Tag: featured
-

තැපැල් වර්ජනයට සතියයි… – මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණන් ලිපි ගොඩ ගැසෙයි
වැඩ වර්ජනයේ නිරත තැපැල් සේවක ගැටලු විසඳීමේ අරමුණින් විෂය භාර අමාත්‍යවරයාගේ ද සහභාගීත්වයෙන් අද දිනයේ සාකච්ඡාවක් කැඳවා ඇතැයි තැපැල්පති රෝහණ අබේරත්න පවසයි.තම වැඩවර්ජනය ආරම්භ කර අදට සතියක් ගතවී ඇති බවත් සිය වර්ජනයෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ පිට පළාත් තැපැල් ස්ථානවල ලක්ෂ 15 කට අධික ලිපි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසා සිටි අතර තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසුවේ, ජනතාව තවදුරටත් පීඩාවට පත් නොවන අයුරින් මෙම ගැටලුව අද දිනයේ විසඳීමට අපේක්ෂා කරන බවයි. -

ඔබත් රැවටුනාද ? බුකියේ පළවු ඥාණසාර හිමි ජම්පරයෙන් සිටින ඡායාරූපයන්හි ඇත්ත කතාව මෙන්න…..!
පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමි සිරගත කිරීමේ පුවත සමාජයේ කතාබහට ලක්වෙමින් තිබේ.
මේ අතර සිරගත කර සිටින ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබදව ඡායාරූපයක් සමාජජාලා වෙබ් අඩවියන්හි හුවමාරු වෙමින් පවති. එයින් දැක්වෙන්නේ ඥාණසාර හිමියන්ගේ රුවට සමාන පුද්ගලයෙකු ජම්පරයකින් සැරසී සිටින අයුරුයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩි විස්තර සොයා බැලූ නෙත් ගොසිප් වෙත අනාවරණය වූයේ මෙම ඡායාරූපය ව්‍යාජ ඡායාරූපයක් බවයි. එම ඡායාරූපය කිසියම් පුද්ගලයෙකු විසින් හෝ සංස්කරණය කරමින් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට එක්කර තිබෙන බව සදහන්.
ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබදව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේ උන්වහන්සේට සිරගෙදර තුලදි චීවරය දැරීමට නොහැකි බවත්, අනිවාර්යෙන්ම සෑම සිරකරුවෙකුටම නියමිත ජම්පරය හැඳ සිටිය යුතු බවත් ය. ඥාණසාර හිමියන් සිරගෙදර තුලදි අමුත්තන් හමුවීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවද වාර්තා වේ.
සමාජජාලා වෙඩ් අඩවියන්හි ප්‍රචාරය වූ විකෘති කරන ලද ඡායාරූපය,
.jpg)
සැබෑ ඡායාරූපය.jpg)
-

“කවුරු බන්ධනාගාර ගත කරත් ජම්පරේ අඳින්න ඕන”- බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක
භික්ෂුවක් සිරදඬුවම් ලැබුවොත් සිරකරුවන්ගේ ඇඳුම ඇඳිය යුතුමද යනුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලැබුණු දඬුවම නිසා මේ වෙද්දී රටේ තවත් නීති ප්‍රශ්නයක් ඇති වී අැත.
උපසම්පදා භික්ෂුවකගේ සිවුර එසේ ගලවා ඉවත් කරන්න නොහැකි බව බොදු සේනාවේ හිමිවරු සඳහන් කරන අතර තම සංඝ සභාවේ අනුමැතියකින් තොරව ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන බලවත් අප්‍රසාදය පළකරන බව කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව අධිකරණ ඇමැතිවරයාට ලිපියක් යොමු කර ඇත.
කෙසේ වුනත් රටේ නීතිය අනුව කවුරු සිරදඬුවම් ලබලා ආවත් සිරකරුවන්ගේ ඇඳුම අැඳිය යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. රටේ නීතිය අනුව සිරකරුවෙක්ට බන්ධනාගාරය ඇතුලේදී වෙනත් කිසිම ඇඳුමක් අඳින්න බෑ. ඒ නිසා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජම්පරය ඇඳීම නිත්‍යනුකූල බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
මේ අතර ඥනසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන බොදුබල සේනා සංවිධානයේ හා සිංහල රාවය සංවිධානයේ හිමිවරු ඊයේ මහානායක හිමිවරුන් දැනුවත් කරන ලද අතර මේ ගැන ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉදිරි දින කිහිපය තුළ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව අස්‌ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ සඳහන් කරන ලදී.
-

අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට අධිකරණය රංජන්ගෙන් හේතු ඉල්ලයි
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා ආඥාවක් කෙටුම්පත් කර අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබේ.
අධිකරණයට අපහාස කළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිලි දෙකක් අද(18) අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , සහ මුර්දූ ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝගය කෙරුණි.
පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් සිදු කළේ යැයි කියන අපහාසාත්මක ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය නිරීක්ෂණය කර ඒ තුලින් බැලූබැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් තීන්දු කර ඇතැයි සඳහන් කර සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණ සම්ප්‍රදායට අනුව මීළඟට පැවරී ඇත්තේ වගඋත්තරකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසීමේ ආඥාව කෙටුම්පත් කර නීතිපතිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම බවද දන්වා සිටියේය.
එම ඉල්ලීමට විරෝධය පළ කළ වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ..සුමන්දිරන් මහතා කියා සිටියේ නීතිපතිවරයා අදාළ ආඥාව කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි.
එම ආඥාව කෙටුම්පත් කරවිය යුත්තේ සිවිල් නඩු විධාන සංග්‍රහය පැවරී ඇති ප්‍රතිපාදනවලට අනුව බව වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා දන්වා සිටියේය.
කෙසේවතත් අදාළ ආඥාව කෙටුම්පත් කරන මෙන් නීතිපතිවරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ල නැවත ජුලි මස තිස් වනදා කැඳවන මෙන් ද නියම කළේය.
පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.
පැමිණිලිකරුවන් කියා සිටින්නේ පසුගිය වසරේ අගෝස්තු මස අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා දී ඇති බව කියා සිටි බවයි.
මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය හීන වන බවත් ඒ හරහා රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිලිකරුවන් පවසයි.
මේ හේතුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
-

අගමැති යළි දිවයිනට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සිය දින 08 ක විදේශ සංචාරය නිමා කර අද(18) දින අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්-668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
එතුමා ඇතුළු දූත පිරිස ඉකුත් පසුගිය 10 වන දින අලුයම 3.15 ට කටාර් ගුවන් සේවයේ යානයකින් දෝහා වෙත පිටත්ව ගොස් තිබුණි.
-

ඇත්ත සොයා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය උතුරේ සිදුකළ සංචාරයේදී සිදුවු සුවිශේෂි සිදුවීම් මෙන්න..
රාජපක්ෂ සමයේදි නිහඩ කර තිබූ උතුරේ ජනතාවට වත්මන් ආණ්ඩුව යටතේ කතා කිරීමට අවස්ථාව ලැබුනද, තම ජනතාව වෙනුවෙන් කතා කිරීමේදි එය විකෘති කරමින් උතුරේ ජනතාව ජාතිවාදය පතුරවන බවට දකුණේ පරාජිත දේශපාලකයින් විසින් හංවඩු ගසන බව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසා සිටියා.
උතුරේ දි සිදු කරන ප්‍රකාශ දකුණේ දි වාර්තා වන්නේ ජාතිවාදි ස්වරූපයකින් බවත් මහ ඇමතිවරයා මෙහිදි චෝදනා කළ අතරම එවැනි චෝදනාවන් සංහිඳියාව ගොඩ නැගීමට බාධා වන බවත් සඳහන් කළා.
උතුරේ දෙදින සංචාරයක යෙදින සිටින වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය ඊයේ (17) ප්‍රධාන අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ වෙනම රාජ්‍යයක් උතුරේ පිහිටුවීමට අවස්ථාවක් නොමැති නමුත් සංවර්ධන ක්‍රියාදාමය තුළ දේශපාලන යාන්ත්‍රණයක් සකස් විය යුතු බවයි.
ඊයේ සංචාරයේදි උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ සිවඤානම්, උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්, උතුරු පළාත් ප්‍රධාන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, උතුරු පළාත භාර යුධ හමුදා අඥාපතිවරයා, උතුරු පළාත් ආණ්ඩුකාරයා හමුවු අතර එහිදි උතුරේ මාධ්‍ය නිදහස හා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
ඒ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදි බලාපොරොත්තු වන්න.
-

සංහිදියාවෙයන් රටේම ආදරය දිනාගත් කර්නල් රත්නප්‍රිය ජනපති මෛත්‍රී හමු වෙයි….
රට පුර කතා බහට ලක්වූ ආන්දෝලාන්මක සිදුවීමක් ලෙස කර්නල් රත්නප්‍රිය මහතා කිලිනොච්චියෙන් විශ්වමඩු ප්‍රදේශයට ස්ථාන මාරුව ලබා යාමට නික්ම ගිය මොහතේ උතුරේ පුනරුත්තාපනය වූ එල්ටීටීඊ සමාජිකයන් ඔහු වෙනුවෙන් හඩා වැලැපෙමින් නොයන ලෙස කළ ඉල්ලීම ය.
කතා බහට ලක්වූ මෙම සිද්ධියෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කර්නල් රත්නප්‍රිය මහතාව නැවත කිලිනොච්චියට අනුයුක්ත කිරිමට පියවර ගනු ලැබීය.
මේ අතර ඊයේ (17)දිනයේ පොලොන්නරුවේදී පැවැත්වුණු උත්සවයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.මෙම අවස්ථාවේදී කර්නල් රත්නප්‍රිය මහතා ජනාධිපතිවරයා හමුවීමට පැමිණි අතර තමාව නැවත කිලිනොච්චියට අනුයුක්ත කිරිම පිළිබද ජනාධිපතිවරයාට ස්තූතිය පල කර අතර ඒ පිළිබද කිලිනොච්චියේ ජනතාව සතුටට පත්වන බව ද කර්නල් රත්නප්‍රිය මහතා ජනාධිපතිවරයාට පවසා තිබේ.
එහිදී ජනාධිපතිවරයා කර්නල් රත්නප්‍රිය සමග ඉතා සුහද සාකච්ඡාවක් පැවැති අතර මෙම අවස්ථාව දහම් සිරිසේන මහතා ද සහභාගී විය.




-

ජර්මනිය පැරදෙයි – බ්‍රසීලය සම වෙයි.. පාපන්දු ලෝක කුසලානයේ පොඩ්ඩෝ ලොවම මවිත කිරීම අරඹයි….!
පාපන්දු ලෝක කුසලානයේ අවදානයට ලක්වූ තරග තුනක් ඊයේ දින (17) පැවැත්වුනා. ඒ අතර වත්මන් ලෝක ශූර ජර්මනිය සහ මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට වඩාත්ම ඉඩ ඇති කණ්ඩායම ලෙසට බොහෝ දෙනා මත පල කරන බ්‍රසීලයද ඊයේ තරග බිමට ප්‍රවිෂ්ඨ වුනා.
ජර්මනිය මෙක්සිකෝව සමගත් බ්‍රසීලය ස්විට්සර්ලන්තය සමගත් ක්‍රීඩා කළා.
ජර්මනිය සහ මෙක්සිකෝව අතර තරගයේ බොහො දෙනා බලාපොරොත්තු වූයේ වත්මන් ලෝක ශූර ජර්මනිය මෙම තරගය පහසුවෙන් ජය ගනු ඇති බවටයි. කෙසේ වෙතත් ලොවම මවිත කරමින් ප්‍රබල ජර්මනිය පරදා ගෝල 1-0ක් ලෙස ජයක් ලබා ගැනීමට මෙක්සිකෝව සමත් වුනා.
මෙක්සිකෝව දැඩි ආරක්ෂාකාරී ලෙස ක්‍රීඩා කළ අතර තරගය පුරාවටම ජර්මනියට කිසිදු ගෝලයක් ලබා ගැනීමට ඉඩ නොදීම විශේෂයකි. තරගයේ 35ස් වන මිනිත්තුවේදි ක්‍රියාත්මක වූ මෙක්සිකෝවේ හර්වින් ලොසානෝ තරගයේ එකම ගෝලය රැස් කළේය. මෙක්සිකානු දැල් රකින ක්‍රීඩකයාගේ දක්ෂතා තරගය පුරාවටම කැපි පෙනුනු අතර ජර්මනියේ සුපිරි මැදපෙල විසින් නිර්මාණය කළ අවස්තා රැසක් ජර්මනි මුල් පෙල විසින් මග හැරීම තරගය ජර්මනිය පරාජයට පත්වීම හේතුව විය.
මේ අතර බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය අතර තරගය ගෝල 1-1ක් ලෙස ගෝල සමවීමෙන් අවසන් වුනා. බ්‍රසීල කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක පිලිප් කුටීනියෝ බ්‍රසීලය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය දැකුම්කලු අයුරින් වාර්තා කිරීමට සමත් විය. කෙසේ වෙතත් තරගයේ 50ස් වන මිනිත්තුවේදි බ්‍රසීලයේ ගෝල වාසිය අවසන් කළ ස්විට්සර්ලන්ත කණ්ඩායමේ සුබර් ගෝලයක් වාර්තා කළ අතර ඉන්පසු ගෝල රැස් කිරීමට දෙපිලටම නොහැකි විය.
එම තරගයන්හි විශේෂ අවස්තා පහතින්,
-

ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවට මවට මෙන් සැලකූ ඩුබායි පවුලක් ලංකාවේ අම්මාගේ වියෝවෙන් සංවේදී වූ හැටි…
මැදපෙරදිග ගෘහ සේවයට පිටත්ව යන ශ්‍රී ලංකා කාන්තාවන්ට සිදුවන නොයෙකුත් හිරිහැර, හිංසා පිළිබදව පුවත් සුලභයි. මැදපෙරදිග ගෘහ සේවයට ගොස් ශරීරයේ යකඩ ඇණ සහිතව මෙරටට පැමිණි කාන්තාවන්, ශරීරයේ අවයව නොමැතිව ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවන් පිළිබදව සංවේදී පුවත් ඕනෑ තරම්.
නමුත් එයට හාත්පසින්ම වෙනස් ඉරණමකට මුහුන දුන් මැදපෙරදිග ගෘහ සේවයට ගිය ශ්‍රී ලංකා කාන්තාවක් පිළිබදව වාර්තා වෙනවා. ඩුබායි දේශයේ ගෘහ සේවය සිදු කළ ශ්‍රී ලාංකික කාන්තාවකට ඇය සේවය කළ නිවසේ සාමාජිකයන් සිදු කළ අපූරූ කෘතගුණ දැක්වීමක් පිළිබදව සටහනක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියෙන් නෙත් ගොසිප් අපට හමුවුනා.
එම සටහන පහතින්
“මේ මගේ ලොකු නැන්දා ගේ කතාව. අපි දන්න කාලේ ඉදන් නැන්දා රැකියාව කලේ ඩුබායි රටේ , අවුරුදු 32 ක් වගේ කාලයක්
හැබැයි ඒ අවු32 කම එකම ගෙදරක තමයි වැඩ කලේ
ඒ පවුලට පුදුම ලෙන්ගතුකමක් තිබුනේ
නැන්දා අවිවාහකයි.
ඒ නිසා කාලයත් එක්ක ම නැන්දා ඒ ඩුබායි පවුලේ දරැවන් ට තමන්ගේ දරැවන්ට වගේ සලකන්න පෙලඹුනා
ඒ ලමයි ටිකත් මෙයාට පුදුම ආදරයක් දැක්වුවේ
ඒ පවුලේ ලමයි කිහිප දෙනෙක් මගේ මිතුරන් බවට පත්වුනා
ඔවුන් සැමවිටම පැවසුවේ
ශාන්ති/ මගේ නැන්දා වුව ද
ඔවුන්ගේ අම්මා වන බවය.
ඒ බැදීම හරිම පුදුම සහගත එකක්
කොහොමහරි මීට අවු 7-8 කට කලින් නැන්දා අසනීප වුනා
ලෙඩේ පාකින්සන්
තාමත් බෙහෙත් හොයාගෙන නෑ.
අපි හිතුවේ නැන්ද ට රැකියාව කරගන්න බැරි නිසා ලංකාවට එවයි කියලා
හැබැයි වුනේ ඒකෙ අනිත් පැත්ත
නැන්දාව දිගටම එහෙ තියාගෙන බෙහෙත් කරන්න පටන් ගත්තා
එයාගේ වැඩ කරන්න තව
සේවිකාවකුත් ගත්තා
ලක්ෂ ගනන් වියදම් කලා
නමුත් සුවයක් නෑ
පස්සේ අපේ තාත්තා බලෙන්ම වගේ නැන්දව ලංකාවට එක්කන් ආවේ සිංහල බෙහෙත් කරන්නයි
එදා ඉදන් නැන්දා සදහට ම අපෙන් සමුගත්තු මොහොත දක්වා ම නැන්දාගේ බෙහෙත් වලට වියදම් කලේ අර ඩුබායි පවුලේ උදවිය
අපිට කිසිම වියදමක් ඒ වෙනුවෙන් දරන්න වුනේ ම නෑ
ඒ කාලය ඇතුලත දෙවතාවක්ම ඔවුන් ඒරටේ ඔවුන්ගේ ආගමික උත්සව සදහා ඔවුන්ගේ වියදමින් ඇයව ඩුබායි එක්කන් යනවා
ඒ සෑම විටකම ඇය ගමන් කරන්නෙ business class එකේ
මොකද ඔවුන් ඇයගේ සුව පහසුව ඉතා ඉහලින් සලකපු නිසා
ඒ කොහොම වුනත් කාලයත් එක්ක නැන්දා ඉතා දරුණු විදියට අසනීප වුනා
අන්තිමේ දි මෙ ජුනි මාසේ 11 වෙනිදා නැන්දා සදහටම අපෙන් වෙන් වුනා
12 වෙනිදා උදේ 6-7 අර ඩුබායි පවුලේ ලමයි හය දෙනෙක් ලංකාවට ඇවත්
මල ගෙදර ඉකි ගහ ගහ අඩපු විදිය හරිම සංවේදියි.
අවසාන කටයුතු කරද්දි මිණිය ට කරගැහැව්වෙත් ඒ අයමයි
අන්තිම මොහොතේ කනත්තේ බිම වැටීගෙන අඩපු විදිය බලන් ඉන්න බැරි තරම් සංවේදි දර්ශනයක් වුනා
අරාබි කරයේ ගිහින් අපා දුක් විදපු අය ගැන අහලා තිබ්බත් මේ වගේ කතාවක් නම් කවුරැත් අහලා නැතුව ඇති
කනත්තේ ඉදන් කෙලින්ම ආයෙත් අපේ ගෙදර ආපු ඔවුන් කෙලින්ම ගියේ නැන්දාගේ කාමරයට
අල්මාරියෙන් නැන්දා ගේ ඇදුම් කිහිපයක් සිහිවටන ලෙස ගත්තු
ඒ ඩුබායි පවුලේ දරැවෝ කිහිප දෙනා හැඩු කදුලින් යන්න ගියා.
“අපේ අම්මා ව බලාගත්තාට ස්තුතියි”
ඔවුන් එසේ කීවෙ මගේ අම්මා ඇතුලුව ශාන්තිගෙ කටයුතු කරමින් ඇයට උපස්ඨාන කල සියලු දෙනාට ය.”උපුටා ගැනීම : අමිල චින්තක
-

තරග විනිසුරුවන්ගේ අයුක්තිය මැද නායක චන්දි යුක්තිය වෙනුවෙන් නැගි සිටියි… ඇත්ත කතාව මෙන්න…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සිවුවෙනි දිනට අවසන් වෙද්දි තරගයට නැවතත් ප්‍රවිෂ්ඨ වූ ශ්‍රී ලංකාව කඩුලු අටකට ලකුණු 334ක් ලබා සිටියි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට වඩා ලකුණු 287ක් ඉදිරියෙන් සිටිති.
ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් මැදපෙල සවිමත් කළ කුසල් මෙන්ඩිස් (87) දිනේෂ් චන්දිමාල් (39), රොෂේන් සිල්වා (48), නිරෝෂන් දික්වැල්ල (62) ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගුවේය.
මේ අතර තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසි සහගත තීරණ ලබා දුන්නේ යැයි රසිකයන්ගේ චෝදනාවන්ට ලක්ව සිටින විනිසුරුවරුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය ඊයේ (17) දිනයේදී කතාබහට ලක්විය. දෙවන දිනයේ දිවා ආහාරයට පෙර ගැබ්‍රියෙල්ගේ පන්දුවකට නායක දිනේෂ් චන්දිමාල් ස්ලිප් ක්‍රීඩකයෙකුට උඩ පන්දුවක් ලබා දි දැවි ගියේය. කෙසේ වෙතත් එම පන්දුව නිපන්දුවක් වූ අතර, එය නිපන්දුවක් බවට විනිසුරුට පෙන්වා දුන්නේ ප්‍රති අන්තයේ සිටි කුසල් මෙන්ඩිස් විසින් ය.
ඉන්පසුව පන්දුවේ දෝෂයක් යැයි කියමින් කුසල් මෙන්ඩිස්ගේ පිත්ත පරීක්ෂා කළ විනිසුරුවරුන්, කුසල් මෙන්ඩිස්ගේ පිත්ත මාරු කිරීමටද පියවර ගත්තේය.
විනිසුරුවන් දෙපළ විසින් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ල කර තිබූ අතර එම චෝදනා වලින් තමන් නිර්දෝෂී බවට චන්දිමාල් ප්‍රකාශ කර තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.
-

අද ටෙස්ට් තරගය සජීවීව බලන්න කස්ටියම හොයන You Tube සජීවී ලින්කුව මෙන්න…. (Exclusive)
අද ටෙස්ට් තරගය සජීවීව බලන්න කස්ටියම හොයන You Tube සජීවී ලින්කුව මෙන්න…. (Exclusive)
https://www.youtube.com/watch?v=NTcqi7dJO_o
-

ආන්දෝලනාත්මක පන්දුව පලුදු කිරීමේ චෝදනාවට චන්දිමාල් වැරදිකරු වෙයි .! (Breaking News)
ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පලුදු කිරීමේ චෝදනා සදහා වැරදිකරු කර තිබෙන බවට අයි.සී.සී.ය පවසනවා. ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ සිදුවූ සිදුවීමක් නිසා දිනේෂ් චන්දිමාල්ට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවට අයි.සී.සී.ය පවසනවා.
“පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම” යන චෝදනාව යටතේ ක්‍රිකට් ව්‍යවස්තාවේ නීති අනුව මෙම තීරණය ලබා ගත් බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.
මේ පිළිබදව වැඩි විස්තර හැකි ඉක්මණින් ලබා දෙන බවටද ක්‍රිකට් කවුන්සිලය සටහන් කර තිබුනා.
-

වාහන මිල යළි ඉහලට
මෙරට පෞද්ගලික වාහන භාවිතාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ලෝක බැංකුවේ ඉල්ලීමක් මත වාහන මිල ඉදිරියේදී ඉහල දැමීමේ සැලැසුමක් ඇතැයි වාහන අලෙවිකරුවන්ගේ කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.ඒ අනුව 1000 සී සී ප්‍රමාණයේ ඇංජින් ධාරිතාවයෙන් යුත් වාහන වල මිල බොහෝදුරට ඉහළ යාමට ඉඩ ඇති බව පැවසේ.මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් හා වාහන ආනයන කරුවන් අතර සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ. -

බැසිල් කල්ලියෙන් විමල්ට දැඩි විරෝධයක්
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පැවැත්වුණේ විජේරාම නිල නිවසේදීය. මෙවර පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම සමග කටයුතු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමටය.“දහසය දෙනාගේ කණ්ඩායමක් නිර්මාණය වීම අපි ලබපු ජයග්‍රහණයක්. ඒ නිසා අපි ඒ අයට ඉහළ පිළිගැනීමක් දෙන්න ඕන කියමින් විමල් දහසයේ කණ්ඩායම පිළිගත්තේය. එහෙත් විමල්ගේ කතාවට ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් කල්ලියේ මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්තක් තිබුණේ නැත.“දහසය දෙනාගේ කණ්ඩායමේ ඉන්න ඩිලාන් පෙරේරා කියලා තිබුණා හිටපු පක්ෂ ලේකම් අයින් වෙලා අලුත් පක්ෂ ලේකම් කෙනෙක් පත්වීම හොදයි කියලා. ඒත් අලුත් ලේකම් කියන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී කියලයි. ඒ වගේ තත්ත්වයක් යටතේ් දහසයේ කණ්ඩායම එක්ක වැඩ කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා.“මේ අදහස් නිසා ඒකාබද්ධය බෙදිලා කියලා කතා වෙනවා. අපි කවුරුත් අපේ මතවාද ප්‍රකාශ කරනකොට ප්‍රවේශම් වෙන්න ඕන. අපිට මොන මතවාද තිබුණත් සාකච්ඡා කරලා තීන්දු ගන්න ඕන”මහින්ද කීවේය.“ආණ්ඩුවෙන් එළියට බැස්ස දහසය දෙනාගේ කණ්ඩායම විවිධ මත ප්‍රකාශ කරමින් යනවා. සමහරු කියන්නේ මහින්ද මහත්තයාට උදව් කරනවා කියලයි. තවත් සමහරු පොහොට්ටුවේ ඡන්ද ටිකත් අරගෙන මහින්ද මහත්තයා ළඟට යනවා කියනවා. විපක්ෂයට ඇවිත් ජනාධිපතිතුමා එක්ක දේශපාලනය කරනවා නම් අපිට එකඟ වෙන්න බෑ”රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පැවැසුවේය.“කවුරුහරි ආණ්ඩුවෙන් අයින් වෙනවා නම් ඒ අය ශ්‍රී ලංකා පො.පෙ. එන්න ඕන”කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කතාවට පොහොර දැම්මේය.“දහසය දෙනාගේ කණ්ඩායමත් මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරමින් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි”මහින්ද කීවේය.“අපි මේ බලවේගය හදාගත්තේ අමාරුවෙන්. ඒක විනාශ වෙන්න දෙන්න බෑ”රෝහිත කීවේය.“ඒ කියන්නේ දහසය දෙනා අපි පිළිගන්න ඕන නෑ කියන එකද”විමල් වීරවංශ විමසුවේ තරමක ආවේගයෙන් යුතුවය.“ඒ අය ප්‍රතික්ෂේප කරන්න කියලා අපි කියන්නේ නෑ”රෝහිත එයට උත්තර දුන්නේය.මේ සමග තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවිය. -

ප්‍රසන්නට මහින්ද ළඟට යන්න බැරිවේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා ගම්පහ, කිරිල්ලවල බලා පිටත්ව ගියේ දිවංගත එස්. ඩී. බණ්ඩාරනායකගේ පිළිරුවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය. මෙම උත්සවයට සහභාගි වීමට ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු කණ්ඩායමද පැමිණ සිටියේ මහින්ද එහි පැමිණෙන නිසාය.“ආ.. එන්න මන්ත්‍රීතුමා ඉස්සරහට. දැන් ඉතිං යහපාලනේ කට්ටිය ඉස්සරහට එන කාලෙනේ. එයාලට දැන් තමයි අපි මතක් වෙලා තියෙන්නේ” එවැනි කතාවක් ඇති වුණේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මන්ත්‍රීවරිය එහි පැමිණ සිටි නිසාය.“මේ අය එනවාට අපි අකමැති නෑ. හැබැයි එන අය කෙළින් එන්න ඕන” ප්‍රසන්න කීවේ සුදර්ශනීට ඇනුම් පදයක් කියමිනි. සුදර්ශනී මහින්ද සමග සමීපව කටයුතු කරනවාට ප්‍රසන්නගේ වැඩි කැමැත්තක් නැත.මේ අතර උත්සව භූමියට පැමිණි මහින්ද පිළිරුව විවෘත කරන්න පෙර ප්‍රසන්න කොහිදැයි බැලුවේය. ඒ වන විටත් බොහෝ දෙනා මහින්ද වටකරගෙන සිටි නිසා ප්‍රසන්න සිටියේ මඳක් පසුපසට වන්නටය.“මන්ත්‍රීතුමා සර් හොයනවා” මහින්දගේ ආරක්ෂක නිලධාරියෙක් ප්‍රසන්න අසලට පැමිණ කීවේය. එතැන තිබූ තදබදය නිසා ප්‍රසන්නට ඒ අසලට යාමටවත් නොහැකි විය. -

රටම කතාවෙන මහා අපරාධය… කිරිවෙහෙර නායක හිමි ඝාතන සැලසුම ලහි ලහියේ ගහපු හැටි මෙන්න ..!
කතරගම කිරි වෙහෙර විහාරාධිපති රුහුණ මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කොබවක ධම්මින්ද හිමියන් ඝාතන තැතේ අබිරහස මේ වන විට පොලිසිය විසඳා හමාරය. ඒ උන්වහන්සේ ඝාතනය කිරීමේ අරමුණින් වෙඩි තැබූ බෝර 12 වර්ගයේ ගිනි අවියද සමගිනි. එකී ඝාතන සැලසුමට ගෑවුණු කිහිප දෙනෙක්ම දැන් සිටින්නේද පොලිස් අත්අඩංගුවේය. මේ ලිපිය සටහන් තබන මොහොත වන විට එකී ඝාතන ප්‍රයත්තයේ මහ මොළකරු සිටියේ පොලිසියට කට්ටි පනිමින් සැඟවෙමිනි. මෙම ලිපිය ඔබ කියවන මොහොත වන විට ඔහුවත් පොලිසිය අත්අඩංගුවට ගෙන සිටින්නට පුළුවන.
ඔහු වෙන කිසිවෙක් නොව කිරිවෙහෙර භූමියේ පිහිටා ඇති මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල බණ්ඩාරය. කොබවක ධම්මින්ද හිමියන් ඝාතනයට ඔහු සැලසුම් කරන්නේත් වෙඩික්කරුවෙක්් ඊට යොදවන්නේ ඔහු මහසෙන් දේවාලයේ හිටපු කපුවා වූ නිසා පමණක් නොව පසුගිය දිනෙක එම ස්වාමින් වහන්සේ එක්තරා රාජපක්ෂ රෙජීමයේ ප්‍රබලයෙක්ට එල්ලකළ ප්‍රහාරයක් නිසා බව මේ වනවිට සත්‍යය එලිවෙමින් පවතී…
කෙසේවෙතත් කපුවා සම්බන්ධ කතාව වසර දෙක තුනක් දක්වා දිව යන්නෙකි. ධම්මින්ද හිමියන්ට පෙර විහාරාධිපති ධුරය දැරුවේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත හිමියන්ය. උන්වහන්සේගේ අපවත්වීමෙන් අනතුරු විහාරාධිපති ධුරයට උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ කිහිප නමක් අතර තරඟයක් ඇතිවන්නේ නිතැතිනි. එය අර්බුදයක් බවට පත්වන විට මල්වතු මහා විහාරය මැදිහත්වෙමින් එය විසඳන්නේ අලුත්වැව සෝරත හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය භික්ෂුව වූ කොබවක ධම්මින්ද හිමියන්ව 2013 වසරේ දෙසැම්බර් 19 වෙනිදා විහාරාධිපති ධුරයට පත්කරමිනි.
තරුණ භික්ෂුවක් වූ කොබවක ධම්මින්න හිමියන් විහාරාධිපති ධුරයට පත්වීමත් කිරිවෙහෙරේ පරිපාලනය සම්බන්ධයෙන් රැඩිකල් වෙනසක් සිදුකරන්නට වූහ. කිරිවෙහෙර භුමියේ ස්ථාපිත මහසෙන් දේවාලයේ ආදායම විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් වෙන්කරන්නට පියවර ගත්තේය. එතෙක් කලක් සිදුව තිබුණේ එහි අදායම දේවාලයේ කපු මහතුන් අතට විවිධාකාර ක්‍රම මගින් පත්වීමය. එසේ කපුමහතුන් අතට පත්වූ දේවාලයේ තුටු පඬුරු ආදායම වසරකට කෝටියකට එහා ගිය බව කොබවක ධම්මින්ද හිමියන්ද දැන සිටියහ. උන්වහන්සේ ඊට වැට බැඳීමත් සමග ඒ වන විට දේවාලයේ ප්‍රධාන කපු තනතුර දැරූ අසේල බණ්ඩාර උන්වහන්සේ සමග ගැටෙන්නේ දේවාලයේ කපුකම පරම්පරාවෙන් ඔවුන්ට උරුම වූවක් බැවින් එහි ආදායමද තම පරම්පරාවට හිමිවන බව කියමිනි. ඒ යැයි කියා දේවාලයේ තුටු පඬුරු ආදායම අසේල බණ්ඩාරට රැගෙන යන්න කොබවක ධම්මින්ද හිමියන් ඉඩදෙන්නට ගියේ නැත.
දේවාලයේ තුටු පඬුරු අසේලට සිය පුද්ගලික පරිහරණයට ගැනීමට තිබුණු සෑම හිඩැසක්ම උන්වහන්සේ අහුරා දැමීය.
ඒත් එක්කම උන්වහන්සේට දැන ගන්නට ලැබෙන්නේ බැතිමතුන් විසින් මහසෙන් දේව ප්‍රතිමාවට පූජාකරන රන් මාල සහ රන් ආභරණ අසේල සිය සන්තකයේ තබා ගන්නා බවය. ඊටද කොබවක ධම්මින්ද හිමියන් වැට බඳින්නේ පූජා කරන රන් ආභරණ ගැන වෙනමම සොයා බලමිනි. එවිට උන්වහන්සේට දැන ගන්නට ලැබෙන්නේ දේව ප්‍රතිමාවට පූජා කරන රන් ආභරණ වෙනුවට රන් ආලේපිත ව්‍යාජ රන් ආභරණ තබා අසේල සිය කනෙන් රිංගන බවය. එම වංචාව දිනක් උන්වහන්සේගේ අතටම හසුවූහ. ඒ උන්වහන්සේට හිතවත් දායකයෙක් විසින් දේවාලයට පරිත්‍යාග කළ පවුම් 05ක මාලයක් වෙනුවට ඔහු ව්‍යාජ රන් මාලයක් ප්‍රතිමාවට පලඳවා තිබියදීය. එවිට අසේලට උන්වහන්සේගෙන් සමාවක් නොවීය. දේවාලයේ කපුකමින් ඔහුව පන්නා දමන්නේ වෙනත් කපුවෙකුට ඒ තැන ලබා දෙමිනි. ඒ මෙයට වසර එකහමාරකට පමණ පෙරය.කොබවක ධම්මින්ද හිමියන්ට තර්ජන එල්ල වන්නේ ඒත් සමගිනි.. ඒ වෙන කිසිවෙකුගෙන් නොව, අසේලගෙනි. ඒ වන විට දේවාලයේ ආදායමින් අසේල කෝටිපතියෙක් බවට පත්ව සිටියේය. ඔහු මිලියන හත අටක් වටිනා සුඛෝපභෝගී ජිප් රථයක හිමිකරුවෙක් බවටද පත්ව සිටියේය. ගේ දොර වතුපිටි පවා මිලදී ගෙන තිබුණේ දේවාලයෙන් ලැබුණු තුටු පඬුරු ආදායමෙනි. එතෙක් කලක් අසේල ගත කළ සුභෝපබෝගී ජීවිතයට දේවාලයේ කපුකම අහිමිවීම දැඩිව බලපෑවේය. මැර කණ්ඩායමක් සමග ගොස් උන්වහන්සේට තර්ජනය කරමින් බලහත්කාරයෙන් නැවතත් දේවාලයේ කපුකමට එන්නට ඔහු උත්සාහ දරන්නේ එබැවිනි. එය අසාර්ථක වන්නේ උන්වහන්සේටද සමාජයේ යම් සිවිල් බලයක් පැවැති නිසාය. අවසානයේදි අසේල උත්සාහ දරන්නේ අධිකරණ නියෝගයක් හරහා දේවාලයට රිංගන්නටය. හම්බන්තොට මහාධිකරණයේ ඔහු ඉකුත් වසරේදී කොබවක ධම්මින්ද හිමියන්ට එරෙහිව නඩුවක් පවරන්නේ ඒ අනුවය. ඔහුගේ තර්කය වූයේ දේවාලයේ හිමිකම පරම්පරාවෙන් උරුම වූවක් බැවින් එහි අයිතිය මෙන්ම ආදායමද සිය පරම්පරාවට අයත් බවය.
දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ එකී නඩුවේ තීන්දුව අධිකරණය විසින් ලබාදෙන්නේ පසුගිය 03 වෙනිදාය. ඒ දේවාලයේ හිමිකම ඇත්තේ කිරිවෙහෙර විහරාධිපති හිමියන්ට බව සඳහන් කරමිනි.
කොබවක ධම්මින්ද හිමි ඝාතන සැලසුම ක්‍රියාත්මක වන්නේ එතැන් සිටය. ඒ සඳහා අසේල විශ්වාසවන්තයින් ලෙස යොදා ගන්නා පළමු වැන්නා වන්නේ සිය බාල සහෝදරයාය. දෙවැන්නා කතරගම ලැගුම්හලක සේවකයෙකි. කතරගම පැත්තේ ඔහු ප්‍රසිද්ධව සිටින්නේ වඳුරු කළුවා යැයි කියාය. තුන් වැන්නා වෙඩික්කරුය. යුද හමුදා සේවයෙන් ඉවත්ව සිටින ඔහුද කතරගම පැත්තේ ලැගුම්හලක සේවයේ නිරතව සිටින කෝකියෙකි. ගම්වැසියන් ඔහුව හඳුන්වන්නේ රාලහාමි යැයි කියාය. මේ තිදෙනා සමග තැන් තැන්වල මත්පැන් පානය කරමින් කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට දින ගණනාවක්ම අසේල සැලසුම් කළේය. ඔහුගේ සැලසුම වූයේ ධම්මින්ද හිමියන් ඝාතනය කර දේවාලයට රිංගීමය. ඒ වෙනුවෙන් ඔහු කන්න බොන්න පමණක් නොව, සිය සගයන්ට අතපය දිගහැර විය පැහැදම්ද කළේය.
ධම්මින්ද හිමියන්ට වෙඩි තබා මරා දැමීමට බෝර 12 වර්ගයේ ගිනි අවියක්ද ඔහු සොයා ගත්තේය. ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට අසේල දින වකවානුද තීරණය කරන්නේ මේ සියලු සම්පත් රැස්කර ගැනීමෙන් අනතුරුවය.
ධම්මින්ද හිමියන්ට ඒ වන විටත් පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ විශේෂ ආරක්ෂාවක් බලධාරීන් විසින් ලබාදී තිබුණේය. ඒ උන්වහන්සේට එල්ල වී තිබුණු මරණිය තර්ජන හේතුවෙනි. එම තර්ජන අතර අසේල සමග ඇතිකරගත් දේවාලයේ ගැටුමට පරිබාහිර වෙනත් කාරණා මුල්කරගත් ඒවාද විය. එබැවින් අසේල සැලසුම්කරන්නේ ධම්මින්ද හිමි ඝාතනයට ඔහුගේනම නොගෑවී වෙනත් සිද්ධියක් ඉස්මතු වන ආකාරයට එම ඝාතනය කරන්නටය. එහිදී ඔහු වඩාත් සැලකිලිමත්වන්නේ උන්වහන්සේ අනාරක්ෂිත වන අවස්ථාවක් බලා සැලසුම ක්‍රියාත්මක කිරීමටය. කාලයක් තිස්සේම ධම්මින්ද හිමියන්ගේ ෙදෙනික චර්යාව දැන සිටි ඔහු උන්වහන්සේව ඝාතනය කරන්නට තීරණය කරන්නේ කිරිවෙහෙර අභියසදී රාත්‍රි කාලයේදීය. ඒ උන්වහන්සේ පුරුද්දක් ලෙස ෙදෙනිකව රාත්‍රි කාලයේ කිරි වෙහෙර වන්දනා කිරීමට පැමිණෙන බැවිනි.
එදා 12 වෙනිදාත් උන්වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ දෙනමක් සමග කිරිවෙහෙරට වැඩියේ වන්දනා කිරීමටය. සිය ගණනක් වන්දනාකරුවන් අතරින් ගොස් උන්වහන්සේ සෙසු භික්ෂූන් සමග එක්ව කිරිවෙහෙර වන්දනාකර, ආවාසයට යාමට සූදානම් වන්නේ රාත්‍රි 10.45 ට පමණය. ඒ වන විට උන්වහන්සේ ගොදුරු කර ගැනීමට අසේල සිය සගයන්ද සමග කිරිවෙහෙර සමීපයට එන්නේ ඔහුට අයත් විසල් වර්ගයේ සුඛෝපභෝගී ජිප් රථයේ නැගීය. ඔහු එම රථයම මේ සදහා යොදා ගන්නේ කතරගම පූජා භුමිය ඇතුළත ඇති මාර්ගය ඇතුළු වීමටත් බාධාවකින් තොරව ගමන් කිරීමටත් එකී වාහනයේ අංකයට ඇති අවසරය නිසාය. නොමැතිනම් වාහන පූජා භුමියේ ඇති මාර්ගයට ඇතුළු කිරීමට පොලිසියෙන් විශේෂ අවසරයක් ගත යුතුය. ඒ පහසුවත් ආරක්ෂක මුරකපොලුවල සිටින ආරක්ෂක නිලධාරීන් වාහනය හඳුනන බැවින් ධම්මින්ද හිමි ඝාතනයෙන් පසු සිය සගයන්ව ආරක්ෂාකාරීව පරීක්ෂාවකින් තොරව පූජා භූමියෙන් ගමන් කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගනිමින් ඔහු සිය වාහනයම ඒ සඳහා යොදා ගත්තේය.
කිරිවෙහෙරට කිට්ටුව මාර්ගය අයිනේ අසේල වාහනයේ රැඳී සිටියේය. රාලහාමිට ගිනිඅවිය ලබාදෙමින් සිය සහෝදරයා සමග ධම්මින්ද හිමියන්ට වෙඩි තැබිමට පිටත් කර යැවුවේය. ඒවන විට ධම්මින්ද හිමියෝ කිරිවෙහෙර වන්දනා කර සෙසු භික්ෂූන් දෙනමත් සමග ආවාසය බලා වැඩම කරමින් සිටියේය. කිරිවෙහෙරේ උඩ මළුවේ සිට උන්වහන්සේලා පඩි බසිමින් සිටියදී එකවරම උන්වහන්සේ ඉදිරියට කඩා වදින්නේ රාලහාමිය. එතෙක් වේලා සඟවාගෙන සිටි බෝර 12 අවිය ක්‍රියාත්මක කරන්නේ ධම්මින්ද හිමියන් වෙතය. වෙඩි එකක් දෙකක් නොව, තුනක්ම ඔහු උන්වහන්සේ වෙත තැබුවේය. ඒ වෙඩි උණ්ඩ උන්වහන්සේට පමණක් නොව, උන්වහන්සේ අසල සිටි වීදාපොළ සෝභිත හිමියන්ගේ පාදයකටත් වැදුණේය.
ධම්මින්ද හිමියන්ගේ ආරක්ෂකයින් ඒ වන විට සිටින්නේ උන්වහන්සේලාට මඳක් ඈතිනි. වෙඩි හ¾ඩින් කලබල වන ඔවුන් උන්වහන්සේලා සිටි ස්ථානයට දිව එන විටත් රාලාහාමිත් අසේලගේ සහෝදරයාත් එක පිම්මේ දිව යමින් සිටියේ කිරිවෙහෙර සහ කතරගම දේවාලය වන්දනා කිරීමට පැමිණි බැතිමතුන් අතරින් රිංගමිනි. පොලිස් ආරක්ෂකයින් සතුව රිවෝල්වර තිබුණත් එය ක්‍රියාත්මක කිරීමට ඒ නිසාම ඔවුන්ට ඉඩක් නොවීය. ඒ යැයි කියා ධම්මින්ද හිමියන්ගේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක සෙබළෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් වැඩේ අතහැරියේ නැත. රාලහාමි පසුපස පැන්නුවේය. ඔවුන් දෙදෙනා අල්ලා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. පොලිස් කොස්තාපල්වරයාටත් සිවිල් ආරක්ෂක සෙබළාටත් වෙට්ටු දමා ඔවුන් දෙදෙනා අතුරුදන්වන්නේ අසේලගේ ජිප් රථයේ නැගීය. ඔවුන් දෙදෙනා එම ජිප් රථයට ගොඩවන අයුරු ඈත තියාම පොලිස් කොස්තාපල්වරයා දුටුවේය. ඔහුට එම රථය හොඳට හුරු පුරුදුය. ඒ බව ඔහු සිය පොලිස් ප්‍රධානීන්ට කීවේය. ඒත් එක්කම වහාම ක්‍රියාත්මක වූ කතරගම පොලිසියේ නිලධාරීන් අසේලගේ නිවස වටලන්නට වූයේ ඔහුව සොයාය. ඒ වන විටත් ඔහු සිටියේ ජිප් රථය සිය ගෙවත්තේ අතහැර දමා පලා ගොසිනි. අනතුරුව පොලිස් කණ්ඩායම ඔහු පදිංචි නිවස දැඩි සෝදිසියකට ලක්කළේය. ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ ගිනි අවිය මුළුතැන් ගෙය පැත්තේ ඇති දර ගොඩක් අතර සඟවා තිබියදී හමුවන්නේ එවිටය. අනතුරුව පොලිසිය කොටුකර ගන්නේ වඳුරු කළුවාය. ධම්මින්ද හිමියන් ඝාතන සැලසුමට මුල සිටම සම්බන්ධවී සිටියත් අවසාන මොහොතේ ඔහු අසේලව මගහැර සිටියේය. අසේලගේ සහෝදරයා සහ රාලහාමි ගැන පොලිසියට තොරතුරු හෙළිකරන්නේ ඔහුය. ඒ අනුව පොලිසිය රාලහාමිව අත්අඩංගුවට ගත්තේ ධම්මින්ද හිමියන්ගේ ඝාතන තැතේ වෙඩික්කරුවා ලෙසිනි.




