Tag: featured

  • හැමදාම කෙල්ලත් එක්ක Sex කරන්න.. ප්‍රතිඵලයෙන් ඔබ පුදුම වේවි..  Sex වල ඇත්ත කතාව මෙන්න…

    හැමදාම කෙල්ලත් එක්ක Sex කරන්න.. ප්‍රතිඵලයෙන් ඔබ පුදුම වේවි.. Sex වල ඇත්ත කතාව මෙන්න…

    ලිංගික සංසර්ගය සහ ඒ හා සම්බන්ධ දේවල් ගැන බොහෝ දෙනාට ඇත්තේ ඉතා අවිධිමත් දැනුමක්. කෙසේ නමුත් දිනපතා ලිංගික සංසර්ගයේ යෙදීම සිරුරට විවිධාකාරයේ වාසි රැුසක් ගෙන එන බව සොයා ගෙන තිබෙනවා.

    සංසර්ග ක‍්‍රියාවලියේදී යුවලක් අතර ඇති වන මානසික සම්බන්ධය ඔවුන්ගේ මොළයේ යහ පැවැත්මට හේතු වනවා. සතුටින් සිටීමට හේතු වන එන්ඩොෆින් නම් ද්‍රව්‍යය ලිංගික සංසර්ගයේදී ශ‍්‍රාවය වන අතර එය ඔබව සතුටින් තබනවා.

    සංසර්ග ක‍්‍රියාවලියේදී ශරීරයේ ක‍්‍රියාකාරිත්වය වැඩි වන අතර හෝමෝන ශ‍්‍රාවය වැඩි වනවා. මේ හෝමෝන නිසා ඔබ ව්‍යායාම කරනවාට සමාන වාසියක් සිරුරට ලැබෙනවා.

    සමීක්ෂණ වලින් ඔප්පු වී ඇති පරිදි ඔබ පිහිනුම් ව්‍යායාම විනාඩි 20ක් පුරා සිදු කරනවා හා සමාන කායික සුවයක් හා ශාරීරික යෝග්‍යතාවයක් එක වරක ලිංගික සංසර්ගයකින් ලැබෙන බවයි.

    එමෙන්ම සංසර්ග ක‍්‍රියාවලියේදී සිදු වන දහඩිය දැමීම සහ සමේ උත්තේජන නිසා ස්වේද ග‍්‍රන්ථි වල ක‍්‍රියාකාරිත්වය ඇති වී සමේ රෝග අවදානමත් අඩු කරන බව පැවසෙනවා.

    සංසර්ග ක‍්‍රියාවලිය සිදු කිරීමේදී බොහෝ දෙනා තුල පවතින්නේ බියක්. තමා ගැන තම සහකරුවා හෝ සහකාරිය තෘප්තිමත්ද යන්න පිළිබඳව සැකයකින් පසු වීම නිසාම ලිංගික තෘප්තිය අඩු වීම සහ විවාහ ජිවිතයේ විවිධ ගැටළු උද්ගත වනවා.

    මේ සියලූ‍ ගැටළු සඳහා හොඳම විසඳුම ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ අවම වශයෙන් සතියකට තුන් හතර වතාවක් හෝ සංසර්ගයේ දීමයි.

    ලිංගික ක‍්‍රියාවලිය සන්සර්ගයටම පමණක් සිමා නොවිය යුතු බවත් ඊට පෙර හා පසු සිදු වන සෑම ආදරණිය හැසිරිමක්ම හා කතාබහක්ම සෑම කෙනෙකුගේම ජිවිතයේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට යෝග්‍යවන බවත් ඔවුන් කියා සිටිනවා.

  • Whatsapp වාරණය ඉවත් කිරීම ගැන ජනපති මෛත්‍රි කියපු කතාව මෙන්න

    Whatsapp වාරණය ඉවත් කිරීම ගැන ජනපති මෛත්‍රි කියපු කතාව මෙන්න

    තවදුරටත් සීමාවට ලක් කර තිබෙන සමාජ ජාල අඩවි සහ සේවාවන් පිළිබඳ අධ්‍යයනය කළ ජනාධිපතිතුමා, අද දින (14) මධ්‍යම රාත‍්‍රියේ සිට වට්ස්ඇප් (Whatsapp) සේවාව වෙත දැනට ක‍්‍රියාත්මක වාරණය ඉවත් කිරීමට ද උපදෙස් දී තිබෙනවා.

    පසුගිය දිනවල, සමාජ මාධ්‍ය අවභාවිත කරමින් ජාතික සමගියට බාධා වන පරිදි දිවයින පුරා වර්ගවාදය සහ ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීම සහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සංවිධානය කිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ඇතැම් සමාජ ජාලා වෙත ප‍්‍රවේශ වීමේ හැකියාව තාවකාලිකව සීමා කිරීමට රජය විසින් කටයුතු කරන ලදී.

    වර්ගවාදය, ආගම්වාදය හෝ විවිධ අන්තවාදයන් පදනම් කරගත් ප‍්‍රචණ්ඩකාරී චර්යාවන් වේගයෙන් පැතිර යාම කෙරෙහි සමාජ මාධ්‍ය සිදුකරන බලපෑම ජාත්‍යන්තර වශයෙන් ද තහවුරු වී ඇති තත්ත්වයක් තුළ, ශ‍්‍රී ලංකාවේ ජාතික සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ කි‍්‍රයාමාර්ගයක් ලෙස තාවකාලිකව පනවන ලද සමාජ ජාල වාරණය හේතුවෙන්, කලහකාරීත්වය සහ ප‍්‍රචණ්ඩත්වය සීග‍්‍ර ලෙස පැතිර යාම පාලනය කිරීමට හැකිවිය.

    දැනට ජපානයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපතිතුමා, රටෙහි ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ජනාධිපති ලේකම්වරයා වෙත ලබා දුන් උපදෙස් අනුව, අවශ්‍ය නියාමන, ආරක්ෂණ සහ ආවේක්ෂණ විධිවිධාන ක‍්‍රියාවට නැංවීමෙන් පසු, එතෙක් තාවකාලිකව වාරණයට ලක් කර තිබූ වයිබර් සමාජ ජාලය වෙත ප‍්‍රවේශය ඊයේ (13) රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි යළි ලබා දීමට කටයුතු කෙරිණි.

    එහෙත් සමාජ මාධ්‍ය ජාලා අවභාවිත කරමින් ජාතිවාදය, වර්ගවාදය පතුරුවා හරිමින් ජන ජීවිතය අවුල් කිරීම හා පුද්ගල ප‍්‍රතිරූපවලට හානිකිරීම වැළැක්වීම සඳහා වූ නියාමන ක‍්‍රමවේදයක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කරයි. ඒ අනුව, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සමග සාකච්ඡුාවක් හෙට (15) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. එමගින්, හැකි ඉක්මනින් ෆේස්බුුුක් වෙබ් අඩවියට පනවා ඇති තාවකාලික වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටී.

    එසේම, රට තුළ නොසන්සුන්තාවක් යළි ඇති වීමට ඉඩ නොතබමින්, සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත්, මෙවැනි කි‍්‍රයාවන්ට වරදකරුවන් වන අයට නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා.

  • අද තරගයේ ප්‍රතිඵලය අනූව ශ්‍රි ලංකාවට අත්වන ඉරණම මෙන්න

    අද තරගයේ ප්‍රතිඵලය අනූව ශ්‍රි ලංකාවට අත්වන ඉරණම මෙන්න

    2018 නිදහස් කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලෙස ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අද (14දා) පැවැත්වීමට නියමිතය.

    ඉන්දියානුවන් අවසන් වරට සහභාගි වූ තරග දෙකම ජයගෙන ඇති බැවින් ඔවුන් ඉහළ මානසිකත්වයක් ලබා ඇති නමුත් ප්‍රේමදාස පිටියේදී වාර්තා වූ ඉහළම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් ජයග්‍රහණය ලබා ඇති බංග්ලාදේශය පසුවන්නේද ජයග්‍රාහී මානසිකත්වයෙන් වීම අද තරගයේදී සටන්කාමීත්වය විදහා පෑමට කදිම සාක්‍ෂියක් විය හැකිය.

    කෙසේ වුවත් මේ වනවිට තරග තුනකට සහභාගි වී තරග දෙකක් ජයගෙන එක් තරගයක් පරාජය වී මුළු ලකුණු 4ක් හිමිකරගෙන සිටින ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇති අතර, ශුද්ධ ලකුණු වේගය අනුව දෙවැනි තැන පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

    ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකට සහභාගි වී එක් තරගයක් ජයගෙන තරග දෙකක් පරාජය වී ශූද්ධ ලකුණු වේගය -0.072ක් සහිතව මුළු ලකුණු 2ක් ලබා සිටි අතර, තරග දෙකකට සහභාගි වී එක් තරගයක් ජයගෙන අනෙක් තරගය පරාජය වී මුළු ලකුණු 2ක් හිමිකරගෙන සිටින බංග්ලාදේශ කණ්ඩායම තෙවැනි තැනට පත්ව තිබෙන්නේ ශූද්ධ ලකුණු වේගය -0.231ක් රඳවා ගනිමිනි.

    අද (14දා) පැවැත්වෙන ඉන්දීය-බංග්ලාදේශ තරගයෙන් ඉන්දියාව ජයගතහොත් ඔවුන් නිතැතින්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර, අවසන් තරගයට පිවිසෙන අනෙක් කණ්ඩායම 16දා පැවැත්වෙන ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයෙන් තීරණය වනු ඇත.

    යම් හෙයකින් අද පැවැත්වෙන තරගයෙන් බංග්ලාදේශය ජයගතහොත් කණ්ඩායම් දෙකක් (ඉන්දියාව හා බංග්ලාදේශය) මුළු ලකුණු 4ක් බැගින් ලබා ගන්නා අතර, 16දා පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් කණ්ඩායම් තුනම මුළු ලකුණු 4 බැගින් ලබා ගැනීම හේතුවෙන් ශූද්ධ ලකුණු වේගය අනුව ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතය.

    මේ අතර යම් හෙයකින් අද (14දා) පැවැත්වෙන ඉන්දීය-බංග්ලාදේශ තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් ඉන්දියාව නිතැතින්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට හැකි වන්නේ ඔවුන් මුළු ලකුණු 5ක් ලබාගත් බැවිනි. (බංග්ලාදේශය මුළු ලකුණු 3යි) එසේ වුවහොත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා අනෙක් කණ්ඩායම 16දා පැවැත්වෙන තරගයෙන් තීරණය වීමට නියමිතව තිබේ.

    තවද අද තරගයද පැවැත්වීමට නොහැකිව 16දා පැවැත්වෙන ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයද පැවැත්වීමට නොහැකි වුවහොත් කණ්ඩායම් දෙකටම එක ලකුණ බැගින් හිමිවන නමුත් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 4ක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ ඔවුන් ඒ වනවිටත් ලකුණු 3ක් ගෙන සිටි බැවිනි. එවිට ශ්‍රී ලංකාවට හිමිවන්නේ ලකුණු 3කි.

  • අපේ හතුරුගෙන් පලිගන්න බංගලියෝ ගේන්න යන සුපිරි පුහුණුකරු මෙන්න…..

    අපේ හතුරුගෙන් පලිගන්න බංගලියෝ ගේන්න යන සුපිරි පුහුණුකරු මෙන්න…..

    හතුරුසිංහගේ පැමිණීමෙන් පුරප්පාඩු වුණු බංග්ලාදේශ පුහුණුකරු ධුරයට කළ ඇරයුම එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරු පෝල් ෆ්‍රාබේස් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

    මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසද පෝල් ෆ්‍රාබේස් කටයුතු කර තිබෙනවා.

    2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ ඔහුගේ පුහුණුකාරිත්වය යටතේයි.

    කෙසේ වෙතත් පෝල් ෆ්‍රාබේස් පුහුණුකරු ධුරය සඳහා එක්කර ගැනීම බංග්ලාදේශය තවමත් අතහැර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

  • එජාප නායකත්වයේ වෙන්න ඕන වෙනසක් ගැන තෙවරප්පෙරුම කියපු කතාව මෙන්න..

    එජාප නායකත්වයේ වෙන්න ඕන වෙනසක් ගැන තෙවරප්පෙරුම කියපු කතාව මෙන්න..

    එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් අපේක්ෂාවෙන් බොහෝ පිරිසක් බලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා.

    කලුතර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

    “කට්ටියක් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කැමති කට්ටියක්. කෝට් ඇඳගත්තු. තව කට්ටියක් සරම් ඇඳගත්තු කට්ටියට කැමැත්තෙන් ඉන්නවා. හැමෝම බලාගෙන ඉන්නේ අපේ එක්කෙනා නායකයා කරන්න.

    ඉතින් දිලිප් වෙදආරච්චි ඇමතිතුමාට නායකයෙක් ඉන්නේ අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. මම හිතන්නේ එතුමා කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙන්න ඇති. අපි කැමති එතුමාට. ඒ එතුමාගේ චිත්‍රය.

    දැන් අකිල විරාජ් මන්ත්‍රීතුමා ඉන්නවා කුරුණෑගල. අකිලට තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ චිත්‍රය. තව එක්කෙනෙකුට අපේ ජෙනරල් ෆොන්සේකාගේ චිත්‍රය තියෙනවා.

    අපේ බණ්ඩාරගමත් ඉන්නවා රටේ නායකයෙක් වෙන්න අපේ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා. ඒ තව චිත්‍රයක්.

    හැබැයි අපි හැමෝම කැමතියි. රටට ආදරය කරන රටේ සම්පත්වලට ආදරය කරන රටේ සම්පත්වලට ආදරය කරන බොරු කරන්නේ නැති පක්ෂ හදන්නේ නැති.

    රටත් හදන ජාතියත් හදන නායකයෙක් බිහි වෙනවානම් එකම පැතුම ඒක තමයි.”

    ප්‍රශ්නය – ඔබතුමා කියන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් වෙන්න ඕනද?

    “එක්සත් ජාතික පක්ෂයේ පමණක් නෙමෙයි හැම පක්ෂයකම නායකත්වයේ වෙනසක් සිද්ද වෙන්න ඕන. මේ රටේ 1948 න් පස්සේ මොනවාද දියුණු වෙලා තියෙන්නේ. හොරකම විතරයි දියුණු වෙලා තියෙන්නේ. අපේ රටේ අර ප්‍රජාතන්ත්‍රවාදය එකට දාගෙන සංවර්ධනය දෙකට දාගෙන නීතිය තුනට දාගෙන රට අද ඔක්කෝටම කෙළවිලා තියෙන්නේ. රනිල් දිහා බලාගෙන ඉඳලා මෛත්‍රීපාල දිහා බලාගෙන ඉඳලා රාජපක්ෂ දිහා බලාගෙන ඉඳලා මේ රට දියුණු කරන්න බැහැ. හරි නායකයෙක් මේ රටේ බිහිකරගන්න ඕන.

  • මහනුවර ගිනි තියපු  මහසොහොන් බලකායේ කාර්යාලයෙන් සොයාගත් මාධ්‍ය හංගපු දේවල් මෙන්න..

    මහනුවර ගිනි තියපු මහසොහොන් බලකායේ කාර්යාලයෙන් සොයාගත් මාධ්‍ය හංගපු දේවල් මෙන්න..

    මහනුවර ප‍්‍රදේශයේ ඉකුත් මාර්තු 4 වැනි දා සිට  මේ දක්වා සිදු වු සියලූ ප‍්‍රචන්ඩ  කි‍්‍රයාවන්ට මුලිකව කි‍්‍රයා කළ  බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ  ප‍්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය  (13) සෝදිසියට ලක් කළේය.

    එහි තිබී ජාතින් අතර අසමගිය, වෛරය ,ප‍්‍රචන්ඩත්වය ඇති කිරීම සඳහා බෙදාහැරීමට  සුදානමින් තිබු අත්පති‍්‍රකා පෝස්ටර්, බැනර් ඇතුලූ භාණ්ඩ රැසක් හා පෙට්ට‍්‍රල් බෝම්බ ලෙසට සැකකරන බෝතල් හතක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    මෙම භාණ්ඩ වලට  අමතරව මොවුන් ප‍්‍රවෘත්ති සාක්ච්ඡා පැවැත්වීම සඳහා භාවිතා කිරීමට තිබු මහසොන් බළකාය වශයෙන් ලංඡනය සඳහන් මයික්‍රෝෆෝනයක්,  බැංකු පොත් රැසක්, මුදල් ලැබුණු රිසිට්පත්, වාහන බලපත‍්‍ර, ජාතීන් අතර අසමගිය, වෛරය ඇති වන ආකාරයේ  වැකි සඳහන් අත්පළඳනා, පරිගනක ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය (සී.පී.යු) ආදි භාණ්ඩ රැසක් තිබු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

    අත්අඩංගුවට ගෙන ඇති මෙම ප‍්‍රධාන සැකකරුගේ ප‍්‍රකාශ මත  ත‍්‍රස්තවාදී විමර්ශන දිසාවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

    මොවුන් සතුව ඇති ජංගම දුරකතන වලට මෙම කාලය තුළ ලැබුණු ඇමතුම් හා තබාගත් ඇමැතුම්  සම්බන්ධයෙන් ඇමතුම් ජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති නිලධාරීන්  යොදවා  පරීක්ෂා කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

    ප‍්‍රධාන සැකකරු ඇතුළු 10 දෙනෙක් ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව විසින්  අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කරමින් පසු බව බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

  • ලොව විශිෂ්ටතම භෞතික විද්‍යාඥයෙක් වන මහාචාර්ය ස්ටෙෆන් හෝකින් ජිවිතයෙන් සමුගනි..

    ලොව විශිෂ්ටතම භෞතික විද්‍යාඥයෙක් වන මහාචාර්ය ස්ටෙෆන් හෝකින් ජිවිතයෙන් සමුගනි..

    බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව මීට ටික වේලාවකට පෙර ඔහුගේ පවුල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    කළු කුහර හා සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් සුවිශේෂී සොයාගැනීම් රැසක් කළ විද්‍යාඥ ස්ටීවන් හෝකින් මියයන විට 76 වියේ පසුවිය.

    කාලයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිපත්යක් යනාදී ලෝ ප්‍රකට කෘති රැසක් රචනා කර ඇති ස්ටීවන් හෝකින් 21 වැනි සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ලෙසින් ද හැඳින්විනි.

    “අපේ ආදරණීය පියාණන්ගේ අභාවයෙන් අපි දැඩි කම්පාවටත් කනගාටුවටත් පත්ව සිටිමු” යැයි ස්ටීවන් හෝකින්ගේ දරුවන් වන ලුසි, රොබට් සහ ටිම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

  • 70 වෙනි නිදහස් සමරු ක්‍රිකට් තරඟාවලිය දෝහා කටාර් හිදී

    70 වෙනි නිදහස් සමරු ක්‍රිකට් තරඟාවලිය දෝහා කටාර් හිදී

    ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උප නායක, වේග පන්දු ක්‍රීඩක නුවන් කුලසේකර මාර්තු මස 16 වන දින දෝහා කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී විමට නියමිත බව ආරංචි වේ.

    කටාරයේ ප්‍රධාන පෙලේ ශ්‍රීලාංකික සවිධානයක් වන SSC ක්‍රීඩා සමාජය (Sri Lankan Sports Club, Doha Qatar) විසින් අති සාර්ථක ලෙස 21 වෙනි වරටත් සංවිධානය කරන මෙම සැහැල්ලු පන්දු තරගාවලිය සදහා ප්‍රබල ශ්‍රීලාංකික කණ්ඩායම් 20 ක් තරග වැදීමට නියමිතය.

    මෙවර තරග මාලාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කටාර් රාජ්‍යයේ ගරු තානාපති A.S.P. ලියනගේ මහතා සහභාගී වන අතර විශේෂ ආරාධිත අමුත්තා ලෙස ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර සහභාගි වේ.

    70th SSC Independence Cup 2018 ලෙස නම් කර ඇති මෙම සය සාමාජික සැහැල්ලු පන්දු තරගාවලිය මාර්තු මස 16 වන දින කටාර් රාජ්‍යයේ Indian Ideal Ground (Near Midmac R/A) ක්‍රීඩාංගනයේදී උදෑසන 6.30 සිට රාත්‍රී 10.00 දක්වා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. එදින පැමිණෙන සියලුම දෙනා හට අවශ්‍ය සියලුම අහාරපාන , පානීය ජලය, සිසිල් බීම ඇතුළු සියලුම පහසුකම් නොමිලයේ ලබා දීමට SSC සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.

    මෙවර තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත කුසලාන , පදක්කම් , අගල් 40 LED රූපවාහිනී , හෝම් තියටර් , ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර , ශීතකරණ , මයික්‍රෝවෙව් ඇතුළු වටිනා ත්‍යාග රැසක් සූදානම් කර ඇති බව වාර්තා වේ.

    පැමිණෙන සියලුම නරබන්නන් හට ජනප්‍රිය ක්‍රීඩක නුවන් කුලසේකර හමුවීමට හැකි අයුරින් ඉඩ කඩ සලසා දිමට සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වන බව දැන ගැනීමට ඇත.

  • පාසල් සිසුවියන්ට පෙම් කල විවාහක අනංග රියදුරාට අන්තිමේදි වෙච්ච දේ මෙන්න….

    පාසල් සිසුවියන්ට පෙම් කල විවාහක අනංග රියදුරාට අන්තිමේදි වෙච්ච දේ මෙන්න….

    පාසල් ප්‍රවාහන සේවයක හිමිකරු ලෙස වැඩ කළ විවාහක පුද්ගලයෙකු වයස අවුරුදු 15 ක් වු පාසල් සිසුවියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන පසුව ඇය සමඟ කටුනායක ප්‍රදේශයේ ඥාති ගෙදරක රැදී සිටිය දී අදාළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
    සිවිල් ආරක්ෂක අංශයේ සේවය කරන වයස අවුරුදු 37ක් වු මෙම පුද්ගලයා රැකියාවේ නිවාඩු දිනයන්හි ඔහුගේ පාසල් බස් රථයේ රියදුරු ලෙස කටයුතු කරනු ලබන බව අප වාර්තාකරු පවසයි.
    කෙසේ වෙතත් මෙම පුද්ගලයා විනෝදාංශයක් වශයෙන් පාසල් සිසුවියන් සමඟ ප්‍රේම සම්බන්ධතා ඇති කර ගන්නා අතර මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි වයස අවුරුදු 15යි මාස 7ක නොච්චියාගම ප්‍රදේශයේ පාසල් දැරියක් සමඟ මෙලෙස සම්බන්ධතාවයක් ඇති කර ගෙන තිබේ.
    අදාළ පාසල් සිසුවිය පාසල් නොපැමිණෙන දිනවලදී බස් රථ රියදුරා සමඟ සම්බන්ධතාවය ගොඩනඟා ගැනීම සඳහා ඇයගේ මවගේ දුරකථනය භාවිතා කර ඇත.
    දුරකථනයෙන් ඇමතුම් ලබා නොගෙන රියදුරා සමඟ කෙටි පණිවිඩ යවමින් හමුවන ස්ථානයන් පිළිබඳ හා තොරතුරු මෙම පාසල් සිසුවිය විසින් හුවමාරු කර ගෙන තිබේ.
    අදාළ පුද්ගලයා පෙරේදා(12) රාත්‍රී 10.30ට පමණ ඇයට අලුත් දුරකථනයක් ලබා දීමට නිවසින් පිටතට පැමිණෙන ලෙස කියා ඇති අතර එම අවස්ථාවේ පාසල් සිසුවියගේ මවට ඔවුන් හසුවි තිබේ.
    මවගේ කෑ ගැසීමත් සමඟ පාසල් සිසුවිය හා යතුරුපැදියකින් පළා ගිය අදාළ පුද්ගලයා කටුනායක ඥාති නිවසක රැඳී සිටිය දී පාසල් සිසුවියගේ පියා විසින් තඹුත්තේගම පොලීසියට කළ පැමිණිල්ලක් මත මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
    කෙසේ වෙතත් එම අවස්ථාවේ දී අදාළ සිසුවිය පොලීසියට පවසා ඇත්තේ, තමා අදාළ පුද්ගලයා විවාහකයෙක් බව දැන සිටි බවත්, මීට පෙර සිය යහළුවා සමඟ ද ඔහු සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන සිටි අතර ආදරය නිසා එම කරුණු ගැන කිසිදු තැකීමක් සිදු නොකළ බවයි.
    ඔහුගෙන් තමාට කිසිදු බරපතළ අපයෝජනයක් සිදු නොවූ අතර ආදරය නිසා ඔහු සමඟ සුළු සුළු සිදුවීම්වලට මුහුණ දුන් බව ද ඇය පොලීසියට පවසා තිබේ.
    අත්අඩංගුවට පත් සැකකරු අද(14) දින තඹූත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අප වාර්තාකරු පවසයි.
    බස් රථය ද මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
    තඹුත්තේගම පොලීසිය සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
  • කිළිනොච්චියේ වැසියන්ට රුපියල් කෝටි ගණනක් අහිමි කළ ඊළාම් බැංකුවක පාස්‌පොත් ගණනාවක්‌ කිළිනොච්චියේ වළකින් මතු වේ

    කිළිනොච්චියේ වැසියන්ට රුපියල් කෝටි ගණනක් අහිමි කළ ඊළාම් බැංකුවක පාස්‌පොත් ගණනාවක්‌ කිළිනොච්චියේ වළකින් මතු වේ

    කිළිනොච්චියේ වැසියකු වැසිකිළි වළක්‌ කැපීමට ගිය අවස්‌ථාවේදී පොලිතින් උරයක බහා වළලා තිබූ මෙම පාස්‌ පොත් තොගය හමුවී ඇත.කිළිනොච්චිය ඇතුළු උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඔවුන්ගේ ඊළාම් බැංකු පවත්වාගෙන ගිය කාලයේදී විවිධ ගිණුම් වර්ග හඳුන්වාදී තිබූ අතර බාලවයස්‌කාර ගිණුම් සඳහා විශාල පොලියක්‌ ලැබුණු අතර උතුරේ රජයේ සේවකයන් මෙන්ම සෙසු පිරිස්‌ද එකල බාලයස්‌කාර ගිණුම් විශාල සංඛ්‍යාවක්‌ පවත්වා ගෙන ගියහ. මීට අමතරව ස්‌ථිර ගිණුම් ධන යෝජන ගිණුම්, ආදි වශයෙන් ගිණුම්ද කාන්තාවන් හා පාසල් ළමයින් වෙනුවෙන් තවත් විශේෂ ගිණුම්ද එම බැංකුවල පවත්වා ගෙන යන ලදී. උතුරේ වැසියන් එම ගිණුම්වල ආයෝජනය කරන ලද මුදල් සියල්ලම අපතේ යන ලදී. යුද්ධය හමාර වීමත් සමඟම ඊළාම් බැංකු අහෝසි වූ අතර එම ගිණුම්ද පළක්‌ නොමැති ගිණුම් බවට පත්වුණි.

  • ශ්‍රී ලංකාවට එරෙහි හුසේන්ගේ වාර්තාවට අභියෝග කිරීමට ලාංකිකයින් 30ක් ජිනීවා යයි

    ශ්‍රී ලංකාවට එරෙහි හුසේන්ගේ වාර්තාවට අභියෝග කිරීමට ලාංකිකයින් 30ක් ජිනීවා යයි

    ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් කුමරු විසින් ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාවට අභියෝග කිරීම සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රමුඛ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ 30 දෙනකුගේ කණ්‌ඩායමක්‌ අද (14 දා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෑමට නියමිතව ඇත.
     
     මෙහිදී ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ දේශකයන් හයදෙනකු  මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිත අතර එහිදී ජිනීවා යෝජනාව නීතිවිරෝධී බවත් එම යෝජනාව සඳහා ඡන්ද විමසීමක්‌ පවත්වා නැති බවටත් පෙන්නුම් කෙරේ.ඊට අමතරව ලබන 18 වැනිදා (ඉරිදා) ජිනීවා යෝජනාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ ද පවත්වන අතර කොටින්ගේ බිහිසුණු අපරාධ පිළිබිඹු කෙරෙන ප්‍රදර්ශනයක්‌ ද මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග වල සඳහන් වේ.

  • රමිත් රඹුක්වැල්ලට ලක්ෂ 5ක ශරීර ඇපයක්… රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

    රමිත් රඹුක්වැල්ලට ලක්ෂ 5ක ශරීර ඇපයක්… රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කළ ක්‍රිකට්‌ ක්‍රීඩක රමිත් රඹුක්‌වැල්ල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (13 දා) නියෝග කල අතර ඔහුව ප්‍රවාහන අමාත්‍යාංශයේ වෛද්‍ය මණ්‌ඩලය වෙත යොමුකර කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක්‌ කැඳවීමටද පියවර ගන්නා ලෙසට නියෝග කෙරිණි.

    බීමත්ව රිය පැදවීම, අපරික්‍ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක්‌ සිදු කිරීම, එම රිය අනතුර පිළිබඳව පොලිසියට කරුණු වාර්තා නොකිරීම ඇතුළු චෝදනා හතරක්‌ යටතේ නාරාහේන්පිට පොලිසිය විසින් රමිත් රඹුක්‌වැල්ල මහතාට එරෙහිව පවරා තිබූ නඩුව කැඳවූ අවස්‌ථාවේදී අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එම නියෝගය කළේය. එම චෝදනා හතරටම නිවැරදිකරු බව රමිත් රඹුක්‌වැල්ල මහතා ප්‍රකාශ කළ අතර ඒ අනුව ඔහු රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇපයක්‌ මත මුදාහැරීමට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා නඩු විභාගය ලබන ජුනි 19 වැනිදා ආරම්භ කිරීමට තීරණය කළ අතර පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකරුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමටද අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

    ඉකුත් 09 වැනිදා නාවල නාරාහේන්පිට ලේක්‌ ඩ්‍රයිව් පාරේදී යතුරු පැදියක්‌ අනතුරකට ලක්‌කර විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ නාරාහේන්පිට පොලිසිය රමිත් රඹුක්‌වැල්ල මහතාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

    බීමත්ව රිය පැදවීම ඇතුළු චෝදනා පහක්‌ යටතේ 2016 සැප්තැම්බර් 28 වැනි දිනද රමිත් රඹුක්‌වැල්ල මහතාට එරෙහිව පොලිසිය නඩු පවරා තිබිණි. එම නඩුව විභාග කළ කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණය 2016.ඔක්‌තෝබර් 11 වැනිදා ඔහුට රුපියල් 29,000 දඩයක්‌ ගෙවීමට නියම කොට රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද නියෝග කොට තිබිණි.

  • ජපානයට ගිය ජනපති මෛත්‍රී එරට විහාරස්ථානවල නායක හිමිවරු හමුවී කියපු කතාව මෙන්න…

    ජපානයට ගිය ජනපති මෛත්‍රී එරට විහාරස්ථානවල නායක හිමිවරු හමුවී කියපු කතාව මෙන්න…

    ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ පිහිටි ශ‍්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් අතර හමුවක්  (13) ටෝකියෝ නුවරදී පැවැත්විණි.

    බෞද්ධාගමික ප‍්‍රචාරය වෙනුවෙන් ජපානයේ සිට උන්වහන්සේලා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී පළමුව සිය ගෞරවය පුද කළ ජනාධිපතිතුමා, උන්වහන්සේලා හමුවීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ද සිය සතුට පළ කළේය.

    තරුණ පරපුරට අපේ යහපත් සංස්කෘතික වටිනාකම් අවබෝධකර දෙමින් ශ‍්‍රී ලාංකික දරු පරපුර යහපත් සහ සදාචාරවත් පරපුරක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාවය පැහැදිළි කළ ජනාධිපතිතුමා එහිදී ආගමික නායකයින්ට සුවිශේෂි කාර්යභාරයක් පැවරෙන බව ද කියා සිටියේය.

    පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ සිදුවූ සිදුවීම් පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ, සියලු ජන කොටස් අතර සාමය සහ සහෝදරත්වය ගොඩනැගීමට පුළුල් වැඩකොටසක් ඉටුකරන මෙම අවස්ථාවේ ඉතා සුළු පිරිසක් විසින් ඇතිකළ එම නොසන්සුන්තාවය පිළිබඳ බෙහෙවින් කනගාටු වන බවයි.

  • ජපානයට ගිය ජනපති මෛත්‍රී එරට මුස්ලිම් ආගමික නායකයින් හමුවී කියපු කතාව මෙන්න…

    ජපානයට ගිය ජනපති මෛත්‍රී එරට මුස්ලිම් ආගමික නායකයින් හමුවී කියපු කතාව මෙන්න…

    ජපානයේ වෙසෙන මුස්ලිම් ආගමික නායකයින් ඇතුථ පිරිසක් අද (13) ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
    මෙහිදී මවුබිමේ වර්තමාන තත්වය පිලිබදව සහ ෆේස්බුක් තහනම පිලිබදව ජනපති මෛත්‍රී තම ස්ථාවරය පවසා ඇති අතර හානියට පත්වූ නිවාස යලි ගොඩනැගීම පිලිබදව තම සැලසුම්ද විස්තරාත්මකව පවසා ඇත…
     
    විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
  • සංහිදියාව පෙරමුණට…අනුරාධපුරයේදී මහාසංඝරත්නයට පිණ්ඩපාත දානය මුස්ලිම් වැසියන්ගෙන්

    සංහිදියාව පෙරමුණට…අනුරාධපුරයේදී මහාසංඝරත්නයට පිණ්ඩපාත දානය මුස්ලිම් වැසියන්ගෙන්

    ජාතීන් අතර සමගිය වර්ධනය කරගනිමින් කටයුතු කිරීමේ පූර්වාදර්ශය අද අනුරාධපුරයේ දී දක්නට ලැබුණි.

    තායිලන්තයේ සිට මෙරටට වැඩම කළ භික්ෂුන් වහන්සේ හතලිස් පස් නමක් අද අනුරාධපුර පූජා භූමියට වැඩම කළහ.

    උන්වසන්සේලා බහුතරයක් මුස්ලිම් ජාතිකයින් වෙසෙන අනුරාධපුර, නීරාවිය ගම්මානය ආසන්නයෙන් වැඩම කරන විට ගම්වැසියන් මහා සංඝරත්නයට පිණ්ඩපාත දානය ලබා දුන්නේ සහජීවනය පිළිබඳ රටට සිහිපත් කරමිනි.

  • VPN පාවිච්චි කරපු අය අත්අඩංගුවට ගන්න පුළුවන්ද? –  නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියන කතාව

    VPN පාවිච්චි කරපු අය අත්අඩංගුවට ගන්න පුළුවන්ද? – නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියන කතාව

    Facebook, Viber, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය රජය විසින් පසුගියදා තහනම් කිරීමත් සමග ඒවා භාවිත කරන පුද්ගලයින් VPN හරහා සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පුරුදු වී තිබේ.

    මේ පිළිබඳව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ VPN භාගත කර ගැනීම තහනම් බව ය.

    ඒ අනුව අප මේ පිළිබඳව ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින පරිගණක අපරාධ වැළැක්වීමේ පනත යටතේ විකල්ප ක්‍රම භාවිත කරමින් අන්තර්ජාලයට පිවිසෙන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බව ය.

    එබැවින් VPN හරහා Facebook ඇතුළු සමාජ මාධ්‍යට පිවිසි පුද්ගලයින් කිසිසේත් අත්අඩංගුවට ගත නොහැකි බව නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා වැඩි දුරට ත් සඳහන් කළේය.