පුරප්පාඩු වී ඇති අලූගෝසු තනතුර බාර ගන්නා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය ඇමති දුනේෂ ගන්කන්ද මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කලේ රත්නපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.

පුරප්පාඩු වී ඇති අලූගෝසු තනතුර බාර ගන්නා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය ඇමති දුනේෂ ගන්කන්ද මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කලේ රත්නපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.

එක්බද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුව විසින් බ්ලැක්මේල් කර ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.
එම සංවිධානයේ කැදවුම්කරු අජිත් ප‍්‍රසන්න මහතා පෙන්වා දෙන්නේ වෙල්ගම මහතාට ඇති නඩු කිහිපයක් පෙන්වා මෙම බ්ලැක්මේල් කිරීම සිදු කර ඇති බවත් එමගින් ඔහු හරහා ඒකාබද්ද විපක්‍ෂයේ සියළු තොරතුරු ආණ්ඩුව විසින් ලබා ගන්නා බවත්ය.
වෙල්ගම මහතා ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනධිපතිවරණවට එනවාට විරුද්ද වන්නේ පෙර හොරකම් නැවති කිරීමට නොහැකි නිසා බවද ඔහු පෙන්වා දෙයි.
ලෝකයේ පලමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මෙන්ම, මහතීර් මොහොමඩ්, ලිකුවාන් යු ආදී නායකයින් බිම් මට්ටමේ දේශපාලනයක් සිදු නොකල බවත් එක්වරම නායකත්වයට පැමිණි බවත් ඔහු කියා සිටී.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.



උතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා කිලිනොච්චි ආබාධිත වූවන් වෙනුවෙන් ඉදිවූ සංවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසීය.
එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.
‘මම කියන්න කැමතියි උතුරේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට යුද හමුදාව තොරතුරු ඉල්ලන්න ආවොත් දෙන්න එපා කියලා එහෙම ඇවි තොරතුරු ඉල්ලුවොත් ඔබතුමාල එයාලට කියන්න උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා දැනුම් දීල තියෙන්නේ කිසිම තොරතුරක් එතුමන්ගෙන් විමසීමක් කරන්නැතුව දෙන්න එපා කියල තියෙන්නෙ කියලා මගෙන අහලා අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා එයාලට කියන්න
ඒ වගේම මේ පලාත මධ්‍යම රජයෙන් එක පලානයක් සිද්ද වෙනවා පලාත් සභාවෙන් තවත් පාලනයක් සිද්ද වෙනවා මේ දෙකටම අමතරව තුන්වනුව තවත් පාලනයක් විදිහට ආණ්ඩුකාරවරයාගේ පාලනයත් ඇවිල්ලා මේ සියලු පාලනයන්ගෙන් අපහසුතාවයට පත්වෙන්නේ අපේ ජනතාවයි මේ හේතු නිසා තමයි අපි මුල සිටම ෆෙඩරල් පාලනයක් ඉල්ලන්නේ මීට අමතරව ලංකාවේ පලාත් නවයෙම ස්වයං පාලනයකුත් අවශ්‍යයි කියලා ඉල්ලීමකුත් කරන්න ඔිනෑ.‘

වවුනියාවේ ඉරට්‌ටපෙරියකුලම පොලිස් වසමේ අලගල්ල අලුත්ගම ප්‍රදේශයේ හේන් ඉඩමක තිබී එල්. ටී. ටී. ඊ. සංවිධානය නිෂ්පාදනය කළ තමිලන් ගුණ්‌ඩු වර්ගයේ අත්බෝම්බයක් පසුගියදා (11) සවස හමුවී තිබේ.
මේ පිළිබඳව වවුනියාව ඉරට්‌ටපෙරියකුලම පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ එම අත්බෝම්බය පොලිසිය භාරයට ගෙන තිබේ.
ඉරට්‌ටපෙරියකුලම පොලිසිය පැවසුවේ හේනේ ගස් කපා ඉවත් කරන අවස්‌ථාවක හේන් හිමියා අදාළ බෝම්බය දැක පොලිසිය දැනුවත් කොට ඇති බවයි.
අනතුරුව පොලිසිය ගොස් අදාළ බෝම්බය සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව මහෙස්‌ත්‍රාත් අධිකරණ නියෝග යටතේ බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.
පොලිසිය පැවසුවේ වව්නියාව මහෙස්‌ත්‍රාත් අධිකරණ නියෝග යටතේ වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට නියමිත බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්‌ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

ග්‍රාමශක්‌ති වැඩසටහන යටතේ සිදු කෙරන වගාවන් සතුන්ගෙන් ආරක්‌ෂා කර ගැනීම විශාල ගැටලුවක් වී තිබෙන බව ප්‍රකාශ වීමෙන් පසුව අදහස් දක්‌වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආහාර වගාවන්ට සතුන්ගෙන් හානි සිදුවන බව ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම ප්‍රකාශ වන බව පැවසීය.
ලංකාවේ තරම් ලොව කිසිම රටක මෙවැනි විශාල ප්‍රමාණයක් ආහාර සතුන්ගෙන් විනාශ නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
අලින්, රිළවුන් සහ වඳුරන් වගාවන් විනාශ කරන බවත්, පොල්ගෙඩි දස ලක්‍ෂයක් පමණ රිලවුන්, වඳුරන්ගෙන් විනාශ වන බවත් ජනාධිපතිවරයා පැවසීය.
මේ ආකාරයට මිනිසුන් වගාකරන ආහාර සතුන්ගෙන් විනාශ වුවහොත් මිනිසුන්ට කුසගින්නේ ඉන්නට සිදුවනු ඇතැයි පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම ව්‍යසන සම්බන්ධයෙන් පැහැදිලි විසඳුමක් අවශ්‍ය යෑයිද පැවසීය.
වගාවන් විනාශ කරන සතුන් සම්බන්ධයෙන් ගන්නා පියවරකට ඇතැම් විට රාජ්‍ය නොවන සංවිධාන වැනි අංශ විරෝධය පළ කිරීමට ඉදිරිපත් වනු ඇතැයිද එහෙත් මෙම විනාශය වැළැක්‌වීමට කිසියම් ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය යෑයිද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
ග්‍රාමශක්‌ති වැඩසටහන මගින් ග්‍රාමීය මට්‌ටමේ ජනතාවට සුවිශාල සේවයක් හා ආර්ථික වර්ධනයට අත්වැලක් ලබාදිය හැකි බැවින් රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, විශ්වවිද්‍යාලය හා වෙනත් සමාජ සංවර්ධන ආයතනවල සහායද ලබා ගැනීමට දිස්‌ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් උනන්දු විය යුතු යෑයිද ජනාධිපතිවරයා පැවසීය.

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ අක්‍රියව ඇති මධ්‍යම වායුසමීකරණ පද්ධතිය මෙතෙක් අලුත්වැඩියා නොකිරීම නිසා හෘද සැත්කම් සිදුකිරීමට නොහැකිව එම ඒකකයේ ප්‍රධාන හෘද හා උරස්‌කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා ලබන සඳුදා (16) සිට හෘද සැත්කම්වලින් ඉවත්වීමට තීරණය කර ඇත.
කරාපිටිය රෝහලින් හෘද සැත්කම් සිදුකර ගැනීම සඳහා රෝගීන් තුන්දහසකට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බවද වාර්තා වේ.
හෘද රෝගීන් සැත්කම්වලට ලක් කිරීමෙන් පසු ඇතුළත් කරනු ලබන්නේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයටයි. මධ්‍යම වායුසමීකරණ පද්ධතිය අක්‍රිය වීම නිසා එම රෝගීන්ට නිරන්තරයෙන් විෂ බීජ ආසාදනය වන බැව් එම ඒකකයේ ආරංචි මාර්ග පවසයි. දැනට මෙම දැඩිසත්කාර ඒකකයේ සාමාන්‍ය වායුසමීකරණ පද්ධතියක් ක්‍රියාත්මක වන අතර ඒවා ප්‍රමාණවත් නොවන බවද පැවසේ. මෙහි ශල්‍යාගාරයේ ප්‍රමිතියට වායුසමීකරණ පද්ධතියක් නොමැති අතර මේ නිසා සැත්කම්වලට ලක් කළ හෘද රෝගීන් දරුණු විෂ බීජවලට ලක්‌වීමට ඉඩ ඇත.
දරුණු විෂ බීජ ආසාදනයට ලක්‌වීමෙන් සති දෙකකට වරක් එක් රෝගියකු පමණ මිය යන බවද එම ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම තත්ත්වය නිසා හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා විසින් හෘද සැත්කම්වලට භාජනය කරනු ලබන්නේ වෙනත් සංකුලතා නොමැති ශක්‌තිමත් හෘද රෝගීන්ය. එවැනි රෝගීන්ට තද උණ වැළඳුණු අවස්‌ථා තිබෙන අතර මේ වන විටත් සැත්කමට ලක් කළ හෘද රෝගියකු විෂ බීජ ආසාදනය වීමෙන් තද උණ වැළඳී දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබයි. මෙහි වායුසමීකරණ පද්ධතිය අලුත්වැඩියා කරදෙන ලෙස අවස්‌ථා ගණනාවකදී සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කළද එය ඉටුවී නැත. තම ජීවිත ආරක්‍ෂාව ගැන සිතා හදිසි කටයුත්තක් ලෙස සලකා මෙම වායුසමීකරණ පද්ධතිය සකස් කරදෙන ලෙස හෘද රෝගීහුද සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ පිළිබඳ කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවේය.
හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ මධ්‍යම වායුසමීකරණ පද්ධතිය අක්‍රිය වෙලා තියෙනවා. මේ ගැන නාමල් ගමගේ වෛද්‍යතුමා මට ලිතවත් දන්වලා තියෙනවා. ඔහු මා හමුවී මේ ප්‍රශ්නය ගැන කීවා. වායුසමීකරණ පද්ධතියේ අලුත්වැඩියා කිරීම ප්‍රමාද වීම නිසා ලබන සඳුදා සිට හෘද සැත්කම්වලින් ඉවත්වන බව ඔහු කීවා. මෙය අලුත්වැඩියා කරන්න ටෙන්ඩර් කැඳවලා තියෙනවා. නමුත් මේ සඳහා මිලියන ගණනාවක් වැයවෙනවා. එම සීමාව ඉක්‌මවා ගිහින් තියෙන නිසා අමාත්‍යාංශයට යොමු කරලා තියෙනවා. අනුමැතිය ලැබුණ ගමන් අලුත්වැඩියා කටයුතු පටන් ගන්නවා.









සූරියවැව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ගම් වදින වන අලි එළවීමේ මෙහෙයුමක් පෙරේදා (09) රාත්‍රි සූරියවැව මදුනාගල ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණු අතර වන අලි මෙහෙයුම අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් රාත්‍රි 11.00 ට පමණ වන අලි මෙහෙයුම නතර කිරීමට සිදු විය.
මෙම වන අලි මෙහෙයුම සඳහා වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම, දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ, වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවි නියෝජිතයන් හා හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි වන ආරක්‍ෂක ඡේ. ඒ. වී. විජයකුමාර මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක් ද එක්‌ව සිටියහ.
සවස 6.00 ට පමණ වන අලින් හත්දෙනකු සූරියවැව මදුනාගල පාරේ කුණු වළ අසල සිටින බවට දැනුම් දීමත් සමග වනජීවී නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රමුඛ වනජීවී නිලධාරීන් ද එම ස්‌ථානයට ගියේ ගම්මුන්ද සමගිනි. කෙසේ වෙතත් එම ස්‌ථානයට ගිය වනජීවී නිලධාරීන් අලි වෙඩි දමා වන අලි පන්නා දැමීම සිදු කළ නමුත් රාත්‍රි 11 වන විටත් වන අලි හත්දෙනා ගමින් කැලයට පන්නා දැමීමට නොහැකි විය. අලි හත්දෙනා සීසීකඩ විසිර යමින් ඒ මේ අත පැන සිතු සිතූ පරිද්දෙන් කෙසෙල් මණ්‌ඩි පිටින් වනසා දැමූහ. කෙසේ වෙතත් රාත්‍රි 11 වන විටත් වනජීවී නිලධාරීන් හා ගම්වාසීන් මෙන්ම වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා ද බලා සිටියදීම වන අලි ටික නැවත කුණු වළ දෙසටම පැමිණ අසල තිබූ කැලයකට වැදීමත් සමග එහි ඇති වූයේ දැඩි උණුසුම් තත්ත්වයකි. එහිදී ගම්මුන් වනජීවී නිලධාරීන්ට චෝදනා කළේ වනජීවී නිලධාරීන් හිතා මතාම මෙම වන අලි එළවීමේ මෙහෙයුම කඩාකප්පල් කළ බවයි. මෙහිදී වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ද වනජීවී නිලධාරීන්ට දොස් කියන්නට වූයේ පෙර දැනුම් දීමක් කර තිබියදීත් මෙම අලි මෙහෙයුම වනජීවී නිලධාරීන් කඩාකප්පල් කිරීමට පියවර ගත් බව පවසමිනි.
එහිදී වනජීවී නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
මේ මිනිස්‌සු වන අලි කරදරයට විසඳුමක් දෙන්න කියලා මාරාන්තික උපවාසයක් කළා. මම ඇවිත් මේ මිනිස්‌සු හමු වුණා. ඇත්තටම මේ මිනිස්‌සු කියන දේ අපිට කරන්න පුළුවන් දෙයක්. ඒ අනුව තමයි මං වනජීවී අධ්‍යක්‍ෂවරයාටත් කියලා මේ වැඩේ පටන් ගන්න අවශ්‍ය කටයුතු කළේ. මං මේ සියලු සංවිධාන කටයුතු කරන්න කියලා මේ හම්බන්තොට වනජීවී එකේ අයට කිව්වා. මං 9 දා හම්බන්තොට වනජීවී කාර්යාලයට යන විටත් මේ අයගේ කිසිදු සැලැස්‌මක් මේ සඳහා තිබුණේ නෑ. පස්‌සේ මං වනජීවී එකේ අයත් එක්‌ක ගමේ මිනිස්‌සුත් එකතු කරගෙන වන අලි මෙහෙයුම ආරම්භ කළා. ගමේ මිනිස්‌සු දන්නවා අලි ටික කෙහේද ඉන්නේ, කොහොමද එළවන්න ඕනේ කියන එකත්. එහෙම තියෙද්දී වනජීවී එකේ අය එක සැරේටම ඇවිත් එහෙන් මෙහෙන් අලි වෙඩි දමලා අලි ටික කුලප්පු කළා. රෑ 11 වෙනකම් මාත් ගමේ අයත් එක්‌ක එකතු වෙලා උත්සාහ කළේ මේ අලි ටික කැලේට එළවන්නයි. නමුත් මේ වැඩේට වනජීවී එකේ අයගෙන් කිසිදු සහයක් ලැබුණේ නෑ. අපි පොඩි බබ්බු නෙමෙයි. වනජීවී එකේ අය මේක කඩාකප්පල් කළා. ඒක මොන්ටිසෝරි ළමයකුට වුණත් තේරෙනවා. වනජීවී එකේ අය මහා පරිමාණ කෙසෙල් මුදලාලිලාට සහාය වෙන විදියටයි වැඩ කරලා තියෙන්නේ. මං මේ පටන් ගත්ත වැඩ නම් නවත්වන්නේ නෑ. වනජීවී නියෝජ්‍ය ඇමැති ලෙස මං ලැඡ්ජා වෙනවා මගේ අමාත්‍යාංශයේ නිලධාරීන් කළ මේ වැඩේ ගැන යෑයි පැවසීය.
කෙසේ වෙතත් වන අලි මෙහෙයුමට එක්‌ව සිටි හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි වන ආරක්‍ෂක ඡේ. ඒ. පී. විජයකුමාර මහතා ඇමැතිවරයාගේ චෝදනා හමුවේ මෙසේ පැවසීය.
මං අරක්‌කු සිගරැට් බොන්නේ නෑ. මං මේ කාගෙන්වත් මොකවත් අරගෙන නෑ. මට එහෙම ඕනකමක් නෑ. අපිව මානසිකව වට්‌ටලා මේ වැඩේ කරන්න බෑ. අපි හොඳ මානසිකත්වයක නෑ. අපි මේ වැඩේ කඩාකප්පල් කළේ නෑ. අපිටත් ඕනේ මේ අලි ටික එළවගන්න.
කෙසේ වෙතත් වන අලි මෙහෙයුම අසාර්ථක වීම කෙරෙහි ගම්මුන්ගෙන් හා වනජීවී නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් ද චෝදනා එල්ල වූයේ හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ටය. මෙහිදී එක්‌රැස්‌ව සිටි ගම්මු මෙසේ පැවසූහ. වනජීවී එකේ අය ඇවිත් ගමේ අලි එළවීම කෙසේ වෙතත් අලි වෙඩි ගහලා මහා සංදර්ශනයක් නම් දැම්මා මෙහෙම අලි එළවන්න බෑ.
කෙසේ වෙතත් වනජීවී නියෝජ්‍ය ඇමැතිවරයා එම අවස්‌ථාවේදීම වනජීවී අධ්‍යක්‍ෂවරයා ද දුරකථනය ඔස්‌සේ සම්බන්ධ කරගත් අතර මෙහි ඇති වී ඇති තත්ත්වය පිළිබඳව ද ඇමැති කරුණු පැහැදිලි කළේය. නැවත වන අලි මෙහෙයුම 10 දා රාත්‍රියේ ආරම්භ කරන බවත් ඒ සඳහා නිසි පුහුණුවලත් නිලධාරීන් සම්බන්ධ කරන ලෙසත් දැන්වීය.

දැනට මරණ දඬුවම නියමව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10) කැබිනට් මණ්‌ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව මරණ දඬුවම ලබා සිටින සිරකරුවන් පිළිබඳ විස්‌තර ලබාදෙන ලෙස එහිදී ජනපතිවරයා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මියට උපදෙස් දුන් බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවසූ අතර
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පිරිස් පිටුපස මත්ද්‍රව්‍ය වැරදිවලට මරණ දඬුවම හිමිවූ ජාවාරම්කරුවන්ද සිටින බවත් ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අවස්‌ථාවේදී ඇමැතිවරුන් අත් ඔසවමින් ඊට සහාය පළ කර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සමාජය බේරා ගැනීම සඳහා තමාට අකමැත්තෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදුවන බව ජනපතිවරයා කැබිනට් මණ්‌ඩලයේදී ප්‍රකාශ කර ඇත.

රථවාහන වැරදි 33 ක් සඳහා වන දඩ මුදල් මෙම මස 15 වැනිදා සිට වැඩි කෙරේ. 306
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිsල්වා මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම දඩ මුදල් වැඩි කෙරෙන අතර වැරදි කිහිපයක් සඳහා දඩ නියම නොකර නඩු පැවරේ.
ඒ අනුව වේග සීමා විධිවිධාන උල්ලංඝනය කිරීමේ වරදට මෙතෙක් නියම කරන ලද රුපියල් දහසේ ස්‌ථානීය දඩය රුපියල් තුන්දහස දක්‌වා වැඩිකර ඇති අතර මාර්ග නීති වලට අවනත නොවීමේ වරදට මෙතෙක් නියම කරන ලද රුපියල් පන්සියයේ ස්‌ථානීය දඩය රුපියල් දෙදහස දක්‌වා වැඩි කර තිබේ.
අංක තහඩු සම්බන්ධ වැරදි, ආදායම් බලපත්‍රයේ විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධ වැරදි, මෝටර් රථය පාලනය කර ගැනීමට බාධාවක් නොවෙනසේ ධාවනය කිරීම, ආරésත හිස් වැසුම් පැළඳීම පැහැර හැරීමේ වැරදි, ආදිය සම්බන්ධයෙන් මෙතෙක් නියම කරන ලද ස්‌ථානීය දඩ මුදල වූ රුපියල් පන්සියය රුපියල් දහස දක්‌වා වැඩි කර තිබේ.
වාහනය පැදවීමේදී සහ අනෙකුත් අවස්‌ථාවන්හිදී නුසුදුසු සංඥ භාවිත කිරීමේ වරදට මෙතෙක් පැවැති රුපියල් සියයේ ස්‌ථානීය දඩය රුපියල් දහස දක්‌වා වැඩිකර ඇත.
මෝටර් වාහන පාපුවරුවේ ගමන් කිරීම හෝ ගමන් කිරීමට ඉඩ ලබාදීමේ වරදට නියම කරන ලද රුපියල් එකසිය පනහේ දඩය රුපියල් පන්සීය දක්‌වා ද, මෝටර් වාහනවල ඉදිරිපස අසුන්වල සිටිය හැකි තැනැත්තන් සංඛ්‍යාව ඉක්‌මවා ගෙන යැමේ වරදට මෙතෙක් පැවැති රුපියල් එකසිය පනහේ ස්‌ථානීය දඩය රුපියල් දහස දක්‌වා වැඩි කර ඇත.
පොලිස් නිලධාරීන්ගේ විධාන සහ සංඥවලට අවනතවීම පැහැර හැරීමේ වරදට මෙතෙක් නියම කරන ලද රුපියල් දහසේ ස්‌ථානීය දඩය රුපියල් දෙදහස දක්‌වා වැඩිකර තිබේ.
නව ගැසට් පත්‍රය අනුව ධාවනය කරන විට රියෑදුරු බලපත්‍රය රැගෙන යැමට අසමත්වීම, උපදේශක බලපත්‍රයක් නොමැතිව උපදේශක කටයුතුවල යෙදීම, අනතුරු ඇඟවීමේ උපකරණ අනිසි ලෙස භාවිත කිරීම, අධික දුම් පිට කිරීම, ආසන පටි පැළැඳ නොසිටීම, ධාවනය වෙමින් පවතින මෝටර් වාහනයකින් දැන්වීම් බෙදාහැරීම, වාහනයෙන් අධික ශබ්ද නිකුත් කිරීම, මාර්ග සංඥවලට අවනත නොවීම, ටැංකියට ඉන්ධන පිරවීමේදී ගතයුතු පූර්ව ආරක්‌ෂණ ක්‍රියා මාර්ග ගැනීමට අසමත්වීම, ආදිය ඇතුළු තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ස්‌ථානීය දඩ නියම නොකෙරන අතර එම වැරදි සඳහා අධිකරණයේ නඩු පැවරිය යුතුවේ.

රත්නපුර ගල්ඇන්ද විහාරස්ථානයකදී පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල මිරිකා මාරාදැමීමක් සම්බන්ධයෙන් එම විහාරයේ හිමිනමක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු ලැබ සිටින හිමි නමක් සොයා රත්නපුර පොලීසියේ සැරයන්වරයෙකු අද (10) පෙරවරුවේ එම විහාරස්ථානයට ගොස් තිබේ.
එම හිමි නම විහාරස්ථානය තුළදී සැරයන්වරයාගේ ගෙල සිර කර ඇත්තේ එම අවස්ථාවේය. මෙහිදී පොලිස් නිලධාරියාගේ කෑගැසීම් හඬට අනුව අසල් වැසියන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් දී තිබේ. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එහි යන විට එම පොලිස් නිලධාරියාගේ මළ සිරුර හමුවී ඇති අතර හිමි නමද එහි සිට ඇත.
එහිදී ඔහු පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයකින් දමා ගැසීමට උත්සහ කර ඇති අතර රත්නපුර මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා හිමිනමගේ අතට පොල්ලකින් පහරදී ඒ උත්සාහය ව්‍යවර්ථ කර ඇත. රත්නපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි