Tag: featured

  • ඉදිරි පැය 24 තුල එජාපයෙන් 15ක් සන්ධානයට – මුතුහෙට්ටිගම සියල්ල හෙලිකරයි..

    ඉදිරි පැය 24 තුල එජාපයෙන් 15ක් සන්ධානයට – මුතුහෙට්ටිගම සියල්ල හෙලිකරයි..

    එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සැදීම සඳහා තමන්ට එකතු වන බවත් ඉදිරි පැය 24 තුළ සාර්ථක මෙහෙයුමක් කිරීමට බලාපොරොත්තු වන බවත් වරාය සහ නාවික කටයුතු නියෝජ්ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

    ගාල්ලේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.

    “ඉදිරි පැය විසි හතර තුළ සාර්ථක මෙහෙයුමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් හදන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් අපට එකතු වෙනවා. අපට මුක්කුවක් ගහන්න කට්ටිය ඉන්නවා. ඒ නිසා අපි එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදනවා.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අපට කිව්වේ යූඑන්පියෙන් ඉවත් වෙලා එන්න අපි එකතු වෙන්න සුදානම් කියලා.

    ජනබලය තියෙන්නෙ ඒකාබද්ධ විපක්ෂය ළග. අපි දෙගොල්ල එකතුවන එක අමුතු දෙයක් නෙවි. අපි එකම කණ්ඩායමක්. වසර දෙකහමාරක් වෙන් වෙලා සිටියා. ඊළග වසර දෙකහමාර සදහා මුදල් වරදාන ගනුදෙනු වරප්‍රසාද නැතිව අපි දෙගොල්ල එකට එකතු වෙලා කටයුතු කරන්න එකගතාවය පලවී තියෙනවා.ඒ නිසා අපි එක්සත් නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදනවා. එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් අපට එනවා. මම ඒ අයගේ නම් කියන්නේ නැහැ“යැයි  මුතුහෙට්ටිගම මහතා කිය.

  • අධිකරණ නියෝග කඩකල අන්තරේ ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි 28 දක්වා රිමාන්ඩ්..

    අධිකරණ නියෝග කඩකල අන්තරේ ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි 28 දක්වා රිමාන්ඩ්..

    අධිකරණ නියෝග නොකතා මහජනතාවට පීඩාවන පරිදි උද්ඝෝෂණයක නිරත වූයැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි මේ මස 28 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(15) නියෝග කළාය.

    වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ කොල්ලුපිටිය පොලිසිය කළ කරුණු දැක්වීම මත ඔවුන් රිමාන්ඩ් ගත කෙරිණි.

  • අගමැතිකම ගැන එජාපය – ශී‍්‍රලනිපය සහ පොහොට්ටුව තැන් තුනක සාකච්ඡා..

    අගමැතිකම ගැන එජාපය – ශී‍්‍රලනිපය සහ පොහොට්ටුව තැන් තුනක සාකච්ඡා..

    ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ තවත් රැස්වීමක් මේ වනවිට පැවැත්වෙනවා.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක්ද මේ වනවිට පැවැත්වෙනවා. 

    මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආසන සංවිධායකවරුන් ද අද කොළඹට කැඳවා තිබෙනවා. එ් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.

  • අසාර්ථක රනිල් නිසා තවත් දශක දෙකකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලිහී යන්න ආසන්නයි..

    අසාර්ථක රනිල් නිසා තවත් දශක දෙකකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලිහී යන්න ආසන්නයි..

    මෙරට දේශපාලනය තුල තවත් දශක දෙක-තුනක පමණ කාලයකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලි හී යාමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තාවේ.

    මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ ආණ්ඩුවක් වෙනුවෙන් සූදානමක් පවතින අතර එය යම් හෙයකින් සිදුවුවහොත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය අහිමි වී යන අතර එසේ වුවහොත් යළි එජාප ආණ්ඩුවක් සිහිනයක්ම පමණක් වන්නේ, බලය තබාගෙන වත් මැතිවරණයක් ජයග්‍රහණය කළ නොහැකි එජාපය බලය නැති තත්වයක් තුල කිසිදා ජය නොගන්නා බව දශක දෙකකට අධික ඉතිහාසයක් තුල ඔප්පු කර ඇති හෙයිනි.

    පවතින දේශපාලන තත්වය තුල එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් ඉල්ලීම් කොට රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට එජාප ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතාට ඉඩ ලබාදුනහොත් එය එජාපයේ ආණ්ඩු බලයත්, පක්ෂයේ ඉදිරි ගමනත් සුරැකෙනු ඇත.

    මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩු බලය ගිලි හී ගියහොත් යළි වසර 20 කින් 30 කින් එජාප ආණ්ඩුවක් ගත නොහැකි බව දේශපාලන විචාරයකින්ගේ මතයි.

  • දෙපැත්තේ වෙනස 04… ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි… TNA දෙසට වැඩි අවධානයක්…

    දෙපැත්තේ වෙනස 04… ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි… TNA දෙසට වැඩි අවධානයක්…

    මේ වන විට පවතින දේශපාලන අර්බුදයත් සමග සිදුවීමට නියමිත පක්ෂ මාරු කිරීම් හමුවේ පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පෙරමුණට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබෙන මන්ත්‍රීධුර සංඛ්‍යාවේ වෙනස මන්ත්‍රී ආසන 4ක් දක්වා අඩුවී තිබේ.

    ඒ එක්සත් ජාතික පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට (ඒකාබද්ධ විපක්ෂයට) එක්වීමට තීරණය කර ඇති හෙයිනි.

    ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 103ක් බවට පත්ව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීධුර සංඛ්‍යාව 99ක් ලෙසට වර්ධනය වී ඇති හෙයිනි. මේ අනුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම තීරණාත්මක සාධකයන් බවට පත්වීම තවදුරටත් වර්ධනය වෙමින් තිබේ.

  • පරාජයත් සමගින් එජාපයේ නාය යෑමක්.. ඇමති සාගල ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

    පරාජයත් සමගින් එජාපයේ නාය යෑමක්.. ඇමති සාගල ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට තමන් අකමැති බව අමාත්‍ය සාගල රත්නායක ප‍්‍රකාශ කර තිබේ.
    ඔහු ඒ බව ප‍්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයේ දැන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවේදීයි.
    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ.
  • යටත් විජිත සමයේ බවට සැක කෙරෙන කාල තුවක්කුවක් පොළව යටින් මතුවෙයි

    යටත් විජිත සමයේ බවට සැක කෙරෙන කාල තුවක්කුවක් පොළව යටින් මතුවෙයි

    ත්‍රිකුණාමලය මහා රෝහලට යාබදව හදිසි අනතුරු ඒකකයට නව ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකිරිමට අද (15) අත්තිවාරම් කපද්දී ඉපැරණි කාලතුවක්කුවක කොටසක් හමු වී තිබෙනවා.

    මෙම කාලතුවක්කුව සම්බන්ධයෙන් පොලිසියට කළ දැනුම්දීම අනුව එම ස්ථානයට පැමිණි වරාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජගත් අමරවංශ ඇතුලු පොලිස් කණ්ඩායමක් එය පරික්ෂාකර බලා මේ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දීමට කටයුතු කළා.

    යටත් විජිත සමයට අයත් බවට සැක කරන මෙම කාලතුවක්කුවේ දිග අඩි 10ක් පමණ වන අතර පිටුපස කොටස ගෝලාකාර හැඩයකින් යුක්ත වනවා.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පිළිතුරු දුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්. එච්. ඒ. සුමනදාස පැවසුවේ මේ සම්බන්ධයෙන් කඩිනමින් කැණිම් කටයුතු සිදු කරන බවයි.

     

  • පෙරලිකාර ගාල්ල මහ නගර සභාවේ බලය ගැන පක්ෂ සියල්ල විශාල ගැටළුවක..

    පෙරලිකාර ගාල්ල මහ නගර සභාවේ බලය ගැන පක්ෂ සියල්ල විශාල ගැටළුවක..

    ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අර්බුධයකට ලක්ව සිටිනවා. 

    ගාල්ල මහ නගර සභාවේ සමස්ථ ආසන සංඛ්‍යාව 35කි. ඉන් 14ක් එක්සත් ජාතික පක්ෂය හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 13ක් දිනාගෙන තිබෙනවා. කිසියම් හෝ කණ්ඩායමකට බහුතරය සකස්කර ගැනීමට මන්ත්‍රීවරුන් 18 දෙනකුගේ සහය අවශ්‍ය වනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරුන් 4 දෙනකුගේ සහය අවශ්‍ය වනවා. පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 05ගේ සහය අවශ්‍ය වනවා.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ආසන තුන බැගින් දිනාගෙන ඇති අතර එක්සත් ජාතික පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායමක් ආසන එක බැගින් දිනාගෙන තිබෙනවා. 

    කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහය පමණක් ඇතුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ එක්සත් ජාතික පක්ෂයට ගාල්ල මහ නගර සභාවේ බලය ලබා ගැනීමේ හැකියාව හිමිවන්නේ නැත. එබැවින් මේ වනවිට ගාල්ල මහනගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අර්බුධයකට මුහුණ දී තිබෙනවා.

  • එජනිසයේ නිමල් සිරිපාල අගමැති කරන්න රතන හිමි සටන් බිමට..

    එජනිසයේ නිමල් සිරිපාල අගමැති කරන්න රතන හිමි සටන් බිමට..

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කිරීමට අතුරලියේ රතන හිමි ප්‍රමුඛව, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, අමාත්‍ය දයාසිරි ජයසේකර හා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

    මේ සාකච්ඡා ආරම්භ වී ඇත්තේ  (14) පැවැති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම හා ජනපතිවරයාගේ සාකච්ඡාවෙන් පසුවය.

    ඒ එම සාකච්ඡාවෙන් පසුව මෛත්‍රීපාල මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතා කැඳවා ශ්‍රීලනිප ආණ්ඩුවක් සෑදීමට අවශ්‍ය නම් අගමැතිධූරය සිරිපාල මහතාට ලබාදීමට අකමැත්තක් නැති බවත්, එම අවස්ථාව ඔහුට පළමුව දෙන බවත්, ඒ සඳහා හෙට (15) පස්වරු 2.00ට පෙර වැඩි බහුතරය වන මන්ත්‍රීන් 113 පෙන්වන්වා ලබා ගන්නැයි පවසා තිබේ.

    කෙසේවුවද, කුමන තත්ත්වයක් යටතේ හෝ මහින්දට ආණ්ඩුවක් සෑදීමට සහය නොදෙන බවට, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, විජිත් විජයමුණි සොයිසා, ෆයිසර් මුස්තාපා හා මහින්ද සමරවීර යන අමාත්‍යවරු එකඟතාවයක සිටින බවද පැවසේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 96ක් වන අතර වැඩි බහුතරය පෙන්වීමට මන්ත්‍රීවරු 113ක් පෙන්විය යුතුවේ.

  • මෙවර පුංචි ඡන්දයෙන් ඉතිහාසයට එක්වන ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය මෙන්න.

    මෙවර පුංචි ඡන්දයෙන් ඉතිහාසයට එක්වන ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය මෙන්න.

    පසුගියදා පැවැති මැතිවරණයෙන් ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස තේරී පත් වී වාර්තාවක් තබා ඇත්තේ පොදු ජන පෙරමුණේ අපේක්ෂිකාවක ලෙස අනුරාධපුරය මහ නගර සභාවට තරග කර ජයගත් සචිනි කාරියවසම් මෙනවිය යි.

    පසුගිය වසරේ අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් ගණිතය අංශයෙන් විශ්ව විද්‍යාලය ට තේරි පත්ව ඇති ඇය මෙවර මැතිවරණයට අනුරාධපුරය මහ නගර සභාවට අංක 14 සිරිමෙවන් කොට්ඨාසයෙන් තරග කර ජය ලැබුවාය.

  • මහින්දගේ බසින් නොමග ගිය තොණ්ඩමන් සුමගට.. යලිත් සහය ජනපති මෛත්‍රිට..

    මහින්දගේ බසින් නොමග ගිය තොණ්ඩමන් සුමගට.. යලිත් සහය ජනපති මෛත්‍රිට..

    ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් නැවතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පලකිරීමට තීරණය කර තිබෙනවා.
    කෙසේ වෙතත් ඔහු තෙදිිනකට පෙර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව බලය පිහිටුවන බව ප්‍රකාශ කළා. ඒ පළාත් පාන මැතිවරණයට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව තරග කිරීමෙන් අනතුරුවයි.
    එහෙත් පවතින දේශපාලන වාතාවරණය යටතේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගන්නා ඕනෑම තිරණයකට සහාය දක්වන බවයි ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළේ.
    ජනපතිවරයා සමග ඊයේ (14දා) පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
  • බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්

    බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්

    මම ගිහි කාලයේ හරිම දඟයි. ඉස්කෝ‍ලේ යන කාලයේ පාඩම් වැඩවලට දක්ෂ වගේම දඟ වැඩවලිනුත් මම කැපී පෙනුණා. සෙල්ලම වැඩි නිසා මම ගුරුවරුන්ගෙන් අවවාද ලැබූ අවස්ථා අනන්තයි. අපි පන්තියේ  ඉන්න කොට එකපාරටම පන්තියෙන් පැනලා ගිහින් සෙල්ලම් කරනවා
    මගේ මේ දඟ වැඩ නිසා මහණ වුණාම මම සිවුරේ ඉන්න එකක් නැහැ කියලා තමයි ගොඩක් අය කිව්වේ. මගේ අම්මා, නැදෑයෝ පවා කිව්වේ ටික දවසක ඉඳලා සිවුර දාලා ගෙදර එයි කියලයි. ඒ තරමටම මම සෙල්ලමට බරයි.
    අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් මීට මාස කිහිපයකට පෙර අප සමග එසේ කීවේ සිය අතීතය පිළිබඳව මතකය අවදි කරවමිනි.
    බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ගිහි නම  ගිල්බට් පෙරේරාය. ඉපදුණේ 1942 අප්‍රේල් 14 වෙනිදායි. උන්වහන්සේ වැඩ සිටියානම් මේ අප්‍රේල් මාසයට අවුරුදු 78කි.
    විමලරතන හිමියන්ට සහෝදරියෝ නැත. ඇත්තේ සහෝදරයන් පමණි. ගිල්බට් පෙරේරා හෙවත් අනුනාහිමියන් පවු‍ලේ සිවු වැනියාය.
    මුන්වහන්සේගේ පියා ‍පෝල් පෙරේරා 1953දී මිය යෑමත් සමගම පවු‍ලේ බර කරට වැටුණේ මෑණියන්ටය. ඇය බුත්සිලිනාද සිල්වාය. පියා නැති දරුවන් හදා වඩාගන්නට පවු‍ලේ ඥාතීන් ඇයට ශක්තිය දුන්නේය.
    පවු‍ලේ දරුවන්ගෙන් වඩාත්ම දඟකාරයා වූයේ ගිල්බට්ය. අනෙක් දරුවන්ට වඩා මේ දඟයා ගැන මව අවධානයෙන් සිටියාය. දිනක් මේ දඟයා අනතුරකටද පත්විය. එවිට ඔහුගේ වයස අවුරුදු 10කි.
    ඒ අනතුර ගැන අනුනාහිමියන්ගේ වදන්වලින්ම මෙසේය.
    එතකොට මට අවුරුදු 10ක් විතර වගේ. මම අහල පහළ යාළුවෝ එක්ක වත්තේ කොස්ගහක් යටට වෙලා සෙල්ලම් කරමින් හිටියා. ඔහොම සෙල්ලම් කරමින් ඉන්න කොට මගේ ඔළුවට කොස් ගෙඩියක් කඩාගෙන වැටුණා. මට එතනම සිහිය නැතිවුණා. පස්සේ මගේ යහළුවෝ මහ හයියෙන් කෑගහලා තියෙනවා. ඒ සද්දෙට අම්මයි මගේ මාමයි දුවගෙන ඇවිත් ඇරැව්වල යහම්පත් රාළහාමි කියන වෙද මහත්තයා ළඟට මාව උස්සගෙන ගිහින් තිබුණා. ඒ වෙද මහත්තයත් අපේ නෑදෑයෙක්. එදා මට මතක කොස් ගෙඩිය වැටෙනවා විතරයි. කොහොම හරි එදා කොස් ගෙඩිය වැටිලා මගේ ඔළුවේ ඇතිවුණ කැලල තවමත් තිබෙනවා
    බෙල්ලන්විල විමලරතන නාහිමියන් පාසල් දෙකක අධ්‍යාපනය ලබා ඇත. ඒ පස්වැනි පන්තිය දක්වා නිකපේ ශ්‍රී විජයරාජ විද්‍යාලයෙන් අටවැනි පන්තිය දක්වා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන්ය.
    පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ ගිල්බට් සිසුවාගේ ප්‍රියතම ක්‍රීඩාව වූයේ ක්‍රිකට්ය. හෙතෙම පාස‍ලේ ක්‍රිකට් කණ්ඩායමේද සාමාජිකත්වය දැරීය. පාස‍ලේ මලල ක්‍රීඩා තරගවලදීද ඔහු කැපීපෙනෙන තරගකරුවකු විය.
    ඒ කාලයේ ඉස්කෝ‍ලේ මලල ක්‍රීඩා තරගවල තිබුණා තුන් කකුලෙන් දිවීමේ තරගයක්. තරගකරුවන් දෙදෙනකුගේ කකුල් දෙකක් එකට ගැට ගහනවා. එතකොට දෙන්නාට දුවන්න වෙන්නේ කකුල් තුනෙන් මේ තරගෙට මම හැම අවුරුද්දෙම ඉදිරිපත් වුණා. අවුරුදු තුනක් පිට පිට මම මේ තරගෙත් පළමු වැනියා වුණා. තුන් කකුලෙන් දිව්ව මගේ අනෙක් තරගකරුවා පාලිත කන්නන්ගර. ඔහු අද සම්පත් බැංකුවේ විධායක අධ්‍යක්ෂ
    සිය පාසල් අවධිය පිළිබඳව වරක් බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ එලෙසයි අප සමග මතකය අවදි කළේ මහත් සතුටකිනි.
    බෙල්ලන්විල අනුනාහිමියන් කීර්තිධර සාහිත්‍යධරයෙකි. සාහිත්‍ය විෂය කෙරෙහි උන්වහන්සේගේ සිත ඇදුණේ නිකපේ විදුහ‍ලේ ඉගෙනුම ලබන අවධියේය. නිකපේ විදුහ‍ලේ සිටි විල්බට් පෙරේරා ගුරුතුමා සාහිත්‍ය විෂය උගන්වන විට ගිල්බට් විශේෂ අවධානයකින් අසා සිටියේය. ගුරුතුමා ඉතා මිහිරි ලෙස කියන කවි ආදියට ගිල්බට්ගේ සිත ගියේය. ඒ නිසාවෙන්ම ගිල්බට්ගේ සිත සාහිත්‍යයට ඇදී ගියේ නිතැතින්මය.
    නිවසේ මෙන්ම පාස‍ලේද දඟයා වූ ගිල්බට්ට  පැවිදිවීමේ ආසාවක් නොවීය. බෙල්ලන්විල රජමහා විහාරාධිපතිව වැඩ සිටි බෙල්ලන්විල සෝමරතන නාහිමියෝ, නෑදෑකමින් විමලරතන හිමියන්ගේ මහප්පාය. පියාගේ වැඩිමහල් සහෝදරයාය
    මේ ඥාතී සබඳකම නිසා ‍පෝල් පෙරේරාගේ දරුවෝ නිතරම පන්සලට ගියෝය. ඒ අතරේ ‍පෝල් පෙරේරා 1953දී මියගිය පසු පවු‍ලේ වැඩිමල් දරුවා කාගේත් කැමැත්තෙන් පැවිදි කරවීය. ඒ පැවිදි වූ හිමියන් වර්තමාන බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ය. උන්වහන්සේ වැඩිපුර වැඩවසන්නේ සිංගප්පූරුවේය. සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පදවිය හොබවන්නේද උන්වහන්සේය.
    දවසක් අපේ අම්මා පන්සලට ගිය වෙලාවක බෙල්ලන්විල සෝමරතන නාහිමියන් අම්මගෙන් අහලා තියෙනවා මාවත් පන්සලට දෙන්න පුළුවන්ද කියලා. එදා අම්මා පුතාගෙන් අහලා කියන්නම් කියලා ඇවිත් තිබුණා’
    සෝමරතන නායක හාමුදුරුවන්ට මහ පෞරුෂයක් තිබුණා. උන්වහන්සේ දුටුවාම ඕනෑම කෙනෙකුට ගෞරවයක් ඇතිවෙනවා. දවසක් මම පන්සලට ගිය වෙලාවක නායක හාමුදුරුවෝ මගෙන් ඇහැව්වා කොල්ලො පන්ස‍ලේ නවතින්න කැමතිද කියලා. මම කිසිම උත්තරයක් දෙන්නේ නැතිව බිම බලාගෙනම හිටියා
    තමන් වහන්සේ පැවිදි බිමට පත්වීමට හේතුවූ කාරණය විමලරතන නාහිමියෝ දිනක් අප හා එසේ විස්තර කළහ.
    සවස්වරුවේ පාඩම් වැඩ කිරීමට පන්සලට ගිය ගිල්බට්ට අවසානයේ නායක හාමුදුරුවන්ගේ නියමයෙන් පන්ස‍ලේ නවතින්න සිදුවිය. සති දෙකක් තුනක් පන්ස‍ලේ සිටි ගිල්බට් වයස අවුරුදු 13දී එනම්, 1956 පෙබරවාරි 28දා සෝමරතන නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි බිමට ඇතුළු විය.
    සිය මහප්පා ළඟ පැවිදි වූ පවු‍ලේ දඟයා යළි කොයි මොහොතේ හෝ සිවුර හැර දමා ගෙදර එතැයි පවු‍ලේ අයද අපේක්ෂාවෙන් සිටියත් එවැන්නක් සිදුවූයේ නැත. සිය ගුරු හිමි යටතේ ඉගෙනුම ලබමින් මහා ශික්ෂණයක් උන්වහන්සේ ලැබිය.
    විමලරතන හිමියන්ට පැවිද්දේදී මුලින්ම දමා ඇත්තේ බෝකුන්දර බුද්ධරතන හිමි යන නමය. එහෙත් පැවිදිවූ වැඩිමල් සොයුරා ධම්මරතන නමින් හැඳින්වෙන විට බාල සොයුරා බුද්ධරතන නමින් හැඳින්වීමට නුසුදුසු නිසා උපසම්පදාවේදී බුද්ධරතන යන්න විමලරතන හිමි යනුවෙන් වෙනස් කර ඇත.
    පැවිදි බිමේ ලබාදෙන නම උපසම්පදාවේදී අවශ්‍ය නම් වෙනස් කර ගැනීමට හැකියාව ඇත. එසේ වෙනස් කළ නම ඉන්පසු උපසම්පදා ‍ලේඛනය සමග බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කෙරේ.
    බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ ශාස්ත්‍රීය කටයුතුවලට වැඩි නැඹුරුවක් දැක්වූහ. ඒ නිසාවෙන්ම බොහෝ දිනවල උන්වහන්සේ රාත්‍රී 12 පසුවෙනතුරු ‍පොත්පත් ලිවීම ආදියෙහි යෙදුණි. ‍පොතපතේ කටයුතු නිසාම තරුණ අවදියේදී උන්වහන්සේ අපූරු සිද්ධියකටද මුහුණදුනි.
    මම ඉගෙනීමට දක්ෂ නිසා දායක දායිකාවෝ ඒ කා‍ලේ මට ගොඩක් ‍පොත්පත් ගෙනත් දුන්නා. ඉතින් මේ ‍පොත් තියාගන්න තැනක් නැති නිසා මමයි පන්ස‍ලේ හිටපු තවත් පස් නමකුයි ආවාසයේ උඩුමහලට වෙලා ‍පොත් රාක්කයක් හදන්න පටන් ගත්තා. නායක හාමුදුරුවෝ වැඩ සිටියේ පහළ මාලයේ. දැන් රාක්කේ හදන සද්දේ ඇහිලා නායක හාමුදුරුවෝ උඩුමහලට වැඩියා. නායක හාමුදුරුවෝ උඩට වඩින බව දැනගත්ත මගේ මිත්‍ර හාමුදුරුවරු ටික එහෙට මෙහෙට පැනලා ගියා. මමත් බයවෙලා හිටියේ. ‘මොකද මේ  කරන්නේ’ කියලා නායක හාමුදුරුවෝ ඇහැව්වාම මම ඇත්තම කිව්වා. මේවා භික්ෂුන්ට ඔබින වැඩ නොවෙයි කියලා සැරවැර කරලා පන්ස‍ලේ හිටපු කෙනකුට කියලා අපි හද හදා හිටපු රාක්කේ එළියට විසි කළා. ඔහොම සතියක් විතර ගියා. පස්සේ නායක හාමුදුරුවෝ වඩු බාස් කෙනෙක් ගෙන්වලා තේක්ක ලීයෙන් ‍පොත් රාක්ක දෙකක්ම හදලා දුන්නා. අදත් මගේ ‍පොත් තැන්පත් කරන්නේ මේ ‍පොත් රාක්ක දෙකේ තමයි  යැයි විමලරතන අනුනාහිමියෝ තමන් වහන්සේ මුහුණපෑ ඒ අපූරු සිද්ධිය අප හා විස්තර කළේ මෙසේය.
    විමලරතන අනුනාහිමියන් සතා සිව්පාවුන්ටද දැක්වූයේ මහත් කරුණාවකි. පන්ස‍ලේ සිටින අලි ඇතුන් පවා උන්වහන්සේට ආදරය කළහ. සෑම දිනකම අලි ඇතුන් ආවාසයට පැමිණෙන්නේ නාහිමියන් අතින් පලතුරු කන්නටය.
    බෙල්ලන්විල රජමහා විහාරයේ සිටි චන්දු ඇතා කලක් පන්ස‍ලේ හුරතලා විය.
    මේ චන්දු ඇතා ගැන විමලරතන අනුනාහිමියන් මඳක් සංවේගයකින් යුතුව වරක් අප සමග කතා කළේය.
    චන්දුට මහ පුදුම ගති තිබුණේ. හැමදාම උදේට ඇවිත් අපේ නායක හාමුදුරුවන් අතින් පලතුරු කනවා. දළදා පෙරහර ඇතුළු රටේ විවිධ පෙරහරවල්වලට මේ ඇතා ගියා. මේ ඇතාට තිබුණේ පුදුම කීකරුකමක්. අපි දැක්ක තැන ගරු කළා. හරිම හික්මීමක් තිබුණේ. චන්දු මියගිය දවසේ මට මහ කනස්සල්ලක් දුකක් ඇති වුණා.
    අවුරුදු 40ක් පමණ මෙරට ජාතික, ආගමික, සමාජයීය සටන්වලදී පෙරමුණ ගත් භික්ෂු ත්‍රිත්වයක් වූහ. ඒ තුන්නම හැඳින්වූයේ ත්‍රිමූර්තිය යනුවෙනි. ඒ ත්‍රිමූර්තිය වූයේ ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමි, මාදුළුවාවේ සෝභිත හිමි හා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ය. සිංහල වීර විද්‍යාත බෞද්ධ මණ්ඩලය, ජාතික සංඝ සභාව වැනි සංවිධාන බිහි කිරීමට පෙරමුණ ගත්තේ මේ ත්‍රිමූර්තියය. ජාතික සංඝ සභාව හරහා පක්ෂ දේශපාලනය කර ඡන්දයට ඉදිරිපත් වීමට භික්ෂූන් පිරිසක් සූදානම් වූ විට ඊට එරෙහිව මුලින්ම එරෙහි වූයේ බෙල්ලන්විල විමලරතන නාහිමිය. පක්ෂ දේශපාලනය භික්ෂුන්ට අකැප බව උන්වහන්සේ දැඩි මතයක සිටියහ.
    තනතුරු බදු ගන්නා යුගයක තමන්ට ලැබුණු තනතුර පවා අත්හැරි මෑත යුගයේ අපට අසන්නට ලැබුණු උදාර භික්ෂු චරිතයද බෙල්ලන්විල අනුනාහිමියන් පමණි. ඒ තම අනුනායක පදවියද අත්හැරීමෙනි.

    ධර්ම ශ්‍රී තිලකවර්ධන

  • නව රජයේ අගමැති තනතුරට ඇමති නිමල් සිරිපාල ද සිල්වා යෝජනා වෙයි

    නව රජයේ අගමැති තනතුරට ඇමති නිමල් සිරිපාල ද සිල්වා යෝජනා වෙයි

    ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ. නව ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති තනතුරට  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා වී තිබේ. 

    නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සිකුරාදා (16 වැනිදා) තමන්ගේ බහුතරය පෙන්වීමට සූදානම් වන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. 

    මේ වන විට ශ්‍රීලනිල ජ්‍යෙෂ්ඨයෝ බහුතරය එක්රැස්කරගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටිති. 

    නව ආණ්ඩුව පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ තනතුරු වගකීම් භාර නොගෙන සහය දැක්වීමට එකඟතාව පලවී ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.

    ආණ්ඩුව සමඟ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 42 දෙනාගේත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  52 දෙනාගේ සහ එජාපයේ හා හවුල්කාර පක්ෂවල  මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේත් සහය ඇතිව මෙම නව ආණ්ඩුව පිහිටුවීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ . 

    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (14) රාත්‍රීයේ කොළඹ 07 මහගමසේකර මාවතේ නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.

    රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා (16) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අනිද්දා (16) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන අතර ජනාධිපතිවරයා එහිදී මෙම ප්‍රකාශය කරනු ඇත.

    ඉකුත්දා පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට ලක් වීමත් සමඟ ආණ්ඩුවේ ගමන පිළිබඳව මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක්ද පැන නැගී තිබේ

  • “නව රජයක්ද ? , අගමැති කවුද ?” සියල්ල ගැන ජනපති මෛත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක් හෙට..

    “නව රජයක්ද ? , අගමැති කවුද ?” සියල්ල ගැන ජනපති මෛත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක් හෙට..

    පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වත්මන් රජය දැඩි දේශපාලන අර්බුධයකට මුහුණ දී තිබෙනවා. මේ අතර ශ්‍රිලනිප හො එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීම පිළිබදවද පක්ෂ දෙකෙහිම අවදානය යොමුව තිබෙනවා. රජයේ අනාගතය පිළිබදව ආණ්‌ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (16 දා) විශේෂ ප්‍රකාශයක්‌ කිරීමට නියමිතය. 

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (14 දා) දහවල් පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම තීරණය දැනුම්දී තිබෙන බව එකී ආරංචි මාර්ග සඳහන් කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති කැබිනට්‌ රැස්‌වීමෙන් පසුව මෙම හමුව පවත්වා තිබේ. ශ්‍රීලනිපය නියෝජනය කරන කැබිනට්‌ ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ ආණ්‌ඩු පක්‍ෂයට සහාය දක්‌වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද මෙම හමුවට සහභාගී වී ඇත.

    මේ අතර පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනාගත හැකි මන්ත්‍රීවරයකු අගමැති ධුරයට පත්කර නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට කටයුතු කරන ලෙස ඉල්ලා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක්‌ යොමුකර ඇත. මෙම ලිපියට සන්ධාන මහලේකම් මහින්ද අමරවීර හා සන්ධාන ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් විසින් අත්සන් තබා ඇත.
     

  • එජනිස තනි ආණ්ඩුවක් සඳහා ශ්‍රීලනිපය යලි එක්වන ලකුණු

    එජනිස තනි ආණ්ඩුවක් සඳහා ශ්‍රීලනිපය යලි එක්වන ලකුණු

    එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට අවසර ඉල්ලා සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් බාරදී ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  එයට අනුමැතිය ලබා දී ඇත.ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු දෙනා සාකච්ඡා කර එකඟතාවයක් ඇතිකර ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර ඉන්පසු ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව ජනාධිපතිවරයා පවසා ඇත.
    මේ අතර ඒකාබද්ධ විපක්ෂයද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ පාර්ශ්වය වෙත කියාසිට ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් ඔවුන්ගේ‍ෙ සහය ලබාදෙන බවත්ය.
  • 19 තරුණ බිරිදට කසිප්පු පොවා අතේ පයේ හයිය පෙන්වු අරුම පුදුම සැමියා මෙන්න

    19 තරුණ බිරිදට කසිප්පු පොවා අතේ පයේ හයිය පෙන්වු අරුම පුදුම සැමියා මෙන්න

    වයස අවුරුදු දහනවයක (19) වන විවාහක තරුණ බිරිඳට කසිප්පු පොවා ඇයට බරපතළ ලෙස පහර දී තුවාල සිදු කළ බව කියන ඇයගේ සැමියා පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.

    අප වාර්තාකරු සඳහන් කළේ අදාළ සිද්ධියෙන් පසු සැමියා නිවසෙන් පළා ගොස් ඇති බවයි. බුත්තල කටුගහගල්ගේ ප්‍රදේශයේ පදිංචි යුවලක් අතර මෙම සිද්ධිය ඇති වී තිබෙන අතර ඒ පිළිබඳ මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

    රාත්‍රි කාලයේදී මෙම සැකකාර සැමියා විසින් ඇයට බලහත්කාරයෙන් සිහිසුන් වන තුරු කසිප්පු පොවා බරපතළ ලෙස පහරදී තිබුණා.

    පහරදීමෙන් අදාළ කාන්තාව බරපතළ ලෙස තුවාල ලබා නිවසේ වැටී සිටියදී පොලිසියට ලද තොරතුරක් මත නිවස පරික්ෂා කිරිමේදී මෙම කාන්තාව හමු වුණා.

    පසුව පොලිසිය විසින් අදාල කාන්තාව කඩිනමින් බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළා.