Tag: featured

  • බල අරගලය බලු පොරයක් වෙලා… බැසිල්ගේ උපන්දින සැමරුමට ගෝඨා පිලේ බල්ලෙක්වත් නෑ..!

    බල අරගලය බලු පොරයක් වෙලා… බැසිල්ගේ උපන්දින සැමරුමට ගෝඨා පිලේ බල්ලෙක්වත් නෑ..!

    හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය 19 වැනිදා නෙලුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ ආරම්භ කිරීමේ චාම් උත්සවයේදී මාධ්‍ය වෙත පලකරන ලද අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් අප ඔබට තොරතුරු ගෙන ආවා මතක ඇති.

    පසුගිය සති කිහිපය තුළම විමල් විරවංශ, ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව පෙරැත්ත කරමින් කැමති කරවා ගනිමින් සිටින බවට ඔවුන් තැන් තැන් වල කියමින් සිටින ප්‍රකට කරුණක්.

    එම දේවල් වලට දැසි පිළිතුරක් සපයමින් ජාතික පුවත්පතක් සඳහා තීරු ලිපියක් පල කරන බැසිල් රාජපක්‍ෂ මහතාගේ දේශපාලන උපදේශක චරිත හේරත් මහතා විසින් ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගය පිළිබඳව දැඩි පහරක් එල්ල කරන ලදී.

    ඉන් පසු එයට උත්තර සැපයූ විමල් වීරවංශට හිටපු ඇමති එස් එම් චන්ද්‍රසේන විසින් ප්‍රබල පිළිතුරක් සැපයූයේ එකාබද්ධයේ විහිලුවක් ලෙස ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගය සඳහන් කරමිනි.

    එමෙන්ම මේ දිනවල පොදුජන පෙරමුණේ නෙළුම් මාවත කාර්‍යාලය තුල වඩාත් ආන්දෝලනයට තුඩු දී ඇති මාතෘකා අතර ඉදිරියෙන්ම තිබෙන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා සම්භන්ධයෙන් වූ උභතෝකෝටිකය යි.

    නිතරඟයෙන්ම මේ සඳහා යෝජනා වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම් වෙනුවට, පක්ෂයේ ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂගේ නම යෝජනා කිරීමට පස් දෙනෙකුගේ කල්ලියකින් සමන්විත විද්වත් මණ්ඩළයක් වෑයම් කරනා බව මේ සම්භන්ධයෙන් තතු දත්තෝ පවසති.

    මෙසේ දිනෙන් දින දලුලා වැඩෙන 2020 ජනාධිපතිවරණ සටනේ “බැසිල්-ගෝඨාභය අළු යට ගිණි” ඉදිරියේදී ප්‍රසිද්ධ වේදිකාවල පවා දැකගත හැකිවනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයෝ අදහස් මීට පෙර ප්‍රකාශ කල අතර දැන් දැන් මේ දක්නට ඇත්තේ එයයි.

    පොහොට්ටුව බැසිල් රාජපක්ෂගේ වීමත් , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් ලෙස සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෝඨාභයට සහය පල කිරීමත් නිසා මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා දැන් පත්ව සිටින්නේ උහතෝකෝටික ප්‍රශ්නයකට බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    මීට ළඟම උදාහරණය වන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ අප්‍රේල් 23 වෙනිදා පැවති ඔහුගේ උපන්දිනයටවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකු සහභභාගී වී නැත.

    එහි ඡායාරූප පහතින්,

     

  • කලිසම් ඇදපු ගෑණු ටිකක් නේ තනතුරු වලට දාලා ඉන්නේ. අකිල විරාජ්ලා.. මහජනයා කුපිත වෙයි…

    කලිසම් ඇදපු ගෑණු ටිකක් නේ තනතුරු වලට දාලා ඉන්නේ. අකිල විරාජ්ලා.. මහජනයා කුපිත වෙයි…

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ ගැන පැමිණිළි කිරීමට අල්ලස් කොමිසමට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ දී මහ මගදී හමුවූ පුද්ගලයෙකු එජාප ප්‍රතිසංවිධානය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා හට දැඩි විවේචනාත්මක අදහස් පළ කළා.

    මහජනයා දූෂණයට විරුද්ධව රාජපක්ෂවරු එළෙව්ව නමුත් මේ ආණ්ඩුව කිසිවක් නොකළ බවටද ඔහු චෝදනා නැගුවා.

    එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෙක් ලෙස තමා අතිශයින් කණගාටුවන බවත් වර්තමාන නායකයින් කිසිවෙකුට හෝ පාක්ෂිකයින් කැමති නැති බවත් සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක සහ රන්ජන් රාමනායක වැනි පිරිස් පක්ෂයේ තනතුරුවලට පත් විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

    “සජිත් ප්‍රේමදාස මැතිතුමාට මොකද්ද මේ වෙන්නේ? දැන් බලන්න මේ ගෑණු ටිකක් දාල් මේ කරන වැඩේ. ගෑණු ටිකක් නේ ඉන්නේ. අකිල විරාජ්ලා..”

    කෙසේ වෙතත් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියේ “ගෑණු ටිකක් දාලා මේ කරන වැඩේ” යනුවෙන් එම පුද්ගලයා කළ ප්‍රකාශය පළ නොකරන ලෙස ඉල්ලමින්. වීඩියෝව පහතින්…

  • රුපියලේ අගය පිරිහුණත් විදේශ ණය පියවීමට එය බාධාවක්‌ නොවේ

    රුපියලේ අගය පිරිහුණත් විදේශ ණය පියවීමට එය බාධාවක්‌ නොවේ

    ගිය වර්ෂය (2017) සඳහා වන මහ බැංකුවේ නවතම වාර්තාව ඊයේ (26 දා) නිකුත් වූ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පිරිහුණත් එය විදේශ ණය පියවීමට කිසිදු බාධාවක්‌ නොවන්නේ යෑයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ඊයේ (26 දා) මහ බැංකු මූලස්‌ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
     
    විදේශ මුදල්වලින් ගන්නා ණය පියවන්නේ විදේශ මුදල්වලින් නිසා එහිදී විදේශ ණය බර වැඩිවීමක්‌ සිදුනොවන බවද මහ බැංකු අධිපතිවරයා එහිදී කියා සිටි අතර  ගිය වර්ෂය (2017) සඳහා වන නවතම මහ බැංකු වාර්තාව නිකුත් වීම නිමිත්තෙන් ඊයේ (26 දා) මහ බැංකු මූලස්‌ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රුපියල පිරිහීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ,
     
    ” අප විදේශ ණය ගන්නේ විදේශ විනිමයෙන්. එනම් ඇමරිකානු ඩොලර්වලින්. ඒවා නැවත ගෙවිය යුතු වන්නේද ඇමරිකානු ඩොලර් වලින්. ගිණුම්කරණ අවශ්‍යතාවලදී එය රුපියලේ වටිනාකමින් සටහන් කරනවා. එවිට එම අගය ඉහළ යනවා. එහෙත් විදේශ ණය පියවීමේදී ඒවා ගෙවන්නේද ඩොලර්වලින්. ඒ නිසා රුපියල පිරිහීම නිසා විශාල මුදලක්‌ රජයට අහිමි වෙනවා කීම සහ එම මුදල් වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්න තිබුණා කියා කීම සම්පූර්ණයෙන්ම කිසිම තේරුමක්‌ නැති කතාවක්‌ බවද එසේ නම් එහි අනිත් පැත්ත සැලකූ විට රුපියල අධිප්‍රමාණය කිරීමෙන් රජයට මුදල් උපයා ගතහැකි බවද ඒ නිසා රුපියල පිරිහීම නිසා රජයට මුදල් අහිමි වන්නේ යෑයි කීම සම්පූර්ණයෙන්ම නොමග යවන සුළු ප්‍රකාශයක්‌ බවද මහ බැංකු අධිපතිවරයා කීවේය. ගිය වසරේ (2017) ආර්ථිකය සියයට 3.1 කින් වර්ධනය වෙලා තියෙනවා. අපි හිතන්නේ විභව ආර්ථික වර්ධන වේගය සියයට 5.75 ක්‌ කියලයි. ඒ අනුව ඉතාම පැහැදිලිව නිමවුමේ විශාල පරතරයක්‌ තියෙනවා. ඒ නිසයි සති කිහිපයකට පෙර මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීමකට ලක්‌ කළේ. එමගින් යම් ප්‍රගතියක්‌ ලැබෙයි. ඒ සඳහා අපට ආයෝජන අවශ්‍යයි. එහෙත් අපට අඛණ්‌ඩ ප්‍රතිසංස්‌කරණ සමග ඉහළ ආර්ථික වර්ධනයකට යන්න අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා සිනහමුසුව කීවේය.
     
     මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ කීවේය.
     
     “අද මහ බැංකු වාර්තාව (2017) මුදල් නීති පනත අනුව මුදල් ඇමැතිතුමාට පිළිගැන්වූවා. 2017 වසරේ සහ 2018 වසරේ පසුගිය මාස තුන ඇතුළත උද්ධමනය පාලනය කර ගැනීමට අපට හැකි වුණා. නමුත් ආර්ථික වර්ධන වේගය ගත්තම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අපි බලාපොරොත්තු වුණාට වඩා අඩු වාර්ෂික වර්ධනයක්‌ ලැබිලා තිබෙන්නේ සියයට 3.1 ක්‌ කියන්නේ අපේ රටේ ලබාගත හැකි ආර්ථික වර්ධන වේගයට වඩා තරමක්‌ අඩු වර්ධන වේගයක්‌. එය සලකා බලා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කරන රාමුවෙන් යම්කිසි ආකාරයකින් ඉවත් වෙලා අපි සාමාන්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන තත්ත්වයකට පත් කළා. ඒ අනුව උද්ධමනය මේ මට්‌ටමේ පවත්වාගෙන යන ගමන් ආර්ථික වර්ධනයේ යම්කිසි ඉහළ මට්‌ටමක්‌ ඉදිරියේදී ඇති වෙයි කියල අපේක්‍ෂා කරනවා.
     
     2017 වසර තුළදී සියයට 2 කින් තමයි විනිමය අනුපාතය අවප්‍රමාණය වුණේ. විදේශ විනිමය අනුපාතය පාලනය කිරීමේදී 2017 මාර්තු, අප්‍රේල් මාසවලින් පසුව අදාළ මහ බැංකු විදේශ විනිමය අනුපාතය තීරණය කිරීමේදී මහ බැංකුවේ මැදිහත් වීම පුළුවන් තරම් අයින් කරල තියෙන්නේ. අපි මැදිහත් වුණේ සංචිත ගොඩනැඟීමේ අවස්‌ථාවට පමණයි. එවැනි තත්ත්වයක්‌ තුළත් විදේශ විනිමය වෙළෙඳ පොළ ඉතාම ස්‌ථාවර ආකාරයකට හැසිරුණා. විශේෂයෙන් වෙළෙඳ පොළ තුළින් තීරණය වූ විදේශ විනිමය අනුපාතයක්‌ තිබුණා. ඒ අනුව පසුගිය දිනවල අපි දැක්‌කා විදේශ විනිමය අනුපාතයේ යම්කිසි ආකාරයක විචලනයක්‌. එක එක වෙලාවට අඩු වෙනව සහ වැඩි වෙනවා වගේ තත්ත්වයන් දිගටම දක්‌නට ලැබුණා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්‌. මහ බැංකුවේ මැදිහත්වීම අඩු නිසා ඉස්‌සරට වඩා උච්චාවචනය වීම වැඩියි. ඒක වැඩිනම් ඊට මැදිහත් වෙලා කටයුතු කරන්නත් මහ බැංකුවට අයිතියක්‌ තියෙනවා.”

  • ඇත්ත නොදැන නොමග යන අසැබි ලොව තුල අතරමංව විකෘති වූ ලිංගිකත්වය සමග ජිවත් වන අපි

    ඇත්ත නොදැන නොමග යන අසැබි ලොව තුල අතරමංව විකෘති වූ ලිංගිකත්වය සමග ජිවත් වන අපි

    ලිංගිකත්වය නොමග යැම අද මේ රටේ කොතරම් දුරදිග ගොස්‌ තිබේද යත් ඒ ගැන කතා නොකර සිටීම රජයට පවා කළ නොහැකිවී තිබේ.

    එම බරපතල ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙම ලිපිය සිංහලෙන් නොව ඉංගී්‍රසියෙන් ලිවීමට මම මුලින් පෙළඹුනෙමි.

    එයට හේතුව සිංහල පාඨකයා පමණක්‌ නොව සිංහල පුවත්පත් පවා ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්න ගැඹුරින් සාකච්ඡා කිරීමට නුහුරු යෑයි මා සිතීමය.

    එහෙත් මෙවැනි ප්‍රශ්න මේ රටේ බහුතර ජනයාගේ කතා කිරීමේ, ලිවීමේ මෙන්ම විශේෂයෙන්ම සිතීමේ භාෂාව වන සිංහලෙන්ම ලිවීමෙන් එම නුහුරුබව බිඳීමට උත්සාහ දැරිය යුතු යෑයි මට දෙවනුව සිතිණ. මෙම ලිපිය එහි ප්‍රතිඵලයකි.

    ලිංගිකත්වය යහ මගට යොමු කිරීම වත්මන් දේශපාලනය මගින් කළ හැක්‌කක්‌ නොවේ.

    ලිංගිකත්වය විකෘති වීමට තුඩුදුන් එක්‌ ප්‍රබල හේතුවක්‌ ඇත්තේද විකෘතිවූ දේශපාලනය වන බැවිනි.

    වර්තමාන ගෝලීය ධනේශ්වර ආර්ථික ක්‍රමය එහි ඉතිහාසයේ දරුණුතම අවපාතය කරා ඇද වැටෙමින් ඇත.

    එම ක්‍රමයට බද්ධවුණු දේශපාලනයද එකී ඉරණම කරා නිතැතින් ඇදෙමින් පවතී. මෙම දේශපාලන හා ආර්ථික බද්ධවීම යටතේ දිවෙන සමාජ ක්‍රමයද ඒ අනුව ගරාවැටෙමින් ඇත.

    එවැනි බරපතල කඩාවැටීමකින් ලොව බේරාගැනීම පවතින දේශපාලන ක්‍රමයට සිදුකළ නොහැක්‌කකි. ඒ වෙනුවට අලුත් දේශපාලනයක්‌ බිහිවිය යුතුය.

    සාමාන්‍ය මනුෂ්‍යයා එවැනි යමෙක හෝ සාධාරණවූ භෞතික ලෝකයක බිහිවීමක්‌ නොදකින කල අධ්‍යාත්මිකව ඔහු හෝ ඈ අන්දමන්ද වෙයි.

    මනුෂ්‍යයා විසින් මනුෂ්‍යයා සූරාකනු ලැබීම මත පවතින මෙවන් සමාජයන් අධ්‍යාත්මික අතින් විකෘතිවීම පුදුමයක්‌ නොවේ. එසේ නොවුවහොත්ය පුදුමය.

    ලිංගිකත්වය විකෘතිවීම සමාජය පිරිහීමේ මූලික ලක්‍ෂණයකි. එම පිරිහීම විදහා දැක්‌වෙන කරුණු රැසක්‌ අද මේ සමාජය තුළ ඉස්‌මතුවී ඇත.

    ස්‌ත්‍රී දූෂණ, ඊට සෘජුව සම්බන්ධ වන හා නොවන මිනීමැරුම් හෝ වෙනත් අපරාධ හා සියලු ආකාරයේ දූෂණ එකී කරුණු වේ.

    එවැනි බොහෝ දරුණු අපරාධ හුදෙක්‌ දේපළක්‌ පුහු සමාජ තත්ත්වයන් මත පදනම්වීම හේතුකොට ගෙන ආදරය නොහඳුනන විවාහයන් හා ලිංගික සබඳතා හෝ හැසිරීම් රටා යනාදී සියලුම ක්‍රියාදාමයන් නිසා විකෘතිවූ ලිංගිකත්වයේ ප්‍රතිඵල වශයෙන් සැලකිය හැකිය.

    බොරුව, ව්‍යාජත්වය, අධිමානය හා එම කාසියේම අනික්‌ පැත්ත වන හීනමානයද එම ගනයටම ඇතුළත් කළ යුතුවේ.

    ඇත්ත වශයෙන් අද සමාජයේ ප්‍රචලිතව පවතින සෑම හැසිරීම් හා චින්තන රටාවක්‌ම පාහේ විකෘතිවූ ලිංගිකත්වයේ ප්‍රතිඵලයන් බවට පත්ව ඇත.

    කොටින්ම කියතොත් අද බොහෝ සාහිත්‍ය හා වෙනත් කලා කෘතීන් ඊට දැක්‌විය හැකි නිදසුන් බවට පත්වී තිබේ. මෙයින් අදහස්‌ කෙරෙන්නේ ලිංගිකත්වය පිළිබිඹු කිරීම විකෘතිතාවක්‌ යන්න නොවේ. විකෘතිවූ ලිංගිකත්ව නිරූපණයක්‌ කලාත්මකව ඉදිරිපත් කිරීමෙන් බිහිවුණු විශිෂ්ට කෘති ලොව පහල වී ඇත.

    විලියම් ශේක්‌ස්‌පියර්ගේ “ඔතැලෝ” නාට්‍යය සහ ඩී. එච්. ලෝරන්ස්‌ගේ “චැටලි ආර්යාවගේ පෙම්වතා” නවකථාව වැනි කොතෙකුත් උදාහරණ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැක.

    එමෙන්ම. හුදෙක්‌ නග්නත්වය පිළිබිඹු වන නිසා කිසියම් චිත්‍රයක්‌ හෝ චිත්‍රපටයක්‌ විකෘති වූවක්‌ද නොවෙන්නේය.

    එසේ වන්නේ නම් සීගිරි බිතුසිතුවම් හා ඉසුරුමුනි පෙම් යුවළ දැක්‌වෙන මූර්තියද භාරතයේ කැජරාවෝ බිතුසිතුවම් හා කෝනාරාහි මූර්තිද විකෘති ගනයට වැටිය යුතුය. එහෙත් එය එසේ නොවේ. ඇත්තෙන්ම, භාරතයේ ඉහත කී කලාකෘතීන් ගෘංගාර ආධ්‍යාත්මකත්වයේ නිදර්ශන වශයෙන් පවා සැලකේ.

    විකෘති ඒවා හැටියට සැලකෙන්නේ අසභ්‍ය කෘතීන්ය. ලිංගිකත්වය වනාහි ස්‌වභාවික දෙයකි.

    විකෘති හැසිරීමක්‌ හෝ සිතුවිල්ලක්‌ වුවද කලාත්මකව ඉදිරිපත් කළ හැකිය. එසේ කලාත්මකව ඉදිරිපත් නොවුවහොත් එම කෘතිය අසභ්‍ය ගනයට වැටේ. අසභ්‍ය වන්නේ ලිංගිකත්වය නොව ලිංගිකත්වය විකෘතිවීමයි.

    එවැනි විකෘතිවලට සමාජය ඇදී යන්නේ සමාජ ක්‍රමය විසින් එම අදාළ සමාජය විකෘති වූවක්‌ බවට පත්කරනු ලැබ ඇති බැවිනි.

    ලිංගිකත්වය කෙලින්ම පිළිබිඹු නොකෙරෙන චිත්‍රයක්‌, චිත්‍රපටයක්‌, නවකථාවක්‌, කෙටිකථාවක්‌ හෝ කවියක්‌ වුවද අසභ්‍ය ගනයට වැටෙත හැකිය. කලාත්මකව ඉදිරිපත් නොකෙරෙන රළු යමක්‌ අසභ්‍ය ගනයට වැටෙන බව මගේ අදහසයි. එවැන්නකින් සිදුවන්නේ සමාජ දූෂණයකි.

    නූතන තාක්‍ෂණයේ දියුණුව විදහාපාන සොයා ගැනීමක්‌ වන ජංගම දුරකථන මගින් එවැනි අසභ්‍ය දේ ඉදිරිපත් කෙරේ.

    එය එවැනි සොයා ගැනීමක ගැබ්වුණු කිසියම් දුබලතාවක විපාකයක්‌ නොවේ. ඒවා එම අයුතු ප්‍රයෝජනය සඳහා යොදවා ගන්නන්ගේ සාපරාධී ක්‍රියාවන්ය. සමාජය දූෂණය වී ලිංගිකත්වය විකෘති වූවිට එවැනි අපරාධවලට ලාභදායි වෙළෙඳපොළක්‌ද ඇතිවේ.

    ලිංගික හැසිරීම් පමණක්‌ නොව ඕනෑම හැසිරීමක්‌, කතාබහක්‌, බැල්මක්‌, සුසුමක්‌ පවා අසභ්‍ය යමක්‌ විය හැකිය.

    ඒ අතින් අද බොහෝ පතපොත, සිනමා කෘති, ටෙලි නාටක, සංගීතය හා ගීත පමණක්‌ නොව වෙළෙඳ දැන්වීම්ද අසභ්‍ය ගනයට වැටීමට ඉඩ ඇත. එසේ වීමට මූලික හේතුව ඒවායේ පදනම විකෘතිතාව, බොරුව හා ව්‍යාජත්වය වීමයි.

    කිසියම් රජයකට එම ක්‍රියාදාමයන් තහනම් කළ නොහැක. මක්‌නිසාද යත් ඒවා උත්පාදනය කරනු ලබන්නේ පිරිහුණු සමාජයක්‌ විසින් වන නිසාය.

    ඒවා සමාජ පිරිහීම නතර කිරීමෙන් මෙහා වැලැක්‌විය නොහැක. තහනම් කරන්ට කරන්ට ඒවා හොරෙන් බැලීම හා කියවීම වැඩිවනු ඇත.

    එසේ වෙත්ම ඒවා හොරෙන් ඉදිරිපත් කිරීමද වැඩිවනු ඇත. එහිදී කසිප්පු හා මත්කුඩු බෙදා හැරීමේදී මෙන් බලධාරීන්ට පගාව දීම වැනි වෙනත් දූෂණයන්ද වැඩිවෙයි.

    “වැඩිහිටියන්ට පමණයි” යන ලේබලය යටතේවූ චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීම වහාම තහනම් කිරීමට රජය තීරණය ගෙන ඇතැයි සංස්‌කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිවරයා පැවසූ වගක්‌ පසුගිය දිනක පුවත්පතක පළවිය.

    ඊට අමතරව අශ්ලීල හා අසභ්‍ය ප්‍රකාශන හා චිත්‍රපට සම්බන්ධයෙනුත් දැනට පවතින නීති දැඩිකර ඒවා බරපතල දඬුවමකට යටත් කළ හැකි පරිදි නීති සම්පාදනය කෙරෙන බවද පසුගියදා පුවත්පත් මගින් දැනගන්නට ලැබිණි.

    මේ අතර, රූපවාහිනි මාධ්‍යයේ දැන්වීම්වල අන්තර්ගතය හා ඒවා පාසල් ළමුන්ට බලපාන අන්දම ගැන ජනාධිපතිවරයා සිය නොකැමැත්ත පළකළ බවත්, තමා ඒ ගැන සංස්‌කෘතික කටයුතු පිළිබඳ ඇමැතිවරයාට දන්වා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයිද පුවත්පත්වල වාර්තා විය.

    පසුගිය දිනවල එලෙස ප්‍රචාරය වුණු කරුණු අනුව අධිකරණ නියෝග යටතේ වැඩිහිටි වෙබ් අඩවි 12 ක්‌ අවහිර කරනු ලැබ ඇති අතර තවත් ඒවා එසේ අවහිර කරනු ලැබීමට හෝ අන්තර්ජාලයෙන් ඉවත්කර දමනු ලැබීමට ඉඩ තිබෙන බවක්‌ද දැනගන්නට ඇත.

    අසභ්‍ය දෑ ඇතුළත් වෙබ් අඩවි සංඛ්‍යාව මිලියන 4.2 ක්‌ වන බවද සොයා ගෙන තිබේ. දෛනිකව මෙම වෙබ් අඩවි සඳහා ලැබෙන ඉල්ලීම් සංඛ්‍යාව මිලියන 68 කි.

    අන්තර්ජාල කාමුක නිපැයුම් අලෙවියෙන් වසරකට ලැබෙන ආදායම ඩොලර් බිලියන 4.9 ක, එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලංකාවට දීමට ගිවිසගෙන ඇති සම්පූර්ණ ණය මුදල මෙන් දෙගුණයකට ආසන්න මුදල් ප්‍රමාණයකි.

    මේ අනුව, තහනමකින් මෙවැනි අසභ්‍ය බලවේගයන් මැඬලිය නොහැක.

    මේසා නිර්ල-ජි තත්ත්වයක්‌ උත්පාදනය වීමට හේතුව සමාජ පිරිහීම නොහොත් සමාජ ජීවිතය අසභ්‍යත්වයට නැඹුරුවීමයි.

    එසේ වීමට තුඩුදී ඇත්තේ සමාජ ක්‍රමය හා එය රකින දේශපාලනයයි. කිසියම් රජයක්‌ මෙම අශ්ලීලත්වය තහනමකින් මර්දනය කළ හැකැයි සිතීම මුළාවීමකට වඩා සමාජය තවදුරටත් මුළාකිරීමකි.

    ලිංගිකත්වය අසභ්‍ය යමක්‌ බවට පෙරළීම ලිංගික පීඩනය හේතුකොට ගෙන ඇතිවන උමතුවකි. එය දැන් සමාජ උමතුවක්‌ බවට පත්ව ඇත.

    එවැනි උමතුවක්‌ තහනමකින් සුවකළ නොහැක. ලිංගික පීඩනය සමාජ ක්‍රමයේ තිබෙන නොසංඩාලකමේ ප්‍රතිඵලයකි.

    සමාජ ක්‍රමය වෙනස්‌ නොකර තහනම් හෝ තහංචි පැනවීමෙන් සිදුකෙරෙන්නේ කැට මුගුරු මගින් පැසිස්‌ට්‌වාදය කරා ජනතාව දක්‌කනු ලැබීමයි. පැසිස්‌ට්‌වාදය යනු සංවිධානාත්මක ගූඨවාදයකි. එයින් මනුෂ්‍ය වර්ගයාගේ විනාශය කඩිනම් කෙරේ.

    ප්‍රජාතන්ත්‍රවාදය එසේ නොවේ. සමාජයේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සපයාගත හැක්‌කේ ප්‍රජාතන්ත්‍රවාදය තුළිනි. ප්‍රජාතන්ත්‍රවාදයට හුරුවන තැනැත්තා ලිංගිකවද ස්‌වභාවිකත්වයට පත්වෙයි.

    සමාජය තුළ එවැනි තත්ත්වයකට ඇති ඉඩකඩ ඇහිරුණු විට මනුෂ්‍යයා ඇත්තෙන්ම ලොකුකම හිතට ගත් පුංචි මිනිසෙකු බවට පත්වෙයි.

    ඔහු එවිට පුංචි පුංචි දේවල් පසුපස ගොස්‌ තම අතෘප්තියෙන් මිදීමට උත්සාහ දරයි. අසභ්‍ය දෑ ඔහුට සාමාන්‍ය දෑ බවට පත්වෙයි.

    ඒ පුංචි මිනිසාට හෝ ගැහැනියට තමා ශේ්‍රෂ්ඨ මනුෂ්‍යයකු බව පෙනී යැමෙන් පමණකි අසභ්‍යත්වයෙන් ඔහු හෝ ඇය ඉවත්වන්නේ. ඒ සඳහා නියම සිතුම් පැතුම්වලටත් සාහිත්‍යයට හා සෙසු කලාවන්ටත් සෑම අතින්ම, සෑමවිටම නිදහසක්‌ තිබිය යුතුය.

    එම නිදහස අපි දිනාගත යුතුව ඇත්තෙමු. අසභ්‍යවූ සමාජ රටාව සභ්‍යවූවක්‌ බවට පත්වන්නේ එවිටය.

    එකල්හි පුංචි මිනිසා තම පුංචිකම වටහා ගනී. එය වටහා ගැනීමෙන් ඔහු බියට පත් නොවූ කල්හි ඔහු ශ්‍රේෂ්ඨ මිනිසෙකු වෙයි.

    හුදෙක්‌ තහනම් පැනවීම් මගින් අසභ්‍ය ලෝකය තුළට හොරෙන් එබී බැලීම නවතාලන්නට උත්සාහ කරන්නන් තමන් තුළටම එබී බැලිය යුතුය.

    එහෙත් තම කුහකත්වය නිසා ඔවුන්ට එසේ කිරීමට වුවමනාවක්‌ හෝ හැකියාවක්‌ තිබිය නොහැක. මක්‌නිසාද යත් එසේ එබී බලතොත් ඔවුන්ට තමන් දරන ව්‍යාජවූ ඉහළ තැන්වල වැජඹීම නොහැකි බැවිනි.

    එබැවින්, ඔබ හා මම වැනි සාමාන්‍ය මනුෂ්‍යයන් අප තුළටම එබී බලා අපේ පුංචි මිනිස්‌බවින් මිදිය යුතු වෙමු.

    එවිට, පුංචි මිනිසුන්ගේ අසභ්‍ය ලෝකයෙන් හා ඉන් ප්‍රයෝජන ලබාගනිමින් එහි ප්‍රතිඵල තහනම් කරන බවට නන්දොඩවන පුංචි මිනිසුන්ගෙන්ද අපට නිදහස්‌ විය හැකිය.

  • සියළු තනතුරු පත්කළේ රනිල්ට අවැසි විදිහට සමනළ වසන්තයකට… සජිත් සියල්ල හෙළිකරයි….

    සියළු තනතුරු පත්කළේ රනිල්ට අවැසි විදිහට සමනළ වසන්තයකට… සජිත් සියල්ල හෙළිකරයි….

    එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානයේදී තනතුරු සදහා සියළු පුද්ගලයන් නම් කරන ලද්දේ අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් යයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස හෙළිකළා.

    මෙම යෝජනා පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කමිටුවේ යෝජනාවක් නොව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ යෝජනාවක් බවත් කමිටුව විසින් සිදු කලේ අදහස් විමසීම පමණක් බවත් ඔහු සදහන් කළා.

    පක්‍ෂ නායකත්වයේ වෙනසක් සිදුවීමක් ගැන ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලියේදී සාකච්චාවක් සිදු වූයේ නැති බවද නියෝජ්‍ය නායකයා පැවසුවා.

    පක්‍ෂය සම්බන්ධත්‍යන් ප‍්‍රධාන තීන්දු තීරණ ගැනීමේ සියළු බලාධිකාරිය පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ සතු වන බවද සදහන් කළ ඔහු තමන් තේරී ඇති නියෝජ්‍ය නායක තනතුර සදහා ප‍්‍රාදේශීය සභා, පළාත් සහා, පාර්ලිමේන්තු ආධී සියළු මහජන නියෝජිතයන්ගේ ඡන්ද විමසීමකින් සිදු කරන්නේ නම් ඉතා කැමැති බවද කියා සිටියේය.

    නායකත්වයේ වෙනසක් සිදු නොවන්නේදැයි මාධ්‍ය ඇසු විට ‘බයත් හිතෙනවා. විදුලි කොටනවා’ යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

  • කොල්ලා එක්ක යහන් ගතවෙන්න අකමැති කෙල්ලෙක් ව ලේසියෙන් ම පොළඹවා ගන්න ක්‍රමය මෙන්න…

    කොල්ලා එක්ක යහන් ගතවෙන්න අකමැති කෙල්ලෙක් ව ලේසියෙන් ම පොළඹවා ගන්න ක්‍රමය මෙන්න…

    හුදෙක් දැනගැනීම සදහා මෙම ක්‍රමය හෙළි කරන බැවින් මෙය
    ඔබේ පෙම්වතිය හෝ බිරිද සමග පමණක් අත්හදා බලන්න.

    වීඩියෝ පහතින්.

  • 2017 වසරේ ශ්‍රි ලංකාවේ තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ සුවිශේෂි වර්ධනයක්……

    2017 වසරේ ශ්‍රි ලංකාවේ තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ සුවිශේෂි වර්ධනයක්……

    2016 වසරට සාපේක්ෂව මෙරට තොරතුරු හා සන්නිවේදන කේෂත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් 2017 වසරේදී පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවේ සඳහන් වනවා.

    2016 වසරේදී 8% ක් ව පැවති තොරතුරු හා සන්නිවේදන කේෂත්‍රයේ වර්ධනය 2017 වසර අවසානය වන විට 10.2% දක්වා ඉහල ගොස් ඇති බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

    එයට ප්‍රධානම හේතුව වන්නේ මෙරට ජංගම දුරකථන, අන්තර්ජාල හා ස්ථාවර රැහැන් ප්‍රවේශ සම්බන්ධතා භාවිතා කරන පාරිභෝගිකයින් 2016 වසරට සාපේක්ෂව ඉහල ගොස් ඇති බවයි. 

    2016 වසරේදී ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකන් සංඛ්‍යාව 26,227,631 ක් වූ අතර 2017 වසරේ දී එය 28,199,083 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව වසරක කාල සීමාව තුල නව ජංගම දුරකථන සම්බන්ධතා 1,971452 ක් සක්‍රියවී ඇති බවයි. 

    ඊට අමතරව අන්තර්ජාල සම්බන්ධතාවයන්ද 2017 වසරේදී ඉහල ගොස් ඇති බව මහ බැංකු වාර්ෂික වාර්තාව පෙන්වා දෙනවා. 2016 වසරේදී 4,920,554 ක් වූ අන්තර්ජාල සම්බන්ධතාවයන් 2017 වසර වන විට 5,904,260 දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ අනුව 2017 වසර තුලදී නව අන්තර්ජාල සම්බන්ධතාවයන් 983,706 ක් නිකුත් වී තිබෙනවා.

    මේ අතර ස්ථාවර ප්‍රවේශ රැහැන් සම්බන්ධතා සහ රැහැන් රහිත දුරකථන සම්බන්ධතාවයන්ගේ ප්‍රගතියක් දක්නට ලැබෙනවා. 2016 වසරේදී පැවති 2,550,432 සම්බන්ධතාවයන් ගණනට 2017 වසරේදී නව සබන්ධතා 52,746ක් එක්ව තිබෙනවා. ඒ අනුව මෙරට ස්ථාවර ප්‍රවේශ රැහැන් සම්බන්ධතා හා රැහැන් රහිත දුරකථන සම්බන්ධතාවයන් ගණන 2017 වසර අවසානය වන විට 2,603,178 ක් වනවා.

  • සීමා නොමැති වාර්තාකරුවන්ගේ වාර්තාවට අනුව ශ්‍රි ලංකාව මාධ්‍ය නිදහස පිළිබද දර්ශකයෙන් ඉදිරියට…

    සීමා නොමැති වාර්තාකරුවන්ගේ වාර්තාවට අනුව ශ්‍රි ලංකාව මාධ්‍ය නිදහස පිළිබද දර්ශකයෙන් ඉදිරියට…

    ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබද දර්ශකයට අනුව ස්ථාන 10 ක් පෙරට ඒමට ශී‍්‍ර ලංකාව සමත් වී තිබෙනවා. 2017 වසරේ ශී‍්‍ර ලංකාව පසුවූයේ මෙම දර්ශකයේ 141 වන ස්ථානයේයි. මෙවර 131 වන ස්ථානය දක්වා ශී‍්‍ර ලංකාව පෙරට පැමිණ තිබෙනවා. එහි ප‍්‍රථම හා දෙවන ස්ථානවල පසුවන්නේ පිළිවෙලින් නෝර්වේ සහ ස්වීඩනයයි. 

    කෙසේවෙතත් ශී‍්‍ර ලංකාව තවදුරටත් පසු වන්නේ ජනමාධ්‍ය නිදහස පිළිබද දර්ශකයේ රතු කලාපය තුළයි. ඒ ඒ රට තුළ පවතින ජනමාධ්‍ය නිදහසේ ස්වභාවය අනුව රටවල් සුදු, කහ, තැඹිලි, රතු සහ කළු ලෙස කාණ්ඩ 5 කට වෙන් කෙරෙනවා. සුදු කලාපයට ඇතුළත් වන්නේ ජනමාධ්‍ය නිදහස ‘‘හොද’’ යැයි සම්මත රටවලූයි. මෙවර දර්ශකයේ රටවල් 17 ක් මෙම කලාපයට ඇතුළත්.

    ජනමාධ්‍ය නිදහස ‘‘තරමක් හොද’’ රටවල් කහ කලාපයට ඇතුළත් කෙරෙනවා. මෙවර දර්ශකයේ අමෙරිකාව සහ බි‍්‍රතාන්‍ය ද ඇතුළුව රටවල් 30 ක් මෙම කලාපයට ඇතුළත්. තැඹිලි කලාපයට ඇතුළත් කෙරෙන්නේ ජනමාධ්‍ය නිදහස පිළිබද ගැටළු පවතින  රටවලූයි. මෙවර දර්ශකයට අනුව ජපානය, ගී‍්‍රසිය, ඊශ‍්‍රායලය, භූතානය සහ නේපාලය ඇතුළු රටවල් 63 ක් මෙම කලාපයට ඇතුළත් වනවා. 

    ශී‍්‍ර ලංකාවද ඇතුළත් රතු කලාපයෙන් අදහස් වන්නේ ජනමාධ්‍ය නිදහස ‘‘නරක ’’ බවයි. රුසියාව, ඉන්දියාව, පකිස්තානය සහ මාලදිවයින ද මෙම කලාපයට ඇතුළත්.

    ජනමාධ්‍ය නිදහස ‘‘ඉතා නරක ’’ රටවල් කළු කලාපයට ඇතුළත් වනවා. මෙවර දර්ශකයට අනුව චීනයද ඇතුළත්ව තිබෙන්නේ කළු කලාපයටයි. ලෝකයේ ජනමාධ්‍ය නිදහස ඉතා නරකම රට ලෙස උතුරු කොරියාව නම් කර තිබෙනවා. 

    ජනමාධ්‍ය නිදහස පිළිබද මෙම දර්ශකය සකස් කරන්නේ සීමා නොමැති වාර්තාකරුවෝ නමැති ජාත්‍යන්තර සංවිධානය විසින්.

  • රනිල්ගේ සමනළ ප්‍රතිසංවිධානය ගැන කළකිරුණු අලි 20ක් මැති සභයේ ස්වාධීන වෙන්න සැරසෙයි

    රනිල්ගේ සමනළ ප්‍රතිසංවිධානය ගැන කළකිරුණු අලි 20ක් මැති සභයේ ස්වාධීන වෙන්න සැරසෙයි

    එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු පත්කිරීම කිසිසේත්ම බලාපොරොත්තු වූ තරම් සතුටුදායක නොවූහෙයින්, එයට විරෝධය දැක්වීමටද පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි වාර්තාවේ.

    පක්ෂයේ ප්‍රතිසංවිධානයක් නොවීමත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු අනුප්‍රාප්තිකයෙකු පත් නොකිරීමත් හේතුවෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් සිය විරෝධය දැක්වීමට නියමිතය.

    පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පසුපෙළ මන්ත්‍රීවරුන් සාකච්ඡා කර ඇති අතර, එයට විරෝධය පාමින් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමටද ඔවුන් විසින් තීරණය කර තිබේ.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ඉදිරියේදී ස්වාධීනව කටයුතු කිරීමට සාකච්ඡාකරමින් පවතින බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි

    මේ අතර පක්ෂයේ සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් මෙන්ම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඊයේ (26දා) දිනයේදී සාකච්ඡා කළ අතර, ඉදිරියේදී ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමට නියමිත බවද වාර්තාවේ.

    එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවී සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

  • මෙච්චර කල් මොනවද කලේ?  ජනපති මෛත්‍රිගෙන් ලොක්කන්ට බැණුම් සමගින් නියෝගය රැසක්

    මෙච්චර කල් මොනවද කලේ? ජනපති මෛත්‍රිගෙන් ලොක්කන්ට බැණුම් සමගින් නියෝගය රැසක්

    පසුගිය කාලසීමාව තුළ සිදුවූ අනතුරු සැලකිල්ලට ගෙන වියානි ඇළට වහාම ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

    ඒ සඳහා යන රුපියල් මිලියන 26 ක මුදල කඩිනමින් නිදහස් කිරීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇති බව සඳහන්.

    වියානි ඇලේ ආරක්ෂිත වැටක් නොමැතිවීම හේතුවෙන් පසුගිය කාලසීමාව තුළ අනතුරු කිහිපයක් වාර්තා වුණා.

    ආසන්නතම අනතුර වාර්තා වූයේ ඊයේ අලුයම උපකාරක පන්ති ගුරුවරයෙකු පැද වූ සුඛෝපභෝගි ජිප් රථයක් වියානි ඇළට පෙරලීමත් සමඟයි.

    එම අනතුර සිදුව තිබුණේ මහියංගනය – මාපාකඩවැව – 17 කණුව අසලදීයි.

    මෙම මෝටර් රථයේ සිටි උපකාරක පන්ති ගුරුවරයා සොයා අද දිනයේදීත් නාවික හමුදාව, පොලිසිය මෙහෙයුම් සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

    කෙසේ වෙතත්, පොලිසිය ඔහුගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුම් ඔස්සේද මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    ඒ, අතුරුදන්ව සිටින උපකාරක පන්ති ගුරුවරයා සමඟ ජීප් රථය ඇලට වැටුණේද නැද්ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහායී.

    බදුල්ල – මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අදාළ සුඛෝපභෝගී ජීප් රථය ඊයේ අලුයම වියානි ඇළට පෙරළී තිබූ අතර, එය ගොඩට ගනු ලැබුවා.

    පසුව අදාළ ජීප් රථයේ අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රභාත් විතානගේ නමැති උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු එය පදවා ඇති බවයි.

    අලූයම දෙකට පමණ කතරගම යන බව පවසමින් ඔහු ගෙදරින් පිටත්ව ඇති අතර, පසුව හිඟුරක්ගොඩ නගරයේ ඉන්ධන පිරවුම්හලකින් වාහනයට ඉන්ධන ද ලබාගෙන තිබෙනවා.

    ඔහු පිරවුම්හලේ සේවකයාට ද පවසා ඇත්තේ තමන් කතරගම යාම සඳහා පිටත්ව යන බවයි.

    සිද්ධිය පිළිබඳව අදාළ උපකාරක පන්ති ගුරුවරයාගේ පවුලේ ඥාතීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

  • ස්ත්‍රී දූෂකයෙකුට ලබාදුන් දීර්ඝතම සිරදඬුවම හිමිවූ තාත්තා අතින් දූෂණයවූ දියණියගේ කතාව……

    ස්ත්‍රී දූෂකයෙකුට ලබාදුන් දීර්ඝතම සිරදඬුවම හිමිවූ තාත්තා අතින් දූෂණයවූ දියණියගේ කතාව……

    පසුගියදා අවුරුද්දක ලෙයින් උපන් දියණිවරුන් දෙදෙනා දූෂණය කළ පියෙකුට වසර 120ක් බරපතළ වැඩ ඇතිව සිරගෙදරට යවමින් ස්ත්‍රී දූෂකයෙකුට ලබාදුන් දීර්ඝතම සිරදඬුවම වැනිම වූ තවත් නඩු තීන්දුවක් දෙනු ලැබු පුවතක් අප වෙත වාර්තා වන්නේ මුළු රටේම අවධානය ඒ දෙසට යොමු කරමිනුයි.

    ඒ තවත් ස්ත්‍රී දූෂකයකු වසර 100කට බරපතළ වැඩ ඇතිව සිරගෙට යැවීමකි. එම සිරදඬුවමද සමාජයේ අවධානයට ලක්වන්නේ වෙන කිසිවක් නිසා නොව එම දඬුවමද හිමිවන්නේ තමාගේම දස හැවිරිදි දියණිය දූෂණය කළ තවත් පියෙකුට වූ බැවිනුයි.

    වෘත්තියෙන් රියැදුරෙකු වන, පානදුර ගමරාළලාගේ චන්ද්‍රසිරි නමැති මේ පියා සිය දස හැවිරිදි දියණියව දූෂණය කරන්නේ දවසක් දෙකක් නොව
    අවුරුදු දෙකක් තිස්සේය. ඒ 2010 වසරේ අගෝස්තු මාසයේ සිටයි.

    මනම්පිටියේ සිට වැලිගෙන එන ලොරියක සේවය කළ මේ පියාට දරුවන් දෙදෙනෙකි. බාලයා මේ දියණියය. වැඩිමලා සහෝදරයෙකි.

    දෙදෙනා අතර පරතරය අවුරුදු හතරකි. මේ පුද්ගලයා විවාහ වී සිටින්නේද වරක් විවාහ වූ තැනැත්තියක් සමගිනි.

    ඇයටද කරදඬු උස්මහත් වූ දියණියක් සිටින්නීය. මේ දියණිය විවාහ වී වෙනමම ජීවත් වන අතර සිය නැගණිය ඇගේ පියා අතින් දූෂණය වන බව ඇය දැන සිට ඇති තැනැත්තියකි.

    ඒ බව නිර්නාමිකව ඇය ‍පොලීසියට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද, සිය පියා අතින් එවැන්නක් සිදුනොවන බවත් පියා තමාව ආදරෙන් රැක බලා ගන්නා බවත්, එම ඉරිසියාවට ඒ කතාව ගොතා ඇති බවත් නැගණිය ‍පොලීසියට පවසන්නට වූ බැවින් පියාගෙන් නැගණිය බේරා ගැනීමේ ඇගේ ප්‍රයත්නය අසාර්ථක වී තිබුණි.

    දූෂණයට ලක්වූ දැරිය ඉගෙනුම ලබන පාස‍ලේ විදුහල්පතිවරයාට ඇය සතුව තිබුණු ජංගම දුරකථන චිපයක් හමුවන්නේ ඔය අතරතුරදීය.

    ඇගේ නිරුවත් සහ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් විදුහල්පතිවරයාට දැකගන්නට ලැබෙන්නේ එය පරීක්ෂා කිරීමේදීය.

    එය වෙනත් කිසිවකුට නොකියා රහසක් වශයෙන් තබා ගැනීමට වගබලා ගන්නා විදුහල්පතිවරයා එහිදී තමාට ගත හැකි හොඳම පියවරක් වශයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඒ ගැන කියන්නට වගබලා ගත්තේය.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මියගේ උපදෙසින් එහි පිහිටි ‍පොලිස් විමර්ශන අංශයේ සැරයන් වරියන් වන මංගලිකා ගුණතිලක, චිත්‍රා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඒ ගැන විමර්ශනයක් ආරම්භ කරනුයේ විදුහල්පතිවරයාගේ එම දැනුම්දීම අනුවය.

    එහිදී දැරිය එම ‍පොලිස් කණ්ඩායම හමුවේ එකහෙළා පවසන්නට වූයේ එම ඡායාරූප ගනු ලැබුවේ සිය සහෝදරයා විසින් බවය.

    ඒ බව සහෝදරයාගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලදීද තහවුරු වූයේය.

    ඇයව වෛද්‍ය පරීක්ෂණයකටද ඒ අතර යොමු කරවන්නට ‍පොලිස් කණ්ඩායම පියවර ගත් අතර ඇය බරපතළ ලෙස දූෂණයට ලක්වන බව පැහැදිලිවම අනාවරණය වන්නේ එහිදීය.

    එහි වගකීමත් ඇය එහිදී පවරන්නේ සහෝදරයාටය. ඒ අනුව සහෝදරයා වද අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරන්නට ‍පොලිස් කණ්ඩායම පසුබට නොවීය.

    ඇය දූෂණය වන්නේ සහෝදරයාගෙන් නොව වැඩිමහල් පුද්ගලයෙකුගෙන් බව තහවුරු වන්නේ එවිටය.

    සිය පියා ගැන දැරිය හෙළි කරන්නේ ඒ ගැන දීර්ඝ ලෙස ‍පොලිස් කණ්ඩායම ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේය. ඇතැම් දිනවල ඇය දූෂණය වී ඇත්තේ මව නිවසේ සිටියදීම බවද අනාවරණය විය.

    මව මේ බවක් දැන සිටියේද නැද්ද යන්න ගැටලුවක් වුවත් ‍පොලිස් කණ්ඩායම සැක කරන්නේ ඇය ඒ ගැන දැනගෙනම නිහඬව සිටින්නට ඇති බවය.

    අවුරුදු දෙකක් තිස්සේ තම දියණිය කෲර ලෙස දූෂණය කළ පියාගේ දෑතට විලංගු වැටෙනුයේ ඒත් සමගිනි.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනුයේ විදුහල්පතිවරයා විසින් දුර දිග කල්පනා කොට ඒ ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් නොදෙන්නට එම සිසුවිය අදටත් එම පියා අතින් දූෂණය වන්නට ඉඩ තිබුණු බවය.

    මේ එක් සිද්ධියක් පමණි. මෙවන් පව්කාර පියවරුන් අතින් කොතෙකුත් දරුවන් දූෂණය වීම් සමාජයේ සැඟවී තිබෙන බව ‍පොලීසියේ විශ්වාසයය.

    එහෙත් එම ස්ත්‍රී දූෂණවලින් අනාවරණය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි. ඒවාද අහඹු ලෙස හෙළිදරව් වන ඒවාය.

  • රනිල්ට ප්‍රසිද්ධියේ සමණලයා කියමින් ජෝශප් මයිකල් පෙරේරා එජාපයෙන් නික්ම යයි…

    රනිල්ට ප්‍රසිද්ධියේ සමණලයා කියමින් ජෝශප් මයිකල් පෙරේරා එජාපයෙන් නික්ම යයි…

    එජාප ප්‍රබලයෙක් හදිසියේම ඉල්ලා අස්වෙයි

    හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ.

    එක්සත් ජාතික පක්ෂ නායකට ඔබ මනුස්සයෙක් නොව ඔරිජිනල් සමණලයෙක් බව දැඩි ලෙස පවසමින් උප නායක තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පත්කිරිමට විරෝධය පළ කරමින් ඔහු මෙලෙස එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පිට වී ගොස් තිබේ.

  • 2018 රාජ්‍ය වෙසක් සතිය අදින් ඇරඹෙයි

    2018 රාජ්‍ය වෙසක් සතිය අදින් ඇරඹෙයි

    ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය 2018 අප්‍රේල් 26 වැනි දා සිට මැයි 02 වැනි දා දක්වා “වෙසක් සතිය” ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව වෙසක් සතිය අද (26) සිට ආරම්භ වේ.

    “චිත්තං දන්තං සුඛාවහං” (දැමුණු සිත සුව ගෙන දේ) මෙවර වෙසක් තේමාවවන අතර, සංවර්ධනයේ තිරසර අරමුණු සාක්ෂාත් කරනු වස් ගමේ පන්සල ආධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් ප්‍රඥාවන්ත බොදුනුවන්ගෙන් යුතු බෝසත් සමාජයක්, එහි අරමුණ වේ.

    මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා ප්‍රත්‍යවේක්ෂා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් 150 ක් ද, ජංගම සේවා වැඩසටහන් 06 ක් ද,දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහන් 16 ක් ද, සෞඛ්‍ය හා බුදු දහම වැඩසටහන් 61 ක් ද, ළමා භාවනා වැඩසටහන් 30 ක් ද වෘත්තිකයක් හා බුදු දහම වැඩසටහන් 18 ක් ද සාමණේර ස්වාමින් වහන්සේ පුහුණු කිරීමේ වැඩසටහන් 20 ක් ද, මා පිය දූ දරු සෙනෙහස මුල්කරගත් වැඩසටහන් 37 ක්ද සංවිධානය කර ක්‍රියාත්මක කෙරේ.

  • තිලංග ඉවතට – 96 ලෝක කුසලානය දිනද්දි හිටපු සභාපති මෙවර ක්‍රිකට් මහ පුටු සටනට

    තිලංග ඉවතට – 96 ලෝක කුසලානය දිනද්දි හිටපු සභාපති මෙවර ක්‍රිකට් මහ පුටු සටනට

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති ධුරය සඳහා වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා යළිත් තරග වදින බවට පැවසුවද ඔහු අධිකරණය ඉදිරියේ තම පවුලට බුකී ව්‍යාපාර ඇතැයි පිළිගැනීම හේතුවෙන් නිලවරණ කමිටුව ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් මහපුටු සටනින් ඉවතට විසිවනු ඇති බවට හෙළිවේ.

    මෙහිදී සභාපති ධුරයට තිලංගගේ අනුප්‍රාප්තිකයා වශයෙන් මොහාන් ද සිල්වා තරග වදින බවට පැවසෙන අතර, ඔහු සභාපති ධුරයට මෙන්ම ලේකම් ධුරයටද නාමයෝජනා භාරදීමට නියමිත බවට වාර්තා වේ. මීට අමතරව වත්මන් උපසභාපති කේ. මතිවානන් මහතා තිලංග පාර්ශ්වයෙන් මෙවරද නාමයෝජනා ලබාදෙන බවට තහවුරු වී ඇති අතර, වත්මන් භාණ්ඩාගාරික ශම්මි සිල්වා මහතා උපසභාපති ධුරයට සහ ලේකම් ධුරයට යන තනතුරු ද්විත්වයටම නාමයෝජනා භාරදීමට නියමිත බවට අනාවරණය වේ.

    තිලංග පාර්ශ්වයෙන් භාණ්ඩාගාරික තනතුර සඳහා යෝජනා වී ඇත්තේ නුශ්කි මොහොමඩ් මහතා වන අතර, ඒ සඳහා අවසන් තීන්දුවක් ඊයේ (25දා) සවස් වනතුරුත් ගෙන නොතිබුණි. මේ අතර තිලංග පාර්ශ්වයේ නාමයෝජනා අද (26දා) භාරදීමට නියමිත බවද වාර්තා වේ.

    තිලංග පාර්ශවය විරුද්ධ පාර්ශවයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඉදිරි නිලවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම්වන පෙරමුණේ සභාපති අපේක්ෂකයා ලෙස හිටපු සභාපතිවරයකු වන අනා පුංචිහේවා මහතා ඉදිරිපත් කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

    පුංචිහේවා මහතා ශ්‍රී ලංකාව 96 ලෝක කුසලාන ජයගන්නා අවස්ථාවේ එවකට පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාව සිටි අතර ඊට දෙමසකට පසුව එළඹුණ නිලවරණයේදී ඒ මහතා පරාජයට පත්කරමින් තිලංග මහතා එහි සභාපති ධූරයට පත්විය.එම නිලවරණයේදී ක්‍රීඩා සාමාජයක ඡන්දයක් රුපියල් ලක්ෂකට විකුණුන බවටද චෝදනාවක් තිබේ.

    ක්‍රිකට් පාලක මණ්ඩලයට මුදල් නොමැතිව තිබූ අවස්ථාවේ ඕස්ට්‍රේලියානු ජාතික ඩේව් වට්මෝර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස යොදාගනිමින් ලෝක කුසලානය ජය ගැනීමට මුල් ගල තැබීම සම්බන්ධයෙන් ආනා පුංචිහේවා මහතාට විශේෂ ගෞරවයක් තිබේ.

  • රවිට එරෙහි කැරැල්ලක්… එජාපය ගිණියම් වෙයි.. සිරිකොත අලුත්ම තත්වය මෙන්න….

    රවිට එරෙහි කැරැල්ලක්… එජාපය ගිණියම් වෙයි.. සිරිකොත අලුත්ම තත්වය මෙන්න….

    එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩල රුස්වීම අද අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර පක්ෂයේ නව නිළධාරි මණ්ඩලය තෝරා ගැනීම මෙහි අරමුන විය.

    මේ අතර රවී කරුණානායක මන්ත‍්‍රීවරයාගේ පත්කිරීමට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මීට නොබෝ වේලාවකට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්ව ගොස් තිබේ

    මේ අතර සිරිකොත ඉදිරිපිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ

    එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීවරුන් 15 දෙනෙකු පමණ පිරිසක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පක්‍ෂ ප‍්‍රතිසංවිධානය සම්බන්දයෙන් ඊයේ දිනයේ සාකච්චා කර තිබේ.

    පැය දෙකක පමණ කාලයක් පැවති සාකච්චාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත‍්‍රිවරුන් කියා සිටියේ පාක්‍ෂික මතය නොසලකා කටයුතු කරන්නේ නම් විශාල අර්බුදයක් ඇති වන බවයි.

    නව නායකත්වයක් සම්බන්ධයෙන් තීන්දුව ගන්නා තුරු පුල පුලා බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා කීය.

    අද දිනය තුල හොද තීන්දුවක් ගනු ඇතැයි දැඩිව විශ්වාස කරන බවත් එසේ නොවන්නේ නම් දේශපාලන තීන්දුවග් ගැනීමට පසුබට නොවන බවත් මන්ත‍්‍රිනී රෝහණි විජේරත්න කීය.

    ජනතාව ඉල්ලන දේ නොදෙන්නේ නම් ගිය පළාත් පාලන මැතිවරණයේදී ලද ප‍්‍රතිපළය දෙගුණ තෙගුණ වී ලැබෙනු ඇති බවත් ඊට විරුද්දව දැඩි තීන්දු ගන්න සූදානම් බවත් ආනන්ද අලුත්ගමගේ මහතා කීය.

  • ජනපති නියමයෙන් වෙසක් නිමිත්තෙන් දින 02ක් මස් කඩ, රේස්බුකි, සුරාසැල්, සමාජශාලා වැසෙයි…..

    ජනපති නියමයෙන් වෙසක් නිමිත්තෙන් දින 02ක් මස් කඩ, රේස්බුකි, සුරාසැල්, සමාජශාලා වැසෙයි…..

    මෙවර වෙසක් දින වශයෙන් අප්‍රේල් මස 29 හා 30 යන දෙදින රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

    වෙසක් උත්සවය වෙනුවෙන් අප්‍රේල් මස 26 දින සිට මැයි මස 02 වැනි දා දක්වා කාලය වෙසක් සතිය වශයෙන් ද ප්‍රශයට පත් කර තිබේ.

    ඒ අනුව අප්‍රේල් මස 29 හා 30 යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳ සැල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමට කටයුතු කරන ලෙස රජය විසින් දන්වා සිටී.