සයිටම් ආයතනය අහෝසි කරන තෙක් රටපුරා අඛණ්ඩ විරෝධතාවයක් සිදුකිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කළ බවත් ලබන 25 වැනිදා කොළඹ නගරය ඉලක්ක කරගනිමින් එම විරෝධතා පාගමන ආරම්භ කරන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා (22) පැවසීය.
කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමයේ පැවති මාධ්‍ය හමුවකට අද පස්වරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ළහිරු වීරසේකර මහතා මෙසේද කීය.
නෙවිල් ප‍්‍රනාන්දුගේ අයිතියෙන් සයිටම් එක අයින් කරන එක තමයි මෙතන වෙන්නේ. ඒකේ වත්කම් ඔක්කොම ගන්නවා ස්ලිට් එකට. ඊට පස්සේ අලූත් අධ්‍යක්ෂක මණ්ඩලයත් එක්ක සෙට් එකක් එකතුවෙලා මේ අධ්‍යාපනය විකුණන වැඬේ කරනවා.
සයිටම් වලට එරෙහිව අපි මේ සතිය තුළ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයත් , අන්තර් විශ්ව විද්‍යාල ශිෂය බළ මණ්ඩලයත් , අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බළ මණ්ඩලයත් , වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවත් අනෙකුත් විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒකාබද්ධ කරගත් දැවැන්ත විරෝධතාවයකට යනවා. ලබන 25 වනදා කොළඹදී දැවැන්ත පා ගමනක් සිදුකරමින් මෙම අරගලය ආරම්භ කරනවා.‘
Tag: featured
-

එයාලා රැවටුනාලු – යලිත් මහ පාරවල් වහනවාලු -අන්තරේ යළිත් සයිටම් සටනට
-

හොරුත් එක්ක ඩිල් දාලා මට බාධාවක් වෙන්න එපා – ජනපති මෛත්‍රී රනිල්ට කියයි
බැඳුම්කර වාර්තාවෙන් චෝදනා එල්ල වන පුද්ගලයින්ට දඬුවම් ලබා දීම සඳහා තමාට ශක්තිය ලබා දෙන්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කරනවා.
තමා දුර්වල නොකරන ලෙසටයි ජනාධිපතිවරයා සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම දඬුවම් හිමිවිය යුතු බවයි.
ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (22) මහනුවර පැවැති ජන රැළියකට එක්වෙමින්.
-

මැතිවරණ සමයේ මත් වරදකට ඇතුලට ගියොත් ඇප නෑ – විනිසුරු ඉලන්චේලියන්….
මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දී ඇති කිසියම් අපේක්ෂකයකු මිනීමැරුම්, ගෙවල් බිඳීම්, ස්තී‍්‍ර දුෂණ හෝ මත්ද්‍රව්‍ය වැනි චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත හොත් මැතිවරණය අවසන් වන තෙක් ඔවුන්ට ඇප ලබා දිය නොහැකි බව යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලන්චේලියන් පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ ගංජා ලග තබා ගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අපේක්ෂකයෙකුගේ ඇප අයදුමක් ප‍්‍රතික්ෂේප කරමින්.
මෙම අපේක්ෂයා ළඟ තිබී ගංජා කිලෝ ග්‍රෑම් 54ක් සොයා ගෙන තිබෙනවා.
-

ඔන්න රවී මම ඔයාව බේරුවා – මන්ත්‍රී රවිට මහින්ද කියපු කතාව ජනපති මෛත්‍රී හෙළිකරයි…
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකට හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතාගෙන් ලැබුණු රහසිගත දුරකථන ඇමතුමක් පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා (22) අනාවරණයක් කළා.
ජනාධිපතිවරයා පැවසුවේ රවී කරුණානායකට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාගෙන් ඔහුට මෙම දුරකථන ඇමතුම ලැබී ඇති බවයි.
එමෙන්ම එම විශ්වාසභංග යෝජනවට හිටපු ජනාධිපතිවරයා ඡන්දය ලබාදුන් බවද ජනාධිපතිවරයා කියා සිටියා.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේ මහනුවර (22) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රචාරක රැළියකට සහභාගී වෙමින්.
-

රතු භූමිතෙල්වලට අලුත් තහනමක්
රථ වාහනවලට, කර්මාන්තශාලාවලට සහ තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට භූමිතෙල් නිකුත් කිරීම තහනම් කර තිබෙනවා.
ඊට අදාළ වූ නියෝගයක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලූම පිරවුම්හල් වෙල ලබාදීමටයි දැනටමත් කටයුතු කර ඇත්තේ.
මෙලෙස අලෙවියට සීමා පනවා ඇත්තේ ලංකා භූමිතෙල් සඳහායි.
මෙරට වෙළඳපොලේ ලංකා භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් නමින් භූමිලෙත් වර්ග 02ක් අලෙවි කෙරෙනවා.
ලංකා භූමිතෙල් යනු රජයේ සහනාධාර යටතේ අඩු ආදායම්ලාභීන්ට හා ධීවර ජනතාව වෙත ලබාදෙන රතු පැහැයෙන් යුක්ත භූමිතෙල් විශේෂයයි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 30ක්.
කෙසේ වෙතත් ඇතැම් පිරවුම්හල්වල අධික ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ලංකා භූමිතෙල් කාර්මික සහ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් නිකුත් කර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
බස් රථවලට මෙන්ම බවුසර් රථවලට භූමිතෙල් යෙදීම හා ඩීසල්වලට භූමිතෙල් කලවම් කර අලෙවි කරන බවටද තොරතුරු හෙළිකර ගැණුනා. ඒ අනුව භූමිතෙල් අවභාවිතය නතර කිරීම සඳහා හදිසි වැටලීම් ද වැඩි කර ඇති බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප‍්‍රකාශ කළේ.
-

බැඳුම්කර වාර්තාවේ තැනින් තැන කුප්‍රකට රවීගේ සහ බිරිඳගේ නම්
බැඳුම්කර කොමිසන් සභා වාර්තාවේ ස්ථාන 184 ක හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායකගේ නම සඳහන්ව ඇතැයි වාර්තා වනවා.
මන්ත‍්‍රීවරයාගේ බිරිඳ වන මේලා කරුණානායකගේ නම ද ස්ථාන 11ක සටහන් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශන කළ සමයේ රවී කරුණානායක මන්ත‍්‍රීවරයා සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු බව කියන අර්ජුන් ඇලෝසියස් අතර සබඳතා පැවති බවටද තොරතුරු අනාවරණ වුණා.
වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමෙන් අනතුරුව එහි පිටපතක් ද මන්ත‍්‍රීවරයා විසින් ඉකුත්දා ලබාගත්තා. වාර්තාවේ පිටු කිහිපයක් අඩු බවට ද ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පාර්ශ්ව කිහිපයක් චෝදනා කරන්නේ මේ අතරතුරයි.
කෙසේ වෙතත් අදාළ වාර්තාවේ ඇතුළත් වන්නේ සත්‍ය කරුණු නොවන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක පවසන්නේ.
බැඳුම්කර වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් ලබාදෙන ලෙසට ද කථානායකවරයා ඉකුත්දා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් ද කළා. විමසීමක දී ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු කියා සිටියේ වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් ලබාගැනීම සඳහා කඩිනමින් කටයුතු කරන බවයි.
මේ අතර බැඳුම්කර වාර්තාවට අමතරව මහා පරිමාණ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ද ඉකුත්දා පාර්ලිමේන්තුවට ලබාදුන්නා. ඒ, සිද්ධීන් 34ක් පිළිබඳ සිදු කළ විමර්ශනයකට අදාළවයි. එමගින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන, මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී. බී. ජයසුන්දර මෙන්ම උතුරුමැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත්ට ද චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
-

තරාතිරම අදාළ නෑ.. බැඳුම්කර හොරුන්ට කිසිදු සමාවක් නෑ.. ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්..
බැඳුම්කර හා බරපතල වංචා දූෂණ වාර්තාවලින් වැරදිකරුවන් වන කිසිවෙකුටත් නිදැල්ලේ සිටීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පක්ෂ භේදයක් හෝ කිසිඳු තරාතිරමක් හෝ නොබලා වැරදිකරුවන්ට දැඩි දඩුවම් ලබා දෙන බවයි.
රටේ ජනතාව රොඳ බඳින්නේ පිරිසිදු දේශපාලන ගමනක් වෙනුවෙන් බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.
(21) පස්වරුවේ කන්තලේ පැවැති ජනහමුවකදී මෙම අදහස් පළ කෙරුණා.
-

යහපාලනය තහවුරු කරමින් ජනපති නියෝගයෙන් ඌවේ මහ ඇමතිට පරීක්ෂණයක්…
ඌව පළාත් ප්රධාන අමාත්‍ය චාමර සම්පත් දසානායක විසින් විදුහල්පතිනියක දණගැස්සවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
එම අපක්ෂපාතී පරීක්ෂණ වාර්තාවේ සඳහන් කෙරෙන ඕනෑම නීතිමය ක‍්‍රියාමාර්ගයක් කඩිනමින් ගන්නා ලෙසයි ජනාධිපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.
එමෙන්ම අදාළ පරීක්ෂණ අපක්ෂපාතීව සිදු කිරීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ කටයුතු පළාත් ආණ්ඩුකාරවරයා යටතට පත්කර ගන්නා ලෙසද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබෙනවා.
-

වික්‍ටර්ට නැවතත් පිය වරම් – හෂිනි රත්නායක ගැබ් ගනියි ?
වික්ටර් රත්නායක ප්‍රවීණ ගායන ශිල්පියා පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වූයේ වික්ටර් රත්නායකගේ දෙවන විවාහය නිසයි. වික්ටර් රත්නායක තමන්ට වඩා වයසින් ඉතා ලබාල හෂිනි අමේන්ද්‍රාගේ අත ගැනීම සමාජයේ පුවත් මවන සිදුවීමක් බවට පත්වුණා.
කෙසේ වෙතත් නැවතත් වික්ටර් – හෂිනි යුවළ පිළිබදව කතාබහක් ඇති වූයේ , තංගල්ල ප්‍රදේශයේ රජයේ බැංකුවක සිදුවූ ස්වර්ණාභරණ හොරකමක් සම්බන්ධයෙන් හෂිනි රත්නායක පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගයි. සිදුවීම සම්බන්ධයෙන් හෂිනි රත්නායක අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර , ඇය තවමත් පසු වන්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.
මේ අතර හෂිනි – වික්ටර් යුවළ පිළිබදව තවත් අපූරු කතා පුවතක් පැතිර යනවා. එනම් වික්ටර් රත්නායකට නැවතත් පිය වරම් ලබා දෙමින් හෂිනි රත්නායක ගැබ් ගෙන තිබෙන බවටයි. මින්පෙර හෂිනි රත්නායක පවසා තිබුණේ තමන් සහ සිය සැමියාට දරුවෙකු පිළිබද බලාපොරොත්තු තිබෙන බවයි.
මෙම නිසාම හෂිනි රත්නායක ගැබ් ගෙන තිබෙන බවට පැතිරෙන කතා පුවත සත්‍ය විය හැකි බවට සමාජජාලා වලද අදහස් පළව තිබුණා, හෂිනි රත්නායක අධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන යන අවස්තාවේ ඡායාරූප වලින් මේ බව පැහැදිලි වන බවත් සමාජජාලා වල අදහස් පළව තිබුණා.
කෙසේ වෙතත් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය තවමත් තහවුරුව නැහැ. හෂිනි රත්නායක බන්ධනාගාරයට රැගෙන යන අවස්තාවේ ඡායාරූප පහතින් ,
-

ඉල්ලුම්කරුවන් 3000 දැනටමත් ඔන්ලයින් මගින් ද්විත්ව පුරවැසිබව ඉල්ලලා….
ද්විත්ව පුරවැසි භාවය ලබාගැනීම සඳහා මේ වසරේ අයදුම්පත් 3000 ක් පමණ ලැබි ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන්ට ද්විත්ව පුරවැසි භාවය ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි පාලන අංශය කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි නියෝජ්‍ය පාලක ඒ.එල්.වී.අයි ලියනරත්න කියා සිටියේ ද්විත්ව පුරවැසි භාවය ලබාදීමේ කටයුතු කලක් අත්හිටුවා තිබුණ ද එය 2015 වසරෙන් පසු අඛණ්ඩව සිදු කරන බවයි.
වයස අවුරුදු 16 සිට 60 දක්වා වූ පුද්ගලයන් ගුවන් බලපත්‍ර ලබාගැනීමේ දී සහ ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනිමේ දී ඇඟිලි සලකුණු සටහන් කර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම විදේශ රටක සිටින ශ්‍රී ලාංකීකයන්ට මෙරට පුරවැසි අයදුම්පත් අන්තර්ජාලය මගින් ඉදිරිපත් කළ හැකි අතර විදේශ ගමන් බලපත්‍රය සඳහා ද අන්තර්ජාලය මගින් අයදුම්කළ හැකි බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ.
-

බැඳුම්කර වාර්තාව ගැන තීරණාත්මක තීරණ රැසක්….
බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා සහ දූෂණ චෝදනා විමර්ශන වාර්තා 34 හෙට (23) දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පක්ෂ නායකයින්ගේ එකඟතාව පළ කර තිබෙනවා.
ඒ, කථානායකවරයාගේ ප‍්‍රධාන්තවයෙන් අද (22) පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.
බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් පෙබරවාරී 10 වැනිදාට පෙර විවාදයක් ලබා දෙන්නැයි කළ ඉල්ලීම පිළිබඳ තීරණයක් ගැනීමට හෙට පස්වරුවේ පක්ෂ නායකයින් රැස්වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
-

භූමිතෙල් තොග අලෙවිය සීමා කෙරේ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාගේ අත්සනින් යුතුව සියලුම සිපෙට්කෝ බෙදුම්කරුවන් වෙත අංක 987 යටතේ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.භුමිතෙල් අවභාවිතය නතර කිරීමට මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරියේදී හදිසි වැටලීම්ද ක්‍රියාමක බව අමාත්‍යාංශය කියයි.
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය
“ලංකා භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් ලෙස භූමිතෙල් වර්ග දෙකක් වෙළඳපොළේ විකිණීමට ඇත. මෙයින් ලංකා භූමිතෙල් යනු සාමාන්‍ය පරිභෝජනය සඳහා රජයේ සහනාධාරය යටතේ අඩු ආදායම් ලාභී ජනතාවට සහ ධීවර ප්‍රජාව ඉලක්ක කර අලෙවි කෙරෙන භූමිතෙල්ය.
එම භූමිතෙල් රතු පැහැයෙන් යුක්තය. කර්මාන්ත ශාලා සහ තොග වශයෙන් භාවිත කිරීමට යොදා ගන්නා භුමිතෙල් කාර්මික භූමිතෙල් නමින් හැඳින්වේ. කාර්මික භූමිතෙල් අවර්ණය.
මෙහිදී අඩු ආදායම් ලබන ශ්‍රී ලංකාවාසී ජනතාවට සහ ධීවර ප්‍රජාවට ආර්ථික සහනයක් ලබා දීමේ අරමුණ ඇතිව ලංකා භූමිතෙල් අලෙවි කරනුයේ එක් ලීටරයකින් රුපියල් 30ක පාඩුවක් සංස්ථාව ලබමිනි.
2015 වර්ෂයේ ලංකා භූමිතෙල් අලෙවිය හා 2017 වර්ෂයේ පසුගිය මාසවල ලංකා භූමිතෙල් අලෙවිය සංසන්දනය කරන විට මෙරට ලංකා භූමිතෙල් පරිභෝජනය වැඩි වී ඇතැයිද අනාවරණය වී තිබේ. ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ඇතැම් පිරවුම්පොළවල බෙදුම්කරුවන් අධික ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ලංකා භූමිතෙල් වැඩි වශයෙන් ව්‍යාපාරික හා කර්මාන්ත ශාලාවලට නිකුත් කිරීමට පෙළඹීමත් බස්රථවලට සහ බවුසර් රථවලට භූමිතෙල් යෙදීම මෙන්ම ඩීසල්වලට භූමිතෙල් කලවම් කර විකිණීමත් නිසාය.
එහෙත් එවැනි ක්‍රියා නීතිවිරෝධීබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි. එබැවින් එවැනි වරදක් සිදු කළහොත් බෙදුම්කාරධුරත්වධුරය අහෝසි කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සිය චක්‍රලේඛයෙන් සියලුම සිපෙට්කෝ බෙදුම්කරුවන් වෙත දන්වා දන්වා සිටී.
දිවයිනේ අඩු ආදායම් ලබන ජනතාවට හා ධීවර ප්‍රජාවට සහන සැලසීමේ පරමාර්ථයෙන් සහන මිලකට අලෙවි කරනු ලබන ලංකා භූමිතෙල් ඔවුනට පමණක් නිකුත් කිරීමට සියලුම බෙදුම්කරුවන් වගබලා ගත යුතුය. ව්‍යාපාරික කටයුතුවලට සහ කර්මාන්තශාලාවලට කාර්මික භූමිතෙල් පමණක් නිකුත් කළ යුතුය. පෙට්‍රල් සහ ඩීසල් වාහනවලට ලංකා භූමිතෙල් අලෙවි කිරීද නීතිවිරෝධි ක්‍රියාවකි. අධික ලාභ ලබා ගැනීමේ අරමුණින් ඩීසල්වලට භූමිතෙල් කලවම් කළහොත් එම වරද සිදු කරන පිරවුම්හල්ද තහනම් කෙරේ”
-

වාහන සිහිනය දකින ඔබේ අවධානය පිණිසයි
ඔබත් වාහනයක් ගැනීමේ සිහිනයකින් පසුවෙනවාද?
එහෙනම් මෙන්න මේ පහත දක්වන වාහන sale වලින් වාහන ගැනිමේදීපරිස්සම් වෙන්න.
කොහුවල දුටුගැමුණු විදියේ A A Auto mart,
VTL Auto mobile රාගම,
සෙවන හෝල්ඩින්ග්ස් නුගේගොඩ.
මෙම වාහන සේල් වල ඔවුන්තවත් අතැරමැදියන් සමග සම්බන්ධ වි කූඨ ලෙස මුදල් වංචාවන් සිදු කරයි.
අතැරමැදියා ( බ්‍රොකර් ) ලෙසකටයතු කරන්නේඅංක225/3A , සොමාලංකාරමාවත, මාගම්මන ,හෝමාගමපදිංචි විජයමුණි ගයනි ශ්‍යාමලි ද සිල්වාID NO-786483085V /DL NO-A 018641578නැමැති කාන්තාව වන අතර ඇය සෙල් එකේ ඇතිවාහනය සාමාන්‍ය මිලට වඩා ලකෂ 3-4 අඩු මුදලකටලබාදෙන බව පවසා ගනු දෙනුකරු හට සියලුම Document පෙන්වාවාහනයේ වටිනාකම සේල් හිමිකාරයාගේ බැංකු ගිනුමටදැමු පසු වාහනය ලබාගත හැකි බව පවසයි මුදල් ගිනුමට දමා ගනී.
වාහනය ගැනිමට ගිය විට සෙල් අයිතිකරු පවසන්නෙ අර කාන්තාවවිසින් එම වාහනය අනවශ්‍ය බව
පවසා මුදල් රැගෙන ගිය බවය.මේ ආකාරයට දැනට මේම කාන්තාව හා සේල් හිමිකරුවන් එකතු වි රුපියල් ලකෂ 600 කට අධික මුදලක් මෙලෙස වංචා කර ඇත.මේ සම්බන්ධයෙන් කොළඹ මිරිහාන පොලිසියේ විශේෂවංචා හා දුෂණ විමර්ශන එකකය
මගින් පැමිණිලි 10 විභාග වේමින් පවතින අතර මොවුන්ගේ දේශපාලන බලවත් කම් නිසා මොවුන් නිතියෙන් කට්ටි පනිමින් සිටී.2018-01-17 වන දින මේම කාන්තාවපොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.නමුත් සෙල් හිමිකරුවන් තවමනිදැල්ලේ සිටී.අංහිසක මිනිසුන්ගේ මුදල් කූඨ ලෙස වංචා කරන මේවැනි අපරාධකරුවන්නිතිය රැහැනට හසුකර ගැනිමටබලධාරින්ගේ ඇස් කන් යොමු වේවා…
වාහන සිහිනය සෑබැ කර ගැනිමට සිටින ඔබ.
මේවැනි වංචාකාරයින්ට හසු නොවිමට වග බලාගන්න..
මේම Post එක දමන්නේ මගේද
රු ලකෂ 25 මුදලක් මෙලෙස අහිමි වු බැවින්
තවත් කෙනෙක් මේ උගුලෙන් බේරා ගැනිම සදහායි………මල්ෂි කොඩිකාර සිය මුහුණු පොතට එක්කර තිබූ ඇයට විඳින්න වුන අපහසුතාවය පිළිබඳව හා අන් අය එම අපහසුතාවයෙන් ගලවාගැනීම සඳහා වූ මෙම පොස්ටුව සුපිරි ගොසිප් අපි මෙසේ පල කරමු.


-

එජාපයේ මැතිවරණ මෙහෙයුම ගෝඨාභයගේ සම්බන්ධතාවය මත දෙරණේ දිලිත්ට …
එලඹෙන පලාත් පාලන මැතිවරණයයෙහි එජාපයේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු දෙරණ රූපවාහිණී ආයතනයට අයත් ” ට්‍රයි ඇඩ් ” ආයතනය වෙත භාරදී ඇති බව දැනගන්නට ඇත. ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇත්තේ මහින්ද පාර්ශවයේ ප්‍රබලයෙකු වන ගෝඨාභය රාජපක්ෂ විසින් බව කරුණු සනාත කරයි.
මහින්දගේ පාර්ශවයෙන් කොළඹ මහ නගර සභාව සඳහා ඉදිරිපත් වන මිලින්ද රාජපක්ෂද ට්‍රයිඇඩ් ආයතනයේ සේවය කරන්නේකු වන අතර, එජාප මැතිවරණ මෙහෙයුම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් සම්බන්ධීකරණය සිදු කිරීම හරහා ඉදිරියේදී දේශපාලන පෙරළියක පෙරනිමිති පහල වන බව මින් දැනගන්නට ලැබේ. ඒ සඳහා එජාපයට අයත් රජයේ ප්‍රබල අමාත්‍යවරු දෙපලක් ගෝඨාභය සමග සාකච්ඡා කර ඇති බවද, මෙම ප්‍රචාරණ කටයුතු හරහා ගෝඨාභය රාජපක්ෂ හටද අතයට යම් මුදල් ලැබෙන බවද සඳහන්ය.
-

විග්නේශ්වරම්ගේ දෙමළ ජාතික සංසධය කෑලි 4කට කැඩේ
දෙමළ ජාතික සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කොක්අඩිචෝලෙයි ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීමඩකලපුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ පට්ටිරප්පු කොට්ඨාස නායක පී.අරියනේන්ද්‍රන් මහතාඋතුරු පළාත් ප්රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් දෙමළ ජනතා සංසදය මේ වන විට කොටස් හතරකට කැඩී ගොස් ඇතැයි ප්‍රකාශ කර ඇත.එම ජන හමුවේදී ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින්, “උතුරු පළාතේ ඇතැම් දෙමළ නායකයින් මුලදී දෙමළ ජාතික සන්ධානය සමග සහයෝගයෙන් කටයුතු කළා. මේ වන විට ඔවුන්වෙන් වෙලා තනි තනිව මැතිවරණයට තරග කරනවා. උතුරේ පැවැති යුද්ධයෙන් පසු පැවැති සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කර තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානයයි. උතුරේ ජනතාවගේ ගැළවුම්කරුව දෙමළ ජාතික සන්ධානය බව ජනතාව පිළිගෙන තිබෙනවා. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජයගන්නේද දෙමළ ජාතික සන්ධානයයි” කියා සිටියේය.







