මෙහිදී උමාලි තිලකරත්න වසරේ නැගී එන රංගන ශිල්පිණිය ලෙස ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා.
එම අවස්ථාවේදී සියල්ලන්ටම ස්තූති කරමින් උමාලි සංවේදී කතාවක් සිදුකළ අතර වේදිකාවේදී ගීතයක්ද ගායනා කළා.

මෙහිදී උමාලි තිලකරත්න වසරේ නැගී එන රංගන ශිල්පිණිය ලෙස ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා.
එම අවස්ථාවේදී සියල්ලන්ටම ස්තූති කරමින් උමාලි සංවේදී කතාවක් සිදුකළ අතර වේදිකාවේදී ගීතයක්ද ගායනා කළා.

අප ඒ පිළිබඳ මෙම ක‍්‍රීඩකයින් දෙදෙනාගෙන් අදහස් විමසා සිටියා.
අල් ජසීරා නාලිකාව මුදා හල මෙම ආන්දෝලනාත්මක වීඩියෝවේ රොබින් මොරිස් නම් බුකී කරුවා සමග තරග පාවාදීමක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සිදු කෙරෙන සංවාදයක් දැක්වෙනවා.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලියක් අතරතුරයි එම සංවාදය සිදුව ඇත්තේ. අල් ජසීරා නාලිකාව මුදාහළ මෙම වීඩියෝව පිළිබඳ ජීවන්ත කුලතුංග අප වෙත දැක්වූයේ මෙවන් අදහසක්.
“ඔය කියන කිසිම දෙයක් එතන වුණේ නෑ. ඔය නාලිකාවේ ජනප්‍රියත්වය ගන්න කරපු වැඩක් මේක. අපිට එන්න කියලා එකක් කියලා.. දැන් පෙන්වන්නේ තව එකක්. තරග පාවාදීම් ගැන කිසිම දෙයක් අපිට කතා කලේ නෑ. ඔය වීඩියෝවේ අගක් මුලක් නෑ. මේගොල්ලන්ගේ අවශ්‍යතාව මොකක්ද කියලා හොයන්න ඕනේ.”
මෙම වීඩියෝවේ බුකී කරුවන් සමග සංවාදයට එක්වන දිල්හාර ලොකුහෙට්ටිගේද ඔස්ටේ‍්‍රලියාවේ සිට ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූවා.
එහිදී “ජීවන්තට කෝල් එකක් ආවා.. යාළුවෙක් හම්බවෙන්න යනවා කිව්වා.. එයා එක්ක මමත් ගියා. මොකද මට ජීවන්තලාගේ ගෙදර තනියෙන් ඉන්න බැරි නිසා… 2016 දී මම ක්‍රිකට්වලින් ඉවත් වුණා. අනික මම කොහොමද ආයෙත් ක්‍රිකට් ගහන්නේ. මගේ කකුල කැඩුනට පස්සේ.” යනුවෙන් සඳහන් කළා.
මෙම වීඩියෝව සහ තමන්ට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය හමුවේ කරුණු දැක්වීමට තමන් සූදානම් බවයි ජිවන්ත කුලතුංග ප‍්‍රකාශ කළේ.

ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සත්කාරකත්වය දරන තරගාවලියන්හි ශ්‍රී ලංකාවේ තනතීරූ ඉන්දීය බුකිකරුවන්ගේ අවශ්‍යතාවය මත සකසා තිබෙන බවට හෙළිව තිබේ. අල් ජසීරා මාධ්‍යය මගින් සිදු කළ විමර්ෂණයකින් මේ බව හෙළිකරන අතර ගාල්ල ක්‍රීඩාංගනයේ තනතීරූව මෙලෙසින් බුකිකරුවන්ගේ අවශ්‍යතාවය මත සැකසී තිබෙන බව කියවේ.
මෙහිදි ගාල්ල ක්‍රීඩාංගණයේ නියෝජ්‍ය කළමණාකරු ලෙසින් කටයුතු කළ තරංග ඉන්දික නැමැත්තා බුකිකරුවන් ලෙසින් පෙනි සිටි අල් ජසීරා මාධ්‍යවේදීන්ට පවසන්නේ මින් කිහිපවතාවක්ම තමන් මෙලෙසින් තනතීරූව බුකිකරුවන්ට අවශ්‍ය පරිදි වෙනස් කළ බවය.
පසුගිය ඉන්දීය තරගාවලියේදී තමන් පිතිකරුවන්ට හිතැති තනතීරුවක් සකස් කළ බවද එම තරගයේදී ශ්‍රී ලංකාව අපහසුතාවයට පත්වූ බවත් තරංග ඉන්දික පවසනවා.
2017 වසරේ ජුලි මස 26 සිට 30 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි මෙම තරගය පැවති අතර ඉන්දීය කණ්ඩායම තරගය ලකුණු 304කින් ජය ගත්තේය. මෙහිදි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ප්‍රථම ඉනිමට ලකුණු 600ක විශාල ලකුණු ගණනක් රැස් කිරීම විශේෂත්වයකි. මෙම තනතීරූවෙන් ශ්‍රී ලංකා දග පන්දු යවන්නන්ට කිසිදු සහයක් නොලැබීමද කතාබහට ලක්විය.
මේ අනුව ශ්‍රී ලංකාව අන්ත පරාජයට ලක්වූ මෙම තරගයේ ප්‍රතිඵලය බුකිකරුවන්ගේ බලපෑමට ලක්ව තිබෙන බව පැහැදිලිය. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම සිදුවීමට සම්බන්ධ යැයි කියන පුද්ගලයන් සිය තනතුරු වලින් නෙරපා තිබෙන බව සදහන්.
ගාල්ල ක්‍රීඩාංගනයේ නියෝජ්‍ය කළමණාකරු තරංග ඉන්දික

සිදුවීම පිළිබද අල් ජසීරා නිකුත් කර තිබෙන වීඩියෝව,

රංගන ශිල්පිණි දීපානි සිල්වා බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන්.
අද (28) උදෑසන බණ්ඩාරගම ප්‍රදේශයේදී දිපානී සිල්වා පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.
අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දරුවෙකු බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
රංගන ශිල්පිණි දිපානි සිල්වා අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද බණ්ඩාරගම පොලීසිය සඳහන් කරනවා.


වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවට බුකිකරුවන්ගේ බලපෑම හිසරදයක් වන තරමටම පැතිර ගොසින් ය. බොහෝ ක්‍රීඩකයන් තරග පාවා දීම් වලට හසුවන අතර සෑම අන්තර්ජාතික තරගාවලියකටම පාහේ බුකිකරුවන්ගේ සූක්ෂම හස්ත යොමුවන බව කියවේ.
ක්‍රීඩකයන්, නිළධාරීන් මෙන්ම තනතීරූ සකසන්නන් පවා බුකිකරුවන්ගේ අදිසි හස්ත මගින් පාලනය වන බව සදහන්. මේ සදහා ක්‍රීඩකයන්ට තරගයෙන් උපයන මුදලට වඩා කිහිප ගුණයකින් මුදල් ගෙවීමට බුකිකරුවන් ක්‍රීයා කරන බවද වාර්තා වෙනවා.
මේ අතර අල් ජසීරා ජාත්‍යන්තර මාධ්‍යය මගින් අනාවරනය කර ගෙන තිබෙන නවතම ක්‍රිකට් තරගාවලියක් පාවාදීමේ සිදුවීමකට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග සම්බන්ධව සිටියි. තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබීම විශේෂත්වයකි.
එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියක තරග පාවා දීමට ජීවන්ත සහ දිල්හාර ලොකුහෙට්ටිගේ මෙලෙසින් බුකිකරුවන් සමග සැලසුම් සකස් කරමින් සිටින්නේ ඔවුන් සමග සිටිනා අල් ජසීරා මාධ්‍යවේදීයා මේ සියල්ල පටිගත කරන බව නොදැනය.
මෙහිදි ජීවන්ත කුලතුංග කියා සිටින්නේ “ක්‍රිකට් ක්‍රීඩා කිරීම අපට උදෑසන දත් මදිනවා වගේ, නමුත් ඔබගේ සැලසුමට ක්‍රීඩා කිරීම එයටත් වඩා පහසුයි, මොකද එතකොට අපිට කිසිම පීඩනයක් නෑ” යනුවෙනි.
එම අවස්තාවේ විඩීයෝව පහතින් ,

මේ වන විට දකුණු පළාත පුරා පැතිර යන ඉන්ෆ්ලූඑන්සා රෝග තත්වය හේතුකරගෙන මියගිය දරුවන්ගේ සංඛ්‍යාව 11ක් දක්‌වා ඉහළ ගොස් ඇති බව කරාපිටිය ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ජයම්පති සේනානායක පවසනවා.
කෙසේ වෙතත් මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලතුල පවතින අඩුපාඩුකම් හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ට රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් වීමට නොහැකි තත්ත්වයක්ද පවතින බවයි වාර්තා වෙන්නේ. මේ හේතුවෙන් රෝගීන් වෙනත් රෝහල්වලට මාරුකර යැවීමටද කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් ඇති වී තිබෙන මෙම තත්වයට විසඳුම් ලබා දී ඇති පැවසූ විෂයභාර අමාත්‍ය රාජිත සේනාරත්න ‘‘දැනට මම සෞඛ්‍ය ලේකම් වරයාට නියෝග කරා වහාම දකුණු පළාතේ තියෙන පුද්ගලික රෝහල් වල තිබෙන දැඩිසත්කාර ඒකකක රජයේ වියදමින් ඒ දරුවන්ට ලබා දෙන්න කියලා. ඒ වගේම අපි කොළඹ ළමා රෝහලටත් ඒ දරුවන් ගෙන එන්න කටයුතු කලා‘‘ යනුවෙන් ප්‍රකාශ කල අතර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වාර්තාවලට අනුව මෙම රෝග තත්ත්වයට වෛරස් ඛාණ්‌ඩ 4 ක් හේතු වන බව සඳහන්. මෙහි රෝග කාරකය ලෙස නියුමොකොකල් වෛරසය, ඇඩිනො වෛරසය ,රෙස්‌පිරේටරි සින්සිටියල් සහ ඉන්ෆ්ලූඑන්සා වෛරසය හඳුනා ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මෙම රෝග තත්වය පැතිරෙන ආකාරය පිළිබඳව අවබෝධය ලබා ගනිමින් ප්‍රවේශම් වීම ඉතාමත් වැදගත් වනවා. මෙම රෝගය පැතිරීම පුද්ගලයකුගෙන් වෙනත් පුද්ගලයකුට කිවිසුම් මගින්, කැස්‌සෙන් හෝ ස්‌පර්ශ කිරීමෙන් සිදුවිය හැකියි. එමනිසා කැස්‌ස හෝ කිවිසුම් යැම ඇතිවිට පිරිසිදු ලේන්සුවක් හෝ මුඛ ආවරණයක් භාවිතා කිරීම, රෝගියෙකු ස්‌පර්ශ කළ පසු සබන් හෝ විෂබීජ නාශකයක් යොදා අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම තුළින් මෙම රෝගය පැතිරී යැම වළක්‌වාගැනීමට හැකි අතර විශේෂයෙන්ම කුඩා දරුවන්, ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන්, වයස්‌ගත උදවිය, පිළිකා සහ වකුගඩු රෝගී තත්ත්වයන් ඇති රෝගීන් , දියවැඩියා රෝගීන් සහ හෘදයාබාධ රෝගීන් , වඩාත් පහසුවෙන් මෙම රෝගයට ගොදුරු විය හැකි අතර අවුරුදු 5-18 දක්‌වා වයස කාණ්‌ඩයේ සිටින අය සඳහා මෙම රෝගයට වැඩි වශයෙන් ගොදුරු වීමේ හැකියාව පවතිනවා.
මෙම රෝගයේ රෝග ලක්‌ෂණ එක්‌වරම මතුවන අතර තද සීතල සහ ඇඟ වෙව්ලීම සමග උණ හට ගැනීම, හිසරදය, වියළි කැස්‌ස , පපු පෙදෙසෙහි වේදනාව, උගුරේ ආසාදනයන් ඇති වීම නිසා වීම නිසා ගිලීමේ අපහසුතාවයන් කුඩා දරුවන්ට ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා. කුඩා දරුවන් සහ වයස්‌ගත වැඩිහිටියන්ට හුස්‌ම ගැනීමේ අපහසුතාවයන්ද ඇති වන අතර අධික මහන්සිය, තෙහෙට්‌ටුව සහ නින්ද නොයැම වැනි රෝග ලක්‌ෂණද ඇති වේ.
එසේම අද (28දා) සෞඛ්‍ය අංශ සිදුකිරීමට නියමිත සාකච්ඡාවකින් පසුව ඉන්ෆ්ලුවන්සා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමටද කටයුතු කරන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කරන ලදී.
මෙහිදී වැඩිම බලපෑමක් ඇති රෝහල් කාර්ය මණ්ඩල සහ වැඩි වශයෙන් මෙම රෝගය ව්‍යාප්ත වී ඇති පෙදෙස්වලට එම එන්නත ලබාදීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගන්නා බවයි අධ්‍යක්ෂවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

රුපියල් මිලියන හතළිහකට අධික වත්කම් සහ දේපළ නීති විරෝධී ආකාරයට අත්පත් කරගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම ජුලි මස 6 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(28) නියෝග කළේය.
එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර මෙම නඩුව දෛනිකව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් නඩු විභාගය ජුලි මස 06 වනදා දක්වා කල් තබන බව විනිසුරු හෙයියන්තුඩුව මහතා නියම කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණයට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ තම සේවාදායකයා අසනීපයෙන් පසුවන බවයි.ඒ අනුව විත්තිකරුට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියම කළ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට ද මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අවවාද කළේය.
2004 වසර සහ 2006 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා නීති විරෝධී ආකාරයට රුපියල් මිලියන 40.1 ක් වටිනා වත්කම් සහ මුදල් උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.



පියුමි හා හා පුරා කියලා සිනමාවේ දකින්න ලැබෙනවා ?
ඔව්, ඒ “වස්සානයේ සඳ” චිත්‍රපටය නිසා. චිත්‍රපටය තිරගත වෙනකල් මම බලාගෙන හිටියේ. දැන් චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තා. කියාගන්න බැරි සන්තෝෂයක් තියෙනවා මේ වගේ හොද නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණු එක ගැන.
උදයකාන්ත වර්ණසූරියට පියුම් අහුවුණේ කොහොමද ?
උදයකාන්ත අයියයි, ඔහුගේ බිරිය ශාන්ති අක්කයි මීට අවුරුදු පහකට කලින් රොසෑන් අක්කාගේ මොඩ්ලින් ස්කූල් එකට ඇවිත් රංගනයට ළමයි තේරුවා. එදා මාවත් තෝරාගත්තා. ඒත් එදා මම රගපාන්න එන්න බෑ කිව්වා. ඊට පස්සේ මීට අවුරුදු දෙකකට කලින් උදයකාන්ත අයියා මේ නිර්මාණයට මට කතා කළා.
මුල් ආරාධනාව කරද්දි පියුමි උදයකාන්තගේ ආරාධනාව භාරගත්තේ නැත්තේ ?
මම ඒ වෙනකොට මොඩ්ලින් කළේ. ඉතිං මම කවදාවත් රගපාලා තිබ්බේ නැහැ. මම රගපාන් දන්නේ නැති නිසා තමයි ඒ ආරාධනාව භාරගත්තේ නැත්තේ.
“වස්සානයේ සඳ” චිත්‍රපටයයට ආරාධනා කරද්දි ඔයාගේ රංගන හැකියාව ගැන විශ්වාසයක් තිබුණද ?
උදයකාන්ත අයියා මට දවස් දෙක තුනක්ම කතා කළා. මම බය වෙලා හිටියේ මට චිත්‍රපටයක රගපාන්න පුළුවන් වෙයිද කියලා. උදයකාන්ත අයියගේ බිරිය මට හරිම ආදරෙයි. පියුමි මේක ඔයාට හොද චාන්ස් එකක් කියලා එයා මට කිව්වා. මම ආශාවෙන් හිටියේ ඕෂධී කරන චරිතය කරන්න. ඒත් ශාන්ති අක්කා තමයි මට කිව්වේ ඔයාට දෙන්නේ ප්‍රධාන චරිතය. ඒකෙන් මාව වෙනස් කරනවා කියලා.
ප්‍රධාන චරිතය නැතිව, ඕෂධී කරපු චරිතයට පියුමි මාන බැලුවේ ඇයි ?
ඕෂධී කරපු චරිතය ෂූට් කළේ ඕස්ට්‍රේලියාවේ. ඇත්තම කියනවා නම් මට ඕස්ට්‍රේලියාවේ යන්න ආස නිසා තමයි මම ඒ චරිතය ඉල්ලුවේ. ඒත් ඒ චරිතයට ඕන වුණේ බටහිර පෙනුමක් තියෙන කෙනෙක්. ඕෂධීට ඒ වගේ පෙනුමක් තියෙනවනේ. එයාට ඒ චරිතය ගැළපුණා. මට මිරිහි කියන ප්‍රධාන චරිතය ලැබුණා.
මිහිරි ගේ චරිතයෙන් පියුමිට සිනමාවට හොද අඩියක් තියන්න පුළුවන් වුණා කියලා හිතනවාද ?
ඔව්. මට වෙනස් වෙන්න හොද අවස්ථාවක් ලැබුණේ. මම මොඩ්ල් කෙනෙක්. මට රංගනය නුහුරුයි. ඒත් උදයකාන්ත අයියාගේ හැකියාව එක්ක ඔහු මගේ රංගනය හරියට එළියට ගත්තා. මිහිරිගේ චරිතය මට ලැබිච්ච හොද අවස්ථාවක්. මාව මේ වගේ නිර්මාණයකට තෝරගත්ත එකට උදයකාන්ත අයියට වගේම අක්කට ගොඩක් පින්. “වස්සානයේ සඳ” මාව වෙනස් කළා.
පියුමිව ගොඩක් අය දැකලා තියෙන්නේ හොට් චරිතයක් විදියට. මිහිරි වගේ අහිංසක චරිතයකට අනුගත වෙන්න පහසු වුණාද ?
සමහර Hot චරිතවලට අහිංසක චරිත කරන්න බෑ. හැබැයි පියුමි හංසමාලි කියන මට හැම චරිතයක්ම කරන්න පුළුවන්. මම හැම වෙලාවෙම Hot. ඒත් මට ලැබෙන චරිතයට අනුගත වෙන්න පුළුවන්.
පියුමිගේ රංගනයට කොහොමද ලැබිච්ච ප්‍රතිචාර ?
චිත්‍රපටයේ ට්‍රේලර් එක දැකලත් ගොඩක් අය මට කතා කළා. මගේ රංගනය මේ තරම් හොදට තියෙයි කියලා හිතාගන්න බැරි වුණා කියලා තමයි ගොඩක් අය කිව්වේ. මොකද මාව මේ වගේ චරිතයකින් දැකලා තිබ්බේ නෑනේ. මට නිර්මාණ කිහිපයකටම ආරාධනාත් ලැබුණා. ඒත් පෞද්ගලික වැඩ කිහිපයක් නිසා ඒ ලැබුණ ආරාධනා භාරගත්තේ නැහැ.
ඒ කියන්නේ පියුමි රංගනය තුළ සාර්ථකයි කියන එකද ?
මේ නිර්මාණයේ මගේ රංගනය සාර්ථකයි කියලා මම හිතනවා. සාර්ථක පුද්ගලයෙක් එක්කනේ මම මේ ගමන පටන් ගත්තේ. මට ඊට පස්සේ විදේශීය චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි.
මිහිරිගේ චරිතයට අනුගත වෙද්දි අභියෝගයක් වුණ තැන් තියෙනවාද ?
මට ස්කර්ට් බ්ලව්ස් අදින එක ටිකක් අලුත්. හැබැයි මම සාරි ඇදලා තිබ්බා. මිහිරි කියන්නේ තමන්ගේ මල්ලීව මුළු ලෝකයම කරගත්ත කෙනෙක්. මල්ලීට දක්වන ආදරය










ගංවතුරෙන් කොටුවී සිටි පවුලක් බේරා ගැනීමට ගොස් ජල පහරකට හසුවී අතුරුදහන්වූ පොලිස් නිලධාරියා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙනවා.
අතුරුදහන්වී ඇත්තේ මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් 88587 දසනායක පතිරැන්නැහැලාගේ ඩිලාන් සම්පත් (අවු:29) නම්වූ අයෙක්. අවිවාහකයෙකු වන ඔහු ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පෙරේදා (25) දහවල් මාදම්පේ පොලිස් වසමේ ගල්මුරුව ගල් වල පාර ප්‍රදේශයේ ජලයෙන් කොටුවී සිටි දරු පවුලක් බේරා ගැනීම සඳහා ජලයේ පිහිනා යමින් සිටියදී පොලිස් කොස්තාපල්වරයා අතුරුදහන්වී තිබුණා.
පෙරේදා (25) දහවල් සිට ඔහු සොයා ගැනීම සඳහා නාවික හමුදාව සහ යුධ හමුදාවද මෙහෙයුමක් දියත් කර තිබුණා. ඊයේ (26) පෙරවරුවේ ගම්වාසීන් විසින් කණ්ඩායම් වශයෙන් සෑදී අතුරුදහන්වී සිටින පොලිස් නිලධාරියා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළා. නමුත් සොයා ගැනීමට නොහැකි වූයේ නෑ. අද දිනයේත් සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙනවා.
(පහත CCTV දර්ශනවලින් දැක්වෙන්නේ අදාළ පොලිස් නිලධාරියා තවත් අයෙක් සමග බේරා ගැනීමේ ස්ථානය කරා ගමන් කරන අයුරුත් පසුව පොලිස් නිලධාරියා ජලයේ ගසාගෙන යට විය අනෙක් පුද්ගලයා යළි පැමිණ තවත් පිරිසට සිද්ධිය පවසා ඔවුන් ද එම ස්ථානයට රැගෙන යන අයුරුයි. දර්ශනවල අවසන් කොටසෙන් දැක්වෙන්නේ පොලිස් නිලධාරියා සොයා සිදු කරන මෙහෙයුම්.)

උදය ගම්මන්පිල මහතා දේශපාලනයට පිවිස තිබෙන්නේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කූට ලෙස විකුණා ලබාගත් මුදල් උපයෝගී කරගෙන බවත්, උදය ගම්මන්පිල දේශපාලනයට පිවිසීමට පෙර තම මෙරට සමාගමේ සාමාන්‍ය කාර්යාල සහයකයෙක් ලෙස රැකියාව කල බව ජැනට් එලිසබෙත් ෂෙඩික් මහත්මිය පවසයි.
එලිසබෙත් මහත්මිය මේ බව සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් තම ස්වාමියාගේ සමාගමට සිදු කරන ලද වංචා දූෂණ පිළිබඳවත්, ඒ හේතුවෙන් තම ස්වාමියා ඇතුළු තමන් අද පත්ව සිටින තත්ත්වයත් පිළිබඳව දැනුවත් කරමින් අද(26) කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි සිංහ සමාජ ශාලාවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
ජැනට් එලිසබෙත් ෂෙඩික් යනු මෙරට විදේශ ආයෝජකයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් මහතාගේ බිරිඳයි. ඔහුට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් වංචනික ලෙස විකිණීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා වෙත චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන නඩු කිහිපයක්ද මේ වන විට අධිකරණයේ විභාග වෙමින් තිබේ.
2015 ට පෙර තමන්ට සිදුවූ අසාධාරණයට නීතියේ පිළිසරණක් එවක පැවති දේශපාලන වාතාවරණය තුළ කිසිසේත්ම බලාපොරොත්තු තැබිය නොහැකි තත්ත්වයක් හා තමන්ට එල්ල වූ බලපෑම හමුවේ නිශ්ශබ්දව සිටී බව පැවසූ ජැනට් මහත්මිය 2015 සිදුවූ දේශපාලන වෙනසත් සමඟ තමන්ට සාධාරණයක් ඉෂ්ට කරගැනීමට මෙරටට පැමිණ නීතියේ පිළිසරණ පැතූ බවද සඳහන් කර සිටියේය.
නමුත් මෙරට අධිකරණය විසින් සාක්ෂි කැඳවීම සඳහා දින ලබාදීමේ ක්‍රමය මත තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත්, නඩු කටයුතු පමාවීම හේතුවෙන් තම ස්වාමිපුරුෂයා සහ තමන් අපේක්ෂා භංගත්වයට මෙන්ම ඉතාමත් අසරණ තත්ත්වයට පත්ව තිබෙන බවද ඇය පෙන්වා දෙයි.
නඩු කටයුතු වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා වරින් වර ලංකාවට පැමිනීමට සිදුවීම සහ ලංකාවේ දින ගණනාවක් නවාතැන් ගැනීමට සිදුවීමෙන් තමන්ට අධික වියදමක් දැරීමට සිදුව තිබෙන බවත් පෙන්වා දෙන ජැනට් මහත්මිය මේ යන ක්‍රමවේදයට ගියහොත් නඩු කටයුතු අවසන් කරගැනීම සඳහා තවත් අවුරුදු 10ක්, 15 ක් ගතවනු ඇති බවද සඳහන් කරයි.
උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ නැමැත්තා තම ස්වාමියාට අයත් මෙරට ආයෝජනය කළ ව්‍යාපාර කටයුතු සියල්ල කූට ලෙස සකස් කළ ව්‍යාජ ඇටර්නි බලපත්‍ර යොදාගනිමින් වංචනිකව හොරකම් කර ඇති බවත්, පෑන් ඒෂියා බැංකුවේ තම ස්වාමියාට අයත්ව තිබූ කොටස් මිලියන 4.1 ක් ද කූට ලෙස විකුණා දමා තිබෙන අතර ඉන් ඩොලර් මිලියන 07 ක අලාභයක් සිදුව තිබෙන බවද ජැනට් මහත්මිය පවසයි.
මෙවැනි සිදුවීම් මෙරටට පැමිණෙන විදෙස් ආයෝජකයන් මෙරට කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳවැටීම සිදුවන බවත් ඔවුන් මෙරට ආයෝජන කටයුතු වලින් ඉවත්වීමට හේතුවන බවද බ්‍රයන් ෂෙඩික් මහතාගේ මෙරට ඇටර්නි බලකරු ලසිත පෙරේරා මහතා පෙද්වා දෙයි.
බ්‍රයන් ෂෙඩික් මහතා 90 දශකයේ මෙරට සිටී විශාලතම විදෙස් ආයෝජකයෙත් බවත්, රටට පැමිණි මෙවැනි විදෙස් ආයෝජකයන් කූට හා වංචනික ලෙස රැවටීමට ලක්කර ඔවුන්ගේ දේපල අත්පත් කරගැනීම ඔවුන්ට කරන ලොකු අසාධාරණයක් බවද ලසිත පෙරේරා මහතා පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ දරුවන් හදාවඩා ගැනීමට ලබාදීමේ නීති වෙනස්විය යුතු බවට ඇස් ඇරවූ කුඩා පාසල් ශිෂ්‍යාවගේ මරණය එරට තුළ දැඩි කතාබහක් ඇති කර තිබෙනවා.
ටියාලෙයිහ් පාමර් තමන් හදාවඩා ගැනීමට භාරගත් පියා අතින් මියයන විට ඇගේ වයස අවුරුදු 12ක් වූ අතර, පාසලේ නර්තන පන්තිය අවසන් වී ගෙදර පැමිණි ඇයගේ නිසල සිරුර යළි හමුවූයේ මාස කිහිපයකට පසුව අසල වූ ජලාශයකින්.
රික් තොර්බර්න් නමැති මෙම ඝාතකයා පුතුන් දෙදෙනෙකුගේ පියෙකු වනවා. ඒ අනුව, ඔහුගේ වැඩිමහලු පුත්‍රයා වන එවකට නව යොවුන් වියේ පසුවූ ට්‍රෙන්ට් අතින් මෙම දැරිය දූෂණයට ලක්වීමෙන් පසු ඇය ගැබ් ගැනීමෙන් තම පුත්‍රයාට වන හානිය වැළැක්වීමට ඔහු මෙම මරණය සිදුකර ඇති බව අධිකරණයේදී හෙළි කෙරුණා.
එහිදී, ඔවුන් සැලසුම් කර මෙම මරණය සිදුකර ඇති බවත්, මෙම මරණය සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට අමතරව, පවුලේ සියලු දෙනා සිරභාරයට ගැනුණා. ඔවුන්ට එල්ල වූ චෝදනා වූයේ මරණය වසන් කිරීමයි.
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළ මහත් කතාබහක් ඇති කළ මෙම මරණයෙන් පසුව දරුවන් වෙනත් අයට හදාවඩා ගැනීමට දීමේදී මීට වඩා විමසිලිමත් විය යුතු බවත්, එහිදී පාසල් පද්ධතිය පවා ඔවුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, නීති පද්ධතියේ වෙනසක් අවශ්‍ය බවත් අවධාරණය කෙරුණා.






අධික වැසි තත්ත්වයත් සමග සිදුවූ ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ගේ සහන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (26) පස්වරුවේ හලාවත ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
මේ අතර මහවැව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් හමුවූ ජනාධිපතිතුමා එම ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලීය.
අවතැන්වූවන් වෙනුවෙන් කි‍්‍රයාත්මක සුබසාධන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ද ති‍්‍රවිධ හමුදාවේ සහය ඇතිව විධිමත්ව කි‍්‍රයාවට නැංවීමට උපදෙස් දුන්නේය.
අදාළ සහන කටයුතු අදියර දෙකක් යටතේ කි‍්‍රයාවට නංවා තිබෙන අතර ආපදා අවස්ථාවේදී ලබාදිය යුතු සහන පිළිබඳව මෙන්ම ආපදා අවස්ථාව පහව යාමෙන් අනතුරව එම ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කි‍්‍රයාත්මක කළයුතු වැඩපිළිවෙළ පිළිබඳව ද රජය ඉතා වගකීමෙන් කටයුතු කරන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.


එමෙන්ම ආපදාවට ලක්වූ විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් සහ රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවල සේවකයින් වෙනුවෙන් විශේෂ සහනදායි වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා මෙම සියලූ සහන කටයුතු කි‍්‍රයාවට නැංවීමේදී කිසිවිටෙකත් චක‍්‍රලේඛ බාධාවක් කර නොගන්නා ලෙසත්, ජනතා අවශ්‍යතා අනුව එම තීන්දු තීරණ අවශ්‍ය පරිදි කි‍්‍රයාත්මක කරන ලෙසත් නිලධාරින්ට දැනුම් දුන්නේය.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් තම ජීවනෝපාය මාර්ගවලට සිදුවූ හානි පිළිබඳව ද මෙහිදී ප‍්‍රදේශයේ ජනතාව ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කළ අතර තම ජීවනෝපාය මාර්ග නැවත ගොඩනගා ගැනීම වෙනුවෙන් සහනදායී වැඩපිළිවෙලක් යටතේ ණය මුදලක් ලබා ගැනීමට සහය වෙන ලෙස ඔවුන් කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.
මෙම ආපදා අවස්ථාවලදී ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රාජ්‍ය සේවකයින් ප‍්‍රමුඛ ආරක්ෂක සාමාජිකයින් ඉටුකරන මෙහෙවර මෙහිදී අගය කළ ජනාධිපතිතුමා, ගංවතුරට කොටු වූ පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටියදී අතුරුදන් වූ පොලිස් නිලධාරියා වෙනුවෙන් ද සිය කණගාටුව පළ කළ අතර ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ගතයුතු පියවර කඩිනමින් සොයා බලන ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ජල ගැලීම හේතුවෙන් ගිලා බැසීමට ලක්වූ මැදගොඩ පාලම ද ඉන් අනතුරුව ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.
එහිදී ද ප‍්‍රදේශයේ ජනතාව හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලූ පිළිබඳ සොයා බැලූ අතර එම පාලම කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සදහන් කළේය.
ඉන් අනතුරුව ප‍්‍රදේශයේ අවතැන්වූ ජනතාව රඳවා සිටින නාත්තණ්ඩිය ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානය වෙත ද ගිය ජනාධිපතිතුමා එම ජනතාවගේ අඩු පාඩු පිළිබඳ සොයා බැලීය.
ප‍්‍රදේශයේ අවතැන් වූ පවුල් 40 ක පුද්ගලයන් 250 දෙනෙකු පමණ මෙහි තාවකාලිකව රඳවා තිබෙන අතර ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසමින් කෙටි කතා බහක ද නිරත විය.



“ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?”
“ඔයා බැඳලද?”
“ඔයා කඩුලුත් පැනලා තියෙනවා නේද?”
“ඔය කියන විශ්වවිද්‍යාලේ කොහෙද තියෙන්න කියලා පෙන්නනවද?”
ඉහත දැක්වෙන්නේ ඥාති මිත්‍රයෙකු හෝ මංගල කපු මහතෙකු විසින් තරුණියකගෙන් අසන ලද ප්‍රශ්න නොවේ.
සංවර්ධන නිලධාරී/නිලධාරිනී තනතුර සඳහා මෑතකදී දිවයින පුරා සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණ අවස්ථාවේ, ඒ සඳහා පෙනී සිටි ඇතැම් තරුණියන් පවසන ආකාරයට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල සිටි ඇතැම් පුරුෂයන් විසින් ඔවුන්ගෙන් අසන ලද ප්‍රශ්න ඉහත පරිදිය.
අප්‍රේල් මස අග දිවයිනේ යම් ස්ථානයක පැවති එවැනි සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටි උපාධිධාරී තරුණියක් අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට “බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් සිටීදැයි” ඇසීම පෞද්ගලිකත්වයට අනිසි ලෙස එබිකම් කිරීමක් යැයි හැඟෙන බවය.
සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ ඇය වැඩිදුරටත් සඳහන් කළේ පුරුෂයන්ගෙන් පමණක් සැදුම්ලත් පරීක්ෂණ මණ්ඩලය තමන්ගෙන් පෞද්ගලික කරුණු වැඩි වශයෙන් විමසු බවය.
රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන් සාමාජිකත්වය දරන එක් ෆේස්බුක් කණ්ඩායමක (Group) අදහස් දක්වමින් තරුණියක් කියා සිටියේ තමන් විවාහක දැයි එහි සිටි එක් නිලධාරියෙකු තමන්ගෙන් විමසන ලද බවය.
සිය අධ්‍යාපන සහතිකවලට වඩා මෙවර සම්මුඛ පරීක්ෂණයේදී බාහිර ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ බව පැවසු උපාධිධාරී තවත් තරුණියක් කියා සිටියේ සිය ක්‍රීඩා සහතික ඉදිරිපත් කළ අවස්ථාවේ එහි සිටි නිලධාරීන් තමා කඩුලු පැන ඇත්දැයි “අමුතු ආකාරයකට” විමසූ බවය.
“ආ මෙයා කඩුලුත් පැනලා තියෙනවා” යනුවෙන් පවසමින් එම නිලධාරියා සෙසු නිලධාරීන් දෙදෙනාගේ මුහුණු දෙස බැලූ බව අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිරිනමන ලද විදෙස් ශිෂ්‍යත්වයක් ලබා උපාධිය සම්පූර්ණ කරන ලද තවත් තරුණියක් කියා සිටියේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි නිලධාරීන් විසින් තමන් “හාස්‍යයට සහ අපහසුතාවට” ලක්වන ආකාරයේ කරුණු විමසන ලද බවය.
“යුජීසී එකේ සහතිකය තිබියදීත් ඔහු මගෙන් ඇහුවා මේ විශ්වවිද්‍යාලේ කොහෙද තියෙන්නේ කියලා. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින්ම ලබා දෙන ශිෂ්‍යත්ව ගැන මේ නිලධාරීන්ට අවබෝධයක් නැහැ” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
උපාධිය නිම කර රැකියාවක් නොමැතිව වසර ගණනක් නිවසේත් මහමගත් කල දවස ගෙවෙන තරුණ තරුණියන් මුහුණ දෙන මානසික පීඩාව අතිමහත්ය.
රැකියාවක් බලාපොරොත්තුවෙන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා පැමිණි තමන්ගෙන් ඊට කිසිසේත්ම අදාළ නොවන ප්‍රශ්න ඇසීම සිය මානසික පීඩනය තවත් උග්‍ර කරවන්නක් බව ඉහත කී තරුණියෝ පවසති.
“රැකියාව, උසස්වීම්, ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට ලිංගික අල්ලස්, මුදල් ලබා දීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙලා.”
“කොතෙක්ද කියනවා නම් ලිංගික අල්ලස් ගැනීම පන්සල්, පල්ලි දක්වා ගිහින් තිබෙන්නේ”
කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා සහ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය අනූෂා එදිරිසිංහ කියා සිටියේ සම්මුඛ පරීක්ෂණ මඩුල්ලක් පුරුෂයන්ගෙන් පමණක් සමන්විත නොවිය යුතු බවය.
එමෙන්ම සම්මුඛ පරීක්ෂණයකදී පෞද්ගලිකත්වය උල්ලංඝනය වන කරුණු විමසීම නොකළ යුතු බවත් ඇය අවධාරණය කරන්නීය.
“පෙම්වතෙක් ඉන්නවද කියලා අහන්න බැහැ, ඒක පුද්ගලික නිදහසට ප්‍රශ්නයක්.”
ශ්‍රී ලංකාවේ පවතින “සිස්ටම් එක තුළ” කාන්තා පාර්ශ්වය සිය අයිතීන් වෙනුවෙන් හඬ නැගීමට බියක් දක්වන බව ද ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දෙන්නීය.
“ගැහැණු ළමුන් සමාජ ගත කර තිබෙන්නේ ‘ඔයා අනික් අයට යටත්ව ඉන්න’, ඉතින් ඔය තුළ ළමයි කතා කරන්න බයයි. පිරිමි කෙනෙක්ට විරුද්ධව යන්නේ නැහැ.”
“එහෙම නැතිනම් මේ ළමයි ඒ දේවල්වලට එරෙහි වෙන්න ඕනි නේද?” යනුවෙන් ආචාර්ය එදිරිසිංහ ප්‍රශ්න කළාය.
කෙසේ නමුත් සම්මුඛ පරීක්ෂණයකදී පෙම්වතා හෝ අතිශය පෞද්ගලික තොරතුරු විමසීම “ලිංගික අඩන්තේට්ටම්” යටතට ගැනෙන බව ඇය අවධාරණය කරන්නීය.
සංවර්ධන නිලධාරිනී හෝ වෙනත් තනතුරක් සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයකදී පෞද්ගලිකත්වය උල්ලංඝනය කෙරෙන ලිංගික අඩන්තේට්ටම් යටතට ගැනෙන ඉහත කී ආකාරයේ ප්‍රශ්න කිරීම්වලට එරෙහිව ගත හැකි පියවර මොනවාද?
ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා ආචාර්ය අනූෂා එදිරිසිංහ පවසන පරිදී එවැනි ප්‍රශ්න කිරීම්වලට එරෙහිව ගත හැකි පියවර:
♦ දිස්ත්‍රික් ලේකම්/ලේකම්වරියට හෝ ආයතනික ප්‍රධානියාට පැමිණිලි කිරීම
♦ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීම
♦ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම
ඉහත කී ආකාරයේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ප්‍රශ්න කිරීම්වලට ලක් වූ තරුණියන් සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටියේ එමගින් තමන්ට ඉදිරියේදී රැකියාවක් ලබා ගැනීමේ දුෂ්කරතා ඇති වෙතැයි බිය පළ කරමිනි.
ලිංගික අඩන්තේට්ටම් හෝ ඒ ආකාරයේ වෙනත් හිංසනයන්ට ගොදුරු වන තරුණියන් සහ කාන්තාවන්ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණ සිය අනන්‍යතාව හෙළි නොකර ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැකි බව ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දෙයි.
“මානව හිමිකම් කොමිසමෙන් දැන් හදලා තිබෙනවා ලිංගික අඩන්තේට්ටම්වලට එරෙහිව ප්‍රතිපත්තිය.ඒ නිසා ඕනෑම කෙනෙකුට පැමිණිල්ලක් කරන්න පුළුවන්.”
සංවර්ධන නිලධාරී/නිලධාරිනී තනතුර සඳහා පැවති සම්මුඛ පරීක්ෂණවලදී අතිශය පෞද්ගලික තොරතුරු විමසීම වැරදි සහගත ක්‍රියාවක් බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර පැවසීය.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉහත කී ආකාරයේ ප්‍රශ්න කිරීමකට ලක් වූ අයෙකු ඒ සම්බන්ධයෙන් සිය අමාත්‍යංශයට පැමිණිලි කරන්නේ නම් ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට තමන් සුදානම් බවය.

ටෙස්‌ට් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාට පෙරේදා (24දා) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක් විසින් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
ගොනාකෝවිලේ රෝහණ නමැනි පාතාල නායකයා සහ ගොනාකෝවිලේ අංජු නමැති පාතාල නායකයා අතර කාලයක පටන් ගැටුම් හටගෙන තිබූ අතර ඒ ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇත්දැයි පොලිසිය සැක පහළ කරයි. ගොනාකෝවිලේ රෝහණ සහ රන්ජන් ද සිල්වා අතර හිතවක්‌කමක් තිබූ බවත් රෝහණ ඇතුළු කල්ලියට රැකවරණය ලබා දීමට රන්ජන් මහතා කටයුතු කර තිබූ බවත් පොලිසිය වෙත තොරතුරු ලැබී තිබිණි. මීට ඉහත අවස්‌ථා කිහිපයකදීම රත්මලානේ දී පාර්ශ්ව කිහිපයක් සමග රන්ජන් ද සිල්වා අතර ගැටුම් හටගෙන තිබූ අතර මෙම ඝාතනය පිටුපස ඒ කණ්‌ඩායම් සිටින්නේදැයි යන්න පිළිබඳවද පොලිසිය සොයා බලාගෙන යයි.
තිදරු පියෙකු වන රංජන් සිල්වාගේ බාල පුතු ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මවුබිමට අභිමානයක් ගෙන එද්දි ඔහුගේ වැඩිමහල් පුතු සාවිත්‍ර රමාල් ද සිල්වාද මින් පෙර කතාබහට ලක්වූ චරිතයක් ශ්‍රී ලංකාවේ ලබාලතම නාගරික මන්ත්‍රීවරයා ලෙස දෙහිවල ගල්කිස්ස නගර සභාව නියෝජනය කළ සාවිත්‍ර ද සිල්වා 2015 ජනාධිපතිවරණයේදි සිදු කළ ක්‍රියාවක් කතාබහට ලක්වූවා 2015 ජනාධිපතිවරණය සමයේ එවකට එක්සත් ජනතා නිදහස් සංධානයේ සිට පොදු විපක්ෂයට පැමිණීමට සාවිත්‍ර ද සිල්වා එජාපයේ මාධ්‍ය හමුවකට සහභාගී වූවා.
මේ සදහා එවකට කොළඹ දිස්ත්‍රීක් පාර්ලීමේන්තු මන්ත්‍රී සූජීව සේනසිංහ ඇතුලු පිරිසක්ද සහභාගීව සිටියා කෙසේ වෙතත් එජාප මාධ්‍ය හමුවේදි තමන් පක්ෂය මාරු නොකරන බවටත් ජනාධිපතිවරයා පාවා දීමටත් නොහැකි බව කියමින් සාවිත්‍ර ද සිල්වා මාධ්‍ය හමුවෙන් නැගිට ඒම අතිශය කතාබහට ලක්වූවා.
2015 ජනපතිවරණය සමයේ සාවිත්‍ර ද සිල්වා සහභාගී වූ මාධ්‍ය හමුව පහතින්