Tag: featured

  • ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති මන්දිරයේදී (PHOTOS)

    ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති මන්දිරයේදී (PHOTOS)

    ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

    ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර රටේ සාමය, සමගිය මෙන්ම ජාතික සංහිදියාව වෙනුවෙන් ආශිර්වාද පළ කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

    මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ ජාතින් අතර සංහිදියාව සහ සහජීවනය ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළේ සුවිශේෂි අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව පෙන්වා දිය හැකි බවයි.

    ස්ථීර සාර සාමය, සියලූ ජන කොටස් අතර ඇතිවන අන්‍යොන්‍ය විශ්වාසය සමග ගොඩනැගෙන සංහිදියාව සහ සහජීවනය රටේ ජනතාවගේ මෙන්ම වත්මන් රජයේ ද අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කළයුතු සියලූ කැපකිරීම් රජයක් ලෙස සිදුකරන බව ද අවධාරණය කළේය.

    ජාතික සංහිදියාව වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී ඉස්ලාමීය ආගමික නායකයින්ගේ ඇගයීමට ලක්විය.

    අල්කුරානයේ සිංහල භාෂා කෘතියේ පළමු පිටපත ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    අමාත්‍යවරුන් වන ෆයිසර් මුස්තාෆා, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි ඇතුළු මැති ඇමැතිවරුන් ද, විදේශීය තානාපතිවරුන් ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • 2.50ට විකිණෙන ගණිකාවන්ව නිලි වෘත්තියෙන් පන්නන්න ඕනේ.. විශ්වගෙන් පියුමි හංසමාලිට කණේ පහරක්…

    2.50ට විකිණෙන ගණිකාවන්ව නිලි වෘත්තියෙන් පන්නන්න ඕනේ.. විශ්වගෙන් පියුමි හංසමාලිට කණේ පහරක්…

    විශ්ව ලංකා කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්… ඒ වගේම තමයි කවුරුත් ආදරය කරන නිවේදකයෙක්.

    ඉතින් මේ දිනවල විශ්ව ගැන අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

    ඒ විශ්ව දාපු Fb Post එකකට පියුමි හංසමාලි යොමු කළ සටහනක් නිසායි.

    කෙසේවෙතත් මේ ගැටුම මේ වෙද්දි ගොඩක් දෙනෙක් අතරට ගිහින්.

    ඒ නිසා අපි මේ කතාව ගැන අහන්න විශ්ව ලංකා සම්බන්ධ කරගත්තා.

    ඔහු කිව්වේ මෙවන් කතාවක්.

    මම ඒක කිසිම කෙනෙක් ඉලක්ක කරගෙන දාපු post එකක් නෙවෙයි. ඒක fb එකේ share වුණා. මම එහෙමම ඒක share කළා. හැබැයි කෙනෙක් ඒක අදාළ නැති විදියට තොප්පිය දාගෙන තියෙනවා. නමුත් මට ඒක අදාළ නැති නිසා මම ඒක ගණන් ගත්තේ නැහැ. ඒත් මගේ බිරිඳට යම් චෝදනාවක් කරලා තිබ්බා. මගේ බිරිඳ කවුද කියන්න මේ ලංකාවේ ඉන්න සියලු දෙනා දන්නවා. මාත් එක්ක වැඩ කරන අයත් එයාව දන්නවා. අද මම යම් තැනක ඉන්නවානම් ඒ ඉන්නෙත් මගේ බිරිඳට පිං සිද්ධ වෙන්න. මම ඒක ඕන තැනක කියනවා. මගේ බිරිඳට විවිධ දේවල් කිව්ව එක තමයි මට ගොඩක්ම ඉවසගන්න බැරිව ගියේ. ඒ හින්දා තමයි මම fb එකේ දැම්මේ “අපේ රටේ නිළියෝ දිහා හැමෝම බලන්නේ අද ගණිකාවෝ දිහා බලනවා වගේ. ඒකට හේතුව තමයි මේ වගේ 3rd class අය… මේ අය මේ කලාවෙන් එලවලා දාන්න ඕන” කියලා.

    හැබැයි ඉතින් මම මේක මෙහෙම දැම්මේ පොදුවේ. මේ වෙද්දි අදාළ අය ඒ තොප්පිය දාගෙන තියෙනවා. නැවතත් මට මේ ගැන කියන්න තියෙන්නේ මම කිසිම දෙයක් කාවවත් ඉලක්ක කරගෙන කිව්වේ නෑ.

    කොහොමවුනත් මම දැනුත් මම කිව්ව මතයේ ඉන්නවා. අපේ රටේ කලාවට අගෞරවයක් එකතු කරන්න යන මේ වගේ නූගත් , සමාජය විසින් කොන් කරපු, සමාජය විසින් අයින් කරලා දාලා තියෙන මේ වගේ නිළිකම විකුණගෙන කන ගෑණූ පයින් ගහලා එළවලා දාන්න ඕන. ඒ මතයේ මම දැනුත් ඉන්නවා.

    ඒවගේම තමයි අපේ රටේ දේශපාලඥයා කියන චරිතය සම්පූර්ණයෙන්ම මේ වෙද්දි ප්‍රතික්ෂේප වෙලා තියෙන චරිතයක්. ඉතින් එහෙම දේශපාලඥයෝ ගාව දෙකට තුනට නැවෙන කලාකරුවෝ ඉන්නවා. ඒ අයත් මේකෙන් එළවන්න ඕන. එතකොට තමයි අපේ රටේ කලාවට ගරුත්වයක් හැදෙන්නේ. මේක ඇත්තටම ගෞරවනීය විෂයක්. මිනිස්සු ගොඩක් ආදරෙයි මේ කලාවට. හැබැයි කලාකරුවන්ම විසින් මේ ගෞරවනීයත්වය නැති කරගෙන තියෙනවා. 
    ඉතින් කලාව වෙනුවෙන් කලාව ගොඩගන්න ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනම වෙලාවක මං බය නෑ. ඒකට හේතුව ලංකාවේ සියලුම සහෝදර සහෝදරියෝ, ප්‍රේක්ෂකයෝ මේ වෙලාවේ මගෙත් එක්ක එකට හිටගෙන ඉන්නවා. ඒ හින්දා මං කිසිකෙනෙකුට බය නෑ. ඒ ශක්තිය මට තියෙනවා.

    ඒ නිසා ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ වගේ දෙයක් වෙනුවෙන් කාලය වෙන් කරන එකත් වැඩක් නෑ කියලා.

  • හැමෝටම අමතකවූ දසුන්ගේ උපන්දිනය වෙනුවෙන් පෙම්වතිය වන ශලනි මුහුණු පොතේ තැබූ සටහන මෙන්න.

    හැමෝටම අමතකවූ දසුන්ගේ උපන්දිනය වෙනුවෙන් පෙම්වතිය වන ශලනි මුහුණු පොතේ තැබූ සටහන මෙන්න.

    පසුගිය වසරේ කළා ක්ෂේත්‍රයේ සිදුවූ අවාසනාවන්තම සිදුවීම් වලින් එකක් ලෙස දසුන්ගේ සියදිවි නසා ගැනීම සලකන්න පුළුවන්. දසුන්ගේ මරණය සම්බන්ධයෙන් විවිධ කටකතා පාතිරුනා. ඇතැමුන් මේ පිළිඹඳව දෝශාරෝපනය සිදුකලේ දසුන්ගේ පෙම්වතියවූ ශලනි තාරකාටයි. දසුන්ගේ මවත් පසුගිය දිනවල මුහුණු පොතේ විවිධ සටහන් තබා තිබුනා

    මියගිය දසුන් නිෂාන් ගේ උපන්දිනය අද දවසේ යෙදී තිබෙනවා.

    ඉතින් දසුන් ලඟින් හිටපු කට්ටියටනම් ඔහුගේ උපන්දිනය අමතක වෙලා නෑ.

    ඒ අතරින් දසුන්ගේ මරණය සම්බන්ධයෙන් බොහෝ ලෙස කතාබහට ලක්වූ ශලිනි තාරකා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් යොදා තිබුණා.

    ඒ, “මේක තමයි මං සතුටින්ම හිටපු උපන්දිනේ…. ඒ තමයි ඔයා මට හිනාවෙලා කියපු අන්තිම වචන ටික…. සුභ උපන්දිනයක් කොල්ලා….” කියලා.

    එමෙන්ම දිනක්ෂි ප්‍රියසාද් සිය ෆේස්බුක් ගිණුමට දසුන්ගේ ඡායාරූපයක් යොදා තිබුණා.

  • ගස් 300 කැපුවේ කන්දට බර වැඩි නිසාළු…

    ගස් 300 කැපුවේ කන්දට බර වැඩි නිසාළු…

    කඳු මුදුනක පිහිටි ගස්‌ 300 ක්‌ කන්දට ඒවා බර වැඩි නිසා කපා දැමුවැයි කියන පුවතක්‌ ඉකුත් 18 දා මාතලේ දිසා ලේකම් කාර්යාලයේ පැවති මාතලේ දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ රැස්‌වීමේදී අනාවරණය විය. එ

    කමිටුවේ සම සභාපති මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්‌වීමේදී  මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල හේන්දෙනිය මහතා,

    මාතලේ නගරයට ඉහළින් තියෙන විල්ෂෙයාර් කඳුයායේ පෞද්ගලික ඉඩමක ගස්‌ 300 ගතවූ කාලේ කපලා තියෙනවා.ඒ ගස්‌ කන්දට බර වැඩි බව අදාළ අංශවලට දන්වලයි, මේ වැඩේට අවසර අරගෙන තියෙන්නේ. මේක මහා පුදුමාකාර හේතුවක්‌. හැබැයි ඒකට අවසර දීලා. මේ ගස්‌ කැපීම නිසා කන්ද පහළට පාත් වෙන්න පුළුවන්.

    මාතලේ ප්‍රාදේශීය ලේකම් පී. එල්. පී. මධුවන්ති මහත්මිය සභාපතිතුමාගේ ප්‍රකාශය මම අනුමත කරනවා.
     මටත් වාර්තා වෙලා තියන්නෙ. අදාළ ගස්‌ කන්දට බර වැඩි නිසා ඒවා කැපූ බව යෑයි පැවසුවාය.

  • ජාතික ආණ්‌ඩුවේ තවදුරටත් සිටීම පිළිබඳව පක්‌ෂයේ කාට හෝ මැති ඇමැතිවරයකුට ගනුදෙනුවක්‌ ඇත්නම් එය එජාපයට ගොස්‌ සිදුකරගත හැකියි

    ජාතික ආණ්‌ඩුවේ තවදුරටත් සිටීම පිළිබඳව පක්‌ෂයේ කාට හෝ මැති ඇමැතිවරයකුට ගනුදෙනුවක්‌ ඇත්නම් එය එජාපයට ගොස්‌ සිදුකරගත හැකියි

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ජාතික ආණ්‌ඩුවේ තවදුරටත් රැඳී සිටීම ගැන කිසිදු සාකච්ඡාවක්‌ පවත්වා නැති බව ශ්‍රීලනිපයෙ විපක්‌ෂයේ අසුන් ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

    ජාතික ආණ්‌ඩුවේ තවදුරටත් සිටීම පිළිබඳව පක්‌ෂයේ කාට හෝ මැති ඇමැතිවරයකුට ගනුදෙනුවක්‌ ඇත්නම් එය එජාපයට ගොස්‌ සිදුකරගත හැකි බවත් පුද්ගලික අදහස්‌ නිලතලවල සිටිමින් ඉටු කර නොගන්නා ලෙසද කිසිදු තැනක මෙවැනි සාකච්ඡාවක්‌ සිදුවී නොමැති බවද ඊයේ නිදහස්‌ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය. 

     

  • උතුරේ බෞද්ධ ආගමික ස්‌ථාන 131 ක්‌ ඉවත් කරන්නැයි යෝජනාවක්‌

    උතුරේ බෞද්ධ ආගමික ස්‌ථාන 131 ක්‌ ඉවත් කරන්නැයි යෝජනාවක්‌

    උතුරු පළාතේ අනවසරයෙන් ඉදිකොට ඇති බෞද්ධ ආගමික ස්‌ථාන 131 ක්‌ වහාම ඉවත් කිරීමට පියවර ගත යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී පී. රවිහරන් මහතා පෙරේදා (6දා) පළාත් සභාවට යෝජනා කොට තිබේ.
     
    මන්ත්‍රීවරයා කියා සිටින්නේ යුද්ධය අවසන් වීමෙන් පසුව උදා වූ වසර නවයක සාම කාලය ඇතුළත උතුරේ සිංහල බෞද්ධයන් නොමැති ප්‍රදේශවල බුදුමැඳුරු හා විහාරස්‌ථාන 131 ක්‌ ඉදිකොට ඇති බවයි. 
     
     සිංහල බෞද්ධයන් විසින් මේ බුදුමැඳුර හා විහාරස්‌ථාන උතුරු පළාතේ බෞද්ධයන් නොමැති පළාත්වල ඉදි කරන්නේ ඔවුන්ගේ සිංහල බලය පෙන්වීමට බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. 
     
     මේ සඳහා ලබාදිය හැකි හොඳම උදාහරණය වන්නේ උතුරු පළාත තුළ පසුගිය වසර නවය ඇතුළත ඉදිකොට ඇති බෞද්ධ ස්‌ථාන 131 න් 67 ක්‌ම මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ඉදිකොට තිබීම බවද හෙතෙම පෙන්වා දෙයි.
     
     මේ බුදු පිළිම හා විහාරස්‌ථාන ඉදිකළ පළාත්වල සිංහල බෞද්ධයන් නොමැති නිසා ඒවා ඉවත් කිරීමට හෝ ඒවා ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමට උතුරු පළාත් සභාව වහාම පියවර ගත යුතු බව මන්ත්‍රීවරයාගේ අදහසයි. 
     
     

  • බිලියන 16 ක රේගු වංචාවක්‌ ගැන පරීක්‍ෂණ

    බිලියන 16 ක රේගු වංචාවක්‌ ගැන පරීක්‍ෂණ

    රේගුවේ සිදුවූ රුපියල් බිලියන 16 ක වංචාවක්‌ සම්බන්ධයෙන් පරීක්‌ෂණයක්‌ ආරම්භ කිරීමට රේගු අධ්‍යක්‌ෂ ජනරාල් සරෝජනී චාල්ස්‌ මහත්මිය කටයුතු කර ඇත.
     
    මෙම වංචාව සිදුව ඇත්තේ චාල්ස්‌ මහත්මිය රේගුව භාරගැනීමට පෙර එය පාලනය කළ  ප්‍රධානීන් විසින් වන අතර තම තීරණය පිළිබඳව නීතිපතිවරයා හරහා අභියාචනාධිකරණයට දැනුම් දීමට අධ්‍යක්‍ෂ ජනරාල්වරිය විසින් පියවරගෙන තිබේ. ඇයට පෙර රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කළ චූලානන්ද පෙරේරා මහතා විසින් එකකට රුපියල් ලක්‌ෂය බැගින් වූ දඩ මුදලක්‌ යටතේ ජර්මනියෙන් ගෙන්වන බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථ 1675 ක්‌ නිදහස්‌ කිරීමට පියවර ගෙන ඇති බවද ඇය අභියාචනාධිකරණයට දන්වා ඇත.
     
     මේ පිළිබඳව රේගු අධ්‍යක්‌ෂ ජනරාල්වරිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව චූලානන්ද පෙරේරා මහතා ඉහත සඳහන් දඩ මුදල් පැනවීම සිදුකර ඇත්තේ 2017 ජූලි 14 වැනිදා ය. මඩකලපුවේ දිසාපතිනිය ලෙස කටයුතු කළ චාල්ස්‌ මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස වැඩ භාරගත්තේ 2017 සැප්තැම්බර් 24 වැනිදාය.2017 දී චූලානන්ද පෙරේරා මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සංචිතය වෙත මාරුකර යවා ඇත.
     එංගලන්තයේ නීතිඥවරයෙක් වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්‌කු මහතා විසින් ද මේ පිළිබඳව නඩුවක්‌ පවරා ඇත.

  • ඇලෝසියස්ගෙන් ලක්‍ෂ තිහක් ගත් බව අධිකරණයේදී හෙලිවූ සූජීවගේ ජංගිය ගැලවුණු හැටි මෙන්න…..

    ඇලෝසියස්ගෙන් ලක්‍ෂ තිහක් ගත් බව අධිකරණයේදී හෙලිවූ සූජීවගේ ජංගිය ගැලවුණු හැටි මෙන්න…..

    පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් මහේන්ද්‍රන් විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාට රුපියල් මිලියන 30ක මුදලක් චෙක්පත් මගින් ලබා දී ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු දක්වා ඇත.

    මෙම මුදල ගෙවා ඇත්තේ ඇලෝසියස්ගේ හිමිකාරීත්වය යටතේ ඇති ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම මගිනි.

    රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම චෙක්පත් මුදල් බවට මාරු කරගෙන ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත.

    ඹිලියනය බැගින් වූ චෙක්පත් තුනක් මෙසේ මාරු කරගෙන තිබේ.

  • අයියාගේ TNL වෙනුවෙන් රනිල් මල්ලීගේ අනුශාසක පන්සල TRCට කඩා පනී… සංදේශයෙන් හොර එලිවෙයි…

    අයියාගේ TNL වෙනුවෙන් රනිල් මල්ලීගේ අනුශාසක පන්සල TRCට කඩා පනී… සංදේශයෙන් හොර එලිවෙයි…

    ටීඑන්එල් නාලිකාවේ පොල්ගහවෙල ප‍්‍රතිවිකාශනාගාරය අත්හිටුවීම සම්බන්දයෙන් විරෝධය පළකරමින් භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සංදේශයක් භාර දී ඇත.

    ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයටද සංදේශයක් භාර දී ඇත.

    මෙසේ සංදේශයක් බාර දී ඇත්තේ කොලොන්නාව සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹන්වෙල පඤ්ඤාලෝක හිමියන් ඇතුළු පිරිසකි.

    එම විහාරස්ථානයේ ප‍්‍රධාන ගිහි අනුශාසක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් දායක සභාවේ සෙසු ප‍්‍රධාන නිලයන් දරන්නේද අගමැතිවරයාගේ පවුලේ ඥාතීන් විසින් බවත් එම භික්‍ෂූන් හන්සේලා පිරිස විසින් බාර දුන් සංදේශයේම දක්නට ලැබීව විශේෂත්වයකි.

  • හිරුණිකාට එරෙහි ඩිෆෙන්ඩකින් තරුණයකු පැහැරගත් නඩුව විභාගයට

    හිරුණිකාට එරෙහි ඩිෆෙන්ඩකින් තරුණයකු පැහැරගත් නඩුව විභාගයට

    ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැර ගෙන ගිය බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට පවරා ඇති නඩුව ඔක්තෝම්බර් මස 08 සහ 09 යන දිනවලදී විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කර ඇත.
    පාර්ලිමේන්තු සැසියකට සහභාගී වී සිටින බැවින් ඇයට අද දිනයේ අධිකරණය වෙත පැමිණිය නොහැකි බව ඇගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිට ඇත.
    මෙම චෝදනාව සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මීට පෙර වරද පිළි ගත් අතර ඒ අනුව ඔවුන්ට දඬුවම් ද නියම කර ඇත. 
  • ශ්‍රියන්ත මෙන්ඩිස් මහණ දිවියට

    ශ්‍රියන්ත මෙන්ඩිස් මහණ දිවියට

    ශ්‍රියන්ත මෙන්ඩිස් කියන මේ නම ඇහුවත් කට හඩ හෝ රූපය දුටුවත් ඒ කවුද කියලා නොදන්නා කෙනෙක් නැති බවත් විවිධ චරිත ඔස්සේ ඔහුගේ රංගන දක්ෂතා පෙන්වමින් ජනතා ආකර්ෂණය දිනා ගන්නත් ජනතා නළුවෙක් වෙන්නත් ඒ ප්‍රතිභා පුර්ණ රන්ගධරයාට හැකියාව ලැබී තිබිණි.
    රංගන ශිල්පියෙක් විදිහට සාර්ථක හතලිස් වසරක් ගත කළ මොහු හදිස්සියේම පැවදි දිවියට ඇතුලත් වෙලා කියලා රාවයක් පැතිරෙන අතර ඔහුගේ පැවැදි ඡායාරූප අන්තර්ජාලය පුරාම පැතිරෙමින් ඇත.
    නමුත් ඔහු ඇත්තටම පැවදි දිවියට ඇතුළත් නොවුණු බවත් ඒ තම රංගන ජිවිතයේ මහණ වූ ප්‍රථම අවස්ථාව බවත් ඔහු කිටී.
  • දෙකේ පංතියට විතරක් ඉගෙනගත් හොර මාහාචාරියාට සාමවිනිසුරු පට්ටමකුත් දීලා

    දෙකේ පංතියට විතරක් ඉගෙනගත් හොර මාහාචාරියාට සාමවිනිසුරු පට්ටමකුත් දීලා

    මහාචාර්යවරයකු ලෙස පෙනී සිටි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකුට සමාදාන විනිශ්චයකාර තනතුරක්‌ ලබාදීම සම්බන්ධයෙන් ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.
    මහාචාර්ය ජයවර්ධන එම්. පී. අත්තනායක නමින් පෙනී සිටින මොහු වහල විදානලාගේ මංජුල ප්‍රසන්න නමැත්තකු බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිව ඇති අතර මෙම ව්‍යාජ මහාචාර්යවරයා සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවලදී ඔහු දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ 02 වැනි ශ්‍රේණිය දක්‌වා පමණක්‌ අධ්‍යාපනය ලබා ඇති බවත් ඊයේ (6 දා) වන විටත් පාසලෙන් අස්‌වීම් සහතිකය පවා ලබාගෙන නැති බවත් හෙළිවී ඇත.
    මොහු ඇහැලියගොඩ පොලිසිය මගින් පැවරූ නඩු තුනකට වැරදිකරු වී සිරදඬුවම් ලැබූ අයකු සහ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලැයිස්‌තුව ඇතුළත් අයකු බව තහවුරුවී ඇති අතර  සාමවිනිසුරු ධූරය ලබාගෙන ඇත්තේද වත්මන් ආණ්‌ඩුව යටතේ සිටි අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයකුගෙන් බවද අනාවරණය වී තිබේ.
  • TNL මාධ්‍ය ජාලයේ අයිතින් ‌උදෙසා වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය සටනට… මාධ්‍ය නිවේදනය ‌ම‌ෙන්න…

    TNL මාධ්‍ය ජාලයේ අයිතින් ‌උදෙසා වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය සටනට… මාධ්‍ය නිවේදනය ‌ම‌ෙන්න…

    ටී.එන්.එල් රූපවාහිනි නාලිකාවේ පොල්ගහවෙල විකාශනාගාරය TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිසම් සභාව විසින් අත්හිටුවීමට ගත් තීරණයට හේතුව කුමක් වුවත් ඒම මාධ්‍ය ආයතනය‌ේ ජනමාධ්‍ය අයිතින් ‌ව‌ෙනුව‌ෙන් තම සංවිධානය සටන් වදින බව වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී..

    එම නිවේදනයි පහතින්,

    TNL රූපවාහිනි නාලිකාවට එරෙහි අසාධාරණ තහනම ඉවත්කරනු!

    TNL රූපවාහිනී ආයතනයට අයත් ‍පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRC) නිලධාරින් විසින් අත්තනෝමතික ලෙස සීල් තබා එම සම්ප්‍රේෂණ උපකරන ගලවා ඉවත් කරගෙන යෑම සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සිය දැඩි විරෝධය පලකර සිටිමු.

    ටි.එන්. එල් රූපවාහිනි සේවය විසින් TRCවෙත ගෙවිය යුතු ගාස්තු නිසි පරිදි ගෙවා තිබියදිත් කිසිදු දැනුම් දිමකින් තොරව ටි.එන්. එල් රූපවාහිනි සේවයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයට ගිය TRC නිළධාරින් විකාශනය අත්හිටුවා එම උපකරණ ගලවාගෙන ගොස් ඇති අතර ඒ සදහා අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබේ.

    අප මේ සම්බන්ධයෙන් ටි.එන්. එල් (TNL) රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතාගෙන්ද විමසිමේදී ඔහු තහවුරු කරමින් කියා සිටියේ තම නාලිකාව TRCවෙත සියලු ගෙවිම් කර ඇති බවයි. ඒ සියල්ලටත් වඩා විකාශනය අත් හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර අදාළ ආයතනය ඒ පිළිබඳව දැනුවත් කිරිමේ වගකීමක් සහ යුතුකමක් මෙරටේ මාධ්‍ය පාලනයට පත් කර ඇති රජයේ වගකිව යුතු ආයතනය වන TRC සතු විය යුතු බව අපි අමුතුවෙන් කිව යුතු නෙවේ.

    TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව සaජුවම ජනාධිපතිවරයා යටතේ පවතින අතර ජනාධිපති ලේකම්වරයා එම සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. එවන් තත්ත්වයක් තුළ පසුගිය දිනකිහිපය තුල TNL නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයන් හිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදුකරන ප්‍රකාශයන්හි විශ්වසනීයභාවය පිළිබඳව විවේචනාත්මක පුවත් කිහිපයක් ප්‍රචාරය වීමත් එම නාලිකාවේ සම්ප්‍රේෂණයට TRC හරහා බලපෑම් එල්ල විමත් අතර සමීප සබඳතාවයක් ඇති බව බැලු බැල්මටම පෙනී යන බව මෙහිදි සඳහන් කරමු.

    පසුගිය කාලසිමාව පුරාම මාධ්‍යයට විවිධ අකාරයේ බලපෑම් එල්ල වු අතර කප්පම්,විවිධ් වරප්‍රසාද ලබාදිමෙන් මාධ්‍ය තමන්ට රිසී සේ පාලනය කිරිමට උත්සහ කිරීම, ආණ්ඩුවට හිසරදයක් බවට පත්ව ඇති ඇත්ත කියන වෙබ් සහ සමාජ ජාලා තහනම් කිරිමට කටයුතු කිරීම, සිරස නාලිකාව ඉදිරිපිට රතිඤ්ඤා දල්වා එහි සේවකයන් භීතියට පත්කිරිම, යාපනයේ මාධ්‍යවේදී සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පහරදිම වැනි නිර්ලජ්ජිත ක්‍රියාවන් පෙළක්ම දක්නට ලැබුණි. එම ක්‍රියාවලියේ වර්ධනාත්මක ප්‍රවේශයක් පෙන්වා දෙමින් TNLනාලිකාවේ සම්ප්‍රේෂණයට බාධාකිරිම මේ රටේ මාධ්‍යයේ අනාගතය එතරම් සුභවාදි නොවන බව සාක්ෂාත් කිරීමට හොඳම නිදර්ශනය සපයනු ලබයි.

    කෙටි කාලයක් තුලදි දිගින් දිගටම සිදු වූ මේ සියළු මර්දනකාරි ක්‍රියාවන් පිටුපස සැඟවුණු තර්ජනයක් මාධ්‍යයට එල්ල කරන බව පැහැදිළි වන අතරම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ඉලක්කකර එල්ල වන ප්‍රහාරයන් පසුපස සැබැවටම ඇත්තේ කාගේ හෝ බසකට අවනත නොවන්නේ නම් ඔවුන්ද මර්දනය කිරීමට පසුබට නොවන බවට වන පණිවිඩය නොවේද? ඒ හරහා මාධ්‍යය රූකඩ බවට පත් කොට ගනිමින් වන්දිභට්ට ප්‍රශස්ති ගායනට පමණක් යොදා ගැනීමට දරන මේ වෑයම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට කිසිසේත්ම සුභවාදී නොවේ.

    ඒ නිසා මේ රටේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන වලට එරෙහිව ක්‍රියාත්මක වන මේ සaජු හා වක්‍ර මර්දනය අවසන් කිරීමට කටයුතු කොට රටේ මාධ්‍ය නිදහස ඇති කිරීමට වහාම ක්‍රියාත්මක වන ලෙස අපි ඒ වෙනුවෙන් වගකියන නිලධාරින්ට හා ආයතන වලට තරයේ බල කර සිටිමු.

    කැදවුම්කරු
    දුමිදු දිසානායක
    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රි ලංකා
    இணையத்தள ஊடகவியலாளர்களின் தேசிய இயக்கம் – இலங்கை
    National Moment of WEB Journalist- Sri Lanka

  • මහින්ද ඉදිරියේ ලණුවක් කා දිවුරුම් දුන් කාන්ති කොඩිකාරට මහරගම සභාවට එන්න බෑ.. නීති විශාරදයෝ කියයි..

    මහින්ද ඉදිරියේ ලණුවක් කා දිවුරුම් දුන් කාන්ති කොඩිකාරට මහරගම සභාවට එන්න බෑ.. නීති විශාරදයෝ කියයි..

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ශේප වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු කණ්ඩායම සහයෝගය ලබාදීමෙන් පසුව එහි ප්‍රතිඵලයක් ලෙස මහරගම මහ නගර සභාව ජයග්‍රහණය කළ බඩල්බගම යිසිකල් ස්වාධින කණ්ඩා‍යමේ සභිකයන් 06 දෙනෙකු අද දින ඉල්ලා අස්වී ඇති අතර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂයන්ගේ සුරතලියක් වන හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර ඇතුළු 06ක් අද දින මහින්ද රාජපක්ෂ ඉදිරියේ මහරගම නාගරික මන්ත්‍රිවරුන් ලෙස දිවුරුම් දී ඇති බව අපට වාර්තා වේ.

    කෙසේ වෙතත් මේ පිළිබදව අප සිදුකල විමසුමකදී නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක් අප සමග පැවසුවේ මෙම දිවුරුම් දීම නීති විරෝධි දිවුරුම් දීමක් වන බවයි. ස්වාධින කණ්ඩායමක් කොළඹ මහ නගර සභාව ජයග්‍රහණය කළ මොහොතේ සිදුවු ආකාරයෙන්ම මෙවරද සිදුවී ඇති නිසා එහිදී බලාත්මක වු නීතියම මෙහිදීද ක්‍රියාත්මක වන බවයි එම නීති විශාරදවරයා අපට පැවසුවේ..

    මෙම දිවුරුම් දීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් අධිකරණයේ නඩු පැවරීමටද සුදානමින් සිටින බව අපට වාර්තා වන අතර මේ පිළිබදව අදහසක් දැනගැනීමට මැතිවරණ කොමසාරිස්වරයා සම්බන්ධ කරගැනීමට අප උත්සහ කළද එය ව්‍යාර්ථ විය..

  • පුවත් මවන ටීනා ෂනේල් අමුතු ඇදුමකින් නැවතත් කරලියට…..(Photos)

    පුවත් මවන ටීනා ෂනේල් අමුතු ඇදුමකින් නැවතත් කරලියට…..(Photos)


  • 2015 ජනවාරි 07 අර්ජුන් ඇලෝසියස්  හිටියේ මහින්ද රාජපක්ෂගේ ගෙදර…  සියලු තොරතුරු කරලියට…

    2015 ජනවාරි 07 අර්ජුන් ඇලෝසියස් හිටියේ මහින්ද රාජපක්ෂගේ ගෙදර… සියලු තොරතුරු කරලියට…

    බැදුම්කර වංචාකරුවන්ගෙන් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 118 දෙනෙකුගේ තොරතුරු ඉදිරි දින කිහිපය තුලදී හෙලිදරුව් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීමත් සමග ඒ 118 දෙනා කවුරුන්ද යන්න අදටත් නොවිසිදුණු ප්‍රශ්නයක් වී ඇත.

    මෙම තොරතුරු ලබා දෙන්නැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවද ඔහු සදහන් කර තිබුණි.

    මෙම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 118 දෙනා ඇතුළු පිරිසට අර්ජුන් ඇලෝසියස් විසින් රුපියල් බිලියන 1.3ක මුදලක් ලබා දී ඇතැයිද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් සදහන් කරයි.

    මෙලෙස මුදල් ලබාගත් පිරිස අතර මහින්ද රාජපක්ෂ මහතාද සිටින බවද මේ වන විට වාර්තා වී ඇත.ඔහු විසින් රුපියල් කෝටි 10 කැ පමණ මුදලක් අර්ජුන ඇලෝසියස්ගෙන් ලබාගෙන තිබෙන බවද වාර්තා වේ.තවද 2015 ජනවාරි 9 වනදා අලුයම මහින්ද රාජපක්ෂ මහතා අරලිගහ මන්දිරයෙන් පිටව යෑමට පෙර අර්ජුන ඇලෝසියස් අරලිගහමන්දිරයේ සිටි බවටද මේ වන විට හෙළිවී ඇත.