Tag: featured

  • අපිට බොන්න දෙන්න – සිංහල සංස්කෘතියට එරෙහිව සමනලී ෆොන්සේකා අධිකරණයට…

    අපිට බොන්න දෙන්න – සිංහල සංස්කෘතියට එරෙහිව සමනලී ෆොන්සේකා අධිකරණයට…

    කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමට අවසරය ලබා දෙමින් නිකුත් කළ ගැසට් නිවේදන අවලංගු කිරීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධීකරණයට අද මූළික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ඒ, ජනපි‍්‍රය නිළි සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් 11දෙනෙකු විසින්. එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ ගැසට් නිවේදන, කාන්තාවන්ට සමාන ලෙස සැලකීමට ගත් පියවරක් බවයි. ඒ තුළින් නිසි වයස සම්පූර්ණ කළ කාන්තාවන්ටද නිදහසේ තම වෘත්තීය සිදු කර ගැනීමේ අයිතිවාසිකම හිමිවන බවද පෙත්සමේ සඳහන්.

    කැබිනට් මණ්ඩලය ගත් බව කියන තීරණයකට අනුව එම ගැසට් නිවේදන අවලංගු කළ හොත් එමගින් කාන්තාවන් වශයෙන් සමානව සැලකීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝණය වන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ. අදාළ පෙත්සම මගින් මුදල් අමාත්‍යවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

  • ටයිකෝට් හොරුන්ව රටට හෙලිකල බැඳුම්කර වාර්තාව මෙන්න! මෙතනින් බලන්න

    ටයිකෝට් හොරුන්ව රටට හෙලිකල බැඳුම්කර වාර්තාව මෙන්න! මෙතනින් බලන්න

    මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව මහජනතාව වෙත අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර තිබෙනවා. 

    ජනාධිපති ලේකම් කාර්යාලයේ www.presidentsoffice.gov.lk නිල වෙබ් අඩවියේ එය පලකොට තිබෙනවා. 

    අදාල වාර්තාව මෙතනින් බලන්න

  • ගිහින් වැදලා සමාව ගනින් –  ජනපති මෛත්‍රීට අපහාස කල මරික්කාර්ට රනිල් කියයි..

    ගිහින් වැදලා සමාව ගනින් – ජනපති මෛත්‍රීට අපහාස කල මරික්කාර්ට රනිල් කියයි..

    පසුගියදා බැදුම්කර පරීක්ෂණ නිසා කෝපයට පත්ව ජනපති මෛත්‍රීට අපහාස වන අයුරින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ට ජනපති දෙපා නැමද  ජනාධිපතිවරයාගෙන් සමාව අයැදින මෙන් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.16 කැබිනට් රැස්වීම අතරතුර ජනපති මෛත්‍රීගේ වාග් ප්‍රහාරය හමුවේ භීතියට පත්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය  (17) රැස්වූ අවස්ථාවේ වික්‍රමසිංහ මහතා  ඉතා අවධාරණයෙන්ඒ යුතුව ඒ  බව ප්‍රකාශ කර ඇත..  මරික්කාර්ට තනිවම යා නොහැකි නම් තමා විසින් මරික්කාර් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත කැඳවාගෙන ගොස් දෙපා නැමද සමාව ගැනීමට සලස්වන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

  • දිනෙන් දින වැඩිවන මැතිවරණ උණුසුම අතරතුර ඩෙංගු මදුරුවා මන්ත්‍රී දියණියක් බිලිගනී..

    දිනෙන් දින වැඩිවන මැතිවරණ උණුසුම අතරතුර ඩෙංගු මදුරුවා මන්ත්‍රී දියණියක් බිලිගනී..

    පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ වැඩිමහල් දියණිය වන රංජලා ගම්ලත් ඉලේපෙරුම  (16) අළුයම හදිසියේ මියගොස්  තිබෙනවා.

    ඩෙංගු රෝගය වැළඳීමෙන් පසු   කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගය උත්සන්න වී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මියයන විට 35 වැනි වියේ පසුවූ ඇය දෙදරු මවක් වන අතර  දේහය කොළඹ සිට  (16) පස්‌වරුවේ  පොළොන්නරුවට රැගෙන ගොස් තිබෙනවා.

  • ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාරගන්නැයි අගමැතිගෙන් උපදෙස්…ඉදිරි දින කිහිපය තුලදී නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

    ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාරගන්නැයි අගමැතිගෙන් උපදෙස්…ඉදිරි දින කිහිපය තුලදී නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

     

     

     ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාරගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වාචිකව දැනුම් දුන් බවත් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉදිරි දින කිහිපය ඇතුළත දී පත්වනු ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද(17) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ  පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. 

    “ ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉදිරි දින කිහිපයේදී පත්වේවි. ඒ සම්බන්ධ ක්‍රියාවලිය මේ වනවිට සිදුවෙමින් තිබෙනවා. ඒ වගේම කිව යුතු දෙයක් තිබෙනවා. අපි ශ්‍රී ලන්කන් විකුණනවා, රජයේ බැංකු විකුණනවා කියලා කතා යනවා. කිසිවක් විකුණන්නේ නැහැ. අපි කරන්නේ කළමනාකාරීත්වය බාර දීම පමණයි. අපි පසුගිය වසරේදී රාජ්‍ය බැංකු සංවර්ධනය කිරීම සඳහා එම බැංකුවවල ප්‍රාග්ධනයට පමණක් රුපියල් බිලියන 10ක් යෙදෙව්වා.ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ කළමනාකාරීත්වය සම්බන්ධයෙන් කටාර් ගුවන් සේවය, ෆ්ලයි එමිරේට්ස් යන සමාගම් මෙන්ම ජපාන, චීන සහ ඉන්දුනීසියානු ගුවන් සමාගම් අවධානය යොමු කර තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා සහ ඉදිරියේදීත් සාකච්ඡා පවත්වන බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

  • පාර්ලිමේන්තු / පළාත් සභා මන්ත්‍රීන්ගේ තැපැල් පහසුකම ඩබල් වේ

    පාර්ලිමේන්තු / පළාත් සභා මන්ත්‍රීන්ගේ තැපැල් පහසුකම ඩබල් වේ

     පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිදහස් තැපැල් පහසුකම 100% කින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වසරකට රුපියල් 175000ක නිදහස් තැපැල් පහසුකමක් ලබාදෙන අතර එය මින් ඉදිරියට රුපියල් 350000ක් දක්වාත් පළාත් සභා මන්ත්‍රීවරයකුට වසරකට ලැබෙන රුපියල් 24000ක නිදහස් තැපැල් පහසුකම රුපියල් 48000 දක්වා ඉහළ නංවා තිබේ.

  • සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම යුද්ධයක් නෙමෙයි යුධ අපරාදයක්… විග්නේශ්වරම් අපේ රණවිරුවන් අපරාධ කාරයින් කරයි

    සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම යුද්ධයක් නෙමෙයි යුධ අපරාදයක්… විග්නේශ්වරම් අපේ රණවිරුවන් අපරාධ කාරයින් කරයි

     
    2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෙසු රටවල අනුග්‍රහය ඇතිව ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව ලක් රජය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් යුද සමයේ මෙරට සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතීන්ට අනුකූල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඩුවම් දිය යුතු බවත් යුද්ධ වකවානුවක සාපරාධි මනුෂ්‍ය ඝාතන සිදුකිරීම,මානව හිමිකම් කඩකිරීම හා සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම යුද්ධයක් නොව යුද අපරාධයක් බවත් මීට සම්බන්ධ සියල්ලන්ටම දඩුවම් දිය යුතු බවත් ඒ සඳහා ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවත් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා අවදාරණය කළේය.
     
    දෙමළ ජනතා සංසදය සංවිධානය කළ ආණ්ඩුක්‍රම මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබඳ  ජනතාව දැනුම්වත් කිරීමේ  වැඩසටහනකට එක්වෙමින් මහ ඇමතිවරයා මේ බව කියා සිටියේය.මෙම වැඩසටහන යාපනය වීරසිංහම් ශාලාවේදී ඊයේ (17) පැවතිණි.
     

  • මරුණත්කමක් නෑ කියල බෙල්ල දෙන්න ආපු මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ගහන්නෙ කලගුණ දන්නැති අයයි

    මරුණත්කමක් නෑ කියල බෙල්ල දෙන්න ආපු මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ගහන්නෙ කලගුණ දන්නැති අයයි

    නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද  (17) අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය…

    ” මරුණත්කමක් නෑ කියල බෙල්ලදෙන්න ආපු මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාට ගහන්න එපා කියල මම අපේ මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ කෙළෙහි ගුණ තියන්න. අපේ පක්ෂයට පොඩ්ඩක් කෙළෙහිගුණ අඩුගතියක් තියෙනවා. අමාරු අවස්ථාවක උදව්වට ආපු එකාට ගහන්න එපා.අපට ජනාධිපති අපෙක්ෂකයෙක් නැතිවෙලාවේ ඒ මනුස්සයා  අපේ පිහිටට ආවේ නැද්ද. එයා ආවට පස්සේ එයාව ජනාධිපති කරල  එයා මාර්ගයෙන් අගමැති පුටුවත් අරගෙන අපට 41යි තිබුණේ එයා මාර්ගයෙන් ආණ්ඩවත් හදාගෙන දැන් කියනවා පික් පොකැට් කාරයාලු හොඳද වැඩේ.  ඒක හොඳ නෑනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බැඳුන්කර හොරු අල්ලන එක වැරැදිදි හරිද. රංජන් රාමනායක බැඳුන්කර හොරකම කළා නම් රංජන් රාමනායකත් ඉන්න ඕනේ ඇතුළේ “

  • පොලීසියෙන් ගුටි දුන්නැයි කියා ලංකාවෙම විදුලි සේවකයෝ වර්ජනයක

    පොලීසියෙන් ගුටි දුන්නැයි කියා ලංකාවෙම විදුලි සේවකයෝ වර්ජනයක

    ඊයේ(17) විදුලි බල මණඩල මූලස්ථානය ඉදිරිපිට දී  වැටුප් විෂමතා  ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් පැවති විරෝධය අතරේ විදුලි සේවකයන්ට පොලීසිය කළ පහර දීමට විරෝධය පළ කර අද(18) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ  ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.

    ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්. බී ගනේගල මහතා ඔහුගේ  නිල කාමරයේ හිර කර තබා ගනිමින් විරොධතාවය පළ කළ විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.   ඒ අවස්ථාවේදී එහි පැමිණි පොලිස් නිළධාරීන් පිරිසක් තමන්ට පහර දුන් බවට විදුලි බල මණ්ඩල සේවකයෝ චෝදනා එල්ල කළහ.

  • ඔපරේෂන් 1 ඉවරයි මං අද ඔපරේෂන් 2 පටං ගත්තා

    ඔපරේෂන් 1 ඉවරයි මං අද ඔපරේෂන් 2 පටං ගත්තා

    බැඳුම්කර වංඡාව ගැන සෙවීමට පත්කල කොමිසමේ නිර්දේශ ලැබිමත් සමගම පාර්ලිමේන්තුවේ සහ ඉන්පිටතත් මහජනයා අතරත් ඇත්තේ දැඩි නොසන්සුන්තාවයකි.ඒ අතර අද(17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇල්පිටිය නගරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය අමතමින් මෙසේ කියා සිටියේය.

    ‘‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න මම අද(17) ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලයි ආවේ පසුගිය කාලය තුල මේ රටේ ඉතිහාසයේ  සිදුවෙච්ච ලොකුම මංකොල්ලය මහ බැංකු මංකොල්ලයයි. ඒ මංකොල්ලය සොයන්න තමයි මං ජනාධිපති කොමිසමක් පත්කළේ. ඒ ජනාධිපති කොමිසම පත්කරන කොට අද අප විවේචනය කරන අය එක එක දේවල් කිව්වා. ඕවා දැම්මට ඕවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කිව්වා. මම අද දවාලේ නීතිපතිතුමා මගේ කාර්යාලයට ගෙන්නුවා. අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්තුමාට එන්න කිව්වා. මහ බැංකුවේ අධිපතිතුමාට එන්න කිව්වා. රජයේ ක්ෂේත්‍රවල නීති විශාරදයන්ට එන්න කිව්වා. ඒ සියලුම දෙනාට එන්න කියල මං ඒ සාකච්ඡාව අවසන් කරලා ආවේ. මං ඒගොල්ලන්ට කිව්වා හොරුන්ට දඩුවම්දීමට, අපෙන් හොරකම් කළ ජනතාවගේ සල්ලි ආපසු ගැනීමට ,ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ඔබට කොච්චර කාලයක් යනවද? කොච්චර කාලයකින් මේක අවසන් කරනවද කියල මං ඒ අයගෙන් අහල ඒ වැඩපිළිවෙළ හදලා මේ රැස්වීමට ආවේ හොරුන්ට දඩුවම් කරන්න‘‘ 

  • ඡන්දය ඉවර වෙනකල් විතරක් කසිප්පු වඩියක් පෙරා ගන්න ඉඩ දෙන ලෙස අපේක්ෂකයෝ පොලීසියෙන් ඉල්ලයි

    ඡන්දය ඉවර වෙනකල් විතරක් කසිප්පු වඩියක් පෙරා ගන්න ඉඩ දෙන ලෙස අපේක්ෂකයෝ පොලීසියෙන් ඉල්ලයි

     

    පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන නීත්‍යනුකූල මැතිවරණ අපේක්ෂක කාර්යාලයක් පිටුපස නීතිවිරෝධී මත්පැන් පෙරීමක් වන බවට ‍පොලීසියට ලැබුණු තොරතුරක් මත ‍පොලිසිය අදාළ කාර්යාලයට ගොස් පරීක්ෂා කරන අවස්ථාවේදී තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් දමා ගැනීමට අවසරයක් දෙන්නේ නම් එය තම මැතිවරණ කටයුතුවලට මහත් රුකුලක් බව ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ  ප්‍රධාන පෙළේ පක්ෂයක අපේක්ෂකයෙකු පොලිසියට පවසා තිබේ.

    රැය පහන්වන තුරුම ආධාරකරුවන් තම පක්ෂ කාර්යාලයේ රැඳී සිටිමින් උදව්  උපකාර කරන්නේ මත්පැන් සංග්‍රහ පවත්වන්නේ නම් පමණක් බව එවිට එම අපේක්ෂකයා ‍පොලීසියට පවසා තිබේ. කසිප්පු වැටලීම් සඳහා ගිය අවස්ථා කිහිපයක දී  මීට පෙරද එවැනි ඉල්ලීම් ඉදිරිපත් වූ බව පැවැසූ නිලධාරීහු මේ දිනවල කසිප්පුවලට තිබෙන ඉහළ ඉල්ලුම නිසා ජාවාරම්කරුවන් කසිප්පු පෙරීම හා බෙදාහැරීම ජයටම සිදුකරන බවද කීහ.

     

    එම පොලිස් නිලධාරීන් වැඩුදුරටත් පවසනුයේ පවතින තත්ත්වය යටතේ මෙබඳු කසිප්පු සංග්‍රහ නොපවත්වන්නේ නම් මෙවර මැතිවරණයෙන් දිනීමට අපහසු බැවින් ප්‍රධාන පක්ෂවල අපේෂකයන් අවශ්‍ය බඩුබාහිරාදිය සහ උපකරණ ලබා දී විවිධ පුද්ගලයන් ලව‍ා එසේ කසිප්පු පෙරීම සිදුකරන බවය.

    එමෙන්ම මැතිවරණ දිනය තෙක් පමණක් ඒ සඳහා අවසර ලබා දුනහොත් මැතිවරණයෙන් බලයට පත් වූ පසු පොලිස් නිලධාරීන්ට ද හොඳින් සලකන බව ඔවුන් පැවසූ බව පොලිස් නිලධාරීහු කියති.

  • ශ්‍රී ලංකා සහ ඉන්දියානු තානාපති සබඳතා වල හැත්තෑවෙනි වසර සපුරාලීම නිමිත්තෙන් විශේෂ සැමරුම් ප්‍රසංගයක්

    ශ්‍රී ලංකා සහ ඉන්දියානු තානාපති සබඳතා වල හැත්තෑවෙනි වසර සපුරාලීම නිමිත්තෙන් විශේෂ සැමරුම් ප්‍රසංගයක්

    ශ්‍රී ලංකා සහ ඉන්දියානු තානාපති සබඳතා වල හැත්තෑවෙනි වසර සපුරාලීම නිමිත්තෙන් පැවැත්වෙන  විශේෂ සැමරුම් ප්‍රසංගයක් අද (17) :ව 6.30 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

     

  • දඹුල්ලේ  තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ එක වසරට ඇතුළත් වු දරුවන්ට පාසල් දිවියේ පළමු දිනම මඩුවක ඉගෙන ගන්න වෙයි

    දඹුල්ලේ  තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ එක වසරට ඇතුළත් වු දරුවන්ට පාසල් දිවියේ පළමු දිනම මඩුවක ඉගෙන ගන්න වෙයි

    පළමු වසරේ  සිට පස්වැනි  ශ්‍රේණිය දක්වා  පන්ති පැවැත්වෙන වසර  1000 පමණ පැරණි දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ  ඇති ගොඩනැගිලි 2 ප්‍රමාණවත්  නොවීම සහ අබලන්  වීම නිසා   පාසලට  ඇතුළු වු  2018 පළමු  වසරේ දරුවන්ට  මව්පියන් විසින් ඉදිකළ තාවකාලික මඩුවකට  සිට පන්ති පැවැත්වීම සිදුව ඇත.

    මෙම දරුවන්ගේ  මව්පියන් හඬා වැටෙමින්  කියා සිටියේ  දහසක්  බලාපොරොත්තු පොදි බැඳගෙන මඩුවකට දරුවන් ඇතුළත් කිරිමට  ලැබීම පිළිබඳව කණගාටුවන බවයි. තාවකාලිකව මඩුවේ  දුවිලි කෘමි සතුන් සිටින බවද ඔවුහු පෙන්වා දුන්හ. 

    1 වසරේ සිට  පස්වැනි වසර  දක්වා  ළමුන්  සියයක්  පමණ ඉගෙන ගන්නා  මෙම පාසලේ ගුරු හිඟයක් නැතත්  ගොඩනැගිලි හිඟය නිසා  මේ තත්ත්වය උදා වී  තිබේ. මෙදින අලුත් ඇඳුම් ඇඳගෙන ජිවිතේ  පළමුවැනි  දින පාසලට  පැමිණි  දරුවන්ට  තාවකාලිකව මඩුවක සිටිමට සිදුවීම සිසු දරු දැරියන්ට නොතේරුණ ද මව්පියන්ට  එය වේදනාකාරි සිද්ධියක්  බව අමුතුවෙන් කිව යුතු නැත.

    මේ පිළිබඳව විදුහල්පති ඩී.මැණිකේ මහත්මියගෙන් විමසු විට  ඇය කීවේ  මීට පෙර පළමු ශ්‍රේණියේ  පන්ති පැවැත්වුයේ  විද්‍යාලයේ පැරණිම ගොඩනැගිල්ලේ පිහිටි සිසු දරු දැරියන් රංගන ඉදිරිපත්  කරන උස් වේදිකාවේ  ස්ථානයක බවයි. එම ස්ථානයේ පන්ති පවත්වනවාට  අකමැත්ත ප්‍රකාශ  කිරිමත්  සමඟ තමන්ට  දෙමව්පියන් මෙවර  එම ස්‍ථානයේ පන්ති පවත්වනවාට අකමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ තමන්ට  දෙම්පියන්ගේ හඬට  සවන් දීමට  සිදු වු බවත් මීට  පෙර පාසලේ සිටියේ ඉතා සීමිත ළමුන් ප්‍රමාණයක් බවත් ගුරුවරුන්ගේ  දක්ෂතා  නිසා  දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යාමත් සමඟ ගම්මානයේ  සියලුම දුවා දරුවන් පාසලට  ඇතුළත්  වීමෙන් ඉඩකඩ ප්‍රශ්න මතුවු  බවයි.

    ශිෂ්‍යත්ම විභාගයෙන් මෙන්ම විවිධ තරග විභාගවලින් භාෂා ත්‍රිත්වයෙන්ම දක්ෂ දරුවන් බිහි කිරිම නිසා  දෙමව්පියන් පාසලට  තම දරුවන්  ඇතුළත්  කිරිමට  පෙළඹී සිටින බවද ඇය වැඩිදුටත් සඳහන් කළාය.

    පවතින ගොඩනැගිලි  හිඟය පිළිබඳව තමන් අදාල බලධාරීන්ට දැනුවත්  කර  තිබෙන බවත්  ඉදිරියේ දී  ගොඩනැගිල්ල ලබාදීමට  පොරොන්දු  වී  තිබෙන බවත් ඇය කීවාය. 

    අලුතින්ම ඇතුළු වු පාසල් සිසු දරු දැරියන්ව තාවකාලිකව මඩුවේ  ඉගෙනීම් කටයුතු සිදු කරද්දී  කුහුඹුවන්  දෂ්ට  කරන ආකාරය අපට දැකගැනීමට  හැකිවිය. දෙමව්පියන්  කියා සිටියේ  කවුරුන් හෝ ඉදිරිපත්  ව තම පාසලට  කුඩාවට  හෝ පන්ති  කාමරය සකසා  දෙන ලෙස ඉල්ලීමක්  කරන බවය. 

  • භාවනා නොකළැයි පොලිස්පතිවරයා විසින් බැණ පහරදීමට උත්සාහ කරනු ලැබූ විදුලිසෝපාන ක්‍රියාකරුගෙන් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි

    භාවනා නොකළැයි පොලිස්පතිවරයා විසින් බැණ පහරදීමට උත්සාහ කරනු ලැබූ විදුලිසෝපාන ක්‍රියාකරුගෙන් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි

    රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම විදුලිසෝපාන ක්‍රියාකරුගේ කොලරයෙන් ඇද පොලිස්පතිවරයා පහරදීමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය වසරේ මාධ්‍යයට නිකුත් විය. ඒ ගැන කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසද්දී පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ පොලිස්පතිගේ චක්‍රලේඛය අනුව උදෑසන භාවනා නොකිරීම නිසා එම සිදුවීම වූ බවයි. පොලිස්පතිවරයා ඔහුට බැණ වැදුණු නමුත් ඔහුට පහරදීමට උත්සාහ නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
     
    මෙම සිදුවීම ගැන එම විදුලිසෝපාන ක්‍රියාකරු මුලින්ම රහස් පොලිසියේ ප්‍රධානීන්ට පැමිණිල්ලක් කර තිබුණු අතර ඉන් විමර්ශනයක් සිදු නොවීම නිසා පොලිස් කොමිසමට ද පැමිණිල්ලක් කර තිබිණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් ද සාධාරණයක් ඉටු නොවුණ නිසා තමාට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.
     
    එම පැමිණිල්ලේ පිටපත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ට ද යොමු කර ඇති අතර මෙම සිදුවීම නිසා තමන් දැඩි සිත්තැවුලට පත්වූ බවත්, දැඩි සිත්තැවුලෙන්ම පසුගිය ඔක්තෝබර මාසයේ විශ්‍රාම ගිය බවත් ඔහු යොමු කළ ලිපියේ සඳහන්වේ.
     

  • බණ්ඩාරනායක වගේ මාව මරා දමන්නද යන්නේ.? ජනපති මෛත්‍රීගේ සම්පුර්ණ කතාව මෙන්න….

    බණ්ඩාරනායක වගේ මාව මරා දමන්නද යන්නේ.? ජනපති මෛත්‍රීගේ සම්පුර්ණ කතාව මෙන්න….

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදීම ආණ්ඩුවේ ඇතැම් අයගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කොට පුළුවන් නම් තනිව යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවා ගන්නැයි ප්‍රකාශයක් කොට කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පිටව ගොස් තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පෙරවරුවේදී ආරම්භ වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තමන් පොළොන්නරුවේ සිට දේශපාලනයට පැමිණි ආකාරය සිහිපත් කරමින් මෙසේ අවධාරණය කොට තිබේ.

    ‘‘ජනාධිපතිවරයා කතාව ආරම්භ කොට තිබෙන්නේ කෝ හරීන් ඉන්නවද? ආ නෑ නේද කියමිනි.”එ.ජා.ප.යේ හරීන් ප්‍රනාන්දු, මරික්කාර්, නලීන් බණ්ඩාර සහ සුජීව සේනසිංහ තැන් තැන්වලදී මට දැඩි වාග් ප්‍රහාර එල්ල කරනවා. ඒත් මම බැඳුම්කර විමර්ශන කොමිසම පත් කළ එක වැරැදිද? මට කියන්නේ දඬුවම් කරන්න එපා කියලද? මම කියපු ඒවා ඇහුවා නම් මේ ප්‍රශ්න එකකටවත් මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මම කියපු දේ ඇහුවේ නැති නිසා තමයි මේවා සිදු වෙමින් තිබෙන්නේ. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවට පත් කරන්න මම එපා කිව්වා. ඇහුවද?

     රවි මුදල් ඇමැති ලෙස පත් කරන්න එපා කිව්වා. ඒත් කවුරුත් ඇහුවේ නැහැ. මම මේ ලයින් එකේ තමයි එදා ඉඳලා හිටියේ. මම දූෂණයට විරුද්ධව 2012දී මහින්දගේ ආණ්ඩුවේ ඉන්නකොට කතා කෙරුවා. ඒ ඇති වෙච්ච ප්‍රශ්නය නිසා තමයි ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණයක් ගත්තේ. ඒ අනුව තමයි මම අදත් ගමන යන්නේ. අද මට යූ.ඇන්.පී. අය ජනාධිපතිගේ ටෝක්. ජනාධිපති පික් පොකට් ගහනව කියනවා. මේක බැලුවම මේගොල්ල කියනවද? නැති නම් මේගොල්ල ලවා කියවනවද? 

    බැලුවම නම් පේන්නේ මේ ගොල්ලෝ ලව්වා කියවනවා වගෙයි.මෙහෙම නම් කතා කරන්නේ මට ගනුදෙනු බේරා ගන්න බැරි නැත්තේ නැහැ. එහෙම දාලා මම කොහේද යන්නේ. බණ්ඩාරනායක වගේ මාව මරා දමන්නද යන්නේ.? මම 2015දී රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එළියට ආවේ ඇයි? අපි හොරකම්, දූෂණ වංචා නවත්වනවා කියලයි පොරොන්දු දුන්නේ. මම මේ ගමන ඒ විදියට යන්න කැමැතියි.” ජනාධිපතිවරයා එසේ අවධාරණය කරමින් තම මේසය මත තිබූ හඬ පටිගත කරන යන්ත්‍රය ඇමැතිවරුන්ට ප්‍රදර්ශනය කරමින් වැඩිදුරටත් මෙසේ ද පවසා ඇත.

    “මම කතා කරන දේ මට වටිනවා. ඒකයි රෙකෝඩ් කරන්නේ. මම යූ.ඇන්.පී.යට විරුද්ධ නැහැ. මම බොහෝ දේවල් කැප කරලා ජීවිතය පරදුවට තියලා මරණ මංචකයට යන්න හිටි මොහොතක පවුලත් පරිත්‍යාග කරලයි ආවේ. මට බලයට එන්න යූ.ඇන්.පී.ය උදවු කළ බව මම දන්නවා. මේ රටේ කිසිම ජනාධිපතිවරයකු අගමැතිවරයකුට නොදුන් බලතල මේ අගමැතිතුමාට දුන්නා. මා එසේ කළේ මේ ආණ්ඩුව කරගෙන යන්නයි. මම දන්නවා මම යූ.ඇන්.පී.ය පාවලා දෙන්නෙත් නැහැ. යූ.ඇන්.පී.යට විරුද්ධත් නෑ. නමුත් මහ බැංකු හොරකමට ඉඩ දෙන්න කියලද කියන්නේ? මට ඒක කරන්න බැහැ. මගෙන් ඒවද බලාපොරොත්තු වෙන්නේ? මම දන්නවා නඩු යට ගහන්න ගිය හැටි. ආණ්ඩු දිගටම කරගෙන යනවද කියලා හා කරන විදිය ඔයගොල්ලෝ සාකච්ඡා කරලා තීරණයක් අරන් මට දැනුම් දෙන්න. “පුළුවන් නම් ඔයගොල්ලො යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවා ගන්නැයි” පවසා ඇත. විනාඩි 35කට ආසන්න වේලාවක් එසේ උණුසුම් හා දැඩි ප්‍රකාශයක් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල රැස්වීමෙන් ඉවත්ව ගොස් තිබේ.

    ඉන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම ඇතුළු එ.ජා.ප.යේ සහ ශ්‍රීල.නි.ප. ඇමැතිවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි ජනාධිපති නිල කාමරයට ගොස් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසී සාකච්ඡා කොට ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමට ආපසු කැඳවාගෙන ඒමට ක්‍රියා කර තිබේ. ඒ ශ්‍රී ල.නි.ප. මැති ඇමැතිවරුන් අගමැති ප්‍රමුඛ එ.ජා.ප.ය අනවශ්‍ය ලෙස විවේචනය නොකිරීමටත් එ.ජා.ප. මැති ඇමැතිවරුන් අනවශ්‍ය ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීල.නි.ප. විවේචනය නොකිරීමටත් එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසුවය.

    ඉන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් අල්ලා ගෙන යළිත් කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවාගෙන පැමිණ තිබේ. දෙවැනි වරටත් කැබිනට් මණ්ඩල රැස්වීම පටන් ගෙන ඇත්තේ ඉන් පසුවයි.

  • බැදුම්කර හොරු අල්ලද්දී මරික්කාර්ට අමාරු ඇයි? කැබිනට්ටුවේදී ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්

    බැදුම්කර හොරු අල්ලද්දී මරික්කාර්ට අමාරු ඇයි? කැබිනට්ටුවේදී ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්

    ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන් පිටව ගොස් ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

    කැබිනට් රැස්වීම ආරම්භයේදීම ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් තමන් විවේචනය කිරීම සහ තමන්ට නොදන්වා ඇතැම් තීරණ ගැනීම පිළිබඳ සිය අප‍්‍රසාදය පළ කරන බවයි.

    එම ප‍්‍රකාශය සිදු කිරීමෙන් පසු කැබිනට් පත‍්‍රිකා පවා සාකච්ඡා කිරීමට පෙර ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමෙන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

    හරීන් ප‍්‍රනාන්දු, සුජීව සේනසිංහ, එස්. එම්. මරික්කාර් සහ චමින්ද විජේසිරි යන එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් සහ මන්ත‍්‍රීවරුන්ගේ නම් සඳහන් කරමින් ඔවුන්ගේ ප‍්‍රකාශයන් ජනාධිපතිවරයා විවේචනය කර තිබෙනවා. 

    ජනාධිපතිවරයා පිටව යාම හේතුවෙන් කැබිනට් රැස්වීමේ කටයුතු පැය භාගයක පමණ කාලයක් ඇනහිට තිබෙනවා. පසුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා හමුවීමට ගොස් ඔහු නැවත රැස්වීමට කැඳවාගෙන පැමිණි බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

    රැස්වීම යළි ආරම්භ වීමෙන් පසු මත්පැන් සම්බන්ධයෙන් නික්තු කෙරුණු ගැසට් නිවේදන අවලංගු කිරීම පිළිබඳ ජනාධිපතිවරයා අදහස් දක්වා ඇති අතර එම තීරණයට කැබිනට් මණ්ඩලය ඒකමතික අනුමැතිය ලබා දී ඇත්තේ ඉන් අනතුරුවයි.