Tag: featured

  • ප්‍රසන්න සෝලංගආරච්චි වැඩ අල්ලයි.. කොලොන්නාවේ එජාප ප්‍රබලයෙක් ශ්‍රීලනිපයට එක්වෙයි…

    ප්‍රසන්න සෝලංගආරච්චි වැඩ අල්ලයි.. කොලොන්නාවේ එජාප ප්‍රබලයෙක් ශ්‍රීලනිපයට එක්වෙයි…

    එක්සත් ජාතික පක්ෂ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී, කොටිකාවත්ත, මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක සුනිල් ලෙස්ලි කුරුවිටආරච්චි මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රබල කි‍්‍රයාකාරීන් රැසක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කළහ.

    (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවස වෙත පැමිණි සිය දෙනෙකුට ආසන්න මෙම කණ්ඩායම ජනාධිපතිතුමා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ අතර එම වැඩපිළිවෙළ සඳහා තම උපරීම සහය ලබාදෙන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කළහ.

    ඔවුන් වෙත ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය පිරිනැමීම ද සංඛේතාත්මකව ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, කොළොන්නාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක ප‍්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    https://www.facebook.com/supirigossip1/videos/1555909954444605/

  • මත්පැන් පිළිබඳ කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම ගැන කාන්තා සංවිධාන කියන කතාව

    මත්පැන් පිළිබඳ කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම ගැන කාන්තා සංවිධාන කියන කතාව

    මත්පැන් නිෂ්පාදනයට, අලෙවි කිරීමට හා මිලදී ගැනීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම කාන්තාවන්ට යුක්තිය ඉටු කිරීමක් බව ශී‍්‍ර ලංකා නිදහස් කාන්තා පෙරමුණ පවසනවා.

    මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ මත්පැන් නිෂ්පාදනයට, අලෙවි කිරීමට හා මිලදී ගැනීමට කාන්තාවන්ට මෙතෙක් තිබූ තහනම ඉවත් කිිරීම සඳහා අමාත්‍ය මංගල සමරවීර ඊයේ (10) ගැසට් නිවේදනයකට අත්සන් තැබූ බවයි.

    නෙත් නිවුස් ඒ පිළිබඳව කළ විමසීමකදී ශී‍්‍ර ලංකා නිදහස් කාන්තා පෙරමුණ ඉහත අදහස් පළ කළා.  

    එහි උප සභාපති රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු වැඩි දුරටත් පෙන්වා දුන්නේ “අපේ රටේ සංස්කෘතිය තුළ කාන්තාවන් කොහොමත් මත්පැන් භාවිතයට ගොදුරු වෙලා නෑ. නමුත් සුළු පිරිසක් හිටියා මත්පැන් පානය කරපු…මේ නීතිය කාන්තාවන්ට වෙනත් විදිහකටත් පිරිමින්ට වෙනත් විදිහකටත් බලපාලා තිබුණු එකට අපි විරුද්ධ වුණා. මේක කාන්තාවන්ට පමණක් තහනම් කර තිබීම තුළ කාන්තාවන්ට වෙනත් සැලකීමක් තමයි තිබුණේ. නීතිය තියෙන්නට ඕනේ දෙපාර්ශවයටම සමානවයි. “ යනුවෙනි.

    නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් එක්සත් ලක් වනිතා පෙරමුණෙන්ද විමසීමක් කළා. එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ සඳහන් කළේ කාන්තාවන් මත්පැන් පානය කිරීම කෙසේවෙතත් නිෂ්පාදන කියන අංශයට යොමුවීම පිළිබඳව තමා වරදක් නොදකින බවයි.

    මත්පැන් නිෂ්පාදනයට, අලෙවි කිරීමට හා මිලදී ගැනීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම නිසා මත්පැන් භාවිතය වැඩිවිය හැකි බවටද මතයක් පවතිනවා. 

  • මහින්ද සමයේ අයතා ලෙසින් මුදල් ඉපැයූ විමල්ට අධිචෝදනා….

    මහින්ද සමයේ අයතා ලෙසින් මුදල් ඉපැයූ විමල්ට අධිචෝදනා….

    අයථා ලෙස වත්කම් උපයා ගත් බවට කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට අද (11) අධිචෝදන භාර දුන්නා.

    මෙම නඩුව පවරා ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.

    නිකුත් කර තිබූ සිතාසියකට අනුව, විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද පෙනී සිටියා.

    කෙසේ වෙතත් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහු මුදා හැරීමටයි විනිසුරුවරයා නියෝග කළේ. නඩුව පෙබරවාරි මස 19 වැනිදා යලි කැඳවීමට නියමිතයි.

  • ජනපති වැඩ භාර ගත්තේ අවුරුදු 06කටයි – නීතිපති කියයි

    ජනපති වැඩ භාර ගත්තේ අවුරුදු 06කටයි – නීතිපති කියයි

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයා 2015 ජනවාරි 9 වැනිදා අවුරුදු 6 ට ජනාධිපති ධූරයේ වැඩ භාර ගෙන ඇති බැවින් 19 ව්‍යවස්ථා සංශෝධනයේ අවුරුදු පහකට ජනාධිපති ධූර කාලය සීමා කිරීම බලනොපාන බව නීතිපතිවරයා පවසා තිබෙනවා.

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපාන නීතියක් නොවන බවයි මෙහිදී නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ.

  • එකාබද්දයට කඩේ යන ශ්‍රීලනිප 05ක් දොට්ට.. පොහොට්ටුවට ඡන්ද දෙන්න එපා.. –  කෙහෙළිය කියයි…

    එකාබද්දයට කඩේ යන ශ්‍රීලනිප 05ක් දොට්ට.. පොහොට්ටුවට ඡන්ද දෙන්න එපා.. – කෙහෙළිය කියයි…

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පස්දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

    මෙලෙස පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සූදානම් වනුයේ ඒකාබද්ධ විපක්ෂය තුළ ක්‍රියාකාරීව කටයුතු කරන මන්ත්‍රිවරුන් පස්දෙනකුගේ බවත් එසේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම මඟින් අනෙකුත් මන්ත්‍රිවරුන්ගේද පක්ෂ සාමාජිකත්වය අහිමි වන බවට පණිවුඩයක් ලබාදීම ශ්‍රී ලනිපයේ අපේක්ෂාව බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

    ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන මන්ත්‍රිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වන හෙයින් පොහොට්ටුවට ඡන්දය දීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බවද ඔහු පැවැසුවේය.

    ඊයේ (10දා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

  • දෙවෙනි ඉනිමේ දෙව්මිගේ අම්මා චරිතයට පණ දෙන අංජලී ලියනගේ ගැන ඇය කිව්වෙ මෙහෙමයි…

    දෙවෙනි ඉනිමේ දෙව්මිගේ අම්මා චරිතයට පණ දෙන අංජලී ලියනගේ ගැන ඇය කිව්වෙ මෙහෙමයි…

    අංජලී ලියනගේ 

    එහෙම කියනවට වඩා දෙවෙනි ඉනිමෙ දෙවුමිගෙ අම්ම එහෙමත් නැත්තම් ආනන්දගෙ ප්‍රිය බිරින්ඳෑ කිව්වම තමා හැමෝටම එක පාරටම මතක් වෙන්නෙ.ඉතිං සුපිරි ගොසිප් අපි හිතුවා අද අංජලීට කතා කරන්න.

    මේ දවස් වල අංජලී මොනවද කරන්නෙ කියල බලන්න අපි මුලින්ම අංජලීගෙ මුහුණු පොතට එබිල බලද්දි,

    මිදුලේ මල් සූරිය ගහ මුදුනේ

    රන් අරුනළු නැඟිලා…

    අත්තෙන් අත්තට මල් හිනැහෙනවා 

    ඉර මඬලට හැරිලා…

    කියල හරි අපූරු පද පළක් අංජලී එයාගෙ මුහුණු පොතේ සටහන් කර තිබුණා.සුජීව ප්‍රසනආරච්චිගේ ජනප්‍රියම නවකතාවක් වූ බොඳ මීදුම් නව කතා පොතේ මුල් කවරය හැඩ ගන්වපු සුන්දර තරුණියක් වුණු ඇය අද ජනකාන්ත රංගන ශිල්පිනයක්, ඉතිං අපි ඇය ගැන තවත් විස්තර ගැන අහන්නත් එක්ක අංජලීගෙ ෆෝන් එකට ඇමතුමක් ගත්තා …

    සුභ උදෑසනක් වේවා අංජලී, අපි සුපිරි ගොසිප් සයිට් එකෙන් කතා කරන්නෙ කියල අපි කතාව පටං ගනිද්දි අංජලීත් බොහොම සුහදව අපි එක්ක කතා කලා…. මුලින්ම අපි ඇහුවෙ අංජලී ලියල තිබ්බ පද පෙල ගැන ඒකට අංජලී දුන්නෙ මෙහෙම උත්තරයක් ” මං අද උදේම නැගිටල ජනේලෙන් එළිය බලද්දි හරි ලස්සනට පෙනුනා ඉතිං  ඒ වෙලාවෙ හිතට ආපු එක ඔහේ ෆේස් බුක් එකේ ලියල දැම්මා” කියලයි.එතනින් එහාට අපි අංජලී ගැන තව විස්තර ගොඩක් අහගත්තා.

    අංජලී මොනවද මේ දවස් වල කරන්නෙ – 

    ම්.. මේ දවස් වල නම් දෙවෙනි ඉනිමත් එක්ක තමයි දිගටම වැඩ කරන්නෙ.ඊට අමතරව ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයගෙ රන් බැඳි මිනිස්සු ටෙලි නාට්‍යය මේ අවුරුද්දෙ පටං ගන්නවා.

    අපි සිනමාව තුල අංජලීව දැක්කෙ නෑ –

    ඇත්තටම මට සිනමාවට ගොඩක් ආරාධනා ලැබිල නෑ මම ඇඩ්‍රස් නෑ චිත්‍රපටියෙයි ආදරණීය කතාවක් චිත්‍රපටියෙයි රඟපෑමෙන් දායක උනා ඒත් ඒව ප්‍රධාන චරිත නම් නෙමේ ඒ වුනත් වැඩක් කරන්න පුළුවං චරිත.ආ තව ඉස්සරහට එන්න තියෙන ගෝත්‍රා කියන චිත්‍රපටියේත් ලංකාවෙ ඉන්න ප්‍රවීනයො බොහෙමයක් එක්ක වැඩ කරා. ඒක  ගෝත්‍රික කතාවක් ඉංදියාවෙන් ආපු අධ්‍යක්ෂක වරයෙක් තමයි ඒක අධ්‍යක්ෂණය කරන්නෙ.ඒකටත් මම දායක උනා ..ලොකූ දායකත්වයක් දෙන්න ලැබුනෙ නෑ මට සිනමාව වෙනුවෙන්.මොකද මං දන්නෙ නෑ මට ආරාධනා ලැබුනෙ නෑ

    ඉදිරියට සිනමා නිර්මාණ වලට ආරාධනා ලැබුනොත් චරිත තෝරා බේරා ගෙනද භාරගන්නෙ –

    අනිවාර්යයයෙන්ම ඕව්.

    සාමාන්‍යයෙන් කතාවක් තියෙනව ක්ෂේත්‍රයට එනකොට හා රැදී ඉන්න නම් අධ්‍යක්ෂක වරුන්ගෙ නිශ්පාදක වරුන්ගෙ නොයෙක් බලපෑම් වලට යටත් වෙන්න ඕන කියල ඒක ඇත්තද? 

    මම නම් හිතන්නෙ නෑ කවුරුත් අපිව බලෙන් එහෙම දේකට  පොළඹවා ගනී කියල.එක එක්කෙනාගෙ හැසිරීම හා කැමැත්ත මත තමයි ඒ දේවල් වෙන්නෙ කියලයි මට හිතෙන්නෙ.බලපෑම් කියන ඒව එන්නැති විදිහට ජීවත් වුනොත් අපිට කවුරුත් වචනෙකින් වත් ඒ විදිහෙ දේවල් කරන්නෙ නෑ.මං හිතන්නෙ අපේ අකමැත්තෙන් කවුරුත් එහෙම බලපෑමක් හෝ අයුතු යොජනාවක් කරන්නෙ නෑ. 

    අංජලී ලියනගේ කලා ක්ෂේත්‍රයේ ඉතා  හොඳ නමක් තියාගෙන ඉන්නවා අනිත් බොහෝ දෙනෙක් වගේ ගොසිප් මවල නෑ – 

    අපි හොඳ බුද්ධිමත් භාවයකින් ඉන්නවනම් මේ කලා ලෝකය ඇතුලෙ කොහොමද ඉන්නෝන කියල මං හිතන්නෙ අපිට එහෙම කරදර වලට මූන පාන්න වෙන්නෙ නෑ.මුලින්ම අපි කලාවට ගරු කරන්න ඕන.සමහරු තමන්ගෙ ජනප්‍රියත්වය වැඩි කරගන්න කියල තමන්ගෙ කැමැත්තෙන්ම ගොසිප් හදාගන්නවා ඒත් එකෙන් එහෙම වෙන්නෙ නෑ, වෙන්නෙ ක්ෂේත්‍රය ගැන බාහිරින් බලන අයට නරක හැඟීමක් එන එක විතරයි.ඇත්තටම මම නම් ජනප්‍රියත්වයට ආස කෙනෙක් නෙමේ මට තියෙන එකම සතුට ප්‍රේක්ෂකයින් මගෙ නිර්මාන බලල සතුටු වෙනවනම් ඒක විතරයි.කලාවට ගෞරව කරල අපිත් එක්ක එකට වැඩ කරන අධ්‍යක්ෂල නිශ්පාදකල ඇතුළු කාර්ය මණ්ඩලයට හා සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන්ට හරියාකාරව ගරු කරල ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්න පුළුවං.

    පහුගිය දවස් වල අපේ නිළියො තමන්ගෙ උපන්දින වලට ලොකු ප්‍රසිද්ධියක් දීල පාටි දාන රැල්ලක් තිබුනා.. ඔබ ඒ රැල්ලට නැද්ද එහෙම නැත්තම් ඔබට උපන් දිනයක් නැද්ද?

    අපොයි මට උපන්දිනයක් තියෙනවා ඒක මම මගෙ පාසල් කාලෙ යාළුවො ළඟම හිත මිතුරො හා පවුලේ අය එක්ක සමරනවා.සාමාන්‍ය ගැහැනියෙක්ට තියෙන ආසාවල් මටත් තියෙනවා ඒත් ඒක රැල්ලට කරන එකක් විදිහට මං කරන්නෙ නෑ…මම සමරන දේ ලොකෙටම කියන්න මට ඕන නෑ… මම එහෙම කරද්දි එහෙම කරගන්න බැරි අයට දුක හිතෙනවා ඒ නිසා මම මගෙ නැදෑ හිත මිතුරො එක්ක ඒ දවස බෙදා ගන්නවා.  කොටින්ම කාලෙන් කාලෙට එන ඇඳුම් විලාසිතාවක් වුනත් මට ගැලපෙනවනම් මං ඒ ෆැෂන් එක එන කාලෙට ඒක කරන්නෙ නෑ.පස්සෙ ඒක හොඳයි කියල හිතුනොත් කරනවා.

    අංජලී ලියනගේ බෞද්ධ දර්ශණය අනුව හැඩගැහුන කෙනෙක් බෞද්ධ දර්ශනයේ මගෙ පෙන්වීමෙන් ඔබේ ජීවිතය හදාගත්තෙ මොන විදිහටද?

    මම ලබන ආත්මෙ ගැන විශ්වාස කරනවා … ඒ වගේම පෙර ආත්මයත් තව කර්ම පඩිසන් දෙනව කියන එකත් විශ්වාස කරනවා… මම අපායෙ යන්න බයයි.මේ ආත්මෙ මට මොනව හරි නොලැබුනානම් ඒ ගිය ආත්ම බව වල මං එකතු කරපු පවු පිං නිසා තමයි මට මේ ලැබුණු ජීවිතේ හොදයි.ඒත් ඊලඟ ආත්මෙ මීටත් වඩා හොඳ වෙන්න කියල හිතාගෙන මගෙ අතින් පවක් නොවෙන විදිහට වැඩ කරනවා.දැන් ඉදලම යන තැනකට හොඳ දේවල් කරගන්න තමයි මම කැමති.මම ජීවත් වෙන්නෙ මම හෙට මැරෙයිද දන්නෙ නෑ කියල හිතාගෙනයි.මම හිතන්නෙ අපි එහෙම ජීවත් වෙනකොට අපි අතින් කිසි වැරැද්දක් වෙන්නෙ නෑ.

    අංජලී 2017 අවුරුද්ද ඔබට කොහොමද?

    එහෙම විශේෂයක් නෑ කලාකටයුතු එක්ක ගෙවුනා.ඊට අමතරව මම මගේ ව්‍යාපාර කටයුතු ගැන අලුතින් හිතන්න පටං ගත්තා… ඒ විදිහටම 2018ත් කාටවත් කරදරයක් නැති වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ඒ කියන්නෙ 2018ටත් ඉලක්කයක් නෑ .. එන විදිහට මූන දෙනව කියන එකද?

    ම්… ඉලක්ක කියන ඒව තියෙන්න ඕන ඒත් මං එහෙම ලොකුවට බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි කියල මං හෙට මැරෙයිද දන්නෙ නෑ කියල හිතාගෙන ජීවත් වෙන කෙනෙක් කියල කලිනුත් කිව්වෙ ඒකයි.ඒ නිසා ලොකු බලාපොරොත්තු තියගෙන ඉන්නෙ නෑ එහෙම උනොත් අපි කවදහරි මැරෙන වෙලාවට අපිට ඒ දේට මූන දෙන්න වෙන්නෙ දුකෙන්.

    අවසාන වශයෙන් ඔයාගෙ රසික රසිකාවියන්ට මොනවද කියන්න තියෙන්නෙ ?

    මගෙ රසික රසිකාවියන්ට මම ගොඩක් ආදරෙයි.මම අද යම් තැනක ඉන්නවනම් ඒ ඔවුන් නිසයි.මග තොටදී හමුවෙලා හරි ෆේස් බුක් එකේ හරි ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හරි ඉහලයි.මං කරපු චරියක් ගැන මං ඒක හොදට කරල තියෙනව කියල කියද්දි ඇත්තටම හරි ආසාවක් දැනෙනවා.ප්‍රේක්ශකයො නිසා තමයි අද අපි මෙතන ඉන්නෙ ඇත්තටම ඔවුන් නැත්තම් ඔයා වුනත් අද මට මෙහෙම කෝල් එකක් දෙන්නෙ වත් නෑ නේද?ඒ නිසා මං හිතනවා රසික රසිකාවියො තමයි අපිට ගොඩක් වැදගත් ඒ නිසා ඒ ගොල්ලන්ට ගොඩක් ආදරෙයි.මං ඒ ගොල්ලන්ට හදවතින්ම ස්තූති කරනවා.

    මෙච්චර කාලෙකට ගොසිප් සයිට් එකකට කියල අංජලී දුන්න පළවෙනි සාකච්ඡාව සුපිරි ගොසිප් අපි එක්ක කියල අපි ඔබට ඉතා සතුටින් දන්වන්න කැමතියි….

    ඔන්න ඔය විදිහටයි අංජලී සුපිරි ගොසිප් අපිත් එක්ක එයාගෙ විස්තර බෙදා ගත්තෙ… අංජලීට කැමති ඇගේ රසික රසිකාවියන් වන ඔබට බලන්න ඇගේ ලස්සන පිංතූර ටිකක් පහතින් 

    Image may contain: 1 person

    Image may contain: 1 person, smiling

    Image may contain: 1 person, smiling, standing

    Image may contain: 1 person, closeup

    Image may contain: 1 person

    Image may contain: 1 person, smiling, closeup

    Image may contain: 1 person, closeup

     

    Image result for Anjalee Liyanage

     

     

     

     

     

  • අහිංසක මුව පොව්වාගේ චරිතය රඟපාන මනෝ ගනේෂන්ගේ පැටිකිරිය

    අහිංසක මුව පොව්වාගේ චරිතය රඟපාන මනෝ ගනේෂන්ගේ පැටිකිරිය

    මේ කතාව ටිකක් අමුතුම ආකාරයේ පුද්ගලයෙක් ගැන. ඒ තමයි තමන්ගේ වාසියට ජාතිවාදය විකුණා කමින් ඡන්ද එක්රැස් කරමින්, භීෂණය පතුරවමින්, දමිල ජනතාව මුලාවේ දමමින්, පාතාලය සමග ගනුදෙනු කරමින්, තහනම් මත්ද්‍රව්‍ය කොළඹ පුරා පතුරවමින් අද වන විට තමන්ට පාතාල තර්ජන ඇතැයි කිඹුල් කඳුළු හෙලනා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුනේ නායක යැයි කියාගන්නා මනෝ ගනේෂන්ගේ පැටිකිය ගැනයි.

    මනෝ ගනේෂන් යනු එදා සිටම පාතාලය සමග ගනුදෙනු කල පුද්ගලයෙකි. එපමණක් නොව කුඩු සහ ගංජා කොළඹ පුරා ව්‍යාප්ත කරනා ජාවාරම්කරුවන් හා සමීප ඇසුරක් පවත්වන අයෙක්. 2006 වසරේදී මනෝ ගනේෂන්ගේ පක්ෂය තුලින් නගර සභාව සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ලබනවා. ඔහු තමයි කොටහේන නිවාස සංකීර්ණයේ සිටි කුඩු ෆාරුක්ගේ පුත්‍රයා වන සියාම්. පාතාලයේ උදව්වෙන් සියාම් නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස පත්වනවා. ඔහු පත් වී මාස 06 ක් ඇවෑමෙන් තහනම් මත්කුඩු චෝදනාවකට ඔහු සිරගත වනවා සේම ඔහුගේ මන්ත්‍රී ධූරයද අහෝසි වනවා. ඒ වන විට කොළඹ පාතාල කෙරුවාවන් ජයටම සිදුකලේ මනෝ ගනේෂන්ගේ මෙම හෙංචයියන්. මෙවැනි චෝදනාවකට වරදකරුවෙක් වෙලා මන්ත්‍රි ධූරය අහෝසි වූයේද ඉතිහාසයේ පළමු වතාවට මනෝ ගනේෂන්ගේ ගෝලබාලයෙක් වීම විශේෂයි.

    එසේම, මනෝ ගනේෂන්ගේ තවත් හිතවතෙක් වනුයේ කසිප්පු ලුවිස්. ඔහු මනෝ ගනේෂන්ගේ පක්ෂයෙන් අපේක්ෂකත්වය අරගෙන දේශපාලනයේ නියැලෙනවා. මනෝ ගනේෂන් ඔහුට අපේක්ෂකත්වය ලබාදීමට හේතුව කසිප්පු ලුවිස්ගේ ජාවාරම වටා බොහෝ පිරිසක් එකතු වී සිටීම. ඒ හරහා මනෝ ගනේෂන් ඡන්ද 500 ක් පමණ එකතු කරගන්නවා. සාමාන්‍ය ජනතාව බියවද්දා, මේ මැරවරයන් ඡන්ද ලබාගන්නේ ඉතාමත් ගුජුප්සායජනක අන්දමට. ඒ අනුව එම ප්‍රදේශයන්තුල මනෝ ගනේෂන්ගේ පාතාල හයිය ව්‍යාප්ත කරනු ලබනවා.

    මේවර පලාත් පාලන මැතිවරණය සඳහා තවත් ජාවාරම්කාර කාන්තාවක් මනෝ ගනේෂන්ගේ පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබාගෙන තිබෙනවා. ඇය අන් කවුරුත් නොව කොච්චිකඩේ ප්‍රදේශයේ නමගිය ජාවාරම්කාරිනියක් වන බංකර් හිල්ඩා නොහොත් හිල්ඩා අබේරත්න. ඇයට බංකර් හිල්ඩා වශයෙන් නම්පට බඳින්නට හේතුවක් තිබෙනවා. ඇය ඉන්දියාවේ සිට මත්කුඩු සහ රත්‍රන් යෝනිය තුල සඟවාගෙන පැමිණෙන ජාවාරම්කාර කාන්තාවක් නිසාය. මේ සඳහා ඇයට සහය දෙනු ලබන්නේද මනෝ ගනේෂන්ගේ අතිශය හිතවන්තයෙකු වන කොච්චිකඩේ ප්‍රදේශයේ පූකුඩි ඛන්නා නම් ජාවාරම්කරුවා විසිනි. පූකුඩි ඛන්නා යනු කුඩු සහ කේරළ ගංජා ජාවාරම් සඳහා නමගිය තැනැත්තෙකි. එසේම බාබුල් පුවක් මෙරටට ගෙන්වා බෙදාහැරීමට ඔහු සිදුකරගෙන යනු ලබනවා. ප්‍රදේශයේ පාසල දරුවන්ට පාසල් අසලට ගොස් බාබුල් පුවක් අලෙවි කරන ජාවාරමක්ද ඔහු සිදුකරනු ලබන බව අප හිතවතෙකු පැවසීය.

    එසේම මනෝ ගනේෂන්ගේ පක්ෂයෙන් මෙවර මැතිවරණයට තරඟ කරන තවත් නම ගිය මැරයෙක්ගේ ඥාතිවරයෙකුද සිටී. එනම් පාතල නායකයෙකු වන වැල්ලේ සුරංගගේ මාමාය. ඔහුද සාමාන්‍ය ජනතාව අතර සැරිසරමින් නොයෙකු ජාවාරම් වල නියැලෙන පුද්ගලයෙකි. මේ ආකාරයට මනෝ ගනේෂන්ගේ පක්ෂය තුලින් රටට කොඩිවිනයක්ව ඇති නම ගිය අපරාධකරුවන් සහ ජාවාරම් කරුවන් මහජන නියෝජිතයන් ලෙස ඉදිරිපත් කර ඇත. මේ හරහා ඔවු සිදුකරන්නේ ජනතා සේවයක් නොව, මන්ත්‍රි වරප්‍රසාද භුක්ති විඳිමින් තමන්ගේ ජාවාරම් වඩාත් හොඳින් සිදුකිරීමටයි.

    පසුගිය යුධ සමයේ මනෝ ගනේෂන් විසින් යුද්ධයට එරෙහිව කොළඹ ප්‍රදේශයේ ජීවත්වන දමිල ජනතාව අතර ජාතිවාදී අදහස් ගෙනගිය අයෙකු විය. ඔහු එල්ටීටීඊය අවසන් කරනවාට බෙහෙවින් අකමැති පුද්ගලයෙකු විය. එයට හේතුව 2006 වර්ෂයට ප්‍රථම සහ පසු මනෝ ගනේෂන්ගේ පාතාලය සහ ජාවාරම්කරුවන් එල්ටීටීඊය සමග සම්බන්ධතා පැවැත්වූ නිසා බව අනාවරණය වේ. ඉන්දියාවේ සිට රැගෙන එනු ලබන තහනම් මත්දුව්‍ය කොටි සංවිධානය හා සම්බන්ධතාවයෙන් කොළඹ කරා රැගෙන ඒමට මොවුන් කටයුතු කර ඇති බව සනාත වන කරුණු රාශියක් ඇත. යුධ සමයේ බුද්ධි අංශ මගහැර සැඟව සිටි පූකුඩි ඛන්නා ඉඳුරාම කොටි සංවිධානය හා සම්බන්ධතා පැවැත්වූ අයෙකු වන අතර, ඔහු මනෝ ගනේෂන්ගේ රැකවරණය මත කලුබෝවිල ප්‍රදේශයේ සැඟව සිට ඇත.

    එසේම මනෝ ගනේෂන්ගේ නාගරික මන්ත්‍රීවරු තවත් ජාවාරමක් සිදුකර ඇත. එනම් නාගරික මන්ත්‍රීවරුන් හට වාර්ෂික ප්‍රථිපාදන මත ස්වයං රැකියා සඳහා බෙදාදීමට ලබාදෙනු ලබන මහන මැෂින් බෙදා නොදී වංචා කිරීමයි. එක් මන්ත්‍රිවරයෙකු හට මහන මැෂින් 50 ක් ලැබෙන අතර, මනෝ ගනේෂන්ගේ පක්ෂයේ මන්ත්‍රිවරු 6 ක් සිට ඇත. ඒ අනුව ඔවුනට ලැබුණු මහන මැෂින් 300 ට සිදු වූයේ කුමක්ද?
    ඒ කිසිඳු මන්ත්‍රිවරයෙකු හෝ එම මැෂින් දමිල ජනතාව වෙනුවෙන් හෝ බෙදා දී නොමැති බව අප වෙත තොරතුරු ලබාදුන් දමිල හිතවතෙකු පැවසීය. සමහර මන්ත්‍රිවරුන් මුදලට එම මැෂින් විකුණු බවද ඇසින් දුටු සාක්ෂි ඇත.

    මේ ආකාරයට ජනතා මුදල් වංචා කරමින්, රාජ්‍ය ද්‍රෝහී ක්‍රියා සිදුකරමින්, කොටි හිතවාදීන්ට උදව් සපයමින්, ජාතිය වාදය අවුස්සමින්, දමිල ජනතාව මුලාකරමින්, දූෂණය සහ භීෂණය පතුරවමින්, මත්කුඩු සහ පාතාලය සමග ගනුදෙනු කරමින් ගෙන යන මනෝ ගනේෂන්ගේ දේශපාලනයට නැවතීමේ තිත තැබිය යුතු නොවේද?. නිදහස් ලංකාවක් වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කරනා විශේෂයෙන්ම දමිල ජනතාව ඔබලාගේ නියෝජිතයා වශයෙන් මනෝ ගනේෂන් සහ ඔහුගේ පාතාල ගෝලබාලයන් පත්කරනවාද ? ඔවුන් ඔබ රවටා ඡන්දය ඩැහැගෙන නුඹලාගේම මිනිසුන්ට තහනම් මත්ද්‍රව්‍ය බෙදාහරිනවා නොවේද? නුඹලාටම භීෂනය පතුරවනවා නොවේද ?

    සිතන්නට කාලය හරි. පෙබරවාරි 10 වෙනිදාට නුඹලාගේ අවිය වන ඡන්දයෙන් තමන්ගේ බලය පෙන්වන්න. දූෂණයෙන්, භීෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔබලාගේ පිරිසිදු ඡන්දය පාවිච්චි කරන්න. මනෝ ගනේෂන් වැනි අවස්තාවාදී දේශපාලුවන් දේශපාලනයෙන් අතුගා දමන්නට දැන් කාලය එළඹ ඇත. මොහොතක් සිතන්න නිවැරදි තීන්දුව ගන්න. මේ ඔබගේ වාරයයි.

  • බැඳුම්කර කොමිසමේ සාමාජිකයින්ට ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් නෑ

    බැඳුම්කර කොමිසමේ සාමාජිකයින්ට ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් නෑ

    බැඳුම්කර වංචාව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ට බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විශේෂඥ දැනුමක් නොතිබූ බවත් එහිදී මේ පිළිබඳ දැනුම ඇති විදේශීය විශේෂඥයින්ගේ මතය කොමිසම විසින් විමසිය යුතුව අතර මෙහිදී මූලිකත්වය දිය යුත්තේ එක් එක් අය ගත් දුරකථන ඇමතුම්, ගෙවල් සම්බන්ධයෙන් සෙවීමට නොව රටට කොපමණ අලාභයක් වූයේද යන්න සොයාගැනීම බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්  සම කැබිනට් ප‍්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

     ‘‘මේ වාර්තාවේ බිලියන 11ක පාඩුවක් වී ඇති බව කියනවා. නමුත් මහ බැංකුව පර්පචුවල් සමාගමෙන් මේ වන විටත් බිලියන 12ක මුදලක් රඳවාගෙන තිබෙන නිසා නියම අලාභය බිලියන 11ක් නම් අලාභයක් වී නැහැ. බිලියනයක් වැඩිපුරත් රඳවාගෙන‘‘ යැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

  • කාන්තාවන් සඳහා මතට තිබූ නීති ලිහිල් වෙයි

    කාන්තාවන් සඳහා මතට තිබූ නීති ලිහිල් වෙයි

    මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට,මත්පැන් අලෙවිකිරීමට හා නිෂ්පාදනය කරන ස්ථානවල සේවයට කිරීම වලක්වමින් මෙතෙක් පැවති තහනම ඉවත් කර ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

  • ඇඟිල්ල ගහන්න බෑ කියන හෙද සේවකයෝ අද වැඩ වර්ජනයේ

    ඇඟිල්ල ගහන්න බෑ කියන හෙද සේවකයෝ අද වැඩ වර්ජනයේ

    රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී වේලාව සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමේ යෝජනාවට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියෝ අද(11) සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.එයට කොළඹ ජාතික රෝහල, ඇස් රෝහල සහ කොළඹ දන්තායතනය යන ආයතනවලද හෙද හෙදියන් එක්වීමට නියමිත අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමයට අයත් හෙද හෙදියෝ එම සංකේත වර්ජනයට සහභාගී වන බවද සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක එච්.එම්.එස්.බී.මැදිවත්ත පැවසීය.

  • තම අදහස් නොවිමසමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනස් කළැයි ඡන්ද වර්ජනයේ

    තම අදහස් නොවිමසමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනස් කළැයි ඡන්ද වර්ජනයේ

    අරණායක ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට පරම්පරා ගණනාවක් අයත්ව සිටි තමන්ගේ අදහස් නොවිමසමින් මධ්‍යම පළාත් සභාවට අයත් අරණායක නාත්තාකන්ද ප‍්‍රදේශයේ පදිංචි පවුල් 57ක් ගඟඉහළ කෝරලයට අනුයුක්ත කිරීම හේතුකොට ගෙන තමන් මේ වනවිටත් දුෂ්කරතා රැසකට මුහුණපා සිටින බවත් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද ඒවාට ඇහුම්කන් නොදීම නිසා එයට විරෝධය පළ කරමින් ඉදිරි මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර ඇත.

     

  • තැපැල් වර්ජනය නවතී… ඡන්දය අවසන්වූ වහාම ඉල්ලීම් ලබා දීමට ඇමතිගෙන් පොරොන්දුවක්

    තැපැල් වර්ජනය නවතී… ඡන්දය අවසන්වූ වහාම ඉල්ලීම් ලබා දීමට ඇමතිගෙන් පොරොන්දුවක්

    රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ තැපැල් අමාත්‍යවරයා අතර පසුගිය දින දෙකේ පැවති සාකච්ඡාවලදි පැමිණි එකඟතාවන් මත සහ ඉදිරි මැතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වගකීම් ඉටුකිරීම සඳහාත් ඡන්දය අවසන්වූ වහාම තම ඉල්ලීම් ලබා දීමට ලබා දුන් පොරොන්දුත් සැලකිල්ලට ගනිමින්  ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය ඊයේ (10)  මධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තැපැල් සේවක වර්ජනය අත්හිටුවීමට තීරණය කළ  බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
     
    යම් හෙයකින් ඉල්ලීම් ලබාදීම මගහැරීමට කටයුතු කළහොත් නැවත වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සිදුවන බවද  කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා  පැවසීය.

  • සිරසෙ නිව්ස් හිට් කරන්න ගිය මරික්කාර් පාර්මේන්තුවේදී ලොකුගේගෙන් කන පලාගනී… ලොකුගේගෙ ඇඟිලි 4ක් මරික්කාර්ගෙ මූනේ

    සිරසෙ නිව්ස් හිට් කරන්න ගිය මරික්කාර් පාර්මේන්තුවේදී ලොකුගේගෙන් කන පලාගනී… ලොකුගේගෙ ඇඟිලි 4ක් මරික්කාර්ගෙ මූනේ

    අද (10) පාර්ලිමේන්තුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන අගමැති රනිල් විශේෂ ප්‍රකාශයක් කරමින් සිටින අතරතුරදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරුන් එම කතාවට භාදා කරමින් විරෝධය පා ඇත.

    මේ ජර මර අස්සෙ මේක තමයි නියම වෙලාව සිරස ටීවී එකේ නිවුස් එක හිට් කරගන්න කියල හිතපු මරික්කාර් අද සිරසට පට්ට නිව්ස් එකක් දෙන්නම් කියල හිතාගෙන වටපිට බලද්දි ලඟින්ම හිටපු ගාමිණී ලොකුගේ මන්ත්‍රී තුමන්ව දැක්කා.ලොකුගේ මන්ත්‍රී තුමා ටිකක් වයස පහේ නිසා මෙයා තාමා වැඩේට කියාපු මනුස්සය කියල හිතන් මරික්කාර් නැගිටල අතේ පයේ හිරි එහෙම ඇරල ලොකුගේ ලඟට ගිහින් වයසෙ තරමට වැඩ කරපං මිනිහො කියල ලොකුගේගෙ අතේ තිබ්බ කොලය උදුරගෙන ලොකුගේව තල්ලු කරල.වයස උනත් තාම ඇගේ ජොහොර් එක අඩු වෙලා නැති ලොකුගේ හැරුන ගමන් මරික්කාර්ගෙ කන හරහා මූණ පිරෙන්න පාරක් දීල.අච්චර වයස ලොකුගේගෙ කනේ පාරට මරික්කාර් කැරකිල බිම පතබෑවිල තියෙන්නෙ කම්බුලේ ඇඟිලි හතරක පච්චෙකුත් තියාගෙනයි.

    එයින් නොනැවතුන ලොකුගේ මරික්කාර් ලඟට ආයි එනව දැක්ක ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රී වරය සුටුස් ගාල එතෙන්ට ඇවිත් දෙන්න මැද්දට ඇවිත් ලොකුගේව පැත්තකට කරල මරික්කාර්ටත් ආපහු යන්න කියල කියද්දි ඒව කොහෙද කියල ආයි ලොකුගේ ඉස්සරහට ගිය මරික්කාර් ලොකුගේව ආයි තල්ලු කරපු වෙලේ ඒ ලඟ හිටපු ප්‍රසන්න රණවීර මරික්කාර්ට මදී නොකියන්න ආයි වැටෙනකල්ම සම්බුව දීල .මේ වෙලාවෙ දෙපක්ෂයේම මන්ත්‍රී වරු මෙතෙන්ට ඇවිත් යන්තම් මරික්කාරගෙ බෙල්ලෙන් ඇදල එතනින් එළියට අරගෙන තියෙනවා.ඔන්න ඔහොමයි පිංවතුනෙ තොරණෙ විස්තරේ.

    කිලී මහරාජාගේ දඩයම් බල්ලෙක් වෙන මරික්කාර් නිසා සිරස ආයතනයේ හිටි උගත් අත්දැකීම් පිරි කීප දෙනෙක්ම පසුගිය දින වල සිරස අතහැර ගියේද මරික්කාර්ගේ නොමනා වැඩ නිසා බව සියල්ලෝම දන්නා කරුණකි.

  • සූක්ෂමව බයියන්ගේ පොකට්ටුවට කෙලින පොහොට්ටු දේශපාලනයේ ප්‍රියම්භිකාව හා සහචරයා

    සූක්ෂමව බයියන්ගේ පොකට්ටුවට කෙලින පොහොට්ටු දේශපාලනයේ ප්‍රියම්භිකාව හා සහචරයා

    මේක ටිකක් අපූරු කතාවක්, පොහොට්ටුවේ රැස්වීම් නිමක් නැත. එදා පටන් නුගේගොඩ සිට ලංකාවේ හතර කොනට මහින්දගේ සුළං හැමුවේය. ඒ සුළං හැමීම හරහා පළමු වෙඩිමුර ගානක්ද රටපුරා පැවැත්වීය. දිවයිනේ නන් දෙසින් මේ සෑම රැස්වීමටම ජනතාව ඇදී ආවේය, නැතිනම් ගෙන්නුවේය.
    රාජ්‍ය බලය නොමැති මහින්ද රාජපක්ෂ හට මේ සෑම රැස්වීමක්ම මාධ්‍ය ආවරණය ලබාගැනීමට නොහැකි විය. ඒසේම රැස්වීම් පිළිබදව පූර්ව ප්‍රචාරණයක් සේම රැස්වීම් පවතින අවස්ථාවේද මාධ්‍ය ආවරණය සිදුකලේද සමාජජාලා තුලින්. මහින්ද වෙනුවෙන් පෙනී සිටි බොහොමයක් සමාජජාලා ක්‍රියාකාරීන් ස්වේච්ඡාවෙන් සිය දායකත්වය දිවයිනේ සෑම තැනටම ගොස් ලබාදුන්නේය. මුල් අවදියේ පටන් මෙම කටයුත්තට මහින්දගේ පාර්ශවය මූල්‍ය දායකත්වයක් ලබා නොදුන්නේය. නමුත් තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් මුදලින් අව්ව වැස්ස නොතකා ඔවුන්ගේ දායකත්වය මහින්ද වෙනුවෙන් ලබා දුන්නේය.
    කාලයාගේ ඇවෑමෙන් සමාජ ජාලා ක්‍රියාකාරීන් තෝරාගත් කොටසක් වෙනුවෙන් මහින්දට හිතවත් මන්ත්‍රිවරුන් යම් යම් දායකත්වයන් ලබාදෙන්නට විය. ඒ දිවයිනේ ඕනෑම තැනක පැවැත්වෙන රැස්වීමක් සඳහා යාමට බස් රථයක් කෑම බීම සහ ඉඳුම් හිටුම් පවා ලබාදෙන්නට තරම් අනුග්‍රහයක් ලබාදෙන්නට විය. මේ කටයුත්ත දිගින් දිගටම ඇදී යන අතරතුර පසුගියදා මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ රැස්වීමක් අනුරාධපුරයේදී පවත්වන ලදී.
    මෙම රැස්වීම සඳහා ගමන් ගන්නා පෙරකී පරිදි තෝරාගත් සමාජජාල කණ්ඩායම සඳහා ගමන් පසුකම් සලසන්න අනුග්‍රාහකයෙකු නොමැති බව පවසා, බස් රථයක් ලබා ගැනීමට සහ ආහාර පාන සඳහා යැයි කියමින් එක් අයෙකුගෙන් රුපියල් 3000 බැගින් එකතුකර ඇත. ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ මහරගම නගර සභාවට පොහොට්ටුවෙන් තරඟවදින දිනේෂ් ගුණවර්ධනගේ කොට්ටාව ප්‍රදේශයේ හිතවතියක් සහ ඇයගේ අතිශය හිතවන්ත සමාජජාලා ක්‍රියාකරුවෙකි. ඔහු දැනට බත්තරමුල්ල නෙළුම් මාවත පොහොට්ටු කාර්යාලයේ සමාජජාලා මෙහෙයුමද කරනා අයෙකි.
    මෙහිදී සිදුකර ඇති වංචාව මෙසේය.
    ගමන් පහසුකම් සඳහා යැයි රුපියල් 3000 බැගින් එකතු කලද, ඒ සඳහා බස් රථයක් නොමිලේ ලබාදී ඇත්තේ සබරගමුව පලාත් සභාවේ මන්ත්‍රිවරයෙකු වන සහ පා.ම. පවිත්‍රා වන්නිආරච්චිගේ සැමියා වන කංචන ජයරත්න මහතාය. ආහාර පාන සහ ඉඳුම් හිටුම් නොමිලේ සපයා ඇත්තේ තවත් මන්ත්‍රීවරයෙකු විසිනි. නමුත් ගමනට රුපියල් 3000 බැගින් එක් අයෙකුගෙන් එකතු කර ඇත. එය ප්‍රත්‍යක්ෂ කරුණකි. ඒ පිළිබඳව මේ වන විටත් මහින්ද හිතවත් සමාජජාලා ක්‍රියාකරුවන් අතරේ දැඩි මතභේදාත්මක තත්වයක් හටගෙන ඇත. ඔවුන් මහින්ද කෙරේ ඇති අපිරිමිත භක්තිය ප්‍රයෝජනයට ගෙන ඔවුන්ව මුලාවේ දමමින් සිදුකරන ලද කූට ක්‍රියාව හෙලිවී ඇත. මේ ආකාරයට අවස්තා කිහිපයකිදී මෙම වංචාව සිදුකර ඇති බව හෙලිදරව් වී ඇති අතර, මැය රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිණියක් වශයෙන්ද කටයුතු කරයි.
    ශර්මිලා ගෝනවල නම් වූ එජාපයේ සිට පැමිණි කාන්තාවක් හා එක්ව අරඹන ලද කාන්තා සංවිධානයක සිට මහින්දට හිතවත් සමාජජාලා ක්‍රියාකාරිණියක් එක්රැස් කිරීම ඇයට පැවරී ඇති රාජකාරිය වන අතර, ශර්මිලා ගෝනවල කටයුතු කරනු ලබන්නේ 2020 ජනපති සිහිනයෙන් පෙලෙන පාඨලී චම්පික ඇමතිවරයාගේ බලල් අතක් ලෙසිනි. එම සංවිධානය ලියාපදිංචි වී ඇත්තේද දෙහිවල උපාලිවංශිකාරාමය නමින් වන අතර එහි ප්‍රධාන හිමිනම වන ගිගුම්මඩුවේ විමලබුද්ධි හිමි යනු පාඨලී චම්පිකගේ අතිශය හිතවත් හිමිනමකි.
    මේ ආකාරයට මහින්ද හිතවාදීන් නොමග යවා මුදල් එක්රැස්කරමින්, රාජ්‍ය නොවන සංවිධනයන්හි අවශ්‍යතා ඉටුකරමින් පාඨලී චම්පිකගේ ජනපති සිහිනය සැබෑ කරන්නට කටයුතු කරනා මහින්දවාදී වෙස්ගෙන සිටිනා චෞර කාන්තාව පිළිබඳ අවධානයෙන් සිටින ලෙස අප ඔබට දන්වා සිටිමු.
  • බැඳුම්කර වාර්ථාව සතියක් ඇතුලත පාර්ලිමේන්තුවට… ජනපතිගෙන් පොරොන්දුවක්

    බැඳුම්කර වාර්ථාව සතියක් ඇතුලත පාර්ලිමේන්තුවට… ජනපතිගෙන් පොරොන්දුවක්

    බැඳුම්කර කොමිසම මගින් ලබා දුන් බැඳුම්කර වංචාව සඳහා වන එම වාර්ථාව ඉදිරි සතිය ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා පොරොන්දු වූ බව කතානායක කරූ ජයසූරිය මහතා මීට සුළු වෙලාවකට පෙර පාර්ලිමේන්තුවට දැණුම් දී ඇත.

  • මාසයක් ඇතුලත ඡන්ද පැමිණිලි 122 යි… සැකකරුවන් 125 ක් අත්අඩංගුවේ එයින් 12ක් අපේක්ෂකයින්

    මාසයක් ඇතුලත ඡන්ද පැමිණිලි 122 යි… සැකකරුවන් 125 ක් අත්අඩංගුවේ එයින් 12ක් අපේක්ෂකයින්

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ගතවූ මාසය තුළ පැමිණිලි 122 ක් වාර්තා වී ඇති අතර සැකකරුවන් 125 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අතරින් දොළොස් දෙනකු අපේක්ෂකයන් බවත්  ‍පොලිස් මූලස්ථානය පවසයි.
    දෙසැම්බර්  9 –  ජනවාරි 9  වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් තිස් අටක් වාර්තා වී ඇති අතර ඊට අදාළව සැකකරුවන් අසූ තුන් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර අපේක්ෂකයන් 4 ක්ද වේ.මෙම කාලය තුල මැතිවරණ පැමිණිලි අසූහතරක් වාර්තා වී තිබේ. ඊට අදාළ සැකකරුවන් හතළිස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර අපේක්ෂකයන් අට දෙනකුද වේ.
    ‍පෝස්ටර්, බැනර් හා ධජ ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය කිරීම් 9, ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර වාහන ධාවනය 2, ඡන්ද ‍පෝස්ටර් ඇලවීම හා ළඟ තබාගැනීම 24, නීති විරෝධී පෙළපාළි පැවැත්වීම් 1, බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම් 1, ‍පෝස්ටර්, බැනර්, කටවුට් හා ධජ ප්‍රදර්ශනය කිරීම 1, පහර දී තුවාල සිදු කිරීම් 11, බැණ තර්ජනය කිරීම් හා බිය ගැන්වීම් 36, නාමයෝජනා ලැයිස්තු පැහැර ගැනීම 1, ව්‍යාජ අත්සන් යොදා ඡන්ද නාම ‍ලේඛන සැකසීම් 1, ‍පෝස්ටර් කටවුට් ආදියට අලාභහානි කිරීම් 7, ද්‍රව්‍ය හා උපකරණ බෙදීම් 7, ඡන්ද ‍පෝස්ටර් සන්තකයේ තබා ගැනීම 1, නිවසට ඇතුල් වී ගල් ගසා අනර්ථය කිරීම් 6, නිවසක් බිඳ දේපළ සොරකම් කිරීම 2, මුදල් බෙදා දීම් 2, මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම් 2, රැස්වීමකට ගල් ගසා කඩාකප්පල්කාරී ක්‍රියා 1, අත් පත්‍රිකා බෙදීම් 2, කාර්යාලවලට අලාභහානි සිදුකිරීම් හා භාණ්ඩ සොරා ගැනීම් 2, ‍පෝස්ටර්, බැනර්, ධජ ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය 1, ඡන්දය ආයාචනා කිරීම් 1, රැස්වීම් භූමියේ ගැටලු 1 ක් ලෙස මෙම පැමිණිලි ලැබි තිබෙන බව ‍පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියි.