Tag: featured

  • රටම උණුසුම් කරමින් පුවත් මැවු යුක්තිය මෙහෙයුම අත්හිටුවීමේ තීරණයක්..!

    රටම උණුසුම් කරමින් පුවත් මැවු යුක්තිය මෙහෙයුම අත්හිටුවීමේ තීරණයක්..!

    රට පුරා ක්‍රියාත්මක “යුක්තිය” පොලිස් මෙහෙයුම හෙට (24) අනිද්දා (25) සහ 26 යන තෙදින තුළ තවකාලිකව නතර කිරීමට සිදුවී තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ඒ බව පැවසීය.

    එසේ “යුක්තිය” මෙහෙයුම නතර කරුණු ලබන්නේ නත්තල් දිනය (25) සහ 26 වනදා යෙදී ඇති පොහොය දිනය හේතුවෙන් පොලිස් නිලධාරීන් යම් යම් විශේෂ රාජකාරී සඳහා යෙවීමට ඇති බැවින් බව නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

    ඉන් පසුව යුක්තිය මෙහෙයුම යළිත් ආරම්භ කිරීමට නියමිතය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා,

    “රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම 17 වන දින සිට 23 වනදා දක්වා මුල් සතිය එනම්, දින 7ක කාලසීමාවක් අපි ක්‍රියාත්මක කළා. මෙය නතර කිරීමේ අදහසක් නැහැ. 25 නත්තල් දිනය විශේෂයෙන් 24, 25, 26 මේ… පොහොය දිනයත් එකට එළඹීමත් සමගම  පොලිස් නිලධාරීන් යම් යම් රාජකාරීවල යෙදීමට අපට සිදුවෙනවා. යම් ආකාරයකට දින කිහිපයකට මෙම මෙහෙයුම් නතර කිරීමට සිදුවුවත් ඉදිරයේදී මෙහෙයුම් නොකඩවා සිදුකිරීමට කටයුතු කරනවා.”

  • උත්සව සමයට අඛණ්ඩව විදුලිය සහ ඛනිජ තෙල් බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙලක්..!

    උත්සව සමයට අඛණ්ඩව විදුලිය සහ ඛනිජ තෙල් බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙලක්..!

    එළැඹෙන සතිඅන්ත නිවාඩු සමයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි.

    හදිසි නොවන නඩත්තු කටයුතු සඳහා ද විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    නඩත්තු කටයුතු සඳහා විදුලි විසන්ධි කිරීම පිළිබඳ ජත්‍යන්තර මර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට අදාළ පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

    නිරන්තරයෙන් විදුලිය විසන්ධි කරන බවට ජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.

    අනවශ්‍ය ලෙස සතිඅන්තයේ සිදුකරන නඩත්තු කටයුතු හේතුවෙන් අතිකාල දීමනා සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවද කාංචන විජේසේකර අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙයි.

    උත්සව සමයේදී කිසිඳු ඉන්ධන හිඟයක් ඇති නොවීමට සියලුම ඉන්ධන හල් වගබලා ගතයුතු බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය දැනුම්දී තිබේ.

    සිපෙට්කෝ, ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන හල් වෙත එම දැනුම්දීම සිදුකර ඇත.

    එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අවම වශයෙන් 50%ක ඉන්ධන තොගයක් පවත්වාගෙන යෑමට සියලුම ඉන්ධනහල් කටයුතු කළයුතු බවට ය.

    උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ඛනිජ තෙල් බෙදා හැරීම සඳහා සියලුම පිරවුම්හල් එකඟතාවකට පැමිණි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

    එහි සමලේකම් කපිල නාඔටුන්න මහතා මේ බව සඳහන් කළේය.

    කපිල නාඔටුන්න මහතා සඳහන් කළේ මාසික පරිහරණ ගාස්තුවක් අයකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන තිබූ තීරණය අධිකරණයෙන් ලබා ගත් වාරණ නියෝගයක් මත නතර කර ගැනීමට පියවර ගැනීම නිසා මෙම එකඟතාවට පැමිණි බවයි.

  • මැතිසබය වාර අවසානය ලබන මස අග..!

    මැතිසබය වාර අවසානය ලබන මස අග..!

    පාර්ලිමේන්තුව ලබන මස අවසාන සතියේදී වාර අවසාන කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

    පාර්ලිමේන්තුව මුල් සතිය රැස්වීමෙන් පසු වාර අවසාන කිරීමට මුලින් තීරණය කර තිබුණත් එය පසුව වෙනස් කරගෙන ඇති බව දැනගන්නට ඇත.

    පසුගිය 13 වැනිදා පැවැති අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව  ලබන 9 වැනිදා දක්වා කල් තබනු ලැබීය. මේඅනුව  පාර්ලිමේන්තුව එදින සිට 13 වැනිදා දක්වා  දින හතරක් රැස් වෙනු ඇත.

    පාර්ලිමේන්තුව ලබන මස මුල්  සති දෙක රැස්වීමෙන් අනතුරුව  මාසය අවසානයේදී   වාර අවසාන කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

    මේ අතර පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මක වන කෝප් ,කෝපා  ඇතුළු කමිටු හැටකට වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් අහෝසිවී යනු ඇත.

    ඒ අනුව එම කමිටු නව පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු  නැවතත් පත් කිරීමට සිදුවනු ඇත.

    පාර්ලිමේන්තුව වාර අවසාන කළද ස්ථාවර නියෝග අනුව අහෝසි නොවන්නේ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සහ විශේෂ කාරක සභා පමණි.

    මේ අතර අලුතින්  කමිටු පිහිටුවීමේදී කමිටු පහක  සභාපති පුටු  වෙනස් කෙරෙනු ඇතැයි  දැනගන්නට ඇත.

  • යුක්තිය මෙහෙයුමෙන් කෝටි 13ක දේපල අත්අඩංගුවට…!

    යුක්තිය මෙහෙයුමෙන් කෝටි 13ක දේපල අත්අඩංගුවට…!

    යුක්ති මෙහෙයුමට සමගාමීව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් තවත් දේපල රැසක් 12.22 වන දින නීති විරෝධි වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් දේපල තහනමට ගෙන ඇත.

    විදේශගතව සිට ඉතා ක්ෂුක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර එම ජාවාරමෙන් උපයාගන්නා ගන්නා ලද මුදල් භාවිතා කර මෙම වාහන සහ දේපල මිලදී ගෙන ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වීමෙන් පසුව මෙම දේපල තහනමට ගැනීම සිදු කර ඇත.

    තහනමට ගත් වාහන සහ දේපල පහත පරිදි වේ.
    අඩි 45 ක බහුදින යාත්‍රා 01 ක්
    KDH වෑන් රථ 01 ක්
    TOYOTA CHR වර්ගයේ ජීප් රථ 01 ක්
    WAGON R වර්ගයේ කාර් රථ 01 ක්
    හික්කඩුව ලිපිනයේ තට්ටු 03 කින් සමන්විත ගොඩනැගිල්ල
    හික්කඩුව මහමෝදර පාලම අසල මහල් 04 කින් යුත් Villa 01 ක්
    හික්කඩුව මහමෝදර පාලම අසල මහල් 03 කින් යුත් Villa 01 ක්
    රත්‍රං පවුම් 30 ක්

    ඉහත පරිදි තහනමට ගත් වාහන සහ දේපල වල මුළු වෙළදපල වටිනාකම ලක්ෂ 1340 කට ආසන්න බවට අනාවරණය වී ඇත.

    – Repoter

  • ජනතාවට සති 02න් සියල්ල අමතක උනත් ලොව ඉහලම මතක ධාරිතා ලෝක වාර් තාවත් බලංගොඩ සිසුවෙක්ට..!

    ජනතාවට සති 02න් සියල්ල අමතක උනත් ලොව ඉහලම මතක ධාරිතා ලෝක වාර් තාවත් බලංගොඩ සිසුවෙක්ට..!

    ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතේ ලෝව ඉහලම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක වාර්තාව බලංගොඩ දෙමල විද්‍යාලයේ අවු 09 වයසැති ඕටිසම් රෝගි තත්ත්වයෙන් පෙලෙන භාක්‍යරාසා මුරලිදරන් සිසුවා (22) දින පිහිටුවිය.

    භාක්‍යරාසා මුරලිදරන් සිසුවා ඕටිසම් රෝගයෙන් පෙලෙන සිසුවෙකු බවත්, ඔහුගේ ගුරුවරයාගේ මග පෙන්විම යටතේ මෙම ලෝක වාර්තාව පිහිටුවිමට කටයුතු කර තිබුණි.

    ලෝකයේ සියළුම රටවල්වල , අගනුවර , ධජය , මුදල් ඒකකය , වත්මන් නායකයින්  , එම රටවල් ප්‍රසිද්ධ ක්‍රිඩාවන් සහ සමාන්‍ය දැනුම ආශ්‍රිත ප්‍රශ්න වලට පිලිතුරු ලබාදෙමින් භාක්‍යරාසා මුරලිදරන් සිසුවා චෝලන් ලෝක වාර්තාව පිහිටුවිය.

    මෙම වාර්තාව පිහිට වු භාක්‍යරාසා මුරලිදරන් සිසුවා හිමි පදක්කම සහ සහතික පත්‍රය චෝලන් ලෝක වාර්තා පොත් සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති ශ්‍රී නාගවානි රාජා මහතා සහ  ප්‍රධාන විධායක කමිටු සභික පෙරුමාල් නීලමේගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිනැමිණ.

    – රංජිත් රාජපක්ෂ

  • රට පුරා යලි කොරෝනා අවදානමක්..? මුව ආවරණ පලදින්න වන ලකුණු..!

    රට පුරා යලි කොරෝනා අවදානමක්..? මුව ආවරණ පලදින්න වන ලකුණු..!

    මේ දිනවල රට පුරා පැතිර යන උණ,සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස රෝගයන්ට “ජේ.එන්1” කොරෝනා උප ප්‍රබේදයේ බලපෑමක් තිබිය හැකි බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

    ඒ බව සනාථ කර ගැනීම සදහා නියැදි පරීක්ෂාව අවශ්‍ය බව පැවසීය.

    උගුරේ අපහසුතා ,සෙම්ප්‍රතිශ්‍යාව ,තෙහෙට්ටුව ,මාංශ පේෂි වේදනාව ,උණ,හිසරදය සහ කැස්ස මෙහි රෝගලක්ෂණ වෙයි.

    මෙවැනි රෝග ලක්ෂණ පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව වැඩිදුරටත් පැවසීය.

    මුව ආවරණ පැලදීම ඇතුළු කොරෝනා මාර්ගෝපදේශවලට අනුගත වීම වඩාත් සුදුසු යයිද ඒ මහතා කියා සිටියේය.

    – තවලම නිපුනි හසරංගී

  • ඇමති ඩයනා සසුන්ගතවෙලා..?

    ඇමති ඩයනා සසුන්ගතවෙලා..?

    සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉන්දීය චිත්‍රපටියක මෙහෙණින් වහන්සේ නමක ලෙස රඟපෑමට තෝරාගෙන සිටින්නීය.

    ඒ අනුව එම චරිතය රඟපෑමට කැමැත්ත පළකර ඇති ගමගේ මහත්මිය ඒ සඳහා අද (21) හිස මුඩු කරන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

    ඩයනා ගමගේ මහත්මිය මෙසේ තෝරාගෙන ඇත්තේ ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍ර සම්බන්ධතා උදෙසා නිර්මාණය කරනු ලබන බෞද්ධ තේමාවක් රැගත් සම්භාව්‍ය සිනමා කෘතියක ප්‍රධාන චරිතයක් වන මෙහෙණින් වහන්සේ නමකගේ චරිතයකට පන පෙවීමටය.

    ඉන්දීය චිත්‍රපටි අධ්‍යක්ෂවරයා සිය චිත්‍රපටයේ රඟපෑම සඳහා කළ ආරාධනය ඩයනා ගමගේ මහත්මිය ඉතා කැමැත්තෙන් බාරගෙන ඇතැයිද දැනගන්නට ඇත.

  • ශ‍්‍රී ලාංකිකයන් 56ක් මියන්මාර ත‍්‍රස්තවාදීන් අල්ලාගනී..! වහාම මුදාගන්න රජයෙන් කඩිනම් පියවර රැසක්..!

    ශ‍්‍රී ලාංකිකයන් 56ක් මියන්මාර ත‍්‍රස්තවාදීන් අල්ලාගනී..! වහාම මුදාගන්න රජයෙන් කඩිනම් පියවර රැසක්..!

    මියන්මාරයේ සයිබර් අපරාධ ප්‍රදේශයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කළ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පැවසීය.

    එම ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට මියන්මාර ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ එකඟතාවය ලැබීමත් සමග අදාළ සාකච්ඡා ආරම්භ කර තිබේ.

    මියන්මාරයේ, තායිලන්ත දේශසීමාවේ පිහිටි සයිබර් ක්‍රිමිනල් ඒරියා හෙවත් සයිබර් අපරාධ ප්‍රදේශය ලෙස හඳුන්වන ස්ථානයේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනෙකු බලහත්කාරයෙන් රඳවාගෙන සිටියි.

    “මියාවෙඩ්ඩි” නමැති නගරයේ සිට කිලෝමීටර් 25ක් දුරින් පිහිටා ඇති මෙම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ත්‍රස්ත කණ්ඩාමක් ග්‍රහණයේ පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඔවුන් මුදා ගැනීම සඳහා දැඩි උත්සායක් දැරීමට සිදුව තිබේ.

    එරට හමුදා රජයේ පාර්ශ්ව රැසක් හමුවී මේ වනවිටත් සාකච්ඡා කර තිබේ.

    ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයක තරුණ තරුණියන් සයිබර් වහලුන් ලෙස මෙම ප්‍රදේශයේ සිරව සිටියි.

    ඇතැම් රටවල් හමුදා මෙහෙයුම් සිදු කරමින් ඔවුන්ව මුදා ගැනීමට ද කටයුතු කරමින් සිටීයි.

    පසුගිය මාසයේදී ත්‍රස්තවාදී කණ්ඩායමේ රියැදුරෙකුට පහරදී තරුණයින් සිව්දෙනෙකු හා තරුණියක මෙරටට නැවත පළාවිත් තිබුණේ රතු කුරුස සංවිධානයේ සහ මියන්මාර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහය ලබා ගනිමින්ය.

    ඔවුන්ගේ සෘජු මැදිහත්වීමෙන් මීට පෙර 37 දෙනෙකු ගලවාගත් බව තානාපතිවරයා පැවසීය.

    පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සංචාරක වීසා භාවිත කර තායිලන්තයට ගෙන ගොස් ඩොලර් 5000ක මුදලට ත්‍රස්තවාදීන්ට විකුණු බවට චෝදනා එල්ලවෙන පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව ඊයේ (20) වාර්තා විය.

    – නාගොඩ සුමන උදයන්ත

  • ආණ්ඩුවේ පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරිමේ තීන්දුවක්..!

    ආණ්ඩුවේ පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරිමේ තීන්දුවක්..!

    රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම  ඒකාබද්ධ කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ.

    ඒ අනුව එක සභාපතිවරයෙක් හා එක අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ මෙම පොහොර සමාගම් දෙක එක් සමාගමක් වශයෙන් කටයුතු කිරීමට නියමිතය.

    සභාපතිවරුන් දෙදෙනෙක්  හා අධ්‍යක්ෂ මණ්ඩල දෙකක් යටතේ ක්‍රියාත්මක වූ මෙම සමාගම් දෙක මේ වනවිට එක් සභාපතිවරයෙක් යටතට පත් කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    එකම විෂයයක් යටතේ බෙදී පවතින ආයතන ඒකාබද්ධ කිරීම මගින් මහජන මුදල් නාස්ති වීම අවම කිරීමටත්, ඒ ඒ ආයතනවල ලාභය උපරිම කිරීම සඳහාත් මෙම ආයතන ඒකාබද්ධ කිරීම මගින් අපේක්ෂිත බව අමාත්‍යවරයා කීය.

    රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ලෙස කටයුතු කරන ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවැසූයේ  ඉදිරියේ දී පොහොර සමාගම් දෙක එකක් කිරීමෙන් පසු  State Fertilizer Corporation යන නාමයෙන් හඳුන්වන බවයි

  • සමගි ජන බලවේගයේ ආසන සංවිධායක කුඩු කිලෝවක් සමග යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට..!

    සමගි ජන බලවේගයේ ආසන සංවිධායක කුඩු කිලෝවක් සමග යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට..!

    කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකයකු රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ.

    ඒ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සමඟයි.

    ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දිනවල දියත් කරන යුක්තිය විශේෂ මෙහෙයුම අතරතුරදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

    කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය ජාලයක් මොහු විසින් ක්‍රියාත්මක කර ඇතැයිද පොලිසිය කියයි.

  • යුක්තිය මෙහෙයුමට සමගාමීව රුපියල් ලක්ෂ 920ක මුදල් සහ දේපොළ තහනම් කෙරේ..!

    යුක්තිය මෙහෙයුමට සමගාමීව රුපියල් ලක්ෂ 920ක මුදල් සහ දේපොළ තහනම් කෙරේ..!

    යුක්ති මෙහෙයුමට සමගාමී ව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු අසංක, ලඩියා සහ කුඩු ශ්‍රියානි විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් සහ දේපොළ රැසක් අද දින නීති විරෝධී වත්කම් හා දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ.

    මේ යටතේ පහත දේපොළ සහ මුදල් තහනම් කර භාරයට ගෙන ඇත,

    බස් රථ 03ක්
    කාර් රථ 02ක්
    යතුරු පැදි 02ක්
    තෙමහල් නිවසක් ඇතුළු ඉඩම් 04ක්
    රත්‍රං පවුම් 50ක්
    මුදලින් රුපියල් 123,000ක්

    ⁣ඉහත තහනමට ගත් දේපොළ සහ මුදල්වල වටිනාකම ලක්ෂ 920කට ආසන්න බව අනාවරණය වී ඇත.

  • ජනපති රනිල්ගේ ආණ්ඩුවේ අපි ඉන්නේ හැමදේම හරි කියලා අත් උස්සන රූකඩ එහෙයියෝ විදියට..! මහින්දගෙන් නිවේදනයක්..!

    ජනපති රනිල්ගේ ආණ්ඩුවේ අපි ඉන්නේ හැමදේම හරි කියලා අත් උස්සන රූකඩ එහෙයියෝ විදියට..! මහින්දගෙන් නිවේදනයක්..!

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානියා සහ රාජ්‍ය නායකයා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාල පක්‍ෂයක නායකයෙක් බවත් සෑම ඡන්දදායකයෙක්ම ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන විට ඡන්දය දෙන පක්‍ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
    ඉහළ බදු හේතුවෙන් රටේ උගත් වෘත්තිකයන් සහ පුහුණුවලත් වෙනත් ශ්‍රේණිවල වෘත්තිකයන් රට හැර යෑම ගැටලුවක් බවට පත්ව ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

  • යුක්තිය මෙහෙයුමේ අවසන් පැය 24දී 2008ක් අත්අඩංගුවට..!

    යුක්තිය මෙහෙයුමේ අවසන් පැය 24දී 2008ක් අත්අඩංගුවට..!

    දීප ව්‍යාප්තව සිදු කරන “යුක්තිය”මෙහෙයුමේදී මධ්‍යම රාත්‍රී 12.30 අවසන්වූ ගතවූ පැය 24 තුල සැකකරුවන් 2008 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

    එහිදී පිරිමි පුද්ගලයන් 1929 සහ කාන්තාවන් 79 දෙනෙකු අත්තඩංගුවට ගෙන තිබේ.

    පුද්ගලයන් 185 දෙනෙකු සම්බන්ධයෙන් රැදව්ම් නියෝග මත විමර්ශන සිදුකරයි.

    සැකකරුවන් 33 දෙනෙකු සම්බන්ධයෙන් වත්මන් විමර්ශන ආරම්භ කර තිබේ.

    ගතවූ පැය 24 තුළ සිදුකර වැටලීම් වලදී අත්තඩංගුවටගත් පුද්ගලයන් 209 දෙනෙකු යොමුකර ඇතිබව එම අමාත්‍යංශය සදහන් කරයි.

    මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ සහ විශේෂ කාර්‍යංශයේ ලේඛන ගත සැකකරුවන්ගෙන් 228 දෙනෙකු එම මෙහෙයුම් වලදී අත්තඩංගුවට ගෙන ඇතිබව එම අමාත්‍යංශය පවසයි.

    එම මෙහෙයුම් වලදී හෙරොයින් 2.4 Kg, අයිස් 1.2kg, ගංජා 12.2Kg සහ මත්පෙති 17054ක් ද සොයා ගෙන තිබේ.

    එම කාලය තුල ගංජා පැල 73833 විනාශ කර තිබේ.

    ගතවූ පැය 24 තුළ වැටලීම් 2324ක් සිදුකර ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

    – නාගොඩ සුමන උදයන්ත

  • අපි වෙන්දේසියට ආවේ චමරි ගන්න නෙමෙයි..! බෝලර් කෙනෙක් ගන්න..! මහේලගෙන් සැර කතාවක්..!

    අපි වෙන්දේසියට ආවේ චමරි ගන්න නෙමෙයි..! බෝලර් කෙනෙක් ගන්න..! මහේලගෙන් සැර කතාවක්..!

    ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීගයේ පළමු වෙන්දේසියේදී සුපිරි පිතිකාරිණිය චමරි අතපත්තුව කණ්ඩායමක් විසින් තෝරා නොගැනීම තමන්ටද පැනයක් නමුත් පැවැති තත්ත්වය අනුව එය කිසිසේත් තමන්ගේ බලපෑමකින් වෙනස් කළ හැකි දෙයක් නොවී යැයි කළ විමසීමකදී මහේල ජයවර්ධන පැවසීය.

    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ, දක්ෂතා පිළිබඳ ගෝලීය ප්‍රධානී ලෙසින් කටයුතු කරන මහේලද මෙම වෙන්දේසියට සහභාගී වූ අතර එසේ ඔහුද එහි සිටියදී චමරි හට ලංසුවක් හෝ ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් දේශීය ක්‍රිකට් ලෝලීන් සමහරෙක් ඔහු පිළිබඳව අප්‍රසාදයෙන් යුතුව සමාජ මාධ්‍ය ආදියෙහි අදහස් දක්වා තිබිණි.

    ‘කව්රු හරි ඒ ගැන දොස් කියනවා නම් ඒ මෙම තෝරාගැනීමේ පසුබිම ගැන නොදන්නා කෙනෙක්. මෙම වෙන්දේසියට කණ්ඩායම් යොමුවෙන්නේ තමන්ගේ කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන් එතැනින් තෝරාගන්න නොවෙයි. තමන්ගේ කණ්ඩායම කල් ඇතිව නම් වශයෙන් සැලසුම් කරගෙන, අවශ්‍ය ඉඩපාඩු පුරවාගැනීමටයි වෙන්දේසියට යොමුවෙන්නේ. චමරි කණ්ඩායමට ඇතුළත් වෙන්නේ ආරම්භක පිතිකාරිණියක් හැටියට. ඒ වන විටත් මුම්බායි කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක් සඳහා ඇබෑර්තුවක් තිබුණේ නැහැ. අපි එතැනට ආවේ වේගපන්දු යවන්නියකගේ අවශ්‍යතාව සපුරගන්න. ආරම්භක පිතිකාරිණියක අවශ්‍ය වූ තවත් කණ්ඩායම් තුනක් එතැන හිටියා. නමුත් කුමක් හෝ හේතුවක් නිසා ඔවුන් ඇයව ගත්තේ නැහැ. ඇත්තටම මටත් පුදුමයි ඒ ගැන. මොකද මෙම වෙන්දේසියට කලින් විශේෂඥ විචාරකයෝ චමරිව මෙම වෙන්දේසියට ඉදිරිපත්වෙන ඉහළම තුන්දෙනා අතර තබා තිබුණා”කොටින්ම මෙය මම පිළිතුරු දිය යුතු හෝ අදහස් දැක්විය යුතු කරුණකුත් නෙමෙයි. මොකද මෙම තරගාවලියේ මගෙ භූමිකාවේ හැටියට මෙය කිසිසේත් මට අදාළ වන තත්ත්වයක සිදූවූ සිදුවීමක් නොවෙයි’

    ‘ ඒ වෙන්දේසියේ හිටපු එකම ලාංකිකයා මම. නමුත් කණ්ඩායමක් තෝරාගැනීම මගේ හෝ තවත් තනි පුද්ගලයෙක්ගේ තනි තීරණයක් නෙමෙයි. මේක සාමුහික කටයුත්තක්. කවුරු හරි කියනවා නම් කණ්ඩායමක් ලෙසින් ගන්න තීන්දු තීරණ වගේම සියලු සැලසුම් පසෙක දමලා, ශ්‍රී ලාංකිකයෙක් ලෙසින් අපට තවත් ලාංකිකයෙක් වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් කියලා, ඒක මේ ක්‍රිකට් පසුබිම ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් කියන කතාවක්. මේ පසුබිම දන්න කෙනෙක් කවදාවත් එවැනි චෝදනාවක් කරන්නේ නැහැ’ යනුවෙන් මහේල වැඩිදුරටත් පවසා සිටියේය.

    චමරි‍ අතපත්තු හට කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීගයේදී ලංසුවක් නොලැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රිකට් ප්‍රේමීන් සමහරෙක් විසින් කුමාර සංගක්කාර වෙතද චෝදනා කර තිබූ මේ සම්බන්ධයෙන් ‘සංගක්කාර වෙතින් විමසනු ලදුව ‘මේ කියන තරගාවලියේ මම නියෝජනය කරන කණ්ඩායමක් ඇත්තෙවත් නැහැ. මට මේ සම්බන්ධයෙන් කිසිම යෙදීමක් නැහැ. එනිසා මෙය මට කිසිසේත් අදාළ කරුණක් නෙමෙයි. කව්රුන් හෝ මාව මෙයට ඈඳාගෙන එවැනි චෝදනාවක් කරනවා නම් ඒක නොදැනුවත්භාවය නිසාම වෙන්න පුළුවන්” යනුවෙන් පැවසීය.

    – Aruna

  • ඈන් කුමරියගේ ලංකාගමනය වෙනුවෙන් එළිසබෙත් රැජිණියගේ පිළිරුවක් ස්ථාපිත කිරිමට පියවර..!

    ඈන් කුමරියගේ ලංකාගමනය වෙනුවෙන් එළිසබෙත් රැජිණියගේ පිළිරුවක් ස්ථාපිත කිරිමට පියවර..!

    ඈන් කුමරියගේ ශ්‍රී ලංකා සංචාරට සමගාමීව එළිසබෙත් රැජිණියගේ පිළිරුවක් විවෘත කෙරේ.

    බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ දියණියක් වන ඈන් කුමරිය නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වීමට නියමිතය.

    එම සංචාරයේ දී සිය මිත්තනියගේ ඉල්ලීමකට අනුව ඉදි වූ වික්ටෝරියා වේල්ල නැරඹීමට ද එතුමිය සූදානමින් සිටී.

    එහි දී එම ස්ථානයේ දෙවන එළිසබෙත් රැජිණියගේ පිළිරුවක් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංවිධානයෙන් එහි සිදුවන ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලීමට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

  • ඩුබායි සිටින පාතාලයන්ගේ මෙරට සියළු දේපල රාජසන්තක කරනවා..! දේශබන්දුගෙන් ප්‍රකාශයක්..!

    ඩුබායි සිටින පාතාලයන්ගේ මෙරට සියළු දේපල රාජසන්තක කරනවා..! දේශබන්දුගෙන් ප්‍රකාශයක්..!

    විදේශගතව සිට මෙරට කුඩු ජාවාරම මෙහෙයවන සහ පාතාල අපරාධ සිදුකරන පුද්ගලයන්ගේ මෙරට දේපළ රාජ සන්තක කිරීමට අවශ්‍ය කටයුතු කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

    ඊට අදාළ මූලික කටයුතු මේ වන විටත් සිදුකරමින් ඇති බවද පැවසු ඔහු ඉදිරි සති කිහිපය ඇතුළත එය ක‍්‍රියාවට නැංවෙනු ඇති බවද කියා සිටියේය.

    එතෙක් මෙම පුද්ගලයන්ගේ දේපළ පොලිස් භාරයට ගන්නා බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

    ගත වූ දින දෙක තුන ඇතුළත පමණක් සිදු කරන ලද මෙහෙයුම්වලදී එවන් දේපොළ විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.