Tag: featured

  • ෂාරුක් – සුභානාගේ NYC වීඩියෝව ලීක් වෙයි

    ෂාරුක් – සුභානාගේ NYC වීඩියෝව ලීක් වෙයි

    බොලිවුඩයේ රජු වන ශාරුක් ඛාන් සහ ඔහුගේ දියණිය සුහානා ඛාන් පසුගිය දා නිව්යෝර්ක් නගරයේ පාවහන් අලෙවිසැලකදී දැකගත හැකි වූ අතර එම වීඩියෝව සමාජමාධ්‍ය තුළ වෛරස් වූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

    2023 වර්ෂයේදී ෂාරුක් ඔහුගේ Pathaan, Jawan සහ Dunki වැනි චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයින් විනෝදාස්වාදයට පත් කළේය. දැන්, ඔහු ඔහුගේ මීළඟ ඉදිරියට එන ක්‍රියාදාම-ත්‍රාසජනක චිත්‍රපටය වන ‘ ‘King” සඳහා සූදානම් වෙමින් සිටින අතර එහි ඔහුගේ දියණිය වන සුහානා ඛාන් ද රංගනයෙන් දායක වේ.

    පසුගිය වසරේ සෝයා අක්තාර්ගේ ‘Zoya Akhtar’s’ චිත්‍රපටය සමඟින් සුහානා බොලිවුඩයට පිවිසියාය. මේ වන විට ඇය තම පියා සමඟ ඔවුන්ගේ ඉදිරි තිරගත වන ‘කිං’ චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු වෙනුවෙන් කාර්යබහුලව සිටී.

    පසුගිය දා ඔවුන් දෙදෙනාම නිව් බැලන්ස් හි සපත්තු සාප්පුවක සිටි අතර සමාජ මාධ්‍යවල අන්තර්ගත නිර්මාපකයෙකු වන Bunty Bhaiya නම් ඉන්දියානු ජාතිකයා පියා සහ දියණිය දුටුවේය.

    ෂාරුක් සහ සුභානා දුටු වහාම බන්ටි සිය ජංගම දුරකථනයේ වීඩියෝව ක්‍රියාත්මක කර අපූරු වීඩියොවක් පටිගත කළේය. ඔහු එය නම් කර තිබුණේ “මේ ඉන්නේ ෂාරුක් සර් සහ සුහානා. ඔවුන් ඉන්නේ New York වල New Balance Store එකේ” යනුවෙනි.

    වීඩියෝවේ ඔවුන් දෙදෙනාම සපත්තු පැළඳීමට උත්සාහ කරන අයුරු දැකගත හැකි විය. පැය 24කට අඩු කාලයකදී, වීඩියෝව වයිරස් බවට පත් වූ අතර ලයික් 27,000කට වඩා වැඩි සංඛ්‍යාවක් සමඟින් මිලියනයක් දෙනා එය නැරඹූහ.

    රසික ප්‍රතිචාර

    ෂාරුක් ඛාන්ගේ සැබෑ පැත්ත ගැන දැනගැනීමට අවශ්‍ය නිසා 300කට අධික පිරිසක් එම වීඩියෝවට අදහස් දක්වා තිබුණේය. ‘beingdeepa05’ යන නම ඇති පරිශීලකයෙකු අදහස් දක්වමින්, “ඔහු ඉතා රළුයි. ඔබ ඔහු හමුවී කතා කළාද?” කියා විමසා තිබුණේය.

    අන්තර්ගත නිර්මාපකයා එයට මෙසේ පිළිතුරු දුන්නේය, “ඔහු එසේ නොවෙයි… ඔහු ඔවුන් වෙත පැමිණෙන සෑම කෙනෙකුටම කතා කරමින් සිටියා.”

    තවත් SRK රසිකයෙක් අදහස් දැක්වූ අතර ඔවුන් දෙදෙනා සමඟ වෙනත් කවුරුන් හෝ සිටීදැයි දැන ගැනීමට ඔහුට අවශ්‍ය විය.

    එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බන්ටි බයියා මෙසේ කීවේය, “ඒ දෙන්නා ඇරෙන්න වෙන කවුරුත් හිටියේ නෑ‘

    පියා සහ දියණියකගේ බැඳීම

    සුහානා ඛාන් ඇගේ පියා ෂාරුක් ඛාන් සමඟ සමීප බැඳීමක් බෙදා ගන්නා බව දන්නා කරුණකි. කොල්කටා නයිට් රයිඩර්ස් (කේකේආර්) සහ සන්රයිසස් හයිද්‍රාබාද් (එස්ආර්එච්) අතර අයිපීඑල් 2024 අවසන් මහා තරගයේදී සුහානා සහ ෂාරුක් ප්‍රීතිමත් කාලයක් ගත කරන අයුරු දැකගත හැකි විය.

    මූලාශ්‍රය – ඉන්දියානු මාධ්‍ය ඇසුරිණි

    සැකසුම – මධූ වික්‍රමසිංහ

  • ෆයිනස් ඉවත දැමිය යුතුමද?

    ෆයිනස් ඉවත දැමිය යුතුමද?

    කදුකර ප්‍රදේශවල සංචාරය කිරීමේ දී කදු පන්ති පුරා විහිදී යමින් පරිසරයෙහි අපූරු රටාවන් මවන ෆයිනස් වගාවන් ඔබට මතක ඇති.

    දෑතින් බදා ගත නොහැකි තරමේ පළල් විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් ෆයිනස් ගස් සමූහය හාත්පස සිසාරා විහිදී යමින් කදුකරයට වෙනස් සිරියාවක් එක්කොට තිබෙනු දැකිය හැකියි. කාලයක් තිස්සේ වැඩුණු පැරණි ගස්වල කඳ කොටසෙහි පොත්ත පිපිරී ගිය කලෙක මෙන් රටා මැවී තිබේ. බැලූ බැලූ අත පෙනෙන ෆයිනස් ගස් සමූහය නිසා කදුකරය වෙනම ලෝකයක් බව දැනෙනු වැළැක්විය නොහැකියි. ෆයිනස් ශාඛයෙන් පරිසරයට සහ පසට සිදුවන විනාශය අසා තිබෙද්දිත් ෆයිනස්වලින් පිරුණු මේ පරිසරය නම් අපේ සිතේ ඇති කරන්නේ පුදුමාකාර අත්භූත බවක්. ෆයිනස් ගසින් පිරි පරිසරය හාත්පස අඳුර වැඩිකරන නමුත් අප කැමති වන ආකාරයේ ගූඪත්වය පිරුණු හැඟීමකින් සහ ආසාක්තවීමකින් අපව ඒ කෙරේ බැඳ තබා ගන්නට එය සමත්.

    පැරණි වාර්තාවලට අනුව මුල්ම වරට ශ්‍රී ලංකාවට පයිනස් ශාකය හඳුන්වා දී ඇත්තේ 1870 වසරේ දී ය. එලෙස හඳුන්වාදුන් පයිනස් ශාකය 1920 වසරේ දී පමණ වගාවක් ලෙසින් රෝපණය කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව pinus patula නම් පයිනස් ප්‍රභේදය මීටර් 1600කට වඩා උසින් යුත් කඳුකර බිම්වල වගා කළත් එය මහා පරිමාණයේ වගාවක් වී නොමැත. ඉන් පසුව 1952 වසරේ දී පමණ උස මීටර් 900 ට වඩා වැඩි බිම්වල pinus caribaea නම් පයිනස් විශේෂය වගා කොට ඇත.

    1950 දශකය පමණ වන විට සුළු පරිමාණයෙන් කඳුකරය තුළ වගා කරමින් තිබුණු පයිනස් වගාව සීඝ්‍රයෙන් කඳුකරය පුරා ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇත්තේ 60 දශකයේදීය. ඒ අනුව 1983 වසර පමණ වන විට කඳුකරයේ හෙක්ටයාර් 2300ක පමණ පයිනස් රෝපණය කර ඇත. එහි දී පතන් බිම්වල වන වගාවක් ලෙසින් පයිනස් ශාකය රෝපණය කිරීමට නිර්දේශ වී තිබුණත් පතන් නොවන බිම්වල පවා පයිනස් ශාකය වගා කර ඇත. කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව බහුලව වැවෙන මෙම ශාකය පරිසරයට යහපතට වඩා හානියක් සිදුකරන බව පරිසරවේදීන්ගේ මතයයි.

    බහුල වශයෙන් උතුරු ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව සහ දකුණු ඇමරිකාව පුරා වර්ධනය වන අතර යුරෝපය, උතුරු අප්‍රිකාව, කැරිබියානු කලාපයේ සහ ආසියාවේ සමහර භූගෝලීය ප්‍රදේශයන් තුළ දැකිය හැකිය.

    හොඳින් ජලය බැස යන හා වැලි සහිත පස මෙම ශාකයට හිතකර පරිසරය වේ. මෙම ශාකය ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනා ගත හැකි අතර ඒවායේ ඉදිකටු මෙන් පත්‍ර ද කේතු ආකාරයේ මල් වැනි කොටසක් ද දැකිය හැකිය.

    විවිධ පයිනස් විශේෂ සඳහා විවිධ අවශ්‍යතා හා පාරිසරික සාධක අවශ්‍ය නමුත්  ශාකය සාමාන්‍යයෙන් විවෘත හා හිරු එළිය හොඳින් වැටෙන ප්‍රදේශ වලට වැඩි කැමැත්තක් දක්වයි.මෙම ශාකය ලොව පුරා පුළුල් භූ දර්ශන හා දේශගුණික පරාසයක වර්ධනය වේ.

    මීටර් 15 – 45 ක් පමණ උසැති මෙම ශාකය වඩාත් දූෂිත පරිසරයේ සවුවද හොඳින් වර්ධනය වේ.තවත් සුවිශේෂී කරුණක් වන්නේ පයිනස් ශාකය වනාන්තර කොරිඩෝවක් (forest corridors)  ලෙස වර්ධනය විය හැකිය.

    මෙම ශාකය ලංකාවට ආවේණික ශාකයක් නොවුණ ද විශේෂයෙන් වෙන්කර ඇති වනාන්තර සඳහා කොරිඩෝවක් ලෙස කටයුතු කරයි. පයිනස් ශාකය වාණිජමය අරමුණින් වගා කරනු ලබන්නේ නම් වන වගාවෙන් වෙන් වූ වෙනස් පරිසර තත්ත්වයන් යටතේ වගා කළ යුතු වේ.

    පරිසරයට ඇති බලපෑම

    පයිනස් ගසට ශක්තිමත් මුල් පද්ධතියක් ඇති නිසා නායයාම් වැනි පරිසර හානීන්ගෙන් පොළොව ආරක්ෂා වේ. භූගත ජලය කෙරෙහි සෘණාත්මක බලපෑමක් මෙම ශාකයෙන් ඇති බවද ඇතැම් පරිසරය ගවේශකයන් අදහස් දක්වා ඇත. සාමාන්‍ය ශාක ගහනයෙකින් යුත් වනයක ජල උත්පාදනයට සාපේක්ෂව පයිනස් වගාවක එම වේගය අඩුය. කඳුකර ප්‍රදේශවල පයිනස් ඉවත් කලහොත් එහි පාරිසරික වෙනස්වීම් වුවද ඇතිවිය හැකිය. නිදසුනක් ලෙස වර්ෂාපතනයෙහි වෙනස් වීම, ස්වාභාවික විපත් හා නායයෑම් වලට ගොදුරු වීම දැක්විය හැකිය.  මෙම වගාව පස විනාශයටද යම්තාක් දුරකට හේතු වන ශාකයක් වන අතර පයිනස් වගාව පවතින ප්‍රදේශය අවට ජෛව විවිධත්වය කෙරෙහි අහිතකර බලපෑම් ඇති විය හැකිය.

    කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව බහුලව වැවෙන මෙම ශාකය පරිසරයට යහපතට වඩා හානියක් සිදුකරන බව පරිසරවේදීන්ගේ මතයයි. මෙම ගැටලුවට පිළියමක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පයිනස් වගාව කළමනාකරණය කිරීම සඳහා නව පියවරක් ගෙන ඇත. නව කළමනාකරණ සැලසුමට අනුව පයිනස් වගාවේ ඇතැම් අංශ ලී සඳහා ද ඇතැම් අංශ පයිනස් කිරි සඳහා ද භාවිතා කිරීමට කටයුතු යොදා ඇත.

    පයිනස් රෙසින භාවිතය හා එහි ප්රයෝඡන

    ඒ අනූව අප දැවමය නොවන වන නිෂ්පාදනයක් ලෙස පයිනස් වන වගාවන් ආශ්‍රිතව සිදුකරනු ලබන පයිනස් කිරි නිස්සාරණය කිරීම හා එහි ප්‍රයෝඡන පිළිබඳව මෙම ලිපි‍යෙන් සාකච්ඡාවට භාජනය කරනු ලැබේ.

    කිරි යනු සාමාන්‍යයෙන් පොලිම බවට පත් කළ හැකි ශාක හෝ කෘතිම සම්භවයක් ඇති ඉහළ දුස්ස්‍රාවී ද්‍රාව්‍යය කි. එය සාමාන්‍යයෙන් කාබනික සංයෝග වල එකතුවකි.

    පයිනස් ගස උසස් ප්‍රතිලාභයක් සහිත ඇලෙන සුළු අවර්ණ ද්‍රාවණයක්/ යුෂයක් නිපදවනු ලබයි. මෙම යුෂ කිරි (resin) නමින් හඳුන්වනු ලැබේ. මෙම යුෂ  ශ්‍රාවය කරනු ලබන්නේ ගසේ සිදුවන කැපීම් තුවාල මත විවිධ කෘමීන් හා සතුන්ගේ බලපෑම නිසා ගසට සිදුවන හානිය වළක්වා ගැනීම පිණිසය.මෙම යුෂ ගසෙහි පලුදු වූ කොටස වටා ආරක්ෂිත තට්ටුවක් හෝ පිරවුමක් ලෙස කියා කරයි.කාලයත් සමඟ මෙම යුෂ අඳුරු පැහැයට හැරේ.

    පයිනස් කිරිවල විවිධ ප්‍රයෝජන ඇත.

    සාමාන්‍යයෙන් ගම්, පිරවුම්කාරක (Sealant)  වාර්නිෂ්, මැලියම් ලෙස භාවිතා කළ හැකිය. ඊට අමතරව පහත සඳහන් භාවිතයන් ද පයිනස් කිරි මඟින් ලබාගත හැකි ය.

    1. ඖෂධීය භාවිතය
    • ආතරයිටීස් රෝගයේ සන්ධි ප්‍රදාහය යථා තත්ත්වයට පත් කිරීමට හා වේදනාව සමනය කිරීමට භාවිතා කරයි.
    • පිළිස්සුම් හා තුවාල සඳහා බාහිර ප්‍රතිකාරයක් ලෙස ක්‍රියාකරයි/ බැක්ටීරියා වර්ධනය වීම වළක්වයි.
    • ඇතැම් විලවුන් වර්ගවල ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකයක් ලෙස ද ක්‍රියා කරන අතර එමඟින් සිරුරේ ඇතිවන අසාත්මිකතාවයන් හා ආසාදනයන් වළක්වනු ලබයි.
    • යටත්විජිත ඇමෙරිකානුවන් සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස සඳහා ද පිළියමක් ලෙස පයිනස් කිරි භාවිතා කර ඇත.
    • එසේම පිළිකා කාරකයක් ලෙසද භාවිතා කර ඇත.
    • වසූරිය, සිපිලිස් වැනි රෝග සඳහා වූ පිළියමක් ලෙස කිරි සමඟ විවිධ ද්‍රව්‍ය මිශ්‍ර කරමින් භාවිතා කළ බව සඳහන් වේ.
    • විදුරුමස් වැනි දේවල් සැකසීම සඳහා ද භාවිතා කරයි.
    • උගුරේ අමාරුව සඳහා යුෂ ගසෙන් ලබාගෙන ඍජුවම අනුභව කිරීමෙන් උගුරේ අමාරුව සුව කරගත හැකිය.

    ඉහතින් සදහන් කර ඇති ආකාරයට  පයිනස් කිරි අතීතයේදී සම්ප්‍රදායික ඖෂධීය භාවිතයන් සඳහා යොදා ගත් නමුත් තවමත් නවීන විද්‍යාව සමඟ ඵලදායී ලෙස යොදාගෙන ඒ පිළිබද කිසිදු සනාථ කිරීමක් සිදු කර නොමැත.

    පයිනස් කිරි විවිධ ප්‍රාථමික මෙවලම් ඇලවීම සඳහා ද මැලියම් ලෙස භාවිතා කරයි. ඉටිපන්දම්වල දැවෙන කාලය දීර්ඝ කිරීමට උපකාරකයක් ලෙස භාවිතා කළ හැකිය.

    1. එසේම කිරි උණුකොට ඉටිපන්දම් සැකසීමෙන් පන්දම් ලෙසද භාවිතා කළ හැකිය.
    2. කිරි දාහ්‍ය ද්‍රව්‍යයක් නිසා ගිනි අවුලවාලීමට ද භාවිතා කරනු ලබයි.
    3. පයිනස් වලින් ගනු ලබන කිරි මදුරු විකර්ශකයක් ලෙස ද ක්‍රියා කරන අතර දුම්මල සැකසීම සඳහා ද භාවිතා කරනු ලබයි.
    4. සපත්තු, ලෝහමය බහාලුම්වල සිදුරු පිරවුමක් ලෙස ද භාවිතා කළ හැකිය.
    5. ආසාවනය කිරීමෙන් ටර්පන්ටයින් නිපදවීම ද කළ හැකිය.

    පයිනස් කිරි ඉතා ඉක්මණින් ගිනි ගන්නා සුළු ද්‍රාවනයකි. කෙසේ වෙතත් අද වන විට පයිනස් කිරි විවිධ ආයතන මැදිහත්ව නිස්සාරණය කිරීම සිදු කරනු ලබන අතර දේශීයව කිසිදු නිෂ්පාදනයක් සිදු නොකරනු ලබයි.

    පයිනස් කිරි නිස්සාරණ ක්රියාවලිය.

    පයිනස් කිරි නිස්සාරණය පිළිබඳ වෘත්තීය ජීවිතය තුළ අසා තිබුණ ද එම කටයුත්ත පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කිරීම සදහා අවස්ථාව හිමි වූ‍යේ මාතලේ දිසාවේ රත්තොට බීට්ටුවේ බඹරගිරිඇල්ල ප්‍රදේශයේ පයිනස් වන වගාවක් ආශ්‍රිතව දැවමය නොවන වන නිෂ්පාදන විෂයට අදාළව සිදුකළ ක්ෂේත්‍ර චාරිකාව තුළදීය.

    පයිනස් කිරි නැවුම්ව නෙළීමට යාමේදී තරමක් අපහසු වන අතර එයට හේතුව එය ඇලෙන සුලු ද්‍රාවණයක් වීමයි. කාලයක් ගත වීමත් සමග එය නෙළීම පහසු වේ. කාලයත් සමඟ ශ්‍රාවය වූ ද්‍රාවණය විශාල පොකුරු ලෙස පැවතීම එයට හේතු වේ.

    කිරි ලබාගැනීමේදී තියුණු පිහියක් වැනි ආයුධයක් ගෙන එයින් පොකුරු  පා මුලට තද කර එය කඩා ඉවත් කර ගත යුතුය. උසින් වැඩි පයිනස් ශාකවල කිරි නෙළීම සඳහා විශේෂිත වූ අස්වනු නෙළීමේ උපකරණ ද භාවිතා කළ හැකිය. කිරි ලබා ගැනීමට පෙර එය නිවැරදිව ශාකයට හානි නොවනසේ ලබාගත යුත්තේ කෙසේද යන්න නිසියාකාරව දැනුවත් විය යුතුය. ශාකයට හානියක් නොවන ලෙස කුඩා ප්‍රදේශයක් තුළ පමණක් කිරි ලබා ගැනීම සිදුකළ යුතුය.

    දිවයිනේ මධ්‍යම කදුකරය පුරා විසිර පවතින පයිනස් වන වගාවන් ව්‍යාප්ත කිරීම සදහා මූලිකත්වය ගෙන ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. එම නිසා එම කටයුතු වල ප්‍රධාන අධීක්ෂණය සිදුකරනු ලබන්නේද ඔවුන් විසිනි. මෙම කටයුත්තෙහි ප්‍රථම අදියර ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ පයිනස් වන වගාවන් තුළින් විවිධ ප්‍රදේශයන් ආශ්‍රිතව තොරාගත් ගත් බිම් කට්ටි කිරි කැපීම සදහා නිර්දේශ කරනු ලබයි. ඉන් අනතුරුව එම බිම් කට්ටිය තුළ පවතින පයිනස් ගස් ප්‍රමාණය හදුනාගෙන කිරි කැපීම සදහා මිළගනන් කැදවීමක් සිදුකරනු ලබයි.

    මෙම ටෙන්ඩර් පත් කැදවීම වසරක කාලයක් සදහා සිදු කරන අතර මෙහිදී පයිනස් මෙම කාර්‍ය්‍යයේ වැදගත්ම කොටස වනුයේ පයිනස් කිරි නිස්සාරණ කාර්‍ය්‍ය අධීක්ෂණය කිරීමයි. මන්ද යත් නිවැරැදි ලෙස කිරි ලබාගැනීම සිදු නොකලහොත් ගසට හානි සිදුවිය හැක.එවිට ගස් මැරීමට භාජනය වීම හො ලබා ගත හැකි දැවමය වටිනාකම අඩුවන ලෙස ගස බාලවීමක් සිදුවේ.

    එම හේතුව නිසා කිරි නිස්සාරණය සදහා ඉදිරිපත් වන සමාගම් වෙත කොන්දේසි මාලාවක් පැනවීම සහ බීට්ටු වන නිළධාරින් මගින් නිරන්තර අධීක්ෂණයට භාඡනය කරනු ලබයි. පයිනස් කිරි නිස්සාරණ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම අදාල සමාගම් විසින් වන වගා බිම් කට්ටිය සහිත ප්‍රදේශයේ කිරි කැපීම සදහා සේවය ලබා දෙන පිරිස්වලට නිසි පුහුණුවක් ලබා දීම සිදු කල යුතුය.

    අදාල කාර්‍ය්‍යය අධීක්ෂණය සදහා අධීක්ෂණ නිළධාරිවරයෙකු සමාගම විසින් පත් කළ යුතුවේ. ඔහු කිරිකපන්නන්ගේ කිරි එක් රැස් කර ගැනීම ද ඒ අතරම සිදු කරයි. කිරි කැපීම ආරම්භයට පෙර වෙන්කරන ලද බිම් කට්ටිය තුළ ඇති සියලු පයිනස් ගස් මුල වට මීටරයක පමණ ප්‍රමාණයක් වල් පැල හා කොල ඉවත් කර පිරිසිදු කළ යුතුය.

    මෙසේ ගස අවට පිරිසිදු කරනු ලබන්නේ පයිනස් රෙසින වහා ගිනිගන්නා හෙයින් කිරි කැපීමේදී කද තුළ වෑහෙන කිරි හරහා කැලෑ ගිනි ගැනීමකදී ගස ඉහලට ගිනි ගැනීම වැළැක්වීම සදහා ය. මෙමගින් කිරි කපන්නන්ටද පහසුවෙන්  ගස් අතර ගමන් කිරීමට මෙන්ම විෂ සහිත සතුන්ගෙන් සිදු විය හැකි හානි අවම කරගැනීමට හැකි වේ.

    කිරි කපන්නන් විසින් ගසේ සුදුපැහැති යටි පොත්තට හානි නොවන පරිදි කිරි කැපීම සිදු කල යුතුවේ. එසේ නොමැති වුවහොත් ගසට හානි සිදුවිය හැක. තවද කැපීමේදී අභ්‍යන්තර පොත්තට හානි සිදුවුවහොත් වෑහෙන කිරි ප්‍රමාණයද අඩුවේ.මෙම කටයුතු බීට්ටු වන නිළධාරින් විසින් නිරන්තර අධීක්ෂණයට යොමු කරන අතර නිවැරැදි ලෙස අදාල කාර්‍ය්‍යය සිදු නොවේනම් ඉන් ඉවත් කිරීමටද බලය පවතී.

    ඉහතින් සදහන් ක්‍රමවේදයන්ට අනුගත වෙමින් පයිනස් කිරි නිස්සාරණය කාර්‍ය්‍යයේ අදාල පුහුණු කම්කරුවන් විසින් යෙදෙනු ලැබේ. බොහෝ දුරට පයිනස් කිරි කැපීම සදහා ලබා දෙන බිම් කට්ටියක හෙක්ටයාරයක් තුළ පයිනස් ගස් 400 – 600 ක් පමණ පවතින බව වන ක්ෂේත්‍ර සහායක අල්විස් මහතා ප්‍රකාශ කරන ලදී.ඒ අනූව එක් කම්කරුවකු සදහා කිරි කැපීමට ගස් 900 – 1200 ත් අතර ප්‍රමාණයක් බෙදා දෙනු ලැබේ.

    පයිනස් කිරි කැපීම සම්බන්ධයෙන් අප වෙත තොරතුරු ලබාදුන් අයි . ජී කරුණාවතී මහත්මිය විසින් දිනකට ගස් 300 ක පමණ කිරි කැපීම සිදුකරනු ලබන බව දින හතරකට වරක් කිරි එකතු කිරීම සිදුකරනු ලබන බව ප්‍රකාශ කළාය. පයිනස් කිරි කැපීම සදහා උපකරණ කීපයක් භාවිතා කරනු ලබයි.ඒවා බාර්ක් ශේවර්, Y ක්නයිෆ් හා අඩු මිටිය වේ.

    භූමිය පිරිසිදු කර ගැනීමෙන් අනතුරුව කිරි නිස්සාරණ කටයුත්ත ආරම්භ කරනු ලබයි. පයිනස් ගසෙහි මතුපිට පවතින පතුරු කැබලි සහිත පොත්ත බාර්ක් ශේවර් යන උපකරණය භාවිතයෙන් සූරා ඉවත්කර මතුපිට හොදින් පිරිසිදු කරගනු ලබයි.මෙහිදී සෙ.මී 45-50 ක් පමණ උසට හා සෙ.මී 25 -30 පමණ පළලට පිරිසිදු කර ගැනීම සිදු කෙරේ. මේලෙස ගසේ ඉවත් කරනු ලබන මිනුම් ප්‍රමාණයේ එක්  කොටසක් වසර පුරාම කිරි කැපුම යෙදීම සදහා ප්‍රමාණවත් වේ. වසරක කාලයක් සදහා කිරි නිස්සාරණය සදහා ටෙන්ඩර් පත් මගින් ලබාගත්තද බොහෝ දුරට කිරි කැපීම සිදු කරනු ලබන්නේ මාස 08 – 10 ත් අතර කාලයක් දක්වා පමණි.මන්ද යත් වසරේ විවිධ කාල වලදී ඇතිවෙන වර්ෂාවත් සමග කිරි කැපීමේ කටයුත්ත අඛණ්ඩව පවත්වගෙන ‍යා නොහැකි වීම හා ගසේ සෙ.මි 45 – 50ක් උසට හා සෙ.මී 25 – 30 පමණ පළලට පොත්ත ඉවත් කල කොටස තුල මාස 10 ක් පමණ යනවිට කිරි කපා අවසන් වීමයි. එලෙස බාර්ක් ශේවර් මගින් පිරිසිදු කරන කොටස් 03 ක් එකිනෙක උසට වසර 03 ක් යෙදීම සිදුවේ. කම්කරුවන් ප්‍රකාශ කරනුයේ තම උස හා උපකරණයේ ආධාරය සහිතව පහසුවෙන් කැපුම යෙදිය හැකි උපරිම උස ප්‍රමාණය එපමණක් බවයි.

    ඒ සදහා පිලියමක් ලෙස මුලින්ම කිරි නිස්සාරණය සදහා යොදන කැපුම තුළ දින 4 කට පසු නැවත වරක් කැපුමක් යොදා කිරි නිස්සාරණය කරන ලෙස අදාල සමාගම් සදහන් කලද එසේ නැවත වරක් කැපුම යොදා කිරි නිස්සාරණය කිරීමේදී දෙවන වර ලබාගත හැකි කිරි ප්‍රමාණය 60% කින් පමණ අඩුවන බව කම්කරුවන් ප්‍රකාශ කරනු ලබයි. එමනිසා ඔවුන් එකම කැපුම නැවත වරක් යෙදීමට අකමැත්තක් දක්වයි. එමෙන්ම මෙම කටයුත්තේදී ගසෙහි කැපුම යෙදීමට අවසර ලබා දී ඇත්තේද මි.මී 3.5 ක් ගැඹුරට පමණි.

    අනතුරුව Y ක්නයිෆ් උපකරණය භාවිතා කර V හැඩයට ඉහලසිට පහලට කැපුමක් යොදනු ලබයි.මෙහිදී දිය පට්ට නමින් හදුන්වන සුදු පැහැති යටි සෛලම පටක කොටසට හානි නොවන අන්දමින් කැපුම යෙදිය යුතු වේ. මේ සදහා අදාල උපකරණය හොදින් මුවහත්ව තිබිය යුතු වේ.එම කොටසට හානි වීම ගසේ වර්ධනය බාල වීමට හේතුවකි.

    V හැඩයට කැපුම යොදා අනතුරුව එහි හරි මැදින් ඉහල සිට පහලටත් කැපුමක් යොදනු ලබයි. ඉන්පසු ක්‍රමයෙන් පළල අඩුවීයන සෙ.මී 6ක් පමණ දිගින් යුතු තහඩු කැබැල්ලක්, යොදනු ලැබූ කැපුම කෙලවරට තබා ඇණයක් ගසනු ලබයි. අනතුරුව එම තහඩු කැබැල්ලට යටින්කිරි එකතු වීම සදහා තබනු ලබන පොල්කටුව හෝ ප්ලාස්ටික් භාජනය රදවා තැබීම සදහා කම්බි කැබැල්ලක් යොදා ගනිමින් නිර්මාණය කරන ලද වෘත්තාකාර මුදුවද ගසට ඇණයක් ගසා සමබරව සකසනු ලැබේ. එය මත පොල්කටුව රදවනු ලබයි. අවසානයේ යොදන ලද කැපුමට ස්ටිමියුලන්ඩ් නම් ඇසිඩ් ද්‍රාවනයක් යොදනු ලබයි. එය සල්පියුරික් නයිට්‍ර් නම් ද්‍රාවනයක් ජලය සමග කලවම් කර සෑදූවකි.මෙමගින් පයිනස් කිරි වල ඇති ඇලෙනසුලු ඝනත්වය අඩුකර නිස්සාරණය පහසු කරයි. කෙසේ වෙතත් මෙය සමට අහිතකර බැවින් කම්කරුවන් රබර් අත්මේස් දමා කුඩා බෝතලයක මූඩිය සිදුරුකර කැපුමට ඉසිනු ලබයි. මෙම ක්‍රියාවලිය සිදු කිරීම සදහා අවශ්‍ය වන උපකරණ ඇසිඩ් ද්‍රාවන හා කොටස් අදාල සමාගම් විසින් කම්කරුවන් වෙත සපයනු ලැබේ.

    මෙය එතරම් සංකීර්ණ ක්‍රියාවලියක් නොවන අතර ඇණ ගැසූ මුදුව තුල පොල්කටුව ‍රැදවු පසු යෙදූ කැපුමෙන් වෑස්සෙන කිරි තහඩුව හරහා විත් එයට එකතු වේ. ඉහත ක්‍රියාවලිය පළමු දිනයේදී කම්කරුවකු වෙත ලබාදුන් ගස් ප්‍රමාණයයෙන් 1/4 ක් සදහා සිදු කෙරේ. අනතුරුව ඒ හා සමාන ප්‍රමාණයක් දෙවන දිනයේදී ද එලෙස දින 04 ක් තුළ තම සියලු ගස් ප්‍රමාණයෙහි කැපුම් යොදා පොල්කටු රදවා අවසන් කරයි.පයිනස් රෙසින

    පස් වන දිනයේ උදෑසන පළමු දිනයේ රදවන ලද පොල්කටු තුළ එකතු වී ඇති කිරි ගෙනයනු ලබන භාජනය වෙත පුරවා නැවත V හැඩයේ කැපුම යොදා පොල්කටු රදවනු ලබයි. ගසෙහි රදවනු ලැබු තහඩුව හා පොල්කටුව එලෙසම පවතින අතර කැපුම පමණක් දින 04 කට වරක් වෙනස් වේ.

    දෙවන දිනයේ කැපුම යොදාන ලද ගස් වල කිරි හයවන දිනයෙ එක් රැස් කිරීමද වශයෙන් චක්‍රීයව අඛණ්ඩව මෙම ක්‍රියාවලියේ යෙදේ. එවිට පළමු දින හතරේ හැර පස්වන දිනයේ සිට අඛණ්ඩව කිරි එක් රැස් කිරීම සිදු කෙරේ.සාමාන්‍යයෙන් කම්කරුවකු දිනකට පයිනස් කිරි කි.ග්‍රැ 25 – 30 ත් අතර ප්‍රමාණයක් එකතු කරනු ලබයි.

    එක් වසරක්දී සෙ.මී 45ක් උසට කිරි නිස්සාරණය කර අවසන් වූ පසු ඊළඟ වසරේදී ඊට ඉහලින් නැවත පෙර පරිදිම කිරි කැපුම් යොදනු ලබයි. මෙලෙස ගසක එක් පැත්තක සෙ.මී 45 උස ස්ථර 03 ක් යොදා අවසන් වූ පසු සෙ.මී 7-8 ක් පමණ තීරුවක් ගසේ අතහැර අනෙක් පසින් පෙර පරිදිම කිරි කැපුම් යොදනු ලබයි. මේ ආකාරයට කද වටා පැති 03 ක් තුල අවස්ථා නවයකදී කිරි කැපීම සිදුකරන බවත් බිම සිට පහසුවෙන් වසර  9-10  ත් අතර කාලයක් කිරි නිස්සාරණය සදහා කැපුම් යෙදිය හැකි බවත් කම්කරුවකු ප්‍රකාශ කරන ලදී.

    උදෑසන කාලයේ කිරි කැපීම සිදුකරනු ලබයි. පිරිමි පුද්ගලයෙකුට ගස් 250 -300 අතර ප්‍රමාණයක කිරි කැපීම සදහා පැය 03 – 04 ත් අතර කාලයක්ද කාන්තාවකට පැය 04 – 05 ත් අතර කාලයක් ද ගතවේ. එමනිසා අමතර රැකියාවක් ලෙස මෙම වෘත්තීයෙහි නියැලීමට හැකියාව පවතී. කාන්තාවන්ට නිවසේ රාජකාරි කටයුතු වලටද බාධාවක් නොවන අන්දමින් මෙහි නියැලීමට හැකිවීම විශේෂ වාසියකි.

    දැනට සමාගමක් විසින් කිරි කි.ග්‍රැ 01 ක් රු.80 කට මිලදී ගනු ලබයි.එමනිසා සාමාන්‍යයෙන් දිනකට කම්කරුවකු වෙත රු 2000- 2400 ත් අතර ආදායමක් ලබා ගැනීමේ හැකියාව පවතී. වැසි දිනව වලදී මේ කාර්‍ය්‍යය සදහා බාධාවන් මතුවේ. පොල්කටු තුළ ජලය එකතු වුවද ජලය සමග පොල්කටු තුළ ඇති කිරි භාජනය වෙත එකතු කිරීමෙන් අනතුරුව අවසානයේ ජලය  පෙරා ඉවත් කර කිරනු ලබන බව කම්කරුවකු ප්‍රකාශ කලේය. එහෙත් වැසි කාලවලදී ලබාගත හැකි කිරි ප්‍රමාණය අඩු වේ.

    හිරුඑළිය හොදින් පවතින හා උණුසුම තරමක් වැඩි මහනුවර, මාතලේ හා බණ්ඩාරවෙල වැනි ප්‍රදේශ වල කිරි නිස්සාරණය හොදින් සිදුවේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධික ශීතල හා වර්ෂාව නිසා කිරි නිස්සාරණය ප්‍රතිශතය තරමක් අඩු බව සමාගම් විසින් පවසයි.

    දිවයිනේ පයිනස් වන වගාවන් ආශ්‍රිතව අද වන විට මෙම කර්මාන්තය ප්‍රධාන මෙන්ම අතිරේක ජීවනෝපාය කරගත් විශාල පිරිසක් දක්නට ලැබේ. එමෙන්ම එමගින් රට තුළට වසරකට විශාල විදේශ විනිමයක්ද ගලා එයි. කෙසේ වෙතත් රට තුළ වෙනත් සාම්ප්‍රදායික කර්මාන්ත වලට අත්ව ඇති ඉරණම මෙම කර්මාන්තයටද වර්ථමානයේ අත්ව ඇත. එයට රාජ්‍ය ‍යාන්ත්‍රනයේ පවතින අකාර්යක්ෂමභාවය හා අනවබෝධය හේතුවක්ව පවතී. තවද නව පරම්පරාව මෙම කර්මාන්තය සදහා යොමු නොවීමද එහි අභාවයට හේතුවක්ව පවතී.

    කිරි කැපීම් ක්‍රියාවලිය තුළදී ගසට හානි වන අයුරින් කැපුම් යෙදීම හා වන වගාවල සතුන් දඩයම් කිරීමට උගුල් ඇටවීම වැනි අක්‍රමිකතා කම්කරුවන් සිදුකරනු ලබන බවටද චෝදනා පවතී.

    මීට වසර ගණනකට පෙර පයිනස් රෙසින යොදාගෙන දිවයින තුළම විවිධ නිෂ්පාදන සිදු කර ඇතත් අද වනවිට එලෙස කිසිදු නිෂ්පාදනයක් සිදු නොකොට ඉංදියාව වෙත අපනයනය කරනු ලබයි. ඉන්දියාව මගින් නිෂ්පාදන ක්‍රියාවලියකට භාජනය කොට විවිධ අමුද්‍රව්‍ය සාදන අතර ශ්‍රී ලංකාව විසින් නැවත ඉහල මුදලකට විවිධ නිෂ්පාදන සදහා අමුද්‍රව්‍ය ලෙස ඒවා ආනයනය කරනු ලබයි.

    සිද්ධාලේප වෙන්ඩෝල් වැනි සමාගම් විසින් ඉන්හේලර් , වේදනානාශක නිපදවීම සදහා ද මුද්‍රණ ක්‍රියාවලියේ දී කඩදාසි වල මතුපිට දිස්නය වැඩි කිරීම සදහාද වෙජිටබල් ටර්පන්ටයින් ලෙසද නැවත වරක් අපගේම දේශීය සම්පත ඉංදියාවෙන් මිලදී ගනු ලබයි.

    පරිසරයට හානිදායක බව පවසමින් පයිනස් ශාකයට හා ඒවා රට තුළ වගාකල පුද්ගලයන්ට දොස් නගනු වෙනුවට එම වටිනා සම්පත ප්‍රයෝජනයට ගනිමින් ජනතාවට රැකියා අවස්ථාවන් බිහි කිරීම හා එමගින් අමුද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කර ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව පවතී. දිවයින පුරා මෙලෙස කිරි නිස්සාරණය සදහා යොදා නොගත් විශාල පයිනස් වන වගාවන් ප්‍රමාණයක් පවතින බව මෙම කර්මාන්තයේ නියුතු සමාගම් හා කම්කරුවන් සදහන් කර සිටීයි. රටක් ලෙස අප සතුව ඇති මෙවන් සම්පත් නිසිලෙස කළමණාකරණය කරගත හැකි නම් එය රටේ ආර්ථිකයට ද සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන සම්පතක් වනු ඇත.

    • මහේෂ් හර්ෂණ රාජපක්ෂ
    • වැඩබිම් නිලධාරී
    • රාජ්‍ය දැව සංස්ථාව
    • ගිනිගත්හේන
  • EPF පොලිය සාමාන්‍ය ජනයාට 9%යි.. මහ බැංකු සේවකයන්ට 29%යි..

    EPF පොලිය සාමාන්‍ය ජනයාට 9%යි.. මහ බැංකු සේවකයන්ට 29%යි..

    සාමාන්‍ය ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 9ක පොලි අනුපාතයක් ගෙවීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 29ක පොලී අනුපාතයක් ගෙවීමත් සම්බන්ධයෙන් අගෝස්තු 30 වැනිදා අධිකරණය හමුවේ හේතු පැහැදිලි කරන ලෙසට නියෝග කරමින් ජනාධිපති ලේ ලේකම් සමන් ඒකනායක මහතාට නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සමේ පෙත්සම්කාර පාර්ශ්වයට මෙම නොතීසිය ජනාධිපති ලේකම්වරයාට බාර දෙන ලෙස ද නියෝග කෙරිණි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

    මේ සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඇතොත් පාර්ශ්වකරුවන්ට ගොනුකරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සති දෙකක් ඇතුළත ප්‍රතිවිරෝධතා ඇතොත් ගොනුකරන ලෙස ද නියෝග කළේය.

    මෙම පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු 30 වැනිදා කැඳවන ලෙස ද නියෝග කෙරිණි.

    මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

  • උද්ධමනය ටිකක් ඉහලට..!

    උද්ධමනය ටිකක් ඉහලට..!

    ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 අප්‍රේල් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

    ඒ අනුව 2024 මාර්තු මාසයේ දී 2.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 අප්‍රේල් මාසය සඳහා 2.7% ක් දක්වා වැඩි වී ඇත.

    2024 මාර්තු මාසයේ දී 5.0% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක් දක්වා අඩු වී ඇත.

    එමෙන්ම, 2024 මාර්තු මාසයේ දී 0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී 2.3% ක් දක්වා වැඩි වී ඇත.

  • ඩයනාට තවත් නඩුවක්..! ඔප්පු වුනොත් අච්චු..!

    ඩයනාට තවත් නඩුවක්..! ඔප්පු වුනොත් අච්චු..!

    හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

    ඒ ඇය අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමිනි.

    පැමිණිල්ල ගොනුකර ඇත්තේ වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ගමගේ විසිනි.

    ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහිමි කිරීමේ තීන්දුව ලබාදීමත් සමඟ ඇය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙසේ අධිකරණ තීන්දුවට අපහාස කර ඇතැයි ද ඔහු පැමිණිල්ල මගින් කියා සිටියි.

  • අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 67591 පීඩාවට…!

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 67591 පීඩාවට…!

    දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් 21 පස්වරු 06.00 වන විට දිස්ත්‍රික්ක 15 අයත් පුද්ගලයන් 67591 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    පවුල් 17078 දෙනෙකුට අයත් පුද්ගලයන් එලෙස පීඩාවට පත්ව සිටියි.

    රත්නපුර , කොළඹ ,කෑගල්ල ,අනුරාධපුර ,මහනුවර ,ගාල්ල ,කළුතර ,යාපනය ,පුත්තලම, ගම්පහ, හම්බන්තොට ,බදුල්ල මාතර ,කුරුණෑගල සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 114කින් එලෙස ආපදා වාර්තා වෙයි.

    පවුල් 27 අයත් පුද්ගලයන් 122 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 03 රැදීසිටියී.

    ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ.

    ආපදා හේතුවෙන් අර්ධ නිවාස හානි 502ක් සහ පූර්ණ නිවාස හානි 02වාර්තා වී තිබේ.

    ගල් පෙරලීම් ,ගස් කඩා වැටීම්,තද සුළං,ජල ගැලීම් හා අකුණු ගැසීම් හේතුවෙන් එම අනතුරු සිදුව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

  • විවාද දෙකටම මාලිමාව බෑ කියයි… දැන් පරක්කුයිලු..

    විවාද දෙකටම මාලිමාව බෑ කියයි… දැන් පරක්කුයිලු..

    මැයි මස 20 වැනිදායින් පසු සමගි ජන බලවේගය සමග විවාදය සිදු නොකරන බව ජාතික ජන බලවේගය සඳහන් කරන ලද බව අද පුවත්පත වාර්තා කරයි.

    සමගි ජන බලවේගය පක්ෂයට පෙර දැනුම් දුන් පරිදි මෙම 20 වැනිදාට ප‍්‍රථම විවාදය පැවැත්වීමට නොහැකිවීම මත එම තීරණය ගත් බවද එම පක්ෂය පවසා ඇත.

    කෙසේ වෙතත් සමගි ජන බලවේගය විසින් විවාද සඳහා දින හතර බැගින් නම්කර ලබාදී ඇතත් ඊට ද එකඟ නොවන බව එම පක්ෂය කියා සිටී.

    සමගි ජන බලවේග විසින් යෝජනා කර තිබුණේ පළමුව ආර්ථික කමිටු විවාදය පවත්වා දෙවනුව නායකයන් අතර විවාදය පැවැත්වීමටයි.

    නමුත් ජාතික ජන බලවේගයේ ස්ථාවරය වන්නේ පළමුව නායකයන් අතර විවාදය පවත්වා ආර්ථික කමිටු විවාදය දෙවනුව පැවැත්වීමය.

  • රට ළූණු මිල ඉහල යන්නේ අරගලය නිසා…!

    රට ළූණු මිල ඉහල යන්නේ අරගලය නිසා…!

    යාන්තමින් ඔලුව උස්සාගෙන එන ආර්ථිකයට අද වන විට අරගලයේ ප්‍රතිඵල ලැබෙමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

    රටලුණු ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙන්ම විදුලි ගාස්තුව ආදියද ඉහළ යන්නේ අරගලයේ ප්‍රතිඵල නිසා බවද ඔහු පෙන්වා දෙයි.

    ඊට අමතරව අරගලයේ ඉදිරියෙන්ම සිටි විවිධ පුද්ගලයන්ට දූෂණ වංචා චෝදනා එල්ල වී නඩුහබ වලට පැටලී ඇති බවද හෙතෙම කියා සිටියේය.

    මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

  • පාර්ලිමේන්තුව විසුරුවන බව කියා කොළඹ කොටස් වට්ටා ඇතැම්හු ලාබ උපයනවලු..! ජනපති රනිල් කියයි..!

    පාර්ලිමේන්තුව විසුරුවන බව කියා කොළඹ කොටස් වට්ටා ඇතැම්හු ලාබ උපයනවලු..! ජනපති රනිල් කියයි..!

    රජය විසින් පසුගිය දෙවසරක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව නීති පද්ධතියක් සමඟ නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනඟන බව ද අවධාරණය කළේය.

    ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද වත්මන් ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙනවිත් තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දුෂණ විරෝධය දේශපාලන සටන් පාඨයක් කර ගත් යුගය ඒ සමඟ නිමා වන බවද සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තෙල්දෙණිය නව අධිකරණ සංකීරණය විවෘත කිරීමේ අවස්ථාවට (15) එක් වෙමිනි.

    රටක ස්ථාවරත්වය රැඳී පවතින්නේ නීතිය ක්‍රියාත්මක වීම මත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වන්නේ ද නීති පද්ධතියේ ක්‍රියාකාරිත්වය තුළ බව ද කියා සිටියේය.

    තෙල්දෙණිය නගරයේ තිබූ පැරණි තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ වික්ටෝරියා ජලාශයට යට විය. අනතුරව තෙල්දෙණිය කරලියද්ද නව නගරයේ ඉදිකළ තෙල්දෙණිය අධිකරණ ගොඩනැඟිල්ල ද මීට කලකට පෙර පූර්ණ සංවර්ධනයකට ලක් කිරීම සඳහා කඩා ඉවත් කෙරිණි. මෙම ස්ථානයේම අධිකරණ අමාත්‍යාංශය විසින් මෙම නව අධිකරණ සංකිර්ණය ඉදිකර තිබේ.

    තෙමහල් ගොඩනැඟිල්ලකින් සමන්විත මෙම තෙල්දෙණිය අධිකරණ සංකීර්ණය මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ මෙන්ම තවත් පහසුකම්වලින් යුක්ත වන අතර එමඟින් තෙල්දෙණිය, රංගල, උඩුදුම්බර, පල්ලේකැලේ, මැණික්හින්න, වත්තේගම හා පන්විල යන පොලිස් ස්ථානවල නඩු කටයුතු ආවරණ කරයි.

    තෙල්දෙණිය අධිකරණය තෙල්දෙණිය නගරයේ තෙල්දෙණිය සමුපකාර බිමෙහි ගොඩනැඟිලි සංකීර්ණයක මෙතෙක් තාවකාලීකව පවත්වාගෙන ගිය අතර එම ස්ථානයේ පහසුකම් අවම වීමෙන් නඩු කටයුතු සඳහා පැමිණි මහජනතාවට දැඩි දුෂ්කරතාවකට මුහුණදීමට සිදු විය.

    සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    තෙල්දෙණිය නීතිඥ සංගමය විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    නීතිඥයන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    ශත වර්ෂයකට පමණ පසුව නීති ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ රැසක් අප සිදු කර තිබෙනවා. ඒ අනුව නීති 75ක් පමණ සම්මත කර ගැනීමට අප පසුගිය දෙවසර තුළ කටයුතු කළා. පැවති ඇතැම් පාර්ලිමේන්තු වසර 04ක්, 05ක් කටයුතු කළත් කිසිදා මෙවන් නීති ප්‍රමාණයක් සම්මත කරගෙන නැහැ. ආණ්ඩුවක් තිබෙන්නේ වැඩ කරන්න වගේම මන්ත්‍රීවරුන් ද නීති සම්පාදන කටයුතු සඳහා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ මෙම නීති සම්මත කර ගනිමින් නව නීති පද්ධතියක් හඳුන්වා දීමට අප කටයුතු කර තිබෙනවා.

    ඒ වගේම නීතියේ ප්‍රමාදය පිළිබඳ අපගේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. යුක්තිය පසිඳලීම යථාර්ථයක් වීමට නම් කලට වේලාවට නීතිය ඉටු විය යුතුයි. එය අප ඉදිරියේ තිබෙන අභියෝගයක් බවද පැවසිය යුතුයි. නඩු ඇසීම කාර්යක්ෂමව සිදු කළ හැකි නම් තවත් නඩු ඉදිරිපත් වෙනවා.

    රට තුළ නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කළයුතුයි. නීතිය අතට ගෙන දේපොළ විනාශ කර දැමීමට කටයුතු කරනවා නම් එතැන නීතියක් නැහැ. රටක ස්ථාවරත්වය රඳා පවතින්නේ නීතිය ක්‍රියාත්මක වීම මතයි. රටක් ලෙස පිළිගැනීමක් ලැබෙන්නේ ද යුක්තිය පසිඳලීම සිදුවන විට පමණයි. එසේ නොමැති නම් රටේ දියුණුවක් සිදු නොවන අතර ආයෝජන ද අපේක්ෂා කළ නොහැකියි. එම නීති පද්ධතිය අප අද රට තුළ ඇති කර තිබෙනවා.

    ඒ වගේම මේ වන විට රට තුළ නව ආර්ථික පරිවර්තනයක් සිදු කරමින් තිබෙනවා. අප අපනයන පදනම් කරගත් ආර්ථිකයක් රට තුළ ඇති කරනවා. ඒ වෙනුවෙන් නීති ගණනාවක් ගෙන ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී තිබෙනවා. ඉන් පළමු නීතිය වන මහ බැංකුව සඳහා වූ නීතිය මේ වන විට සම්මත වී තිබෙන අතර ඒ යටතේ මහ බැංකුවට ස්වාධීනත්වයක් ලැබී තිබෙනවා.

    ඒ වගේම විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ පනත අප දැන් ඉදිරිපත් කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය දැඩිව අලාභ ලැබීම මෙරට ආර්ථිකය කඩා වැටීමට එක් හේතුවක් වුණා. එසේ නම් කාර්ක්ෂම විදුලිබල මණ්ඩලයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අප පියවර ගත යුතුයි. එයින් රජයේ අයිතියට කිසිඳු හානියක් සිදු නොවන බව ද කිවයුතුයි.

    එසේම තවත් නීති කෙටුම්පත් තුනක් මේ වන විට රජය ඉදිරිපත් කර තිබෙන අතර ඒවා ලබන සඳුදා කැබිනට් මණ්ඩලයේ දී අනුමත කර ගැනීමට කටයුතු කරනවා. ඒ යටතේ එන ණය පාලනය කිරීම අප මේ වන විටත් සිදු කරගෙන තිබෙනවා. මෙතෙක් ජාතික ණය පාලනයක් සිදු වුණේ නැහැ. අපේ ණය අඩු කර ගැනීමට නම් ණය පාලනය කළ යුතුයි. 2035 – 2040 වන විට 75%ක් දක්වා ණය පාලනයක් සිදුකරගත යුතුව තිබෙනවා. ඒ අනුව මෙම ණය පාලන නීතිය අනුව රජයට කටයුතු කිරීමට සිදු වෙනවා.

    ඒ වගේම රජයේ මුදල් පාලනය සිදු වුණේ මුදල් රෙගුලාසි අනුවයි. මෙම මුදල් රෙගුලාසි උල්ළංඝණය කිරීමට හැකියාව තිබුණා. ඒ වගේම චක්‍ර ලේඛ සංශෝධනය කිරීමට ද හැකියාව තිබුණා. ඒ අනුව මෙතෙක් රටේ මුදල් පාලනයක් සිදු වුණේ නැහැ. අද රජයට අයත් දේපොළ පිළිබඳ කිසිවෙක් දන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම වෙනුවෙන් නීති ඉදිරිපත් කර තිබෙනවා. මෙම ක්‍රමය මුලින්ම ආරම්භ කළේ නවසිලන්තයයි. ඉන්පසුව එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව වගේම ඉන්දියාවත් එය ක්‍රියාත්මක කර තිබෙනවා. එහි නවීනම නීතිය අප දැන් ඉදිරිපත් කර තිබෙනවා.

    අප ආනයන පදනම් කරගත් ආර්ථිකයේ සිට අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරියේදී ආර්ථික පරිවර්තන නීති කෙටුම්පත ඉදිරිපත් කරනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වු සියලු කොන්දේසි අප ක්‍රියාත්මක කර තිබෙනවා. එයින් ඉවත්වීමට අපට හැකියාවක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා කඩ කළ බවට මින් පෙර මෙරටට චෝදනා එල්ල වුණා. නමුත් දැන් නීතියකින් එය ක්‍රියාත්මක වන නිසා එසේ කිරීමට හැකියාවක් නැහැ.

    අප මේ සමඟ ඉදිරියට යා යුතුයි. නැත්නම් අප අපේක්ෂා කරන සහාය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජුනි මස පැවැත්වෙන රැස්වීමෙන් පසු මෙම නීති ගෙන ඒමට අපේක්ෂා කරනවා.‍

    ඒ වගේම ආර්ථික පරිවර්තන නීතියේ මුලික පදනම ඇති කිරීමෙන් පසු ඊළග නීති ටික ගෙන ඒමටද අපේක්ෂා කරනවා. අප මේ කටයුතු ක්‍රියාත්මක කර තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපට ණය ලබාදුන් රටවල් සමඟ එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසුවයි. ඒ වගේම මේ පිළිබඳ පුද්ගලික ණය කරුවන් සමඟ පවත්වන සාකච්ඡාද සාර්ථකව සිදු වෙනවා. ඇතැමුන් මෙම සාකච්ඡා අසාර්ථක බව කියනවා.

    ඒ වගේම තවත් අය කියනවා පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා. මෙවන් ප්‍රකාශ සිදු කළ විට ඊළඟ දවසේ කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටෙනවා. එවිට ඔවුන් කොටස් මිලදී ගන්නවා. එවන් තීරණයක් ගෙන නොමැති බවට ආණ්ඩුව ප්‍රකාශ කළ විට නැවත ඔවුන් වේදිකාවට නැගලා එයම ප්‍රකාශ කරනවා. මෙය දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි.

    ඒ වගේම දුෂණය අපේ රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපට ණය ලබාදුන් රටවල් මේ පිළිබඳ අප සමඟ සාකච්ඡා කළා. අපි ඒ වෙනුවෙන් වැඩසටහනක් ඉදිරිපත් කළා. ඊට සංශෝධන එක් කර, එකඟතාව ප්‍රකාශ කිරීමෙන් පසු දැන් එම නව නීති ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සඳහා වන ප්‍රධාන නීති 04ක් තිබෙනවා.

    එහි පළමු වැන්න ලෙස අප 21 වන සංශෝධනය ඉදිරිපත් කළා. ඒ අනුව ඊට අදාළ කොමිසම ඇති කර තිබෙනවා. ඒ වගේම දූෂණ විරෝධී පනත 2023 වසරේ ගෙනැවිත් 2024 දී සංශෝධනය කළා.

    ඒ වගේම පරිපාලන කටයුතුවලදී මුදල් වැය කිරීමේ දී සිදුවන දුෂණ නැවැත්වීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා නීතියට වඩා දියුණු ක්‍රමවේදයක් අවශ්‍යයි. එම ක්‍රමවේදය සකස් කිරීමට අපට දැනුම නොතිබීම ප්‍රශ්නයක් බවට පත්ව තිබුණද ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කරන ලද යෝජනාව අනුව සංශෝධනවලට යටත්ව රාජ්‍ය පරිපාලන විමර්ශන වාර්තාව සකස් කර තිබෙනවා.

    ඒ වගේම අපරාධයකින් උපයාගත් දේපොළ පනත සකස් කිරීමේ කටයුතු ද මේ වන විට සිදු කරගෙන යනවා. ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති දැන් තිබෙන්නේ ශ්‍රි ලංකාවෙයි. මෙමඟින් දේශපාලනයේ වෙනසක් සිදු කරනවා. මෙතෙක් කල් දූෂණය දේශපාලන සටන් පාඨයක් බවට පත්ව තිබුණා. බලයට ඇවිත් මාස දෙකෙන් හොරු අල්ලනවා කියා කිවුවත් එය සිදු වන්නේ නැහැ.

    ඒ වගේම ඇතැමුන් හොරු ආරක්ෂා කරන බවට ආණ්ඩුවට චෝදනා නගනවා. ඒ අනුව හොරු ආරක්ෂා කිරීමට පැමිණි බව කියන මේ ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙනවිත් තිබෙනවා. මෙම නීති ක්‍රියාත්මක කිරීමට පළපුරුද්දක් තිබිය යුතුයි. ඒ පළපුරුද්ද ලබා දීමට අවශ්‍ය පුහුණුව ලබා දිය යුතුයි. එම වැඩපිළිවෙළ අධිකරණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩකටයුතු වෙනුවෙන් අපට සහාය වීමට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය එකඟ වී තිබෙනවා.

    ඒ අනුව මේ ආණ්ඩුව යටතේ පසුගිය දෙවසර තුළ අපි ප්‍රධාන කරුණු 03ක් ඉටු කර තිබෙනවා. යුක්ති පසිඳලීම මෙන්ම නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කර තිබෙනවා. අනෙක් පසින් අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් නීති සම්මත කර ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම දුෂණ විරෝධි නීති සම්මත කර ගනිමින් සිටිනවා. මේ කටයුතු වෙනුවෙන් සියලුදෙනාගේ සහයෝගය ලැබෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.

  • පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කියන නිසා කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…! ඇමති බන්දුල

    පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කියන නිසා කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…! ඇමති බන්දුල

    මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යැයි කඩාකප්පල්කාරීන් විසින් පතුරුවන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    මෙම වසර තුළ මුදල් වෙන්කර ඇති මැතිවරණය ජනාධිපතිවරණය පමණක් බව පැවසූ ඔහු එසේ තිබියදී මෙවන් කූඨ අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටියේය.

    පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස්  පළ  කරන  ලදී.

  • පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..!

    පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..!

    කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් හිටපු ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ තම පුත්‍රයාගේ නමින් ව්‍යාජ ජාතික හැඳුම්පතක් වෙනත් පුද්ගලයෙකුට සකස් කර දී බැංකු දෙකකින් රුපියල් තිස් හතර ලක්ෂයක ණය මුදලක් ලබාගෙන වංචාවක් සිදු කළේ යැයි කියන සිදුවීමකට අදාළවයි.

    තමාගේ නමින් වෙනත් පුද්ගලයෙකු බැංකු ගිණුමක් ආරම්භ කර ඇති බවට එම විශ්‍රාමික පොලිස් නිලධාරියගේ පුත්‍රයා විසින් කරන ලද පැමිණිල්ලක් මත පරීක්‍ෂණ මෙහෙයවා මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

  • පෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ..! දැයේ දරුවන්ට අනාගත බලපෑම්..!

    පෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ..! දැයේ දරුවන්ට අනාගත බලපෑම්..!

    මෙරට පෙරපාසල් පද්ධතියේ පවතින අවිධිමත් තත්වය හේතුවෙන් රටේ දරු පරපුරේ අනාගතයට බලපෑමක් එල්ලවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානි චින්තක චන්ද්‍රකුමාර මහතා පැවසී

    රට පුරා පෙර පාසල් පද්ධතිය පිළිගත් විෂය මාලාවක් නොමැති බව පැවසීය.

    නිසියාකාරව උගන්වන ලබන පෙරපාසල් සඳහා දරුවන් යොමුකිරීමට දෙමව්පියන් මැලිකමක් දක්වයි.

    පෙර පාසල තුල අකුරු ඉගැන්වීම නොව දරුවාගේ කුසලතා වර්ධනය කිරීම සිදුවෙයි.

    ඒ ආකාරයෙන් කුසලතා වර්ධනය කරන පෙර පාසල් සඳහා දරුවන් ඇතුළත් කිරීමට බොහෝ දෙමව්පියන් මැලිකමක් දක්වන බව පැවසීය.

    ඒ හේතුවෙන් පෙරපාසල් සඳහා විධිමත් අධ්‍යාපන වැඩපිළිවෙළක් තිබිය යුතුය.

    ගුරුවරුන්ට ද විධිමත් පුහුණුවක් ලබාදීම අත්‍යාවශ්‍ය බව පැවසීය.

    දරුවෙකුට පෙර පාසල් අධ්‍යාපනය ලැබීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසීය.

  • ඩයනාගේ විවාහයත් බොරුවක්.. සැමියාගෙන් යුක්‍රේන තරුණියකට දරුවන් දෙදෙනෙක්…

    ඩයනාගේ විවාහයත් බොරුවක්.. සැමියාගෙන් යුක්‍රේන තරුණියකට දරුවන් දෙදෙනෙක්…

    හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ ලංකා පුරවැසිභාවය පමණක් නොව මෙරට විවාහයද බොරුවක් බව අභිනව ජනතාව පෙරමුණේ නායක නායක ඕෂල හෙරත් මහතා සඳහන් කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ ඩයනාගමගේ මහත්මිය විවාහ වී සිටි සිටින බව කියන සේනකද සිල්වා වෙනත් නීත්‍යානුකූල විවාහයක් පවතින පුද්ගලයකු බවයි.

    යුක්‍රේන ජාතික තරුණියක් හා විවාහ වී සිටින ඔහුට එම විවාහයෙන් දරුවන් දෙදෙනෙකු සිටින බවටද තොරතුරු ඇතැයි ඔහු කියා සිටියි.

    දැනටද එම කාන්තාව මෙරට නිවසක සිටින බවත් සේනකද සිල්වා මෙම කාන්තාවන් දෙදෙනා සමගම ජීවත් වන බවත් ඔහු පවසයි.

    අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

  • ශ‍්‍රීලනිප සිරිපාල පිලත් බල පොරයක..! එම පිලත් යලි දෙකඩයි..!

    ශ‍්‍රීලනිප සිරිපාල පිලත් බල පොරයක..! එම පිලත් යලි දෙකඩයි..!

    අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙසට පත් කිරීම සම්බන්ධයෙන් එම පාර්ශ්වයේම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

    මෙම අර්බුදය හටගෙන ඇත්තේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකුද එම ධුරයෙහි කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටීම නිසා බවද පැවසේ.

    කෙසේ නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නායකත්වය දෙන පාර්ශවය විසින් නිමල් සිරිපාල සිල්වා මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස සලකමින් ඔහු වැඩ බලන සභාපති ධුරයට පත් කර තිබේ.

    නමුත් ඇති ව තිබෙන තත්ත්වය මත පක්ෂය ඉදිරි කටයුතු කරගෙන යාම අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇත.

  • ඇමති සජිත් නිම නොකළ නිවාස හදන්න රජයෙන් මුදල් ඉල්ලයි.. වැඩියෙන් හැදූ බව කියන්න මුල් ගල් රැසක් තියලා..

    ඇමති සජිත් නිම නොකළ නිවාස හදන්න රජයෙන් මුදල් ඉල්ලයි.. වැඩියෙන් හැදූ බව කියන්න මුල් ගල් රැසක් තියලා..

    වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් සිටියදී දිවයින පුරා අවිධිමත් ලෙස වැඩ ආරම්භ කර අවසන් නොකළ ඉදිකිරීම් අතරමඟ නතරවී ඇති නිවාස 44,053ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244.58 ක මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලයි.

    මෙම ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව පවසන ඇමතිවරයා එම නිවාසවල ඉදිකිරීම් මේ වසර තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවද අවධාරණය කරයි.

    විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015-2019 කාලසීමාව තුළ නිවාස වැඩසටහන් 07ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කර තිබේ.

    ආදර්ශ ගම්මාන වැඩසටහන, විසිරි ණය (ආධාර) වැඩසටහන, ග්‍රාම ශක්ති විසිරි ආධාර, විසිරි ණය වැඩසටහන, විරු සුමිතුරු, වකුගඩු ආධාර, ගංවතුරෙන් හානි වූ උතුරේ නිවාස ඉදිකිරීම මෙම ව්‍යාපෘති 07 වෙයි.

    මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වෙන්වූ මුදල් ප්‍රතිපාදන සීමාව ඉක්මවා නිවාස ඉදිකිරීමට එවකට නිවාස ඇමතිවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත. අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා මෙම නිවාස ඉදිකිරීම තාවකාලිකව නතර කෙරුණු බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ එක් උදාගම්මාන වැඩසටහනක් සඳහා වෙන් කළ මුදල කොටස් වශයෙන් උදාගම්මාන කිහිපයක් සඳහා වෙන්කිරීම මෙයට හේතුව බවයි.

    තමන් අමාත්‍යධූරය දැරූ සමයේදී නිවාස ගම්මාන රැසක් ඉදිකළ බව පෙන්වීමේ අරමුණින් ඔහු මෙලෙස කටයුතු කර ඇති බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම නිවාස ඉදිකර අවසන් කරන තුරු නව නිවාස ව්‍යාපෘති ආරම්භ නොකිරීමට තීරණය කළ අතර ඒ අනුව මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා ඇත.

    ඒ අනුව ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ නිවාස 28,537ක්, විසිරි ණය ව්‍යාපෘතිය යටතේ නිවාස 7,063ක්, විසිරි ණය ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 1,036ක්, ග්‍රම ශක්ති ව්‍යාපෘතිය යටතේ නිවාස 1,318ක්, විරු සුමිතුරු ආධාර ව්‍යාපෘතිය යට‍තේ නිවාස 53ක්, වකුගඩු ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 1,416ක්, ගංවතුර ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 4,630ක් වශයෙන් නිවාස 44,053ක වැඩ අවසන් කිරීමට නියමිතය.

  • රජයේ සේවක වැටුප් ඉහලට..! ජාතික හෙද දින සැමරුමේදි ජනපති කියයි..!

    රජයේ සේවක වැටුප් ඉහලට..! ජාතික හෙද දින සැමරුමේදි ජනපති කියයි..!

    මෙරට ආර්ථික වර්ධනය වේගය 3%ක් දක්වා එළඹෙන 2025 වසරේදී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ද ඊට සමගාමිව ඉහළ දැමීමට පියවර ගන්නා බවද ඔහු පැවසීය.

    ඩනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමිනි.