Tag: featured

  • දුම්රිය වර්ජනය තව දුරටත්

    දුම්රිය වර්ජනය තව දුරටත්

    දුම්රිය සේවකයින් විසින් ඊයේ (23) මධ්‍යම රාත්‍රීයෙන්  ආරම්භ කරන ලද මෙම  තිරිංග දෝෂ සහිත චීන මැදිරි  වලින්  යුත් දුම්රිය ධාවනය කිරිමෙන්  වැළකී  සිටිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලෙකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. 

    සෙසු දුම්රියෙන් සාමාන්‍ය පරිදි ධාවනය වන අතර මේ හේතුවෙන් යාල්දේවි  දුම්රිය ඇතුළු දුම්රිය 8 ක් අද (21) උදේ වරුවේ අවලංගු කළ බවත් ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා  දුම්රිය සාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවත් දුම්රියේ ආරංචි මාර්ග වල සඳහන් වේ.

  • තේ කුරුමිණියා ගැන පරීක්ෂණ කරන්න රුසියානු කණ්ඩායමක් ලංකාවට

    තේ කුරුමිණියා ගැන පරීක්ෂණ කරන්න රුසියානු කණ්ඩායමක් ලංකාවට

    පසුගිය මාසයේ  ශ්‍රී ලංකාවේ තේ තොගයක් සමග කෘමියෙක් සිටීමේ සිද්ධිය පිළිබඳ පරික්ෂණ සඳහා රුසියානු රජයේ නිරෝධායන නිලධාරින් සිව්දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් පෙබරවාරි 3 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර මෙම කණ්ඩායම මෙරට නිරෝධායන නිලධාරින් සමඟ සාකච්ඡා කොට ඉදිරි පරික්ෂණ කටයුතු සැලසුම් කරනු ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අද (24) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප‍්‍රකාශ කළේය. 

    ශ්‍රී ලංකා තේ කන්ටේනරයෙන් අසුවූ කෘමියා මෙරටින් වාර්තා නොවූ බව තහවුරු වී ඇති අතර එම තේ තොගය ප‍්‍රවාහනය කළ කන්ටේනරය වෙනත් රටකින් පැමිණ ඇති එකක්  බවත් ඒ අනුව එම කෘමියා වෙනත් රටකින් කන්ටේනරයට එක්වන්නට ඇතැයි සිතිය හැකි බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

  • පුංචි ඡන්දයෙන් පසු කැබිනට් සංශෝධනයක්

    පුංචි ඡන්දයෙන් පසු කැබිනට් සංශෝධනයක්

    රටට, ජනතාවට හිතකර ආකාරයට රට පාලනය කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එලැඹෙන පළාත් පාළන මැතිවරණයෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට වැඩි ඉඩකඩක් ඇති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ  ක‍ළේය.

    පක්ෂ දෙකක් එකතු වී යහපාලන ආණ්ඩුවක් ලෙස ක්‍රියාත්මක වන නිසා අදාළ සංශෝධනවලදී කිසිදු පක්ෂයකට ගැටලුවක් ඇති නොවන ආකාරයට මෙය සිදුවිය හැකි බවද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

  • බැඳුම්කරය ගැන ඇත්ත කියන්න රවීට ඉඩ නොදේ

    බැඳුම්කරය ගැන ඇත්ත කියන්න රවීට ඉඩ නොදේ

    බැඳුම්කර වාර්තාගේ තමා ගැන සඳහන් තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා  කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඒ සම්බන්ධව ප්‍රකාශයක් කිරීමට ඉඩ දිය නොහැකි යයි කතානායක කරු ජයසූරිය මහතා අද (24) පාර්ලිමේන්තුවේදි  පැවැසීය.

     කෙසේ වෙතත් අවශ්‍යමනම් වෙනත් දිනයක් ලබාදිය හැකි  බව කතානායකවරයා වැඩ් දුරටත් පැවසූ අතර රවී කර්ණානායක මහතා පැවසුයේ  තමා එම ප්‍රකාශය මාධ්‍යයට ඉදිරිපත් කරන බවයි.

  • මම මේ අවුරුද්දෙ විවාහ වෙනවා…. – නෙතූ ප්‍රියංගිකා

    මම මේ අවුරුද්දෙ විවාහ වෙනවා…. – නෙතූ ප්‍රියංගිකා

    ජනප්‍රිය රංගන ශිල්පිණියක් , නිවේදිකාවක් වුනු නෙතූ ප්‍රියංගිකා ලඟදි එයාගෙ ජීවිතේ ලොකුම කඩඉමකට ලංවෙලා කියල අපිට අපිට ආරංචියක් ආව.ඒ නෙතූ ලගදි විවාහ වෙන්න ඉන්නවා කියලයි.ඉතිං සුපිරි ගොසිප් අපි ඒ ගැන අහන්න නෙතූට කොල් එකක් ගත්තා

    Image may contain: 1 person, hat and closeup

    ඉතිං නෙතූ කොහොමද මේ ලබපු 2018 අවුරුද්ද ?

    ම්… 2018 හොඳයි ලොකූ වැඩ ගෙඩක් කරන්න තියෙන අවුරුදදක්

    Image result for nethu priyangika

    ඉතිං කියන්නකො අපිට 2018 මොනවද කරනන ඉන්නෙ…

    2018 මගෙ ජීවිතේ ලෙකු වෙනසක් වෙනනයි යන්නෙ… මම මේ අවුරුද්දෙ කසාද බඳිනවා.. ඊට අමතරව ළමා චිත්‍රපටි දෙකක් එන්න තියෙනවා තව ටෙලි නාට්‍ය දෙක තුනකුත් තියෙනවා.2017 මගෙ ජීවිතේ මං බලාපොරොත්තු වුණ ගොඩක් ජයග්‍රහන මට ලබා ගන්න පුළුවං වුණා ඒ අතරෙ පොඩි පොඩි මෝඩ වැඩත් කරා ඒ කියන්නෙ නොගැලපෙන සමහර අයත් එක්ක යාළුකම් සමිබන්ධතා තිබ්බා ඒ ඔක්කොම අතෑරල දාල 2018 ලස්සනට පටන් අරගෙන ජීවිතේ ලොකුම වෙනසක් කරගන්න ප්ලෑන් කරගෙන ඉන්නවා

    ගෙවුන 2017 කොහොමද 

    මම හැම අවුරුද්දකම දෙසැම්පබර් 31 වෙනිදට ගෙවුන අවුරුද්ද කොහොමද කියල හැරිල බලනවා එතකොට මට බලාගන්න පුළුවං ඒ අවුරුද්දෙ මගෙන් වුණ වැරදි අඩුපාඩු මොනවද කියල.ඊට පස්සෙ මට පුළුවං ඊලඟ අවුරුද්ද ඒ වැරදි අඩුපාඩු නොවෙන්න සාර්ථකව ප්ලෑන් කරගන්න.ඉතිං මං 2017 අවුරුදටත් සාර්ථකව මුහුණ දුන්නා ඒ අතර අර මං මුලින් කිව්ව වගේ අපි මිනිස්සු ගොඩක් එක්ක මුහු වෙලා ඉද්දි තේරුං ගන්න බැරි මිනිස්සු ගොඩක් හම්බෙනවා ඉතිං ඒ අතරෙන් අපේ ජීවිතේට වටිනාකමක් නැති මිනිස්සුයි ඒ අයගෙ ජීවිත වල අපිට වටිනාකමක් දෙන්නෙ නැති මිනිස්සුයි අපි අයින් කරන්න ඕන.මං ඒක මගේ රසිකයන්ට හිත මිතුරණ්ට පණිවිඩයක් විදිහට කියන්නත් කැමතියි අපිට වටිනාකමක් දෙන්නෙ නැති මිනිස්සු අපේ ජීවිතේ ලංකරගන්න හොද නෑ එතකොට ඒක අපේ ජීවිතේ පරාදයක් වෙනව.

    Related image

    නෙතූ කියන්නෙ රංගන ශිල්පිණියක් වගේම හොඳ නිවේදිකාවක් අපිට කියන්නකො ඉස්සරහට රංගන ශල්පිණියක් විදිහට ඉදිරියට යයිද නැත්නම් නිවේදිකාවක් විදිහට ඉස්සරහට යයිද?

    මම සාමාන්‍යයෙන් ඉස්කෝලෙ යන කාලෙදි කථිකත්වයට දක්ෂයි .රංගන ශිල්පිණියක් නොවුනානම් මං අද අනිවාර්යෙන් නීතීඥ වරියක් වෙලා. ඉස්සරහට ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා නිවේදන ක්ෂේත්‍රයේ වැඩ වලට මං 2016 යි 2017 යි නිවේදන ක්ෂේත්‍රයේ වැඩ කරා  ඔව් ඒක හොඳ පොයින් එකක් ඔයා දැන් කියපු හින්ද මට හිතෙනව ඒ ගැනත් අවධානය යොමු කරන්න මොකද ඔක්කොම පටලගනෙ කරන්න බැරි තැනක පහුගිය කාලෙ මං හිටියා ඒත් මේ අවුරුද්දෙ මට හොඳ නිවේදිකාවක් වෙන්න පුළුවං වෙයි කියල මං හිතනවා.

    Related image

    සාමාන්‍යයෙන් කලා ක්ෂේත්‍රය නා නා විධියෙ කැපිලි කෙටිල තියෙන තැනක් කියල ප්‍රසිද්ධයි.නෙතූටත් එහෙම කැපිලි තියෙනවාද?

    ඒක කලා ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ඕනෙම ක්ෂේත්‍රයක ඕනම ආයතනයක තියෙනවා නමුත් අපේ ක්ෂේත්‍රය ප්‍රසිද්ධ නිසා ඒ ගැන කතාවෙනව වැඩියි.පුද්ගලිකව මටත් ගොඩාක් එහෙම සිද්ධි වලට මහුණ දෙන්න වෙලා තියෙනවා.විශේෂයෙන්ම ලඟින්ම ආශ්‍රය කරපු යාළුවො කියල හිතන් හිටපු අයත් එහෙම කරල තියෙනවා.ඉතිං මං ඒකයි කලින් අපිට වටිනාකම් දෙන්නෙ නැති අපිව වටින්නෙ නැති අයව අපි අයින් කරන්න ඕන කියලා.

    Image result for nethu priyangika

    අනිත් එක තමයි කටකතා.. නෙතූ කොහොමද කටකතා වලට ප්‍රතිචාර දක්වන්නෙ…

    කටකතා හැදෙනව කියන්නෙ අපි ජනප්‍රියයි කියන එක නේද?නිකං ගෙදෙට්ට වෙලා ඉන්න කෙනෙක්ට කටකතා හැදෙන්නෙ නෑ… මම ගැන ගත්තොත් මම කට කතා වලට පොඩ්ඩක්වත් බය නෑ.මොකද ඒව කටකතානේ… මම දන්න තරමින් මට කටකතා හැදිල නෑ මොකද මිනිස්සු මට ගොඩක් ආදරෙයි අපි නිහතමානීව අවංකව ඉන්නවනම් අපිට කටකතා හැදෙන්නෙ නෑ..

    Image may contain: 1 person, food and indoor

    නෙතූ කියන්නෙ තුන් වේලම තරු පංතියේ හොටල් වලින් කාල ඉන්න කනෙක්ද? එහෙම නැත්තම් සාමාන්‍යයෙන් ගමේ විදිහට කාල බීල ඉන්න කෙනෙක්ද?

    අනෙ අම්මේ…. මම ගමේ හැදිචිච කනෙක් අදටත් අපේ ගෙදරට ආවොත් බලාගන්න පුළුවං වෙයි මම හැමදෙයක්ම මට පුළුවං විදිහට වගා කරල හරිම සරල විදිහට ගෙදර උයාගෙන තමයි කන්නෙ බොන්නෙ මගේ දෙමවුපියන් මට ගෙදර දොරේ හැම වැඩක්ම හොඳට පුරුදු කරල තියෙනවා… තරු පහේ හොටලයකින් කන්න අවස්ථාවක් ලැබුනොත් වෙනසකටත් එක්ක ඒක අතාරින්නෙත් නෑ …

    Related image

    නෙතූ ලඟදි බඳින්න ඉන්නෙ, ඉන්නෙ සාමාජයේ කතාවෙන නැන්දම්මා ලේලි අර්බුදය ගැන මොකද හිතන්නෙ?

    නැන්දම්ම හිතනව තමන්ගෙ පුතා එයාට ගොඩක් ආදරෙයි කියල ලේලි හිතනව මගෙ මහත්තය මට ගොඩක් ආදරෙයි කියල.. මෙන්න මේ ආදරය ගැන තියෙන ඊරියාව හින්ද තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නෙ. මං ගැන ගත්තොත් මගෙ අම්ම මං පුංචි කාලෙ නැති වුණා මම හිතන්නෙ මම බඳින කෙනාගෙ අම්ම මගෙත් අම්ම කියලයි.මට සීයට කෝටියක් විශ්වාසයි මට එහෙම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ කියල මොකද මගෙ අම්ම නැති නිසා මගෙ නැන්දම්ම මට අම්ම වෙයි එයාගෙ පැත්තෙන් මට ප්‍රශ්නයක් ආවත් මම එයා මගේම අම්ම කියල ඉවසනවා.මට අනිත් අයට කියන්න තියෙන්නෙත් එච්චරයි හැම වැඩිහිටියෙක්ම තමන්ගෙ අම්ම තාත්ත වගේ හිතන්න කියල එතකොට ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ

    විවාහයෙන් පස්සෙ නෙතූ රංගනයෙන් සමුගන්නවද?

    මුල් කාලෙ නම් අපි දෙන්නට තේරුන් ගැනීමේ ප්‍රශ්න තිබුන අපි දෙනන වෙනමම පැති වලට යන ක්ෂේත්‍ර දෙකකට සම්බන්ධ වෙලා ඉන්න නිසා.ඊට පස්සෙ අපි දෙන්න කතා කරල හොඳ අවබෝධයෙන් ඉදිරියට යන්න කතා කර ගත්ත .අනිවාර්යෙන් ඉස්සරහට එයා මට ගොඩක් උදවු කරයි .මම හිතනවා එ් උදවු එක්ක මම රංගනයෙන් ගොඩක් ඉස්සරහට එයි කියල.

    2018 වර්ශය වෙනුවෙන් සමාජයට/රසික රසිකාවියන්ට මොකක්ද කියන්න තියෙන්නෙ

    සරලවම කිව්වොත් ඔයාල ගන්න හැම වැදගත් තීරණයක්ම හොඳින් හිතල බලල ඒ තීරණයෙන් අද ඔයාට ලැබෙන වාසියට වඩා ඉස්සරහට ඔයාගෙ දරුවන්ට රටේ අනාගත පරම්පරාවට අවැඩක් නොවෙන්න ආයි ආයි හිතල කියල තමයි.

    Image may contain: 1 person, smiling, plant, selfie, outdoor, closeup and nature

    Image may contain: 1 person, standing and outdoor

  • උසාවි භූමියේ කතකට බරපතල ලිංගික අතවර කල පුද්ගලයෙකුට වැඩ වරදී

    උසාවි භූමියේ කතකට බරපතල ලිංගික අතවර කල පුද්ගලයෙකුට වැඩ වරදී

    නඩු කටයුත්තක් සඳහා කළුතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි කාන්තාවකට මෙසේ අතවරයට ලක්විමට සිදුවූයේ මග්ගොන පදිංචිකරුවකු වූ වයස අවුරුදු පනස් හයක පුද්ගලයෙකුගෙනි.   ඉඩකඩ නොමැති බැවින් අධිකරණයේ  දොරටුව අසල රැදී සිටියදී සැකකරු මෙම අතවරය සිදු කර ඇති බවත්, ඉන්පසු ඇය ඒ බව අධිකරණ ‍පොලිස් නිලධාරී (26166) ලියනගේ මහතාට දන්වා ඇති බවත් ‍පොලිස් නිලධාරියා සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු ‍පොලිස් නිලධාරියාට තර්ජනය කර ඇති  බවත් අධිකරණයේදී අනාවරණය විය. 
    ‍පොලිස් නිලධාරියා සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී අදාළ කාන්තාව දකුණු කළුතර ‍පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ගොස් තමාට සිදුවූ අතවරය පිළිබඳව ප්‍රකාශයක් ලබා දී තිබේ. 
    ‍පොලිස් නිලධාරියාට තර්ජනය කළේ ඇයිදැයි විනිසුරුවරිය විමසූ විට ඒ පිළිබඳව සමාව අයැදින බව සැකකරු අධිකරණයේදී ප්‍රකාශ කළේය. 
    අධිකරණය හමුවට පමුණවනු ලැබු සැකකරුවකු පෙබරවාරි මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස  කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්   භාරතී විජේරත්න මහත්මිය නියම කළාය. 
    සැකකරුට එරෙහිව මීට පෙර කාන්තාවකට අතවර කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් පැවැති අතර සැකකරු මෙදින අධිකරණයට පැමිණ ඇත්තේ  නිකරුණේය. 
  • අතිරේක ලැයිස්තුවට නීතීඥ බිරිඳගේ නම දැමූ පොලිස් ස්ථානාධිපති මාරු කෙරේ

    අතිරේක ලැයිස්තුවට නීතීඥ බිරිඳගේ නම දැමූ පොලිස් ස්ථානාධිපති මාරු කෙරේ

    අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුජිව කුමාර මහතා සිය නීතිඥ බිරිඳ වන වන නීතිඥ ස්වර්ණමාලි අනුරාධනායක මහත්මියගේ නම  මෙවර පලාත් පාලන මැතිවරණයට  ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අනුරාධපුර මහ නගර සභාවේ අතිරේක ලැයිස්තුවට  ඇතුලත් කර තිබීම හේතුවෙන්  වහාම ක‍්‍රියාත්මක වන පරිදි අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ සිට හලාවත පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලබාදී තිබේ. 

    ජාතික මැතිවරණ කොමිසමේ නිර්දේශය මත පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග අනුව වහාම ක‍්‍රියාත්මක වන පරිදි අදාල ස්ථාන මාරුව ක‍්‍රියාත්මක කර ඇත.

     

     

  • දේශපාලෙක ලොක්කගේ මරණ තර්ජන හමුවේ ගම්පොල පශු වෛද්‍ය කාර්යාලය වැසී යයි

    දේශපාලෙක ලොක්කගේ මරණ තර්ජන හමුවේ ගම්පොල පශු වෛද්‍ය කාර්යාලය වැසී යයි

    ගම්පොල ප‍්‍රදේශයේ දේශපාලනඥයකු ගම්පොල රජයේ පශු වෛද්‍ය කාර්යාල ඉඩමේ කොටසක් ප‍්‍රජා ශාලාවක් ඉදිකිරීමට යයි  පවසා අත්පත් කරගැනීමට දරන උත්සාහයට විරුද්ධ වූ එම කාර්යාලයේ ස්ථාන භාර පශු වෛද්‍යවරියට සහ කාර්ය මණ්ඩලයට  එම දේශපාලනඥයා ඇතුළු 20 ක පමණ කණ්ඩායමක් පැමිණ  මරණ තර්ජන කළේ යැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් කාර්යාලය වසා දමා පශු වෛද්‍යවරිය ඇතුළු කාර්ය මණ්ඩලය පළාත් කාර්යාලයට අනුයුක්ත වී ඇත.

    මෙම කාර්යාලයේ ස්ථාන භාර පශු වෛද්‍ය කමනි දේදුනුපිටිය මහත්මිය පවසන්නේ මෙම ඉඩමේ අයිතිය පළාත් අධ්‍යක්ෂ යටතේ පශු වෛද්‍ය දෙපාර්තමේන්තුවට හිමි බවය.

    ඒ අනුව නගර සභාවේ අනුමත සැලැස්ම අනුව දෙපාර්තමේන්තුවේ වියදමින් පැති බැම්මක් ඉදිකිරීමට කටයුතුකරමින් සිටියදී මෙම දේශපාලනඥයා  මරණ තර්ජනය කළ බවත් තමාට පිහියෙන් අනින බව කළ ප‍්‍රකාශය පටිගත වී ඇති බවත් වෛද්‍යවරිය පැවසුවාය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ පශු වෛද්‍ය නිලධාරි සංගමයේ ලේකම් වෛද්‍ය ප‍්‍රදීප් කුමාරවඩු මහතා පැවසුවේ, මෙම දේශපාලනඥයාගේ තර්ජන සම්බන්ධයෙන් වගකිවයුතු අංශ නිසි පියවරක් නොගැනීම නිසා එය මරණ තර්ජන දක්වා දුරදිග ගොස් ඇති බවය.

    පශු වෛද්‍ය කාර්යාලයේ සේවය අහිමිවීම නිසා ගම්පොල පශු වෛද්‍ය කොට්ඨාසයේ ගොවීන්ට මේ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවී ඇති බවත්, පශු වෛද්‍යවරිය ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කරන පිරිස අත්අඩංගුවට නොගන්නේ නම් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සංගමයට සිදුවන බවත් ඔහු කීය.

     

  • තවත් පොහොට්ටු අපේක්ෂකයෙක් අත්අඩංගුවට

    තවත් පොහොට්ටු අපේක්ෂකයෙක් අත්අඩංගුවට

    නවගත්තේගම – ගාමිණීපුර ප්‍රදේශයේදී නවගත්තේගම ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුව මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටියදී   නවගත්තේගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 58 ක් තිබී ඇති අතර  නවගත්තේගම – ගාමිණීපුර පදිංචිකරුවෙකි් වන මොහුව ආණමඩුව මහේස්ත්‍රාත් අ‍ධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

  • බඩු බෙදල, වන්දනා ගමන් එක්කන් ගිහින් ඡන්දයේ වටිනාකම හෑල්ලු කරන්න එපා

    බඩු බෙදල, වන්දනා ගමන් එක්කන් ගිහින් ඡන්දයේ වටිනාකම හෑල්ලු කරන්න එපා

    එළැඹෙන පළාත් පාළන මැකිවරණය වෙනුවෙන් බඩු බෙදාදීම හෝ වන්දනා ගමන් ලබාදීම හරහා ඡන්දයේ වටිනාකම හෑල්ලු නොකරන ලෙස පැෆරල් සංවිධානය සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
    එවැනි දේ තුළින් සිදුවන්නේ තම පක්ෂයට පක්ෂයේ නායකයාට නිග්‍රහ කිරීමත් මෙන්ම ඡන්දදායකයන්ගේ ඡන්දයේ වටිනාකමට අවමන් කිරීමක් බව එම සංවිධානය පෙන්වා දෙන අතර ඒ ආකාරයට මැතිවරණ නීතිය කඩකරමින් හැසිරෙන අපේක්ෂකයකු මැතිවරණයෙන් පසු සැබෑ නීතිගරුක මහජන නියෝජිතයකු ලෙස කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකි බව ඡන්දදායකයන් තරයේ සිහිතබා ගත යුතු යැයි ද පැෆරල් සංවිධානය අවධාරණය කරයි.
    ඡන්දදායකයා තම වටිනා ඡන්දය මුදලට, සම්පත්වලට හෝ වන්දනා ගමනකට යට නොකරනු ඇතැයි සිය සංවිධානය විශ්වාස කරන බවත්, ඒ ආකාරයෙන් කටයුතු කළහොත් ඉදිරි මැතිවරණවලදී යහපත් ප්‍රතිඵල අත්කර දෙනු ඇති බවත් පැෆරල් සංවිධානය වැඩිදුරටත් පවසයි.
  • ඉදිරි දෙසතිය ඇතුලත ප්‍රමිතිගත ලන්ච් ශිට් හා ෂොපින් බෑග් වල මිල පහතට

    ඉදිරි දෙසතිය ඇතුලත ප්‍රමිතිගත ලන්ච් ශිට් හා ෂොපින් බෑග් වල මිල පහතට

    ලන්ච්ෂීට්  සහ ෂොපින් බෑග්  නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කන්ටේනර් 40 කට අධික ප්‍රමාණයක් මේ සතිය තුළ දී කොළඹ වරායට පැමිණීම මත ඒවායේ නිෂ්පාදන පිරිවැය බොහෝදුරට අඩුවන නිසා දැනට වැඩි මිලක් යටතේ අළෙවි කෙරෙන නියමිත ප්‍රමිතීන් වලට අනුව සැකැසුණු ලන්ච්ෂීට්  සහ ෂොපින් බෑග් මිල ඉදිරි දෙසතිය තුළ හැකිතාක් පහළ හෙළීමට කටයුතු කරන බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීකරන්නන්ගේ සංගමයේ ලේකම් අනුර හේරත් මහතා කියයි.

    පසුගිය කාලයේ වෙළඳපොළට නිකුත් කර තිබෙන ලන්ච්ෂීට් එකක මිල රුපියල් 2.50 දක්වාත් ෂොපින් බෑග් එකක මිල රුපියල් 2.30 දක්වාත් ඉහළ දැමීමට සිදුව ඇත්තේ අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ පමාවක් නිසා බවත් එම සුළු මිල වැඩිවීම ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ දැමීමට හේතුවක් කර ගැනීම කෙසේවත් සාධාරණ නොවන බවත් ඉදිරි සතිය තුළ එම මිල ඉහළ දැමීම නතරකිරීමට සිදුවන බවත් පැවසීය.

  • ලංකාවේ නීති ක්ෂේත්‍රය දූෂිත යයි රංජන් පැවසූ විඩියෝ පටිය ශ්‍රේෂ්ඨාධිකරනයට

    ලංකාවේ නීති ක්ෂේත්‍රය දූෂිත යයි රංජන් පැවසූ විඩියෝ පටිය ශ්‍රේෂ්ඨාධිකරනයට

    රංජන් රාමනායක නියෝජ්‍ය ඇමති තුමන් විසින්  ශ්‍රී ලංකාවේ අධිකරණය, විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට  කර ඇතැයි කියන ප්‍රකාශය අඩංගු වීඩියෝ පටයේ පිටපත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයේ අධ්‍යයනය සඳහා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරියට නියෝග කළේය.

    එහි පිටපත් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට අධ්‍යයනය කිරීම සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා ඊයේ (22) අධිකරණය හමුවේදී කරුණ දක්වමින් පෙන්වා දුන්නේය. එම වීඩියෝ පටය තම දෙපාර්තමේන්තුව විසින්ද අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එම ප්‍රකාශය මගින් අධිකරණයට යම් අපහාසයක් සිදුවී ඇතිනම් රන්ජන් රාමනායක මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය.

    කෙසේ නමුත් පවතින ක්‍රියාදාමය අනුව එකී වීඩියෝ පටය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නරඹා එකී ප්‍රකාශය මගින් අධිකරණයට යම් අපහාසයක් සිදුවී ඇතිද යන නිගමනයට එළඹීම වඩා සුදුසු බවත් නීතිපති දෙපාර්තමේන්තුවද එය නරඹා ඒ පිළිබඳව මතයකට එළැඹෙන බවත් අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

    එම කරුණු සලකා බැලූ සිසිර ද ආබෘෘ, නලින් පෙරේරා හා විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම පැමිණිල්ල ලබන මාර්තු 23 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

     

  • ලංකාවේ සෑම පවුලකටම ඉදිරි සතිය ඇතුළත ශ්‍රීලනිපයෙන් කරුණු 20 ක ප්‍රතිපත්ති ප්‍රකාශනයක්

    ලංකාවේ සෑම පවුලකටම ඉදිරි සතිය ඇතුළත ශ්‍රීලනිපයෙන් කරුණු 20 ක ප්‍රතිපත්ති ප්‍රකාශනයක්

    ගමේ දිළිඳුකම පිටුදැකීම, ගම නගරය, රට එකතු කරන ආර්ථික දම්වැලක් සකස් කිරීම, ගමට හා නගරයට පිරිසුදු කාර්යක්‍ෂම පාලනයක් ඇති කිරීම, කැළිකසළ නව ක්‍රමයකට කළමනාකරණය කිරීම, නගරයේ සහගමේ මාර්ග පද්ධති නවීකරණය හා තාරුණ්‍ය මුල්කරගත් පිළිවෙතක් යන මූලික කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් පළාත් පාලන ආයතන මැතිවරණය මූලික කරගනිමින් කරුණු 20කින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කර ඇති අතර සිංහල සහ දමිළ භාෂාවලින් මුද්‍රණය කර තිබෙන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ලංකාවේ සෑම පවුලකටම ඉදිරි සතිය තුළදී බෙදා අවසන් කරන ලෙස සංවිධායකවරුන්ට උපදෙස් ලබාදී තිබෙන අතර, අපේක්‍ෂකයන් ප්‍රමුඛ පිරිස් නිවෙස් කරා ගොස් අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබාදීමට තීරණය කර තිබේ.

  • පොලිස් නිළධාරීන් 105 ක් හා සහයකයින් 3 කට තාවකාලික ස්ථාන මාරු

    පොලිස් නිළධාරීන් 105 ක් හා සහයකයින් 3 කට තාවකාලික ස්ථාන මාරු

    එලැඹෙන පළාත් පාලන මැතිවරනයට ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන් ගේ ඥාතීන් වන පොලිස් නිලධාරීන්  105 කට හා පොලිස් ආරක්ෂක සහයකයින් 3 කට තාවකාලික ස්ථාන මාරු වීම්.

    මෙම නිලධාරීන් හා සහයකියන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් ඉදිරිපත්ව සිටින කොට්ඨාසයේ පොලිස් ස්ථානවල සේවය කිරීම නිසා තාවකාලික පදනමින් මෙලෙස අදාළ ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

     

     

     

     

     

     

     

  • මහින්ද ITN එකට තැබූ කෝටි 11කට අධික පොල්ල ගැන ජනපති විමර්ශන වාර්තාව මෙන්න

    මහින්ද ITN එකට තැබූ කෝටි 11කට අධික පොල්ල ගැන ජනපති විමර්ශන වාර්තාව මෙන්න

    පැවති 2015 ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසි සහගත අන්දමින් ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ස්වාධීන රූපවාහිනිය නොමිලයේ යොදාගැනීම තුළින් රාජ්‍ය ආයතනයක් වූ එම රූපවාහිනියට රුපියල් එකොලොස් කෝටි විසිනව ලක්ෂ හාරදහස් හයසිය තිස් අටක (රු. 112,904,638) මුදලක් පාඩු සිදු කිරීම සහ එම ජනාධිපතිවරණයේම පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම් සඳහා සත්‍ය ගුවන්කාල සම්මත මුදල මෙන් දෙගුණයක් අයකර එකම මැතිවරණයකදී සමාන අපේක්ෂකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට අසමාන ලෙස සැලකීමකට බඳුන් කර වැඩි පුර මුදලක් ස්වාධීන රූපවාහිනී පාලන අධිකාරිය මගින් ලබාගැනීමට කටයුතු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සිදු කළ පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව මේ වනවිට ලැබී තිබේ.

    එම සම්පූර්ණ වාර්තාව පහතින් පලවේ…

    “ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයවිය යුතු මුදල් නොගෙවීම සම්බ්නධ PCI/95/2015 දරණ පෙත්සම

    අක්‍රමිකතාවයන් සහ වගකිවයුතු පාර්ශවයන්…

    ඉහත සඳහන් පෙත්සම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයෙන් අනතුරුව පහත සඳහන් පාර්ශවකරුවන් පරීක්ෂණ සඳහා කැඳවීමට නොතීසි ලත් පාර්ශවයන් ලෙස හඳුනාගෙන ඇත.

    හේවගේ අනුර සිරිවර්ධන, නොම්බර 156/14, මාකොළපාර කිරිබත්ගොඩ.
    විජේසිංහ පණ්ඩිතගේ අරුණ මූර්ති විජේසිංහ, සාමාන්‍යධිකාරී ස්වාධීන රූපවාහිනී සේවය, වික්‍රමසිංහ පුර බත්තරමුල්ල.
    ජයසිංහ ආරච්චිගේ උපාලි රංජිත්, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (අලෙවි), ස්වාධීන රූපවාහිනී සේවය, අංක 325, බෞද්ධාලෝක මාවත කොළඹ 07.
    දිලීප් ප්‍රියන්ත වික්‍රමසිංහ, සහකාර කළමණාකරු (අලෙවි) ස්වාධීන රූපවාහිනී සේවය, අංක 325, බෞද්ධාලෝක මාවත කොළඹ 07.
    කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංක 400/53, සරණපාර කොළඹ 07.
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී / හිටපු ජනාධිපති, අංක 117, විජේරාම පාර කොළඹ 07.
    අනාවරණය වූ වැරදි.

    01 සිට 06 දක්වා වන නොතීසිලත් පාර්ශවයන්ට ආදාළව පරීක්ෂණයට පදනම් වූ සිද්ධීන් මෙසේය.

    පුරප්පාඩුවක් නොමැති අවස්ථාවකදී අනුර සිරිවර්ධන යන අය ස්වාධීන රූපවාහිනියේ මාධ්‍ය ජාලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් අක්‍රමවත් ලෙස පත්කිරීම.

    2015 ජනාධිපති මැතිවරණ කාලසීමාව ඇතුළතදී අපේක්ෂ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම් මීඩියා ෆැක්ටරි ආයතනය මගින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ආයතනය වෙත යොමු කර නොමිලයේ විකාශනය කිරීම තුළින් සිදු වී ඇති රුපියල් 101,773,058ක මූල්‍යමය පාඩුව.
    ඉහත මැතිවරණ කාලසීමාව තුළදී අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන දැන්වීම් ස්පෙල් සොලියුශන් ආතනය නමින් යොමු කර ස්වාධීන රුපවාහිනී මාධ්‍ය ජාලය මගින් මුදල් ලබා නොගෙන විකාශ කිරීම තුළින් සිදුව ඇති රුපියල් 2,467,812ක මූල්‍යමය පාඩුවක්.

    2015 ජනාධිපතිවරණ මැතිවරන කාලසීමාව තුළදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරන ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම් විකාශනය කිරීමට පෙර මුදල් ලබාගෙන එම දැන්වීම් ප්‍රචාරය නොකර ලබාගත් මුදලින් රුපියල් 8,663,768ක මුදලක් ආපසු වික්ටරි ඇඩ්වර්ටයිසින් ආයතනය වෙත ගෙවීම තුළින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ලැබීමට තිබූ ආදායමක් නොලැබී යාම හේතුවෙන් සිදුවී ඇති ඉහත සඳහන් කළ මූල්‍යමය පාඩුව.

    05. 2015 ජනාධිපතිවරණයේදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම් සඳහා සත්‍ය ගුවන්කාල සම්මත මුදල (Rate Card) මෙන් දෙගුණයක් අයකර එකම මැතිවරණයකදී සමාන අපේක්ෂකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට අසමාන ලෙස සැලකීමකට බඳුන් කර වැඩි පුර මුදලක් ස්වාධීන රූපවාහිනී පාලන අධිකාරිය මගින් ලබාගැනීමට කටයුතු කිරීම සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට සිදුවී ඇති රුපියල් 112,904,638ක මූල්‍යමය පාඩුව.

    නිර්දේශිත නෛතික ක්‍රියාමාර්ග

    මෙම කොමිෂන් සභාව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණයෙන් පසුව ඊට අදාළ අවසන් වාර්තාව මේ වනවිට ඔබ තුමා වෙත ඉදිරිපත් කර ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම කොමිෂන් සභාව විසින් එළඹෙන ලද නිගමන හා තීරණ ඉහත කී වාර්තාවේ iv, v සහ vi වන කොටස්වල දක්වා ඇති අතර එහි උධෘත මෙහි පහත සඳහන් කර ඇත. “… වගකිවයුතු පුද්ගලයන්ට විරුද්ධව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් මෙම කොමිෂන් සභාව විසින් කරුණු ලබන නිර්දේශ

    මෙම සිද්ධීන් පදනම්කරගෙන පැවැත්වූ පරීක්ෂණයේදී මෙහෙයවන ලද සාක්ෂි සහ රහස් ප්‍රශ්න මගින් පෙන්වා දී ඇති කරුණුද දැන්වීම් ලත් පාර්ශවයන් වෙනුවෙන් ඉදිරිපත් කරනලද ලිඛිත සැලකීම්ද යන සියල්ල සලකා බලා එකී සාක්ෂි මෙකී කොමිෂන් සභාව විසින් ඉහත විස්තර කරණ ලද ආකාරයට විශ්ලේෂණය කිරීමෙන් පසුව, 01වන දැන්වීම් ලත් පාර්ශවය වන අනුර සිරිවර්ධනද, 03න්වන දැන්වීම් ලත් පාර්ශවය වන උපාලි රංජිත්ද, 04 වන දැන්වීම් ලත් පාර්ශවය වන දීලීප් වික්‍රමසිංහද, 06 වන දැන්වීම් ලත් පාර්ශවය වන මහින්ද රාජපක්ෂ යන අය අල්ලස් පනතේ 70 වන වගන්තියෙහි විස්තර කර ඇති “දූෂණය” නමැති වරද, දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද, දූෂණයට අනුබල දීමේ වරද යන මෙම වැරදි එකක් හෝ ඊට වැඩි ගණනක් සිදු කර ඇති බව මෙම කොමිෂන් සභාවේ තීරණයයි.

    මෙම (1) වන කොටසෙහි මෙම කොමිෂන් සභාව වෙත පවරා ඇති විධි නියෝග අනුව දූෂණ ක්‍රියා මගින් රාජ්‍ය වත්කම්වලට සහ රාජ්‍ය ආදායමට බරපතල අදාභ සිදුවීම සම්බන්ධව මෙම කොමිෂන් සභාවට විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීමට බලය ලබාදී ඇත.

    මෙහි සඳහන් දූෂණය නැමති වරද විස්තර කෙරෙන්නේ අල්ලස් පනතෙහිය. එකී පනතෙහි 70වන වගන්තියෙහි දූෂණය යන වරද පිළිබඳව විස්තර කර තිබේ. ඒ අනුව ආණ්ඩුවට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩු සිදු කිරීමේ තමා වෙත හෝ යම් තැනැත්තෙකු වෙත අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස අර්ථ ලාභයක් අනුග්‍රහයක් හෝ වාසියක් සිදුකිරීමේ චේතනාවෙන්, හෝ ආණ්ඩුවට හෝ යම් තැනැත්තෙකුට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩු සිදුවිය හැකි බව නැතහොත් යම් තැනැත්තෙකුට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස අර්ථලාභයක්. අනුග්‍රහයක් හෝ වාසියක් සැලසෙන බව දැන දැනම පහත දැක්වෙන යම් ක්‍රියාවක්, එනම්

    (අ) රජයේ සේවකයෙකු වශයෙන් වූ ස්වකීය ධුරය ප්‍රකාර කිරීමට තමාට බලය පැවරී ඇති යම් ක්‍රියාවක් කරන හෝ කිරීමෙන් වැලකී සිටින;

    (ආ) රජයේ සේවකයෙකු වශයෙන් වූ ස්වකීය ධුරය ප්‍රකාර කිරීමට යම් රජයේ සේවකයෙකුට බලය පැවරී ඇති යම් ක්‍රියාවක් ඉටු කිරීමට හෝ ඉටු කිරීමෙන් වැලකී සිටීමට, වෙනත් යම් රජයේ සේවකයෙකු ලොළඹවන;

    (ඇ) රජයේ සේවකයෙකු වශයෙන් වූ ස්වකීය ධුරය ප්‍රකාර තමාට දැනගැනීමට ලැබෙන යම් තොරතුරක් පාවිච්චි කරන;

    (ඈ) රජයේ සේවකයෙකු වශයෙන් වූ ස්වකීය ධුරය ප්‍රකාර යම් තීරණයක් ගැනීමෙහිලා සහභාගීවන;

    (ඉ) රජයේ සේවකයෙකු වශයෙන් වූ ස්වකීය ධුරය කෙළින්ම හෝ අන්‍යාකාරයකින් පාවිච්චි කිරීමෙන් යම් ක්‍රියාවක් ඉටු කිරීමෙන් හෝ ඉටු කිරීමෙන් වැලකී සිටීමට වෙනත් යම් කෙනෙකු පොළඹවන;

    යම් රජයේ සේවකයෙකු දූෂණය පිළිබඳ වරද සම්බන්ධයෙන් වරදකරු වියයුතු බව සඳහන් වේ.

    “රජයේ සේවකයා” යන්නෙහි අර්ථනිරූපනය අල්ලස් පනතේ අනූවන වගන්තිය යටතේ දැක්වෙන්නේ මෙසේය.

    “රජයේ සේවකයා” යන්නට අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45වන ව්‍යවස්ථාව යටතේ පත්කරන ලද අමාත්‍යවරයෙකු, කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා, කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, පළාතක ආණ්ඩුකාරවරයෙකු, පළාතක අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, රජයේ සෑම නිලධරයෙකු, සේවකයෙකු හෝ සේවා නියුත්තකයකු හෝ පාරිශ්‍රමිකයක් ලැබුවද නොලැබුවද පළාත් සභාවක පළාත් පාලන ආයතනයක හෝ උපලේඛනගත ආයතනයක හෝ කොටස්වලින් 50%කට වැඩි ප්‍රමාණයක් ආණ්ඩුව විසින් දරුණු ලබන 1982 අංක 17 දරණ සමාගම්පනත යටතේ ස්ථානගත කරන ලද සමාගමක යම් සභාපතිවරයෙකු, අධ්‍යක්ෂවරයෙකු, අධිපතිවරයෙකු, සාමාජිකයෙකු, නිලධරයෙකු හෝ සේවා නියුක්තිකයෙකු, පළාත රාජ්‍ය සේවයේ සාමාජිකයෙකු, සෑම ජූරි සභිකයෙකු, සෑම බලයලත් මිනින්දෝරුවරයෙකු සහ යම් අධිකරණයක් විසින් හෝ වෙනත් යම් රජයේ නිසි බලධරයෙකු විසින් යම් කටයුත්තක් හෝ කාරණයක් තීරණය කිරීම හෝ වාර්තා කිරීම පිණිස යොමු කර ඇති සෑම බේරුම් කරුවෙකු හෝ වෙනත් තැනැත්තෙකුද ඇතුළත් වේ.

    ඒ අනුව සාක්ෂිවලින් අනාවරණය වූ ලෙසට කොටස්වලින් 100%ක්ම රජය සතු වූ ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති, අධ්‍යක්ෂ වරයන්, සාමාජිකයන්, නිළධරයන් සහ සේවා නියුක්තිකයන් සියලු දෙනා “රජයේ සේවකයන්”වේ.

    “කුමන්ත්‍රණය” නමැති වරද දණ්ඩනීති සංග්‍රහයේ 113 ආ වගන්තිය යටතේ දඬුවම් ලැබියහැකි වරදක් වන අතර, එය වෙනත් යම් වරදක් සිදු කිරීමට හෝ ඊට අනුබලදීම හා සම්බන්ධ වේ.

    “අනුබලදීම” දණ්ඩනීති සංග්‍රහයේ 102 වගන්තිය යටතේ දඬුවම් ලැබියහැකි වරදක් වන අතර, එයද වෙනත් වරදක් හා සම්බන්ධ වේ. වරදට අනුබල දෙන්නාට ඒ වරද සඳහා නියමිත දඬුවමෙන්ම දඬුවම් කළ යුතුය.

    ඒ අනුව 01, 03, 04, 06 දැන්වීම් ලත් පාර්ශවයන්ට පහත සඳහන් චෝදනා යටතේ නඩු පැවරීමට මෙම කොමිෂන් සභාව නිර්දේශ කරණු ලබයි.

    රජයේ සේවකයන් වූ 01, 03, 04 දැන්වීම් ලත් පාර්ශවයන්, 06වන දැන්වීම් ලත් පාර්ශවය සමග එක්ව ආණ්ඩුවට අයුතු සහගත ලෙස හෝ නීති නීතිවිරෝධී ලෙස පාඩුවක් සිදුවිය හැකි බව දැන දැනම නැතහොත් 06වන දැන්වීම් ලත් පාර්ශවයට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සැලසෙන බව දැන දැනම 2015 ජනාධිපතිවරණයට අදාළව මහින්ද රාජපක්ෂ නැමති 06වන දැන්වීම්ලත් පාර්ශවකාර ජනාධිපති අපේක්ෂක වරයාගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් විකාශනය කිරීමේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයකරගතයුතුව තිබූ රුපියල් 102,158,058ක ප්‍රචාරක දැන්වීම් නොමිලයේ විකාශනය කිරීමෙන් “දූෂණය” නමැති වරද සිදුකිරීම සඳහා හෝ එකී වරද සිදු කිරීමට හෝ අනුබලදීම හෝ පොදු අරමුණක් සහිතව එකී වරද සිදුකිරීමට හෝ ඊට අනුබලදීමට හෝ එක් ක්‍රියාකිරීමට එකතුවීමෙන් එකී වරද සිදුකිරීමට හෝ ඊට අනුබලදීමට කුමන්ත්‍රණය කිරීමේ වරද සිදු කළ බවද, එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් අනුව එකී දූෂණය නම් වරද සිදුවී ඇති බැවින් ඉහත 01, 03, 04, 06 දැන්වීම් ලත් පාර්ශවකරුවන් දණ්ඩනීති සංග්‍රහයේ 113 ආ සහ 102 යන වගන්ති සමග කියවියුතු 1998 අංක 20 දරණ පනතින් සංශෝධිත අල්ලස් පනතේ 70වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබියයුතු වරදක් සිදු කර ඇති බවය.

    රජයේ සේවකයන් වූ 01, 03, 04, දැන්වීම් ලත් පාර්ශවයන්, 06වන දැන්වීම් ලත් පාර්ශවය සමග එක්ව ආණ්ඩුවට අයුතුසහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩුවක් සිදුවිය හැකි බව දැන දැනම නැතහොත් 06වන දැන්වීම් ලත් පාර්ශවයට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සැලසෙන බව දැන දැනම 2015 ජනාධිපතිවරණයට අදාළව මහින්ද රාජපක්ෂ නැමති 06වන දැන්වීම් ලත් පාර්ශවකාර ජනාධිපති අපේක්ෂකවරයාගේ මැතිවරන ප්‍රචාරක දැන්වීම් විකාශනය කිරීමේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක වරයාගේ ප්‍රචාරක දැන්වීම් විකාශන කටයුතු සිදු කළ ස්පෙල් සොලියුෂන් නියෝජිත ආයතනයෙන් අයකරගත යුතු රුපියල් 2,467,812ක මුදලක් අයකර නොගැනීමෙන් “දූෂණය” නමැති වරද සිදු කිරීම සඳහා හෝ එකී වරද සිදු කිරීමට හෝ අනුබල දීම හෝ පොදු අරමුණක් සහිතව එකී වරද සිදු කිරීමට හෝ ඊට අනුබල දීමට හෝ එක්ව ක්‍රියාකිරීමට එකතුවීමෙන් එකී වරද සිදුකිරීමෙන් ඊට අනුබල දීමට කුමන්ත්‍රණය කිරිමේ වරද සිදු කළ බවද, එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් අනුව එකී දූෂණය නම් වූ වරද සිදුවී ඇති බැවින් ඉහත 01,03,04,06 දැන්වීම් ලත් පාර්ශව කරුවන් දණ්ඩනීති සංග්‍රහයේ 113 ආ සහ 102 වන වගන්ති සමග කියවියයුතු 1998 අංක 20 දරණ පනතින් සංශෝධිත අල්ලස් පනතේ 70වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබියයුතු වරදක් සිදු කර ඇති බවය.

    රජයේ සේවකයන් වූ 01, 03, 04, දැන්වීම් ලත් පාර්ශවයන් සහ 06වන දැන්වීම් ලත් පාර්ශවය විසින් මෛත්‍රීපාල සිරිසේන යන අයට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩු සිදුවිය යුතු බව දැන දැනම 2015 ජනාධිපතිවරණයේ මැතිවරණයේ ප්‍රචාරක දැන්වීම් විකාශනය කිරීම සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ එම අයගේ ප්‍රචාරක දැන්වීම් සඳහා අනෙක් ජනාධිපතිවරණ ප්‍රධාන අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීමකට අය කළ මුදල මෙන් දෙගුණයක් අයකිරීමෙන් “දූෂණය” නමැති වරද සිදු කිරීම සඳහා හෝ එකී වරද සිදු කිරීමට හෝ අනුබල දීම හෝ පොදු අරමුණක් සහිතව එකී වරද සිදු කිරීමට හෝ ඊට අනුබල දීමට හෝ එක්ව ක්‍රියාකිරීමට එකතුවීමෙන් එකී වරද සිදුකිරීමට හෝ ඊට අනුබල දීමට කුමන්ත්‍රණය කිරිමේ වරද සිදු කළ බවද, එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් අනුව එකී දූෂණය නම් වූ වරද සිදුවී ඇති බැවින් ඉහත 01,03,04,06 දැන්වීම් ලත් පාර්ශව කරුවන් දණ්ඩනීති සංග්‍රහයේ 113 ආ සහ 102 වන වගන්ති සමග කියවියයුතු 1998 අංක 20 දරණ පනතින් සංශෝධිත අල්ලස් පනතේ 70වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබියයුතු වරදක් සිදු කර ඇති බවය.

    රජයේ සේවකයන් වූ 01, 03, 04, දැන්වීම් ලත් පාර්ශවයන්, 06වන දැන්වීම් ලත් පාර්ශවය සමග එක්ව ආණ්ඩුවට හෝ යම් තැනැත්තෙකුට අයුතුසහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩුවක් සිදුවිය හැකි බව දැන දැනම නැතහොත් යම් තැනැත්තෙකුට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සැලසෙන බව දැන දැනම 2015 ජනාධිපතිවරණයට අදාළව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂක වරයාගේ මුදල් ගෙවූ රුපියල් 9,466,000ක් වටිනා ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීම් සාධාරණ හේතුවක් නොමැතිව අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස ස්වාධීන රූපවාහිණි මාධ්‍ය ජාලයේ විකාශනය නොකර එම මුදල් ආපසු ගෙවීමෙන් ආණ්ඩුවට පාඩුවක් සිදු කිරීමෙන් “දූෂණය” නමැති වරද සිදු කිරීම සඳහා හෝ එකී වරද සිදු කිරීමට හෝ අනුබල දීම හෝ පොදු අරමුණක් සහිතව එකී වරද සිදු කිරීමට හෝ ඊට අනුබල දීමට හෝ එක්ව ක්‍රියාකිරීමට එකඟවීමෙන් එකී වරද සිදුකිරීමට හෝ ඊට අනුබල දීමට කුමන්ත්‍රණය කිරිමේ වරද සිදු කළ බවද, එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් අනුව එකී දූෂණය නම් වූ වරද සිදුවී ඇති බැවින් ඉහත 01,03,04,06 දැන්වීම් ලත් පාර්ශව කරුවන් දණ්ඩනීති සංග්‍රහයේ 113 ආ සහ 102 වන වගන්ති සමග කියවියයුතු 1998 අංක 20 දරණ පනතින් සංශෝධිත අල්ලස් පනතේ 70වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබියයුතු වරදක් සිදු කර ඇති බවය.

    ඉහත කී වරදවල් සිදු කර ඇති පුද්ගලයින්ට එරෙහිව සාපරාධී නීති කෘත්‍ය ඇරඹීම සළකා බැලීමට සහ ඔවුන්ට විරුද්ධව නියමිත අධිකරණයේ නඩු කටයුතු පැවරීම සළකා බැලීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අවකාශය සලස්වනු පිණිස මෙම පෙත්සමට අදාළ විමර්ශනයේදී සටහන් කරන ලද ප්‍රකාශ සහ පරීක්ෂණයට අදාල සාක්ෂිද, සළකුණු කරන ලද ලේඛනද ඇතුළත් ගොනු පිටපත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට මෙම කොමිෂන් සභාව විසින් තීරණය කරන ලදී…”

    “… වරදවල් සහ වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග.

    2015 මාර්තු 06 දිනැති අංක 1904/57 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අතිගරු ජනාධිපති තුමා විසින් මෙම කොමිෂන් සභාව පත් කිරීමේ අරමුණු අතර වරදවල් සහ වැරදි ක්‍රියාවල් සිදු කර තිබීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තන්ට එරෙහිව ගතයුතු යම් ක්‍රියාමාර්ග වෙතොත් ඒ පිළිබඳව කොමිෂන් සභාවේ නිර්දේශ සහ එබඳු වරදවල් හා වැරදි ක්‍රියාවන් ඉදිරියේ සිදුවීම වලක්වාලීමේ අරමුණෙන් කරනු ලබන නිර්දේශ අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුය…”

    “… වරදවල් සහ වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තන්ට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග.

    දූෂණය, දූෂණයට කුමන්ත්‍රණය කිරීම, දූෂණයට අනුබලදීම යන වැරදිවලට වගකිවයුතු 01,03,04,06 දැන්වීම් ලත් පාර්ශවයන්ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කර අධිකරණයේ නඩු කටයුතු පැවැත්විය යුතු බවට මීට ඉහතදී නිර්දේශ කර තිබේ.

    ඊට අමතරව ස්වාධීන රූපවාහිනී සේවයේ සේවකයන් වන 01,03,04, දැන්වීම් ලත් පාර්ශවයන් සමහරෙක් තවමන් එම ආයතනතුළ සිටින අතර, සමහරෙකු තාවකාලිකව වැඩ තහනමට ලක්ව තිබේ. මෙම කොමිෂන් සභාව විසින් මෙම සිද්ධිය සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඉහත සඳහන් තීරණ සහ නිර්දේශ ලබාදී තිබේ. ඒ අනුව මෙම 01,03,04 දැන්වීම් ලත් පාර්ශවයන් තවදුරටත් ස්වාධීන රූපාවාහිනී ආයතනයේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක රැකියා කිරීම, තනතුරු දැරීම හෝ වගකීම් දැරීම නුසුදුසු බව මෙම කොමිෂන් සභාවේ මතයයි.

    06වන දැන්වීම් ලත් පාර්ශව කරු මෙම කොමිෂන් සභාවට ඉහත කී අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව එහි විශය පතය තුළට ඇතුළත් වී ඇත්තෙ දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ගේ ගණයටය.

    “දූෂණය” අද මුළු රටම වෙලාගත් ව්‍යසනයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ දූෂණයට හෝ වෙනත් අපරාධ නඩුවකට අධිකරණයේදී වරදකරුවී දඬුවම් ලැබූ අයෙකු මහජන නියෝජිතයෙකු වශයෙන් තේරීපත්වීමේදී ඇති නුසුදුසුකම් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙහි 89වන ව්‍යවස්ථාවේ සඳහන් වේ.

    89 (ඈ) යන ව්‍යවස්ථාව ප්‍රකාරව යම් කිසි තැනැත්තෙකු අවුරුදු 2කට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරද කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද මාස 06කට නොඩු කාලයකට කවරවූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටියි නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ එම දඬුවම සම්පූර්ණයෙන්ම විඳ සිටියේනම් නැතහොත් මරණීය දණ්ඩනයට යටත්ව සිටියි නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් ක්‍රියාවේ යෙදවීම වෙනුවට 06මාසයකට නොඅඩු කාලයකට බණ්ධනාගාර ගත කිරිමේ දඬුවමක් විඳිමින් සිටියි නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ එම දඬුවම සම්පූර්ණයෙන්ම විඳ සිටියේනම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තොරාපත්කරගැනීමේ මැතිවරණයකදී හෝ ඡන්ද හිමියෙකු වීමට හෝ ජනමත විචාරණයකදී ඡන්ද දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය යනුවෙන් සඳහන් වේ.

    ඊට අමතරව 89 (ඉ) (iv) ව්‍යවස්ථාව ප්‍රකාරව යම්කිසි තැනැත්තෙකු අල්ලස් පනතේ විධි විධාන යටතේ හෝ මතු පනවනු ලබන්නා වූද, අල්ලස් පනතට අනුරූප වන්නා වූද, යම් කිසි නීතියක විධිවිධාන යටතේ හෝ අල්ලස් චෝදනාවකට වරදකරු කරණු ලැබුව හොත් හෝ වරද කරු යයි තීරණය කරණු ලැබුව හොත් හෝ අන්තම වරද එසේ වරද කරු කරණු ලැබූ හෝ වරද කරු යයි තීරණය කරණු ලැබූ දින පටන් සත් වර්ශයක් ඉකුත් වී ඇත්නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරාපත්කිරිමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තොරාපත්කරගැනීමේ මැතිවරණයකදී හෝ ඡන්ද හිමියෙකු වීමට හෝ ජනමත විචාරණයකදී ඡන්ද දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය.

    වරදකට වරදකරු කිරීමෙන් මහජන නියෝජිතයෙකු වශයෙන් පත් කිරීමට නුසුදුසුවන ඉහත සීමාවන් සළකා බැලීමේදී පෙනී යන්නේ සිරදඬුවම් විඳි දේශපාලනඥයෙකුට වුවද සත් වසරකින් පසුව නැවත මහජන නියෝජිතයෙකු වශයෙන් තේරී පත්වීමට අවස්ථාව ඇති බවයි. නමුත් මෙම කොමිෂන් සභාවේ අදහස් වන්නේ අපරාධ ක්‍රියාවකට විශේෂයෙන් “දූෂණය” වැනි වරදකට වරදකරු වූ දේශපානඥයෙකු සත් වසරකින් පසුව වුවද මහජන නියෝජිතයෙකු වශයෙන් තේරීපත්වීම නොසුදුසු බවය.

    දේශපානඥයෙකු ව්‍යවස්ථාදායකයේ නියෝජිතයෙක් වන්නේ රටට සහ ජනතාවට සේවය කිරීම උදෙසාය. රටේ මුල් පුරවැසියා වන ජනාධිපතිවරයා ඊටත් වඩා භාරධූර අන්දමින් වගකිවයුතු මහජන නියෝජිතයෙකි. දූෂණය නමැති වරදට පුද්ගලයෙකු වරදකරු වන්නේ රජයේ සේවකයෙකු වශයෙන් තමාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදීය. එසේම දූෂණය නමැති වරද සිදු කිරීමේදී ආන්ඩුවට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩු සිදුකිරීමද ඇතුළත් වේ.

    මෙම පරීක්ෂණයට අදාළ සිද්ධියේ 06වන දැන්වීම් ලත් පාර්ශව කරු විසින් පත් කරන ලද සභාපතිවරයා වන 01 වන දැන්වීම් ලත් පාර්ශවකරු 100%ක් රජයේ කොටස් ඇති ස්වාධීන රූපවාහිනී ආයතනය තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සළකා රජයට පාඩු කරමින් මෙම දූෂණය නැමති වරද සිදු කර ඇති බව පෙනී යයි. 06වන දැන්වීම් ලත් පාර්ශවයද ඒ ආකාරයෙන්ම දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද සිදු කර ඇත. 03 සහ 04වන දැන්වීම් ලත් පාර්ශවයන්ද දූෂණය නමැති වරද සහ දූෂණයට අනුබලදීමද, දූෂණයට කුමන්ත්‍රණය කිරීමද, විවිධ අවස්ථා යටතේ සිදු කර ඇති බව පෙනී යයි. මෙවැනි වැරදි සිදු කළ අය රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් සේවයක් සිදු කෙරෙතැයි අපේක්ෂා කළ නොහැක.

    ඒ අනුව වසර 07කින් පසුව හෝ එවැනි වරදවලට වරදකරු වූ දේශපාලනඥයින්ට ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් වශයෙන් හෝ ව්‍යවස්තාපිත මණ්ඩලයන්හි නිලධරයන් වශයෙන් පත්වීමට අවස්ථාව ලබාදීම නොසුදුසු බව මෙම කොමිෂන් සභාවේ අදහසයි. ඒ අනුව මේ කොමිෂන් සභාව නිර්දේශ කරුනු ලබන්නේ ඉහත ව්‍යවස්ථාවල දක්වා ඇති ලෙසට වැරදි කරුවන් වූ අය එසේ වරද කරු කිරීමෙන් පසු කිසිම අවස්ථාවක මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම හෝ මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම සඳහා අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් වීම නුසුදුසුබවට වන නීති සම්පාදනය කිරීම අවශ්‍ය බවය…”

    “… වරදවල් සහ වැරදි ක්‍රියාවන් ඉදිරියේදී සිදුවීම වලක්වාලීමේ අරමුණෙන් කරනු ලබන නිර්දේශ.

    මෙම පරීක්ෂණයේදී හෙළිදරව් වූ කරුණක් වන්නේ බලයේ සිටි ජනාධිපතිවරයෙකු ජනාධිපතිවරයා වශයෙන් සිටියදීම නැවත ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන අවස්ථාවක රාජ්‍ය මාධ්‍යවලට බලපෑම් සිදු කරන ආකාරයයි. මෙරටෙහි පවතින මාධ්‍ය අතුරින් මුළු රටේම ප්‍රධාන වශයේන ප්‍රචලිතව ඇත්තෙ රාජ්‍ය මාධ්‍යයයි. රාජ්‍ය මාධ්‍යවන රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනී සේවය මුළු රටේම ව්‍යාප්ත වී විශේෂයෙන්ම අද ගම්බද ජනතාවට වඩාත් සමීප වූ රූපවාහිනී නාලිකා වේ. ඒ අනුව මැතිවරණයක් පැවැත්වෙන කාලවකවානුවකදී මෙම රාජ්‍ය මාධ්‍ය මගින් රටේ ජනතාව ලබාදියහැකි පණිවිඩය ඉතා ප්‍රබලය. ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් මේ රටේ ඇති කිරීමටනම් රාජ්‍ය මාධ්‍ය හැකිතාක් දුරට ස්වාධීනව, දේශපාශලන පක්ෂපාතීත්වයෙන් තොරව කටයුතු කිරීම වැදගත් වේ. විශේෂයෙන් මැතිවරණයක් පැවැත්වෙන කාලවකවානුවකදී මෙම අවශ්‍යතාවය වඩාත් කැපී පෙනෙයි. මෙරටෙහි පවතින් දේශපාලන වාතාවරණය අනුව කුමණ රජයක් බලයේ පැවතියත්, රාජ්‍ය මාධ්‍ය තම දේශපාලන අවශ්‍යතා සඳහා යොදාගැනීමේ වැඩි නැඹුරුවක් පවතියි. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මැතිවරණයකදී ජනතාවගේ ඡන්ද අයිතිය පාවිච්චි කිරීම කෙරෙහි කිසියම් හෝ බලපෑමක් රාජ්‍ය මාධ්‍ය මගින් සිදු කරන්නේනම් ඒවා වැලැක්වීමට කටයුතු කළ යුතුව ඇත.

    මේ අනුව මැතිවරණයක් පැවැත්වෙන කාලසීමාවේදී රාජ්‍ය මාධ්‍ය අධීක්ෂණය කිරීමට සහ නියාමනය කිරීමට ඒ සඳහා අවශ්‍ය බලතල ඇති අධිකාරියක් හෝ ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීම සුදුසු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශයයි. ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන්නේනම් ව්‍යවස්ථාධායක සභාව මගින් එම කොමිෂන් සභාව පත් කළ හැකි අතර, ඊට නිසි බලතලද ලබාදීම වැගත් වේ. මැතිවරණයක් පැවැත්වෙන කාලසීමාවකදී මාධ්‍ය නියාමනය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය ඇති නමුත්, ප්‍රායෝගික තත්වය පරීක්ෂා කිරීමේදී එම බලතල ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ලෙස හැසිරවීමේ හැකියාව ඉතාම අල්ප බව පැහැදිළිව පෙනෙන කරුණකි. ඒ නිසා රාජ්‍ය මාධ්‍ය නියාමනය කිරීම සඳහා පත්කරනු ලබන අධිකාරිය හෝ ස්වාධීන කොමිෂන් සභාවට අවශ්‍ය බලතල ලබාදීමද වැදගත් වේ. ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවන්නේනම් පනතක් මගින් එය ඇති කිරීම සිදු කළ යුතු අතර, මැතිවරණ කාලසීමාවලදී එම කොමිෂන් සභාව ක්‍රියාත්මක විය හැකිය. කොමිෂන් සභාවක සාමාජිකයන් පත් කිරීම ව්‍යවස්ථාධායක සභාව මගින් සිදු කළ හැකිය. ඒ අනුව රාජ්‍ය මාධ්‍ය ඔස්සේ සිදුවන මෙවැනි දූෂිත ක්‍රියා අවම කර ගැනීමට මෙවැනි පියවරක් ගැනීම තුළින් හැකිවන බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශයයි….”

    ඉහත කී සිද්ධිය සම්බන්ධව මෙම කොමිෂන් සභාව විසින් පවත්වන ලද පරීක්ෂණය සම්බන්ධව 2016 අප්‍රේල් මස 28 දිනැති අවසන් වාර්තාව ඔබ තුමා වෙත මේවනවිට බාරදි ඇත. එකී වාර්තාව මෙම අවසන් වාර්තාවේ කොටසක් ලෙස සැලකිය හැකිය.

  • ආන්දෝලනාත්මක මුස්ලිම් විවාහ නීති ගැන වාර්තාව යලිත් කරලියට…

    ආන්දෝලනාත්මක මුස්ලිම් විවාහ නීති ගැන වාර්තාව යලිත් කරලියට…

    මුස්ලිම්  විවාහ නීතිය සංශෝධනය කිරිමට නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව අධිකරණ අමාත්‍යංශය වෙත භාරදී තිබේ.
     
    කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ සලීම් මර්ෂුප් මහතා විසින් අදාළ වාර්තාව තමන්  වෙත භාරදුන් බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේය.
     
    2009 වසරේ හිටපු අධිකරණ අමාත්‍යවරයා විසින් සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමත්විත එම කමිටුව පත් කර තිබූ අතර අදාළ කමිටු වාර්තාව කඩිනමින් ලබාදිමට කටයුතු කරන ලෙස පසුගියදා වත්මන් රජය  කමිටු නිළධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
     
    කමිටුව විසින් මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියේ අඩංගු බොහෝ කරුණු පිළිබඳ  අවධානය යොමු කර ඇති අතර විවාහ වන වයස් සීමාව සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන්ය.