Tag: featured
-

මට නැවුනට වැඩක් නෑ.. මහින්දගේ දෝස්මුරයත් සමගින් පවිත්‍රා රත්නපුරෙන් දොට්ට විසිවෙන ලකුණු..
ඒකාබද්ද විපක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ නායකත්වය වෙනත් ප්‍රභලයෙකුට ලබා දීමට සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි.
රත්නපුර මහ නරග සභාවට නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේදී මූලික එකගතා කඩ කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහයෝගය ලබාගෙන තම නියෝජිතයෙක් නගරාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට එල්ල වී ඇති විරෝධතාවක් හේතුවෙන් මෙම තීන්දුව ගනු ඇතැයි සදහන්ය.
දිස්ත‍්‍රික්කයේ තවත් පළාත් පාලන ආයතන කිහිපයකම මේ ආකාරයේ කටයුතු සිදුව ඇති බව එම දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන නියෝජිතයන් හිටපු ජනාධිපතිවරයාට දන්වා ඇත.
මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වන්නිආරච්චි මහත්මිය කැදවා අවවාද කර ඇති බවත් වාර්තා වෙයි..
-

මීටියාගොඩ ෆේස්බුක් සාදය පොලිසිය හා ගම්මුන් වටලයි. මෙන්න කටියගේ කෙරුවාව. – වීඩියෝ.
මීටියාගොඩ ප්‍රදේශයේ සංවිධානය කල එවැනි සාදයක් පොලිසිය විසින් වටලනු ලැබුවා.
උත්සවශාලාවක පැවති සාදයක් අතරතුර මීටියාගොඩ පොලීසිය සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි පුද්ගලයින් 11 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීටියාගොඩ – ගොඩගම ප්‍රදේශයේ උත්සවශාලාවක මෙම සාදය ඊයේ (22) පවත්වා ඇත්තේ ෆේස්බුක් හරහා හඳුනාගත් තරුණ තරුණියන් පිරිසක් විසින්.
පොලීසියට ලැබුණු තොරතුරක් මත බුද්ධි අංශ නිලධාරීන් යොදවා මෙම ස්ථානයේ මත්ද්‍රව්‍ය ඇති බවට තහවුරු කරගැනීමෙන් පසුව මීටියාගොඩ පොලීසිය ඇතුලු පොලිස් ස්ථාන 04 ක නිලධාරීන් මෙම වැටලීමට එක්ව තිබෙනවා.
එම වැටලීම පහතින්.
-

ඇමති පට්ටම් ඉල්ලා දේශපාලුතුමෝ පෝලිමේ කතරගම දේවාලෙට… හෙලිදරවුව මෙන්න…
මේ දවස්වල කතරගම දේවාලෙ පුදපූජා බහුල කාලයක්.
පසුගිය දවස්වල ඇමැති මණ්ඩල සංශෝධනයක් ගැන කතාවක් පැතිරෙන්න ගත්තම අවුරුදු නිවාඩුව අස්සෙම දේශපාලුතුමන්ලා ගණනාවක් කතරගම ගිහිල්ලා.
දැනට අත පාටියෙ ඇමැති පට්ටම් නැතුව ඉන්න දෙතුන් දෙනෙක් මහ දේවාලෙ පිටිපස්සෙ දොරෙන් ලොකු පූජා වට්ටිත් අරන් ඇවිල්ලා හිටියෙ බාරහාර වීමටලු.
වැඩිය සමාජයට නොදැනෙන්න උන්නැහේලා කරපු පූජාවලදි කපු මහත්තුරුන්ට පඬුරු පුදලා ඉල්ලා සිටියෙ කැබිනට් තනතුරුලු.
-

ගිහානි සහ මොහාන්ට CHOGM සෙට් වුනේ කොහොමද? මඩ මෙහෙයුමේ ඇත්ත කතාව මෙන්න
මේ දිනවල සමාජ මාධ්‍ය වලට තවත් හොඳ කටගැස්මක් හසු වී තිබේ. ඒ ජනාධිපතිවරයා සමඟ බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින ගිහානි වීරසිංහ නමැත්තියක් අල්ලාගෙන ජනාධිපතිවරයාට පහර ගසන්නට පටන්ගෙන තිබීමයි.
පොදුරාජ්‍ය මණ්ඩළ සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා සමඟ සහභාගී වූ සංඛ්‍යාව 32 ක් වන අතර එයට ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්ත කළ සාමාජිකයන්ද ඇතුලත් වී තිබේ.
මේ දිනවල අන්තර්ජාලය කළඹවමින් සාකච්ඡාවට බඳුන්වන මොහාන් පෙරේරා සහ ගිහානි කිසිසේත්ම ජනාධිපතිවරයාගේ නිළ රාජ්‍යතාන්ත්‍රික ඇතුලත් නොවන අතර, ඔවුන්ගේ ආසියානු – යුරෝපීය වෙළඳ එකමුතුව නම් සංවිධානයද කිසිඳු රාජ්‍ය මැදිහත්වීමකින් තොරව පාලනය වන්නක් බවත් ඔවුන්ගේ සංචාරයට අවශ්‍ය සියලු වියදම් පෞද්ගලිකවම දරා ඇත්තේ ඔවුන් විසින් බවත් වාර්තා වේ.
ගිහානි මොහාන් සමඟ පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සමුළුවට එක්ව ඇත්තේ රජය සමඟ නොවන අතර මොහාන් පෙරේරා සභාපතිත්වය දරන රාජ්‍ය නොවන ව්‍යාපාරික ප්‍රවර්ධන ආයතනයකට ලැබුන ඇරයුමකට අනුව බව සාක්ෂි සහිතව ඔප්පු වන්නේ මෙම හැඳුනුම්පතේ ඇති විස්තර සමඟිනි.

–

එමෙන්ම ගිහානි වීරසිංහ නැමති කාන්තාව සම්භන්ධ කරගනිමින් ජනාධිපතිවරයාට නිර්දය ලෙස මඩ ගහන අන්තර්ජාලයේ ඕපදූප කාරයින්ට මතක් කර දිය යුතු වන්නේ ගිහානි වීරසිංහගේ සැමියා වන මොහාන් පෙරේරා ප්‍රධානීත්වය දරන ආයතනාදිය සම්භන්ධයෙන් සොයා බැලීම හා ඒවා සිදු කෙරුනේ කාගේ උවමනාව හා අනුදැනුම මතද යන්න පිළිබඳව සොයා බැලීම සහ ඒවා හෙළි කිරීම වඩා වැදගත් බවයි.
එයට උපකාරයක් ලෙස පහත වීඩියෝව උපයෝගී වේ යයි සිතමු. ජාතික මට්ටමේ ආයතන වලට සමාන නම් යොදා ගනිමින් මොහාන් පෙරේරා නටන්නේ කාගේ උවමනාවටද යන්න ඉදිරියේදී හෙළි දරව් වනු ඇත. ඔහු කොමිස් කාක්කන්ගේ කුට උපක්‍රම වල ඉත්තකු වී ඇති බව මෙම වීඩියෝවේ මනාව කියවේ…
ඉහත වීඩියෝවේ කියනා ආකාරයට මෙම කූට සංගම් වල සභාපති ලෙස මොහාන් සහ ඔහුගේ බිරිඳ උප සභාපති ලෙස සම්බන්ධ වෙමින් රට සහ ලෝකය රවටන හැටි පිළිබඳව රජය හා ඊට අදාළ පාර්ශව මිට වඩා සැලකිලිමත් විය යුතු අතර ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය දරන පක්ෂයේ ගජ මිතුරු හවුලේ කොමිස් ගැසීමේ වුවමනාවට අටවා ගත මෙවන් කුට ආයතන පිහිටුවා රටට ලැබිය යුතු ප්‍රතිලාභ කිහිප දෙනෙකුගේ සාක්කුවට දමා ගැනීම පිළිබඳව රටේ ආර්තිඅකය පාලනය කිරීමට අදාළ පාර්ශව වග කිව යුතු බවත් මතක් කර දිය යුතුය.
–

–

–
–

කිසිදු අවබෝධයක් හෝ දැනුමක් හෝ උඩක් බිමක් නොදැන සමහරු සමාජ ජාල තුල අසත්‍ය ප්‍රචාරයට බොහෝ ඇලුම් කරන අතර තවත් සමහරක් මඩ කාක්කන් පලවන සියල්ල ගැන කිසිවක් නොසිතා ප්‍රචාරයට පෙළඹෙයි. මේ පිළිබඳව හොඳින් දන්නා තවත් සමහරු සමාජ ජාල තුල පවතින මේ අඩු පාඩුව යොදාගන්නේ තමන්ගේ පෞද්ගලික හෝ දේශපාලන කෝන්තර හා වෙනත් අවශ්‍යතා සඳහා යොදා ගැනීමටයි.
ජනතාවට තොරතුරු දැන ගැනීමට හා ජන සන්නිවේදනය සඳහා ඉහල මට්ටමේ දායකත්වයක් ලබා ගත හැකි සමාජ මාධ්‍ය හෙවත් පුරවැසි මාධ්‍ය අපේම සමහරු අවභාවිතා කිරීම හරහා එම තොරතුරු වලට ඇති වටිනාකම ක්‍රමයෙන් අඩුවෙමින් යන්නේ ලැබුණු අදහස් ප්‍රකාශනයේ අයිතිය සහ මාධ්‍ය නිදහස වල්බුරු නිදහසක් කර ගැනීම නිසාය.
-

මේපාර හිතූමනාපෙට දන්සල් බෑ – දන්සැල් දෙනවනම් පිළිපැදිය යුතු නීති මෙන්න..!
එලබෙන වෙසක් සමය වෙනුවෙන් දන්සැල් පැවැත්වීම සදහා බුද්ධසාසන අමාත්‍යංශය විසින් නිර්ණායක 6ක් ඉදිරිපත් කර තිබෙනවා. ඇතැම් පුද්ගලයින් දන්සැල් පැවැත්වීමේ මුවාවෙන් වංචනිකව මුදල් එක්රැස් කරන බවටද තොරතුරු වාර්තාවන අතර ඒ අනුව මෙම පියවර ගත් බවයි බුද්ධසාසන අමාත්‍යංශය පැවසුවේ.
මේ ඒ පිළිබදව කරුණු දක්වන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර සඳහන් කර සිටියේ පහත සඳහන් නිර්ණායක 06 පිළිබඳව සියලු දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු වෙත දැනුම් දී තිබෙන බවයි.
එම නිර්ණායක නම්,
01. දන්සල් පැවැත්වීමේ දී අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා අදාළ ග්‍රාම නිලධාරී ගේ දැනුවත් වීම මත සිදුවීම.
02.දන්සල්වලට ආධාර එකතුකිරීම සඳහා අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ සහ අදාළ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය ලබා ගැනීම සිදුකළ යුතු අතර දන්සල පැවැත්වීමේ දී මහජනතාව පීඩාවට පත් නොවන ලෙස සිදු කිරීම හා ඝෝෂාකාරී සංගීතය යොදා නොගැනීම.
03. සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාරපාන පිළියෙළ කිරීමට කටයුතු කිරීම.
04. දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේ දී බෞද්ධ කොඩිය භාවිත නොකොට ඒ වෙනුවට කහ පැහැති කොඩියක් භාවිත කිරීම.
05. මත්වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයෙන් වැළකී කටයුතු කිරීම.
06. සැදැහැ සිතින් හා ආචාරශීලිව කටයුතු කිරීම.
ජනතාවට හිංසාකාරී නොවන අයුරින් දන්සැල් සංවිධානය කළයුතු බවයි මෙහිදී වැඩිදුරටත් සදහන් කෙරුණේ.
-

“ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ.” ඔබ නොදත් කතාව මෙන්න…..
ඉන්දියාවේ පැරණිතම වෘත්තිය ලෙස මෙය හඳුන්වන අතර බුදුරදුන් සමයෙහිද අම්බපාලි,අඞ්ඩකාසි වැනි ප්‍රසිද්ධ ගණිකාවන් හිඳ තිබේ.
එහිදී රාජ මහාමාත්‍ය ආදීහු මොවුන්ගේ සේවය ලබාගෙන තිබේ.එහෙත් කුමන ලෙසකින් හැඳින්වූවද ඔබ අප ඇතුලු සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙක් ඇයව දකිනුයේ සමාජ පිළිලයක් ලෙසටයි.
ඇත්තෙන්ම මේ සමාජය තුළ ඇය කවුරුන්ද?
ඇයට හිමි තත්වය කුමක්ද යැයි නිවැරදි දෘෂ්ටි කෝණයකින් යුතුව මඳක් සිතා බැලීමට කාලය අපට අවසර දී තිබේ.
දුහුල් ඇඳුමකින් ගත වසාගෙන ගොම්මන් වේලාවන්හිඳී වීදි කෙළවරට වී සිටින්නේ ඇයයි.
බොහෝ දෙනෙක් ඇයව දුටුවිට පිළිකුල් කරති.බැණ වදිති.මූණ හකුලා ගනිති.එහෙත් ඔබ අපි සියල්ලන්ම සිතිය යුතු යමක් ඇත.
එනම් ඇයද මෙම නරුම සමාජ ක්‍රමයේම නිෂ්පාදනයක් බවයි.එලෙස ඇයව පිළිකුල් කරන,ඇයට බැණ වඳින උගත් බුද්ධිමත් යැයි සමාජයේ නම් දරන බොහෝ පිරිස් ඇය සමඟ රාත්‍රියේ දී කාලය ගතකර ඇගේ ගත මත සැතපී ඇගේ ගත මොණර කොළ වලින් වසා දමන්නේ තම පවිත්‍ර නාමය තවදුරටත් රඳවා ගැනීමේ චේතනාවෙන් යුතුවයි.
කාන්තාවක් මෙබඳු ඉරණමකට ගොදුරුවීමට බොහෝ විට ඇය අයත් පවුල් පරිසරය හේතුවූවා විය හැකිය.
එහිදී ඇගේ ස්වාමියා විසින් ඇයව නොසලකා හැරීම හේතුවෙන් ඇගේ දරුවන්ගේ කුස පිරවීමට මෙම සමාජ ක්‍රමය තුළ ඇයට වෙනත් රැකියාවක් නොමැති වූවා විය හැකිය.තවද ගමේ සිට නගරයට පැමිණෙන බොහෝ තරුණියන්ට රැකියාවක් සපයාදෙන මුවාවෙන් ඇතැමුන් ඔවුන්ව මෙම තත්වයට ඇද දැමිය හැකිය.
තවද නිවසට හිතුවක්කාර වී නගරයට පැමිණෙන තරුණියන්ටද මෙම ඉරණම ඇතැම් විට හිමිවිය හැකි අතර තවද කුඩා කල විවිධ අතවර වලට භාජනය වන්නන්ටද මෙම තත්වය උරුම වෙයි. සමාජයේ නූතන ප්‍රවණතාවය වන්නේ මවුපියන්ගේ අකමැත්තෙන් විවාහ වන ඇයව තම ස්වාමියා විසින්ම විවිධ පුද්ගලයන්ට විකුණා මුදල් ලබා ගැනීමත් අවසන ඇය ගණිකාවගේ තත්වයට පත්වීමත්ය.
මේ ආදී ලෙසට ඇය ගණිකාවක් බවට පත්වීමට කුමන සමාජ තත්වයක් බලපෑවද කිසිවෙකුගේ දියණියකි.
මවකි,බිරිඳකි.බොහෝවිට ඇය මෙම වෘත්තියේ නිරත වනුයේ තම කුඩාවුන් පෝෂණය කිරීමට විය හැකිය.
ඒ සඳහා ඇයට අන් මඟක් නොමැති විය හැකිය.ලංකාවේ මෙම වෘත්තියට පත්වූවන් අතරින් සියයට අනූනමයක්ම තමාට ජීවත්වීමට වෙනත් ස්ථීර රැකියාවක් ලැබේ නම් මෙම ක්‍රියාව අත් හැරීමට කැමැත්තක් දක්වයි.
කෙසේ වුවද අප සැවොම සිතිය යුතු යම් කරුණක් ඇත.එනම් යම් කාන්තාවක් මෙම තත්වයට පත්වීමට පවතින සමාජ ක්‍රමය ද ආර්ථික විෂමතාවද හේතුවන බවයි.වෛශ්‍යාවන් පිළිබඳව පැවසෙන ප්‍රසිද්ධ ගීතයක මෙසේ කියැවෙයි.
“ළඳුනේ…… ළදුනේ
ඔබේ දෑස් දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ …
දෙනෝ දහක් අතගත්තද
සැමියෙකු නැති ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ……”
මේ ගීතය ගණිකාවන් පිළිබඳව බොහොම උපේක්ෂාවෙන් යුතුව දකින ගීතයක්.ඇත්තෙන්ම සමාජයේ ජීවත්වෙන විට අපට ඇ පිළිබඳව මේ ලෙසට සිතන්නට නොහැකිද?
ඇය තමන්ගේ මුළු ජීවිත කාලයම සමාජයෙන් පැමිණෙන අපවාද ගැරහුම් ආදිය සමඟින් ජීවත් විය යුතුද?
ඇය දෙස කවියා විලසින් යම් උපේක්ෂාවකින් බැලිය නොහැකිද?මෙහිදී අප සිතිය යුතු වැදගත් කරුණක් තිබේ.
එනම් බොහෝවිට ඇයට බැණවදින අපහාස කරනා උන් ඇගේ පහස විඳින්නට පෙළගැසෙන බවයි.
එහෙත් ඔවුන් බොහෝ දුරට සමාජයට තම හොඳ මුහුණ පෙන්වන අතර සියලු අපවාද ගැරහුම් පැමිණෙන්නේ එකී කාන්තාවටයි.මේ ලෙස බලන කල ගණිකා වෘත්තියේ යෙදෙන්නේ වරදකරුවන් නම් ඇගේ සේවය ලබාගන්නා උත්තමයන්ද ඒ ලෙසම වරදකරුවන් නොවේ යැයි කිවහැක්කේ කාහටද?
කාන්තාවක් මෙම වෘත්තියේ නිරත වුවද බොහෝ පිරිස් මෙයට නැඹුරු වනුයේ තම කැමැත්තෙන් නොවේ.
එහෙත් ඇයට ජීවත් වීමට මෙම ක්‍රියාවේ දිගින් දිගටම නිරත වීමට සිදුවී තිබේ.
ඉහත කවියේ පැවසෙන ආකාරයට ඇගේ ලැමෙහි තම සිරුර සතපවා ගන්නා උගත් පිරිස් ඇගේ ළයෙහි පවත්නා දුක් ගින්දර නොදකිති.
මෙය වත්මන් සමාජ විෂමතාවයයි.ඇය වක්‍රාකාරයෙන් හෙළිදරව් කරනුයේ අප සමාජ ක්‍රමයේ දුබලතාවය නොවේද?ඇය කරන වෘත්තිය යහපත් හෝ උසස් ලෙස දැකීමට යැයි මම නොපවසමි.ඇය මෙම තත්වයට පත්වීමට හේතුවන්නේ බොහෝ විට පවත්නා සමාජ විශමතාවයන් නිසාය.
ඇය පිළිබඳව යම් අනුකම්පාවකින් හෝ උපේක්ෂාවකින් හෝ දැකීමට හැකිනම් සමාජයේ යහපත් ලෙස අපට යම් තරමකට හෝ සතුටු විය හැකි නොවේද?මඳක් සිතන්න?දැන් සිතා බැලීමට කාලයයි. -

“ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. පෝස්ට් සාදා වැය කළ කාලයට ස්තුතියි”
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී වූ ශ්‍රී ලාංකික පිරිස ගැන මුහුණුපොත පුරාම කතා වෙනවා.
ඒ අතරින් එක් තරුණියක් ගැන විවිධ අදහස් දක්වමින් පුවත් හුවමාරු වෙන්න පටන් අරන්.
කොහොම වුණත් එහි සඳහන් වුණේ රජයේ වියදමින් ඔවුන් මෙම සංචාරයට එක්වූ බවයි.
ඒ සියලු තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.
ගිහානි වීරසිංහ නම් මෙම තරුණිය , සමුලුවට සහභාගී වී සිටින සහ දේශපාලකයන් ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමග ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමගයි ඇය ගැන කතාබහක් ඇතිවුණේ.
දිගට හරහට ඇයට එල්ලවූ චෝදනාවලට සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
ඇය කියා තිබුනේ ” ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. රෑ දාවල නොතකා මා වෙනුවෙන් පෝස්ට් සාදා වැය කළ කාලයට ස්තුතියි.
මෙයට …..ගේ ආයෝජන දූතිකාව ” යනුවෙනි.
-

පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු ක්‍රිස් ගේල්ගේ සංවේදී ජීවිත කතාව මෙන්න…
පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු පුංචි කොල්ලා ක්‍රිස් ගේල්ගේ සංවේදී කතාව..
“මන්දපෝෂණය හැදිලා තිබ්බත් ඔහු හොදින් පිත්ත හැසිරුවා”
ඒ 1989 වසර.ජැමෙයිකාව.ලොව අවම ආර්ථික වර්ධනයක් සහිත රටක් වන ජැමෙයිකාවේ එවකට පාන් කෑල්ලක්,බනිස් ගෙඩියක් වෙනුවෙන් සිගමන් යදින පුංචි පිරිමි ළමුන් බොහොම සුලබ දර්ශනයක්.
අදට වුනත් මේ තත්වයේ ලොකු වෙනසක් නෑ.ජැමෙයිකාව පුරාම මේ දුප්පත්කමට අමතරව තවත් බොහොම සුලබ දර්ශනයක් තිබුනා.ඒ තමයි ක්‍රිකට්.කෝටු කැබලි ටිකක් සිටුවලා,ලෑලි කැබැල්ලකින් රබර් බෝලයකට ගසමින් සෙල්ලම් කරන ජමෙයිකා පිරිමි ළමුන් වීදියක් වීදියක් ගානේ සොයාගන්න පුළුවන්.
මෙන්න මෙහෙම ළමයින්ට ආධාර ලබාදෙන ආයතනයකින් පැමිණි කණ්ඩායමක් කුඩා ළමුන් ටිකක් සෙල්ලම් කරන අයුරු බලාගෙන සිටියා.ඔන්න විකට් එකක්.දැවී ගියපු පුංචි දරුවා සිමෙන්ති බංකුවක් මත නිදා උන් ඒ වයසේම පිරිමි ළමයෙකු ඇහැරවාගෙන පිටියට ගෙන ආවා.
ඔයාගේ නම මොකද්ද?
ක්රිස්සම්පුර්ණ නම?
ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල්
ක්‍රිස් කැමතිද ක්‍රිකට් ගහන්න?
කැමති..හැබැයි හැමදාම පාන් දුන්නොත් විතරයි.අන්න එහෙම පාන් කෑල්ලට ක්‍රිකට් ගහන්න පැමිණි ක්‍රිස්ටෝපර් තමයි අද ඔබේ ක්‍රිකට් ලොව අසහාය වීරයා ක්‍රිස් ගේල්.අද ඔහුගේ ක්‍රීඩා විලාශයේ පොහොසත්කම නිසාම ගේල්ගේ බලය,ගේල් කුණාටුව,ලෝක බලවතා,විශ්ව බලවතා,හයේ මැෂිම,ස්පාර්ටන් වැනි විවිධ අන්වර්ථ නාම වලින් ඔහුව පිටියේ හැඳින්වෙනවා.ඔහුගේ සුන්දර,ප්‍රීතිමත් සිනහව පිටුපස එවන් කතාවක් තිබේවි යයි ඔබ මොහොතකටවත් සිතුවද?එහෙත් සත්‍ය එයයි.
ගේල් උපදින්නේ ජැමෙයිකාවේ.ඔහුගේ පවුලේ සාමාජිකයන් 8 දෙනෙක්.පියා පමණක් රැකියාව කල මේ නිවසේ තිබුනේම අඟහිගකම් විතරයි.යන්තම් අවුරුදු 10 වෙනකොට ගේල්ට මන්ද පෝෂණය.සමහර දිනවල ගේල් හාමතේම ගිහින් පාන් කැබැල්ලකට ක්‍රිකට් සෙල්ලම් කරනවා.
කන්න දෙයක් සොයාගත්තේ එහෙමයි.ක්‍රිකට් හැමදාම නැහැ.එවන් දිනවල ආහාර සොරකම් කිරීමට පවා ගේල් පෙළඹී තිබෙනවා.කුමක් කරන්නද?දුප්පත්කම නිසානේ.
මෙහෙම උන්නු ගේල්ට සිම්සන් අන්ඩිරියාස් නම් මහත්මයා තමයි ක්‍රිකට් සෙල්ලම් කිරීමට අවස්තාවක් ලබාදෙන්නේ.එතැන් පටන් ජැමෙයිකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ලීගයක පිතිකරුවකු වන ගේල් ජාත්‍යන්තර ක්‍රීඩකයකු ලෙස කරලියට එන්නේ බටහිර ඉන්දීය කොදෙවු පිලට එක්වීමත් සමගයි.
ලෝකය හමුවේ පොහොසත්ම හා දක්ෂතම ක්‍රිකට් තරුවක් වන ගේල් තම ළමා කාලය ගැන සිහිපත් කරන සෑම විටකම බොහොම සංවේදී වෙනවා’
ගේල්ගේ දුප්පත්කම නිසා ක්‍රිකට් කවුන්සිලයෙන් කොන් කරනු ලැබූ අවස්ථා අප්‍රමාණ බව ගේල් පවසන්නේ දැඩි සිත් වේදනාවෙන්.ඒ වගේම තම වැටුප නියමිත පරිදි ලබා නොදුන් අවස්ථා ගැනිය නොහැකි තරම් බවත් ගේල් පවසන්නේ කලකිරීමෙන්.
ඒ සියල්ල තමා නතර කිරීමට කරන ලද දේවල් බව ගේල් දැනගෙන සිටියා.ජීවිතයේ එන හැම ගැටළුවකටම සිනහවෙන් පිළිතුරු දුන් ගේල් අවසානයේ තම සටන ජයගෙන තිබෙනවා.අද ඔහු ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට පත් වී හමාරයි.
තමන් ගැන කිසි විටක උඩඟු නොවන ගේල් පවසන පරිදි සෑම අපහාසයකටම,කෙනෙහිලිකමකටම හොදම පිළිතුර තමයි උපේක්ෂාව සහ අත් නොහැරීම.ඔහුගේ සාර්ථකත්වයේ රහස එයයි.
උපුටා ගැනීමකි
-

ක්‍රීඩා පොදුරදමඩුලු ක්‍රීඩා උළෙලේ මව්බිම සැරසු වීර සෙබලා කියූ අපුරු කතාව
පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 52 බර පන්තියේ බොක්‌සිං අවසන් පූර්ව තරගයයි. ශ්‍රී ලංකා ක්‍රීඩක ඉෂාන් බණ්‌ඩාරගේ ප්‍රහාරයෙන් පළමු වටයේදී දෙවතාවක්‌ම ප්‍රතිවාදී ඉන්දීය ක්‍රීඩකයා එහිදී බිම ඇද වැටුණත් වට තුනක් අවසන් වනවිට ලකුණු අනුව ජයග්‍රහනය ඉන්දියාවට හිමි විය.
කෙසේ වෙතත් එලෙසින් මවුබිම වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්කමක් දිනු ඉෂාන් බණ්ඩාර , පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සිය ක්‍රීඩා දිවියේ අපූරූ තොරතුරු රැසක් හෙළිකර තිබුනා.
එම සංවාදය පහතින් ,
කොහොමද මේ බොක්‌සිං ක්‍රීඩාවට යොමු වුණේ?
ලොකු අයියා ඉස්‌සර බොක්‌සිං ක්‍රීඩා කළා. එයාගේ උදව්වට මාව ගන්නව ප්‍රැක්‌ටිස් කරන්න. එතැනින් තමයි පටන් ගත්තේ.
එතකොට අයියා නිසා ද බොක්‌සිං ගහන්නේ?
ඔව්. ලොකු අයියා තමයි මගේ මුල් ගුරුවරයා. එයා තමයි මගේ දක්‍ෂතාව මුලින්ම හඳුනාගත්තේ.
ඒ කාලේ අයියත් එක්‌ක ප්‍රැක්‌ටිස් කරද්දි අනතුරු වෙලා නැද්ද?
පොඩි පොඩි අනතුරු වෙලා තියෙනවා. එතකොට අම්මා කෑගහනවා අයිය නේද මෙහෙම දෙන්නත් එක්‌ක ගහමරා ගන්නව ද කියලා.
දැන් පොදුරාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්‌කම් ලාභියෙක්?
ඒ ගැන ගොඩක් සතුටුයි. හිතේ තිබුණ හීනයක් මේ ඉෂ්ඨ වෙලා තියෙන්නේ.
අවසන් පූර්ව තරගයේදී ඉන්දීය ක්‍රීඩකයාව පරාජය කරන්න තිබුණා නේද?
ඔව්. මට අන්තිම වටේදී ඔහුව පාලනය කරගන්න ටිකක් අමාරු වුණා.
ඒත් ඔබ පළවැනි වටයේදී ඔහුට දෙපාරක් වැටෙන්න ගැහුවා?
16 2 ඒ වටේදී මගේ ලකුණු ගොඩක් ඉහළින් තිබුණා. දෙවැනි, තුන්වැනි වටවලදී තමයි ටිකක් අමාරු වුණේ.
මේ පාර පොදුරාජ්‍ය මණ්‌ඩලීය තරගාවලිය මඟහැරෙන්න ගියා නේද?
මගේ විවාහය තිබුණේ සුදුසුකම් ලැබීමේ තරග තිබුණ දවසේ. ඒ නිසා මට තරගයට යන්න ලැබුණේ නෑ. ඊට පස්‌සේ ඩයන් සර් යුද හමුදාවේ විශේෂ අවසරයක් ඇතිව ආයෙත් මට තරගයක් තියලා අවස්‌ථාව ලබාදුන්නා.
විවාහ වෙලා මාස කීයද?
දැන් මාස 6 ක්. එයා පාසල් කාලේ ඉඳන් දන්නවා.
බිරිඳගෙන් ලැබෙන සහයෝගය?
මුල් කාලේ කැමති නෑ ගහගන්න ක්‍රීඩාවක් නිසා. ඒත් දැන් එයාගේ උපරිමය ලබාදෙනවා.
අයියලා දෙන්නම යුද හමුදාවේ නිසා ඉෂාන් යුද හමුදාවට යනවට ගෙදරින් කැමති වුණාද?අම්මා යන්න දුන්නෙම නෑ. අයියගේ කීමට තමයි අම්මා කැමති වුණේ.
අයියත් එක්‌ක තරගවලදී ක්‍රීඩා කරලා නැද්ද?
ලොකු අයියා ගයාන් සංජීව. එයත් එක්‌ක එකපාරක් ලේට්‌න් කප් ෆයිනල් එකට ආවා. අපි තරග කළා. අයියා එදා මට ගැහුවේ නෑ, දිනන්න දුන්නා. එයා එදායින් පස්‌සේ බොක්‌සිං ක්‍රීඩා කළේ නෑ. දැන් එයා බොක්‌සිං පුහුණුකරුවෙක්.
දැන් යුද හමුදාවේ තනතුර?
ලාන්ස් කෝප්‍රල්
බොක්‌සිං ක්‍රීඩකයෙක් නොවුණා නම්?
හිතාගන්න අමාරුයි.
බොක්‌සිං හැර කැමති වෙනත් ක්‍රීඩා?
ක්‍රිකට්
පොදුරාජ්‍ය මණ්‌ඩලීය අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ගැන කිව්වොත්?
එදා ක්‍රීඩා කළ ක්‍රීඩකයා කවුද කියලා බැලුවේ නෑ. ඇහෙන් කෑල්ලක් ගියත් දිනන්න තමයි ඕනෙ වෙලා තිබුණේ.
එදා ඇහිබැමි දෙකම පැලුණා?
ඒක සාමාන්‍ය දෙයක්. ආමි එකේ මොරාල් එකටයි, ගමේ හයියටයි සෙල්ලම් කළා.
ළඟම තියෙන බලාපොරොත්තුව?
ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්‌කමක් ගේන්න.

සංවාදය : ගයාශාන් විතානආරච්චි / දිවයින
-

පක්ෂයක් නැතිව වටේ ගියපු හිටපු ඇමති මර්වින් සිල්වා යළි එජාපයට.
නොයෙකුත් පෞද්ගලික හේතුන් නිසා පක්ෂය හැර ගිය පිරිස් යළි එක්කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කමිටුවට යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර ඒ අනුව එජාප ප්‍රබල ඇමතිවරයකු පසුගිය දිනක හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා ඇතැයි වාර්තාවේ.
එම ඇමතිවරයා මර්වින් සිල්වා මහතාගේ සමීප ඥාතියකු බවද පැවසේ.
අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංගයේදී මර්වින් සිල්වා මහතා මාධ්‍ය හමු කිහිපයක්ම පවත්වමින් කල ප්‍රකාශ එජාප නායකත්වයේ විශේෂ අවධානයට යොමුව ඇත.
ඔහු පසුගිය අප්‍රේල් 03දා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවේදී ජන්දය දෙන අයෙක් වෙයි නම් ඔවුන්ගේ උප්පත්තිය ගැන හොයා බලන්න අවශ්‍ය බවයි.
තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීම දේශපාලන වශයෙන් සිදුකල බරපතල වරදක් බවද ඔහු එහිදී කියා සිටියේය.
කෙසේවුවද ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙනවාදැයි යන්න පිළිබඳව එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු මර්වින් සිල්වා මහතා ගෙන් විමසූ අවස්ථාවේදී ඔහු නිසි පිළිතුරක් ලබා නොදුන්නේය.
‘වැඩක් කරන, කල හැකි මහා බුද්ධිමතා රනිල් පමණයි’- මර්වින්
මේ අතර විශේෂ ප්‍රකාශයක් කරමින් මර්වින් සිල්වා මහතා පවසන්නේ, බුද්ධිය මෙහෙයවිය හැකි, වැඩක් කල හැකි, වැඩක් ගන්න පුළුවක් එකම නායකයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරණ කූට්ටම අතහැර අලුත්වැඩපිලිවෙලකට යායුතු බව ඔහු අවධාරණය කර සිටියි.
-

GOSSIP “බොරු නොකර හිටපං, උඹටත් හරි දැඟලිල්ලක්නේ දැන් තියෙන්නේ, මට කරදර කරනවා අම්මා ඇස් දෙකෙන්ම දැක්කා”
හිරගෙදර ජීවිතය දුකක්” ඒ හිරේ දුක් විඳින්නවුන් කියන කතාවකි.
මේ එවන් දුකක් විඳින ගැහැණියක් හෙළි කළ සංවේදී හෙළිදරව්වකි.“ජීවිතේ කවදාවත්ම දැක්කේ නැති මනුස්සයෙක් උදේ පාන්දරක අපේ ගේ දොරකඩ හිටගෙන හිටියා. අම්මා ඒ මනුස්සයාගේ දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා.”
“ඇයි?”
හුඟක් වෙලාවකට පස්සේ තමයි අම්මා ඒ ප්‍රශ්නෙ ඒ මනුස්සයාගෙන් ඇහුවේ.
“මේ පියසෝමගේ ගෙදරද?”
ඒ මනුස්සයා අම්මගෙන් ඇහැව්වා.
“ඔව් . . . මේ එයගේ ගෙදර. ඒත් මහත්තයා ගෙදර නැහැ. වැඩට ගිහිල්ලා”
“එහෙමද?”
ඒත් එක්කම අර මනුස්සයා අම්මගෙ ඇඟට කඩාගෙන පැන්නා.
“ඇයි මොකද?”
ඒ මනුස්සයා අම්මට මෙහෙම කිව්වා.
“නෝනා මේ මුකුත්ම නොදන්නවා ඇති. මෝනගෙ මහත්තයා දැන් ඉන්නේ මගේ ගෑනිත් එක්ක.
මම අවුරුදු ගාණක් රට හිටියේ. ඒත් මම හිටපු කාලෙ එයා ඉඳලා තියෙන්නේ නෝනගේ මහත්තයා එක්ක. මම රට ඉඳලා එවපු සල්ලි හැමදේම මට නැති වුණා.
අන්තිමට මගෙ ජීවිතෙත් නැති වුණා. මගේ දරුවා මට නැති වුණා. ඒ ළමයා අසනීප වෙලා මැරුණේ අවුරුදු හතේදි.
දැන් ඉතිං මට තවත් නැති වෙන්න දේවල් නැහැ. මං ආයෙත් රට යනවා. මං නෝනට කියලා යන්න ආවේ මේ දරුවන්ට තාත්තව ඕන නම් දැන්මම මොනව හරි කරන්න කියලා.”
අම්මා නාඳුනන පිරිමියා කියන කතාව අහගෙන හිටියේ පුදුමයෙන් වගේ.
අන්තිමට අම්මා හොඳටම අඬන්න පටන් ගත්තා. ඒත් එක්කම ඒ මනුස්සයා ගෙදරින් යන්න හැදුවා.ඒ මනුස්සයා දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය අම්මා එකපාරටම ඒ මනුස්සයා යන පැත්තට දිව්වා.
“මට කියන්න කොහෙද ඔයාගේ ගෙවල් තියෙන්නේ කියලා.
ඔයා ඇවිල්ලා කියනතුරු මං ඔය කිසි දෙයක් දන්නේ නැහැ. එයා මට කිව්වේ දුර පළාතකට මරුවක් ලැබුණා කියලා විතරයි”
ඒ මනුස්සයාට අම්මා අඬ අඩා කියන්න ගත්තා. අන්තිමට ඒ මනුස්සයා යන්න ගියා. එදා ඉඳන් වරු ගණනාවක්, දවස් ගණනාවක් අම්මා එක දිගටම ඇඬුවා. හරි හමන් කෑමක් බීමක්වත් ගත්තේ නැහැ. එක දවසක් හිමිදිරි පාන්දර අම්මා මා අවදි කළා.“ඇයි අම්මෙ කොහේ යන්නද?”
මං අම්මගෙන් ඇහුවේ නිදිමතේ ඔලුව කසමින්.“අපි යමු තාත්තා බලන්න”
ඒ වන විටත් තාත්තා මාස ගණනාවකින් ගෙදර ඇවිත් තිබුණේ නැහැ. අපි උදේම අනුරාධපුරයේ යන කෝච්චියෙන් තාත්තා බලන්නට ගියා. තාත්තාගේ කන්තෝරුවේ අය අම්මාත් මාත් දෙස බැලුවේ පුදුමයෙන් වගේ.“මේ අය පියසෝම මහත්තයාගේ කවුද?”
“නෝනයි, දුවයි”
අම්මා කීවේ ගොත ගසමින්.
“එතකොට . . .”
කෙනෙකු අප ඉදිරියට පැමිණ කියන්නට ආ දෙය ගිලගත්තා.
“මට මහත්තයා ඉන්න ගෙදර පෙන්වන්න”
අම්මා එහෙම කිව්වත් කවුරුවත් තාත්තා ඉන්නේ කොහේද කියලා පෙන්වන්න කැමති වුණේ නැහැ.
අම්මට එදා ගෙදරට ආව මනුස්සයා ලියලා දුන්න ලිපිනය හොයාගෙන අපි තාත්තා ඉන්න ගේ සොයාගෙන ගියා. අපි කොහොම හරි ඒ ගේ හොයා ගත්තා. අප යනකොටත් තාත්තා ඒ ගෙදර මිදුල අතුගාමින් හිටියේ. අම්මාත් මාත් දැක්ක තාත්තාගේ මුහුණ කළු වෙලා ගියා.“සන්ධ්‍යා මොකද මෙහෙ”
එයා පසුපසින් තවත් ගැහැනියක්. ඇය දරුවකු ලැබීමට සිටින කාන්තාවක්. කිසිවක් නොකී අම්මා මා ද අතින් අල්ලාගෙන ඒ නිවෙසින් පිටවුණා.
“උඹ නැත්නම් මං වහ ටිකක් කනවා” මඟට ඇවිත් අම්මා මට එහෙම කිව්වා. අම්මත් මාත් ආයෙත් ගෙදර ආවත් වෙනදා අම්මා තුළ වූ සතුට ඊට පස්සේ මම දැක්කේ නැහැ.
“දැන් ඉතිං උඹටයි මටයි ජීවත් වෙන්න රස්සාවක් කරන්න වෙනවා”
ඉන්පසු අම්මා ගෙවල්වලට එහායින් තිබූ තේ කොළ පැක්ටරියකට වැඩට ගියා.“ඔය සිද්ධිය වෙන කොට ඔයාගේ වයස කීයද?”
“මට ඒ කාලේ අවුරුදු දාහතරක් විතර ඇති. අපි පදිංචි වෙලා හිටියේ කුලී ගෙදරක. හැමෝම අම්මට කිව්වා තාත්තගෙන් වන්දියක් ගන්න කියලා.
ඒත් අම්මා එහෙම දේකට ගියේ නැහැ. අම්මා ගාමන්ට් එකේ රස්සාවට ගියා. මම ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා තනියම ගෙදරට වෙලා හිටියේ.“විභාගේ පාස් වුණාද?”
“නැහැ. සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩ හයයි පාස් වුණේ. ඊට පස්සේ අම්මා මාව එයාගේ මහ ගෙදර ගිහින් ඇරලුවා. නමුත් අම්මා නැතිව ඉන්න බැහැ කියලා මම ආයෙත් අම්මා ගාවටම ආවා.
“ඊට පස්සේමොකද වුණේ?”
“මගේ අම්මා තරුණයි. ඒ වෙනකොටඅම්මගෙ වයස අවුරුදු හතලිහක් විතර ඇති. අම්මා ලස්සනයි. ඒ නිසා වෙන්න ඇති හුඟක් දෙනා අම්මා පස්සෙන් ආවේ. නමුත් සිරි මාමා විතරයි අපේ ගෙදර නිතර ආව ගියේ. ඒ අම්මගේ ඥාති වෙන අයියා කෙනෙක්.
අන්තිමට සිරි මාමා අපේ ගෙදර නතර වුණා. මගේ නම් කිසිම අකමැත්තක් තිබුණේ නැහැ සිරි මාමා අපේ ගෙදර නතර වෙනවාට. ඒ වුණත් එයා නිතර නිතර මා ළඟට එන එක තමයි මට ඉවසන්න බැරි වුණේ. දවසක් මං අම්මට කිව්වා සිරි මාමා මට කරදර කරනවා කියලා.
“බොරු නොකර හිටපං. උඹටත් හරි දැඟලිල්ලක්නේ දැන් තියෙන්නේ”
අම්මා මට එහෙම කිව්වා.
ඉන් පස්සේ මම අම්මට මුකුත්ම කියන්න ගියේ නැහැ. ඔය අතරේ තමයි දවසක් සිරි මාමා මට කරදර කරනවා අම්මා දැක්කේ. අම්මා කොහේදෝ තිබුණ මන්නයක් උස්සගෙන ඇවිල්ලා සිරි මාමට ඒකෙන් කෙටුවා. ඊට පස්සේ මටත් අම්මා හොඳටම ගැහුවා.“ඉන් පස්සේ?”
“මං කාමරේ දොර වහගෙන අඬන්න ගත්තා. ඒ වෙනකොට ගමේ මිනිස්සු අපේ ගෙදරට ඇවිත් හිටියා. පොලීසියෙනුත් ආවා. මං කාමරෙන් එළියට ආවා. ඒත් අම්මා පේන්න හිටියේ නැහැ. පොලීසියෙන් මගෙන් වෙච්ච දේවල් ඇහුවා.
මං හැමදේම කිව්වා. මාව පොලීසියට අරගෙන ගියා. සිරිමාමාගේ මිනිය ඉස්පිරිතාලේ ගෙනිච්චා.
ඒත් අම්මා හිටියේ නැහැ. දවස් දෙකකට පස්සේ පොලීසියෙන් කිව්වා අම්මා ගඟේ පැනලා මැරිලා කියලා.
ඒ වෙලවේ මං පරිවාස නිවාසේ දෙදරන්න කෑගහලා ඇඬුවා. හැමෝම ඇවිත් කිව්වා අඬන්න එපා කියලා. අම්මගෙ මරණය කෙරුවේ රජයේ වියදමින්.“ඔයාට මොකද වුණේ?”
මගේ ජීවිතේ අපායක් වුණා. මට සිරි මාමා නිසා දරුවෙක් ලැබුණා. ඒ දරුවා හදාගන්න කෙනෙකුට දුන්නා. ඉන් පස්සේ මම ඉබාගාතේ ඇවිද්දා. දකින දකින මිනිස්සු මාව අරගෙන ගියා. සමහර දවස්වලට මාව පොලීසියට අහු වුණා. උසාවි දැම්මා. හිරේ ගියා.
දැන් මම කුණුවෙච්ච අඹ ගෙඩියක් වගෙයි. කාටවත් මගෙන් පලක් නැහැ. ඒත් පාරේ හිටියොත් බේරුමක් නැහැ. එහෙම දවසක තමයි මාව පොලීසියට අහු වුණේ. මාස තුනක දඬුවමක් ලැබුණා.“ඔය රස්සාවෙන් අයින් වෙන්න බැරිද?”
දැන් මේ රස්සාව කරන්නේ වේලක් කන්න. හිරේ ආවාම තුන්වෙලම සැපයි. පාරේ ජීවිතේ එපා වුණාම පොලීසියට අහුවෙන්න ඉන්නවා.
ගංජා සුරුට්ටුවක් දෙකක් තියන් ඉඳලා අහුවුණාම මාස තුන හතරක් හිරේ ලැගලා සැප විඳින්න පුළුවන්.
ඒකයි මම කිව්වේ එළියට වඩා හිරගෙදර සැපයි කියලා. අනිත් ගෑනුන්ට හම්බ වෙන විසිට්වලිනුත් මට නොයෙක් කෑම හම්බ වෙනවා. කරදරයකුත් නැහැ. ඇය පවසන්නට වුණේ සැහැල්ලුවෙනි.. -

මැයි 8දා කිසිදු වෙනසක් නෑ.. දවල් සිහින දකින ඒකාබද්ධයට ශිරාල් ලක්තිලකගෙන් ප්‍රහාරයක්..
නව පාර්ලිමේන්තු සැසිවාරයේදී රාජාසන කතාව පරාජය කර ආණ්ඩුව පෙරලන බවට එකාබද්ධයේ ඇතැමුන් කරන ප්‍රකාශ මුළුමනින්ම පදනම් විරහිත බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, නීතිඥ ශිරාල් ලක්තිලක අවධාරණය කර සිටියි.
නව පාර්ලිමේන්තු සැසිවාරයේදී රාජාසන කතාව පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කණ්‌ඩායමක් විසින් දේශපාලන මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අප කල විමසීමකදී ඔහු එබව කියා සිටියේය.
නව සැසිවාරය මැයි 8 වැනිදා ආරම්භ වන අතර එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රජයේ ප්‍රතිපත්ති ඇතුළත් රාජාසන කතාව ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තාවේ.
මීට පෙර 1960 දී රාජාසන කතාව පරාජයට පත්වීම නිසා එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතාට ඉල්ලා අස්‌වන්නට සිදුවිය.මෙම කාරනා සම්බන්ධයෙන් අප වෙත ‘වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ ලක්තිලක මෙසේද පැවසිය.
” රාජාසන කතාව බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ලක්ෂණයක්. අපි 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමත් සමග අපි එම බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ ඇතැම් කරුණු බැහැර කළා. රාජාසන කතාවට අදාල කරුනුත් ඒ අතර වෙනවා.
එනිසා රාජාසන කතාව කතාවක් පැරදුනා කියලා ආණ්ඩුව ඉවත්විය යුතු බවක් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ . එම රාජාසන කතාවෙන් පසුව ඡන්ද විමසීමක් ගැන අපේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල කොතනකවත් සඳහන් වන්නේත් නැහැ.
අනෙක නව සැසිවාරයක් ආරම්භකරන විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා කතාවක් කිරීම අනිවාර්යත් නැහැ. ඕනනම් එදාට ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් නොකර ඉන්නත් පුළුවන්.
එනිසා රාජාසන කතාවක් ගැන ඒකාබද්ද විපක්ෂයේ ඇතැමුන් කරන ප්‍රකාශ ඔවුන්ගේ තවත් මාධ්‍ය සංදර්ශනයක් පමණයි.”
-

ජනපති මෛත්‍රිගේ ලන්ඩන් සංචාරයේ දූත පිරිස පිළිබඳ පැතිර යන වාර්තා අසත්‍යයි… ඇත්ත මෙන්න..
ඉකුත් සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුරාජ්‍ය මණ්ඩළ නායක සමුළු සැසිවාරයට සහභාගීවීම පිණිස එංගලන්තයේ ලන්ඩන් නුවර බලා රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරත විය. මෙහිදී අප රටට බලපාන විවිධ ක්ශේත්‍රයෙන් තුල මතුව ඇති කලාපීය ගැටළු සම්භන්ධයෙන් ලෝකයේ අනෙකුත් සහෝදර රටවල් සමඟින් කතිකා කර, ඒවාට නිසි විසඳුම් සාකච්ඡා මාර්ගයෙන් ලබා ගැනීමට තරම් ජනාධිපතිවරයා සුහදශීලී විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. නමුත් මෙම සංචාරය අතරතුරේදී ඒකාබද්ධ විපක්ෂය ඇතුලු විවිධ ආණ්ඩු විරෝධී කල්ලි ජනාධිපතිවරයාගේ එම සංචාරය විවේචනය කරමින් අන්තර්ජාලය පුරාවම විවිධ ලිපි පළ කළේය. එහිදී ඔවුන් මූලික වශයෙන්ම මතවාදී අයුරින් පහර එල්ල කිරීම සඳහා යොදා ගත්තේ සාවද්‍ය මෙවලමකි. එනම් ජනාධිපතිවරයා සමඟ ලන්ඩන් බලා ගිය ධූත පිරිස 120 ඉක්මවා යන බවත්, අනවශ්‍ය අයුරින් සුවිශාල ධනස්කන්ධයක් මේ සඳහා වැය කර ඇති බවත් ය.
සහභාගී වූ ගණන 120 ක් කියන්නෙ කවුද ?
මෙහිදී ජනාධිපති කාර්‍යාලයේ ඉහළ රාජ්‍ය නිළධාරියෙකු හරහා අප කළ විමසීමේදී ජනාධිපතිවරයා සමඟ ලන්ඩන් නුවර පොදුරාජ්‍ය මණ්ඩළ නායක සමුළුවට සහභාගී වූ සම්පූර්ණ රාජ්‍යතාන්ත්‍රික , ආරක්ෂක සහ මාධ්‍ය නිළධාරීන්ගේ නාමලේඛණයක් අප වෙත ලබා දුන්නේය. මෙහිදී රජයේ වියදමින් මෙම සංචාරය සඳහා නිළධාරීන් 32 දෙදෙනෙකු සහභාගී වූ අතර එයට ව්‍යාපාර සංසදය නියෝජය කිරීමට, ආයෝජන සහ සැළසුම් අංශ නියෝජනය කිරීමට, ආරක්ෂක මණ්ඩළය නියෝජනය කිරීමට සහ විදේශ සබඳතා සහ සාකච්ඡාවන් නියෝජනය කිරීමට යනාදී වශයෙන් කාණ්ඩ වලට හැකිතාක් සීමාකර සාමාජිකයන් බෙදා තිබූ බව ගම්‍ය විය.
කවුද මේ ආන්දෝලනයට තුඩු දුන් කාන්තාව ?
මෙහිදී මෙම සංචාරය අතරතුර වඩාත් ආන්දෝලනයට තුඩු දුන් ව්‍යාපාරික මොහාන් පෙරේරා සහ ගිහානි වීරසිංහ යන දෙපළගේ වියදම් සහ ගමන් ගාස්තු සම්භන්ධයෙන් කිසිඳු මැදිහත්වීමක් ලංකා රජය නොදැරූ බවත් අදාළ ඉහළ නිළධාරීයා සනාථ කළේය.
අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි යන දෙපළ සමඟ මොවුන් දෙදෙනා උපන්දින කේක් කපා, සම්භාෂණයකට සහභාගී වූ ඡායාරූප පෙළක් අන්තර්ජාලය කැළඹවා තිබූ අතර අප මේ සම්භන්ධයෙන් අමාත්‍ය ඩිලාන් පෙරේරාගෙන් කළ කරුණු විමසීමකදී ඔහු සඳහන් කළේ මීට පෙර තමන් අදාල මොහාන් පෙරේරා සහ ඔහුගේ භාර්‍යාව කිසි දිනක හමු නොවී ඇති බවත්, ඔවුන් තමන් සිටි ස්ථානයට අනාරාධිතව ඇතුලු වී කේක් කපමින් සහ සම්භාෂණය භුක්ති විඳිමින් ඔවුන්ගේ කෑම බිලද නොගෙවා දමා මාරු වූ බවයි.
මෙහිදී මෙම දෙපළ ජනාධිපතිවරයා සමඟින් ලබාගත් ඡායාරූපයක්ද අන්තර්ජාලයට මුදාහැර තිබූ අතර, ජනාධිපති ආරක්ෂක අංශයේ ඉහළ නිළධාරියෙකු සඳහන් කළේ ජනාධිපතිවරයා නැවතී සිටි නො.22, පාර්ක් වීථියේ පිහිටි හිල්ටන් හෝටලයේ පහත මාලයට වී ජනාධිපතිවරයා පැමිණෙන තෙක් මොවුන් බලා සිටි බවත්, එහිදී මෙකී ඡායාරූපය ජනාධිපතිවරයා සමඟ ඔවුන් රැගෙන ඇති බවත් ය.
ලන්ඩන් නුවර ඇති ඉතාම ලාභම හෝටලයක නැවතුණු ජනාධිපතිවරයා
මෙහිදී ලියුම්කරු යම් කාරණාවක් ඔබ වෙත අත්‍යන්තයෙන්ම අවධාරණය කළ යුතුය. එනම්, හිටපු ජනාධිපතිවරු මින් පෙර රාජ්‍යතාන්ත්‍රික සංචාර සඳහා ලන්ඩන් පැමිණි විට නවතැන් ගත්තේ වත්මන් ජනාධිපතිවරයා ලැගුම් ගත් හිල්ටන් හෝටලය ඇති පාර්ක් වීථියේ කෙළවරක ඇති ඩොචෙස්ටර් නම් තරු හතේ හෝටලයක බවත්, එහි කාමරයක සාමාන්‍ය වියදම ආසන්න වශයෙන් මීට වඩා දසගුණයකින් වැඩි බවත් ය.
සැ.යු.
මෙහිදී රාජතාන්ත්‍රික නාමාවලිය හැරුණුකොට ආරක්ෂක හේතූන් මත ඔබ වෙත ගෙනහැර දැක්වීමට නොහැකි ආරක්ෂක නිළධාරීන්ගේ නාමාවලිය සහ ජනාධිපති මාධ්‍ය ඒකකයේ නාමාවලිය හැරුණුකොට අන් සියලුම දෙනාම සංචාරය සඳහා සහභාගී වී ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික වියදමෙන් බවද කරුණාවෙන් සළකන්න.
ජනාධිපති නිළ මාධ්‍ය අංශය, ජනාධිපති විශේෂ ආරක්ෂක අංශය හැරුණුකොට රජයේ වියදමින් සංචාරය සහභාගී වූ පුද්ගල නාමලේඛණ

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ලන්ඩනයට ගිය ජනපතිගේ දූත පිරිස පිළිබඳ වෙබ් සහ සමාජ මාධ්‍ය හරහා පැතිර ගොස් ඇති විවිධ ප්‍රචාර සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති වාර්තාව
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිතුමා සමග සහභාගී වූ නිල දූත පිරිස පිළිබඳව විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතී. මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිතුමා සමග නිල දූත පිරිසට එක්වූයේ ජනාධිපති බිරිඳ, ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන මහතා සහ ඔහුගේ බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, භාෂා පරිවර්තක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු පමණි.
තවද නිල දූත පිරිසට අයත් නොවූවත් ජනාධිපති මාධ්‍ය අංශයේ විද්‍යුත් හා මුද්‍රිත වාර්තාකරුවන් සහ රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ද ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙක් ද මීට එක්ව සිටිති.
ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට හෝ ඊට සමගාමීව පැවති වෙනත් කිසිදු හමුවකට ජනාධිපති කාර්යාලයේ වියදමින් කිසිදු පුද්ගලයෙක් සහභාගී වී නොමැත.මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් යන මහත්වරුන් සහභාගී වී ඇත්තේ ආර්ථික සමුළුවට බව ද දන්වා සිටින අතර එම ආර්ථික සමුළුව නියෝජනය කළ කිසිදු පාර්ශ්වයකට ජනාධිපති කාර්යාලය වියදම් දරා නැත.
එබැවින් ඇතැම් මාධ්‍යවල සියයකට අධික දූත පිරිසක් සහභාගී වන බවට පළවන මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කර සිටිමු. -

හිගනකමට ජන්ගියක් ගන්න පවුල් කැඩෙනකන් බලන් ඉන්න මල්ලිලාට දෙවි පිහිටයි – උදාරි කෞෂල්‍යා
ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය කියන්නේ දිනෙන් දින අලුත් පුවත් මවන ක්ෂේත්‍රයක්. මේ ක්ෂේත්‍රයේ අලුතින්ම එකතුවූ තරු දෙකක් තමයි උදාරි කෞශල්යා හා සංගීත් හතුරුසිංහ කියන්නේ.
රංගන ශිල්පිණි උදාරි කෞෂල්‍යා පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වූයේ ඇය හා ඇයගේ සැමියා වන රංගන ශිල්පී සංගීත් සතරසිංහ වෙන් වූ බවට පළවූ ඇතැම් රාවයන් සමගයි.
කෙසේ වෙතත් මේ පිළිබදව උදාරි කෞෂල්‍යා සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා තිබෙනවා. එහිදි ඇය පවසන්නේ ” ලොකු ටෝක්ස් දීලා අනුන්ගේ පවුල් කැඩෙනකම් බලන් ඉන්න මල්ලිලාට රත්නත්තරේ පිහිටයි” යනුවෙනි.
මෙහිදි ඇය තවත් පුද්ගලයෙක් තමන්ෆේ ෆේස්බුක් ගිණුමට ලබා දුන් ප්‍රතිචාර අඩංගු ඡායාරූප කිහියක්ද එම සටහනට එක්කර තිබුනා,
එම සටහන පහතින් ,





-

සංගීත් සතරසිංහයි,උදාරියි වෙන් වුණේ සමලිංගික ඇසුරක් නිසාලු – සියල්ල එලියට…
සංගීත් සතරසිංහ සහ උදාරිගේ වෙන්වීමත් සමග ඒ දෙදෙනා විසින් සමාජජාල මාධ්‍යයන්වලට යොමු කරන සටහන් සහ ඡායාරූප නිසා විවිධ කතා හැමතැනම පැතිරෙන්න අරන් තියෙනවා.
එමෙන්ම ඊයේ දිනයේ ත් උදාරි දැමූ සටහනකට කලා ක්ෂේත්‍ර යේ නවකයෙකුද අදහස් දක්වා තිබුණා.
මේ අදහස්වලට උදාරිද ප්‍රතිඋත්තර ලබාදී තිබුණා.
කෙසේවෙතත් මේ නිසා ගොඩක් දෙනෙක් සංගීත්ටනම් බැණලා තිබුණා.
මේ එම අදහසුයි.


