ සිය ආසනය තහවුරු කර ගත්තාය.

    අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අතුකෝරල මහත්මිය මෙසේ ද පැවසුවාය.

    “මෙය මට ඉතා සංවේදී අවස්ථාවක්. එක පැත්තකින් අපේ ‘මව් පක්ෂය’ – එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. එම පක්‍ෂයේ නායකයා සහ හිටපු නියෝජ්‍ය නායකයා යන දෙදෙනාම දේශපාලන සතුරන් බවට පත්ව සිටිනවා. දෙදෙනාම ජනාධිපති වීමට තරඟ කරනවා. හැමෝම එකතු වෙන්න හදන වෙලාවක අපේ කඳවුර බෙදිලා වෙනම තරග කරන්න ගත්ත තීරණයට මට මුළු හදවතින්ම එකඟ වෙන්න බැහැ.”

    “නායකයන් දෙදෙනා වෙන් වී තරග කිරීමට ගත් තීරණය රටේ අනාගතය ගැන නොසිතා ගත් ආත්මාර්ථකාමී දේශපාලන තීන්දුවක් බව මම විශ්වාස කරනවා. ඒ බව නුදුරු අනාගතයේදීම ඉතිහාසය සනාථ කරනු ඇති. මම තවදුරටත් ඒ ගැන නිහඬව සිටියොත් මමත් ඒ පාපයට වක්‍ර දායකයෙක් වෙනවා. මම කවදාවත් මගේ දේශපාලන ගමන නවත්වන්නේ නැහැ. ඒ බව මම මේ මොහොතේ ආඩම්බරයෙන් සහ ධෛර්යයෙන් කියනවා. මගේ මන්ත්‍රී ධුරය අත්හැරීම ගැන මට කිසිම කනගාටුවක් නැහැ. අද මම ඒ තීරණාත්මක අවස්ථාවට මුහුණ දී සිටින අතර මම මේ බව පාර්ලිමේන්තුවට දන්වන පළමු අවස්ථාව මෙයයි.

    “සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙක් විදියට මම දිනුවත් පක්ෂය දෙකඩ වෙනවාට මම කැමති නැහැ, අනාගතය ගැන නොසිතා එදා අපි ගත්ත තීරණය නිවැරදි තීරණයක් දැයි මම තවමත් කල්පනා කරනවා. අපේ මහා පක්‍ෂය දෙකඩ කිරීමට මම දායක වුණාද කියන සිතුවිල්ල මට ලැබුණු මන්ත්‍රී ධූරයේ සතුටට වඩා දුකක් දැනෙනවා.”

  • දරුවන් සිටින දෙමාපියන්ට වැදගත් සෞඛ්‍ය අනතුරු ඇගවීමක්

    දරුවන් සිටින දෙමාපියන්ට වැදගත් සෞඛ්‍ය අනතුරු ඇගවීමක්

    මෙම දිනවල පවතින වර්ෂාපතනයක් සමග රාත්‍රී කාලයේ හා උදෑසන පවත්නා සීතල හේතුවෙන් ළමා හතිය ඉහළ ගොස් ඇතැයිද මේ පිළිබඳ සැලකිලිමත් වී දරුවන් ළමා හතිය වැළඳීමෙන් ආරක්ෂා කරගන්නා ලෙසද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

    ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (20) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි. ළමයින් අතර කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, රාත්‍රී කාලයේ පවතින කැස්ස වැනි ලක්ෂණ දිගටම පවතී නම් මෙය ළමා හතිය වශයෙන් හඳුනාගත හැකි බවද, බොහෝ විට ඉන්ෆ්ලුවෙන්සා රෝගයට පසුකාලීනවද මාසයක් පමණ කැස්ස පවතින බවද ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    මින් පෙර හතිය වැළඳුණු අයට මෙන්ම මින් පෙර හතිය වැළඳී නැති අයටද හතිය වැළඳිය හැකි බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා ශීත කාලය සහ වර්ෂාව හේතුවෙන් තවමත් වෛරස් උණ පැතිරෙන තත්ත්වයක් දක්නට ලැබෙන බවද අවධාරණය කළේය. සීතලත් සමග දරුවන් එළිමහනට නොයවන ලෙසද, ඒසේ යවන්නේ නම් සීතල ආවරණය ඇඳුමක් අන්දවා යවන ලෙසද, අධික ශීතලෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට හිස් වැසුම් පළඳා යවන ලෙසද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    මෙම දිනයන්හි කොළඹ ප්‍රදේශයේද උදෑසනට අධික සීතලක් පවතින බව පෙන්වා දුන් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සීතලෙන් පමණක් නොව වෛරස් උණ රෝග හේතුවෙන්ද බොහෝ අයට හතිය වැළඳිය හැකි බව පෙන්වා දුන්නේය. ඉන්ෆ්ලුවෙන්සාවලට පසුකාලීනව පපුව රිදිල්ල සහ උණ දිගටම පවතී නම් ක්ෂය රෝගය සම්බන්ධයෙන්ද කල්පනාකාරී වන ලෙස පැවසූ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මෙම දිනවල පවතින ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙහි රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි ලක්ෂණ මෙන්ම ඊට අමතරව වමනය සහ බඩ එළියේ යාමද මේ දින වල දක්නට ලැබෙන බව පැවසුවේය. මෙවැනි රෝග ලක්ෂණ පවතින දරුවන් මහජනතාව අතරට රැගෙන යාමෙන් වළකින ලෙසද, දුම්පානය කරන පියවරු සහ වැඩිහිටියන් නිවෙස්වල සිටීනම් දරුවන්ට ළමා හතිය වැළඳීමේ අවධානම වැඩි බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මූලාශ්‍රය – රජයේ නිල පුවත් වෙබ් අඩවිය

  • ශ්‍රී ලංකාව තිරසර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක

    ශ්‍රී ලංකාව තිරසර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක

    කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied Natural Gas – LNG) ගබඩා කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණ කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම (LTL Holdings Limited, Sri Lanka) සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Limited,India) අතර අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබීම අද (20) පස්වරුවේ කොළඹ ගලධාරි හෝටලයේදී සිදු කෙරිණ.

    ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී නුහුමාන් මරික්කාර් මහතා සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමණාකාර අධ්‍යක්ෂ ශ්‍රී අක්ෂේ කුමාර් සිං යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබීය.

    මෙහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ වූ අඛණ්ඩ සහ ගුණාත්මක විදුලි සැපයුමක් සහතික කරමින් අවම පිරිවැයක් යටතේ මෙරට පාරිභෝගික ජනතාවට විදුලි බලය සැපයීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි.

    පසුගිය දෙවසර තුළ විදුලි බිලට අදාළව රජයට අසීරු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට සිදු වුවද අද විදුලිබල මණ්ඩලය ණය බරින් නිදහස් ශක්තිමත් ආයතනයක් බවට පත්ව ඇති බවත් ඒ නිසාම දේශීය සහ විදේශීය ආයෝජකයන් දිරි ගන්වමින් මෙවැනි නව එකඟතාවන්ට එළැඹීමට අවස්ථාව ලැබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    LTL Holdings Limited සහ Petronet LNG Limited යන සමාගම් අතර සහයෝගීතා හවුල්කාරිත්වය මගින් සොබාධනවි විදුලි බලාගාරයට LNG සැපයීම සඳහා අතුරු විසඳුමක් ලෙස, ඉන්දියාවේ කොචි ප්‍රදේශයේ පිහිටා ඇති පෙට්‍රොනෙට් සමාගමේ පර්යන්තයෙන් අධිශීතකරණමය පහසුකම් සහිත බහාලුම් (cryogenic ISO Containers) හරහා කොළඹ වරායට LNG ආනයනය කිරීමට හැකි තාක්ෂණික වැඩපිළිවෙළක් සකස් කර තිබේ. කොළඹ වරායට පැමිණීමෙන් පසුව, සෝබාධනවි බලාගාරයට යාබදව ඉදි කිරීමට නියමිත කෙරවලපිටිය ගබඩා සහ ප්‍රතිවායුකරණ පර්යන්තය වෙත ISO බහාලුම්වල LNG ප්‍රවාහනය කෙරේ.

    සෝබාධනවි බලාගාරයේ පළමු අදියර 2024 අගෝස්තු මාසයේදී සහ දෙවන අදියර 2025 වසරේ පළමු කාර්තුවේදී ආරම්භ කිරීමත් සමඟ මෙම කටයුතු ක්‍රියාත්මක වන අතර එල්ටීඑල් හෝල්ඩිංග්ස් සමාගමෙහි බලශක්ති සංවර්ධන අංශය වන ලක්ධනවි සමාගම (Lakdhanavi Limited) විසින් සංවර්ධනය කරමින්, එහි හිමිකාරීත්වය යටතේ මෙහෙයුම් කටයුතු සිදු කරන මෙම බලාගාරය මඟින් වඩාත් තිරසර සහ ආර්ථික විභවයක් සහිත බලශක්ති අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වන රජයේ දැක්ම අනුව කටයුතු කරමින් රටේ බලශක්ති උත්පාදන හැකියාවන්හි සැලකිය යුතු දියුණුවක් සිදුකිරීමට කටයුතු කර තිබේ.

    පිරිසිදු බලශක්ති ප්‍රභවයක් වන LNG භාවිතය මගින් හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කර ශ්‍රී ලංකාව ළඟාවීමට අපේක්ෂා කරන පාරිසරික ඉලක්ක කරා ළඟා වීමට දායක වනු ඇත.

    තවද, LNG හි පිරිවැය කාර්යක්ෂමතාව මගින් විදුලිය නිෂ්පාදනය සඳහා වන පිරිවැය අඩු කිරීමටත්, පාරිභෝගිකයින්ට ආර්ථිකමට වශයෙන් සහනයක් ලබා දීමට සහ පුළුල් ආර්ථික වර්ධනයට සහාය වීමට මෙමඟින් හැකි වේ.

  • මැකො සභාපතිගෙන් විශේෂ ඉල්ලීම් කිහිපයක්

    මැකො සභාපතිගෙන් විශේෂ ඉල්ලීම් කිහිපයක්

    මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව අඟල් 27ක් දිගැති බවත් ඡන්ද පත්‍රිකා තවමත් මුද්‍රණය වෙමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

    රත්නායක මහතා පැවසුවේ, 2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාව මේ වන විට රජයේ මුද්‍රණාලයේදී විශේෂ ආරක්ෂාවක් යටතේ මුද්‍රණය කරන බවයි.

    ජනාධිපතිවරණයට අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන මස මුල සිට තැපෑලෙන් බෙදා හැරීමට කටයුතු කරන බව කී සභාපතිවරයා දේශපාලන න්‍යාය පත්‍ර සඳහා ජාතික කොඩිය භාවිත නොකරන ලෙසත් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩියේ ඇති සංකේත භාවිත නොකරන ලෙසත් සියලු අපේක්ෂකයින්ගෙන් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් ද කළේය.

    2024 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් 736,589ක් ලැබී ඇති අතර, ඒ අතරින් අයදුම්පත් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බව ද මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ තැපැල් ඡන්දය සඳහා අයදුම්කරුවන් 712,321 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි.

    තැපැල් ඡන්දය සඳහා උපරිම වශයෙන් 800,000 අයදුම්පත් ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාව අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

  • කෙහෙළිය ඇතුළු පිරිසගෙන් මිලියන 300 වන්දි ඉල්ලා රෝගීන් තිදෙනෙක් උසාවි යයි

    කෙහෙළිය ඇතුළු පිරිසගෙන් මිලියන 300 වන්දි ඉල්ලා රෝගීන් තිදෙනෙක් උසාවි යයි

    රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්වලින් පසු භාවිත කරන ‘Prednisolone Acetatean’ අක්ෂි බිංදු භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගීන් තිදෙනෙකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දස දෙනෙකුගෙන් රුපියල් මිලියන 300ක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ අද (20) නඩු පවරා ඇත.

    කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ජානක චන්ද්‍රගුප්ත, මහාචාර්ය එස්.ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න, Chamee Chemist (Pvt) Ltd, Indiana Ophthalmics LLP සහ නීතිපතිවරයා මෙම පැමිණිලිවල විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

    තමා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර නුවරඑළිය මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් 2023 අප්‍රේල් 05 වැනි දින ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කළ බව කඳපොළ ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු මක්කාරි රාජරත්නම් මහතා සිය පැමිණිල්ලේ සඳහන් කළේය.

    ඉන් අනතුරුව ශල්‍යකර්මය නිමවා 2023 අප්‍රේල් 06 දින තමා රෝහලෙන් පිටව ගිය බවත් Indiana Opthalmics LLP විසින් නිෂ්පාදනය කරන ලද Prednisolone Acetatean අක්ෂි බිංදු භාවිතා කරන ලෙස නුවරඑළිය රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය උපදෙස් දුන් බවත්, එය රෝහලෙන් ද ලබා දුන් බවත් පැමිණිලිකරු සඳහන් කළේය.  ඉහත කී අක්ෂි බිංදු කිහිපයක් යෙදීමෙන් පසු 2023 අප්‍රේල් 19 හෝ ඊට ආසන්න දිනකදී ඔහුට කඳුළු, අපහසුතා, වේදනාව සහ හිසරදය ඇති වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    2023 මැයි 10 වැනි දින වැඩිදුර වෛද්‍ය පරීක්‍ෂණයක් සිදු කර ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කිරීමේදී එම Prednisolone Acetatean අක්ෂි බිංදු සමඟ සැත්කම් කර ප්‍රතිකාර කළ ඔහුට ක්‍රමක්‍රමයෙන් ඇසේ පෙනීම අඩුවෙමින් පවතින බව නිරීක්ෂණය වූ බව පැමිණිලිකරු වැඩිදුරටත් සඳහන් කළේය.

    නිසි පරීක්ෂණවලට අනුකූල නොවීම හේතුවෙන් එම අක්ෂි බිංදු ප්‍රමිතියෙන් තොර බවත් එම ඖෂධය භාවිත කළ රෝගීන්ට Endophthahnitis රෝගය වැළඳී ඇති බවත් වින්දිතයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    විත්තිකරුවන් එකොළොස් දෙනාගෙන් වන්දි ඉල්ලා Invictus  නීතිඥ සමාගමේ නීතිඥ සම්පත් විජේවර්ධන, තමාලි කුරුප්පු සහ ප්‍රවින්කා රත්නසේකර යන මහත්ම මහත්මීන් මාර්ගයෙන් පැමිණිලිකරු මෙම නඩු ගොනු කළේය.

  • කෙන්යානු ජාතික පෙම් යුවළකගෙන් ලෝක වාර්තාවක්

    කෙන්යානු ජාතික පෙම් යුවළකගෙන් ලෝක වාර්තාවක්

    95 හැවිරිදි කෙන්යානු ජාතිකයෙක් සිය 90 හැවිරිදි දිගුකාලීන පෙම්වතිය සමඟ පසුගිය ඉරිදා (18) විවාහ වූ බව කෙන්යානු මාධ්‍ය ඊයේ (19) වාර්තා කළේය. එම වාර්තාවට අනුව මෙම විවාහය සිදුව ඇත්තේ එම යුවළ පළමු වරට මුණගැසුණු දා සිට දශක හයකට පසුවය.

    මනාලයා ඉබ්‍රාහිම් එම්බෝගෝ ලෙසත්, මනාලිය තබිතා වැන්ගුයි ලෙසත් කෙන්යානු මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    “අපි 1960 දී මුණගැසී ආදරයෙන් බැඳුණා” කෙන්යාවේ නයිරෝබි අගනුවරට ඊසාන දෙසින් පැය තුනක ගමනක් යා හැකි නගරයක් වන මුකුර්වේනි හි පල්ලියෙන් පිටත එමින් සිටි එම්බෝගෝ මාධ්‍යය වෙත පැවසුවේය.

    “අපි සාකච්ඡා කරලා තීරණය කළා අපි විවාහා වෙනවා නම් හොඳයි කියලා. අපි අපේ කිකුයු චාරිත්‍රානුකූලව දන්නවා අපි නීත්‍යානුකූලව විවාහකයි කියලා. නමුත් අපිත් ක්‍රිස්තියානීන් නිසා, අපි පල්ලියේ විවාහයක් කරන්න තීරණය කළා.” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

    ඔවුන්ගේ රහස ගැන විමසූ විට, වැන්ගුයි මෙසේ පැවසුවාය: “කාන්තාවනි, ඔබ ඔබේ ස්වාමිපුරුෂයන්ට ගරු කළ යුතුයි. ඔබ එය කරන්නේ නම්, ඔබ අප මෙන් ජීවත් වනු ඇත. කිසිදු වරදක් නොකරන්න, ඔබ එසේ කළ විට, සමාව ඉල්ලන්න.”

    https://tribune.com.pk ඇසුරිණි

  • රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන්ට රජය පිළිතුරු දෙයි

    රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන්ට රජය පිළිතුරු දෙයි

    “සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25000ක දීමනාවක් වසර තුනක් පුරා.
    පහළම සේවකයන්ටත් අවම වශයෙන් මසකට රුපියල් 55000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්.”

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පසුගිය 18 වැනිදා පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් පිලිබඳ මෙලෙස අදහස් දැක්වීය.

    “කැබිනට් අනුමැතිය ලැබූ රාජ්‍ය සේවක වැටුප් වර්තක යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපාදන මත වසර තුනක් නොවෙනස්ව පවතිනවා. කුමන රජයක් පැවතුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා මත මතය ක්‍රියාත්මක විය යුතුයි. අයවැය වෙනුවෙන් මෙම වැටුප් වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එය කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. නමුත් ඇතැම් මාධ්‍ය මෙය නිවැරදිව ප්‍රචාරය කර නැහැ.
    කැබිනට් මණ්ඩලයේදී ජීවන වියදම් පිළිබඳ සිදුකල ප්‍රකාශය වැරදි ආකාරයට සමාජගත වනවා නම් එය නිවැරදි කරන්නට කැබිනට් ප්‍රකාශක වශයෙන් මට යුතුකමක් සහ වගකීමක් තිබෙනවා.
    කැබිනට් පත්‍රිකා රහස්‍යයයි. ඒවා එළියට ගෙනයන්නේ නැහැ. අමාත්‍යංශ ලේකම්වරුන්ට ඒවායේ පිටපත් යොමු කරනවා. කැබිනට් ප්‍රකාශක වශයෙන් මා කටයුතු කරනවා. එම කටයුතුවලදී මාධ්‍යවේදීන් ද වගකීමකින් යුතුව කටයුතු කළා.මා විසින් සිදුකරන ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ප්‍රකාශ වනවා. ඒවා මාධ්‍ය ආයතන වලටද යොමු කරනු ලබනවා. ඒවා ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රකාශ නොවෙයි. මා විසින් ප්‍රකාශ කරනු ලබන්නේ කැබිනට් මණ්ඩලයේදී ගනු ලබන තීරණයි.
    දීර්ඝ කාලයක් මූලික වැටුප ගලපලා නැති නිසා මූලික වැටුප ඉහල නැංවීම සහ රුපියල් 25000 බැගින් ජීවන වියදම් දීමනාව වසර තුනක් නොකඩවා ලබා දෙන බවට යෝජනාවක් තිබුණා.
    මේ තීරණ මම දැනුම් දුන් පසු හිතවත් මාධ්‍ය ආයතන එහි කොටසක් පමණක් සමාජගත කර තිබෙනවා. එහිදී බොහෝ අය සඳහන් කළේ මූලික වැටුප ගැන නොව රු.25000ක් වැඩි කිරීම පිලිබඳ පමණයි.
    ආණ්ඩු කරනය සහ දේශපාලනය කිරීම යනු කරුණු දෙකක්. මේ වන විට මුදල් අමාත්‍යාංශය අයවැය ලේඛනය සකස් කරමින් තිබෙනවා. ඒවට ඇතුළු කිරීම සඳහා කැබිනට් මණ්ඩල නිවේදනය නිවැරදි විය යුතුයි. සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25000ක දීමනාවක් සංශෝධනය නොකොට වසර තුනක් පුරාවට ලබා දීම සිදු වනවා.
    දෙවනුව මූලික වැටුප සංශෝධනය වී නැතිනම් සියයට 255.35 අතර ප්‍රමාණයකින් වැඩි වනවා. පහළම සේවකයන්ට අවම වශයෙන් මසකට රුපියල් 55000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙනවා.
    2027 දක්වා අයවැය සඳහා හිඟ වන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය ලබාදීමට කටයුතු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින්. ඒ සඳහා එකඟතා ලේඛණ වලට අත්සන් කර තිබෙනවා.
    කවුරුන් ආණ්ඩු බලය හෙබ වුවත් මූල්‍ය අරමුදල විසින්ම සංශෝධනය කලේ නැත්නම් මූල්‍ය අරමුදලේ කටයුතු එලෙසින්ම සිදුවනවා. වැටුප් වර්ධක යෝජනාව මූල්‍ය අරමුදල මගින් සපයා ගන්නා බැවින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ මෙම වැටුප් ගෙවීමට මුදල් තිබෙන නිසයි. මූල්‍ය කළමනාකරණ වගකීම් පිලිබඳ පනතක් තිබෙනවා.”

  • ජනපතිට සහාය දුන් කැබිනට් අමාත්‍යාංශ 29 ක “අභියෝගාත්මක දෙවසරක ප්‍රගතිය” !

    ජනපතිට සහාය දුන් කැබිනට් අමාත්‍යාංශ 29 ක “අභියෝගාත්මක දෙවසරක ප්‍රගතිය” !

    මෙරට ඉතිහාසය මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන ස්ථාවරත්වයක් ඇති කර යළි ප්‍රගමනයේ මාවතට ගෙන ඒමට පසුගිය දෙවසර තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහඟු කාර්‍යභාරයක් සිදුකළේය.

    සෑම අංශයකින්ම බිඳ වැටී තිබු මෙරට ආර්ථිකය පමණක් නොව, ස්ථාවරත්වය සහ ප්‍රගමනය වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන ආකාරයට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සමන්විත විය.

    ආර්ථික පරිවර්තන පනත සම්මත කර ඉතිහාසයේ ප්‍රථම වතාවට, ජාතික සැලැස්මක්, ඉලක්කගත වැඩපිළිවෙළක් සහ වගවීමක් තුළ ආණ්ඩුකරණය සිදුවන තත්ත්වයක් ඇති කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්මත කිරීම හරහා රටේ නිසි මූල්‍ය විනයක් ඇති කිරීම, නව පනත් සහ කෙටුම්පත් 83ක් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මෙරට අත්‍යවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ සිදුකිරීම හා දූෂණය පිටුදැකීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ආසියාවේ බලගතුම දූෂණ විරෝධී පනත හඳුන්වාදීම, මෙරට ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම සහ අඩුආදායම්ලාභී නාගරික මහල් නිවාස වාසීන්ට එම නිවාසවල සින්නක්කර අයිතිය ලබාදීම, සමෘද්ධිය මෙන් තුන් ගුණයක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කොට ආර්ථික අර්බුදය හමුවේ වැඩිම පීඩාවකට පත්වූ ලක්ෂ 27ක ජනතාවකට “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන දියත් කිරීම, ආර්ථික ඩිජිටල්කරණය ඇරඹීම එහිලා සුවිශේෂි ය.

    එසේම කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත හරහා කාන්තාවන් සහ ළමුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කෙරෙන අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දියත් කිරීම , කෘෂි නවීකරණය, උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් යෙදවීම ඇතුළුව ජාතික සමගිය ඇතිකිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම, වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප් වැඩිකිරීම සහ නිවාස අයිතිය ලබාදීම හරහා ජීවන තත්ත්වය නැංවීම ද සිදුකෙරිණ.

    ඖෂධ හිඟය අවසන් කර රෝහල් ආශ්‍රිත යටිතල පහසුකම් නංවමින් බිඳ වැටී තිබූ සෞඛ්‍ය ක්ෂේත්‍රය යළි ශක්තිමත් කිරීම, බලශක්ති අර්බුදය සමනය කිරීම හා එහි පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති කෙරෙන ව්‍යාපෘති ගණනාවක් ඇති කිරීම, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන කතිකාව ජාත්‍යන්තර තලය දක්වා ගෙන යාම ඇතුළු සංවර්ධිත රටක් බිහිකිරීම වෙනුවෙන් ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් යටතේ සිදුනොවූ ඉමහත් කාර්‍යභාරයක් ගෙවුණු දෙවසරක කාලය තුළ සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය සමත්ව තිබේ.

    ඒ සම්බන්ධයෙන් භාෂා ත්‍රිත්වයෙන් සකසන ලද වැඩිදුර තොරතුරු ඇතුළත් ” අර්බුදය ජයගත් දෙවසර ” වාර්තාව ඇමුණුම් i ලෙසත් , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශක්තියක් වෙමින් වැටුණු රට ගොඩ ගැනීම සඳහා කැබිනට් අමාත්‍යංශ 29 ක් පසුගිය දෙවසරක කාලය තුළ ක්‍රියාවට නංවනු ලැබූ වැඩසටහන් ඇතුළත් ” අභියෝගාත්මක දෙවසරක ප්‍රගතිය ” වාර්තාව ඇමුණුම් ii ලෙසත් මේ සමඟ ඉදිරිපත් කර ඇත.

    අර්බුදය ජයගත් දෙවසර
    අභියෝගාත්මක දෙවසරක ප්‍රගතිය

  • පසුගිය දෙවසර තුළ සිසුන් 35,000කට ජනාධිපති මන්දිරයේ දොරටු විවර වෙයි

    පසුගිය දෙවසර තුළ සිසුන් 35,000කට ජනාධිපති මන්දිරයේ දොරටු විවර වෙයි

    පාසල් දරුවන් තිස් පන්දහසක පමණ පිරිසක් පසුගිය වසර දෙක තුළ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම් කුළුණ ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.

    මෙවන් විශාල සිසු පිරිසකට මෙම වටිනා අවස්ථාව හිමි වුයේ ඉතිහාසයේ පළමු වරට වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ කාර්යාලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික තරුණසේවා සභාව ද අත්වැල් බැඳ ගනු ලැබීය.

    මෙම ක්ෂේත්‍ර චාරිකාව තුළදී සිසු දරුවන්ට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ විවිධ කඩඉම් ඇතුලු ඓතිහාසික තොරතුරු ඇතුළත් වාර්තා මෙන්ම සුවිශේෂී මතක සටහන් දැක බලාගැනීමට අවස්ථාව උදාවූ අතර ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා සමඟ මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සමඟ ද නිරතුරුව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමි විය.

    කොළඹින් දුර බැහැර දුෂ්කර පළාත්වල පාසල්වල සිසුන් ඇතුළු දිවයින පුරා පාසල් 160කට අධික සංඛ්‍යාවක සිසුන් මේ වන විට මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා එක්ව තිබෙන අතර වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකය.

    එසේම ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි මේ වන විට පාසල් රැසක ශිෂ්‍ය පාර්ලිමේන්තු සහ යොවුන් පාර්ලිමේන්තු සැසි ගණනාවක් පවත්වා තිබෙන අතර රාජ්‍ය පාලන යාන්ත්‍රණය පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබා දෙමින් ඔවුන්ගේ නායකත්ව ගුණාංග ඉහළ නැංවීම එහි අරමුණයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු එම සැසිවාර සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙන්ම මැති ඇමතිවරුන් ද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද එක්වු අතර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, පාර්ලිමේන්තුව හා පුරවැසියා අතර සම්න්ධතාව, පරිපාලනය හා කාර්යභාරය යන තේමාවන් යටතේ එහිදී සිසු දරුවන් දැනුවත් කිරීමේ දේශනද පැවැත්විණි.

  • ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීම

    ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීම

    • “දැක්ම” ප්‍රකාශය ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික සහයෝගීතාව සිහිපත් කරමින් අනාගත සමීප සබඳතා සඳහා මාවත විවෘත කරනවා.
    • ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීයයි – ජනපති ගෝලීය දකුණේ හඬ සමුළුවේ තුන්වැනි රාජ්‍ය නායක සැසිය අමතමින් පවසයි.

    බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බිම්ස්ටෙක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ අදහස් පළ කර සිටියේ ඊයේ (17) ගෝලිය දකුණේ හඩ සමුළුවේ රාජ්‍ය නායක සැසිය අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමිනි.

    “තිරසර අනාගතයක් සඳහා සවිබල ගැන්වූ ගෝලීය දකුණක්” යන තේමාව යටතේ තුන්වැනි වරට පැවත්වෙන මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රටවල් රැසක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.

    මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ බටහිරට තවදුරටත් ගෝලීය නායකත්වයේ ආධිපත්‍යය දැරීමට නොහැකි තැනකට ළඟා වී ඇති අතර එවන් තත්ත්වයක් තුළ ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීය බවයි.

    ගෝලීය දකුණේ හඩ සමුළුව ගෝලීය දකුණ මුහුණ දෙන බොහෝ ගැටලු සම්බන්ධයෙන් පොදු ස්ථාවරත්වයකට පැමිණිමට උපකාරී වන බවද ජනාධිපතිවරයා පැවසීය.
    ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකරගත් “දැක්ම” ප්‍රකාශය දෙරට අතර පවතින ඓතිහාසික සහයෝගීතාව සිහිපත් කරන අතරම අනාගත සමීප සබඳතා සඳහා මාවත විවෘත කරන බවත්, එය අවසානයේ බොහෝ ක්ෂේත්‍ර හරහා දෙරට අතර ශක්තිමත් ඒකාබද්ධතාවයකට හේතු වනු ඇති බවත් පැවසීය.

    එසේම ශ්‍රී ලාංකීය ජනතාව වසර දෙකක් පුරා මුහුණදුන් දුෂ්කරතා අවම කර ගනිමින් බංකොලොත් භාවයෙන් මිදීමට හැකි වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ සහ ඉන්දියාවේ ත්‍යාගශීලීභාවය නිසා බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවේ සිය ස්තූතිය පිරිනැමීමට ද කටයුතු කළේය.

    ගෝලීය දකුණේ හඬ සමුළුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය,

    “ගෝලීය දකුණේ හඬ පිළිබඳ තුන්වන මාර්ගගත සමුළුව පැවැත්වීම පිළිබඳව මා සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. මෙම සමුළු මාලාව මඟින් අපට අපගේ දැක්ම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම එකිනෙකා සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා.

    ඒ වගේම මෙම සමුළුව ගෝලීය දකුණ මුහුණ දෙන බොහෝ ගැටලු සම්බන්ධයෙන් පොදු ස්ථාවරයකට පැමිණීමට අපට උපකාර කරනවා. බටහිරට තවදුරටත් ගෝලීය නායකත්වයේ ආධිපත්‍යය දැරීමට නොහැකි තැනකට ළඟා වී ඇති අතර, ඔවුන් මේ වන විට ගැටලුවේ කොටසක් බවට පත්ව සිටිනවා. යුක්‍රේනය සහ ගාසා තීරය ඒ පිළිබඳ ප්‍රධාන උදාහරණ බවට පත්වෙනවා.

    ඒ පිළිබඳ පෙර කථිකයන් විසින් අදහස් දැක්වු නිසා මා ඒ පිළිබඳ සඳහන් කිරීමට මම බලාපොරොත්තු වන්නේ නැහැ. මෙම සන්දර්භය තුළ, ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය අප අගය කළ යුතුයි.

    ශ්‍රී ලංකාව සිය ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමට මේ වන විට ගෙන ඇති පියවරද මා මෙහිදී සඳහන් කිරීමට කැමතියි. බංකොලොත්භාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව නිල ණයහිමි රටවල් සහ, චීන එක්සිම් බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ ගිවිසුම්වලට එළැඹ සිටිනවා.

    ශ්‍රී ලාංකීය ජනතාව වසර දෙකක් පුරා මුහුණදුන් දුෂ්කරතා අවම කර ගනිමින් බංකොලොත් භාවයෙන් මිදීමට අපට හැකි වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහ ඉන්දියාවේ ත්‍යාගශීලීභාවය නිසා බවද මම මෙම අවස්ථාවෙහිදී සඳහන් කළ යුතුයි.

    අපගේ රටවල් දෙක විසින් එකඟ වූ “දැක්ම” ප්‍රකාශය අප දෙරට අතර වසර 2000කට අධික කාලයක් පුරා පවතින සහයෝගීතාව සිහිපත් කරන අතරම අනාගත සමීප සබඳතා සඳහා මාවත විවෘත කර තිබෙනවා. මෙය අවසානයේ බොහෝ ක්ෂේත්‍ර හරහා අපගේ රටවල් දෙක අතර ගැඹුරු ඒකාබද්ධතාවයකට හේතු වනු ඇතියි.

    මේ වන විට අප විස්තීරණ ආර්ථික හා තාක්ෂණික ගිවිසුමකට එළැඹීමේ අවසන් අදියරට ළඟා වී සිටිනවා. විදුලිය, ප්‍රවාහන සහ ගොඩබිම් සම්බන්ධතාව ඇති කිරීම ආරම්භ කරන අතර, අප එකඟ වූ අනෙකුත් ව්‍යාපෘති මෙන්ම ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා. මෙම ව්‍යාපෘති අපගේ දැනුම හා තාක්‍ෂණය වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර ඩිජිටල් ආර්ථිකයක් කරා යාමට ද ශ්‍රී ලංකාවට හැකිවෙනවා. ඒ වෙනුවෙන් ඉන්දියාව ලබා දෙන සහය පිළිබඳවද මාගේ කෘතඥතාව පළ කරනවා.

    බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය පිළිබඳව ද මා යමක් සඳහන් කළ යුතුයි. අප මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් සිටිනවා. එනිසා බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. බිම්ස්ටෙක් සංගමයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීම අරමුණු කරගනිමින් කලාපීය විස්තීරණ ආරථික හවුල්කාරීත්වයෙහි (RCEP) සාමාජිකත්වය ලබාගැනීමට අපේක්ෂා කරනවා. බෙංගාල බොක්ක කලාපය අපේ ආර්ථිකයේ දියුණුවට අත්‍යවශ්‍ය බව අප පිළිගන්නවා.

    මා කථා කිරීමට අදහස් කළ බොහෝ මාතෘකා පිළිබඳ දැනටමත් පෙර කථිකයන් බොහෝ දේ සඳහන් කළා. නමුත් මා මෙහිදී යමක් සඳහන් කිරීමට කැමතියි. සෝවියට් දේශයේ බිඳවැටීම, ශිෂ්ටාචාර ගැටුම, ඉතිහාසයේ අවසානය වැනි අදහස්වලින් හැඩගැසුණු බටහිර ආධිපත්‍යය පෙන්නුම් කළ 1989 වසරෙන් පසු යුගය දැන් අවසන් වෙමින් පවතිනවා.

    මෙම සමුළුව හා මේ සමාන රැස්වීම්, බ්‍රික්ස් සංවිධානයේ සහ G20 කණ්ඩායමේ ව්‍යාප්තිය මඟින් ගෝලීය දකුණට උරුමයක් ලබා දෙන නව පිළිවෙලකට මඟ සලසනවා. නිදහස ලැබූ දා සිට අප්‍රිකානු-ආසියාතික රටවල් එකතු කිරීමට පියවර ගත් ඉන්දියාවට, අප සියලු දෙනා අතර සමීප සමගිය ඇති කිරීම සඳහා මේ වන විට ඉටු කරන කාර්යභාරය වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා.”

  • 2023 දී ගත්ත විදේශ ගමන් බලපත්‍ර වලින් 77%ක්ට වුණ දේ මෙන්න

    2023 දී ගත්ත විදේශ ගමන් බලපත්‍ර වලින් 77%ක්ට වුණ දේ මෙන්න

    2023 වසරේ විදේශ ගමන් බලපත්‍ර මිලියනයක් නිකුත් කර ඇති අතර 2023 වසරේ සංක්‍රමණය වී ඇත්තේ පුද්ගලයින් 230,000ක් පමණක් බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේය.

    ආගමන විගමන පාලකවරයා මේ බව පැවසුවේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති විවෘත හා වගවීම සහිත රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදීය.

    ආගමන විගමන පාලකවරයා පැවසුවේ 2023 වසරේ විදේශ ගමන් බලපත්‍ර මිලියනයකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති නමුත් ඉන් 23%ක් පමණක් භාවිත කර ඇති බවත් ඉතිරි 77% විදේශ ගමන් බලපත්‍ර භාවිත කර නොමැති බවත්ය.

    ඉන්දියාවට සහ නේපාලයට යන වන්දනාකරුවන්ට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට ඇති බාධා කඩිනමින් ඉවත් කරන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විවෘත හා වගවීම සහිත රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ ප්‍රකාශ කළේය.

    ඉල්ලා සිටින විදේශ ගමන් බලපත්‍ර මුදල් ගෙවා ලබා ගැනීම ජනතාවට ඇති අයිතියක් බැවින් ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි ඒවා නිකුත් කිරීම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වගකීමක් බව කමිටු සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

  • PCOS/PCOD කාන්තා සාරවත් බව කෙරෙහි බලපාන්නේ කෙසේද? විශේෂඥයෙකුගෙන් දැනගන්න

    PCOS/PCOD කාන්තා සාරවත් බව කෙරෙහි බලපාන්නේ කෙසේද? විශේෂඥයෙකුගෙන් දැනගන්න

    අක්‍රමවත් ඔසප් වීම, හෝර්මෝන අසමතුලිතතාවය, සහ තවත් බොහෝ දේ ඇතුළුව, කාන්තා සාරවත් බව කෙරෙහි PCOS/PCOD වල බලපෑම ගැන දැන ගන්න. සාර්ථක ගැබ් ගැනීමේ අවස්ථා වැඩි දියුණු කිරීම සඳහා ඵලදායී කළමනාකරණ විකල්ප සොයා ගන්න.

    වර්තමාන ලෝකයේ බහු අවයවික ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය (Polycystic Ovary Syndrome PCOS) හෝ Polycystic Ovary Disease (PCOD) යනු ප්‍රජනක වයසේ පසුවන කාන්තාවන් විශාල පිරිසකට බලපාන සාමාන්‍ය හෝමෝන ආබාධයකි.

    Polycystic ovary syndrome (PCOS) යනු ප්‍රජනක වයසේ පසුවන කාන්තාවන්ට බලපාන සාමාන්‍ය හෝමෝන තත්ත්වයකි. එය සාමාන්‍යයෙන් නව යොවුන් වියේදී ආරම්භ වන නමුත් කාලයත් සමඟ රෝග ලක්ෂණ උච්චාවචනය විය හැකිය. PCOS හෝමෝන අසමතුලිතතාවය, අක්‍රමවත් ඔසප් වීම, අතිරික්ත ඇන්ඩ්‍රොජන් මට්ටම් සහ ඩිම්බ කෝෂ වල ගෙඩි ඇති කළ හැකිය. අක්‍රමවත් ඔසප් වීම, සාමාන්‍යයෙන් ඩිම්බ මෝචනය නොමැතිකම, ගැබ් ගැනීම අපහසු විය හැකිය. PCOS වඳභාවයට ප්‍රධානතම හේතුවකි. PCOS යනු නිදන්ගත රෝගයක් වන අතර එය සුව කළ නොහැකිය. කෙසේ වෙතත්, සමහර රෝග ලක්ෂණ ජීවන රටාව වෙනස් කිරීම, ඖෂධ සහ සාරවත් ප්‍රතිකාර මගින් වැඩිදියුණු කළ හැකිය.

    PCOS සඳහා හේතුව නොදන්නා නමුත් පවුල් ඉතිහාසයක් හෝ දෙවන වර්ගයේ දියවැඩියාව ඇති කාන්තාවන් වැඩි අවදානමක් ඇත. PCOS/PCOD සමාන රෝග ලක්ෂණ මාලාවක් ඉදිරිපත් කරන අතර, වඩාත් සැලකිලිමත් වන බලපෑම්වලින් එකක් වන්නේ කාන්තා සරු භාවය කෙරෙහි එහි බලපෑමයි.

    වෛද්‍ය නිෂි සිං පවසන පරිදි, PCOS/PCOD ප්‍රජනක සෞඛ්‍යයට බලපාන ආකාරය අවබෝධ කර ගැනීම තත්ත්වය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට සහ සාර්ථක ගැබ්ගැනීමේ අවස්ථා වැඩි දියුණු කිරීමට වැදගත් වේ.

    අක්‍රමවත් කාලපරිච්ඡේද / Irregular Periods:

    PCOS/PCOD හි මූලික රෝග ලක්ෂණ වලින් එකක් වන්නේ අක්‍රමවත් ඔසප් චක්‍රයයි. PCOS/ PCOD ඇති කාන්තාවන්ට බොහෝ විට අක්‍රමවත් ඔසප් චක්‍ර අත්විඳීමට හෝ ඔසප් වීම සම්පූර්ණයෙන්ම මඟ හැරිය හැකිය. මෙම අක්‍රමිකතාවයෙන් අදහස් වන්නේ ඩිම්බ කෝෂ නිතිපතා බිත්තර මුදා නොහරින බවයි. (එය පිළිසිඳ ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ) නිතිපතා ඩිම්බ මෝචනය නොමැතිව, ගැබ්ගැනීමේ අවස්ථා සැලකිය යුතු ලෙස අඩු වන අතර, PCOS සහිත කාන්තාවන්ට ගැබ් ගැනීම අභියෝගයක් වේ.

    හෝර්මෝන අසමතුලිතතාවය / Hormonal Imbalance:

    PCOS/PCOD හා සම්බන්ධ හෝමෝන අසමතුලිතතාවය නිපදවන ඩිම්බ වල ගුණාත්මක භාවයට ද බලපායි. ඉහළ මට්ටමේ ඇන්ඩ්‍රොජන් එනම් පිරිමි හෝමෝන දුර්වල ඩිම්බ ගුණාත්මක භාවයට හේතු විය හැකි අතර එමඟින් සංකල්පන ක්‍රියාවලිය තවදුරටත් සංකීර්ණ වේ. මීට අමතරව, PCOS හි පොදු ගැටලුවක් වන ඉන්සියුලින් ප්‍රතිරෝධය ඩිම්බ වර්ධනයට සහ ඩිම්බ මෝචනයට බලපාන තවත් හෝමෝන අසමතුලිතතාවයට දායක විය හැකිය.

    බර වැඩිවීම:

    බර වැඩිවීම PCOS/PCOD සහිත කාන්තාවන්ගේ සාරවත් බව කෙරෙහි බලපාන තවත් වැදගත් සාධකයකි. අතිරික්ත බර ඉන්සියුලින් ප්‍රතිරෝධය උග්‍ර කළ හැකි අතර, එය තවදුරටත් හෝමෝන අසමතුලිතතාවයට සහ ඩිම්බකෝෂය සමඟ දුෂ්කරතා ඇති කරයි. නිරෝගී බරක් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ, එය හෝමෝන නියාමනය වැඩි දියුණු කිරීමට සහ පිළිසිඳ ගැනීමේ අවස්ථා වැඩි කිරීමට උපකාරී වේ.

    අතිරික්ත ඇන්ඩ්‍රොජන් / Excess Androgens :

    ඉහළ මට්ටමේ ඇන්ඩ්‍රොජන් සාමාන්‍යයෙන් PCOS/PCOD සමඟ සම්බන්ධ වන අතර ඩිම්බ මෝචනය වැළැක්විය හැකිය. ඇන්ඩ්‍රොජන් මට්ටම ඉහළ යාම ඔසප් චක්‍රය කඩාකප්පල් කළ හැකි අතර ඩිම්බකෝෂ ගෙඩි සෑදීමට හේතු වේ. මෙම බාධාව කාන්තාවන්ට ඩිම්බ මුදා හැරීම සහ ගැබ් ගැනීම වඩාත් අභියෝගාත්මක කරයි.

    කළ යුත්තේ කුමක් ද ?

    අභියෝග තිබියදීත්, PCOS සහිත බොහෝ කාන්තාවන්ට සුදුසු කළමනාකරණයක් සමඟ සාර්ථකව පිළිසිඳ ගත හැකිය. ප්‍රතිකාර විකල්පයන් අතර සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම, සමබර ආහාර වේලක් අනුගමනය කිරීම සහ නිතිපතා ව්‍යායාම කිරීම වැනි ජීවන රටාවේ වෙනස්කම් ඇතුළත් විය හැකිය. මේ සියල්ල ඩිම්බ මෝචනය සහ ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කළ හැකිය. මීට අමතරව, නිවැරදි රෝග විනිශ්චය සහ පුද්ගලාරෝපිත ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය සේවා විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

    Femina.in ඇසුරිනි.

  • තායිලන්තය යළිත් පවුල් ගහට නගී

    තායිලන්තය යළිත් පවුල් ගහට නගී

    තායිලන්ත දේශපාලන ප්‍රබලයෙකු වන බලයෙන් පහකල හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය වන පේටොන්ග්ටාර්න් ෂිනවත්‍රා / Paetongtarn Shinawatra තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය ලෙස අද (16) පත්වූවාය.

    ඇය පාර්ලිමේන්තු ඡන්දයෙන් ජයග්‍රහණය කළේ ඇයගේ පූර්වගාමියා වූ ශ්‍රෙත්තා තවසීන් අමාත්‍යවරයකු පත්කිරීමේ ආචාරධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් ධූරයෙන් පහ කිරීමෙන් දින කිහිපයකට පසුවය. ඇය මීට පෙර තායි පාර්ලිමේන්තුවේ සහාය දිනා ගැනීමට අවශ්‍ය සියයට 51 ක ඡන්ද සීමාව සම්මත කළාය. 37 හැවිරිදි Paetongtarn ට පාර්ලිමේන්තු අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කර තිබුණි.