Tag: featured

  • තැපැල් ඡන්දය:  මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

    තැපැල් ඡන්දය: මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

    2024 ජනාධිපතිවරණයට තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන ඒ සඳහා සුදුසුකම්ලත් රජයේ නිලධාරීන්/ ආරක්ෂක අංශ නිලධාරීන් හා තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම නිවේදනය මෙසේය.

    WhatsApp Image 2024 08 05 at 18.31.43

  • බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා යයි

    බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා යයි

    බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉල්ලා අස්වී ඇති බව එරට බීබීසී වාර්තාකරු තහවුරු කරයි. ඩකා අගනුවර පිහිටි ෂෙයික් හසීනාගේ නිල නිවසට දහස් ගණනක් විරෝධතාකරුවන් කඩා වැදී සිටින බවට දැන් වාර්තා වෙමින් තිබේ.

    ඉල්ලා අස්වූ අගමැතිනිය බංගලාදේශයේ ඩකා අගනුවර සිට හෙලිකොප්ටරයකින් සිය සහෝදරිය සමඟ ඉන්දියාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

    බංගලාදේශ පොලිසිය සහ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් අතර ඇතිවූ දරුණු ගැටුම් අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තිබේ. අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධූරයෙන් ඉවත් විය යුතු බවට බල කරමින් ශිෂ්‍ය නායකයින් පිරිසක් සිවිල් අණ නොපිළිපැදීමේ ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම නොසන්සුන් තත්ත්වය හටගෙන ඇත. මේවන විට රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

    ඡායාරූප මූලාශ්‍රය,Getty Images

    බීබීසී බංගලා වාර්තා කළේ, හසීනා ඉන්දියාවේ අගර්තාලා නගරය බලා යන බව ය.

    ඉල්ලා අස්වූ අගමැතිනිය බංගලාදේශයේ ඩකා අගනුවර සිට හෙලිකොප්ටරයකින් සිය සහෝදරිය සමඟ ඉන්දියාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ. බීබීසී බංගලා වාර්තා කළේ, හසීනා ඉන්දියාවේ අගර්තාලා නගරය බලා යන බව ය.

    ඡායාරූප මූලාශ්‍රය,Getty Images

    බංගලාදේශ පොලිසිය සහ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් අතර ඇතිවූ දරුණු ගැටුම් අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තිබේ.

    අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධූරයෙන් ඉවත් විය යුතු බවට බල කරමින් ශිෂ්‍ය නායකයින් පිරිසක් සිවිල් අණ නොපිළිපැදීමේ ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම නොසන්සුන් තත්ත්වය හටගෙන ඇත.

    මේවන විට රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

     A garment store is reportedly set ablaze in Dhaka on August 4, 2024

    ඡායාරූප මූලාශ්‍රය,Getty Images – ඡායාරූප ශීර්ෂ වැකිය,ආණ්ඩුවේ මර්දනය නොතකා පසුගිය මාසයේ ආරම්භ වූ විරෝධතා පුළුල් ලෙස පැතිර ගොස් තිබේ

    පොලිසිය පැවසුවේ, සීරජ්ගාන්ජ් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක් වෙත පුද්ගලයින් දහස් ගණනක් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ය.

    සිවිල් සේවා රැකියා සඳහා වන කෝටා ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා පසුගිය මාසයේදී ශිෂ්‍ය විරෝධතාව ආරම්භ වුව ද, එය මේ වන විට එය පුළුල් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.

    බංගලාදේශ ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරන ලද විශාල මර්දනය හේතුවෙන් විපක්ෂ ආධාරකරුවන් සහ සිසුන් ඇතුළු 10,000කට ආසන්න පිරිසක් සමූහ වශයෙන් රඳවා තබා ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

    මෙම විරෝධතා ව්‍යාපාරය පසුගිය ජූලි මාසයේ ආරම්භ වූ දා සිට මේ වන විට මියගිය ගොස් ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 280 ඉක්මවයි.

    Protesters are blocking the Shahbagh intersection during a protest in Dhaka, Bangladesh, on August 4, 2024, to demand justice for the victims arrested and killed in the recent nationwide violence during anti-quota protests.

    ඡායාරූප මූලාශ්‍රය,Getty Images – ඡායාරූප ශීර්ෂ වැකිය,විරෝධතාකරුවෝ බංග්ලාදේශයේ අගනුවර අධිවේගී මාර්ගයක් අවහිර කළහ

    පොලිසිය සහ පාලක පක්ෂයේ ආධාරකරුවන් රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන්ට ජීව උණ්ඩවලින් වෙඩි තබනු දැක ගත හැකි විය. පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ද භාවිත කළේ ය.

    ජූලි මාසයේදී විරෝධතා ව්‍යාපාරය ආරම්භයේ සිට මේ දක්වා සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 270 ඉක්මවා තිබේ.

    පස්වරු 6.00 සිට රාත්‍රී කාලයේ රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

    නීතිය සහ අධිකරණ කටයුතු අමාත්‍ය අනිසුල් හක් ඉරිදා බීබීසී නිව්ස් අවර් වැඩසටහනට පැවසුවේ, බලධාරීන් “සංයමයකින්” ක්‍රියා කරන බව ය.

    “අපි සංයමයකින් ක්‍රියා නොකළා නම් මෙතන ලේ විලක් වෙන්න ඉඩ තිබුණා. මම හිතන්නේ, අපේ ඉවසීමටත් සීමාවක් තියෙනවා,” ඔහු සඳහන් කළේ ය.

    ඩකා අගනුවර, ජංගම උපාංග හරහා ඉන්ටර්නෙට් වෙත ප්‍රවේශ වීම අත්හිටුවා තිබේ.

    4G සහ 3Gවලින් තොරව ජනතාවට ඔවුන්ගේ ජංගම උපාංගවල ඉන්ටර්නෙට් භාවිතයෙන් සන්නිවේදනය කළ නොහැක. ඉන්ටර්නෙට් සේවා යථා තත්ත්වයට පත්වන්නේ කවදා දැයි සඳහන් කර නැත.

    උතුරු පළාතේ දිස්ත්‍රික්ක වන බෝග්‍රා, පබ්නා සහ රංග්පූර් ඇතුළු රට පුරා පිහිටි ප්‍රදේශවලින් මරණ හා තුවාලකරුවන් වාර්තා වී ඇත.

    ඩකාහි ප්‍රධාන චතුරස්‍රයක දහස් සංඛ්‍යාත ජනතාවක් රැස්ව සිටි අතර නගරයේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇති වී තිබේ.ty.

    “මුළු නගරය ම යුද්ධ පිටියක් බවට පත්වෙලා තියෙන්නේ,” නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි පොලිස් නිලධාරියෙක්, AFP පුවත් ඒජන්සියට පැවසීය. ඔහු පැවසුවේ, විරෝධතාකරුවන් දහස් ගණනක් රෝහලක පිටත නවතා තිබූ මෝටර් රථ සහ යතුරු පැදිවලට ගිනි තබා ඇති බව ය.

    රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල නිරත කණ්ඩායමක් වන, වෙනස් කොට සැලකීමට එරෙහි ශිෂ්‍යයෝ සංවිධානය පැවසුවේ, ඉරිදා දිනයේ සිට රජයේ අණ නොපිළිපදින ව්‍යාපාරයක් රට පුරා ආරම්භ කරන බව ය.

    ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, බදු හෝ උපයෝගිතා බිල් පත් නොගෙවන ලෙස ය.

    සියලු කර්මාන්ත ශාලා සහ පොදු ප්‍රවාහන සේවාවන් වසා දමන ලෙස ද ශිෂ්‍යයින් දැනුම් දී තිබේ.

    Protesters are carrying the body of a wounded demonstrator along Karwan Bazar Road in Dhaka, Bangladesh, on August 4, 2024,

    ඡායාරූප මූලාශ්‍රය,Getty Images – ඡායාරූප ශීර්ෂ වැකිය,ඇතැම් තුවාලකරුවන් විරෝධතාකරුවන් විසින් ඉවතට ගෙන ගොස් තිබිණි

    පසුගිය සති දෙක තුළ ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද විශාල මර්දනයේදී පුද්ගලයන් 10,000ක් පමණ රඳවාගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් පිරිස අතර විපක්ෂ ආධාරකරුවෝ සහ සිසුහු ද වෙති.

    දෙපාර්ශවයට ම එළඹෙන දින කිහිපය තීරණාත්මක වනු ඇතැයි පෙනෙන්නට තිබේ.

    ප්‍රධාන විපක්ෂය විසින් වර්ජනය කරන ලද ජනවාරි මාසයේ පැවති මැතිවරණයෙන් අඛණ්ඩව සිව් වන වරටත් තේරී පත් වූ හසීනාට මෙම විරෝධතා දැවැන්ත අභියෝගයක් එල්ල කරයි.

    1971 වසරේදී පකිස්ථානය සමග පැවති බංගලාදේශ නිදහස් යුද්ධයේ විරුවන්ගේ ඥාතීන්ට සිවිල් සේවා රැකියාවලින් විශාල කොටසක් වෙන් කිරීම සම්බන්ධයෙන් ශිෂ්‍යයෝ පසුගිය මාසයේ වීදි බැස සිටියහ.

    ආණ්ඩුවේ තීන්දුවකින් පසු කෝටාවෙන් විශාල ප්‍රමාණයක් දැන් ආණ්ඩුව විසින් අඩු කරනු ලැබ ඇතත්, සිසුන් විරෝධතාවලදී මිය ගිය හා තුවාල ලැබූවන්ට යුක්තිය ඉල්ලා අඛණ්ඩව විරෝධතාවල නිරත වී තිබිණි. දැන් ඔවුන්ට අවශ්‍ය වන්නේ, හසීනා ඉල්ලා අස්වීම ය.

    හසීනාගේ ආධාරකරුවන් ඇයගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

    ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට අවශ්‍ය බව පවසමින්, මීට පෙර ෂෙයික් හසීනා ශිෂ්‍ය නායකයින් සමග කොන්දේසි විරහිත සාකච්ඡාවක් ලබා දුන්නා ය.

    “මට අවශ්‍ය උද්ඝෝෂණ කරන සිසුන් සමග වාඩි වී ඔවුන්ට සවන් දීමට යි. මට ගැටුමක් අවශ්‍ය නැහැ,” ඇය පැවසුවා ය.

    එහෙත්, ශිෂ්‍ය විරෝධතාකරුවන් ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

    විරෝධතා අතරතුර පොලිස් ස්ථාන සහ රාජ්‍ය ගොඩනැගිලි කිහිපයකට ගිනි තැබීමෙන් පසු සාමය යථා තත්ත්වයට පත් කිරීමට හසීනා, පසුගිය මාසයේ හමුදාව කැඳවූවා ය.

    ආරක්ෂක තත්ත්වය තක්සේරු කිරීම සඳහා බංග්ලාදේශ යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් වකර්-උස්-සමාන් ඩකා නගරයේදී කනිෂ්ඨ නිලධාරීන් සමග රැස්වීමක් පැවැත්වීය.

    අන්තර් සේවා මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, “බංගලාදේශ හමුදාව සැමවිට ම ජනතාව වෙනුවෙන් පෙනී සිටින අතර ජනතාවගේ යහපත සහ රාජ්‍යයේ ඕනෑ ම අවශ්‍යතාවක් සඳහා එය අඛණ්ඩව කරගෙන යනු ඇත,” යනුවෙන් ජෙනරාල් සමාන් පැවසීය.

    බංගලාදේශ මාධ්‍ය පවසන්නේ, පසුගිය මාසයේ පැවති විරෝධතාවලදී මිය ගිය බොහෝ දෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූවන් බව ය. දහස් ගණනක් තුවාල ලැබූහ.

    රජය තර්ක කරන්නේ, ආත්මාරක්ෂාව සහ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම සඳහා පමණක් පොලිසිය වෙඩි තැබීම් සිදු කළ බව ය.

    මූලාශ්‍රය – බී.බී.සී සන්දේශය

  • ශ්‍රීලනිපය ගැන ලසන්ත අලගිවන්න හෙළි කළ රහස

    ශ්‍රීලනිපය ගැන ලසන්ත අලගිවන්න හෙළි කළ රහස

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීන්දු කල බවත් එම තීරණය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් ගනු ලැබූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ශක්තිමත් සංවිධාන ජාලය ක්‍රියාකාරීව කටයුතු ආරම්භ කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

    ප්‍රවාහන ක්ෂේත්‍රය නිසා ලෝකයේ මෙන්ම අප රටේ ද පරිසර පද්ධතියට හානි රැසක් සිදුවනවා. වාහනවලින් පිටවන දුමාරය ඒ අතර විශේෂයි. ඊට විසඳුමක් ලෙස අප විසින් දුම් සහතික නිකුත් කිරීම සිදු කරනවා. ඒ අනුව අප රටේ වායුගෝලයේ ගුණාත්මක භාවය හොඳ තත්ත්වයකින් පවත්වාගෙන යාමට සමත්ව තිබෙනවා. එමඟින් පෙනහළු ආශ්‍රිත රෝග අවම කිරීමට මෙම වැඩ පිළිවෙල සහාය වනවා.

    ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව ඉදිරි මාස හය ඇතුළත වායු විමෝචන තත්ත්වය මැන බැලීම සඳහා මධ්‍යස්ථාන සියය දක්වා වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මෙම දත්ත සියල්ලම එක් තැනකට ගෙන ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම පුරවැසියෙකුට සජීවිව අන්තර්ජාලය හරහා වායු විමෝචන තත්ත්වයන් බැලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

    එමෙන්ම වාහන වායු විමෝචන සහතිකය ලබාගැනීමෙන් පසු එම ස්ථානයෙන්ම රක්ෂණය සහ වාහන බලපත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කර තිබෙනවා. ඉදිරි මාස දෙක ඇතුළත එම වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.

    ඒ වගේම රිය අනතුරු අවම කරගැනීම වෙනුවෙන් අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය සඳහා අවශ්‍ය කරන දත්ත පද්ධතිය සහ පොලිසියට ලබාදිය යුතු යන්ත්‍ර පිළිබඳව අවශ්‍ය කරන ටෙන්ඩර් කැදවීම අවසන් අදියරේ පවතිනවා. ඉදිරි මාසයක් ඇතුළත සුදුස්සෙකු තෝරා ගෙන එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සඳහන් කළ යුතුයි.

    තවද මාර්ගයන්හි දී රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් ලකුණු කැපීමට පෙර, සැප්තැම්බර් පළමු වනදා සිට මාස දෙකක කාලයක් පූර්ව දැනුවත් කිරිමේ වට්ස්අප් පණිවිඩයක් නිකුත් කරනවා. එම මාස දෙක අවසන් වීමෙන් පසු අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.

    ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට නිල වශයෙන් තීරණය කර තිබෙනවා. එම තීරණය ගනු ලැබුවේ අප පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පක්ෂයේ නිළධාරීන් පමණක් නොවෙයි. මේ වන විට අප පක්ෂය නියෝජනය කර පොදුජන පෙරමුණ යටතේ නාම යෝජනා ලබාදී පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් 14 දෙනා ගෙන් මන්ත්‍රීවරුන් 08 දෙනෙකු මෙම තීරණයට එකඟතාවය පළ කර තිබෙනවා.

    ඒ වගේම අප මෙම තීරණය ගනු ලැබුවේ සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් බව පැවසිය යුතුයි. එබැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමෙ වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ශක්තිමත් සංවිධාන ජාලය ක්‍රියාකාරීව කටයුතු ආරම්භ කර තිබෙනවා.

  • ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළ හැකි ද ? ඇත්ත කතාව දැන ගනිමු

    ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළ හැකි ද ? ඇත්ත කතාව දැන ගනිමු

    ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දදායකයින්ට ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළ හැකි බවට පළ වන මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ඇත්තේ ඡන්ද හිමි නාමලේඛනයේ ඔවුන්ට නම් කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ පමණක් බව කොමිසම අවධාරණය කළේය.

    ඡන්දදායකයින්ට ඔවුන්ගේ නම, ලිපිනය සහ ඡන්දය ප්‍රකාශ කරන වේලාව වැනි විස්තර ඇතුළත්ව ඔවුන් විසින් නම් කරන ලද ඡන්ද මධ්‍යස්ථානය තැපෑලෙන් දැනුම් දෙන බව කොමිෂන් සභාව පවසයි.

    තමන් විසින් නම් කරන ලද ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වේ යැයි බියෙන් සිටින ඡන්දදායකයින් සඳහා විශේෂ ක්‍රියා පටිපාටියක් ගෙනහැර දක්වන නව ගැසට් නිවේදනයක් මත පදනම්ව, කොමිසමේ පෙර ප්‍රකාශය අනුව මෙම පැහැදිලි කිරීම සිදු කෙරේ.

    ජනාධිපති මැතිවරණ පනතේ 119B වගන්තියේ සඳහන් මෙම පියවර, සුදුසුකම් ලත් සියලුම ඡන්දදායකයින්ට ඔවුන්ගේ ප්‍රදේශවල ඇති විය හැකි තර්ජන නොතකා ඉදිරි මැතිවරණයට සහභාගී විය හැකි බව සහතික කිරීම අරමුණු කරයි.

    පවතින තත්ත්වයන් හේතුවෙන් තමන්ට පවරා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වේ යැයි සාධාරණ බියක් ඇති ඕනෑම ඡන්දදායකයෙකුට විකල්ප ස්ථානයක ඡන්දය ප්‍රකාශ කිරීමට ඉල්ලුම් කළ හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

    මෙම වෙනස සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලියට 2024 අගෝස්තු 1 දිනෙන් අවසන් වූ ඕනෑම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී කාර්යාලයකින් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකින් අයදුම්පතක් ලබා ගැනීමට හැකි බව ද මැතිවරණ කොමිෂම පවසයි.

     

  • අනුරව උඩ යවා පහත හෙලූ රවී රන්නන්ගේ සමීක්ෂණ කෙරුවාවේ හෙළුව

    අනුරව උඩ යවා පහත හෙලූ රවී රන්නන්ගේ සමීක්ෂණ කෙරුවාවේ හෙළුව

    IHP ආයතනයේ ජුනි මාසයට අදාළ සමීක්ෂ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක්  අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ. වාර්තාව සකස් කර තිබුණේ 446කගෙන් දුරකතන සංවාදයක් කරලා. අප්‍රේල් මාසයේ භාවිත කළ නියැදිය පුද්ගලයින් 444ක්. එහි ප්‍රඵිපලය අනුව 39% බැගින් අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස ලබා ගනු ඇතැයි පැවසුව. නමුත් සමීක්ෂණය ආරම්භයේ සිට ඉකුත් අප්‍රේල් දක්වාම සියයට පනහකටත් වැඩි ප්‍රතිශතයක් අනුර දිසානයකට වැඩි තිබූ බවටයි IHP නිවේදනය කළේ. ඒ අනුව පළමුවරට සජිත් ප්‍රේමදාස ප්‍රථම ස්ථානය රැගෙන ආවෙ ජුනි වාර්තාවෙන්. ඔවුන් මාසික වාර්තාවට අමතරව 2021 සිට මෙතෙක් කළ සමීක්ෂණ සමස්ථයක් ලෙස ගෙන අවසන් ප්‍රථිපලයක් ද IHP ඉදිරිපත් කරයි. ඒ නිසා ඔවුන්ගේ සමීක්ෂණය පිළිබඳව අධ්‍යයනයක් කිරීම වැදගත්.

    ජනමත සමීක්ෂණ කිරීමට මාර්ගෝපදේශ මාලාවක් World Association for Public Opinion Research (WAPOR) හඳුන්වා දී තිබෙන්නේ ජනමත සමීක්ෂණයන්ගේ වලංගුභාවය (Validity) හා විශ්වසනීයත්වය (Reliability) පිළිබඳ ගෝලීය වශයෙන් තිබෙන ගැටලු සඳහා විසඳුමක් හැටියට. එහෙත් මෙවන් නීතීමය රාමුවකට හෝ මාර්ගෝපදේශ මාලාවකට අවතීර්ණ වීමේ සූදානමක් ලංකාවේ සමීක්ෂණ ආයතනයන්ට නැතත් මැතිවරණ සමයේ මාධ්‍ය ආයතන පිළිපැදිය යුතු මාධ්‍ය උපමානවල එක් වගන්තියකින් ජනමත සමීක්ෂණ පිළිබඳව මාධ්‍ය හැසිරිය යුතු අන්දම නම් පෙන්වා දී තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ සංස්කෘතික සාධක නිසා තම ඡන්දය පිළිබඳව කිසිවෙකුට අනාවරණය නොකර එය පෞද්ගලික කාරණයක් ලෙසම තබා ගන්නා බවට ආචාර්ය උයන්ගොඩ මතු කරන කාරණයට එකඟවන ආචාර්ය ප්‍රදීප් පීරිස් පවසන්නේ “විද්‍යාත්මකව ගත්තොත් ජනමත සමීක්ෂණයකින් කියන්න බෑ මොන පක්ෂය ද දිනන්නේ කියල. ලංකාවේ වගේ රටක කොහොමත් කියන්න බෑ.” ආචාර්ය ප්‍රදීප් පීරිස් (World Association for Public Opinion Research (WAPOR)හි ශ්‍රී ලංකා නියෝජිතයා වේ. ලංකාවේ ජනමත සමීක්ෂණ කර්මාන්තය නොදියුණු තැනක තිබීම ගැනත් WAPOR මාර්ගෝපදේශ පිළිපදින කණ්ඩායමක් ලංකාවේ නැති වීම ගැනත් ආචාර්ය ප්‍රදීප් කණගාටු වෙයි. “ජනමත සමීක්ෂණ කරන අයගේ උනන්දුව තමයි Push Poll ආකාරයට ඡන්දයට කලින් කිසියම් කණ්ඩායමක් දිනනවා කියල සමීක්ෂණයකින් කිව්වට පස්සේ එකෙන් Bandwagon Effect එකට අනුව ‘යන පැත්තට හෝයියා‘ කියල ඉන්න කට්ටිය ඒ කියන කණ්ඩායම නියෝජනය කරන්න යොමු කිරීම.” ජනමත සමීක්ෂණය මැතිවරණ ප්‍රචාරණයේ එක් සංඛ්‍යා විද්‍යාත්මක සෙල්ලමක් හැටියටත් ආචාර්යවරයා දකී.

    2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගත් සමීක්ෂණ සිදු කිරීම ආරම්භ වන්නේ 2021 සිට. ඒ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute for Health Policy – IHP) මාසිකව සමීක්ෂණයක් සිදු කිරීමට ආරම්භ කිරීමත් එක්ක. 2024 ජනාධිපතිවරණය අදාළව, බහුලව කතාබහට ලක් වූ සමීක්ෂණ වාර්තාවත් මෙයයි. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය මාසිකව පිරිසක් සමඟ ජංගම දුරකතනයෙන් සම්මුඛ සාකච්ඡා පවත්වා SLOT නම් මෙම සමීක්ෂණය කරනවා. වෛද්‍ය රවී රන්නන්-එළිය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂවරයා වගේම SLOT සමීක්ෂණයේත් ප්‍රධානියා. පහුගිය මාස කිහිපයක ඔවුන් කළ සමීක්ෂණ ප්‍රතිපල මාධ්‍ය වෙතත් ඉදිරිපත් කළා. ප්‍රධාන වශයෙන් මෙම ආයතනය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළත් ජනාධිපතිවරණය සම්බන්ධව දැනට පිළිගත් වෙනත් ආයතනයකින් සිදුකළ සමීක්ෂණයක් නොමැති නිසා දේශීය මෙන් ම ද හින්ද් වැනි විදේශීය මාධ්‍ය ආයතන පවා ඔවුන්ගේ සමීක්ෂණය උපුටා දක්වා තිබුණා පහුගිය කාල වකවානුව තුළ.

    සමීක්ෂණයක තිබිය යුතු මූලික සිද්ධාන්ත බිඳ වැටී ඇත

    • විද්‍යාත්මක නියැදියක් භාවිත කිරීම

    2023 වසරේ මැතිවරණ කොමිසමේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 17,088,869ක්. මිලියන 17ක ජනගහනයෙන් සංගහන සමානුපාතය 50% වන පරිදි, 95%ක විශ්වාස මට්ටමේ සහ සම්මත දෝශ 3ක් ලෙස සමීක්ෂණයක සඳහා 1068ක නියැදියක් තෝරාගත යුතුයි. ජනමත විමසුම අති සංවේදි සමීක්ෂණයක් බැවින් සමීක්ෂණ ප්‍රථිපලයේ වලංගුභාවය (Validity) වැඩි වීමට නම් නියැදිය සකස් විය යුත්තේ ජනගහනයේ සැබෑ සමාජ ආර්ථික හරස්කඩ නිරූපණය වන අයුරින්. එනම් මෙරට ජනසංයුතිය අනුව නියැදිය තුළ 52.8%ක් කාන්තා හා 47.2%ක් පිරිමි ද 18.2%ක් නාගරික‍්, 77.4%ක් ග්‍රාමීය හා 4.4% වතු ක්ෂේත්‍රය නියෝජනය විය යුතුයි. රැකියාවේ ස්වභාවය අනුව රාජ්‍ය 15.1%ක්, පෞද්ගලික අංශ 42.9%ක්, සේවායෝජක 2.9%ක්, ස්වයං රැකියා 33.1%ක් සහ සෙසු 5.9%ක් නියැදියේ සමන්විය යුතුයි. ඊට අමතර ජාතීන් අනුව සිංහල74.9%, ලංකා දමිළ 11.2%, ලංකා මුස්ලිම් 9.3%  ඉන්දියානු දමිළ 4.1%  හා වෙනත් 0.5%  වශයෙන් ද ආගම් අනුව බෞද්ධ 70.1%, හින්දු 12.6%, ඉස්ලාම් 9.7% සහ ක්‍රිස්තියානි හා රෝමානු කතෝලික 7.6%ක් යන ප්‍රතිශතය අනුව සකස් විය යුතුයි. මීට අමතරව වයස් ඛාණ්ඩ මෙන් ම අධ්‍යාපන මට්ටම හා ආදායම් මට්ට ම ද නියැදිය තේරීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු වන්නේ එකී සියලු සාධක ඡන්දදායක චර්යාවට බලපාන හෙයිනි. සියලු දිස්ත්‍රික්කවල ජනගහනයන්ට සමානුපාතික ප්‍රතිශතයක් නියැදිය තුළ නිරූපණය වීමත් වැදගත්. මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් නියදිය සකස් නොකරන්නේ නම් සමීක්ෂණයේ විශ්වසනීයත්වය (Reliable) ගිලිහෙයි.

    IHP ආයතනයේ සමීක්ෂණයට සහභාගි කරගත් දත්තදායකයන්ගේ සමාජ ආර්ථික හරස්කඩ නියෝජනය අපැහැදිලි ය. සහභාගීකරගත් දත්තදායකයන්ගේ ස්ත්‍රී පුරුෂභාවය, අයත් වන දිස්ත්‍රික්කය, වයස් මට්ටම ආදි Demographic දත්ත ඉදිරිපත් කර නැත. WAPOR හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුව සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන විට ඒ සඳහා සහභාගී කරගත් ජනගහණයේ Demographic තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. නමුදු IHP සමීක්ෂණයට අදාළව කිසිඳු Demographic තොරතුරු ඉදිරිපත් කර නැත. සමීක්ෂණ වාර්තාවේ වැඩි විස්තර සඳහා ඔවුන් සම්බන්ධ කරගන්නා ලෙස පවසා තිබුණු හෙයින් විද්‍යුත් තැපෑලකින් එම තොරතුරු ඉල්ලා සිටියත් පිළිතුරු දුන් වෛද්‍ය රවි රන්නන් මහතා Demographic විස්තර පිළිබඳව නිශ්චිතව තොරතුරු ඉදිරිපත් නොකළේ ය. වෛද්‍ය රවී කියා සිටින්නේ දුරකතන සංවාද වයස හා ස්ත්‍රී පුරුෂභාවය අනුව ජනගහනය නියෝජනය නොවන බව පර්යේෂණ ලිපියේ සඳහන් කොට ඇති බවත් නියැදිය ජාතික ජනගහණයට සමාපත කිරීමට උත්සහ ගෙන ඇති බවත් ය.

    අප්‍රේල් මස සමීක්ෂණයට යොදාගත් 444ක නියැදිය 2023 වසරේ සමස්ථ ලියාපදිංච ඡන්දදායකයන්ගෙන් 0.0025%ක් පමණි. එය මිලියන 17 නියෝජනය කිරීමට කිසිසේත් එම සංඛ්‍යාව ප්‍රමාණවත් නියැදියක් ද නොවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍ය ආධ්‍යයන අංශයේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම IHP සමීක්ෂණය මුළුමනින්ම බැහැර කළ යුත්තක් බව පෙන්වා දෙන්නේ විද්‍යාත්මක නියැදියක් වෙනුවට IHP ආයතනයේ සායනික ප්‍රතිකාර සඳහා සහභාගී වූවන්ගෙන් තොරතුරු ලබාගෙන ඇතැයි පෙන්වා දෙමිනි. “’ඔබ කාටද ඡන්දය ලබා දෙන්නේ’ යන ප්‍රශ්නය අහන්නේ වෛද්‍යවරයා එනතුරු පෝලිමේ සිටින රෝගීන්ගෙන්. එතනදි ප්‍රායෝගිකව එම රෝගියා ලබාදෙන පිළිතුර කිසිම විදිහකින් ධනාත්මක වෙන්නේ නැහැ. ඒ නිසාම මෙහිදී භාවිතයට ගෙන ඇති ක්‍රමවේදය, නියැදි සංඛ්‍යා නිවැරදි නැහැ.” සායනවල පෝලිමේ සිටි පිරිස් නියැදිය ලෙස යොදාගත් බවට නැගූ චෝදනාව ප්‍රතික්ෂේප කරන වෛද්‍ය රවී පැහැදිලි කළේ පළමු අදියරේ හෝටල්, පන්සල්, පාසල් වගේම මහජන සෞඛ්‍ය සායන ආදි ක්ෂේත්‍ර විද්‍යාත්මක ක්‍රමයකින් පර්යේෂණය සඳහා යොදාගත් බවයි.

    • ප්‍රශ්නාවලියේ සමබරතාව – Balance

    සමීක්ෂණයක් සඳහා භාවිත කරන ප්‍රශ්නාවලිය වැදගත් වන්නේ එය සමස්ත සමීක්ෂණයේ වලංගුභාවයට (Validity) තීරණාත්මක සාධකයක් බැවින්. මොක ද ප්‍රශ්නාවලිය සමබර නොවුන විටෙක ලැබෙන ප්‍රතිචාර පාර්ෂවීය වීමේ ඉඩකඩ වැඩී. දත්ත දායකයා වෙත යොමු කරන ප්‍රශ්නයේ යම් සීමාවක් තිබෙන විටෙක ඔහුගේ පිළිතුර එක් පසකට යොමු වේ. එමෙන් ම ප්‍රශ්නය හෝ ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරන තැනැත්තා අනුව ද ලැබෙන ප්‍රතිචාරය වෙනස්. ප්‍රසිද්ධියේ කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ තැනැත්තෙක් ප්‍රශ්නාවලියක් යොමුකරන විට ප්‍රතිචාරය ලැබෙන්නේ ඔහු නියෝජනය කරන පක්ෂයට වාසිදායක ලෙස. එනිසා ප්‍රශ්නය වගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නාත් සමබර විය යුතුයි. ඉතින් ජනමත සමීක්ෂණ වාර්තාවක් සමඟ ඒ සඳහ යොමුකළ ප්‍රශ්නය/ප්‍රශ්නාවලිය ද ඉදිරිපත් කළ යුතු බව WAPOR මාර්ගෝපදේශය නිර්දේශ කරයි. IHP සමීක්ෂණය එම අවශ්‍යතාව සපිරීමටත් කටයුතු කර නොතිබීම තවදුරටත් එම සමීක්ෂණයේ විශ්වාසනීයත්වය හීන කරයි.

    වෛද්‍ය රවී කියා සිටින්නේ ඔවුන්ගේ පර්යේෂණය ජාත්‍යන්තර විමර්ශිත සඟරාවල පවා පළ වී ඇති බවයි. එමෙන්ම ඔවුන්ගේ පර්යේෂණයට අදාළ ප්‍රශ්නාවලිය පිළිගත් කමිටු හතරකින් අනුමැතිය ලද බවයි. “මීට පෙර ලංකාවේ කළ කිසිම සමීක්ෂණයක් මේ තරම් ස්වාධීන ආචාරධර්ම විමසුමකට ලක් නොවුන බව ස්තීරවම කියන්න පුළුවන්”

    මැතිවරණය පිළිබඳ කෙරෙන ජනමත සමීක්ෂණ සඳහා ප්‍රශ්න කිරීමේ දී ප්‍රවේශම් විය යුතු ආකාරය මහාචාර්ය උයන්ගොඩ විග්‍රහ කළේ ය. “සමහර මාධ්‍ය ගත්තහම, රූපවාහිනිය එහෙම කැමරා අරන් ගිහින් ප්‍රශ්න අහනවා ඡන්දෙ දෙන්නෙ කාට ද කියලා. ඒක නිවැරදි ප්‍රවේශයක් නෙමේ. ඡන්දෙ දෙන්නේ කාට ද කියන කරුණ දේශපාලන සංස්කෘතිය තුළ අතිශය පෞද්ගලික කාරණාවක් කියලයි ලාංකික පුරවැසියන් හිතන්නේ. ප්‍රශ්නය අහලා බල කරද්දී බොරුවක් කියන්නත් පුලුවන්. ඒ නිසා තමයි සංවේදී දේශපාලන ප්‍රශ්න ගැන මහජන මතය විමසන්න අපි පරිස්සම් වෙන්න ඕනේ, ඍජුව ප්‍රශ්න අහනවාද වක්‍රව ප්‍රශ්න අහනවාද කියලා.

    එමෙන් ම මැතිවරණයේ දී ජන්දය නොදී සිටීමට තීරණය කළ පිරිස් ද, ඡන්දය දෙන්නේ කාට දැයි අනාවරණය කිරීමට අකැමැති පිරිස් ද සිටිය හැකි වුවත් සමීක්ෂණය පුරා එවැනි පිළිතුරු ලැබුණු බවක් දක්වා නැත. එමෙන් ම සමීක්ෂණය සඳහා දී තිබෙන 4ට අමතරව වෙනත් අපේක්ෂකයෙකුට ඡන්දය දීමට සැලසුම් කර ඇති ඡන්දදායකයන්ට කිසිඳු වරණයක් ප්‍රශ්නාවලිය තුළ ඉදිරිපත් නොවීම මෙම සමීක්ෂයේ තවත් දුර්වලකමකි.

    • ක්‍රමවේදය සහ දත්ත රැස් කිරීමේ දී සිදුවන පක්ෂපාතීත්ව (Bias)

    WAPOR මාර්ගෝපදේශය පෙන්වා දෙන්නේ සමීක්ෂණ ප්‍රතිඵලය සමඟ පර්යේෂණ ක්‍රමවේදය පැහැදිලිව විස්තර කළ යුතු බවයි. එමෙන්ම මැතිවරණ කොමිසමේ මාධ්‍ය උපමානවලත් දැක්වෙන්නේ මාධ්‍ය ආයතනයක් සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන විට ඒ සඳහා භාවිත කළ ක්‍රමවේදය සඳහන් කළ යුතු බවයි. IHP සමීක්ෂණයේ ප්‍රධානිය වශයෙන් කටයුතු කරන වෛද්‍ය රවී රන්නන්-එළිය මහතාගෙන් ඔවුන් භාවිත කළ සමීක්ෂණ ක්‍රමවේදය දුර්ලභ ක්‍රමවේදයක් යැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් විමසීමක් කළෙමු. “අපේ ප්‍රධාන වාර්තාව පිළිගත් සමීක්ෂණ ක්‍රම පාවිච්චි කර තිබෙනවා. ඡන්දය දීමේ කැමැත්ත පිළිබඳව ප්‍රතිඵල ප්‍රකාශ කර තිබෙන සමීක්ෂණයට පිළිගත් සමීක්ෂණ ක්‍රමයක් අපි භාවිත කරන්නෙ නෑ. ඒ වෙනවුට අපි පාවිච්චි කරන්නේ බහු මට්ටමේ ප්‍රතිගමනය සහ පශ්චාත් ස්ථරීකරණය Multilevel Regression and Post-Stratification (MRP) නම් ක්‍රමයක්. ඒක YouGov බහුලව භාවිත කරන ඇමරිකානු සහ බ්‍රතාන්‍ය විද්වතුන් දියුණු කළ ක්‍රමයක්. එනිසා ඡන්දය දීමේ අභිප්‍රාය පිළිබඳ ප්‍රතිඵල ආදර්ශ පදනම් වූ ඇස්තමේන්තුවක්.”

    දත්තදායකයන්ගෙන් ලබා ගන්න මූලික දත්ත සමස්ථ සමීක්ෂණය තුළම පිළිඹිබු වෙයි. ජනමත විමසුම් වැනි සංවේද කරුණු සමඟ ගනුදෙනු කිරීමට පුහුණු දත්ත රැස් කරන්නන් යොදාගත යුත්තේ පක්ෂපාතීත්වයන් අවම කිරීමටයි. ජාතික වශයෙන් සිදු කරන සමීක්ෂණවල දී රැස්කරගනු ලබන දත්තවල සත්‍යතාවයේ බරපතල ගැටලු පවතින බවට ක්ෂේත්‍රය (Industry) කියා සිටියි. මෙරට ප්‍රමුඛ පෙලේ පර්යේෂණ ආයතනයක සේවය කළ සිය අනන්‍යතාව අනාවරණය කිරීමට අකමැති පර්යේෂිකාවක් කියා සිටියේ දත්ත රැස්කරන්නන් ප්‍රශ්නාවලි කිහිපයක් පුරවන විට හඳුනගන්නා රටාව අනුව සෙසු සියලු ප්‍රශ්නාවලි පිරවීම බහුලව සිදුවන වැරැද්දක් බවයි.

    මහාචාර්ය ආනන්ද සිය අත්දැකීමෙන් බෙදාගනිමන් පර්යේෂණ ආයතන ලාභය වැඩි කරගැනීමට අඩු පිරිවැයකින් පර්යේෂණ අවසන් කිරීමට දුරකතන සාකච්ඡා, ගූගල් ෆේම් වැනි කෙටි ක්‍රම පාවිච්චි කිරීම හේතුවෙන් දත්ත විකෘති වන බව කීවේ ය. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ජනමත විමසුමක් සිදුකළ ආයතනයක් එහි ප්‍රතිඵලය පිසිද්ධ නොකිරීමට තීරණය කළේ විශ්වවිද්‍යාලවලින් සහභාගීකරගත් දත්තරැස්කන්නන් රැස්කළ දත්ත විශ්වාස කළ හැකි මට්ටමක යථාර්තවාදි නොවන දත්ත ලෙස පෙනී ගිය බැවින් යැයි එම සමීක්ෂණයට සම්බන්ධ තරුණ සමාජ ක්‍රියාකාරිකයෙකු වන මහීල් බණ්ඩාර පෙන්වා දුනි.

    • සමීක්ෂණ ප්‍රතිඵල වෙනස් කිරීම

    රෝහන හෙට්ටිආරච්චි අවධාරණයෙන් යුතුව කිව්වේ මෙරට ජනමත සමීක්ෂණ කිසියම් දේශපාලන නැමියාවක් සහිත පිරිස් කරන බවයි. එහි දී සමීක්ෂණයෙන් තමන්ට අවශ්‍ය ප්‍රථිපල නොලැබුණත් සමීක්ෂණයේ අවසන් ප්‍රතිඵලය වෙනස් කිරීමට කටයුතු කරයි. මහාචාර්ය ආනන්ද ද පෙන්වා දෙන්නේ ඇතැම් විටක සමීක්ෂණ පවත්වන ආයතන මූල්‍ය වාසිය තකා ව්‍යාජ ප්‍රතිඵල ඉදිරිපත් වන බවයි. “සමහර වෙලාවට එන ප්‍රතිඵලය නෙවේ ප්‍රසන්ට් කරන්නෙ. සංඛ්‍යාත්මක විදියට තමන්ට ඕන විදියට ගළපන අවස්ථා තියනවා. දේශපාලන පක්ෂයකින් කිව්වොත් මෙහෙම දාන්න තව ලක්ෂ 10ක් අපි දෙන්නම් කියල එතකොට දානවා. IHP සමීක්ෂණයේ ජනවාරි මාසෙ 52%ක් කිව්වා අනුරට, 34%ක් කිව්වා සජිත්ට. දැන් අනුරව තිස් ගාණක් බස්සලා. එහෙම විශාල වෙනසක් වෙන්න තරම් සිද්ධියක් වුණේ නෑනෙ.” මහාචාර්යවරයාගේ තර්කය අනුව IHP සමීක්ෂණය තනිකරම මුලාව(Manipulation එක)ක්. එය ආර්ථික ප්‍රතිලාභ තකා දියත් කළ ව්‍යාපෘතියක්.

    • ආධාර මූලාශ්‍ර නිසා එල්ලවන බලපෑම්

    ජනමත සමීක්ෂණය මුදල් උපයන, ලාභ ප්‍රතිලාභ තිබෙන කර්මාන්තයක් ලෙස ආචාර්ය ප්‍රදීප් පෙන්වා දෙයි. “මාධ්‍යයන්ට තමයි සමීක්ෂණ වැඩිපුරම ඕන කරන්නේ. ඒ හින්දා හුඟක් වෙලාවට මාධ්‍ය මේවා මෙහෙයවනවා.” ඉන්දියාව වැනි රටවල මැතිවරණ ආසන්නේ රියැලිටි වැඩසටහන් මෙන් ජනමත විමසුම් සාකච්ඡා පවත්වා දැන්වීම් මගින් විශාල ලාභයක් උපයන බව ආචාර්ය ප්‍රදීප් පවසයි. රාජ්‍ය නොවන ආයතන ද ජනමත සමීක්ෂණ කෙරෙහි මූල්‍ය සාධකය නිසා වැඩි උනන්දුවක් දක්වන බව ද හෙතෙම කියයි. “මේක හොඳ ගාණක් හොයාගන්න පුළුවන් ව්‍යාපෘති නිසා හුඟ දෙනෙක් මේ වැඩේට බැස්සා.” තවදුරටත් ඔහු කියා සිටින්නේ ජනමත සමීක්ෂණයක් කිරීම වියදම් අධික කාර්යයක් හැටියටයි. “1400-1500ක් අතර හොඳ නිරවද්‍යතාවකින් යුතු සමීක්ෂණයකට දිවයින පුරා දත්ත රැස්කරනවා නම් සතියකට ලක්ෂ 70ක් වත් අවශ්‍යයි. කාර්ය අවසන් කරන්නත් මාස එක හමාරක් ගත වෙනවා. ඒ නිසා ලංකාවේ කරපු සමීක්ෂණයක සාම්පල් එක 2500කට වැඩියි කියල කවුරු හරි කියනව නම් ඒකෙන්ම ඔප්පු වෙනවා ඒක බොරුවක් කියලා.”

    • ජනමත සමීක්ෂණ වාර්තාවන්ට වලංගුභාවයක් තිබේ ද?

    IHP ආයතනයේ සමීක්ෂණය පිළිබඳ එල්ල වන ප්‍රබල චෝදනාවක් හැටියට 2021 සිට අද දක්වා ලබාගත් දත්ත සමුච්චියක් ලෙස ගෙන අවසන් ප්‍රතිඵල සකස් කිරීම පෙන්වා දෙන්න පුළුවන්. 2021-22 කාලය තුළ තිබූ සමාජ ආර්ථික හා දේශපාල පරිසරය අද වන විට හාත්පසින්ම වෙනස් වී ඇති බැවින් එකල ලබාගත් දත්ත අදට වලංගු කරගන්නේ කුමන පදනමකින් ද! වෙනත් කාලසීමාවක් තුළ කළ සමීක්ෂණයක් මැතිවරණයක් ආසන්නයේ ඉදිරිපත් කිරීමත් ඡන්දදායක සිතාමතා නොමඟ යැවීමක් හැටියටයි සැලකෙන්නේ. කාලයත් සමඟ සමාජ ආර්ථික කාරණා වෙනස් වීම සැලකිල්ලට ගනිමින් එය 2012 සංගණනයට ගැලපීමට කටයුතු කළ බවයි වෛද්‍ය රවී පැවසුවේ. ඒ සඳහා 2019 වසරේ සකස් කළ වත්කම් දර්ශකය යොදගත් බව ද පෙන්වා දුන්නේ ය. “මෙලෙස වසර 3-5ත් අතර ගැලපීම් කිරීම ජාත්‍යතන්තර සමීක්ෂණ සාහිත්‍යයේ පිළිගත් ක්‍රමයක්” වෛද්‍යවරයා පැවසුවා.

    මහාචාර්ය ජයදේව උයන්ගොඩ ජනමත විමසුම් කිරීම “දේශපාලන වශයෙන් පැහැදිලි අනන්‍යතාවයක් නැති අය නැතිනම් වෘත්තීය වශයෙන් සමීක්ෂණ කරන අය තමයි කරන්න ඕනේ” යනුවෙන් අවධාරණයෙන් කියා සිටියි. ඡන්දදායකයට පමණක් නොව දේශපාලන පක්ෂවලටත් බලපාන බැවින් ජනමත විමසුම් පිළිබඳ ප්‍රවේශම් විය යුතු බව රෝහණ හෙට්ටිආචරච්චිගේ අදහසයි. “දැන් මේ වෙලාවේ අඩුම තරමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතළිහක් පනහක් ඉන්නවා. කොයි දේශපාලන ධාරාවටද සහාය දෙන්නේ කියල හිතමින්. මේ පක්ෂයේම ඉන්නව ද නැත්නම් කැඩිලා අනිත් පක්ෂයට එකතු වෙනව ද. මේවා ඔක්කොම තීන්දු කරන්නේ මහජන මතය කොහෙටද කැරකෙන්නේ කියන එක මත තමයි.” එනිසා පර්යේෂණ තොරතුරු විද්‍යාත්මක පදනමකින් තොරව ඉදිරිපත් වීමෙන් ජනතාව වගේම මහජන නියෝජිතයොත් නොමඟ යනු ඇතැයි හෙතෙම කියා සිටියි.

    ජනාධිපතිවණ ප්‍රකාශ කිරීමෙන් පසු මාධ්‍ය උපමාන අනුව සියලු මාධ්‍ය කටයුතු යුතු යැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර.එම්.ඒ.එල් රත්නායක මහතා අවධාරණය කරයි. “ඒවා පාලය කරන්න දැනට අයිතියකුත් අපට නෑ. නීතීමය වශනේ කටයුතු කරන්න පුළුවන් මැතිවරණ කාලය තුළ. එක් එක් පක්ෂවලට එ්ක බලනවා කියන පදනමින් ඒවාට බලපෑම් කරන්න. අඩු ගාණෙ දැනුම් දීමක් හරි කරන්න පුළුවන්.” මාධ්‍ය නොවන වෙනත් ආයතන සහ කණ්ඩායම් සිදුකරන ජනමත සමීමක්ෂණ‍, මත විමසුම් ගැන කටයුතු කරන්න විශේෂ ප්‍රතිපාදනයක් දැනට නැති බවත්, එනිසා ඒවාට බාධා කිරීම අපහසු බවත් සභාපතිවරයා වැඩිදුරත් කියයි. ජනමත සමීක්ෂණ සම්බන්ධයෙන් කිසියම් ආකාරයක නියාමනයක අවශ්‍යතාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පිළිගනී. “අපි මේ ගැන හොයලා නෑ. ඒ නිසා මේ ගැන අනිත් රටවල් කටයුතු කරන්නේ කොහොම ද කියල හොයලා අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් මොන ආකාරයෙන් ද කියල ඉදිරියේ දී බලන්න පුළුවන්.”

    කථිකාචාර්ය සකීෆ් සාම් – කැළණිය විශ්වවිද්‍යාලය

    snmsakeef@gmail.com

  • ජංගම දුරකථනයට ඇබ්බැහි වුණ යෞවනයින් ගැන බිහිසුණු හෙළිදරව්වක් !

    ජංගම දුරකථනයට ඇබ්බැහි වුණ යෞවනයින් ගැන බිහිසුණු හෙළිදරව්වක් !

    වයස අවුරුදු 16-18 අතර යෞවනයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් පමණ තම දුරකථන සමඟ ගැටලුකාරී හැසිරීම් / problematic behaviour පෙන්නුම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය කරගෙන ඇත.

    “ගැටලු සහිත ස්මාර්ට්ෆෝන් භාවිතය / problematic smartphone use” සඳහා ගොදුරු වන යෞවනයන් නින්ද නොයාම, කාංසාව සහ මානසික අවපීඩනයෙන් පෙළීමට වැඩි ඉඩක් ඇති බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි.

    ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි පර්යේෂකයින් සොයා ගත් පරිදි, වයස අවුරුදු 16-18 අතර යෞවනයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් පමණ තම දුරකථන සමඟ ගැටලුකාරී හැසිරීම් ප්‍රදර්ශනය කර ඇත.

    පර්යේෂකයන් සමහරුන් ඔවුන් දුරකථන වලට ඇබ්බැහි වී ඇති බව පැවසීම නතර කළහ. ඔවුන් පැවසුවේ ගැටලු සහගත ස්මාර්ට්ෆෝන් භාවිතය (Problematic Smartphone Use – PSU) සහ ද්‍රව්‍ය හෝ චර්යාත්මක ඇබ්බැහිවීම් අතර සමහර සමානකම් ඇති අතර, භාවිතය පාලනය කිරීම නැතිවීම, වඩාත් අර්ථවත් ක්‍රියාකාරකම් නොසලකා හැරීම සහ ප්‍රවේශය සීමා කළහොත් පීඩාවට පත්වීම වැනි දේ සිදුවිය හැකි බවය.

    “ස්මාර්ට්ෆෝන් භාවිතය විනෝදජනක සහ ප්‍රයෝජනවත් වන අතර අපි ඒවා සෑම විටම සංවර්ධනය කරමින් සිටිනවා. නමුත් මනෝචිකිත්සකයෙකු ලෙස මම කියන්නේ සමහර මිනිසුන් විනෝදජනක දේවල් සමඟ කරදරවලට පත් වන බවයි. අපි ඔවුන්ට උදව් කළ යුතුයි” ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි පර්යේෂණයේ සම කර්තෘ ආචාර්ය නිකොලා කල්ක් / Dr Nicola Kalk පැවසීය.

    ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: “මෙම දත්තවලට සීමාවන් තිබුණත්, යෞවනයන්ගෙන් කොටසක් ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය ඇබ්බැහි වීමේ වර්ධනයක් ඇති බවට යෝජනා කරන සාක්ෂි තිබෙනවා”

    සහභාගී වූවන්ගෙන් තුනෙන් දෙකක්ම පාහේ කියා සිටියේ ඔවුන් තම ස්මාර්ට්ෆෝන් භාවිතය අඩු කිරීමට උත්සාහ කළ බවයි. තවත් අට දෙනෙකුගෙන් එක් අයෙකුට එසේ කිරීමට උදව් අවශ්‍ය බවත් සඳහන් විය. (එය ගැටලු සහිත ස්මාර්ට්ෆෝන් භාවිතය ඇති අය අතර වඩාත් පොදු ඉල්ලීමකි)

    ආචාර්ය Kalk සහ සගයන් ගැටලු සහිත ස්මාර්ට්ෆෝන් භාවිතය සඳහා පාසල් පහක වයස අවුරුදු 16-18 අතර යෞවනයන් 657ක් දෙනකු සමීක්ෂණයට භාජනය කළහ. සමීක්ෂණයට සහභාගිවන්නන්ට ‘ඔවුන්ගේ ජංගම දුරකථනයෙන් වෙන් වී සිටිය හැකිද ? යන්න වැනි ප්‍රශ්න 10ක් මත පදනම් වූ ප්‍රශ්න ඉදිරිපත් විය.

    මෙහිදී සමස්තයක් ලෙස 18.7%ක් ගැටලු සහිත ස්මාර්ට්ෆෝන් භාවිතය ඇති බව සලකනු ලැබූ අතර එහි ප්‍රතිශතය 13.0% සිට 43.1% දක්වා පරාසයක පවතී.

    ගැටලු සහිත ස්මාර්ට්ෆෝන් භාවිතය සමඟ සිටින යෞවනයන් Instagram සහ TikTok හි නොමැති අයට වඩා වැඩි කාලයක් එහි ගත කළහ. මධ්‍යස්ථ කාංසාවේ රෝග ලක්ෂණ ඇතිවීමේ සම්භාවිතාව මෙන් දෙගුණයක් ද, මධ්‍යස්ථ මානසික අවපීඩන රෝග ලක්ෂණ ඇති වීමේ සම්භාවිතාව මෙන් තුන් ගුණයක් ද, නින්ද නොයාමේ වැඩි සම්භාවිතාවක් ද ඔවුන්ට තිබුණි. කෙසේ වෙතත් එවැනි දුෂ්කරතාවන්ට ගැටලු සහිත ස්මාර්ට්ෆෝන් භාවිතය කොතෙක් දුරට හේතුවක් හෝ ප්‍රතිඵලයක් වේද යන්න අපැහැදිලි බව කණ්ඩායම පවසයි.

    යෞවනයන්ගේ ස්මාර්ට්ෆෝන් තිර කාලය විශ්ලේෂණය කිරීමෙන් පෙන්නුම් කළේ නින්ද නොයාම සමඟ සෘජු සහසම්බන්ධයක් පමණි.

    කණ්ඩායමේ අනෙකුත් අධ්‍යයනයේ BMJ Mental Healthහි ප්‍රකාශයට පත් කරන ලද අතර, වයස අවුරුදු 13-16 අතර සිසුන් 62 දෙනෙකුගෙන් යුත් කුඩා යෞවන යෞවනියන් පිරිසක් සති හතරක කාල සීමාවක් ආරම්භයේ සහ අවසානයේ ගැටලු සහිත ස්මාර්ට්ෆෝන් භාවිතය සඳහා ලකුණු ලබා ගත්හ.

    පර්යේෂකයන් සොයා ගෙන ඇත්තේ සති හතරක් තුළ ගැටලු සහිත ස්මාර්ට්ෆෝන් භාවිතය ලකුණු වල වැඩි වීමක් කාංසාව, මානසික අවපීඩනය සහ නින්ද නොයාම වැනි රෝග ලක්ෂණ වැඩි වීම හා සම්බන්ධ බවයි.

    විද්වතුන් පැවසුවේ ඔවුන්ගේ ස්මාර්ට්ෆෝන් භාවිතය සමඟ පොරබදමින් සිටින යෞවනයන්ගේ දෙමාපියන් ආහාර ගන්නා වේලාවන්හි දී හෝ රාත්‍රියේ නිශ්චිත වේලාවකට පසුව දුරකථන භාවිතයට ඉඩ නොදීම වැනි උපාය මාර්ග සමඟ සම්බන්ධ විය යුතු බවයි.

    මෙම කාර්යයට සම්බන්ධ නොවූ ෆ්ලොරිඩාවේ ස්ටෙට්සන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස් ෆර්ගසන් පැවසුවේ ස්මාර්ට් ෆෝන් සඳහා ගත කරන කාලය ඍණාත්මක මානසික සෞඛ්‍ය ප්‍රතිඵල සමඟ සම්බන්ධ නොවන බවයි.

    කෙසේ වෙතත්, ෆර්ගියුසන් ගැටලු සහිත ස්මාර්ට්ෆෝන් භාවිතය යන පදය සම්බන්ධයෙන් ගැටලුවක් මතු කළේය, “ගැටලුකාරී” හැසිරීම් සඳහා නිල රෝග විනිශ්චය හෝ එකඟ වූ නිර්ණායක නොමැති බව ඔහු සඳහන් කළේය. බලපෑමට ලක් වූ අයගෙන් සමහරක් හොඳ විය හැකි නමුත් ඔවුන්ගේ දුරකථන හෝ සමාජ මාධ්‍ය මෙන් විය හැකි බවත්, වෙනත් යටින් පවතින ගැටලු සඳහා ගැටලු සහිත ස්මාර්ට්ෆෝන් භාවිතය “රතු කොඩියක්” විය හැකි බවත් ඔහු පැවසීය.

    “තාක්‍ෂණය සීමා කිරීම, සමාජ මාධ්‍යවල වයස් සීමාවන් පැනවීම හෝ පාසල්වල ස්මාට් ජංගම දුරකථන තහනම් කිරීම නව යොවුන් වියේ යහපැවැත්ම හෝ අධ්‍යයන කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට උපකාරී වන බවට මෙහි හෝ වෙනත් තැන්වල සැලකිය යුතු තරම් සාක්ෂි තිබෙනවා” ඔහු පැවසීය.

    ද ගාර්ඩියන් ඇසුරිණි

    සකස් කළේ – මධූ වික්‍රමසිංහ

  • ඩිල්ෂාන් පතිරණ සහ මධුශංක ආබාධ වෙති – ශිරාස් සහ මාලිංග එක්දින තරගාවලියට

    ඩිල්ෂාන් පතිරණ සහ මධුශංක ආබාධ වෙති – ශිරාස් සහ මාලිංග එක්දින තරගාවලියට

    වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබේ. ඉන්දියාවට එරෙහිව පැවැති තුන්වැනි විස්සයි 20 තරගයේදී පතිරණ උරහිසේ ආබාධයකට ලක්විය. මධුශංක පුහුණු සැසියකදී සිදු වූ මස්පිඬු ආබාධයකට ලක්ව සිටියි. ඔවුන් වෙනුවට නවක වේග පන්දු යවන්නන් වන මොහොමඩ් ශිරාස් සහ ඒෂාන් මාලිංග සංචිතයට එක්කර ගැනීමට නියමිතය.

  • ඩිමෙන්ශියා රෝගීන්ගෙන් 50%ක් වැළැක්විය හැකියි – නවතම අධ්‍යයනයකින් හෙළිවෙයි

    ඩිමෙන්ශියා රෝගීන්ගෙන් 50%ක් වැළැක්විය හැකියි – නවතම අධ්‍යයනයකින් හෙළිවෙයි

    පර්යේෂකයන් ‘විශාල ලෙස’ තත්ත්වය වර්ධනය වීමේ අවදානම අවම කිරීම සඳහා කරුණු 14ක් නම් කරයි

    2050 වන විට ගෝලීය වශයෙන් ඩිමෙන්ශියාවෙන් (dementia) පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 153 දක්වා තුන් ගුණයකින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. මෙම සොයාගැනීම් එක්සත් ජනපදයේ ඇල්සයිමර් සංගමයේ ජාත්‍යන්තර සමුළුවේදී ඉදිරිපත් කරන ලදී.

    පර්යේෂකයන් අනතුරු අඟවමින් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය සෞඛ්‍ය හා සමාජ සත්කාර පද්ධති සඳහා ශීඝ්‍රයෙන් වර්ධනය වන තර්ජනයක් බවයි. ඩිමෙන්ශියාවට සම්බන්ධ ගෝලීය සෞඛ්‍ය සහ සමාජ සත්කාර වියදම් වසරකට ඩොලර් බිලියනයක් ඉක්මවන බව පර්යේෂණයෙන් පෙන්නුම් කරයි.

    කෙසේ වෙතත්, Lancet ජර්නලය විසින් ප්‍රකාශයට පත් කරන ලද කම්පන සහගත මෙම වාර්තාවට අනුව ලෝකයේ ප්‍රමුඛ පෙළේ ඩිමෙන්ශියා විශේෂඥයින් 27 දෙනෙකු නිගමනය කර ඇත්තේ කලින් සිතුවාට වඩා බොහෝ අවස්ථා වළක්වා ගත හැකි හෝ ප්‍රමාද කළ හැකි බවයි.

    වෙනස් කළ හැකි අවදානම් සාධක 14ට ආමන්ත්‍රණය කිරීම මගින් (ළමා වියේ පටන් සහ ජීවිත කාලය පුරාවටම) මිනිසුන් දිගු කලක් ජීවත් වුවද, ඩිමෙන්ශියා රෝගීන්ගෙන් 45%ක් වළක්වා ගැනීමට හෝ ප්‍රමාද කිරීමට හැකි බව ඩිමෙන්ශියාව පිළිබඳ Lancet කොමිසම පවසයි.

    පර්යේෂණයේ ප්‍රධාන කතුවරයා වන මහාචාර්ය ගිල් ලිවින්ග්ස්ටන් (Prof Gill Livingston) පැවසුවේ, ‘’ඩිමෙන්ශියා අවදානම අවම කිරීම සඳහා මිලියන සංඛ්‍යාත මිනිසුන්ට කළ හැකි සහ කළ යුතු තවත් බොහෝ දේ ඇති බව වඩ වඩාත් පැහැදිලි බවයි’’.

    ෆිලඩෙල්ෆියා හි පැවති සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමින් මහාචාර්ය ලිවින්ග්ස්ටන් මෙසේ පැවසීය, “ලොව පුරා සිටින බොහෝ අය ඩිමෙන්ශියාව නොවැළැක්විය හැකි යැයි විශ්වාස කරනවා. නමුත් එය එසේ නොවේ. අපගේ වාර්තාව නිගමනය කරන්නේ ඔබට ඩිමෙන්ශියාව වර්ධනය නොකිරීමේ හෝ එහි ආරම්භය පසුපසට තල්ලු කිරීමේ අවස්ථාවන් විශාල ලෙස වැඩි කළ හැකි බවයි. අවදානමට වැඩි කාලයක් නිරාවරණය වීම වැඩි බලපෑමක් ඇති කරන බවට දැන් අපට ප්‍රබල සාක්ෂි තිබෙන අතර එය ක්‍රියාමාර්ග ගැනීමට කිසි විටෙකත් ඉක්මන් හෝ ප්‍රමාද නොවන බව අවධාරණය කිරීම වැදගත්”

    ලිවින්ග්ස්ටන් වැඩි දුරටත් පැවසුවේ, ජීවිතයේ සෑම අදියරකදී ම, (ළමයින්ගේ සිට වැඩිහිටියන් දක්වා, කිසිම ප්‍රතිකාරයක් නොමැතිව) රෝගය වර්ධනය වීමේ අවදානම අවම කිරීමට හෝ අවම වශයෙන් ජීවිතයේ පසුකාලීනව එය වළක්වා ගැනීමට පියවර ගත හැකි බවයි.

    දැනට පවතින නවතම සාක්ෂි මත පදනම්ව, වාර්තාව ඩිමෙන්ශියා රෝගීන්ගෙන් 9%ක් හා සම්බන්ධ අවදානම් සාධක දෙකක් එකතු කරයි. රෝගීන්ගෙන් 7%ක් පමණ වයස අවුරුදු 40 සිට (මැදිවියේ දී) අධික අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් (High Low-Density Lipoprotein) හෝ “නරක” කොලෙස්ටරෝල් සමඟ සම්බන්ධ වී ඇති අතර, සිදුවීම්වලින් 2%ක් පසුකාලීන ජීවිතයේ ප්‍රතිකාර නොකළ පෙනීම නැතිවීම සඳහා හේතු වේ. (vision loss in later life)

    (අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් (Low-Density Lipoprotein – LDL) ඉහළ මට්ටම් අවසානයේ ඔබේ රුධිර නාලවල බිත්ති තුළ ගොඩනඟා ගමන් මාර්ග පටු විය හැකිය. සමහර විට රුධිර කැටියක් සෑදී පටු අවකාශයේ සිරවී හෘදයාබාධයක් හෝ ආඝාතයක් ඇති විය හැකිය. LDL කොලෙස්ටරෝල් බොහෝ විට “නරක” කොලෙස්ටරෝල් / bad cholesterol ලෙස හඳුන්වන්නේ එබැවිනි)

    මෙම නව අවදානම් සාධක 2020 දී ලැන්සෙට් කොමිසම විසින් හඳුනාගෙන ඇති අවදානම් සාධක 12ට අමතරව, (ලිවින්ග්ස්ටන්ට අනුව) ඩිමෙන්ශියා රෝගීන්ගෙන් 36%කට පමණ ආරෝපණය කළ හැකිය. ඒවා නම්,

    • අඩු අධ්‍යාපනය,
    • ශ්‍රවණාබාධ,
    • අධි රුධිර පීඩනය,
    • දුම්පානය,
    • තරබාරුකම,
    • මානසික අවපීඩනය,
    • කායික අකර්මන්‍යතාවය,
    • දියවැඩියාව,
    • අධික මත්පැන් පානය,
    • කම්පන සහගත මොළයේ තුවාල,
    • වායු දූෂණය
    • සමාජ හුදකලාව.

    විශේෂඥයන් පැවසුවේ, “ඩිමෙන්ශියාව වැළැක්වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින අතර (සමස්තයක් වශයෙන්) මෙම අවදානම් සාධක 14 ඉවත් කිරීමෙන් ඩිමෙන්ශියාවෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් න්‍යායාත්මකව වළක්වා ගත හැකියි. මෙම සොයාගැනීම් බලාපොරොත්තුවක් ලබා දෙනවා”

    මහාචාර්ය ලිවින්ග්ස්ටන් පැවසුවේ, ඩිමෙන්ශියා අවදානම අඩු කිරීම වසර ගණනාවක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට ඇති අවස්ථාව වැඩි කරනවා පමණක් නොව, ඩිමෙන්ශියාව වර්ධනය වූ පුද්ගලයින් අසනීප තත්ත්වයෙන් ගත කරන කාලය අඩු කරන බව පෙන්නුම් කරන නව සාක්ෂි ද ඇති බවයි.

    “නිත්‍ය ව්‍යායාම, දුම්පානය නොකිරීම, මධ්‍ය කාලීන ජීවිතයේ සංජානන ක්‍රියාකාරකම් ඇතුළත් වන සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් (බාහිර විධිමත් අධ්‍යාපනය ඇතුළුව) සහ අතිරික්ත මත්පැන් වළක්වා ගැනීමෙන් ඩිමෙන්ශියා අවදානම අඩු කිරීමට පමණක් නොව, ඩිමෙන්ශියා ආරම්භය පසුපසට තල්ලු කළ හැකියි” මහාචාර්ය ලිවින්ග්ස්ටන් පැවසුවේය.

    මෙයින් අදහස් කරන්නේ, ඩිමෙන්ශියාව වර්ධනය වූ අය එය සමඟ කෙටි කාලයක් ජීවත් වූ බවයි. ලිවිංස්ටන් මෙසේ පැවසුවේය, “මෙය පුද්ගලයන්ට ඉහළ ජීවන තත්ත්ව ඇඟවුම් මෙන්ම සමාජයන්ට පිරිවැය ඉතිරි කිරීමේ ප්‍රතිලාභ ලබාදීමක් ලෙස සැලකිය හැකියි”

    මහාචාර්ය ලිවින්ග්ස්ටන් පැවසුවේ ඩිමෙන්ශියා අවදානම වළක්වා ගැනීම සඳහා මිනිසුන්ට කළ හැකි පහසුම දෙය නම් (ඔවුන් ප්‍රධාන වශයෙන් වාඩි වී සිටින්නේ නම්) ඇවිදීම වැනි ව්‍යායාම කිරීම බවයි.

    Lancet කොමිසම ජීවිත කාලය පුරාම ඩිමෙන්ශියා අවදානම අවම කිරීම සඳහා, ශ්‍රවණාබාධ ඇති අය සඳහා ශ්‍රවණාධාර ලබා දීම, හානිකර ශබ්ද නිරාවරණය අඩු කිරීම, වයස අවුරුදු 40 සිට කොලෙස්ටරෝල් තත්ත්වය හඳුනා ගැනීම සහ ඊට ප්‍රතිකාර කිරීම ඇතුළු නිර්දේශ 13ක් ඉදිරිපත් කළේය.

    අනෙකුත් නිර්දේශ අතරට පෙනීම දුර්වලතා පරීක්‍ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම, දරුවන්ට හොඳ තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දීම සහ මැදි වයසේදී සංජානනාත්මකව ක්‍රියාශීලී වීම ද ඇතුළත් වේ.

    මෙම අධ්‍යයනයට අර්ධ වශයෙන් අරමුදල් සැපයූ Alzheimer’s Society හි ප්‍රධාන ප්‍රතිපත්ති සහ පර්යේෂණ නිලධාරිනී Fiona Carragher මෙසේ පැවසුවාය, “මත්පැන් පානය කිරීම සහ ශාරීරික ව්‍යායාම වැනි සමහර ඩිමෙන්ශියා අවදානම් සාධක ඔබේ ජීවන රටාව වෙනස් කිරීමෙන් කළමනාකරණය කළ හැකි නමුත් බොහෝ ඒවා කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. සමාජ හුදකලාව, අධ්‍යාපන අසමානතා සහ වායු දූෂණය පුද්ගලයන්ගේ පාලනයෙන් ඔබ්බේ පවතින අතර ඒවා පාලනයට මහජන සෞඛ්‍ය මැදිහත්වීම් සහ රජය සහ කර්මාන්ත අතර ඒකාබද්ධ ක්‍රියාමාර්ග අවශ්‍යයි”

    පර්යේෂණයට අරමුදල් සැපයූ එක්සත් රාජධානියේ Alzheimer’s Research හි විධායක අධ්‍යක්ෂ ආචාර්ය Susan Kohlhaas පැවසුවේ වයස සහ ජාන ඩිමෙන්ශියාව සඳහා විශාලතම අවදානම් සාධක ලෙස පවතින බවයි.

    නමුත් ඇය පැවසුවේ වෙනත් සෞඛ්‍ය හා ජීවන රටා සාධක කිහිපයක් ක්‍රියාත්මක වන බව සොයා ගැනීම “ශුභාරංචියක්” බවයි. ඇය පැවසුවේ එය ඩිමෙන්ශියාවේ විනාශකාරී බලපෑම අවම කිරීම සඳහා සහ වැළැක්වීමේ පියවරයන් ක්‍රියාත්මක කිරීමට “විශාල අවස්ථාවක්” ලබා දෙන බවයි.

    https://www.theguardian.com ඇසුරිණි.

    සකස් කළේ – මධූ වික්‍රමසිංහ

     

  • ඉන්ධන මිල සංශෝධනය ගැන අලුත්ම නිවේදනය

    ඉන්ධන මිල සංශෝධනය ගැන අලුත්ම නිවේදනය

    අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දැනට පවතින ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවේ.

  • මා ස්වාධීන අපේක්ෂකයෙකු වුණේ ඇයි ? ජනපති හෙළිකළ ‘සුපිරි‘ රහස

    මා ස්වාධීන අපේක්ෂකයෙකු වුණේ ඇයි ? ජනපති හෙළිකළ ‘සුපිරි‘ රහස

    • ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමටයි.
    • පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 යටතේ සියලුදෙනාට වගකීම් පවරමින් රට ඉදිරියට ගෙන යනවා.
    • හමාස් දේශපාලන නායකයාගේ ඝාතනය කිසිසේත් අනුමත නොකරන අතර එය තරයේ හෙළා දකිනවා.
    • ඉරානයේ සහ මැද පෙරදිග ඇතුළු ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන්ගෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට විය හැකි බලපෑම වළක්වා ගැනීමට දැන් සිටම පියවර ගන්නවා – ජනපති.

    ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවත් පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලුදෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් සමඟ අද (31) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති හමුවේදීය.

    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට එක්විය යුතු බවට වන යෝජනාව මෙහිදී බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා විසින් ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තලේ ප්‍රධාන සංවිධායක ටී. එම්. ආර්. සිරිපාල මහතා ඇතුළු පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙක් දෑත් ඔසවා එය ස්ථීර කළහ.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ නැඟී එන ආර්ථිකය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතු බවයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම කඩ කළ නොහැකි බවත් මැතිවරණ පැවැත්වුණද එම වැඩකටයුතු වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බවත්, එය තරයේ හෙළාදකින බවත් පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ හේතුවෙන් ඉරානය, මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන්ගෙන් මෙරට ආර්ථිකයට විය හැකි බලපෑම් වළක්වා ගැනීමට ගත යුතු පියවර දැන් සිටම ගැනීමට රජය කටයුතු කරන බවද පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    මා වෙනුවෙන් කථා කළ සහ මට සහයෝගය ලබාදීමට මෙම ස්ථානයට පැමිණි ඔබ සියලුදෙනාට මාගේ ස්තූතිය පිරිනමනවා. අපි සියලුදෙනා එකට එකතු වුණේ 2022 ජූලි මාසයේදීයි. අපි සියලුදෙනාගේ නිවාස එදා අහිමි වුණා. රටට අනාගතයක් නැහැ කියලා එදා ජනතාව සිතුවා. රට ඉදිරියට ගෙන යාමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා සිතුවා. මේ ආණ්ඩුව භාරගත්තේ ඇයි කියලා ඇතැම් අය මගෙන් ඇහුවා. මම කිව්වා මේ රට ගොඩගන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තිබෙනවා කියලා. පොහොට්ටුවේ අයට මොකක්ද ඒ ගැන තිබෙන පළපුරුද්ද කියලා ඇතැම් අය ප්‍රශ්න කළා. ඉන්න පිරිස සමඟ වැඩ කරනවා මිස අලුතෙන් පිරිස මවන්න නොහැකි බැවින් අපි මේ ගමන ඉදිරියට යමු කියා මම කිව්වා. දැන් ඒ අය කියනවා ඔයාට හොඳ කණ්ඩායමක් ඉන්නවා කියලා.

    ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයින් අප සියලුදෙනා එකතුවෙලා පළමුව මේ රට තුළ ස්ථාවරභාවයක් ඇති කළා. එදා මේ රටේ විශාල බියක් ඇති වී තිබුණා. මන්ත්‍රීවරු මහ මග ඝාතනය කරනවා නම් රටේ තත්ත්වය මොකක්ද, අපි පසු කළේ එවන් තත්ත්වයක්. අපි දැන් රට නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙනවිත් බංකොලොත් භාවයෙන් ද නිදහස් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. අපට මෙතැනින් මෙම කටයුතු අවසන් කරන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අනුව අප කටයුතු කළයුතුයි. එය කඩ කළොත් අපි නැවත අගාධයකට වැටෙනවා.

    ඔවුන් අපට මුදල් ලබා දෙන්නේ කොන්දේසි මතයි. අපි ඊට එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව ඉදිරියට යා යුතුයි. අපට දැන් මුදල් තිබෙන්නේ දෙසැම්බර් මාසය වන තෙක් පමණයි. ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අනිත් ගිවිසුම අත්සන් තැබිය යුතුයි. එවිට අපට ජනවාරි පෙබරවාරි වන විට මුදල් ලැබෙනවා.

    නමුත් අපි මේවා අලුතින් සාකච්ඡා කරන්න ගියොත් කොච්චර කාලයක් ගත වෙනවද, එවිට මෙය අවසන් කිරීමට වසරක් පමණ ගත වෙනවා. අපිට මුදල් නැතිව ඉදිරියට යන්න බැහැ. ඒ නිසා මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් මුදල් ලබාගෙන ඉදිරියට යනවද, නැද්ද, කියා අප තීරණය කළ යුතුයි.

    ඒ වගේම අපි මේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න විසදිය යුතුයි. ඔවුන්ට රැකියා ලබා දිය යුතුයි. ඒ වගේම දුප්පත්කම නැති කළ යුතුයි, රට දියුණු කළ යුතුයි. එම කටයුතු වෙනුවෙන් මම ආණ්ඩු 10ක් හදනවා. පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව යටතේ එම කටයුතු ඉදිරියට ගෙන යනවා. එහිදී සියලුදෙනාට වගකීම් පැවරෙනවා.

    ජනාධිපතිවරණයට මම ස්වාධීනව ඉදිරිපත් වුණේ මේ රට අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගෙන යා යුතු නිසයි. පක්ෂග්‍රාහී නොවී අලුත් විය යුතු නිසයි. අපි ඒ ගමන යමු. ඒ නිසා අපි සියලුදෙනා එක්වී ඉදිරියට යමු.

    2022 වසරේ මට සහාය ලබාදීමට පොහොට්ටුවේ බහුතරයක් තීරණය කළා. ඔවුන් එය සිදු නොකළා නම් අද රටේ මේ තත්ත්වය නැහැ. ඒ නිසා විශේෂයෙන් එම තීරණය ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මම ස්තූති කරනවා. එය රට බේරගත් තීන්දුවක්. අපි දැන් ඉදිරියට යමු. පක්ෂ කැඩීමට අවශ්‍ය නැහැ. අපි ඒවා හැකිතරම් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න ඕන.

    අද ලෝකයේ ප්‍රශ්න තිබෙනවා. අද අළුයම ටෙහෙරාන් නගරයේදී හමාස් සංවිධානයේ නායකයාව ඝාතනය කළා. එම ක්‍රියාව මම හෙළා දකිනවා. එය වැරදියි. ගාසා යුද්ධයේ විසඳුමකට පැමිණිය යුතුව තිබුණා. එවන් අවස්ථාවක මෙම ක්‍රියාව නිසා නැවත මැද පෙරදිග රටවල ප්‍රශ්න උග්‍ර වෙනවා. ඒ නිසා ඊට මම එකඟ වෙන්නේ නැහැ. රටක් සහ රාජ්‍යයක් ලෙස ජීවත්වීමේ අයිතිය සෑම විටම අපි ආරක්ෂා කළ යුතුයි.

    එම ජාත්‍යන්තර ප්‍රශ්නය නිසා තවත් කරුණු කිහිපයක් මතුව තිබෙනවා. යුද්ධයක් ඇති වුණොත් තෙල් මිලට මොනව වෙයිද, ඒ වගේම යම් ප්‍රශ්නයක් මතු වුණොත් මැද පෙරදිග සිටින සියලුදෙනා නැවත ලංකාවට ගෙන්වීමට සිදු වෙනවා. 1991 දී ඉරානය විසින් කුවේට් අල්ලා ගත් විට අපට එවන් තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා. එවිට රටට ආදායම් නැති වෙනවා. දැන් නැගී එන ශ්‍රී ලංකාවට එම තත්ත්වයට මුහුණදීම අසීරුයි.

    මේ පිළිබඳ අනිත් රටවල විදේශ ඇමතිවරු සමඟ සාකච්ඡා කරන ලෙස මම විදේශ අමාත්‍යවරයාට දැනුම් දුන්නා.

    මෙම තත්ත්වය පාලනයට ඒකාබද්ධව කළ හැකි වැඩපිළිවෙළ ඔවුන් සාකච්ඡා කරනවා. අපි එම කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අපේ කථානායකවරයා මේ වන විට ටෙහෙරාන් නගරයට ගොස් සිටිනවා. ඔහුව හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට අපි කටයුතු කරනවා. අපි දැන් මෙම තත්ත්වයට සූදානම් විය යුතුයි. ඒ සඳහා මගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා.

    ඒ වගේම මේ නිසා ඇති විය හැකි ආර්ථික විපාක පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට ජාතික ආරක්ෂක උපදේශකතුමාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ, බලශක්ති අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින්ගෙන් සමන්විතව කමිටුවක් පත් කර තිබෙනවා. ඒ නිසා ඕනෑම තත්ත්වයකට මුහුණදීමට ආණ්ඩුව දැන් සිටම පියවර ගන්නවා. වේදිකාවේ සිට කෑගහලා වැඩක් නැහැ. ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි. ජාත්‍යන්තර සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් ඉවත් කරන්න බැහැ. එය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යා යුතුයි. මැතිවරණ පැවැත්වුණත් එම වැඩකටයුතු කිරීම අපේ යුතුකමයි.

    පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණය පවත්වනවා. 1988 ක්‍රමයට එම මැතිවරණය පැවැත්වීමට මම බලාපොරොත්තු වෙනවා. මම එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා සමග ඊයේ මේ පිළිබඳ කථා කළා.

    ඔහුත් ඊට එකඟයි. එම මැතිවරණයේ දී කාන්තා සහ තරුණ නියෝජනය වැඩි කළයුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට එම මන්ත්‍රී ධූරය තබාගෙන මීට තරග කර පළාත් සභාවටද ඒමට හැකි වෙනවා. අපි සියලුදෙනා ආණ්ඩුවක් විදියට කටයුතු කළයුතුයි.

    ජනාධිපති, අගමැති ඇතුළු මේ 09 දෙනා සමග ආණ්ඩුව යටතේ ප්‍රධාන මූල්‍ය ඇමතිවරුන්ගේ කමිටුවක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සභාවක් අපි යෝජනා කරනවා. ජනාධිපති, අගමැති, පක්ෂ නායකයන් සහ මහඇමතිවරුන් ඊට ඇතුළත් වෙනවා. 2017 වසරේ පළාත් 07ක මහ ඇමතිවරු ව්‍යවස්ථා සංශෝධන කමිටුවට ලබා දුන් වාර්තාවේ යෝජනා අනුව වැඩකටයුතු කරනවා. ද්‍රවිඩ පක්ෂ ඊට එකඟත්වය පළ කර තිබෙනවා. එහිදී අපි දැනුම් දීලා තිබෙනවා පොලිස් බලතල ගැන පසුව කථා කළ හැකියි, අනෙක් කටයුතු වෙනුවෙන් දැන් අපි ක්‍රියාත්මක වෙමු කියලා. අපිට විශාල වැඩකොටසක් තිබෙනවා කෘෂි නවීකරණය වගේම, පාසල් අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරයේ වගකීම් පළාත් සභාවලට දිය යුතුයි. මේ ආණ්ඩු 10න් මේ රට ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අප සූදානම් වෙමු.

    නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා,

    මම වසර විස්සක් පළාත් සභාව නියෝජනය කළා. අපේ කාර්යභාරය කවුරුත් දන්නවා. පළාත් සභා නියෝජිතයන් යනු මහජන විඤ්ඤාණයෙන් වැඩ කරන කණ්ඩායමක්.ඉදිරි ජනාධිපතිවරණයේදී දේශපාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට අපේ දායකත්වය ඉතා වැදගත් බව පැවසිය යුතුයි. අද පළාත් සභා ක්‍රමය ජනතාවගෙන් ඈත් වෙලා තිබෙනවා. පළාත් සභාව සුදු අලියෙක් බව කිව්වා.පළාත් සභාව තුළින් මහජනතාව වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දීමට අපට හැකියාව ලැබුණා. එම නිසා මේ රටේ පළාත් සභා ක්‍රමය නැවත ඇති කිරීමට අවශ්‍යයි.

    වත්මන් ජනාධිපතිතුමා සමඟ මා වැඩ කළේ කෙටි කාලයක් පමණයි. එම කාලය තුළදී එතුමා කෙරෙහි අපිට විශ්වාසයක් ඇතිවුණා. පාර්ලිමේන්තුවේ සංවේදී අවස්ථාවලදී අපට ශක්තිමත්ව සහාය ලබා දුන්නා.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෙක් වශයෙන් මම වැඩ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගයි. නමුත් රට වෙනුවෙන් අප සංවේදී විය යුතුයි. නිසා පවතින දේශපාලන සංස්කෘතිය වෙනස්කර රට ඉදිරියට ගෙනයාමට සියලු දෙනාගේ සහාය අවශ්‍යයි.

    රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,

    මේ රටේ ඓතිහාසික වේදිකාවක් බවට මේ වේදිකාව පත්වෙනවා. අද මෙම ස්ථානයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ස්වාධීන කණ්ඩායම් ඇතුළු මහජන නියෝජිතයන් විශාල පිරිසක් සිටිනවා.

    එදා අර්බුදය පැවති වෙලාවේ කවුරුත් බලාපොරොත්තු නොවූ පරිදි රට යළි ගොඩ ගැනීමට කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. මේ රට නිවැරදි දිශානතියකට ගෙන ගියේ එතුමායි.අස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණය ස්ථාවර කිරීමට එතුමාට හැකියාව ලැබුණා. වසර දෙකක් තුළ සැමට ජීවත් විය හැකි රටක් නිර්මාණය කළා.

    සැප්තැම්බර් මස 21වෙනිදා නැවත වරක් රට අස්ථාවර කරනවාද ? එසේ නොමැති නම් ස්ථාවර රටක් නිර්මාණය කරනවාද යන්න පිළිබඳ නිවැරදි තීන්දුවක් ගත යුතුව තිබෙනවා.

    මේ රට ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. ඉදිරි ජනාධිපතිවරණයේදී අප සියලු දෙනා එකතුව රට වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය ස්ථිර කරමු.

    රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,

    ඉතා කෙටි දැනුම් දීමකින් මෙම ස්ථානයට පැමිණීම සම්බන්ධව ඔබතුමන්ලාට ස්තුතිය හිමි වෙනවා. එදා තිබුණේ මැතිවරණයක් පැවැත්වීමට පවා පාරේ බැහැලා යන්න බැරි තත්වයක්.

    නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එම අභියෝගය බාරගෙන වසර දෙකක් ඇතුළත මේ රටේ ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සිදුකළා. අපි එදා කළ වැරැද්ද වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ නිවැරදි කර ගැනීමට අපට හැකියාව ලැබුණා.

    එතුමා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් රට නැවත යථා තත්ත්වයට පත්කළා. අද එතුමාට පමණක් නොව අපටත් ජනතාව ළඟට යන්න පුළුවන් වාතාවරණයක් ඇතිවී තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේ දී එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලුදෙනා සහාය ලබා දිය යුතුයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා,

    මෙය ඓතිහාසික අවස්ථාවක් බව කිවයුතුයි. පළාත් සභා ක්‍රමය තුළ භයංකර ඉතිහාසයක් තිබුණා. පසුකාලීනව මහජනතාවට විශාල සේවයක් කළ පළාත් සභා ක්‍රමයක් ඇතිවුණා.

    අද මෙම සංවේදී අවස්ථාවට රටේ බලසම්පන්න ජවයකින් යුත් ජාතික බලවේග ගණනාවක් එක්ව තිබෙනවා. ඉතිහාසයේ දී අපගේ නායකතුමා මේ රටේ ජනාධිපති බවට පත් කරන්න අපට නොහැකි වුණා. නමුත් ඔබ සියලු දෙනා එක්ව රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අටවෙනි විධායක ජනාධිපතිතුමා බවට පත්කර තිබෙනවා.

    රනිල් වික්‍රමසිංහ නමැති නායකයා කෙරෙහි ඔබට විශ්වාසයක් ඇතිවුණා. ඔබ සැම එතුමාව විශ්වාස කළා. එතුමා මේ රට නිසි මඟට අරන් ගියේ තනිවම නොවෙයි. ඒ සඳහා ඔබ සියලු දෙනාගේ සහාය ලැබුණා.

    විවිධ දේශපාලන මත දරන මහජන නියෝජිතයන් මෙම ස්ථානයේ සිටිනවා. නමුත් අපට මහජනතාව වෙනුවෙන් එකට එක්ව ගමනක් යාමට සිදුව තිබෙනවා. රටට වෙනත් මාර්ගයක් නැහැ. වෙන විකල්පයකුත් නැහැ.සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් වලංගු නැහැ. පාරවල්වල හන්දි ගානේ බොරු ප්‍රචාර තවදුරටත් කරන්න බැහැ. එම නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මාර්ගය හැර වෙන මාර්ගයක් රටට නැහැ.

    රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, අනුර ප්‍රියදර්ශන යාපා, මධුර විතානගේ, බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුරු දේවප්‍රිය, උතුර මැද හිටපු මහ ඇමැති එස්. එම්. රංජිත්, නැගෙනහිර පළාත් හිටපු අමාත්‍ය ආරියවතී ගලප්පත්ති, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්ම මහත්මීන් සහ හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • ගෝලීය බලපෑම්වලට මුහුණ දීමට ජනපතිගෙන් විශේෂ කමිටු 03 ක්

    ගෝලීය බලපෑම්වලට මුහුණ දීමට ජනපතිගෙන් විශේෂ කමිටු 03 ක්

    ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

    ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුවක්, ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමේ කමිටුවක් සහ එම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන ඇත.

    ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතුව පත් කර තිබේ.

    එසේම ආර්ථිකයට වන බලපෑම පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ සාමාජිකයන් ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් කටයුතු කරති.

    මෙම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම වෙනුවෙන් පත් කර ඇති ඉහළ මට්ටමේ කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විතය.

    අදාළ සිදුවීමත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ මතුවන තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට යම් සෘජු හෝ වක්‍ර බලපෑමක් එල්ල විය හැකි නම් ඊට ගතයුතු පූර්වගාමී පියවර පිළිබඳ සොයා බලා ඉහළ මට්ටමේ කමිටුවට කරුණු වාර්තා කිරීම අනෙකුත් කමිටු දෙකට පැවරේ.

    ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය ලබා ගැනීමේදී යම් බාධාවක් මතුවිය හැකි නම් රටේ මහජනතාවට ඉන් බලපෑමක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම ද ජනාධිපතිවරයා විසින් අදාළ කමිටු දෙක වෙත පවරා ඇත.

    එම කමිටු දෙක විසින් අදාළ වාර්තා ඉහළ පෙළේ කමිටුවට ලබා දිය යුතු අතර ඒ අනුව ගතයුතු කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමට නියමිතය.

  • කිරිපිටි මිල ගැන අලුත්ම කතාව

    කිරිපිටි මිල ගැන අලුත්ම කතාව

    ඉදිරි දින කිහිපය ඇතුළත කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේය. ඒ අනුව, කිරිපිටි සඳහාත් යම් මිල අඩු කිරීමක් සිදු කළ හැකියි යන්න පිළිබඳව තමන් බලාපොරොත්තු වන බව සඳහන් කළ අමාත්‍යවරයා මිල ගණනය කිරීම් සිදු කිරීමට මේ වන විට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන බවත්, පාරිභෝගිකයාට අවශ්‍ය සහන ලබා දීම සඳහා අනයනයකරුවන් සමඟ සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • පාන් මිල අඩු නොකරන බේකරි හිමියන් පිළිබඳ ‘සුපිරි තීරණයක්‘

    පාන් මිල අඩු නොකරන බේකරි හිමියන් පිළිබඳ ‘සුපිරි තීරණයක්‘

    පාන් මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ට සතියක කාලයක් ලබා දීමට කටයුතු කරන බවත්, ඉන්පසුවත් මිල අඩු නොකරන්නේ නම් නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් වෙළඳ, වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

    පසුගිය දා බේකරි නිෂ්පාදකයින් සමඟ පැවති සාකච්ඡාවේ දී පාන් මිල අඩු කිරීමට ඔවුන් එකඟ වීමත් සමඟ මේ බව විට රුපියල් 10.00 කින් පාන් මිල අඩු කිරීමට පියවර ගෙන තිබූ නමුත් ඇතැම් බේකරි හිමියන් විසින් පාන් මිල අඩු කිරීමට පියවර ගෙන නොමැති බවට වාර්තා වී ඇති බව සඳහන් කළ ඒ මහතා සතියක කාලයක් බේකරි හිමියන්ට සහ නිෂ්පාදකයින්ට ලබා දී තිබෙන අතර ඉන්පසු ද පාන් මිල අඩු කිරීමට කටයුතු නොකරන්නේ නම් නීතිමය තත්ත්වයකට යාමට සිදු වන බවත් දිගින් දිගටම රජයට මැදිහත් වීමට සිදු වන බවත් අවධාරණය කළේය.

    නිෂ්පාදකයින්ට සහන ලබා දී තිබෙන අවස්ථාවක එම සහනය පාරිභෝගිකයාට නොලැබෙන්නේ නම් පාරිභෝගික අධිකාරිය ඒ සඳහා මැදිහත් වන බවත් වෙළඳපොල තුළ පාන් ගෙඩියක තිබිය යුතු වන ග්‍රෑම් 450 බව ප්‍රමාණය අනිවාර්යෙන් තිබිය යුතු වන අතර එසේ නොකරන බේකරි නිෂ්පාදකයින් සහ බේකරි හිමියන්ව වැටලීම් කිරීමට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • ඉන්දියාවට එරෙහි තරඟාවලියේ නායකත්වයේ වෙනසක්

    ඉන්දියාවට එරෙහි තරඟාවලියේ නායකත්වයේ වෙනසක්

    2024 අගෝස්තු 2, 4 සහ 7 යන දිනවල කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහි තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ  නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් තරඟාවලිය සඳහා තෝරාගත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය අනුමත කර ඇත.

    ශ්‍රී ලංකා එක්දින සංචිතය:
    1. චරිත් අසලංක – නායක
    2. පැතුම් නිශ්ශංක
    3. අවිශ්ක ප්‍රනාන්දු
    4. කුසල් මෙන්ඩිස්
    5. සදීර සමරවික්‍රම
    6. කමිඳු මෙන්ඩිස්
    7. ජනිත් ලියනගේ
    8. නිශාන් මධුෂ්ක
    9. වනිඳු හසරංග
    10. ධුනිත් වෙල්ලගේ

    11. චාමික කරුණාරත්න
    12. මහේෂ් තීක්ෂණ
    13. අකිල ධනංජය
    14. ඩිල්ෂාන් මධුශංක
    15. මතීෂ පතිරණ
    16. අසිත ප්‍රනාන්දු

  • දරුවන්ට වැඩිම හානියක් කරන්නේ ‘පියා දියවැඩියා රෝගියෙක් වීම ද ? මව දියවැඩියා රෝගියෙක් වීම ද ?

    දරුවන්ට වැඩිම හානියක් කරන්නේ ‘පියා දියවැඩියා රෝගියෙක් වීම ද ? මව දියවැඩියා රෝගියෙක් වීම ද ?

    නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ තම මවට වඩා තම පියාට පළමු කාණ්ඩයේ දියවැඩියා (Type 1 diabetes) තත්ත්වයක් තිබේ නම් දරුවන්ට පළමු කාණ්ඩයේ දියවැඩියාව වැළඳීමේ සම්භාවිතාව දෙගුණයකට ආසන්න බවයි.

    මෙම අධ්‍යයන සොයා ගැනීම් Diabetologia සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත. සොයා ගැනීම්වලින් පෙනී යන්නේ, ගර්භාශයේ දී පළමු වර්ගයේ දියවැඩියාවට නිරාවරණය වීමෙන් පීඩාවට පත් මව්වරුන් සිටින දරුවන්ට, බලපෑමට ලක් වූ පියවරුන් සමඟ සසඳන විට මෙම තත්වයට එරෙහිව දිගුකාලීන ආරක්ෂාවක් සපයන බවයි. පර්යේෂකයන් විශ්වාස කරන්නේ මෙම ආරක්ෂාව පිටුපස ඇති හේතු තේරුම් ගැනීමෙන් පළමු වර්ගයේ දියවැඩියාව වැළැක්වීම සඳහා නව ප්‍රතිකාර සඳහා මග පෑදිය හැකි බවයි.

    ‘’පළමු වර්ගයේ දියවැඩියාව ඇති පවුල් ඉතිහාසයක් සහිත පුද්ගලයින්ට ස්වයං ප්‍රතිශක්තිකරණ තත්ත්වය වර්ධනය වීමට 8-15 ගුණයකින් වැඩි ඉඩක් තිබෙනවා. කෙසේ වෙතත්, අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ බලපෑමට ලක් වූ ඥාතියා මවට වඩා පියා නම් අවදානම වැඩි බවයි. අපට මෙය වඩාත් තේරුම් ගැනීමට අවශ්‍ය වුණා ”එක්සත් රාජධානියේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පර්යේෂක ආචාර්ය ලෝරි ඇලන් පැවසීය.

    මවගේ පළමු වර්ගයේ දියවැඩියාව (Maternal type 1 diabetes) මුල් අවධියේදී ළමුන් තුළ පළමු වර්ගයේ දියවැඩියාවට එරෙහිව යම් තරමක ආරක්ෂාවක් සපයන බව පෙර පර්යේෂණවලින් පෙන්වා දී ඇත. වයස අවුරුදු 0 ත් 88 ත් අතර හඳුනා ගත් පුද්ගලයන් 11,475ක් ඇතුළත් කරන ලද මෑත අධ්‍යයනයකින්, ඔවුන් එම තත්ත්වය ඇති මවකට සාපේක්ෂව 1 වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන පියෙකුට ආසන්න වශයෙන් දෙගුණයක් (1.8 ගුණයකින් වැඩි) ඇති බව සොයා ගන්නා ලදී.

    “එක්ව ගත් විට, අපගේ සොයාගැනීම් යෝජනා කරන්නේ පළමු වර්ගයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන මවකට එදිරිව පියා සිටීම හා සම්බන්ධ සාපේක්ෂ ආරක්ෂාව වැඩිහිටි ජීවිතය දක්වා විහිදෙන දිගු කාලීන බලපෑමක් සිදුකරන බවයි” ඇලන් පැවසීය.

    මවකට වඩා පළමු වර්ගයේ දියවැඩියාව ඇති පියෙකු සිටීමේ සම්භාවිතාව, පුද්ගලයාගේ උපතට පෙර දෙමාපියන්ට රෝග විනිශ්චය ලැබුණහොත් වැඩි වේ.

    වෙනත් වචන වලින් කිවහොත්, තම පියාට පළමු වර්ගයේ දියවැඩියාව තිබේ නම් (ගර්භණී සමයේදී මවට මෙම තත්වය තිබේ නම්) දරුවෙකුට පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු බව පෙනේ. ගර්භාෂය තුළ පළමු වර්ගයේ දියවැඩියාවට නිරාවරණය වීම සම්බන්ධ විශේෂිත සාධක මොනවාද යන්න තේරුම් ගැනීමට වැඩිදුර පර්යේෂණ අවශ්‍ය වේ.

    එය අධි රුධිර ග්ලූකෝස් මට්ටම්වලට නිරාවරණය වීම, ඉන්සියුලින් ප්‍රතිකාර කිරීම, පළමු වර්ගයේ දියවැඩියාව හා සම්බන්ධ ප්‍රතිදේහ, නැතහොත් මේවායේ එකතුවක්ද ?, නැතහොත් 1 වර්ගයේ දියවැඩියාවේ වෙනත් අංශයකට නිරාවරණය වීමද?” පර්යේෂකයන් ප්‍රශ්න කළහ.

    Diabetologia ඇසුරිණි

    සකස් කළේ – මධූ වික්‍රමසිංහ

  • ළමා රෝග විශේෂඥ ‘වෛද්‍ය දීපාල් පෙරේරා‘ දෙමාපියන්ගෙන් කරන විශේෂ ඉල්ලීම

    ළමා රෝග විශේෂඥ ‘වෛද්‍ය දීපාල් පෙරේරා‘ දෙමාපියන්ගෙන් කරන විශේෂ ඉල්ලීම

    මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහ ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් උණ රෝග වැඩිවීමේ තත්ත්වයක් පවතින බැවින් ඒ සඳහා විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරයි.

    සෙම පරීක්ෂණයක් සිදුකිරීමෙන් ඉන්ෆ්ලුවෙන්සා දැයි පරීක්ෂා කර බැලිය හැකි බවද හුස්ම ගැනීමේ අපහසුව සහ වමනය යාම දිගටම පවතී නම් ප්‍රති වෛරස් ලබාදීමක් සිදුකරන බවද අවධාරණය කළේය.

    මෙය වෛරස් ආසාදනයක් බැවින් ප්‍රතිජීවක අවශ්‍ය නොවන බවද දිගටම කැස්ස පවතී නම් ළමා හතිය ඇතිවිය හැකි බැවින් ඊට නිසි ප්‍රතිකාර ලබාදෙන ලෙසද පැවසුවේය. රෝග ලක්ෂණ ඇති අය මුඛ ආවරණ පැළඳීම සිදුකරන ලෙසද, රෝග ලක්ෂණ පවතින දරුවන් නිවෙස්වල තබා ගන්නා ලෙසද සඳහන් කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා රෝගය වැළඳුණු දරුවන්ට ස්වභාවික දියර ආහාර වැඩි වශයෙන් ලබාදී විවේකය ලබාදෙන ලෙසද පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබාදෙන ලෙසද පැවසුවේය.

    මෙම වෛරස් රෝග වල රෝග ලක්ෂණ ලෙස උණ සමග හිසරදය, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, කිවිසුම් යෑම, ඇඟපත රිදීම දක්නට ලැබෙන බවද එවැනි රෝග ලක්ෂණ පන්ති වල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල හා නිවෙස්වල ඉක්මණින් පැතිරෙනවා නම් මෙය ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් රෝගයක් හෝ ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව වෛද්‍යවරයා අවධාරණය කළේය.

    පරීක්ෂා කිරීම්වලදී අප රටෙන් ඉන්ෆ්ලුවෙන්සා ඒ සහ බී යන 02ම පොසිටිව් වන අය දැකිය හැකි බවද මෙය සාමාන්‍යයෙන් ශීත රටවල ශීත කාලයට ඇතිවන රෝගයක් බවද පැවසූ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා, ඉන්ෆ්ලුවෙන්සා ඒ, බී, සී, ලෙස පවතින බවද වැඩිදුරටත් පැවසුවේය.

    අවුරුදු 02ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, නිදන්ගත ශ්වසන රෝග ඇති අය, ප්‍රතිශක්තීකරණය අඩු අය සහ ගර්භණී මාතාවන් ආදීන්ට මෙය තරමක් බරපතල විය හැකි බවද දින 03ක් හෝ 04කට වැඩියෙන් උණ පවතී නම් මේ දිනවල ඩෙංගු රෝගයත් පවතින නිසා රුධිර පරීක්ෂණයක් කරගැනීම සුදුසු බවද සඳහන් කළේය.

    ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ අද (30) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

    source: nesw.lk