මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට දරණ වෑයම තමන් තරයේ හෙළා දකින බවත් ඊට එරෙහිව ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළබෙන බවත් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පසුගිය දා ඕමල්පේ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කලේය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට දරණ වෑයම තමන් තරයේ හෙළා දකින බවත් ඊට එරෙහිව ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළබෙන බවත් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පසුගිය දා ඕමල්පේ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කලේය.

70 වැන නිදහස් සැමරුම වෙනුවෙන් පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එලිසබෙත් මහරැජිනගේ නියෝජිතයා ලෙස වෙසෙක්ස් හි අර්ල්වරයා වන දෙවෙනි එලිසබෙත් රැජිනගේ හා පිලිප් කුමාරයාගේ බාලපුතණුවන් ද වන එඩ්වඩ් කුමරු රැජින නියෝජනය කරමින් මෙම උත්සවයට සහභාගි වීමට නියමිතව ඇත.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කළ නිල ආරාධනාවකට අනුව එඩ්වඩ් කුමාරයා හා කුමරිය මෙරටට පැමිණෙන බවත් ජනවාරි මස 31 වන දින මෙරටට පැමිණෙන එඩ්වඩ් කුමාරයා කුමරිය හා දූ දරුවන් පෙබරවාරි 04දා දක්වා මෙරට රැඳී සිටින අතර ජනාධිපති අගමැති ප්රමුඛ පක්ෂ නායකයින් රැසක් ද මුණ ගැසීමට නියමිත බවද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ධුර කාලය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම හේතුවෙන් ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් ජනාධිපති ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන 17 දා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අගමැති ප්රමුඛ යහපාලන ජාතික රජයේ හවුල්කාර පක්ෂ තීරණය කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් ජනාධිපතිවරයා ගත යුතු පියවර කුමක්ද යන්න සෘජුව දැනුම් දීමට හවුල්කාර පක්ෂ නායකයෝ තීරණය කර ඇත. ඔවුන්ගේ අදහස දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස වන ඉල්ලීමක් මේ සතියේදී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යැවීමට ද පක්ෂ නායකයෝ තීරණය කර ඇත.

නිධානයක් ගොඩ ගැනීමේ අරමුණින් පොළව හාරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙක්ව ආණමඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.ආණමඩුව – මහඋස්වැව ප්‍රදේශයේ ඉඩමක කැණීම් කරමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගත් මොවනු සතුව තිබූ විදුලි මෝටරයක්,කැණීම් උපකරණ සහ යාතිකා කටයුතු සඳහා යොදා ගන්නා භාණ්ඩ කීපයක්ද පොලිස් බාරයට ගෙන ඇත.මහඋස්වැව,මැරුංගොඩ සහ කොට්ටුකච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන්ව ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඊයේ(11) රැස් වුන ඌව පළාත් සභාවේ මාසික සභා රැස්වීම නියමිත ඝණ පූර්ණය නොමැතිවීම නිසා ලබන 25වැනිදා තෙක් කල් තැබීමට සභාපති ඒ.එච්.බුද්ධදාස මහතාට සිදුවී ඇත.සභාව ආරම්භයේදීම ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න හා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර පසුව සභාව තේ විවේකය සඳහා නවතා තැබිණි.තේ විවේකයෙන් පසු දහවල් 12.15ට සභාව ආරම්භ වුවද නියමිත ඝණ පූර්ණය නොමැති විය.

වසර තිහක් තිස්සේ අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් අබලන්වී ඇති සඳුන්පුර -බඹරවාන මාර්ගය අළුත් වැඩියාකර දෙන ලෙස රජයට බල කරමින් මෙම මාර්ගය භාවිතා කරන ජනතාව ඊයේ (11) මහියංගණය පොළොන්නරුව ප්‍රධාන මාර්ගය සඳුන්පුර ප්‍රදේශයෙන් අවහිර කරමින් උත්ඝෝෂණයක නිරත වූහ. විරෝධතාවය හේතුවෙන් මහියංගණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට පැය හතරක පමණ කාලයක් බාධා සිදුවිය.
දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් ප්‍රධන මාර්ගයේ ධාවනය වූ රථවාහන විකල්ප මාර්ග වලට යොමු කරමින් විරෝධතාවය සමතයකට පත්කිරීමට දැඩි වෙහෙසක් දැරූහ.

පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල මඩුල්ල ප්‍රදේශීය සභාවට තරඟ වැදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවේ විදුහල්පතිවරයෙක් නම් ලබා දීම මගින් මැතිවරණ නීති රීති උල්ලංඝනය කර ඇති බැවින් එම පක්ෂයේ නාමයෝජනා පත්‍රය අහෝසි කර එම ප්‍රාදේශීය සභාව සඳහා මැතිවරණය පැවැත්වීම අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඇතුළු පස්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (11) රිට් පෙත්සමක් ගොනු කළේය.
එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය , සහ එම කොමිසමේ සාමාජිකයින් තිදෙනා , දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී , එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ , පොදු ජන පෙරමුණ පක්ෂ ලේකම්වරුන් සහ නීතිපති නම් කරනු ලැබ සිටින අතර පෙත්සම ගොනු කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර , අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා , සමන් පේ්රමජිත් වික්‍රමආරච්චි , දිසානායක මුදියන්සේලාගේ අරුණසිරි සම්පත් කරුණාරත්න ,දිසානායක මුදියන්සේලාගේ මුණසිංහ නැමැත්තන්ය.

තැපැල් කාර්යාලයේ කටයුතු පවත්වා ගෙන යාම සඳහා බෙන්තොට ප්‍රධාන කාර්යාලයෙන් නිලධාරියෙක් යැවූ බව ත් මැතිවරණයෙන් පසු මේ පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව මඟින් විධිමත් පරික්ෂණයක් පවත්වන බවත් පසුව විනයානුකූල පියවර ගන්නා බවත් එම නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

අධික ශබ්දයක් පිටවන සයිලන්සරයක් සවි කීරිම , සංගීත නාද පිටවන නලාවක් සවි කර තිබිම , ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකය නොමැති වීම , අපරික්ෂාකාරීව පොලිස් අණ නොතකා ධාවනය කීරිම යන චෝදනාවන් රැසක් සම්බන්ධයෙන් යතුරු පැදිකරුවෙකුට ගම්පහ අධිකරණයෙන් රුපියල් හැටඅටදහසක දඬ මුදලක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා නියම කළේය. මෙය ගම්පහ අධිකරණයෙන් පැදිකරුවෙකුට නියම වූ වැඩිම දඬ මුදලයි.

බාලවයස්කාර දැරියක් රවටා අපයෝජනය කළ තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය පැවසීය.
පොලිසියට ලද තොරතුරකට අනුව මහනුවර ප්‍රදේශයේ ස්ථානයක් වටලා සැකකාර තරුණයින් දෙදෙනා හා දැරිය අත්අඩංගුවට ගෙන ඇත.
දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ කොස්ගම ප්‍රදේශයේ තරුණයකු තම, ටෙලිනාට්‍යයක රඟපෑමට අවස්ථාව සලසා දෙන බව පවසා අපයෝජනය කළ බවයි.
දැරිය දැනට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. කොස්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ සෝමරත්න විජයමුණිගේ උපදෙස් පරිදි උ. පො. ප. ප්‍රේමානන්ද, කාන්තා පොලිස් කොස්තාපල් ශාමලී මහත්මිය ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

සමාජයේ පංති භේදය පිළිබදව විශ්වවිද්‍යාල පර්යේෂණ සිදු කළත් හොඳම පංති භේදය ඇත්තේ විශ්වවිද්‍යාල තුළ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය මයුර සමරකෝන් මහතා පවසයි.
ඔහු සිය ෆේස්බුක් පිටුවට එක්කළ සටහනක දැක්වෙන්නේ මෙහි ඉහළම කුලය වෛද්‍ය පීඨය බවත් පහළම කුලය කලා පීඨය බවය.
එම සටහන මෙලෙසය.
‘‘සමාජයේ පංති භේදයක් පිලිබදව විශ්වවිද්‍යාල පර්යේශන සිදුකලත් හොදම පංති භේදය ඇත්තේ විශ්වවිද්‍යාල තුලය.මෙය පංති භේදයකට එහා ගිය කුල භේදයක් තරමට පීඩිතය.මෙහි ඉහලම කුලය මෙඩිකල් ෆැකල්ටි වන අතර පහලම කුලය වනුයේ ආර්ට්ස් ෆැකල්ටිය.
මෙඩිකල්,ඉංජිනේරු,සයන්ස්,ෆැකල්ට් වල ශිෂ්‍යයකුට ආර්ට් ෆැකල්ටියකින් පෙම්වතියක් සොයා ගැනීම ඉතා පහසුය.එසේ තේරෙන යුවතියද ඉන් පසුව සිටින්නේ යම් කිසි ගැට්ටකිනි.නමුත් ආර්ට්ස් තරුනයෙකුට එම ෆැකල්ටියකින් පෙම්වතියක සොයා ගැනීමට ලැබෙන්නේනම් එය ඉතා අහම්බයකි.
පසු ගිය සයිටම් සටනේදී පවා මේ තත්වය ප්‍රදර්ශනය විය.මෙඩ්කල් සිසුවියන් ක්ලිනිකල් ඇදුමෙන් සැරසුනේ මේ පංති මානසිකත්වය නිසාමය.එයටම සරිලන සේ GMOA මහත්තුරු පවා ටයිපටියකින් සැරසී ගිනිදවල් පෙලපාලියේ ගියේ මේ මානසිකත්වය නිසාමය.පොලීසිය පවා බැටන් පහර එල්ල කිරීමේදී ක්ලිනිකල් සූට් ඇදි යුවතියන්ට යම් කිසි ගරුත්වයක් දැක්වූ බව පැහැදිලිය.
මෙය අදවන විට ආචාර්ය මංඩලයට පවා බලපා ඇත.ජපුර ආර්ට්ස් ෆැකල්ටි නම වෙනස් වන්නේද මෙහි ප්‍රතිපලයක් ලෙසය.තමං ආර්ටෙක් බව කීමට බොහෝ අය මැලිකමක් දැක්වීම අඩු කුලයේ අයෙක් නාමය සගවා ගැනීමට කරනු ලබන වෑයමක් වැනිය.මම ආටෙක් කියා අභිමානයෙන් කියන්නේ කීයෙන් කී දෙනෙක්ද?නමුත් සමස්ත සමාජය දන්නා කියන චරිත බිහිවන්නේ ආර්ට්ස් ෆැකල්ටියෙන් බව දන්නේ කීයෙන් කීදෙනාද ?ඒ වාගේම දැනට විශ්වවිද්‍යාල තුලට ආචා රදැක්වීම සදහා ගෙන ආ ශ්‍රේෂ්ඨයන්ගේ දේහ වැඩි ප්‍රමානයක අයිතිය ඇත්තේ ආර්ට්ස් ෆැකල්ටි වලට බව දන්නේ කී දෙනාද (මෙය දැනට සිදුකෙරෙන ගවේෂ්නයකට අදාල නිසා හරවත් කමෙන්ට් පමනක් පල කරනු ලැබේ.)‘‘

සිය පන්තිය තුළදීම සිසුන් පස්දෙනකුගේ අමානුෂික ප්‍රහාරයකට ලක් වූ පාසල් සිසුවකු මාරවිල මූලික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට පෙරේදා (10 වැනිදා) ඇතුළත් කර තිබේ.
ඔහුගේ මුහුණට, හිසට හා ගෙලට අතින්, පයින් සහ පොල්ලකින් සිසුන් පස්දෙනකු වට කර ගෙන පහරදුන් බවත් හතරදෙනකු හඳුනා ගත් බවත් මාරවිල පොලිසියට පැමිණිලි කරමින් සිසුවා පවසා ඇත.
මෙසේ රෝහල්ගතව ඇත්තේ සඳනෙත් සංජන දිසානායක (15) නමැති මාරවිල පිරිමි පාසලක 10 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.
ඔහු ඉගෙනීමට දක්ෂ බවත් සෑම වාරයකම පන්තියේ පළවැනියා වන බවත් තම පුතාගේ ඉගෙනීම නොරිස්සු ළමුන් පිරිසක් මෙම පහරදීම සිදු කර ඇති බවත් පහරකෑමට ලක්ව රෝහල්ගත කර සිටින සිසුවාගේ පියා පැවසීය.

කලා ලොවට පිවිස වසර දෙකක් වැනි කෙටි කාල පාරාශයකදී මෙරට ප්‍රධානතම සම්මාන උළෙලයන් දෙකකදීම එකම වසරකදී (2017) ජනප්‍රියතම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබමින් ප්‍රේක්ෂක ආදරය සහ ගෞරවය දිනා ගැනීමට ඇය වාසනාවන්ත වූවාය. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබ හමුවට එන ඇය නයනතාරා වික්රමආරච්චිය.
“රඟපෑම” ඔබේ සිතේ කුඩා කළ සිට පැවැති බලාපොරොත්තුවක්…
ඇත්තෙන්ම ඔව්. මගේ ආශාව සහ දක්ෂතාව එළි දැක්වීමට අම්මා උපකාර කළා. ආරම්භයේදී වගේම හැම මොහොතේම ඇය තමයි මගේ සෙවනැල්ල වගේ ළඟින්ම ඉන්නේ. මම කලාව තෝරා ගන්නවාට මගේ පියා කැමති වුණේ නැහැ. නමුත් සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයේ සහ වැලිවේරිය මද්දුම බණ්ඩාර මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ සිටම මම කලාවට ඇති දක්ෂතාවන් සහ හැකියාවන් එළිදැක්වූවා.
ඔබ කලාව පිළිබඳව ප්‍රවීණයන් යටතේ හදාරා ඒ ආභාසයන් රැගෙන රංගනයට පිවිසෙනවා…
ඔව්. මම වසර කිහිපයක්ම නාට්‍ය හා රංග කලාව පිළිබඳව හැදැරීම් සිදුකළා. “මායා ශක්ති රංග ශිල්ප ශාලිකාවේදී” කළ හැදැරීම් විශේෂිතව සිහිපත් කළ යුතුයි. ප්‍රවීණ කලා ශිල්පීන් වන ධර්මජීත් පුනර්ජීව සහ අනෝමා ජනාදරී මහත්ම මහත්මීන් මට කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව නාට්‍ය හා රංග කලාව පිළිබඳව ගුරු හරුකම් ලබා දුන්නා. මේ රංග පාසලේදී එළිදැක්වූ “රැගෙන අවි මමද එමි” වේදිකා නාටකය වෙනුවෙන් තමයි මම මුල්වරට රංග ගත වෙන්නේ.
රඟපෑම කියන විෂය සමඟ යම්තාක් දුරකට “සන්නද්ධ” වූ ඔබ, මුල්වරට ටෙලි කැමරාවට මුහුණ දෙනවා…
2015 දී තමයි මට ඒ අවස්ථාව උදාවෙන්නේ. ප්‍රවීණ කලා ශිල්පී, ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කළ “හංස පිහාටු” ටෙලි සිත්තමේ “විහංගී” චරිතයට පණ පොවමින් තමයි මම පුංචි තිරයට ප්රවිෂ්ටය ලබා ගන්නේ. මෙය මට විශාල අත්දැකීමක් වුණා. මම මගේ මුල්ම චරිතයට සාධාණය ඉටු කළා. සද්දාමංගල සූරියබණ්ඩාර මහතා ඇතුළු පිරිසගෙන් ලැබුණු සහායත් ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි.
“දෙවැනි ඉනිම” තව කොච්චර දුර ඇදී යයි කියලද ඔබ සිතන්නේ….?
මම හිතන්නේ හොඳ අවසානයක් දක්වා ඇදී යයි. සමහර විට එය අද හෙට හෝ නුදුරේදී විය හැකියි.
ඔබ මින් මතුවට “මෙගා” සමඟ එකතු නොවන බව පැවැසුවා…
ඔව්. දෙවැනි ඉනිම තමයි මම රඟපාන අවසාන මෙගා ගණයේ ටෙලි සිත්තම. ඊට පසුව මම රඟපාන්නේ කොටස් ගණනකට සීමාවූ නිශ්විත පිටපතකට අනුගත වූ හොඳ නිර්මාණ වෙනුවෙන්.
ඉකුත් වසරේ පැවැති සම්මාන උළෙලයන් දෙකෙහිම ජනප්‍රියතම රංගන ශිල්පිනිය ලෙස සම්මානිත වීමට ඔබ වාසනාවන්ත වුණා. .. ඒ ගැන…
ඔව්. 2017 වසරේ පැවැති “රයිගම්” සහ “සුමති” සම්මාන උළෙලයන් දෙකෙහිම ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබන්නට මට හැකියාව ලැබුණේ “දෙවැනි ඉනිමේ” සහ “ප්‍රාණ” ටෙලි සිත්තම් වෙනුවෙන් මා නිරූපිත රංගන දක්ෂතා නිසා කියා සිතනවා. ඒ ඇගයීම සහ සම්මාන මගේ රංගන ජීවිතයට ලොකු වටිනාකමක් එකතු කළා. මේ සම්මාන දෙකම ලැබුවේ මම කලාවට ප්‍රවිෂ්aටවී ඉතාමත් කෙටි කලකින්. හැබැයි හොඳම නිළිය වීමේ බලාපොරොත්තුවත් සපුරා ගත යුත්තක්ව තිබෙනවා. මම ඒ වෙනුවෙනුත් ගමනක් යනවා. මට මගේ රටේ ප්‍රේක්ෂකයන් ගොඩක්ම ආදරය කරන්නේ හදවතින්ම. එය හරිම සංවේදී අවස්ථාවක්. මම ඒ ප්‍රේක්ෂක ආදරයට නිබඳවම ගෞරව කරනවා වගේම පෙරළා ආදරය කරනවා.
ඔබ වේදිකාවෙන් රඟපෑම ආරම්භ කළාට කල් යත්ම එය අමතක කළා යෑයි මා චෝදනා කළොත්…
ඔබේ චෝදනාව සමඟ සම්පූර්ණයෙන්ම එකඟවීමට මා සූදානම් නැහැ. ඔව්. වේදිකාව වෙනුවෙන් මට බොහෝ ආරාධනා ලැබුණා. නුමත් මම ඒවා භාර නොගත්තේ මට මේ අවස්ථාවේ ඒ වෙනුවෙන් කළ යුතුව තිබෙන සුවිශාල කැප කිරීම කරන්නට අපහසු තත්ත්වයක් තිබෙන නිසා. විශේෂයෙන්ම කාලය. නමුත් වේදිකාව කියන්නේ රංගනයේ තාත්විකත්වය විද්‍යාමාන කළ හැකි සහ ඒ පිළිබඳව උගත හැකි අපූරු ස්ථානයකට. ඔව්. මම ඒ තැන පසුකර මේ ගමන යන්නේ නැහැ. ඉදිරියේදී කෙසේ හෝ කාලය කළමනාකරණය කර ගනිමින් දායකත්වය ලබා දෙන්නට මා උත්සුක වෙනවා.
රඟපානවා සහ පෙනී සිටිනවා කියන්නේ දෙකකට නේද…?
ඔව්. නමුත් මම මෙතෙක් කළේ රඟපෑම. ඒත් රඟපෑම කියන්නෙත් රඟපෑමකටම නොවිය යුතුයි. අපි කළ යුතුව ඇත්තේ ලැබෙන චරිතය තුළ ජීවත්වීම. මම ඒ වෙනුවෙන් ලැබුණු සෑම අවස්ථාවකදීම යහපත් උත්සාහයක නියෑළුණා. මම මුලින් කීවා වගේ ඒක ප්‍රේක්ෂක ඇසින් බැලිය යුතුයි. අපි නිර්මාණ වෙනුවෙන් දක්වන රංගන දායකත්වයට ගල් සහ මල් වගේම විචාර, අවිචාරත් ලැබෙනවා. ඒවා භාර ගැනීමට සහ ශක්තියක් කර ගනිමින් ඉදිරියට යැම තමයි කළ යුතුව තිබෙන්නේ.
ඔබ රඟපෑමේදී සීමා මායිම් සලකුණු කර ගත් ශිල්පිනියක්ද…?
ඔව්. එය එසේ සිදුවිය යුතුයි. මට ලැබෙන පිටපතට අනුව චරිතය ගොඩනඟා ගන්නවා වගේම මගේ වටපිටාවේ රඟපාන පිරිස සහ අධ්යක්ෂවරයා පිළිබඳවත් මට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. චරිතය ගොඩනඟා ගැනීමට මානසික නිදහසක් ඉතාමත් වැදගත්. එසේ නොමැතිව ‘සිනමා හොරු’ සමග සිට ගන්නට මම සූදානම් නැහැ. මම සිනමාව වෙනුවෙන් දක්වන දායකත්වයේදී නිෂ්පාදකවරයා ආරක්ෂා කර ගැනීම ගැනත් කල්පනා කරනවා. මම මේ ක්ෂේත්රයට නවකයකු වුණත් මේ කලාව සහ එහි සැරි සරන ප්‍රවීණයන් පිළිබඳවත් මට හොඳ අවබෝධයක් තියෙනවා. මම ඔවුන්ව හොඳින් ආශ්‍රය කර තිබෙනවා. අද හුඟක් අය ඉන්නේ කලාව ගැන කල කිරිලා. කලාකාරයා කියන්නේ කොහොමටත් සංවේදී චරිතයකට. ඇත්තටම අපේ රටේ තිබුණු කලාවේ ස්වර්ණමය යුගය අහිමිවීම ලොකු අපරාධයක්.
දැන් රඟපෑම කියන්නේ ඔබේ රැකියාවටද…?
නැහැ. කොහෙත්මනැහැ. ඔළුව කෙළින් තියාගෙන නිදහස් වටාපිටාවක කලාව කරන්න තමයි මගේ කැමැත්ත. නමුත් මේක මගේ රැකියාව කර ගන්නේ නැහැ. සමහර විට ඉදිරියේදී මම ව්‍යාපාරයක් පටන් ගනිවී. කලාවේ දිගටම රැඳී සිටියොත් ඒ සිනමාවට මුල්තැන ලබා දෙමින් තමයි.
ආදරය සහ විවාහය ගැන මොන විදිහටද හිතන්නේ…
මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ සහ දෙමාපියන්ගේ ආදරය මට නොඅඩුව ලැබෙන නිසා වෙනත් විශේෂිත වූ ආදරයක් මේ මොහොතේ මට නැහැ. මට එහෙම අඩුවක් දැනිලත් නැහැ. නමුත් බැඳීම් නැතිව කිසිවකුට ජීවත්වෙන්aනත් බැහැ. ඉතිං… කවදාහරි දවසක ජීවිතයේ සිදුවිය යුතුම දේවල් මටත් ඒ ආකාරයෙන්ම අත්විඳින්නට සිදුවෙයි.

2021 වසර දක්වා තමන්ට ජනාධිපතිධුරය දැරීමට බාධාවක් ඇද්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කළ ඇයැදුම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වසර 06ක කාලයක් සියධුරයේ කටයුතු කිරීමට හැකියාව ඇතැයි නීතීපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිපති,ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා පැවසීය.
ඉන් අනතුරුව මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවසුවේ 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 49 (1) ‘අ’ සහ ‘ආ’ වගන්ති අනුව ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය මේ සංශෝධනයට යටත් බවත් ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 ක් විය යුතු බවත්ය.
ඒ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතීපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරී මස 08 ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අතර 2015 ජනවාරී මස 09 වැනිදා ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයේ දිව්රුම් දී ඇත්තේ 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කිරීමට පෙර යයිද ඔහු කියා සිටියේය.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිධුරයට පත්වන පුද්ගලයෙකුට වසර 06 ක කාලයක් සිය ධුරයේ කටයුතු කළ හැකියාව ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයේ දිව්රුම් දීමෙන් පසු අවස්ථාවකදී එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ බවත් දැනුම් දුන්නේය.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග කොලොන්නාව ආසනයේ ප්‍රධාන පක්ෂ දෙක අතර දැඩි සටනක් ආරම්භ වී ඇති බව අපට ලැබෙන වාර්තා වලින් සනාථ වී ඇත..ශ්‍රීලනිප සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි සහ එජාප සංවිධායක මරික්කාර් දැවැන්ත වාග් සංග්‍රාමයක නිරතවෙමින් සිටින අතර පසුගිය දිනෙක මරික්කාර්ට දැවැන්ත කනේ පහරක් එල්ලකරමින් සෝලංගආරච්චි විසින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් මෙන්ම පාලත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙක් වන වර්තමාන එජාප අපේක්ෂක සුනිල් ලෙස්ලි ඇතුළු සියයකට අධික එජාප සාමාජිකයන් පිරිසක් සමගින් ජනපති අතින් ශ්‍රීලනිප සාමාජිකත්වය ලබාදෙමින් ශ්‍රීලනිපයට එක්කරගන්නා ලදී.
මෙම සිදුවීමෙන් පසුව කොළොන්නාවේ එජාපය දැඩි පසුබෑමකට ලක්වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස එජාප සාමාජිකයන් ශ්‍රීලනිප සාමාජිකත්වය ලබාගැනීමේ ප්රවනතාවයක් නිර්මාණය විය. කෙසේ වුවත් ඒ අතරවාරයේ පැවති ජන හමුවකදී කුපිතව සිටින මරික්කාර් මේසේ පවසා ඇත..
මාව අවුස්සා ගත්තොත් මම ගංවතුර ආධාර කපනවා..මොකද ඒවා තියෙන්නේ මගේ අතේ.. මේ ප්‍රකාශයත් සමගින් මරික්කාර්ගේ දේශපාලන බංකොලොත් බව ඉතා හොදින් ප්‍රකට වී ඇත.. සහනාධාර ඕනේ නම් අලියට දෙන්න යන්න මොවුන්ගේ අලුත්ම තර්ජනය බවට පත්ව ඇත..
ආධාර ලබාදෙන්නේ ජනපති ප්රමුඛ රජයෙන් නම් ඒවා මරික්කාර්ගේ වන්නේ කෙසේද? දිනන්නට බැරි බව වටහාගෙන කරන මෙවැනි බංකොලොත් ප්‍රකාශයන් තුලින් මරික්කාර්ගේ දේශපාලන බොලද බව මැනවින් වටහාගත හැකි බව දේශපාලන විචාරකයන් පවසයි..