Tag: featured

  • අන්තර්ජාතික අධිකරණ අපේ රටට එපා.. රටවල් පහක ඉල්ලීමට ජනපතිගෙන් දරුණු පිළිතුරක්….

    අන්තර්ජාතික අධිකරණ අපේ රටට එපා.. රටවල් පහක ඉල්ලීමට ජනපතිගෙන් දරුණු පිළිතුරක්….

    අන්තර් ජාතික අධිකරණය පිළිගන්නා ලෙස රටවල් පහක්‌ කළ ඉල්ලීම අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත.

    ජිනීවා නුවර ආරම්භ වී ඇති 37 වැනි මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාව ඉටු කළ යුතු නිර්දේශයක්‌ ලෙස  ලැට්‌වියාව, ස්‌ටෝනියාව, මැසිඩෝනියාව, ඔස්‌ටේ්‍රලියාව ඇතුළු රටවල් පහක්‌ එම ඉල්ලීම කර ඇත.

    අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ  ශ්‍රී ලංකා රජය මෙම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත්තේ රටේ අභ්‍යන්තර කටයුතු වලට කිසිම පිටස්තරයෙකු අතපෙවිය යුතු නැත යන ස්ථාවරයේ සිටිමිනි…

  • නිවස ඉදිරියේදී පහරකෑමට ලක්වූ කොලොන්නාව තරුණ පෙරමුණේ සභාපතිගේ ඇත්ත කතාව මෙන්න…

    නිවස ඉදිරියේදී පහරකෑමට ලක්වූ කොලොන්නාව තරුණ පෙරමුණේ සභාපතිගේ ඇත්ත කතාව මෙන්න…

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විශාල අවධානයක් දිනා ගත් ප්‍රදේශයක් ලෙස කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව හැදින්විය හැක..
     
    එහි තරගකාරිත්වය කෙසේද යත් එහි බලය පිහිටුවීම මේ වනවිට උභතෝකෝටික ගැටළුවක් බවට පත්ව ඇති අතර එජාපය සමග එක්ව ශ්‍රීලනිපය ප්‍රාදේශීය සභාව තම බලයට නතු කරගනු ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත…
     
    කෙසේවෙතත් මැතිවරණය නිමාවෙත්ම  කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ප්‍රචණ්ඩත්වය හිස ඔසවිමේ ප්‍රවනතාවයක් දක්නට ලැබුණු අතර එහි උච්චතම අවස්ථාව වන්නේ 2018.02.23 දින රාත්‍රී 7.40ට පමණ කොලොන්නාව නිදහස් තරුණ පෙරමුණේ සභාපතිවරයා වන ප්‍රසන්න මඩවල මහතා මානිගමුල්ල ප්‍රදේශයේ තම නිවස ඉදිරියේදීම මැර ප්‍රහාරයකට ලක්වීමය..  
     
    යතුරුපැදියකින් තම මෝටර් රථය පසුපසින් පැමිණි මැර පිරිසක් තරුණ පෙරමුණේ සභාපතිවරයාට සහ එම ගැටුම සමනය කිරීමට පැමිණි ප්‍රදේශවාසීන්ට පොලු වලින් පහරදුන් අතර මඩවල මහතාගේ මවද හිසට සිදුවූ දරුණු තුවාල සමගින් රෝහල් ගත කිරීමට සිදුවිය…
     
     ඒ අනුව මඩවල ගොතටුව පොලිසියට සිදුකල පැමිණිල්ලකට අනුව පැමිණිලි අංක CIB 2/91/107 යටතේ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක අතර නඩු අංක  B/89491/2/18 යටතේ අලුත්කඩේ අධිකරණයේ නඩුවක්ද ගොනු කර ඇත…
     
    අපට වාර්තා වන සිදුවීම මෙලෙසය…
     

    මේ සිද්ධිය සිදුව ඇත්තේ  2018.02.23 දින රාත්‍රී 7.30 – 8ත් වන අතර මඩවලගේ මෝටර් රථය පසුපසින් ආපු යතුරු පැදි කරුවෙක් මඩවලට නිවසින් එලියට එන ලෙස පවසා ඇත.. ඔහු පාරේ තම රථය ධාවනය කරගෙන පැමිණෙද්දී මාර්ග නීති කඩලා ධාවනය  ඉස්සර කරන්න පැමිණි අතර මඩවල විසින් බොහොම අමාරුවෙන් අනතුරක් වලක්වාගෙන ධාවකයාට යාමට ඉඩ ලබාදී ඇත…

     

    මඩවල නිවසට පැමිණි පසු ධාවකයා අඩගැසූ බැවින් මඩවල ගෙදරින් එලියට පැමිණ ඇත.. 

    අඩෝ උබ ***** හයිය අරන්ද *සිගේ පුතෝ කියාගෙන ඔහු මඩවලට බැනවැදී ඇති අතර වාර්තා වන අන්දමට මඩවල පවසා ඇත්තේ  මල්ලි මෙතනට දේශපාලනය අදාළ නෑ.. ඔයානේ වාහනේ වැරදියට පැද්දේ.. එය කියනවත් සමගම කුපිත වූ ධාවකයා තම ෆුල් ෆේස් හෙල්මට් එකෙන් මඩවලට පහර දී ඇත..  කෙසේවෙතත් මඩවල පහර වළක්වාගෙන උදවු ඉල්ලලා කෑගහනකොට මඩවලගේ ඤාති මල්ලි කෙනෙකුයි ප්‍රදේශවාසිනුයි එතනට ඇවිත් මඩවලට පහරදෙන එක වලක්වා  පධාවකයාව පලවා හැර ඇත…..

    අනතුරුව කුපිත වූ අදාළ ධාවකයා

    *රි *න්නයා තොගේ ****** අපි බය නෑ *ත්තෝ. තොගේ **** *බයට ගිහින් *කපන්.  බලාපිය තොට මම කරන දේ කියමින් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර විනාඩි 05කින් මැරයෝ එක්කගෙන ඇවිත් සියලුදෙනාටම පහරදී ඇත.. මඩවලගේ මවට ඔලුවට පහර වැදී තුවාලත් සිදුවී ඇති අතර  ප්‍රදේශවාසින් පිරිසකුත් පහරකෑමට ලක්වඇත.

    වාර්තා වන අන්දමට මඩවල සිදුකල පැමිණිල්ලට නිසි ආකාරයෙන් නිතිය ක්‍රියාත්මකව නැත. විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කලේ  පොලිසිය විසින් අදාල විත්තිකරුවන් 12 දෙනා අතරින් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉර්ෂාඩ් නමැති  තරුණයෙකු පමණක් වන අතර  2018.02.25 දින ගොතටුව ප්‍රසිද්ධ විහාරස්ථානයක හිමි නමක් විසින් එක් අයෙකු පොලිසියට භාරදී ඒ සමගම ඔහුට ඇප ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇත

    එම සැකකරුවා ඩිල්ෂාන් වන අතර, ඔහුගේ සීයා මේ වන විට එම විහාරස්ථානයේ කටයුතු වල නිරත වෙලා ඉන්න බැවින්  මේ සියා වෙනුවෙන් පන්සලේ හාමුදුරුවෝ සැකකරුවන් රකින්න ක්‍රියා කරනවා යැයි ප්‍රදේශවාසියෙක් අප සමග පැවසිය…

    ඉහත විත්තිකරුවන් දෙදෙනා 2018.02.26 වන දින අලුත්කඩේ අංක 04 උසාවියට ඉදිරිපත් කළ අතර අවසානයේ පොලිසිය ඔවුනට ඇප ලබාදෙන්න කටයුතු කර ඇත. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කලේ  මේ සිදුවීම පසුපස පොහොට්ටුවේ වගේම එජාපයේ පැත්ත හොල්ලගෙන ඉන්න අයියලා සෙට් එකක් සිටින බවයි…. 
    මඩවලට පහරදුන් සිද්ධියට අදාල ප්‍රධාන සැකකරුවන් වන චානක නොහොත් අක්කු සහ ලහිරු නොහොත් ගඩ්ඩා, ඩිල්ෂාන්, චානක ඇතුලු වෙනත් කිසිදු සැකකරුවකු අත්අඩංගවට ගන්න පොලිසිය සමත් වී නැත..
     
    විහ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව මඩවලට පහරදුන් ලහිරු නොහොත් ගඩ්ඩා කියන පුද්ගලයා මත්දුව්‍ය  විකුණන අයෙක් ලෙස ප්‍රකට වී ඇති අතර පොලිසිය මොවුන්ව අත්අඩංගුවට නොගන්නනා බවටද චෝදනාවක් ඇත..
    කෙසේ වෙතත් එහි ප්‍රතිපලයක් ලෙස ගොතටුව, මානිගමුල්ල, ඇල්හේන, මාදින්නාගොඩ ප්‍රදේශවල අද පාතාල ක්‍රියා, මත්දුව්‍ය අලෙවි කිරීමේ මධ්‍යස්ථාන අතු පිපෙන්නාක් මෙන් වැඩි වී ඇත…
     
    පසුගිය මැතිවරණයේදී කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලනිපය ජයග්‍රහණය කරවන්න  කොලොන්නාව තරුණ පෙරමුණේ සභාපති ලෙස උපරිම දායකත්වයක් ලබාදුන් මඩවලට සිදුකල පහරදීම ලබපු පරාජයත් එක්ක නිදහස් පාක්ෂිකයා බියගන්වන්න සිදුකරන ක්‍රියාකාරකම් රැල්ලක උපරිම සිදුවීමක් ලෙස සදහන් කල හැක..
  • වඳ පෙති තුලින් කරලියට පැමිණි අම්පාරේ හෝටල් හිමිකරු මුල් වරට මාධ්‍යයට කියන කතාව මෙන්න..!!

    වඳ පෙති තුලින් කරලියට පැමිණි අම්පාරේ හෝටල් හිමිකරු මුල් වරට මාධ්‍යයට කියන කතාව මෙන්න..!!

    ආපන ශාලාවකින් මිලදීගත් ආහාරවල වඳ බෙහෙත් කිබුනායැයි කියන සිදුවීමක් මුල්කරගත් ගැටුම පසුගිය දිනකිහිපයේම ආන්දෝලනාත්මක තත්වයක් ඇති කලා. මෙම සිදුවීම පිළිබඳව විවිධ පාර්ෂව විවිධ අදහස් දක්වද්දී ආපන ශාලාවේ හිමිකරුත් මෙම සිදුවීම පිළිබඳව මාධ්‍යයට කියලා තිබුණා.

    ඒ. එල්. ෆර්සිත් නමැති අදාල ආපනශාලාවේ හිමිකරු එම සිදුවීම පිළිබඳව පුවත්පතකට ප්‍රකාශ කර තිබුනේ මෙවැනි අදහසක්. 

    ඇත්තටම මොකද වුණේ?   

    මම මගේ කඩය පටන් අරන් මාස තුනයි. කුළී පදනමෙන් තමයි මේ කඩය අරගත්තෙ. සිංහල මුස්ලිම් ගොඩක් දෙනා මගේ කඩයට එනවා. මේ සිද්ධිය වූ දා රෑ 10ට විතර මේකට මුල් වූ තැනැත්තා ඇවිත් හරක් මස් ඉල්ලුවා. මගේ කඩේ රෑ හත – හතහමාර වෙද්දි හරක් මස් ඉවර වෙනවා. ඒ හින්දා මම මගේ සේවකයින්ට කන්න තියෙන හරක් මස් ඔහුට යැව්වා.   

    හරක් මස් විතරද?   

    හරක් මස් එක්ක පරාටා යැව්වා. තව කුකුළු මස් හොදි එක්ක පරිප්පු යැව්වා.   

    ඉන් පස්සෙ?   

    පරාටා එකේ පොඩි පිටි ගුලියක් තිබිලා තියෙනවා. ඒක වේටර් කෙනෙක්ට පෙන්නලා ඔහු ප්‍රශ්න කරලා තියෙනවා. පස්සෙ මගේ ළඟට ඇවිත් කරදර කරන්න ගත්තා. එතන හිටි තව සිංහල මිනිසුන් දෙන්නෙක්ට මේ තැනැත්තා කිව්වා මේ ගැන. පස්සෙ ඔහු කෝල් එකක් ගත්තා.   

    ඔහු විතරද ඒ වෙලාවෙ හිටියේ?   

    ඔව්, ඔහු විතරයි. ඒත් ‘කෝල්’ එක ගත්තට පස්සෙ තව හතර දෙනෙක් ආවා. ඊට පස්සෙ බලාගෙන ඉද්දි තිහ – හතළිහක් දෙනා මගේ කඩේට ආවා. මගේ ‘ස්ටාෆ්’ ඔක්කොම පහක් ඉන්නවා. ඒ එක්කෙනෙක්ගෙ කණටත් ගැහුවා.   

    ඒවා වීඩියෝවෙ නැහැ?   

    ඔව්, වීඩියෝව කළේ ඉන් පස්සෙ. මට ජීවිතේ ගැන බයක් ආවා. ඒ බයට මම හැමදේටම ඔළුව හෙළෙව්වා. මම සිංහල වචන හුඟක් දන්නෙ නෑ. වෙළඳාමෙදි පාවිච්චි කරන වචන ටිකක් දන්නවා. ඔවුන් ඇසුවෙ මොනාද කියලා මට තේරුණේ නෑ. වඳ බෙහෙත් කියන වචනෙ මම දැනගෙන හිටියෙත් නෑ.   

    පොලිසිය ආවෙ නැද්ද?   

    ටික වෙලාවකින් පොලිසිය ආවා. කෑම පොලිසිය භාරයට ගත්තා. තාම ආහාරවල මොකුත් තිබුණද හොයාගෙන නෑ. මගේ යාළුවො ඇවිත් කිව්වා මාව අත්අඩංගුවට ගත් හේතුව. මම පොලිසියට ගියාට මගේ ජීවිතේට කිසිම අනතුරක් නොවෙන්න පොලිසිය මාව හොඳින් බලා ගත්තා. ඒත් මගේ කඩේට එහෙම වුණේ නෑ.   

    ඒ කිව්වෙ?   

    මගෙ කඩේ සීල් තියලා තිබුණේ සියල්ල විනාශ වුණාට පස්සේ. ලක්ෂ ගණනක් වටිනා ශීතකරණයක් එක්ක බඩු ගණනාවක් විනාශ කරලා තියෙනවා. එයින් වුණ පාඩුව මට දරා ගන්න අමාරුයි.   

    නිදහස් කළේ කවද්ද?   

    අත්අඩංගුවට ගත් දිනට පසු දින අඟහරුවාදා මාව නිදහස් කළා.   

    දැන් කඩේ ආයෙ පටන් ගන්නවාද?   

    ඊට කලින් මට වුණ හානිය ගැන හිතන්න වෙනවා. මගේ ගැන වීඩියෝ පවා පළවුණා. මගේ ව්‍යාපාරය වගේම මගේ ගෞරවයත් නැති වුණා. මම මේකට ඉදිරියේදී මානව හිමිකම් කොමිසමට යන්නත් අදහස් කරගෙන ඉන්නවා. අනික් පිරිස සමාදාන වෙන්න කැමති බව ආරංචි වෙනවා. ඒත් මට වූ හානිය එයින් පියවෙන්නෙ නෑ. ඒ නිසාම මට නීතිය හමුවට යන්න වෙනවා.   

    ඊට පස්සෙ?   

    ඊට පස්සෙ මගේ කඩේ ආයෙ පටන් ගන්න ඉන්නවා. ඒක පටන් ගත්තට මම කාටවත් භේද කරලා සලකන්නෙ නැහැ. හැමෝටම කන්න දෙනවා. ඒත් එදා හිත ලොකු බයක් ඇති වුණා. ඒක තාමත් තියෙනවා.  

     

  • නැගෙනහිර – මෘගයා, සයිබීරියානු වළසා සහ හිම කාලතුවක්කුව නිසා යුරෝපයේ 60ක් මරුට

    නැගෙනහිර – මෘගයා, සයිබීරියානු වළසා සහ හිම කාලතුවක්කුව නිසා යුරෝපයේ 60ක් මරුට

    යුරෝපාකරය පුරා දැන් පවතින අධි ශිත කාලගුණය සහ හිමපතනය හේතුවෙන් මේ වනවිට ජීවිත හානි 60 ක් පමණ වාර්තා වන බව විදෙස් වාර්තා වල සඳහන් වන අතර ඉන් 23 දෙනෙකුම පෝලන්තයේ අධි ශීත තත්ත්වයට ගොදුරු වූවන් වේ.

    අධික හිමපතනය නිසා අයර්ලන්තයේ ප්‍රවාහන සහ ගුවන් ගමන් අදාළ වී ඇති අතර, දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිබලය ඇණ හිට ඇති අතර සයිබීරියානු කාලගුණ සංසිද්ධියේ බලපෑමෙන් යුරෝපයේ දැන් ඇති වූ තිබෙන අධි ශීත කාලගුණ තත්ත්වය දකුණු දිග මධ්‍යධරණී ප්‍රදේශය දක්වා බලපෑම් සිදුකිරීම විශේෂත්වයක් වේ.

    මෙම කාලගුණ තත්ත්වය යුරෝපීයයන් නැගෙනහිර – මෘගයා, සයිබීරියානු වළසා සහ හිම කාලතුවක්කුව යන අන්වර්ථ නම්වලින් ද හඳුන්වනු ලැබේ

  • ජාත්‍යන්තර උපත් ආබාධ දිනය අදයි

    ජාත්‍යන්තර උපත් ආබාධ දිනය අදයි

    ජාත්‍යන්තර උපත් ආබාධ දිනය අදට(03) යෙදෙන යෙදී ඇත. ඒ වෙනුවෙන් ඊයේ කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ වසරකට ස්වභාවික ගබ්සාවීම් 48,000ක් පමණ සිදුවන බවයි.

    ලංකාව තුල වසරකට ලක්ෂ 4 ක් ගැබ් ගන්නා බවත්  ඒ අතරින් තුන් ලක්ෂ තිස් එක්දහසක් පමණක් සජීවි දරු උපත් බිහිකරන බවත් එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

  • පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වේ

    පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වේ

    කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වී ඇත.

    කාලයක් තිස්සේ අසනීප තත්වයේ සිටි උන්වහන්සේ අද (03) අලුයම අපවත් වී ඇති අතර අපවත් වන විට වන්වහන්සේ  54 වැනි වියේ පසුවිය.බෞද්ධයා මාධ්‍යජාලයේ ප්‍රධානත්වය දැරූ උන්වහන්සේ ධර්මප්‍රචාරය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කල සඟරුවණකි.

     

  • ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලීමට ප්‍රභාකරන්ගේ මස්සිනා ජිනීවා යයි

    ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලීමට ප්‍රභාකරන්ගේ මස්සිනා ජිනීවා යයි

    ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඊයේ (02දා) දහවල් ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ ඇති අතර එහිදී ඔහු  තමිල්නාඩුවේ කොටි හිතවාදී වයිකෝගේ ඡායාරූප ශිල්පියා වූ ගජන් හමුවී සාකච්ඡා කර ඇත.
     මෙසේ ජිනීවා වෙත පැමිණීමට පෙර ඔහු ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව පෙත්සමක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ට යවා ඇති අතර ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලීමට තමා සමුළුවට පැමිණි බව ඔහු ප්‍රකාශ කර ඇත.

     

  • රනිල් පන්නන්න පක්ෂ රැසක් සහය දීමට එකඟ වෙයි

    රනිල් පන්නන්න පක්ෂ රැසක් සහය දීමට එකඟ වෙයි


    රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් එකතු කිරීම මේ වනවිටත් කොළඹ පිහිටි විහාරස්ථානයක සිට ආරම්භ කර ඇති අතර පාලිත රංගේ බණ්ඩාර ඇතුළු එජාපයේම පිරිසක් ඊට මුල් වී කටයුතු කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් වන අතරශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමකගේ සහ තවත් පක්ෂ රැසක සහය ලැබි ඇතැයි හම ආරංචි වල වැඩිදුරටත් සඳහන් වේ.

    මෙම විශ්වාස භංගයට එජපයේ මන්ත්‍රීවරු තිහකගේ පමණ සහයෝගය ලැබෙන බවත් ඒ අතර ඇමැතිවරු කිහිප දෙනෙකුද සිටින බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසන අතරඅගමැති රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් ඔහු එම ධුරයෙන් ඉවත් කරන්නැයි ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර එසේ නොකරන්නේ නම්, පුළුල් කැබිනට් මණ්ඩල සංශෝධනයක් කළ යුතු බව මෙම කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේය. එහිදී මාසයක කාලයක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයා තම කණ්ඩායමෙන් ඉල්ලීමක් කර ඇත.
    නමුත් බලා‍පොරොත්තු වූ පරිදි එම සංශෝධනය සිදු නොවූ අතර ඔළු ගෙඩි මාරුවීමක් පමණක් වූ බැවිනුත් ජනාධිපතිවරයා ඉල්ලා සිටි මාසයක කාලයෙන් මේ වන විට සති දෙකක් පමණ ගතවී තිබෙන බවත් ඉදිරි සතිදෙක තුළදී සාධනීය පිළිතුරක් නොලැබුණහොත් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවටශ්‍රීලනිපයේ ආණ්ඩුව නියෝජනය කරන දොළොස් දෙනෙකුගේ පමණ කණ්ඩායමක් කටයුතු කරනු ඇතැයි එම ආරංචි වල තව දුරටත් සඳහන් වේ.

  • ඇසිපිය ගසන නිමේෂයෙන් ලොව වසග වූ ඉන්දියානු රුවත්තියගේ Hot එකක් ලීක් වෙලා..

    ඇසිපිය ගසන නිමේෂයෙන් ලොව වසග වූ ඉන්දියානු රුවත්තියගේ Hot එකක් ලීක් වෙලා..

    එක රැයකින් ලොවක් වසඟයට ගත් ප්‍රියා ප්‍රකාශ් ගැන නැවතත් කතාබහක් ඇතිවී තිබෙනවා. ඒ ඇයගේ යැයි පැවසෙන නිරුවත් ඡායාරූපයක් විදෙස් වෙබ් අඩවියක් හරහා අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වීමත් සමඟයි. Oru Adaar Love  චිත්‍රපටයේ එන Manikya Malaraya Poovi ගීතයේ රූප රචනය නිසා එක රැයක් තුල ලෝකයක් වසඟ කල ඇයගේ ඡායාරූප සහ වීඩියෝ විශාල ප්‍රමාණයක් පසුගිය කාලය පුරාවටම අන්තර්ජාලය හරහා හුවමාරු වුනා.

    කෙසේ වෙතත් ඇයගේ යැයි පවසමින් හුවමාරුවන මෙම ඡායාරූපය සංස්කරණය කරන ලද එකක් බව පැහැදිලිව දක්නට ලැබෙන අතර මෙම ව්‍යාජ ඡායාරූපය බොහෝ දෙනා දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි වාර්තා වන්නේ.

    එසේම මෙම සිදුවීම් අතරතුර ඇය රංගනයෙන් දායක වන  Oru Adaar Love චිත්‍රපටය  (03) තිරගතවීමට නියමිතව තිබෙනවා.

    අදාල ඡායාරූපය පහතින්.

     

  • දියතලාවේදී පිපිරුණ බෝම්බය ගෙනාවේ ඇයි? සාජන් මේජර්වරයා සියල්ල හෙළිකරයි..!

    දියතලාවේදී පිපිරුණ බෝම්බය ගෙනාවේ ඇයි? සාජන් මේජර්වරයා සියල්ල හෙළිකරයි..!

    යුධ හමුදා සහ නාවික හමුදා රණවිරුවන් පිරිසක්ද ගමන් ගත් බස් රථයක්  තුල පසුගියදා සිදුවුන පිපිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුනා.  අනතුරෙන් පසු බොම්මය රැගෙන ආ බවට සැක කල සාජන් මේජර්වරයා බරපතල ලෙස තුවාල ලැබීම නිසා ඔහුගෙන් ප්‍රශ්න කිරීම අසාර්ථක වී තිබුනා.

    කෙසේ වෙතත්  පසුගිය 28 වනදා සිද්ධියට සම්බන්ධයෙන් ඉතා දීර්ඝ ලෙස මේජර්වරයාගෙන් කල ප්‍රශ්න කිරීම් හමුවේ තොරතුරු රැසක් පොලීසිය ඉදිරියේ පාපෝච්චාරණය කර තිබුණා.

    අදාල සාජන් මේජර්වරයා සිදුකල පාපෝච්චාරණයට අනුව ඔහු  රුපියල් ලක්‍ෂ 20ක පමණ ණය බරකින් සිටීම නිසා ඇතිව තිබූ සිත්තැවුලක් හේතුවෙන් නිවෙසේ සඟවා තිබූ අත්බෝම්බය තමා රාජකාරිය කරන කහගොල්ල යුද හමුදා කඳවුරට රැගෙන විත් පුපුරුවා ගෙන සියදිවි හානිකර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

    මෙලෙස බෝම්බය බෑගයේ දමා කහගොල්ල හමුදා කඳවුරට රැගෙන එමින් සිටියදී බස් රියෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේ බසයෙන් බිමට වැටී බෝම්බය පුපුරා ගිය බවද සාජන් මේජර්වරයා පාපෝච්චාරනය කර තිබනෙවා.

    එසේම මෙම බෝම්බය 2015 වසරේදී  මුලතිව් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ.ය භාවිත කළ වාහන කිහිපයක් ගාල් කර තිබූ ස්ථානයක තිබී සොයා ගත් බවත්, පසුව බෝම්බය එම ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක සඟවා 2017 වසරේදී මාතලේ ඔහුගේ නිවෙසට රැගෙන ආ බවත් පොලීසිය ඉදිරියේ ඔහු කියා තිබෙනවා.

    නිවස ඉදිකිරීමට සහ වෑන් රථයක් ගැනීම සඳහා ඔහු විවිධ පුද්ගලයන් හට ණය වූ බවත් මේ වන විට රුපියල් ලක්‍ෂ 20ක පමණ මුදලක් එම පිරිස් වෙත ගෙවීමට ඇති බවත් ප්‍රකාශ කර ඇති ඔහු සියදිවි හානිකර ගැනීමෙන් පසු තමා එම ණය බරින් නිදහස් වන බවත්, ඔහුගේ වැටුපද සිය බිරියට ලැබෙන නිසා මෙම තීරණය ගත් බවත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙලිකර ඇති බව සඳහන්

    තිදරු පියෙකු වන සාජන් මේජර්වරයා මේ වන විට දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යටතේ ප්‍රතිකාර ලබමින් සිටින අතර බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සී.ඒ. ප්‍රේමශාන්ත,බණ්ඩාරවෙල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහගේ  අධීක්‍ෂණය මත දියතලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක හරිත් හල්පිටගේ උපදෙස් හා මෙහෙයවීම මත ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

  • තුරුලට ආ දියණිය බලන්න නිවසට ගිය ජනපති මුහුණ දුන් නොසිතූ අත්දැකීම මෙන්න….

    තුරුලට ආ දියණිය බලන්න නිවසට ගිය ජනපති මුහුණ දුන් නොසිතූ අත්දැකීම මෙන්න….

    පසුගියදා කවුඩුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තුරුළට වී සුරතල් බස් දොඩමින් සිටි දිනුල්‍යා චනාදි දි්‍යණියගේ සුවදුක් විමසා බැලීම සඳහා ජනධිපතිවරයා (01) පස්වරුවේ ගොස් තිබුණා

    මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහන් රැසකට සහභාගී වූ ජනාධිපතිතුමා  ඉතා කාර්යබහුල දෛනික කාලසටහනක් අතර වෙහෙස වී සිටියද, මහත් සෙනෙහසින් යුතුව දැරිය සමග කථා බහක නිරත වන ආකාරය දකින්නට ලැබුණා. 

    දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමලා වූ දිනුල්‍යා චනාදි දැරිය බහ තෝරන වයසේ පටන් ජනාධිපතිතුමා රූපවාහිනියේ දකින හැම මොහොතකම සිනාසෙමින් සහ නොයෙකුත් දේ කියමින් එම වැඩසටහන් නරඹන බව ඇගේ දෙමව්පියන් පවසනවා.

    පසුගියදා ජනාධිපතිතුමා මැදිරිගිරිය, කවුඩුල්ල ප්‍රදේශයට පැමිණෙන බව දැන ගැනීමත් සමග ජනාධිපතිතුමා බැලීමට යමු යැයි සිය පියාට ඇවිටිලි කළ දැරිය පියා සමග එම ස්ථානයට ගිය ද වේදිකාව අසලට යාමට උත්සාහ කල අවස්තාවේදී ආරක්ෂක නිළධාරීන් විසින් එය නතර කර තිබෙනවා. නමත්  එකවර සෙනග අතරින්  දිව ආ දැරිය දුටු ජනාධිපතිතුමා විසින් එය වළක්වා එම සුරතල් දියණියට තමා වෙත ඒමට ඉඩ සළස්වා තිබෙනවා.

    එම මතකයත් සමග ඊයේ දින දිනුල්‍යා චනාදි දැරියගේ නිවසට ගොඩවැදුණු ජනාධිපතිතුමාට මෙම පුංචි දියණියගේ හමුවීම පිළිබද පළකෙරුණු පුවත් පත් වාර්තා කිහිපයක්ද  දැකගැනීමේ හැකියාව ලැබුණා.

    එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

     

     

  • අම්පාරේ පුද්ගලයාට කෑම දුන් කාසිම් හෝටලයේ සිංහල වේටර් තරුණයා කියන කතාව මෙන්න..

    අම්පාරේ පුද්ගලයාට කෑම දුන් කාසිම් හෝටලයේ සිංහල වේටර් තරුණයා කියන කතාව මෙන්න..

    මේ දිනවල සමාජයේ වඩාත් කතාබහට ලක්ව ඇති අම්පාර, කාසිම් හෝටලයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වුණා.
    ඒ හෝටල් හෝටලය තුළ සේවකයකු සමග අතිවන කතාබහක් සහ පොලිසිය සමග ඇතිවන බහින්බස් වීමකි.

    එම හෝටලයේ සේවය කරන ලද සිංහල තරුණයකුගේ යැයි පවසන වීඩියෝවක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වනවා.

    තමා හෙට්ටිගේ දිමුත් චතුරංග බවත්, කාසිම් හෝටලයේ වේටර් වරයකු ලෙස වසරක් පමණ සේවය කළ බවත් ඔහු පවසනවා.

    තමන් සිද්ධියට අදාල පුද්ගලයාය මස්හොදි රැගෙන ඒමට කුස්සියට ගොස් පැමිණි අවස්ථාවේ ඔහුගේ පිඟානෙන් කසියම් දෙයක් රැගෙන පෙන්වූ බවයි ඔහු පවසන්නේ.

    කෙසේ වෙතත් මෙම තරුණයා එම හෝටලයේ සේවය කරන ලද පුද්ගලයකුමදැයි නිල වශයෙන් තහවුරුව නැත. අදාල පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ මුහුණ අපැහැදිළිවනසේ මෙම වීඩියෝව සංස්කරණය කර ඇත.

  • පෙත්තක් මගින් පිරිමි වඳ කළ හැකි ද? රටම බලා සිටි වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය මෙන්න..

    පෙත්තක් මගින් පිරිමි වඳ කළ හැකි ද? රටම බලා සිටි වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය මෙන්න..

    අම්පාර ප‍්‍රදේශයේ ඇතිවූ සිද්ධියත් සමග සමාජයේ කථා බහට ලක්වූ වඳ පෙති සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු අද අදහස් පළ කළා.

    සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ  (02) පැවැති වැඩසටහනකදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

    එහිදී අදහස් දැක්වූ ප‍්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න කියා සිටියේ විද්‍යාත්මකව බැලීමේ දී එවැනි ක්‍රියාවකින් පුද්ගලයෙකු වඳ භාවයට පත්කිරිමේ හැකියාවක් නොමැති බවයි.

    එවැනි අවස්ථාවන් වෛද්‍ය විද්‍යාවේ හමුවී නොමැති නමුත් මෙම සිද්ධිය බැහැර කිරිමේ හැකියාව ද නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් අධයනයක් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

    ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යූ ඞී පී රත්නසිරිද මෙහිදී අදහස් පළ කළා. කාන්තාවන් ගැබ්ගැනීම වැළැක්වීම සඳහා විවිධ ක්‍රම පැවැතියද එය තාවකාලික ක්‍රම බවත් එම ක්‍රිම ඔස්සේ ස්ථීර වඳ භාවයක් අපේක්ෂා කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.

    පිරිමි පුද්ගලයෙකු වඳ භාවයට පත්කිරිමේ කිසිදු පෙත්තක් වෛද්‍ය විද්‍යාවට අනුව නොමැති බවත් වාසෙක්ටමි ක්‍රමය අනුව නාලය අවහිර කිරිමක් කිරිමෙන් පිරිමි පුද්ගලයෙකු වඳ භාවයට පත්කළ හැකි බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    එසේ නොමැතිව පිරිමි පුද්ගලයෙකු පෙත්තක් භාවිත කිරිමෙන් වඳ භාවයට පත් කළ නොහැකි බවයි ඔහු තවදුරටක් කියා සිටියේ.

  • ගෝඨා බල තන්හාවෙන් කොටි භීතියක් මවන්න ගිය බස් ගින්නේ ඇත්ත හෙළිවෙයි!….

    ගෝඨා බල තන්හාවෙන් කොටි භීතියක් මවන්න ගිය බස් ගින්නේ ඇත්ත හෙළිවෙයි!….

    පසුගියදා (පෙබරවාරි 21දා ) දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබීය. ඒ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු විය.

    මෙම සිදුවීමේදී වත්මන් රජයේ අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ දේශපාලන බෙලහීනත්වය නිසාවෙන්ම ආණ්ඩුවට එරෙහි බලවේග මේ සඳහා වැරදි අර්ථකථන ලබාදෙමින් මෙය කොටි ප්‍රහාරයක් බවත්, යළි කොටි හිස ඔසවන බවටත් වූ ඉතා පහත් මෙන්ම අසත්‍ය ප්‍රචාර ගෙන යන ලදී.

    නමුත් මේ වන විට සිදුකර ඇති පරීක්ෂණ වලින් සහ එම සිදුවීම සිදුකළ මේජර්වරයාගේ පාපොච්චාරණයෙන් මෙහි සත්‍යය අනාවරණය වී ඇත.

    මෙම සැලැස්ම සිදුකළේ කවුරුන්ද? ඒ කුමන අරමුණකින්ද?

    යුධ හමුදා සහ නාවික හමුදා රණවිරුවන් පිරිසක්ද ගමන් ගත් බස් රථයක් තුල පසුගියදා සිදුවුන පිපිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුනා. අනතුරෙන් පසු අත් බෝම්බය රැගෙන ආ බවට සැක කල මේජර්වරයා බරපතල ලෙස තුවාල ලැබීම නිසා ඔහුගෙන් ප්‍රශ්න කිරීම අසාර්ථක වී තිබුනා.

    කෙසේ වෙතත් පසුගිය 28 වනදා සිද්ධියට සම්බන්ධයෙන් ඉතා දීර්ඝ ලෙස මේජර්වරයාගෙන් කල ප්‍රශ්න කිරීම් හමුවේ තොරතුරු රැසක් පොලීසිය ඉදිරියේ පාපෝච්චාරණය කර තිබුණා.

    අදාල මේජර්වරයා සිදුකල පාපෝච්චාරණයට අනුව ඔහු රුපියල් ලක්‍ෂ 20ක පමණ ණය බරකින් සිටීම නිසා ඇතිව තිබූ සිත්තැවුලක් හේතුවෙන් නිවෙසේ සඟවා තිබූ අත්බෝම්බය තමා රාජකාරිය කරන කහගොල්ල යුද හමුදා කඳවුරට රැගෙන විත් පුපුරුවා ගෙන සියදිවි හානිකර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

    මෙලෙස බෝම්බය බෑගයේ දමා කහගොල්ල හමුදා කඳවුරට රැගෙන එමින් සිටියදී බස් රියෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේ බසයෙන් බිමට වැටී බෝම්බය පුපුරා ගිය බවද මේජර්වරයා පාපෝච්චාරනය කර තිබනෙවා.

    එසේම මෙම බෝම්බය 2015 වසරේදී මුලතිව් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ.ය භාවිත කළ වාහන කිහිපයක් ගාල් කර තිබූ ස්ථානයක තිබී සොයා ගත් බවත්, පසුව බෝම්බය එම ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක සඟවා 2017 වසරේදී මාතලේ ඔහුගේ නිවෙසට රැගෙන ආ බවත් පොලීසිය ඉදිරියේ ඔහු කියා තිබෙනවා.

    නිවස ඉදිකිරීමට සහ වෑන් රථයක් ගැනීම සඳහා ඔහු විවිධ පුද්ගලයන් හට ණය වූ බවත් මේ වන විට රුපියල් ලක්‍ෂ 20ක පමණ මුදලක් එම පිරිස් වෙත ගෙවීමට ඇති බවත් ප්‍රකාශ කර ඇති ඔහු සියදිවි හානිකර ගැනීමෙන් පසු තමා එම ණය බරින් නිදහස් වන බවත්, ඔහුගේ වැටුපද සිය බිරියට ලැබෙන නිසා මෙම තීරණය ගත් බවත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙලිකර ඇති බව සඳහන්.

    තිදරු පියෙකු වන මේජර්වරයා මේ වන විට දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යටතේ ප්‍රතිකාර ලබමින් සිටින අතර බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සී.ඒ. ප්‍රේමශාන්ත,බණ්ඩාරවෙල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහගේ අධීක්‍ෂණය මත දියතලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක හරිත් හල්පිටගේ උපදෙස් හා මෙහෙයවීම මත ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

    කල දුටු කළ වල ඉසීමට ගත් ගෝඨා සහ සහචරයින්

    මෙහිදී අප මාතෲ භූමියට එරෙහි මෙම අසත්‍ය කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රචාරක කණ්ඩායම් බවට පත් වූ මිනීමරු කුප්‍රකට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් කඩේ යන ඔහුගේ සහචරයින් වීම කැපී පෙනුනි. නමුත් රටේ අවාසනාවට කොන්දක් ඇති පිරිමියෙක් එම විෂයභාර අමාත්‍යවරයා ලෙස නොසිටියාදෝ යන සැකය රටටත් ලෝකයාටත් ඉස්මතුව පෙනින.

    මේ සඳහා රාජපක්ෂ රෙජීමයේ සහ විශේෂයෙන්ම මිනීමරුවකු වීරයෙකු ලෙස පෙන්වමින් රජ සිහින දකින ගෝඨාගේ සහචරයින් සමාජ ජාල, ප්‍රවෘත්ති සාකච්ඡා, මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරමින් කොටි ත්‍රස්තවාදීන් යළි ඇතිකිරීම වෙනුවෙන් කඩේ යනු දක්නට ලැබින.

    යුද්ධය විකුණා කෝටිපතියෙකු වූ කාඩ්බෝඩ් වීරයාගේ රෙදි ගැලවී යන අයුරු

    මේ අතරින් මෑතකදී පොතක් ගසමින් කාඩ්බෝඩ් සෙන්පතියා බවට පත් වූ මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ ප්‍රකාශය සුවිශේෂීය. යුද්ධයේ මුල සිට අග දක්වා සිටියේ තමා බවත්, ප්‍රභාකරන් මරණ සටනේ නන්දිකඩාල් තරණය කළ කෙනා තමා බවත් කෙබර ගසමින් යුද්ධය අලෙවි කොට දෙස්-විදෙස් ශ්‍රී ලාංකිකයින් ගොනාට ඇන්දවූ මෙම කමල් ගුණරත්න මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, “යුද භූමියේ සිටි හමුදා නායකයෙකු වශයෙන් ලත් අත්දැකීම් අනුව අත්බෝම්බයක් පුපුරා යෑමෙන් ඩීසල් බස් රථයක් ගිනි ගන්නවා යන්න තමන්ට සිතා ගැනීමට නොහැකි සිද්ධියක් බව”යි.

    මෙයින් යුද්ධ පෙරමුණේ නායකත්වය දුන්නා කියා රටේ ජනතාවට යුද්ධය විකුණා කෝටි ගණනක් උපයා ගත් කමල් ගුණරත්නගේ යුද දැනුමේ තරම මැනවින් අවබෝධ කරගත හැක.

    එසේම අපට මෙයින් යළි සුපැහැදිලි වන එක් දෙයක් ඇත. එනම් ගෝඨාභය සහ ඔහු වටා වීරයින් සේ එක් රැස් වී බලය වෙනුවෙන් පොරකන අයවලුන්ගේ සැබෑ තත්වය සහ ඔවුන්ගේ යුද දැනුමේ ප්‍රමාණයයි. මොවුන් මේ යුද්ධ සහ කොටි මවමින් රජ වීමට සිහින දකින්නේ කුමක් සඳහා දැයි පැහැදිලිය.

    නිවටයින් සේ නොසිට ක්‍රියාත්මක විය යුතු ආණ්ඩුවක අවශ්‍යතාවය

    අපට ජනතාව හමුවේ අවධාරණය කළ යුතු දෙයක් ඇත. එනම් මෙලෙස විවිධ සෙප්පඩයින්ට තම දේශපාලන න්‍යාය පත්‍රවෙනුවෙන් රටේ ජාතික ආරක්ෂාව සමච්චලයට ලක්කරමින් පදනම් විරහිත ප්‍රචාර ගෙන යෑමට හැකියාව ලැබී ඇත්තේත්, නීතිය ක්‍රියාත්මක නොවී ඔවුන් නිදහසේ සැරිරෙන්නේත් මේ ආණ්ඩුවේ කොන්දක් නිවට කම නිසාවෙන් බවද කිව යුතුය.

    “නීතිය හා සාමය” විෂය භාර අමාත්‍යවරයාට මේ පිළිබඳව සොයා බලා මෙවැනි සිදුවීමකදී ජාතික ආරක්ෂාව අනතුරේ හෙලන අයවලුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් එය ක්‍රියාත්මක කිරීමේ බලය සහ වගකීම රට වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් භාරගත යුතුය.

  • අපේ එවුන් අම්පාරේ වද පෙති හොයද්දි ගෙදර කොල්ලා වද කරන බජාර් එකේ ඇපල් ගැන ඔබ දන්නවාද?

    අපේ එවුන් අම්පාරේ වද පෙති හොයද්දි ගෙදර කොල්ලා වද කරන බජාර් එකේ ඇපල් ගැන ඔබ දන්නවාද?

    වඳ පෙති, මත් පෙති, හෙරොයින් කේ ජී, අරක්කු එකී නොකී දේවල් අතර සිංහල තරුණ පරපුරේ අළුත්ම මාරයා “Tramadol Hydrochloride” නොහොත් බජාර් එකේ හැමෝම කටින් කට කතා කරන “ඇපල්” එම අති භයානක වඳ පෙත්ත වේ.

    මේ වන විට ශ්‍රීලංකාවේ පොඩි කොල්ලො (වයස අවු:16,17,18,19,20,21,22,23) අතර ශීඝ්‍රයෙන් පැතිරී යන එහෙත් කවුරුත් නොදන්නා “අන්තරායකාරී මත්ද්‍රව්‍යයක්” ලෙස ඇපල් හැඳින්වූවාට වරදක් නැත.

    මත් කරන(Narcotic-like) ඖෂධයක් ලෙස වර්ගීකරනය කර ඇති “ඇපල්” වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන්නේ අධික වේදනා නාශකයක්(severe painkiller) ලෙසටය.

    උදාහරණයක් ලෙස යුද්ධයේදී බෝම්බයකට හසුවී ශරීරයේ ඉනෙන් පහල කොටස වෙන්වූ සොල්දාදුවෙක්ගේ අධික වේදනාව නැසීම සඳහා Tramadol නිර්දේශිත මාත්‍රාවක් කඩිනමින් ලබාදෙනු ලබයි.

    එය ලබා ගැනීමෙන් සුලු වේලාවකට පසු තුවාලයට පත් සොල්දාදුවාගේ ශරීර අභ්‍යන්තරයේ Tramadol ක්‍රියාත්මක වී ඔහුගේ මුලු ශරීරයම ක්ශනික හිරි වැට්ටවීමකට පත් කරයි.

    එකී හිරි වැටීම හේතුවෙන් ඔහුට තම ශරීරයේ ඇති අධික වේදනාව නොදැනී යයි.

    “අඩෝ ඇපලක් නැද්ද?”
    “මං ඇපල් එකහමාරක් දාල ඉන්නේ…ඊයෙ මං ඇපල් 3ක් දැම්ම නිසා අද එකහමාරට වදින්නෙත් නෑ බන්”

    “අඩෝ අරූට මොකද වෙලා තියෙන්නෙ ඇස් හීනිවෙලා බෙල්ල පාත් වෙලා? –ඌ ඇපල් 5ක් දාලා ඉන්නේ බන් ඒකයි ඔය!” 

    “අඩෝ ඇපලක් දාන්නම ඕනෙ බන් නැත්තම් අද රෑට මට නින්ද යන්නෑ..මං නෙ දන්නේ ඒකෙ වේදනාවා..ඒ කොහෙන් හරි එක ඇපලක් හරි හොයාගෙන දාන්න ඕනෙ බන්..”

    “අඩෝ ඇපල් දාලා ඉන්නේ ඕන එකෙක් මරන්න පුලුවන් මටනම් දැන් කිසිම දෙයක් දැනෙන්නෙ නෑ..” 

    “අඩෝ හයියෙන් ටිකක් කොනිත්තපන්කෝ මාවා…….අඩෝ දැන්නෙන් නෑ බන් හී හී හී..”

    “මේ කේජී පාරක් නම් ඕනෙමයි ඇපල් වදින්නෑ නැත්තම්”

    “මේ ඇපල් පැක් එකක්ම පහකට ගන්න පුලුවන් ලු බන් සල්ලි දාල ගමුද?” 

    “අඩෝ 75න් නම් වදින්නෑ බන් 150න් නැද්ද?” 

    “අඩෝ කබරය යන්න වගේ එනවා…”

    එසේනම් මොහොතක් සිතන්න ඉහෙන් බහින ලෙඩක් නැති,හොඳට කන්න බොන්න දීලා හදපු සිංහල අම්මල තාත්තලගේ බොදු හෙළ පුත්‍රයෝ “ඇපල්” පෙති දහය දොලහ අහුරු පිටින් කටේ දමාගෙන ලබාගන්නා හිරිවැටීම කෙබඳු එකක් විය හැකිද?

    එය මුලුමහත් ජාතියම හිරිවැට්ටවීමට තරම් භයානකය.

    කෙතරම් භයානකද කිවහොත් පවතින තත්වය යටතේ සිංහල බෞද්ධ පොඩි පොඩි කොල්ලො දහයක් වටින් පිටින් අහුලගත්තොත් එතනින් අඩුම තුන් හතර දෙනෙක්ම “ඇපල්” අධි මාත්‍රාවෙන්(overdose) පාවිච්චි කරන උන්‍ ය.

    එයිනුත් දෙදෙනෙකු හෝ “ඇපල්” වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇත.මේවා නිල සංඛ්‍යාලේඛන නොවන මුත් නිරීක්ශණයෙන් ලද මා හට පුද්ගල සාක්ශි ඇතුව ඔප්පු කළ හැකි තොරතුරුය.

    යම් කිසි පිළිගත් ආයතනයක් මගින් මේවා ගැන නියමානූකූලව සමීක්ශනයක් කළ බැලුවහොත් එයින් ලැබෙන සංඛ්‍යා,ප්‍රස්තාර දැකීමෙන් තුන් හෙළයේ අම්මාවරුන්ට අප්පච්චිලාට ඔටෝමැටිකලි ‘හික්!’ ගෑවෙනු ඇත. “ඇපල්” කේස් එක ඒ තරමටම ටෙරිබල් ය.

    ලංකාවේ ඕනෑම පාමසියකින් හොර බෙහෙත් චිට්(cheat prescription) එකකට කුඩා ළමයෙකුට වුවද මිලදී ගත හැකි මුලු මහත් ජාතිය නොව සම්පූර්ණ ශිශ්ඨාචාරයම සදාකාලිකවම “වඳ” භාවයට පත් කල හැකි Tramadol X , Pregablin,Vallium Diazepalm,Coezipalm,Sudol වැනි නිහඬ “වඳ පෙති” වලින් රටේ අහිංසක පොඩි කොල්ලො ටික ගලවගන්න උත්සහයක නිරත වුවහොත් රටත් ජාතියත් සමයත් තව සියවස් ගණනාවකට රැකගත හැකිය.

    නැතිනම ඔබටත් මටත් සැමදෙනාටම සිදුවන්නේ නිර්වින්දනය වූ සමාජයක සදාකාලික නින්දකට යාමටය 

  • දෙවෙනි ඉනිමේ පුංචි කෙල්ල දෙව්මි කොල්ලෙක්ට ලියුමක් දෙන්න ගිහින් මාට්ටු වෙලා…

    දෙවෙනි ඉනිමේ පුංචි කෙල්ල දෙව්මි කොල්ලෙක්ට ලියුමක් දෙන්න ගිහින් මාට්ටු වෙලා…

    දෙවෙනි ඉණිමේ දෙව්මි ලෙස ඉමහත් ජනප්‍රසාදයට පත්වූ ඇය කාගේත් ආදරය දිනා ගත්ත දක්ෂ රංගන ශිල්පිණියක්.

    ඇය විසින් ජනප්‍රිය රංගන ශිල්පියෙකුට ලියූ ‍පෙම් හසුනක් ගැන සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක් වෙනවා.

    නමුත් මේ ඇගේ සැබෑ ජීවිතයේ සිදු වූ දෙයක් නම් නෙමෙයි. මේ සිදු වීම සිදුවෙන්නේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ජවනිකාවක් තුළයි.

    කෙහොම වුණත් මේ සිදු වීම් එක්ක නයනතාරාව සහ අවන්තගේ චරිතයට පණ පොවන ජනප්‍රිය නළු කේෂාන් ශෂීන්ද්‍රව බොහෝ දෙනා හඳුන්වන්නේ මේ දිනවල පුංච තිරයේ සිටින ආදරණීයම යුවළ ලෙසයි..

    එහි ඡායාරූප පහතින්…