Tag: featured

  • ප්‍රකෝටිපති ධම්මික ලංකාවට ගෙන්වූ ලොව මිල අධිකම වාහනයේ තොරතුරු මෙන්න.

    ප්‍රකෝටිපති ධම්මික ලංකාවට ගෙන්වූ ලොව මිල අධිකම වාහනයේ තොරතුරු මෙන්න.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන තිබූ Bentley Mulsanne Hallmark මෝටර් රථය මේ වන විට මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 160 ක් හෙවත් රුපියල් කෝටි 16 ක් පමණ වන බව වැඩිදුරටත් සඳහන් වේ.

    මේ බව අනාවරණය කරමින් අද (15) දින Daily FT පුවත් පත කියා සිටින්නේ ධම්මික පෙරේරා විසින් මිල දී ගනු ලැබූ Blue සහ Porcelain White වර්ණයන්ගෙන් යුතු Bentley Mulsanne Hallmark මෝටර් රථය ඊයේ (14) දිනයේ දී ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

    Bentley Mulsanne Hallmark රථ මුළු ලොවටම නිෂ්පාදනය කර ඇත්තේ ඒකක 50 ක් වන අතර ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇත්තේ එම පෙළේ අවසාන වශයෙන් නිෂ්පාදිත මෝටර් රථයයි.

    මේ අනුව දකුණු ආසියාව, අග්නිදිග ආසියානු කලාපය හා මැදපෙරදිග කලාපයටම Bentley Mulsanne Hallmark මෝටර් රථයක හිමිකාරීත්වය දරනු ලබන එකම පුද්ගලයා බවට ධම්මික පෙරේරා පත් වී තිබේ.

    එංගලන්තයේ H. J. Mulliner & Co සමාගම විසින් Bentley Mulsanne Hallmark නිෂ්පාදනය කරනු ලබයි. එහි නිමාව සම්පූර්ණයෙන්ම මිනිස් අතින් (handcrafted cars) සිදුකරනු ලබන නිෂ්පාදනයක් වේ.

    Mulsanne Hallmark කාණ්ඩය, ඒකක 50 කට පමණක් සිමා කර ඇති අතර එහි අවසාන වශයෙන් නිෂ්පාදනය කරනු ලැබූ මෝටර් රථය මෙලෙස ධම්මිකගේ හිමිකාරීත්වයට පත්වී තිබේ.

    Bentley Mulsanne Hallmark මෝටර් රථයක ආරම්භක මිල ස්ටර්ලිං පවුම් 390,000 ක් පමණ වේ. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 84 කි. එසේම ශ්‍රී ලංකා රේගුවේ තොරතුරුවලට අනුව මේ සඳහා ගෙවන ලද තීරු බද්ද රුපියල් මිලියන 76 කි.

     

     

  • දක්ෂිණ අධිවේගී මාර්ගයේ තී‍්‍රරෝද රථයක්.. වෙච්ච දේ මෙන්න…

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ තී‍්‍රරෝද රථයක්.. වෙච්ච දේ මෙන්න…

    දක්ෂිණ අධිවේගී මාර්ගයට අතුරුගිරිය පිවිසුමෙන් ඇතුල් වී කොට්ටාව දෙසට ධාවනය කළ  තී‍්‍රරෝද රථයක්  කොට්ටාව පිවිසුම ආසන්නයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය පවසයි.
     
    මෙම තී‍්‍රරෝද රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් මාර්ගයට ඇතුළු කිරීමට පැමිණීමේදී එහි සිටි ආරක්ෂක නිලදාරීන් ඊට විරෝධය පා නැවත හරවා යන ලෙස පවසා තී‍්‍ර රෝද රථය හරවා ගැනීම සඳහා ආරක්ෂක කඩුල්ල විවෘත කල අවස්ථාවේදී මෙම තී‍්‍ර රෝද රථය දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කර කොට්ටාව දෙසට ධාවනය කර ඇති බවද එම පොලිස් ඒකකය පවසයි.
     
    පසුව දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන අංශයේ නිලධාරීන් වහා කී‍්‍රයාත්මක වී තී‍්‍ර රෝද රථය ලූහු බැඳ ගොස් කොට්ටාව පිවිසුමට ආසන්නයේදී තී‍්‍ර රෝද රථය නවත්වා අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද පොලිසිය කියයි.
     
    දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගත් මෙම තී‍්‍ර රෝද රථය සහ එහි රියදුරු හෝමාගම පොලිසියට භාර දී තිබේ.

  • ගාල්ලේ සති පොලක මත් කුඩු ජාවාරමක්

    ගාල්ලේ සති පොලක මත් කුඩු ජාවාරමක්

    ගාල්ල, තල්ගස්වල නගරයේ සතිපොළෙහි මත්කුඩු වෙළඳාමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු  (15) අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අලෙවි කිරීම සඳහා ගෙන ආ මත්කුඩු තොගයක් ද සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන්වන අතර ඔවුන් දීර්ඝ කාලයක් පුරා මත්කුඩු ජාවාරමෙහි නිරත වී ඇති බවට වාර්තා වේ.

  • තනිව ජීවත් වූ සිව් දරු මවකගේ මළ සිරුරක් මාස 03කට පසුව හමුවෙයි

    තනිව ජීවත් වූ සිව් දරු මවකගේ මළ සිරුරක් මාස 03කට පසුව හමුවෙයි

    නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් කිරිවන්එළිය ග්‍රාමයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක ඇට කොටස් හා හිස හමු වී ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය පවසයි.

    එසේ සොයාගෙන ඇත්තේ, එම ගෙහිමි කාන්තාව වන 79 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ කුසුමාවතී නැමති සිව් දරු මවකි.

    එම කාන්තාව හුදෙකලා නිවසක තනිවම පදිංචිව සිට ඇති අතර මාස 03ක පමණ කාලයකින් වැඩිහිටි දීමනාව ලබා ගැනීම සඳහා නොපැමිණි නිසා අසල්වාසී ඥාතීන් පිරිසක් විසින් (14) පස්වරුවේ ඇය පදිංචිව සිටි නිවසට ගොස් සොයාබලා තිබේ.

    එහි දී නිවස තුළ ඇඳ අසල තිබී ඇගේ ශරීරයේ ඇටකටු හා හිස දක්නට ලැබුණ බවට නෝටන්බ්‍රිජ් පොලීසියට පැමිණිළි කර තිබේ.

    මෙම කාන්තාවගේ දරුවන් සිව් දෙනාගෙන් වැඩිහිටි පුත්‍රයා හා ස්වාමියා වසර කීපයකට පෙර මිය ගොස් ඇති අතර අනෙක් දරුවන් ඈත ප්‍රදේශවල පදිංචි ව සිටී.

    ඇය වැඩිහිටි දීමණාව ලබා ගනිමින් තනිවම නිවසේ ජීවත් වෙමින් සිටි බව අසල්වාසීන් පවසයී.

    මෙම මරණය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය හැටන් මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබේ.

  • ජනපති කැදවා තිබු මාධ්‍ය ප්‍රධානි හමුව අවලංගු කරයි…

    ජනපති කැදවා තිබු මාධ්‍ය ප්‍රධානි හමුව අවලංගු කරයි…

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හෙට (16) උදේ කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව හදිසියේ අවලංගු කර ඇතැයි වාර්තාවේ.
     
    ජානාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් හෙට උදේ 8.00ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන බැවින් ඊට සහභාගි වන්නයි ජනාධිපති කාර්යාලය මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව ආරාධනා කර තිබිණි.

  • ආණ්ඩුවට මොකද වෙන්නේ?  ජනපති මෛත්‍රීගෙන් අද විශේෂ ප්‍රකාශයක්..

    ආණ්ඩුවට මොකද වෙන්නේ? ජනපති මෛත්‍රීගෙන් අද විශේෂ ප්‍රකාශයක්..

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා  අද (16) විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

    ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයේ දී අග‍්‍රාමාත්‍ය ධුරය, වත්මන් දේශපාලන තත්වය සහ ජාතික ආණ්ඩුවේ ඉදිරිය පිළිබඳ කරුණු පැහැදිලි කරනු ඇති බවයි පැවසෙන්නේ. ජනාධිපතිවරයා සහ මාධ්‍ය ප‍්‍රධානීන් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබූණද පසුව එය අවලංගු කෙරුණා.

     

  • එජාපය පසුබහිද්දී තනි ශ්‍රීලංකා ආණ්ඩුවක් කරලියට… සටන තවමත් ක්‍රියාත්මකයි…

    එජාපය පසුබහිද්දී තනි ශ්‍රීලංකා ආණ්ඩුවක් කරලියට… සටන තවමත් ක්‍රියාත්මකයි…

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පවසන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තනි ආණ්ඩුවක උත්සහ තවමත් අත්හැර නොමැති බවයි. විජිත් විජයමුණි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා සහ මහින්ද අමරවීර ඒ බව පැවසුවා.

     

  • ‘විශිෂ්ටතම පුද්ගලයා ඔහුයි‘ – සාගල අත්හල නීතිය හා සාමය සරත් ෆොන්සේකාට…

    ‘විශිෂ්ටතම පුද්ගලයා ඔහුයි‘ – සාගල අත්හල නීතිය හා සාමය සරත් ෆොන්සේකාට…

    නීතිය හා සාමය අමාත්‍යාංශය පවරා දිය හැකි විශිෂ්ටතම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වන බවට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පෙන්වා දෙති.

    මරදාන පිහිටි සී.එස්.ආර්. ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකට අද (15දා) පස්වරුවේ එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ පෙර පරිදි සුදුවෑන් පිටත් නොකළද, වත්මන් ආණ්ඩුව යටතේ හොරු ඇල්ලීමේ කටයුතු මෙහෙයවන ප්‍රධානීන්ට එරෙහිව මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් මුදල් යොදවා කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බවයි.

    ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ කළ නොහැකි දේ පවා අනුගමනය කරමින් රට තුළ මහජන ශික්ෂණය ස්ථාපිත කිරීමට ශක්තිමත්, නිර්භය නායකත්වයක් අවශ්‍යව ඇති බවත්, එම තනතුර සඳහා වඩාත් යෝග්‍යතම පුද්ගලයා සරත් ෆොන්සේකා මහතා වන බවත් අමිල හිමියෝ එහිදී පෙන්වා දුන්හ

  • 20 20න් බංගලියන් පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

    20 20න් බංගලියන් පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

    ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරග දෙකකින් යුත් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා. ඒ පන්දුවාර 16යි පන්දු 4කදී විකට් 6ක් අතැතිවය.

    මෙරට විස්සයි 20 තරඟ ඉතිහාසයේ වැඩිම ලකුණු ගණන හඹා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

    ඒ බංගලාදේශ කණ්ඩායම සමගින් අද පැවති පළමු විස්සයි 20 තරඟයේදියි.

    මෙම තරඟයේ කාසිය වාසිය දිනා ගත් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ  කඩුලු 5ක් දැවී ලකුනු 193ක් රැස් කළා.

    ඒ බංගලාද්ශ කණ්ඩායමක් විස්සයි 20 තරඟයක වාර්තා කළ වැඩිම ළකුණු ගණනයි.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.4 කදී එම ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

    සාර්ථක පිතිකරණය නියැලුනු කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ධනුෂ්ක ගුණතිලක,තිසර පෙරේරා, සහ දසුන් ශානකද පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වුණා.

    තරඟයේ වීරයා සම්මානය හිමිවූයේ කුසල් මෙන්ඩිස් හටයි.

     

  • තීරණාත්මක සටන හෙට.. අවසාන මොහොතේ අගමැති පුටුවට නම් හතරක්…

    තීරණාත්මක සටන හෙට.. අවසාන මොහොතේ අගමැති පුටුවට නම් හතරක්…

    අග‍්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අද (15) පැවති දේශපාලන සාකච්ඡා කිහිපයකදීම අවධානය යොමුව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමේ දී තීරණය කර ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් අග‍්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටිය යුතු බවයි. ඊට සහභාගී වූ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ද අවධාරණය කර ඇත්තේ ජාතික ආණ්ඩුව තවදුරටත් පැවතිය යුතු බවත් අග‍්‍රාමාත්‍ය ධුරයේ රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කළ යුතු බවත්ය.

    කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ තවත් අමාත්‍යවරුන් කණ්ඩායමක් අද දිනයේ රහස් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. එහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ කථානායක කරූ ජයසූරිය මහතා හෝ රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කළ හැකිද යන්න පිළිබඳවයි. 

    එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයකගේ කැමැත්ත වී ඇත්තේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමටයි. 

    කෙසේ වෙතත් අග‍්‍රාමාත්‍ය ධුරය සහ වත්මත් ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද යන්න පිළිබඳ අවසන් තීන්දුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (16) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග පැවැත්වෙන හමුවේ දී ප‍්‍රකාශ කරනු ඇති බවයි වාර්තා වන්නේ.  

  • බබ්බු වගේ මළ සමයං නටන්න එන්න එපා! ඥාණසාර හිමි පොහොට්ටුවට අනතුරු අගවයි…

    බබ්බු වගේ මළ සමයං නටන්න එන්න එපා! ඥාණසාර හිමි පොහොට්ටුවට අනතුරු අගවයි…

    පැවති පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව ජයග්‍රහණය කිරීම පිලිබදව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඒ අද (15) රාජගිරිය බොදු බල සේනා ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වුයේ මෙසේය..

    මහින්ද රාජපක්ෂ මහතා ගොඩනගා ඇති සමාජ ප්‍රාග්ධනය මත මෙම ජයග්‍රහණය ලැබූ බවත් ඒ පිලිබදව කිසිවකුත් උඩපනින්න දගලන්න අවශ්‍ය නොවන බවත් ජී.එල් පීරිස් මහතා පැකේජය පෙඩරල් විවස්ථාව ගෙන එන අවදියේදී සිටියේ කොතනද යන්න දන්නා බවත්, ඒ ගැන දුක් වීමක් නැති බවත් අද හරි තැන හිටගෙන සිටීම පිලිබදව සතුටු වෙන බවත් ඥානසාර හිමි පැවසුවා.

    නමුත් එතුමාගේ ලිපි ශිර්ෂ යටතේ ව්‍යාජ පුවතක් පදනම් කරගෙන නිකුත් කර ඇති නිවේදනය වැරදි මෙන්ම බොදු බල සේනා සංවිධානය කිසිදු දේශපාලන පක්ෂයකට සහයෝගය නොදැක්වූ බවත් “මුස්ලිම් ජනතාව මුලා කිරීමට තවත් උත්සහයක්” ලෙස ඉදිරිපත් කර ඇති මාධ්‍ය නිවේදනය පදනම් විරහිත බවත් උන් වහන්සේ පැවසීය.

    මේ වෙලාවේදී කා සමගවත් ගැටුමකට නොයන බව පැවසු උන්වහන්සේ රට ඉතා භයානක තත්වයක මේ වන විට පවතින බව පැවසුවා. මන්ත්‍රීවරු කුණු මාළු මෙන් ලංසුවලට විකිණෙමින් පවතින බවත් බොරු පුවත් අන්තර්ජාල මාධ්‍ය තුල පලකරන්නන්ට විරුද්දව පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කර සිටියා.

    “මුස්ලිම් ජනතාව මුලා කිරීමට තවත් උත්සහයක්” යන ශීර්ෂය යටතේ නිකුත් කර ඇති නිවේදනය අසත්‍ය කරුණු මත පදනම් වුවක් බවත් හිතාගතවත් නොහැකි බොරු එම ප්‍රකාශයේ ඇති බවත්  පැවසූ ඥානසාර හිමි පසුගිය කාලයේ ඇතිවූ ගැටුම් පිලිබදව පොදුවේ සෙවීමට කොමිසමක් පත් කළයුතු බව දිගින් දිගටම බොදු බල සේනා සංවිධානය ඉල්ලීම් කළ බවත් පැවසීය.

    ජි එල් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ හතර පස් දෙනෙක් බොදු බල සේනා සංවිධානය විනාශ කරන්න ඕනෑ යැයි සිතන බව පැවසු උන්වහන්සේ නින්දෙන් ඇහැරුණු බබ්බු මෙන් ලැබුණු මැතිවරණ ප්‍රතිපලයෙන් ඔලුව උදුම්මවා මළ සමයං නැටීමට එන්න එපායැයි උන්වහන්සේ එහිදී පැවසුවා. මුස්ලිම් ප්‍රශ්නය පිලිබදව අපට චෝදනා කිරීමට පෙර කන්නාඩියක් ඉදිරයට ගොස් ඇඳුම් උනා දමා සියල්ල තිබෙනවාදැයි බලන්න කියලා අපි ජී ඇල්ට  කියනවා යැයි පැවසීය.

    ඉන්න කාලෙත් විසඳුමක් නොදී සිට තමන්ගේ දේශපාලන බලය හසුරුවා ගැනීමට ජාතික වැඩපිළිවෙලක නියැලෙන බොදු බල සේනාව පාපන්දුවක් කර නොගෙන මුස්ලිම් ඡන්ද ලබාගැනීමට අවශ්‍යනම් කළයුත්තේ  මුස්ලිම් ගැටලුව පිලිබදව ඒකාබද්ධ විපක්ෂයේ මතය කුමක්දැයි පැහැදිලි කිරීම බව උන්වහන්සේ පැවසීය.

    දිනක් තුළ ඇප තුනක් ලබා ගත්තේ තමන් වහන්සේ වැරද්දක් නොකළ නිසා බව පැවසූ උන්වහන්සේ බුද්ධි අංශ පවා එය  සනාථ කළ බවත් තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ලංකාවේ ඉහලම නිතිඥ මහතුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ  මුලීක අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවත් එය විභාගයට ගැනීමට දිනක් තිබියදී තමන් වහන්සේට ඇප ලැබුණු බවත් ජී එල්ට ඒ පිලිබදව ඇති අමාරුව කුමක්දැයි ප්‍රශ්න කර සිටි ඥානසාර හිමි “මොකද්ද මේ මිනිසුන්ගේ කුපාඩි දේශපාලනය” යැයි විමසුවා.

  • මුළු කොළඹම උණුසුම්…  මෝදර වෙඩි තැබීමකින් කතක් රෝහලට

    මුළු කොළඹම උණුසුම්… මෝදර වෙඩි තැබීමකින් කතක් රෝහලට

    කොළඹ මෝදර ලෙල්ලම වැල්ල ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

  • මහින්ද රනිල් ගිවිසුම රාජිතගේ කටින් පැනලා – අද වෙච්ච දේ මෙන්න..

    මහින්ද රනිල් ගිවිසුම රාජිතගේ කටින් පැනලා – අද වෙච්ච දේ මෙන්න..

    වත්මන් අගමැතිවරයා ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර තිබෙන ගජමිතුරු දේශපාලනය සහ ඩීල් ගැසීම දෙස්-විදෙස් සියලු දේශපාලඥයින් සහ ජනතාව අතර ප්‍රසිද්ධ රහසකි.

    අද එය සාක්ෂි සහිතව දොස්තර රාජිත සේනාරත්නගේ කටින්ම සියලු මාධ්‍ය වෙත අනාවරණය විය.

    අගමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පවසා ඇතැයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසා ඇති අතර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එජාපය යම් ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන බවද අගමැතිධුරයෙහි වෙනසක් අවශ්‍ය නොවන බවද රාජපක්ෂ මහතා අගමැතිවරයාට පවසා ඇතැයි ද සදහන්. 

    කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව ප්‍රකාශ කළේ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

  • සෝභිත හිමි නාමයෙන් අගමැතිකම භාරගන්නැයි කරු ජයසුරියට සිවුදෙසින් බලපෑම්

    සෝභිත හිමි නාමයෙන් අගමැතිකම භාරගන්නැයි කරු ජයසුරියට සිවුදෙසින් බලපෑම්

    පවතින දේශපාලන තත්වය හමුවේ පුජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ නාමයෙන් අගමැති කම භාරගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු සහ කෘතහස්ත දේශපාලනඥයෙකු වන කරු ජයසුරිය මහතාට මේ වන විට දසතින් බලපෑම් එල්ල වෙමින් පවතින බවට වාර්තාවේ.

    රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස තබාගනිමින් මෙම යහපාලන ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බව ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට නිලවශයෙන් දැනුම් දීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතාට එම තනතුරෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා දැනුම් දෙන ලදී.

    එහෙත් දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉල්ලා අස්නොවී බලහත්කාරයෙන් අගමැතිධුරයේ රැඳී සිටීම හේතුවෙන් මේ වන විට රටේ අස්ථාවර තත්වයක් මෙන්ම එජාපයෙන් ආණ්ඩු බලය ගිලිහී යෑමටද ආසන්න තත්වයක පවතී. මේ හේතුවෙන් මෙම දේශපාලන අර්බුදය සමනය කොට යහපාලන ආණ්ඩුව දිගටම පත්වාගෙන යෑම සඳහා කරු ජයසුරිය මහතාට වහාම අගමැතිධුරය ලබාදිය යුතු බවට එජාපයට සහ රනිල් වික්‍රමසිංහ මහතාට දසතින් බලපෑම් එල්ලවෙමින් තිබෙන බවට වාර්තාවේ.

    මෙම දේශපාලන අර්බුදය නිමාකිරීමටත්, වත්මන් යහපාලන ආණ්ඩුව පවත්ගෙන යෑමටත්, එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය තබාගැනීමටත් ඇති එකම විසඳුම මෙය බව දේශපාලන විචාරකයෝ මේ වන විට අදහස් පළකරමින් කියති.

  • බලය පිහිටුවීමට වෙනත් පක්ෂ සමග එක්වෙන්නේ නෑ – අනුර කුමාරගෙන් ප්‍රකාශයක්..

    බලය පිහිටුවීමට වෙනත් පක්ෂ සමග එක්වෙන්නේ නෑ – අනුර කුමාරගෙන් ප්‍රකාශයක්..

    ජවිපෙට ඡන්දේ දුන් ජනතාවගේ අභිලාෂයන්ට පිටුපා වෙනත් පක්ෂ සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිමට හෝ ආණ්ඩු පිහිටුවිමට හෝ කිසිවිට කටයුතු කරන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    දිසානායක මහතා මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි  අද (15) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

    තවදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද පැවසීය.
    “අපේ ඡන්ද ප‍්‍රමාණය මහමැතිවරණයට සාපේක්ෂව ලක්ෂ දෙකකට ආසන්න ප‍්‍රමාණයකින් වැඩිවි තිබෙනවා. අපට ඡන්දය දුන් සියලූ දෙනාගේ අරමුණ පවතින සමාජ ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහි ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට නැංවීමයි. ඒ වගේම මේ ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම ප‍්‍රතික්ෂේප කරන පිරිසක් තමයි අපිට ඡන්දය ලබාදුන්නේ. එසේ තිබියදී අපිට වෙනත් පක්ෂයක් සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අයිතියක් නැහැ. අපි පළාත් පාලන ආයතන තුලදීත් ඉන් පිටතදිත් අපිට ඡුන්දය දුන් ජනතාවට කිසිදා කණගාටුවන්නට කාරණා ඉතිරි නොවන පරිදි සැබෑ මහරජන සේවකයන්ගේ කාර්යභාරය ඉටු කරනවා.

    ඒ වගේම දැන් ඇතැමුන් මේ වෙලාවේ ආණ්ඩුබලය හුවමාරු කරන්න කතා කරනවා. දැන් වෙන්න පුළුවන් කාරණා තුනයි තියෙන්නේ. එක්කෝ මහින්ද රාජපක්ෂ කණ්ඩායම සමග එක්ව මෛත‍්‍රීපාල කණ්ඩායම ආණ්ඩුවක් හදන්න  ඕන. නැත්නම් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම වෙනම ආණ්ඩුවක් හදන්න  ඕන. එහෙමත් නැත්නම් තිබුණ ආණ්ඩුවම කැබිනට් සංශෝධනයක් කරලා පවත්වාගෙන යන්න  ඕන. වඩාත් වැඩි ඉඩකඩක් තිබෙන්නේ තුන්වෙනි ආකාරයයි. මේ කොයි ආකාරයේ ආණ්ඩුවක් හැදුවත් රටේ ජනතාවට සිදුවන සුගතියක් නැහැ. මොකද දැන් මේ කවුරු බලය පවත්වාගෙන ගියත් 2015 වෙනස කළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකරන්න ඔවුන්ට පුලූවන්කමක් නැහැ. ඒ අභිලාෂයන් ඉටුකළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. ඒ වෙනුවෙන් වූ ජනතා ව්‍යාපාරයක් අපි ඉදිරියේදී ගොඩනගනවා. “

  • අවසාන වශයෙන් රනිල්ට ඉතිරිව ඇති විකල්ප දෙක මෙන්න!

    අවසාන වශයෙන් රනිල්ට ඉතිරිව ඇති විකල්ප දෙක මෙන්න!

    පවතින දේශපාලන තත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතාට විකල්ප දෙකක් පමණක් ඉතිරි ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

    ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රනිල් වික්‍රමසිංහ මහත්මයෙකු ලෙස ගෞරවාන්විතව අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් වී ගිය හොත් ඔහුට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන චෝදනා වලින් යම් සහනයක් ලබාගත හැකිවනු ඇති අතර එසේ නොවුන හොත් රනිල්ට තම අගමැතිකම, පක්ෂ නායකත්වය සහ ප්‍රතිරූපය යන දෙකම ජීවිතයෙන් අහිමී වී යනු ඇත.

    වැඩිදුරටත් දේශපාලන විචාරකයින් පවසන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා ගෞරවාන්විතව ගෙදර යනවාද? එසේ නොමැති නම් එජාප ආණ්ඩුවත්, පක්ෂයත් ඉවර කොට නම් හිරේ යනවාද..? යන්න ඔහු විසින්ම තීරණය කළ යුතුව ඇති තීරණාත්මක මොහොතක් වනු ඇති බවයි.