Tag: featured

  • අන්තවාදී ගෝඨාගේ ජාතිවාදි රේජිමෙන්තුව පසුපස ජාතිවාදයේ පියා ඥාණසාර සහ බලල් අත රනිල්..

    අන්තවාදී ගෝඨාගේ ජාතිවාදි රේජිමෙන්තුව පසුපස ජාතිවාදයේ පියා ඥාණසාර සහ බලල් අත රනිල්..

    තෙල්දෙණියේ ප්‍රහාරයට පිට ප්‍රදේශවලින් පැමිණ ඇති බවත් ඔහුන් වත්මන් ආණ්ඩුව බලයට පත්වු පසු කොළඹ සිට එජාප නායකයාගේ සහ තවත් එජාප බලවතුන් කිහිප දෙනෙකුගේ හෙංචයියන් බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

    ජාතිවාදය පතුරුවමින් සිංහල -මුස්ලිම් ගැටුම්කාරි තත්ත්වයක් ඇතිකරමින් සිටින ගෝඨාභයගේ ජාතිවාදි රේජිමෙන්තුව පසුපස ඇති බලල් අත අගමැතිකම සහ පක්ෂ නායක කම රැක ගැනිම සදහා පිදුරු ගහේ පවා එල්ලිමට සුදානමින් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව lankaleaks ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කරනවා.

    පක්ෂ නායක කම රැක ගැනිමට නොහැකිව කූජීව සිටින අගමැතිවරයා සිය අගමැතිකම සහ පක්ෂ නායකත්වය රැක ගැනිම සදහා රටේ ජනතවගේ මතය වෙනත් මගකට යොමුකිරිම සදහා

    අගමැතිකම රැක ගන්න ජාතිවාදයෙ පිහිට පතයි….

    අම්පාර සිදුවිම ගෝඨාගේ රෙජිමෙන්තුව හරහා ක්‍රියාත්මක වු සැනින් ඒ හරහා තමන්ගේ අගමැති කම මෙන්ම තමන්ට එරෙහිව පක්ෂයෙන් මතුව තිබේන නායකත්ව අර්බුදයට විසදුම් සේවිම සදහා අගමැතිවරයා කටයුතු කල අතර ඒ සදහා ඇති හොදම ව්සදුම රටේ ජාතිවාදී ගැටුමක් ඇතිකර ඒ හරහා දේශපාලන වාසි ලබා ගැනිම දන්නා රනිල් මේ වනවිට ගෝඨාගේ ජාතිවාදී රෙජිමෙන්තුව හරහා සටන දියත් කර ඒ වටා තවත් ජාතිවාදි රූකඩයන් කිහිපයක්ම එල්ලිමට කටයුතු කරමින් සිටි.

    රටේ ජාතිවාදයේ පිං පියා ලෙස හැදින්වෙන,ගෝඨාගේ සංඝ ජාතිවාදි හමුදාවේ ප්‍රධානියෙකු වන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිද මෙම මෙහෙයුම පසුපස සිටින අතර ඥාණසාරගේ න්‍යායාචාරවරයා ලෙස කටයුතු කරන ඩිලන්ත විතානගේ නැමැත්තා 2016 වසරේ සිට මහ බැංකු කොල්ලකරු රවිගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටින අතර ඔහු හරහ ඥාණසාර නටවමින් සිටින බව මේ වනවිට අනාවරණය වි තිබේ.

    රනිල් ගලවා ගැනිමේ ඩිල් එක පසුපස මෙම කණ්ඩායම් ඇති බවට තහවුරු වන ආසන්නතම සිදුවිම නම් අම්පාර සිද්ධිය සිදුවු වහාම දිගන රිය අනතුර සහ පහරදිම සම්බන්ධයෙන් වු තොරතුරුද් සහිතව ඩිලන්ත රනිල්ව හමුවිම වන අතර නීතිය දෙකට තුනට නමන පොලිස්පතිවරයාද එම හමුවට එක්ව තිබිමයි.

    අම්පාර සිදුවිම අහබු සිදුවිමක් ලෙස ආරම්භ වුවද තෙල්දෙණිය සිදුවිම අම්පාර සිදුවිම හේතු කරගමින් සිය දේශපාලන පැවැත්ම සදහා භාවිතා කිරිමට රනිල් කටයුතු කර තිබේ.

    තෙල්දෙණියේ ප්‍රහාරයට පිට ප්‍රදේශවලින් පැමිණ ඇති බවත් ඔහුන් වත්මන් ආණ්ඩුව බලයට පත්වු පසු කොළඹ සිට එජාප නායකයාගේ සහ තවත් එජාප බලවතුන් කිහිප දෙනෙකුගේ හෙංචයියන් බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

    තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික ගැටුමක් ජාතිවාදී කෝලාහලයක් බවට පත්කිරීම පිටුපස චීවරධාරීන් කිහිපදෙනෙකු සිටින බවට බුද්ධි අංශ අනාවරණය කර තිබේන අතර ආරක්ෂක ප්‍රධානින්ට ලබාදුන් රහසිගත වාර්තාවක් හරහ පෙන්වා දි ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් සහ ඔහුන් සමග සමීප සබඳතාවයන් පවත්වන පිරිස් දිගන සිද්ධිය ගැටුමක් දක්වා ගෙන යැමට දායකත්වය ලබාදි ඇති බවයි.

    ඒ සදහා viber,whatsapp වැනි සමාජ ජාලා සන්නිවේදන යොදාගෙන ඇති බවත් ඊට ආදාළ සාක්ෂි රැසක්ද එම වාර්තාව සමග ලබාදි තිබේ.

    බලය වෙනුවෙන් ජාතිවාදය ඇවිලිමේ අපකීර්තිමත් ඉතිහාසය

    රනිල් වික්‍රමසිංහ 1983 ජුලි කලබල අස්සේ බියගම ආසනයේ දමිල ජනතාවට එරෙහිව විවිධ කල්ලි කණ්ඩායම් මෙහෙයවු බවට චොදනා ඇති අතර යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය රාජන් වුල්ෆ් මහතාද එම චොදනාවම රනිල්ට එරෙහිව සිදුකර තිබේ.ඒ අනුව තමන්ගෙ බලය පවත්වාගෙන යෑම සදහා විස්වාසභංගය මෙන්ම පක්ෂ නායකත්වයට එරෙහිව නැගි එන බලපෑම මේ හරහා වෙනත් මගකට යොමුකිරිමට කටයුතු කර තිබේ.

    උපුටා ගැනීම ලංකා ලීක්ස් වෙබ් අඩවිය….

    සබැදි පුවත්…

    https://www.facebook.com/supirigossip1/posts/1612489725453294

  • රට ගිනි තියන ජාතිවාදී සිදුවීම් අස්සේ ජනපති මෛත්‍රී මහනුවරට ගිහින් කරපු දේ මෙන්න…

    රට ගිනි තියන ජාතිවාදී සිදුවීම් අස්සේ ජනපති මෛත්‍රී මහනුවරට ගිහින් කරපු දේ මෙන්න…

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර බලා ගොස් ඇති බව වාර්තාවනවා.

    ආරක්ෂ අංශ සහ ආගමික නායකයන් අතර ඔහු සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා ඇති බව සඳහන්.

    කෙසේ වෙතත් අද පස්වරු 4 සිට පැය 24ක කාලයක් බලපැවැත්වෙන පරිදි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට නැවතත් ඇඳිරි නීතිය පැනවූ බව පොලීස් මාධ්‍ය ප්‍රකාශවරයා පවසනවා.

    එමෙන්ම වහා බලපැවැත්වෙන පරිදි පොලිස් නිළධාරීන්ගේ නිවාඩුද අවලංගු කොට තිබෙනවා.

  • බොරු පතුරන්න එපා – කෙසෙල්වත්තෙන් හමුවූ මිනිස් හිස අංගොඩ කොස් මල්ලිගේ..

    බොරු පතුරන්න එපා – කෙසෙල්වත්තෙන් හමුවූ මිනිස් හිස අංගොඩ කොස් මල්ලිගේ..

    අද (07) උදැසන කොළඹ, කෙසෙල්වත්ත බණ්ඩාරණායක මාවතේ තිබි පොලිසිය විසින් සොයා ගත් මිනිස් හිස මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංච් ශාන්ත කුමාර හෙවත් “කොස් මල්ලි” ගේ බවට පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

    පසුගිය පෙබරවාරි 16 වනදා එම ප්‍රදේශයේදිම සිදුවු මනුෂ්‍ය ඝාතනයකට “කොස් මල්ලි” යන අය සමිබන්ධ බවට පරික්ෂණ සිදුකරන කොළඹ අපරාධ කොටිඨාෂය අනාවරණය කර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා.

  • නිතිය හා සාමය සති 02කට මට දෙන්න – මම සියල්ල විසදලා දෙන්නම් – රංගේ බණ්ඩාරගෙන් ප්‍රකාශයක්..

    නිතිය හා සාමය සති 02කට මට දෙන්න – මම සියල්ල විසදලා දෙන්නම් – රංගේ බණ්ඩාරගෙන් ප්‍රකාශයක්..

    රටතුළ ඇති වී තිබෙන අයහපත් තත්ත්වය සමනය කොට සාමය උදා කිරීමේ වගකීම තමන් වෙත බාර දෙන්නැයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අද  (07) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. 

    ඔහු රජය වෙත අවධාරණය කර සිටියේ ඒ වෙනුවෙන් නීතිය හා සාමය අමාත්‍යංශය සති දෙකක කාලයක් සඳහා තමන් වෙත බාර දෙන ලෙසයි. 

     

  • අන්තවාදී දේශපාලකයන්ගේ උවමනාවට මුහුණුපොතේ ජාතිවාදිය පැතිරූ 05ක් අත්අඩංගුවට..

    අන්තවාදී දේශපාලකයන්ගේ උවමනාවට මුහුණුපොතේ ජාතිවාදිය පැතිරූ 05ක් අත්අඩංගුවට..

    විවිධ අන්තවාදි දේශපාලකයන්ගේ පටු අරමුණු අනුව යමින්  මුහුණුපොත තුල ජාතිවාදය පතුරවමින් සහ ජාතිවාදය ඇවිස්සීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන අසත්‍ය පතුරවමින් ජාතින් අතර සංහිදියාවට බාධා ඇති කල පුද්ගලයන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව අපට වාර්තා වේ.

    මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා හදිසි නිතිය යටතේ බන්ධනාගාර ගතකිරිමට නියමිත අතර හදිසි නිතිය යටතේ ඔවුන්ව කිසිදු නඩු විභාගයකින් තොරව ජිවිතාන්තය දක්වා වුවද සිරගත කල හැකි බව අප සිදුකල විමසුමකදි නීති විශාරදයෙක් අපට පැවසීය…

  • දිවයින පුරා තරුණ තරුණියන් 60000 කට අධික පිරිසක් සහභාගී වුණ Youth with Talent අවසාන මහා තරඟය නැරඹීමට එරංද වැලිඅංගේගෙන් සැමට ආරාධනා

    දිවයින පුරා තරුණ තරුණියන් 60000 කට අධික පිරිසක් සහභාගී වුණ Youth with Talent අවසාන මහා තරඟය නැරඹීමට එරංද වැලිඅංගේගෙන් සැමට ආරාධනා

    60000 කට අදික තරඟකරුවන් ප්‍රමාණයක් සහභාගී වූ දිශානති දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වූ යූත් විත් ටැලන්ට් තරඟාවලියේ අවසාන මහා තරඟය මාර්තු මස 10 වන සෙනසුරාද දින රාත්‍රී 7. 00 ට ආරම්භ වන බවත් එම තරඟය නැරඹීමට සියළු දෙනාටම තමා ආරාධනා කරන බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගගේ මහතා පවසයි.

    https://www.facebook.com/supirigossip1/videos/1612495618786038/

     

  • මහින්දගේ නියෝගයෙන් රෑට රෑට රනිල් ළගට බඩගෑ විමලේ  රනිල්ට එරෙහි විශ්වාසභංගද ගිල ගනී…

    මහින්දගේ නියෝගයෙන් රෑට රෑට රනිල් ළගට බඩගෑ විමලේ රනිල්ට එරෙහි විශ්වාසභංගද ගිල ගනී…

    ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ඇතුව රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවට මාධ්‍ය හමු තබමින් නාලිකාවල පැය ගණන් කා දමමින් විමල් සහ අපාය සහය මිතුරා ඉටුකර ඇත්තේ රනිල්  මහින්දට දුන් කොන්ත්‍රාත්තුවේම කොටසක් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

    ඒකාබද්ධ විපක්‍ෂයේ සහ විපක්‍ෂයේ ඇතැම් දේශපාලන පක්‍ෂවල අස්සනින් අද (මාර්තු 06 )දින අගමැතිවරයට එරෙහි ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගයට ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාවක් ලබා ගැනීමට උප්පැන්නයේ ජාතකය අවුල් විමල් වීරවංශ සහ ඔහුගේ අපාය සහය මිත්‍රයා වන උදය ගම්මන්පිල අවුලෙන් අවුලට පත්ව් ඇති බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කරසිටි.

    පසුගිය සතිය තුලම මාර්තු 06දින රනිල්ට එරෙහිව විශ්වාසභංගය භාරදෙන බව කියමින් විමල් සහ ගම්මන්පිල රනිල්ට එරෙහිව එජාපය තුලින්ම මතුවු රනිල් විරෝධය ඩොසර් කිරිමට කටයුතු කර ඇති බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.

    රනිල්ට එරෙහිව විශ්වාසභංගයට හෝ ගා ඒකාබද්ධය අත්සන් තබන බව් කිවත් ඊයේ වනවිට අත්සන කර ඇත්තේ 8 දෙනෙකු පමණක් වන අතර එම 8 දෙනාම විමල්ගේ එහෙයියන් මෙන්ම් 2020 ජනපති අපේක්ෂකයෙකු විමේ සිහින දකින ප්‍රසන්න රණතුංග පමනී.

    විමල් සහ රනිල් අතර ඩිල් 

    Excusive: විමල් රහසේම රනිල් හමුවෙයි… 2020දි විමල්,නානසාර,ගම්මන්පිල,ඩිලන්ත හරහා හමන රනිල්ගේ “ගෝඨ සුළඟ”

    2015දී බැසිල්ට භාර දුන්න කොන්ත්‍රාත්තුවම අග්‍රාමාත්‍යවරයා විමල්ට භාර දි ඇති අතර ඒ අනුව මහින්ද,බැසිල් කපා ගෝඨා 2020දි ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කිරිමට කටයුතු කිරිම එම කොන්ත්‍රාත්තුව වේ.

    ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ඇතුව රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවට මාධ්‍ය හමු තබමින් නාලිකාවල පැය ගණන් කා දමමින් විමල් සහ අපාය සහය මිතුරා ඉටුකර ඇත්තේ රනිල්  මහින්දට දුන් කොන්ත්‍රාත්තුවේම කොටසක් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

    එක්සත් ජාතික පක්ෂ නායකයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය තුලින් නැගි ආ කැරැල්ල මෙන්ම ඒ සමග වෙගයෙන් ඉදිරියට ආ  විශ්වාසභංගයේ ගමන අඩාල කිරිමට මෙම උපක්‍රමය භාවිතා කල බව මේ වනවිට තහවුරු වි තිබේ.

    රනිල්ට එරෙහිව විශ්වාසභංගයෙන් මහින්ද අවුල් වු හැටි..

    රනිල්ට එරෙහිව විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා මහින්දගේ විජයරාම නිවසේ පවත්වා ඇති අතර එහිදි මහින්ද එම සාකච්ඡාව සදහා සහභාගි වු එහෙයීයන්ට අනතුරු ඇගවිමක් කර තිබේ.

    යම් හෙයකින් පාර්ලිමේන්තුවේ රනිල්ට එරෙහිව විශ්වාසභංගය ජයග්‍රහණය කිරිමට හැකි වුවහොත් වෙනත් අයෙකු අගමැති ලෙස නම් කිරිමට සිදුවන ඇති අතර ඒ සදහා හදිසියේ දිනේෂ් ගුණවර්ධන වැනි අයෙකු යෝජනා කිරිමට ශ්‍රිලනිප හෝ එජාප කණ්ඩායම් කටයුතු කලහොත් එය මාරාන්තීක විය හැකි බවයි මහින්ද පෙන්වා දි ඇත්තේ.

    මහින්දගේ දිනේෂ් භීතිකාව ……..

    “කොහෙවත් ඉන්න රිලව් ෆෝම් කරන්නේ නැතුව ඉන්නවා”බොරළුගොඩ සිංහයාගේ කතාවට මහින්දට මලපනී… 2019ට ඉස්සෙල්ලා ශ්‍රිලනිපය අල්ලන්න මහින්ද මෙහෙයුමක

    විමල්ගේ අසීමාන්තික ඩිල් හමුවේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වු ප්‍රියන්ජිත් විතාරණ facebook හී තැබු සටහනකි.

    රනිල් ව්ක්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාට එරෙහිව අද ගෙන ඒමට තිබූ විස්වාසබංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් කල් දමා ඇත.මීට පැය හත අටකට උඩදී ඒ සම්බන්ධව මගේ ස්ථාවරය හා මට ඇති සැකය මා විවෘතව ප්‍රකාශ කලේය.මා එය ප්‍රකාශ කලේ ඔවුන් සමග සිට මා ලද දේශපාලන අද්දැකීමෙන්ය.අද දින විස්වාසබංග යෝජනාව ගෙන එන බව කිව්වේ මා නොවේය.එය කීවේ වීරවංශ මහතා හා ගම්මන්පිල මගතායි.ඕනිම දෙයක් කලින් රටට ප්‍රකාශ කලයුත්තේ තමා බව මේ දෙදෙනාටම ඇති එක් දේශපාලන මේනියාවකි.

    ඒ නිසා ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයා ගැනසේම විස්වාසබංගය ගැනද එකගතාවක් නැතිව ප්‍රකාශ කර ඇන ගත්තේය.මා හට ඇති ප්‍රස්නය ඔවුන්ගේ ඇන ගැනීම නොවේ.රටේ උද්ගතවී ඇති හදිසි තත්වය හමුවේ නුගේගොඩ රැලිය කල් දැම්මා විය හැක.මාද එය අනුමත කරමි.නමුත් විස්වාසබංගය කල් දැම්මේ ඇයි?ඊට හේතුව කුමක්ද?පලමු කරුන ඊට අත්සන් කිරීම ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් සැලකිය යුතු ප්‍රමානයක් අදිමදි කිරීමද?unp යේ සටන unp යට වඩා විස්වාස ඒකාබද්ධයේ පිරිස වෙත ගෙන්වා වික්‍රමසිංහ මහතා ගේම ගසා ඇත.

    මා කීවේ මෙම විස්වාසබංග යෝජනාව ඒකාබද්ධයේ සියලු මන්ත්‍රීවරුන් හා මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකර ඉදිරිපත් කිරීම පලක් නැති බවයි.එහි වාසිය යන්නේ වික්‍රමසිංහ මහතාටය.එසේ වනවා නම් ඉදිරිපත් කරනවාට වඩා නොකර සිටිම සුදුසුය.එසේ නම් ඒකාබද්දය තුල සිට මේ කකුල් මාට්ටු දාන්නේ කවුද?මා දිගටම කියන අප්‍රකාෂිත අසුද්ද සංධානය එයයි.

    අද වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කීවේ හදිසි නීතියේ ට්කට් එක වික්‍රමසිංහ මහතාට ඇදුනු බවයි. එය එක් විටක සත්‍යකි.හදිසිනීතියට මුවාවී වික්‍රමසිංහ මහතාට එරෙහි විස්වාසබංගයද කල් දැමීමේ වාසිය ඔහුටම හිමිවීය.වීරවංශ මහතාගේ කතාව අසත්‍ය වන්නේ හදිසිනීතිය දැමීම විස්වාසබංගට කිසිසේත් බල නොපාන නිසාය.එසේම නම් ගම්මන්පිල මහතා හරහා ඔහු යෙදූ උපක්‍රමයට කුමක්වීද?

    ඔවුන්ට අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් විස්වාසබංගය පලමුව ඉදිරිපත් කරයි.පසුව ජන්දය විමසන අවස්ථාවේදී එජාපයේ හා ශ්‍රිලනිප සහයෙන් බහුතරය පෙන්වයි.

    දැන් ඇන ගත් පසු දෙබෑයන් මෙසේ කියනු ඇත “කෙසේවෙතත් මෙම විස්වාසබංගය එක් පක්ෂයක සටනක් නොවන බැවින් සෑම පක්ෂයකම මන්ත්‍රීවරු කීපදෙනෙකුගේ හෝ අත්සකර ඉදිරිපත් කිරීමට අප තීරනය කලාය”කියාය.නැත්නම් එජාපයේ හා ස්‍රිලනිපයේ විසේෂ ඉල්ලීම පරිදි උපක්‍රමිකව කල්දැමූ බවයි.

    ජානීපෙට නම් පියවරක් ඉදිරියට පියවර දෙකක් පසු පසට යන මාක්ස්වාදී නයාය ආදේශ කරගෙන හිත හදාගත හැකිය.

    මෙවර වික්‍රමසිංහ මහතා ගැසුවේ සිය අලුත්ම තුරුම්පුවයි.එනම් නීතිය හා සාමය තුරුම්පුවයි.නිතිය හා සාමය පොන්සේකා මහතාට දෙනබවත්,දුන් සැනින් සියලූ වීරයන් කපෝති බවත්,බේරා ගැනීමට හෝ අවම වසයෙන් බැලන්ස් කරදීමට තමා සිටිය යුතු බවයි.එසේනම් ඔබලා මේ කරන්නට හදන්නේ වික්‍රමසිංහ මහතාගේ ගෙල පලමුව සිද දෙවනුව සියතින් තම ගෙල සිද ගැනීම බව සිය නියෝජිත්‍යා හරහා ව්ක්‍රමසිංහ මහතා ඔවුන්ට වටහා දී හමාරය.ඉන් පසුව හිසේ සිට දෙපතුල දක්වා වෙව්ලමින් හදිසි නීතියේ පිහිටෙන් වැඩේ අකුලා ගත්තේය. ඒ නිසා හදිසිනීති ට්කට් එක කාට කාටත් වාසි සහගතය.මට ඔබලාගෙන් ඇසීමට ඇත්තේ තමන්ගේ නඩු හබ විසදා ගැනීමට අවස්ථා කීපයකදී රෑට රෑට රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා හමුවන අයගෙන් ඔහුට විරුද්ධ මොන විස්වාසබංගද කියාය?හොරු සමග ප්‍රසිද්ධියේම හෙලුවෙන් කියාය!!!!!

    උපුටා ගැනීම ලංකා ලික්ස් වෙබ් අඩවිය….

  • රවි නීච වීමෙන් කොළඹ නගරාධිපති පුටුව රෝසිගෙන් ගැලවී පොහොට්ටුවට ලැබෙන ලකුණු..

    රවි නීච වීමෙන් කොළඹ නගරාධිපති පුටුව රෝසිගෙන් ගැලවී පොහොට්ටුවට ලැබෙන ලකුණු..

    කොළඹ නගර සභාවේ බහුතර බලය අත්පත් කරගත් එජාපයට නගර සභාවේ පාලනය බලය තහවුරු කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.

    එයට හේතුව වී ඇත්තේ එජාප මන්ත්‍රී රවී කරුණානායකට අමාත්‍ය ධූරයක් ලබා නොදෙන්නේ නම් උතුරු කොළඹ ආසනය සදහා තේරී පත් වූ එජාප මන්ත්‍රීවරු 17 දෙනා විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කිරිමත් සමග ය.

    මේ අනූව රෝසි සේනනායක මහත්මියට නගරාධිපති ධූරය අහිමි වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

    මේ තත්වය හමු වේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් තරග වැදුණු මිලින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට නගර සභාවේ බලය පිහිටුවීමට හැකි වනු ඇත.

  • ජාතිවාදි සිදුවීම් නිසා අගතියට පත්වු අම්පාරේ සිංහල තරුණයන්ට සවියක් වු දමිළ තරුණයන්ගේ කතාව මෙන්න..

    ජාතිවාදි සිදුවීම් නිසා අගතියට පත්වු අම්පාරේ සිංහල තරුණයන්ට සවියක් වු දමිළ තරුණයන්ගේ කතාව මෙන්න..

    මහනුවර සිදුවීම්වලට විරෝධය පාමින් කලහකාරී පිරිසක් අම්පාර, කල්මුණේ, සමන්තුරෙයි. ප්‍රදේශවල විරෝධතාවල නිරත වෙමින් බස් රථවලට පහර දීමේ සිද්ධියකින් පසුව පාසල් නිමා වී නිවෙස්වලට යාමට නොහැකිව සිටි පාසල් ළමුන් එකසිය විස්සක් හා ගුරුවරුන් පිරිසක් සිමෙන්ති කන්ටේනරයක නංවාගෙන ආරක්ෂිතව නිවෙස් කරා රැගෙන යාමට ප්‍රදේශයේ දෙමළ තරුණයන් කටයුතු කර ඇත.

    කල්මුනේ ආර්, කේ. එම්, දෙමළ විද්‍යාලය, නාවලර් දෙමළ විදුහල. කල්මුණේ වෙස්ලි විද්‍යාලය හා තවත් පාසල් කීපයක දරුවන්ට පාසල නිමා වී නිවසට යෑමට බස් රථ මාර්ගයේ නොමැති වීම නිසා යතුරුපැදිවල නැගුණු දෙමළ තරුණයන් පනහක පමණ කණ්ඩායමක් කන්ටේනරයක් රැගෙන විත් මෙම ළමුන් ආරක්ෂිතව නිවෙස්වලට ගෙන ගොස් ඇත.

    ඊයේ (6 දා) අලුයම 5.00 ට පමණ අම්පාර, මරදමුණේ, සමන්තුරේ, අක්කරෙයිපත්තු, අට්ටාලච්චේන, කළ්මුණේකුඩි ඇතුළු ප්‍රදේශවල පල්ලි වටා එක්රැස් වුණු කලහකාරී කණ්ඩායම් මාර්ගයේ ටයර් පුළුස්සා බස් රථ අටකට පහර දී අලාභහානි කර ඇත.

    මෙම සිද්ධිය ආවරණය කිරීමට ගිය දෙමළ පුවත්පතක මාධ්‍යවේදියකුටදී බස් රථයෙන් බස්සවා පහර දීමට උත්සාහ ගනිද්දී පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය මැදිහත් වී මාධ්‍යවේදියා ආරක්ෂිතව මුදාගෙන ඇත.

    මාර්ගයේ බස් රථ ධාවනය අඩාළ වීමත් සමග පාසල් නිම වී නිවෙස්වලට යාමට නොහැකිව සිටි දරුවන් කටේනරයක් තුළ ආරක්ෂිතව මරඳමුණේ. කල්ලාර් ෆීලවනේ කලාවකුඩි ප්‍රදේශ දක්වා රැගෙන ගොස් නිවෙස්වලට ඇරලවා තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බළකාය මාර්ගවල ආරක්ෂාව තහවුරු කර කලහකාරීන් විසිතුන් දෙනකු අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාර දී ඇත. කල්මුණේ නට්ටච්මුනනේ ප්‍රදේශයේ වෙළෙඳසල් දෙකක් හා නිවසක් ද කලහකාරී පිරිස් විනාශ කර ඇති බව ආරක්ෂක අංශ කියයි.

  • රට ගිනි තියන බොරු පතුරන බුකියේ ජාතිවාදින්ට වැඩ වරදී.. මහනුවර අම්පාර අලුත්ම තතු විත්ති මෙන්න..

    රට ගිනි තියන බොරු පතුරන බුකියේ ජාතිවාදින්ට වැඩ වරදී.. මහනුවර අම්පාර අලුත්ම තතු විත්ති මෙන්න..

    Breaking News Update………………………..

    විවිධ අන්තවාදි දේශපාලකයන්ගේ පටු අරමුණු අනුව යමින්  මුහුණුපොත තුල ජාතිවාදය පතුරවමින් සහ ජාතිවාදය ඇවිස්සීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන අසත්‍ය පතුරවමින් ජාතින් අතර සංහිදියාවට බාධා ඇති කල පුද්ගලයන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව අපට වාර්තා වේ.

    මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා හදිසි නිතිය යටතේ බන්ධනාගාර ගතකිරිමට නියමිත අතර හදිසි නිතිය යටතේ ඔවුන්ව කිසිදු නඩු විභාගයකින් තොරව ජිවිතාන්තය දක්වා වුවද සිරගත කල හැකි බව අප සිදුකල විමසුමකදි නීති විශාරදයෙක් අපට පැවසීය…
     

    “නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක් , පොලිස් අධිකාරීවරු තිදෙනෙක් මෙහෙයවයි” විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් නුවරට .!

    නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුගෙන් හා පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත් කළ හැරි බව පොලිස් මූලස්ථානය පවසනවා.
     
    ඔවුන් සමඟ පොලිස් කණ්ඩායම් තුනක් එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇත. 
     
    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ද එම ප්‍රදේශයට පිටත් කර ඇතැයිද ආරංචි මාර්ග සදහන් කරනවා.
     
    ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් පොලිස්පතිවරයා මෙම කණ්ඩායම් පිටත් කර හැරි බව පොලිස් මූලස්ථානය පවසනවා.
     
    මේ අතර සහකාර පොලිස් අධිකාරීවරයකුගෙන් සමන්වති රහස් පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබේ.

    සමාජ ජාලවල අසත්‍ය පතුරන අයට වැටබදින්නේ මෙහෙමයි…
    ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිදු කෙරෙන ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

    ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු පැවසුවේ මේ දිනවල ඒ සම්බන්ධයෙන් දැඩිව අධීක්ෂණය කරන බවයි. ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර පතුරුවා හරින පුද්ගලයින් හඳුනා ගැනීම එහි එක් අරමුණක්. එවැනි පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීමටද හැකි බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    මේ අතර හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අවස්ථාවක සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳ අප පොලීසියෙන් විමසීමක් කළා.

    එහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ “සමාජ මාධ්‍ය ජාලා හෝ වෙනත් සන්නිවේදන ක්‍රම ඔස්සේ අසත්‍ය තොරතුරු, භීතිය, අප්‍රසාදය ඇතිවන ආකාරයට..ඒ වගේම සංහිඳියාවට බාධා එල්ල වන ආකාරයට එවැනි තොරතුරු සම්ප්‍රේෂණය කිරීම වැලැක්වීමට සුදුසු පියවර ගැනීමේ බලය රාජ්‍ය නිලධාරීන්ට වගේම ව්‍යවස්ථාපිත ආයතනවලටත් මේ යටතේ පැවරෙනවා.” යනුවෙනි.

    මේ අතර වර්තමානයේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ රාති‍්‍රයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි සඳහන් කළේ. ඒ සඳහා හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා හා පොලිස්පතිවරයාද පැමිණි බවද වාර්තා වුණා.

    මහනුවර අන්තර්ජාලය අත්හිටුවයි……

    මේ අතර ඩයලොග් ආයතනය විසින් සිය නිල ටුවිටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අන්තර්ජාල ප්‍රවේශ හැකියාව සීමා කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසම අදාළ සේවා සැපයුම් ආයතන වෙත දැනුම් දුන් බව පැවසුවද  මේ වනවිට රට පුරා ප්‍රදේශ රැසක මෙම අවහිරතාවය ඇතිවී තිබේ. 

    රටපුරා හදිසි නීතිය ප්‍රකාශයට පත්කර ඇති අතර සමාජජාල හරහා ගැටුම් උත්සන්න වීමට අනුබල දෙන ආකාරයේ අදහස් හුවමාරුවීම් සිදුවන බැවින් එය වැලැක්වීමට රජය මෙම පියවර ගෙන තිබේ. 

    මහනුවරට යලිත් ඇදිරි නීතිය

    මහනුවර පරිපාලන දිස්ති‍්‍රක්කයට මේ වන විට යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

    මේ පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ නැවත දැනුම් දෙන තුරු මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනු ඇති බවයි.

    මේ අතර එම ප්‍රදේශවලින් සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වෙන බවද සඳහන් කළා.

     

  • ලංකාවේ වත්මන් තත්වය ගැන ඇමරිකාවේ මතය ප්‍රකාශ කරයි

    ලංකාවේ වත්මන් තත්වය ගැන ඇමරිකාවේ මතය ප්‍රකාශ කරයි

    ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශ්වවලට එරෙහිව ශ්‍රී ලංකා රජය කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන අතර රටේ සුළු ආගමික සහ ජනකොටස්වල ආරක්ෂාව සුරක්ෂිත කරමින්, දැනට ප්‍රකාශයට පත්කර ඇති හදිසි නීතිය ඉක්මනින් අවසන් කළ යුතු යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. 
    “නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සහ සමානාත්මතාව සාමයට මෙන්ම සහජීවනයට අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, රජය ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශවවලට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත.
    වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත. මානව හිමිකම් මෙන්ම, සියලු පාර්ශ්වවල මූලික නිදහස ආරක්ෂා කරමින් සුළු ආගමික කොටස් සහ ඔවුන්ගේ ආගමික ස්ථාන ආරක්ෂා කරමින් හදිසි නීතිය ඉක්මනින් අවසන් කළ යුතුව ඇත.” යැයි එම නිවේදනයේ තව දුරටත් සඳහන්ව ඇත.
  • වත්කම් හෙළිනොකරපු හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියාට දඩ

    වත්කම් හෙළිනොකරපු හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියාට දඩ

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ මේජර් නෙවිල් වන්නිආරච්චි නමැත්තාට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා තිබූ නඩු පහටම ඔහු වරද පිළිගත් අතර, එක් නඩුවකට රුපියල් 1,000 බැගින් නඩු පහට රුපියල් 5,000ක දඩ මුදලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියම කළාය. 

    වත්කම් හෙළිකළයුතු රාජ්‍ය නිලධාරියෙකු වන යුද හමුදා මේජර්වරයෙකු ලෙස කටයුතු කරමින් 2010 වසරේ සිට 2014 වසර දක්වා වසර පහක කාලයක් සිය වත්කම් හෙළි නොකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පහක් පවරා තිබිණි.

    මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත්කරමින් තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනාවලට  ඔහු වරද පිළිගන්නේ යැයි පැවසූහ.

    ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය එක් චෝදනාවකට රුපියල් 1,000 බැගින් චෝදනා පහට රුපියල් 5,000ක දඩ නියම කළාය.

  • සුරක්ෂා රක්‍ෂණාවරණය යටතේ මේ වනවිට රුපියල් මිලියන27ක මුදලක් රක්‍ෂණ ප්‍රතිලාභ ලෙස සිසුන් වෙත මුදාහැර අවසන්

    සුරක්ෂා රක්‍ෂණාවරණය යටතේ මේ වනවිට රුපියල් මිලියන27ක මුදලක් රක්‍ෂණ ප්‍රතිලාභ ලෙස සිසුන් වෙත මුදාහැර අවසන්

    අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දුන් සුරක්‍ෂා රක්‍ෂණාවරණය යටතේ ඊයේ (06දා)දිනය වනවිට රුපියල් මිලියන27ක මුදලක් රක්‍ෂණ ප්‍රතිලාභ ලෙස සිසුන් වෙත මුදාහැර අවසන් බවට ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව දැනුම්දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය  සඳහන් කරයි.

    එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා ගෙවීගිය මාස 05ක කාලය ඇතුළත රක්‍ෂණ ගෙවීම් සඳහා ඉල්ලීම් 6,600 ක් ශ්‍රී ලංකා  රක්‍ෂණ සංස්ථාව වෙත ලැබී ඇති බවත් පාසල් සිසුන් ලක්‍ෂ 10කට මේ වනවිට සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණයට අදාළ රක්‍ෂණ කාඩ්පත ලබාදී තිබෙන අතර, ‍මාර්තු මාසය අවසන්වනවිට සිසුන් ලක්‍ෂ 20ක් දක්වා  මෙම කාඩ්පත ලබාදීමට අපේක්‍ෂිත බවද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

     අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාවට නැංවෙන සුරක්‍ෂා සිසු රක්‍ෂණ වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ පාසල් 11,242ක් තුළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් ලක්‍ෂ 45කට ආසන්න පිරිසකට සෞඛ්‍ය රක්‍ෂණාවරණය හිමිවෙයි.

    මේ යටතේ  පාසල් දරුවෙකුගේ බාහිර ප්‍රතිකාර සඳහා වාර්ෂිකව රුපියල් 10,000ක් දක්වාද, රෝහල්ගත වීමකදී රුපියල් 100,000ක් දක්වාද, පාසල් දරුවෙකුගේ හදිසි මරණයකදී රුපියල් 100,000ක් දක්වා මෙන්ම පාසල් දරුවෙකුගේ මව හෝ පියා හදිසියේ මරණයට පත් වූ විටදී රුපියල් 75,000ක වන්දි මුදලක්ද ලබා දෙයි.

    එමෙන්ම දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් 100,000ක් සහ අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් 50,000 සිට රුපියල් 100,000ක් දක්වා ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් හිමි වේ.

    දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හඳුන්වා දුන් සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාදීම මේ වනවිට ක්‍රියාවට නැංවෙමින් පවතී.

  • ලෝක ගුරු සම්මේලනයේ ඉදිරි වසර 4ක කාලයට සභාපති ශ්‍රී ලංකාවෙන්

    ලෝක ගුරු සම්මේලනයේ ඉදිරි වසර 4ක කාලයට සභාපති ශ්‍රී ලංකාවෙන්

    ලංකා ගුරු සේවා සංගමය නියෝජනය කරමින්  සමුළුවට සහභාගි වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාට මෙක්සිකෝවේ පැවැති ලෝක ගුරු සම්මේලනයේ 18 වැනි සමුළුවේදී ඉදිරි වසර 04ක කාලයක් සඳහා නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමේදී සභාපති තනතුර හිමිව ඇත.

    පසුගිය 04 වැනිදා සහ 05 වැනිදා මෙම සමුළුව පැවැති අතර රටවල 40කට වැඩි ප්‍රමාණයක ගුරු සංගම් මෙම සම්මේලනය නියෝජනය කරන ලදී, මෙවන් සමුළුවක ප්‍රධාන තනතුරක් හිමි වූ පළමු අවස්ථාව මෙය බවද ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.

     

  • මහින්දානන්ද වෙනුවෙන් දිනේෂ්,ඩලස් හා වාසු පෙරට

    මහින්දානන්ද වෙනුවෙන් දිනේෂ්,ඩලස් හා වාසු පෙරට

    ඊයේ දිනයේදී අලුත්ගමගේ මහතා අධිකරණයට කැඳවා  තිබීම හේතුවෙන්ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට තිබූ අයිතිය දරුණු ලෙස උල්ලංඝනය වී තිබෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක  දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(06දා)පැවසීය .

    මීට පෙර කථානායකවරයා හමුවී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව අවස්ථා දෙකකදී සාකච්ඡා කර තිබෙන බවත්,කථානායකවරයා අදාළ බලධාරීන්ට මේ බව දන්වා තිබූ බවත් ගුණවර්ධන  මහතා ප්‍රකාශ කල අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සිදුවූ ආකාරයට ඉදිරියේදී අනෙකුත් මන්ත්‍රීවරුන්ටද මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවන බවත්,කථානායකවරයා මේ සඳහා මැදිහත්විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

    ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ, මේ සතිය පුරා මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධිකරණයට හමුවට යෑමට සිදුව තිබෙන බවත්,මෙය ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකුගේ ප්‍රශ්නයක් පමණක් සිතා කටයුතු නොකළයුතු අතර, මෙය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාටම එල්ලවන බරපතළ ප්‍රශ්නයක් ලෙස සැලකිය යුතුබවත්ය.

    වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේ,  ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට සහභාගි වීම සඳහා මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවත්,එසේ තිබියදී  නඩුව අසන බවට විනිසුරුවරයා පවසා තිබෙන බවත්ය.

    මෙහිදී අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ, තමන් ඒ පිළිබඳ සොයා බලන බවයි.